Friday, September 2, 2016

කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 1 (katharagama has kam අබිරහස් අඩවිය - Abirahas Adawiya)


‘‘මුහුණු සයකි අත් දොළහක් මයුරාපිට වාහනේ’’ කී සැණින් සංකේතවත් වන්නේ කතරගම දෙවියන්ය. කාර්තිකේය දෙවියන් ලෙස දෙවිවරු අතරිනුත් අතිශය පුදපූජා ලබන දෙවියකු ලෙස කතරගම දෙවියන් සැලකේ. ස්කන්ධකුමාර, වේලූපිල්ලේ, මුරුගන්, වේලන්, සුබ‍්‍රමනියම්, කන්දසාමි, කදිරදේව, කදිරවේල්, කාර්තික, තාරකාජින්, යන නම් වලින් හින්දූ භක්තියන්ගේ වන්දනාමානයට පාත‍්‍ර වන්නේද කතරගම දෙවියන්ය.
දකුණු ඉන්දියානු සම්භවයකින් පැවත එන දෙවියකු සේ සලකන අතර නැගෙනහිර පළාතේ පානම ගමට දකුණින් පිහිටි ඕකන් ද ප‍්‍රදේශයෙන් ලංකාවට ගොඩ බැස කාචරග‍්‍රාම හෙවත් කතරගම වාසභූමිය ලෙස තෝරාගත් බවද ඉතිහාසයේ සදහන්වෙයි. එසේ කතරගම දෙවියන් ගොඩබැස්ස තැන පසුකාලීන්ව ඉදිවූ ඕකන්ද දේවාලය අදත් හින්දු සහ බෞද්ධ බැතිමතුන්ගේ ගෞරවාදරයට පාත‍්‍ර වෙමින් පවතී.
අදවනවිට හින්දු පමණක් නොව බෞද්ධයන් අතර ද සුවිශේෂ ඇදහීම්වලට මෙන්ම ගෞරවාදරයට පාත‍්‍රවූ දෙවියකු ලෙස කතරගම දේවියන් ප‍්‍රකටය. රෝග බියක දී, අතුරු ආන්තරාවක දී, පිහිටාරක්‍ෂාව මෙන්ම භවභෝග වගාවේදී ද ආරක්‍ෂක දෙවිකෙනකු ලෙස කතරගම දෙවියන් ප‍්‍රකටය.
බොහෝ අනුහස් ඇති දෙවියකු ලෙස කතරගම දෙවියන් විශ්වාස කරන අතර ජන ශූන්‍ය ප‍්‍රදේශවල දී කතරගම දෙවියන්ගේ පිහිටාරක්‍ෂාව ලැබීම ගැන විවිධ ජනප‍්‍රවාද ද සමාජයේ පවතී.
කතරගම දෙවියන්ගේ ආයුධය වේලායුදයයි. වේලායුදය යනු ගිනිදලූවක හැඩයෙන් යුත් තලයකින් යුත් හෙල්ලයකි. එය කතරගම දෙවියන්ගේ මෑණියන්වූ පාර්වතී විසින් ඇගේ බලය ලබාදීමක් ලෙස සූරපද්මන් සමග යුද්ධයේ දී භාවිත කිරීමට මෙම වේලායුදය ලබාදුන් බව ජනප‍්‍රවාදයේ කියැවෙයි.
යාල ජාතික වනෝද්‍යානයට යාබදව මැණික් ගඟ අසබඩ රුහුණේ ප‍්‍රධාන නගරයක්වන කතරගම ඉපැරණි රෝහණ රාජධානියේ සිංහල රජවරුන්ගේ වාසභූමිය කකතරගම දෙවියන් වැඩ වෙසෙතැයි දැඩි විශ්වාසයක් පවතී. දහසය වැනි සියවසේ දී සිංහලයන් අතර දේව සංකල්පය මුල්බැස ගැනීමෙන් පසු ලංකාවේ ගිනිකොණදිග ප‍්‍රදේශයේ අධිපති දෙවියන් ලෙස කතරගම දෙවියන් හැදින්වීම ද පුරුද්දක් කරගත් බවත් ජනප‍්‍රවාදයේ එයි.
කතරගමට වැඩමකළ කතරගම දෙවියන් මුලින්ම වැඩවාසය කර ඇත්තේ ‘‘වැද්දා’’ හිටිය කන්ද හෙවත් වර්තමාන වැඩිහිටි කන්ද ප‍්‍රදේශයේ බව විශ්වාසයක් පවතී. වැදි ජනයා හෙවත් ගිනිකොණදිග ලංකාවේ විසූ ආදිවාසී ජනකොටස්වල ද පුජාවන්ට පාත‍්‍රවු දෙවියෙකි. අදත් ඇතැම් ආදිවාසී ජනකොටස්වල විවාහ චාරිත‍්‍ර උත්සව වාර්ෂිකව පවත්වන්නේ ජූලි සහ අගෝස්තු මාසවලය. කතරගම දෙවියන් වෙනුවෙන් වාර්ෂික පෙරහර මංගල්‍යය පවත්වන්නේ ද මේ මාසවලය. වැදි ජනතාව ද පුදපූජා සදහා කතරගමට එති.
වර්තමාන පානම් පත්තුවත් කතරගමත් අතරවූ ප‍්‍රදේශය අතීතයේ තැන් තැන්හි ජනාවාසවී තිබු බව කියැවේ. හැලව, වදගම, කුමන, මීයන්ගොඩ එවැනි ජනාවාස භූමි විය. මේ ඇතැම් තැන්හි ආදීවාසී ජනතාව හෙවත් වැදි ජනතාව ද විසූ බව පොත්පත්වල ද ජනප‍්‍රවාදයේ ද කියැවේ. එවැනි වැදි පරපුරකට නෑකම් කියන ජනකොටසක් වර්තමානයේ පානම ගම්මානයේ ද වෙසෙන බව සදහන් වේ.
කතරගම දෙවියන්ගේ උපත ගැන මත කිහිපයක් ඇත. ඉන්දියාවේ හෙවත් භාරතයේ දේව කතා අනුව බුද්ධ වර්ෂය ආරම්භයට පෙර කතරගම නුවර සිටි මහාසේන රජතුමා මරණින් පසු කතරගම දෙවියන් වී යැයිද මතයක් පවතී. බුද්ධාගම රැකබලා ගැනීමට ඔහු දේවත්වයට පත්වූ බවද සදහන්වෙයි.
අනෙක් මතය නම් ඉන්දියාවේ සිට පැමිණි යුද දක්‍ෂයකු මරණින් පසු දේවත්වයට පත්වී කතරගම දෙවියන් වු බවයි. සුරාසුර යුද්ධයේ දී පරාජයට පත්වෙමින් සිට සුරයන්ගේ හමුදාවට නායකත්වයක් දීමට කෙනකුගේ අවශ්‍යතාවක් ඇතිවිය. එය සම්පුර්ණ කිරීමට ශිව සහ පාර්වතීගේ සංගමයේ ඇතිවූ බීජයක් ශිව දෙවියන් විසින් අග්නි දෙවියන්ට බාරදී ඇත. අග්නි දෙවියන් එය ගංගා දේවියගේ ගර්භයේ තැන්පත් කර ඇත. එම කලල බීජය කන්‍යාවෝ හය දෙනෙක් පෝෂණය කර තිබේ. එම කන්‍යාවන්ගේ පෝෂණයෙන් බිහිවු මුහුණු හයක දරුවා කතරගම දෙවියන් යැයිද විශ්වාසයක් පවතී. හින්දුන්ට අනුව කතරගම දෙවියන් යුද්ධයට අධිපති දෙවියන් වේ.
කතරගම දේවියන්ගේ මුහුණු හය සම්බන්‍ධව පානම් පත්තුවේ ජනතාව අතර ඇති කතා පුවතක් මෙසේය. වසර ගණනාවකට පෙරදී පානම ප‍්‍රදේශයට වඩා ජනතාව වාසය කර ඇත්තේ වත්මන් කුමණ ජාතික වනෝද්‍යානයේ විවිධ තැන්වලය. හැලව, බාගුරා, වදගම, කුමණ ආදිවු ප‍්‍රදේශවලය.
එක්තරා කාලයක මහා නියගයක් සමග වැසියන්ගේ භවභෝග විනාශවී ලෙඩ රෝග පැතිරී දුර්භික්‍ෂයක් බවට පත්ව තිබේ. කැලේ තපස් රකිමින් සිටින සෘෂිවරයකු සිටින බවට වූ ආරංචියක් මත ගමේ වැඩිහිටි පිරිසක් කැලේ ගොස් මේ සෘෂිවරයා හමුවේ පත්ව ඇති විපතින් ගම්දනව් බේරා දෙන ලෙස වශයෙන් ඉල්ලා ඇත. ඒ ඉල්ලීමට කන්දුන් සෘෂිවරයා දුර්භික්‍ෂය පළවා හැර වැසියන්ට යළි යහපත් කාලයක් උදාකර දී තිබේ. පසුව ගම්වැසියන්ගේ වන්දනාමානයට පාත‍්‍ර වූ මේ සෘෂිවරයා මියගොස් තිබේ. 
ගම් වැසියන් එකතුවී ඔහුගේ පිළිරුවක් තනවා ගැනීමට මුර්ති ශිල්පියෙක් ගෙන්වා ඇත. මුර්ති ශිල්පියාට මේ සෘෂිවරයාගේ සිරුරේ ලක්‍ෂණ පුද්ගලයන් හය දෙනකු විසින් පෙන්වා දී දෙනු ලැබ ඇත. එක් අයෙක් කී ලෙසට පිළිමය සකසනවිට අනෙක් තැනැත්තන් ඇවිත් එලෙස නොවේ යැයි වෙනත් විස්තර කියා ඇත.
පසුව මුර්ති ශිල්පියා පවසා ඇත්තේ හය දෙනාම කියන ආකාරයේ දේහ ලක්‍ෂණ ඇතුළත්කර මුහුණු හයක් ඇති මුර්තියක් සකසමුය යන්න බවත් ඒ සැකසූ පළමු පිළිමය ඔස්සේ එය කතරගම දෙවියන් ලෙස නම්කර මුහුණු හය සහ අත් දොළසේ කතාව ආරම්භ වූ බවත් සදහන්වේ. මේවා සියල්ලක්ම පාහේ ජනප‍්‍රවාද නිසා ඒවා අදහස් නිසා අපට බැහැර කිරීමට හැකියවක් නැත.
සුර අසුර යුද්ධය සැලකීමේ දී සුරයන් වූයේ ලාංකිකයන්ය. අසුරයන් යනු ඉන්දියානුවන්ය. අසුරයන් සත්ව ඝාතනය කර යාගහෝම පැවැත්වු පිරිසක් බවත්, ලංකිකයන් නිර්මාංශිකයන් බවත් ජනප‍්‍රවාදය කියයි. නිර්මාංශිකයන් මෙහිදි ජය ලබයි. තරු රජු හා මහසෙන් රජු අතර සටනකින් මහසෙන් රජු මියයයි. සෙන්පති රජවෙයි. එසේ රජවු සෙන්පති කතරගම දෙවියන් යැයිද විශ්වාසයක් පවතී.
තවත් ජනප‍්‍රවාදයකින් කියවෙන්නේ කතරගම දෙවියන් අංගම්පොර සටන් කලාවේ නිර්මාතෘවරයා බවයි. කතරගම දෙවියන් යනු මුරුගන් නොව කකුසද බුදුන්ගේ කාලයේ ලංකාව පාලනය කළ තරු රජුගේ සේනපතියකුව සිට පසුව රජ වූ කතරගම මහසෙන් රජු බවටද මතයක් පවතී.
ලංකාවේ සහ දකුණු ඉන්දියාවේ දෙමළ හින්දුන් කාර්තිමම් ලෙසද කතරගම දෙවියන් සලකනු ලබයි. කාර්තිමාමම් ස්කන්ධ මුරුක්කන් සමග සම්බන්‍ධකම් පවත්වා ඇති බවත් දෙමළ හින්දු ජනතාවගේ විශ්වාසයයි.
නිකාය සංග‍්‍රහය අනුව සතරවරම් දෙවි කෙනකු ලෙස කතරගම දෙවියන් සැලකීමට පටන්ගෙන ඇත්තේ දාහතරවන සියවසේ සිටය. එළාර රජු සමග දුටුගැමුණු රජු යුද්ධයට ගියේ කතරගම දෙවියන්ට බාරයක් වීමෙන් පසුවය. යුද්ධය දිනා ගැනීමෙන් පසු ආපසු ආ දුටුගැමුණු රජතුමා කතරගම දේවාලය තැන වූ බව විශ්ණුවාදයේ සදහන්වන බවද කියැවෙයි. වැදි ජනතාවගේ ‘‘කන්දේ දේව’’ විශ්වාසය තුළ කතරගම දේවාලය ආරම්භ වූ බවට ද අදහසක් පවතී.
අතීතයේ දකුණු ඉන්දියාවේ ආක‍්‍රමණ හමුවේ උතුරින් පලා ආ රජවරුන්ට රැකවරණ දුන් ප‍්‍රදේශයක් ලෙස කතරගම ප‍්‍රසිද්ධය. කතරගම දෙවියන් නිසා අද කතරගම ප‍්‍රදේශයේ දේව භක්තිය නොඅඩුව පවතී. කතරගම දෙවියන් දුකේ දී මෙන්ම සැපේ දීත් පිහිටවන දෙවිකෙනකු ලෙසත් වැරදි කරන අයට දඩුවම් දෙන දෙවියකු ලෙසත් ප‍්‍රකටය.
පානම් පත්තුවේ ජනතාව පත්තිනි දේව මෑණීයන් සහ අලූත් බණ්ඩාර දෙවියන් ඇදහුවත් කතරගම දේවයන්ගේ පිහිටාරක්‍ෂාව වෙනුවෙන් වාර්ෂිකව පුදපූජා පවත්වති.
විශේෂයෙන් අදටත් පානම ගමේ ‘‘සක්කර පූජාව’’ නමින් බවභෝග වගා ආරම්භ කිරීමට පෙර කතරගම දෙවියන් වෙනුවෙන් පූජාවක් පවත්වනු ලබයි. මේ දානය දෙන්නේ ගමේ සෑම කෙනකුගේම ආධාර එකතුකරගෙන හතරමං හන්දියකය. සතා සිවුපාවුන්ගෙන් කුඹුරු හේන් ආරක්‍ෂා කරදෙන ලෙසත්, ගමේ වෙසෙන බාල මහලූ තරුණ සැම දෙනාම ලෙඩ රෝගවලින් ආරක්‍ෂාකර දෙන ලෙසත් දෙවියන්ගෙන් ඉල්ලීම මෙම සක්කර පුජාවේ අරමුණ බව පානම වැසියන්ගේ අදහසයි.
වර්තමානයේ පානම ගම දිගාමඩුල්ල දිස්ත‍්‍රික්කයට අයත්ව තිබුණත් 1977ට පෙර තිබුණේ මඩකළපුව දිස්ත‍්‍රික්කයට අයිතිවය. නිදහස ලැබීමට පෙර යටත් විජිත යුගයේ දී මඩකළපුවේ ආණ්ඩුවේ ඒජන්ත ලෙස කටයුතු කළ ද්‍රවිඩ ජාතිකයෙකු වු කුමාරස්වාමි මහතා විනෝදය පිණිස සතුන් දඩයම් කරන්නට කැමැත්තක් දැක්වූ කෙනෙකි. දිනක් ඔහුගේ පාසල් වයසේ පසුවු කුඩා දියණිය ද අතවැසි සේවකයන් කිහිප දෙනකු සමග බාගුරා ප‍්‍රදේශයට පැමිණ කූඩාරම් සාදාගෙන නැවතී ඇත. බාගුරා ප‍්‍රදේශය පිහිටා ඇත්තේ වර්තමාන කුමණ ජාතික වනෝද්‍යානය තුළය. නැගෙනහිර ප‍්‍රදේශයේ සිට කතරගම වන්දනාවේ පාදචාරිකාවේ බැතිමතුන් එන්නේ මේ ප‍්‍රදේශය හරහාය. ඒ කාලයේ ඇතැමුන් විනෝදයට සතුන් දඩයම් කරන්නට මේ ප‍්‍රදේශවලට පැමිණෙයි.
කුඩාරමේ නැවතී සිටි ආණ්ඩුවේ ඒජන්තවරයා වළි කුකුළකු ඉගිළී යනු දැක ඌට වෙඩි තැබීමේ අරමුණින් කූඩාරමෙන් එළියට බැස ගිනිඅවියත් රැගෙන කුඩා දියණිය සමග කැලේ ඇතුළට ගමන් කර ඇත. ඔහුගේ ආරක්‍ෂාවට පැමිණි සේවකයා තමාත් එන්න දැයි විමසූවිට මහ දිසාපතිවරයා පවසා ඇත්තේ මෙය ‘‘තමාගේ වැයික්කිය’’ බැවින් තමාට ඉහළින් කෙනකු එහි නැති බවයි.
කැලේ ඇතුළට ගිය ආණ්ඩුවේ ඒජන්තවරයා සහ ඔහුගේ කුඩා දියණිය පැය ගණනක් ගතවී ඇතත් නොපැමිණියෙන් ඔවුන් සෙවුවද අතවැසියන්ට ඔහු හමු නොවිණි. එදා අදමෙන් සන්නිවේදන පහසුකම් නොතිබු නිසා ඒජන්ත තැනගේ අතුරුදන්වීම වගකිව යුත්තන්ට දැන්වීමට ද එහි යායුතුය. කෙසේ හෝ මහ ඒජන්ත තැනගේ සහ ඔහුගේ දියණියගේ අතුරුදන්වීම ආරංචි වී යටත් විජිත මහ ලේකම්වරයාගේ අවසරය ඇතුව ඉංග‍්‍රීසි හමුදාව සහ පොලිසිය ද යොදවා කූඩාරම තනා තිබු ප‍්‍රදේශය සහ අවට දින කිහිපයක්ම සොදිසි මෙහෙයුම් කර ඇත. නමුත් අතුරුදන් වූවන් ගැන කිසිදු තොරතුරක් ලැබී නැත. අතවැසි සේවකයන් සහ සාමාන්‍ය වැසියන් කතරගම දෙවියන් ද අදහන පිරිස්ය. ඔවුන් කතරගම දෙවියන්ට පඩුරක් බැද ඒජන්තවරයා සහ දියණිය සොයා දෙන්නැයි බාරයක් විය. මහ පුදුමයකි. හෝරා කිහිපයකට පසු මහ ඒජන්ත දියණියත් සමග කූඩාරමට නුදුරින් සිටියදී හමුවිය.
කතරගම දෙවියන්ගේ අඩවියේ කට වරද්දාගත් මහ දිසාපතිට කතරගම දෙවියන් සුලූ දඩුවමක් දුන් බව සේවකයන් අතර පසුව කතාබහට ලක්විය.
එහි අනෙක් කතාව වන්නේ මීට අවුරුදු හයකට පෙර සිදුවු තවත් සිදුවීමකි. මේ කතාව සිහිපත් කරදුන්නේ වනජීවී දෙපාර්තමේන්තුවේ සේවය කරන බී ගුණසිංහ මහතායි.
‘‘අපි මුලින් කිව්ව ආණ්ඩුවේ ඒජන්ත තුමාත් එක්ක පුංචිකාලේ බාගුරා ප‍්‍රදේශයේ දී දින ගණනක් අතුරුදන්ව සිටි කුඩා දියණිය කුමණ යළි විවෘත කළාම 2005 දී විතර පිරිසක් එක්ක බලන්න ආවා. එතකොට ඇය වියපත් කාන්තාවක්. කුමණ ඇතුළෙ ඇවිදින කොට ගල්අමුණ ප‍්‍රදේශයේ දී මහ වැස්සකට අහුවෙලා වාහනේ එරිලා මහ අකර තැබ්බකට ලක්වුණා. අන්තිමට වාහනේ කැඩුණා. අපි ට‍්‍රැක්ටරයක් ගෙනිහින් ඇදගෙන ආවේ. එදා ඒ කාන්තාව කියනවා කතරගම දෙවි හාමුදුරුවෝ ඇයට ‘‘කුමණ’’ බලන්න කවදාවත් ඉඩ දෙන එකක් නෑ. තාත්තත් එක්ක ඇය පුංචිකාලේ ඇවිදින් වුණ දේ තවමත් අමතක නෑ’’ යනුවෙන් කී බවද ගුණසිංහ මහතා කීවේය.
(මතු සම්බන්‍ධයි)
සටහන  - අජිත්ලාල් ශාන්තඋදය
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

අහසේ ඇවිදින යෝගී ලාමාවරු අදත් තිබ්බතයේ සිටිති....(..lama waru...අබිරහස් අඩවිය - Abirahas Adawiya)


මෙයට අවුරුදු දෙදහසකට පමණ පෙර තිබ්බතයට හරියාකාර ආගමක්‌ නොවීය. එහි සිටි ජනයා ස්‌වභාව ධර්මයට වැඳුම් පිදුම් කළහ. එනම් ඔවුහු ගස්‌ ගල්වලට වන්දනාමාන කළහ. ගසකට වඳින විට ඒ සඳහා කාරණයක්‌ අවශ්‍යය. කාරණයක්‌ නැතිව ඒ වන්දනාව කෙරේනම් එය හිස්‌ වැඩකි. මේ හිස්‌තැන පිරවීමට එන තැනැත්තා රුක්‌ දෙවියාය. රුක්‌ දෙවිවරු ආසියානු රටවල පමණක්‌ නොව ලතින් ඇමරිකාවේද සිටිති. ගසකට වඳින විට එය නිකම්ම කොටයක්‌ ලෙස නොසලකා එතැන රුක්‌ දෙවියකු සිටින ලෙස සලකා වැඳීමට මිනිස්‌සු කැමැත්තාහ.
බුදු දහම පහළ වන්නේ කිතු උපතටත් වසර හයසියයකට පමණ පෙර බව අපි දනිමු. ඉන්දියාවේ දේශ සිමා අතරින් ගමන් කර බාහිර ලෝකයට ගමන් කරන්නට පටන් ගත් මුල් කලයේදී ‘ශුද්ධ බුදු දහමට’ හෙවත් එතෙක්‌ පැවැති පවිත්‍ර බුදු දහමට යම් යම් දේ එකතු විය. එසේත් නැත්නම් සමහර රටවලට බුදු දහම ගමන් කරන්නේ ඉන්දියාවේ සාම්ප්‍රදායික ආගම්වලින් එකතු වුණ යම් යම් ලක්‌ෂණ සමඟය. උදාහරණයක්‌ ලෙස හින්දු යෝගියෙක්‌ බුදු දහම වැළඳ ගත් පමණින් සිය යෝග ව්‍යායාම අත්හැරියේ නැත. යෝග ව්‍යායාම ශරීරයට ඉතා හොඳය. ඒ අනුව ඔහු තවත් කෙනකුට බුදු දහම උගන්වන විට යෝග අහ්‍යාසද කියා දුන්නේය. යෝග අභ්‍යාසවල පරතෙරට ගිය අය හෙවත් කුණ්‌ඩලිනි යෝගය අවදි කර ගැනීමට දන්නා යෝගීහු තමන් තවදුරටත් දන්නා ක්‍රියායෝග, චර්යායෝග, යෝගතන්ත්‍ර, අනුතරයෝගතන්ත්‍රවැනි අංග තම ශිෂ්‍යයන්ට කියා දුන්හ. මෙකී යෝග ක්‍රියාකාරකම්වලින් ලෝකෝත්තර සුවයට වඩා ලෞකික සුවයක්‌ ළඟා කර ගත හැකි විය. 

එයට හේතුව ඒවා හින්දු ආගම සමග තිබූ සහ සම්බන්ධයයි. මහායාන බුදුදහම නමැති කොටස බිහිවන්නේ මෙහි අතුරු පලයක්‌ ලෙසය. හීනයාන බුදු දහමට එකම එක ගුරුවරයකු හෙවත් භාග්‍යවත් ගෞතමයාණන් වහන්සේ පමණක්‌ සිටියද මහායාන බුදු දහමට ගුරුවරු බොහෝ සිටිති. තිබ්බත මහායානයට අනුව ඕනෑම කෙනෙකුට මරණ මංචකයේදී යහපත් සිතුවිලි උපදවනා ඒ ඔස්‌සේ භාවනා කරමින් පුනරුත්පත්තියක්‌ නොලබා නිර්වාණය සාක්‌ෂාත් කරගත හැකිය. එහෙත් හීනයාන බුදුදහමේ හැටියට නිමක්‌ මග යනු දිගු ගමනකි. ඒ සඳහා නිවන් නැති ආත්ම ගණනක්‌ පෙරුම් පිරිය යුතුය. මේ පිළිබඳ වැඩි විස්‌තර ලබා ගැනීමට කැමති පාඨකයන් The Tibetian Book of the be dead නමැති ග්‍රන්ථය ඇසුරු කළ යුතුය.
මහායාන බුදුදහම තිබ්බතයේ පහළ වන්නේ ක්‍රි.ව. හයවන, හත්වන, අටවන සියවස්‌ වලය. ජෙට්‌සුන් මිලරේපා (Jetsun Milarepa) යන ලාමාවරයා ක්‍රි.ව. 1052 – 1135 අතර කාලයේදී තිබ්බතයේ ජීවත්වූ අතර එරට පහළ වූ විශිෂ්ටතම යෝගියා ලෙස විශ්වාස කෙරේ. තිබ්බත බුදුදහමේ (මහායාන) ආචාර්යවරයකු වූ මාර්පා ලෝත්සව (1012-1097) ඔහුගේ ගුරුවරයාය.
තිබ්බත බුදු දහමේ කොටස්‌කාරයකු ලෙස අහසින් වැඩිම වාර ගණනක්‌ ගමන් කළ මහායානිකයා ලෙස හඳුන්වන්නේ පේට්‌සුන් මිලරේපාය. බටහිර තිබ්බතයේ ඉඩම් හිමි ධනවත් පවුලක සමාජිකයකු ලෙස එතුමා උපදී. ඔහුගේ ගිහි නම අන් එකකි. ඔහු සත් හැවිරිදි දරුවකුව සිටියදී රෝගී පියා මිය යයි. මරණයට පළමුව තම සහෝදර සහෝදරියන්ට දේපළ පවරන පියා මිලරේපා තරුණ වියට පත්වන තුරු එම දේපළ කළමනාකරණය කර දෙන ලෙස සොයුරු සොයුරියන්ට දන්වයි. එහෙත් පියා මියගිය පසු ඥතීහු මිලරේපාගේ පවුලට කිසිවක්‌ නොදෙති. මව, ගුප්ත විද්‍යාව හැදැරීම සඳහා මිල්රේපා ගුරුවරයකු වෙත යවයි. ගුප්ත විදාව උගන්නා මිලරේපා, සිය ඥතීන්ගේ විවාහ අවස්‌ථාවකදී බලගතු හිම කුණාටුවක්‌ මවා විවාහය පැවැත්වෙන නිවස බිමට සමතලා කර 35 දෙනකු මරණයට පත් වීමට ඉඩ සලසන බවත් ඒ සඳහා පළිගනු පිණිස එන ගැමියන්ගේ කුඹුරු ඉඩම් එබඳුම යෝධ හිම කුණාටුවකින් විනාශ කරවන බවත් ඔහු පිළිබඳ කතන්දරවල එයි.
යොවුන් වියෙන් තරුණ වියට පත්වන මිලරේපා අතීතයේදී කළ භයානක ක්‍රියා ගැන කණගාටුවෙමින් භාවනාවෙහි යෙදී දුක සහ සැප දෙකම අත්විඳීම අත්හරී. ඒ සමගම කර්මඵල ධර්මය තවදුරටත් වලංගු නොවන බවත් තමා යළි නොඉපැදීමේ මාර්ගය වෙත එළැඹි බවත් ප්‍රකාශයට පත් කරයි. මිලරේපා මෙතරම් ඉක්‌මනින් සංසාර ගමන කෙටි කර ගන්නේ කෙසේදැයි පාඨකයා ප්‍රශ්න කරනවා ඇත. එයට පිළිතුරවන්නේ අප කතා කරන මේ බුදුදහම තිබ්බත මහා යාන බුදුදහම බවය. එයට අනුව මරණ මංචකයේදී වුව නිර්වාණය පිණිස වන චින්තය ඇති කර ගැනීමට භාවනාව හුරු කළ අයට පුලුවන.
හින්දු ආගමේ ශුද්ධ වූ ග්‍රන්ථවලට අනුව (උපනිෂද් ධර්ම ග්‍රන්ථ) කර්මය මනුෂ්‍යය වර්ගයා වෙත මුදා හරිනු ලබන්නේ ඊශ්වර දෙවියන්ය. සීකයක්‌ අදහන සීක ආගමේ හැටියට මායාව නමැති බලවේගය විසින් මිනිසුන් පිට කර්මය පටවනු ලැබේ. මායාවට අවනත වන ආකාරයේ ප්‍රමාණයට අනුව කර්ම විපාකයේ ප්‍රමාණය තීන්දු වෙයි. ජෛන ආගමේ හැටියට කර්මය තීන්දුවන්නේ සිත කය වචනය සහ චිත්ත සන්තානයේ හටගන්නා විවිධ හැසිරීම් විසින් ආත්මයට ඇති කරන චලනය මතය. මෙය ඒ ඒ ආගම්වලට සාපේක්‌ෂ තත්ත්වයකි. කර්මය අවලංගුවන බවට මිලරේපා යෝගියා නගන තර්කය ඔහු අනුගමනය කරන මහායානයට සාපේක්‌ෂය.
ප්‍රංශ ජාතික දේශගවේශක කාන්තාවක වූ Alexandra Devid Neel 1924-28 කාලය තුළ තිබ්බතයේ උස්‌ කඳු අතර පිහිටි ලාමාවරුන්ගේ තාපසාරාමවලට ගොස්‌ ලැබූ අත්දැකීම් අලලා Mystic and Mystery in Tibet යනුවෙන් පොතක්‌ ලියා ඇත. ජෙට්‌සුන් මිලරේපා ශිෂ්‍යයකුව සිටි කාලයේදී මාස ගණන් ගත කරමින් ගිය ගමන් ගුප්ත ශාස්‌ත්‍රය උගත් පසු තප්පර කිහිපයකින් ගිය බවට සාක්‌ෂි තිබ්බතයේ මුඛ පරම්පරාගතව ඇති බව ඇය එම ග්‍රන්ථයේ විස්‌තර කර ඇත. යෝග ව්‍යායාම්වල එක්‌ අවස්‌ථාවකදී ඉතා වේගයෙන් ගමන් කිරීමේ තාක්‌ෂණයක්‌ ශිෂ්‍යයෝ උගනිති. මෙය එක්‌තරා යෝග ගුරුකුලයකට අයත් ශාස්‌ත්‍රයකි. තප්පරයක්‌ තුළ බඹ කිහිපයක්‌ ගමන් කළ හැකි ලාමාවරයෙක්‌ මිලරේපා යෝග ශාස්‌ත්‍රය උගත් තාපසාරාමයේ විය. එවැනි ලාමාවරයෙක්‌ Alexandra Devid Neel ටද හමු විය. “ඔහු ගමන් කළේ පොළවෙහි පාද ස්‌පර්ශ නොකරමිනි. දෙපා හුවමාරු වූයේ පොළොවෙන් ඉහළ අවකාශයේදීය “ඇය සිය පොතෙහි ලියුවාය. ඛLung – gom – pa ලෙස හැඳින්වෙන මේ ඇවිදීම එක්‌තරා ආකාරයක භවානාවකි. එය ‘පවන්ධ්‍යානය’ ලෙස හැඳින්වේ. මේ ක්‍රමය යොදාගෙන නොනැවතී දින කිහිපයක්‌ ගමන් කළ යෝගාවචර ලාමාවරු තිබ්බතයේදී Alexandra ට හමු විය. ජපානයේ කියෝටෝවේ හෙයි (Hiei) නමැති කඳුකරයේද මෙබඳු ක්‍රමවේදයන් යොදාගෙන ගමන් කරන මහායාන භික්‌ෂුහු සිටිති.
හිම කුණාටුවක්‌ වස්‌සවා, තිස්‌පස්‌ දෙනකු මරා කුඹුරු අක්‌කර කිහිපයක්‌ද විනාශ කිරීමෙන් පසු පැත්තකට වී කල්පනා කළ ජෙට්‌සුන් මිලරේපා තමා විසින් ගුප්ත ශාස්‌ත්‍රය යොදා ගත් ආකාරය වැරදි බව නිගමනය කළේය. නිවැරදි භාවනාව සහ යෝග ශාස්‌ත්‍රය උගෙනීම සඳහා ලොව පළමුවන මහායාන සූත්‍රය ලෙස හඳුනාගත් ප්‍රඥපාරමිතා සූත්‍රය මනා ලෙස හදාරා බෝධි සත්ත්ව තත්ත්වයට ගමන් කරන පිණිස අවශ්‍ය කරන මහායානික දැනුම සහිතව සිටි මාපා ලෝත්සව නමැති ගුරුවරයා වෙත මිලරේපා යොමු විය. ඉන්දියාවෙන් ගෙනා බෞද්ධ සූත්‍ර දේශනා තමන්ට ආවේනික යෝග ශාස්‌ත්‍රය සහ භාවනා ක්‍රම සමග ගලපමින් මහායානය පෝෂණය කිරීම ඔහුගේ කාර්යය විය. ශාස්‌ත්‍රය උගැන්වීමට පෙර, එකක්‌ සාදා නිම වන විට එය කඩා දමමින් තව එකක්‌ සැදීමේ ක්‍රමයට අනුව විශාල කුලුනු තුනක්‌ ඉදි කර තැබීමට මිලරේපාට සිදු විය. මේ කාර්යය නිමවූ පසු තට්‌ටු නවයක කුලුනක්‌ සාදන ලෙස මිලරේපාට නියෝග කෙරිණ. මිලරේපා විසින් තනි ශ්‍රමයෙන් 11 වන සියවසේදී සාදන ලද මේ විශාල ගොඩනැගිල්ල අදටත් තිබ්බතයේ තිබේ. මාපා තුමා වෙතින් මිලරේපාට ශාස්‌ත්‍රය ලැබෙන්නේ මින් පසුය. ගුරුවරයා යටතේ ශිෂ්‍යයා 12 වසරක්‌ උගත්තේය. ඉන්පසු ‘වජ්‍රධර’ නමැති තත්ත්වයට පත් විය. මහායාන බුදුදහමට අනුව වජ්‍රධර යනු පූර්ණ නිර්වාණයයි. එය පිළිගැනීම හෝ නොගැනීම අපේ වැඩකි.
වයස අවුරුදු 45 දී මිලරේපා ගල්ගුහාවක වාසය කිරීමට යයි. එහි කහඹිලියා කුලයේ ශාකයක පත්‍ර වියලා උතුරන වතුරට දමා පානය කිරීමෙන් පමණක්‌ උන්වහන්සේ ජීවත් වෙයි. මෙසේ දිගු කලක්‌ මේ දියරය පානය කිරීම නිසා උන්වහන්සේගේ ශරීරය කොළ පැහැ ගැන්වෙයි. කොල පැහැති සිරුරක්‌ ඇති මිලරේපාගේ සිතුවම් තිබ්බතයේ ඇත. අවුරුදු 63 දී උන්වහන්සේගේ දහවන වාර්තා වේ තිබේ.
යෝගි මිලරේපා අහසින් ගමන් කළ ස්‌වරූපයේ විශේෂත්වයක්‌ තිබේ. එතුමා අහසේ පා වුණේ නැත. ඔහු පොළොවෙන් අඩි කිහිපයක්‌ උඩින් අපට නොපෙනෙන තරම් වේගයෙන් දෙපා චලනය කරමින් ගමන් කළේය. එතුමා අදටත් තිබ්බතයේ වඩාත්ම ජනප්‍රිය යෝගියා වන්නේ ඒ නිසාය. නිතරම සතුටින් සිටි ඔහු ආගමික ගිත ගායනා කළ කෙනෙකි. මිලරේපාගේ සුවිශේෂ ආගමික ගුරුකුලයට අයත් අහසේ ඇවිදින යෝගීහු අදත් තිබ්බතයේ සිටිති.
අනුර සොලමන්ස්‌ / Divaina
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Wednesday, August 31, 2016

වසර 13000ක් පැරැණි සකි‍්‍රය චන්ද්‍රිකාවක්... (අබිරහස් අඩවිය - Abirahas Adawiya (chandrika nasa aliens pitasakwala jeeween නොවිසඳුණු අබිරහස් novisadunu abirahas unsolved mysteries )


චන්ද්‍රිකා තාක්ෂණය පිළිබඳ අන් රටවලටත් වඩා අපට සමීප බවක් ඇත. එයට ප‍්‍රධානම හේතුව වන්නේ සන්නිවේදනය උදෙසා චන්ද්‍රිකා උපයෝගී කර ගැනීම පිළිබඳ මූලික අදහස ඉදිරිපත් කළ ආතර් සී. ක්ලාක් මහතා ලංකාවේ සම්මානනීය පුරවැසි භාවය ලද්දෙකු වීමයි. එහෙත් ඒ සබඳතාවට එහා ගිය අභිමානයක් පිළිබඳ අදහසක් 2012 වසර අවසාන කාලයේදී අපි ඉදිරිපත් කළෙමු. ‘රාවණ වේරම්භ වාතයේ සැඟවූයේ චන්ද්‍රිකාද?’ යනුවෙන් මතු කරලූ ඒ කතිකාවතට පදනම වූයේ රාමායණයේ සටහන්ව ඇති කරුණකි.
රාවණ රජුගේ බලවත්ම ආයුධ තුනක් වේරම්භ වාතයේ සඟවා තිබූ බවත් එය අවශ්‍ය අවස්ථාවන්හිදී හිමාලය කඳු මුදුනට නැග ලබාගත් බවත් එහි සඳහන්ව ඇත. ඉදින් අපි එදා යුද්ධයක ප‍්‍රධාන අවිය තොරතුරු නම්, ආතර් සී. ක්ලාක් මහතාගේ චන්ද්‍රිකා ස්ථානගත කිරීමේ නියමයන් මතින් රාවණගේ බලගතුම ආයුධ තුන චන්ද්‍රිකා විය හැකි යැයි අනුමාන කළෙමු. එයට පදනම් වූ වේරම්භ වාතය නැතහොත් නූතන විද්‍යාවෙන් හැඳින්වෙන ජෙට් ස්ටී‍්‍රම් නම් වායු ධාරාවන්හි පිහිටීම පිළිබඳ සලකා බැලීමේදීද රාවණ හිමාලයට නැගීම ලෙසින් අදහස් කර තිබුණේ අඩි 30000ක් උඩින් චන්ද්‍රිකාවක් කක්ෂගත කිරීමය. එනම් හිමාලයේ උස අඩි 29029කි.
අප එදා කළ අනුමානය අද යථාර්ථයක් බවට පත්වී ඇත. රාවණ හෝ හෙළ යුගය කෙසේ වෙතත් විද්‍යාවෙන් පවසන දේ පමණක් පිළිගන්නා අයට වසර 13000ක් පැරැණි සකි‍්‍රය චන්ද්‍රිකාවක් පිළිබඳ නාසා ආයතනයේ ඡුායාරූප සමගින් පර්යේෂණ වාර්තා කිහිපයක් අන්තර්ජාලයට මුදාහැර ඇත. 2013 වසරේ ජූලි මාසයේදී පමණ නාසා ආයතනය මෙම චන්ද්‍රිකාවේ සමීප ඡුායාරූප ලබාගැනීමත් සමගම මෙතෙක් හොර රහසේ කෙරුණු පර්යේෂණයන් රැසක් කරළියට පිවිසියේය. 
ඔවුන් එය නම් කරන ලද්දේ black knight satellite . (බ්ලැක් නයිට් සැටලයිට්) ලෙසිනි. වසර 13000 ක් තිස්සේ පෘථිවිය වටා භ‍්‍රමණය වන අද්භූත වස්තුවක් චන්ද්‍රිකාවක් ලෙසින් වරනැගීම ප‍්‍රායෝගික නොවන්නක් යැයි තර්ක කරන්නටද පුළුවන. එහෙත් පෙන්ටගනය මුල්වෙමින් කි‍්‍රයාත්මක කෙරුණු අද්භූත කළු වස්තුව ග‍්‍රහණය කර ගැනීමේ 'Dark fence' මෙහෙයුම එයට ඉඩක් තැබුවේ නැත. අද්භූත කළු යානාව කරළියට පිවිසෙන්නේ 1929 එක් දිනක චීන මුහුදු සීමාවේ රේඩියෝ සංඛ්‍යාත ග‍්‍රාහකයකට කෙටි තරංග පරාසයක් තුළින් ලැබුණු පණිවුඩයක් සමගිනි. මෙම පණිවුඩය තත්පර 30කට වරක් වරින් වර නිකුත් විය.
නමුත් මෙම පණිවුඩය තේරුම් ගැනීමේ හැකියාවක් ඔවුනට ඒ අවස්ථාවේදී ලැබුණේ නැත. මේ අතර 70 දශකයේ අග භාගයේදී භසනදක් Nikola Tesla නම් පර්යේෂකයකු තම පිරිසක් සමගින් අපූර්ව පර්යේෂණයකට අත තැබුවේය. ඒ චීන මුහුදේදී ලැබුණු ගුවන්විදුලි තරංග පණිවුඩ යළිත් ග‍්‍රහණය කර ගනිමින් ඒවා විශ්ලේෂණය කිරීමයි. එහිදී ඔහුද ග‍්‍රහණය කර ගනු ලැබූ රේඩියෝ තරංග පෘථිවිය තුළ එවකට භාවිතයෙන් ඉවත් කරන ලද මුල් කාලීන ගුවන්විදුලි සංඛ්‍යාතවලට සමාන ඒවා විය. ඒවා අයත් වූයේ කෙටි ගුවන් විදුලි තරංග ආයාමයන්ටය.
මෙසේ ලැබුණු ගුවන්විදුලි සංඛ්‍යාත පණිවුඩය විස්තාරණය කිරීම හරහා එය පණිවුඩයක් බවට පත් කෙරුණි. 

' Start Here 

Our Home Is Epsilon Bootis 

Which Is a Double Star 

Welive On The 6th Planet Of 7 - Check That, 

6th of 7 Counting Outwards From the Sun 

Which Is the Larger Of the two. 

Our 6th Planet has one Moon, 

Our 4th Planet has three. 

Our First and Third Planets Each haven One. 

Our Probe is in the Orbit Of Tour Moon 

This Updates the Position Of Arcturus Shown On our maps' 

මෙය සරලව පවසතොත් පිටසක්වළයන්ගෙන් ලැබුණු පණිවුඩයකට සමාන වූවකි.
අපගේ නිවහන Epsilon Bootis නම් තාරකාවයි.( Bootis තරු පද්ධතියේ 5 වෙනියට දීප්තිමත්ම තාරකාව Epsilon , එනම් ග‍්‍රීක හෝඩියේ 5 වෙනි අක්ෂරය සමග Epsilon Bootis ලෙස නම් කර ඇත) එය ද්ත්ව තාරකාවයි අප ජිවත් වෙන්නේ ග‍්‍රහලෝක 7 කින් සමන්විත වෙන පද්ධතියකය 6 වෙනි ග‍්‍රහලෝකයේය එය ද්ත්ව තාරකාවලින් විශාලම තාරකාවයි එනම් ප‍්‍රධාන සුර්යාගේ පිටතින් සිට ගනන් කල විට ග‍්‍රහලෝක 7 කින් 6 වැන්නයි අපගේ කුඩා ගවෙශණ යානාව තිබෙන්නේ චන්ද්‍ර කක්ෂයේය මෙය අපගේ සිතියම් වල පෙන්වන පිහිටීම් යාවත්කාලින කරයි.
මෙම පරිවර්තනයත් සමගම මෙම අද්භූත කළු වස්තුව පිළිබඳ උනන්දුවෙන් සිටි පර්යේෂකයන්ගේ කුතුහලය තව තවත් වර්ධනය වූ අතර මෙය ස්ථිරවම වෙනත් ග‍්‍රහ ලොවක සිටින දියුණු ජීවීන්ගෙන් ලැබුණු පණිවුඩයක් බවට ඔවුන් විශ්වාස කරන්නට විය.
Sputnik I
70 දශකයේදී ගුවන්විදුලි පණිවුඩය පරිවර්තනයකට ලක්වුවද අභිරහස් චන්ද්‍රකාවක් පිළිබඳ මුල්ම තොරතුර කරළියට එන්නේ සෝවියට් දේශය විසින් 1957දී කක්ෂගත කරන ලද පළමු චන්ද්‍රිකාව වූ ස්පුට්නික් » (Sputnik I) විසින් එවන ලද ඡායාරූප කිහිපයක් හේතුකොටගෙනය. ඒ 1960දීය. ස්පුට්නික් චන්ද්‍රිකාව පසුපසද අපූර්ව කතාවක් ඇත. ඒ සෝවියට් දේශය නිර්මාණය කර උඩු ගුවනට යවන ලද චන්ද්‍රිකාවට සමාන වස්තුවක් ළඟ තබාගෙන සිටින පුද්ගලයන් දෙදෙනෙකුගේ පැරැණි සිතුවමක් දැකගත හැකි වීමයි. ලියනාඩෝ ඩාවින්චි විසින් අඳින ලද මේ සිතුවම තුළ ඇත්තේ දෙවියන්ගේ ප‍්‍රධානියා වූ සියුස් යැයිද විශ්වාසයක් පවතී.
1452 දී උපත ලබා 1519 දක්වා ජීවත්වූවෙකු 1957දී කක්ෂගත කෙරුණු චන්ද්‍රිකාවක රූපයක් ඇඳීමද විශ්මිත වූවකි. වසර 400කට පෙර වත්මන් ස්පුට්නික් චන්ද්‍රිකාවේ ඒ හා සමාන රූපයක් ඇඳීම මෙන්ම වර්තමානය වන විට ලියනාඩෝ ඩාවින්චිගේ බොහෝ සිතුවම් තුළින් බොහෝ සැඟවුණු අර්ථයන් මතුකර ගැනීමටද පර්යේෂකයන්ට අවස්ථාව උදාවී ඇත.
ස්පුට්නික් චන්ද්‍රිකාවෙන් එවන ලද ඡායාරූප එතෙක් හඳුනානොගත් හා එවකට බලවතුන් ලෙසින් සිටි ඇමෙරිකාවට හෝ රුසියාවට අයත් නොවූ කළු පැහැති යානාවක් දැකගත හැකිවිය. එය වඩාත් හොඳින් නිරීක්ෂණය කිරීමේදී එය පෘථිවිය වටා කක්ෂගත කර ඇති යම් වස්තුවක් බව පර්යේෂකයන්ට අවබෝධ විය. මෙම හඳුනාගැනීමත් සමගම ලෝක මට්ටමින් ආකාශ නිරීක්ෂණය කරනු ලබන ආයතනවල වැඩි අවධානය මෙම වස්තුව දෙසට යොමුවන්නට විය. 
දිනය 1960 සැප්තැම්බර් 3 වැනිදාය. ජර්මනියේ ගුවන් දෙපාර්තමේන්තුවේ රේඩාර් පද්ධතිය තුළ අද්භූත යානය දිස්වන්නට විය. ඒ සමගම කි‍්‍රයාත්මක වූ ජර්මානු ගුවන් හමුදාව විසින් මෙම යානය ඡායාරූප ගත කරනු ලැබීය. ඒ අද්භූත යානය රේඩාර් පද්ධතියට හසුවූ පළමු අවස්ථාවයි. එහෙත් මෙම යානාවට ජර්මනියට ඉහළින් පලායන්නට අවශ්‍යතාවක් නොවූ බැවින් සති දෙකක් නැගෙනහිර හා බටහිර දෙසට පැද්දෙමින් තිබුණි. හැකියාවක් තිබූ ජර්මානු වැසියන් මෙම අරුම පුදුම යානය දිගින් දිගටම ඡායාරූපයට නගන්නට විය.
මේ ආසන්න කාලයේදී ඇමෙරිකාව මතින්ද මේ අද්භූත යානය ගමන් කරතත් ඇමෙරිකානු බලධාරින්ට ඒ ගැන කරගත හැකි දෙයක් නොවීය. මේ සිදුවීම් පෙළත් සමගම ඔස්ටේ‍්‍රලියාවේ ස්ථානගත කෙරුණු විශේෂිත ගගන ඒකකයක් හරහා .22 '22 Orbit Mission' . නැතහොත් විසි දෙවැනි කක්ෂගත මෙහෙයුම කි‍්‍රයාවට නගනු ලැබුණි. ඒ 1963 වසරේදීය. ඒ හරහා සිදුවූයේ එතෙක් ලබාගත් තොරතුරු මත අද්භූත වස්තුව කක්ෂගතවී ඇති 22 වැනි කක්ෂයේ කැප්සූලයක් තුළ ගගනගාමියකු පිහිටුවීම හරහා අදාළ වස්තුව හඳුනා ගැනීමයි.
ඔවුන් බලාපොරොත්තු වූ අයුරින්ම කැප්සූලය ස්ථානගත කර ගත හැකි වූවත් සිදුවූයේ බලාපොරොත්තු නොවූ දෙයකි. ඒ කැප්සූලය නැගෙනහිර සිට බටහිර දෙසට ස්වභාවික කක්ෂ ගමන් මඟ තුළ භ‍්‍රමණය වෙද්දී අද්භූත වස්තුව බටහිර සිට නැගෙනහිර දෙසට භ‍්‍රමණය වීම නිසාය. නමුත් කැප්සූලයට ඉහළින් මෙම වස්තුව ගමන් කරන ආකාරය ඉතා හොඳින් ග‍්‍රහණය කර ගැනීමේ අවස්ථාව ගගනගාමියාට උදාවිය. මෙහිදී පර්යේෂකයන්ට මතුවූ ප‍්‍රධානම ගැටලූව වූයේ නැගෙනහිර සිට බටහිරට ගමන් කරන ස්වභාවික ගමන් කිරීම වෙනුවට බටහිර සිට නැගෙනහිරට ගමන් කිරීමය. එසේම විරුද්ධ දිශාවකට ගමන් කිරීම උදෙසා අධික බලයක් යෙදිය යුතු වීමත් වසර 13000ක් පැරැණි යැයි පවසන යානාවක එතරම් බලශක්ති ප‍්‍රභවයක් පවතින්නේ කෙලෙසද යන්නත්ය. 
Noval Research Laboratory
මෙම සිදුවීම් පෙළට සමගාමීව ඇමෙරිකානු ආරක්ෂක මූලස්ථානය වූ පෙන්ටගනයේ මැදිහත්වීමෙන් මෙය කළු පැහැති පෘථිවියට අයත් නොවන චන්ද්‍රිකාවක් ලෙසින් තීරණය කෙරුණි. ඇමෙරිකාවේ මැදිහත්වීම හරහා ලෝකයේ බොහෝ රටවල ගුවන්විදුලි තරංග ග‍්‍රාහකයන් හා රේඩාර් පද්ධති ස්ථාපිත කෙරුණි. එයට හේතු වූයේ මෙම චන්ද්‍රිකාව විසින් දිගින් දිගටම රේඩියෝ තරංග නිකුත් කිරීමයි.
මෙම රේඩියෝ තරංග විශ්ලේෂණය හරහා මෙම චන්ද්‍රිකාවේ අයිතිය Bootes නම් ග‍්‍රහ පද්ධතියට අයත් බවට හඳුනාගත හැකිවිය. මේ අතරතුර ඇමෙරිකාවේ Noval Research Laboratory විසින් 'Dark Fence' නමින් විශේෂිත මෙහෙයුමක් කි‍්‍රයාවට නැගුණි. එහි අරමුණ වූයේ අද්භූත බ්ලැක් නයිට් සැටලයිටය අල්ලා ගැනීම නැතිනම් හසුකර ගැනීමය. එහිදී එක් දිනක කපිතාන් W.E. Berg යටතේ කි‍්‍රයාත්මක වූ විශේෂිත ඒකකයට අද්භූත චන්ද්‍රිකාව ග‍්‍රහණය කර ගැනීමට හැකි විය. ඒ අවස්ථාවේදී මොහොතින් කි‍්‍රයාත්මක වූ එම ඒකකය පෙන්ටගනයේ ඉල්ලීම හරහා ඔවුන්ගේ සියලූ මිත‍්‍ර රටවල සියලූ චන්ද්‍රිකා, දුරදක්න හා රේඩියෝ තරංග ග‍්‍රාහකයන් හරහා අදාළ වස්තුව පරීක්ෂා කරන්නට විය.
අවසානයේ රේඩියෝ තරංග හරහා ලැබුණු පණිවුඩ හා රූප පරීක්ෂාව හරහා මෙය වසර 13000 - 15000 අතර කාල පරාසයකට අයත් චන්ද්‍රිකාවක් බවට හඳුනා ගැනුණි. එහි පවතින විශේෂත්වය වන්නේ කක්ෂ තුනක් තුළ මාරුවෙන් මාරුවට ගමන් කිරීම හා පෘථිවියෙන් යවන ලද චන්ද්‍රිකා භ‍්‍රමණය වන දිශාවට විරුද්ධ දිශාවට භ‍්‍රමණය වීමයි. අනෙක් කාරණය වනුයේ පෘථිවියේ තාක්ෂණික ක‍්‍රමවේදයන් මතින් කතා කරන්නේ නම් ගුවන්විදුලි තරංග ක‍්‍රමය ආරම්භක අවධියට අයත් සංඛ්‍යාත තරංග ක‍්‍රමයක් යොදාගනිමින් පණිවුඩ හුවමාරු කිරීමයි.
බහුතර මතයට අනුව නාසා ආයතනය විශ්වීය රහස් කිසිවක් ඒ සිදුවීමට සමගාමීව හෙළි කරන්නේ නැත. 50 දශකයේ සිට සිදුකෙරෙන පර්යේෂණයන්වල සම්පූර්ණ විස්තරයක් තවමත් හෙළිදරව් කරන්නට ඔවුන් සූදානම් නැත. එහෙත් 2013 වසරේ මැද භාගයේදී Black Knight Satellite හි නවතම ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට නිකුත් කෙරුණි. මේ නිකුතුවත් සමගින් විවිධ පර්යේෂකයන් සතුව තිබූ පර්යේෂණ වාර්තා රැසක් අන්තර්ජාලයට මුදාහැර ඇත.
මෙම චන්ද්‍රිකාව අපට ද ඉතා වැදගත් වෙයි. එයට බලපාන මූලිකම සාධකය රාමායණයේ සඳහන් වේරම්භ වාතයේ සැඟවූ රාවණගේ බලගතුම ආයුධ පිළිබඳ කතාවට පුරෝකතනයක් බවට මෙය පත්වීමයි. වසර 13000 කට පෙර චන්ද්‍රිකා පැවතියේ නම් වසර 5250කට ආසන්න හෙළ යුගය තුළ චන්ද්‍රිකා නොතිබිය නොහැකිය යන තර්කය මෙහිදී නිතැතින්ම නැගෙන්නක් බවට පත්වනු ඇත.
ඒ සියල්ලටම වඩා මෙම චන්ද්‍රිකාවේ සොයා ගැනීමත් සමගම අනුරාධපුරයේ මනුසත් උයනේ වූ තරු දොරටුවට අලූත් අර්ථකථනයක් දෙන්නටද පර්යේෂකයන්ට අවස්ථාව උදාවිය. අනුරාධපුරේ තරු දොරටුව නැතහොත් සක්වළ චක‍්‍රය මධ්‍යයටද මෙම රේඩියෝ තරංග ග‍්‍රහණය වන බවට ඇති විශ්වාසයන් හරහා ඒ පිළිබඳ දිගින් දිගටම පර්යේෂණයන් සිදු කෙරෙමින් පවතී.
මෙහිදී ඉරණමඩුහි පිහිටු වූ ඇමෙරිකන් හඬ තරංග විකාශන මධ්‍යස්ථානය පසුපස ඇති යථාර්ථය අමුතුවෙන් පැහැදිලි කිරීමට අවශ්‍යතාවක් නැත. 
ලෝක පිහිටීම තුළ වැදගත්ම රට ලෙසින් අප රට නම් කරන්නටත් අඩුම ගුරුත්වය සහිත රට ලෙසින් නම් කරන්නටත් බටහිරට අප රට පිටසක්වළයන්ගේ පැමිණීම සම්බන්ධයෙන් වැදගත් තැනක්ව ඇතිබව නම් සැඟවිය නොහැකි රහසකි. අප පෙර වසරේ සඳහන් කළ ලෙස මෙය චන්ද්‍රිකා තුනකින් කි‍්‍රයාත්මක වන්නක් නම් ඉදිරියේදී තවත් චන්ද්‍රිකා දෙකක් පර්යේෂකයන් විසින් සොයාගනු ඇත. එසේම නාසා ආයතනය ප‍්‍රමුඛ පිටසක්වළයන් පිළිබඳ ගවේෂණය කරන්නන්ගේ වැඩි අවධානය ලංකාව දෙසට යොමුවනු ඇත. පසුගිය කාලය තුළ ලංකාවේ වැදගත්කම පිළිබඳ හැඳින්වීම් ඉදිරිපත් වූයේ එහි මුලපිරීමක් ලෙසිනි. මේ මැදිහත් වීමට බලපානු ලබන ප‍්‍රධානම කාරණය වනුයේ පසුගිය කාලය තුළ බිඳ වැටුණු අද්භූත චන්ද්‍රිකාවේ සන්නිවේදන පද්ධතිය ලංකා පොළොව ආශ‍්‍රිතව කි‍්‍රයාත්මක වීමයි. 
2012 අවසානයේදී පිටසක්වළ යානා අප රටට පැමිණීම පිළිබඳ අප පැවසූ අනාවැකි හා එහිදී ඉදිරිපත් කල යම් යම් කරුණු හා මෙම චන්ද්‍රිකා මේ සබඳතාවක් පවතී. එහි පළමු කාරණය වනුයේ චන්ද්‍රිකාව හා තොරතුරු හුවමාරු කර ගැනීමට පිහිටවූ ගඩොල්වලින් නිර්මාණය කරන ලද අතිවිශාල කළුණක් පිළිබඳ අප තොරතුරු හෙළිකිරීමයි. දෙවැනි කාරණය වනුයේ පිටසක්වළ යානාවල හදිසි පැමිණීමට හේතු වූ කාරණාව වූයේ බාමියන් බුදු පිළිම පද්ධතිය මුල් කරගනිමින් කි‍්‍රයාත්මක වූ ප‍්‍රධාන සාංඛ්‍යා පද්ධතිය බිඳ වැටීමයි. එනම් බාමියන් බුදුපිළිමය බ්ලැක් නයිට් චන්ද්‍රිකාව හා තොරතුරු හුවමාරු කර ගැනීමේ රිසිවරයක් ලෙසින් කි‍්‍රයාකළ බවය. 2001 වසරේදී තාලේබාන්වරු විසින් එය පුපුරුවා හැරීමත් සමගම පෘථිවිය හා පිටසක්වළයන් අතර තොරතුරු හුවමාරුව බිඳ වැටුණි. 
එසේනම් ඇමෙරිකාව ඇෆ්ගනිස්ථානය නැතහොත් කන්දනාර ප‍්‍රදේශයට එන්නේ තලේබාන් හා අල්කයිඩාවරු විනාශ කරන්නට නොව මේ පද්ධතිය පිළිබඳ ප‍්‍රශ්නයක් මුල් කරගෙනය.
පිටසක්වළයන්ගේ පැමිණීම අපට වැදගත් වන්නේ මේ සිදුවීමෙන් පසුවය. එනම් බිඳ වැටුණු සංඥා පද්ධතිය වෙනුවට බ්ලැක් නයිට් චන්ද්‍රිකාව හා තොරතුරු හුවමාරුකර ගනු ලබන නව සංඥා පද්ධතිය බිහිකිරීම උදෙසා පිටසක්වළයන් තොරාගන්නේ ලංකාවේ සමනල ගිර අවට ගිනිකොණ දිග බෑවුමයි. එනම් සමනල ගිර ස්වභාවික රිසිවරයක් ලෙසින් භාවිත කිරීමේ ක‍්‍රමවේදයන් ඔහුන් සතුවීමයි. එනම් ලංකාවේ අඩු ගුරුත්වය යනු නිර්මාණය කරන ලද්දක් මිස ස්වභාවික තත්ත්වයක් නොවන බවය.
ඉතා වැදගත් තවත් එක් කරුණක් ඇත. ඔරායන් තරු පංතියේ හා බ‍්‍රටීස් තරු පංතියේ ඇත්තේ එකිනෙකට සමාන වූ තරු පිහිටීමකි. සංකේතයන් ලෙසින් බැලූව ද දඩයක්කරුවන් දෙදෙනෙකි. එයට ඇත්තේද සමාන වූ ග‍්‍රීක පුරාවෘතයන්ය. මේ පිළිබඳ සිතා බැලිය යුතුව ඇත. 

වෛදික ජ්යෙතිෂවේදී
කාංචන ගීත් මනමේන්ද්

-------------------------------------------------------------------------------
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Tuesday, August 30, 2016

විශ්වයේ ගමන් කළ හැකි තරු දොරටු - STAR GATE ....බිරහස් අඩවිය - Abirahas Adawiya (aliens pitasakwala jeeween) (tharaka doratu නොවිසඳුණු අබිරහස් novisadunu abirahas unsolved mysteries )


ස්ටාර් ගෙටි සංකල්පය මුලු ලොවම පාහේ කැළඹු විශ්ව තාක්ෂණයේ අති විශිෂ්ඨ නිමැවුමකි. අද වන විට සක්‍රිව පවතින්නා වු ස්ටාර් ගේටි හෙවත් තාරකා දොරටුවක් ලොව නැති මුත් අතිතයේ මෙවා ප්‍රයෝජනයට ගත් බව දැන් දැන් ලැඛෙන සාක්ෂි වලින් මනාවට තහවුරු වෙයි. විශ්වයේ පවත්නා අධික දුර ප්‍රමාණය අවම කරමින් ක්ෂණිකව ස්ථාන දෙකක් අතර ගමන් කිරීමට මෙම තාරකා දොරටු යොදා ගන්නා අතර එසේ විශ්වයේ ගමන් කිරීමට භාවිතා කළ බැවින් මෙය තාරකා දොරටු හෙවත් Star Gate යන නමින් හදුන්වන්නට ඇතැයි නාමය උපකල්පනය කරමින් අපට නිගමනයකට පැමිණිය හැකිය.
කෙසේ වුවද මෙය සරල මාතෘකාවක් නමි නොවේ. එසේ නොවන්නේ මෙහි නිශ්පාදන හා ක්‍රියාකාරි තාක්ෂණය කිසිසෙත්ම අද අප ලබා ඇති විද්‍යාවෙන් නිපදවන්නට තබා සිතන්නටවත් නොහැකි නිසාය. එහෙයින් මෙය පැහැදිලි කර ගැනීමට වුවද විශ්ව තාක්ෂණය පිළිබදව දළ අදහසක් සමග අනුමාන කළ හැකි දත්තයන් නිතැතින්ම ඈදා ගන්නට අපට සිදුවේ. මන්ද අප අප ලබා ඇති විද්‍යා ඥාණය විශ්ව ඥාණයත් සමග සසදා බැලීමේදි මුහුදෙන් ලබා ගත් දිය දෝතක් තරමිවත් දියුණු නොවණ බැවින්ය. මෙ සියල්ල සමගින් අතීතයේ භාවිතා කළ අති දියුණුම තාක්ෂණයක් වු විශ්ව තරණ තාක්ෂණය මෙසේ සොයා යමු.
විශ්ව තරණය යනු කුමක්ද ?
අටුවාටිකා ගෙන ලොකුවට විස්තර නොකර සලරවම පවසන්නේනමි විශ්ව තරණය යනු අනන්තයක් දුර වු මේ ව්ශ්වයේ ඇතැමි ස්ථාන කරා ගමන් කිරීමයි. එනමි ග්‍රහලෝක , තාරකාවෙන් කාරකාවට , වක්‍රාවාටයෙන් වක්‍රාවාටයට ගමන් කිරීමයි. හැබැයි හොදින් විමසා බැලු විට අප සතු තාක්ෂණයෙන්ම නමි මෙය සිහිනයකින්වත් කළ හැකි නොවන බව අමුතුවෙන් කිව යුතු නැත. මන්ද අපට ළගම තාරකාව වු ෆෙක්චිමා සෙන්චෝර් තාරකාවට පවා ගමන් කිරිමට අපට විශාල කාලයක් ගත වන බැවිනි.
එය අප ග්‍රහමණ්ඩලයේ සිට ආලෝක වර්ශ 4.3 දුරින් පිහිටා ඇති අතර ආලෝක වර්ශයක් යනුවෙන් හදුන්වන්නේ ආලෝකය වර්ශයක් තුලදි ගමන් ගන්නා දුරයි. සාමානයෙන් ආලෝකයේ වේගය තත්පරයට කිලෝමිටර් 300000 ක් ලෙස ගනන් බලා තිබෙ. එබැවින් ආලෝකය වර්ශයක් තුලදි ගමන් ගන්නා දුර කොපමණද යන්න ඔබට සිතා ගත හැකි වනු ඇත. අනෙක් කරැණු අප සතු කිසිදු යානාවකට මෙම ආලෝකයේ වේගයටද ළගා විය නොහැකි වීමයි. එබැවින් මෙම තාරකාවට හෝ ගමන් කිරීම අප සතු තාක්ෂණයට සිහිනයක්ම පමණි.
නමුත් විශ්වය යනු තවමත් අප සොයා නොගත් බොහේ කරැණු , තාක්ෂණයන් , සංසිද්ධින් සැගවි ඇති , අති විශාල පරාසයකි. පෘතිවි විද්‍යාඥයන් දිනෙන් දින අලුත් අලුත් කරැණා විශ්වය පිළිබදව සොයා ගන්නේද මෙ නිසාය. එසේනමි අප තව සොයා නොගත් දේ කොමණ ඇත්ද ? අප අද මේ ලිපියෙන් කථා කරන්නට යන්නේද එවන් ආකාරයේ විශ්මිත තාක්ෂණයක් සමිබන්ධයෙනි.
විශ්ව තරණය පිළිබදව කථා කිරිමෙදි ක්වන්ටමි භෞතික විද්‍යාව අමතක කළ නොහැක්කේ එයින් මේ සමිබන්ධයෙන් ප්‍රායෝගික කළ හැකි න්‍යායන් කිහිපයක් පවසන හෙයිනි. එනමි Wormhole සංසිද්ධයයි. තවමත ප්‍රායෝගික කළ නොහැකි වුවද මෙය අතිශයින්ම වැදගත් සංක්පයක් වන්නේ ස්ටාර් ගේටි මගින් සිදුකරන්නා වු විශ්ව ගමනා ගමනයටද මෙය වැදගත් සාධයක් වන හෙයිනි. Wormhole යනු විශ්වය හරහා ගමන් කළ හැකි එක්තරා මාධ්‍යකි. මෙයන් විශ්වයේ ඇති අධික දුර අවකාශය නැවිමේ ක්‍රියාදාමයක් මත අඩු කර ගත හැකි අතර එමගින් යමි ස්ථාන දෙකක් අතර ඇති අධික දුර කෙටි කර ගත හැකිය.
සාමානයෙන් මෙමගින් ඇති වෙන්නේ Wormhole මගින් ඇති කරන්නා වු අධි අවකාශයක් හෙවත් Hyperspace එකකි. මෙයනමි අවකාශය නැවිමේ ක්‍රියාදාමයයි. ක්වන්ටමි භෞතික විද්‍යාව මෙය පැහැදිලිව ප්‍රකාශ කරන අතර බොහෝ විට විශ්වය තුල ස්භාවිකවත් , සංකිර්ණ තාක්ෂණික මෙවලමි මගින් කෘතිමවත් මෙම තත්වය ඇති කළ හැකි බැවි ප්‍රකාශ කළ හැකිය. ස්භාවිකම ඇති වන්වා වු Hyperspace තත්වයන් විශ්වය තුල අනන්තවත් තිබෙන්නට පුලුවන. එසේනමි මේ ස්ටාර් ගේටි උපකරණය යනු මෙම Hyperspace තත්වය කෘතිමව ඇති කරන්නවා උපකරණයන් නොවන්නේද ? පහත දක්වා ඇති පින්තුර තුලින් ඔබට මෙම Hyperspace තත්වය ඇතිවන ආකාරය පෙන්වා ඇත.
එසේම මෙයට අදාලව ක්වන්ටමි භෞතික විද්‍යාවේ ගණිත සමිකරණ පැහැදිලි කිරිම පහතින් දැක්වේ.
ඉහත දැක්වෙන් රැපය අනුව මෙම Wormhole ක්‍රියාකාරිත්වයෙදි විශ්වයේ ඇති අවකාශය නැවිමේ ක්‍රියාදමක් සිදු කරන ආකාරය ඔබට පෙනෙනු ඇත. සරල උදාහරණයක් මගින් පැහැදිලි කරන්නේනමි සතර දෙනෙක් සතර පැත්තට දිග හැර ගෙන සිටින රෙද්දක මැද ඔබ බොලයක් තබා සිදු වෙන දෙය බලන්න.
එවිට බෝලයේ බරට එම රෙදි කැබැල්ල හැකිලෙන ආකාරය ඔබට දැක ගත හැකි වනු ඇත. Wormhole ක්‍රියාකාරත්වයේදිද සිදුවන්නේ මෙයයි. මෙම සාමාන්‍ය අවකාශය මත අධික බලපැමික් එල්ල කිරිමෙන් අපගේ උදාහරණයේ ආකාරයටම Wormhole මගින් ඇති වන්නා වු අධි අවකාශයක් ඇති කර ගැනිම කළ හැකිය.
මෙ කෙසේ වුවද අද දක්වා එවන් තාක්ෂණයක් නුතන විද්‍යාෙවන්නමි ලබා ගෙන නැති බව කිව යුතුය. නමුදු කෙදිනකහෝ අති දියුණු විද්‍යාඥාණයක් ලැබු දිනෙක් මෙය කළ හැකි තත්වයක් සේම විශ්ව ගමණා ගමනයට ඉක්මන් වනු ඇත. මන්ද මා එසේ ස්ථිරවම පවසන්නේ අද වන විටත් සක්වල ජිවින් කුමන හෝ ඉතා දුර විශ්වයන් තුල සිට පෘතුවියට පැමිණෙන බැවිනි. බැහැර හැරිය නොහැකි සාක්ෂි 1000 ගණනක් මෙවන් පැමිණිමි සහතික කිරීමට ඇති අතර එසේනමි ඔවුන් මෙම අති විශාල දුර ගෙවා දමන්නේ කෙසේද ? මන්ද අපි දන්නා තරමින් අප සෞරග්‍රහ මණ්ඩලයේ තවත් ජිවයකට අති දියුණු ජිවයකට සුදුසු ග්‍රහලෝවක් නොමැති හෙයිනි.
කෙසේ වුවද Wormhole තත්වය තුලින් සිදුවන්නේ අවකාශයේ කාලය නැවීම තුලින් විශ්වයේ ස්ථාන දෙකක් අතර පවතින්නා වු දුර අවම කිරීම විනා අතීතයට හෝ වර්ථමානයට යා හැකි මාර්ගයක් තැනිම නොවේ. එනමි අවකාශ තරණයක් විනා කාලතරණයක් නොවේ. අවකාශ තරණය ප්‍රායෝගික සිද්ධාන්තයක් ලෙසින් පිළිගත හැකි වුවද කාලතරණය එසේ කළ නොහැකිය. බොහෝ පිරිසක් කාල තරණය සමිබන්ධයෙන් සිහින මැවිවද සැබැවින්ම භෞතිකව කාල තරණය කළ නොහැක්කකි. එසේ විම ප්‍රායෝගිකද නැත. ඔබ යමි අවස්ථාවක අතීතයට කාල තරණය කොට , ඔබගේ සියා කුඩා කලදීම මරා දැමුවහොත් ඔබ ඔබගේ පැවැත්ම ඔබ විස්තර කරන්නේ කෙසේද ? ඔබට පැවැත්මක් කොයින්ද ? ප්‍රශ්ණය එතනයි.
STAR GATE යනු කුමක්ද ?
මා ඔබට කලින් පැවසුවා මෙන් Wormhole තත්වයක් මගින් අධි අවකාශයක් කෘතිමව ඇති කළ හැකි උපකරණයකි. එසේ වු විට විශ්වයේ වෙනත් ස්ථාන කරා පහසුවෙන් ගමන් කළ හැකි බැවින් මෙය තරැ දොරටු ලෙසින් හදුන්වන්නට ඇත. නමුත් මෙය සැබැලෙසම තිබෙනවාද යන ගැටලුව ඔබ තුල දැන් පැන නැගෙනු ඇත. මේ සමිබන්ධයෙන් ඔබට හෙළි කරන්නට කරැණු කාරණා , සාක්ෂි විශාල ප්‍රමාණයක් ඇති නමුත් යමක් පිළිබදව මුලික අවබෝධයක් ලබා නොදි යමක් ප්‍රකාශ කිරීම මාගේ ශෛලිය නොවන නිසා එවා දැන ගැනීමට ප්‍රථම ඔබ මෙ Star Gate ක්‍රියාකාරිත්වය , එය කෙසේ වන්නට ඇත්ද යන්න පිළිබදව අවබෝධයක් ලබා තිබිම අතිශයින්ම වැදගත් වෙ.
මෙය කෘතිමව Wormhole තත්වයක් ඇති කරන උපකරණයක් නමි එය ඉතා ආරක්ෂාකාරි මෙන්ම ස්ථිර ගමනාන්තයක් ඇති දෙයක් විය යුතුය. එසේම අවශ්‍ය විටකදි ක්‍රියාත්මක කිරීමටත් , අනවශ්‍ය විටදි වසා දැමිමටත් හැකි විම අනිවාර්යෙන්ම තිබෙන්නට ඇත. මන්ද Wormhole ඇති කිරිමට තරමි එම තාක්ෂණය දියුණුනමි එය අවශ්‍ය ආකාරයට භාවිතා කිරීමේ තාක්ෂණය අනිවාර්යෙන්ම තිබිය යුතු හෙයිනි. ඔබ දුරකථනයක් භාවිතා කරන්නේනමි ඔබට ඔනෑම රටක , ඔනෑම පුද්ගලයෙකුට සෘජුවම ඇමතිය හැකිය. ඔබ ඔහුගේ රටේ කේත අංකය , දුරතකන අංකය දන්නේනමි ඔබ ඔහු අමතන විට ඔබගේ දුරකථන ඇමතුම වෙනත් අයෙකුට යොමු නොවේ. මෙම ස්ටාර් ගේටි හි සතු තාක්ෂණයද එසේ විය හැකි යැයි අනුමාන කළ හැක්කේ ඇතැමි ස්ථාන වලින් ලැබි ඇති ඡායාරෑප අධ්‍යනය කිරිමෙනි.
බොහො ඉතිහාස විද්‍යාඥයන් විසින් මෙය ස්ටාර් ගේටි හා සමිබන්ධ Dial Device එකක පැහැදිලි කිරීමක් බව අනුමාන කරයි. 100% ඔප්පු කිරිමේ සාක්ෂි නැතත් එහි පෙනුම හා භාවිතා කර ඇති ආකාරය අනුව එය එසේ විය හැකි යැයි පැවසිය හැකිය. මෙහි වටේ රවුම තුලින් දැක්වෙන සංකේත භාවිතයෙන් යමි කිසි වෙනත් Star Gate එකක් හා සමිබන්ධ විමට අදාල සමිබන්ධ කිරිමේ කේතයන් වශයෙන් අනුමාන කළ හැකි අතර එසේම මෙහි මැද කෙටසේ ඇති මා පහතින් දක්වා ඇති රෑපයේ දැක්වෙන් කොටස අප පෘතෘවිය හදුනා ගැනිමේ සංකේතය විය හැකි යැයිදු බොහෝ දුරට අනුමාන කළ හැකි බව මට හැගේ.
සාමාන්‍යෙයන් අප භාවිතා කරන දුරථනයට භාවිතා කළ හැකි යතුරැ පුවරැවක් තිබේ. එසේ තිබෙන්නේ අපට ඔනෑම අයෙකුට පහසුවෙන් ඇමතිම සදහාය. Star Gate උපකරණයන්ද එසේ සාමානව සිදුවන බව අනුමාණ කරන්නේනමි මෙයටද කුමන ආකාරයෙන් හෝ යතුරැ පුවරැවක් තිබිය යුතු නොවේද ? එසේ නොමැතිනමි අවශ්‍ය අවස්ථාවක , අවස්ථ ස්ථානයකට සමිබන්ධ විමේ වෙනත් කුමන හෝ ක්‍රමයක් හෝ තිබිය යුතුය. නමුත් මෙවන් අතිශය දියුණු තාක්ෂණයක් සහිත උපකරණයක් නිර්මාණය කළ පිරිස් පිළිබදව අපට 100% නිගමනය කළ නොහැකිවා සේම ඔවුන් භාවිතා කළ වෙනත් තාක්ෂණයන් මොනවාද යන්න පැහැදිලි කිරීමද අසිරැ කාර්යයකි. කෙසේ නමුදු යමි තරමකින් හෝ අපට වටහා ගත හැති තාක්ෂණයක් ඔවුන් භාවිතා කරන්නට ඇත.
මෙහි දෙවන රවුම තුල ඇත්තේ පුරාණ මිසරයේ භාවිතා වු සංකේත අක්ෂර භාෂාවයි. මෙම සංකේතාත්මක අක්ෂර තුලින් ඔවුන් යමි වැදගත් වු අදහසක් පවසනවා යැයි සිතිය හැකි නමුත් එහි සැබැ අරැත කුමක්ද යන්න තවමත් කිසිවෙකුත් පැහැදිලි කර ගෙන නැත. කෙසේ වුවද මෙයත් Star Gate තාක්ෂණය මෙන් අපට නැති වි ගිය භාෂාවකි. නමුත් අප මතක තබා ගත යුතු වැදගත්ම කාරණය වන්නේ Star Gate තාක්ෂණය එක් ශිෂ්ඨාචාරයකට පමණක් සිමා වුවක් නොවන බවයි.
මෙහි මා ඔබට ඉදිරිපත් කරනු ලැබුයේ මේ වන විට පැහැදැලිවම සංකේතාත්මක වශයෙන් හමුවි ඇති මිසරයේ භාවිතා වුවා යැයි සැලකිය හැකි Star Gate සමිබන්ධ පැහැදිලි කිරීමයි. මීට අමතර මෙවැනි Star Gate සමිබන්ධ විවිධා කාර සාධයකන් ලංකාවේ , බොලිවියා , ඉරාකයේ , ග්‍රීන්ලන්ඩි , ඊශ්‍රායල් , මෙක්ෂිකෝ වැනි ප්‍රෙදේශ වලින්ම හමු වි තිබේ. එබැවින් Star Gate තාක්ෂණය විවිධාකාරයේ ශිෂ්ඨාචාරයන් තුල භාවිතා වු බවට මෙමගින් අපට නිගමනයකට පැමීණිමේ හැකියාව ඇත. පහතින් දක්වා ඇත්තේ පුරාණ මිසර අක්ෂරයන් ඉංග්‍රිසි භාෂාවට පරිවර්ථනය කර ඇති අයුරැයි.
කෙසේ වුවද තරැ දොරටුව භාවිතා කිරීමේදි එහි අනෙක් පස ඇති දොරටුව හා සමිබන්ධ විමට මෙහි අක්ෂරයන් 6 ක් සමිබන්ධ කළ යුතු බවට දැක්වේ. ඉහත රෑපයේ මැදින් දැක්වෙන්නේ පෘතිවියේ සංකේත වන අතර වටේ දැක්වෙන්නා වු සංකේත නිවැරදිව භාවිතා කර වෙනත් දොරටුවක් හා සමිබන්ධ විමට හැකියාව එසේනමි මෙයට තිබෙන්නට ඇත. එසේ වුවද Star Gate සමග Wormhole සමිබන්ධතාවය ගොඩ නැංවිමේදි ස්ථානයන් 7 ක් තිබිය යුතු යැයි මගේ හැගීමයි. එනමි සංකේත 7 ක් තිබිය යුතු යන්නයි.
ප්‍රධාන සමිබන්ධ කිරිමේ සංකේත 6 සහ පොදු සංකේතයයි. ඔබ ඉහත පෘතුවියේ සංකේත විය හැකි යැයි මා අනුමාන කළ සංකේත 6 ට යටින් ඇති උඩින් කුඩා රවුමක් සහිත ත්‍රිකෝණාකාර සංකේතය පෙනෙන්නේද ? සමහර විට සමපාත කළ යුතු පොදු සංකේතය මෙය විය හැකිය. මේ කෙසේ වුවත් ප්‍රබලම ගැටලුව අද වනතෙක් එවැනි භෞතික සාධයක් පිළිබදව මහජනයා අතරට තොරැතුරැ පැමණ නොමැති වීමයි. මෙයින් අදහස් වන්නේ Star Gate පැවැතිය නොහැකි යන්න නොවන අතර මා පවසන්නේ තවමත් සාමාජයට තොරතුරැ විවර නොවි නැත යන්නයි. එයින් අදහස් කළදේ ඔබට වැටහෙනු ඇතැයි සිතමි.
පුරාණ සාක්ෂි ඉහත ආකාරයෙන් හමුවීමත් සමගම මේ පෘතුවියේ කොහේ හෝ ස්ථානයක සැබැවින්ම තවමත් එවැන්නක් පැවැතිය යුතු බවට සිතිම ගැටලුවක් නොවේ. කෙසේ වුවද පෘතුවිය තුල විවිධ ශිෂ්ඨාචාරයන් තුලින් මෙම Star Gate සමිබන්ධ තොරතුරැ ලැබුනත් මාගේ විශ්වාසය අනුව සැබැවින්ම විශ්වය වෙත ගමන් කළ හැකි Star Gate පෘතුවිය හෝ වෙනත් ග්‍රහලෝවක තිබිය හැක්කේ 2 කි. එනමි ප්‍රධාන සක්‍රිය Star Gate උපකරණය හා එයට ආධාරයක් වශයෙනි(Backup Gate). ප්‍රධාන Star Gate එක ක්‍රියා විරහිත වුවහොත් භාවිතා කිරීමට තබා ඇති අනෙක් Star Gate යන දෙක පමණි.
මෙයට හේතුව Wormhole ක්‍රියාකාරිත්වයි. එකක් ක්‍රියාත්මක වන විට එ සමගම තවත් Wormhole එකක් එම ග්‍රහලෝව තුලම ක්‍රියාත්මක වීම ප්‍රායෝගික නැත. එසේ විය නොහැකි ක්‍රියාවලියකි. ඔබ යමෙකුට දුරකතන ඇමතුමක් ගත් විට ඔහු හා කථා කරමින් සිටින්නේනමි වෙනත් අයෙක් ඇමතුමක් ගත් විට ඔහුට සමිබන්ධ විමේ හැකියාවක් නැත. Wormhole ක්‍රියාකාරිත්වය මෙයට සමිබන්ධ කරන්නේනමි පෘතුවිය හා සමිබන්ධ විමෙදි තිබිය හැක්කේ එක Wormhole සමිබන්ධතාවයකි. එය Wormhole සිද්ධාතන්තයයි. මෙසේ පැමිණෙන එක් Wormhole සමිබන්ධතාවයක් දෙකට බෙදි හෝ සමිබන්ධ විම Wormhole හි ක්‍රියාකාරිත්වය බිද වැටිමට හේතුවක් වනු ඇත. නමුත් ප්‍රධාන Star Gate උපකරණය ක්‍රියාත්මක නොවන්නේනමි අනෙක් Star Gate උපකරණයට මෙම Wormhole සමිබන්ධතාවය යොමු විම සිදු විය හැක.
Star Gate සත්‍යක් විය හැකිද ?
මාගේ මතයනමි ඔවි යන්නයි. මා එසේ පැවසීමට හෙතු කාරණා සාක්ෂි විශාල ප්‍රමාණයක් තිබේ. එසේම පැහැදිලි කළ හැකි පෙන්වා දිය හැකි තොරතුරැ විශාල සමුදායක් මේ සාක්ෂි තුල ඇත. නමුත් බොහෝ දෙනෙක් තුල Star Gate පිළිබද හෝ වේවා, සක්වල ජිවින් පිළීබදව හෝ වේවා එවන් ආකාරයේ සිදුවිමි පිළිබදව පිළිගත හැකි රෑපයක් නොඇදිම සාමාන්‍යෙයන් සිදුවන සිදුවීමකි. Star Gate පිළිබදව ඇති සාක්ෂි ඉදිරිපත් කිරීමට ප්‍රථම සැබැවින්ම ඒ පිළිබදවද යමක් ප්‍රකාශ කිරීම අවශ්‍ය බව මට හැගේ. මාගේ පිළිගැනීම අනුව මෙම දුර්මතය සදහා මුලික වශයෙන් වගකිව යුත්තේ හොලිවුඩි සිනමාවයි. ඔවුන්ගේ සිනමාවේ දියුණුවත් සමග ඔනෑම සිද්ධාන්තයක් හෝ මායාවක් තාත්තවිකව මවා පෙන්වන්නට ඔවුනට හැකිය.
අනෙක් ආයතන වන්නේ ඇමෙරිකා FBI , CIA ආයතනයි. මෙම ආයතන තුල ඔවුන් නොපැවසුවාට හදුනා නොගත් පියාසර වස්තු හෝ ඒ ආශ්‍රිත තොරතුරැ වසන් කිරිමේ ක්‍රමවේදයක් තිබේ. මෙවාට සහය සපයන්නේ හොලිවුඩි සිනමාවයි. පුරාතනයන්ගේ විශ්මය ජනක ශිෂ්ඨාචාරයන් හෝ තාක්ෂණයන් පිළිබදව එක් දිනකදි හෝ අඩුම තරමින් අවුරැද්ධකිදිවත් පහසුවෙන් අධ්‍යනය කළ නොහැකි අතර ඒ සදහා විශාල කාලයක් ගතවේ. නමුත් සිනමාවට එය මායාවක් ලෙස පෙන්වන්නට ගත වන්නේ සුලු කාලයකි. යම් තොරතුරක් සොයා ගන්නා විට එය සිනමාවෙන් එළිදක්වා අවසානය.
අවසානයේ සිනමාවේ තාත්වික බව නිසා මිනිසුන්ගේ සිතේ ඇදි ඇති රෑපය අවුරැදු ගණනක වෙහෙසකින් සොයා ගන්නා සත්‍ය තොරතුරක් හෝ සොයා ගැනිමක් වුවද ප්‍රකිත්ෂේප කිරීමට යොමු විම සාමාන්‍ය සිදුවිමකි. නමුත් ඇමෙරිකා Area 51 ප්‍රෙද්ශය ඉන්පසුව ඒ සමිබන්ව පර්යේෂණ පවත්වන්නේ මුලු ලෝකයටම හොරෙනි. මීට අවුරැදු 60 පමණ කාලයක් තිස්සේ ලොවෙන් සැගවි , අතිශය රහසිගතව ඔවුන් පර්යේෂණ පවත් වන්නේ කුමන හේතුවක් නිසාද ?
Area 51 
කෙසේ වුවද ඇමෙරිකාවේ තුල ඇති තොරතුරැ දැන ගැනීමේ අයිතිය යටතේ හදුනා නොගත් පියාසර වස්තු පිළිබදව පර්යේෂණ කරන්නා වු සංවිධාන NASA , FBI ආයතන වලින් විශාල රහසිගත තොරතුරැ ප්‍රමාණයක් මේ වන විට මුදා ගෙන අවසානය. එවාහි බොහෝ ලිපි මකා දමා ඇති වුවත් හදුනා නොගත් පියාසර වස්තු පිළිබදව ප්‍රබල සාක්ෂි , එවා වසන් කිරිමට අණ දිමි සමිබන්ධ යැවු ලිපි මේ වන විටත් හදුනා ගෙන අවසානය. ඒවා අප වෙනත් ලිපියකින් සාකාචිඡා කිරිමි සුදුසු අතර මෙහිදි මට අවශ්‍ය වුයේ මෙ ක්‍රියාදාමය ඔබට පැහැදිලි කිරිමයි. මන්ද සිනමාව හෝ වේවා , නවකථා හෝ ආදියෙන් වේවා බොහෝ පිරිසක් අතිතයේ භාවිතා වු තාක්ෂණයන් පිළිබදව කථා කරන විට හුදු මනක්කල්පිත මානසිකත්වයෙන් ඒ දෙස බලනා නිසාය.
Star Gate සමිබන්ධව හමුවි ඇති බැහැර හැරිය නොහැකි විශ්මය ජනක සාක්ෂි හා තොරතුරැ සමිබන්ධයෙන් Star Gate - 2 කොටසින් කථා කරන්නට ඉඩ තබා මෙම ලිපිය මෙතින්න අවසන් කරනු ලැබේ. රැදි සිටින්න.
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Monday, August 29, 2016

පොළොන්නරුවේ තිවංක පිළිමගෙයි තිබෙනා පිටසක්වල ජීවියෙකුගේ සිතුවම.. අබිරහස් අඩවිය - Abirahas Adawiya .(aliens pitasakwala jeeween)


පොළොන්නරුවේ තිවංක පිළිමගෙයි තිබෙනා පිටසක්වල ජීවියෙකුගේ සිතුවම...
අතීතයේ බොහෝ විශ්වකර්ම නිර්මාණ සඳහා පිටසක්වල ජීවීන් මෙහි පැමිණ උදව් කල බව ප්‍රසිද්ද මතයකි. 
වසර 14,000කට පමණ පෙර ඩයමන්ඩ් වීල් යොදාගන කපා ඇති බොලිවියාවේ පූමා පුන්කු ප්‍රදේශයේ ඇති ගල් කැටයම් හා පිරමීඩ නිර්මාණය ඒ සඳහා ප්‍රසිද්ධ උදාහරණයන්ය. 
පිරමීඩ තුළ ඇති කැටයම් වලත් වසර දහස් ගනනකට පෙර ගල්ගුහා වල ඇඳ ඇති චිත්‍ර වල ගගනගාමී ඇඳුම් සහිත මිනිසුන් සිටීමත් නිසා අතීතයේ පිටසක්වල ජීවීන් මෙහි පැමිණි බවට සාක්ෂි දරයි.
මේ පිළිබඳව The History රූපවාහිනී නාලිකාව විසින් විකාශය කළ "Ancient Aliens" වැඩසටහන් මාලාව මඟින් ලොව පුරා වූ එවැනි සිද්ධීන් අති විශාල ප්‍රමාණයක් හෙළිදරව් කර තිබෙන නමුත් ලංකාවේ අතීතය වසර දහස් ගනනක් එහාට ගියද රාවණා ඉතිහාසය හැර වෙනත් කිසිම දේකට පිටසක්වල සම්බන්ධයක් තිබූ බව සඳහන් වෙන්නේ නැහැ.
නමුත් හෙට මව්බිම පුවත්පතේ ලිපියකින් හෙළිකර සිටින්නේ පොළොන්නරුවේ තිවංක පිළිමගේ ඇති බිතුසිතුවම් අතර ගගනගාමී ඇඳුමක් ඇඳ සිටින පිටසක්වල ජීවියෙකුගේ රූපයක් තිබෙන බවයි. 
මේ අතර රාත්‍රී කාලයේ තිවංක පිළිමෙගෙයට ඉහලින් අහසේ අමුතු වස්තුවක් පැමිනෙන බවත් එහි ආලෝකය තිවංක පිළිමගෙයට වැටෙන බවත් සඳහන්ය.
මහනුවර යුගයට අයත් දෙගල්දොරුවේ ඇති "මාර පරාජය" බිතුසිතුවමේ බුදුන් වහන්සේගේ මාර පරාජය චිත්‍රයේ මාරයන් සිටින්නේ තුවක්කු අතැතිවය. ඒ සඳහා චිත්‍ර ශිල්පියාට ආභාෂය ලැබී ඇත්තේ ලන්දේසීන් විසින් භාවිතා කළ තුවක්කු නිසාය.
තිවංක පිළිමෙගෙය
මේ ආකාරයටම අතීතයේ පිටසක්වල ජීවීන් අහසින් පැමිණි බැවින් අහසින් පැමිනෙන දෙවියන් හා සමානකර තිවංක පිළිමගේ චිත්‍රශිල්පියා විසින් තමා දුටු දෙය චිත්‍රයට නැඟුවා වන්නට පුළුවන.
පහත තිබෙන්නේ හෙට මව්බිම පුවත්පතේ පලවන ලිපියෙන් උපුටාගත් කොටසකි.
"පොළොවට අඩිතාලම් නැති ලංකාවේ එකම ගොඩනැඟිල්ල පොළොන්නරුවේ තිවංක පිළිමගේය. ධර්මරත්න යනු මීට පෙර එහි සිටි මුරකරුවෙකි. ඔහුගේ සීයා හා පියාද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවය කර ඇත. 1968 වසරේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට බැඳුන ඔහු එම පරම්පරාවේ තුන් වන පුරුකය. අදටත් ඔහු පරණවිතාන මහතා කළ සංරක්ෂණ ගැන කතාකරනේ මහා ගෞරවයකිනි. 
මුල් අවදියේ දී ඉතාමත් තාත්වික ලෙස අලංකාරව තිබූ සිතුවම් ක්‍රමයෙන් විනාශ වන්නට පටන් ගෙන ඇත. සිතුවම් වලින් සිහින් දුමක් වැනි යමක් පළමුව දෘශ්‍යමාන වීම නිසා මේ බව වඩාත් ලංව නිරීක්ෂණය කළ හැකි වී ඇත්තේ ඉන් ඉතා කුඩා කෘමී වර්ගයක් පිට වන බවයි. ඒ පිළිබඳව අදාල නිළධාරීන්ට දැන්වුව ද ඔවුන් පවසා ඇත්තේ එවැනි කිසිවක් නොමැති බවයි. නමුත් මේ පිළිබඳව පුද්ගලිකව පරීක්ෂණ පැවැත්වූ විශ්ව විද්‍යාල මහාචාර්යවරයකු මෙය සත්‍ය බව තවුරු කරගෙන ඇත.
ලංකාවේ පවතින විශේෂිතම වූ පිළිම වන්සේලා අතරින් එකක් වන අඩි 23 ක් උස වූ තිවංක ප්‍රතිමාව තැන්පත් කර ඇති තිවංක පිළිමගෙය අඩි 160 ක් දිගකින් හා අඩි 63 ක පළලින් යුතුය. එසේම පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නිළ ඇඳුම් ඇඳි එකම මුරකරු සඟවා ගත්තේ ද මෙහි ය. 
වරෙක පොලොන්නරුවේ මැදිරිගිරියෙන් අතුරුදන් වූ පුරාවස්තු ප්‍රමාණයක් රේගුවෙන් ගත්තේ ය. එහි තිබූ බඩු පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට හරි හැටි හඳුනා ගන්නට නොහැකි විය. එහෙත් එහිදී ධර්මරත්න පවසා ඇත්තේ එම පුරා වස්තු ආකෘති පමණක් බවත් ඒවා කඩා බලන්නේ නම් තමන් එහි වගකීම ගන්නා බවත් ය. මේ වන විට ඒවා ජර්මනියේ තබා ඇති අතර කඩා බැලීමෙන් තහවුරු වූයේ මැටි වලින් සාදාතිබූ අනුරූ බවත් ය.
1961 වසරේ දී තම පියා එහි සේවය කරන සමයෙහි දී ධර්මරත්න සෝමාවතියේ තිබූ පුරා වස්තු දැක ගත් අතර පසු කලෙක දී පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට සෝමාවතියේ තිබූ පුරා වස්තු ගැන දැනගන්නට අවැසි වූ විට දී තමන් දුටු දෙය ධර්මරත්න පවසා ඇත. පසු කළක දී ඒ පිළිබඳව ලිපියක් හමු වූ අතර ධර්මරත්න කී කරුණු ඉන් සනාථ වී ඇත.
වෘත්තියෙන් මුරකරුවකු වුවද දැනුමෙන් සහ අත්දැකීම් වලින් මහාචාර්යවරයකු වැනි ධර්මරත්න පවසන්නේ තිවංක පිළිම ගෙයෙහි විවිධ හාස්කම් ඇති බවයි. එලෙස ඔහු තමන් අත්විදි හාස්කම් පිළිබඳව හෙලි කළේය. 
තිවංක පිළිමයට ඉදිරියෙන් වූ වම් පස බිත්තියෙහි අඳින ලද දේව රූප ගණනාවකි. එහි සතරවරම් දෙවි වරුන්ට අමතරව තවත් අඳුනා ගත නොහැකි වෙනස් වර්ගයේ රුවක් ද වේ. එම සිතුවමේ මුහුණ ආවරණයක් ඇඳ ඇති අතර එය වර්තමානයේ ගගණගාමීන් භාවිතා කරන හිස් වැසුමකට සමාන වේ.
ධර්මරත්න මහතා පවසන්නේ ඇතැම් දිනෙක තිවංක පිළිම ගෙයට ඉහලින් අහසේ දිලිසෙන අමුතු වස්තු පැමිණෙන බවත් ඒවායින් නිකුත් කරන ආලෝකය පිළිම ගෙය තුලට වැටෙන බවත් ය. මෙය නිස්කලංක රාත්‍රීන් වල දී වගේම සමහර දවල් කාලයන් හිදී ද දක්නට ලැබෙන අතර මෙම සිතුවම් සේම එම වස්තූන් යම් කිසි අදෘශ්‍යමාන යමක් හෝ වෙනත් ග්‍රහලෝක වල ක්‍රියාකාරිත්වයන් සමඟ බැඳීමක් ඇති බව ඔහු විශ්වාස කරයි.
තිවංක පිළිමගෙය එදා මෙන්ම අද ද අධ්‍යාත්මික මනස දියුණු කරවන ස්ථානයක් බවත් අළුයම 5 ට පමණ ඔහු පිළිමගෙය පිරිසිදු කර පැයක් හමාරක් බුදුන් වැඳීමට හුරු වී සිටී. එවිට මිටි පුද්ගලයෙක් ඔහු අසලින් හිටගන්නා අතර බුදුන් වැඳ දෙවියන්ට පින් දී අවසන් වන විට ඔහු ද අතුරුදන් වන බව පවසයි. 
එසේම මස්, මාළු කා මත්පැන් පානය කර පැමිණෙන එකදු මුරකරුවකුට හෝ මෙහි සිටින්නට ඉඩ නොදෙන අතර ඔවුන්ව රෑට පා පහර වදින බවත් ඇද එළියට දමන බවත් ධර්මරත්න මහතා පවසයි.
මෙහි අද වනවිටත් නාගයන් දෙදෙනෙකු සිටින බව පවසන ධර්මරත්න මහතා තවත් එක් අපූරු සිදුවීමක් විස්තර කළේය.
දිනක් බුදුන් වඳින විට පැමිණෙන්නා වැනි වූ මිටි පුද්ගලයන් පිරිසක් ධර්මරත්න මහතා වටේ දුවන්නට පටන්ගෙන ඇත. ඔවුන් කළු පැහැති වන අතර හිසකෙස් රැළි වූ ස්වභාවයක් යුක්තය. පාදජාලා සේම වළලු ද පැලඳ සිටි ඇති අතර ටික වෙලාවක් එසේ ඇවිදමින් සිට නොතේරෙන භාශාවකින් යමක් පවසා ඇත. 
ඊට පැයකට දෙකකට පසු පණිවිඩ කරුවෙක් පැමිණ ධර්මරත්න මහතා හට පවසා ඇත්තේ තිවංකය ආසන්නයේ කොල්ලකරුවන් පිරිසක් නිධන් හෑරීමට සූදානම් වන බවත් එවන්නට කෙනෙක් නැති බැවින් හැකිනම් ගොස් බලන ලෙසත් ය. 
ධර්මරත්න එහි යන්නට පිටත් වූ විට පෙර කී ඔහු වටකොටගත් පිරිස ද ධර්මරත්නට ඉස්සර වී ගමන් කර ඇත. එසේ ගිය ඔවුන් නිධන් ගැනීමට සැරසී උන් ස්ථානයේ එක් තැනකදී ඔවුන් නතර වී ඇත. හොඳින් බැලූ විට ආරක්ෂක නූල් කිහිපයක් දුටු ධර්මරත්න ඒවා කඩා ඉවත් කර ඇත. එවිටම පිරිස ඉදිරියට යාමට පටන් ගෙන ඇති අතර තුවක්කු පවා රැගෙන හිටි කොල්ලකරුවන් ද පැන දුවන්නට පටන්ගෙන ඇත. අඩි දහසයක් හාරා තිබූ ඒ ස්ථානය එලෙස රැක ගැනීමට හැකි වූ බවට ඔහු මහත් සතුටු වේ."
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

එළුවන්ගේ ලේ උරාබොන චුපකාබ්රා Chupacabra .... අබිරහස් අඩවිය - Abirahas Adawiya (නොවිසඳුණු අබිරහස් novisadunu abirahas unsolved mysteries )


ගුප්ත සත්ව විද්‍යාඥයින්ගේ අවධානය යොමුවුණු චුපකාබ්රා Chupacabra කියන සත්වයා වාසය කරන බවට තොරතුරු ලැබෙන්නේ ලතින් ඇමෙරිකාවෙන්. ඒ හැර ඇමෙරිකා එක්සත් ජනපදයේ පහළ කොටස්වලින් සහ මෙක්සිකෝවෙන් පවා මෙම අද්භූත සත්වයා ගැන තොරතුරු වාර්තා වුණා. ඒත් බොහොමයක් සත්ව විද්‍යාඥයින් හා වනජීවී ආරක්ෂක නිලධාරීන් ප‍්‍රකාශ කරනුයේ මේ සත්වයා ගැන ලැබෙන ආරංචි බොරු බවත්. මේ සතා හුදෙක් ප‍්‍රවාදයක් බවත්ය.
චුපකාබ්රා කියන්නේ කාටද ?
‘චුපකාබ්රා’ කියන්නේ ස්පාඤ්ඤ වචන දෙකකින් සැදුණු නමක්. ස්පාඤ්ඤ බසින් ‘චුපා’ කියලා කියන්නේ උරා බොනවාටයි. ‘කාබ්රා’ කියන්නේ එළුවාටයි. රාත‍්‍රී කාලයේ ඇවිත් එළුවන් සහ ගොවිපළ වෙනත් සතුන් මරා ඔවුන්ගේ ලේ උරා බොන නිසා මෙම අද්භූත සත්වයා හඳුන්වන්නේ  ‘චුපකාබ්රා’ කියලයි.
චුපකාබ්රාගේ හැඩරුව
ලතින් ඇමෙරිකානුවන් මෙම සත්වයාට දක්වන්නේ විශාල බියක්. ඒ නිසාම ඇසින් දුටු සාක්ෂි අනුව මේ සත්වයාගේ බාහිර පෙනුම විවිධයි. හැබැයි මේ සත්වයා දුටු හැම කෙනෙක්ම පොදුවේ කියන කරුණු කීපයක්ම තියෙනවා. ඒ අනුවයි මේ සත්වයාගේ පෙනුම තීරණය කර ඇත්තේ. මේ සත්වයා ප‍්‍රමාණය කුඩා වලහෙක් වගෙයි. දිගු වලිගයක් ඇති අතර බෙල්ල පසුපස සිට වලිගය කෙළවර තෙක්ම උල් කටු පිහිටා තියෙනවා උරගයෙක් වගේ. මොහුගේ සම කොළ සහ අළු පාටයි. සිරුර කොරපොතුවලින් පිරිලා. දෙපයින් ගමන් කරන මේ සත්වයාගේ උස අඩි  මීටර 1 හෝ 1.2 ක් විතර ඇති. මේ සතාට දෙපයින් යනවා වගේ ම කැන්ගරුවෙක් මෙන් පැන පැන යාමේ හැකියාවකුත් තියෙනවා. එක් වරක් අඩි 20 ක් ඈතට පැනීමට හැකි වූ බව එක් ඇසින් දුටු වාර්තාවක සඳහන්. සමහරුන් කියන විධියට මෙම සත්වයාගේ මුහුණ මනුෂ්‍යයෙකුගේ වගෙයි.
ලොකු කළු පාට ඇස් සහිත හිස සිරුරේ ප‍්‍රමාණයට වඩා විශාලයි. තවත් සමහරුන් කියන්නේ මෙම සත්වයාට ඇත්තේ බල්ලකු සමාන මුහුණක් බවයි. දෙකට බෙදුණු දිවක් ද උල් දත් ද ඇති බව තවත් සමහරුන් කියනවා. බියට පත් වූ විට සර්පයකු මෙන් පිඹිනවා. ඒ වගේ ම ඇඟ කිළිපොලා යන තරමේ කෑ මොර දීමක් කරනවා. ඉන්පසු ඌ ගෙන්දගම් ගඳ වැනි සැර අමිහිරි ගඳක් නිකුත් කරමින් ඒ ස්ථානයෙන් පලා යනවා. සමහර වාර්තාවලට අනුව චුපකාබ්රා කෑ මොර දෙන විට උගේ ඇස් දීප්තිමත් වී රතු පැහැයෙන් දිලිසෙන්නට පටන් ගන්නවා. එය දකින්න අය බියෙන් ගල් ගැසෙන බවත් තවත් වාර්තාවල සඳහන් වෙනවා. සමහර වාර්තාවලට අනුව නම් චුපකාබ්රාට වවුලකුගේ මෙන් සමින් සැදුණු පියාපත් යුගලයක් ද තියෙනවා.
අතීත තොරුතුරු
ඇමෙරිකා එක්සත් ජනපදයේ පහළ කෙළවරේ සහ මෙක්සිකෝවෙන් ‘චුපකාබ්රා’ ගැන තොරතුරු ප‍්‍රසිද්ධ වීමට කලින් මුලින්ම ‘චුපකාබ්රා’ ගැන තොරතුරු අසන්ට ලැබුණේ 1990 වසරේදී පමණ පුවර්ටෝ රීකෝ නුවරිනුයි. ඇමෙරිකා එක්සත් ජනපදයේ මේන් නුවර සිට ලතින් ඇමෙරිකාවේ චිලී රාජ්‍යය දක්වාම මේ සත්වයා දුටු බවට සාක්ෂි ලැබී තියෙනවා. චුපකාබ්රා කළ පහරදීමක් සම්බන්ධව මුලින්ම තොරතුරු වාර්තා වුණේ 1995 වසරේ පුවර්ටෝ රීකෝවලිනුයි. මෙම පහරදීමේදී බැටළුවන් 8 දෙනෙක් මරා දමා තිබුණා. ඒ හැම බැටළුවකුගේම පපුව මැද උල් දත් පාරවල් වැනි සිදුරු තුනක් දක්නට ලැබුණා. ඒ වගේම මේ හැම බැටළුවකුගේම සිරුරේ ලේ සම්පූර්ණයෙන්ම ඉවත් වෙලයි තිබුණේ. 
මෝකා නුවරට ආ වැම්පයරයා
1995 වසරේ පුවර්ටෝ රීකෝවලින් වාර්තා වූ බැටළු ඝාතනය හා උන්ගේ ලේ උරාබීමේ සිදුවීම ගැන වැඩිදුර සෙවීමේදී ගුප්ත සත්ව විද්‍යාඥයින්ට දැන ගන්න ලැබුණා 1975 වසරේදී මෝකා නම් කුඩා නගරයක සිදුවූ දෙයක්. එම සිදුවීම නම් කර තියෙන්නේ ‘මෝකා වැම්පයර් භීෂණය’ කියලයි. ගොවිපළ ගණනාවකින් වාර්තා වුුණා ඔවුන්ගේ ගොවිපළ සතුන් කිහිප දෙනකුම හිටිහැටියේ අතුරුදන් වී ඇති බව. අන්තිමේ දී මරා දමා තිබී හමු වූ ඒ සතුන්ගේ සිරුරුවලත් ලේ තිබුණේ නැහැ. ඒ සිරුරුවලත් එක හා සමාන දත් පාරවල් දැකිය හැකි වුණා. හරියට වැම්පයරයෙක් ඇවිත් ලේ උරා බීලා වගේ. ඒ නිසයි වැම්පයර් භීෂණය කියලා මේ සිද්ධිය නම් කළේ. ඒත් පසුව හෙළි වී තිබුණා, මෙම සිද්ධිය සාතන් අදහන කල්ලියක් විසින් සිදු කළ බිලි පූජාවක් බව.
චුපකාබ්රා දුටු බවට අලූත්ම වාර්තා
1900 දශකයේ සිටම අද දක්වාම චුපකාබ්රා ගැන විටින් විට අපූරු වාර්තා ලැබී තියෙනවා. ඒවායින් ඇතැම් වාර්තා විශ්වාස කිරීමට අපහසු වුනත් සමහර වාර්තා ගැන එසේ නොවේ. 2004 සිට 2008 දක්වා චුපකාබ්රා සම්බන්ධව ලැබුණු වාර්තා අතුරින් වැදගත් සිදුවීම් කිහිපයකි, මෙහි දැක්වෙන්නේ. 
ලෝම හැලූණු කයෝටි නරි
2004 වසරේ ජූලි මාසයේදී  සැන් ඇන්තෝනියෝ නම් ගොවිපළ හිමියාගේ ගොවිපළේ සතුන්ට පහර දුන් ලෝම රහිත බල්ලෙක් වැනි සතකුව මරා දමා තිබුණා. පසුව කළ ඞී.එන්.ඒ. පරීක්ෂණවලින් හෙළි වුණා ඒ ලෝම හැළීමේ රෝගයකට මුහුණ දී සිටි කයෝටි නරියෙක් බව. එම වසරේම ඔක්තෝබර් මාසය වන විට මෙම සමේ රෝගයට ගොදුරු වූ ලෝම හැලූණු තවත් කයෝටි නරියන් දෙදෙනෙකුගේ සිරුරු සොයා ගැනුණා.
රුසියාවෙන් චුපකාබ්රා හමුවේ
2006 වසරේ අප‍්‍රියෙල් මාසයේ ‘මොස්නිව්ස්’ පුවත්පතේ පළ වුණා, ප‍්‍රථම වතාවට රුසියාවෙන් චුපකාබ්රා සත්වයකු දුටු බවට වාර්තාවක්. පුවත් පතේ පළ වුණේ 2005 වසරේ සිට මධ්‍යම රුසියාවේ ගොවිපළ සතුන්ට පහර දෙමින් උන්ගේ ලේ උරා බොන සත්වයෙක් ගැන වාර්තාවක්. එක් දිනක රාති‍්‍රයේ ගොවිපළක සිටි කළුකුම් 32 දෙදෙනෙක්ම මරා උන්ගේ සිරුරුවලින් ලේ උරා බී තිබුණා. මේ අතරේ බැටළුවන් 30 දෙනෙක් මරා දමා ඇති බවට අසල්වැසි ගම්මානවලින් ආරංචි ලැබුණා. ඇසින් දුටු සාක්ෂි අනුව 2006 වසරේ මැයි මාසයේදී විශේෂඥයින් පිරිසක් මේ සත්වයා සොයා ප‍්‍රදේශය පීරමින් විශාල ගවේෂණයක් ආරම්භ කළා. ඒත් එය අසාර්ථක වුණා.
දිගු උල් දත් ඇති කෘදන්තයෙක්
2006 වසරේම ඇමෙරිකාවේ මේන් ජනපදයේ ටර්නර්හි මිචෙල්  ඕඩොනල් කියා තියෙනවා ඇය පාරේ යමින් සිටියදී නපුරු පෙනුමකින් යුත්, කෘන්තකයකුගේ මෙන් දිගු උල් දත් දෙකක් ඇති නපුරු පෙනුමකින් යුත් සත්වයකු මාර්ගය අසළ මැරී සිටිනු දුටු බව. මේ සත්වයා මිය ගොස් සිටියේ වාහනයක හැපීමෙනි. සතා හරියටම මොකෙක්දැයි පැහැදිලිව හඳුනා ගැනීමට නොහැකි තත්වයක සිටි අතර උගේ ඡායාරූප ලබා ගැනුණා. ඒ අනුව බල්ලෙකු වැනි සතෙක් බව පැහැදිලි වුණා. ඒත් මේ සත්වයා ඒ පළාතේ වෙසෙන බල්ලකු හෝ වෘකයකු නොවන බව තහවුරු වුණා. බැලූ බැල්මට බල්ලකු ලෙස පෙනුණත් ඌ ගවයකුගේ හා බල්ලකුගේ මිශ‍්‍රණයක් වැනියැයි එම වාර්තාවල සඳහන් වෙනවා. මේ සත්වයාගේ මළ සිරුර ගිජුලිහිණියන්ගේ ආහාරයට පත් වීම හේතුවෙන් නිසි ලෙස පරීක්ෂා කිරීමට නොහැකි වී ඇත. 
බැටලූවන් 300 ක් මරා දමයි
බැටලූවන් 300 ක් මරා දැමූ බවට තොරතුරු 2007 වසරේ කොලොම්බියාවේ බොයාකා පළාතෙන් වාර්තා වී ඇත. ගොවීන් පිරිසක් විසින් මෙම සත්ව ඝාතනයන් කළ සත්වයෙක් අල්ලා කොලොම්බියා ජාතික සරසවියට භාර දී ඇති නමුත් ඒ පිළිබඳ වැඩි විස්තර වාර්තා නොවේ.
කැනියන්ට හමුවුණේ අළු හිවලෙක්
2007 වසරේ අගෝස්තුවේ කුවේරෝ ටෙක්සාස්හි ෆිලීස් කැනියන් සහ ඇගේ අසල්වැසියන් පිරිසකට කැනියන්ගේ වත්තේ තිබී අමුතු විදියේ සතකුගේ මළ සිරුරක් හමුවුණා. කැනියන් මේ සතාගේ ඡායාරූප ගත්තා. හිස සුරක්ෂිතව ශීතකරණයේ තබා පසුව යොමු කළා ඞී.එන්.ඒ. පරීක්ෂණයකට. කැනියන් කීවේ ඇගේ ගොවිපළේ කුකුළන් මරා උන්ගේ ලේ බී චුපකාබ්රා මේ සත්වයා බවයි. ඒත් 2007 නොවැම්බර් මාසය වෙද්දී ටෙක්සාස් ජනපද සරසවිය විසින් සිදුකළ ඞී.එක්.ඒ. පරීක්ෂණවලින් ඔප්පු වුණා කැනියන්ගේ චුපකාබ්රා අන් කවරකුවත් නොව තවත් ලොම් හැලී යාමේ රෝගයකට ගොදුරු වූ කයෝටි නරියෙක් බව.
චුපකාබ්රා පිලිපීනයෙනුත් ?
ලේ උරාබොන චුපකාබ්රාවකු ගැන පිලිපීනයෙනුත් වාර්තා වෙනවා. ඒ 2008 වසරේ ජනවාරි 11 වැනිදාය්. මේ පිළිබඳ වාර්තා ලැබෙන්නේ පිලිපීනයේ කැපීස් පළාතෙනුයි. කැපීස් පළාතේ වැසියන් දැක තියෙනවා, රාතී‍්‍ර කාලයේ ඔවුන්ගේ ගොවිපළවලට ඇවිත් කකුළන්ට පහර දී මරා දමා ලේ බොන බල්ලෙකු වැනි සත්වයෙක්.
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Sunday, August 28, 2016

බර්මියුඩා ති‍්‍රකෝණය පිළිබඳ පූර්ණ විග්‍රහයක්...(Bermuda Triangle unsolved mysteries අබිරහස් අඩවිය - Abirahas Adawiya )


ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් අග්නිදිග අත්ලාන්තික් වෙරළ තීරයේ එක්තරා ප‍්‍රදේශයක සිදුවන සිදුවීම් නිසා ලොව පුරා කවුරුත් මවිතයට පත්වී සිටිති. මේ කලාපයට ඇතුලූ වන නැව් මෙන් ම මේ කලාපයට ඉහළින් අහසේ ගමන් ගන්නා ගුවන් යානා ද අතුරුදන් වී තිබේ. සමහර ගුවන් යානා සහ නැව් අතුරුදන් වී ඇත්තේ කිසිදු හෝඩුවාවක් හෝ ඉතිරි නොකරයි. මේ නැව් සහ ගුවන් යානාවලට මොකද වුණේ? ඒවායේ ගමන් කළ අයට මොකද වුණේ? ඔවුන් කොහෙද ගියේ? මේ ප‍්‍රශ්නවලට නිසි පිළිතුරු ලබා දෙන්න විද්‍යාවට තවමත් හැකිවී නැහැ. ඈත අතීතයේ පටන් නාවිකයන් මේ ති‍්‍රකෝණාකාර ප‍්‍රදේශය හැඳින්වූයේ ‘යක්ෂයාගේ ති‍්‍රකෝණය’ යන නමිනුයි. ඒත් අපි කවුරුත් එය හඳුන්වන්නේ ‘බර්මියුඩා ති‍්‍රකෝණය’ යනුවෙනි.
මොකක්ද මේ බර්මියුඩා ති‍්‍රකෝණය ?

ශතවර්ෂ ගණනාවක් තිස්සේ නාවිකයන් විසින් ඔවුනට මුහුණ පාන්නට සිදුවුණු පැහැදිලි කළ නොහැකි අත්දැකීම් විස්තර කර තිබේ. ඒත් බර්මියුඩා ති‍්‍රකෝණය ගැන ඔවුන් කියන කතා මුහුද සම්බන්ධයෙන් ගෙතූ උපමා කතාවලට බොහෝ සෙයින් සමාන කමක් දක්වනවා. ‘යක්ෂයාගේ ති‍්‍රකෝණය’ට Devil's Triangle නැතිනම් ‘බර්මියුඩා ති‍්‍රකෝණය’ට Bermuda Triangle අයත් ප‍්‍රදේශය වන්නේ බර්මියුඩාව, ෆ්ලොරිඩාවේ මයාමි සහ පුවර්ටෝ රීකෝවේ සැන් යුවාන් යන ප‍්‍රදේශයි. මෙම ප‍්‍රදේශයට අප බර්මියුඩා ති‍්‍රකෝණය කීවත් එය ඇමෙරිකානු භූ කලාප නම් කරන මණ්ඩලයේ The U. S. Board of Geographic Names නිල නාමාවලියට එය ඇතුළත් කර ගෙන නැත.
මෙම කලාපය ජපාන හා පිලිපීන ධීවරයන් විසින් හඳුන්වනු ලබන්නේ ‘යක්ෂයාගේ ති‍්‍රකෝණය’කියාය. ඊට හේතුව මෙවැනි ම කලාපයක් ජපානයට නැගෙනහිර මුහුදේ තිබීමයි. ජපාන සහ පිලිපීන ධීවරයින් එම කලාපය හඳුන්වන්නේ ‘යක්ෂයාගේ මුහුද’ Devil's Sea කියාය. ඒ අනුව ඔවුහූ බර්මියුඩා ති‍්‍රිකෝණයට ‘යක්ෂයාගේ ති‍්‍රකෝණය’කියා කියති. එහෙත් බර්මියුඩා ති‍්‍රකෝණය තරමට මෙම කලාපය ප‍්‍රසිද්ධියට පත්වී නොමැත. බර්මියුඩා ති‍්‍රකෝණයට අයිති කලාපයේ ඇති අසාමාන්‍ය චුම්බක ධාරා මෙන්ම අබිරහස් අතුරුදන්වීම් ද ‘යක්ෂයාගේ මුහුද’ යනුවෙන් හැඳින්වෙන කලාපයේ දැකිය හැකිවේ.

ක‍්‍රිස්ටෝපර් කොලම්බස් දුටු දේ
බර්මියුඩා ති‍්‍රකෝණයේ අබිරහස පිළිබඳ මුල්ම ලිඛිත වාර්තාව සටහන් වී ඇත්තේ 1492 දීය. එය සුප‍්‍රකට ස්පාඤ්ඤ ජාතික දේශගවේෂක ක‍්‍රිස්ටෝපර් කොලම්බස් විසින් ලියූ වාර්තාවකි. එම වාර්තාව සටහන් කර ඇත්තේ ඔහු ‘නව ලොවක්’ සොයා ගමනේ දී මුලින්ම ඇමෙරිකාවට පය තැබූ අවධියේදීය. ක‍්‍රිස්ටෝපර් කොලම්බස් ඇමෙරිකාවට ගොඩ බැස්සේ ‘සැන්ටා මරීයා’ නැවෙනි. ‘සැන්ටා මරීයා’ නැව බර්මියුඩා ති‍්‍රකෝණයට අයත් කලාපය හරහා යද්දී ඔවුන්ගේ මාලිමා යන්ත‍්‍ර අසාමාන්‍ය අයුරින් හැම පැත්තටම කැරකෙන්න පටන් ගත් බවත් ක්ෂිතිජයේ කෙළවර දීප්තිමත් ආලෝකයක් දුටු බවත් ගිනි බෝලයක් අහසේ සිට ඇවිත් මූදට වැටුණු බවත් ක‍්‍රිස්ටෝපර් කොලම්බස් දුටු බව එම වාර්තාවේ සටහන් ව ඇත.
ති‍්‍රකෝණයේ අබිරහස

එදා පටන් අද දක්වාම දහස් ගණනින් අතුරුදන්වීම් මෙම කලාපය ආශ‍්‍රිතව අසන්න ලැබේ. මේ සෑම අතුරුදන්වීමක දී ම වහාම කි‍්‍රයාත්මක වන්නේ වෙරළාරක්ෂක නිලධාරීන්ය. බර්මියුඩා ති‍්‍රකෝණයට අයත් වන ප‍්‍රදේශයේ සිටින වෙරළාරක්ෂක නිලධාරීන් එහි දී අතුරුදන් වූවන් සොයමින් සෑම අවස්ථාවක දී ම මුහුදේ සෝදිසි මෙහෙයුම් දියත් කිරීම හේතුවෙන් ඔවුන් කොතරම් වෙහෙස මහන්සි වෙනවා ඇත්දැයි ඔබට හිතා ගන්න පුළුවන් වේවි. බර්මියුඩා ති‍්‍රකෝණයේ කිසියම් අද්භූත සංසිද්ධීන් සිදුවන බවත් එහි කිසියම් අබිරහසක් ඇති බවත් ලොව පුරා ප‍්‍රචලිත වීමට හේතු වූයේ ෆ්ලයිට් 19 (Flight 19)  ගුවන් යානා අතුරුදන්වීමය. ඊට පෙරාතුව 1918 මැයි මාසයේ 306 දෙනෙක් රැගත් යූ.එස්.එස්. සයික්ලොප්ස් (USS CYCLOPS) නෞකාව අතුරුදන්වීමත් සිදුවිය.
‘ෆ්ලයිට් 19’
Flight 19
1945 දෙසැම්බර් 5 වැනිදා ‘නේවි ඇවෙන්ජර්ස්’ නම් නාවික හමුදාවේ බෝම්බ හාරක ‘ෆ්ලයිට් 19’ නම් ගුවන් යානා පහක් ලොඩර්ඬේල් නාවික හමුදා කඳවුරෙන් ගුවන් ගත වූයේ සාමාන්‍ය පරිදි පැය 3 ක කාලයක් පුරා සිදුකෙරෙන යුද අභ්‍යාසයකට සහභාගීවීම සඳහායි. මේ ගුවන් යානා සමඟ ගුවන් හමුදා භටයෝ 14 දෙනෙක් ගමන් කළහ. ඔවුහූ ෆ්ලොරීඩා වෙරළ තීරය අවට බෝම්බ දැමීමේ පෙරහුරුවකට සහභාගී වූහ. පැය කිහිපයක් ගතවූ පසු ගුවන් යානා සමඟ ගමන් කළ මෙහෙයුම භාර අණ දෙන නිලධාරියා ලූතිතන් චාර්ල්ස් ටේලර් ලොඩර්ඬේල් නාවික හමුදා කඳවුර අමතමින් කියා සිටියේ ඔවුන්ගේ මාලිමා යන්ත‍්‍ර නිසි ලෙස ක‍්‍රියා නොකරන බවත් ඔවුන්ට මඟ සොයා ගැනීමට නොහැකිවී අතරමං වී ඇති බවත්ය. ඊට පසු ‘ෆ්ලයිට් 19’ ගුවන් යානාවලින් කිසිදු හෝඩුවාවක් අසන්න නොලැබිණි. ඊට පැය කිහිපයකට පසු ‘ෆ්ලයිට් 19’ ගුවන් යානා සෙවීමට තවත් ගුවන් යානා 100 ක් පිටව ගියහ. ඒ අතුරින් 13 දෙනෙකුගෙන් සමන්විත ‘මාටින් මැරීනර්’ (Martin Mariner) ගුවන් යානාව ද යළි දකින්නට ලැබුණේ නැන. මේ යානා එකකවත් සුන්බුන් හෝ මළ සිරුරු දකින්න හමුවුණේ ද නැත.
චාර්ල්ස් බර්ලිට්ස් සහ ඊ.වී.ඩබ්ලිව්. ජෝන්ස්

මේ අබිරහස ගැන උනන්දුවක් ඇති වූ එක් තරුණ හමුදා නිලධාරියෙක් වූයේ චාර්ල්ස් බර්ලිට්ස්ය. ඔහු දසක ගණනක් තිස්සේ මුහුදේ සිදුවූ මෙවැනි අද්භූත අසාමාන්‍ය සිදුවීම් ගැන උනන්දුවෙන් පර්යේෂණ පැවැත්වූ අයෙකි. ඔහු ඇසෝසියේටඞ් ප්‍රෙස් පුවත් සේවාවේ පුවත් වාර්තාකරු ඊ. වී. ඩබ්ලිව්. ජෝන්ස් සමඟ මිත‍්‍රත්වයක් ඇති කර ගත්තේය. 1950 වසරේ සැප්තැම්බරයේ රසවත් හා උණුසුම් පුවත් නොමැතිව හෙම්බත් වී සිටිද්දී මුහුදේ සිදුවන අබිරහස් දේ ගැන ලිපියක් පළ කරන්නට ජෝන්ස් ඔහුගේ කර්තෘවරයා කැමැති කරවා ගත්තේය. අත්වැරදීමක් නිසා සිදුවූ අවාසනාවන්ත ඛේදනීය අනතුරු ලෙස සැලකූ අසාමාන්‍ය සිදුවීම් ලෙස නම් කර පුවත්පත් ලිපියකින් මේ තොරතුරු ප‍්‍රථම වතාවට පළ විය.
බර්මියුඩා ත‍්‍රිකෝණයට ප‍්‍රසිද්ධියක් ලැබේ
අබිරහස් අතුරුදන්වීම් සිදුවන මෙම කලාපය බර්මියුඩා ති‍්‍රකෝණය යනුවෙන් නම් කර ඒ ගැන විශේෂංගයක් පළ කළේ 1964 දී වින්සන් ගැඩිස් විසිනි. ඔහු ලියූ මෙම විශේෂංගය පළවූයේ ආගෝසි (Argosy)  සඟරාවේ මුල පිටුවේය. ඉන් වසර 10 කට පසු චාර්ල්ස් බර්ලිට්ස්, 1945 වසරේ සිට සොයා එක්රැුස් කළ සියලූම පර්යේෂණ වාර්තා හා තොරතුරු එකතු කර ‘බර්මියුඩා ති‍්‍රකෝණය’ යන නමින් පොතක් පළ කළේය. මේ පොත ආදායම් වාර්තා බිඳ හෙළමින් අළෙවි විය.
පිටසක්වළ ජීවීන් සහ අත්ලාන්තිස් නගරය ?

චාර්ල්ස් බර්ලිට්ස්ගේ පොත ප‍්‍රකාශයට පත්වීමත් සමඟ අබිරහස් අතුරුදන්වීම් ගැන නොයෙක් නොයෙක් අපූරු පැහැදිලි කිරීම් ඉදිරිපත් විණි. මෙම අතුරුදන්වීම් පසුපස පිටසක්වළ ජීවීන් හා පියාඹන පීරිසිවල සම්බන්ධයක් ඇතැයි සමහරු අදහස් පළ කළහ. තවත් සමහරුන් කීවේ පුරාණයේ ගිලී ගියා යැයි සැලකෙන අත්ලාන්තික් මහාද්වීපයේ අත්ලාන්තික් නගරයෙන් පිටවන කිසියම් ශක්ති ධාරාවක් නිසා අද්භූත සංසිද්ධීන් සිදුවන බවයි.

මාලිමා යන්ත‍්‍ර පිස්සු වට්ටවන ති‍්‍රකෝණය
බර්මියුඩා ති‍්‍රකෝණයට අයත් කලාපයේදී මාලිමා යන්ත‍්‍රවල කටු උතුරු දිශාවට යොමු නොවන බව ඇමෙරිකානු නාවික හමුදාව මෙන්ම වෙරළාරක්ෂක නිලධාරීහු ද පවසති. මෙම ප‍්‍රදේශයේ ඇති අසාමාන්‍ය චුම්බක ශක්ති ධාරාවන් නිසා මාලිමා කටු කැරකෙන්නේ චුම්බක උතුරු දෙසටය. මේ අනුව මෙම මුහුදු කලාපය හරහා ගමන් කර නැව් සහ ගුවන් යානා මඟ සොයා ගැනීමට නොහැකිව අනතුරට පත්වීමේ අවදානමක් ද තිබේ. 


වායු ධාරා ගැන ඉදිරිපත් වූ න්‍යායය
මෑතදී ඉදිරිපත් වූ එක් විද්‍යාත්මක පැහැදිලි කිරීමකට අනුව බර්මියුඩා ති‍්‍රකෝණයේ අතුරුදන්වීම් වලට පිළිගත හැකි නිගමනයක් පළ විය. ඒ අනුව මුහුදේ ඇති සාමාන්‍ය අයිස් කුට්ටිවල සමාන වුවත් ඒවා තුළ සිර කර ගෙන ඇති රසායනික සංයුතියෙහි වෙනසක් ඇති වායුවක් උෂ්ණත්වයේ හා පීඩනයේ ඇති වන වෙනස්කම් අනුව මුදා හැරෙන බැව් ඒ මතයෙන් කියැවිණ. තවමත් නිසි ලෙස හඳුනා නොගත් කිසියම් වායු සංයෝගයක් බර්මියුඩා ති‍්‍රකෝණය අයත් කලාපයේ මූදු පත්ලට මුදා හැරෙන බවත් ඉන් පැහැදිලි කෙරිණ. මෙම වායුව සිර වී ඇති අයිස් කුට්ටි හා එයින් නිකුත් කෙරෙන වායුව හැඳින්වෙන්නේ ‘ක්ලැතරේට්ස්’ යනුවෙනි. මේ පිළිබඳ ව වැඩිදුර පර්යේෂණ කළ විද්‍යාඥයන්ට බර්මියුඩා ති‍්‍රකෝණය ආශ‍්‍රිත මූදු ජලයේ මීතේන් වායුව මිශ‍්‍ර වී ඇති බව ද සොයා ගත හැකි වී තිබේ. උෂ්ණත්වය ඉහළ
යෑමේදී සහ පීඩනයේ වෙනස්වීම්වලදී ‘ක්ලැතරේට්ස්’වලින් මුදා හැරෙන වායුව බුබුළු දමමින් ඉහළට මතු වෙයි. භූ රසායන විද්‍යාඥ රිචර්ඞ් මැකෙල්වර් පවසන්නේ මුහුදු ජලය හරහා ඉහළට පැමිණෙන වා බුබුඵ නිසා නැවක් පාවී යාමට ආධාර වන ජල ඝනත්වය අඩු වී යාම නිසා එතැනින් ගමන් ගන්නා නැව් ගිලී යාමට ඉඩ ඇති බවයි. එසේ ම ඉහළට එන ‘ක්ලැතරේට්ස්’ වායු ධාරාවන් නිසා දිය සුළි ඇතිවීමක් ද සිදු විය හැකියි. එමෙන් ම මෙම වායුව මූදු ජලයෙන් මතුපිටට පැමිණ විශාල වශයෙන් වායුගෝලයට එක් වූ විට වාසුළි ඇතිවීමටත් ඒවා නිසා වායුගෝලයේ ඇති ඔක්සිජන් සංයුතියේ වෙනස් වීම නිසා නියමුවන්ට ශ්වසන අපහසුතා ඇති වීමෙන් ගුවන්යානා පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් හෝ ගුවන් යානාවල එන්ජින් එක්වරම රත්වී ගිනිගෙන පුපුරා යාමෙන් විනාශ වීම ද සිදු විය හැකි බව ඔහුගේ මතයයි.

අබිරහස තව තවත් අබිරහසක් වෙයි
බර්මියුඩා ති‍්‍රකෝණය සම්බන්ධයෙන් මතු වන ප‍්‍රශ්න ප‍්‍රමාණය ලැබෙන පිළිතුරුවලට වඩා වැඩි වෙමින් පවතී. 1991 වසරේ මැයි මාසයේ කවුරුත් සිතුවේ ත‍්‍රිකෝණය හා සම්බන්ධ වූ එක් අබිරහසකට පිළිතුරු ලැබුණි යැයි කියාය. ඒ ති‍්‍රකෝණයට අයත් වන ප‍්‍රදේශයේ මූදු පතුල ගවේෂණය කළ කණ්ඩායමකට අඩි 600 ක් ගැඹුරේ තිබී නාවික හමුදාවට අයත් ‘ඇවෙන්ජර්ස්’ ගුවන් යානා පහක සුන්බුන් හමුවීමත් සමඟයි. මේ සුන්බන් හමුවූයේ ලොඩර්ඬේල් නාවික හමුදා කඳවුරේ සිට සැතපුම් 10 ක් දුරින් මුහුදේදීය. කවුරුත් සිතුවේ මේ හමුවුණේ ‘ෆ්ලයිට් 19’ නම් ගුවන් යානා 5 කියලයි. ඒත් ඒ ගැන වැඩිදුර පරීක්ෂා කිරීමේදී සොයාගත් තොරතුරු හැමෝම මවිතයට පත් කිරීමට සමත් විය.
ඒ අබිරහස තවත් ලොකු අබිරහසක් බවට පත්විය. මූදු පතුලේ තිබී සොයාගත් මෙම යානා 5 ‘ෆ්ලයිට් 19’ කණ්ඩායමට අයත් 1945 දෙසැම්බර් 5 වැනිදා අතුරුදන් වූ යානා 5 නොවීය. එහෙත් ඇමෙරිකානු නාවික හමුදාවට තවත් ‘ඇවෙන්ජර්ස්’ ගුවන් යානා 5ක් මෙම කලාපයේ දී අතුරුන් වූ බවට කිසිදු වාර්තාවක් ද නොමැත. එසේ නම් ඒ ගුවන් යානා එතැනට ආවේ කෙසේ ද?

උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya