සුවහසක් කණාමැදිරියන්ගේ සිරුරු පිටුපස ඇති එළි පුංජ නිවි නිවී දැල්වෙයි. ඝනඅන්ධකාරයට වැසී ගිය හරිත නිරය තනිකරම ගුප්ත අපූර්ව ලෝකයක් බව එකී කණාමැදිරි එලි පුංජලෝකයට රහසේ මුමුනයි. සමස්ත හරිත නිරය පුරාවටම තැනින් තැන දැල්වෙන අමුතු අමුතු එළි පුංජය. මේ එළි පුංජ උන් හිටි ගමන් කඩාවැටෙයි. හරියටම පාළු අහසක කඩා වැටෙන තරු කැකුළු සේමය. එහෙත් මේ එළිවලත් තරු වලත් වෙනසක් තිබේ. තරුව කඩාවැටෙන අතරතුරදීම දැවී අවසාන වෙයි. එහෙත් මේ අද්භූත ”තරු” පොළවටම පතිත වෙයි. මේ තාරකා මොනවාදැයි දන්නේ මේ හරිත නිරය නම් වූ මහා වනමැද වෙසෙන ගෝත‍්‍රිකයකු හෝ මේ වනයේ ටික කලක් ජීවත්වූවකු හෝ පමණි. ඇත්තවශයෙන්ම ඒ තරු නොවේ. යෝධ රැ බදුල්ලන්ය. කණාමැදිරියන්ට මෙන්ම රැ බදුල්ලන්ටද රාත‍්‍රියේ දැඩි අඳුර මකාගත හැකි තරම් මඳ ආලෝකයක් දෙවියන් දී තිබෙයි. රැහැයියන්ගේ හඬ මහා ඝෝෂාවක් වැන්න. ඒ අතරට එකතුවූ සහසක් කෘමීන්ගේ පුංචි පුංචි හඬවලූත් මේ රාත‍්‍රියට එකතු වී තිබේ. මෙහි මදුරුවන්ද ලෝකයේ අනෙක් මදුරුවන්ට වඩා මහත දෙහෙතය. උන් උන්ගේ සිංදුවත් දාගෙනම ඉගිල්ලෙන්නේ ලේ උරා බොන්නට ශරීරියක් හොයාගෙනය. ඩෙංගුත් මැලේරියාත් රැගත් මේ මදුරුවෝ යක්ෂයන්ගේ අවතාර වෙති. එක ගුලියට විසිර යන මේ මදුරුවෙකුට ගොදුරු වුවහොත් ඒ ගොදුරට දෙයියන්ගේම පිහිටය. තත්පරයකට මදුරුවෝ දහසක් වත් දෂ්ට කරති. ඒ මදුරුවන් තලන්නට අත් දහසකුත් මදිය. එසේ තිබියදීත් මේ හරිත නිරයට මිනිස්සු ගියහ. ඔක්කෝටම කලින් හරිත නිරය නැත්නම් කොළපාට අපාය මොකක්දැයි කියා සිටිය යුතුය. මේ ඇමේසන් වැහි වනාන්තරයයි. හරිත නිරය නැත්නම් කොළපාට අපාය යන නම මේ වනයට යෙදුවේ කවුද? කවුරුන් යෙදුවත් එය නම් හරියටම ගැලපෙන යෙදුමක් බව



ටේපරයා රසවත් ආහාරයක් බවට පත්ව තිබේ. ටේපරයා ගැන තවත් කිවයුතුම කතාවක් තිබේ. ඒ උගේ කුලෑටිකම ගැනය. මිනිසකු වේවා වෙනත් සතකු වේවා ඌ සතුරකු සේ දැනේනම් ටේපරයා මුහුණ නොදී සැඟවෙයි. එහෙත් ඇතැම් විටෙක මේ අහිංසකයාද දරුණු වන අවස්ථා ගැන අසන්නට ලැබේ. එසේ කුපිත වූ ටේපරයකු මි
නිසකුට පහරදුන් අවස්ථාවකුත් මිනිසකු සපා කෑ අවස්ථාවක් වාර්තා වී තිබේ. හැබැයි ඒවා කලාතුරකින් අසන්නට ලැබෙන දුර්ලභ ප‍්‍රවෘත්තිය. ඒ ගොදුරක් වුණු ටේපරයාය. ඌව ගොදුරු කරගත් ජගුවරයා ඇමේසන් වනපෙත හෙවත් හරිත නිරයේ යම පල්ලකු වූ අයුරුද කිව යුතුමය. පෙලිඬේ පවුලේ නව ලෝකයේ ක්ෂිරපායි සත්වයා ලෙස සැලකෙන ජගුවර්ගේ අනෙක් නෑදෑයන් වන්නේ කොටියා, සිංහයා හා දිවියාය. කොටියාටත් සිංහයාටත් වඩා කුඩා ජගුවරයා මෙක්සිකෝව, මධ්‍යම ඇ

මෙරිකාව, පැරගුවේ සහ උතුරු ආර්ජන්ටිනාව යන ප‍්‍රදේශවල ජීවත්වෙති. ඌ වැඩිපුරම ජීවත්වන්නේ ඇමේසන් වනාන්තරය තුළ බව කිවහොත් වඩාත් නිවැරදිය. බාහිර ස්වරූපයෙන් දිවියා මෙන් ලප සහිත සමක් සතුවුවද ජගුවරයාගේ ගතිපැවතුම් සමාන වන්නේ කොටියාටය. කිලෝග‍්‍රෑම් 56 ත් 96 ත් අතර බරකින් යුතු නමුත් කිලෝග‍්‍රෑම් 150 ක් පමණ වූ දැවැන්ත ජගුවරයන්ද ඉඳහිට හමුවෙයි. සාමාන්‍යයෙන් ජගුවරයා ගේ දිග මීටර් එක හමාරක් පමණ වේ. උගේ උස සෙමි 75 ක් පමණද වන අතර වලිගයේ දිගද ඊටම සමාන වේ. ඇමේසන් වනය තුළ වෙසෙන ජගුවරයා ගස් නැගීමට දිවීමට මෙන්ම පිහිනීමටද සමතෙකි. ගොදුරක් ඇස ගැටුනු විට ගොඩබිමේදී බැරිනම් වතුරේදී වුවත් ලූහුබැඳ අල්ලාගැනීමට ඌ සමතෙකි. අර ටේපරයාගේ මරණීය ලතෝනිය නැගුණේ ඌ ගොඩබිම සිටියදීද නැතිනම් වතුරේ සිටියදීද යන ප‍්‍රශ්නය දැන් ඉතිරිවේ. ටේපරයා හැරුණුවිට තවත් සතුන් වර්ග විසිපහකගේ පමණ මස් අනුභව කිරීමට ජගුවරයා පුරුදු වී සිටියි. මුවා, බල්ලා, පොකැරි, ඇනකොන්ඩා, කේමන්, ගෙම්බා, මීයා, කුරුල්ලා, මාලූවා, ස්ලෝත්, වඳුරා, කැපිබාරා, කැස්බෑවා වැනි සතුන්ද ඒ අතර වෙයි. මෙකී සත්ව විශේෂවලින් ඇමේසනය පොහොසත් බැවින් ජගුවරයාට බඩගින්නේ සිටින්නට සිදුවන්නේ නැති තරම්ය. වර්ෂා සමයේදී ඇමේසන් වනපෙතට ගංවතුර සාමාන්‍ය දෙයකි. ඉවුරු තලා දෙගොඩතලා යන ගංවතුර එද්දී බිලාල පවුලේ සාමාජිකයෝ කරන්නේ ගංවතුර නොමැති පෙදෙස් වලට පලායාමය. එහෙත් ජගුවරයා තම බිමෙන් පලා නොයයි. හේතුව උගේ පිහිනීමේ ශූරත්වයයි. ඌ ගංවතුරට බියපත්වන්නට කිසිදු හේතුවක් නොමැත. ජගුවරයාගේ උපරිම වයස අවුරුදු 23 ක් පමණ වෙයි. ඒ තරම් කලක් ජීවත්වන බිලාල පවුලේ වෙන සාමාජිකයෙක් නොමැත. මේ වන විට තිස්වස් ආයු ඇති සිරුරේ මස ජගුවරයාගේ බඩ පුරවනවා විය යුතුය.

හඬ ආදී වශයෙන් වූ විවිධ නාද සංකලන විලින් මේ රාත‍්‍රිය නින්නාද වෙයි. මැලේරියා සහ ඩෙංගු උණ රෝග පතුරුවන සුවහසක් මදුරුවන්ගේ නිජබිම බඳු මේ මහා වනාන්තරය වර්ග කිලෝමීටර් මිලියන හතකටත් වඩා වැඩිය. එහෙත් ඒ ඉලක්කම් වලින් මේ වන පෙතෙහි විශාලත්වය සිතාගත නොහැකිය. හොඳම දේ ලෝක සිතියම් පොතක් දිගහැර ගැනීමය. ඇමේසන් නම් වූ කොළපාට තීරුව මත ලංකාව බඳු බෝල කීයක් නම් තැබිය හැකිදැයි බලන්න. බුදු අම්මෝ.... ඇමේසන් ඒ තරමටම විශාලය. බ‍්‍රසීලය, කොලොම්බියාව, වෙනිසියුලාව, පේරු, ඉක්වදෝරය, බොලිවියාව, ගුයානාව, සූරිනාම් සහ ප‍්‍රංශ ගුයානාව යන රටවල් ගණනාවකට අයත් වන මේ දැවැන්ත වනාන්තරයේ වැඩිම කොටස අයත්වන්නේ බ‍්‍රසීලයටය. ඒ සමස්ත වනාන්තරයෙන් සියයට 60 ක් තරම් ප‍්‍රමාණයකි. සමස්ත ලෝකයේම වාසය කරන සත්ව විශේෂ වලින් තුනෙන් දෙපංගුවක්ම මේ මහා වන රාජධානියේ ජීවත්වෙති. එසේ නම් මේ වනගහනය තුළ ඇති ජෛව විවිධත්වය කොයිතරම් විචිත‍්‍රද. කෘමි විශේෂ මිලියන දෙකහමාරක්, මත්ස්‍ය වර්ග තුන්දාහක්, කුරුලූ වර්ග එක්දහස් දෙසිය අනූවක්, ක්ෂීරපායින් හාරසියයක්, උභය ජීවීන් හාරසියයක් උරග විශේෂ තුන්සිය අසූවක් ආදී වශයෙන් ගැන ගෙන ඇත්තේය. එහෙත් මේ මහා වනාන්තර අපායතුළ සැඟවගත් තවත් සත්ව විශේෂ සිටින්නට බැරි නැත. ඇයි මිනීමරු අප‍්‍රිකාවෝ? ඔව් තවමත් ශිෂ්ඨාචාරයට පා නොතැබූ නපුරු මිනී කන ගෝත‍්‍ර කීයක් නම් මේ වනරජදහන තුළ සැඟවී ජීවත්වන්නේද? ඔවුන්ගේ රහස් සොයාගිය ගවේෂකයන් සහ ඔවුන් මුහුණදුන් ඉරණම මොනතරම් බියකරුද? එබඳු තොරතුරු රැසක් හෙළිදරව් කරන ඇමේසන් වනයේ සැඟවුණු රහස් වලින් බිඳක් පමණකි මේ.
ශාන්ත කුමාර විතාන
lankadeepa
...............................................................................................................
උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම් like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya
No comments:
Post a Comment