Showing posts with label හොල්මන් කතා. Show all posts
Showing posts with label හොල්මන් කතා. Show all posts

Tuesday, February 18, 2020

අතීතයේ මළවුන්ට පණ දුන් හැටි.....(Mala unta pana deema අබිරහස් අඩවිය - Abirahas Adawiya - හොල්මන් කතා. holman katha)

මොළයේ පවතින භෞතික රසායනික හා විද්යුත් ක්‍රියාකාරිත්වය සම්පූර්ණයෙන්ම නතර වීම පුද්ගලයකු මරණයට පත්වීම යනුවෙන් හැඳින්වේ. එහෙත් සමහර ආගමික පෙන්වාදීම්වලට අනුකූලව ශරීරය ආශ්‍රිතව පවතින්නා වූ යම් අදෘශ්‍යමාන බලවේගයක්‌ පුද්ගලයකු මරණයට පත්වීමත් සමඟම ශරීරයෙන් ඉවත්ව යතැයි කියෑවේ. මරණයට පත් වූ තරුණියක්‌ ඇය මරණයට පත්වීමට හේතු වූ භෞතික කාරණා ඇගේ ශරීරයෙන් ඉවත් කොට පිට වී ගිය අදෘශ්‍යමාන බලවේගය වන ගන්ධබ්බයාද ගෙන්වා යළි ඇයට පණ දීමට ගත් තැතක්‌ පිළිබඳව මේ කතාවෙන් කියෑවේ.

 ඉහළගම ආරච්චිල එම ගමේ විසූ ඉතා සාධාරණ යුක්‌තිගරුක සැර පරුෂ නිලධාරියෙකි. ඔහුගේ උස මහතැති සිරුරත් දෙපැත්තට කැරකැවූ උඩු රැවුලත්a ඔහුගේ ප්‍රතාපවත් පෞරුෂය මනාව පිළිබිඹු කළේය. ඔහුගේ බිරිඳ රන් එතනා ගමේ කා අතරත් ජනප්‍රිය ආදරණීය චරිතයක්‌ වූවාය. මේ දෙපළට දියණියන් දෙදෙනෙකි. වැඩිමලා ලොකු මැණිකා වූ අතර බාල දියණිය රන් මැණිකා වූවාය. ලොකු මැණිකා රළු දුෂ්ට තැනැත්තියක්‌ වූ අතර රන් මැණිකා ඉතා කාරුණික රූමත් පැහැපත් තැනැත්තියක්‌ වූවාය. රන් මැණිකාට ගමේ සියලු දෙනා ආදරය කළ අතර විශේෂයෙන් තරුණ ගැටව් ඇයට ඉතා ළෙන්ගතු විය. ඇගේ වයස අවුරුදු දහනවයක්‌ (19) තරම් වූ අතර ගමේ තරුණ තරුණියන් සමඟÊකෙළිදෙලෙන් පසු විය. බොහෝ විට එය ලොකු මැණිකාට රිස්‌සුවේ නැත.

 කඳු ගැටයක්‌ මත පිහිටා ඇති ආරච්චි වලව්ව ඉතා සිරියාවන්ත පෙනුමකින් යුක්‌ත විය. වලව්ව වටා ඇති මල් වගාව රන් මැණිකාගේ හා ගමේ තරුණ තරුණියන්ගේ මහන්සියේ ප්‍රතිඵල විය. සිංහල අලුත් අවුරුදු සමය පසු විය. රන් මැණිකා හා ගමේ තරුණ තරුණියයෝ බොහෝ මහන්සි වී වැඩ කටයුතු කළහ.

 මේ අතරේ රන් මැණිකා රෝගාතුර විය. හැමෝම සිතුවේ ඇය මහන්සි වීම හා තෙල් කෑම ආහාරයට ගැනීම නිසා ඇයට යම් අපත්‍යයක්‌ වන්නට ඇත කියාය. එහෙත් දිනෙන් දින ඇගේ රෝගී තත්ත්වය උත්සන්න වූ හෙයින් වෙද රාළ ගෙන්වා ප්‍රතිකාර කළේය. රන් මැණිකා අසාධ්‍ය තත්ත්වයට පත්වූවාය. වෙද රාළ වලව්වේ නැවතී ප්‍රතිකාර කළත් එක්‌ දිනක සවස්‌ වරුවේ රන් මැණිකා සදහටම දෙනෙත් පියා ගත්තාය. මුළු වළව්වම ළතෝනියක්‌ විය.

 රන් මැණිකාගේ වියෝවීම ගම පුරා ප්‍රචාරය වන්නට විනාඩි දහයක්‌වත් ගත නොවිණ. මේ අතරේ ගමේ සිටි එක්‌තරා යකැදුරෙක්‌ වන අබං ගුරා දුවගෙන විත් හති අරින ගමන්ම මිදුලේ ඉතා වේගයෙන් සක්‌මන් කරමින් සිටි ආරච්චිල හමුවිය. "ආරච්චි මහත්තයා දුක්‌ වෙන්න එපා මං වැඩක්‌ කියන්නං" අබංගුරා කීය. මොකද්ද යකෝ තෝ කිව්වේ. ඔය මැරිල ඉන්නෙ මගේ දුව කියමින් ආරච්චි අබං ගුරා වෙත කඩා පැන්නේය. " ආරච්චි මහත්තයා ඔය රන්මැණිකට පණ දෙන්න පුළුවන් මාව විශ්වාස කරන්න මහත්තයෝ, අබං, ගුරා කීය. ඒත් තවදුරටත් කෝපයට පත් ආරච්චිල තෝ රා බීලද යකෝ ඉන්නෙ තෝ කවද්ද බොල එහෙම වැඩක කෙරුවේ බින්න කෙළින්නෙ නැතිව පලයං මෙතනින්" යෑයි ගෝරනාඩු කළේය." පොඩ්ඩක්‌ ඉවසල මට ඇහුංකන් දෙන්න මහත්තයෝ මං නොවෙයි. ඕක කරන්නෙ හතර කෝරළේ ඉන්න හිච්චි ගුරුන්නාන්සේ කියල කෙනෙක්‌. එයා මේ වගේ වැඩ ඕන තරම් කරල තියෙනවා" අබං ගුරා එක හුස්‌මට කියාගෙන ගියේය.

 හැබැයි මේක ඉක්‌මනට කරන්න ඕන. මිනියට මොකවත් කරන්නත් එපා. ඔහොමම තියෙන්න අරින්නත් ඕන. අබං ගුරාගේ කථාවට ආරච්චිල ඇහුංකං දුන් බවක්‌ පෙනිණ.. ආරච්චිලත් මෙම හිච්චි ගුරුන්නාන්සේ ගැන තරමක්‌ අසා තිබිණ. වහා වලව්වට දිව ගිය ආරච්චිල දුවගේ දේහයට කිසිත් නොකරන ලෙස නියෝග කොට පඬුරු පාක්‌කුඩම්ද රැගෙන අබං ගුරාද කැටිව හිච්චි ගුරුන්නාන්සේ සොයා පිටත් විය. සැතපුම් විස්‌සක්‌ පමණ ඇති මෙම ගමන ආරච්චිලම තිරික්‌කලය දක්‌කන්නට තීරණය කළේ තිරික්‌කල දක්‌කන්නාද එකතු කර ගත හොත් බර වැඩි වී ගමන තවත් ප්‍රමාද වන හෙයිනි. අබං ගුරා පාර පෙන්නන්නට විය. වැඩි කතා බහක්‌ නැතිව ඉක්‌මනට තිරික්‌කල දැක්‌කුව ආරච්චිලට නොයෙකුත් දේ සිතට ආවේය.

 ගුරුන්නාන්සේගේ ගෙදරට යැමට කෝරළේ මහත්තයාගේ වලව්ව අසලින් යා යුතු විය. ඔහුට මෙය දැනවිය යුතුද නැතිද යන්න ගැන ආරච්චිලගේ හිත දෙගිඩියාවෙන් පිරිණ. නොනවත්වා ගොස්‌ පසුව ආරංචි වුවහොත් ඔහු රාජකාරිමය වශයෙන් පළිගනු ඇත යන්න ඔහුට සිතිණ. කෝරාළට ඇත්තේ අශෝභන දියණියකි. තම දියණියගේ රූ සොබාව ගැන කෝරාළ ඊර්ෂ්‍යා සහගතව කතා කළ අයුරු ආරච්චිලට සිහි විය. තවද කෝරාළ වලව්ව ප්‍රමාණයෙන් විශාල වුවද ආරච්චි වලව්ව තරම් සිරියාවන්ත නොවීය. මේ ගැනද කෝරාළගේ හිතෙහි ඊර්ෂ්‍යාවක්‌ ඇතැයි ආරච්චිල සිතූයේ ආරච්චි වලව්ව ගැන විටින් විට ඔහු කියූ දේවල් නිසාය. වැඩක්‌ නැහැ ඔය මිනිහට කියන්නට ගොහින් තවත් ප්‍රමාද වන්නට ඕන නැහැ මම කෙළින්ම ගුරුන්නාන්සේගේ ගෙදර යනවා යෑයි ආරච්චිල තදින් අධිෂ්ඨාන කළත් කරත්තය මුලින්ම ගොස්‌ නතර වුණේ කෝරාළ වලව්වේ මිදුලෙහිය.

 "ආ........ ආරච්චිල මොකද මේ පැත්තේ" වාඩි වී සිටි හාන්සි පුටුවේ හරිබරි ගැසෙමින් කෝරාළ ඇසීය. සියලු විස්‌තර කෙටියෙන් පැවසුව ආරච්චිල කෝරාළ වලව්වෙන් පිට වෙද්දී" හොඳයි ආරච්චිල මමත් ඔය යාගය බලන්න හවස්‌ වරුවේ එන්නම් කො කියමින් කෝරාළ හාන්සි පුටුවෙන් නැගිට්‌ටේය.

 ඉතා තද බලාපොරොත්තුවක්‌ හා විශ්වාසයක්‌ ඇතිව හිච්චි ගුරුන්නාන්සේගේ ගෙදරට ගොඩ වැදුන ආරච්චිල දෙකට නැවී ගුරුන්නාන්සේට ආචාර කළේ තමා ආරච්චිල කෙනෙක්‌ බවද අමතක කරමිනි. මිය ගිය දරුවාගේ වයස හා රෝගය පිළිබඳව විස්‌තර විමසූ ගුරුන්නාන්සේ තමාට මෙය නිසැකවම කළ හැකි බව හා ඒ පිළිබඳව සැකයක්‌ තබා ගැනීමට අනවශ්‍ය බැව් පැවසුව විට ආරච්චිල ළය පුරවා හුස්‌මක්‌ ගත්තේය. මේ සඳහා විශාල වියදමක්‌ දරන්නට වන බවත් එය දැන්ම ගෙවිය යුතු බවත් ගුරුන්නාන්සේ කීය. ආරච්චිල අත තිබූ සියලුම මුදල් ගුරුන්නාන්සේට දුන්නේය. දෙදෙනා අතර ඇති වුණ එකඟතාවයෙන් පසු ගනුදෙනු හමාර විය. අවුරුදු පනහක්‌ ආරච්චිගේ ප්‍රතාපවත් ළය දැවටෙමින් සිටි සුරය ආරච්චිගේ කබාය ඇතුල් පැත්තේ ඇති හොර සාක්‌කුවට ගිය අතර එය එල්ලා තිබූ පවුම් පහක රන් දම්වැල හිච්චි ගුරුන්නාන්සේගේ දෝතට ගියේ ඉණ බැඳ තිබූ රිදී හවඩියද සමඟය.

 අවශ්‍ය කළමනා සියල්ල ගත් ගුරුන්නාන්සේ සිය ගෝලයා ද සමඟ තිරික්‌කලයට ගොඩ විය. පෙර කරන ලද විස්‌කම් වැඩ ගැන ගුරුන්නාන්සේ තොරතෝංචියක්‌ නැතිව පවසන්නට විය. ඉතා ඈත අතීතයේ හිච්චි ගුරුන්නාන්සේගේ පියා විසින් පැය අටකට පෙර මියගිය තරුණියකට ප්‍රාණය දුන් බවත් ඇය එතැන් සිට සෑම සිංහළ අවුරුදු දිනකම තම පියා බැලීමට පැමිණි සැටිත් කියද්දී ගෝලයා එයට හූමිටි තැබීය. පසුව ඒ ළමයා විවාහ වී දරුවන් ලබා වයස්‌ ගතව ළඟදී මිය ගිය බව ගෝලයා පැවසීය. තමා මෙම ගුරුකම් කරන්නේ පරම්පරාවෙන් හෙයින් තමාට කිසිදින වරදින්නේ නැති බව ගුරුන්නාන්සේ ඉතා උජාරුවෙන් කීය. ආරච්චිලට දැක්‌ කිසි සැකයක්‌ නැත. ඔහු වහ වහා කරත්තය දක්‌කන්නට විය.

 ඇඳිරි වැටෙද්දී මේ අය වලව්වට ළඟා වූහ. ඒ වන විට වලව්ව විශාල සෙනඟකින් පිරී තිබිණ. ආරච්චිල ඉක්‌මනින් හිච්චි ගුරුන්නාන්සේට ආහාර සූදානම් කරන ලෙස දැන්වීය. ගමේ තරුණයින් දහදෙනෙකු පමණ කැඳවූ අබං ගුරා දැන් කරන්නට යන දෙය ඔවුනට පැහැදිලි කළේය. ඉන්පසු හිච්චි ගුරුන්නාන්සේ ඉල්ලන හැම දෙයක්‌ම ඉක්‌මනින් සපයා දෙන මෙන්ද කීය. එතෙක්‌ දුක්‌මුසුව සිටි තරුණයෝ ඉතා උෙද්‍යාaගයෙන් වැඩට බැස්‌සහ.

 තරුණයින් සපයා දුන් ඉදුන දෙහි ගෙඩි 99 ක ඉස්‌මවලින් යුත් ජෝගුවක්‌ ගුරුන්නාන්සේගේ ගෝලයා පිළියෙල කරන ලදී. එළියේ ඇති පොල් අතු මඩුවක්‌ තුළ ගොක්‌කොළ සැරසිලි පාන් පැලවල් වහා ඉදිවිණ. අබං ගුරාද මීට මනාව සහාය දැක්‌වීය. මොනවද මොනවද ඕනෑ අසමින් ආරච්චිල වලව්ව වටා ඇවිද්දේය. රන් එතනා හා ලොකු මැණිකා මිනිය අසලින් සෙලවුණේ නැත. කෙනෙකුට ඇය මිය ගියා යෑයි සිතන්නටත් බැරිය. ඇය නිදා සිටින්නාක්‌ මෙන් පෙනිණි. ගුරුන්නාන්සේගේ අණින් ඇය වටා තිබූ පොල්තෙල් පහන් හතර ඉවත් කෙරිණ. දුම්මල සුවඳ වලව්ව පුරා පැතිරිණ.

 ඉර බැස ගොස්‌ හෝරාවකට පමණ පසු ගිරිනාල යාගය නම් මෙම අපූර්ව කර්තව්‍ය සඳහා අවශ්‍ය භූමි ආරක්‍ෂා යාතිකා පටන් ගැනිණ. ගෝලයා මඩුව දෙදරවමින් බෙර වයන්නට පටන් ගත්තේය. ගුරුන්නාන්සේ මන්තර කියමින් බෙර තාලයට අඩිය තබමින් තෙල් වර්ගයක්‌ මඩුව වටා ඉසින්නට විය. මඩුවෙන් එපිට ගමේ ඇත්තෝ වට වී සිටිය අතර ඇතුළත පවුලේ උදවිය සඳහා පුටු කීපයක්‌ තබා තිබිණ. ආරක්‍ෂාව කර හමාර වුණ ගුරුන්නාන්සේ රන්මැණිකාගේ දේහය සුදු රෙද්දකින්. වසා ඇඳත් සමඟ මඩුවට ගෙන එන ලෙස දැන්විය. තරුණයෝ ඇඳත් සමඟ දේහය රැගෙන එන්නට ගත් විට රන් එතනා හඬා වැටෙන්නට වූවාය. ගුරුන්නාන්සේ රන් එතනාට සැර වුන අතර ඊටත් හයියෙන් ආරච්චිලද සැර විය. මඩුවට ගෙන දේහය වසා තිබුණු සුදු රෙද්ද ඉවත් කරන ලදී. සුදු මහත්තයකු විසින් ආරච්චිලට තෑගි දෙනු ලැබූ පීඩන ලාම්පුවේ එළිය රන් මැණිකාගේ මුහුණට හොඳින් වැටිණ. මඩුව වටා හැම තැනකම පන්දම් දල්වා තිබිණ.

 ගුරුන්නාන්සේ මේ කරන්නට යන කටයුත්තේ බැරෑරුම්කම සියල්ලන්ටම පැහැදිලි කර දුනි. අනතුරුව මෙතැන සිටින සියලුම කුඩා දරුවන් හා තරුණ ගැහැනු ළමයින්ට පිටවන ලෙස දැන්වීය. මඩුව ඇතුළේ සිටි ලොකු මැණිකාද පිටත්වීමට සැරසිණ.

වස්‌ ගහ පිඹ මළවුන් නැගිටුවීම
 එහෙත් ඇයට නොයන ලෙස ගුරුන්නාන්සේ කීය. ඉන් අනතුරුව අද දිනයේ මස්‌ මාළු අනුභව කළ හෝ මළ ගෙවල්වලට ගොස්‌ ඇති ඇත්නන් පිට වී යන ලෙස දැන්වීය. තවත් තරුණයන් හා වයසක උදවිය කිහිප දෙනෙක්‌ පිටව ගියහ. ඉන් පසු ආරච්චිලද අද මස්‌ මාළු කාපු එවුන් ඉන්නවා නම් මෙතනින් පලයල්ලා කියමින් කෑ ගැසීය. තවත් දෙදෙනකු පිටව යනු දුටු ආරච්චිල තොපිට කියන දේවල් තේරෙන්නේ නැතිදැයි කියමින් උන් දෙදෙනාට බැණ වැඳිණ.

 බුදුන්ට පහනක්‌ තැබූ ගුරුන්නාන්සේ සියලුම දෙනාට පන්සිල් ගන්න ලෙස කීය. අනතුරුව පවුලේ උදවියට මඩුව ඇතුළේ ඇති පුටුවල වාඩි වෙන ලෙස ඇරයුම් කෙරිණ. මුලින්ම මලයාලි භාෂාවෙන් දෙවියන්ගෙන් ආරක්‍ෂාව ඉල්ලූ ගුරුන්නාන්සේ අනෙකුත් පෙරේත කුම්භාණ්‌ඩ බහිරව ආදීන්ට මෙයට හිරිහැර නොකරන මෙන් ඉල්ලීය. මෙම කරුණු කෙටියෙන් සිංහලයෙන්ද පහදා දෙන ලදී. රන් මැණිකාගේ දේහය සැදුම් ලත් පංච මහා භූතයන්ට යළි ප්‍රාණය පිහිටුවීමට ආරාධනා කිරීම හා මරණයට හේතු වූ තුන්දොස්‌ කිපීමක්‌ ඇතොත් එයද සමනය කරන ලෙසද මින් ඉල්ලා සිටින හෙයින් සියලුම දෙනා තමා කියන ගාථා හඬ නඟා කියන ලෙස දැන්වූ ගුරුන්නාන්සේ පුටුවලින් නැඟිටින ලෙසට පවුලේ උදවියට අතින් සංඥා කෙරිණ.

 පිළිවෙළින් ආපෝ, තේජෝ, වායෝ, පඨවි, ආකාශ යන භූතයන්ට ආරාධනා කරන ගාථා හා ශරීරයේ දොස්‌ සමනය සඳහා ගාථා ගුරුන්නාන්සේ කියන අතර ඒවා මහ හඬින් පවුලේ උදවිය හා වටේ සිටි ඇත්තෝද කියන්නට වූහ. අවසානයේ පවුලේ උදවියට වාඩි වෙන්නට සංඥා දුනි. ඒ එක්‌කම කෝරාළද තිරික්‌කලයෙන් පැමිණෙනු දුටු ආරච්චිල අන්න හය වැනි භූතයත් ආවා යෑයි නොසතුටෙන් කීය.

 එතැන තිබුණ පුටුවට ඇතිරිල්ලක්‌ එලන ලෙස කිවූ ආරච්චිල වහා කෝරාළ කැඳවා ඒමට ගියේය. හොඳටම රා බී මත් වී සිටි කෝරාළ තිරික්‌කලයෙන් බසින්නට ගොස්‌ ඇද නොවැටුණේ තිරික්‌කල දක්‌කන්නා හා ආරච්චිල අල්ලා ගත් නිසාය. මම පොඩ්ඩක්‌ පරක්‌කු වුණා. ආරච්චිල කියමින් වැනි වැනී මඩුව වෙත පැමිණි කෝරාළ එතෙක්‌ ආරච්චිල වාඩි වී සිටි පුටුවේ වාඩි විය. ඒ අතරේ කෝරාළට තේ පැන් පිළිගැන්වූ නමුත් ඔහු එය ප්‍රතික්‍ෂේප කළේය.

 දැන් අපට තියෙන්නේ ගන්ධබ්බ ආරාධනාව ඒ කියන්නේ මේ දරුවාගෙන් නික්‌ම ගිය ප්‍රාණයට අධිපතියා නැවත සිරුර තුළට ගෙන්වීම, දැන් පවුලේ උදවිය ඇඳ ළඟට ඇවිල්ල මං කියන ගන්ධබ්බ ආරාධනය කියන්න යෑයි ගුරුන්නාන්සේ ආරාධනා ගාථාව කියන්නට පටන් ගත්තේය. එය පළමු දෙවන තෙවන වර කියන අතර තුර දෙහිවල ඇති පැඟිරි සුවඳට ගන්ධබ්බයා ඉක්‌මනින් ආකර්ෂණය වේ යෑයි කියමින් රන් මැණිකාගේ මුව අත් දෙකෙන් විවර කොට එතුළට හරක්‌ අඟකින් සාදන ලද දිග නාලයක්‌ බැස්‌සවීය. දැන් මෙම නාලයට කලින් මිරිකාගත් දෙහියුෂ දමා රන් මැණිකාගේ බඩ ඉහළට අදිමින් එතුළට යැමට සැලැස්‌වීය. ඉන් පසු ගුරුන්නාන්සේ විසින් ගෙනා වතුර වැනි දෙයක්‌ පොවන ලෙස රන් එතනාට කීය. ඒවා දශ ලක්‍ෂ වාරයක්‌ පිරිත් කරන ලද ඉතා බලගතු පිරිත් පැන් යෑයි ගුරුන්නාන්සේ කියා අවසානයේ රන්මැණිකාගේ කට ගුරුන්නාන්සේ අත්දෙකෙන් තද කොට වසා දැමීය.

malaun1ඔන්න ඔක්‌කොම හරි දැන් බලන්න ආරච්චි මහත්තයෝ දෝණියන්දට හුස්‌ම වැටෙනවද කියල යනුවෙන් කී ගුරුන්නාන්සේ දිගින් දිගටම බුදුගුණ ගායනා පවත්වන්නට විය. රන් මැණිකාගේ පපුව දෙස මහත් ඕනෑකමින් බලා සිටි රන් එතනාට පපුව ඉහළට එසවෙනුත් ඉන් පසු කටින් ශබ්දයක්‌ නගමින් සුළං පිට වෙනුත් දක්‌නට ලදී. බෙල්ල පපුව රත් වී ඇති බවද නිරීක්‍ෂණය විය. මගේ කෙල්ලට පණ ඇවිල්ලා රන් එතනා සිනාසෙමින් කඳුළු සලන්නට විය. තමා ගමේ වැදගත් තරුණියක යෑයි හා ගමේ අය බලා ඉන්නවා යෑයි යන්න අමතක වූ ලොකු මැණිකා ඇඳෙහි විට්‌ටම අල්ලාගෙන දිගටම උඩ පනින්නට විය. මේ ගමේ වෙන මොකාටද මෙහෙම වැඩක්‌ කොරවන්න පුළුවන් යෑයි සිතමින් ආරච්චිල මහත් උජාරුවෙන් වට පිට බලන්නට විය.

රන් මැණිකාගේ කටින් කෙඳිරියකුත් සෙමෙන් සෙමෙන් පපුව උස්‌ පහත් වීමත් දිගටම පැවතිණ. ශරීරයේද යම් කිසි රස්‌නයක්‌ ඇති වී තිබිණ. මේ අතරේ කෝරාළ මහතාද නැගිට අවුත් එහෙනං කෙල්ලට පණ ආවා යෑයි කියමින් ඇගේ අත්පා පපුව අත ගාන්නට විය. කෝරාළ තම දියණිය දෙස බලමින් කෑදර ලෙස ඇයව ස්‌පර්ශ කිරීම ආරච්චිලට ඇල්ලුවේ නැත. කෝරාළ උන්නාන්සේට මාන්සිත් ඇතිනෙ ගොහින් ගේ ඇතුළෙන් වාඩි වෙමුකො කියා ආරච්චිල කීවත් "නැහැ නැහැ කමක්‌ නැහැ" කියමින් කෝරාළ එතැනම රැඳෙන්නට විය. තුක්‌ නොදකින් නාකි මනමාලයා යෑයි රන් එතනා හෙමින් කීවත් කෝරාළට එය ඇසිණ. එය නෑසුනාක්‌ මෙන් කෝරාළ ගොස්‌ පුටුවේ ඉඳ ගත්තේය.

මේ වේලාවේ වෙද රාළ එහි පැමිණියේය. රන්මැණිකා පරීක්‍ෂා කළ වෙද රාළ "තේජෝ ධාතුව වායෝ ධාතුව ක්‍රියාත්මක වෙනවා ඒත් නාඩි වැටෙන්නේ නැහැ ඒ කියන්නේ හෘද මාංශ ධාතුව ක්‍රියාත්මක නැහැ. " යෑයි කීය. මොනවා කියා ඒ තැනට පැමිණි ගුරුන්නාන්සේ ගෝලයාට බෙර වයන්නටත් අබං ගුරා වස්‌ ගහ පිඹින්නටත් කියා කලබලයෙන් මතුරන්නට පටන් ගත්තේය. හුස්‌ම වැටීම ක්‍රමයෙන් අඩු විය. කෙඳිරිය නතර විය. පවුලේ සියල්ලම තුෂ්ණිම්භූතව බලා සිටී. කව්රු හරි මෙතැන මස්‌ මාළු කාපු එකෙක්‌ ඉඳලා තියෙනවා ගුරුන්නාන්සේ කෑගැසීය. ඒ අතරේ කෝරාළ පැමිණ මං ගිහං එන්නං ආරච්චිල කීය. එතනින් පිටව ගියත් ආරච්චිලට එය ඇසුණේ නැත. ගුරුන්නාන්සේ දැන් මොකද කරන්නේ ආරච්චිල නොසන්සුන්ව ඇසීය. දැන් කරන්න දෙයක්‌ නැහැ. ආරච්චි මහත්තයෝ තදට කිළි වැදුණොත් ගන්ධබ්බයා ආපසු හැරිල යනවා යෑයි කීය. මං කීයක්‌ වුණත් වියදම් කරන්නම් මගේ දුවගෙ පණ අරං දෙන්න ගුරුන්නාන්සේ කියමින් ආරච්චිල වැඳ වැටුනත් දැන් කරන්න දෙයක්‌ නැහැ. මට හරි දුකයි යනුවෙන් ගුරුන්නාන්සේ කීය.

 රන් එතනා පපුවට අත් දෙක ගසා ගනිමින් හඬන්නට වූ අතර ලොකු මැණිකා තම කාමරයට දිවගොස්‌ ඇඳේ මුණින් අතට වැතිර හඬන්නට වූවාය. ඒ අතරේ තරුණයන් දෙදෙනකු ආරච්චිල වෙත දිව ආවෝය. ආරච්චි මහත්තයෝ ආරච්චි මහත්තයෝ කෝරාළ උන්නාන්සේ වල් ඌරු ගාතයක්‌ සප්පායම් වෙලා කිතුල් රා බීල ඇවිල්ල තියෙන්නෙ තරුණයෝ කීය. මොනව බොල තොපි කොහොමද ඒක දන්නෙ ආරච්චිල ඇසීය. අර කෝරාළ උන්නාන්සෙ තිරික්‌කලයට නගින ගමන් තිරික්‌කල් කාරයත් එක්‌ක කිව්වේ " මං දවල්ට වල් ඌරු ගාතයක්‌ කාල ආව බව අමතක උනානෙ බොල මෙතෙන්නට කිළි වදින්න හොඳ නැහැ ඉක්‌මනට යමං කියලා. එතකොට තිරික්‌කල් කාරය කිව්වේ උන්නාන්සෙගෙ තවම කිතුල් රා මතත් ගිහිං නෑ වගෙ කියලා. මෙය ඇසූ ආරච්චිල යක්‍ෂාරූඪ විය. මං ඕකව පෙති ගහල මරණව ගුරුන්නාන්සේටත් පණ ගන්න බැරි වෙන්න කියමින් වලව්ව තුළට දිව ගිය ආරච්චිල කඩුවක්‌ද රැගෙන කෝරාළගේ තිරික්‌කලය හඹා යන්නට විය. තරුණයෙක්‌ද ඒ අනුව දිව ගිය මුත් තිරික්‌කලය පේන මානයක තිබුණේ නැත. ආපසු පැමිණ ආරච්චිල කඩුව මිදුලේ සිටුවා බිම වාඩි වී හඬන්නට විය.

 මිය ගිය රන්මැණිකා යළිත් හුස්‌ම ගත්තේ කෙසේද? ආදි කාලයේ යන්ත්‍ර මන්ත්‍ර විද්‍යාව පිළිබඳව පර්යේෂණ කළ නූතන පර්යේෂකයන් පෙන්වා දෙන්නේ මේ ලෙසටය. රන් මැණිකාගේ ආමාශය තුළට නාලයක්‌ ඔස්‌සේ මුලින්ම යවන ලද්දේ දෙහි යුෂ හෙවත් සිට්‌රික්‌ අම්ලයයි. පසුව යවන ලද අළුහුණු මිශ්‍රණය සහිත ජලය හෝ සෝඩා මිශ්‍රිත ජලය මේ හා එක්‌ වීමෙන් විශාල වශයෙන් කාබන් ඩයොක්‌සයිඩ් වායුව නිපදවෙයි. මේ අවස්‌ථාවේ ගලනාලය උගුරෙන් අවහිරව පැවතීම නිසා කාබන්ඩයොක්‌සයිඩ් වායුව මගින් පපුව හා උදරය පුම්බනු ලබයි. එහි පීඩනය වැඩි වු විට උගුරේ අවහිරය තුළින් වායුව පිටවන්නට පටන් ගනී. මෙවිට කෙඳිරි ගානවා වැනි ශබ්දයක්‌ද නිකුත් වේ. මෙම ක්‍රියාවලිය කිහිප විටක්‌ සිදු වීම කෙඳිරි ගාමින් අපහසුවෙන් ආශ්වාස ප්‍රාශ්වාස කරනවා සේ පෙනේ. මෙම ප්‍රතික්‍රියාවෙන් තාපයද උපදී. මළ දරුවාට ප්‍රාණය ලබා දෙන ලෙස එක්‌තරා කාන්තාවක්‌ මෙලොව බිහිවුන ශ්‍රේෂ්ඨතම බුද්ධිමතාගෙන් ඉල්ලීමක්‌ කළ අවස්‌ථාවේ එයට විසඳුම වූයේ උපාය මගින් ඇයට එය තේරුම් කර දීමය.

චිත්‍රාන් මොරකන්දෙ ගමගේ
divaina

================================================
උපුටා ගැනීම් සහිතයි ....!!! 
දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Thursday, January 23, 2020

මෙන්න ගුරුකම් - මෙය ප්‍රබන්ධයක්‌ නොවේ සත්‍ය සිදුවීමකි.....(Akshaya thowil gurukam අබිරහස් අඩවිය - Abirahas Adawiya - හොල්මන් කතා. holman katha)

යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වල ප්‍රධාන අදහස අලෞකික දෙය, පාලනය, කරමින් යහපත් හෝ අයහපත් හොඳක්‌ නපුරක්‌ සැලැස්‌මකට සැකසීමට උපකාර කර ගන්නා නොයෙකුත් ක්‍රමවිධිවලටය.

 එම දෙයට ජීවම් බන්ධන කොඩිවින, පිල්ලි, සූනියම් සහ පැන්නීම් ආදී ඇදහිලි ක්‍රම විධි කෙරෙහි ආදියේ සිට ජනතාව අතර විශ්වාසයක්‌ පවතිනවා.

 උක්‌ත සඳහන් කළ අණවින කොඩිවින බන්ධන පිළිබඳ ප්‍රකට පුද්ගලයින් හා පැවිදි ස්‌වාමීන් වහන්සේලා සිටි බවට ඉතිහාස කතා ඇත.

 පූජ්‍ය වල්පොල ස්‌වාමීන් වහන්සේ, බත්තරමුල්ලේ ධම්මරතන හිමි, පූජ්‍ය අංකොක්‌කල පියරතන ස්‌වාමීන් වහන්සේ යනු ඉන් කිහිප දෙනෙකි.

 ගිහියන් අතර මාතර යකහටුව ඇපලපිටියේ පිල්ලිය මාරපන ගණිතය ගුරුන්නාන්සේ, දොඩම්පෙ පුංචි බණ්‌ඩාර හා තුම්පනේ යක්‌දෙස්‌සා ඉන් කිහිප දෙනෙකි.

  කැන්දන්ගමුවේ බටහිර දම්ගොල්ලේ පදිංචි ලියන ගෙදර වෛද්‍යරත්න පරම්පරාවේ වෛද්‍ය රත මන්ත්‍රාචාර්යවරයා සීතාවක රාජ්‍ය පාලන සමයේ සිටි ප්‍රකට පුද්ගල පරපුරකි.

 අප ලද තොරතුරු මත එම ලියනගෙදර වෛද්‍ය පරම්පරාවේ වර්තමානයේ ජීවත් වන ජ්‍යෙdතිෂ්‍ය වේදී මන්ත්‍රාචාර්ය බුලුගහපිටියේ පදිංචි සිරිසේන මහතා හමුවීමට ගියා.

 සිරිසේන මහතා දක්‍ෂ නැකැත්කරුවෙකි. එමෙන්ම මන්ත්‍ර ගුරුකම්වලට ප්‍රසිද්ධ අයෙකි.

 තරමක අසනීපයෙන් සිටියද එතුමා මීමුත්තන් පිළිබඳව දීර්ඝ විස්‌තරයක්‌ කළා. කතා කිරීමට අපහසු වුවත් එතුමාගෙන් අපේක්‍ෂා කළ තොරතුරු ලබාගැනීමට හැකි විය. අනතුරුව ඔහුගේ සොහොයුරු ලියනගෙදර ආරියරත්න මහතා හමුවීමට ගියා.

 තම සොහොයුරු සිරිසේන මහතා කළ විස්‌තරය සනාථ කර දක්‍ෂ පරම්පරා ගත වෛද්‍යවරයකු වූ තම පියාගේ ඡායාරූපයක්‌ අප වෙත යොමු කළා.

 ඔහු අප ආදරයෙන් පිළිගෙන අපට සංග්‍රහ කර තමා දත් තොරතුරු මෙසේ විස්‌තර කළා.

 ආරියරත්න මහතාගේ පියාගේ පියාට පියවරු ලෙස දෙදෙනෙක්‌ සිටියා. ඉන් වැඩි මහල් ලොකු සීයා අප්පච්චි අතිදක්‍ෂ මන්ත්‍රාචාර්යවරයෙකි. එසේම ඔහුගේ සොහොයුරු වෛද්‍යරත්න මහතා පරම් පරාගත සර්වාංග රෝග විශේෂඥ වෛද්‍යවරයෙකි. කැඩුම් බිඳුම් සුවපත් කරන්නෙකි.

 ආරියරත්න මහතාගේ මුත්තා ලොකු සීයා යක්‌ නැටුම්, තොවිල් ගම්මඩු, භූතයින් දමනය, ආවේශ වූවන් සුව කිරීමෙහි ප්‍රකට අයෙකි.

 මෙකලම සිටි මාරපන ගණිතයා ද මොහු මෙන්ම දක්‍ෂයෙකි. දෙදෙනා අතර තරගයකි. මේ හේතු කොට ගෙන දෙදෙනා අතර සුහදත්වය බිඳී ඇත.

 ආරියරත්න මහතා කිවූ ඉතිහාසගත සිදුවීම් විස්‌තර කිරීමට පළමුකොට නාම කිහිපයක්‌ ආදේශ කර ගත යුතුය.

 වෛද්‍යරත්න මහතා (භූතයකු) එනම් යක්‍ෂයෙකු දමනය කරගෙන ඔහුට පොඩියා කියා නම් තැබුවා. පොඩියා අක්‌කර පහක පමණ කැලය කපා ගිනි තබා මුඩු බිම කුඹුරක්‌ අස්‌සද්දාගෙන වන සතුන්ගෙන් ආරක්‍ෂාවට විශාල ගල් යොදා වෑටියක්‌ ඉදිකළා.

 වර්තමානයේ එම ගල් වැටියෙහි විශාල ගල්ද අපට දැක ගැනීමට ලැබුණා.

 පොඩියාට අවශ්‍ය සැම දෙයම සකසාගෙන විවේක ගැනීමට අවශ්‍ය නිවාසයක්‌ද ඉඩමෙහි අසල තැනක ඉදිකර එහි පදිංචි කළා.

 ගෙවත්තෙහි වැඩ පල කරන පොඩියා දමනය කළ යක්‍ෂයකු බැව් කිසිවකු නොදනී. පොඩියාද සාමාන්‍ය තරුණයෙකු ලෙස හැසිරේ. පවුලේ ඥාතීන් පවා පොඩියා මිනිස්‌ රුව ආදේශ කළ යක්‍ෂයකු බැව් දැන සිටියේ නැත.

 වෛද්‍යරත්න තුමා නිවසින් බැහැරට යන හැම අවස්‌ථාවකදීම පොඩියා පදිංචි නිවස ආරක්‍ෂා කොට ඔහුගේ නිවසට ඇතුළු වීමට කිසිවකුට ඉඩ තබන්නේ නැත.

 එසේම පොඩියාටද තමා සිටින නිවසින් පිටතට පැමිණිය නොහැකිය. ඔහු එසේ කරන්නේ මාරපන ගණිතයා කුමන අවස්‌ථාවකදී හෝ පොඩියාට ආවේශ කර ඇති යක්‍ෂයාගේ බන්ධනයෙන් මුදවා තමාට අනතුරක්‌ කරනු ඇතැයි යන සැකය පවතින බැවිනි.

 කැන්දන්ගමුව වර්තමානයේ ඇහැළියගොඩ නම් විය. උඩවත්ත වර්තමානයේ උඩුමත්ත නම් විය.

 මේවා කුඩා ගම් විය. ගමනාගමනයට ඇත්තේ අඩි පාරවල්ය. ජනගහනය. ඉතා අඩුය. නොදියුණු ගම් වන අතර ඇදහිලි අතර යක්‍ෂ දේව ආදී භූත ඇදහිලි කෙරෙහි දැඩි විශ්වාසයෙන් පසුවේ.

 උඩුමත්තේ නිවසක කාන්තාවකට ආවේශ වී මහ සොහොන් යකා වැසී සිටියා. එම ආතුරයාට තොවිලයක්‌ කිරීමට භාරගෙන තම ගෝල පිරිස යවා මහ සොහොන් තොවිලයට අදාළ තොරණ ඉදිකළා.

 මෙම තොරණේ මැද මහ සොහොන් යකාගේ රූපය විය. එම වටා අනෙක්‌ යක්‍ෂරූප සමඟ බලියේ සතර වටා දේව රුව අඹා අලංකාර ලෙස වැඩ නිම කළා.

 මන්ත්‍රාචාර්යතුමා සහ ගෝල පිරිස සොහොන් යකාගේ යාදින්න අවසන් කර පිදේනියට මෙවන් කවිකියා නැටුවා.
 
 ආයු බෝ වේ වා
 කළ සෙත් මුදුන් වේ වා
 දුක්‌ ළං නොවේ වා
 ශක්‍ර මහ බඹු ආයු දේවා

 ලැබු නම ජය සොහො න්
 සුබ දින එකම තැබු වෙ න්
 ගොසින් වෙස මුනිගෙ න්
 වරම් ලැබ නරලොවට බසිමින්

 පිදේනියට මේ අයුරින් කවි සමූහය පවසා යකු උපතද

 පසන් දඹදිව බලෙන් යෝදෙක්‌ අයුර බලයෙන් ඇවිදි තා
 වසන් නොදැනම මදයුදෙන් ගොස්‌ එගෝඩිම්බර දැක කතා
 වසන් මද විය එතන හිමිගෙන් යුදෙන් පැරදී ජීවි තා
 අසන් වියතුනි මහසොහොන් යකු උපත අසනුය ලොව සතා

 එර්දි බලයෙන් එයන ජයසොන් වැසී ගෝඩිම්බර බිසව් ඇඟ
 රුදුරු ගුණයෙන් සලිල වෙව්ලුම් පමුණුවා ලෙඩ කරයි මේ රඟ
 අග්‍ර බල අඩු නිවට ජයසොන් යකුනි තොප බල ඇතත් අප ඇඟ
 තර්ක කෙරුමට බිසව අතහැර මෙමා වෙත වර කියා කිsවි මිග

 මේ අයුරින් කවි කියමින් පන්දම් අතට ගෙන දුම්මල ගසමින් තොවිලය කරගෙන ගිය මධ්‍යම යාමය පැමිණි මාරපන ගණිතයාද තම සුනඛ පිල්ලිය ලියනගෙදර වෛද්‍යරත්නතුමාගේ නිවසට යෑව්වා.

 එදින රාත්‍රි පොඩියා පදිංචි නිවස ආරක්‍ෂා කර තොවිල් ගෙදරට යැමට වෛද්‍යරත්න යකැදුරුතුමාට අතපසු විය.

 මාරපන ගණිතයාගේ පිල්ලිය පොඩියාට ආවේශ විය. පොඩියාගේ හිසෙහි තදබල වේදනාවක්‌ ඇති වූයෙන් වෛද්‍යරත්න මහතාගේ නිවසට ගොස්‌ මෙසේ පැවසුවා.

 මැණිකෙ දවල් දර ගෙන එන්න කැලයට ගිය අවස්‌ථාවේ හිසෙහි කරඹ කටුවක්‌ ඇනුණා දැන් එතන. තද ලෙසට ඇදුම් දෙමින්, රිදෙනවා ඉවසා සිටීමට නොහැකි නිසා මැණිකෙට කියන්ඩ මේ රාත්‍රියේ ගෙදරට ආවේ අනේ මැණිකෙ අනුකම්පා කරල මේක පොඩ්ඩක්‌ බලන්නයි කියමින් වෛද්‍යරත්න, යකැදුරු තුමාගෙ නිවසෙහි පිළ මත වාඩි වී කෙඳිරි ගාමින් ඇඬීමට පටන් ගත්තා.

 මැණිකේ, දරු ගැබත් දරාගෙන මහත් ආයාසයෙන් දොර ඇරගෙන අගුපිල මත වාඩි වී අඬමින් සිටි පොඩියා සමීපයට පැමිණියා.

 පොඩියාද හිසෙහි ඇනී තිබූ කටුව සමීපයේ ඇඟිල්ල තබා මැණිකෙට පෙන්නුවා. මැණිකේද පොඩියාගෙ හිසෙහි වූ කටුව මත ඇඟිල්ල තබා බැලුවා.

 ඇණයකට සමාන විශාල කටුව නියපොතු දෙකට තදකර උඩට ඇද්දා කටුව ගැලවිණි. පොඩියාගෙ මිනිස්‌ රූපය ක්‍රමයෙන් වෙනස්‌ විය.

 දෙකොනින් දළ දෙකක්‌ බඳු දත් දෙකක්‌ ඇති. ගොරක මද මෙන් දැඩි රතු නෙත් දෙකක්‌ ඇති කෙස්‌ පලු ගෙතුණු බියකරු මුහුණකින් යුත් යක්‌ෂයකු ඇය ඉදිරිපිට දිස්‌ විය.

 බියකරු යක්‍ෂයා යක්‌ හූ හඬ තෙවරක්‌ ශබ්ද නගා මැණිගේ සමීපයට පැන්නා. ඇයද බිය වී කෑ ගසා නිවස තුළට ඇතුළු වීමට දැඩි අපහසුවෙන් ගිය නමුත් මහ සොහොන් යක්‍ෂයා ඇය අල්ලා මරා කුස තුළ වූ දරුවා සුරතට ගෙන රුධිරය පෙර පෙරා බිලිඳා සපමින් උඩුමත්තේ තොවිල් පලට පැන්නා.

 වෛද්‍යරත්න මහතා ගේ ඉදිරිපිට වූ රූප ඇඹූ යක්‌ තොරණ කඩා ඊට උඩින් රුධිරය පෙර පෙරා බිලිඳා සපන ආකාරය දුටුවේය.

 සියල්ල වැරදුණු බැව් වටහා ගත් වෛද්‍යරත්න ඇදුරුතුමා ආතුරයාට ඇපනූලක්‌ බැඳ තොවිලය නතර කර වහා නූල් පටක්‌ ගෙන කහදියරෙන් දෝවනය කර නූලට මතුර මතුරා ගැටය බැගින් ගසා මහසොහොන් යකු දිව ගිය දෙස පසුපස හඹා ගියා.

 යකා කෑගසමින් බිලිඳා හපමින් දිව්වා. යකැදුරු තුමාද නූලට මතුරමින් මන්ත්‍රය එක්‌වරක්‌ කියා එකල ගැටයක්‌ ගසයි.

 මේ අයුරින් යකු පසුපස හඹා යන යකැදුරුතුමා අත තිබූ නූලෙහි ගැට හැත්තෑවක්‌ ගැසූ විට යකු ද දමනය වී නතර විය.

 ගැට හැත්තෑවක්‌ ගසා යකු දමනය කළ ස්‌ථානය වර්තමානයේ ගැටහැත්ත නම් විය.

 යකු අල්ලා ඔහුගෙන් දිව්රුම් ගත් ස්‌ථානය වර්තමානයේ දිව්රුම්පිටිය නමින් ප්‍රකටය.

 එම ස්‌ථානයට නුදුරු දෙහිගස්‌ සමූහයකින් යුත් දෙහිලන්දේ ගසක යකු ගැට ගසා පෙරළා තොවිලය කළ ස්‌ථානයට පැමිණ ආතුරයාට වැසී සිටි මහසොන් යකු අල්ලා දමනය කර බෝතලයකට දමා ගැට හැත්ත ඇළට දමා දමනය කරගෙන වැඩ ගත් රීරියක්‍ෂයා දෙහි ගසෙන් මුදා ගත්තා.

 අසල වූ පිටියකදී තමා අත තිබූ පොල් මලෙන් රීරි යකාට කලින් පොඩියා ලෙස සිටි තැලීමට නොහොත් පහර දීම ආරම්භ කළා.

 රීරියකා මහ හඬින් කෑගසා මෙසේ කිව්වා. මට ගසන්න එපා මම නැවත එන්නේ නැත. මේ සක්‌ලොව අත හැර යන බැව් දිවුරා පැවසුවා."

 රීරි යක්‍ෂයා දෙහි ගසක බැඳ සිටි ස්‌ථානය වර්තමානයේ දෙහිගහපිටිය නම් විය. පොල්මලෙන් තැලූ ස්‌ථානය වර්තමානයේ තැලුම්පිටිය නම් විය.

 ගසෙන් මුදාගෙන පහර ගස ගසා දන්ලන්ද නම් ග්‍රාමයට ගෙන ආවේය. එම දන්ලන්ද තිබූ ප්‍රදේශය වර්තමානයේ දන්දෙනිය නමින් ප්‍රකට විය.

 නිවසෙහි සිදුව තිබූ අවමංගල කටයුතු නිම කොට (රීරියකු පෙර පොඩියා ලෙස සිටි) පොඩියා පදිංචිව සිටි (ඊරියකු) නිවස වැසී යන ලෙස විශාල දරගොඩ ගසා රීරියකු පොඩියා එයටදමා පුළුස්‌සා දැම්මා. (පිච්චුවා)

 යකු දමා පුළුස්‌සා දැමූ ප්‍රදේශය වර්තමානයේ යකුදාගොඩ නමින් ප්‍රකට විය. ඉහත සඳහන් කළ ග්‍රාම නම් වර්තමානයේ භාවිතයේ පවතී. මෙය මෑත යුගයක සීතාවක රජ සමයේ ආසන්නයේ සිදු වූවකි.

 අප හට තොරතුරු සැපයූ බුළුගහපිටියේ සිටි සිරිසේන නම් ලද මන්ත්‍රාචාර්යතුමාත් දන්දෙණියේ සිටි පරම්පරාගත අක්‍ෂි වෛද්‍ය තුමාත් මේ ලිපිය සකසන දිනවල මෙලොවින් සමුගත් බැව් ප්‍රකාශ කරනුයේ දැඩි ශෝකයෙනි.

 ලියනගෙදර වෛද්‍යාචාර්යතුමාගේ මුණුබුරකු වූ ආරියරත්න මහතා කලා කෘති නිර්මාණය කරමින් බුදුදහම ඇසුරෙන් ව්‍යාධි වැළඳුණු අයට වෙදකම් කරමින් යකුදාගොඩ ප්‍රදේශයේ වර්තමානයේ පදිංචිව සිටී.

 කො. ආ. ගුණසේකර
 අ. ප. ප. විශ්‍රාමික විදුහල්පති
divaina
================================================
උපුටා ගැනීම් සහිතයි ....!!! 
දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Monday, January 20, 2020

රාමස්සාමි භීතියට පත් කළ අහස්බෝක්කුව ළග මෝහිණීගේ අවතාරය......(Mohini ge awatharaya අබිරහස් අඩවිය - Abirahas Adawiya - හොල්මන් කතා. holman katha)

මා මේ ලොමුදැහැගැන්වෙන අවතාර කථාව ඇසුවේ දැනට දශක හතරකටත් පෙරය. මා ගුරු වෘත්තියේ යෙදී සිටින කාලයේ සිසුන් අතර ජනප‍්‍රිය වූයේ කථා කියන ගුරුවරයෙක් ලෙසටය. ඇතැම් පන්තිකාමර අතරින් මා යනවිට බොහෝ දරුවන් මා ඇමතුවේ ‘අනේ සර් අපට කථාවක් කියා දෙන්න, කියාය.

දිනක් නිවිතිගල කලාපයේ එක්තරා මහා විද්‍යාලයක හතරවන ශ්‍රේණියේ දරුවන් අමතා කථාවක් කියන්නට මට සිදුවිය. කෙසේ වුවද එදත්් අදත්් මා ජනකථා, ගැමි කථා මෙන්ම සත්‍යයේ සිතින් ගොතා සිසු මනස ඇද බැඳග නිමින් කථා කිීමට දක්‍ෂය. පන්තිකාමරය වෙත ගිය මා දරුවන්ගෙන් ඇසුවේ මොන විධියේ කථාවක්ද ඕන කියාය. දරුවන් කීප දෙනෙක්ම කීවේ හොල්මන් කථාවක් කියන ලෙසයි. ඒ අනුව මා ඉහත කී අවතාර කථාව දරුවන් ඉදිරියේ කියමින් යන විට ඇතැම් දරුවන් දැඩි භීතියටත් ත‍්‍රාසයටත් පත්ව සර් කතාව කියන්න එපා එපා’’ යැයි කෑගසන්නට වූහ. මම වහාම කථාව නවත්වා දරුවන් සනසා පන්තියෙන් බැහැර වූවෙමි.

කාලයාගේ ඇවෑමෙන් පසුගියදා දිවයින ඉරිදා සංග‍්‍රහයේ මුද්‍රිත ඇහැලේපොළ කුමාරිහාමිගේ අවතාර කථාව කියවීමෙන් පසු මේ සත්‍ය අවතාර කථාව සටහන් කරන්නට සිත්විය. පෙර කී පරිදිම මගේ මතකය නිවැරදි නම් දශක හතරකට පහකට පමණ පෙර අපේ ගමේ දාවිස් පවුලක් පදිංචිව සිටියහ. ඔවුන් අපේ පවුල සමග වඩාත් කුළුපගය. රාජා, කාමාච්චි, මෙන්ම ඩබල් හෙඞ් ද මගේ මිත‍්‍රයන් වූහ. බාලම පිරිමි මිතුරාගේ හිස සාමාන්‍ය දරුවෙකුගේ හිසට වඩා දෙගුණයක් පමණ දිග නිසා අප ඔහුට කීවේ ඩබල් හෙඞ් කියාය. ඔවුන්ගේ පියා රාමස්සාමි විය. ඔහු රියැදුරෙක් වන අතර හිල්මන් වර්ගයේ කළුපාට කාරයක් ඔහු සතු විය.
මා කියන්න හදන අවතාර කථාවේ කථා නායකයා වන්නේ රාමස්සාමිය. එදා ඔහු අපට වඩා වයසින් ඉතා දුරස්ථය. රාමස්සාමි මා සමග කී මේ කථාව ප‍්‍රථම පුරුෂ දෘෂ්ටිකෝණයෙන් යුක්තව ඔබට ඉදිරිපත් කරමි. ඔහුට මුහුණ පාන්නට සිදුවූ සත්‍ය සිද්ධියක්ම බව මම නැවතත් සහතික කරමි.

එදා ප‍්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් පතිත වෙමින් පැවැති අමාවක පොහොය රාත‍්‍රියකි. රාත‍්‍රි අටට පමණ රාමස්සාමි රියැදුරු තැනගේ නිවසට පැමිණි ද්‍රවිඩ පුද්ගලයන් කීපදෙනෙක් මතුගම දක්වා හයර් එකක් යාමට ආරාධනය කර ඇත. රාත‍්‍රියේ ගමන්යාමට මදක් අපහසු බව ප‍්‍රකාශ කළත් ඔවුන්ගේ දැඩි ඉල්ලීම පරිදි මතුගම යාමට රියැදුරු තැන කැමති විය. ගමන් මාර්ගය යෙදී තිබුණේ කලවාන, කුකුළේගම, බදුරලිය හරහා මතුගමටය. මගීන් කීපදෙනා වාහනයේ පටවාගෙන යන අතරතුර කුකුළේගග අසලදී නවත්වන්නට සිදුවිය. මක්නිසාද යත් කුකුළේ ගඟ හරහා පාලමක් නැති නිසා කාරය පාරුවකට පටවා එගොඩ කළ යුතු නිසාය. පාරුවෙන් හිල්මන් රථය එගොඩට ගත් රාමස්සාමි මගීන් සමග කථාබහ කරමින් මතුගම බලා ධාවනය වන්නට විය. මේ වන විට රාත‍්‍රි නවය පමණ වන්නට ඇත. කුකුළේගම සිට ඉදිරියට ඇති මාර්ග ඉතාම පටුය. පාරේ තැන තැන වළ ගොඩැලි සහිත වීමත් ජලය පිරී තිබීමත් නිසා වේගය අඩු කරමින් ගොස් ඇත. නාවලකන්ද කොඩිප්පිලිකන්දෙන් එහාට බදුරලිය ආසන්නය තෙක්ම මාර්ගය රූස්ස ගස්වලින් යුක්ත විය. මාර්ගයේ දෙපස තුරුලතා එකිනෙක වැළඳගැනීමෙන් මාර්ගය පෙනුණේ උමගක් හරහා ගමන් කරන්නාසේය. මිනිස් පුළුටක් දක්නට නැත. රැහැයියන්ගේ නාදයෙන් ප‍්‍රදේශය ඒකනින්නාද වෙයි. මාර්ගයේ එක් පසක් දැවැන්ත ගිරි ශිඛරයකි. පහළින් හඬනගා ගලන දිය දහරාවකි. මිනිසුන්ට නොව යකුන්ට වාසයට සුදුසු ප‍්‍රදේශයක් සේ ඔහු සිතීය. ඉංගී‍්‍රසි ආණ්ඩුව කාලයේ කළුතර දිස්ත‍්‍රික්කයත් රත්නපුර දිස්ත‍්‍රික්කයක් සහසම්බන්ධ වුණේ මේ මාර්ගයෙනි.
දැවැන්ත ගල් කුළු සිදුරු කරමින් සකසා ඇති මේ මාර්ගයේ ප‍්‍රසිද්ධ බෝක්කුවක් ඇත. එම බෝක්කුව ඉතා උස නිසා අහස් බෝක්කුව යනුවෙන් නම් විය. බැලූ බැල්මට මෙය යම්කිසි විශ්මිතභාවයක් පෙන්වයි. එදා තත්ත්වයෙන් නූනත් අද ද එය දක්නට ඇත. කලවාන අගලවත්ත මාර්ගයේ වර්තමාන සමන් දේවාලයට මදක් දුරින් මේ අහස් බෝක්කුව දක්නට ඇත. මා මේ පවසන්නේ දැනට දශක පහකට පෙර පාරිසරික තත්ත්වයක් ගැන බව යළිදු සිහිපත් කරමි.

කෙසේ වුවද රාමස්සාමි රාත‍්‍රි 11 ට පමණ මතුගම නගරය වෙත ළඟාවී ඇත. කුලිය ගෙවීමෙන් පසු මෝටර් රථයේ පැමිණි අය බැස ගී කියන කන්ද වත්ත දෙසට යන බව පවසා රියැදුරාගෙන් සමුගෙන ඇත. මධ්‍යම රාත‍්‍රිය උදාවීමට ඇත්තේ තවත් හෝරා එක දෙකකි. මතුගමින් වාහනය හරවා ගත් රාමස්සාමි ආපසු ගමට ළගාවීමේ අදහසින් ඉදිරියට එන්න විය. ප‍්‍රදේශයේ කිසිම තැනක තේ කඩයක් හෝටලයක් විවෘතව නැත. කෑලි කැපිය හැකි ඝන අන්ධකාරය රජයයි. හුදකලාව තනිපංගලමේ යක්කු ගස් යන රාත‍්‍රියේ අහස්බෝක්කුව පිළිබඳව මතකයේ රැඳී තිබුණු අසා ඇති දෙයක් ඔහුට සිහිපත් විය. ඒ අහස් බෝක්කුව සමීපයේ හොල්මන් අවතාර මෝහිණීගේ දිෂ්ටිය පවතින බවයි. හොල්මන්, යක්කු ඕවා මිනිස්සුන්ගේ බොරු කථා කියා හිත හදාගත් රාමස්සාමි ධෛර්ය සම්පන්නව හිල්මන් රථය ධාවන කරන්නට විය. කෙසේ වුවද ඔහුගේ යටිහිත යම්කිසි චකිතයකින් පෙළෙන්නට විය.

ඔහුගේ අත බැඳි ඔර්ලෝසුව දෙස නිකමට මෙන් නෙත ගැටුණි. හරියටම මධ්‍යම රාත‍්‍රි 12 බව ඒත්තු යනවාත් සමගම තම මෝටර් රථය අහස් බෝක්කුව වෙත ළගාවී ඇති බව වැටහුණි. ගතවූයේ නිමේෂයකි. රක්තවර්ණ සාරියකින් සැරසී ගත් සුරූපී කාන්තාවක් දරුවෙකු වඩාගෙන එක්වරම වාහනය නතර කරන මෙන් අතින් සංඥාවක් කළාය. අතැති කුඩා දරුවා මහ හයියෙන් හඬමින් සිටියේය. කාන්තාවගේ රතුසාරිය ගැලවී ඇති සෙයක් මෙන්ම කෙස් කලඹ මුළුමනින්ම අවුල් වී තිබිණි. අපේ රියැදුරා එක්වරම වික්ෂිප්ත විය. තමන් මීට පෙර අසා ඇති මෝහිණීගේ අවතාරය බව හඳුනාගත් ඔහු දැඩි භීතිය සන්ත‍්‍රාශය මධ්‍යයේ වුවද වාහනය නොනවත්වා වේගයෙන්ම ධාවනය කරන්නට විය. අනවශ්‍ය වේලාවක මෙසේ කුලී ගමන් යෑම නුසුදුසු බව තම බිරිය මීට පෙර අවස්ථා කීපයකදීම තමන්ට පැවැසූ බව ඔහුට සිහිපත් විය.

raamasmi1තවත් බඹ කීපයක් ඉදිරියට ගමන් කළ ඔහු පසු පස පෙනෙන කණ්ණාඩිය දෙස නිකමට මෙන් බැලීය. සිරුරේ හිරි ගඩු පිපිණි සිරුර දහඩියෙන් තෙත් විය. ඇෙඟ් මයිල් කෙළින් විණි. අර මෝහිණී හා දරුවා වාහනයේ පිටුපස ආසනයේ වාඩිවී සිටිති. රාමස්සාමිට වැදූ මව සිහිවිණි. කළ යුතු කිසිම දෙයක් නැත. තව මොහොතකින් මෝහිණී යක්‍ෂණිය මා කා දමනු ඇත. වෙන දෙයක් වුණාවේ. තදින්ම සිත තර කරගත් ඔහු තවත් ස්වල්ප දුරක් ඉදිරියට යත්ම පිටුපස අසුනේ සිටි මෝහිණී දරුවාද වඩාගෙන මෝටර් රථයේ තම අසුන අසල අසුනේ තමන්ට සමාන්තරව වාඩිවී සිටී. මෝහිණී තම සිරුරේ ගෑවෙන නොගෑවෙන තරම් සමීපයේය. පුරුද්දට මෙන් ධාවනය වූ මෝටර් රථයේ තිරිංග පෑගී මහා මාර්ගය මත මෝටර් රථය ක්‍ෂණිකව නතර විය. රාමස්සාමි සිහි මුර්ජා වී සුක්කානම මත ඇද වැටී ඇත.

පසුවදා පහන් වී ඇත. අසල නිවසක පුද්ගලයෙක් ස්වකීය නිවසේ ඉදිරි දොර විවෘත කර බලන විට මහා මාර්ගයේ මෝටර් රථයක් ඇති බව දක්නට ලැබිණි. රථයේ ලාම්පු (ලයිට්) දැල්වෙමින් පැවතිණි. වහාම එතනට පැමිණි ඔහුට දක්නට ලැබුනේ වාහනයේ රියැදුරු අසුන මත සිහි මුර්ජා වී සිටින පුද්ගලයෙකි. නිවසට දිවගිය ඔහු භාජනයකට වතුර ගෙන ගොස් රියදුරු තැනගේ මුහුණ දෙසට මදක් ඉස්සේය. පුදුමයකි සිහිසුන්ව සිටි පුද්ගලයා දෙනෙත් හැර ඔහු දෙස බලා හිස ඔසොවා නැගිට්ටේය. සිදුවූ කිසිවක් නිවැසියාට නොපවසා ස්තුති කර රාමස්සාමි නිවසට පැමිණි බව පැවසුවේ තමන් අත්දුටු බිහිසුණු දර්ශනය සිහිනයක් දැයි සිතමින් බවය. අවසන් වශයෙන් ඔහු මා සමග ප‍්‍රකාශ කෙළේ සති කීපයක් තිස්සේ ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ යකැදුරන් ගෙන්වා කරන ලද පිළියම්වලින් පසුව යථා තත්ත්වයට පත්වූ බවයි.
කලාවන - රණසිංහ ආරච්චි
divaina
================================================

මියගිය දරුවා දොස්තරගේ මූණට ගසා දැමූ මෝහිණී

ගිය සතියේ ඉරිදා මා ‘දිවයින’ ට සටහන් කළ අහස් බෝක්කුව ළඟ මෝහිණී ලිපිය කියවූ කීප දෙනෙක් මට ප‍්‍රතිචාර දක්වමින් ඉල්ලා සිටියේ තවත් එවැනි කතාන්දරයක් යළි ලියන ලෙසයි. යක්ෂ අවතාර කතා රාශියක් මා දැන සිටියත් මේ ප‍්‍රබන්ධය පමණක් පාඨකයින්ට ඉදිරිපත් කිරීමට මම තිීරණය කළෙමි.

 මා සෘජුවම මේ කතාන්දරය ඔබ වෙත ඉදිරිපත් කිරීමට පෙර ඊට පුස්තුකය ලෙස යකුන් යක්ෂණියන් ගේ අතීතය ගැන ද යමක් ලියමි. සමහරු යකුන් හොල්මන් ගැන විශ්වාස කරති. සමහරු විශ්වාස නොකරති. විජය කුමරු ලක්දිවට පැමිණි විට අපේ රට යකුන්ගේය. කුවේණි යක් රැුජණයි. වර්ෂ 2600 කටත් පෙරාතුව බුදුන් වහන්සේ ලක්දිවට වැඩියේ යකුන්ගේ ආරවුලක් සමථයට පත්කරන්නටය. චූලෝදර, මහෝදර මණිඅක්ඛිත යකුන් ගැන අප අසා ඇත. ත‍්‍රිපිටකයේ බොහෝ ස්ථානවල යක්ෂයින් ගැන සඳහන් වේ. බුදුරජාණන් වහන්සේ පරසක්වල ගසන්නට ආලෝක යක්ෂයාත් සේවක ගදාභ යකාත් පුරසාරම් කී හැටි අපට මතකය. ඇතැම් සූත‍්‍ර දේශනාවල යක්ෂයින්, යකින්නන්, යක්ෂ පෝතකයින් යක්ෂ පෝතිකාවන් ගැන සඳහන් වේ. මහසෝනා රීරි යකා ගැන යක්කු ගැන අප අසා ඇත. මැදියම් රාත‍්‍රියෙහි ගස් යන යක්කු ගැන ද අප අසා ඇත. යම් යම් අය ඇමැතිමේදී අද ද අපි යකෝ, අර යකා, මේ යකා යැයි කියන්නෙමු. යකා ගැසූ කාන්තාවන් ගැන ද අපි දනිමු. මහ දවල් සොහොන් පිට්ටනියක් අසල කිරි කපමින් සිටි ස්ත‍්‍රියකට යකෙක් ගැසූ ආකාරයත් ඇයගේ පිට ප‍්‍රදේශයේ යකාගේ ඇඟිලි පහේ සලකුණු පිහිටි බවත් කෙනෙක් මා සමඟ කියා ඇත. නමස්කාර පාඨයේ නමෝ යන වචනය කියා ඇත්තේද සතාගිරි නම් යකෙක් යැයි මා අසා ඇත. හේමවත නම් යකෙක් ගැන ද සඳහන් වේ. මා මේ කොටස රචනා කළේ යම් යම් ආකාරවලින් යකුන් යක්ෂණියන් බද්ධව සම්බන්ධය ඇති ආකාරය ඉඟියක් පළ කිරීමටයි. මේ යක්ෂණියන්ගෙන් අමනුෂ්‍යයන්ගෙන් සිදුවෙන හිංසා පීඩා සමථයකට පත්කර ගැනීමට අපේ රටේ යකැදුරන් බිහිවූ බවත් පවසමින් මම දැන් මගේ කතාන්දරය ඔබට කියමි.

 මා ගිය සතියේද ප‍්‍රකාශ කළේ මෝහිණී සම්බන්ධව ප‍්‍රබන්ධයකි. මේ සතියේද එම සම්බන්ධය යළි සම්බන්ධ කර ගතිමි. මා අසා ඇති මේ කතාන්දරයට අවුරුදු 60 ක් පමණ වයසය. මේ කතාවේ කතා නායකයා ද්‍රවිඩ වෛiවරයෙකි. කතාවට පාදක වී ඇත්තේ කලවාන ප‍්‍රදේශයයි. මේ කාලය ප‍්‍රදේශයේ ජනශූන්‍ය වකවානුවකි. කලවාන ප‍්‍රදේශයේ ඉතාම කුඩා ග‍්‍රාමීය රෝහලක් විය. මට මේ වෘත්තාන්තය පැවැසූ වෛiවරයා අද අප අතර නැත. යාපනයේ උපන් සෙල්වදොරේ වෛiවරයා පේරාදෙණි විශ්වවිiාලයෙන් වෛi උපාධිය ලබා කලවාන කුඩා ග‍්‍රාමීය රෝහලේ සේවයට පැමිණ ඇත. කෙසේ වුවද රෝහලේ සිට කිලෝමීටරයකට පමණ දුරින් වෛiවරයාගේ බංගලාව (නේවාසිකාගාරය* විය. එය පිහිටියේ එවකට කලවාන මහා විiාලයට ආසන්නයේය. ප‍්‍රදේශවාසීන් වෛi නිවාස හැඳින් වූයේ භූත බංගලාව ලෙසය. කැලෑවෙන් ගැවසුණු පරිසරයක පිහිටි මෙම නිවස ඉතාමත් අඳුරු සහගතය. ඇතැම්විට හොල්මන් අඩිකෝඩ ද පවතින්නට ඇත. ඒ නිසාම භූත බංගලාව වන්නට ඇත. අද ඒ බංගලාව දක්නට නැති අතර එහි පාසල් ගොඩනැඟිලි සාදා ඇත.

 එදා සෙල්වදොරේ වෛiවරයා වඩාත් කාර්යබහුල දිනයක් විය. සර්ප විෂෙන් මියෑදුණු තරුණ කාන්තාවකගේ මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණය පවත්වන්නට සිදුවීමය. වෛi වෘත්තියට පත්වීමෙන් පසු මිනියක් කපා පරීක්‍ෂණ කරන්නට සිදුවූ ප‍්‍රථම අවස්ථාව මෙය බව මා සමඟ කීය. හිතට භීතියක් චකිතයක් ඇති වුවද පුරුෂ ධෛර්ය උපදවා ඒ කාර්ය නිසි ලෙස ඉටුකළ බව සෙල්වදොරේ මහතා මා සමඟ කීවේ යම්කිසි චකිතයකින් බව මට අවබෝධ විය.

 දිවා කාලය පහව ගොස් රාත‍්‍රි කාලය උදාවත්ම වෛiවරයා ඩිස්පැන්සරියෙන් බැහැරව සුපුරුදු පරිදිම හොල්මන් බංගලාව වෙත පැමිණ ඇත. මනස තුළ යම් කිසි කැකෑරුණු බියක් ඇති වුණද එය යටපත්කරගෙන වෛද්‍යවරයා නින්දට ගොස් ඇත. මධ්‍යම රාත‍්‍රිය එළැඹෙත්ම භූත බංගලාවේ ඉදිරි දොරට ‘ටක් ටක් ටක්’ යන හඬින් කවුදෝ හඬ තලන බවක් ඇසන්නට විය. ක්‍ෂණිකවම නිදි යහනෙන් නැඟිට සෙල්වදොරේ ‘කවුදැයි - කවුදැයි’ කියමින් ඉදිරි දොර විවෘත කළේය. දොස්තරගේ දෙපා වෙව්ලන්නට විය. මඳක් පස්සට වීසිවුණු සෙල්වදොරේ හඬමින් සිටින දරුවකු වඩාගත් මහ ? ආ මේ සුන්දර කාන්තාව දෙස සැකෙන් මෙන් බලා ඇයි දැයි ඇසීය. ‘සර් මේ ළමයාට හොඳටම අමාරුයි. බෙහෙත් ටිකක් ගන්නැයි ආවේ’ කාන්තාව ප‍්‍රකාශ කළාය. තනියෙන්ද ආවේ. ඇයි තනියෙන් එන්න නරකද? ඈ පිළිවදන් දුන්නාය. භූත බංගලාවේ බෙහෙත් නැති බවත් දරුවා වහාම රෝහලට ගෙන යන ලෙසත් තමා රෝගියා පරීක්‍ෂාවට එන බවත් වෛiවරයා පැවැසු පසු ඉක්මණට එන්න සර්. නැත්නම් ළමයා මැරෙයි කියා ඇය අතුරුදන් වූවාය.

 වෛiවරයා දිවා කාලයේ සිදු කළ පශ්චාත් මරණ පරීක්‍ෂණය පිළිබඳ සිහිපත් විය. තමා කපා කෙටූ කාන්තාවත් මේ කාන්තාවත් එක වගේමද? යළිත් සිත දැඩි කරගත් වෛi සෙල්වදොරේ ස්වකීය වෙද නළාවද පැළඳ ගරාජය වෙත ගොස් තම මොරිස් එයිට් වර්ගයේ මෝටර් රථය පණගන්වා රෝහල වෙත පිටත් විය. කෑලි කපන ඝන අඳුර රජයමින් පැවැතුණි. හිතට බියක් නැතුවාද නොවේ. මහ ? නුහුරු නුපුරුදු පළාතක තනි පංගලමේ යන ගමනක් වෛiවරු පැය 24 ම රෝගීන්ට ප‍්‍රතිකාර කළ යුතුය. එය වෛi ප‍්‍රතිඥාවයි. කලවාන නගරයේ ඈත කෙළවරින් දකුණු දෙසට මෝටර් රථය හැරවූ වෛiවරයා ඉදිරියට යන්නට විය. යළිත් ඉදිරි වංගුවෙන් වාහනය දකුණට හැරවිය යුතුය. එතැනට වම් පසින් මෘත ශරීරාගාරය (මෝචරිය* අඳුරේ දිස්වේ. පුදුමෙකි. අර දරුවා වඩාගෙන ආ කාන්තාව එතැන පසුකරගෙන යමින් සිටී. නොදැනෙන භීතියක් දැනුන අතර වෛiවරයා මෝටර් රථයේ වීදුරුව පහත්කර අර කාන්තාව සමඟ කතා කර යන්නට සූදානම් විය. ගතවූයේ නිමේෂයකි. දැන් වැඩක් නෑ. තමුසෙ එන්න පරක්කු වුණා. ළමයා මරුණා. මේන් ළමයා කියා ඇය එක් වරම වීදුරු කවුළුවෙන් මළ දරුවා වෛiවරයාගේ මුහුණට දමා ගැසීය.

 මෝටර් රථය පණගැන්වුණු පරිදිම එතැන විය. නිහඬ රාත‍්‍රියේ පණ  ගැන්වෙමින් විදුලි පහන් දැල්වෙමින් මිනී කාමරය අසල තිබූ වාහනය හඬින් හඳුනාගත් රෝහලේ මුරකරුවා වහා එතැනට සමිප විය. සිහි මුර්ජාවෙන් සුසුම් හෙළමින් සිටි වෛi සෙල්වදොරේ හඳුනා ගත් ඔහු ක්ෂණිකවම ක‍්‍රියාත්මක වී ආධාරකරුවකුද ගෙන්වා වෛiවරයාව රෝහලට ඇතුළත් කර අතර ප‍්‍රතිකාරවලින් සුවවූ බව වෛiවරයා මා සමඟ පැවැසීය. අද ද කලවාන රෝහලේ මේ මූසල මෘත ශරීරාගාරය එදා පැවැති තැනම ඇත. සත්‍යවුවත් අසත්‍ය වුවත් එකීි වෛiවරයා මේ මෝහිණීගේ කතාන්දරය මා සමඟ පැවැසුවේ අදින් අඩසියවසකටත් පෙරය.

 කලවාන - රණසිංහආරච්චි
divaina
=====================================

මෝහිණී දරුවා සපාකයි; පොඩි එතනා සිහි නැතිව ඇද වැටෙයි!

මාටින් හා පොඩි එතනා පිළිබඳ මේ හොල්මන් කතාන්තරය මට අසන්නට ලැබුණේ දශක හතරකට පමණ ඉහතදීය. කෙසේ වුවද තවමත් ඒ පුවත මගේ මතකයේ රැඳී ඇත.

 මාටින් - පොඩි එතනා යුවළ නාගරික පරිසරයේ ජීවත්ව ඇත. මොවුන්ට දරු සම්පත් නොවීය. මාටින් රජයේ සුළු රැකියාවක් කර විශ‍්‍රාම ලබා ඇත. නාගරික පරිසරය අප‍්‍රිය කළ මේ මහලූ යුවළ සියලූ දේපළ විකුණා දමා ජීවිතයේ සන්ධ්‍යා සමය ගත කරන්නට සිංහරාජ වනාන්තරය ආසන්නයේ, සීමා වේ පුද්ගලික ඉඩමක් මිලදී ගෙන පදිංචියට පැමිණ ඇත. ඉඩමේ සාමාන්‍ය නිවසක් ද වූ අතර දෙදෙනාම ග‍්‍රාමීය පරිසරයක සුන්දරත්වය විඳිමින් අසල්වැසියන් ද දැන හැඳිනගෙන ප‍්‍රීතිමත් දිවියක් ගෙවූහ. සන්ධ්‍යාභාගයේ අසල්වැසියන් මේ නිවසට පැමිණ මාටින් සමග අල්ලාප සල්ලාපයේ නිරත වූ අවස්ථා එමටය. සුරුට්ටුවක් තොලග රඳවාගත් මාටින් කටින් පමණක් නොව නාසයෙන් ද දුම් පිටකරමින් කියන කතා, තොරතුරු ඇසීම ගම්මුන්ගේ ප‍්‍රීතිමත් විනෝදාංශයක් විය.

 කණ්ණාඩියක්වත් නොපළදින මාටින් ඇසුරු කිරීමට ගුරුහරුකම් ලබා ගැනීමට කවුරුත් ප‍්‍රියකළහ. හදිසියේ ගම්වැසියෙකුට ලැබෙන ’’ටැලි ග‍්‍රෑම්’’ එකක් කියවා ගන්නට ගියේ ද ඔහු ළගටය. ඒ ගම්වැසියන් ඉංග‍්‍රීසි බස නොදන්නා නිසාය. වල්ඌරුමස් කෑමට ප‍්‍රිය කළ මාටින්ට නිතරම බිරිඳ දොස්පවරන්නීය. ඒ වල්ඌරු මස් සමග මහසෝනාගේ ඇල්ම බැල්ම ඇතැයි විශ්වාස කරන නිසාය.

 නමටම ඔබින පරිදි පොඩිඑතනා පොඩි වයෝවෘද්ධ කතකි. නිතරම බුලත් හපන්නට ඇය පුරුදුව සිටියාය. හොල්මන්, අවතාර, යක්‍ෂ, පේ‍්‍රත, පිසාච දිස්ටිවලට නම් ඇය දැක්වූයේ අසීමිත බියකි. ඉඳහිට විදුලි පන්දම (ටෝච්එක) රැගෙන හදිසි අවශ්‍යතාවකට එළිපහලියට ආවත් ඇය විදුලි පන්දම එල්ල කළේ ඉදිරියට නොව පිටුපසටය. ඒ අමනුෂ්‍යයින්ට ඇති අධික බිය නිසාය. පොඩි එතනා ඉතාමත් ඔතෑනි කාන්තාවකි. දිරාගිය සිරුරක් තිබුණත් ගෙදර දොරේ වැඩට නම් ඉතා හපනියකි. නිතර නිතර ඇය ඉතිපිසෝ ගාථාව මුමුණන්නීය. ඒ ඇයි දැයි මාටින්වත් නොදනී.

 ඒ වසන්ත කාලයයි. ගහ කොළ මල්පල දරා ඇත. පරිසරය ඉතාමත් සුන්දරයි. සිංහරාජය දෙසින් හමා එන මඳනළ ගතසිත නලවයි. කුස්සිය දෙසට ගිය පොඩි එතනා එක්වරම දුටුවේ ලිප දැල්වීමට දර නැති බවයි. සැමියා මිදුලේ ගසක් යට සුරුට්ටුවක් උරමින් මනෝලොවක රජකරයි. තවමත් පරිසරය ඉරු එළියෙන් බබළයි. ඒත් දැන් තරමක් සවස් වෙලාය. චීත්තය ඉණට තදකර ඇඳගත් ඇය කැත්තක් ද මලූපිටක් ද, ලණුකෑලි දෙකක් ද රැගෙන නිවසට මඳක් දුරින්, පෙනෙන නොපෙනෙන මානයේ පිහිටි වන රොදට පිවිසියේ දරමිටියක් කඩාගෙන ඒම සඳහාය. නිවසින් පිටවන ඇය දුටු සැමියා ‘‘ ගොම්මන් වේගෙන එන විට කැලේ යන්න එපා’’ යැයි කීවත් පොඩි එතනා ඒ කතාව තුට්ටුවකට මායිම් කළේ නැත.

 මිල්ල දර මේ ප‍්‍රදේශයේ බහුලව පවතී. ගැමි කාන්තාවන් මිල්ල වර්ගයේ දර සඳහා ඉමහත් රුචියක් දක්වයි. රාස්සිගේ අව්වත් දැන් සිංහරාජයේ තුරුලතා මත පතිත වී ඇත. ඉඳහිට රැහැයියන්ගේ ගීතය ද ඇයට ඇසේ. වසන්ත කාලය නිසා සිංහරාජයේ බස්නාහිර පැත්තෙන් සූර්ය දිව්‍යරාජයා ද පෙනෙන නොපෙනෙන සේය. ඇය චීත්තය මඳක් කෙටිකර ඇඳගෙන දරමිටිය ඔසවන්නට හදනවාත් සමගම මවක් කුඩා දරුවකු නලවන හඬක් පොඩි එතනාට ශ‍්‍රවණය විය. ඇය නැළවිලි හඬ ඇසෙන දෙස බලනවාත් සමගම මුළු ගතම බියට පත් කළ දසුනක් ඇය ඉදිරියේ පෙනුණි සුරූපී තරුණ ළදක් ඔන්චිලි පදිමින් සිටී. ඇය දෙනෙත් පිසදමා ඒ දෙස යළි යළිත් බැලීය. සත්‍ය සිද්ධියකි. ඇයගේ උකුළේ සුරතල් දරුවෙකි. ගස් නැති රටේ පැපොල් ගහක් ගසකි කීවා සේ දරුඵල නැති මේ අම්මාට ඔන්චිල්ලාවේ සිටින දරුවාද සම්පතකි. ඔන්චිල්ලාව ඉදිරියට එයි පසුපසට එයි. යළි එසේ වෙයි. ගොම්මන් වෙලාවේ මේ නම් පෙනෙන්නේ මිනිස් කාන්තාවක් නම් නොවන බව ඇයට වැටහිණි. නැලවිලි ගී හඬ ද මනාව ඇසේ. දිවයන්නට ඇයට සිත්විය. දැන් නම් හොඳටම ගොම්මන් වෙලාය. ගතවුයේ නිමේෂයකි. ඔන්චිල්ලාව පදවන සුරූපිනිය එක්වරම දරුවා හපා කන්නට පටන් ගත්තේය. දරුවා මර හඬදෙයි. භීතියෙන් තැතිගත් පොඩි එතනා දිවයන්නට තැත් කළත් පාදය ගලක හැපී ඇය සිහිමූර්ජා වී දරමිටිය මතම ඇදවැටුණාය. ඇය දියෙන් ගොඩට ගත් මසෙකු සේ වෙව්ලයි. නාසයෙන් කටෙන් සෙම ගලයි. කෙඳිරිය බඹ කීපයක් ඈතට ඇසේ.

 මාටින් දැන් හොඳටම කුලප්පු වෙලාය. කැලෑ රොද දෙස බලයි. පොඩි එතනා පෙනෙන්නට නැත. දැන් හොඳටම අඳුරුයි. එකත් එකටම ඇයට කරදරයක් වී ඇතැයි අනුමාන කළ ඔහු සමීප නිවසේ ජේමිස් ද සමග වහා ඇය සොයන්නට ගියේය. දර කැපූ ප‍්‍රදේශය අඩ අඳුරේම පරීක්‍ෂා කරන විට සිහිනැතුව මළ කඳක් සේ බිම ඇද වැටී ඇති බිරිඳ සොයා ගැනීමට හැකි විය. ඇය පිරික්සූ ජේමිස් ප‍්‍රකාශ කළේ ‘‘හුස්ම’’ වැටෙනවා කියාය. දෙදෙනාම එකතු වී නිවසට ඇය ඔසවාගෙන ගියහ.

 අහල පහළින් පැමිණි බොහෝ දෙනා බිම බලා මුනිවත රැක්කෝය. අසලම වූයේ කලවාන ග‍්‍රාමීය රෝහලයි. මාර්ග පහසුකම් නොවූයෙන් ඇඳිපුටුවක තබා ප‍්‍රධාන මාර්ගය දක්වා ඇය ගෙන ගියේ අසල් වැසියන්ය.

 අනතුරුව ලොරියකින් රෝහල වෙත ගෙන යන ලදී. දින දෙකකින් පමණ ඈ සාමාන්‍ය තත්ත්වයට පත් වූවත් භීතිය ඈ තුළින් පහවගොස් නොතිබුණි. නිතර නිතර ඈ දොඩමළු වූවාය. මධ්‍යම රාත‍්‍රියේදී ‘‘හූ කියමින්’’ දුවන්නට වූවාය. කෙසේ වුවද ඇයට සුවය ලැබුණේ මාතරින් ගෙන්වන ලද යකැදුරෙකු විසින් කරන ලද ශාන්තිකර්මයකින් පසුවය. කෙසේ වුවද ඇය මිය යනතුරුම මේ යක්‍ෂ බිය පහව ගොස් නොතිබුණි. නිතරම යකැදුරන් විසින් ජප කරන ලද සුර, කහ නූල් ඇගේ සිරුරේ විය.

 දින කීපයකට පසු මාටින් සමග පිළිසඳරේ යෙදී සිටි ජේමිස් මෙසේ ප‍්‍රකාශ කර ඇත. මහත්තයො, පොඩි එතන හාමිනේ දර කපන්න ගිහින් තියෙන්නෙ සොහොන් පිට්ටනියට ඔය හරිය ඉස්සර අමු සොහොනක්. මායිම් දැම්මට පස්සෙ සිංහරාජෙට අහුවුණා ඉස්සර ඔය හරියෙ ගෑනියෙකුයි ළමයෙකුයි මරාදාලා තිබුණලූ සොහොන් කළෙත් ඔය හරියෙලූ. එදා ඉඳල ගමේ කවුරුවත් නිකමටවත් ඔය පැත්තෙ යන්නෙ නෑ. මීට ඉස්සරත් ඔය ඔංචිලි පදින ගෑනි, කීප දෙනකුම දැකලා බය වෙලා තියෙනවා. කිව්වට මොකද? අනේ මමත් දවසක් බය වුණා. මේ වෙනකම් කාටවත් කිව්වේ නෑ. මෙන්න බලන්න මතක්වෙනකොට දැනුත් මගේ ඇෙග් මයිල් කෙළින් වෙනවා යැයි ජේමිස් කීය. පොඩි එතනා ඕව ගැන දැනගෙන හිටියෙ නෑනෙ. ඒකයි ගොම්මනේ අමු සොහොනෙ දර කඩන්න ගියේ යැයි කියූ ජේමිස් ‘‘මෝහිණී දිහා නම් බලා ඉන්න පුළුවන්. ළමයා කඩ කඩා කනව දකිනකොට තමයි ‘‘පණ බය’’ කියා ජේමිස් සුසුමක් හෙළීය. කලකට පෙර මේ ප‍්‍රදේශයේ ගිය මට දැනගන්නට ලැබුණේ මාටින්, ජේමිස්, පොඩි එතනා අවසන් ගමන් ගොස් ඇති බවත් නිවස තිබූ තැනක්වත් දැකගන්නට නැති බවත්ය.

 නම් ගම් මනඃකල්පිතයි
 කලවාන - රණසිංහ ආරච්චි
divaina
=====================================
උපුටා ගැනීම් සහිතයි ....!!! 
දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Sunday, January 19, 2020

බලසම්පන්න අදිසි බලවේග.......(Adisi balawega prethaya thowill අබිරහස් අඩවිය - Abirahas Adawiya - හොල්මන් කතා. holman katha)

නොපෙනෙන ලෝකය 
රාවණා යුගයට පෙර පටන්ම, අදෘශ්‍යමාන බලවේග මිනිසුන්ට කරදර හිරිහැර කර ඇති බවටත්, එම බාධක මැඩ පවත්වා ගැනීම සඳහා ඔවුන් නොයෙක් යාග හෝම කළ බවටත් සාධක ඇත. බුදුන්වහන්සේ සූක්ෂම ශරීර ඇති, ඕනෑම තැනකින් ගමන් කළ හැකි, නොපෙනෙන, තන්මාත්‍ර ආහාර තන්මාත්‍ර ජලය (ආහාරයේ සියුම් කොටස්) ආහාරයට ගන්නා දේව, ප්‍රේත, භූත ආත්ම අප සමගම මෙම පොළෝ තලය මත ජීවත්වන බව පැහැදිලිවම දේශනා කළ සේක.   
එ් ඒ පුද්ගලයා විසින් කරන ලද කුසල කර්ම හේතුවෙන් උසස් දේව ආත්මවල උපදින බවද, අකුසල කර්ම හේතුවෙන් ප්‍රේත, භූත ආත්මවල උපදින බවද පැහැදිලිවම දේශනා කළ උන්වහන්සේ, ඒ සියලුම ආත්මවලට වඩා මිනිස් ආත්මය වටිනා බවද, මෙම කිසිම ආත්මයකට මිනිසුන්ට උදව් උපකාර නොකළ හැකි බවද, අවධාරණයෙන්ම පැවසූහ. නමුත් ප්‍රේත, භූත ආත්ම වලින් මිනිසුන්ට කරදර හිරිහැර සිදුවන බව පැවසූ උන්වහන්සේ, විශාලා මහනුවර ඇතිවූ තුන් බියෙන් එක් බියක් වූ අමනුෂ්‍ය බිය දුරුකිරීම සඳහා රතන සූත්‍රය ද භාවනාව පිණිස වනයට වැඩිය ස්වාමීන් වහන්සේලාට ඇතිවූ අමනුෂ්‍ය බිය දුරුකිරීම සඳහා කරණීය මෙත්ත සූත්‍රය ද දේශනා කළ සේක.   
ෙලාව පුරා සෑම රටකින්ම වාගේ, ප්‍රේත ආත්මවලින් කරදර හිරිහැර සිදුවන බවත්, අවතාර හොල්මන් විටින් විට දර්ශනය වන බවත් වාර්තා වෙයි. ඩිජිටල් කැමරා කාචයක සඳහන් වන හොල්මන් අවතාරවල රූ සටහන් ද, අපට එක්වරම ඉවතලිය නොහැකිය. අපට අවශ්‍ය විටක මෙම හොල්මන්, අවතාර දැකිය නොහැකි අතර, ඉඳ හිට බලාපොරොත්තු නොවූ අවස්ථාවක දර්ශනය වීම, අපට එක් විටම ප්‍රතික්ෂේප කළ නොහැක්කේ, මා ද හොල්මන් දැක ඇති අතර හොල්මන් සමග කතාකර ද ඇත්තෙක් නිසාය. නමුත් එම දිනවල මා හොල්මන් අවතාර ගැන කිසිත් නොදැන සිටි බැවින් මසිතෙහි බියක් චකිතයක් ඇති නොවිණි.   
(26.05.2019 ඉරිදා ලංකාදීප, රසවිත අතිරේකය, සම්බුද්ධ ජයන්තිය දා මා දුටු අවතාරය) නමුත් අද මා විශ්වාස කරනුයේ එදා මා හා කතා කළේ යම් කිසි භූත බලවේගයක් විය හැකි බවය. එම අවධියේ විශේෂයෙන්ම පිරිමි අය පන්සලකට ගියත්, මළ ගෙදරක ගියත් ඇඳුම සුදු විය යුතු යයි කියා කටයුතු නොකළ අතර, ඇඳුමක් පිළිවෙළට අඳින අය සිටියේද අතළොස්සකි. නමුත් මට හමුවූ සියලුම පිරිමි අය සුදු ඇඳුම් ඉතාමත් පිළිවෙළට ඇඳ සිටියහ. අප ගමේ වැඩිහිටියන් සියලු දෙනාම පාහේ මා හඳුනන අය වුවත්, එම රාත්‍රී මට හමුවූ අය අතර, මා අඳුනන කිසිවෙක් නොවූහ.   
එම සිද්ධියෙන් පසු ​හොල්මන් අවතාර ගැන දැන ගැනීමේ කුකුසක් මා තුළ ඇතිවිය. මා මිතුරන්ගෙන් මේ ගැන විමසුවත් ඔවුන්ගේ දැනුම ද මාගේ දැනුමට සමාන විය. ඒ අප වැනි කුඩා ළමුන් ඉදිරියේ කිසි දින වැඩිහිටියන් හොල්මන් කථා නොකියන බැවිනි. අප නිවසට අල්ලපු නිවසේ විසූ සච්චක මුත්තා, රාත්‍රී කෑමෙන් පසු අප නිවසට පැමිණ අපේ මුත්තා, තාත්තා හා අම්මා සමග නොයෙක් අද්භූත කතා නිදිමත වන තුරු කීවේය. කතා කරනුයේ ඔහු පමණය. අපේ තාත්තා, මුත්තා හූ මිටි තබනවා පමණය.   
සර්ප වෙදකම හා කේන්ද්‍ර බැලීම කරන මොහු පවසන සෑම කරුණක්ම සැබෑ ලෙස අසන්නන් පිළිගත යුතුය. දිනක් ඔහුගේ ළඟදී මියගිය පියා දැනට දිව්‍ය ලෝකයේ දේව සභාවක බලවත් දෙවි කෙනෙකු වී ඉපදී ඇති බව පැවසීය. දිව්‍ය ආභරණ පැළඳ පළාතම එළිය කරමින් සෑම රාත්‍රියකම ඔහු හමුවීමට පැමිණ, ඔහු විසින් කළ යුතු සියලු කටයුතු සම්බන්ධව උපදෙස් දෙන බවත්, නිවැරැදි රෝග විනිශ්චයක් කළ යුතු ප්‍රතිකාරත් කියාදෙන බවත් පවසා නිතරම ඔහුට දේව පියාගේ බැල්ම ඇති බැවින් කිසිම අවතාරයකට, භූතයෙකුට, දිෂ්ටියකට ඔහුට කිසිම කරදරයක් සිදුකිරීමට නොහැකි බව පැවසුයේ ලොකු අයියාත්, මමත්, හොරාට සවන් දෙන බව නොදැනය.
මාගේ මව, පියා, මුත්තා, ආත්තා පමණක් නොව අසල්වැසි සියල්ලන්ම ද, හොල්මන්, අවතාර, යක්ෂ දිෂ්ටි හා කොඩිවින විශ්වාස කළෝය. කිසිවෙකු පාරක තොටක හෝ නිදි පැදුරේ අසනීපයක් නොමැතිව සිට හදිසියේ මියගිය හොත්, ගමේ වඩිහිටියෝ එක්ව මළ සිරුර පුරා පරීක්ෂා කර බලති. එක් සර්පයෙකු දෂ්ටකර ඇද්ද, යකා ගසා ඇත් දැයි සැක හැර දැන ගැනීමටය. සර්පයෙකු දෂ්ට කර ඇත්නම් දළ පහරවල් හා ඉදිමුම ඇත. දළ පහරවල් පරීක්ෂා කිරීමෙන් කුමන සතා දෂ්ට කර ඇද්දැයි කීමට ඔවුහු දැන සිටියහ. ශරීරයේ යම් ස්ථානයක දම් පැහැති පැල්ලමක් දුටුවහොත් ඒ යකා ගසා ඇති ස්ථානයයි. පැල්ලමේ විශාලත්වය හා වර්ණය අනුව, ගසා ඇත්තේ මහසෝනාද, රීරි යකා දැයි ඔවුහු තීරණය කළහ. ඉන් එහාට මරණ පරීක්ෂණ පැවැත්වූවේ නැත. වෛද්‍ය විද්‍යාව මෙතරම් දියුණු නොවූ, එම අවධියේ නහරයක් පිපිරී මියයාම සැලකුවේ යකා ගසා මියයාමක් හැටියටය.   
අද මෙන් නොව එදා සෑම ගෙදරකම, පඩි පෙළ මෙන් ළමයින් හතක් අටක් වත් සිටියහ. සෑම ගෙදරකම, සෑම දිනකම වාගේ ඉන් දෙතුන් දෙනෙකුවත් ​ෙසම්ප්‍රතිශ්‍යාව හා උණෙන් පෙළුණහ. නාසයෙන් කහ පාට හොටු කට තෙක් පෙරාගෙන බොල් හඬින් කසිමින් ජංගි කොටයක් පමණක් ඇඳ ගෙන, හිස නොපීරූ කකුල්වල මඩ තල්ලි පිටින් සිටි දරුවන් එකල සුලබ දසුනකි. අසනීප සෑම දරුවෙකුටම පළමු බෙහෙත් වේල අම්මා තම්බා දෙන ඉඟුරු, කොත්තමල්ලී වතුරය. ඇඟ රත්වී ඇත්නම් රෙද්දක් පොරවා ගෙන ජනෙල් දොරවල් වසා කාමරයට වී සිටිය යුතුය. උණු වතුර, කැඳ වතුර හෝ මෝල්ටඩ් මිල්ක් කොප්ප්යක් බඩ ගිනිවූ විට ලැබේ. ඉඟුරු කොත්තමල්ලි වලින් ගුණයක් නැත්නම් කළු වෙද මහතාගේ ගුලි, චූර්ණ හා කෂාය බීමට සිදුවේ. එයින් ද උණ අඩු නොවූයේ නම්, කට්ටඩි මුත්තා, අපේ ගමේ රාළහාමි කැඳවයි. ඔහු කහ මිශ්‍ර තෙල් මතුරා, හිසේ සහ නළලේ ගා කහ නූලක් කරේ බැඳ තුන් වරුවක් ආතුරයා තනි කොකරන ලෙස පවසා, තාත්තා අත මිට මොළවන රුපියල ද ගෙනයයි.   
රාළහාමි මුත්තා මටද, තුන් හතර වතාවක්ම තෙල් මතුරා ඇත. බෙල්ලේ මැතිරූ කහ නූල ගැට ගසන ඔහු අන්තිම ගැටය ගසන්නේ පෝඩා පෝ කියා හයියෙන් මූණට පිඹිමිනි. එවිට ඔහුගේ මුඛයෙන් එන පඩික්කන් සුවඳ දැනුදු මට දැනෙන්නේය. නමුත් උණ බැස ගොස් අපට සනීප වන්නේ එම තෙල් මැතිරීමෙන් අනතරුවය. සාමාන්‍ය උණක් පවතින කාලය දින තුන, හතරක් පමණය. අම්මාගේ කොත්තමල්ලි වල සිට තෙල් මතුරන දින වන විට එම කාලය ඉක්ම ගොස්ය. පරෙස්සම් වීමත් කාලය ඉක්ම යාමත් නිසා උණ බැස ගියද, අප සෑම විශ්වාස කළේ එය ​ෙතල් මැතිරීමේ හාස්කමක් ලෙසය.   
කළුවර වැටෙන්න ඉස්සර පොල් කටු පුච්චලා දුම් අල්ලන්න. ඔන්න පෙරේත ගඳ එනවා. සෑම ගොම්මනකම අපේ ආච්චි විලාප දී අපට අණ කරයි.   
මොකක්ද ආච්චි පෙරේත ගඳ කියන්නේ. මම ආච්චිට ළං වී ඇසුවෙමි.   
ඔය පිළිකන්න පැත්තට ගිහිල්ලා ටිකක් වෙලා ඉන්න, බලන්න මයියොක්කා තැම්බෙන ගඳක් එන්නේ නැද්ද කියලා.   
ඇත්තටම ටික වේලාවකින් මට ද එවැනි ගඳක් දැනුණි. අප නිවස පිහිටියේ මහ මුහුදට සැතපුම් බාගයක් පමණ මෙපිටිනි. අඳුර වැටෙත්ම මෙතෙක් සුළං හැමූ දිශාව වෙනස් වී ගොඩබිමින් මුහුදට සුළං හමන්නට පටන් ගනී. අප නිවසේ සියලු අපද්‍රව්‍ය කොස්කටු, වැල කටු, මාළු සේදු වතුර, ඉඳුල් සියල්ලම ද වැසිකිළි පාවිච්චි නොකරන ළමයින් තැන තැන දැමූ, ගොඩවල් ආච්චි උදැල්ලෙන් විසි කරන්නේ ද මෙම කසළ ගොඩටය. සුළං හැමීමේ දිශාව වෙනස් වීම නිසා, සුළං කසළ ගොඩ හරහා හමායන විට, මෙම දුර්ගන්ධය නිවස හරහා හමා යයි. දුම් ඇල්ලීමෙන් එම දුර්ගන්ධය ඉවත් වෙනවා නොව, ටික වේලාවකින් අප එම දුර්ගන්ධයට හුරුවීමෙන් අපට එම පෙරේත ගඳ නොදැනී යයි.   
අපේ ලොකු අයියා මල්ලීත්, මමත්, අක්කාත් පාඩම් කියා දීමට යයි පවසා ඔහුගේ කාමරයට කැඳවා, අම්මලාට හොරෙන් අපට හොල්මන් කතා කියාදුන්නේය. ඇසීමට බියජනක එම කතා ලොකු අයියා විටින් විට හඬ වෙනස් කරමින්ද, ඇස් ලොකු කර භයංකර විලාශයන් මවා පාමින් ද, කියන ආකාරයට අපි ප්‍රිය කළෙමු. අපි එකිනෙකාට ගුලිවී වෙව්ලමින් ඔහුට සවන් දුනිමු.   
ලොකු අයියා එක්වරම දිව එළියට ඇද, ඇස් ලොකුකර යටිගිරියෙන් අමුතු ගොරහැඬි හඬක් නැගූ විට, අක්කා බියවී කෑ ගසන්නට පටන්ගත්තාය.   
​ෙමාකද, මොකද, ලොකු ළමයා ඔය සද්දේ කියා ගෙන අම්මා එක්වරම දුව ආවාය.   
මේකිට තාම තුන් වරක් චක්කරේ හරියට කියන්න බැහැ. වරදින කොට බැන්නාම අම්මට ඇහෙන්න කෑ ගහනවා. අම්මා තමයි මෙයාව නරක් කරන්නේ. ලොකු අයියා කී විට අම්මා අක්කාට බැණ බැණ ගියාය.   
අද අපේ ස්කෝලෙ ළඟ සොහොන් පිට්ටනියේ මිනියක් වළ දැම්මා. රෑ දොළහට යක්කු, පෙරේතයෝ ඇවිත් ඔය මිනිය ගොඩ ගන්නවා. උන්ට ඕන ඕන හැටියට කෑළි කඩා ගන්නවා. එකෙක් අතක් ගලවා ගන්නවා. තව එකෙක් මිනියේ කකුලක් පාගගෙන අනිත් කකුල ගලවා ගන්නවා. උනුත් හරියට බල්ලෝ වගේ හොඳ හොඳ කෑළි වලට කෑ ගහහා රංඩු වෙනවා. එකෙකුට හදවත ඕන, තව එකෙකුට මොළේ ගලවා ගන්න ඕන. මහ කළු බඩ ගෙඩියක් එක්ක ඇස් රතු දත් ඉදිරියට නෙරා ආපු උසම උස යකෙක්, බොකු බඩ වැලක් ඇදල අරන් එතනම තියන්, ලේ බේරි බේරි කනවා. කරුමෙටවත් ඔය වෙලාවට මිනිහෙක් ඒ අසලින් ගියොත් ඒ මිනිහටත් කතා කරලා මස් කෑල්ලක් දෙනවා. එයා බය නැතුව ඒක අරගෙන ගිහිල්ලා පැඟිරි ගහක එල්ලලා යන්න ඕන. බය වුණොත් මිනිහ ඉවරයි. උන් ඒ මිනිහත් මරලා මස් අරන් යනවා.   
ලොකු අයියා දැකලා තියනවද එහෙම එල්ලපු මස් කෑලි මම ඇසුවෙමි.   
එල්ලපු මස් කෑලි නොවෙ. මට දීපු මස් කෑල්ලක් ගෙනල්ලා අර පල්ලෙහා දෙහි ගහේ එල්ලලත් තියෙනවා.   
ලොකු අයියාට බය හිතුණේ නැද්ද කොහොමද ඒක වුණේ අක්කා ඇසීය.   
මතකද ගිය ඉරිදා ඉස්කෝලේ මුත්තා වළලපු දවස, මම රත්නපුරේ ගිහින්ආවේ. මම දන්නේ නැහැ. එදා මිනියක් වළදාපු බව, ඒ නිසා මම එතනින් රෑ දොළහත් පහුවෙලා බය නැතුව ආවා. කව්දෝ එකෙක් එක පාරටම මගේ නම කියලා කථා කරා. බලනකොට මහ බඩ ගෙඩියක් එක්ක දත් ඉදිරියට ඇදිච්ච කොණ්ඩෙන් මූණට බාගෙට වැහුණු යකෙක්. මම දැනගත්තා මස් කෑල්ලක් දෙන්න තමයි කියලා මම බය නැතුව ගිහින් ඇයි මොකද? කියලා ඇහුවා.   
මේක අරන් පලයන් කියලා මස් කෑල්ලක් දුන්නා. මම ඒක ගෙනල්ලා අර පල්ලෙහා ​ෙදහි ගහේ එල්ලුවා.   
ඉතින් අපි දැක්කේ නැහැ නොවෙ එහෙම මස් කෑල්ලක් දෙහි ගහේ තියනවා. අක්කා කීවාය. මෝඩයා උන් මා පසසෙන්ම ඇවිල්ලා ඒක ආපහු අරන් යනවා. උන් මස් කෑල්ලක් දෙන්නේ බය කරන්න. මමත් බයවුණා නම් මාවත් මරල දැන් උන් ම​ගේ මසුත් කාලා ඉවරයි. ඊට පස්සේ අපි එතනින් තනියම යන්නේ නැහැ. කට්ටියම එකතු වෙලා ඒ ගොල්ලා බයවෙන ඒවා (කුණු හරුප) හයියෙන් කිය කියා තමයි යන්නේ.   
එකල ගමේ යමක් කමක් ඇති උදවිය මිනියක් වළලන විට විශේෂයෙන් කාන්තාවක නම් ඈ පාවිච්චි කළ මාල, වළලු, කරාබු කොණ්ඩ කටු, සාරි කටු, සියල්ල පළඳවා මිනිය වළදමනු ලබයි. අනේ උන්දෑ ඉන්නකම් ඕවට ආශාවෙන් හිටියේ. ඒවා එයාටම ගෙනියන්න දෙන්න යයි කියා ඒ සියල්ල සහිතව මිනිය වළලයි. මේ ආරංචිය ලබන ගමේ හොරු රාත්‍රී පැමිණ මිනිය ගොඩ ගෙන රත්‍රං බඩු සියල්ල ගලවාගනී. සමහර විට පෙට්ටිය ද ආපසු මිනී පෙට්ටි සාප්පුවටම විකුණයි. මෙම හොරු මිනිසුන් බියකිරීම සඳහා මෙවැනි කතා පතුරුවා හරිති.   
දිනක් අපේ අම්මාට සෑදුණු බඩේ අමාරුවකට කොතෙක් කළු වෙද මහතාගේ බෙහෙත් බිව්වද, ගුණයක් නූණෙන්, ආච්චි ගොස් ඌරුගමුවේ ගුරුන්නාන්සේ කැඳවාගෙන ආවාය. ඔහු එකළ පළාතේම ප්‍රසිද්ධ කට්ටඩි මහතෙකි. පැමිණි විගසම දෙහි යුෂ ටිකක් මතුරා ​ෙබාන්ට දී ආතුරයා, අතින්ම සහල් දමා බතක් පිසින්න අණ කළේය. බත ඉදෙන තුරු ආච්චි පිළිගැන්වූ තේ කෝප්පය බොමින්, පෙරදා රාත්‍රියේ මිනි වළක දපා, කුකුළු බිල්ලක් දී කොඩිවිනයක් කැපූ ආකාරය විස්තර කළේ අප සැම මවිතයට පත්කරමිනි.   
පිසුණු බත එළිය ඇති ස්ථානයකට ගෙන ගොස් හොඳින් පරීක්ෂා කර බලා, මේ ගෙදර ළඟදී කිසිවෙකු මියගියේ දැයි ඇසුවේය. ආච්චි ඇගේ දුව හින්නිහාමි ළඟදී මිය ගිය බව පැවසුවාය.   
එයා මළ පෙරේතියක් වෙලා මේ වත්තෙම ඉන්නවා. විටින් විට ආතුරයාගේ බඩට රිංගලා කරදර කරනවා. මම දැනට ඇප නූලක් දමන්නම්, ගුණ තිබුණොත් තොවිලයක් කරලා එයා ඉවත්කරන්න වෙයි.   
ඇප නූලෙන් අම්මාට ගුණ තිබුණෙන් තොවිලයක් කිරීමට තාත්තාට සිදු විය. තොවිලය දිනට පසු දින, අලුයම තාත්තා හීනෙන් බයවූවා සේම එක් වරම ඇඳෙන් නැගිට අම්මේ අම්මේ යයි ආච්චිට කතා කර, එයා ගියා, එයා ගියා හින්නිහාමි අර කඩුල්ල ළඟ අස්ප ඔළුවක් එක්ක අඬ අඬා ගේ පැත්ත දිහා බලං ඉඳලා, දීපු කෑම පිඟානත් අරගෙන ගියා. මම මේ පාන්දර හීනෙන් දැක්කා යයි තාත්තා කියත්ම, ආච්චි එක් වරම උඩ පැන හයියෙන් සිනාසී අත්පුඩි ගසමින්,   
අපේ ගුරුන්නාන්සේ වැඩක් කරොත් ඉතින් කිරි ගහට ඇන්නා වගේ තමයි, ඕකි ඉන්නකනුත් අපට වද දුන්නා. දැන් මැරිලා ගිහිල්ලත් අපටම වද දෙනවා යයි කීවාය.   
කොහේද ආච්චි ඒ නැන්දා ඉතින් යන්න ගියේ ? මම ආච්චිගෙන් ඇසුවෙමි.   
එයා සක්වළ ගලෙන් එහා, වෙසමුණි රජ්ජුරුවෝ ළඟට යනව. ආයි එයාට මෙහේ එන්න වරං නෑ.   
ජ්‍යෙෂ්‍ඨ පාඨශාලා විභාගයත්, උසස් පෙළ විභාගයත් අවසන් වන තුරුම අපට අම්මාගේ අණසකට යටත්ව ක්‍රියා කරන්න සිදුවිය. මාගේ උසස් පෙළ විභාගය අවසන් වන විටම වාගේ ලොකු අයියා, වැඩිදුර අධ්‍යාපනය සඳහා කොළඹ ගිය බැවින්, මට ඔහුගේ ඉදිරිපස කාමරයත් පා පැදියත් හිමිවිය. විභාග ප්‍රතිඵල එනතුරු මම යහළුවන් සමග දිවා කාලයේ පා පැදියෙන් එහේ, මෙහේ ගියෙමි. මාතර නරගයේ තිබු සිනමා ශාලා දෙකේ පෙන්වනු ලැබු ඕනෑම චිත්‍රපටියක 2.30 දිවා දර්ශනය නැරඹුවෙමු. දිනක් එක් සිනමා ශාලාවක දිවා දර්ශනයෙන් පසු ආපසු එන අපට, අනිත් සිනමා ශාලාවේ තිබූ නැරඹිය යුතුම වූ චිත්‍රපටියක අවසාන දිනය අද බව දක්නට ලැබිණි. ඇඳිරි වැටීමට පෙර ගෙදර යා යුතුය. රාත්‍රී 9.30 දර්ශනය නැරඹීමට ගෙදරට හොරා ඒමට අපි කතාකර ගතිමු.   
එකල තාත්තා ගෙදර සිටියද, නොසිටියද රාත්‍රී 8.00 වන විට කෑම කා අවසන් කළ යුතුය. ඉන් පසු මුවන්පැලැස්ස අසා නින්දට යා යුතුය. ප්‍රවෘත්ති පටන් ගන්නා විටම ගුවන් විදුලි යන්ත්‍රය ක්‍රියාවිරහිත කරයි. වාසනාවට මෙදින තාත්තා ගෙදර සිටියේ නැත. අම්මා ගුවන් විදුලි යන්ත්‍රය ක්‍රියාවිරහිත කර, ලාම්පු නිවා නින්දට ගියාය. මම හොරෙන්ම පා පැදිය එළියට ගෙන කිසිම හඬක් ඇති නොවන සේ ගෙදරින් පිටවී ගොස් මිතුරන්ට එක්වී චිත්‍රපටිය නැරඹුවෙමි. ඇත්තෙන්ම එය නැරඹිය යුතුම වූ ඉතාමත් වටිනා සිනමා සිත්තමකි. දැනට ඩිස්කවරි නාළිකාවේ විකාශනය වන, එදා කිසි ලෙසකින් හෝ අපට දකින්නට නොලැබුණු සතුන්ගේ හා සොබා දහම පිළිබඳ අපූරු විග්‍රහයක් කරන අගනා චිත්‍රපටියකි. (Let Them Live) වෛද්‍යවරුන් හත් දෙනෙකු එකතුව පුරා වසර හතක විශාල මුදලක් වියදම්කර නිපද වූ සිනමා සිත්තමක් බව පසුව පුවත් පතක දුටුවෙමි. කැස්බෑවා වෙරළට පැමිණ වැල්ල හාරා බිත්තර දමා වළ වසා නැවත මූදට යයි. බිත්තර පුපුරා පැටවුන් එළියට එන දිනට හරියටම නැවත පැමිණ බිත්තර දැමු වළ හාරයි. වළෙන් එළියට එන පැටවුන් කැස්බෑවා කා දමයි. උගේ කටින් බේරී යන ස්ල්ප දෙනා ඉක්මණින් මුහුදට ගොස් ජලය සමග මිශ්‍ර වී නොපෙනී යයි. ටික දිනකින් බිත්තර දැමු ස්ථානයේ වරා පැළයක් පැළවෙයි. වටු කුරුල්ලා පිඳුරු තණකොළ එකිනෙක කටින් ගෙන උසම ගසක, අත්තක කූඩුව වියන්ට පටන්ගනී. නිදන කාමර, ගබඩා කාමර, බිත්තර රකින කාමර, වෙන්කර අව්වට වැස්සට සුළඟට මෙන්ම සතුරන්ගෙන් ගෙන් ද, ආරක්ෂා වන සේ කූඩුව වියා අවසන් කරනු ඉතා මනස්කාන්තා ලෙස විදහා දැක්වෙයි. එක්තරා පාළු දූපතක ප​ෙරවියන් වැනි කුරුල්ලන් ලක්ෂ ගණනක්, දූපත් බිම සම්පූර්ණයෙන්ම වැසී යන සේ එකිනෙකට ළංව බිත්තර දමා තිබේ. බත්තල් වලින් එන ගෝත්‍රික ජනයා පොලුවලින් ගසා හැකි තරම් බිත්තර පොඩි කර දමති. ඉන් පසු බිත්තර පෙට්ටි හත, අටක් පුරවා ගෙන යති. මල් පොහොට්ටුවක් ටිකෙන් ටික පිපී මලක් වන ආකාරය මනස්කාන්තය. සතුන් ද, ගස් වැල් ද, ජීවිතය පවත්වාගෙන යාම සඳහා මොන තරම් අරගලයක් කරන්නේ දැයි මනාව විදහා දැක්වෙන චිත්‍රපටියකි.   
ප්‍රධාන පාරෙන් හැරී අතුරු පාරේ අප නිවසට යන නියර තෙක් පා පැදියෙන් පැමිණිය හැකිය. අතුරු පාරේ සිට, වත්තේ කඩුල්ල දක්වා යා යුත්තේ අඩියක් වත් පළල නැති නියර මතින්ය. පා පැදිය ද තල්ලු කරගෙන නියර මතින් යාම අසීරු කටුයුත්තකි. දෙවිනුවර ප්‍රදීපාගාරයේ, තත්පර හයකට වරක් කැරකෙන ආලෝක ධාරාව සෑම දිනකම අපට මෙම නියර තරණය කිරීමට සහාය වෙයි. සතුන් පිළිබඳව සිතෙහි මෙතෙක් තිබූ අනුකම්පා සහගත සිතුවිලි, එක් වරම වෙනස්වූයේ, විහිදී යන යන අඳුරු ආලෝකයෙන් මා දුටු අද්භූත දර්ශනයෙනි. වත්තට ඇතුළු වන කඩුල්ල අසල කළු පාට උස අවතාරයක් සිට ගෙන සිටී. ආලෝකය විහිදී යන සෑම වාරයකම එම හොල්මන නොසෙල් වී සිටියි. හිස සිට පාදාන්තය දක්වාම තද කළු පාටට පෙනෙන උස ඡායාවකි.   
අවතාරයේ හිස හරි හැටි නොපෙනේ. අශ්ව ඔළුව එක්ක හින්නිහාමි නැන්දා ආයෙත් ඇවිද්ද? වත්ත හතර කොණ ආරක්ෂක මුට්ටි වළලා ඇති බැවින්, වත්තට ඇතුළුවීමට නොහැකිව කඩුල්ල ළඟ බලා ඉන්නට පුළුවන. මට බියක් හා තැතිගැන්මක් ඇතිවිය. නමුත් හින්නිහාමි නැන්දා ජීවත්වන කල අපට ඉතා ආදරයෙන් සැළකූ හෙයින් ඇයගෙන් හිරිහැරයක් වේයයි සිතිය නොහැකිය. කව්ද ඔතන? කව්ද ඔතන? මම ශබ්ද නගා දෙවරක් ඇසුවෙමි. ලොකු අයියා හොල්මන් බය වෙනවා. යයි කිවූ ඒවායින් මාදන්නා තුන, හතරක් ද කීවෙමි. නමුත් හොල්මන කිසිම වෙනසක් නැතුව රිටක් මෙන් සිටියි. හින්නිහාමි නැන්දා ආයිත් ආවද? මම නිර්භීතව ඇසුවෙමි. ඒත් කිසිම හඬක් නැත. කකුල් දෙක ටික ටික වෙව්ලන්නට පටන්ගනී. හිස කැරකෙයි. ආපසු යාමට ද නොහැකිය. අම්මාට කතාකිරීමට ද නොහැකිය. මම හෙමින් පහත් වී නියරෙන් පස් කුට්ටියක් කඩා ගෙන හොල්මනට දමා ගැසුවෙමි. පස් කුට්ටිය වදින බොල් හඬ මට ඇසුණි. නමුත් හොල්මන නොසෙල්වී සිටියි. මම නැවත පහත් වී ලොකු පස් කැටියක් ගෙන වේගයෙන් දමා ගැසුවෙමි. බොල් හඬ ඇසුණු මුත් හොල්මනේ වෙනසක් නොමැත. ගුටි කෑවත් අම්මට විලාප දී කතා කරනවා ඇර වෙන විකල්පයක් නැත. අම්මේ, යයි විළාප දීමට කට ඇරීමුත් ශබ්දය පිට වන්නේ නැත. උගුර කට වේලී ගොසිනි. අධික වෙව්ලීම නිසා සිට ගෙන සිටීම ද අපහසුය. පා පැදියත් සමග කුඹුරට වැටීමට පෙර මා කුමක් හෝ කළ යුතුය. මට එම නුවණ කොහෙන් ආව දැයි නොදනිමි. අමාරුවෙන් පා පැදියේ පසු පස රෝදය උස්සා ඩයිනමෝ එක දමා වේගයෙන් පැඩලය පෑගුවෙමි.   
දෙවියනේ මෙතියස් බාප්පා, මොකක්ද බාප්පා ඔය කරන වැඩේ. මම හොඳටම බයවුණා.   
ඔය ළමයා කොහේද මේ රාත්‍තිරි ඇවිදින්න යන්නේ. අම්මට කියලද ගියේ.   
අනේ බුදු බාප්පේ, අම්මට නම් කියන්න එපා. මොකද්ද ඔය ඇඳුම, බාප්පා මොනවද ඔතන කරන්නේ? මේක මේ පොලිසි​ෙය මල්ලි අහක් කරපු වැහි කබායක්. හීතලටයි, මදුරුවන්ටයි මේක හරි ජාති. මම හැන්දෑවට බැඳලා යන වක්කොඩ කව් ද එකෙක් හැමදාම කඩල වතුර පල්ලෙහා අරං යනවා. මේ කිරි වඳින ගොයමට වතුර ටිකක් හරවගන්න දෙන්නෙම නැහැ. මම එන්නේ ඌ තමයි කියලා හිතලා බලා හිටියේ. පුතා කතා නොකරන ආවා නම් මගෙන් කනව උදළු පාර. හා හා, ඔය ළමයා යන්න මම තව ටිකක් බලනවා.   
මෙයට දස වර්ෂ හය හතකට පෙර ගැමියා විශේෂයෙන්ම ගෙවිලිය අසනීපයක දී වෙද හෙදකම්වලට වඩා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් විශ්වාස ක​ෙළ්ය. කට්ටඩි මහතෙකුගේ වචනය ඈ හිස් මුදුනින්ම පිළි ගත්තාය. ඒ අනුව වැඩ කටයුතු කිරීමට තම හිමියන් පොළඹවා ගත්තාය. නිතරම අසල්වැසියන් හා නෑදෑයින් අවිශ්වාස කළ ඈ, කොඩිවිනය ඉවත්කර ගැනීමට, වත්ත පිටිය ආරක්ෂා කරගැනීටම, මෙන්ම, බබා ලැබීමට පෙර රට යකුම නම් යාගයද, බබා ලැබී​ෙමන් පසු සන්නි යකුම නම් යාගයද, තම සැමියන් ලවා කරවාගැනීමට සමත් වූවාය. මේ නිසා එදා බෙර හඬක් නෑසුණ රාත්‍රියක් නොමැති තරම්ය. වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් නිදහස් අධ්‍යාපනයේ ප්‍රගතියත් හේතුකොට ගෙන, ටිකෙන් ටික සමාජයෙන් ඉවත්වූ මෙම යාග හෝම ආදිය අද නැත්තටම වාගේ නැතිවී ගොස් ඇත.   
නමුත් අද ගැමියාට වඩා නාගරිකයා උසස් නිල තල දරන්නා පාලකයා දෙවියන්ගේ පිහිට පතා දේවාල කපුවන් පසු පස කෑම සුලබ දසුනකි. තිබෙන බලය රැකගැනීමට, නැවත බලය ලබාගැනීමට, විභාගය සමත්වීම, උසස්වීම ලබාගැනීමට දෙවියන් පසු පස ගොස් යාදිනී කියන්නන් ගෙන් ප්‍රසිද්ධ දේවාල පිරි ඇත. පාපකාරී ජීවිත ගතකර මිය පරලොව යන්නත් පහත් ප්‍රේත, භූත ආත්මවල ඉපිද මිනිසුන්ට හිරි හැර කරදර කරන බවත් පුණ්‍යවන්ත ජීවිත ගතකර මිය පරලොව යන්නන්, උසස් දේව ආත්මවල ඉපදෙන අතර කිසිවෙකුටත් හිරිහැර කරදර නොකර, නිතරම පිං බලාපොරොත්තුව සිටින කිසිවෙකුටත් උදව් උපකාර කළ නොහැකි කොටසක් බවත් පැහැදිලිවම බුදුන්වහන්සේ දේශනා කළ සේක.   
ඔබ නිරවුල් මනසින් යුක්තව ධර්මිෂ්ඨව ජිවිතය ගතකරන්න. කුමන ආගමට අයත් වුවත්, ඔබ අදහන ආගම ඔබ සුරකිනු ඇත. “ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී” යනුවෙන් ධර්මය රකින අය ධර්මය විසින් රකින බව බුදුන් වහන්සේ වදාළහ. මේ නිසා ඔබ ප්‍රේත, භූත ආදී ආත්මයන් දුම්මල ගසා එළවීමටත්, කුප්පියක හිර කර මුහුදේ ගිල්ලවීමටත් කටයුතු නොකරන්න. එය නිශ්ඵල ක්‍රියාවකි. දෙවියන්ට අවශ්‍ය තුටු පඬුරු, පූජා වට්ටි, තෑගි භාණ්ඩ හෝ මිල මුදල් නොවේ. පිං පමණය. ඒ නිසා හැකි තරම් දෙවියන්ට පිං පමුණුවන්න. රූපවාහිනි තරංග, ගුවන් විදුලි තරංග, ගුරුත්වාකර්ෂණය වැනි අපට නොපෙනෙන බලවේග සේ, අපට නොපෙනෙන මෙම ප්‍රේත, භූත, දේව ආත්ම ද සලකා ඔවුන් උපන් බිමේ ඔවුන්ට නිදහසේ ජීවත්වීමට ඉඩ හරින්න.   
ජයසේන හේවාපාත   
කඩවත
lankadeepa
================================================
උපුටා ගැනීම් සහිතයි ....!!! 
දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Monday, January 13, 2020

මනෝමය කාය හෙළිකළ මරණයේ අභිරහස...(Ultra Astral Projection body soul අබිරහස් අඩවිය - Abirahas Adawiya - හොල්මන් කතා. holman katha)

මිනිස් කය සමඟ භවයෙන් භවය හා බැඳී එන කර්ම ශක්තිය පිළිබදව බුදු දහමේ බොහෝ තොරතුරු අඩංගු වෙයි. ඕලාරික සිරුරේ තැන්පත්වී ඇති මනෝමය කාය මරණය සමඟ සිරුරින් ඉවත්වෙයි. එතැන් සිට මනෝමය කය කුමන තත්ත්වයක පවතීද ඊළඟ භවයට කර්ම ශක්තිය බලපාන්නේ කෙසේද කුමන ආකාරයෙන්ද යන්න බුදුදහමේ මනාව පෙන්නුම් කරයි. බුදුදහමේ කර්මවාදය විවිධ මතවාදයන්ට ලක්වුව ද කර්මය සහ පුනරුත්පත්තිය අතර ඇති අන්තර් සබඳතාවක්  පවතින බව බටහිර හා අපරදිග මනෝ විද්‍යාඥයන් පිළිගෙන ඇත. බුදුදහමට අනුව කර්මවාදය ලෙස සැලකෙන්නේ  මනුෂ්‍ය ආත්මයක සිට සිදුකළ ක්‍රියාකාරකම් හරහා ලැබෙන පිං පව්ය. ඒවා මේ ආත්මයේදී මෙන්ම ඊළඟ ආත්මයේදී හෝ විඳීමට සිදුවෙයි. එම කර්ම විපාකයෙන් මිදීමට කිසිවකුට නොහැකිය. පහතින් පළවන කතාංගය එයට හොඳ නිදසුනකි.
කඳු මිටියාවත්වලින් ගහන සුන්දර ගම්මානයක උපත ලත් සරෝජී දෙමාපියන්ගේ ආදරයට නො අඩුව ලක් විය. දෙමාපියන් සමඟ වෙල්යායේ දුව පැන ඇවිදින ඇය බහතෝරන වියේදී විවිධාකාරයේ ප්‍රශ්න ඇසීමට පුරුදුව සිටියාය. ඇය නිරන්තරව ඈතින් පෙනෙන කන්දක් පිළිබඳව මවගෙන් ඇසුවාය. 

අම්මි දන්නවද අර පේන කන්ද මොකද්ද කියලා.
මම දන්නේ නැහැ.
ඔය තාත්ත ඉන්නේ අහන්න. 
තාත්තේ  අර කන්ද මොකද්ද 
ඒ කන්ද මානගල කන්ද
සරෝජී නිහඬව සිටියාය.

තවත් දිනක වෙල්යාය දිගේ පිය මැන යන සරෝජී මවට කියන්නට වුයේ අමුතු කතාවකි.
අර කන්දේ ගුහා තියනවද? අම්මේ  ඒවායේ මිනී මරණවද?
මොනවද මේ කියන්නේ මිනී මරණ කතා 
නැහැ අම්මේ මට හිතුණා 
මොනවද හිතුණේ 
ගොඩක් දේවල්

සරෝජී සමහර වේලාවට කන්ද දෙස බලාගෙන සිටින ආකරය දැකීමෙන් ඇය කන්දට මේ තරම් කැමැත්තක් දක්වන්නේ යැයිද යන්න මවට ප්‍රශ්නයක් වූයෙන් ඇය මේ පිළිබඳව විමසුවාය.

ඇයි දුව කන්ද දිහා බලාගෙන කල්පනා කරන්නේ? මොකද්ද දුවට තියන ප්‍රශ්නය?
මට ගොඩාක් දේවල් මතක් වෙනවා කන්ද දකින කොට 
මොනවද ගොඩාක් දේවල් කියන්නේ
මට අම්මට කියන්න බයයි 
බයවෙන්න එපා දුවේ හිතේ තියාගෙන ඉන්නේ නැතුව කියන්න.
පස්සේ දවසක කියන්නම්
දුවට කැමැති වෙලාවක කියන්නකෝ

මව මේ සම්බන්ධව පියා සමඟ කතා කළාය. පියාගේ අදහස වූයේ සරෝජී පෙර ආත්මයක තොරතුරු පවසන බවයි. ඇය පවසන තොරතුරු සාවධානව අසා සිටින ලෙසට පියා පැවැසීය.
දිනක් පියා දියණිය බයිසිකලයේ තබාගෙන යන අතර කන්දට මඳක් සමීපව ගමන් කළේය. තාත්තේ මට හරි බයක් දැනෙනවා කන්ද ළඟින් යනකොට අපි කන්ද ළඟට යන්නේ නැහැ ඈතින් යන්නේ ඇයි දුව බයද? මොකද බය?

තාත්තේ ඔය කන්දේ ගුහා තියනවා ඒවායේ මිනිස්සු මරල දානවා
පියා බයිසිකලය නතර කළේය
මිනිස්සු මරලා දානව කියලා දුව දන්නේ කොහොමද?
මම දන්නවා තාත්තේ. අපි ඉක්මනින් යමු තාත්තේ 
එදින ආපසු පැමිණියේ කන්දට දුර වෙන පාරකිනි 

ස්ථිර ලෙසට දුව පෙර ආත්මයේ තොරතුරු හෙළිකරන බව මාපියෝ අවබෝධකොට ගත්හ.

සරෝජී දිනක් මවට කියා සිටියේ මගේ ගෙදරට යායුතු බවත් රෙදි වියන මැෂිම ඇයට බලන්න අවශ්‍ය බවත්ය. තවදුරටත් ඇය කියා සිටියේ තමාට සොයුරියක් සිටි බවත් ඇය ජීවත්වන බවත් රෙදි මැෂිමෙන් රෙදි වියන්නේ ඇය බවත්ය.

දුව කොහොමද දන්නේ ඒවා
මට දැනෙනවා මම කතා කරනවා එයාලත් එක්ක අක්ක මම ගැන දුක්වෙනවා අඬනවා මම මතක් කරලා අඬනවා මට දුකයි අක්ක ගැන අපි යමු අම්මේ අක්ක බලන්න.
අපි යන්න දන්නේ නැහැ. දුවේ කොහේද ගෙදර  තියෙන්නේ   
මට කියන්න පුළුවන් 

කෙසේ වුවද දියණියගේ තොරතුරු සොයා බැලීමට වඩාත් සුදුසු වන්නේ කලින් එම තොරතුරු සොයා බැලීම මගින් බව අවබෝධ කොටගත් පියා දියණියගේ තොරතුරු විමසීමට  පර්යේෂකයන් යොමු කළේය.
(එම සාකච්ඡාවෙන් කොටස් කිහිපයක් මෙහි දැක්වේ.)

ඔවුන් දියණියගෙන් තොරතුරු විමසූහ. 
ඔබ ඇයි කඳුවලට බයක් දක්වන්නේ. 
මට බයයි.

හේතුව.
තේරෙන්නේ නැහැ. 
ඔබේ ගෙදර මේ ගෙදර නොවෙයි ද.  
නැහැ.
අම්මි තාත්ති.
මගේ අම්ම තාත්ත ඉන්නේ ඒ ගෙදර.
ගියොත් පෙන්වන්න පුළුවන්ද? 
පුළුවන්.

පර්යේෂකයන් සරෝජි සමග එම නිවස සොයා ගියේය. කඳුයායවල් අතරින් පිහිටි කුඩා මාවත් දිගේ ගිය පිරිස එක්තරා පැරැණි නිවසක් ඉදිරිපිට නතර වූහ.
අර ඈත පේන්නේ මගේ ගෙදර. 
සරෝජි දුරින් පෙනෙන නිවසක් පෙන්වූවාය.
පැරැණි ආකාරයෙන් නිමවා තිබූ නිවස බොහෝ දුරට ගරා වැටීමේ තත්ත්වයක් පෙන්නුම් කළේය. කුඩා මාවතක් දිගේ පිරිස නිවසට සමීප වූහ. සරෝජි කියූ ආකාරයෙන්ම රෙදි වියන මැෂිම ඉස්තෝප්පුවේ එක් පසක විය. දුරදිම සරෝජී මැෂිම හඳුනා ගත්තාය.
අර තියෙන්නේ මගේ රෙදිවියන මැෂිම. 
ඇය උස් හඬින් කියා සිටියාය.
සරෝජී දිවගොස් මැෂිම දෙස බලා සිට එය අතගාන්නට විය.
මගේ මැෂිම හොඳටම කැඩිලා අනේ 
මේ අතර නිවසේ සිටි මහලු මවක් සහ මැදිවයසේ කාන්තාවක් එළියට පැමිණියහ. සරෝජි දෙස ඔවුන් පුදුමයෙන් බලා සිටියහ.
කවුද මෙයාල?
කාන්තාව විමසන්නට වූවාය.
හානේ  මේ අපේ අම්ම මේ අක්කා.
මෙතැන් සිට සිදුවූ කතා බොහෝ අනුවේදනීයයි. සරෝජි මව සහ සොයුරිය හඳුනාගැනීමෙන් පසු ඔවුනොවුන් අඬා වැටෙන්නට වූයේ දියණිය පිළිබඳ ශෝකයෙනි. එහි ඇතුලාන්තයේ පැවතියේ අනුවේදනීය වූ කතාවකි එම කතාවෙන් පැහැදිලි වූයේ ඉතා අවාසනාවන්ත සිදුවීම් පෙළකි. සරෝජිගේ මව එතැන් සිට අඬමින් කතාව කියන්ට වුවාය.

(එම කතාවේ කොටස් කිහිපයක් මෙතැන් සිට දිග හැරේ.)
අපි දුවට කිව්වේ කමලා කියලා. ඉස්කෝලේ අටට ගියාම කමලා ඉස්කෝලෙන් අස්වෙලා අක්කත් එක්ක මැෂිමක් අරන් රෙදි වියන්න ගත්තා. මාසෙකට සැරයක් රෙදි ටවුමට ගෙනියන්නේ කමලා. ඔය අතරතුරේ කොල්ලෙක්  එක්ක යාළු වුණා ගෙදරින් අකමැති වුණත් දිගටම සම්බන්ධෙ පැවැත්වූවා. මේ නිසා අක්ක නංගි එක්ක අමනාප වුණා. ඒත් සම්බන්ධෙ නැවැත්තුවේ නැහැ. ගේ හදන්න සල්ලි නැති නිසා අවුරුදු තුනකට පස්සේ කමලා රටයන්න සුදානම් වුණා. බඳින්න ඉන්න කොල්ල අකමැති වුණා. රට යනවට ගෙදරට ඇවිල්ලා රණ්ඩු වුණා. ඒත් කමලා රට යන එක නතර කළේ නැහැ. අපි ජීවත් වෙන්න දුක් විඳින නිසා කමලා රට යන්න හැදුවේ ගේත් හොඳටම අබලන් වෙලා තිබුණා දූල දෙන්නගේ උත්සාහයෙන් ගේ බාගයකට හදාගත්තා.
රට යන ගමන නිසා දුව බඳින්න ඉන්න කොල්ල  තරහ වෙලා හිටියේ අමනාපය නිසා අපිත් බයෙන් හිටියේ. දුව රට යන්න දවස් තුනකට කලින් ටවුමේ ඒඡන්සියට ගිහින් එන්න ගියා. එදා දුව ආවේ නැහැ. දවස් දෙකක් බලලා අපි පොලිසියට ගියා මාසයක් දෙකක් තුනක් වුණා. දුව ආවේ නැහැ. පොලීසියත් ඇවිල්ල අපෙන් තොරතුරු දැනගත්තා. ඒත් දුව සොයන්න බැරිවුණා. බඳින්න හිටිය මනුස්සය ගැන අපිට ලොකු සැකයක් තිබුණා. පොලීසියට ලොකු දුව ඒ ගැන කිව්වා. පොලිසිය ඒ මනුස්සය පොලීසියට අරන් ගිහින් කතා කළත් වැඩක් වුණේ නැහැ. අපි මාස ගණනක් නොකා නොබී දුව හෙව්වා. මාස ගණනක් ඇඬුවා මාස හතරකට පස්සේ ලොකු දූට ආවේශෙන් වගේ කතා කරන්න වුණා. කමලා වගේ කතා කළා. එයා කිව්වේ එයා මරලා දාල කියලා.
මම මරල දැම්මා උඹලට හොයන්න බැහැ. සෝමපාල මම කින්නර වනාන්තරයට බලෙන් අරන් ගිහින් මගේ බෙල්ල මිරිකල මරල දාල ගල් දෙබොක්කාවට දැම්ම. මගේ මිනිය දැන් ඇටසැකිල්ලක්. උඹලට හොයාගන්න පුළුවන් පොලීසියත් එක්ක ගිහින්. අරන් ඇවිල්ලා වළලලා දාපල්ල. මට දානයක් දීපල්ලා සෝමපාල මම මැරුවා කියලා පොලීසියට කියා පල්ලා. මට කරපු දෙයට මම උගෙන් පළි ගන්නවා.
අපි පොලීසියට ගිහින් ඒ විස්තරය කිව්ව පොලීසිය ගණන් ගත්තේ නැහැ. පස්සේ ග්‍රාමසේවක මහත්තයයි ගමේ මිනිස්සුයි කින්තර කැලෑවට ගිහින් ගල් දෙබොක්කාවට ගියා. උදේ ඉඳලා හොයල හොයලා ගල් දෙබොක්කාවෙදී දුවගේ ඇට සැකිල්ල සොයාගත්තා ගල පහළ දුවගේ ඇඳුම් තිබුණා.

කමලාගේ සිරුර සොයා ගැනීමෙන් පසු පොලීසිය එහි ගොස් සිරුරේ ඇට කැබලි ගෙනවිත් මරණ පරීක්ෂණය කළේය. කමලාවතී මරා දැමීම නිසා සෝමපාල අත්අඩංගුවට පත් වූ අතර අවසානයේ කමලා මරා දැමුවේ තමා බව පිළිගත්තේය. මේ කතාවේ විස්මය දනවන සිදුවීම වන්නේ කමලාගේ මනෝකාය සොයුරියගේ සිරුරට ඇතුළත්ව තමාගේ මරණය පිළිබඳ සියලු තොරතුරු හෙළිකිරීමය එසේ නොවන්නට කමලාගේ මිනීමැරුම සදාකාලිකව සැඟව යනු ඇත. කමලා මරා දැමු පෙම්වතා පිළිබඳ තොරතුරු කමලාගේ මනෝකාය හෙළි නොකරන්නට මිනී මැරුම සදාකාලිකව වැළලී යනු ඇත. සියලු රහස් හෙළිකිරීමෙන් පසු කමලාවතීගේ මනෝමයකාය උප්පත්තියකට පිවිසෙන්නේ සරෝජි ලෙසිනි. එය වසර කිහිපයකට පසු සිදුවිය.

අනුවේදනීය කතාව අවසන්වීමෙන් පසුව සරෝජි තමාගේ පෙර ආත්මයේ මව සහ සොයුරියත් පසු ආත්මයේ මව සහ පියාත් සමඟ පෙර ආත්මයේ කමලාවතීගේ සොහොන සොයා ගියාය. එය ඉතාමත් සංවේගජනක අවස්ථාවකි. මව සහ සොයුරිය අඬා වැටුණු ආකාරය දෙස බලාසිටි සරෝජිගේ දෑසින්ද කඳුළු  කඩා වැටෙන්නට වූයේ නොදැනුවත්මය. පසුව පෙර ආත්මයේ මව සොයුරිය සරෝජි වැලඳගෙන අඬන්නට වූයේ පෙර ආත්මයේ කමලාවතී දැන් වෙනත් ආත්මයක උපත ලදුව තමන් ඉදිරියේ සිටීමේ සතුටෙනි.
මෙම කතාංගයෙන් පැහැදිලි වන්නේ මනෝමයකායට කෙතරම් බලයක් ඇත්ද යන්නය. එහිදී සිදුවුයේ කමලාවතීගේ මනෝමයකාය තමාගේ මරණයේ සැඟව තිබූ තොරතුරු සියල්ල සොයුරියගේ මනස තුළට ඇතු`ඵකර සියල්ල ඇය ලවා හෙළිකිරීමය. වර්තමානයේදී මෙය හැදින්වෙන්නේ භූත ආත්මයන් සිරුරට ඇතුළුවන බවය. එහෙත් මෙය එසේ නොවන බව පැහැදිලිය. සමහර අවස්ථාවන්හිදී භුත ආත්මයන් ලෙස සිරුරට ඇතුළුවන්නේ මනෝමයකායයි. පර්යේෂණවලදී මේ ආකාරයේ අවස්ථා ගණනාවක් සොයාගත හැකි විය. මෙම කතාංගය එයට හොඳ නිදසුනකි.
මෙහි අතුළත්වන නාමයන් වෙනත් පාර්ශ්වයකට අයත් නොවේ. ඒවා කතාංගයේ ගැළපුම සඳහා පමණි.
lankadeepa
================================================
උපුටා ගැනීම් සහිතයි ....!!! 
දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Saturday, January 11, 2020

ගුවනේ පාවෙන සැකිළි රූප අමනුෂ්‍යයෝද ? උෂ්ණත්වය වෙනස්වී වායු පීඩනය වැඩි වී කාමරයට පැමිණි නොපෙ නෙන බලවේගය කුමක්ද..? (අබිරහස් අඩවිය - Abirahas Adawiya - හොල්මන් කතා. holman katha)

විනීතා භූතාවේශයේදී පවසන විස්තර සත්‍ය අසත්‍යතාව පරික්ෂා කිරිම විශ්වපානි පදනමේ ඊළග අභිප‍්‍රාය විය. ඒ සදහා විනීතා ජීවත්වන ගම්පහ දිස්ත‍්‍රික්කයේ නිවසට පැමිණ ආදාළ පරීක්ෂණ නිරික්ෂණ ක‍්‍රමවේදය අනුගමනය කිරිමට ඔවුන්ගේ පවුලේ සාමාජිකයෝද එකග වුහ.

ඒ සන්ධ්‍යාව උදාවිය. මෙවැනි අමුනුෂ්‍ය බලවේග පිළිබඳ සිදුකරන විද්‍යාත්මක පරීක්ෂණ වලදි ඔවුන් සමග සම්බන්ධ වන තවත් කණ්ඩාමක් එදා ඒ ගමනට එකතුවි ය. ඒ විශ්වපානි පැරනෝමල් නැමති සංවිධානයේ සමාජිකයෝය. ඇමරිකා එක්සත් ජනපයේ ක‍්‍රියාත්මක පැරනෝමල් සොසයිටි නැමති සංවිධානයේ සාමජිකත්වය හිමි ඔවුන් මෙවැනි අදිභෞතික සිදුවීම් පිළිබඳ පරීක්ෂණවල නියලෙන කණ්ඩායමකි.

මුලින්ම අඳුර වැටෙන්නට මත්තෙන් නිවසේ සිටින සියල්ලන්ගෙන් ඇසින් දුටු සාක්ෂි ලබාගැනීම සිදුකළේ විනීතා සහ නිවසේ පවතින බවට සදහන් අදෘෂ්‍යමාන සිදුවීම් පිළිබඳවය.

ඒ බොහෝ දේවළින් විනීතාගේ හැසිරිමේ සිදුවන අසාමාන්‍ය වෙනස්කම් සහ කිසිවෙකුගේ බළපැමකින් තොරව නිවසේ සිදුවන යම් යම් අසාමාන්‍ය සිද්ධි පිළිබඳ කයවිණ. මිනිස් පුළුටක් නැති අවස්තාවලදි පවා නිවසේ විදුලි බුබුළු දැල්වීම, වතුර කරාම ඇරීම විවිධාකාර වූ ශබ්ද ඇසිම ඒ තොරතුරු අතර විය.

එහෙත් විනීතාගේ චර්යාත්මක වෙනස්කම් පිළිබඳ නිවැසියන් කියූ පමණින්ම අවසන් නිගමනයකට එළැඹිය හැකි නොවේ. එය තවදුරටත් තහවුරු කර ගැනීමේ ඊළග පියවර වූයේ නිවසේ පිහිටීම පිළිබඳ දළ සටහනක් ඇඳ ගැනීමයි. එම සටහන භාවිතයෙන් නිවසේ අමුතු ආකාරයේ ශබ්ද ඇසෙන ස්ථානයන් සලකුණු කරගෙන එවැනි ස්ථානයන් නිරීක්‍ෂණය කිරීම පරීක්‍ෂණ කණ්ඩායමේ ඊළග පියවර විය. එහිදී ඔවුන් යම් චිත්ත සමාධියකට සමවැදී අදාළ ස්ථානයන්හි කිසියම් දෝෂයක් තිබේ දැයි නිගමනයකට එළැඹෙන අයුරු පෙනුණි. අපේ දෘෂ්ඨි පථයට නොපෙනෙන එම ක‍්‍රියාව කුමනාකාරයේ දෙයක් දැයි අධ්‍යාත්මකවේදී කසුන් නාගොඩ විතාන මහතාගෙන් මම විමසුවෙමි.

නිවසේ පිහිටීම අනුව දළ සටහනක් ඇඳල නිවැසියන්ගෙන් ලබාගත් තොරතුරු අනුව ඔවුන්ට නිතර නොයෙකුත් ශබ්ද ඇසෙනවාය කියන තැන්වල සත්‍ය වශයෙන්ම දෝෂ තිබෙනවා දැයි අපි ඒ බැලූවේ. අපේ කණ්ඩායමේ කිහිප දෙනෙක්ම සිටිනවා භාවනා ක‍්‍රම මගින් කිසියම් ප‍්‍රමාණයකට මානසික ශක්තිය දියුණු කරපු උදවිය. එම අධි මානසික ශක්තිය නිවසේ ප‍්‍රශ්නගත ස්ථානවලට යොමුකර එම තැන්වල කිසියම් වෙනසක් තිබෙනවා දැයි හඳුනා ගන්න පුළුවන්. ඕනෑම පුද්ගලයකුගේ ශරීරය වටා අපේ පියවි ඇසට නොපෙනෙන ශක්ති වළල්ලක් පිහිටා තිබෙනවා. එය හඳුන්වන්නේ ඕරාව (Aura) යන නමින්. අධ්‍යාත්මික වශයෙන් දියුණු පුද්ගලයන්ගේ ඕරා එක ශක්තිමත්. මානසික අතින් දුර්වල පුද්ගලයන්ගේ ඕරා එක ඉතා දුර්වලයි. එසේම ඕරා එකේ වර්ණාවලියක් තිබෙනවා. රෝගී පුද්ගලයන්ගේ වර්ණාවලිය අවර්ණ තත්ත්වයක් පෙන්නුම් කරන්නේ. අවර්ණ තත්ත්වයක් කියන්නේ ඕරා එකේ දුර්වල වීමක්. දුර්වල ඕරා එකක් තිබෙන පුද්ගලයෙක්ගේ ශරීරයට මියගිය අදෘෂ්‍යමාන සියුම් ශරීර ඇති ආත්මයන්ට ඇතුල් වීම පහසුයි. දියුණු අධ්‍යාත්මික ශක්තියක් තිබෙන පුද්ගලයෙක්ට පුළුවන් කිසියම් අදෘශ්‍යමාන ආත්මයක් ඇතුළු වී තිබෙන පුද්ගලයෙක්ව හඳුනා ගන්න. විනීතාගේ ශරීරයටත් කිසියම් අදෘෂ්‍යමාන ආත්මයක බලපෑමක් තිබෙන බව අපි හඳුනා ගත්තා.,

නමුත් එපමණකින්ද ඔවුන් පූර්ණ නිගමනයකට නොඑළඹෙයි. දැන් ඔවුන්ගේ සූදානම නිවසේ අසාමාන්‍ය ශබ්ද තිබෙන බවට හඳුනාගත් ස්ථානවල විද්‍යුත් උපකරණ සවිකර නවීන විද්‍යාත්මක ක‍්‍රමවේදයකින් එය තහවුරු කර ගැනීමයි. විශ්වපානි පැරානෙමල් සංගමයේ සාමාජිකයන් සතුව ඒ සඳහාම භාවිත කරන පරිගණකවලට සම්බන්ධ කළ විද්‍යුත් උපකරණ කිහිපයක් තිබිණි. මධ්‍යම රාත‍්‍රිය එළැඹීමට හෝරා දෙකක් පමණ තිබියදී ඔවුන් එම උපකරණ නිවසේ හඳුනාගත් ස්ථානවල ස්ථානගත කළේය. එම විද්‍යුත් උපකරණ මොනවාද එයින් සිදුවන්නේ කුමක්දැයි මම ඔවුන්ගෙන් ඇසුවෙමි.
අපි මේ ස්ථානගත කරන මැෂින්වලින් සිදු කෙරෙන්නේ මෙම ස්ථානයේ චුම්භක ක්ෂේත‍්‍රය මැනීම. K2 The Meeter මැෂින් එකෙන් සාමාන්‍ය චුම්භක ක්ෂේත‍්‍රය පෙන්වන අතර ඵැක ඵැැඑැර මැෂින් එකෙන් එම ස්ථානයේ චුම්භක ක්ෂේත‍්‍රය ගැඹුරින් මනිනවා. ඉතින් සාමාන්‍ය තත්ත්වය ඉක්මවා යන විදියට චුම්භක ක්ෂේත‍්‍රයේ වෙනස් වීම් සිදුවෙනවා නම් අපි ඊළග පියවරට යනවා.
එසේ සඳහන් කරමින් ඔවුන් චුම්භක ක්ෂේත‍්‍ර පරීක්‍ෂා කරන උපකරණ තිිබියදීම තවත් විද්‍යුත් උපකරණ කිහිපයක් එහි සවිකළේය. එම විද්‍යුත් උපකරණ අතර අදාළ ස්ථානයේ වායු පීඩනය සහ උෂ්ණත්වය වෙනස් වන ආකාරයද මිනිස් කනට නොඇසෙන ශබ්ද හඳුනා ගැනීමේ ශබ්ද සංවේදක උපකරණයක් ද විය. පසුව අවසාන වශයෙන් පියවි ඇසින් දැකිය නොහැකි දර්ශන ලබාගැනීම සඳහා භාවිත කරන විශේෂිත කැමරාවක්ද (gost hunting) (emwra) ඔවුන් එහි ස්ථානගත කළේය. එම ක‍්‍රියාවලිය අවසානයේ පවුලේ වැඩිහිටි සාමාජිකයකු හැර විනීතා සහ පවුලේ සෙසු සාමාජිකයන් සුපුරුදු ලෙස විදුලි පහන් නිවා දමා නින්දට යෑමට සැලැස්වීය.

එළැඹෙමින් පැවතියේ මධ්‍යම රාත‍්‍රියයි. ඝන අඳුර පමණක් රජ කරන රාත‍්‍රිය පැවතියේ පූර්ණ නිහඬ බවකි. පෙර අප සඳහන් කළ නිවසේ සවිකළ විද්‍යුත් උපකරණවල සම්බන්ධතාවය පැවතියේ නිවසින් පිටත මිදුලේ තබා තිබෙන පරිගණක කිහිපයකටය. එම පරිගණක තිර මත සටහන් වෙමින් පැවතියේ පුදුම දෙයකි. විනීතාගේ කාමරයේ එතෙක් ඒකාකාරී මට්ටමින් පැවති චුම්භක ක්ෂේත‍්‍රය ක‍්‍ර‍්‍රමයෙන් වෙනස් වෙමින් පැමිණියේය. ඒ සමගම වායු පීඩක මානය මගින් ලබාදෙන දත්ත මගින් පෙන්නුම් කළේද එම ස්ථානයේ වායු පීඩනය වෙනස් වන අයුරුය. සියුම් ලෙස උෂ්ණත්වය වෙනස් වන අයුරුද ක‍්‍රම ක‍්‍රමයෙන් පෙන්නුම් කළේය. දැන් සියල්ලන්ගේ අවධානය පරිගණක තිරය වෙතය. ඒ සියලූ දත්ත සාමාන්‍ය තත්ත්වය ඉක්මවා යමින් තිබියදී එක විටම පරිගණක තිරයේ ඇටසැකිලි වැනි රූපයක් (spm) මතුවිය. පොළවට ස්පර්ශ නොවී පැවැති එම සැකිලිි රූපයේ ප‍්‍රමාණය ඒ්කාකාරී ප‍්‍රමාණයකින් තිබුණේ නැත. එය එසැණින් මිනිස් ශරීරයට වඩා විශාල වන අයුරුද ඇතැම් විට කුඩා වන අයුරුද දිස්විය. නමුත් ඒ සැමට වඩා විශ්මිත කාරණය නම් එම සැකිලි රූපය නිදාගෙන සිටින විනීතාගේ ශරීරයේ සිට එකවිටම එළියට පැමිණි අයුරක් දිස්වීමයි.
සිදුවෙමින් පවතින්නේ කුමක්ද යන්න පිළිබඳව අධ්‍යාත්මකවේදී කසුන් නාගොඩ විතාන යළිත් මට කරුණු පැහැදිලි කළේය.
දැැන් අපිට පිළිගන්න වෙනවා මෙතන අසාමාන්‍ය තත්ත්වයක් තියෙනවා කියලා. සාමාන්‍යයෙන් මිනිස් ඇසට පෙනෙන්නෙ ආලෝක කිරණවලින් 1% ප‍්‍රමාණයක් පමණයි. ඉන්ෆරේට් (Inferate) සහ අල්ට‍්‍රාවයිලට් (uitravilet) තත්ත්වයේ ආලෝකය තුළ තිබෙන දෙයක් සාමාන්‍ය මිනිස් ඇසට දර්ශනය වෙන්නෑ. අමනුෂ්‍ය බලවේග සිටින්නේ මේ ඉන්ෆරේට් සහ අල්ට‍්‍රාවයිලට් තත්ත්වයේ් ආලෝක කිරණ අතර. ඒවා සියුම් ශරීර. ඉන්ෆරේට් ආලෝකය යටතේ තිබෙන අපේ කැමරාවට එම රූප හසුකර ගන්න පුළුවන් වුණේ ඒකයි.
විනීතාගේ රෝගී තත්ත්වයට හේතුව අදෘෂ්‍යමාන බලවේගයක බලපෑම බවට අවසන් නිගමනයකට එළැඹියේ එසේය. මේ පරීක්‍ෂණ ක‍්‍රියාවලියේ මුල් පියවර වූ විශ්වපානී පදනමේදී විනීතා මෝහනයට පත් කළ විට එම ශරීරයට පැමිණ සිිටින්නේ ඇගේ පෙර ආත්මයේ සැමියා වන ඇඩම්ස් බව මෝහන කථනයේදී හෙළිවිය. දැන් සිදුකළ විද්‍යාත්මක පරීක්‍ෂණයේදී එය වඩාත් තහවුරු විය.

කෙසේ හෝ විනීතාගේ ශරීරයෙන් ඇඩම්ස් නමැති අදෘෂ්‍යමාන ආත්මය ඉවත් කිරීම එතරම් පහසු කටයුත්තක් වූයේ නැත. ජීවත්ව සිටියදී ඇඩම්ස් යනු මුස්ලිම් ආගමිකයකු බැවින් එම අදෘෂ්‍යමාන ආත්මයට තෙරුවන් පිළිබඳ ගෞරවයක් තිබුණේ නැත. මේ නිසා එම ආත්මය ප‍්‍රථමයෙන් තෙරුවන් කෙරෙහි නම්මවා ගැනීමට සිදුවිය. එය පහදා දීමට යෑමේදී විවිධාකාර වූ කරදර බාධක සිදුකිරීම නිසා එම ආත්මයට දඬුවම් කිරීමට පවා සිදුවූ අයුරු කසුන් මහතා මෙසේ පැහැදිලි කළේය.

අපේ ප‍්‍රතිකාර ආරම්භ වූ මුල් කාලයේ කිසි ලෙසකින්වත් එම අදෘෂ්‍යමාන ආත්මය සමග ගනුදෙනු කරන්න බැරි වුණා. ඒ නිසා එම ආත්මය මෙල්ල කර ගැනීමට ඔහු අපට පුච්චන්න සිද්ධ වුණා. පුච්චනවා කියන්නෙ ගින්දරෙන් පුච්චනවා නෙවෙයි. මනස එක්තැන් කරල මම කලින් කීව අපේ ශරීරය වටා තිබෙන ඕරා එකෙන් පිටවන කිරණ එම ආත්මය වෙත යොමු කළා. ඔහු මෙල්ල වුණේ ඊට පස්සෙ. පස්සෙ තෙරුවන් කෙරෙහි වන ගුණ කියා දී අපි ඔහුට කරන්න හදන්නෙ හොඳක් කියන එක ගැන විශ්වාසය ඇති කළා. ඊට පස්සෙ ඔහු විනීතාව අත්හැර යන්න එකග වුණා. අපි ඔහුව නිදහස් කළේ නුවර වැල් බෝධිය අසලට. මිනිස්සු බොරු කීවට අමනුෂ්‍යයෝ කිසිම විටක බොරු කියන්නෙ නෑ. එකග වුණා වගේම කිසි දිනෙක ආයේ විනීතට කරදර සිදුවුණේ නෑ. රෝගය සුව වුණා.,
විනීතාගේ රෝගය සුව කිරීමට තමන් එකදු බෙහෙත් පෙත්තක් හෝ ලබා නොදුන් බව ඔහු කීවේය. මෙවැනි වෛකල්පිත ප‍්‍රතිකාර ක‍්‍රමවේද මෙන්ම හොල්මන් අවතාර යනු විවාද සම්පන්න මාතෘකාය. නමුත් බෙහෙත් පෙත්තක් හෝ ශරීරගත නොකර මානසික රෝගයක් හෝ සුව කිරීමට හැකිනම් එයම මිනිස් ශරීරයට කොතරම් අගනේද?
තිස්ස ගුණතිලක
divaina
================================================
උපුටා ගැනීම් සහිතයි ....!!! 
දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya