උතුරු ලිතුවේනියාවේ සියුලියායි නගරයට කි.මි 11ක් දුරින් පිහිටි පැරණි කදුවැටියක පිහිටුවා තිබෙන කුරුස දස දහස් ගණනක් පිළිබදව මේ වන විට විශේෂ අවධානයක් යොමුවී තිබෙනවා.මෙසේ දස දහස් ගණන් කුරුස එම ස්ථානයට කෙසේ පැමිණියා දැයි මෙහි ආරම්භය කෙසේ සිදුවී දැයි නිශ්චිතව පැවසීමට කිසිම සාක්ෂියක් නොමැති අභිරහසක්ව පවතී.
කුරුස කන්ද නමින් හඳුන්වන මෙම කදුවැටියේ ඉතිහාසය සමග යුද්ධය හා නැවත නැගීසිටීමේ සංකීර්ණ වෘතාන්තයක් ඇත.මේ පුරාවෘත භයංකාර තොරතුරු හා අද්භූත දර්ශනවලින් පිරී පවතියි. මේ කන්ද බොහෝ අභිරහස් සගවාගෙන සිටියි චිත්රේ ශිල්පියකු හා ඉතිහාසඥයකු වූ විලියස් පුරෝනස් පවසයි. ප‍්‍රදේශයේ පවතින එක් ජන ප‍්‍රවාදයකට අනුව මේ කඳුවැටිය පිහිටා තිබෙන තැන මුලින්ම තිබුණේ දේවස්ථානයකි. බොහෝ පුරාණ කාලයේ දිනෙක ඇති වූ මහා චන්ඩ කුණාටුවකින් ගසා ගෙන ආ විශාල වැලි හා විශාල පාෂාණ දේවස්ථානයේ ඇතුලේ සිටි පිරිසක් සමගින් වැළලී යන ලදී. ප‍්‍රදේශවාසීන් පවසන්නේ සමහර දිනවල හිමිදිරියේ හිරු නැගෙන්නට පෙර පූජකයන්ගේ අවතාරවලින් සැදුම්ලත් පෙරහරක් කදු පාමුල සිට ඉහළට යන දර්ශනයක් ක්ෂණිකව පෙනී අතුරුදන් වන බවයි .

කෙසේ වෙතත් කඳුවැටියේ වඩාත් කීර්තිමත් කතාව වන්නේ හදිසියේ බරපතල ලෙස රෝගී වූ දියණියකගේ හා බලාපොරොත්තු සුන් වූ පියාගේ කතාවයි. රෝගී දියණියගේ මරණ මංචකය අසල වැළපෙමින් සිටි පියාට එක්වරම දර්ශනය වූ කාන්තාවක් කියාසිටියේ කන්දට ගොස් ලී කුරුසයක් එල්ලන ලෙසයි. අද්භූත කාන්තාවගේ උපදෙස් පරිදි පසුදින උදයේම ලී කුරුසයක් සාදා එය කන්දේ සිටුවා ආපසු නිවසට පැමිණෙන විට ඔහු දුටුවේ සිය රෝගීව සිටි දියණිය නිවසේ දොරකඩ හිනැහෙමින් සිටින අයුරුයි. ඇය ප‍්‍රාතිහාර්යකින් මෙන් සම්පුර්ණයෙන්ම සුව වී සිටියාය. මේ පුවත කටින් කට පැතිරීමෙන් ප‍්‍රදේශයේ ජනතාව ද ඉන්පසු අවට ප‍්‍රදේශවල ජනතාව ද වශයෙන් තම ප‍්‍රාර්ථනා ඉටුකර ගනු පිණිස කන්දේ කුරුසයක් සිටුවා යාඥා කිරීමට පටන් ගත්හ.
නමුත් මේ සෑම කුරුසයක්ම සර්ව සුබවාදී වන්දනාකරුවන්ගේ ප‍්‍රාර්ථනා කුරුස නොවන බව ද කියැවේ. සමහර කුරුස පුරාණ නිහඩ කැරැල්ලක් සිහිකිරීම පිණිස සිටවූ බව කියවෙන ජන ප‍්‍රවාද පැතිර ගොස් තිබේ. ජර්මානු යුද භටයන්ගේ හා 19වැනි සියවසේ රුසියනු දෙවැනි සාර් ඇලෙක්සැන්ඩර් රජුට විරුද්ධව ලිතුවේනියාවේ කැරැල්ලෙන් පසු කුරුස කන්දට වඩාත් ආක‍්‍රමණශීලී තර්ජන එල්ල වූයේ සෝවියට් සංගමයෙනි. නැගෙනහිර රටවල ක‍්‍රිස්තියානිය විනාශ කිරීමේ උත්සාහයක නිරත වී සිටි සෝවියට් සංගමය විසින් කුරුස කන්ද සමතලා කිරීමේ උත්සාහයක නිරත් වී තිබීම ගැන වාර්තා වේ. ඒ කන්ද බුල්ඩෝසර් කිරීමෙන්, දැව කුරුස පිළිස්සීමෙන්, ලෝහ හා ගල් කුරුස උගුළුවා දැමීමෙන් ආදී වශයෙනි.
සෝවියට් සංගමය බිදවැටි දැන් ශත වර්ශ කාලයක් ගතවී ඇතත් කුරුස කන්ද තවමත් නිරුපද්‍රිතව පවතියි. මෙම කන්ද අවුරුදු ගණනක් තිස්සේ විවිධ ආගම්වලට අයත් වන්දනාකරුවන්ගේ ආකර්ෂණය දිනා ගන්නා පූජනීය ස්ථානයක් බවට පත්වී තිබෙයි. කුරුස කන්ද කිසිවෙකුටත් අයිති නැත. ඒ නිසා සියලු දෙනාටම අයිතිය. මිනිසුන් මෙහි කුරුස පිහිටුවන්නේ ඔවුන්ගේ ප‍්‍රාර්ථනා ඉටුකරන නිසාවෙනි.

-ශානිකා රත්නායක-
.........................................................................................................
උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම් like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya
No comments:
Post a Comment