Monday, October 3, 2016

රාවණා රජුගේ දඬුමොණරය කල්පිටියෙන් ගුවන් ගතවෙයි...(අබිරහස් අඩවිය - Abirahas Adawiya - rawana toyota

රාවණා රජතුමා පිළිබඳ ජාතික පිළිගැනීමක් ඇතිවී තිබේ. එතුමා හෙළ රජ පරපුරේ ආදි මුත්තෙක් බව ඇසීම කෙනෙකුට රිදීමක් වන්නට පුළුවන. නමුත් අපි ලියන්නේ විජාතික බලයක් හෝ විජාතික බලවේගයක් ගැන නොවේ. අපි රාම ගැන ලියුවා නම් එතැන ගැටලූවක් වීම සාධාරණය.
රාවණ රජතුමා, රාම ගේ දෘෂ්ඨියෙන් දැකීම බරපතළ දොසකි. රාම කුමරු හින්දුන්ගේ පූජාවට පත්වන බව නොරහසකි. නමුත් හින්දුන් විසින් රාවණාට එම තැන ලබා දී නැත. එයට හේතු වන්නට ඇත්තේ එක්කෝ රාවණ රජතුමා රාමට විරුද්ධවීම විය හැකිය. නැතිනම් රාවණ ලක්දිව රජකු වීමත් රාම ඉන්දීය රාජ පරපුරකවීමත් විය හැකිය. මේ දෙදෙනාම හින්දු අය ලෙස සලකනවා නම් එය නිවැරදි දැනුමින් පිටස්තර දෙයක් බව අපි විශ්වාස කරමු.
රාවණ රජතුමා යුද ශිල්පයෙහි ප‍්‍රමුඛයෙකි. එතුමා යුදයට අවශ්‍ය ආයුධ සෑම අතින්ම සන්නද්ධ කොට ගෙන සිටියෙකි. න්‍යෂ්ටික අවි පවා රාවණා සතුව තිබූ බව පුරාණ තොරතුරු ඇසුරේදී පෙනී යයි. කෙසේ වෙතත් බොහෝ දෙනාගේ හිත සුව පිණිස රාවණ රජතුමා ඇතැම් යුද උපකරණ භාවිත කළේ නැත. එයට හොඳම උදාහරණයක් මේ ලිපිය ඔස්සේ සපයමු. රාවණාට සහශ‍්‍රගත නම් විශිෂ්ට යුද යානයක් තිබිණි. මෙම යුද යානය අද ”මල්ටි බැරල්” යුධෝපකරණයට වඩා බෙහෙවින් දියුණු වූවකි.
සහශ‍්‍රගත ගුවන් යානය නිෂ්පාදනය කළේ එවකට සිටි දක්ෂ ගුවන් යානා ඉංජිනේරුවකු වූ ධීර රකුසාය. ඔහු මහා රාවණාගේ උපදෙස් අනුව මේ යානය නිපදවා ඇත.
දක්ෂිණ ලංකාවේ කතළු පුරයේ කතළු කුමරු විසින් සපයන ලද රත්තරන්ද, වීර රකුසා සැපයූ රිදීද, අටකලම්පන්නේ ඉන්දීර රකුසා විසින් ලබා දුන් පිරිසිදු වානේද ඊට යොදා ගත් බව කියැවේ. මෙම සහශ‍්‍රගත යානය වෙනත් ග‍්‍රහලෝකයකට වුවද පහසුවෙන් පහරදිය හැකි තරම් බලවත් නිෂ්පාදනයක් විය.
විශේෂයෙන් රාවණ රජතුමා මෙම යුද ගුවන් යානය මගින් අඟහරු ලෝකය වැනි ජනාවාස ගත ග‍්‍රහලොවක බලය අල්වා ගැනීමට බලාපොරොත්තු වූවා වන්නටද පුළුවන. විටෙක මෙය අපට පුදුම උපදවන්නක් වුවද ගැඹුරින් කල්පනා කර බැලීමේ දී කිසියම් මතයක පිහිටන්නට බැරි නැත.
ලෝකය සම්පූර්ණයෙන් නොදියුණු යුගයක රටක් විසින් තවත් රටක් අල්ලා ගනු ලැබීම දුෂ්කරය. නමුත් බලසම්පන්න ආයුධ ඇති කලෙක ප‍්‍රබල රටක් විසින් දුර්වල රටක් අල්වා ගැනීම දුෂ්කර නොවේ. අප බැලිය යුත්තේ මේ න්‍යාය මත පිහිටා රාවණ යුගය යනු නොදියුණු යුගයක් ලෙස නොව වර්තමානයටත් වඩා දහස් සංඛ්‍යාත දියුණු තැනක සිටය. එවැනි තැනෙක සිට බලද්දී ග‍්‍රහලෝක අල්ලා ගන්නා තරමේ යුද උපකරණ තිබීම ගැන පුදුම ඉපදවිය යුතු නැත.
සහශ‍්‍රගත යානය සෑදීමේදී ඉන්දියාවේ හිමාල කඳුකරයෙන් ගෙන්වන ලද ”මයුර දණ්ඩ” නමැති ලී කොටස්ද මෙහි සවිකර තිබිණි. එය රියදුරුගේ ආරක්ෂාවට සවිකරන ලද බව රාවණා කතා තල්පතෙහි සඳහන් වෙයි.
විශේෂයෙන් සහශ‍්‍රගත යානය යුද්ධයට යොදා ගැනීමෙන් බලවත් මිනිස් සංහාරයක් වන බව දැන සිටි රජතුමා එය රාම හා සටනට යොදා ගත් බව නොපෙනේ. 
මෙම නව ගුවන් යානය නිපදවන පුවත විභීෂණගෙන් රාමට දැන ගන්නට ලැබුණු අතර, යුද්ධය අතරමග නවතා දමා ආපසු යා යුතුයැයි යෝජනා කළේ රාමගේ අග‍්‍ර පුරෝහිත හනුමන්ත් ය. 
”මම ආවේ ලංකාව බලන්න නෙවෙයි, මෙහි සඟවා සිටින සීතා රැුගෙන යන්නයි. එම නිසා ඔබ කවුරු ආපසු ගියත් මා ආපසු හැරෙන්නේ නෑ” 
සිරුරින් කුඩා වුවත් රාම විසින් හනුමන්ත්ට පවසන ලද්දේ දැවැන්ත රණකාමියෙකු පරිද්දෙනි. 
රාවණා රජතුමා දක්ෂ සටන්කාමියෙක්. එතුමා මේ සටනට සහශ‍්‍රගත යානය යොදා ගන්නේ නෑ. එතුමා මේ සටන සලකන්නේ පුංචි සටනක් ලෙසයි. 
රාවණා රජතුමා පිළිබඳ මනා අවබෝධයක් තිබූ විභීෂණ රාමාට දැන්වූයේය. මේ විභීෂණ රාවණ රජතුමාගේ බාල සහෝදරයා වූ නමුත් ඔහු කටයුතු කළේ රාම කුමරුගේ පැත්තගෙනය.
සහශ‍්‍රගත යානය ගුවනේ එක තැනක හෝරාවක් වුවද නවතා සටන් කළ හැක්කක් බව කියැවේ. එකවර වෙඩි උණ්ඩ දහස් ගාණක් මුදාහල හැකි යානයකි. වෙඩි උණ්ඩ පොකුරු පිටින් මුදාහරින අතර උණ්ඩ නිකුත් කරන ප‍්‍රමාණය අවශ්‍ය පරිදි අඩු වැඩි කරවා ගත හැකිය.
සහශ‍්‍රගත යානය නිපදවා එහි ශක්තිය උරගා බැලීමේ අවස්ථාවක් කල්පිටිය මුහුදු ප‍්‍රදේශයේ පැවැත්විණි. එහි පහසුව පිණිස එවක එහි සිටි ධීවර ප‍්‍රජාවද ඉවත් කෙරිණි. මෙම යානය පණ ගැන්වූ පසු පළාතක් ගිනිබත් වන තරමට යානය බලවත් විය.
කල්පිටියේ යුද අභ්‍යාසයක් සඳහා සහශ‍්‍රගත යානය ලකේගල සිට පදවාගෙන ආවේ මේඝනාද (ඉන්ද්‍රජිත්) කුමරුය. යානය කල්පිටියේ විශාල ගල් පීඨිකාව මත ස්ථානගත කෙරිණි. මේ යුද අභ්‍යාසය දුර ඈත සිට නරඹන්නට විශාල ජනතාවක් ඒකාරාශි වූහ. ඔවුහු මෙය මහා වික‍්‍රමාන්විත ක‍්‍රියාවලියක් හැටියට දැක ප‍්‍රීති ඝෝෂා නඟමින් සතුට ප‍්‍රකාශ කරන්නට වූහ. 
එදා කල්පිටිය වෙරළට රාවණ රජතුමා ද පැමිණ සිටියේය. යානය රජතුමාට පිළිගැන්වූයේ මේඝනාද කුමරු විසිනි. මේ සහශ‍්‍රගත යානය නිෂ්පාදනය වුණේ ලකේගල කන්දේය. එහි මංගල ගමන රාවණ රජුට භාර විය.
”මෙම ගුවන් යානයෙන් මේ රටේ කිසිම මිනිසෙක් ඝාතනය කිරීමට මම අදහස් නොකරමි. මෙය වෙනත් ග‍්‍රහලෝක සමග සටනට පිළියෙල කළ එකකි. දරුවනි, සහශ‍්‍රගත යානය තොපගේ ජයකි” යි කී රාවණ රජතුමා යානයට ගොඩ විය.
යානය පණගැන්වූ රජතුමා අහසට නැගුණේ දක්ෂ යුද නියමුවකුගේ ලක්ෂණ පෙන්නුම් කරමිනි. යානයෙහි හඬ කල්පිටියේ සිට පුත්තලම දක්වා හෙණ ගසන්නාක් මෙන් පැතිර ගියේය. එම ප‍්‍රදේශයේ සිටි වන සතුන් බියට පත්ව වන රොදවල, ගල්ගුහාවල, ගස් බෙනවල සැඟවී දින ගණනක් විසූ බව රාවණ කතා පුස්කොලහි සඳහන් වේ.
සහශ‍්‍රගත යානය මුහුදේ හා ගංගාවල පවා ස්ථාන ගත කර තැබීමට වුවද දියුණු එකක් විය.
යානය අහසේ දස්කම් පාද්දී කිතුල්ගල අසල වන රොදක් යානයේ බලවත්කම ඉදිරියේ ගිනිබත් විය. එම ගිනිදැල් ඉතා ශීඝ‍්‍රයෙන් කිතුල්ගල සිට යටියන්තොටට පැතිර ගියේය.
සහශ‍්‍රගත යානය නිසා ගිනිබත් වූ මේ ප‍්‍රදේශයට දැන් ගිනිගත්හේන යැයි කියන බව ආචාර්ය මිරැුන්ඩෝ ඔබේසේකර මහතා කියයි. එදා මෙම යානය නිසා සිදුවූ බලවත් විනාශය දුටු රාවණ රජතුමා බොහෝ සෙයින් කම්පාවට පත්විය.
සහශ‍්‍ර ගුවන් යානය පෘථිවිය මත කිසිම යුද්ධයකට භාවිත නොකරන ලෙස මේඝනාද කුමරුට තදබල ආඥාවක් නියම කළේය.
රාම සමඟ සටන බලවත් සටනක් බව රාවණ සිතුවේම නැත. රාම බලවත් තර්ජනයක් බව රාවණ සිතුවා නම් ඉතා පහසුවෙන් ඔහු මැඩපැවැත්වීමේ ශක්තිය රාවණ ලබා සිටියේය.
සහශ‍්‍රගත යානය රාමට එරෙහිව ක‍්‍රියාත්මක කළේ නම් රාම, හනුමන්ත් පමණක් නොව රාම සහායකයන් සියල්ලන් එක තැනක ඝාතනය කිරීමේ කාර්යය රාවණට සරල කාරණයක් විය.
රාවණ රජතුමා බොහෝ දුරදක්නා නුවණින් කටයුතු කළ අතරම, බොහෝ දෙනාගේ හිත සුව පැතූ බවද ඉතා පැහැදිලිව හඳුනාගත හැකිය. රාවණා රජතුමා තමන්ගේ ආත්මාභිලාෂය පමණක් තැකුවා නම් රාවණා පිළිබඳ වෙනස් ආකාරයකට මේ ලිපි ලියැවෙන්නට තිබිණි. 
රාවණා යනු හෙළයාගේ ”පෞරුෂය” රැුකගෙන යුද බිමට ගිය හා අභීත තීන්දු ගත් රජකු හැටියට සටහන් කළ යුතුය. එතුමා හෙළයා රැුකගත්තා මිස හෙළයා නැසුවේ නැත. හෙළයා නසන්නට පැමිණි රාමා ට රාවණ රජතුමා සටන් කළ පිළිවෙලක් තිබිණි. එබැවින් රාවණ ගැන දකින බොහෝ දොස් නිවැරදි කර ගැනීමට මේ කාලයයි.
අසංක ආටිගල - lankadeepa
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

සිහින පිටුපස ඇති අබිරහස්...(අබිරහස් අඩවිය - Abirahas Adawiya - dreams sihina Psychology manovidyawa )


තම ජීවිත කාලය තුළදී සිහින නොදුටු තැනැත්තෙකු මෙලොව නැති තරම්. සිහින අරඹයා විවිධ මිථ්‍යා මතවාද ද සමාජය තුළ නිර්මාණය වී ඇත්තේ, එහි ඇති වැදගත්කම නිසාය. සෑම රාත්‍රියකම පාහේ අප දකින සිහිනවල සම්භවය කුමක්‌ද? ඒවා ජනනය වන්නේ කෙසේද? අපට ඒවා පාලනය කළ හැකිද? යනාදී වශයෙන් විවරණයක නම් ඔබ යෙදී නැතිව ඇති. මෙහි අන්තර්ගතය සිහින පිළිබදව විශේෂඥයන් සොයාගත් සිත් කළඹන සුඵ කරුණු කිහිපයකි.
රාත්‍රියේදී අප සිහිනයක්‌ දුටුවිට අප උදෑසන පිබිදෙන විට එය අපගේ මතකයේ තැන්පත් වී තිබේ. එහෙත් අපට එක්‌ රාත්‍රියකදී සිහින දුසිමක්‌ පමණ පෙනීමට හැකියාව ඇත. මෙය චක්‍රීය ක්‍රියාවලියකි. ආරම්භක සිහිනය මිනිත්තු 5 ක්‌ හා නින්දට පෙර දකින අවසාන සිහිනය, මිනිත්තු 45 පැයක්‌ පමණ පුරා දිවයා හැකිය. සෑම විටම ඊළග සිහිනය ඊට පෙර සිහිනයට වඩා වැඩි කාලයක්‌ පුරා දිග හැරෙයි. එහෙත් උදෑසන වන විට අප තුළ රැදී තිබෙන්නේ ඉන් තත්ත්පර ගණනාවක මතකයක්‌ පමණි. සාමාන්‍යයෙන් පුද්ගලයෙකු තම ජීවිත කාලය තුළදී සිහින ලක්‍ෂයකටත් වඩා වැඩි ගණනක්‌ දකින බව සොයාගෙන තිබේ.

විභාගයක්‌ හෝ තමා විසින් ඉටු කළ යුතුම කාර්යයක්‌ අත ළගටම පැමිණි විට, ඒ සදහා සම්පූර්ණ අවධානය දිය යුතු වුවත්, ඊට බාධා කරන අසාමාන්‍ය නිදිමත ස්‌වභාවය සැවොම අත්විද ඇතුවාට සැක නැත. මීට හේතුව අපගේ මොළයට සිහින දැකීමට ඇති හැකියාවයි. මෙම හැකියාව අපට බොහෝ ගැටලු විසදීමට උපකාරී වේ. සිහින දැකීම අපට මුහුණ දීමට සිදුවන ගැටලු විශ්ලේෂණයට හා නව තත්ත්වයන් තේරුම් ගැනීමට මොළය ක්‍රියා කරන එක්‌ ආකාරයකි. මේ සදහා ප්‍රසිද්ධ උදාහරණ කිහිපයක්‌ ඇත. Google නිර්මාණකරු වූ Larry Page සියවසේ විශිෂ්ටතම සොයාගැනීමක්‌ වන DNA හි ද්විත්ව හීලික්‌සිය ව්‍යqහය සොයාගත් James Watson , ආවර්තිතා වගුව නිර්මාණය කළ dmitri mendeleev යන අයට තම නිර්මාණයන් සදහා සිහිනවලින් දුටු යම් යම් දෑ උපකාරී වී තිබේ. බාහිර ශබ්දවලින් හා බාධා කිරීම්වලින් තොර සුවපහසු නින්දක වැදගත්කම වෛද්‍යවරුන් නිරන්තරයෙන් අවධාරණය කරනුයේ, නින්දේ ස්‌වභාවය, ඔබේ මොළයේ ක්‍රියාකාරීත්වයට හා සිහිනවල ගුණාත්මක භාවයට Rජුවම බලපෑම් ඇති කරන බැවිනි.

ඔබ ඉතාමත් සුන්දර සිහිනයක අතරමැදදී අවදි වුවහොත්, නැවතත් එම සිහිනය දකින්නට ඇත්නම් යෑයි හැෙගන්නට පුඵවන්. බොහෝ විට මෙය සිදු නොවන්නක්‌ සේ හැගුනත් ඇත්තෙන්ම එය සිදු කළ හැකිය. ඒ සදහා කළ යුතු වන්නේ නින්දෙන් ඇහැරුනු විට නොසෙල් වී, නිදා සිටි ඉරියව්වෙන්ම සිටීමයි. මෙහිදී කිසිදු මාංශ පේශියක්‌ හෝ නොසොල්වා සිටිය යුතුය. මෙහිදී අර්ධ සිහිනමය සංක්‍රාන්ති අවස්‌ථාවක විනාඩි කිහිපයක්‌ සිටීමට අවස්‌ථාව ලැබේ. බොහෝ විට මෙය ප්‍රායෝගිකව සිදුකළ නොහැකි වන්නේ අවදි වූ විට අප සිහින දකිමින් සිටි ඉරියව්ව යංතමින් හෝ අප අතින් වෙනස්‌ වූ විට, අපේ ශරීරය හා මනස සමඟ එම සිහිනයේ තිබූ සම්බන්ධතාවය විසන්ධි වී යන නිසාය.

අප සමහර සිහින අර්ථවත් ලෙස සැලකීමත්, ඉන් සමහරක්‌ අර්ථ රහිත ලෙස බැහැර කිරීමත් වැරදි නිගමනයකි. මන්ද යත් සෑම සිහිනයකින්ම අප තේරුම් ගැනීමට අවශ්‍ය දෙයක්‌ සංකේතවත් වීමයි. එමෙන්ම එකම සිහිනය නැවත නැවතත් පෙනීම අප වහාම කළ යුතු දෙයක්‌ නිරූපණය වන බව විද්‍යාත්මක මතයකි. සිහින මඟින් අපට අනාගතයේදී සිදුවන දෑ නිරූපණය විය හැකිය. කීර්තිමත් ඇමෙරිකානු ජනාධිපතිවරයෙකු වූ Abraham lincon (ඒබ්‍රහම් ලින්කන්) තම ඝාතනය සිහිනෙන් දැකීම, ප්‍රකට සාහිත්‍යධරයකු වූ Mark Twain තම සහෝදරයාගේ මරණය සිහිනෙන් දැකීම, ටයටැනික්‌ ව්‍යසනය පිළිබදව ලෝකයේ පුද්ගලයන් 19 දෙනෙක්‌, පූර්ව ඥානනය කර තිබීම මෙය තහවුරු කිරීමට ඇති කදිම නිදසුන්ය.

Inception නම් නවතම හොලිවුඩ් චිත්‍රපටයේ අන්තර්ගතය මිනිසුන් දකින සිහින හසුරුවමින්, එමඟින් වාසිදායක ප්‍රතිඵල ලබා ගැනීමයි. මෙය බොහෝ විට හොලිවුඩ් චිත්‍රපටියක තවත් එක්‌ මායාවක්‌ ලෙස සිතුණත්, එය සැබවින්ම සිදුකළ හැක්‌කක්‌ බව නවතම සමීක්‍ෂණයකින් සොයාගෙන ඇත. මෙම සමීක්‍ෂණයට සහභාගී වූ පුද්ගලයන්ගෙන් 34 ක්‌ ප්‍රකාශ කළේ ඔවුන්ට තමා සිහින තුළ දුටු දේ පාලනය කළ හැකි වූ බවය. මෙය බොහෝ දෙනෙක්‌ සතුව නැති, ඉවසීමෙන් වර්ධනය කළ යුතු දක්‍ෂතාවයකි. මෙය නපුරු සිහිනයන්, නිරතුරු දැකීමෙන්, මානසික පීඩා විදින්නන්ට කළ හැකි මානසික ප්‍රතිකර්මයක්‌ ලෙස වැඩිදියුණූ කළ හැකි බව විශේෂඥ මතයයි.

අප බොහෝ විට සිතන්නේ සිහින දැකීමට නම් නිදා සිටිය යුතුමය කියා වුවද, ඕනෑම ඉරීයව්වකින්, ඕනෑම වෙලාවක අපට සිහින දැකීමට හැකියාව ඇත. මෙය දවල් හීන දැකීම day dreaming යන්නෙන් සම්පූර්ණයෙන්ම වෙනස්‌ තත්වයකි. මේ සදහා නිස්‌කලංක ස්‌ථානයක සිට, තමාගේ ගැඹුරු අවධානය, තමා කලින් දුටු සිහිනයකට යෙදවිය යුතුය. එවිට එම සිහිනය නැවත පණ තැන්විය හැකිය. නොනිදා දකින සිහිනවල මනස සැහැල්ලූ කිරීමේ ප්‍රබල හැකියාවක්‌ පවතින බව හා එමගින් මනසේ ක්‍රියාකාරී ස්‌ථාන හා ක්‍රියාකාරී නොවන ප්‍රදේශ අතර, ප්‍රබල අන්තර් සම්බන්ධතාවයක්‌ ගොඩනැගිය හැකි බව සොයාගෙන තිබේ.

සිහින දැකීම අතිශය සාමාන්‍ය තත්වයක්‌ වුවත්, සිහිනෙන් ඇවිදීම ඉතා අසාමාන්‍ය හා අවධානම් රෝගී තත්වයකි. එසේ සිහිනෙන් ඇවිදින්නන් රාත්‍රියේදී යම් යම් ක්‍රියාවල යෙදෙති. එහෙත් නින්දෙන්/ සිහිනයෙන් අවදි වූ විට ඒ පිලිබදව කිසිවක්‌ම ඔවුන්ගේ මතකයේ නැත. Lee Hadwin මෙලෙස සිහිනෙන් ඇවිදීමේ ආබාධයෙන් පෝඵනු අයෙකි. මොහු සැබෑ ජීවිතයේදී හෙද වෘත්තිකයෙකු වුවත්, සිහින ලෝකයේදී කලාකරුවෙකු විය. එමෙන්ම සිහිනයෙන් සැතපුම් 22 ක්‌ වාහනයක්‌ පදවාගෙන ගොස්‌ තම ඥාති සහෝදරයා අනතුරට ලක්‌ කළ පුද්ගලයෙකු හා තට්‌ටු 3 ක ගොඩනැගිල්ලක්‌ තුන්වෙනි තට්‌ටුවෙන් බිමට පැන ජීවිතය අහිමි කරගත් පුද්ගලයෙකු පිළිබදවද වාර්තා වී ඇත.

මත්ද්‍රව්‍ය වලට තදින් ඇබ්බැහි වූ පුද්ගලයන්, දිවා කාලයේදී පවා සිහින දැකීමට ඇබ්බැහි වී ඉන් මිදීම ප්‍රතික්‍ෂේප කරති. මේ තත්වය ඇතිවන්නේ, නීති විරෝ" හා අතිශමින්ම ප්‍රබල මත්ද්‍රව්‍ය වර්ගයක්‌ වන Dimethyltryptamine නම් මත්ද්‍රව්‍යය ශරීරගත කරගත් විටය. මෙහි අන්තර්ගත වන්නේ, අප සාමාන්‍යයෙන් සිහින දකින විට, අපගේ මොළය මගින් නිපදවන රසායනිකයේ කෘතිම සංස්‌ලේෂකයකි. මිනිසුන් බොහෝ දෙනා දකින සිහින රීණාත්මක වන අතර 12‍% මිනිසුන්ට කඵ සුදු සිහික දැකීමේ හැකියාව ඇත. පුරුෂයන් දිකන සිහින වල 70% වෙනත් පුරුෂයන් පිළිබදව වන අතර, ස්‌ත්‍රීන්ගේ සිහින වල පුරුෂයන් හා ස්‌ත්‍රීන් සම වශයෙන් ඇතුළත් වේ. එමෙන්ම පුරුෂයන් බොහෝ විට කලහකාරී සිහින දකිති.

සාමාන්‍ය මිනිසුන් සේම අන්ධ පුද්ගලයන්ද සිහින දකිති. උපතින්ම අන්ධ නොවූ පුද්ගලයන් තම ජීවිත කාලයේ" දුටු වස්‌තු ආධාරයෙන් දකින අතර. උපතින්ම අන්ධ පුද්ගලයන්, තමා වෙනත් සංවේදනයන් මගින් ග්‍රහණය කරගත් දෑ ආධාරයෙන් සිහින මවා ගනිති. මිනිසුන්ට පමණක්‌ නොව සතුන්ටද සිහින දැකීමේ හැකියාව ඇත. ඔබගේ සුරතල් සතා නින්දේ සිටින විට, විවිධ ශබ්ද නගමින් ඔවුන්ගේ ගාත් සොලවමින් සිටිනු ඔබ කෙදිනක හෝ නිරීක්‍ෂණය කර තිබේද? එවැනි හැසිêම් සතුන්ගෙන් පිළිඹිබු කරන්නේ, ඔවුන් නින්දේදී සිහින දකින බවය.

සැමදා දකින සිහින පිටුපස මෙතරම් සැගවුණු කරුණු ඇති බව බොහෝ දෙනෙක්‌ සිහිනෙන්වත් නොසිතන්නට ඇත. එහෙත් සිහින යනු මිනිසාගේ අතිශය දියුණු මානසික හැකියාවේ පිළිඹිබුවකි. බොහෝ විශ්මිත නිර්මාණ වල මූලික සම්භවයකි. සමාජීයව හා විද්‍යාත්මකව විශේෂඥයන්ගෙන් මහත් අවධානයක්‌ හිමි වූ ගැඹුරු සංකල්පයකි.
හසිනි කිතුල්ගොඩ - රුහුණ විශ්ව විද්‍යාලය
උපුටා ගැනීම් සහිතයි ...... යහලුවනේ මේ පිටුවත් හොදයි කියල හිතෙනවනම් like කරලම යන්න......share කරන්නත් අමතක කරන්න එපා.. ( ලිපිය කියවල ''Comment'' කරන්නත් අමතක  කරන්න එපා........) හැමෝටම ස්තුතියි..
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Sunday, October 2, 2016

විද්‍යාවට පැහැදිලි කළ නොහැකි අද්භූත සිදුවීම්...(අබිරහස් අඩවිය - Abirahas Adawiya - නොවිසඳුණු අබිරහස් novisadunu abirahas unsolved mysteries )


කුතුහලය වඩවන අද්භූත දෑ සොයා යාමටත්, මූලාශ්‍ර පීරමින් අද්භූත දෑ පිළිබඳ වන විස්තරයක්ම හඹා යාමටත් මිනිසුන් ලෙස අප මෙතරම් පෙළඹෙන්නේ නිසඟයෙන්ම එබඳු පැහැදිලි කළ නොහැකි ගුප්ත සිදුවීම් කෙරෙහි අප තුළ වන පැහැදිලි කළ නොහැකි ආශාව නිසාය. වාසනාවකට මෙන් එවැන්නන්ගේ මනදොළ සැපිරීම සඳහා එබඳු ගුප්ත අබිරහස්මය දෑ ද අඩුවකින් තොරව සොයා ගැනීමට ලැබේ. මන්ද අතීතයේදීත් වර්තමානයේත් මෙන්ම අනාගතයේදීත් එබඳු අත්භූත දෑ සිදු නොවීමට ඉඩක් නැති නිසාය. කෙතරම් තාක්ෂණයෙන් දියුණු වුවද, අද වන තුරුත් විද්‍යාවට විසඳා ලිය නොහැකි වූද, විද්‍යාවේ බල මහිමය අභියෝගයට ලක් කළාවූ ද එබඳු සිදුවීම් පෙළක් මෙම ලිපියෙන් ගෙන එන්නේ ඔබේ කුතුහලාත්මක රසවින්දනය තීව්‍ර කිරීමේ අරමුණිනි.
අයිස් කාන්තාව...
දරුණු ශීතදේශගුණයක් පැවැති වකවානුවක උදාවූ එක් ෙදෙවෝපගත දිනයකදී මිනෙසෝටා හි ‘ලෙන්ග්බි’ ප්‍රදේශයේ විසූ මිනිසෙකුට දක්නට ලැබුණේ සිය අසල්වැසියෙකු වූ දහනව හැවිරිදි ‘ජීන් හිලියර්ඩ්’ නමැති කාන්තාවගේ හිම මිදුණු අප්‍රාණික සිරුර ශීත හිම මත නිසලව වැටී ඇති ආකාරයයි.
අයිස් කාන්තාව
පෙරදා රාත්‍රියේදී උෂ්ණත්වය - 25ංඛි ටත් වඩා අඩු අගයක් ගත්තක් වූ අතර, එදින සිය ධාවනයේ යෙදෙමින් සිටියදී සිදු වූ අවාසනාවන්ත හදිසි අනතුරකට මුහුණදුන් ජීන්ගේ මෝටර් රථය අක්‍රිය වී තිබිණි. දරුණු ශීතලෙන් බැටකමින් උදව් ඉල්ලායාමේ අසාර්ථක උත්සහයක නියැළුණු ජීන්ගේ ගල් ගැසුණු සිරුර කඩිනමින් රෝහල වෙත ගෙන යනු ලැබූ අතර, ඇය කෙතරම් ගල් ගැසී, සිටියාද කිවහොත් ඇය ජීවත් වනු ඇති බවට වෛද්‍යවරුන් තුළ කිසිදු විශ්වාසයක් නොවීය. ඇගේ සිරුරම අධිශීත වී අළු පැහැ ගැන්වී තිබූ අතර, අධික ශීතල කරණකොටගෙන තුවාල හටගත් ඇගේ දෑත් හෝ දෙපා චලනය කිරීමට හෝ නොහැකි විය. 
ඇය යළි සිහි ලබනු ඇති බවට බලා‍පොරොත්තුවක් නොවූවද, යම් හෙයකින් හෝ සිහි ලැබූවද ඇගේ මොළයේ ක්‍රියාකාරීත්වය මුළුමනින්ම අක්‍රිය වනු ඇති බවද, දරුණු ලෙස තුවාල වූ ඇගේ දෙපා යුවළම කපා ඉවත් කිරීමට සිදුවනු ඇති බවට කිසිදු සැකයක් නොවීය. ඇගේ පවු‍ලේ සාමාජිකයින් හට කිරීමට ඉතිරිව තිබූ එකම දෙය වූයේ යාච්ඤා කිරීම පමණි.
ඔවුන්ගේ යාච්ඤාවට පිළිතුරු ලැබිණි. පැය දෙකකට පසුව ජීන්ගේ සිරුර දැඩි ගැස්මකට ලක් වූ අතර, ඉන් අනතුරුව ඇය පියවි සිහිය ලැබුවාය. පුදුමය වනුයේ කායික, මානසික වශයෙන් ඇය පූර්ණ නිරෝගී තත්ත්වයෙන් පසුවීමත්, ශරීරයේ එකදු ඇඟිල්ලක් හෝ කපා ඉවත් කිරීමේ අවශ්‍යතාවයකින් තොරව ඇය යථා තත්ත්වයට පත් වීමත්ය. තුවාල පවා ක්‍රමයෙන් ඇගේ සිරුරින් ඉවත්ව යන ලද්දේ වෛද්‍යවරුන් මවිතයට පත් කරමිනි.
නවදිල්ලියේ යකඩ ස්ථම්භය... 
ලෝහ වර්ග අතර රජු ලෙස අවිවාදයෙන් හැඳින්වෙන යකඩ, ශක්තිමත් බවයෙන් හා ස්ථාවරභාවය අතින් කෙතරම් තෙදබල පෑවද මල කෑමේ ස්වභාවික ක්‍රියාවලිය අභිබවා යෑමට ඊට නුපුළුවන.
නවදිල්ලියේ යකඩ ස්ථම්භය
එනමුදු නවදිල්ලි නුවර පිහිටි මීටර හතක් උසැති වූද ටොන් හයක බරකින්ද යුතු දැවැන්ත යකඩ ස්ථම්භය වසර එක්දහස් හයසියයකට අධික කාලයක් නොසැලී නැගී සිටින්නේ ඒ සියලු සම්මතයන් බිඳ හෙලමිනි. 98ක් යකඩ සංයුතියකින් යුතු, යමක් සහස්‍රයකට අධික කාලයක් විඛාදනයට ගොදුරු නොවී පැවැතීමේ රහස විද්‍යාඥයින් අනාවරණය කොට ගෙන ඇතිවුවද, පුදුමය වනුයේ එතරම් ඈත අතීතයක විසූ අපගේ මුතුන් මිත්තන් එය සොයා ගන්නා ලද්දේ කෙසේද යන්නය.
කැරොල් ඒ. ඩීරීන් නෞකාව.... 
මේරි සෙලෙස්මේ නෞකාවේ කාර්ය මඬුල්ල අබිරහස්මය ලෙස අතුරුදන්වීමේ සිදුවීමෙන් අඩසිය වසකට පසුව, එනම් 1921 ජනවාරි 31 දා එයාකාරයේම සිදුවීමක් වාර්තා වූයේ උතුරු කැරොලිනා වෙරළ අසලින් ‘කැරොල් ඒ. ඩීරීන් නම් රුවල් නෞකාව සොයා ගැනීමත් සමගය. පුදුමයකින් තොරවම එහිද කාර්යමණ්ඩලය මුළුමනින්ම අතුරුදන්ව පැවැති අතර නැවේ ලොග් සටහන්ද ඇතුළු සියලුම ‍ලේඛනද අතුරුදන්ව පැවතිණි.
පසුදිනය සඳහා ආහාරද පිළියෙළ වී පැවැතියේ අතුරුදන් වීම අනපේක්ෂිත ලෙස සිදුවූවක් බව මොනවට කියා පාමිනි. මේරි සෙලෙස්මේ මෙන්ම මෙයද සොයා ගන්නා ලද්දේ අත්භූත අතුරුදන් වීම් සිදුවන බවට ප්‍රකට බර්මියුඩා ත්‍රිකෝණයේ තිබියදී වන අතර, එයද කිසියම් අස්වාභාවික / අධිඅසාමාන්‍ය සිදුවීමක ප්‍රතිඵලයක් බවට මත පළ වූ අතර, තවත් ඇතැමුන් කියා සිටින ලද්දේ එය මුහුදු කොල්ලකරුවන්ගේ, නැතහොත් රුසියානුවන්ගේ ක්‍රියාවක් බවය.
හඩ්සන් ඵලය...
ජෝන් හඩ්සන් නැමැත්තා විසින් නිකොලා ටෙස්ලා නමැති විද්‍යාඥයාගේ පර්යේෂණ යළි සිදුකිරීමට ගත් උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස බිහි වූ දෑ ‍පොදුවේ හැඳින්වෙනුයේ ‘හඩ්සන් ඵලය’ ලෙසයි. ඔහු විසින් සිදුකළ පර්යේෂණයන්හිදී සිදුවූ ඉතාම පුදුමාකාර සිදුවීම් අතර, නිදැල්‍ලේ පාවීම, මුළුමනින්ම එකිනෙකට වෙනස් ද්‍රව්‍යයන් (ලී හා ලෝහ) එකිනෙක සංයෝජනය කිරීම, කුඩා වස්තූන් අතුරුදන් කිරීම, ඒ අතර වුවද ඒ සියල්ලටම නොදවෛනි පුදුමය වනුයේ එකී අස්වාභාවික ක්‍රියාකාරකම් යළිත් සිදුකිරීමට හඩ්සන් අ‍පොහොසත් වීමයි. ඔහුගේ මෙම පර්යේෂණය විද්වත් ලෝකය තුළ කෙතරම් කැළඹීමක් ඇති කළේද යත්, නාසා ආයතනය පවා හඩ්සන් පර්යේෂණ ප්‍රතිඵල ලැබිමේ අසාර්ථක උත්සහයක නිරත වූ බව කියැවේ.
බෙල්මෙස්හි මුහුණු...
මෙහි දැක්වෙන ඡායාරූපයෙන් නිරූපණය කෙරෙන “මුහුණු” සැබවින්ම නිවසක බිත්තියක් මත අස්වාභාවිකව හටගත් පැල්ලම් බව පැවැසුවහොත් ඔබ පුදුම වනු ඒකාන්තයි. විසිවසරකට අධික කාලයක සිට බෙල්මෙස්හි පිහිටි ‘පෙරෙයිරා’ පවු‍ලේ නිවහනේ වරින්වර මෙයාකාරයේ විවිධ හැඟීම් නිරූපණය කරන කාන්තා හා පුරුෂ මුහුණු දැක්වෙන පැල්ලම් හට ගැනීමේ අබිරහස අදටද විසඳාගත හැකිවී නැත
වරින්වර මතුවන මෙම මුහුණු ඉබේම අතුරුදන්වී යන්නේද පුදුමාකාර ලෙස ඒ පිළිබඳ කිසිදු සාක්ෂියක් ඉතිරි නොකරමිනි. මේ පිළිබඳ සිදු කෙරුණු එක් විමර්ශනයකදී නිවස යට වළදා තිබූ මෘත සිරුරක් ද ගොඩ ගැනීමට සමත්ව තිබුණද, අබිරහස් මුහුණු මතුවීමේ ක්‍රියාවලිය ඉන් අවසන් වූයේ නැත.
අතුරුදන් වූ විල...

2007 වසරේ මැයි මාසයේදී චිලී රටේ පෙන්ටගෝනියා ප්‍රදේශයේ පිහිටි සැතපුම් පහක දිගකින් යුතු විලක් යම් පැහැදිලි කළ නොහැකි හේතුවක් නිසාවෙන් අතුරුදන් වූයේ, මීටර තිහක් ගැඹුරු දැවැන්ත ආවාටයක් පමණක් ඉතිරි කරමිනි. විල අවසන්වරට දකින ලද්දේ ඉන් දෙමසකට පෙර වන අතර, ඒ වන විටද එහි කිසිදු අමුත්තක් නොතිබූ බව කියැවේ. නමුත් දෙමසක කාලය තුළදී විල කිසිදු සලකුණකින් තොරව සිඳී ගියා පමණක් නොව ඉන් ගලා ගිය ගංගාවද, කුඩා දොළ පහරක් බවට පත්ව තිබුණේ ඒද තවත් නොවිසඳුණු අබිරහසක් බවට පත් කරමිනි. එකී ප්‍රදේශයේ කිසිදු භූමිකම්පාවක් හෝ හටගෙන නොතිබූ අතර පිටසක්වලින් පැමිණි හඳුනා නොගත් යානයක් (U F O) මගින් විල සිඳ දැමූ බවටද කටකතා ව්‍යාප්තව තිබේ.
ජල්ලි වැස්ස... (Oakville Blob Rain.)
1994 අගෝස්තු 7දා වොෂිංටන් නුවර ඕක්විල් ග්‍රාමයට ධාරානිපාත වර්ෂාවක් ඇද හැලීමට පටන් ගන්නා ලද්දේ අසාමාන්‍ය ලෙසය. එය සාමාන්‍ය වර්ෂාවක් නුවූ අතර දිය බිඳු වෙනුවට අහසේ සිට පතිතවන ලද්දේ ජල්ලිමය ද්‍රව්‍යයකි. ඊටත් වඩා පුදුමය වනුයේ ජල්ලි වැස්සත් සමග ඕක්විල් ප්‍රදේශයේ සියලුම වැසියන් පාහේ දරුණු උණ රෝගයකට ගොදුරුවීමයි. ඒද සාමාන්‍ය උණක් මෙන් නොවූ අතර එය වැළඳුණු විට සතියක සිට මාස තුනක කාලයක් රෝග ලක්ෂණ පැවැතුණු බව කියැවේ.


විද්‍යාගාර පර්යේෂණයන්ගෙන් හෙළිකර ගන්නා ලද්දේ ජල්ලි තුළ මිනිස් ආහාර මාර්ගයේ වෙසෙන බැක්ටීරියා වර්ග දෙකක් පමණක් නොව, මිනිස් සුදු රුධිරාණු ද අඩංගු වූ බවකි. එනමුදු ජල්ලි යනු සැබැවින්ම කුමක්ද කියාත් එය කරණකොටගෙන රෝගී වූයේ කෙසේද කියා හෝ කිසිදා අනාවරණය කර ගැනීමට හැකි වූයේ නැත.
පාෂාණ තුළින් මතුවන ජීවීන්...
පාෂාණ තුළින් පණ ඇති ගෙම්බන්, ඉස්ගෙඩියන් වැනි කුඩා සතුන් සිට හමු වූ අවස්ථා පිළිබඳ විස්මිත වාර්තා අඩුවක් නොවේ. ගල් තුළ පමණක් නොව කපා දැමූ ගස් තුළද, මිනිසා විසින් තැනූ කොන්ක්‍රීට් නිර්මාණ තුළද මෙයාකාරයේම පණ ඇති සතුන් සිට හමු වූ අවස්ථා පිළිබඳ පුදුමාකාර සිදුවීම්වල අඩුවක් නැත. පුදුමය වනුයේ ඔවුන් එවැනි දෑ තුළට යන ලද්දේ කෙසේද යන්නත්, බාහිර ලෝකය හා කිසිදු සම්බන්ධයකින් තොරව ඒ තුළ ජීවත්ව සිටියේ කෙසේද යන්නත්ය. 1976 වසරේදී ඊට වසරක පෙරදී සකසන ලද කොන්ක්‍රීට් තට්ටුවක් බිඳහෙළමින් සිටි ටෙක්සාස් නුවර ඉදිකිරීම් ශිල්පීන් පිරිසකට දැක ගත හැකි වූයේ දෙනෙත් අදහා ගත නොහැකි දර්ශනයකි.

කොන්ක්‍රීට් තට්ටුවේ පිහිටි සිය ශරීර ප්‍රමාණයටම අනුරූප වූ සිදුරක් තුළ පණපිටින් සිටි කැස්බෑවෙකි. කොන්ක්‍රීට් තට්ටුව මධ්‍යයේ වූ එකී සිදුර හැරුණු කළ එහි අන් පිපිරීමක් හෝ පළුද්දක් හෝ නොවූ අතර, කැස්බෑවෙකු එතරම් කාලයක් ඒ තුළ ජීවත් වූයේ කෙසේද යන්න අදටද විසඳාගත නොහැකි අබිරහසක් ලෙස ඉතිරිව තිබේ.
ඩොනී ඩෙකර් ...
‘වැසි දරුවා’ ලෙස විරුදාවලී ලද ‘ඩොනී ඩෙකර්’ නැමැත්තා 1983 වසරේ සිට එනමින් ප්‍රකට වූයේ, සිය අභිමතය පරිදි ඕනෑම අවස්ථාවකදී වැසි ගෙන ඒමට ඔහු සතු වූ අධිඅසාමාන්‍ය හැකියාව නිසාය.
වරෙක සුළු වරදක් හේතුවෙන් සිරගත වූ ඩොනී සිරමැදිරිය තුළද වැසි වැස්සීම මගින් ඉමහත් කලබලයක් ඇතිකිරීමට සමත්ව තිබිණි. පසුකලෙක සිරෙන් නිදහස් වූ ඩොනී කෝකියෙකු ලෙස සේවයට බැඳුණු නමුදු ඔහුගේ වත්මන් තොරතුරු සේම වැසි හටගැන්වීමේ අසාමාන්‍ය හැකියාවද රහසක්ව පවතියි.
ප්‍රියන්ති රුද්‍රිගු - සමුදුර - 
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Friday, September 30, 2016

ලංකාවට වැටුණු උල්කාපාත...(ulkapatha asteroid found on sri lanka ..අබිරහස් අඩවිය - Abirahas Adawiya )

වසර 2003 පෙබරවාරි 8 බන්ඩිරිප්පුවට හා 2003 පෙබරවාරි 19 රෑ වැරැල්ලගම නුදුරු මුරුතලාවට වැටුණු උල්කාපාත කැබැලි දෙක මෑත කල මහත් සාකච්ඡාවට හා ආන්දෝලනයට හේතු විය. ඉන් මුරුතලාවට වැටුණු උල්කාපාත කැබැල්ල පාෂාණමය එකක් ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුව පරීක්ෂණ මඟින් හඳුනා ගෙන ඇත. අතීතයේ ලංකාවට වැටී ඇති බව පැවැසෙන ජනප්‍රවාදවලින්ද හෙළිවන ග්‍රහක උල්කාපාත ගැන තොරතුරු බිඳක් ගෙන හැර පෑම මෙම ලිපියේ අරමුණය.
උණවටුන හා ඒ අසල ඇති රූමස්සල සුවිශේෂ පාරිසරික පිහිටීමකි. එහි පසෙකින් ඇති ඛනිජ විශේෂ වෙනස්ය. එහි ආකර්ෂණ ශක්තිය ඉතා දැඩිය. ජනප්‍රවාදය අනුව නම් තුවාල වූ රාමාට ප්‍රතිකාර පිණිස හනුමා ඔසවාගෙන ආ හිමාලයේ ඔෟෂධ ශාක අඩංගු කැබැල්ලකින් රූමස්සල ඇතිවිය. අතීතයේ මේ ප්‍රදේශයට කඩා වැටී ඇති ග්‍රහක කොටසක් නිසා උණවටුන රූමස්සල සුවිශේෂී පාරිසරික හා භූ විද්‍යා ලක්ෂණ යුතු කොටස බිහි වූ බව පෙනෙයි.
මාතර නෙටොල්පිටිය අක්කර 400ක් පමණ යුතු තද රතු පැහැති පස් පමණක් විසිරුණු තෘණවලට හා කුඩා පඳුරුවර්ග කිහිපයකට සීමා වූ උස් නිසරු වෙරළබඩ සම බිමක් වූ උස්සන්ගොඩ ඉහත පිපිරුමේදීම වැටී විසිරී ගිය ග්‍රහක කොටසක් හෝ වැටුණු වෙනත් ග්‍රහක කැබැල්ලක් දිරාපත්ව සෑදී ඇති බව සිතිය හැකිය. හේතුව උස්සන්ගොඩ වෙරළබඩම සුවිශේෂී භූ විද්‍යා ලක්ෂණ ඇති ප්‍රදේශයක් වීමයි.
කඳුරට කොත්මලේ, කල්පිටිය හා හැදුණු වැව අතර 'කොත්තුනුගොඩ' නමින් කුඩා කඳුගැටය මුදුනේ සුවිශේෂී ආවාට දෙකක් හා විශාල දෝනාවක් ඇත. අතීතයේ ඒ අවට කුඩා ආවාට සිය ගණනක් වූ බවත්, ඒවා කාලය සමඟ වර්ෂාව හා රස්තියාදුකාරකම් නිසා නැතිව ගොස් ඇත. විශාල ආවාට දෙක අඩි 30 හා අඩි 15 තරම් විෂ්කම්භය ඇත. ගැඹුරුය. අඳුරුය. දෝනාව වැනි කොටස අඩි 150 තරම් දිගය.
ජනප්‍රවාද අනුව බෙරවාදයකු තොවිලයකට යද්දී කොත්තුනුගොඩ කඳු මුදුනේ ගිනි දලුවක් විහිදෙනු දැක ඇත. ඒ තුන්වරක් මතුවී ගිලී ගොස් අතුරුදන් වී ඇත. 1664 දෙවැනි රාජසිංහ රජුට (1636-1687) අඹන්වෙල රාල ඇති කළ කැරැල්ලට පෙර වල්ගාතරුවක් පායා ඇත. ඒ හේලිගේ වාර්ගා තරුවයි.
නිසැකවම අනුමාන කළ හැකි කරුණු තුනක් වෙයි. අනාදිමත් කාලයකට පෙර වැටුණු ආකාශ වස්තුවක ආලෝකය නැතිනම් කඳු මුදුනේ විදාරණය වූ ගිනි කන්දක් පිළිබඳ මතකය මේ ජනප්‍රවාදය තුළ ඇත. භූ විද්‍යාත්මකව ඉතිරිව ඇති සලකුණු තවම අබිරහසක් සිතට දනවයි. හුනු ගල දිරාපත් වීමෙන් මෙවැනි දෙයක් නිර්මාණය වීමට බැරිය. දිගු කලකට පෙර පිපිරී නිද්‍රෝපගත වූ අක්‍රියකාරී යමහල් වීමටද බැරි නැත.
සෙංකඩගල යුගයේ බ්‍රහස්පති හා සිකුරු අතර ඇතිවන ග්‍රහ යුද්ධයකින් සිකුරුගේ කුණ්ඩලාභරණය කැඩී බිමට වැටෙන බව කොත්මලේ ගණිතයා කල්තියා දුටුවේය. මේ සිද්ධිය ග්‍රහ ගණිතය තුළින් දුටු දඹදිව බඹුණෙක්ද මේ වැටෙන ස්ථානය අසලට පැමිණ පැලක් සාදා ගත්තේය.
දෙදෙනාගේ පැල්පත් දෙක එක ළඟය. නියමිත වේලාවට සිකුරු කුණ්ඩලාභරණය කැඩී දඹදිව සිට ආ බමුණාගේ පැල්පතේ වහලයට වැටී කොත්මලේ ගණිතයාගේ පාමුලට විසි විය. දෙදෙනාම කුණ්ඩලාභරණය සඳහා අයිතිය කියන ලදුව රාජාධිරාජසිංහ රජු සිකුරු කුණ්ඩලාභරණය යොදා දළදා හිමි වැඩ හිඳින කරඬුවේ විසිතුරු සැරැසිල්ලකට එය යෙදුවේය. සිකුරු කුණ්ඩලාභරණය වැටුණු තැන 'කුණ්ඩසාලේ' ලෙස ප්‍රසිද්ධ විය. මේ ජනප්‍රවාදය කියනුයේ ලංකාවට 18 සියවසේ වැටුණු ග්‍රහ වස්තුවක වටිනා කැබැල්ලක් ගැන වන අතර අදත් ඒ මහනුවර දළදා කරඬුව තුළ සුරක්ෂිතව ඇත.
එස්.කේ. ජයවර්ධන
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Thursday, September 29, 2016

අවුරුදු 2,000 ක් පැරැණි පරිගණකයක්, ...(අබිරහස් අඩවිය - Abirahas Adawiya - aliens pitasakwala jeeween)


මෙය පුරාණ පිටසක්වළ ජීවීන්ගේ ලිපි මාලාවට විශාල ප්‍රතිචාරයක් ලැබුණු නිසා තවත් විස්තරයක් ඉදිරිපත් කිරීමට කැමැත්තෙමු. පුරාණයේ පිටසක්වළ ජීවීන් පෘථිවියට ඇවිත් මානව ඉතිහාසයේ වෙනසක් ඇති කළ බව සැක කලහැකි සාක්ෂි , කෞතුක වස්තු, ලෙන් චිත‍්‍ර, කැටයම්, මූර්ති හා අබිරහස් සිතියමක් ගැන අප කලින් ඉදිරිපත් කලෙමු. පිරමීඩ හදන්න අපට කියා දුන්නේ පිටසක්වලින් පැමිණි අමුත්තෝද? ලිපියට හා පිරමීඩ පරයන මහා අබිරහස: ‘පූමාපුංකු' ලිපියටත් අදහස් රාශියක් ලැබුණි.
අද තවත් අපූරු දෙයක් කියන්නයි සූදානම් වෙන්නේ. මේ පුරාණයේ භාවිතා කළ ගණනය කිරීමේ යන්ත‍්‍රයක් එහෙම නැතිනම් පරිගණකයක් ගැන විස්තර හා මිසර වැසියන් භාවිතා කළ විදුලි බුබුලක් හා ඒවාට විදුලි බලය ලබා දුන් බැටරියක් ගැන විස්තරයක් තමයි මේ.
අප නැවතත් කියනුයේ, අප මෙම ඉදිරිපත් කරන තොරතුරු ලොක ඉතිහාසයේ අබිරහස් ලෙස පවතින එවාය. මෙමගින් පිටසක්වළ ජීවීන් සිටිනවා කියා කිසිසේත් නිගමනය නොකරමු. ළමා හා වැඩිහිටි මනසට විශ්මිත තොරතුරු පිලිබදව විවෘත මනසකින් බැලීමට පෙලබවීම අපගේ අරමුණ වේ.
වසර 2000ක් පැරණි පරිගණකය (ගණනය කිරීමේ යන්ත‍්‍රයක්) : Antikythera Mechanism
පිටසක්වළ ජීවීන් අතීතයේ දී මෙහි ආවා නම් ඔවුන් සතුව තිබුණු දියුණු ගණිත හෝ භෞතික විද්‍යා දැනුම හෝ ඉතිරි කර ගියේ නැද්ද? ඔවුන් එහෙම කළා නම් එවැනි දේට සාක්කි අද දකින්නට ලැබෙනවාද? එවැනි දෙයක් තිබෙනවා. ඒක ලොව පළමු යාන්ති‍්‍රක පරිගණකය කියලත් හැඳින්වෙනවා. ඒක වසර 2000ක් පැරැණියි. ‘ඇන්ටිකිතීර යන්ත‍්‍රණය’ සොයා ගනු ලැබුවේ 1900 දශකයේදියි.


ඒ ස්පාඤ්ඤ කිමිඳුම්කරුවන් කණ්ඩායමක් විසිනුයි. ඒ ගී‍්‍රසියට නුදුරින් පිහිටි ඇන්ටිකිතීර දූපත අසල මුහුදේ ගවේෂණය කරද්දී. එහි නැවක් මුහුදු බත් වී තිබුණා. ඒ නැවේ තිබිලා හමුවුණා පෙට්ටියක්. ඒ පෙට්ටිය හදලා තිබුණේ ලෝහවලිනුයි. ඒක යැවුණා ඇතන්ස් කෞතුකාගාරයට. වසර 50 කට පසු තාක්ෂණය දියුණු වුණාම මේ පෙට්ටියේ ඇතුළේ මොනවද තිබෙන්නේ බලන්න එක්ස් රේ පරීක්ෂාවක් කළා. එහිදී දකින්න ලැබුණා එකිනෙකට සම්බන්ධ වූ දැති රෝද, යන්ත‍්‍ර සූත‍්‍ර. ඒ අනුව එය කුමක්දැයි සොයා බැලූවා. 
පරිගණක යන්ත‍්‍රයක් බව තහවුරු වුණේ ඉන් පසුවයි. ඒක කාර්යයන් දෙකක් සඳහා යොදා ගත් අපූරු උපකරණයක්. එකක් එය තාරකා විද්‍යා ගවේෂණ උපකරණයක්. තරුවල පිහිටීම සොයා බලා මුහුදේ මඟ සොයාගෙන යාත‍්‍රා කළ හැකි මෙවලමක්. එයින් කෙරුණු අනෙක් කාර්යය, එය ජෝතිෂ්‍ය කරුණු හෙළි කරන උපකරණයක් ලෙස යොදා ගත හැකිවීම. උපන්නේ කවදාද මොන දිනයේදී ද, ලග්නය මොකක්ද? පලාපල මොනවාද? වගේ තොරතුරු ලබා ගන්න මේ උපකරණයට පුළුවන්. මේ උපකරණය අද අප භාවිත කරන ස්විස් ඔරලෝසුවකට වඩා සංකීර්ණයි. ඇතුළත උපාංග සියල්ල එහෙමයි. ඒ නිසා මීට අවුරුදු 2000 කට කලින් මේ උපකරණය හැදුවේ කවුද? මොකක්ද සඳහාද? කියන දේවල්වලට පිළිතුරු දෙන්න අපට හැකියාවක් ලැබිලා නැහැ. 1950 දශකයේදී මේ යන්ත‍්‍රය පරීක්ෂාවට ලක් කරද්දී පැහැදිලි වුණු කරුණක් තමයි, පුරාණ ගී‍්‍රක වැසියන්ට මෙවැනි සංකීර්ණ නිර්මාණයක් කරන්න තරමේ තාක්ෂණික දැනුමක් නොතිබුණු බව. ඒක හරියට මිසරයේ තුතන්කාමන් පාරාවන්ගේ සොහොන් ගැබෙන් ජෙට් ඇන්ජිමක් සොයා ගත්තා හා සමානයි.
ඩැන්ඩොරා දේවාලයේ විදුලි බල්බය : Dendera Lamp
ඇන්ටිකිතීර උපකරණයටත් වඩා, ඊජිප්තුවේ ඩැන්ඬේරා නම් භූ ගත දෙවොලේ රූපාක්ෂර හා සිතුවම් පැරැණියි. දෙවොලේ බිත්තිවල කොටා ඇති සිතුවම්වලින් නූතන ලෝකයේ අප භාවිත කරන උපකරණ දකින්න සමහරුන්ට හැකියාව ලැබී තිබෙනවා. මේ භූ ගත දෙවොලට ඇතුළු වෙන්න අවසරය ලැබී තිබෙන්නේ ප‍්‍රධාන පූජකවරුනට පමණයි. එය රහස්වලින් පිරි ගුප්ත තැනක් හැටියට අතීතයේ දී සලකනු ලැබුවා. ඒක අදත් එහෙමයි. මේ භූත දෙවොල ඇතුළත පැසේජ හරිම පටුයි. හරිම රස්සෙනෙයි.
සිවිලිම හුඟක් පහතයි. මේ දේවාලයේ බිත්තියක කැටයම් කර තිබෙනවා කිසියම් දෙයක්. එය බැලූ බැල්මට ඉපැරණි විදුලි බුබුළක් හා සමානයි. අපට විසඳුම් සොයන්න බැරි පැනයක් මෙහි දී මතුවෙනවා. ඒ තමයි, පුරාණ මිසර වැසියන් මේ භූගත සොහොන් ගැබ්, සොහොන් ගෙවල් හා දෙවොල, තුළ අඳුරේ මේ රූපාක්ෂර ඇන්දේ කොහොමද? කැටයම් කෙටුවේ කොහොමද? කියන එක.
පුරාවිද්‍යාඥයන් නම් කියන්නේ ඇහැට ඇඟිල්ලෙන් ඇන්නත් පෙනෙන්නේ නැති ඝන අඳුරේ දී ආලෝකය දෙන්න පන්දම් භාවිත කළා කියලයි. ඒත් සිවිලිම්වල කොහේවත් පන්දම්වලින් නිකුත් වූ ගිනිදැල්වලින් බැඳුණු දුම් හෝ දැලි ඇත්තේ නැහැ. ඒ නිසා පන්දම්වලින් ආලෝකය දුන්නා යන මතය බැහැර වෙනවා. එහෙනම් කොහොමද ඔවුන් එළිය ලබා ගත්තේ? තවත් මතයක් තමයි, ඔවුන් ඒවා ඇතුළට ආලෝකය ලබා ගත්තේ, පිටත සූර්යා ලෝකය, ඔප දැමූ තඹ තැටි යොදා ගනිමින් පරාවර්තනය කිරීමෙන් කියලයි. ඒ ක‍්‍රමය එක්තරා දුරකට පිළිගන්න පුළුවන්. ඒත් වැඩි දුරකට ආලෝකය ලබා ගන්න නම් ඒ ක‍්‍රමයෙන් පුළුවන්කමක් නැහැ. ඔප දැමූ තඹ තැටි මගින් පරාවර්තනය කරන ආලෝකය අතරමගදී හීන වී යන නිසයි.
ආලෝකය ලබා ගත්තේ කොහොමද?
පන්දමක් දල්වන්න ප‍්‍රමාණවත් තරමේ ඔක්සිජන් වායුව මේ පිරමීඩ හෝ සොහොන් ගැබ් ඇතුළේ ඇත්තේ නැහැ. ඒ නිසා ආලෝකය ලබා ගන්න නම් කිසියම් විධියකට කෘති‍්‍රමව ආලෝකය නිපදවන්න සිදුවෙනවා. පුරාණ මිසර වැසියන් පිරමීඩ හා දෙවොල ආලෝකමත් කළේ විදුලි බල්බ යොදා ගෙනයි, කියලා පිටසක්වළ ජීවීන් ගැන විශ්වාස කරන පිරිස් කියනවා. ඔවුන් කියන්නේ ඩැන්ඬේරා
දෙවොලේ බිත්තියේ කොටා ඇත්තේ විදුලි බල්බයක රූපයක් කියලයි. ඒත් සමහර පුරාවිද්‍යාඥයන් නම් කියන්නේ එය විදුලි බල්බයක් නොවේ නෙළුම් මලක් කියලයි. ඒත් පුදුමයට හේතුවන තවත් කරුණක් තමයි, මේ විදුලි බල්බය හෝ නෙළුම් මල හෝ දකින්න ලැබෙන්නේ ඩැන්ඬේරා දෙවොලේ පමණයි. ඒකටත් හොඳ පැහැදිලි කිරීමක් තිබෙනවා. පුරාණ මිසරයේ විවිධ ස්ථාන විවිධ දේවල් සඳහා වෙන් කරලයි, තිබෙන්නේ. ඩැන්ඬේරාවේ තමයි, ආලෝකය ලබා දුන් ප‍්‍රභවය පිළිබඳ තෙරතුරු තැන්පත් කර තිබුණා යැයි පැවසෙන්නේ. මේ දැනුම සුරක්ෂිතව ආරක්ෂා කළේ ප‍්‍රධාන පූජකවරුන් විසිනුයි. ඒ නිසා ඩැන්ඬේරා කියන්නේ සුවිශේෂී ස්ථානයක්. ඒකයි එතැන විතරක් විදුලි බල්බයක් දකින්න ලැබෙන්නේ.

බැග්ඩෑඞ් බැටරිය : Baghdad Battery
මිසර වැසියන් මේ අඳුරු පැසේජයන් ආලෝකමත් කළා නම්, බල්බ යොදා ගෙන, ඒ බල්බවලට විදුලි බලය ලැබුණේ කොහොමද? අනෙක විදුලි බලය සොයා ගැනුනේ අවුරුදු ගණනාවකට පසුවයි. ඒත් ‘බැග්ඩෑඞ් බැටරිය’ කියලා විද්‍යාඥයන් හඳුන්වන දෙයින් ඒ අදහස වෙනස් වෙනවා. පුරාවිද්‍යාඥයන්ට බැග්ඩෑඞ් බැටරිය සොයා ගැනීමට හැකිවෙලා තිබෙන්නේ ඉරාකයේ බැග්ඩෑඞ් නුවරින්. මෙවැනි බැටරි දුසිම් ගණනින් හමුවෙලා තිබෙනවා. බැග්ඩෑඞ් බැටරිය කියලා කියන්නේ කි‍්‍රස්තු පූර්ව ශත වර්ෂ කීපයකට කලින් පාතියන් හෙවත් සැසනිඞ් යුගයේ දී මිසපොටේමියවේ කළ නිර්මාණයක්. ඒ නිසා මෙයට පාතියන් බැටරිය කියලත් කියනවා. මෙය සොයා ගනු ලැබුවේ 1936දි, ඉරාකයේ බැග්ඩෑඞ් නුවර අසල කුයුට් රැබූ නම් ගම්මානයෙන්. 1938දී ඉරාකයේ ජාතික කෞතුකාගාරයේ අධ්‍යක්ෂව සිටි ජර්මන් ජාතික විල්හෙල්ම් කොනින් තමයි, ලෝකයේ අවධානය මෙයට යොමු කළේ. 1940දී ඔහු පර්යේෂණ ලිපියක් ඉදිරිපත් කළා, මේවා ගැල්වනික කෝෂ සහිත බැටරි විශේෂයක් කියමින්. සමහර විට මේවා යොදා ගන්න ඇත්තේ රිදියෙන් තැනූ ආභරණ ඔප දැමීමට විය හැකියි. ඒක එහෙම නම් ඇලෙක්සැන්ඩර් වෝල්ටා 1800 ගණන්වල විදුලි කෝෂ බැටරිය තනන්න අවුරුදු මිලියනයකටත් වැඩි කාලයකට කලින් මේවා නිර්මාණය කරන්න ඇති කියලා හිතන්න පුළුවන්.
මොකක්ද මේ බැග්ඩෑඞ් බැටරිය?
මේ ඉපැරණි විදුලි කෝෂයට යොදා ගෙන තියෙන්නෙ, සෙ.මී. 13ක් උස ‘ටෙරාකොටා’ මැටි බඳුන්. එහි මුදුනේ සෙ.මී. 4ක විතර කටක් තිබුණා. තනි යකඩ කූරක් හා තඹ තහඩුවක් රොල් කර තැනු සිලින්ඩරයක් ඒ තුළට රිංගවා තිබුණා. එහි මුදුනේ තඹ තහඩුව හා යකඩ කූර වෙන් කර තැබීමට බිටුමින් කෙවෙනියක් යොදා තිබුණා. ඒවා මැටි බඳුනට හොඳින් හිර වන සේ සවි කර තිබුණා.
මේ මැටි බඳුන් බඳෙන් පිටතට පිම්බී යන විදියටයි, තනා තිබුණේ. විදුලි කෝෂයක් බවට පත්වීමට මේ බඳුන තුළට සිට්රික් අම්ලය වැනි දෙයක් යොදන්න ඇති කියලයි, විද්‍යාඥයන් විශ්වාස කරන්නේ. ඒ සඳහා දෙහි යුෂ, මිදි යුෂ හෝ විනාකිරි භාවිත කරන්න ඇති. ඔවුන් විදුලි බලය නිපදවා ගත්තේ එහෙමයි. ඒ අනුව පිටසක්වළ ජීවීන් ගැන විශ්වාස කරන අය කියන්නේ මීට වසර 3000 කට පෙර ඈත අතීතයේ, ඉපැරණි මිනිසා විදුලි උපකරණ පරිහරණය කරන්න ඇති කියලයි. ඔවුන්ට ඒ සඳහා දැනුම ලැබුණේ කොහොමද? කාගෙන්ද? පිළිතුරු සෙවීම පහසු කාරණාවක් නම් නොවේ.
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

මරණයට පෙර එන නිල් පැහැ ආලෝකයක් ගැන හෙළිවෙයි...(අබිරහස් අඩවිය - Abirahas Adawiya - very death)



ප්‍රාණය නිරුද්ධවී සකල ශරීරය දරඳඬු වී කුණු වීම ඇරැඹෙන මොහොතට අපි මරණය යෑයි කියමු. මරණය ජීවියකුගේ සිරුර ක්‍රමානුකූල ලෙස වෙළා ගන්නා හැටි පසුගියදා බ්‍රිතාන්‍ය ජාතික විද්‍යාඥ පිරිසක්‌ අධ්‍යයනය කළහ. ඔවුන්ගේ පර්යේෂණයට ලක්‌ කෙරුණු ජීවියා පණුවෙකි. ඒ සතා වෙත මරණය පමුණුවන ලද්දේ පෙරකී විද්‍යාඥයන් පිරිස විසිනි. මරණය පණුවාගේ සිරුරට වැද පියවරින් පියවර සෛලයෙන් සෛලය ආක්‍රමණය කරමින් ක්‍රියාත්මක වන හැටි විද්‍යාඥ පිරිස රූපගත කළහ. මෙහිදී විද්‍යාඥයන්ට හැඟී ගිය වැදගත් කාරණයක්‌ වූයේ ශරීරය තුළ මරණය ආරම්භ කරමින් එක්‌ සෛලයක්‌ මියගිය විට එයට යාබදව ඇති අනෙක්‌ සෛලයද මිය යන බවය. මෙය දාම ක්‍රියාවලියක්‌ මෙන් ක්‍රමානුකූලව ශරීරය පුරා පැතිර යයි. සැලකිය යුතු සෛල ප්‍රමාණයක්‌ මියගිය විට මරණය කිසිසේත්ම වළක්‌වාලීමට බැරි ලෙස සිරුර පුරාම විහිදෙයි. එය රසායනික ප්‍රතික්‍රියාවකි. මේ මගින් සෛලවල අභ්‍යන්තර කොටස්‌ කැඩී බිඳී අණුක සුන්බුන් (MOLECULAR DEBRIS) පමණක්‌ ඉතිරිවෙයි.
සෛලමය ක්‍රියාවලියකදී මෙසේ අණුක සුන්බුන් පමණක්‌ ඉතිරිවන ලෙස සෛල කැඩී බිඳී යැම විද්‍යාඥයන් ශාක ආධාරයෙන් හඳුනාගෙන තිබිණ. එහෙත් ශාක නොවන සත්ත්ව ජීවය විසින් මරණය වැළඳ ගන්නා ආකාරය විද්‍යාඥයන් මීට පෙර දැක තිබුණේ නැත.
පණුවකු තුළ මරණය පැතිර යන ආකාරය අන්වීක්‍ෂයක්‌ මගින් ඉතා පහසුවෙන් දැක ගත හැකිය. එය නිල් පැහැති ෆ්ලුවොරසන්ට්‌ එළියක්‌ ගමන් කරන ආකාරයෙන් පණුවාගේ ශරීරය වසාගෙන ගමන් කරයි. මහළු වියට පත් පුද්ගලයකුගේ ශරීරයෙහි සෛල දුර්වල බැවින් මරණය ආරම්භ වී සෛල කැඩී බිඳී අණුක සුන්බුන් බවට පත්වීම පටන් ගත් විට එම ක්‍රියාවලිය කිසි සේත්ම නැවැත්විය නොහැකිය.
මරණයේ නිල් පැහැති එළිය ගැන විද්‍යාඥයන්ට පූර්ව අර්ථ කථනයක්‌ තිබිණ. වියපත් වූ සෛල කැඩී බිඳී යන විට රසායනික ක්‍රියාවලියකින් උපදින මේ ආලෝකය විහිදෙන බව ඔවුහු දැන සිටියහ. මෙම ආලෝකයට හේතුව Lipofuscin (ලයිපොෆියුසින්) නමැති සංඝටකය බව විද්‍යාඥයන්ගේ පූර්වකාලීන නිගමනය විය. එහෙත් අලුත්ම සොයා ගැනීම වන්නේ එම සංඝටකය anthralinic (ඇන්ත්‍රලිනික්‌) නමැති ආම්ලික අණුවක්‌ බවය.
කෙසේ වුවද වැඩි කලක්‌ ජීවත් වීමට අපේක්‍ෂා කරන අය ඒ සඳහා ඇන්ත්‍රලිනික්‌ අනුව මර්දනය කළ යුතු බව විද්‍යාඥයන්ගේ මතය වේ. ඇන්ත්‍රලිනික්‌ අණුව මර්දනය කිරීම දිගින් දිගටම කළ හැකිනම් එතැන් සිට පටන් ගන්නේ සදාකාලික ජීවනය පිළිබඳ කතාවය.
බ්‍රිතාන්‍යයේ Wellcome trust and Biological Science Research Council ආයතනය කළ පර්යේෂණ වාර්තාවක්‌ අනුසාරයෙන් සැකසිණ.
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 


Monday, September 26, 2016

නාග කන්‍යාවෝ සහ නයි දමනය කරන මන්තර..(අබිරහස් අඩවිය - Abirahas Adawiya - naga kanya)

නයි සෙල්ලම් ලෙල්ලම් කරන දළ හතරේම යක්‍ෂණියෝ
නාගයා උරගයෙකි. මේ උරග ස්‌වභාවය නාග ගෝත්‍රිකයන්ට දී ඇත්තේ යක්‍ෂ ගෝත්‍රිකයෝය. මිනී මස්‌ කන භයානක අමනුෂ්‍ය කොට්‌ඨාසයක්‌ ලෙස සිතින් මවාගත් පරිදි නාගයන්ටද එම උරග ස්‌වරූපය ආරෝපණය කළ බවයි. එහෙත් සෘෂිවරයන් විසින් තම තමන්ගේ මත ප්‍රකාශ කළ හෙයින් විවිධ ප්‍රභේද ඇත.
ඒ කෙසේදැයි කිව හොත් අනත්තයායá වාසුයá කෝටයá පත්මයá මහ පත්මයá සංඛපාලයá ගුලිකය යන මේ අට කුලෙන් පැවැත එන හැම නයෙකුම ඇසළ මස පටන් හැම දවසක්‌ මුලුල්ලෙහි රතිකෙලියේ යෙදෙති. එසේ හැසුරුණු සැපින්නගේ කුස බිජු හටගනී. මෙම බිජු එක්‌සිය පනස්‌ දවසකින් මුහුකර එකී එකී සැපින්නන් බිජු දෙසිය සතලිසක්‌ පමණ ලන්නීය. පිරිමි බිජු ඉද්ද කැ=කුළු වගේය. ගෑණු බිජු රන්වන්, නිල්වන් තල්වන් පැහැයෙන් යුක්‌තය. ඒ බිජු සත් දවසක්‌ හැරු වරෙක බිජු විස්‌සක්‌ බැගින් සතියෙන් සතියට ගන්නීය. ඒ බිජු පිටකපාලයෙන් හික්‌මුණු නයි පැටවුන් දොළොස්‌ දවසක්‌ ගිය තැන ඔවුන්ට දළ උපදිති.
දස දවසක්‌ ගිය පසු හිරු දකී. හිරු දුටුදා සිට නයි ඇතුළු සියලු සර්පයින්ට විෂ උපදිති. තිස්‌ දවසින් සැව ගලවති. මෙසේ ප්‍රථම කවු පනය දක්‌වා කිසිම උවදුරක්‌ නැතිව සැව ඇරීමෙන් පසු එතැන් සිට බස්‌නාහිර වාසය කරති. මේ පශ්චිම දිසාවකම අට කුල නයින් ගෙන් අනත්තයá ගුලිකය යන දෙදෙනාගේ ඇඟ රන් පැහැගනී. බමුණු කුළය වේ. මේ දෙදෙනා අග්නි වෙයි. වාසු‚ය ශංඛ පාලය යන දෙදෙනාගේ ඇඟද රන්වන් පෑය රජ කුලයෙහි වන්නේය. මේ දෙදෙනා අග්නි පුත්‍ර වේ. කර්කය පද්මය යන දෙදෙනාගේ ඇඟ කළුය. වෙළඳ කුලය වෙයි. කෝටය, මහා පත්මය යන දෙදෙනාගේ ඇඟ නිල් පැහැය සුදු කුල වෙයි. වාරුන්‍යගේ පුත්‍ර වන්නේය.
මේ නයින්ගෙන් රජකුල නයි මීයන් අනුභව කරයි. බමුණු කුලේ නයි පරඬැල් අනුභව කරයි. වෙළෙඳ කුලේ නයි. බමරුන් අනුභව කරයි. සුදු කුලේ නයි නොයෙකුත් ගොදුරු අනුභව කරයි. රජකුලේ නයා ගසේද, බමුණු කුලේ නයා දේවාලේ වැඳ ගසේ වසයි. වෙළෙඳ කුලේ නයා ගෙයි වෙසෙයි. සුදු කුලේ නයා මී අරනේ වසයි. රජකුලේ නයාට මහත් වූ පෙනය දළ වූ ශරීරය දිගැති ෂොවැනි පුළුන්වූ රන්වන් ඇස්‌ ඇත. සරස බලා නටයි. බමුණු කුලේ නයා අහස බලා නටයි. වෙළෙඳ කුලේ නයා කරනඟා නටයි. සුදු කුලේ නයා සොට බිමලා නටයි.
මෙසේ නයාගේ ලකුණු පැවසෙන අතර සැපින්නගේ ලකුණු මෙසේය. හිස හීන්ය, ඇස්‌ කුඩාය, වාලධිය සිහින්ය. ලුහුඬුවූ සෙවැනි ඇත්තේය. මදක්‌ ලුහුඬු වූ ශරීර ඇත්තේය. කඳ මහත්ය. බඩ හම තුනීය. මඳවූ ගමන් ඇත.
මෙම කුල අටේ නයින්ගේ දළහි වාසය කරන දෙවියෝ හුදු මෙසේය. තකරී නම් මහා බ්‍රහ්මයෝය. මකරී නම් විෂ්ණුය. කාල රාත්‍රී නම් ඊශ්වරයෝය. යම දූතිනම් ශක්‍රයෝය. සර්පයන්ගේ වම් ඇස යසෝදරය. දකුණු ඇස උමා පොතිය. උඩු තොල අෂ්ටභූජංගයෝය. යටි තොල බෘරාඬිය, මුඛයෙහි යෝගේශ්වරයෝය, නාථයෝය. මෙසේ සියලු දෙවියන් පිහිටි තැන් දැන දළ සතරකින් හා දළ දෙකකින් යුක්‌තවූ මුඛයෙහි දෙකපොලෙහි දත්මුල පැහැරැ සිටියාවූ උග්‍රවූ විෂ බැඳුම් නැවුම් මෙසේය.

රජකුල නයි කෑවොත් 
දකුණය පුපුරුගැසුමක්‌
බමුණු කුල නයි කෑවොත් 
වමද එම සේ වේය නියමත්
වෙළඳ කුල නයි කෑවොත් තුනැස්‌වනති වෙයි දකුණත්
සුදුකුල නයි කෑවොත් 
ළිඳක්‌ සේ වෙයි මහත් දාහත්

නාගයින් උරග විශේෂයක්‌ද නැතහොත් මනුෂ්‍ය ලෝකයෙන් බාහිර වෙනත් ලොවක විසූ දෙවි කෙනෙක්‌ද එසේත් නැතිනම් ගෝත්‍රික නාමයකින් යුත් මනුෂ්‍ය විශේෂයක්‌ දැයි හරිහැටි නිශ්චය කළ නොහැකිය. පැරැණි සාහිත්‍ය හා ආගමික ග්‍රන්ථ නාගයින් ගැන දක්‌වා ඇති තොරතුරු කුතුහලය දක්‌වයි.
පෝගල් ගේ ඉන්දියානු "සර්ප වේදය" වැදගත් පර්යේෂණාත්මක ග්‍රන්ථයකි. එහි දැක්‌වෙන නාග ඇදහීම පිළිබඳ තොරතුරු හා පෝගල්ගේ විග්‍රහයද බොහෝ වැදගත් වෙයි.
නාගයාට කකුල් නැත. නමුත් ඔහු වේගයෙන් ඇදීයන්නේ කෙසේදැයි කියා ආදිත මිනිසා තුළ විශ්මයක්‌ ඇතිවිය. කිසියම් දෙයක්‌ ගැන හරිහැටි තේරුමක්‌ ගැනීමට නොහැති මිනිසාට නූගත්කම නිසාම මහත් බියක්‌ ඔහු තුළ ඇති විය. එනිසා ගෞරවයකි. මෙම ගෞරව සංයුක්‌ත බිය ලෝකයේ නොයෙකුත් ආගම් වලට මුල්විය.
නයාගේ පෙණය හැකිලීමට දිග හැරීමට හැකිවීම. පහර දීමේදී හිස කෙළින් තබා ගැනීම. දෂ්ඨ කිරීම, හැව ඇරීම, දෂ්ඨ කළ විට විෂ ක්‍ෂණිකව මුළු ශරීරය පුරා පැතිරීම ආදී කරුණු අනුව පැරැන්නන් තුළ බියක්‌ ඇතිවිය. ඔවුන් විෂ පැතිර යැම ගින්නට සමකොට ගින්න සංකේතවත් කිරීමට නාගයා යොදා ඇත. පසුකල ගින්නෙහි මුල සූර්යයා ලෙස වටහා ගත් මනුෂ්‍යයන් කටින් වල්ගය හපා සිටින කවාකාර සර්පයකු සූර්ය සංකේතය ලෙස භාවිත කළේය.
ලංකාවාසී හා ඉන්දියානු වැසියන් පෙණය සහිත හෝ රහිත සර්පයා ජලයේ සංකේතය ලෙස සැලකූහ. නාග වන්දනාවේ උපත ගැන පෝගල් මහතාගේ මතය අනුව මහා භාරතය. රාමායණය, වේදේහ ජාතක කථා ආදියෙන් අපට නිදසුන් පෙන්වා ඇත. පෝගල් නාග වන්දනාවේ ආරම්භය ලෙස අදහස්‌ කරන්නේ නාගයා හා වර්ෂාවේ ඇති සම්බන්ධයයි. වර්ෂා කාලයේදී නාගයින් සිටින ගුල්වලට වතුර පිරෙන විට සර්පයින් බහුලව ගෙවල් තුළට ඇදී එයි. මෙම කාලයට ඉන්දියානුන් "ප්‍රත්‍යාව රෝහණ" නම් උත්සවයක්‌ සීත සෘතුවේ මුල් මාසයේ පසලොස්‌වක පෝදිනයක පවත්වති. ඊට හේතුව වර්ෂා සෘතුව පටන් ගන්නා විට නිදාගැනීම සඳහා ඇඳන් උඩට නැගීමයි. වර්ෂා කාලයේ පමණක්‌ සර්පයන් එනවිට වර්ෂාව නිසා නයින් එනවා ඇතැයි ද නැතිනම් සර්පයන් විසින් වර්ෂාව ගෙනෙන්නේ යෑයි යන විශ්වාසය මත අදහන්නට විය. වර්ෂාව සමඟ ඇතිවන කුනාටු, හෙන. විදුලි කෙටීම්, ගෙරවීම්, ආදී මේඝ ගර්ජනා නාගයින් විසින් කරන වැඩක්‌ යයි සිතූහ. වර්ෂාව නැතිව ඉඩෝර, සාගත කාල ඇතිවීම නාගයින්ගේ කෙරුම් යයි සිතූහ. සර්පයාගේ දඟර මෙන් සහිත ගලායන ගංගාද ජලය එක්‌රැස්‌වී ඇති වැව් විල් ආදියද නාගයින්ගේ වාසස්‌ථාන ලෙස සැළකූහ.
නාගයින්ගේ විෂ දුමනිසා ලෙඩරෝග ගොවිතැන් බව බෝග විනාශය ඇති වන්නේ යයි පැරැන්නන් විශ්වාස කර ඇත. පුරාණයේ ඇතිවූ වසංගත රෝග අභිමතන රෝග ලෙස සැළකූ අතර "අභි" යනු සර්පයායි. තුඹසෙන් ඇදී එන නයා නාගලෝකයෙන් එන්නේයයි පුරාණ මිනිසා විශ්වාස කොට ඇත. නාග ලෝකය පොළව යට ඇතැයි වීර කාව්‍ය හා ජාතක කථාවල දක්‌වා ඇත්තේ ඒ නිසයි. නාග වන්දනා කලින් කල එක්‌වූ කොටස්‌ තුළින් වර්ධනය වී ඇත. හැව ඇරීමෙන් නාගයා තරුණ වීමත් අලුත් ජීවිතයක ආරම්භයක්‌ යයිද, පුරුෂ ලිංගය හා සමාන ලක්‍ෂණයක්‌ නාගයාට ඇති බැවින් දරුවන් නැති කාන්තාවන්ට දරුවන් ලබාදීමේ බලයක්‌ ඇතැයිද විශ්වාස කළේය.
එනිසා තුඹසක්‌ උඩ වාඩිවී සිටින මිනිසකුට පුද පූජාවන් තබා වැඳීමෙන් පිරිමි දරුවන් දීමේ බලයක්‌ ඇතැයිද සිතා වැඳුම් පිදුම් කළේය. අදත් භාරත ඉන්දියාවේ කන්‍යාවන් විසින් මෙය නාග වන්දනාවක්‌ වශයෙන් කරති.
නාග ලෝක දෙකක්‌ ඇතැයි ඔවුන් සිතූහ. එකක්‌ නයින් සහ සර්පයින් සිටින මේ මහ පොළවය. අනික පාතාල ලෝකයේ ඇතැයි සිතන නාග ලෝකයයි. සර්පයන්ට ඇති භීතියත් ජලය. වර්ෂාව සශ්‍රීකත්වය නාගයන්ගේ සම්බන්ධතාවය ආදිය නිසා ඇතිවූ ගෞරව සම්ප්‍රයුක්‌ත බිය නිසා සිතින් මවාගත් නාග ලෝකයත් ඇතිවිය. ලක්‍ෂණ නාග කන්‍යාවන් නාග කුමරියන් කාන්තා වෙස්‌ ගෙන සාමාන්‍ය මිනිසුන් හා රජවරුන් සමඟ විවාහ වූ අවස්‌ථාවන් ගැන ජාතික කථාවලින් පෙන්වා ඇත. නමුත් මිනිස්‌ වෙස්‌ ගත් පිරිමි නාගයන් සිටියද ඔවුන් තුළ කිපෙන ගතිය, විෂ ගෝර ගතියෙහි වෙනසක්‌ සිදුනොවේ. සිල් රැක්‌ක නාගයන් ගැනද කියවේ.
විශේෂයෙන් නාගයෝ මැණික්‌, මුතු, රන් අයිතිකරුවන් යයි කියන අතර ධනයෙන් ආඪ්‍ය කොටසක්‌ ලෙස හැඳින්වේ. වටිනා මැණික්‌ ඇති නාගයින් සිටින බවත් එවායින් නිකුත්වන ආලෝක ධාහරාවන් දැක ඇති අයද සිටිති. වෛර බැඳගෙන හෝ ධනයට ඉඩමට නිවසට, බඩු බාහිරාදියට, දරුවන්ට අඹුවට ආශාවෙන් හා ලෝභයෙන් මිය යන්නෝ නාගයන් වෙසින් උපදිතියි විශ්වාසයක්‌ ද ඇති බව ජනකථා තුළින් දැක්‌වේ. නැවත ඉපදීම නාගයන්ගෙන් සංකේතවත් වේ. ධනයෙන් කොතරම් ආඪ්‍ය වුවද නාගයන් වටිනා මැණික්‌ සොරා ගනී. බිමට වැටී නැතිවුනදේ නාගයින් සොරකම් කළ බව දැක්‌වෙන කථාද ඇත.
නාග වන්දනාව සශ්‍රීකත්වය පිළිබඳ ඇදහීමකි. සර්ප වන්දනාව ඉන්දියාවේ හා ලංකාවේ පමණක්‌ම නොව අන් රටවලද අදත් අදහති. මිසරයේ රජුගේ ඔටුන්නේද නාග සංකේතය යොදා ඇත.
මහා භාරතයෙහි සඳහන් පරිදි නාගයෝ කදුර්ගේ දරුවන් ලෙස හැඳින්වේ. ඔහුගේ සොයුරිය විණීතාය. ඇයගේ පුත්‍රයා අරුණ මොහු ඉරු දෙවියන්ගේ රථාචාර්යයාය. අනෙක්‌ පුත්‍රයා ගරුඬ ඔහු විෂ්ණු දෙවිඳුගේ වාහනයයි. යාපන අර්ධද්වීපයේ කන්ද රෝද නමැති ස්‌ථානය කදුරුගොඩ විහාරය නමින් නම්පොතේ සඳහන් ස්‌ථානය කදුරු ගස්‌ නියා නම යොදා නැති බවත් පූර්වයෙහි කදුරු නමැති නාගිනි පූජාව පැවැත්වූ ස්‌ථානයක්‌ වේ.
නාගයන් පිළිබඳ ජන කථාවන්a බොහෝය. ඉන්දියාවේ වයඹ දේශයේ උද්‍යාන නොහොත් හමාන්හි කෝසල ජනපදයේ විරූඪ රජ ශාක්‍යයන් වැනසීමේදී ඉන් බේරුණු ශාක්‍ය කුමරු, නාගයකු පිට නැඟ වයඹ දෙසට පැමිණියේය. එහිදී නාග කන්‍යාවක්‌ හමුවී ඇය සමඟ විවාහ වීය. ඔහුගේ මාමා ඔහුට කඩුවක්‌ තෑගි දී ඇත. එයින් එම රටේ රජු මරා ඔහු රජවිය. ඔහුගේ බිරිඳගේ හිස්‌ නවයක්‌ විය. ඒ හිස්‌ නවය නිසා ඇයට යහනේ සැතපීමට අපහසු විය. ඒ නිසා ඔහු ඇයගේ හිස්‌ නවය කපා හෙළීය. මේ නිසා ඔවුන්ගේ දරුවන්ට මහත් හිස රදයක්‌ද ඇතිවිය.
මහා වංශයේ සඳහන් නාගයින්ට වඩා දීප වංශයේ සඳහන් නාගයෝ මනුෂ්‍යත්වයට සමානය. දීපවංශය අනුව සංඝමිත්තා තෙරණිය ශ්‍රී මහා බෝ ශාඛාව ශ්‍රී ලංකාවට වැඩම කරවාගෙන එනවිට මුහුද මැදදී එය නාගයන් සතු කර ගැනීමට වෙරදරා, එය පැහැර ගෙන ගොස්‌ සතියක්‌ නාග ලොවේ තබාගෙන වැඳුම් පිදුම් කළ බවත්, පසුව සංඝමිත්තා තෙරණිය ගුරුළු වෙසක්‌ මවා ඔවුන් බිය වද්දා, එය නැවත ලබා ගත් බවත් සඳහන් වේ. මෙහිදී වැදගත් වන්නේ ශ්‍රී මහා බෝධිය දැක නාග කුමාරිකාවන් ප්‍රීති වූ බව හා නාග රජු කලු නාගයින් කොඩි ළෙලවමින් අනර්ඝ බෝධිය ශ්‍රී ලංකාවේ පිහිට වූයේ යෑයි දීපවංශයේ (16) පරිච්ඡේදය පෙන්වයි.
ලංකාවේ නාග කොට්‌ඨාස දෙකක්‌ ගැන මහාවංශය කියයි. එනම් සමුද්‍රස්‌ථාන නාගයන් හා පර්වත වාසී නාගයන්ය. නාගයන්ගේ එක්‌ රාජධානියක්‌ කැලණිය යයි. පර්වත නාගයින්ගේ රාජ්‍ය නිශ්චිත වශයෙන් හඳුනාගෙන නැත. එහෙත් දැනට පවත්නා විශ්වාශය අනුව බුදුරජාණන් වහන්සේ වැඩිය නාගදීපය නැතහොත් යාපනයට ආසන්නව ඇති කුඩා දිවයින වශයෙන් පිළිගැනේ. ලංකාව ගොවි තැනින් පෝෂිත ස්‌ථානයකි. දීප වංශයේ දැක්‌වෙන තොරතුරු අනුව මහෝදර, චූලෝදර නමැති නා රජවරුන් මැණික්‌ පුටුවක්‌ සඳහා ආරවුලක්‌ ඇතිවූ විට එය සංසිඳවීමට අපේ ලොව් තුරු බුදුන් වහන්සේ එතනට වැඩ ධර්මදේශනාවක්‌ කළ විට අසූ කෝටියක්‌ නාගයින් බුදුන් සරණගිය බවත්, බුදුන් පැමිණි දෙවාරයේදීම නාගයන් දන් පිළිගැන්වූ බවද සඳහන් වේ. බුදුන් වැඩිය එක්‌ වතාවක මැණික්‌ පුටුවක්‌ද පුදා ඇත. දෙවනවර කැලණියට වැඩිය අවස්‌ථාවේ රන් රුවන් හා වෛවර්ණ රෙදි වලින් සරසන ලද රුවක්‌ මඩුවකදී බුදුන් වහන්සේ ප්‍රමුඛ මහා රහතන් වහන්සේලා 500 නමක්‌ වැඩිය අවස්‌ථාවේ උන්වහන්සේලාට රසවත් ආහාර පානාදියෙන් නාගයන් දන්පුදා ඇත.
පැරැණි හා මෑත සාහිත්‍ය ග්‍රන්ථවල නාග කන්‍යාවන් හා නා රජවරුන් ගේ ක්‍රියාවන් බොහොමයක්‌ පිළිබඳ ඇති තොරතුරු සැබැවින්ම පුරාවෘත්තය පදනම් කරගත් ඒවා බව පෙනේ. නාග මානවිකාවන් ගැන කියවෙන පළමු පුවත වන්නේ දුටුගැමුණු රජුගේ බිසව වශයෙන් පත්කර ගත් කන්‍යාවය. නාග ලොවේ සිට නාග කන්‍යාවක්‌ මෙහි පැමිණ මහා සෑය වඳින්නට පුරුදුව සිටියාය. දිනක්‌ මහා සෑය මළුවේ පිරිත් දේශනයක්‌ කරන විට. අමාත්‍යවරු ඇය දැක උපක්‍රමයෙන් රජුගේ යහන් ගබඩාව වෙත ඇය කැඳවාගෙන ගියේය. ඉන්පසු රජු ඇයගෙන් තොරතුරු විචාරා ඇය සරණපාවා ගත්තේය. මේ පුවත නාග ලොවේ නා රජුන් දැනගත් පසු වහා කිපී දැඩි කෝපයෙන් මනුලොවට පැමිණ මඟුල් උයනේදී රජුට දෂ්ට කළේය. රාජකීය වෛද්‍යවරයා ඔහු සුවපත් කළත් පසුව පැමිණ විෂ වෛද්‍ය වරයාට දෂ්ට කර ඔහු මරා දමා දෙවනුව රජුට දෂ්ටකර මරාදැමූ බව ජාතක කථාවක ඇත. පසුව නාග කන්‍යාව රජුගේ මෘත දේහයට වැඳ නාග ලොවට ගිය බවද දැක්‌වේ.
මේ කථා වලින් පෙනීයන්නේ හිතූ වේලාවක උරග වේෂයත් මනුෂ්‍ය වේශයත් මවා ගත හැකි වෙනත් ලෝකයක විසූ දේව කොට්‌ඨාසයකට නාග කන්‍යාවන් අයත් වූ බවය.

මනහර නා මෙනෙවිය හිඳ ළවැලි පිට
ගෙන මිණි වෙන තත් නියඟින් මැද රුවට
කන එව කියන බුදු ගුණගී මියුරු කොට
සැන හෙව කැලණි ගඟ බඩ මඳ කලක්‌ සිට

රාහුල හිමියෝ සැළලිහිණි සංදේශයෙහි දක්‌වා ඇත්තේ කැලණි ගඟ බඩ වැලි තලාවන්හි මැණික්‌ වීනාවන් වයමින් බුදුගුණ ගැයූ නාග මානවිකාවෝ ක්‍රීඩාකළ බවයි. මෙතනදීද නාග මානවිකාවන් මනුෂ්‍ය ස්‌වරූපයකින් පෙන්වයි. එය කෝට්‌ටේ අවධියේය.
එහෙත් නාග මානවිකාවෝ ගෝත්‍රික ජන කොට්‌ඨාසයක්‌ නම් මෙහි සඳහන් කෝට්‌ටේ අවධියේ වනවිට ඔවුන් මෙහි ජීවත්ව සිටි බව පිළිගැනීමට හේතු සාධක නැත. එහෙත් මෙහි විසූ නාග ගෝත්‍රිකයන්ගේ ජීවන රටාව සංස්‌කෘතික වැදගත් කමකින් යුක්‌ත බව නම් පෙනේ. ඔවුන් සැබමින්ම සභ්‍ය මනුෂ්‍ය කොට්‌ඨාසයක්‌ තුළ කාන්තාවෝ රූ සිරියෙන් අනූන වූවාය. සංගීත, කාව්‍ය, නාටකාදි රංගනයන්හි අතිශයින් දක්‍ෂයන්ය. එවන් කරුණු රාශියක්‌ තුළින් ඉහත කී දුටුගැමුණු කථාවේ දැක්‌වෙන හරය අනුව ගෝත්‍රික නාග ප්‍රධානියකුගේ දියණියක්‌ රජුගේ වසඟයට පත් වූ බව මිස පිටස්‌තර ලෝකයක වාසය කරන අතිමානුෂ බලයක්‌ ඇති කන්‍යාවක්‌ නොවන බවය.
මේ උරග ස්‌වභාවය නාග ගෝත්‍රිකයන්ට දී ඇත්තේ යක්‍ෂ ගෝත්‍රිකයෝ මිනී මස්‌ කන භයානක අමනුෂ්‍ය කොට්‌ඨාසයක්‌ ලෙස සිතින් මවාගත් පරිදි නාගයන්ටද එම උරග ස්‌වරූපය ආරෝපණය කළ බවයි.
මේ නාගයන් අතර රාජනාගයා නමින් නාගයින් කොටසක්‌ ඉන්දියාවේ හිමාල අඩවියේ සිටී. ඔවුන්ගේ ආහාරය නයින්ම පමණකි. ඉන්දු, චීනය, බුරුමය, අන්දමන් දූපත්, මලයාව, පිලිපීනය බෙහෙවින් වෙසෙති. ඉන්දියාවේ වැඩිවශයෙන්ම කර්නාටක ප්‍රාන්තය, උත්තර ප්‍රදේශය, ඔරිස්‌සා යන ප්‍රදේශවල කඳු සහිත ලඳු කැලෑ ඔවුන්ගේ නිජ බිම වේ.
එමෙන්ම නාගයින් මැරීම අනන්ත පාපයකි. මැරීම පාපයක්‌ මෙන්ම සමහරවිට නයින් මැරුවොත් මැරූ අයට උමතුව පිස්‌සු, නැතහොත් තමා අන්ත පරිහානියට පත්ව උන්හිටි තැන් පවා අහිමිවූ අවස්‌ථා අපට අපේ පොත්වලින්ම දක්‌නට ඇත.
අද අපේ රටේ සිටින නාගයින් යක්‍ෂණියන්ගේ නම්වලින් හා දේව නාමයන්ගෙන් නයාගේ ශරීර අවයවයන් අපූර්ව විදහා පෙන්වා ඇත. ඒ නිසා නයකු හෝ සර්පයකු දෂ්ඨ කළහොත් ඒ සර්ප විෂ උග්‍රවී ජීවිතය පවා මරණයට ගොදුරුවේ. මේ නිසා නයින් බෙල්ලේ ඇඟේ පටලවා නටන නයි නළඟනන්, නයි නටවන්නන්, නයා සමඟ ඇසුරු කරන්නන්, සර්පයින් සමඟ සෙල්ලම් නයි රෙද්ද අස්‌සේ දාගෙන නයා කනවෝ කනවෝයි කියමින් අකල් මරණයට බිලිවන බව නම් සැබෑ බවයි.

තිස්‌දෙකක්‌ දන්තය - සතරක්‌ එයින් නම් විය
තකරී මකරී ය - කාල රාත්‍රිය යම දුති ය
මේ යක්‍ෂණින් දල සතරය - තකරී නම් දළ බ්‍රහ්මය
මකරී නම් දළ විෂ්ණුය - කාල රාත්‍රී යම ඉසුරුය
යම දුතී දළයක්‌ විය - දකුණැස එ උමා දෙවියා

යනාදී වශයෙන් විෂ ලක්‍ෂණයන් කාව්‍යයෙන් සඳහන් කොට ඇත. මේ නයින් දෂ්ට කළ විට මාත්‍ර, යාත්‍ර, ධුම හා සිංහල විෂ වෛද්‍ය ක්‍රමයන් ඇත. ඒ වායින් කීපයක්‌ මෙසේය.

"ඕං ගරුඬ විෂධාලි ගුලිධාලේ ස්‌වහ" - (108 වරක්‌ දියමතුරා පොවනු විෂ අඩුවේ).
ඕං කුරුවාල කුරුවෙන් තන්වාල එන්නඹි මරක්‌කාලුම් ගුරු කට්‌ටු නෙරෙප්පු සිවගුරු විෂගුරු තට්‌ටු පුට්‌ටු හඃ - ගිනි පෙනෙල්ලට 108 මතුරා දියේ ඔබනු විෂබහී)
ඕං නමෝ මුගලන් ආදිත්‍ය වේගෙන විෂ්ණු බාහු බලෙන් ගරුඬ පක්‍ෂ වෛත හර හර හ්‍රSං හ්‍රSං ප්‍රොaං ප්‍රොaං ඒ ස්‌වහඃ...
(දුම්මල මතුරා කෑමුෙ€ට අල්ලනු, සර්පයා ඇවිත් විෂ උරා බොයි. සර්පයා නොමරා කෑමදී අරිනු).

ඕං ශ්‍රීං වජ්‍රාසනේ ශ්‍රී භගවතෝ ඒහි ඒස්‌වාහා... (වැලි මතුරා ගසනු නයා දුවයි).
ඕං නයි පාඹු අටකොන දැනනේ සිටු සර්ව ප්‍රානේ බූමි මණ්‌ඩල ස්‌වාමියානේ ඕඩු (වැලි මතුරා ඉසිනු). මෙවන් නයි දැපන, ඖෂධයන්ද බොහෝ ඇත.
ගුප්ත විද්‍යාවේදී, සාමවිනිසුරු දේශබන්දු
රඹුක්‌කන ජිනදාස එදිරිසිංහ - divaina
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

බ‍්‍රහස්පතිගෙන් පෘථිවියට ආ අද්භූත යානය...( අබිරහස් අඩවිය - Abirahas Adawiya aliens pitasakwala jeeween)


පෝල් ටෙ‍්‍රන්ට් නිවස තුළ ආහාර ගනිමින් සිටියේය. ගොවිපලේ සිටි බිරිඳ හදිසියේම දුටු දෙයින් විස්මිතව තම සැමියා අමතා බෙරිහන් දෙන්නට වූවාය. බිරිඳගේ හදිසි කෑ ගැසීම අසා පෝල් එලියට එද්දී දුටුවේ තම ගොවිපළට ඉහළින් අමුතු ආකාරයෙන් ගමන් ගන්නා වස්තුවකි. ඔහු වහාම කැමරාව රැගෙනවිත් එහි ඡායාරූප කිහිපයක්ම ගත්තේය. ඒ 1950 මැයි මස 11 වැනි දිනයයි.
මදක් ඇලවී තිබූ මේ රවුම් තැටි ආකාර වස්තුව කිසිදු ශබ්දයක් හෝ දුමක් නොනගා දීප්තිමත්ව දිලිසෙමින් නොපෙනී යන ආකාරය ඔවුහු බලා සිටියහ. තමන් ලබාගත් මේ අපූරු වස්තුවේ ඡායාරූප පෝල් මිතුරන් කිහිප දෙනකුට පෙන්නුවේය. එහෙත් ඒ ගැන ඔහුගේ වැඩි උනන්දුවක් තිබුණේ නැත. මැක්මින්විලේ ග‍්‍රාමයේ සිටි පුවත්පත් වාර්තාකරුවකුට මේ ඡායාරූප ගැන අසන්නට ලැබිණි. ඔහු වහාම සිදුවීම පසු පස හඹා ගියේය. අවසානයේ ටෙ‍්‍රන්ට් ගේ දරුවන් සෙල්ලම් කිරීම සඳහා භාවිත කරමින් සිටි ඡායාරූප කිහිපයක් ඔහුට හමුවිය.
එය තම සගරාවේ පල කිරීමට ඔහු සමත් වූවේය. අවසානයේ මේ ඡායාරූප ලයිෆ් සගරා අතට ද පත්විය. එයින් වසර 14 ට පමණ පසු ඇමෙරිකාවේ රාජ්‍ය ආරක්ෂක අංශයේ අනුග‍්‍රහයෙන් කොලරාඩෝ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පිරිසක් ද එහි ගොස් වැඩි විස්තර එකතු කළහ.
1954 අගෝස්තු මස 23 වැනි දිනයේ හිමිදිරියයි. පැරිස් නගරයේ සිට කිලෝ මීටර 80 ක් පමණ ඈත ගංගාවක් අසළ තම නිවසේ සිටි බර්නාඞ් අපූරු දෙයක් දුටුවේය. තම නිවසට මදක් ඈතින් අහසේ එල්ලෙමින් සිටින දීප්තිමත් අපූරු දිගැටි වස්තුවකි. මේ තුලින් ගිනි බෝල වැනි යමක් වරින් වර එළියට පැමිණෙන ආකාරය ද එහු දැක තිබිණි. මේ කි‍්‍රයාව තුන් වතාවක්ම සිදුවනවා ඔහු දැක ඇත. බර්නාඞ් මේ බව පොලීසියට කීමට ගිය විට දැනගත්තේ රාතී‍්‍ර මුර සංචාරය නිමවා කාර්යාලයට යමින් සිටි පොලිස් නිලධාරින් දෙදෙනකු ද මෙම සිදුවීම දැක ඇති බවයි.
පිටසක්වළ ජීවීන් සම්බන්ධ තවත් කතාවක් අසන්නට ලැබෙන්නේ 1968 වර්ෂයේ සැප්තැම්බර් 01 දිනයේදීය. කැසිනෝ ආයතනයක හිමිකරුවන් වූ ජුවාන් කාලෝ පෙසිනෙට්ටි සහ ෆර්නැන්ඩෝ ජෝස් විලේගස් මිතුරන් දෙදෙනා සිය නිවෙස් බලා යමින් සිටියහ. වේලාව අලූයම 3.30 පමණ වී ඇත. මොවුන් දැඩි අඳුරක් සහිත ස්ථානයකින් යමින් සිටියදී හදිසියේම ඔවුන්ගේ රථය නතරවූයේ කිසිවක් කරකියා ගත නොහැකි ආකාරයෙනි. කිහිප වරක් එය පණ ගැන්වීමට උත්සාහ කළ ද ඒ සියළු උත්සාහයන් ව්‍යර්ථ වී ගියේය. ඔවුන් හදිසියේම දුටු දෙයින් ත‍්‍රස්ත වී ගියේය.
තම රථයට ඉදිරියෙන් පොළොවට සමීප වූ අද්භූත ආලෝකයක් විහිදුවන පීරිසියක් වැනි යානයකි. එයින් බැසගත් මිනිසුන් වැනි එහෙත් විකෘති රූපකායක් සහිත පස් දෙනකු ඔවුන්ට දක්නට ලැබිණි. එයින් තිදෙනකු ටිකෙන් ටික තමන් ආසන්නයට පැමිණ ඇත. මේ අද්භූත මිනිසුන් ඔවුන්ගේ අත් අල්ලාගෙන ඇ`ගිලිවලින් රුධිර සාම්පල ලබාගෙන තිබේ. මොවුන් දෙදෙනා පවසන්නේ තමන් කාරයෙන් බසිනවාත් සමගම අංශ භාගයට ගොදුරු වූ රෝගීන් මෙන් අතපය සෙළවීමට නොහැකි වූ බවයි. ඔවුන්ගේ අත් ඔරලෝසු ද අලූයම 3.42 ට නැවතී තිබුණු බව පසුව දැනගන්නට ලැබිණි.
ඔවුන් දෙදෙනා සඳහන් කරන්නේ මේ අද්භූත මිනිසුන් මීටර 1.5 ක් පමණ උසැති බවයි. එමෙන්ම ශරීරය උණුසුම් කරවන ඇඳුම් හැඳ සිටිය ද කෙස් නොමැති විශාල හිසකින් යුතු වූ බව ද පවසයි. තමන් ඉදිරියට පැමිණි මේ අද්භූත මිනිසුන් කුඩා රේඩියෝවකින් පිටවන ආකාරයේ ශබ්දයකින් කතා කළ බවත් ‘‘ බිය නොවන්න’’ ‘‘ බිය නොවන්න ’’ යන ශබ්දය තමන්ට ඇසුණු බවත් ඔවුහු පවසති. ඉන් පසු තමන් හමුවේ තවදුරටත් හඩ අවදිකළ අද්භූත මිනිසුන් මෙසේ කියූ බව පැවසේ.
‘‘ අපි සූර්යයා වටා තවමත් සංචාරය කර ඇත්තේ තුන්වරක් පමණි. සූර්යයා නොමැතිනම් ජීවයක් පවතින්නේ නැත. මේ ගමනේදී අපි සෞරග‍්‍රහ පද්ධතියේ ජීවීන්ගේ සංස්කෘතිය හා භාෂාව පිළිබඳ හදාරන්නෙමු. විශ්ව භාෂාව වන්නේ ගණිතයයි. ’’
මේ ශබ්දය මිතුරන් දෙදෙනාගේ සවනට වැදෙත්ම එක් අයකු පෑස්සුම් උපකරණයට සමාන ආකාරයේ උපකරණයක් ගෙන කාරයට ලංවී එහි දොර ජනෙල්වල යම් යම් දේ කුරුටු ගෑවේය. නමුත් පසුව කාරය පරීක්ෂා කිීමේදී එහි කිසිදු සීරීම් ලකුණක් හෝ දක්නට නොවිණි.
මොවුන් මේ විස්තර කීවේ එදින උදෑසනම ඒ අසළ වූ එස්පෙජෝ ජාතික යුද හමුදා අභ්‍යාස විද්‍යාලයට සිහි විකල්වූවන් මෙන් පැමිණීමෙනි. ඔවුන් භියෙන් තැතිගෙන පැවසූ මේ වදන් පිළිගන්නට එහි නිලධාරීන් වැඩි කැමැත්තක් නොදැක්වූ අතර ඔවුන් දෙදෙනාම ළගම ඇති ලැගොමැජියා රෝහලට යොමු කිරීමට කටයුතු කැර තිබිණි.
මොවුන් උන්මත්තකයන් යැයි සිතූ හමුදා නිලධාරීන් ඔවුන් දෙදෙනා රෝහලක්වෙත යොමු කළහ. රෝහලේදී වෙන් වෙන්ව තබා ගත් අතර වෛද්‍යවරුන්ගේ මතය වූයේ මේ දෙදෙනා දැඩි කම්පනයකට ලක්ව ඇති බවයි.
කාරයේ තිබූ අමුතු සටහන් පරීක්ෂා කළ මෙන්ඩෝසා අභ්‍යාවකාශ කේන්ද්‍රයේ විද්‍යාඥයන් කියා සිටියේ මෙම ජීවීන් විසින් අඳින ලදැයි කියන සංකේතයන්හි ප‍්‍රධාන ග‍්‍රහ පද්ධති දෙකක් දක්වා ඇති බවයි. ඉන් එකක් බුද, සිකුරු සහ පෘථිවිය අයත් වන්නකි. අනෙක් පද්ධිතියේ නිරූපනය වන්නේ බ‍්‍රහස්පති සහ අයෝ, යුරෝපා, ගැනිමීඞ් යන උපග‍්‍රහයන්ය. ගැනිමීඞ් සහ පෘථිවිය අතර සමාන්තර රේඛා දෙකක් ඇඳ තිබේ. ඔවුන්ගේ සටහන අනුව මේ ආගන්තුකයන් පැමිණ ඇත්තේ ගැනිමීඞ් නමැති බ‍්‍රහස්පතීගේ උප ග‍්‍රහයාගෙනි.
මෙම සිදුවීම අසත්‍යයකැයි බොහෝ දෙනකු බැහැර කිරීමට උත්සාහ ගත්ත ද රෝහලේ සහ ආරක්ෂක විද්‍යාලයේ දී මේ දෙදෙනා දුටු බොහෝ පිරිස් කියා සිටියේ ඔවුන් පවසන දෙය සත්‍යයක් බවයි. කෙසේ වෙතත් මේ මිතුරන් දෙදෙනා සඳහන් කරන එදින අලූයම 3.30 ආසන්න කාලයේ දී මෙන්ඩෝසාවේ දුම්රිය පොළ සේවකයකු අලූයම 3.40ට පමණ විශාල ආලෝක ධාරාවක් නිරීක්ෂණය කර තිබේ. එමෙන්ම එදින පෙරවරු 3.45 ට සොනෝරා මරියා නමැති කාන්තාවක් පොලීසියට දුරකථනයෙන් පවසා ඇත්තේ ඉතාමත් දීප්තිමත් වස්තුවක් පහතින් ගමන් කරන බව තමන් දුටු බවයි.
ජුවාන් කාලෝ පෙසිනෙට්ටි සහ ෆර්නැන්ඩෝ ජෝස් විලේගස් දෙදෙනා අභ්‍යාවාකාශයෙන් පැමිණි අමුතු මිනිසුන්ට මුහුණ දුන්නායැයි පැවසෙන ස්ථානයත් මෙම කාන්තාවගේ නිවසත් අතර ඇත්තේ සැතපුම් හතරක් පමණ දුරකි.
1978 දෙසැම්බර් මස 30 දා නවසීලන්තයේ වෙලින්ටන් නගරයෙන් ගුවන්ගත වූ යානයකි. ගුවන්යානා පැදවීමේ කෘතහස්තයකු වූ කපිතාන් බිල් ස්ටාටප් එහි නියමුවා වූවේය. සහායක නියමුවා ලෙස කපිතාන් බොබ් ගාර්ඞ් කටයුතු කළේය.  ඕස්ටේ‍්‍රලියාවේ රූපවාහිනී නාලිකාවක කණ්ඩායමක් මෙම යානයේ සිටීම ද විශේෂත්වයකි.
යානය පැසිපික් සාගරයට ඉහළින් ගමන් කරමින් තිබිණි. හිටිහැටියේම යානයේ නියමුවන් දුටුවේ විශාල දීප්තිමත් අලෝක ලප පහකි. නියමුවන් කළේ යානයේ සිටි රූපවාහිනී කණ්ඩායම මේ දර්ශනය පටිගත කිරීම සඳහා කැඳවීමයි. ඒ සමගම පාලක මධ්‍යස්ථානයෙන් ද පණිවිඩයක් ලැබිණි. ඒ හඳුනානොගත් යමක් මෙම යානාව ලූහුබදින බවයි. එම ලූහුබදින වස්තුව ක‍්‍රමයෙන් විශාල වෙමින් පවතින බව ද පාලක මැදිරියෙන් දිගින් දිගටම කියන්නට විය.
නියමුවන් යානය යළි හැරවූවේ ලූහුබදින්නා වඩාත් හොඳින් දර්ශනය කැර ගැනීමේ අදහසිනි. එහෙත් යානයෙන් පිටවන ආලෝකය හේතුවෙන් පිටත ඇති ආලෝක වස්තූන් හොඳින් ඡායාරූපයට නැගීමේ හැකියාවක් ලැබී නැත.
මේ යානයේ සිටියවුන් ආලෝකය විහිදුවන අද්භූත වස්තූන් දුටු ආකාරයටම එම මොහොතේ එම ස්ථානයේම යම් පියාසර වස්තූන් කිහිපයක් ගමන් කරමින් තිබූ බව රේඩාර් පද්ධතිවල මනාව සටහන්ව තිබිණි. විනාඩි විස්සක පමණ කාලයක් පැයට කිලෝ මීටර 100 ත් 200 ත් අතර වේගයකින් ගමන් කරන ලද මේ අරුම පුදුම පියාසර වස්තූන් පියාඹන පීරිසි ද යන්න නිශ්චිතවම කිව නොහැකි වුව ද ඒ පිළිබඳ කරුණු සොයා බැලූ ගුවන් බලධාරීන් කියා සිටියේ එම අවස්ථාවේ වෙනත් කිසිදු යානයක් ගුවන්ගත වී නොතිබූ බවයි. එසේනම් මේ අද්භූත යානා සියල්ල පිටසක්වල යානා ද යන්න සොයා බැලිය යුතුය.
ආජන්ටිනාවේ ටුකුමාන් ප‍්‍රදේශයේ යුවතියන් දෙදෙනකු 1963 ඔක්තෝබර් මස 21 වැනි දින රාති‍්‍රයේ අපූරු දෙයක් දැක තිබිණි. එම ප‍්‍රදේශයේ විදුලිය විසන්ධි වීම නිසා බොහෝ දෙනකු වේලාසනින්ම නින්දට ගොස් තිබිණි. මේ අතර ඩෝරා මාටිනා සහ යොලී ඞී. වැලේ අවදිව සිටියේය. ඔවුන් හදිසියේම දුටුවේ තම නිවෙසට තරමක් ඈතින් ඇති දුම්රිය මාර්ගයට ඉහළින් ගෝලාකාර වස්තූන් දෙකක් විශාල ආලෝකයක් නිකුත් කරමින් එකිනෙක යා කරමින් පවතින බවයි. මේ ගෝලාකාර වස්තූන් දෙක දිලිසෙන දිගැති නාලයකින් එකිනෙක යා වූ පසු මේ නාලය හරහා මිනිස් ඡායා ගමන් කරන ආකාරය මේ යුවතියන් දෙදෙනා හොඳින්ම දැක තිබේ.
කෝච්චියක් පීලි පැන ඇතැයි සිතූ මේ දෙදෙනා ඒ දෙසට යන්නට සූදානම් වෙද්දී දුටුවේ තම නිවසේ ඉදිරිපසට ආලෝක කදම්භයක් ඇති බවයි. කිසිවෙකු රථයකින් නිවස දෙසට පැමිණෙමින් සිටිනවායැයි සිතූ ඔවුන් නිවස ඉදිරිපිටට යද්දී දැක ඇත්තේ යම් ගෝලාකාර වස්තුවක් වාතයේ පාවෙමින් තිබෙන ආකාරයකි. මීටර නමයක් පමණ පළල වූ එම අද්භූත වස්තුව ජනේල හයකින් සමන්විත වූ බව ද ඔවුන් පවසයි.
මේ වස්තුව වේගයෙන් කැරකෙමින් මීදුම වැනි දුමක් පිටකළ බවත් ඒ සමගම සල්ෆර් දුර්ගන්ධය දැනුනු බවත් ඔවුහු කියති. එම යානයෙන් අලෝක කදම්භ වරින් වර විවිධ දිශාවන්ට එල්ල කළ බවත් හිරු එළියට බොහෝ සෙයින් සමාන වූ එම ආලෝකය නිවෙස් තුළට පවා ගමන් කළ බවත් මෙම තරුණියන් දෙදෙනාගේ දෙමාපියන් පවා දැක තිබේ. අනතුරුව තවත් යානා හයක් එම ස්ථානයේ දක්නට ලැබුණු බවත් පැයකට ආසන්න කාලයක් තිබූ යානාය හය අසළ ඇති කඳුවැටිය දෙසට ගමන් කැර තිබේ.
පසුදා උදෑසන එම ස්ථානයට පැමිණි පර්යේෂකයන් දැක ඇත්තේ යානය කැරකෙමින් තිබූ ස්ථානයේ මීටරයක් පමණ ගැඹුරට හෑරුණු කේතුකාකාර වළක් ඇති බවයි. මේ වළේ තිබී සුදු පැහැති කුඩා බෝල කිහිපයක් හමුවී ඇත.
අධික පීඩනයක් යෙදුව ද කඩා දැමිය නොහැකි වූ මේ බෝල පිළිබඳ පර්යේෂණ කළ ටුකුමාන් විශ්ව විද්‍යාලයේ රසායනික ඉංජිනේරු අංශය පවසන්නේ මේවායේ සියයට 96.48 ක් කැල්සියම් කාබනේට් අඩංගු බවයි. එමනේම ඉතිරි සියයට 3.51 පොටෑසියම් කාබනේට් වලින් සැකසී ඇති බව ද පර්යේෂකයෝ පවසති.
මේ ප‍්‍රදේශය දැඩි සෝදිසියකට ලක්කිරිමේදී පෙනී ගොස් ඇත්තේ දුම්රිය මාර්ගයේ යානා රැඳ තිබුණායැයි කියන ස්ථානයේද එවැනි සුදු පැහැති බෝල තිබූ බවයි.
මේ පිටසක්වළ ජීවීන් පැමිණි අවස්ථා කිහිපයක් පිළිබඳ ඇති වාර්තා පමණි. මෙයට අමතරව තවත් ස්ථාන බොහොමයකින් පිටසක්වළ ජීවීන් පැමිණි බවට සාධක තිබෙන බවත් ඇතැම් ඒවා ඒ ඒ රටවල පාලන අධිකාරිය විසින් යටපත් කැර ඇති බවත් පැවසේ.
මෙවැනි අද්භූත යානා දුටුවහොත් ඒ පිළිබඳ ප‍්‍රසිද්ධ නොකරන ලෙස බොහෝ රටවල් තම ගුවන් නියමුවන්ට, පොලීසි වලට හා ආරක්ෂක අංශවලට දැනුම් දී තිබේ. එබැවින් පිටසක්වළ යානා පිළිබඳ වැදගත් තොරතුරු බොහොමයක් යටපත්වී යයි.
සජීව විජේවීර - ලංකාදීප
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya