ශ්‍රී ලංකාවේ ඒ ඒ ප්‍රදේශයන්හි ජනතාවගේ ජීවිතයේ ලෞකික අවශ්‍යතා පූරණය කරනු පිණිස ඔවුන් තුළින් සංවිධානය වූ සංස්කෘතිකාංග රාශියක් තිබේ. එම වත් පිළිවෙත් වලින් ආගමික භක්තිය පෙරදැරි කරගෙන බුදුරජාණන් වහන්සේ එහි අග්‍ර ස්ථානයෙහි වඩා හිදුවා උන්වහන්සේ ගේ ගුණ, බලය දක්වා පුද්ගල ජීවිත වලට වන්නේ යැයි ගැමියන් විශ්වාස කරන යම් යම් අදෘශ්‍යමාන බලවේග සමනය කර ගැනීමට ගැමි බෞද්ධයෝ පුරුදුව සිටින්නාහ.
බුදුන්වහන්සේගේ මෙම බලය කවරාකාර හෝ දේව, යක්ෂ, භූත, පිසාච, කුම්භාණ්ඩයෙකුගේ හෝ බලය අභිබවා යන්නාසේම ඔවුහු එම බුද්ධ බලයට යටත් වන්නාහ. මේ තත්වය පදනම් කරගෙන ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල පවත්වන දේව ශාන්ති කර්ම, ග්‍රහ ශාන්ති කර්ම හා යක් තොවිල් රාශියකි. එයින් එකම අපේක්ෂාව පූරණය පිණිස පවත්වන එහෙත් දිවයිනේ ඒ ඒ ප්‍රදේශයන්හි විවිධ සංඥානාමවලින් හදුන්වන ශාන්ති කර්ම රාශියක් තිබේ. ලංකාවේ සෑම ප්‍රදේශයකම පාහේ ජනතාව අතර අණවින, කොඩිවින, හදි හූනියම් අංගම්, පිල්ලි, ඇස්වහ, කටවහ හෝ වහ වැනි අතුරු අන්ත්‍රාවන් කෙරෙහි ගුඪ හැගීම් මිශ්‍ර ආකල්ප පවතී. ඇතැමෙක් මේවා තුළින් තමන්ට කිසියම් නරකක් , නපුරක්, අනතුරක්, ලෙඩක්, දුකක්, ඇති වෙතැයි විශ්වාස කරන අතර ඇතැමෙක් ඒ එසේ නොසලකති. තත්වය කෙසේ වුවත් උක්ත කරදර වලින් අත්මිදීම සඳහා ඔවුහු නොයෙකුත් උපක්‍රම විවිධ සෙත් ශාන්ති පවත්වති.

එම ශාන්ති කර්මයේදී ප්‍රධානම දෙවියන් ලෙස සැලකෙන්නේ පත්තිනි දේවියයි.ගජබා රජ සමය දක්වා දීර්ඝ ඉතිහාසයක් ඇති පත්තිනි දේවියට දේවත්ව ආරෝපණය කර වැදුම් පිදුම් ආරම්භ කරන ලද්දේ කෝට්ටේ යුගයේදී බව කියැවේ. මෙසේ පූජාවට ලක්වන පත්තිනි දේවිය වෙනුවෙන් දෙවොල් මඩුවේ විශේෂ සැරසිල්ලක්ද තිබේ. එනම් දෝතලු , පුවක්, තල්, පොල්, ඉදිවලු එල්ලා රඹකැන්, අන්නාසි, අඹ, වැනි පලතුරු වලින් අලංකාර කරන ප්‍රධාන තොරණ පත්තිනි දේවිය සඳහා වෙන් වෙයි. තොරණ මුදුනේ ඉර හඳ මැද පත්තිනි දේවියගේ රූපයද සිවු කොනට සතර වරම් දෙවිවරුද, දොරටු වල බහිරව රූප ද සිතුවම් කරයි. තොරණ ඉදිරියේ දෙවොල් දෙවියන්ට ඉදිකළ තොරණකි. දෙවොල් දෙවියන්ද මෙම ශාන්ති කර්ම යේදී ප්‍රධාන ස්ථානයක් හිමිකැර ගනී . ගමට සෙත් පතා පවත්වනු ලබන හෙයින්” ගම්මඩුව “ නමින්ද නිවසට සෙත්පතා කරන හෙයින්”දෙවොල් මඩු” නමින්ද දේවාලයේ පවත්වනු හෙයින් “දේවාල මඩුව“ නමින් ද හඳුන්වනු ලබන මේ ශාන්ති කර්මයේ ඉතිහාස කථාව ඉතා රසවත් එකකි.

රජුගේ අණ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ ඇමති මණ්ඩලය අවසානයේදී ගෝනා මරා දැමීමට රජු සමග වනාන්තරයට යාමට තීරණය කළේය. රජු සමග වනාන්තරයට ගිය ඇමතිවරු ගෝනා ගමන් කරන මාර්ගයේ ප්‍රධාන ස්ථානයේ රජතුමා සිටුවා ඇමතිවරු වනාන්තරය වැටලූහ. ඇමතිවරු කැලය වටලා ගෝනා සොයමින් සිටින විටම රජු සිටින ස්ථානයෙන් ගෝනා දුවවිත් පැන ගියේය. එවිටම රජු ඊ පහරක්
ගෝනාට විද්දේය.
නමුත් එම ඊ පහර ගෝනාට වැදුනේ නැත. මෙයින් කෝපයට පත් රජු ගෝනා ලුහුබැඳ ගියේය. ගෝනා දිවවිත් රජ මාලිගාව දොරකඩ අසල ඇද වැටුනේ මරණාසන්න මොහොතේ සිටි ගෝනාට රජු කෙරෙහි දැඩි වෛරයක් ඇතිවිය. වෛරයෙන් පසු වූ ගෝනා රජ මාලිගාව දොරකඩ අසලම මිය ගියේය. එසේ මිය ගිය ගෝනා පසු කලෙක රජු ගේ මානෙල් මල් පොකුණේ මානෙල් මල් මලක මැඩියෙකු වී ඉපදුණේය.
ගෝනා කෙරෙහි වෛරයෙන් පසු වී රජු ඉන්පසු කාලය ගත කළේ මහත් අසහනයෙහි. දිනක් උයන් සිරි නරඹා මානෙල් මල් පොකුණ ලගට පැමිණි රජතුමාට පොකුණට බැස ස්නානය කිරීමට සිත් විය. පොකුණට බැස ස්නානය කරමින් සිටි රජුට වෙනදාට වඩා ලස්සන මානෙල් මලක් පිපී තිබෙන අයුරු දැකගත හැකි විය.
මානෙල් මල කඩා සුවඳ බැලීමට නාසයට ලං කරන විට රජු දුටුවා මානෙල් මලේ මැඩියන් සිටින බව. මලෙහි ලස්සන නිසාම රජු මැඩියන් කෙරෙහි එතරම් උනන්දුවක් නැතිව මල නාසයට ලංකොට එහි සුවඳ බැලීය. වරක් දෙවරක් මලෙහි සුවඳ බලමින් සිටි රජතුමා නැවත මල දෙස බලන විට එහි මැඩියන් නොමැති බව දැක මහත් සංකාවට පත්විය. මැඩියන්ට කුමක්ද සිදුවූයේ කියා සිතමින් සිටි රජු හිටි හැටියේම රෝගාතුර විය.
ගෝනා මරන්න සිතූ පාපය නිසා හිසේ කැක්කුමක් රජුට වැළඳින. රජුගේ හිසේ කැක්කුම නැති කරන්න ලක්‍ෂයක් වටින නෂ්ණ කරවීය. යාගහෝම කළේ ය.නමුත් එයින් පිහිටක් නොවීය. මහත්සේ අසරණ වූ රජු දෙවියන්ට යාඥා කළේ ය. එසේ යාඥා කරමින් සිටින රජතුමාට දිනක් සුළු වේලාවක් නින්ද ගියේ ය. එවිට රජු සිහිනයක් දිටීය. බ්‍රාහ්මණ පිරිසක් කැඳ වූ රජතුමා තමා දුටු සිහිනය විස්තර කළේ ය. තමා සිහිනයෙන් දුටු දේ රජු ඇමතිවරුන්ට මෙසේ විස්තර කළේ ය.
නළල අඬ සඳ ලෙස
මුහුණ දිලි පුන්සඳ ලෙස
දේව අගනක් ලෙස
පෙනී සිහිනෙන් ගියයි උතුරු දෙස
එවිට බ්‍රාහ්මණයින් රජුට පවසා සිටියෝ “රජතුමනි ඔබතුමා සිහිනෙන් දැක ඇත්තේ පත්තිනි දේවියයි” තුරුණුවන් සරණ ගොස් පත්තිනි දේවියට පුද පූජා පවත්වන ලෙස රජුට බ්‍රාහ්මණයින් දැනුම් දුන්නේ ය. එම පුද පූජා පවත්වන්නේ කෙසේද කියා රජු බ්‍රාහ්මණයින්ගෙන් විමසී ය. නිර්මල බුදු දහම හා සතර මහා දේවාලයක් ඇති රටකට ගොස් එය සිදු කළ යුතු බව බ්‍රාහ්මණයෝ රජුට සැල කර සිටියේ ය. මුළු ලෝකයේ ම නිර්මල බුදු දහම ඇති රටත් සතර මහා දේවාලයන් ඇති රටත් ශ්‍රී ලංකාද්වීපය බවද බ්‍රාහ්මණයින් රජතුමාට දැනුම් දුන්නේ ය.

සීතාවක රජමාලිගාවේ ගිමන් හැර රුවන්වැල්ල බලා පිටත් වූ සේරමාණම් රජතුමා රුවන්වැල්ලේ දී විශාල මඩුවක් ඉදි කළේ ය. මේ මඩුව දිගින් හැටරියනක් ද පළලින් තිස් රියනක්ද, තලව්ව පහළොස් රියනක්ද විය. අනතුරුව රන් ආලේපිත තොරණක් ඉදිකොට දේව පූජාවක් පැවැත්විය. එවිට පත්තිනි දේවිය යහතින් එම මඩුවට පැමිණ රජුගේ රෝගය සුවපත් කොට ඇත. රජුගේ රෝගය සුව වීමෙන් පසු රජතුමාගේ දේවිය විසින් පත්තිනි දේවියට පූජාවක් පැවැත්වූවා ය. වඩුවන් කැඳවා සඳුන් රුකෙන් කපක් සාදවා කැටයම් දමා මඬුවක් ඉදි කොට පත්තිනි දේවියට පූජාවක් පැවැත් වූ රජ දේවිය අහස, පොළොව, ඉරහඳ පවිතින තෙක් ලංකාදීපයේ මේ පූජාව පවතීවායි ප්‍රාර්ථනා කළේ ය. මුළුමහත් ජනතාවට සැපත සෞභාග්‍යය ළඟා වේවා. රෝග දුරු වේවායි ප්‍රාර්ථනා කළේ ය. එතැන් සිට අද දක්වාම මේ ශාන්ති කර්මය අප අතර පවතී.

උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම් like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....අබිරහස් අඩවිය - Abirahas Adawiya
No comments:
Post a Comment