Tuesday, August 9, 2016

රාවණ දේවත්වයෙන් පුදන ‘යක්කම’...(rawana අබිරහස් අඩවිය - Abirahas Adawiya)


රාවණා රජු පිළිබඳව මෑත කාලයේ ජනතාව අතර වැඩි අවධානයක් යොමුවී තිබේ. ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳව විවිධ මත පළවීමත් සමග මේ තත්ත්වය උදා වන්නට ඇතැයි යමෙකුට සිතිය හැකිය. එහෙත් අතීතයේ සිටම රාවණා රජු දේවත්වයෙන් වැඳුම් පිදුම් කරන ජන කොට්ඨාසයක් අදටත් සිටිති. එම ජනතාව අතීතයේ සිටම රාවණා රජු පිදීම සඳහා විශේෂ වූ වැඩ සටහනක් කරති. එය ඔවුන් සිදු කරනු ලබන්නේ දෙවියන් යැදීම මෙන්ම දෙවියන්ගෙන් තම ජනතාවට පිහිට ආරක්ෂාව ලබා ගැනීම සඳහාය. රාවණා රජුට දේවත්වයෙන් වැඳුම් පිදුම් කරන ගම්මානයේ ජනතාවගේ මෙම උත්සවය හා දේව පූජාව දැක බලා ගැනීමට මෙවර අපි ද එක් වුණෙමු.
මාතලේ දිස්ත‍්‍රික්කයට අයත් ලග්ගල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ලකේ ගල පාමුල පිහිටි රණමුරේ ගම්මානයේ ජනතාව මෙසේ රාවණා රජු දේවත්වයෙන් සලකති. ඔවුන් වාර්ෂිකව පවත්වනු ලබන උත්සවය ‘‘රාවණා යක්කම’’ වෙයි.  රණමුරේ ජනතාව කියා සිටින්නේ ‘‘රාවණා යක්කම’’ පරම්පරා ගණනාවක සිට පැවැත එන දෙයක් බවයි.
15pg-23d--taks-pgs
ඔවුහු හිරු නැග එන මොහොතේ සිට හිරු බැස යන වේලාව දක්වා එක් ස්ථානයක සරසා මෙම පූජාව, පෙරහර පවත්වති. මෙම ‘‘යක්කම’’ පවත්වන්නට දින තීරණය කරනු ලබන්නේ මාසයකට පමණ ඉහත දී ගමේ දස දෙනෙකු එක්ව කරනු ලබන සාකච්ඡුාවකින් පසුවය. ඒ අනුව සාම්ප‍්‍රදායික සිරිත් අනුව බුලත් හුරුලූ දී දේවාලයේ ප‍්‍රධාන කපු මහතාට හා ගමේ වැඩිහිටි පිරිසට දැනුම් දී මේ දස දෙනා හා තවත් අවතේවකරුවන් පිළිහුඬුවලින් තොර වී පේවී සිටිති.
‘‘යක්කම’’ පවත්වන්නට පෙර දී ගම්මුන් දේවාලයට පැමිණ යහන් තනා අලංකාර තොරණක් ද සවි කරති. පසුදා උදේ ඉරු නැගෙන්නට පෙර දේවාලයේ තැන්පත් කර ඇති ඉපැරණි යකඩ ආයුධ, කැති, කඩු, කිණිසි හා තවත් එවැනි ආයුධ මිටියක් ලබාගෙන එම ආයුධ පෙරහරකින් ගලා යන පිරිසිදු ජල පහරකට රැගෙන ගොස් සෝදා පිරිසිදු කොට ඒවායේ මුල පුවක් මල් බැඳ නැවත පෙරහරකින් දේවාල භූමියේ පෙර දින තැනූ යහන අසලට රැුගෙන එනු ලබයි. එම ස්ථානයේ දී ප‍්‍රධාන දේවගැති කපු මහතා එම ආයුධ එකෙන් එක ආරූඩයෙන් පේ කිරීම සිදු කරනු ලබයි. එසේ කරනුයේ බණ්ඩාර දෙවියන් හට බව ඔවුහු කියති. බණ්ඩාර දෙවියන් බවට පත්වී සිටිනුයේ රාවණා රජු බව ගම්මුන්ගේ විශ්වාසයයි.
එම ආයුධ අතර කුරුල්ලා බැඳි ආයුධයට සුවිශේෂී ස්ථානයක් හිමි වන අතර එය හිස මත තබා දේව ආශිර්වාද ලබා දීමෙන් ගම්මානයේ ජනතාවගේ හරක බාන වතු පිටි සියල්ල ආරක්ෂා කර දීමට දෙවියන් පොරොන්දු වෙයි. මෙම ස්ථානයට දෙවිවරු හත් කට්ටුවක් බැල්ම හෙළන බව ද ජනතාවගේ විශ්වාසයයි.
රණමුරේ ගම්මානයේ පැවැත්වෙන රාවණා යක්කම සඳහා විශේෂයෙන් ලග්ගල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විශේෂ අනුග‍්‍රහය ලැබෙන අතර දැනට සිටින ප‍්‍රාදේශීය ලේකම්වරයා ද යක්කමට බෙහෙවින් දායකත්වය ලබා දෙන අතර දිවයිනේ විවිධ ප‍්‍රදේශවල ජනතාව ද යක්කමට පැමිණෙති.
රණමුරේ ගම්මානයේ රාවණ සංස්කෘතික කමිටුව නමින් සංවිධානයක් ද ආරම්භ කර ඇත.
රාවණ සංවිධානයේ සභාපතිවරයා වන රණමුරේගම පදිංචි ඩබ්ලිව්.එම්.කේ.ජී. කෝවිලමුල්ල මහතා කියා සිටින්නේ තම පරපුරේ පිරිස යක්ෂ ගෝත‍්‍රයෙන් පැවැත එන බවයි.
dfh
‘‘වසර 2500කට එහා ගිය රාවණ පරම්පරාවෙන් උරුමකම් අපිට තිබෙනවා. ඒ සඳහා  ඕනෑ තරම් සාක්කි තිබෙනවා. ලග්ගල, ලකේ ගල හොඳම උදාහරණ.’’”අපි විජයගෙන් පැවත එන බව හුවා දක්වලා තියෙනවා. ඒක වෙනස් විය යුතුයි. රාවණා රජුගේ ඉතිහාසය විජයට එහා ගිය එකක්. රාවණා රජු දස බලයෙන් අග තැන්පත්ව නම් හතරකින් පෙනී සිටි අසහාය බලයක් අනුහස් ඇති විශ්වයටම බල පරාක‍්‍රමය පතුරුවපු අයෙක්.’’ සභාපතිවරයා එසේ අප සමග කීවේය.
මෙම යක්කම නමැති ශාන්තිකර්මය යන අතරතුර දී ‘‘රාවණ වගතුග’’ නම් පත‍්‍රිකාවක් එහි පැමිණෙන සෑම දෙනා වෙත ලැබෙන්නට සැලැස්වීමට සංවිධායක මණ්ඩලය සූදානම් කර තිබිණි. එහි ලග්ගල, ලකේ ගල, රාවණා රජුට ඇති සම්බන්ධතාව පිළිබඳව සටහන්ව තිබුණේ මෙසේය.
‘‘රාවණා රජුගේ මාළිගය සීගිරියේ පැවැති බවත් එය ආලකමන්දාව ලෙසින් නම් කර ඇති බවත් ජනප‍්‍රවාදයේ සඳහන් වේ. එසේම ගිරි මුදුන්වල රාවණා රජුගේ වාසස්ථාන පැවති බවත් එහි දී ලකේ ගල සුවිශේෂී ස්ථානයක් ලෙසත් සැලකේ. ඔහුගේ රිය ලෙස දඬුමොණරය ගුවන්ගත කිරීම සඳහා ආරක්ෂිත ස්ථානය ලෙස ලකේ ගල යොදාගෙන ඇත.
මෙවැනි තොරතුරු රැුසක් ඇතුළත් එම වර්ණනාව අවසන් කර ඇත්තේ මෙසේය.
‘‘සීතා පැහැරගෙන ඒමත් සමග රාම රාවණ යුද්ධය හටගනී.’’
‘‘මෙම යුද්ධයේ දී රාවණා රජුට තම පුත් ඉන්ද්‍රජිත් විශාල මෙහෙයක් සැපයූ බව ද සඳහන් වේ. රාවණාගේ එක් සහෝදරයකු වූ විභීෂණ රාජ්‍ය බලයට ලොල් වූ හෙයින් රාමා හමුවේ තම සහෝදරයා වූ රාවණාගේ සියලූ යුද රහස් හෙළි කළ බව ජනප‍්‍රවාදය සාක්ෂි දේ. මෙය හෙළයන්ගේ මුල්ම පාවා දීම බව පැවසේ. මෙම යුද්ධයෙන් රාමා විසින් එල්ල කළැයි කියන හී සැරයකින් රාවණාගේ රාජධානිය වූ ලකේ ගල කොටස් කිහිපයකට කැඞී ගිය බවත්, එහි දී රාවණා රජු මිය ගියා හෝ සිහිමූර්ජා තත්ත්වයට පත් වූ බව ජනප‍්‍රවාදයේ සඳහන් වන්නකි.  
දුණුවිල සිට විදු ඊ තල සැර            වැදුණා
ගල කඩාන ගල පාමුල තිබු වැව      මැකුණා
ගුගුරා අහස හෙණ හඬ සේ හඬ      නැගුණා
හනුමා නිසා අද ලක්බිම අඳුරු        වුණා
රණමුරේ වැසියෝ වසරක් පාසා මෙසේ පවත්වනු ලබන ‘‘යක්කම’’ නමැති රාවණා රජු පිදීම සංස්කෘතික උරුමයක් ලෙස ආරක්ෂා කරමින් සෙසු ජනතාවට ද අඩුම තරමේ දැක බලා ගැනීමට අතීතය සමග මනසට සටන් කිරීමට හෝ ඉඩහසර ලබා දීමට හැකියාව ඇත්නම් යැයි ලග්ගලට සමු දෙද්දී අපට සිතිණි.
M

උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

භවයක් පාසා හිමාලයේ බවුන්වඩන යෝගීවරු... .(අබිරහස් අඩවිය - Abirahas Adawiya - yogi waru )

හිමාලයේ සෙනසුන්හි වැඩ වෙසෙන සෘෂිවරුන් ස්වාමිවරුන් හා යෝගීන් බුදුබව ප‍්‍රාර්ථනා නොකරන බව සැබෑවය. එහෙත් අධ්‍යාත්මය සුවපත් කරන අරමුණක් වෙනුවෙන්ම කැපවූ ඒ උත්තමයාණෝ ද ඉතා සරල ජීවන පැවැත්මකට හුරුවී සිටිති.

රිෂිකේෂිහි තපෝවන් ආශ‍්‍රමයේ නැවතුණු අර්ජුන ඒ දිවි පැවැත්ම සියැසින්ම දුටුවේය. යෝග ශාස්ත‍්‍රය ඔස්සේ අධ්‍යාත්මික අභිවෘද්ධිය අපේක්ෂාවෙන් යුරෝපීය ජාතිකයන් දශක ගණනාවක් තිස්සේම ඉන්දියාවේ හිමාලය වෙත පැමිණෙති. පිරිමින් මෙන්ම ස්ත‍්‍රීන්ද මෙකී අධ්‍යාත්මික සුවය අරමුණු කරගෙන හිමාලය වෙත පැමිණෙති. එසේ පැමිණෙන්නෝද යෝගීන්ගේ සරල ජීවන රටාවට අනුගතව තම අරමුණ සඵල කරගැනීමට වෙහෙසෙති.
සෘෂිවරුන්, ස්වාමිවරුන් මෙන්ම යෝගීන්ද සිරුර වසාගැනීමට භාවිත කරන්නේ ඉතා කෙටි රෙදි කඩක් පමණි. සාමාන්‍යයෙන් එය අමුඩ ලේන්සුවකට සමාන වෙයි. ඒ උත්තමයන්ගේ භෞතික අවශ්‍යතා ඉතා සීමිතය. ඔවුන් මාංශමය ආහාර වලින් සම්පූර්ණයෙන්ම ඈත්වී සිටියි. කිරි, ධාන්‍ය පිටි වලින් සකස් කළ ආහාර හා එළවළු වලින් ඒ ආහාර වේල සමන්විතය. දවසකට ආහාර ගන්නේ එක් වේලකි. එයද ඉතා ස්වල්පයක් වශයෙනි. එයට අමතරව අවශ්‍ය නම් පලතුරු යුෂ පානය කළ හැකිය. එහෙත් එයද ඉතාමත් ස්වල්පයකි. බත් ටිකක් සමග මුදවපු කිරි ස්වල්පයක් පමණක් දවසට එක් වේලක් ආහාර වශයෙන් ගෙන අර්ජුනද හිමාලයේ සෙනසුනක් මත යෝග ශාස්ත‍්‍රය වෙනුවෙන් සිත මෙහෙයවූයේය.


යෝගීන් සිටින මෙම ප‍්‍රදේශ පාරිශුද්ධත්වයට පත් භූමින් ලෙස පිළිගැනේ. උම්බලකඩ කෑල්ලක් තරම්වත් මාංශමය ආහාර එහි නැත. එමෙන්ම මත්පැන් හා ගණිකාවන්ගෙන්ද ඒ ශුද්ධ භූමිය වියුක්තය. මුස්ලිම් ජනතාව ජීවත් නොවන එම ශුද්ධ භූමිය හුදෙක් වැඩි වශයෙන් හින්දුන්ගේ වාසස්ථානය බවට පත්ව ඇත.
1970 දශකයේ සිටම යෝග ශාස්ත‍්‍රය ප‍්‍රගුණ කිරීමේ අරමුණ පෙරදැරිව යුරෝපීය ජාතිකයන් මේ ශුද්ධ භූමියට පැමිණීම නිසා මෙහි වැඩ වෙසෙන යෝගීන්ට ඉංග‍්‍රීසි භාෂාව මැනවින් හැසිරවීමේ හැකියාව පවතී. එහෙයින් යෝග ශාස්ත‍්‍රය මුලකුරු සොයා හිමාලය වෙත යන්නන්ට ඉංග‍්‍රීසි භාෂාව දැන සිටීමෙන් යෝගීන් සමග අදහස් හුවමාරු කරගත හැකිය.
ඉතාමත් නිහඬ වුතයකට අනුව නිශ්ශබ්දතාවෙන් පිරි ජීවිත ගත කරන යෝගීන් කතා කරන්නේ අවශ්‍යම දෙයට අත්‍යවශ්‍යම වචන යොදාගත් රටාවක් ඔස්සේය.
යෝග ශාස්ත‍්‍රය හදාරන්නට ගිය අර්ජුනට වරක් සෘෂිවරයෙක් මුණගැසුණේය. සැබැවින්ම හිමාල වන අරණේදී සෘෂිවරයකුගේ මුණගැසීම යනු අහම්බයකි. තවත් අතකින් විශ්මයකි. ඒ සෘෂිවරු ඒ තරමටම අරමුණ ඔස්සේ හිත මෙහෙයවමින් හුදෙකලා ජීවිතයක් ගත කරන නිසාවෙන්ය.
එසේ මුණගැසුණත් තත්පර ගණනාවක් හැරෙන්නට සෘෂිවරුන් බොහෝවේලා මනුෂ්‍ය ඇසුරේ රැඳී සිටින්නේද නැත.
සෘෂිවරයාණෙනි ඔබේ නම කුමක්දැයි යන ප‍්‍රශ්නය පවා අර්ජුනට අසන්නට ඉඩ හසරක් නොලැබුණේ එහෙයිනි.

අර්ජුන තමා අබිමුව සිටින සෘෂිවරයාගෙන් ප‍්‍රශ්න කිහිපයක්ම විචාළේය. සෘෂිවරයා ඒ ප‍්‍රශ්න සියල්ලම එකට කැටිකොට ගනිමින් කෙටි උත්තර කිහිපයක් ලබාදුන්නේය. එහෙත් ඒ පිළිතුරු සෘජුය. නිරවුල්ය. තේරුම් ගැනීමට පහසුය. උන්වහන්සේලාගේ පෘථූල දැනුම ඒ පිලිවදන් ඔස්සේ මැනවින් පැහැදිලිවෙයි.
සෘෂිවරුන්ගේ විශ්වාසයේ හැටියට යෝග ශාස්ත‍්‍රයේ අධ්‍යාත්මික සුවය සොයා හිමාලය වෙත පැමිණෙන්නේ පෙර අත්භවයන්හි එහි සිටිමින් යෝග ශාස්ත‍්‍රය ප‍්‍රගුණ කළ අයමය. සසර පුරුද්ද අනුව යමින් ඔවුහු නැවත එහි පැමිණෙති. හිමාලය වෙත යෝග ශාස්ත‍්‍රය හදාරණ රිසින් යන අයට ඒ උතුමාණන් වහන්සේලා ආමන්ත‍්‍රණය කරන්නේද වෙනත් නම් වලිනි. ඒ වෙනත් නම සෘෂිවරුන්ගේ පිළිගැනීමේ හැටියට ඔවුන්ගේ පෙර අත්භවයේ නාමයයි.

ශ්‍රී රාමා මහේෂ් ඍෂිතුමා
විඥානවාදය ගරු නොකරන, විඥානවාදය ප‍්‍රතික්ෂේප කරන භෞතිකවාදීන්ට අනුව මෙකී විශ්වාස හා
පිළිගැනීම් මිථ්‍යාවක්ය. පදනම් විරහිතය යන තර්කය මතුකිරීම ස්වභාවිකය. එහෙත් මනුෂ්‍ය සිත දියුණුවේ උච්චතම සංධිෂ්ථාන කරා මෙහෙයවූ විට එහි ශක්තිය ස්වාභාවිකත්වය ඉක්මවා යන තත්ත්වයට පත්වෙයි. සිත දියුණු කරමින් නැගෙන හිරු මඬලේ ප‍්‍රභාවත් ශක්තියත් සමග දෙවියන් කොට සැලකූ සූර්ය දෙවිඳුන්ගේ ශක්තිය උරාගනිමින් ඒ ශක්තියද ඇතුළු විශ්ව ශක්තිය තමා වෙතට කැටිකොට ගන්නා යෝගීන් එම ජීවමය ශක්තියේ අනුහසින් පාන පෙළහර තමන් සියැසින් දුටු බව අර්ජුන පවසයි.
හිමෙන් වැසුණු හිමාලයේ හිම කැටිති දියවී දෝර ගලා යන දිය දහරෙන් උදෑසන 6.00 පමණ වෙද්දී ස්නානය කොට පිරිසුදු වන යෝගීන් ස්වාමිවරුන් හා සෘෂිවරුන් අපූරු දේවත්වයක් උරුමකරගත් අසිරිමත් සොබා දහමත් සමඟ තම ජීවිතවල අලූත් පිටුවක් පෙරළයි. පැය ගණන් භාවනාවට සමවැදෙන මෙම භාවනා යෝගීහු වසර ගණනක් නොසැලී නොසෙල්වී භාවනාමය ධ්‍යානයන්ට සමවැදී සිටි බවට කියවන්නට ලැබෙන කතාන්දර හැබැවින්ම ප‍්‍රබන්ධ නොව සැබෑවක් බව පිළිගන්නේ හිමාලය වන අරණේ එකී ශාස්ත‍්‍රය සොයා ගිය අයමය. මක්නිසාදයත් ඒ ඇතැම් කතා වස්තූන් හුදෙක් ප‍්‍රබන්ධදැයි සිතෙන තරමට අද්භූත රසයෙන් පිරී පවතින හෙයිනි.
අර්ජුනට ශ්‍රී රාමා මහේෂ් ඍෂිතුමා නම් යෝගී ඇඳුරාණන්ගේ උතුම් මග පෙන්වීම ලැබුණේය.
දරුවා ඔබ මෙතන ඉගෙන ගන්නවද? වෙන ආශ‍්‍රමයක ඉගෙන ගන්නවද?
නවතින තැන එතැන යැයි අර්ජුන තීරණය කළේය.
ඇඳුරු ගුරු සබඳතාව වදන් ඔස්සේ ගලා නොගියත් කැඩපතකින් බලා සිටියාක් මෙන් තම ශිෂ්‍යයන් කරන දේ කියන දේ පමණක් නොව සිතන දේද ගුරු ඇඳුරාණෝ දනිති. මුණනොගැසුණත් එවන් පෙනීමක් සහිත සවිඥානික ඥානයකින් යෝග ශාස්ත‍්‍රයේ පරතෙර සොයා යන ඇඳුරන්ගේ සිරස පරිපූර්ණය. විශ්මයක් ලෙස හැඟුණත් එය සිත දියුණු කිරීමේ තවත් ඵලයකි.
හින්දු ග‍්‍රන්ථවලට අනුව මිනිසාගේ ජීවිත කාලය විවිධ කාල වකවානුවලට බෙදා ඇත. එයින් එක් කාල පරිච්ඡේදයක් වන්නේ ප‍්‍රථම වර්ෂ 10 අයත් වන බාල්යම් කාලයයි. වසර 12 සිට 25 දක්වා වූ කාලය කව්මාරම් නොහොත් නව යොවුන්විය ලෙස සඳහන් වේ.මෙය සදාකාලික නොහොත් කුව්රා නම් වේ. රුසියානු විද්‍යාඥයන්ගේ සොයාගැනීම් වලට අනුව වසර 16 ක්වූ අවධිය උපරිම හැකියාව භාවිත කළ හැකි කාලය බැවින් ඊට යාන්ත‍්‍රික හෝ විද්‍යුත් ශක්තියක් යෙදිය හැකි නම් වසර 10,000 පමණ ජීවත් විය හැකිය.
ඉන්දීය පුරාණයට අනුව පැරැුණි ගුප්ත ලේඛනවල සඳහන් වන්නේ ක‍්‍රීක යුගයේ වසර 10,000 ආයු වැළදු මිනිසුන් ජීවත්වූ බවය. කෙසේ වුවත් මෙවන් ආකාරයෙන් සදාකාලික තත්ත්වයකට ආවත් ඒ සියල්ලෝම ක‍්‍රමානුකූලව මරණය කරා ගමන් කරති.
සමහර හින්දු ග‍්‍රන්ථවල සඳහන් වන්නේ දේවත්වයට පත් දරුවන් සිටින බවය. එය එසේ විය හැකි බවට සාධකය වන්නේ වසර 16 ක් වූ වයසට ළඟාවන තුරු දරුවන් සාමාන්‍යයෙන් ස්වභාවික මරණය කරා ගමන් නොකරන බවට වන සාධකයයි. බොහෝ විට එවැන්නන් තුළ මරණය සිදුවුවහොත් ඊට හේතුවන්නේ බාහිර බලපෑමක් හෝ මන්දපෝෂණ තත්ත්වයක් පමණි.
මෙය තහවුරු කිරීම සඳහා වූ නිර්ණායකයක් ලෙස ගත හැක්කේ සංඛ්‍යාත්මකව මරණය සිදුවීමේ ප‍්‍රතිශතය වයස අවුරුදු 16 ට වඩා වැඩිහිටි සංඛ්‍යාව අතර වැඩි බවය. මෙය නිරීක්ෂණයට ලක්කළ අපේ මුතුන් මිත්තෝ ජනකථා නිර්මාණයේදී බොහෝ විට කථාවේ සඳහන් කුමරියක ඇගේ වසර 16 වැනි උපන්දිනයේදී මිය යන බව සඳහන් කළහ. වර්තමාන වෛද්‍ය විද්‍යාවේ සොයාගැනීම් අනුව වසර 16 සම්පූර්ණ වන විට මොළය අභ්‍යන්තරයේ ඇති තෙවැනි ඇස වර්ධනයට පටන් ගනී. එහෙත් මෙය අදද විද්‍යාවට කුමක්දැයි විශ්ලේෂණය කිරීමට නොහැකි වී ඇත.
ලොව රටවල් අතරින් ඉන්දියාවේ පමණකි විශාල ලෙස පැරැණි ස්මරණතිත‍්‍රාන්ත (සාමාන්‍ය ධාරණ ශක්තිය ඉක්මවා යාම පිළිබඳව) ග‍්‍රන්ථ රචනා වී ඇත්තේ.
එම ග‍්‍රන්ථ අතර ඉතා විශාල වශයෙන් ඇත්තේ මිනිස් බව හඳුනා ගැනීමට අදාළ කරුණු සඳහන් ලේඛනය. යෝග විද්‍යාවද ඒ තුළ සඳහන් උප ප‍්‍රභේදයකි.
යෝග විද්‍යාවේ විවිධ න්‍යායන් රාශියක් ඇති නමුත් බොහෝ ඒවා ලිඛිතව සඳහන් නොවේ. සමහර විශ්ලේෂකයන්ට අනුව මෙම න්‍යායන් වෙතින් වසර දහස් ගණනක් ජීවත්වීම පිළිබඳව රහස් දැක්වේ. ඊට අමතරව ඔවුන් දක්වන්නේ වසර දහස් ගණනක් ජීවත් වූ යෝගීන් සිටි බවය. වර්තමාන විද්‍යාවට තවත් දශක ගණනක් යනතුරුවත් එම න්‍යායන් විශ්ලේෂණය කිරීමට හැකිවේ යැයි සිතීම උගහටය.
කප් සුවහස් කල් සංසාරයේ පිරූ පාරමිතාවක අනුහසින් බුද්ධත්වය සාක්ෂාත් කරනු උදෙසා බෝසතාණෝ සයවසක් මුළුල්ලේ දුෂ්කර ක‍්‍රියා කළහ. තිර අරමුණක පිහිටි සිත නොවෙනස්වම එම අරමුණෙහිම ඇලී පැවතුනේය. හිඳ සිටි ගස මුලට වැටෙන ඵලයක් වෙත්නම් එය පමණක් අනුභව කරමින් අරමුණ වෙනුවෙන්ම කැප වූයේය. අධිෂ්ඨානය අප අරමුණ කරා මෙහෙයවනු ලබයි.
ප‍්‍රවීණ යෝග උපදේශක
අර්ජුන වික‍්‍රමාරච්චි

උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

වරිග පූර්ණිකාව... (wariga poornikawa අබිරහස් අඩවිය - Abirahas Adawiya )

ශ්‍රී ලංකාවේ දකුණු පළාත ඒ කාලෙ ප්‍රබල යක්ෂ රාජධානියක්
පූජ්‍ය විමලරත්න හිමි සමඟ වරිග පූර්ණිකාව පිළිබද කෙරුණු සාකච්ඡාවක් ඇසුරෙන්

දෙවන ලිපිය

රාවණාගේ වත්මන් ලේ නෑ පරපුර අද වර්තමානයේ රැඳෙමින්, අනාගතයට ‍ දොර කවුළු විවර කිරීමට අතීතය කණිමින් සිටියි. ඒ හිතුවක්කාර විදියට අරහෙන් මෙහෙන් කරනු ලබන කැණීමක් ලෙසින් නොවේ. ඒ ගැන පූජ්‍ය විමලරතන හිමි මෙසේ කියයි.

අපගේ මේ තොරතුරු ගවේෂණය, හෙළිදරව්ව අතීතය ගැන නොව ලංකාවේ අනාගතය සඳහායි. මේ මතුවනුයේ ලෝක අනාගතයේ ලංකාවට හිමිවන ස්ථානයයි. ලංකාව යනු ලෝකයේ බලවත්ම රාජ්‍යය වූ බවත් අනාගත ලෝකයටද එය එසේම විය යුතු බවත්ය.

එහෙත් වත්මන් ලෝක හැඩගැස්ම අනුව එම තත්ත්වය ළඟාකර ගැනීම පහසු නැත. නමුත් ඉතා සැලසුම්සහගතව, ක්‍රමානුකූලව කටයුතු කරන්නේ නම් එය අපහසුවන්නේද නැත. ඒ සඳහා අවශ්‍ය වනුයේ එකම එක දෙයකි. එය වූකලි තුන්කල් දක්නා දේශපාලන දැක්මේ බුද්ධියේ ක්‍රියාවේ ආදීන භාවයයි.

මේ සියල්ල අපට කියාදෙන්නේ වරිග පුස්තක පූර්ණිකාවයි. මෙම වරිග පූර්ණිකා පුස්තකය අද වන විට සතුව තිබෙනුයේ ඉරුගල් බණ්ඩාර රවිශෛලාෂ රාජකරුණා පෙළපත සතුවයි. දැනට එහි බාරකරු ලෙස කටයුතු කරන්නේ මමයි.
මෙම වරිග පූර්ණිකා පුස්තකය සඟවාගෙන සුරක්‍ෂිත කරනුයේ ඉතිහාසගත පරපුරක තොරතුරු පමණක්ම නොවේ. ඒ අනුව, එය ඓතිහාසික ලියැවිල්ලක්ම යන මතය ඉක්මවාලමින් සිටියි. ඒ එම පුස්තකය තුළ රාවණා රජු සමයේ පැවැති රාජ්‍ය ව්‍යුහය සහ දේශපාලන දර්ශනය මැනැවින් විදහාපාන බැවිනි.
වරිග පූර්ණිකාවට අනුව, රාවණා රජු කාලයේ එදා ශ්‍රී ලංකාව පාලන ප්‍රදේශ හතරකට බෙදා වෙන්කර තිබිණි. ඒ පාලනයේ පහසුව සඳහායි. මෙසේ බෙදා වෙන් කළ කොටසකට යක්‍ෂ ගෝත්‍රික නමක්ද තිබිණි. එම නම වූයේ 'පදියම' යන්නය. මෙම පදියම යන වචනය අරුත්බර වැකියකට සම්බන්ධ කර ඔවුන් එම පාලන ප්‍රදේශ මෙසේ හඳුන්වා තිබිණි.
'හේත්‍ර කයිර මණ්ඨක පදියාන'
මෙම යක්‍ෂ ගෝත්‍රික භාෂාව ගැන පූජ්‍ය විමලරතන හිමි මෙසේ කියයි.
සිංහලයට පෙරළන තෙක් අපට නොතේරෙන ඉතා සුන්දර වූ භාෂාවකි. භාෂාවේ සෑම අකුරක්, වචනයක්, වැකියක් පාසා සඟවාගනු ලැබූ කිසියම් සුන්දරත්වයක් මතුවෙමින් තිබේ. අප හදවතට එය දන්වා ලනුයේ ඉතාමත් හුරුපුරුදු, නමුත් දැනට භාවිතයට නොගන්නා වූ ආගන්තුක නොවූ භාෂාවක් ලෙසටය.
යක්‍ෂ ගෝත්‍රිකයන්ට තිබුණේ මනරම් කාව්‍යමය භාෂාවකි. ගද්‍යයෙන් ලියුවද, පද්‍යයෙන් ලියුවද එහි සුන්දරත්වය අඩුවක් නොපෙන්වයි. මේ යක්‍ෂ ගෝත්‍රිකයන් විකෘති කාමාශාවන්ගෙන් තොර විය යුතු බව දක්වමින් යක්‍ෂ භාෂාවෙන් ලියූ සටහනකි. මෙම සටහනට දී ඇති නම වනුයේ 'දශාකාර රාගය' යන නමයි.

කාමාරාගය සත් පදය වී
ඊ පීතල රාගයෝ වී
ඊ දෙසුල් රාගයෝ වී
ඊ රාමල් රාගයෝ වී
ඊ ඛරත රාගයෝ වී
ඊ සුංගු රාගයෝ වී
ඊ ජලිත රාගයෝ වී
ඊ යාදී රාගයෝ වී
ඊ ඛහිත රාගයෝ වී
ඊ කාංගි රාගයෝ වී
මෙය සිංහලට නැඟූ විට මෙසේ කියැවෙයි.
පීතල රාගය - සමලිංගික හැසිරීමේ ආශාව.
රාමල් රාගය - ස්වයංකාම වින්දනය.
දෙසුල් රාගය - කෙසඟ සිරුරක් ඇති පුරුෂයකුගේ හෝ ස්ත්‍රියකගේ පහස පැතීම.
ඛරත කාම රාගය - තරබාරු සිරුරක් ඇති පුරුෂයකුගේ හෝ ස්ත්‍රියකගේ පහස පැතීම.
සුංගු කාමරාගය - කාම වින්දනය සඳහා වේලාවක් නොමැතිවීම. දරුවන්, වැඩිහිටියන් ගැවසෙන ස්ථානවල ගැන නොසැලකිලිමත් වී කාම සේවනයේ යෙදීම.
ජලිත කාම රාගය - පුරුෂයකුගේ ශරීරය දැකීමෙන් කාමයෙන් මුසපත්වීම.
යාදී කාම රාගය - බහු පුරුෂ සේවනයට ඇති කැමැත්ත.
ඛහිත කාම රාගය - කාම වින්දනය පරම සැපතක් කොට සිතීම.
රිපී කාම රාගය - ස්ත්‍රියකගේ අඟ පසඟ දැකීමෙන් කාමයෙන් මුසපත්වීම.
කාංගී කාම රාගය - මුඛ මාර්ග, වච්ච මාර්ග ආදී තැන්වල පහස විඳීමේ කැමැත්ත.
මෙම ක්‍රියා සිදුවී ඇත්තේ එකල මෙහි පැමිණි වෙළෙන්දන්ගෙන් බව යක්‍ෂ ගෝත්‍රිකයන් මෙහිම සඳහන් කර තිබේ. ඒවා වැළැක්වීමේ අරමුණින් මෙම වගන්ති සමාජයට දීම කර තිබේ.
යක්‍ෂ ගෝත්‍රික පරපුරේ මනරම් වූ කාව්‍ය ග්‍රන්ථයක් තිබේ. එය 'රක්ඛ මහිලා ග්‍රන්ථය' ලෙස හඳුන්වයි. මෙම රක්ඛ මහිලා ග්‍රන්ථය, යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ තේරී පූර්ණිකාවේ අඩංගු වන්නකි.
රවිශෛලාෂ පරපුරේ යක්‍ෂ ගෝත්‍රික පද්‍ය සාහිත්‍ය කලාව ගැන වරිග පූර්ණිකා පුස්තකය මෙසේ දක්වයි.
යක්‍ෂ ගෝත්‍රිකයන් කාව්‍ය ශෛලීන් පහක් අනුගමනය කර ඇත. ඒ මෙසේය. 
සත්ත ඉඳුබ, ජාතිස කාලමන, 
අග්ගිලා බෝජ, තිමිහිර, සළඹ සෝවුර.
"සිපිකි සොඳ ලුකමැ රවිශෛලාෂ යකුග සළඹ සෙවුර මෙරැක ඉඳුමුණ මුර තුමුස"
උඩුකය දැහැන සළුපොට සුසිල බව ළයේ
සුදැතිය නුඹගේ සත්පොට දැහැන ගෙල තියේ
සොබනය රුවින නෙත රසඳුනට සකි ලියේ
දකිතය උහුන කෙලෙසුන් බිඳෙති භව කයේ
"මේවායින් අපිට පැහැදිලි වන එක දෙයක් තියෙනවා. ඒ යක්‍ෂ ගෝත්‍රික පරපුර සතුව තිබූ සකල කලා ශිල්පවල දැනුම් සම්භාරය. එකල ඔවුන් ජීවත් වුණේ පරිසරය එක්ක. ඒ ජීවිතවලට රිද්මය වුණේ අව්ව, වැස්ස, සුළඟ. මේ හැම දෙයක්ම අපිට කියා පාන්නේ රණ ශූරයකු, පාලකයකු යනු සොබාදහමත් එක්ක ජීවත්වන කෙනෙක් කියලා. ඒ ජීවිතය තුළ තමයි "පෝනු, කයිර, මණ්ඨක, පදියාන" නමින් එදා ලංකාව කොටස් හතරකට බෙදෙන්නෙ.
මේ රාවණාගේ යුව රජ්ජුරුවො වුණේ ඔහුගේම පුතා. ඒ උපේන්ද්‍රමිණික කුමාරයා. ඔහු රජකමට එන්නෙ තාත්තාගෙන් පස්සේ. එදා රකුන්ගිර අද රිටිගල ප්‍රදේශය තමයි තමන්ගෙ රාජ්‍යය කරගත්තේ.
උපේන්ද්‍රමිණික රජ්ජුරුවන්ට පුතුන් දෙදෙනකු හිටියා. එක පුතෙක්ගෙ නම රවිශෛලාෂ මණ්ඨක. අනික් පුතා වුණේ කේවේසස්ථාන. මේ රවිශෛලාෂට තවත් නමක් තිබුණා. ඒ ගිරිකාල මණ්ඨක.
මේ කාලේ රාවණ රජ්ජුරුවන්ට ඖෂධ උයන් දෙකක් තිබුණා. ඒකෙන් එක් ඔෟෂධ උයනක් තිබුණේ උතුරුකරේ යාපනය කේන්ද්‍ර කර ගනිමින්. ඒකට කිව්වෙ පසිඳගිය මණ්ඨාල කියලා. මෙන්න මේ ඔෟෂධ උයන මුල්කරගෙන තමයි රාවණාගේ එක් මුනුපුරෙක් රාජ්‍යය ගොඩනැඟුවෙ. ඒ කේවේසස්ථාන කුමාරයා. ඒකට කියපු නම වුණේ කේවේසස්ථ මන්ඨක පදියම.

රාවණාගේ අනික් මුනුපුරා වුණේ රවිශෛලාෂ කුමාරයා. මේ කුමාරයා රාවණාගේ අනික් ඖෂධ උයන මුල්කරගෙන රාජ්‍යයක් ගොඩනැඟුවා. ඒ උයනෙ නම වුණේ අරවුද සෝත උයන කියන නම. ගොඩනැඟුව රාජ්‍යයට කිව්වෙ රවිලාෂ මණ්ඨක පදියම එහෙමත් නැත්නම් ගිරිකාල මණ්ඨක පදියම කියලා. මේ රාජ්‍යය තිබිච්ච තැනට එදා කිව්වෙ රකුන්ගිර කියලා. අද එතෙන්ට කියන්නෙ රිටිගල කන්ද කියලා.
මේ විදියට බලනකොට උතුරු නැඟෙනහිර පළාත්වල පදිංචිවෙලා හිටියෙ කේවේසස්ථාන වංශිකයන්. රිටිගල පැත්තෙ පදිංචි වෙලා හිටියෙ රවිශෛලාෂ වංශිකයන්. මෙන්න මේ රවිශෛලාෂ පරපුරට පරම්පරාගත රාජ නාමාවලියක් තියෙනවා. ඒක වරිග පූර්ණිකාවෙ මේ විදියට දක්වලා තියෙනවා.
කසාගිරි රජු, දෙව්ලගිරි රජු, වාරසික රජු, සේතකඨ රජු, උජුපල රජු, බැබිල ගිර රජු, මන්දාක රජු, අකිලික රජු, කීර්තිධීර රජු, රෞලාන රජු, මෝජගිරි සෙන්පති, උරසිකාර සෙන්පති, ඉදියර සෙන්පති, කන්කුර සෙන්පති, ගෝසල මාන සෙන්පති, භධාගිරික සෙන්පති.


රාවණාගේ පාලන කාලයේ එදා ලංකාව කොටස් හතරකට බෙදලා තිබුණෙ මේ විදියට
1. ශ්‍රී ලංකාවේ උතුර හා උතුරු මැද ප්‍රදේශය.
එදා මෙම ප්‍රදේශය හැඳින්නුවෙ මෝභිශූන මණ්ඨක පදියාන කියලා. ඒ එක්කම ඒකට තවත් නමක් කිව්වා. ඒ කේවේසස්ක මණ්ඨක පදියාන කියලා.

2. ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශය.
මේක තමයි මෙරටේ විශාලම යක්‍ෂ ගෝත්‍රික බල ප්‍රදේශය. හැඳින්නුවෙ වායිකුජ මණ්ඨක පදියාන කියලා. මේ ප්‍රදේශය තවත් අනු මණ්ඩල හතරක් පාලනය කෙරුවා. ඒ සත්තානා රක්ඛ පදියම, මහාගිරි රක්ඛ පදියම, සබරගිරි රක්ඛ පදියම, කන්දර රක්ඛ පදියම කියලා.

එදා රකුන්ගිර සන්තාගිර අද රිටිගල කියන ප්‍රදේශය මුල්කරගෙන නීලගිරිය, ගිරිදේශය, උපුල්වන්ගිරිය,
ලලාව දේශය, ධූමක කද්දිරිය වගේ ප්‍රදේශ යක්‍ෂ සෙන්පතිවරු පාලනය කෙරුවා.

3. ශ්‍රී ලංකාවේ නැඟෙනහිර ප්‍රදේශය.
ශෛරාකශිල මණ්ඨක පදියම විදියට හැඳින්නුවා. ත්‍රිකුණාමල බල ප්‍රදේශය යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ බල ප්‍රදේශ වුණා. මහියංගණ ප්‍රදේශයත් මේ බල ප්‍රදේශයට අයිති වුණා.

4. ශ්‍රී ලංකාවේ බටහිර ප්‍රදේශය.
හැඳින්නුවේ හිරසල මණ්ඨක පදියාන කියන නමින්. කොළඹ, ගම්පහ, කළුතර ප්‍රදේශ යක්‍ෂ ගෝත්‍රිකයො බල ප්‍රදේශ කරගෙන පාලනය කළා.
මේ රාජ පරම්පරාවෙ හිටියා මහානාම රජ කියලා කෙනෙක්. මේ මහානාම රජු රජ කරන කාලයේ විවාහක බිසවකගේ ඉල්ලීමක් පිළිඅරගෙන කර්මාන්ත දෙකක් කළා. ඒ නීලගිරි වාපිය සහ නීලගිරි තෙර සිප්ගල. අදත් ඒ කර්මාන්ත දෙක තවම තියෙනවා. ඒවා අද හඳුන්වන නම් වෙනස්. ඒ පිළිවෙළින් මහානාම වාපී සහ මහානාම පිරිවෙන කියලා. මේක වරිග පුස්තකයේ දක්වලා තියෙනවා. ඒකෙ සිංහල තේරුම මේ විදියයි.
"සව් සිතින් භද්‍රපද වූ මහානාම ශ්‍රී නරේන්ද්‍රයාණෝ උග්‍ර හෘද මණ්ඩල ඒකාලෝක කළ රකුන්ගේ යස ශ්‍රිණිය සිරිමේඝා රත්නපාලි මහේෂිකාවුන් වහන්සේ හා සව්සිරින් වැජඹෙන්නේ එකල්හි රජු මෙහෙෂියන්ගේ බන්ධු වර්ගයා පිරිවරා වරිග සභා මණ්ඩපයේ වැඩ හිඳ නීලගිරි ග්‍රාම මහානාම ග්‍රාම ලෙසින් කළෙමි."

උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

රාවණා පරපුර .. (.rawana -අබිරහස් අඩවිය - Abirahas Adawiya)

යක්‌ෂගෝත්‍රික හෙවත් රාවණා පරපුර බුද්ධකාලය වන විට පරම්පරා දෙකක්‌ වශයෙන් ප්‍රසිද්ධව පැවතිණි. රවිශෛලාශ වංශය හා කේවේසස්‌ථ වංශය වශයෙනි. නැව් තාක්‌ෂණය මුහුදු තරණය හා මුහුදු සටන් පිළිබඳව ඉහළින් ප්‍රගුණ කළ කේවේසස්‌ථ වංශිකයෝ ත්‍රිකුණාමලය යාපනය ආදී ප්‍රදේශවලත්, බටහිරින් මක්‌කම (පුත්තලම) ධූමක කද්දිරය (කලා ඔය) මීමඨ නඳුර (මල්වතු ඔය) මුහුදු සීමාවෙත් ජනාවාස පිහිටුවා ගත්හ. පසු කලෙක කෝණ වංශිකයන් නමින් ප්‍රසිද්ධ ව සිටි මේ අය අදත් අබේකෝන්, අලහකෝන්, තෙන්නකෝන් යන නම්වලින් තම වංශ නාමය රැකගෙන ඇත. කෝණ, යෝණ යන නම්වලින්ද පෙනී සිටියෝ මේ අය වෙති. බුදුරජාණන් වහන්සේ යෝනක පුරයට වැඩම කොට ශ්‍රී පාද ලකුණ පිහිට වූ බව බෞද්ධයන් දන්නා කරුණකි. යෝණක පුරය නමින් එදා හඳුන්වන්නට ඇත්තේ යාපනය අර්ධද්වීපයයි.
කේවේසස්‌ථ හා රවිශෛලාශ වංශිකයන් පිළිබඳ සඳහන් වරිග පූර්ණිකා පත්ඉරුවෙහි මෙසේ සඳහන් වේ.

“ශ්‍රී මහෝත්තම විරාජමාන ශාක්‍යවංශාලංකෘතවූ සම්‍යක්‌ සම්බෝධි පීතෘන් කුළුනැස පා බලාපි කළ සිද්ධිපානා ඊකරා බලපතීව් කාගෝර කද්දිරය මිනිමිහිදේශයේ උත්තර කොදෙව්වෙන් කෙවේසස්‌ථා රක්‌නා රකුන් කුල (මහවැලි ගඟ) ඊමවැ මහගිරි රකුන්පත් අනඥාව කරා සෙවිලී ඊමග මේ නිසාවෙන් පත් ඉරු කරම්හ මෙහෙනි ක්‌ෂීර කේමවැ මිනිමිහි දේශේ”
ඔදැතිය උපුල්වන් ගිරිදෙස්‌ රකුන්පති ඊ බලපති වී

ඔදැතිය රකුන්ගිරි දෙස්‌ රකුන්පති ඊ බලපති වී

ඔදැතිය නීලගිරි දෙස්‌ රකුන්පති ඊ බලපති වී
ඔදැතිය කාවස්‌ලාභ රකුන්පති ඊ බලපති වී
ඔදැතිය ධුමක කද්දීර රකුන්පති ඊ බලපති වී
ඔදැතිය වාලුක දෙස්‌ රකුන්පති ඊ බලපති වී
ඔදැතිය අග්නිදෙස්‌ රකුන්පති ඊ බලපති වී
ඔදැතිය විලෝපාදි දෙස්‌ රකුන්පති දෙස්‌ බලපති වී
වරිගපූර්ණිකා කියමනට අනුව ලංකාවේ උතුරු ප්‍රදේශයේ කේවේසස්‌ථා නම් යක්‌ෂ ගෝත්‍රික කුලයට අයත් පාලන ක්‍රමයක්‌ විය. මෙහි මහා ගිරි වශයෙන් හඳුන්වන්නේ ශ්‍රී පාද කඳු වැටියයි. එය කේන්ද්‍ර කරගත් හා ප්‍රදේශීය රාජ්‍යයන්ගෙන් සමන්විත පාලන ක්‍රමයක්‌ දකුණු ප්‍රදේශයේ ස්‌ථාපිත වී තිබිණි. වරිග පූර්ණිකාවට අනුව මහාගිරි ප්‍රධාන කරගත් අනෙකුත් ප්‍රාදේශීය රාජ්‍යයන් වන්නේ
1.උපුල්වන්ගිරි දේශය – දඹුල්ල ප්‍රදේශය මුල් කරගත් කන්ද උඩරට ප්‍රදේශය.
2. රකුන්ගිරි දේශය – රිටිගල ප්‍රදේශය.
3. කාවස්‌ථ ලාභ යක්‌ෂ කුලය පාලන ප්‍රදේශය – හබරන මහියංගන ප්‍රදේශය.
4. නීලගිරි දේශය – මානෑව කඳුවැටිය ප්‍රධාන කරගත් අනුරාධපුර ප්‍රදේශය.
5. ධූමක කද්දීර දේශය – කලාඔය ගල්ගමුව ගිරිබාව ආදී ප්‍රදේශ.
6. වාලුක දේශය – තම්මැන්නා අඩවිය විල්පත්තු වන අඩවිය.
7. බන්දු දේශය – නැගෙනහිර ප්‍රදේශය.
8. අග්නි දේශය – ගිනිකොණ ප්‍රදේශය.
9. වීලෝපාදි දේශය – බටහිර ප්‍රදේශය.
මහගිරි සෙන්පතියා යටතේ පැවති මේ ප්‍රදේශවල පාලන බලය උසුලනු ලැබුවේ ප්‍රාදේශිය යක්‌ෂ ප්‍රධානීන් විසිනි. වරිග පූර්ණිකාවට අනුව ලංකාවේ යක්‌ෂ ගෝත්‍රිකයන්ගේ ප්‍රධාන රාජ්‍ය දෙකක්‌ තිබිණි. එකක්‌ වූයේ ලංකාවේ දකුණු ප්‍රදේශය පාලනය කළ කේවේසස්‌ථ වංශයයි. දෙවැන්න ප්‍රාදේශීය රාජ්‍ය නාමයකින් යුක්‌ත මහගිරි යක්‌ෂ සෙන්පතියාගේ පාලන ප්‍රදේශයයි. යක්‌ෂ ගෝත්‍රික මූලාශ්‍ර අනුව කවිලාශිපාලි දේවියට බණ දේශනා කළ පුණ්‌න වෙළෙන්දා බුදුන් ළඟ පැවිදී වී රහත්ඵලයට පත්වීය. කවිලාශි අග්නිපාලී දේවිය පුණ්‌න රහතන්වහන්සේ හරහා බුදුන්වහන්සේට ලක්‌දිවට වැඩම කරන ලෙස ආරාධනා කළාය. එය පිළිගත් බුදුන්වහන්සේ පූණ්‌න තෙරුන් වහන්සේ, ආනන්ද තෙරුන් වහන්සේ, පුස තෙරුන්වහන්සේ සමග ලක්‌දිවට වැඩම කළහ. මේ ප්‍රදේශය මුලින් ලලාට දේශය නමිනුත් පසුව මක්‌කම නමින් ප්‍රසිද්ධියට පත්විය.
යක්‌ෂ ගෝත්‍රික භාෂාවෙන් මක්‌කමා යනු සලකුණ යන අර්ථය ලැබේ. බුදුන්වහන්සේ ලක්‌ දෙරණේ පය තැබූ ස්‌ථානයේ උන්වහන්සේගේ දකුණුපාදය වැල්ලේ එරී ගියේය. මෙය ලක්‌දිව තැබූ පළමු ශ්‍රී පාද සලකුණයි. මෙය බෞද්ධයන්ගේ හරසරයට ලක්‌වීම නිසා මේ ස්‌ථානය පූජනීය ස්‌ථානයක්‌ බවට පත්විය. පුත්තලමත් මන්නාරමත් අතර ප්‍රදේශයක මේ පූජනීය ස්‌ථානය අදටත් අප්‍රකටව පවතී. වරිග පූර්ණිකාවට අනුව බුදුන්වහන්සේ වාලුකා දේශය, වැලිවෙහෙර (විල්පත්තුව), ගිරිදේශය, නීලගිරිය, රකුන්ගිර යන ස්‌ථානවලට වැඩම කළේය. නීලගිරියේදී උන්වහන්සේ විෂකුම්භණ සූත්‍රය දේශනා කළහ. එය ශ්‍රවණය කළ කවිලාශ අග්නිපාලී දේවිය අරහත් ඵලයට පත්වුවාය. මෙම රහත් මෙහෙණිය මීමථ කඳුර අද්දර ආරාමයක්‌ කොට වැඩ විසුහ. රත්නාවලී රහත් මෙහෙණිය නමින් ප්‍රසිද්ධියක්‌ ඉසුලු මෙම මෙහෙණින් වහන්සේ ලංකාවේ භික්‌ෂූ භික්‌ෂුණී සාසනය පිහිටුවීමට මූලිකත්වය දැරූහ.
නීලගිරියේ බුදුන්වහන්සේ ධර්ම දේශනා කළ ස්‌ථානය තම ගෙල පැළඳ සිටි මුතු මාලය තැන්පත් කොට විෂකුම්භණ නම් චෛත්‍යයක්‌ කවිලාශිපාලී මෙහෙණිය විසින් ඉදි කරන ලදී. මෙම විෂකුම්භණ නම් චෛත්‍යය අදත් මානෑකන්දේ නටඹුන් අතර දක්‌නට ලැබේ.
රකුන්ගිරට වැඩම කළ බුදුන්වහන්සේ එහිදී ගිරිභද්‍ර සෙන්පතියාගේ මිථ්‍යා මත දුරු කොට ධර්ම දේශනා කළහ. බුදුන්වහන්සේ මෙම ස්‌ථානයේ ද ශ්‍රී පාද ලාංඡනය පිහිටුවා වදාළහ. සච්චභද්ද ගිරිය නමින් ප්‍රසිද්ධ වූයේ මෙම ස්‌ථානයයි. සත්නාගිර හෙවත් රකුන්ගිර සිට උපුල්වත් ගිරියට වැඩම කළ බුදුන්වහන්සේ එහි වස්‌
කාලයක්‌ වැඩ විසුහ. යක්‌ෂ ගෝත්‍රිකයො බුදුන්වහන්සේට වැඩ සිටීමට ලෙනක්‌ පූජා කළේය.
කවිලාශිපාලි රහත් මෙහෙණියට දියණියන් දෙදෙනෙකි. ඔවුන් නම් මහාපාලි, සෘෂිපාලි යන දෙදෙනාය. ගිරිභද්‍රගේ අභාවයෙන් පසු ගිරි දේශයේ පාලිකාව බවට පත්වූයේ මහපාලී කුමාරියයි. ඇය කවිලාශිපාලි මෙහෙණිය පිරිනිවන් පෑ විට එම ස්‌ථානයේ කුඩාවට චෛත්‍යයක්‌ ඉදිකොට බුහුමන් දැක්‌වූවාය. පසුව දුටුගැමුණු රජු එම චෛත්‍යය විශාල කොට බැඳ රත්නමාලී යන නම තැබූවේ කවිලාශිපාලී මෙහෙණියට කරන ගෞරවයක්‌ හැටියටය. රත්නමාලි චෛත්‍යයේ ඉදි කිරීමද යක්‌ෂ ගෝත්‍රිකයන් හා බැඳී පවතින බව මෙමගින් තහවුරු වේ.
එබැවින් රාවණා පරපුර බෞද්ධ සංස්‌කෘතියක්‌ තුළ ජීවත් වූ ශේ්‍රෂ්ඨ ජාතියක්‌ බව පිළිගන්නට සිදුවේ.
යක්‌ෂ ගෝත්‍රිකයන් පිළිබඳ අතිශයින් දුර්ලභ තොරතුරු රැගත් මූලාශ්‍ර අතර වැදගත් තැනක්‌ ගන්නේ රවිශෛලාශ (රාජකරුණා) වංශයට අයත් වරිගපූර්ණිකාව නම් වූ පුස්‌කොල ග්‍රන්ථයයි. කන්ද උඩරට රාජාධිරාජසිංහ රජ සමයේ මානාපවි අරණවැසි නීලගිරික බෝධි වංශාභය නොහොත් ශ්‍රී බෝධි වංශාභිධාන තෙරනමක්‌ විසින් මෙය රචනා කර ඇත. අදින් ශතවර්ෂ ගණනාවකට එහා රාවණා යුගයේ සිට එම පරපුරේ සුරක්‌ෂිතව පැවති ග්‍රන්ථ රැසක්‌ ඒකරාශී කර වරිගපූර්ණිකා පුස්‌කොළ ග්‍රන්ථය සම්පාදනය කර තිබේ.
ශ්‍රී බු.ව. 2329 දී රාජාධි රාජසිංහ රජතුමා වෙතින් වීර සන්නස ලැබූ මානෑවේ කිරිමැණිකා පියුමලිපාලී නම් රවිශෛලාශ යක්‌ෂ වංශික කුමරියගේ දෙටු සොයුරු ස්‌වකීය ප්‍රවේණියේ ප්‍රෙෘඪත්වය අනාගත පරපුරට දායාද කිරීමේ අභිලාශයෙන් වරිගපූර්ණිකාව අන්තර්ගත පංචරක්‌ඛාවලිය නම් ග්‍රන්ථය රචනා කළහ. එහි දී උන් වහන්සේ රාවණා යුගයේ සිට එවකට සුරක්‌ෂිතව පැවති පුස්‌කොළ සහ ගොස්‌සර ග්‍රන්ථ රැසක්‌ ගුරුතන්හි තබාගත්හ. වරිගපූර්ණිකාව, විභූෂපූර්ණිකාව, සලසාන පූර්ණිකාව සුන්දල පූර්ණිකාව, මන්දාල පූර්ණිකාව යන ග්‍රන්ථ පහෙන් යුක්‌ත බැවින් පංච රක්‌ඛාවලිය නමින් මේ ග්‍රන්ථය හඳුන්වනු ලබයි.
යක්‌ෂ ගෝත්‍රිකයන් විසින් රචිත ත්‍රිපිටක අටුවා ග්‍රන්ථ, වෛද්‍ය ග්‍රන්ථ වැනි ග්‍රන්ථ රැසක්‌ නීලගිරියේ මුණමුර පුස්‌තක ලෙනෙහි සුරක්‌ෂිතව පැවතුණි. මහානාම රජ සමයේ උර්දුලන් නීලවේලඳු නම් ආක්‍රමණික සෙන්පතියෙකු විසින් මෙම මුණමුර පුස්‌තක ලෙන විනාශ කරන ලදී. සිත් පිත් නැති පර දෙස්‌සා ගිනි තැබූ පුස්‌තක ලෙනේ ගිනිදැල් අතරින් මානාපවි නඛාධම්ම හිමියන් බේරා ගත් පුස්‌තක අතළොස්‌සක්‌ ඉතිරිව පැවතුණි. පංචරක්‌ඛාවලියේ කොටසක්‌ වන වරිගපූර්ණිකාවේ සඳහන් ග්‍රන්ථ නාමාවලිය බොහෝ විට ගින්නෙන් බේරා ගත් ග්‍රන්ථ විය හැකිය.
කවිලාශපාලි සැදිය, රවිශෛලාශ තෙද්දය, මුහුන් දෙයුර, භවාඅග්‍රතන්ත්‍රය, රක්‌ඛානසැරයාන, සිළිඹියාපත, විෂකුම්භණ සැදිය, රිරි කොළස, උත්ත්‍රාචක්‍රසැදිය, නීලගිරිසත්තය, ගිරිඛණ්‌ඩජල සැදිය, අසුරඅත්විසය, කාලම් අග්නිසන්දය, සුන්දලපුරාණය, කෝසල්ල කේඪුව, රක්‌ඛාන ගර්ජය, සලම්භිඅග්නිය, විෂකුම්භණ ද්වන්ත්‍රය, මුණමුර කෞරවය, වෙශමුණි ධරණිවතය, මවුරි වතය, කවිලාශ අග්නිය, සුබෝධිපුරාණය, දද්දල සෙලිය, කම්භණි මුරාග්‍රථය, ගොරාපාසලම, ඔරුමාලපටිදය, රකුන් අනාඥාවලිය, විසිතාග්‍රවරණය, රක්‌ඛ ඉලෝනිලෝව, මුරාග්‍රතන්ත්‍රය, සිලම්බි අග්නිය, සිරි මේඝාවතිය, ගෞරනිගාතය (ථුසලව), කෝරනිගාතය (විඡ්ජය), කවිලාශවන්ඨය, ගෝරාබිග්‍රය, රක්‌ඛසුලාධිය, රක්‌ඛ විද්‍රdශනය, රක්‌ඛ විජලකාව, කුකුරමාන භද්දය.
යන ග්‍රන්ථ නාමාවලිය ඇතුළු තවත් ග්‍රන්ථ රැසක නම් වරිගපූර්ණිකාවෙහි සඳහන් වෙයි.

පංචරක්‌ඛාවලිය රචනා කළ බෝධි වංශ හිමි බුද්ධ කාලයේ සිට පැවතෙන යක්‌ෂ ගෝත්‍රයෙන් පැවිද්ද ලැබූ
භික්‌ෂූ පරම්පරාවක්‌ ගැනද සඳහන් කරයි. බුදුන් වහන්සේගේ ලංකා ගමනේ දී යක්‌ෂ ගෝත්‍රිකයන්ට දෙසූ අභිධර්මය අසා මාර්ගඵල අවබෝධ කරගත් විභීෂභද්‍ර යක්‌ෂ සෙන්පතිතුමා යක්‌ෂ ගෝත්‍රික ප්‍රථම භික්‌ෂූව ලෙස සඳහන් කරයි. එතුමා පැවිදි වී බිහි කළ භික්‌ෂූ පරපුර ප්‍රාග් මහින්ද යුගයේ ශ්‍රී ලාංකික භික්‌ෂු පරපුර ලෙස සැලකිය හැකිය.
පංචරක්‌ඛාවලිය රචනා කිරීමේදී කුටීර අරණේ අඩමසක්‌ද, කන්තිර කද්දිර අරණේ සිව්මසක්‌ද, රකුන්ගිර අට මසක්‌ද වැඩ වාසය කළ බව ග්‍රන්ථ කතුවර හිමියෝ සඳහන් කරති. පංචරක්‌ඛාවලිය කතුවර බොධිවංශාභය හිමියන්ගේ ශිෂ්‍ය පරපුරේ රතනසෝභිත උපාධ්‍යයන් වහන්සේගේ ශිෂ්‍ය භික්‌ෂූවක ලෙස සිටි මානෑවේ ධම්මසෝභිත හිමි කුටීර ලෙන් විහාරයේ තිබී වරිගපූර්ණිකා ග්‍රන්ථය තම අතට පත්කර ගත්හ. පංචාරක්‌ඛාවලියේ සෙසු ග්‍රන්ථත් මෙම වරිගපූර්ණිකා ග්‍රන්ථයත් අධ්‍යයනය කළ මෙතුමා පසුව පැවිදි දිවියෙන් ඉවත් වී හෙළ ආයුර්වේද වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කළේය. ඒ අන් කවරෙකු නොව මානෑව රවිශෛලාශ පරපුරේ ඉතිහාසය සොයා ගත් රාජකරුණා තේවහාමි නොහොත් එකසිය අටේ මුත්තා වෙද ඇදුරාණන්ය. එතුමා හැර වරිගපූර්ණිකා පුස්‌කොළ ග්‍රන්ථය වන පොත් කරනු ලැබ ඇත්තේ බෝධිවංශ හිමියන්ගේ මුණුබුරෙකු වූ රාජකරුණා කිරිබණ්‌ඩා තේවාචාර්යතුමා විසිනි. මෙතුමා පංචරක්‌ඛාවලිය කියවා ධාරණය කරගත් එම වංශික බහුශ්‍රැතයෙකි. රාජාධිරාජසිංහ වීර සන්නස රාජ්‍ය ලේඛනාගාරයට පරිත්‍යාග කරනු ලැබුවේ මෙතුමා විසිනි.
එකසිය අටේ මුත්තා වෙද ඇදුරාණන්ගේ කණිටු පුත්‍ර රාජකරුණා වන්නිහාමි වෙද ඇදුරාණන් විවාහ වූයේ කිරිබණ්‌ඩා තේවාචාර්යතුමාගේ සොයුරියක සමගිනි. ඇය ඩිංගිරි අම්මා දෙමටමලී නම් වූවාය. ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්‌zඨාශයට අයත් ගන්තිරියාගම විසූ රාජකරුණා වන්නිහාමි වෙද ඇදුරාණන් සහ ඩිංගිරි අම්මා වෙද පතිනියගේ නිවසේ පොත්ගුල තුළ සුරක්‌ෂිතව පැවති මෙම ඓතිහාසික පුස්‌කොළ ග්‍රන්ථය එම යුවළගේ අභාවයෙන් පසුව අස්‌ථානගත වී ඇත.
දීර්ඝ ඉතිහාසයකට නෑකම් කියන වරිගපූර්ණිකා පුස්‌කොළ ග්‍රන්ථය පත් ඉරු දහසකින් සමන්විත වන අතර අනු පුස්‌තක දහයකින් යුක්‌තය. මෙහි විශකුම්භණ අණපත නම් උපග්‍රන්ථයක්‌ ද විය. වරිගපූර්ණිකාවෙහි එන අනු පුස්‌තක,
හස්‌ති මදාරා සිලම්බුව, රුක්‌ අත්තන සිලම්බුව, සඳුන් සිලම්බුව, දුනු මඩලා බැඳි සිලම්බුව, කළු ඇසළ සිලම්බුව, මොර දවුල සිලම්බුව, කෙකරි ඉඹුල් සිලම්බුව, කාඩිය සිලම්බුව, කුඹුක්‌ සිලම්බුව
පත්ඉරු 100 බැගින් වූ මෙම අනු පුස්‌තකයන්ට එකී නම යොදා ඇත්තේ පුස්‌තකයේ බාහිර ආවරණය සකස්‌ කර තිබූ දැව වර්ගය අනුවය. යක්‌ෂ ගෝත්‍රික ආදි ගත්කරුවන් මෙකී ලේඛන සැකසීමේ ක්‍රමය අනුගමනය කරන ලද්දේ කාණ්‌ඩයක්‌ වෙන් කර තැබීම සඳහායි. බෝධිවංශ හිමියෝද තම වරිග සම්ප්‍රදායන්ට ගරු කරමින් වරිගපූර්ණිකා පුස්‌කොළ ග්‍රන්ථය සකස්‌ කර ඇත. එක අනු පුස්‌තකයක්‌ (සුගුල) දිග ප්‍රමාණය අඩියක්‌ පමණ ද (සුග) පළල අඟල් පහකින්ද පත්ඉරු ප්‍රමාණය 100 ක්‌ පමණකින්වත් සම්පූර්ණ වී තිබිය යුතුය. සුගුල දිග මැනීමේ ඒකකයයි. සුග පළල මැනීමේ ඒකකයයි. වරිගපූර්ණිකා පුස්‌කොළ ග්‍රන්ථයෙහි අනුපුස්‌තකවල වංශයෙහි උන්නතිය උදෙසා වැදගත් කරුණු අන්තර්ගත කොට තිබේ.

1. හස්‌ති මදාරා රුක්‌ අත්තන සඳුන් බැඳි පුස්‌තකයෙහි අන්තර්ගත වී ඇත්තේ යක්‌ෂ ගෝත්‍රික නීති සහ පරිපාලනය පිළිබඳ උපදෙස්‌ය.
2. කළු ඇසළ බැඳි අනු පුස්‌තකයේ යක්‌ෂ ගෝත්‍රිකයන්ගේ ගද්‍ය, පද්‍ය තොරතුරු ඇතුළත්ය.
3. මොර දවුර බැඳි පුස්‌තකයේ යක්‌ෂ ගෝත්‍රික භාෂාවක්‌ පිළිබඳ සහ වාග් විද්‍යාත්මක තොරතුරු අන්තර්ගතය.
4. කෙකරි ඉඹුල් බැඳි පුස්‌තකයේ යක්‌ෂ ගෝත්‍රික සිරිත් විරිත් පිළිබඳ තොරතුරු අන්තර්ගතය.
5. කාඩිය බැඳි පුස්‌තකයේ යක්‌ෂ ගෝත්‍රිකයන්ගේ ආගමික සමාජ විද්‍යා, මනෝ විද්‍යා තොරතුරු අන්තර්ගතය. යක්‌ෂ ගෝත්‍රිකයන්ට කවිලාශපාලි මෙහෙණිය දෙසූ සූත්‍ර ද මෙහි අන්තර්ගතය. එම මෙහෙණින් වහන්සේගේ භාවනා ක්‍රම 12 ක්‌ පිළිබඳව ද මෙහි ඇතුළත්ය.
6. කුඹුක්‌ බැඳි පුස්‌තකයේ යක්‌ෂ ගෝත්‍රික ශිල්පීය ක්‍රම සහ සටන් ක්‍රම පිළිබඳ සඳහන් වේ. මූර්ති, පන්නම්, ගෘහ නිර්මාණ, හස්‌ත කර්මාන්ත (රෙදි) ආදියත් වාරි, වාපි, ජල සම්පාදන ක්‍රම, මාර්ග විද්‍යා, උමං, විද්‍යා, ජල විද්‍යා ආදි ඉංජිනේරු ශිල්පයන් පිළිබඳව සඳහන් කරයි.
සටන් ක්‍රම ලෙස අන්ගම්පුර සටන්, දුනු, හී, හෙල්ල, කඩු සටන් ක්‍රමද නිල පීඩන (තඩංග) සටන් ක්‍රම පිළිබඳව ද සඳහන් කරති.
වරිග පූර්ණිකාවෙහි උප ග්‍රන්ථයක්‌ ලෙස රචනා කර ඇති විෂම්කුම්භණ අණපනත පුස්‌තකය පත්ඉරු 1000 කින් යුක්‌තය. අනු පුස්‌තක දෙකකින් යුක්‌තය. ඒවා හඳුන්වන්නේ රංතෙලඹු බැදි අණපත, කිරි තෙළඹු බැදි අණපත වශයෙනි. තෙළඹු දැවයෙන් පුස්‌තකයේ බාහිර ආවරණය යොදා ඇති බැවින් රංතෙළඹූ හා කිරි තෙළඹු නාමය ඒවාට යෙදී ඇත. පුස්‌තක දෙකම පත්ඉරු 500 කින් සමන්විතය. රංතෙළඹූ අණපත ග්‍රන්ථයෙහි පත් ඉරු 300 ක රවිශෛලාශ යක්‌ෂ භාෂාව සඳහා සිංහල අරුත් යොදන ලද ශබ්ද කෝෂයක්‌ සකස්‌ කර තිබීම වැදගත්ය. අවසාන පරිච්ඡේදවල ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ විසූ කේවේසස්‌ථ යක්‌ෂ ගෝත්‍රය පිළිබඳ විස්‌තරයක්‌ද අන්තර්ගතය. රංතෙළඹූ අණපතේ අවසාන පත්ඉරු 10 ක ඇත්තේ රවිශෛලාශ වංශිකයන් ලද ගෞරව හා වීර සන්නස්‌ පිළිබඳ වූ විස්‌තරයකි. අන්‍ය ජාතීන් වෙතින් ලද උපහාර සන්නස්‌ පිළිබඳ විස්‌තර මෙහි ඇතුළත්ය.
රාවණ යුගය හා අපේ ප්‍රාග් ඓතිහාසික ශිෂ්ටාචාරයේ දියුණු බව සනාථ කරන්නට වරිගපූර්ණිකාව නම් මේ එක්‌ මූලාශ්‍රය වුවද අගය මිණිය නොහැකි සාධකයකි.
මානෑවේ විමලරතන හිමි
ත්‍රිපිටකවේදී පණ්‌ඩිත ශාස්‌ත්‍රපති

උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Monday, August 8, 2016

රාවණ ශිෂ්ඨාචාරයේ ඇතුලාන්තය....(rawana .අබිරහස් අඩවිය - Abirahas Adawiya)

අපි ඉතිහාසයෙහි ඇතැම් තැන් වරදවාගෙන තිබේ. අපි මේ මතු කරගෙන යන්නේ ඒ යෝධ කැණීමයි. හමුවන, සියලූ නටබුන් අද නැතත් හෙට හෝ ඉතිහාසය මේ යැයි පිළිගන්නවා ඇත. ලාංකීය උරුමයේ මහ මොළකරු, රාවණගේ කතාවේ අලූත් තැනකි.
රාවණ රජ සමය ලෝක ඉතිහාසයට අලූත් පිටුවකි. ඉන්දියාව, චීනය, ඊජිප්තුව පිළිගනිමින් ගොඩ නගන මහා ශිෂ්ඨාචාර අතරේ රාවණ යුගය මඟ හැරුණේ ඇයි...?
ලෝක ශිෂ්ඨාචාරයේ තූතන්කාමන්, පිරමීඩ වැනි නෂ්ඨාවශේෂ ඉතිහාසය පුදුම කරවද්දී රාවණ වැනි රජවරු මිත්‍යාවක්, ප‍්‍රලාපයක් හැටියට ඇතැම් ලාංකිකයන් විසින් මිහිදන් කරනු ලබන්නේ ඇයි? ඉන්දියාව අදත් රාම පිළිගනී සීතාව පිළිගනී. රාමාගේ හමුදාවේ හනුමාද පිළිගනී. රාමායනය ආදී මූල ග‍්‍රන්ථ ඔවුහු දේවත්වයෙන් සලකති. නමුත් ‘පෙරළුණු පිට හොඳයි’ කියන්නා සේ ලාංකිකයෝ මහා වංශය දේවත්වයෙන් පුදති. එයම ඉතිහාසය ලෙස ගෙන අදහති.
සියල්ලෝම විජයට එහා ලංකාවේ ඉතිහාසයක් තිබුණු බවද පිළි ගනිති. එය හාරා මතුකර ගැනීම ‘කම්මැලිකමට’ තබා ලැබුණ දෙය එකම සත්‍යය කොට ගනිති. එබැවින් පැහැදිලි වරදක් ඉතිහාසය සම්බන්ධයෙන් අපට තිබේ.
අපි ඉතිහාසයෙහි ඇතැම් තැන් වරදවාගෙන තිබේ. අපි මේ මතු කරගෙන යන්නේ ඒ යෝධ කැණීමයි. හමුවන, සියලූ නටබුන් අද නැතත් හෙට හෝ ඉතිහාසය මේ යැයි පිළිගන්නවා ඇත. ලාංකීය උරුමයේ මහ මොළකරු, රාවණගේ කතාවේ අලූත් තැනකි.
රාවණ රජතුමා ස්ථිර වහල් සේවයක් තබා 6ගත්තෙකි. ඒ සඳහා වහලූන් බඳවා ගත්තේ එරිත‍්‍රියාව, සුඩානය, අප‍්‍රිකාව යන රටවලිනි. රාවණට අවශ්‍ය සියලූ මෙහෙකම් මොවුන් හරහා කර ගත්තේය. යුද්ධයකට පවා ගෙන යා හැකි විශාල සෙනඟක් ඒ අතර වූහ.
රාම රාවණ යුද්ධයේදී වුව රාමව පරදවන්නට අවශ්‍ය බලය උපරිමය යෙදීමට හැකි වුවත් රාවණ ඒ කිසිවක් නොලබා සටනට ගිය වීර රජෙකි. කොයි ලෙසින් ගත්තත් රාම රාවණට වඩා සෑම අතින්ම දුර්වලයෙකි.
චීනයේ මාහෝ කුමාරයා රාවණට උපකාර පිණිස එන්නට කැමැත්තෙන් පසු විය. රාවණ ඒ කිසිම උපකාරයක් නැතිව සටනට බැස්සේය.
රාවණට අයත් වහලූන්ට කී පොදු නම වූයේ දසියුස්ය. රාවණ ‘දසිස්’ නමින්ද හැදින්විණි. රාවණ කතාවට අනුව මේ වහල් ජනයා පදිංචිකොට ඇත්තේ පුරාණ හරප්පාවේය. එදා ඉන්දියාවට අයත් වුවද අද පකිස්ථානයට අයත් ප‍්‍රදේශයෙකි. හරප්පාව යනු ඔබ අසා ඇති පැරැුණි ඉන්දීය ශිෂ්ඨාචාරයකි. රාවණ රජතුමාට සිහිමුර්ජා වීම රාමගේ හමුදාව පිළිගත්තේ රාවණගේ අවසානය හැටියටය. එබැවින් රාමගේ හමුදාව රාවණගේ උදවුකාරයන් විනාශ කිරීමේ මෙහෙයුමක් ආරම්භ කළහ.
රාමගේ වානර හමුදාව සයිබීරියාවට ගොස් එහි බෝම්බ නිෂ්පාදකයෙක් ලවා ජලකර බෝම්බයක් සකස් කොට ගත්හ. එහි පළමු බෝම්බයෙන් ඉන්දියාවේ දකුණු ප‍්‍රදේශයේ රාක්‍ෂ ජනයා ජීවත් වූ ප‍්‍රදේශය සම්පූර්ණයෙන් විනාශ වී ජලයේ ගිලී ගියේය. බෝම්බය කොතරම් දරුණුද කියනවා නම් බෝම්බය ඇට වූ වානර හමුදාවේ විශාල පිරිසක්ද මරණයට පත් වූහ. තවත් විශාල රාජ්‍යයක්ද විනාශයට පත් විණි. යුද්ධයෙන් පසු එළැඹි පළිගැනීමේ පශ්චාත් කාල සීමා රාවණගේ විශාල පිරිසක් මරණයට පත් වූ යුගයක් විය. රාවණට සහාය දුන් සියලූ දෙනා සොය සොයා යමින් ප‍්‍රහාර එල්ල කිරීමට හනුමා ඇතුළු වානර හමුදාව දිගටම කරගෙන ගියේය. මේ ක‍්‍රියාදාමය නිසා දහස් ගණනක් යක්‍ෂ ගෝත‍්‍රිකයෝ මිය ගිය අතර රාජ්‍යයක් පිටින් නැසී වැනසීමට පත් විණි.
හමුදාවේ ඊළඟ ප‍්‍රහාරය හරප්පාවට යොමු කිරීමට තීරණය විණ. එහි සිටියේ රාවණගේ වහලූන් සංචිතයයි. හරප්පාවටත් පෙර යක්‍ෂ ගෝත‍්‍රිකයන් සිටි තවත් ප‍්‍රධාන නගරයකට ප‍්‍රහාර එල්ල කිරීමට රාම හමුදාව කටයුතු කළහ. ඒ හරප්පාවට සැතපුම් 300ක් පමණ ඈතින් ඉන්දු නිම්නයේ පිහිටි රකුස්ජාරෝ ප‍්‍රදේශයයි.
සියවස් ගාණක් පොළොව යට වැළලෙන රාවණ රාජ්‍යය සීගිරිය යට ස්ථිරව රැුඳී තිබෙයි. එය ගොඩ ගත හොත් ලෝක ඉතිහාසයේ අති දැවැන්ත ශිෂ්ඨාචාරයේ ඇතුලාන්තය ලංකාවෙන් ගොඩනැගෙනු ඇත. මොහෙන්දෝජාරෝ - හරප්පා පමණක් නොව මිසර-චීන ශිෂ්ඨාචාර වලට වඩා දියුණුවක් සංවර්ධන වූ, නාගරික ශිෂ්ඨචාරයක් තවම අපේ මහ පොළොව යට තිබේ. එයට කිඳා බසින දිනයක, රාවණ ලෝකයේ මහා අධිරාජ්‍යයා හැටියට කවුරු කවුරුත් පිළිගනු ඇත.
මේ රකුස්ජාරෝ ප‍්‍රදේශය ලංකාවේ සිටි යක්ෂ ග්‍රෝතික ජනයා සශ‍්‍රීකව සෞභාග්‍යමත්ව ගත ක4ළ විශාල කොළණියකි. රාමගේ හමුදාව රකුස්ජාරෝව විනාශ කිරීමේ උපායට යොදා ගත්තේ ඉන්දු නිම්නයයි. වහාම දහස් ගාණක් හමුදාව එකතු වී ඉන්දු නිම්නයට වේල්ලක් කපා විශාල ජල කඳක් රකුස් ජාරෝවට එකවර නිදහස් කළේය. එම ජල කඳින් දැවැන්ත නගර නිර්මාණයක් ක්‍ෂණිකව යට වී ගියේය. එම රකුස්ජාරෝව පසුව මළවුන්ගේ නගරය වී මොහෙන්දොජාරෝ යැයි නම් විණ.
යක්‍ෂ ග්‍රෝතිකයන් බුරුතු පිටින් විනාශ කිරීමට රාමගේ හමුදාව කළ දැවැන්ත පළි ගැනීමකි. ඒ සමඟම අනගි ශිෂ්ඨාචාරයක් ජලය අතර සැඟවිණ. අද මොහෙන්දොජාරෝවෙන් ගොඩට පැමිණ ඇත්තේ රාවණ රජ සමයට අයත් ඒ මහා ශිෂ්ඨාචාරයය. ඉන්දියාවට අයත් යැයි ගැඹුරින් විශ්වාස කරන මොහෙන්දොජාරෝ සහ හරප්පා ශිෂ්ඨාචාරයන්හි මුල් ආරම්භය රාවණ යුගයට අයත්ය. එහි ජීවත්ව ඇත්තේ රාවණගේ පරම්පරාවේ ජන කොට්ඨාසයන්ය. අද ගොඩ ගන්නා මේ සියලූ ශිෂ්ඨාචාර නටබුන් රාවණ ඉතිහාසයේ නටබුන් බව ආචාර්ය මිරැුන්ඩෝ ඔබේසේකර මත පළ කරයි.
හරප්පාවද දැවැන්ත මිනිස් සංහාරයක් වූ ප‍්‍රදේශයකි. බැබිලෝනියාව හා ඊජිප්තුවේ මිනිසුන් ආයුධ රැුගෙන හරප්පාවට කඩා පැන එහි විසූ මිනිසුන් කපා කොටා මරා දැමී යැයි ආචාර්ය මිරැුන්ඩෝ සඳහන් කරයි. හරප්පාව කැණීම් වලදී වැඩි වශයෙන් ආයුධ හමුවීමට හේතුව හැටියට ඝාතනයක් නිසා හරප්පා ජන සංහාරය වීම උදාහරණයක් ලෙස දැක්විය හැකිය.
1 කෙසේ වෙතත් මොහෙන්දොජාරෝ සහ හරප්පා ශිෂ්ඨාචාර දෙකම ලංකාවට නෑකමැති සීගිරියේ මුල් යුගයට අයත් දැවැන්ත නගර නිර්මාණ වෙයි.
සීගිරිය රාවණගේ ප‍්‍රධාන බල මූලස්ථානය බැවින් ඒ අවට අඩි සිය ගාණක් යට දැවැන්ත අධිරාජ්‍යයක් සතු අගනුවරක් මුණ ගැසෙයි. මොහෙන්දොජාරෝ හරප්පාවේ එතරම් දියුණු ලක්‍ෂණ හමුවේ නම් සිගීරිය යට සැඟවුණු දැවැන්ත අතීතයක් තිබේ.
දැනට සොයාගත් ඉන්දු නිම්න ලක්‍ෂණ වලට අනුව, නාන තටාක, ගෙවල් පේළි, වීදි, මාළිගා, දේවාල, නගර මන්දිර, ළිං, දිය බසින කාණු ආදිය හමුව ඇත. පර්යේෂණ කළ අයගේ මතයට අනුව මොහෙන්දොජාරෝ සහ හරප්පා ජලාශ‍්‍රිත නාගරික දියුණු ශිෂ්ඨාචාරයකි. නූතන ඉතිහාසඥයන් සඳහන් කරන පරිදි මෙවැනි දියුණු ශිෂ්ඨාචාර ලෝකයේ හමුවීමද දුර්ලභ දෙයකි.
විශේෂයෙන් රන්, රිදී, පිත්තල හා යකඩ කර්මාන්තයද, කපු භාවිතයෙන් ඇඳුම් සකසා ගන්නට ඇතැයිද කියන කාරණා මත ලංකාවේ යක්‍ෂ ගෝත‍්‍රික නෑකම වඩාත් ඉස්මතු වේ. කුවේණිය කපු කටිමින් සිටි කතා පුවතට අනුව ඈතට ගියත් රාවණ රජ පරපුරේ අය කපු කැට ඇඳුම් සකසා ගන්නට ඇත. ඉන්දු නිම්න ලක්‍ෂණ හරහා එවැනි තොරතුරු ගොඩ ගැනීම රාවණගේ පසුබිමට වඩාත් ‘මුක්කු’ ගසන්නකි.

2 ආචාර්ය මිරැුන්ඩෝ සඳහන් කරන පරිදි ඉන්දු නිම්නයෙන් හමුවූ රැුවුළ වවාගත් ශ්‍රේෂ්ඨ මිනිසාගේ හිස මොවුන්ගේ රජු යැයි විශ්වාස කළ හැකිය. ඒ අනුව ශිෂ්ඨාචාරයේ ඉහත කී ප‍්‍රතිමාව රාවණ රජුගේද යන්න ගැඹුරින් විශ්වාස කිරීමේ ගමනට සූදානම් විය යුතුය.
හරප්පාව හා මෙහෙන්දොජාරෝ ගැන මුල්ම පර්යේෂණ කර ඇත්තේ ඉංග‍්‍රීසි ජාතිකයන්ය. ඔවුන් දක්වන තොරතුරු අනුව ඉතා පැහැදිලිව මේ ශිෂ්ඨාචාර දෙකම රාවණ සමයේය. රාවණ කතා පුස්කොළ පොතට අනුව මෙකී නගර රාවණ රජුගේ බල ප‍්‍රදේශයට අයත් ඒවා වෙයි.
රැුවුළ වැවූ මිනිසාගේ හිස පර්යේෂණවල යෙදුණු ඉංග‍්‍රීසින්ටද පුදුම උපදවන සොයා ගැනීමක් විය. එවක රැුවුළ වවා ඇත්තේ ලංකාවේ යක්‍ෂ ගෝත‍්‍රිකයන් පමණි. අදත් ආදිවාසී ජනතාව යකුන් අදහන අතර ඔවුහු බොහෝ විට දිගු රැුවුළ වවා ගෙන සිටිති. රැුවුළ වැවීම පුරාණ ලාංකීය ලක්‍ෂණයකි.
කාල සමයන් ඔස්සේ ඉදිරියට යාමේදී ඉන්දියාවේ ශිෂ්ඨාචාර රාවණ රජුගේ බල ප‍්‍රදේශ යන තැන නැවතුමක් හදන්නට අපට සිදුවේ. ඒ අනුව රාවණ යනු ශිෂ්ඨාචාර ගොඩ නැගූ අධිරාජවාදී රජෙකි. රාවණ රජු ලංකාවේ වාසය කළ සියලූ තැන් කාලයාගේ ඇවෑමෙන් පසට යට වී තිබේ. සියවස් ගාණක් පොළොව යට වැළලෙන රාවණ රාජ්‍යය සීගිරිය යට ස්ථිරව රැුඳී තිබෙයි. එය ගොඩ ගත හොත් ලෝක ඉතිහාසයේ අති දැවැන්ත ශිෂ්ඨාචාරයේ ඇතුලාන්තය ලංකාවෙන් ගොඩනැගෙනු ඇත. මොහෙන්දෝජාරෝxහරප්පා පමණක් නොව මිසරxචීන ශිෂ්ඨාචාර වලට වඩා දියුණුවක් සංවර්ධන වූ, නාගරික ශිෂ්ඨචාරයක් තවම අපේ මහ පොළොව යට තිබේ. එයට කිඳා බසින දිනයක, රාවණ ලෝකයේ මහා අධිරාජ්‍යයා හැටියට කවුරු කවුරුත් පිළිගනු ඇත.
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

මළසිරුරු මමී කරණ මිසර අබිරහස.....(mummy...අබිරහස් අඩවිය - Abirahas Adawiya)

සාමාන්‍ය ජනතාවගේ කෙසේ වෙනත් සම්භාවනීය සුවිශේෂී පුද්ගලයන්ගේ මළසිරුරු වැඩි කාලයක් තබාගන්නට ඒ ඒ රටවල ජාතිකයින් ද අදහස් කරන්නේ මියගිය අය පිළිබඳව අනාගතයට ද කරුණු දැනගැනීම පිණිසය. එය ජාතියක් ආගමක් හෝ වෙනත් ආකල්පයක් මුල්කරගෙන නොව මියගිය අයගේ ශ්‍රේෂ්ඨත්වය මුල්කරගෙනය. යුදෙව්වන් ඇණ ගසා මරා දමන ලද යේසුස් වහන්සේගේ සිරුර ද එම්බාම් කොට සුවඳ විලවුන් ගල්වා තැබූ බව බයිබලයේ සඳහන් වෙයි. ලෝකයෙන් අඩක්ම තමාගේ අණසක යටතටගත් ‘‘මහා ඇලෙක්සැන්ඩර්’’ අධිරාජයාගේ සිරුර ද මී පැණියේ බහා තැන්පත් කරන ලද අතර එංගලන්තයේ විසූ අති දක්‍ෂ හමුදාපාලකවරයකු වූ ‘‘නෙල්සන් සාමි”ගේ සිරුර බ‍්‍රැන්ඩි යොදා එම්බාම් කරන ලදී. අපේ රටේ විසූ අග‍්‍රගන්‍ය යතිවරයාණන් වහන්සේ කෙනකුන් වන සුප‍්‍රකට කවියකු වූ ‘ෂඞ්භාෂා පරමේෂ්වර තොටගමුවේ ශ්‍රී රාහුල” හිමියන්ගේ දේහය අදත් ‘ගෝවේ’ එක්තරා ස්ථානයක ජරා නොවන සේ සකසා ඇත්තා සේ ම රුසියාවේ ”ලෙනින්”, චීනයේ ‘‘මාවෝ
තොටගමුවේ ශ්‍රී රාහුල” හිමියන්ගේ දේහය
සේතුං’ වැනි සුප‍්‍රකට රාජ්‍ය නායකයන්ගේ සිරුරු ද එම්බාම් මගින් කල්තබාගෙන ඇත.
 මළ සිරුරු වැඩි කලක් හෝ තමන්ට ඇවැසි කලක් ඔසුගන්වා තැබීමේ මේ ක‍්‍රමය ලොවපුරා විහිදී ඇත්තේ මිසරයේ පිරමිඩ සංස්කෘතියෙන් බව ඉතිහාසඥයන්ගේ අදහසකි. ආදී මිසර වාසීන් මියගිය තම ඥාතීන්ගේ සිරුරු අති ප‍්‍රබල සුවඳ විලවුන් ගල්වා කාන්තාරයේ වැලි යට සඟවා තැබීමේ ක‍්‍රමයක් පවත්වාගෙන ගිය බව පුරාවිදු දරුවෝ සොයාගෙන තිබේ. මෑත යුගයක එහි කරන ලද පුරාවිදු කැණීම්වලදී වැලි යට තිබූ සුවඳවත් මළසිරුරු සොයාගත හැකි වූ අතර ඒවා වසර 4000ක් 5000ක් වැනි දීර්ඝ කාලයක් ජරා ජීර්ණ නොවී ඇත්තේ වැලිකතරේ අධික තාපය සහ සුවඳ විලවුන් වල ආශ්චර්යය නිසාය. ක‍්‍රි. පූ. 4500 දී පමණ නොගැඹුරු වූ වැලි වළවල්හි මළ සිරුර තැන්පත් කිරීම ආරම්භ වූයෙන් ඒවා අධික ලෙස වැලි රත්වීම මත ‘දර ලී’ තරමට ‘කර වී’තිබිණ.

 අද වත්මන් ලොව මෙන්ම එදා මිසරයේ විසූ ප‍්‍රභූ පැළැන්තියේ ශ්‍රේෂ්ඨ නරවිරුවන්ගේ සිරුරු ද චිරාත් කාලයක් තබා ගත යුතු යයි දැරූ සංකල්පනාව මත පෙර කී ක‍්‍රමයට වඩා නව මං සොයමින් දියුණු අඩියකට පත් ඔවුහු ‘‘පිරමීඩ‘’ නිර්මාණය කරන්නට පවා ඉදිරිපත් වූහ. පැරණි ලොව පුදුම හතට ඇතුළත් මිසරයේ රාජකීය සොහොන් ‘පිරමිඞ්’ නමින් ප‍්‍රචලිත වූයේ ඉන් අනතුරුවය.
චීනයේ ‘‘මාවෝ සේතුං
මිසරයේ පිරමීඞ්වල තැන්පත් කොට ඇති ආදී කාලීන ශ්‍රේෂ්ඨ රාජකීයයන්ගේ සිරුරු ඉතා දිගු කලක් මුළුල්ලේ ස්ථාවරව තබාගැනීම සඳහා ඔවුන් විසින් අනුගමනය කරන ලද ක‍්‍රියාදාමය ලොව මවිත කරවනසුළුය. නවීන විද්‍යාවට පවා ඉමහත් අභියෝගයක් වූ මෙම මළසිරුරු හෙවත් ‘‘මමී’’ පුරා වසර දහස් ගණනාවක්ම නොනැසී පවත්වා ගෙන යන්නට ආදීයේ විසූ මිසර කාර්මිකයන් කරන ද එම්බාම් ක‍්‍රමය අදටත් ප‍්‍රසිද්ධ රහසක්ව පවතී.

මීට වසර දහස් ගණනකට පෙරතුව පිරමීඞ්වල තැන්පත් කළා වූ රාජකීය මළ සිරුරු හෙවත් ‘මමී’ තවමත් එදා මෙන්ය. ඇතැම් ඒවා අඩ නින්දේ මෙනි. තවත් ඒවා හි විශ්මයද ශෝකය ද සතුටද පළ කෙරෙයි. සමහර මමී උසුළු විසුළු රූපයකි. එහෙත් දුඟඳක් තබා අමිහිරි බවක්වත් ඒවා හි නැත. ඇමෙරිකානු ජාතික ‘‘කාවර්ඞ්ද කාටර්’ විද්වතාණන් විසින් කරන ලද නයිල් නදීබඩ විශ්මිත කැනීමකද හමුවූ ‘තුතන් කාමන්’ පාරාවෝ රජුගේ මළ සිරුර මත එතුමාගේ දේවිය විසින් තබන්නට ඇතැයි විශ්වාස කරන රතු රෝස මල් පොකුර අද පිපුණාක් මෙන් ජීවමාන වුවද එය තබන ලද්දේ ක‍්‍රි.පූ, 3000 දී වීම මොන තරම් මවිතයට පත් කරවනසුළුද? කැණීම් කරන වකවානුව වන විටත් පුරා වසර 4200ක් තරම් ගතවී තිබුණ නමුත් එදා ‘තුතන් කාමන්’ රජු අදත් එසේමය. කි‍්‍ර.පු. 5900කට පෙර මියගිය ‘රැම්සේ’ රජුගේ මළ සිරුර තැන්පත් කළ පිරමීඩය තුළින් පුරා වසර 6000කට පසු ඔහු යළිත් මිනිස් ලොවට දර්ශනය වූයේ එදා මෙන්මය.

මෙතරම් දීර්ඝ ඉතිහාසයකට මළ සිරුරු කල්තබා ගන්නේ කෙසේද යන්න දැනගැනීමට කිසිදු ලිඛිත හෝඩුවාවක් මේ වන තුරුත් මිසරයෙන් හමු වී නැත. පරම්පරාවෙන් පරම්පරාවට මේ රහස රහසක් වශයෙන් තබාගන්නට ඔවුන් ගිවිසගෙන ඇත්තා සේය.එහෙත් මේ මහත් අභිරහස පිළිබඳව දැනට ලොවට ඉතිරි වී ඇති එකම ලිඛිත සාක්ෂිය ක‍්‍රි.පූ. 5 වැනි සියවසෙහි ග‍්‍රීසියේ විසූ ශ්‍රේෂ්ඨ ඉතිහාසඥයකු වූ ‘හෙරොඩෝටස්’ගේ වාර්තාවක් පමණි. එවකට විසූ මිසර රාජකීයයන්ගේ මළ සිරුරු බෙහෙත් ගල්වා ‘එම්බාම්’ කරමින් ‘මමී’ බවට පත් කරවන අයුරු ඔහු සියැසින්ම දැක ඇති අතර එය විශ්මය ජනක ලෙස මතු පරපුර වෙනුවෙන් ලියා තිබේ.
‘‘මිසරයේ රාජකීය ප‍්‍රභූවරයකු මිය ගිය පසු පූජකවරයකුගේ ප‍්‍රධානත්වයෙන් යුත් පෙරහරකින් නයිල් ගඟ
බඩට එය ගෙන යන ලදුව සුවිශේෂ ඔරුවක පටවා ගෙඟහි බටහිර වෙරළ දක්වා ගෙන යයි. එම වෙරළබඩ තනා ඇති විශේෂ කුටියකට ගෙන යන මළ සිරුර සුවඳ විලවුනෙන් නහවා මිනිය කපන්නා වූ ප‍්‍රධාන ශල්‍ය කාර්මිකයාට (එම්බාම් කරු) භාරදෙයි. ප‍්‍රධාන ශිල්පියා ඊටම සුදුසු වූ ඇඳුමින් සැරසී වෙස් මුහුණක් ද පැළඳ කාරියට සූදානම් වෙයි. පළමුව ඔහු මිසර වාසීන් මියගිය පසු එම පුද්ගලයා වුවමනා ස්ථානයට කැඳවාගෙන යන ‘‘අනුබීස්’ නමැති දෙවියා සිහිකොට ඉතියෝපියාවෙන් ගෙන්වන ලද අති විශේෂ ගල් පතුරක් මගින් සිරුරේ වම්පස උදරය අඟල් 5ක් පමණ දිගට කපා දමයි. ඒ සමගම ඔහු එතැනින් ඉවත්වන අතර පාරිශුද්වන්තයකුගේ සිරුර කෙලෙසූ අයකු ලෙස ඔහු ලූහුබඳිමින් පහර දෙන සම්ප‍්‍රදායික සංකේතාත්මක දඬුවමකට මුහුණ දෙන්නට ද සිදුවෙයි.
මෙම ක‍්‍රියාවලියෙන් පසුව දීර්ඝ වූ කි‍්‍රයාවලියකට මුල පුරයි. පලා ඇති උදර කුහරයෙන් එළියට ගන්නා අතුණු බහන්, පෙනහලූ, වකුගඩු සහ සෙසු අවයව පරෙස්්සමින් කපා බඳුන් හතරකට දමයි. සිරුර පුරා ඇති සියලූම නාළ පවා එළියට ඇද දැමුව ද කිසි විටෙකත් හදවතට හානියක් නොකරයි. (මීට හේතුව ජීවත්ව සිටියදී ඔහු මිනිසකු වශයෙන් කරන ලද පව්xපින් ආදිය එලොවදී මැන බැලීමට හදවත අත්‍යවශ්‍ය යයි ඔවුන් සිතන බැවිනි)
කෙසේ නමුත් මුළු සිරුරම හිස් බෙනයක් බවට පත් කරන අතර කිසියම් දියර ඔසුවක් මගින් ඇතුළත හොඳින් සෝදා හරියි. එය ඔවුන් කීවේවත් කියන්නේවත් නැති රහස් ඔසුවකි. අනතුරුව සිරුරේ පිටතට එල්ල වෙන මැසි මදුරු උවදුරු වැඩලීම සඳහා තවත් සුවඳ ඔසුවක් ආලේප කරනු ලබයි. අනතුරුව කෙරෙන්නේ සිරුරේ ඇති තෙතමනය ඉවත් කිරීමේ කාර්යයි.
සාමාන්‍යයෙන් මිනිස් සිරුරේ හතරෙන් තුන් පංගුවක්ම ඇත්තේ ජලයයි. ඒ නිසාමය මියගිය සිරුර ඉක්මනින්ම කුණුවී ජරා ජීර්ණ වී යන්නේ. එනිසා ඔවුන් එහි අන්තර්ගත ජලය (තෙතමනය) ඉවත් කිරීම සඳහා කිසියම් නොදන්නා වූ ගුප්ත ක‍්‍රමයක් කරන ලද බව හෙරොඩෝටස් දක්වයි. මෙය මහත් වූ අභිරහසක් බැවින් ඒ පිළිබඳව ඔහුගේ සටනෙහි කිසිදු තොරතුරක් නොදැක්වෙන අතර එය කරන්නට ඇත්තේ මෙලෙසින් යයි වත්මන් විදු දරුවන් දක්වා තිබේ.
සෝඩියම් බයිකාබනේට් සහ සෝඩියම් ක්ලෝරයිඞ් යන රසායනිකයන්ගේ එකතුවෙන් නිර්මාණය වන ‘නේට්රන්’ නමැති රසායන ද්‍රව්‍ය මළ සිරුර වටා ගොඩගැසීමෙන් සිරුරේ තෙතමනය ඉවත් කරන්නට ඇත. නේට්රන් නමැති රසායන ද්‍රව්‍යයට මිනිස් සිරුරක පවතින තෙතමනය ක‍්‍රමානුකූලව උරාගැනීමේ හැකියාව ඇති නිසා ඔවුන් විසින්ද පුරා දින 30-40 අතර කලක් මළ සිරුර වටා මෙම රසායනිකය ගොඩ ගසා තබන්ට ඇත.
මළ සිරුර එම්බාම් කොට පිරමිඩයක තැන්පත් කිරීමට සුදුසු වනතුරු දින 40 ක් පමණ ගත වෙන බව ‘හෙරොඩෝටස් දක්වා ඇති සටහනත් මළ සිරුරක් එම්බාම් කරන්නට දින 40ක් පමණ ගතවෙන බවත් බයිබලයේ දක්වා ඇති සටහනත් අනුව ඉහත කී වත්මන් විදු මතය පිළිගැනීමට හේතු තිබේ.
මළ සිරුරේ තෙතමනය ඉවත් කිරීමෙන් අනතුරුව සිරුරේ ඇතුළත හිස් වූ කුහරය විශේෂ වූ ලී කුඩු හෝ රසායනික ඔසුවක් යෙදු රෙදි වලින් පුරවයි. ඉන් පසු උදරය පැළු සිදුර රන් පතුරකින් අවහිර කොට මසා දමයි. මළ සිරුරේ නියපොතු ආදිය සායම් ආලේප කිරීමෙන් පසු හිසකෙස් සැකසීම මියගිය අය පුරුෂයකු නම් ඔහු
ජීවත්ව සිටිය දී හිස පීරන අයුරින්ද කාන්තාවක නම් සුදුසු පරිදි ගෙතීමකින් ද කොණ්ඩය සකස් කරයි. මිය ගිය පුද්ගලයා ජීවත්ව සිටියදී පැවැති අයුරින්ම ඔහුගේ හෝ ඇයගේ මුහුණ පිළිබිඹු කිරීම සඳහා දෙනෙත් වලට මැණික් ගල් විශේෂයක් උපයෝගී කරගන්නා අතර මුළු සිරුරම මිසරයටම ආවේණික වූ සුවඳ විලවුන් බඳුනක බහාලයි. අවශ්‍ය පරිදි මී පැණි ගල්වා දමන සිරුර රෙදි යාර 150ක ප‍්‍රමාණ ගෙන තදින් ඔතා දමමින් සියලූ කාර්යයන්ම නිමා කෙරෙයි.
වටිනා ලෝහමය පෙට්ටියක තැන්පත් කරන දේහය හිමිකරුවා පුරුෂයකු නම් දෙඅත් පපුව මත තබා බැඳගෙන සිටින අයුරින් ද කාන්තාවක නම් දෙඅත් දෙපසට තබමින් ද සකස් කරගනී. පසුව සියලූ ශල්‍ය කටයුතු නිමාව දුටු දේහය කලින් සකසන ලද පිරමීඩය වෙතට ගෙනයයි. මෙලොව වාසය කරද්දී ඔහු ගත කළ අයුරින්ම පරලොවදී ද ගත කිරීම සඳහා ඔහු පි‍්‍රය කළ ආහාරපාන, ඇඳුම් බැඳුම්, සටන්වලට අවශ්‍ය කඩු, දුණු, ඊතල, ගමන් කිරීම සඳහා ඔරු පාරු, රැවුල් බෑම සඳහා දැලිපිහි, මෙන්ම වියදම් වෙනුවෙන් රන් මිණි මුතු ද මළ සිරුර සමගම පිරමීඩයේ තැන්පත් කරයි. සියල්ල නිමා වෙන්නේ දැවැන්ත ගල්කුට්ටි වලින් සැකසුණු පිරමීඩයෙහි දේහය තනිකර දමා සදාකාලයටම වසා දැමීමෙනි.
පිරමීඩය තුළ හිරවූ දේහය වෙනුවෙන් සාදයක් පැවැත්වීම ඉන් අනතුරුව කෙරෙයි. ඒ වෙනකක් නිසා නොව ඔවුන්ගේ පරලොව රජු වශයෙන් සැළකෙන ‘‘ඔසිරිස් (ධීෂඍෂී) දෙවියා සැනසීම සඳහාය. මියගිය පුද්ගලයාගේ හදවත කිරා බලන්නේ මේ දෙවියන් විසින්ය. (එහෙයින්ය ඔවුන් මළ සිරුරේ සියලූම අංග ඉවත් කළ ද හදවත ඉවත් නොකරන්න) මියගිය පුද්ගලයාගේ හදවත ‘පව්’ වලින් බර නම් අති භයානක කිඹුල් හිසක් සහිත යක්ෂයකු විසින් ගිල දමනු ලබයි. පින් කාරයකු නම් ඔහුට හෝ ඇයට එළොවදී නිත්‍ය සැනසීම හිමිවෙයි. පිරමීඩයක් තුළ සදාකාලයටම තැන්පත් වන මිසර ‘මමී’මේ විදියටම නිමාව දකී.
උබේසේකර කුමාරසිංහ නිකවැරටිය
================================================
උපුටා ගැනීම් සහිතයි ....!!!
දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....

අබිරහස් අඩවිය - Abirahas Adawiya