Saturday, September 16, 2017

අවුරුදු හාරදහසකට කලින් මොහෙන්ජොදාරෝ ශිෂ්ටාචාරයම වැනසී ගියේ න්‍යෂ්ටික ප්‍රහාරයකින්....(අබිරහස් අඩවිය - Abirahas Adawiya -නව සොයා ගැනිම්.)

න්‍යෂ්ටික බලය සහ න්‍යෂ්ටික අවි සොයා ගැනුණේ විසිවැනි සියවසේදී බවට බොහෝ දෙනා විශ්වාස කරති. එහෙත් ඒවා බොහෝ ඈත අතීත කාලයක නිර්මාණය වූ බවට විශ්වාස කරන පිරිසක් ද සිටිති. ඔවුහු එය සනාථ කිරීම සඳහා ඇතැම් සාධක ද ඉදිරිපත් කරති. මොහෙන්ජොදාරෝ හරප්පා ශිෂ්ටාචාරය පැවැති පුරාණ නගර අනාවරණ කර ගැනුණේ 1920දී පමණ වර්තමාන පාකිස්තානය ලෙසින් සැලකෙන භූමි ප්‍රදේශයෙනි. ඉන්දු නිම්නයේ පැවැති මහා නගර පිළිබඳව පුරාණ ලේඛන හා පාඨ ග්‍රන්ථයන්හි සඳහන්ව තිබූ ඇතැම් කරුණු මෙම අනාවරණ මගින් තහවුරු වී තිබේ. ඉන්දු ශිෂ්ටාචාරය මෙන්ම ඊජිප්තු හා මෙසපොතේමියානු ශිෂ්ටාචාරය ද අභිරහස් ලෙස වැනසී ගියේය.
මෙම ශිෂ්ටාචාරවලට අයත් නගර මනාව සැලසුම් කර තිබූ අතර නූතන පහසුකම්වලින් සපිරුණු බැව් පැවැසේ. එහි නිවෙස්වල ගඩොල්වලින් ඉදිකෙරුණු නාන තටාක සහ වැසිකිළි දැකිය හැකි වූ අතර පල්දොරු ක්‍රම සහ ජලාපවහන ක්‍රම ද නවීනත්වයට නෑකම් කියන බැව් පුරාවිද්‍යාඥයෝ පවසති. එකල ඉතා දියුණු පොදු පානීය ජල පද්ධතියක් ද පැවැති බැව් පැවැසේ.
මොහෙන්ජොදාරෝ සහ හරප්පා ශිෂ්ටාචාරය පිළිබඳ අනාවරණයෙන් හෙළිදරව් වූ වැදගත්ම සාධකයක් වූයේ එක්තරා වීදියක විසිරී තිබූ 44ක් වූ මිනිස් ඇටසැකිලි සමූහයයි. ඒවා නිරීක්ෂණය කිරීමේදී හෙළිවූයේ ඔවුන් සියලු දෙනා කිසියම් සාහසික හා වේදනා සහගත ඉරණමකට ගොදුරුව එක්වරම මරණයට පත්ව ඇති බවකි.
බි්‍රතාන්‍ය පර්යේෂකයකු හා ලේඛකයකු වන ඬේවිඞ් ඩෙවන්පෝට් දසක දෙකකට අධික කාලයක් මොහෙන්ජොදාරෝවෙන් හමු වූ මෙම ඇටසැකිලි සම්බන්ධයෙන් පර්යේෂණවල නිරත විය. ඒ ඇසුරින් ඔහු ග්‍රන්ථයක් ද රචනා කර තිබූ අතර එය නම් කර තිබුණේ “ක්‍රි. පූර්ව 2000 සිදුවූ න්‍යෂ්ටික විනාශය” නමිනි. ඔහු එම කෘතිය තුළින් අපූරු මතයක් ඉදිරිපත් කර තිබිණි. එම විනාශය සිදු වී ඇත්තේ න්‍යෂ්ටික පිපිරීමකට සමාන සිදුවීමකින් බවට ඔහු මතයක් ගොඩනඟයි.
මහාභාරතයේ සඳහන් පාඨ ඇසුරින් තම මතය තහවුරු කිරීමට උත්සාහ කරන ඔහු, මෙම නගර මහා භාරතයේ ද්‍රෝන පාර්ව කොටසේ සඳහන් වන පරිදි ‘අග්නේය’ නම් අවියකින් සිදුවන්නට ඇතැයි විශ්වාසය පළ කරයි. ඒ සඳහා ඔහු පහත සඳහන් පාඨ ඉදිරිපත් කරයි.
“සූර්යයා මෙන් දහස් ගුණයකටත් වඩා දීප්තිමත් දුමාරයක් අනන්තය තෙක් විහිද ගිය අතර නගරය දුහුවිලි ගොඩක් බවට පත්ව තිබිණි. ජලය පැසෙන්නට වූ අතර අශ්වයන් හා යුද රථ දහස් ගණනක් දැවෙන්නට විය. මියගිය සිරුරු අධික උෂ්ණත්වය හේතුවෙන් කැබලිවලට කැඩී ගොස් තිබූ අතර ඒවා මිනිස් සිරුරු බවට හඳුනා ගැනීමට ද නොහැකි විය.” (මහාභාරත කෘතිය)
මෙම විනාශය සිදු කර ඇත්තේ කිසියම් ඝන ද්‍රව්‍යයක් යොදා ගනිමින් බැව් පෙන්වා දෙන ඩෙවන්පෝට් එම ද්‍රව්‍ය සෙල්සියස් අංශක 1500කට අධික උෂ්ණත්වයක පැවැති බවටත් ඒවා ක්ෂණයකින් සිසිල් වීමකට ලක් වී ඇති බවටත් නිගමනය කරයි. ස්ඵටිකකරණය හා උෂ්ණත්වය අනුව පිපිරුමේ අපකේන්ද්‍රය පිළිබඳව සාධක සොයාගත හැකි බැව් පෙන්වා දෙන ඔහු ඒ අනුව මෙය න්‍යෂ්ටික පිපිරුමකින් සිදු වූ බවට නිගමනය කරයි. ඩෙවන්පෝට්ට අනුව පර්යේෂණයට බඳුන් කළ ඇටසැකිල්ලක අධික විකිරණශීලීත්වයක් පැවැති අතර එය දෙවැනි ලෝක යුද සමයේ ජපානයේ නාගසාකි නගරයට හෙළන ලද පරමාණු බෝම්බයට සමාන බැව් ඔහු පවසයි. මොහෙන්ජොදාරෝ විනාශය ස්වාභාවික සිදුවීමකින් නොවන්නේ යැයි ඩෙවන්පෝට්ගේ මතයට සහාය පළකරන ඉතාලියානු අභ්‍යවකාශ ඉංජිනේරුවකු වන මහාචාර්ය අන්තෝනියෝ කැස්ටලානි ද සඳහන් කර තිබේ.
පුරාණ ග්‍රන්ථවලට අනුව කරන ලද හැදෑරීම් මත මොහෙන්ජොදාරෝ ආර්යයන් හා මොන්ගෝලියානුවන් අතර පැවැති යුද්ධයකින් විනාශ වන්නට ඇතැයි ඩෙවන්පෝට් අනුමාන කරයි. පිටසක්වළ ජීවීන් ඛනිජ සහ වෙනත් ස්වාභාවික සම්පත් කැනීමට යොදාගත් ප්‍රදේශ ආර්යයන් විසින් පාලනය කර තිබිණි. මොහෙන්ජොදාරෝ මොන්ගෝලියානුවන්ට අයත් නගරයක් වූ අතර ආර්යයන්ට සහාය පළ කිරීම සඳහා එය විනාශ කිරීමට පිටසක්වළ ජීවීන් ක්‍රියාකරන්නට ඇතැයි ඩෙවන්පෝට් අනුමාන කරයි. පාඨ ග්‍රන්ථවලට අනුව නගරයේ වාසය කළ 30,000ක ජනයාට දින හතක් තුළ නගරයෙන් පිටවන ලෙසට දැනුම් දී තිබේ. බොහෝ පිරිස් ප්‍රදේශය හැරගොස් තිබූ අතර පිරිසක් නගරය හැර නොගොස් එහිම රැඳී සිට ඇත. මිනිස් ඇටසැකිලි 44ක් හමුවූයේ එම නගරය අනාවරණ කරගෙන වසර කිහිපයකට පසු එනම් 1927දීය. සියලු ඇටසැකිලි පොළොවට පැතලි වන සේ තැන්පත්ව තිබිණි. ඒ අතර එක ළඟ තිබූ පියා මව සහ දරුවකුගේ ඇටසැකිලි ද හමුවිය. ඔවුන්ගේ මුහුණු පොළොව දෙසට හැරී තිබූ අතර එකිනෙකා අතිනත අල්ලාගෙන සිටින අයුරු දිස්විය.
ඩෙවන්පෝට් ඉදිරිපත් කරන මතය සත්‍යයක් නම් පුරාණ ශිෂ්ටාචාර කෙතරම් දියුණු මට්ටමක පැවතියේ ද යන පැනය මතුවෙයි. මෙම විනාශය ස්වාභාවික සිදුවීමක් මත සිදු නොවූයේ නම්, එවක මෙවැනි අවියක්  තිබුණේ නම්, එවැනි අවියක් නිර්මාණය කළෝ කවරහු ද? කුමක් සඳහා ද? ඔවුනට එම තාක්ෂණය ලැබුණේ කෙසේ ද? යන කරුණුවලට පිළිතුරු සෙවීමට සිදුවනු ඇත.
මේ හා සමාන සිදුවීමක් පිළිබඳව බයිබලයේ ද සඳහන්ය. සොදොම් සහ ගොමෝරා නමැති නගර එහි වැසියන්ගේ ලිංගික දුරාචාරය හේතුවෙන් දෙවියන් වහන්සේ විසින් විනාශ කිරීම එම පුවතය.
උත්පත්ති කථාවේ සඳහන් වන පරිදි එම නගර වැසියෝ අධික ලෙස දුරාචාරයට හා සමලිංගික සේවනයට යොමු වී සිටි පිරිසක් වූහ. දිනක් දේවදූතයෝ දෙදෙනෙක් සොදොම් නගරයට පැමිණ ලොත් නම් පුද්ගලයකු හමු වූහ. ලොත් ඔවුන් දෙදෙනා තම නිවෙසට කැඳවාගෙන ගොස් ආහාර පාන ලබා දී රාත්‍රිය ගත කිරීමට ඉඩ සලසා දුනි. ඔවුන් නින්දට යෑමට පෙර සොදොම් නගරයේ සියලු පුරුෂයෝ එම නිවෙස වටකොට නිවෙසට පැමිණි අමුත්තන් සමඟ සමලිංගික සේවනයේ යෙදීමට අවශ්‍ය බැව් ලොත්ට පැවැසූහ.
අවශ්‍ය නම් කන්‍යාවන් වන තම දියණියන් සමඟ ලිංගිකව එක්වන  ලෙසත්, තම නිවෙසේ සිටින අමුත්තන්ට හිරිහැර නොකරන ලෙසත් ලොත් ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය. එහෙත් අමුත්තන් ඉල්ලා පිරිස බල කිරීමට පටන් ගත් අතර ලොත්ගේ නිවෙස කඩා හෝ තම අරමුණ ඉටු කර ගැනීමට ඔවුහු උත්සාහ කළහ. එහිදී දේවදූතයෝ ලොත් නිවෙස තුළට ඇදගෙන එළිමහනේ සිටි සියලු පුද්ගලයන්ගේ දෙනෙත් අන්ධ කළහ. ලොත් සහ ඔහුගේ පවුලට සොදොම් නගරයෙන් පිටවී යන ලෙසත් දෙවියන් වහන්සේ එම නගරය විනාශ කරන බවත් දේවදූතයෝ ලොත්ට පැවැසූහ. දෙවියන් වහන්සේ සල්ෆර් වර්ෂාවක් සොදොම් සහ ගොමෝරා නගරවලට පතිත කර එම නගරවල ජීවී අජීවී සියල්ල විනාශ කර දැමීය.
බයිබලයේ සඳහන් වන මෙම සිදුවීම න්‍යෂ්ටික ප්‍රහාරයකින් සිදුවූවක් ද? එම නගර විනාශ කිරීමට හේතු වූයේ සමලිංගික සේවනය හා වෙනත් දුරාචාර ද? දේවදූතයන් දෙදෙනා සොදොම්හි ජනයාගේ දෙනෙත් අන්ධ කිරීම සඳහා යොදා ගත් උපාංගය නූතන තාක්ෂණික උපකරණයක් ද? මොහෙන්ජොදාරෝ විනාශය සම්බන්ධයෙන් ඩෙවන්පෝට්ගේ මතයේ කිසියම් සත්‍යයක් තිබේ නම් ඒ හා සමාන සත්‍යයක් බයිබලයේ සඳහන් සොදොම් ගොමෝරා සම්බන්ධයෙන් ද තිබිය හැකිය.
මෙහිදී පරමාණු බෝම්බයේ පියා වශයෙන් සැලකෙන ඔපන්හයිමර්ගේ ප්‍රකාශයක් පිළිබඳව අපගේ අවධානය යොමු විය යුතුය. පුරාතන හින්දු සහ වේද පාඨ පිළිබඳ අධ්‍යයනයක යෙදුණු පුද්ගලයකු වූ ඔහුගෙන් පළමු න්‍යෂ්ටික බෝම්බය පුපුරා ගිය අවස්ථාවේ එය පළමු න්‍යෂ්ටික බෝම්බය දැයි විමසූ කල්හි ඔහුගේ පිළිතුර වූයේ “ඔව් එය නූතන යුගයේ පළමු න්‍යෂ්ටික බෝම්බය” යනුවෙනි.
අන්තර්ජාලය ඇසුරිනි
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා
උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

අද පෘථිවියේ ඉන්නේ එදා අඟහරු මත සිටි මිනිසුන්ද ? (අබිරහස් අඩවිය - Abirahas Adawiya - aliens pitasakwala jeeween)


ජීවත් වන සියලු දෙනා පිටසක්වළින් පැමිණි ජීවීන් පිරිසක් විය හැකි යැයි කොළොම්බියානු විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් මතයක් පළ කර තිබේ. ජීවය බිහිවන්නට ඇත්තේ අඟහරු ග්‍රහයා මත විය හැකියැයි ඔවුහු අනුමාන කරති. පැන්ස්පර්මියා නමින් හැඳින්වෙන මෙම රැඩිකල්වාදී සිද්ධාන්තය මුලින්ම ඉදිරිපත් කෙරුණේ 1871 වැනි වකවානුවකය. ජීවය ග්‍රාහකයක් ලෙස පෘථිවියට පැමිණීමට පෙර අඟහරු ග්‍රහයා මත උත්පාදනය වූවක් බැව් එම සිද්ධාන්තය අනුව පැවසිණි. මෙම අනාවරණයේ කිසියම් අපූර්වත්වයක් පැවැතිය ද බොහෝ විද්‍යාඥයෝ එවැන්නක් සිදු විය හැකි බවට නිගමනය කර තිබේ. රතු ග්‍රහයා නොහොත් අඟහරු ග්‍රහයා පිහිටා ඇත්තේ පෘථිවියට සැතපුම් මිලියන 34.7ක් ඈතිනි.
ජීවය බිහිවීමට අවශ්‍ය ජලය සහ වාතය ඇතුළු සියලු සාධක එක්තරා අවධියක අඟහරු ග්‍රහයා මත තිබූ බවට එම සිද්ධාන්තයෙන් පෙන්වා දී තිබේ. කිසියම් ග්‍රාහකයක ගැටීමක් හේතුවෙන් විසරණය වූ පාෂාණ කැබලි සෞරග්‍රහ මණ්ඩලයේ ගැටීමේ ප්‍රතිඵලයක් වශයෙන් අඟහරු ග්‍රහයාගෙන් කැඩී ගිය කොටසක් පෘථිවිය මත පතිත වී එහි ජීවය උත්පාදනය වෙන්නට ඇතැයි ඔවුහු අනුමාන කරති. 
අඟහරු
වසර බිලියන හතරකට පමණ ඉහත අඟහරු ග්‍රහයා උණුසුම්ව පැවැති අතර, එහි ගංගා සහ විල් පැවතිණි. ජීවයේ පැවැත්මට සුදුසු පරිසරයක් එහි පැවතිණි. මහා උපද්‍රවයක් හේතුවෙන් එම පරිසරය විනාශ වී ජීවයක් පැවතීමට තිබූ අවකාශය විනාශ වී ගියේය. අභ්‍යවකාශයේ රුදුරු බලවේගවලට මුහුණ පෑ එය මිදුණු ග්‍රහලෝකයක් බවට පත්විය. එහි වූ යහපත් පරිසරය සූර්ය සුළඟින් ගසාගෙන ගියේය. අඟහරු ග්‍රහයා එහි තිබූ පාරිසරික තත්ත්ව තවමත් අභ්‍යවකාශයට මුදාහරිමින් සිටින බවට විද්‍යාඥයෝ විශ්වාස කරති.
සූර්යයාගෙන් නිරන්තරයෙන් හමන සූර්ය සුළඟේ ප්‍රහාරය හේතුවෙන් පරිසරයේ ඇති අණු බිඳීයාමකට ලක්වේ. අණුවල ඇති ඉලෙක්ට්‍රෝන බිඳී ගොස් ‘අයන’ බවට පත්වේ. මෙම අයන සූර්ය සුළඟ මගින් අභ්‍යවකාශයේ විසුරුවනු ලබයි. සූර්ය සුළඟින් විසිරවනු ලබන්නේ සැහැල්ලු අණුය.  සූර්ය සුළඟ හමන උපරිම උන්තාංශය දක්වා ඒවාට විසිරිය හැකිය. අර්ගොන් 36 සහ අර්ගොන් 38 යන වායුවල සංයුතිය විමසා බැලීමේදී අර්ගොන් 36 විවිධ උන්නතාංශයන්හි විසිරී තිබූ බැව් හඳුනාගැනීමට හැකි විය. ඒ අනුව ගතවූ වසර බිලියන 4ක කාලය තුළ අඟහරුගේ පාරිසරික තත්ත්වයෙන් 66%ක් අභ්‍යවකාශයට මුසු වී තිබේ. 
අඟහරු
මෙම තොරතුරු අනාවරණය වූයේ නාසා ආයතනය මගින් සිදුකෙරුණු අඟහරුගේ පරිසරය සහ වාෂ්පශීලී පරිණාමය පිළිබඳ පර්යේෂණකදීය. “අපගේ නිගමනවලට අනුව පැහැදිලි වන්නේ අඟහරුගේ ජීවය පැවැතිය හැකි පරිසරය එහි රඳා ගැනීමට නොහැකිව අභ්‍යවකාශයට නෂ්ට විසිර යන්නට ඇති බවය. මෙම අබිරහස විසඳා ගැනීම සඳහා අපගේ මිනුම්දණ්ඩ වූයේ අක්‍රිය වායුවක් වන ආර්ගොන් වායුවයි” යනුවෙන් එම කණ්ඩායමේ ප්‍රධානියා වූ බෲස් ජකොව්ස්කි පවසා තිබේ. 
“මොලිබ්ඩිනම් (අධිවේගී වානේ උපකරණ සෑදීමට භාවිත කරන ලෝහයක්) අධික ලෙස ඔක්සිකරණයට ලක්වීමේ ක්‍රියාවලිය අනුව ජීවයේ සම්භවයට බලපෑ සාධක පිළිබඳව හඳුනාගත හැකියි. ජීවය උත්පාදනය වූ සමයේ මොලිබ්ඩිනම් නමැති ද්‍රව්‍ය පෘථිවියේ නොතිබූ බවට නිගමනය කළ හැකියි. මන්ද වසර බිලියන 3කට පමණ පෙර පෘථිවියේ පැවතියේ ඉතා සුළු ඔක්සිජන් ප්‍රමාණයක් පමණයි. එහෙත් අඟහරු ග්‍රහයාගේ ඔක්සිජන් දැකිය හැකි වුණා. ජීවය අඟහරුගේ සිට පෘථිවියට පැමිණි බවට නිගමනය කළ හැකි බවට එයත් එක් සාධකයක්.” යනුවෙන් මේ සම්බන්ධයෙන් පර්යේෂණ ගණනක නිරත වූ ජෛවරසායන විද්‍යාඥයකු වන ස්ටීවන් බෙනර් සඳහන් කර තිබේ. 
ජීවය නිර්මාණය වනුයේ ඓන්ද්‍රීය සංයෝගය තුළිනි. එහි වෙනසක් සිදුවීම සඳහා කුඩා සහයක් අවශ්‍යය. එය ආලෝකය හෝ උෂ්ණත්වය හෝ වැනි ශක්තියක් ලද විට වෙනත් තත්ත්වයකට පත්වේ. ඔක්සිකරණය වූ මොලිබ්ඩිනම් ඇතිවන්නේ එවිටය. අඟහරු පිළිබඳ සාධකය සනාථ කෙරෙන තවත් කරුණක් වනුයේ පෘථිවිය බිහි වූ සමයේ එය සම්පූර්ණයෙන්ම ජලයෙන් වටවී තිබූ අතර අඟහරු ග්‍රහයා මත වියළි ප්‍රදේශ තිබූ බවට වන සාධකයයි. පෘථිවියේ තිබූ දියර ස්වභාවය හේතුවෙන් ජීවයේ පැවැත්ම සඳහා අවශ්‍ය වන තවත් ද්‍රව්‍යයක් වන බොරෝන් නමැති ද්‍රව්‍ය නිර්මාණය වීමට අසීරුය. බොරෝන් හමුවන්නේ සම්පූර්ණයෙන්ම වියළි කලාපවලිනි. ඒ අනුව පෘථිවිය මතට උල්කාෂ්මියක් මගින් අඟහරුගේ බොරොන් පෘථිවියට පැමිණෙන්නට ඇති බවත්, එමඟින් එහි ජීවය ඇතිවන්නට ඇති බවත් ඔහු සඳහන් කර තිබේ. 
වසර ගණනක් මුළුල්ලේ පවත්වන ලද පර්යේෂණවලින් බොරොන් නමැති ජීව ධාතුවේ රූපාකාරය හඳුනා ගැනීමට බෙනර් සමත් විය. පෘථිවියේ රිබොනිව්ක්ලෙයික් ඇසිඞ් නොහොත් ආර්.එන්.ඒ (සෛලවල ප්‍රෝටීන් නිෂ්පාදනය පාලනය කරන ද්‍රව්‍යයක්) ප්‍රමාණය විශාල වශයෙන් පැතිර තිබූ හෙයින් පෘථිවියේ ආරම්භක සමයේ එය මත බොරොන් පැතිරීමට බියක් දක්වන්නට ඇතැයි භූවිද්‍යාඥයෝ ප්‍රකාශ කරති. මේ හේතුවෙන් අඟහරු ග්‍රහයා මත බොරොන් බහුලව පවතින්නට ඇති බවට ඔවුහු අනුමාන කරති.
තාරකා විද්‍යාඥයකු සහ කොළොම්බියානු විශ්වවිද්‍යාලයේ තාරකා ජීවවිද්‍යා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ කලෙබ් ෂාෆ්, “පෘථිවිය මත අඟහරුගේ කොටස් සොයාගෙන තිබෙනවා. එමෙන්ම පෘථිවියේ කොටස් ද අඟහරු ග්‍රහයා මත පැවතිය හැකි බවට අපට සැක කළ හැකියි. පෘථිවියේ ඇති අඟහරුගේ කැබලි මත ජීවීන් සහිත කොටස් ඇති බවට තහවුරු කරගත හැකි වුවහොත් අප අඟහරු වැසියන් බවට විශ්වාස කළ හැකියි.” යනුවෙන් ප්‍රකාශ කර තිබේ.
පෘථිවිය
පැන්ස්පර්මියා නවීන සිද්ධාන්තයක් නොවුණ ද මෑත කාලයේ තාරකා විද්‍යාඥයන් විසින් සොයා ගන්නා ලද නවීන තොරතුරු මගින් පැන්ස්පර්මියා සිද්ධාන්තයෙන් ප්‍රකාශ කෙරුණු කරුණු රැසක් තහවුරු කිරීමට සමත් වී තිබේ. කෙසේ වුවද මෙම සිද්ධාන්තය ස්ථිර කිරීමට තරම් ප්‍රබල සාධක තවමත් හමුවී නොමැති හෙයින් එය විද්‍යානුකූලව තහවුරු කිරීමට නොහැකි වී තිබේ.
“පෘථිවියේ ජීවය ආරම්භ වූයේ අඟහරු ග්‍රහයාගෙන් යන මතය විමසුමට බඳුන් කළ යුතුයි. පෘථිවි ජීවය පිටසක්වළකින් ආරම්භ වූ බවට සනාථ කළ හැකි සාධක හා සාක්ෂි ඉදිරිපත් විය යුතුයි. එසේ වුවහොත් එය නූතන විද්‍යාවට සහ ආගමික විශ්වාසවලට සුවිශේෂ බලපෑමක් විය හැකියි. එවැන්නක් සනාථ වුවහොත් එය ආගමික මූලධර්මවාදීන්ගේ විශාල පරාජයක් වේවි” යනුවෙන් සියැටල්හි වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යාඥ පීටර් වෝඞ් පෙන්වා දෙයි.
බොහෝ විද්‍යාඥයන් විශ්වාස කරනුයේ පෘථිවියේ ජීවය බිහිවන්නට ඇත්තේ වසර බිලියන 3.8කට පමණ ඉහතදී බවය. පෘථිවිය ආසන්න ග්‍රහලෝක සමඟ ඓන්ද්‍රීය හා ජීවී ද්‍රව්‍ය නිරන්තරයෙන් හුවමාරු කරගන්නා බවට පැන්ස්පර්මියා සිද්ධාන්තයට සහය දක්වන බකිංහැම් විශ්වවිද්‍යාලයේ තාරකා ජීවවිද්‍යාඥ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ සඳහන් කර තිබේ. පෘථිවි ඉහළ වායුගෝලයේ පවතින උල්කාෂ්මයන්ගෙන් නික්මුණු පොසිල කොටස් සහ කුඩා ඇල්ගී කොටස් එහි තැන්පත් වන්නට ඇත්තේ ඒ අසලින් ගමන් කෙරුණු ධූමකේතු මගින් බවට ඔහු විශ්වාස කරයි. “අතීතයේ මෙය අනුමානයක් හා හුදු සිද්ධාන්තයක් පමණක් වුවද වර්තමානයේ ඒ සම්බන්ධ සාධක හමුවෙමින් පවතී.” යනුවෙන් ඔහු සඳහන් කර තිබේ.
2015 තාරකා ජීව විද්‍යාත්මක සඟරාවට ලිපියක් සපයන මහාචාර්ය වික්‍රමසිංහ හා ඔහුගේ පර්යේෂණ කණ්ඩායම පෘථිවියට ජීවය පැමිණුන ආකාරය සම්බන්ධයෙන් තම මතය පැහැදිලි කරති.
“අප අවට මන්දාකිණියේ ඉතා කුඩා කොටසක කරන ලද නිරීක්ෂණවලට අනුව 900කට ආසන්න බාහිර ග්‍රහයන් පිළිබඳව අපට අනාවරණය කරගත හැකි වුණා. ඒ අනුව අපගේ මන්දාකිණියේ වාසයට සුදුසු ග්‍රහයන් බිලියන 140ක් පමණ තිබෙන බවට අනුමාන කළ හැකියි. මෙයින් වැඩි ප්‍රමාණයක් දීප්තියෙන් හීන සහ කුරු ග්‍රහයන් සමඟ සම්බන්ධ ග්‍රහයෝ. ඒ අනුව ජීවය පැවතිය හැකි ග්‍රහලෝක ඉතා කෙටි ආලෝක වර්ෂ ප්‍රමාණයක දුරකින් පිහිටා ඇති බවට නිගමනය කළ හැකියි.
ඒ අනුව ආසන්න දුරකින් පිහිටා ඇති මෙම ග්‍රහලෝකවලින් දුහුවිලි, සුන්බුන්, උල්කාෂ්ම, ධූමකේතු පිටකළ හැකිය. එලෙස පිටකරන ද්‍රව්‍යවල වේගය අපගේ සෞරග්‍රහමණ්ඩලයේ පවතින තාරකාවලින් පිට කෙරෙන වේගයට වඩා වැඩි වන අතර සාමාන්‍යයෙන් බහුවලයික කක්ෂවලින් ඒවා සමන්විතය. එහෙයින් ඍජුවම ග්‍රහණය කරගැනීමේ ශක්තියෙන් හීනය.
කෙසේ වුවද බහුවලයික කක්ෂයක පිහිටා තිබුණ ද සංක්‍රමික ධූමකේතු වැනි දේවලින් පිටකෙරෙන බැක්ටීරියා සහ වෛරස අන්තර්ගත අතුරු මයික්‍රෝන දුහුවිලි, අන්තර් ග්‍රහලෝක මණ්ඩලයේ ගැටීම හේතුවෙන් ඒවා පහසුවෙන් තැන්පත් විය හැකිය. එය ජීවය පැවතිය හැකි ග්‍රහලෝකවලට අහිතකර ලෙස බලපානු ඇත. සරල ලෙසින් පැවසුවහොත් ධූමකේතුවල පවතින අණු සහ ප්‍රාණී කොටස් ඒවා පසුකර යන ග්‍රහලෝකවල තැන්පත් විය හැකිය.
 “පෘථිවිය අඟහරුට වඩා ජීවත් වීමට සුදුසු ග්‍රහලොවක් බැවින් අප පෘථිවියේ නැවතුණු එක හොඳයි. මන්ද අපගේ කල්පිත මුතුන්මිත්තන් අඟහරු ලොවේ ජීවත් වූවා නම් මේ කතාව පවසන්නට මේ වනවිට කිසිවකු නැතැයි” ස්ටීවන් බෙනර් පවසා තිබේ.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා
උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....

අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Friday, September 15, 2017

ඉගිලී ගිය කුරුල්ලන් මන්තර බලයෙන් බිම දැමූ කිරි පුංචා බලි ඇදුරා.....(අබිරහස් අඩවිය - Abirahas Adawiya - හොල්මන් කතා. holman katha)

සත් කෝරලය යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රය පිළිබඳව බොහෝ ඇසූ පිරූ තැන් ඇති අය සිටි ගම් ප්‍රදේශයකි. බොහොම ඉස්සර මේ සත්කෝරලයේ ගමක් වූ බෝයවලාන නම් ප්‍රදේශයේ ඉතාමත් දක්ෂ මන්ත්‍ර ශාස්ත්‍ර දන්නා මහා බලි ඇදුරෙක් සිටි බවට පැරණි තොරතුරු ඇත. කීර්ති ශ්‍රී රාජසිංහ රජු මහනුවර රජකළ අවධියේ සත් කෝරලයේ පාලන කටයුතු බාරව සිටි අදිකාරම්වරයා වූ මීගස් තැන්නේ අදිකාරම වාසය කර ඇත්තේ කුලියාපිටිය අසල පිහිටි කෝන්ගහගෙදර නම් වූ ස්ථානයේය. මේ කිරිපුංචා බලි ඇදුරා මීගස්තැන්නේ සමගද සම්බන්ධකම් පැවැත්වූ අයෙකි. මීගස්තැන්නේ මහ අදිකාරම් ද කිරිපුංචාට හොඳින් සැලකුවේ ඔහු යන්ත්‍ර මන්ත්‍ර ගුප්ත ශාස්ත්‍රය දන්නා අයෙකු නිසාය.
බෝයවලාන ගමේ තිබූ පැලහැටිවත්ත නමැති බිම්කඬේ පැලක් අටවාගෙන ගොඩ ගොවිතැන් කරමින් සිටි කිරිපුංචා යකුන් එළවීම, යකුන් බැඳ වැඩ ගැනීම, යකුන් මෙල්ල කිරීම ආදී කටයුතුවල යෙදුනේ තම පරම්පරාවෙන් ලද යන්ත්‍ර මන්ත්‍ර ඥානය යොදාගනිමින්ය. මේ නිසා ගමේ අය කිරිපුංචාට දැක්වූයේ මහත් ගෞරවයක් මෙන්ම බියකි. මිටි සිරුරකින් හා කරුංකා ගෙඩියක් තරම් වූ පුංචිම පුංචි කොණ්ඩයක් බැඳ කරේ ලේන්සුවක් දමා නිතර එහෙ මෙහෙ යන කිරිපුංචා බලි ඇදුරා කෙනෙක් හමුවූ විට “ආයි බෝං බැහැරක් දැයි අසන්නේ හිස ද නමමින්ය. එහෙත් මිනිසුන් ඔහුට දැක්වූයේ බිය මුසු ගෞරවයකි.
දිනක් ගෙදර දොරකඩ  කොස්   ගසේ කෑ ගසමින් කලබල කළ කපුටු රංචුවක්, බලා සිටි අයද මවිතයට පත් කරමින් කිරිපුංචා විසින් බිම දැමුවේ මන්ත්‍ර බලයෙන්ය. ඒ මන්ත්‍රයක් මතුරා බිම තිබූ වැලි මිටක් මිට මොළවා උඩට විසි කිරීමෙන්ය. මේ අරුම පුදුම දෙය දුටු අය එදා සිට කිරිපුංචාට තවත් බිය වූ අතර ඔහුට දැක්වූ ගෞරවයද වැඩිවිය. 
ගමේ ආරච්චි වසම කළ පුංචිරාල රාලහාමි කිරිපුංචාගේ හිතවතෙක් විය. නිතර නිතර කිරිපුංචා මෙම ආරච්චිල හමුවීමට ඔහුගේ වලව්වට ගියේ ටික වේලාවක් කතා බස්කර තේ කහට එකක් බී බුලත්විටක් ද සපා ඇයි හොඳැයි පැවැත්වීමටයි. එදා ගම්මුන්ගේ සිරිත් එසේ විය. මේ කතාබස්වලදී යන්ත්‍ර මන්ත්‍ර ගැනද කතාබස් කෙරිණි. 
මේ පුංචිරාල ආරච්චිරාලාමි උඩරට මහ වාසල මුරකරුවන් යෙදවීමේ කටයුතුවලටද දායක වූ අයෙකි. ඒ නිසා රජතුමා සමගද බොහෝ ළඟින් ඇසුරු කළේය. ඒ නිසා රජතුමා පුංචිරාලට තම දුක් කරදර ද බොහෝ විට පවසා ඇත. පුංචිරාල මාලිගයට සේවය කළේ බොහෝ යටහත් පහත්වයි. මේ හේතුව නිසාම මීගස්තැන්නේ මහ අදිකාරම් ද නිතර බෝයවලානට යන එන සිරිතක් තිබුණි. මීගස්තැන්නේ පුංචිරාලට කීවේ බෝයවලානේ කියාය. දිනක් හදිසියේම පණිවිඩකරුවෙක් පුංචිරාලගේ වලව්වට ආවේ හිමිදිරි උදයේමය. පණිවිඩකරුවා දුටු සැණින් අඳුනාගත් පුංචිරාල “ඇයි ගබ්බලයෝ? මොකද උදේ ම හදිසියක් වත්දැයි ඇසීය.”
“එහෙමයි ආයුබොවං, අන්න අපේ මීගස්තැන්නේ උන්නාන්සේ තමුනාන්සේ කැටිව වහාම කෝන්ගහවලව්වට එන්ට කිව්වා යැයි කීය. !අ“තෝ පල මං හනික එන්නං කී පුංචිරාල පණිවිඩකරුවා ආපසු යවා තම තිරික්කලයෙන් එහි යාමට පිටත් විය. කෝන්ගහගෙදරට යන විට ඈත තියා දුටුවේ වලව්වේ ඉදිරිපස බරාඳයේ විමසිලිමත්ව සිටින මීගස්තැන්නේ අදිකාරම්ය. පුංචිරාල වහා තිරික්කලයෙන් බැස මීගස්තැන්නේ අසලට ගොස් ආචාර කළේ පණිවිඩය දැනගැනීමටයි. හොඳින් හිනාමුසුව පිළිගත් පුංචිරාලට එහි ඇති ලොවි බංකුවේ වාඩිවන ලෙස කී මීගස්තැන්නේ ඉතාමත් රහසින් යමක් කීවේය. ඒ කීවේ මහවාසල පණිවුඩයකි. 
“පුංචිරාල අපේ රජ්ජුරුවන්ගෙ දේවියට මහ කරුම ලෙඩක් හැදිලා. හිස කොට්ටෙ තියන්න බෑ මුළු වාසල පුරාවේ දුවනව කෑ ගහනව එක එක විකාර. ඉතිං බොහොම වෙද්දුත් ගෙන්නල ගුරුකං කරලා තියෙනව. එකකින්වත් හොඳක් නෑ. මං මේ පුංචිරාලට එන්ට කීවේ අර බෝයවලානේ ඉන්න කිරිපුංචව එක්කං ගිහිල්ලවත් ගුරුකමක් කරමුයි කියන්ටයි කීය.
“එහෙමයි අදිකාරම් තුමා”යි කී පුංචිරාල වහාම ආපසු ආවේ මේ සිද්ධිය කියා කිරිපුංචා වෙදරාලත් සමග ආපසු නුවර රජවාසල වෙත යාමටයි. ආපසු වලව්වට ආ පුංචිරාල ආරච්චිල වහාම පණිවුඩයක් යවා කිරිපුංචා ගෙන්වාගති. කිරිපුංචා ද විපිළිසර වූයේ මේ තකහනියක් කැඳවූයේ කුමකටද? කියාය. කිරිපුංචා අසලට ගිය ආරච්චිල හා ඔහෙං ඈඳිගනිං යයි කියමින් කතාව පටන්ගති.
“මං මේ උඹට තකහනියක් පණිවුඩ යැව්වේ අපේ මහනුවර මහ වාසලිං පණිවිඩයක් තියනවා.” උඹ දන්නවද? රාජ මහේෂිකාවට දිෂ්ටියක්. ඉතිං වාසල උන්නාන්සෙ උඹහැව එක්ක ගිහිං සාත්තුවක් කොරන්නට අණකළා යැයි කීය. උඩබිම බැලූ කිරිපුංචා ඒකත් හොඳයි කියා සිතුවේය. යළිත් කතා කළ ආරච්චිල “හෙට උදැහැනැක්කෙම වාසලට යා යුතුයි. මම උඹටත් එක්ක කලමනා ලෑස්ති කරනවා යයි අණ දුන්නේය.
හොඳයි කී කිරිපුංචා ගෙදරවිත් පරණ පුස්කොළ පොත් පෙරළා බලා යම් දෙයක් දැනකියා ගති. පසුදා පහන්වන්නටත් පෙර ඔවුන් දොට්ටපිළට බැස්සේ කඩිමුඩියේම මහ වාසලට ගොඩවැදීම සඳහාය. දිනක ගමනකින් පසු මහවාසල වෙත ළඟාවූ පුංචිරාල දුක්ගන්න නිලමේට තමන් ආ කාරිය කියා පණිවුඩපත ලබාදුනි. එය රජ්ජුරුවන්ට දැන්වූ පසු දෙදෙනාම දිග්ගෙට කැඳවා තේ ආදිය සප්පායම් වෙන්ට දී අනතුරුව රජතුමාම සිද්ධිය කිරිපුංචාට දැන්වීය. හිස නමා ආචාර කරමින්ම අවසර ගත් කිරිපුංචා ලෙඩා බැලීමට ඇතුළුගෙට වනි.
ගතවූයේ මොහොතකි. කෙස් කඩාගත් බිසව හිස හැරුණු හැරුණු අත කාමරය පුරා දිව්වේය. ටික වේලාවකින් එය නතරවුනි. සේවිකාවන්ගේද උත්සාහයෙන් බිසව අල්ලා ඇඳට දමාගත් කිරිපුංචා තම බෙහෙත් හෙප්පුවෙන් කුඩු ස්වල්පයක් ගෙන නාසයට නස්න කර මතුරන්නට පටන් ගති. ඒ මොහොතේ සිටම බිසවට රෝගය සනීප වුනි. පරිවාර කාන්තාවන් ඒ බැව් රජතුමාට දැන්වීය. රජතුමා බොහෝ සතුටට පත්ව දින කීපයක් වාසලේ රැඳෙන ලෙස දෙදෙනාටම දැන්වීය. දැන් බිසවට හොඳටම සනීප වී ඇත. පුංචිරාල හා කිරිපුංචා ද ආපසු  ගම්බලා පිටත් වුනි. මෙච්චර වෙදකමකුත් කර බිසව ගොඩදමා කළ උදව්වට කිසිදු සැලකීමක් රජු නොකළ නිසා කිරිපුංචාට කේන්ති ගියේය. ඔහු මහවැලි තොටින් ආපසු එද්දී වැලිමිටක් ගෙන මතුරා අහසට විසිකළේය. 
එසේ කළ කිරිපුංචා රජතුමා කෙරෙහිද අප්‍රසාදය කියමින් පුංචිරාලත් සමග ආපසු බෝයවලානට ආවේය. ගතවූයේ දින කීපයකි. යළිත් උදෑසනක මහ වාසලින්ම පණිවිඩකරුවෙක් ආවේ පුංචිරාල ආරච්චි සොයාගෙනයි. ඔහු දුන් පණිවුඩය බරපතළය. ඉන් කියවුණේ යළිත් බිසවගේ අසනීපය උග්‍රවී ඇති බවකි. පුංචිරාලට හැකි ඉක්මනින් වෙදරාලත් රැගෙන මාලිගයට එන ලෙස අණකර තිබුණි. මේ ආරංචිය ඇසූ කිරිපුංචා බොහොම සතුටට පත්ව මේ වාරයේ හොඳ වැඩක් කරන්නං යයි සිතමින් ඉන්නා විට ආරච්චිලම එහි විත් මේ හදිසි පණිවුඩය කියා එවලේම මහ වාසලට යාමට පිටත් වුණි.
මෙවැනි වැඩක් කළ විට සතුටු පඬුරු පිළිගැන්වීමක් පුරාණයේ තිබුණි. නමුත් රජුට එය අමතක වුණි. මෙවර එය උසස් අයුරින්ම කරන්නට රජුට සිත්වූයේ ඒ ගැන මීගස්තැන්නේ අදිකාරම් ද රජුට මතක්කර සිටි බැවිණි. මහ වාසලට ගිය පුංචිරාල හා කිරිපුංචා රජු හමුවී වහාම දේවිය පිරික්සන්නට අවසර ගත්තේය. එදිනද මුල් දිනයේ මෙන්ම දේවිය දුවන්නට හා දඟලන්නට පටන්ගති. පයේ නිලයක් ඇල්ලූ කිරිපුංචා වෙදා මොහොතකට දේවිය විසඥ කළේ හදිසි යමක් සූදානම් කරගැනීමටයි. වහාම රතුනෙළුම් මලක් ගෙනෙන්නට කී කිරිපුංචා වාසලේ මැද මිදුලේ අසුනක් සකසා එහි දේවිය වාඩිකරවන ලෙස ඉල්වීය.
මේ අසනීපය භූත දෝෂයක් නිසා සිදුවූවක් නොවේ. නාසයේ වෙසෙන යම් ක්ෂුද්‍ර ජීවියකු මගින් ඇතිවන සංකුලතාවකි. එය තේරුම් ගත් කිරිපුංචා ගෙනගිය බෙහෙත් කුඩු වරු තුනක් නෙළුම් මලට දමා අසුනේ වාඩිකරවා බිසවට උරවන ලදී. මුල්වතාවේ තුඩු ස්වල්පයකින් එම කටයුක්ත සිදු නොවුන නිසා බිසවට නැවත රෝගය උත්සන්න වුණි. එවර නිට්ටාවට රෝගය සුව වූ  නිසා රජු තුටු පහටුව තෑගි බෝග ලබාදුනි. කිරිපුංචා තම නෑදෑයන්ද කැටුව ගොස් දේවියට අසුගැබේ මල්බලියාගයක්ද කළේය. එය අලංකාර නැටුම් ගැයුම්වලින් සමන්විත වූ යාගයකි. රජතුමා බොහෝ සේ දෙදෙනාට ස්තුතිකොට පුංචිරාලට මහ වාසල දුක්ගන්නා පයින්ඩයක්ද ලබාදුනි.
දින කීපයකට පසු බෝයවලානට ආ මීගස්තැන්නේ අදිකාරම කුඩාඔය අසල ඇති බෙරුව නම් ස්ථානයේ අණබෙරයක් (ලෝකඩ බෙරය) එල්ලා එය ඇසුන හතරමායිමේ බිම්කඩ පුංචිරාලගේ දරු මුනුබුරු පරම්පරාවට නින්දගම්කොට පවරා දෙන ලදී. ඔවුන්ට විජයකෝන් යන නමද පටබැඳ පවරා දෙනලදී. එසේම පුංචිකිරාමද පැලැගැමිවත්ත සහ තවත් දේපළ උපපද නාමද සහිතව බාල් ඊල් සාරාමාරු ඇතිව නම්කොට දෙනලදී. එදා සිට කිරිපුංචා සිල්ප දත් සකලච්චාරී ගණිතයලාගේ යන වාසගමින් සම්පූර්ණ කරන ලදී. 
මෙසේ පවරා දුන් සන්නස් පත්‍ර මෑතක් වන තුරුම ඔවුන් සතුව තිබුණි. නමුත් ඉංග්‍රීසි පරිපාලන සේවා මගින් ඒවායේ බල රහිතවී ඇත. තවමත් මෙම පරම්පරාවල අය එම ගමේ ජීවත්ව සිටිති.
lankadeepa
උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Monday, August 28, 2017

මහාචාර්යවරයාගේ කැමරාවේ සටහන්වූ අත්භූත චායාරූප....(අබිරහස් අඩවිය - Abirahas Adawiya - හොල්මන් කතා. holman katha haskam athbutha somawathiya)

සෝමාවතී විහාරයේ රාත්‍රී කැමරා කාචයන්ට දර්ශනය වන අද්භූත දර්ශන ගැන මම බොහෝ කලක සිට අසා ඇත්තෙමි. මේ‍ මෑතකදී යමෙකුගේ කැමරා කාචයේ සඳහන් වූ සිත චංචල කළ එම ඡායාරූපද දුටුවෙමි. ලුණු රස අත්නොවින්දෙකුගෙන් එම රසය කුමක්දැයි විමසූ විට ඔහු නිරුත්තර වන්නාක් මෙන් මන:කල්පිතයත් සත්‍යයත් අතර මේ අත්දැකීම් තවකෙකුට විග්‍රහ කිරීමේදි මම අතරමං වූයෙමි. ඉන් බොහෝ කාලයකට පසුව වුව අනුරාධපුරයේ වන්දනාවේ ගියද සෝමාවතියේ රාත්‍රියක් ගත කරන්නට මා සිත මදක් අදිමදි කළේ සෝමාවතිය වටා සැරිසරන මේ අද්භූත දර්ශන මා සිත නිරතුරුව සැරි සැරූ නිසාය.
තත්ත්පර පැය දිනයන්ට පෙරළී කාලය වේගයෙන් හඹා ගියේය. මා සිත්හි පළපැදියම් වූ මේ අද්භූත සිතුවිලි කාලයාගේ ඇවෑමෙන් මැකී ගියේ ය. එහෙත් පසුගිය දිනක මේ කතා පුවත තවත් සනාථ කරමින් මේ හා සමානම සිද්ධි දාමයක් පිළිබඳ තොරතුරු අපට හෙළි කළේ රට පිළිගත් විද්වතෙකි. අදාළ කතා නායකයා රටේ ගරු නමක් හා කීර්තියක් දිනා සිටින මහාචාර්යවරයෙකි. මේ පවසන තොරතුරු සඳහා ඔහුගේ නමක් ඇවැසි නැතැයි තීරණය කළේද ඔහුමය. එය සත්‍යයකි. මිනිසුන්ගේ පියවි ඇසට ග්‍රහණය නොවන ලෝකයක් ඔහු දුටුවේ ය. සියල්ල මනංකල්පිතයෙන් තොර සත්‍යයට බොහෝ සමීප කරුණුය. ඔහුගෙන් ලද ඒ තොරතුරු ප්‍රථම වරට මාධ්‍යයක් මඟින් හෙළිකරන්නේ මිනිසාට ග්‍රහණය නොවන අති ඉන්ද්‍රීය ලෝකයේ සැබෑ තත්ත්වය අප සැමගේ සිත් ද මොහොතක් චංචල කරන නිසාය.
මිථ්‍යාවෙන් ඔබ්බට ගිය ලෝකයක් සමාජ ගත කළ යුත්තේ ආගමානුකූලවයැයි අපි අසා ඇත්තෙමු. ඉහළ සිට පහළට ජලය ගලා යන්නාක් මෙන් ජීවත් වූවන් ලබා දෙන පිං ග්‍රහණය කර ගැනීමේ හැකියාව ඇත්තේ ප්‍රේතයන්ට පමණක් බවත්, නොපෙනෙන ලෝක අතරින් පෙනෙන ලෝකයක් ඇත්තේ ප්‍රේත ලොව පමණක් බව බුදු රජාණන් වහන්සේ ජාණුස්සෝණි බමුණාට වදාළහ. එහෙත් මේ අති ඉන්ද්‍රීය විෂයන් වු ප්‍රේත ආත්මයන්ගේ සැකිලි මිනිස් ඇසට ගෝචර වූ කතා පුවත් අපට අසන්නට ලැබෙන්නේ අහම්බෙනි. තාක්ෂණයෙන් අති දියුණු විද්‍යාවට පවා ගෝචර නොවූ මේ දේ අද ඇස් පනා පිටම යථාර්තථයක් වන්නේ ‘අපි මැරුණු පසු කුමක් වේද?‘ යන පැනය මතු කරමිනි. එහෙත් යථාර්ථය අපට ස්පර්ශ කළ නොහැක්කාසේ, යථාර්ථය අවබෝධ කර ගත යුත්තේ ධර්මයෙන් මිස වෙන කිසිවකින් නොවන බවද මේ හරහා අවබෝධ වනු ඇත. මේ මහාචාර්යවරයාගේ අධෝරක්ත ග්‍රාහක කැමරා (Infrared Camera) මඟින් ගෝචර වූ මේ සැබෑ දසුන් දකින ඔබ සිත්හිද පුංචි හෝ තිගැස්මක් ඇති වනු ඇත. මේ මහාචාර්යවරයා තමා ලද සත්‍ය අත්දැකිම් විග්‍රහ කරන්නේ කුතුහලයෙන් විඳින්නට වඩා බුද්ධියෙන් යමක් සිතන්නටය.
ඉලුක්කුඹුර ප්‍රේත ආත්මය
ඈත කඳුකරයේ සිදුකරන පුරා විද්‍යාත්මක ගවේෂණ සිය සිතුවිලි වෙනතකට හරවන්නට වූයේ ඔහුටත් නොදැනීම ය. මළ හිරු බැස යද්දී නැගෙන පාංඩු පැහැ හිරු කිරණින් ඉලුක්කුඹුර ගමට ගෙන එන්නේ මහා මූසල බවකි. දුහුවිල්ලෙන් වැසී ගිය ගුරුපාර දෙපස වූ එරමිණියා කැලෑව ඈතට දිස්වූයේ සුළඟට දෙපසට පැද්දෙන ඇටසැකිලි පෙළක් මෙනි. පුරාවිද්‍යා කැණීම් අතර ලද ඉසුඹුවකදී ගෝලබාලයින් හා අත්උදව්වට පැමිණි පිරිස් සමඟ ඡායාරූප ගැනීම ඔවුන්ගේ පුරුද්දක් විය. ඔවුන් අත වූ අධෝරක්ත ග්‍රාහක කැමරාවෙන් උදව්වට සිටි අයකු තවත් අයකුගේ රුව ඡායාරූපයට නැගුවේ විනෝදයට මෙනි.
“මේ දේ වුණේ රත්නපුර ඉලුක්කුඹුර කියන ප්‍රදේශයේ. මේ පළාතේ කන්දක පුරාවිද්‍යා කැණිම් මමත් මගේ ගෝලයනුත් එක්ක එකතු වෙලා කරගෙන ගියා. මේ වෙද්දි ගමේ අයත් අපිත් එක්ක හිතවත් වෙලා හිටියා. මේ පළාතෙ තිබුණේ මහා පාළු ගතියක්. ඡායාරූප ගනිද්දි අපිට හැම වෙලාවේම හිතුණා මේ ඡායාරූපවල අද්භූත දේ සටහන් වෙන්න පුළුවන් කියලා. මේ නිසා අපි හරිම අවධානයෙන් තමයි මේ හැම දෙයක්ම කළේ. එහෙම ගනිද්දි අපි හිතුව වගේම ගමේ ළමයකුගේ ඡායාරූපයක පැත්තකින් අද්භූත පිරිමි රුවක් මතුවෙලා පෙනුණා. මේක හරිම පැහැදිලි පිංතූරයක්. මේ නිසා අපි හිතුවා මේ ගැන හොයලා බලන්න ඕන කියලා. මේ සිද්ධියෙන් පස්සේ අපි මේ ගැන විපරම් කළා. මේ ඡායාරූපයේ පෙනෙන කෙනා මේ ආසන්න ප්‍රදේශයක හිටියද කියලා. පස්සේ අපිට ආරංචියක් ආවා, මේ ආසන්න කන්දක ජීවත් වෙන පවුලක් ගැන. දවසක මහ දවල් අපි මේ කන්ද නැග්ගා මේ ගැන හොයන්න. මේ කන්දේ තිබුණේ මේ ගේ විතරයි. වෙන කිසිම පවුලක් නැහැ. අපි ආගිය තොරතුරු කතා කර කර කුරුම්බා ගෙඩියක් බොන අතරේ අපේ වෙලාවට වගේ ඒ ගෙදර ළමයෙක් රාමු කරලා තිබුණු පිංතූරයක් දූවිලි කූඹි යන්න කියලා මිදුලෙන් ගිහින් තිබ්බා. අපේ ඇස් උඩ ගියා. මේ රාමු කළ පිංතූරයෙයි අර අපි ගත්ත ෆොටෝ එකෙයි හිටියේ එකම රූපය තියෙන එක්කෙනෙක්. මේ පුද්ගලයා මැරිලා අවුරුදු 9 ක් වෙනවා. මැරෙන කොට සත්තු දඩයම් කරලා වගේම ගමේ යම් යම් දුරාචාර වැඩත් කරලා තියෙනවා....අවුරුදු 9 ක් වෙලත් තාමත් අර පුද්ගලයා මේ පළාතේ තවමත් සැරිසරනවා...“ මහාචාර්යවරයා මා සමඟ පැවසීය.
මහාචාර්යවරයා පවසන පරිදි සේයාරුවේ පෙනුණු එම පුද්ගලයා ජීවත්ව සිටි කාලයේ හැඩ රුවද නොවෙනස් ය. සමානය. සැබෑ ජීවිතයේ එම පුද්ගලයා පෙනී සිටි ආකාරයෙන්ම වසර නවයක් පුරා ප්‍රේත ආත්ම භාවයන්හිද ඔහු සැරි සරන්නේ එයාකාරයෙන්මය. එම රාමු කරන ලද සේයාරුවේ පිටපතක් අප සතු වුවද මාධ්‍ය සදාචාරය අගයමින් අපි එය පාඨකයන් හමුවේ නොතබමු. එහෙත් විද්‍යාවටත් හසු නොවු ඉලුක්කුඹරේ ප්‍රේත ආත්මය සොයා ගිය ඒ ගමනේ සත්‍යය කතාව කෙසේ නම් බැහැර කළ හැකිද?
හල්දුමුල්ලේ දුටු ප්‍රේත ආත්ම
කුඩා කල අපේ අත්තම්මලා අතපය විසි කරමින් අපට හැසිරෙන්නට එපායැයි පැවසූයේ අප වටා සැරිසරන අනේක විධ ප්‍රේත ආත්මයන්ට හිරිහැරයක් වෙතැයි කියාය. එදා අපි ආත්තම්මලාගේ එවැනි කතා බැහැර කළේ එවැනි භූතාත්ම ඇතැයි කීම විහිළුවක් ලෙස සලකමිනි. එහෙත් දැඩි ආසාවන්ගෙන් හා ලෝභයන්ගෙන් යුතු මිනිසුන් මරණයෙන් මතු ප්‍රේත ආත්මභාවයන්හි ඉපිද කල්ප ගණනින් ආයුෂ ගෙවන ආකාරය බුදු දහමේ අපූරුවට විග්‍රහ වන්නේ ය. පියවි ඇසට ග්‍රහණය නොවූ ඒ සත්‍ය අත්දැකීම මෙකී මහාචාර්යවරයා ලද්දේ හල්දුමුල්ල ප්‍රදේශයේ දීය.
“හල්දුමුල්ල පළාතේ අවුරුදු 3000 කට පෙර සොහොනක් මතුකර ගන්න අපි ඒ පළාතේ කැණීම් වගයක් කළා. දවල් වැඩ කරලා රාත්‍රියට අපි නවාතැන් ගත්තේ ඒ පළාතේ ගෙයක. මේ නැවතුණු ගෙදරට රෑ 8.45 වෙද්දි එක එක වර්ගයේ එළි එනවා. ඒ වගේම තැනින් තැන පුලුටු ගඳත් එනවා. අපි නිවැසියන් එක්ක එළියට බැහැලා මේ ගැන හෙව්වා. ළඟ රෙස්ටුරන්ට් එකකටත් ගිහින් බැලුවා මේ පුලුටු ගඳ එන්නේ එහෙන්ද කියලා. පස්සේ අපි අපේ කැමරාවලින් ෆොටෝ ගහලත් බැලුවා. ඒ ඡායාරූපවල මේ එළි හොඳට පේන්න තියෙනවා. පස්සේ මම මගේ යාළුවෙකුට කිව්වා මේ ගැන. එයා මට කිව්වා ගේ ඉස්සරහා පහන් පැලක් හදලා රෑ 9 වෙනකොට පහනක් පත්තු කරලා දස දිසා පිරිත කියවන්න කියලා. අපි මේක කරන්න ගත්තා. ඒ අතරේ අපි විනාඩියෙන් විනාඩිය මේ පහන් පැලේ පිංතූර ගත්තා. අපිටත් පුදුමයි. පහන පත්තු කරනකොට එක එක එළි එන්න ගත්තා. ටික වෙලාවක් යනකොට මේ එළි ඇවිත් මාව වහගත්තා. මේ හැම දේම අපේ කැමරාවල අපූරුවට සටහන් වුණා. මේ එළිවල තියෙන්නේ අද්භූත ඡායාරූප. සමහර එළි කළල රූප වගේ. තවත් ඒවායේ ඇස් කන් නාස පවා තියෙනවා. සමහර ඒවායේ වර්ණ පවා තියෙනවා. මේ එළිවල ඉන්නේ අවුරුදු 3500 කට පෙර මියගිය අය කියලා අපි විශ්වාස කරනවා. අනන්ත අප්‍රමාණ වතාවක් ගැලවීමක් නැතිව සංසාරයේ සැරිසරන උදවිය තමයි මේ අය. දස දිසා පිරිතේ අවසානයත් සමඟ මේ එළි නැතුව ගියා......“
බුද්ධාන්තර ගණනාවක් සා පිපාසාදී දුකින් පෙළෙන ප්‍රේතයන් ගැන බෞද්ධ පොතපතේ සඳහන් වන මෙවැනි දෑ අපට එක්වරම බැහැර කළ නොහැක්කේය. ඔවුන්ගේ ආයුෂ තීරණය වන්නේ වර්ෂයන්ගෙන් නොව කල්ප ගණනිනි. යමුනා, අචිරවතී, ගංගා ජලය මොවුන්ගේ මුවගට වැටුණත් සා පිපාසාව දුරුවී නොයන තරමට මේ ප්‍රේත ආත්ම අනන්තවත් අප වටා සැරිසරන බවට මේ අත්දැකීම ප්‍රමාණවත් ය.
කතරගම කිරි වෙහෙරේ දුටු ප්‍රේත ආත්මය හා හුණුගල ගුහාවේ කාලි අවතාරය
“මේ එක් සිදුවීමක් වුණේ කතරගම කිරි වෙහෙරේදි. මගේ හිතවත් පවුල් දෙකක් හා මගේ ගෙදර කට්ටිය එක්ක අපි ගියා කතරගම. අපේ විශේෂ අවධානයක් තිබුණේ රාත්‍රියට කිරි වෙහෙරේ පහන් පූජාවක් කරන්න. අපි කට්ටිය එකතු වෙලා කිරිවෙහෙරේ ලස්සනට පහන් පත්තු කළා. පස්සේ මගේ යාළුවෙකුට මම කිව්වා කිරිවෙහෙරත් වඳින්න එක්ක මේ පහන් පැල පිංතූරයකට ගන්න කියලා. කිසිම බාධාවක් නැතුව ඡායාරූප ගත්තා. ඒත් එ්කේ කොනක අද්භූත ඡායාරූපයක්. පිරිමි රුවක් පහන් පැල ඉස්සරහා එබී ගෙන ඉන්නවා. ඉතාම පැහැදිලියි. මූණේ කොටසකුත් නැහැ. අපි අනුමාන කළා ඒ රුව මැරුණු හමුදා සොල්දාදුවකුගේ කියලා. අපිට අවශ්‍ය වුණා මේ රුවේ සැබෑ පුද්ගලයා කවුද කියලා හොයා ගන්න. ඒත් කාලය හරස් වුණා. දෙවැනි සිදුවීම වුණේ හුණුගල ගල් ගුහාවේ කැණීම් කරද්දි. අපිට මේ ගල්ගුහාවේ කැණීම් කරන්න ගියාම හරියට කරදර වුණා. සමහර වෙලාවට කරන්න දෙන්නෙම නැහැ. පත්තු කරන එළි සියල්ල නිවි නිවි යනවා. මෙහෙම අපහසුවෙන් කරන කොට අපි කොහොම හරි ජෙනරේටරයක් ක්‍රියාත්මක කර ගත්තා. අපේ අය මේකෙ එළියෙන් ඡායාරූප ගත්තා. ඒ එක් ඡායාරූපයක වෙනස්ම ආකාරයේ දර්ශනයක් සටහන් වෙලා තිබුණා. හොඳට බලන කොට කොටියෙක්ගේ පිටේ ඉන්න ගැහැනියක්. මේ සොහොන් කාලි අවතාරය කියලා අපි හොයන විට තේරුම් ගත්තා. මෙයා තමයි මෙතැනට අරක් ගෙන අපට මේ කටයුතු කරගන්න නොදී දිගින් දිගටම බාධා කළේ. “
ස්වභාව ධර්මයේ සැරි සරන මේ ශක්ති ප්‍රභව පිළිබඳ මේ කතා කිහිපයක් පමණි. මින් බොහොමයක් යා යුතු මං සොයමින් අනන්ත සසරේ සැරි සරන ප්‍රේතයන්ය. මේ අධෝරක්ත කැමරා කාචයන්ට එවැනි දසුන් පමණක් නොව මන:කල්පිතයක්යැයි අප බැහැර කරනා දේවතා දසුන්ද හසුවූ කතා ඇත. මේ මහාචාර්යවරයාගේ හිතවත් මිතුරෙකුගේ කැමරා කාචයේ සටහක් වූ ඡායාරූපයක එවැනි දේවතා දසුනක් දකින්නට හැකි වූයේ රාත්‍රියේදි ථූපාරාම විහාරයේ ගත් ඡායාරූපයකදී ය. දෙවිවරු පැමිණ බුදු රදුන්ගේ දකුණු අකු ධාතූව තැන්පත් වූ ථූපාරාම දාගැබ පැදකුණු කරන ඒ අද්භූත දසුන අපට බැහැර කළ හැකි දේ නොවේ. එහෙත් මේ සියලු දේ මන:කල්පිතයන් යැයි බැහැර කරන්නන් තවමත් අප අතර නැතුවා නොවේ. විද්‍යාවත් අවිද්‍යාවත් අතරින් ඔබ්බට දිවෙන මෙවැනි අති ඉන්ද්‍රීය දේ අවබෝධ කර ගැනීමට පෙර කරන ලද පිනක්ද ඇවැසි බව දන්නෝ දනිති.
සත්‍ය ඡායාරූප හා තොරතුරු ඇසුරෙනි.
සුභා­ෂිණි ජය­රත්න
සිත්මල් යාය
උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Wednesday, August 23, 2017

මහා රාවණ කොටුව ළඟ මුහුදේ ගිලුණු නගරයක්......(අබිරහස් අඩවිය - Abirahas Adawiya - rawana CITY OF ATLANTIS marine archiology History Repeats lost civilizations)

19 වැනි සියවස මුළුල්ලේ එමෙන්ම 20 සියවසේදී දෙවැනි ලෝක මහා සංග්‍රාමය දක්වාත් ලොව බලවත්ම රාජ්‍යය වූයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයයි. හිරු නොබසින අධිරාජ්‍යය ලෙසින් විරුදාවලි ලත් මීට ලොව බොහෝ රටවල් හා ශිෂ්ටාචාර අයත් විය. එමගින් ලැබූ දැනුම හා අත්දැකීම් මත 20 සියවස මුල් අර්ධය තුළදී ඔවුහු ලෝකයට ඉතිහාසය ලියා දායාද කළහ. ලංකාවේ ඉතිහාසයද එච්.ඩබ්ලිව්. කොඩ්රි​ෙටන් නමැති සිවිල් ​ෙස්වකයා විසින් මහාවංශය ඇසුරින් ලියා සම්පාදනය කළේ 1912දීය.   
වත්මන් ලෝක බලවතා වන එක්සත් ජනපදය බ්‍රිතාන්‍යයන්ගේ එම ඉතිහාසය ලිවීම වෙනස්කර නැතද එහි බොහෝ අඩුපාඩු හා වරද තැන් සොයා නිවැරදි කර ඇත. නිදසුන් කීපයක් මෙසේය. වසර 6000කට වඩා අතීතයට නොගිය බ්‍රිතාන්‍යයන් ලියූ ලෝක ඉතිහාසය දැන් වසර 12,500 - 13,000 දක්වා අතීතයට ගොස් තිබේ. ඉන්දියාවේ බටහිර වෙරළේ අඩි 4000ක් යට මුහුදු පතුලේ හමුවූ වසර 10,000ක් පැරණි බව කාබන් පරීක්ෂණ මගින් තහවුරු කළ නගරයක නටබුන් 2002 දී හමුවිය. වඳුරාගෙන් පරිණාමය වූ මිනිසා ගැන ඩාවින් මතය හා ඒ අනුව ගිය මානව විද්‍යාඥයන්ගේ දඩයම් යුගය එඬේර යුගය, කෘෂි යුගය හා කර්මාන්ත යුග ද දක්වන ඉතිහාසය අද නිෂේධයවී ඇත. යුරෝපීන්ගේ පරමාදර්ශී රාජ්‍ය ලෙස සැලකූ ක්‍රි.පූ. 4 සියවසේ ප්ලේටෝ විසින් රචිත “අත්ලන්තිස් පුරවරය” යනු රාමායණයේ සඳහන් වන හනුමා දුටුවේ යැයි කියන “ලංකාපුරය” බව 1999 දී පිළිගැනිණි. මේ එකම පුරවරයක් පිළිබඳ ඇති වාර්තා 2කි. 1905 දී රයිට් සහෝදරවරුන් විසින් ලොව පළමු වරට ගුවන් යානය නිපදවන ලද බවට ඇති ඓතිහාසික ඉගැන්වීම 1986 දි බිඳවැටිණි. ඒ පිරමිඩ් දේවාලයක තිබී හමුවූ ගුවන් යානා 4ක මැටියෙන් කළ ඇඹීම අවුරුදු 4500ක් පැරණි බවට කාබන් පරික්ෂණ මගින් තහවුරු කළ විටදීය. මැක්ස්මුලර්ගේ ආර්ය න්‍යායද 1996 දී ප්‍රතික​්ෂේප විය.
සිය පළිඟු බෝලයෙන් අංජනම් බැලූ එක්සත් ජනපදයේ බ්ලැවට්ස්කි මැතිනිය 1881 දී කර්නට් ඕල්කට් මහතා සමග ලංකාවට ආවේ ලෝකයට ශිෂ්ටාචාරයන් විහිදී ගිය දකුණු ආසියානු දුපත ගැන සෙවිමටය. නමුත් ඇයට ඒ සඳහා සාක්ෂි සොයා ගැනීමට නොලැබිණ. රාජකීය ආසියාතික සංගමය (බ්‍රිතාන්‍ය) මගින් තම ආසියාතික යටත් විජිතවල ඉතිහාසය සීමා දක්වා තිබුණි. ඒ අනුව ඉන්දියාවේ ඉතිහාසය ඇරඹෙන්නේ සෘග් වෛදිත යුගයෙනි. ලංකාවේ ඉතිහාස ඇරඹෙන්නේ බුදුන් පිරිනිවන් පෑ දින ලංකාවට ආ විජය හා 700 පිරිස ගෙනි. ඉන් එහාට යමක් කතාකළ ​ෙනාහැක. ඒ තහනම්ය. සියලු හැදෑරීම් මේ තුළ සිදුකළ යුතුය. එබැවින් පාසල්වල විශ්වවිද්‍යාලවල හා ජනමාධ්‍යයේ ඉතිහාසය ඉන් පිටතට නොයන තරමට හීලෑය. නමුත් මුනිදාස කුමාරණතුංග හා හෙළ හවුල (1941) භාෂාව ඇසුරින් හෙළ යුගයක් කරාගිය විට කට ඇදයින් ලෙස හඳුන්වා පහර ගසා නිශ්ශබ්ද කෙරිණි. හෙළ ජාතියක් නැතිව හෙළ බසක් පමණක් පවතින්නේ කෙසේදැයි කිසිවෙක් ප්‍රශ්න නොකළහ.
1944 අගෝස්තු 06දා ජපානයේ හිරෝෂිමා නගරයට පළමු වැනි පරමාණු බෝම්බය එල්ල කරන ලදී. එහිදී දුම්රොටුව නැගුණ ආකාරය පුපුරා ගිය මහා ශබ්දය ජලාශවල ජලය රත්වී උතුරන්ට වූ හැටි මිනිසුන් හා සතුන් අහසට විසිවීම, කුරුල්ලන්ගේ තටුහැළී සුදුවීම තැන තැන මිනිසුන් මියයාම එලෙසින්ම විස්තර කරන යුද විස්තරයක් මහ භාරතය නමැති මහා කාව්‍යයේ විය. මේ අනුව ඉතිහාසයේ කිසියම් යුගයකදී පරමාණු යුද්ධයක් සිදුවී ඇති බව පැහැදිලිය. බ්‍රිතාන්‍ය හා අමෙරිකන් භාෂා ශාස්ත්‍ර දත් උගත්තු සංස්කෘත මහා භාරතය හා රාමායණය පරෙස්සමින් කියවා බැලුවද වෙනත් එබඳු යුද විස්තරයක් නොමැතිවිය. උගත්තු නිශ්ශබ්ද වූහ.   
ඇමෙරිකා එක්සත් ජනපදය 1950 දශකයේදී ලෝක බලවතාගේ තත්ත්වයට ආපසු ලෝක ඉතිහාසය හා මානව විද්‍යා ගවේෂණයට එක්සත් ජනපද උගත් තරුණ පිරිස පෙළඹුණහ. ඉන්දියාවේ තිබූ සංස්කෘත ග්‍රන්ථ අතර ‘පුරාණ’ නමැති (ප්‍රධාන) ග්‍රන්ථ 18ක් විය. පුරාණ යනු ඉතිහාසය යන අර්ථයයි. 
කාගේ හෝ ඉතිහාසය තොරතුරු ඇතැයි යන අනුමානයෙන් අලුත් පරපුර මෙම ‘පුරාණයන්’ හැදෑරූහ. එවිට අසුර නමැති මිනිසුන් කොටසකගේ ඓතිහාසික තොරතුරු එළිදරව් වන්නට විය. ඔවුන්ගේ තොරතුරු නිවර්තනික ලෝකයට දිගට බටහිර සිට නැගෙන
හිරටම විහිදී තිබුණි. මෙම විශාලකම නිසා ඇමෙරිකන්කාරයාට පුරුදු ලෙස අසුර අධිරාජ්‍ය (Asura Empire) යයි ඊට නම්කළහ. කුමාරතුංගයන් කී පරිදි හෙළ බස සහිත හෙළයන් මින් අදහස් කළ නිසා අපි දැන් ඊට හෙළ අසුර අධිරාජ්‍ය යයි කියමු. මෙය හුදෙක් සංස්කෘතික අධිරාජ්‍යයකි. දේශපාලනික ස්වරූපයක් එහි නැත. සමාන ජීවන රටා එහි ඇත. මීට පෙර ලිපියකදී දක්වන ලද සිංහ මිනිසුන් කී පරිදි තම ශිෂ්ටාචාරය ගොඩනැගූ බැබිලෝනියාව නිදසුනකි. බැබිලෝනියාව සිංහ මිනිසුන්ට (හෙළයන්) යටත් නැත. නමුත් ජීවන රටාව සමානය. කඩුව අතින්ගත් සිංහයාගේ ලාංඡනයේ සමානත්වයෙන් ලංකාව හා බැබිලෝනියාව හිරුගෙන් හැසිරවෙන සමකාලීන වූ හා සම්බන්ධතා තිබූ ශිෂ්ටාචාර දෙකක් බව 1961 දී මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද කී විට කවුරුත් සිනාසුණහ. 1998දී ඇමෙරිකන් පුරාවිද්‍යාඥයන් කී පසු ලංකාවේ පඩි කන මහාචාර්යවරු එය පිළිගත්හ.   
ඉතිහාස මහාචාර්ය ආර්නල්ඩ් ටොයිම්බි (බ්‍රිතාන්‍ය) 1945දී අලුත් න්‍යායක් ඉදිරිපත් කළේ ඉතිහාසය නැවත නැවතත් එලෙසම (History Repeats) යනුවෙනි. පොළොව යට ඇති ඛණිජ ලෝහ ආදී සම්පත් හාරා කර්මාන්තවලට ගත්විට යම් දිනෙක ඒවා අවසන් වීමෙන් යුරෝපයට නැවතත් එඬේර යුගයට අපසු යාමට සිදුවන බව ඔහුගේ න්‍යායෙන් කියැවේ. පරමාණු බලය කර්මාන්තයට යෙදවිය නොහැකි බව ද ඔහු කීවේය. දඬුමොනරයේ තිබූ රසදියෙන් ක්‍රියාත්මක මර්කරි වෝටෙක්ස් ඇන්ජිම මගින් ඉතිහාසය නැවත එලෙසම ක්‍රියාත්මක වන බව ඔප්පු කර ඇත.   ඉතිහාසඥයන් හා මානව විද්‍යාඥයන් මවිතයට පත්කළ සිදුවීමක් 1986 දී අසන්නට හා දකින්නට ලැබුණි. එනම් පිරමීඩ් දේවාලයක බිත්තියේ මැටියෙන් අඹා තිබුණු ගුවන්යානා 4ක ආකෘතීන්ය. පුදුමය නම් කාබන් පරීක්ෂණවලදී එම ඇඹීම් අවුරුදු 4500ක් පැරණි බව තහවුරු කිරීමය. රාමායණයේ සඳහන් වන රාවණාගේ පුෂ්පක යානය ඓතිහාසික විය හැකි බව ලෝකය සිතන්නට වුණේ ඉන් පසුවය.   
මේ අතර මිනිස් සිතුවිලි වලින් පරමාණු ක්‍රියා හැසිරවිය හැක යන්න ක්වොන්ටම් න්‍යාය 1980දී ඇමෙරිකන්කාරයාට ඔප්පු විය. ඒ අයතුල්ලා කුමෙයිනි තම අධිමානසික ශක්තියෙන් ඇමෙරිකන් මිසයිල්වල දිශාව වෙනස්කර ටෙහෙරාන් ඉලක්කවලට ඒවා නොවැදී හැරීගොස් වැලි කඳුවල වැදීම නිසාය. 1923 දී බැංගලෝරයෙන් ලැබුණු විමාන ශාස්ත්‍ර නමැති සංස්කෘත ග්‍රන්ථයේ මෙන්ම ටිබෙට් රටින් ලැබී චීනය විසින් 1967 දී චන්දිගාර් විශ්වවිද්‍යාලයෙන් ඉංගිරිසි බසට පරිවර්තනය කර ගැනුණු වෛමානික සූත්‍ර නමැති ග්‍රන්ථයෙන්ද රසදියෙන් ක්‍රියාත්මක වන අහස් යානා ගැන කියැවිණි. ඒ දෙවර්ගයම පිටසක්වල ග්‍රහලෝකවලට යන සැටිද විස්තර විය. මේ සියල්ල එකතුවී TR3-B නමැති අධිබල තුන්හුලස් ජෙට් යානය 1998 දී නිපදවිණ. 2005 දී ක්වොන්ටම් ටෙලිපොරේෂන් ඩිස්ක් නමැති තැටිය (පීරිසිය) නිපදවුණි.   මෙසේ හෙළයේ රාවණාගේ පුෂ්පක යානය නමැති ලේඛනගත ලොව එකම ගුවන් යානය 20 සියවස අගදී යථාර්ථයක් බවට පත්වුණි.   බ්‍රිතාන්‍යයෙන් ලියාදුන් (1912) ලංකා ඉතිහාසයට අනුව ලංකාව මිනිසුන්ගෙන් ජනාවාස වී (ක්‍රි.පූර්ව 543) තවමත් වසර 2560ක් පමණක් ගතවී ඇත.  ආර්ථික හා දේශපාලනික කුමන හානි කළද ඇමෙරිකන්කාරයා නොව ඇමෙරිකන් පුරාවිද්‍යාඥයන්, ඉතිහාසඥයන් හා මානව විද්‍යාඥයින් තම ගවේෂණ තුළින් මිනිස් ඉතිහාසය මතු කරන්නට යාමේදී හෙළ ඉතිහාසය මතුවී තිබේ.   
කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා මහාචාර්ය මැක්ස් මුලර්ගේ ආර්ය න්‍යාය 1896 වනවිට ඉතා ජනප්‍රිය විය. මෙහි රහසක් ඇත. රුසියන් ජාතික පුවත්පත් කලාවේදියකු වූ නිකොලායි නෙවොට්චි කාශ්මීර ලඩාන් හා වෙනත් ටිබෙට් ආරාමවලට නැවතී කුරුසියේ ඇණ ගැසූ ක්‍රිස්තුන් වහන්සේ මිය නොගිය බව හා ඔහුගේ ශිෂ්‍යයන් කාශ්මීර ලඩාන් ආරාමවලට ගෙනගොස් තුවාල සුවකර දීර්ඝ කාලයක් එහි ජීවත් වී සිටි බවට කරුණු සොයාගති. ක්‍රිස්තුන්ගේ රහසිගත ජිවිතය (secret life of jesus) නමැති පොත සම්පාදනය කරගෙන එය පළකර ගැනීමට වතිකානුවේ හා විවිධ ආයතනවල උදව් සෙවීය. හැමදෙනා එය ප්‍රතික්ෂේප කළහ. අන්තිමට පැරිසියේ සමාගමක් එය ප්‍රසිද්ධ කළ විට මුළු ක්‍රිස්තියානු ලෝකයම ඉන් මුසපත් විය. එවිට ඉදිරියට ආ මාහාචාර්ය මැක්ස්මුලර් එක්සත් ජනපද ජනප්‍රිය සඟරාවකට ලිපි සැපයුවේ තමාද එම ආරාමවලටම ගොස් කරුණු සෙවූ නමුත් නෙටොව්චිගේ කරුණු ව්‍යාජ එ්වා බව කියමිනි. 
මීට ප්‍රතිඋපකාර වශයෙන් සියලුම ක්‍රිස්තියානි නිකායන් මගින් මැක්ස්මුලර්ව වර්ණනා කළේ ලොව ඉහළම මානව විද්‍යා මාහාචාර්යවරයා බව කියමිනි. එනිසා ඔහුගේ ආර්ය න්‍යාය මුළු ලොව පුරා පිළිගැනිණ. නමුත් මේ සියලු කරුණු හෙළිදරව් කරමින් ඩේවිඩ් බේලමි නම් ඇමෙරිකන් මහාචාර්යවරයා විසින් 1996 දී පමණ ලියූ ආර්ය න්‍යායේ මිත්‍යාව (myth of aryan theory) නමැති ග්‍රන්ථයෙන් ආර්ය න්‍යායේ ඇති වැරැද්ද හෙළිදරව් කරන ලදී. එබැවින් කොකේසස් කඳුකරයේ ආර්යයන් කොටසක් ඉරානයට සංක්‍රමණය වීම ඉරානයෙන් කොටසක් වයඹ දිග ඉන්දියාවේ කපොලුවලින් පන්ජාබයට ඇතුළුවීම පන්ජාබයේ ආර්යයන් නැගෙනහිර හින්දුස්තාන් නැතිතලාව පුරා පැතිරීම සොළොස්මහ ජනපද යුගයේදී විජය හා පිරිසක් ලංකාවට අවුත් ජනාවාස කිරිම යන ඉතා රසවත් ඉංග්‍රීසි වෘත්තාන්තය වැරදි බව ඔප්පු කරන ලදී. නිෂ්ප්‍රභා වූයේ රාජකීය ආසියාතික සංගමයට අවශ්‍ය වූ ලංකා ඉතිහාසයේ ආරම්භයයි.   
ග්‍රීක් ජාතික ප්ලේටොගේ අත්ලන්තික් පුරවරය (CITY OF ATLANTIS) පුදුම සහගතය. අත්ලාන්තිස් යන නම නිසාත් එය මුහුදට ගිලීයාම නිසාත් යුරෝපයේ පැවැති සුදු මිනිසුන්ගේ පරමාදර්ශී රාජ්‍ය ලෙස 20 සියවස පුරාවද සැලකිණ. අත්ලන්තික් සාගරයේ හමු නොවූ විට මධ්‍යධරණී මුහුදේ සෙවුහ. එවැන්නක් හමු නොවීය. 1999දි එක් ඉංග්‍රීසි ජාතික උගතකු පෙන්වා දුන්නේ රාමායණයේ එන හනුමා විසින් දුටුබවට විස්තර කැරුණු ලංකාපුරයත් ප්ලේටෝගේ අත්ලාන්තිස් පුරවරයත් එකම ස්ථානයක් ගැන ලියවුණ විස්තර දෙකක් බවය. ග්‍රීකයන් මේ වෘත්තාන්තය අසා තිබුණේ මිසර වැසියන් අතිනි. ඔවුන් ඊට මිසර නමක් යෙදූ නිසා තමන්ද අත්ලන්තිස් ලෙස ග්‍රීක නමක් ඊට යෙදූ බව ප්ලේටෝ පවසා ඇත. එබැවින් මුහුදට ගිලුණ අත්ලන්තිස් දේශය අත්ලාන්තික් සාගරයේ හෝ මධ්‍යධරණී මුහුදේ නැත.   
2002දී සාගර දූෂණ කොමිෂන් සභාව මගින් ඉන්දියාවේ බටහිර වෙරළ දිගට ස්කෑන් කරගෙන යාමේදී අඩි 4000ක් මුහුදු පතුලේ (බොම්බායෙන් සැතපුම් 250 උතුරේ) නගරයක නටබුන් හමුවිය. මෙය මෑන්හැටන් දූපත (නිව්යොර්ක්) තරම් විශාලය. පිහිටීම අනුව මේ රාමායණයේ සඳහන් දණ්ඩක වනයේ (රාවණා​ෙග්) අගනුවර වන ජනස්ථාන් බව හින්දු උගත්තු කීහ. එයද මුහුදට ගිලුණි. ගවේෂණය සඳහා වෙන්වූ මුදල් ප්‍රතිපාදන අවසන් වී ඇති බව හදිසියේ කිව් කොමිසම ගවේෂණ නතර කළේය. හෙළයන්ගේ දේව අධ්‍යාපනය බිහිකළ බ්‍රැගු මහර්ෂි සිටි බ්‍රැගු කච්ච (දැන් බ්‍රෝච්) ඇත්තේද ඒ අසලය. මේ පුරාවිද්‍යාත්මක සාක්ෂිය හෙළ අසුර ව්‍යාප්තිය හඳුනා ගැනීමට පහසුවකි. රේඩියෝ කාබන් පරීක්ෂණ අනුව මෙම නටබුන් අවුරුදු 10,000ක් පැරණිය. ලොව පැරණිම බැබිලෝනියානු ශිෂ්ටාචාරය (බ්‍රිතාන්‍යයන්ගේ මතය) අවුරුදු 6000ක් හෝ ඊට වඩා පැරණි ලෙස සැලකූ ලෝකයට අවුරුදු 10,000ක් පැරණි විශාල නගරයක නටබුන් මගින් ඇති කළේ මහා මවිතයකි.   
2009දී ඕලන්ද ජාතික මුහුදු පුරාවිද්‍යා (marine archiology) කණ්ඩායමක් ලංකාවේ මහාචාර්ය ජයවික්‍රම නමැති අයකුද සහභාගි කරවාගෙන අග්නිදිග පානම පොතුවිල් ආදියෙන් ඔබ්බේ මහාරාවණා කොටුව හා කුඩා රාවණා කොටුව මුල්කර ගවේෂණයක් කරන ලදී. එහි තිබූ වකගැසී නැගෙනහිරට විහිදී නැවත දකුණට විහිදුණ වර්ග කි.මී. 3,45,000 පමණ විශාල ගොඩබිමක්ද ලංකාව අසලදී මුහුදු පත්ලේ නගරයක අත්තිවාරම්ද තිබී ඇත. (ඡායාරූප අන්තර්ජාලයේ තිබුණි) එම විශාල භූමි ස්කන්ධය ඉර්ෂියා (ershia) ලෙස නම්කර ඇත. මේ ලංකාපුරයද නැති නම් මහාවංශයේ කැලණියේ රජු දවස ලෙස හැඳින්වූ මුහුදු ගිල්මදයන්න නොදනිමු. ලංකාවේ පුරාවිද්‍යාඥයෝ මේ කිසිවක් නොදනිති.
  
2010 පමණ අවදියේදී ඇමෙරිකන් මානව විද්‍යාඥයන්ගේ අවධානයට හසු වූ දෙයක් වුයේ අඩි 10ක් පමණ උස මිනිසුන්ය. ​ෙමාවුහු ඇමසන් යෝධයන් මෙන් එක දේශයක මිනිසුන් නොව ලොව හැම රටකම සිටින අඩි 5-6 උස ඇති මිනිසුන් අතරම ඇති සුවිශේෂ පුද්ගලයන්ය. අධි මානසික තත්ත්වයන් නිසා ද්‍රව්‍යමය ශරීරය සමග ක්‍රියාත්මක වන ශක්ති ශරීරය නිසා මෙසේ විශාල ශරීරයන් ඇතිවූ බවට මානව විද්‍යාඥයෝ අනුමාන කරති. ඊටද සාක්ෂි සැපයෙන්නේ හෙළ දේශයෙනි. අවුරුදු එකළොස් දහසකට පමණ ප්‍රථම දේව අධ්‍යාපනය ඇතිකළ බ්‍රැගු මහර්ෂිවෙත හෙළයේ ප්‍රාලද (පරලැදි) පාලක තැන විසින් තම සොයුරී ඌෂණ යවා දරුවන් ලබා ගත්තාය. ගරුඬ පුරාණයට අනුව එසේ ලැබූ එක් දරුවකු වන වීරචන නොහොත් වීරචන්න (දකුණු ඇමෙරිකාවේ පාතාල දේශයේදී වීරකෝච ලෙස ඔහු හඳුන්වන ශිලා සටහන් ඇත) දකුණු ඇමරිකාවේ ඇන්ඩීස් කඳුවල ටිටිකාකාවිල අසල පාතාල රට ගොඩනංවන ලදී. වීරචන දේවාලයේ නටබුන් ගල් කණු හා ඔහුගේ ශෛලමය ප්‍රතිමාව අදත් ඇත. බලි රජුන් දවස ශක්‍රගේ (දේව අධ්‍යාපනයේ චන්සලර් තැන) දියණිය දේවයානි නොහොත් මන්දාත කාශ්‍යප සාක්ෂි හා එකතුවී දරුවන් තුන්දෙනකු ලබා ඇත.
මාලි සුමාලී හා මාලපවන්න යන මේ තිදෙනා තාරක සුමාලී හා සිංහමුව ලෙසද හැඳින්වෙති. එමෙන්ම මෙම සුමාලී රකුස් රජු තම දියණිය කෛකශි කුමරිය විශ්‍රවස් මුණි වෙත යවා රාවණ කුඹුක්කන් හා සුර්පණකා යන දරුවන් තිදෙනා ලද බව රාමායණය පවසයි. රාවණා අඩි 12ක් පමණ උස බව ජනප්‍රවාදයේ එයි. කුඹුක්කන්ගේ විශාල ශරීරය ගැන එය පවසන්නේ එළුවන් ගණනක් හා බත් ගොඩක්ද කා හය මාසයක් නිදන යෝධයකු බවය. රජුවරු තම දූ කුමරියන් සෘෂිවරුන් වෙත යවා දරුවන් ලබාගැනීම ලෙස පුරාණ ග්‍රන්ථවල හා රාමායණයේ සඳහන් වන්නේ උත්තම දරුවන් ලැබීමක් ලෙසටය. ඌෂණ ලත් දරුවා වීරචන දකුණු අමරිකාවට ​ගොස් පාතාල ශිෂ්ඨාචාරය අැරඹීය. දේවයානීගේ දරුවෝ අහසින් (ගුවන් යනා) ගොස් බොම්බ දැමූහ. නැවතද රාමායණය පවසන පරිදි රාවණාට ඥාන දහයක් (දසිස්) වූ බව කුම්භකරණගේ විශාල ශරීරය ගැනය. මානව විද්‍යාඥයන් මේ අනුව සිතන්නේ අසීමිත ගුණ ශක්තිය (රාවණ) හා අසීමිත ශරීරය ශක්තිය සෘෂිවරුන්ගේ ජානවලින් ලබෙන බවය.
1986 දී පිරමීඩ් දේවාලයේ බිත්තියෙහි වූ ගුවන් යානා ඇඹීම් 4න් පසු මේ දක්වා 30 අවුරුද්ද තුළ අවුරුදු 6000ක් ඔබ්බේ ලෝකය ගැන නොයෙකුත් අරුම පුදුම ඓතිහාසික සාක්ෂි ලැබී ඇත. ලොකුම පුදුමය නම් මේ හැම සොයා ගැනීමකටම ලංකාව නොහොත් හෙළදිව සම්බන්ධ වී තිබීමය. අනෙකුත් පැරණි ශිෂ්ටාචාර සියල්ල අද නැතිවී ගොස් (lost civilizations) ඇති අතර ශිෂ්ටාචාරය පමණක් (හෙළ අසුර අධිරාජ්‍ය) අවුරුදු 12,500ක් අතීතයේ හිරාන් කසුබ් දක්වා දිවයයි. නමුත් ඒ අඛණ්ඩ ඉතිහාසයක් නොව කඩවූ ඉතිහාසයකි.   
ආචාර්ය සූරිය ගුණසේකර
 උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය පාථකයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Tuesday, August 22, 2017

අතීත හෙළ ගුවන් යානා....(අබිරහස් අඩවිය - Abirahas Adawiya - rawana vimana air craft)

විමාන සහ අහස් තර යනුවෙන් හෙළ බසින් ද, විමාන හා වෛමාන ලෙස සංස්කෘතයෙන්ද හැඳින්වුණේ ගුවන් යානාවයි. බෙංගාල බසින් මෙය බිමාන ​ෙව්. බිමාන එයාර් ලයින්ස් (Bimana Airlines) යනු බංගලිදේශ් ජාතික ගුවන් සේවාවයි. “අප ගමන් බිමන් යෑම” යනුවෙන් අදත් භාවිත කරන්නේ පොළොව මතුපිට ගමන් කිරීම වුවද ගමන් යනු පොළොව මතුපිට යාමයි. බිමන් යන අහසින් යාමයි. බැංගලෝරයෙන් ලැබී 1923 ඉංග්‍රීසියට පරිවර්තනය කරන ලද භාරද්වාජගේ (සංස්කෘත) ග්‍රන්ථයේ ගුවන් ගත කිරීම “නැග්ම” යන වචනයෙන්ද පොළොවට පාත් කිරීම “ලැග්ම” යන වචනයෙන්ද (ලැගීම) දක්වා තිබුණි. මේ පක්ෂියාගේ නොහොත් කුරුල්ලාගේ ගමන අනුව යාමයි. 1967 දී ටිබෙට් රටින් සොයාගෙන චීන රජය විසින් ඉන්දියාවේ චන්දිගාර් විශ්වවිද්‍යාලයට දී ඉංග්‍රීසියට පරිවර්තනය කරගත් පොතේ තිබුණේ ග්‍රහලෝකවලට පවා මෙම විමානවලින් ගමන් කළ හැකි බවය.
පරිවර්තන මණ්ඩලයේ ප්‍රධානි ආචාර්ය රූත් රේනර් මහත්මිය ඒ බව ප්‍රකාශ කර තිබුණි. ගුවන් යානාවක් නිපදවීම හා පදවාගෙන යාම පුද්ගලයකුට හෝ එක් ගුරුකුලයකට සීමාවුවක් මිස එය සමාජ විද්වත් හෝ සමාජ තාක්ෂණයක් නොවීය. එය ඍෂි නොහොත් විශ්වකර්ම විසින් නිර්මාණය කරන ලද “ලංකාපුරය සහ දඬුමොනර යානය” එසේ සැදුවේ සිංහමුඛ නොහොත් මාල්‍යවන්ත කුමරුටය. ඔහුගෙන් හිස් වූ ලංකාපුරය හා යානය විශ්‍රවස් මුණි අත්පත්කර ගති. රාවණ විසින් විශ්‍රවස් මුණිව ලංකාවෙන් පිටකර ​ෙ​ෙකලාශ කූටයට (අද සංචාරක මධ්‍යස්ථානයකි.) යවා තමන් විසින් ලංකාපුරය හා යානය අයිතිකර ගති. ආරම්භක කෘත යුගයේදී යානාවක් රහිතව සිතිවිලි මාත්‍රයෙන් මිනිසාට අහසින් යා හැකි වු බව ලේඛනගතව ඇත. දෙවැනි ද්වාපර යුගයේ අවසාන භාගය වනවිට ආවරණය සාදා ගැනීමට සිදුවිය. ඒ ඔහු තම පංචස්කන්ධය ඒ තුළ රඳවාගෙන ගමන්කළ නිසාය. ඒ තුළ මන්ත්‍ර ජප කරමින් ඔහු ගමන් කළේය.
තේත්‍රා නමැති තුන්වන යුගය වන විට ලෝහ ආවරණය හා යානය ක්‍රියාත්මක වන එන්ජිමක් සහිතව විමානය ගමන් කළේය. කෘත යුගයේ මිනිසා අධි මානසික බලවලින් පරිපූර්ණව සිටි නිසා (4/4) සියල්ල සිතුවිල්ලෙන් ක්‍රියාත්මක විය. ද්වාපර යුගයේදී පූර්ණත්වය අඩක් (2/4) අඩු විය. තේත්‍රා යුගයේදී අධි මානසික බල 1/4ට අඩුවී මන්ත්‍ර වැඩි​ෙයන් අවශ්‍ය විය. වත්මන් කලියුගයේදී අධි මානසික බල මුකුත් නැතිව හුදෙක් ද්‍රව්‍යමය ලෙස (භෞතික හා රසායන විද්‍යාවෙන්) ගුවන් යානා නිපද වේ. නමුත් දැන් පෙනී යන්නේ බලවත්ම අධිවේගී ගුවන් යානාවලට සිතිවිල්ල කෘත්‍රිම ලෙස වායු තරංග වලට කවා එම වායු තරංග (මන්ත්‍ර) මගින් ද්‍රව්‍යය ස්පර්ෂකර ක්‍රියාත්මක කරන බවය.
මෙහි විස්තර පෙනෙන ගුවන් යානා තාක්ෂණය භාරද්වජගේ “විමාන ශාස්ත්‍ර” වලින් උපුටා ගත් අතර එහි දැක්වෙන්නේ තේත්‍රා යුගයේ ගුවන් යානා තාක්ෂණයයි.
ලෝහ වර්ග තෝරාගැනීම.
නියමුවා සම්පූර්ණ වූ (නියම වූ) පසුව පමණක් යානය සෑදීම විස්තර වේ. මානව අවශ්‍යතාව අනුව ද්‍රව්‍ය ක්‍රියාකාරිත්වය දෙවනුව පුරුදු පුහුණුකර ඇත්තේ හෙළ ශිෂ්ටාචාරයේය. අදත් සිංහල අවුරුද්ද දිනට පළමුවෙන්ම සිදුවන්නේ පාරිභෝගික අවශ්‍යතාව මූර්තිමත් කරන ලිප ගිනි මොළවා කිරිබත් පිසින කාර්යය පළමු නැකතට සිදු කිරීමය. මේ මව හා දූවරුන් විසිනි. වැඩ අල්ලා ගනුදෙනු කර නිෂ්පාදන ක්‍රියාව මූර්තිමත් කරන්නේ පියා හා පුතුන් විසින් දෙවනුවය.   පෘථිවිය අභ්‍යන්තරයේ ලෝහ නිධි දරාගත් පාෂාණ තට්ටු 3000ක් ඇත. 7 වැනි ස්ථරයේ ඇති මෙවැනි ලෝහ වර්ග 27කි. මධ්‍ය ආකර්ෂණ බලය, පෘථිවි හා වායු ගෝලීය ආකර්ෂණය, සූර්ය පිටාරයත්, වායුන්ගේ බලයත්, ග්‍රහලෝක හා තාරකාවල බලය, හිරු සඳු ආකර්ෂණ බලය, විශ්ව ගුරුත්වාකර්ෂණ යනාදී වූ සියලු බලවේගයන් පෘථිවියේ 3, 8, 11, 5, 2, 6, 4, 9 යන ස්ථරවලට අනු පිළිවෙළින් ඇතුළු වේ. එමගින් නොයෙකුත් වර්ගවල හා තත්ත්වයන්ගේ ලෝහ වර්ග නිර්මාණය වේ. මේ අතුරින් සෞමක, සෞන්දල හා මෞත්විත ලෝහවර්ග තුන තෝරා ගැනේ. මේවායේ ඇති විශේෂ බල සහ ගුණාංග විවිධ ශබ්දයන්ට ආදේශ කර වටිනාකම් මනිනු ලැබේ. මෙම තෝරා ගැනීම් කරන්නේ සූර්යාගේත්, එහි පරිවාර ග්‍රහයන්ගේත්, තාරකාවල හා අභ්‍යාවකාශයේ අනන්ත වූ ග්‍රහ තාරකාවන්ගේ බලශක්තීන් පෘථිවියේ කිනම් ස්ථානවල ඇති ලෝහයන්හි අන්තර්ගතදැයි දැනගැනීමෙන් පසුවය.   අභ්‍යාවකාශයේ ගමන් කරනවිට විවිධ රශ්මීන්ට සහ උණුසුම් තත්ත්වයන්ට, සුළං හා වා රැළිවල ගැටීම් වලට, වසවිස ස්ථරවලට, ධූම පටලයන්ට යානය ඔරොත්තුදීමට හැකිවීමටය. පස් සහ වෙනත් විවිධ පාෂාණ කොටස් මිශ්‍ර අපිරිසිදු ස්වරූපයෙන් හාරාගත් ලෝහ වර්ග උණුකර සුද්ධකර ගැනීමට අවශ්‍යය.
ලෝහ උණු කිරීම.
සෞමක - මෙම ලෝහය කට පළල් භාජනයක පුරවා පැඟිරි, දෙහි, එඬරු, සියඹලා, ජම්බු ආදී යුෂයන් මිශ්‍රකර දවසේ උෂ්ණත්වය මෙන් (90°f හෝ 28​°c) 27 ගුණයක උෂ්ණත්වයෙන් (2430°f හෝ 756°c) උණුකරගත යුතුය. මෙසේ උණුකරගත් ලෝහය තෙල් වර්ග 8ක් සමග සහ ඉන් අනතුරුව අම්ල සමග උණුකර වත් කෙරේ.
සෞන්දල - සිලින්ඩරාකාර භාජනයක දමා අම්ල වර්ග 6න් හා තෙල් වර්ග 7න් උණුකර වත්කර ගත යුතුය.
මෞර්විත - ඉහත සඳහන් සෞමක හා සෞන්දල මෙන්ම අම්ල සහ තෙල් වර්ග කීපයකින් නියමිත උෂ්ණයන්හි උණුකර වත්කර ගනු ලැබේ.
විමාන සඳහා ලෝහ උණුකරන උඳුන් සාදන ආකාරයද විශේෂිත වේ. එක් වර්ගයකට 76ක් වන වර්ග 7ක උඳුන් 532 ඇත. මේ සඳහා සුළං පිඹිනයන් (Blowers) වර්ග 532ද ඇත. උඳුන් සෑදීමට ගන්නේ ගස්වල පොතු, සතුන්ගේ හම්වර්ග, කිරිවල ඇති ක්‍රීම්, රෙදි, සේද, කපු, පුවක් මුල් ආදී දීර්ඝ වට්ටෝරුවකි.
විමාන ක්‍රියාත්මක වීම සඳහා ශක්තිය.   
විමානය ක්‍රියාත්මක වීම සඳහා ශක්තීන් 7ක් ක්‍රියාත්මක විය යුතුය. මෙම ශක්ති උපදවන්නේ මෝටර් මගිනි. ඉන් නිපදවෙන ශක්තිය රැහැන් යොදා ක්‍රියාකාරීත්ව කොටස (එන්ජිම) වෙත ගමන් කරවනු ලැබේ. හැම මෝටරයක්ම ඊට ආවේණික ශක්තිය උපදවයි. ශක්ති ප්‍රශාවත නමැති යන්ත්‍රය විමානය ගමන් කිරීමටද. අපතර්පන යන්ත්‍රය විසින් සතුරු යානයක ශක්තිය ලොප් කිරීමද, අම්පුසා යන්ත්‍රයෙන් සූර්ය ශක්තිය උරාගැනීමද ආදී ලෙස මෙම ශක්ති 7 විස්තර කළ හැක.   ශක්තිය උපදවන මූලයන්ද 7කි. ඒ ගින්දර, පො​ෙළාව, වායුව, සූර්යයා, චන්ද්‍රයා, ජලය හා අවකාශ මගිනි. ශක්තීන් ග්‍රහණය කරන්නේ ශබ්ද (මන්ත්‍ර) මගිනි.
“ර” අක්ෂරය සූර්ය ශක්ති 12, “ස” අක්ෂරය සතුරු බල උරාගැනීමද, “ත” අක්ෂරය මූල ශක්තිය ස්පර්ෂ කිරීමද ආදී ලෙස එම හත විස්තර වේ. මෙම ශබ්ද මන්ත්‍ර ලෙසට සංග්‍රහ කර ප්‍රයෝජනයට ගනු ලැබේ.
විමානයක ඇති ප්‍රධාන කොටස් තිස් එක.
මෙම කොටස් 31 යටතේ වැදගත්ම කොටස් 7 වන්නේ දර්පණතල නොහොත් ප්‍රධාන කණ්ණාඩි 7යි.
1. විශ්වකාර්ය දර්පණය (ගුවන් නියමුවා අසල ඇති කරකැවෙන අසුනක සවිකළ හාත්පස පෙනෙනා දර්පණය. (උකුසු ඇටකටු කොටසක්, රසදිය කොටස් 5ක්, මුතු ඇට කුඩු කොටස් 8ක් ආදී වර්ග 14 අමුද්‍රව්‍ය අවශ්‍යයි.)
2. ශක්තියාකර්පණ දර්පණය - (සූර්යාලෝකය, සුළං හා ගින්දර නිසා ඇතිවෙන අහිතකර ප්‍රතිඵල 122 ඇති අතර එම අන්තරායන් මෙම දර්පණය මගින් ඇදගන ආරක්ෂාව සලසයි.)
3. විරූප දර්ශන (සතුරු යානයකින් ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ දරන විට භයංකර විරූප දර්ශනයක් මැවීමට මින් හැක. විරූප දර්ශන 27කි. ගින්දර, ජලය, සුළං, වලසා, කොටියා, සිංහයා, දැවැන්ත කුරුල්ලන් ආදියයි)
4. කුත්තිනී දර්පණය - පහළ වායුගෝලයේ ජීවය ආරක්ෂා කර දෙන ස්වභාවික ක්‍රම ඇත. ඉහළ අහසේ හා අභ්‍යාවකාශයේ භූත, ලේ, මේද, මාංශ, ඇට, සම හා බුද්ධිය රෝගී කරවීම සිදුවේ. කුත්තිනී දර්පනයෙන් ඒ සියල්ල ආරක්ෂා කරයි.
5. පින්ජුලා දර්පණය - සූර්ය ශක්තියේ ඇති එකිනෙක ගැටෙන විරූඪ බලවේග පින්ජුලා නම් වේ. ඉන් ඇසේ කළු ඉංගිරියාවට බලපා අන්ධ කරයි. මෙම දර්පණයෙන් ඊට ආරක්ෂාව සලසයි.
6. ගුහා ගර්භ දර්පණය - සුළංවල රශ්මිවල ඇති එකිනෙක අතර ඇතිවෙන විදුලිය බල ගැටීම මගින් යානය තුළ සිටින අය ශක්තියෙන් පිරිහෙළා අක්‍රීයකර දමයි. මෙම දර්පණයෙන් එම ශක්තීන් ඊට එකතුකර පිටට විහිදුවා හැරේ. සතුරු යානයක් එන්නේ නම් ඊට එල්ල කළ හැක.
7. රෞදි දර්පණය - සූර්ය රශ්මියේ අහිතකර බලයත් එකතුකර විද්‍යුත් බලයෙන් විහිදුවා හැර තමන්ට වුවමනා  යානයක් උණුකර වගුරුවා හැරිය හැක. (ටිබෙට් පොත්වලින් ඉගෙනගන හිට්ලර්ට යුද ටැංකි උණුකරන ආලෝක කිරණ නිපදවීමට හැකි විය.)
ආහාර අධිකාරිය.   
විමානයක් පදවන අයගේ ආහාරය පො​ෙළාව මතුපිට ජීවත්වන අයකුට වඩා වෙනස්ය. වසන්ත හා ග්‍රීස්ම සෘතුවලදී, ශීත සෘතුවේදී, වර්ෂා සහිත සරත් සෘතුවේදී ගතයුතු ආහාර වෙනස් වන්නේය. මෙය නොදන්නේ නම් ආහාර විෂවීමට පුළුවන.
අහසේ ඇති ජලීය ස්වභාවයේ වෙනස්වීම් හා ජලීය ප්‍රමාණයේ අනුපාත අඩුවැඩි වීම් ශරීරයට යහපත් හා අයහපත් ආකාරයන්ට බලපායි. ඉහළ අහසේ 1/16 පමණක් ජලය ඇති 7 වැනි ආකාශ ස්ථරයේ සීතාවලී සහ කුහෝ නමැති යෝග සමග වායු බලවේග 101 ප්‍රමාණය ගැටේ. මේවා පසලොස්වක හා අමාවක සමග පුර හා අවපක්ෂ වලදී විවිධ ප්‍රතිඵලයන්ය.
සාමාන්‍ය ජීවිතයේ ප්‍රධාන ආහාරවේල් 2ක් හෝ 3ක් ගන්නා අය කුස පිරෙන්නට ආහාර ගත්තද ආකාශගාමියා ඊට වෙනස්ය. ප්‍රමාණයෙන් අඩු වූද පෝෂ්‍ය ගුණයෙන් හා ඔෟෂධීය ගුණයෙන් වැඩි වූද ආහාරයන් අඩංගු ගුළි සහ බෝලද දියරයන්ද (තලප, සුප් ආදී) මේ සඳහා නිර්දේශ කෙරේ. බෝල ආහාර තුනපහ කුළුබඩු ආදිය සමග පිසගත යුතුය. මේ හැරුණු විට ඖෂධීය ගුණ පමණක් ඇති පිටි රහිත (විටමින්) ගුළි බෝල හා දියරද අවශ්‍ය. ඇල්කලයින් (ශීත) ආහාර හා අම්ල (උෂ්ණ) ආහාරද යන දෙවර්ගයම ගත යුතුය. ගෙඩි වර්ග, අල, පලතුරු, මී පැණි, ගිතෙල් වැඩි වශයෙන්ද පිෂ්ඨය අඩු වශයෙන්ද තිබීම අවශ්‍යය. ධාන්‍ය පිෂ්ටය අඩුවෙන් හා අල වර්ගවල පිෂ්ටය වැඩිවෙන අයුරුද මෙම ආහාර සැකසිය යුතුය. කුඩා පැළෑටි හා පඳුරුවලින්ද ආහාර සැකසේ. දුර්වා තෘණ වර්ග 6ක්, මන්ජු හණවර්ග 6ක්, දික්තෘණ වර්ග 4ක්, කාරුවේලී, චන්ද්‍රවේලී සූර්යවේලී ආදී පැළෑටිද මේ අතර වේ.
වස්ත්‍රාධිකාරය (ඇඳුම්) - පෘථිවියේ සූර්යයා වටා ගමන නිසා ඇතිවන සෘතු භේදයට වඩා වෙනස් සෘතු භේදයකට ගගනගාමියාට මුහුණදීමට සිදුවේ. මස්පිඩු තදවීම, රුධිර සංසරණය අඩුවැඩිවීම, රුධිර ගලනය, තෛල සංයුතින් හා කොටස්වල වෙනස්කම්, මාංශ කොටස්වල වැඩීම හා ක්ෂයවීම ආදී විවිධ බලපෑම් මෙනිසා ඇතිවිය හැක. අයහපත් බලපෑම් 25ක් ඇති අතර ඒවා හම, ඇට, මස්, මේදය, මස් පිඩු, ස්නායු, සන්ධි සහ නියමුවාගේ වෙනස් ශරීරාංගවලටද ඒවා බලපෑ හැක.
මෙය විස්තර කරන “පට-සංස්කාරයට” අනුව සේද, කපු, පෙඳ, ලෝම, මයිකා, හම් යන අමුද්‍රව්‍ය මයිකා සංතෘප්ත ජලයෙන් සෝදා නූල් කූට අනතුරුව 25 වරක් සේදිය යුතුය. කේතකී මල කෙඳි, අර්ක,මදාර සූර්යකාන්ති පොල්කෙඳි ජූට් ආදී කෙඳි නම් 8 වරක් සේදිය යුතුය.
තලතෙල්, තුලසි නොහොත් බැසිල්, ෆාම් නොහොත් ඇකේෂියා හා අබ තෙල්වල හොඳින් පොඟවා තබා දිනකට පස්වර බැගින් සතියක් අව්වේ වේලාගත යුතුය. මෙසේ රෙදි සෑදීමේ වට්ටෝරු හා තාක්ෂණය බොහෝ දිගට විස්තර කෙරේ. මෙසේ දැක්වූ රෙදි නියමුවාගේ ශරීරයේ හැඩයට කපා මසා ගැනේ. මෙම ඇඳුම්වලින් උවදුරු දුරුකිරීම, ශරීර සමබරතාව රැකීම, මානසික ප්‍රභාත්වය, සපුරා උනන්දුව, උද් යෝගය හා ශක්තිය ලබා දේ. යානය තුළ ගමන් අරඹන්නේ මෙම වස්ත්‍ර ඇඳගෙනය.
නියමුවා දැකගත යුතු රහස් 32 -   
අංග සම්පූර්ණ දුතක නොහොත් අභ්‍යාවකාශගාමී නියමුවා දැන සිටිය යුතු රහස් 32කි. මින් කීපයක් පහත දැක්වේ.
මන්ත්‍ර - භෛරවී, වේගිනී, චින්තමස්ත, සිඩාම්බර ආදී 12 කාණ්ඩයක මන්ත්‍ර ඇත. නොකැඩෙන, නොබිඳෙන, ගිනි නොගන්නා, කැපිය නොහැකි, විනාශ කළ නොහැකි යානයක් නිපදවීමට නම් අමුද්‍රව්‍ය සියල්ල භූවනේස්වර මන්ත්‍ර ජපකර සිද්ධි කළ යුතුය. යානය පෙනීමට, නොපෙනී යාමට, විරූපි කර දැක්වීමට මෙම මන්ත්‍ර ජප කිරීම අවශ්‍යය.
තන්ත්‍ර - මහාමාෂා, ෂම්බාර, ත්‍රෛත වැනි බල ලබාගෙන යානයට ආදේශ කිරීමට තන්ත්‍ර දත යුතුය.
ක්‍රීටක - විවිධ මෝස්තරවල යානා සෑදීමට මය (විශ්වකර්ම) ජයාපරුන්, මනු, මාධ්‍ය ආදී ප්‍රවීන සැලසුම්කරුවන්ගේ ක්‍රම සහ විධි දත යුතුය.
අන්තරාල - වායුතල වෙන්වන සීමාවලදී, සුළංවැල් එකිනෙක ගැටෙන මායිම්වලදී, තවත් යානයක ගැටෙන්නට යනවිට යානය නතර කිරීමේ හෝ බේරාගැනීමේ ක්‍රම.
රූපාන්තර - විමානය සිංහයකු, කොටියකු, සර්පයකු, කන්දක් ආදී ලෙස පෙනෙන්නට සැලැස්වීම.
ස්තබ්දක - සතුරු යානයේ අය සිහි නැති කරවීමට
ක්‍රියාග්‍රහණ - ​ෙපාළොවේ සිදුවන ක්‍රියාවලි දැන ගැනීමේ විධිය.
කර්ෂණ - උෂ්ණත්ව සුක්කානම 87 ගුණයක් වැඩිකර කරකවා පිලිස්සීමේ ශක්තිය වැඩිකර ආලෝකධාරා යවා (ලේසර්) සතුරු යානය පිලිස්සීමට මේ කරුණු 7කි. කරුණු 32ම නියමුවකු දත යුතුව ඇත.
ගුවන් ධාවන පථ.   
අහසේ කලාප 5ක් ඇත. රේඛාපත, මණ්ඩල, කක්ෂ්‍ය, ශක්ති, කේන්ද්‍ර යනුවෙන් ඒවා හැඳින්වේ. මෙම කලාප 5 තුළ ගුවන් ධාවන පථ 5, 10, 800ක් ඇත. ලෝක 7ට මේවායින් ගමන් කළ හැක. ලක්ෂ ගණනක් ධාවන පත අතුරින් තමනට වුවමනා ධාවන පථය ​ෙත්රා ගන්නේ මන්ත්‍රයක් කීමෙනි. භූලෝක, භුවර්ලෝක, සුවර්ලෝක, මහෝලෝක, ජනෝලෝක, තපෝලෝක, බ්‍රහ්මලෝක විමානවලට සුදුසු කලාපවල ඒ ඒ කොටස් පමණක් ගමන් කිරීම සඳහා සුදුසුය. පෘථවි මනුෂ්‍යයන් හැර වෙනත් ලෝකවල අයද තම විමානවලින් අභ්‍යාවකාශයේ ගමන් කළ බව දැක්වේ.
ආවර්ත නොහොත් වාසුලි ඉහත සඳහන් කලාප තුළ බහුලය. රේඛාපත - ශක්ති සුළං. මණ්ඩල පථ - සුළඟින් උපදින සුළි, කක්ෂාපථ - සූර්ය රශ්මි සුළි, ශක්තිපථ - ශීතාවර්ණ සුළි, කේන්ද්‍රපථ - සර්ෂණාවර්ථ සුළි.
විමාන වර්ග හතර.   
වර්තමාන ගුවන් යානා මෙන් හෝ රොකට් මෙන් නොව වෘත්තාකාර හැඩයෙන් යුතුව කෝප්පයක් මුනින් නැමුවා වැනි හැඩයෙන් යුතු විමාන අතීතයේදී විය.
1. ශකුණ විමාන - අහසේ යාමේදී පුෂ්පයක් උඩු අතට හැරවූවාසේ වුවද පො​ෙළාවට බෑමේදී දෙපස ඇති පියාපත් දිග හැරී අත්තටු සලමින් වේගය අඩුකර ගනී. කුරුල්ලා සිහිගන්වන නිසා මෙය ශකුණ විමාන විය.   2. සුන්දර විමාන - පූර්ණ වෘත්තිකාර හැඩයෙන් හා තැටියක ස්වරූපයෙන් යුතුය. පියාඹන පිරීසි ලෙස අප හඳුනාගෙන ඇති මෙය ප්‍රහාරක යානයකි.   3. ත්‍රිපුර විමාන - තට්ටු තුනකින් යුතුය. පළමු තට්ටුවට පො​ෙළාව දිගේ යා හැකි අයුරු රෝද 2x10 ක් 20ක් ඇත. දෙවැනි තට්ටුවට දිය මතුපිට හා දියයටින් (සබ්මැරීන් ලෙස) තුන්වැනි තට්ටුවට අහසේ පියාසර කළ හැක.
4.ප්ලේටෝ විසින් වාර්තා කළ අත්ලාන්තික් පුරවරයේ (ලංකාපුර) දිය යටින්ද අහසින්ද යන ගුවන් යානා ඇති බව සඳහන්ය.
ආචාර්ය සූරිය ගුණසේකර 
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය පාථකයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....

අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Sunday, August 13, 2017

ගම්මඩු ශාන්ති කර්මය.....(thovil gam madu අබිරහස් අඩවිය - Abirahas Adawiya - ශාස්ත්‍රීය ළිපි)

ශ්‍රී ලංකාවේ ඒ ඒ ප්‍රදේශයන්හි ජනතාවගේ ජීවිතයේ ලෞකික අවශ්‍යතා පූරණය කරනු පිණිස ඔවුන් තුළින් සංවිධානය වූ සංස්කෘතිකාංග රාශියක් තිබේ. එම වත් පිළිවෙත් වලින් ආගමික භක්තිය පෙරදැරි කරගෙන බුදුරජාණන් වහන්සේ එහි අග්‍ර ස්ථානයෙහි වඩා හිදුවා උන්වහන්සේ ගේ ගුණ, බලය දක්වා පුද්ගල ජීවිත වලට වන්නේ යැයි ගැමියන් විශ්වාස කරන යම් යම් අදෘශ්‍යමාන බලවේග සමනය කර ගැනීමට ගැමි බෞද්ධයෝ පුරුදුව සිටින්නාහ.
බුදුන්වහන්සේගේ මෙම බලය කවරාකාර හෝ දේව, යක්ෂ, භූත, පිසාච, කුම්භාණ්ඩයෙකුගේ හෝ බලය අභිබවා යන්නාසේම ඔවුහු එම බුද්ධ බලයට යටත් වන්නාහ. මේ තත්වය පදනම් කරගෙන ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල පවත්වන දේව ශාන්ති කර්ම, ග්‍රහ ශාන්ති කර්ම හා යක් තොවිල් රාශියකි. එයින් එකම අපේක්ෂාව පූරණය පිණිස පවත්වන එහෙත් දිවයිනේ ඒ ඒ ප්‍රදේශයන්හි විවිධ සංඥානාමවලින් හදුන්වන ශාන්ති කර්ම රාශියක් තිබේ. ලංකාවේ සෑම ප්‍රදේශයකම පාහේ ජනතාව අතර අණවින, කොඩිවින, හදි හූනියම් අංගම්, පිල්ලි, ඇස්වහ, කටවහ හෝ වහ වැනි අතුරු අන්ත්‍රාවන් කෙරෙහි ගුඪ හැගීම් මිශ්‍ර ආකල්ප පවතී. ඇතැමෙක් මේවා තුළින් තමන්ට කිසියම් නරකක් , නපුරක්, අනතුරක්, ලෙඩක්, දුකක්, ඇති වෙතැයි විශ්වාස කරන අතර ඇතැමෙක් ඒ එසේ නොසලකති. තත්වය කෙසේ වුවත් උක්ත කරදර වලින් අත්මිදීම සඳහා ඔවුහු නොයෙකුත් උපක්‍රම විවිධ සෙත් ශාන්ති පවත්වති.
ජීවිතය පවත්වා ගැනීමේ දී තමන් වෙත එල්ල වන විවිධ දුක් කම්කටොලු හා රෝ දුක් මගහරවා ගැනීමට ශාන්ති කර්ම ප්‍රබල මාධ්‍යයක් ලෙස පැරණි සමාජය විසින් පිළිගන්නා ලදී. වස් දොස් මග හරවා ගැනීම හා සෙත් පමුණුවා ගැනීමේ අදහසින් මෙහිදී දෙවිවරුන්ට පුද පූජා පවත්වනු ලැබේ. ඇතැම් ලෙඩරෝග දෙවියන් නිසා ඇතිවන බව විශ්වාසයයි. අම්මාවරුන්ගේ ලෙඩ නමින්ද, දෙවියන්ගේ ලෙඩ නමින්ද හඳුන්වනු ලබන සමහර රෝග පැතිර යාමේදී පත්තිනි දේවිය සඳහා පූජාවන් පැවැත්වීමේ සිරිතක් ලක්දිව පවතී. විශේෂයෙන් වසංගත රෝගයන් තද නියං සමයක් උදා වූ විට පැතිර යනු ලැබේ. අස්වනු පාලුවීම ලෙඩරෝග පැතිරයාම ආදිය සිදුවන්නේ දෙවියන්ගේ බලපෑමකින් බව සිතන ජනයා දෙවියන්ට විවිධ පුද පූජා පවත්වනු ලැබේ. ඒ නිසාම අස්වනු කපා ගත් විගස ඒවායින් දෙවියන් පුදා ගම්මඩු නමින් ශාන්ති කර්මයක් පවත්වනු ලැබේ.
දෙවොල් මඩුව යනුවෙන්ද මෙය හඳුන්වනු ලබයි.
එම ශාන්ති කර්මයේදී ප්‍රධානම දෙවියන් ලෙස සැලකෙන්නේ පත්තිනි දේවියයි.ගජබා රජ සමය දක්වා දීර්ඝ ඉතිහාසයක් ඇති පත්තිනි දේවියට දේවත්ව ආරෝපණය කර වැදුම් පිදුම් ආරම්භ කරන ලද්දේ කෝට්ටේ යුගයේදී බව කියැවේ. මෙසේ පූජාවට ලක්වන පත්තිනි දේවිය වෙනුවෙන් දෙවොල් මඩුවේ විශේෂ සැරසිල්ලක්ද තිබේ. එනම් දෝතලු , පුවක්, තල්, පොල්, ඉදිවලු එල්ලා රඹකැන්, අන්නාසි, අඹ, වැනි පලතුරු වලින් අලංකාර කරන ප්‍රධාන තොරණ පත්තිනි දේවිය සඳහා වෙන් වෙයි. තොරණ මුදුනේ ඉර හඳ මැද පත්තිනි දේවියගේ රූපයද සිවු කොනට සතර වරම් දෙවිවරුද, දොරටු වල බහිරව රූප ද සිතුවම් කරයි. තොරණ ඉදිරියේ දෙවොල් දෙවියන්ට ඉදිකළ තොරණකි. දෙවොල් දෙවියන්ද මෙම ශාන්ති කර්ම යේදී ප්‍රධාන ස්ථානයක් හිමිකැර ගනී . ගමට සෙත් පතා පවත්වනු ලබන හෙයින්” ගම්මඩුව “ නමින්ද නිවසට සෙත්පතා කරන හෙයින්”දෙවොල් මඩු” නමින්ද දේවාලයේ පවත්වනු හෙයින් “දේවාල මඩුව“ නමින් ද හඳුන්වනු ලබන මේ ශාන්ති කර්මයේ ඉතිහාස කථාව ඉතා රසවත් එකකි.
ඉන්දියාවේ සෝරිමාණම් නම් රජ කෙනෙකු විසීය. දැහැමින් රට පාලනය කළ ඒ රජතුමා දිනක් යහනේ සැතපී සිටින විට ශබ්දයක් ඇසී අවදිවිය. තමාගේ නින්දට බාධා කළේ කුමන ශබ්දයක් ද? යන්න රජු ඇමති මණ්ඩලය කැදවා විමසීය. එවිට ඇමතිවරු රජුට පවසා සිටියේ රජ මාලිගාව අසල වනාන්තරයේ සිටින ගෝනකු කෑ ගසන ශබ්දයක් ඇසීමෙන් රජතුමා අවදි වූ බවයි. මින් කෝපයට පත් රජු ගෝනා මරා එම ගෝනාගේ මස් තමාට කෑමට රැගෙන එන ලෙස ඇමති මණ්ඩලයට නියෝග කළේය. ගෝනා මරා දැමීමට නොහැකි අයගේ හිස ගසා දමන බවට ද රජු ආඥාවක් නිකුත් කළේය.
රජුගේ අණ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ ඇමති මණ්ඩලය අවසානයේදී ගෝනා මරා දැමීමට රජු සමග වනාන්තරයට යාමට තීරණය කළේය. රජු සමග වනාන්තරයට ගිය ඇමතිවරු ගෝනා ගමන් කරන මාර්ගයේ ප්‍රධාන ස්ථානයේ රජතුමා සිටුවා ඇමතිවරු වනාන්තරය වැටලූහ. ඇමතිවරු කැලය වටලා ගෝනා සොයමින් සිටින විටම රජු සිටින ස්ථානයෙන් ගෝනා දුවවිත් පැන ගියේය. එවිටම රජු ඊ පහරක්
ගෝනාට විද්දේය.
නමුත් එම ඊ පහර ගෝනාට වැදුනේ නැත. මෙයින් කෝපයට පත් රජු ගෝනා ලුහුබැඳ ගියේය. ගෝනා දිවවිත් රජ මාලිගාව දොරකඩ අසල ඇද වැටුනේ මරණාසන්න මොහොතේ සිටි ගෝනාට රජු කෙරෙහි දැඩි වෛරයක් ඇතිවිය. වෛරයෙන් පසු වූ ගෝනා රජ මාලිගාව දොරකඩ අසලම මිය ගියේය. එසේ මිය ගිය ගෝනා පසු කලෙක රජු ගේ මානෙල් මල් පොකුණේ මානෙල් මල් මලක මැඩියෙකු වී ඉපදුණේය.
ගෝනා කෙරෙහි වෛරයෙන් පසු වී රජු ඉන්පසු කාලය ගත කළේ මහත් අසහනයෙහි. දිනක් උයන් සිරි නරඹා මානෙල් මල් පොකුණ ලගට පැමිණි රජතුමාට පොකුණට බැස ස්නානය කිරීමට සිත් විය. පොකුණට බැස ස්නානය කරමින් සිටි රජුට වෙනදාට වඩා ලස්සන මානෙල් මලක් පිපී තිබෙන අයුරු දැකගත හැකි විය.
මානෙල් මල කඩා සුවඳ බැලීමට නාසයට ලං කරන විට රජු දුටුවා මානෙල් මලේ මැඩියන් සිටින බව. මලෙහි ලස්සන නිසාම රජු මැඩියන් කෙරෙහි එතරම් උනන්දුවක් නැතිව මල නාසයට ලංකොට එහි සුවඳ බැලීය. වරක් දෙවරක් මලෙහි සුවඳ බලමින් සිටි රජතුමා නැවත මල දෙස බලන විට එහි මැඩියන් නොමැති බව දැක මහත් සංකාවට පත්විය. මැඩියන්ට කුමක්ද සිදුවූයේ කියා සිතමින් සිටි රජු හිටි හැටියේම රෝගාතුර විය.
ගෝනා මරන්න සිතූ පාපය නිසා හිසේ කැක්කුමක් රජුට වැළඳින. රජුගේ හිසේ කැක්කුම නැති කරන්න ලක්‍ෂයක් වටින නෂ්ණ කරවීය. යාගහෝම කළේ ය.නමුත් එයින් පිහිටක් නොවීය. මහත්සේ අසරණ වූ රජු දෙවියන්ට යාඥා කළේ ය. එසේ යාඥා කරමින් සිටින රජතුමාට දිනක් සුළු වේලාවක් නින්ද ගියේ ය. එවිට රජු සිහිනයක් දිටීය. බ්‍රාහ්මණ පිරිසක් කැඳ වූ රජතුමා තමා දුටු සිහිනය විස්තර කළේ ය. තමා සිහිනයෙන් දුටු දේ රජු ඇමතිවරුන්ට මෙසේ විස්තර කළේ ය.
නළල අඬ සඳ ලෙස
මුහුණ දිලි පුන්සඳ ලෙස
දේව අගනක් ලෙස
පෙනී සිහිනෙන් ගියයි උතුරු දෙස
එවිට බ්‍රාහ්මණයින් රජුට පවසා සිටියෝ “රජතුමනි ඔබතුමා සිහිනෙන් දැක ඇත්තේ පත්තිනි දේවියයි” තුරුණුවන් සරණ ගොස් පත්තිනි දේවියට පුද පූජා පවත්වන ලෙස රජුට බ්‍රාහ්මණයින් දැනුම් දුන්නේ ය. එම පුද පූජා පවත්වන්නේ කෙසේද කියා රජු බ්‍රාහ්මණයින්ගෙන් විමසී ය. නිර්මල බුදු දහම හා සතර මහා දේවාලයක් ඇති රටකට ගොස් එය සිදු කළ යුතු බව බ්‍රාහ්මණයෝ රජුට සැල කර සිටියේ ය. මුළු ලෝකයේ ම නිර්මල බුදු දහම ඇති රටත් සතර මහා දේවාලයන් ඇති රටත් ශ්‍රී ලංකාද්වීපය බවද බ්‍රාහ්මණයින් රජතුමාට දැනුම් දුන්නේ ය.
රජතුමා තම සේනාව සමඟ ලංකාවට ගොඩ බැස්සේ වත්තල් තොටමුණට ය. එකල තොටමුණේ තිබී ඇත්තේ වත්තලය. වත්තල් තොටුමුණට ගොඩබැසගත් රජතුමා දුගී මගී යාචකයින්ට දින හතක් තිස්සේ දාන මාන පිළිගැන්වීය. පසුව කැලණි විහාරයට පැමිණි රජතුමා කැලණි විහාරයේ දී හත් දිනක් දාන මාන කටයුතු පිළිගන්වමින් පින් දහම් කළේ ය. පසුව කැලණි ගඟ දිගේ කඩුවෙල බෝමිරිය පසුකර නවගමුවේ සත් පත්තිනි
දේවාලයට ගියේ ය. හිසේ ප්‍රමාණයට විශාල රන් අඹයක් පත්තිනි දේවියට පූජා කළ රජු එතැනින් සීතාවක රාජධානිය බලා පිටත් විය.
සීතාවක රජමාලිගාවේ ගිමන් හැර රුවන්වැල්ල බලා පිටත් වූ සේරමාණම් රජතුමා රුවන්වැල්ලේ දී විශාල මඩුවක් ඉදි කළේ ය. මේ මඩුව දිගින් හැටරියනක් ද පළලින් තිස් රියනක්ද, තලව්ව පහළොස් රියනක්ද විය. අනතුරුව රන් ආලේපිත තොරණක් ඉදිකොට දේව පූජාවක් පැවැත්විය. එවිට පත්තිනි දේවිය යහතින් එම මඩුවට පැමිණ රජුගේ රෝගය සුවපත් කොට ඇත. රජුගේ රෝගය සුව වීමෙන් පසු රජතුමාගේ දේවිය විසින් පත්තිනි දේවියට පූජාවක් පැවැත්වූවා ය. වඩුවන් කැඳවා සඳුන් රුකෙන් කපක් සාදවා කැටයම් දමා මඬුවක් ඉදි කොට පත්තිනි දේවියට පූජාවක් පැවැත් වූ රජ දේවිය අහස, පොළොව, ඉරහඳ පවිතින තෙක් ලංකාදීපයේ මේ පූජාව පවතීවායි ප්‍රාර්ථනා කළේ ය. මුළුමහත් ජනතාවට සැපත සෞභාග්‍යය ළඟා වේවා. රෝග දුරු වේවායි ප්‍රාර්ථනා කළේ ය. එතැන් සිට අද දක්වාම මේ ශාන්ති කර්මය අප අතර පවතී.
පැවැත්වීමේ අරමුණු - දෙවියන්ගේ ලෙඩ වලින් මිඳීම, දේව ආශිර්වාදය ලැබීම, සරුසාර අස්වැන්නක් ලැබීම, ඇස්වහ කටවහ දුරුවීම, රැකීරක්‍ෂා වල අභිවෘද්ධිය ලැබීම, කළු කුමාර දිෂ්ටිය පහ කිරීම, යහපත් රාජ්‍ය පාලනයක් ඇති කිරීම, සාරධර්ම ඇති කිරීම, සුබ වූ ආකල්ප ඇති කිරීම, ස්වභාවික විපත් වලින් මිදීම,
විනෝදාස්වාදය ලැබීම යන අරමුණු උදෙසා මේ ශාන්ති කර්මය පැවැත්වේ.මෙම ශාන්ති කර්මයෙන් පුද ලබන ප්‍රධානම දේවිය වන්නේ පත්තිනි දේවියයි. එසේම දෙවොල් දෙවි හත් කට්ටුව, විෂ්ණු, සමන්, කතරගම, නාථ, වාහල, මංගර, දොළහ දෙවියන් ඇතුළු විශාල දෙවි පිරිසක් මෙමඟින් පූජාවට ලක් කෙරේ.
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Tuesday, August 1, 2017

දියුණු මනසක් ඇති කෙනාට තම සිරුර යම් තැනක මැවිය හැකියි....(අබිරහස් අඩවිය - Abirahas Adawiya - ශාස්ත්‍රීය ළිපි mind power)

පෙරදිග තමන් සටන් කර දිනා ගත් රටවල තිබූ අති විශාල ඥාන සම්භාරයෙන් විශාල ප්‍රමාණයක් විනාශ කර දමා ටිකක් ගෙදර ගෙන ගිය බටහිර ජාතිකයෝ තවමත් එම දැනුම් සම්භාරය පිළිබඳව පර්යේෂණ පවත්වති. එදත් අදත් ලෝක විනාශය සඳහා අවි ආයුධ තැනීමේ පුරෝගාමීන්ව සිටින අපරදිගුවෝ තමන් උච්චයන් බවත් යටත් රටවල වැසියන් මිලේච්ඡයින් බවත් අපට ඒත්තු ගැන්වූහ. එබැවින් එදා සිට අපි උන් කියන සැම දෙයක්ම සාධුකාරදී පිළිගැනීමට සැකසී සිටිමු. ඒ අනුව අපගේ පාරම්පරික ඥාන සම්භාරය අවඥාවට ලක් කරමු. විශේෂයෙන් උන්ගේ නවීන විද්‍යාවට අසු නොවන සියල්ල පයින් ගසා පැත්තකට දැමීමට අපි පුහුණුව ලැබ සිටිමු. උන් පෙරදිග යටත් විජිතයන්ගෙන් සොරකම් කළ ඥාන සම්භාරය යොදා ගනිමින් පරීක්‍ෂණ නිරීක්‍ෂණ පවත්වා ප්‍රතිඵල ලබා ගත් පසු ඒවා උන්ගේ සොයා ගැනීම් ලෙස අපට බෙදා දෙන කල එහෙයි ස්වාමීනි කියා ඒවා පිළි ගනිමු. 

නවීන විද්‍යාවට තවමත් අසු නොවූ එහෙත් පෙරදිගුවන්ට මීට බොහෝ කලකට පෙර අසුවූ බොහෝ දේ මේ විශ්වය තුළ තිබේ. 
දේශීය වෙදකමට අනුව ශරීරයේ වාතය ඇත. මෙය හඳුනා ගැනීමට හැකි කිසිදු විද්‍යාත්මක ක්‍රමයක් මෙතෙක් නැත. මෙහි වාතය යනු හුස්ම ගන්නා වාතය. අධෝ වාතය වශයෙන් අපට දැනෙන වාත කොටස පමණක් නොවේ. එසේ දැනෙන්නේ ස්ථූල වාතයයි. සූක්‍ෂම වාතය ලෙස කොටසක් ශරීරය තුළ ක්‍රියාත්මක වේ. ස්නායු පද්ධතිය ක්‍රියාත්මක වන්නේ මෙම සූක්‍ෂම වාතය මගිනි. එම සූක්‍ෂම වාතය අඩුවීම, වැඩිවීම, විකෘතිවීම ශරීරය රෝගීවීමට හේතු වේ. (මේ ඉතාමත්ම දළ හැඳින්වීමකි) පිතද සෙමද මෙසේම ස්ථුල සූක්‍ෂම වශයෙන් ඇත. සූක්‍ෂම තත්ත්වය කිසිදු විද්‍යා උපකරණයකට අසුවන්නේ නැත. 
ශබ්දය හා රූපය තැනකින් තැනකට ගෙන යාහැකි ශක්ති විශේෂයක් මෙලොව තිබෙන බව ලෝකය පිළිගත්තේ ගුවන්විදුලි යන්ත්‍රය හා රූපවාහිනී යන්ත්‍රය නිපදවූ පසුවය. එහෙත් ඒ සොයා ගැනීමට වසර 2000ටත් පෙර බුදු හිමියන් එම විශේෂ ශක්තිය තම අධි චිත්ත බලයෙන් අල්ලාගෙන තම රූපය හා කටහඬ තමාට වුවමනා තැනට යොමු කළ ආකාරය ත්‍රිපිටකය තුළ අපට හමුවේ. එසේම බුදු හිමියන්ද මහ රහතන්වහන්සේලාද තවත් අපූරු ශක්තියක් උපයෝගී කරගෙන ඇත. එනම් තමන්ගේ දේශනාව අසා සිටින ඕනෑම භාෂාවක් කතා කරන කෙනෙකුට එය සිය බසින් කියන දෙයක් මෙන් තේරුම් ගැනීමට හැකි වන සේ දේශනා කිරීම සඳහා යොදාගත් ශක්තියයි. ධර්මාශෝක රජුට තම ධර්ම ප්‍රචාරක කටයුතු ඉතාම පහසු වූයේ රහතන්වහන්සේලාට මේ ශක්තිය උපයෝගී කර ගැනීමට හැකිවූ නිසාය. නූතන ඉතිහාසයේ මේ ශක්තිය දැන සිටි කෙනකු ලෙස ජේ. ක්‍රිෂ්ණාමූර්තිතුමා සඳහන්ව ඇත.

ගුවන්විදුලිය හා රූපවාහිනී තරංග මෙන් මෙම ශක්ති විශේෂයද කවදා හෝ භෞතික උපකරණයකට අල්ලා ගත හැකි වේද?
බුදු හිමියන් සත්ත්වයා සැරිසරන ලෝක 31ක් ගැන කියා ඇත. (බ්‍රහ්ම ලෝක 20 + දිව්‍ය ලෝක 6 + අපාය 4 + මනුෂ්‍ය ලෝක 1 = 31) මේ අතරින් මිනිස් ලෝකය හා සතර අපායෙන් එකක් වන තිරිසන් අපාය අපට ප්‍රත්‍යක්‍ෂ වේ. අන් කිසිවක්ම අපට නොපෙනේ. එහෙත් ප්‍රේත අපාය ගැන අපට ඕනෑ තරම් අත්දැකීම් තිබේ. තමා කළ කර්මයේ ශක්තිය මත ප්‍රේතයින්ට බලය ලැබේ. ඇතැම් ප්‍රේතයන් බලවත් වන්නේද ඇතමුන් අබලයන් වන්නේද ඒ අනුවය. 
මේ සත්ත්වයනට තමා ලද බලයට අනුව යම් යම් ශබ්ද ඇති කළ හැකිය. (උදා:- යමකු ඇවිදින ශබ්දයක්) අවශ්‍ය විටක තත්පර ගණනක් පෙනී සිටීමට හැකිය. දුගඳ ඇති කළ හැකිය. යම් ශක්තියක් යෙදවිය හැකිය. අපේ රටේ ඇතැම් වැඩිහිටියනට මෙබඳු අත්දැකීම් ඕනෑ තරම් ඇත. ලේඛිකාවටද ඇත. 
මේ අතර ප්‍රේත ලෝකය අළලා ගෙතුණු මිථ්‍යා ප්‍රබන්ධ එලෝකෝටියකටත් වඩා තිබේ. එම කතන්දර මගින් එම සත්ත්වයිනට අධි ශක්තියක් ආරෝපණය කර ඇත. එමගින් කෙරෙන්නේ මිනිසුන් බිය ගැන්වීමයි. මේ තත්ත්වය යටතේ සඳ එළියේ සෙලවෙන කෙසෙල් කොළයටත් බියවී තොවිල් නටන අවස්ථා ඕනෑ තරම් තිබේ. මේ අධික බිය නිසාම ඇති වන මානසික විකෘතිතාද ඇත. එසේම අපස්මාරය හා වෙනත් එබඳු රෝගයකුත් ප්‍රේතයන් වැහීමක් ලෙස සලකා ගැනීම නිසා සදාකාලික රෝගීන් වන අවස්ථා ද ඇත. 
අප සමාජයේ යකුන් ප්‍රේතයන් වැහෙන අයගෙන් 99%ක්ම කාන්තාවන් බවද 1%ක් වන පිරිමියාද පෞරුෂය නොවැඩුණු ගැහැනියක බඳු පිරිමියකු බවද ඉතාම පැහැදිලි සත්‍යයකි. යකුන් වැහීම යනු මනෝ විකාරයක් විනා සත්‍යයක් නම් නොවේ. බලි තොවිල් යන්ත්‍ර මන්ත්‍ර ආදිය ඈත අතීතයේදී මානසික රෝග සඳහා කළ මනෝ වෛද්‍ය ප්‍රතිකාර විධියකි. මනා සාක්‍ෂරතාවක් දියුණු මනෝ වෛද්‍ය විද්‍යාවක් ඇති මෙකල මානසික විකෘතිතා සඳහා මන්තර ගුරුකම්වලට යොමුවීම සැබවින්ම හාස්‍යයට කරුණකි. 

ප්‍රේත පිශාචාදීන්ගෙන් මිනිසුනට යම් යම් බලපෑම් ඇතිවන බව 100%ක් සත්‍යයකි. විශේෂයෙන් බලගතු අපල අවස්ථාවලදී එබඳු සිදුවීම් ඇතිවීමට ඉඩ ඇත. කුමන අවස්ථාවකදී වුවත් තම තම ආගමානුකූල කටයුතු කිරීමෙන් ඉතාම සාර්ථකව අමනුෂ්‍ය උවදුර ඉවත් කර ගැනීමට හැකිවේ. පිරිතෙන් බුදුගුණෙන් මතුරා යන්තර දැමීම, දෙහිකැපීම වැනි බුදු දහම විකෘති කරන මනස්ගාත මින් අදහස් නොකෙරේ. කට්ටඩියන් හා ගසාකන්නන් කියන තරමටම අමනුෂ්‍යයන් බලවත් නම් සොහොන් පල්ලන්ට මල්ශාලාකරුවන්ට තම සේවා ඉටු කිරීමටත් වෛද්‍ය ශිෂ්‍යයනට ඉගෙනීමටත් ලැබෙන්නේ නැත. 

ප්‍රේත ලෝකය හා බැඳී ඇති අති දැවැන්ත මිථ්‍යා මත අප රටෙන් තුරන් කිරීමට කිසිවෙකුත් සමත් වී නැත්තේ ඒ පිළිබඳව කටයුතු කිරීමට එන පිරිස නවීන භෞතික විද්‍යාව නමැති උපැස් යුවළ දමාගෙන සිටින නිසාත් පොදු ජනතාව නූගත් මෝඩයන් පිරිසක් ලෙස සලකන නිසාත්ය. ඒ නිසා උගතුන් එක හඬින් මුරගා කියන්නේ යළි උපතක් නැති බවත් එනිසාම ප්‍රේත යක්‍ෂ භූතාදී කොටස් නැති බවත්ය. 
මෙයට වසර ගණනාවකට ඉහත ඒබ්‍රහම් ටී. කොවුර් මහතා ප්‍රේතයන් යකුන් දෙවියන් පිළිබඳව ගොඩනැගී තිබෙන මිථ්‍යාව රටින් තුරන් කිරීමට හොඳ සටනක් ගෙන ගියේය. ඒ නිසා දේවාල හා කට්ටඩියන් ආගිය අතක් නැති වන තරමට කරුණු යෙදිණි. එහෙත් එය ස්ථාවර මට්ටමකට ගෙන ඒමට ඔහුට හා ඔහුගේ වත්මන් ගෝලබාලයනට නොහැකිවී ඇත්තේ ප්‍රේත අපාය පිළිබඳ ප්‍රත්‍යක්‍ෂ ඥානය අප සමාජය සතු වන බැවිනි. 
යළි උපතක් නැත, ඒනිසා ප්‍රේත (හා වෙනත්) අපාය කියා දෙයක් නැත. කියමින් පවතින්නේ හුඹස් බියක් බව ඔප්පු කිරීමට කරුණු බහුතරයක් ගෙන හැර පාමින් උගතකු පැය කීපයක් තිස්සේ පවත්වනු ලබන දේශනයක් ඉතාම සාවධානව අසා සිටින ගැමියකු යළි නිවසට පැමිණි විගස තම දුවට වැහී සිටින ප්‍රේතිය එලවා දැමීම සඳහා යකැදුරකු කැඳවාගෙන ඒමට දුවන්නේ බුද්ධ දර්ශනයත් ප්‍රේතයන් සම්බන්ධව තමාගේ පාරම්පරික හා ප්‍රත්‍යක්‍ෂ ඥානයත් යන දෙකට පයින් ගැසීමට ගැමියා සූදානම් නැති බැවිනි. 
තමාට විද්‍යා හෝ වෙනත් උපාධි තිබූ පමණින් අනෙකකුගේ ප්‍රත්‍යක්‍ෂ ඥානය උපහාසයට ලක් කිරීමට කිසිවෙකුටත් නොහැකිය. එබැවින් උගතුන් කළ යුත්තේ නොපෙනෙන ලෝක (ප්‍රේත දිව්‍යාදී ලෙස) නැත කියා තප්පුලෑම නොව එම නොපෙනෙ ලෝක අළලා ගෙතී ඇති අනන්තවූ මිථ්‍යා ඇදහිලි විශ්වාස සමාජයෙන් තුරන් කර දැමීමට කටයුතු කිරීමය.  මෙම උගතුන් පවසන තවත් දෙයක් නම් “ප්‍රේතයන් ඉන්නවා නම් පෙන්වන්න” කියාය. අප අවට අවකාශයේ තිබෙන ගුවන්විදුලිය රූපවාහිනිය, දුරකථනය ආදියට යොදා ගන්නා තරංග හැකි නම් ඇඟිල්ල දිගු කර පෙන්වන ලෙස මම ඔවුන්ගෙන් ඉල්ලා සිටිමි. එම තරංග අප අවට ඇති බවට තිබෙන එකම සාධකය වන්නේ අදාළ යන්ත්‍ර ක්‍රියාකිරීම පමණි. ඒ නිසා අපට නොපෙනෙන සත්ත්වයන් ඉතා පැහැදිලිවම හසුකර ගැනීමට හැකි කැමරා කාච අනාගත ලෝකය තුළ නිපදවෙනු ඇතැයි අපි විශ්වාස කරමු. එසේම නොපෙනෙන ලෝකය අළලා ගෙතී ඇති බහුතරයක් මිත්‍යාවනට එරෙහිව නැගී සිටිමු.
අනෝමා පී. ඈපා සෙනෙවිරත්න
දේශීය වෛද්‍ය - ජ්‍යෝතිර්වේදී.
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya