අඟහරු ග්‍රහයා මත ගවේෂණයේ යෙදී සිටින කියුරියොසිටි රෝවරය මඟින් අඟහරු ග්‍රහයා මත චලනය වන සුළු ආලෝක බෝලයක් පෙන්වන ඡායාරූප මාලාවක් ගෙන තිබේ. එම ඡායාරූප රැගත් විඩියෝ පටයක් නොවැම්බර් 29 දින යූ ටියුබ් ඔස්‌සේ මුදාහැර ඇත. සුළු ආලෝක බෝලය පෙන්වන ඡායාරූප ගෙන ඇත්තේ ජනවාරි 29 දින කියුරියොසිටි රෝවරයේ ඉදිරිපස ඇති දකුණු සහ වම් හැස්‌කැම්ස් කැමරාවලිනි. එක් කැමරාවකින් ඡායාරූප 4 බැගින් ඡායාරූප 8 කම එම ආලෝක බෝලය දකින්න ලැබේ. අවස්‌ථා 4 දිම සුළු ආලෝක බෝලය වෙනස් ස්‌ථාන 4 ක ඇති ආකාරය පෙන්වයි. ඡායාරූප රැගෙන ඇත්තේ මිනිත්තු 15 ක කාලයක් තුළ එකම ස්‌ථානයක සිටය. ඒවා ගනු ලැබූ දෘෂ්ටිකෝණය වෙනස් වන්නේද ඉතා සුලු වශයෙනි. එයින් හැඟෙන්නේ සුළු ආලෝක බෝලය චලනය වී ඇති බවකි. වම් සහ දකුණු හැස්‌කැම් කැමරා දෙකම එකම ආලෝක බෝලය පෙන්වන නිසා එය එක් කැමරාවක දෝෂයක් නිසා පෙනෙන දෙයෑක් යෑයි කීමටද නොහැකිය.

වගා කවයන් ලෙසින් හඳුන්වන්නේ තිරිඟු, බාර්ලි, රයි හෝ ඉරිඟු වැනි තැනිතලා වගාබිම් වල දකින්න ලැබෙන අක්‌කර ගණන් විශාල හැඩ තල වලින් නිර්මාණය වී ඇති රටාවන්ය. කවයක් ලෙසින් හැඳින්වූවත් ඒවා නිතරම කවයක ස්‌වරූපයම නොගනී. ඒවායේ පෙනුම සරල වක්‍ර කීපයකින් සැදි රටාවල සිට සංකීර්ණ විස්‌තර සහිත රටාවන් දක්‌වා විහිදිය හැකිය. සමහර රටාවන් ගණිතමය සමීකරණ පදනම් කරගෙන කළ ඒවාය. ඇතැම් රටාවල නිශ්චිත පිහිටුවීම් අනුව නිර්මාණකරුට යුක්‌ලීඩ් ජ්‍යාමිතිය සම්බන්ධව පුළුල් දැනුමක් ඇති බවක් පෙනවයි. වගා කව බොහෝ විට දකින්න ලැබෙන්නේ අප්‍රේල් සහ සැප්තැම්බර් අතර වගාව වැඩෙන කාලයේය. බොහෝවිට රාත්‍රියේ නිර්මාණය කර උදෑසන දකින්න ලැබෙන්න නිසා නිර්මාණකරු හෝ නිර්මාණය කරන ආකාරය දකින්න නොලැබේ. මේ නිසා වගා කව නිර්මාණය කරන්නේ කවරෙක්‌ද යන්නට විවිධ අදහස් පවතී. සුළිසුළං, පිටසක්‌වල ජීවින්, මිනිසුන් සහ පෘථිවියේ ශක්‌තිය එම අදහස් අතර වේ.
රටාව නිර්මාණය වී ඇත්තේ අවශ්‍ය පරිදි වගාව තලා බිමට ඔබා තැබීමෙන් වන අතර සෙසු වගාවට කිසිදු පීඩාවක් වූ බවක් පෙනෙන්නට නොවේ. රටාවල කෙළවර කිසියම් යන්ත්‍රයකින් කළා යෑයි හිතෙන තරමට පැහැදිලි බවක් ගනී. තලා ඇති වගාවෙ වූවද කඳ නමා තිබුණත් ඒවාට හානියක් වූ බවක් පෙනෙන්නට නොවේ. බොහෝ වෙලාවට තැලී ඇති වගාව වුවත් පසුව ස්‌වභාවික ලෙස වැඩීම සිදුවේ.
වගා කව වැඩි ප්‍රමාණයක් දකින්න ලැබෙන්නේ එංගලන්තයේ දකුණු දිගට වන්නටය. එක්‌සත් ජනපදය, කැනඩාව, ඕස්‌ටේලියාව, ජපානය සහ ඉන්දියාව ඇතුළුව ලොව වෙනත් ප්‍රදේශ වලද වගා කව දක්‌නට ලැබී ඇත. මුලින්ම වගා කවයක් පිළිබඳ වාර්තා වී ඇත්තේ 1500 ගණන්වලය. 17 වන සියවසේ ඉංග්‍රීසී ලී කැපුම් මූර්තියක යක්‌ෂයෙක් වැනි සත්වයෙක් වගා කවයක් නිර්මාණය කරන ආකාරය දක්‌වයි. විසි වන ශතවර්ෂය වන තෙක් වගා කව අසන්නට ලැබෙන්නේ ඉතාමත් අඩුවෙනි. 1960 ගණන් වල සහ 1970 ගණන් වල එංගලන්තයේ සහ එක්‌සත් ජනපදයේ වගා කව දකින්න ලැබුණත් ඒවා ගැන වැඩි ලෝක අවධානයක් යොමු වූයේ 1980 එංගලන්තයේ විල්ෂයර් ප්‍රාන්තයේ වගා කවයත් සමඟය. ගොවියෙකුගේ ඕට් වගාබිමේ හරහට මීටර් 18 ක් දිග ඇති කව තුනක රටාවක් එහිදී දක්‌නට ලැබුණි. 1990 ගණන් වලදි වගා කවයන් සංචාරකයින් ඇදගන්නා දෙයක් බවට පත් වී ඇති අතර ගොවියන් ඒවා පෙන්වීමට මුදල් පවා අයකරගෙන තිබේ. 1990 දි පමණක් 500 කට වඩා වගා කවයන් යුරෝපයේ ඇති වී තිබුණි.
බොහොමයක් පර්යේෂකයන් විශ්වාස කරන්නේ වගා කව මිනිසුන්ගේම වැඩක් ලෙසයි. 1991 දි බ්‍රිතාන්‍ය ජාතික හවුලක් වූ ඩග් බව_ සහ ඩේව් චෝලෙ ඔවුන් 1978 පටන් සිය ගණන් වගා කව නිර්මාණය කළ බව 1991 දි ප්‍රසිද්ධියේ කියා සිටියේය. ඒ බව ඔප්පු කිරීමට එම හවුල බීබීසී සේවයේ වැඩසටහනක් වෙනුවෙන් ලෑල්ලක් සහ ලණුවක් යොදා ගනිමින් වගා කවයක් නිර්මාණය කර පෙන්නුවේය. වගා කව පිළිබඳ අධ්‍යනය කරන්නෙකු වන කොලින් ඇන්ඩෘස් 80% ක් පමණ වගා කව මිනිසුන් නිර්මාණය කළ ඒවා විය හැකි වූවත් ඉතිරි ඒවා කිසියම් ඉහළ බලයක වැඩක් විය හැකි බව පවසයි.


Ö නිල්මිණි රාජපක්‍ෂ රදලගේ - divaina
උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම් like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya
ආතර් සී ක්ලාක්ගෙ අබිරහස් විශ්වය මතක් උනා...
ReplyDelete