Monday, February 18, 2019

ලංකාද්විපයේ දුටුවාද හාස්කම් ගලේ දේවාලයේ..... (gale dewalaya minuwangoda අබිරහස් අඩවිය - Abirahas Adawiya - haskam)

මිනුවන්ගොඩ වෑගොව්ව ගලේවෙල නමින් ප්‍රසිද්ධ වෙල් යාය දිවුලපිටිය -මිනුවන්ගොඩ ප්‍රධාන මාර්ගයේ සිට බලන විට ඉතා රමණීය වූ වෙල්යායකි. වෙල් යායට පෝෂණය දෙන ඇළ මාර්ගය වෙල් ඉස්මත්තේ සිට නිහඩව ගලා බසින්නේ යාය මැද පිහිටි ගල් තලාව මතිනි. මීට වසර 150 පමණ කාලයකදී ගල් තලාව මත කුඩා නුග පැළයක් දලුලා වැඩෙන්නට විය.

එදා පැරැන්නන් මේ නුග පැළය ගල් තලාව මත පිහිටියේ යම් හාස්කමකින් යයි සිතා නුග ගස අසලින් පහන් පැලක් සාදා යම් යම් අවශ්‍යතා මත භාර හාර වීමටද පැරැන්නන් අමතක නොකරන ලදී. එසේ භාර හාර වූයේ ගම්භාර දෙවියන් හා පත්තිනි මෑණියන් උදෙසාය.එසේ භාර හාර වීමේදීතමන් සිතන කරුණ ඉටුවන බවක් ඔවුන්ට දැනින. මෙය අසල්වැසි යනට පවා පැතිර යද්දී වාහන අලෙවි කරන ව්‍යාපාරිකයකු තම ව්‍යාපාරයේ දියුණුව උදෙසා භාරයක් ගැට ගසන ලද්දේ එය සාර්ථක වුවහොත් දේවාල කුටියක් ඉදිකරන බවටය.

ඔහුගේ පැතුම් ඉටුවිය. පැරණි දේවාල කුටිය ඉදිවූයේ එලෙසය.
මෙම දේවාලයේ විශේෂත්වය දේවාල බිම භාරහාර වීමට කපුමහතකු නොවිමය.තමන් තමන්ගේ දුක් ගැනවිල්ල සිහිපත් කොට පැරණි නුග ගසේ හෝ එතැන ඇති යමක තම භාරය ගැට ගසාකෙම්මුර කිහිපයක් දේවාලයට ගොස් භාරය සිහිපත් කොට දෙවියනට පිංදීම පමණකි. මේ අනුව ජනතාව වැල නොකැඩීඑන්නට විය .යම්කිසි පාලනයක් තිබිය යුතුයයි ගම්වැසි තරුණයන්ට සිතින ඔවුන් වහාම සමිතියක් පිහිටුවා ස්ථානයේ දියුණුවට වැඩ සලසන ලදී.භාරහාර වන්නන්ගේ පඩුරු සඳහා අවශ්‍ය උපකරණ සලසා එමගින් ස්ථානයේ දියුණුවට වැඩ සලසන ලදී.ඒ අනුව වත්මන් විහාර ගෙය ,ගම්භාර දේව ප්‍රතිමාව ඉදිකරමින් දිවා රාත්‍රි පැමණෙන දහස් ගණනක බැතිමතුන් ගේ පහසුව තකා මාර්ග සංවර්ධනය,විදුලිය සැපයීම ආරක්ෂිත වැටවල් සැකසිම වාහන ගාල් කිරිමට අාරක්ෂාවට පහසුකම් සැපයිම සිදුකෙරිණි.

අද මෙම ස්ථානය ලක්බිම සතර දිග් භාගයම වෙලාගත් පුදබිමක් බව පෙනීයන්නේ කෙම්මර දිනයන්හිදී දිවා රාත්‍රි පැමිණෙන දස දහස් ගණනක ජනතාව පොදි කන අයුරු දැකිමෙනි. දේවාලය පිළිබද තොරතුරු ලභාදුන් ජයසේකර මහතාටත් ප්‍රියන්ත මහතාටත් ඔවුන්ගේ අකමැත්ත මත වුවද ස්තුතිය පළ කීරිම යුතුකමකි.
සිරිසේන අත්තනායක
මිනුවන්ගොඩ සමූහ සහ


දිවුලපිටිය විශේෂ ආර් පී. සෝමපාල






~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 


Saturday, February 16, 2019

ඇල්ලේ කඳු මුදුනක ඉපැරණි සිතුවම් සහිත ගල්ලෙනක් මෙතෙක් හෙළි නොවූ ඉතිහාසයක්.....(ella sil aththana guhawa අබිරහස් අඩවිය - Abirahas Adawiya - rawana )

‘සිල්අත්තන ගුහාව’ කියන අලූත් කතාව
අප රටේ දසත පිහිටා ඇති ගල්ලෙන් හා ගුහා බොහෝමයක් අතීතයේ විවිධ සිදුවීම් හා බැඳී පවතී. ඇතැම් ගල්ලෙන් අතීත රජවරුන් යුද සමයන්හි ආරක්‍ෂාව උදෙසා සැඟව සිටි ස්ථාන වන අතර බොහෝ ලෙන් භාවනානුයෝගී භික්‍ෂූන් වහන්සේ හෝ රහතන් වහන්සේ වැඩසිටි ස්ථාන ලෙස ඉතිහාසයේ හා ජනප‍්‍රවාදයන්හි සඳහන් වේ. ඒ ආශ‍්‍රිත ගල්ගුහා ඓතිහාසික ආගමික සිද්ධස්ථාන ඇතුළු විවිධ ස්ථාන යාකළ ආරක්‍ෂිත මාර්ග ලෙස භාවිත කළ බවද සැලකේ.

මෙම බොහෝ ස්ථාන ඒ පිළිබඳව අදාළ පාර්ශවයන් විසින් ගවේෂණය කිරීමෙන් හෝ ජනප‍්‍රවාදයන් තුළින් හෝ ප‍්‍රසිද්ධියට පත්ව කාලයක් තිස්සේ දහස් ගණන් ජනතාව විසින් දැක බලාගෙන ඇතත් ඒ අතර මෙතෙක් කිසිදු ආකාරයකින් බාහිර සමාජයට විවර නොවූ අතීත රහස් සඟවාගෙන වනගතව පවතින ස්ථානද කොතෙකුත් තිබිය හැකියි.
මෙවන් සඟවුන අතීතයක් පිළිබඳව ලැබුණු තොරතුරක් පසුගිය දිනෙක අප වෙත ලැබුණු අතර අතීතයේ රහතන් වහන්සේ නමක් වැඩ සිටි ඉපැරණි ලෙන් සිතුවම් සහිත මෙතෙක් බාහිර කිසිවෙකු නොදන්නා ගල්ලෙනක් ඇති බව එම ආරංචියෙන් කියැවිණි. කෙසේ වුවද එම තොරතුරු ඔස්සේ අපි එවන් පෞරාණික වටිනාකමක් සහිත ගල්ලෙන සොයා ගියෙමු. එහෙත් මේ අපූරු ගල්ලෙන පිහිටියේ මිනිස් පුළුටක් නැති මහා වනදුර්ගයක නොව නිරතුරු මිනිසුන්ගේ ඇස ගැටෙන සීමාවක සීතල නමුණුකුල කඳුපියසට යාබදව පිහිටි තවත් කුඩා කඳු පියසකයි.

බදුල්ල දිස්ත‍්‍රික්කයේ ඇල්ල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නමුණුකුල බල්ලකෙටුව නගරයට ආසන්නව පිහිටි නමුණුකුල වැවිලි සමාගමට අයත් හිඳගල වත්ත උඩ කොටසේ තේ වගාවෙන් තොර විසල් ගල්කුළු සහිත පෙදෙසක මෙම ලෙන පිහිටා ඇත. ඉතා දුෂ්කර ස්ථානයක පිහිටි මෙම ඉපැරණි ගල්ලෙන ප‍්‍රදේශවාසීන් විසින් හඳුන්වනු ලබන්නේිසිල්අත්තන ගුහාව’ නමිනි.
අපට මග පෙන්වූ ලාල්, සිරි අයියා, රාමසාමි හා සිංගාරා සමග මාධ්‍යවේදී චන්දනත් මමත් විසල් ගල්කුළු සහිත කඳුගැටයේ ඉහළ සිට ඉතා දුෂ්කර බෑවුමක අවදානම් ගමනකින් පසු අතිවිශාල උස් කළුගලක් යට පිහිටි මෙම ගල්ලෙනට ළඟාවීමු. එම ලෙන් විවරය අසලටම ගියහොත් මිස මෙහි ගල්ලෙනක් හෝ වාසස්ථානයක් ඇති බවට බාහිරින් කිසිසේත්ම දැනගත නොහැකි ලෙස ලෙන් විවරය පිහිටා ඇත
.ප‍්‍රදේශවාසීන් බොහෝ දෙනා පවා මෙතෙක් කලක් සාමාන්‍ය තේ වත්තක් ලෙස පමණක් දැනගෙන සිටි එම වත්තේ බාහිර සමාජය නොදැන සිටි වසර සිය ගණනක අතීත කතාවක් සැඟවී ඇති බව දැන සිටියේද අතලොස්සක් දෙනාය. බොහෝ විට දරිද්‍රතාවය හා හිස මත පැටවුණු ආර්ථික ප‍්‍රශ්න හමුවේ එම වතුකර වැසියන්ට මෙවන් තැනක් ගැන වැඩිපුර යමක් සිතන්නට වෙලාවක් හෝ අවශ්‍යතාවයක් නොතිබුණා වන්නටද ඇත.

කෙසේ වුවද ජනවහරට අනුව වසර සිය ගණනකට පෙර මෙම ස්ථානයේ භාවනානුයෝගී භික්‍ෂූන් වහන්සේ නමක් හෝ ඇතැමුන් කියන පරිදි රහතන් වහන්සේ නමක් වැඩසිටි බැවින් එකලිසිල් ඇත්තන්නේ ගුහාව’ නමින් පැරැන්නන් විසින් මෙම ගල්ලෙන හඳුන්වන්නට ඇතැයිද කාලයත් සමගිසිල් ඇත්තන්නේ ගුහාව’,ිසිල් අත්තන ගුහාව’ වන්නට ඇතැයිද ප‍්‍රදේශවාසීහු පෙන්වා දෙති. එසේම තම වැඩිහිටි පරපුර විසින් මෙම ගල්ලෙන පෙරුමාල් සාමි කෝවිල නමින් හැඳින්වූ බව වත්තේ වැඩිහිටියන් පවසන අතර දමිළ ජනයා බුදුන් වහන්සේ හැඳින්වීමටද පෙරුමාල් සාමි යන්න භාවිතා කළ බවද එබැවින් මෙම ස්ථානයේ රහතන් වහන්සේ නමක් හෝ භාවනානුයෝගී භික්‍ෂූන් වහන්සේ නමක් වැඩසිටි බවට ඇති මතයේ යම් සත්‍යතාවයක් තිබිය හැකියැයිද ඔවුහු පවසති.
සුළඟින් හා සතුන්ගෙන් ආරක්ෂා වීම පිණිස එම ලෙන් විවරය දිගටම ගල් හා මැටි යොදා තැනූ බිත්තියක් තිබී ඇති අයුරුත් කාලයාගේ ඇවෑමෙන් විනාශවී ගිය එම බිත්තියේ කොටස් කිහිපයක් පමණක් මේ වන විට ඉතිරිව පවතින අයුරුත් ලෙන අසලට ගිය පසු පළමුව දැකගත හැකිය.
ලෙන තුළට ගියවිට දැකගත හැක්කේ එම ලෙන් පියස්සේ ඇතැම් තැනෙක මැටි ආලේපයක් වැනි ස්ථරයක් මතද විශාල වැඩි වශයෙන්ම සුදු හුණු වැනි ආලේපයක්ද මතද රතු හා කළු වර්ණයන්ගෙන් විවිධ සිතුවම් හා රූ රටා ඇඳ තිබෙන ආකාරයයි. එම සිතුවම්වලට උඩින්ද සුදු හුණු වැනි යමක් ආලේප කර ඇති බවක්ද දක්නට හැකිය. එම සිතුවම් අතර පියස්සේ විශාල කොටසක් ආවරණය කෙරෙන මල් සහිත වියමන් රටාවක්, එක් ස්ථානයක දාම් පුවරුවක මෙන්වූ රතු හා සුදු පැහැති කොටු රටාවක්, එක් අතකින් මල් දෙකක් ගත් වාමන හෝ යක්ෂ මුහුණක් සහිත රූපයක්, සැතපෙන භික්‍ෂූන් වහන්සේ නමක් හෝ බුදුන් වහන්සේ පිරිනිවන් පෑ ආකාරයේ සිතුවම් කීපයක්, නැට්ටුවෙකුගේ රුවක්, නාග රූපයක්, මල් සහ වෙනත් අපැහැදිලි රූ රටා රැසක්ද වෙයි.
එසේම මෙම ලෙන තුළ අසුන් ගැනීමට හෝ නිදාගැනීමට භාවිතා කරන්නට ඇතැයි සිතිය හැකි මැටියෙන් තැනූ වේදිකාවක් වැනි කොටසක ලකුණුද ඇති අතර ඊට මදක් ඉහළින් ඇතුළට විහිදෙන ගල් ගුහාවක් තිබී ඇත. මේ ගුහාවේ පිවිසුමෙන් අසීරුවෙන් හෝ ඇතුළු වුවහොත් එහි මදක් ඇතුළතින් යහමින් ඉඩකඩ ඇති ස්ථානයක් වෙයි. එහෙත් ඉන් ඔබ්බට මේ වන විට ගල් හා පස් කඩාවැටී ගුහාව අවහිර වී පවතී.

මේ ගමනට එක්වූ එම ප‍්‍රදේශවාසීහු සිල්අත්තන ගුහාව සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වූහ.
වත්තේ වැඩිහිටියකු වන එන්.රාමසාමි මහතා: මම මේ හිඳගල වත්තේ වැඩ කළේ. මට දැන් වයස අවුරුදු 69 ක් වෙනවා. අපි පොඩි කාලේත් මේ ගල්ලෙන ගැන අසා තිබුණා. ඒත් අපි ඒ කාලේ එන්න බයයි. මේ ප‍්‍රදේශය තනිකර කැලේ 1965 දි විතර වත්තේ මහත්තුරු තේ වවන්න කැලේ එළිකළාට පස්සෙයි වත්තෙ අය පවා බොහෝ දෙනා මේ ගැන දන්නේ. ඉස්සර අපේ තාත්තලා සීයලා මේ ලෙනට කීවේ පෙරුමාල් සාමි කෝවිල කියලා. ඉස්සර මේ ලෙනේ හාමුදුරුවන් වහන්සේ නමක් හිටියා කියලයි අපේ තාත්තා කියා තිබෙන්නේ. මීට කලින් පිටින් කවුරුවත් මේක බලන්න ඇවිත් නෑ. ඒ නිසා මේ ගැන වැඩි විස්තරයක් කවුරුවත් දන්නේ නෑ.

සහකාර ක්‍ෂේත‍්‍ර නිලධාරී ආර්.ඒ.ඞී.සිරිසේන මහතා:
වත්තේ අය වැඩිපුර මේ ගල්ලෙනට ආවේ නැතත් මේ ස්ථානය ගැන ඔවුන් තුළ තිබෙන්නේ ලොකු භක්තියක්්. ඉඳහිට හෝ මෙහි එන අයත් යන්නේ වත්තේ උඩ කොටසේ තිබෙන මහ දෙවියන්ගේ කෝවිලට. ගිහින් දෙවියන්ට කියනවා. එවන් පුරුද්දක් ඇතිවෙන්න ඇත්තේ අතීතයේ පටන් මේ ගැන යම් විශ්වාසයක් ඒ අය අතර තිබූ නිසා වෙන්න ඇති. වත්තේ වැඩිහිටි අය කියන විදිහට ඉස්සර මේ ගුහාවේ ඉන්න ඇත්තේ හාමුදුරුවන් වහන්සේ නමක් කියලයි බොහෝ අය විශ්වාස කරන්නේ.

ගල්ලෙන සොයා ගිය ගමනට මුල්වූ මාධ්‍යවේදී චන්දන කුරුප්පුආරච්චි මහතා:
මෙවන් ගල්ලෙනක් ගැන ලැබුණු තොරතුරක් නිසා මෙතැනට ආවත් මෙතරම් වැදගත් තැනක් බව සිතාගන්න බැරිවුණා. මෙහි ඇඳ ඇති සිතුවම් අප බොහෝවිට පුරාණ විහාරස්ථාන ආශ‍්‍රිත පිහිටි ගල්ලෙන්වල දැක ඇති ඉපැරණි ලෙන් සිතුවම් වගේ. ඒත් මේවා ඇඳ ඇති කාලයක් හෝ වෙනත් තොරතුරක් මේ වතු ජනතාව දන්නේ නෑ. ඒ විෂය ගැන දැනුමක් ඇති අයෙකුට මිස එවන් කරුණු වෙනත් අයෙකුට කියන්නත් බෑ. කෙසේ වුවත් ලෙනේ තිබෙන සිතුවම් හා වෙනත් ලක්‍ෂණ ගැන පුරාවිද්‍යාව වැනි අදාළ අංශයක් මගින් නිසි අධ්‍යයනයක් කළොත් සැඟවී ඇති යම් වටිනා ඉතිහාසයක් හෙළිකරගත හැකි වේයැයි අප විශ්වාස කරනවා.

වතු කම්කරුවකු වන එස්.සිංගාරවේල් මහතා:
ඉස්සර අපේ වැඩිහිටියෝ පෙරුමාල් සාමි කෝවිලට යනවා කියලා මේ ලෙනට එනවාලූ. අපේ වැඩිහිටියන් කියා තිබෙන්නේ මේ ගුහාවේ සාමි කෙනෙක් හිටියා කියලයි. බිත්ති බැඳලා තිබෙන නිසා මෙතැන ඉස්සර කාලෙ කවුරු හරි ඉන්න ඇති කියා හිතන්න පුළුවනි. ඒත් අපට මතක තියෙන කාලෙ කවුරුවත් මේකෙ හිටියෙ නෑ. මෙතැන ලොකු බෑවුම නිසාත් කැලේ නිසාත් වත්තේ අයත් මේ පැත්තට වැඩිය එන්නෙ නෑ. දැන් කැලේ ටිකක් අඩු වෙලා තියෙන්නේ පහුගිය දවස්වල කවුරුන් හෝ කැලේට ගිනි තියලා තියෙන නිසයි. අපට හිතෙන්නේ මේක ඉතා වටිනා තැනක් කියලයි.

මෙම වතු කොටස භාරව කටයුතු කරන හිඳගල වත්තේ වතු ක්‍ෂේත‍්‍ර නිලධාරී ලාල් අබේසේකර මහතා:
මේ ගල්ලෙන පිහිටා තිබෙන්නේ හිඳගල වත්ත උඩ කොටසේ ක්‍ෂේත‍්‍ර අංක දහනවයෙයි. මේ හරියේ සැර බෑවුමත් විශාල ගල් තිබීමත් නිසා තේ වගාකර නෑ. මේ ලෙන පිහිටි ගල මේ කන්දේ අනෙක් පැත්තටම පැතිරී තිබෙනවා. මේ ලෙන පැත්තට ඉතාම අවදානම් බෑවුමක් තියෙන්නේ. ඒ නිසා වත්තේ අයවත් වැඩිපුර මෙතැනට යන්නේ නෑ. ඒ අයට මේ ගැන එතරම් වුවමනාවකුත් නෑ. ලෙන අසලට එන ගමන අවදානම් වගේම ලෙන ඇතුළ් කොටසේ නිරන්තරයෙන් දියසීරාව හා දියසෙවෙල් බැඳී ඇති නිසා ගුහාව
තුළට යාම අනතුරුදායකයි. කෙසේ වුවත් මෙහි ඇති සිතුවම් ඇතුළු වෙනත් ලක්‍ෂණ වගේම වත්තේ පැරණි අය කියන කතාවලට අනුවත් මෙහි යම් පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇතැයි කියා අපි විශ්වාස කරනවා. ඒත් ඒ විෂය ගැන දැනුමක් ඇති අයෙකුට මිස අපට මේ ගැන හරියටම කියන්න බෑ. කෙසේ වුවත් මෙම ස්ථානය වැවිලි සමාගමක් යටතේ පවතින ස්ථානයක් වගේම පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් ස්ථානයක් විය හැකි බැවින් පිටස්තර පුද්ගලයන් මෙහි එනවා නම් අදාළ අංශ දැනුවත් කොට නිසි අවසරයක් මත පමණක් මෙහි පැමිණීම සුදුසු බව අපි අවධාරණය කරනවා.

සටහන හා ඡායාරූප: බෝගොඩ රත්නායක
.........................................................................................................
උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Monday, January 28, 2019

ඇමේසන් වනයේ රහස් සොයා ගිය ගවේෂකයන්ගේ බිහිසුණු අත්දැකීම්.....(amazon wanaya jungle අබිරහස් අඩවිය - Abirahas Adawiya - ශාස්ත්‍රීය ළිපි)

සුවහසක් කණාමැදිරියන්ගේ සිරුරු පිටුපස ඇති එළි පුංජ නිවි නිවී දැල්වෙයි. ඝනඅන්ධකාරයට වැසී ගිය හරිත නිරය තනිකරම ගුප්ත අපූර්ව ලෝකයක් බව එකී කණාමැදිරි එලි පුංජලෝකයට රහසේ මුමුනයි. සමස්ත හරිත නිරය පුරාවටම තැනින් තැන දැල්වෙන අමුතු අමුතු එළි පුංජය. මේ එළි පුංජ උන් හිටි ගමන් කඩාවැටෙයි. හරියටම පාළු අහසක කඩා වැටෙන තරු කැකුළු සේමය. එහෙත් මේ එළිවලත් තරු වලත් වෙනසක් තිබේ. තරුව කඩාවැටෙන අතරතුරදීම දැවී අවසාන වෙයි. එහෙත් මේ අද්භූත ”තරු” පොළවටම පතිත වෙයි. මේ තාරකා මොනවාදැයි දන්නේ මේ හරිත නිරය නම් වූ මහා වනමැද වෙසෙන ගෝත‍්‍රිකයකු හෝ මේ වනයේ ටික කලක් ජීවත්වූවකු හෝ පමණි. ඇත්තවශයෙන්ම ඒ තරු නොවේ. යෝධ රැ බදුල්ලන්ය. කණාමැදිරියන්ට මෙන්ම රැ බදුල්ලන්ටද රාත‍්‍රියේ දැඩි අඳුර මකාගත හැකි තරම් මඳ ආලෝකයක් දෙවියන් දී තිබෙයි. රැහැයියන්ගේ හඬ මහා ඝෝෂාවක් වැන්න. ඒ අතරට එකතුවූ සහසක් කෘමීන්ගේ පුංචි පුංචි හඬවලූත් මේ රාත‍්‍රියට එකතු වී තිබේ. මෙහි මදුරුවන්ද ලෝකයේ අනෙක් මදුරුවන්ට වඩා මහත දෙහෙතය. උන් උන්ගේ සිංදුවත් දාගෙනම ඉගිල්ලෙන්නේ ලේ උරා බොන්නට ශරීරියක් හොයාගෙනය. ඩෙංගුත් මැලේරියාත් රැගත් මේ මදුරුවෝ යක්ෂයන්ගේ අවතාර වෙති. එක ගුලියට විසිර යන මේ මදුරුවෙකුට ගොදුරු වුවහොත් ඒ ගොදුරට දෙයියන්ගේම පිහිටය. තත්පරයකට මදුරුවෝ දහසක් වත් දෂ්ට කරති. ඒ මදුරුවන් තලන්නට අත් දහසකුත් මදිය. එසේ තිබියදීත් මේ හරිත නිරයට මිනිස්සු ගියහ. ඔක්කෝටම කලින් හරිත නිරය නැත්නම් කොළපාට අපාය මොකක්දැයි කියා සිටිය යුතුය. මේ ඇමේසන් වැහි වනාන්තරයයි. හරිත නිරය නැත්නම් කොළපාට අපාය යන නම මේ වනයට යෙදුවේ කවුද? කවුරුන් යෙදුවත් එය නම් හරියටම ගැලපෙන යෙදුමක් බව
මෙම මහා ගණ වනාන්තරය තුළ රැයක් ගතකළ  ඕනෑම කෙනෙක් පිළිගනියි. තවමත් රාත‍්‍රියේ පළමු යාමයයි. එහෙත් දහවලටත් තරු වියනෙන් වැසීගත් ඇමෙසන් වනයේ රාත‍්‍රියේ මුල්ම හෝරාව වුණත් මැදියම් රාත‍්‍රියකටත් වඩා අන්ධකාරය. ඉතින් මේ රාත‍්‍රියේ මුල්ම හෝරාවෙන් මාංශ භක්ෂක කොටින් ජගුවරයනුත් ඔවුන්ගේ දඩයම් කාල සටහන ක‍්‍රියාත්මක කැර අවසන්ය. මොහොතකින් ඇසෙන්නේ ජගුවරයකුට ගොදුරක්වූ යෝධ ටේපරයකු නගන මරණීය ලතෝනියයි. ඌරාගේ මුහුණත් රයිනෝසිරස්ගේ ඇඟත් එකට සම්බන්ධ කර දෙවියන් වහන්සේ විසින් නිර්මාණය කරනු ලැබූ මේ අපූරු සත්වයා සැබෑවටම අහිංසකයෙකි. සාමාන්‍යයෙන් ටේපර් යනු වර්ග හතරකට බෙදීයන සත්ව විශේෂයකි. වලස් ටේපර්, මලයාන් ටේපර්, කඳුකර ටේපර් සහ බ‍්‍රසීලියානු ටේපර් යනුවෙන් උප වර්ග සතරකට බෙදෙන ටේපරයාගේ වර්ග තුනක්ම මේ මහා ඝන වනය තුළ ජීවත්වෙති. මේ උප විශේෂ එකිනෙකාගෙන් වෙනස්වන්නේ උන්ගේ උස හා ශරීරයේ දිග අනුවය. උගේ සාමාන්‍ය දිග මීටර් දෙකක්ද සාමාන්‍ය උස මීටරයක් වශයෙන්ද වන අතර බර කිලෝග‍්‍රෑම් 150 සිට 300 පමණ දක්වා වෙනස් වෙයි. කළුවට හුරු දුඹුරු පාටක් ගන්නා උගේ ශරීරයේ සුදුපාට පැල්ලමක් ඇත්තේ කන්කෙළවර පමණි. මලයානු ටේපරයාට වඩා කඳුකර ටේපරයා දිගින් වැඩිය. එසේම කඳුකරයේ සීතලට ඔරොත්තු දිය හැකි අන්දමට උගේ ශරීරය ලෝම කබායකින් වැසී පවතියි. ටේපරයාගේ කකුල් සහ ඇඟිලි සැකසී ඇත්තේ අපහසුවකින් තොරව මඩ මත ඇවිද යා හැකි අන්දමටය. එනම් රයිනෝසිරස්ගේ කකුල් සැදී ඇති ආකාරයටමය. නිතර නිතර දත් නියවීමේ කැත පුරුද්දකින් පෙලෙන ටේපරයා අවුරුදු තුනක් වයස් ගතවන විට වැඩිහිටියකු බවට පත්වෙයි. එතැන් පටන් ගෑනු සතුන් පසුපස යන්නට ටේපරයා පුරුදු වෙයි. එහි ප‍්‍රතිඵලය වන්නේ ටේපර් ගැහැනු සතකුට හැම දෙවසරකට වරක්ම පැටවකු බිහිකිරීමට සිදුවීමය. හැබැයි මේ ටේපරයා සාර්ථක පවුල් ජීවි
තයක් ගතකරන සත්වයෙකි. වසර තිහක් වන උගේ මුළු ජීවිත කාලයේදීම ඌ බැඳී සිටින්නේ එකම ගැහැනු සතකු සමග පමණි. කැලේ නීතියට අනුව විවාහ වීමක් නැතත් හිතුන හිතුන වෙලාවට ගැහැනුන් මාරු කළ හැකිවුවත් ටේපර් එසේ කරන්නේ නැත. ඇරත් පවුලේ දුවාදරුවෝද තාත්තෙක් අම්මෙක් සමගම එකට ජීවත්වෙති. හැබැයි ගෙවල් දොරවල් හදන්නේ නැත. මොහොතකට කලින් ජගුවරයකු මරා දැමුවේ ආදර්ශවත් පවුල් ජීවිතයක් ගතකරන ආදරණීය පියෙකි. නැතිනම් මවකි. සතුරකු දුටු විගසින් දුවගෙන ගොස් ගඟකට හෝ ඇළකට පනින ටේපරයා ජලයෙහි සැඟවී ගනී. ඉනික්බිති ජගුවරයෙකුට හෝ කොටියකුට උගේ රාත‍්‍රී ආහාරය අමතක කරන්නට සිදුවෙයි. අනතුර පහව ගිය විගස වතුරෙන් ගොඩට එන ටේපරයා කරන්නේ යළිත් ඇවිදින්නට පටන් ගැනීමය. පලතුරුත් කොළ වර්ගත් ආහාරයට ගන්නා ටේපරයකුට බඩ පුරවාගනු පිණිස කිලෝග‍්‍රෑම් හතළිහක පමණ ආහාර අවශ්‍ය වෙයි. ඉතින් දවල් දවස තිස්සේ වනය පුරා ඇවිදින්නට මේ සතාට සිදුවෙයි. ඌ රාත‍්‍රියට විවේක ගන්නේ ගමන් මහන්සිය නිසාවෙනි. එහෙත් ජගුවරයකුට, විවේක ගන්නා

ටේපරයා රසවත් ආහාරයක් බවට පත්ව තිබේ. ටේපරයා ගැන තවත් කිවයුතුම කතාවක් තිබේ. ඒ උගේ කුලෑටිකම ගැනය. මිනිසකු වේවා වෙනත් සතකු වේවා ඌ සතුරකු සේ දැනේනම් ටේපරයා මුහුණ නොදී සැඟවෙයි. එහෙත් ඇතැම් විටෙක මේ අහිංසකයාද දරුණු වන අවස්ථා ගැන අසන්නට ලැබේ. එසේ කුපිත වූ ටේපරයකු මි

නිසකුට පහරදුන් අවස්ථාවකුත් මිනිසකු සපා කෑ අවස්ථාවක් වාර්තා වී තිබේ. හැබැයි ඒවා කලාතුරකින් අසන්නට ලැබෙන දුර්ලභ ප‍්‍රවෘත්තිය. ඒ ගොදුරක් වුණු ටේපරයාය. ඌව ගොදුරු කරගත් ජගුවරයා ඇමේසන් වනපෙත හෙවත් හරිත නිරයේ යම පල්ලකු වූ අයුරුද කිව යුතුමය. පෙලිඬේ පවුලේ නව ලෝකයේ ක්ෂිරපායි සත්වයා ලෙස සැලකෙන ජගුවර්ගේ අනෙක් නෑදෑයන් වන්නේ කොටියා, සිංහයා හා දිවියාය. කොටියාටත් සිංහයාටත් වඩා කුඩා ජගුවරයා මෙක්සිකෝව, මධ්‍යම ඇ

මෙරිකාව, පැරගුවේ සහ උතුරු ආර්ජන්ටිනාව යන ප‍්‍රදේශවල ජීවත්වෙති. ඌ වැඩිපුරම ජීවත්වන්නේ ඇමේසන් වනාන්තරය තුළ බව කිවහොත් වඩාත් නිවැරදිය. බාහිර ස්වරූපයෙන් දිවියා මෙන් ලප සහිත සමක් සතුවුවද ජගුවරයාගේ ගතිපැවතුම් සමාන වන්නේ කොටියාටය. කිලෝග‍්‍රෑම් 56 ත් 96 ත් අතර බරකින් යුතු නමුත් කිලෝග‍්‍රෑම් 150 ක් පමණ වූ දැවැන්ත ජගුවරයන්ද ඉඳහිට හමුවෙයි. සාමාන්‍යයෙන් ජගුවරයා ගේ දිග මීටර් එක හමාරක් පමණ වේ. උගේ උස සෙමි 75 ක් පමණද වන අතර වලිගයේ දිගද ඊටම සමාන වේ. ඇමේසන් වනය තුළ වෙසෙන ජගුවරයා ගස් නැගීමට දිවීමට මෙන්ම පිහිනීමටද සමතෙකි. ගොදුරක් ඇස ගැටුනු විට ගොඩබිමේදී බැරිනම් වතුරේදී වුවත් ලූහුබැඳ අල්ලාගැනීමට ඌ සමතෙකි. අර ටේපරයාගේ මරණීය ලතෝනිය නැගුණේ ඌ ගොඩබිම සිටියදීද නැතිනම් වතුරේ සිටියදීද යන ප‍්‍රශ්නය දැන් ඉතිරිවේ. ටේපරයා හැරුණුවිට තවත් සතුන් වර්ග විසිපහකගේ පමණ මස් අනුභව කිරීමට ජගුවරයා පුරුදු වී සිටියි. මුවා, බල්ලා, පොකැරි, ඇනකොන්ඩා, කේමන්, ගෙම්බා, මීයා, කුරුල්ලා, මාලූවා, ස්ලෝත්, වඳුරා, කැපිබාරා, කැස්බෑවා වැනි සතුන්ද ඒ අතර වෙයි. මෙකී සත්ව විශේෂවලින් ඇමේසනය පොහොසත් බැවින් ජගුවරයාට බඩගින්නේ සිටින්නට සිදුවන්නේ නැති තරම්ය. වර්ෂා සමයේදී ඇමේසන් වනපෙතට ගංවතුර සාමාන්‍ය දෙයකි. ඉවුරු තලා දෙගොඩතලා යන ගංවතුර එද්දී බිලාල පවුලේ සාමාජිකයෝ කරන්නේ ගංවතුර නොමැති පෙදෙස් වලට පලායාමය. එහෙත් ජගුවරයා තම බිමෙන් පලා නොයයි. හේතුව උගේ පිහිනීමේ ශූරත්වයයි. ඌ ගංවතුරට බියපත්වන්නට කිසිදු හේතුවක් නොමැත. ජගුවරයාගේ උපරිම වයස අවුරුදු 23 ක් පමණ වෙයි. ඒ තරම් කලක් ජීවත්වන බිලාල පවුලේ වෙන සාමාජිකයෙක් නොමැත. මේ වන විට තිස්වස් ආයු ඇති සිරුරේ මස ජගුවරයාගේ බඩ පුරවනවා විය යුතුය.


එහෙත් ආමඩිල්ලා නම් තම පොලෝ කුහරයෙන් එළියට ආවා පමණි. මේ තුඹසක් සොයාගෙන හෙමින් හෙමින් ඇවිදයන උගේ බඩකට පුරවන ආහාරය වන්නේ කිරිසුදු වේයන්ය. මුළු දහවල් කාලය පුරාවටම පොළොවෙහි හාරාගත් ගුහාවක් තුළට වී හොඳ හැටි නිදාගන්නා මේ අහිංසකයා බැලූ බැල්මටම පෙනෙන්නේ ආදි කාලීන ක්ෂරපායි සත්වයකු ලෙසය. හේතුව උගේ සිරුර වැසී ඇති ඝනකම් තහඩුවයි. එහෙත් මේ තහඩුව  ඕනෑම වේලාවක නවන්නට පුළුවන් එකකි. සතුරු ආක‍්‍රමණයක් ගැන ඉව වැටුණු හැටියේ ගමන නතරකරන ආමඩිල්ලා බෝලයක් සේ රෝල් වී නිදහසේ පෙරලී යයි. එවිට පෙනෙන්නේ ගහකින් වැටුණු ගෙඩියක් ලෙස එය පණ ඇති සත්වයකු ලෙස නොවේ. හරියටම අපේ රටේ සිටින කබල්ලෑවා වැනිය. ලෝකයේ ආමඩිල්ලන් කොතෙකුත් සිටියත් උන් අතරින් විශාලතම විශේෂය වාසය කරන්නේ මේ කොළපාට අපාය තුළය. ආමඩිල්ලා පොළොව දිගේ හෙමින් හෙමින් ඇවිද යනවා මිස වතුරකට බැස පිහිනීමට පුළුවන් සතෙක් නොවේ. එහෙත් ඌ බිහිසුණු ඇමේසන් ගඟ දිගේ වුවත් අපූරුවට ගමන් කරයි. ආමඩිල්ලා ඒ සඳහා අනුගමනය කරන්නේ අපූරු උපක‍්‍රමයකි. ගඟ ළඟට යන ඌ හොඳ හැටි හුළං බී හුළං බෝලයක් බවට පත්වෙයි. ඒ හුළං බෝලයට  ඕනෑම සැඩ රළ පහරකින් වුවත් පාවී යන්නට පුළුවන. මේ රාත‍්‍රිය තුළ සැරිසරන තවත් හැඩකාරයෙකි. රන්වන් තැඹිලි පැහැති සිරුරකට හිමිකම් කියන මේ හැඩකාරයාගේ වලිගය සුදු පාට ලෝම ගොඩකින් වැසී තිබේ. හරියටම සෙමෙර සලන්නට තැනූ උපකරණයක් වැන්න. උස කකුල් නිසාම මීටරයක් පමණ උසින් යුතු මේ හැඩකාරයා කේෂර වෘකයා නම් ඇමේසන් වන රජදහනේ වෙසෙන මේ හැඩකාරයා ඇතැම් විට සීතලෙන් ගැහෙන ඇන්ඞීස් කඳුකරයෙහිද සැරිසරයි. තම ආහාර වේල වෙනුවෙන් හාවෙක්, කුරුල්ලෙක් හෝ මාලූවෙකු සොයාගන්නට දවසකට කි.මි. 30 ක පමණ දුරක් වුවද සැරිසරන්නට නොපැකිලෙන කේෂර වෘකයාට එහෙමත් දවසක මස් ටිකක් සොයාගත නොහැකි වේ. ඌ මේ රාත‍්‍රියෙහි බඩගිනි ඈනුමක් ද අරිමින් තවමත් අඳුර අතරින් පියමං කරයි. පුංචි හාවෙක් කොතැනකවත් නැද්ද? එසේ වුවහොත් ඌට සිදුවන්නේ පලතුරකින් උක්ගසකින් බඩ පුරවාගෙන වෙජිටේරියන් කෙනෙකු වන්නටය. ඇමේසන් වනමැද රාත‍්‍රිය කෙමෙන් මෝරා එයි. තවමත් තොර තෝංචියක් නැති රැහැයි නාද සහ සුවහසක් කෘමීන්ගේ පුංචි පුංචි සද්ද බද්ද වලින් එකතු වූ මහා ඝෝෂාව එසේමය. බියපත් කුරුල්ලෙකු නගන හඬත් මාංශ භක්ෂකයකුගේ ගොදුරක් වූ අසරණ සතකුගේ විලාපයත් ආදී වශයෙන් වූ සද්ද බද්ද වලින් වනපෙත පිරීයයි. ගසක් තවත් ගසක ඇතිල්ලෙන විට නැගෙන ක‍්‍රීස් හඬක් තුරු හිස් සෙලවෙන ඇඹරෙන

හඬ ආදී වශයෙන් වූ විවිධ නාද සංකලන විලින් මේ රාත‍්‍රිය නින්නාද වෙයි. මැලේරියා සහ ඩෙංගු උණ රෝග පතුරුවන සුවහසක් මදුරුවන්ගේ නිජබිම බඳු මේ මහා වනාන්තරය වර්ග කිලෝමීටර් මිලියන හතකටත් වඩා වැඩිය. එහෙත් ඒ ඉලක්කම් වලින් මේ වන පෙතෙහි විශාලත්වය සිතාගත නොහැකිය. හොඳම දේ ලෝක සිතියම් පොතක් දිගහැර ගැනීමය. ඇමේසන් නම් වූ කොළපාට තීරුව මත ලංකාව බඳු බෝල කීයක් නම් තැබිය හැකිදැයි බලන්න. බුදු අම්මෝ.... ඇමේසන් ඒ තරමටම විශාලය. බ‍්‍රසීලය, කොලොම්බියාව, වෙනිසියුලාව, පේරු, ඉක්වදෝරය, බොලිවියාව, ගුයානාව, සූරිනාම් සහ ප‍්‍රංශ ගුයානාව යන රටවල් ගණනාවකට අයත් වන මේ දැවැන්ත වනාන්තරයේ වැඩිම කොටස අයත්වන්නේ බ‍්‍රසීලයටය. ඒ සමස්ත වනාන්තරයෙන් සියයට 60 ක් තරම් ප‍්‍රමාණයකි. සමස්ත ලෝකයේම වාසය කරන සත්ව විශේෂ වලින් තුනෙන් දෙපංගුවක්ම මේ මහා වන රාජධානියේ ජීවත්වෙති. එසේ නම් මේ වනගහනය තුළ ඇති ජෛව විවිධත්වය කොයිතරම් විචිත‍්‍රද. කෘමි විශේෂ මිලියන දෙකහමාරක්, මත්ස්‍ය වර්ග තුන්දාහක්, කුරුලූ වර්ග එක්දහස් දෙසිය අනූවක්, ක්ෂීරපායින් හාරසියයක්, උභය ජීවීන් හාරසියයක් උරග විශේෂ තුන්සිය අසූවක් ආදී වශයෙන් ගැන ගෙන ඇත්තේය. එහෙත් මේ මහා වනාන්තර අපායතුළ සැඟවගත් තවත් සත්ව විශේෂ සිටින්නට බැරි නැත. ඇයි මිනීමරු අප‍්‍රිකාවෝ? ඔව් තවමත් ශිෂ්ඨාචාරයට පා නොතැබූ නපුරු මිනී කන ගෝත‍්‍ර කීයක් නම් මේ වනරජදහන තුළ සැඟවී ජීවත්වන්නේද? ඔවුන්ගේ රහස් සොයාගිය ගවේෂකයන් සහ ඔවුන් මුහුණදුන් ඉරණම මොනතරම් බියකරුද? එබඳු තොරතුරු රැසක් හෙළිදරව් කරන ඇමේසන් වනයේ සැඟවුණු රහස් වලින් බිඳක් පමණකි මේ.
ශාන්ත කුමාර විතාන
lankadeepa
...............................................................................................................
උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Tuesday, January 15, 2019

2019 නව වසරේ සවිස්තර ලග්න පලාපල 2019 ඔබට කොහොමද? ( lagna palapala 2019 අබිරහස් අඩවිය - Abirahas Adawiya - ශාස්ත්‍රීය ළිපි)

2019 ජනවාරි මස පළමුවන දින ග්‍රිනිච් කාලමාන ක්‍රමයට අලුයම 00.00ට අඟහරුවාදාට එළිවෙන්න හෙවත් 2018.12.31 සඳු දින නව සම්මත ඔර්ලෝසු වේලාවට අනුව දෙදහස් දහනවය නව වසර උදාවේ. නව වසර උදාවන මොහොතේ ශ්‍රී ලංකාව බලගන්වන පරිදි ඉකාර හෙවත් පිංගල පක්ෂියාගේ පූර්ණ රාජ බලයෙන් යුතුව බුධ හිමි කන්‍යා ලග්නය උදාව තිබියදී ලග්නාධිපති තෙවැන්න අටවැන්න අධිපති අඟහරු හිමි වෘශ්චික රාශිය තෙවැනි භාවය වී එහි බුධ ගුරු ධනුවෙහිද අඟහරු මීනයෙහි ද ගෝචර ගමනේ නියුතුය. මේ අවස්ථාවේ ශ්‍රී ලංකා ලග්නය කුම්භ රාශියෙන් නව වැන්න ශුක්‍ර චන්ද්‍ර දහවැන්න හෙවත් කර්මස්ථානය ගතවද රාහු, කේතු, කටක හා මකර රාශිවල ගෝචර ගමනේ නියුතුව සිටී. වසර උදාවේදීම ජනවාරි මස 01 වැනි දින පෙ. ව. 9.50ට බුධ ගුරු හිමි ධනු රාශිගතවීම එදිනම රාත්‍රී 8.42ට සිකුරු කුජ හිමි වෘශ්චික රාශිගතවීමද සුවිශේෂී ග්‍රහමාරු ලෙස සැලකිය යුතුවේ.

මාර්තු මස 27 දින පෙ. ව. 7.45ට රාහු බුධ හිමි මිථුන රාශියේද, කේතු ගුරු හිමි ධනු රාශියේද රාශිගත වන්නේය. බ්‍රහස්පති ග්‍රහයා මාර්තු මස 29 දින රාත්‍රී 8.07ට ධනු රාශිගතව නැවත අප්‍රේල් 23 වන දින අලුයම 1.11ට වෘශ්චික රාශිගතව නොවැම්බර් මස 05 වන දින අලුයම 5.18ට දොළොස් වසරකට පසු තම ස්වක්ෂේත්‍ර භවනය වන ධනු රාශිගත වේ.

මෙම වසරේ සූර්යග්‍රහණ 2ක් ද චන්ද්‍රග්‍රහණ 2ක් ද සිදුවීමට නියමිතය. ඉතා කලාතුරකින් උදාවන ජය අංක 5ට හිමි වර්ෂයට අයත් වේ. පවතින ග්‍රහචාරය සහ ගෝචර ගමන් අනුවත් කලාතුරකින් උදාවන යහපත් වසරක් ලෙස සඳහන් කළ හැකිය.

මේ සියල්ල සලකා බලා පොදුවේ ලග්න දොළහටම බලපෑ හැකි සුබ, අසුබ මිශ්‍රඵල පහත දැක්වේ.

ජ්‍යොතීර්වේදී තෙරිපැහැ ආරියවංශ කීර්තිසිංහ

මේෂ

ලග්නාධිපති අඟහරු ග්‍රහයා දොළොස්වැන්නේ ගෝචර ගමනේ නියැලී සිටිනවිට වසර ආරම්භ වුවද, හත්වැන්නාධිපති සිකුරු සිවුවැන්නාධිපති සඳු සමඟ සංයෝගය සහිත හත්වැන්නේ මාලවී යෝග බලයෙන් යුතුව වසර උදාවේ. ඒ අතර අට සහ දොළහ අධිපති කුජ ගුරු පරිවර්තන යෝගයන් ද යෙදී තිබේ. මෙම ග්‍රහ තත්ත්වය මේෂ ලග්න හිමියන්ට පොදුවේ සුබදායක වේ. ගෘහ ජීවිතය ඉතා සතුටින් ගත කිරීමට ලැබේ. මාර්තු 7 දක්වා රැකියා ව්‍යාපාර කටයුතුවල දුර්වලතා ඇතිවුවද ඒවා පවත්වාගෙන යෑමට අපහසු නොවේ. උපතින් කුජ ගුරු සිකුරු බලවත්ව සිටි අය අති විශිෂ්ට ලෙස දියුණුවට පත්වන අතර රැකියා කටයුතු සාර්ථක වේ. විදේශ රැකියා හෝ සංචාර සඳහා අවකාශ සැලසේ. වසර ආරම්භයේ සිටම මංගල යෝග බල පැවැත්වේ. අප්‍රේල්වලින් පසු නඩුහබ, නීති ප්‍රශ්න, සොර සතුරු හෝ හදිසි අනතුරු බලපැවැත්වීමට හේතුවේ. වසර ආරම්භයේදීම යෙදී ඇති ගුරු කුජ පරිවර්තන යෝගය තුළින් බ්‍රහස්පති අටවැනි භාවයේ අසුබ විපාක මගහැරේ. මාර්තු 29, අප්‍රේල් 23 අතර කාලය ශේෂ අංක 1, 9 සිටින සේ ලොතරැයිපත් ගැනීම සුබදායක වේ.

අය 11 වැය 05
ජය වර්ණය - රතු, නිල්
රතු මැණික් පැලඳීම යහපත් වේ. අසුබ විපාක මගහැරීමට අදාළ ශාන්තිකර්ම ගැන සැලකිලිමත් වන්න.

වෘෂභ

වෘෂභ ලග්න හිමියන්ගේ ලග්නාධිපති සිකුරු තෙවැන්නාධිපති සඳු සමඟ රෝගස්ථානගතව සිටියදී වසර උදාවේ. ලග්නයෙන් අටවැන්න සෙනසුරු ගෝචර ගමනේ නියැලෙමින් අෂ්ඨමහ ඒරාෂ්ඨකයක් ද බලපවත්වනු ලබයි. වර්ෂාරම්භයේදීම සෙම් බහුල රෝගාබාධ සහ ආමාශගත, අග්න්‍යාශ, වකුගඩු මූත්‍රාවාහිනී, අන්ත්‍රවෘද්ධි වැනි අවයවයන්හි විෂමාචාර අජීර්ණ, වායුපීඩාවනට හේතු වේ. බුධ ගුරු දසා අවදසා ගත කරන අයට බාධා අවහිරතා මධ්‍යයේ වුවද යුගදිවිය සාර්ථකව පවත්වා ගත හැකිය. රැකියා ව්‍යාපාර කටයුතුවලින් පාඩු පිට පාඩු, අලාභ සහිත වේ. විදේශ සංචාර යෙදුණ ද ඒ සඳහා බාධා මතුවේ. මාර්තු 7 දිනෙන් පසු හදිසි අනතුරු, විසකුරු සතුන්ගෙන් විපත් සහිතය. පවුලේ වැඩිහිටියකුගේ අභාවය හෝ බලවත් අපල සහිතයි. රාහු කේතු සෙනසුරු මහ දසා උපදසා ගත කරන අයට මාරක අපල සහිතයි. උත්‍රසල, පුවසල නැකැත්වලින් උපන් අයට සෙනසුරු අෂ්ඨම හා ජන්ම චන්ද්‍ර ඒරාෂ්ඨක එකට යෙදෙන බැවින් අදාළ ශාන්තිකර්ම කර දිනපතා ආගමික චාරිත්‍රවල යෙදීමෙන් ආරක්ෂාව සැලසේ. ජය අංක 2, 8 වේ.

අය 05 වැය 14
ජය වර්ණය - සුදු, ක්‍රීම්, අයිවරි
මුතු, දියමන්ති, සුදු මැණික් පැලඳීම යහපති

මිථුන

මිථුන ලග්නය හිමි ලග්නාධිපති බුධ බ්‍රහස්පති සමඟ හයවැන්නෙහි ගෝචර ගමනේ නියැලෙමින් සිටියි. අට නවය හිමි සෙනසුරු වසර පුරාම හත්වැනි භාවගතව ගමන් කිරීම යහපත්ය. විශේෂයෙන් බුධ සෙනසුරු මහ දසා, අන්තර් දසා ගත කරන්නන්ට තම කටයුතු අපේක්ෂිත අයුරින් සාර්ථක කර ගැනීමට හැකිවීම, රැකියා ව්‍යාපාර කටයුතුවල දියුණුව, විවාහ අපේක්ෂිත අයට යහපත් මංගල යෝග, හදිසි ධන ලාභ, ආත්ම අභිමානය, දියුණුව, ජයග්‍රහණය නිරායාසයෙන්ම ලබාගත හැකියි. 2019 මාර්තු 7 දින රාහු ලග්නගතවීම මත වැරදි මානසික චින්තන කරා සිත යොමුවීම හා සෙනසුරු, රාහුගේ සප්තම දෘෂ්ඨිය මත කල්පනාකාරී නොවන අය නරක සමාජ ඇසුරට පත්වීමෙන් අනාගතය අඳුරු කර ගැනීමට අවකාශ ඇති බැවින් තම ඇසුරට පත්වන මිතුරන් කෙරෙහි කල්පනාකාරී වන්න. ගුප්තමය කටයුතුවල නියුතු අයට මහත් ධන ලාභ ලැබීමේ අවකාශ සහිතය. පවුලේ බන්දු වර්ගයා හෝ ළඟම ඥාතීන් සමඟ ගැටීම් ඇතිකර ගැනීමට අවස්ථාව ඇති අතර හදිසි සතුරු කරදර, අනතුරු, උස් ස්ථානවලින් සිදුවන වැටීම්, තැලීම් හා විදුලියෙන්, ගින්නෙන් ද විපත් සිදුවිය හැකි බැවින් ඉතාමත් ප්‍රවේසම් විය යුතුය.

අය 11 වැය 11
ජය අංක 3, 5
ජය වර්ණය - කොළ, කහ
පැලඳිය යුතු මැණික් පච්ච, බුධ, ගුරු දිනයන්හි 3, 3 ශේෂ සහිත ලොතරැයිපත් ගැනීම සුබදායක වේ.

කටක

ලග්නාධිපති සඳු සිකුරු සමඟ සිවුවැන්නේ ගතව සිටියදී වසර උදාවේ. සඳු සමඟ සංයෝග වූ සිකුරු සිවුවැන්නේ මාලවී යෝග බලයකින් යුතුවේ.පහ, නවය ගුරු කුජ පරිවර්තන යෝග බලය ත්‍රිකෝණගතව යෙදීම බුධ ගුරු පස්වැනි භාවයේ සංයෝගය යහපත් වේ. අධ්‍යාපනයේ නියුතු අයට සාර්ථකව එම කටයුතුවල නියැලීම, උසස් අධ්‍යාපනය සඳහා යොමුවන අයට ඒ සඳහා අවස්ථාව යොමුවීම. රැකියා, විවාහ කටයුතු සාර්ථක ලෙස සිදුකර ගැනීම ආදී කටයුතු සඳහා අවස්ථානුකූලව පොදුවේ යහපත් වසරකි. එහෙත් සෙනසුරු ග්‍රහයා රවි සමඟ හයවැනි භාවයේ ගමන සහ මාර්තු 7 දින රාහු 12 වැනි භාවගතව කේතු හයවැනි භාවයේ ශනි සමඟ සංයෝගය හදිසි සතුරු කරදර, ශරීරයට වසවිෂ ගතවීම හෝ අක්මා රෝග, බෝවන රෝග පහසුවෙන් වැලඳීම, තමන් සතු වටිනා දෑ නැතිවීම හෝ සොරුන් විසින් පැහැර ගැනීම, හදිසි ජල විපත් ආදියෙන් පීඩා ඇතිවීමට ද බොහෝදුරට හේතු වේ. එම අසුබ විපාක සහිත වුවද සිකුරු, ගුරු, කුජ වැනි මහ දසා ගත කරන අයට හදිසි ධන ලාභ, භූමි ලාභ, වාහන ලාභ, දේපළ, ඉඩකඩම් මිලදී ගැනීම, හදිසි විනෝද සංචාර ගමන් හා ආගමික හෝ සමාජ සේවා කටයුතුවල නියැලීමේ අවස්ථා සැලසීමට ද හේතුවේ. මෙම වසරේ ඔබට 3, 5 ජය අංක වේ.

අය 5 වැය 8
ජය වර්ණය - සුදු, ක්‍රීම්
පැලඳිය යුතු මැණික් - මුතු
ගුප්තමය හදිසි ලැබීම් සහිත බැවින් 3, 5 ශේෂ ගළපා ලොතරැයිපත් ගැනීම යහපත්ය.

සිංහ

ලග්නාධිපති රවි සෙනසුරු සමඟ ත්‍රිකෝණගතව පස්වැන්නේ ගමන් කරයි. බුධ ගුරු සිවුවැන්නේ සහ සඳු සිකුරු තුලා රාශිගතව මාලවී යෝග බලයකින් ද, බ්‍රහස්පති සහ අඟහරු පරිවර්තනය හතර සහ අටවැනි භාවයන්හි යෙදීමෙන් වසර ආරම්භ වේ. ගෝචර ගමන් අනුව මෙම ග්‍රහ ශක්තිය යහපත්ය. එහෙත්, රවි ශනි සංයෝගය සහිත පස්වැන්නේ ගමන අයහපත්ය. ගෘහ ජීවිතය යහපත්වේ. රැකියා ව්‍යාපාර ආදී ජීවන වෘත්තියමය කටයුතු සාර්ථකව කරගෙන යා හැකිය. බන්දු මිත්‍ර කලත්‍රයාදීන් එකට එක්ව ආගමික කටයුතු උත්සව යනාදිය නිවෙස තුළ සිදු කිරීමේ අවකාශ සැලසේ. වාහන, භූමි ලාභ. අපේක්ෂා කරන අයට දුෂ්කරතා මධ්‍යයේ වුව එම කටයුතු සාර්ථක කරගත හැකිය. විදේශ සංචාර සඳහා යහපත්ය. අධ්‍යාපන කටයුතු, තරග විභාග ආදියට අයහපත් වේ. සෙම් රෝග, ආම රෝග, ලේ විෂවීම් බලපෑමට හේතුවේ.

අය 5 වැය 8
ජය වර්ණය - රතු
ජය අංක 1, 4 ශේෂයට ලොතරැයිපත් මිලදී ගැනීම ධනලාභ සඳහා හේතුවේ. අධ්‍යාපනයේ නියුතු අය සූර්ය මණ්ඩල ආරක්ෂා ශාන්ති ක්‍රම යෙදීමෙන් බාධක දුරුවී අපල සමනය කරගත හැකිය.

කන්‍යා

කන්‍යා ලග්න හිමියන්ට අසුබ පල අධික වුවද, සුබ පල මධ්‍යම වූ වසරකි. සෙනසුරු ග්‍රහයා වසර පුරාම සිවුවැන්නේ ගෝචරව යෙදී සිටියි. රවී සමඟ සුසංයෝගය විෂම වේ. ගෘහ ජීවිතයට නිතර නිතර විපත් කරදර ගලාඑයි. පවුලේ ප්‍රශ්න, ගැටීම්, ආරවුල්, සතුරු කරදර, බාහිර උවදුරු ආදී අනපේක්ෂිත ගැටලු මතුවීමෙන් මානසික අසහනය ගෙනදේ. යහපත් ලෙස සිදුවන ක්‍රියාවන් පසුව මහත් පීඩා ගෙනදීමට හේතුවීම වැනි අපලකාරී තත්ත්වය බහුල වශයෙන් බලපෑමට අවකාශ සැලසිය හැකිය. ධනලාභ ලැබීමට හේතුවුවද බාහිරව ඇතිවන කරදර නිසා ලැබෙන ධනය නාස්ති වී යයි. ධනය වැය කර නව ව්‍යාපාර ආරම්භ කළද ඉන් අපේක්ෂිත ප්‍රතිඵල නොලැබේ. අධ්‍යාපනයේ නියුතු වූවනට බාධා අසනීප මධ්‍යයේ කරගෙන යාමට සිදුවේ. නිතර අලසභාවය, නිදිමත ගති ඇති කරයි. විවාහ අපේක්ෂිත සඳු, සිකුරු, කුජ, මහදසා ගත කරන අයට යහපත්වේ. දියුණුව සැලසේ වසරේ අය වැය ශේෂය 11යි.

ජය අංක 2, 5
ජය වර්ණය - කොළ
පච්ච මැණික් පැලඳීම, ග්‍රහ ශාන්තිකර්ම හා ආගමික කටයුතුවල නියැලීමෙන් අපල සමනය කරගත හැකිය.

තුලා

ලග්නාධිපති සිකුරු ලග්නගතවී සිටියදී නව වසර උදාවේ. බුධ ගුරු දෙවැනි භාවයේ සෙනසුරු තෙවැන්නේ සහ අඟහරු හය භාවයේ ගෝචර ගමනේ නියැලී සිටිති. බුධ, සඳු, සිකුරු දසා ගතකරන්නන්ට මෙම වසර යහපත් වේ. හදිසි ධනලාභ සහිතය. කලක සිට අපේක්ෂා කරගෙන තිබූ මෙතෙක් ඉටු නොවූ කටයුතු සාර්ථකත්වයට පත්කර ගැනීමට අවකාශ සැලසේ. නඩුහබ, නීති ප්‍රශ්නවලින් සහනය සැලසේ. පවුලේ සමගිය සමාදානයට හේතුවේ. සිකුරු මහ දසා ගත කරන විවාහ අපේක්ෂිත අයට සාර්ථක විවාහ මංගල කටයුතු සිදුවේ. අප්‍රේල් සිට සැප්තැම්බර් දක්වා මංගල අවස්ථා යෙදේ. භූමිය සතු වස්තූන්ට හිමිකම් ලැබේ. විදේශ රැකියා හෝ සංචාර අපේක්ෂා කරන අයට ඒවා ඉටුකර ගත හැකිය. තුලා ලග්නය හිමි කාන්තා පක්ෂයට තම අපේක්ෂාවන් බොහෝ පහසුවෙන් ඉටුකරගත හැකි වසරකි.

ජය අංකය 1, 4
අය 05 වැය 14
ජය වර්ණය - සුදු, ක්‍රීම්, අයිවරි
ධනලාභ හිමි වසරක් බැවින් අංක ශේෂය තම ජය අංකය ශේෂ කොට ලොතරැයිපත් ගැනීම යහපත් ප්‍රතිඵලවලට හේතුවේ.

වෘෂ්චික

වෘශ්චික ලග්න හිමියන් සෙනසුරු ලග්න ඒරාෂ්ඨකයේ අවසාන භාගය ගතකරනු ලබයි. උපතින් ලග්නගත සඳු සිටින අය ලග්න ජන්ම චන්ද්‍ර ඒරාෂ්ඨක එකට ගෙවන බැවින් මාර්තු මස 7 දින සිට ඉදිරි කාලය අතිශයින් ප්‍රවේසම් විය යුතුවේ. හදිසි අනතුරු, වාහන අනතුරු, දරුණු විපත් ඇතිවීමට හේතුවේ. සොර සතුරු කරදර, විසකුරු සතුන්ගෙන් වන හානි, ජලයෙන් සිදුවන විපත්, බෝවන රෝග ආදියට බොහෝදුරට හේතුවන බැවින් මෙම වසර කරදර, ලෙඩදුක්, විපත් බහුලවන වසරකි. රැකියා කරන ස්ථානවල සතුරු විපත් අධික වේ. නිකරුණේ බොරු චෝදනාවලට ලක්වේ. නව ව්‍යාපාර ආරම්භය හා ඒ සඳහා ණය ගැනීම්, තිබෙන ධනය ව්‍යාපාර සඳහා යෙදවීම අහිතකර වේ. පාඩු අලාභ අධික වේ. අපේක්ෂා භංගවේ. අධ්‍යාපන කටයුතුවල නියුතු අය හිතුවක්කාර ලෙස නරක මිත්‍ර ඇසුරට යොමුවීමට හේතුවේ. බුධ, ගුරු, කුජ මහ දසා, අතුරු දසා ගෙවන අයට මධ්‍යම ප්‍රතිඵල සහිත‍වේ. ඔවුන්ගේ රැකියා කටයුතු සහ විවාහ මංගල කටයුතු බාධක මධ්‍යයේ වුවද සාර්ථකව කරගත හැකිය. ධන ලාභ අඩුය. එහෙත් උපතේ ග්‍රහ බලය අනුව උරුම හිමිකම් හා ධනෝපායන ක්‍රම සාර්ථක කරගත හැකිය. ඔබේ ජය අංකය 3, 6

අය 08 වැය 14
ජය වර්ණය - රතු
අංක 9, 6 ශේෂ යෙදූ රේස් සුදු ආදි තරගවලින් ජය අත්කර ගත හැකිය.

ධනු

ධනු රාශිගතව වසර පුරාම සෙනසුරු ගෝචර ගමනේ නියැලීමෙන් සෙනසුරු ලග්න ඒරාෂ්ඨකය තදින්ම ක්‍රියාත්මකව පවතී. හය සහ එකොළහ අධිපති සිකුරු සඳු සමඟ එකොළොස් වැනි භාවයේ ද ලග්නාධිපති බ්‍රහස්පති බුධ සමඟ ව්‍යසන ස්ථානය වන දො‍ෙළාස් වන භාවයේද ගමන් කරන මෙම වසර ධනු ලග්න හිමියනට කාය, චිත්ත පීඩා නිතර නිතර බලපැවැත්වීමට හේතුවේ. බලාපොරොත්තු නොවන කරදර ගලාඑයි. අනුන්ගේ කටයුතු, උත්සව, මංගල කටයුතු, වෙනත් පරිබාහිර කටයුතු සඳහා වැයපස ඉහළ යයි. නිතර නිතර බොරු චෝදනා, අපවාද, කරන කියන වැඩ කටයුතුවල අවුල් වියවුල්, විටෙක ලාභ, වැඩිපුර අලාභ, ඥාති වර්ගයාගේ කරදර, පවුලේ අසමගිය, රැකියා කරන ස්ථානයේ තමා සමඟ එකට කටයුතු කරන අයගේ විරෝධතා‍ ‍හෝ අකටයුතුකම්, පියපස ඥාතියකුගේ අභාවය ආදී අහිතකර විපාක වැඩිපුර ක්‍රියාත්මක වන වසරකි. නැතහොත් තම වියදමින් අනුන් සමඟ සංචාරක ගමන් බිමන් යෑමෙන් සමාජ හා ආගමික කටයුතු සඳහා වියදම් කිරීමෙන් තමා සතු මුදල් වැයවීමට හේතු විය හැකිය. උපතින් කුජ සිකුරු බලවත්ව දැනට එම මහදසා, අතුරු දසා ගෙවන අයට රැකියා, විවාහ මංගල කටයුතු, තරග විභාග, උසස්වීම්, විදෙස් සංචාර ආදී කටයුතු සඳහා අවකාශ සැලසේ. අන් අයට අහිතකරයි. අධ්‍යාපන කටයුතුවල නියුතු අයට මධ්‍යස්ථ වසරකි. 3, 6 අංක බලවත් වේ.

අය 08 වැය 14
ජය වර්ණය - කහ
ජය අංක ශේෂයනට ලොතරැයිපත් ගැනීම යහපත් වේ.

මකර
ලග්න ඒරාෂ්ඨකය ආරම්භක වසරකි. සෙනසුරු 12 වැන්නේ ලග්නාධිපතියා ගෝචර වී ඇත. බුද, ගුරු 11 සහ ශුක්‍ර මාලවි යෝග බලයෙන් දහවැනි භාවයේ ගමන් කරයි. සිකුරු, බුධ, ගුරු, සඳු මහදසා උපදසා ගත කරන අයට යහපත් වේ. කෙතරම් බාධා, අවහිර, කරදර යෙදුණද සියල්ල මැඩගෙන ඉදිරියට යෑමේ ශක්තිය ඇත. නව යාන වාහන ගැනීම, ව්‍යාපාර ආරම්භ කිරීම, විදෙස්ගත ධන ආයෝජන කටයුතුවල නියුතු වන්නන්ට උසස් ප්‍රතිඵල හිමිකර ගත හැකිය. මැතිවරණ තරග, විභාග, සම්මුඛ පරීක්ෂණ ආදියෙන් ජය ලැබේ. රාහු, කේතු, රවි, ශනි මහ දසා ගත කරන්නන්ට අහිතකර වේ. පවුල් ආරවුල්, මත්ද්‍රව්‍ය, මත්පැනට යොමුවීම, නීති ප්‍රශ්න ආදී කටයුතුවලින් විපත් සිදුවීමට හේතුවේ. රාහු දසා ගත කරන අයට විවාහ, මංගල කටයුතු අසුබ වේ. රැවටීම්වලට අසුවී බරපතළ අලාභ, පාඩු සිදුවිය හැකිය. කෙසේ නමුත් මකර ලග්න හිමියන්ට අසුබපල සහිත අවස්ථා ඇති අයට පවා මධ්‍යස්ථ ලෙස සුබපල උදාකරගත හැකිය.

අය 02 වැය 14
ජය වර්ණය - නිල්
සෙනසුරු රාහු අපල සඳහා ශාන්තිකර්ම යෙදීම, ආගමික වත්පිළිවෙත් කිරීමෙන් අපල දුරුවී සුබපල වර්ධනය කරගත හැකිය.

කුම්භ

කුම්භ ලග්නය හිමි ලග්නාධිපති සෙනසුරු ග්‍රහයා අයස්ථානගතව සිටියදී නව වසර උදාවේ. විශේෂයෙන් බුද ගුරු දහවැන්න සහ සඳු සිකුරු නව වැන්නේ රාහු හයවැන්න, කුජ දෙවැන්නේ ගෝචර ගමනේ යෙදෙමින් ආරම්භ වන මෙම වසර කුම්භ ලග්න හිමියනට බොහෝ සුබපල සහිත වසරක් ලෙස සඳහන් කළ හැකිය. රැකියා ව්‍යාපාර කටයුතුවල දියුණුව, රාජ්‍ය අනුග්‍රහය ලැබිය යුතු අයට එය නිසිලෙස ලැබීම, නව ව්‍යාපාර, ධන ආයෝජන කටයුතු සාර්ථකවීම, විදෙස් රැකියා හා පදිංචි, රැකියා අපේක්ෂිත අයට අදාළ කරුණු සාර්ථකවීම්, දිගු කලක් තිස්සේ ඇදි ඇදී තිබූ නීති ප්‍රශ්න, නඩු ආදියෙන් ජයග්‍රහණය අත්වීම, ගොවිතැන් ව්‍යාපාර, කෘෂිකාර්මික කටයුතුවල නියුතු අයට ඒවායින් සාර්ථක ප්‍රයෝජන අත්වීම, හදිසි ධන ලාභ, තම පාරම්පරික උරුමයන් නිරවුල්වීම, කල්ගතව බලපැවැත්වූ ලෙඩ රෝග ආදියෙන් නිසි සුවය ලැබීම ආදි සුබපල අධිකව ලැබෙන යහපත් වසරකි. උපතේදී පැවති ග්‍රහ බලයේ බල දුබලතාවය මත ප්‍රතිඵල අඩු වැඩි විය හැකිය. මැණික්, ස්වර්ණාභරණ, ඉඩකඩම්, දේපළ ව්‍යාපාරිකයනට අධික සුබපල සහිතය.

ජය අංක 2, 3
අය වැය මධ්‍යස්ථව ද 2: 14 සේ පවතී
ජය වර්ණය - රතු, නිල්
ජාතික ආගමික කටයුතු සඳහා වැය අධික වේ. කාකනිල් මැණික් පැලඳීම යහපති. 2, 3 ශේෂ ජය පල සහිතය.

මීන

ලග්නාධිපති බ්‍රහස්පති වෘශ්චික රාශියේ බුධ සමඟ ගෝචරව සිටිමින් රවි ශනි දහය සහ කුජ ලග්නගත සිකුරු, සඳු අ‍ටේ සිටින අතරතුර වසරේ ආරම්භය සිදුවේ. රැකියා ව්‍යාපාර ආදියේ පිබිදීම අඩුය. නීති ප්‍රශ්නවලට මැදිවිය හැක. විටෙක ලැබීම් අතින් යහපත් වේ. විටෙක අනේකවිධ අයුරින් පිරිහේ. ආගමික අංශයන්හි ප්‍රබෝධවත් ලෙස යෙදෙමින් ක්‍රියාකරයි. යුගදිවි ගත කරන අය අතර අවිනිශ්චිත බව, සැක සහිත තත්ත්වය නිසා නිතර ආරවුල් වියවුල් ගැටීම් ඇති කර ගනී. නිතර හිසේ ආබාධ, ආමාශගත ආබාධ ඇති කරයි. අනියම් සබඳතාවයනට පැටලීමෙන් ගැටලු සහගත ප්‍රශ්න, නීතියෙන් දඬුවම් ලැබීම, අප්‍රසාදය වැනි අහිතකර කරදරවලට පැටලීමට හේතුවනු ඇත. තවද මියගිය ඥාති උවදුරු, භූත බලපෑම් ආදි අමනුෂ්‍ය උවදුරු තුළින් ‍රෝගාබාධ ඇතිකළ හැකිය. අධ්‍යාපන කටයුතු බාධක මධ්‍යයේ කරගෙන යා හැකිය. පොදුවේ ගත්විට මෙම වසර මධ්‍යම ප්‍රතිඵල සහිතව ගෙවීයෑමට හේතුවේ. මීන ලග්න හිමි ඔබගේ ජය අංකය 1, 4

අය 08 වැය 14
ජය වර්ණය - රතු, කහ
පුෂ්පරාග, වෛරෝඩි මැණික් පැලඳීම, සිල්වතුනට දන්දීම, රෝගීන්ට උපකාර කිරීම ආදී ක්‍රියා තුළින් අපල දුරුවී සහනය සැලසේ.

සටහන - චතුමී පිටිපන
..........................................................................................
උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Sunday, December 30, 2018

පැරිස් නගරය යටින් මතුවුණු මළගිය ඇත්තන් සැරිසරන අත්භූත පාතාලයක් (The Secrets of the Mysterious Underworld of the Paris Catacombs Revealed අබිරහස් අඩවිය - Abirahas Adawiya - හොල්මන් කතා. holman katha)

ලොව සුන්දරම අග නගරයක් ලෙස සැලකෙන ප්‍රංශයේ පැරිස් නගරය බොහෝ ප්‍රංශ වැසියන් හඳුන්වන්නේ ලා විල් ලුමියා යන අන්වර්ථ නාමයෙනුයි. එහි අරුත වන්නේ ිආලෝකයේ නගරය යන්නයි. කෙසේ වුවත් මිලියන 12කට අධික ජනගහනයක් වාසය කරන මෙම කාර්යබහුල යුරෝපා අග නගරයේ පොළොව යටින් භූගත අවකාශයේ පැරීසියේ පැරැණි පදිංචිකරුවන් මිලියන 6කට අධික සංඛ්‍යාවකගේ ශේෂයන් තැන්පත් කොට ඇති බව බොහෝ දෙනා නොදන්නා කරුණක්. අතීතයේදී ඇතැමුන් මෙය හඳුන්වන ලද්දේ ප්‍රංශයේ මළවුන්ගේ අධිරාජ්‍යය ලෙසිනුයි.
වර්තමානයේ ලෝකයා මෙය හඳුන්වනු ලබන්නේ පැරීසියේ උමං සුසානය යන අරුත ඇති ිපැරිස් කැටකොම්බ්ස් යන නමින්. පුරාණයේ හුනුගල් ලබා ගැනීම සඳහා කණින ලද පතල් උමං පද්ධතියකින් මෙය නිර්මාණය වී තිබෙනවා. කිලෝමීටර් 300කට අධික ප්‍රදේශයක් පුරා ජාලයක් ආකාරයෙන් පැතිර ගොස් ඇති මෙම උමං මාර්ගයේ බිත්ති මියගිය පුද්ගලයන්ගේ හිස් කබල් ඇතුළු අස්ථි කොටස්වලින් එක්තරා රිද්මයකට අනුව සරසා ඇති අයුරු වර්තමානයේ එහි ඇතුළු වන්නකුට දැක ගත හැකිය.
මේ උමං ජාලය තුළ පිහිටි පතල්වල හුනුගල් රෝමානු යුගයේ සිට නගරයේ ගොඩනැඟිලි ඉදිකිරීම සඳහා අමුද්‍රව්‍ය ලෙස භාවිත කොට තිබෙන බව සඳහන්. කෙසේ වුවද 18 වැනි සියවසේ දෙවැනි අර්ධයේ සිට පැරිස් නගරය යටින් පිහිටි මේ ප්‍රදේශය සොහොන් ගැබක් බවට පරිවර්තනය කොට තිබෙනවා.
18 වැනි සියවසේදී පැරිසිය විශාලතම සුසානය වූ 'ලූ ඉනොසොන්' වැනි සුසාන භූමිවල ඉඩකඩ මදි වීම නිසා මිනී වළදැමිමේ ගැටලු සහගත තත්ත්වයක් මතුවූ අතර ඒ හේතුවෙන් ඇතැම් මිනී වළ දැමීම නිසි පරිදි සිදු කිරීමට හැකියාව ලැබී නැහැ. ඇතැම් අවස්ථාවල සුසානයේ මිහිදන් කළ සම්පූර්ණයෙන් විනාශයට පත් නොවූ මිනී පවා ගොඩට ගැනීමට සිදුවී තිබෙනවා. මේ හේතුවෙන් එම සුසානය අවට ජනතාවට මිනීවල දුර්ගන්ධය නිසා ඉතා අසීරු ලෙස දිවි ගෙවීමට සිදුවූ අතර විසබීජ හේතුවෙන් රෝග වැලඳීමේ අවදානමක්ද මතුවූ බව සඳහන්. මේ ගැටලු සහගත තත්ත්වය නිරාකරණය කිරීම සදහා 1763දී 15 වැනි ලුවී රජු විසින් රාජාඥාවක් නිකුත් කරමින් මියයන පුද්ගලයන් අග නගරයේදී භූමදානය කිරීම තහනම් කරනු ලැබුවා. කෙසේ වුවද පැරීසියේ පල්ලි මේ රාජාඥාව කෙරෙහි කැමැත්තක් නොදැක්වූ අතර ඔවුන් ඊට විරෝධය පෑවා. එහි ප්‍රතිඵලය ලෙස 1780 දක්වා එය යට ගොස් තිබුණා.
කෙසේ වුවද 1780 ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ලූ ඉනොසොන් සුසාන භූමියේ මායිම් තාප්ප සම්පූර්ණයෙන් බිම පතිත වූ අතර මේ හේතුවෙන් නිසි පරිදි වළ නොදැමූ සහ විනාශ නොවූ සිරුරු අසල ඉඩකඩම් වෙත ඉබාගාතේ පාවී ගියා. එබැවින් මේ වතාවේ ප්‍රංශ බලධාරීන් කලින් පැවැති නියෝගය බලාත්මක කිරීම සඳහා කටයුතු කළා. එතෙක් තෝම්බ් ඉස්වා යනුවෙන් හඳුන්වන ලද හුනුගල් පතල පල්ලිය මඟින් ආශීර්වාද ගන්වා කැප කොට එය පැරිස් කැටකොම්බ්' බවට පත් කරනු ලැබුවා.
අනතුරුව වසර දෙකක කාලයක් ගත කරමින් ලූ ඉනොසොන් සුසානයේ ශේෂ වී තිබූ සියලු අස්ථි කොටස් නැවත මේ භූගත සොහොන් ගැබේ මිහිදන් කිරීමට කටයුතු කළා. ඉන්පසු පැරීසියේ පිහිටි සියලු සුසාන භූමිවල මිහිදන්ව තිබූ අස්ථි කොටස් මෙහි තැන්පත් කිරීම සිදුවූ අතර ප්‍රංශ විප්ලවයෙන් පසු මියගිය පුද්ගලයන්ගේ සිරුරු මේ තුළ මිහිදන් කිරීමද ආරම්භ කළා. 1859 වනවිට පැරීසිය සියලු සොහොන්වල තිබූ අස්ථි කොටස් සියල්ල මෙහි තැන්පත් කොට නිම කළා.
ඉන් වසර 7කට පසු මේ භූගත සුසානය පොදු ජනතාව වෙනුවෙන් විවෘත කරන ලද අතර එය කිලෝමීටර් 300ක ප්‍රදේශයක් පුරා ජාලාකාරයෙන් පැතිර තිබුණා. අද වනවිටත් මෙය මහජනතාව වෙනුවෙන් විවෘතව පවතිනවා. ඒ ඉතා සීමිත ප්‍රදේශයක් පමණයි. 1955 සිට මේ උමං ජාලයේ එක් ස්ථානයකින් හැර සෙසු ස්ථානවලින් ඊට පිවිසීම තහනම් කොට තිබුණා. නමුත් එම නියෝග නොතකා 1970 හා 80 දශකවල 'කැටෆිල්ස්' යනුවෙන් තමන් හඳුන්වා ගනු ලබන ත්‍රාසය මුසු ක්‍රියාවල යෙදෙන පැරීසියේ නීති විරෝධී කණ්ඩායම් මේ උමං මාර්ගය තුළ විවිධ ක්‍රියාවල නිතර වන්නට පටන් ගත්තා. වතාවක් එක් කණ්ඩායමක් විසින් එහි අංගසම්පූර්ණ සිනමා ශාලාවක්ද ඉදිකොට ඊට සම්බන්ධ 'බාර්' එකක්, අවන්හලක් සහ පෞද්ගලික කාමර කිහිපයක්ද පවත්වාගෙන ගොස් තිබුණා.
වර්තමානයේ දිනකට 300ක් පමණ 'කැටෆිල්ස්' ක්‍රියාකාරීන් රහස් ස්ථානවලින් මේ උමං මාර්ගයට ඇතුළු වී විවිධ ක්‍රියාවන්හි නිරත වන අතර ඔවුන් කැටෆිල්ස් නොවන පුද්ගලයන් හා සංචාරකයන් එහි ඇතුළු වීම වැළැක්වීමට සඳහා නිරන්තරයෙන්ම උත්සාහ දරන බව සඳහන්. කෙසේ වුවද සංචාරකයන්ගෙන් විශාල මුදලක් ලබා ගෙන ඔවුන්ව නීති විරෝධී අයුරින් මේ උමං තුළ රැගෙන යන කැටෆිල්ස් කල්ලිද නැතිවා නොවේ. මේ කණ්ඩායම් බොහෝ විට විදුලි ලාම්පු සහිත හෙල්මට් හිස පැලඳගෙන උමං තුළ ඇවිදින අතර මඟ සොයා ගැනීමේ පහසුව තකා ඔවුන් විසින් නිර්මාණය කර ගන්නා ලද නාමයන් වීදි නාම අයුරින් උමං බිත්තිවල කොටා තිබෙන අයුරු දැකගත හැකිය.
ගැමුණු රත්නායක
...................................................................................................................
උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

අත්භූත දර්ශන මවන අභිරහස් කුරුස කන්ද (cross mountaian - kurusa kanda අබිරහස් අඩවිය - Abirahas Adawiya - හොල්මන් කතා. holman katha)

උතුරු ලිතුවේනියාවේ සියුලියායි නගරයට කි.මි 11ක් දුරින් පිහිටි පැරණි කදුවැටියක පිහිටුවා තිබෙන කුරුස දස දහස් ගණනක් පිළිබදව මේ වන විට විශේෂ අවධානයක් යොමුවී තිබෙනවා.මෙසේ දස දහස් ගණන් කුරුස එම ස්ථානයට කෙසේ පැමිණියා දැයි මෙහි ආරම්භය කෙසේ සිදුවී දැයි නිශ්චිතව පැවසීමට කිසිම සාක්ෂියක්  නොමැති අභිරහසක්ව පවතී.
කුරුස කන්ද නමින් හඳුන්වන මෙම කදුවැටියේ ඉතිහාසය සමග යුද්ධය හා නැවත නැගීසිටීමේ සංකීර්ණ වෘතාන්තයක් ඇත.මේ පුරාවෘත භයංකාර තොරතුරු හා අද්භූත දර්ශනවලින් පිරී පවතියි. මේ කන්ද බොහෝ අභිරහස් සගවාගෙන සිටියි චිත්රේ ශිල්පියකු හා ඉතිහාසඥයකු වූ විලියස් පුරෝනස් පවසයි. ප‍්‍රදේශයේ පවතින එක් ජන ප‍්‍රවාදයකට අනුව මේ කඳුවැටිය පිහිටා තිබෙන තැන මුලින්ම තිබුණේ දේවස්ථානයකි. බොහෝ පුරාණ කාලයේ දිනෙක ඇති වූ මහා චන්ඩ කුණාටුවකින් ගසා ගෙන ආ විශාල වැලි හා විශාල පාෂාණ දේවස්ථානයේ ඇතුලේ සිටි පිරිසක් සමගින් වැළලී යන ලදී. ප‍්‍රදේශවාසීන් පවසන්නේ සමහර දිනවල හිමිදිරියේ හිරු නැගෙන්නට පෙර පූජකයන්ගේ අවතාරවලින් සැදුම්ලත් පෙරහරක් කදු පාමුල සිට ඉහළට යන දර්ශනයක් ක්ෂණිකව පෙනී අතුරුදන් වන බවයි .
තවත් පුරාවෘතයකට අනුව, වසර 1300දී පමණ ලිතුවේනියාවේ මෙම ප‍්‍රාන්තය හිමිව තිබුණේ විශාල පිරිස් බලයක් හිමි මිත්‍යා දුෂ්ටික දරුණු සිටුවරයකුට යි. ඔහුගේ සුවිසල් දැවමය මන්දිරය පිහිටා තිබුණේ මෙම කන්ද පිහිටා ඇති ස්ථානයේ ය. ලිතුවේනියාව ක‍්‍රිස්තියානුකරණයත් සමග 1348දී අසිපත් සහෝදරයෝ නම් ජර්මානු රණශුර කණ්ඩායමක් විසින් මෙම මන්දිරය විනාශ කරන ලදී. බොහෝ දෙනා විශ්වාස කරන්නේ එකී ප‍්‍රහාරයෙන් දිවි ගලවාගත් සිටුවරයාගේ සෙබළුන් මිය ගිය තම සහෝදර සෙබළුන්ගේ සිරුරු ගොඩගසා පස් වැසීමෙන් මෙම කන්ද නිර්මාණය වූ බවයි. මිය ගිය සෙබළුන්ගේ මෙන්ම පූජකයන්ගේ ආත්ම රාත‍්‍රියට මෙම කන්දේ සැරිසරන බව සමහරු පවසති.
කෙසේ වෙතත් කඳුවැටියේ වඩාත් කීර්තිමත් කතාව වන්නේ හදිසියේ බරපතල ලෙස රෝගී වූ දියණියකගේ හා බලාපොරොත්තු සුන් වූ පියාගේ කතාවයි. රෝගී දියණියගේ මරණ මංචකය අසල වැළපෙමින් සිටි පියාට එක්වරම දර්ශනය වූ කාන්තාවක් කියාසිටියේ කන්දට ගොස් ලී කුරුසයක් එල්ලන ලෙසයි. අද්භූත කාන්තාවගේ උපදෙස් පරිදි පසුදින උදයේම ලී කුරුසයක් සාදා එය කන්දේ සිටුවා ආපසු නිවසට පැමිණෙන විට ඔහු දුටුවේ සිය රෝගීව සිටි දියණිය නිවසේ දොරකඩ හිනැහෙමින් සිටින අයුරුයි. ඇය ප‍්‍රාතිහාර්යකින් මෙන් සම්පුර්ණයෙන්ම සුව වී සිටියාය. මේ පුවත කටින් කට පැතිරීමෙන් ප‍්‍රදේශයේ ජනතාව ද ඉන්පසු අවට ප‍්‍රදේශවල ජනතාව ද වශයෙන් තම ප‍්‍රාර්ථනා ඉටුකර ගනු පිණිස කන්දේ කුරුසයක් සිටුවා යාඥා කිරීමට පටන් ගත්හ.
නමුත් මේ සෑම කුරුසයක්ම සර්ව සුබවාදී වන්දනාකරුවන්ගේ ප‍්‍රාර්ථනා කුරුස නොවන බව ද කියැවේ. සමහර කුරුස පුරාණ නිහඩ කැරැල්ලක් සිහිකිරීම පිණිස සිටවූ බව කියවෙන ජන ප‍්‍රවාද පැතිර ගොස් තිබේ. ජර්මානු යුද භටයන්ගේ හා 19වැනි සියවසේ රුසියනු දෙවැනි සාර් ඇලෙක්සැන්ඩර් රජුට විරුද්ධව ලිතුවේනියාවේ කැරැල්ලෙන් පසු කුරුස කන්දට වඩාත් ආක‍්‍රමණශීලී තර්ජන එල්ල වූයේ සෝවියට් සංගමයෙනි. නැගෙනහිර රටවල ක‍්‍රිස්තියානිය විනාශ කිරීමේ උත්සාහයක නිරත වී සිටි සෝවියට් සංගමය විසින් කුරුස කන්ද සමතලා කිරීමේ උත්සාහයක නිරත් වී තිබීම ගැන වාර්තා වේ. ඒ කන්ද බුල්ඩෝසර් කිරීමෙන්, දැව කුරුස පිළිස්සීමෙන්, ලෝහ හා ගල් කුරුස උගුළුවා දැමීමෙන් ආදී වශයෙනි.
සෝවියට් සංගමය බිදවැටි දැන් ශත වර්ශ කාලයක් ගතවී ඇතත් කුරුස කන්ද තවමත් නිරුපද්‍රිතව පවතියි. මෙම කන්ද අවුරුදු ගණනක් තිස්සේ විවිධ ආගම්වලට අයත් වන්දනාකරුවන්ගේ ආකර්ෂණය දිනා ගන්නා පූජනීය ස්ථානයක් බවට පත්වී තිබෙයි. කුරුස කන්ද කිසිවෙකුටත් අයිති නැත. ඒ නිසා සියලු දෙනාටම අයිතිය. මිනිසුන් මෙහි කුරුස පිහිටුවන්නේ ඔවුන්ගේ ප‍්‍රාර්ථනා ඉටුකරන නිසාවෙනි.
කුරුස කන්දෙහි කුරුස හා සුරුවම් දැන් නඩත්තු කරගෙන පවත්වාගෙන යනු ලබන්නේ සියුලියායි නගර සභාව හා ෆැන්සිකානු නිකායේ පුජකයන් විසිනි. ලෝහ හා දැව කුරුසවල එල්ලා ඇති කුඩා කොන්ත හා සුරුවම් යනාදිය සියුලියායි ජනපදයේ හරහා හමන සුළගේ සැලීමෙන් නගන කිංකිනි රාවය විටින් විට අද්භූත ද විටෙක භයානක හඩක් ද නංවන බව ගැමියෝ පවසති. මේ අසාමාන්‍ය කුරුස කන්ද සමහරුන්ට යාඥා කරන හෝ ප‍්‍රාර්ථනා ඉටු කරදෙන ස්ථානයකි. තවත් සමහරුන්ට අන්ධකාර රාත‍්‍රීන්හි අද්භූත දර්ශන මවන තැනකි. අනෙක් අයට සාමාන්‍ය ජිවිතයේ අසාමාන්‍ය වූත් නොවැදගත් වූත් සිදුවීමකි.නමුත් පවතින සත්‍ය නම් මේ කිසිවකුත් වැරදි යැයි කියන්නට කිසිවෙකුටත් නොහැකි වීමයි.
-ශානිකා රත්නායක-
.........................................................................................................
උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Thursday, December 6, 2018

භූත විද්‍යාව වළපල්ලට යයිද? (butha vidya manthara අබිරහස් අඩවිය - Abirahas Adawiya - ශාස්ත්‍රීය ළිපි)

ග්‍රහ අපල සඳහා යන්ත්‍ර පැලඳවීම ලෙඩ රෝග සුව කිරීම සඳහා ශාන්ති කර්ම කිරීම යé භූත ප්‍රේත දොaෂ ඉවත්කිරීම, හදි හූනියම් දොaෂ ඉවත් කිරීම, ගෙවල් දොරවල් ආරéd කිරීම, භෛරව පූජා පැවැත්වීම, රාජ වශී යන්ත්‍ර පැලඳවීම, ව්‍යාපාර දියුණුවට වැඩ කටයුතු කිරීම, ආදී හොඳ වැඩද, වශී ගුරුකම්, පවුල් කඩා කප්පල් කිරීම් ආදී වැඩද, හූනියම් කිරීම් ආදී නොකළ යුතු වැඩ ආදී එකී නොකී සියලු යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් අඩංගු විද්‍යාව පොදුවේ භූත විද්‍යාව නමින් හදුන්වයි.

 භූත විද්‍යාව යනු අෂ්aටාංග ආයුර්වේදයේ එන අංග 8න් එක්‌ අංගයකි.

 1. ශෛලමය තන්ත්‍රය 2. ශාලාක්‍ය තන්ත්‍රය

 3. කාය චිකිත්සාව 4. භූත විද්‍යාව

 5. කෞමර තන්ත්‍රය 6. අගධ තන්ත්‍රය

 7. රසායන තන්ත්‍රය 8. වාජීකරණ තන්ත්‍රය

 නම් එම අංග 8 වේ.

 භූත විද්‍යාව අංග අටකට කොටස්‌ කරයි.

 1. වශී කර්මය - සිත දිනා ගැනීම, ඉණා කර ගැනීම, නඩු දිනීම

 2. ආකර්ශන කර්මය - පැන ගියවුන් ගෙන්වීම, ජනයා ඇද ගැනීම, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් සඳහා දිෂ්ඨි කිරීම, වෙළ හෙළ¹ම් දියුණුq කිරීම, අස්‌වැන්න වැඩි කිරීම

 3. මෝහන කර්මය - මුලා කිරීම, රැවටීම, සැඟවීම, ඇස්‌බැන්දුම්

 4. ස්‌තම්භ කර්මය - තද කිරීම, බන්ධන කිරීම, ගිනි පෑගීම (අග්නි ස්‌තම්භනය) ජල යට හුස්‌ම අල්ලා සිටීම (ජලස්‌තම්භනය) වෙඩි හිර කිරීම 

 5. ශාන්ති කර්මය - ලෙඩ සුවපත් කිරීම, යé භූත දොaෂ පිසාචාදී අමනුෂ්‍යයන්ගෙන් පැමිණෙන උපද්‍රව, ග්‍රහ දොaෂ, බාලගිරිදොaෂ, ඇස්‌ වහ කටවහ දොaෂ, වින දොaෂ දුරුකිරීම, යාග හෝම බලි තොවිල්

 6. විද්වේෂණ කර්මය - වෙන්කිරීම, බේද බින්න කිරීම, වෛරකරවීම, අනුන්ගේ කටයුතු කඩාකප්පල් කිරීම.

 7. උච්චාටන කර්මය - පලවා හැරීම, වින ආපිට කැපීම, ගෙවල් ආරéd කිරීම, සර්පයන් පැන්නීම, අංජනම් ඇරීම

 8. මාරන කර්මය - දුෂ්ටයන් වැනසීම, කොඩි වින කිරීම, අංග භූමි පාළු කිරීම

 (අංග අට හා එම අංග අටෙන් කරන ක්‍රියා මෙසේ වේ.)

 අෂ්ටාංග ආයුර්වේදය ඉගෙන ගන්නා සිසුන්ට භූත විද්‍යා විෂය අනිවාර්ය වේ. ඒ මන්ද වා පිත් සෙම් කිපීම සඳහා දෙහි කැපීම, රවි, සඳු කුජ, බුද, ගුරු, කිවි, ශනි ආදී නවග්‍රහයින් ගෙන්a පැමිණෙන රෝග දොaෂ සඳහා යන්ත්‍ර පැලඳීම හා වත් පිළිවෙත් කිරීම, මළ යé ප්‍රේතයන්ගෙන් වන්නාවූ රෝග දෝෂ ඉවත් කිරීම, හදි හූනියම් නිසාවෙන් වන රෝග දොaෂ දුරුකිරීමද, අට අනූවක්‌ රෝග, නව අනූවක්‌ ව්‍යාධි, කල් කර්ම, අකල් කර්ම, 203 අතුරු අන්තරා, ඇස්‌ වහ, කටවහ, සන්නි රෝග, ආදී රෝග දොaෂ සඳහා ප්‍රතිකර්මය ඇත්තේ භූත විද්‍යාවේ නිසාය.

 එය පොදුවේ දෛව ව්‍යාහස්‌ය චිකිත්සාව නමින් හඳුන්වයි.

 ශාන්ති කර්මයේ තොවිල් ප්‍රධාන කොටස්‌ 3ට බෙදයි.

 1. දේව ශාන්ති කර්ම - දෙවියන් ප්‍රධාන දෙවොල් මඩුගම්මඩු ආදිය

 2. යකුන් තොවිල් - යකුන් ප්‍රධාන පිදවිලිදීම, දරහැව දීම, දැපීම, හූනියන් කැපීම, යéයින් බැඳීම, සන්නි යකුම, මහ සොහොන් සමයම ආදිය

 3. ග්‍රහ ශාන්ති කර්ම - නවග්‍රහයින් ප්‍රධාන ග්‍රහ ශාන්තිකර්ම හා බලි ආදිය

 කරුමය වන්නේ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ඇති දේශීය වෛද්‍ය වරුනටද මෙය හරි හැටි ඉගැනීමක්‌ නොකිරීමය. මා මේ සඳහා අදාල බලධාරීන්ගෙන් ප්‍රශ්න කරන්නේ අංග 8 කින් සමන්විත අෂ්aටාංග ආයුර්වේදයේ එක්‌ අංගයක්‌ අතපසු කරන්නේ මන්ද කියාය.

 ç ලංකාවේ සිටින අපට පිට රට්‌ටුන්ගේ දේ බොහොම ඉහළින් උගන්වයි. ඒවා අපේ රටට සංස්‌කෘතියට ගැලපෙනවාද වත් හොයන්නේ නැත. නමුත් අපිටම ආවේනික අපේම සංස්‌කෘතියට ගැලපෙන අපේ දේශීය ඥනය අපේ දරුවනට නොදෙන්නේ මන්ද?

 අප රටේ අනාදිමත් කාලයක සිටම අපටම ආවේනික සංස්‌කෘතික අංග සිරිත් විරිත් පැවතුනි. සිංහල අලුත් අවුරුද්දට රටේම සියලු දෙනා එකම වෙලාවක චාරිත්‍ර සිදු කරයි. නැකතට එකම වෙලාවකට ආහාර අනුභව කරන ජාතියකට සිටින්නේ ç ලාංකිකයන් පමණකි. එය අපට මහත් ආඩම්බරයකි.

 අප රටේ දරුවකු මවුකුසින් බිහිවුණ දා සිටම චාරිත්‍ර සමග බැඳී පවතියි. ළමයා උපන් හැටියම හඳහන හදයි, එයට ගැලපෙන සුභ නමක්‌ තෝරයි, නැකතට කෙස්‌ කපයි, නැකතට රන් කිරි කට ගායි, නැකතට ඉඳුල් කට ගායි, ගැහැනුq දරුවන් නම් නැකතට කන්විදීම සිදු කරයි, මල්වර වූ විට සියලු චාරිත්‍ර නැකැත්වලට සිදුකරයි, ඇස්‌ වහ කට වහ වතුර මතුරයි, ග්‍රහ අපල සඳහා යන්ත්‍ර බැඳීම ආදී නොයෙක්‌ පුද පූජා සිදු කරයි. නොයෙක්‌ කාරණා සඳහා භාර හාර සිදු කරයි. විවාහ වීම සඳහා පොරොන්දම් ගලපයි. නැකැත් බලයි. අප මිය යැමෙන් පසුවද නැකැත්වලට ඒ කටයුතු සිදුකරන අවස්‌ථා ඇත. මේ දේවල් සිදුකරගැනීමට ඉතා දියුණු විද්‍යාවක්‌ අපට තිබී ඇත.
 
 කලු හමක්‌ ඇති සුදු මනසක්‌ ඇති බටහිරට කත් අදින ගැත්තන් සුලු පිරිසක්‌ මේවා බොරු යෑයි ප්‍රකාශ කරති. ඔවුන් බටහිර මතවාද මෙරටේ පතුරවමින් සුද්දන්ගේ කොන්ත්‍රාත්කරුවන් වේ. බටහිර විද්‍යාවට පදනම් වී ඇත්තේ ප්‍රැන්සිස්‌ බ්‍රේකන්a කියන පරිදි පරීéණ, නිරීéණ, නිගමන මතය. මම අහනව බටහිරට කත් අදින අපේ ගැත්තන්ගෙන් අපේ දේශීය ඥණය බොරුයි කියන්න කරපු පරීéණ, නිරීéණ, නිගමනය මොකක්‌ද කියලා.

 නමුත් බටහිරත්a අද නොපෙනෙන බලවේග හා දේශීය ඥනය පිsළිsගෙන තියෙනවා. නමුත් ගැත්තන් ඔවුන්ගේ කොන්ත්‍රාත්තුව තවත් සිදුකරයි. ඔවුන්ගේ බලාපොරොත්තුව අප රටේ සිරිත් විරිත් සංස්‌කෘතිය හැඳි ගා දැමීමය.

 ඒ කියන්නෙ අපි රෙදි ඇන්දා තවත් මොනවාද කතා. මම බලධාරීන්ගෙන් ප්‍රශ්න කරනවා මොකක්‌ද සංස්‌කෘතික අමාත්‍යාංශය කියන්නේ, මොකක්‌ද දේශීය වෛද්‍ය අමාත්‍යාංශය කියන්නේ. ඇයි රජය මේ ගැන සොයා බලන්නේ නැත්තෙ, ඇයි මේවා උගන්වන්න විශ්ව විද්‍යාල බිහි කරවන්නෙ නැත්තෙ.

 කෝ භූත විද්‍යාව, කෝ දේශීය වෙදකම, කෝ දේශීය සටන් ක්‍රම, කෝ අපේ සර්ප වෙදකම, කෝ දේශීය ගොවිතැන, කෝ දේශීය වාරි තාéණය, අපේ රටේ වැව්අමුණු දාගැබ් හැදුවේ සුද්දො ඇවිත්ද? තව අවුරුදු 50 ක්‌ පමණ ගතවන විට අපේ අනාගත පරපුරට අපේ දේ කියා පෙන්වන්න දෙයක්‌ නැත. පෙන්වන්න වන්නේ අනුන්ගෙන් එකතු කරගත් අපට නොගැලපෙන දැනුමකි.

 රාවනා රජු ගුවන් යානා සාදා ඒවායින් ගොස්‌ තවත් රටවල පාලන කළේය. දැන් අපි පිටරටින් ගුවන් යානා ගෙන්වයි. පෙර රජ දවසේ පෙරදිග ධාන්‍යාගාරය විය. අපේ ආහාර පිට රටට යෑව්ව. දැන් අපි හාල් රටින් ගෙන්වයි. දැඩි මුණ්‌ඩ දෙවියන් දේවාලය කිරීම සඳහා බංගලාදේශය, මැලේසියාව වැනි රටවලින් සෙනග ගෙනාවා. දැන් අපි ඒ රටවල රස්‌සාවට යයි. තොටමුණේ ç රාහුල හිමියන්ගේ කාලයේ අපේ ශිල්ප ඉගෙනීමට තොටගමුවේ විජයභා පිරිවෙනට ඉංදියාවෙන් පවා සිසුන් පැමිණ ඇත. අද අප ඉගෙනීමට පිටරට යයි. එයින් අපට පෙනී යන්නේ අපේ දේශීය ඥනය යොදා නොගැනීම නිසා අපේ රට ආපස්‌සට තල්ලු වී ඇති බවයි. දැන්වත් අපි එකතුව නැගීටීම මගින් මෙය පුළුවන් තරමකට ගොඩ නගා ගත හැක.

 දේශීය වෛද්‍ය විද්‍යාව උගත් වෙද මහතුන් තමන්ගෙ දැනුම අනිත් අයට දී උගත් පිරිසක්‌ බිහි කරන්න.

 යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් හොර රහසේ භාවිත නොකර අනිකාට උගන්වන්න. දේශීය ගොවිතැන දේශීය සටන් කලාව ඇතුළුව අපගේ සියලුම දේශීය ඥනය ලබාදීමට එම ඥනය ඇති අය පෙළ ගැසෙත්වා.

 ප්‍රධාන කරුණ වන්නේ මෙම සියලු ඥනය ලබාදීමට ඒ හා සුදුසු පුද්ගලයන් විය යුතුය. එය තෝරා බේරා උගැන්වීම කළ යුතුයි.

 රට පාලනය කරන බලධාරීන් මෙයට සාධාරණයක්‌ කර අපගේ දේශීය ඥනය ඉදිරියට ගෙන ඒමට කටයුතු කරන සේක්‌වා.

 පාරම්පරික ගුප්ත ශාස්‌ත්‍ර, යන්ත්‍ර මන්ත්‍ර ශාන්ති කර්ම උපදේශක
 රොෂාන් චානක තිසේරා
 දොඹවල, උඩුගම්පොල. 071-6366175
divaina
.....................................................................
උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya