Monday, January 13, 2020

මනෝමය කාය හෙළිකළ මරණයේ අභිරහස...(Ultra Astral Projection body soul අබිරහස් අඩවිය - Abirahas Adawiya - හොල්මන් කතා. holman katha)

මිනිස් කය සමඟ භවයෙන් භවය හා බැඳී එන කර්ම ශක්තිය පිළිබදව බුදු දහමේ බොහෝ තොරතුරු අඩංගු වෙයි. ඕලාරික සිරුරේ තැන්පත්වී ඇති මනෝමය කාය මරණය සමඟ සිරුරින් ඉවත්වෙයි. එතැන් සිට මනෝමය කය කුමන තත්ත්වයක පවතීද ඊළඟ භවයට කර්ම ශක්තිය බලපාන්නේ කෙසේද කුමන ආකාරයෙන්ද යන්න බුදුදහමේ මනාව පෙන්නුම් කරයි. බුදුදහමේ කර්මවාදය විවිධ මතවාදයන්ට ලක්වුව ද කර්මය සහ පුනරුත්පත්තිය අතර ඇති අන්තර් සබඳතාවක්  පවතින බව බටහිර හා අපරදිග මනෝ විද්‍යාඥයන් පිළිගෙන ඇත. බුදුදහමට අනුව කර්මවාදය ලෙස සැලකෙන්නේ  මනුෂ්‍ය ආත්මයක සිට සිදුකළ ක්‍රියාකාරකම් හරහා ලැබෙන පිං පව්ය. ඒවා මේ ආත්මයේදී මෙන්ම ඊළඟ ආත්මයේදී හෝ විඳීමට සිදුවෙයි. එම කර්ම විපාකයෙන් මිදීමට කිසිවකුට නොහැකිය. පහතින් පළවන කතාංගය එයට හොඳ නිදසුනකි.
කඳු මිටියාවත්වලින් ගහන සුන්දර ගම්මානයක උපත ලත් සරෝජී දෙමාපියන්ගේ ආදරයට නො අඩුව ලක් විය. දෙමාපියන් සමඟ වෙල්යායේ දුව පැන ඇවිදින ඇය බහතෝරන වියේදී විවිධාකාරයේ ප්‍රශ්න ඇසීමට පුරුදුව සිටියාය. ඇය නිරන්තරව ඈතින් පෙනෙන කන්දක් පිළිබඳව මවගෙන් ඇසුවාය. 

අම්මි දන්නවද අර පේන කන්ද මොකද්ද කියලා.
මම දන්නේ නැහැ.
ඔය තාත්ත ඉන්නේ අහන්න. 
තාත්තේ  අර කන්ද මොකද්ද 
ඒ කන්ද මානගල කන්ද
සරෝජී නිහඬව සිටියාය.

තවත් දිනක වෙල්යාය දිගේ පිය මැන යන සරෝජී මවට කියන්නට වුයේ අමුතු කතාවකි.
අර කන්දේ ගුහා තියනවද? අම්මේ  ඒවායේ මිනී මරණවද?
මොනවද මේ කියන්නේ මිනී මරණ කතා 
නැහැ අම්මේ මට හිතුණා 
මොනවද හිතුණේ 
ගොඩක් දේවල්

සරෝජී සමහර වේලාවට කන්ද දෙස බලාගෙන සිටින ආකරය දැකීමෙන් ඇය කන්දට මේ තරම් කැමැත්තක් දක්වන්නේ යැයිද යන්න මවට ප්‍රශ්නයක් වූයෙන් ඇය මේ පිළිබඳව විමසුවාය.

ඇයි දුව කන්ද දිහා බලාගෙන කල්පනා කරන්නේ? මොකද්ද දුවට තියන ප්‍රශ්නය?
මට ගොඩාක් දේවල් මතක් වෙනවා කන්ද දකින කොට 
මොනවද ගොඩාක් දේවල් කියන්නේ
මට අම්මට කියන්න බයයි 
බයවෙන්න එපා දුවේ හිතේ තියාගෙන ඉන්නේ නැතුව කියන්න.
පස්සේ දවසක කියන්නම්
දුවට කැමැති වෙලාවක කියන්නකෝ

මව මේ සම්බන්ධව පියා සමඟ කතා කළාය. පියාගේ අදහස වූයේ සරෝජී පෙර ආත්මයක තොරතුරු පවසන බවයි. ඇය පවසන තොරතුරු සාවධානව අසා සිටින ලෙසට පියා පැවැසීය.
දිනක් පියා දියණිය බයිසිකලයේ තබාගෙන යන අතර කන්දට මඳක් සමීපව ගමන් කළේය. තාත්තේ මට හරි බයක් දැනෙනවා කන්ද ළඟින් යනකොට අපි කන්ද ළඟට යන්නේ නැහැ ඈතින් යන්නේ ඇයි දුව බයද? මොකද බය?

තාත්තේ ඔය කන්දේ ගුහා තියනවා ඒවායේ මිනිස්සු මරල දානවා
පියා බයිසිකලය නතර කළේය
මිනිස්සු මරලා දානව කියලා දුව දන්නේ කොහොමද?
මම දන්නවා තාත්තේ. අපි ඉක්මනින් යමු තාත්තේ 
එදින ආපසු පැමිණියේ කන්දට දුර වෙන පාරකිනි 

ස්ථිර ලෙසට දුව පෙර ආත්මයේ තොරතුරු හෙළිකරන බව මාපියෝ අවබෝධකොට ගත්හ.

සරෝජී දිනක් මවට කියා සිටියේ මගේ ගෙදරට යායුතු බවත් රෙදි වියන මැෂිම ඇයට බලන්න අවශ්‍ය බවත්ය. තවදුරටත් ඇය කියා සිටියේ තමාට සොයුරියක් සිටි බවත් ඇය ජීවත්වන බවත් රෙදි මැෂිමෙන් රෙදි වියන්නේ ඇය බවත්ය.

දුව කොහොමද දන්නේ ඒවා
මට දැනෙනවා මම කතා කරනවා එයාලත් එක්ක අක්ක මම ගැන දුක්වෙනවා අඬනවා මම මතක් කරලා අඬනවා මට දුකයි අක්ක ගැන අපි යමු අම්මේ අක්ක බලන්න.
අපි යන්න දන්නේ නැහැ. දුවේ කොහේද ගෙදර  තියෙන්නේ   
මට කියන්න පුළුවන් 

කෙසේ වුවද දියණියගේ තොරතුරු සොයා බැලීමට වඩාත් සුදුසු වන්නේ කලින් එම තොරතුරු සොයා බැලීම මගින් බව අවබෝධ කොටගත් පියා දියණියගේ තොරතුරු විමසීමට  පර්යේෂකයන් යොමු කළේය.
(එම සාකච්ඡාවෙන් කොටස් කිහිපයක් මෙහි දැක්වේ.)

ඔවුන් දියණියගෙන් තොරතුරු විමසූහ. 
ඔබ ඇයි කඳුවලට බයක් දක්වන්නේ. 
මට බයයි.

හේතුව.
තේරෙන්නේ නැහැ. 
ඔබේ ගෙදර මේ ගෙදර නොවෙයි ද.  
නැහැ.
අම්මි තාත්ති.
මගේ අම්ම තාත්ත ඉන්නේ ඒ ගෙදර.
ගියොත් පෙන්වන්න පුළුවන්ද? 
පුළුවන්.

පර්යේෂකයන් සරෝජි සමග එම නිවස සොයා ගියේය. කඳුයායවල් අතරින් පිහිටි කුඩා මාවත් දිගේ ගිය පිරිස එක්තරා පැරැණි නිවසක් ඉදිරිපිට නතර වූහ.
අර ඈත පේන්නේ මගේ ගෙදර. 
සරෝජි දුරින් පෙනෙන නිවසක් පෙන්වූවාය.
පැරැණි ආකාරයෙන් නිමවා තිබූ නිවස බොහෝ දුරට ගරා වැටීමේ තත්ත්වයක් පෙන්නුම් කළේය. කුඩා මාවතක් දිගේ පිරිස නිවසට සමීප වූහ. සරෝජි කියූ ආකාරයෙන්ම රෙදි වියන මැෂිම ඉස්තෝප්පුවේ එක් පසක විය. දුරදිම සරෝජී මැෂිම හඳුනා ගත්තාය.
අර තියෙන්නේ මගේ රෙදිවියන මැෂිම. 
ඇය උස් හඬින් කියා සිටියාය.
සරෝජී දිවගොස් මැෂිම දෙස බලා සිට එය අතගාන්නට විය.
මගේ මැෂිම හොඳටම කැඩිලා අනේ 
මේ අතර නිවසේ සිටි මහලු මවක් සහ මැදිවයසේ කාන්තාවක් එළියට පැමිණියහ. සරෝජි දෙස ඔවුන් පුදුමයෙන් බලා සිටියහ.
කවුද මෙයාල?
කාන්තාව විමසන්නට වූවාය.
හානේ  මේ අපේ අම්ම මේ අක්කා.
මෙතැන් සිට සිදුවූ කතා බොහෝ අනුවේදනීයයි. සරෝජි මව සහ සොයුරිය හඳුනාගැනීමෙන් පසු ඔවුනොවුන් අඬා වැටෙන්නට වූයේ දියණිය පිළිබඳ ශෝකයෙනි. එහි ඇතුලාන්තයේ පැවතියේ අනුවේදනීය වූ කතාවකි එම කතාවෙන් පැහැදිලි වූයේ ඉතා අවාසනාවන්ත සිදුවීම් පෙළකි. සරෝජිගේ මව එතැන් සිට අඬමින් කතාව කියන්ට වුවාය.

(එම කතාවේ කොටස් කිහිපයක් මෙතැන් සිට දිග හැරේ.)
අපි දුවට කිව්වේ කමලා කියලා. ඉස්කෝලේ අටට ගියාම කමලා ඉස්කෝලෙන් අස්වෙලා අක්කත් එක්ක මැෂිමක් අරන් රෙදි වියන්න ගත්තා. මාසෙකට සැරයක් රෙදි ටවුමට ගෙනියන්නේ කමලා. ඔය අතරතුරේ කොල්ලෙක්  එක්ක යාළු වුණා ගෙදරින් අකමැති වුණත් දිගටම සම්බන්ධෙ පැවැත්වූවා. මේ නිසා අක්ක නංගි එක්ක අමනාප වුණා. ඒත් සම්බන්ධෙ නැවැත්තුවේ නැහැ. ගේ හදන්න සල්ලි නැති නිසා අවුරුදු තුනකට පස්සේ කමලා රටයන්න සුදානම් වුණා. බඳින්න ඉන්න කොල්ල අකමැති වුණා. රට යනවට ගෙදරට ඇවිල්ලා රණ්ඩු වුණා. ඒත් කමලා රට යන එක නතර කළේ නැහැ. අපි ජීවත් වෙන්න දුක් විඳින නිසා කමලා රට යන්න හැදුවේ ගේත් හොඳටම අබලන් වෙලා තිබුණා දූල දෙන්නගේ උත්සාහයෙන් ගේ බාගයකට හදාගත්තා.
රට යන ගමන නිසා දුව බඳින්න ඉන්න කොල්ල  තරහ වෙලා හිටියේ අමනාපය නිසා අපිත් බයෙන් හිටියේ. දුව රට යන්න දවස් තුනකට කලින් ටවුමේ ඒඡන්සියට ගිහින් එන්න ගියා. එදා දුව ආවේ නැහැ. දවස් දෙකක් බලලා අපි පොලිසියට ගියා මාසයක් දෙකක් තුනක් වුණා. දුව ආවේ නැහැ. පොලීසියත් ඇවිල්ල අපෙන් තොරතුරු දැනගත්තා. ඒත් දුව සොයන්න බැරිවුණා. බඳින්න හිටිය මනුස්සය ගැන අපිට ලොකු සැකයක් තිබුණා. පොලීසියට ලොකු දුව ඒ ගැන කිව්වා. පොලිසිය ඒ මනුස්සය පොලීසියට අරන් ගිහින් කතා කළත් වැඩක් වුණේ නැහැ. අපි මාස ගණනක් නොකා නොබී දුව හෙව්වා. මාස ගණනක් ඇඬුවා මාස හතරකට පස්සේ ලොකු දූට ආවේශෙන් වගේ කතා කරන්න වුණා. කමලා වගේ කතා කළා. එයා කිව්වේ එයා මරලා දාල කියලා.
මම මරල දැම්මා උඹලට හොයන්න බැහැ. සෝමපාල මම කින්නර වනාන්තරයට බලෙන් අරන් ගිහින් මගේ බෙල්ල මිරිකල මරල දාල ගල් දෙබොක්කාවට දැම්ම. මගේ මිනිය දැන් ඇටසැකිල්ලක්. උඹලට හොයාගන්න පුළුවන් පොලීසියත් එක්ක ගිහින්. අරන් ඇවිල්ලා වළලලා දාපල්ල. මට දානයක් දීපල්ලා සෝමපාල මම මැරුවා කියලා පොලීසියට කියා පල්ලා. මට කරපු දෙයට මම උගෙන් පළි ගන්නවා.
අපි පොලීසියට ගිහින් ඒ විස්තරය කිව්ව පොලීසිය ගණන් ගත්තේ නැහැ. පස්සේ ග්‍රාමසේවක මහත්තයයි ගමේ මිනිස්සුයි කින්තර කැලෑවට ගිහින් ගල් දෙබොක්කාවට ගියා. උදේ ඉඳලා හොයල හොයලා ගල් දෙබොක්කාවෙදී දුවගේ ඇට සැකිල්ල සොයාගත්තා ගල පහළ දුවගේ ඇඳුම් තිබුණා.

කමලාගේ සිරුර සොයා ගැනීමෙන් පසු පොලීසිය එහි ගොස් සිරුරේ ඇට කැබලි ගෙනවිත් මරණ පරීක්ෂණය කළේය. කමලාවතී මරා දැමීම නිසා සෝමපාල අත්අඩංගුවට පත් වූ අතර අවසානයේ කමලා මරා දැමුවේ තමා බව පිළිගත්තේය. මේ කතාවේ විස්මය දනවන සිදුවීම වන්නේ කමලාගේ මනෝකාය සොයුරියගේ සිරුරට ඇතුළත්ව තමාගේ මරණය පිළිබඳ සියලු තොරතුරු හෙළිකිරීමය එසේ නොවන්නට කමලාගේ මිනීමැරුම සදාකාලිකව සැඟව යනු ඇත. කමලා මරා දැමු පෙම්වතා පිළිබඳ තොරතුරු කමලාගේ මනෝකාය හෙළි නොකරන්නට මිනී මැරුම සදාකාලිකව වැළලී යනු ඇත. සියලු රහස් හෙළිකිරීමෙන් පසු කමලාවතීගේ මනෝමයකාය උප්පත්තියකට පිවිසෙන්නේ සරෝජි ලෙසිනි. එය වසර කිහිපයකට පසු සිදුවිය.

අනුවේදනීය කතාව අවසන්වීමෙන් පසුව සරෝජි තමාගේ පෙර ආත්මයේ මව සහ සොයුරියත් පසු ආත්මයේ මව සහ පියාත් සමඟ පෙර ආත්මයේ කමලාවතීගේ සොහොන සොයා ගියාය. එය ඉතාමත් සංවේගජනක අවස්ථාවකි. මව සහ සොයුරිය අඬා වැටුණු ආකාරය දෙස බලාසිටි සරෝජිගේ දෑසින්ද කඳුළු  කඩා වැටෙන්නට වූයේ නොදැනුවත්මය. පසුව පෙර ආත්මයේ මව සොයුරිය සරෝජි වැලඳගෙන අඬන්නට වූයේ පෙර ආත්මයේ කමලාවතී දැන් වෙනත් ආත්මයක උපත ලදුව තමන් ඉදිරියේ සිටීමේ සතුටෙනි.
මෙම කතාංගයෙන් පැහැදිලි වන්නේ මනෝමයකායට කෙතරම් බලයක් ඇත්ද යන්නය. එහිදී සිදුවුයේ කමලාවතීගේ මනෝමයකාය තමාගේ මරණයේ සැඟව තිබූ තොරතුරු සියල්ල සොයුරියගේ මනස තුළට ඇතු`ඵකර සියල්ල ඇය ලවා හෙළිකිරීමය. වර්තමානයේදී මෙය හැදින්වෙන්නේ භූත ආත්මයන් සිරුරට ඇතුළුවන බවය. එහෙත් මෙය එසේ නොවන බව පැහැදිලිය. සමහර අවස්ථාවන්හිදී භුත ආත්මයන් ලෙස සිරුරට ඇතුළුවන්නේ මනෝමයකායයි. පර්යේෂණවලදී මේ ආකාරයේ අවස්ථා ගණනාවක් සොයාගත හැකි විය. මෙම කතාංගය එයට හොඳ නිදසුනකි.
මෙහි අතුළත්වන නාමයන් වෙනත් පාර්ශ්වයකට අයත් නොවේ. ඒවා කතාංගයේ ගැළපුම සඳහා පමණි.
lankadeepa
================================================
උපුටා ගැනීම් සහිතයි ....!!! 
දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Saturday, January 11, 2020

ගුවනේ පාවෙන සැකිළි රූප අමනුෂ්‍යයෝද ? උෂ්ණත්වය වෙනස්වී වායු පීඩනය වැඩි වී කාමරයට පැමිණි නොපෙ නෙන බලවේගය කුමක්ද..? (අබිරහස් අඩවිය - Abirahas Adawiya - හොල්මන් කතා. holman katha)

විනීතා භූතාවේශයේදී පවසන විස්තර සත්‍ය අසත්‍යතාව පරික්ෂා කිරිම විශ්වපානි පදනමේ ඊළග අභිප‍්‍රාය විය. ඒ සදහා විනීතා ජීවත්වන ගම්පහ දිස්ත‍්‍රික්කයේ නිවසට පැමිණ ආදාළ පරීක්ෂණ නිරික්ෂණ ක‍්‍රමවේදය අනුගමනය කිරිමට ඔවුන්ගේ පවුලේ සාමාජිකයෝද එකග වුහ.

ඒ සන්ධ්‍යාව උදාවිය. මෙවැනි අමුනුෂ්‍ය බලවේග පිළිබඳ සිදුකරන විද්‍යාත්මක පරීක්ෂණ වලදි ඔවුන් සමග සම්බන්ධ වන තවත් කණ්ඩාමක් එදා ඒ ගමනට එකතුවි ය. ඒ විශ්වපානි පැරනෝමල් නැමති සංවිධානයේ සමාජිකයෝය. ඇමරිකා එක්සත් ජනපයේ ක‍්‍රියාත්මක පැරනෝමල් සොසයිටි නැමති සංවිධානයේ සාමජිකත්වය හිමි ඔවුන් මෙවැනි අදිභෞතික සිදුවීම් පිළිබඳ පරීක්ෂණවල නියලෙන කණ්ඩායමකි.

මුලින්ම අඳුර වැටෙන්නට මත්තෙන් නිවසේ සිටින සියල්ලන්ගෙන් ඇසින් දුටු සාක්ෂි ලබාගැනීම සිදුකළේ විනීතා සහ නිවසේ පවතින බවට සදහන් අදෘෂ්‍යමාන සිදුවීම් පිළිබඳවය.

ඒ බොහෝ දේවළින් විනීතාගේ හැසිරිමේ සිදුවන අසාමාන්‍ය වෙනස්කම් සහ කිසිවෙකුගේ බළපැමකින් තොරව නිවසේ සිදුවන යම් යම් අසාමාන්‍ය සිද්ධි පිළිබඳ කයවිණ. මිනිස් පුළුටක් නැති අවස්තාවලදි පවා නිවසේ විදුලි බුබුළු දැල්වීම, වතුර කරාම ඇරීම විවිධාකාර වූ ශබ්ද ඇසිම ඒ තොරතුරු අතර විය.

එහෙත් විනීතාගේ චර්යාත්මක වෙනස්කම් පිළිබඳ නිවැසියන් කියූ පමණින්ම අවසන් නිගමනයකට එළැඹිය හැකි නොවේ. එය තවදුරටත් තහවුරු කර ගැනීමේ ඊළග පියවර වූයේ නිවසේ පිහිටීම පිළිබඳ දළ සටහනක් ඇඳ ගැනීමයි. එම සටහන භාවිතයෙන් නිවසේ අමුතු ආකාරයේ ශබ්ද ඇසෙන ස්ථානයන් සලකුණු කරගෙන එවැනි ස්ථානයන් නිරීක්‍ෂණය කිරීම පරීක්‍ෂණ කණ්ඩායමේ ඊළග පියවර විය. එහිදී ඔවුන් යම් චිත්ත සමාධියකට සමවැදී අදාළ ස්ථානයන්හි කිසියම් දෝෂයක් තිබේ දැයි නිගමනයකට එළැඹෙන අයුරු පෙනුණි. අපේ දෘෂ්ඨි පථයට නොපෙනෙන එම ක‍්‍රියාව කුමනාකාරයේ දෙයක් දැයි අධ්‍යාත්මකවේදී කසුන් නාගොඩ විතාන මහතාගෙන් මම විමසුවෙමි.

නිවසේ පිහිටීම අනුව දළ සටහනක් ඇඳල නිවැසියන්ගෙන් ලබාගත් තොරතුරු අනුව ඔවුන්ට නිතර නොයෙකුත් ශබ්ද ඇසෙනවාය කියන තැන්වල සත්‍ය වශයෙන්ම දෝෂ තිබෙනවා දැයි අපි ඒ බැලූවේ. අපේ කණ්ඩායමේ කිහිප දෙනෙක්ම සිටිනවා භාවනා ක‍්‍රම මගින් කිසියම් ප‍්‍රමාණයකට මානසික ශක්තිය දියුණු කරපු උදවිය. එම අධි මානසික ශක්තිය නිවසේ ප‍්‍රශ්නගත ස්ථානවලට යොමුකර එම තැන්වල කිසියම් වෙනසක් තිබෙනවා දැයි හඳුනා ගන්න පුළුවන්. ඕනෑම පුද්ගලයකුගේ ශරීරය වටා අපේ පියවි ඇසට නොපෙනෙන ශක්ති වළල්ලක් පිහිටා තිබෙනවා. එය හඳුන්වන්නේ ඕරාව (Aura) යන නමින්. අධ්‍යාත්මික වශයෙන් දියුණු පුද්ගලයන්ගේ ඕරා එක ශක්තිමත්. මානසික අතින් දුර්වල පුද්ගලයන්ගේ ඕරා එක ඉතා දුර්වලයි. එසේම ඕරා එකේ වර්ණාවලියක් තිබෙනවා. රෝගී පුද්ගලයන්ගේ වර්ණාවලිය අවර්ණ තත්ත්වයක් පෙන්නුම් කරන්නේ. අවර්ණ තත්ත්වයක් කියන්නේ ඕරා එකේ දුර්වල වීමක්. දුර්වල ඕරා එකක් තිබෙන පුද්ගලයෙක්ගේ ශරීරයට මියගිය අදෘෂ්‍යමාන සියුම් ශරීර ඇති ආත්මයන්ට ඇතුල් වීම පහසුයි. දියුණු අධ්‍යාත්මික ශක්තියක් තිබෙන පුද්ගලයෙක්ට පුළුවන් කිසියම් අදෘශ්‍යමාන ආත්මයක් ඇතුළු වී තිබෙන පුද්ගලයෙක්ව හඳුනා ගන්න. විනීතාගේ ශරීරයටත් කිසියම් අදෘෂ්‍යමාන ආත්මයක බලපෑමක් තිබෙන බව අපි හඳුනා ගත්තා.,

නමුත් එපමණකින්ද ඔවුන් පූර්ණ නිගමනයකට නොඑළඹෙයි. දැන් ඔවුන්ගේ සූදානම නිවසේ අසාමාන්‍ය ශබ්ද තිබෙන බවට හඳුනාගත් ස්ථානවල විද්‍යුත් උපකරණ සවිකර නවීන විද්‍යාත්මක ක‍්‍රමවේදයකින් එය තහවුරු කර ගැනීමයි. විශ්වපානි පැරානෙමල් සංගමයේ සාමාජිකයන් සතුව ඒ සඳහාම භාවිත කරන පරිගණකවලට සම්බන්ධ කළ විද්‍යුත් උපකරණ කිහිපයක් තිබිණි. මධ්‍යම රාත‍්‍රිය එළැඹීමට හෝරා දෙකක් පමණ තිබියදී ඔවුන් එම උපකරණ නිවසේ හඳුනාගත් ස්ථානවල ස්ථානගත කළේය. එම විද්‍යුත් උපකරණ මොනවාද එයින් සිදුවන්නේ කුමක්දැයි මම ඔවුන්ගෙන් ඇසුවෙමි.
අපි මේ ස්ථානගත කරන මැෂින්වලින් සිදු කෙරෙන්නේ මෙම ස්ථානයේ චුම්භක ක්ෂේත‍්‍රය මැනීම. K2 The Meeter මැෂින් එකෙන් සාමාන්‍ය චුම්භක ක්ෂේත‍්‍රය පෙන්වන අතර ඵැක ඵැැඑැර මැෂින් එකෙන් එම ස්ථානයේ චුම්භක ක්ෂේත‍්‍රය ගැඹුරින් මනිනවා. ඉතින් සාමාන්‍ය තත්ත්වය ඉක්මවා යන විදියට චුම්භක ක්ෂේත‍්‍රයේ වෙනස් වීම් සිදුවෙනවා නම් අපි ඊළග පියවරට යනවා.
එසේ සඳහන් කරමින් ඔවුන් චුම්භක ක්ෂේත‍්‍ර පරීක්‍ෂා කරන උපකරණ තිිබියදීම තවත් විද්‍යුත් උපකරණ කිහිපයක් එහි සවිකළේය. එම විද්‍යුත් උපකරණ අතර අදාළ ස්ථානයේ වායු පීඩනය සහ උෂ්ණත්වය වෙනස් වන ආකාරයද මිනිස් කනට නොඇසෙන ශබ්ද හඳුනා ගැනීමේ ශබ්ද සංවේදක උපකරණයක් ද විය. පසුව අවසාන වශයෙන් පියවි ඇසින් දැකිය නොහැකි දර්ශන ලබාගැනීම සඳහා භාවිත කරන විශේෂිත කැමරාවක්ද (gost hunting) (emwra) ඔවුන් එහි ස්ථානගත කළේය. එම ක‍්‍රියාවලිය අවසානයේ පවුලේ වැඩිහිටි සාමාජිකයකු හැර විනීතා සහ පවුලේ සෙසු සාමාජිකයන් සුපුරුදු ලෙස විදුලි පහන් නිවා දමා නින්දට යෑමට සැලැස්වීය.

එළැඹෙමින් පැවතියේ මධ්‍යම රාත‍්‍රියයි. ඝන අඳුර පමණක් රජ කරන රාත‍්‍රිය පැවතියේ පූර්ණ නිහඬ බවකි. පෙර අප සඳහන් කළ නිවසේ සවිකළ විද්‍යුත් උපකරණවල සම්බන්ධතාවය පැවතියේ නිවසින් පිටත මිදුලේ තබා තිබෙන පරිගණක කිහිපයකටය. එම පරිගණක තිර මත සටහන් වෙමින් පැවතියේ පුදුම දෙයකි. විනීතාගේ කාමරයේ එතෙක් ඒකාකාරී මට්ටමින් පැවති චුම්භක ක්ෂේත‍්‍රය ක‍්‍ර‍්‍රමයෙන් වෙනස් වෙමින් පැමිණියේය. ඒ සමගම වායු පීඩක මානය මගින් ලබාදෙන දත්ත මගින් පෙන්නුම් කළේද එම ස්ථානයේ වායු පීඩනය වෙනස් වන අයුරුය. සියුම් ලෙස උෂ්ණත්වය වෙනස් වන අයුරුද ක‍්‍රම ක‍්‍රමයෙන් පෙන්නුම් කළේය. දැන් සියල්ලන්ගේ අවධානය පරිගණක තිරය වෙතය. ඒ සියලූ දත්ත සාමාන්‍ය තත්ත්වය ඉක්මවා යමින් තිබියදී එක විටම පරිගණක තිරයේ ඇටසැකිලි වැනි රූපයක් (spm) මතුවිය. පොළවට ස්පර්ශ නොවී පැවැති එම සැකිලිි රූපයේ ප‍්‍රමාණය ඒ්කාකාරී ප‍්‍රමාණයකින් තිබුණේ නැත. එය එසැණින් මිනිස් ශරීරයට වඩා විශාල වන අයුරුද ඇතැම් විට කුඩා වන අයුරුද දිස්විය. නමුත් ඒ සැමට වඩා විශ්මිත කාරණය නම් එම සැකිලි රූපය නිදාගෙන සිටින විනීතාගේ ශරීරයේ සිට එකවිටම එළියට පැමිණි අයුරක් දිස්වීමයි.
සිදුවෙමින් පවතින්නේ කුමක්ද යන්න පිළිබඳව අධ්‍යාත්මකවේදී කසුන් නාගොඩ විතාන යළිත් මට කරුණු පැහැදිලි කළේය.
දැැන් අපිට පිළිගන්න වෙනවා මෙතන අසාමාන්‍ය තත්ත්වයක් තියෙනවා කියලා. සාමාන්‍යයෙන් මිනිස් ඇසට පෙනෙන්නෙ ආලෝක කිරණවලින් 1% ප‍්‍රමාණයක් පමණයි. ඉන්ෆරේට් (Inferate) සහ අල්ට‍්‍රාවයිලට් (uitravilet) තත්ත්වයේ ආලෝකය තුළ තිබෙන දෙයක් සාමාන්‍ය මිනිස් ඇසට දර්ශනය වෙන්නෑ. අමනුෂ්‍ය බලවේග සිටින්නේ මේ ඉන්ෆරේට් සහ අල්ට‍්‍රාවයිලට් තත්ත්වයේ් ආලෝක කිරණ අතර. ඒවා සියුම් ශරීර. ඉන්ෆරේට් ආලෝකය යටතේ තිබෙන අපේ කැමරාවට එම රූප හසුකර ගන්න පුළුවන් වුණේ ඒකයි.
විනීතාගේ රෝගී තත්ත්වයට හේතුව අදෘෂ්‍යමාන බලවේගයක බලපෑම බවට අවසන් නිගමනයකට එළැඹියේ එසේය. මේ පරීක්‍ෂණ ක‍්‍රියාවලියේ මුල් පියවර වූ විශ්වපානී පදනමේදී විනීතා මෝහනයට පත් කළ විට එම ශරීරයට පැමිණ සිිටින්නේ ඇගේ පෙර ආත්මයේ සැමියා වන ඇඩම්ස් බව මෝහන කථනයේදී හෙළිවිය. දැන් සිදුකළ විද්‍යාත්මක පරීක්‍ෂණයේදී එය වඩාත් තහවුරු විය.

කෙසේ හෝ විනීතාගේ ශරීරයෙන් ඇඩම්ස් නමැති අදෘෂ්‍යමාන ආත්මය ඉවත් කිරීම එතරම් පහසු කටයුත්තක් වූයේ නැත. ජීවත්ව සිටියදී ඇඩම්ස් යනු මුස්ලිම් ආගමිකයකු බැවින් එම අදෘෂ්‍යමාන ආත්මයට තෙරුවන් පිළිබඳ ගෞරවයක් තිබුණේ නැත. මේ නිසා එම ආත්මය ප‍්‍රථමයෙන් තෙරුවන් කෙරෙහි නම්මවා ගැනීමට සිදුවිය. එය පහදා දීමට යෑමේදී විවිධාකාර වූ කරදර බාධක සිදුකිරීම නිසා එම ආත්මයට දඬුවම් කිරීමට පවා සිදුවූ අයුරු කසුන් මහතා මෙසේ පැහැදිලි කළේය.

අපේ ප‍්‍රතිකාර ආරම්භ වූ මුල් කාලයේ කිසි ලෙසකින්වත් එම අදෘෂ්‍යමාන ආත්මය සමග ගනුදෙනු කරන්න බැරි වුණා. ඒ නිසා එම ආත්මය මෙල්ල කර ගැනීමට ඔහු අපට පුච්චන්න සිද්ධ වුණා. පුච්චනවා කියන්නෙ ගින්දරෙන් පුච්චනවා නෙවෙයි. මනස එක්තැන් කරල මම කලින් කීව අපේ ශරීරය වටා තිබෙන ඕරා එකෙන් පිටවන කිරණ එම ආත්මය වෙත යොමු කළා. ඔහු මෙල්ල වුණේ ඊට පස්සෙ. පස්සෙ තෙරුවන් කෙරෙහි වන ගුණ කියා දී අපි ඔහුට කරන්න හදන්නෙ හොඳක් කියන එක ගැන විශ්වාසය ඇති කළා. ඊට පස්සෙ ඔහු විනීතාව අත්හැර යන්න එකග වුණා. අපි ඔහුව නිදහස් කළේ නුවර වැල් බෝධිය අසලට. මිනිස්සු බොරු කීවට අමනුෂ්‍යයෝ කිසිම විටක බොරු කියන්නෙ නෑ. එකග වුණා වගේම කිසි දිනෙක ආයේ විනීතට කරදර සිදුවුණේ නෑ. රෝගය සුව වුණා.,
විනීතාගේ රෝගය සුව කිරීමට තමන් එකදු බෙහෙත් පෙත්තක් හෝ ලබා නොදුන් බව ඔහු කීවේය. මෙවැනි වෛකල්පිත ප‍්‍රතිකාර ක‍්‍රමවේද මෙන්ම හොල්මන් අවතාර යනු විවාද සම්පන්න මාතෘකාය. නමුත් බෙහෙත් පෙත්තක් හෝ ශරීරගත නොකර මානසික රෝගයක් හෝ සුව කිරීමට හැකිනම් එයම මිනිස් ශරීරයට කොතරම් අගනේද?
තිස්ස ගුණතිලක
divaina
================================================
උපුටා ගැනීම් සහිතයි ....!!! 
දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Wednesday, January 8, 2020

රාජසිංහ රජුගේ අබිරහස් උමගට රිංගූ ගැමියන් හත්දෙනා මියගියේ ඇයි ? (King rajasighe kotte umaga අබිරහස් අඩවිය - Abirahas Adawiya - හෙල පුරාණය)

කැලණි මිටියාවතේ සටන්කාරයන් සොයා...
‘පුරුතුගීසි කාරයා රටවල් අල්ලන්න වීරයා   
අතුරු රාජ මාරයා මුළු ලෝ හොල්ලන්න ශූරයා’   
අපේ ජනතාව තුළ මේ ගීතය හුදෙක් ප්‍රචලිත වූයේ පෘතුගීසින් ලංකාවට පැමිණ වසර ගණනාවකට පසුවයි. මුලින්ම ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශයට සංක්‍රමණය වූ පෘතුගීසින් පසුව ක්‍රමක්‍රමයෙන් රට අභ්‍යන්තරයට ප්‍රවිශ්ට වීමට තරම් දක්ෂ වූයේ ඔවුන්ගේ කූට උපාය ඥානය නිසායි. පෘතුගීසින් විසින් ලංකාවේ ඇති සශ්‍රීක භාවයත් සමඟ ඔවුන්ගේ ව්‍යාපාර සඳහා සුදුසුම ස්ථානයක් ලෙස ලංකාව ​ෙතා්රා ගත්තේ ඒ නිසාවෙනි.   
පෘතුගීසින් මෙරටට ගොඩ බසින විට එවකට කෝට්ටේ රාජධානිය කළ රජතුමන් මුණගැසීමට අවශ්‍ය බව ප්‍රකාශ කර තිබේ. ඒ අවස්ථාවේ රාජ්‍ය සේවකයන් පෘතුගීසින් හෙවත් පරංගීන් රජතුමා මුණගැසීම සඳහා කෙටි මාර්ග මගහැර වෙනත් දීර්ඝ මාර්ගයක් ඔස්සේ ගෙනගොස් රජතුමා මුණගැස්වීමට කටයුතු කළේය.   
එදා සිට ‘පරංගියා කෝට්ටේ ගියා වගේ’ යන ප්‍රස්තාව පිරුළ ප්‍රචලිත විය. ඒ පරංගීන් දුර මාර්ගයෙන් කෝට්ටේ රාජධානිය වෙත ගෙන ගිය නිසාවෙනි. කෙසේ වෙතත් කෝට්ටේ රාජධානියට පැමිණි පරංගීහූ රජුන් සමඟ ඉතා කුළුපග වූහ. ඔවුන්ගේ ව්‍යාපාර දියුණු කර ගැනීම මූලික අරමුණ විය.   
සිංහල රජතුමාට ද අවශ්‍ය වී තිබුණේ කෙසේ හෝ පරංගීන් සමඟ කුළුපග වී සිය රාජ්‍ය බලය පවත්වා ගෙන යාම සඳහා පරංගීන්ගේ සහාය ලබා ගැනීමයි. කෝට්ටේ රාජධානියෙන් පසුව පරංගීන්ගේ කූට උපායන් මගින් ඔවුහු සීතාවක රාජධානියට ද සංක්‍රමණය වූහ. එවකට ශ්‍රී ලංකාව පාලනය කළ රජවරුන් අතර ද බල අරගලයක් තිබිණි. මේ නිසා බොහෝ රජවරු පරංගීන් සමඟ මිතුදම් පවත්වාගෙන යාමට උත්සුක වූහ.   
පෘතුගීසින් හෙවත් පරංගීන් ක්‍රමක්‍රමයෙන් ලංකාව තුළ බලය තහවුරු කර ගනිමින් සිටින විට මෙය ද ශ්‍රී ලංකා පාලනය කළ රජවරුන්ට මහත් හිසරදයක් විය. මේ නිසා එවකට සීතාවක රාජධානිය කරගත් රාජසිංහ රජතුමන් පරංගීන් පලවා හැරීමට සිංහල භට පිරිස් සූදානම් කළේය. සීතාවක රාජධානියට අයත් හංවැල්ල තානායම පිහිටි ස්ථානයේ පරංගීහු බළකොටුවක් තනාගත්හ. එය වටේට දිය අගලක් කපා එ් තුළ කිඹුලන් දමා ආරක්ෂාව තර කර තිබේ. අදටත් එම දිය අගල දක්නට ලැබුන ද දැන් එය වල් බිහිවී තිබේ.   
හංවැල්ල ලෙස නම් වී ඇත්තේ පරංගීන් ගෙරි සම් කැලණි ගඟ ආසන්නයේ තැනිතලාවක වේළපු නිසා බව පැවැසෙයි. සම් වේළපු තැන නිසා හංවැල්ල ලෙස ප්‍රසිද්ධියට පත්ව තිබේ. අද හංවැල්ල තානායම පවත්වාගෙන යන්නේ ඒ පැරණි බළකොටුව තිබූ තැනය. 
මක්‍රමයෙන් පරංගීන් රට තුළට සංක්‍රමණය වීමත් සමඟ සිංහල රජවරුන්ට මෙය මහත් හිසරදයක් විය. ඒ නිසා ඔවුන් පලවා හැරීමට නොයෙකුත් උපක්‍රම යෙදූ බව ඉතිහාසය සඳහන් කරයි. පරංගීන් පලවා හැරීම සඳහා මූලිකව ක්‍රියා කළේ ටිකිරි කුමාරයා බව සඳහන් වෙයි. පසුව ඔහු සීතාවක රාජසිංහ නමින් ප්‍රචලිත විය.   
සීතාවක රාජසිංහ රජතුමා පරංගීන්ගේ බලය හීන කරවීම සඳාහා හේවායින් රැස් කළ ස්ථානය අද භාවිතා කරන්නේ ‘හේවාඉන්න’ ලෙසයි. හේවාඉන්න ප්‍රදේශයේ අදටත් හේවායින් සමඟ රහසිගතව සිටීමට සෑදූ උමගක් දැකිය හැකිය. එම උමං මාර්ගය හේවාඉන්න ප්‍රදේශයේ සිට සීතාවක රාජධානිය කරා ගමන් කිරීමට පිළිවන. මේ උමං මාර්ගය දැනට තාවකාලිකව වසා දමා තිබේ. මේ උමං මාර්ගය ඔස්සේ ගමන් කළ 7 දෙනකු පිළිබඳ තොරතුරු වාර්තා වෙයි. ඔවුන් 7 දෙනා එම උමං මාර්ගය ඔස්සේ ටික දුරක් ගමන් කරද්දී පහන් ආලෝ්කයක් දැක ඇත. ඔවුන් තවත් ඉදිරියට යාමේදී දැවැන්ත නාගයකු හමු වී තිබේ. පසුව ඔවුන් නැවත පැමිණ තිබේ. ඒ බව ඔවුන් ගම්වාසීන් සමඟ ප්‍රකාශ කර ඇත. ඒ බව ප්‍රකාශ කළ 7 දෙනාගෙන් 6 දෙනකුම දවස් හතෙන් හතට මියගොස් ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.
ඔවුන්ගෙන් එක් අයකු සිද්ධිය පිළිබඳ ප්‍රකාශ නොකළ නිසා ඔහු දිගු කලක් ජීවත්ව මිය ගිය බව ප්‍රදේශවාසී ඩී.ඩී. පියරත්න මහතා පැවැසීය. මෑත කාලයේ එම උමං මාර්ගය ඔස්සේ තරුණයන් කිහිපදෙනකු ගොස් තිබේ. උමග තුළට බැස්ස විට අඩි 10ක පමණ උසක් අැති බවත් තනිව සිටගෙන එහි ගමන් කළ හැකි බවත් එකී තරුණයකු සඳහන් කළේය. එම උමග තුළ පැති කිහිපයකට ගමන් කළ හැක. එය ආරක්ෂක පියවරක් ලෙස එසේ නිර්මාණය කර ඇත.   
හේවායින් සමඟ සීතාවක රාජසිංහ රජතුමා සේනාව රැස්කර පෘතුගීසින්ට පහර එල්ල කිරීම සඳහාත්, රහසිගතව රැකවලයේ යෙදීම සඳහාත් මේ උමග භාවිතා කර ඇත. දැනට හේවාඉන්න ප්‍රදේශයේ මේ පිළිබඳව ඇති එකම සාධකය මෙම උමං මාර්ගයයි.   
හේවාඉන්න ඉතා දකුම්කලු සුන්දර ග්‍රාමයකි. ගමට ඇතුළුවන ස්ථානයේ කුමාරි ඇල්ල නමින් දැකුම්කලු ඇල්ලක් ගලා බසියි. සති අන්තයේ අතිවිශාල දේශීය සංචාරකයෝ පිරිසක් එය නැරඹීමට පැමිණෙති.   
දැනට ඉතිරිව ඇති මෙම ඓතිහාසික උමං මාර්ගය ජනතාවට දැකබලා ගැනීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් නොමැත. එවැනි ස්ථානයක් සංරක්ෂණය කොට මතු පරම්පරාවට සකස් කිරීම බලධාරීන්ගේ වගකීමයි.    
හේවාඉන්න ප්‍රදේශයේ අැති උමග පිළිබඳව සොයා බැලීමේදී එය කිලෝමීටර් 6ක් 7ක් තරම් දුරකට විහිදෙයි. මෑත කාලයේ එම උමග තුළට ගිය තරුණයන් කිහිපදෙනකු අපට හමුවිය.   
සීතාවක රාජසිංහ රජතුමන් කෙටි මාර්ගයක් ලෙසත් ආරක්ෂාකාරීව සිටිමින් මෙය භාවිතා කළ බව ප්‍රදේශයේ වෙසෙන මංජුල මහතා ප්‍රකාශ කළේය. “අපි මීටර් 10ක් විතර දුරක් ගියා. පරණ රෙදි කැබලි, පාංකඩ, යකඩ වගේ දේවල් අපට හමුවුණා. උමග තුළට ගියාම එක එක පැතිවලට ගමන් කරන්න පුළුවන්. එළිය එන්න වා කවුළු ගොඩක් තිබෙනවා. අපිට ටිකක් දුර ගියාම බය සිතුණා මර උගුල් වගේ දේවල් තිබෙන නිසා. අනික අපට හොඳ එළියක් තිබුණේ නැහැ. ඒක නිසා අපි නැවත ආවා. උමග ඇතුළෙ විශාල දිය අගලක් ගලා බසිනවා. අපි හිතන්නේ බොහෝ වටිනා දේවල් තිබෙනවා කියලා විශ්වාස කෙරෙනවා. මේ උමගේ ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වුණාම ගමන් කිරීමට පුළුවන්. කිසිදු අපහසුතාවක් නැහැ. නමුත් අපිට ප්‍රමාණවත් උපකරණ තිබුණේ නැහැ. ඇතුළට තැනින් තැන කාමර වගේ කුටි තිබෙනවා. ඒත් දැන්නම් උමගට ඇතුළු වෙන මාර්ගය ගල් දාලා සිර කරලා තිබෙන්නේ.   
අපි අහලා තිබෙනවා අපි කුඩා කාලයේදී මේ උමග තුළට ගිය 7 දෙනෙක් ගැන. ඔවුන් ලිපියක් ලියලා ගිහින් තිබෙන්නේ. කොහොම හරි ඔවුන්ගෙන් 6 දෙනකුම මියගොස් තිබෙනවා. අපි විශ්වාස කරනවා මොකක් හරි අත්භූත දෙයක් වෙන්න ඇති කියලා. කටකතාවකුත් තිබෙනවා මේ උමඟ තුළ නිධානයක් තිබෙනවා කියලා. නමුත් අපි හරියටම දන්නේ නැහැ. එක එක්කනො කියන දේවල් තමා. අර මුලින්ම ගිය 7 දෙනා ලියුම ලියලා දුන්න කෙනා දැන් මේ පළාතේ නැහැ. කොහේ ඉන්නවා ද කියලා අපි දන්නේ නැහැ. හිටියා නම් හොඳ ​ෙතාරතුරු ටිකක් දැනගන්න පුළුවන්.  
මේ හේවාඉන්න කියලා නම හැදිලා තිබෙන්නේ සීතාවක රාජසිංහ රජ්ජුරුවන්ගේ හේවායින් මේ ප්‍රදේශයේ ඉඳලා තමයි පෘතුගීසින්ට විරුද්ධව සටන් වැදිලා තිබෙන්නේ. මේ උමග පිළිබඳ පුරාවිද්‍යාවෙන් හෝ සොයලා බලනවා නම් හොඳ ඓතිහාසික තොරතුරු රැසක් සොයාගන්න පුළුවන් වෙයි. දැන් මේ මාර්ගය ඉදිකරනකොට ගල්වලින් උමග වැසී තිබෙනවා. ඒත් එක් තැනකින් ගොඩ වෙන්න පුළුවන්. මේක ඓතිහාසික රාජධානියක්නේ. තවත් බොහෝ තොරතුරු ඇති.”  
සීතාවක රාජසිංහ රජ්ජුරුවන්ට කඩු සැපයූ සහ කඩු සඟවා තිබූ ප්‍රදේශය අද හැඳින්වෙන්නේ කඩුගොඩ නමිනි. කොළඹ අවිස්සාවේල්ල මාර්ගයේ කොස්ගම ප්‍රදේශයෙන් දකුණට හැරී ටික දුරක් යන විට කඩුගොඩ ග්‍රාමය හමුවෙයි.  
හේවායින් විසින් පරංගීන්ගෙන් අවි අායුධ ආරක්ෂා කරගැනීමට කඩු සඟවා තිබූ ග්‍රාමය තමයි කඩුගොඩ කියන්නේ. මේ ප්‍රදේශයේ ඒ කාලයේ හේවායින් කඩු සකස් කර ඇති බවට ඉතිහාසයේ මෙන්ම මුඛ පරම්පරාවෙන් දැනගත හැකියි. කඩුගොඩ ග්‍රාමයට සම්බන්ධ තවත් පොකුරු ගම් කිහිපයක් තිබේ. වෙරළුපිටිය, අරපන්ගම, කහපල, බොරළුගොඩ එම ග්‍රාමයන් වෙයි. කඩුගොඩ කියන නාමය පටබැඳී ඇත්තේ සීතාවක රජ්ජුරුවෝ කඩු සඟවා තැබූ ප්‍රදේශය නිසාවෙනි. නමුත් මෙහි පුරාවිද්‍යාත්මක සාධක නැත. ප්‍රදේශයේ දියුණුවත් සමඟ එම ඓතිහාසික තොරතුරු මැකී ගොස් තිබේ.
මතු සම්බන්ධයි...   
සටහන - නිශාන්ත කුමාර බණ්ඩාර
ඡායාරූප - ඇලෙක්සැන්ඩර් බාලසූරිය
lankadeepa
****************************************************
උපුටා ගැනීම් සහිතයි ....!!! 
දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya

2020 ලෝකය ගැන අන්ධ අනාවැකිකාරිය කී දේ...? ට‍්‍රම්ප් එකතැන් වෙනවා... සඳේ ගැටෙන ආකාශ වස්තුවකින් පෘථිවිය අඳුරු වෙනවා...(Donald trump baba wanga 2020 anawaki අබිරහස් අඩවිය - Abirahas Adawiya - ශාස්ත්‍රීය ළිපි)

* පුටින්ට ඝාතන තැතක්...
 2011 සැප්තැම්බර් 11 වන දින ඇමරිකානු ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ල වූ ප‍්‍රහාරයත් 2004 දී ඉන්දියන් සාගරයේ ඇති වූ සුනාමියත්, කුෂිමා න්‍යෂ්ඨික කාන්දුව සහ අයිසිස් නම් ත‍්‍රස්තවාදී සංවිධානයක උපතත් පිළිබඳව අනාවැකි පළ කළ දෙනෙත් අඳ අනාගත වක්තෘවරියක විසින් 2016 වසරත් ඉන් ඔබ්බටත් සිදුවිය හැකි සිදුවීම් පිළිබඳව අනාවැකි පළ කොට තිබෙනවා. මෙම අනාගත වක්තෘවරිය පිළිබඳව, 2015 දෙසැම්බර් 09 වැනි දිනය http(//www.news.com.au යන ඔස්ටේ‍්‍රලියානු පුවත් වෙබ් අඩවියත්, 2016 ජනවාරි මාසයේදී, http(//www.mirror.co.uk යන එක්ත් ජනපද පුවත් වෙබ් අඩවියත් http(//indiatoday.intoday.in යන ඉන්දියානු පුවත් වෙබ් අඩවියත් විස්තරාත්මකව සංවාදයට ලක්ව තිබුණා.
 කවුද මේ බාබා වැන්ගා...?
 බල්ගේරියානු සම්භවයක් ඇති මෙම අනාගත වක්තෘවරිය නමින් ‘බාබා වැන්ගා’. ඇය 85 වැනි වියේ දී, එනම් 1996 දී මෙලොවින් සමුගත්තා. ඈ පිළිබඳව දන්නා බොහෝ දෙනා ඇයව හැඳින්වූයේ ‘බැල්කන් හි නොස්ත‍්‍රඩාමුස් යන නමින්. නොස්ත‍්‍රඩාමුස් යනු 16 වැනි සියවසේ මැද භාගයේ වාසය කළ යුරෝපීය අනාගත වක්තෘවරයෙක්... ඉතින් ‘බාබා වැන්ගා‘ ලොව පුරා ප‍්‍රසිද්ධ වුණේ ඇය මෙතෙක් පළ කළ අනාවැකි සියයට 85 ක ප‍්‍රතිශතයකින් සැබෑ වී ඇති නිසයි. මේ නිසාම ඇය රුසියාව සහ යුරෝපය පුරාම යම් අසාමාන්‍ය මිනිස් හැකියාවකින් යුක්ත අයකු ලෙස සම්භාවනාවට ලක්වුණා.
 කීර්තිමත් අනාගත වක්තෘවරියක් වශයෙන් අඩ සියවසක් පුරාවට ඇය විසින් විටින් විට ප‍්‍රකාශ කරන ලද සිය ගණනක් වූ අනාවැකිවලින් බොහොමයක් දේශගුණ විපර්යාස හා සම්බන්ධ අනාවැකි වීම විශේෂයි. 1950 වර්ෂයට පෙර ඇය විසින් පෘථිවි ධ‍්‍රැව ආසන්න අයිස් තට්ටු දිය වීම පිළිබඳවත්, සාගර ජල මට්ටම ඉහළ යෑමත් පිළිබ`දවත් අනාවැකි පළ කරද්දී එකල වාසය කළ කිසිවෙකුත් ‘ගෝලීය උණුසුම‘ යන වචනය වත් හරි හැටි අසා තිබුණේ නැහැ.
 සුනාමිය එන හැටි කියූ හැටි
විශාල වෙරළක්, මිනිසුන් නගර සහ හැමදෙයක් මහා ජල කඳකින් අතුරුදන් වී යනවා..’ මේ ඇය විසින් කලකට පෙර සිදු කළ ප‍්‍රකාශයක්. ඉන් අනතුරුව සුනාමි යන වචනයවත් හුරු නොවූ ලොවකට 2004 වසරේ අගභාගයේදීත් ඉන් පසුවත් ඉන්දියන් සාගරයත් පැසිෆික් සාගරයත් තුළ දැවැන්ත සුනාමි තත්වයක් ඇති වී දහස් සංඛ්‍යාත ජීවිත බිලිගනිමින් ගම් නගර පිටින් අතුරුදන් වී ගියා.

ඉස්ලාම් අන්තවාදීන්ගෙන් ලෝකයට විවිධ තර්ජන එල්ල වෙමින් පැවති යුගයක වැන්ගා විසින් සිදුකළ ‘මහා මුස්ලිම් යුද්ධය‘ පිළිබඳ අනාවැකිය, එකල ලෝක විනාශය පිළිබ`දව ලකුණු සොයමින් සිටි සියලූ දෙනාම ඉස්ලාම් භීතිකාවකට ඇද දැම්මා. බොහෝ භෞතිකවාදීන් සහ නිරාගමිකයන් ඒ පිළිබඳව අවිශ්වාසය පළ කරන්නට උත්සුක වුවද, ඒ අතරේම සිදු වූ ව්‍යසන නිසාම ඇගේ අනාවැකි පිළිබඳව විරුද්ධ අදහස් පළ කිරීමට විද්වතුන් පවා දෙවරක් කල්පනා කළා.
අන්ධභාවයෙන් ලැබුණු හැකියාව

බාබා වැන්ගා උපත ලැබුවේ ස්වමිකා කියන ගම්මානයේ. ඇගේ සැබෑ නම, වැන්ගේලියා පැන්ෙණීවා දිමිත්රෝවා. ඔටෝමන් අධිරාජ්‍යයේ පිහිටා තිබෙන ගිනිකඳු යායක් පාමුල පිහිටා තිබූ ගම්මානයේ ඇය උපත ලබන විට වෙනත් දැරියන් ලෙසම සාමාන්‍ය ඇස් පිහිටා තිබුණා. ඇගේ ගම් වැසියන් පවසන්නේ ඇය 12 වසක් යන තෙක්ම සාමාන්‍ය දැරියක් ලෙස කල් ගෙවූ බවයි. දැවැන්ත වැලි කුණාටුවකට මැදි වී අත්භූත ලෙසින් දෙනෙත් අ`ද වූයේ ඉන් පසුවයි. දින කිහිපයකට පසුව ඇයව සොයා ගන්නා විට ඇගේ දෙනෙත් වැලි දුහුවිලිවලින් තුවාල වී ඇලවී ගොස් ඉතාම අසාධ්‍ය තත්ත්වයේ පසුවුණා. ඇගේ මාපියන් ඉතා දිළිඳු වූ බැවිනුත්, වෛද්‍ය උපකාර අවම වූ ප‍්‍රදේශයක් වූ බැවිනුත් එම අනතුර ඇයව ජීවිත කාලයටම අන්ධභාවයට පත් කළා.
 ඉන් පසුව, ඇය විටින් විට අනාගතය පිළිබ`ද අනාවැකි පළ කරන්නටත්, ගම්වාසීන්ගේ ලෙඩ සුව කරන්නටත් වීම නිසා වැඩි කලක් නොයාම අනුගාමිකයන් පිරිසක්ද සමඟින් ඇය ‘බාබා වැන්ගා‘ නමින් සුපතළ වී ගියා. ඇය හමුවීමට පැමිණි අය අතර දුගී ගම්වැසියන්, අසරණ රෝගීන්, අත්භූත දෑ පසුපස යන්නන් වගේම ධනවත් මිනිසුන් ද, විද්‍යාඥයන් ද ඉතිහාසඥයන් ද වුණා.
ළඟ ළඟම එන විපතක්...
බාබා වැන්ගාගේ මරණය සිදු වුණේ 1996 දී. ඇය ජීවත්ව සිටි කාලයේ දී ප‍්‍රකාශ කළ තවත් අනාවැකියක් පිළිබඳව කාගේත් අවධානය යොමු වුණේ එයද සත්‍ය වෙමින් පවතින නිසයි. ‘මුස්ලිම් ජාතිකයන් විසින් යුරෝපීයයන්ට එරෙහිව රසායනික අවි භාවිතා කරනු ඇත. 2043 දී රෝමය කේන්ද්‍ර කරගත් බලවත් මුස්ලිම් රාජ්‍යයක් බිහිවනු ඇත.’ මේ පිළිබ`දව තේරුම් ගැනීමට හිටපු ඒකාධිපති පාලකයකු වන ‘ගඩා ගේ උපන් ගම වන ‘සර්ට් නගරයේ පසුගිය කාලය පුරාවට සිදුවූ අයිසිස් ක‍්‍රියාකාරකම් පිළිබ`දව විමසා බැලිය හැකියි. සර්ට් නුවර මේ වන විට සම්පූර්ණයෙන්ම ‘ශරියා නීතිය‘ ක‍්‍රියාත්මක වන ඉස්ලාමික කොලනියක්. අලූත් පාලනාධිකාරය ඔවුන්ගේ ආධිපත්‍ය පතුරුවා හරිමින් ප‍්‍රසිද්ධ ඝාතන රැසක් ද, ගණනින් නොදන්නා හිස ගසා දැමීම් සහ එල්ලා මැරීම් රැසක්ද සිදු කරනු ලැබුවා.
 ඒ වගේම පසුගිය වසරේ සිදු වූ ප‍්‍රංශ ප‍්‍රහාරයෙන් පසු මිත‍්‍ර රටවල් විසින් සිරියාවේ තෝරාගත් ත‍්‍රස්ත ඉලක්ක ප‍්‍රහාර එල්ල කොට විනාශ කොට දැමූ පසුත් අයිසිස් සංවිධානය තවදුරටත් සිරියාවේ තම අණසක පැතිර වීම සිදු කරගෙන ගියා. මේ සියලූ සිදුවීම්, ළඟ ළඟ එන විනාශයක් පිළිබ`දව බොහෝ දෙනා තුළ භීතියක් ඇති කරවමින් වැන්ගාගේ බිහිසුණු අනාවැකි ඇස් ඉදිරිපිටම සත්‍යයක් බවට පත් කරමින් තිබෙනවා.

බාබා වැන්ගාගේ සත්‍ය වූ අනාවැකි...
 1950 දී ප‍්‍රකාශ කළ අනාවැකි :- ගෝලීය උණුසුම සහ 2004 සුනාමිය
 සීත කලාප උණුසුම් වී යාවි. ගිනි කඳු අවදි වේවි. විශාල වෙරළක්, මිනිසුන් නගර සහ හැම දෙයක් මහා ජල කඳකින් අතුරුදහන් වී යාවි.‘ හැම දෙයක් උණු වී යාවි. හරියට අයිස් දියවෙනවා වගේ‘
 1989 දී ප‍්‍රකාශ කළ අනාවැකි 2011 සැප්තැම්බර් 11 නිව් යෝර්ක් නුවර ලෝක වෙළෙ`ද මධ්‍යස්ථාන ප‍්‍රහාරය සහ ජෝර්ඡ් බුෂ් (බුෂ් යනු ඉංගී‍්‍රසියෙන් ‘වන ලැහැබයි’) ඇමරිකානු ජනාධිපතිතුමා ඊට ප‍්‍රති ප‍්‍රහාර එල්ල කරනවා.
ඇමරිකානු සොහොයුරු යුගලක් යකඩ කුරුල්ලන්ගේ පහර දීමක් නිසා ඇද වැටෙනවා. වෘකයින් ‘වන ලැහැබක‘ සැඟවී සැලසුම් කොට පළිගන්නවා. ඒ නිසාම අහිංසක ජීවිතත් දහස් ගණනින් මිය යනවා.
 1980 දී ප‍්‍රකාශ කළ අනාවැකි
 2000 වර්ෂයේ දී සිදු වූ ‘කුර්ස් නම් රුසියානු සබ්මැරීනය විශාල පිරිසක් සමඟින් අවාසනාවන්ත ලෙස ගැඹුරු සයුරේ ගිලීයාම. සියවසේ හැරවුම් ලක්‍ෂ්‍යයකදී, 1999 දී හෝ 2000 දී අගෝස්තු මස යම් දිනක දී මුළු ලොවම හඬා වැලපෙද්දී මිනිසුන් සමගින් කුර්ස් ජලයෙන් යට වී යනවා. ‘කුර්ස් යනු රුසියානු නගරයක නමක්. දශක දෙකකට පෙර සිදුකළ මෙම අනාවැකිය නිසා ඈ පිළිබ`දව දන්නා අය කුර්ස් නගරය පිළිබඳව අවධානයෙන් සිටින්නට ඇති. නමුත්, ඛේදවාචකය සිදු වී අවසන් වූ පසුයි සියලූ දෙනාටම සත්‍ය වැටහී ගියේ. එම 1980 වසරේ දීම ඇය විසින් තවත් ආන්දෝලනාත්මක අනාවැකියක් ප‍්‍රකාශ කළා.
 1994 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය පිළිබඳව ඇය පළ කළ අපූරු අනාවැකිය අදටත් පාපන්දු ලෝලීන්ට අමතක නැහැ. අවසන් මහා තරගය සඳහා ඉංග‍්‍රීසි ‘බී’ අකුරින් පටන් ගන්නා රටවල් දෙකක් සහභාගි වන අතර එවකට ප‍්‍රබල ඉතාලි කණ්ඩායම අවසන් පූර්ව වටයේදී පරාජයට පත් වන බව ඇය සඳහන් කොට තිබුණා. ඇය පැවසූ ලෙසම ඉතාලිය අවසන් පූර්ව වටයේදී පරාජයට පත්වූ අතර අවසන් මහා තරගයට ඉදිරිපත් වූයේ ‘බී’ අකුරින් පටන් ගන්නා බ‍්‍රසීලය සහ බල්ගේරියාවයි.
 ඇය මීට වසර කීපයකට පෙර 2019 වසරේදී සිදුවනු ඇතැයි සඳහන් කළ අනාවැකි කීපයක් පිළිබඳව මේ දිනවල ලොව අවධානය යෙමුවී තිබෙනවා. ඉන් එක් අනාවැකියකින් කියැවුණේ මේ වන විට බලයේ සිටින ඇමරිකාවේ ජනාධිපතිවරයා හඳුනා නොගත් රෝගයක් හේතුවෙන් මාරාන්තික ලෙස රෝගි වන බවයි. ඒ අනුව වත්මන් ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සවන නොඇසී යෑම, මොළයේ ආබාධ ආදියට ගොදුරුවනු ඇති බවයි ඇය සඳහන් කොට තිබුණේ.
 බාබා වැන්ගාගේ තවත් අනාවැකියකට අනුව රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් ඝාතන තැතකින් දිවි ගලවා ගනු ඇති. ඔහුට මේ ප‍්‍රහාරය එල්ල වන්නේ ආරක්ෂක භටයෙකු වැනි ඔහුට සමීපයෙන්ම සිටින පුද්ගලයකුගෙන් බවයි ඇය සඳහන් කොට තිබුණේ.
 2023 (පෘථිවියේ කක්ෂය වෙනස් වෙනවා. (කිසිවකුට තවමත් මෙය සිදුවන ආකාරය තේරුම් ගත නොහැකි යි.
 2025 යුරෝපයේ ජනගහනය ‘ශූන්‍ය’ බවට පත් වෙනවා.
 2028 මානව වර්ගයා නව ශක්ති ප‍්‍රභව සොයාගෙන ‘සිකුරු ග‍්‍රහයා’ වෙතට පිටත් වෙනවා.
 2033 (ධ‍්‍රැවාසන්න ප‍්‍රදේශවල අයිස් දියවීම නිසා පෘථිවියේ ජල මට්ටම තවත් ඉහළ යනු ඇත. (මෙය දැනටමත් ආරම්භ වී ඇත)
 2043 යුරෝපය සම්පූර්ණයෙන්ම මුස්ලිම් රාජ්‍යයක් බවට පත් වේ. රෝමය අගනුවර වශයෙන් නම් කරයි. ලෝක ආර්ථිකය මුස්ලිම්වරුන් අතට පත් වේ.
anaweki32066 රෝමය නැවත අත්පත් කරගන්නා අදහසින් සහ නැවත ක‍්‍රිස්තියානිකරණය කරන අදහසින් යුතුව, ඇමරිකානු භූමියෙන් ප‍්‍රථම වරට දේශගුණය පාලනය කළ හැකි අවියක් භාවිත කරනු ලබයි.
 2076 කොමියුනිස්ට් යුරෝපය ඇතුළු ලොව පුරා නැවත පැතිරී යයි.
 2084 ස්ධර්මය යළි ඉපදේ. (කිසිවෙකුට මෙම අනාවැකියේ අර්ථය වටහාගත නොහැක.
 2100 (කෘත‍්‍රිම සූර්යයෙක් පෘථිවියේ අඳුරු කොටස් ආලෝකවත් කරනු ඇත. (2008 වසරේ සිට විද්‍යාඥයන් විසින් න්‍යෂ්ඨික බලය භාවිත කරමින් කෘතිම සූර්යයෙක් නිපදවීමේ පර්යේෂණ මේ වන විටත් සිදු කරමින් සිටිති.
 2130 පිටසක්වල ජීවීන්ගේ උපකාරයෙන් සාගර පත්ලේ මිනිස් වාසභූමි ඉදිවේ.
 2170 දැවැන්ත ගෝලීය නියඟයක්.
 2187 දැවැන්ත ගිනි කඳු දෙකක පිපිරීම සාර්ථක ලෙස වළක්වනු ඇත.
 2201 සූර්යයාගේ තාප න්‍යෂ්ඨික ක‍්‍රියාවලි මන්දගාමී වීම නිසා උෂ්ණත්වය පහළ වැටේ.
 2262 ග‍්‍රහලෝකයන්ගේ ධ‍්‍රැව වෙනස්වී යයි. අඟහරු ග‍්‍රහයා, ආකාශ වස්තුවක ගැටේ.
 2354 කෘත‍්‍රිම සූර්යයාගේ සිදුවන අනතුරක් නිසා තව තවත් උණුසුම පහළ බසී.
 2480 කෘත‍්‍රිම සූර්යයන් දෙදෙනකු ගැටීම නිසා අඳුරු කලාප යළි බිහි වේ.
 3005 අඟහරු හි යුද්ධයක් නිසා එහි ගමන් මඟ වෙනස් වේ.
 3010 ආකාශ වස්තුවක් සඳෙහි ගැටේ. පෘථිවිය ග‍්‍රාහක සහ අලූ වළල්ලකින් වට වී යයි.
 3797 මානව ශිෂ්ටාචාරය පෘථීවිය හැරදමා වෙනත් පෘථිවියක් සොයා යෑමට තරම් දියුණු වී පවතී. මේ කාලය වන විට ලොකයේ ජීවත් වන සියලූ දෙනා මියයයි. පෘථිවිය යම් කලකට මිනිසාගෙන් ශූන්‍ය වී යයි.
 බාබා වැන්ගාගේ අවසන් අනාවැකිය 3797 ට අදාළ වුවත් අපගේ ආයු කාලය වසර සියයකටත් වඩා අඩුය. එබැවින්, 2100 දී කෘත‍්‍රිම සූර්යයා බිහි වීමටත් ප‍්‍රථම අප මෙලොවින් සමුගෙන සිටිනු ඇත. නමුත්, සියවස් 18 ක් අනාගතයට සිදුවීම් පෙළගස්වා ඇති ආකාරයෙන් අප සැමට තවදුරටත් සනාතනික බුදු වදන් තුළ සිත පිහිටුවා ගත හැකියි.
 ලෝක විනාශය පිළිබඳව සඳහන් කළ ඇය පවසා ඇත්තේ 51 වන සියවස වන තුරු ලෝක විනාශයක් සිදු නොවන බවයි. බාබා වැන්ගා පවසන පරිදි ලෝක විනාශය සිදුවීමට නියමිතව ඇත්තේ වසර 5079 දීයි. නමුත් තමන් මියයන දිනය පිළිබඳවද කලින්ම අනාවැකියකින් පළ කළ පරිදි 1996 අගෝස්තු 11 වන දින ඇය 86 හැවිරිදි වියේදී මිය ගියේ එය සිදු වන්නේ කෙසේදැයි සඳහන් නොකරමිනුයි.
විශ්වනාත් දේවප‍්‍රිය
divaina
=====================================================
උපුටා ගැනීම් සහිතයි ....!!! 
දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya

Tuesday, January 7, 2020

2020 අලුත් අවුරුදු ලග්න පලාපල...(2020 lagna palapala astrology obata kohomada අබිරහස් අඩවිය - Abirahas Adawiya - ශාස්ත්‍රීය ළිපි)

මේෂ -
නිවැරැදි තීරණ ගන්න
වසර අරඹන්නේ කුජ ජල රාශිගතවය. මේෂ ලග්නයෙන් උපන් අයගේ වේගවත් ගමන 2020 පෙබරවාරි දක්වා අඩපණ වෙයි. එතැන් සිට යම් ශක්තියක් ලබයි. ඔබේ කටයුතුවල මේදක්වා මන්දගාමී බවක් ඇති කරයි. මෙතෙක් දක්වා කරදරකාරී බැවින් අලුත් දේ ආරම්භයට සුබ නොවේ. තම අභිමතය පරිදි කටයුතු කිරීමට යාම නම් අවුල් සහගතය. ආර්ථිකමය පීඩනය ඇතිවන බවක් පෙනෙයි. රැකියා ස්ථානයේ හෝ ව්‍යාපාරයේ අවුල් පෙන්වයි.

ධනය:- දෙවැන්නාධිපති අටවැන්නේ ගුරු ද සමගය. බොහෝ විට එදිනෙදා පැවැත්මේ අවුල්සහගත තත්තවයක් ඇතිවෙයි. සියලුම කටයුතුවල කරදරකාරී තත්ත්වයක් ඇතිවීමට පුළුවන. අතඇති ධනය මෙන්ම තැන්පතු ධනය පවා විනාශ වන කරුණු යෙදෙන්නට පුළුවන.

අධ්‍යාපනය:- අධ්‍යාපනය සමබන්ධයෙන්ද එතරම් යහපත් තත්ත්වයක් දක්නට නැත. පස්වැන්නට විශේෂයෙන් බලපෑම දක්නට තිබෙන්නේ අවුල් සහගත රවි + බුද + ශනි තිදෙනාගේ ශක්තියයි. එනම් වරින්වර යෙදෙන ග්‍රහ බල ශක්තීන් නිසා ඒ ඒ ග්‍රහයෝග ඇති අයට විභාග ජයගන්නට විදේශ ගතවන්නට උසස් අධ්‍යාපනයට යොමුවන්නට ශක්තිය ලැබෙනු ඇත.

රැකියාව:- ඔබ මේෂ ලග්නයෙන් ඉපිද රැකියා අපේක්ෂාවෙන් සිටින කෙනෙකු නම් අභියෝගාත්මකය. සමහර වෙලාවට බලාපොරොත්තු වන රැකියාව නොලැබීයාමට ඉඩ තිබේ. බලාපොරොත්තු සාර්ථක කරගන්නට නම් තරගකාරීව කටයුතු කළ යුතුය. ඔබ රැකියාවක නියුතු නම් සංකීර්ණ ගැටලු මතුවීමට ඉඩ තිබේ. විශේෂයෙන් මැයි සිට සැප්තැම්බර් දක්වා ප්‍රවේශම් වන්න. රාජ්‍ය සේවයේ නම් ඉහළයාමේ ශක්තිය තිබේ.

ගෘහ ජීවිතය:- සාමාන්‍යයෙන් පවතින ග්‍රහබල තත්ත්වය මත ගෘහ ජීවිතයට බලපෑම් ඇතිවන වසරක් වෙයි. සතරවැන්න රාහුගෙන් පීඩාවට පත්ව සිටින බැවින් තම පවුලේ අයගෙන්ම යම් යම් විරෝධතා ඇතිවේ. ස්වාමි භාර්යා අවුල් පෙනෙයි. අයිතීන් ලැබීම උදෙසා අවුල් කරගන්නට සිද්ධ වේවි. සැප්තැම්බර් දක්වා කාලය ප්‍රවේසම් වන්න. නිකරුණේ යෙදෙන ගමන් බිමන් සතුරු කරදර ආදියට හේතුවෙයි.

සෞඛ්‍යය:- එතරම් ප්‍රබල අසනීපකාරක බවක් නම් දක්නට නොවේ. හදිසි අනතුරු, ලේ දෝෂ, පපුවේ අසනීපවලට ඉඩ තිබේ. උෂ්ණාධික උදරාබාධවල හේතු පෙනෙයි. ඇස් අමාරු ඇතිවීමට පුළුවන.

● සුබ දින - අඟහරුවාදා සෙනසුරාදා

● සුබ වර්ණ - රතු, නිල්

● සුබ අංක - 1, 3, 4, 7
-------------------------------------------------------------------

වෘෂභ -
අන් අයගෙන් උදව්
වසර උදාවන්නේ ලග්නාධිපති සත්වැන්නේ සිටිමින් ගුරු සමග එකතුවී යහපතක්ම උදාකරමිනි. ගෝචරයෙන් පෙබරවාරි සිට මැයි දක්වා නිරායාසයෙන්ම සුබඵල උදාකර දේ. බොහෝ දෙනෙකුගෙන් උදව් උපකාර ලබමින් ජීවිතය සාර්ථක ගමනකට යාමට උදව්වේ. සමහර විටෙක කීර්ති ප්‍රශංසා ලබන තත්ත්වයට පත්වෙයි. සැප්තැම්බර්යේදී යම් පීඩාකාරී තත්වයක් ඇති නමුත් එතරම් විශාල පීඩාකාරී තත්වයක් නම් ඇති නොවේ.

ධනය:- වසර ආරම්භයේදීම බුද දෙවනැන්නේ ගමන් කරමින් ඇරඹෙන මෙම වසර ඔබට එතරම් අයහපත් කාලයක් නොවේ. ව්‍යාපාර කරන වෘෂභ ලග්න හිමියන්ට නම් ඉතාම යහපත් කාලයකි. අලුත් ව්‍යාපාර ආරම්භයට යහපත්ය.

අධ්‍යාපනය:- අධ්‍යාපනයෙන් ප්‍රබල ශක්තිමත් බවක් ඇතිකරගන්නට නොහැකි නමුත් කරගෙන යන අධ්‍යාපනයෙන්ද වැටීමකට නම් ලක්වන්නේ නැත. මුල් කාලයේදී අධ්‍යාපනයේ බිඳවැටීමක් පෙන්වන අතර දෙවන භාගයේදී ජයග්‍රහණ ලැබේ. විභාගවලින් තරගවලින් පරාජය හිමිවීමට ඉඩ තිබෙන නමුත් ඉන් අධෛර්යයට පත් නොවන්න.

රැකියාව:- රජයේ රැකියාවල නියුතු අයට නම් යම් යම් කරදර සිද්ධවීමට ඉඩ තිබෙන අතර පසුබෑම්ද සිද්ධවේ. උසස් වීම් අපේක්ෂා වෙන් සිටියි නම් එම අපේක්ෂාව බිඳ වැටීමට හේතුවෙයි. ක්‍රමයෙන් පරිහානි ලක්ෂණම පෙන්වන රැකියා කටයුතු නොවැම්බර් මස වනවිට අවුලක්ම ඇතිවෙයි. එහෙත් එතැනදී අභියෝගය ජයගතහොත් දියුණුව අනිවාර්යවේ.

ගෘහ ජීවිතය:- සත්වැන්නේ ගමන් කරන ගුරු සිකුරු දෙදෙනා සාමාන්‍යයෙන් ගෘහ ජීවිතය පිළිබඳ යහපත් අපේක්ෂා ඇති කරයි. පවත්නා රැකියාවල දියුණුවක් ඇතිකළ හැකිය. රැකියා අපේක්ෂිත තරුණ තරුණයන්ට තම බලාපොරොත්තු ඉටුකරගත හැකිය. පවුලේ දියුණුව අපේක්ෂා කරන අයට එම අරමුණ ජයගත හැකිය. එහෙත් විවාහ අපේක්ෂිත තරුණයෙක් තරුණියක් නම් විවාහ යෝජනාව ආදරය ජයගැනීම පිළිබඳ විවිධ අභියෝග ඇතිවීමට පුළුවන.

සෞඛ්‍යය:- ලග්නාධිපති වන ශුක්‍ර 6 වැන්නේ බැවින් ඉතා විශාල සෞඛ්‍ය ගැටලු තත්ත්වයක් පෙන්වන්නේ නැත. සමහරවිට ඒ තුළින්ම ගැටලු සමනය වීමට ඉඩ තිබේ. එහෙත් නොවැම්බර් - දෙසැම්බර් මාසවලදී ජලය සමග කටයුතු කිරීමේදී ප්‍රවේශම් වන්න. පපුවේ අතුරු ආබාධ පිළිබඳව සැලකිලිමත් වන්න.

● සුබ දවස - බදාදා, සිකුරාදා

● සුබ වර්ණ - සුදු ලාකහ

● සුබ අංක - 6 පමණි
----------------------------------------------------------------------

මිථුන -
පවුලේ දියුණුව
ලග්නාධිපති බුද සත්වැන්නේ ප්‍රබල යෝගයකින් ශක්තිමත්ව සිටිමින් උදාවන මෙම වසර ඔබට මිශ්‍ර පල ගෙන දෙන බවක් පෙනෙයි. සඳු පස්වැන්නේය. ගුරු + ශුක්‍ර දෙදෙනාම සය වැන්නේය. 10 වැන්නේ කුජ ප්‍රබලය. මේ අනුව සලකනවිට යම් ප්‍රබලත්වයක් දක්නට තිබේ. ස්ථානමය වශයෙන් එකදු ග්‍රහයෙකු හෝ ප්‍රබල බවක් දරා නැත. ආත්ම ශක්තිය ප්‍රායෝගික වී මේ දුර්වලතාවක් පෙන්වයි. එහෙත් මෙය දිගටම පවතින තත්ත්වයක් නොවේ. ග්‍රහ ගෝචරය අනුව ජූනි ජුලි වනවිට ශක්තිය ප්‍රබල වීමට පුළුවන. පවුලේ දියුණුවට ඉඩ සැලසේ.

ධනය:- ආරම්භයේදීම රාහු දෙවැන්නේ බැවින්ද එය කටකය බැවින්ද අනවශ්‍ය වියදමක් දරනන්ට සිද්ධ වේ. සමහර විටෙක තැන්පත් ධනය පවා වැයවීමට පුළුවන. දේපළ උරුමය පිළිබඳව සංකීර්ණතාවක් ඇති කර ගන්නට පුළුවන.

අධ්‍යාපනය:- අධ්‍යාපනය පිළිබඳ එතරම් අවුලක් පෙන්වන්නේ නැති නමුත් මුල් කාලයේ කිසිම ප්‍රගතියක් දක්නට නොලැබෙයි. වෘත්තීය පිළිබඳව අධ්‍යාපනයට ඉඩකඩ ලැබේ. තමන් සිටින තත්ත්වයෙන් ඉහළට යාමට අධ්‍යාපනය යොදා ගත හැකිවේ. අලුත් අලුත් දේ ඉගෙනීමට අවස්ථාව සැලසේ. විභාගලට පෙනී සිටින අයට ජය ලැබේ.

රැකියාව:- රැකියාව සම්බන්ධයෙන් ඔබ ප්‍රවේශම් විය යුතුය. අහඹු සිද්ධවීම් තුළින් රැකියාවේ අවුල් ඇතිවීමට පුළුවන. කරන්නා වූ රැකියාවේ උසස්වීම් ලැබෙන්නට පුළුන. රැකියා ලැබීමට ඉඩ තිබේ. මාර්තු අප්‍රියෙල් මාසවල බලාපොරොත්තු සාර්ථකව ඉටු වන යුගයක් වෙයි. අලුත් රැකියා අපේක්ෂා කරන්නේ නම් සාර්ථක වීම පසුබටය. තමන්ගේම කියා දෙයක් කරන්නට උත්සාහ කරන්නේ නම් එය සාර්ථක වීමට පුළුවන.

ගෘහ ජීවිතය:- ගෙදර දොර කටයුතු වඩාත් ක්‍රමවත්ව ක්‍රියාත්මක කරන යුගයක් වෙයි. බොහෝ දුරට අවිවාහක නම් වඩාත් යහපත් වසරෙකි. විවාහය සක්‍රිය වීමේ අවස්ථාව මතු වන බැවිනි. මංගල යෝජනා උදාවේ. විවාහකයන්ගේ පවුල් ජීවිතයේ කටයුතු සාර්ථක වෙයි. සතුරු කරදර තුලනය වී ජීවිතය යහපත් මගකට යොමුවෙයි. වාසනාවන්ත දූ දරුවන් ලබන කාලයක් වෙයි. ස්වකීය උත්සාහයෙන් කටයුතු කරන්නන්ට ඉතාම වාසනාවන්ත වසරෙකි. සතුරු කරදර වීනම් ඒවා තුලනය වීමක් දක්නට ලැබේ.

සෞඛ්‍යය:- ඔක්තෝබරය දක්වා ඉතාම යහපත් තත්ත්වයක් සෞඛ්‍යය පවතිනු ඇත. ඉන්පසුව කරදරකාරී රෝගයක් ඇතිවෙයි. හදිසි අනතුරු තුවාල ආදියට ඉඩ තිබේ. රෝග සුවය පිළිබඳ ප්‍රශ්න ඇතිවේ. ශරීර ශක්තිය හීනවෙයි. උදරාබාධ අක්මාවේ අසනීප ආදියට හේතු වෙයි. ප්‍රවේශම් වෙන්න.

● ජය අංකය 3, 5

● ජය වර්ණය කොළ සහ කහ

● ජය දිනය බදාදා, සිකුරාදා
ශ්‍රීමත් ශාලිවාහන ශක නෘප වර්ෂ ප්‍රමාණයෙන් 1941 වැන්නෙහි මතු විෂ්ණු විංශතියට අයත් පිතරයුග පංචාබ්දයෙහි තෙවන ඉඩාවස්තර භේද නාමධාරී චන්ද්‍ර දේවතාධිපති විකාරී නම් මෙම වර්ෂය වනාහී මේෂ රවි 01 භාග වූ බක්මස පුර දසවක නම් තිථිය ලත් රිවි දින මධ්‍යම උදයාදී පැය 19 විනාඩි 57ට හෙවත් ක්‍රිස්තු වර්ෂයෙන් 2019 වැන්නෙහි අප්‍රියෙල් මස 14 වන ඉරිදා අපරභාග 2.09ට සඳු හිමි කටක ලග්නය රවි හිමි සිංහ රාශ්‍යාර්ධය ගුරු හිමි මීන දෙර්කාණයෙත් ගුරු හිමි මීන නවාංශකයෙන් කිවි හිමි වෘෂභ ද්වාදිශාංශකයෙන් කුජ හිමි වෘශ්චික ත්‍රිශාංශකයෙන් බුද හිමි අස්ලිස නැකතේ දෙවන පාදයෙන්ද ශුලයෝගයෙන්ද තෛතිල කරණයෙන්ද ශුක්‍ර හෝරාවේ ශුක්‍ර පංචම කාලයෙන්ද බුද හිමි ශක්ෂම හෝරාවෙන්ද සම්භව හිරු මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමෙන් සිද්ධ වනු ලැබේ.
----------------------------------------------------------------------

කටක -
වාසනාවන්ත වසරකි
මෙම වසර කටක ලග්න හිමියාට ඉතාම වාසනාවන්ත වසරෙකි. සංවත්සරය උදාවන්නේද කටක රාශිය පදනම් කරගෙන බැවින් මේ ඔබට ඉතාම වාසනාවන්ත වසරෙකි. පැවැති කරදර බොහොමයක් නිමවී අලුත් උදාවක් ඇති කරගත හැකි වෙයි. මැයි ජූනි කාලයෙන් පසුව ඉඩකඩම් දේපළ පිළිබඳව පැවැති ප්‍රශ්න නිරාකරණය වී සිතට සහනය ලැබෙයි.

ධනය:- ධනය පිළිබඳව වරින්වර වෙනස්කම් ඇතිවේ. මේනිසා ජීවිතය ගොඩ නගන්නට මනා කලමනාකාරිත්වයක් අවශ්‍යවේ. දේපළ ඉඩකඩම් පිළිබඳව ප්‍රශ්නයක් මුල් කාලයේදී ඇති වුවක් වසර අග සියල්ල සාර්ථකව විසඳෙයි.

අධ්‍යාපනය:- මුල් කාලයේ යම් විපරීත බවක් දක්නට තිබේ. එහෙත් ගෝචරයෙන් ගුරු + සිකුරු පස්වැන්නේ වීමත් කුජ 9 වැන්නේ වීමට ප්‍රශස්ත මට්ටමේ ඉහළ අධ්‍යාපනයක උරුමය ලබාදෙයි. සහජ ශක්තීන් ප්‍රබලව ක්‍රියාත්මක වන යුගයෙකි. එහෙයින් ඉහළ අධ්‍යාපනයට යොමුවීමේ ශක්තිය තිබේ. උසස් අධ්‍යාපනය ලබන්නේ නම් ඉතාම යහපත්ය.

රැකියාව:- රැකියා තත්ත්වය සම්බන්ධයෙන්ද වඩාත්ම යහපත් යුගයෙකි. සෘජු සහ ඉක්මන් තීරණ ගැනීමෙන් මෙම තත්ත්වය යහපත් අතට හැරෙයි. මාර්තුවෙන් පසුව පටන් ගන්නා තත්ත්වය ඉතාම ඉහළ තැනකට ඔබ ගෙනයන බවක් පෙනෙයි. ලේඛන සම්බන්ධව කටයුතු කරන අයට ඉතාම යහපත්ය. රසායන ක්ෂේත්‍රය, ඉඩකඩම් ක්ෂේත්‍රය, ක්‍රීඩා ක්ෂේත්‍රය රැකියා කරන අයට ඉතාම ප්‍රශස්ත වෙයි. අලුතින් රැකියා අපේක්ෂා කරන අයගේ බලාපොරොත්තු ඉටුවීමට පුළුවන. විදේශ ගතවීමට අපේක්ෂා කරන අයට සාර්ථක ප්‍රතිඵල ලැබෙයි.

ගෘහ ජීවිතය:- මෙම කාලයද ඔබට යහපත්ය. ඉඩකඩම් ගේදොර ලැබීමෙන් වාසනාවන්ත බව ඉහළ මට්ටමකට යයි. වාසනාවන්ත ගෙවල් දොරවල් ඇතිකරගත හැකිය. එහෙත් ජලයෙන් පීඩා විඳීමට සිද්ධ වෙයි. බොහෝ විට සෑම දෙනෙකු සමග වගකීමෙන් කටයුතු කරන්න. මුලදීම ප්‍රේම සබඳතාවලට බාධක එල්ල වුවත් පසුව සමනය වෙයි. එහෙත් විපරීත අදහස් මත තමන්ට නොගැළපෙන අය සමග සබඳතා ගොඩ නගා ගතහොත් ජීවිතය අවුල් වෙයි. එසේ යන ප්‍රවණතාවක් තිබේ. පාර්ශ්වීය විරෝධතාවලට ලක්වන බැවින් ප්‍රවේසම් වන්න. පිරිමි දරුවන් ලබන කාලයෙකි. සමහර විටෙක ස්වාමි භාර්යා අරගල ඇතිවීමට පුළුවන. ප්‍රවේශම් වීම වැදගත්ය.

සෞඛ්‍යය:- සෞඛ්‍ය පිළිබඳව නම් එතරම් යහපත්ම තත්ත්වයක් නොපෙන්වයි. විශේෂයෙන් දියවැඩියා රෝග යට ඉඩ තිබේ. ශරීර උෂ්ණත්වය වැඩිවීමට අක්මාව අග්න්‍යාශය සම්බන්ධ රෝග ඇතිවෙයි. තුවාල, බිබිලි ආදිය නිතර ඇතිවෙයි. උෂ්ණත්වය සහ සීතල දෝලනය වන තත්ත්වයක් නිසා මෙය උදාවෙයි. ශරීර අභ්‍යන්තර රෝග පිළිබඳව සැලකිලිමත් වන්න.

● සුබ අංක 2, 3, 5

● සුබ වර්ණය සුදු, ක්‍රීම් වර්ග

● සුබ දින ඉරිදා, බදාදා, සිකුරාදා
-------------------------------------------------------------

සිංහ -
මුදල් ආයෝජනයට සුබයි
සිංහ ලග්න ජන්මියාටද මෙම වසර එතරම් අවුල් බවක් පෙන්වන්නේ නැත. දියුණුව සම්බන්ධයෙන් එතරම් අවුල් සහගත ත්ත්වයක් ඇති නොකරයි. ලග්නාධිපති රවි, බුද, ශනි සමග පස්වැන්නේ සිටිමින් ඇරඹෙන මෙම වසර මෙම ජන්මියාට එතරම් අයහපත් නොවෙයි. ආර්ථිකය සම්බන්ධයෙන් යහපත් තත්ත්වයක් උදාකරයි. මුදල් ආයෝජන කටයුතුවලින් සාර්ථක වෙයි.

ධනය:- ධන නියෝජිත බුද, රවි, ශනි සමග පස්වැන්නේ වීමත් ගුරු සතර වැන්නේ වීමත් නිසා පසුගිය මාසයේ සිටම ආරම්භ කළ ධනය සෙවීමේ ව්‍යාපෘතීන් සාර්ථක වන බවක් දක්නට තිබේ. වියදම් කටයුතුවල යම් වැඩිවීමක් දක්නට ලැබුණද සමබර කරගැනීමට ශක්තිය තිබේ.

අධ්‍යාපනය:- ඉතාම යහපත් මට්ටමක අධ්‍යාපන කාරක බවක් දක්නට තිබේ. රවි + බුද + ශනි පස්වැන්නේ ආදේශවීම නිසා ඉහළ අධ්‍යාපන තත්ත්වයක් දක්නට තිබේ. තමන් බලාපොරොත්තු වන කුමන හෝ ක්ෂේත්‍රයකින් ඉළ අධ්‍යාපනයට යාමේ වරම් තිබේ.

රැකියාව:- රැකියා ස්ථාන අධිපතියා සිකුරුය. සිකුරු ගුරු සමග හතර වැන්නේ සප්තම දෘෂ්ටියෙන් දකී. මේ නිසා රැකියා කටයුතුවල වැඩිදියුණුවක් පෙන්වයි. උසස්වීම් අපේක්ෂා කළ හැකියි. එහෙත් අනපේක්ෂිත කරදරවලට හේතු පෙන්වයි. ඉහළ තත්ත්වයට යාමට ශක්තිය පෙන්වයි.

ගෘහ ජීවිතය:- ගෘහ ජීවිතයේද යහපත් තත්ත්වයක් පෙන්වයි. ලස්සන ගෙයක් දොරක් හිමිවෙයි. ගෘහ ජීවිතයේ සතුටුදායක තත්ත්වයක් ඇතිවීමට පුළුවන. තමන්ගෙන් උපකාරගත් තමන් ආදරය කළ බොහෝ දෙනෙක් ඔබට ගැරහීම් කරමින් ඉවත්වීමට පුළුවන්. රැවටීම, මුලාකිරීම ඇති කරන්නට පුළුවන. සමහර විටෙක ස්ථීර පදිංචිය වෙනසකට භාජනය වීමට ඉඩ තිබේ. ලස්සන අලංකාර තැනක ජීවත්වීමට උරුමය ලැබේ. ආදර බාධක ඇතිවෙයි. අවිවාහකයන්ට මංගල යෝග, උදා කෙරෙයි.

සෞඛ්‍යය:- සැඟවී තුබුණු ගුප්ත රෝගමය තත්ත්වයක් මතුවීමට පුළුවන. විශේෂයෙන් පපුව ආශ්‍රිත රෝග තත්ත්වයක් තිබෙන අය ප්‍රවේසම් වන්න. පාදවල තුවාලවීම් ඇතිවීමට පුළුවන. අපත්‍ය ආහාරවලින් වැළකී සිටීමට උත්සාහ කරන්න. උදරාබාධ වලටද හේතු වෙයි.

● සුබ දින ඉරිදා, බදාදා

● සුබ අංක 1, 4

● සුබ වර්ණය රතු
----------------------------------------------------------------------

කන්‍යා -
රැකියා උසස්වීම්
පවත්නා ග්‍රහ තත්තවන් මත කන්‍යා ජන්ම ලාභියාටද එතරම් අගුණතත්ත්වයක් පෙන්වන්නේ නැත. ඒ ඒ ස්ථානමය ශක්තිය දෙමින් ග්‍රහයෝ සථානවල ප්‍රබලයහ. ලග්නාධිපති බුද රවිද ශනිද සමග 4 වැන්නේය. බොහෝ දුරට දෝෂමය තත්ත්වයක් පාලනය කරගෙන ඉදිරියට යාමට ශක්තිය තිබේ. බොහෝ විට බාධක දුරු කරගෙන ඉදිරියට යාමේ ශක්තිය ලබාදී තිබේ.

ධනය:- දෙවැන්න සෞම්‍ය ග්‍රහයකුට අයත් වීම නියා ආර්ථිකමය වශයෙන් ප්‍රබල තත්වයක් උදාකර තිබේ. ධනය ලැබීම අතින් අවුලක් ඇති නොකරයි. ආදායම් මාර්ග යහපත් කරමින් ධනය ඉපයීමේ කටයුතු ශක්තිමත් කර දෙයි නිවසේ සිටම කරන කටයුතුවලින් ජයක් ලබන්නට ශක්තිය තිබේ. අමතර ආදායම් මාර්ග ඇතිවේ.

අධ්‍යාපනය:- සාමාන්‍යයෙන්ම කන්‍යා ලග්න ජන්මීන් බුද්ධිමත් බව පිළිගන්නා සත්‍යයකි. ඔබගේ එම ශක්තිය හැකියාව වර්ධනය කරගත හැකි වසරක් උදාව ඇති බව පෙනෙයි. ඉගෙනීම මේ කටයුතු ඉතාම ඉහළින් කර ගත හැකි තත්ත්වයක් උදාවී තිබේ. පාසල් යන අයගේ කටයුතු යහපත් වේ.

රැකියාව:- ඔබේ රැකියාකාරක බුධ ද මේ වසරේ සිටින්නේ ඉතාම යහපත් තත්ත්වයකය. ඔබ ලේඛන සම්බන්ධව රැකියාවක්, ගුරු වෘත්තිය වැනි රැකියාවක් කරන්නේ නම් ඉතාම යහපත්ය. දියුණුව ලබන තත්ත්වයක් පෙන්වයි. අනෙක් ග්‍රහබල ද යහපත් බැවින් උසස්වීම් සමග බලාපොරොත්තු වන අන්දමේ තැනකට යාමට ශක්තිය තිබේ. වසර මැද භාගයේදී නම් යම් යම් කරදරකාරී තත්ත්ව ඇති වීමට ඉඩ තිබේ.

ගෘහ ජීවිතය:- බලාපොරොත්තු වන අන්දමේ ස්ථානයකට යාමට ශක්තිය ලැබේ. අන්‍යොන්‍ය සබඳතා ඇති කරගන්නට හැකියාව ලැබේ. ආදරවන්තයන්ට තම උරුමයද ආදරවන්තියන්ට තම උරුමයද ලැබේ. වැඩිහිටියන් උසස් අයගෙන් උදව් උපකාර ලැබේ. සතුරන් මිතුරන් වේ. අලුතින් ආදර බැඳීම් ඇති වේ. පවුලේ තත්වය සෑම අතින්ම දියුණු වේ. එහෙත් පදිංචි ස්ථානවල අවුල් ඇතිවීමට ද පුළුවන. නිවාස අතහැර යාමට සිද්ධ වේ. පදිංචිය අනිවාර්යෙන්ම වෙනස් වෙයි.

සෞඛ්‍යය:- එතරම් ගැටලු සහගත බවක් නොපෙන්වයි. එහෙත් යම් යම් කටයුතුවලදී මානසික ගැටලු ඇති වීමට පුළුවන. එහිදී බුද්ධියට ඉඩ දී කටයුතු කරන්න. සියලු අවුල් විසඳා ගත හැක. සාමාන්‍ය රෝග තත්ත්ව නොපෙන්වයි. ආහාර විසවීම් ඇති වීමට පුළුවන්. ප්‍රවේසම් වන්න. විස සතුන් දෂ්ඨ කිරීමට පුළුවන. ප්‍රවේසම් වන්න.

● සුබ අංකය:- 2, 3, 5

● සුබ වර්ණය :- කොළපාට

● සුබ දිනය:- බදාදා, බ්‍රහස්පතින්දා
----------------------------------------------------------------------

තුලා-
කීර්ති සහ ප්‍රශංසා
ලග්නාධිපති ගුරු සමග දෙවැන්නේ තබාගෙන උපන් ඔබ සාමාන්‍යයෙන් කාරුණික ගතිගුණ ඇති බොහෝ විට සංවේදී වන ජන්මියෙකු වෙයි. අනුන්ගේ ප්‍රශ්නවලින් සංවේදී වන කෙනෙකු වෙයි. ලග්නාධිපති දෙවැන්නේ වීම යහපත් තත්ත්වයෙකි. ගුරු ද ඒ සමගම වීම යහපත් තත්ත්වයෙකි.

ධනය:- ධනස්ථාන අධිපති කුජ 6 වැන්නේ සිටිමින් දෙවැන්න දකින අතර දෙවැන්න ගුරු ශුක්‍ර සිටිමින් ශක්තිමත් බැවින් වසර ආරම්භයේ සිටම ධනය සම්බන්ධ එතරම් අවුලක් පෙන්වන්නේ නැත. මේ අනුව අලුත් ධන මාර්ග ආරම්භ කර දියුණුවට යාමට ශක්තිය තිබේ. දුරගමන් යෙදෙනු අතර මගදී ධනමාර්ගයක් වෙයි.

අධ්‍යාපනය:- අනියම් ලෙසින් මේ වසරේ ඔබේ අධ්‍යාපනය දියුණුවට යන යුගයක් වෙයි. ඥානය දියුණුව උදෙසා කටයුතු කරන අතර බුද්ධියෙන් කරන එම කටයුතුවලින් දියුණුවක් ලැබේ. රවි ශනි, බුද තුන් වැන්නේ යහපත් සබඳතාව නිසා කීර්ති ප්‍රශංසා ශක්තිමත් සබඳතා ඇති වීමට ඉඩ තිබේ. විභාගවලින් තියන ජය ලබන තත්ත්වයක් පෙනෙයි. අලුත් අධ්‍යාපන කටයුතු ඇරඹීමට ඔබ ප්‍රශසික කාලයකි.

රැකියාව:- වසර ආරම්භයේදීම දහවැන්නේ සිටින රාහු රැකියාවේ අවුල් තත්ත්වයක් ඇති කිරීමට පුළුවන. දියණුව අඩුවීම ස්ථාන මාරු මෙන්ම සතුරු කරදර ආදියක් ද දක්නට ලැබේ. හොඳින් ප්‍රවේසමෙන් කටයුතු කරන අතරම සොයා නොබලා එන එන සෑම දෙයකට අත්සන තබන්න එපා. එසේම අලුත් රැකියා ලැබීමට ද හේතුවෙයි.

ගෘහ ජීවිතය:- සාමාන්‍යයෙන්ම ලැබීමට නියමිත දේ ලැබෙන යුගයකි. ගේ දොර ඉඩකඩම් ලැබීමට ඉඩ තිබේ. සමහරවිටෙක දී පවුල් ජීවිතයේ අවුල් ඇතිවීමට ඉඩ තිබේ. එහෙත් ඥාතීන් සමග කරන කටයුතුවලදී ප්‍රවේසම් වන්න. සාමාන්‍ය වශයෙන් පවුල් දිවිය යහපත් වන බව දක්නට තිබේ. අනියම් සබඳතාවලට යාමට උරුමය වෙයි. ප්‍රවේශම් විය යුතුයි. මේ තත්ත්වය ගෘහ ජීවිතය අවුල් කරන්නට හේතු වෙයි.

සෞඛ්‍යය:- සාමාන්‍යයෙන් රාහු 10 වැන්නෙත් කේතු සතර වැන්නෙත් වීම නිසා පපුවේ සෙම්රෝග ගති ඇතිවීමට ඉඩ තිබේ. එහෙත් වසරේ අගභාගය වනවිට සියලු රෝග නිවාරණය වී යහපත් තත්ත්වයක් උදා කරයි. ප්‍රසන්න පෘෂ්ඨිමත් පෙනුමක් ලැබෙයි.

● සුබ අංක 6

● සුබ වර්ණය - සුදු, ක්‍රීම් - අයිවරි කලර්

● සුබ දිනය සිකුරාදා, සෙනසුරාදා
----------------------------------------------------------------------

වෘශ්චික -
විදෙස් ගමන් බිමන්
වෘශ්චික ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති පස්වැන්නේය. සරලව ගතහොත් වෘශ්චික ලග්න ජන්මියාට යහපත උදා කරන වසරෙකි. රවි බුද, ශනි දෙවැන්නේය. ධනය ලැබීම අතින්ද කතාවෙන් යම් යම් කරදර ඇති කර ගන්නා තත්ත්වයක් ඇති කරයි. වසරේ මුල්කාලය ඉතාම යහපත්ය. විදේශ ගමන්බිමන්වලට හේතුවෙයි. එහෙත් වසරේ මැද භාගය වන විට නොසිතූ කරදරවලට හේතුවෙයි.

ධනය:- ධනස්ථානය වන දෙවැන්නේ රවි, බුද, ශනි තිදෙනා සිටීම ඉහළ මට්ටමින් මුදල් සොයන පිහිටීමකි. ආර්ථිකමය දෝෂ ඇති නොවේ. ගුරු සිකුරු ලග්නයේ සිටීමද මහත් පල දෙන ආර්ථිකමය තත්ත්වයකි.

අධ්‍යාපනය:- ඉගෙනීම සම්බන්ධව ස්ථාන මත පස්වැන්නේ කුජ සිටීම අධ්‍යාපන යෝගයෙකි. කාර්මික ඉංජිනේරු අංශයෙන් අධ්‍යාපනය ලබන අයට නම් බලාපොරොත්තු ඉෂ්ඨ වන වසරෙකි. අධ්‍යාපන ශක්තීන් වර්ධනය කරන ඉහළ වන වසරෙකි. අධ්‍යාපන ශක්තීන් වර්ධනය කරන ඉහළ අධ්‍යාපනයට යොමු කරන යෝගයෙකි. වසරේ අගභාගය වන විට ඉගෙනීමේ දුර්වලතාවයක් ඇති වීමට ඉඩ තිබේ.

රැකියාව:- 4 සහ 10 යන ස්ථාන ප්‍රබල නොවීම නිසා රැකියාවේ සුලු අවුල් තත්ත්වයක් ඇතිවීමට පුළුවන. එහෙත් එතරම් විශාල බාධක තත්ත්වයක් පවතින රැකියාවට නම් අත්වන්නේ නැත. උසස්වීම් පඩි වැඩිවීම් වැනි තත්ත්වයන් සාර්ථක නොවන බැවින් සුළුවෙන් හෝ රැකියා කරදර වීමට පුළුවන.

ගෘහ ජීවිතය:- ශනි දෙවැන්නේ සිටීමක් තරමක් අතෘප්තිකර යෝගයක් වීමත් නිසා ගෘහ ජීවිතය පිළිබඳ අවුල් සහගත තත්ත්වයන් ඇතිවීමට ඉඩ තිබේ. පවුලේ කෙනෙකුට අපල ගෙන දීමට පුළුවන. අඹුසැමි වාද භේද ආරවුල් ඇති වීමට ඉඩ තිබේ. සිත් තැවුල්වලට හේතුවෙයි. ගිනි බියක්, ජල බියක් ඇතිවීමට ඉඩ තිබේ. කිසිම ආකාරයකට අන්‍යන් සමග ආරවුල් ඇතිකර නොගන්න. තීන්දුවක් ඇති වීමට ඉඩ තිබේ.

සෞඛ්‍යයය:- මුල් කාලයේදී නම් එතරම් අවුලක් පෙන්වන්නේ නැත. රවි, ශනි දෙදෙනා දෙවැන්නේ ගමන් කිරීම නිසා තදබල හිසේ අමාරුවක් ඇතිවීමට ඉඩ තිබේ. වසරේ අවසාන කාලය නම් කිසිසේත්ම යහපත් නැත. ලේ දෝෂ සෙම දෝෂ ඇතිවීමට පුළුවන. ප්‍රවේසම් වන්න.

සුබ වර්ණය රතු, දුඹුරු
සුබ අංකය 4, 5, 7
සුබ දිනය - බ්‍රහස්පතින්දා, අඟහරුවාදා
----------------------------------------------------------------------

ධනු -
මංගල යෝග උදාවේ
ලග්නාධිපති ගුරු 12 වැන්නේ සිකුරු සමග සිටීමත් ආරම්භ වන මෙම වසර එතරම් ප්‍රශස්ත බවක් ජන්මියාට ලැබෙන්නට හැකියාවක් නැත. එහෙත් මනා පෞරුෂය වයසට වඩා වැඩි තත්ත්වයක් දක්නට තිබේ. බුද්ධිමත් ලෙස කටයුතු කරන කෙනෙකු දියුණුවට බාධක මෙන්ම ශරීර සෞඛ්‍යයටද එතරම් යහපත් තත්ත්වයක් දක්නට නැත. පවුලේ සමගියට බාධකයකි. මංගල කටයුතු ප්‍රමාද කරයි. ඔබ තරුණයෙක් හෝ තරුණියක් නම් විවාහ යෝජනා ඉදිරිපත් වීමට පුළුවන.
ධනය:- ලග්නයේ රවි, බුද, ශනි කේන්දර ගතවීම නිසා යම් තරමකට ආදායම තත්ත්වය සාර්ථක මට්ටමකට ගෙන එන නමුත් ධනය වැය කිරීම සම්බන්ධයෙන් අවුලක් පෙන්වයි. වියදම් වැඩි වෙයි. වසර දක්වා මෙම තත්ත්වය පවතින අතර ඉන්පසු ක්‍රමයෙන් තත්වය යහපත් වෙයි.

අධ්‍යාපනය:- රවි, බුද ශනි ලග්නයේ වීමත් ගුරු, ශුක්‍ර 12 වැන්නේ වීමත් නිසා අධ්‍යාපනයේ නම් දියුණුවක් දැකිය හැකිය. කරගෙන ගිය අධ්‍යාපන කටයුතු සාර්ථක මට්ටමක යාමට හැකියාව තිබෙයි. තරමක්දුරට මානසික තත්ත්වය පහත වැටෙන සිතුවිලි මත අධ්‍යාපන අවුල් වීම් ඇති වුවත් ප්‍රබල යෝග තුළින් එම අභියෝග ජය ගන්නට ඔබට ශක්තිය තිබේ.

රැකියාව:- වසරේ මුල් කාලයේ රැකියා කටයුතුවල බිඳ වැටීමක්, ව්‍යාපාර කරන්නේ නම් අසාර්ථක වීමක් දක්නට ලැබේ. එහෙත් ක්‍රමයෙන් ගුරුගේ බලවත්වීම තුළ රැකියාවේ ස්ථාවර තත්වයක් ඇතිවන බව පෙනෙයි. දියුණුවක් ඇති කරයි. එහෙත් ප්‍රවේසම් විය යුතුයි. සතුරු කරදර දක්නට තිබේ.

ගෘහ ජීවිතය:- කරන දෙය නිවැරදිව කරන්නට උත්සාහ කිරීමත් පසුබට නොවී ගන්නා තීරණ නිසාත් ජීවිතයේ අවුල් තත්ත්වයක් ඇතිවීමට ඉඩ තිබේ. එහෙයින් කෙලින් වැඩ කිරීම අභියෝගාත්මක වෙයි. සමහර වෙලාවට කරන්නට අපේක්‍ෂා කරන දෙය කරගන්නට නොහැකි තත්ත්වයක් උදාවෙයි. සාමාන්‍යයෙන් අවි ආයුද වලින් කටයුතු කරන අය ප්‍රවේසම් වීම වැදගත් වෙයි. තම අවිය තමා දෙසටම හැරෙන්නට ඉඩ තිබේ.

සෞඛ්‍යය:- රාහු අට වැන්නේ වීමත්, ගුරු, ශුක්‍ර දෙදෙනා 12 වැන්නේ වීමත් තුළ යම් තරමකට අසනීපකාරී බවක් දක්නට තිබේ. ශරීර දුර්වලතා ඇති කෙරේ. ඇස්වල දත්වල ආබාධ ඇතිවිය හැකිය. විශේෂයෙන් කිසියම් අසනීපයක් ඇති වුවහොත් සුව වීම ප්‍රමාද වෙයි.

● සුබ අංකය 3-5-6

● සුබ දවස - බදාදා, සිකුරාදා

● සුබ වර්ණය - කහ පාට
----------------------------------------------------------------------

මකර -
ගෘහ ජීවිතය සාර්ථකයි
ලග්නාධිපති රවි, බුද සමග 12 වැන්නේ සිටිමින් උදාවන මෙම අවුරුද්ද ඔබට තරමක අයහපත් තත්ත්වයක් උදා කරයි. එසේම 11 වැන්නේ ගුරු ශුක්‍ර සිටීම සම්පූර්ණ දෝෂ භංග කරන තත්ත්වයෙන් රාහුගේ ගෝචර ගමන් කාලය වනවිට කිසියම් අවුල් තත්ත්වයක් ඇතිවීමට ඉඩ තිබේ. එහෙත් සඳු 10 වැන්නේ සිටීම යහපත් තත්ත්වයෙකි.

ධනය - ධනස්ථාන අධිපති සෙනසුරු වැය ස්ථාන ගතවීම තුළ මෙම වසර තරමක් ධනය ලැබෙනවාට වඩා වියදම් වන ස්වරූපයක් පෙන්වයි. නොයෙකුත් හේතු මත වියදම් වන තත්ත්වයත් පෙන්නුම් කරයි. එය සිතටද මහත් කරදරයක් වනු ඇත. ඔබ ව්‍යාපාරිකයකු නම් හවුල් කරුවන්ගෙන් ප්‍රවේසම් වීම ඉතාම වැදගත්ය.

අධ්‍යාපනය:- සාමාන්‍යයෙන් සෙනසුරු අයහපත් බලපෑම් සහිතව සිටින බැවින්ද රාහු අයහපත්ව සිටින බැවින්ද ජීව ත්‍රිකෝණය බලරහිත බැවින්ද අධ්‍යාපනයේ අවුල් ඇතිවීමට පුලුවන. යෙදී සිටින අධ්‍යාපනය වුවද අවුල් සහගත වීමට පුළුවන. ඉගෙනීමට වඩා විනෝද කටයුතුවලට පෙළඹීමට පුළුවන.

රැකියාව:- පවතින ග්‍රහබල තත්ත්වයන් මත රැකියාවද අවුල් සහගත වෙයි. බොහෝ විට යෙදී සිටින රැකියාවේ අවුල් ඇතිවීමට ඉඩ තිබේ. නොයෙකුත් දෝෂාරෝපණ අසන්නට සිද්ධවෙයි. විපරිත සිතුවිලිවලින් රැකියාවේ කටයුතු අවුල් කරගන්නට පුළුවන. සමහර වෙලාවට රැකියාව වෙනුවෙන් වන උනන්දුව නැතිවීමට පුලුවන.

ගෘහ ජීවිතය:- ගෙදර දොර ජීවිතය සතුටුදායක වන්නට පුළුවන. හොඳ ඥාති සබඳකම්වලට ඉඩ තිබේ. සතුරුවී ඈත්ව සිටි ඥාතීන් නැවත ලංවීමට පටන් ගනී. බොහෝ විට ස්ත්‍රී සබඳතාව ලැබීමට ඉඩ තිබේ. ගෙදර දොර අඩුපාඩු බොහොමයක් නැතිවී යයි.

සෞඛ්‍ය- ශරීර ශක්තිය හීන කරයි. සෞඛ්‍යය පිළිබඳව සැළකිළිමත් නොවුනහොත් අවුල් ඇතිවීම වැලැකිය නොහැකි. පාදවල අනතුර වීමට පුලුවන්. තුවාලවීම ලේ සෙලවීම් වන්නට පුළුවන. නහරගත ආබාධ මුත්‍රා දෝෂ ඇතිවීමට ඉඩ තිබේ. ප්‍රවේසම් වන්න.

● සුබ අංක 6-8-9

● සුබ වර්ණය:- නිල්

● සුබ දිනය:- අඟහරුවාදා, බ්‍රහස්පතින්දා
----------------------------------------------------------------------

කුම්භ -
දියුණු වන කාලයකි
කුම්භ ලග්නයෙන් උපන් ඔබට මේ වසර එතරම් අපලදායක බවක් නොපෙනේ දියුණුව සම්බන්ධයෙන් බාධක නොපෙනේ. ලග්නාධිපති ශනි 11 වැන්නේය. රවි-බුධ දෙදෙනා සමගය. මෙය කෝටියක් දෝෂ භංග කරන තත්ත්වයෙකි. 10 වැන්නේ ගුරු ශුක්‍ර දෙදෙනාද යහපත් තත්ත්වයකය. දියුණුව සම්බන්ධයෙන් එතරම් අවුල් තත්ත්වයක් නොපෙනේ.

ධනය:- ආරම්භයේ ගුරු සිකුරු දෙදෙනා දහ වැන්නේ වීම සහ දෙවැන්න මකරය වීම තුළ එතරම්දුරට ධනය පිළිබඳව අවුලක් නොපෙනෙයි. ලැබීම්වලට යහපත් වෙයි රැකියා කටයුතුවලින් මෙන්ම වෙනත් මාර්ගවලින් ධනය ලැබෙනු ඇත. දියුණු වීමේ ප්‍රවණතාව ඉතාම ඉහළ මට්ටමක තියෙයි.

අධ්‍යාපනය:- අධ්‍යාපනයේ යහපත් තත්ත්වයක් පෙන්නුම් කරමින් ගුරු සිකුරු දෙදෙනා දහවැන්නේ සිටීම ඉතාම යහපත් තත්ත්වයකි. ඉතාම ඉහළ බුද්ධිමත් තත්ත්වයක් ලබාදී තිබෙන අතර පසුබට වී තිබෙන අධ්‍යාපන උරුමයක් නැවත පණ ගන්වා ගත හැක. අධ්‍යාපන ආශාව ඇතිවෙයි. ශාස්ත්‍රීය කටයුතු ඉගෙනීමට ආශාව ඇති වෙයි. එම තත්ත්වයන් දියුණුවට ගෙන යාමට ඉතාම යහපත් තත්ත්වකි.

රැකියාව:- මෙම වසරේ ග්‍රහ පිහිටීම් කුම්භ ලග්න හිමියාට ඉතාම හිතකරය. තමන් කරමින් සිටින රැකියාව ස්ථාවර තත්ත්වයකට ගෙන ඒමට පුළුවන. හොඳ ඉහළ මට්ටමේ රැකියාවක් ලබා ගන්නට අලුතින් රැකියා අපේක්ෂා කරන අයට වාසනාව තිබේ. කළමනාකරණ ක්ෂේත්‍රයේ රැකියා කරන අයට ඉතාම වාසනාවන්ත තත්ත්වයෙකි. ඉතාම දියුණු රැකියාවක් ලබන්නට හේතුවෙයි.

ගෘහ ජීවිතය:- පවතින ග්‍රහ බල අනුව සිතන විට කුම්භ ලග්න ජන්මීන්ට ගෘහ ජීවිතයේ අවුලක් ඇතිවන බවක් පෙනෙන්නට නැත. සතර වැන්නට ගුරු සිකුරු දෙදෙනාගේම බැල්ම ලැබී තිබෙන බැවින් සරල සාමකාමී ගෘහ ජීවිතයකට උරුමය ලබා තිබෙන බවක් පෙනෙයි. උසස් උගත් අයගේ ආධාර ලැබේ.

සෞඛ්‍යය:- ශරීර සෞඛ්‍යයටද තරමක් අයහපත් තත්ත්වයක් ඇති කරයි. උදරය සහ පාද සම්බන්ධ රෝග තත්ත්වයක් ඇතිවීමට පුළුවන. ස්නායු දුර්වලතාවලටද හේතුවක් වෙයි. හදිසි අනතුරුවලට ඉඩ තිබෙන අතර මෙයින්ද සෞඛ්‍යයට බලපෑම් ඇති වීමට පුළුවන. හදිසි ශල්‍යකර්මයකට හේතුවෙයි. ප්‍රවේසම් වීම වැදගත්ය.

● සුබ අංකය:- 3-8-9

● සුබ වර්ණය:- රතු - නිල්

● සුබ දිනය:- අඟහරුවාදා-සෙනසුරාදා
----------------------------------------------------------------------

මීන -
ඉඩකඩම් මිලදී ගනී
ලග්නාධිපති ගුරු සිකුරු සමඟ භාග්‍යස්ථාන ගත වෙමින් ආරම්භ වන මෙම වසර මීන ලග්න ජන්මියාට එතරම් අයහපත් නැත. ලග්නයේම කුජ ප්‍රබලව කේන්දර ගතවීමද යහපත් තත්ත්වයෙකි. රවි+බුද+ශනි 10 වැන්නේ කේන්දර ගතවීමද ඉතාම යහපත් තත්ත්වයෙකි. ප්‍රබල තත්ත්වයෙකි.

ධනය:- ධනස්ථාන අධිපති කුජ දෙවැන්නේම ස්ථානගතව සිටියි. එය ගුරුගේ රාශියයි. මෙය ඉතාම යහපත් පිහිටීමෙකි. උපක්‍රමශීලීව හෝ මුදල් සොයන කෙනෙකුවෙයි. සෑම දෙයක් කෙරහිම පවත්නා උපක්‍රමශීලී බව දියුණුව කරා යාමට හේතුවක් වෙයි. ගුරු සිකුරු භාග්‍යස්ථාන ගත වීමත් රවි+බුද+ශනි රැකියා ස්ථානගත වීමත් කුජ ලග්න ගතවීමත් ප්‍රධාන ධන යෝග කාරක තත්ත්වයෙකි.

රැකියාව:- රැකියාව සම්බන්ධයෙන්ද ඉතාම ඉදිරි තත්ත්වයක් දක්නට තිබේ. විශේෂයෙන් 1-5-9 ස්ථාන යහපත්වීම තුළ වේගවත් ඉදිරි ගමනක ලක්ෂණ පෙන්වයි. මහන්සියේ තරමටත් වඩා ඉපයීමේ ප්‍රවණතාවක් දක්නට තිබේ. මහන්සිවී රැකියාව කරන්නට සිද්ධවෙයි. ඔබ කෙරෙහි හාම්පුතුන් දක්වන ආකල්ප ඉතාම යහපත් බැවින් සියල්ල සාර්ථක වෙයි.

අධ්‍යාපනය:- අධ්‍යාපනය සම්බන්ධයෙන් ද ඉතා ඉහළ බලාපොරොත්තු තබාගත හැකි තත්ත්වයෙකි. කාර්මික ව්‍යපාරික සම්බන්ධ ඉගෙනීම කරන අයට ඉතාම යහපත්ය. එහෙත් සමහර දෙනෙකුට මෙම බලපෑම අයහපත්ය. මේ යහපත් තත්ත්වය තුළම ඔවුන් උවමනාවට වඩා බලාපොරොත්තු තබා ගැනීම නිසා අධ්‍යාපනය බිඳී යාමට ඉඩ තිබෙන බැවිණි. සැලකිල්ල උත්සාහය උපක්‍රමශීලිත්වය මතින් අධ්‍යාපනය ඉදිරියට ගෙන යාමේ ශක්තිය තිබේ.

ගෘහ ජීවිතය:- පවතින ග්‍රහ තත්ත්වයන් මත එතරම් අවුලක් ඇතිවීමට ඉඩ නැත. ගෙදර දොර කටයුතු යහපත් තත්ත්වයෙන් පවතිනු ඇත. කාටත් සුහදව ජීවත්වීමේ අයිතිය පෙන්වා දෙයි. රවි+බුද+ශනි තිදෙනාගේ දෘෂ්ටිය නිසා යහපත් තත්ත්වයක් උදාකරයි. අලුත් නිවාස ඉඩකඩම් ඇතිකර ගැනීමට හැකියාව ලැබෙයි. පවුලේ දූ දරුවන්ගේ කටයුතු සාර්ථක වෙයි. ආගමික සාමාජික සංස්කෘතික කටයුතුවල යෙදීමට වරම් ලැබෙයි. ඉන් සහනය ලැබෙනු ඇත.

සෞඛ්‍යය:- බොහෝදුරට සෙම්-ලේ කෝපවීමෙන් ඇතිවන රෝග තත්ත්වයන්ට මුහුණ දීමට සිද්ධ වෙයි. බඬේ උෂ්ණ ගතිය වැඩිවීම නිසාත් ගැස්ට්‍රයිටීස් වැනි තත්ත්ව ඇතිවීමට පුලුවන. දණහිස් අමාරු ඇතිවීමට පුලුවන.

● සුබ දිනය:- අඟහරුවාදා, බ්‍රහස්පතින්දා

● සුබ අංකය:- 3-9

● සුබ වර්ණය:- රතු සහ කහ





lankadeepa

================================================
උපුටා ගැනීම් සහිතයි ....!!! 
දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

සිංහල රජකාලේ මරණ දණ්ඩනය දුන් මහනුවර වධක බිම.....(kandy mahanuwara bahirawa kanda අබිරහස් අඩවිය - Abirahas Adawiya - හෙල පුරාණය)

බ්‍රිතාන්‍යයන්ට උඩරට යටත්වීමට පෙර උඩරට රජවරුන් රටේ අපරාධකරුවන්ට ලබාදුන්නේ මරණ දඬුවමයි
 රාජ උදහසට ලක්වන අය දෙතිස් වද දී මරා දමන ලදී. ඇතුන් ලවා පෑගවීම, උල තැබීම, කටු බෙරයක තබා කන්දක් උඩ සිට පහළට පෙරළීම, ප්‍රසිද්ධියේ උල තැබීම, හිස කඳෙන් වෙන් කිරීම ආදිය ඉන් කිහිපයකි.   
ඒ ආකාරයෙන් රජ දවස මරණ දඬුවම ලබා දුන් ස්ථානයක් ලෙස සෙංකඩගල පුරවරයේ “බහිරව කන්ද” නමැති ස්ථානය සඳහන් කළ හැකිය. මහනුවර නගරයට බටහිර දෙසින් දළදා මාලිගාවට හා උඩවත්ත කැලේට හරි කෙළින් ඉහළින් බහිරව කන්ද පිහිටා ඇත. එහි අද විශාල සමාධි පිළිම වහන්සේ නමක් ස්ථාපනය කර තිබේ. මෙය ලංකාවේ ඕනෑම මුද්‍රාවකින් දෙවැනියට තිබෙන විශාලතම පිළිම වහන්සේ ය. අඩි 88ක් උසය. 1993 නිරාවරණය කරන ලද්දකි. කන්ද උඩරට විශාලතම බුද්ධ ප්‍රතිමාව ද මෙය ය.   
ඊට අමතරව මෙහි වසර 60ක් පමණ පැරැණි බෝධි වෘක්ෂයක් ද දක්නට ලැබේ. එය අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවකි. මෙම බෝධි වෘක්ෂය රෝපණය පිටුපස ද ඓතිහාසික කතාවක් ඇත. එනම් ශ්‍රී ලංකාවාසීන්ගේ ආදරයට පත්, මහනුවර දළදා පෙරහරේ කරඬුව වඩම්මන ලද රාජා ඇතා පිට, රැගෙන විත් සිටුවා ඇති බෝ පැළයක් වන නිසා ය. රාජා ඇතා, බෝ පැළයක් රැගෙන ගොස් කිසියම් තැනක සිටුවා ඇත්නම් ඒ බහිරව කන්දේ පමණකි. ඒ අග්‍රාණ්ඩුකාර විලියම් ගොපල්ලව මහතාගේ ප්‍රධානත්වයෙන්, මහනුවර තරුණ බෞද්ධ සංගමයේ මූලිකත්වයෙන් සිදු කරන ලද්දකි. 
මෙහි ඓතිහාසික සිද්ධීන් ද ගහනය. බහිරව දේවතාවාගේ අභය භූමිය වූ බැවින් මෙයට “බහිරව කන්ද” යැයි ව්‍යවහාර කෙරේ. පළමුව ඒ ගැන කෙටියෙන් හෝ විස්තරයක් දැන ගැනීමට බොහෝ දෙනෙක් කැමැති වනු නිසැකය. 
සෙංකඩගල පුරවරය පාලනය කළ එක් රජතුමකුට උඩවත්ත කැලේ ඇති නිධානයක් ගැනීමට අවශ්‍ය විය. බහිරව දෙවතාවා විසින් ආරක්ෂා කරනු ලබන එම නිධානය, බහිරව බන්ධනය කළ හැකි මන්ත්‍රකරුවෙකු රජු විසින් මාලිගාවට කැඳවන ලදී. මන්ත්‍රකරුගේ ප්‍රමාදයකින් බහිරව පූජාවට අවශ්‍ය වූ දොළ පිදවිල්ලක් අඩුපාඩු විය. එම අඩුපාඩුව නිසා බිලි කැප නොගත් බහිරව දේවතාවා බන්ධනයට අසු නොවී මන්ත්‍රකරු ජීවිතක්ෂයට පත් කර භයංකර හූ හඬක් නගමින් බහිරව කන්දට පැන ගැලවුණි. 
එදවස සෙංකඩගල පුරවරයට උදා වෙමින් පැවැතියේ නරක කාලයකි. දරුණු නියං කාලයක් ඇති වුණේ කිසිවකුත් බලාපොරොත්තු නොවූ අයුරිනි. ඇළ, දොළ, ළිං, පොකුණු ජලය සිඳී ගියේ ය. ගස්, වැල්, තණකොළ ද වියළී ගිය බැවින් ගවයන් ඇතුළු සත්තු මරණයට පත් වූහ. අවසානයේ මහා දුර්භික්ෂයකට පත්ව වසංගත තත්ත්වයක් ඇති වී නගරවාසීහු ද මරණයට පත් වූහ. 
මේ ආකාරයෙන් නගරවාසීන් මැරී යනු දුටු රජතුමා ශෝකයට පත් ව, කපුවකු ගෙන්වා ඊට හේතුව විමසා සිටියේ ය. 
බහිරව දේවතාවාගේ උදහස නිසා, මේ ආකාරයේ විපත් සිදු වෙන බවත්, ඉන් මිදිය හැක්කේ අවුරුදු පතා නගරයේ ම සිටින උසස්, කුලවත් රූප සුන්දරියකු බහිරව කන්දට රැගෙන ගොස් බිලි පිණිස පුද කිරීමෙන් පමණක් බවත්, එසේ නොකළ හොත් රජතුමා ඇතුළු මුළු නගරවාසීන්ට මරණයට පත් වීමට සිදු වෙන බවත්, ඔහු දේවාරූඩයෙන් පැවැසී ය. 
ධනයට තිබූ ආශාව නිසා මෙවන් විපතක් සිදු වූ බව වටහා ගත් රජතුමා, අදාළ දිනට බිල්ලක් ලබා දෙන බවට භාර විය. ඉන්පසු වර්ෂාව ඇති වී ක්‍රමයෙන් වසංගත තත්ත්වයෙන් රට දුරු විය. බිලි පූජාවේ දිනය ආසන්න වෙත් ම නගරයේ උසස් රූප සුන්දරියක් තෝරා ගෙන බහිරව කන්දට රැගෙන ගොස් පූජාව ඉටු කළේ ය. මේ ආකාරයෙන් වසර කිහිපයක් ගත විය. 
ලක්දිවට දළදා වහන්සේ වැඩම කරගෙන ආ, දන්ත කුමාර සහ හේමමාලා පරපුරෙන් පැවැත එන කීරවැල්ලේ රදල ප්‍රභූවරයෙක් මේ කාලයේ මහනුවර පදිංචිව සිටියේ ය. ඔවුන්ට පුත් කුමාරයෙක් සිටි අතර, ඔහු රදල පෙළපතකට අයත් කුමාරියකු හා සම්බන්ධතාව පවත්වාගෙන ගියේ මව්පියවරුන් ගේ අනුමැතිය ඇතිවය. එහෙත් කීරවැල්ලේ ගේ ප්‍රේමවන්තියට ද බහිරව පූජාවෙන් ගැළවීමට හැකියාවක් ලැබුණේ නැත. ඊට හේතුව වූයේ ඇය උසස් කුලවත් රූමත් තැනැත්තියකු වූ බැවිනි. 
රාජ අණට අනුව ඇය බහිරව පූජාවට සූදානම් කෙරිණි. බිලි දීමට නියමිත දිනය උදා විය. කුමාරිය මල් මාලා පලඳවා, පෙරහරකින් රාත්‍රී දහයේ පැයට බහිරව කන්දේ බිලි පූජාසනයට ගෙන ගොස් එහි වූ කණුවක, ලණුවකින් ගැට ගසන ලදී. අනතුරුව ඇය රැගෙන ගිය ජනතාව ආපසු නගරයට පැමිණියේ වෙනත් කිසිවක් කිරීමට ඉතිරිව නොතිබූ බැවිනි. 
මධ්‍යම රාත්‍රිය එළඹියේ ය. ඈතින් භයානක හූ හඬක් ඇසිණි. දෙවැනි හූ හඬ ද ඒ සමග ම ඇසිණි. තුන්වැනි හූ හඬ සමග ම, පිට ට නෙරා ගිය දළ යුවළකින් හා ඇස් සඟලකින් යුත් මහත් කාළ වර්ණ දේහයකින් යුත් බහිරව අවතාරය කුමරිය ඉදිරියට පැන්නේ ය. ඒ සමග ම එතැනට කඩා පැන්න තුන්වැන්නකු ගේ කඩු පහරින් බහිරව අවතාරයේ හිස වෙන් විය. ඒ තුන්වැන්නා වෙනින් කවුරුවත් නොව කීරවැල්ලේ කුමාරයා ය. 
පසු දිනට එළිය වැටුණි. බහිරවයා බිලිගත් කුමරියගේ මෘත දේහය රැගෙන ඒම සඳහා ගිය පිරිසට දැක ගත හැකි වූයේ බහිරවයාගේ මළකඳ එහි තිබෙන බවය. බිලි දුන් කුමරියගේ මළකඳ දක්නට නොලැබිණි. 
පසුව පරීක්ෂා කිරීමේදී පෙනී ගියේ, මිය ගොස් සිටියේ, බහිරව බිලි පිණිස රූප සුන්දරියන් ඉල්ලා සිටි කපුවා බවය. ඔහු නගරයේ දුෂ්ට සොරෙකු බවත් දැන ගැනීමට ලැබුණි. කපුවාගේ මෘත ශරීරය සතරකට කපා, නගරයේ සතර පොළක එල්ලන ලදී. බලු කපුටන්ට එය ආහාරයක් විය. එතැන් පටන් වසරක් පාසා කෙරුණ බහිරව බිලි පූජාව නතර විය. 
ඒ අනුව මෙරට ඈත අතීතයේ දී, පරිපාලන අධිකාරියේ ප්‍රධාන වගකීම් භාරය උසුලන්නා ලෙස රජුට හිමිව තිබුණේ සුවිශේෂී ස්ථානයකි. පිළිවෙළින් රජ, මහාධිකරණ හා ප්‍රාදේශීය අධිකරණ, විහාරස්ථ අධිකරණ සංවිධාන, සභාව, රාජකීය නිලධාරීහු ආදී වශයෙන් වර්ග කර තිබුණි. 
මහනුවර රාජධානියට පෙර පැවැති රාජධානිවල රජවරුන් විසින් දඬුවම් පමුණුවා ඇති ආකාරය පිළිබඳව ධම්මිකා ප්‍රියදර්ශනී ගමගේ මහත්මිය විසින් රචිත ශ්‍රී ලංකාවේ ශිලා ලේඛනවලින් හෙළිවන මානව අයිතිවාසිකම් නමැති කෘතියේ මෙසේ සඳහන් කර ඇත. 
“ලාංකේය ජනතාව ජීවත් වීමේ අයිතියට නීත්‍යනුකූල ව හිමිකම් ලැබූ අයුරු වේවැල්කැටිය, දොරබාවිල, කළුදිය පොකුණ ආදී සෙල්ලිපි හා වෙල්මිල්ල ටැම් ලිපිය, අනුරාධපුර V වැනි කසුබ් රජු ගේ පුවරු ලිපියෙන් සනාථ වෙයි. කිසියම් පුද්ගලයකු තවත් පුරවැසියකුගේ ජීවිතය අහිමි කළ හොත් ඒ සඳහා දිය යුතු දඬුවම් පිළිබඳව පනවා ඇති නීති රීති තුළින් පෙනෙනුයේ එදා පාලන තන්ත්‍රය පුද්ගලයන්ගේ ජීවත්වීමේ අයිතිය පිළිගත් ආකාරය යි. යම් පුරවැසියකු තවත් කෙනකු ගේ ජීවිතය අහිමි කළ හොත්, ඔහුට ද මරණීය දණ්ඩනය දිය යුතු යැයි දහවැනි සියවසට අයත් වේවැල්කැටිය සෙල්ලිපියෙන් නියම කෙරිණි.” යනුවෙනි. 
මහනුවර රාජධානිය පාලනය කළ දෙවැනි රාජසිංහ රජතුමා ගැන විස්තරයක් රොබට් නොක්ස් ගේ ලංකා ඉතිහාසය කෘතියේ සඳහන් කර තිබේ. ඒ මෙසේය. 
“මෙතුමා ස්වභාවයෙන් ම කෘෘරයකු බව නිකරුණේ ම බොහෝ ලේ වැගිර වීමෙන් පෙනේ. දරුණු වධකොට මැර වීමෙන් හා එක් කෙනකු කළ වරදට මුළු පවුලට දඬුවම් කරවීමෙන් ද ඒ බව වැඩියෙන් පැහැදිලි වේ. හෙතෙමේ වරදකරුවකු එක විටම මරන්නට නියම නො කරයි. පළමු කොට නොයෙක් වද කරවයි. වරදකරුගේ ඇඟ මස් අඬුවෙන් ඇද කඩා ලවයි. ගිනියම් කළ යවටින් ඇඟ දවමින් වරද ගිවිස්වයි. මෙසේ වරද විවරණ විට ඇතැම් අය වධයෙන් සහනයක් ලබනු පිණිස තමන් දන්නවාටත්, දැක්කාටත් වඩා ප්‍රකාශ කෙරෙති. ඔවුන් වරද ප්‍රකාශ කළ ඉනික්බිති ඇතැම් විට ඔවුන්ගේ දෙඅත් ගෙල එල්වා ඔවුන්ගේම මස් කවන්න අණ කරයි. 
ඇතැම් විට වරදකරුවෝ, අන්තිමේදී නුවර වීථියෙහි වධස්ථානය කරා ගෙන යති. ඒ දුටු සුනඛයෝ ඔවුන් කනු පිණිස ලුහුබැඳ යති. සුනඛයෝ මීට බොහෝ සෙයින් පුරුදුව සිටිත්. ඔහු සිරකරුවකු ගෙන යනු දුටොත් පසු පස්සෙන් ම යති. වධකස්ථානයෙහි ඇතැ​ෙමකු උල හිඳුවති. ඇතැ​ෙමකුගේ අත්පා ගස්හි බැඳ කපා හරිති. ඇතැ​ෙමකු අලින් ලවා පාගවති. මේ වධස්ථාන බොහෝ සෙයින් උස් තැනකය. එය සියල්ලන්ටම දැක්ක හැක. එය සෙස්සන්ට ආදර්ශයකි.” 
ඉහත සඳහන් විස්තරයට අනුව, එදා රජ දවස සෙංකඩගල පුරවරයේ පිහිටි එක් උස් තැනක් වන්නේ බහිරව කන්දයි. එහි වධක ස්ථානයක් පිහිටා තිබූ බව බහිරවකන්ද ශ්‍රී මහා බෝධි මහා විහාරයේ, විහාරාධිපති යටවත්තේ ධම්මානන්ද හිමිපාණන් වහන්සේ පැවැසූහ. 
“කන්ද උඩරට පාලනය කළ රජවරු වැරැදි කරන, මිනිසුන් මරණ පුද්ගලයන්ට දෙතිස් වද දී තිබෙනවා. එම දෙතිස් වදවලින් එකක් වන්නේ, කටු සහිත බෙරය ඇතුළට වරදකරු දමා, කඳු මුදුනක සිට පහළට පෙරළීමයි. එම ඝාතනය සිදු කිරීම ආරම්භ කරන්නේ මේ ස්ථානයෙන්. ඒ කටු බෙරය තිබී ඇත්තේ මෙතැනයි. ඊට අමතරව උල තබා මරණයට පත් කර ද තිබෙනවා.”
සෙංකඩගල පුරවරයේ මරණ දඬුවම ලබාදුන් ස්ථාන කිහිපයක් ගැන සඳහන් වේ. බහිවරකන්ද, කැප්පෙටිපොළ විශ්‍රාම ශාලාව පිහිටි භූමිය, සතර වාහල්කඩ, බෝගම්බර පිට්ටනියට උඩින් ඇති කුඩා කඳු ගැටය ඉන් විශේෂිතය. කැප්පෙටිපොළ නිලමේතුමා ගේ හිස ගසාදමා ඇති ස්ථානයේ අද දක්නට ලැබෙන්නේ විශාල බෝ ගසකි. ඒ අසළ කැප්පෙටිපොළ විශ්‍රාමශාලාව ඉඳිකර තිබේ. සැරදියෙල් එල්ලා මරා ඇත්තේ මහනුවර නගරයට ආසන්න කුඩා කඳු ගැටයකදීය. එය පිහිටා ඇත්තේ බෝගම්බර පිට්ටනියට තරමක් උඩිනි. ගැටඹේතොට අසළදී ද, වරදකරුවෝ එල්ලා මරා තිබේ. ඊට අමතරව සතර වාහල්කඩ වලද, සිරුරු හෝ සිරුරේ කොටස් එල්ලා ඇත.  
ඒ ගැන ලබන සතියේ දී දැනගනිමු. 
ස්තුතිය - බහිරව කන්ද ශ්‍රී මහා බෝධි විහාරයේ විහාරාධිපති යටවත්තේ ධම්මානන්ද, විහාරාධිකාරී, මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රපති මක්කානිගම බුද්ධදත්ත, ආචාර්ය ශාස්ත්‍රපති මඩාටුගම සෝරත යන ස්වාමීන් වහන්සේලාට සහ දළදා මාලිගාවේ ප්‍රාචීන පුස්තකාලයේ, පුස්තකාලයාධිපති අජන්ත කුමාර සමරකෝන් මහතාට. 
සටහන සහ ඡායාරූප
සිසිර කුමාර බණ්ඩාර
lankadeepa
================================================
උපුටා ගැනීම් සහිතයි ....!!! 
දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya