න්‍යෂ්ටික බලය සහ න්‍යෂ්ටික අවි සොයා ගැනුණේ විසිවැනි සියවසේදී බවට බොහෝ දෙනා විශ්වාස කරති. එහෙත් ඒවා බොහෝ ඈත අතීත කාලයක නිර්මාණය වූ බවට විශ්වාස කරන පිරිසක් ද සිටිති. ඔවුහු එය සනාථ කිරීම සඳහා ඇතැම් සාධක ද ඉදිරිපත් කරති. මොහෙන්ජොදාරෝ හරප්පා ශිෂ්ටාචාරය පැවැති පුරාණ නගර අනාවරණ කර ගැනුණේ 1920දී පමණ වර්තමාන පාකිස්තානය ලෙසින් සැලකෙන භූමි ප්‍රදේශයෙනි. ඉන්දු නිම්නයේ පැවැති මහා නගර පිළිබඳව පුරාණ ලේඛන හා පාඨ ග්‍රන්ථයන්හි සඳහන්ව තිබූ ඇතැම් කරුණු මෙම අනාවරණ මගින් තහවුරු වී තිබේ. ඉන්දු ශිෂ්ටාචාරය මෙන්ම ඊජිප්තු හා මෙසපොතේමියානු ශිෂ්ටාචාරය ද අභිරහස් ලෙස වැනසී ගියේය.
මෙම ශිෂ්ටාචාරවලට අයත් නගර මනාව සැලසුම් කර තිබූ අතර නූතන පහසුකම්වලින් සපිරුණු බැව් පැවැසේ. එහි නිවෙස්වල ගඩොල්වලින් ඉදිකෙරුණු නාන තටාක සහ වැසිකිළි දැකිය හැකි වූ අතර පල්දොරු ක්‍රම සහ ජලාපවහන ක්‍රම ද නවීනත්වයට නෑකම් කියන බැව් පුරාවිද්‍යාඥයෝ පවසති. එකල ඉතා දියුණු පොදු පානීය ජල පද්ධතියක් ද පැවැති බැව් පැවැසේ.
මොහෙන්ජොදාරෝ සහ හරප්පා ශිෂ්ටාචාරය පිළිබඳ අනාවරණයෙන් හෙළිදරව් වූ වැදගත්ම සාධකයක් වූයේ එක්තරා වීදියක විසිරී තිබූ 44ක් වූ මිනිස් ඇටසැකිලි සමූහයයි. ඒවා නිරීක්ෂණය කිරීමේදී හෙළිවූයේ ඔවුන් සියලු දෙනා කිසියම් සාහසික හා වේදනා සහගත ඉරණමකට ගොදුරුව එක්වරම මරණයට පත්ව ඇති බවකි.

මහාභාරතයේ සඳහන් පාඨ ඇසුරින් තම මතය තහවුරු කිරීමට උත්සාහ කරන ඔහු, මෙම නගර මහා භාරතයේ ද්‍රෝන පාර්ව කොටසේ සඳහන් වන පරිදි ‘අග්නේය’ නම් අවියකින් සිදුවන්නට ඇතැයි විශ්වාසය පළ කරයි. ඒ සඳහා ඔහු පහත සඳහන් පාඨ ඉදිරිපත් කරයි.
“සූර්යයා මෙන් දහස් ගුණයකටත් වඩා දීප්තිමත් දුමාරයක් අනන්තය තෙක් විහිද ගිය අතර නගරය දුහුවිලි ගොඩක් බවට පත්ව තිබිණි. ජලය පැසෙන්නට වූ අතර අශ්වයන් හා යුද රථ දහස් ගණනක් දැවෙන්නට විය. මියගිය සිරුරු අධික උෂ්ණත්වය හේතුවෙන් කැබලිවලට කැඩී ගොස් තිබූ අතර ඒවා මිනිස් සිරුරු බවට හඳුනා ගැනීමට ද නොහැකි විය.” (මහාභාරත කෘතිය)


ඩෙවන්පෝට් ඉදිරිපත් කරන මතය සත්‍යයක් නම් පුරාණ ශිෂ්ටාචාර කෙතරම් දියුණු මට්ටමක පැවතියේ ද යන පැනය මතුවෙයි. මෙම විනාශය ස්වාභාවික සිදුවීමක් මත සිදු නොවූයේ නම්, එවක මෙවැනි අවියක් තිබුණේ නම්, එවැනි අවියක් නිර්මාණය කළෝ කවරහු ද? කුමක් සඳහා ද? ඔවුනට එම තාක්ෂණය ලැබුණේ කෙසේ ද? යන කරුණුවලට පිළිතුරු සෙවීමට සිදුවනු ඇත.
මේ හා සමාන සිදුවීමක් පිළිබඳව බයිබලයේ ද සඳහන්ය. සොදොම් සහ ගොමෝරා නමැති නගර එහි වැසියන්ගේ ලිංගික දුරාචාරය හේතුවෙන් දෙවියන් වහන්සේ විසින් විනාශ කිරීම එම පුවතය.
උත්පත්ති කථාවේ සඳහන් වන පරිදි එම නගර වැසියෝ අධික ලෙස දුරාචාරයට හා සමලිංගික සේවනයට යොමු වී සිටි පිරිසක් වූහ. දිනක් දේවදූතයෝ දෙදෙනෙක් සොදොම් නගරයට පැමිණ ලොත් නම් පුද්ගලයකු හමු වූහ. ලොත් ඔවුන් දෙදෙනා තම නිවෙසට කැඳවාගෙන ගොස් ආහාර පාන ලබා දී රාත්‍රිය ගත කිරීමට ඉඩ සලසා දුනි. ඔවුන් නින්දට යෑමට පෙර සොදොම් නගරයේ සියලු පුරුෂයෝ එම නිවෙස වටකොට නිවෙසට පැමිණි අමුත්තන් සමඟ සමලිංගික සේවනයේ යෙදීමට අවශ්‍ය බැව් ලොත්ට පැවැසූහ.
අවශ්‍ය නම් කන්‍යාවන් වන තම දියණියන් සමඟ ලිංගිකව එක්වන ලෙසත්, තම නිවෙසේ සිටින අමුත්තන්ට හිරිහැර නොකරන ලෙසත් ලොත් ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය. එහෙත් අමුත්තන් ඉල්ලා පිරිස බල කිරීමට පටන් ගත් අතර ලොත්ගේ නිවෙස කඩා හෝ තම අරමුණ ඉටු කර ගැනීමට ඔවුහු උත්සාහ කළහ. එහිදී දේවදූතයෝ ලොත් නිවෙස තුළට ඇදගෙන එළිමහනේ සිටි සියලු පුද්ගලයන්ගේ දෙනෙත් අන්ධ කළහ. ලොත් සහ ඔහුගේ පවුලට සොදොම් නගරයෙන් පිටවී යන ලෙසත් දෙවියන් වහන්සේ එම නගරය විනාශ කරන බවත් දේවදූතයෝ ලොත්ට පැවැසූහ. දෙවියන් වහන්සේ සල්ෆර් වර්ෂාවක් සොදොම් සහ ගොමෝරා නගරවලට පතිත කර එම නගරවල ජීවී අජීවී සියල්ල විනාශ කර දැමීය.
මෙහිදී පරමාණු බෝම්බයේ පියා වශයෙන් සැලකෙන ඔපන්හයිමර්ගේ ප්‍රකාශයක් පිළිබඳව අපගේ අවධානය යොමු විය යුතුය. පුරාතන හින්දු සහ වේද පාඨ පිළිබඳ අධ්‍යයනයක යෙදුණු පුද්ගලයකු වූ ඔහුගෙන් පළමු න්‍යෂ්ටික බෝම්බය පුපුරා ගිය අවස්ථාවේ එය පළමු න්‍යෂ්ටික බෝම්බය දැයි විමසූ කල්හි ඔහුගේ පිළිතුර වූයේ “ඔව් එය නූතන යුගයේ පළමු න්‍යෂ්ටික බෝම්බය” යනුවෙනි.
අන්තර්ජාලය ඇසුරිනි
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා
උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම් like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya
රාමායණයෙත් හුඟක් විද්‍යා ප්‍රබන්ධ ගතියක් තියනවා. rockets, Missiles, Cluster bombs, Biological weapons, Stealth aircraft ට සමාන දේවල් විස්තර කරනවා.
ReplyDeleteඒවා කියවීම, විශ්ලේශනය, උපකල්පන ගොඩ නැගීම අපිට ඉතා කුතුහලය හා ආසාව දනවන ක්‍රියාකාරකම්.
ප්‍රශ්නය වන්නේ ඒ උපකල්පනයන් සනාථ කල නිගමන ලෙස සමහරුන් සලකා මතයන් ගොඩ නැගීමයි.