Tuesday, September 13, 2016

වසර 5000ක් පැරණි යානා තුනක් කුරුල්ලන්ගල කන්දේ..(kurullangala rawana අබිරහස් අඩවිය - Abirahas Adawiya හෙල පුරාණය, රාවණා නොවිසඳුණු අබිරහස් novisadunu abirahas unsolved mysteries )



රටපුරාම මහත් ආන්දෝලනාත්මක සිදුවීමක් සම්බන්ධ පුවතක් මැවෙන්නේ ඉකුත් 29දාය. ඒ වසර දහස් ගණනක් සිහිමූර්ඡාව සිටිනවා යැයි කියන මහා බලයක් තිබුණා යැයි ඉතිහාසයේ කියැවෙන දඬු මොනරයක් තනා අහසින් ගිය වීර වික්‍රමාන්විත රජකු වූ රාවණා රජුගේ ශරීරයට ප්‍රාණය දෙන්නට ගිය ඉෂාරා ලක්ෂාණි නම් කාන්තාවක් සම්බන්ධයෙනි.
කන වැකුණු ආරංචියෙන් ඇල්ල කරඳගොල්ල 10 කණුව ප්‍රදේශයට දහස් ගණනින් පිරිස් ඇදෙන්නට පටන්ගන්නේ මේ අරුම පුදුම සිද්ධිය සියැසින් දැක බලා ගැනීමේ අරමුණිනි. මෙම ගමනට මඟ පෙන්වන්නේ වසර 16ක කාලයක සිට රාවණා ගුහාවට ආගිය සංචාරක මඟ පෙන්වන්නකු වන කරඳගොල්ල 10 කණුව ප්‍රදේශයේම පදිංචි ආර්.එම්. මෙත්තානන්ද නම් තරුණයෙකි. ඔහු මේ ගමනට හවුල්කාරයකු වන්නේ රාවණා පරපුරේ ලේ නෑයකු යැයි කියන ලක්ෂාණි නිසාය. රාවණා ගුහාව සොයාගත් ඒ තරුණයා පිළිබඳ කතාවයි මේ.
• ඔබ කවුද?
මම නමින් මෙත්තානන්ද. විවාහකයි. දරුවන් තුන්දෙනෙක් ඉන්නවා.
• වයස කීයද?
අවුරුදු 38යි.
•මොනවද කරන්නේ?
රස්සාවක් හැටියට සංචාරක මඟපෙන්වන්නෙක්.
•කොච්චර කාලයක ඉඳලද?
දැන් අවුරුදු 15 - 16ක් වෙනවා.
• රාවණා ගුහාව හොයාගත්තේ ඔබ කියනවා?
ඔව්. හැබැයි මම විතරක් තනියම නෙවෙයි.
• වෙන කවුද?
අපි තුන්දෙනයි. එක්කෙනෙක් අජන්ත එදිරිසිංහ එයා ජීවතුන් අතර නෑ. රාවණා දිය ඇල්ලෙන් වැටිලා මැරුණා. අනෙක් කෙනා නයන සම්පත්. අපි ටික තමයි මේ හැම දෙයක්ම හොයාගත්තේ. ඒ දවස්වල අපි විනෝදෙට කරන්නේ ඇවිදින එක. මේ පැත්තේ තියෙන හැම ගහක් ගලක් ගාණේ අපි දන්නවා. හැම කන්දකම නැඟලා තියෙනවා.
දැනට වුණත් මේ ගමේ තවමත් හෙළිදරව් නොවුණු ස්ථාන රැසක් තියෙනවා. ඔය මාධ්‍යවලින් එළියට ආවේ දෙක තුනක් විතරයි.
• ඇයි ඔබ ඒ පිළිබඳ හෙළිදරව් නොකරන්නේ?
කියලා වැඩක් නෑ. කුරුල්ලන්ගල අපි හොයාගත්තේ 2000 අවුරුද්දේ. මෙලෝ මිනිහෙක් ඒ කන්දේ ගල් පර්වතේට යන්නේ නෑ. ඒත් අපි ගියා. ගලේ ඇඳපු චිත්‍ර වගයක් විනාශ වෙමින් තියෙනවා අපි දැක්කා. වගකිවයුත්තන්ට කිව්වා, වැඩක් වුණේ නෑ, සංරක්‍ෂණයක් වුණෙත් නෑ. රාවණා ගුහාව, නිල්කැට පොකුණ මේවටත් ඒ ටිකමයි, විදේශික සංචාරකයෝ ඇවිල්ලා බලලා යනවා යන ගමන වෙනුවෙන් අපි කීයක් හරි හොයාගන්නවා. එච්චරයි. පුරා විද්‍යාවේ නිලධාරීන් කිව්වේ රාවණා ගුහාවේ කිසිම පුරාවිද්‍යාත්මක වටිනාකමක් නෑ කියලා. ඔන්න ඕකයි ඇත්ත.
• ඔබට ලක්ෂාණිව මුණගැහෙන්නේ කොහොමද?
කොහොමද කියලා මම දන්නේ නෑ. එයා මාව හොයාගෙන එනවා. මට රාවණා ගුහාවට යන්න ඕනේ කිව්වා. මම දිගින් දිගටම ප්‍රශ්න කළා. දවස් 15ක් විතර විවිධ තර්ක කරමින් විවිධ තැන් ගැන කියමින් මම එයාව පරීක්‍ෂා කළා. අවසානයට මට තේරුණා මෙයා මොනවා හරි දෙයක් කරන්න පුළුවන් කෙනෙක් කියලා.
• ඇයි ඔබ එහෙම කියන්නේ?
මම කුරුල්ලන්ගලට එක්කගෙන ගිය වෙලාවේ ඇය කිව්වා රාවණා රජ්ජුරුවන්ගේ බිරිය, පුතා, සහෝදරයෝ තව තව අය ඉන්නවා කිව්වා. ඒ විතරක් නෙවෙයි කුරුල්ලන්ගලට එහා පැත්තෙන් පයිනස් කෑල්ලේ ගල් තුනක් තියෙනවා එතැනින් උමඟයක් තියෙනවා කියලත් කිව්වා. මම නම් දන්නෙත් නෑ දැකලත් නෑ. ඒක නිසා පස්සේ ගමේ වෙද මහත්තයගෙන් මේ ගැන ඇහුවා. එතකොට වෙදමහත්තයා කිව්වා ඔව් මෙත්තා මමත් ඕක දැක්කා මමත් බැලුවා කියලා. ඉතින් බොරු නෙවෙයිනේ.
තවත් දෙයක්, මමත් මීට අවුරුදු තුන හතරකට කලින් ගෑනු ළමයෙක් දාලා අඳුනක් බැලුවා. ඒ වෙලාවේ මම කුරුල්ලන්ගලටයි නිල්දිය පොකුණටයි හනුමන්තා යැව්වා. ඒ වෙලාවෙත් මට හනුමා කිව්වේ රාවණා රජ්ජුරුවෝ ඒ උමඟේ ඉන්නවා කියලා. එතැනට යන්න පුළුවන් කියලා. කවුරුවත් මේ කතාව විශ්වාස කළේ නෑ. දැන් ඔය කතා මිනිස්සු ඇහුවට මම ඒ දවස්වල කියපුවා කවුරුවත් ඇහුවෙත් නෑ ගණන් ගත්තෙත් නෑ.


කුරුල්ලන්ගල
• කුරුල්ලන්ගල ගැන අඳුනෙන් බැලුවේ නැද්ද?
මොකද නැත්තේ. මම ඒකත් බැලුවා. දඬුමොනර තුනක් තිබුණා.
එකක් සවුත්තු වෙලා.‍ ෙදාර ළඟම තියෙන්නේ.
ඊළඟට නාගයෙක් ඉන්නවා. එතනින් එහාට හනුමට යන්න බෑ. පෙන්නුම් කරන්නේ නෑ.
• වෙන මොනවද අඳුනෙන් කිව්වේ?
ඒ දවස්වල උමාඔය ව්‍යාපෘතියේ උමඟ හාරනවා මීටර් 300යි ගිහිල්ලා තිබුණේ. අඳුනෙන් කිව්වා තව ටික දුරයි හාරන්නේ. මැෂින් එක කැඩෙනවා, මඩ වගුරක් එක්ක වතුර පාරක් හම්බ වෙනවා කියලා.
එතකොට ජර්මන් කට්ටියක් මැෂින් එක වැඩ කළේ. ඒ අය මැෂින් එක දාලා ගියා. ඉලෙක්ටි්‍රෂියන් කොම්පැනියේ අය හිටියේ එතකොට අපේ ගෙදර. ඒ අයට මම කිව්වා තව මීටර් 50ක්වත් යන්න බෑ මැෂින් එක කැඩෙනවා කියලා. ඒ වගේම ඒ දේ සිද්ධ වුණා. කුරුල්ලන්ගල ඒ තරම් ප්‍රබලයි. අඳුනත් බොරු කියලා කියන්න බෑ.
• ඒ අඳුන බලපු ළමයා කොහෙද ඉන්නේ?
ගාල්ල පැත්තේ ළමයෙක්. දරුවෝ දෙන්නෙක් හිටියා. තේ කඩයක් දාගෙන හිටියේ. අඳුන පේනවා කියලා කිව්වා මම බලමු කිව්වා. ඒ වෙලාවේ එයත් කිව්වා මට පුළුවන් රාවණා නැඟිටවන්න කියලා. ඒ කියලා සතියක් දෙකක් ගියේ නෑ එයාට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා දැනගන්න ලැබුණා. හිතාගන්න බෑ. සමහර විට රාවණා රජ්ජුරුවො ගැන කතා කරපු බලපු නිසාද දන්නේ නෑ. මොකක්හරි බලවේගයකින් වුණා කියලයි හිතෙන්නේ. ඔය වගේ පුදුම සිද්ධි මාලාවක් වුණා.

• මේ දෙන්නාම රාවණා ගැන කියපුවා හරිද
එක දෙයක් ඇරෙන්න අනෙක් ඒවා හරි. නහය, ඇස්, ශරීරය, ඉන්න ස්වරූපය. නමුත් ගාල්ලේ ළමයා කිව්වේ රාවණාට වැදිලා තියෙන්නේ ඊතලයක් කියලා. මොරටුවේ
ළමයා කියන්නේ විෂ්ණු සැරය කියලා. ඇහැක් වගේ දෙයක් අතේ තියෙනවා කියලා. වෙනස ඒක විතරයි. මෙයාට බලයක් තියෙන නිසා මෙයාට ඇත්ත කිව්වද, අරයට බලයක් නැති නිසා හනුමන්තා බොරුවක් කළා ද දන්නේ නෑ. හැබැයි මට කාලයක් ඉඳලා හිතිලා තිබුණා රාවණා ඇති කියලා. ජීවිතේට ආසයිනේ. පොඩි දරුවෝ දෙන්නෙක් හිටියා. ඒක නිසා අදහස අතහැරලා තිබුණා. අවුරුදු 55ක් විතර වුණාම තනියෙන් හරි යනවා කියලා හිතාගෙන හිටියා. මේ වැඩේට සහයෝගය දෙන්න මටත් අවස්ථාවක් ආවා. නමුත් ඒ ගමන යන්න බැරිවුණා. බැන්දට පස්සේ ඒ ගමන් බිමන් ටිකක් අඩු කළා.
• රාවණා ගැන ලක්ෂාණි මොනවද කිව්වේ?
මම දීර්ඝ වශයෙන් එයාගෙන් ප්‍රශ්න ඇහුවා. රාවණා නැඟිට්ටම කොහෙද ඉන්නේ මොනවද කරන්නේ කියලා. ඒ ළමයා කිව්වා සීතාඑළිය තමයි එයාගේ බලකොටුව. එහේ තමයි එයාගේ බලකොටුව නැවත හදාගන්නේ කියලා.
ටික කාලයයි පාලනය කරන්නේ ඊට පස්සේ දිව්‍යලෝකෙට යනවා කියලා කිව්වා. 2022 වෙනකොට බුදු කෙනෙක් පහළ වෙනවා කියලා කිව්වා. මේ කතාව කිව්වේ ගමේ අයට. මාධ්‍යට කිව්වේ නෑ. රාවණා රජු නැඟිටින කාලෙක නැඟිට්ටොත් මහා විනාශයක් එක්කයි නැඟිටින්නේ. ඒක නිසා තමයි මෙහෙම නැඟිට්ටවන්න විෂ්ණු දෙවියන් මේ ළමයට කියලා තියෙන්නේ. මේ දේ ඇත්තටම කරලා පෙන්නුවොත් සත්‍යයයි කියලා හැමෝටම පෙනෙයි. ඒ දේ කරන්න ඉඩදෙන්න ඕනෙ. මුළු ලෝකෙටම සෙතක් වෙනවා මේ දේ කළොත්.
• අදෘශ්‍යමාන දේවල් නම් කොච්චර තියෙනවද යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් හරියට කරන අය කොච්චර ඉන්නවද?
තව ටික දවසයි තියෙන්නේ. හරියටම ගත්තොත් සතියයි. අප්‍රේල් මාසේ 13දා ට කලින් මේ දේ කරන්න ඕනේ. අපෙත් මොනවාහරි සම්බන්ධයක් ඇති. දැන් ඔය කියනවනේ. සමහර විට ඇත්තක් වෙන්න පුළුවන්. මොකද මගේ එක අයියා කෙනෙක් ප්‍රින්සිපල් කෙනෙක්. තව අයියා කෙනෙක් කච්චේරියේ. අනෙක් මල්ලි ඒ.ජී. ඔපිස් එකේ. මමත් කොමස් කළා. කැම්පස් යන්න බැරිවුණා. ඒත් අන්තිමට කැලේටමයි යැව්වේ. මොකක් හරි සම්බන්ධයක් ඇති. ඒකයි, ලේවල මොකක්හරි තියෙන්න ඇති.
• රාවණා ගුහාවට ගිය ගමන කොහොමද?
මම ඔය ගමනට දවස් තුනකට කලින් කැම්පස් එකේ ළමයි 21ක් අරගෙන ගුහාවට ගියා. මට නම් අමුතු දෙයක් දැනුණේ නෑ. සිද්ධ වුණෙත් නෑ. ඒත් මාලිමාවක් අරගෙන දිශාව හොයාගෙන යන්න ඕන ගමනක් අර ළමයා මොකුත් නැතිව හරියට පාර දන්නවා වගේ අරගෙන ගියා. අපි අන්තිමට එළියට ආවේ අපි මීට මාස හත අටකට විතර කලින් පාදපු ගුහා කටකින්. හැබැයි මම එතැනට යනකම් දැනගෙන හිටියේ නෑ එතැනින් අපි ඇතුළට බැහැපු උමඟේ කට හා සම්බන්ධයි කියලා.
• ඇයි ඔබ එහෙම කියන්නේ?
සමහරු මැරෙන්න කලින් කියනවා අඟවනවා ඒත් අපිට හිතාගන්න බෑ. මැරුණම තමයි මතක් වෙන්නේ මෙයා කිව්වා නේද කියලා. මගේ යාළුවෙක් හිටියා අජන්ත කියලා. එයා මේ ගුහාවෙත් ගියා. අපි කුඹුරේ වපුර වපුර හිටියා. 10ට විතර කිව්වා මෙත්තා මම යන්න ඕනේ කිව්වා. කවදාවත් වැඩකට ආවොත් ඉවර කරලා මිසක් යන්නේ නෑ. ආයෙත් කිව්වා මම මේ කුඹුරේ වපුරන්න ආවට කපන්න එන්නේ නෑ කියලා. මම කිව්වා පිස්සුද බං උඹ නැතුව කොහොමත් ගොයම් කපන්න බෑ. මට තනියෙන් බැරි නිසා කියලා. ලොකු තාත්තට විහිළු කරලා අම්මවත් බලාගන්න කියලා. ඒ ගමන් ක්‍ෂණිකවම ගෙදර ගියා.
යාළුවෝ දෙන්නෙක් ඇවිල්ලා හිටියා නුවරින්. එයාලා එක්ක රාවණා ඇල්ලේ ගිහින් තිබුණා. ඒ ගිහින් නිතර යන අඩි දෙක තුනක තැනකින් ලිස්සලා වැටිලා මැරුණා. එහෙම ගොඩාක් සිදුවීම් තියෙනවා. එහෙම තැන්, සිද්ධි අති විශාල ප්‍රමාණයක් තියෙනව. මම අනන්ත වාරයක් කිව්වා මේ කරඳගොල්ලේ තමයි රාවණා රජ්ජුරුවෝ ඉන්නේ කියලා. කවුරුවත් විශ්වාස කළේ නෑ. ඒ දේ දැන් සත්‍යයක් වෙලා තියෙනවා මටත් හිතෙනවා මම සිය දහස් වාරයක් ගුහාවල රිංගලා තියෙනවා. ලේ බිඳක්වත් හෙල්ලිලා නෑ, හීරීමක් වෙලා නෑ. නමුත් පස්සේ පස්සෙ එක එක අය විවිධ කතා කියනකොට ගමේ අයත් විශ්වාස කරන්න පටන්ගත්තා.
• හෙට දවසේ මොකද වෙන්නේ?
ඒ ළමයට විෂ්ණු දෙවියො අලුත් උමඟක් පෙන්නුම් කරලා තියෙනවා. එතැන ඉඳලා මීටර් 700ක් විතර දුරකින් තමයි රාවණා ඉන්නවා කියන්නේ. ඒක තියෙන්නේ තේ වත්තක් මැද. මම ඒ ගැන හෙව්වා. කතාව ඇත්ත. හැබැයි ඒකේ රාවණා කාලේ දමපු අගුළු තියෙනවලු. ඔය උමඟ ගැන දන්න සීයා කෙනෙක් කිව්වා උමඟට බල්ලෙක් යවලා තියෙනවා. පස්සේ බල්ලගෙන් ඇවිල්ලා තියෙන්නේ උඩ කොටස විතරයි කියලා. මේ වැඩේ අපිට කරන්න පුළුවන් වුණොත් පිටරටින් පවා අපේ රටට කීර්තිය ප්‍රශංසාව ගෞරවය ලැබෙනවා. ඒකට රාජ්‍ය මැදිහත් වීම, අනුග්‍රහය ලබාදී හෝ මේ සිහිමූර්ඡා වූ රාවණා රජුන් ගොඩගත යුතුයි. ලක්ෂාණි නැවැත යන්න කතා කළොත් අපි යනවා.
සටහන - වැල්ලවාය ජී.අයි. රොෂාන්  Mawbima,
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Sunday, September 11, 2016

අංජලීගේ ආත්මය... (holman katha) අබිරහස් අඩවිය - Abirahas Adawiya

ක‍්‍රීං.... ක‍්‍රීං..... ක‍්‍රීං.... නදීෂ්ගේ දුරකතනය නාදවිය. බිත්තියේ එල්ලා ඇති ඔරලෝසුව දෙසට ඔහුගේ දෑස ගමන් කළේ නිරායාසයෙනි. වෙලාව රාත‍්‍රී 9.10 පමණ විය. දුරකතනයේ සඳහන් නුපුරුදු අංකය දෙස මොහොතක් බලාගෙන සිටි නදීෂ් දුරකතනය ක‍්‍රියාත්මක කරවා අතට ගත්තේය.
‘අයියේ මං අංජලිකා. අයියා මාව දන්නේ නැතුව ඇති. ඒ වුණාට මම අයියව දන්නවා. අයියා.... අර කම්පැනි එකේ නේද වැඩ කරන්නේ’ ඇය දිගින් දිගටම විස්තර කියාගෙන ගියේය. ඇය නම් තමා ගැන හොඳින්ම දන්නා තැනැත්තියක බව නදීෂ්ට සුළු මොහොතක් ගතවෙද්දීම අවබෝධ විය.
‘නංගි ඔයාට කොහෙන්ද මගේ ෆෝන් නම්බර් එක’ ඔහු ඇසුවේ ඇය හඳුනාගැනීමේ අටියෙනි.
‘මට යාළුවෙක්ගෙන් ලැබුණා’ එහෙත් ඇය අංකය ලබාදුන් යාළුවා ගැන කිසිදු සඳහනක් කළේ නැත.
‘අයියට මම කතා කරන එක කරදරයක්ද?’  
‘නැහැ නංගී’
ඇය මේ ආකාරයට දින තුනක්ම නදීෂ්ට ඇමතුම් ලබාදුන්නාය. ඒ රාත‍්‍රී කාලයේදීමය. තුන්වැනි දිනයේ රාත‍්‍රී නවයට පමණ ඇරඹුණු නදීෂ්ගේත්, නන්නාඳුනනා යුවතියගේත් කතාව නිමාවට පත්වූයේ පසුදා හිරුකිරණ පොළොවට පතිත වන මොහොතේදීය. ඒ වනවිට ඇය නදීෂ්ගේ හිත සම්පූර්ණයෙන්ම දිනාගෙන අවසානය.
කෙමෙන් කෙමෙන් රාත‍්‍රිය උදාවෙමින් තිබිණි. නදීෂ් දුරකතනය නාද වන තුරු බලා සිටියේ නොඉවසිල්ලෙනි. ක‍්‍රීං....ක‍්‍රීං.....ක‍්‍රීං.....
සුපුරුදු පරිදි දුරකතනය නාද විය.
‘අයියේ මම.....’
‘කොහොමද?’
‘අයියගෙන් මට ලොකු උදව්වක් ඕනේ....’
‘මොකක්ද?’
‘මට දළඳා මාලිගාවට යන්න ඕනේ.... මම වෙච්ච බාරයක් තියෙනවා ඒක ඔප්පු කරන්න ඕනේ...’
‘කවුරු කවුරුද යන්නේ නංගි’
‘ඔයයි මමයි’
නදීෂ් මොහොතක් කල්පනා කළේය. ඇයගේ යෝජනාවට දෙන උත්තරය කුමක්ද?
‘ඇයි අයියේ ඔයා මාත් එක්ක යන්න බයද?’ නදීෂ්ගේ පිළිතුර පමා වූ තැන ඇය ඇසුවාය.
‘නැහැ. ඒත් මම තවම ඔයාව හරියට දන්නේ නෑනේ... ඒකයි මම බැලූවේ’
‘එහෙනම් දැන ගන්නත් එක්ක යමු’
‘හරි මම එන්නම්’
’උදේ 6.00 වෙද්දී මම කොල්ලූපිටියේ ලිබර්ටි ප්ලාසා එක ඉස්සරහා ඉන්නම්’
ඔවුන් කතාකරගත් පරිදි පසුදා උදේ හය වනවිට නදීෂ්ගේ කාරය ලිබර්ටි ප්ලාසා ඉදිරිපිටට පැමිණියේය. නදීෂ් කාරයේ සිටම වටපිට බැලූවේ තවමත් නොදුටු ඇයව දැකබලා ගැනීමේ ආශාවෙනි. සුදෝ සුදු ගවුමකින් සැරසුණු තරුණියක් මාර්ගය අසල සිටගෙන සිටියි. ලිහිල්ව තිබූ ඇයගේ දිගු කෙස් වැටිය ඒ මුහුණට ගෙන ආවේ අලංකාරයකි. ඇය ඉදිරිපිට වාහනය නතර කළ නදීෂ් මොහොතක් ඇය දෙස බලා සිටියේ මේ තමාට කතා කළ තරුණියමදැයි යන සැකයෙන් යුක්තවය. තමා මෙතෙක් කටහඬින් පමණක් හැඳිනූ ‘අංජලී’ ඇත්තෙන්ම අහිංසක පෙනුමකින් යුතු යැයි නදීෂ්ට සිතුණි. නදීෂ් කාරයෙන් බැසගොස් ඇය අසල සිටගත්තේය.
‘ගුඞ් මෝනිං.... ඔයා අංජලීද?’
’ඔව්....’
‘මම තමයි නදීෂ්’
‘මම දන්නවා’
‘ඒ කොහොමද? ඔයා හැමදේම දන්නවානේ......’
එහෙත් ඇය වැඩි කතා බහක් නැත.
‘අපි යමු’
නදීෂ් තම කාරය රැුගෙන ආවේ රියැදුරාද සමගය. නදීෂ් වාහනයේ ඉදිරි අසුනට නැගීමට සූදානම් වනවිට ඇය එක්වණම ඔහුගේ අතින් අල්ලා ගත්තාය.
‘අයියත් එන්න පස්සට’
ඒ ඉල්ලීම අහිංසකය.
ඇයගේ අත තම අතේ ස්පර්ශ වෙත්ම තම ශරිරය කිළිපොලා යන බව ඔහුට දැනෙන්නට විය. ඇයගේ අත එතරම්ම සීතලද නැතහොත් නුහුරු හැඟීමකින් සිත චංචලවීද. ඔහුට එය සිතාගත නොහැකි විය. අවසානයේ දෙදෙනාම පිටුපස අසුනේ වාඩි විය.
‘නංගි ඇත්තම කියන්න ඔයා කොහොමද මාව දන්නේ.....’
‘මම පස්සේ ඒක කියන්නම්’
‘අයියේ ඔයා පුනරුත්පත්තිය, අමරණීයවීම, මළගිය ආත්ම විශ්වාස කරනවාද?’
ඇය එක්වරම ඇසූ පැනයෙන් ඔහු පුදුමයට පත් වුවත් ඔහු ඒ බව නොඅඟවා ඇයගේ පැනයට පිළිතුරු දුන්නේය.
‘පුනරුත්පත්තිය විශ්වාස කරනවා. අනිත් ඒවා ගැන එච්චර හැඟීමක් නෑ. ඇයි නංගි එහෙම ඇහුවේ?’
ඇය සිනාසුනා මිස ඊට උත්තරයක් දුන්නේ නැත. අතරමඟදී උදේ ආහාර ගැනීමට ඇය වාහනයෙන් බිමට බැස්සේ නැත.
‘අයියා කන්න. මම මාලිගාවට යනකන් මුකුත්ම කන්නේ නැහැ......’
කෙසේ හෝ ඔවුහු දළඳා මාලිගය අසලට පැමිණියහ. නදීෂ් මාලිගය ඉදිරිපිට මල් විකුණන්නියගෙන් නෙළුම් මල් හතක් ඇයට අරගෙන දුන්නේ ඇයගේ ඉල්ලීම මතය.
මාලිගාවට ඇතුළු වන තැන ඇති මුර කුටිය අසලදීත් ඇය ඔහුගේ අත අතහරින්නට සූදානමක් නැත. මෙය නදීෂ්ගේ සිතට මහත් ගැටලූවක් විය.
‘ගැහැනු ළමයින්ගේ පෝළිමේ ඔයා යන්න. මම මේ පැත්තෙන් එන්නම්’
ඇය අකැමැත්තෙන් ඔහුගේ අත මුදා හැරියාය. ඔවුන් පරීක්ෂා කිරීමෙන් පසු යළි එලෙසම ඇය නදීෂ්ගේ අත අල්ලාගත්තේ තම පෙම්වතා සමග සිටින අලූත් පෙම්වතියක ලෙසිනි. දෙදෙනා මාලිගාවට ඇතුළුවන දොරටුව අසලට පැමිණෙන විට අංජලීගේ ස්වරූපය වෙනස් වන බව නදීෂ්ට ටිකෙන් ටික තේරෙන්නට විය.
‘ඇයි නංගී....’ ඔහු විමසුවේය.
‘මගේ ඔළුව රිදෙනවා.... මට හැමදාම එහෙමයි.
මාලිගාව ඇතුළට යන්න අමාරුයි’
එතැන වූ දිය අගල අසල ඇති දොරටුවෙන් ඇතුළු වන්නට අංජලී නදීෂ්ගේ ඇඟට බරවූයේ මුළු සිරුරම අප‍්‍රාණික වූ අයුරිනි. නදීෂ් ඇයව අල්ලාගෙන සෙමෙන් සීරුවේ දළදාව වැඩසිටි ඉහළ මහලට ගමන් කළේය. ඇය ගමන් කළේ හිස කෙළින් කරගත නොහැකි රෝගියකු විලසටය. නදීෂ්ගේ හිත කීරිගැසී ගියේ තමා පත්ව සිටි තත්ත්වය පිළිබඳ කිසිදු ආකාරයකින් හෝ තේරුම් ගන්නටවත් හැකියාවක් නොමැතිවය. ඔහු කිසිත් නොසිතා ඇයව මල් අසුන අසලට රැුගෙන ගියේය. එකින් එක නෙළුම් මල් ගෙන ඇය මල් අසුනේ අමුතු රටාවකට තැබුවාය. එම මල්, මල් අසුනේ තබත්ම ටිකෙන් ටික ඇයගේ ශරීර සෞඛ්‍යයද යහපත් අතට හැරෙන්නට විය. අවසන් මල තබත්ම ඇය හොඳින් හිස කෙළින් කරගත්තාය. ඉන්පසු ඇය නදීෂ් අසලින් මොහොතකට ඉවත්වී පසෙකින් වාඩි වී බුදුන් වැන්දාය.
‘අපි යමු අයියේ.... මට තව එක උදව්වක් ඕනේ.... අපි නාථ දේවාලයට යමු..’
‘අයියේ මට දේවාලය ඇතුළට යන්න අමාරුයි. කොහොම හරි අර කොහොඹ ගහ යටට මාව ගෙනියන්න’
ඇය ඔහුගෙන් ඉල්ලා සිටියාය.
ඇය දේවාලයේ පිවිසුම අසලදී ශරීරය දරදඬු කරගත්තාය. ඒ සමගම මහත් අපහසුතාවට පත් නදීෂ් දැන් තමා කරන්නේ කුමක්දැයි මොහොතක් කල්පනා කරන්නට විය. ඔහු ඇයගේ බඳ වටා අතක් යවා ඉතා අපහසුවෙන් ඇය පෙන්වූ කොහොඹ ගස අසලට රැුගෙන ගියේය.
‘අයියේ මට අතනින් පහන් තැටි හතක් අරන් දෙන්න’ ඇය පැවසුවේ සිහින් හඬිනි.
ඇය දළඳා මාලිගයේදී මල් තැබූ හැඩයටම නාථ දේවාලයේ බිම පහන් තැබුවාය. ඉන්පසු පහන්වලට පොල්තෙල් දැමුවාය. පළමු පහන පිරෙන්නටම පොල්තෙල් දැමූ ඇය ටිකෙන් ටික අඩුවන ආකාරයට පොල්තෙල් දැමූ අතර, අවසන් පහනට දැමුවේ තෙල් ස්වල්පයක් පමණි. ඉන්පසු ඇය පහන් සියල්ලටම තිර දමා දැල්වූවාය. ‘අයියේ පහන් ටික පත්තුවෙලා ඉවර වෙනකන් මට ඉන්න ඕනේ’
ඇය කොහොඹ ගස අසල වාඩිවී පහන් දෙස බලාගෙන සිටියේය. ඇය සිදුකරනුයේ භාවනාවක්ද? මේ සිදුවනුයේ කුමක්ද? නදීෂ්ට මෙය මහා ගැටලූවකි. එහෙත් ඔහු සිදුවන දෙය ඔහේ සිදුවන්නට ඉඩ හැර බලා සිටියේය. තෙල් අඩු පහනේ සිට එකින් එක පහන් දැල්වී තෙල් අවසන් වීමෙන් පසු නිවී ගියේය. අවසානයට තෙල් හොඳින් පිරවූ පහනද නිවී ගියේය. පැයක් පමණ කාලයක් ඇය මේ දෙස බලා සිටියාය.
එකින් එක පහන් නිවී යද්දී ඇය තුළ නව ජීවයක් පිබිදෙන බව තරමක් ඈතින් වාඩිවී ඇය දෙස බලාසිටි නදීෂ්ට සිතෙන්නට විය. ඇයගේ මුහුණ ටිකින් ටික ආලෝකවත් වෙමින් මුවට සිහින් සිනාවක්
නැගෙන්නටද විය. සියලූ පහන් නිවී ගිය පසු ඇය ඉමහත් ප‍්‍රබෝධයෙන් යුතුව නැගී සිටියාය. පෙර පැවති අසනීප කිසිවක් දැන් ඇය තුළ නැත.
‘අයියේ අපි යමු. ඔයාට ගොඩක් පිං මට උදව් කළාට’
නුවර යද්දී මෙන් ඇය ඔහුගේ අතේ එල්ලූනේ නැත. ඉතා සමීප යහළුවන් මෙන් ඔවුන් කතා බහ කරමින් යළි එන්නට සැරසුණේය. මඟතොටදී ඇය වතුර උගුරක් හෝ බිවේ නැත. ඇය ඒවා ප‍්‍රතික්ෂේප කළේ විවිධ හේතු දක්වමිනි.
‘නංගී පහන් තියලා කළේ මොකක්ද?’
’ඔයාට මම තව දවස් දෙකකින් ඒක කියන්නම්. හැබැයි ඒක රහසක්’
ඔවුන් කොළඹට පැමිණෙන විට රාත‍්‍රිය එළඹී තිබිණි. ‘නංගී මම ඔයාව ගෙදරට ඇරලවන්නම්. කමක් නැද්ද?’
’අයියට තවත් කරදරයි නේද?’
‘නැහැ නංගී අපි යමු’
පිළියන්දල පසුකරගෙන වාහනය ඉදිරියට ගමන් කළේය. ‘ඔතනින් දකුණට හරවන්න. ඔය කළු ගේට්ටුව ළඟ නතර කරන්න’
ඇය වාහනයෙන් බිමට බැස්සාය. ‘අයියේ ඔයාට බොහොම පිං. මම ඔයාට ?ට කතා කරන්නම්’
ඇය නිවස තුළට නික්ම ගියාය. පසුවදා රාත‍්‍රිය උදාවිය. වෙනදා මෙන්ම නදීෂ්ගේ දුරකතනය නාද විය. ඔහු ඔරලෝසුව දෙස බැලූවේය. වේලාව රාත‍්‍රී 9.10යි. ඔහු දුරකතනය ක‍්‍රියාත්මක කළේය.
‘අයියේ.... මම අංජලී.... අයියට පුළුවන්නම් හෙට හවස අපේ ගෙවල් පැත්තට ටිකක් එනවද? එදා ගමන කාටවත් කියන්න එපා’
ඇය දුරකතනය විසන්ධි කළාය. පසුදා සවස හිතේ චකිතයකින් යුතුව නදීෂ් ඇයගේ නිවස දෙසට ගමන් කළේය. වාහනය අතුරු පාරට
හරවන විටම එහි ඉදිකර තිබූ තොරණේ සවිකර තිබූ රුව තමාට මීට පෙර දැක පුරුදු බව නදීෂ්ට දැනුනත් ඔහුට එතරම් එය හිතට වැදුණේ නැත. ඔහු වාහනය ගේට්ටුව අසල නතර කළේය. නිවසේ අවමඟුලකි. ඔහුගේ පාද වෙව්ලන්නට විය. වාහනයෙන් බිමට බට ඔහු කෙමෙන් කෙමෙන් නිවස තුළට ඇතුළු විය. මද සිනහවක් සහිතව අංජලීගේ නිසල දේහය සාලයේ මැද තබා ඇත. ඇයගේ හිසට ඉහළින් පොල්තෙල් පහනක් දැල්වෙයි. තමාගේ ඇඟ සීතල වී යනු ඔහුට දැනෙත්ම ඔහු වහා අසල තිබූ පුටුවට බරවිය. මේ තමා සමග නුවර ගිය තරුණියද? ඔහු දොලොවක් අතර තනිවිය.
‘අක්කේ මොකක්ද වුණේ?’ ඔහු අසල සිටි
කාන්තාවකගෙන් විමසුවේය.
‘වැඩට ගිහිල්ලා එනකොට ඇක්සිඩන්ට් වෙලා සිහිය නැතුව මාසයක් විතර හිටියා’
‘කවද්ද නැති වුණේ’
‘බ‍්‍රහස්පතින්දා ?, බ‍්‍රහස්පතින්දා ? සිහිය ඇවිත් අම්මත් එක්ක හොඳට කතා කරලා තියෙනවා. මට දැන් යන්න පුළුවන්. මම යන්නම් අම්මේ’ කියලා තියෙනවා.
නදීෂ්ගේ ඇඟ දිගේ ඩහදිය ගංගාවක් ගලායන බව ඔහුට දැනෙන්නට විය.
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Thursday, September 8, 2016

ශ්‍රී මහ බෝධියට පැමිණෙන අබිරහස් ආලෝක ධාරා...(අබිරහස් අඩවිය - Abirahas Adawiya anuradhapura sri maha bodhiya (නොවිසඳුණු අබිරහස් novisadunu abirahas unsolved mysteries )


පුරාණ ශ්‍රී ලංකාවේ අනුරාධපුරයට පිටසක්වළ බලපෑම
ඓතිහාසික අනුරාධපුරයෙන් හමුවන රන්මසු උයන ඉතා වැදගත් හෝඩුවාවක් දෙන ස්ථානයක් ලෙස හැඳින්විය හැකිය. දහවැනි ශත වර්ෂයේ ශ්‍රී ලංකාව පාලනය කළ හය වැනි මහින්ද රජ සමයේ පිහිටුවන ලදැයි සැලැකෙන වෙස්සගිරිය ශිලා ලේඛනය අනුව රන්මසු උයන රාජකීය උද්‍යානය සොයා ගැනීමේ ගෞරවය ලැබෙන්නේ හිටපු පුරාවිද්‍යා කොමසාරිස්වරයකු වූ එච්.සී.පී. බෙල්ටය. 1901දී එය සොයා ගන්නා විට මෙම රාජකීය උද්‍යානය ගන වන ලැහැබෙන් යුතු විය. පසුව එය එළිපෙහෙළි කර ජනතාවට දැක බලාගැනීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අවස්ථාව උදාකර දුන්නේය.
මෙසේ සොයා ගන්නා ලද රන්මසු උයන ඉතිහාසඥයන්ගේත්, පුරාවිද්‍යාඥයන්ගේත්, ගවේෂකයන්ගේත් වඩාත් සැලකිල්ලට ලක්වන්නේ එහි පිහිටා ඇති ගලක කොටා ඇති එක්තරා ගුප්ත ලාංඡනයක් හේතුවෙනි. වසර 1994 පළමුවරට ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් පළවූ  ‘Ancient  Anuradhapura’ (පුරාණ අනුරාධපුරය) නම් වූ ග්‍රන්ථයට අනුව අනුරාධ සෙනෙවිරත්නයන් එම ලාංඡනය පිළිබඳ විස්තර දක්වා ඇත්තේ මෙසේය.

'මෙහි ඇති එක් ගල්ලෙනක වෘත්තාකාර හැඩයෙන් යුත් ලාංඡනයක් කොටා ඇත. එම ලාංඡනය එක කේන්ද්‍රයකින් සමන්විත වෘත්ත දෙකකින් යුක්ත වන අතර ඉන් විශාලතම වෘත්තයේ විෂ්කම්භය අඩි හයකි. මෙම වෘත්තයට ඇතුළත පිහිටා ඇති වෘත්තයේ අවකාශය ඍජු කෝණාස්‍රාකාර කොටු හතරකින් බෙදා වෙන් කොට ඇත. එම සෑම කොටුවකම කිසියම් සංකේතයක් කොටා තිබේ. අපට එම සංකේතවලින් කියැවෙන්නේ කුමක්දැයි හඳුනා ගත නොහැකිය. ඇතැම් විද්වතුන්ට අනුව එය විශ්ව සිතියමක සටහනකි. ඇතැමුන්ට අනුව ගුප්ත මන්ත්‍ර සටහනකි.'

චීනයේ හුනාන් රූපයක් 
රන්මසු උයනේ ගලක කොටා ඇති මෙම ගුප්ත සටහනට අනුව පුරාණ ශ්‍රී ලංකාවේ අනුරාධපුරයට පිටසක්වළ බලපෑම තිබෙන්නට ඇතැයි නිගමනය කළ හැකි බව සුසන්ත මිහිඳුකුලසූරිය ප්‍රනාන්දු මහතා පවසයි. ඒ මහතා පවසන පරිදි එම ලාංඡනය විශ්ව සිතියමක සංකේතයක් වීමට බොහෝ දුරට ඉඩ ඇත. අනුරාධපුර නගරයට පිටසක්වළ ජීවීන්ගේ බලපෑම එදා මෙන්ම අදත් තිබෙන බව මිහිඳුකුලසූරිය මහතාගේ අදහසය.
පිටසක්වළ බලපෑම ඓතිහාසක අනුරාධපුරයේ අදත් දැකිය හැකි බව ඔහු පවසයි. රාජකීය ආසියාතික සංගමයේ හිටපු සභාපතිව සිටි ආචාර්ය කේ.ටී.ඩබ්ලිව්. සුමනසූරිය මහතා අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය අසලදී එවන් අත්දැකීමකට මුහුණ දුන් බව ආචාර්ය සුමනසූරිය මහතා විසින්ම සුසන්ත මිහිඳුකුලසූරිය මහතාට පවසනු ලැබ ඇත. ඒ විස්තර කළ සිද්ධියට අනුව 1973 වසරේ දිනෙක ශ්‍රී මහා බෝධිය අසල රාත්‍රි 10.00ට පමණ පිරිත් කියවමින් සිටියදී නිල්වන් පාටින් බැබළුණු ටෙනිස් බෝල ප්‍රමාණයේ බෝල දෙකක් තිසා වැව පැත්තේ ශ්‍රී මහ බෝධිය කරා පැමිණ එහි වැදී නොපෙනී ගොස් ඇත. මේ සිද්ධියෙන් ආචාර්ය සුමනසූරිය මහතා බිරාන්ත විය. අනුරාධපුරයේ පමණක් නොව ශ්‍රී ලංකාවේ බොහෝ ස්ථානවල එවැනි විවිධ සිද්ධීන් ගණනාවක් වාර්තා වී ඇති බව මාධ්‍ය මඟින්ද පෙන්වා දී තිබේ.
ශ්‍රී ලංකාවේ පමණක් නොව එවැනි සිද්ධීන් පිළිබඳ විස්තර පිටරටවලින්ද අපමණ වාර්තා වී ඇත. චීනයේ හුනාන් පළාතේ දූපතකින් අපූරු විස්තරයක් වාර්තාවේ. එම දූපතේ ගල්ලෙනක කොටා ඇති සිලින්ඩරාකාර හැඩය ගත් රූපයක් පිටසක්වළ යානයක් විය හැකි බව චීන විශේෂඥයන්ගේ නිගමනය වී ඇත.
මෙය වසර 50,000ක් පමණ පැරැණි බව චීන විද්වතුන්ගේ මතයයි. ඒ අනුව එම ශෛලමය චිත්‍රය පිටසක්වළ යානයක් නිරූපිත ලෝකයේ පුරාණතම සිතුවම ලෙස සැලැකේ. ඕස්ට්‍රේලියාව, ඊජිප්තුව, ප්‍රංශය, උතුරු ඇමෙරිකාව, දකුණු රොඩේසියාව, සහරා සහ පේරු, චිලිය, කැලිෆෝනියාව, ඇමෙරිකාව ආදී ප්‍රදේශවලද එවන් චිත්‍ර බොහෝමයක් හමුවී ඇති බවට වාර්තා ඇත.
මේ අතර තවත් අපූරු හෙළිදරව්වක් චීනයෙන් වාර්තා වේ. ඒ සොයා ගැනීම අනාවරණය වූයේ 1938 වසරේදීය. සොයා ගැනීම කළේ බෙයිජිං සරසවියේ පුරාවිද්‍යාඥයකු වන චි පු තෙයි ආචාර්යවරයාය. චීනයත් ටිබැටයත් වෙන් කෙරෙන බයාන් - කරා උලා කඳුකරයේ ගවේෂණයක යෙදුණු පුරාවිද්‍යාඥ තෙයි ඇතුළු කණ්ඩායමට ගල්ගුහාවල තිබී ඇටසැකිලි හමුවී ඇත. මිනිස් ඇටසැකිලිවලට සමාන ඒවා උසින් අඩි 4ක් වූ අතර ඒවායේ හිස්කබල අසාමාන්‍ය ලෙස විශාලව තිබිණ.
කුතුහලය දනවන ඊළඟ කරුණ වූයේ එම ඇට සැකිලි ශේෂ තිබූ ගුහාවේ බිත්තිවල දිව්‍ය ලෝකය හුවා දක්වන විවිධ රූප කොටා තිබීමයි. ඉර, හඳ, තරු, පෘථිවිය එම චිත්‍ර රේඛාවල සටහන්ව තිබිණි. මෙම ප්‍රදේශයට වසර 10,000 කට පමණ පෙර පිටසක්වළින් පැමිණි යානයක් කඩා වැටෙන්නට ඇතැයි පුරාවිද්‍යාත්මක හා මානව විද්‍යාත්මක මතය වී ඇත. මෙම ප්‍රදේශයෙන් සොයා ගැනුණු වඩාත්ම කුතුහලය දනවන දෙය වූයේ ගලින් නිමවූ තැටියකි.
වෘත්තාකාර හැඩයක් ගත් එම තැටිය විෂ්කම්භයෙන් අඟල් නවයක් වූ අතර ඝනකමෙන් අඟල් තුන්කාලක් පමණ විය. එම තැටිය වසර 10,000ත් 12,000ත් තරම් පැරැණි බව සොයා ගැනිණි. සර්පිලාකාර කට්ටයකින් එහි මැද සමන්විතය.
Dropa
 එවැනි තැටි 716ක් එම ප්‍රදේශයෙන් සොයා ගෙන තිබිණ. ඊට වසර කිහිපයකට පසු චීන විද්‍යාඥයෙක් එම තැටිවල සටහන්ව තිබුණු රහස් පණිවුඩයක් කියවා බලා තේරුම් ගත්තේය. එම රහස් පණිවුඩයට අනුව එදා ඒ අවට ගැවසුණු මිනිස් වර්ගය ඩේ‍රා්පා  (Dropa)  ලෙස හැඳින්වේ. ඔවුන් පැමිණ ඇත්තේ අෑත ග්‍රහලෝකයකින් බවත් එම මිනිසුන් පැමිණි යානය ක්‍රියා විරහිතව පෘථිවිය මතට කඩා වැටී ඇති බවත් සඳහන්ව තිබිණි. යානය නැවැත අලුත්වැඩියා කර ගැනීමට නොහැකි වූයෙන් ඩේ‍රා්පා මිනිසුන්ට බයියාන් කරා උලා කඳුකරයේ ගල්ගුහාවල ජීවත්වීමට සිදුවී තිබේ. කඳුකරයේ විසූ දේශීය ගෝත්‍රිකයන් මෙම පිටසක්වළ ජීවීන් සමඟ නිරතුරුව ගැටුම් ඇති කරගත් නමුදු පසුව ඔවුන් සාමකාමී පිරිසක් බව දැන ඔවුන් හා මිතුරුවී ඇත. වර්තමානයේ මේ හුදෙකලා ප්‍රදේශයේ ගෝත්‍රිකයන් දෙකොටසක් වාසය කරන අතර එම ගෝත්‍ර දෙක හැඳින්වෙන්නේ ඩේ‍රා්පා  (Dropa) සහ හැන් (Han) නමිනි.
මානව විද්‍යාඥයන්ට අනුව දැනටත් ඔවුන්ගේ මූලාරම්භය අබිරහසකි. ඩේ‍රා්පා ජනකතාවන්ට අනුව ඔවුන් අෑත ග්‍රහ ලොවකින් පැමිණි අයුරු විස්තර කෙරේ. වර්තමානයේ මේ ප්‍රදේශයේ ජීවත්වන ඩේ‍රා්පා සහ හැන් ගෝත්‍රිකයන් පිග්මි ගෝත්‍රිකයන් වාගේය. උස නැත. මිටිය. අඩි 3ක් අඩි 4ක් පමණ උස ඇති මෙම මිනිස්සු බර ප්‍රමාණයන් රාත්තල් 32 සිට 52 දක්වා වෙති. කහ පැහැති සමක් සහිත ඔවුන් අසාමාන්‍ය ලෙස විශාල හිස්වලින් සමන්විතය. ඔවුන්ගේ ශරීර තුනී වූ ලෝමවලින් ගැවසී ඇත. ඔවුන්ගේ ඇස් ලොකුවට පිහිටා ඇත.
ඩේ‍රා්පා ගෝත්‍රිකයන් පිළිබඳ මෙම විස්තරය 1997 'ශ්‍රී ‘Quest For Knowledge’ සඟරාවේ ප්‍රථමයෙන්ම පළවීමෙන් පසු එම පුවත ලොව සියලු මාධ්‍ය හරහා ජනතාවට දැන ගැනීමට හැකිවිය. අදටත් මෙම ගුප්ත ගෝත්‍රිකයන් නැරඹීමට ලොව පුරා සංචාරකයන් මෙම ප්‍රදේශයට පැමිණෙන බව පැවැසේ.
Dropa සහ හැන් (Han) 
චීනයේ ඩේ‍රා්පා ගෝත්‍රික මිනිසුන් මෙන් ශ්‍රී ලංකාවේද එවැනි මනුෂ්‍යයන්ට සමාන කුරු මිනිසුන් කොට්ඨාසයක් සිටි බවට වාර්තා වී ඇත. මහලේනම ප්‍රදේශයේ විසූ මොවුන් හඳුන්වන්නේ නිට්ටෑවන් නමිනි. අඩි 3කට 4කට වඩා උස නැති මොවුන්ගේ ශරීරය රතුපාටට හුරු ලොම්වලින් ගැවැසී ඇත. මනුෂ්‍යයන් මෙන් කෙළින් දෙපයින් ගමන් කරන මොවුන්ට වල්ගයක් තිබී නැත. කෙටි වූ ඔවුන්ගේ බාහු ඉතා ශක්තිමත් වූ අතර ඉතා දිග නියපොතු ඇඟිලි අග පිහිටා තිබූ බව කපිතාන් ඒ.ටී. රඹුක්වැල්ල පවසා ඇත. 1963 වසරේදී ශ්‍රී ලංකාවේ මහලේනම කැලයේ ගැවසෙන දිවියන් හා වලසුන් පිළිබඳ ගවේෂණය කිරීමට කණ්ඩායමක් කැටුව ගිය කපිතාන් රඹුක්වැල්ල සිය වාර්තාවේ නිට්ටෑවන් ගැන එසේ සඳහන් කර තිබිණි. ශ්‍රී ලංකාවේ මහලේනම ප්‍රදේශය නිට්ටෑවන් වැඩිවශයෙන් ගැවසුණු ප්‍රදේශයක් සේ සැලකේ. නිට්ටෑවන් පිළිබඳ විවිධ උගතුන්, ගවේෂකයන් විවිධ මත පළ කරතත් මේ වන තුරු ඔවුන්ගේ සම්භවය ගැන නිශ්චිත නිගමනයකට එළැඹ නොමැත. ඔවුන් කෙසේ ලංකාවට පැමිණියේ දැයි තවම නිගමනයකට පැමිණ නැත.
ශ්‍රී ලංකාවේ නිට්ටෑවන් තම සම්භවය පිළිබඳ කිසිදු තොරතුරක් නොතබා මුළුමනින්ම වඳවී ගොස් ඇති නමුදු කපිතාන් රඹුක්වැල්ලගේ වාර්තාවට අනුව එක් සාක්‍ෂියක් පමණක් ඉතිරි වී ඇත. එනම් මහලේනම කැලයෙන් හමුවූ ගල් තට්ටුවකි. කපිතාන් රඹුක්වැල්ල ඇතුළු කණ්ඩායම කොටි, වලසුන් සොයා මහලේනම ඝන කැලය පීරන විට මෙම ගල් තට්ටුව හමුවී ඇත. අල්තාරයක හැඩය ගෙන ඇති මෙම ගල් පොත්ත මටසිලිටුවට සුමටව තනා ඇති එකකි. හියු නෙවිල්ගේ වාර්තාවකද මෙවැන්නක් වාර්තා වී තිබිණි. මොවුන් මෙවැන්නක් භාවිත කළේ දෙවියන් යැදීමටදැයි කිසිවකුට කිව නොහැකිය. නමුත් මෙම කුරුමිට්ටන් දෙවියකු ඇදහූවා නම් එම දෙවියා කවුද? මේ සම්බන්ධව කිසිදු පිළිතුරක් මෙතෙක් ලැබී ඇත.
නිට්ටෑවන්
නිට්ටෑවන් නිරතුරුවම ස්වදේශික වැද්දන් සමඟ ගැටී ඇත. වැද්දන් කෑම සඳහා හංගන මස් සොරා ගන්නා නිට්ටෑවන් ඔවුන් නින්දේ සිටින විට බඩවැල් ඉරා එළියට ඇද දමන බවද කියති. සතුන් දඩයම් කිරීම සඳහා කිසිදු ආයුධයක් භාවිත නොකරන මෙම කුරුමිට්ටන් ඕනෑම සතකුගේ ඇඟට පැන දිග නිය පොතුවලින් උන් ඉරා දමන බව පැවැසේ. නිට්ටෑවන් කුඩා ගල් ගුහා සහ ගල් කුහරවල සැඟවී වාසය කර ඇත.
චීනයේ ඩේ‍රා්පා කුරුමිට්ටන් මෙන් නොව ශ්‍රී ලංකාවේ නිට්ටෑවන් වෙනත් ගෝත්‍රිකයන් හා සම්බන්ධතාවක් නොපැවැත්වූ හෙයින් ඔවුන් පිළිබඳ හරි තොරතුරක් ලබා ගැනීමට මානව විද්‍යාඥයන්ට නොහැකි වී ඇත. ඇතැම් විට චීනයේ බයියාන් කරා උලා කඳුකරයට පාත් වුණු පිටසක්වළ ජීවීන්ගෙන් පැවැතෙන ඩේ‍රා්පා ගෝත්‍රිකයන් මෙන් නිට්ටෑවන්ද පිටසක්වළින් හදිසියේ ශ්‍රී ලංකාවට පැමිණි ජීවීන් විය නොහැකිද යන පැනය පැනනැඟී ඇත. නිට්ටෑවන්ගෙන් වන කරදර හිංසා ඉවසා ගත නොවුණු සියලු වැද්දන් ඒකරාශී වී අන්තිම නිට්ටෑවා දක්වා ගුහාවකට කොටු කර ගිනි තබා වඳ කළ බවද කියැවේ. දහඅට වැනි ශත වර්ෂයේ හෝ ඒ ආසන්න කාලයකදී මෙසේ සිදුවන්නට ඇතැයි පැවැසේ. අනාගතයේ විධිමත් ගවේෂණයක් කළහොත් නිට්ටෑවන් කවුරුන් දැයි සොයා ගත හැකිවනු ඇත.
 --mawbima.lk
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Saturday, September 3, 2016

මිනී කාමරේ මුර කරද්දී ආරියදාසගේ තනියට මහ රෑ ආ අමුත්තා..(holman katha) .අබිරහස් අඩවිය - Abirahas Adawiya


මාර වැඩේ!... මාර ගෙයක්!.... මාර කෑමක්. මේ අපේ භාෂාවේ අපූරු වචන පෙළකි. මේ හැම එකකින්ම කියැවෙන්නේ විශිෂ්ට බවය. ඒත් මෙහි සැබෑ අරුත යක්‍ෂ වැඩක්! යක්‍ෂ ගෙයක්! යක්‍ෂ කෑමක් කියා පිළිගන්නට තරම් අප මැළිය. මන්දයත් යක්‍ෂ, ප්‍රේත, කුම්භාණ්ඩ හෝ හොල්මන්, අවතාර, දිෂ්ටි නූතනවාදියන් තුට්ටුවකටවත් ගණන් ගන්නේ නැති නිසාය.
මාර වැඩේ!... මාර ගෙයක්!.... මාර කෑමක්. මේ අපේ භාෂාවේ අපූරු වචන පෙළකි. මේ හැම එකකින්ම කියැවෙන්නේ විශිෂ්ට බවය. ඒත් මෙහි සැබෑ අරුත යක්‍ෂ වැඩක්! යක්‍ෂ ගෙයක්! යක්‍ෂ කෑමක් කියා පිළිගන්නට තරම් අප මැළිය. මන්දයත් යක්‍ෂ, ප්‍රේත, කුම්භාණ්ඩ හෝ හොල්මන්, අවතාර, දිෂ්ටි නූතනවාදියන් තුට්ටුවකටවත් ගණන් ගන්නේ නැති නිසාය.
"මොකද බං යකෙක් වගේ ඇඟට කඩාපනින්නේ? මොකද බං හොල්මනක් වගේ හිටගෙන ඉන්නේ? ඇයි බං අවතාරයක් වගේ බලා ඉන්නේ? මේකනම් මහ මළ පෙරේතයෙක්." මේ මනුස්ස සමාජයේ තවත් මනුෂ්‍යයකු ආමන්ත්‍රණය කරන ආකාරයන්ය. එහි යථාර්ථය වන්නේ මිනිස් සමාජය තුළත් නොමිනිස් ගති ඇති උදවිය සිටින බවකැයි සිතිය හැකිය. මේවා සියල්ලම පැරැණි සමාජයේ කටවහරට නැතිනම් "කතාවට" කියූ කතාය. නමුත් පැරැන්නන් මේවා කීවේ කට කහනවටවාත්, නූගත්කමටවත් නොවේ. යක්‍ෂයන්, හොල්මන්, අවතාර පිළිබඳ අත්දැකීම් ලද්දන් එකී චරිතයන්ට අදාළ හැසිරීම් රටා නිරූපණය කළ මනුෂ්‍යයන්ටද මෙසේ ආමන්ත්‍රණය කළේ අපහාස කරන්නට නොවේ. මන්දයත් එකී කතා තුළ යම් අර්ථයක් තිබූ නිසාය.
ආරියදාස අයියා ඊට අපූරු නිදසුන් ගෙන දුන්නේය. ඔහු මිනිස් සමාජය මෙන්ම මළ මිනී සමඟද වසර කිහිපයක් එකට ජීවත් වූ අයෙකි. ඔහු සේවය කළේ. රෝහලේ මිනී කාමරයේ මුරකරු හා බාරකරු ලෙසය. ඊට රැයක් දවාලක් තිබුණේ නැත. එදා අද මෙන් මිනී කාමර වටලා තාප්පවලින් වටකොටවත් සී.එෆ්.එල්. හෝ ටියුබ් ලයිට්වලින් ඒකාලෝක වී තිබුණේ නැත. මලානික ආලෝකයක් නිකුත් කළ ප්ලෝරසන් බල්බයකින් දෙකකින් අවට අඳුර යන්තම් මකාලමින් තිබිණි. සමහර මිනී කාමර තිබුණේ යමකුට මුරකරනවා තබා විනාඩි කිහිපයකට හිටගෙනවත් ඉන්නට හිතෙන්නේ නැති පාළු තැන්වලය.
රැකියාවට ගිය මුල් දවස්වල ආරියදාස ගතකළේ ඉතාමත් අසීරු ජීවිතයකි. එදා අද මෙන් මෘත ශරීරාගාරය තුළ අධි ශීතකරණ තිබුණේ නැත. එහෙයින් සතියකට තුන හතරක් අමු මිනී වරදින්නේ නැත. ඒ අතරේ පැපිලියාන මංසන්ධියේදී ලංගම බස් රථයකට යටවී ගිය තැඹිලි කරත්ත කොලුවාගේ පොඩිපට්ටම්ව ගිය දේහය ආරියදාස මහත් තැතිගැන්මකට ලක්කළේය. එය මිනී කරත්තේ බේසමක් මත ලේ විලක් මැද තවමත් තිබිණි. ආරියදාසගේ දෑස තත්පරයකට හෝ පියවුණේ නැත්තේ ඒ තැතිගැන්ම මතය.
ඔහු මිනී කාමරයේ ජෑම් ගස් යට බංකුවට වී වෛද්‍ය නේවාසිකාගාරයේ දැල්වෙමින් තිබූ ආලෝකය දෙස විපරමින් සිටියේ කවුරුන් හෝ නිදිවර්ජිතව සිටිනු ඇතැයි සිතාය.
වෙලාව රාත්‍රි ‍ෙදාළහ පසුවී තිබිණි. ආරියදාස ගුළිගැසී සිටි රෝහල් බංකුවේ අනෙක් කෙළවර "කිරිස්" හඬ නංවමින් තරමක් පැද්දිණ. තිගැස්සී ඇහැරුණු ඔහු දුටුවේ තමන් සිටි බංකුවේ අනෙක් කෙළවර වාඩි වී සිටි ඉරි සහිත සුදු සරමකින් හා බොක්සින් බැනියමකින් සැරසී හුන් හීන්දෑරි මනුස්සයෙකි. ඔහු ආරියදාස හා සිනාසුණුමුත් වචනයක් කතා කළේ නැත.
"ඔහේ ආපු එක මගේ තනියට හොඳයි" ආරියදාස තම කමිස අත රෝල් කරගෙන සිටි බුලත්විට දිගු කරන ගමන් කීවේය. එය අනුමත කළාක් මෙන් හිස ඉහළට පහළට වැනූ අමුත්තා බුලත්විට ගෙන හපන්නට විය.
"තමුසෙ බයවෙන්න ඕනෙ නෑ. මේ රස්සාව කරගෙන ඉන්නවා" හොල්මන් කතා නොකරන බව ආරියදාස අසා තිබුණේය. එහෙත් බුලත්විට අමුත්තාට දිගු කරන විට ඔහුගේ අත හා ගැටීමෙන් දැනුණු සීතල මළ මිනියකට සමාන බව ආරියදාසට දැනුණි. දෙදෙනා අතර වැඩි කතාබහක් නොවුණත් තනියට ආ අමුත්තා නිසා දෙගිඩියාවකින් හෝ කාලය ගතවී යත්ම පාන්දර ජාමයේ වන විට ආරියදාස නොදැනුවත්වම කිරාවැටෙන්නට විය. නමුත් ඔහු අවදි වන විට අමුත්තා සිටියේ නැත.
පවුලේ ආරවුලක් නිසා සැමියා බිරියගේ බෙල්ල කැපීය. ඇය ලේ විලක් මැද ළතෝනි දී ඇද වැටෙනවාත් සමඟ සැමියා අසල ළිඳට පැන්නේය.
එහෙත් බිරියගේ ජීවිතය අසල්වැසියන් නිසා බේරුණත් සැමියා ළිං පතුලේ තම අවසන් හුස්ම හෙළුවාය.
එම මළ මිනියද අවසානයේ මරණ පරීක්‍ෂණය පැවැත්වෙනතුරු ආරියදාසගේ බාරයට පැවරුණි.
දින දෙක තුනක් අමුත්තා නොපැමිණියෙන් ආරියදාසට දැනුණේ අමුතු කාංසියකි. එක්වරම "දඩස්" හඬක් මිනී කාමරය තුළින් ඇසුණෙන් ඔහු තිගැස්සී ගියේය. තවත් මොහොතකදී මිනී කාමරයේ යතුරු හිලෙන් එබී බැලූ ඔහු දුටුවේ සවස ළිඳට පැණ පන නසාගත් මළ මිනිය සිමෙන්ති මේසය මත වාඩි වී ඉකිගසමින් සිටින අයුරුය. මළ මිනියකට පණ ඇවිත් තිබෙනු ආරියදාස මුල්වරට දුටුවේ එදාය. ඔහුගේ ගත දහදියෙන් තෙත්ව පරාණ කූඩුව සට සටගා වෙව්ලන්නට පටන්ගත්තේය. ඒ බව තවත් වැඩිවන්නට වූයේ තවත් මිනියක් පහුවදා උදේ මෝචරියට ගෙනැවිත් අතෑරපු නිසා නොව ඔවුන් කී දේ නිසාය.
"මේකා ඊයේ රෑ කනමදයා වගේ බීගෙන මදිවට බැදපු මස් වර්ගයක් පාර දිගේ කාකා ඇවිල්ලා.... කනත්ත ළඟදි යකා ගහලා. ආයෙ එතැනමයි" නහයින් කටින් ලේ පෙරාගෙන තිබූ මිනිය බෙල්ල අවට සම්පූර්ණයෙන්ම නිල් පැහැ ගැන්වී තිබුණේය.
"අපෝ... කුලී වැඩක් කරනව මීට සැපයි" සුපුරුදු බංකුව මත ගුළිවී සිටි ආරියදාස සිතුවේය.
"බය වෙන්න එපා ඕයි. යක්කු එතරම් නරක උන් නෙවෙයි. ඒකා මොකටද පුළුටු කකා ආවේ. පුළුටු කියන්නේ මිනිස්සුන්ට අයිති කෑමක්යෑ?"
අමුත්තා බංකුවේ අනෙක් කෙළවරේ සිට අසන විට ආරියදාස අන්දුන්කුන්දුන් වී ගියේය. ඒ නිමේෂයේ ඔහුගේ මතකයට ආවෙ පසුගිය දිනක මිනී කාමරයේ අඬමින් සිටි අවතාරය. ඔහු එය අමුත්තාටද කීවේය.
"මේක ඇතුළට එනවුන් ඔහොම තමයි. මැරුණත් උන් වෛරයෙන්, කේ‍රා්ධයෙන්, දුකෙන් තවමත් ජීවත් වෙනවා. ඒ වුණාට මැරෙන හැම එකාම ඔහොම නැහැ. සමහර මළ මිනී එක්ක ජීවිත කාලයම වුණත් ඉන්න පුළුවන්. මං ආස්සරේ කරල තියෙන යක්කු තමුසෙ ආස්සරේ කරල තියෙනවද ඕයි"
"ඒ.. ඒ.. කොහොමද?" ආරියදාස ඇසුවේ ඇස්ගෙඩි නළලේ රන්දවාගනිමිනි.
"ඇයි අයිසේ තමුසෙට කලින් මංනෙ මෙහේ මුරකාරයා...."
ආරියදාසට උතුර දකුණ මාරු විය. මන්දයත් තමා මේ රැකියාවට ඒමට සතියකට පමණ පෙර එකී මුරකරුවා හෘදයාබාධයකින් මියගොස් සිටි නිසාය. එසේ නම් තමන් මෙතෙක් කල් ඇඟලුම් පෑ අමුත්තා සැබැවින්ම අවතාරයක් බව ආරියදාසට සක්සුදක් සේ පැහැදිලිය.
ඉන් සිදුවුණේ ආරියදාසගේ හිතේ මළවුන් ගැන තිබූ චකිතය, බය ගතින් දුරුව යෑමය. එහෙයින් ඔහුට වසර දහයකටත් වඩා වැඩි කාලයක් මිනී කාමරයේ මුරකරුවා හැටියට සේවය කිරීමට හැකිවූවා පමණක් නොව එකී රාජකාරියේ යෙදීම වෙනුවෙන් එම රෝහලේම සේවකයකු ලෙස උසස් වීමක් ලබන්නට තරම් හේ භාග්‍ය ලද්දේය. එම වාසනාව ආරියදාසට ගෙන ආවේ තමන්ට කලින් මිනී කාමරයේ මුරකළ අමුත්තාගේ අවතාරයයි. සැබැවින්ම අවතාරය විසින් ආරියදාසගේ හිතේ තිබුණු චකිතය බය දුරුකර නොදෙන්නට ආරියදාස මිනී කාමරයේ මුර රස්සාවටද ආයුබෝවන් කියන්නේද මුල් කාලයේදීමය.
රාජකාරි කටයුත්තක් සඳහා බදුලු ගිය ජස්ටින් මහතා එම රාජකාරිය නිමා කොට රාත්‍රියේම යළි කොළඹ ඒමට පිටවූයේ පසු දින පෙරවරු නවය වන විට තවත් රැස්වීමකට සහභාගි වීමට තිබෙන නිසාය. ඔහු ඒ සඳහා තෝරාගත්තේ බදුලු මහියංගණය මාර්ගයයි. කුමන හේතුවක් මත ඒ මාර්ගය තෝරාගත්තද කියා ඔහුටම නොතේරුණත් දහඅට වංගුව යන්තම් පසුකරන විටිත් රාත්‍රියේ හොඳම වෙලාව පසුකර තිබිණි. වෙනත් මඟක් තියෙද්දී මේ මාර්ගයෙන් ඒම ගැන සිටියේ පසුතැවීමෙනි. පසුතැවීමෙන් පලක් නොවුණු තැන ඔහු වාහනයේ වේගය තරමක් වැඩි කළේය. එහෙත් යෑමට ලැබුණේ සැතපුම් කිහිපයක් පමණි. "චූස්....." හ¾ඩින් ඉදිරිපස රෝදයේ හුළං බුරුල් වන විට ජස්ටින්ට එළොව පොල් පෙනේනට පටන්ගත්තේය. ඩිකියේ තිබූ ජැක්කුව අතට ගත්තත් කට්ට කපන අඳුරේ තනිව දෙයක් කරගත නොහැකිව ඇඹරෙමින් ඒ මේ අත විපරම් කළේය.
තමන්ට යාර දහයකට පහළොවක අෑතින් පුංචි මඩුවක කිසියම් කෙනකු තමන් දෙස එක එල්ලේම බලා සිටිනු ජස්ටින් දුටුවේය. ඔහු හනිකට එතනට දිව්වේය. "හුළං ගසනු ලැබේ" බෝඩ් ලෑල්ල බාගෙට වේයො කා තිබේ. පෙනුමින් වින්කලයක් වගේ වුණත් එය ගරාවැටෙන්නට ආසන්නය. වින්කල්කරු කිසිත් නොකියාම නොපැකිලවම ජස්ටින් ඉදිරියට එමින් "යං" කියන්නා සේ දකුණත ඉදිරියට දිගු කළාය. වින්කල්කරුගේ දැඩි උපකාරය මැද විනාඩි දහයකටත් අඩු කාලයකදී ඔස්ටින් රථයේ රෝදය මාරුකර ගැනීමට ජස්ටින්ට හැකි විය.
ජස්ටින් දෙවියන්ට මෙන්ම වින්කල්කරුටද පින්දී ඔහු අත රුපියල් පහේ කොලක් තැබුවාය. ඒ කාලයේ වාහන "පැච් එකක්" දැමීමට පවා අය කළේ රුපියල් දෙකකි.
ජස්ටින් ඊළඟ වාරයේ බදුලු යන විට මේ මාර්ගයම යළි තෝරාගත්තේ කෘතගුණ සැලකීමක් වශයෙන් වින්කල්කරු මුණගැසී වචනයක් දෙකක් ‍ෙදාඩා යෑමටය. හරිහැටි සලකුණක් නැතත් "හුළං බෝඩ් ලෑල්ල" ජස්ටින්ට හොඳින් මතකය. කෙසේ හෝ තැන සොයාගත් ජස්ටින් බිරියද සමඟ වාහනයෙන් බැසගත්තේ යක්කු ගස් උඩ බල්ටිගහන වේලාවේ තමන්ට උදව් උපකාර කළ අසරණ මනුස්සයා දැකීමටය.
එහෙත් මෑතකදී එහි යමකු වාසය කළ බවක් නම් පෙනෙන්නට නොතිබුණේ වින්කලයක් බඳු එම ස්ථානය එතරමටම දිරාපත්ව ගොස් තිබූ නිසාය. වේලාවට මෙන් දරමිටි බැඳගත් පාපැදිකරුවෙක් ජස්ටින්ලා පසුකර යෑමට සිටියේය.
"මහත්තයා ඔය අහන්නේ සුද්දප්පු මාමා ගැන. හරිම හොඳ මනුස්සයා" බයිසිකල්කරු කියාගෙන යයි.
"ගිය සතියේ දවසක මහ රෑ මටත් හරියට උදව් කෙරුවා. වාහනේ පැච් එකක් ගිහිල්ලා. එහෙම උදවිය හොයාගන්න අමාරුයි. මම මේ බැලුවේ මේක හදාගන්න මොකක් හරි උදව්වක් කරන්න..."
ජස්ටින් පවසන දේ බයිසිකල්කරු අසා සිටියේ ගොඩයාට මැජික් පෙන්නුවා සේය. අනතුරුව තොලකට ලෙවකාගත් කෙළ ගුළියක් ගිලගත් ඔහු ජස්ටින් ඇමැතුවේය.
"ඇ... ඇත්තටම ම... මහත්තයාට සු.... සුද්දප්පු මාමා උදව් කළාද?"
"ඔව්... ඇයි. ඇයි ඒ මනුස්සයට කරදරයක්ද?"
"නෑ.... මහත්තයා ඔය සුද්දප්පු මාමා මළේ මීට අවුරුද්දකට විතර කලින්. එදා ඉඳලම ඔය මනුස්සයා මහ රෑ පාරේ යන එන අයට හරියට පිහිටට එනවා. පණපිටින් ඉන්දැද්දීත් ඔහොමම තමා"
ජස්ටින් මහතා බිරියගේ මුවත් බිරිය ඔහුගේ මුවත් මාරුවෙන් මාරුවට බලාගත්තා විනා වෙනත් යමක් සිතන්නට දෙයක් තිබුණේ නැත.
ඉන් අනතුරුව බදුලු ගිය කිහිපවිටක්ම ජස්ටින් මහතා සුද්දප්පු මාමා දැක ගැනීමට උත්සාහ කළත් එය සාර්ථක නොවුණේ කරදරයට පත් කෙනකුගේ පිහිටකට පමණක් ඔහු පෙනී සිටින නිසාය. ඒ අනුව සුද්දප්පුද අවතාරයකි. එහෙත් දන්නා කියන කෙනෙකුවත් සුද්දප්පුගේ අවතාරයට බය වුණේ නැත. සුද්දප්පු කිසිවකුත් බිය නොගන්වා පෙනී නොපෙනී ගියා පමණි.
එවන් අවතාරයක් දැකීම පවා අද කාලයේ අරුම පුදුම දෙයක් වන්නේ කුමන හේතුවක් නිසා හෝ නූතනයන් හට හොල්මන් අවතාර දෙස අවකාශයේ සැරිසරන්නට හැකියාව ලදහොත් දෙකක් නැත උන් අපගේද බොටු මිරිකනු නොනුමානය. මන්දයත් නූතන සමාජයේ වැඩිහරියකගේ ගතිපැවතුම් හා ක්‍රියාකලාපයන් යක්‍ෂයන්, ප්‍රේතයන්, කුම්භාණ්ඩයන් පරයා යන තරමේ අය වීම නිසාය.
සත්‍ය සිදුවීම් ඇසුරෙන්
නම් පමණක් මන--කල්පිතය
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

රාමා, සීතා, රාවණා සහ හනුමාන් සොයා ඉතිහාසයට ගිය ගමනක්...(rama seetha rawana ithihasaya අබිරහස් අඩවිය - Abirahas Adawiya)

මෙය රාවණ පුරාවෘත්තයට අදාළ ලංකාවේ ඓතිහාසික ස්ථාන පිළිබඳව ලියැවෙන ලිපි පෙළක පළමුවැන්නයි. පළමු ලිපියෙන් අවධානය යොමු කරන්නෙ සීතා එළිය පිළිබඳවය.
සීතාඑළිය ගම කරුණු කීපයක් අතින්ම අතිශය වැදගත්කමක් උසුලයි. එය නුවරඑළියට කිලෝ මීටර් 7 ක් නුදුරින් බදුල්ල මාර්ගයේ දී හමුවන ගොවි ගම්මානයකි. එය මීට වසර පන්දහස් ගණනකට පෙරාතුව රාම - රාවණා යුද්ධය නිසා ප්‍රකට වූ ගම කි. එනම් අබුද්ධෝත්පොද කාලයේ සිදුවූ සිදුවීමකට සම්බන්ධය. ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වී ගත වී ඇත්තේ වසර 2600 කි. ඊටත් වසර 2400 කට පෙර සිදුවූවකි රාම - රාවණා මහා සංග්‍රාමය.
“සීතා” සහ “එළිය” යන වචන දෙකේ එකතුවෙන් “සීතාඑළිය” නම සෑදී ඇත. සීතා යනු රාමගේ බිරිඳ වූ රූමත් සීතා දේවියයි. ඇය “එළිය” දුටු ප්‍රදේශය “සීතාඑළිය” විය. රාම, ලක්ෂමණ (රාමගේ සොහොයුරු) සහ සීතා දේවිය එවකට වනවාසී ජීවිත ගත කරමින් සිටියහ. පදිංචි ගෘහයෙන් බැහැරව ඈත දුර ප්‍රදේශයකට ගොස් වනාන්තරගතව කුටියක් තනාගෙන භාවනානුයෝගීව දොළොස් වසරක් වාසය කිරීම වනවාසී ජීවිතය යනුවෙන් හැඳින්වෙයි.
එවකට ලංකාව පාලනය කළේ යක්ෂ ගෝත්‍රික රාවණා රජුය. රාවණා බදුල්ල අග නගරය ද, නුවරඑළිය දුර්ගම නගරය ද කරගෙන රට පාලනය කළේය. ඔහුගේ නැගණිය වන සුර්පනකා රූමත් සීතා පිළිබඳ පුවත රාවණාට අනාවරණය කරයි. සුර්පනකාගේ වර්ණයෙන් නිර්මාණය වූ රූමත් සීතා තමාගේ මෙහෙසියක කර ගත යුතු යයි රාවණා සිතයි.
දඬු මොනර යන්ත්‍රයේ නැගී රාමගේ කුටියට යන රාවණා සීතාගේ රූපශ්‍රීයෙන් වශී වෙයි. එවේලෙහි රාම හෝ ලක්ෂමණ කුටියෙහි නැත. ලද අවසරයෙන් රාවණා සීතා පැහැරගෙන දඬු මොනරයේ නැගී ලංකා පුරයට විත් ඇය අශෝක වනයේ අඳුරු ගල් ගුහාවක් තුළ සිරගත කොට තබයි. දිගු කලක් අඳුරේ විසීමේ හේතුවෙන් සීතාට ඇස් රෝගයක් වැළඳෙයි. එය සුවපත් කරන්නට නම් ඇය හිරු එළිය වදින තැනකට ගෙන යා යුතු විය. එසේ ගෙන ආ ස්ථානය සීතාඑළිය නමින් ප්‍රකට විය.
සීතාඑළිය
හග්ගල කන්ද
පුරාණයේ ඌවේ සිට කොත්මලේ දක්වා අඩි පාරක් විහිදී තිබුණේ මෙම ස්ථානය හරහාය. හාත්පස පෙදෙස වනාන්තරගතය. මෙමඟෙහි කලාතුරකින් හෝ යන එන්නන්ට මෙම ස්ථානයේ දී ආශ්චර්යයවත්, අද්භූත සිදුවීම්වලට මුහුණ පෑමට සිදුවිය. මෙතැන හාස්කම් සහිත තැනකියි සිතූ ඔවුහු එහි වූ ගසක් මුල ගලක් තබා, ඒ මත පහනක් දල්වා, පුද සත්කාර පවත්වා ගමන් - බිමන් යාමට ඊමට පුරුදු වූහ. පසු කලදී මෙහි කුඩා කෝවිලක් ඉදි විය. වන්දනාමාන කෙරෙන පිරිස් වැඩිවෙත්ම එහි වැඩි දියුණු කළ කෝවිලක් ඉදිවූ අතර සීතාඑළිය සීතා අම්මාන් කෝවිල නමින් හඳුන්වන්නේ එයයි. මෙතැන පසුකොට යන - එන රියැදුරෝ වාහනය නවත්වා පඬුරු පුදා ආශීර්වාද ලබාගෙන යාම අද ද පුරුද්දක් ලෙස කරති. සීතාඑළිය ගම වඩාත් ප්‍රචලිතව ඇත්තේ මෙම කෝවිල නිසාවෙනි.
මෙම කෝවිල පිළිබඳ පබැඳුණ කතා ගණනාවකි. හනුමාන් දේවත්වයෙන් යුතුව වැඩ සිටින්නේ මෙම කෝවිලෙහි බවට ද මතයකි. මල් තටුවක් තබා අඳුන බලන වේලෙහි හනුමාන් පිටත්ව එන්නේ මෙම කෝවිලේ සිට බව කියනු ලැබේ. කෝවිල අවට දේවතා එළි ගමන් කරනු දුටුවන් ද ඇත.
සීතා අම්මාන් කෝවිල
පුරාණයේ කුඩා කෝවිලක්ව තිබියදී මෙහි අරුම - පුදුම දේ ද සිදු වී ඇත. 
තමා සිතන - පතන දෙය එලෙසින්ම ඉටු වන්නේදැයි මෙතැනට පැමිණිමෙන් දැන ගත හැකි වීලු. කෝවිල් භූමියේ ගල් තලාව මත ගල් වළක් තිබුණි. එහි ජලය ද පිරී තිබුණි. තමන් සිතන - පතන දේ ඉටු වන්නේ ද - නැද්ද යන්න දැන ගැනීමට සිදුකොට ඇත්තේ ගල් වළට මල් දැමීමයි. දමන මල් ඒ අසලින් ගලා ගිය සීතා ඇළෙන් මතු වූවොත් ඉන් කියවෙන්නේ අරමුණ සාර්ථකව ඉටුවන බවයි. මල් මතු නොවීම අපේක්ෂා භංගත්වයට හේතු වේ. මෙම කරුණ අත්දුටු බොහෝ දෙනෙක් සීතාඑළියේ තවමත් වාසය කරති.
සීතාඑළියේ පොළව කෙටීමේ දී හමුවන පාෂාණිභූත වූ බත් ගුලි විශේෂයක් ගැන ඇතැම්මු කියති. ගම්මුන් මේවා හඳුන්වන්නේ සීතා ගුලි හෝ සීතා කැට ලෙසය. ඒවා ගල් මෙන් තදය. බඩේ රුදාව වැනි අසනීපවලට අත් බෙහෙතක් ලෙස සීතා ගුලි භාවිතයට ගැනුණි. සීතා ගුලි ගලගා බොන්නට දීමෙන් බඩේ රුදාවන් සුවපත් වන බව ඔවුන්ගේ මතයයි. මෙය ද අත්දුටුවෝ සිටිති.
සීතා කැට, සීතා ගුලි නමින් හඳුන්වන්නේ මොනවා ද?
හනුමාන් පිළිරුව
සඟවා තැබු සීතාට රාවණා කන්නට දී ඇත්තේ කිරිබත් ය. රාමගෙන් වෙන්ව වසන්නට සිදුවීමෙන් පි‍්‍රය විප්‍රයෝගයෙන් පෙළුණු සීතා ආහාර වර්ජනය කළාය. ඇය කිරිබත් දසත විසිකර දැමුවාය. පාෂාණීභූත වී වර්තමානයේ පවා පොළව කෙටීමේ දී හමුවන්නේ මෙම කිරිබත් ගුලිය. ප්‍රදේශවාසීහු ඒවා සීතා කැට හෝ සීතා ගුලි ලෙසින් හඳුන්වති.
පුරාණයේ වූ අශෝක මල් වනයේ ශේෂ වූ අශෝක ගස් වර්තමානයේ දී පවා සීතාඑළිය ප්‍රදේශයේ ද, අවට ප්‍රදේශවල ද අතන - මෙතන තිබෙනු දක්නට ලැබේ. මෙය ශීඝ්‍රයෙන් වඳවීගෙන යන ගස් විශේෂයකි. රතු පැහැති අලංකාර මල් පොකුරක් සහිත රළු කොළවලින් යුත් අශෝක ගස ඇඹුරුණු අතු - පතරින් යුක්තය.
අනූව දශකයේ පමණ රාම - රාවණා සහ සීතා ප්‍රවාදය සනාථ කරන ආකාරයේ සාධකයක් සීතාඑළියේ ඉඩමකින් හමු වී ඇත. ඉඩම අයිතිකරු එහි වළක් කපන්නට තීරණය කළේ වත්තේ වගාවන්ට දැමීම සඳහා වතුර ලබා ගැනීමටය. වළ අඩි 8 - 10 ප්‍රමාණයේ ගැඹුරැතිය. හතරැස්ව කැපු ළිඳේ එක් බිත්තියකින් හනුමාන්ගේ පිළිරුවක් මතු විය. එය බිත්තිය පුරාවටම මතුවූවකි. පිළිරුව කිසියම් පාෂාණයකින් නිර්මාණය වී තිබු බව දුටුවෝ කියති.
පිළිරුව ගැන ආරංචි ලැබුවෝ දසතින්ම එහි ඇදී ආහ. ඇතැම්හු වළට පඬුරු පිදූහ. වත්පිළිවෙත් කළහ. එහෙත් ඉඩම අයිතිකරුට සිදුවූයේ විශාල විනාශයකි. පැමිණියවුන් වත්තේ ඇවිදීම හේතුවෙන් වගා විනාශ විය. ඔහු වළ වසා දැම්මේය. මෙම වළ නැවත විවෘත කොට එහි පුරාවිද්‍යාත්මක ගවේෂණයක් සිදුකළ යුතු යයි වගකිව යුතු ආයතනවලට දැනුම් දෙනු කැමැත්තෙමි.
ඉන්දියාවේ සිට පැමිණි පොහොසත් හින්දුහු මෙම ඉඩම මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන් පැමිණියහ. ඔවුන්ගේ අරමුණ වූයේ එහි හනුමාන් කෝවිලක් ඉදි කිරීමයි. එහෙත් ඉඩම විකිණිම හිමිකරු ප්‍රතික්ෂේප කළේය. මාස කීපයක ඇවෑමෙන් ඉඩම පාළුවට යන්නට විය. එහි සිදු කළ වගා කිසිවක් සාර්ථක වූයේ නැත. ඔහුගේ දේපළ නැති භංගස්ථාන විය. අවසානයේ අන්ත දිළිඳු තත්ත්වයකට පත් වූ ඔහු ඉඩම අන් අයෙකුට විකුණා දමා ප්‍රදේශය අතහැර ගියේය. අලුත පදිංචි වූ අයට ද ඉඩමෙන් ප්‍රතිඵලයක් නොවීය. එබැවින් ඉඩම කෙටි කලකදී කීප දෙනෙකු අතට මාරු විය. 
සීතාඑළිය ප්‍රදේශය මැණික් උල්පතකි. ඉතා අනඟි වටිනා නවමු මැණික් සීතාඑළිය පොළවෙන් ලැබුණි. ඇතැම්මු හිටිඅඩියේ පොහොසත් වූහ. එසේ වූයේ මැණික් ලැබීමේ හේතුවෙනැයි කියනු ලැබේ. සීතාඑළිය ආසන්නයේ මහාමාර්ගයේ එක් වංගුවක් හැඳින්වෙන්නේ ද මැණික් වංගුව කියාය. මැණික් වංගුවට පහළ ප්‍රපාතයේ ගල් ගුහාවක් ඇතැයි ද, එහි චීවරධාරියෙකු විසුවේ යයි ද, එම ස්ථානයේ මැණික් ගැරුවේ යයි ද ප්‍රදේශවාසීහු කියති. අද ද රක්ෂිත ආශි‍්‍රතව හොරෙන් මැණික් ගරන්නන් බහුලය.
සීතාඑළිය ගමේ තැනින් තැන ගල් ගුහා තිබුණු බව ද ඒවා කඩා බිඳ දමා හෝ වසා දමා විනාශයට පත්කොට ඇතැයි ද ගම්මු පවසති. සීතා දිය නෑ දිය පිහිල්ල ගම ඉහත්තාවේ කැලයේ ඇති බවට ද මතයකි.
පින්බිමක් වූ සීතාඑළියේ සැඟවුණු නිදන් පිළිබඳව ද ගෙතුණු කතා අනන්තය. බොහෝ දෙනෙකුට නිදන්වලින් වස්තුව ලැබී ඇත. රත්තරන් කාසි, රත්තරන් සුර, රත්තරනින් කළ දඬු මොනර යන්ත්‍රයේ ආකෘතියක් ද ඒ අතර වී යයි ඇතැම්හු පවසති. ලද නිදන් පිළිබඳ අනාවරණය කරන්නට ගම්මුන් දක්වන්නේ බියකි. ඊට හේතුව නිදන් ලද්දවුන්ගෙන් තමනට කරදර එළඹිය හැකි බැවිනැයි ඔවුහු පවසති.
සටහන 
සිරිසේන දේවපි‍්‍රය 
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Friday, September 2, 2016

කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 1 (katharagama has kam අබිරහස් අඩවිය - Abirahas Adawiya)


‘‘මුහුණු සයකි අත් දොළහක් මයුරාපිට වාහනේ’’ කී සැණින් සංකේතවත් වන්නේ කතරගම දෙවියන්ය. කාර්තිකේය දෙවියන් ලෙස දෙවිවරු අතරිනුත් අතිශය පුදපූජා ලබන දෙවියකු ලෙස කතරගම දෙවියන් සැලකේ. ස්කන්ධකුමාර, වේලූපිල්ලේ, මුරුගන්, වේලන්, සුබ‍්‍රමනියම්, කන්දසාමි, කදිරදේව, කදිරවේල්, කාර්තික, තාරකාජින්, යන නම් වලින් හින්දූ භක්තියන්ගේ වන්දනාමානයට පාත‍්‍ර වන්නේද කතරගම දෙවියන්ය.
දකුණු ඉන්දියානු සම්භවයකින් පැවත එන දෙවියකු සේ සලකන අතර නැගෙනහිර පළාතේ පානම ගමට දකුණින් පිහිටි ඕකන් ද ප‍්‍රදේශයෙන් ලංකාවට ගොඩ බැස කාචරග‍්‍රාම හෙවත් කතරගම වාසභූමිය ලෙස තෝරාගත් බවද ඉතිහාසයේ සදහන්වෙයි. එසේ කතරගම දෙවියන් ගොඩබැස්ස තැන පසුකාලීන්ව ඉදිවූ ඕකන්ද දේවාලය අදත් හින්දු සහ බෞද්ධ බැතිමතුන්ගේ ගෞරවාදරයට පාත‍්‍ර වෙමින් පවතී.
අදවනවිට හින්දු පමණක් නොව බෞද්ධයන් අතර ද සුවිශේෂ ඇදහීම්වලට මෙන්ම ගෞරවාදරයට පාත‍්‍රවූ දෙවියකු ලෙස කතරගම දේවියන් ප‍්‍රකටය. රෝග බියක දී, අතුරු ආන්තරාවක දී, පිහිටාරක්‍ෂාව මෙන්ම භවභෝග වගාවේදී ද ආරක්‍ෂක දෙවිකෙනකු ලෙස කතරගම දෙවියන් ප‍්‍රකටය.
බොහෝ අනුහස් ඇති දෙවියකු ලෙස කතරගම දෙවියන් විශ්වාස කරන අතර ජන ශූන්‍ය ප‍්‍රදේශවල දී කතරගම දෙවියන්ගේ පිහිටාරක්‍ෂාව ලැබීම ගැන විවිධ ජනප‍්‍රවාද ද සමාජයේ පවතී.
කතරගම දෙවියන්ගේ ආයුධය වේලායුදයයි. වේලායුදය යනු ගිනිදලූවක හැඩයෙන් යුත් තලයකින් යුත් හෙල්ලයකි. එය කතරගම දෙවියන්ගේ මෑණියන්වූ පාර්වතී විසින් ඇගේ බලය ලබාදීමක් ලෙස සූරපද්මන් සමග යුද්ධයේ දී භාවිත කිරීමට මෙම වේලායුදය ලබාදුන් බව ජනප‍්‍රවාදයේ කියැවෙයි.
යාල ජාතික වනෝද්‍යානයට යාබදව මැණික් ගඟ අසබඩ රුහුණේ ප‍්‍රධාන නගරයක්වන කතරගම ඉපැරණි රෝහණ රාජධානියේ සිංහල රජවරුන්ගේ වාසභූමිය කකතරගම දෙවියන් වැඩ වෙසෙතැයි දැඩි විශ්වාසයක් පවතී. දහසය වැනි සියවසේ දී සිංහලයන් අතර දේව සංකල්පය මුල්බැස ගැනීමෙන් පසු ලංකාවේ ගිනිකොණදිග ප‍්‍රදේශයේ අධිපති දෙවියන් ලෙස කතරගම දෙවියන් හැදින්වීම ද පුරුද්දක් කරගත් බවත් ජනප‍්‍රවාදයේ එයි.
කතරගමට වැඩමකළ කතරගම දෙවියන් මුලින්ම වැඩවාසය කර ඇත්තේ ‘‘වැද්දා’’ හිටිය කන්ද හෙවත් වර්තමාන වැඩිහිටි කන්ද ප‍්‍රදේශයේ බව විශ්වාසයක් පවතී. වැදි ජනයා හෙවත් ගිනිකොණදිග ලංකාවේ විසූ ආදිවාසී ජනකොටස්වල ද පුජාවන්ට පාත‍්‍රවු දෙවියෙකි. අදත් ඇතැම් ආදිවාසී ජනකොටස්වල විවාහ චාරිත‍්‍ර උත්සව වාර්ෂිකව පවත්වන්නේ ජූලි සහ අගෝස්තු මාසවලය. කතරගම දෙවියන් වෙනුවෙන් වාර්ෂික පෙරහර මංගල්‍යය පවත්වන්නේ ද මේ මාසවලය. වැදි ජනතාව ද පුදපූජා සදහා කතරගමට එති.
වර්තමාන පානම් පත්තුවත් කතරගමත් අතරවූ ප‍්‍රදේශය අතීතයේ තැන් තැන්හි ජනාවාසවී තිබු බව කියැවේ. හැලව, වදගම, කුමන, මීයන්ගොඩ එවැනි ජනාවාස භූමි විය. මේ ඇතැම් තැන්හි ආදීවාසී ජනතාව හෙවත් වැදි ජනතාව ද විසූ බව පොත්පත්වල ද ජනප‍්‍රවාදයේ ද කියැවේ. එවැනි වැදි පරපුරකට නෑකම් කියන ජනකොටසක් වර්තමානයේ පානම ගම්මානයේ ද වෙසෙන බව සදහන් වේ.
කතරගම දෙවියන්ගේ උපත ගැන මත කිහිපයක් ඇත. ඉන්දියාවේ හෙවත් භාරතයේ දේව කතා අනුව බුද්ධ වර්ෂය ආරම්භයට පෙර කතරගම නුවර සිටි මහාසේන රජතුමා මරණින් පසු කතරගම දෙවියන් වී යැයිද මතයක් පවතී. බුද්ධාගම රැකබලා ගැනීමට ඔහු දේවත්වයට පත්වූ බවද සදහන්වෙයි.
අනෙක් මතය නම් ඉන්දියාවේ සිට පැමිණි යුද දක්‍ෂයකු මරණින් පසු දේවත්වයට පත්වී කතරගම දෙවියන් වු බවයි. සුරාසුර යුද්ධයේ දී පරාජයට පත්වෙමින් සිට සුරයන්ගේ හමුදාවට නායකත්වයක් දීමට කෙනකුගේ අවශ්‍යතාවක් ඇතිවිය. එය සම්පුර්ණ කිරීමට ශිව සහ පාර්වතීගේ සංගමයේ ඇතිවූ බීජයක් ශිව දෙවියන් විසින් අග්නි දෙවියන්ට බාරදී ඇත. අග්නි දෙවියන් එය ගංගා දේවියගේ ගර්භයේ තැන්පත් කර ඇත. එම කලල බීජය කන්‍යාවෝ හය දෙනෙක් පෝෂණය කර තිබේ. එම කන්‍යාවන්ගේ පෝෂණයෙන් බිහිවු මුහුණු හයක දරුවා කතරගම දෙවියන් යැයිද විශ්වාසයක් පවතී. හින්දුන්ට අනුව කතරගම දෙවියන් යුද්ධයට අධිපති දෙවියන් වේ.
කතරගම දේවියන්ගේ මුහුණු හය සම්බන්‍ධව පානම් පත්තුවේ ජනතාව අතර ඇති කතා පුවතක් මෙසේය. වසර ගණනාවකට පෙරදී පානම ප‍්‍රදේශයට වඩා ජනතාව වාසය කර ඇත්තේ වත්මන් කුමණ ජාතික වනෝද්‍යානයේ විවිධ තැන්වලය. හැලව, බාගුරා, වදගම, කුමණ ආදිවු ප‍්‍රදේශවලය.
එක්තරා කාලයක මහා නියගයක් සමග වැසියන්ගේ භවභෝග විනාශවී ලෙඩ රෝග පැතිරී දුර්භික්‍ෂයක් බවට පත්ව තිබේ. කැලේ තපස් රකිමින් සිටින සෘෂිවරයකු සිටින බවට වූ ආරංචියක් මත ගමේ වැඩිහිටි පිරිසක් කැලේ ගොස් මේ සෘෂිවරයා හමුවේ පත්ව ඇති විපතින් ගම්දනව් බේරා දෙන ලෙස වශයෙන් ඉල්ලා ඇත. ඒ ඉල්ලීමට කන්දුන් සෘෂිවරයා දුර්භික්‍ෂය පළවා හැර වැසියන්ට යළි යහපත් කාලයක් උදාකර දී තිබේ. පසුව ගම්වැසියන්ගේ වන්දනාමානයට පාත‍්‍ර වූ මේ සෘෂිවරයා මියගොස් තිබේ. 
ගම් වැසියන් එකතුවී ඔහුගේ පිළිරුවක් තනවා ගැනීමට මුර්ති ශිල්පියෙක් ගෙන්වා ඇත. මුර්ති ශිල්පියාට මේ සෘෂිවරයාගේ සිරුරේ ලක්‍ෂණ පුද්ගලයන් හය දෙනකු විසින් පෙන්වා දී දෙනු ලැබ ඇත. එක් අයෙක් කී ලෙසට පිළිමය සකසනවිට අනෙක් තැනැත්තන් ඇවිත් එලෙස නොවේ යැයි වෙනත් විස්තර කියා ඇත.
පසුව මුර්ති ශිල්පියා පවසා ඇත්තේ හය දෙනාම කියන ආකාරයේ දේහ ලක්‍ෂණ ඇතුළත්කර මුහුණු හයක් ඇති මුර්තියක් සකසමුය යන්න බවත් ඒ සැකසූ පළමු පිළිමය ඔස්සේ එය කතරගම දෙවියන් ලෙස නම්කර මුහුණු හය සහ අත් දොළසේ කතාව ආරම්භ වූ බවත් සදහන්වේ. මේවා සියල්ලක්ම පාහේ ජනප‍්‍රවාද නිසා ඒවා අදහස් නිසා අපට බැහැර කිරීමට හැකියවක් නැත.
සුර අසුර යුද්ධය සැලකීමේ දී සුරයන් වූයේ ලාංකිකයන්ය. අසුරයන් යනු ඉන්දියානුවන්ය. අසුරයන් සත්ව ඝාතනය කර යාගහෝම පැවැත්වු පිරිසක් බවත්, ලංකිකයන් නිර්මාංශිකයන් බවත් ජනප‍්‍රවාදය කියයි. නිර්මාංශිකයන් මෙහිදි ජය ලබයි. තරු රජු හා මහසෙන් රජු අතර සටනකින් මහසෙන් රජු මියයයි. සෙන්පති රජවෙයි. එසේ රජවු සෙන්පති කතරගම දෙවියන් යැයිද විශ්වාසයක් පවතී.
තවත් ජනප‍්‍රවාදයකින් කියවෙන්නේ කතරගම දෙවියන් අංගම්පොර සටන් කලාවේ නිර්මාතෘවරයා බවයි. කතරගම දෙවියන් යනු මුරුගන් නොව කකුසද බුදුන්ගේ කාලයේ ලංකාව පාලනය කළ තරු රජුගේ සේනපතියකුව සිට පසුව රජ වූ කතරගම මහසෙන් රජු බවටද මතයක් පවතී.
ලංකාවේ සහ දකුණු ඉන්දියාවේ දෙමළ හින්දුන් කාර්තිමම් ලෙසද කතරගම දෙවියන් සලකනු ලබයි. කාර්තිමාමම් ස්කන්ධ මුරුක්කන් සමග සම්බන්‍ධකම් පවත්වා ඇති බවත් දෙමළ හින්දු ජනතාවගේ විශ්වාසයයි.
නිකාය සංග‍්‍රහය අනුව සතරවරම් දෙවි කෙනකු ලෙස කතරගම දෙවියන් සැලකීමට පටන්ගෙන ඇත්තේ දාහතරවන සියවසේ සිටය. එළාර රජු සමග දුටුගැමුණු රජු යුද්ධයට ගියේ කතරගම දෙවියන්ට බාරයක් වීමෙන් පසුවය. යුද්ධය දිනා ගැනීමෙන් පසු ආපසු ආ දුටුගැමුණු රජතුමා කතරගම දේවාලය තැන වූ බව විශ්ණුවාදයේ සදහන්වන බවද කියැවෙයි. වැදි ජනතාවගේ ‘‘කන්දේ දේව’’ විශ්වාසය තුළ කතරගම දේවාලය ආරම්භ වූ බවට ද අදහසක් පවතී.
අතීතයේ දකුණු ඉන්දියාවේ ආක‍්‍රමණ හමුවේ උතුරින් පලා ආ රජවරුන්ට රැකවරණ දුන් ප‍්‍රදේශයක් ලෙස කතරගම ප‍්‍රසිද්ධය. කතරගම දෙවියන් නිසා අද කතරගම ප‍්‍රදේශයේ දේව භක්තිය නොඅඩුව පවතී. කතරගම දෙවියන් දුකේ දී මෙන්ම සැපේ දීත් පිහිටවන දෙවිකෙනකු ලෙසත් වැරදි කරන අයට දඩුවම් දෙන දෙවියකු ලෙසත් ප‍්‍රකටය.
පානම් පත්තුවේ ජනතාව පත්තිනි දේව මෑණීයන් සහ අලූත් බණ්ඩාර දෙවියන් ඇදහුවත් කතරගම දේවයන්ගේ පිහිටාරක්‍ෂාව වෙනුවෙන් වාර්ෂිකව පුදපූජා පවත්වති.
විශේෂයෙන් අදටත් පානම ගමේ ‘‘සක්කර පූජාව’’ නමින් බවභෝග වගා ආරම්භ කිරීමට පෙර කතරගම දෙවියන් වෙනුවෙන් පූජාවක් පවත්වනු ලබයි. මේ දානය දෙන්නේ ගමේ සෑම කෙනකුගේම ආධාර එකතුකරගෙන හතරමං හන්දියකය. සතා සිවුපාවුන්ගෙන් කුඹුරු හේන් ආරක්‍ෂා කරදෙන ලෙසත්, ගමේ වෙසෙන බාල මහලූ තරුණ සැම දෙනාම ලෙඩ රෝගවලින් ආරක්‍ෂාකර දෙන ලෙසත් දෙවියන්ගෙන් ඉල්ලීම මෙම සක්කර පුජාවේ අරමුණ බව පානම වැසියන්ගේ අදහසයි.
වර්තමානයේ පානම ගම දිගාමඩුල්ල දිස්ත‍්‍රික්කයට අයත්ව තිබුණත් 1977ට පෙර තිබුණේ මඩකළපුව දිස්ත‍්‍රික්කයට අයිතිවය. නිදහස ලැබීමට පෙර යටත් විජිත යුගයේ දී මඩකළපුවේ ආණ්ඩුවේ ඒජන්ත ලෙස කටයුතු කළ ද්‍රවිඩ ජාතිකයෙකු වු කුමාරස්වාමි මහතා විනෝදය පිණිස සතුන් දඩයම් කරන්නට කැමැත්තක් දැක්වූ කෙනෙකි. දිනක් ඔහුගේ පාසල් වයසේ පසුවු කුඩා දියණිය ද අතවැසි සේවකයන් කිහිප දෙනකු සමග බාගුරා ප‍්‍රදේශයට පැමිණ කූඩාරම් සාදාගෙන නැවතී ඇත. බාගුරා ප‍්‍රදේශය පිහිටා ඇත්තේ වර්තමාන කුමණ ජාතික වනෝද්‍යානය තුළය. නැගෙනහිර ප‍්‍රදේශයේ සිට කතරගම වන්දනාවේ පාදචාරිකාවේ බැතිමතුන් එන්නේ මේ ප‍්‍රදේශය හරහාය. ඒ කාලයේ ඇතැමුන් විනෝදයට සතුන් දඩයම් කරන්නට මේ ප‍්‍රදේශවලට පැමිණෙයි.
කුඩාරමේ නැවතී සිටි ආණ්ඩුවේ ඒජන්තවරයා වළි කුකුළකු ඉගිළී යනු දැක ඌට වෙඩි තැබීමේ අරමුණින් කූඩාරමෙන් එළියට බැස ගිනිඅවියත් රැගෙන කුඩා දියණිය සමග කැලේ ඇතුළට ගමන් කර ඇත. ඔහුගේ ආරක්‍ෂාවට පැමිණි සේවකයා තමාත් එන්න දැයි විමසූවිට මහ දිසාපතිවරයා පවසා ඇත්තේ මෙය ‘‘තමාගේ වැයික්කිය’’ බැවින් තමාට ඉහළින් කෙනකු එහි නැති බවයි.
කැලේ ඇතුළට ගිය ආණ්ඩුවේ ඒජන්තවරයා සහ ඔහුගේ කුඩා දියණිය පැය ගණනක් ගතවී ඇතත් නොපැමිණියෙන් ඔවුන් සෙවුවද අතවැසියන්ට ඔහු හමු නොවිණි. එදා අදමෙන් සන්නිවේදන පහසුකම් නොතිබු නිසා ඒජන්ත තැනගේ අතුරුදන්වීම වගකිව යුත්තන්ට දැන්වීමට ද එහි යායුතුය. කෙසේ හෝ මහ ඒජන්ත තැනගේ සහ ඔහුගේ දියණියගේ අතුරුදන්වීම ආරංචි වී යටත් විජිත මහ ලේකම්වරයාගේ අවසරය ඇතුව ඉංග‍්‍රීසි හමුදාව සහ පොලිසිය ද යොදවා කූඩාරම තනා තිබු ප‍්‍රදේශය සහ අවට දින කිහිපයක්ම සොදිසි මෙහෙයුම් කර ඇත. නමුත් අතුරුදන් වූවන් ගැන කිසිදු තොරතුරක් ලැබී නැත. අතවැසි සේවකයන් සහ සාමාන්‍ය වැසියන් කතරගම දෙවියන් ද අදහන පිරිස්ය. ඔවුන් කතරගම දෙවියන්ට පඩුරක් බැද ඒජන්තවරයා සහ දියණිය සොයා දෙන්නැයි බාරයක් විය. මහ පුදුමයකි. හෝරා කිහිපයකට පසු මහ ඒජන්ත දියණියත් සමග කූඩාරමට නුදුරින් සිටියදී හමුවිය.
කතරගම දෙවියන්ගේ අඩවියේ කට වරද්දාගත් මහ දිසාපතිට කතරගම දෙවියන් සුලූ දඩුවමක් දුන් බව සේවකයන් අතර පසුව කතාබහට ලක්විය.
එහි අනෙක් කතාව වන්නේ මීට අවුරුදු හයකට පෙර සිදුවු තවත් සිදුවීමකි. මේ කතාව සිහිපත් කරදුන්නේ වනජීවී දෙපාර්තමේන්තුවේ සේවය කරන බී ගුණසිංහ මහතායි.
‘‘අපි මුලින් කිව්ව ආණ්ඩුවේ ඒජන්ත තුමාත් එක්ක පුංචිකාලේ බාගුරා ප‍්‍රදේශයේ දී දින ගණනක් අතුරුදන්ව සිටි කුඩා දියණිය කුමණ යළි විවෘත කළාම 2005 දී විතර පිරිසක් එක්ක බලන්න ආවා. එතකොට ඇය වියපත් කාන්තාවක්. කුමණ ඇතුළෙ ඇවිදින කොට ගල්අමුණ ප‍්‍රදේශයේ දී මහ වැස්සකට අහුවෙලා වාහනේ එරිලා මහ අකර තැබ්බකට ලක්වුණා. අන්තිමට වාහනේ කැඩුණා. අපි ට‍්‍රැක්ටරයක් ගෙනිහින් ඇදගෙන ආවේ. එදා ඒ කාන්තාව කියනවා කතරගම දෙවි හාමුදුරුවෝ ඇයට ‘‘කුමණ’’ බලන්න කවදාවත් ඉඩ දෙන එකක් නෑ. තාත්තත් එක්ක ඇය පුංචිකාලේ ඇවිදින් වුණ දේ තවමත් අමතක නෑ’’ යනුවෙන් කී බවද ගුණසිංහ මහතා කීවේය.
(මතු සම්බන්‍ධයි)
සටහන  - අජිත්ලාල් ශාන්තඋදය
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

අහසේ ඇවිදින යෝගී ලාමාවරු අදත් තිබ්බතයේ සිටිති....(..lama waru...අබිරහස් අඩවිය - Abirahas Adawiya)


මෙයට අවුරුදු දෙදහසකට පමණ පෙර තිබ්බතයට හරියාකාර ආගමක්‌ නොවීය. එහි සිටි ජනයා ස්‌වභාව ධර්මයට වැඳුම් පිදුම් කළහ. එනම් ඔවුහු ගස්‌ ගල්වලට වන්දනාමාන කළහ. ගසකට වඳින විට ඒ සඳහා කාරණයක්‌ අවශ්‍යය. කාරණයක්‌ නැතිව ඒ වන්දනාව කෙරේනම් එය හිස්‌ වැඩකි. මේ හිස්‌තැන පිරවීමට එන තැනැත්තා රුක්‌ දෙවියාය. රුක්‌ දෙවිවරු ආසියානු රටවල පමණක්‌ නොව ලතින් ඇමරිකාවේද සිටිති. ගසකට වඳින විට එය නිකම්ම කොටයක්‌ ලෙස නොසලකා එතැන රුක්‌ දෙවියකු සිටින ලෙස සලකා වැඳීමට මිනිස්‌සු කැමැත්තාහ.
බුදු දහම පහළ වන්නේ කිතු උපතටත් වසර හයසියයකට පමණ පෙර බව අපි දනිමු. ඉන්දියාවේ දේශ සිමා අතරින් ගමන් කර බාහිර ලෝකයට ගමන් කරන්නට පටන් ගත් මුල් කලයේදී ‘ශුද්ධ බුදු දහමට’ හෙවත් එතෙක්‌ පැවැති පවිත්‍ර බුදු දහමට යම් යම් දේ එකතු විය. එසේත් නැත්නම් සමහර රටවලට බුදු දහම ගමන් කරන්නේ ඉන්දියාවේ සාම්ප්‍රදායික ආගම්වලින් එකතු වුණ යම් යම් ලක්‌ෂණ සමඟය. උදාහරණයක්‌ ලෙස හින්දු යෝගියෙක්‌ බුදු දහම වැළඳ ගත් පමණින් සිය යෝග ව්‍යායාම අත්හැරියේ නැත. යෝග ව්‍යායාම ශරීරයට ඉතා හොඳය. ඒ අනුව ඔහු තවත් කෙනකුට බුදු දහම උගන්වන විට යෝග අහ්‍යාසද කියා දුන්නේය. යෝග අභ්‍යාසවල පරතෙරට ගිය අය හෙවත් කුණ්‌ඩලිනි යෝගය අවදි කර ගැනීමට දන්නා යෝගීහු තමන් තවදුරටත් දන්නා ක්‍රියායෝග, චර්යායෝග, යෝගතන්ත්‍ර, අනුතරයෝගතන්ත්‍රවැනි අංග තම ශිෂ්‍යයන්ට කියා දුන්හ. මෙකී යෝග ක්‍රියාකාරකම්වලින් ලෝකෝත්තර සුවයට වඩා ලෞකික සුවයක්‌ ළඟා කර ගත හැකි විය. 

එයට හේතුව ඒවා හින්දු ආගම සමග තිබූ සහ සම්බන්ධයයි. මහායාන බුදුදහම නමැති කොටස බිහිවන්නේ මෙහි අතුරු පලයක්‌ ලෙසය. හීනයාන බුදු දහමට එකම එක ගුරුවරයකු හෙවත් භාග්‍යවත් ගෞතමයාණන් වහන්සේ පමණක්‌ සිටියද මහායාන බුදු දහමට ගුරුවරු බොහෝ සිටිති. තිබ්බත මහායානයට අනුව ඕනෑම කෙනෙකුට මරණ මංචකයේදී යහපත් සිතුවිලි උපදවනා ඒ ඔස්‌සේ භාවනා කරමින් පුනරුත්පත්තියක්‌ නොලබා නිර්වාණය සාක්‌ෂාත් කරගත හැකිය. එහෙත් හීනයාන බුදුදහමේ හැටියට නිමක්‌ මග යනු දිගු ගමනකි. ඒ සඳහා නිවන් නැති ආත්ම ගණනක්‌ පෙරුම් පිරිය යුතුය. මේ පිළිබඳ වැඩි විස්‌තර ලබා ගැනීමට කැමති පාඨකයන් The Tibetian Book of the be dead නමැති ග්‍රන්ථය ඇසුරු කළ යුතුය.
මහායාන බුදුදහම තිබ්බතයේ පහළ වන්නේ ක්‍රි.ව. හයවන, හත්වන, අටවන සියවස්‌ වලය. ජෙට්‌සුන් මිලරේපා (Jetsun Milarepa) යන ලාමාවරයා ක්‍රි.ව. 1052 – 1135 අතර කාලයේදී තිබ්බතයේ ජීවත්වූ අතර එරට පහළ වූ විශිෂ්ටතම යෝගියා ලෙස විශ්වාස කෙරේ. තිබ්බත බුදුදහමේ (මහායාන) ආචාර්යවරයකු වූ මාර්පා ලෝත්සව (1012-1097) ඔහුගේ ගුරුවරයාය.
තිබ්බත බුදු දහමේ කොටස්‌කාරයකු ලෙස අහසින් වැඩිම වාර ගණනක්‌ ගමන් කළ මහායානිකයා ලෙස හඳුන්වන්නේ පේට්‌සුන් මිලරේපාය. බටහිර තිබ්බතයේ ඉඩම් හිමි ධනවත් පවුලක සමාජිකයකු ලෙස එතුමා උපදී. ඔහුගේ ගිහි නම අන් එකකි. ඔහු සත් හැවිරිදි දරුවකුව සිටියදී රෝගී පියා මිය යයි. මරණයට පළමුව තම සහෝදර සහෝදරියන්ට දේපළ පවරන පියා මිලරේපා තරුණ වියට පත්වන තුරු එම දේපළ කළමනාකරණය කර දෙන ලෙස සොයුරු සොයුරියන්ට දන්වයි. එහෙත් පියා මියගිය පසු ඥතීහු මිලරේපාගේ පවුලට කිසිවක්‌ නොදෙති. මව, ගුප්ත විද්‍යාව හැදැරීම සඳහා මිල්රේපා ගුරුවරයකු වෙත යවයි. ගුප්ත විදාව උගන්නා මිලරේපා, සිය ඥතීන්ගේ විවාහ අවස්‌ථාවකදී බලගතු හිම කුණාටුවක්‌ මවා විවාහය පැවැත්වෙන නිවස බිමට සමතලා කර 35 දෙනකු මරණයට පත් වීමට ඉඩ සලසන බවත් ඒ සඳහා පළිගනු පිණිස එන ගැමියන්ගේ කුඹුරු ඉඩම් එබඳුම යෝධ හිම කුණාටුවකින් විනාශ කරවන බවත් ඔහු පිළිබඳ කතන්දරවල එයි.
යොවුන් වියෙන් තරුණ වියට පත්වන මිලරේපා අතීතයේදී කළ භයානක ක්‍රියා ගැන කණගාටුවෙමින් භාවනාවෙහි යෙදී දුක සහ සැප දෙකම අත්විඳීම අත්හරී. ඒ සමගම කර්මඵල ධර්මය තවදුරටත් වලංගු නොවන බවත් තමා යළි නොඉපැදීමේ මාර්ගය වෙත එළැඹි බවත් ප්‍රකාශයට පත් කරයි. මිලරේපා මෙතරම් ඉක්‌මනින් සංසාර ගමන කෙටි කර ගන්නේ කෙසේදැයි පාඨකයා ප්‍රශ්න කරනවා ඇත. එයට පිළිතුරවන්නේ අප කතා කරන මේ බුදුදහම තිබ්බත මහා යාන බුදුදහම බවය. එයට අනුව මරණ මංචකයේදී වුව නිර්වාණය පිණිස වන චින්තය ඇති කර ගැනීමට භාවනාව හුරු කළ අයට පුලුවන.
හින්දු ආගමේ ශුද්ධ වූ ග්‍රන්ථවලට අනුව (උපනිෂද් ධර්ම ග්‍රන්ථ) කර්මය මනුෂ්‍යය වර්ගයා වෙත මුදා හරිනු ලබන්නේ ඊශ්වර දෙවියන්ය. සීකයක්‌ අදහන සීක ආගමේ හැටියට මායාව නමැති බලවේගය විසින් මිනිසුන් පිට කර්මය පටවනු ලැබේ. මායාවට අවනත වන ආකාරයේ ප්‍රමාණයට අනුව කර්ම විපාකයේ ප්‍රමාණය තීන්දු වෙයි. ජෛන ආගමේ හැටියට කර්මය තීන්දුවන්නේ සිත කය වචනය සහ චිත්ත සන්තානයේ හටගන්නා විවිධ හැසිරීම් විසින් ආත්මයට ඇති කරන චලනය මතය. මෙය ඒ ඒ ආගම්වලට සාපේක්‌ෂ තත්ත්වයකි. කර්මය අවලංගුවන බවට මිලරේපා යෝගියා නගන තර්කය ඔහු අනුගමනය කරන මහායානයට සාපේක්‌ෂය.
ප්‍රංශ ජාතික දේශගවේශක කාන්තාවක වූ Alexandra Devid Neel 1924-28 කාලය තුළ තිබ්බතයේ උස්‌ කඳු අතර පිහිටි ලාමාවරුන්ගේ තාපසාරාමවලට ගොස්‌ ලැබූ අත්දැකීම් අලලා Mystic and Mystery in Tibet යනුවෙන් පොතක්‌ ලියා ඇත. ජෙට්‌සුන් මිලරේපා ශිෂ්‍යයකුව සිටි කාලයේදී මාස ගණන් ගත කරමින් ගිය ගමන් ගුප්ත ශාස්‌ත්‍රය උගත් පසු තප්පර කිහිපයකින් ගිය බවට සාක්‌ෂි තිබ්බතයේ මුඛ පරම්පරාගතව ඇති බව ඇය එම ග්‍රන්ථයේ විස්‌තර කර ඇත. යෝග ව්‍යායාම්වල එක්‌ අවස්‌ථාවකදී ඉතා වේගයෙන් ගමන් කිරීමේ තාක්‌ෂණයක්‌ ශිෂ්‍යයෝ උගනිති. මෙය එක්‌තරා යෝග ගුරුකුලයකට අයත් ශාස්‌ත්‍රයකි. තප්පරයක්‌ තුළ බඹ කිහිපයක්‌ ගමන් කළ හැකි ලාමාවරයෙක්‌ මිලරේපා යෝග ශාස්‌ත්‍රය උගත් තාපසාරාමයේ විය. එවැනි ලාමාවරයෙක්‌ Alexandra Devid Neel ටද හමු විය. “ඔහු ගමන් කළේ පොළවෙහි පාද ස්‌පර්ශ නොකරමිනි. දෙපා හුවමාරු වූයේ පොළොවෙන් ඉහළ අවකාශයේදීය “ඇය සිය පොතෙහි ලියුවාය. ඛLung – gom – pa ලෙස හැඳින්වෙන මේ ඇවිදීම එක්‌තරා ආකාරයක භවානාවකි. එය ‘පවන්ධ්‍යානය’ ලෙස හැඳින්වේ. මේ ක්‍රමය යොදාගෙන නොනැවතී දින කිහිපයක්‌ ගමන් කළ යෝගාවචර ලාමාවරු තිබ්බතයේදී Alexandra ට හමු විය. ජපානයේ කියෝටෝවේ හෙයි (Hiei) නමැති කඳුකරයේද මෙබඳු ක්‍රමවේදයන් යොදාගෙන ගමන් කරන මහායාන භික්‌ෂුහු සිටිති.
හිම කුණාටුවක්‌ වස්‌සවා, තිස්‌පස්‌ දෙනකු මරා කුඹුරු අක්‌කර කිහිපයක්‌ද විනාශ කිරීමෙන් පසු පැත්තකට වී කල්පනා කළ ජෙට්‌සුන් මිලරේපා තමා විසින් ගුප්ත ශාස්‌ත්‍රය යොදා ගත් ආකාරය වැරදි බව නිගමනය කළේය. නිවැරදි භාවනාව සහ යෝග ශාස්‌ත්‍රය උගෙනීම සඳහා ලොව පළමුවන මහායාන සූත්‍රය ලෙස හඳුනාගත් ප්‍රඥපාරමිතා සූත්‍රය මනා ලෙස හදාරා බෝධි සත්ත්ව තත්ත්වයට ගමන් කරන පිණිස අවශ්‍ය කරන මහායානික දැනුම සහිතව සිටි මාපා ලෝත්සව නමැති ගුරුවරයා වෙත මිලරේපා යොමු විය. ඉන්දියාවෙන් ගෙනා බෞද්ධ සූත්‍ර දේශනා තමන්ට ආවේනික යෝග ශාස්‌ත්‍රය සහ භාවනා ක්‍රම සමග ගලපමින් මහායානය පෝෂණය කිරීම ඔහුගේ කාර්යය විය. ශාස්‌ත්‍රය උගැන්වීමට පෙර, එකක්‌ සාදා නිම වන විට එය කඩා දමමින් තව එකක්‌ සැදීමේ ක්‍රමයට අනුව විශාල කුලුනු තුනක්‌ ඉදි කර තැබීමට මිලරේපාට සිදු විය. මේ කාර්යය නිමවූ පසු තට්‌ටු නවයක කුලුනක්‌ සාදන ලෙස මිලරේපාට නියෝග කෙරිණ. මිලරේපා විසින් තනි ශ්‍රමයෙන් 11 වන සියවසේදී සාදන ලද මේ විශාල ගොඩනැගිල්ල අදටත් තිබ්බතයේ තිබේ. මාපා තුමා වෙතින් මිලරේපාට ශාස්‌ත්‍රය ලැබෙන්නේ මින් පසුය. ගුරුවරයා යටතේ ශිෂ්‍යයා 12 වසරක්‌ උගත්තේය. ඉන්පසු ‘වජ්‍රධර’ නමැති තත්ත්වයට පත් විය. මහායාන බුදුදහමට අනුව වජ්‍රධර යනු පූර්ණ නිර්වාණයයි. එය පිළිගැනීම හෝ නොගැනීම අපේ වැඩකි.
වයස අවුරුදු 45 දී මිලරේපා ගල්ගුහාවක වාසය කිරීමට යයි. එහි කහඹිලියා කුලයේ ශාකයක පත්‍ර වියලා උතුරන වතුරට දමා පානය කිරීමෙන් පමණක්‌ උන්වහන්සේ ජීවත් වෙයි. මෙසේ දිගු කලක්‌ මේ දියරය පානය කිරීම නිසා උන්වහන්සේගේ ශරීරය කොළ පැහැ ගැන්වෙයි. කොල පැහැති සිරුරක්‌ ඇති මිලරේපාගේ සිතුවම් තිබ්බතයේ ඇත. අවුරුදු 63 දී උන්වහන්සේගේ දහවන වාර්තා වේ තිබේ.
යෝගි මිලරේපා අහසින් ගමන් කළ ස්‌වරූපයේ විශේෂත්වයක්‌ තිබේ. එතුමා අහසේ පා වුණේ නැත. ඔහු පොළොවෙන් අඩි කිහිපයක්‌ උඩින් අපට නොපෙනෙන තරම් වේගයෙන් දෙපා චලනය කරමින් ගමන් කළේය. එතුමා අදටත් තිබ්බතයේ වඩාත්ම ජනප්‍රිය යෝගියා වන්නේ ඒ නිසාය. නිතරම සතුටින් සිටි ඔහු ආගමික ගිත ගායනා කළ කෙනෙකි. මිලරේපාගේ සුවිශේෂ ආගමික ගුරුකුලයට අයත් අහසේ ඇවිදින යෝගීහු අදත් තිබ්බතයේ සිටිති.
අනුර සොලමන්ස්‌ / Divaina
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya