Saturday, January 28, 2017

උපන් ලප හෙළිකරන ජීවන රහස් සහ අනාවැකි මෙන්න(birth mark upan lapa අබිරහස් අඩවිය - Abirahas Adawiya - ශාස්ත්‍රීය ළිපි)

උපන් ලප හෙළිකරන ජීවන රහස් සහ අනාවැකි මෙන්න(birth mark upan lapa අබිරහස් අඩවිය - Abirahas Adawiya - ශාස්ත්‍රීය ළිපි)
උපන් ලපය වාසනාව හෝ අවාසනාව රැගෙන එන්නේ යෑයි විශ්වාසයක්‌ අප තුළ ඇත. උපන් ලපය නිසා ලැබෙන වාසනාව හෝ අවාසනාව තීරණය වන්නේ උපන් ලපය පිහිටා ඇති ස්‌ථානය, එහි පාට සහ එය කොතරම් විශාලද යන කාරණාව මතයි.

උපන් ලප පෙර ආත්ම භවයන්ගේ සිට අප කරපින්නා ගෙන එන කර්මය මේ ආත්මයේදී ප්‍රකාශනය වන ක්‍රමයක්‌ ලෙසද මතයක්‌ පවතී. උපන් ලප හෙළිකරන රහස්‌ පිළිබඳ අද අපි ඔබට ඉදිරිපත් කරමු.
ප්‍රථමයෙන් සිරුරේ ඉදිරිපස පිහිටා ඇති උපන් ලප පිළිබඳව අවධානය යොමු කරමු.


උපන් ලපය 01
ඔබේ ජීවිතය අභියෝගාත්මකය. අසීරු කාලවලට මුහුණ දෙනු ඇත. නමුත් ශරීරයේ ඉදිරිපස පිහිටා තිබෙන මෙවැනි උපන් ලප රතු පැහැති නම්, එයින් සංකේතවත් වන්නේ එම අභියෝග ජයගෙන ඉදිරියට යන බවයි.

උපන් ලපය 02
ඔබ පහසුවෙන් ම පීඩනයට හසුවන අයෙකි. විශේෂයෙන්ම ඔබ ආදරය කරන අය නිසා නිතර සිත් තැවුල් ඇති කර ගැනීමට ඉක්‌මන් වේ. නමුත් ඒ සෑමවිටම ගැඹුරු හුස්‌මක්‌
රැගෙන අනවශ්‍ය ළතැවිල්ල පා කර හරින්නට අමතක කරන්න එපා.

උපන් ලපය 03
ඔබ ජනප්‍රිය හා ප්‍රයෝජනවත් අයෙකි. එක පිට එක පැමිණෙන අභියෝග නිසා ඔබගේ ජීවිතය කාර්ය බහුල වනු ඇත. ඔබට වැඩවලින් අඩුවක්‌ නැත. එසේම සමාජශීලි බවෙන්ද ඔබ ඉදිරියෙන් සිටී. එයට හේතුව වනුයේ හොඳින් වගකීම් උසුලමින් ඉහළට යාමට ඔබ තුළ ඇති ආශාව නිසා ය.

උපන් ලපය 04
මෙම උපන් ලපය හිමි ඔබ ආහාර පුරුදුවලදී ප්‍රවේශම් විය යුතුය. විශේෂයෙන්ම උපන් ලපය කළු පැහැති නම් සහ හොඳින් කැපී පෙනෙයි නම් හොදින් සැලකිලිමත් විය යුතුය. අවේලාවලදී පමණ ඉක්‌මවා ආහාර නොගන්න. නමුත් මෙම උපන් ලපය ලා පැහැති නම් ඔබගේ සහකරු හෝ සහකාරිය ඔබට බෙහෙවින් ආදරය කරයි.

උපන් ලපය 05
ළයේ ඉහළ කොටසේ පිහිටා තිබෙන මෙම උපන් ලපයට හිමිකම් කියන අයට දුක්‌ කරදර ස්‌වල්පයක්‌ සහිත ප්‍රීතිමත් ජීවිතයක්‌ සංකේතවත් කරයි. නමුත් වයස අවුරුදු පනස්‌ ගණන්වල පසුවෙද්දී සෞඛ්‍යය ගැන නිරෝගීකම පිළිබඳව සැලකිලිමත් විය යුතුයි.

උපන් ලපය 06
මෙම උපන් ලපය හිමි තැනැත්තා ලොකු සිහින දකින, ඉතාම අපේක්‌ෂා සහගත පුද්ගලයෙකි. ඔබගේ දෛව සටහනේ සාර්ථකත්වය ගැන ඉහළින් සඳහන් ව ඇති නම් එම සිහින සහ අපේක්‌ෂා අනාගතයේ යථාර්ථයක්‌ වනු ඇත.

උපන් ලපය 07
මෙවැනි උපන් ලපයක්‌ හිමිවන්නේ ත්‍යාගශීලී හා කරුණාබර හදවතක්‌ හිමි අයටය. එසේම ඔබ තමන් කරන කාර්යයේ අවංකකම හා විශ්වාසනීයත්වය
රැකෙන පරිදි කටයුතු කිරීමට වගබලා ගනී.

උපන් ලපය 08
උදරය මත ඇති මෙම උපන් ලප හැම අතින් ම වාසනාවන්ත ජීවිතයක්‌ සංකේතවත් කරයි. ඔවුන්ගේ ජීවිතය සැහැලුවෙන් ගලා යන්නකි. අවදානම් සහගත තත්ත්වයක්‌ අඩුය. ආරක්‌ෂිතය. උපන් ලපය ප්‍රමාණයෙන් කුඩා නම් මේ ගුණාංග තවත් ඉහළ යයි.

උපන් ලපය 09
උදරයේ පහළ කොටසේ ඇති මෙම උපන් ලපය හිමි තැනැත්තා ඉතාම සෞභාග්‍යවත් පුද්ගලයෙකු බව හඟවයි. එයද ප්‍රමාණයෙන් කුඩා වන්නේ නම් වාසනා ශක්‌තිය විශාල වේ. එම උපන් ලපය තද පැහැය මෙන්ම පැහැදිලිව දැකගත හැකි එකක්‌ විය යුතුය. නාභිය අසලින් ම පිහිටා තිබේනම් ඔහු විශාල ධනවතෙකු වනු ඇත.

උපන් ලපය 10
පුරුෂයෙකුගේ මෙම ස්‌ථානයේ උපන් ලපයක්‌ පිහිටා ඇති නම් ඔහුට දරු සම්පතින් අඩුවක්‌ නැත.

උපන් ලපය 11
පපු පෙදෙසේ පිහිටා ඇති මෙම උපන් ලපයෙන් කියෙවෙන්නේ කීකරු දරුවන් ඔබ වෙත සතුට
රැගෙන එන බවයි. එම නිසා ඔබට ආඩම්බර වීමට පුළුවනි.

උපන් ලපය 12
මෙම උපන් ලපය විශාල වාසනාවක්‌ උදාකර දෙනු ඇත. සැහැල්ලුවෙන් ගලා යන ජීවිතයේ අනපේක්‌ෂිත වාසනාවන්ගෙන් ද අඩුවක්‌ නැත. මෙම උපන් ලප යුගල ලෙස පිහිටා ඇත්නම් ධනවත්, සෞභාග්‍ය සම්පන්න ජීවිතයකට හිමිකම් කියයි.

උපන් ලපය 13

පුරුෂයෙකුට මෙම උපන් ලපය පිහිටා ඇතිනම් ඔහුට සුන්දර බිරිඳක්‌ ලැබෙයි. ස්‌ත්‍රියකට නම් කඩවසම් සැමියෙක්‌ ලැබෙනු ඇත. මෙම උපන් ලපය හිමි තැනැත්තා සුන්දර පෙනුමකට උරුමකම් ඇත්තෙකි.

උපන් ලප 14

පුරුෂයකුගේ බාහුවේ මෙම ස්‌ථානයේ පිහිටා තිබෙන උපන් ලපය සෞභාග්‍යය සංකේතවත් කරයි. එය බාහුවේ යටි පැත්තට වන්නට සැඟවී මෙන් පිහිටයි නම් ඔබ ජීවිතයේ උසස්‌ ස්‌ථානයකට පත්වෙයි.

මෙවැනි උපන් ලපයක්‌ හිමි කාන්තාවන් ඇය සිය දරුවන්ට මේ ලෝකයේ තිබෙන ඉහළම ආරක්‌ෂාවත් ආදරයත් උරුම කර දීමට කැපවෙයි. ඇය වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම දරුවන් සමග බද්ධ වූ ආදරණීය මාතාවකි.

උපන් ලප 15

උඩ බාහුවේ මෙතැන පිහිටි උපන් ලපයෙන් කියවෙන්නේ ඕනෑම දෙයක්‌ ලබා ගැනීමට ඔබ බොහෝ වෙහෙස වී වැඩ කළ යුතු බවයි. විශේෂයෙන්ම ඇඟ වෙහෙසා වැඩ කිරීමට සිදුවනු ඇත.

උපන් ලප 16

වැලමිටේ ඇතුල් පැත්තට වන්නට මෙතැන පිහිටා ඇති මෙම උපන් ලපය මගින් අදහස්‌ කරන්නේ බොහෝ වෙහෙසවී ඔබ වැඩ කළත් ප්‍රතිපල ලබා ගැනීමට අපහසු බවයි.

කාන්තාවකට මෙම උපන් ලපය හිමි නම් ඔබ මුදල් පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. අර පරිස්‌සමින් වියදම් කළ යුතු කෙනෙකි. මහන්සියෙන් උපයාගත් මුදල් ක්‌ෂණිකව වැයවී යන කාරණා ඔබට සුලබව යෙදේ.

උපන් ලප 17

අතේ යට බාහුවේ යටි පැත්තට වන්නට පිහිටා තිබෙන මෙම උපන් ලපයෙන් සංකේතවත් වන්නේ ජීවිත කාලය පුරාම ඔබ මුදල් සමග හොඳින් ගැවසෙන කෙනෙකු බවයි. ඔබ අතේ ගැවසෙන මුදල් ඔබගේම මුදල් නොවන්නට පුළුවන. නමුත් ඔබ ප්‍රවේශම් විය යුතුය. අනතුරු අඟවන උපන් ලපයකි මෙය.

ස්‌ත්‍රියකගේ මෙම ස්‌ථානයේ පිහිටා ඇති මෙම උපන් ලපය මගින් කියන්නේ ඇය රහස්‌ රැක ගත නොහැකි කෙනෙක්‌ බවයි. එම නිසා මෙවැනි කාන්තාවන් විශ්වාස නොකළ යුතු බවයි. ඇය රහස්‌ හෙළිකරන්නේ සෙසු අයට හානියක්‌ කිරීමේ අදහසකින් නොව ඇය තුළ ඇති දොඩමලුවීමේ ආශාව නිසාය. නමුත් ප්‍රවේශමෙන්.

උපන් ලප 18
ප්‍රතිපත්ති ගරුක බව අඩුවෙන් ඇති කාන්තාවන් අතෙහි මෙම උපන් ලපය පිහිටා තිබේ. පමණ ඉක්‌මවා මුදල් වියදම් කිරීමේ දුර්ගුණයද ඇය සතුය. මැණික්‌කටුවේ ඇතුල් පැත්තට වන්නට පිහිටා තිබෙන මෙම උපන් ලපය හිමි ස්‌ත්‍රී පුරුෂ සැමම මුදල් වියදම් කිරීමට ආශා කරන අයයි. සැමටම ආර්ථික අතින් දුෂ්කරතාවලට මුහුණපෑමට සිදුවේ. පුණ්‍ය කටයුතු සඳහා මුදල් දීමට පුරුදුවන්න. එමගින් අර්ථවත් දේ සඳහා පමණක්‌ ඔබ මුදල් වැයකිරීමට පුරුදු පුහුණු වනු ඇත. ඔබ ධනවත් මුත් ලැබෙන ආදායමට වඩා වියදම ඉහළ යාමේ ස්‌වභාවයක්‌ දිස්‌වේ. නමුත් මෙම උපන් ලපය පිහිටා ඇත්තේ දකුණු අතේ නම් එවැනි අය වෙත ධනය ගලා එන බවටද විශ්වාසයක්‌ පවතී.

උපන් ලප 19

පිරිමි අයගේ කලවය ඇතුල් පැත්තට වන්නට උපන් ලපයක්‌ හෝ උපන් ලප කිහිපයක්‌ පිහිටා ඇතිනම් උපතින් හිමිවන ධනයකට උරුමකම් කියයි. කාන්තාවන්ගේ මෙසේ පිහිටියේ නම් ඇය ස්‌වෝත්සාහයෙන්ම ධන වාසනාව උදාකර ගත යුතු බව පැවසෙයි.

උපන් ලප 20

පාදයේ පහළ කොටසේ පිහිටි මෙම උපන් ලපය සුබ ලකුණක්‌ නම් නොවේ. මෙමගින් ජීවිතයේ අසීරු කාල පරිච්ඡේද සහ විඳවීම් හඟවනු ඇත.

උපන් ලප 21
පාදයේ මෙම කොටසේ පිහිටා ඇති උපන් ලප පුරුෂයන්ගේ පිහිටා ඇති නම් එමගින් සංකේතවත් කරන්නේ සතුට සහ සංචාරයයි. රැකියා සඳහා දුර බැහැර ගමන් හෝ පිටරට යාමට සිදුවනු ඇත. උපන් ලපය තිතක්‌ මෙන් කුඩා නම් සතුට පෙන්වයි. නමුත් එය කැළැලක්‌ මෙන් විශාල නම් එයින් අදහස්‌ කෙරෙන්නේ එම සංචාරවලදී විවිධ ගැටලු මතුවිය හැකි බවයි.

පසුපස පෙදෙසේ පිහිටි උපන් ලප

උපන් ලපය 38

තට්‌ටම ප්‍රදේශයේ පිහිටා තිබෙන උපන් ලප නිර්මාණශීලිත්වය, බුද්ධිය හා ප්‍රඥාව පිළිබඳ සලකුණකි. මෙම උපන් ලපය හිමි ඔබ දියුණුවට පත්වන හා සෙස්‌සන්ගේ ගෞරවාදරයට පාත්‍රවීමට නියමිත අයෙකි.

උපන් ලපය 39

කලවයේ පිටුපස පිහිටා තිබෙන උපන් ලපද වාසනාව, ජනප්‍රියත්වය හා ධනවත් බව පිළිබඳ ලකුණකි.

උපන් ලපය 40
විශේෂඥ දැනුමක්‌ හා ශූර බුද්ධියකින් යුතු අයෙකි. මෙවැනි අය කෙරෙහි විශ්වාසය තබා කටයුතු කළ හැකිය. උපන්ගෙයි නායකයන්ය.

උපන් ලපය 41

දණහිසට පිටුපසින් පිහිටා තිබෙන මෙම උපන් ලපය අයහපත පිළිබඳ සංකේතයකි. ජීවිතයේ ඔබට හොඳ දෙයට වඩා නරක දෙය අත්දැකීමට සිදුවනු ඇත. මෙවැනි උපන් ලප කුඩා සැත්කමක්‌ මගින් ඉවත් කර ගැනීමට හැකි නම් වඩා හොඳ වේ.

උපන් ලපය 42

පාදයේ පිටුපස මෙම ස්‌ථානයේ පිහිටා ඇති මෙම උපන් ලපය හිමි පුද්ගලයා ඉතාම කාර්යබහුල අයෙකි. නමුත් වැඩ කිරීම තුළින් ඔහුට කීර්තිය අත්වන නිසා එය “හොඳ” උපන් ලපයකි. මහජන සම්බන්ධතා හොඳින් පවත්වා ගන්නෙකි.

උපන් ලපය 43

පාදයේ වළලුකර පිටුපස උපන් ලපයක්‌ හිමි අය නිතරම ගෙදරින් දුරස්‌ වී සිටින බව සදහන් වේ. නිවසින් දුර බැහැර සංචාරය කරන්නෙක්‌ද විය හැක.

උපන් ලපය 44

මෙම උපන් ලපය කාන්තාවකට පිහිටා ඇතිනම් ඇය තත්ත්වයක්‌ හෝ හොඳ නමක්‌ නොපවතින කාන්තාවක්‌ විය හැක. නිරාවරණය කිරීමට නුසුදුසු මෙය ආවරණය වර පරිදි ඇඳුම් ඇඳීම කළ යුතුය.

උපන් ලපය 45

ආදරය ලැබීම හා විවාහය වාසනාවන්ත වීම යන කරුණු අතින් එතරම් වාසනා බලයක්‌ නොමැති කාන්තාවන්ගේ මෙවැනි උපන් ලපයක්‌ පිහිටීමටද ඉඩතිබේ. මෙම උපන් ලපය තද පාටයි. නම් එකී අසුබ බලපෑමද ඉහළ යයි. ඇමරිකානු නිළියක වන රුෂෙල් වෙයිස්‌ගේද එවැනි උපන් ලපයක්‌ දැකිය හැක.

උපන් ලපය 46

තම ජීවිතයේ ඕනෑම කටයුත්තකදී වගකීම් රහිතව අපිළිවෙලට වැඩ කිරීම මෙම උපන් ලපය මගින් සංකේතවත් කරයි. තවද මොවුන් සිය ආර්ථිකය නිසියාකාරව සකසුරුවම් කිරීමට නොදනී. ඒ පිළිබඳව දක්‌වන්නේ ද උදාසීන ප්‍රතිපත්තියකි. එම නිසා මෙම උපන් ලපය හිමි අයගේ ජීවන රටාව අවුල් සහගත වන අතර එම හේතුවෙන් විවිධ ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවෙයි. එම නිසා මෙම උපන් ලපය හිමි ඔබ මේ කරුණු ගැන වඩාත් සැලකිල්ලෙන් සිටීම ඉතා සුබය.

උපන් ලපය 47

වළලුකරේ පිට පැත්තේ පිහිටා ඇති මෙම උපන් ලපය මගින් පෙන්නුම් කරනු ලබන්නේ කැඩී බිඳී විසිරී යන පවුල් ජීවිතයක උරුම කාරයෙක්‌ බවයි. එසේත් නොමැතිනම් ජිවිතයේ වයස හතළිස්‌ ගණන්වලදී අසාර්ථක විය හැකි ආදරයක්‌ පිළිබඳවයි.

මෙම අහිතකර බලපෑම අවම කර ගැනීමට ඔබට භාවිත කළ හැකි ක්‍රමයක්‌ වන්නේ මෙම උපන් ලපය ආවරණය පරිදි දිගු අත් සහිත ඇඳුම් භාවිතා කිරීමෙනි. මෙසේ කිරීමට ඔබ වග බලා ගන්නේ නම් ඔබට ඇතිවිය හැකි නරක අවම වනු ඇත.

උපන් ලපය 48

අත්ල පිටුපස පිහිටා තිබෙන මෙම උපන් ලපය හිමි ඔබ විශාල ධන සම්භාරයක්‌ උපයා ගත හැකි කෙනෙකි. මේ ගැන අවධානය යොමුකර වෙහෙස මහන්සි වී කැපකිරීම් කරමින් ධනය උපයාගත හැකි ක්‍රම සොයා බලා ඒ සඳහා යොමුවන්න.
මුහුණේ උපන් ලප හෙළි කරන රහස්‌

කැඩපතක්‌ ඉදිරියට ගොස්‌ ඔබේ මුහුණ දෙස හොඳින් බලන්න. ඔබේ මුහුණේ උපන් ලප පිහිටා තිබෙනවා ද? උත්තරය ඔව් නම් එම උපන් ලප පිහිටි ස්‌ථාන හොඳින් මතක තබා ගන්න. මේ සමඟ ඇති රූපයේ දක්‌වා ඇති ස්‌ථානවල ඔබගෙත් උපන් ලප පිහිටා තිබෙනවා ද? එසේ නම් එම අංක වලට අදාළව විස්‌තර කර ඇති රහස දැනගන්න. ඔබගේ මිතුරන් , ඥාතීන් ආදි අනෙක්‌ අය ගේ මුහුණෙන් හෙළිවන රහස්‌ දැන ගන්නට ඔබටත් පුළුවන්.

උපන් ලප අංක 01, 02, 03
දරුවෙකු ලෙස සිටියදී ඔබ විප්ලවීය ගති පැවතුම් තිබූ නිදහස්‌ සිතිවිලි වලින් හෙබි නිර්භීත අයෙකි. නිර්මාණශීලි හැකියාවන් සඳහා සහජ දක්‌ෂතා ඔබ සතුය. එම කුසලතා හා හැකියාවන් සාර්ථක කර ගැනීමට පුළුල් නිදහසක්‌ ඔබට තිබිය යුතුය. ඔබ දායකවන ඕනෑම කටයුත්තකදී පුරෝගාමියා වීමේ වාසනාව ඔබ සතුය. ප්‍රධානියෙක්‌ යටතේ සේවය කිරීමට එකඟ නොවන බව, ඔබගේ ස්‌වාමියා තමන්ම යන ආකල්පය මුදුන් පමුණුවා ගන්නෙකි. ඒ නිසාම ඔබට දිනක වාසනාව උදා වනු ඇත.
උපන් ලපය අංක 04
ආකර්ෂණීය පෞරුෂයක්‌ හිමි ඔබ ජනප්‍රිය චරිතයකි. නමුත් ජීවිතයේ වැදගත් අවස්‌ථාවන් වලදී තීරණ ගැනීමට පසුබට වීමට ඉඩ ඇත. තවද විකල්ප කිහිපයක්‌ ඔබ ඉදිරියේ ඇති විට සුදුසුම විකල්පය තෝරා ගැනීමට ඔබ අසමත් ය. ඕනෑම කාරණාවක්‌ සම්බන්ධව වාද කිරීමට ඉතා උනන්දු මුත් කිසිවෙකු හා අමනාපයෙන් සිටීමට කැමති නැත. සන්සුන් කමක්‌ නොමැති ඔබ ක්‌ෂණිකව කෝපයට පත්වන චරිතයකි.
උපන් ලපය අංක 05
ඇහි බැමට උඩින්a පිහිටා තිබෙන මෙම උපන් ලපය හිමි ඔබට ධන වාසනාව උදාවෙනු ඇත. ඒ සඳහා ඔබ සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා වැඩියෙන් වෙහෙස මහන්සි වී වැඩ කළ යුතුමය. මිහිරි – චාටු කතාවෙන් ඔබේ ධනය සූරා ගන්න මාන බලන අය අපමණ ය. කිසිවෙකු පමණට වඩා විශ්වාස නොකිරීමට වග බලා ගත යුතුය. ඔබගේ සහජ ඥාණය භාවිත කරමින් ඔබේ ආදායම ප්‍රවේශම් කර ගන්න. මුදල් පාලනය කිසිවෙකුට භාර දීම නොකළ යුතුය.
උපන් ලපය අංක 06
ඇහිබැම මත උඩින් උපන් ලපයක්‌ හිමි ඔබ උපතින් ම කලාකරුවෙකි. නිර්මාණශිලිත්වය හා හොඳ බුද්ධියක්‌ ඔබ සතුය. කලා හැකියාව ඔබට ධනය, කීර්තිය සහ සාර්ථකත්වය උදාකරදේ. නමුත් ධන වාසනාව ළඟා කර ගැනීම සඳහා ජීවිකාවක්‌ ලෙස කලාවේ
නිරත නොවී විප්ලවීය අදහසින් නව නිර්මාණ බිහි කළ යුතුය. එවැනි විප්ලවීය අදහස්‌ අනුව නිර්භීතව නිර්මාණ වල නිරත වන්නේ නම් ඔබට ධන වාසනාව උදාවනු ඇත.
උපන් ලපය අංක 07 – පවුල් ප්‍රශ්න
ඇහි බැමට පහළින් ඇති උපන් ලපයක්‌ හිමි ඔබ පවුල් ප්‍රශ්නවලට මුහුණ දෙන කෙනෙකි. එම ප්‍රශ්න නිසාම ඔබ කනස්‌සල්ලට පත්විය හැකිය. රැකියාව සඳහා ද මෙම ප්‍රශ්න බලපෑම් කරනු ඇත. ඒනිසාම වහා ම ඔබ කළ යුතු වන්නේ පවුලේ ඥාතීන් සමඟ තිබෙන ප්‍රශ්න සාමකාමීව විස¹ ගැනීම යි.
උපන් ලපය අංක 08 – ප්‍රවේශමෙන්
අධික වියදම්කාරි බව නිසා ම ඔබේ ආර්ථික මට්‌ටම අසතුටුදායක ය. සූදුව කෙරෙහි යොමුවීමට ඉතා කැමැත්තක්‌ දක්‌වයි. නමුත් සීමාව දැනගෙන ඕනෑම දෙයක්‌ කළ යුතුය. ඕනෑම තරාතිරමේ කෙනෙක්‌ වරදට පොළඹවා ගැනීමේ ශක්‌තියක්‌ ඔබ සතු නිසා නොයෙක්‌ කරදර වලට පැටලීමට සිදුවෙයි. මෙම කාරණා – සැලකිල්ලට ගෙන ප්‍රවේශමෙන් කටයුතු කරන්න.
උපන් ලපය අංක 09 නිමක්‌a නැති කරදර
ජීවිත කාලය පුරාවට ම සංකීර්ණ ප්‍රශ්න වැලකට මුහුණ දීමට ඔබට සිදුවෙනවා ඇත. මෙම උපන් ලපය මගින් සංකේතවත් වන්නේ නිමක්‌ නැති කරදර ඔබ පසුපස හඹා එන බවයි. කල්පනාකාරීව කටයුතු කිරීමට වගබලා ගන්න
උපන් ලපය අංක 10- දරුපල වලින් හිඟයක්‌ නැත.
ඔබට දරු පලවලින් හිZඟයක්‌ නැත. දූ දරුවන් සහ දරු මුණුබුරන් රාශියක්‌ පිරිවරාගෙන සතුටින් ජීවත්වීමේ දුර්ලභ වාසනාව ඔබට හිමිය. සමීපතමයන්ගෙන් පවා උදව් උපකාර ලැබේ. ඔබට ලැබෙන සහකරු හෝ සහකාරිය ද මානසික වශයෙන් පවා ඔබව තෘප්තිමත් කිරීමට සමත් අයෙකු ය.
උපන් ලපය අංක 11 ශරීර සෞඛ්‍යයට අහිතකරයි.
විවිධ ලෙඩ රෝග වලට ගොදුරුවීමේ අවදානමක්‌ පෙන්නුම් කරයි. විශේෂයෙන් ම මෙම උපන් ලපය තද පාටට ලොකුවට පිහිටියේ නම් ඔබ තම ශරීර සෞඛ්‍යය ගැන නිතර අවධානයෙන් සිටීම ඔබගේ ශරීරය සෞඛ්‍යයට හිතකරවන්නට පුළුවනි.
උපන් ලපය අංක 12 – දීර්ඝායුෂ හිමිවේ
කට කොණවන්නට පිහිටා තිබෙන මෙම උපන් ලපය ඉතාම සාර්ථක සහ සමබර ජීවිතයක සළකුණකි. ධනය සමඟ නිරායාසයෙන් ම ඔබට ප්‍රසිද්ධිය ද ලැබෙනු ඇත. දීර්ඝායුෂ හිමි ඔබට ප්‍රීතිමත් පවුල් ජීවිතයක්‌ ද හිමි ය. මෙම උපන් ලපය කාන්තාවකට පිහිටා තිබෙයි නම්, ඇය අතිශයෙන්ම වාසනාවන්ත ය. එමෙන් ම මන බඳනා අයෙක්‌ වන්නී ය.
සුපරි හොලිවුඩ් නිළි කෝට්‌ හඩ්සන්ගේ මව වන ගෝල්ඩී හොන්ගේ ද මෙම ස්‌ථානයේ උපන් ලපයක්‌ පිහිටා තිබේ. අතීතයේ සුපිරි නිළියක්‌ වූ ඈ විවාහ පත්වූයේද සුපිරි නළු කර්ට්‌ රසල් සමඟ ය. ගෝල්ඩ් ගේ ජීවිතය හැම අතින් ම සාර්ථක ය. හැම අතින් ම පිරිපුන් ය.
උපන් ලපය අංක 13
ඔබගේම දරුවන් ඔබගේ ජීවිතයේ විශාලම කණස්‌සල්ල වීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ විශේෂයෙන් සැලකිලිමත් වන්න. ඔබ ඔවුන් සමග සමීප සම්බන්ධතාවයන් ගොඩ නගා ගත යුතුමය. ඔබගේ දුරස්‌ථ බව ඔබට ඇතිවන ප්‍රශ්නවල මුලයි.
උපන් ලපය අංක 14
ආහාර විෂ වීම පිළිබඳ ඔබ විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුය. අසාත්මිකතා ඇති විය හැක. පමණට වඩා ආහාර ගැනිමෙන් වළකින්න.
උපන් ලපය අංක 15
ඔබ තැනින් තැනට යන කෙනෙකි. නිතර ගෙවල් මාරු කරන්නෙකි. අලුත් දේවල්වලටත් අලුත්ස්‌ථාන වලටත් ඔබ ඉතා කැමතිය. ඉතා හොඳ ඇසක්‌ ඇති ඔබ නිරික්‌ෂණයේ සංචාරයේ හා ත්‍රාසජනක ක්‍රියාවන්ගේ යෙදීමේ හපනෙකි.
උපන් ලපය අංක 16
ආහාර පිළිබඳ සහ ලිංගික ජීවිතයේ ඇතිවිය හැකි ප්‍රශ්න පිළිබඳ ඔබ විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. අධික තරබාරුව නිසා ඔබ මානසිකව දුර්වල වීමටද ඉඩ තිබේ. ඔබ අනුරාගිය. සමහර විටෙක එක්‌ අයෙකුගෙන් සෑහීමට පත්වීමට අකමැතිය. නමුත් සදාචාරයට ගරු කරන ඔබ ඒ නිසාම එම හැඟීම් යටපත් කර ගන්නා අයෙකි. නමුත් ඒ පිළිබඳව පසු තැවෙමින් මානසික පීඩනයට ලක්‌වනු ඇත.

===========================
සුදුපාට උපන් ලප ගැන බියවෙන්න එපා
උපන් ලප.. සමහරු බොහොම කැමති දෙයක්‌. මුහුණේ එහෙම පෙනුම වැඩි කරන්න උපන් ලප පිහිටනවාට වඩාත් කැමති කාන්තාවන්. කොහොම වුනත් අලුත උපන් දරුවෙකුගේ මොළකැටි සමේ උපන් ලප පැහැදිලිව බලා ගන්න පුළුවන්.
ඔබ දැකලා ඇති ළදරු සමේ තියෙන බ්ලැක්‌ නීව්ස්‌ ලෙස හඳුන්වන කලුපාට උපන් ලප වර්ගය. මේවා ආකාර කිහිපයකට චර්මය තුළ දකින්නට පුළුවන්. කලුපාට කුඩා තිතක්‌ ආකාරයට, ඇතැම් විට මුළු ශරීරයේ පදාසයක හෝ විශාල ප්‍රදේශයක කලු පැහැති රෝම සහිත ආකාර යන විදිහට. මේවා කිසිදු හානියකින් තොර සම මත පිහිටා තිබෙන දෙයක්‌. නමුත් විශාල ප්‍රදේශයක පැතිරිලා තිබෙන විශාල උපන් ලප ජයන්ට්‌ නීව්ස්‌ ලෙස අපි හඳුන්වනවා. මෙහි තේරුම වෙන්නේ විශාල හෙවත් යෝධ යන්නයි. මෙවැනි උපන් ලප ළදරුවන්ගේ සමේ තිබෙනවා නම් සැලකිලිමත්වීම ගොඩක්‌ හොඳයි. මෙවන් උපන් ලප අහිතකර රෝගවලට පරිවර්තනය වෙන්නට පුළුවන්.
සම මතුපිට උපන් ලප
සම මතුපිට විශාල ප්‍රදේශයක්‌ පුරා පැතිර තිබෙන උපන් ලප පිළිබඳව චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයෙක්‌ ලවා පරීක්‍ෂා කර ගන්නවා නම් හොඳයි. ප්ලාස්‌ටික්‌ ශල්‍ය කර්මයක්‌ මගින් ඒවා පියවරෙන් පියවර සමෙන් ඉවත් කරන්න පුළුවන්. මෙතනදී කරන්නේ ශරීරයේ වෙනත් තැනකින් ලබාගත් සමේ කොටස්‌ මගින් එම උපන් ලපය තිබෙන කොටස ආවරණය කිරීමක්‌. ඊට අමතරව දැන් දැන් මෙවැනි උපන් ලප ශරීරයෙන් ඉවත් කරන්න ලේසර් ප්‍රතිකාරය භාවිත කරනවා. මෙම විශාල පරිමාණයේ උපන් ලප වර්ගය පැහැපත් සමක්‌ සහ තලෙළු සමක්‌ තිබෙන ඕනෑම ළදරුවෙක්‌ගේ සම මතුපිට ඇතිවෙන්න පුළුවන්. මෙතනදී අපි වෛද්‍යවරයෙක්‌ හමුවෙලා පරීක්‍ෂා කරගන්න කියන්නේ මේවා ඇතැම් විට අනාගත පිළිකා බවට පත්වෙන්න පුළුවන් නිසයි. මතක තබා ගන්න මෙයින් අපි කියන්නේ නැහැ විශාල උපන් ලප තිබෙන ඕනෑම ළදරුවෙක්‌ අනාගතයේ පිළිකාවකට ලක්‌වෙනවා කියලා. අනවශ්‍ය බියක්‌ ඇති කරගන්නත් අවශ්‍ය නැහැ. මෙවන් තත්ත්වයක්‌ ඇතිවෙන්නේ ඉතාම කලාතුරකින්.
තවත් අවස්‌ථාවක්‌ වෙන්නේ සුදුපාට උපන් ලප සම මතුපිට පිහිටා තිබීමයි. මේවා වර්ග කිහිපයක්‌ තිබෙනවා. එක්‌ වර්ගයක්‌ අපි එක්‌ක්‍රොවය කියලා හඳුන්වනවා. තවත් එකක්‌ නීව්ස්‌ ඇනමික්‌ස්‌ කියලා හඳුන්වනවා. මෙම එක්‌ එක්‌ උපන් ලප වර්ගයන් හඳුනාගන්න එම ලප පිළිබඳව චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයෙක්‌ට පුළුවනි. නමුත් සුදු උපන් ලපවලට බෙහෙත් හෝ ප්‍රතිකාර නැහැ. ළදරුවෙකුට සුදු උපන් ලප තිබීමෙන් ශරීරයට කිසිදු හානියක්‌ නොවන බව අපට පැහැදිලිවම කියන්න පුළුවන්. මේවා මගින් බලපෑමක්‌ ඇති කරන්නේ කෙනෙකුගේ බාහිර රූපයට පමණයි. ළදරු වයසේදී මේවා පැහැදිලිව බලාගන්න නොහැකි වුවත් පෙර පාසල් සහ පාසල් වයසේදී සමේ සුදු උපන් ලප දරුවන්ට තිබේදැයි හොඳින් පරීක්‍ෂා කර බලා ගන්නට පුළුවන්. මෙම උපන් ලප තියෙන දරුවන් අපි ළඟට අරගෙන ආවාම අපි කරන්නේ මෙම රෝග තත්ත්වය පිළිබඳව හොඳින් වැඩිහිටියන්ට පැහැදිලි කරලා ප්‍රතිකාර නොමැති බව සහ ප්‍රතිකාර කරන්නට යාමෙන් වන අහිතකර තත්ත්වය ගැන පහදා දෙන එක පමණයි. බොහෝ විට කළ හැක්‌කේ මෙවන් අය සමාජය තුළ උත්සව, විශේෂ අවස්‌ථාවලට යන විට සුදු උපන් ලප තිබෙන ප්‍රදේශය පවුන්ඩේෂන් හෝ වෙනත් ආලේපන තුළින් ආවරණය කරගැනීමයි. කුඩා කාලයේ සිට ඇතිවන සුදු පැහැති උපන් ලප නිට්‌ටාවට සුව කිරීම සඳහා ප්‍රතිකාර සොයා ගැනීම තවම ලෝකය තුළ සිදු වී නැහැ. අනෙක මේවා බිය විය යුතු රෝග තත්ත්වයක්‌ නෙමෙයි.
====================================================
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 


Monday, January 16, 2017

2017 ලග්න පලාපල ටොලමියානු ජ්‍යොතිෂයෙන් ...(astrology lagna palapala-අබිරහස් අඩවිය - Abirahas Adawiya - ශාස්ත්‍රීය ළිපි)

පුරාණ ටොලමියානු ජ්‍යොතිෂය අද ඉතා දියුණුවට පත්ව තිබෙන බටහිර ජ්‍යොතිෂ විද්‍යාවේ පූර්ව අවස්ථාව ලෙස සැලකෙයි. ගණිතඥයන් සහ ජ්‍යොතිෂ විශාරදයන් ලෙස මහත් සම්භාවනාවට පාත්‍රවන ක්ලෝඩියස් ටොලමි සහ පයිතගරස් යන දෙදෙනා විසින් ජ්‍යාමිතික ගණිත සූත්‍රයකට අනුව වැඩි දියුණු කරන ලද පංච බල මූලධර්මය ( PRINCILPE OF THE FIVE ELEMENT ) පොදු පලාපල කථනය සඳහා ඉතා සාර්ථකව යොදා ගත හැකිය. 2017 වසර එක් එක් ලග්න හිමියන්ට බලපාන ආකාරය පිළිබඳව එකී මූලධර්මය අනුව විමසා බලමු. ශ්‍රී ලංකාවට එම පලාපල කථන ක්‍රමය හඳුන්වා දෙන පළමු අවස්ථාව මෙයයි.
මේෂ ලග්නය
ගිනි බලයෙන් ද අධිවේගයෙන් ද විප්ලවකාරී මනසකින් ද යුත් මේෂ ලග්න හිමියන් කොතැනකට ගියත් මුල් පුටුව ම සොයයි. එහෙත් පසුගිය වසර දෙක හමාරක කාලයේදී ඔබ මුල් පේළියෙන් පමණක් නොව සභාවෙන් ම ඉවතට තල්ලු වී යන්නට ඇත. ඊට හේතු වූයේ ඔබේ ලග්නයෙන් 08 වැන්න වූ අඳුරු විසකුරු වෘශ්චික ජල රාශියේ වායුකාරක සෙනසුරු ග්‍රහයා ගමන් කිරීම ය. එය දැඩි පීඩාකාරී අවස්ථාවකි. 2017 ජනවාරී 26 දා සෙනසුරු එතැනින් නික්ම ගමන් ගන්නේ ඔබේ ලග්නයෙන් 09 වැන්නවූ ධනු රාශියට ය. ඔබට සියලු සුබපල උදාකරන ත්‍රිකෝණස්ථානය වූ 09 වැන්න ඔබට මිතුරු ගුරු ග්‍රහයාට හිමි ස්ථානයකි. දෙවනුව එය ගිනි බලයෙන් ද නිර්මල චින්තනයෙන් ද මධ්‍යස්ථ වේගයෙන් ද යුත් රාශියකි. සෙනසුරු වැනි යුක්තිගරුක ආධ්‍යාත්මික ග්‍රහයකුට ධනු රාශිය සහ 09 වැන්න ඉතා යෝග්‍ය තැනකි. තුන්වැනිව සෙනසුරු සහ ගුරු අතර හට ගන්නා මේ විශිෂ්ට සංයෝගය අන් කිසිදු සුබ සංයෝගයකට දෙවැනි නොවේ. මේ සියල්ලෙහි සාර ගුණය විඳීමට තරම් ඔබ භාග්‍යවන්තයකුවීම ගැන සතුටු වන්න.
2017 අප්‍රේල් 08 දා යුරේනස් ග්‍රහයා ඔබේ ලග්න ශීර්ෂයට පැමිණෙයි. ග්‍රහලොව විප්ලවකාරී අති ධාවනකාරීත්වය නියෝජනය කරන වායු බලයෙන් යුත් යුරේනස් කරන දෙය හොඳ හෝ නරක හෝ වේවා මහ පරිමාණයෙන් ම සිදු කරයි. ඔහු මෙසේ මේෂ රාශියට පැමිණෙන්නේ වසර 84 කට පසුව ය. මෙතැන් සිට වසර හතක් ම ඔහු ඔබේ හිස මුදුනේ ගමන් ගනී. ලග්නයේ යුරේනස් සහ 09 වැන්නේ සෙනසුරු අතර හට ගන්නා අංශක 120 ත්‍රිකෝණ දෘෂ්ටිය ඉතා සුබදායක ය. මෙහිදී 1 සහ 9 යන ගිනි රාශීන් දෙක වායු බලයෙන් යුත් යුරේනස් සහ සෙනසුරු යන ග්‍රහයන් දෙදෙනා විසින් ප්‍රතිපෝෂණය කරනු ලැබේ. මේ ඔබේ ජීවිතයේ උදාවන අතිශයින් ම තීරණාත්මක සහ පෙරළිකාර අවස්ථාව බව මතක තබා ගන්න. ඔබේ පෞරුෂය - චින්තනය - රැකියාව - සමාජ සබඳතා යනාදී වූ සියලු දෙයම වහා වෙනස් වෙයි. අතීතයේ ජීවත්වූවාට වඩා හාත්පසින් ම වෙනස් පෙරළිකාර ජීවන රටාවකට අනුගත වන්නට ඔබට සිදුවෙයි. ඔබ මෙතෙක් ඔබ සහ ලෝකය පිළිබඳව සිතා සිටි ආකාරය අංශක 360 කින් වෙනස් වෙයි. මෙහිදී ඍණ සහ ධන ප්‍රතිපල දෙවර්ගයට ම මුහුණ දීමට සිදුවන අතර ඔබේ ජයග්‍රහණය රඳා පවතින්නේ බාහිර සමාජය විසින් ඔබ වෙත ආරෝපණය කරනු ලබන ඇගයීම් හෝ ගැරහීම් හෝ නොව සිදුවීම් කලමනාකරණය කිරීමට ඔබට ඇති හැකියාව මත බව මතක තබා ගන්න.
ඔබේ කේන්දරයේ සියලු රාජයෝග බල ක්‍රියාකරවන 10 සහ 11 අධිපති සෙනසුරු 08 වැන්න වූ වෘශ්චික මර්මස්ථානයෙන් නිදහස්වීම ම ඔබ 2017 වසරේදී ලබා ගන්නා බලවත් ජයග්‍රහණයකි. 10 සහ 11 අධිපති 9 වැන්නේ සුබදායකව තැන්පත්වීම නිසා සියලු අභියෝග ජය ගැනීමට අත්‍යවශ්‍ය වන්නා වූ ආත්ම ශක්තිය සහ පෙරළිකාර නිර්මාණාත්මක චින්තනය ඔබට ඉටු දෙවියකු ලෙස පිහිටවනු ඇත.
ගුරු ග්‍රහයා වක්‍රව ඔබේ ලග්නයෙන් 06 වැන්නේ පඨවි රාශියක ගමන් ගැනීම ඔබේ සෞඛ්‍යයට එතරම් යහපත් නොවේ. රුධිරගත සීනී සහ මේද පරිමාව අනතුරුදායක මට්ටමට ඉහළ යා හැකිය. එහෙයින් 2017 සැප්තැම්බර් 13 දා තෙක් ඔබ විශේෂයෙන් සැලකිලිමත් විය යුතුව තිබේ.
2017 අගෝස්තු 17 දා රාහු ග්‍රහයා ඔබේ ලග්නයෙන් 04 වැන්න වූ කටක ජල රාශියට පැමිණෙයි. මේ සමඟ ම වූ අනෙක් ග්‍රහ පිහිටීම් අනුව ඔබේ පදිංචිය සහ රැකියා ස්ථානයේ නියත වෙනසක් සිදුවන බැව් පැහැදිලි වේ. විදේශගතවීම්වලට ද වැඩි ඉඩක් පවතී.
කෙසේ නමුත් ඉතා පැහැදිලිව පෙන්නුම් කරන්නේ 2017 ඔබේ ජීවිතයේ මහත් පෙරළියකට මුල පුරන වසරක් වන බවයි.
වෘෂභ ලග්නය
තද පඨවි බලයෙන් ද මන්දවේගයෙන් ද අනම්‍ය හිතුවක්කාර මනසකින් ද යුත් වෘෂභ ලග්න හිමියන් කොතැන ගියත් වෙහෙස නො බලා වැඩ කරන්නවුන් වෙයි. පසුගිය වසර දෙක හමාරක කාලයේදී විවාහය සහ සමාජ සම්බන්ධතා පිළිබඳව දැඩි පීඩාවකට පත්වූ ඔබ මෙතැන් සිට සහනශීලී මානසිකත්වයකට පත්වෙයි. ඔබේ ලග්නයෙන් 08 වැන්න වූ ගිනි බලැති ධනු රාශිය ඔබට සතුරුවන අතර ම 2017 ජනවාරි 26 දා එහි පිවිසෙන සෙනසුරු විසින් අෂ්ඨම ඒරාෂ්ඨක තත්ත්වයක් ද උදා කරනු ලබයි. මේ නිසා ඔබේ ලෞකික ජීවිතයේ අනපේක්ෂිත කඩා වැටීම් මෙන් ම කටයුතු අතරමග ඇණ හිටින බවක් ද විශේෂයෙන්ම අය මාර්ග සහ රැකියාව ආශ්‍රිත පීඩනයන් ද රෝග පීඩා ඉස්මතු වීම් ද පෙන්නුම් කරයි.
එහෙත් මේ කිසිවකින් ඔබ දිරි බිඳගත යුතු නොවේ. මෙහිදී ඔබට ජීවිතයේ අලුත් ම සහ යහපත් ම පාඩම් ඉගෙන ගැනීමට අවස්ථාව උදාවෙයි. ගුරු හිමි ධනු රාශියට යන ඔබේ 09 සහ 10 අධිපති මහා යෝගකාරක සෙනසුරු ඔබට විපතක් සිදු කරන්නේ නැත. ඔහු ඔබට කටුක ජීවිත අභ්‍යාස ලබා දෙන අතර ඒවා නිරාකරණය කිරීමට වුවමනා විනය ඉවසීම සහ ප්‍රඥාව ද නොමසුරුව ම ලබා දෙයි. මේ අවස්ථා ඉතා හොඳින් වටහා ගෙන කටයුතු කළොත් ඔබ දිනුම් ය.
2017 අප්‍රේල් 08 දා ඔබේ ලග්නයෙන් 12 වැන්නට එන යුරේනස් සහ 08 වැන්නේ සෙනසුරු අතර හට ගන්නා ගිනි - වායු සංයෝගය ඔබට එතරම් යහපත් නොවේ. කේන්දරයේ සතුරු බල මර්මස්ථාන උත්තේජනය වීම එකී ජන්මියාට ඉතා පීඩාදායක වෙයි. ඒ අවදානම දුරු කැර ගත හැක්කේ ආගමික සහ ආධ්‍යාත්මික ශක්තීන් බලවත් කැර ගැනීමෙනි. අභිසම්භිධාන පිරිත මේ සඳහා යොදා ගත හැකි අති විශිෂ්ට බුද්ධ මන්ත්‍රයකි. මෛත්‍රී භාවනාව ද ඉතා ප්‍රශස්ත වෙයි.
2017 අගෝස්තු 17 දා රාහු ග්‍රහයා ඔබේ ලග්නයෙන් 03 වැන්න වූ අති මිතුරු කටක ජල රාශියට පැමිණීම අතිශය ප්‍රබල වාසනාවන්ත තත්ත්වයකි. මෙතෙක් පැවති සියලු පීඩාවන් නසා අනපේක්ෂිත යස ඉසුරු සම්පත් සහ ස්වර්ණමය අවස්ථාවන් උදා කැර දීමට රාහු ග්‍රහයා වේගයෙන් ක්‍රියාත්මක වෙයි.

2017 සැප්තැම්බර් 13 දා ගුරු ග්‍රහයා ඔබේ ලග්නයෙන් 06 වැන්න වූ වායු බලැති 06 වැන්නට පිවිසීම ඔබේ සෞඛ්‍ය තත්ත්වයට එතරම් හිතකර නොවේ. රුධිරගත සීනී සහ මේද පරිමාව අනතුරුදායක මට්ටමට ඉහළ යා හැකිය. එහෙයින් විමසිලිමත් වන්න.
කෙසේ නමුත් වෘෂභ ලග්නයෙන් උපන් ඔබට 2017 යනු ජීවිතයේ දෛවය තියුණු පරීක්ෂාවකට භාජනය කෙරෙන අවස්ථාවකි. ඒ අවස්ථාව පැහැර නො හරින්න. ඔබේ සතුරා හැම විටම මවිතයට පත් කරවන කලාව ප්‍රගුණ කරන්න.
 මිථුන ලග්නය
වායු බලයෙන් ද මධ්‍යස්ථ වේගයෙන් ද නිර්මල චින්තනයෙන් ද පොහොසත් ඔබ කොතැන ගියත් කැපී පෙනෙන සිද්ධියකට මුල පුරයි. පසුගිය දෙවසරක කාලයේදී වැටෙමින් නැගිටිමින් තිබූ ඔබේ ජීවිතය සෑම සියලු අංශයකින් ම ස්ථිර කෙරෙන තත්ත්වයක් උදාවෙයි. 2017 ජනවාරි 26 දා සෙනසුරු ඔබේ ලග්නයෙන් 7 වැන්න වූ අති මිතුරු ගිනි බලැති ධනු රාශියට පැමිණීම මිශ්‍ර පල ගෙන දෙන අවස්ථාවකි. ඔබේ විවාහ ජීවිතය සහ සමාජ සබඳතා පිළිබඳව කැපී පෙනෙන වෙනසක් ස්ථිරව ම හට ගන්නා අතර එයින් ජීවිතයේ මහත් පෙරළියකට මුල පුරයි. ගුරු හිමි ධනු රාශියේ තැන්පත්වන ඔබේ කේන්දරයේ 08 සහ 09 අධිපති සෙනසුරු විසින් ඔබේ රැකියාව සහ අය මාර්ග කෙරෙහි අභියෝගාත්මක අවස්ථාවන් උදා කරයි. එහෙත් බාධක මැද ජයග්‍රහණ ලැබීමට ඔබට වුවමනාවටත් වඩා හැකියාව තිබේ. ලිහිල් විය යුතු තැන් සහ දැඩි විය යුතු තැන් යන දෙක තෝරා බේරා ගැනීමට අපහසුවීම ඔබේ සහජ දුබලතාවකි.
පමණ ඉක්මවා සංවේදීවීම සහ අන් අය ඔබ ගැන සිතන ආකාරය සොයා බැලීමට කාලය කා දැමීම අපරාධයකි. ඔබට එරෙහිව එන අයට ක්ෂණික ප්‍රතිචාර දැක්විය යුතුය නැතිනම් ඔවුන් නොතකා හැරිය යුතුය. 7 වැන්නේ සෙනසුරු මෙවර ඔබට ඒ පාඩම මැනවින් වටහා දෙනු ඇත. 2017 අප්‍රේල් 08 දා ඔබේ ලග්නයෙන් 11 වැන්න වූ ගිනි බලැති මිතුරු රාශිය වූ මේෂයට එන යුරේනස් ඔබ අද්වීතීය බලයකින් සහ අසහාය පෞරුෂයකින් සන්නද්ධ කරවයි. 7 වැන්න සහ 11 වැන්න යන ප්‍රබල ස්ථාන දෙකම ගිනි සහ වායු බලයෙන් උත්තේජනයවීම නිසා ඔබ සමාජයේ ප්‍රසිද්ධියට පත්වන අතර විදේශ සබඳතාවන්වලින් ද සාර්ථකත්වයට පත්වෙයි. මේ ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවකි. රැකියාවට අමතරව වෙනත් ප්‍රබල අය මාර්ග උත්පාදනය කෙරෙයි. ඉතා කෙටි කාලයකදී අනපේක්ෂිතව ධන සම්පත් භුක්ති විඳීමේ භාග්‍ය උදාවෙයි.උසස් තනතුරු සහ විධායක ශ්‍රේණීන්ට උසස්වීම් ලබයි. 2017 අගෝස්තු 17 දා ඔබේ ලග්නයෙන් දෙවැන්න වූ කටක ජල රාශියට පැමිණෙන රාහු ග්‍රහයා ගෙන් පරෙස්සම් විය යුතුය. ඔබ මත්පැන් පානයෙහි ගිජු අයෙක් නම් අවදානම ඉතා වැඩි බවත් සිතට ගන්න. ආහාර පාන සහ මුවින් ගිලිහෙන වචන දැඩි සතුරන් බවත් අමතක නො කළ යුතු ය. සතුරන් සමඟ ගනු දෙනු සීමා කරන්නාක් මෙන් ආහාර පාන සහ වචන යන දෙක ම ඉතා පරෙස්සමින් භාවිතා නො කළොත් ඔබ වැටෙන්නෙ ගොඩගත නොහැකි වළකට ය.
2017 සැප්තැම්බර් 13 දා ගුරු ග්‍රහයා ඔබේ ලග්නයෙන් 05 වැන්න වූ අති මිතුරු වායු බලැති තුලා රාශියට පැමිණීම සහ එතැන බලවත් ත්‍රිකෝණස්ථානයක් වීම ඉතා බලවත් පිහිටීමකි. සත් පුරුෂ ඇසුර සහ උගතුන් නැණවතුන් ආදීන්ගෙන් ප්‍රබල උපකාර හිමිවෙයි. ඒ සමඟ ම ඔබේ රැකියාව ද නිසැක වෙනසකට ලක්වෙයි.
සමස්ථයක් වශයෙන් ගත් කළ 2017 මිථුන ලග්නයෙන් උපන් ඔබට ඉතා වාසනාවන්ත සහ අභියෝගාත්මක වර්ෂයකි.
කටක ලග්නය
ජල බලයෙන් ද අධි වේගයෙන් ද පෙරළිකාර මනසකින් ද යුත් ඔබ පසුගිය කාලයේදී බොහෝ දුෂ්කරතාවන්ට සහ ධන හානි - අයමාර්ග අවහිරවීම් ආදී අවස්ථාවන්ට මුහුණ දෙන්නට ඇත. ඒ තත්ත්වයට හේතු වූයේ ඔබට පරම සතුරු සිංහ ගිනි රාශියේ තැන්පත්ව සිටි රාහු ග්‍රහයාගේ දුෂ්ට ක්‍රියාකාරීත්වය යි. එය 2017 අගෝස්තු 17 දා තෙක් පවතී. ඉන් අනතුරුව එකී පීඩාව ඉවතට යන මුත් ඊටත් වඩා කරදරයක් ඔබේ හිස මතට කඩා වැටෙන්නේ රාහු ඔබේ ලග්න ශීර්ෂයට පැමිණෙන නිසා ය. එකී කාලය වසර එකහමාරක් පවතී. ඔබ ඉක්මන් තීරණ ගතහොත් නිසැකයෙන් ම අත්වන්නේ පරාජය යි. තිබෙන දෙය රැක ගැනීම මිස අලුත් දේ සෙවීම හෝ ජීවිතයේ අඩමාන අත්හදා බැලීම් සිදු නො කළ යුතු කාලයකි.
2017 ජනවාරි 26 දා ඔබේ ලග්නයෙන් 06 වැන්න වූ ගිනිකාරක ධනුවට එන සෙනසුරු ඉතා බලවත් ය. සතුරන් නසා දිග් විජය පතුරුවන වසර දෙකහමාරක කාලයක් උදාවෙයි. ඔබ කිසියම් බලවත් රෝග හෝ සතුරු පීඩනයකට ලක්ව සිටියා නම් ඒ තත්ත්වය සම්පූර්ණයෙන් ම ඉවත්ව යයි. රාජයෝග බල ක්‍රියාත්මක වී ඉහළ තනතුරු ලැබිය හැකි මුත් ඔබ අති ධාවනකාරී නොවිය යුතු ය. විවාහ ජීවිතයේ දෙදරා යෑම් සහ ඔබේ කලත්‍රයා කෙරෙහි අහිතකර පීඩනයන් මතුවිය හැකි හෙයින් ඉවසීම සහ දුරදිග බැලීම ප්‍රගුණ කිරීම වැදගත් ය. අභිසම්භිධාන පිරිත සහ සක්මන් භාවනාව මේ සඳහා ඉතා ප්‍රශස්ත වෙයි.
2017 අප්‍රේල් 08 දා යුරේනස් ග්‍රහයා ඔබේ ලග්නයෙන් 10 වැන්නට පැමිණීම ඉතා බලවත් පිහිටීමකි. ලග්නයෙන් 06 සහ 10 වැන්න යනු කර්මස්ථානයෙන් ද්විත්ව ත්‍රිකෝණාකාර පිහිටීමකි. ඉදිරි සත් වසරක කාලය ඔබේ ජීවිතයේ අති මහත් පෙරළියකට භාජනය කරවයි. ඔබ දේශපාලනයේ හෝ එවැනි සමාජ සංවිධාන ආදියේ ක්‍රියාකාරීවන අයෙකු නම් ඉතා බලවත් තනතුරු ආදියට පත්වෙයි. එහෙත් ආඥාදායක ස්වරූපයෙන් ක්‍රියාත්මකවීම ඉතා අනතුරුදායක විය හැකිය. හොඳින් හෝ නරකින් හෝ ඔබේ වැඩ කටයුතු සමාජයේ පතළ වෙයි.
2017 සැප්තැම්බර් 13 දා ඔබේ ලග්නයෙන් 06 සහ 09 වැන්න අධිපති ගුරු ග්‍රහයා වායු බලැති 04 වැන්න වූ තුලා රාශියට පැමිණෙයි. එවිට ගුරු සහ යුරේනස් අතර අංශක 180 ක් ද සෙනසුරු සහ යුරේනස් අතර අංශක 120 ක් ද වශයෙන් දෘෂ්ටි සංයෝගයක් හට ගනී. මෙය ඔබේ ජීවිතයේ එක ම එක් වරක් පමණක් යෙදෙන පිහිටීමක් වන්නා සේම කේන්ද්‍රස්ථාන සහ ත්‍රිකෝණස්ථාන සම්බන්ධ කරමින් ගිනි සහ වායු මර්මස්ථාන අධි උත්තේජනයට පත්වන දුලබ අවස්ථාවකි. මෙතෙක් පැවති ඔබේ ජීවන රටාව උඩු යටිකුරු කරවන කාලයක් උදා වී තිබේ.
සමස්ථයක් වශයෙන් ගත් කළ කටක ලග්නයෙන් උපන් ඔබට 2017 වසර තීරණාත්මක ක්‍රීඩා ඉසව්වකි. ජය පරාජය නොසලකා තරගයේ නීති රීතී පිළිපදින්න. එවිට අවසන් ජයග්‍රාකයා වන්නේ ඔබ ය.

සිංහ ලග්නය
ගිනි බලයෙන් ද මන්දවේගයෙන් ද දැඩි ආත්මාධිරෝපිත මනසකින් ද යුත් සිංහ ලග්නය හිමි ඔබ කොතැනකට ගියත් තමා ප්‍රමුඛව ලෝකය සමඟ ගනු දෙනු කරන්නෙකි. එහෙත් පසුගිය වසර දෙක හමාරක කාලයේදී ඔබ ඔබගෙන් ම ඉතා දුෂ්කර පාඩම් ඉගෙන ගත්තේ ය. ඊට නො දෙවැනිව සමාජයෙන් සහ පවුල් සංස්ථාවෙන් ද ඔබට ලෝකය සහ ඔබ පිළිබඳ යථාවබෝධය ඇති කරවන කටුක සිදුවීම් නිර්මාණය කැර දුන්නේ ය. ඊට හේතු වූයේ ඔබේ ලග්නයෙන් 06 සහ 07 අධිපති සෙනසුරු ග්‍රහයා ඔබට සතුරු අඳුරු විසකුරු ජල රාශිය වූ වෘශ්චිකයේ තැන්පත්ව ඔබේ මනස සහ සිතිවිලි මූලාශ්‍රය වූ 04 වැන්න පීඩාවට පත් කිරීමය.
ඔබට ඔබ ගැන ම ඇති වූ ආත්මානුකම්පාව ජීවිතයට ම සෙනසුරු ගෙන් ලැබුණු අමිල ත්‍යාගයක් බව අමතක නො කරන්න. 2017 ජනවාරි 26 දා සිට ඉදිරි වසර දෙක හමාරක කාලයේ එකී සෙනසුරු ගමන් ගන්නේ ඔබේ කේන්දරයේ බලවත් ත්‍රිකෝණස්ථානයක් වූ 05 වැන්නේ ය. ඔබට ඉතා ම මිතුරු ගිනි බලයෙන් යුත් ධනු රාශියේ ගමන් කරන සෙනසුරු යහපත් යුක්තිගරුක ගුරු ග්‍රහයාගේ බලය ද සහිතව ඔබේ ලග්නයෙන් 7 වැන්න 11 වැන්න සහ 2 වැන්න යන ස්ථාන වෙත බැල්ම හෙළයි.
මේ අවස්ථාව මිශ්‍ර පලදායක ය. කෙටියෙන් ම කිවහොත් රස්සාව සහ පරස්තාව යන දෙකම හෙල්ලුම්කන තත්ත්වයක් මතුවෙයි. එහෙත් ඒ කිසිවකින් ඔබේ ජයග්‍රහණයන් වැළැක්විය නොහැක. මෙවර සෙනසුරු විසින් ඔබව අතරමං කරන්නේ හෝ සරණාගතයකු බවට පත් කරන්නේ නැත. එහෙත් ඒ සඳහා ඔබ විසින් කළ යුතු අභ්‍යාස කිහිපයක් තිබේ. පළමුව ඔබ තුළ නිසර්ගයෙන් ම ඇති මමංකාරය පුපුරවා විනාශ කොට පියවි සිහිය ලබා ගත යුතු ය. දෙවනුව පසුගිය වසර දෙක හමාරක කාලයේදී ඔබ විසින් කළ කටයුතු පිළිබඳව ස්වයං විවේචනයක යෙදෙන්න.
ඔබ එසේ නො කරන්නේ නම් සෙනසුරු විසින් එය බලහත්කාරයෙන් සිදු කරනු ලබයි. දෙකෙන් එකක් තෝරා ගන්න. ඔබේ රැකියාව නම් නියත වශයෙන් ම වෙනසකට ලක්වෙයි. ප්‍රේම සබඳතා හෝ විවාහය අභියෝගයට ලක්වෙයි. ඒ දෙ අංශයෙන් ම අලුත් අත්දැකීමක ආරම්භය සනිටුහන් වෙයි.2017 අප්‍රේල් 08 දා යුරේනස් ග්‍රහයා ඔබේ ලග්නයෙන් 09 වැන්න වූ ගිනි බලයෙන් යුත් මේෂ රාශියට පැමිණෙන්නේ වසර 84 කට පසුවයි. ඔබ ජීවිතයේ කිසිදා මුහුණ නොදුන් අනපේක්ෂිත සිදුවීම් මාලාවක් ඉදිරි සත් වසර පුරාම අත් දකින්නට සිදුවෙයි. ඔබේ ජීවිතය අංශක 360 කින් වෙනස් වෙයි.
රාහු ග්‍රහයා තවමත් ගමන් ගන්නේ ඔබේ හිස මතින් ය. එය ද පීඩාදායක ය. 2017 අගෝස්තු 17 දා එකී රාහු ඔබට ඉතා ම සතුරු ජල බලයෙන් යුත් කටක රාශිය හෙවත් ඔබේ ලග්නයෙන් 12 වැන්නට ගමන් ගනී. ජන්ම කේන්දරයේ රාහු දුබල නම් මේ එතරම් යහපත් තත්ත්වයක් නොවේ. සතුරු බල මර්මස්ථානයක් වූ 12 වැන්න කැළඹීම ඔබේ ජීවිතයට එල්ලවන සුනාමියකි. විදේශගතවීමට සිතන්නේ නම් මැනවි. කෙසේ නමුත් මෝර පිරිත සහ අභිසම්භිධාන පිරිත දිනපතා කියවීම ඉතා ගුණදායක ය. මත්පැන් පානය ඔබට ඉතා ම අහිතකර ය.
දැනට ඔබේ ලග්නයෙන් 02 වැන්න වූ පඨවි බලයෙන් යුත් කන්‍යාවේ ගමන් ගන්නා ගුරු ග්‍රහයා නිසා ඔබ කෙසේ හෝ නොවැටී සිටී. එහෙත් 2017 සැප්තැම්බර් 13 දා එකී ගුරු ඔබේ ලග්නයෙන් 03 වැන්න වූ වායු බලයෙන් යුත් තුලා රාශියේ ගමන් කරන්නට ගනී. එවිට ගුරු සහ සෙනසුරු අතර අංශක 180 ක දෘෂ්ටි සංයෝගයක් හට ගනී.
මේ ඔබේ ජීවිතයේ ඉතා ම කලාතුරකින් හට ගන්නා අති ප්‍රබල ආධ්‍යාත්මික ඥාන විභාගයකි. මේ අවස්ථාව පැහැර නො හරින්න. දුගියකු ලෙස පෙනී සිටින්න. දෙවියකු බ්‍රහ්මයකු ලෙස සත්‍යය අවබෝධ කර ගන්න. එවිට ඔබ කිසිවකුට පරදින්නේ නැත.සමස්තයක් වශයෙන් ගත් කළ 2017 ඔබට ආන්දෝලනාත්මක වර්ෂයකි. ඔබ ස්වේච්ඡාවෙන් ම වෙනස්විය යුතුයි. එය ජයග්‍රහණයකි. නො එසේ නම් ලෝකයා විසින් ඔබව වෙනස් කරනු ලැබේ. එය පරාජයකි.
තුලා ලග්නය
වායු බලයෙන් ද අධිවේගයෙන් ද පෙරළිකාර මනසකින් ද යුත් තුලා ලග්නයෙන් උපන් ඔබ කොතැන ගියත් යුක්තිය වෙනුවෙන් සටන් වදින්නෙකි. අන් අය වෙනුවෙන් හඬ නගන්නෙකි. එහෙත් පසුගිය වසර හත හමාරක කාලයේදී ඔබට දෛවයෙන් යුක්තිය ඉටු වූයේ නැත. ඊට හේතු වූයේ ඔබ සෙනසුරුගේ ඒරාෂ්ඨක සමයට මැදි වීමයි. ඔබේ කේන්දරයේ 04 සහ 05 යන බලවත් යෝගකාරක ස්ථාන දෙකට අධිපති සෙනසුරු සතුරු විසකුරු ජල වෘශ්චික රාශියේ පීඩාවට පත්ව සිටි පසුගිය වසර දෙක හමාරක කාලය ඔබට එකී පීඩාව ඉතා බලවත්ව ගෙන දුන්නේ ය.
2017 ජනවාරි 26 දා සෙනසුරු ඔබට ඉතා ම මිතුරු ගිනි බලයෙන් යුත් ගුරු හිමි ධනු රාශියට පිවිසෙයි. ධනු රාශිය ඔබේ කේන්දරයේ 03 වැන්න වන්නා සේම සෙනසුරු මහත් බලයක් අත් කැර ගන්නා ස්ථානයකි. 2017 වසරේ විජයග්‍රාහකයා ලෙස ඔබ සතුටු වන්න. ඔබේ සියලු සුබ පල ක්‍රියාත්මක කරවන යෝග කාරක සෙනසුරු ඉතා බලවත්ව ධනු රාශියේ ගමන් කිරීම නිසා මින් ඉදිරියට ඔබ සෑම සියලු අතින් ම සාර්ථකත්වය ලබයි. සිත් තැවුල් මෙන් ම කායික පීඩාවන් ද දුරු වී යයි. ඉතා සුබ කාල පරිච්ඡේදයක බලවත් ආරම්භයකි.
2017 අප්‍රේල් 08 දා යුරේනස් ග්‍රහයා ඔබේ ලග්නයෙන් 7 වැන්න වූ ගිනි බලැති මේෂ රාශියට පිවිසෙයි. අනෙක් සියලු කටයුතු අතින් ඔබ භාග්‍යවන්තයකු වුවත් යුරේනස් වැනි පෙරළිකාර වායු බලැති ග්‍රහයකු 7 වැන්නේ ගිනි බලය සමඟ සංයෝගවීම එතරම් යහපත් නොවේ. ඔබේ විවාහ ජීවිතය සහ සමාජ සබඳතා සම්බන්ධයෙන් අති ධාවනකාරී තත්ත්වයක් පෙන්නුම් කරයි. එය ඔබගේ පෞරුෂය සහ ප්‍රතිරූපය කෙරෙහි හානිකර විය හැකි හෙයින් අන් අය සමඟ සබඳතා පැවැත්වීමේදී ආවේගශීලී නොවීම වැදගත් වෙයි. යුරේනස් 7 වැන්නේදී විවාහ නාශක භූමිකාව ආරෝපණය කැර ගන්නා හෙයින් ද ඔබේ ලග්නයෙන් 7 වැන්න ප්‍රබල ගිනි රාශියක් වීමත් නිසා ඔබ ඉදිරි සත් වසරක කාලයේදී විවාහය සහ සමාජ සබඳතාවලදී සැලකිලිමත් විය යුතු ය. 2017 අගෝස්තු 17 දා රාහු ග්‍රහයා ඔබේ ලග්නයෙන් 10 වැන්නට පිවිසෙයි. එහි ඇති ජලකාරක බලය සමඟ වායුකාරක රාහුගේ සංයෝගය මතුපිටින් සතුරු ලෙස පෙනී ගිය ද වේගය සහ චිත්ත ස්වරූපය අතින් ඔබේ ලග්න බලය සමඟ එය එකිනෙකට පෑහෙයි. මේ නිසා යම් යම් බාධා මැද වුවත් ඔබගේ වෘත්තීය කටයුතු ඉතා කඩිනම් දියුණුවක් ලබයි. සේවා ස්ථානය තුළ ඔබේ බලය සහ නම ප්‍රකට කෙරෙයි. සමාජයේ ද ප්‍රසිද්ධියට පත්වන කරුණු යෙදෙයි. මෙය ද ඔබට සුබදායකය.
2017 සැප්තැම්බර් 13 දා ගුරු ග්‍රහයා ඔබේ ලග්නයට පැමිණෙයි. එවිට ඔබේ වායු බලැති ලග්නයේ තැන්පත් ගුරු සහ ගිනිකාරක 7 වැන්නේ තැන්පත් යුරේනස් අතර අංශක 180 දෘෂ්ටි සංයෝගයක් හට ගනී. මේ ග්‍රහ පිහිටීම් සියල්ල ගත් කළ ඔබේ කේන්දරයේ ඉතා බලවත් ලෙස ගිනි සහ වායු මධ්‍යස්ථාන උත්තේජනය කෙරෙයි. මෙය ඔබට ඉතා යහපත් ය. පෙර නොවු විරූ බල පරාක්‍රමයක් ඔබ වෙතින් ප්‍රකට වන අතර අති ධාවනකාරී ගමනක් ද පෙන්නුම් කරයි. එහෙත් ඔබ මෙය පාලනය කැර ගැනීමට ද උත්සුක විය යුතුය. සමස්තයක් වශයෙන් ගත් කළ ධනය බලය සහ වික්‍රමය යන ත්‍රිවිධ අංශයෙන් ම ඔබ පොහොසත් වෙයි. ඒ අනුව ඔබ 2017 වසරේ විජයග්‍රාහකයා ලෙස නම් කළ හැකිය.
කන්‍යා ලග්නය
තද පඨවි බලයෙන් ද මධ්‍යස්ථ වේගයෙන් ද නිර්මල චින්තනයෙන් ද යුත් ඔබ සොඳුරු ආඥාදායකයෙකි. හැම විටම ඔබේම සැලසුමකට වැඩ කරන්නෙකි. අන් අයට ද ඔබේ ක්‍රමයට අනුගත වන ලෙසට බල කරන්නෙකි. ආදර්ශයෙන් ම ඔබ රාජකාරියට කැප වූ චරිතයකි. පසුගිය වසර දෙක හමාරක කාලයේ ඔබට මිතුරු ජල රාශිය වූ වෘශ්චිකය හෙවත් 03 වැන්නේ බලවත්ව සෙනසුරු ගමන් කිරීම යහපත් ය. ඔහු ඔබේ කාර්‍ය සාධනයට සහ වෘත්තීය දියුණුවට අත හිත දුන්නේ ය.
බාධක මැඩ ඉදිරියට යෑමේ බලය සහ අවස්ථාව ලබා දුන්නේ ය. 2017 ජනවාරි 26 දා එකී සෙනසුරු ඔබේ ලග්නයෙන් 04 වැන්න සහ සතුරු ගිනි බලයෙන් යුත් ධනු රාශියට පිවිසෙයි. සෙනසුරු ඔබේ 05 වැන්න සහ 06 වැන්න අධිපතියා ය.
සෙනසුරු වැනි වායු බලැති පෙරළිකාර ග්‍රහයකු 04 වැන්න හෙවත් මනස සහ සිතිවිලි මූලාශ්‍රයට පැමිණීම නිසා මෙතෙක් පැවති ඔබේ චින්තන රටාව මහත් විපරිවර්තනයකට ලක්වෙයි. එහි හොඳ හා නරක යන දෙකම තිබේ. 04 වැන්න සහ සෙනසුරු යන සාධක දෙකම පංච බල මූලධර්මය අනුව ඔබට මිතුරු බලයක් නොවේ. එහෙත් 04 වැන්න ඔබේ කේන්දරයේ ප්‍රබල මර්මස්ථානයක් නොවේ. එහෙයින් ඔබට බියවීමට හේතුවක් නැත.
අවශ්‍ය වන්නේ සිතිවිලි සහ හැඟීම් පාලනය කැර ගැනීමය. සෙනසුරු 04 වැන්නේ සතුරු බලය උත්තේජනය කරන තාක් ඔබට පෙර මෙන් ආඥාදායක ස්වරූපයෙන් කටයුතු කළ නොහැකි බව සිහි තබා ගන්න. දෙවනුව එකී සෙනසුරු ඔබේ කේන්දරයේ ලග්නය සහ 06 - 10 - යන ස්ථාන දකී. එහෙයින් ඔබ මෙතැන් සිට ලෝකය ඉල්ලා සිටින තත්ත්වයන්ට අනුගත විය යුතුව තිබේ. ඔබේ පෞද්ගලික න්‍යාය පත්‍රයට අනුව අන් අය මෙහෙයවිය නො හැකි බවත් අමතක නොකළ යුතු ය. 2017 අප්‍රේල් 08 දා යුරේනස් ග්‍රහයා ඔබේ ලග්නයෙන් 08 වැන්න හෙවත් සතුරු ගිනි බලැති මේෂ රාශියට පැමිණීම ඉතා ම අනතුරුදායක ය.
යුරේනස් වැනි ග්‍රහයකු විසින් 08 වැන්න වැනි මර්මස්ථානයක සතුරු බලය උත්තේජනය කිරීම විශේෂයෙන් සැලකිලිමත් විය යුතු තත්වයකි. ඔබේ කේන්දරයේ 04 සහ 08 වැන්නේ පිහිටන ශනි = යුරේනස් දෘෂ්ටිය අංශක 120 කි. මේ වනාහී හොඳට හොඳයි ඒත් නරකට නම් ඉතාම නරකයි යන කියමන සිහිපත් කරවන්නකි. මෝර පිරිත සහ අභිසම්භිධාන පිරිත කියවීම ඉතා ගුණදායක ය. ආනාපානා සති භාවනාව ද ඉතා ප්‍රශස්ත ය.2017 අගෝස්තු 17 දා වනතුරු රාහු ඔබේ ලග්නයෙන් 12 වැන්න වූ සතුරු බලැති සිංහ රාශියේ ගමන් කිරීම ද සුබදායක නොවේ.
08 වැන්න යුරේනස්ගෙන් ද 12 වැන්න රාහුගෙන් ද යනාදී වශයෙන් ඔබට පරම සතුරු වායු බලයෙන් යුත් හිතුවක්කාර ග්‍රහයන් දෙදෙනෙකු වෙතින් බලවත් ලෙස උත්තේජනය වීම බරපතළ ලෙස අනතුරුදායක ය.මේ නිසා 2017 අප්‍රේල් 08 සිට අගෝස්තු 17 දක්වා වූ මාස පහක කාලය ඔබ විශේෂයෙන් පරෙස්සම් විය යුතුය. කන්‍යා ලග්නයෙන් උපන් දේශපාලන නායකයන් - ආරක්ෂක අංශ ප්‍රධානීන් වැනි අය කෙරෙහි මේ පීඩාව බලවත් ලෙස දැනෙනු ඇත. කෙසේ නමුත් 2017 අගෝස්තු 17 දා සිට රාහු ඔබේ ලග්නයෙන් 11 වැන්න වූ අති මිතුරු කටක රාශියේ ගමන් කිරීම ඉතා සුබදායක ය. වාසානාවන්තය. එතෙක් පරෙස්සම්වන්න.
2017 සැප්තැම්බර් 13 දා ගුරු ග්‍රහයා ඔබේ ලග්නයෙන් 02 වැන්නට පිවිසීම ද ඉතා සුබදායකය. ඊට අමතරව 08 වැන්නේ තැන්පත් යුරේනස්ගේ සතුරු බල හීන කිරීමට ද ගුරු ක්‍රියාත්මකවනු ඇත. එහෙත් ගුරු ඔබේ බාධක ග්‍රහයා වෙයි. මේ නිසා ජන්ම කේන්දරයේ ගුරුගේ පිහිටීම අනුව ප්‍රතිඵලය වෙනස්විය හැකිය.
සමස්තයක් වශයෙන් ගත් කළ කන්‍යා ලග්නයෙන් උපන් ඔබට 2017 මිශ්‍ර පලදායක වර්ෂයකි. එහෙත් ඉවසීම සහ නම්‍යශීලීබව ඇති කැර ගත හැකි නම් අවසන් ජයග්‍රාහණය ඔබ සතුවෙයි. බෝම්බ පුපුරන වෙඩි වරුෂා අහසට නැගෙන යුද පිටියක් මතින් ගමන් කිරීම අනතුරුදායක නොවන්නේ ද ? මේ අවදානම පහවනතුරු ඔබ සිටිය යුත්තේ පොළොව යට බංකරයක ය. ඔබ ඒ ගැටුමේ පාර්ශ්වකරුවකු නොවිය යුතුය.
වෘශ්චික ලග්නය
ජල බලයෙන් ද මන්දවේගයෙන් ද දැඩි මනසකින් ද යුත් වෘශ්චික ලග්නයෙන් උපන් ඔබ තමාගේ ඇතුළාන්තය නො සොයා අන් අයගේ කටයුතු පිළිබඳව ගුණ දොස් සොයන්නෙකි. මේ නිසර්ග ස්වභාවය නිසා ඔබ පසුගිය වසර පහක කාලයේදී කළ කටයුතු සම්බන්ධයෙන් ඉදිරි වසර දෙක හමාරක කාලයේදී වග උත්තර කීමට දෛවයෙන් බැඳී සිටී. 2017 ජනවාරි 26 දා ඔබේ ලග්නයෙන් 02 වැන්න වූ ඔබට පරම සතුරු ගිනි බලයෙන් යුත් ධනු රාශියට පිවිසෙන සෙනසුරු විසින් එකී අවස්ථාව උදා කරනු ලැබේ.
මීට වසර 29 කට පෙර ඔබ මුහුණ දුන් අත්දැකීම්වලට සමාන තත්ත්වයක් එමඟින් නිර්මාණය කෙරෙයි. එමඟින් ඔබට ඔබේ ම ජීවිතයේ ඇතුළාන්තය පිරික්සීමේ දුර්ලභ අවස්ථාවක් සෙනසුරු විසින් පිරිනමයි. මේ අවස්ථාවෙන් ඔබ උපරිම ප්‍රයෝජනය ගනීම වටී. 2017 ජනවාරි 26 දා සිට ඔබ විසින් ගත කරනු ලබන්නේ වසර හත හමාරක ඒරාෂ්ඨක සමයේ අවසන් සහ දුෂ්කර ම කාල පරිච්ඡේදය යි.
ඒ කාලය ජය ගැනීමට අත්‍යවශ්‍ය කළමනා සියල්ල ද සෙනසුරු විසින් ම ඔබට ලබා දෙන අතර අවශ්‍ය වන්නේ පියවි සිහියෙන් කටයුතු කිරීම පමණි. සෙනසුරු ඔබේ ලග්නයෙන් 03 සහ 04 අධිපතියා ය. මෙතැන් සිට ඔහු ගමන් ගන්නේ ඔබේ ලග්නයෙන් 02 වැන්නේ ය. ඔබ ඔබේ තැන්පත් ධනය මෙන් ම කට ද රැකගත යුතු ය.  
2017 අප්‍රේල් 08 දා යුරේනස් ග්‍රහයා ඔබේ ලග්නයෙන් 06 වැන්න වූ ඔබට පරම සතුරු වූ ගිනි බලයෙන් යුත් මේෂ රාශියට පැමිණීම සුබදායක නොවේ. ඉතා බලවත් සතුරන් ඔබට එරෙහිව නැගී සිටින අතර ඊට සමාන්තරව ඔබේ සිරුරේ උදරය - ආහාර මාර්ග පද්ධතිය - ප්‍රජනන පද්ධතිය - සහ ශ්‍රෝණි අස්ථි ආශ්‍රිතව වේදනාත්මක උෂ්ණ රෝග මතු විය හැකිය. මේ පිළිබඳව සැලකිලිමත් වීම වැදගත් ය.
2017 අගෝස්තු 17 දා රාහු ග්‍රහයා ඔබේ ලග්නයෙන් 09 වැන්න වූ පරම මිතුරු ජලකාරක කටකයට පැමිණීම මිශ්‍ර පලදායක ය. ඔබ තුළ ධාර්මික සිතිවිලි ජනිත කරවන අතර කිසියම් ආධ්‍යාත්මික කැළඹීමක් ද පෙන්නුම් කරයි. විදේශ ගමන් ඇති කරවයි. එහෙත් නිසැකයෙන් ම 2017 අගෝස්තු වන විට ඔබේ රැකියාවේ වෙනස්වීමක් පෙන්නුම් කරයි. මෙතෙක් පැවති වෘත්තීය සුරක්ෂිත බව අභියෝගයට ලක්වන අතර රැකියාව සහ රැකියා ස්ථානය පිළිබඳව අසහනය ජනිත කරවයි.
2017 සැප්තැම්බර් 13 දා ගුරු ග්‍රහයා ඔබේ ලග්නයෙන් 12 වැන්න වූ සතුරු වායු බලැති තුලාවට පිවිසීම ඉතා අහිතකර ය. ගුරු ඔබේ ලග්නයෙන් 02 සහ 05 වැන්න අධිපතියා ය. 10 වැන්නෙන් 08 වැන්න ඔබේ ලග්නයෙන් 05 වැන්න වන අතර එහි අධිපතියා 12 වැන්නට පිවිසීම රැකියාව පිළිබඳව ඉහත කී අනතුරුදායක බව බලවත් ලෙස තහවුරු කිරීමකි. එමෙන් ම 02 වැන්නාධිපති වූ ගුරු 12 වැන්නට යෑම ඔබේ තැන්පත් ධනය සහ පවුල් සංස්ථාව කෙරෙහි දුෂ්කර සිදුවීම් ජනිත කරවන්නකි.
සමස්තයක් වශයෙන් ගත් කළ 2017 ඔබට ඉතා සීරු මාරු වසරකි. එහෙත් දෛවය වෙනස් කළ හැකිය. කළු වලා මැද පවා රිදී රේඛා හටගනී. ඔබට දෛවයෙන් ම හිමි වී තිබෙන තද බල ආත්ම ශක්තිය මේ දුෂ්කර කෙටි කාලයේදී යෝධ බල යෝධ සවියක් බවට ඔප් නංවා ගන්න. එවිට ඔබ පරදින්නේ නැත.
# ධනු ලග්නය
ගිනි බලයෙන් ද මධ්‍යස්ථ වේගයෙන් ද නිර්මල චින්තනයකින් ද යුතු ධනු ලග්නය හිමි ඔබ හැම විට ම තම හෘදය සාක්ෂිය සමඟ ගනු දෙනු කරන අනුකම්පා සහගත චරිතයක් වන මුත් කිසිවකුගේ බලහත්කාරය නොරුස්සන සටන්කාමියෙකි. පසුගිය වසර දෙක හමාරක කාලයේදී ඔබ ජීවිතයේ විශාල පසුබෑමකට ගොදුරු විය. ඔබ උපයා ගත් බොහෝ දේ අහිමි කරවන තැනට කටයුතු යෙදිණ. රහසිගත සතුරු කුමන්ත්‍රණවල ගොදුරක් බවට පත්විය. එසේ වූයේ ඔබේ ලග්නයෙන් 02 සහ 03 අධිපති සෙනසුරු ග්‍රහයා ඔබට පරම සතුරු අඳුරු වෘශ්චික ජල රාශිය හෙවත් 12 වැන්න නම් මර්මස්ථානයේ ගමන් කරමින් ඒරාෂ්ටක තත්ත්වයක් උදා කිරීම ය. 2017 ජනවාරි 26 දා එකී සෙනසුරු ඔබේ ලග්න ශීර්ෂයට පැමිණෙයි.
සෙනසුරු කොයි තැනට මාරක වෙතත් ධනු රාශියේදී නම් දෙවියන් බ්‍රහ්මයන් ලෙසින් ලෝ සතට උපකාර කරන්නට ඉදිරිපත් වෙයි. ධනුව ගිනි රාශි ත්‍රිත්වය අතරින් ශ්‍රේෂ්ඨතම රාශිය වන අතර ම සියලු සුබ ග්‍රහයන් අතර ශ්‍රේෂ්ඨ වන ගුරු ග්‍රහයාගේ මූල ත්‍රිකෝණ රාශිය ද වෙයි. ආධ්‍යාත්මික ග්‍රහයන් අතර ගුරු සහ සෙනසුරු ප්‍රමුඛවන අතර ඔවුන් දෙදෙනා පංච බල නියමය අනුවද අතිජාත මිතුරන් වෙයි. මේ නිසා සෙනසුරු ධනු රාශියේ ගමන් ගන්නේ ගුරු ග්‍රහයාගේ බලය ද තමා වෙත ආරෝපණය කැර ගනිමිනි. එහෙයින් සෙනසුරු ලග්න ඒරාෂ්ටකය පිළිබඳව කිසිදු ධනු ලග්න හිමියකු බිය විය යුතු නොවේ. එහෙත් ඔබේ ජීවිතයේ අති දැවැන්ත පරිවර්තනයක් 2017 ජනවාරි 26 දා සිට ආරම්භ වෙයි. භාරධූර වගකීම් ඔබ මත පැටවෙයි. කාර්‍ය බහුලබව පීඩාකාරී විය හැකි මට්ටම ද ඉක්මවා යයි. ශාස්ත්‍රීය පර්යේෂණයන් සහ පැරණි රහස් ගවේෂණය කිරීමේ අවස්ථා උදාවෙයි. කොටින් ම ඔබට පෞද්ගලික ජීවිතයක් කියා දෙයක් නැති කරවන තැනට කටයුතු සැලසෙයි.
2017 අප්‍රේල් 08 දා පෙරළිකාර වායු බලැති යුරේනස් ග්‍රහයා ඔබේ ලග්නයෙන් 05 වැන්න වූ ගිනි බලැති මේෂ රාශියට පැමිණෙයි. එතැන ඔබේ කේන්දරයේ බලවත් ත්‍රිකෝණස්ථානයකි. මේ සමඟ ම යුරේනස් සහ සෙනසුරු අතර අංශක 120 සුබ දෘෂ්ටි සංයෝගයක් හට ගනී. ඒ ඉතා බලවත් පිහිටීමකි. මේ අතර සිංහ ගිනි රාශියේ සිටින රාහු ග්‍රහයා සමඟ යුරේනස් සහ සෙනසුරු නැවත අංශක 120 දෘෂ්ටි සංයෝගයක් නිර්මාණය කරයි. මේ අනුව ධනු ලග්නයෙන් උපන් ඔබගේ කේන්දරයේ 1-5-9 යන අති ප්‍රබල ත්‍රිකෝණ බල මධ්‍යස්ථාන වන ගිනි රාශි ත්‍රිත්වය ම ඒවාට අති මිතුරු ප්‍රතිපෝෂක වායු ග්‍රහයන් තිදෙනා විසින් උත්තේජනය කරනු ලැබේ. මේ ඉතා ම කලාතුරකින් හටගන්නා සංසිද්ධියකි. 2017 ඔබේ ජීවිතයේ අති මහත් පෙරළියකට මුල පුරන අවස්ථාවක් වෙයි. ඒ වෙනස ඔබේ මනස - සිතිවිලි පෞරුෂය - බුද්ධිය සහ ප්‍රඥාව - ක්‍රියාශූරත්වය - සහ සමාජ සබඳතා ආදී සෑම සියලු දෙයක් පාසාම විප්ලවීය පරිවර්තනයකට මුල පුරයි. 
2017 අගෝස්තු 17 දා රාහු ග්‍රහයා ඔබේ ලග්නයෙන් 08 වැන්න වූ ජලකාරක කටක මර්මස්ථානයට පිවිසීම තරමක් පීඩාදායක ය. අභිසම්භිධාන පිරිත සජ්ජායනා කිරීම මගින් එකී පීඩාව අවම කැර ගත හැකිය. එහෙත් එතැන් සිට එන වසර එක හමාරක කාලය පරෙස්සම් විය යුතු ය. ගින්දර විදුලිය වස විස සර්පයන් සහ හදිසි අනතුරු ආදියෙන් ඇතිවිය හැකි පීඩාවන් ද ගංගා සමුදුරු ජලාශ ආදියේ ක්‍රියා කිරීමෙන් ද ඇති විය හැකි අනතුරු පිළිබඳව සැලකිලිමත්විය යුතු ය. ඇදුම වැනි සහජ අසාත්මිකතා ආශ්‍රිත රෝගයන් ගෙන් පෙළෙන අය ද විශේෂයෙන් තම සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වගබලා ගැනීම මැනවි. රාහු 08 වැන්නට ඒමෙන් රැකියාව ආශ්‍රිත අනපේක්ෂිත වාසි සහ ජයග්‍රහණයන් භුක්ති විඳීමට අවස්ථාව උදා වන්නා සේම මෙතෙක් රැකියාව ආශ්‍රිතව පැවති බලවත් පීඩාවක් ඉවත්වීමත් සිදුවේ. ඔබට අහිමි කරන ලද තනතුරු වරප්‍රසාද පාරිතෝෂික යනාදිය වන්දි සමඟ ම නැවත හිමිවන කාලයකි. 
2017 සැප්තැම්බර් 13 දා ඔබේ ලග්නාධිපති වූ ගුරු ග්‍රහයා 11 වැන්න වූ ඔබට පරම මිතුරු වායු බලැති තුලාවට පිවිසීම මහා භාග්‍යමත් කාලයක ආරම්භය වෙයි. එවිට යුරේනස් සහ ගුරු අතර අංශක 180 දෘෂ්ටි සංයෝගයක් හට ගැනීම ද අභියෝගාත්මක වෙයි. කෙටි කාලීන කැළඹීමක් හටගත හැකි මුත් මේ පිහිටීම සපුරා ම බුද්ධි විප්ලවයක් බවට පත්ව ඔබ විසින් ලෝකයට නවතම නිර්මාණ දායාධ කරන අතර ඒ වෙනුවෙන් පතළ කීර්තියක් දිනා ගැනීමේ අවස්ථාවද උදාවෙයි. පර්යේෂකයන්ට සහ විද්‍යා කලා ශාස්ත්‍ර පිළිබඳ නව නිර්මාණකරුවන්ට මේ ස්වර්ණමය අවස්ථාවක් වෙයි. 
සමස්තයක් වශයෙන් ගත් කළ 2017 ධනු ලග්නයෙන් උපන් ඔබ විශිෂ්ටයකු බවට පත් කරවන ජයග්‍රාහී වසරකි.
# මකර ලග්නය
අනම්‍ය තද පඨවි බලයෙන් ද අධිවේගයෙන් ද පෙරළිකාර මනසකින් ද යුත් මකර ලග්නය හිමි ඔබ කොතැන ගියත් තම අයිතිය සහ බලය තහවුරු කැර ගැනීමට උත්සුක වෙයි. අඩුවෙන් ම දීමට සහ වැඩියෙන් ම ගැනීමට පුරුදුව සිටින ඔබ පසුගිය වසර දෙක හමාරක කාලයේදී ඒ දෙ අංශයෙන් ම සාර්ථක වූ අතර ජීවිතයේ ලබාගත හැකි ඉහළ ම තනතුරු ආදියට ද නිතරගයෙන් පත්විය. ගෙවුණු වසර දෙක හමාරක කාලය ඔබේ ජීවිතයේ වසර 30 කට වරක් උදාවන ස්වර්ණමය අවස්ථාවක් විය. ඊට හේතු වූයේ ඔබේ ලග්නාධිපති වූ සෙනසුරු ඔබට පරම මිතුරු 11 වැන්න හෙවත් වෘශ්චික ජල රාශියේ ගමන් කිරීම ය.
සෙනසුරුගේ වෘශ්චික රාශි ගමන ලෝකයට ම පීඩාදායක වුවත් මකර ලග්න හිමියන් රාජකීය ලීලාවකට පත්වූයේ ඒ නිසාය. එහෙත් 2017 ජනවාරි 26 දායින් පසුව ක්‍රම ක්‍රමයෙන් ඔබේ රාජකීයත්වයේ රශ්මි මාලාව මලානික වෙමින් යන්නේ ඔබේ ලග්නාධිපති ඔබට සතුරු ධනු ගිනි රාශියේ ගමන් ගනිමින් ලග්න ඒරාෂ්ටකය ආරම්භ කරන හෙයිනි. ධනුව ඔබේ ලග්නයෙන් 12 වැන්න වූ මර්මස්ථානයකි. එහෙයින් ඔබගේ අනම්‍ය තද ස්වරූපය ඉදිරි කාලය සඳහා වලංගු නොවන බව වටහාගත යුතුය. එමෙන් ම මෙතෙක් පැවති ඒ නිසර්ග අහංකාර උද්ධච්ච ස්වරූපය විසින් ඔබේ සමාජ ප්‍රතිරූපය අනුවණ බියගුළු ස්වරූපයකට රූපාන්තරණය කැර ඇති බැව් ඔබ පසක් කොට ගන්නේ ඉදිරි වසර හතහමාරක කාලයේදී ය. සෙනසුරු ඔබේ ලග්නයෙන් 12 වැන්නේ ගත කරන වසර දෙක හමාරක කාලය බුද්ධිමත් ලෙස යොදා ගතහොත් ඔබට ජීවිතයේ මග හැරුණු වටිනා පාඩම් ඉගෙන ගත හැකිය. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. ඉතා අඩු දැනුමකින් ලොකු වැඩ මවා පෙන්වීම මකර ලග්න හිමියන්ට ආවේණික පුරුද්දකි. එහෙත් දැන් ඔබට ඇත්තට ම වැඩ ඉගෙන ගැනීමට සිදුවෙයි. මක් නිසාද යත් ඔබේ ලග්නාධිපති 12 වැන්නේ මර්මස්ථානයේදී ඔබේ සැබෑ ස්වරූපය අනාවරණය කරන හෙයිනි. ඔබේ ජයග්‍රහණය රඳා පවතින්නේ ඔබ ඔබට ම අවංක වීමෙනි. මෙවර සෙනසුරු විසින් ඔබට ඒ පාඩම කියා දෙයි. 
2017 අප්‍රේල් 08 දා යුරේනස් ඔබේ ලග්නයෙන් 04 වැන්න වූ සතුරු ගිනි බලයෙන් යුත් මේෂ රාශියට පැමිණෙයි. එතැන් සිට ඔහු ඔබේ ලග්නයෙන් 10 වැන්න වූ වායු බලැති තුලා රාශිය දකී. මේ ඔබේ රැකියාව පිළිබඳ මතභේදාත්මක වාතාවරණයක ආරම්භයකි. සෙනසුරු තුලා රාශියට පැමිණි 2011 නොවැම්බර් සිට මේ දක්වා වූ කාලය රැකියාව සම්බන්ධයෙන් ඔබ වේගවත් ප්‍රගතියක් අත්කැර ගැනීමේ ආරම්භක අවස්ථාව වෙයි. එහෙත් සෙනසුරු 12 වැන්නේ සිටියදී ම වායු බලැති යුරේනස් විසින් 10 වැන්න කෙරෙහි අංශක 180 දෘෂ්ටිය පතිත කිරීම ඔබේ රැකියාව කෙරෙහි දැඩි පීඩනයකි. 
2017 අගෝස්තු 17 දා රාහු ග්‍රහයා ඔබේ ලග්නයෙන් 07 වැන්න වූ පරම මිතුරු කටක රාශියට ගමන් කරයි. ලග්නයෙන් 08 වැන්නේ සතුරු සිංහ රාශියේ ගමනට වඩා 07 වැන්නේ මිතුරු කටකයේ රාහු ගමන ඔබට හිතකර නොවේ. විවාහය - සහකරු හෝ සහකාරිය - සමාජ සබඳතා - හවුල් කටයුතු යනාදිය ආශ්‍රිතව අර්බුදකාරී වාතාවරණයක් නිර්මාණය වෙයි. ඔබේ පෞරුෂයට ද එමගින් ඇති කරන්නේ හානිදායක බලපෑමකි. අතිධාවනකාරී නොවී ආත්ම දමනය ඇති කැර ගත හැකිනම් මේ තත්ත්වය අවම කැර ගත හැකිය. අභිසම්භිධාන පිරිත සහ මෝර පිරිත සජ්ජායනා කිරීම ඉතා ප්‍රශස්ත වෙයි. 
2017 සැප්තැම්බර් 13 දා ගුරු ග්‍රහයා ඔබේ ලග්නයෙන් 10 වැන්නේ ගමන් කිරීමද සුබදායක නොවේ. ඔහු ඔබේ ලග්නයෙන් 03 සහ 12 අධිපතියා ය. රැකියාවේ නියත වෙනසක් එමඟින් නිවේදනය කරයි. එහෙත් ගුරු නෛසර්ගික සුබ ග්‍රහයකු වන හෙයින් ඔබව සොලවනවා මිස වට්ටන්නේ නැත. කෙටි සංචාර සහ විදේශ ගමන් බහුල වෙයි. ඒවායින් ලාබ ප්‍රයෝජන හිමිවෙයි. 
සමස්තයක් වශයෙන් ගත් කළ 2017 ඔබට දැඩි අභියෝගාත්මක වර්ෂයකි. දෛවය සමඟ ගනුදෙනු කළ යුතු ආකාරය පිළිබඳ වූ මේ ප්‍රායෝගික පරීක්ෂණය දුෂ්කරය. එහෙත් ඔබට එය ජයගත හැකිය.
# කුම්භ ලග්නය
වායු බලයෙන් ද මන්දවේගයෙන් ද ආත්ම කේන්ද්‍රීය මනසකින් ද යුත් කුම්භ ලග්නයෙන් උපන් ඔබ හැම විට ම ඔබගේ ම න්‍යාය පත්‍රයක් අනුව කටයුතු කරන පුද්ගලයෙකි. ඕනෑ ම ජීවන ජවනිකාවක තිර රචනය ද අධ්‍යක්ෂණය ද ප්‍රධාන නළුවා ද ඒ සියල්ලෙහි විචාරකයා ද ඔබ ම මිස අන් කිසිවකු නොවේ. එහෙත් ඔබේ නිර්මාණය සමාජයේ ජනප්‍රිය වෙයි. සිතූ දේ කෙසේ හෝ ඉටු කැර ගන්නා හිතුවක්කාරයකු වූ ඔබට පසුගිය වසර දෙක හමාරක කාලයේදී සිදුවූයේ කුමක් ද ? ඔබේ රැකියාව සහ රැකියා ස්ථානය ඔබට වධක භූමියක් හා සමාන විය. ඔබට ලැබිය යුතු තනතුරු සහ වරප්‍රසාද නො ලැබී ගියා පමණක් නොව ඔබේ නිර්මාණාත්මක ක්‍රියා කෞෂල්‍යයට දොර මුල්ලේ තැබූ කොස්ස තරම් වත් වටිනාකමක් හිමි වූයේ නැත. ඇතැම් විට දැනටත් ඔබ රැකියාව අහිමි වූවෙක් විය හැකිය. මෙසේ සිදු වූයේ ඔබේ ලග්නාධිපති සෙනසුරු ඔබට සතුරු විසකුරු අඳුරු වෘශ්චික රාශියේ ගමන් ගැනීම නිසා ය. ඔබේ ක්‍රියා කෞෂල්‍යය සහ රැකියාව නිවේදනය කරන 10 වැන්න එයින් බලවත් පීඩාවකට ලක්විය. එහි අනෙක් විපාකය වූයේ ඔබේ අයමාර්ග සියල්ල අවහිර වීමය. එහෙත් 2017 ජනවාරි 26 දා ඔබේ ලග්නාධිපති සෙනසුරු ඔබට අති මිතුරු ගිනි රාශිය වූ ධනුවට පැමිණෙයි. ධනු රාශිය ඔබේ ලග්නයෙන් 11 වැන්න හෙවත් සියලු සුබ යෝග ක්‍රියාත්මක කරවන රුවන් දොරටුවයි. ඉදිරි වසර දෙක හමාරක කාලය වසර 30 කට පසුව උදාවන ස්වර්ණමය අවස්ථාවකි. අහිමි වූ රැකියා - තනතුරු - උසස්වීම් සහ ඊට හිමි සියලු වරප්‍රසාද වන්දි සමඟ ම ඔබට නැවත හිමිවෙයි. සියලු අතින් ම ඔබ බලවත්වන අතර නව ආදායම් මාර්ග විවෘත වෙයි. මේ කාලයෙන් ඔබ උපරිම ප්‍රයෝජන ගත යුතු ය. 
2017 අප්‍රේල් 08 දා පෙරළිකාර යුරේනස් ග්‍රහයා ඔබේ ලග්නයෙන් 03 වැන්න වු ගිනි බලැති මේෂ රාශියට පැමිණෙයි. එවිට ඔබේ ලග්නයේ 11 සහ 03 යන කාම ගිනි ත්‍රිකෝණයේ තැන්පත් සෙනසුරු සහ යුරේනස් අතර අංශක 120 ප්‍රබල දෘෂ්ටි සංයෝගයක් හටගනී. ඔබ නිරත ක්ෂේත්‍රය කුමක් වුවත් ඔබ එහි විශිෂ්ටයකු බවට පත්වෙයි. එක් පැත්තකින් ප්‍රසිද්ධියත් අනෙක් පැත්තෙන් ධනයත් ගලා එයි. ඔබ විද්‍යා තාක්ෂණ පරිගණක හෝ ලේඛන මුද්‍රණ හෝ විදුලිය - හෝ ගුවන් යානා සම්බන්ධ ක්ෂේත්‍රයක නිරත වන්නෙක් නම් මේ සුබ ඵල උපරිම වෙයි. ඔබේ කේන්දරයේ ප්‍රබල ම සුබඵල දෙන ගිනි රාශි ත්‍රිත්වය වූ මේෂ - සිංහ - ධනු යන බල මධ්‍යස්ථාන එක් විටම යුරේනස් - සෙනසුරු - රාහු යන වායූ ග්‍රහයන් වෙතින් උත්තේජනය වීම අතිශය කලාතුරකින් සිදුවන්නකි. මේ ඔබේ ජිවිතයේ එක් වරක් පමණක් යෙදෙන අවස්ථාවකි. එයින් උපරිම ප්‍රයෝජන ගත යුතුය. දේශපාලනයේ නිරත කුම්භ ලග්න හිමියන් ද මේ වාසනාවන්තයන් අතරට එක්වෙයි. 
2017 අගෝස්තු 17 දා රාහු ග්‍රහයා ඔබේ ලග්නයෙන් 06 වැන්න වූ ජල බලැති කටක රාශියට පිවිසෙයි. 06 වැන්න රාහු ග්‍රහයා ඉතා බලවත්වන ස්ථානයකි. ඔබේ සතුරන් භීතියට පත් කරවමින් ඔබේ යසස පැතිරෙයි. විදේශ ගමන් - විදේශ රැකියා - විදේශ ශිෂ්‍යත්ව ආදිය ආයාසයකින් තොරව ලබාගත හැකිවෙයි. විවාහය සහ සමාජ සබඳතා - හවුල් ව්‍යාපාර යනාදිය ආශ්‍රිතව මෙතෙක් පැවති පීඩනය ද අවසන් වෙයි. මේ සමඟ ම ජල රාශියක සිටින රාහු සහ ගිනි රාශියක සිටින සෙනසුරු අතර අංශක 180 දෘෂ්ටි සංයෝගයක් හට ගනී. කෙටි කාලීන පීඩනයක් වුවත් දිගුකාලීනව එය ඔබට වාසි සහගත ය. 
2017 සැප්තැම්බර් 13 දා ගුරු ග්‍රහයා ඔබේ ලග්නයෙන් 09 වැන්න වූ වායු බලැති තුලා රාශියට පැමිණීම අතිශය සුබදායක ය. එමගින් ඔබේ කේන්දරයේ 1-5-9 යන වායු බල ත්‍රිකෝණය තුළ විශිෂ්ට බලයක් ගැබ්වෙයි. සමාජයේ උසස් ම තනතුරු හොබවන බලවතුන් - රාජ්‍ය නායකයන් - සහ ආගමික උතුමන් වෙතින් පිහිට ආරක්ෂාව ලබයි. මේ සමඟ ම ඔබේ රැකියාවේ කැපී පෙනෙන වෙනසක් හට ගනී. 
සමස්තයක් වශයෙන් 2017 වර්ෂය කුම්භ ලග්නය හිමි ඔබට දෛවයෙන් ලැබෙන අසිරිමත් ම කාල පරිච්ජේදයක් වෙයි.
# මීන ලග්නය
ජල බලයෙන් ද මධ්‍යස්ථ වේගයෙන් ද නිර්මල චින්තනයෙන් ද යුතු මීන ලග්නයෙන් උපන් ඔබ නිසල විලක් බඳුය. සියල්ල කෙරෙහි අධි සංවේදීවන මුත් දිය මතුපිට සිහින් රැළි තරංගයක් වත් නංවන්නේ කලාතුරකිනි.එහෙයින් සමාජයට ඔබ පෙන්නුම් කරන්නේ විදග්ධ තාපස චර්‍යාවකි. නමුත් ඔබේ අභ්‍යන්තර කැළඹීම සුනාමියක් තරම් ප්‍රවේගකාරීය.පිටින් පෙන්වන විදග්ධ තාපස වෘතය යටින් ඇත්තේ නොතිත් ආශාවන් පිළිබඳ අතෘප්තිය යි. මෙන්න මෙයයි ඔබේ දෙබිඩි ස්වභාවය. වරෙක තියුණු සහජ බුද්ධියකින් තැන්පත්ව ක්‍රියාකරන ඔබ වරෙක බේබදු රස්තියාදුකාරයකු මෙන් වගකීම් විරහිතව ක්‍රියා කරයි. එළඹෙන 2017 වර්ෂයේදී ඔබට මේ ද්විත්ව රංගනය අතහැර එක් චරිතයක් පමණක් තෝරා ගන්නට දෛවය විසින් බල කරනු ලැබේ. 2017 ජනවාරි 26 දා ඔබේ ලග්නයෙන් 10 වැන්න හෙවත් ඔබට පරම සතුරු ගිනි බලයෙන් යුත් ධනු රාශියට පැමිණෙන සෙනසුරු විසින් ඔබේ රැකියාව සහ ක්‍රියා කෞෂල්‍යය කෙරෙහි ඉතා අහිතකර පීඩනයක් ඇති කරනු ලැබේ. එහෙයින් ඔබ නිසර්ගයෙන් ම ඔබට උරුම තැන්පත් බුද්ධිමත් විචක්ෂණශීලී භූමිකාව බදා අල්ලා ගත යුතු අතර වගකීම් විරහිත ගොහොදු චරිතය ජීවිතයෙන් ම පන්නා දැමිය යුතුව තිබේ.මීට වසර 29 කට පෙර ඔබ කිසියම් කම්පනයකට ගොදුරු වූයේ නම් ඒ හා සමාන කම්පනයකට ඉදිරි කාලයේදී මුහුණ දීමට සිදුවෙයි.
2017 අප්‍රේල් 08 දා යුරේනස් ග්‍රහයා ඔබේ ලග්නයෙන් 02 වැන්න වූ ඔබට පරම සතුරු මේෂ ගිනි රාශියට පැමිණෙයි. ඔබේ තැන්පත් ධනය සහ කුටුම්බය කෙරෙහි ඉන් ඇති කෙරෙන්නේ අනර්ථයකි. එහෙයින් ඉදිරි සත්වසරක කාලය ඔබ අලුත් ආයෝජන කෙරෙහි යොමු නොවීම වැදගත් ය. ඔබේ වචන සහ ආහාර පාන රටාව ඔබට ම එරෙහි සතුරෙක් විය හැකි හෙයින් ඒ දෙකම පමණ දැන භාවිතා කිරීම ද අත්‍යවශ්‍ය වේ. 10 වැන්නේ සෙනසුරු සහ 02 වැන්නේ යුරේනස් අතර හට ගන්නා අංශක 120 දෘෂ්ටිය ඔබට ඉතා විසකුරු ය. යුරේනස් ඔබේ කේන්දරයේ 12 වැන්නේ මර්මස්ථානයේ නිවේදකයා වන අතර සෙනසුරු 11 වැන්නේ අධිපතියා ය. කෙසේ නමුත් අභිසම්භිධාන පිරිත සහ මෝර පිරිත මේ සඳහා ඉතා හොඳ පිළියමකි. 
2017 අගෝස්තු 17 දා රාහු ග්‍රහයා ඔබේ ලග්නයේ බලවත් ස්ථානයක් වූ 06 වැන්න අතහැර 05 වැන්න වූ ඔබට පරම මිතුරු කටක රාශියට පැමිණීම ද අහිතකරය. ඔබ අවිවාහකයෙක් නම් ඔබේ ප්‍රේම සබඳතා ආදියෙහිදි ආවේගශීලී නොවීමට වග බලාගත යුතුව තිබේ. එමෙන් ම ඔබේ චරිතය කිළිටි කරවන ලිංගික සබඳතා ඇතිවිය හැකි බවද මතක තබා ගත යුතුය. අධ්‍යාපන සහ විභාග ආදී ඉගෙනීමේ කටයුතු විසිරී යා නොදී රැක ගැනීමද ඔබේ වගකීමකි. 
2017 සැප්තැම්බර් 13 දා ඔබේ ලග්නයේ සම අධිපති ගුරු ග්‍රහයා ඔබේ ලග්නයෙන් 08 වැන්න වූ ඔබට සතුරු වායු බලයෙන් යුත් මර්මස්ථානයට පැමිණෙයි. වධකාගාරයේදී කුමන බලවතකු වුව අසරණ වන්නා සේ මහ බලවත් ගුරු ග්‍රහයා ද 08 වැන්නේදී දුබල වෙයි. මෙය ද ඔබට දැඩි පීඩනයකි. ගිනි රාශියක සිටින යුරේනස් අංශක 180 අසුබ දෘෂ්ටියකින් ඔබේ ලග්නයේ 08 වැන්න සහ ලග්නාධිපතියා පීඩනයට පත් කිරීම අනතුරුදායක ය. රුධිරගත මේදය - ගින්දර - පුපුරන ද්‍රවය - වස විස - සහ විදුලිය යනාදියෙන් අනතුරු ඇතිවිය හැකි හෙයින් පරෙස්සම්වන්න.
සමස්තයක් වශයෙන් ගත් කළ මීන ලග්නයෙන් උපන් ඔබට 2017 වර්ෂය යනු සංග්‍රාම භූමියක් මැදින් නිරායුදව යන ගමනක් හා sසමාන එයි. එහෙත් උපාය ඥානයෙන් මේ දුෂ්කර අවස්ථාව ජයගත හැකිය .
-කේ.සී.ජේ.රත්නායක
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Wednesday, January 11, 2017

මොලමුරේ වලව්වට වැදුණේ පනාමුරේ ඇතා මාරූ සාපයද ? හූනියමක්ද ? (අබිරහස් අඩවිය - Abirahas Adawiya - molamure walwwa panamure ath raja හොල්මන් කතා. holman katha)

රත්නපුර – ඇඹිලිපිටිය මහා මාර්ගයේ මාදම්පේ මංසන්ධියට නුදුරින් වැටී ඇති පටු ගම්සභා මාර්ගය බොහෝ දෙනා හඳුන්වන්නේ ‘පනාවල පාර’ යන සරල යෙදුමෙනි. විවිධ තරාතිරමේ ජනී ජනයා වෙසෙන ජනාවාස අතරින්ද, සුන්දර වෙල්යායන් මැදින්ද වැටී ඇති මෙම මාර්ගයට මුහුණලා නැඟී සිටින්නේ ප්‍රතාපවත් මන්දිරයකි. අව් – වැසි ආදී ස්වභාවධර්මයාගේ අනේකවිධ කෙනෙහිලිකම්වලට ලක්වෙමින්ද, ලඳු කැලෑව විසින් ගිලගනිමින්ද පවතින මේ මහා මන්දිරයේ අතීතයේ තිබූ තේජාන්විත බව නම් තවමත් සහමුලින්ම ඉවත් වී නොමැත. අක්කර විස්සක පමණ වපසරියකින් යුත් සුවිසල් ඉඩම පුරා නිදහසේ වැඩුණු අඹ, කොස්, දෙල්, රඹුටන්, බුරුත, මිල්ල ආදී රූස්ස ගස් පෙළකි. හිරු එළියට පවා නිදහසේ ඇතුළු වීමට ඉඩ නොදෙන වනවදුල මේ භූමියේ සැඟවී ඇති රසවත් ඉතිහාසය වසාගෙන ඇතැයි සිතේ.
ප්‍රදේශයේ වෙසෙන සෑම දෙනාම මෙම අඩක් ගරාවැටුණු ගොඩනැඟිල්ල හඳුන්වන්නේ ‘මාකඳුරේ වලව්ව’ යනුවෙනි. ඒ වටා විහිදුණු ඉඩම වලව්වත්ත නමින් ප්‍රකටය.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රථම කතානායකවරයා වූ අධිනීතිඥ ප්‍රැන්සිස් මොලමුරේ මහතාට සෙවණ දුන් අටකලන්පන්නේ පිහිටි මාකඳුරේ වලව්ව මෙසේ ගරා වැටෙමින් පවතින්නේ අප රටේ අතීත දේශපාලන හා සමාජයීය වශයෙන් රසබර තොරතුරු රැසක්ද සමඟින් වීම අතිශය ඛේදජනකය.
මඩුවන්වෙල වලව්වේ උරුමය
ඉංග්‍රීසීන් මෙරට පාලනය කළ යුගයේ මඩුවන්වෙල කළු කුමාරයා නමින් විරුදාවලි ලත් කොළොන්නේ මඩුවන්වෙල දිසාවේගේ දේපොළ හා බූදලයට හිමිකම් කියූ ප්‍රැන්සිස් මොලමුරේ මහතා ශ්‍රී ලංකාවේ අවසාන අලි ගාලේ උරුමක්කරුවාද විය. වර්ෂ 1950දී ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකවාසී බොහෝ දෙනා අතරද මහත් ආන්දෝලනයක් ඇති කළ පනාමුරේ ඇත් රජු වෙඩි තබා මරා දැමීමේ සිද්ධියේදී ඍජුවම චෝදනාව එල්ල වූයේද ප්‍රැන්සිස් මොලමුරේටය.
තම වර්ගයා වෙනුවෙන් සටන් වැද වෙඩි කා මියගිය පනාමුරේ ඇත් රජු වෙනුවෙන් පනහ දශකයේ රට පුරා විරෝධතා ව්‍යාපාර රැසක් දියත් වූ අතර එහි ප්‍රතිඵලය වූයේ මින් මතුවට ලංකාවේ අලි ගාල් බැඳීම සපුරා තහනම් වීමය. මොලමුරේ පවුලට විරුද්ධව එකල කවි කොළ පවා මුද්‍රණය වූ අතර ඒවා උණු කැවුම් මෙන් ජනතාව අතර අලෙවි වී තිබේ.
බි්‍රතාන්‍ය යටත් විජිත යුගයේ ප්‍රභූ පැලැන්තියේ විනෝදාංශයක් වූ වල් අලි ගාල් කිරීමේ කටයුත්තට ප්‍රැන්සිස් මොලමුරේ මහතා සම්බන්ධ වූයේද හෙතෙම දැඩි විනෝදකාමී පුද්ගලයකු වීම නිසා බව පැවැසේ. පනාමුරේ අලි ගාල් කරන ස්ථානය සියලු පහසුකම්වලින් සමන්විත කුඩා නගරයක සිරිගත් බව පැරැන්නෝ පවසති. අලි ගාල් කරන දිනවලදී මොලමුරේ මහතා ඇතුළු ඔහුගේ දෙස් – විදෙස් මිතුරන්ට නවාතැන් ගැනීම සඳහා අලි ගාලට නුදුරින් විශේෂ නවාතැන්පොළක් ඉදිකිරීමද සිරිතය. මෙම නවාතැන්පොළ එදා පනාමුරේ වැසියන් හඳුන්වා දී ඇත්තේ ‘ඇතින්නියන්ගේ ගාල’ යනුවෙනි. ඒ එහි සිදුවුණු ක්‍රියාකාරකම් පිළිබඳ හුදී ජනයාට ඉඟියක් ලබා දීමට විය යුතුය.
පළමු මන්ත්‍රීවරියත් මොලමුරේ පවුලෙන්
මෙරට කාන්තාවක් ප්‍රථම වරට මැති සබයට තේරී පත්වූයේ රාජ්‍ය මන්ත්‍රණ සභාවටය. ඒ 1931දීය. මීදෙණිය අදිකාරම්ගේ දියණිය වූ ඇඩිලින් මීදෙණිය මහත්මිය මෙසේ ලංකාවේ ප්‍රථම මන්ත්‍රිවරිය වූ අතර පසු කලෙක ඇය ප්‍රැන්සිස් මොලමුරේ මහතාගේ ප්‍රියම්භිකාව වූවාය. ඇඩිලින් මීදෙණිය, ඇඩිලින් මොලමුරේ වූ අතර ලංකාවේ ප්‍රථම කතානායකවරයාගේ බිරිය ලංකාවේ පළමු මන්ත්‍රිවරිය වීමද ඉතිහාසයේ සුවිශේෂී සිදුවීමකි. ඇඩිලින් මොලමුරේ මහත්මිය රුවන්වැල්ල ආසනයට තරග කළ අතර ඇයගේ ප්‍රතිවාදියා වූයේ සමසමාජ පක්ෂයේ ආචාර්ය එන්. එම්. පෙරේරා මහතාය. එන්. එම්. රුවන්වැල්ල ආසනය ඉහළින්ම ජය ගත් අතර ඇඩිලින් මොලමුරේද සෙනෙට් සභාවට පත්වී එහි සභාපති පදවියටද පත්වූවාය. ප්‍රැන්සිස් මොලමුරේ සහ ඇඩිලින් මොලමුරේ යුවළ දිගු කලක් දිවි ගෙවූයේද පෙර සඳහන් අටකලන්පන්න මාකඳුරේ වලව්වේය.
එකල ප්‍රබල සන්නිවේදන මාධ්‍යයක් වූ කවි කොළකාරයන්ගෙන් මොලමුරේ මහතාට ගැලවිල්ලක් නම් නොවීය. මඩුවන්වෙල දිසාවේගේ බූදලයේ හිමිකරුවා වූ මොලමුරේ මහතා කොළඹ ඉම්පීරියල් බැංකුවේ තැන්පත් කර තිබූ මඩුවන්වෙල දිසාවේගේ බූදලයෙන් මුදල් ලබා ගැනීමේදී වංචාවක් සිදු කළ බවට එදා කවි කොළ මඟින් රට පුරා ප්‍රචාරයක් ඇති විය. ඊට හේතු වූයේ ඉම්පීරියල් බැංකුවෙන් රු. 22,000ක් ලබා ගැනීම සඳහා රත්නපුර දිසා අධිකරණයෙන් අනුමැතිය ලබා ගත් මොලමුරේ මහතා බැංකුවෙන් 55,000ක මුදලක් ලබා ගැනීමය. අධිකරණයෙන් අවසර දුන්නාට වඩා මුදලක් බැංකුවෙන් ලබා ගැනීමේ චෝදනාවද මොලමුරේ මහතාට එල්ල විය.
පනාමුරේ ඇතා මරද්දී කතානායක
පනාමුරේ ඇත්ගාලේදී පනාමුරේ ඇතා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය වන අවස්ථාවේදී ප්‍රැන්සිස් මොලමුරේ මහතා මෙරට ප්‍රථම කතානායක ධුරය දරමින් සිටියේය. පනාමුරේ ඇතාට වෙඩි තබා මරා දැමීම රටවැසි බොහෝ දෙනාගේ සංවේගයට හා අප්‍රසාදයට ලක්ව තිබුණු අතර කතානායකවරයාට පහර ගැසීමට ඔහුගේ ප්‍රතිවාදීහු යුහුසුලු වූහ. ඒ අතර ප්‍රධාන තැනක් ගත්තේ වාමාංශික දේශපාලන නායකයකු වූ ආචාර්ය එන්. එම්. පෙරේරාය. ඔහු පනාමුරේ ඇතාට වූ අසාධාරණය තේමාව කර ගනිමින් රට පුරාම විරෝධතා හා උද්ඝෝෂණ ව්‍යාපාර සංවිධානය කළේ හතු පිපෙන්නා සේය. එකල පළවූ පුවත්පත්ද මේ සඳහා වැඩි ප්‍රසිද්ධියක් ලබා දුන් අතර කවි කොළකාරයන්ගේද හොද්ද බොර වූ බව පැවැසේ.
රට පුරා නැඟුණු විරෝධතා උත්සන්න වූයෙන් වගකිවයුත්තන් ඉදිරියේ නිදහසට කරුණු ඉදිරිපත් කිරීමටද මොලමුරේ මහතාට සිදුවිය. අවසානයේ එන්. එම්. පෙරේරා, මහාචාර්ය ගුණපාල මලලසේකර ආදීන් නායකත්වය දුන් උද්ඝෝෂණ හා විරෝධතා ව්‍යාපාර නතර වූයේ මින්පසු ශ්‍රී ලංකාව තුළ අලි ගාල් පැවැත්වීම තහනම් යන නීතිය පැනවූවාට පසුවය. පනාමුරේ ඇතාගේ ඝාතනයෙන් පසුව මොලමුරේ පවුලට රට පුරා අප්‍රසාදය එල්ල වුවද මහජන නියෝජිතවරියක ලෙස ඇඩිලින් මොලමුරේ මහත්මිය රුවන්වැල්ල ආසනයට අතිමහත් සේවාවක් සිදු කළ බව ජනතාව සිහිපත් කරන්නේ දැඩි සේ කෘතවේදීවය.
ජනතාවාදී දායකයෙක්
අටකලන්පන්න, මාකඳුර වලව්වේ වාසය කරන කාලය තුළදී ද ප්‍රැන්සිස් මොලමුරේ මහතා මාකඳුර ප්‍රදේශයේ ජනතාව සමඟ බොහෝ ළෙන්ගතුව කටයුතු කර තිබේ. මාකඳුරේ, වේහැල්ලක මුදලින්දාරාම විහාරස්ථානය සමඟ ඉතා සමීප දායකයකු ලෙස කටයුතු කළ හෙතෙම වලව්වේ සිට එම විහාරස්ථානය වෙත සෑම මසකම දන් වතාවත් රැගෙන ගොස් තිබේ. එසේම මඩුවන්වෙල වලව්වෙන් තමන්ට උරුම වූ කෞතුක වටිනාකමක් ඇති ගෘහ භාණ්ඩ මෙන්ම පිත්තල පහන්, පිඟන්, කෝප්ප ආදී බොහෝ දේ මොලමුරේ මහතා විසින් මාකඳුරේ විහාරස්ථානයට පූජා කර තිබේ.
පනාමුරේ ඇත්ගාල
මාකඳුරේ වලව්ව හා මුදලින්දාරාමය අතර පැවැති සමීප සම්බන්ධතාව කෙතරම්ද යත් වලව්වේ ඇත්තන් උදේ සවස බුදුන් වැඳීම සඳහා පන්සලට පැමිණි වෙනමම මාර්ගයක් අදටත් වලව්ව හා පන්සල අතර මනාව දක්නට ලැබේ. ශ්‍රී ලංකාවේ පළමු කතානායක සර් ප්‍රැන්සිස් මොලමුරේ මහතා හා සම්බන්ධ ලිපි – ලේඛන රැසක් අදටත් මාකඳුර විහාරස්ථානයේ සුරක්ෂිතව පවතී. මොලමුරේ මහතාගේ අන්තිම කැමැති පත්‍රයද එම ලියවිලි අතර සුවිශේෂය.
මාකඳුර, වේහැල්ලක මුදලින්දාරාම විහාරාධිපති පූජ්‍ය රංගේගම නන්දසිරි හිමියන් ඒ අපූරු අතීතය සිහිපත් කරන්නේ මෙසේය.
ඇතා මැරූ සාපය වැදුණාද ?
‘මාකඳුරේ වලව්වයි, අපේ පන්සලයි බොහෝම සම්බන්ධයි. ප්‍රැන්සිස් මොලමුරේ මහත්තයා පනාමුරේ ඇතාට වෙඩි තිබ්බට පස්සේ බොහෝම කලකිරීමෙන් හිටියේ. ඒ නිසා එතුමා ආගමට, දහමට බොහෝම ළැදි කෙනෙක් වුණා. අවසාන කාලයේදී වලව්වේ තිබූ පිඟන් බඩු, ඇඳ, පුටු, මේස පවා පන්සලට පූජා කරල තියෙනවා. අපේ රටේ පළමු කතානායකවරයා වෙච්ච, පනාමුරේ ඇතා නිසා ලෝක ප්‍රසිද්ධ වුණු මොලමුරේ මහතා ජීවත් වූ වලව්වේ අද තත්ත්වය ඉතාම ශෝචනීයයි. කිසිම වගකිවයුතු ආයතනයක් හෝ පුද්ගලයකු මේ ගැන අවධානය යොමු කර නැහැ. අපේ රටේ එක්තරා යුගයක් කියාපාන මේ වලව්වත්, පළමු කතානායකතුමාගේ සොහොනත් සංරක්ෂණය කළොත් වටිනවා.’
මෙසේ රට පුරා මහත් ආන්දෝලනාත්මක සිදුවීම් පෙළකට මැදිවූ අපේ රටේ පළමු කතානායකවරයාගේ හදිසි අභාවය සිදුවන්නේද සුවිශේෂී අන්දමටය. වර්ෂ 1952 ජනවාරි 22 වැනි දින පාර්ලිමේන්තු සැසිවාරය පැවැත්වෙන අතරේදීම කතානායක ප්‍රැන්සිස් මොලමුරේ මහතා උත්තරීතර කතානායක අසුන මතදීම අවසන් හුස්ම හෙළීය.
මොලමුරේ මහතා කතානායක අසුන මතදී හිටිහැටියේ මැරී වැටුණේ ඔහුගේ විරුද්ධවාදියකු විසින් සිදු කළ හූනියමක් නිසා බව එදා දේශපාලන කරළියේ පැතිරී ගිය ප්‍රසිද්ධ රහසකි. එහෙත් රටේ ඇතැමෙක් ඔහුගේ අභාවය දුටුවේ පනාමුරේ ඇත් රජුට කළ අපරාධය මෙලොවදීම පලදීමක් හැටියටය.
මෙවැනි අතීත, දේශපාලන හා සමාජයීය රසවත් සිදුවීම් රැසක් හා බැඳුණු අටකලන්පන්නේ මාකඳුරේ වලව්ව බිමට සමතලා වීමට නොදී රැක ගැනීමට වගකිවයුත්තන් වගබලා ගත යුතුයි.(Mawbima)
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya