Friday, October 27, 2017

ඉතා පැරණි මහා බල සම්පන්න ස්ත්‍රී වශී ගුරුකම් සහ මන්තර....(අබිරහස් අඩවිය - Abirahas Adawiya - ශාස්ත්‍රීය ළිපි)

වශී ගුරුකම් ගැන දැන්වීම් අද බහුලව දකින්නට ලැබේ. වරු තුනෙන් දින තුනෙන් ඕනෑම කෙනෙකු වශීකර දෙන්නට හැකි ශූරයින්ද මේ අතර සිටින බව පෙනේ. ඔය කියන ආකාරයට වශී ගුරුකම් කළ හැකිනම් හින්දි නළු නිළියන්, විදේශ ජනාධිපතිවරුන් මෙලහකටත් අපේ කෙල්ලන්ගේ කොල්ලන්ගේ ගෙවල් වල සිටිය යුතුය. ඔය කියන ආකාරයට වශි ගුරුකම් කළ නොහැක.
වශී ගුරුකම් යනු සංකීර්ණ ගුප්ත විද්‍යාත්මක කාර්්‍යයකි. අංග අටකින් යුතු මන්ත‍්‍ර ශාස්ත‍්‍රයේ පළමු අංගය වශී කර්මය යි. වශී කර්මය යනු කෙනෙකුගේ සිත ගැනීමයි. මෙය ඉනා ගුරුකම් යනුවෙන්ද හැඳින්වේ. මන්ත‍්‍ර ශාස්ත‍්‍රයට අනුව වශී ගුරුකම් සිදුකිරීමේදී ඊට නියමිත නැකතක් සහිත දිනයක් තෝරාගත යුතුය. වශී ගුරුකම් සඳිහා යොදා ගත යුත්තේ පුර පක්‍ෂයේ දිනයන්ය. පුර පක්‍ෂය යනු අමාවක ගෙවුණු තැන පටන් පසලොස්වක තෙක් කාලයයි. එනම් සඳ නැගෙන කාලයයි. පසලොස්වක ගෙවුණු තැන පටන් සඳ බැසගෙන යන කාලය අව පක්‍ෂයයි. එම කාලය තුල වශී ගුරුකම් නොකළ යුතුය. වශී ගුරුකම් සඳහා යොදා ගන්නා දිනය සුබ තිථියක් සහිත දිනයක් විය යුතුය. ගුරුකම් ආරම්භ කළ යුත්තේ සුබ නැකතකටය. මෙම සුබ මොහොත වශී කරගතයුතු කෙනාගේ දුර්වල අවස්ථාවක් විය යුතුය. එමෙන්ම, වශී ගුරුකම් කරගනු ලබන්නාගේ ජයග‍්‍රාහී මොහොතක් විය යුතුය. ගුරුකම් කිරීමේදී උපන් වේලාවන් අවශ්‍ය වන්නේ මේ නිසාය.
තමන්ට අවශ්‍ය ඕනෑම කෙනෙකු වශී කරගැනීමට නොහැක. අදාල පුද්ගලයාගේ ග‍්‍රහ බලය ශක්තිමත්නම් වශී ගුරුකම් සාර්ථක නොවේ. එමෙන්ම අදාල පුද්ගලයා කුමන ආකාරයෙන් හෝ තමන්ට හිමිකමක් ඇති අයෙක්දැයි සොයා දැනගත යුතුය. උපන් වේලාවන් නොමැතිනම් තත්කාලශාස්ත‍්‍රය, අදුන, හස්ත රේඛා ආදී ක‍්‍රමයකින් හෝ මෙම තොරතුර පළමුව සොයා දැනගත යුතුය. ආවාට ගියාට වශී ගුරුකමක් සිදුකිරීමෙන් සාර්ථක ප‍්‍රතිඵලයක් අත් නොවේ.
ගුරුකමක් යනු ගුප්ත කටයුත්තකි. රහස්‍ය කාර්්‍යයකි. ගුරුකම් පිළිඳව දැනගත යුත්තේ මන්ත‍්‍රාචාර්යවරයා හා ගුරුකම් කරගනු ලබන්නා පමණි.
වශී ගුරුකම් සිදුකරන මන්ත‍්‍රාචාර්යවරයෙක් ඊට නියමිත මන්ත‍්‍ර සිද්ධිය ලබා සිටිය යුතුය. මන්ත‍්‍ර සිද්ධියක් ලබාගැනීම ලේසි පහසු කටයුත්තක් නොවේ. නිසි කැපවීමකින් තොරව මන්ත‍්‍ර සිද්ධිය ලබාගත නොහැක. පොතක පතක තිබූ මන්ත‍්‍රයක් කටපාඩම් කරගත් පමණින් ගුරුකමක් කළ නොහැක.
අද වශී ගුරුකම් කරනවායැයි පවසමින් බොහෝ දෙනා කරන්නේ ජනතාව මුලා කිරීමකි. මේ අතරින් බොහෝ දෙනා මන්ත‍්‍ර ශාස්ත‍්‍රයේ අංග අටවත් (අෂ්ට කර්මය) නොදන්නා අයයි. ඈත අතීතයේ විසූ සෘෂිවරු විසින් බිහිකරන ලද මන්ත‍්‍ර ශාස්ත‍්‍රය හෑල්ළුවට ලක්වන්නේ එවන් සොරුන් හේතුවෙනි.
නීච කුල වල උපන් අයට ගුරුකම් කිරීමට විශේෂ බලයක් හෝ විශේෂ දැනුමක් නොමැති බවද දැනගත යුතුය. සියළු නීච කුල මන්ත‍්‍රවල බලය ජලනන්දන පිරිත මගින් පහසුවෙන් බිඳහෙලිය හැකි බවද විශේෂයෙන් මතක් කළ යුතුය.
ඔබට අත් හදා බැලිය හැකි මන්තර කිහිපයක් පහතින්
බිරිඳ සතුටු කිරීමට මන්තරයක්
මුහුණ බලා කැමති කරගැනීමට වශීයක්
දර්ශන වශීයක්
ස්පර්ශ වශීයක්
ස්ත්‍රි කෙටි වශීයක්
ඕං නමෝ පංචකාම සුන්දරී ලලිතකාමී ඒහි ඒස්වාහ
දකුණු අත පිරිසුදු කොට අල්ලට 108 වර මතුරා උවමනා ස්ත්‍රියට පෙන්වනු.
කෙටි වශියකි.
බුලත් ආදාරයෙන් කරනු ලබන වශී මන්තරයක්
මන්ත්‍රය
ඔං නමෝ සංකාර කාලි කාලි සංකරමාලි ඒහි එස්වඃ
ක්‍රමය
අලුත් බුලත් වැලක අලුත් බුලතට ඉහත මන්ත්‍රයෙන් 108 වර මතුරා කඩාගෙන ඉන්පසු ඇගේ නම දමා නැවත 108 වර මතුරා කන්ට දෙනු...
දිවි ඇති තෙක් ආදරය වන වශීයක් ....
මන්ත්‍රය
ඔං මායා සුන්දර ඇසුර සුර තැලි ත්‍රීන් දාරන මායා නික්කුන් නික්ක නික්ක එස්වඃ ෴
ක්‍රමය
දකුණු අතට ඉහත මන්ත්‍රයෙන් 334 වර මතුරා කෙල්ලගේ හිස අතගානු දිවි ඇති තෙක් ආදරය වෙයි...
සිත බැදෙන වශීයක්
මන්ත්‍රය
ඔං නිලිනා ඕඩිවා ෴
ක්‍රමය
අවශ්‍ය කාන්තාවගෙන් වතුර වීදුරුවක් ඉල්ලගෙන ටිකක් පානය කොට ඉතිරි වතුරට 21 වර මතුරා ඈට බිමට දෙන්න සිත බැඳේ..
බාල ලඳුන් වශීයක්
මන්තරය
ඔං ශ්‍රී ලෝක ශ්‍රී ධර” සයිතාකාලි මා පිට දැපනවීසිටිත් උඩබිම නරතල ග්‍රහපති ගිරළු සැර ආරුඪ මේක සකාල රාජ රාවනා රාජ මෙකි පිරිවර මපිට ගැසෙත්වා නමෝ ජාල රල දිවා තුල එස්වඃ නමෝ දිවා ගැල එස්වඃ ෴
ක්‍රමය
108 දී වාරයක් තන කිරෙන් මතුරා තිලකදී බාල ලඳුන් දෙස බලනු...
වශී වේ...
වශීයක් සත්‍ය බැල්මට...
මන්තරය
නමෝ ඉරි සඳ පටිච්චස්වා සිමාසි යේහි යේහි යේස්වාහ
නමෝ ප්‍රම සුන්දර ලි තැලි තැලි යේහි යේහි යෙස්වහ
ක්‍රමය
108 වර බුලතට නම සිහිකර මතුරා කටේ දමාගෙන ගොස් කතා කරනු...
සත්‍ය බැල්මට ගිරිතිල්ල දලුට මතුරනු, තමා දෙසට නැමේ..
කාන්තා වශී මන්තරයක්.
මන්ත්‍රය
නමෝ මුඛ බන්ධ මෝක්‍ෂ මුඛ බන්ධ හෑස්වාහා ෴
මුහුණ බලාගෙන නම සමග මන්ත්‍රය කිහිප වරක් සිහි කරන්න හිත බැදේ...
වැඩි වෙලාවක් රතියෙහි යෙදීමට මන්ත්‍රයක්
රතියෙහි යෙදෙන අවස්ථාවේ මුමුණ මුමුණ ඇයගේ නළලට පිඹින්න(වැඩි වෙලාවක් රතියෙහි යෙදීමට )
මන්ත්‍රය
ආ ඊ ගොළු පිල්ලි බන්ධන ඊසානෙහි ඉබ්‍රා වාරු ශ්‍රී නාකර යක්ෂනි සර්ව ජීව ඉදං මෝහිනී අම්මා ඉදං වා වා

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Saturday, October 21, 2017

හැම්ප්ටන් කෝට් මන්දිරයේ සිටින අවතාරය කාගේද? (අබිරහස් අඩවිය - Abirahas Adawiya - hampton court හොල්මන් කතා. holman katha)

එක්සත් රාජධානියේ ලන්ඩන් නගරයේ තේම්ස් නදියට මුහුණලා අලංකාර මන්දිරයක් පිහිටා තිබේ. එය හැම්ප්ටන් කෝට් මන්දිරය ලෙස නම්කර ඇත. 16වන සියවසේ ඉදිකරන ලද මෙය අවසන්වරට වාසස්ථානය බවට පත්කර ගනු ලැබුවේ දෙවැනි ජොර්ජ් රජතුමා විසිනි. ඔහුගෙන් පසු දිගු කාලයක් පාවිච්චියට නොගත් හැම්ප්ටන් කෝට් මන්දිරය මේ වනවිට සංචාරක ආකර්ෂණය දිනාගත් කෞතුකාගාරයක් බවට පත්ව තිබේ.
මෙම හැම්ප්ටන් කෝට් මන්දිරය පිළිබඳව අතීතයේ සිට අසන්නට ලැබුණු විවිධ කටකතා බොහෝය. ඒවා සියල්ලක්ම පාහේ හොල්මන් සහ අවතාර පිළිබඳවය. නමුත් ඒවා විශ්වාසයට ගත් කෙනෙකු හෝ ඇසින් දුටු කෙනෙකු පිළිබඳව පසුගිය සියවස් තුන පුරාම සොයාගන්නට හැකිවූයේ නැත. නවීන තාක්ෂණ ක‍්‍රමවේදත් සමග හැම්ප්ටන් කෝට් මන්දිරයට සී.සී.ටී.වී. ආරක්ෂක කැමරා පද්ධති සවිකරනු ලැබුවේ 2003 වසරේදීය. නමුත් මෙතෙක් හැම්ප්ටන් කෝට් මන්දිරය වටා තිබූ සියලූම හොල්මන් සහ අවතාර කතා පිළිබඳව මිනිසුන් තුළ අලූත් හැගීමක් ඇතිවෙන්නට පටන් ගනු ලැබුවේ ඉන් අනතුරුවය.
මෙම කැමරා පද්ධතිය සවිකිරීමෙන් පසු දින හතරක් තුළ අවස්ථා හතකදී කැමරා පද්ධති හයකට විවිධ ප‍්‍රහාර එල්ල වුණි. නමුත් ඒවා එල්ල කළ පුද්ගලයෙකු පිළිබඳව එම කැමරාවල පවා කිසිදු ආකාරයකින් සටහන්වී නොතිබීම පුදුමයට කරුණක්ව තිබිණි. දිනක් සවස 7ට පමණ සීසීටීවී ආරක්ෂක කැමරා පද්ධතියේ පාලක පුවරුව අසළ සේවයේ යෙදෙමින් සිටි ආරක්ෂක නිලධාරියෙකුට අමුතුම ආකාරයේ රුවක් දැකගන්නට ලැබිණි. ඒ යම්කිසි කෙසග පුද්ගලයෙකු මන්දිරය පිටුපස දොරටුවෙන් පිටතට පැමිණෙන ආකාරයයයි. සවස හයට කෞතුකාගාරය වසා දමන බැවින් සවස 7ට කිසිදු කෙනෙකුට එහි සිට පිටතට පැමිණිය නොහැකි බව ඒ වනවිටත් මෙම ආරක්ෂක නිලධාරියාට සිහිවී තිබිණි. ඔහු වහාම මන්දිරයේ පිටුපස දොරටුව වෙත ගමන් කරනු ලැබුවේ සොරෙකු ඇතුළුවී ඇතැයි සිතා සිය රිවෝල්වරය ද සූදානම් කර ගනිමිනි. නමුත් ඔහුට කිසිවෙකුත් දකින්නට නොලැබුණු අතර දොරටුව හැර දමා තිබෙන ආකාරය දුටු ඔහු එය වසා දමා නැවතත් පාලක පුවරුව සහිත මැදිරියට ගොස් තිබිණි.
මෙම සිදුවීමෙන් දින කීපයකට පසු ආරක්ෂක සේවයේ යෙදී සිටි තවත් නිලධාරියෙකුද මෙසේ යම් කෙස`ග පුද්ගලයෙකු මන්දිරයේ පිටුපස දොරටුවෙන් පිටවී යන ආකාරය කැමරා පද්ධතිය ඔස්සේ දැක තිබිණි. ඔහු සිය ප‍්‍රධානියාට මේ බව දැනුම් දී සී.සී.ටී.වී. ආරක්ෂක කැමරා පද්ධතිය රිවයින් කොට මෙම දර්ශනය නැවත නැවතත් නැරඹීම සඳහා අවස්ථාව උදාකරගෙන තිබිණි. පුදුමයකට මෙන් එම දර්ශනයේ රූප රාමු ඉතා පැහැදිලි ලෙස කැමරා පද්ධතියේ සටහන්ව ඇත. ඉන්පසු පළමු නිලධාරියා මෙම අද්භූත පුද්ගලයාව දුටු දිනයද පරීක්ෂා කරබැලීමේදී එදිනද එවැන්නෙකු දොරටුවෙන් පිටතට යන ආකාරය පැහැදිලිව සටහන්වී තිබිණි. නමුත් මෙම පුද්ගලයා කවුද යන්න පිළිබඳව කිසිවෙකුත් දැන සිටියේ නැත. නමුත් පැහැදිලිව දැකගත හැකිවූ කාරණය වූයේ අද්භූත පුද්ගලයා මනුෂ්‍යයෙකු නොවන බවත් මිනිස් ඇට සැකිල්ලක් පමණක් වන බවත්ය.
මෙම අද්භූත පුද්ගලයා මන්දිරය තුළ කුමන ස්ථානයක සිට මතුවන්නේද යන්න පිළිබඳව කැමරාවල සටහන්ව ඇති දර්ශන පරීක්ෂා කිරීමෙන් සොයාගැනීම භාරවූයේ සවුතැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ පරිගණක අංශයටය. එහිදී ඔවුන්ට සොයාගත හැකිවූයේ පුදුමාකාර කාරණයකි. එනම් මෙම අද්භූත ඇටසැකිල්ල මතුවන්නේ 17 වන සියවස අග භාගයේ පාලකයා වූ තුන්වන විලියම් රජතුමාගේ ආලේඛ්‍ය ඡුායාරූපය මතින් බවය. තුන්වන විලියම් රජතුමා මාස තුනක් පමණ නිව්මෝනියා රෝගයෙන් පීඩා විඳිමින් සිට මිය යන ලද්දේ 1702 වසරේදීය. ඔහු ඇවිදගන්නට පවා නොහැකිව ඇඳ මතටවී ගත කළ කාලයේ මාලිගයෙන් පිටතට යන්නට අවශ්‍ය බව පවසමින් සේවක සේවිකාවන්ට බැණ වැදුණු ආකාරය පිළිබඳවත්, රෝගී තත්ත්වය නිසා මියයනතුරුම ඔහුගේ ආශාව ඉටුකර ගැනීමට ඔහුට නොහැකි වූ ආකාරය පිළිබඳවත් අතීත කටකතාවල අද පවා අසන්නට ලැබේ.
ඔහු මියයාමෙන් පසුව මාලිගයෙන් පිටතට යන්නට තිබූ ආශාව ඉටුකර ගන්නා ආකාරය මෙය වන්නට ඇති බව කෞතුකාගාරයේ සේවයේ නියුතු ආරක්ෂක භටයන්ගේ අදහසයි. නමුත් කෞතුකාගාර පාලකයන් පවසන්නේ මෙය කැමරාවේ කාචයට වැටුණු ආලෝකය පරාවර්තනය වීම නිසා කෞතුකාගාරය තුළ ඇති විවිධ භාණ්ඩවල පිළිරූ මිනිස් ඇටසැකිල්ලක හැඩය ගෙන පෙනෙන්නට ඇති බව පමණි.
දුලාංජලී මුතුවාඩියගේ
උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Friday, October 20, 2017

අහුපිනිඇල්ල ඉහළ කොටසේ සැරිසරන අද්භූත රූමතිය කවුද?....(අබිරහස් අඩවිය - Abirahas Adawiya - හොල්මන් කතා. holman katha hunupini ella)

මහනුවර දිස්ත‍්‍රික්කයේ ගඟ ඉහළ කෝරළයේ උඩුවැල්ල ග‍්‍රාම නිලධාරි වසමට අයත් අහුපිනිඇල්ල ඉහළ කොටසෙහි දහවල් කාලයට වරින් වර අද්භූත කාන්තා රුවක් දක්නට ලැබෙන බවට ලක්බිම ඔන්ලයින් වෙත තොරතුරු වාර්තා වේ. 
 මේ සම්බන්ධ ආසන්නතම සිද්ධිය වාර්තා වන්නේ පසුගිය මැයි 08 වන ඉරිදා ය. 
කොළඹ උසස් අධ්‍යාපන ආයතනයක ඉගෙනුම ලබන මහනුවර ප‍්‍රදේශයේ සිසුන් දෙදෙනෙකු සහ ඔවුන්ගේ යහළු යෙහෙළියන්ගෙන් සමන්විත හත්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පසුගිය 08 වන ඉරිදා උඩුවැල්ල ප‍්‍රදේශය හරහා අහුපිනිඇල්ලේ ඉහළ කොටසට ගොස් තිබේ. එදින වැසිබර කාලගුණයකින් යුක්ත වූ බැවින් වැඩි පිරිසක් ඇල්ල නැරඹීමට පැමිණ නොසිටියහ. මේ අතර එදින දහවල් 1.00 ට පමණ එම පිරිස ඇල්ලට පහළින් ඇති නැරඹුම් කුටියෙහි සිටිය දී ඔවුන්ට කාන්තාවකගේ විලාප හඬක් ඇසී ඇත. එය කිසියම් කාන්තාවකට සිදු වූ විපතක් හඟවන්නක් බැවින් ඒ පිරිස එම හඬ ඇසුණු දිසාව කෙරෙහි අවධානය යොමුකොට තිබේ. මඳ වේලාවකට පසු එම කණ්ඩායමේ සිටි තරුණියක් සිහිසන් නොමැතිව ඇදවැටී තිබේ. එවිට සියලූ දෙනා එක්ව ඇයට ප‍්‍රථමාධාර ලබා දී ඇති අතර සිහිය ලද ඇය මහත් බියට පත්ව සිටි අතර වහාම එතැනින් ඉවත්ව යා යුතු බව පිරිසට පවසා තිබේ.  
 ඇගේ ඉල්ලීමට අවනත වෙමින ඒ කණ්ඩායම එම ස්ථානයට මීටර් 500 ක් පමණ දුරින් නවතා තිබූ ඔවුන් පැමිණි වෑන් රථයේ නැගී ආපසු ගමන ආරම්භ කොට තිබේ. ඒ අතරමඟ දී ඇය කියා සිටියේ එම විලාප හඬ ඇසීමෙන් පසු ඇල්ලට පහළින් තිබූ අඩි පාරක් දිගේ සුදු පැහැති කාන්තාවකගේ රුවක් තමන් සිටි තැනට එමින් සිටිනු දුටු බව ය. එම පැමිණීම ඇය විස්තර කොට තිබුණේ ‘‘වළාකුළක් පාවෙනවා වගේ ’’ යනුවෙනි. සාමාන්‍යයෙන් මෙවැනි සිදුවීම් හඳුන්වනුයේ යම් යම් පුද්ගලයන්ගේ යටි සිතේ ක‍්‍රියාකාරිත්වය තුළින් පැන නඟින ව්‍යාජ භ‍්‍රාන්ති ( Pseudo hallucination ) ලෙසිනි.
එහෙත් මෙම ප‍්‍රවෘත්තිය අනාවරණය වීමෙන් පසු ලක්බිම ඔන්ලයින් එම දියඇල්ල ආසන්නයේ ඇති උඩුවැල්ල ග‍්‍රාමයේ පදිංචි අහුපිනිඇල්ල සුරැකීමේ පරිසර කමිටුවේ සභාපති ආර්. ජී. රෝහණ රංජන් අබේරත්න මහතාගෙන් මේ පිළිබඳව විමසීමක් කරන ලදී. එවිට ඔහු කියා සිටියේ පෙර සඳහන් කළ ආකාරයේ සුදු පැහැති අද්භූත කාන්තාවකගේ රූපයක් එම අහුපිනිඇල්ලේ ඉහළ කොටසේ විවිධ ස්ථානවලින් මතුවීම බොහෝ ගැමියන් නිතර අත්දකින තත්ත්වයක් බව ය. මීට කලකට පෙර තමන් තම බිරිඳ ද සමඟ දහවලක මෙම අහුපිනිඇල්ල ආසන්නයෙන් වැටී ඇති වනගත මංපෙතක් ඔස්සේ කෑගල්ල දිස්ත‍්‍රික්කයේ අරණායක දෙසට පා ගමනින් යන අතර ‘‘අර ඉස්සරහින් යන ගෑණුකෙනා කවුද?’’ යි තම බිරිඳ කිහිප වරක්ම තමාගෙන් ඇසූ බවත් තමන් එවැන්නියක නොදුටුව ද මෙම අද්භූත කාන්තාව පිළිබඳව මීට පෙර අසා තිබූ බැවින් ‘‘ඒ මේ පහළ ගමක ගෑණුකෙනෙක්’’ යැයි පවසා ඉන්පසු ඇගේ අවධානය වෙනතකට යොමු කළ බවත් පැවසීය. 

උඩුවැල්ලේ පදිංචි නිමල් රාජපක්ෂ මහතා ද මෙම අද්භූත කාන්තාව දැක තිබූ අතර ඔහු එම සිද්ධිය ලක්බිම ඔන්ලයින් වෙත කියා සිටියේ මෙලෙසිනි. 
‘‘මීට අවුරුදු කිහිපයකට කලින් මම යාළුවො දෙන්නෙකුත් එක්ක විනෝදෙට මාළු අල්ලන්න ඔය ඇල්ලේ පහළට ගියා. එතකොට මම දැක්කා එක පාරටම ඔය ඇල්ලෙ ගල් පර්වත දෙකක් අස්සෙන් ලස්සන ගෑණු ළමයෙක් මතු වෙනවා. මට ඇස් අදහා ගන්න බැරුව ගියා. මම හිතුවෙ ඒ අතරමං වුණ හරි දිවි නසාගන්න හරි ආපු ගෑණු ළමයෙක් කියල. මම ඒ මොහොතෙම ඒ බව යාලූවන්ට කිව්වා. නමුත් ඒ අය මේ ගෑනු ළමයව දැක්කෙ නෑ. මේ සිද්ධියෙන් අපේ හිත් කලබල වුණු හින්ද අපි ඉක්මනට ඇල්ලෙන් උඩට ඇවිත් අපේ ගමේ හැමෝටම වගේ මේ සිද්ධිය කිව්වා. ඊට පස්සෙ ගමේ සෑහෙන පිරිසක් ඇල්ල පහළට ගිහින් ඔය කියන හරියෙ හැම තැනම හෝදිසි කළා. නමුත් ගෑනු ළමයෙක්වත් ගෑනු ළමයෙක්ගෙ මිනියක්වත් හම්බ වුණේ නෑ’’ 

මෙහිදී පසුගිය 08 වන දා මේ සිද්ධියට මුහුණ දුන් තරුණිය හෝ ඇයගේ මිතුරන් ඉන් පෙර මෙම ප‍්‍රදේශයේ ගැමියන් අත්දැක තිබූ මෙබඳු අද්භූත සිද්ධියක් ගැන මින් පෙර කිසිදු අවස්ථාවක අසා නොතිබුණු අතර ඔවුන් ඒ ප‍්‍රදේශයේ ගැමියන් දැන හඳුනන්නවුන් නොවීම ද විශේෂත්වයකි.
ඒ අනුව එම තරුණියට වළාකුලක් සේ ද අබේරත්න මහතාගේ බිරිඳට තමන්ට පිටුපා යන කාන්තාවක සේ ද නිමල් රාජපක්ෂ මහතාට රූමත් තරුණියක සේ ද දිස්වූයේ එකම කාන්තා රුවක් ද යන්න නිශ්චය කිරීමට හෝ එම සංසිද්ධින් පිළිබඳ අර්ථ විවරණයක් දීමට අපට නුපුළුවන. කෙසේ හෝ මෙම අද්භූත සිදුවීම පිළිබඳව විවිධ ක්ෂේත‍්‍ර ඔස්සේ වැඩිදුර විමසුම් සිදුවිය යුතු බව අපගේ හැඟීමයි. 
 ශ‍්‍රියාණි කොඩිතුවක්කු -ලක්බිම
 ඡායාරූප : වෛද්‍ය සුගත් විජේවර්ධන
නිමල් රාජපක්ෂ මහතා දුටු
තරුණිය සිටි ස්ථානය

අහුපිනිඇල්ලේ අත්භූත කාන්තාව අභිරහසක් හෙළිකරන්නියක්ද?
මහනුවර දිස්ත්‍රික්කයේ ගඟ ඉහළ කෝරලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට, උඩුවැල්ල  ග්‍රාම නිලධාරී වසමට අයත් අහුපිනිඇල්ල ඉහළ කොටසේ සැරිසරන බවට ඇතැමුන් පවසන අද්භූත කාන්තා රූපය මීට කලකට ඉහත කිසියම් කාන්තාවකට සිදුවූ අභිරහස් මරණයක් පිළිබඳව සංකේතාත්මක ඉඟියක් විය හැකි යැයි  පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය දයා අමරසේකර කියයි.
ඒ සම්බන්ධයෙන් ලක්බිම ඔන්ලයින් වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් මහාචාර්යවරයා මෙසේ කීය.
“හොල්මන් අවතාර කියන දේවල් මිනිසුන් තුළ ඇති වෙන මානසික බලපෑම් මත මැවී පෙනෙන ඒවා පමණක් බවයි මුලු ලෝකයම පිළිගත්තු පොදු මතය; යම් යම් අවස්ථාවල මිනිසුන් තුළ හටගන්නා හුදකලා මානසිකත්වයන්, මානසික අර්බුද වගේම මානසික රෝග නිසාත් මේ වගේ අද්භූත දර්ශන හෙවත් මනෝභ්‍රාන්ති මැවී පෙනෙන්න පුලුවන්; ඒ වගේම මොළයේ රසායනික ව්‍යුහයට බලපෑම් සිදුවෙන කායික රෝග නිසාත් මත්පැන්, මත්ද්‍රව්‍ය ආදියෙන් මොළයට සිදුවන බලපෑම් නිසාත් මේ වගේ මායාත්මක දේවල් දර්ශනය වෙන්න පුලුවන්. ලෝකය පුරාම අර වගේ පොදුමතයක් පැතිර යාමට හේතුව ඒකයි.
ඇල්ලේ පහළ ඇති නැරඹුම් කුටිය
නමුත් පාරමනෝ විද්‍යාව (parapsychology) ,පාරභෞතික විද්‍යාව (metaphysics), අධ්‍යාත්මවේදය (psychism) වගේ විෂය පථයන් සම්බන්ධයෙන් පර්යේෂණ කරන ලොව පුරා විද්වතුන් මේ වගේ අද්භූත සංසිද්ධීන් අතරින් ඉතා සුළු සංඛ්‍යාවක මෙතෙක් විද්‍යාත්මකව අනාවරණය නොවූ අධි යථාර්තයක් (Paranormality) ඇති බව ප‍ර්යේෂණ මගින් තහවුරු කරගෙන තිබෙනවා.
දැන් ඔය අහුපිනිඇල්ල දී ශීෂ්‍යාව මුහුණදීපු අත්දැකීමේ වුණත් ඒ වගේ විශේෂත්වයක් තියනවා. මොකද? ඒ අහුපිනිඇල්ල ආශ්‍රිතව ඒ වගේ අද්භූත කාන්තා රූපයක් දකින්න ලැබෙන බවට ඒ ශිෂ්‍යාවට ඊට කලින් මොනම විදිහකින්වත් සංනිවේදනය වෙලා තිබුණේ නැහැ. එහෙම තිබුණා නම් අපට අනුමාන කරන්න පුලුවන් ඒ ඔස්සේ ඇතිවුණු මානසික නතුවීම ඔස්සේ ඇය හමුවේ ඒ වගේ මායාත්මක දර්ශනයක් හෙවත් මනෝභ්‍රාන්තියක්  ඇතිවූ බව.
ලෝකය පුරා ‍ගොඩනැගී ඇති සෑම අද්භූත කතාවකම කිසියම් ආකෘතියක් දකින්න පුළුවන්. ලොවට රහසින් ඛේදනීය ලෙස ඝාතනය වූ පුද්ගලයකු පසුව කිනම් හෝ අයුරකින් ජීවත් වන්නවුන් හමුවේ පෙනී සිට තමන්ට සිදුවූ ඒ‍ ඛේදවාචකය හෙළි කළ සිදුවීම් ඒ කතා ආකෘතීන් අතර ප්‍රධාන තැනක් ගන්නවා. බැලූ බැල්මටම කල්පිත ප්‍රබන්ධ ලෙස පෙනෙන මේ කතා ආකෘතිය තුළ මෙතෙක් විද්‍යාවට නතු නොවූ අධියථාර්ථයක් ඇති බව පිළිගැනීමට ප්‍රමාණවත් සාධක ලෙස වරින් වර මතු වෙනවා. එවැනි සත්‍ය සිදුවීම් දහස් ගණනක් මේ වනවිට මානව ඉතිහාසයට එක්ව තිබෙනවා. ලෝකයේ එදා මෙදා තුර ජීවත් වූ ප්‍රමුඛ පෙළේ රහස් පරීක්ෂකයන්ගේ අපරාධ නිරීක්ෂණ වලට පවා මෙවන් ගුප්ත බලවේග වලින් සහය ලැබුණු අවස්ථා ඉඳහිට අසන්නට ලැබෙනවා.
අප ජීවත්වන ලෝකයේ අපගේ පංචේන්ද්‍රියන්ට සහ නවීන විද්‍යාවට නතු නොවූ ශක්ති ප්‍රභවයන් කොතෙකුත් තිබෙන්න පුලුවන්. නමුත් අදටත් විද්‍යාත්මක අර්ථ කථන ලැබී නැති නිසා මේවා අපට තවමත්  හඳුනාගත හැක්කේ ‘අද්භූත’ ලේබලය යටතේ පමණයි. නමුත් එක් දහස් නවසිය හැත්තෑවේ දශකය පමණ වන තුරු මෙවන් අධිභෞතික ශක්ති විශේෂ පිළිබඳව රුසියාව ආදී රටවල දීර්ඝ වශයෙන් පර්යේෂණ සිදු වුණා. නමුත් නවීන විද්‍යා තාක්ෂණික පදනමකින් තොර ඒ පර්යේෂණ වෙනත් විෂය පථයක් වශයෙන්  සංවර්ධන වී තවමත් ලෝකයා හමුවට පැමිණ නැහැ.
අදටත් ලෝකය පුරා ප්‍රචලිත සුදු නෝනා (White lady) එසේ පුරුෂ පාර්ශවය නිසා අභිරහස් මරණයකට ලක් වූ ස්ත්‍රී පාර්ශවය නියෝජනය කරවන්නක් ලෙස සමාජ විද්‍යාඥයන් හඳුනා ගෙන තිබෙනවා. නමුත් එසේ සුදු පැහැති කාන්තා රූපයක් දක්නට ලැබීම බොහෝ විට ඒවා දකින්නවුන්ගේ ගේ මානසිකත්වය මත පදනම් වන නිසා හුදෙක් එසේ දර්ශනය වන ‘සුදු නෝනා’ මිනිසුන් ගේ නෙත හමුවේ මැවෙන මනෝ භ්‍රාන්තියක් ලෙස සමාජ සම්මත වී තිබෙනවා. රාත්‍රී කාලයට මහ මඟ දී මිනිසුන්ට හමුවන බව පැවසෙන මෝහිනී‍ගේ අවතාරයත්‍ බොහෝ විට බටහිරින් අප හඳුනාගත් මේ සුදු නෝනාට අතිශයින් සමීපයි.
ඒ කෙසේ හෝ අනුපිනිඇල්ල ඉහළ කොටසේ වරින් වර දකින්නට ලැබෙන අද්භූත කාන්තාව එය දකින්නවුන් මුහුණ දෙන මනෝ භ්‍රාන්තිමය අත්දැකීමක් සේම මීට කලකට ඉහත සත්‍ය ලෙසම කිසියම් අබිරහස් ලෙසකින් මිය ගිය කාන්තාවකගේ ජීවය ඇසුරින් මේ විශ්වයට එක් වූ මෙතෙක් විද්‍යාත්මකව හඳනා නොගත් කිසියම් අධි භෞතික ශක්ති පදාර්ථයක ක්‍රියාකාරීත්වයක් ද යන්න විමර්ශනය කළයුතුයි.
එමෙන්ම ඒ අනුව එම ශක්ති පදාර්ථය මගින් ලබා දෙන ඉඟි නිවැරදිව වටහා ගෙන ඒවා නිශ්චිත ක්‍රමෝපායන් අනුව විශ්ලේෂණය කළහොත් මෙතෙක් සමාජය හමුවේ අනාවරණය නොවූ තවත් එක් කාන්තාවක් පිළිබඳ ඛේදනීය අබිරහසක සුලමුල සොයා ගැනීමේ හැකියාව ශූන්‍ය නොවන බව අවසන් වශයෙන් කිව යුතුයි.
දමයන්ති ගමගේ -ලක්බිම
උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Wednesday, October 11, 2017

රිටිගල වන වියන යටින්...(අබිරහස් අඩවිය - Abirahas Adawiya - ශාස්ත්‍රීය ළිපි ritigala)

ගනේවල්පොළින් හැරුණු වාහනය ගමන් කරන්නේ වනගත පෙදෙසකට ය. මඟ දෙපස වනගහනය එන්ට එන්ට ම දැඩි වෙයි. අප යන මඟ ද එන්ට එන්ට ම රළු වෙයි. මඳක් දුරින් පෙනෙන රිටිගල කන්ද දෙස බලමින් යන මට රිටිගල අරභයා ගෙතුණු විවිධ කතා මතක් වෙයි. රිටිගල කන්ද හා සම්බන්ධ කතාවලට අනුව ඒ හා බැඳුණු මුල් ම චරිතය රාමායණයේ එන හනුමන් ය. එක් කතාවකට අනුව හනුමන් දකුණු ඉන්දියාවට පනින්නේ රිටිගල කන්දේ සිට ය. තවත් කතාවකට අනුව රාවණා හා යුද වැදී සිටින රාම කුමරුගේ සොහොයුරු ලක්ෂ්මනට තුවාල වෙයි. බෙහෙත් පිණිස හිමාල වනයෙන් කිසියම් ඔසුවක් ගෙනෙන්නැයි රාම නියම කරන්නේ හනුමන්ට ය. අභාග්‍යයක මහත! හිමාලයට පිවිසෙන හනුමන්ට බෙහෙත් පැළෑටියේ නම අමතක වෙයි. බෙහෙත් පැළෑටියේ නම පමණක් නො වේ. පහසුවෙන් හඳුනාගනු පිණිස කියන ලද කොළවල හා පැළයේ ස්වභාවය ද අමතක වෙයි. හනුමන් පත්වන්නේ ඉමහත් අබග්ගයකට ය. බෙහෙත කෙසේ හෝ රැගෙන යා යුතු ය. හනුමන් හිමාලයෙන් කොටසක් උගුළුවා ගෙන සිය වලිගය හා දෙපා අතර රුවාගෙන ලක්දිවට යයි. ලක්දිවට යන හනුමන් තමන් ගෙන ආ හිමාලය කඳුකරයේ කොටස රිටිගල කන්ද මතට අතහැරියේ ලු. එසේ අතහැර අවශ්‍ය බෙහෙත තෝරා ගන්නැයි කීවේ ලු. රිටිගල කන්දේ ඉන් පහළ ප්‍රදේශයේ ගහකොළවලට වඩා වෙනස් විදිහේ නැත්නම් රිටිගල වැනි පෙදෙසක නො වැවෙන ගහකොළ කඳු මුදුනේ වැවෙන්නට හේතුව හනුමන් විසින් අත හරින ලද හිමාලයේ කඳු කැබැල්ලලු.
තාර දමන ලද පාරක් දිගේ මඟහසර අසා දැනගන්නට කෙනෙක් නැති. වනගහනය මැදින් ගොස් රිටිගලට යන ගුරුපාරට හැරෙන තැන දී වියපත් දුබල තැනැත්තෙක් අතින් සංඥා කොට රිය නතර කරවයි.
“මහත්තුරු, මෙතනින් තමයි රිටිගලට යන්නෙ. දැනුත් ලොකු බස් දෙකක් ගියා. දෙයියන්ගෙ පිහිටයි.”
අනතුරුව සීයා දොඩමලු වන්නේ තමා පත් විපත පිළිබඳව ය.
“අනේ මහත්තුරු, පැලකින් වැටිලයි මට මේ ඇබැද්දිය වුණේ.”
වාහනයෙන් දෙන කීයක් හෝ මිට මොලවා ගන්නා ඔහු නැවතත් අපට දෙවියන්ගේ සියලු ආශීර්වාදය ප්‍රාර්ථනා කරයි. එක් අතෙකින් මඟහසර අහන්නට කෙනෙක් නැති මඟක ඔහු හෝ සිටීම රිටිගල මින් පෙර නොගිය අයට ඉමහත් ආශීර්වාදයකි.
රළු මග දිගේ යන විට මට මහාවංශයේ ද රිටිගල ගැන සඳහන් වන බව සිහිපත් වෙයි. පණ්ඩුකාභය කුමාරයා ඔහුගේ මාමාවරුන් සමඟ මහ සටනකට එළඹෙන්නේ රිටිගල දී ය. පණ්ඩුකාභය කුමරුන්ට අවනත වූ යක්ෂණියක් වෙළඹකගේ වෙස් ගෙන කුමරුට සහයට පැමිණෙන්නේ එහිදී ය. මේ කතාව සනාථ කරන්නේ රිටිගල යක්ෂයන්ට වාසභූමි වූ බවයි.
රළු ගමන් මඟ නිමා වී රිටිගල කඳු සිරස තරණය කිරීම අරඹන තැනට අපි පැමිණ සිටිමු. කන්ද නඟින තැන පිහිටි පුරාවිද්‍යා කුටිය පිටුපස කරාමයෙන් වතුර ටිකක් පානය කළෙමි. සීතල ජලය ගත සිත පිනවයි. එතරම් සීතල, මිහිරි ජලය කර්කශ වියළි කලාපයේ ශුෂ්ක දේශගුණයකට නෑකම් කියන පෙදෙසක පිහිටි කඳු මුදුනකින් ගලා එන්නේ කෙසේ ද?
රිටිගල පැමිණි විට රිටිගල ජයසේන අමතක කරනු කෙලෙස? රිටිගල ජයසේන දුටුගැමුණු රජුගේ ජයග්‍රහණය වෙනුවෙන් පැවැති සාදයක දී සුරාවෙන් මත්ව ගෝඨයිම්බර යෝධයාගේ දේවියට නොමනා විහිළුවක් කළේ ලු. කෝපයට පත් ගෝඨයිම්බර ජයසේනට ද්වන්ද සටනකට අභියෝග කළේ ය. ද්වන්ද සටනේ දී ගෝඨයිම්බර එල්ල කළ පා පහරකින් ජයසේන හිස කඳෙන් වෙන් වී ඈතට විසිවිය. මියයන්නට පෙර ජයසේනගේ හිස කඳට සවි කරන්නට හිස සෙවූ ජයසේනගේ යහළුවා වූ සෙනසුරුට එය සොයාගත නොහැකි විය. සෙනසුරා වලහකු මරා වලස් හිසගෙන යුහුව ජයසේනගේ කඳට සවි කළේ ය. හදිසියට එය සවි කළේ ද වැරදි අතට ය. එනම් මුහුණ පසුපසට සිටින සේ ය. මුහුණ පසුපසට සවි කළ වලස් හිසක් ඇති ජයසේන දකින විට මිනිස්සු බියවන්නට වූහ. එතැන් සිට ජයසේන මහසෝනා වූයේ ලු. (මහසෝනාගේ රූපයේ අඹන විට හිස පිටුපසට වන සේ අඹා ඇති අයුරු සිහිපත් කර ගන්න.)
වයස් ගත වන විට ඇතිවන සන්ධි රෝග, වාත රෝගාදී කුදු මහත් අසනීප රිටිගල තරණය කරන්නට කම්මැලි හැඟීම් ඇති කරවයි. ටික දුරක් ගිය විට මා පැමිණ සිටියේ බන්දා පොකුණ අසලට ය. බන්දා පොකුණ විසල් පොකුණකි. එය ශෛලමය නිර්මාණයකි. බන්දා පොකුණ යන නම එයට ලැබෙන්නේ ගලින් ගල ළං කොට බැඳ ඇති බැවින් ලු. මට බන්දා පොකුණ අසල සිටින විට රිටිගල ගැන අසා ඇති තවත් ජනප්‍රවාදයක් සිහිපත් වෙයි.
රිටිගල ආසන්නයේ ජීවත් වූ මිනිසෙක් දිනක් කඳු පාමුල වනාන්තරයේ මංමුළා විය. රෑ බෝ වූ පසු අතරමං වූ මිනිසා යා හැකි අතක් නොමැතිව ගසක් පාමුළ වාඩි වී සිටියේ ය. ටික වෙලාවකින් ඔහුට බල්ලන්ගේ බිරුම් හඬ ඇසිණි. ළමයින් හඬන හඬ, මිනිසුන් කතා කරන හඬ ආදී ගම්මානයක ශබ්ද ඔහුට ඇසිණි. එහෙත් ගම්මානයක් අසලක නැති බව දත් ඔහුට දැනුණේ බියකි. මඳ වෙලාවකින් හුළු අත්තක් අතින් ගත් මිනිහෙක් පැමිණ ඔහුට ආහාරයට බත් මුළක් ද, පලතුරු ද දුන්නේ ය. ඉතිරි වෙන ආහාර හෝ වනයෙන් කිසිවක් හෝ රැගෙන නොයන ලෙස තරයේ දැනුම් දුන් මිනිසා කීවේ රැය පහන් වූ පසු දකුණු දිසාව බලා යන ලෙසයි. තමන්ට ආහාර දුන්නේ හා මඟහසර කියා දුන්නේ මිනිස් වෙස් ගත් යක්ෂයෙක් බව අතරමංවූ තැනැත්තා විශ්වාස කළේ ය. ඔහුගෙන් විස්තර දැනගත් මිනිස්සු රිටිගල යන්නට බිය වූහ.
රිටිගල හා බැඳී ඇති යක්ෂ විශ්වාස රිටිගල ඇති දුර්ලභ ගණයේ වන වියන ආරක්ෂා වන්නට හේතු වන්නට ඇතැයි සිතෙයි. යක්ෂයන්ගේ හිරිහැරයට ලක්වන්නට මිනිස්සු කොහොමටත් බියවෙත්. රිටිගල කන්ද නඟින විට හමුවන්නේ මැනවින් සකස් කරන ලද අතීත සංඝාවාසවල සලකුණ ය. සකසා ඇති පෙත් මඟ ගමන් පහසුව ඇති කරවයි. ගිමන් නිවන්නට ගිමන්හල් ද සකසා ඇත. මැනවින් සකසන ලද ජන්තාගාරයක් සහිත සංඝාවාසයක් ද හමුවේ. (ජන්තාගාරය යනු හුමාලය සහිත උණුදිය ඇති ස්නානාගාරයකි.) රිටිගල කන්ද නඟින අය සංඝාවාසය අසල වාඩි වී වෙහෙස නිවා ගනිත්.
කඳු මුදුනට නඟින අය සකසා ඇති අලිවැට අසල නතර වෙත්. දණහිසක දුබලතාවයකින් පෙළෙන මම ද වෙහෙසට පත්ව සිටියෙමි. එහෙත් සිය Seeing Ceylon කෘතියේ (බ්‍රෝහියර් දුටු ලංකාව පරිවර්තනය - අභය හේවාවසම්) ආර්. එල්. බ්‍රෝහියර් කඳු මුදුනට (ත්‍රිකෝණමිතික ස්ථානයට) පෙනෙන සුන්දර දර්ශනය විස්තර කරයි. පසෙකින් කලාවැව, මින්නේරිය වැව, අනුරාධපුර දාගැබ් හා වැව්, වනගහනය ආදී වශයෙන් ඔහු විස්තර කරන්නේ චමත්කාරජනක දසුනකි. කොහෙමටත් වියළි කලාපීය ශේෂ කන්දකට පෙනෙන දර්ශනය අතිශයින් සුන්දර ය. (කලකට පෙර මින්නේරියේ නාගලකන්ද තරණය කළ මා දුටු මින්නේරි වැවේ හා කවුඩුලු වැවේ ගුවන් සේයාරුවක් වන් සුන්දර දර්ශනය මට අමතක කළ නොහැක.) එහෙත් අලිවැටෙන් එපිට වනගහනයට යන්නෝ නැත. වෙහෙසට පත් මම ද දකින්නට රිසි සුන්දර දසුන සිතින් අත් හළෙමි.
රිටිගල දක්නට ලැබෙන වනස්පති රුක් ද බොහෝ ය. දියවැඩියාවට ගුණදායක රුධිරය වන් රත් පෑ දියරයක් වැගිරෙතැයි කියන දැවැන්ත වන මී ගස එහි රුක් අතර විශේෂිත ය. යෝධ පිඹුරන් මෙන් වනස්පති රුක් වෙලාගත් වෙම්බඩංගා නම් වැල් තවත් විශේෂයකි. කඳු මුදුනට නැඟ වෙදුන් විසින් සොයනු ලබන බව කියන මිනිසුන්ගේ සියලු වේදනාවලට සහනය දෙන ‘සන්සෙව්’ නම් ඔසු පැළයක් පිළිබඳව ද කතා ඇත්තේ ය. රිටිගල සංචාරය වනාහි සංචාරයේ දී විඳින්නට ලැබෙන වෙනස් එසේ ම සුන්දර අත්දැකීමකි. ඒ අත්දැකීම වියළි කලාපීය පරිසරයේ ඇවිදින අයට වෙනස් අත්දැකීමක් වනු ඇත.
මහානාම දුනුමාල
උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Friday, October 6, 2017

‘මේ දෙවියන් සතුන් මළුව වඳින වෙලාවයි’ (1) (අබිරහස් අඩවිය - Abirahas Adawiya - haskam samanala kanda)

සබරගමු පළාතේ ඓතිහාසික සමනළ කන්ද වටා එතුණු බෑණ සමනළ කඳු පන්තිය ඇසට රසඳුනකි. නටන මොණරුන්ගෙන් හා දුව පනින මුව පොව්වන්ගෙන් ගෝන සා, මීමින්නන්ගෙන් පිරි මේ මහා වනය සුන්දර ය. සදාහරිත වන වදුලෙන් හා තුරු ලතාවෙන් සෝබමාන මේ වන පෙදෙස තුළ සැඟව ඇති බොහෝ රමණීය තැන් තවමත් මිනිස් ඇසට මුළුමනින් ම හසු නොවුණු බව සත්‍යයකි. කුරු අලින්ගේ කුංචනාදයත්, මුවන්ගෙන් කොව් ගැහිල්ලත්, රිලා වඳුරන්ගේ බුකුබුකුවත් නිතර ඇසෙන සිරිපා කන්දේ ඇතුළත (වන්දනාකරුවන්ගේ මාර්ගවලට එපිටින්) ගුප්ත හා විස්කම් දේ සොයා බලා ගැනීමේ චාරිකාවට මම ඔබ ද එක් කැර ගනිමි. ඒ එම චාරිකාව ජීවිත කාලයක් තිස්සේම කළ එගම්වල ස්වාමින් වහන්සේලා මහ මළුවේ සේවය කළ ඇත්තන් වැඩිහිටියන්, ගම්භාරයන් හරහාය.
මීටර් 2243 ක් උසැති කන්දක පිහිටි ප්‍රධාන ආගමික පුද බිමක් ලෝකයේ කොහේවත්ම නැත. ඇත්තේ සිරිපා කඳු මුදුනත පමණය. ජපානයේ ෆුජියාමා කන්ද ඔවුනට ශුද්ධ වස්තුවක් මෙන්ම කෞතුක අගයක් ගෙන දුන්න ද එහි ආගමික වටිනාකමක් නැත.
මෙරට මුල්ම ගෝත්‍රිකයන් වූ යක්ෂ හා නාග ගෝත්‍රිකයන් අතර ඇතිවූ හටන නැවැත්වීමට මහියංගණයට වැඩි ගෞතම බුදුන්ට සමන් දෙවියන් කළ ආරාධනයෙන් උන්වහන්සේගේ වම් සිරිපා සලකුණ පිහිටුවූවේ සමනළ ගිරි මුදුනත බව බෞද්ධයෝ විශ්වාස කරති. ඉබන් බතුතා වැනි මුස්ලිම් නායකයන් ඇදහූවේ එහි ඇති පා සලකුණ ආදම්ගේ බවය. රත්නපුරයේ දිසාපතිකම් කළ සුදු දිසාපතිවරුන් හා පාහියන් තුමාගේ විස්තර, 13 සියවසේ ලක්දිව පැමිණි මාර්කෝ පෝලෝ සිරිපා ගැන කළ සටහන් ඉබන් බතුතාගේ සටහන් ආදි වශයෙන් දේශාටකයන් මෙහිදී දුටු ගුප්ත විස්මිත කරුණු විටින් විට ඉදිරිපත් කිරීමට මම මැළි නොවෙමි. ඒ සියලු විස්තර වඩාත් ඔබ කුතුහලයෙන් හා විමතියට පත් කරන අන්දමේ ඒවාය.
සඳගලතැන්නේ මිනිසා
රත්ගඟ විහාරාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී දෙවිපහල දේවමිත්ත හිමියන් තම ගුරු හිමියන් සමඟ කුඩා කල පටන් සිරිපා කරුණා කළ හිමිනමකි. සිරිපා කන්දේ ඓතිහාසික හා ගුප්ත කරුණු ගැන උන්වහන්සේ සතු දැනුම විශිෂ්ටය. නමෝ විත්තියෙන් ඒ විත්ති සංචාරයට මම උන්වහන්සේ අප මණ්ඩපයට කැඳවමි.
මේ පළාතේ ඓතිහාසික ජනප්‍රවාද බොහොමයි. ඊටත් අමතරව මිනිසුන් විසින් මේ සුන්දර කන්දේ ඇවිද හොයාගත් අත්දැකීම් බහුලයි. සමන් දෙවියන් පිළිබඳ මහියංගණයේ කතාවට වෙනස් කතාවක් මේ පැත්තේ තියෙනවා.
සුමන සමන් කියන්නේ මේ කඳු පන්තියට මායිම් වන සඳගලතැන්නේ ජීවත්වූ සාමාන්‍ය මනුෂ්‍යයෙක්. එතුමා ගමේ මිනිසුන් අතර ජනප්‍රියයි. ඉතා යහපත් කරුණාවන්ත මුදු ගති තිබුණු කෙනෙක්. ගමේ සාමාන්‍ය මිනිසුන් කිතුල් හකුරු නිෂ්පාදනයට මේ යායේ කිතුල් ගස් මදින්ඩ ඒ කටයුතු කරන්න මේ කඳු පන්තියට යනවා. එහෙම ගිය දවසක (මේ පළාතේ අදට වඩා එදා හුඟාක් දිවියන් බහුලයි) මේ මිනිස් කණ්ඩායම දරුණු දිවි ප්‍රහාරයකට ගොදුරු වී ගෙදර එන්ඩ බැරිව අතරමං වුණා. ඒ වෙලාවේ මේ සුමන සමන් කියන මනුෂ්‍යයා අර දිවියා ජිවිතක්ෂයට පත්කරලා මනුෂ්‍යයන් ටික බේරා ගත්තාලු. එතුමාගේ ඇවෑමෙන් පස්සෙ මිනිස්සු ඒ මිනිස් නායකයාට දේවත්වයක් ආරෝපණය කළා කියන කතාවක් තියෙනවා. මහියංගණයේ යක්ෂ නාග හටන වෙලාවෙ බුදුන්ට සිරිපා ලකුණු මේ සමනළ කන්දේ තබන්නට ආරාධනා කළ සමන් දේව කතාවක් ද තිබෙනවා. මේ කොයි හැටි වෙතත් මේ සමනළ කන්ද පුරාම සමන් දෙවියන්ගේ බලපරාක්‍රමය තිබෙන බවත්, බුදුරජාණන් වහන්සේගේ පාද පද්ම සලකුණු නිසා අසීමිත ගුණ කදම්භයකුත් මේ වන පියසේ තිබෙන බව පළාතේ කවුරුත් දන්නවා.
ඔබ වහන්සේ පුංචි දඹදිව හිටපු (ගිලීමලේ චන්ද්‍රාලෝක හිමි) නායක හිමියන් සමඟ මේ කන්දේ ඇවිදලා තියෙනවා. මේ අපූරු තැන්වල විස්මිත තොරතුරු ඔබ වහන්සේ දන්නවා. තරමක් විග්‍රහ කළ හැකි ද? මම අසමි.
එහෙමයි. මේ සමනළ කඳුවැටියෙ තියෙනවා අපූරු තැන් රැසක්. ලිහිණිහෙළ, බණ්ඩිගල, ගවරවිල, ලබුවාව, සඳගලතැන්න, කරව්දෙණිය වගෙ තැන්.
ගවරවිල කියන්නේ හරිම අපූරු තැනක්. ඉර අව්ව වුණත් හරිහැටි පොළොවට පාත් නොවෙන ඉතාම සිහිල් දේශගුණයක් තිබෙන ප්‍රදේශයක්. බෑණ සමනළට කිට්ටු මේ ගවරවිලට එහා පැත්තෙ තමයි සාමිවරු, තපස්වරු බණ භාවනා වඩන්නෙ.
ඇමේසන් වනාන්තරයේ පවා මිනිසුන්ගෙ පා පහස නොලබපු කන්‍යා වනාන්තර තියෙනවා. මෙයත් ඒ වගේ තැනක් ද? මගේ කුහුල වැඩෙයි. මට ප්‍රශ්න නැ‍ඟෙන්නේ ඉබේටමය.
මේ හරිය අක්කර 18ක් 20ක් පමණ වෙන්න ඕනෑ. හරිම ලස්සනයි. චමත්කාරයි. සුදු මීදුම සේලයක් වගේ පාත් වෙනවා. බෝතොළු ගස් යායක් තියෙනවා. එතැන සමන් දෙවියන්ට බාරහාර වීමෙන් තමයි මේ හරියට යන්නෙ. පුංචි රිදී දියත්තක්, ඇළක් පාරක් ගල් රූටාවෙ තිබෙනවා. සර්පයො ඉන්නවා. කරදරයක් නෑ. සාවෙක්, මීමින්නෙක් ගෝනෙක් මුවෙක් සැරිසරනවා දකින්න පුළුවන්. ලස්සන වන මල් පිපිලා වනපෙතම සුන්දරයි. ඒවයෙ සුවඳ ගන්ට බමරු ඒ වටා කැරකෙනවා. කුරුල්ලො සියොත් රාව නංවමින් තැනින් තැන ඉගිලෙනවා. බලන්න ලස්සනයි. සුරපුරයක් වගේ. හැබැයි! මේ අසිරිමත් සෙනසුනේ ලගින්නට තපස්වරයකුටවත් දවස් 3කට වඩා බෑ. ඒක සත්තක්. අත්දැකීමෙන් කියන්නෙ.
සමහරුන් සමන් දෙවියන්ට බාර හාර වෙලා කරවල හාල්මැස්සන් ටිකක් එක්ක හාල් තුනපහ අරගෙන මෙතැනට එනවා. ඒත් දවස් 3කට පස්සෙ මෙතැන ඉන්න වරම් නෑ. අර බත් උයන හැළි වළංවලට පවා පණුවො ගහනවා. මස් මාංශ පණුවන්ගෙන් උතුරන්න පටන් ගන්නවා. ඊටත් පස්සෙත් ඉන්න හැදුවොත් ආපු මනුෂ්‍යයන්ගෙ, තපස්වීන්ගෙ පවා ඇඟ පුරාත් පණුවො ගහන්න පටන් ගන්නවා. මේ ගවරවිල නම හැදිලා තියෙන්නෙත් එහෙමයි. ගවර කියන්නෙ පණුවන්ට නමක්.
සුන්දර ගවරවිල
ඇයි? මෙහෙම වෙන්නෙ... මම උන්වහන්සේ විමසමි.
ඒක හරියට කියන්න බෑ. කිසිම පර්යේෂකයෙක් ඒ ඇයි ද කියලා කියලත් නෑ. එහෙම යන කෙනෙකුට යන්නත් බෑ. සමන් දෙවියන්ට බාරහාර වෙලා යන නිසා දින තුනකට අවසර දෙනවා. මිනිස් ක්‍රියාකාරකම්වලට දෙවියන් වැඩිය මනාප නෑ. සමනළ කන්දේ සුන්දර ප්‍රදේශය ගවරවිලයි. ඒ තැනට ගිරාහොටේ කන්ද ඉතාම දර්ශනීයව පෙනෙනවා. දැන් කුරු අලි වඳ වෙලා ඉතාම අඩුයි. එදා කුරු අලි හිටියා. අප කළ සංචාරයේදී දැක්කෙත් නෑ. ඒත් උන්ගේ බෙටි අප තැන තැන දැක්කා. දවස් තුනක් ආසාවෙන් හිටියත් අපටත් තුන්වැනි දවසේ තම්බන බත් මුට්ටියෙ පවා පණුවන් හිටියා. අප සමාව ඉල්ලාගෙන නැවත පහළට වැඩියා.
බෑණ සමනළ පැත්තේ තමයි හුඟාක් අද්භූත ගල් ගුහා වගේ දේ තියෙන්නෙ. ඒ පැත්තේ සාමිවරයෙක් කාලයක්ම හිටියා. වලහා කාපු හාමුදුරුවෝ කියලා අපේ ලොකු හාමුදුරුවෝ දන්නා හඳුනන හොඳ ශීලවන්ත ප්‍රඥාවන්ත හිමිනමකුත් මීට අවුරුදු 15 - 20 කට එපිට වැඩ සිටියා.
උන්වහන්සේ ගල් ලෙනේ බණ භාවනා වඩමින් ඉන්නකොට මහා ගෝරනාද හඬක් ඇහිලා තියෙනවා. බලනකොට වලස්සු දෙන්නෙක් ලෙන ඉදිරිපිට පොර බදනවා. උන්වහන්සේ උදේ හවා සිරිපා මළුව වන්දනා කරන ශීලවන්ත හිමිනමක්. ඒත් කුමක් හෝ අකුසල කර්මයක් තිබිලා තියෙනවා. එක වලසෙක් පැනපු ගමන් හාමුදුරුවන්ගේ මුහුණ සපා කාලා. ඒත් හාමුදුරුවන් බුදු ගුණ කියනකොට ඒ අය පැනලා ගිහින්. උන්වහන්සේ අමාරුවෙන් පළාබද්දලට වැඩලා ගමේ මිනිසුන්ට කියලා ප්‍රතිකාර අරගෙන තියෙන්නෙ.
අපේ ලොකු හාමුදුරුවන්ට තිබුණා මහා ලොකු ඕනෑකමක් බුදුන් සිරි පතුල තබන්නට වැඩි වෙලාවේ දිවා විහරණය කළ ගුහාව හොයාගන්න. දිවා ගුහාව හොයන්න තවත් තුන්දෙනෙක් එක්ක හාමුදුරුවො මේ විදිහට ගියාට උන්වහන්සේ හති වැටිලා නැවත වැඩියනෙ.
අනුරාධපුර පැත්තේ ඉහළ රස්සාවක් කරපු කෙනෙක් පිරිසක් සමග එනවා බෑණ සමනළ පැත්තෙ බණ භාවනා කරන්න. උන්වහන්සේ මේ සාමිවත් දන්නවා. ඒ සාමිත් අපේ නායක හිමියන්ට ආදරෙයි.
දවසක් ලොකු හාමුදුරුවො මේ විදිහට කන්දේ හැමතැනම ඇවිදලා දිවා ගුහාව හොයාගන්න බැරිව විතරක් නොවේ අපේ පුංචි දඹදිව රත්ගඟ පන්සලට එන්න මාර්ගය හොයාගන්නත් බැරිව අතරමං වෙලා ඉන්නකොට අර කී සාමි හාමුදුරුවන්ට මුණගැහුණා. හාමුදුරුවෝ තමන්ට හා පිරිසට වූ ඇබැද්දිය කීවාම සාමි අර මහා රූස්ස ගස ළඟින් වමට හැරිලා යන්ට කියලා මඟ සලකුණු දෙක තුනක් පෙන්වා දීලා යන හැටි කියා දීලා. අපේ නායක හාමුදුරුවො කරදරයක් නැතිව පන්සලට වැඩියා.
සාමි වෙසින් පැමිණි සමන් දෙවියන්
ඊට සතියකට විතර පස්සෙ අනුරාධපුර පැත්තෙ වන්දනා නඩ කීපයක් අරන් සාමි පුංචි දඹදිව අපේ පන්සල වඳින්න ආවා. ලොකු හාමුදුරුවො කීවා, එදා මං කීව විදියටම වැඩි නිසා කරදර වුණේ නෑ කියලා. ඒ කතාවට සාමි පුදුම වුණා. අනේ! හාමුදුරුවනේ මං මාස දෙකක් තුනක් තිස්සේ අසනීපයෙන්. මේ දැනුයි මං වන්දනාවට ආවෙත් කියලා. අපේ ලොකු හාමුදුරුවන් කැටපෝලයක්වත් අතේ නැතිව ශීල සමාධියෙන් ඇවිදිමින් අතරමං වූ නිසා උන්වහන්සේට සමන් දෙවියන් සාමි වෙසින් හමුවන්න ඇති යැයි කවුරුත් අන්තිමේ සිතුවා. ඒ වගේ පුදුමාකාර සිදුවීම් මේ පළාතේ හරියට අහන්නට තිබෙනවා.
“මීට අවුරුදු 15කට පමණ ඉස්සර කොහෙන්දෝ ආ මනුෂ්‍යයෙක් අවාරේ සිරිපා යන්ඩ තීරණය කරලා මෙහෙ ඇවිත්. රත්නපුර පලාබද්දල පාරෙන් යන්ඩ ආපු මේ මනුස්සයා ඇත්තටම සමන් දෙවි හාස්කම් මේකේ තියෙනවා ද? බුදුන්ගේ පාද ලාංඡනයේ කතාව ඇත්තක් ද? මේවා අන්තිම බොරු කතා කියමින් සිරිපා කන්ද කරුණා කරන්න පටන්ගෙන. අහළ පහළ මිනිසුන් කියා තිබෙනවා ඔහොම කතා කරන්ඩ හොඳ නෑ. මළුව කිට්ටුව මහා වැසි වහිනවා. අකුණු ගහනවා. දැන් අවාරේ දෙවියන් සතුන් මළුව වඳින වෙලාව. යන්ඩ එපා කියලා. ඒ මිනිහා අතේ උක් ගස් කීපයකුත් තිබුණලු. තවත් කරේ දාගෙන කිසියම් මල්ලකුත් තිබිලා. මේ උක් අලින්ට දෙන්න. දිවියන්ට ඕනෑනම් කන්න දෙන්න මේ මල්ලෙ බඩු තියෙනවා කියමින් වහසි බස් දොඩ දොඩා ඒ මනුෂ්‍යයා කන්දට නඟින්න ඇවිත්.
ළිහිණිහෙළදී දුටු බියජනක සිදුවීම
ලිහිණිහෙළ හරියෙදි මිනිහාට කුමක් හෝ අකරතැබ්බයක් වෙලා. වලහා කාපු හාමුදුරුවො මළුව වැඳලා බහිනකොට දැකලා තියෙනවා දිවියෙක් මිනිහෙක්ව මරලා මිනිහගෙ මස් පාරෙ තියාගෙනම බුදිනවා.
උන්වහන්සේ බය නෑ. දිවියා ළඟට කිට්ටු වෙලා හයියෙන් කතා කළා. උන්වහන්සේ කලින් අකරතැබ්බකට මුහුණ දුන්නට පහර දුන් සතා ඊට පස්සෙ පලා ගියා. දිවියාත් පැන දිව්වා. හාමුදුරුවො පහළට වැඩලා සිද්ධිය කීවාම පහළ ගමේ මිනිස්සු කලින් මිනිහා ගිය හැටි කීවලු. ඒත් මනුෂ්‍යයෙක් නේද? කියලා ඒ අය ඇවිත් අර මළමිනියෙ භාගය අයිනක වළක් හාරා වැළලුවා. දවසක් යනකොට අර මනුෂ්‍යයාගේ නෑයො ඇවිත් මිනිහාට වෙච්ච දේ හොයාගෙන. ගමේ මිනිසුන් සමඟ ඇවිත් වළ ළඟ බලනකොට ඒ භාගයත් දිවියන් කාලා (වළ හාරා ගොඩගෙන) එතැන වනසලා තිබුණා.
සමන් දෙවි අඩවියේ තවත් විස්මිත තොරතුරු ලබන සති‍යේ.
silumina
උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Thursday, October 5, 2017

තනියම දුන්හිඳ කන්ද නගිනකොට පාන්දර 2ට ලස්සන ගැහැනියක් කරත්තෙ පිටිපස්සෙ....(අබිරහස් අඩවිය - Abirahas Adawiya - හොල්මන් කතා. holman katha badulla dunhinda)

ගැල් හෙවත් කරත්ත මගින් භාණ්ඩ ප්‍රවාහනයට ඇත්තේ මිනිස් ශිෂ්ටාචාරයේ ආරම්භය තරමටම දිගුවූ ඉතිහාසයකි.   
ගවයින් බැඳි ගැල් 500ක් පිරිවරාගෙන වෙළඳ‌ාමේ යෙදුණු වෙළඳුන් පිරිසක් පිළිබඳව අප කුඩා කල දහම් පාසලේදී කියවූ පන්සිය පනස් ජාතක පොතේ එන අපණ්ණක ජාතකයේද සඳහන් වෙයි.   
අද මෙන් රථවාහන බහුල නොවූ සියවසකට පමණ පෙර මෙරට භාණ්ඩ ප්‍රවාහනය මෙන්ම තැපැල් ප්‍රවාහනය සිදුවූවේද ගොනුන් බැඳි කරත්ත මගිනි. එකල කොළඹ ගැල්කරුවන් දියත් කළ මහා වැඩ වර්ජනයක් ගැනද අපි අසා ඇත්තෙමු.   
අදින් දශක ගණනාවකට පෙර මෙරට මාර්ග පද්ධතියේ සැලකිය යුතු තැනක් කරත්තයට හිමිව තිබුණද අද වනවිට මහමඟ ගමන් ගන්නා කරත්තයක් දක්නට ලැබෙන්නේ නම් ඒ ඉතා කලාතුරකිනි.    
එසේ වුවද කෙමෙන් වියැකී යන පාරම්පරික කරත්ත රස්සාව රැකබලා ගනිමින් එයට ජීවය දෙන මිනිසුන් පිරිසක් වියලුවේ ගම්මාන කීපයක අදටත් ජීවත්වෙති.   
බදුල්ල දිස්ත්‍රික්කයට අයත් බෝලියද්ද, මීගහකිවුල, මකුල්ගොල්ල, තල්දෙන, පරගස්තැන්න, පුස්සල්ලාව ආදී ගම්මානවල වෙසෙන පාරම්පරික කරත්තකරුවෝ අදටත් සිය ජීවිකාව ගෙන යන්නේ කරත්ත මගින් බදුල්ල නගරය වෙත දර ප්‍රවාහනය කිරීමෙන් ලැබෙන්නා වූ ආදායමිනි.   
බදුල්ල-මහියංගණ මාර්ගය ඔස්සේ බදුල්ල බලා ගමන් ගන්නා ඕනෑම කෙනෙකුට මීගහකිවුල බදුල්ල අතර වූ කිලෝමීටර් 22ක් පමණ වූ මාර්ග කොටස තුළදී මෙලෙස දර රැගෙන යන කරත්තකරුවෙකු මුණ නොගැසුනේ නම් ඒ බොහෝ කලාතුරකිනි. 
එසේ වුවද අදින් දශක එක හමාරකට දෙකකට පෙර මෙම මාර්ගය ඔස්සේ ගමන් ගත් කරත්ත ප්‍රමාණය දෙසීයය ඉක්මවූවද අද වනවිට එම සංඛ්‍යාව බෙහෙවින්ම පහත වැටී ඇති බව මෙම ගැල්කරුවන් සමඟ අප කළ කතාබහේදී අනාවරණය විය .   
වියලුවේ පාරම්පරික දර කරත්තකරුවන්ගේ පරම්පරාවේ අවසන් පුරුක් කීපය යැයි සිතිය හැකි මෙම කරත්තකරුවන්ගේ බහුතරය අද වනවිට සිය ජීවිතයේ අවසන් භාගය ගෙවා දමමින් සිටිති. අත්දැකීම් සපිරි කරත්තකරුවෝ බොහොමයක් මේ වනවිටත් මෙලොව හැර ගොස් ඇත්තේ ඔවුන් සතු අත්දැකීම් බොහොමයක්ද ඔවුන් සමඟම පොළව යට සඟවා තබමිනි.   
මේ වනවිට සිය ජීවිතයේ සැඳෑ සමය ගෙවමින් සිටින ආර්.එම්. රත්නායක මහතා වසර 50ක පමණ කාලයක් තිස්සේ කරත්ත රස්සාවේ නිරතවන අත්දැකීම් සපිරි කරත්තකරුවෙකි.   
අද තරුණයින් අතර යතුරුපැදිය ජනප්‍රිය වී ඇති තරමටම එකල තරුණයෝ ගවයින් බැඳි කරත්තවලට ප්‍රිය කළ බව රත්නායක මහතා අප සමඟ කියා සිටියේ දිගු කතාවකට මුල පුරමිනි.   
‘‘මහත්තයෝ මම පාසල් යන එක නැවැත්තුවෙත් මේ කරත්ත රස්සාවට තියෙන ආදරේටමයි.’’ ඔහුට කතාව කියන්නට ඉඩ දී අපි නිහඬ වීමු.   
‘‘මම මේ රස්සාව අවුරුදු 50ක විතර කාලයක් තිස්සේ කරනවා. මම උපන්නේ බෝලියද්දේ. ඒ කාලේ බදුල්ල-මහියංගණ මාර්ගයේ වාහනේකට ගියේ බස් එකක් විතරයි. බස් එක උදේ ගියාම ආයේ එන්නේ හවසට. වෙන කිසිම වාහනයක් නැහැ.   
මේ ගමේ කීප දෙනෙක්ම කළේ කරත්තවලින් බදුල්ලට දර ගෙනියන එක. මම පොඩි කාලේ අපේ ගෙදර තාත්තට වගේම සීයටත් කරත්ත දෙකක් තිබුණා. ඒ අය හරිම උජාරුවෙන් තමා මේ රස්සාව කළේ. ගමේ අය කතා කළෙත් බාස් උන්නැහේ කියලයි. මොකද කරත්තේ එළවන එකත් ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකටත් හොඳ දැනුමක් පුහුණුවක් තියෙන්න ඕනෑ. ඒ වගේම මේ අය කරත්තෙට හරකුන්ට සැලකුවේ දෙවියන්ට වගේ. අනවශ්‍ය විදිහට කරත්තෙට තට්ටුවක්වත් ද‌ාන්න බැහැ. කේන්ති යනව.   
කොහොම උනත් මේව දකිද්දී මට පාසල් ගමනත් එපා වුණා. යන්තම් අවුරුදු 10–12 වෙද්දී පාසැලට ආයුබෝවන් කියල මමත් කරත්ත පස්සේ යන්න පුරුදු වුණා. හැබැයි තාත්තවත් සීයවත් මේ වැඩේට කැමැති උනේ නැහැ. ඒ අයගේ කරත්ත අල්ලන්නවත් මට දුන්නේ නැහැ.   
කරත්ත පස්සේ යන්න මට තිබුණේ පුදුම ආසාවක්. බෝලියද්දේ ඉඳල බදුල්ලට හැතැම්ම අටක් දහයක් දුරයි. සීයවත් තාත්තවත් කරත්ත රස්සාවට මම ගත්තේ නැති නිසා මම කරන්නේ ගමේ කෙනෙකුගේ කරත්තෙක පස්සෙන් බදුල්ලට යන එක. ඒ යන අතරේ ඒ අය මටත් කරත්තේ දක්කන්න දෙනව. මම ඒ අයට දර බාන්න උදව් කරනව. මට කන්න බොන්න අරන් දීල ශත 35කුත් දෙනව. ඒ කාලේ තේ එකක් ශත පහයි.   
මේ වැඩේ නිසා කීපවිටක්ම තාත්ත මට ගැහුවා. හැබැයි ඒත් මම ආය පාසල් ගියේ නැහැ. හොරෙන් හොරෙන් කරත්ත පස්සෙ යන්න පටන් ගත්තා. අන්තිමට තාත්ත මාව ගෙදරිනුත් එළෙව්ව. මොන දඬුවම දුන්නත් මම නෙමෙයි මේ රස්සාව අත් ඇරියේ.   
මොකද ඒ කාලේ කරත්තයක් දක්කනව කියන්නේ අද කාලේ කොල්ලො මෝටර්සයිකලේක නැගල රවුම් ගහනව වගේ වැඩක්. මිනිස්සු බාස් උන්නැහේ කියල කතා කරද්දී පුදුම ආඩම්බරයක් තමා දැනුණේ.   
කොහොම හරි අන්තිමට අපේ බාප්ප කෙනෙක් මට එයාගේ කරත්තේ කුලියට දුන්න. ගමන් දෙකකට මම එයාට රුපියල් 15 ගානේ දෙන්න ඕනෑ.   
මම දැන් ගෙදර නොගිහිල්ලම කරත්ත රස්සාව කරනව. කොහෙන් හරි කාල කරත්තෙම නිද‌ාගන්නව. මගේ ජීවිතේම වුණේ කරත්ත රස්සාව. මම මේ විදිහට මාස 6-7ක් යන කොට අම්ම ඇවිත් මාව එක්ක ගියා. ඊට පස්සේ සීයවත් තාත්තවත් ආය මට මුකුත් කීවේ නැහැ.   
ටික කාලයක් යද්දී රුපියල් 700ක් එකතුකරගෙන පරණ කරත්තයක් අරන් මටම කියල එකක් හදා ගත්ත. එද‌ා මට දැනුණ සතුට මෙච්චරයි කියන්න බැහැ.   
කරත්තෙ හද‌ා ගත්තත් මට හරක් හිටියේ නැහැ. තාත්ත මට හරකෙක් දුන්නා. මම එකෙක් කුලියට ගත්ත. සීයත් පැටියෙක් දීල කීව පුරුදු කරගනින් කියල.   
දැන් ඉතින් මට රටක් හම්බ වුණා වගේ තමයි. අනිත් උන් සතියට සැරයක් යනකොට මම තුන් පාරක් බදුල්ලට යනව. 
දුංහිඳ වංගුව
 මම මේ කරන වැඩේට මිනිස්සු එච්චර කැමැති වුණේ නැහැ. ‘මිනිස්සු මට කීවා උඹ නම් යකෙක් ගහල හරි කරත්තෙට යටවෙලා හරි තමා මැරෙන්නේ කියල.’   
ඒ කාලේ අපේ ගමේ ඉඳල බදුල්ලට යනකම් ගෙවල් 10-15 කට වඩා නැහැ. දුන්හිඳ පැත්ත හොඳටම පාළුයි. පාරේ සමහර තැන්වල මිනිස්සු පිදුරු අට්ටි ගහල තියාගෙන ඉන්නව විකුණන්න. මොකද ඒව තමා අපි හරකුන්ට කන්න දෙන්නේ. පිදුරු කට්ටයක් ශතයයි.’’   
‘මොකක්ද අර යකා ගහනව කියපු කතාව’ මම රත්නායක මහතාගේ කතාව වෙනතකට හැරවූවෙමි.   
‘අප්පා, මහත්තයො ඒ කතා මතක් වෙනකොටනම් මට දැනුත් බය හිතෙනව. ඒ කාලේ ඔය පාරේ හොල්මන් අවතාර විමානේ.   
දවසක් මම දර විකුණල මඟට ඇවිත් හරකුන්ටත් හොඳට කවාගෙන එන්න පිටත් වුණා. ඒ වෙනකොට වෙලාව රාත්‍රි 10-11ට විතර ඇති. ඔය 13 කණුව හරිය අද වගේ නෙමෙයි හරිම පාළුයි. 88 භීෂණ කාලේ මිනිස්සු පුච්චපු තැන නිසා දවල්ටවත් කවුරුත් එතන තනියෙන් ඉන්නේ නැහැ.   
මටත් මේ වෙලාවේ කවදාවත් නැති පොඩි අමුත්තක් දැනුණ නිසා මම හයියෙන් සීපදයක් කියාගෙන තමා ආවේ. එළියකට තිබුණේ කරත්තේ යට තිබුණු ලන්තෑරුම විතරයි.   
කරත්තේ 13 කණුවට ආව විතරයි එක පාරටම කරත්තේ පාරෙන් අනිත් පැත්තට හැරිල කැලේ පැත්තට වේගෙන් යන්න පටන් ගත්ත. මම තිරිංග තද කළත් හරි ගියේ නැහැ. හරක් දෙන්න දැන් එක පාරම කරත්තෙත් අරන් කැලේටම තමා යන්නේ. මම මොන වැඩ දැම්මත් හරි ගියේ නැහැ.   
අන්තිමට කැලේ මැදට ගිහින් හරක් නතර වුණා. දැන් කිසි සද්දයක් නැහැ. මෙන්න ටික වෙලාවක් යනකොට මම ඉන්න තැනට උඩහ පැත්තෙන් කැලේ කඩනව ඇහෙනව. කැලේ කඩාගෙන අතු බිඳගෙන කවුදෝ පහළට එනව වගේ දැනුණත් කිසි කෙනෙක් නැහැ. අතේ තියෙන ලන්තෑරුම ඇරුනම වෙන කිසි දෙයක් ඇත්තෙත් නැහැ.   
මට දැන් කරන්න දෙයක් නැහැ. මම බය පැත්තක තියල අර නරක වචන දෙක තුනක් හයියෙන් කියන්න පටන් ගත්ත. ඔන්න එතකොට අර සද්දේ නතර වුණා. මම හෙමීට ගොන් දෙන්නා ලිහල කරත්තේ පාර පැත්තට හරවල ආයෙත් ගොන් දෙන්න ගැටගහල කරත්තේ පාරට ගන්න ලෑස්ති උනා. වෙනද ගහක් උඩ උනත් නගින ගොන් දෙන්න දැන් හෙලවෙන්නේවත් නැහැ.  
මහත්තයො මම කිසිම දවසක ගොන්ට ගහන්නේ නැහැ. අත්දෙක අතගාල යමං පුතා කීවම උන් බදුල්ලට යනකං යනව. හැබැයි එද‌ා මොනව කීවත් මේ දෙන්න හෙල්ලුනේවත් නැහැ. අන්තිමට මගේ කේන්තියයි බඩ ගින්නයි ඉවස ගන්න බැරිව මම හොඳටම හරක් දෙන්නට ගැහුවා. ඒත් මුන් දෙන්න හෙලවෙන්නේවත් නැහැ.   මම ආයෙත් හරක් දෙන්න ලිහුවා. පාරට ආවා. මට මතකයි මෙතන්ට හැතැම්මක් විතර එහා ගෙයක් තියෙනවා. ඒ ගෙදර මාම යන්තර මන්තරත් දන්නවා. දැන් මම එහෙට යනව නම් අර මිනී පුච්චපු ඇට කටු අලු උඩින් තමා යන්න ඕනෑ. මොනා කොරන්නද මම එතනින් පැනල ගියා.   
මම ගිහින් ඒ ගෙදර හිටිය මාමට මට උන කරදරේ ගැන කීව. උන්දැ ඒක අහල ඔළුවේ අත තියාගෙන මට කීව ‘මෙන්න මෙහෙන් නිදා ගනින් උදේට පලයං’ කියල.   
ඒත් මම ඒකට කැමැති වුණේ නැහැ. පස්සේ උන්දැ අදිමදි කරල තව කෙනෙකුත් එක්ක කරත්තේ ගාවට ඇවිත් මොනවදෝ කියල මට කීව හා දැන් කරත්තේ ගනින් කියල. අනේ පුදුමේ කියන්නේ ගොන් දෙන්න සරස් ගානකොට පාරට ආවා. මම එතනින් එනකොට රෑ එකත් පහුවෙලා.   
හැබැයි මම ගෙදරට ආව විතරයි මතක, මට හොඳටම උණ ගැනුණා. ඒ විතරක් නෙමෙයි මුළු ඇඟපතම රිදෙන්න පටන් ගත්ත. දවස් ගාණක් ගිහින් තෙල් බේත් කරල තමයි සනීප වුණේ’’   
ඔහු මෙවැනි අත්දැකීම්වලට මුහුණ දී ඇත්තේ වරක් දෙවරක් නොවේ. මේ ඔහු මුහුණ දුන් තවත් එවැනිම අත්දැකීමකි.   
‘‘අපි යන පාර හරිම පාළුයි. හුඟ දෙනෙක් රාත්‍රි 8.00-9.00 පහු වුණාට පස්සේ ඔය පාරේ යන්නේ නැහැ. මොකද දවල්ටත් පාරේ හොල්මන් තියෙනව. ගියත් යන්නේ කරත්ත හත අටක්වත් එකතු වෙනකම් ඉඳල තමයි.   
හැබැයි මම ඉතින් යකෙකුටවත් බය නැති මිනිහා නිසා මම දැන් කරත්තේ අරන් දුන්හිඳ කන්ද නගිනවා. වෙලාව රාත්‍රි 10.00ට විතර ඇති. මෙන්න එක පාරටම දිඩි දිඩි ගාල කැලේ පැත්තෙන් සද්දයක් එනවා. මේ සද්දෙත් එක්ක දැන් කරත්තෙත් නැවතිල. හරක් අදින්නෙත් නැහැ. දැන් සද්දේ ළඟ ළඟම එනවා. සද්දේ එන පැත්තකුත් නැහැ. මම දන්නව මොකාටද එන්නේ කියල. මම කලින් දවසේ වගේම හොඳ දෙකක් කියල කෑ ගැහුවා. අනේ සද්දේ නැත්තටම නැති වුණා.   
ගොඩක් වෙලාවට හම්බ වෙන්නේ බෝදිලිමා කියන අවතාරේ තමා. බෝදිලිමා ලන්තෑරුම් එළිය දැක්ක ගමන් පස්සෙන් එනවා කියල තමයි සීය අපට කියල දීල තිබුණේ.   
ඕකා එක එක විදිහට කෑ ගහනව. හරිම භයානක සද්දයක් තමා එන්නේ. දවසක් මම මේකා කෑගහන සද්දෙට බය වෙලා පාර අයිනේ තිබුණු ඉලුක් මඩුවකට රිංගල තමා බේරුණේ.   
හරක් බාන කරත්තේ අනික් පැත්තට හැරිල ආපස්සට යනව’’  
හෙල මකුල්ගොල්ලේ ඩී.එම්. ලොකුබණ්ඩා මහතාද හොල්මන් අවතාරවලින් හොඳ හැටි බැට කෑ කරත්තකරුවෙකි.   
‘‘මහත්තයො දවසක් අපි දුන්හිඳ කන්ද නගිනවා. මට ඉස්රහින් කරත්ත තුනක් යනවා. එතන තියෙන සයිඩල් වංගුව කියන්නේ කරත්තකාරයො හරිම අමාරුවෙන් බයෙන් යන තැනක්. හරියට අවතාර හොල්මන් තියෙනවා. මම ඉතින් පොඩි කාලේ ඉඳලම හරක් එක්ක කැලේ හිටිය මිනිහ නිසා මට බයක් නැහැ.   
ඔන්න මම සයිඩල් වංගුවට උඩින් තියෙන අලිපාර ළඟට ආව විතරයි, එක පාරටම කළු පාට මිනිහෙක් ඇවිත් කරත්තේ ඉස්සරහින් හිට ගත්තා. මේක දැන් බලා ඉද්දී උස යනව. ඒ එක්කම හරක් බාන කරත්තේ අනිත් පැත්තට හරවගෙන ආපස්සට කාර් එක වගේ යනව. මට කරන්නම දෙයක් නැහැ. මම කඳ යටින් රිංගල ගොන්ගේ නාස් ලණුවෙන් ඇද්දත් උන් නෙමෙයි නවතින්නේ. ටික දුරක් යද්දී හරක් දෙන්නා ඇදගෙන වැටිල කරත්තෙත් උන්ගේ උඩින් ගියා. මම එළියට පැනල අනූ නමයෙන් තමයි ජීවිතේ බේර ගත්තේ. අන්තිමට මම කෑ ගහන සද්දෙට ඉතිරි කරත්තකාරයො ටික ඇවිත් තමා කරත්තේ හිට්ටව ගත්තේ. එතන ඒ වගේ කීපදෙනෙකුටම වෙලා තියෙනවා.   
ආයේ දවසක් මම තනියම දුන්හිඳ කන්ද නගිනව. වෙලාව රෑ 12.00-1.00ට විතර ඇති. වංගුව හරවල කරත්තේ නවත්තල බලද්දී මෙන්න ලස්සනට ඇඳ ගත්ත ගෑනියෙක් කරත්තේ පිටිපස්සෙන් එනව මට ලන්තෑරුමට පේනව. මම බය වුණේ නැහැ. මම ඉතිපිසෝ ගාථාව කියාගෙන උඩහටම දැක්කුව. ටික වෙලාවකින් බලද්දී එයා අතුරුදහන් වෙලා’’   
ගැමියන් මෝහිණීය ලෙස හඳුන්වන අවතාරය බොහෝ විට කරත්තකරුවන්ට මුණ ගැසෙන බව කරත්තකරුවෝ පවසති. 
දර රස්සාවේ යෙදෙන කතුන්
මේ මුතුබණ්ඩේ මාමාට දවසක් මෝහිණිය මුණගැසී සිදුවූ අරතැබ්බයකි.   
‘‘අර අසූ අටේ කලබල කාලේ තමා මේක වුණේ. අපි එන පාර දිගට ඒ කාලේ මිනී පුච්චනව. ඔය 12 කණුව හරියෙ කීප සැරයක්ම මිනිස්සු පුච්චල තිබුණා.   
එද‌ා මම ඔන්න දර විකුණල ගෙදර එනව. වෙලාව රාත්‍රි 11.00- 12.00 ට ඇති. තල්දෙන බෝගහ ළඟ කඩෙන් තේ එකක් බීල මම එන්න පිටත් වුණා. ඒ කඩේ අයත් කීව දැන් රෑ වෙලා ඔය මිනී පුච්චන තැන්වලින් යන්න එපා කියල. මම ඒක නාහ ආවා. පාර හරිම පාළුයි. වාහනයක්වත් නැහැ. දැන් ඔන්න මම අමාරු ගල ළඟ වංගුවෙන් එනවා. මට කව්දෝ කතා කරනව ඇහෙනවා. වටපිට බැලුවත් පේන්න නැහැ. මම හිතුව පහළ ගමේ කාටහරි ලෙඩවෙලා උස්සගෙන එනව ඇති කියල.   
මම ඉතින් ගානක් නැතිව ඉස්සරහට යනව. ඔන්න දැන් හිනා වෙන සද්දෙකුත් ඇහෙනව. පස්සෙන් එන ගොනත් උඩ පැනගෙන දඟලනව. මම පස්ස හැරිල බැලුව ලන්තෑරුම් එළියෙන් මට දැන් ලස්සන ගෑනියෙක් පේනව. මම දැනගත්ත වැඩේ. මම පාඩුවේ ආව. ටිකක් දුර එද්දී මෙන්න පස්සෙන් ආවා ගෑණි ඒ පාර ඉස්සරහින් එනවා. මාර ලස්සන ගෑනි. මට ඉතින් කතා කරන්නත් හිතුනා. හැබැයි මම කතා කළේ නැහැ.   
මහ පාරේ ආව මම දැන් ගමට එන්න අතුරු පාරට හැරෙන්න ඕනෑ. යකෝ මෙන්න මේ ගෑනිත් අතුරු පාරට හැරුණා. මම ඒ පාර නම් බය වුණා. මම කරත්තේ කඳ යටින් රිංගල කරත්තේ යට තිබුණූ පඩංගුවේ දිගා උනා. කරත්තේ වංගුව හැරෙනවත් එක්කම එක පාරටම ලන්තෑරුමේ චිමිණිය පුපුරල ඒක නිවුනා. මොනව කරන්නද? ඔන්න මම දැන් මහ කරුවලේ කරත්තේ යටට වෙලා එනවා. ගෑනිත් එනවා මට පේනව. මම ඔහොම ඇවිත් ගෙවල් කිට්ටුව තිබුණු ගෙයක් ළඟ නවත්තල ගෙදර අයට කතා කළා. එද‌ා ඒ ගෙදර හිටියේ අපේ නෑදෑවෙන නංගි කෙනෙක් විතරයි. මම කතා කරද්දී නංගි ලාම්පුවත් අරං පාරට ආව. මම විස්තරේ නොකිය ලාම්පුව නිවුන කියල විතරක් කීවා. පස්සේ මම එතන හරක් ටික දිගේලි කරල කරත්තෙත් ද‌ාල ගෙදර ආවා.   
හැබැයි පහුවෙනිද මට නැගිට ගන්නවත් බැරි තරමට උණ ගැනුණා. ආරංචි කරල බලද්දී අර මට උදව් කරපු නංගිටත් උණ. ඒ වගේම විකාරෙන් දොඩවන්න පටන් අරං. අන්තිමට මන්තර ගුරුකම් කරන රනාගල මාමා එක්ක ඇවිත් යැදල තෙල් මතුරල තමයි අපි දෙන්නටම සනීප වුණේ’’   
ප්‍රදේශයේ කරත්තකරුවෙකු වූ ඩී.එම්. කිරිබණ්ඩා මහතාද කීපවිටක්ම කරත්ත රස්සාවේදී හොල්මන් අවතාරවලින් බැට කෑ අයෙකි.   
‘‘දවසක් මම 13 හරියෙන් යනව. බාගෙට හඳ පායල තිබුණා. වෙලාව 12.00ට විතර ඇති. මෙන්න මම ඉස්සරහින් කළුපාට බල්ලෙක් යනවා. මේක බලා ඉද්දී උස යනව. හැබැයි මම දන්නව මේක බල්ලෙක් නෙමෙයි කියල. මම හොඳ දෙකක් කියල තෝ හිටපිය අපි යනව කියල යන්න ගියා. ටික දුරක් ඇවිත් ඒක අතුරුදහන් වුණා’’   
බොහෝ කරත්තකරුවෝ තමන් ජීවත්කරවන හරකුන්ට දැක්වූයේද අපමණ සෙනෙහසකි. රත්නායක මාමා ඒ ගැන මෙසේ කීවේය.   
‘‘මහත්තයො මම කවද‌ාවත් හරකුන්ට ගහන්නේ නැහැ. හොඳට කවනවා. නාවනව. ඊට පස්සේ කරත්තෙට බැඳල අත්දෙක අතගාල යමං පුතා කීවම මම නවත්තනකම් යනවා. මඟදිගටත් ලිහ ලිහා කන්න දිදී තමා මම කරත්තේ අරන් යන්නේ.   
මහත්තයෝ පස්සේ කාලේ මට කරත්ත දෙක තුනක් තිබුණා. එකක් මම දුන්නා මගේ සහෝදරයෙකුට. ගොන් ටිකත් දුන්න. එයා හරිම සැර පරුෂ කෙනෙක්.   
දවසක් මම දර අරන් යනකොට මිනිස්සු කීව මල්ලී එක හරකෙක් වයසයි කියල මස් කඩේට දුන්න කියල. මම දර ගෙනියන එක තියල කරත්තෙත් ද‌ාල දුවන්න පටන් ගත්තා. දුවල දුවල මග දිගට හම්බ වෙන අයගෙන් ඇහුව හරකෙක් අරන් යනව දැක්කද කියල. මිනිස්සු නැහැ කීව. පස්සේ හොයල බලන කොට හරක ගෙනියන්න බැරුව කැලේ බැඳල තියල ඉන්නව. මම ගාස්තුව දීල හරක ආයෙත් බේර ගත්තා. මේ සත්තු මහත්තයො මතු ආත්මෙ නිවන් දකින්න ඕනෑ’’ රත්නායක මාමා එසේ කියා සිටියේ දෙනෙතින් ගලා හැලුණූ කදුළු කැට කීපයක් වම් අතින් පිස දමමිනි.   
බදුල්ල බලා ගමන් ගන්නා කරත්තකරුවෝ බෙහෝ විට සිය ගමන් බිමන් සඳහා යොද‌ා ගන්නේ උදෑසන හා සවස් කාලයයි. දිවා කාලයේදී පාර රත්වීමත් සමඟ ගොනුන්ට දැනෙන අපහසුව නිසා ඔවුහු දිවා කල ගවයින් ලිහා දමා කොහේ හෝ ගස් සෙවණකට වී ගිමන් හරිති.   
‘‘බදුල්ලට යන්න හැතැම්ම 15-20 ක් දුරයි. මේ දුර එක පාරම යන්න බැහැ. හුඟ දෙනෙක් රෑ වෙද්දී කරත්ත ලෑස්ති කරගෙන උදේ 5-6 වෙනකොට පාරට බහිනවා. උදේ 10.00 විතර වෙනකොට ගමනෙන් බාගයක් විතර යන්න පුළුවන්. සමහරු තල්දෙන පිහිල්ල ළඟදී හරක් ලිහල වතුර පොවනවා. ඊට පස්සේ වල් කන්න දානව. කරත්තවල එන අය කරන්නේ ගේන දෙයක් කාල කොහේට හරි වෙලා නිදා ගන්න එක. සමහරු නම් ඉතිං ඕමි බලනවා. බුරු ගහනවා.   
ඔන්න ඉතින් හවස 2.00-3.00 විතර වෙද්දී ආයෙත් හරක් ගැටගහගෙන ගමන පටන් ගන්නවා. එක පෙළට කවි සීපද කියාගෙන කරත්ත ටික යන කොට පුදුම ලස්සනක් තියෙන්නේ.   
කරත්ත පෙළේ සිටින නාහෙට නාහන ඉලන්ද‌ාරියෙකු හරකුන්ට ඉඳහිට වැරෙන් පහරක් දෙකක් එල්ල කළද වැඩිහිටියෝ එසේ නොකරති. කරත්ත දක්කන වැඩිහිටි බොහෝ දෙනෙකු සිය ගවයින්ට මග පෙන්වන්නේ කවි සීපදවලිනි. ඒ කවි සීපදවලින් බොහොමයක්ද තම ගම් ප්‍රදේශයන් අලලා ඔවුන් විසින්ම නිර්මාණය කර ගත් ඒවා වීමද විශේෂයකි.   
රත්නායක මාමා එවැනි කවි සීපද කීපයක්ම ගායනා කළේ පැරණි මතකයන් යළි සිහි ගන්වමිනි.   
සසඳ සසඳ කඳ මහ පාරේ යනවා   
අත් වැල් බඳට රෝදය කැරකෙනවා   
හත් හරියට ගොන් බානක් බැඳ යනවා   
හත් හරියට අපි නාරංගල යනවා 
බදුලු යන්න මහ පාරක් තියෙන්නා   
කැවිලි කන්න කඩ වීදිය තියෙන්නා   
වතුර බොන්න ගංඟාවක් තියෙන්නා   
සාදු සාදු මුතියංගණ පෙනෙන්නා 
නාවාලා ගොන් බානක් බැඳල ගියා   
සෝදාලා සුදු සරමක් ඇඳල ගියා   
තෙල් ගාලා කොණ්ඩේ පීරාල ගියා
හතර වරම් දෙවි රැකපං බදුලු ගියා 
මෙහෙම කවි සීපද කියාගෙන ඇවිත් කොහොම හරි හවස 7.00-8.00 වෙනකොට ඔන්න ඉතින් ඔක්කොම රිදීපානෙ දොරගාවට කරත්ත ටික ගාල් කරනව’’.   
‘මොකක්ද දොරගාව කියන්නේ’ මගෙන් යළිත් බාධාවකි.   
‘ඉස්සර ඔය බදුලු ඔය හරහා මහ පුස්වැලක් තිබිල තියෙනව. එක කාලෙක ඔය පුස්වැල හරස්වෙලා බදුල්ලම යට වුණාලු. අන්තිමට ඔය වතුර පාර පිට වුණ තැනට තමා මිනිස්සු දොරගාව කියල කියන්නේ.’   
බදුල්ල නගරය බලා පැමිණෙන කරත්තකරුවන්ගේ එකම නවාතැනවන්නේ බදුල්ල නගරය පෙනෙන තෙක් මානයේ පිහිටි රිදීපාන හංදියයි.   
කරත්තකරුවන්ගේ රාත්‍රි නවාතැන්පල වන මෙහි කරත්තකරුවන් වෙනුවෙන්ම විවෘතව තැබෙන වෙ​ෙළඳසැල් කීපයක් මෙන්ම අබලන්වූ කරත්ත අලුත්වැඩියාව සඳහා කම්මල් කීපයක්ද එකල තිබූ බව රත්නායක මාමා අපට කීවේය.
සටහන සේයාරූ
වියලුවේ නිශාන්ත කුමාර
උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Sunday, October 1, 2017

හිට්ලර් මිසයිල හැදුවේ ටිබෙට​ෙ‌‌ය් බෞද්ධ පොතකින්.....(අබිරහස් අඩවිය - Abirahas Adawiya - ශාස්ත්‍රීය ළිපි hitler )Vailexi Star Gate Reverse Turn

ඇමෙරිකන් මානව විද්‍යද්‍යාඥයන්ගේ භාෂා දැනුම මද නිසා හෙළ ගුවන් යානා හැඳින්වූ වචන වරද්දගෙන ඇත. විමාන, වෛලෙක්සි (Vailexi) සහ ඇස්ට්‍රා (Astra) යන වර්ග තුනක ගුවන් යානා පැරණි ලොව තිබූ බව ඔවුහු පවසති. විමානය යනු ගුවන් යානයයි. එය නිවැරදිය. වෛලෙක්සි යනු ‘‘වෛමාන’’ යන වචනය (වෛමානික ශාස්ත්‍ර ආදී) ප්ලේටෝ පඬිවරයා විසින් තම ‘‘අත්ලන්තික් පුරවරය’’ නමැති වාර්තාවේ ග්‍රීක බසින් දක්වා ඇති ආකාරයයි. රාමායනයේ හනුමා දුටු ලංකාපුර විස්තරයත් අත්ලන්තික්පුර විස්තරයත් එකක්මය. ලංකාපුරය හා අත්ලන්තික්පුරය එකක්ම බව 1999 දී ඔප්පු වී ඇත.
ඇස්ට්‍රා යනු ආචාර්ය රූත් රේනර් මහත්මිය (චන්දිගාර් විශ්වවිද්‍යාලය) ටිබෙට් රටේ තිබූ සංස්කෘත ග්‍රන්ථය ඉංගිරිසියට පරිවර්තනය කරද්දී ‘‘අහස්තර’’ (අහස තරණය කිරීමේ යාත්‍රාව) යන වචනය වැරදියට ඉංගිරිසියට පරිවර්තනය කිරීමයි. එබැවින් විමාන, වෛලෙක්සි හා ඇස්ට්‍රා යනු එකම වචනය වන ගුවන් යානයයි. ලංකාපුරයට ප්ලේටෝ විසින් අත්ලන්තික් පුරවරය ලෙසට දැක්වූ බව 1999 දී බ්‍රිතාන්‍ය මානව විද්‍යඥයෙකු විසින් ඔප්පු කෙරින. තමන් ඊට ග්‍රීක නමක් යෙදූ බව ප්ලේටෝම පවසයි.
Vailexi
   5. අනුරාධපුර වෙස්සගිරියේ ඇති ආතර් සී. ක්ලාක් විසින් ස්ටාර් ගේට් (Star Gate) ලෙස නම්කළ ඔප මට්ටම් කළ ගල් පුවරුවක ඇති සටහන අභ්‍යවකාශ සිතියමක් ලෙස ක්ලාක් විස්තර කරයි. මාතලේ රිවර්ස්ටර්න් (Reverse Turn) එම නම ලබා ඇත. (බ්‍රිතාන්‍ය යුගයේදී) අභ්‍යවකාශ යානාවන් අවුත් නවතා තිබී ආපසු හරවා ගිය තැන එය බව ගම්මුන් විසින් සුදු නිලධාරින්ට පවසා තිබේ.  
6. රාවණට පරම්පරා 4 ට ඉහත සිටි ඔහුගේ මිත්තණියක් වන දේවයානී නොහොත් මන්දාත (පත්තිනි දේවිය මැය බව ඇතැම් මානව විද්‍යාඥයෝ පිළිගනිති) ගුවන්යානා මගින් බෝම්බ දමමින් පහරදීම කරන අයුරු තම මාලී, සුමාලී හා මාල්‍යවන්න යන පුතුන් දෙදෙනාට පුහුණු කළ ඇයව ඇගේ පියා විසින් ඇත ඇත ඇත කියා නවත්වාගත් තැන ඇතැන්ඩි බවට අග්නි පුරාණයේ සඳහන්ය. එමෙන්ම දේවයානිගේ දියණිය ‘‘අජමුඛී’’ නම් වූවාය. ඊට හේතුව ‘‘අජමුඛ’’ වර්ගයේ ගුවන් යානාවක් ඇය සතු වීමය. මයුර යනුද ගුවන් යානා වර්ගයකි. ජන වහරට පුෂ්පක යානය මොණර නම් විය. සුපර්ණකාගේ සැමියාට ‘‘ද්‍යුත’’ වර්ගයේ යානයක් විය. එබැවින් ඔහු ‘‘විද්‍යුත’’ නම් විය. ‘‘මන්ත්‍රික’’ වර්ගයේ යානා වර්ග 25 කි. ඒ පුෂ්පක, අජමුබ, ජ්‍යෙතිර්මුඛ, මයුර, භීෂ්ම, ද්‍යුත, භේරුණ්ඩ ආදී වශයෙනි. ලංකාපුර වැසියන් මයුර (දඬුමොණර) යයි කියූ යානයට වාල්මිකී පුෂ්පක යැයි කීවේ ඇයිද යනු ප්‍රශ්නයකි. ‘‘වෛමානික ශාස්ත්‍ර’’ හි භාරද්වජගේ වර්ගීකරණය යටතේ අහස්යානා වර්ග 4 ක් ‘‘සකුණ’’ (පක්ෂි) යානා වර්ගයට දඬුමොණර අයත් වේ. පොළවට පහත් කරන විට දෙපස තටුදෙක දිගහැරී වේගය අඩුවීම සඳහා තටු සැලීම සිදුවන බැවින් මේවා ‘‘සකුණ’’ නම් වේ.  
7. සතාගිර (සෙල්ලිපිවල සතා) හේමවත (සෙල්ලිපිවල හෙම්) හා ආලවක (අලව්) වැනි ප්‍රාදේශීය පාලකයන්ටද (ඉන්දියාවේ සත්ගිරිකඳු ප්‍රදේශය සතාගිරද, කාලිංග ප්‍රදේශය නොහොත් වත්මන් ඔරිස්සා ගුවන් යානා තිබීම හා අහසින් ගමන් කිරීම බෞද්ධ සාහිත්‍යයේ ඇත. ගෞතම බුදුන් දවස ගුවන් යානා තිබුණේද යන බවට වෙනත් සාක්ෂි නැත.  
හිට්ලර්
8. හනුමා විසින් රාමායන සුන්දර කාණ්ඩයේ විස්තර කරන අයුරු රාවණගේ පුෂ්පක යානයේ ආසන 200 ක් විය. රනින් කළ අසුනක් හා රිදියෙන් කළ අසුන් 2 ක්ද මුළුතැන්ගෙයක් හා වැසිකිළි 2 ක්ද විය. මහල් 3 ක් සහිත 300 ට වැඩි මගීන් පිරිසක් රැගෙන ගිය ‘‘ත්‍රිපුර’’ නමැති යානා වර්ගයක් (ජම්බෝ ජෙට්) ‘‘වෛමානික ශාස්ත්‍රහි’’ දැක්වේ.   
9. හිට්ලර් විසින් ජෙට්යානා හා මිසයිල් සහිත ජෙට් යැවීම උගත්තේ ටිබෙට් ලාමා ආරාමවලින් බවත් වාර්ෂිකව තුටු පඬුරු යවමින් මෙම ආරාම සමග සබඳතා පැවැත් වූ බවත් ‘‘මෙයින් කෑම්ෆ්’’ නමැති සිය ජීවිත කතාවෙහි හිට්ලර් විසින් සඳහන් කර ඇත. මෙම පොතපත ටිබෙට් ලාමා ආරාමවලට ආ සැටි එම ලාමාවරු දනිති. අශෝක අධිරාජයා විසින් යුද ​බෙරය නවත්වා ධර්ම බෙරය හැඬවීමට පටන්ගත් පසු මෙම පුස්ථක තම අධිරාජ්‍යයෙන් ඉවත්කර ටිබෙටයේ තැන්පත් කළේ තවදුරටත් යුද්ධය අනවශ්‍ය නිසාය. යුද ගුවන් යානා, මිසයිල්, ගිනිමල් විහිදුවන ඊතල, විනාශකාරී බෝම්බ තැනීම ආදියේ පොතපත වාර්තා තිබුණේ ලංකාවේය. කුඩා රටක කුඩා රජෙකු සමග අශෝක අධිරාජයා නමැති එකල ලෝක බලවතා සහෝදරත්වයෙන් ආශ්‍රය කිරීම මෙම රහස් ලබාගැනීමට විය හැකි යැයි සාධාරණ ලෙස අනුමාන කළ හැක. දෙවනපෑතිස් සමය වන විට (ක්‍රි:පූ. 236) සංස්කෘත ඉතාමත් දියුණු ලේඛන භාෂාව වීම නිසා ඒවා සංස්කෘතයට පරිවර්තනය කරගන්නට ඇත. ටිබැටයේ සංස්කෘත බසින් අහස්යානා ග්‍රන්ථ (1967 පරිවර්තිත) තිබුණේ එබැවිනි. බැංගලෝරයේ තිබූ භාරද්වජ පරිවර්තනය කළ ග්‍රන්ථය බැංගලෝරයේම ඉතිරිව තිබෙන්නට ඇත.
Vimana

වෛමානික ශාස්ත්‍ර (බැංගලෝර්) ග්‍රන්ථය පරිවර්තනයක් මිස නිර්මාණයක් නොවේ. විමාන යනු කුමක්දැයි කර්තෘ භාරද්වජ නොදැනීම ඊට ​ෙහ්තුවයි. ‘‘පක්ෂියාගේ ගමනට සමාන වේගයක් ඇති නිසා ඊට විමාන යයි කියනු ලැබේ (Owing to Similarity of Speed With birds, it is named Vimana) යනු භාරද්වජගේ අර්ථ දැක්වීමය. (ජී.ආර්. ජොස්යර්ගේ ඉංග්‍රීසි පරිවර්තනය 1908) බෝධානන්ද වෘති සහ ලාලාචාර්යද මෙම අර්ථ නිරූපණයෙදී ඇති බව ජොස්සර් පවසයි. අදත් ගැමි වහරේ එන ‘‘යකා​ගේ හැටියට විමානේ’’ යන්නෙහි අර්ථය කුරුල්ලා නොවේ. වසන තැන (නිවහන) යනු එහි අර්ථයයි. අනගාරික ධර්මපාල තුමා පසුකල තැනින් තැනට ගමන්කරමින් ජීවත් වූ ‘‘අසෝබන මාලිගාව’’ නමැති විමන් රථය නිවසක් ලෙස සකස් කළ ලොරි රථයකි. එය පක්ෂියෙකු නොවේ.  10. ඉතිහාසය යන අර්ථය ඇති ‘‘පුරාණ’’ නම් ග්‍රන්ථයන්හි සඳහන් අයුරු ලංකාවේ ගුවන්යානා ගැන ඇති සාක්ෂි ගණනාවකි.  
i. වසර 10,500 ඉහත ප්‍රාලද රජුගේ පුත් වීරචන්න (වීරචන) දකුණු ඇමෙරිකාවේ අන්දිස් කඳුවල ටිටිකාකා විල (ලොව උසම විල) අසල පාතාල රාජ්‍යය (පාද තලය යට) ඇතිකළේය. මේ ලෝක ගෝලයේ ලංකාවට විරුද්ධ දෙසින් අැති භූමියයි. අද එම ප්‍රදේශය ‘‘ටිවනතු’’ ලෙස හැඳින්වේ. මෙහි යාමට ගුවන් යානයක් තිබිය යුතුමය.  
ii. වසර 12,500 ට ප්‍රථම කොකේසස් කඳු ප්‍රදේශයේ (අාර්මිනියා, අසර්බයිජාන්, ජෝර්ජියා) අධිපතියා වූ හිරන් කසුප් (කාශ්‍යප) රජු තම දීප්තිමත් ඇස්වලින් බලා යුරෝපයේ හිම තට්ටුව දියකර හැරි බවට ගරුඬ පුරාණය හිරන් කසුප්ට දොස් පවරයි. ලංකාවේ පාලකයෙකු කොකේසස් කඳුකරය පාලනයට නම් ගුවන්යානයක් තිබිය යුතුය.  
iii දේවයානි (මන්දාත) තම පුතුන් සමග අහසින් ගොස් බෝ්ම්බ දැමීම පුහුණු කළ බව ඉහත දැක්විණ. එමෙන්ම දේවයානිගේ දියණිය ‘‘අජමුඛී’’ වූයේ ඇයට ‘‘අජමුඛ’’ වර්ගයේ ගුවන් යානයක් තිබීම නිසාය. එළුවාගේ මුඛයේ අග තුන්හුලස්ය. තියුණුය. මේ වාතය කපාගෙන යාම සඳහා නූතන ගුවන්යානා (එයාර් බස්) වල ඇති හැඩයයි.  
iv රාමායණයේ දැක්වෙන රාවණගේ පුෂ්පක ගුවන් යානය.  
v 1998 අප්‍රේල් මස බැබිලෝනියා (ඉරාකයේ) කැණීමකදී හමු වූ මැටි පුවරුවල සටහන් වී තිබුණේ ගුවන්යානාවලින් ආ සිංහ මිනිසුන් කියාදුන් පරිදි තම රට ගොඩනැංවූ බවය. සිංහ මිනිසුන්ගේ සිංහ පර්වතයේ (සීගිරියේ) ඇති පරිදි එල්ලෙන උයන් වතු (පුදුම 7 න් එකක්) නිර්මාණය කිරීමද ඒවායේ සඳහන්ය.  
vi කාශ්මීර රාජ වංශ කතාව වන ‘‘රාජතරංගනියේ’’ සඳහන්වන පරිදි ඊජිප්තු පිරමිඩ් සැදීම කළේ ලංකාවේ ශිල්පීන් විසිනි. අවුරුදු 4500 පැරණි බවට කාබන් පරීක්ෂණවලින් තහවුරු කළ ගුවන් යානා හතරේ මැටි ඇඹීම (1986) පෙන්වන්නේ එම පිරමිඩ් දේවාලයක බිත්තියේ මෙම රූප අඹා තිබූ බවය. එය ලංකාවේ ශිල්පීන් කරන්නට ඇතැයි සහේතුකව අනුමාන කළ හැක.  
vii මාතලේ දේවයා (මාතලී) විසින් පදවන ලද සුමන සමන්ගේ ගුවන් යානයේ ආකෘතියක් හෝ ගුවන් යානය බළංගොඩ බොල්තුඹේ දේවාලයේ මෑතක් වනතුරු තිබිණ. 1880 දී පමණ රත්නපුර කච්චේරියේ ඒජන්ත මෙම කාමරය බලහත්කාරයෙන් අරවා එය බැලූමුත් රත්නපුරයට ආ පසු කැලෑඋණ හැදී මිය ගිය අතර බොල්තුඹේ සිදුවීම ගැන එම ගමේ ආරච්චි (ගම්මුලාදෑනියා) කළ විස්තරය රාජ්‍ය ලේඛනාගාරයේ ඇත.  
viii රඹුක්කන දියසුන්නත පාලම ළඟ විමලෙ බාස් උන්නැහැ (ගරාජ් හිමියෙකි) අහස් යානාවක් (දඬුකජ්ජක්) සාදා බතලගොඩ වැව උඩ තුන්වරක් රවුම් ගසා කෑගල්ල පොලිසියේ අතවරයන්ට ලක් වූ අයුරු 1990 දී පමණ පුවත්පත්වල පළවිය.  
ix සෘධිබලය නැති සුමන සාමණේරයන් හා පණ්ඩුක උපාසකයාද දෙවැනපෑතිස් මුව දඩයමේ ගිය පොසොන් පසළොස්වක දින මිහින්තලා පව්වට බැස්සේ සෘධියෙන් නොවේ. සුමන සමන් දේවයාට ගුවන් යානයක් තිබුණේ මීට වසර 200 ට ඉහතය. රත්නපුර ඒජන්තද එය දිටී. මේ ගැන ගවේණනයක් කළ යුතුය.  
19 සියවසේ ඩාවින්ගේ පරිනාමවාදයට අනුව ලෝක ඉතිහාසය ලියවී ඇත. ඒ අනුව වඳුරාගෙන් පරිනාමය වූ මිනිසා මුලදී මස් බුදින දඩයක්කාරයෙකි. දෙවනුව එඬේරෙකි. තුන්වැනිව වගා කරන්නෙකි. සිව්වැනිව කර්මාන්තකරුවෙකි. යුරෝපයට එය ආදේශ වුවද ලංකාවට ආදේශ නොවේ. එය හිතළු ඉතිහාසයකි. බෞද්ධ සූත්‍ර දේශනාවලට අනුව මුල්ම මිනිසා (කෘත යුගය) සිතිවිල්ලෙන්ම තම අවශ්‍යතා ඉටුකරගනී. සිතිවිල්ලෙන් ඔහු අහසින් ගියේය. දෙවැනි අවධියේ (ද්වාපර යුගය) වායු තරංග ක්‍රියාත්මක කරවන මන්ත්‍ර හා චිත්තය යන දෙකම ක්‍රියාත්මක වී අහසින් ගියහ. තුන්වැනි යුගයේදී (නේත්‍රා යුගය) ද්‍රව්‍යය බහු බහුලව යෙදුන අතර මන්ත්‍ර ඉතා සුළුවෙන් අවශ්‍ය වුණි. දැන් සිව්වැනි යුගයේදී (කලි යුගය) ද්‍රව්‍යයේ උපරිම දියුණු තත්ත්වයට පැමිණ ඇත. ඉනුදු තවත් එහාට යාම නම් අධි මානසික බලය ඊට අවශ්‍යය. විද්‍යාව අවසන්වන තැනින් අාගම ඇරඹේ යයි ඇතැම් කිතුනු පූජකතුමන්ලා කියන්නේ එබැවිනි.   
TR3-B
අප කියන්නේ මනෝ ප්‍ුබ්බංග මා ධම්මා... මනෝ සෙට්ඨා මනෝමයා’’ ලෙසටය. මනසේ නොහොත් සිතුවිල්ලේ වේගය ඉතා ප්‍රබලය, එම සිතිවිල්ල කෘත්‍රිම ලෙස ද්‍රව්‍යමය බවට හරවා පරමාණු හසුරුවන අධිවේගය ‘‘ක්වොන්ටම් විද්‍යාව’’ ලෙස හැඳින්වේ. එක්සත් ජනපදයේ ඉතාමත් අධිවේගී මර්කරි වෝටෙක්ස් එන්ජින්ද ​ෙයාදවා කළ නිෂ්පාදන අතුරින් TR3-B ප්‍රමුඛත්වය ගනී. මේ රාවණාගේ රසදිය මූලධර්මයයි. නිෂ්පාදන භාණ්ඩය එක්සත් ජනපදයේය.  
සාරාංශය: චිත්ත ශක්තියෙන් ද්‍රව්‍යයට මාරු වූ ගුවන් යානය එහි උපරිම ද්‍රව්‍යමය තත්ත්වයට පැමිණ ඇත. ඉන් ඔබ්බට ගොස් විශ්වය පුරා ග්‍රහලෝකවලට යාමට නම් නැවත ශක්තියට (චිත්තයට) මාරු විය යුතුය. ක්වොන්ටම් භෞතික වාදය හා මර්කරි වෝටෙක්ස් එන්ජිම මේ දෙක අතර පාලම වී ඇත. දැන් එක්සත් ජනපදය පාලමින් එගොඩ වී අවසන්ය. බල ලෝභය තුළින් ක්‍රියාත්මක වේ. එක්සත් ජනපදයට එම චේතනාවන් තුළ ඉඳිමින් ග්‍රහලෝකවලට යාමේ අවශ්‍යතාව ඉටුකරගත හැකිද? සෘෂි මනසින් කළ දේ බල අධිකාරී මනසින් කළ හැකිද? අපි බලාසිටිමු. (ද්‍රව්‍ය හා ශක්තිය දෙකක් නොවේ. එකක් අනෙක මත පවතී, තාවකාලිකව වෙන්ව ගියද (මරණය) නැවතත් එකට (භව) එකතු වේ.  
ආචාර්ය 
සූරිය ගුණසේකර ලියයි
උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Thursday, September 28, 2017

රාවණාගේ රටේ ප්‍රධාන සුසාන භූමිය සොයා ගැනේ.... (අබිරහස් අඩවිය - Abirahas Adawiya - rawana lbbankatuwa)

රාවණා යුගයේ භාවිතා කළේ සූර්ය ශක්තිය හෙවත් සුර්ය බලය වේ. ලෝකයේ බලය වෙනුවෙන් විවිධ ද්‍රව්‍ය භාවිතා කළ සහ කරන බව අප කවුරුත් දන්නා කරුණකි. වර්තමානයේ බලය වෙනුවෙන් භාවිතා කරන ද්‍රව්‍ය අවසානවේගන යමින් පවතී. ගල් අඟුරු, යකඩ, ඛනිජ, ලෝහ, ඛනිජ තෙල්, ඊට උදාහරණ වශයෙන් සඳහන් කළ හැකිය. වර්තමානයේ කාර්මික වාණිජ යුගය හෙවත් ඉලෙක්ට්‍රෝනික යුගය ද ඉක්මනින් අවසන් වේගන යමින් පවතී. ඉන්පසුව භාවිතා කළයුතු ​ෙවන්නේ සූර්ය ශක්තියයි. ඒ පිළිබඳව ද පර්යේෂණ ලෝකයේ නොයෙකුත් දියුණු රටවල මේ වන විටත් පැවැත්වෙන බව රහසක් නොවේ. එයින් කියැවෙන්නේ නැවත රාවණා යුගයට පැමිණෙන බවට ඉඟියක් නොවේද? ආචාර්ය ඔබේසේකරයෝ විමසති.   
රාවණා රජතුමා ජීවත්ව සිටි ප‍්‍රාග් ඓතිහාසික යුගය ලොව ඉතාමත්ම දියුණු තත්ත්වයක පැවති බවට එක් උදාහරණයක් නම්, මිසයිල භාවිතා කිරීම ය. නූතන ඉතිහාසයේ පැරණිතම ශිෂ්ටාචාරය වශයෙන් සැලකෙන්නේ ග‍්‍රීක් ශිෂ්ටාචාරයයි. ඊට වඩා අවුරුදු දස දහස් ගණනක් පැරණි සාරවත් සංස්කෘතියක් ශ‍්‍රී ලංකාවටත් මුළු මහත් පෙරදිගත් පැවති බව මේ අනුව පැහැදිළි වේ. ශ‍්‍රීමත් විලියම් ජෝන්ස්ගේ මතය අනුව එකල සාමාන්‍ය මිනිසෙකු ගේ පරමායුෂ අවුරුදු 20,000 යැයි කියති. මානව ඉතිහාසයේ ඉතාමත් දියුණු යුගයක ජිවත් වූ චක‍්‍රවර්ති රජ කෙනෙක් වශයෙන් රාවණ රජු හැඳින්විය හැකි ය.
එවකට ලංකාපුර රාජධානියේ ජීවත් වූ ජන වර්ග කොටස් හතරකි. ඒ, යක්ෂ, නාග, දේව, ගන්ධබ්බ ගෝත‍්‍ර සතරයි. යක්ෂ හා රාක්ෂ වශයෙන් ජන වර්ග ශ්‍රේණි දෙකක් ජීවත් වූ අතර, රාවණා රජතුමා අසුර නොහොත් යක්ෂ ග්‍රෝත‍්‍රයට අයත් වූහ. රාවණා රජු සම්බන්ධකම් පැවති රාජ්‍යයන් දහයකි. දිව්‍ය ලෝක සහ අඟහරු වැනි ග‍්‍රහලෝක සමඟ ද සම්බන්ධතා පවත්වා ඇත. රාමායනය ග‍්‍රන්ථයේ ලංකාපුරය වශයෙන් සඳහන් ​ෙවන්නේ බටදඬු කඳුවැටිය ආශ‍්‍රිත ප‍්‍රදේශය වශයෙන් සැලකිය හැකි බවත්, නකල්ස් යනුවෙන් හඳුන්වනු ලබන බටදඬු කඳුවැටිය එදා රාවණා රජ දහන ​ෙවන්නට ඇති බවත් සිතිය හැකිය.   
ලොව ඉහළ ශිෂ්ටාචාරයක් ගොඩනැගූ හෙළ යක්ෂ ගෝත‍්‍රිකයෝ එදා විවිධ රටවල සංචාරය කරමින් සිය විද්‍යා තාක්ෂණ දැනුම බෙදා දෙමින් අලුත් රට රාජ්‍යන් සොයා ගනිමින් මුළු මහත් ලෝකයටම වටිනා මෙහෙයක් ඉටු කළෝ ය. ගුවනේ පියාසර කිරීමට, ගංගා මුහුදේ යාත‍්‍රා කිරීමේ තාක්ෂණය පමණක් නොව, උමං මාර්ග කැණීමේ තාක්ෂණයෙන් ද පොහොසත් ජාතියක් වූහ. මහා ඍෂිවරුන් හත් දෙනෙක් ලෝකය පාලනය කළ බව සඳහන් වේ. ඔවුන් නම් අත‍්‍රී, මලචි, පුලහ, ක‍්‍රත‍්‍ර, අංගීරස, වශිෂ්ට හා පුලස්තිය. මහා බ‍්‍රාහ්මයාගේ පුත‍්‍රයන් ය. මොවුන් බ‍්‍රාහ්මණයන් වුවද, අයත් වන්නේ යක්ෂ ගෝත‍්‍රයට ය. ඔවුන්ගේ ආගම සූර්ය වන්දනාවයි. මෙම බ‍්‍රාහ්මණයන් ගේ ජන්ම භූමිය වූයේ මහා භාරතයයි. එදා ශ‍්‍රී ලංකාව අයිති වූයේ ද මහා භාරතයටයි. එහි උතුරු ඉන්දියාව, දකුණු ඉන්දියාව හා එදා රතු ඉන්දියාව වශයෙන් ද කොටසක් පැවතිණි. මෙරට රතු මැණික් බහුලව පැවති නිසා රතු ඉන්දියාව වශයෙන් හඳුන්වා ඇත්තේ ශ‍්‍රී ලංකාවයි. මේ අනුව අැමෙරිකාවේ වෙසෙන ආදි වාසීන් වූ රතු ඉන්දියානුවන් මෙරට යක්ෂ ගෝත‍්‍රික හෙළයන්ගෙන් පැවත එන බව ආචාර්ය ඔබේසේකරයන්ගේ අදහසය.   
එපමණක් ද නොවේ අැමෙරිකාවේ දෙවියෙකු වශයෙන් සැලකෙන විරෝචන ද ලංකාවේ යක්ෂ ගෝත‍්‍රික හෙළයෙකි. උතුරු අමෙරිකාවේ මෙන්ම දකුණු අැමෙරිකාවේද ආදී වාසින් රතු ඉන්දියානුවන් ලංකාවේ පුරාණ යක්ෂ ගෝත‍්‍රික හෙළයන් යැයි ඉපැරණි මූලාශ‍්‍ර අනුව පෙනී යන බවත්, නැගෙනහිර පළාත වන ශ‍්‍රී ලංකාවේ සිට පැමිණෙන දෙවියෙක් මෙක්සිකන් ජාතිකයින් විවිධ ලෙඩ රෝග, අනතුරු, ආදියෙන් ආරක්ෂා කරනු ලබන බවත්, ආචාර්ය ඔබේසේකරයන් තවදුරටත් පවසයි.
ආර්ය පවුලේ මුල් පදනම ගොඩනැගී පවතින්නේ මෙරට පැරණි යක්ෂ, දේව, නාග, ගන්ධබ්බ යන ජනවර්ගවල එකමුතුවෙනි. ඒ පිළිබඳව මෙතෙක් කරන ලද පර්යේෂණ වලින් පැහැදිළි වේ. ක‍්‍රි.පු 5000 දී රාවණා රජු හෙළදිව පාලනය කළ සමයේ දී සුර අසුර වශයෙන් ප‍්‍රධාන ජන වර්ග කොටස් දෙකක් පැවති අතර, එම ජන වර්ග කොටස් දෙකම එකම මූලයකින් ආරම්භ කර ඇති බවට සාධක බොහෝ ය. මේ අනුව ප‍්‍රථම ආර්ය පවුල වශයෙන් ඉහත සඳහන් කරන ලද මහාබ‍්‍රාහ්මණයන් හෙවත් ඍෂිවරුන් වශයෙන් සිතා ගත හැකි ය. විද්‍යා, කලා ශිල්පවලින් ලොව අර්ථවත් කිරීම සඳහා ප‍්‍රථම ආර්ය පවුලෙන් කොටස් හතක් මුළු ලොව පුරා විසිරි ගියෝ ය. මෙම ප‍්‍රථම ආර්ය පවුල ආරම්භ වූයේ ඉන්දියන් සාගරයේ ශ‍්‍රී ලංකාවෙනි. රතු දිවයින මෙන්ම රතියස්ගේ දිවයින ලෙස ද ඈත අතීතයේ මෙරට හඳුන්වා දී ඇත.   ප‍්‍රථම ආර්ය පවුලේ සාමාජිකයෝ කැස්පියන් මුහුදේ උතුරු වෙරළ දිගේ වොල්ගා නදිය දෙසට ගොස් දකුණු රුසියාවේ බොල්ටික් තැන්නට ළඟා වී ඇත. එම ආර්ය පවුල නම් කාශ්‍යප ඍෂිවරයා ඇතුළු කණ්ඩායමයි. ක‍්‍රි.පු 390 දී රෝමය අල්ලා ගන්නේ ද මෙම ඉන්දු ආර්ය පවුලේ කෙල්ට් සහ ටියුමන් විසිනි. මොවුන්ගෙන් එක් පිරිසක් ග‍්‍රීසියට පැමිණ ඉතාලිය සහ ස්පාඤ්ඤය ද සිය සංස්කෘතියට යටත් කරගෙන නැගෙනහිරින් ඇසෑමය දක්වා ව්‍යාප්ත කර තිබේ. පර්සියාවේ ආදි වාසීන් ද යක්ෂ ගෝත‍්‍රික හෙළයන් බවට විශ්වාසයක් පවතී. එයට හේතුව සිංහ කොඩිය එහි පැරණි ධජය වීම ය.
 මිසරය පිහිටා තිබෙන්නේ අප‍්‍රිකා මහාද්වීපයේ උතුරු කෙළවරට ​ෙවන්නට ය. එහි ප‍්‍රථම රජු මේනාස් රජතුමා ය. ඔහු මහා භාරතයේ මනුනාත් රජුම බව ගණනාත් චොප්රාගේ ප‍්‍රත්‍යක්ෂ ශරීරම් ග‍්‍රන්ථයේ සඳහන් කර තිබේ. ප‍්‍රථම ආර්ය පවුලේ තවත් යක්ෂ ගෝත‍්‍රික හෙළයෝ පිරිසක් ඉතාලියට හා ස්පාඤ්ඤයටගොස් පදිංචි වූහ. ඉන්දු යුරෝපීය ජාතික ආදි වාසින් ද මෙම යක්ෂ ගෝත‍්‍රිකයන්ගෙන් පැවත එන්නන්ය. අපේ පුරා විද්‍යාඥයින් පවසන ආකාරයට බලංගොඩ මානවයා මෙම රාවණා යුගයේ ආදි හෙළයෙකි.   
ඒ ආකාරයෙන් යක්ෂ හෙළ ගෝත‍්‍රිකයන් ලෝකයේ බොහෝ රටවල ව්‍යාප්ත වෙමින් එම රටවල් දියුණු තත්ත්වයට පත්කර තිබේ. මෙක්සිකෝවේ මායා ශිෂ්ටාචාරය ගොඩ නගා ඇත්තේ ද, ඒ ආකාරයෙන් උතුරු සහ දකුණු අමෙරිකාවට ගිය හෙළයන් ය. ග‍්‍රීක ඉතිහාසයේ සඳහන් ​ෙවන පරිදි ඉන්දු - ග‍්‍රීක සබඳතා ගොඩ නැගීම සඳහාත් මෙම හෙළයන් උපකාරිවී ඇත. දක්ෂ නාවිකයන් වුූ හෙළයන් නයිල් නදී තීරයේ මිසරයටත්, මධ්‍ය ධරණී මුහුදේ ආසියාවටත්, නුදුරුව පිහිටි ක‍්‍රිටයටත් යුප‍්‍රටිස් නදී තීරයේ මෙසපොටේමියාවටත් යාත‍්‍රා කර තිබේ. නීතිය සෑදීමට මුල් වූ සාලියන්වරු ද, ලෙබනනයේ ෆීනීෂියන්වරුන් ද යක්ෂ ග්‍රෝතික හෙළ සම්භවයක් ඇති පිරිසකි.   
ඒ ආකාරයෙන් ලෝකය පුරා ව්‍යාප්ත වූ යක්ෂ හෙළයෝ කන්ද උඩරට, නුවරඑළිය, බදුල්ල, ​ෙපාළොන්නරුව, අනුරාධපුරය, මහනුවර මාතලේ දිස්ත‍්‍රික්කවලත් මොනරාගල දිස්ත‍්‍රික්කයේ සහ හලාවත වැනි ප‍්‍රදේශවලත් ජීවත් වූහ. එපමණක් ද නොව එම පෙදෙස්වල රාවණා රජුගේ රාජධානිය පැතිරීගොස් තිබුණු බවට පුරා විද්‍යා ඓතිහාසික සාක්ෂි අපමණය. රාවණා යුගයට අයත් ස්ථාන ද කිහිපයකි. ඒවා නම් සීගිරිය, ඉබ්බන්කටුව, පුරාණ සුසාන භූමිය, මාතලේ අබ්බොක්ක දේවාලය, හලාවත මුන්නේශ්වරම්, ලංකාපුර රාජධානිය සහ සබරගමුව ආදිය වේ.   
රාවණා රජුගේ ලංකාපුරයේ රන්, රිදී, මුතු, මැණික්, මිනිරං පමණක් නොව කුරුඳු වැනි බෝග බහුලව පැවති බව සඳහන් ය. එහි විශ්වකර්මයා විසින් සියතින් රන්, රිදී, මුතු, මැණික් ඔබ්බවා නිම කරන ලද මන්දිර සමූහයකි. එවන් ආකාරයේ මන්දිර සහිත විථි සිය ගණනක් ලංකා පුරයේ සාදා තිබුණි. මේ ආකාරයේ පැවති ලංකාපුරය පිහිටියේ ත‍්‍රිකූට මස්තකයේ බව සදහන් වේ. මලය නමින් හැඳින්වෙන පර්වත පිහිටියේ ලංකාවේ කඳුකර ප‍්‍රදේශයේ බවත්, ටොලමි ප‍්‍රකාශකොට ඇත. ඒ අනුව පර්යේෂණාත්මකව ගැඹුරට සිතා බලන විට අද ”නකල්ස්” යනුවෙන් හඳුන්වන ”බටදඬු” කඳුවැටිය එදා රාවණා රජ දහන වූවාට සැක නැත.  
ලංකාපුර රාජධානිය සීගිරිය දක්වා විහිදී ගිය අතර පසු කාලයක රාවණා රජු සිය අග‍්‍ර මාලිගය ලෙස ප‍්‍රයෝජනයට ගෙන තිබෙන්නේ ද එය බව පුරාවිද්‍යා ගවේෂකයන්ගේ මතය වී තිබේ. මෙම සීගිරියේ සිට ලග්ගලට තිබෙන්නේ ගුවන් සැතපුම් කිහිපයකි. යක්ෂ ගෝත‍්‍රික ජනතාව බෙහෙවින් වාසය කළ ලග්ගල, මිනිපේ, හඳපානාව, බින්තැන්න ඊට උදාහරණ කිහිපයකි. ලග්ගල හෙවත් ලංකාපුර රාජධානිය මාතලේ දිස්ත‍්‍රික්කයේ ද, ‘‘සිරස වස්තු පුර” රාජධානිය බදුල්ල දිස්ත‍්‍රික්කයේ මහියංගනයේ ද පිහිටා තිබුණි.   
ඉබ්බන්කටුව ගැන සඳහන් කිරීමේ දී, අවුරුදු 3000 කට වඩා පැරණි අතීතයක් හිමි ඓතිහාසික සුසාන භූමියක් වශයෙන් හඳුන්වා දිය හැකි ය. එය පරික්ෂා කිරීමේදී පෙනී යන්නේ රාවණ යුගයට අයත් බවකි. කාමර සහිත ඉපැරණි සුසාන ගෙවල් සහිතය. මාතලේ දිස්ත‍්‍රික්කයේ දඹුල්ල මැතිවරණ කොට්ඨාසයට අයත් වූවකි. කෙසේ වෙතත් ඉබ්බන්කටුවේ සිට ලග්ගලට තිබෙන්නේ සැතපුම් කිහිපයක දුරකි. මේ අනුව සළකා බලන විට රාවණා රාජධානියේ ප‍්‍රධාන සුසාන භූමිය මෙය වූවා විය හැකි ය.
ඉබ්බන්කටුවේ ප‍්‍රාග් ඓතිහාසික සුසාන භූමිය ක‍්‍රි.පු 770-440 ට අයත් බවට විද්වතුන් කාල නිරීක්ෂණය කර ඇත. ලංකාපුර ජනතාවගේ සංස්කෘතික ලක්ෂණ මෙන් ම විද්‍යාත්මක දස්කම් මෙම සුසාන භූමියේ කැණීම් තුළින් මතුවී තිබේ. රාමායනය පවසන ආකාරයට යක්ෂ ගෝත‍්‍රිකයින්ගේ පළමුවන ගෝත‍්‍රයට රාවණා ප‍්‍රමුඛ රාක්ෂ බ‍්‍රාහ්මණයන් අයත් වේ. ඒ අනුව මළමිනී ආදාහනය කිරීම මහා භාරතයේ පමණක් නොව ශ‍්‍රී ලංකාවේ ද ප‍්‍රාග් ඓතිහාසික යුගයේ සිට පැවති බ‍්‍රාහ්මණයන්ට අයිති චාරිත‍්‍රයකි.
ඉබ්බන්කටුව සොහොන් බිමේ කැණීම්වලින් සොයාගත් අඟුරු අවුරුදු 2700 ක් පමණ පැරණි බැව් ජර්මන් ජාතික විද්‍යා පර්යේෂණ ආයතනය මඟින් කාල නීර්ණය කර ඇති බැව් ආචාර්ය සෝමදේවගේ අදහස බව ආචාර්ය ඔබේසේකරයෝ පවසති.   
ආදී වාසීන්ගේ අදහස වනුයේ ‘‘ඉබ්බා” යන වචනය පළමුවෙන්ම භාවිතා කළේ ‘‘මිනී හිසට” බවත්, ඉදිබුවා ද මිනී හිසට සමාන බැවින් ඉදිබුවාට ද ඉබ්බා යනුවෙන් කියන බවත් ය.
විජය කුමාරයාගේ පැමිණීමටත්, මහින්දාගමනයටත් පෙර, මෙරට තුළ උසස් අවමංගල්‍ය චාරිත‍්‍ර වාරිත‍්‍ර තිබුණු බවට ඉබ්බන්කටුව හොඳම උදාහරණය සපයයි. ඒ යුගයේ මිනී පෙට්ටි වෙනුවට අගනා මැටි බඳුන් පාව්ච්චි කළ බව පොම්පරිප්පු සිට ඉබ්බන්කටුව දක්වා සෑම සුසාන බිමකින්ම සොයා ගත හැකි වූ එක් සාධකයකි. මිනීි හිස් කටු බහුලව පැවති නිසා මෙම ප‍්‍රදේශයට ඉබ්බන්කටුව යන නම භාවිතා කරන්නට ඇතැයි විශ්වාසයක් පවතී. ශ‍්‍රී ලංකාවේ ඈත අතීතයේ ලාභදායී වෙ​ෙළඳාමක් වූයේ ඉබිකටු අපනයනය ය.
ඇතැමෙක්ගේ අදහස ඒ නිසා මෙම නම ලැබී ඇති බවකි. කාමර සහිත සොහොන් ගෙවල් ඉතිහාසය ඇරඹෙන්නේ ඉබ්බන්කටුවෙනි.   
රාවණා ජීවත් වූ ප‍්‍රාග් ඓතිහාසික යුගයේ මුතු, මැණික්, සත්ත්ව ඇටකටු, ඇත්දත් ආදියෙන් නිම කළ භාණ්ඩ රැසක් ලක්වැසියන් භාවිතා කළ බවට සාධක රැසක්ම ලැබී ඇති බව මහාචාර්ය බණ්ඩාරනායක හා සෝමදේව කළ පර්යේෂණවලින් මැනවින් පෙනී ගොස් ඇත. රන් ආලේප කළ පබළු ඇටයක් මෙම සුසාන භූමියෙන් සොයා ගැනීම එයට එක් උදාහරණයක් පමණි.
ලබන සතියට.....
සිසිර කුමාර බණ්ඩාර
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya