පිරමීඩ හදන්න අපට කියා දුන්නේ පිටසක්වලින් පැමිණි අමුත්තෝද? ලිපියට විවිධ අදහස් රාශියක් ලැබුණි. පිරමීඩවලටත් වඩා පුදුම හිතෙන දෙයක් තියෙනවා. ඒක පිරමීඩවලට වඩා අමුතුම විධියේ අබිරහසක්. මේ අබිරහස තිබෙන්නේ බොලීවියාවේ. ඒක තමයි පූමාපුංකු. අද අපි සූදානම් වන්නේ පූමාපුංකු ගැන විස්තර කියන්නයි.
පිරමීඩ පරයන මහා අබිරහස: ‘පූමාපුංකු’

අයිමාරා ඉන්දියානුවන්

එහෙම නම් සැලසුම් නොමැතිව මේ නිර්මාණ හැදුවේ කොහොමද? පුරාණ පිටසක්වළ අමුත්තන් ගැන විශ්වාස කරන කවුරු කවුරුත් පූමාපුංකු සහ ටියවනාකා නටබුන් වෙත වැඩි අවධානයක් යොමු කරන්නේ ඒවායේ ඇති ගුප්ත බව නිසාම නොවේ. ඒ අති දැවැන්ත ගල් කුට්ටි පවා ඔවුන්ව පුදුම කරවනවා.
කළු ගල් කුට්ටි කපා සකස් කරන්න කිසියම් ආකාරයක යන්ත්ර සූත්ර භාවිතා කර තිබෙන බව බැලූ බැල්මට පෙනෙනවා. මේ එක් ගල් කුට්ටියක් ටොන් 800 ක් පමණ බරයි. සමහර ගල් කුට්ටි ඔප දමා තිබෙනවා. ඒවා ඉතා සියුම්ව කපා වෙන් කරගෙන තිබෙන බව හොඳින් පෙනෙනවා. අයිමාරා ඉන්දියානුයන්ට ගල් යුගයේ ආයුද, ඒ කියන්නේ ගල් කටු හා මිටි භාවිතා කරමින් මෙවැනි නිර්මාණයක් කරන්න අපහසුයි. මේ ගල් කුට්ටිවල කපා ඇති රේඛා පිහිටන්නේ තනි කෙළින්. කිසිදු පළුද්දක් ඇත්තේ ම නැහැ. එක් කෙළවරක සිට අනෙක් කෙළවර දක්වා ඒ රේඛාවල ගැඹුර එක සමානයි. ඒක හරියට අති දක්ෂ නිර්මාණකරුවන් පමණක් තෝරා ගෙන සිදු කළ නිර්මාණයක් හා සමානයි. ඒ නිසා අප පුදුමයට පත් වෙනවා, මේ වගේ නිර්මාණයක් කළේ කොහොමද කියලා.
පූමාපුංකු හැදුවේ කොහොමද?
පූමාපුංකු නගරය නිර්මාණය කිරීමට යොදා ගෙන තිබෙන්නේ පිරමීඩවලට යොදා ගත් ආකාරයේ හුණු ගල් නොවේ. මේවා ග්රැනයිට් හා ඩයරයිට් පාෂාණයි. ඩයරයිට් පාෂාණවලට වඩා ශක්තිමත් අනෙක් දේ තමයි දියමන්ති. ඒ නිසා මේ පාෂාණ මේ විධියට කපා සකස් කරන්න නම් යොදා ගත් ආයුද දියමන්තිවලින් සකස් කර තිබිය යුතු වෙනවා. වර්තමාන ඉදිකිරීම් කරුවන් පවා පවසා තිබෙනවා, අද ඇති නවීන තාක්ෂණික උපකරණ යොදා ගෙන බවා පූමාපුංකු නටබුන් නැවත නිර්මාණය කිරීමට නොහැකි බව. පූමාපුංකු නිර්මාණය කළේ බොහොම ප්රාථමීක මට්ටමේ ගල් යුගයේ මිනිසුන්. ඒත් ඔවුන් කළ නිර්මාණ අති විශිෂ්ඨයි.

අද අපට එවැනි දෙයක් කරන්න හැකියාවක් නැහැ. කරන්න පුළුවන් ඒත් හරිම අමාරුයි. අපේ පැරැන්නෝ ඇත්තටම හරිම අපූරු, අමුතු දේවල් දැක්කා. අමුතු සිදුවීම් අත්වින්ඳා. ඒත් ඔවුන්ට අත්විඳින්න සිදුවුණේ මොනවාදැයි දැනගන්න අපට හැකියාවක් නැහැ. ඒ සියල්ල නැතිවී ගිහිල්ලා ඉවරයි. හේතුව මොකක්ද දන්නේ නැහැ. ඒත් ඔවුන් අපට ඉතිරි කර ගිය මේ අපූරු නිර්මාණ පමණක් තිබෙනවා. ඒවා අපව පුදුමයෙන් පුදුමයට පත් කරනවා. කොහොමද ඒවා හැදුවේ කියලා. මේ නිර්මාණය හැදුවේ ඇයි කියන කාරණාව වගේම හැදුවේ මොකටද කියන දේත් ප්රශ්නයක්. ඒකට පිළිතුරු සෙවීම පහසු කාරණාවක් නම් නොවේ.
උපුටා ගැනීම් සහිතයි ....ප්රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම් like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya