Showing posts with label නොවිසඳුණු අබිරහස්. Show all posts
Showing posts with label නොවිසඳුණු අබිරහස්. Show all posts

Sunday, November 26, 2017

වගා කව සහ අඟහරු වල ආලෝකබෝලය අතර අබිරහසක්‌? (crop circle අබිරහස් අඩවිය - Abirahas Adawiya - නොවිසඳුණු අබිරහස් novisadunu abirahas unsolved mysteries )

අඟහරු ග්‍රහයා මත ගවේෂණයේ යෙදී සිටින කියුරියොසිටි රෝවරය මඟින් අඟහරු ග්‍රහයා මත චලනය වන සුළු ආලෝක බෝලයක්‌ පෙන්වන ඡායාරූප මාලාවක්‌ ගෙන තිබේ. එම ඡායාරූප රැගත් විඩියෝ පටයක්‌ නොවැම්බර් 29 දින යූ ටියුබ් ඔස්‌සේ මුදාහැර ඇත. සුළු ආලෝක බෝලය පෙන්වන ඡායාරූප ගෙන ඇත්තේ ජනවාරි 29 දින කියුරියොසිටි රෝවරයේ ඉදිරිපස ඇති දකුණු සහ වම් හැස්‌කැම්ස්‌ කැමරාවලිනි. එක්‌ කැමරාවකින් ඡායාරූප 4 බැගින් ඡායාරූප 8 කම එම ආලෝක බෝලය දකින්න ලැබේ. අවස්‌ථා 4 දිම සුළු ආලෝක බෝලය වෙනස්‌ ස්‌ථාන 4 ක ඇති ආකාරය පෙන්වයි. ඡායාරූප රැගෙන ඇත්තේ මිනිත්තු 15 ක කාලයක්‌ තුළ එකම ස්‌ථානයක සිටය. ඒවා ගනු ලැබූ දෘෂ්ටිකෝණය වෙනස්‌ වන්නේද ඉතා සුලු වශයෙනි. එයින් හැඟෙන්නේ සුළු ආලෝක බෝලය චලනය වී ඇති බවකි. වම් සහ දකුණු හැස්‌කැම් කැමරා දෙකම එකම ආලෝක බෝලය පෙන්වන නිසා එය එක්‌ කැමරාවක දෝෂයක්‌ නිසා පෙනෙන දෙයෑක්‌ යෑයි කීමටද නොහැකිය. 
මේ චලනය වන සුළු ආලෝක බෝලය කුමක්‌දැයි ප්‍රශ්නයක්‌ වී ඇත. එය සමහර විට පෘථිවියේ අකුණු කුණාටු සමඟ කලාතුරකින් දකින්න ලැබෙන අකුණු බෝලයක්‌ Ball lightningවැනි ස්‌වභාවික දෙයක්‌ වන්නට පුළුවන. අඟහරු ග්‍රහයා මත දූවිලි කුණාටු ඇති විට අකුණු ඇතිවන බව අනාවරණය වී ඇත. නමුත් කියුරියොසිටි රෝවරය මඟින් ගනු ලැබූ ඡායාරූප වල දූවිලි කුණාටුවක ලකුණු දක්‌නට නොවේ. එහි දැක්‌වෙන්නේ පැහැදිලි අඟහරු දිනකි. කැමරා දෝෂයකුත් නොවේ නම් අකුණු බෝලයකුත් නොවේ නම් සමහර විට එය අඟහරු ග්‍රහලෝකයේ ඇති කිසියම් බුද්ධිමත් දෙයක්‌ විය හැකිය. හඳුනා නොගත් පියාඹන වස්‌තු පර්යේෂකයෙකු වන පාඔලෝ හැරිස්‌ ගේ UFOs:How Does One Speak to a Ball of Light නම් ග්‍රන්ථයේ ආලෝක බෝල සන්නිවේදනයේ යෙදීමට හැකියාවක්‌ ඇති දැනීමක්‌ ඇති දෙයක්‌ වෙන්නට පුළුවන් බව පෙන්වා දෙයි. ඒ කිසිවක්‌ නොවේ නම් එය වෙනත් කෘත්‍රිම ප්‍රබවයක්‌ විය යුතුය. සමහර විට එය අඟහරු ග්‍රහයා මත කුමන හෝ ස්‌ථානයක සිට තාක්‌ෂණික වශයෙන් ඉතා දියුණු පිරිසක්‌ විසින් මෙහෙයවනු ලබන ජීවින් නොමැති යානයක්‌ විය හැකිය. පෘථිවියේ වගා කවයන් නිර්මාණය වූ ස්‌ථාන වලද සුළු ආලෝක බෝල වීඩියෝ කර තිබේ.
වගා කවයන් ලෙසින් හඳුන්වන්නේ තිරිඟු, බාර්ලි, රයි හෝ ඉරිඟු වැනි තැනිතලා වගාබිම් වල දකින්න ලැබෙන අක්‌කර ගණන් විශාල හැඩ තල වලින් නිර්මාණය වී ඇති රටාවන්ය. කවයක්‌ ලෙසින් හැඳින්වූවත් ඒවා නිතරම කවයක ස්‌වරූපයම නොගනී. ඒවායේ පෙනුම සරල වක්‍ර කීපයකින් සැදි රටාවල සිට සංකීර්ණ විස්‌තර සහිත රටාවන් දක්‌වා විහිදිය හැකිය. සමහර රටාවන් ගණිතමය සමීකරණ පදනම් කරගෙන කළ ඒවාය. ඇතැම් රටාවල නිශ්චිත පිහිටුවීම් අනුව නිර්මාණකරුට යුක්‌ලීඩ් ජ්‍යාමිතිය සම්බන්ධව පුළුල් දැනුමක්‌ ඇති බවක්‌ පෙනවයි. වගා කව බොහෝ විට දකින්න ලැබෙන්නේ අප්‍රේල් සහ සැප්තැම්බර් අතර වගාව වැඩෙන කාලයේය. බොහෝවිට රාත්‍රියේ නිර්මාණය කර උදෑසන දකින්න ලැබෙන්න නිසා නිර්මාණකරු හෝ නිර්මාණය කරන ආකාරය දකින්න නොලැබේ. මේ නිසා වගා කව නිර්මාණය කරන්නේ කවරෙක්‌ද යන්නට විවිධ අදහස්‌ පවතී. සුළිසුළං, පිටසක්‌වල ජීවින්, මිනිසුන් සහ පෘථිවියේ ශක්‌තිය එම අදහස්‌ අතර වේ.
රටාව නිර්මාණය වී ඇත්තේ අවශ්‍ය පරිදි වගාව තලා බිමට ඔබා තැබීමෙන් වන අතර සෙසු වගාවට කිසිදු පීඩාවක්‌ වූ බවක්‌ පෙනෙන්නට නොවේ. රටාවල කෙළවර කිසියම් යන්ත්‍රයකින් කළා යෑයි හිතෙන තරමට පැහැදිලි බවක්‌ ගනී. තලා ඇති වගාවෙ වූවද කඳ නමා තිබුණත් ඒවාට හානියක්‌ වූ බවක්‌ පෙනෙන්නට නොවේ. බොහෝ වෙලාවට තැලී ඇති වගාව වුවත් පසුව ස්‌වභාවික ලෙස වැඩීම සිදුවේ. 
වගා කව වැඩි ප්‍රමාණයක්‌ දකින්න ලැබෙන්නේ එංගලන්තයේ දකුණු දිගට වන්නටය. එක්‌සත් ජනපදය, කැනඩාව, ඕස්‌ටේලියාව, ජපානය සහ ඉන්දියාව ඇතුළුව ලොව වෙනත් ප්‍රදේශ වලද වගා කව දක්‌නට ලැබී ඇත. මුලින්ම වගා කවයක්‌ පිළිබඳ වාර්තා වී ඇත්තේ 1500 ගණන්වලය. 17 වන සියවසේ ඉංග්‍රීසී ලී කැපුම් මූර්තියක යක්‌ෂයෙක්‌ වැනි සත්වයෙක්‌ වගා කවයක්‌ නිර්මාණය කරන ආකාරය දක්‌වයි. විසි වන ශතවර්ෂය වන තෙක්‌ වගා කව අසන්නට ලැබෙන්නේ ඉතාමත් අඩුවෙනි. 1960 ගණන් වල සහ 1970 ගණන් වල එංගලන්තයේ සහ එක්‌සත් ජනපදයේ වගා කව දකින්න ලැබුණත් ඒවා ගැන වැඩි ලෝක අවධානයක්‌ යොමු වූයේ 1980 එංගලන්තයේ විල්ෂයර් ප්‍රාන්තයේ වගා කවයත් සමඟය. ගොවියෙකුගේ ඕට්‌ වගාබිමේ හරහට මීටර් 18 ක්‌ දිග ඇති කව තුනක රටාවක්‌ එහිදී දක්‌නට ලැබුණි. 1990 ගණන් වලදි වගා කවයන් සංචාරකයින් ඇදගන්නා දෙයක්‌ බවට පත් වී ඇති අතර ගොවියන් ඒවා පෙන්වීමට මුදල් පවා අයකරගෙන තිබේ. 1990 දි පමණක්‌ 500 කට වඩා වගා කවයන් යුරෝපයේ ඇති වී තිබුණි. 
බොහොමයක්‌ පර්යේෂකයන් විශ්වාස කරන්නේ වගා කව මිනිසුන්ගේම වැඩක්‌ ලෙසයි. 1991 දි බ්‍රිතාන්‍ය ජාතික හවුලක්‌ වූ ඩග් බව_ සහ ඩේව් චෝලෙ ඔවුන් 1978 පටන් සිය ගණන් වගා කව නිර්මාණය කළ බව 1991 දි ප්‍රසිද්ධියේ කියා සිටියේය. ඒ බව ඔප්පු කිරීමට එම හවුල බීබීසී සේවයේ වැඩසටහනක්‌ වෙනුවෙන් ලෑල්ලක්‌ සහ ලණුවක්‌ යොදා ගනිමින් වගා කවයක්‌ නිර්මාණය කර පෙන්නුවේය. වගා කව පිළිබඳ අධ්‍යනය කරන්නෙකු වන කොලින් ඇන්ඩෘස්‌ 80% ක්‌ පමණ වගා කව මිනිසුන් නිර්මාණය කළ ඒවා විය හැකි වූවත් ඉතිරි ඒවා කිසියම් ඉහළ බලයක වැඩක්‌ විය හැකි බව පවසයි. 
බොහෝ අය වගා කව හඳුනා නොගත් පියාඹන වස්‌තූන්ගේ නිර්මාණයක්‌ ලෙසටද දකී. නමුත් පිටසක්‌වල ජීවින් වගා කව නිර්මාණය කරනවා දුටු කෙනෙක්‌ මෙතෙක්‌ සොයා ගෙන නැත. වගා කව අසල දීප්තිමත් ආලෝක බෝල දුටු බවට නම් නොයෙක්‌ විට වාර්තා වී තිබේ. ඒවා දක්‌නට ලැබී ඇත්තේ රාත්‍රී කාලයේදිය. ඒ සෑම විටකම උදෑසන වගා කවයක නිර්මාණයක්‌ හමුවී ඇත. ඇතැම් ස්‌ථානවල තනි දීප්තිමත් ආලෝක බෝලයක්‌ ලෙසත් තවත් ස්‌ථාන වල කීපයක්‌ ලෙසිනුත් දුටු බවට සාක්‌කි තිබේ. වාර්තා වන ආකාරයට ඒවායේ ප්‍රමාණය බිත්තරයක සිට පාපන්දු බොලයක්‌ දක්‌වා වේ. ආලෝක බෝල මඟින් වගා කව නිර්මාණය කරන ආකාරය දුටුවායෑයි ප්‍රකාශ කරන කීපදෙනෙකුද සිටී. සෑම ආලෝක බෝලයක්‌ම ප්‍රදේශයෙන් පිටව ගොස්‌ ඇත්තේ පියාසර කරමිනි. 2014 ජුනි 3 රාත්‍රියේ ඕලන්දයේ tanddaarbuiten නම් ගමේදී රොබට්‌ බ්‍රොaක්‌ සහ රෝයි බුෂ්මන් යන දෙදෙනාට ආලෝක බෝලයක්‌ දකින්න ලැබී තිබේ. ඔවුන් ප්‍රදේශය පරීක්‌ෂා කිරීමට ගිය විට ඔවුන්ට විශාල ගුමු ශබ්දයක්‌ ඇසී ඇත. ඔවුන් ඉදිරියේ ශක්‌තිමත් විද්යුත් ක්‌ෂේත්‍රයක්‌ ඇති බව දැණුන බවත් මුළු සිරුරම පොපියන ගතියක්‌ දැණුන බවත් ඔවුන් පවසයි. දෙදෙනාම තිරිඟු වගාවට ඉහළින් වූ පා පන්දුවක්‌ තරම් විශාල ආලෝක බෝලයක්‌ මුළු ප්‍රදේශයම එළිය කරන අයුරු දැක ඇති අතර ඔවුන් ඉදිරියේ පිපිරෙන හඬ සමඟ කව නිර්මාණය වී තිබේ. 
වගා කව අසළ දකින්නට ලැබෙන දීප්තිමත් ආලෝක බෝල මොනවාදැයි කිසිවෙකුත් නොදනී. ඒවා පෘථිවියෙන් බාහිර දෙයක්‌ ලෙසට සැලකේ. එසේ නම් සමහර විට කියුරියොසිටි රෝවරයේ කැමරාවන්ට හසුවූ සුළු ආලෝක බෝලයත් පෘථිවියේ දකින්න ලැබෙන දීප්තිමත් ආලෝක බෝලත් අතර සම්බන්ධතාවක්‌ තිබෙන්නටද පුළුවන. 
Ö නිල්මිණි රාජපක්‍ෂ රදලගේ - divaina
උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Friday, March 10, 2017

උපාලි අබිරහසේ ඇත්ත කතාව.....upali wijewardana (අබිරහස් අඩවිය - Abirahas Adawiya - නොවිසඳුණු අබිරහස් novisadunu abirahas unsolved mysteries )

උපාලි සමූහ ව්‍යාපාරයේ පුරෝගාමී සභාපතිවරයා වූ උපාලි විජේවර්ධන මහතා පිළිබඳ මේ දිනවල විවිධ දුර්මත පැතිර යමින් තිබේ. මෙයට වසර 29 කට පෙර මැලේසියාවේ සිට කොළඹ  බලා එමින් සිටි විජේවර්ධන මහතා ගුවන් යානයත් සමගම අතුරුදන් වූ බව ඔහු පිළිබඳව උනන්දුවක්‌ දක්‌වන සියලු දෙනා දනිති. ඔහු පිළිබඳ අබිරහසේ සියලු සත්‍ය විස්‌තර අද සිට ඉරිදා දිවයින කොටස්‌ කිහිපයකින් පලකරනු ඇත. 
ඔහු සම්බන්ධයෙන් මැතකදී මතභේදයට තුඩු දුන් සියලු ගැටළු නිරාකරණය කර ගැනීමට පාඨකයාට මේ ලිපි පෙළ මගින් හැකිවනවා ඇත.
ශ්‍රී ලංකාවෙන් ජාත්‍යන්තරයට ගිය පළමුවන සිංහල බෞද්ධ ව්‍යාපාරිකයා සහ කර්මාන්තකරුවා වන ෆිලිප් උපාලි විජයවර්ධන සිය පෞද්ගලික ගුවන් යානයෙන් මැලේසියාවේ සිට ශ්‍රී ලංකාව බලා එද්දී අතුරුදන්වීම අදටත් මතභේදයට තුඩු දී තිබේ. මතුගම තුඩුගලගේ දොන් වෝල්ටර් විජයවර්ධන සහ මාතර කඹුරුපිටියේ අනුලා කල්‍යාණිවති විජේසිංහගේ බාල දරුවා වූ ඔහු අතුරුදන් වන විට 45 වන වියට දින හතරක්‌ ඉතිරිව තිබිණි. කොළඹ කාන්තා විද්‍යාලයේ බාලාංශයෙන් සහ කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා එංගලන්තයේ කේමිබ්‍රි- විශ්වවිද්‍යාලයට යන ඔහු උපාධිධාරියකු ලෙස ලංකාවට පැමිණ එක්‌සත් ලීවර් සහෝදර සමාගමේ (Lever Brothers) කළමනාකරණ ආධුනිකයකු ලෙස වෘත්තීය ජීවිතය අරඹයි. වයස අවුරුදු 24 දී තමන්ගේම වූ ව්‍යාපාර පටන් ගන්නා ඔහු එළඹෙන වසර 20 තුළ ආසියාවේ ප්‍රමුඛ කෝටිපතියන් 10 දෙනා අතුරින් කෙනෙක්‌ බවට පත් වන්නේය.
කැළණියේ බස්‌නායක නිලමේ ලෙස සධාතුක කරඩුව වඩම්මවමින්
ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන, උපාලි හා ඔහුගේ සමකාලීන පාසල් සගයා ලලිත්
සේනානායක - පේළිමුහන්දිරම් - ගුවන් නියමු ආනන්ද අප්පා
ව්‍යාපාරිකයකු ලෙස ගත කළ වසර 20 තුළ උපාලි සිංගප්පූරුව සහ මැලේසියාව සමග විශාල වශයෙන් ව්‍යාපාර කළේය. සිය ව්‍යාපාරික අවශ්‍යතාවක්‌ වෙනුවෙන් 1983 ජනවාරි 31 වන සඳුදා උදේ වරුවේ ඔහු තම පෞද්ගලික ගුවන් යානයවූ L35A ලියර් ජෙට්‌ යානයෙන් මැලේසියාවට ගමන් අරඹයි. ඔහුගේ උපාලි සමූහ ව්‍යාපාරයේ මූල්‍ය අධ්‍යක්‍ෂ ආනන්ද පේලිමුහන්දිරම් ද ගුවන් යානයේ මගී සහකරු වූ අතුල සේනානායක ද යානයේ සිටිති. යානය පදවනු ලබන්නේ ගුවන් හමුදාවේ හිටපු පලපුරුදු නියමුවකු වන විංග් කමාන්ඩර් නොයෙල් ආනන්දප්පා ය. ඔහුගේ සහාය නියමුවා ලෙස උපාලි ගුවන් සේවයේ සිඩ්නි සොයිසා සිටී. යානය ප.ව. 1.30 ට මැලේසියාවේ ක්‌වාලාලම්පූර් අගනුවර සුබංග් (Subang) ගුවන් තොටුපළට පිවිසෙන්නේය. යානය ගුවන් තොටුපලේ ගාල් කිරීම භාරව තිබෙන්නේ විරා ක්‍රිස්‌ පුද්ගලික සමාගමටය. යානය ඔවුන්ට භාරදෙන උපාලි ඇතුළු පිරිස ක්‌වාලාලම්පුර් ආසන්නයේ පිහිටි උපාලිට අයත් "කොකෝවා විලා" මන්දිරයට යති. එතැන් සිට ඉදිරි දින 10 උපාලි සහ පේලිමුහන්දිරම් ගත කරන්නේ ව්‍යාපාරික කටයුතු උදෙසාය.
1983 පෙබරවාරි 13 ඉරිදාවකි. උපාලි ඇතුළු පිරිස ආපසු ශ්‍රී ලංකාව බලා පැමිණීමට නියම කරගන්නා දවස එදිනය. ඊට පෙර ලියර් ජෙට්‌ යානයේ රේඩාර් සංඥ පද්ධතිය සහ වායුසමීකරණ පද්ධතිය "සර්විස්‌" කරගැනීමට නියමිත විය. ඒ අනුව පෙබරවාරි 10 වැනි බ්‍රහස්‌පතින්දා උදේ ආනන්ද පේලිමුහන්දිරම් සහ නියමුවෝ දෙදෙනා සිංගප්පූරුවට ගොස්‌ එම කටයුතු සඳහා එරට ස්‌පෙල්විල් සමාගමට යානය භාර දෙති. පෙබරවාරි 12 වැනිදා යානය ආපසු මැලේසියාවට ගෙනෙනු ලැබේ. විරා ක්‍රිස්‌ සමාගම ආපසු යානය භාර ගන්නා අතර සුබංග් ගුවන් තොටුපලේ කොනක එනම් ගුවන් යානා ගාල් කරන විශාල ගොඩනැඟිල්ලකින් පිටත එළිමහනේ යානය ගාල් කෙරේ. එවිට වේලාව සවස 1.30 ය.
පෙබරවාරි 13 වන ඉරු දින උපාලි විජයවර්ධන ඇතුළු පිරිස එදින සවස 3.00 ට ශ්‍රී ලංකාව බලා නික්‌ම යැමට සූදානම්ය. එහෙත් සවස 3.00 ට පෙර උපාලිට පණිවුඩයක්‌ ලැබෙයි. ව්‍යාපාරිකයකු වෙතින් වැදගත් දුරකථන ඇමතුමක්‌ එන නිසා එතෙක්‌ "කොකෝවා විලා" මන්දිරයේම රැඳෙන ලෙස පණිවුඩය මගින් ඔහු දැනුවත් කෙරේ. උපාලි කොළඹ බ්ලුමැන්ඩල් පාරේ පිහිටි තම කාර්යාලයට කතා කර මේ බව කියයි. ඔහු සමග කතා කිරීමට දුරකථනයට යන්නේ ඔහුගේ විධායක සහායක ඇන්ස්‌ටන් වීරසිංහය. අනතුරුව එදින "දිවයින" ඉරිදා සංග්‍රහයේ පළවී ඇති විජේසෝමගේ කාටුනය කුමක්‌දැයි ඔහු වීරසිංහගෙන් විමසයි. එම කාටුනය වන්නේ රොනී ද මෙල් එක්‌ ආසනයක සිට තවත් ආසනයකට මාරුවන ආකාරයයි. කාටුනයේ විස්‌තර අසන උපාලි මහ හඬින් සිනාසී දුරකථනය විසන්ධි කරයි. ඊළඟට ඔහු බලාපොරොත්තු වන්නේ තමන්ට ලැබීමට නියමිත ව්‍යාපාරික දුරකථන ඇමතුමය. කොතරම් බලා සිටියද එම දුරකථන ඇමතුම ලැබෙන්නේ නැත. පැය 3 කටත් වඩා බලා සිටින උපාලි තම පිරිසද සමග සුබංග් ගුවන් තොටුපළට ගොස්‌ ලියර් ජෙට්‌ යානයෙන් ශ්‍රී ලංකාව බලා ගුවන් අරඹයි. ගමන පටන් ගන්නා වේලාව සවස 6.11 ය.
යානයේ ගමන් මග වැටී ඇත්තේ ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රා කොටසේ අගනුවර වූ "මීදාන්" (Medan) හරහා ය. කොළඹ බලා යන ගමනට මැලේසියාවෙන් එකතු වන අමුත්තෙක්‌ද යානයේ සිටින්නේය. මැලේසියාවේ උපාලි විජයවර්ධනට අයත් කැන්ඩොස්‌ සෙන්ඩෙරියන් බර්හාඩ් (Kandos Senderian Berhard) සමාගමේ අධ්‍යක්‍ෂවරයා වන ඔහුගේ නම එස්‌. එම්. රත්නම් ය. රත්නම් වෘත්තීය නීතිඥයෙකි. ඔහු ශ්‍රී ලංකාව බලා එන්නේ කොළඹ ජීවත් වන සිය සහෝදරිය හමුවනු පිණිසය. මෙය ඔහු සහෝදරියට නොදන්වා එන හදිසි ගමනකි. තමා දකින නැගණිය පුදුමයෙන් හා ප්‍රීතියෙන් ඉපිල යනු ඇතැයි ඔහු පෙර දින උපාලිට කීවේය.
ගුවන්ගතවී හරියටම විනාඩියකට පසු මැලේසියාවේ පිනැංගුවේ පිහිටි බටර්වර්ත් ගුවන් හමුදා කඳවුරේ රේඩාර් තිරය මත යානය සටහන් වෙයි. ඒ වන විට යානය ගමන් කරන්නේ මලයා අර්ධද්වීපයේ බටහිර වෙරළ කොටසට මායිම් වූ සෙලන්ගෝර් (Selangor) මතිනි. මේ වෙරළ තීරයෙන් පසු එන සාගරය මැලේසියාව හා ඉන්දුනීසියාව අතර වූ මලක්‌කා සමුද්‍ර සන්ධියට අයත්ය. තව ස්‌වල්ප වේලාවකින් යානය ගොඩබිම මතින් පියාසර කිරීම අවසන් කර සාගරය මතින් පියාසර කිරීමට පටන් ගන්නේය. සවස 6.16 වන විට බටර්වර්ත් කඳවුරේ ගුවන් ගමන් තොරතුරු භාර නිලධාරීහු සාමාන්‍ය ක්‍රමයට අනුව කොළඹ බලා එන ලියර් ජෙට්‌ යානයේ ගමන් සැළසුම කටුනායක ගුවන් ගමන් පාලකයන්ට දන්වති. යානය අස්‌වාභාවික වේගයකින් ගමන් කරන බව බටර්වර්ත් කඳවුරේ නිලධාරීහු රේඩාර් තිරය මත දකිති. තවත් විනාඩි 10 ක්‌ තුළ සුබංග් ගුවන් තොටුපළේ රේඩාර් තිරයෙන් ලියර් ජෙට්‌ යානය නොපෙනී යයි. ගුවන් යානයක්‌ එක්‌ රටක ගුවන් සීමාවෙන් නික්‌මෙන විට ඒ රටේ රේඩාර් තිරයෙන් අතුරුදන්වීම සාමාන්‍ය දෙයකි. එහෙත් ලියර් ජෙට්‌ යානය අතුරුදන් වූ වේගය පිළිබඳව පිනැංගුවේ බටර්වර්ත් ගුවන් ගමන් මධ්‍යස්‌ථානයේ නිලධාරින් තුළ චකිතයක්‌ හටගෙන ඇත. මේ මොහොතේදී මලක්‌කා සමුද්‍ර සන්ධියේ සාගරයද ඉතා රළුය.
උපාලි ඇතුළු මගීන් ගමන් කළ යානය නිසි ගමන් මාර්ගයේ නිසි වේගයෙන් ගමන් කර තිබුණේ නම් පෙබරවාරි 13 වැනිදා සවස 6.40 වන විට උතුරු සුමාත්‍රා ප්‍රදේශයේ මිඩානයේ අහස උඩින් ගමන් කළ යුතුය. පස්‌වරු හත වනතුරුත් ලියර් ජෙට්‌ යානය මිඩාන් පසු කළ බවට ආරංචියක්‌ නොලැබුණු නිසා ක්‌වාලාලම්පුරයේ ගුවන් ගමන් රේඩියෝ පණිවුඩ මධ්‍යස්‌ථානය කොළඹ ගුවන් ගමන් පාලන මැදිරියට කතා කර යානය ගැන විමසූහ. එහෙත් යානය ගැන තොරතුරු කොළඹට ලැබී තිබුණේ නැත. රාත්‍රි 7.01 ට මේ ගැන මදුරාසියෙන් විමසන ලදී. එහි ගුවන් ගමන් පාලන මැදිරියටද යානය ගැන ආරංචියක්‌ ලැබී තිබුණේ නැත.
සවස 7.55 වන විට ලියර් ජෙට්‌ යානය කිසියම් අනතුරකට මුහුණපා ඇති බව ක්‌වාලාලම්පුර් ගුවන් ගමන් පාලක මැදිරිවලට ස්‌ථිර විය. ඒ අනුව ඉන්දියානු සාගරයේ දිගෝ ගාර්ෂියා දූපතේ පිහිටි ඇමරිකාවට අයත් හත්වැනි නාවුක බලඇණියේ මූලස්‌ථානයට සිද්ධිය දැනුම් දුන් මැලේසියාව එම ගුවන් තීරය හරහා ගමන් කරමින් සිටි ඇමරිකන් අවේක්‍ෂණ ගුවන් යානයන් අමතමින් අතුරුදන්වූ L 35 A ලියර් ජෙට්‌ යානය ගැන සොයා බලන ලෙස ඉල්ලා සිටියේය. 
මේ අනුව ලියර් ජෙට්‌ යානය සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්ත්වයක්‌ ඇති බව කලාපීය වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට ක්‌වාලාලම්පූර් ගුවන් නිරීක්‍ෂණ නිලධාරීහු තීරණය කළහ. රාත්‍රි 9.31 වන විට යානය ගැන සොයන ලෙසට ජාත්‍යන්තර වශයෙන් දැනුම් දෙන ලදී. 9.41 ට යානය කටුනායක ගුවන් තොටුපළට ළඟා වීමට නියමිත විය. එය සිදු නොවුණ නිසා රාත්‍රි 10.30 වන විට රටවල් දෙකක ගුවන් ගමන් පාලක අධිකාරීන්ගෙන් ලියර් ජෙට්‌ යානය ගැන තොරතුරු සොයන ලෙස විශේෂ ඉල්ලීමක්‌ කෙරිණි. ජපානය, ඕස්‌ටේ්‍රලියාව එම රටවල් වෙයි. 
මේ අතර එදින රාත්‍රි 7 ත් 8.55 ත් අතර කාලය තුළ කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනයේ වැඩ සිටි භික්‌ෂූන් වහන්සේ නමක්‌ ඈත අහසේ ගමන් කළ ගිනි බෝලයක්‌ දැක තිබිණි. එය මුහුදට කඩාවැටෙන ආකාරයක ගමනක යෙදුනු බවද උන්වහන්සේ කීහ. කුඩුම්බිගල පිහිටා ඇත්තේ කුමන වෙරළ තීරයේ සිට සැතපුම් 10 ක්‌ රට ඇතුළට වන්නට ය. ඉතා පහතින් ගමන් කළ ගුවන් යානයක්‌ ගින්දර පිටකරමින් මහ සාගරය දෙසට ගිය බව කුඩුම්බිගල ආසන්නයේ හේන් ගොවීන් පිරිසක්‌ද පසුව පැවැසූහ.
*********  ********
උපාලි විජයවර්ධන ඇතුළු පිරිස ගමන් කළ යානය අතුරුදන් වීමත් සමගම කටකතා රැසක්‌ පැතිර යන්නට පටන් ගත්තේය. ත්‍රස්‌තවාදීන් පිරිසක්‌ කප්පමක්‌ බලාපොරොත්තුවෙන් යානය පැහැරගත් බව අයෙක්‌ කීහ. එබන්දක්‌ පෞද්ගලික ගුවන් යානයක්‌ තුළ සිදුවීමට නම් කප්පම්කරුවන්ද උපාලි ඇතුළු පිරිස සමග යානයේ සිටිය යුතු අතර ඔවුන් ක්‌වාලාලම්පුරයේ සුබංග් ගුවන් තොටුපලෙන් යානයට ගොඩවිය යුතුය. එහෙත් එවැන්නක්‌ සිදු වී නම් ගුවන් තොටුපල ආරක්‍ෂක අංශවලට එය වාර්තා වන්නේය. තවත් සමහරු කියා සිටියේ යානය තුළ බෝම්බයක්‌ අටවා එය පිපිරවූ බවය. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ බලගතු දේශපාලනඥයන් දෙදෙනෙක්‌ සැකයට ලක්‌වූහ. මේ දෙදෙනාගෙන් අයෙක්‌ උපාලි, ජනාධිපති වනු ඇතැයි ද අනෙකා උපාලි බලගතු ඇමැති තනතුරකට පත් වනු ඇතැයි ද සිතා ඔහු විනාශ කිරීම සඳහා සුදුසු අවස්‌ථාවක්‌ එනතුරු බලාගෙන සිටි බව සාමාන්‍ය ජනයාගේ මතය විය. මේ අතර පේනකාරයෝ වැහි වහින්නට වූහ. අතුරුදන්වූ පිරිස ගල් ගුහාවක්‌ තුළ සිටින බවත්, මහ වනයක අතරමංව සිටින බවත් ප්‍රසිද්ධ පේනකාරයෝ දෙදෙනෙක්‌ කීහ. විවිධ සැක කිරීම් අතර කිසියම් වලංගු මුහුණුවරක්‌ ලැබූයේ යානය තුළ බෝම්බයක්‌ ඇටවීමේ සිද්ධියට පමණි. ලියර් ජෙට්‌ යානය එහි රේඩාර් පද්ධතියේ සහ වායුසමීකරණ පද්ධතියේ නඩත්තු කටයුතුවලින් පසු සුබංග් ගුවන් තොටුපලේ කොනක එළිමහනේ ගාල් කර තැබීම තේරුම් ගැනීමට අපහසු සිද්ධියකි. එබඳු විටක යානයට බෝම්බයක්‌ සවි කිරීමේ අවකාශයක්‌ ඇති වෙයි. බෝම්බය, යානයේ එන්ජිම ආශ්‍රිතව සවි කළ විට එන්ජිම රත්වන්නට පටන්ගත් සැනින් පිපිරීම සිදු වෙයි. එන්ජිම රත් වීමට කිසියම් කාලයක්‌ අවශ්‍යය. ලියර් ජෙට්‌ යානය මලක්‌කා සමුද්‍ර සන්ධිය වෙත යන කාලය තුළ ප්‍රමාණවත් රත්වීමක්‌ අපේක්‍ෂා කළ හැකිය. ඊළඟ කාරණය උපාලිගේ ගමන ප්‍රමාද කළ ව්‍යාපාරික දුරකථන ඇමතුමය. එම ඇමැතුම නොලැබී සවස 3.00 ට ඔහු පිටත් වූයේ නම් අහසේදී ඔහුගේ යානයට සිදුවන අනතුරක්‌ පැහැදිලිව දැකගැනීමට බිම සිටින අයට හැකිය. එසේම විපතට පත්වූ අය ගලවා ගැනීමේ මෙහෙයුමක්‌ද කළ හැකිය. අඳුරේදී යානය අනතුරට පත්වූ විට එවැනි මෙහෙයුමක්‌ කිරීම දුෂ්කරය. 
මේ සියල්ල Conspiracy Theory හෙවත් කුමන්ත්‍රණයක්‌ හෝ කඩාකප්පල්කාරී සිද්ධියක්‌ විය හැකි ආකාරය පිළිබඳ කෙරුණ සාකච්ඡාවන් විය. මේ අතර ජේ. ආර්. ජයවර්ධන රජයේ බලසම්පන්න ඇමැතිවරයෙක්‌ (ඔහු උපාලි විජයවර්ධනගේද මිත්‍රයෙකි) පහත සඳහන් කතාව තම හිතවත් පුවත්පත් කලාවේදියකුට කීවේය. උපාලි විජයවර්ධන ලියර් ජෙට්‌ යානය මිලට ගත් පසු නිතර පිටරට සංචාරවල නිරත විය. එසේ යන ගමන්වලදී ඔහු ඉන්ධන ඉතිරිකර ගැනීම සඳහා නීති විරෝධී ලෙස කෙටි ගුවන් මාර්ගවල පියාසර කළේය. මලක්‌කා සමුද්‍ර සන්ධිය ආසන්නව පිහිටුවා තිබූ එක්‌තරා යුද කඳවුරක ඔත්තු සේවා නිලධාරීහු උපාලිගේ යානය ගැන පරීක්‍ෂාවෙන් සිටියහ. ඔවුන් යානයේ නියමුවා සමග ගුවන්විදුලි පණිවුඩ හුවමාරු කරගැනීමට උත්සාහ කළ නමුදු නියමුවා පිළිතුරු දී තිබුණේ ද නැත. ඒ බැවින් 1983 පෙබරවාරි 13 වැනිදා සවස්‌ කාලයේදී මේ යානයට වෙඩි තබන ලදී. යානය මුහුදුබත් වූ අතර මුහුදට වැටුණ ගුවන් යානයක කොටස්‌ ආපසු හමුවිය යුතු යෑයි නීතියක්‌ නැති බැවින් ලියර් ජෙට්‌ යානයේ කොටස්‌ ද ආපසු හමු වූයේ නැත. ඡායාවක්‌වත් නොතබා අතුරුදන්වූ ගුවන් යානා ගැන ඕනෑ තරම් වාර්තා ඇත. ඉහත සඳහන් කාරණයද ඔප්පු කිරීමට බැරිවූ සැකයකි. එහෙත් උපාලි ඇතුළු පිරිසට අත්වූ ඉරණම මෙයම බව තම ජීවිතය අවසන් වන තෙක්‌ම ඉහත සඳහන් දේශපාලනඥයා විශ්වාස කළේය.
මේ අතර ලියර් ජෙට්‌ ගුවන් යානය ගැන පාඨකයා දැනුවත් කිරීම අපගේ වගකීමය. ලියර් ජෙට්‌ සමාගම ඇමරිකන් සමාගමකි. ඔවුන් සිය පළමු වැනි ලියර් ජෙට්‌ යානය නිපදවන ලද්දේ 1973 දීය. එතැන් සිට එම සමාගම "බොම්බාඩියර්" නමැති ගුවන් යානා නිෂ්පාදන සමාගමක්‌ විසින් මිලට ගන්නා තුරු සිවිල් ප්‍රවාහන කටයුතු සඳහා ලියර් ජෙට්‌ යානා 738 ක්‌ සාදා ඇත. මෙයින් යානා 11 ක්‌ වෙඩි පහරට ලක්‌වීම හා කාර්මික දොaෂ නිසා කඩාවැටීම නිසා විනාශයට පත් විය. පළමු ලියර් ජෙට්‌ අනතුර 1982 දී සිදු විය. ලොව අතුරුදන්වූ පළමු ලියර් ජෙට්‌ යානය උපාලි විජයවර්ධනට අයත් L35A යානයයි. පාවිච්චි කරන ලද ලියර් ජෙට්‌ යානයක්‌ සියලු බදු සහිතව රුපියල් කෝටි 100 ත් 150 ත් අතර මිලකට අද ගත හැකිය. එහෙත් උපාලි තම ගුවන් යානය මිලට ගන්නා කාලයේදී එය රුපියල් කෝටි 60 ක්‌ පමණ විය.
*****************************************************************
උපාලි සෙවීමේ මහා මෙහෙයුම ඇරඹේ... 
යානයේ කොටස්‌ හමුවෙයි (2 කොටස)
උපාලි සහ පිරිස සමග අතුරුදන්වූ ලියර් ජෙට්‌ යානය සෙවීම සඳහා රටවල් හතක්‌ එක්‌ වූහ. මේ මෙහෙයුම සිදු කෙරෙන්නේ මෙයට වසර 29 කට පෙර බව අප මතක තබාගත යුතුය. ඒ වන විට මිනිසා සඳ ජයගෙන වසර 15 ක්‌ වත් ගත ව නොතිබූ අතර GPS (Globe positioning System) තාක්‍ෂණය හෙවත් චන්ද්‍රිකාවක්‌ සමග පොළවේ සිට සම්බන්ධ වී තමන් සිටින ඉසව්ව දැන ගැනීමේ මෙකල තාක්‍ෂණය එකල තිබුණේ ද නැත. එය Digital නොවූ Analgouge යුගයකි.
පිරික්‌සුම් මෙහෙයුම සඳහා යොදවා තිබූ ප්‍රධානතම ගුවන් යානා "ඔරායන්" වර්ගයට අයත් ය. මේවායේ ඩිජිටල් උපකරණ නැති වුවද එකලට අනුව "නවීනතම" උපකරණ සවිකර තිබිණි. ලියර් ජෙට්‌ යානයේ තිබූ කහ පැහැති ජීවිතාරක්‍ෂක බෝට්‌ටුව මතට උපාලි ඇතුළු පිරිස පැනගත්තේ නම් එය සෙවීම මේ යානාවලට පැවැරී තිබිණි. එම යානා ගමන් කළේ මුහුදු මට්‌ටමෙන් විශාල උසකින් නොවේ. එම යානා මඩකලපුව ආසන්න මුහුදු ප්‍රදේශයේ සිට මලක්‌කාව දක්‌වා පිරික්‌සුම් කටයුතු කළහ. යානා තුන පිළිවෙලින් ඇමරිකාව, ඔස්‌ටේ්‍රලියාව හා ජපානයට අයත් විය. P 3 වර්ගයට අයත් මේ එක්‌ යානයක්‌ ජලයෙහි සීමාසහිත ගැඹුරක පිහිටි දේ දැකගැනීමේ හැකියාවෙන් සමන්විත විය. එය අහසට නැග්ගේ ඇමරිකාවට අයත් තුන් වැනි නාවුක බලඇණිය (Third fleet) පිහිටි දීගො ගාර්ෂියා අහසේ සිටය. තවත් ඔරායන් යානයක්‌ ඇමරිකාවට අයත් ජපානයේ පිහිටි බටහිර ශාන්තිකර බලඇණියට අයත් ගුවන් තොටුපළෙන් අහසට නැංගේය. තුන්වන යානය මැලේසියාවේ බට්‌රවර්ත් ගුවන් කඳවුරෙන් අහස්‌ ගත වෙයි. එය අයත් වන්නේ රාජකීය ඔස්‌ටේ්‍රලියානු ගුවන් හමුදාවටය. මීට අමතරව ඉන්දියාවට අයත් ඉලුෂින් වර්ගයේ රුසියන් ගුවන් යානාද ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සහ උපාලි එයාර්ලයින්ස්‌ සමාගමට අයත් යානාද ගුවනට නගී. මලක්‌කා සමුද්‍ර සන්ධියේ සාගර පිරික්‌සුම් කරන්නේ මැලේසියාවට හා ඉන්දුනීසියාවට අයත් නාවික යාත්‍රාය.
තනි පුද්ගලයකු සහ ඔහුගේ පෞද්ගලික ගුවන් යානය සෙවීම සඳහා ලෝකයේ රටවල් මේසා ප්‍රමාණයක්‌ එකතු වූ ඉතිහාසයේ පළමු අවස්‌ථාව මෙය විය. යානය සෙවීමෙහි නිරත වූ ඇමරිකාව සහ ඔස්‌ටේ්‍රලියාව විපතට පත් වූවන් ගලවා ගැනීමට අමතරව තවත් අරමුණක නියුතුව සිටියහ. ඒ වූකලී තමන් සතු තාක්‍ෂණය අත්හදා බැලීමය. විශේෂයෙන්ම ඇමරිකන් ඔරායන් යානා ආසියානු සාගරයෙහි සිවිල් ගවේෂණ කටයුත්තක නිරත වූ මුල් අවස්‌ථාව මෙය විය. මේ සියල්ලටම අමතරව මුහුදු බෝම්බ සොයන විශේෂ නැවක්‌ද ගවේෂණයට එක්‌ විය. සැක සිතුන සෑම සාගර ප්‍රදේශයකදීම කිමිදුම්කරුවන් මුහුදු පත්ලට යවනු ලැබීය. ඔවුන් සපයන ලද්දේ ඉන්දුනීසියාවය. මේ අතර ඉන්දුනීසියාවේ ජකර්තා නුවර සිට පෞද්ගලික කෙටි තරංග ගුවන්විදුලි සංඥ හුවමාරුවක්‌ පවත්වාගෙන යන "යෝනි" නමැති පුද්ගලයෙක්‌ ලියර් ජෙට්‌ යානය වැටුණු තැන තමන් දන්නා බව ශ්‍රී ලංකාවේ සිට එවැනිම ගුවන් විදුලි සංඥ හුවමාරුවක්‌ පවත්වාගෙන ගිය බොරලැස්‌ගමුවේ දිවුලපිටියේ කොළඹ පාරේ අංක 161 දරන තැන පදිංචිව සිටි ටෙලෙක්‌ස්‌ පණිවුඩ යන්ත්‍ර පිළිබඳ ඉංජිනේරුවකු වූ අර්නස්‌ට්‌ අමරසිංහට දැනුම් දුන්නේය. එහෙත් "යෝනි" කියූ සාගරය මතුපිට හෝ පතුලේ ලියර් ජෙට්‌ යානයක්‌ හෝ කැබලි හෝ නොවීය.
රාජකීය-ශාන්ත තෝමස්‌ විසිවෙනි 
මහ ක්‍රිකට්‌ ගැටුමේදී රාජකීය 
විද්‍යාලයේ විදුහල්පති සමග. 
මෙම තරඟයේදී රාජකීය විද්‍යාලයට 
නායකත්වය දෙනු ලැබුවේ 
රන්ජන් මඩුගල්ලේ විසිනි
යෝනි සහ අමරසිංහ යන දෙදෙනාම Radio Ham වරුන් ලෙස හැඳින් වෙති. රේඩියෝ හැම් (Radio Ham) වරුන් කරන්නේ පෞද්ගලික ගුවන්විදුලි සම්ප්‍රේෂණ ට්‍රාන්ස්‌මීටර පිහිටුවා රට රටවල තොරතුරු හුවමාරුකර ගැනීමය. ඊමේල් නැති Sඵී නැති, ජාත්‍යන්තර දුරකථන පහසුකම් හෝ චන්ද්‍රිකා දුරකථන පහසුකම් නැති කාලයේදී රේඩියෝ හැම්වරු විශාල මෙහෙවරක්‌ කළහ. මෙබඳු සේවයන් පවත්වාගෙන යැම සඳහා රජයෙන් බලපත්‍රයක්‌ ලබාගත යුතු විය. මේ සියලු කරුණු අතර ඉන්දුනීසියාවෙන් මතුවූ මහාචාර්යවරයෙක්‌ තමන් සතුව බලගතු රේඩාර් පද්ධතියක්‌ ඇති බවත් එමගින් උපාලි සහ ලියර් ජෙට්‌ යානය තිබෙන තැන සොයාගත් බවත් කියා අතුරුදන් විය. කටකතා බහුල විය. උපාලි විජයවර්ධන සතු අත් ඔරලෝසුවක්‌ ශ්‍රී ලංකාවේ පිහිටි ඔහුගේ නිවසේ ඇති බවත් ඔහුට ජීවිත හානියක්‌ වූ වහාම ඔරලෝසුව නවතින බවත් කටකතාකරුවෝ කීහ. විපතකදී ආසියානු ජනයා බෙහෙවින් බොළඳය. උපාලිගේ හිතවතුන්ද පවුලේ අය ද කිට්‌ටු ඥතීන්ද පේනකාරයන් පසුපස යමින් බලාපොරොත්තු අලුත් කරගත්හ.
පොදුවේ ගත් කල මනුෂ්‍යයා වූ කලී ක්‍ෂණික ජනප්‍රියත්වයට ප්‍රිය කරන ස්‌වභාවයෙන්ම වීර ක්‍රියා කිරීමට කැමැති, එහෙත් අන් අය ඒවා කරනු බලා සිටීමෙන් පමණක්‌ සෑහීමකට පත්වන, තමන් නොදුටු හා නොකළ දේවල ගෞරවය ලබාගැනීමට කෑදර පෘථග්ජන සත්ත්වයෙකි. මේ ගති ස්‌වභාවයට අනුව පියාඹන පීරිසි ගැන ආරංචි පැතිර යන හැම කාලයකදීම "මමත් පියාඹන පීරිසියක්‌ දුටුවෙමියි" කියාගෙන එන මිනිසුන්ගෙන් අඩුවක්‌ නොවීය. මෙයට වසර 100 කට පෙර මුහුදේ ගිලී ගිය ටයිටැනික්‌ නැවේ යැමට ටිකට්‌ එකක්‌ ගෙන බස්‌ එක පරක්‌කු වීම නිසා වරායට යා ගත නොහැකි වීමෙන් එම විපතින් දිවි ගලවා ගත් දහස්‌ ගණන් දෙනා එකල ලන්ඩනයෙත් ඇමරිකාවෙත් පත්තර කන්තෝරු ඉදිරිපිට පෝලිම් ගැසී සිටියහ.
උපාලි විජයවර්ධන ඇතුළු පිරිස ගමන් කළ L35A ලියර් ජෙට්‌ යානය අතුරුදන් වන්නේ 1983 පෙබරවාරි 13 වැනිදා රාත්‍රි 7.00 න් පසු මලක්‌කා සමුද්‍රසන්ධිය අවට මහ සාගරය මතින් ගමන් කරමින් සිටියදීය. මේ සමුද්‍රසන්ධියේ එක්‌ මායිමක්‌ වූයේ මලයානු අර්ධද්වීපය හෙවත් මැලේසියාව පිහිටි ජැටියයි. අනෙක්‌ මායිම ඉන්දුනීසියාවය. මේ සමුද්‍රසන්ධියේ ඇති ජලය අන්දමන් සාගරයට අයත්ය. (අන්දමන් මුහුද ඉන්දියන් සාගරයේ කොටසකි.) මලක්‌කා සමුද්‍ර සන්ධිය සැතපුම් 500 ක්‌ දිගය. සැතපුම් 30 සිට 200 දක්‌වා පළලය. දල වශයෙන් ගත් කළ වර්ග සැතපුම් 45000 ක පමණ සාගර ප්‍රදේශයක්‌ මෙයට ඇතුළත්ය. අඩි 85 ක්‌ ගැඹුරුය. ඉතා සරලව කිවහොත් මේ සමුද්‍රසන්ධිය ශ්‍රී ලංකාව මෙන් දෙගුණයකට ආසන්න ප්‍රමාණයකට විශාලය.
ඉන්දුනීසියාව සහ එහි අගනුවර වන ජකර්තාව යන ප්‍රධාන දූපත් දෙක හැරුණුකොට ජාවා බෝර්නියෝ සුමාත්‍රා, බෙන්ගාලා ඇතුළු කුඩා දූපත් සමූහයකින් සමන්විතය. උපාලි අතුරුදන් වීමේ සිද්ධියට ආසියානු කලාපය තුළ විශාල ප්‍රසිද්ධියක්‌ ලැබෙන්නට පටන් ගැනීමත් සමගම සිද්ධිය වූ දින රාත්‍රියේ අහසේ ගමන් කළ ගුවන් යානයක්‌ පුපුරා යනු තමන් දුටු බව කියමින් මසුන් මරන්නන් යෑයි කියාගත් විශාල පිරිස්‌ ඉන්දුනීසියාවේ සහ මැලේසියා පත්තර කන්තෝරුවලට දුරකථන ඇමතුම් දෙන්නට පටන් ගත්හ. මේ සියලු දෙනාගේම අරමුණ වූයේ තම ඡායාරූපයක්‌ පවුලේ උදවිය සමග තමන් සිටින හැටි යනාදිය පෙන්වන ඡායාරූපයක්‌ සමග විස්‌තරයක්‌ පත්තරවල දමා ගැනීමය. ස්‌වල්ප දිනක්‌ යනවිට ඉන්දුනීසියානු හා මැලේසියානු මාධ්‍යවලට මෙය මහත් හිරිහැරයක්‌ විය. ඒ අනුව යානය කඩාවැටීමට අදාළ ද්‍රව්‍යමය සාක්‍ෂි අතේ නැතිව එන කිසිදු කෙනකුට කිසිදු ප්‍රසිද්ධියක්‌ නොදීමට දෙරටේ මාධ්‍ය ආයතන තීරණය කළහ.
මේ තීරණයෙන් දින කිහිපයකට පසුව එනම් 1983 පෙබරවාරි 15 වැනිදා මලක්‌කා සමුද්‍රසන්ධිය තුළ පිහිටි හුදෙකලා දූපතක්‌ වූ පුලව් බෙන්ගාලා වෙහි ජීවත් වූ මසුන් මරන්නන් තිදෙනෙක්‌ මෝටර් රථයක රෝදයක්‌ තරම් විශාල එහෙත් ආගන්තුක රෝදයක්‌ සහ යකඩ තහඩු කැබලි කිහිපයක්‌ සොයාගෙන ඇති බවට මැලේසියාව සහ ඉන්දුනීසියාව පුරා කටකතා පැතිර යන්නට විය. මේ බව ආරංචි වූ රොයිටර් පුවත් සේවයේ රොබට්‌ මැහෝනි මුලින්ම ඉන්දුනීසියාවේ විඩානයටත් දෙවනුව පුලවු බෙන්ගාලා දූපත් වෙතටත් ගියේය. මේ පුවත නිල වශයෙන් වාර්තා කරන පළමුවැන්නා තමාත් රොයිටර් පුවත් සේවයන් බවට පත්විය යුතු බව ඔහු සිතුවා විය හැකිය. සමහර විට ඔහු කුඩා ගුවන්යානයක්‌ කුලියට ගෙන අන් අයට කලින් මේ ගමන ගියා වන්නට පුලුවන. පසුව මීඩානයේදී හෝ පුලාවු බෙංගාලා අහසේදී මේ මසුන් මරන්නන්ගේ ප්‍රධානියා රොබට්‌ මැහෝනිට හමුවෙයි. ඔහුගේ නම "උවේ උදින්" වන අතර වයස අවුරුදු 40 කි. මෙයට දින දෙක තුනකට පෙර මුහුදු ගිය විට බර යමක්‌ තම දැලට හසුවූ බවත් විශාල මාළුවකු සිතා එය ගොඩට අදින විට මේ රෝදය සහ යකඩ තහඩුවක්‌ හමුවූ බවත් ඔහු කීවේය. රෝදයේ ටයරය ගුඩ්ඉයර් වර්ගයේ එකකි. එහි 5000699 යන අංකය යොදා තිබිණි. රොයිටර් වාර්තාකාර රොබට්‌ මැහෝනි වහාම මේ පුවත ලියා ආසියානු රොයිටර් මූලස්‌ථානයට යෑවූ අතර එම මූලස්‌ථානය මගින් පුවත්පත් රූපවාහිනි සහ ගුවන්විදුලි ආයතනවලට එම පුවත බෙදාහරින්නට විය. ඒ පුවතේ සිංහල පරිවර්තනය මෙසේය,
(රොබට්‌ මැහෝනි විසිනි)
මීඩානය - (ඉන්දුනීසියාව) පෙබරවාරි 18. (රොයිටර්) ශ්‍රී ලාංකික ව්‍යාපාරික ධනවතකු වන උපාලි විජයවර්ධන සහ තවත් පුද්ගලයන් 05 දෙනකු කැටුව යමින් සිටියදී අතුරුදන් වූ පුද්ගලික ජෙට්‌ යානයේ සුන්බුන් ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතට ඈතින් සාගරයේ තිබියදී සොයාගෙන ඇත.

අනතුරින් දිවි ගලවාගත් අය ගැන වාර්තා වී නැත.

සිද්ධිය පිළිබඳ රොයිටර් පුවත් සේවයට විස්‌තරයක්‌ කළ ඉන්දුනීසියා ගුවන් හමුදාවේ ප්‍රකාශකයෙක්‌ වන ලුතිනන් කර්නල් ගැටොට්‌ පුජොමාරතෝනෝ කියන පරිදි මීඩාන් ප්‍රදේශයට මුහුදු සැතපුම් 60 ක්‌ ඈතින් පිහිටි පුලවු බෙංගාලා දූපත අවටින් මේ සුන්බුන් හමුවී තිබේ.

සුන්බුන් හමුවූ මුහුදු ප්‍රදේශයේ මළ සිරුරු කිහිපයක්‌ පාවෙමින් පැවැති බවද මසුන් මරන්නා පවසා ඇත. ඒ අනුව ඉන්දුනීසියානු ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානාවක්‌ සහ දිවි ගලවා දිමේ කණ්‌ඩායම් සිද්ධියට සම්බන්ධ සාගර ප්‍රදේශය බලා යමින් සිටිති.

හතළිස්‌තුන් හැවිරිදි උපාලි විජයවර්ධන ශ්‍රී ලංකාවේ ජනාධිපති වූ ජුනියස්‌ ජයවර්ධනගේ ඥති සහෝදරයාය. ඔහු ශ්‍රී ලංකාවේ බහු ජාතික ව්‍යාපාරයක්‌ වූ උපාලි සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන කොටස්‌කරුවාය.

මෙයට පෙර ද කැඩුණු පියාපතක්‌ සහිතව පිට පැත්තට පෙරළී මුහුදේ පාවෙමින් පැවැති ගුවන් යානයක්‌ තමන්ට දැක ගැනීමට ලැබුණ බව ඉන්දුනීසියානු ගුවන් සේවයේ නියමුවෙක්‌ පවසා තිබිණි.

අනතුරට පත් ගුවන් යානය පෙබරවාරි 13 වැනි සිකුරාදා රැයේ මැලේසියාවේ සුබංග් ගුවන් තොටුපලින් ගුවන්ගත වී විනාඩි 15 කට පසු අතුරුදන් විය. දෙසතියක ව්‍යාපාරික සංචාරයක නිරතව ආපසු එමින් සිටි උපාලි විජයවර්ධන ඇතුළු කණ්‌ඩායම යානයේ වූහ. උපාලි විජයවර්ධන මහතාගේ උපාලි සමූහ ව්‍යාපාරය රස කැවිලි, සබන් නිපදවන අතර මෝටර් රථ එකලස්‌ කරයි. පුවත්පත් ආයතනයක්‌ ද ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යයි. ඔහු සතුව කොකෝවා සැකසුම් කම්හලක්‌ මැලේසියාවේ තිබේ.
ඉහත සඳහන් වාර්තාව උපාලි විජයවර්ධන පිළිබඳ උනන්දුවක්‌ තිබූ සියලු දෙනාගේ සිත් තුළ මහත් කම්පාවක්‌ ඇති කළේය. එහෙත් රොයිටර් ප්‍රවෘත්තිය නිකුත් වී පැය දෙකකට පමණ පසු එම ප්‍රවෘත්තිය මුද්‍රණය නොකරන ලෙස දන්වා පුවත්පත්වලට අතුරු ඉල්ලීමක්‌ සහිත කේබල් පණිවුඩයක්‌ රොයිටර් ආයතනය මගින්ම එවා තිබිණි. එයට හේතුව යානයේ රෝදය ලියර් ජෙට්‌ රෝදයක්‌ නොවන බවත් ලෝහ කැබැල්ල පැරණි නැවක කැබැල්ලක්‌ බවත් හෙළි වී තිබීමය. ඒ සමගම පෙර කී වැරදි ප්‍රවෘත්තිය වෙනුවට විකල්ප ප්‍රවෘත්තියක්‌ ඊටත් පැයකට පසු එවා තිබිණි. ඒ මෙසේය,
(රොබට්‌ මැහෝනි විසිනි)
මිදානය - (ඉන්දුනීසියාව) පෙබරවාරි 18 (රොයිටර්) අතුරුදන් වූ පුද්ගලික ජෙට්‌ ගුවන් යානයක කොටස්‌ ඇතැයි සැළකෙන මලක්‌කා සමුද්‍ර සන්ධියට අයත් සාගර ප්‍රදේශයකට ඉන්දුනීසියානු බලධාරීන් හෙලිකොප්ටරයක්‌ සහ නාවික යාත්‍රා යවා ඇත.

මේ අතර ඉන්දුනීසියානු ගුවන් හමුදාවේ ලුතිනන් කර්නල් ගැටොට්‌ පුජොමාරතෝනො කියූ ආකාරයට හමුවූ ලියර් ජෙට්‌ රෝදය හා ගුවන් යානා කැබැල්ල උපාලිගේ ලියර් ජෙට්‌ යානයේ කොටස්‌ නොවන බව ඉන්දුනීසියා ගුවන් හමුදාවේ මෙහෙයුම් සම්බන්ධිකාරක මේජර් සුගිදාර්තෝ පවසා ඇත. එම තොරතුර වැරදි තොරතුරක්‌ බව ඔහු තවදුරටත් කියයි.

පියාපතක්‌ කැඩී මුහුදේ පාවෙමින් තිබූ ගුවන් යානයක්‌ තමන් අහසේ සිට දුටු බවට ඉන්දුනීසියානු ගුවන් සේවයේ නියමුවකු පැවැසූ කතාවද බොරුවක්‌ බව මේජර් සුගිදාර්තෝ පවසයි. ඒ අනුව උපාලි ඇතුළු පිරිස සෙවීමේ කටයුතු දිගටම පවත්වාගෙන යැමට තීරණය කර තිබේ. 
    
කෙසේ වුවද රෝදය පිළිබඳ තොරතුරු ලියර් ජෙට්‌ නිෂ්පාදන සමාගමට දන්වනු ලදුව එම සමාගමේ ආසියානු කලාපීය නියෝජිතයන් වූ ඔස්‌ටේ්‍රලියාවේ ස්‌පෙල්විල් සමාගම වහාම ඉන්දුනීසියාවට පැමිණියේය. රෝදය පරීක්‍ෂා කළ ඔවුන් කිවේ එය ලියර් ජෙට්‌ යානයක රෝදයක්‌ නොවන බවය. එය දෙවන ලෝක යුද සමයට අයත් ගුවන් යානයක කොටසක්‌ ලෙස දිගු කලක්‌ මුහුද යට තැන්පත්ව තිබෙන්නට ඇති බවත්, ඒ මත ගොඩගැසී තිබූ යකඩ කැබලි හෝ වෙනත් බර ද්‍රව්‍ය නිසා මෙතෙක්‌ කලක්‌ උඩ නොපැමිණි බවත් අභ්‍යන්තර දිය වැලක්‌ වැනි භූගෝලීය හේතුවකින් සාගර පත්ල කැලඹීම නිසා පෙර කී පීඩනයෙන් නිදහස්‌ වූ රෝදය උඩ එන්නට ඇති බවත් සමහරුන්ගේ මතය විය. ඒ අතර උපාලිගේ යානයේ කැබැල්ලක්‌ යෑයි සැක කෙරුණු මළ කෑ යකඩ කැබැල්ලද ලියර් ජෙට්‌ යානයට කිසිදු සම්බන්ධයක්‌ නොතිබූ ලෝහ කොටසක්‌ විය. ලියර් ජෙට්‌ යානා තනන තහඩුව යකඩ නොව ටයිටේනියම් ය. එය ඉතා සැහැල්ලුය. වඩා ශක්‌තිමත්ය. මළ නොකන සුලුය.
ප්‍රසිද්ධිය ලබාගැනීම සඳහා හෝ උපාලි සමූහ ව්‍යාපාරය වෙතින් උදව් ලබාගැනීම සඳහා ඉන්දුනීසියන් ධීවරයන් පිරිස ඉදිරිපත් කළ රෝදයට සහ ලෝහ කැබැල්ලට රැවටීමෙන් රොයිටර් පුවත් සේවයේ වාර්තාකරු රොබට්‌ මැහෝනි ලොකු වරදක්‌ කරගෙන තිබිණි. රොයිටර් පුවත් සේවය තම වාර්තාවක්‌ ඉල්ලා අස්‌කර ගන්නේ කලාතුරකිනි. මේ තත්ත්වයෙන් ප්‍රයෝජනයක්‌ ගැනීමට කල්පනා කළ ආසියාවේ ඉංගී්‍රසි පුවත්පත් රොයිටර් පුවත් සේවය මුලින් එවූ වැරදි වාර්තාවත්, එය ඉවත් කරන ලෙසට එම පුවත් සේවය කළ ඉල්ලීම සහිත කේබල් පණිවුඩයත් ඊළඟට එවන ලද නිවැරදි වාර්තාවත් යන තුනම පෙබරවාරි 19 වැනිදා පුවත්පත්වල එක ළඟින් පළකර තිබිණි. මේ නිසා රොයිටර් පුවත් සේවය තව දුරටත් අමාරුවේ වැටිණි. ඉන්දුනීසියානු ගුවන් සේවයේ නියමුවා දුටු පියාපතක්‌ කැඩුණු ගුවන් යානයක්‌ සාගරය මත පාවෙනු දැකීමේ කතාවද බොරුවක්‌ බවට පත් වූ අතර ඒ මෙසේයá සාගරය මත පාවෙන යානය ඔහු විසින් දැක තිබුණේ පොළවට අඩි 48000 ක්‌ උඩින් පියාසර කරන විටය. එය සැතපුම් 9 කටත් වැඩි උසකි. එවිට පෘථිවිය හෝ එහි සාගරය නොපෙනෙන අතර යානයට යටින් ඇති වළාකුළු තට්‌ටුව පමණක්‌ පෙනෙයි. එහෙත් පොළව වටා කක්‌ෂගතවී ඇති චJද්‍රිකාවලට පොළොව හෝ සාගරය මත ඇති දේ පැහැදිලිව දැක ගත හැකිය. ඒවායේ සවි කර ඇති කැමරා සූක්‍ෂමය. එහෙත් මගී ගුවන් යානාවල එවැනි සූක්‍ෂම කැමරා හෝ දුර බැලීමේ උපකරණ සවිකරනු නො ලැබේ. මන්දයත් ඒ මගින් ගුවන් යානාවේ ගමනට කිසිදු ප්‍රයෝජනයක්‌ නැති නිසාය.
* අනුර සොලමන්ස්‌
* මනෝජ් අබයදීර
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Sunday, December 11, 2016

රන්මසු උයනේ සක්වල චක්‍රයේ අබිරහස....(අබිරහස් අඩවිය - Abirahas Adawiya - නොවිසඳුණු අබිරහස් ranmasu uyana anuradhapura ruwanweli seya novisadunu abirahas unsolved mysteries )

රන්මසු උයනේ, පිහිටි සුප්‍රකට නාන පොකුණු පසුකර යන්නෙකුට, තිසා වැවේ වෑකන්දට මුහුණලා පිහිටි ගල් කුළක කැටයම් කර ඇති සංකීර්ණ ආකෘතියක් දැක ගත හැකි වේ. සිරස්ව නැගෙන ගලෙහි බටහිර මුහුණතේ, කටුවෙන් සහ මිටියෙන් කොටන ලද රේඛා මගින් සටහන් කර ඇති මෙම කැටයම ජ්‍යාමිතික වශයෙන් නිවැරදි වෘත්තයකි. මෙම ගල්කුළ ඉදිරිපිට පැතිරි ගල් තලාවෙහි කැටයම ට ඉදිරියෙන්, ආසන වැනි ව්‍යුහ හතරක් කපා තිබේ. පළමුවෙන් ම මෙම ස්ථානය ගැන වාර්තා කරන බෙල් මහතා ට අනුව, මෙය එවක සාහිත්‍යයේ සඳහන් සක්වළ සටහනක් හෙවත්, ලෝක සිතියම කි. තවත් අයෙකුට අනුව, රජවරුන්ගේ මඟුල් උයනේ පැවති තන්ත්‍ර හෝම හෙවත් සුරතෝත්සව වල භාවිත වූ තන්ත්‍ර සටහනකි,
නොඑසේනම් මහායාන මන්ත්‍ර පඨනය හෝ භාවනා සඳහා උපකාර කොටගත් සටහන කි. තවත් අයෙකුට අනුව, මෙය සුවිසල් ඉංජිනේරු ඉදිකිරීමක හෝ වාරි කර්මාන්තයක සැළැසුමක් ද විය හැක. නොඑසේනම්, මිනිස් මනසේ විශ්ලේෂණාත්මක සටහනක් වන්නට පුළුවන. විශ්ව ව්‍යාප්ත චමත්කාරය සොයා යන්නෙකුට මෙය අධිමානසික ශක්තියෙන් විවර වූ ද බාහිර විශ්වය සමග සහ මිහිපිට දුර්ගම ස්ථාන සමග සන්නිවේදන සහ ප්‍රවාහන කටයුතු ඉටු කෙරුණු තාරකා දොරටුවක් හෙවත් ස්ටාර් ගේට් එකකි.b
අඩි 06ක විෂ්කම්භයෙන් යුත් මෙම කැටයමෙහි, ඒක කේන්ද්‍රික වෘත්ත දෙකකින් සැකසුණු පිටත දාරය දිගේ වම් අතට පිහිනන මුහුදු ජීවීන් යැයි සැළකිය හැකි සත්ත්ව පෙළක් සටහන් කර තිබේ. ඒ අතර මත්ස්‍යයන්, හක් බෙල්ලන් වැනි රූප, මුහුදු අශ්වයෙක්, ඉදිබුවන් සහ කකුළුවෙක් දක්නට හැක.
සෝඩ් ෆිෂ් සහ හැමර් හෙඩ් මෝරෙක් ලෙස අනුමාන කළ හැකි මත්ස්‍ය රූපද මෙහි වේ. සඳකඩ පහණ වැනි සාමාන්‍ය කැටයම් වල දක්නට ඇති දැඩි අනුපිළිවෙල සහිත සත්ත්වාවලියක් වෙනුවට, මෙම වටයේ දක්නට ඇත්තේ අහඹු ලෙස කරන ලද රූප සංකළනයකි. දැඩි ජ්‍යාමිතික සහ සමමිතික බව තුළ වුවද නිදහස් සහ අවිධිමත් ලෙස අහඹු රූප ව්‍යාප්ත කර තිබීම සමස්තයක් ලෙස මුළු කැටයම පුරාම දක්නට ඇති සුවිශේෂත්වය කි.
ආකෘතියේ මැද, දිග පළලින් අඩි 1 අඟල් 2 ක් වන සමචතුරස්‍රයක් වේ. එතුළ, එකක් තුළ එකක් පිහිටන සේ සටහන් කළ ඒක කේන්ද්‍රීය වෘත්ත 7 ක් වන අතර, ඒ අතරින් පිටත වෘත්තය ඉහත කී සමචතුරස්‍රයේ පාද ඇතුළතින් ස්පර්ෂ කරයි. සමස්ත ආකෘතියේ ම මැද ලක්ෂ්‍යය, මෙම වෘත්තයන්ගේ කේන්ද්‍රය වෙයි. ප්‍රධාන වෘත්තය පුරා සිරස් අතට, එකිනෙක සමාන්තර වන ප්‍රධාන රේඛා දහයක් ද, උප රේඛා දා හතරක් ද කැටයම් කර තිබේ. මෙකී ප්‍රධාන රේඛා අතර දුර අඟල් 9 සිට අඟල් 3 දක්වා වෙනස්වේ. මෙම කැටයම් ආශ්‍රිතව සෘජුකෝණාස්‍ර සෑදී තිබෙන අතර, සටහනේ මැද ඇති සමචතුරස්‍රෙය් සිට දකුණු සහ වම් අතට ද, ඉහළ සිට පහළට ද, දි‍වෙන රේඛා හතරකින්, පිටත දාරය තුළ පිහිටි මුළු සටහනම කොටස් හතරකට බෙදේ. ඉන් දකුණු පස කොටස් දෙක සෑම අතින්ම එකිනෙක සමමිතික වේ. ඒ අතර පිහිටි සෘජුකෝණාස්‍ර, ඒවා තුළ පිහිටි හතරට බෙදුනු වෘත්ත ආදී සියල්ලම සමානව කැටයම් කර තිබේ. වම්පස කොටස් දෙකේ දී මෙම සමමිතික බව එතරම් දක්නට නොලැබේ.
වම්පස පහළ කොටසේ, සමචතුරස්‍රයට සමීප කොටස සෘජුකෝණාස්‍ර හතරකට බෙදා ඒවා තුළ හතරට බෙදුනු වෘත්ත සටහන් කර ඇති නමුත්, ඊට පර්යාය වන ඉහළ කොටස අසමාන ලෙස දෙකට බෙදා තිබේ. ඉන් පහත කොටස අමුතු කැටයමකින් පුරවා ඇති අතර, ඉහළ කොටසේ, ඒක කේන්ද්‍රීය වෘත්ත හතක කැටයම නැවත දක්නා ලැබේ.
මෙම ආකෘතිය, කවර කාලයකට අයත්දැයි නිශ්චය නැත. අප රටේ මෙගලිතික සුසාන ඉදිකළවුන් සහ අනුරාධපුර ජනාවාසය ආරම්භ කළවුන් වන බළංගොඩ මානවයන්ගේ කෘතියක් ලෙස මෙය සැළකීමට ද හැකියාව ඇත. ඒ, මූල ඓතිහාසික යුගයේ මානවයාගේ අක්ෂර භාවිතයට පෙර පැවති සංකේත භාවිතය ගැන මෙයින් සළකාගත හැකි වන බැවිනි. එසේ ම, පූර්ව බ්‍රාහ්මී සෙල් ලිපි පවා ඇතැම් විට වෘත්තාකාරව ලියා තිබෙනු දැකගත හැකි අවස්ථා වේ. මෙම අදහස සත්‍යයක් නම්, අපගේ මුතුන් මිත්තන් ඉතා නිවැරදි ජ්‍යාමිතික නිර්මාණ හැකියාවක් ඇතිව විසූ බව මෙයින් අදහස් විය යුතු ය. මෙම මතය විවාදාපන්න අදහසකි. ඒ, ලංකාවේ මූල ඉතිහාසයට අයත්, සුලභ රූපාක්ෂර කිසිවක් සමග මෙහි ඇති සංකේත නොසැසඳෙන බැවිනි.
එච්. සී. පී. බෙල් මහතා ගේ 1901 වසරේ උතුරු මැද සහ මධ්‍යම පළාත් පුරාවිද්‍යා වාර්ෂික වාර්තාවේ මෙම ස්ථානය ගැන සඳහන් වේ. ඔහු මෙම කැටයම එවක දැන සිටි සක්වළේ සැළසුමක් ලෙස අර්ථ දක්වයි. ඒ අනුව, විශ්වය මැද පිහිටි, සත්කුළු පවු වලින් සැදි, සත් සමුදුරෙන් වට, ගවු හතළිස් දෙදහසක් උස් වූ, අඩක් මුහුදේ ගිළී පවතින මහමෙර, මෙම සැළසුමේ මැද පිහිටි වෘත්ත හතෙන් පිළිබිඹු වේ. ඉර සහ සඳ මහමෙර දෙපසින් දෙකෙළවර සටහන් කර තිබේ. අසංඛෙය්‍ය වූ ලෝක, හතරට බෙදන ලද කුඩා කව වලින් සළකුණු කෙරෙන අතර, සියල්ල වටා පැතිරි මහා සමුදුර හා එහි සරන මිථ්‍යාමය සත්ත්වයන් පිටත කවයෙන් දැක්වේ.
අභයගිරි අධ්‍යාපනය මූලික කරගනිමින්, මහායානික, වෛතුල්‍ය සහ තන්ත්‍ර ආදී දර්ශනයන් පැතිර යාමට බොහෝ කලකට පෙර සිට පවා, රජදරුවන්ගේ උද්‍යාන ක්‍රීඩා සහ සුරතෝත්සව ලංකාවේ පැවති බව පැහැදිලි කරුණ කි. පණ්ඩුකාභය රජ චිත්තරාජ සමග එකට අසුන්ගෙන රති නළු නැරඹූ බවට වන සදහන ඊට නිදසුනක් ලෙස දැක්විය හැක. මහමෙවුනාව සඟ සතු කළ පසු රාජකීය උද්‍යානය බවට පත් වූ රන්මසු උයනේ පිහිටි පොකුණු, මණ්ඩප සහ සීතල මාළිගය සමග සම්බන්ධ කොට සමස්තය ගැන සැළකීමේ දී මෙම සටහන හඳුනාගත හැක්කේ රජවරුන්ගේ ක්‍රීඩා සමග සබැඳි යමක් වශයෙනි. සුරත ක්‍රීඩා හිදී ජල ක්‍රීඩා, උයන් කෙළි සහ තන්ත්‍රයාන භාවිත වූ අතර, තන්ත්‍ර හුදු විනෝදය උදෙසා පමණක් නොව ආගමික කේන්ද්‍රීය මුහුණුවරකින් ද ක්‍රියාත්මක විය.
විශ්ව ශක්තිය සහ ස්වභාව ධර්මය සමග ආගමික මුහුණුවරකින් සම්බන්ධ වීමේ දී, සම්භෝගය ඉතා වැදගත් තැනක් හිමිකර ගනී. සෑම ආගමකම ප්‍රාථමික අවස්ථාවේදී මාතෘ දෙවඟන, ගර්භනී බව, වාර්ෂිකව මිහිතලය සරු කෙරෙන දිව්‍යමය සම්භෝගයක් වැනි දේ දේවමය මට්ටමෙන් සංකේතනය කර වන්දනා කෙරී තිබේ. ග්‍රීක දේව මණ්ඩලයේ බාකස් හෙවත් දියොනීසියස් වයින් සහ රතිය සම්බන්ධ දෙවියන් ලෙස සැළකේ. පෘථිවියේදී මිදි බවට පත්වන්නේ ඔහුගේ ශුක්‍රය බව පුරාණ ග්‍රීකයන්ගේ විශ්වාසය විය. වසන්ත සමයේ ඔහු සමරා රති උත්සව පැවැත්වීම ග්‍රීසියේ ඇතැම් නගර රාජ්‍ය වල රාජකීය මට්ටමින් පැවැත්වින. 
පුරාණ බැබිලෝනියන් දේවස්ථාන වල පූජකවරියන් බැතිමතුන් සමග සංසර්ගයේ යෙදීම දේව පූජාවක් ලෙස පිළිගැනුනි. මුල් ඉන්දු නිම්නයේ මවු දෙවඟන ඇදහීම, පශුපති හෙවත් ශක්තිමත් දිව්‍යමය පුරුෂයෙකු සහ හැඩිදැඩි ගව සංකේත අඩංගු මුද්‍රා, වැනි සාධක පසුකාලීන හින්දු ආගමේ ශිවලිංග වන්දනාව, අශ්වමේධ යාග, දේව දාසීන් වැනි දේ කරා යොමුවූ බව පෙනේ. ගණන් කළ නොහැකි තරම් වන පුරාණ හින්දු දේවකථා මෙන්ම, බෛබලයේ පැරණි ගිවිසුමේ ඇතුළත් කථා ද බොහොමයක් ශෘංගාරය හා මුසු වන්නේ මෙම මූලික අදහස පෙරටු කොටගෙන ය. එම සාහිත්‍යය අද සම්මතයේ පවතින සමාජ ධර්මතා නම් රාමුව තුළ විග්‍රහ කිරිම සුදුසු නොවේ. මෙකී සෑම සාධකයකින් ම පෙනෙන එක් මූලික අර්ථයක් වේ. එය නම්, මිනිසා ආහාර වගාකිරීම සහ සතුන් හීලෑ කරගැනීම ඇරඹූ දා පටන්, පස සරු වීම, නිසි කල ලැබෙන වැස්ස සහ සත්ත්ව පට්ටි තර වීම උදෙසා විශ්වීය බලවේගයක පිහිට පතා, දිව්‍යමය සම්භෝගය සංකේතවත් කර පුද පූජා පැවැත්වූ බව ය. එය රාජකීය මට්ටමෙන් සිදු කිරීම වඩා දියුණු සමාජයේ නායකත්වයේ වගකීම විය.
තන්ත්‍රයානයේදී සෝම පානයන්, මන්ත්‍ර පඨනය මෙන්ම, විවිධාකාරයේ යන්ත්‍ර සටහන් ද භාවිත වේ. එකී සියළු යන්ත්‍ර වෘත්තාකාර ආකෘතියකින් අඳිනු ලැබේ. මෙම අදහස රන්මසු උයනේ ආකෘතියට ආරෝපණය කිරීමේ දී නොගැළපෙන එකම අවස්ථාව වන්නේ, වෘත්තාකාර බව හැරුණු කොට, දැනට සොයාගත හැකි කිසිම තන්ත්‍ර සටහනක්, ඉහත කැටයම හා සමාන නොවන බැවිනි. එකී තන්ත්‍ර සියල්ල නෙළුමක ආකාරය ගත් රටාවලින් යුක්ත වන අතර, ඉහත කැටයමෙහි පද්මාකාර සටහන් කිසිවක් ඇතුළත් නොවේ. එහෙත්, එම සටහනෙහි දැක්වෙන ජල කවයෙන් හුදෙකළා වීම, මැදට යොමු වූ ආරෝහණය හා කේන්ද්‍රය කරා නාභිගත වීම ආදී සංකල්ප තන්ත්‍රයාන රතියේ දක්නට ඇති මූලික අර්ථයන් සමග බැඳෙන බව පෙනේ.
01
තන්ත්‍ර පිළිබඳ අදහස ඇත්තක් වී නම්, මෙම කැටයම ඉදිරිපිට ඇති ආසන හතරෙහි, තන්ත්‍ර යාන ලීලාවෙන් ස්ත්‍රීන් හා පුරුෂයන් අටදෙනෙකු අසුන්ගෙන, (පිරිමින් වීරාසනයෙන් අසුන් ගෙන සිටින අතර, ස්ත්‍රීන් ඔවුන්ගේ උකුළෙහි ඔවුන්ට මුහුණලා වාඩිවී, තම දෙපා පිරිමින්ගේ ඉඟවටා වෙළාගෙන සිටීමෙන් තන්ත්‍ර ආසනය සකස්වේ.) ඉදිරියේ ඇති සටහන කෙරෙහි මනස ඒකාග්‍ර කොටගෙන, සෝම, සුරා ආදී පානයන්, ධූමනයන්, විවිධ තාරතාවයන්ගෙන් යුත් සංගීතය, සූත්‍ර පඨනය මධ්‍යයේ රතිය පිළිබඳ ගැඹුරු ධ්‍යානයක් වැනි තන්ත්‍රයන්ට සමවදින්නට ඇති බව සැළකිය හැකිය.
රන්මසු උයනේම කොටසක් හෝ ආශ්‍රිත ස්ථානයක් ලෙස සැළකිය හැකි ඉසුරුමුණියේ ඇති පෙම්යුවළ කැටයම සුරතය පිළිබිඹු කරන කැටයමක් බව පැහැදිළි ය. එසේම, මිනිසා සහ අශ්ව හිස කැටයමට පරණවිතානයන් දෙන අර්ථ කථනය අනුව, (අග්නි සහ පර්ජන්‍ය හෙවත් අකුණු සහ වැසි වළාකුළු) මේ ආශ්‍රිතව වැස්ස බලාපොරොත්තුවෙන් පූජා කටයුතු සිදු වූ බවට ඇති මතය ද ඉහත අදහස හා සමපාත වන බව පෙනේ. ඉසුරුමුණිය හඳුන්වන අපරනාමයක් වන උත්තර මේඝගිරි යන සඳහනේ ම වැස්ස උදෙසා පූජා පැවැත්වීම සංකේතවත් වේ.
මෙම ආකෘතිය යම්කිසි සැළැස්මක් විය හැකිය යන අදහස ද ඇතැමෙකු විසින් නැඟී තිබේ. ලෝක සිතියමක් බව මුලින්ම බෙල් මහතා විසින් ඉදිරිපත් වුනු බව ඉහතින් ද කියැවිණි. සාම්ප්‍රදායික බෞද්ධ කැටයම් වලින් වෙනස් වූ, වෙනත් තැනක දැකිය නොහැකි සංකේත නිසා මෙහි ඇති වෙනස් බව පැහැදිළි අතර, මෙය යම්කිසි ජලාපවහන ක්‍රමයක සැළැස්මක් හෝ නගර නිර්මාණයක සැළැස්මක් ලෙස අර්ථ දැක්වීමට ඉඩ හසර පවතී. ඉසුරුමුණි අරම නවිකරණය කිරීම්වලින් ප්‍රධානතම වැඩ පිළිවෙල සීගිරි කස්සපයන්ගෙන් ඉටු වූවක් වන බැවින්, මෙය ද එතුමාගේ සැළැස්මක් ලෙස සිතන්නට ද ඉඩ කඩ තිබේ.
මීට එරෙහිව නැගෙන මූලිකම තර්කය වන්නේ, මෙම සටහනෙහි පිටත වළල්ලේ සිටින මුහුදු ජීවීන් බවය. ඒ අනුව, මෙය නගර සැළැස්මක් නොව, එක්කෝ දිවයිනක, නොඑසේනම්, ලෝකයේ සිතියමක් විය යුතුය. එක් කාලයක ලෝකයේ හරි මැද නාලන්දා ගෙඩිගෙය පිහිටි ස්ථානය වන බවට විශ්වාසයක් ද අප රටේ පැවතුණි. නොඑසේනම්, මෙම කැටයමේ මැද සහ ඉහළ වම් පස ඇති වෘත්ත හතෙන් දැවැන්ත දාගැබ් දෙකක් ද, අනෙකුත් සළකුණු වලින් ඒ ආශ්‍රිත වෙනත් ඉදිකිරීම් ද දැක්වෙනවා වන්නට ඉඩ ඇත. මෙම මතය ප්‍රායෝගිකව නිරීක්ෂණයට ලක් වී නැත. එසේ ම, අනුරාධපුර යුගයෙන් පසුවද, ආක්‍රමණ සහ පසුකාලීන රජවරුන්ගේ ප්‍රතිසංස්කරණ ප්‍රයත්න නිසා දිවයිනේ නගර සැළසුම් බොහෝ සේ වෙනස් වී ඇති හෙයින් මෙය දුෂ්කර කාර්යයක් ද වේ.
තවත් අතකට මෙය සක්වළ පිළිබඳ සිතියමක් වන්නට ඉඩ ඇතැයි ද මතයක් පවතී.

Lion - egyptian basrelief 

බැබිලෝනය, ඊජිප්තුව වැනි ශිෂ්ඨාචාර සමගත්, නැස්කා රේඛා සමගත් පිටසක්වළ ජීවීන්ගේ සම්බන්ධතාවයක් පවතින බවට ජනප්‍රිය අදහස් පළවී ඇති හෙයින්, මෙම සටහන ද ඊට සමරූපී සාධකයක් බව ඇතැමුන්ගේ විශ්වාසයයි.
බැබිලෝනයේ සිංහයා ගේ පිළිරුව, සිංහ සිරුරු ඇති පියාපත් ඇති මිනිසුන්ගේ ප්‍රතිමා සහ ඊජිප්තුවේ සිංහ ස්ෆින්ක්ස් රූ, ලාංකිකයන්ගේ සිංහ සම්භවය පිළිබඳ සංකල්පය සමග සම්බන්ධ කිරීමට එතරම් ආයාස ගත යුතු නොවේ.

අනෙක් අතට තැනිතළාවක් වන නැස්කා හි පොළොවේ සටහන් කර ඇති දැවැන්ත සටහන් අර්ථවත් ලෙස නැරඹිය හැක්කේ ඉහළ අහසට නැගුනු අයෙකුට පමණි.

The Lion of Babylon is an 
ancient Babylonian symbol.
ඊට සමරූපී ලෙස, රන්මසු උයනේ ඇති කැටයමෙහි මැද ඇති වෘත්ත හතෙන් සෞරග්‍රහ මණ්ඩලය අදහස් වන බව ද, පිටත ඇති ඊට සමාන සටහනෙන් අප සමග සබඳතා පවත්වාගත් පිටසක්වළ ජීවීන්ගේ මන්දාකිණිය හෝ ග්‍රහ මණ්ඩලය සංකේතවත් වන බව ද මෙම මතයෙන් අදහස් වේ. ලංකාවේ ප්‍රකට ජ්‍යොතිෂ්‍යයේ ඇත්තේ භෞතික ග්‍රහ වස්තූන් හතකුත්, රාහු සහ කේතු නම් කල්පිත ග්‍රහයන් දෙකකුත් පමණි, ඉන් භෞතික ග්‍රහයන් හත සතියේ දින හත නම් කිරීමට යොදා ගැනීමෙන් ම සෙසු ග්‍රහයන් අබිභවා ඒවායේ වැදගත් කම තහවුරු වේ. එසේනම්, ඉහත සටහනේ මැද ඇති වෘත්ත හතෙන් එම ප්‍රධාන ග්‍රහයන් හත හෝ ඒවායේ කක්ෂයන් නිරූපණය වන බව අදහස් කළ හැක.

ඇතැම් විට මෙම කැටයම පැරණි කැළැන්ඩරයක් ද වන්නට ඉඩ තිබේ. මැද කව හතෙන් සතියේ දින හත පිළිබිඹු වන අතර, දෙපස ඇති ඉර සහ හඳෙන් දිවා රාත්‍රී දෙක සංකේතනය වේ. සෙසු කව සහ සමාන්තරාස්‍ර මගින් වසරකට ඇති සෂ්‍ය හෙවත් අස්වනු රටා, උදම් රටා හෝ සුමාන ගණන නිරූපණය වනවා විය හැක. කැටයමේ බොහෝ දුරට සමමිතික වන ඉහළ සහ පහළ කොටසෙන් සූර්යයාගේ දක්ෂිණායනය සහ උත්තරායනය දැක්වෙන්නට ඇත. ඉහළ වම්පස ඇති කව හතෙන්, ලෝක විනාශයෙන් පසු නැවත සිදුවන ජීවයේ සහ කාලයේ ආරම්භය අදහස් වන්නට පුළුවන. කාලය චක්‍රාකාරව ගළායන බව වටා ඇති දියවටයෙන් සංකේතනය කළා විය හැක.

තාරකා දොරටු පිළිබඳ අදහස ශ්‍රී ලාංකීය මනස ට හඳුන්වාදෙන ලද්දේ, ස්ටාර්ගේට් නම් ඇමරිකානු වැඩසටහන තුළිනි. එසේ වුවත්, එම වැඩසටහනේ දැක්වෙන තාරකා දොරටුව, මෙම කැටයමේ පිටත වළල්ල ට සෑහෙන සමානත්වයක් දක්වයි. එසේම රන්මසු උයනේ කැටයමට සමරූපී කැටයම්, පුරාණ බැබිලෝනයෙන් සහ මිසරයෙන් සොයාගෙන ඇති බව ද මෙම අදහසට රුකුල් දෙයි
02
මීට සමාන බැබිලෝනියානු කැටයමක් වන්නේ බැබිලෝනියානු ලෝක සිතියම නම් මැටි පුවරුවයි. දකුණු ඉරාකයේ, පුරාණ බැබිලන් නගරයේ සිට කි. මී. 97ක් උතුරින් පිහිටි සිප්පර් (Sippar) නම් ස්ථානයේ, යුප්‍රටීස් නදියේ නැගෙනහිර ඉවුරෙන් හමු වූ මෙය, 1899 දී ප්‍රසිද්ධියට පත් කරන ලදුව, දැනට බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තැන්පත් කර තිබේ. බැලූ බැල්මට මෙය රන්මසු උයනේ ඇති කැටයම මෙන් සංකීර්ණ සහ සමමිතික නොවන වඩා සරළ සටහනකි. ඒක කේන්ද්‍රීය වෘත්ත දෙකක් මගින් සකස් වූ පිටත වටය සහ ඒ තුළ ඇති කුඩා වෘත්ත හේතුවෙන් ලංකාවේ කැටයම ට සම වූවත්, බැබ්ලෝනීය කැටයමේ ඇති අනන්‍ය බව සහ සරළ බව පැහැදිළි ය. එපමණක් ද නොව, මෙම සිතියමේ ඇතුළත් ප්‍රදේශ පිළිබඳව සිතියමට ඉහතින් කූඤ්ඤාක්ෂර වලින් සටහන් කර ද තිබේ. 
03
මෙහි වෘත්තාකාර සටහන වටා ත්‍රිකෝණ හතරක් දක්නට ලැබේ. සූර්ය සටහනක මෙන් මෙහි ද ත්‍රිකෝණ හතක් තිබෙන්නට ඇත. කූඤ්ඤාක්ෂර සටහනේ මේවා දිවයින් හතක් ලෙස නම් කර තිබේ. ඒ අතර, නැගෙන හිරු ගේ ප්‍රදේශය, හිරු සැඟවුණු කිසිවක් දැකිය නොහැකි පෙදෙස, කුරුල්ලන්ගේ පියාසර සීමාවට එපිට, ආදී වශයෙන් නම් කරනලද ස්ථාන වේ. අමිහිරි නදිය (river of bitter water) ලෙස නම් කර ඇති පිටත වටය, සාගරය ලෙස සැළකිය හැක. ඉතිරි කොටස් පහත පරිදි නම් කර තිබේ. 
1.     කඳු
2.    නගරය
3.    උරර්ටු
4.    ඇසිරියාව
5.    දෙර්
6.    හඳුනාගත නොහැක04
7.    වගුරු
8.    ඒළාම්
9.    ඇළ
10.   බිත් යාකින්
11.    නගරය
12.   හබ්බාන්
13.   බැබිලන්
14.   – 17. අමිහිරි නදිය
18.  – 22. දිවයින්
ඉහතින් ද දක්වා ඇති අයුරින් ම, බැබිලෝනීය කැටයම ද, සෞර ග්‍රහ මණ්ඩලයේ සටහනක් යැයි ද මතයක් පවතී. එහි ඇති කුඩා කව අට ග්‍රහ ලෝක අටක් ලෙස අර්ථ දැක්වීමට සමහරු පෙ‍ළඹෙති. ප්ලූටෝ විෂම වූ පරිභ්‍රමණ පථයක් ඇත්තෙක් බැවින් සෞරග්‍රහ මණ්ඩලයට අයත් නොවන බවට ඇති තර්කය මෙහිදී පදනම් කර ගැනේ.
ගුවනින් ආ සිංහ මිනිසුන් විසින් බැබිලෝනය ශිෂ්ඨවත් කරන ලද බව සඳහන් මැටි පුවරුවක් බැබිලෝනයෙන් සොයාගන්නා ලද බවට ප්‍රසිද්ධ වී ඇති නමුත්, ඒ පිළිබඳ නිශ්චය සාක්ෂි මා හට සොයාගත නොහැකි විය.
රන්මසු උයනේ කැටයමට සමාන චක්‍රාකාර කැටයමක් මිසරයෙන් සොයාගෙන තිබේ. එය පිහිටියේ දෙන්දෙරා හි හැතෝර් දේවස්ථාන සංකීර්ණයේ ඔසයිරස් හට කැප වූ දේවාලයේ පෝටිකෝවේ සීලිමේ ය. මෙම දේවාලය ඉදිකිරීම ඇරඹුනේ ටොලමි රජුගේ පාලන කාලයේ වන අතර, මෙකී පෝටිකෝව එකතු කෙරුණේ ටයිබීරියස් අධිරාජ්‍යයා විසිනි. එහෙයින් ප්‍රංශ පුරාවිද්‍යාඥයෙකු වන ශෝං ෆ්‍රාංස්වා චැම්පෝලියන් මෙය මිසරයේ ග්‍රීක රෝමානු පාලන කාලයට කාල නිර්ණය කර ඇත. එහෙත් පසුකාලීනයෝ මෙම කැටයම වඩා ඈත කාලයකට හෙවත් ක්‍රි. පූ. 50 ට පමණ කාලනිර්ණය කරති. ඒ, මෙහි දැක්වෙන තාරකා රාශි එවකට පිහිටි ස්ථානයන් මෙම කැටයමෙහි සටහන් වන බැවිනි. දැන් මෙය පැරිසියේ ලූව්ර කෞතුකාගාරයේ තැන්පත් කර තිබේ.
 0506
මේවායේ අටකොණෙහි ඇති මානව සහ දේව රූප හැරුණු කොට, පිටතින්ම ඇත්තේ හයිරොග්ලිපික්ස් හෙවත් චිත්‍රාක්ෂර වලින් සමන්විත රවුමකි. මෙම කොටස සැකැස්ම අතින් රන්මසු උයනේ ඇති සටහනට තරමක් දුරට සමාන ය. එම වටය තුළ ඇති ඉඩ පුරවා ඇත්තේ රවුමට ගළපා කැටයම් කරන ලද විවිධ සංකේත වලිනි. අනෙක්වාට සාපේක්ෂව ප්‍රමාණයෙන් විශාලව සටහන් කර ඇති සංකේත දොළහ කි. චක්‍රයේ මැදට වන්නට සටහන් කර ඇති මේවා රාශි දොළහ නියෝජනය කරන බව පැහැදිළිව පෙනේ.
අනෙක් සංකේත සමග ද විශ්ලේෂණය කර බලන විට, මෙම සමස්ත කැටයම රාත‍්‍රී අහසේ සැළැස්මක් හෙවත්, තාරකා රාශි සටහනක් හෝ තාරකා කැළැන්ඩරයක් ලෙස සැළකීමට පුළුවන.
නැස්කා රේඛා සමග රන්මසු උයනේ ඇති කැටයම ට ඇති සම්බන්ධතාවය ද සමහර ගවේෂකයන්ගේ අවධානයට පාත්‍ර වී ඇත. මේ සමග දැක්වෙන රූපය දකුණු පේරු හි නැස්කා තැනිතලාවේ කිලෝමීටර අසූවකට වැඩි භූමි ප්‍රදේශයක සටහන් වී ඇති එම දැවැන්ත සටහන් වල සිතියමකි. 
07 (1) කාන්තාරයේ බිම මතුපිට ඇති රත් පැහැ වැලි සහ බොරළු ඉවත් කිරීම මගින් අඟල් 6 කට පමණ යටින් ඇති කහ පැහැති පස් මතු කර, කිලෝමීටර කිහිපයක දිග පළලින් යුතුව සියගණනක් වන මෙම සංකේත සහ රේඛා සළකුණු කර තිබේ. මිහි මත ඇති වියළිම සහ ඒකාකාර ම කාළගුණ තත්ත්වයන් මෙහි පවතින හෙයින් මේ දක්වා මෙම සටහන් ආරක්ෂා වී පවතී. නැස්කා රූප ආශ්‍රිතව හමු වූ ලී මෙවළම් කාබන් 14 ක්‍රමයට බඳුන් කිරීමෙන් මේ රේඛා ක්‍රි. ව. 400 – 650 අතර කාලයට කාල නිර්ණය කර ඇත. මෙම රූප පැහැදිළිව දැකගත හැක්කේ ගුවනේ සිට පමණ කි. මෙහෙයින් ම මෙකී සටහන්, ගුවනින් හෝ පිටසක්වළින් පෘථිවිය වෙත ආ කිසිවෙකු වෙනුවෙන්, එවැන්නෙකුගේ ම ආධාරය ඇතිව ඇඳ ඇති බවට මතයක් පවතී.
ඇමරිකා එක්සත් ජනපදයේ වර්තමානයේ විශාල තිරිඟු යායවල සටහන් ව තිබී හමුවන වගා චක්‍ර (Crop Circles) පිළිබඳව ද මෙවැනිම අදහස් පළ වී ඇති නමුත්, ඒවා දක්ෂ ශිල්පියෙකුට පොළොවේ සිට ම නිර්මාණය කිරීමට හැකි බව ආතර් සී. ක්ලාර්ක් මහතා ඇතුළු විද්වතුන් විසින් පෙන්වා දී ඇත. එපරිද්දෙන්ම, නැස්කා රේඛා ද, ආදි කාලීන මිනිසා විසින්, තමන්ට ඉහළින් වෙසෙන දිව්‍යමය බලවේගයක් සතුටු කිරීමේ අරමුණින්, කුඩා සැළසුමක් විශාල කොට තැනිතලාවේ සටහන් කරන ලද්දක් බවට අනුමාන කරන්නට ද පුළුවන.
රන්මසු උයනේ කැටයම ට සම කළ හැකි රූප ලෙස නැස්කා සටහන් අතර ඇත්තේ, අතිශයින් සෘජු සරළ රේඛා, සමාන්තරාස්‍ර, සර්පිල සහ තල්මසාගේ සටහන පමණකි. අනෙක් සියළු රූප ඇමරිකානු කාන්තාර කළාපයේ සුලභව දක්නට ඇති දේ ය.
සමස්තය පිළිබඳ විග්‍රහ කර බැලීමේදී නිශ්චය වශයෙන් ම කිව හැක්කේ එකක් පමණකි. වෘත්ත, සමාන්තර රේඛා, සමාන්තරාස්‍ර සහ සමචතුරස්‍ර ඉතා නිවැරදි ලෙස සටහන් කළ හැකි වූද, ඒ පිළිබඳ නිවැරදි ජ්‍යාමිතික දැනුමකින් පොහොසත් වූද ශිල්පීන් අනුරාධපුර යුගයේ හෝ ඊටත් පෙර ලක්දිව විසූ බව ය. ඉහතින් සඳහන් දීර්ඝ උපකල්පන කිසිවකින් තොරව වුවද, මෙම කැටයමේ ඇති වැදගත්කම තේරුම්ගැනීමට මෙකරුණ පමණක් ප්‍රමාණවත් බව කිව හැක

================================================
උපුටා ගැනීම් සහිතයි ....!!!
දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya

Sunday, October 16, 2016

දිඹුලාගල පර්වතය මුදුනේ පිටසක්වළ ජීවින්ගේ නවාතැන් පොළක්...(-අබිරහස් අඩවිය - Abirahas Adawiya නොවිසඳුණු අබිරහස් dimbulagala polonnaruwa anuradhapura novisadunu abirahas aliens pitasakwala jeeween )

පියාසර වස්තූන්වලින් පැමිණෙන පිටසක්වළ ජීවින්ගේ නවාතැන් පොළක් ෙඓතිහාසික දිඹුලාගල පර්වතය මුදුනේ පිහිටා තිබූ බව ගවේෂන කණ්ඩායමක් විසින් සොයාගෙන ඇත.
අඩි 1,200ක් උසින් යුත් දිඹුලාගල පර්වතයේ විශාල ගලක් කේන්ද්‍රකොට මෙම නවාතැන්පොළ සකස් කොට ඇති අතර එහි ඇතුළත අඩි 10 – 10 ප‍්‍රමාණයෙන් යුක්ත වේ. උසින් අඩි 3ක් පමණ වේ.
මෙම කාමරය තුළ අඩි 10 – 4 ප‍්‍රමානයේ ගල් පුවරුවක විවිධ සංඥා අක්ෂර සටහන් කොට තිබේ. පුරාවිද්‍යාඥයන්ට පවා හදුනාගැනීමට නොහැකි බව පැවැසෙන මේ අක්ෂර අනුරාධපුරයේ රන්මසු උයනෙහි පිහිටි ගල් පුවරුවෙහි සටහන් කොට ඇති සංඥා අක්ෂරවලට සමානකම් දක්වන බව ගවේෂක කණ්ඩායමේ අදහස වේ.
මෙම නවාතැන්පළ පිටතින් දැකගන්නට නොමැති වුවද ගල් පර්වතය යටින් අඩි 2ක් පමණ උසින් යුත් දොරටුවකින් ඇතුළු වීමට හැකි වන සේ නිර්මාණය කොට තිබේ. දුවිල්ලෙන් කාමරය පිරී පවතින හෙයින් සංඥා අක්ෂර පවා හදුනාගැනීමට නොහැකිය.
මීට වසර 30කට පමණ පෙර දිඹුලාගල පර්වතය මුදුනේ ඉදිකොට ඇති අහස් මාලිගය නුදුරින්ම මෙම ස්ථානය පිහිටා තිබුණත් කිසිවකුටත් මෙම නවාතැන් පළට ඇතුළු වීමට නොහැකි වී තිබේ.

මෙම ස්ථානය නීරික්ෂණය කිරීමට විදේශීය විද්‍යාඥයන් කිහිපදෙනකු පසුගියදා පැමිණි බව දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ මහා කාශ්‍යප ධර්මායතනයේ ලේඛකාධිකාරි මාදුරුඔයේ විජිත හිමියෝ පැවැසූහ.
මෙම ස්ථානය පිළිබද මෙතෙක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණයට ලක් නොවූ බවද මෙහි සටහන් කොට ඇති අක්ෂරව්ලින් සංඥාවක් පෙන්නුම් කරන බව පෙනෙන්නට තිබෙන බවද උන්වහන්සේ සදහන් කළහ.
රාත‍්‍රි කාලයේදී මෙම ස්ථානයට විවිධ වර්ණයන්ගෙන් යුත් ආලෝකධාරා පැමිණෙන අයුරු ආරණ්‍ය සේනාසනයේ වැඩවසන භික්ෂුන් වහන්සේට දැකගන්නට ලැබෙන බවත් මහ රහතුන් වහන්සේ 500 නමක් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ අතීතයේ වැඩවාසය කළ බව සදහන් වන නිසා මෙම පුණ්‍ය භූමියේ මෙවැනි අද්භූත සිද්ධීන් පවතින බව සදහන් කළ හැකිය.
– මව්බිම
2- දිඹුලාගල පර්වතයට පැමිණියේ මිනිසුන්ට වඩා කුඩා ජීවීන් කොටසක්
ඓතිහාසික දිඹුලාගල පර්වතයේ පිටසක්වළ ජීවීන් නවාතැන් ගත් බවට සැලකෙන ස්ථානය භාවිත කොට ඇත්තේ මිනිසුන්ට වඩා කුඩා ජීවීන් කොටසක් බව හැඳින්විය හැකි යැයි ශ්‍රී ලංකා හඳුනා නොගත් පියාසර වස්තූන් පිළිබඳ ගවේෂක(S.L.U.F.O.R. A.) සංගමය වාර්තා කරයි.
තමන්කඩුව - ගාමිණී සූරියආරච්චි
ඓතිහාසික දිඹුලාගල පර්වතයේ පිටසක්වළ ජීවීන් නවාතැන් ගත් බවට සැලකෙන ස්ථානය භාවිත කොට ඇත්තේ මිනිසුන්ට වඩා කුඩා ජීවීන් කොටසක් බව හැඳින්විය හැකි යැයි ශ්‍රී ලංකා හඳුනා නොගත් පියාසර වස්තූන් පිළිබඳ ගවේෂක(S.L.U.F.O.R. A.) සංගමය වාර්තා කරයි.
එම සංගමයේ ගවේෂණ නිලධාරි සාලිය සිල්වා මහතා "මව්බිම"ට මේ බව සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන සාලිය සිල්වා මහතා අඩි 1,200ක් උසින් යුත් දිඹුලාගල පර්වතයේ මෙවැනි ස්ථානයක් සොයා ගැනීම අපේ විශ්ව දැනුම වර්ධනය කර ගැනීමට ඉවහල් වන කාලෝචිත පියවරක් බව කියයි.
මෙම ස්ථානයට ඇතුළු වීමට එක්වරම මිනිසකුට නොහැකියි. එහෙත් මිනිසකුට වඩා කුඩා ජීවියකුට ඒ තුළට පහසුවෙන් ඇතුළු වීමට හැකියි. අහසින් පැමිණ කෙළින්ම ගුහාව තුළට ඇතුළු වීමට හැකිවන පරිදි මෙය නිර්මාණය වී තිබෙනවා.
විදේශ රටවලින් වාර්තා වන අන්දමට මෙවැනි ස්ථානවල කුඩා ජීවීන් ජීවත් වූ බව සඳහන් වනවා. එසේම මෙම ස්ථානයේ දැක්වෙන සංඥා අක්ෂර අපට කියවීමට නොහැකියි.
හඳුනා නොගත් පියාසර වස්තූන් මඟින් මෙවැනි ස්ථානවලට එම ජීවීන් පැමිණි බව විදෙස් වාර්තාවල සඳහන් වනවා. ඉපැරැණි ස්ථානවල පිහිටි ගුහා තුළ (ඊභදදඥත භදඤඥප ට්පධභදඤ) මෙම වාර්තා සැසඳීමේදී දිඹුලාගල පර්වතය තුළ දක්නට ලැබෙන සංඥා අක්ෂර සමානකමක් පෙන්නුම් කෙරෙනවා.
1947 මැක්සිකෝවේ රොස්වේල්හිදී සිදුවූ පිටසක්වළ ජීවීන්ගේ යානා අනතුරේදී හමුවූ සුන්බුන් අතර ඔවුන්ගේ අක්ෂරවලද මෙවැනි හැඩහුරුකම් තිබූ බව විදෙස් වාර්තා සැසඳීමේදී අනාවරණය වනවා.
dinamina
------------------------------------------------------------------------------
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Sunday, October 2, 2016

විද්‍යාවට පැහැදිලි කළ නොහැකි අද්භූත සිදුවීම්...(අබිරහස් අඩවිය - Abirahas Adawiya - නොවිසඳුණු අබිරහස් novisadunu abirahas unsolved mysteries )


කුතුහලය වඩවන අද්භූත දෑ සොයා යාමටත්, මූලාශ්‍ර පීරමින් අද්භූත දෑ පිළිබඳ වන විස්තරයක්ම හඹා යාමටත් මිනිසුන් ලෙස අප මෙතරම් පෙළඹෙන්නේ නිසඟයෙන්ම එබඳු පැහැදිලි කළ නොහැකි ගුප්ත සිදුවීම් කෙරෙහි අප තුළ වන පැහැදිලි කළ නොහැකි ආශාව නිසාය. වාසනාවකට මෙන් එවැන්නන්ගේ මනදොළ සැපිරීම සඳහා එබඳු ගුප්ත අබිරහස්මය දෑ ද අඩුවකින් තොරව සොයා ගැනීමට ලැබේ. මන්ද අතීතයේදීත් වර්තමානයේත් මෙන්ම අනාගතයේදීත් එබඳු අත්භූත දෑ සිදු නොවීමට ඉඩක් නැති නිසාය. කෙතරම් තාක්ෂණයෙන් දියුණු වුවද, අද වන තුරුත් විද්‍යාවට විසඳා ලිය නොහැකි වූද, විද්‍යාවේ බල මහිමය අභියෝගයට ලක් කළාවූ ද එබඳු සිදුවීම් පෙළක් මෙම ලිපියෙන් ගෙන එන්නේ ඔබේ කුතුහලාත්මක රසවින්දනය තීව්‍ර කිරීමේ අරමුණිනි.
අයිස් කාන්තාව...
දරුණු ශීතදේශගුණයක් පැවැති වකවානුවක උදාවූ එක් ෙදෙවෝපගත දිනයකදී මිනෙසෝටා හි ‘ලෙන්ග්බි’ ප්‍රදේශයේ විසූ මිනිසෙකුට දක්නට ලැබුණේ සිය අසල්වැසියෙකු වූ දහනව හැවිරිදි ‘ජීන් හිලියර්ඩ්’ නමැති කාන්තාවගේ හිම මිදුණු අප්‍රාණික සිරුර ශීත හිම මත නිසලව වැටී ඇති ආකාරයයි.
අයිස් කාන්තාව
පෙරදා රාත්‍රියේදී උෂ්ණත්වය - 25ංඛි ටත් වඩා අඩු අගයක් ගත්තක් වූ අතර, එදින සිය ධාවනයේ යෙදෙමින් සිටියදී සිදු වූ අවාසනාවන්ත හදිසි අනතුරකට මුහුණදුන් ජීන්ගේ මෝටර් රථය අක්‍රිය වී තිබිණි. දරුණු ශීතලෙන් බැටකමින් උදව් ඉල්ලායාමේ අසාර්ථක උත්සහයක නියැළුණු ජීන්ගේ ගල් ගැසුණු සිරුර කඩිනමින් රෝහල වෙත ගෙන යනු ලැබූ අතර, ඇය කෙතරම් ගල් ගැසී, සිටියාද කිවහොත් ඇය ජීවත් වනු ඇති බවට වෛද්‍යවරුන් තුළ කිසිදු විශ්වාසයක් නොවීය. ඇගේ සිරුරම අධිශීත වී අළු පැහැ ගැන්වී තිබූ අතර, අධික ශීතල කරණකොටගෙන තුවාල හටගත් ඇගේ දෑත් හෝ දෙපා චලනය කිරීමට හෝ නොහැකි විය. 
ඇය යළි සිහි ලබනු ඇති බවට බලා‍පොරොත්තුවක් නොවූවද, යම් හෙයකින් හෝ සිහි ලැබූවද ඇගේ මොළයේ ක්‍රියාකාරීත්වය මුළුමනින්ම අක්‍රිය වනු ඇති බවද, දරුණු ලෙස තුවාල වූ ඇගේ දෙපා යුවළම කපා ඉවත් කිරීමට සිදුවනු ඇති බවට කිසිදු සැකයක් නොවීය. ඇගේ පවු‍ලේ සාමාජිකයින් හට කිරීමට ඉතිරිව තිබූ එකම දෙය වූයේ යාච්ඤා කිරීම පමණි.
ඔවුන්ගේ යාච්ඤාවට පිළිතුරු ලැබිණි. පැය දෙකකට පසුව ජීන්ගේ සිරුර දැඩි ගැස්මකට ලක් වූ අතර, ඉන් අනතුරුව ඇය පියවි සිහිය ලැබුවාය. පුදුමය වනුයේ කායික, මානසික වශයෙන් ඇය පූර්ණ නිරෝගී තත්ත්වයෙන් පසුවීමත්, ශරීරයේ එකදු ඇඟිල්ලක් හෝ කපා ඉවත් කිරීමේ අවශ්‍යතාවයකින් තොරව ඇය යථා තත්ත්වයට පත් වීමත්ය. තුවාල පවා ක්‍රමයෙන් ඇගේ සිරුරින් ඉවත්ව යන ලද්දේ වෛද්‍යවරුන් මවිතයට පත් කරමිනි.
නවදිල්ලියේ යකඩ ස්ථම්භය... 
ලෝහ වර්ග අතර රජු ලෙස අවිවාදයෙන් හැඳින්වෙන යකඩ, ශක්තිමත් බවයෙන් හා ස්ථාවරභාවය අතින් කෙතරම් තෙදබල පෑවද මල කෑමේ ස්වභාවික ක්‍රියාවලිය අභිබවා යෑමට ඊට නුපුළුවන.
නවදිල්ලියේ යකඩ ස්ථම්භය
එනමුදු නවදිල්ලි නුවර පිහිටි මීටර හතක් උසැති වූද ටොන් හයක බරකින්ද යුතු දැවැන්ත යකඩ ස්ථම්භය වසර එක්දහස් හයසියයකට අධික කාලයක් නොසැලී නැගී සිටින්නේ ඒ සියලු සම්මතයන් බිඳ හෙලමිනි. 98ක් යකඩ සංයුතියකින් යුතු, යමක් සහස්‍රයකට අධික කාලයක් විඛාදනයට ගොදුරු නොවී පැවැතීමේ රහස විද්‍යාඥයින් අනාවරණය කොට ගෙන ඇතිවුවද, පුදුමය වනුයේ එතරම් ඈත අතීතයක විසූ අපගේ මුතුන් මිත්තන් එය සොයා ගන්නා ලද්දේ කෙසේද යන්නය.
කැරොල් ඒ. ඩීරීන් නෞකාව.... 
මේරි සෙලෙස්මේ නෞකාවේ කාර්ය මඬුල්ල අබිරහස්මය ලෙස අතුරුදන්වීමේ සිදුවීමෙන් අඩසිය වසකට පසුව, එනම් 1921 ජනවාරි 31 දා එයාකාරයේම සිදුවීමක් වාර්තා වූයේ උතුරු කැරොලිනා වෙරළ අසලින් ‘කැරොල් ඒ. ඩීරීන් නම් රුවල් නෞකාව සොයා ගැනීමත් සමගය. පුදුමයකින් තොරවම එහිද කාර්යමණ්ඩලය මුළුමනින්ම අතුරුදන්ව පැවැති අතර නැවේ ලොග් සටහන්ද ඇතුළු සියලුම ‍ලේඛනද අතුරුදන්ව පැවතිණි.
පසුදිනය සඳහා ආහාරද පිළියෙළ වී පැවැතියේ අතුරුදන් වීම අනපේක්ෂිත ලෙස සිදුවූවක් බව මොනවට කියා පාමිනි. මේරි සෙලෙස්මේ මෙන්ම මෙයද සොයා ගන්නා ලද්දේ අත්භූත අතුරුදන් වීම් සිදුවන බවට ප්‍රකට බර්මියුඩා ත්‍රිකෝණයේ තිබියදී වන අතර, එයද කිසියම් අස්වාභාවික / අධිඅසාමාන්‍ය සිදුවීමක ප්‍රතිඵලයක් බවට මත පළ වූ අතර, තවත් ඇතැමුන් කියා සිටින ලද්දේ එය මුහුදු කොල්ලකරුවන්ගේ, නැතහොත් රුසියානුවන්ගේ ක්‍රියාවක් බවය.
හඩ්සන් ඵලය...
ජෝන් හඩ්සන් නැමැත්තා විසින් නිකොලා ටෙස්ලා නමැති විද්‍යාඥයාගේ පර්යේෂණ යළි සිදුකිරීමට ගත් උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස බිහි වූ දෑ ‍පොදුවේ හැඳින්වෙනුයේ ‘හඩ්සන් ඵලය’ ලෙසයි. ඔහු විසින් සිදුකළ පර්යේෂණයන්හිදී සිදුවූ ඉතාම පුදුමාකාර සිදුවීම් අතර, නිදැල්‍ලේ පාවීම, මුළුමනින්ම එකිනෙකට වෙනස් ද්‍රව්‍යයන් (ලී හා ලෝහ) එකිනෙක සංයෝජනය කිරීම, කුඩා වස්තූන් අතුරුදන් කිරීම, ඒ අතර වුවද ඒ සියල්ලටම නොදවෛනි පුදුමය වනුයේ එකී අස්වාභාවික ක්‍රියාකාරකම් යළිත් සිදුකිරීමට හඩ්සන් අ‍පොහොසත් වීමයි. ඔහුගේ මෙම පර්යේෂණය විද්වත් ලෝකය තුළ කෙතරම් කැළඹීමක් ඇති කළේද යත්, නාසා ආයතනය පවා හඩ්සන් පර්යේෂණ ප්‍රතිඵල ලැබිමේ අසාර්ථක උත්සහයක නිරත වූ බව කියැවේ.
බෙල්මෙස්හි මුහුණු...
මෙහි දැක්වෙන ඡායාරූපයෙන් නිරූපණය කෙරෙන “මුහුණු” සැබවින්ම නිවසක බිත්තියක් මත අස්වාභාවිකව හටගත් පැල්ලම් බව පැවැසුවහොත් ඔබ පුදුම වනු ඒකාන්තයි. විසිවසරකට අධික කාලයක සිට බෙල්මෙස්හි පිහිටි ‘පෙරෙයිරා’ පවු‍ලේ නිවහනේ වරින්වර මෙයාකාරයේ විවිධ හැඟීම් නිරූපණය කරන කාන්තා හා පුරුෂ මුහුණු දැක්වෙන පැල්ලම් හට ගැනීමේ අබිරහස අදටද විසඳාගත හැකිවී නැත
වරින්වර මතුවන මෙම මුහුණු ඉබේම අතුරුදන්වී යන්නේද පුදුමාකාර ලෙස ඒ පිළිබඳ කිසිදු සාක්ෂියක් ඉතිරි නොකරමිනි. මේ පිළිබඳ සිදු කෙරුණු එක් විමර්ශනයකදී නිවස යට වළදා තිබූ මෘත සිරුරක් ද ගොඩ ගැනීමට සමත්ව තිබුණද, අබිරහස් මුහුණු මතුවීමේ ක්‍රියාවලිය ඉන් අවසන් වූයේ නැත.
අතුරුදන් වූ විල...

2007 වසරේ මැයි මාසයේදී චිලී රටේ පෙන්ටගෝනියා ප්‍රදේශයේ පිහිටි සැතපුම් පහක දිගකින් යුතු විලක් යම් පැහැදිලි කළ නොහැකි හේතුවක් නිසාවෙන් අතුරුදන් වූයේ, මීටර තිහක් ගැඹුරු දැවැන්ත ආවාටයක් පමණක් ඉතිරි කරමිනි. විල අවසන්වරට දකින ලද්දේ ඉන් දෙමසකට පෙර වන අතර, ඒ වන විටද එහි කිසිදු අමුත්තක් නොතිබූ බව කියැවේ. නමුත් දෙමසක කාලය තුළදී විල කිසිදු සලකුණකින් තොරව සිඳී ගියා පමණක් නොව ඉන් ගලා ගිය ගංගාවද, කුඩා දොළ පහරක් බවට පත්ව තිබුණේ ඒද තවත් නොවිසඳුණු අබිරහසක් බවට පත් කරමිනි. එකී ප්‍රදේශයේ කිසිදු භූමිකම්පාවක් හෝ හටගෙන නොතිබූ අතර පිටසක්වලින් පැමිණි හඳුනා නොගත් යානයක් (U F O) මගින් විල සිඳ දැමූ බවටද කටකතා ව්‍යාප්තව තිබේ.
ජල්ලි වැස්ස... (Oakville Blob Rain.)
1994 අගෝස්තු 7දා වොෂිංටන් නුවර ඕක්විල් ග්‍රාමයට ධාරානිපාත වර්ෂාවක් ඇද හැලීමට පටන් ගන්නා ලද්දේ අසාමාන්‍ය ලෙසය. එය සාමාන්‍ය වර්ෂාවක් නුවූ අතර දිය බිඳු වෙනුවට අහසේ සිට පතිතවන ලද්දේ ජල්ලිමය ද්‍රව්‍යයකි. ඊටත් වඩා පුදුමය වනුයේ ජල්ලි වැස්සත් සමග ඕක්විල් ප්‍රදේශයේ සියලුම වැසියන් පාහේ දරුණු උණ රෝගයකට ගොදුරුවීමයි. ඒද සාමාන්‍ය උණක් මෙන් නොවූ අතර එය වැළඳුණු විට සතියක සිට මාස තුනක කාලයක් රෝග ලක්ෂණ පැවැතුණු බව කියැවේ.


විද්‍යාගාර පර්යේෂණයන්ගෙන් හෙළිකර ගන්නා ලද්දේ ජල්ලි තුළ මිනිස් ආහාර මාර්ගයේ වෙසෙන බැක්ටීරියා වර්ග දෙකක් පමණක් නොව, මිනිස් සුදු රුධිරාණු ද අඩංගු වූ බවකි. එනමුදු ජල්ලි යනු සැබැවින්ම කුමක්ද කියාත් එය කරණකොටගෙන රෝගී වූයේ කෙසේද කියා හෝ කිසිදා අනාවරණය කර ගැනීමට හැකි වූයේ නැත.
පාෂාණ තුළින් මතුවන ජීවීන්...
පාෂාණ තුළින් පණ ඇති ගෙම්බන්, ඉස්ගෙඩියන් වැනි කුඩා සතුන් සිට හමු වූ අවස්ථා පිළිබඳ විස්මිත වාර්තා අඩුවක් නොවේ. ගල් තුළ පමණක් නොව කපා දැමූ ගස් තුළද, මිනිසා විසින් තැනූ කොන්ක්‍රීට් නිර්මාණ තුළද මෙයාකාරයේම පණ ඇති සතුන් සිට හමු වූ අවස්ථා පිළිබඳ පුදුමාකාර සිදුවීම්වල අඩුවක් නැත. පුදුමය වනුයේ ඔවුන් එවැනි දෑ තුළට යන ලද්දේ කෙසේද යන්නත්, බාහිර ලෝකය හා කිසිදු සම්බන්ධයකින් තොරව ඒ තුළ ජීවත්ව සිටියේ කෙසේද යන්නත්ය. 1976 වසරේදී ඊට වසරක පෙරදී සකසන ලද කොන්ක්‍රීට් තට්ටුවක් බිඳහෙළමින් සිටි ටෙක්සාස් නුවර ඉදිකිරීම් ශිල්පීන් පිරිසකට දැක ගත හැකි වූයේ දෙනෙත් අදහා ගත නොහැකි දර්ශනයකි.

කොන්ක්‍රීට් තට්ටුවේ පිහිටි සිය ශරීර ප්‍රමාණයටම අනුරූප වූ සිදුරක් තුළ පණපිටින් සිටි කැස්බෑවෙකි. කොන්ක්‍රීට් තට්ටුව මධ්‍යයේ වූ එකී සිදුර හැරුණු කළ එහි අන් පිපිරීමක් හෝ පළුද්දක් හෝ නොවූ අතර, කැස්බෑවෙකු එතරම් කාලයක් ඒ තුළ ජීවත් වූයේ කෙසේද යන්න අදටද විසඳාගත නොහැකි අබිරහසක් ලෙස ඉතිරිව තිබේ.
ඩොනී ඩෙකර් ...
‘වැසි දරුවා’ ලෙස විරුදාවලී ලද ‘ඩොනී ඩෙකර්’ නැමැත්තා 1983 වසරේ සිට එනමින් ප්‍රකට වූයේ, සිය අභිමතය පරිදි ඕනෑම අවස්ථාවකදී වැසි ගෙන ඒමට ඔහු සතු වූ අධිඅසාමාන්‍ය හැකියාව නිසාය.
වරෙක සුළු වරදක් හේතුවෙන් සිරගත වූ ඩොනී සිරමැදිරිය තුළද වැසි වැස්සීම මගින් ඉමහත් කලබලයක් ඇතිකිරීමට සමත්ව තිබිණි. පසුකලෙක සිරෙන් නිදහස් වූ ඩොනී කෝකියෙකු ලෙස සේවයට බැඳුණු නමුදු ඔහුගේ වත්මන් තොරතුරු සේම වැසි හටගැන්වීමේ අසාමාන්‍ය හැකියාවද රහසක්ව පවතියි.
ප්‍රියන්ති රුද්‍රිගු - සමුදුර - 
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya