Wednesday, August 24, 2016

කාර්මික සහ සංවිධාන මනෝවිද්‍යාව....(Psychology manovidyawa අබිරහස් අඩවිය - Abirahas Adawiya )


කාර්මික සහ සංවිධාන මනෝවිද්‍යාව ලෙස හඳුන්වනු ලබන්නේ සංවිධාන, වැඩ පරිසරය සහ වෘත්තිකයන් පිලිබඳ සිදුකරන විද්‍යාත්මක අධHයනයයි. කාර්මික සහ සංවිධාන මනෝවිද්‍යාඥයින් මෙහිදි තම දායකත්වය ලබා දෙන්නේ වැඩ පරිසරය තුළ  පුද්ගලයාගේ යහපැවැත්ම සහ සංතෘප්තභාවය වැඩි දියුණු කිරීම මගින් එම වැඩ පරිසරයට සාර්ථකත්වය ළඟා කර දීම මගිනි. මෙම කාර්මික සහ සංවිධාන මනෝවිද්‍යාඥයින් වැඩ පරිසරය ආශ්‍රිත පර්යේෂණ පවත්වනවා මෙන්ම ‍රැකියා නියුක්තිකයන්ගේ චර්යාවන් සහ ආකල්ප පුහුණු කිරීම්, ප්‍රතිපෝෂණය සහ පරිපාලන පද්ධතීන් මගින් වර්ධනය කරන්නේ කෙසේද යන්න හඳුනා ගනී. එමෙන්ම ඔවුන් එම වැඩපරිසර තුළ විවිධ කාලසීමා අතර දී සිදුවන වෙනස් වීම් සහ වර්ධනීය තත්ත්වයන් පෙන්වා දීමටද උපකාර කරයි. කාර්මික සහ සංවිධාන මනෝවිද්‍යාව බොහෝ විට "සංවිධාන චර්යාව" යන සංකල්පය සමගද සම්බන්ධ වේ. 
වHවහාර විද්‍යාවේදී, කාර්මික සහ සංවිධාන මනෝවිද්‍යාව වෙන්වන්නෙa ඇමෙරිකානු  මනෝවිද්‍යා සංගමයේ 14 වන ප්‍රවර්ගය ලෙසය. එම සංගමය හඳුන්වනු ලබන්නේ "කාර්මික සහ සංවිධාන මනෝවිද්‍යාව සඳහා වන සමාජය"(Society for Industrial and Organizational Psychology- SIOP)  ලෙසය.
කාර්මික සහ සංවිධාන මනෝවිද්‍යාව පිළිබඳ අවධානය යොමු කරන විට කාර්මික මනෝවිද්‍යාව පිළිබඳ “ගියන්” Guion (1965) නමැති මනෝවිද්‍යාඥයා දක්වා ඇති නිර්වචනය වැදගත් වේ. ඔහුට අනුව කාර්මික සහ සංවිධාන මනෝවිද්‍යාව යනු "පුද්ගලයා සහ වැඩ ලෝකය අතර පවතින අන්තර් සම්බන්ධතාව පිළිබඳ වන විද්‍යාත්මක අධ්‍යයනයයි". 
“බ්ලම්” සහ “නේලර්”  Blum & Nayler (1968) යන දෙදෙනා කාර්මික සහ සංවිධාන මනෝවිද්‍යාව නිර්වචනය කර ඇත්තේ "ව්‍යාපාර සහ කර්මාන්ත යන සන්දර්භය තුළ පුද්ගලයා පිළිබඳ සළකා බලමින්, මනෝවිද්‍යාත්මකව කරනු සහ මූලිකාංග සරල ආකාරයට යොදා ගැනීම තුළින් ගැටළු විසඳීම" වශයෙනි. කාර්මික සහ සංවිධාන මනෝවිද්‍යාවට ඓතිහාසිකව පුළුල් අධHයන ක්ෂේ%ත්‍රයන් අන්තර්ගත වී තිබේ. එනම් පුද්ගලයාගේ ස්වභාවය අධ්‍යයන කිරීමේ ක්ෂේ%ත්‍රය සහ අවස්ථාව හෝ සන්දර්භය (සමාජය) පිළිබඳ අධ්‍යයන ක්ෂේත්‍රයයි. මෙම ප්‍රභේදනය කෘත්‍රීම එකක් වුවද කාර්මික සහ සංවිධාන මනෝවිද්‍යාවේ ඇතැම් සංකල්පයන් මෙම ක්ෂේ%ත්‍ර දෙක හරහාම වර්ධනය වී තිබේ. ඇතැම් අවස්ථාවන්හි දී කාර්මික මනෝවිද්‍යාව සංවිධානාත්මක අධ්‍යයනය, සංවිධාන විද්‍යාව, සංවිධානාත්මක චර්යාව, මානව සම්පත් කළමණාකරණය යන ක්ෂේත්‍රයන්ගේ සහෝදර ක්ෂේත්‍රයක් ලෙස සැලfකන නමුත් මෙම ක්ෂේත්‍ර අතර පිළිගත් විශ්වීය වර්ගීකරණයක් නොමැත.
කාර්මික සහ සංවිධාන මනෝවිද්‍යාව ආශ්‍රිත පර්යේෂණ සහ ප%dයෝගික ක්ෂේ%ත්‍ර විශාල %ප්‍රමාණයක් පවතී.
එනම්,

1. වෘත්තීන්  ආශ්‍රිත කාර්ය සාධනය

2. ‍රැකියා විශ්ලේෂණය

3. පුද්ගල බඳවා ගැනීම් සහ ‍තෝරා ගැනීම්

4. විනිශ්චය කිරීම් සහ තීරණ ගැනීම්

5. ඒකපුද්ගල පැවරුම් (දැනුම,කුසලතා සහ ආකල්ප පරීක්ෂණයන් හා ආකල්ප පරීක්ෂණයන්)

6. මනෝගණිතය

7. පුහුණු කිරීම් සහ පුහුණු කිරීම ගණනය කිරීම

8. ‍රැකියා නීතිය

9.  වැඩ කිරීමේ අභිප්‍රේරණයන්

10. වෘත්තීය ආකල්ප (වෘත්තීය සංතෘප්තභාවය ආදිය)

11. වෘත්තීය සහ පුද්ගලික ජීවිත්යේ සමබරතාව

12. වෘත්තීමය නිරෝගීභාවය සහ ආරක්ෂාව

13. සංවිධානාත්මක සංස්කෘතිය

14. සංවිධානාත්මක සමීක්ෂණ

15. නායකත්ව සහ විධායක පුහුණු කිරීම්

16. ආචාර ධර්ම

17. විවිධත්ත්වය

18. ‍රැකියා නිර්මාණය කිරීම

19. සංවිධානාත්මක සංවර්ධනය

20. සංවිධානාත්මක පර්යේෂණ විධි ක්‍රම
කාර්මික සහ සංවිධාන මනෝවිද්‍යාඥයන් පුහුණු කරනු ලබන්නේ  Scientist-Practitioner Model අනුවය. මෙම කාර්මික සහ සංවිධාන මනෝවිද්‍යාවේ සුවිශිෂ්ටයන් අනෙකුත් විද්‍යාඥයන්ට විද්‍යාත්මක මූලධර්මයන් සහ පර්යේෂණ මූලික සැළසුම්කරණයන් යොදා ගැනීමෙන් සංවිධාන සංවර්ධනය කිරීම සඳහා නව දැනුම උත්පාදනය කිරීමටත් එම දැනුම අදාළ ක්ෂේත්‍රයන් සඳහා ආදේශ කිරීමටත් අවසර ලබා දෙයි.

කාර්මික සහ සංවිධාන මනෝවිද්‍යාවේ ඉතිහාසය දෙස සළකා බලන විට එහි සම්භවය සිදුවන්නේ පළමු ලෝක යුධසමය සමය තුළය. පළමු ලෝක යුධසමයේදී බිඳ  වැ‍ටුනු ආර්ථිකය මෙන්ම බිඳවැ‍ටුනු පුද්ගල මානසිකත්වයන් නැවත නඟාසි‍ටුවීම සඳහා මෙම කාර්මික සහ සංවිධාන මනෝවිද්‍යාව බිහිවූ බව දැක්විය හැකිය. මෙහි පූර්ව වර්ධනීය තත්ත්වයන් සඳහා පුරෝගාමීන් බවට පත් වූයේ 1819,1895 සහ 1919 යන වර්ෂවලදී ඇමෙරිකානු මනෝවිද්‍යා සංගමයේ සභාපතිවරුන් බවට පත්වූ වෝල්ටර් ඩිල් ස්කොට් (Walter dil Scott), ජේම්ස් මැකීන් කැට්ල් (James Makkein Cattel) සහ හියුගෝ මුන්ස්ටර්බර්ග් (Heugo Munsterberg) යන මනෝවිද්‍යාඥයන්ය.දෙවන ලෝක යුද සමයෙන් පසු සංවිධාන මනෝවිද්‍යාව වර්ධනය වන්නේ කර්ට් ලෙවින් (Curt Lewin) සහ මුසෆර් ෂෙරිෆ්  (Mushafer sheriff) යන මනෝවිද්‍යාඥයන්ගේ පර්යේෂණ මතය.
කාර්මික සහ සංවිධාන මනෝවිද්‍යාව, මනෝවිද්‍යා විෂය පථය තුළ ඉතා වැදගත් අංශයක් බවට පත්වන්නේ මෙම ක්ෂේත්‍රය ඕනැම රටක පැවතීම නිසාත්, සැම පුද්ගලයෙක්ම කාර්මීකරණය සමග සම්බන්ධ වීම නිසාත්ය. බොහෝවිට වෘත්තීයක නිරතවන්නන්ගේ මානසික තත්ත්වයන් වැඩි දියුණු කිරීමටත්, වැඩපරිසරය තුළ කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව සංවර්ධනය කිරීමටත් කාර්මික සහ සංවිධාන මනෝවිද්‍යාව යොදාගත හැක. කාර්යක්ෂමතාව දුර්වල වූ විට ආයතනයක හෝ සංවිධානයක ඵලදායිතාව අඩුවිය හැක.
ඒ සඳහා විවිධ හේතු බලපායි.
නිදසුනක් ලෙස ගතහොත් වැඩ පරිසරය තුළ පවතින ඒකාකාරීභාවය ඒ සඳහා බලපායි. කාර්මික සහ සංවිධාන මනෝවිද්‍යාවේ න්‍යාය සහ සංකල්ප යොදා ගනිමින් එම අදාල වැඩපරිසරය වෙනස් කළ හැක. එමගින් එම වැඩපරිසරය තුළ ‍රැකියාවල නිරතවන්නන්ගේ මානසික සංතෘප්තභාවය වර්ධනය වන අතර එයින් එම ආයතනයේ හෝ සංවිධානයේ කාර්යක්ෂමතාව හා සාඵලHතාව වැඩි කරගත හැකිය. මේ ආකාරයට කාර්මික සහ සංවිධාන මනෝවිද්‍යාව, කාර්මීකරණය සමග සම්බන්ධ වන අතර දිනෙන් දින වර්ධනය වන කාර්මික ලෝකයට නැතිවම බැරි සහෝදර විෂයයක් බවට පත්වී තිබෙනු දැකිය හැකිය.
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

   

ලොව අති සාර්ථකම අනවැකි කරුවා - නොස්ටර්ඩෑම්ස්...(nofstradamous නොවිසඳුණු අබිරහස් novisadunu abirahas අබිරහස් අඩවිය - Abirahas Adawiya)


1503 ප්‍රංශයේ උපත ලබන නොස්ට්‍රඩාමුස් 1566 දී ජීවිතක්ෂයට පත්වෙකකොට, ඔහු විවිධ ක්ෂේත්‍ර තුළින් ජනප්‍රියත්වය පත් වූ පුද්ගලයෙක්. වෘත්තියෙන් වෛද්‍යවරයෙක් වන නොස්ට්‍රඩෑම්ස්ගෙ තාත්තා වාගෙම සීයත් වෛද්‍යවරු. ඔහු සීයාගෙන් තමා මූලික අධ්‍යාපනය ලැබුවෙ. ඉන්පස්සෙ ඇවිග්නොන් සරසවියෙන් වැඩිදුර ඉගෙන ගෙන තියෙනවා. වෛද්‍ය වෘත්තිය ගැන ඔහු පොත් දෙකකුත් ලියා තියෙනවා. 
මේ අතරෙ 1555 දි, ඔහු තමන්ට තිබුණු යම්කිසි හැකියාවක් හෝ ඥාණයක් පදනම් කරගෙන, අනාවැකි සමූහයක් ඉදිරිපත් කරනවා. ඔහුගෙ අනාවැකි ඉදිරිපත් කිරීමේ ශෛලිය බොහොම නිර්මාණශිලීත්වයක් උසුලනවා. ඔහු ඉදිරිපත් කරපු හැම අනාවැඩකියම ඉදිරිපත් කළේ සිව්පද ඇසුරින්. මුලින් ඔහු හිතුවෙ අනාවැකි 100 ගාණෙ එක පොතට දාලා පොත් 10 ක් හෝ 12ක් ලියන්න. ඒත් ඔහු මේ අල්ලපනල්ලෙ තමන්ගෙ ජීවිතය ඇසුරිනුත් අනාවැකි වල සත්‍යතාවය ගළපන්න උත්සාහයක නිරත වුණා. 
ඔහු ජීවතුන් අතර ඉඳිද්දි, ඔහු රටේ රජු ගැන අනාවැකියක් කියනවා. මුලු රජයම ඔහුට විරුද්ධව නැගී හිටිනවා. එය ප්‍රතික්ෂේප කරනවා. ඉතින් නොස්ට්‍රඩෑම්ස් කට වහගන්නවා. ප්‍රංශයේ හිටපු දෙවනි හෙන්ඩ්‍රි රජතුමා ගැන තමයි මේ  අනාවැකිය කියවෙන්නෙ. නොස්ට්‍රඩෑම්ස් රජුගෙ බිසව එක්කත් බොහොම හිතවත්. ඉතින් ඒ නිසා තමයි මේ අනාවැකිය රජු වෙනුවෙන් ප්‍රකාශ කළේ. ඒක පද හතරක කවියක්. 
"The young lion will overcome the older one, 
  On the field of combat in a single battle; 
  He will pierce his eyes through a golden cage, 
  Two wounds made one, then he dies a cruel death." 
ඒ අනාවැකියෙන් කියවුණේ, හෙන්රි රජු මරණයට පත්වෙනවා කියලා. තමාට වඩා තරුණයෙකු අතින්.ඒක රජතුමා තරයේ ප්‍රතික්ෂේප කළා. නොස්ට්‍රඩාමුස් කීවේ එක දෙයයි. ඔබ ද්වන්ධ සටනට යන්න එපා. උත්සව වලට යන්න එපා කියලායි. ඒ වාගෙම නොස්ට්‍රඩාමුස් හැම වෙලාවෙම අනවර්ථ නාමයක්, හුරතල් නාමයක් තමන්ගෙ අනාවැකි වලදි භාවිතා කළා. එයින් ඔහු හැම අනාවැකියකටම ව්‍යංගයක් ලබා දුන්නා. ඔහු හෙන්රි රජු හැදින්නුවෙ වයසක සිංහයා කියලා. එදා ඉතින් රජතුමාගෙ බැනුම් අහලා යන්න සිද්ධ වුණත් ඉන් වසර දෙකක්ට පස්සෙ, රජතුමා උත්සවයකදි සටනට ආරාධනා කරනවා, තමන්ට වඩා කණිෂ්ටයෙකුට. කොච්චර කළත් අනාවැකිය සිහි කළ රජතුමා කිසිම ලෝකයකින් විනිවිද නොයන ගණකම් රන් හෙල්මට් එකකුත් පැළදගෙන තමයි මේ සටන කෙරුවෙ. මොකද ඇහැට හානිය වෙනවා කියලා තමා අනාවැකියෙ තිබුණෙ. ඒත් අවාසනාවක මහත.බැලීම සඳහා ඇස ළඟ ඉඩ තබාගත් සිදුරෙන් හෙල්ලය ඇතුලට ගිහින් ඔහුගෙ ඇහැ ගැලවී එළියට වැටුණා. දිණ ගණනක් දුක් විඳලා මහ දරුණු ඛෞදනීය මරණයටකට මුහුණ පාන්න රජතුමාට සිදුවුණා. 
king-henry-ii-of-france-granger
රජතුමාගෙ මරණයෙන් දෙවසරකට පසු නොස්ට්‍රඩාම්ස්  මිය යනවා. ඔහු මිය යන්න පෙර දින රෑ ලේකම්ට කියනවා. හෙට මම මිය ඇදෙනවා කියලා. පහුවදා ලේකම් එනකොට එය හරියටම සිදු වෙලා. ඒ වාගෙම ඔහු තව දෙයක් කියනවා. ඒ යම් දිනක මාගෙ මෘත ශරීරය යමෙක් ගොඩ ගත්තොත් ඔහු එය ගොඩගන්නා විටම මියයනවා කියලා. මේ ගැන මිනිස්සු නොයෙක් කතා කියන්න පටන් ගන්නවා. හෙන්රි රජුට පක්ෂ අය මොහුගේ අනාවැකි විවේචනය පවා කරනවා. ඒත් වසර 200ක් යනතුරු කිසිවෙක් මේ මෘත ශරීරය ගොඩ ගන්න තරම් ශක්තිමත්ව ඉදිරිපත් වෙන්නෙ නම් නෑ. එහෙත් 1791 දි ඔහුගෙ මෘත ශරීරය නිධන් කළ තැනට බීමත් සොල්දාදුවො තිදෙනෙක් එනවා. නොස්ට්‍රඩාම්ස්ට පහත් වචනයෙන් බැන බැන පැමිණි මේ තිදෙනා මිනිය ගොඩ ගන්නවා. ඒ අය මිනි පෙට්ටිය අරිනවා. ඔවුන් දකිනවා විෂ්මය ජනක ඵලකයක්. එහි සඳහන් වුණා. 1791 කියලා. ඔහු මිය යන්න පෙර තමන්ගෙ සිරුර ඇතුළට, ඵලකයක් දමාගෙන තියෙනවා, තමන් ගොඩ ගන්නවා වසර හරියටම දැනගෙන. ඒ වාගෙම සුලු මොහොතකින් මෘත ශරීරය ගොඩගත් සොල්දාදුවො මියයනවා. 
තමන්ගෙ මරණින් වසර 100කට පස්සෙ, ලන්ඩන් නගරයට වන හානියක් ගැන ඔහු තම සිවුපද තුළ සටහන් කළා. මෙහි සුවිශේෂීත්වය තමයි සිදුවන තැන, වර්ෂය, සිදුවෙන හානිය ආදි හැම දේම මේ සිව්පද තුළ තිබීම.
       great_fire_of_london
"The blood of the just will be demanded of London
Burnt by fire in the year '66
The ancient Lady will fall from her high place
And many of the same sect will be killed." 
1666 දි බේකරියකින් පටන් ගත් සුලු ගින්නකින් මුලු ලන්ඩනයම ගිනිබත් වෙනවා. ඒ හා සමාන මිනිසුන් කොටසකුත් මියයනවා. ඒ නිසා මේ අනාවැකියත් සාර්ථක අනාවැකි ගොඩට තමා එකතු වෙන්නෙ. මේ අතරෙ ඔහු තමන්ගෙ මවුරට ගැන අනාවැකියක් කියනවා. ඒ තමයි ප්‍රංශ විප්ලවය.රජතුමා මිය යන හැටි ගැන, ගිලීටනය ගැන පවා ඔහු සඳහන් කරනවා. 
"From the enslaved populace, songs, 
Chants and demands
While princes and lords are held captive in prisons.
These will in the future by headless idiots
Be received as divine prayers."
french revolution

ප්‍රංශ විප්ලවය වෙනතුරු කාටවත් මේ අනාවැකිය පැහැදිළි කරගන්න ලැබුණෙ නෑ. නමුත් එය නිවැරදි කරමින්, ප්‍රංශ විප්ලය සිදුවූ පසු සියල්ලන්ටම හැඟී ගියා ඔහුගේ අනාවැකි වල ඇත්ත. ඉන් පසු කවුරුවත් ඔහුව විශ්වාස කරන්න පසුබට වුණේ නැහැ. ඔහු රජු සහ රාජ පරම්පරාව සිරිගත වන අයුරු හිස වෙන් වන ආයුධයක් ගැන තම කවි වල සඳහන් කරනවා. ඉන්පස්සෙ ඔහු සඳහන් කරලා තියෙනවා  කතෝලික විරෝධී පුද්ගලයො තුන් දෙනෙක් ගැන, ඔහු මෙන්න මෙහෙම සිව් පදයක් ලියනවා පළවෙනි කතෝලික විරෝධියා වෙනුවෙන්. 
"PAU, NAY, LORON will be more of fire than of the blood, 
To swim in praise, the great one to flee to the confluence. 
He will refuse entry to the Piuses, 
The depraved ones and the Durance will keep them imprisoned. 
"ඔහු මෙම කතෝලික විරෝධී පුද්ගලයන් තිදෙනා ගැන තම අනාවැකි අතර ඉතාම විශේෂයෙන් සඳහන් කර තබෙන බව තමයි පැවසෙන්නෙ.
ඒ වාගෙම ඔහු පළවැනියා  ගැන කියන්න ඔහු බාවිතා කළේ ප්‍රංශයේ නගර තුනක්.ඒ වාගෙම එදා මිනිසුන් කල්පනා කළා.මේ නගර වල නම් සඳහන් වන මේ අකුරු පමණක් කැපිටල් වලින් යෙදුවෙ ඇයි කියලා. මෙහි යම් රහසක් ගැබ් වෙනවාද කියලා. මිනිසුන් සැක කළා.ඒත් නැපෝලියන් බිහිවන තුරු මිනිසුන්ට තේරුම් ගන්න බැරි වුණා, ඒ අකුරු වල රහස. නැපෝලියන් කියන නම මේ නගර තුනේ  අකුරු එහාට මෙහාට කළාම ලැබෙනවා. ඔබත් බලන්න..( හැරි පෝටර් චිත්‍රපටියේ දෙවනි කොටසෙ ටෝම් රීඩ්ල් Tom Marvolo Riddle අන්තිමට LORD VOLDEMORT වුණේ මේ කන්සෙපට් එකෙන් වෙන්න ඇති නේද?) 
හරි නැවත කතාවට. මේ කවිවල පාප් වහන්සේ හිර කරන බව පවා සඳහන් වුණා. නැපෝලියන් බලය අතට ගත්තාට පස්සෙ සිද්ධ වුණ දේ ඉතිහාසය කියවපු ඕනෙම කෙනෙක් දන්නවා. ඒවා විග්‍රහ කරන්න වසර ගණණකට පෙර නොස්ට්‍රඩෑම්ස්ට හැකිවීම, නමත් එක්කම කියන්නට හැකිවීම කොයි තරම් පුදුමයක්ද?
ඊළඟ අරුම පුදුම කතාව තමයි මොහු නමත් එක්කම සඳහන් කරනවා, වෛද්‍යවරයෙක් ගැන. ස් තමා පාස්චර්. ලොව ප්‍රබලම රෝගයට බෙහෙතක් හොයාගන්නවා කියලා. ඔහු කියනවා. ඒ වාගේම ඔහු පසුව මහා අපකීර්තියකට පත්වෙනවා කියලා මේ නොස්ට්‍රඩෑම්ස් සටහන් තබනවා. මේ තියෙන්නෙ ඒ සිව්පදය. 
"The lost thing is discovered, hidden for many centuries.
Pasteur will be celebrated almost as a God-like figure.
This is when the moon completes her great cycle,
But by other rumors he shall be dishonored." 
නොස්ට්‍රඩෑම්ස් පාස්චර්ගෙ නම පවා සඳහන් කරනවා සියවස් ගනණකට පෙර. වෛද්‍යවරයෙක් වූ නොස්ට්‍රඩෑම්ස් මහා උනන්දුවක් දක්වන්න ඇති තම ක්ෂේත්‍රය ගැන. ඉතින් අපි කවුරුත් දන්න වසූරියට එන්නත හදපු ලුවී පාස්චර් ලෝකය දේවත්වයෙන් අදහනවා. එහෙත් මරණයෙන් වසර සීයකට පස්සෙ එක්තරා පුවත් පත් වාර්තාවක් නිසා ඔහු ලෝකයේ අපකීර්තිමත්ම පුද්ගලයන්ගෙ ලැයිස්තුවට වැටෙනවා. 1995 දි ඒ පුවත් පතේ තිබුණෙ ඔහු වසූරියට බෙහෙත හදන විදිහ ගැන හැංගීමක් කළා කියලා. වැක්සීනය නිපදවීමේ වාර්තාවෙ වරදක් තියෙනවා කියලා. 
දෙවන ක්‍රිස්තියානි විරෝධියා ගන ඔහු ඉන් පසුව සඳහන් කරනවා. නමුත් ඒ නම ඔහු දකින්නෙ හිස්ටර් කියලා. ඒත් අනික් කරුණු කාරණා ඉතාම නිවැරදිව ඔහු කියනවා. ඒ කවි දෙක දැන් අපි බලමු. 
"From the depths of the West of Europe,
A young child will be born of poor people,
He who by his tongue will seduce a great troop;
His fame will increase towards the realm of the East."
Also ...
"Beasts ferocious with hunger will cross the rivers, 
The greater part of the battlefield will be against Hister. 
Into a cage of iron will the great one be drawn, 
When the child of Germany observes nothing."
ඔහු කියනවා මේ පුද්ගලයා ජර්මනියේ දුප්පත් පවුලක ඉපදෙන බව. ලොව කුරිරු පාලනයකට ගෙනයාමට වෙර දරන බව. මිනිස්සු ගෑස් යොදා මරන බව. ගැහැණු නිරුවත් කරන මරන බව. ඒ 1889 දි උපද ලද හිට්ලර් බව ලොවටම පිළි ගන්න වෙනවා. නමේ එක් අකුරක් පමණයි නොස්ටර්ඩෑම්ට මඟ හැරෙන්නෙ. ඒ වාගෙම ඔහු සඳහන් කරනවා තුන්වන ලෝක යුද්ධයක් 1993 වසරින් පසු ඕනෑම දවසක ඇතිවිය හැකියි කියලා. 2015 වන තෙක් ඔහු කාලය සටහන් කර තබනවා. තුන් වන ක්‍රිස්තියානි විරෝධිකයා එම කාලය තුළ බිහිවෙන බවයි ඔහු පැවසුවේ.
ඉන්පසු ඔහු සඳහන් කරනවා තම රටේ, එනම් ප්‍රංශයේ ශ්‍රේෂ්ඨ නායකයෙක් ගැන.ඔහු තුන් වතාවක් බලයට පත්වෙන බව තමයි ඔහු කියන්නෙ.ඒ වාගෙම නමත් හරියටම සඳහන් කරලා තියෙනවා.ඒ තමා චාල්ස් ඩි ගෝල් නම් නායකයා.
"Hercules King of Rome and of Annemark, 
Three times one surnamed de Gaulle will lead, 
Italy and the one of St Mark to tremble, 
First monarch, renowned above all."
ඉන් පස්සෙ වැදගත්ම සිද්ධිය තමයි, අඩුම තරමෙ පරමාණුව යන්නෙන් අදහස් කරන්නෙ මොකක්ද කියලා නොදන්න 1500 යුගයෙදි, නොස්ටර්ඩෑම්ස් සඳහන් කරනවා. හිස්ටර්ගෙ බලපෑමට විරුද්ධ මිනිසුන් විසින් ලොව කුඩාම මිනිසුන් ජීවත් වන රටක නගර දෙකක් අතර දැවැන්ත පිපිරීමක් සිදු කරනවා. ඉන් විශාල සමූල ඝාතනයක්  වෙනවා. කළ හැකි එකම දේ දෙවියන්ට යාඥා කිරීම පමණයි කියලත් නොස්ට්‍රඩෑම්ස් කියනවා. අඩුම තරමෙ පරමාණු තබා බෝම්බ වත් නොතිබූ යුගයක ඔහු මේ ප්‍රකාශය කරන්නෙ. නගර දෙක අතර යන්නෙන් හදුන්වන්නෙ, හිරෝෂිමා නාගසාකි නගර අතර කලාපය. ලොව කුඩාම මිනිසුන් සිටින්නෙ ජපානයෙ. අපි දන්නවා පරමාණු පිපිරීම නිසා සිදු වූ දේ. අපි අහලා තියෙනවා.
Near the gates and within two cities
There will be scourges the like of which was never seen,
Famine within plague, people put out by steel,
Crying to the great immortal God for relief." 
මේ ගැන ඔහු දැනගත්තෙ කොහොමද? ඇත්තටම පුදුමයි නේද? ඒ වාගෙම තන්ඩබෝල්ට් නම් උණ්ඩයකින් කෙනඩි මිය යන බවද ඔහුගේ සොහොයුරා මිය යන විදිහද කියන්න මේ මිනිසා සමත් වෙනවා. 1986 දී චැලෙන්ජර් ෂටලය ගිනිබත් වීම ගැන සහ එහිදී මිය ගිය පිරිස ඉතා ආසන්නය ඔහු අනුමාන කරනවා. මේ සියල්ල ඔහු කරන්නෙ 1555 දී .එහි මහ පුදුම සහගත බවක් තිබෙනවා. මොහුව නැවතත් ලෝකය පුරාම කතා බහට පත්වෙන්නෙ ඩයනා කුමරියගෙ මරණය එක්ක. බ්‍රිතාන්‍ය ඇය හැඳින්නුවෙ සඳ දෙව් දියණි කියලා. ඒ විදිහටම තමයි නොස්ට්‍රඩෑම්ස් ඇයව හැඳින්නුවෙත්. 90 දශකයේදී ඇය මිය යන බව ඔහු ප්‍රකාශ කළා..
God the Last but First the nickname of Nostradamus of the 90's 
Takes the Goddess of the Moon for his Day & Movement
A frantic wanderer and witness of Gods Law 
In awakening the worlds great regions to Gods will."
නැවත වරක් ඉන් පසු ඔහු කෙනඩි වරුන් ගැන කතා කරන්න ගන්නවා. අපිට පේන්නෙ කෙනඩි පවුල ගැන 1500 ශතකයේ ජීවත් වූ නොස්ටර්ඩෑම්ස්ට ලොකු උනන්දුවක් තිබුණා කියලා යි. 1999 ජූලි මාසයේදි ජූන්යර් කෙනඩි  අහසේ සිදුවන අනතුරකින් මිය යන බව ඔහුගේ කවියේ සඳහන්. වර්ෂය වාගේම මාසයත් නිවැරදිව දෙන්න ඔහුට හැකියාව ලැබිලා තිබීම මෙහි සුවිශේෂත්වය. මේ ජූනියර් කෙනඩි මිය ගියේ 1999 ජූලි මාසයෙදි තමන්ගෙම ගුවන් යානය පදවන්න ගිහින් වූ අනතුරකින්.

The year 1999 seven months
From the sky will come the great King of Terror.
To resuscitate the great king of the Mongols.
Before and after Mars reigns by good luck."
ඒ වාගෙම ඊළඟ සුවිෂේශීම පුදුමය වෙන්නෙ, 2001 සැප්තැම්බර් මාසෙදි, 
Earthshaking fire from the center of the Earth
Will cause tremors around the New City.
Two great rocks will war for a long time,
Then Arethusa will redden a new river."
ඇමරිකාවට එල්ල වූ ත්‍රස්තප්‍රහාරය ගැන ඔහු සඳහන් කළේ ඉහත විදියට. මිනිසා විසින් නිමවන කඳු දෙකක්, යකඩ කුරුල්ලන්ගේ ප්‍රහාරයකින් විනාශ වී වශාල මිනිස් සංහාරයක් වන බව තමා කිව්වෙ. ඔහු ගොඩ නැගිලි දැක්කෙ මිනිස්සු හදපු කඳු වාගෙ. ඔහු කියපු හුඟක් දේ හරි ගියා. ඔහු බොහෝ ව්‍යසන දැක්කා. ඇමරිකාවට එන කැතරිනා කුණාටුව ගැන ඔහු සඳහන් කළා. තාක්ෂණයක් නොමැති කාලෙක මේ මිනිසා කියූ අනාවැකි ගැන මිනිස්සු පුදුම වුණා. ඒ වාගෙම 2004 සුනාමි ව්‍යසනය ගැන පවා ඔහු කළ සඳහන නිවැරදි වුණා.ගෝලීය උෂ්ණත්වය ගැනත් ඔහු කතා කළා.
1990 දි තුන්වෙනි ක්‍රිස්තියානි විරුද්ධකාරයා එළියට එන බව නොස්ටර්ඩෑම්ස් කියනවානෙ. මේ තුන්වෙනියා ගැන පැහැදිළි නෑ. නැපෝලියන් පැහැදිළි වුණේ ආවාට පස්සෙ,හිස්ටර් හිට්ලර් කියලා හඳුන ගත්තෙ ඔවුන් සමාජ ගත වුණාට පස්සෙ.ඒත් අනුමාන කිරීම් තියෙන විදිහට නම් ඒ ඔසාමා බිල්ලාඩන් විය හැකි යි.ඒ වාගේම මේ පුදුම මිනිසා අවසන් කාලයේ චිත්‍ර ඇන්දා. ඔහු 2012 දි සිදුවිය හැකි, ඒ වාගම ඉන් පසු නුදුරේ දි විය හැකි දේ ගැන ඒ රූප වල අඩංගු වුණා.
දැන් අපි යමු ඔහුගෙ චිත්‍ර වලට.
1. පළවෙනි චිත්‍රෙයන් කියවෙන්නෙ, හිරු රැස් අධික වී සිංහ රාශය මූලික වන දවසක, ලෝකයට විශාල උණුසුමක් එනවා කියන එක.වසර 26000කට වරක් මේක සිදු වෙනවාලු. 

2. ඉන්පසු දෙවන සිතුවමින් ඔහු කියනවා මේ කාලෙදි තුන්වන ක්‍රිස්තියානි විරෝධීකයා පැමිණෙන බව, ධනු රාශිය හා මීන රාශය මූලික කොට ගෙන ජෝතිෂ්‍ය ඇසුරන් ඔහු මේ ප්‍රකාශය කරනවා. ක්‍රිස්තියානි විරෝධීකයා කියන දේ බයිබලය බවට පත් වෙන බව ඔහු කියනවා. යකාට ගිය කාලයක් බවයි ඔහු අඟවන්නෙ. 
3. තෙවන චිත්‍රෙයන් වසර 26000කට පසු ග්‍රහයන් එකට පිහිටන වග ඔහු ප්‍රකාශකරනවා වෘෂ්ශික රාශිය මැදිවන දවසකයි එය වෙන්නෙ කියලා ඔහු කඩුවෙන් සංකේත ගන්වනවා.

4.ඔහු සිව්වන චිත්‍රෙයන් සඳහන් කරන්නෙ නව රාශියක් ගැන. 1555 දි ඔහු ක්ෂීර පථයෙ කලු කුහරයක් ගැන කියන්න සමත් වුණා. ඒත් 1990 දි පවා නාසා ආයතනය පවා එයට හිනා වුණා. 2006 වන තෙක් සිනා සුනා. ඒත් අවසානයේ 2006 වසරේ ඔවුන් හොයා ගන්නවා මෙතෙක් සොයාගත් විශාලම කලු කුහරය. තවම එහි ශක්තිය ගැන ඔවුන්ට ගණනය කරන්නවත් පුලුවන් කමක් නෑ.මොහු වෘෂ්ශික රාශිය සහ ධනු රාශිය අතර තියෙන කලු කුහරයක් ගැන කියනවා. ඔහු එතන ග්‍රහලෝක දහතුනක් ගැන කියනවා. එය නාසා ආයතනය අවඥාවෙන් බැහැර කරනවා. නමුත් මෙම චිත්‍ර‍යේ ඔහු එය අඳිනවා..මේ ග්‍රහය නොස්ට්‍රඩෑම්ස් නම් කළේ ඔෆීකුවස් කියලා. ෙ
5. පස්වන පින්තූරයෙන් ඔහු කියන්නෙ ග්‍රහලෝක සමාන්තර වීමක් ගැන. ඒ වාගේම ඔහු කියනවා 2012 දෙසැම්බර් 21 වෙනිදා වසර 26000කට පසුව විශාල වෙනසක් විය හැකි දවසක් කියලා. අයිස් යුගය දිය වී ගියේ මීට හරියටම වසර 26000කට පෙර කියලා අද විද්‍යාඥයන් කියනවා.ඒ වාගේම ගෝලීය උණුසුම අධික ලෙස වැඩි වේවි කියලාත් ඔවුන් අනතුරු අඟවනවා.මේ අනුව අපට හිතන්න පුලුවන් ගෝලීය උණුසුම මහත් සේ වැඩි වේවි කියලා.
6. හයවන චිත්‍රය පෙන්වන්නෙ, මේ කලියුග කාලයෙන් පසු නව ශාස්තෘ වරයෙකු ගෙ බිහිවීම.
7. හත්වන චිත්‍රයෙන් පෙන්වන්නෙ, බයිබලය අලුතින් ලියන්න පටන් ගන්නවා කියන එකයි.
ඔහු ජේසුස් වහන්සේ මිය ගිය දිනය පවා ග්‍රහ පිහිටීම් අනුව හරියටම කියූ කෙනෙක්. නොස්ට්‍රඩෑම්ස් 1993 සිට 2015 දක්වා යුගය, මිිසා විසින් තම ක්‍රියාකාරකම් නිසා ලෝකය විනාශ කරන යුගයක් බව හොඳින්ම පැහැදිළි කරලා දී තිබෙනවා. ඔහු ප්‍රකාශයක් කරනවා, තුන්වෙනි ක්‍රිස්තියානු විරෝධිකයාගේ නැගීමෙන් පස්සෙ ලෝකය පුරාම අවුරුදු විසි හතහමාරක මාරාන්තික යුද්ධයක් ඇතිවන බව.
ඒත් ඉන්පස්සෙ, වසර දහසක පමණ කාලයක් ඉතාම සාමකාමි ආකල්ප ඇති, ඉතාම සාමකාමි මත දරන සතුටින් දිවි ගෙවන ජනකායක් බිහිවෙන බවත් ඔහු කියා තිබෙනවා.එය එසේ වේවායි අපිත් පතන ගමන්ම, නාසා ආයතනයද නොපෙන්වන සැකයකින් මේ දින වල නොපෙන්වන භීතිකාවකින් පෙළෙන බව සිහිපත් කළ යුතුයි. 2012 මහ විනාශයක් සිදුවීම කෙසේ වෙතත්, අප හැකි තරම් පරිසරය රැක ගත්තේ නැත්තම් 2015 අප ජීවත් වන අවසාන වසර වේවි. මෙහි ප්‍රබල වගකීම පැවරෙන්නේ  බල ලෝබයට යුද්ධ කැන ප්‍රබල රට වල නායකයින්ටය.
රෝස වලාකුළු 
---------------------------------------------------------------------------------
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Tuesday, August 23, 2016

අබිරහස් පළිඟු හිස්කබල් යනු මායාවරුන්ගේ පරිගණක යන්ත්‍රද? (maya waru නොවිසඳුණු අබිරහස් novisadunu abirahas අබිරහස් අඩවිය - Abirahas Adawiya )


ලෝකයේ නොවිසඳුණු අබිරහස් අතරට ගැනෙන 20 වැනි සියවසේ විස්මිතම අබි රහස වන්නේ පළිගු මිනී ඔළු පිළිබඳ අබිරහසයි. ලෝකයේ ආදිතම උසස් ශිෂ්ටාචාර මධ්‍යගතව පැවැති ප්‍රදේශ ආශ්‍රිතව සොයාගනු ලැබූ පළිඟු ගලින් නිම වූ මිනී ඔළු සැදුවේ කවුද? ඒවායේ අරමුණ කුමක් වීද? එය සෑදූ තාක්ෂණය කුමක්ද? බඳුවූ ගැටලු රාශියක් නවීන විද්‍යාත්මක දියුණුවේ ඉහළම හිණිපෙතට ළඟා වූ අද පවා ඉස්මතු කරමින් ආන්දෝලනාත්මක ආශ්චර්යක් බවට ඒවා පත්ව තිබේ. රාත්තල් කිහිපයක් බරැති සාමාන්‍ය පන්දුවක් තරමේ සිට රාත්තල් 40කටත් වඩා බර සුවිශාල තරමේ පළිඟු හිස් කබල් රැසක් මේ වන විට සොයාගනු ලැබ තිබේ. එහෙත් ඒවා පැමිණියේ කොතැනක සිටද? ඒවා කාගේ නිපැයුමක්ද? යන්න තවමත් මහා අබිරහසකි.
බොහෝ දෙනා තවමත් අදහස් කරනුයේ ඒවා ආදි කාලීන සෞභාග්‍යමත් බුද්ධි මහිමයේ දේශය වූ ආත්ලාන්තික් හෝ ලෙචුරියා වායිස්ගේ නිපැයුම් බවය. එසේත් නොමැතිනම් මේ සියල්ල පිටසක්වල ජීවීන්ගේ උසස් තාක්ෂණයෙන් නිමවා කිසියම් හේතුවක් මත තෝරාගත් මිනිස් ගෝත්‍ර සඳහා තිළිණ කළ මහා බලගතු විශ්වීය වස්තූන් බවය. ආන්දෝලානාත්මක සොයාගැනීම මුල්වරට සිදු වූයේ 20 වැනි ශත වර්ෂයේ ඉන්දියානා ජොන්ස් ලෙසින් හැඳින්විය හැකි බ්‍රිතාන්‍ය ජාතික ගවේෂකයකු වූ එච්.ඒ.මිචෙල් ගෙජස්ගේ සොයා ගැනීමක් අනුවය. බ්‍රිතාන්‍ය හොන්ඩුරාස්හි හෙවත් බෙලිස්හි ඔහු සිදුකළ ඉපැරැණි මායාවරුන්ගේ නගරයක් හෙළිදරව් කර ගැනීමේ අතරදී මුල්වරට පළිඟු ගලින් තැනූ හිස් කබලක් හමුවිය. 
සැබෑ ලෙසම මෙය හමුවී තිබුණේ ඔහුගේ අරන් හදාගත් දියණිය ලෙස සිටි සැමි හෙවත් අන්නා ගෙජස් හටය. ඇය සිය 16 වැනි උපන් දිනය දා ඉපැරැණි මායා නගරයක් වු ලූබාන්ටන් හි පූජනීය ස්ථානයක වැළැලී තිබූ හිස් කබලේ මුල් කොටස සොයා ගත්තාය. ඒ 1924 දිනයක දීය. ඇය සොයා ගනු ලැබුවේ හිස් කබලේ ඉහළ කොටස පමණි. එහි පහළ හනුව දක්නට නොලැබිණි. මෙය ඇයට කදිම උපන් දින තෑග්ගක් වූවාට සැකයක් නැත. මාස 03කට පසුව මෙම හිස් කබලේ යටි හනුව කොටස කිසිදු හානියකට ලක් නොවි තිබියදී මුල් හිස් කබල සොයාගත් තැනට අඩි 25ක් පමණ දුරක තිබියදී සොයාගනු ලැබිණි. එහි විසූ මායා කෙන්ඩි ගෝත්‍රිකයෝ මෙය හැඳින්වූයේ “ඩූම් හිසකබල” ලෙසිනි. ඔවුහු එයට අතිමහත් ගෞරව සම්ප්‍රයුක්ත බියක් දැක්වූහ. එය මරණයේ හිස් කබල ලෙස හැඳීන්වූහ. පැරැණි මායා පූජකවරු මේ මගින් සිය සතුරන්ට මරණය ගෙන දුන් බව මිචෙල් හට දැනගන්නට ලැබිණි. පසුව ඔහු මෙම හිස් කබල එම ගෝත්‍රික ප්‍රධානින් හට පිරිනැමුවද ඔවුහු එය පෙරළා මිචෙල් වෙත ලබා දුන්නේ සිහිවටනයක් ලෙසිනි. 
එයට ඒ වනවිට ‘දුෂ්ට ඩුම්ගේ’ හිස් කබල යන නම යොදා තිබිණි. මිචෙල්ගේ අනෙකුත් සොයා ගැනීම් හා කෞතුක පුරාවස්තූන් සමඟ එය දියුණු ලෝකයට පැමිණීමත් සමඟ මහත් ආන්දෝලනයක් ලොව පුරා මේ පළිඟු මිනී හිස් කබල හේතුවෙන් පැන නැඟිණි. ඇත්තෙන්ම එය ඇදහිය නොහැකි නිරවද්‍යතාවකින් යුතුව සාමාන්‍ය මිනිස් හිස් කබලක සියලු අංගෝපාංග සහිතව ඉතා සියුම් ලෙස නිමවා තිබෙන්නකි. ඉතා පැහැදිලි ‘ක්වාට්ස් ක්‍රිස්ටල්’ හෙවත් පළිඟු පරිදි මගින් නිපදවා ඇති මෙහි කපාලය සහ ඉහළ හනුවත්, චලනය කළ හැකි හා වෙන්කළ හැකි පහළ හනුවත් එකම තනි පළිඟු ගල් කුට්ටියකින් තනා තිබෙන බව සොයා ගැනීම සුවිශේෂී හෙළිදරව්වක් විය. රාත්තල් 11.7ක් බරැති මෙය අඟල් 5ක් උසැති අඟල් 7ක් දිගැති හා අඟල් 5ක් පුළුල් වූ එකකි. නළලේ සහ කම්මුල් ඇටවල සුළු වෙනස්කම් දක්නට ලැබුණද මෙය හිසමත මිනිස් හිස් කබලක සියලු අංගෝපාංග අඩු නැතිව දරයි. එසේම එහි කුඩා බවත් සමහර කැපී පෙනෙන ලක්ෂණත් හේතුවෙන් එය ගැහැනු හිස් කබලක් නිරූපණය කරනා බව විද්වතුන්ගේ අදහසයි. එහෙයින් මෙයට SHE හෙවත් ‘ඇය’ යනුවෙන්ද නමක් පටබැඳී තිබේ. 1970 දී මේ පිළිබඳ අපූර්වතම හෙළිදරව්ව සිදුවිණි. 
මිචෙල් හෙජස්ගේ පවුලේ උදවිය විසින් මෙය හෙව්ලට් – පැෆාර්ඩ් පර්යේෂණාගාරය වෙත ඉදිරිපත් කරන ලදී. එහිදී ඔවුන් සොයා ගත්තේ මේ හිස් කබල තනා ඇති තාක්ෂණය අරුම පුදුම - සොබා නීතිය ඉක්ම වූ එකක් බවයි. මේ හිස් කබල ඒ පැරැණි මිනිසුන් කෙසේ නිර්මාණය කළෝද? මෙය මහත් උබතෝකෝටිකයක් බවට පත්ව තිබේ. එය කළ හැකි එකම ආකාරය ලෙස දැක්විය හැක්කේ ඉතා රළු ලෙස දියමන්තියකින් මූලික හැඩතල ගන්වා තනිකරම වැලි සහ වතුර යොදා අතුල්ලමින් අතින්ම හැඩ ගැස්වීම පමණි. එසේ එය හැඩ ගැන්වූවා නම්. දුෂ්ට ඩුම් ගේ හෙවත් “ඈ” ගේ හිස්කබල හිමිවීමට වසර 150ක පමණ කාලයක් මිනිසුන් පරම්පරා ගණනාවක් සිය ශ්‍රමය එය වෙනුවෙන් කැප කරන්නට ඇත. ඩුම්ගේ හිස් කබල ප්‍රසිද්ධියට පත්වීමත් සමඟම ලෝකයේ ආසන්නතම ප්‍රදේශ කිහිපයක් ආශ්‍රිතව විවිධ පළිඟු ගලින් නිමවූ මිනී ඔළු 13ක් සොයා ගැනීමට විවිධ පුද්ගලයන් සමත් වූහ. 
මේ පළිඟු මිනී ඔලු විවිධාකාර ඉපැරැණි බලයන්ගෙන් සමන්විත බව බොහෝ දෙනාගේ මතයයි. පැරැණි හිස් කබලක් ළඟින් අලුතෙන් සෑදූ පළිඟු හිස් කබලක් තබා ඇතිවිට කාන්දමකින් සිදුවන්නාක් මෙන් අලුත් හිස් කබල ද ඉපැරැණි සුවකිරීමේ හා අනාගතය දැකීමේ බදු බලවේගවලින් පිරීයන බව ඒ ගැන පරීක්ෂණ කරන පිරිසගේ මතයයි. මේ හේතුවෙන් දැන් පළිගු හිස් කබල් තොග පිටින් ඔතා ඒවා ඉපැරැණි හිස් කබල් මගින් බල ගන්වා ලෝකය පුරා බෙදාහැරීම යස ජාවාරමක් බවටද පත්ව තිබේ. කෙසේ වුවද මේ ඉපැරැණි හිස් කබල් ආවේ කොතැනින්ද. ඒවා කාගේ නිර්මාණයක්ද. ඒවාගේ කාර්යභාරය කුමක් වීදැයි යන්න තවමත් මතභේදයට තුඩුදුන් කරුණකි. අද නවීන තාක්ෂණික මෙවලම්වන පරිගණක හා චන්ද්‍රිකා ආශි‍්‍රත බොහෝ මතකයන් සහ තාක්ෂණික කොටස් තැනී ඇත්තේ ක්‍රිස්ටල් ආධාරයෙනි.
ඉතා සියුම් ක්‍රිස්ටල් පෙත්තක් අඩංගු චිපයක් තුළ පින්තූර, චිත්‍රපට, පොත්පත්, සංගීතය ඇතුළු තොරතුරු ගණනාවක් රැස්කර තබා ගත හැකිය. ක්‍රිස්ටල් නොතිබෙන්නට මිනිසාට මේ හාස්කම කිසිදා කළ නොහැකි වනු ඇත. ඉතා සියුම් ක්‍රිස්ටල් පොත්තක මෙතරම් දත්ත රැස්කර තැබිය හැකි නම් මිනිස් හිසක් තරම් වූ ක්‍රිස්ටල් කුට්ටියක මොන තරම් නම් දත්ත සංඛ්‍යාවක් ගබඩා කර තිබිය හැකිවනු ඇතිද, එය මානව පරම්පරා ගණනාවක දැනුම ගබඩා කළ හැකි සුවිශේෂී සංකේතාත්මක වස්තුවක් වනු ඇති. 
අද වඩාත් පිළිගත් මතය වී ඇත්තේ මෙයයි. එනම් මේ පළිගු හිස් කබල් යනු වැනසී ගිය අතීත දියුණු බුද්ධිමත් පරම්පරාවන් විසින් භාවිත කළ පරිගණක යන්ත්‍ර බවයි. ඒ තුළ ඇති බුද්ධියේ හා දැනුම ඇතුළත් තොරතුරු ලබා ගැනීමට අප සතුව ඇති තාක්ෂණය තවමත් අසමත් බවයි. එසේම තවත් මතයක් වන්නේ මේවා පිටසක්වල දියුණු ජීවීන් විසින් සිය උසස් දැනුම කැටිකොට ඉපැරැණි මිනිස් ශිෂ්ටාචාර වෙත තිළිණ කළ දැනුම ගබඩා විය හැකි බවයි. මේ කෙසේ වුවද ඩුම්ගේ හිස් කබල ඇතුළු හිස් කබල් 13ක් තවමත් මිනිසාගේ ඉහමොළ කුතුහලයෙන් කිතිකවන මහා අරුමයක්ව පවතී.
සටහන - නිශානි අත්තනායක (දිනමිණ පුවත්පත) 
 උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

කලකට පෙර බර්මියුඩා‬ ත්‍රිකෝණයේ අත්රුදන් වූ ‪Flight‬ 19 බලගණය... (Bermuda‬ Triangle Part – 03 නොවිසඳුණු අබිරහස් novisadunu abirahas අබිරහස් අඩවිය - Abirahas Adawiya)


*දිනය: 1945 දෙසැම්බර් 5
*වේලාව: සවස 4.30 ට පමණ
*ස්ථානය: බර්මියුඩා ත්‍රිකෝණය ඉහළ අහස
*මෙහෙයුම: Navigation Problem Number One
*පාලක මැදිරිය: ෆ්ලොරීඩා හි NAS Fort Lauderdale ගුවන් පාලක *මධ්‍යස්‌ථානයපාලක මැදිරිය, මේ Flight 19 බලගණයේ FT-36 ගුවන් යානය යි. අවසන් බෝම්බය ඉලක්කය වෙත පතිත කිරීමට සූදානම්.
FT-36, ඔබට අවසර ලැබෙනවා.
බෝම්බය සාර්ථකව පතිත වුණා. මෙහෙයුම සාර්ථකයි. Flight 19 බලගණය නැවත මූලස්ථානය වෙත පැමිණෙනවා.

මිනිත්තු 40 කට පමණ පසු…..
Flight 19, මේ පාලක මැදිරිය යි. කරුණාකර ඔබේ පිහිටීම වාර්තා කරන්න.

පිළිතුරක් නැත…..
මේ අතර මීට කිලෝමීටර කිහිපයක් ඈතින් පියාසර කෙරෙමින් ඇති උක්ත මෙහෙයුමේ ම යෙදී සිටින වෙනත් බලගණයක ප්‍රධාන යානාවට (FT-74) අපැහැදිලි පණිවිඩයක් ලැබේ.
මේ FT-28 ගුවන් යානය යි. කරුණාකර උදව් කරන්න..!
මේ FT-74 ගුවන් යානය යි. FT-28, ඔබේ පිහිටීම වාර්තා කරන්න. අප සහායට පැමිණෙනවා.
අපේ ගුවන් යානා පහේම මාලිමා යන්ත්‍ර අක්‍රීය යි. අපට Fort Lauderdale ඇති දිශාව සොයා ගැනීමට බැහැ. කරුණාකර උදව් කරන්න!
අතුරුදහන් වූ TBM Avenger යානා පහ
දෙසැම්බර් 5 වනදා ෆ්ලොරීඩා හි NAS Fort Lauderdale සිට Navigation Problem Number One පුහුණු මෙහෙයුම ආරම්භ වූයේ ගුවන් බලගණ (ගුවන් යානා සමූහයක්) කිහිපයක සහභාගීත්වයෙනි. සෑම බලගණයකම ප්‍රධානියා ලෙස ජ්‍යෙෂ්ඨ ගුවන් නියමුවෙකු කටයුතු කල අතර මෙහෙයුමේ අරමුණ වූයේ නිශ්චිත ඉලක්කයකට බෝම්බ දැමීම සහ නැවත මූලස්ථානයට පැමිණීම නවක ගුවන් නැවියන්ට පුහුණු කිරීමයි. ඉහත සඳහන් කළ Flight 19 බලගණය TBM Avenger වර්ගයේ බෝම්බ හෙළන යානා පහකින් සමන්විත විය. ලුතිනන් චාල්ස් කැරොල් ටේලර් ගේ ප්‍රධානත්වයෙන් මෙහෙයුම ආරම්භ කල බලගණයේ මුළු සාමාජික සංඛ්‍යාව දහ හතරක් විණි. පස්වරු 2.15 ට NAS Fort Lauderdale වෙතින් පිටත් වූ මෙම යානා සමූහය පුහුණුව සාර්ථකව නිමා කොට නැවත පැමිණෙන අතරවාරයේ බර්මියුඩා ත්‍රිකෝණය ඉහළ අහසේදී කිසිදු සාක්ෂියක් ඉතිරි නොකොට, අත්භූත ලෙස අතුරුදහන් විය … ඉහත දෙබසින් පසු FT-74 යානාවේ ප්‍රධානියා වූ ලුතිනන් රොබට් කොක්ස් විසින් මේ පිළිබඳව Fort Lauderdale පාලක මැදිරිය දැනුවත් කරන ලද අතර ඒ හරහා Flight 19 බලගණයට තම යානා වල වම් පස තටු හිරු දෙසට එල්ල වන ආකාරයට පියාසර කරන ලෙසට අණ ලැබුණි. ඔවුන් ඒ අනුව පියාසර කිරීම ආරම්භ කළ බව FT-74 යානාවට දැනුම් දුන්හ. කෙසේ හෝ මේ ආකාරයට රාත්‍රී 7 පමණ වන තෙක් Flight 19 හි FT-28 යානාව, FT-74 සමග විටින් විට සම්බන්ධ වූවත්, ඔවුන් ලබා දුන් පණිවිඩ ඉතාමත් අපැහැදිලි විය. පැය කිහිපයක් තිස්සේ පාලක මැදිරිය උපදෙස් දුන් ගමන් මාර්ගය දිගේ පියාසර කළ ද, Flight 19 යළි කිසිදු දිනෙක Fort Lauderdale වෙත පැමිණියේ නැත .
අතුරුදන් වූ යානා සෙවීමේ කටයුතු වහා ආරම්භ විය. බොහෝ වගකිව යුතු නිළධරයන් ගේ අදහස වූයේ අතරමං වුණු යානාවන් පැය කිහිපයක් පුරා ඒ මේ අත පියාසර කොට ඉන්ධන අවසන් වූ පසු මුහුදට කඩා වැටුණු බව යි. සාගරයට ඉහළින් ගමන් ගනිමින් තිබූ යානයක් කුමන හේතුවක් නිසා අනතුරකට ලක් වුවත් එය කඩා වැටිය යුත්තේ සාගරයට ය. එවිට දින කිහිපයකට පසු හෝ අනතුර සිදු වූ ස්ථානයේ ජලය මතුපිට යානයේ සුන්බුන්, තෙල් පැල්ලම් ආදිය දැක ගත හැකි වේ. නමුත් Flight 19 සිදුවීමේ දී එබඳු ද්‍රව්‍යයන් කිසිවක් හමු වූයේ නැත. දැවැන්ත හා බලගතු, බෝම්බ හෙළන යුධ ගුවන් යානා පහක් ගුවන් නැවියන් දහ හතර දෙනෙකු ද සමග සම්පූර්ණයෙන්ම අතුරුදහන් වී තිබිණ.
ඉහළ අහසේදී පුපුරා ගිය PBM Mariner යානාව
මේ අතර Flight 19 සෙවීමට බර්මියුඩා ත්‍රිකෝණයට ඉහළින් පියාසර කළ PBM Mariner වර්ගයේ ගුවන් යානාවක්ද එහි කාර්යමණ්ඩලයේ දහතුන් දෙනෙකු සමග අත්භූත ලෙස අතුරුදහන් විණි! පසුව සොයා ගැනුනේ එම යානාව යම් හේතුවක් නිසා අහසේදී පිපිරී විනාශ වුණු බව යි. එහෙත් එම පිපිරීමට හේතුව හෙළිදරව් වූයේ නැත. පරීක්ෂණ වලදී හෙළි වුණු ආකාරයට පාලක මැදිරිය හා සම්බන්ධතාවය ඇණ හිටි අවස්ථාවේ දී Flight 19 සිටියේ Fort Lauderdale සිට කිලෝමීටර 370 ක් පමණ ඈතිනි.
කෙසේ හෝ පරීක්ෂණ කටයුතු අවසානයේ කිසිවෙකුටත් අතුරුදන් වූ බලගණය ගැන නිශ්චිත අදහසක් ඉදිරිපත් කළ හැකි වූයේ නැත. ඉන්ධන අවසන් වීමෙන් යානාවන් සාගරයට කඩා වැටෙන්නට ඇති නමුත් ඒවායේ සුන්බුන් කිසිත් හමු නොවූ බවත්, බලගණ නායක ලුතිනන් චාල්ස් ටේලර් බහමාස් හි දූපත්, ෆ්ලොරීඩාවේ දූපත් යැයි වරදවා වටහා ගෙන නියමිත ගුවන් මාර්ගයෙන් එපිට ට යන්නට ඇති බවත් අනුමාන කිරීම් ලෙස පරීක්ෂණ වාර්තාවේ සටහන් විණි. යානා සෙවීමේ කටයුතු අත්හැර දමන ලදී.
අවසන් පරීක්ෂණ වාර්තාවට අනුව බලගණයේ ගමන් මග
පසු කලෙක, 1986 දී මේ අභිරහස් සිදුවීම නැවතත් කරළියට පැමිණියේය. ඒ එම කාල වකවානුවේදී අභ්‍යවකාශගත වීමක් අතරතුර පිපිරී විනාශ වී ගිය චැලෙන්ජර් අභ්‍යවකාශ ෂටලයේ සුන්බුන් සොයමින් සිටි පරීක්ෂණ කණ්ඩායමකට ෆ්ලොරීඩා වෙරළ තීරය ආසන්නයේ මුහුදු පත්ලේ තිබී TBM Avenger යානයක කැබලි හමු වීමෙනි. පසුව කිමිදුම් කරුවන් ලවා එම යානයේ සුන්බුන් ගොඩ ගෙන පරීක්ෂා කළද, පුදුමය වූයේ එම සුන්බුන් Flight 19 බලගණයේ යානයක කොටස් යැයි ඔප්පු කළ හැකි නොවීමයි! නැවත 1991 දී ෆ්ලොරීඩා වෙරළ තීරයේම වෙනත් දිශාවක මුහුදු පත්ලේ තිබී TBM Avenger වර්ගයේ යානා පහක සුන්බුන් හමු විය. නැවතත් සුන්බුන් හා අතුරුදන් වූ යානා සංසන්දනය කරන ලදී. ඉන් ලැබුණු ප්‍රතිඵලය පරීක්ෂකයන් විශ්මයෙන් විශ්මයටත්, අවුලෙන් අවුලටත් පත් කිරීමට සමත් විණි. මුහුදු පත්ලේ තිබී හමු වූ Avenger යානා පහ කිසිසේත්ම අතුරුදහන් වූ Flight 19 යානා පහ නොවීය!! ඒවායේ එන්ජින් සීරියල් අංක සහ Flight 19 හි එන්ජින් සීරියල් අංක සම්පූර්ණයෙන්ම අසමාන විය. අනෙක් අතට Flight 19 අතුරුදන් වූයේ මදක් ගැඹුරු මුහුදේ මිස වෙරළට මෙතරම් ආසන්නයේ දී නොවේ. එහි තවත් විශේෂත්වයක් වූවේ මුහුදේ කිලෝමීටර 2.4 ක පමණ වපසරියක එකිනෙකට ඉතා ආසන්නව සුන්බුන් විසිරී තිබුණ ද, මෙම යානා පහ කඩා වැටී තිබුණේ විවිධ දිනයන් හිදී වීම යි. (යානා වල සටහන් වී තිබූ දත්ත ආධාරයෙන් සොයා ගන්නා ලදී.)
කෙසේ හෝ Flight 19 අභිරහස වර්තමානය වනවිටත් විසඳී නොමැත. මෙහිදී පැන නැගෙන ගැටළු ගණනාවකි. Flight 19 යානා පහේම දිශාව පෙන්වන උපකරණ එකවර අක්‍රීය වූයේ ඇයි? ගුවන් පැය 2500 ක පළපුරුද්දක් තිබුණු ලුතිනන් චාල්ස් ටේලර් ට පාලක මැදිරියේ මග පෙන්වීම යටතේවත් තම බලගණය මූලස්ථානයට මෙහෙයවිය නොහැකි වූයේ ඇයි? යානා පහ මුහුදට කඩා වැටුනා නම්, ඊට සම්බන්ධ කිසිදු සාක්ෂියක් නොලැබුණේ කුමක් නිසාද? Flight 19 සෙවීමට ගිය PBM Mariner යානය අහසේදී පුපුරා යාමට හේතුව කුමක්ද? එමෙන්ම වසර ගණනාවකට පසු ෆ්ලොරීඩා වෙරළ තීරයේදී හමූ වූ TBM Avenger යානා හය Flight 19 නොවේ නම්, ඒ යානා මොනවාද? ඒවා අනතුරට පත් වූයේ කෙසේද? විවිධ කාල වලදී මුහුදේ එකම ස්ථානයකට ගුවන් යානා පහක් කඩා වැටුනේ කෙලෙසද?
Flight 19 බලගණය අනතුරකට ලක් වී මුහුදුබත් වූවා ද? නැතහොත් සමහරුන් පවසන ආකාරයට බර්මියුඩා ත්‍රිකෝණයේ දී ඔවුන් පිටසක්වළ ජීවීන් විසින් පැහැර ගනු ලැබුවා ද?
All Planes, close up tight. We ll have to ditch unless landfall. When the first plane drops below ten gallons, we all go down together…ඒ Flight 19 ප්‍රධානී ලුතිනන් ටේලර් ගේ අවසන් පණිවිඩය යි…
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya  

MH370 මැලේසියානු ගුවන්යාන අබිරහස! ලෝකයේ අබිරහස් ලෙස අතුරුදන් වුණු ගුවන්යානා 10 මෙන්න! (නොවිසඳුණු අබිරහස් novisadunu abirahas)

පසුගිය (මාර්තු 8 වැනිදා) අතුරුදන් වූ පිසැරි අංක එම්එච්370 මැලේසියානු මගී ගුවන්යානයට වූ දේ තවමත් අබිරහසක්. රටවල් 10 ගුවන්යානා, නැව්, චන්ද්‍රිකා රැසක් මේ අබිරහස විසඳන්න තවමත් වෙහෙසෙනවා. 
ඒත් මෙය දැනටමත් නොවිසඳෙන අබිරහසක් පත් වෙන ලකුණු පහළ වෙලා!
මැලේසියානු ගුවන් සේවයට අයත් බෝයිං 777 එම්.එච්. 370 මගී යානය අබිරහස් ලෙස අතුරුදන් වූයේ ඉකුත් 8 වැනිදා මැලේසියානු වේලාවෙන් මධ්‍යම රාති‍්‍ර 12.21 ට පමණය. ඒ අවස්ථාවේදී යානය චීනයේ බීජීං නුවර බලා පියාසර කරමින් තිබුණේය. ඒ මොහොතේ සිට ආරම්භ කළ සෝදිසි මෙහෙයුම් තවමත් අවසන් නැත.
දැනට හෙළිදරවු වී තියෙන්නේ සොරකම් කළ පාස්පෝට් දෙකකින් දෙදෙනකු ඒ යානයේ ගමන් කර තිබෙන බවයි. ඒ පාස්පෝට්වල සැබෑ අයිතිකරුවන් නිරුපද්‍රිතව ඉන්නා බව බලධාරීන්ට දැනටමත් දැනුම් දී තියෙනවා.
ඒ අතර වියට්නාමයේ නාවික හමුදාව සොයා ගෙන තියෙනවා මහමුහුද මැද සැතැපුම් 12ක් දිග තෙල් පැල්ලමක්! එය එම්එච්370 මැලේසියානු මගී ගුවන්යානය කඩා වැටීමෙන් ඇති වූවක් කියලා දැනට සැක කරනවා. යානයේ ඇති සෙල්ෆෝන් කීපයක් නාද වෙන බව සොයා ගෙන තියෙනවා. ඒ ඔස්සේ යානය වැටුණු තැන සොයා ගන්නයි, දැන් වෑයම් කරන්නේ.
යානයක් ගිනිගෙන අහසින් කඩා වැටෙනවා දුටු තෙල් කැණීම් අටල්ලක සේවකයකු ඒ ගැන වාර්තා කර තියෙනවා. ඒ වගේම චීන චන්ද්‍රිකාවක් මගින් ගත් ඡායාරූපයක මුහුදේ පාවෙන කැබලි තුනක් සොයා ගිය වියට්නාම් පරීක්ෂක ගුවන්යානයකට ඒ ප‍්‍රදේශයට ගිහින් නැවත නැවතත් පරීක්ෂා කරලත් එවැනි දෙයක් සොයා ගත හැකි වී නැහැ.
ඇමරිකන් වෙබ් අඩවියක් ඔස්සේ අන්තර්ජාලය හරහා චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ලොව පුරා ලක්ෂ ගණනක් දෙනා මේ මහා සෙවුම් මෙහෙයුමට එක් වී තියෙනවා.
ඒ අතර මේ විධියට අපට තවමත් විසඳගත නොහැකිව ඇති, ඒ වගේම අබිරහස් විධියට සිදුවූ ලෝකයේ වඩාත්ම ගුප්ත ගුවන්යානා අනතුරු 10 කුමක්දැයි විමසා බලමු.
10. ලොව වටා නොනවත්වා ගුවනින් යද්දී අතුරුදන් වුණු ඇමලියා ඉයර්හාට් (Amelia Earhart)  
ඇමරිකාවේ ඇමලියා ඉයර්හාට් 1937 ජූලි 2 වැනිදා ඇගේ ලොක්හීඞ් ඉලෙක්ට‍්‍රා ගුවන් යානයෙන් පිටත් වූයේ නොනවත්වා ලෝකය වටා ගොස් ලෝක වාර්තාවක් තියන්නයි. ඇය සමග ඇගේ මග පෙන්වන්නා වූ ෆ්‍රෙඞ් නූනන් මේ ගමනට එක්ව සිටියා.
ඇය ඊට පෙර අත්ලාන්තික් හරහා තනිවම ගුවන්යානයක් පදවා ගෙන ගිය ප‍්‍රථම කාන්තාව ලෙස වාර්තාවක් තබා තිබුණා. මෙවර ගියේ නොනැවතී ලෝකය වටා ගිය කාන්තාව වෙන්නයි ඇය බලාපොරොත්තු වුණේ.
ඇය පියාසර කළ යානය මධ්‍යම පැසිපික් සාගරයේ හවුලන්ඞ් දූපත අසල දී අතුරුදන් වුණා.එදා සිට අද වන තෙක් ඇගේ අතුරුදන් වීම අබිරහසක්ව පවතිනවා. ඒත් ඒ පිළිබඳ අනුමාන නිගමනයන් තවමත් පළ කෙරෙනවා.
වැඩි දෙනකු කියන්නේ ඇගේ යානයේ ඉන්ධන අවසන් වීම නිසා මුහුදට කඩා වැටුණු බවයි. ඇය ඒ කාලේ ඇමරිකාවේ ජනාධිපතිව සිටි ෆ්?න්ක් ඞී රූස්වෙලට්ගේ ඔත්තුකාරියක වූ බවත් ජපනුන් විසින් ඇය අල්ලා ගත් බවත් කියන අයත් ඉන්නවා.
ඒ වගේම ඇගේ යානය ජපන් දූපතකට කඩා වැටුණු බවත් ඒ අනතුරෙන් මියගිය බවත් තවත් සමහරු කියනවා. ඇගේ සිරුර වැලි කකුළුවන් විසින් කා දමන්නට ඇති බවත් ඔවුන්ගේ මතයයි. 
තවත් මතයක් නම් ඇය ගමනින් දිවි ගලවා ගත් බවත් දැන් නිව් ජර්සි ප‍්‍රාන්තයේ වෙස්වළා ගෙන ජීවත්වෙන බවයි.
ඇය පිළිබඳ තවත් පුදුම මතයක් නම් ඇය සක්වළ ජීවීන් විසින් පැහැර ගෙන ගොස් ඇති බවයි. මේ බව දැක්වෙන්නේ ස්ටාටෙ‍්‍රක් (Star Trek) ටෙලිවිෂන් කතාමාලවේ වොයේජර් කතාංගයේයි.
9. ගුවන් හමුදා යානයකින් පියාසර කරද්දී ඉංගී‍්‍රසි ඕඩයේ දී අතුරුදන් වූ ග්ලෙන් මිලර් (Glenn Miller)

ඇමරිකන් යුද හමුදා තූර්යවාදක කණ්ඩායම් ප‍්‍රධානී ග්ලෙන් මිලර් කීර්තිමත් සංගීතඥයෙක්. දෙවන ලෝක යුද සමයේ මිත‍්‍ර හමුදා වෙනුවෙන් ඒ 1944 ගිම්හාන කාලයේ දී එංගලන්තයේ සංගීත ප‍්‍රසංග ගණනාවකට සහභාගි වූ ඔහු ප‍්‍රංශයට යමින් සිටියේ ප‍්‍රංශ හමුදා වෙනුවෙන් සිය මෙහෙය ඉටු කරන්නයි.
ඔහු 1944 දෙසැම්බර් 14 වැනිදා රාති‍්‍රය ගත කර ඇත්තේ බෙඞ්ෆෝඞ් අසල රාජකීය ගුවන්හමුදාවේ ටින්වුඞ් ගොවිපළේ දී හිතවතකු වූ මිල්ටන් අර්නස්ට් සමගයි. ඒ ඔහු පණපිටින් සිටි අවසන් රාති‍්‍රයයි.
ප‍්‍රංශය බලා ගියේ තනි එංජිමේ ගුවන් යානයකින්. එංගලන්තයත් ප‍්‍රංශයත් අතර ඉංගී‍්‍රසි ඕඩය හරහා යද්දී තමයි අතුරුදන් වූයේ. 
ඒ පිළිබඳවත් තොරතුරු සෙවූ අය විවිධ මත පළ කරලා තියෙනවා. මිතුරු ගුවන් යානාවක් විසින් කළ වෙඩි ප‍්‍රහාරයකින් ඔහු පැද වූ යානය කඩා වැටෙන්නට ඇතැයි ඇතැම් අය කියනවා.
සමහරුන් කියනවා ජර්මනියේ සීගන්වලට ප‍්‍රහාරයක් එල්ල කර ආපසු එමින් සිටි බෝම්බහාරක යානාවලින් ඔවුන්ගේ ආරක්ෂාවට හෙළුෑ බෝම්බයක් නිසා යානය කඩා වැටෙන්න ඇතැයි කියා.
ජර්මනියේ ‘බිල්ඞ්’ පුවත්පතට වාර්තාකරුවෙකු ලියා ඇත්තේ අමුතු කතාවක්. මිලර් ප‍්‍රංශයට ගිය බවත් එහිදී ගණිකා නිවාසයකට හොර රහසේ ගිය ගමනක දී හදිසියේ ඇති වූ හෘදයාබාධයක් නිසා මිය ගිය බවයි. 
8. පියසැරි අංක 19 යානය හා බුර්මියුඩා ති‍්‍රකෝණය 
1945 දෙසැම්බර් 5 වැනිදා ගුවන්යානා හයක් එක් වරම ගුවනේ දී අතුරුදන් වුණා. බර්මියුඩා අබිරහස ආරම්භ වුණේ එහෙමයි. 
ඇමරිකානු ගුවන් හමුදාවට අයත් ඇවෙන්ජර් යානා හයක් මෙසේ හදිසියේ අතුරුදන් වූයේ පුහුණු කිරීමේ මෙහෙයක යෙදෙමින් සිටියදියි. 
ඇමරිකාවේ ෆ්ලොරිඩාවේ ලෝඩර්ඬේල් හමුදා කඳවුරේ සිට ගුවනට නැගුණු මේ යානා පුහුණුව පැවැත් වුණේ පළපුරුදු පියසැරි පුහුණුකරුවකු වූ චාල්ස් ටේලර් (Charles Taylor) විසිනුයි.
ගුවනට නැග පැය එකහමාරකට පසු ඒ ඇවන්ජර් යානා පැදවූ නියමුවන් හදිසියේ ම කීවේ ඔවුන් අතරමං වී ඇති බවයි. ඔවුන්ට මග සොයා ගැනීමට පහළ ඇති මග සලකුණු කිසිවක් හඳුනා ගත නොහැකි බවයි.
ලෝඩර්ඬේල් හමුදා කඳවුරේ ගුවන්විදුලි මධ්‍යස්ථානය ඇමතූ ටේලර් මේ බව පවසමින් කියා ඇත්තේ තමා ළඟ ඇති මාලිමාවන් හෙවත් කොම්පාසු දෙක ම කි‍්‍රයා විරහිතව ඇති බවයි. 
හමුදා කඳවුරේ ගුවන්විදුලි මධ්‍යස්ථාන පාලක මැදිරියේ සිටි අය කෙතෙක් උත්සාහ කළත් ඒ නාවුක කණ්ඩායමට පාර සොයා ගැනීමට නොහැකි වුණා. ඒ අවස්ථාවේ කාල ගුණය නරක අතරට හැරෙමින් තිබුණා. ගුවන් නැවියන් පිරිසට ගොඩ බිම සොයා ගත නොහැකි වූයෙන් ඒ යානා මුහුද කඩා වැටී ඒ සියලූම දෙනා මිය ගියා. මෙහි වඩාත් අද්භූත දෙය නම් මේ ගැන සොයන්නට යැවූ එක් යානයකුත් ආපහු ආවෙ නෑ. 
7. ස්ටාර් ඩස්ට් (Star Dust) යානය හා මෝර්ස් සංඥා පණිවිඩය 
බි‍්‍රටිෂ් සවුත් ඇමරිකන් එයාවේස් සමාගමට අයත් ‘ස්ටාර් ඩස්ට්’ මගී ගුවන් යානය ආජෙන්ටිනාවේ බුවනෝස් අයර්ස් නගරයේ සිට චිලි රාජ්‍යයේ සන්ත්‍යාගෝ නගරය බලා යමින් තිබුණා. එය ඇන්ඞීස් කඳුකරයට ඉහළින් යද්දී අතුරුදන් වූයේ ප‍්‍රශ්න ගණනාවක් ඉතිරි කරමින්. අද මේ වන තුරුත් ඒ ප‍්‍රශ්නවලට උත්තර සොයා ගෙන නැහැ.
ඒ යානය පදවා ඇත්තේ ඉතාමත් පළපුරුදු ගුවන් නියමුවෙක්. රෙජිනෝල්ඞ් කුක් නම් ඔහු කලින් ගුවන් හමුදාවේ සේවය කළ කීර්තිමත් නියමුවෙක්. 1947 අගෝස්තු 2 වැනිදා සවස 1.46ට ගුවන් ගත වූ මේ යානය ඇන්ඞීස් කඳු වළල්ල දෙසට පියාසර කරන්නට වුණා.
ඒ යානය කිසිදාක නියමිත ගමනාන්තයට ගියේ නෑ. එක එකම ආරංචියක් විතරයි ලැබී තිබුණේ. ඒ යානයේ සිට ගුවන්විදුලි කි‍්‍රයාකරු යානය අතුරුදන් වෙන්නට ආසන්න මොහොතේ එවූ මෝස් සංඥා පණිවිඩය විතරයි. එහි සඳහන් වූයේ ‘ස්ටෙන්ඩෙක්’ (STENDEC) යන ශබ්දය නැගෙන ඉංගී‍්‍රසි අකුරු හත විතරයි. 
මේ යානයට වුයේ කුමක්ද? ඒ වදනේ අබිරහස තවමත් සොයනවා. යූඑෆ් ඕ (UFO) හෙවත් සක්වළ යානයකින් කළ ප‍්‍රහාරයක් කියන මතයක් තියෙනවා. කඩාකප්පල්කාරී කි‍්‍රයාවක් නිසා වූ දෙයක්ද ඇතැම් අය කියන විධියට එහි මගියකු අත ගෙන ගිය වටිනා රාජ්‍ය තාන්ති‍්‍රක ලියවිලි වගයක් විනාශ කරන්න කළ දෙයක්ද? තාමත් හරි විසඳුමක් නැහැ.
දැනට පිළිගෙන ඇති මතය එය ඇන්ඞීස් කඳුකරයේ තියුණු බෑවුමක හැපී යානය පහළට කඩා වැටෙද්දී ඒ වේගයට කම්පනය වූ එහි මුදුනේ වූ හිම ඕඝයක් ඒ මත කඩා වැටීමෙන් යානය සොයා ගත නොහැකි ලෙස වැළලෙන්නට ඇති බවයි.


මේ ස්ටාර්ඩස්ට් යානය ගැන යම් තොරතුරක් වසර 50කට පස්සෙයි මතු වුණේ. ඒත් ආජන්ටිනාවේ කඳුනඟින්නන් දෙදෙනකුට දකින්නට ලැබුණු එංජින් කොටස් කීපයක් හා ඉරී ගිය ඇඳුම් කැබලි වගයක් විතරයි.
6. බර්මියුඩා ති‍්‍රකෝණයේ දී අතුරුදන් වූ ‘ස්ටාර් ටයිගර්’ (The Star Tiger) යානය
බි‍්‍රටිෂ් සවුත් ඇමරිකන් එයාවේස් සමාගමට අයත් දෙවැනි යානයක් 1948 දී බර්මියුඩා ප‍්‍රදේශයේ දී අතුරුදන් වුණා. ඒ ‘ස්ටාර් ටයිගර්’ මගී ගුවන් යානයයි. ඒ යානය ජනවාරි 30 වැනිදා අසෝරස්වල සැන්ටා මරියා සිට බර්මියුඩා බලා ගමන් ඇරඹුවා. ඒ දැඩි සුළං තත්වයක් පවා තිබියදියි.
එහි මගීන් 25 දෙනෙක් හිටියා. ඒ අතර දෙවැනි ලෝක යුද්ධයේ යුද වීරයෙකු වූ මාෂල් සර් ආතර් කොනින්හැම් ද සිටියා. ඒ සම්පූර්ණ ගමන පැය 12ක්. දැඩි සුළිං තත්වය මග හරින්නට යානය ගියේ පහතින්. 
ඒත් යානය නොදැනීම නියමිත මගින් පිටතට ගහගෙන ගියා, ඒ නිසා එවේලේ පැවති තද කුණාටුවට මුහුණලා යන්නට ඔවුනට සිදුවුණා, යානයේ ඉතිරිව තිබූ ඉන්ධනවලින් කෙළින් ම ගියොත් යම්තම් බර්මියුඩාව යා හැකි බව ඔවුන් තේරුම් ගත්තා. 
ඒත් ඉන්පසු යානයෙන් ආරංචියක් ආවේ නෑ. ඒ ගැන සොයන්න ගිය යානය පාන්දර 4ට විතර පරිස්සමෙන් ආපසු ආවත් ස්ටාර් ටයිගර් යානය ගැන ඊට පස්සේ අසන්නවත් දකින්නවත් ලැබුණේ නෑ. 
ඔවුන් අනුමාන කරන්නේ පහළ පියාසර මට්ටමේ ඇති තද සුළි සුළං නිසා යානය මුහුද දෙස ගසා ගෙන යන්නට ඇතැයි කියායි. උච්චමානයේ මිනුම් වරදීමත් බොහෝ දුර පියාසර කිරීම නිසා ඇති වූ දැඩි වෙහෙසත් නිසා යානය පමණට වඩා මුහුදට සමීප වීමෙන් එක්වරම කඩා වැටෙන්නට ඇතැයි දැන් විශ්වාස කෙරෙනවා.
5. ගුවන් යානා අංක 191 කේ අබිරහස.
මේක ඇත්තෙන්ම එක යානයක් ගැන කතාවක් නෙවෙයි. ඒ අංකය යෙදූ යානා කීපයක් අතුරුදන් වීමක් තමයි, මේ අබිරහසට පාදක වන්නේ.
වසර 40ක් ඇතුළත් අංක 191 යෙදූ ගුවන් යානා ගණනාවක් ම මුහුද මැදදී අතුරුදන් වුණා. හරිම පුදුමයි!
ඒ යානා අනතුරු අතරින් ගුවන් අනතුරු ඉතිහාසයේ වඩාත්ම මාරක අනතුර ලෙස සැලකෙන්නේ 1979 ඇමරිකාවේ චිකාගෝ නුවර ඔහෙයා අන්තර්ජාතික ගුවන් තොටුපළේ සිදු වූ එකයි. ඇමරිකන් එයාලයින් අංක 191 දරණ යානය ඒ ගුවන්තොටුපළෙන් ගුවනට නංවා මිනිත්තු කීපයක් ඇතුළත කඩා වැටුණා. එහි ගමන් ගත් මගීන් 258ත් සේවක පිරිස 13 දෙනාත් එහි දී මිය ගියා. 
අංක 191 පියසැරි අංක යෙදූ අත්හදා බැලීම සඳහා පැදවූ එක්ස් -15 අංක 191 යානය 1967 දී කඩා වැටුණා. එහි සිටි එකම නියමුවා මරණයට පත් වුණා. 
ඒ වගේම ජෙට්බ්ලූ එයාවේස් පියසැරි අංක 191 යානය 2012 දී ගුවනේ දී ගැටලූවකට මුහුණ දුන්නා. එහි නියමුවාට යක්ෂාවේශයක් ඇති වුණා. පියසැරි ඉංජිනේරුවා ඔහු කැබින් එකෙන් එළියට දමා ඔහු සන්සුන් කරවීම මගීන්ට බාර දී යානය වෙනත් ගුවන්තොටුපොළකට ගෙන ගියා. මගීන්ට ජීවිත හානි කිසිවක් නෑ. 
මේ අවාසනාවන්ත සිදු වීම් නිසා සමහර මගී ගුවන් යානා සමාගම් පියසැරි අංක 191 අසුබ යැයි සලකා ඔවුන්ගේ ඒ අංක යෙදූ යානා සේවයෙන් ඉවත් කරන්නට පවා පියවර ගත්තා. 
4. ස්ටාර් ඒරියල් යානයේ අබිරහස් අතුරුදන් වීම
 තවත් බි‍්‍රටිෂ් සවුත් ඇමරිකන් එයාවේස් සමාගමට අයත් ස්ටාර් ඒරියල් නම් යානයක්ද 1949 ජනවාරි 17 වැනිදා බර්මියුඩාවල සිට ජැමෙයිකාවට යන අතර අතුරුදන් වුණා.
එය ස්ටාර් ටයිගර්ට සමාන යානයක්. පැහැදිලි අහසක් ඇති පරිසරය තද සුළං නොමැති විටෙක ගුවන් ගත වුනත් එයට ගැටලූවක් ඇති කළේ පියසැරි සන්නිවේදන පද්ධතියයි. 
එහි ඇති වූ ගැටලූ සහගත තත්වය නිසා නියමිත ගමනාන්තයට යන්නට ඒ යානයට හැකි වුණේ නැහැ. එහි ගිය මගීන් 20 දෙනාවත් යානයවත් නැවත කිසිදාක දකින්නට ලැබුණේ නැහැ. ජනවාරි 25 දා තෙක් සෙවීම් කර අන්තිමේදී අතහැර දැම්මා.
3. ඇන්ඞීස් කඳුකරයේ දී අතුරුදන් වූ පියසැරි අංක 571 යානය
උරුගුවේ මොන්ටිවීඩියෝ නගරයේ රගර් කණ්ඩායමක් ඔවුන්ගේ හිතමිතුරන් හා නෑදැයන් සමග ආජෙන්ටිනාවට යන්නට ගුවන් හමුදාවේ යානයක් කුලියට ගත්තා. ඔවුන්ට යන්නට සිදු වූයේ ඇන්ඞීස් කඳුකරයට ඉහළින් අනික් පැත්තේ පිහිටි ආජෙන්ටිනාවටයි. ඒ වසරක් පාසා පැවැත්වෙන සුහද තරගයක් සඳහායි.
එදා උරුගුවේ රගර් කණ්ඩායම තමයි. ‘පණපිටින්’ (Alive) නමින් නිපදවූ චිත‍්‍රපටයේ ජවනිකාවක්.
ඒ ගමනට 45 දෙනෙක් එක් වුණා. යානය පිටත් වූයේ නරක කාලගුණයක් පවතිද්දියි. යානය හිමෙන් වැසී තිබුණු ඇන්ඞීස් කඳුකරයේ හැපී කඳු අතරට කඩා වැටුණා. එයින් 12 දෙනකු බිම පතිත වූ මොහොතේ දීම මරණයට පත් වුණා. දින කීපයක් ගත වන විට තවත් හයක් මිය ගියා. 
දැඩි හිම ඕඝයකට අසු වී තවත් අට දෙනෙක් මිය ගියා. හිම කුණාටුවෙන් බේරෙන්න ඔවුන් බිඳුණු යානයේ කොටස්වලට මුවා වුනත් ගැළවීමක් වුණේ නෑ. ඉතිරි වූ 16 දෙනා ජීවත් වුණේ මියගිය අනෙක් මිතුරන්ගේ මළ සිරුරු කොටස් බුදිමින්.
යානය අනතුරට ලක් වී දින 72කට පසුව ඒ ගැන සොයා ගත්තේ. එතෙක් හෙලිකොප්ටර්වලින් හා ගුවන් යානාවලින් සෙවුම් බැලූම් කළත් කිසිම හෝඩුවාවක් හමු වුණේ නැහැ. අන්තිමේ දී සෙවීම් අත්හැර දැම්මා. එහෙත් අන්තිමේ දී ඒ දිවි රැක ගෙන සිටි පිරිස අතරින් දෙදෙනකු කඳුකරයේ දුෂ්කර මාර්ග ඔස්සේ චිලි දේශය පැත්තට යා ගන්නට සමත් වුණා. ඔවුන් එහි වූ ගංගාවක අනික් පැත්ත යමින් වෙළෙන්දෙකුට කෑ ගසා උදවු ඉල්ලූවා. වෙළෙන්දා ඔවුන්ට කෑම්බීම් දුන්නා. වගකිවයුතු අයට ඔවුන් ගැන දැනුම් දුන්නා. ඔවුන්ගේ මේ ත‍්‍රාසජනක කතාව අප විසින් වසර 35කට විතර ඉස්සර සිළුමිණ පත‍්‍රයට කොටස් වශයෙන් ලිව්වා. ‘හිමගිරක කඳුළු’ යන නමින් ලියූ ඒ සත්‍ය කතාව අතිශයින් ජනපි‍්‍රය වුණා.එපමණක් නොව මේ කතාවෙන් වාර්තා චිත‍්‍රපට කීපයක්, ටෙලිනාට්‍ය කීපයක් හා චිත‍්‍රපටයක් නිපදවා තියෙනවා. 1993 නිපදවූ චිත‍්‍රපටය ‘පණපිටින්’ (Alive) යන නමින් තමයි හැඳින්වෙන්නේ.
2. ඊජිප්තු ගුවන් සේවයට අයත් 990 යානය
 
මගීන් 217ක් මරණයට පත් කරමින් අත්ලාන්තික් සාගරයට කඩා වැටුණු පියසැරි අංක 990 යානයේ එන්ජින් කොටසක්.

ඊජිප්තු ගුවන්සේවයේ පියසැරි අංක 990 යානය 1999 ඔක්තෝබර් 31 වැනිදා ඇමරිකාවේ නිව්යෝක් නුවර ජෝන් එෆ් කෙනඩි අන්තර්ජාතික ගුවන් තොටුපළින් පිටත් වූයේ කයිරෝ බලා යන්නයි. ඒ යානය අනතුරට ලක්වූ හේතුවත් ලොකු අබිරහසක්.
බොයිං 767 වර්ගයේ යානයක් වූ එය මැසචුසෙට්ස් සිට දකුණට බර වූ අත්ලන්තික් සාගරය ඉහළින් පියාසර කරමින් තිබියදියි. එහිදී ගමන් කළ මගීන් 217ක් හා සේවක පිරිස මරණයට පත් වුණා.
ඒ යානයේ සම නියමු ගැමිල් එල්බැටූටිට ඒ යානයේ ම මගියකු වශයෙන් ගිය ඊජිප්තු ගුවන් සේවයේ විධායක නිලධරයකු තදින් අවවාද කර තියෙනවා, ලිංගික අපචාර සිදු වීමක් ගැන.
මේ හේතුව නිසා ගුවන් යානයේ ප‍්‍රධාන නියමුවා වූ හේටම් රශ්ඩි එල්බැටූටිට කියා තිබෙනවා ඒක සමහර විට ඔහු යන අන්තිම ගුවන් ගමන විය හැකි බව. ඊට සම නියමු පිළිතුරු වශයෙන් කියා ඇත්තේ, ‘මගේ විතරක් නොවෙයි, මේක නුඹේත් අන්තිම ගුවන් ගමන’ යන්නයි.
පසුව, ප‍්‍රධාන නියමුවා නානකාමරයට ගියා. ඉන්පසු පටි ගත කරන යන්ත‍්‍රයේ සටහන්ව ඇත්තේ, ‘මට දෙවියන් විශ්වාසයි’ යනුවෙන් සම නියමු එල්බැටූටි මුමුණන හඬ විතරයි. ඉන්පසු සම නියමුවා යානය ස්වයං නියමු පාලනයෙන් මුදවා යානය වේගයෙන් කිමිදෙමින් පහළට ඇදී යන්නට සැලැස්සුවා.
යානය පහළ යද්දී ඔහු ‘මට දෙවියන් විශ්වාසයි’ යන්න දිගටම කියා ගෙන ගියා. ප‍්‍රධාන නියමුවා ආපසු නියමු කුටියට ආවද ඔහුට යානය පහළට ඇදී යන යානය නවතන්න ඔහුට හැකි වුණේ නෑ.
මේ යානය අනතුරට පත් වූයේ එල්බැටූටිගේ වරදින් යැයි ඇමරිකානු ජාතික ආරක්ෂක මණ්ඩලය තීන්දු කළත් ඔහු එසේ කළේ ඇයි ද යන්න ගැන කිසිවක් සඳහන් කර නැහැ. 
1. එයා ෆ‍්‍රාන්ස් 447 ගුවන් යානයට වූ දේ 
 
එයා ෆ‍්‍රාන්ස් 447 ගුවන් යානය අත්ලාන්තික් සාගරය මත දී මගීන් 288ක් හා සේවක පිරිස සමග අතුරුදන් වුණා.
2009 දී අත්ලාන්තික් සාගරයට ඉහළින් අතුරුදන් වූ ප‍්‍රංශ එයාබස් යානයක්. ඒ 330 නම් ඒ යානය රියෝ නගරයේ සිට පැරීසිය බලා ගියේ මගීන් 288ක් සමගයි. ඔවුන් ගුප්ත අයුරින් අතුරුදන් වුණා.
එහි අවසාන වාර්තාවේ දක්වා ඇත්තේ හිම ස්ඵටික නල මාර්ග අවහිර කිරීම නිසා එහි ස්වයං නියමු යාන්ත‍්‍රණය බිඳ වැටීම බවයි. 
එහි නියමු කාර්ය මණ්ඩලය තත්වය යථා තත්වයට පත් කරන්නට උත්සාහ ගත්තද එය ව්‍යර්ථ වුණා. අන්තිමේ දී යානය සාගරයට කඩා වැටුණා. අනතුරෙන් පසු මාස කීපයක් වෙහෙස ගෙන සිරුරු 50ක් සොයා ගත හැකි වුණා.
ඒ 447 යානයේ කළු පෙට්ටිය 2011 මැයි මාසයේ දී සොයා ගන්නට හැකි වුණා. ඒ සමග තවත් මළ සිරුරු 104 සොයා ගැනුණා. තවත් සිරුරු 72ක් සොයා ගන්නට තිබෙනවා. 
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 



හිමත ඇති මහා අබිරහසක් වූ ඔරෙගන් සළාව Oregon Vortex (අබිරහස් අඩවිය - Abirahas Adawiya - නොවිසඳුණු අබිරහස් novisadunu abirahas unsolved mysteries )

මේ ස්ථානයට ගිය සැණෙන් ඔබට එහි කිසියම් අමුත්තක් දැනේවි. ස්වාභව ධර්මයෙහි යම් විකෘතියක් ඇති බව දැනේවි. ඔබ ගියේ අසකු පිටින් නම් නිසැකව ම අශ්වයා ඉදිරියට නොගොස් නතර වේවි. ඔබ බලෙන් ඌ ගෙන යන්න හැදුවොත් එය මග හැර යන්න ඌ වලිකාවි. හදිසියේ ම ඊට ඉහළින් පියාඹා යන්න ආ කුරුල්ලන් එකවර ම හැරී වෙන අතකට යනවා පෙනේවි. ගස් පවා ඔබට පෙන්වා දේවි ගැළවී යන්න බැරි බලපෑමකට ඔවුන් නතු වී ඇති බව. එතැන කවාකාර ප‍්‍රදේශයක් පුරා ගුරුත්වාකර්ෂණයේ විකෘති වීමක් ඇති බව ඔබට පෙනී යාවි. ගස්වල අතු පහතට එල්ලා හැළෙනවා. ගස් චුම්බක උතුර දෙසට ඇල වී තියෙනවා. ඒ අවට ඇති ගස් කෙළින් ම උඩු අතට විහිදිලා.
මෙතැන ලෝක ප‍්‍රකටව ඇත්තේ 'ඔරෙගන් සළාව' Oregon Vortex කියායි. ('සළාව' කියන්නේ සුළියක් වැන්නකටයි) එය පිහිටා ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ ඔරෙගන් ප‍්‍රාන්තයේ ග‍්‍රන්ට්ස් පාස්හී සිට සැතැපුම් 30ක් පමණ ඈතින් (සාර්ඩින් ක්‍රීක්). මේක ඇමරිකාවේ ඇති හරිම ප‍්‍රසිද්ධ තැනක්. ඒත් මෙතැන මෙහෙම වෙන්නේ ඇයි ද යන්න තවමත් නොවිසඳුණු අබිරහසක්.
මේ සළාව ආසන්න වශයෙන් අඩි 165ක විශ්කම්භයක් ඇති තැනක්. දළ වශයෙන් වටකුරු හැඩයෙන් යුක්තයි. මෙය සංචාරක ආකර්ෂණයක් ලෙස 1930 සිට එහි යන එන්නන් මවිතයට පත් කරවනවා. මෙහි ඇති උපකරණවල මැනීම් අනුව දින 90කට වරක් මෙහි හැඩය හා ප‍්‍රමාණය මඳක් වෙනස් වෙනවා. මේ කවය ඇතුළේ දැන් ඇති පැරණි ලී මඩුව කලින් තිබුණේ කවයෙන් පිට කන්ද උඩට වෙන්නයි. අද එය තියෙන්නේ අඩි 40ක් විතර කවය ඇතුළට වෙන්නයි. මේ මඩුවේ එල්ලා තියෙන රාත්තල් 28ක් බර යගුලිය කෙළින් ම පහළට එල්ලෙන්නෙ නෑ. එහි මඳ ඇලවීමක් තියෙනවා. මේ කවය ඇතුළට, මැද දෙසට, පහසුවෙන් ම ගියත් කවයෙන් පිටට යාම ආයාසයක් ගෙන කරන්න ඕනෑ දෙයක්.

ස්කොට් ජාතික විද්‍යාඥ ජෝන් ලිස්ටර් 1913 දී මේ ස්ථානයේ පරීක්ෂණ 14,000ක් කර අවසානයේ දී නිගමනය කළේ මේ සළාව යෝධ වර්තන කාචයක් ලෙස කි‍්‍රයා කරන බවයි. ඔහු කියන්නේ මේ කවය තුළ දී ආලෝක ධාරාව කවාකාර හෝ සළාකාරව හෝ විහිදෙන නිසා මෙහි දී සිදුවන දේ අපට පෙනෙන්නේ දෘෂ්‍ය මායාවක් ලෙස බවයි. එහෙත් මෙහි දැනට සේවය කරන මග පෙන්වන්නන් ඒ අදහසට එකඟ වෙන්නේ නැහැ.
ඔවුන් කියන්නේ ඔබේ කැමරාව පාවිච්චි කර මෙහි ඇත්තේ දෘෂ්‍ය මායාවක් නොවන බව ඔබට ම ඔප්පු කළ හැකි බවයි. එක් කෙළවරක සිට අනෙක් කෙළවරේ ඉන්නා අයකු ඡායාරූපයට නඟන්න. ඊළඟට ඒ ස්ථාන මාරු කරගෙන මුලින් සිටි දුර ම තබා ගෙන ඔහුගේ තව ඡායාරූපයක් ගන්න. ඒ රූප දෙකෙහි උස හා උරසෙහි පළල සන්සන්දනය කරන විට ඔබට පෙනේවි, ඒ අය දකුණු කෙළවරේ ඉඳිද්දී ගත් පින්තූරයේ දී ඔහුගේ උස හා උරහිසෙහි පළල අනෙක් කෙළවරෙදී ගත් පින්තූරයට වඩා වැඩි වී ඇති බව. මෙහි දී සිදු වන්නේ දෘෂ්‍ය මායාවක් නම්, කායික වෙනසක් නොවේ නම්, ඡායාරූපවල මෙසේ වෙනසක් ඇති වෙන්න විදියක් නැහැ කියලයි, ඔවුන් කියන්නේ.
මෙහි තනා තියෙනවා, පටු ලී වේදිකාවක්. එහි දෙකෙළවර ලී රිටි දෙකක් සවිකරල තියෙනවා. ඒ රිටි දෙක සමාන උසක් ඇති ඒවා යයි මග පෙන්වන්නා කීවත් අපට පෙනෙන්නේ දකුණේ ඇති රිට උතුරේ ඇති රිටට වඩා අඟල් කීපයක් උසින් වැඩි බවයි. මෙහිදී මග පෙන්වන්නා ලෝහ දණ්ඩක් ගෙන ඒවා මැන පෙන්වනවා.
ඊළඟට මග පෙන්වන්නා කියනවා, අමුත්තන් දෙදෙනකුට වේදිකාවට නගින ලෙසට. වේදිකාවේ දෙකෙළවර මුහුණට මුහුණලා සිට ඊළඟට පැති මාරු කර ගන්නා ලෙස කියනවා. මෙසේ යද්දී යන පැත්තට අනුව ඔවුන්ගේ උස අඩු හෝ වැඩි හෝ වන බව එහි යන ඔබට දැක ගන්න පුළුවන්.
 ඊළඟට අඩි 5යි අඟල් 8ක් උස අමුත්තකු පැමිණ සිටි පිරිසට මුහුණලා වේදිකාව මැද සිටවනවා. එහි ඉන්නා මගපෙන්වන්නාගේ උස අඩි 5යි අඟල් 10යයි. උසින් වැඩි මගපෙන්වන්නා අමුත්තාගේ වම් පැත්තේ වේදිකා කෙළවරේ (උතුරු කෙළවරේ) සිටින විට ඔවුන් දෙදෙනාගේම උරහිස් එක උසින් ඇති බව අපට පෙනෙනවා. ඊළඟට මග පෙන්වන්නා අමුත්තාගෙන් අනෙක් පැත්තට (දකුණු කෙළවරට) යනවා. අමුත්තා සිටි තැනම සිටිනවා. මෙහි දී මග පෙන්වන්නාගේ උසින් වැඩි බව අමුත්තා අසලින් යන විට පැහැදිලිව පෙනෙනවා.
මහා විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් පවා මේ ගැන මතයක් පළ කරල තියෙනවා. එතුමා සිතන්නේ මේ සංසිද්ධියෙහි දෘශ්‍ය මායාවකට එහා ගිය අපේ ඇඟට දැනෙන දෙයක් තියෙනව කියලයි. ඊට හේතුව දිනපතා කීප වතාවක් ම අඟල් 19ක් තරම් ප‍්‍රමාණයක් දක්වා හැකිළීමක් හෝ ප‍්‍රසාරණය වීමක් හො මේ සළාවෙහි සිදු වන නිසයි. අයින්ස්ටයින් සිතන්නේ මේ බිම තුළ ඇවිද යන විට අයකුගේ සිරුරේ අණුක ව්‍යුහයේ විස්තාරණය වීමක් හෝ හැකිළීමක් හෝ සිදුවන බවයි.
මේ විද්‍යාඥයන් දෙදෙනාගේම පැහැදිලි කිරීම්වලින් මෙහි ඇති අබිරහස මුලූමනින් ම හෙළිදරවු වුණේ නැහැ. මේ සළාව තුළ සිටින අයකුට ඍජුව සිට ගැනීමට නොහැකි බව, හැම විට ම අංශක 7ක් උතුර දෙසට නැඹුරුව සිට ගැනීමට සිදු වීමට හේතුවවත්, කැමරාවල ආලෝක මානයන් මේ සාළාව තුළ දී වැඩි අඳුරක් පෙන්වීමට හේතුවවත් ඔවුන්ගේ න්‍යායික මතවලින් පැහැදිලි වුණේ නැහැ.
මෙය මේ මිහිමත ඇති වඩාත් අද්භූත තැනක්, ඒ වගේ ම තාමත් නොවිසඳුණු අබිරහසක් රැඳුණු තැනක් හැටියටයි සැලකෙන්නේ. පුලූවන්කමක් ලැබුණොත් ගිහින් බලන්න වටින තැනක්.
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya