විමාන සහ අහස් තර යනුවෙන් හෙළ බසින් ද, විමාන හා වෛමාන ලෙස සංස්කෘතයෙන්ද හැඳින්වුණේ ගුවන් යානාවයි. බෙංගාල බසින් මෙය බිමාන ෙව්. බිමාන එයාර් ලයින්ස් (Bimana Airlines) යනු බංගලිදේශ් ජාතික ගුවන් සේවාවයි. “අප ගමන් බිමන් යෑම” යනුවෙන් අදත් භාවිත කරන්නේ පොළොව මතුපිට ගමන් කිරීම වුවද ගමන් යනු පොළොව මතුපිට යාමයි. බිමන් යන අහසින් යාමයි. බැංගලෝරයෙන් ලැබී 1923 ඉංග්‍රීසියට පරිවර්තනය කරන ලද භාරද්වාජගේ (සංස්කෘත) ග්‍රන්ථයේ ගුවන් ගත කිරීම “නැග්ම” යන වචනයෙන්ද පොළොවට පාත් කිරීම “ලැග්ම” යන වචනයෙන්ද (ලැගීම) දක්වා තිබුණි. මේ පක්ෂියාගේ නොහොත් කුරුල්ලාගේ ගමන අනුව යාමයි. 1967 දී ටිබෙට් රටින් සොයාගෙන චීන රජය විසින් ඉන්දියාවේ චන්දිගාර් විශ්වවිද්‍යාලයට දී ඉංග්‍රීසියට පරිවර්තනය කරගත් පොතේ තිබුණේ ග්‍රහලෝකවලට පවා මෙම විමානවලින් ගමන් කළ හැකි බවය.
පරිවර්තන මණ්ඩලයේ ප්‍රධානි ආචාර්ය රූත් රේනර් මහත්මිය ඒ බව ප්‍රකාශ කර තිබුණි. ගුවන් යානාවක් නිපදවීම හා පදවාගෙන යාම පුද්ගලයකුට හෝ එක් ගුරුකුලයකට සීමාවුවක් මිස එය සමාජ විද්වත් හෝ සමාජ තාක්ෂණයක් නොවීය. එය ඍෂි නොහොත් විශ්වකර්ම විසින් නිර්මාණය කරන ලද “ලංකාපුරය සහ දඬුමොනර යානය” එසේ සැදුවේ සිංහමුඛ නොහොත් මාල්‍යවන්ත කුමරුටය. ඔහුගෙන් හිස් වූ ලංකාපුරය හා යානය විශ්රවස් මුණි අත්පත්කර ගති. රාවණ විසින් විශ්රවස් මුණිව ලංකාවෙන් පිටකර ෙෙකලාශ කූටයට (අද සංචාරක මධ්‍යස්ථානයකි.) යවා තමන් විසින් ලංකාපුරය හා යානය අයිතිකර ගති. ආරම්භක කෘත යුගයේදී යානාවක් රහිතව සිතිවිලි මාත්‍රයෙන් මිනිසාට අහසින් යා හැකි වු බව ලේඛනගතව ඇත. දෙවැනි ද්වාපර යුගයේ අවසාන භාගය වනවිට ආවරණය සාදා ගැනීමට සිදුවිය. ඒ ඔහු තම පංචස්කන්ධය ඒ තුළ රඳවාගෙන ගමන්කළ නිසාය. ඒ තුළ මන්ත්‍ර ජප කරමින් ඔහු ගමන් කළේය.
තේත්‍රා නමැති තුන්වන යුගය වන විට ලෝහ ආවරණය හා යානය ක්‍රියාත්මක වන එන්ජිමක් සහිතව විමානය ගමන් කළේය. කෘත යුගයේ මිනිසා අධි මානසික බලවලින් පරිපූර්ණව සිටි නිසා (4/4) සියල්ල සිතුවිල්ලෙන් ක්‍රියාත්මක විය. ද්වාපර යුගයේදී පූර්ණත්වය අඩක් (2/4) අඩු විය. තේත්‍රා යුගයේදී අධි මානසික බල 1/4ට අඩුවී මන්ත්‍ර වැඩිෙයන් අවශ්‍ය විය. වත්මන් කලියුගයේදී අධි මානසික බල මුකුත් නැතිව හුදෙක් ද්‍රව්‍යමය ලෙස (භෞතික හා රසායන විද්‍යාවෙන්) ගුවන් යානා නිපද වේ. නමුත් දැන් පෙනී යන්නේ බලවත්ම අධිවේගී ගුවන් යානාවලට සිතිවිල්ල කෘත්‍රිම ලෙස වායු තරංග වලට කවා එම වායු තරංග (මන්ත්‍ර) මගින් ද්‍රව්‍යය ස්පර්ෂකර ක්‍රියාත්මක කරන බවය.
මෙහි විස්තර පෙනෙන ගුවන් යානා තාක්ෂණය භාරද්වජගේ “විමාන ශාස්ත්‍ර” වලින් උපුටා ගත් අතර එහි දැක්වෙන්නේ තේත්‍රා යුගයේ ගුවන් යානා තාක්ෂණයයි.
ලෝහ වර්ග තෝරාගැනීම.
නියමුවා සම්පූර්ණ වූ (නියම වූ) පසුව පමණක් යානය සෑදීම විස්තර වේ. මානව අවශ්‍යතාව අනුව ද්‍රව්‍ය ක්‍රියාකාරිත්වය දෙවනුව පුරුදු පුහුණුකර ඇත්තේ හෙළ ශිෂ්ටාචාරයේය. අදත් සිංහල අවුරුද්ද දිනට පළමුවෙන්ම සිදුවන්නේ පාරිභෝගික අවශ්‍යතාව මූර්තිමත් කරන ලිප ගිනි මොළවා කිරිබත් පිසින කාර්යය පළමු නැකතට සිදු කිරීමය. මේ මව හා දූවරුන් විසිනි. වැඩ අල්ලා ගනුදෙනු කර නිෂ්පාදන ක්‍රියාව මූර්තිමත් කරන්නේ පියා හා පුතුන් විසින් දෙවනුවය. පෘථිවිය අභ්‍යන්තරයේ ලෝහ නිධි දරාගත් පාෂාණ තට්ටු 3000ක් ඇත. 7 වැනි ස්ථරයේ ඇති මෙවැනි ලෝහ වර්ග 27කි. මධ්‍ය ආකර්ෂණ බලය, පෘථිවි හා වායු ගෝලීය ආකර්ෂණය, සූර්ය පිටාරයත්, වායුන්ගේ බලයත්, ග්‍රහලෝක හා තාරකාවල බලය, හිරු සඳු ආකර්ෂණ බලය, විශ්ව ගුරුත්වාකර්ෂණ යනාදී වූ සියලු බලවේගයන් පෘථිවියේ 3, 8, 11, 5, 2, 6, 4, 9 යන ස්ථරවලට අනු පිළිවෙළින් ඇතුළු වේ. එමගින් නොයෙකුත් වර්ගවල හා තත්ත්වයන්ගේ ලෝහ වර්ග නිර්මාණය වේ. මේ අතුරින් සෞමක, සෞන්දල හා මෞත්විත ලෝහවර්ග තුන තෝරා ගැනේ. මේවායේ ඇති විශේෂ බල සහ ගුණාංග විවිධ ශබ්දයන්ට ආදේශ කර වටිනාකම් මනිනු ලැබේ. මෙම තෝරා ගැනීම් කරන්නේ සූර්යාගේත්, එහි පරිවාර ග්‍රහයන්ගේත්, තාරකාවල හා අභ්‍යාවකාශයේ අනන්ත වූ ග්‍රහ තාරකාවන්ගේ බලශක්තීන් පෘථිවියේ කිනම් ස්ථානවල ඇති ලෝහයන්හි අන්තර්ගතදැයි දැනගැනීමෙන් පසුවය. අභ්‍යාවකාශයේ ගමන් කරනවිට විවිධ රශ්මීන්ට සහ උණුසුම් තත්ත්වයන්ට, සුළං හා වා රැළිවල ගැටීම් වලට, වසවිස ස්ථරවලට, ධූම පටලයන්ට යානය ඔරොත්තුදීමට හැකිවීමටය. පස් සහ වෙනත් විවිධ පාෂාණ කොටස් මිශ්‍ර අපිරිසිදු ස්වරූපයෙන් හාරාගත් ලෝහ වර්ග උණුකර සුද්ධකර ගැනීමට අවශ්‍යය.
ලෝහ උණු කිරීම.
සෞමක - මෙම ලෝහය කට පළල් භාජනයක පුරවා පැඟිරි, දෙහි, එඬරු, සියඹලා, ජම්බු ආදී යුෂයන් මිශ්‍රකර දවසේ උෂ්ණත්වය මෙන් (90°f හෝ 28°c) 27 ගුණයක උෂ්ණත්වයෙන් (2430°f හෝ 756°c) උණුකරගත යුතුය. මෙසේ උණුකරගත් ලෝහය තෙල් වර්ග 8ක් සමග සහ ඉන් අනතුරුව අම්ල සමග උණුකර වත් කෙරේ.
සෞන්දල - සිලින්ඩරාකාර භාජනයක දමා අම්ල වර්ග 6න් හා තෙල් වර්ග 7න් උණුකර වත්කර ගත යුතුය.
මෞර්විත - ඉහත සඳහන් සෞමක හා සෞන්දල මෙන්ම අම්ල සහ තෙල් වර්ග කීපයකින් නියමිත උෂ්ණයන්හි උණුකර වත්කර ගනු ලැබේ.
විමාන සඳහා ලෝහ උණුකරන උඳුන් සාදන ආකාරයද විශේෂිත වේ. එක් වර්ගයකට 76ක් වන වර්ග 7ක උඳුන් 532 ඇත. මේ සඳහා සුළං පිඹිනයන් (Blowers) වර්ග 532ද ඇත. උඳුන් සෑදීමට ගන්නේ ගස්වල පොතු, සතුන්ගේ හම්වර්ග, කිරිවල ඇති ක්‍රීම්, රෙදි, සේද, කපු, පුවක් මුල් ආදී දීර්ඝ වට්ටෝරුවකි.
විමාන ක්‍රියාත්මක වීම සඳහා ශක්තිය.
විමානය ක්‍රියාත්මක වීම සඳහා ශක්තීන් 7ක් ක්‍රියාත්මක විය යුතුය. මෙම ශක්ති උපදවන්නේ මෝටර් මගිනි. ඉන් නිපදවෙන ශක්තිය රැහැන් යොදා ක්‍රියාකාරීත්ව කොටස (එන්ජිම) වෙත ගමන් කරවනු ලැබේ. හැම මෝටරයක්ම ඊට ආවේණික ශක්තිය උපදවයි. ශක්ති ප්‍රශාවත නමැති යන්ත්‍රය විමානය ගමන් කිරීමටද. අපතර්පන යන්ත්‍රය විසින් සතුරු යානයක ශක්තිය ලොප් කිරීමද, අම්පුසා යන්ත්‍රයෙන් සූර්ය ශක්තිය උරාගැනීමද ආදී ලෙස මෙම ශක්ති 7 විස්තර කළ හැක. ශක්තිය උපදවන මූලයන්ද 7කි. ඒ ගින්දර, පොෙළාව, වායුව, සූර්යයා, චන්ද්‍රයා, ජලය හා අවකාශ මගිනි. ශක්තීන් ග්‍රහණය කරන්නේ ශබ්ද (මන්ත්‍ර) මගිනි.
“ර” අක්ෂරය සූර්ය ශක්ති 12, “ස” අක්ෂරය සතුරු බල උරාගැනීමද, “ත” අක්ෂරය මූල ශක්තිය ස්පර්ෂ කිරීමද ආදී ලෙස එම හත විස්තර වේ. මෙම ශබ්ද මන්ත්‍ර ලෙසට සංග්‍රහ කර ප්‍රයෝජනයට ගනු ලැබේ.
විමානයක ඇති ප්‍රධාන කොටස් තිස් එක.
මෙම කොටස් 31 යටතේ වැදගත්ම කොටස් 7 වන්නේ දර්පණතල නොහොත් ප්‍රධාන කණ්ණාඩි 7යි.
1. විශ්වකාර්ය දර්පණය (ගුවන් නියමුවා අසල ඇති කරකැවෙන අසුනක සවිකළ හාත්පස පෙනෙනා දර්පණය. (උකුසු ඇටකටු කොටසක්, රසදිය කොටස් 5ක්, මුතු ඇට කුඩු කොටස් 8ක් ආදී වර්ග 14 අමුද්‍රව්‍ය අවශ්‍යයි.)
2. ශක්තියාකර්පණ දර්පණය - (සූර්යාලෝකය, සුළං හා ගින්දර නිසා ඇතිවෙන අහිතකර ප්‍රතිඵල 122 ඇති අතර එම අන්තරායන් මෙම දර්පණය මගින් ඇදගන ආරක්ෂාව සලසයි.)
3. විරූප දර්ශන (සතුරු යානයකින් ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ දරන විට භයංකර විරූප දර්ශනයක් මැවීමට මින් හැක. විරූප දර්ශන 27කි. ගින්දර, ජලය, සුළං, වලසා, කොටියා, සිංහයා, දැවැන්ත කුරුල්ලන් ආදියයි)
4. කුත්තිනී දර්පණය - පහළ වායුගෝලයේ ජීවය ආරක්ෂා කර දෙන ස්වභාවික ක්‍රම ඇත. ඉහළ අහසේ හා අභ්‍යාවකාශයේ භූත, ලේ, මේද, මාංශ, ඇට, සම හා බුද්ධිය රෝගී කරවීම සිදුවේ. කුත්තිනී දර්පනයෙන් ඒ සියල්ල ආරක්ෂා කරයි.
5. පින්ජුලා දර්පණය - සූර්ය ශක්තියේ ඇති එකිනෙක ගැටෙන විරූඪ බලවේග පින්ජුලා නම් වේ. ඉන් ඇසේ කළු ඉංගිරියාවට බලපා අන්ධ කරයි. මෙම දර්පණයෙන් ඊට ආරක්ෂාව සලසයි.
6. ගුහා ගර්භ දර්පණය - සුළංවල රශ්මිවල ඇති එකිනෙක අතර ඇතිවෙන විදුලිය බල ගැටීම මගින් යානය තුළ සිටින අය ශක්තියෙන් පිරිහෙළා අක්රීයකර දමයි. මෙම දර්පණයෙන් එම ශක්තීන් ඊට එකතුකර පිටට විහිදුවා හැරේ. සතුරු යානයක් එන්නේ නම් ඊට එල්ල කළ හැක.
7. රෞදි දර්පණය - සූර්ය රශ්මියේ අහිතකර බලයත් එකතුකර විද්‍යුත් බලයෙන් විහිදුවා හැර තමන්ට වුවමනා යානයක් උණුකර වගුරුවා හැරිය හැක. (ටිබෙට් පොත්වලින් ඉගෙනගන හිට්ලර්ට යුද ටැංකි උණුකරන ආලෝක කිරණ නිපදවීමට හැකි විය.)
ආහාර අධිකාරිය.
විමානයක් පදවන අයගේ ආහාරය පොෙළාව මතුපිට ජීවත්වන අයකුට වඩා වෙනස්ය. වසන්ත හා ග්‍රීස්ම සෘතුවලදී, ශීත සෘතුවේදී, වර්ෂා සහිත සරත් සෘතුවේදී ගතයුතු ආහාර වෙනස් වන්නේය. මෙය නොදන්නේ නම් ආහාර විෂවීමට පුළුවන.
අහසේ ඇති ජලීය ස්වභාවයේ වෙනස්වීම් හා ජලීය ප්‍රමාණයේ අනුපාත අඩුවැඩි වීම් ශරීරයට යහපත් හා අයහපත් ආකාරයන්ට බලපායි. ඉහළ අහසේ 1/16 පමණක් ජලය ඇති 7 වැනි ආකාශ ස්ථරයේ සීතාවලී සහ කුහෝ නමැති යෝග සමග වායු බලවේග 101 ප්‍රමාණය ගැටේ. මේවා පසලොස්වක හා අමාවක සමග පුර හා අවපක්ෂ වලදී විවිධ ප්‍රතිඵලයන්ය.
සාමාන්‍ය ජීවිතයේ ප්‍රධාන ආහාරවේල් 2ක් හෝ 3ක් ගන්නා අය කුස පිරෙන්නට ආහාර ගත්තද ආකාශගාමියා ඊට වෙනස්ය. ප්‍රමාණයෙන් අඩු වූද පෝෂ්‍ය ගුණයෙන් හා ඔෟෂධීය ගුණයෙන් වැඩි වූද ආහාරයන් අඩංගු ගුළි සහ බෝලද දියරයන්ද (තලප, සුප් ආදී) මේ සඳහා නිර්දේශ කෙරේ. බෝල ආහාර තුනපහ කුළුබඩු ආදිය සමග පිසගත යුතුය. මේ හැරුණු විට ඖෂධීය ගුණ පමණක් ඇති පිටි රහිත (විටමින්) ගුළි බෝල හා දියරද අවශ්‍ය. ඇල්කලයින් (ශීත) ආහාර හා අම්ල (උෂ්ණ) ආහාරද යන දෙවර්ගයම ගත යුතුය. ගෙඩි වර්ග, අල, පලතුරු, මී පැණි, ගිතෙල් වැඩි වශයෙන්ද පිෂ්ඨය අඩු වශයෙන්ද තිබීම අවශ්‍යය. ධාන්‍ය පිෂ්ටය අඩුවෙන් හා අල වර්ගවල පිෂ්ටය වැඩිවෙන අයුරුද මෙම ආහාර සැකසිය යුතුය. කුඩා පැළෑටි හා පඳුරුවලින්ද ආහාර සැකසේ. දුර්වා තෘණ වර්ග 6ක්, මන්ජු හණවර්ග 6ක්, දික්තෘණ වර්ග 4ක්, කාරුවේලී, චන්ද්‍රවේලී සූර්යවේලී ආදී පැළෑටිද මේ අතර වේ.
වස්ත්‍රාධිකාරය (ඇඳුම්) - පෘථිවියේ සූර්යයා වටා ගමන නිසා ඇතිවන සෘතු භේදයට වඩා වෙනස් සෘතු භේදයකට ගගනගාමියාට මුහුණදීමට සිදුවේ. මස්පිඩු තදවීම, රුධිර සංසරණය අඩුවැඩිවීම, රුධිර ගලනය, තෛල සංයුතින් හා කොටස්වල වෙනස්කම්, මාංශ කොටස්වල වැඩීම හා ක්ෂයවීම ආදී විවිධ බලපෑම් මෙනිසා ඇතිවිය හැක. අයහපත් බලපෑම් 25ක් ඇති අතර ඒවා හම, ඇට, මස්, මේදය, මස් පිඩු, ස්නායු, සන්ධි සහ නියමුවාගේ වෙනස් ශරීරාංගවලටද ඒවා බලපෑ හැක.
මෙය විස්තර කරන “පට-සංස්කාරයට” අනුව සේද, කපු, පෙඳ, ලෝම, මයිකා, හම් යන අමුද්‍රව්‍ය මයිකා සංතෘප්ත ජලයෙන් සෝදා නූල් කූට අනතුරුව 25 වරක් සේදිය යුතුය. කේතකී මල කෙඳි, අර්ක,මදාර සූර්යකාන්ති පොල්කෙඳි ජූට් ආදී කෙඳි නම් 8 වරක් සේදිය යුතුය.
තලතෙල්, තුලසි නොහොත් බැසිල්, ෆාම් නොහොත් ඇකේෂියා හා අබ තෙල්වල හොඳින් පොඟවා තබා දිනකට පස්වර බැගින් සතියක් අව්වේ වේලාගත යුතුය. මෙසේ රෙදි සෑදීමේ වට්ටෝරු හා තාක්ෂණය බොහෝ දිගට විස්තර කෙරේ. මෙසේ දැක්වූ රෙදි නියමුවාගේ ශරීරයේ හැඩයට කපා මසා ගැනේ. මෙම ඇඳුම්වලින් උවදුරු දුරුකිරීම, ශරීර සමබරතාව රැකීම, මානසික ප්‍රභාත්වය, සපුරා උනන්දුව, උද් යෝගය හා ශක්තිය ලබා දේ. යානය තුළ ගමන් අරඹන්නේ මෙම වස්ත්‍ර ඇඳගෙනය.
නියමුවා දැකගත යුතු රහස් 32 -
අංග සම්පූර්ණ දුතක නොහොත් අභ්‍යාවකාශගාමී නියමුවා දැන සිටිය යුතු රහස් 32කි. මින් කීපයක් පහත දැක්වේ.
මන්ත්‍ර - භෛරවී, වේගිනී, චින්තමස්ත, සිඩාම්බර ආදී 12 කාණ්ඩයක මන්ත්‍ර ඇත. නොකැඩෙන, නොබිඳෙන, ගිනි නොගන්නා, කැපිය නොහැකි, විනාශ කළ නොහැකි යානයක් නිපදවීමට නම් අමුද්‍රව්‍ය සියල්ල භූවනේස්වර මන්ත්‍ර ජපකර සිද්ධි කළ යුතුය. යානය පෙනීමට, නොපෙනී යාමට, විරූපි කර දැක්වීමට මෙම මන්ත්‍ර ජප කිරීම අවශ්‍යය.
තන්ත්ර - මහාමාෂා, ෂම්බාර, ත්‍රෛත වැනි බල ලබාගෙන යානයට ආදේශ කිරීමට තන්ත්ර දත යුතුය.
ක්‍රීටක - විවිධ මෝස්තරවල යානා සෑදීමට මය (විශ්වකර්ම) ජයාපරුන්, මනු, මාධ්‍ය ආදී ප්‍රවීන සැලසුම්කරුවන්ගේ ක්‍රම සහ විධි දත යුතුය.
අන්තරාල - වායුතල වෙන්වන සීමාවලදී, සුළංවැල් එකිනෙක ගැටෙන මායිම්වලදී, තවත් යානයක ගැටෙන්නට යනවිට යානය නතර කිරීමේ හෝ බේරාගැනීමේ ක්‍රම.
රූපාන්තර - විමානය සිංහයකු, කොටියකු, සර්පයකු, කන්දක් ආදී ලෙස පෙනෙන්නට සැලැස්වීම.
ස්තබ්දක - සතුරු යානයේ අය සිහි නැති කරවීමට
ක්‍රියාග්‍රහණ - ෙපාළොවේ සිදුවන ක්‍රියාවලි දැන ගැනීමේ විධිය.
කර්ෂණ - උෂ්ණත්ව සුක්කානම 87 ගුණයක් වැඩිකර කරකවා පිලිස්සීමේ ශක්තිය වැඩිකර ආලෝකධාරා යවා (ලේසර්) සතුරු යානය පිලිස්සීමට මේ කරුණු 7කි. කරුණු 32ම නියමුවකු දත යුතුව ඇත.
ගුවන් ධාවන පථ.
අහසේ කලාප 5ක් ඇත. රේඛාපත, මණ්ඩල, කක්ෂ්ය, ශක්ති, කේන්ද්‍ර යනුවෙන් ඒවා හැඳින්වේ. මෙම කලාප 5 තුළ ගුවන් ධාවන පථ 5, 10, 800ක් ඇත. ලෝක 7ට මේවායින් ගමන් කළ හැක. ලක්ෂ ගණනක් ධාවන පත අතුරින් තමනට වුවමනා ධාවන පථය ෙත්රා ගන්නේ මන්ත්‍රයක් කීමෙනි. භූලෝක, භුවර්ලෝක, සුවර්ලෝක, මහෝලෝක, ජනෝලෝක, තපෝලෝක, බ්‍රහ්මලෝක විමානවලට සුදුසු කලාපවල ඒ ඒ කොටස් පමණක් ගමන් කිරීම සඳහා සුදුසුය. පෘථවි මනුෂ්‍යයන් හැර වෙනත් ලෝකවල අයද තම විමානවලින් අභ්‍යාවකාශයේ ගමන් කළ බව දැක්වේ.
ආවර්ත නොහොත් වාසුලි ඉහත සඳහන් කලාප තුළ බහුලය. රේඛාපත - ශක්ති සුළං. මණ්ඩල පථ - සුළඟින් උපදින සුළි, කක්ෂාපථ - සූර්ය රශ්මි සුළි, ශක්තිපථ - ශීතාවර්ණ සුළි, කේන්ද්‍රපථ - සර්ෂණාවර්ථ සුළි.
විමාන වර්ග හතර.
වර්තමාන ගුවන් යානා මෙන් හෝ රොකට් මෙන් නොව වෘත්තාකාර හැඩයෙන් යුතුව කෝප්පයක් මුනින් නැමුවා වැනි හැඩයෙන් යුතු විමාන අතීතයේදී විය.
1. ශකුණ විමාන - අහසේ යාමේදී පුෂ්පයක් උඩු අතට හැරවූවාසේ වුවද පොෙළාවට බෑමේදී දෙපස ඇති පියාපත් දිග හැරී අත්තටු සලමින් වේගය අඩුකර ගනී. කුරුල්ලා සිහිගන්වන නිසා මෙය ශකුණ විමාන විය. 2. සුන්දර විමාන - පූර්ණ වෘත්තිකාර හැඩයෙන් හා තැටියක ස්වරූපයෙන් යුතුය. පියාඹන පිරීසි ලෙස අප හඳුනාගෙන ඇති මෙය ප්‍රහාරක යානයකි. 3. ත්‍රිපුර විමාන - තට්ටු තුනකින් යුතුය. පළමු තට්ටුවට පොෙළාව දිගේ යා හැකි අයුරු රෝද 2x10 ක් 20ක් ඇත. දෙවැනි තට්ටුවට දිය මතුපිට හා දියයටින් (සබ්මැරීන් ලෙස) තුන්වැනි තට්ටුවට අහසේ පියාසර කළ හැක.
4.ප්ලේටෝ විසින් වාර්තා කළ අත්ලාන්තික් පුරවරයේ (ලංකාපුර) දිය යටින්ද අහසින්ද යන ගුවන් යානා ඇති බව සඳහන්ය.
ආචාර්ය සූරිය ගුණසේකර
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය පාථකයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම් like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya
..... වටිනා පුවත්පත් ළිපි හා බ්ලොග් ළිපි සංරක්ෂණ අඩවිය .....
සිහින පලාපල
- DONATE (1)
- නොවිසඳුණු අබිරහස් (35)
- පිටසක්වළ රහස් (23)
- මනෝ විද්‍යා (16)
- ශාස්ත්‍රීය ළිපි (104)
- සිහින පලාපල (1)
- හාස්කම් (25)
- හෙල පුරාණය (39)
- හොල්මන් කතා (58)
Tuesday, August 22, 2017
Sunday, August 13, 2017
ගම්මඩු ශාන්ති කර්මය.....(thovil gam madu අබිරහස් අඩවිය - Abirahas Adawiya - ශාස්ත්‍රීය ළිපි)
ශ්‍රී ලංකාවේ ඒ ඒ ප්‍රදේශයන්හි ජනතාවගේ ජීවිතයේ ලෞකික අවශ්‍යතා පූරණය කරනු පිණිස ඔවුන් තුළින් සංවිධානය වූ සංස්කෘතිකාංග රාශියක් තිබේ. එම වත් පිළිවෙත් වලින් ආගමික භක්තිය පෙරදැරි කරගෙන බුදුරජාණන් වහන්සේ එහි අග්‍ර ස්ථානයෙහි වඩා හිදුවා උන්වහන්සේ ගේ ගුණ, බලය දක්වා පුද්ගල ජීවිත වලට වන්නේ යැයි ගැමියන් විශ්වාස කරන යම් යම් අදෘශ්‍යමාන බලවේග සමනය කර ගැනීමට ගැමි බෞද්ධයෝ පුරුදුව සිටින්නාහ.
බුදුන්වහන්සේගේ මෙම බලය කවරාකාර හෝ දේව, යක්ෂ, භූත, පිසාච, කුම්භාණ්ඩයෙකුගේ හෝ බලය අභිබවා යන්නාසේම ඔවුහු එම බුද්ධ බලයට යටත් වන්නාහ. මේ තත්වය පදනම් කරගෙන ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල පවත්වන දේව ශාන්ති කර්ම, ග්‍රහ ශාන්ති කර්ම හා යක් තොවිල් රාශියකි. එයින් එකම අපේක්ෂාව පූරණය පිණිස පවත්වන එහෙත් දිවයිනේ ඒ ඒ ප්‍රදේශයන්හි විවිධ සංඥානාමවලින් හදුන්වන ශාන්ති කර්ම රාශියක් තිබේ. ලංකාවේ සෑම ප්‍රදේශයකම පාහේ ජනතාව අතර අණවින, කොඩිවින, හදි හූනියම් අංගම්, පිල්ලි, ඇස්වහ, කටවහ හෝ වහ වැනි අතුරු අන්ත්‍රාවන් කෙරෙහි ගුඪ හැගීම් මිශ්‍ර ආකල්ප පවතී. ඇතැමෙක් මේවා තුළින් තමන්ට කිසියම් නරකක් , නපුරක්, අනතුරක්, ලෙඩක්, දුකක්, ඇති වෙතැයි විශ්වාස කරන අතර ඇතැමෙක් ඒ එසේ නොසලකති. තත්වය කෙසේ වුවත් උක්ත කරදර වලින් අත්මිදීම සඳහා ඔවුහු නොයෙකුත් උපක්‍රම විවිධ සෙත් ශාන්ති පවත්වති.
ජීවිතය පවත්වා ගැනීමේ දී තමන් වෙත එල්ල වන විවිධ දුක් කම්කටොලු හා රෝ දුක් මගහරවා ගැනීමට ශාන්ති කර්ම ප්‍රබල මාධ්‍යයක් ලෙස පැරණි සමාජය විසින් පිළිගන්නා ලදී. වස් දොස් මග හරවා ගැනීම හා සෙත් පමුණුවා ගැනීමේ අදහසින් මෙහිදී දෙවිවරුන්ට පුද පූජා පවත්වනු ලැබේ. ඇතැම් ලෙඩරෝග දෙවියන් නිසා ඇතිවන බව විශ්වාසයයි. අම්මාවරුන්ගේ ලෙඩ නමින්ද, දෙවියන්ගේ ලෙඩ නමින්ද හඳුන්වනු ලබන සමහර රෝග පැතිර යාමේදී පත්තිනි දේවිය සඳහා පූජාවන් පැවැත්වීමේ සිරිතක් ලක්දිව පවතී. විශේෂයෙන් වසංගත රෝගයන් තද නියං සමයක් උදා වූ විට පැතිර යනු ලැබේ. අස්වනු පාලුවීම ලෙඩරෝග පැතිරයාම ආදිය සිදුවන්නේ දෙවියන්ගේ බලපෑමකින් බව සිතන ජනයා දෙවියන්ට විවිධ පුද පූජා පවත්වනු ලැබේ. ඒ නිසාම අස්වනු කපා ගත් විගස ඒවායින් දෙවියන් පුදා ගම්මඩු නමින් ශාන්ති කර්මයක් පවත්වනු ලැබේ.
දෙවොල් මඩුව යනුවෙන්ද මෙය හඳුන්වනු ලබයි.
එම ශාන්ති කර්මයේදී ප්‍රධානම දෙවියන් ලෙස සැලකෙන්නේ පත්තිනි දේවියයි.ගජබා රජ සමය දක්වා දීර්ඝ ඉතිහාසයක් ඇති පත්තිනි දේවියට දේවත්ව ආරෝපණය කර වැදුම් පිදුම් ආරම්භ කරන ලද්දේ කෝට්ටේ යුගයේදී බව කියැවේ. මෙසේ පූජාවට ලක්වන පත්තිනි දේවිය වෙනුවෙන් දෙවොල් මඩුවේ විශේෂ සැරසිල්ලක්ද තිබේ. එනම් දෝතලු , පුවක්, තල්, පොල්, ඉදිවලු එල්ලා රඹකැන්, අන්නාසි, අඹ, වැනි පලතුරු වලින් අලංකාර කරන ප්‍රධාන තොරණ පත්තිනි දේවිය සඳහා වෙන් වෙයි. තොරණ මුදුනේ ඉර හඳ මැද පත්තිනි දේවියගේ රූපයද සිවු කොනට සතර වරම් දෙවිවරුද, දොරටු වල බහිරව රූප ද සිතුවම් කරයි. තොරණ ඉදිරියේ දෙවොල් දෙවියන්ට ඉදිකළ තොරණකි. දෙවොල් දෙවියන්ද මෙම ශාන්ති කර්ම යේදී ප්‍රධාන ස්ථානයක් හිමිකැර ගනී . ගමට සෙත් පතා පවත්වනු ලබන හෙයින්” ගම්මඩුව “ නමින්ද නිවසට සෙත්පතා කරන හෙයින්”දෙවොල් මඩු” නමින්ද දේවාලයේ පවත්වනු හෙයින් “දේවාල මඩුව“ නමින් ද හඳුන්වනු ලබන මේ ශාන්ති කර්මයේ ඉතිහාස කථාව ඉතා රසවත් එකකි.
ඉන්දියාවේ සෝරිමාණම් නම් රජ කෙනෙකු විසීය. දැහැමින් රට පාලනය කළ ඒ රජතුමා දිනක් යහනේ සැතපී සිටින විට ශබ්දයක් ඇසී අවදිවිය. තමාගේ නින්දට බාධා කළේ කුමන ශබ්දයක් ද? යන්න රජු ඇමති මණ්ඩලය කැදවා විමසීය. එවිට ඇමතිවරු රජුට පවසා සිටියේ රජ මාලිගාව අසල වනාන්තරයේ සිටින ගෝනකු කෑ ගසන ශබ්දයක් ඇසීමෙන් රජතුමා අවදි වූ බවයි. මින් කෝපයට පත් රජු ගෝනා මරා එම ගෝනාගේ මස් තමාට කෑමට රැගෙන එන ලෙස ඇමති මණ්ඩලයට නියෝග කළේය. ගෝනා මරා දැමීමට නොහැකි අයගේ හිස ගසා දමන බවට ද රජු ආඥාවක් නිකුත් කළේය.
රජුගේ අණ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ ඇමති මණ්ඩලය අවසානයේදී ගෝනා මරා දැමීමට රජු සමග වනාන්තරයට යාමට තීරණය කළේය. රජු සමග වනාන්තරයට ගිය ඇමතිවරු ගෝනා ගමන් කරන මාර්ගයේ ප්‍රධාන ස්ථානයේ රජතුමා සිටුවා ඇමතිවරු වනාන්තරය වැටලූහ. ඇමතිවරු කැලය වටලා ගෝනා සොයමින් සිටින විටම රජු සිටින ස්ථානයෙන් ගෝනා දුවවිත් පැන ගියේය. එවිටම රජු ඊ පහරක්
ගෝනාට විද්දේය.
නමුත් එම ඊ පහර ගෝනාට වැදුනේ නැත. මෙයින් කෝපයට පත් රජු ගෝනා ලුහුබැඳ ගියේය. ගෝනා දිවවිත් රජ මාලිගාව දොරකඩ අසල ඇද වැටුනේ මරණාසන්න මොහොතේ සිටි ගෝනාට රජු කෙරෙහි දැඩි වෛරයක් ඇතිවිය. වෛරයෙන් පසු වූ ගෝනා රජ මාලිගාව දොරකඩ අසලම මිය ගියේය. එසේ මිය ගිය ගෝනා පසු කලෙක රජු ගේ මානෙල් මල් පොකුණේ මානෙල් මල් මලක මැඩියෙකු වී ඉපදුණේය.
ගෝනා කෙරෙහි වෛරයෙන් පසු වී රජු ඉන්පසු කාලය ගත කළේ මහත් අසහනයෙහි. දිනක් උයන් සිරි නරඹා මානෙල් මල් පොකුණ ලගට පැමිණි රජතුමාට පොකුණට බැස ස්නානය කිරීමට සිත් විය. පොකුණට බැස ස්නානය කරමින් සිටි රජුට වෙනදාට වඩා ලස්සන මානෙල් මලක් පිපී තිබෙන අයුරු දැකගත හැකි විය.
මානෙල් මල කඩා සුවඳ බැලීමට නාසයට ලං කරන විට රජු දුටුවා මානෙල් මලේ මැඩියන් සිටින බව. මලෙහි ලස්සන නිසාම රජු මැඩියන් කෙරෙහි එතරම් උනන්දුවක් නැතිව මල නාසයට ලංකොට එහි සුවඳ බැලීය. වරක් දෙවරක් මලෙහි සුවඳ බලමින් සිටි රජතුමා නැවත මල දෙස බලන විට එහි මැඩියන් නොමැති බව දැක මහත් සංකාවට පත්විය. මැඩියන්ට කුමක්ද සිදුවූයේ කියා සිතමින් සිටි රජු හිටි හැටියේම රෝගාතුර විය.
ගෝනා මරන්න සිතූ පාපය නිසා හිසේ කැක්කුමක් රජුට වැළඳින. රජුගේ හිසේ කැක්කුම නැති කරන්න ලක්ෂයක් වටින නෂ්ණ කරවීය. යාගහෝම කළේ ය.නමුත් එයින් පිහිටක් නොවීය. මහත්සේ අසරණ වූ රජු දෙවියන්ට යාඥා කළේ ය. එසේ යාඥා කරමින් සිටින රජතුමාට දිනක් සුළු වේලාවක් නින්ද ගියේ ය. එවිට රජු සිහිනයක් දිටීය. බ්‍රාහ්මණ පිරිසක් කැඳ වූ රජතුමා තමා දුටු සිහිනය විස්තර කළේ ය. තමා සිහිනයෙන් දුටු දේ රජු ඇමතිවරුන්ට මෙසේ විස්තර කළේ ය.
නළල අඬ සඳ ලෙස
මුහුණ දිලි පුන්සඳ ලෙස
දේව අගනක් ලෙස
පෙනී සිහිනෙන් ගියයි උතුරු දෙස
එවිට බ්‍රාහ්මණයින් රජුට පවසා සිටියෝ “රජතුමනි ඔබතුමා සිහිනෙන් දැක ඇත්තේ පත්තිනි දේවියයි” තුරුණුවන් සරණ ගොස් පත්තිනි දේවියට පුද පූජා පවත්වන ලෙස රජුට බ්‍රාහ්මණයින් දැනුම් දුන්නේ ය. එම පුද පූජා පවත්වන්නේ කෙසේද කියා රජු බ්‍රාහ්මණයින්ගෙන් විමසී ය. නිර්මල බුදු දහම හා සතර මහා දේවාලයක් ඇති රටකට ගොස් එය සිදු කළ යුතු බව බ්‍රාහ්මණයෝ රජුට සැල කර සිටියේ ය. මුළු ලෝකයේ ම නිර්මල බුදු දහම ඇති රටත් සතර මහා දේවාලයන් ඇති රටත් ශ්‍රී ලංකාද්වීපය බවද බ්‍රාහ්මණයින් රජතුමාට දැනුම් දුන්නේ ය.
රජතුමා තම සේනාව සමඟ ලංකාවට ගොඩ බැස්සේ වත්තල් තොටමුණට ය. එකල තොටමුණේ තිබී ඇත්තේ වත්තලය. වත්තල් තොටුමුණට ගොඩබැසගත් රජතුමා දුගී මගී යාචකයින්ට දින හතක් තිස්සේ දාන මාන පිළිගැන්වීය. පසුව කැලණි විහාරයට පැමිණි රජතුමා කැලණි විහාරයේ දී හත් දිනක් දාන මාන කටයුතු පිළිගන්වමින් පින් දහම් කළේ ය. පසුව කැලණි ගඟ දිගේ කඩුවෙල බෝමිරිය පසුකර නවගමුවේ සත් පත්තිනි
දේවාලයට ගියේ ය. හිසේ ප්‍රමාණයට විශාල රන් අඹයක් පත්තිනි දේවියට පූජා කළ රජු එතැනින් සීතාවක රාජධානිය බලා පිටත් විය.
සීතාවක රජමාලිගාවේ ගිමන් හැර රුවන්වැල්ල බලා පිටත් වූ සේරමාණම් රජතුමා රුවන්වැල්ලේ දී විශාල මඩුවක් ඉදි කළේ ය. මේ මඩුව දිගින් හැටරියනක් ද පළලින් තිස් රියනක්ද, තලව්ව පහළොස් රියනක්ද විය. අනතුරුව රන් ආලේපිත තොරණක් ඉදිකොට දේව පූජාවක් පැවැත්විය. එවිට පත්තිනි දේවිය යහතින් එම මඩුවට පැමිණ රජුගේ රෝගය සුවපත් කොට ඇත. රජුගේ රෝගය සුව වීමෙන් පසු රජතුමාගේ දේවිය විසින් පත්තිනි දේවියට පූජාවක් පැවැත්වූවා ය. වඩුවන් කැඳවා සඳුන් රුකෙන් කපක් සාදවා කැටයම් දමා මඬුවක් ඉදි කොට පත්තිනි දේවියට පූජාවක් පැවැත් වූ රජ දේවිය අහස, පොළොව, ඉරහඳ පවිතින තෙක් ලංකාදීපයේ මේ පූජාව පවතීවායි ප්‍රාර්ථනා කළේ ය. මුළුමහත් ජනතාවට සැපත සෞභාග්‍යය ළඟා වේවා. රෝග දුරු වේවායි ප්‍රාර්ථනා කළේ ය. එතැන් සිට අද දක්වාම මේ ශාන්ති කර්මය අප අතර පවතී.
පැවැත්වීමේ අරමුණු - දෙවියන්ගේ ලෙඩ වලින් මිඳීම, දේව ආශිර්වාදය ලැබීම, සරුසාර අස්වැන්නක් ලැබීම, ඇස්වහ කටවහ දුරුවීම, රැකීරක්ෂා වල අභිවෘද්ධිය ලැබීම, කළු කුමාර දිෂ්ටිය පහ කිරීම, යහපත් රාජ්‍ය පාලනයක් ඇති කිරීම, සාරධර්ම ඇති කිරීම, සුබ වූ ආකල්ප ඇති කිරීම, ස්වභාවික විපත් වලින් මිදීම,
විනෝදාස්වාදය ලැබීම යන අරමුණු උදෙසා මේ ශාන්ති කර්මය පැවැත්වේ.මෙම ශාන්ති කර්මයෙන් පුද ලබන ප්‍රධානම දේවිය වන්නේ පත්තිනි දේවියයි. එසේම දෙවොල් දෙවි හත් කට්ටුව, විෂ්ණු, සමන්, කතරගම, නාථ, වාහල, මංගර, දොළහ දෙවියන් ඇතුළු විශාල දෙවි පිරිසක් මෙමඟින් පූජාවට ලක් කෙරේ.
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම් like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....අබිරහස් අඩවිය - Abirahas Adawiya
Tuesday, August 1, 2017
දියුණු මනසක් ඇති කෙනාට තම සිරුර යම් තැනක මැවිය හැකියි....(අබිරහස් අඩවිය - Abirahas Adawiya - ශාස්ත්‍රීය ළිපි mind power)
පෙරදිග තමන් සටන් කර දිනා ගත් රටවල තිබූ අති විශාල ඥාන සම්භාරයෙන් විශාල ප්‍රමාණයක් විනාශ කර දමා ටිකක් ගෙදර ගෙන ගිය බටහිර ජාතිකයෝ තවමත් එම දැනුම් සම්භාරය පිළිබඳව පර්යේෂණ පවත්වති. එදත් අදත් ලෝක විනාශය සඳහා අවි ආයුධ තැනීමේ පුරෝගාමීන්ව සිටින අපරදිගුවෝ තමන් උච්චයන් බවත් යටත් රටවල වැසියන් මිලේච්ඡයින් බවත් අපට ඒත්තු ගැන්වූහ. එබැවින් එදා සිට අපි උන් කියන සැම දෙයක්ම සාධුකාරදී පිළිගැනීමට සැකසී සිටිමු. ඒ අනුව අපගේ පාරම්පරික ඥාන සම්භාරය අවඥාවට ලක් කරමු. විශේෂයෙන් උන්ගේ නවීන විද්‍යාවට අසු නොවන සියල්ල පයින් ගසා පැත්තකට දැමීමට අපි පුහුණුව ලැබ සිටිමු. උන් පෙරදිග යටත් විජිතයන්ගෙන් සොරකම් කළ ඥාන සම්භාරය යොදා ගනිමින් පරීක්ෂණ නිරීක්ෂණ පවත්වා ප්‍රතිඵල ලබා ගත් පසු ඒවා උන්ගේ සොයා ගැනීම් ලෙස අපට බෙදා දෙන කල එහෙයි ස්වාමීනි කියා ඒවා පිළි ගනිමු.
නවීන විද්‍යාවට තවමත් අසු නොවූ එහෙත් පෙරදිගුවන්ට මීට බොහෝ කලකට පෙර අසුවූ බොහෝ දේ මේ විශ්වය තුළ තිබේ.
දේශීය වෙදකමට අනුව ශරීරයේ වාතය ඇත. මෙය හඳුනා ගැනීමට හැකි කිසිදු විද්‍යාත්මක ක්‍රමයක් මෙතෙක් නැත. මෙහි වාතය යනු හුස්ම ගන්නා වාතය. අධෝ වාතය වශයෙන් අපට දැනෙන වාත කොටස පමණක් නොවේ. එසේ දැනෙන්නේ ස්ථූල වාතයයි. සූක්ෂම වාතය ලෙස කොටසක් ශරීරය තුළ ක්‍රියාත්මක වේ. ස්නායු පද්ධතිය ක්‍රියාත්මක වන්නේ මෙම සූක්ෂම වාතය මගිනි. එම සූක්ෂම වාතය අඩුවීම, වැඩිවීම, විකෘතිවීම ශරීරය රෝගීවීමට හේතු වේ. (මේ ඉතාමත්ම දළ හැඳින්වීමකි) පිතද සෙමද මෙසේම ස්ථුල සූක්ෂම වශයෙන් ඇත. සූක්ෂම තත්ත්වය කිසිදු විද්‍යා උපකරණයකට අසුවන්නේ නැත.
ශබ්දය හා රූපය තැනකින් තැනකට ගෙන යාහැකි ශක්ති විශේෂයක් මෙලොව තිබෙන බව ලෝකය පිළිගත්තේ ගුවන්විදුලි යන්ත්‍රය හා රූපවාහිනී යන්ත්‍රය නිපදවූ පසුවය. එහෙත් ඒ සොයා ගැනීමට වසර 2000ටත් පෙර බුදු හිමියන් එම විශේෂ ශක්තිය තම අධි චිත්ත බලයෙන් අල්ලාගෙන තම රූපය හා කටහඬ තමාට වුවමනා තැනට යොමු කළ ආකාරය ත්‍රිපිටකය තුළ අපට හමුවේ. එසේම බුදු හිමියන්ද මහ රහතන්වහන්සේලාද තවත් අපූරු ශක්තියක් උපයෝගී කරගෙන ඇත. එනම් තමන්ගේ දේශනාව අසා සිටින ඕනෑම භාෂාවක් කතා කරන කෙනෙකුට එය සිය බසින් කියන දෙයක් මෙන් තේරුම් ගැනීමට හැකි වන සේ දේශනා කිරීම සඳහා යොදාගත් ශක්තියයි. ධර්මාශෝක රජුට තම ධර්ම ප්රචාරක කටයුතු ඉතාම පහසු වූයේ රහතන්වහන්සේලාට මේ ශක්තිය උපයෝගී කර ගැනීමට හැකිවූ නිසාය. නූතන ඉතිහාසයේ මේ ශක්තිය දැන සිටි කෙනකු ලෙස ජේ. ක්‍රිෂ්ණාමූර්තිතුමා සඳහන්ව ඇත.
ගුවන්විදුලිය හා රූපවාහිනී තරංග මෙන් මෙම ශක්ති විශේෂයද කවදා හෝ භෞතික උපකරණයකට අල්ලා ගත හැකි වේද?
බුදු හිමියන් සත්ත්වයා සැරිසරන ලෝක 31ක් ගැන කියා ඇත. (බ්‍රහ්ම ලෝක 20 + දිව්‍ය ලෝක 6 + අපාය 4 + මනුෂ්‍ය ලෝක 1 = 31) මේ අතරින් මිනිස් ලෝකය හා සතර අපායෙන් එකක් වන තිරිසන් අපාය අපට ප්රත්යක්ෂ වේ. අන් කිසිවක්ම අපට නොපෙනේ. එහෙත් ප්‍රේත අපාය ගැන අපට ඕනෑ තරම් අත්දැකීම් තිබේ. තමා කළ කර්මයේ ශක්තිය මත ප්‍රේතයින්ට බලය ලැබේ. ඇතැම් ප්‍රේතයන් බලවත් වන්නේද ඇතමුන් අබලයන් වන්නේද ඒ අනුවය.
මේ සත්ත්වයනට තමා ලද බලයට අනුව යම් යම් ශබ්ද ඇති කළ හැකිය. (උදා:- යමකු ඇවිදින ශබ්දයක්) අවශ්‍ය විටක තත්පර ගණනක් පෙනී සිටීමට හැකිය. දුගඳ ඇති කළ හැකිය. යම් ශක්තියක් යෙදවිය හැකිය. අපේ රටේ ඇතැම් වැඩිහිටියනට මෙබඳු අත්දැකීම් ඕනෑ තරම් ඇත. ලේඛිකාවටද ඇත.
මේ අතර ප්‍රේත ලෝකය අළලා ගෙතුණු මිථ්‍යා ප්‍රබන්ධ එලෝකෝටියකටත් වඩා තිබේ. එම කතන්දර මගින් එම සත්ත්වයිනට අධි ශක්තියක් ආරෝපණය කර ඇත. එමගින් කෙරෙන්නේ මිනිසුන් බිය ගැන්වීමයි. මේ තත්ත්වය යටතේ සඳ එළියේ සෙලවෙන කෙසෙල් කොළයටත් බියවී තොවිල් නටන අවස්ථා ඕනෑ තරම් තිබේ. මේ අධික බිය නිසාම ඇති වන මානසික විකෘතිතාද ඇත. එසේම අපස්මාරය හා වෙනත් එබඳු රෝගයකුත් ප්‍රේතයන් වැහීමක් ලෙස සලකා ගැනීම නිසා සදාකාලික රෝගීන් වන අවස්ථා ද ඇත.
අප සමාජයේ යකුන් ප්‍රේතයන් වැහෙන අයගෙන් 99%ක්ම කාන්තාවන් බවද 1%ක් වන පිරිමියාද පෞරුෂය නොවැඩුණු ගැහැනියක බඳු පිරිමියකු බවද ඉතාම පැහැදිලි සත්‍යයකි. යකුන් වැහීම යනු මනෝ විකාරයක් විනා සත්‍යයක් නම් නොවේ. බලි තොවිල් යන්ත්‍ර මන්ත්‍ර ආදිය ඈත අතීතයේදී මානසික රෝග සඳහා කළ මනෝ වෛද්‍ය ප්‍රතිකාර විධියකි. මනා සාක්ෂරතාවක් දියුණු මනෝ වෛද්‍ය විද්‍යාවක් ඇති මෙකල මානසික විකෘතිතා සඳහා මන්තර ගුරුකම්වලට යොමුවීම සැබවින්ම හාස්‍යයට කරුණකි.
ප්‍රේත පිශාචාදීන්ගෙන් මිනිසුනට යම් යම් බලපෑම් ඇතිවන බව 100%ක් සත්‍යයකි. විශේෂයෙන් බලගතු අපල අවස්ථාවලදී එබඳු සිදුවීම් ඇතිවීමට ඉඩ ඇත. කුමන අවස්ථාවකදී වුවත් තම තම ආගමානුකූල කටයුතු කිරීමෙන් ඉතාම සාර්ථකව අමනුෂ්‍ය උවදුර ඉවත් කර ගැනීමට හැකිවේ. පිරිතෙන් බුදුගුණෙන් මතුරා යන්තර දැමීම, දෙහිකැපීම වැනි බුදු දහම විකෘති කරන මනස්ගාත මින් අදහස් නොකෙරේ. කට්ටඩියන් හා ගසාකන්නන් කියන තරමටම අමනුෂ්‍යයන් බලවත් නම් සොහොන් පල්ලන්ට මල්ශාලාකරුවන්ට තම සේවා ඉටු කිරීමටත් වෛද්‍ය ශිෂ්‍යයනට ඉගෙනීමටත් ලැබෙන්නේ නැත.
ප්‍රේත ලෝකය හා බැඳී ඇති අති දැවැන්ත මිථ්‍යා මත අප රටෙන් තුරන් කිරීමට කිසිවෙකුත් සමත් වී නැත්තේ ඒ පිළිබඳව කටයුතු කිරීමට එන පිරිස නවීන භෞතික විද්‍යාව නමැති උපැස් යුවළ දමාගෙන සිටින නිසාත් පොදු ජනතාව නූගත් මෝඩයන් පිරිසක් ලෙස සලකන නිසාත්ය. ඒ නිසා උගතුන් එක හඬින් මුරගා කියන්නේ යළි උපතක් නැති බවත් එනිසාම ප්‍රේත යක්ෂ භූතාදී කොටස් නැති බවත්ය.
මෙයට වසර ගණනාවකට ඉහත ඒබ්‍රහම් ටී. කොවුර් මහතා ප්‍රේතයන් යකුන් දෙවියන් පිළිබඳව ගොඩනැගී තිබෙන මිථ්‍යාව රටින් තුරන් කිරීමට හොඳ සටනක් ගෙන ගියේය. ඒ නිසා දේවාල හා කට්ටඩියන් ආගිය අතක් නැති වන තරමට කරුණු යෙදිණි. එහෙත් එය ස්ථාවර මට්ටමකට ගෙන ඒමට ඔහුට හා ඔහුගේ වත්මන් ගෝලබාලයනට නොහැකිවී ඇත්තේ ප්‍රේත අපාය පිළිබඳ ප්රත්යක්ෂ ඥානය අප සමාජය සතු වන බැවිනි.
යළි උපතක් නැත, ඒනිසා ප්‍රේත (හා වෙනත්) අපාය කියා දෙයක් නැත. කියමින් පවතින්නේ හුඹස් බියක් බව ඔප්පු කිරීමට කරුණු බහුතරයක් ගෙන හැර පාමින් උගතකු පැය කීපයක් තිස්සේ පවත්වනු ලබන දේශනයක් ඉතාම සාවධානව අසා සිටින ගැමියකු යළි නිවසට පැමිණි විගස තම දුවට වැහී සිටින ප්‍රේතිය එලවා දැමීම සඳහා යකැදුරකු කැඳවාගෙන ඒමට දුවන්නේ බුද්ධ දර්ශනයත් ප්‍රේතයන් සම්බන්ධව තමාගේ පාරම්පරික හා ප්රත්යක්ෂ ඥානයත් යන දෙකට පයින් ගැසීමට ගැමියා සූදානම් නැති බැවිනි.
තමාට විද්‍යා හෝ වෙනත් උපාධි තිබූ පමණින් අනෙකකුගේ ප්රත්යක්ෂ ඥානය උපහාසයට ලක් කිරීමට කිසිවෙකුටත් නොහැකිය. එබැවින් උගතුන් කළ යුත්තේ නොපෙනෙන ලෝක (ප්‍රේත දිව්‍යාදී ලෙස) නැත කියා තප්පුලෑම නොව එම නොපෙනෙ ලෝක අළලා ගෙතී ඇති අනන්තවූ මිථ්‍යා ඇදහිලි විශ්වාස සමාජයෙන් තුරන් කර දැමීමට කටයුතු කිරීමය. මෙම උගතුන් පවසන තවත් දෙයක් නම් “ප්‍රේතයන් ඉන්නවා නම් පෙන්වන්න” කියාය. අප අවට අවකාශයේ තිබෙන ගුවන්විදුලිය රූපවාහිනිය, දුරකථනය ආදියට යොදා ගන්නා තරංග හැකි නම් ඇඟිල්ල දිගු කර පෙන්වන ලෙස මම ඔවුන්ගෙන් ඉල්ලා සිටිමි. එම තරංග අප අවට ඇති බවට තිබෙන එකම සාධකය වන්නේ අදාළ යන්ත්‍ර ක්‍රියාකිරීම පමණි. ඒ නිසා අපට නොපෙනෙන සත්ත්වයන් ඉතා පැහැදිලිවම හසුකර ගැනීමට හැකි කැමරා කාච අනාගත ලෝකය තුළ නිපදවෙනු ඇතැයි අපි විශ්වාස කරමු. එසේම නොපෙනෙන ලෝකය අළලා ගෙතී ඇති බහුතරයක් මිත්‍යාවනට එරෙහිව නැගී සිටිමු.
අනෝමා පී. ඈපා සෙනෙවිරත්න
දේශීය වෛද්‍ය - ජ්‍යෝතිර්වේදී.
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම් like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya
අබිරහස් අඩවිය - Abirahas Adawiya
Friday, July 28, 2017
පෘථවිය දෙබෑවීම ඇරඹෙයි......(අබිරහස් අඩවිය - Abirahas Adawiya -නව සොයා ගැනිම්.earth Plate Geology )
මේ යෝධ පැල්මට හේතුව අපේ පෘථිවියේ අභ්‍යන්තර මෝල්ටන් මැග්මා ලාවාවලට පිටින් ඇති කබොල්ල හෙවත් ස්ථරය සෑදී තිබෙන උප ස්ථර හෙවත් Plate විවිධ දිශාවන්ට ගමන් කරමින් තිබීමයි. මෙසේ ගමන් කරන ස්ථර ඇතැම් විට එකිනෙකට මුහුණලා ගමන් කරමින් පැමිණ එකට ගැටෙනවා. මේ අනුව යුරෝපය සහ ආසියාව පිහිටි යුරේසියානු Plate එක හෙවත් භූ ස්ථරය ඔස්ටේ්රලියානු භූ ස්ථරයක් සමග එකිනෙක යා වීම තව වසර මිලියන 200 කින් සිදුවෙනවා. මෙහි අවසන් ප්‍රතිඵලය වනු ඇත්තේ ඔස්ටේ්රලියානු භූ ස්ථරයේ පිහිටි උතුරු ඇමරිකාවත් යුරේසියානු භූ ස්ථරයේ පිහිටි යුරෝපයත් (පෘතුගාලය සහ ස්පාඤ්ඤය පිහිටි ඉබේරියානු අර්ධද්වීපය) එක බිමක් බවට පත් වී ඒ දෙක අතර පිහිටි අත්ලාන්තික් සාගරය සම්පූර්ණයෙන්ම අතුරුදන් වීමයි.
පෘථිවිය හරහා සෑදී ඇති නව පැල්ම ගැන පර්යේෂණය මෙහෙය වන්නේ ලිස්බන් විශ්වවිද්‍යාලයේ ජොආඩ් ඩුවාරුත් නමැති පර්යේෂකයායි. අනාගතයේදී බිහිවන සුපිරි මහද්වීපය පෙනුමෙන් පැන්ජියාව හා සමාන වනු ඇති බවයි ඔහුගේ මතය.
අත්ලාන්තික් සාගර පත්ල හරහා තිබෙන පැල්ම වැටී ඇත්තේ පෘතුගාලයට නිරිත දිගින් සැතපුම් 120 ක් දුරින්. කඩින් කඩ ඇතිවුණු පැලුම් සමූහයක් වන මෙහි දිග සැතපුම් 180 යි. පැල්ම හටගෙන ඇත්තේ යුරේසියානු භූ ස්ථරය මත යෑයි කීවොත් වඩා නිවැරැදි. සමස්ත යුරෝපයටත් ආසියාවේ වැඩි ප්‍රමාණයකුත් මේ යුරෝපීය භූ ස්ථරයට හෙවත් Plate එකට අයත් වෙනවා. මේ අනුව තව කලකට පසු යුරේසියානු භූ ස්ථරය දෙකඩ වෙනවා. පෘතුගාලයට යාබදව භූ ස්ථරයෙහි පැල්මක් ඇතිවීමේ සූදානමක් තිබෙන බව විද්‍යාඥයන් දිගු කලක පටන් සැක කළා. මේ ප්‍රදේශය අතීතයේ පටන් භූ කම්පන සහ වෙනත් විචල්‍යතාවන් රැසකට පාදක වූ භූමියක්. උදාහරණක් වශයෙන් 1755 දී පෘතුගාලයේ ලිස්බන් නුවර විශාල භූමිකම්පාවක් හට ගත්තා. එය එකල මිනිස් ජීවිත සහ දේපළවලට විශාල හානි ඇති කළා. මෙහි බලය රිච්ටර් මාපකයේ 8.7 ක් සටහන් කළ හැකි තරම් ප්‍රබල බව පසුගියදා හෙළි වුණා. (1755 දී රිච්ටර් මාපකය සොයාගෙන තිබුණේ නැහැ.) මේ වර්ගයේ භූ කම්පන පසුගිය කාලයේදී පැසිෆික් කලාපය පිහිටි පැසිෆික් භූ තලයේත් සිදු වුණා. මේ ප්‍රදේශය හඳුන්වන්නේ ගිනි වළල්ල හෙවත් Ring of Fire ලෙසයි. එයට එම නම ලැබී ඇත්තේ ලෝකයේ දරුණුම සහ වඩාත්ම ක්‍රියාකාරී යමහල් මේ ප්‍රදේශයේ පවතින නිසයි. වසර 2011 දී මේ ප්‍රදේශයේ හටගත් භූමි කම්පාවක් නිසා දරුණු සුනාමියක් ඇති වුණා.
අත්ලාන්තික් සාගර පත්ල හරහා තිබෙන පැල්ම වැටී ඇත්තේ පෘතුගාලයට නිරිත දිගින් සැතපුම් 120 ක් දුරින්. කඩින් කඩ ඇතිවුණු පැලුම් සමූහයක් වන මෙහි දිග සැතපුම් 180 යි. පැල්ම හටගෙන ඇත්තේ යුරේසියානු භූ ස්ථරය මත යෑයි කීවොත් වඩා නිවැරැදි. සමස්ත යුරෝපයටත් ආසියාවේ වැඩි ප්‍රමාණයකුත් මේ යුරෝපීය භූ ස්ථරයට හෙවත් Plate එකට අයත් වෙනවා. මේ අනුව තව කලකට පසු යුරේසියානු භූ ස්ථරය දෙකඩ වෙනවා. පෘතුගාලයට යාබදව භූ ස්ථරයෙහි පැල්මක් ඇතිවීමේ සූදානමක් තිබෙන බව විද්‍යාඥයන් දිගු කලක පටන් සැක කළා. මේ ප්‍රදේශය අතීතයේ පටන් භූ කම්පන සහ වෙනත් විචල්‍යතාවන් රැසකට පාදක වූ භූමියක්. උදාහරණක් වශයෙන් 1755 දී පෘතුගාලයේ ලිස්බන් නුවර විශාල භූමිකම්පාවක් හට ගත්තා. එය එකල මිනිස් ජීවිත සහ දේපළවලට විශාල හානි ඇති කළා. මෙහි බලය රිච්ටර් මාපකයේ 8.7 ක් සටහන් කළ හැකි තරම් ප්‍රබල බව පසුගියදා හෙළි වුණා. (1755 දී රිච්ටර් මාපකය සොයාගෙන තිබුණේ නැහැ.) මේ වර්ගයේ භූ කම්පන පසුගිය කාලයේදී පැසිෆික් කලාපය පිහිටි පැසිෆික් භූ තලයේත් සිදු වුණා. මේ ප්‍රදේශය හඳුන්වන්නේ ගිනි වළල්ල හෙවත් Ring of Fire ලෙසයි. එයට එම නම ලැබී ඇත්තේ ලෝකයේ දරුණුම සහ වඩාත්ම ක්‍රියාකාරී යමහල් මේ ප්‍රදේශයේ පවතින නිසයි. වසර 2011 දී මේ ප්‍රදේශයේ හටගත් භූමි කම්පාවක් නිසා දරුණු සුනාමියක් ඇති වුණා.
එයින් පසු අප්‍රිකානු මහාද්වීපය උතුරු ඇමරිකානු යුරෝපීය භූමියට එකතු වීමට නියමිතයි. එහි ප්‍රතිඵලය වන්නේ මධ්‍යධරණී සාගරයත් අතුරුදන් වීමයි. එහි ජලයත් ලෝකයේ වෙනත් සාගරවලට එකතු වෙනවා. ඊළඟට එසේ එකතු වූ තැන හිමාලය කඳුවැටිය වැනි විශාල කඳුවැටියත් නිර්මාණය වනවා.
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම් like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya
අබිරහස් අඩවිය - Abirahas Adawiya
විශ්වයේ අදටත් රැව් දෙන බුද්ධ දේශනා හඩ ශබ්ද...... (අබිරහස් අඩවිය - Abirahas Adawiya - telepathy aliens pitasakwala jeeween)
අපවත් වී වදාල සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ, මහ නායක අග්ග මහා පණ්ඩිත, ආචාර්ය බෙල්ලන ශ්‍රී ඤාණවිමල මහ නාහිමියන් වනාහී බුදුදහම පිළිබඳවත් විද්‍යාව පිළිබඳවත් හසල දැනුමැති මහා පඬිරුවනකි.
අපවත්වන තුරුම ත්‍රිපිටක ග්රන්ථ සහ නවීන විද්‍යා පර්යේෂණ කෘති නොඅඩුව පරිශීලනය කල උන්වහන්සේ සතු ප්‍රඥාවෙන් ලෝකයාට දෙසා වදාළ ලෝක විෂය කරුණු චාමික මුණසිංහ මහතාගේ සංස්කරණයෙන් සක්වල සක්මන නමින් පල කෙරුණි .
මෙ එහි තවත් පියවරක්.
පිටසක්වළින් එන සංඥා සහ පිටසක්වලට යැවෙන පණිවුඩ ඇතුළු සක්වළ ප්රතිරාව දෙන සාධූන්ගේ රාවයන් එම නාද රටා අතර හමු වේ. මහානායක හාමුදුරුවනේ, ආලෝකයේ වේගය ඉක්මවා යන “මිනිස් සිත”, හරියට ගුවන්විදුලි සම්පේ‍්‍රෂණාගාරයක් වගෙයි නේද?
ඔව්. ගුවන්විදුලි මධ්‍යස්ථානයකට ශබ්ද තරංග විසුරුවා හරින්නත්, අවකාශයේ ඇති ශබ්ද තරංග ඇද ගැනීමටත් හැකියාවක් තියෙනවා. ඒ වගේම, මිනිස් සිතටත් චිත්ත (සිතිවිලි) තරංග විශ්වයට මුදා හරින්නත්, අන් අයගේ සිත්වලින් නිකුත් වන අදහස් ප්‍රාර්ථනා ඇතුළු විවිධ සිතිවිලි තරංග තේරුම් ගැනීමටත් හැකියාවක් ඇති බව “ටෙලිපති” (Telepathy) මගින් තහවුරු කෙරෙනවා.
අද ලෝකයේ රූපවාහිනී, ගුවන්විදුලි හා විවිධ සන්නිවේදන තරංග ජාලයන් අපට ගණන් කරන්න බැරි තරම් තියෙනවා. ඒ වුණත්, අවකාශයපුරා විසිරුණු විවිධ රූප ශබ්ද තරංග සංඛ්‍යාතවලට හසු කර ගනිමින්, ඒවා එකිනෙකෙන් වෙන්කර හඳුනා ගන්නවා. මිනිස් සිතටත් මේ විධියට නොයෙකුත් සන්නිවේදනයන් විවිධ අයුරින් ග්‍රහණය වෙනවා.
අපට නොපෙණුනාට විශ්ව සන්නායක සක්වළ පුරා පැතිරී පවතිනවා. ඒවා හරියට ගුවන්විදුලි රූපවාහිනී හා දුරකථන තරංග වගේ අවකාශය පුරා විහිදී යනවා. සිත්වල පවතින සංවේදීබව හා ප්‍රභාෂ්වරබව අනුව, ඒ පිළිබඳ ග්‍රහණය වීම් අඩු වැඩි වශයෙන් සිදු වෙනවා. විද්‍යුත් රූප තරංග සඳහා වන උපකරණවල ඇති ප්‍රබලතාව හා සක්‍රියබව එහි ක්‍රියාකාරීත්වයට මෙන්ම සුපැහැදිලිතාවයට බලපානු ලබනවා. සිතිවිලි (චිත්ත) තරංග වලටත් මේ වගේ කාරණා බලපානවා.
එහෙමනම්, අධිබලැති අතිනවීන ගුවන්විදුලි තරංග (Radio Waves) හරහා අපිට පිටසක්වළ ජීවින් එක්ක වුණත් පණිවුඩ හුවමාරු කර ගන්න පුළුවන් ද?
බැහැ. අද භාවිත කරන රේඩියෝ තරංග ගමන් කරන්නේත්, කලින් කියපු ආලෝකයේ වේගයෙනුයි. එබැවින්,ඒ සඳහා ආලෝකයේ වේගය ඉක්මවා යන තරංග ක්‍රමයක් අවශ්‍ය වෙනවා. ඒ නිසායි, ආලෝකයේ වේගය හඹා යන වෙනත් දේ පිළිබඳ පර්යේෂණ සිදු කෙරෙන්නේ,නූතන තාරකා විද්‍යාඥයන් (Astronomer) දැනට හඳුනාගෙන ඇති අපට ආසන්නතම මන්දාකිනියේ පිහිටි අපේ පෘථීවියට ඉතාම සමාන (නිවුන්) Gliese 581 නමැති ග්‍රහලෝකයට මේ විධියට රේඩියෝ තරංග (අලෝකයේ වේගය) මගින් පණිවුඩයක් යැවීමට අවම වශයෙන් වසර 20 ක් වත් ගත වෙනවා. ඒ ක්‍රමයෙන් නැවත අපට පිළිතුරක් ලැබෙන්න තවත් වසර 20 ක් ගත වෙනවා. එතකොට ආලෝකයේ වේගය (රේඩියෝ තරංග) මගින් මෙම කාර්යය ඉටුකරගැනීම සඳහා අවුරුදු 40 ක් වත් බලන් ඉන්න සිදුවෙනවා. ඒ නිසායි මෙය අභිබවා යන නවතම තරංග (නැනෝ තත්පර) ක්‍රමයක් පිළිබඳ පර්යේෂණ ආරම්භ කර තිබෙන්නේ. ඒකත් කොයි තරම් දුරට සාර්ථක ක්රමයක්ද කියලා විශ්වාස කරන්න බැහැ.
ආචාර්ය ආතර් සී .ක්ලාක් මහතාගේ අනාවැකිවලත් මෙබඳු උත්සාහයන් පිළිබඳව විස්තර වෙනවා නේද?
ඔව්. මෙතුමා 1999 පෙබරවාරි මාසයේ, බ්‍රිතාන්‍යයේ Sunday Telegraph පත්‍රයට වසර 2024 දී පමණ සිදුවිය හැකි අනාවැකියක් ලියා තිබුණා. එමගින් ඔහු අවධාරණය කර තිබුණේ ‘ මිනිසා කාලාන්තරයක් තිස්සේ බලාපොරොත්තුවෙන් සිටි විශ්ව ඇමතුම ලැබෙයි. අපේ මන්දාකිනියේ මධ්‍ය ප්‍රදේශයේ සිට එන අධෝරක්ත සංඥා ගොනුවක් සොයා ගනු ලබයි. ඒවා ස්වභාවිකව ඇති විය නොහැකි බවත්, බුද්ධිමත් ජීවින්ගේ තාක්ෂණයෙන් එවන ලද්දක් බවත් විද්‍යාඥයෝ පිළිගනිති. එහෙත් මේ සංඥාවලින් කියැවෙන අර්ථය වටහා ගැනීමට කරන හැම උත්සාහයක්ම තේරුම් ගන්නට අප, ඒ භාෂාව දන්නේ නැත” යනුවෙන් එහි දැක්වෙනවා.
ඒ වගේම ඇමරිකාවේ නාසා (Nasa) ආයතනය අභ්‍යවකාශ ගත කරනු ලැබූ “වොයේජර් 2” යානයෙන් නාසා ආයතනයට ලැබෙන පණිවුඩ වෙනස් වීමෙන් එම යානාව පිටසක්වළ ජීවින්ට හසුවී ඇති බවට සැක කෙරෙනවා. මහාචාර්ය ස්ටීවන් හෝකින් මහතා ප්‍රකාශ කර ඇති පරිදි පිටසක්වළ ජීවින්ගෙන් බොහෝ කරදර විය හැකි බැවින් අප ඔවුන් ඇසුරු නොකළ යුතුයි.
එහෙත්, 2011 නොවැම්බර් 27, ඇට්ලස් 5 රොකට්ටුවේ ආධාරයෙන් අඟහරු (MARS) ග්‍රහ ලොව වෙත වාහනයක් තරම් විශාල වැඩි දියුණූ කළ “කියුරියෝසිටි” (කුතුහලය) නමැති රෝවරය නාසා ආයතනය මගින් යවනු ලැබුවා. එය කිලෝමීටර් ලක්ෂ 5670 පමණ දුර ගෙවා ඊට මාස 8 කට පසු නියමිත ස්ථානයට (ගේල් ආවාටය) ළඟා වුණා. එහි මූලික අරමුණ වන්නේ අඟහරු ලෝකයේ ජීවින් පිළිබඳ සොයා බැලීමයි.
පිටසක්වළ සමග පණිවුඩ හුවමාරු කර ගැනීමට භාෂාවෙත් බාධාවක් විය හැකිද?
ඔව්. දැන් එකම භාෂාවක් වුණත් කලින් කලට වෙනස් වීම්වලට ලක් වෙනවා. මීට අවුරුදු 1000 කට කලින් අනුරාධපුර. පොළොන්නරුව යුගවල භාවිත කළ පැරැණි සිංහල භාෂාව වුණත් අද සිංහල කථා කරන අයට බොහෝවිට තේරෙන්නේ නැහැ. තවම අසල්වැසි මාලදිවයිනේ ව්‍යවහාර වෙන්නේ, අපේ පැරැණි එම සිංහල භාෂාවේ වචනයි. සඳට යැවූ යානාවල සවිකළ භාෂා හඬපට අතර, හෙළ (සිංහල) බසත් යවන්නට ඇත්තේ, පිටසක්වළ ජීවින්ට එය අවබෝධ වෙයි යන විශ්වාසය නිසා විය හැකියි.
දිනෙන් දින සත්වයන්, ගස්කොළන් වෙනස් වෙමින් මැරෙනවා වගේ භාෂාවනුත් විකාශනය වෙමින් අභාවයට යනවා. ලෝකයේ ජීව භාෂාවලට වඩා මළ භාෂාවන් ප්‍රමාණය වැඩියි. සති දෙකකට (දවස් 14) වරක් ලොව කුමන ප්‍රදේශයක හෝ ව්‍යවහාර වූ භාෂාවක් මරණය (අභාවය) ට පත් වෙනවා. ඕස්ට්‍රේලියාව, මෙලෙස භාෂා වඳ වී යාමේ තර්ජනයට දැඩි ලෙස මුහුණ දී තිබෙන රටක්, යුරෝපීය ජාතීන් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වන යනවිට එහි භාෂා 200 ක් පමණ තිබුණා. අද වන විට එයින් ඉතිරි වී තියෙන්නේ භාෂා 20 ටත් අඩු ප්‍රමාණයක්. ආසියාතික හා අපි‍්‍රකානු රටවල වගේම යුරෝපා රටවලත් මෙලෙස භාෂා වඳ වී යාම් නොඅඩුව සිදුවෙනවා.
එතකොට එවැනි මළ භාෂාවලින් අතීතයේදී අවකාශයට මුදා හැරිය (කථා කළ) හඬවල් නොමළව පැවතිය හැකිද?
ඔව්. සක්වළ රැදුණූ ශබ්ද අතර එවැනි හඬවලුත් තිබිය හැකියි. මීට පෙර ජර්මනියේ ෆ‍්‍රැන්පර්ට් නගරයට නුදුරින් පිහිටි “මේන්ස් විශ්ව විද්‍යාලය” ට අනුබද්ධ විද්‍යාඥයන් පිරිසක් Instrumental Trance Communicationනමින් සක්වළ රැදී ඇති ශබ්ද පටිගත කිරීමේ පර්යේෂණ ව්‍යාපෘතියක් ආරම්භ කරන්නට යෙදුණා. මෙහි පුරෝගාමියා ලෙස ක්‍රියා කරන්නේ හැම්බර්ග් සරසවියේ භෞතික විද්‍යා ආචාර්ය උපාධිධාරි අර්නස්ට් සෙන් කොවෙස්කි මහතායි. එම පර්යේෂණවලින් පටිගත කරගනු ලැබූ බොහෝ ශබ්ද මිය ගිය පුද්ගලයන්ගේ ශබ්ද බව අනාවරණය කරගෙන තිබෙනවා. අපේ කනට විෂය නොවන සක්වළ පැතිර ඇති විවිධ ශබ්ද හා පණිවිඩ පටිගත කර ගැනීමට ඔවුන් සමත් වී තිබුණත්, ඒවා පැහැදිලිව වෙන්කර හඳුනා ගැනීමේ අභියෝගයක් පවතිනවා.
සක්වළ ප්රතිරාව දෙන සාධුන්ගේ රාවයන් පිළිබඳ ඔබ වහන්සේගේ අදහස කෙබඳුද?
බුදුරදුන්ගේ හඬ මේ සක්වළ මතු නොව, අනන්ත සක්වළ තුළ තිබෙනවාය කියා මම තේරුම් අර ගත්තේ, ඔය පර්යේෂණ පටන් ගන්නත් ඉස්සරිනුයි, ඒ කියන්නේ, මේ විශ්වයට එකතු වුණ හඬ නැති වෙන්න විධියක් නැහැ. සජීවි (වර්තමාන) ශබ්ද තරංග අවකාශය තුළින් ඇද ගැනීමටත්, ගුවන්විදුලි සංඛ්‍යාත මගින් පැහැදිලිව වෙන්කර ගැනීමටත් පුළුවන් වගේ ඒ සඳහා සියුම් නවීන උපකරණ තිබිය යුතුයි. එමගින් අතීතයේ නිකුත් වූ ශබ්ද තරංග වුණත්, වෙන් කර හඳුනා ගැනීමට හැකියාවක් ලැබෙනවා.
බුද්ධ ශූන්‍ය කල්පයක කෙසේ වෙතත්, මේ වගේ මහා භද්‍ර කල්පයක (බුදුවරු පස්දෙනෙකු පහළ වන) නම් “බුද්ධ” කියන උතුම් තත්වය සහ “බුද්ධ ශක්තිය” වගේම බුදු ගුණ රාවයන්” සක්වළ තුළ ප්රතිරාව දෙනවා. මහා හිමාලය ආශි‍්‍රතව හුදකලාභූමිවල භාවනා කරන යෝගාවචරයන්ට ඒ බව වඩා හොඳින් පසක් වී ඇති බව පැවසෙනවා.
අතීත මිනිසුන් විශ්වයට එක් කළ ආශිර්වාද ප්‍රාර්ථනා නිසා විශ්වයෙහි කිසියම් විවිධත්වයක් ඇති කරනවාද?
ඒ සඳහා බලපාන දේවල් අතර, ආශිර්වාද, ප්‍රාර්ථනා විතරක් නොවෙයි, සාපයන් පවා තිබිය හැකියි. කුවේණියගේ දිවි දෝෂයන් එවැනි දෙයක් හැටියටයි, විශ්වාස කරන්නේ. ආත්මීය පෙම්වතුන්ගේ ප්‍රේමයේ හඬද විශ්වයේ රැදී පවතින බව භාරතීය පේ‍්‍රම කාව්‍යයන්වල දැක්වෙනවා. මේ අනුව, ස්විට්සර්ලන්තයේ ‘බිලිමේයර්’ නමැති තරුණ ගොවියෙකුව සොයා ගෙන ආලෝක වර්ෂ 150 ක් ඈතින් පිහිටි ප්ලීඩියන් නම් චක්‍රාවාටයක ඉඳලා පැමිණි අවුරුදු 336 ක ‘සෙම්ජීස’ නමැති පිටසක්වළ යුවතියක පිළිබඳ විස්තරයක් 2011 දෙසැම්බර් 11 දිනපතා පත්‍රයක පළ වී තිබුණා.
ඒ කොහොම වුණත් මේ විශ්වයේ විවිධත්වයක් පැවතීමට සිතිවිලි තරංග මගින් විශාල බලපෑමක් ඇති කරනු ලබනවා. මෙලෙස සක්වළෙහි අසිරිය හා ස්වභාවය කියාපාන බුද්ධ (සූත්‍ර) දේශනා 50 ක ට අධික සංඛ්‍යාවක් චිරන්තන බුදුදහමේ දැක්වෙනවා. අග්ගඤ්ඤ ,ධජග්ග, දක්ෂිණ, විභංග පටම කෝසල, සප්ත සූරියෝද්ගමන හා බ්‍රහ්මජාල මෙන්ම චක්‍රවර්ති සිහනාද ආදි සුත්‍ර දේශනා ඒ අතර කැපී පෙනෙනවා.
පිටසක්වළින් එන සංඥා සහ පිටසක්වලට යැවෙන පණිවුඩ ඇතුළු සක්වළ ප්රතිරාව දෙන සාධූන්ගේ රාවයන් එම නාද රටා අතර හමු වේ. මහානායක හාමුදුරුවනේ, ආලෝකයේ වේගය ඉක්මවා යන “මිනිස් සිත”, හරියට ගුවන්විදුලි සම්පේ‍්‍රෂණාගාරයක් වගෙයි නේද?
ඔව්. ගුවන්විදුලි මධ්‍යස්ථානයකට ශබ්ද තරංග විසුරුවා හරින්නත්, අවකාශයේ ඇති ශබ්ද තරංග ඇද ගැනීමටත් හැකියාවක් තියෙනවා. ඒ වගේම, මිනිස් සිතටත් චිත්ත (සිතිවිලි) තරංග විශ්වයට මුදා හරින්නත්, අන් අයගේ සිත්වලින් නිකුත් වන අදහස් ප්‍රාර්ථනා ඇතුළු විවිධ සිතිවිලි තරංග තේරුම් ගැනීමටත් හැකියාවක් ඇති බව “ටෙලිපති” (Telepathy) මගින් තහවුරු කෙරෙනවා.
අද ලෝකයේ රූපවාහිනී, ගුවන්විදුලි හා විවිධ සන්නිවේදන තරංග ජාලයන් අපට ගණන් කරන්න බැරි තරම් තියෙනවා. ඒ වුණත්, අවකාශයපුරා විසිරුණු විවිධ රූප ශබ්ද තරංග සංඛ්‍යාතවලට හසු කර ගනිමින්, ඒවා එකිනෙකෙන් වෙන්කර හඳුනා ගන්නවා. මිනිස් සිතටත් මේ විධියට නොයෙකුත් සන්නිවේදනයන් විවිධ අයුරින් ග්‍රහණය වෙනවා.
අපට නොපෙණුනාට විශ්ව සන්නායක සක්වළ පුරා පැතිරී පවතිනවා. ඒවා හරියට ගුවන්විදුලි රූපවාහිනී හා දුරකථන තරංග වගේ අවකාශය පුරා විහිදී යනවා. සිත්වල පවතින සංවේදීබව හා ප්‍රභාෂ්වරබව අනුව, ඒ පිළිබඳ ග්‍රහණය වීම් අඩු වැඩි වශයෙන් සිදු වෙනවා. විද්‍යුත් රූප තරංග සඳහා වන උපකරණවල ඇති ප්‍රබලතාව හා සක්‍රියබව එහි ක්‍රියාකාරීත්වයට මෙන්ම සුපැහැදිලිතාවයට බලපානු ලබනවා. සිතිවිලි (චිත්ත) තරංග වලටත් මේ වගේ කාරණා බලපානවා.
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම් like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya
අබිරහස් අඩවිය - Abirahas Adawiya
Sunday, July 23, 2017
මන්තර බලයෙන් අලි මෙල්ල කළ හැටි......(අබිරහස් අඩවිය - Abirahas Adawiya -ali manthara yala wilpaththu katharagama rooms ශාස්ත්‍රීය ළිපි)
මා සෑම විටම මරණයෙන් බේරී ඇත්තේ අනූ නමයෙනි. මගේ මව් බිමෙන් සැතැපුම් ලක්ෂ ගණනාවක් ඈත නැගෙනහිර අප්‍රිකාවේ ටැන්සානියාවේ දී වනජීවී කළමනාකරණ පුහුණුව ලබමින් සිටි වකවානුවේ ‘අභියෝග ජයගැනීම’ පාඨමාලාවේ දී මුහුදු මට්ටමේ සිට මීටර් 1000 පමණ උසින් පිහිටා ඇති කිලිමන්ජාරෝ වනාන්තර ප්‍රදේශයේ දී ටැන්සානියානු යුද හමුදා කැප්ටන් කපායා අපට නියම කළේ තනිවම ගිනි අවියක් නොමැතිව රාත්‍රී 02 එනම් දින 03ක් ගසක් යට ගත කළ යුතු බවය.
පහරදීමට හඹා එන අලියකු වන සත්ව නියාමක සුජීව විසින් නතර කරලීම (යාල වනෝද්‍යානයේදී)
අපට ලැබුණේ සීමිත අමුද්‍රව්‍ය ආහාර ස්වල්පයකි. මා සිටියේ තනිවම දැවැන්ත ඇකේෂියා (Accacia) ගසක් පාමුලය. හුදෙකලාව සිටි මම ඊළඟ සගයා සිටින්නේ කොහිදැයි දැන නොසිටියෙමි. එදින අලූයම මගේ කැන්වස් ඇඳ අසලටම කිසිත් නොදැන සංක්‍රමණය වූ අප්‍රිකානු අලි රංචුවෙන් බේරුනේ හාස්කමකින් මෙනි. එම අවස්ථාවේ මා පියවි ඇසින් නොසිටින්නට මේ වන විට මා මියගොසිිනි.
මන්ත්‍ර බලයෙන් හඹා එන වන අලින් නතර කරලීම
මිනිසාට පහර දීමට හඹා එන අලින් මන්ත්‍ර බලයෙන් නතර කරලීමේ අභියෝගය මැනවින් ඉටු කරන්නේ දකුණු ප්‍රදේශයේ සේවය කරන වනජීවී සේවකයින් බව උතුරු, නැගෙනහිර හා මධ්‍යම වනජීවී ප්‍රදේශවල අස්සක්xමුල්ලක් නෑර රාජකාරි සිදුකොට ඇති මගේ පෞද්ගලික නිරීක්ෂණයි. වසර 1971 ජේ.වී.පී. භිෂණය සමයේ දී ස්වේච්ඡා යුද හමුදා නිලධාරීන් විසින් ඉතා ම්ලේච්ඡ ලෙස වෙඩි තබා ඝාතනය කරන ලද කතරගම රූප සුන්දරිය පේ‍්‍රමවතී මනම්පේරී ගේ පියා අති දක්ෂ මන්ත්‍ර ගුරුකම් සිදු කළ වනජීවී නිලධාරියකු බව, ඔහු මා හමුවූ දිනවල මා සමග පවසා තිබේ. මා අම්පාර වනජීවී සහකාර අධ්යක්ෂ හැටියට සේවය කළ වකවානුවේ මගේ නිල ජීප් රථය පැදවූයේ ඔහුගේ පුතකු වූ කරුණාදාස මනම්පේරිය.
දිනක් කරුණාදාස මනම්පේරි ඇමතූ මම’’ කරුණාදාස.. මම අහලා තිබෙනවා.. ඔයාගේ තාත්තා හඹා එන අලින්ට... ලේxබඩයන්න මතුරනවා කියලා.... ඒ ගුරුකම් කොහෙන්ද එයාට ලැබුණේ... ’’ යයි විමසුවෙමි. ඊට පිළිතුරු දුන් කරුණාදාස
‘‘ඇයි සර්... තාත්තා පානම වැඩ කළානේ දිගු කාලයක්. ඒ පළාතෙම ගෙදරක.. පදිංචිකරුවෙකුගෙන් තමයි ඒවා ලැබිලා තිබෙන්නේ. පුළුවන් නම් සර් කොහොම හරි තාත්තගෙන් ඒවා ටික ගන්න’’ යයි ඔහු මට කීය.
යාල වනෝද්‍යානයේදී වනසත්ව නියාමක හෙන්දිරික් අප්පුහාමි විසින් හඹා එන අලියකු නතර කරලීම.
පානම වනාහි වන අලින් බහුලව වෙසෙන නැගෙනහිර වෙරළට නුදුරු ගම්මානයකි. ‘පානම’ පසුකොට සැතපුම් විසි පහක් යාල නැගෙනහිර ජාතික වනෝද්‍යානය තුළට ගිය තැන ‘කුමන’ පුරාණ ගම්මානය හමුවෙයි. කිට්ටු සබඳතාවයක් පැවති මෙම ගම්මාන දෙකෙහි විසූ පැරණි ගම්වාසින් දක්ෂ ගුරුකම් කාරයින් වූහ. ‘කුමන’ ගමේ ඉපිද හැදී වැඩුනු කේ. ඬේවිඞ් කලක් යාල උද්‍යානයේදී මා යටතේ සේවය කළ එහෙත් සොහොයුරකු ලෙසින් මම ආශ්‍රය කළ වනසත්ව නියාමක (පසුව අඩවි සහකාර) නිලධාරියෙක් විය. ඔහු දැන සිටියා වූ වන සතුන් මෙල්ල කළ හැකි මන්ත්‍ර මා ඔහුගෙන් ඉල්ලා සිටි විට ඔහු මා සමඟ කියා සිටියේ ඒ මන්ත්‍ර මගෙන් ගන්නවාට වැඩිය හොඳයි.. මම ඒවා දීපු කෙනෙකුගෙන් ගන්න.. ඔහු මට කීය. ‘‘ ඒ ඇයි?’’ මම විමසුවෙමි... එවිට ඬේවිඞ් මට කියා සිටියේ ‘‘එහෙම ඉල්ලගත්තම.. බල වැඩියි.. ඒ නිසා සර්ගෙ යාලූවා ලක්ෂමන් නෙත්ති කුමාර (මියගොස් සලාකා සමූහ ව්‍යාපාරය - කොළඹ) මහත්මයාගෙන් ඉල්ලා ගන්න.’’ ඔහු ද මට ඒවා ලබාදුන්නේ කිහිප වතාවක් පෙරැත්ත කිරීමෙන් අනතුරුවය. ඬේවිඞ්, ලක්ෂමන් නෙත්ති කුමාර සහ මා කුළුපග මිතුරන් ය. විවිධ අයගෙන් ලැබුණු මන්ත්‍ර මම කට පාඩම් කරගත් නමුත් මම ඒවා අත්හදා නොබැලූවේ මගේ ගොරෝසු කටහඬ භාවිතයෙන් වනාන්තරය තුළදී මම මුහුණදුන් අවස්ථා ලෙහෙසියෙන් ජයගත් බැවිනි.
මගේ හිතවත් සේවක ඬේවිඞ් ගේ පුත් වනසත්ව නියාමක සුජීව තම පියාගෙන් ලබාගත් ප්‍රබල අලි මන්ත්‍රයකින් තමාට පහරදීමට හඹා ආ කෝපාවිෂ්ඨ වූ අලියකු මෙල්ල කළ ආකාරය මට අද මෙන් මතකය. මගේ දෙ ඇස් ඉදිරියේ එය සිදු වූයේ 1989 අප්‍රියෙල් මස පසළොස්වක් පොහොය දිනක යාල උද්‍යානයේ රාත්‍රී කාලයේ පැරණි බූතවසංචාරක බංගලා නිවහන ඉදිරිපිටදීය.
නියමිත මුදල ගෙවා යාල උද්‍යානයේ බුතව (පැරණි) බංගලාව දින තුනකට වෙන්කරවා ගත් ලක්ෂමන් සිය බිරිඳ වජිරා, දරුවන් සහ සමීප මිතුරන් කණ්ඩායමක් සමග බුතව බංගලාවේ පදිංචියට පැමිණියහ. කණ්ඩායමේ මාර්ගෝපදේශක වනසත්ව නියාමක (ඬේවිඞ්ගේ පුත්) සුජීව විය. යාල වනෝද්‍යානයේ භාරකරු වූයේ මමයි.
සිරිත් පරිදි ලක්ෂමන්, වජිරා සහ දරුවන් හමුවීමට ඔවුන් පැමිණි දිනම මම රාත්‍රී 8.00 පමණ බුතව බංගලාවට පැමිණියෙමි. ජීප් රථයෙන් බැසගත් මා කෙළින්ම ගියේ කිසියම් කරුණක් වීමසීමට බංගලා භාරකරු හමුවීමට මුලූතැන් ගෙයටය. එකෙනෙහිම කිසියම් කෙනෙකු උස්හඬින් කතා කරමින්’’ හා පුළුවන් නම් සුජීව. අර ගල උඩ වතුර ටැංකියට වතුර බොන්න යන අලියා ළඟට.. යනවා කෝ.. ‘‘නියාමක සුජීවට අභියෝගයක් එල්ල කළ බව මට ඇසුනි. ඒ මගේ මිත්‍රයාගේ කටහඬ නොවන බව මම හඳුනා ගතිිමි. ‘‘අලියා ළඟටම යන්න ඕනැද?’’ එසේ ඇසුවේ සුජීවයි. ‘‘ඔව් ළගට ගියොත් රුපියල් පන්දහසක් (රු. 5000/=) දෙනවා.’’ තවත් කෙනෙක් සුජීව දිරිගන්වමින් කෑ ගැසීය. මා පැමිණ සිටින බව කණ්ඩායමේ කිසිවකුත් දැන සිටියේ නැත. මෙම සංවාදය මුළුතැන් ගෙයි සිට අසා සිටි මම වහා බංගලාවේ ඉදිරිපසට ගියෙමි. මගේ මිත්‍රයා ලක්ෂමන් නෙත්තිකුමාර ඇතුලූ පිරිස මා පැමිණ සිටින බව දැනගත්තේ එවිටය. මා දුටු ලක්ෂමන් ‘‘හා... විල්සන්.. කොයි වෙලාවෙද ආවෙ... වාඩිවෙන්න... මොනවද බොන්නෙ’’ විමසීය. මම කිසිත් නොදොඩා අසල තිබූ පුටුවක හිඳ ගතිමි.
බංගලාව ඉදිරිපිට ගල්තලාව සහ අවට වනාන්තරය සඳ එළියෙන් නෑවී ඇත. මුහුදේ රැුල පහර ගල්පරවල හැපෙන ශබ්දය ද මට ඇසේ.. සුජීව කොහිදැයි මම විපරමින් අවට බැලූවෙමි... මම ප්‍රමාද වැඩිය ඒ වන විටත් ඔහු ගන්තලාව ඉහළට නිසොල්මනේ ඇවිද යන දැවැන්ත අලියා සමීපයට ඉක්මන් පියවර තබමින් යන ආකාරය මම දුටුවෙමි. ඔහුගේ ගමන වළක්වාලීමට මා විසින් ඒ අවස්ථාවේ කෑගැසීම අන්තරාදායක විය හැකි බැවින් මම එසේ නොකළෙමි.
මා අසතුටින් සිටින බව දුටු ලක්ෂ්මන් මගේ මිත්‍රයා ‘‘අපි දන්නෙ නැහැ... විල්සන් බංගලාවට ඇවිත් සිටි බව’’ යයි කීය.
‘‘දැන් ඉතින් කරන්න දෙයක් නැහැ.. සුජීව ගල්තලාවෙන් පහළට ආපුවාවෙ කෝ...’’ මගේ සිත තුළ ජනිතව ඇත්තේ සියුම් කෝපයකි. බැරි වෙලාවත් සුජීවට අනතුරක් සිදු වුවහොත් මට එය විශාල ගැටළුවක් වනු ඇත.
වයස අවුරුදු පණහක් පමණ වන මෙම අලියා කාලාන්තරයක් තිස්සේ දිනපතා රෑ බෝ වූ පසු ‘‘බුතව’’ බංගලාව ඉදිරිපිට පිහිටා ඇති ගල් තලාව ඉහළටම ඇවිද ගොස් ඒ මත ඉදිකොට ඇති බංගලාවට ජලය සැපයෙන වැසි වතුර ටැංකිය තුළට තම හොඬ වැල බහා සිත්සේ පිපාසය සංසිඳුවාගනී. බංගලාව ඉදිරිපිට ඇති නෙලූම්, ඕලූ සහිත ‘බුතව වළේ’ වතුර මඩ සහිත බැවින්, දිනපතා එය පසු කරමින් අලියා ගල්තලාව ඉහළට ගොස් ටැංකි ජලයෙන් පිපාසය සංසිඳුවාගනී. අලින් මඩවතුර නොබොන බැවින් නියං සමයේ දී ඉව අල්ලමින් පැහැදිලි ජලය සොයාගෙන ඉතා ඈත දුර බැහැරට යති.
මේ වන විට බංගලාවේ සිටි පහළොස් දෙනෙකුගේ පමණ ඇස් යොමු වී ඇත්තේ ගල ඉහළට ඇවිද යන අලියා සහ ඔහු පසුපසින් කඩිනමින් යන සුජීව වෙතය. පැහැදිලි සඳ එළිය හේතුවෙන් දහවල් මෙන් සියල්ල මනාව දර්ශනය වේ. වැසි ජල ටැංකිය සමීපයට ගිය අලියා තම හොඬවැල දියට පහත් කොට එක උගුරක් තම මුව තුළට ගත්තා පමණි... අලියා සහ සුජීව අතර දුර යාර 15-20 පමණය. ක්ෂණයකින් අලියා දිය බීම පසෙක තබා සුජීව දෙසට හැරුණි. තම හොඬවැල අග මුව තුළට ගති. කන්පෙති දෙක කෙලින් කරගෙන සුජීව දෙසට මුහුණට - මුහුණලා බලාගෙන මොහොතක් නිසොල්මන් විය. තව නිමේශයකින් අලියා සුජීවට පහර දීමට ඒකාන්තයෙන්ම හඹා යන බව මම දැන සිටියෙමි. සුජීවගේ ගමනේ වේගය අඩු වී ඔහු ඉතා සෙමින් අලියා දෙසට පියනගන්නට විය. එවිට එක්වරම වනාන්තරය දෙවනත් කරවන සුලූ අති භයංකර මහා ශබ්දයක් මුවින් පිටකරමින් අලියා හොඬවැල උස්සාගෙන සුජීව කරා පහරදීමට හඹා එන්නට විය. අලියාගේ හඬ නිසෝල්මන් වනාන්තරයේ දෝංකාරය දුනි. එකඳු අඩියක් පස්සට නොගත් සුජීව තම දකුණත අල්ල ඇඟිලි දිගුකොට ඉදිරියට හඹා එන අලියා දිසාවට යොමු කරගෙන ශබ්ද නගා මන්ත්‍රය මතුරන්නට විය... ‘‘ ඕං..... සංසාර.... දිරි ආදී වශයෙන් තම පියාගෙන් උගත් අලි මන්ත්‍රයෙන් නැවත නැවතත් ශබ්ද නගා මතුරන්නට විය.
සුජීව ආසන්නයටම දිව ආ අලියා තම හොඬවැල පහත් කොට සුජීවට පහර නොදී හෝ පහර දීගත නොහැකිව පසෙකට හැරී ඉතා වේගයෙන් ගල්තලාව පහළට දිවගියේ විකාරයෙන් මෙන් ‘බුතව වළ’ හරහාය. ඒ දිවගිය ආකාරයට ‘‘බුතව වළේ’’ (Buttuwa Pond) දියයට සිටි කිඹුලන් දෙතුන් දෙනෙකුගේවත් හිස් කබල්, ඉළ ඇට අලියාට පෑගී උන් මිය යන්නට ඇතැයි මට සිතුනි.
දිව ගිය අලියා පෙනෙන්නටවත් නැත. සුජීව ජයග්රාහි ලීලාවෙන් ගල පහළට වුත් ඔහුට අභියෝග කළ සහ රු. 5000/= ත්‍යාගය දීමට පොරොන්දු වූ අය අසලින් වාඩිවිය. එකෙණෙහිම මගේ මිත්‍ර ලක්ෂ්මන් නෙත්තිකුමාර සුජීව වෙත ගොස් කනට කොඳුරා කුමක්දෝ කීවේය. ඒ මම බංගලාවට පැමිණ සිටින පුවත විය යුතුය.
ඒ සැණින් මා අසලට පැමිණි සුජීව ‘‘සර්... කොයි වෙලාවෙද ආවේ... මම දැනගෙන සිටියෙ නැහැ සර්... ඉන්න බව...’’ යයි මා ඇමතීය. මම ඔහුට දැන්වූයේ ‘‘බැරි වෙලාවත් සුජීව ඔයාට අලියා ගැහැව්වා නම්... මට මගේ රැුකියාවත් අහිමි වෙනවා.. මීට පස්සෙ මම ඉන්න තැනක ඔය වැඬේ කරන්න එපා’’ යනුවෙන් මම ඔහුට අවවාද කළෙමි. සුජීව මේ වන විට සේවය කරන්නේ කතරගම උතුරින් පිහිටි ගාල්ගේ අඩවියේය. ඔහු අති දක්ෂ වනෝද්‍යාන මාර්ගෝපදේශක කෙනෙකි.
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම් like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya
අබිරහස් අඩවිය - Abirahas Adawiya
Thursday, July 20, 2017
Friday, June 23, 2017
අවාරේ සිරිපා කරුණා කරමු.....(අබිරහස් අඩවිය - Abirahas Adawiya -rathnapura rakwana maskeliya rooms suzuki maruti ශාස්ත්‍රීය ළිපි sri padaya)
අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ වම් සිරිපා සටහන ඇතැයි යන පරම විශ්වාසයෙන් යුතුව සියවස් ගණනාවක් මුළුල්ලේ සිට ඉතා දුෂ්කර වූ ගමන් මගක් ගෙවා දමමින් බැතිබර ලෙස පැමිණෙන වන්දනාකරුවන්ගේ පා පහසින් ශි‍්‍රපාද මාර්ගය කාර්ය බහුල වන සිරිපා වාරයේදී ඔබ සිරිපා කරුණාකර ඇතැයි විශ්වාස කරන අතර ඔබ කිසි දිනක අවාරයේ දී සිරිපා කරුණා කර ඇතැයි අනුමාන කළ නොහැක. එනමුත් අවාරයේ දී විශේෂයෙන්ම යෙදෙන පොහොය දිනවලදී වන්දනා කරුවන් ශ්‍රීපාද කරුණා කරන බව ඔබ දැන සිටියේ දැයි නොදන්නා අතර එවැනි වූ ඉතා චමත්කාර ජනක ගමන මෙසේ සටහන් කරමි.
රත්නපුර නගරයේ සිට ධාවනය වන සිරිපාගම හෝ ශ්‍රී පලාබද්දල බලා ධාවනය වන්නාවු බස් රථයක නැග හෝ පුද්ගලික වාහනයක ඔබට පලාබද්දල බලා පැමිණිය හැකි අතර වන්දනා සමයේ දී දක්නට ලැබෙන වෙළෙඳ සැල් කිසිවක් මෙහිදී දැක ගත නොහැක. පලාබද්දල (සත්‍ය වශයෙන්ම මෙම නම පලාබත් දොලවන අතර ජන වහරට අනු ව එය අද දිනයේ දී පලාබද්දල නමින් හැඳින්වේ.) කීර්ති ශි්රරාජසිංහාරාමයට පැමිණ (මෙය කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් කරවන ලද සංඝාරාමයක් නිසා එ නමින් හැඳින්වෙයි.) පන්සිල් සමාදන්වී එහි, ඇති ශ්‍රී සුමන සමන් දෙවිඳුන්ගේ දේවාලයට ගොස් උන්වහන්සේට පඬුරු ගැට ගසා අවාරයේ සිරිපා කරුණාව ඇරැඹිය හැකිය.
ඔබ වම් පසින් දක්නට ඇත්තේ ඉතා ඓතිහාසික වටිනාකමින් අනූන වු කුනුදිය පර්වත රාජයාය. ජනප්‍රවාද අතිමහත් සංඛ්‍යාවකට නිමිති වූ මේ ඉපැරැණි කඳු ගැටයේ අතීතයේ දී රජ මාවත (ඉපැරණි හා නිවැරැදිව සිරිපා කරුණාව සදහා යොදා ගනු ලබන මාර්ගයයි) හරහා සිරිපා කරුණා කරනු ලැබූ සංචාරකයන්ගේ හා දේශ ගවේශකයන් ගේ නොමද අවධානයට ලක්වූ කඳු ශිඛරයකි. මෙය වටා ගෙතී ඇති ජනප්‍රවාද කථා රාශියක් ඇති නමුත් ඉන් වඩාත් ප්‍රකාශ වන අන්දරය වන්නේ බුදුරදුන් ශ්‍රී පාද සටහන් සමන්ථකූ®ඨය මත තැබූ පසු එය දුටු දෙව්දත් තෙරුන් ඔහුගේ පාදය මෙම පර්වත මුදුනේ තැබීමට උත්සාහ කළ පසු එම පර්වත මුදුනේ සිට කුනුදිය උල්පත් මතුවූ බවය.
1860 වර්ෂයේදී සිරිපා කරුණා කළ විලියම් ස්කීන් නම් දේශ ගවේෂකයා මෙම කඳුගැටය දුටුවේය. හිස කඳීන් වෙන් කළ මිනිසෙකුගේ කවන්ධයක් ලෙසින් වන අතර මා මෙම පර්වතයේ දුටු අපූරුම දසුන වන්නේ මෙම පර්වතය යම් කෝණවලින් බලන විට එය දර්ශනය වන්නේ ඉතා වෙනස් අයුරින් බවයි. කුරුවිට එරත්න කැකුණපරත්න මාර්ගයේ සිරිපා කරුණා කිරීමට පැමිණි විටදී ද මෙම පර්වත රාජයා දක්නට ලැබෙන අතර එහි දී රත්නපුර මාර්ගයේ දී හාත්පසින් වෙනස් වූ දර්ශනයක් දක්නට ඇත.
ඉන් පසු ඔබ පවනැල්ල නම් අවසාන ගම්මානයට පැමිණෙයි. අතරමඟදී කුඩා ව්‍යාපාර ආදිය අවාරයේදී දක්නට නොමැති අතර විශේෂයෙන්ම ඔබ අවශ්‍ය ආහාරපාන සහ අවශ්‍ය කරන ඖෂධයන් ඔබගේ පැස තුළ තබා ගැනීම මතක තබා ගත යුතු කරුණකි.
නීලිහෙල අසල දී ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවේ ගැමුණු රෙජිමේන්තුවේ හමුදා නිවස්නයක් ඇත්ද ඔවුන්ගෙන් ඒ අවශ්‍යතා ඉටුකර ගැනීම ඔවුනට කරදරයක් වන බැවින් එය ඔබ විසින්ම සපුරා ගන්නේ නම් ඉතා යෙහෙකි. ඉන් පසු ඔබට ඉතා මෑතකදී සාදා නිම කරන ලද පිය ගැට පෙළ නගිමින් ඉදිරියට යා හැකිය. “දොරණ කඩේ” නම් ස්ථානය පසු කරමින් මහ හිමයට ඇතුළු වන ඔබ ජලය පුරවා ගත හැකි බඳුන් අත තබා ගැනීම අවශ්‍යයෙන්ම මතක තබා ගත යුතු අතර ඉතා පිරිසුදු ජලය පුරවා ගත හැකි ස්ථාන ඕනෑ තරම් මේ අඩවියේදී ඔබට මුණ ගැසේ. කෙකටිය කඳ කඩය පසු කරමින් ඉදිරියට ඇදෙන ඔබ විඩා නිවා ගැනීමට භාවිතා කර යුතු සුදුසුම ස්ථානය වන්නේ නීලි හෙලේ අම්බලමයි. අතීතයේ දී මේ හෙලින් බිමට ඇද වැටුණු නීලි නම් කාන්තාවක් සිහි කරමින් මෙම නම භාවිතා වේ. ඔබ ඉදිරියේ දක්නට ඇති මහා පර්වතය වන්නේ කටුකිතුල් කන්දයි. වර්ෂාව පවතින අවස්ථාවලදී මෙම කන්දෙන් ඉතා ශෝභමාන දිය ඇල්ලක් නිර්මාණය වේ. කටු කිතුල් කන්ද, ගැට හෙතුල, පලාබත්ගුල වැනි අති මනෝරම්‍ය වූ පර්වත මෙම ගමනේදී දක්නට ලැබෙන අතර කුඩා පරිමාණයේ දිය කදුරුද ඔබට දැක බලා ගත හැකිය.
මෙම ගමන ඔබගේ ගමන්මලු, (පැසි) සකස් කර ගන්නා විට අනිවාර්යයෙන් ම තිබිය යුතු උපකරණයක් වන්නේ විදුලි පන්දමයි. රාත්‍රියේ කරුණා කරන විට ඉන් ලැබෙන ප්‍රයෝජනය අතිමහත්ය. කටු කිතුල් වංගුව අසල අම්බලන් දක්නට ඇති අතර එහි නැවති ඔබට විඩාව සන්සිසුවා ගත හැකිය. මේ ප්‍රදේශයට සිරිපා අඩවියේ ඇති අති රමණීය දසුන් ඔබගේ සිත් පුරාවට දැක ගත හැකිය.
කටුකිතුලේ විඩා නිවා ගත් ඔබ ඉන් පසු ඉදිරියට කරුණා කරන විට ගෝණතල්ල නම් ස්ථානයක් හමුවේ. අතීතයේදි සිරිපා කරුණා කළ රජවරුන් වෙහෙස නිවාගත් ස්ථානයක් ලෙස මෙම ස්ථානය හඳුන්වා දිය හැකි අතර ගොනෙකුගේ තල්ල අයුරින් ඉදිරියට නෙරා ආ ගල් ඇන්දත් නිසා මෙ නම භාවිතාවන බව පැවසේ. ඉන් පසු තවත් ඓතිහාසික වශයෙන් වැදගත් ස්ථාන විශාල සංඛ්‍යාවක් ඔබ පසු කරමින් පැමිණෙන අතර කොඩිය එළි ගජමන්සල දියබෙත්ම (කළුගඟ ආරම්භක ස්ථානය) සෙවලගල වැනි ස්ථාන, විශේෂිතය.
ඉන් පසු ඔබ පිවිසෙන්නේ ගෙත්තම්පානටය. අනෙකුත් මාර්ගවලද ගෙත්තම් පානවල් දක්නට ඇතත් ඓතිහාසික වටිනාකමින් අනූන වූ ඉතා නිවැරැදි වූ ගෙත්තම්පාන හමුවන්නේ මෙම රත්නපුර පලාබද්දල මාර්ගයේදීය.අතීතයේ අසන්නට ලැබෙන ජන කථා වලට හරියටම සැසදෙන ස්ථානය මෙයයි. අප මහා කාරුණිකයාණෝ තම ඉරීගිය සිවුර ගෙත්තමින් පිළිසකර කර ගත් මෙම ස්ථානය වන්දනාකරුවන්ගේ නොමද ගෞරවයට බඳුන් වෙයි. ගෙත්තම්පාන ලෙස ඉතා නිවැරැදිවු ඓතිහාසික ස්ථානය මෙයයි.
ඉන් පසු ධර්මරාජ ගලේ ගල් පඩි නගිමින්ම ඔබට ඉහළට කරුණාකළ හැකිය. අඳුර ගලා එන බැවින් යම් ආහාරයක් ගෙන විදුලිපන්දම් අතට ගත යුතු මොහොත එළැඹෙන අතර ඔබගේ ඊළඟ නැවතුම වන සීත ගඟුල දක්වා යා යුතු මාර්ගය ඉන් පසු ඉදිරියට ඇත.
සීත ගඟුලේදී ඔබට නා පිරිසුදු වී පඬුරු ගැට ගසා ඉදිරිගමන ආරම්භ කළ හැකිය. සිරිපා කරුණා කරන ප්‍රධාන මාර්ග තුනෙහිම ශීත ගඟුල් හමුවීම විශේෂයකි. රාත්රියේදී මෙහි ඉතා තද ශීතලක් ගෙන දෙන අතර දිවා කාලයේදී එතරම්ම සීත ගුණයක් දක්වන්නේ නැත. ඉන් පසු ඔබගෙන් ඊළඟ ඉලක්කය වන්නේ හැර මිටි පාන නම් වූ ස්ථානය බලා ගමන් ඇරැඹීම යි.
හැරමිටිපාන නම් වූ ස්ථානය විශාල ප්‍රදේශයක් පුරා පැතිරී ඇති ස්ථානයක් වන අතර විශාල පරිමාණයේ අම්බලම් හා ලැගුම් හල් වලින් අඩුවක් නොමැත. මෙම ස්ථානයට මුදුන් මළුව ඉතා ශෝභමානව දිස් වෙයි.
මෙහිදී දක්නට ඇති තවත් සුවිශේෂී දෙයක් වෙයි. කුරුවිට එරත්න මාර්ගයත් රත්නපුර මාර්ගයත් එකිනෙකට සම්බන්ධවන ස්ථානයද ඇත්තේ හැරමිටිපානට මදක් පහළින් වීම එම විශේෂයයි. ඉන් පසු ගලවංගෙඩිය ද මකර තොරණ ද පසු කරමින් මෑල්ල මල කඳුර වෙත පැමිණේ. ඉන් පසු ආඩියාමලාතැන්නෙන් (අතීතයේදි මේ ශි‍්‍රපාද ස්ථානය භාරව සිටි ආඩිගුරුන් කෙනෙකු සිහිවීම පිණිස මෙම නම භාවිතා කරන බව සඳහන් ය) පසුව ඔබ පිවිසෙන්නේ අහස්ගව්ව වෙතයි. ඉන් පසු ඔබ පිවිසෙන්නේ ගමනේ අති දුෂ්කර වූ කොටසට ය. එය නම් මහගිරිදඹ ය. එහි ඇති මුල කොටස කුඩා ගිරි දඹය වන අතර දෙවැනි කොටස මහගිරි දඹය වේ. කුඩා ගිරි දඹය පසු කරන විට ඔබට දක්නට ඇත්තේ ඇහැළ කණුව නම් ස්ථානයයි. මෙය අතීතයේදී වන්දනා කරුවන් පන්සිල් සමාදන් වී සුදු පිරුවට හැඳ වන්දනා කිරීමට සැරසෙන ස්ථානයයි. මෙහි ඇති කවි සුදුහුනු පිරියම් කරමින් යම් යම් ප්‍රාර්ථනා කරමින් අධිෂ්ඨාන කරන ස්ථානයන් ලෙසද හැඳින්විය හැක.
ඔබ පැමිණ සිටින්නේ ගමනේ අවසන් කඩ ඉම පසු කිරීමටය. ගිරි දඹය පසු කරමින් පහත මාලයට පැමිණෙන ඔබ විඩා නිවා ගනිමින් ඉහළට ගමන් කළ හැකිය. අවාරයේ නිසා ඔබට වාරයේදී මෙන් කිසිඳු පහසුකමක් නො දැනේ . නමුත් වාරයේ දක්නට ලැබෙන තදබදය හෝ ජනාකීර්ණ බව මොනයම් අයුරින්වත් මේ අවස්ථාවේ දී දක්නට නැත.අවාරයේ දී සිරිපා සටහන සහිත මුදුන් මළුව ආරක්ෂාකරන මුරකරුවන් ඔබට මුණ ගැසිය හැකි වන අතර ඔවුන්ගේ අධීක්ෂණය යටතේ ඔබට යම් වන්දනා කටයුතු කිරීමට හැකි ය.
අවාරයේ පැමිණෙන වන්දනාකරුවන් මෙන්ම විදේශීය සංචාකරයන්ද ඔබට දැක ගත හැකිය. ඔබ පැමිණ මුලින්ම එළියේ සිට සිරිපා සටහන දෙසට නමස්කාර කළ යුතු වන අතර සමන් දේවාලය අසලට පැමිණ උන්වහන්සේගේ ආශිර්වාදය ද ලබා ගත හැක.
අවාරයේ සිරිපා කරුණා කිරීම ඔබගේ දිවියට එක්කරන අපූරු මතක සටහන් රසවිදින ලෙස ඉල්ලා සිටිමි. විශේෂයෙන් ඔබ අවාරයේ මළුවට පැමිණ ඉතා සංවර ලෙස හැසිරිය යුතු වන අතර ආරක්ෂකයන්ට කරදරයක් නො වන අයුරින් සිටීමට වග බලා ගත යුතුය. හිමිදිරියේ ඔබට කිසිම තෙරපීමක් නොමැතිව ඉර සේවයද බලා ගත හැකිය.
නමුත් මතක තබා ගත යුතු වන වැදගත්ම දෙය වන්නේ ඔබ පැමිණෙන්නේ සිරිපා කරුණා කිරීමට බව ය. අනෙකුත් කරුණු එයට පරිබාහිර වූයෙකි. මෙම නවමු අත්දැකීමෙන් ඔබේ ජීවිතයට සදානුස්මරණීය සතුටක් ළඟා කර ගත හැකිය.
සම්පත් ගුණතිලක
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම් like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya
අබිරහස් අඩවිය - Abirahas Adawiya
සීගිරියේ රන්මුවා සෝපානය සොරකම් කර එංගලන්තයට පැටවූ නැව මුහුදු බත්...(අබිරහස් අඩවිය - Abirahas Adawiya - rakwana hakgala rooms rawana)
මෙවර අපි රාවණා යුගයේ තිබු නිදන් වස්තූන් පිළිබඳ අවධානය යොමු කරමු. එදා මෙරට රත්තරන්, රිදී, යකඩ බහුලව පැවති අතර රත්තරන් නිෂ්පාදනය කිරිමට තරම් හෙළයෝ දක්ෂ වූහ. එදවස පැවති රත්තරන් බොහෝ වස්තූන් නිධන් කර ඇති බවත්, ඒවා නිධන් කර ඇති ස්ථාන පිළිබඳ සටහන් තබා ඇති පුස්කොළ පොත් කිහිපයක් එංගලන්තයට රැගෙන ගොස් ඇත. ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතා පවසන ආකාරයට ශ්‍රි ලංකාවේ නිදන් වස්තුන් පිළිබඳ ඇස ගසා ගෙන සිටින්නේ මෙරට නිදන් හොරුන් පමණක් නොවේ. එක්සත් රාජධානියේ මෙන්ම එක්සත් ජනපදයේ ද කිසියම් පිරිසකි. ඒ බව ඔහුට දැන ගැනිමට ලැබි තියෙන්නේ යුරෝපිය ජාතිකයන් ගෙන් බවත් සඳහන් කරයි. තවදුරටත් ඔහු මෙසේද පවසයි.
යටත් විජිත යුගයේ ශ්‍රී ලංකාවේ සේවය කළ හියු නෙවිල් නැමති සිවිල් නිලධාරියා අපේ රටේ අගනා පුස්කොළ ග්රන්ථ රැසක් එංගලන්තයට රැගෙන ගියේ මේ රටට ඇති ආදරය නිසා නොවේ. එම පොත් පත් තුළින් රටේ යථා තත්ත්වය හාරා අවුස්සා බැලීමට ය. 1862 වසරේ දී හියූ ශ්‍රී ලංකාවෙන් ගෙන ගිය එම පොත් පත් තොගය අදටත් එංගලන්තයේ බ්ලැක්ෆයර් වීදියේ කෞතුකාගාරයේ නිරුපද්‍රිතව තිබෙනවා. එක්සත් රාජධානියේ වෙසෙන වස්තූලෝභීන් එම පොත් පත් කියවා, එහි වාසය කරන සිය ඥාති මිත්රාදින්ට ඒවායේ ජායාරූප පිටපත් ලබා දී ඇති අතර, විවිධ රාජ්‍ය නොවන සංවිධාන හරහා ඔවුන් ලංකාවට පැමිණෙන්නේ අපට උදව් කිරීමේ මුවාවෙන් ඒවා රැගෙන යාමටයි.”
එවැනි යුරෝපීය ජාතිකයින් කිහිප දෙනෙකුම ආචාර්ය ඔබේසේකරයන්ට හමු වී ඇත්තේ වරක් දෙවරක් නොවේ. විවිධ සමිති සංවිධාන හරහා ලක්දිවට පැමිණි ඔවුන් ගෙන් කිහිප දෙනෙක් රාවණා ඉතිහාසය දැන ගැනීමට ඔහු හමු වී ඇත. ලංකාවේ පුස්කොළ පොත් ඇතුළු ලියකියවිලි රැගෙන ගොස් ඇත්තේ හියූ නෙවිල් පමණක් නොවේ. යුරෝපීය වැවිලිකරුවන්, රජයේ සේවකයන් ද ඒ අතරේ සිටිනවා. පුස්කොළ පොත් පමණක් නොව රන්පත්, රිදීපත්, තඹපත් වල ලියැවුණු වටිනා පොත්පත් රැසක් ද ඒ අතරේ පවතිනවා.
රාවණා යුගයේ නිදන් වස්තූන් සහ ශ්‍රී ලංකාවේ ප්රාග් ඉතිහාස ගත තොරතුරු රැසක් රාවණා ග්රන්ථයට ද ඇතුළත් කර තිබෙන බව සඳහන් වේ. ආචාර්ය මිරැන්ඩෝ කියවා ඇති පුවතකට අනුව සීගිරියද නිදන් වස්තූන් පිරි පෞරාණික ස්ථානයක් වන අතර, සීගිරි ගල මුදුනට නැගීමට එකළ රන්මුවා සෝපානයක් තිබී ඇත. හිටපු පුරාවිද්‍යා කොමසාරිස්වරයෙකු වූ එච්.සී.පී බෙල් විසින් එම රන්මුවා සෝපානය කැබලිවලට කපා එංගලන්තයට ගෙන යාම පිණිස නැව්ගත කර තිබේ. එම නෞකාව කිරින්දේ දී මුහුදුබත් වී තිබේ. එය කිසියම් අදෘශ්‍යමාන බලවේගයකින් සිදු වුවා දැයි නොතේරේ.
නිදන් වදුල නමින් ලේඛනයක් ගැන සඳහන් වේ. රජයට අයත් වස්තුව මෙන්ම පෞද්ගලික වස්තුව නිදන් ගත කළ ලේඛනය නිදන් වදුල නමින් හැඳින්විණි. මෙම නිදන් වදුල හෙවත් ලේඛන වල සාවද්‍ය නිදන් වදුලූ ද තිබෙන අතර, ඒ ආකාරයෙන් සාවද්‍ය නිදන් වදුලූ ඇත්තේ සැබෑ නිදන් වදුල ආරක්ෂා කර ගැනිමට ය. ප්රාග් ඓතිහාසික යුගයේ සිට මෑතක් වන තුරු පැවති චාරිත්‍රයක් වනුයේ දීර්ඝ කාලීන තැන්පත් වස්තුව ගල් කඳු වලත්, කෙටි කාලීන පරිභෝජනය සඳහා තැන්පත් කළ වස්තුව පොළොවෙත් තැන්පත් කර ඇති බවකි. ඒ අනුව ඈත අතීතයේ අපේ රටේ බැංකු සේවයක් තිබී ඇති අතර, ඒවාද වර්තමානයේ නිධාන ගණයට අයත් වේ. ඉපැරණි පුස්කොළ ග්රන්ථයන්හි සමනල, හක්ගල, බමරගල සහ තලගල වැනි කඳු වල රාවණ යුගයේ නිදන් වස්තු රැසක් තැන්පත් කර ඇති බැව් සඳහන් වේ.
රාවණා රජුගේ මහා නිදන් හතර ගැන සඳහන් වන පුස්කොළ ග්රන්ථයෙහි සඳහන් වන ආකාරයට ඉහත සඳහන් කළ කඳු වල ඇතුන් දස දෙනෙක් බර නිදන් වස්තු ඇති බවත්, ඒවා ලබා ගැනීමට බිලි පුද නොකළ යුතු බවත්, රාවණ පරපුරෙන් පැවත එන දැහැමි පුද්ගලයෙක් එම ස්ථානයට ගොස් කන්නලව් කළ විට ලැබෙන බවත් සඳහන් වේ. එහි වැඩිදුරටත් මෙසේ ද සඳහන් වන බව ආචාර්ය ඔබේසේකරයෝ පවසති. එනම් මෙම වස්තුව ලබා ගැනීමට හිමිකම් නැති අහිමි කෙනෙක් එහි ගොස් ගල කඩා දමා වස්තුව ලබා ගැනීමට උත්සාහ කළ හොත්, එම පුද්ගලයා නිසැකවම මිය යන බවත් එහි වැඩිදුරටත් උපදෙස් දී ඇත.
නිදන් කවි පුස්කොළ ග්රන්ථයෙහි සඳහන් වන ආකාරයට සබරගමුවට අයත් රක්වාන කඳුවැටියේ පසිංගල් මැණික් නිධානයක් ඇති බවත්, එහි හිමිකරුවා මුහුදෙන් එතෙර සිට පැමිණෙන යක්ෂ ගෝත්‍රිකයෙක් බවත් සඳහන් වේ. තවදුරටත් එහි මෙසේ ද දැක්වේ. ඕමාරාගොල්ල කන්දේ රාවණ රජුගේ අවි ගබඩාවක් තිබුණු බවත්, බණ්ඩාරවෙල නමුණුකුල කන්දේ යගදාව නිධන් කර ඇති බවත් සඳහන් වේ.
කෙසේ වෙතත්, මෙම නිධන් වස්තූන් ගත යුතු ක්‍රම හා විධි එම ග්‍රන්ථයේ සඳහන් කර ඇත. එහෙත් නිධන් හොරුන් ගෙන් එම ජාතික වස්තුව ආරක්ෂා කර ගත යුතු බැවින් ඒ පිළිබඳව කිසිවක් පවසන්නේ නැති බවත්, ආචාර්ය ඔබේසේකරයෝ පවසති.
අප ගත කරමින් සිටින්නේ උමං මාර්ග ගැන කතිකාවතක් නිර්මාණය වෙමින් පවතින කාලයකය. මහනුවර නගරයේ වාහන තදබදය අඩු කිරිම සඳහා සුදුහුම්පොළ සිට තැන්නේකුඹුර දක්වා උමං මාර්ගයක් සාදන බවට වත්මන් රජය යෝජනා කර තිබේ. මේ වන විටත් බොහෝ නගර වල පදික උමං මාර්ග දක්නට ලැබේ. එහෙත් ලෝකයට උමං මාර්ග ගැන පළමුව හඳුන්වා දුන්නේ රාවණා රජතුමා ගේ කාලයේදී බව පුරාණ ලේඛන වල සඳහන් වේ. එදා ඉතා දියුණු උමං මාර්ග පද්ධතියක් ශ්‍රී ලංකාවේ පැවතිණි.
රාවණ කතා පුස්කොළ ග්රන්ථයෙහි සඳහන් වන ආකාරයට එදා උමං මාර්ග භාවිත කර ඇත්තේ ඉතා ඉක්මනින් ආරක්ෂා සහිතව ගමන් කිරිම සඳහා ය. බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් වන්නේ උමං මාර්ග සෑදීමේදී කළුගල් විදගෙන යාමට තරම් දියුණු තාක්ෂණයක් එදා තිබුණු බවට සාක්ෂි සොයා ගත නොහැකි වීමයි. එහෙත් මෑත අතීතයේ රජවරුන්ගේ පාලන කාලයේද උමං මාර්ග පැවති බවත්, එය රජවරුන් ගේ ආරක්ෂාව සඳහා පමණක් භාවිතා කර ඇති බවත් සමහර ප්‍රදේශ වලින් හමුවන වැසී ගොස් ඇති උමං කටවල් අධ්‍යයනයේදී පැහැදිළි වේ. ශ්‍රී වික්‍රම රාජසිංහ සමයේ කිරිමුහුදට ද උමං මාර්ගයක් තිබී ඇත. වීදියේ බණ්ඩාර කුමාරයා නිදහස් කර ගෙන ගොස් ඇත්තේ ද, උමං මාර්ගයක් භාවිත කරමිනි.
රාවණා යුගයේදී උමං මාර්ග සෑදිමේ තාක්ෂණය කෙසේ නම් වන්නට ඇතිදැයි සොයා බැලීම වැදගත් යැයි සිතේ. එකළ ඖෂධ බෙහෙත් බලයෙන් කළුගල් උණු කිරීමේ තාක්ෂණයක් පැවති බව ආචාර්ය ඔබේසේකරන්ගේ අදහසයි. එය යක්ෂ ගෝත්‍රිකයන් සතුව පැවති ඒකාධිකාරියකි. කළු ගලක් පාන් ගෙඩියක් මෙන් මුදු මොළොක් තත්ත්වයට පත් කරවන බෙහෙත් වර්ගයක් රාවණ යුගයේ යක්ෂ ගෝත්‍රිකයන් සතුව පැවතුණි. විශාල ගල් කඳු වල කුහර සාදමින් දර්ශනීය ලෙස උමං මාර්ග තැනුහ.
ඒ අනුව මෙරට උසම කන්ද වන නුවරඑළියේ තලගල කන්දේ සිට නුවරඑළියේ කිකිළියමාන කන්ද දක්වාත්, එහි සිට වැලිමඩ ඌව පරණගම ස්ත්රීපුර කන්ද දක්වාත්, එහි සිට නුවරඑළියේ හක්ගලට ද උමං මාර්ග තිබී ඇත. වර්තමාන හග්ගල උද්භිද උද්‍යානය ඈත අතීතයේ රාවණ රජතුමා ගේ ඖෂධ උයන වශයෙන් පැවති බව පුරාණ තල්පත් වල ලියවී ඇත. රාවණ රජතුමා ගේ අන්තඃපුරය ඌව පරණගම ස්ත්රීපුර කන්දේ පිහිටා තිබූ අතර, එහි නවතා සිටි සීතා දේවියට කුෂ්ඨ රෝගයක් වැළඳීමෙන් පසු හිරු එළිය ලබා ගැනීම පිණිස නුවරඑළිය හග්ගලට ඇය රැගෙන පැමිණ තිබෙන්නේ ඌව පරණගම උමං මාර්ගය ඔස්සේ ය. සීතා දේවිය සිහිවීම පිණිස එහි දර්ශනීය කෝවිලක් සාදා ඇත. ඌව පරණගම සිට මහියංගණය දක්වා ද, මහියංගණයේ සිට ලග්ගල දක්වාත් රහසිගත උමං මාර්ගයක් පැවතියේ ය. මෙම උමං මාර්ගයේ මිනිසුන් හත් දෙනෙකුට එකපෙළට ගමන් කිරිමටත් හැකි වන අයුරින් පුළුල් ආකාරයෙන් නිමවා තිබුණි.
නුවරඑළිය ප්‍රදේශයේ පමණක් නොව ලංකාවේ බොහෝ ප්‍රදේශවල උමං මාර්ග පැවති අතර, ඉන් තවත් වැදගත් උමං මාර්ග පද්ධතියක් සීගිරිය දක්වාත් තිබී ඇත. මාතලේ දිස්ත්‍රික්කයේ සීගිරිය ද උමං මාර්ග මධ්‍යස්ථානයක් ලෙස භාවිත කර ඇති බව රාවණ කතා ග්‍රන්ථයේ සඳහන් වේ. හුලංගමුව ඇමිල්ල විහාර කන්දේ සිට සීගිරිය දක්වා තිබෙන උමං මාර්ගය දැනට ගරා වැටී ඇති ප්‍රකට උමං මාර්ගයකි. එම උමං මාර්ගය එක් පැරණි වලව්වක ඉඩමෙන් මතු වී තිබෙන අතර, එම ඉඩමේ අයිතිකරුවන් විසින් එය වසා දමා ඇත. එදා සීගිරියේ සිට මුළු ලක්දිවම පාලනය කළ බව සඳහන් වේ. මේ නිසා උමං මාර්ග පද්ධතියේ කේන්ද්‍රස්ථානය එහි පිහිටා තිබේ. උමං මාර්ග බොහොමයක් අද ගරා වැටි ඇත්තේ මහවැලි යෝජනා ක්‍රමය යටතේ බිහිවුණු කොත්මලේ, වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ ජලාශ වලින් කාන්දු වන ජලය නිසා බවත්, එය රාවණා රජතුමාටවත් වැළැක්විය නොහැකි බාධාවක් බවත් ආචාර්ය ඔබේසේකරයන් ගේ අදහසයි. 1977න් පසු ශ්‍රී ලංකාවේ හදිසි නාය යෑම් රැසකින් උඩරට බොහෝ ගම්බිම් විනාශ වුණි. දැනටත් එය සිදු වෙමින් පවතී. එයට ප්‍රධාන හේතුව මෙම ජලාශ වල ජලය උමං තුළට කාන්දු වීම හැර වෙනත් කිසිදු හේතුවක් නිසා නොවන බව ඔහු වැඩිදුරටත් පවසයි.
භූ විද්‍යාඥයින්ගේ මතය අනුවත් මාතලේ හරහා උමං ගංගා මාර්ගයක් පවතින බවය. ඉංග්‍රීසි ජාතික ඉංජිනේරුවරු එදා උමං ගංඟාවක් ලෙස විශ්වාස කළේ රාවණ යුගයේ පැවති ජල මාර්ගයක් විය හැකි බව දොස්තර ශ්‍රී වාස්තව මහතා ප්‍රකාශ කර ඇති බව ආචාර්ය ඔබේසේකරයෝ පවසති. එපමණක් ද නොව සීගිරිය පර්වතය යටින් ලග්ගල දක්වා තවත් උමං මාර්ගයක් ඇති බැව් තවත් වියත් මතයකි. ලග්ගල බොහෝ දෙනකුගේ අදහස වනුයේ සීගිරියේ සිට ලකේ ගලට උමං මාර්ගයක් ඇති බවය. රාවණ රජතුමාගේ පමණක් නොව ධාතුසේන රජතුමාගේ අන්තඃපුරයද සීගිරියේ පිහිටා තිබුණු බව විද්වතුන් ගේ අදහසයි.
මතු සම්බන්ධයි.
සිසිර කුමාර බණ්ඩාර
අබිරහස් අඩවිය - Abirahas Adawiya
Friday, June 9, 2017
මන්තර බලෙන් අලි මෙල්ල කරන්න කියලා දුන්නේ තාත්තා – අලි මෙල්ල කරන දුව කියයි (අබිරහස් අඩවිය - Abirahas Adawiya - ශාස්ත්‍රීය ළිපි ali manthara)
දරුවෝ පුදුමාකාරය. ඔවුහු කුඩා කාලයේ සිටම විවිධ දක්ෂතා පෙන්වති. ඇතැම් දරුවන් කුඩා කාලයේ සිටම බියගුලූ ය.
නිතර දෙවේලේ ගෙදර බිත්තියේ දකින හූනාගේ කැරපොත්තා ගේ සිට විවිධ සතුන්ට බියක් දක්වන දරුවන් අතර කැලේ සද්දන්තයාට බිය නැති, දියණියක පිළිබඳ පසුගිය දිනවල විවිධ තොරතුරු පළ වූයේ ය.
මේ කැලේ සිට ඉදිරියට පැමිණි සද්දන්තයකු මන්ත්‍ර බලයෙන් මෙල්ල කර යළිත් කැලයටම යෑමට සැලැස්වූ දියණිය සොයා ඉකුත් දිනෙක මංජුල ඇතුගල මාධ්‍ය සඟයා කතරගම ගියේ ය.
ඇය යුතාරා දිල්සරි. වයස අවුරුදු නවයයි. කතරගම ශෂින්ද්‍ර රාජපක්ෂ විද්‍යාලයේ හතර වැනි ශේණියේ ඉගෙනුම ලබන්නීය. යුතාරා තමන් කළ හපන්කම පිළිබඳව අප හා මෙසේ දොඩමළු වූවා ය.
”මගෙ තාත්තා කැලේ යනකොට අලියෝ ඉස්සරහට හමුවුණාම මන්තර මතුරනවා මං දැකලා තියෙනවා. තාත්තා මන්තර මතුරද්දී අලියෝ හැරිලා කැලේ පැත්තටම යනවා. ඒක දැක්කම මටත් හිතුණා මමත් තාත්තා වගේ මන්තර ඉගෙන ගන්න ඕනෑ කියා. මං තාත්තට කිව්වා මටත් උගන්නන්න කියලා. ඊට පස්සේ තමයි තාත්තා මට ඔය මන්තරය කියලා දුන්නේ. එදා අපි ඒ කියන්නේ තාත්තයි, මල්ලියි ළහිරු අයියයි, රන් අයියයි තාත්තගේ ජීප් එකේ යනකොට තමයි අලියා ඉස්සරහට හමුවුණේ. මම තාත්තගෙන් ඇහුවා මං මතුරන්න ද කියලා. තාත්තා හා කිව්වා. මං මැතුරුවා. අලියා ටික ටික ආපහු හැරිලා යන්න ගියා.”
යුතාරා පවසන්නේ සතුටිනි.
යුතාරා දියණිය අලියා මෙල්ල කර යළිත් කැලයට ම යාමට ඉඩ සැලසූ බව ඇසූ දුටු සැවොම ඉන් පසුව යුතාරාගෙන් විවිධ දේ අසන්නට වූහ.
”ඉස්කෝලේ ගියාම, පාරෙදි හැමෝම මගෙන් අහනවා අලියා දැක්කම බය හිතුණේ නැද්ද කියලා. මං කිව්වා නැහැ කියලා. තව අය අහනවා කියපු මන්තරය මොකක්ද කියලා. මං ආයෙත් අලින්ට මතුරන්න යනවද කියලත් අහනවා.”
යුතාරා දියණිය සුරතල් ලෙස උත්තර දෙන්නීය.
යුතාරා දියණියගේ පියා දිනෙක සිල්වා ය. ඔවුන් පදිංචි කතරගම නගරයේ ය. සිය දියණියගේ දස්කම් විස්කම් දකින පියාගේ දෙනෙතේ ඇත්තේ සතුටු කඳුළකි. ඔහුට ස්ථිර රැුකියාවක් නැති නමුදු ඔහුගේ ආදායම් මාර්ගය වී ඇත්තේ කතරගම සිට කැබිලිත්ත දේවාලයට බැතිමතුන් ප්‍රවාහනය කිරීම ය. රූස්ස වනයේ සතා සිවුපාවා නැතැයි සිතිය නොහැක. කැබිලිත්තට යන අතරමඟදී හමුවන සතා සිවුපාවා සද්ධන්තයා මඟ හැර මෙල්ල කරගෙන ගමන ගොස් ඒමට දිනෙකට හුරුපුරුදු ය. ඔහුට ඇති ආරක්ෂාව මෙන් ම ඔහු සතු වටිනා දෑ වන්නේ සිය මාමණ්ඩියගෙන් උරුම වූ මන්ත්‍ර හා තාලන් ය.
ඔහු පවසන ආකාරයට අලි ඇත්තුන්ට පමණක් නොව වලස්සුන්ට, කුළු හරක්ට හා සර්පයින්ට ද මන්තර ඇත්තේ ය.
”අපි කැබිලිත්තේ යද්දී නොයෙක් සත්තු හමුවෙනවා. මගෙ බිරියගේ පියා මිය ගිහිල්ලා මේ වනවිට මාස කිහිපයක් වෙනවා. නමුත් ඔහු ජීවත්ව සිටියදී මට මන්තර ඉගැන්නුවා. කැලේ ඉන්න තනි අලියට මන්තර මැතුරුවත් අලි රංචුවක් ඉන්න විට මතුරන්න එපා කියලා තමයි තාත්තා කියලා දීලා තියෙන්නේ. ඒකට හේතුව ඒ අලි රංචුවේ පැටව් ඉන්න අලි ඇතින්නියෝ හිටියොත් දරුණු විදිහට කිරි එරෙනවා කියලා කියනවා. සමහර මන්තර තියෙනවා ගිනි මැලේට මතුරලා අපිට ඉතාම නිරුපද්‍රිතව කැලේ රැුය ගත කරන්න පුළුවන්. මට එහෙම අත්දැකීම් තියෙනවා. දවසක් මම වෛද්‍යවරුන් හතර දෙනෙකු සමඟ යාල කැලේ ගියා.
අතරමඟදී අපේ වාහනයේ කාර්මික දෝෂයක් ඇති වුණා. අපි මඟ නතර වෙලා වාහනේ රෝද හදන්න ගත්තා. ඒ වෙලාවේ වෛද්‍යවරුන් හතර දෙනා බිම වාඩිවෙලා හිටියේ. එක පාරටම මහා සද්දයක් ඇහුණා. වෛද්‍යවරුන් හතර දෙනා දුවන්න ගත්තා. ඒ වෙලාවේ තමයි මං දැක්කේ පලූ ගහක හිටපු තඩි වලහෙක් වාහනේ බොනට් එකට පැන්නා කියලා. හැමෝම බයවෙලා දිව්වා. මම වලහට මැතුරුවා. වලහා ගහකට නැග්ගා.”දිනෙක පවසන්නේ හිනැහෙමිනි. මහ කැලය අරක් ගත් සතා සිවුපාවුන් පිළිබඳව ඔහුට හොඳ දැනුමක් අවබෝධයක් ඇත්තේ ය. එසේ ම ඒ දන්නා කියන මන්තර ටික ද ඔහුගේ රැුකියාවට බොහෝ පිහිටක් බව ද ඔහු පවසන්නේ ය.
”මම දන්නේ නැහැ දුව මොනවා කරාවිද කියලා ලොකු වෙලා. ඒත් එයා මේ මන්තර ඉගෙන ගන්න කැමැති නම් මං කැමැතියි එයාට මං දන්න හැමදේම උගන්නන්න. මං දන්න විදිහට නම් මීට පෙර ලංකාවේ කුඩා ළමයි කවුරුවත් මෙහෙම දෙයක් කරලා නැහැ. නමුත් මගෙ දුව බය නැතිව ඒ දේ කළා. මට ඇත්තටම මගෙ දුව ගැන, එයාගේ එඩිතරකම ගැන ආඩම්බරයි.” දිනෙක පැවසුවේ සිය දියණිය තුරුලට ගනිමිනි.
”මම දන්නේ නැහැ දුව මොනවා කරාවිද කියලා ලොකු වෙලා. ඒත් එයා මේ මන්තර ඉගෙන ගන්න කැමැති නම් මං කැමැතියි එයාට මං දන්න හැමදේම උගන්නන්න. මං දන්න විදිහට නම් මීට පෙර ලංකාවේ කුඩා ළමයි කවුරුවත් මෙහෙම දෙයක් කරලා නැහැ. නමුත් මගෙ දුව බය නැතිව ඒ දේ කළා. මට ඇත්තටම මගෙ දුව ගැන, එයාගේ එඩිතරකම ගැන ආඩම්බරයි.” දිනෙක පැවසුවේ සිය දියණිය තුරුලට ගනිමිනි.
ඉනෝකා සමරවික්‍රම
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම් like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya
අබිරහස් අඩවිය - Abirahas Adawiya
Subscribe to:
Posts (Atom)