Sunday, December 11, 2016

රන්මසු උයනේ සක්වල චක්‍රයේ අබිරහස....(අබිරහස් අඩවිය - Abirahas Adawiya - නොවිසඳුණු අබිරහස් ranmasu uyana anuradhapura ruwanweli seya novisadunu abirahas unsolved mysteries )

රන්මසු උයනේ, පිහිටි සුප්‍රකට නාන පොකුණු පසුකර යන්නෙකුට, තිසා වැවේ වෑකන්දට මුහුණලා පිහිටි ගල් කුළක කැටයම් කර ඇති සංකීර්ණ ආකෘතියක් දැක ගත හැකි වේ. සිරස්ව නැගෙන ගලෙහි බටහිර මුහුණතේ, කටුවෙන් සහ මිටියෙන් කොටන ලද රේඛා මගින් සටහන් කර ඇති මෙම කැටයම ජ්‍යාමිතික වශයෙන් නිවැරදි වෘත්තයකි. මෙම ගල්කුළ ඉදිරිපිට පැතිරි ගල් තලාවෙහි කැටයම ට ඉදිරියෙන්, ආසන වැනි ව්‍යුහ හතරක් කපා තිබේ. පළමුවෙන් ම මෙම ස්ථානය ගැන වාර්තා කරන බෙල් මහතා ට අනුව, මෙය එවක සාහිත්‍යයේ සඳහන් සක්වළ සටහනක් හෙවත්, ලෝක සිතියම කි. තවත් අයෙකුට අනුව, රජවරුන්ගේ මඟුල් උයනේ පැවති තන්ත්‍ර හෝම හෙවත් සුරතෝත්සව වල භාවිත වූ තන්ත්‍ර සටහනකි,
නොඑසේනම් මහායාන මන්ත්‍ර පඨනය හෝ භාවනා සඳහා උපකාර කොටගත් සටහන කි. තවත් අයෙකුට අනුව, මෙය සුවිසල් ඉංජිනේරු ඉදිකිරීමක හෝ වාරි කර්මාන්තයක සැළැසුමක් ද විය හැක. නොඑසේනම්, මිනිස් මනසේ විශ්ලේෂණාත්මක සටහනක් වන්නට පුළුවන. විශ්ව ව්‍යාප්ත චමත්කාරය සොයා යන්නෙකුට මෙය අධිමානසික ශක්තියෙන් විවර වූ ද බාහිර විශ්වය සමග සහ මිහිපිට දුර්ගම ස්ථාන සමග සන්නිවේදන සහ ප්‍රවාහන කටයුතු ඉටු කෙරුණු තාරකා දොරටුවක් හෙවත් ස්ටාර් ගේට් එකකි.b
අඩි 06ක විෂ්කම්භයෙන් යුත් මෙම කැටයමෙහි, ඒක කේන්ද්‍රික වෘත්ත දෙකකින් සැකසුණු පිටත දාරය දිගේ වම් අතට පිහිනන මුහුදු ජීවීන් යැයි සැළකිය හැකි සත්ත්ව පෙළක් සටහන් කර තිබේ. ඒ අතර මත්ස්‍යයන්, හක් බෙල්ලන් වැනි රූප, මුහුදු අශ්වයෙක්, ඉදිබුවන් සහ කකුළුවෙක් දක්නට හැක.
සෝඩ් ෆිෂ් සහ හැමර් හෙඩ් මෝරෙක් ලෙස අනුමාන කළ හැකි මත්ස්‍ය රූපද මෙහි වේ. සඳකඩ පහණ වැනි සාමාන්‍ය කැටයම් වල දක්නට ඇති දැඩි අනුපිළිවෙල සහිත සත්ත්වාවලියක් වෙනුවට, මෙම වටයේ දක්නට ඇත්තේ අහඹු ලෙස කරන ලද රූප සංකළනයකි. දැඩි ජ්‍යාමිතික සහ සමමිතික බව තුළ වුවද නිදහස් සහ අවිධිමත් ලෙස අහඹු රූප ව්‍යාප්ත කර තිබීම සමස්තයක් ලෙස මුළු කැටයම පුරාම දක්නට ඇති සුවිශේෂත්වය කි.
ආකෘතියේ මැද, දිග පළලින් අඩි 1 අඟල් 2 ක් වන සමචතුරස්‍රයක් වේ. එතුළ, එකක් තුළ එකක් පිහිටන සේ සටහන් කළ ඒක කේන්ද්‍රීය වෘත්ත 7 ක් වන අතර, ඒ අතරින් පිටත වෘත්තය ඉහත කී සමචතුරස්‍රයේ පාද ඇතුළතින් ස්පර්ෂ කරයි. සමස්ත ආකෘතියේ ම මැද ලක්ෂ්‍යය, මෙම වෘත්තයන්ගේ කේන්ද්‍රය වෙයි. ප්‍රධාන වෘත්තය පුරා සිරස් අතට, එකිනෙක සමාන්තර වන ප්‍රධාන රේඛා දහයක් ද, උප රේඛා දා හතරක් ද කැටයම් කර තිබේ. මෙකී ප්‍රධාන රේඛා අතර දුර අඟල් 9 සිට අඟල් 3 දක්වා වෙනස්වේ. මෙම කැටයම් ආශ්‍රිතව සෘජුකෝණාස්‍ර සෑදී තිබෙන අතර, සටහනේ මැද ඇති සමචතුරස්‍රෙය් සිට දකුණු සහ වම් අතට ද, ඉහළ සිට පහළට ද, දි‍වෙන රේඛා හතරකින්, පිටත දාරය තුළ පිහිටි මුළු සටහනම කොටස් හතරකට බෙදේ. ඉන් දකුණු පස කොටස් දෙක සෑම අතින්ම එකිනෙක සමමිතික වේ. ඒ අතර පිහිටි සෘජුකෝණාස්‍ර, ඒවා තුළ පිහිටි හතරට බෙදුනු වෘත්ත ආදී සියල්ලම සමානව කැටයම් කර තිබේ. වම්පස කොටස් දෙකේ දී මෙම සමමිතික බව එතරම් දක්නට නොලැබේ.
වම්පස පහළ කොටසේ, සමචතුරස්‍රයට සමීප කොටස සෘජුකෝණාස්‍ර හතරකට බෙදා ඒවා තුළ හතරට බෙදුනු වෘත්ත සටහන් කර ඇති නමුත්, ඊට පර්යාය වන ඉහළ කොටස අසමාන ලෙස දෙකට බෙදා තිබේ. ඉන් පහත කොටස අමුතු කැටයමකින් පුරවා ඇති අතර, ඉහළ කොටසේ, ඒක කේන්ද්‍රීය වෘත්ත හතක කැටයම නැවත දක්නා ලැබේ.
මෙම ආකෘතිය, කවර කාලයකට අයත්දැයි නිශ්චය නැත. අප රටේ මෙගලිතික සුසාන ඉදිකළවුන් සහ අනුරාධපුර ජනාවාසය ආරම්භ කළවුන් වන බළංගොඩ මානවයන්ගේ කෘතියක් ලෙස මෙය සැළකීමට ද හැකියාව ඇත. ඒ, මූල ඓතිහාසික යුගයේ මානවයාගේ අක්ෂර භාවිතයට පෙර පැවති සංකේත භාවිතය ගැන මෙයින් සළකාගත හැකි වන බැවිනි. එසේ ම, පූර්ව බ්‍රාහ්මී සෙල් ලිපි පවා ඇතැම් විට වෘත්තාකාරව ලියා තිබෙනු දැකගත හැකි අවස්ථා වේ. මෙම අදහස සත්‍යයක් නම්, අපගේ මුතුන් මිත්තන් ඉතා නිවැරදි ජ්‍යාමිතික නිර්මාණ හැකියාවක් ඇතිව විසූ බව මෙයින් අදහස් විය යුතු ය. මෙම මතය විවාදාපන්න අදහසකි. ඒ, ලංකාවේ මූල ඉතිහාසයට අයත්, සුලභ රූපාක්ෂර කිසිවක් සමග මෙහි ඇති සංකේත නොසැසඳෙන බැවිනි.
එච්. සී. පී. බෙල් මහතා ගේ 1901 වසරේ උතුරු මැද සහ මධ්‍යම පළාත් පුරාවිද්‍යා වාර්ෂික වාර්තාවේ මෙම ස්ථානය ගැන සඳහන් වේ. ඔහු මෙම කැටයම එවක දැන සිටි සක්වළේ සැළසුමක් ලෙස අර්ථ දක්වයි. ඒ අනුව, විශ්වය මැද පිහිටි, සත්කුළු පවු වලින් සැදි, සත් සමුදුරෙන් වට, ගවු හතළිස් දෙදහසක් උස් වූ, අඩක් මුහුදේ ගිළී පවතින මහමෙර, මෙම සැළසුමේ මැද පිහිටි වෘත්ත හතෙන් පිළිබිඹු වේ. ඉර සහ සඳ මහමෙර දෙපසින් දෙකෙළවර සටහන් කර තිබේ. අසංඛෙය්‍ය වූ ලෝක, හතරට බෙදන ලද කුඩා කව වලින් සළකුණු කෙරෙන අතර, සියල්ල වටා පැතිරි මහා සමුදුර හා එහි සරන මිථ්‍යාමය සත්ත්වයන් පිටත කවයෙන් දැක්වේ.
අභයගිරි අධ්‍යාපනය මූලික කරගනිමින්, මහායානික, වෛතුල්‍ය සහ තන්ත්‍ර ආදී දර්ශනයන් පැතිර යාමට බොහෝ කලකට පෙර සිට පවා, රජදරුවන්ගේ උද්‍යාන ක්‍රීඩා සහ සුරතෝත්සව ලංකාවේ පැවති බව පැහැදිලි කරුණ කි. පණ්ඩුකාභය රජ චිත්තරාජ සමග එකට අසුන්ගෙන රති නළු නැරඹූ බවට වන සදහන ඊට නිදසුනක් ලෙස දැක්විය හැක. මහමෙවුනාව සඟ සතු කළ පසු රාජකීය උද්‍යානය බවට පත් වූ රන්මසු උයනේ පිහිටි පොකුණු, මණ්ඩප සහ සීතල මාළිගය සමග සම්බන්ධ කොට සමස්තය ගැන සැළකීමේ දී මෙම සටහන හඳුනාගත හැක්කේ රජවරුන්ගේ ක්‍රීඩා සමග සබැඳි යමක් වශයෙනි. සුරත ක්‍රීඩා හිදී ජල ක්‍රීඩා, උයන් කෙළි සහ තන්ත්‍රයාන භාවිත වූ අතර, තන්ත්‍ර හුදු විනෝදය උදෙසා පමණක් නොව ආගමික කේන්ද්‍රීය මුහුණුවරකින් ද ක්‍රියාත්මක විය.
විශ්ව ශක්තිය සහ ස්වභාව ධර්මය සමග ආගමික මුහුණුවරකින් සම්බන්ධ වීමේ දී, සම්භෝගය ඉතා වැදගත් තැනක් හිමිකර ගනී. සෑම ආගමකම ප්‍රාථමික අවස්ථාවේදී මාතෘ දෙවඟන, ගර්භනී බව, වාර්ෂිකව මිහිතලය සරු කෙරෙන දිව්‍යමය සම්භෝගයක් වැනි දේ දේවමය මට්ටමෙන් සංකේතනය කර වන්දනා කෙරී තිබේ. ග්‍රීක දේව මණ්ඩලයේ බාකස් හෙවත් දියොනීසියස් වයින් සහ රතිය සම්බන්ධ දෙවියන් ලෙස සැළකේ. පෘථිවියේදී මිදි බවට පත්වන්නේ ඔහුගේ ශුක්‍රය බව පුරාණ ග්‍රීකයන්ගේ විශ්වාසය විය. වසන්ත සමයේ ඔහු සමරා රති උත්සව පැවැත්වීම ග්‍රීසියේ ඇතැම් නගර රාජ්‍ය වල රාජකීය මට්ටමින් පැවැත්වින. 
පුරාණ බැබිලෝනියන් දේවස්ථාන වල පූජකවරියන් බැතිමතුන් සමග සංසර්ගයේ යෙදීම දේව පූජාවක් ලෙස පිළිගැනුනි. මුල් ඉන්දු නිම්නයේ මවු දෙවඟන ඇදහීම, පශුපති හෙවත් ශක්තිමත් දිව්‍යමය පුරුෂයෙකු සහ හැඩිදැඩි ගව සංකේත අඩංගු මුද්‍රා, වැනි සාධක පසුකාලීන හින්දු ආගමේ ශිවලිංග වන්දනාව, අශ්වමේධ යාග, දේව දාසීන් වැනි දේ කරා යොමුවූ බව පෙනේ. ගණන් කළ නොහැකි තරම් වන පුරාණ හින්දු දේවකථා මෙන්ම, බෛබලයේ පැරණි ගිවිසුමේ ඇතුළත් කථා ද බොහොමයක් ශෘංගාරය හා මුසු වන්නේ මෙම මූලික අදහස පෙරටු කොටගෙන ය. එම සාහිත්‍යය අද සම්මතයේ පවතින සමාජ ධර්මතා නම් රාමුව තුළ විග්‍රහ කිරිම සුදුසු නොවේ. මෙකී සෑම සාධකයකින් ම පෙනෙන එක් මූලික අර්ථයක් වේ. එය නම්, මිනිසා ආහාර වගාකිරීම සහ සතුන් හීලෑ කරගැනීම ඇරඹූ දා පටන්, පස සරු වීම, නිසි කල ලැබෙන වැස්ස සහ සත්ත්ව පට්ටි තර වීම උදෙසා විශ්වීය බලවේගයක පිහිට පතා, දිව්‍යමය සම්භෝගය සංකේතවත් කර පුද පූජා පැවැත්වූ බව ය. එය රාජකීය මට්ටමෙන් සිදු කිරීම වඩා දියුණු සමාජයේ නායකත්වයේ වගකීම විය.
තන්ත්‍රයානයේදී සෝම පානයන්, මන්ත්‍ර පඨනය මෙන්ම, විවිධාකාරයේ යන්ත්‍ර සටහන් ද භාවිත වේ. එකී සියළු යන්ත්‍ර වෘත්තාකාර ආකෘතියකින් අඳිනු ලැබේ. මෙම අදහස රන්මසු උයනේ ආකෘතියට ආරෝපණය කිරීමේ දී නොගැළපෙන එකම අවස්ථාව වන්නේ, වෘත්තාකාර බව හැරුණු කොට, දැනට සොයාගත හැකි කිසිම තන්ත්‍ර සටහනක්, ඉහත කැටයම හා සමාන නොවන බැවිනි. එකී තන්ත්‍ර සියල්ල නෙළුමක ආකාරය ගත් රටාවලින් යුක්ත වන අතර, ඉහත කැටයමෙහි පද්මාකාර සටහන් කිසිවක් ඇතුළත් නොවේ. එහෙත්, එම සටහනෙහි දැක්වෙන ජල කවයෙන් හුදෙකළා වීම, මැදට යොමු වූ ආරෝහණය හා කේන්ද්‍රය කරා නාභිගත වීම ආදී සංකල්ප තන්ත්‍රයාන රතියේ දක්නට ඇති මූලික අර්ථයන් සමග බැඳෙන බව පෙනේ.
01
තන්ත්‍ර පිළිබඳ අදහස ඇත්තක් වී නම්, මෙම කැටයම ඉදිරිපිට ඇති ආසන හතරෙහි, තන්ත්‍ර යාන ලීලාවෙන් ස්ත්‍රීන් හා පුරුෂයන් අටදෙනෙකු අසුන්ගෙන, (පිරිමින් වීරාසනයෙන් අසුන් ගෙන සිටින අතර, ස්ත්‍රීන් ඔවුන්ගේ උකුළෙහි ඔවුන්ට මුහුණලා වාඩිවී, තම දෙපා පිරිමින්ගේ ඉඟවටා වෙළාගෙන සිටීමෙන් තන්ත්‍ර ආසනය සකස්වේ.) ඉදිරියේ ඇති සටහන කෙරෙහි මනස ඒකාග්‍ර කොටගෙන, සෝම, සුරා ආදී පානයන්, ධූමනයන්, විවිධ තාරතාවයන්ගෙන් යුත් සංගීතය, සූත්‍ර පඨනය මධ්‍යයේ රතිය පිළිබඳ ගැඹුරු ධ්‍යානයක් වැනි තන්ත්‍රයන්ට සමවදින්නට ඇති බව සැළකිය හැකිය.
රන්මසු උයනේම කොටසක් හෝ ආශ්‍රිත ස්ථානයක් ලෙස සැළකිය හැකි ඉසුරුමුණියේ ඇති පෙම්යුවළ කැටයම සුරතය පිළිබිඹු කරන කැටයමක් බව පැහැදිළි ය. එසේම, මිනිසා සහ අශ්ව හිස කැටයමට පරණවිතානයන් දෙන අර්ථ කථනය අනුව, (අග්නි සහ පර්ජන්‍ය හෙවත් අකුණු සහ වැසි වළාකුළු) මේ ආශ්‍රිතව වැස්ස බලාපොරොත්තුවෙන් පූජා කටයුතු සිදු වූ බවට ඇති මතය ද ඉහත අදහස හා සමපාත වන බව පෙනේ. ඉසුරුමුණිය හඳුන්වන අපරනාමයක් වන උත්තර මේඝගිරි යන සඳහනේ ම වැස්ස උදෙසා පූජා පැවැත්වීම සංකේතවත් වේ.
මෙම ආකෘතිය යම්කිසි සැළැස්මක් විය හැකිය යන අදහස ද ඇතැමෙකු විසින් නැඟී තිබේ. ලෝක සිතියමක් බව මුලින්ම බෙල් මහතා විසින් ඉදිරිපත් වුනු බව ඉහතින් ද කියැවිණි. සාම්ප්‍රදායික බෞද්ධ කැටයම් වලින් වෙනස් වූ, වෙනත් තැනක දැකිය නොහැකි සංකේත නිසා මෙහි ඇති වෙනස් බව පැහැදිළි අතර, මෙය යම්කිසි ජලාපවහන ක්‍රමයක සැළැස්මක් හෝ නගර නිර්මාණයක සැළැස්මක් ලෙස අර්ථ දැක්වීමට ඉඩ හසර පවතී. ඉසුරුමුණි අරම නවිකරණය කිරීම්වලින් ප්‍රධානතම වැඩ පිළිවෙල සීගිරි කස්සපයන්ගෙන් ඉටු වූවක් වන බැවින්, මෙය ද එතුමාගේ සැළැස්මක් ලෙස සිතන්නට ද ඉඩ කඩ තිබේ.
මීට එරෙහිව නැගෙන මූලිකම තර්කය වන්නේ, මෙම සටහනෙහි පිටත වළල්ලේ සිටින මුහුදු ජීවීන් බවය. ඒ අනුව, මෙය නගර සැළැස්මක් නොව, එක්කෝ දිවයිනක, නොඑසේනම්, ලෝකයේ සිතියමක් විය යුතුය. එක් කාලයක ලෝකයේ හරි මැද නාලන්දා ගෙඩිගෙය පිහිටි ස්ථානය වන බවට විශ්වාසයක් ද අප රටේ පැවතුණි. නොඑසේනම්, මෙම කැටයමේ මැද සහ ඉහළ වම් පස ඇති වෘත්ත හතෙන් දැවැන්ත දාගැබ් දෙකක් ද, අනෙකුත් සළකුණු වලින් ඒ ආශ්‍රිත වෙනත් ඉදිකිරීම් ද දැක්වෙනවා වන්නට ඉඩ ඇත. මෙම මතය ප්‍රායෝගිකව නිරීක්ෂණයට ලක් වී නැත. එසේ ම, අනුරාධපුර යුගයෙන් පසුවද, ආක්‍රමණ සහ පසුකාලීන රජවරුන්ගේ ප්‍රතිසංස්කරණ ප්‍රයත්න නිසා දිවයිනේ නගර සැළසුම් බොහෝ සේ වෙනස් වී ඇති හෙයින් මෙය දුෂ්කර කාර්යයක් ද වේ.
තවත් අතකට මෙය සක්වළ පිළිබඳ සිතියමක් වන්නට ඉඩ ඇතැයි ද මතයක් පවතී.

Lion - egyptian basrelief 

බැබිලෝනය, ඊජිප්තුව වැනි ශිෂ්ඨාචාර සමගත්, නැස්කා රේඛා සමගත් පිටසක්වළ ජීවීන්ගේ සම්බන්ධතාවයක් පවතින බවට ජනප්‍රිය අදහස් පළවී ඇති හෙයින්, මෙම සටහන ද ඊට සමරූපී සාධකයක් බව ඇතැමුන්ගේ විශ්වාසයයි.
බැබිලෝනයේ සිංහයා ගේ පිළිරුව, සිංහ සිරුරු ඇති පියාපත් ඇති මිනිසුන්ගේ ප්‍රතිමා සහ ඊජිප්තුවේ සිංහ ස්ෆින්ක්ස් රූ, ලාංකිකයන්ගේ සිංහ සම්භවය පිළිබඳ සංකල්පය සමග සම්බන්ධ කිරීමට එතරම් ආයාස ගත යුතු නොවේ.

අනෙක් අතට තැනිතළාවක් වන නැස්කා හි පොළොවේ සටහන් කර ඇති දැවැන්ත සටහන් අර්ථවත් ලෙස නැරඹිය හැක්කේ ඉහළ අහසට නැගුනු අයෙකුට පමණි.

The Lion of Babylon is an 
ancient Babylonian symbol.
ඊට සමරූපී ලෙස, රන්මසු උයනේ ඇති කැටයමෙහි මැද ඇති වෘත්ත හතෙන් සෞරග්‍රහ මණ්ඩලය අදහස් වන බව ද, පිටත ඇති ඊට සමාන සටහනෙන් අප සමග සබඳතා පවත්වාගත් පිටසක්වළ ජීවීන්ගේ මන්දාකිණිය හෝ ග්‍රහ මණ්ඩලය සංකේතවත් වන බව ද මෙම මතයෙන් අදහස් වේ. ලංකාවේ ප්‍රකට ජ්‍යොතිෂ්‍යයේ ඇත්තේ භෞතික ග්‍රහ වස්තූන් හතකුත්, රාහු සහ කේතු නම් කල්පිත ග්‍රහයන් දෙකකුත් පමණි, ඉන් භෞතික ග්‍රහයන් හත සතියේ දින හත නම් කිරීමට යොදා ගැනීමෙන් ම සෙසු ග්‍රහයන් අබිභවා ඒවායේ වැදගත් කම තහවුරු වේ. එසේනම්, ඉහත සටහනේ මැද ඇති වෘත්ත හතෙන් එම ප්‍රධාන ග්‍රහයන් හත හෝ ඒවායේ කක්ෂයන් නිරූපණය වන බව අදහස් කළ හැක.

ඇතැම් විට මෙම කැටයම පැරණි කැළැන්ඩරයක් ද වන්නට ඉඩ තිබේ. මැද කව හතෙන් සතියේ දින හත පිළිබිඹු වන අතර, දෙපස ඇති ඉර සහ හඳෙන් දිවා රාත්‍රී දෙක සංකේතනය වේ. සෙසු කව සහ සමාන්තරාස්‍ර මගින් වසරකට ඇති සෂ්‍ය හෙවත් අස්වනු රටා, උදම් රටා හෝ සුමාන ගණන නිරූපණය වනවා විය හැක. කැටයමේ බොහෝ දුරට සමමිතික වන ඉහළ සහ පහළ කොටසෙන් සූර්යයාගේ දක්ෂිණායනය සහ උත්තරායනය දැක්වෙන්නට ඇත. ඉහළ වම්පස ඇති කව හතෙන්, ලෝක විනාශයෙන් පසු නැවත සිදුවන ජීවයේ සහ කාලයේ ආරම්භය අදහස් වන්නට පුළුවන. කාලය චක්‍රාකාරව ගළායන බව වටා ඇති දියවටයෙන් සංකේතනය කළා විය හැක.

තාරකා දොරටු පිළිබඳ අදහස ශ්‍රී ලාංකීය මනස ට හඳුන්වාදෙන ලද්දේ, ස්ටාර්ගේට් නම් ඇමරිකානු වැඩසටහන තුළිනි. එසේ වුවත්, එම වැඩසටහනේ දැක්වෙන තාරකා දොරටුව, මෙම කැටයමේ පිටත වළල්ල ට සෑහෙන සමානත්වයක් දක්වයි. එසේම රන්මසු උයනේ කැටයමට සමරූපී කැටයම්, පුරාණ බැබිලෝනයෙන් සහ මිසරයෙන් සොයාගෙන ඇති බව ද මෙම අදහසට රුකුල් දෙයි
02
මීට සමාන බැබිලෝනියානු කැටයමක් වන්නේ බැබිලෝනියානු ලෝක සිතියම නම් මැටි පුවරුවයි. දකුණු ඉරාකයේ, පුරාණ බැබිලන් නගරයේ සිට කි. මී. 97ක් උතුරින් පිහිටි සිප්පර් (Sippar) නම් ස්ථානයේ, යුප්‍රටීස් නදියේ නැගෙනහිර ඉවුරෙන් හමු වූ මෙය, 1899 දී ප්‍රසිද්ධියට පත් කරන ලදුව, දැනට බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තැන්පත් කර තිබේ. බැලූ බැල්මට මෙය රන්මසු උයනේ ඇති කැටයම මෙන් සංකීර්ණ සහ සමමිතික නොවන වඩා සරළ සටහනකි. ඒක කේන්ද්‍රීය වෘත්ත දෙකක් මගින් සකස් වූ පිටත වටය සහ ඒ තුළ ඇති කුඩා වෘත්ත හේතුවෙන් ලංකාවේ කැටයම ට සම වූවත්, බැබ්ලෝනීය කැටයමේ ඇති අනන්‍ය බව සහ සරළ බව පැහැදිළි ය. එපමණක් ද නොව, මෙම සිතියමේ ඇතුළත් ප්‍රදේශ පිළිබඳව සිතියමට ඉහතින් කූඤ්ඤාක්ෂර වලින් සටහන් කර ද තිබේ. 
03
මෙහි වෘත්තාකාර සටහන වටා ත්‍රිකෝණ හතරක් දක්නට ලැබේ. සූර්ය සටහනක මෙන් මෙහි ද ත්‍රිකෝණ හතක් තිබෙන්නට ඇත. කූඤ්ඤාක්ෂර සටහනේ මේවා දිවයින් හතක් ලෙස නම් කර තිබේ. ඒ අතර, නැගෙන හිරු ගේ ප්‍රදේශය, හිරු සැඟවුණු කිසිවක් දැකිය නොහැකි පෙදෙස, කුරුල්ලන්ගේ පියාසර සීමාවට එපිට, ආදී වශයෙන් නම් කරනලද ස්ථාන වේ. අමිහිරි නදිය (river of bitter water) ලෙස නම් කර ඇති පිටත වටය, සාගරය ලෙස සැළකිය හැක. ඉතිරි කොටස් පහත පරිදි නම් කර තිබේ. 
1.     කඳු
2.    නගරය
3.    උරර්ටු
4.    ඇසිරියාව
5.    දෙර්
6.    හඳුනාගත නොහැක04
7.    වගුරු
8.    ඒළාම්
9.    ඇළ
10.   බිත් යාකින්
11.    නගරය
12.   හබ්බාන්
13.   බැබිලන්
14.   – 17. අමිහිරි නදිය
18.  – 22. දිවයින්
ඉහතින් ද දක්වා ඇති අයුරින් ම, බැබිලෝනීය කැටයම ද, සෞර ග්‍රහ මණ්ඩලයේ සටහනක් යැයි ද මතයක් පවතී. එහි ඇති කුඩා කව අට ග්‍රහ ලෝක අටක් ලෙස අර්ථ දැක්වීමට සමහරු පෙ‍ළඹෙති. ප්ලූටෝ විෂම වූ පරිභ්‍රමණ පථයක් ඇත්තෙක් බැවින් සෞරග්‍රහ මණ්ඩලයට අයත් නොවන බවට ඇති තර්කය මෙහිදී පදනම් කර ගැනේ.
ගුවනින් ආ සිංහ මිනිසුන් විසින් බැබිලෝනය ශිෂ්ඨවත් කරන ලද බව සඳහන් මැටි පුවරුවක් බැබිලෝනයෙන් සොයාගන්නා ලද බවට ප්‍රසිද්ධ වී ඇති නමුත්, ඒ පිළිබඳ නිශ්චය සාක්ෂි මා හට සොයාගත නොහැකි විය.
රන්මසු උයනේ කැටයමට සමාන චක්‍රාකාර කැටයමක් මිසරයෙන් සොයාගෙන තිබේ. එය පිහිටියේ දෙන්දෙරා හි හැතෝර් දේවස්ථාන සංකීර්ණයේ ඔසයිරස් හට කැප වූ දේවාලයේ පෝටිකෝවේ සීලිමේ ය. මෙම දේවාලය ඉදිකිරීම ඇරඹුනේ ටොලමි රජුගේ පාලන කාලයේ වන අතර, මෙකී පෝටිකෝව එකතු කෙරුණේ ටයිබීරියස් අධිරාජ්‍යයා විසිනි. එහෙයින් ප්‍රංශ පුරාවිද්‍යාඥයෙකු වන ශෝං ෆ්‍රාංස්වා චැම්පෝලියන් මෙය මිසරයේ ග්‍රීක රෝමානු පාලන කාලයට කාල නිර්ණය කර ඇත. එහෙත් පසුකාලීනයෝ මෙම කැටයම වඩා ඈත කාලයකට හෙවත් ක්‍රි. පූ. 50 ට පමණ කාලනිර්ණය කරති. ඒ, මෙහි දැක්වෙන තාරකා රාශි එවකට පිහිටි ස්ථානයන් මෙම කැටයමෙහි සටහන් වන බැවිනි. දැන් මෙය පැරිසියේ ලූව්ර කෞතුකාගාරයේ තැන්පත් කර තිබේ.
 0506
මේවායේ අටකොණෙහි ඇති මානව සහ දේව රූප හැරුණු කොට, පිටතින්ම ඇත්තේ හයිරොග්ලිපික්ස් හෙවත් චිත්‍රාක්ෂර වලින් සමන්විත රවුමකි. මෙම කොටස සැකැස්ම අතින් රන්මසු උයනේ ඇති සටහනට තරමක් දුරට සමාන ය. එම වටය තුළ ඇති ඉඩ පුරවා ඇත්තේ රවුමට ගළපා කැටයම් කරන ලද විවිධ සංකේත වලිනි. අනෙක්වාට සාපේක්ෂව ප්‍රමාණයෙන් විශාලව සටහන් කර ඇති සංකේත දොළහ කි. චක්‍රයේ මැදට වන්නට සටහන් කර ඇති මේවා රාශි දොළහ නියෝජනය කරන බව පැහැදිළිව පෙනේ.
අනෙක් සංකේත සමග ද විශ්ලේෂණය කර බලන විට, මෙම සමස්ත කැටයම රාත‍්‍රී අහසේ සැළැස්මක් හෙවත්, තාරකා රාශි සටහනක් හෝ තාරකා කැළැන්ඩරයක් ලෙස සැළකීමට පුළුවන.
නැස්කා රේඛා සමග රන්මසු උයනේ ඇති කැටයම ට ඇති සම්බන්ධතාවය ද සමහර ගවේෂකයන්ගේ අවධානයට පාත්‍ර වී ඇත. මේ සමග දැක්වෙන රූපය දකුණු පේරු හි නැස්කා තැනිතලාවේ කිලෝමීටර අසූවකට වැඩි භූමි ප්‍රදේශයක සටහන් වී ඇති එම දැවැන්ත සටහන් වල සිතියමකි. 
07 (1) කාන්තාරයේ බිම මතුපිට ඇති රත් පැහැ වැලි සහ බොරළු ඉවත් කිරීම මගින් අඟල් 6 කට පමණ යටින් ඇති කහ පැහැති පස් මතු කර, කිලෝමීටර කිහිපයක දිග පළලින් යුතුව සියගණනක් වන මෙම සංකේත සහ රේඛා සළකුණු කර තිබේ. මිහි මත ඇති වියළිම සහ ඒකාකාර ම කාළගුණ තත්ත්වයන් මෙහි පවතින හෙයින් මේ දක්වා මෙම සටහන් ආරක්ෂා වී පවතී. නැස්කා රූප ආශ්‍රිතව හමු වූ ලී මෙවළම් කාබන් 14 ක්‍රමයට බඳුන් කිරීමෙන් මේ රේඛා ක්‍රි. ව. 400 – 650 අතර කාලයට කාල නිර්ණය කර ඇත. මෙම රූප පැහැදිළිව දැකගත හැක්කේ ගුවනේ සිට පමණ කි. මෙහෙයින් ම මෙකී සටහන්, ගුවනින් හෝ පිටසක්වළින් පෘථිවිය වෙත ආ කිසිවෙකු වෙනුවෙන්, එවැන්නෙකුගේ ම ආධාරය ඇතිව ඇඳ ඇති බවට මතයක් පවතී.
ඇමරිකා එක්සත් ජනපදයේ වර්තමානයේ විශාල තිරිඟු යායවල සටහන් ව තිබී හමුවන වගා චක්‍ර (Crop Circles) පිළිබඳව ද මෙවැනිම අදහස් පළ වී ඇති නමුත්, ඒවා දක්ෂ ශිල්පියෙකුට පොළොවේ සිට ම නිර්මාණය කිරීමට හැකි බව ආතර් සී. ක්ලාර්ක් මහතා ඇතුළු විද්වතුන් විසින් පෙන්වා දී ඇත. එපරිද්දෙන්ම, නැස්කා රේඛා ද, ආදි කාලීන මිනිසා විසින්, තමන්ට ඉහළින් වෙසෙන දිව්‍යමය බලවේගයක් සතුටු කිරීමේ අරමුණින්, කුඩා සැළසුමක් විශාල කොට තැනිතලාවේ සටහන් කරන ලද්දක් බවට අනුමාන කරන්නට ද පුළුවන.
රන්මසු උයනේ කැටයම ට සම කළ හැකි රූප ලෙස නැස්කා සටහන් අතර ඇත්තේ, අතිශයින් සෘජු සරළ රේඛා, සමාන්තරාස්‍ර, සර්පිල සහ තල්මසාගේ සටහන පමණකි. අනෙක් සියළු රූප ඇමරිකානු කාන්තාර කළාපයේ සුලභව දක්නට ඇති දේ ය.
සමස්තය පිළිබඳ විග්‍රහ කර බැලීමේදී නිශ්චය වශයෙන් ම කිව හැක්කේ එකක් පමණකි. වෘත්ත, සමාන්තර රේඛා, සමාන්තරාස්‍ර සහ සමචතුරස්‍ර ඉතා නිවැරදි ලෙස සටහන් කළ හැකි වූද, ඒ පිළිබඳ නිවැරදි ජ්‍යාමිතික දැනුමකින් පොහොසත් වූද ශිල්පීන් අනුරාධපුර යුගයේ හෝ ඊටත් පෙර ලක්දිව විසූ බව ය. ඉහතින් සඳහන් දීර්ඝ උපකල්පන කිසිවකින් තොරව වුවද, මෙම කැටයමේ ඇති වැදගත්කම තේරුම්ගැනීමට මෙකරුණ පමණක් ප්‍රමාණවත් බව කිව හැක

================================================
උපුටා ගැනීම් සහිතයි ....!!!
දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya

Friday, December 2, 2016

බ්‍රිතාන්‍යයේ ඩ්‍රැකියුලා මිනිසුන් 15,000 ක් ඇතැයි හෙළිවෙයි....(අබිරහස් අඩවිය - Abirahas Adawiya - හොල්මන් කතා. dracula holman katha)

බ්‍රිතාන්‍යය තුල මිනිස් ලේ උරා බොමින් ජීවත්වන 15,000 කට ආසන්න පිරිසක් වෙසෙන බව නවතම සමීක්ෂනයකදී අනාවරණ කර තිඛෙනවා.
ලන්ඩනයේ මිරර් වෙබ් අඩවිය වාර්තා කරන්නේ එම සියලු පුද්ගලයින් රහස් ජාලයකින් බැදී සිටින බවයි.
වෛද්‍ය  Emyr Williams පවසන්නේ මෙම පිරිස සිය ජාලය තුල වෙසෙන සාමාජිකයින්ගේ ලේ උරා බොමින් එම ජාලයේ සබදතා පවත්වාගෙන යන බවයි.
මේ වන විට එම 15,000 ක පමණ පිරිසට ලේ සැපයුම් සිදුකරන 30,000 ක පමණ පිරිසක් බි්‍රතාන්‍යයේ වෙසෙන බවත් වෛද්‍යවරයා අනාවරණ කර තිඛෙනවා.
මෙය වඩාත් තහවුරු කරමින් සිය සැමියා තමන්ගෙන් ලේ උරා බොන බව Blut Katzchen නැමැති බ්‍රිතාන්‍ය තරුණියක් අනාවරණ කර තිඛෙනවා. සිය සැමියාට ජීවත්වීමේ ශක්තිය ලබා ගැනීම සදහා ඔහුට ලේ අවශ්‍ය වන බවත් තමන් ඉතා කැමැත්තෙන් ඊට එකගව සිටින බවත් ඇය අනාවරණ කළා. ඒ හේතුවෙන් ඔවුන් දෙදෙනා අතර ඉතා දැඩි ආත්මීය සවිමත් සබදතාවයක් පවතින බවයි එම තරුණිය ප්‍රකාශ කර ඇත්තේ.
මීට වසර 2කට පෙර ඔවුන් මුණ ගැසී ඇත්තේද බ්‍රිතාන්‍යයේ චැම්පරයින් හෙවත් ඩ්‍රකියුලාවරුන්ගේ රහස් සංගමයක් තුලදීයි. මේ එම යුවලගේ සේයාරූ කිහිපයක්.






================================================
උපුටා ගැනීම් සහිතයි ....!!!
දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya

Friday, November 25, 2016

වෙනත් ලෝකවල ජීවීන් පහල වන හැටි – බුදු දහමේ කියවෙන හැටි...(අබිරහස් අඩවිය - Abirahas Adawiya -ශාස්ත්‍රීය ළිපි aliens bellana ganawimala )

ඛෙල්ලන ඥානවිමල නාහිමි, ජීවය, පිටසක්වල, ලෝකය, සක්වල සක්මන
අපවත් වී වදාල සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ, මහ නායක අග්ග මහා පණ්ඩිත, ආචාර්ය බෙල්ලන ශ්‍රී ඤාණවිමල මහ නාහිමියන් වනාහී බුදුදහම පිළිබඳවත් විද්‍යාව පිළිබඳවත් හසල දැනුමැති මහා පඬිරුවනකි.
අපවත්වන තුරුම ත්‍රිපිටක ග්‍රන්ථ සහ නවීන විද්‍යා  පර්යේෂණ කෘති නොඅඩුව පරිශීලනය කල උන්වහන්සේ සතු ප්‍රඥාවෙන් ලෝකයාට දෙසා වදාළ ලෝක විෂය කරුණු චාමික මුණසිංහ මහතාගේ සංස්කරණයෙන් සක්වල සක්මන නමින් පල කෙරුණි .
මෙ එහි තවත් පියවරක්.
මහ නායක හාමුදුරුවනේ, වෙනත් ලෝකවල ජීවීන්ගේ, පහළ වීම කොහොමද සිදු වෙන්නෙ ?
ඒ, ඒ ජීව ලෝකවල පවතින ස්වභාවයන්ට අනුගතවයි, ජීවීන්ගේ පහළ වීම සිදුවෙන්නේ. දැන් අපි ජීවත් වෙන මේ මනුෂ්‍ය ලෝකයේ වුණත් එකම විධියට ජීවීන් හට ගන්නේ නැහැනේ. වරක් අපේ බුදු හාමුදුරුවෝ අග්‍ර ශ්‍රාවක සැරියුත් මහරහතන් වහන්සේට ජීවීන් උපදින සතර යෝනී පිළිබඳව විස්තර කර තිබෙනවා.
එනම්, බිත්තර (අණ්ඩජ යෝනි) වලින් උපදින ජීවීන්, වැදෑමහ (ජලාබුජ යෝනි) මව්කුස ඇසුරෙන් උපදින සත්වයින්, අපද්‍රව්‍ය – තෙතමනය (සංසෙදජ යෝනි) ආශි‍්‍රතව උපදින ජීවීන් සහ අඟ පසඟ සහිතව (වැඩී) පහළ වන සත්වයින් වශයෙනුයි. කළල රූපයක් ක්‍රමිකව වැඩීමකින් තොරව ඕපපාතිකව පහළ වන ජීවී කොටස් ද මෙලෙස විවිධ ලෝකවල වෙසෙනවා.
ඒ වුණත්, භෞතික විද්‍යා ඉගැන්වීම්වලට අනුව ස්ත්‍රී, පුරුෂ සම්යෝගයක් නැතිව ප්‍රමාණාත්මක ඇසට පෙනෙන ජීවීන් හට ගන්නේ නැහැ නේද?
ඔබ ඔය කියන න්‍යායන් සක්වළ ධර්මතාවලට පටහැනියි. දැන් බලන්න, කෙකනියන් ගැබ් ගන්නේ කොහොමද කියලා. මේඝ (වැසි) ගර්ජනා හඬටයි, උන් ගැබ් ගන්නේ. ඔවුන් අතර ස්ත්‍රී වර්ගයේ සත්වයින් හැර ඔබ කියන අන්දමේ පුරුෂ වර්ගයේ සත්වයින් සමග සංවාසයක් සිදුවන්නේ නැහැ. නමුත් සොබා දහමත් සමග බැඳුනු කෙකනියනුත් (බලාක යෝනියෙහි) ගැබ් ගන්නවා. මේඝ ගර්ජනා නැතිවුණ අහසක් මතු කාලයක නිර්මාණය වුණොත් පමණයි, කෙකනියන්ගේ ගැබ් ගැනීම නතර වෙන්නේ. එතෙක් පුරුෂ සත්වයන් නැතත් කෙකනියන්ගේ ගැබ් ගැනීම සිදු වෙනවා.
එතකොට, ඕපපාතිකව උපදින්නේ, මොන වගේ සත්ව විශේෂද?
බොහෝ විට එහෙම පහළ වෙන්නේ ඉතා සූක්‍ෂම ප්‍රමාණවල ශරීර කොටස් ඇති සත්ව විශේෂයි.
නිරා සතුන් සහ භූත, ප්‍රේත, පිශාච, කුම්භාණ්ඩාදී අමනුෂ්‍යයින් වගේම දේව, බ්‍රහ්ම කොට්ඨාසත් මේ ගණයට අයත් වෙනවා. දෙවිවරුන්ගේ මෙම ඕපපාතිකව පහළ වීම පිළිබඳව ‘සංයුක්ත අට්ඨ කථාවල’ මෙන්ම ‘යෝගාචාරභූමි’ වැනි පුරාතන ග්‍රන්ථවලද විස්තර කර තිබෙනවා. ඒ වගේම ත්‍රිපිටකයේ නොයෙක් තැන්වල දෙවි බඹුන්ගේ පහළවීම් පිළිබඳව දැක්වෙනවා. විශේෂයෙන් දිව්‍ය ශරීරවල සියුම් (සූක්‍ෂම) බව අංගුත්තර නිකායේ ‘සමචිත්ත’ සහ ‘හත්ථක’ වැනි සූත්‍රවල විස්තර කෙරෙනවා. දීඝ නිකායේ සීලක්ඛන්ධ වග්ගයේ ‘කේවට්ට සූත්‍රයෙන්’ බ්‍රහ්ම කායික ලෝකවල සියුම් ශරීර පිළිබඳවත් දීර්ඝ ලෙස විස්තර කර තිබෙනවා.
මෙවැනි සියුම් ශරීර ඇති ජීව ලෝක දැක ගැනීමට කුමන අන්දමේ ඤාණ ගවේෂණයක් අවශ්‍ය වෙනවාද?
දෙව්, බඹුන් දැක ගන්නට නම් අෂ්ට ඤාණය ප්‍රමාණවත් වෙනවා. ඒ කියන්නේ, දිබ්බචක්ඛු, ඉද්ධිවිධ, චෙතොපරිය, යථාකම්මූපග, අනාගත, පච්චුප්පන්න, අතීත, පුබ්බේනිවාසානුස්සති යන ඤාණ අටයි. අපේ බුදුහාමුදුරුවන්ට තවත් ඤාණ සම්භාරයක් ඇතුළු අෂ්ට පරිවත්ත අධි දේව ඥානය පවා තිබූ බව සඳහන් වෙනවා.
මේ නිසායි, බුදු රදුන් හැරුණු කොට සෘද්ධිමතුන් අතර අග තැන්පත් මුගලන් මහ රහතන් වහන්සේ සහ දිබ්බචක්ඛු ඤාණාලාභීන්ගෙන් අගතැන්පත් අනුරුද්ධ මහරහතන් වහන්සේ වැනි මහ රහතන් වහන්සේ කිහිප නමක් පමණක් දෙව්, බඹුන් සමග සමීපව කටයුතු කර තිබෙන්නේ.
එසේ නම් බුදුරදුන්ගේ මහා ඤාණ සම්භාරය සුවාසු දහසක් ධර්මස්කන්ධයකට සීමා වුණේ ඇයි?
පන්සාලිස් (හතළිස් පස්) වසරක් තුළ විනය පිටකය 21, 000 ක්, සූත්‍ර පිටකය 21, 000 ක් හා අභිධර්ම පිටකය 42, 000 ක් වශයෙන් ඔබ කියපු පරිදි සුවාසූ (84,000) දහසක ධර්මස්කන්ධයක් දේශනා කොට වදාරා තිබෙනවා. සත්වයන්ට සසරින් එතර වෙන්න, මේ ධර්මස්කන්ධය ඕනෑවටත් වඩා ප්‍රමාණවත් වෙනවා. නමුත්, උන්වහන්සේ සතු දැනුම හා දැක්ම ඊටත් වඩා බොහොම වැඩියි. ඒ බව සංයුක්ත නිකායේ, සිංසපා සූත්‍රයෙන් මෙසේ විස්තර කෙරෙනවා.
දවසක් බුදු හාමුදුරුවෝ මහා සංඝයා පිරිවරා ගෙන වන පෙදෙසක් මැදින් චාරිකාවේ නිරත වන අතර ඇට්ටේරියා ගසක් යට විවේක සුවයෙන් වැඩ සිටි සේක. එවිට එම ගසින් බිම වැටී තිබුණ කොළ මිටියක් බුදුරදුන් අතට ගෙන මෙහෙම විමසනු ලැබුවා.
‘මහණෙනි, මේ මගේ අතේ තිබෙන කොළද වැඩි නැති නම් මේ ගසේ තිබෙන කොළ ද වඩා වැඩි’ යනුවෙන් එවිට නොපැකිලිව මහා සංඝයා ‘ගසේ කොළ ඉතා වැඩි’ යැයි තථාගතයන් වහන්සේට පිළිතුරු දී සිටියා. ඉන් පසු බුදුහාමුදුරුවෝ විසින් ‘මහෙණනි මේ ගහේ කොළ ද වැඩි, නැතිනම් මේ වනයේ කොළ ද වඩා වැඩි’ යනුවෙන් නැවතත් විමසනු ලැබුවා. එවිටත් මහා සංඝයා ‘වනයේ කොළ ඉතා ම වැඩි’යි යනුවෙන් පිළිතුරු දුන්නා.
ඉනික්බිතිව, එලෙසම ‘මහණෙනි, බුදුවරු දැනගත් ධර්මය මේ වනයේ ඇති කොළ තරම් බොහෝ වැඩි බවත්, බුදුරදුන් ලොවට දේශනා කොට වදාළේ අතේ ඇති කොළ මිට මෙන් ඉතා සුළු ප්‍රමාණයක් බවත් විස්තර කර තිබෙනවා. ඉන් පැහැදිලි වෙනවා, බුදුරදුන් දේශනා නොකළ ධර්මය එම වනයේ කොළ තරම් ඉතා වැඩි බව. උන්වහන්සේ එසේ කළේ, ලොව්තුරා සම්මා සම්බුදු කෙනෙකු සාර සංඛ්‍යෙ කල්ප ලක්‍ෂයක් මුළුල්ලේ පාරමී දම් සම්පූර්ණ කරමින් අවබෝධ කර ගත් මහා ධර්මස්කන්ධය ලෝකයාට විෂය නොවනු නිසා විය යුතුයි.
එය එකළ පැවති භක්තිවාදී බමුණු සමාජයට විෂය නොවුණත්, නවීන විද්‍යාවේ දියුණුවෙන් කෙළ පැමිණි නූතන සමාජයට නම් විෂය විය හැකියි නේද?
අදටත් භක්තිවාදී අන්තවාදී මිථ්‍යා ආගම් අදහන අන්ධ ලබ්ධිකයින්ගෙනුයි ලෝකය පිරී පවතින්නේ. නවීන විද්‍යාත්මක කැමරා උපකරණවලට ඉඳහිට දේවතා එළි හා විවිධ ආලෝක දහරාවන් සටහන් වුණාට, ඒවායේ සූක්‍ෂම භාවයන් අවබෝධ කර ගැනීමට තරම් විඥානය දියුණු කර ගෙන නැහැ. නවීන විද්‍යාවෙන් නිරූපණය වෙන්නේ, භෞතික හා යාන්ත්‍රික ඡායා දැක්මක්. නමුත්, අධ්‍යාත්මික සූපසන් දැක්මකුයි, බුදුදහමේ දැක්වෙන්නේ. විද්‍යා (ඉජඪඥදජඥ) යන වදන, බුදුදහමේ විස්තර වෙන්නේ, ‘විජ්ජා’ යනුවෙන්. බුදු දහමට අනුව ‘විජ්ජා උදපාදී’ කියන්නේ නිවැරදිව යමක් අවබෝධ කර ගැනීමටයි.
නමුත් නවීන විද්‍යාවෙන් අද නිගමනය කරන හුඟක් දේවල් හෙට දවස වන විට වෙනස් වෙනවා. ඒ දේවල් පිළිබඳව නිවැරැදිව අවබෝධ කර නොගැනීම නිසායි, ඒවා කලින් කලට වෙනස් වෙන්නේ. මේ නිසා අද තියෙන්නෙත්, අවිද්‍යාව හෙවත් අනවබෝධය පිරුණු භෞතික සමාජයකුයි.
මහා විද්‍යාඥ, සාපේක්‍ෂතාවාදයේ පියා වූ ඇල්බට් අයින්ස්ටයින්ටත් වැරදුණේ මේ නිසා ද?
ඔව්, එතුමා සාපේක්‍ෂතා වාදයෙන් ලොවට අනාවරණය කළ ආලෝකයේ වේගයට වඩා වැඩි වේගයකින් සක්වළ පවතින කිනම් වස්තුවකට හෝ ගමන් කළ නොහැකිය යන අදහස පවා අද වන විට අභියෝගය ලක් වී තිබෙනවා. ලොව පිළිගත් විශිෂ්ටතම විද්‍යාත්මක නිගමනයත් වසර සියය (100) ක් ගත වීමට පෙර වෙනස් වුණා නම්, අනෙකුත් විද්‍යාත්මක නිගමන පිළිබඳ ඉතින් කවර කථා ද?
ඇල්බට් අයින්ස්ටයින්
ජිනීවාහි විද්‍යාඥයන් පිරිසක් කළ විස්මය ජනක සොයා ගැනීමකට අනුව, ආලෝකයේ වේගයට වඩා වැඩි වේගයකින් ගමන් කරන අංශු විශේෂයක් හඳුනාගෙන තිබෙනවා. මහාචාර්ය ජෙනී තෝමස් පවසන පරිදි මෙම සොයා ගැනීම නිසා භෞතික විද්‍යාවේ මූලික තේරුම් ගැනීම පමණක් නොව සක්වළ තේරුම් ගැනීමද ගැටලුවක් වී තිබෙනවා. ‘ඒක හරියට මේ සක්වළේ හැමදේම ඔලුවෙන් හිටෙව්වා වගේ වැඩක්. ඒ ගැන හිතන කොටත් ඔලුව අවුල් වෙනවා වගෙයි’ යනුවෙන් ඇය (මහාචාර්ය ජෙනී) විදෙස් මාධ්‍යයන්ට පවසා තිබුණා.
එහෙනම් විද්‍යාවේ නිගමන වලින් ඔලුව අවුල් නොවීමට නම්, බුදු දහමෙන් දෙන උපදේශය කුමක්ද?
ඔව්, ‘විජ්ජා චරණ සම්පන්නෝ’ යන ගාථා පාඨයෙන්ම ‘විද්‍යාව හා චරණ ධර්ම’ පිළිබඳව විස්තර කෙරෙනවා. බුදුරදුන් සොයා ගත්තා වූ සෑම දෙයක් සමඟම හැසිරීම් රටාවක් සහ චර්යාධර්ම පද්ධතියකුත් නිර්දේශ කර තිබෙනවා. එමගින් මිනිසාගේ සිතට ආධ්‍යාත්මික සුවයක් කැඳවනවා. මේ නිසා එම අවබෝධයෙන් මිනිසාට හෝ පරිසරයට හෝ විපතක්, අනර්ථයක් සිදු වෙන්නේ නැහැ.
ලෝකයේ ස්වභාවය මේ බඹයක් පමණ වූ ශරීරය තුළින් අවබෝධ කරගත හැකි බවත්, එහි ලොව ඇති සියලු ධාතු කොටස් දැක ගත හැකි බවත් අංගුත්තර නිකායේ, චතුක්ත නිපාතයේ බුදුරදුන් විස්තර කර තිබෙනවා. එබැවින් බඹයක් පමණ වූ ශරීර කොටස්වලින් යුතු තමා, තමන්වම නිවැරදිව දැක ගැනීම ලෝකය දැකීමක් වැනිය යන්න එම බුද්ධ දේශනාවෙන් මොනවාට පැහැදිලි කෙරෙනවා.

================================================
උපුටා ගැනීම් සහිතයි ....!!!
දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya

Sunday, November 13, 2016

දළදා වහන්සේගේ හාස්කම් හෙළි කළ සියවසකට පෙර කතාව...... (අබිරහස් අඩවිය - Abirahas Adawiya - haskam mahanuwara dalada maligawa peradeniya )

මේ කතාන්තරය මෙයින් වසර 90 කට පෙර එනම් 1921.05.12 වනිදා සිදු වූ අපූර්ව සිද්ධියකි.
එවකට මෙරට පාලනය කළේ සුද්දෝය. මේ වකවානුවේ මෙහිසිටි අග්‍රාණ්‌ඩුකරයා වූයේ “චාමස්‌” මහතාය. ඔහු ඒ දිනවල නැවතී සිටියේ මහනුවර “ක්‌වීන්ස්‌” හෝටලයේය.
එදා වෙසක්‌ පෝ දිනයකි. බෞද්ධ ජනතාව එක දිගට දළදා හිමියන් වඳින්නට යන බව “චාමස්‌” උඩුමහලේ සිට දැක්‌කේය. බෞද්ධ ජනතාව තුළ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ පිළිබඳ මෙබඳු භක්‌තිමත් ගෞරවයක්‌ පැවතීම ගැන අග්‍රාණ්‌ඩුකාරයාට ඉවසිය නොහැකි විය.
ශ්‍රී දන්තධාතූන් වහන්සේ කෙරෙහි ඔහු තුළ කෝපයක්‌ සහ වෛරයක්‌ ඇතිවිය. වහාම කම්මල්කරුවකු, කිණිහිරයක්‌ සහ කුලුගෙඩියක්‌ සොයාගෙන එන ලෙස අග්‍රාණ්‌ඩුකාරයා සිය නිලධාරීන්ට නියෝග කළේය.
කම්මල්කරු සහ එම ද්‍රව්‍ය ගෙන ඒමෙන් පසු ශ්‍රී දළදා වහන්සේ මහනුවර මද්දුමබණ්‌ඩාර උයනට ගෙන එන ලෙස නිලධාරීන්ට නියම කොට මොවුන් ද එම ස්‌ථානයට ගෙන යන ලෙස නියෝග කෙරිණි.
ටික වේලාවකින් අග්‍රාණ්‌ඩුකාරයා සිතූ පරිද්දෙන්ම සියල්ල සිදුවී තිබිණි. කිණිහිරිය කුලුගෙඩිය සහ කම්මල්කරු මද්දුම බණ්‌ඩාර උයනේ එක්‌තැනක රඳවා මාළිගාවෙන් පිටතට ගත් දළදාවහන්සේ කිණිහිරය මත තැබීමට අග්‍රාණ්‌ඩුකාරයා නියම කෙරිණි.
සිදුවන්නට යන දේ ගැන ඉවෙන් මෙන් දැනගත් ශ්‍රී දළදා හිමියන් වැඳපුදා ගන්නට ගිය බෞද්ධයෝ කඳුළු සලමින් බලා සිටියහ. අදට වයස 104 ක්‌ සපුරා සිටින මොරගොල්ලේ රංඑතනාද ඒ පිරිස අතර වූහ.
ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ කිණිහිරය මත තබා කුලුගෙඩියෙන් ගසා කුඩුකර දමන ලෙස අග්‍රාණ්‌aඩුකාරයා කම්මල්කරුට නියෝග කෙරිණි. රාජනියෝගය බුද්ධ නියෝගයට වඩා ලොකුය. කම්මල්කරු (සමාවුව මැනවි දළදාහිමියනි) දළදා හිමියන් කිණිහිරය මැද තබා කුලුගෙඩිය ඔසවා වැරෙන් පහරක්‌ පහළට පාත් කළේය. නමුත් කුලුගෙඩිය ළංවන විට ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ එතැන නොවීය. අනේ සාදු….. අනේ සාදු… අනේ සාදු…. කවුරුත් හඬනගන්නට වූහ.
අග්‍රාණ්‌ඩුකාරයාට යකා නැග්ගේය. අඩියට දෙකට පැමිණ කම්මල්කරුගේ බෙල්ලෙන් අල්ලාගෙන කෝ තොපේ බුද්ධා හොයාපිය….. ඉක්‌මනට හොයාපිය. නැත්තං තොටත් මරණය.
සුද්දා ගෝලුගාන්නට විය. සුද්දාද ඔහුගේ නිලධාරීන්ද සමග දන්ත ධාතූන් වහන්සේ සෙවූහ. කොතැනකවත් පෙනෙන්නට නොවීය. කුඩුවී ඇද්දැයි කිණිහිරිය අතගා බැලූ නමුත් කිණිහිරයේ එවැනි කිසිදු ලකුණක්‌ නොවීය.
කෝ තොපේ බුද්ධා… හොයා පියව්….. නැත්තං තොපි ඔක්‌කොම මරණවා. සුද්දා දැඩි කෝපයෙන් තර්ජනය කරන්නට විය. මොහොතකට වඩා ගත වූයේ නැත. මොර සූරන වැස්‌ස පටන් ගත්තේය. දොඹගෙඩි තරම් ලොකු වැහි පොද හිටි හැටියේ කඩා වැටෙන්නට විය. “වැස්‌ස නවතීවි” යන බලාපොරොත්තුවෙන් ටික වෙලාවක්‌ සිටි නමුත් වැස්‌ස නැවතුනේම නැත. සුද්දා සහ ඔහුගේ සහචරයෝ තෙම තෙමීම ක්‌වීන්ස්‌ හෝටලයට දුව ගියහ.
එසේ පටන් ගත් වැස්‌ස නැවතුනේම නැත. රැස්‌ව සිටි බෞද්ධ ජනතාවද තෙමි තෙමී යාබද කඩපිල් ආදියට දිව ගියහ. වැස්‌ස නොනැවතීම වහින්නේය.
එදා දවස පමණක්‌ නොව එදා රාත්‍රිය පමණක්‌ නොව ඊළඟ දවසේ පමණක්‌ නොව එක දිගට නොනැවතීම වහින්නට විය. මේ අන්දමට පුරා සති දෙකක්‌ ගෙවී යන තුරුත් වහින්නට විය.
මුළු මහනුවරම වැවක්‌ මෙනි. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් ඉදිකරන ලද “නුවරවැව” බැමි පුපුරා කඩාගෙන යන්නට “ඔන්න මෙන්න” කියා තිබිණි.
අග්‍රාණ්‌ඩුකාරයා කලබල විය. එහෙ මෙහෙ දුවන්නට විය. කරගත හැකි කිසිවක්‌ම නැත. වැව පුපුරා ගියොත් ක්‌වීන්ස්‌ හෝටලයද ඉවර වෙයි. අග්‍රාණ්‌ඩුකාරයා වහාම සිය සහචරයන් කැඳවීය.
දැන් දැන්… මේ දැන් ගිහිං කියාපියව්. අහල පහළ ඉන්න බෞද්ධයන් යයි කියන උන්ට මාව දැන් හම්බ වෙන්න කියල කියාපියව්. දුවපියව් දුවපියව් අග්‍රාණ්‌ඩුකාරයා අණ කළේය.
ටික වේලාවකින් වැස්‌සේ තෙමී ගෙන අහල පහල බෞද්ධයෝ ටික දෙනෙක්‌ පැමිණියහ.
“පරයි…… දැන් පලයව්. දැන්ම පලයව්. තොපේ බුද්ධා කොහොන් හරි හොයාගෙන වරෙව්. බුද්ධා නැතුව මේ පැත්තට එන්න එපා. තොපි ඔක්‌කෝම මරල දානවා. දැන් පලයව්” අග්‍රාණ්‌ඩුකාරයා පැමිණ සිටි බෞද්ධයන්ට අණ කළේය.
බෞද්ධයෝ ශ්‍රී දළදා මැදුර අවට සහ මද්දුමබණ්‌ඩාර උයනේ තණ කොළ ගහක්‌ නෑර ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ සොයා බලන්නට වූහ. එහි සිටි වියපත් බෞද්ධයන් දෙතුන් දෙනකු ශ්‍රී දළදා වහන්සේ වැඩ සිටි කුටියට බියෙන් බියෙන් ඇතුළුවී උන්වහන්සේට වැඩ සිටි තැන බැලූහ.
කිසිදු අරෝවක්‌ ආපදාවක්‌ නැතිව ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩිසිටි තැනම ඒ ආකාරයෙන්ම දීප්තිය විහිදුවමින් වැඩ සිටින බව ඔවුහු ප්‍රත්‍යක්‍ෂ කළහ. අනේ සාදු සාදු…. ඔවුන්ට ඉබේටම කියවිණි. සම්බුදු පියාණනි, අපට අනුකම්පා කළ මැනවි. සති දෙකක්‌ තිස්‌සේ අපේ දුප්පත් මිනිසුන් කන්න බොන්න නැතිව කුසගින්දරෙන් දැවෙනවා.
අපට අනුකම්පාකොට සහනයක්‌ ලබා දුන මැනවි. වරද කළේ සුද්දා වුනාට අපේ මිනිස්‌සුන්ටයි පීඩාව. අපට අනුකම්පා කළ මැනවි. ඔවුහු දිගින් දිගටම කන්නලව් කොට පිටිපස්‌සෙන් පිටිපස්‌සට පැමිණ දළදා මැදුරෙන් එළියට බැස්‌සේය.
වැස්‌ස මුළුමනින්ම නැවතී තිබිණි. එක පොදක්‌ වත් වැටෙන්නේ නැත. එසැණින්ම අග්‍රාණ්‌ඩුකාරයා වෙත ගොස්‌ ශ්‍රී දළදා වහන්සේ පෙර පරිද්දෙන්ම වැඩ සිටින බව දැන්වූහ.
ආණ්‌ඩුකාරයාට ඒ සිද්ධියෙන්ම මේ රටත් එපාවී මාරුවී පිටරට ගියේය.
“ශ්‍රී දළදා හිමිපාණන්…… ඉස්‌සුවොත්…….. හෙල්ලුවොත් එළියට ගත්තොත් වහිනවා” යන ජනමතය අදත් බෞද්ධ සමාජයට කිදාබැස ඇත්තේ මේ සිද්ධිය මුල්කරගෙනය.
එවන් මහ බලැති අප තිලෝගුරු මුනි පියුමෙහි රැදුනු දළදා රන් රේණුව නමදිමු …(Divaina)
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Saturday, November 5, 2016

සිහින වලින් කියවෙන පලාපල.....(අබිරහස් අඩවිය - Abirahas Adawiya -sihina palapala mohanaya holman manthara)

සිහින යනු පුද්ගලයකුට නින්දේදී ඇතිවන හැඟීම් දර්ශන සිතුවිලි වෙයි. බුද්ධ කාලීන සමාජයේද සිහින යනු සැලකිල්ලට විමර්ශනයට ලක්‌ වූ මාතෘකාවක්‌ බව පෙනේ. සංස්‌කෘතික භාෂාවෙන් "ස්‌වප්න" ලෙසත් පාලි භාෂාවෙන් "සුපිනි" ලෙසත් සිහින හඳුන්වයි. අප දකින සෑම සිහිනයක්‌ම සැබෑ නොවන අතර පල රහිත විකාරරූපී භයංකර සිහිනද නින්දේදීද අප දැක ඇත. දවල් දකින සිහිනද ප්‍රතිඵල නොලැබෙන බව විශ්වාස කෙරේ.
පූර්ව නිමිති සිහින ඉදිරි කාලයේදී ප්‍රතිඵල දෙන සිහිනය.
එකල ගැමියා පරිසරයේ සංකේත, සතුන්, සුළඟ වැනි ස්‌වභාවධර්මයේ අවට වෙසෙන වෙනස්‌කම් නිරීක්‍ෂණය කිරීමෙන් නිවැරදි අනාවැකි කීමට සමත්කමක්‌ දැක්‌වූ බව පෙනේ.
කෘෂිකාර්මික දිවි පෙවෙතින් ජීවත් වූ පුරාණ ගැමියා විද්‍යාත්මක උපකරණ භාවිතයෙන් තොරව පියවි ඇසින් නිරීක්‍ෂණය කිරීමෙන් නිවැරදි කාලගුණ අනාවැකි කීමට සමත්කමක්‌ දක්‌වා ඇත.
එමෙන්ම සිහින තුළින්ද ඉදිරියේදී අතුරු ආන්ත්‍රා සුබ පල ගැන විමර්ශනයට ලක්‌කොට නිවැරදි අනාවැකි කීමට සමත් කමක්‌ දැක්‌වූහ.
ක්‍රි.පූ. 6 වන සියවසටත් පෙර සිට නිමිති අනාවැකි විශ්වාසයක්‌ තිබූ බව පෙනේ. බුදු සිරිතේ මහාමායා දේවිය දුටු සිහිනයේ සුබ අසුභ විස්‌තර කරන නිමිති ශාස්‌ත්‍රය දත් බමුණන් ප්‍රකාශ
කළේ එම සිහිනයේ නිමිත්ත පින්වත් කුමරකු පිළිසිඳ ගත් බව හැඟෙන බවයි. බෝසතුන්ට ස්‌ථිර වශයෙන්ම බුදු බව ලැබෙන බව තහවුරු කර ගැනීමට නිමිත්ත වූයේ උන්වහන්සේ පෙරදින රාත්‍රියේ දුටු සිහින 5 යි. මන්ත්‍රී දේවිය දුටු සිහිනය,
කොසොල් රජතුමා දුටු සිහිනය බෞද්ධ සාහිත්‍යයේ සිහින පිළිබඳ දැක්‌වෙන කතා වලින් කිහිපයකි. මේවා පූර්ව නිමිති සිහින ලෙස සියල්ලම සැබෑ වූ සිහින වේ.
අපේ ජීවිත කාලය පුරා අසීමිතව සිහින දැක ඇත. අප දකින සුබ අසුබ සිහින සැබෑවූ අවස්‌ථාද නැත්තේම නොවේ.
රාත්‍රියේ ඔබ දුටුවේ සුබ සිහිනයක්‌ නම් එය කිසිවෙකුටත් නොකියා සිතෙහි තබා ගන්න. එවිට ප්‍රතිඵල ලැබෙන බව විශ්වාස කෙරේ.
අප අසුභ යනුවෙන් හඳුන්වන සිහිනයක්‌ දුටුවිට උදයේ පිබිදුන ගමන් කිසිවකු සමග හෝ කතා නොකර පැඟිරි ශාකයක්‌ ඉදිරියට ගොස්‌ සිහිනය පිළිබඳ පවසා අනෙක්‌ අයටත් කියන්න. එවිට අසුබ ඵල විනාශ වන බවට මතයක්‌ ඇත.

ඔබ රාත්‍රියේ නින්දේදී මඟුල් පෝරු රන් අබරණ සිහිනෙන් දුටුවේ නම් ධන සම්පත් පෑදී එන යම් යම් මාර්ගයන් විවෘත වේ.

සිනාසෙනවා දැකීම අඬ අඬා සිටීමට සිදුවන බව පෙන්නුම් කරයි.

නිවසේ දෙබරයක්‌ බැඳ තිබෙනු දුටු විට දූ දරුවන් අතරේ අඬ දබර සිදු වේ. තලගොයි කබර ගොයි ගෙට එනවා දුටුවිට අඹු දරු භේද බින්න වීමක්‌ පෙන්නුම් කරයි.

දත් වැටෙනවා දිව වැටෙනවා දුටුවොත් භයානක විපතක පෙර නිමිති ලෙස සැලකේ. කෙස්‌ වැටීමද අසුබ සිහිනයකි.

වැලිකඳු දුටුවොත් බලාපොරොත්තු ඉටු නොවේ.

දුෂ්කර ස්‌ථානයක උත්සවයක්‌ දැකීම රෝගී තත්ත්වයක්‌ හෝ දුක්‌බර පුවතක පෙරනිමිත්තකි.

කළු නයකු දුටුවිට අනවශ්‍ය දේවලට පැටලේ. කරදර ඇති වේ. 

වාහනයක්‌ පෙරළෙනවා දුටුවිට මාරකයක්‌ පිළිබඳ අසන්නට ලැබේ.

පලතුරු දැකීම රෝග පීඩා, ගෙතුල හතු පිපී තිබෙනු දුටුවොත් ගින්නෙන් විපත්, ඉර හඳ තරු කඩා වැටෙනවා දුටුවොත් කරදරවලට පැටලේ.

තමන් නිර්වස්‌ත්‍රව ඉන්නවා දුටු විට රෝගී තත්ත්වයන් පෙන්නුම් කරයි. මඩෙහි ලැගීම, මඩෙහි නැටීම, එරීම ඉතා අසුබ සිහින ලෙස සැලකේ.

හිස්‌ භාජනයක්‌ දැකීම ශෝක ජනක ආරංචියක්‌. මැරුණු ගසක්‌ දැකීම අසුබ පල ගෙන දෙන සිහිනයකි.

රණ්‌ඩු වනවා දැකීම, මඩ වතුර බොනවා දැකීම ගිජු ලිහිණියකු දැකීම ලෙඩ රෝග පෙන්නුම් කරයි.

පලතුරු ආහාරයට ගන්නවා දැකීම දරු සම්පත් ඇතිවන බවට පෙරනිමිත්තකි. දිය ඇල්ලක්‌ දැකීම, අසූචී දැකීම, අසූචී උඩ ඇවිදිනවා දැකීම, ඉතා යහපත් කාලයක්‌ උදාවේ. ඇත් දළ සිහිනෙන් දැකීම ඉතා විශාල දියුණුවක්‌ ඇතිවේ.

උස්‌ ස්‌ථානවලට නැගීම දුටු විට ඉදිරියේදී සැප සම්පත් ලැබේ.

දණගාන දරුවෙකු දුටුවිට යහපතක්‌ සිදුවේ. ඔබ ජලයේ ගසාගෙන යනවා හෝ වැටී සිටිනවා සිහිනෙන් දුටුවිට දුක්‌ කරදර ඇති කරයි.

ඔබ පසුපසින් කිසිවකු හෝ එලවාගෙන එනු දැකීම දුක්‌ කරදර ඇති වන බව කියවේ.

සර්පයන් ගෙට එනවා දුටු විට නිවස පිරිහීමට පත්වේ. උදලු පොරෝ කඹ දුටුවොත් දුක්‌ විපත් පැමිණේ.

අත්තිවාරමක පස්‌ කපනවා දුටුවොත් හිතවතුගේ මරණයක්‌, ගෙයි ගොම ගානවා දුටු විටද මරණයක පෙරනිමිත්තකි.

ගෙයි මැණික්‌ ගල් විසිරී තිබෙනු දුටුවොත් මුදල් තත්ත්වය යහපත් වේ.

ගෙතුල වී පුරවා තිබෙනු දුටුවිට වාසනාව උදාවේ. පිරිසිදු ජලය දුටුවොත් වස්‌තුව ලැබේ. ගෙය සොරකු බිඳිනු දුටුවොත් කරන කටයුතු අසාර්ථක වේ.

නැවක්‌ දුටුවොත් ධන ලාභ වස්‌තු ලාභ, රූමත් තරුණියන් දුටුවිට ප්‍රීතිය සතුට ඇතිවේ. අලුත් රෙදි දුටුවිට මුදල් ලැබීමක්‌ පෙන්නුම් කරයි. ඉරුණු ඇඳුම් අසුබ ප්‍රතිඵල.

මොනරුන් කුකුළන් දැකීම වාසනාවන්ත ආදරයක්‌ ලැබේ. පහන් පත්තු කරනවා දැකීම ධනය ලැබේ.

පණුවන් රාශියක්‌ දුටුවොත් බොහෝ ධනය ලැබෙන බවට පෙරනිමිත්තකි. නිරුවත් "ස්‌ත්‍රියක්‌" සිහිනෙන් දුටුවොත් සතුටුදායක ආරංචියක්‌.

බඩු පටවාගෙන රථයකින් ගමන් කරනවා දුටුවොත් දුක්‌ කරදරවලින් පසුව ප්‍රීතිමත් කාලයක්‌ උදාවන බව කියවේ. ඇළකින් දොළකින් වතුර බොනවා දැකීම සැපවත් අනාගතයක්‌ උදාවේ.

මත්පැන් පානය කරනවා දුටු විට මිතුරන් හා සිත් අමනාප ඇති කර ගනී. සක්‌මන් කරනවා දුටුවිට ප්‍රසිද්ධියට හා ධනවත් භාවයට පත්වේ. දෙවි දේවතාවුන් සිහිනෙන් දුටුවිට සිතෙහි පවතින අදහස්‌ සියල්ල ඉටුවේ.
බඹරැන්දේ සරත් කුමාර යූ. වඩුගේ
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Friday, November 4, 2016

ශ්‍රීපාද අඩවියේ ගුප්ත ඇත් සොහොන ? (අබිරහස් අඩවිය - Abirahas Adawiya - haskam sri padaya hatton nuwaraeliya rooms)

ශ්‍රී පාද අඩවිය ගුප්ත අබිරහස්වලින් සැඟවී ගිය ස්ථානයකි. එහි නිතිපතා අලුත් යමක් සිදුවෙයි. කලක් හැටන් ශ්‍රී පාද මහා විද්‍යාලයේද ඉන්පසු මස්කෙළිය සමන්එළිය මහා විද්‍යාලයේද විදුහල්පති ලෙස අවුරුදු පහකට වැඩි කාලයක් මම සේවය කළෙමි. වෙසක් මහට පසු වර්ෂාව සමඟ ඇතිවන දැඩි මීදුම, තද වර්ෂාව හා සීතල ඉවසිය නොහැකි තරම්ය. ජනවාරි අග සිට මාර්තු මුල දක්වා වැටෙන අව්ව දැරිය නොහැකි තරම් ඇඟපත පුලුස්සයි. ඒ මේ අඩවියේ ලොකු ගහකොළ නැති බැවිනි.
මේ කාලයට පාසලේ ළමයින්ගේ ඇඟ අව්වට පිලිස්සී කළු වී තුවාල මතුවෙයි. ජීවන වියදම දැඩිය. නගරය කලින් කල වෙනස් වෙයි. පහතරටින් ආ වෙළෙඳුන් හැර වතු කම්කරුවන් හැර රජයේ සේවයට එන අය මාරුවී යති. ඒ නිසා එහි ස්ථිර පදිංචිකරුවෝ අඩුය. මේ කාලය තුළ ශ්‍රී පාදයේ සැඟවුණු තොරතුරු අලළා “පූජනීය ශ්‍රී පාදය” නමින් මම ග්‍රන්ථයක් ලියා පළ කළෙමි. මේ ග්‍රන්ථය ලිවීමේදී ප්‍රදේශයේ සිය ගණනක් සමඟ මම සාකච්ඡා කළෙමි. අවාරයේ ශ්‍රී පාද පද්මය මුර කරන මුරකරුවන් දෙදෙනා, සමන් දේවාල කපු මහත්වරුන්, තේවා භාර හිමිවරුන්, වතුකරයේ දිගුකාලීනව රැකියා කරන වතු නිලධාරීන් හා කම්කරුවන්, නල්ලතන්නියේ හෝටල හිමියන් මෙන්ම මස්කෙළිය හිටපු ගම්මුලාදෑනි රොබට් මහතාද ශ්‍රී පාදයේ ඉහළ සීමාව දක්වාම නිතර රාජකාරිවලට අවුරුදු තිහක් පමණ ඇවිද හොඳ අත්දැකීම් තිබූ අයෙකි. මෙහිදී මගේ අවධානය යොමුවූ මාතෘකාවක් වූයේ ශ්‍රී පාද අඩවියේ සැඟවුණු ගුප්ත අලි සුසාන භූමියක් වූයේද යන්නය.
ඒ 1940 අවට වර්ෂයකි. ශ්‍රී පාද අඩවියට ඉහළින් පියාසර කරමින් තිබූ ගුවන්යානයක් කාර්මික දෝෂයක් නිසා කඩා වැටිණි. යානයේ ගමන් කළ තිදෙනෙක් අනතුරේදී මිය ගියහ. අනතුරින් කම්පනයට පත්ව සිටි නියමුවා පැය කිහිපයකට පසු යානයෙන් බිමට බැස ගන වනාන්තරය මැදින් මිනිස් පුළුටක් සොයා ගමන් කරන්නට විය. කම්පනය හා තද පිපාසය ඔහු දුරු කර ගත්තේ ඉදුණු පලතුරු කෑමෙන් හා නිතර ගලාගිය සීතල පවිත්‍ර ඇලෙන් ජලය පානය කිරීමෙනි. අරමුණක් නැතිව අසීරුවෙන් ඇවිද යන ඔහුට එක් තැනිතලා බිමක අක්කර ගණනාවක් විහිද ගිය අලි ඇටකටු, ඇත්දත් විසිර ගිය භූමියක් දක්නට ලැබිණි. ඒ වටා තිබුණේ සරුවට ගහකොළ වැඩී ගිය ගන වනාන්තරයයි. වනාන්තරය කෙළවර තැනිතලා සම භූමිය පැතිර තිබිණි. ඒ අසල ගලායන ජල පහරක් විය.
තැනිතලාව පුරා විසිර තිබූ ඇටසැකිලි, දිරාගිය ඇටසැකිලි හා ඇත්දළ අනුව එය ඇතුන්ගේ සුසානයක් බව ඔහුගේ සිතට අවබෝධ විය. ඔහු බොහෝ වේලා එය නිරීක්‍ෂණය කළේය.
දින ගණනාවක් ඉබාගාතේ කැලෑවේ ඇවිද ගිය ඔහුට ජනාවාසයට යා හැකි වූයේ තවත් දින ගණනාවකට පසු ඉතා වෙහෙසකර දිගු දුරක් පයින් ඇවිදීමෙනි. ගම්මුන්ගෙන් කෑමබීම, ප්‍රතිකාර, අත්උදව් ලැබී සුවපත් වූ ඔහු පසුව තම අත්දැකීම් ගැමියන්ට හා පුවත්පතකට කියා සිටියත් ආපසු එම ඇත් සොහොන සොයා යෑමට අවස්ථාවක් ලැබුණේ නැත. ඒ භූමිය පිහිටි ස්ථානයට යන ගමන් මාර්ගයද සිතේ අවුල් තත්ත්වය නිසා මඟහැරී ගොස් තිබිණි. කාලය සමඟ ඔහු දුටු අත්දැකීම යටපත් වී ගියේය. ශ්‍රී පාද අඩවියේ අලි ඇතුන්ට සීමා වූ ගුප්ත සුසාන භූමියක් ඇති බවත් වියපත්ව මරණ ඉව දැනෙන අලි ඇතුන් ඒ සුසාන භූමිය කරා පැමිණ ඇද වැටී මිය යන බවත් ශ්‍රී පාද අඩවිය අවට පැරැණි ගැමි කතා හා ජනකතාවල කියැවෙයි. ඒ අනුව එය ඇතුන්ට සීමා වූ රහසක්ම විය.
ශ්‍රී පාද අඩවිය අති පූජනීය පවිත්‍ර ගුප්ත භූමියකි. සමන් දෙවිඳුගේ වාහනයද ඇළි ඇතෙකි. වනාන්තර සරුවට වැඩී වන විනාශයක් නොතිබුණු එකල ලංකාව පුරා විසිර සිටි හෝ මැදරට හා ඒ අවට පැතිර සිටි දහස් ගණන් ඇතුන්ට ජීවත්වීම, අලිමංකඩ පිළිබඳ ගැටලු මතුවූයේ නැත. ගන වනාන්තරය මැද අවශ්‍ය තරම් ආහාර ඇතිව නිරෝගී ඇත්තු දීර්ඝායුෂ වින්දාහ. වනයට හානි, ගහකොළ කැපීම්, අලිමංකඩ ඇහිරීම් සිදුවූයේ නැත. ඒ නිසා සුවසේ ජීවත්ව ආයුෂ නිමාවී ගෙන එන බවට ඉව වැටෙන විට තමන්ගේ පරපුරේ සොහොන් බිම වෙත තනිව පැමිණීම හෝ රැළේ අත් උදවුකරුවන් සමඟ පැමිණීම සිදුවිය. ඒ සොහොන් බිම අවටද ආරක්‍ෂාව, ආහාර, ජලය ප්‍රමාණවත්ව තිබූ බැවින් ඉතිරි කාලය ජීවත්වීම පිළිබඳ ගැටලු මතුවූයේ නැත.
අවුරුදු දහස් ගණනක් ශ්‍රී පාද අඩවියේ තිබූ එම ගුප්ත ඇත් සොහොන උන්ගේ පරපුරටම සීමා වූ රහසක් විය. ඒ කාලවල ශ්‍රී පාද කඳුවැටිය ද ඒ අවට සියලු පරිවාර වනාන්තරද අලි ඇතුන්ගෙන් ගහන විය. එමෙන්ම ශ්‍රී පාද අඩවිය යාව පිහිටි සිංහරාජ තෙත් වනාන්තරය අවට සියලු පරිවාර වනාන්තර අවට අලි ඇතුන්ගෙන් පිරී පැවතිණි. අෑත සිට පැමිණි සංක්‍රමණික අලින් හා රංචුවලින් ඉවත් වූ හා ඉවත් කළ තනි අලිද මේ සීමාවේ නිදහසේ ජීවත් වූහ. ඒ නිසා ඇත් සොහොන ජීවමාන සත්‍ය යථාර්ථයක් විය.
අතීතයේ වෙසක් පසළොස්වකට පසු අවාරයේ ශ්‍රී පා නොයෑමට වන්දනාකරුවන් පෙලඹුණේද මිනිස් පුළුටක් නැති අවාරය, හරස් අතට වහින තද වැහි, එක දිගට දින ගණනක් අල්ලා සිටින වර්ෂාව, ඇඟකිලිපොළන දැඩි සීතල, තද මීදුම, හෙණ පිපිරීම්, අකුණු සමඟ රෑ දවල් දින ගණන් වර්ෂාව පැවතීම, වර්ෂාවට ශ්‍රී පාදයට යන පඩිපේළි, මංමාවත් යට කරගෙන අඩි ගණනක් උසට බොර වතුර කඳක් අවාරයට එකතු වීම සිදුවූ බැවිනි. අවාරය සමඟ ශ්‍රී පාද අඩවිය අෑත සිටින අලි ඇතුන්ගේද නිදැල්ලේ යන එන ගැවසෙන භූමියක් විය. එහෙත් මේ තත්ත්වය වෙනස් වූයේ කෙසේද? ඇත් සොහොන විනාශව ගියේ කෙසේදැයි සොයා බලමු.
ඉංගී්‍රසීන් උඩරට අල්ලා ගත් පසු 1835 පමණ උඩරට පුරා කෝපි වගාව පැතිරෙන්නට විය. බි්‍රතාන්‍යයේ සිට කෝපි වැවීමට වගාකරුවෝ ලංකාවට පැමිණ අක්කරයක් සිලිම් දෙක වැනි ඉතා සුළු මුදලකට මිලදී ගත්හ. 1848 මුඩුබිම් පනත යටතේ තමාට නීත්‍යනුකූල ඔප්පුවකින් පෙන්විය නොහැකි සියලු ඉඩම් මුඩුබිම් පනතින් රාජසන්තක විය. උඩරැටියෝ උඩරට කැරලිවලින් පසු සරුසාර ගම් අත්හැර වඩාත් ආරක්‍ෂාකාරී කඳු ප්‍රපාත කරා ගොස් ජීවත්වීමට වූහ. මේ සමඟ යුරෝපයෙන් පැමිණි වගාකරුවෝ රජයෙන් කුණු කොල්ලෙට ගත් ඉඩම්වල දකුණු ඉන්දීය කම්කරුවන් ගෙන්වා කැලෑ එළිකොට කෝපි වතු ආරම්භ කළහ. සමකාලීන සමාජය වටා ලියැවුණු “තිත්ත කෝපි” වැනි ඉංගී්‍රසි නවකතාවලින් මේ ශෝකජනක කතාන්දරය මෙන්ම වතුකරුවන් මුහුණ පෑ ගැටලු විවරණය වෙයි.
සිංහලයන් අත්හැර ගිය පැරැණි උඩරට ගම්මාන – මුඩුබිම් පනත යටතේ පවරාගත් ගැමියන්ගේ ඉඩම් හා රජයේ කැලෑ එළිකොට කෝපි වගාව ආරම්භ විය. ඒ සමඟ කැලෑ විනාශය, දේශගුණික වෙනස්වීම්, ඇළ‍ෙදාළ, දිය ඇලි සිඳීයෑම, අලි ඇතුන් වඳ වී යෑම සිදුවිය. සිංහරාජය, ශ්‍රී පාදය වටා පැතිර තිබූ පරිවාර කැලෑ මෙන්ම මේ පූජනීය ආරක්‍ෂිත කැලෑබිම් විශාල කොටසක්ද කෝපි වගාව සඳහා එළිපෙහෙළි විය. නිදැල්ලේ කැලෑවල හැසිරුණු අලි ඇතුන් දඩයම වතුකරුවන්ගේ එක් විනෝදාංශයක් විය. විනෝදය සඳහා අලින් සිය ගණන් – දහස් ගණන් මරා දැමීම සිදුවිය. මේ සමඟ නිදැල්ලේ ගැවසුණු අලි පරපුර වඳ වී යෑම ආරම්භ විය. හැටන්, ශ්‍රී පාද අඩවිය, සිංහරාජය, සාමිමලේ වැනි ඒ කඳු පාමුල ජීවත් වූ අලි ඇත්තු මෙන්ම ගවයන්ද වතුකරුවන්ගේ තුවක්කුවලට බිලි වූහ. මේ නිසා ඇත් සොහොන ක්‍රමයෙන් පාළුවීම ආරම්භ විය.
සුද්දන් ආදර්ශයට ගත් දේශීය ධනපතියෝද කෝපි වගාව ආරම්භ කළහ. 1875 පමණ කෝපි වගාව බිඳවැටුණු පසු සින්කෝනා, තේ, රබර්, පොල්, කෝකෝවා, ගම්මිරිස්, උඩරට දේශීය වගාව පැතිර ගියේය. සුදු ජාතිකයන් අතර වඩාත් පැතිර ගියේ තේ වගාවයි. ඉතිරිව තිබූ කැලෑ නගර සීමාවන් කඳුමුදුන් දක්වාම කැලෑ එළිකොට තේ වගාව පැතිර ගියේය. ඒ සමඟ ඉතිරිව සිටි අලි ගහනයද ක්‍රමයෙන් අඩුවන්නට විය.
ඇත්ගාල් කරවීම, විකිණීම සඳහා මදු ගසා හෝ ඇත්ගාල් මඟින් කැලෑ අලින් අල්ලා ගැනීම සිදුවිය. මඩකළපුව අවට විසූ “මට්ට” යනුවෙන් හඳුන්වන මුස්ලිම් ජන කොටස මදු ගසා අලින් ඇල්ලීමට ප්‍රකට විය. අලින් අල්ලා රට යැවීම ඉංගී්‍රසීන්ගේ එක් ආදායම් මාර්ගයක් විය. අල්ලා ගත් අලින් හීලෑ කිරීමේදී සිදුවන තුවාලවලින් බොහෝ දෙනා මිය ගියහ. පනාමුරේ ඇත්ගාලට පසු ඇත්ගාල් කරවීම අත්හිටුවිණි. මේ නිසා 1850 පසු ශ්‍රී පාදය අවට තිබූ ගුප්ත ඇත් සුසාන භූමියට ඇදී එන අලි ප්‍රමාණය බෙහෙවින් අඩුවීමට විය. 
1850 පසු ක්‍රමයෙන් වනාන්තර ප්‍රමාණය අඩු වූ අතර ජනගහනය වැඩිවීම සිදුවිය. පරිවාර වනාන්තරවලින් අලි ඇතුන් වඳවීම ආරම්භ විය. ගම් යාව තිබූ වනාන්තර ගම්මුන් විසින් බලෙන් අල්ලා ගනු ලැබීමෙන් හා ගම් පුළුල් කිරීම් යටතේ ජනපද ඉඩම් ලෙස ගැමියන් අතර බෙදාදීමෙන් කැලෑ ඉඩම් තවත් අඩුවිය. දඩයම්කරුවෝ අතින් තව තවත් අලි ඇත්තු මරණයට පත්වූහ. ශ්‍රී පාදයට ඇදී එන පිරිස් හැටන් දුම්රිය පාර ආරම්භ වීමෙන් දෙගුණ තෙගුණ වූහ. 1940 වන විටත් ශ්‍රී පාදය අවට ගුප්ත ස්ථානයක පිහිටි ශ්‍රී පාදයේ ඇත් සොහොන අභාවයට ගිය බව කීම සාධාරණය.
අද වන විට ශ්‍රී පාද අඩවියේ ඉතිරිව ඇත්තේ දහතුන් දෙනකුගෙන් පමණ යුත් කුරු අලි රංචුවකි. ශ්‍රී පාද වන්දනා කාලයට එම සත්තු මිනිස් පුළුටක් නොදැනෙන ශ්‍රී පාද සීමාවේ අෑත
කෙළවරවල සැරි සරති. ඉන්දුනීසියානු ගුවන් අනතුර සිදුවූ සප්ත කන්‍යා හෙවත් හෙබර්ටන් කඳු අඩවියේ ලක්‍ෂපාන දියඇල්ල ආශ්‍රිතව මේ කුරු අලි රංචුව අවාරයට ගැවසෙන බව එහි දඩයමේ ගොස් අත්දැකීම් ඇති ගුරුමහතකු විභාග රාජකාරි සේවා කාලය තුළදී ලක්‍ෂපානදී මට කීවා මතකය. අවාරයට ඒ කුරු අලි රංචුව ශ්‍රී පාද පද්මය දක්වා සැරිසරණු පෙනෙයි.
සිංහරාජයේ ඉතිරිව ඇත්තේ එකම රැළක ඇතුන් තිදෙනෙකි. එකම රැළ තුළ උන්ගේ පැටවුන් ඇති නොවෙයි. මේ අනුව අතීතයේ සිට 1900 පමණ වනතුරු ශ්‍රී පාද අඩවියේ රහසිගත බිමක ගුප්ත ඇත් සොහොනක් තිබූ බව පිළිගැනීම නිවැරැදිය.
(Mawbima)
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Thursday, November 3, 2016

ජය ශ්‍රී මහා බෝධියේ අත්තක් කැපූ උමතු මිනිසාගේ කතාව.... (අබිරහස් අඩවිය - Abirahas Adawiya - jaya sirima bodhiya anuradhapura ruwanweliseya haskam)

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ සිටින්නේ පොළව මට්ටමෙන් ඉහළ විශේෂ පීඨයකය. එම විශේෂ පීඨය‍ට කිසිවෙක් පා තබන්නේ නැත. එය එතරම්ම පූජණීයය. වැඩ හිදිනා පීඨය ලෙස එම ස්ථානය හදුන්වයි. මේ වැඩ හිදිනා පීඨයද සමග මහ බෝධීය සදහා මලු හතක් පිහිටා තිබේ. එනම් වැලි මලුව, විහාර මලුව, දෙවැනි මලුව, රන්වැට මලුව, උඩමලුව පැරණි රන් වැට, මහ බෝ මලුව හා වැඩ හිදින පීඨයයි. සාමාන්‍ය ජනතාවට යාමට අවසර ඇත්තේ දෙවැනි මලුව වෙතය. එහි සිට වන්දනා මාන කටයුතුද කපු මහත්වරුන්‍ගේ දේවාශිර්වාද, විවිධ පූජා කටයුතු සිදුකල හැකිය. පසුගිය සියවසේ මුල් කාලයේදී වන්දනා කරුවන්ට මහ බෝධිය ආසන්නයටම යාමට අවසර තිබිණි. ඒ කාලයේ වන්දනාවේ එන අය මහබෝධිය දක්වාම ගොස් වන්දනා මාන කලහ. එය දෙවැනි මලුව ( අද වන්දනා කරන තැන ) දක්වා සීමා ඌයේ 1929 ජූලි 30 වැනිදා වූ සිදුවීමක් පදනම් කරගෙනය.
එදා උදේ ජේමිස් අප්පු නැමැති අයෙක් මහා බෝධිය වෙත පැමිණ ඇත. මලුවේ සිට ඇත්තේ ඔහු පමණි. අද මෙන් වන්දනා කරුවන් පිරිසකගෙන් පිරී නොපවතින අවධියකි. ඒ කාලයේදී ඉදහිට එන අයෙකු දෙන්නෙකු මහා බෝධිය අභියසට ගොස් වන්දනා කර යන්නේය. ජේමිස් එදා ආවේ මහ බෝ වදින්නට නොවේ.
වට පිට බලා මහ බෝධිය පගට ගිය ඔහු පොරවක් රැගෙන බෝධියේ අත්තකට වේගයෙන් කොටන්නට විය. බෝධි මලුවේ කිසිවෙක් නැත. ඒ නිසා ජේමිස් පාඩුවේ මහ බෝධියේ අත්තට කොටමින් සිටී.
මහ බෝධිය පැත්තෙන් ගහට කොටන හඩක් ආවාසයේ වැඩ සිටි හාමුදුරුවන්ට හා කැප කරුවාට ඇසී ඇත. මේ දෙන්නා කෑ ගසමින් මහ බෝධිය දෙසට දිව ආහ. නමුත් ඒ වනවිටත් ජේමිස් මහ බෝධියේ විශාල අත්තක් සම්පූර්ණයෙන් කපා දමා තිබුණි. 
මෙය ජේමිස් කලේ ඇයිද යන්නට විවිධ කථා ප්‍රවෘත්ති එවක පලවිණි. සමහරු කීවේ ජේමිස් මෙය උන්මත්තකව කල වැඩක් යනුවෙනි. තවත් අය කීවේ ජේමිස් බීමතින් කරන්නට ඇති බවය. සමහරැ පැවසුවේ අන්‍යාගමිකයන්ගේ පෙළඹවීම මත ඔහු එය කර ඇති බවය. කෙසේ වෙතත් ජේමිස් කල පාඩුව ආපසු හැරවීමට කාටවත්ම නොහැකි විය. එය ඒ නිසා විශාල පාඩුවක් බවටම පත්විය. ජේමිස් විසින් කැපූ අත්ත ආදාහනය කෙ‍රිනි. ඒ සදහා විශාල පිරිසක් සහභාගි විය. අදත් ජය ශ්‍රී මහා බෝධියේ චායාරූපයේ කපන ලද අත්තක කොටසක් ලෙස දැක්වෙන්නේ එදා ජේමිස් බෝධියට කල විනාශයයි. ඒ අනුව මහ බෝධියේ ආරක්ෂාව සදහා එකලම අටමස්ථානාධිපති නාහිමියෝ මුල් වී යකඩින් වැටක් සවි කරවා තිබේ..එම යකඩ වැට සවිකලාට පසු වන්දනා කරුවන්ට  පවා මහ බෝධිය අසලට යාම සීමා කෙරිනි. අදටත් පවතින්නේ ජේමිස් කල අපරාධයෙන් මසු මහ බෝධියේ ආරක්ෂාව උදෙසා ගත් තීරණයේ ප්‍රතිඵලයයි. දැන් යකඩ වැට වෙනුවට විශේෂ රන්වැට පිහිටා ඇත. දැනට අවුරුදු 15- 20 කට පෙර මහා බෝධියේ අලුත් රිකිල්ලක් හටගැණිනි. එය දුර්ලභ ලෙස සිදු වූවකි. මේ වනවිට එම රිකිල්ල ඉතාම හොදින් වැඩී පැවතීම සමස්ථ බෞද්ධ ප්‍රජාවගේම වාසනාවක් ලෙස දැක්විය හැකිය.
ජය ශ්‍රී මහා බෝධිය අපේ රටේ ජනතාව කවර විපතක් වේවා, කවර සැපතක් වේවා, කලින් සිහිපත් කරන උතුම් ස්ථානයකි. ජය ශ්‍රී මහා බෝධිය අසලට ප්‍රතිපත්තියෙන් පේ වී පැමිණ පුද පූජා පවත්වා තමන්ගේ යහපත් කාරණා කී විට එය ඉෂ්ඨ වන බව බොහෝ සැදැහැවත්තු සලකති. මේ පිලිබද නොයෙක් කථා අතරින් දඹදිව ජය ශ්‍රී මහා බෝධි ඉතිහාසයේ එක් කථාවක් උපුටා දක්වමි. සුජාතා සිටු දියණිය දරු සම්පතක් පතා ඇසතු බෝධියට බාරයක් වූවාය. සිද්ධාර්ථ බෝධි සත්වයෝ බෝමැඩ සම්බුද්ධත්වය අධිෂ්ඨාන කල දා සුජාතාව කිරිපිඩු පූජා කලේ දරු සම්පත ලද සතුට මෙන්ම බාරය ඔප්පු සිද්ධ කිරීම වෙනුවෙනි. ඒ අනුව අතීතයේ පටන් ඇසතු බෝධිය නොයෙක් බාර හාර වෙනුවෙන් මහ ජනයා භාවිතා කර ඇති බව පෙනේ.
එය වඩාත් අර්ථ සම්පන්න වූයේ මහ බෝසතාණන් සම්බුද්ධත්වයට පත් වීමෙන් පසු ඇසතු බෝධිය සියලු බෞද්ධ ජනතාවගේ පූජා භක්තියට වැඩ වැඩියෙන් පාත්‍ර වූ බැවිනි.
ලක්දිව පිහිටි ජය ශ්‍රී මහා බෝධියද සියලු බෞද්ධ ජනතාවගේ ප්‍රාර්ථණීය බෝධියක් බවට පත්ව ඇත. කවර සුභ කටයුත්තකටත් පෙර අපේ රටේ ජනයා මහ බෝ වැද ආශිර්වාද ලබා ගනිති. යම් යම් අපල අපද්‍රවයන්, රෝග පීඩා ආදිය ප්‍රශ්න, ගැටලු, දුෂ්කර කාල සමයන් හිදී මහ බෝධිය වෙත පැමිණ පුද පූජා පවත්වා තම තමන්ගේ දුක සැලකොට නිවීම සැනසීම ඉල්ලා සිටිති. පැරණි කාව්‍යයන්හිද මහ බෝ අනුහස මහ ජනයා පැතූ ආකාරයටම පහත පරිදි දැක්විය හැකිය.
මහ බෝධිය බුදුරජාණන් වහන්සේ හා සම‍ාන ජීවමාන වස්තුවකි. රටේ යම් විපතක් දුෂ්කර කාල සීමාවක් පවා මහ බෝධියේ විවිධ පක්ෂණ වලින් විද්‍යාමාන වන බව ජනශ්‍රැත පර්යේෂක මාමිණිය‍ාවේ ඉලංගසිංහ මහතා පවසයි.
රටේ දුගති දායක කාල පරිච්ඡේද වලදී මහ බෝධියේ පත්‍ර අදුරු පැහැ ගන්නා බව කියැවේ. එසේම රටේ යහපත් කාල සීමාවන් හිදී මහ බෝපත්‍ර රන් වන් පාටින් දිදුලන බවද කියැවේ. එය අපූර්ව හාස්කමක් හැටියට සැලකිය හැකිය. සමහරක් මහ බෝ පින්කම් අවස්ථාවල බෝපත්‍ර රන් වන් පාටින් දිදුලීම බොහෝ දෙනා දුටු ආශ්චර්යමත් සිදුවීමක් ලෙස දැක්විය හැකිය. එසේම රටේ විපත්තිකර අවස්ථාවල බෝධිය එය පෙර දැක් වූ ආකාරය මාමිණියාවේ ඉලංග සිංහ මහතා අපිට විස්තර කලේය.
ගාමිණී දිසානායක මහතා එල්.ටී.ටී.ඊ බෝම්බයකට හසුවීමට දින කිහිපයකට පෙර මහ බෝධි වන්දනාවට පැමිණි අවස්ථාවේ බෝධියේ අතු ශාකාවක් කැඩී ගියේය. ඉන් පෙන්නුම් කලේ දිසානායක මහතාට යම් විපතක්  සිදුවීමේ ඉඩකඩ පවතින බවය. එසේම චන්ද්‍රිකා බණ්ඩාරණායක මැතිණිය ජනාධිපතිනිය සමයේ මහබෝ වදින්නට පැමිණියාය. එදිනද මහ බෝ අතු ශාකාවක් කැඩී ගියේය. ඉන් දින කිහිපයක් ඇවෑමෙන් ජනාධිපතිනිය සමභාගී වූ රැස්වීමේ බෝම්බ පුපුරා මිනිස් ජීවිත රාශියක් අහිමි වූ අතර එතුමියගේද ඇසක් ආභාධයට ලක්විය.
මේව බොරු නෙවෙයි. මහ බෝධිය රටේ විපත් අවස්ථා පෙන්නුම් කරනවා.  රටේ දේශපාලන අවුල් වියවුල් පවතින අවස්ථාවල බේ පත්‍ර අදුරු පාට වෙනවා. පසුගිය කාලයේත් එහෙම උනා.  මහ බෝධියේ සිදුවන සුලු සුනු වෙනස්කම් ගැඹුරින් නිරීක්ෂණය කලොත්  රටේ උදා වී ඇති තත්වය මෙන්ම ඉදිරියට උදාවන්නේ හොද කාලයක්ද නරක කාලයක්ද කියල තීරණය කරන්න පුලුවන්. ශ්‍රී මහා බෝදිය කියන්නේ මේ රටේ ආරක්ෂක වස්තුවක්. ඉලංගසිංහ මහතා කීවේය.(Mawbima)
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Friday, October 21, 2016

රාවණ රජුගේ වස්තුව ගෙන ගිය නැව ගාලු මුහුදේ ගිලෙයි...(අබිරහස් අඩවිය - Abirahas Adawiya - rawana galle unawatuna hikkaduwa)

අපවත්වී වදාළ ඛෙල්ලන ඥානවිමල මහා නාහිමියන් මෙරට වැඩ විසූ උතුම් සංඝ පීතෘවරයෙකි. උන්වහන්සේ විසින් සිය ධර්ම ඥානයෙන් යුතුව බුදුසරණ පුවත්පතට දෙසා වදාළ  සක්වල සක්මන දේශනා මාලාවේ 19 වන පියවරයි මේ.
මහ නායක හාමුදුරුවනේ,සක්වළේ ඇති ශක්තීන් අනන්ත වගේම අත්භූත වෙන්නේ කොහොමද ?
ආපෝ, තේජෝ, වායෝ, පඨවි හා ආකාශ් යන පංච මහා භූතයන්ගෙනුයි සක්වළත් සත්වයොත් නිර්මාණය වී තිබෙන්නේ. මේ පංච මහා භූතයන්ගේ සබැඳියාව හා පිහිටීම් රටා තේරුම් නොගැනීම නිසා ඒවාට අත්භූත යැයි කියනවා. උදාහරණයක් විධියට, බටහිර පරීක්ෂණයක සටහන් වෙනවා ඔන්න අද එක්තරා තුවක්කුවකින් වෙඩිල්ලක් තියනවා. එම තොරතුරු සටහන් කරගෙන එම තුවක්කුවෙන්ම ඊට පසු දිනත් එවැනිම උණ්ඩයකින් ඒ වෙලාවටම වෙඩිල්ලක් තියනවා. එහිත් ගමන් වේගය සටහන් කර ගෙන ඒ විධියටම ආයෙමත් තවත් දවසක වෙඩිල්ලක් තියනවා. ඊට පසුව, මේවා එකිනෙක සසඳා බැලුවාම මේවායේ ගමන් වේගයන් එකිනෙකට වෙනස්. එකම තුවක්කුවකින්, එකම උණ්ඩ වර්ගයකින්, එකම වෙඩික්කරුවෙකු එක විදියට අවස්ථා කිහිපයකදී වෙඩි තිබ්බාම එහෙම වෙනස් වීමට හේතුව අත්භූත රහසක් වෙනවා.
ඒ වගේම, එකම වර්ගයේ තුවක්කු දෙකක් දෙපැත්තට හරවලා එකම වෙලාවක පත්තු කරනවා. වේගය මැන්නාම දෙකම එක සමානයි. ඊඟාවට එම තුවක්කු දෙකම සමාන ශක්තියක් යොදලා, එක පැත්තකින් එක උණ්ඩයක් ගමන් කරන මාර්ගයේ යාර දහස් ගණනක් ඈතින් ගමන් මඟ හරස් කර, එකවර තුවක්කු දෙකම පත්තු කරනවා. එවිට අර යාර දහස් ගණනක් ඈතින් හරස් කළ ගමන් මාර්ගය දෙසට නිකුත්වුණ උණ්ඩයේ ගමන් වේගය අඩු වෙලා. උණ්ඩය නොවදින තරම් ඈතින් ආවරණය කර තිබූවත්, එහි ගමන් වේගය අඩු වීමට බලපාන්න පුළුවන්.
ඒ වුණත්, පරීක්‍ෂණ මට්ටමින් හැරුණාම එවැනි සංසිද්ධීන් ඇත්තටම ප්‍රායෝගිකව වාර්තා වූ අවස්ථා නැහැ නේද ?
දැන් 1980 වසරේදී ඉරානයේ ඇමරිකන් තානාපති කාර්යාලයේ සිටි නිලධාරීන් 52 ක් ඉරාන ගරිල්ලන් විසින් ප්‍රාණ ඇපකරුවන් ලෙස තබා ගෙන හිටියා. ඒ අවස්ථාවේදී ගල්ෆ් ප්‍රදේශයේ තිබූ ඇමරිකන් යුද නැව් වලින් මිසයිල ප්‍රහාර එල්ල කෙරුණා. නමුත් ඒ එක මිසයිලයක්වත් අවශ්‍ය ඉලක්ක වෙත නොවැදී නිසරු කාන්තාරයේ හිස් වැලිතලාවට පතිත වුණා. මෙය ඇමරිකානුවන්ට මහා පුදුමයක් හා අත්භූත සිද්ධියක් ලෙස පැවසෙනවා.
එතකොට මේ පෙනෙන ලොව තුළ තවත් නොපෙනෙන බොහෝ දේ ඇතැයි නූතන විද්‍යාඥයනුත් විශ්වාස කරනවා ද?
ඔව්, ආචාර්ය ආතර් සී ක්ලාක් මහතා ලියූ බොහෝ විද්‍යා ප්‍රබන්ධවල මේ පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. විශේෂයෙන් ඔහු ලියූ අනාගත ආශ්චර්යයන් (Profiles of the Future Second part) සහ ගැඹුරු මුහුද (The Deep Range Sea) වැනි කෘතිවල බොහෝ විස්තර දැක්වෙනවා. එහිදී ඔහු සිය අදහස් මෙලෙස විස්තර කර තිබෙනවා.“බොහෝ වායු වර්ග අදෘශ්‍යමාන වන අතර සමහර ද්‍රව වර්ග සහ ඝන ද්‍රව්‍ය කිහිපයක් ද සමහර තත්ත්වයන් යටතේ මෙසේ හැසිරේ.
වතුර වීදුරුවක ඇති විශාල දියමන්තියක් සෙවීමේ භාග්‍යය මට ලැබී නැතත් වතුර ටැංකියක ස්පර්ශ කාචයක් සොයන්නට මම වෙහෙස වී ඇත්තෙමි. මෙය අදෘශ්‍යමාන තත්ත්වයට බොහෝ ආසන්න දෙයක් ලෙස සැලකීමට පුළුවන.”
යටත් විජිත සමයේදී බ්‍රිතාන්‍යයන් විසින් රාවණ රජුගේ වස්තුව රැගෙන ගිය නැව මුහුදුබත් වීම සහ යළි එම වස්තුව ගොඩ ගැනීමට නොහැකිවීම අතර පවතින්නේත් ඊට සමාන හේතුවක් ද ?
ගාලු වරායෙන් එහෙම නැවක් පිටත් වී වැඩි දුරක් යන්න මත්තෙන් ඇති වූ අදෘශ්‍යමාන තෙරපුමක් නිසා එය මුහුදුබත් වූ බව අරිසෙන් අහුබුදු ඇතුළු විද්වතුන් පෙන්වා දී තිබෙනවා. පසුව රන්මුතුදූව චිත්‍රපටය තැනීමේදී එහි තිබූ විශාල පෙට්ටිය (Chest) හැර ඇතැම් වෙනත් වටිනා දේවල් ඉමහත් පරිශ්‍රමයක් දරා නැවත ගොඩගත් බව මයික් විල්සන් මහතා තමා (ආචාර්ය සූරිය ගුණසේකර මහතා) වෙත පැවසූ බව මාධ්‍යය මඟින් අනාවරණය කර තිබුණා. මයික් විල්සන් සහ ආතර් සී ක්ලාක් යන දෙදෙනා සමකාලීනයන් මෙන්ම මුහුදු පුරාවස්තු ගවේෂකයන් හා සූර කිමිදුම්කරුවන් ලෙස ද කාලයක් කටයුතු කර ඇති බව ද පැවසෙනවා.
කොහොම වුණත් සොයා ගනු ලැබුවයි කියන රාවණ රජුගේ රන් රිදී මුතු මැණික් හැරුණාම සිහි මුර්ඡාවට පත්වූ රාවණ රජුගේ දේහය මහ කුඩුගල කඳු මුදුනේ ඇති බව ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතා පවසනවා.
එහෙම නම්, රාවණ රජුගේ අද්භූත රහසක් වුණේ රසදිය භාවිතය ද?
සමාජයේ එහෙම විශ්වාසයක් තිබෙනවා. රස වෙදකමට, ගුවන් යානා පණ ගැන්වීමට, ආලෝකය ඉපදවීමට, නොපෙනී ඉන්නත් රසදියවලට ශක්තියක් ඇතැයි කියනවා. විශේෂයෙන් මෘත ශරීර පවා නොදිරා කල් තබා ගැනීමේ එක් ක්‍රමයක් විධියට මේවා යොදා ගන්නා බව පැවසෙනවා. නමුත් රසදියවල විවිධ අවස්ථා පිළිබඳව නූතනයට වඩා රාවණ රජු සතුව පැවති අවබෝධය වැඩි බව රාවණ මූලාශ්‍ර මඟින් ගම්‍යමාන වෙනවා.
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Sunday, October 16, 2016

දිඹුලාගල පර්වතය මුදුනේ පිටසක්වළ ජීවින්ගේ නවාතැන් පොළක්...(-අබිරහස් අඩවිය - Abirahas Adawiya නොවිසඳුණු අබිරහස් dimbulagala polonnaruwa anuradhapura novisadunu abirahas aliens pitasakwala jeeween )

පියාසර වස්තූන්වලින් පැමිණෙන පිටසක්වළ ජීවින්ගේ නවාතැන් පොළක් ෙඓතිහාසික දිඹුලාගල පර්වතය මුදුනේ පිහිටා තිබූ බව ගවේෂන කණ්ඩායමක් විසින් සොයාගෙන ඇත.
අඩි 1,200ක් උසින් යුත් දිඹුලාගල පර්වතයේ විශාල ගලක් කේන්ද්‍රකොට මෙම නවාතැන්පොළ සකස් කොට ඇති අතර එහි ඇතුළත අඩි 10 – 10 ප‍්‍රමාණයෙන් යුක්ත වේ. උසින් අඩි 3ක් පමණ වේ.
මෙම කාමරය තුළ අඩි 10 – 4 ප‍්‍රමානයේ ගල් පුවරුවක විවිධ සංඥා අක්ෂර සටහන් කොට තිබේ. පුරාවිද්‍යාඥයන්ට පවා හදුනාගැනීමට නොහැකි බව පැවැසෙන මේ අක්ෂර අනුරාධපුරයේ රන්මසු උයනෙහි පිහිටි ගල් පුවරුවෙහි සටහන් කොට ඇති සංඥා අක්ෂරවලට සමානකම් දක්වන බව ගවේෂක කණ්ඩායමේ අදහස වේ.
මෙම නවාතැන්පළ පිටතින් දැකගන්නට නොමැති වුවද ගල් පර්වතය යටින් අඩි 2ක් පමණ උසින් යුත් දොරටුවකින් ඇතුළු වීමට හැකි වන සේ නිර්මාණය කොට තිබේ. දුවිල්ලෙන් කාමරය පිරී පවතින හෙයින් සංඥා අක්ෂර පවා හදුනාගැනීමට නොහැකිය.
මීට වසර 30කට පමණ පෙර දිඹුලාගල පර්වතය මුදුනේ ඉදිකොට ඇති අහස් මාලිගය නුදුරින්ම මෙම ස්ථානය පිහිටා තිබුණත් කිසිවකුටත් මෙම නවාතැන් පළට ඇතුළු වීමට නොහැකි වී තිබේ.

මෙම ස්ථානය නීරික්ෂණය කිරීමට විදේශීය විද්‍යාඥයන් කිහිපදෙනකු පසුගියදා පැමිණි බව දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ මහා කාශ්‍යප ධර්මායතනයේ ලේඛකාධිකාරි මාදුරුඔයේ විජිත හිමියෝ පැවැසූහ.
මෙම ස්ථානය පිළිබද මෙතෙක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණයට ලක් නොවූ බවද මෙහි සටහන් කොට ඇති අක්ෂරව්ලින් සංඥාවක් පෙන්නුම් කරන බව පෙනෙන්නට තිබෙන බවද උන්වහන්සේ සදහන් කළහ.
රාත‍්‍රි කාලයේදී මෙම ස්ථානයට විවිධ වර්ණයන්ගෙන් යුත් ආලෝකධාරා පැමිණෙන අයුරු ආරණ්‍ය සේනාසනයේ වැඩවසන භික්ෂුන් වහන්සේට දැකගන්නට ලැබෙන බවත් මහ රහතුන් වහන්සේ 500 නමක් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ අතීතයේ වැඩවාසය කළ බව සදහන් වන නිසා මෙම පුණ්‍ය භූමියේ මෙවැනි අද්භූත සිද්ධීන් පවතින බව සදහන් කළ හැකිය.
– මව්බිම
2- දිඹුලාගල පර්වතයට පැමිණියේ මිනිසුන්ට වඩා කුඩා ජීවීන් කොටසක්
ඓතිහාසික දිඹුලාගල පර්වතයේ පිටසක්වළ ජීවීන් නවාතැන් ගත් බවට සැලකෙන ස්ථානය භාවිත කොට ඇත්තේ මිනිසුන්ට වඩා කුඩා ජීවීන් කොටසක් බව හැඳින්විය හැකි යැයි ශ්‍රී ලංකා හඳුනා නොගත් පියාසර වස්තූන් පිළිබඳ ගවේෂක(S.L.U.F.O.R. A.) සංගමය වාර්තා කරයි.
තමන්කඩුව - ගාමිණී සූරියආරච්චි
ඓතිහාසික දිඹුලාගල පර්වතයේ පිටසක්වළ ජීවීන් නවාතැන් ගත් බවට සැලකෙන ස්ථානය භාවිත කොට ඇත්තේ මිනිසුන්ට වඩා කුඩා ජීවීන් කොටසක් බව හැඳින්විය හැකි යැයි ශ්‍රී ලංකා හඳුනා නොගත් පියාසර වස්තූන් පිළිබඳ ගවේෂක(S.L.U.F.O.R. A.) සංගමය වාර්තා කරයි.
එම සංගමයේ ගවේෂණ නිලධාරි සාලිය සිල්වා මහතා "මව්බිම"ට මේ බව සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන සාලිය සිල්වා මහතා අඩි 1,200ක් උසින් යුත් දිඹුලාගල පර්වතයේ මෙවැනි ස්ථානයක් සොයා ගැනීම අපේ විශ්ව දැනුම වර්ධනය කර ගැනීමට ඉවහල් වන කාලෝචිත පියවරක් බව කියයි.
මෙම ස්ථානයට ඇතුළු වීමට එක්වරම මිනිසකුට නොහැකියි. එහෙත් මිනිසකුට වඩා කුඩා ජීවියකුට ඒ තුළට පහසුවෙන් ඇතුළු වීමට හැකියි. අහසින් පැමිණ කෙළින්ම ගුහාව තුළට ඇතුළු වීමට හැකිවන පරිදි මෙය නිර්මාණය වී තිබෙනවා.
විදේශ රටවලින් වාර්තා වන අන්දමට මෙවැනි ස්ථානවල කුඩා ජීවීන් ජීවත් වූ බව සඳහන් වනවා. එසේම මෙම ස්ථානයේ දැක්වෙන සංඥා අක්ෂර අපට කියවීමට නොහැකියි.
හඳුනා නොගත් පියාසර වස්තූන් මඟින් මෙවැනි ස්ථානවලට එම ජීවීන් පැමිණි බව විදෙස් වාර්තාවල සඳහන් වනවා. ඉපැරැණි ස්ථානවල පිහිටි ගුහා තුළ (ඊභදදඥත භදඤඥප ට්පධභදඤ) මෙම වාර්තා සැසඳීමේදී දිඹුලාගල පර්වතය තුළ දක්නට ලැබෙන සංඥා අක්ෂර සමානකමක් පෙන්නුම් කෙරෙනවා.
1947 මැක්සිකෝවේ රොස්වේල්හිදී සිදුවූ පිටසක්වළ ජීවීන්ගේ යානා අනතුරේදී හමුවූ සුන්බුන් අතර ඔවුන්ගේ අක්ෂරවලද මෙවැනි හැඩහුරුකම් තිබූ බව විදෙස් වාර්තා සැසඳීමේදී අනාවරණය වනවා.
dinamina
------------------------------------------------------------------------------
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Thursday, October 13, 2016

මරණාසන්න අත්දැකීම් ලැබූ කුඩා දරුවෝ...(near death experiences -අබිරහස් අඩවිය - Abirahas Adawiya -Psychology manovidyawa load buddah)


ගැලප් සමීක්ෂණයන්ට අනුව මිලියන අටකට අධික ඇමරිකානුවන් පිරිසක් මරණාසන්න අත්දැකීම් ලබා ඇති අතර බොහෝ කුඩා දරුවෝ ද මේ පිරිසට අයත් වෙති. මේ අත්දැකීම් ලැබූවන් ඒ පිළිබඳ පැවසූ විස්තර විශ්මය ජනක අයුරින් සංගත හා ඒකමිතික වන අතර ඒවා විශිෂ්ට අයුරින් ලේඛන ගත කොට තිබේ. මෙවන් අවස්ථාවල සාමාන්‍යයෙන් සිදුවන්නේ මරණාසන්නයට එළැඹෙන පුද්ගලයා සිය සිරුරෙන් මිදී, ඊට ඉහළින් පිහිටි කිසියම් ස්ථානයක රැඳී සිටිමින් තමා මරණයෙන් බේරා යළි පණ ගැන්වීමට අන්‍යයන් දරණ ප්‍රයත්නයන් නැරඹීමයි. 
ඉන් මොහොතකට පසු ඔහුට දීප්තිමත් ආලෝකයක් හෝ දිදුලන ශරීර ප්‍රභා ඇති ආධ්‍යාත්මික පුද්ගලයකු හෝ මිය ගිය ඥාතියකු ඈතින් පෙනෙන්නට පටන් ගනී. බොහෝ අවස්ථාවල සංගීත රාවයක් හෝ වෙනත් ශබ්දයක් ඔහුට ශ්‍රවණය වන අතර උමඟක් වැනි යමක් තුළින් ඇදී ගොස් ආලෝකය හෝ අධ්‍යාත්මික පුද්ගලයා දෙසට පාවී යනු දැනේ. අබ මල් රොනක හෝ වේදනාවක් ඔහුට නොදැනන අතර ඒ වෙනුවට අතිශය උත්කර්ෂවත් ශාන්තියක් හා ප්‍රමෝදයක්, පාවී යන විඥානය පුරා පැතිරී යයි.
මේ අවස්ථාවේ දී සිය සිරුරට යළි පැමිණීමට බොහෝ අයට අවශ්‍ය නොවන අතර මෙලොව දී සම්පූර්ණ කරගත නොහැකි වූ කටයුත්තක්, යුතුකමක් හෝ ණය ගෙවීමක් ඇතොත් යළිත් සිය සිරුරට පිවිසෙන ඔවුනට වේදනාව ඇතුළු වෙනත් කායික සංවේදන දැනෙන්නට පටන් ගනී. එහෙත් අවසන සිය ජීවිතය, කායික මරණයන් අවසන් ‍නොවේ ය යන අවබෝධය ඔවුන් තුළ පහළ වන අතර ඉන් අනතුරුව යළි කිසිදිනෙක ඔවුහු මරණයට බිය නොවෙති.
Life after life (මරණින් මතු ජීවිතය), Reflections on life after life (මරණින් මතු ජීවිතය ගැන අන්තරාවලෝකන), The light Beyond (ඔබ්බෙහි වූ ආලෝකය) යන කෘතීන්හි කීර්තිමත් කතුවරයා වූ රේමන්ඩ් මූඩි Jr., MD, Ph.D, මරණාසන්න අත්දැකීම් ලද මිනිසුන් සමඟ පැවැත්වූ දෙදහසකට අධික වූ සම්මුඛ සාකච්ඡා වලින් සමහරක් ගැන මට කියා ඇත. මේ සාකච්ඡා වලින් අනාවරණය කැර ගත් පරිදි මරණාසන්න අත්දැකීම් ලද සියල්ලන්ට
පොදු අත්දැකීමක් වූයේ සිය සිරුරු මතින් පාවී යන ආකාරය යි. සිය සිරුර ට ප්‍රතිකාර කරමින් සිටින වෛද්‍යවරුන් හා හෙදියන් යමක් පවසන්නට තැත් කරද්දී එම වචන ඔවුන්ගේ මුවින් පිටවන්නට මොහොතකට පෙර ඒ කුමක්දැයි වටහා ගන්නට බොහෝ දෙනකුට හැකි විය. රෝගීන් සිය වෛද්‍යවරයාගේ හෝ හෙදියගේ උරහිස ස්පර්ශ කරන්නට තැත් කළ විට නිශ්චිත ස්වරූපයක් රහිත ඔවුනගේ දෑත් වෛද්‍ය කන්ඩායමේ ඝන සිරුරු විනිවිද ගියේය. ඒවා අතර භෞතික ස්පර්ශයක් සිදු නොවී ය.
“ඔවුන් තුළ ඉන් පස්සේ ඇතිවන්නේ ලෝකෝත්තර වූ යථාර්ථයක් පිළිබඳ සංවේදනයන්” ආචාර්ය මූඩි පැවසී ය. “ඔවුන්ගේ දෑස් වලට කිසි ම අපහසුවක් ගෙන නො දුන් අර දීප්තිමත් ආලෝකය දෙසට යන විට ඔවුන්ට දැනුනේ මුළුමනින් ම ආදරය තුළ නිමග්න වූ බවක්”
මරණාසන්න අත්දැකීම් තුළ නිරන්තර ව දක්නට ලැබෙන ලාක්ෂණික ගුණයක් වන්නේ ජීවිත ප්‍රත්‍යවේක්ෂණය යි. මෙය කාලයේ සීමාවෙන් ඔබ්බට ගොස් විචිත්‍ර වර්ණයෙන් හා ත්‍රිමාණ ස්වරූපයෙන් යුතුව ක්ෂණයකින් දෑස් ඉදිරිපිට දර්ශනය වන්නාවූ සිය ජීවිත කාලය පුරා සිදු කළ ක්‍රියාකාරකම්, චර්යාවන් හා කෘත්‍යයන් සියල්ල පිළිබඳ දර්ශන මාලාවකි. එ සේ ම මේ ජීවිත ප්‍රත්‍යවේක්ෂණය නරඹන්නා විසින් තමා උදව් කළ, රිදවූ, ආදරය කළ හෝ වෛර කළ මිනිසුන්ගේ චිත්තාවේගයන් ද ඒ මොහොතේ ම අත් විඳිනු ලබයි. ‍බොහෝ විට ප්‍රත්‍යවේක්ෂණය අතරතුර දෙවියන් බඳු වූ අධ්‍යාත්මික සත්වයෙක් හෝ කිහිප දෙනෙක් ප්‍රත්‍යවේක්ෂකයා සමඟ සහචාරී වෙති.
ආචාර්ය මූඩි ගේ පර්යේෂණවලට ප්‍රස්තුතයක් වූ එක් පූජකවරයකු සිය දේශනයන්හි දී යොදා ගත්තේ පව් කාරයන් නිරයේ ගිනිදැල් මැද දුක්විඳීම මූලික කැර ගත් ප්‍රවේශයකි. සිය ජීවිත ප්‍රත්‍යවේක්ෂණය දෑස් ඉදිරිපිට දිග හැරෙද්දී දේශකයාට සිය විජයග්‍රාහී ධර්ම දේශනා, පල්‍ලියේ බංකුව මත බයෙන් ගැහෙමින් ඊට සවන් දී සිටි නව හැවිරිදි දරුවකුගේ දෘෂ්ටිකෝණයෙන් අත්විඳීමට හැකි විය. මරණාසන්න අත්දැකීමට පෙර පූජකවරයාට මේ දරුවා සමඟ වූයේ එතරම් සමීප නොවූ ඇසුරකි. එහෙත් දැන් ඔහුට මේ දරුවා තුළ හට ගත් බිය එහි පූර්ණ තීව්‍රතාවයෙන් දැනුණ අතර සිය ධර්ම දේශණය විසින් රැස්ව සිටි බැතිමතුන් පිරිස තුළ ඇති කළ තීරණාත්මක වූ අනාධ්‍යාත්මක බල පෑම ද ප්‍රකට වන්නට විය.
ජීවිත ප්‍රත්‍යවේක්ෂණය නිරීක්ෂණය කරමින් සිටි අධ්‍යාත්මික ජීවියා සන්සුන් ව මෙ සේ කීය “මම හිතනවා ඔබ ආයෙත් එහෙම නොකරාවි කියා”
“මට හරි ම පුදුම යි දෙවියන්ට මගේ දේව ධර්මය ගැන තැකීමක් නොතිබුණ එක ගැන” පූජකවරයා ආචාර්ය මූඩිට කීවේ ය.
සියැට්ල් හි ළමා රෝග විශේෂඥයකු වූ ද, Closer to Light (ආලෝකයට සමීපයෙන්) කෘතියේ කර්තෘ වූ ද වෛද්‍ය මෙල්වින් මෝස් කුඩා දරුවන්ගේ මරණාසන්න අත්දැකීම් පිළිබඳ සිද්ධි පනහකට අධික සංඛ්‍යාවක් ඉතා විචක්ෂණ ලෙස ලේඛණ ගත කොට තිබේ. සිය සිරුරෙන් ඉවත්ව යාමත්, අභිශුන්‍ය අවකාශයකට ඇතුළු වීමත්, දිප්තිමත්, හිතමිතුරු ආලෝකයක් වෙත ඇදී යාමත් මේ දරුවන් විසින්ද විස්තර කොට තිබේ. මරණාසන්න අත්දැකීම් විසින් මේ කුඩා දරුවන් තුළ ඇති කරනු ලැබූ බලපෑම වැඩිහිටියන් තුළ ඇති වූ බලපෑම තරමට ම ගැඹුරු එමෙන් ම පරිවර්තක එකක් වූයේ ය. ජීවිතයට කිසියම් සැබෑ අරමුණක්, අභිප්‍රායක් ඇති බව ඔවුහු උගත් හ. එ සේ ම “ජීවිතයට පූජනීයත්වයෙන් බුහුමන් දක්වන්නටත් විශ්වය පුරා විසිරී ගිය සංකීර්ණ හා පැටලිලි සහගත සම්බන්ධ තාවයන් දකින්නටත්” ඔවුහු සමත් වූහ.
ඔවුන් සමඟ කළ මූලික සාකච්ඡාවෙන් වසර අටකට ආසන්න කාලයක් ගෙවුණු තැන පසු විපරමක යෙදුණු වෛද්‍ය මෝස් හට පෙනී ගියේ මේ මරණාසන්න අත්දැකිම් ලද දරුවන් අතිශයින් ම පරිණත වූ යෞවනයන් බවට පත් වී ඇති අයුරු යි. ඔවුන් ගේ පවුල් සබඳතා අතිශයින් ම විශිෂ්ට මට්ටමක විය. ඔවුහු මත්ද්‍රව්‍ය සමඟ අනතුරුදායක අත්හදා බැලීම් කළ, කැරලිකාරී, ලිංගික හෝ වෙනත් චර්යාත්මක අපහරණයන්ට යොමු වූ පිරිසක් නොවූ හ.
අනුවාදය මාධව වෛද්‍යරත්න
-------------------------------------------------
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya