Saturday, May 2, 2020

ඊජිප්තු මමීකරණය හා බැඳි ආගමික පසුබිම....(mummy egypt pyramid. අබිරහස් අඩවිය - Abirahas Adawiya - නොවිසඳුණු අබිරහස් novisadunu abirahas unsolved mysteries )

මෙහි මුල් කොටස පසුගිය සතියේ පළවිය.

1999 දී ජර්මනියේ ලිප්සිප් විශ්වවිද්‍යාලයේ ක්‌ෂුද්‍රජීව විශේෂඥයන් වෙනස්‌ වෙනස්‌ මමි 40 ක්‌ ගෙන සිදුකළ පර්යේෂණවලදී සනාථ වූයේ මෙම මමි ආශ්‍රිතව භයානක දිලීර වර්ග වර්ධනය වී ඇති බවයි. දිගුකලකට පසු මුලින්ම සොහොන්වල දොරටු විවර කිරීමේදී එය තුළට පිරිසිදු සුළං ප්‍රවාහයක්‌ ගලා ඒමේදී මෙම දිලීර බීජ විසිරී වාතලයට මුසුවී ඒවා ආඝ්‍රාණය කිරීමද මේවා තුළට ගිය අයගේ සෞඛ්‍යය යහපත් නොවීමටද හේතුවන්නට ඇත. එසේම තව කරුණක්‌ වන්නේ මෙම මමි සහිත පිරමීඩ තුළ මියගිය පුද්ගලයාට ජීවතුන් අතර සිටින පිටස්‌තරයන්ගෙන් සිදුවන බාධාවන් වැළකීමටත්, මේවා තුළ තැන්පත් කරන වස්‌තුව සොරුන්ගෙන් ආරක්‌ෂා කරගැනීමටත් විවිද ආකාරයේ උගුල් අටවා තිබීමයි. මේවා සමහරක්‌ ජීව විද්‍යාත්මක උගුල් ලෙසද සැලකිය හැකි අතර සමහර ඉතිහාසඥයන්ගේ මතය අනුව ලොව මුලින්ම ජීවවිද්‍යාත්මක අවි භාවිතා කර ඇත්තේ පුරාණ මිසරවාසීන් බවටද මතයක්‌ පළකර ඇත. ඒවා අතර භයානක ලෙඩ රෝගවලින් මියගිය සතුන්ගේ විෂබීජ සහිත මස්‌ ආදිය සහ රෝගකාරක දිලීර වගා කොට ඔරුවල බහා තබා තිබෙන්නට ඇති බවද සඳහන් කරයි. 12. මෙම කරුණු මගින් පැහැදිලි වන්නේ මෙම පාරාවෝ ශාපය යයි සමාජයේ ගොඩ නැගී ඇති සම්මතය ඇත්ත වශයෙන්ම ගොඩනැගී ඇත්තේ නුගත් පිරිස විසින් පරම්පරාවෙන් පරම්පරාවට දෙන ලද කතා පුවත් වශයෙනි. නොඑසේනම්, විද්‍යාත්මක කෝණයෙන් නිරීක්‌ෂණය කරන විට ලබා ගත හැකි නිගමනය වන්නේ බොහෝ කාලයක්‌ වසා දමා තිබියදී ඇති වූ දිලීර ඇතුළු රෝග කාරක මෙම හදිසි මරණයන්ට හේතු වූ බවයි.

 මරණයෙන් පසු ජීවිත

 මිසර ජනතාව පසුකාලීනව තම පාලකයාට විරුද්ධව ඇති බව පෙනේ. එයට හේතුව වී ඇත්තේ පාලකයා විසින් ඔවුන්ගේ ශ්‍රමය බලහත්කාර ලෙස සුරා කෑමයි. එහෙයින් බොහෝ පිරිසක්‌ ඔහුට එරෙහි වන විට ඇතැමුන් පාලකයාගේ දේවත්වය නිසා ඔහුට නැඹුරු වී ඇත. ඇතැමෙකු ඔවුන්ගේ පක්‌ෂය ගෙන ක්‍රියා කර ඇත. කෙසේ වුවත් පාලකයා ජනතාවට අඩන්තේට්‌ටම් කළ බවටද සාධක ඇත. එයද එකල කලාවක්‌ වශයෙන් පැවති බවටද තොරතුරු හමුවේ
.

 ඒ අනුව මෙහිදී 'කා' නම් ආත්මය, සෙවනැල්ල හා එක්‌ වීමක්‌ සිදු වන බව පැරණි මිසර වැසියා විශ්වාස කළේය. මෙහිදී පළමුව ඇතිවී තිබෙන්නේ කා සමග සම්බන්ධ වේය යන මතයයි. පැරණි ඊජිප්තු විශ්වාසය වන්නේ, -මිනිසාගේ පෞරුෂත්වය ඇති වන්නේ කා නම් ආත්මයේ එක්‌වීමෙන් වන බවයි. 'කා' හට තැනින් තැන නිදහසේ ගමන් කිරීමට හෝ සිරුර සමග සම්බන්ධ වීමට මෙන්ම දෙවියන් ඇසුරු කිරීමේ නිදහසද පැවති බව එසමයේ පිළිගැනීම සහ විශ්වාසය විය.

 තවද පාරාවෝ රජවරුන්ගේ උපතේදී දෘෂ්‍ය ශරීරය සහ අදෘෂ්‍ය ශරීරය ලෙසින් දෙකක්‌ පවතින බව සඳහන් වේ. එසේම 'කා' උත්පත්තියේදීම පිහිටන මුත් එය ක්‍රියාත්මක වන්නේ මරණයට පසුය යන්න මිසර වැසියා විශ්වාස කළේය. නමුත් සාමාන්‍ය මිනිසුන්ට එසේ නැත යන්න ඔවුන්ගේ මතය විය. ඒ අනුව ආගම, සමාජ මට්‌ටම් අනුව ක්‍රියාත්මක වූ ආකාරයේ විෂමතාව පැහැදිලිව පිළිබිඹු වේ. 'කා' නින්දේදීත් ක්‍රියාත්මක වීමට ඉඩ ඇති බවත්, එසේ හැසිරෙන අවස්‌ථාවේ දකින ස්‌ථාන, පුද්ගලයන් ආදිය ඔහුගේ මතකයේ තැන්පත් වන බවත් පිළිගැනුණි. සාමාන්‍ය ජිවිතයේදී 'කා' සිරුරෙන් ඉවත් වේ. 'කා' මරණයෙන් පසු ආහාර, ජලය සහ පුදපූජා අපේක්‌ෂා කරයි' යන්න ඔවුන්ගේ මතය විය. පැරණි මිසර වැසියෝ 'කා' ඉන්ද්‍රජාලයක්‌ ලෙසින් පිළිගත්හ. යාඥා කරන පිරිස්‌ සහ මියගිය අයට අවශ්‍ය ආහාර පාන සම්පාදනය කරන පිරිස්‌ මෙන්ම වන්දනාමාන කරන පිරිස්‌ද එම අදාළ කටයුතු සිදු කර එම ස්‌ථානයෙන් වහාම පිටවිය යුතු වු බව විශ්වාසයේ පැවතුණි. මියගිය පුද්ගලයින් වෙනුවෙන් යහපත් ප්‍රාර්ථනා සිදු කිරීම ආවශ්‍යයික වූවක්‌ මෙන්ම ප්‍රායෝගික විය. එසේම මිය යැමට ප්‍රථම ජීවත් වන සමයේ යහපත් සේවාවන් සිදු කර තිබීම ඉතාමත් අත්‍යාවශ්‍ය විය. මේවායින් පෙනී යන්නේ මරණින් මතු දිවියේ ප්‍රමුඛස්‌ථානය ගන්නා 'කා' නම් ආත්මය සදාකාලික ජීවිතය ලබා ගැන්ම උදෙසා විශාල කාර්යය භාරයක්‌ සපුරා තිබිය යුතු වූ බවයි. මිසර ලේඛන අතුරින් හමුවන ඇතැම් ලේඛන දෙවියන් අමතා ප්‍රකාශ කළ අවස්‌ථා දක්‌නට ලැබේ.

 සාධාරණත්වයේ දෙවිඳුණි, මම ඔබ දනිමි

 සත්‍ය දැනගෙන කතා කිරීමටත් පෙර මම මෙහි ආවෙමි

 මම නොදනිමි වරද කුමක්‌දැයි කියා

 සියල්ලන්ගේම දෙවියනි

 ave not stinted the food to the gods
  I have not despoiled the dead
 I have never committed adultery…''
 (Ancient Egypt Myth and History" 1997" 100p)

 මේ අනුව මරණින් මතු දිවියේ සෞභාග්‍ය උදෙසා ජීවත්ව සිටින කල විශාල වශයෙන් යහපත් ක්‍රියා සිදු කළ යුතු වූ බවත්, දෙවියන් සමග 'කා' හට Rජුව සම්බන්ධ විය හැකි වූ බවත් ඔවුන්ගේ විශ්වාසය වී පැවති බව පෙනී යයි. තවද 'කා' ට අමතරව 'බයිබිට්‌' නමින් සෙවනැල්ලක්‌ද තිබිණි. එසේම මිනිසාට සදාකාලිකව 'බූ' නම් වූ අදෘෂ්‍යමාන සෙවනැල්ලකද හිමිකමක්‌ තිබිණි යෑයි විශ්වාස කර ඇත. ඒ අනුව මිනිසා සෑදී තිබෙනුයේ කායික ශරීරයක, අධ්‍යාත්මික ශරීරයක, ආත්මයක, සෙවනැල්ලක, ස්‌පර්ශ කළ නොහැකි වැස්‌මක, ඔහුගේ ජීවන ශක්‌තියේ එකතුවෙන්ය යන විශ්වාසයේ ඔවුන් එළඹ සිටි බව ඉහත නිදර්ශන අනුව යම් තරමක්‌ හෝ දුරට පැහැදිලි කළ හැකිය. මෙලෙස ගොඩනැගුණු මිනිස්‌ ශරීරය මරණින් මතු සැපදායී ලොවක අපේක්‌ෂාව හේතුවෙන් විනාශ වී යා නොදී රැකගැනීම අත්‍යවශ්‍ය වූයෙන් ඔවුන් ඒ සඳහා භාවිත කළ අද්විතීය තාක්‌ෂණයේ මහඟු ප්‍රතිඵලයක්‌ ලෙස අද පවා එම සිරුරු එලෙසින්ම පවතී. මරණයේදී ඔහුගේ ජීව ශක්‌තිය එනම් 'බූ' උපද්‍රව සහිත මාර්ගයක පාතාලයට ගමන් කරන බව මිසර වාසීහු විශ්වාස කළහ. දිව්‍ය ලෝකයට යාමට ඇති මාර්ගය ඉතා කටුක එකක්‌ ලෙස ඔවුහු සැලකූහ. ඒ යන අතර 'ආලු' නම් පාරාදීසය පිහිටයි. කාන්තාර ප්‍රදේශ පසු කරගෙන, සතුන් සහිත ප්‍රදේශ පසු කරගෙන, උණු ජලය සහිත වූ දිය ඇලි පසු කරගෙන සදාකාලික ජිවිතය සොයා යා යුතු බව මතය විය. ආත්මය එහි ගිය විට පෝෂණය සඳහා ආහාර පාන හා ආරක්‌ෂාව සඳහා ආයුධ ලබා ගනී. පසුව බටහිර කඳු තරණය කර මරණයේ රාජධානියට පැමිණෙන බව මිසර වැසියාගේ විශ්වාසය විය. එහිදී ආහාර සහ පලතුරුවලින් සංග්‍රහ ලබන ආත්මය ඉන්ද්‍රජාලික ජලය පානය කළ යුතු විය. පසුව ආත්මය දෙවියන්ගේ සේවකයා වී කටයුතු කළ යුතුය. ඔහු නිසි පරිදි සැලකිළි නොදැක්‌වූයේ නම් ඔහුට නැවතත් කළුවර සොහොන් කොතට යාමට සිදු විණි. 'කා' පෘථීවියේ පවුලකට නැවතත් යාමට කැමති වූයේ නම්, කුරුල්ලෙක්‌, මලක්‌ හෝ සතෙක්‌ ලෙස වාසය කළ හැකිය. ඔහු නැවත සොහොන් කොත නැරඹීමට ගොස්‌ මමියට ප්‍රාණය ලබා දීමටද ඉඩ ඇත. 13. පැරණි මිසර වැසියා මරණින් මතු අපේක්‌ෂා කළ ලෝකය එයයි. රදළ වරු ඇතුළු සමාජයේ පිළිගත් පිරිස්‌ මරණින් මතු සිය ජීවිතයේ ලද සියලු යස ඉසුරු ලබා ගැනීමේ අභිලාශයෙන් කටයුතු කළ අතර උක්‌ත සාධක ඇසුරෙන් පෙනී යන්නේ ආත්මය අමරණීය කරගනු වස්‌ ඊජිප්තියානුවන් තුළ පැවති දැඩි අපේක්‌ෂා සහ ඒවා සාක්‌ෂාත් කර ගැනීමට කැපවූ අයුරුයි. මේ අනුව ශරීරය, ආත්මය සහ සෙවනැල්ලේ සුසංයෝජනයෙන් ගොඩනැගෙන මිනිසාගේ සදාකාලික පැවැත්ම කෙරෙහි මිසර වැසියා ඇදී ගිය අයුරු උක්‌ත සාධක ඇසුරින් මැනවින් පෙනී යයි.

 ඇදහිලි හා දෙවිවරු

 පුරාණ ඊජිප්තුවේ ආගමික සංස්‌ථාවෙහිද අසහාය නායකයා වූයේ පාරාවෝ රජුය. මිසර වාසීන් දෙවිවරු බොහෝ ගණනක්‌ ඇදහූ බවට සාධක විශාල වශයෙන් ලැබෙන අතර මේ අය අතුරින් බොහොමයකට පාහේ සත්ත්ව මුහුණු ආදේශ කර තිබුණි. (මෙලෙස අර්ධ මානව අර්ධ සත්ත්ව රූප වන්දනය හෝ දේවත්වයෙන් සැලකීම ඊජිප්තියානු මෙන්ම, මිනෝවානු, මයිසීනියානු, ක්‍රීට, ග්‍රීක, මෙසපොතේමියානු සහ ඉන්දුනිම්න ආදීවූ පැරණි ශිෂ්ටාචාර රුසකම පොදුවේ දක්‌නට ලැබෙන ලක්‌ෂණයකි.) මිසර ශිෂ්ටාචාරයේ ඉතා සුලභව දක්‌නට ලැබුණු ලක්‌ෂණයක්‌ ලෙස මෙය පෙන්වා දිය හැකිය. එසේම මෙම දෙවිවරු අතර මව, පියා, සහෝදරයන්, දූ දරුවන් ලෙස ඥාති සබඳතා ගොඩ නැගී තිබිම විශේෂ සාධකයකි. තවද, මරණින් මතු ලෝකය පිළිබඳ සංකල්පයේදී මෙම ආගමික විශ්වාස සේම දෙවිවරුද ප්‍රධාන ලෙසම දායක වූ අංශයක්‌ විය. මීට හේතු වූයේ ඔවුන්ගේ ආගමේ මුඛ්‍ය ලක්‌ෂණය, -සදාකාලික පැවැත්ම පිළිබඳ විශ්වාසය වීමයි. මෙනිසා පැරණි මිසර ශිෂ්ටාචාරයේ මරණින් මතු ලෝකය පිළිබඳ අදහස්‌ දක්‌වන කල්හි ඔවුන්ගේ ආගම අමතක කළ නොහැක.

 මිසර ආගමික විශ්වාසයන්හි මුල් කාලීන එක්‌ වැදගත්කමක්‌ වන්නේ එවක දෙවිවරු අයත් වූයේ රජවරුන්ට පමණක්‌ය යන සංකල්පයයි. නමුත් පසු කාලීන දෙවිවරු සමාජයේ සියලු දෙනාට පොදු වූහ. මෙම බහුදේවවාදී ආගම තුළ මුලින්ම සතුන්ට දේවත්වය ආරෝපණය කර වන්දනය පැවතුණි. පසුව මිනිස්‌ සිරුර සහ සත්ත්ව හිස සහිත දෙවිවරු ගණනාවක්‌ දක්‌නට ලැබේ. මේ අතරින් බළලුන්ට හිමි වන්නේ සුවිශේෂී ස්‌ථානයකි. තවද බල්ලන්, කිඹුලන්, උරගයන් සහ රාජාලියන් වැනි සතුන්ද දේවත්වයෙන් පුදන්නට ඇති බවට සාධක සුසාන තුළින් ලැබේ. සුරතලයට ඇතිකළ හෝ දේව සංකල්පය ආරෝපණය කර වන්දනයට පාත්‍ර වූ මෙවන් සත්වයින්ගේ මමි බවට පත් කළ සිරුරු පිරමීඩ තුළින් හමුවීම, උක්‌ත උපකල්පය සාධක සහිතව යම්තාක්‌ දුරකට හෝ ප්‍රත්‍යක්‌ෂ කරලීමට හේතු වේ. මෙහිදී විමසිය යුතු කරුණ වන්නේ සමාජයේ බහුතර නියෝජනය වූ මනුෂ්‍යයාට වඩා සත්ත්වයන් උසස්‌ කොට සැලකූයේ මන්ද යන්නයි. නමුත් සමස්‌තයක්‌ ලෙස ගත් කල්හි මිසරයේ වහල් ශ්‍රමිකයන් හෝ සාමාන්‍ය ජනයා හෝ වේවා ඔවුන්ගේ සමාජ තත්වය ප්‍රභූන් සමග සසඳන කල්හි පැවතුණේ ඉතා පහත් මට්‌ටමකය. මෙකී සන්දර්භය මත අධික සුඛෝපභෝගී දිවියක්‌ ගත කරන ලද පාරාවෝවරු බහුතර මනුෂ්‍ය ප්‍රජාවට වඩා සුරතලයට ඇති කළ සතුන් කෙරෙහි සුවිශේෂීත්වයක්‌ දැක්‌වූවා විය හැකි යෑයි උපකල්පනය කළ හැකිය. සොබාදහම තුළින්ම සතුන් අතර ඇති කරන ලද විවිධත්වය, මනුෂ්‍යයා අතර පවතින ඒකාකාරී සාම්‍යත්වයට වඩා ඔවුන් දුටු තවත් විශේෂ ලක්‌ෂණයක්‌ද වූවා විය හැකිය. එකී සාධක මත සතුන් නිතැතින්ම දේවත්වය තෙක්‌ සමාජ පිළිගැනීමකට ලක්‌ වූවායෑයි උපකල්පනය කිරීමේ හැකියාව පවතී. තවද මෙම පැරණි මිසර වැසියන් සිය දේව මණ්‌ඩලයේ එක්‌ දෙවි කෙනෙකුට වැඩි විශේෂයක්‌ දැක්‌වූ අතර අනෙක්‌ දෙවිවරු ඔහුගේ දේව මණඩලයේ වැඩ වෙසෙන බවටත් විශ්වාස කළ බවට පවතින ප්‍රබලතම සාධක වන්නේ ඔවුන්ගේ සිතුවම්ය.

 පුරාණ දෙවිවරු 14

අමන් රේ දෙවියා   

 මෙලෙස හඳුන්වන්නේ සූර්ය දෙවියායි. මුලින්ම මේ දෙවියා රේ නමින් පමණක්‌ හැඳින්වූ අතර පසු කාලීනව අමන් යන්නද යෙදි ඇත. මිසර වැසියා විශ්වාස කරන පරිදි පිරමීඩ තුළ 'කා' නම් ආත්මයකට රේ දෙවියා වෙත යාමට රහස්‌ මගක්‌ ඉදිකර ඇත. රේ දෙවියා සියලු දෙනා විසින්ම අදහනු ලබන ඉතා වැදගත් මෙන්ම ප්‍රධානම දෙවියායි.

 ඔසිරිස්‌ දෙවියා

 උසස්‌ පහත් සෑම ඊජිප්තු වැසියෙක්‌ම මෙම දෙවියා ඇදහීය. ඔසිරිස්‌ දෙවියා පැරණි දේව කථාවන්හි මළවුන් පිළිබඳ විශ්වාසය සහ සම්බන්ධ ප්‍රධාන දෙවියායි. එකී හේතුව මතම සෑම ඊජිප්තියානු වැසියෙක්‌ම මෙම දෙවියාට ප්‍රමුඛතාවක්‌ දුන්නේ ඇයිද යන්න උපකල්පනය කළ හැකි අතර සදාකාලික පැවැත්ම කෙරෙහි පැවති ඔවුන්ගේ විශ්වාසය සමග මෙම දෙවියා Rජුව ආබද්ධ වන අයුරු හඳුනාගත හැකිය. ඔසිරිස්‌ මිය යාමෙන් පසු ඔහු දෙවියන්ගේ රජු බවට පත්වී මියගිය ආත්ම විනිශ්චය කළ බව ජන කතාවන්හි කියෑවේ.

 ආත්මයේ අමරණීයත්වය පිළිබඳව විශ්වාස කළ ඊජිප්තු වාසීහු පාරාවරුන් රේ දෙවියන්ගෙන් සහ ඔසිරිස්‌ දෙවියන්ගෙන් පැවත එන්නන් බව විශ්වාස කළහ (ඇඳගම, 2003, 23පි)

 ඔසිරිස්‌ දෙවියා පාතාල ලෝකයේ අධිපතිකම දරන අතර මළවුන්ගේ විනිශ්චයකරුද විය. මෙම දෙවියා ඇදහිමත් සමග මිසර වැසියෝ මළවුන්ගෙන් නැගිටීම, වළලන ලද මෘත දේහයට ප්‍රාණය ඇතිවීම ආදිය සිදු වන බව විශ්වාස කිරීමට පෙළඹුණි. මෙනිසා මිසර වාසීන් මියගිය අයගේ සිරුරු -දුරු වර්ග කැවූ ලිනන් රෙදිවලින් සූක්‌ෂමව ඔතා දිගු කල් ආරක්‌ෂා කිරීමටද පෙළඹුණි. තවද මෙනිසාම මියගිය පුද්ගලයාගේ මතු ප්‍රයෝජනය උදෙසා ආහාරපාන ආදියද සොහොන් තුළ තැන්පත් කළහ. එමතුද නොව පණ ඇති සේවකයන් පවා සුසාන තුළ මිය යන තුරු සිර කෙරුණේ මෙහි ප්‍රතිඵලයක්‌ වශයෙනි.

 අනුබිස්‌ දෙවියා

 මොහුට තිබුණේ හිවල් හිසකි. ඔහු මුලදී පාරාවෝ රජවරුන්ගේ සොහොන් ආරක්‌ෂා කරන්නෙකු ලෙස පෙනී සිටියේය. මිසර ආගමික සංකල්පයක්‌ වූයේ මරණාසන්න වූවන්ගේ ආත්මය දෙවියන් ඉදිරියට යවන බවත්, එහිදී අසන ප්‍රශ්න සඳහා පිළිතුරු දීමට සිදුවන බවත්ය. 'මළවුන්ගේ පොත' නම් කෘතිය සකසා තිබුණේ මෙම පැනයන්ට පිළිතුරු දීම සඳහායි. යම් ආත්මයකට මෙම ප්‍රශ්න සඳහා පිළිතුරු දිය නොහැකි වුවහොත් හම ආත්මය අයත් පුද්ගලයා අපායට යන බව ඔවුන්ගේ විශ්වාසය විය. අනුබිස්‌ දෙවියා, මියගිය පුද්ගලයෙකුගේ හදවතේ බර මනිනු ලබන සිතුවමක්‌ මිසරයෙන් ලැබේ. තරාදියේ එක්‌ පසෙක මියගිය තැනැත්තාගේ හදවතත් අනෙක්‌ පස පිහාටුවකුත් ඇත. යම් හෙයකින් හදවතේ බර වැඩි වූයේ නම් එම පුද්ගලයාට සදාකාලින සැපත අහිමි වී අපාගත වන බව මිසර වාසීහු විශ්වාස කළහ.

 අවසානය

 මේ අනුව ක්‍රි.පූ. 3200ට පමණ පසුව මිසර ශිෂ්ටාචාරයේ රාජවංශ ප්‍රභවය වීම පිළිබඳව සාකච්ඡා කළ හැකිය. මෙසමය වන විට ඔවුන් මරණය සහ මරණින් මතු ලෝකය පිළිබඳව පැවති සංකල්පයන්ගේ වර්ධනය වීමකුත් ඒ හා සමගාමිව සමාජ ජීවිතයේ සිදු වන සුවිශාල වෙනස්‌වීම් පිළිබඳවත් අවධානය යොමු කළ හැකිය. ක්‍රි.පූ. 3200දී පමණ ඇඳි සිතුවමක්‌ ඊර්ප්තුවේ හයිරොකොන්පොලිස්‌ ප්‍රදේශයේ සොහොන් ගැබකින් හමුවී තිබේ. මෙම සිතුවමේ සුදු පැහැ විශාල ජල යාත්‍රා මගින් නිරූපණය කර ඇත්තේ පසුකාලීනව ඊජිප්තියානු සොහොන් ගැබ්වලින් හමුවන චිත්‍රවල දක්‌නට ලැබෙන මළවුන්ගේ ආත්මයන් ගමන් ගන්නා යාත්‍රා පිළිබඳ සංකල්පයේ මුල්ම අවස්‌ථාවක්‌යෑයි අනුමාන කළ හැකිය. මේ අනුවද නිගමනය කළ හැකි වන්නේ මිසරයේ පැවති මරණින් මතු දිවිය පිළිබඳ ආකල්පය හිටි හැටියේ ප්‍රභවය ලද්දක්‌ නොව දීර්ඝ කාලීනව පැවති සංකල්ප අනුව ක්‍රමක්‍රමයෙන් ගොඩනැගුණු විශ්වාසයක්‌ වන බවයි.

 එසේම මමීකරණය මත ගොඩ නැගුනු සමාජ ක්‍රමය ඊජිප්තු සමාජයට අනන්‍ය බවත් ඒ ඔස්‌සේ ලැබී සාධක වසර ගණනාවක්‌ ආරක්‌ෂා වෙමින් නූතනයටද සාධක සපයන බව පෙනේ. එහෙයින් පෙනී යන්නේ මෙකී මමීකරණය එම තාක්‌ෂණය හා ආගම ඊජිප්තු වැසියාගේ අනන්‍යතාවය පෙන්වන වැදගත් සාධකයක්‌ බවයි.



 ආශ්‍රිත ග්‍රන්ථ

 1. http( //blogdworkshop.blogspot.com/2011/03/howardcarter- discovered-tomb-of.html

 2. http (//en.wikipedia.org/wiki/Tutankhamun

 3. http (//en.wikipedia.org/wiki/Tutankhamunzs mummy

 4. https(//roar.media/sinhala/features/howmummification- works/

 5. https (//sanskaravinivida.wordpress.com/2011/12/28/

 6. https (//sanskaravinivida.wordpress.com/categoryancient- civilizations/page/2/

 7. http(//yourparanormal.com/curse-oftutankhamun/

 8. http(//www.bbc.com/sinhala/world/2015/11/15111 3 whats inside pyramids

 9. http(//www.cbsnews.com/stories/2005/05/11/tech/ main694510.shtml

 10. http (//www.crystalinks.com/tutstomb.html

 11. http (//www.eyewitnesstohistory.com/tut.htm

 12. http(//ww.richardseaman.com/Travel/Egypt/Cair o/Museum/Tutankhamun/DeathMaskAndCoffins/ index.html

 13. ලෝකයේ කතාන්දරය, ඇස්‌ ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ, 2004.

 14. බස්‌නායක. එච්. ටී, අපරදිග ශිෂ්ටාචාරය 1, ඇස්‌. ගොඩගේ සහ සහෝදරයෝ.

 15. සෙනෙවිරත්න. චමින්ද, පෞරාණික ශිෂ්ටාචාර, දයාවංස ජයකොඩි සහ සමාගම, කොළඹ, 2004.
divaina
 ආර්. ඒ. අයි. ඒ. සරත්චන්ද්‍ර
 ඉතිහාස අධ්‍යයන අංශය
 පේරාදෙණිය විශ්වවිද්‍යාලය
================================================
උපුටා ගැනීම් සහිතයි ....!!! 
දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Thursday, April 30, 2020

විවාහයේ තොරතුරු හෙළිකරන රේඛා පිහිටීම්.....(hastha rekha viwahaya අබිරහස් අඩවිය - Abirahas Adawiya - ශාස්ත්‍රීය ළිපි)

විවාහය කෙනෙකුගේ ජීවිතයේ සුන්දර අත්දැකීමක් වන අතර තවත් අයෙකුට එය අමිහිරි අත්දැකීමක් විය හැක. ඒ පිළිබඳව තොරතුරු ඔබේ කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම් අනුව වගේම ඔබේ අත්ලේ පිහිටි විවාහ රේඛා මගින්ද පැහැදිලි වෙයි. අත්ල අයිනේ සිට සුළැගිල්ලේ මුලටත් හෘදය රේඛාවටත් අතර ඇති කෙටි රේඛා විවාහ රේඛා නමින් හැඳින්වෙයි. යමෙකුගේ අතේ මෙවැනි රේඛා නැත්නම් ඔහු හෝ ඇය තුළ කිසිවකු කෙරෙහි ප්‍රේම හැඟීමක් නොමැත. මෙම රේඛා කීපයක් තිබුණොත් ඔහුගේ හෝ ඇගේ සිත දුටු දුටුවන් කෙරෙහි බැඳෙන සවභාවයක් ඇත. ගැඹුරු ස්වභාවයෙන් යුත් පැහැදිලි තනි ඒ විවාහරේඛාව වාසනාවන්ත විවාහයක් ප්‍රකට කරයි. දැන් අපි බලමු විවාහ රේඛාවන්වල පිහිටීම අනුව එය විවාහයට කෙසේ බලපායිද කියා. 

විවාහ රේඛාවේ කෙළවර හෘදය රේඛාව දෙසට බැවුම් වූයේ නම් එය අසුභද‌ායක තත්ත්වයකි. 1-1 සහකාරගේ හෝ සහකාරියගේ වෙන්වීමක් හෝ මරණයක් එමගින් පෙන්නුම් කරයි. අග බෙදුණුකරුවක් මෙන් 2-2 පිහිටි විවාහ රේඛාවද කුමන හේතුවක් නිසා හෝ අඹුසැමි වෙන්වීම හෝ ආරවුල් ඇතිවීම හෙළිකරයි. වෙන්වීමට හේතුව ස්වාමි පුරුෂයා හෝ භාර්යාව රැකියාවකට හෝ වෙනත් කාර්යක් සඳහා දුර ප්‍රදේශයක හෝ රටක වූයේ නම් ප්‍රශ්නයක් නොවේ.  

නමුත් එකට ජීවත්වීමේදී සාමය නැති වූ නිසාම හෝ ප්‍රේමයේ පලුදු වීමක් නිසා නම් දික්කසාදයකට ඇති ඉඩකඩ බලවත් වේ. විවාහ රේඛාව අග 3-3 උඩින් සමාන්තරව ඇති කෙටි රේඛාවකින් පෙන්නුම් කරන්නේ විවාහයට පසු ඇතිකර ගන්නා වූ ප්‍රේම සම්බන්ධතාවකි. මෙය ස්තිර අනියම් සම්බන්ධතාවක් විය හැක. විවාහ රේඛාවේ පහළ යටින් 4-4 සමාන්තරව ඇති කෙටි රේඛාවෙන් පෙන්නුම් කරන්නේ විවාහයට පෙර ඇතිකරගත් සම්බන්ධයක් තවදුරටත් පවත්වාගෙන යන බවය.  

අවස්ථා දෙකේදීම රේඛා ඉතා පැහැදිලිනම් සම්බන්ධතා ශක්තිමත් වෙයි. නමුත් එම අයගේ අධිෂ්ඨාන ශක්තිය මත ප්‍රතිඵල වෙනස්වී වෙන්වීමේ සලකුණු නොපෙනී යනු ඇත. විවාහ රේඛාව හෘදය රේඛාවට ළංව පිහිටීම 5-5 ඉක්මන් විවාහයකට හේතුවක් ලෙස සැලකේ. විවාහ රේඛාව දෙකඩ වී ඇති නම් විවාහ ජීවිතයේ හදිසි බිඳ වැටීමක්වේ. විවාහ රේඛාව ආරම්බයේදී සිහින්ව පසුව ගැඹුරුව ප්‍රබල වී නම් මුල දී යන්තමින් පැවති ආදරය පසුව බලවත් වෙයි.  

රේඛාව ආරම්භයේ ගැඹුරුව පසුව සිහින්ව නොගැඹුරු වී නම් මුලදී පැවති ආදරය පසුව හීන වී යයි. විවාහ රේඛාවේ මැද හෝ අවසානයේ දුපත් සටහන් දර්ශනය වේනම් විවාහ ජීවිතය බලවත් අවාසනාවන්ත සිද්ධීන්ගෙන් ග්‍රහණ එකක් වෙයි. රේඛාවේ කෙළවර තරුවක සලකුණක් වේ නම් ප්‍රේම සම්බන්ධය දඹරයකින් කෙළවර විය හැක.   

දැන් බලන්න මේ සමග පළවෙන දෙවෙනි රූපසටහන දෙස, මනාව පැහැදිලිව ඇති දෛව රේඛාවට 1-1 චන්ද්‍ර මණ්ඩලයේ සිට ඇදී එන ප්‍රබල රේඛාවක් සම්බන්ධ වී ඇතිනම් 2-2 එසේ සම්බන්ධ වන දෛව රේඛාවට අද‌ාළ වයස් සීමාවේදී ඔහුගේ හෝ ඇයගේ විවාහය සිදුවෙයි. මනාව සෘජුව සටහන් වී ඇති දෛව රේඛාවක් පිහිටි අතක ප්‍රබල විවාහ රේඛාවකුත් සටහන් වී ඇති නම් එමගින් සදා සැපවත් විවාහ ජීවිතයක් පෙන්නුම් කරයි. ප්‍රබල රේඛාවක් වුවත් එහි දූපත් ලකුණ වැටී ඇත්නම් විවාහ ජීවිතය අසාර්ථක වේ.   

ප්‍රබල රේඛවක් දෛව රේඛාව ඡෙදනය කරමින් ගුරු මණ්ඩලය දිශාවට (දබරඟිල්ලමුල) විහිද යන්නේ නම් පවුල් ජීවිතය අවුල් වීමට හේතුවෙයි. ඇතැම් අයගේ කුජ රේඛාව (3-3) ජීවන රේඛාවන් (4-4) සමග ආරම්භ වී ටික දුරක් ගොස් වෙනස් වෙයි. එම වෙනස් වන ස්ථානයට අද‌ාළ වයස් සීමාවේ දී එම අයගේ විවාහය සිදුවෙන බව පර්යේෂණවලින් ඔප්පු වී ඇත. වෙන්වීම සටහන් වන්නේ ජීවන රේඛාවට අදාළ අවු 25 කාල සීමාවේදීය.  
එකට ජීවත් වූ දෙමාපිය සහෝදර සහෝදරියන්ගෙන් තාවකාලිකව වෙන් වී සහකාර යාගේ හෝ සහකාරියගේ සරණයට පත්වෙන බව එම කුජ රේඛාව මගින් පෙන්නුම් කරයි. ඔවුන්ගේ ඇසුරේ ගතකළ ජීවිතය කුජ රේඛාවේ මගින් පෙන්නුම් කරයි. ඔවුන්ගේ ඇසුරේ ගත කළ ජීවිතය කුජ රේඛාවේ පළමු කොටසනුත් ඉදිරි යුග ජීවිතය දෙවෙනි කොටසෙනුත් අනාවරණය වෙයි.  

කෙනෙකුගේ දෛව රේඛාව ශීර්ෂ රේඛාව මතදි (5-5) අවසන් වී ඇත්නම් ඔහුගේ හෝ ඇයගේ විවාහය සිදුවනු ඇත්තේ හදිසි තීරණයක් අනුවය. දෛව රේඛාවේ වයස් සීමාව අනුව එය අවුරුදු 35 ට පළමු සිදුවනු ඇත. දෛව රේඛාව හෘදය රේඛාවෙන් අවසන්වීම (6) ප්‍රේම සම්බන්ධයකින් සිදුවන විවාහයකි. හෘදය රේඛාවටත් ශීර්ෂ රේඛාවටත් අතර ඇති ප්‍රදේශයේ දෛව රේඛාව මත හතරැස් කොටුවක් තිබීම අසුභය. ස්ත්‍රියකට නම් අනියම් පුරුෂයෙකුත් පුරුෂයෙකුටනම් අනියම් ස්ත්‍රියකත් ඇති බවට සලකුණකි.  

ගුරු මණ්ඩලය මත පිහිටන කතිර සලකුණ වඩාත්ම සුභද‌ායකවේ. එය වාසනාවන්ත විවාහ ජීවිතයක සැබෑ සලකුණක් ලෙස සාමුද්‍රක ශාස්ත්‍රයේ සඳහන් වෙයි. එහෙත් ගුරු මණ්ඩලය මත තාරකා සලකුණ සුභ නොවේ. විවාහ ජීවිතයේ නොයෙකුත් අවුල් වියවුල් ඇතිවීමට එය හේතුවේ. විවාහවීම සඳහා දෙගිඩියාවෙන් පසුවන අයගේ අත්වල ගුරුමණ්ඩලය හතරැස් කොටුවක සලකුණ දැකිය හැක. ඇතැම් අයගේ අත්වල මෙම විශේෂ සලකුණු තිබිය හැක. සමහරවිට එක ස්ථානයක හෝ දෙකක දැකිය හැකිවෙයි. එහෙත් කෙනෙකුගේ අත බලා පලාපල කියන්නට පළමු සැබෑ සටහන් වෙන් වෙන් වශයෙන් බලා ඒ පිළිබඳව තීරණ ප්‍රකාශ කළ යුතුය.  
lankadeepa
හිඹුටානේ පියතිලක ද අල්විස්  
158 හිඹුටාන මුල්ලේරියාව නව නගරය.  
දු.අංක 0112419574, 0716212020  

================================================
උපුටා ගැනීම් සහිතයි ....!!! 
දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Wednesday, April 29, 2020

සුභ අසුභ ඵල හෙළිකරන අත්ලේ විශේෂ සලකුණු....(Hashta rekha shasthraya අබිරහස් අඩවිය - Abirahas Adawiya - ශාස්ත්‍රීය ළිපි)

හස්ත රේඛා විද්‍යාව අනුව අත්ලක් පරික්ෂා කිරීමේදී ප්‍රධාන වශයෙන් අත්ලේ පිහිටි රේඛාවල ස්වභාවය හා මණ්ඩලවල ප්‍රබලතා හා දුබලතා අනුව පලාපල කීමට හස්ත රේඛා ශාස්ත්‍රඥයා පියවර ගනී. මේ අතර අත්ල සියුම්ව පරික්ෂා කිරීමේදී අත්ලේ යම් යම් ස්ථානවල විශේෂ සලකුණු පිහිටා තිබෙනු දැකිය හැක. ඒ තුළින් පුද්ගලයාට ලැබෙන විශේෂ සුභ අසුභපල සාමුද්‍රික විද්‍යාවේ සඳහන් වෙයි. මේ එවැනි විශේෂ සලකුණු කීපයක් පිළිබඳ තොරතුරුයි.   

ත්‍රිශූලය 
ත්‍රිශූලය කියන්නේ උල් තුනකින් සැදුණ ලකුණකට බව අංක 1 රූප සටහනින් ඔබට පැහැදිලිවනු ඇති. කිසියම් රේඛාවක මුල හෝ අග ත්‍රිශූලයක ලකුණක් වැටී තිබේ නම් එම රේඛාවෙන් උත්පාදනය වන බල ශක්තිය තුන් ගුණයකින් වැඩිවෙන බව හස්ත රේඛා විද්‍යාවේ නිගමනයයි. මණ්ඩල මත ස්වාධීනව දිස්වෙන ත්‍රිශූල ලකුණ ගුරු මණ්ඩලය මත වැටී ඇත්නම් ඔහු හෝ ඇය ධනවත් වන බවට සලකුණකි. 
දැඩි ආගමික භක්තියක් ඇති අයගේ ශනි මණ්ඩලය මත ත්‍රිශූල ලකුණ විද්‍යාමාන වන අතර ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ රවි මණ්ඩලයෙහි බොහෝවිට එවැනි ලකුණු දිස්වෙයි. බුධ මණ්ඩලය මත ත්‍රිශූල ලකුණක් තිබීම ව්‍යාපාර කටයුතුවලින් වඩා දියුණු විය හැකි අතර චන්ද්‍ර මණ්ඩලයේ පිහිටන ත්‍රිශූල ලකුණින් ප්‍රකාශ වන්නේ ඔහු හෝ ඇය ගුප්ත විද්‍යාවන් කෙරෙහි සහජ දක්ෂතා ඇති අයෙකු බවයි. කුජ මණ්ඩලය මත පිහිටන ත්‍රිශූලයෙන් අභීත පුද්ගලයෙකු මූර්තිමත් වෙයි. 

කාකපාදය 
මෙම සලකුණ ඉතාම අසුභ පිහිටීමකි. ත්‍රිශූලයේ උල්තුන පහළට හැරී තිබුනොත් එය හඳුන්වන්නේ කාක පාදය ලෙසයි. 2 වෙනි අංකයෙන් කාක පාදයේ සාමාන්‍ය පිහිටීම දැන් බලන්න. කාගේ හෝ අතක කාක පාදයක ලකුණක් වැටී අැත්නම් ඔහු හෝ අැය කරන කියන හැම දෙයක්ම අසාර්ථක වන බව කිව හැකියි. 

මත්ස්‍ය 
රූපසටහනේ 3 වෙනි කොටුව දැන් බලන්න ඒකට තමයි මත්ස්‍ය ලකුණ කියල කියන්නෙ. මත්ස්‍ය (මාළු) ලකුණ මණ්ඩල මත වගේම රේඛා ආශ්‍රිතවත් පිහිටීමට ඉඩ ඇත. රේඛා ඛණ්ඩි ගැසීමෙන් බොහෝවිට එම ලකුණ පිහිටන බව කිව යුතුයි. මත්ස්‍ය ලකුණ ඉතාමත් සුභඵල දෙන පිහිටීමක්. අනේකවිධ භව ​ෙභා්ග සම්පත් ලැබීමට ද එය හේතුවක්. 
කාන්තාවකගේ අත්ලේ මාළුවෙකුගේ සලකුණක් දර්ශනය වේ නම් ඇයට ලක්ෂ්මි යෝගය උදා වෙන බවයි ශාස්ත්‍රිය නියමය. වාසනාවන්ත පුරුෂයෙකුට බිරිඳ වන ඇය සුපින්වත් දූ පුතුන් ලබන ජාතියේ ශ්‍රේෂ්ඨ මාතාවක් වන්නීය. එම සලකුණ පිහිටියේ ගුරු මණ්ඩලයේ නම් වඩාත්ම සුභඵල ගෙනදේ. 

ස්වස්තිකය 
අප භාග්‍යමත් බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී හස්ත ගතවත් ශ්‍රීපාද ගතවත් විද්‍යාමාන වූ ස්වස්තික සලකුණ මහා මංගල ලක්ෂණයක් බවයි භාරත හස්ත රේඛා ශාස්ත්‍රයෙහි සඳහන් වන්නේ පුරාණ ග්‍රීක ජනතාවත් එය උත්තම ලක්ෂණයක් වශයෙන් පිළිගත් බව ඓතිහාසික මූලාශ්‍ර මගින් පැහැදිලි වෙයි. මොනයම් ක්‍රමයකින් හෝ උත්තරීතර භාවයට පත්වෙන පුද්ගලයෙක් ස්වස්තික ලකුණින් හඳුන්වා දෙයි. රූප සටහනේ 4 වෙනි කොටුවෙන් එහි සාමාන්‍ය පිහිටීම බවට හඳුනාගන්න හැකිවේවි. 

යව සලකුණ 
මෙම සලකුණ බොහෝවිට ඇඟිලිවලත් ඇඟිලි පුරුක් අතරත් පිහිටිය හැක. වී ඇටයක හැඩයෙන් මහපට ඇඟිල්ලේ මැද පුරුකේ පිහිටන යවාකාර ලකුණක සාමාන්‍ය පිහිටීම 5 වෙනි කොටුවෙන් දැක්වෙයි. පෙර අත්භවයන් හිදී කරන ලද නොමද පින්බල ඇති වාසනාවන්තයින්ගේ අත්වල පිහිටන ලකුණක් වශයෙන් එය විග්‍රහ කළ හැකිය. රජයේ නිලධාරීන් දේශපාලකයින් ව්‍යාපාරිකයන් වැනි අයගේ අත්වල බොහෝවිට යව සලකුණු පිහිටිය හැක. යව සලකුණ ඇති අයට කවදාවත්ම අග හිඟයක් නම් ඇති නොවේ. 

කතිර සලකුණ 
මෙම සලකුණ අත්ලේ පැහැදිලි ලෙස සටහන්වීම බොහෝවිට විපත්ති දායක වේ. සුභ ඵලයක් ඇතිවන්නේ කලාතුරකිනි. කතිර සලකුණ ගුරු මණ්ඩලයට වඩාත්ම සුභඵල ගෙන දේ. වෙනත් රේඛා එක්වීමක් නොමැතිව හුදෙකලාව කතිර සලකුණක් ගුරු මණ්ඩලයේ පිහිටියේ නම් එය වාසනාවන්ත විවාහ දිවියකට හේතු වේ. සිදුවන කාලය කතිරය පිහිටි ස්ථානය අනුව නිගමනය කළ යුතුය. ජීවන රේඛාව අසලනම් විස්සට නුදුරුවද මණ්ඩලය මැදනම් මැදි වයසේද සිදුවේ. 
දෛව රේඛාව ස්පර්ශ කරමින් ශනි මණ්ඩලයේ නම් ජීවිත හානිද මැදගිල්ලේ නිය සහිත පුරුකේ නම් දරුපල හීනවීමද රවි මණ්ඩලයේ නම් ධන හානිද බලාපොරොත්තු කඩවීම්ද බුධ මණ්ඩලය යට පිහිටි කුජ මණ්ඩලයේ නම් දරුණු තුවාල ඇතිවීමටද චන්ද්‍ර මණ්ඩලයේ නම් දියේ ගිලීමෙන් මරණය ද සිදුවීමට හැකිය. 

හිඹුටානේ පියතිලක ද අල්විස් 
158, හිඹුටාන (රෝහල ඉදිරිපිට) 
මුල්ලේරියාව නව නගරය 
lankadeepa
================================================
උපුටා ගැනීම් සහිතයි ....!!! 
දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya

Saturday, April 25, 2020

අත්ලෙන් කියවෙන ඔබේ රහස්....(Hand අබිරහස් අඩවිය - Abirahas Adawiya - ශාස්ත්‍රීය ළිපි)

සමුද්‍ර සෘෂිවරයා ලොවට හඳුන්වා දුන් සාමුද්‍රික ශාස්ත‍්‍රය හෙවත් හස්ත රේඛා විiාව භාරත දේශයෙන් ආරම්භ වී මේ වන විට ලොව පුරාම බොහෝ දෙනෙකුගේ පිළිගැනීමට ලක්ව ඇත.

 අත්ලක් පරීක්‍ෂා කිරීමේදී පුරුෂයකුගේ දකුණු අතත්, ස්ත‍්‍රියකගේ නම් වම් අතත් පරීක්‍ෂා කළ යුතු බව බොහෝ දෙනෙකුගේ මතයයි. හස්ත සංජීවනී නම් භාරතීය ග‍්‍රන්ථයේද මේ මතයම සඳහන් වෙයි. කෙසේ වුවද වැඩි දෙනෙකුගේ අදහස වන්නේ ස්ත‍්‍රී පුරුෂ බේදයකින් තොරව වම් අත සහ දකුණු අත යන අත් දෙකම පරීක්‍ෂා කිරීම වැදගත් බවයි.

 අතක් පරීක්‍ෂා කිරීමේදී පළමුවෙන්ම අපේ දෙනෙත් යොමුවන්නේ අත්ලටයි. අත්ලේ හැඩරුව, වර්ණය හා විශේෂ සලකුණු අනුව අත් හිමියාගේ පලාඵල පැරණි සාමුද්‍රික විiාව පොත්වල පැහැදිලිව දක්වා ඇත. එම ග‍්‍රන්ථවල සඳහන් පරිදි දියුණු මනසකට හා සංවේදී ජීවන චරිතයකට හිමිකම් කියන පුරුෂයින්ට හතරැුස් හැඩයකින් යුත් අත්ලක් පිහිටයි. ඔවුන් සිතන්නේත්, කතා කරන්නේත් තර්කානුකූලවයි. නීතිඥ වෘත්තියේ යෙදී සිටින අයට බොහෝ විට මෙවැනි පිහිටීම් තිබිය හැකිය. පැහැපත් සමකින් හා මෘදු මාංශ පේශීන්ගෙන් සැදුන අත් හිමියා කලාකාරයෙකි. විසිතුරු දේ අගය කිරීම ඔවුන්ගේ ජීවන චරිතයේ ලක්‍ෂණයක් වෙයි.

 කෝණාකාර හැඩයක් ගන්නා අත්ලෙන් බුද්්ධිමත් පුද්ගලයෙ හඳුනාගත හැක. බුද්ධි හීන පුද්ගලයාගේ සම ගොරෝසු බවක් පෙන්වයි. රේඛා දෙක තුනක් පමණක් පිහිටීමත් ශීර්ෂ රේඛාව කෙටිවීමක්ද එවැනි අත්ලක දැකිය හැකි වේ. සියුම් වැඩට දක්‍ෂ අයගේ අත්ල කුඩාය. මසින් පිරි වියළි ගතියෙන් යුත් අත්ල හිමියා වාසනාවන්තය. දැඩි ආත්ම ශක්තියකින් යුතුව ඕනෑම බරපතළ කාර්යයකට වුවත් අත ගසන එවැනි අය එම කාර්යය නිම කිරීමෙන් ඉමහත් තෘප්තියක් ලබයි. දක්‍ෂ පාලකයන්ටද බොහෝ විට එවැනි අත්ල පිහිටයි. හැමවිටම දහඩිය දමනසුලූ අත්ල ඇති අයද අප අතර සිටිති. රක්තපාතය, ස්නායු දුර්වලත්වය වැනි අසනීප එවැනි අයට තිබිය හැක.

 ලා රෝසපාට අත් වඩාත් සුබඵල දෙයි. අත්ල කළුපාට හෝ දුඹුරු පැහැගැන්වීම අසුබය. දුක්බර ජීවිතයක් එමගින් පෙන්නුම් කරයි. අඳුරු වර්ණයෙන් යුතු අල්ල පටු කල්පනා ශක්තියකින් යුතු අන්‍යයන් කෙරෙහි ඊර්ෂ්‍යා සහගත සිත් ඇති වාසනා ගුණයෙන් අඩු අය තුළ පිහිටයි.

 අත්ල මස් සහිතව සමතලා ලෙස පිහිටීමද සුබ ලක්‍ෂණයකි. එමගින් ත්‍යාගශීලී බවද ප‍්‍රකට කරයි. අත්ල තුනීනම් දෙමාපියන්ගෙන් ලැබෙන උරුමයන්ට හිමිකම් නොලබයි. අල්ල නොගැඹුරු ලෙස වටකුරුව ඇත්තේ නම් එම උරුම හිමි අයෙකු වේ. පිළිවෙළකට නොමැති අත්ල හිමි අයගේ ජීවිතය වාසනාවන්ත නොවේ.

 ඔවුන්ගේ විවාහ ජීවිතයද අසාර්ථක වනු ඇත. මොළොක් ගතියෙන් යුත්

 මඳක් රතු පැහැති ලස්සන අත්ලක් පිහිටන්නේ සුපින්වත් ලලනාවන්ටය. ළඳ බොළඳ හා ආචාරශීලී හැසිරීම් විලාශ ඇති ඇය සැබැවින්ම කාරුණිකය. පියුමක් මෙන් මොළොක් ලස්සන අත්ලක් ඇති ස්ත‍්‍රිය කාම සම්පත් වර්ධනය කරන බව ශ‍්‍රී ජීවනාථ දෛවඥයා විසින් සඳහන් කර ඇත. නහරවැල් ඉලිප්පුන රළු අත්ල අශුභ ඵලදෙයි. නපුරු ස්ත‍්‍රීන් වෙත මෙවැනි සලකුණු දැකිය හැක. හැම විටම තෙත් ගතියෙන් යුතු අත්ලක් ඇති අය උසස් නායකත්වයකින් යුතුවෙයි. නමුත් ඔවුන් කුමන තරාතිරමක සිටියත් නොසංසිඳෙන ආශාවන් ඇති අය බව ඔප්පු වී ඇත.

 හතරැුස් හැඩයෙන් යුතු අත්ල දියුණු මනසකට හිමිකම් කියයි. එවැනි අය සිතන්නේත් කතා කරන්නේත් තර්කානුකූලවයි. බොහෝ විට නීතිඥයන්ට මෙවැනි ආකාරයේ අත්තල පිහිටා ඇති බව දැකිය හැක. පැහැපත් සමකින් හා මාදු මාංශ පේශීන්ගෙන් පිරුණු අත්ලෙන් කලාකාමිත්වය පෙන්නුම් කරයි. විසිතුරු දේවල් කෙරෙහි දැඩි ලැදියාවක් දක්වන ඔවුන් සමාජයේ කා අතරත් ජනප‍්‍රිය වේ.

 කෝණාකාර හැඩයෙන් යුත් අත්ල ඇත්තා බුද්ධිමත්ය. අන් අය යටතේ සේවයෙහි යෙදෙන බුද්ධියෙන් හීන අයගේ අත්ල ගොරෝසු බවක් පෙන්වයි. අත්ලෙහි ඇ`ගිලි එක්කළ විට සිදුරක් නොපෙනෙන ලෙස මනාව එක්ව පිහිටියේ නම් එයද සුබ ලකුණක් ලෙස භාරතීය සාමුද්‍රික ශාස්ත‍්‍රය අනුව සැලකේ. එවැනි අය වාසනා ගුණයෙන් පරිපූර්ණ වූ එමෙන්ම ශිල්ප ශාස්ත‍්‍ර, නැණ නුවණ ආදියෙන් බහුශ‍්‍රැත බවත් සියලූ සම්පතින් ආඪ්‍ය වන බවත් කියැවේ.

 ස්පර්ශ කළ විට උණුසුමක් දැනෙන අත්ලද ශුභදායක වෙයි. එවැනි අත්ලක් පිහිටන්නේ මෘදු සිතිවිලි සහිත අන්‍යයන් කෙරෙහි කරුණාව, මෛත‍්‍රිය දක්වන දියුණු වීමේ වාසනා ගුණයක් ඇති පින්වත් දරුවන් හිමිවන අයටය. අත්ලක් විශාල ලෙස පිහිටියහොත් එය දුර්වල ආධ්‍යාත්මික ලක්‍ෂණ ප‍්‍රකට කෙරේ. අත්ලක් ප‍්‍රමාණයට වඩා කුඩාවීම බුද්ධි හීන මන්දායුෂ පෙන්නුම් කරන අවාසනාවන්ත ලකුණකි.

 ඉතාමත් තද ගතියෙන් යුතු ගොරෝසු අත්ලක් හිමි තැනැත්තා ඉතාමත් නපුරු, දුෂ්ට ගතිගුණ පෙන්නුම් කරයි. උණුවෙන හදවතක් නොමැති ඔවුන් ඇතැම් අවස්්ථාවල තිරිසනුන් මෙන් ක‍්‍රියා කරයි. කිසියම් අයෙකුගේ අත්ලෙහි නෙළුම්මල්, මත්ස්‍ය, කොඩි, සේසත්, වටාපත්, වී ඇට, අශ්වරූප, අලිරූප ආදී ලකු-ණු පිහිටීම රජවීමට පවා හේතු වන බව ශ‍්‍රී කේශව බ‍්‍රාහ්මණ පඬිවරයා විසින් ලියා ඇති ග‍්‍රන්ථයක සඳහන් වෙයි. අත්ලෙහි උපන්ලප පිහිටීමද වාසනාවන්ත වේ. දකුණු අත්ලේ තල කැලලක් පිහිටීම නම් පිරිමියෙකුට සුබ නොවේ. එය වස්තු විනාශයට හේතුවක් ලෙස සැලකේ.

 අත්ලේ දක්‍ෂිණාවෘත කවාකාර සටහනක්, ඊතලයක සටහනක් හෝ වේ නම් ස්ත‍්‍රියක් නම් ඇයට රජ බිසවකට සමාන යස ඉසුරු හිමි වේ. ස්ත‍්‍රියකගේ අත්ලේ කුණ්ඩලාභරණයක්. චක‍්‍රයක් වැනි සටහනක් වී නම් ඇයට සමාජයේ උසස් පුද්ගලයෙක් විවාහයට හිමිවේ. සියලූ යස ඉසුරින් පිරි ඇයගේ ඉදිරි ජීවිතයද ඉතා වාසනාවන්තය. යම් ස්ත‍්‍රියකගේ අත්ල කොටද, මනා හැඩහුරු කමින් යුක්තද, කැපී ගිය රේඛාවන් නොමැති රේඛාවන් කීපයකින් පමණක් යුක්තද එම රේඛාවන් පළල්ව පැහැදිලිව අත්ලේ මැද දෙසට ඒවා විහිද පවතී නම් එම කාන්තාව ඒකාන්තයෙන්ම ගෞරව ලබන උතුම් වූ මහා හේතු සම්පත්තියෙන් යුත් තැනැත්තියක් වන්නීය. ඇය ධනයෙන් හා වාසනාවෙන්ද යුක්ත වන බව සාමුද්‍රික ශාස්ත‍්‍රයේ පෙන්නුම් කර ඇත.

 හිඹුටානේ පියතිලක ද අල්විස්
 158, හිඹුටාන මුල්ලේරියාව නව නගරය
divaina
================================================
උපුටා ගැනීම් සහිතයි ....!!! 
දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Wednesday, April 15, 2020

පුරාණ දාගැබ් තැනීමේ තාක්‌ෂණික පසුබිම...(purana dagab thakshanaya අබිරහස් අඩවිය - Abirahas Adawiya - හෙල පුරාණය)

දාගැබ, චෛත්‍යය, වෙහෙර, ස්‌ථූපය ආදී වශයෙන් බෞද්ධ ආගම මූලික කොටගත් ස්‌මාරක විශේෂයක්‌ පවතී. පාලි භාෂාවෙන් ථූප යන ශබ්දයෙන් ද සංස්‌කෘත භාෂාවෙන් එය ස්‌ථූප යන ශබ්දයෙන් ද හැඳින්වෙන අතර ධාත+ගබ්බො හෙවත් ධාතු ගර්භය දාගැබ වශයෙන් සාමාන්‍ය ව්‍යවහාරයට පැමිණ ඇත. බෞද්ධ ධර්මයට අනුකූලව ත්‍රිsවිධ චෛත්‍යයන් අතරින් ප්‍රථම ස්‌ථානය හිමි වන්නේ ද ස්‌ථූපය සඳහාය. සජීවී වස්‌තූන් වශයෙන් සැලකෙන ධාතූන් වහන්සේලා තැම්පත් කර නිර්මාණය කර ඇති හෙයින් බෝධීන් වහන්සේට හා බුදු පිළිම වහන්සේ වෙත ලබා දී ඇති ස්‌ථාන අභිබවා ස්‌ථූපය ප්‍රමුඛස්‌ථානයට පැමිණ ඇත. ඓතිහාසික ස්‌මාරකයක්‌ වශයෙන් සලකා බැලූ විට ස්‌ථූපය සොහොන් ස්‌මාරකයක්‌ වශයෙන් ද පෙන්වා දිය හැකිය. ඊජිප්තු වාසීන් තනා ඇති පිරමීඩ අභ්‍යන්තරයේ පවතිනුයේ මමිකරණයට ලක්‌ කරන ලද මෘතශරීරයන් ය. එහෙයින් ඒවා පිරමීඩාකාර සොහොන් වශයෙන් සලකනු ලබයි. බුදුන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලා තැම්පත් කර හෝ එසේ නැතිනම් ශ්‍රේෂ්ඨ බෞද්ධ නරපතීන්ගේ භෂ්මාවශේෂ තැම්පත් කර ස්‌ථූප නිර්මාණය කර ඇති හෙයින් ස්‌ථූපයන් ද සොහොන් විශේෂයකි. මෙම සංකල්පයම කෞතුකාගාරකරණයේ මූලාරම්භය වශයෙන් ද අවැසි විටෙක අදහස්‌ ඉදිරිපත් කිරීමේ යම් හැකියාවක්‌ පවතී. එනම් කෞතුකාගාරයක්‌ මගින් කෙරෙනුයේ පුරාවස්‌තූන් ආරක්‌ෂා කර රැක ගැනීමකි. ඉදිරි පරපුර වෙත දායාද කිරීමකි. ස්‌ථූපයන් තුළ නිධන් කර බුදුන් වහන්සේගේ හා රහතන් වහන්සේලාගේ ධාතූන් තැන්පත් කර තිබීමෙන් ඒවා වසර දෙදහස්‌ පන්සියයකටත් අතීත යුගයේ සිට අද දක්‌වා ඇතැම් ස්‌ථූපයන් තුළ තවමත් සුරක්‌ෂිතව පවතී. එහෙයින් ස්‌ථූප නිර්මාණය කෞතුකාගාරකරණයේ මූලාරම්භයක්‌ හා සංරක්‌ෂණය යන සංකල්පයේ මූලාරම්භයක්‌ වශයෙන් ද පෙන්වා දිය හැකිය.

 බෞද්ධ බැතිමතුන්ගේ වන්දනාමානයට පාත්‍ර වන ස්‌ථූප අතරින් ශ්‍රී ලංකා ඉතිහාසයේ නිර්මිත ප්‍රථම ස්‌තූපය වශයෙන් දේවානම්පියතිස්‌ස රජ දවසේ ඉදි කළ ථූපාරාමය හැඳින්විය හැකිය. ආරම්භක අවස්‌ථාව එය වූ හෙයින් ස්‌තූපයක ස්‌වරූපය පිළිබ`දව දේවානම්පියතිස්‌ස රජු මිහිඳු මාහිමියන්ගෙන් විමසූ අවස්‌ථාවේ උන්වහන්සේ විසින් දේශනා කරන ලද්දේ, "වීහි රාසි සදිසො මහා රජා" වශයෙනි. එහිදී පැහැදිලි කර ඇත්තේ වී ගොඩක්‌ ගොඩ ගස්‌වන ආකාරයට එම ස්‌ථූපය නිර්මාණය කරන ලෙසටය. ඒ අනුව ආරම්භ වූ ස්‌ථූප නිර්මාණය බාහිර ස්‌වරූපයට අනුව ධරණ හැඩයන් ආකාර කිහිපයකි.

 බුබ්බුලාකාර-ජල බුබුලක ආකාරයේ ස්‌ථූප
 ධාන්‍යාකාර- වී ගොඩකර ඇති ආකාරයේ ස්‌ථූප
 ඝණ්‌ඨාකාර-ඝාණ්‌ඨාරයක ආකාරයේ ස්‌ථූප
 ඝඨාකාර-කළයක්‌ ආකාරයේ ස්‌ථූප
 ආමලාකාර-නෙල්ලි ගෙඩියේ ආකාර ස්‌ථූප
 පද්මාකාර-නෙලුම් මලක්‌ ආකාරයේ ස්‌ථූප
 චතුරස්‍රාකාර-හතරැස්‌ ආකාරයේ ස්‌ථූප

පලාණ්‌ඩ්වාකාර-ලුනු ගෙඩියක හැඩය ගත් ස්‌ථූප (මංජු ශ්‍රී වාස්‌තුවිද්‍යා හි සඳහන් වන ආකාරයට, රෝලන්ඩ් සිල්වා මහතාගේ මතයට අනුව ලක්‌ෂ්මන් ජානක ඇඹුල්දෙණිය මහතාගේ පෞරාණික චෛත්‍යය හා විද්‍යාත්මක පෞරාණික පසුබිම ග්‍රන්ථයට අනුව ස`දහන් ආකාරයකි.)

 ඒ ඒ ස්‌ථානයට හැඩය යොදාගෙන අතීත නිර්මාණකරුවන් ස්‌ථූපයන් නිරමාණය කරන්නට ඇත. දුටුගැමුණු රජු රුවන්වැලි මහා සෑය කරවීම ස`දහා පන්සියයක්‌ පමණ වාස්‌තුවිද්‍යා ප්‍රවීණයන් කැඳවා ඔවුන් අතරින් ද දක්‌ෂතමයා තෝරාගෙන එහි ප්‍රධානියා බවට පත් කරගෙන එම ස්‌ථානයේ කරවන ස්‌ථූපයට සුදුසු හැඩය පිළිබඳ විමසූ අතර එහිදී එම ප්‍රධානියා ජලය පිරවූ රන් තලියක්‌ ගෙනවිත් එම ජලය මතට අතින් ගත් ජලය වේගයෙන් දමා ඉන් නැගුන ජල බුබුලක හැඩය පෙන්වීය. ඒ අනුව රුවන්වැලි මහා සෑය බුබ්බුලාකාර අයුරින් ඉදි විය. ඒ අනුව ප්‍රථමයෙන්ම දාගැබ් තැනීමේ පියවර වශයෙන් සුදුසු ස්‌ථානයක්‌ තෝරාගැනීම වැදගත් වේ. ඒ ස`දහා ආගමික පසුබිම සලකා සොහොන් බිම් මගහැර උතුමන්ගේ පාදස්‌පර්ශයන් සිදු වූ ස්‌ථාන තෝරා ගැනීම මෙන්ම අදාළ ස්‌ථානයේ මදක්‌ ගැඹුරු වළක්‌ කපා රැයක්‌ එළි වන විට එම වළ ජලයෙන් පිරී ඇත්දැයි බලා එසේ ජලය පිරී ඇති ජල පෝෂක ස්‌ථානයක්‌ නම් එම ස්‌ථානය දාගැබක්‌ තැනීමට නුසුදුසු ලෙස මගහරී. එසේ නිසි ස්‌ථානයක්‌ තෝරා ගෙන පාදම ආරම්භ කරනුයේ මවු පාෂාණය හෙවත් Bed rock එකේ සිටය. එසේ පිහිටි පොළොව තෙක්‌ සාරා පිහිටි පොළොව මතුපිට කහට සහිත ශාකසාර හා ශාක මැලියම් භාවිත කර ශක්‌තිමත් කොන්ක්‍රීට්‌ ස්‌ථර ශක්‌තිමත් පාදම් ඉදිකර ඇත. පසුව තුන්මහල් පේසාවන් නිර්මාණය කිරීම සිදු කර ඇත. මෙහිද විස්‌මිත තාක්‌ෂණයකි. දාගැබ දරණ බර අධික හෙයින් ඒ බර Rජුවම භූමියට දැරීමට ඉඩ නොදී මෙම පේසා වළලු ඉදිකර ඇත්තේ පිටතට නෙරා ඇති වක්‍රාකාර
පෘෂ්ටයන් සහිතවය. එමගින් Rජුවම බර භූගත වීම වැලැක්‌වීමේ තාක්‌ෂණයක්‌ද එහි ගැබ් වී තිබිණි. පේසාවන්ට පසුව ගර්භය දක්‌නට ලැබේ. ගර්භය යන්න මව් කුස යන ගෞරවාන්විත අර්ථය ගන්නා බව පිළිගැනේ. මෙහි කොටු 25 කින් යුත් ගර්භ ගලෙහි එක්‌ එක්‌ කොටු විශ්ව ශක්‌තීන් හා සබැඳි පාෂාණ වර්ග එනම් මැණික්‌, දියමන්ති මුතු ආදියෙන් පුරවා තැබේ. ඇතැම් දාගැබ් ගර්භ පස්‌ පුරවා සකසා ඇති අතර ඇතැම් ගර්භ පඩිපෙලක ආකාරයේ ගඩොල් නිර්මාණයකින් යුක්‌තය. එය ගෝලාකාර හැඩයට පසුව නිර්මාණය කළ විට එම ගඩොල් පඩිපෙල් නොපෙනුනද ඡේතවන දාගැබ කැණීම මගින් එවැනි පඩිපෙල් ආකාරට ප්‍රථමයෙන් ගර්භය නිමවා පසුව එය පිරවුම් යොදා ගෝලාකාර කර ඇති බව දක්‌නට ලැබිණි. එවැනි උපක්‍රම මගින් ගර්භයේ ශක්‌තිමත් භාවය පීඩන දරා ගැනීමේ හැකියාව වර්ධනය කිරීමට සමත් වී ඇත. ගර්භයට ඉහළින් පවත්න්නේ හතරැස්‌ කොටුවයි. මුල් අවධියේදී ගල් පුවරු හතරකින් වටකොට ඒ මතට ගල් පුවරුවක්‌ තබා මෙය නිර්මාණය කර ඇත. මෙහි සැඟවී ඇති තාක්‌ෂණය වශයෙන් මෙම දේවතා කොටුවේ ඝණකාකාරයේ මතුපිට පළල් දාර නිර්මාණය මගින් පහළට ගලා හැලෙන ජල ධාරාවන් ඇති කිරීම මගින් ජලය ඇතුළට ගලා ඒම වැළැක්‌වීම හා පිරිසිදු වාතය ගර්භය තුළට ලබා දීමට බලාපොරොත්තු වූ බව පෙනේ. එය ගල් ලෙන්වල කටාර මගින් සිදුකෙරෙන කාර්යයට සමානය. දාගැබේ හැඩය අනුව සලපතල මළුව රත්වීම හේතුවෙන් ඇතිවන සන්නයන ධාරා මගින් ඉහළට එසවෙන වාතය මගින් මෙම කොටස අවට රික්‌තයක්‌ ඇති වීමෙන් වාතය දාගැබ දෙසට වේගයෙන් ඇදී ඒම නිසා දාගැබ අවට සෞම්‍යය දේශගුණික තත්ත්වයක්‌ ඇති කර බැතිමතුන් වෙත සිසිලසක්‌ අත්විඳිය හැකි පරිසරයක්‌ එහි නිර්මාණය කිරීම මෙහි අරමුණ වී ඇත.

 දේවතාකොටුව දාර සහිත කලාත්මක වටකුරු ඝණකයක හැඩය ගන්නා අතර එය විශාල පාදමකට සමාන වනුයේ කොත් කැරැල්ල දරා සිටීමට හැකිවන ආකාරයේ ශක්‌තිමත් පෘෂ්ටයක්‌ ලෙස එයට ක්‍රියා කිරීමට සිදු වීම හේතුවෙනි. කොත් කැරැල්ල පහළ සිට ඉහළට යන විට ක්‍රමයෙන් කැරලි එකින් එක කුඩා වී ඇත. මෙහි ක්‍රමානුකූල තාක්‌ෂණය අකුණු මගින් දාගැබට වන හානිය නැවැත්වීම ස`දහා බලපාන බව දක්‌නට ලැබේ. විදුලිබල මණ්‌ඩලය විසින් භාවිත කරනු ලබන ස්‌වයංක්‍රීය අකුණු නවතුවක්‌ හා සමාන ලක්‌ෂණ දරන කොත් කැරැල්ල බැලූ බැල්මට බාහිර ස්‌වරූපයෙන්ද අකුණු නවතුවට සමාන බවක්‌ දක්‌නට ලැබේ. කොතට පහළින් කැරලි ආකාරයට මතුපිට පෘෂ්ටය නිර්මාණය කිරීම මගින් අධි වෝල්ටීය දහරාවන් ගමන් කරන මාර්ගයේ දුර වැඩි කිරීම අරමුණ බව පෙනේ. දාගැබක කොත නිරන්තරයෙන් ආරෝපණ ඒකරාශී වන ආරෝපණ ආකර්ෂණය කර ගන්නා උල් වූ ස්‌වභාවයෙන් යුක්‌තයි. මෙහිදී අකුණු මගින් දාගැබට වන හානිය වළක්‌වා ගැනීම ස`දහා උක්‌ත ස`දහන් කොත් කැරැල්ල හා ඒකාබද්ධ තාක්‌ෂණයක්‌ පවතී. දඹ වැනි ලී යොදා සකසන ලද කොත් හේතුවෙන් අකුණු සන්නායක ගුණය අඩු වැඩි කර ගැනීමේ තාක්‌ෂණයක්‌ ද අප සතුව පැවති බව හෙළි වී ඇත. බොහෝ ස්‌ථූපයන් සතු වන යූපය ජානක ඇඔqල්දෙණිය මහතාගේ මතයට අනුව අකුණු මගින් ඇතිවන අධිවෝල්ටීය ධාරාවෙන් විශාල කොටසක්‌ භූගත කිරීම ස`දහා උපකාරීවේ.

 මේ අයුරින් දාගැබ් තැනීමේ ඓතිහාසික තාක්‌ෂණික පසුබිම ඉතා සරල අයුරින් කෙටි සටහනක්‌ ඇසුරින් දැක්‌වීමට සිදු වේ. ග්‍රන්ථයන් නිර්මාණය කිරීමට සමත් වූ එම තාක්‌ෂණය ලිපියකට කැටිකර දැක්‌වීම අපහසුය. ථූපවංශය මහාවංශය මෙන්ම වර්තමාන ද්වීතීක මුලාශ්‍ර වශයෙන් පෞරාණික චෛත්‍යය හා එහි විද්‍යාත්මක පසුබිම වැනි ග්‍රන්ථ මගින් මේ පිළිඳව වැඩිදුර කරුණු අධ්‍යනය කළ හැකිය. බෞද්ධයන්ගේ ගෞරවාදරයට පත් වූ භක්‌තිය උපදවන දාගැබ් දෙස විද්‍යාත්මක ඇසින් බැලීම මගින් එහි පවතින ඓතිහාසික වටිනාකම තවදුරටත් ඔප් නැංවෙනු ඇත. මෙවන් වටිනා ඓතිහාසික නිර්මාණයන් සතු වීම පිළිබ`දව ජාතියක්‌ වශයෙන් අප ආඩම්බර විය යුතුය.
කේ. එච්. වත්සලා රාජසිංහ
 පුරාවිද්‍යා අධ්‍යයන අංශය
 පේරාදෙණිය විශ්වවිද්‍යාලය
divaina
================================================
උපුටා ගැනීම් සහිතයි ....!!! 
දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Wednesday, April 8, 2020

ප්‍රාග් ඓතිහාසික පර්යේෂණවලින් හෙළි වන ශ්‍රී ලංකාවේ මානව ඉතිහාසය...(sri lanka we manawa ithihasaya අබිරහස් අඩවිය - Abirahas Adawiya - ශාස්ත්‍රීය ළිපි)

වසර ලක්‍ෂ ගණනක්‌ ඈතට දිවයන ඉතිහාසයක්‌ ශ්‍රී ලංකාව සතුය. වංසකතා හා ඉතිහාස ග්‍රන්ථවල දැක්‌වෙන්නේ සිංහලයන් විජය කුමරුගෙන් පැවත එන බවත් විජයාගමනයට ප්‍රථම යක්‍ෂ, නාග ආදී ගෝත්‍රිකයන් මෙරට වාසය කළ බව මහාවංසය පෙන්වා දෙයි. එමෙන් ම මෙම ගෝත්‍රිකයන් ශ්‍රී ලංකාව පුරාම විසිරී ජීවත් වූවන් බවත් සඳහන් වේ. විජය පැමිණීමට පෙර යුගය පිළිබඳව ලිත ඉතිහාසයෙහි සාකච්ඡා කෙරී ඇත්තේ අල්ප වශයෙන් වුවත්, දැනට සිදුකෙරී ඇති පුරාවිද්‍යා පර්යේෂණ අනුව එම ඉතිහාසය වසර ලක්‍ෂ ගණනක්‌ එපිටට ගෙන යාමට හැකි වී ඇත. මෙම ලිපියෙහි අරමුණ වන්නේ ඉතිහාසයෙහි නොකියවෙන එම කාල පරිච්ඡේදය පිළිබඳව සාකච්ඡා කිරීමයි.

 ශ්‍රී ලංකාවේ මුල්කාලීන ප්‍රාග් ඓතිහාසික පර්යේෂණ දෙස බලන විට ඒවායේ න්‍යායාත්මක පදනමක්‌ නොවුණි. නමුත් එම පර්යේෂණ තුළින් ශ්‍රී ලංකාවේ මානව ඉතිහාසය පිළිබඳව ලබා ගත හැකි තොරතුරු බොහෝය.
 ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික පර්යේෂණ සඳහා දීර්ඝ ඉතිහාසයක්‌ ඇත. 1855 දී ඡේ. පෝල් සහ ඊ. ඊ. ග්‍රීන් යන දෙදෙනා ශ්‍රී ලංකාවේ තෙත් කලාපය හා වියළි කලාපය ආශ්‍රිතව කරන ලද පර්යේෂණවලින් සොයාගත් තිරුවාන, කහඳ මෙවලම් තුළින් නූතන මානවයාගේ ආදී මුතුන් මිත්තන් පිළිබඳ තොරතුරු මුල්වරට අනාවරණය කළේය. ඉන් පසුව බඹරබොටුව බෙලිගල්ගේ පාර්සන් විසින් ද, බෙලිහුල්ඔයට නුදුරු කඳුගැටයක්‌ ගාර්ඩිනර් විසින් ද, මාතර දිස්‌ත්‍රික්‌කයේ ඌරුමුත්තු ගුහාව එෆ්. ලුවිස්‌ විසින් ද ගවේෂණය කරන ලදී.

 මොවුන්ගේ පර්යේෂණවලින් සොයාගත් සාදක අනුවද ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික මානවයා සහ ඔහු විසින් භාවිතයට ගන්නා ලද ශිලා මෙවලම් ආදිය පිළිබඳව තොරතුරු රැසක්‌ සොයා ගැනීමට හැකිවිය. මේ තුළින් හෙළිවන තොරතුරුවලට අනුව ශ්‍රී ලංකාවේ ඉතිහාසය වංසකතාවලින් දක්‌වන ඉතිහාසයට වඩා ඈත යුගයකට ගෙන යැමට සමත් විය.

 මෙම පර්යේෂණවලින් හඳුනාගත් ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික මානවයා වාර්තමාන වැදි ජනතාවගේ පූර්වජයන් විය හැකිය යන මතවාදයක්‌ ද මේ ඔස්‌සේ පැන නැ`ගුණි. ඒ අනුව 1909 දී ශ්‍රීමත් හෙන්රි පාකර් විසින් මහාවංසය හා දීපවංසය මූලික කරගෙන වැදි ජනතාව හා ප්‍රාග් මානවයා අතර ඇති සබඳතාව පිළිබඳව පර්යේෂණ සිදු කළේය. ඔහුගේ මෙම පර්යේෂණ දානිගල, නිල්ගල, බිබිල, බණ්‌ඩාරවෙල, බුත්තල, ඔක්‌කම්පිටිය, තෙලුල්ල, ගල්ගේ ආදී ප්‍රදේශ ආශ්‍රිතව සිදු කරන ලද අතර වැදි ජනතාවගේ සිරිත් විරිත් අනුව ඔවුන්ගේ පූර්වජයින් වෙනත් විදේශීය රටකින් මෙරටට පැමිණෙන්නට ඇතැයි ඔහු අනුමාන කළේය. එමෙන් ම, ඔහු මහාවංසයේ හා දීපවසංයේ දැක්‌වෙන යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ ව්‍යාප්ති රටාව පිළිබඳව ද අධ්‍යයනය කළේය.

 සැරසින් සොහොයුරන් හා සෙලිග්මාන් යුවල (සී.ජී. සෙලිග්මාන් සහ බී.ඉසෙඩ්. සෙලිග්මාන්) ද ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික මානවයා තුළින් හෙළිවන වැදි ජනතාව පිළිබඳව 1891 සිටම පර්යේෂණ පවත්වා ඇත. පහතරට වියළි කලාපයේ පිහිටි ගල් ලෙන් කිහිපයක්‌ කැණීමෙන් ලැබුණු සාදක තුළින් ඔවුන් වැද්දන්ගේ අතීතය සෙවීමට උනන්දු වූහ. 1907 දී නැවත වරක්‌ දකුණු පළාතේ තෙලුල්ල අසල ලෙනක්‌, බුත්තල, ඔක්‌කම්පිටිය, ගල්ගේ, යකුන්නේ හෙල, බෙල්ලව බොක්‌ක, මනිගහ ආර, ගොන්ගිනේ ආදී ස්‌ථානවල කරන ලද කැණීම් මගින් ප්‍රාග් ඓතිහාසික ශිලා මෙවලම් රැසක්‌ සොයා ගන්නා ලදී. නිල්ගල ලෙන කැණීමෙන් මානව හිස්‌කබලක්‌ හා සුනඛයෙකුගේ හෝ හිවලෙකුගේ යෑයි අනුමාන කළ හැකි අවශේෂයන් සොයා ගත හැකි විය.

 1908 දී සෙලිග්මාන් යුවළ හේනබැද්දට නුදුරු බැඳියගල්ගේ සහ ඇඹිලිත්තට නුදුරු මුල්ලේගමින් ප්‍රාග් ඓතිහාසික සාදක සොයා ගන්නා ලද අතර ඒ ඇසුරින් වැදි ජනතාව පිළිබඳ ඓතිහාසික, ප්‍රාග් ඓතිහාසික, පුරාවිද්‍යාත්මක, සමාජ විද්‍යාත්මක පර්යේෂණයක්‌ සිදු කරන ලදී. 1911 දී පළ කරන ලද “The Vaddas” කෘතිය මෙම පර්යේෂණවල ප්‍රතිඵලයකි. 1924 දී සැරසින් සොහොයුරන් පුත්තලම සිට කලාඔය දක්‌වා වන රතුවැලි නිධි පරීක්‍ෂා කිරීමෙන් වැදි ජනතාව මෙරට ප්‍රාග් මානවයාගේ ප්‍රතිඵලයක්‌ බවත්, වැදි ජනතාවගේ නූතන වාසස්‌ථාන ප්‍රාග් මානවයා භාවිත කළ ස්‌ථාන බවත් පෙන්වා දුනි. මෙම පර්යේෂණ වඩා විශ්වසනීය, විද්‍යාත්මක ස්‌වරූපයකින් යුක්‌ත නොවූවත්, ප්‍රාග් මානවයා හා වැදි ජනතාව අතර සබඳතාව පෙන්වා දෙමින් ශ්‍රී ලංකා ඉතිහාසය තුළ මානව ප්‍රගමනය සිදුවූ ආකාරය පෙන්වා දීමට පර්යේෂකයින් උත්සාහ කොට ඇත.

 1913 දී චාර්ල්ස්‌ හාර්ට්‌ලි විසින් වැලිමඩ ප්‍රදේශයේ “Chirch hill” සහ තවත් කඳුකර තෙත් ප්‍රදේශ ද, පහතරට තෙත් කලාපයේ ප්‍රදේශ කිහිපයක්‌ ද පර්යේෂණ කිරීමෙන් ශිලා මෙවලම් රැසක්‌ සොයා ගන්නා ලදී. ඉන්පසුව ඒ. එම්. හෝකාර්ට්‌, සෙනරත් පරණවිතාන, ඩරීලිව්.එම්. බිඩෙල්, ජෝන් ස්‌ටිල්, ඊ.ඡේ. වේලන්ඩ්, ඊ. සී. වෝර්මන්, නූන් සොයුරන් ආදී වූ පුද්ගලයන් කිහිප දෙනෙක්‌ම ප්‍රාග් ඓතිහාසික පර්යේෂණවල නියුතු වූ අතර ලංකාවේ විවිධ ප්‍රදේශවලින් තිරුවානා, කහඳ මෙවලම් සොයා ගැනුණි.

 මෙම පර්යේෂණ තුළින් සිදු වූයේ ප්‍රාග් ඓතිහාසික යුගය තුළ විසූ මානවයා සහ ඔහු භාවිතකළ ශිලා මෙවලම් පිළිබඳව පමණක්‌ පර්යේෂණ සිදු කිරීමයි.

 1930 සිට ඉදිරි වර්ෂ තුළ පී.ඊ.පී. දැරණියගල මහතා විසින් ප්‍රාග් ඓතිහාසික පර්යේෂණ තුළින් ලංකා ඉතිහාසය ගොඩනැ`ගීමට විශාල මෙහෙයක්‌ ඉටු කරන ලදී. ඔහුගේ පර්යේෂණවලින් මානවයා සහ ඔහු භාවිතා කළ ශිලා මෙවලම් ආදිය පිළිබඳව පමණක්‌ නොව ඔහු අයත් පරිසරයත්, සතුන් හා ශාක පිළිබඳවත් තොරතුරු ඉදිරිපත් කෙරිණි. විවෘත ප්‍රදේශ, ලෙන්, වෙරළබඩ ප්‍රදේශ, කඳුකර ප්‍රදේශ ආදී වශයෙන් නොයෙකුත් ස්‌ථානවල මොහුගේ පර්යේෂණ පුළුල්ව සිදු කෙරිණි. මේ අතුරින් බෙල්ලන්බැඳිපැලැස්‌ස පර්යේෂණ සුවිශේෂී වේ. මෙහි හමු වූ මානව ශේෂ තුළින් කේ. ඒ. ආර්. කෙනඩි වැදි ජනයා හා බලංගොඩ මානවයා අතර ජීවවිද්‍යාත්මක පසුබිම පිළිබඳව පර්යේෂණ සිදු කරන ලදී. මෙම පර්යේෂණවලින් අදින් වසර 48,000 කට පෙර විසූ ශ්‍රී ලංකාවේ ආදි මානවයා පිළිබඳව හඳුනා ගන්නා ලදී.

 රත්නපුර ප්‍රදේශය ආශ්‍රිතව සිදු කරන ලද පර්යේෂණවලින් අදින් වසර 125,000 කට පෙර විසූ සත්ත්වයින්, එම කාලයේ පරිසරය, දේශගුණ වෙනස්‌වීම්, ශාක හා සතුන් එම තත්ත්වයන්ට අනුවර්තනය වූ ආකාරය පිළිබඳව හඳුනා ගන්නා ලදී.

 1969 සිට ඉදිරි කාලය තුළ එස්‌.යූ. දැරණියගල ප්‍රාග් ඉතිහාසය හා මූල ඉතිහාසය පිළිබඳව පර්යේෂණ සිදු කළේය. එම පර්යේෂණ තුළින් එකල සමාජය, පරිසර රටාව, දේශගුණය, මෙවලම් තාක්‍ෂණය ආදිය පිළිබඳව වැදගත් තොරතුරු රැසක්‌ අනාවරණය වුණි.

 1988 දී සමනල වැව ආශ්‍රිතව කරන ලද පර්යේෂණවලින් ප්‍රාග් මානව ජනාවාස රටාව, ඔවුන්ගේ දෛනික ජීවන රටාව හඳුනා ගැනීම සිදු කෙරිණි. 1990-1991 කාලයේ අන්තර් වියළි කලාපයේ සීගිරිය-දඹුල්ල ආශ්‍රිතව කරන ලද පර්යේෂණවලින් හමු වූ ප්‍රාග් ඓතිහාසික සාදක පදනම් කරගෙන ප්‍රාග් ඓතිහාසික යුගයේ පටන් මෙම ප්‍රදේශවල වැදි ජනතාව ජීවත්ව සිටින්නට ඇති බව සේනක බණ්‌ඩාරනායක මහතා සඳහන් කරයි.

 රාඡ් සෝමදේව මහතා විසින් ශ්‍රී ලංකාවේ දකුණු පළාත ආශ්‍රිතව සිදු කරගෙන යනු ලබන පර්යේෂණ මාලාවක්‌ මගින් දකුණු පළාත ආශ්‍රිතව මානව ජනාවාසකරණය, ජනාවාස රටාව, ඒ සඳහා බලපාන ලද සාදක පිළිබඳව පුළුල් පර්යේෂණ සිදු වී ඇත.

 ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ තෙත් කලාපයට අයත් හෝර්ටන් තැන්න පසුබිම් කරගෙන ටී.ආර්. ප්‍රේමතිලක මහතා විසින් සිදු කළ අධ්‍යයනයන් මගින් අදින් වසර 25,000 ට ආසන්න කාලයකට ලංකා ඉතිහාසය ගෙන යැමට සමත් වී ඇත. අදින් වසර 17,500 ට පමණ පෙර කාලයේ ලාංකේය ජනතාව ප්‍රාග් මූලික කෘෂිකර්මාන්තයට අවතීර්ණ වූ බවට සාදක ලැබුණි. එය ලංකා ඉතිහාසය නව මඟකට යොමු කළ පර්යේෂණයක්‌ විය. ශ්‍රී ලංකාවේ ඉතිහාසය සම්බන්ධව මෙතෙක්‌ සිදු කෙරී තිබූ පර්යේෂණවලට අනුව ලංකාවේ නවශිලා යුගයක්‌ පිළිබඳ සාදක හමු වී නොතිබුණි. හෝර්ටන් තැන්නේ පර්යේෂණවලින් දඩයම් යුගයේ සිට කෘෂිකර්මාන්තයට අවතීර්ණ වීමේ දී පසුකළ අවධීන් (නව ශිලා යුගය තුළ) හඳුනාගත හැකිය.

 මේ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික පර්යේෂණ තුළින් වංසකතාවලින් දැක්‌වෙන ඉතිහාසයට වඩා දිගු මානව ඉතිහාසයක්‌ ලාංකිකයන්ට ඇති බව හඳුනා ගැනීමට හැකිය. ප්‍රාග් ඉතිහාසය තුළ

 1. පුරා ශිලා යුගය (Palaeolithic)

 2. මධ්‍යශිලා යුගය (Mesolithic)

 3. නවශිලා යුගය (Neolithic)

 යන යුග ත්‍රිත්වය පිළිබඳවම සාදක ලැබෙන අතර වසර ලක්‍ෂ ගණනක අතීතයේ සිට අද දක්‌වා අඛණ්‌ඩව සිදු වූ ශ්‍රී ලාංකේය මානව වංස කතාවේ අනුපිළිවෙළ ගොඩනංවයි. මෙම පර්යේෂණවලට මෑතක සිදු කරන ලද ප්‍රාග් ඓතිහාසික පර්යේෂණ ද එක්‌කල විට පහත පරිදි සාරාංශ කළ හැකි වෙයි.

 * දඩයමින් හා ආහාර එකතු කිරීම තුළින් ජීවනෝපාය සකසා ගත් ප්‍රාග් ඓතිහාසික මානවයා පිළිබඳ ඉතිහාසය

 * ඔහු අයත් පරිසරය, ශාක හා සත්ත්ව සංතතිය, ඒ සඳහා බලපාන ලද දේශගුණ තත්ත්වය පිළිබඳ ඉතිහාසය

 * අදින් වසර 48,000 දී ප්‍රාග් නූතන මානවයා (බලංගොඩ මානවයා - Homo sapiens balagodensis) ගේ ආගමනය පිළිබඳ ඉතිහාසය

 * ඔහුගේ ජනාවාස රටාව හා දෛනික ජීවන රටාව පිළිබඳ ඉතිහාසය

 * අදින් වසර 17,500 කට පමණ පෙර තණබිම් ආශ්‍රිතව සිදු වූ එෙŒර කටයුතු (සත්ත්ව පාලනය) පිළිබඳ ඉතිහාසය

 * වනාන්තර එළි පෙහෙළි කිරීම හා ගිනි තැබීම (Slash and burn) මගින් සිදු කෙරුණු ප්‍රාග් මූලික කෘෂිකර්මය පිළිබඳ ඉතිහාසය

 * අදින් වසර 13,000 පමණ පෙර මූලික කෘෂිකර්මාන්තයට එළැඹීම (නව ශිලා යුග විප්ලවය) පිළිබඳ ඉතිහාසය

 - මිනිසා වනචාරී දිවියෙන් මිදී ශිෂ්ටාචාරවත් ජීවිතයකට එළඹීම පිළිබඳ ඉතිහාසය

 - යෑපුම් සභ්‍යත්වයකට අවතීර්ණ වීම පිළිබඳ ඉතිහාසය

 - ජනාවාසකරණය හා සංස්‌කෘතික විවිධත්වය පිළිබඳ ඉතිහාසය

 අඛණ්‌ඩව ගොඩනැ`ගීමට හැකියාව අපට ලැබෙයි.

 මූලාශ්‍ර

 බටුවන්තුඩාවේ, ඩී. ඒ. ද සිල්වා සහ හික්‌කඩුවේ නායක ස්‌වාමීන් වහන්සේ, 2003, මහා වංසය,

 ප්‍රථම භාගය, දීපාණි ප්‍රකාශන (පුද්ගලික) ආයතනය

 Bandaranayake, S.1994, “Approaches to the settlement Archaeology of the Sigiriya Dambulla

 Region”, In the Further Studies in the Settlement Archaeology of the Sigiriya Dambulla

 Region (eds) Senaka Bandaranayake and Mats Mogren, postgraduate institute of Archaeology,Colombo. 15-38 pp

 Deraniyagala, P.E.P. 1958, The Plestocene of Ceylon, Ceylon National Museum, Colombo, 164 pp, 58 pls, 40 text figs.

 Deraniyagala, S.U., 1980, “Prehistoric Research in Sri Lanka 1885-1980” In P.E.P. Deraniyagala Commemoration Volume (eds.) T.L.Premathilaka and R. Silva, Colombo Lake House Investments, 152-207 pp, 11Figs

 Deraniyagala. S.U., 1992, The Prehistory of Sri Lanka an Ecological Perspective Sri Lanka, Part I

 and Part II, Department of Archaeological Survey, Colombo.

 Hartley, C., 1914, “On the Occurrence of Pigmy Implements” in Ceylon in Spolia Zeylanica, Vol:10 (36), 54-56 pp

 Kennedy, K.A.R. and Deraniyagala, S.U., 1989, “Fossil Remains of 28,000 - year - old Hominids

 from Sri Lanka”, in Current Anthropology, Volume 30, No:3, Cornell University Ithaca, U.S.A./Archaeological Survey Department, Sri Lanka, 394-399 pp

 Premathilaka T.R. and Risberg, J., 2003, “Late Quaternary Climate History of the Horton Plains,

 Central Sri Lanka”, In Quaternary Science Review 22, 1525-1541 pp

 Seligmann, C.A. and Seligmann, B.Z., 1911. The Vaddas, Cambridge University Press, UK.

 Somadeva, R., 2006, Urban Origins in Southern Sri Lanka, Uppsala University, Sweeden.

divaina
ජයනි කුමාරි ප්‍රනාන්දු
 පුරාවිද්‍යා නිලධාරී,
 මධ්‍යම සංස්‌කෘතික අරමුදල
 hjayanikumari2@gmail.com
================================================
උපුටා ගැනීම් සහිතයි ....!!! 
දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Thursday, April 2, 2020

වසර 16,000කට උරු­ම­කම් කියන කූර­ගල ප්‍රාග් ඓති­හා­සික භූමිය....(kuragala prag aithihasika natabun අබිරහස් අඩවිය - Abirahas Adawiya - ශාස්ත්‍රීය ළිපි)

ප්ලයි­ටෝ­සීන යුගයේ අව­සා­නයේ සිටම මානව ජනා­වා­ස­යක් වූ කූර­ගල මුහුදු මට්ටමේ සිට මීටර් 360 ක උස­කින් පිහිටා ඇති අතර රත්න­පුර දිස්ත්‍රි­ක්කයේ බලං­ගොඩ ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­ශයේ, කඩ­වත් මැද කෝරළේ, හෙළ උඩ පත්තු­වට අයත් වේ. පැරණි පිය­ගැට පෙළ ඔස්සේ ගමන් කිරීමේ දී වම් පසින් පූර්ව බ්‍රහ්මී අක්ෂර සහිත ප්‍රධාන ලෙන් සංකී­ර්ණය පිහිටා ඇති අතර දකුණු පසින් හිටු­ව­න්ගල ගල් ගුහා පිහිටා තිබේ. පොදුවේ කූර­ගල යනු­වෙන් මෙම ස්ථාන හැඳ­න්වූ­වත් මෙහි පර්වත ශිඛර දෙකකි. එය කූර­ගල හා හිටු­ව­න්ගල යි.

කූර­ගල ගල් ලෙන් ප්‍රාග් මානව යුගය දක්වා අතීත ඉති­හා­ස­යක් කරා දිව­ය­න්නකි. කූර­ග­ලට ආසන්න ප්‍රාග් ඉති­හා­ස­යට අයත් ස්ථාන ලෙස උඩු­පි­යන් ගල්ගේ, වලව නිම්නයේ රත්කිඳ සහ බුදු­ගල දැක්විය හැකි ය. ආචාර්ය පී.ඊ.පී. දැර­ණි­ය­ගල හා ආචාර්ය ශිරාන් දැර­ණි­ය­ග­ලට අනුව බෙල්ල­න්බැඳි පැලැ­ස්සෙන් සොයා ගත් මානව අව­ශේෂ හා මෙව­ලම් අදින් වසර 6500 කට අයත් බවට කාල නිර්ණය කර ඇත. එමෙන් ම කූර­ග­ලට තර­මක් ඈතින් පිහි­ටිය ද බළං­ගොඩ මාන­වයා විසූ ස්ථාන ලෙස රාවණ ඇල්ල ගල්ගේ, හල්දු­ම්මුල්ල, රංච­ම­ඩම සහ ගල්පාය දැක්විය හැකි ය.

බළන්­ගොඩ මාන­ව­යාගේ නිජ­බිම් වශ­යෙන් මධ්‍යම කඳු­ක­රයේ ගල් ලෙන් භාවිතා කොට ඇත. කූර­ගල ඇතුළු නැගෙ­න­හිර බෑවුමේ ඇති බුදු­ගල, පබ්බත, සොණ­ගල්ගේ, කිරි­ම­කු­ළු­ගොල්ල ලෙන්, පිය­න්ගි­රිය ලෙන, මනෝ­ප­ද­ස්සන ලෙන, ලෙන් දොර ලෙන, මනෝ­රම්‍ය ලෙන, දේව­ගිරි විහාර ලෙන ආදි වශ­යෙන් බොහෝ ස්ථාන­යන් බළං­ගොඩ මාන­ව­යාගේ වාස­ස්ථාන ලෙස භාවිතා වූ බව සඳ­හන් වේ. එමෙන්ම බළන්­ගොඩ මාන­වයා පිළි­බඳ තොර­තුරු රැසක් ඉහත ප්‍රදේශ වලින් සොයා ගැනී­මට හැකි වූ බැවින් බළන්­ගොඩ සංස්කෘ­තික සමය “හෝමෝ සේපි­යින්ස් බළන්­ගො­ඩිං­සිස්” යනු­වෙන් නම් කිරී­මට මෙම මානව අව­ශේෂ ඉව­හල් විය. කූර­ගල පර්ව­තය පාමුල ඇති බුදු­ගල ප්‍රාග් මාන­වයා විසූ ස්ථාන­යක් ලෙස එහි ගලේ කොටා ඇති මාළුවා, ත්‍රිශූ­ලය, ස්වස්ති­කය, සිංහ රූපය හා මිනිස් රූප දෙකින් ගම්‍ය වේ.

කූර­ගල සෙල් ලිපි පළමු වරට පිට­පත් කිරීමේ ගෞර­වය හිමි විය යුත්තේ සී. එච්. කොලින්ස් මහ­තාට ය.


කූර­ගල ලෙනෙහි කරන ලද කැණීම්
1932 දී සී.එච්. කොලින්ස් කූර­ගල ගැන තැබූ සට­හන මෙසේ ය.

“මෙයට ළඟා­විය හැක්කේ බළන්ගොඩ- කල්තොට මාර්ගයේ කන්ද කල්තොට දක්වා බෑවුම් වීමට මත්තෙන් ඒ හරහා වැටී ඇති අඩි පාර­කිනි. උස් කඳු මුඳුන් දෙකක් සහ ඒ අතර ඇති ප්‍රපා­තා­කාර කපොල්ල ප්‍රදේ­ශය පුරා­වි­ද්‍යා­ත්මක වශ­යෙන් වැද­ගත්ය. කල්තො­ටට ආසන්න පළමු කොටසේ ගුහා බොහෝ­ම­යක් ඇති අතර එහි දී ශිලා ලේඛන දෙකක් නිරී­ක්ෂ­ණය කෙරුණි. හිටු­ව­න්ගල නමින් හඳු­න්වන උස් කඳු මුදුනේ අනෙක් සාධක දැක ගත හැකි ය” යනු­වෙනි.

බළන්ගොඩ, කූර­ගල පුරා­විද්‍යා රක්ෂි­තයේ 2013 වස­රේදී පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව විසින් ගල්ලෙන් ආශ්‍රි­තව කළ කැණීම් මගින් ප්‍රාග් ඓත­හා­සික වාස­ස්ථා­න­යක් ලෙස භාවිතා කර­න්නට ඇති බවට සාධක ලැබිණි. අදින් වසර 16000කට පෙර කාල­යට අයත් බව කැණිම් වළෙහි පහ­ළම ස්තාරා­ය­න­යෙන් කළ වික­ර්ණ­ශීලි දිනවලින් ගණ­නය කර ඇත. එහිදී සොයා ගන්නට ලැබුණු මානව ඇට­සැ­කිල්ල අදින් වසර 8000ක් පැරණි බවට දින නිර්ණය කර ඇත.

2013 වසරේ අප්‍රේල් මස සිට දෙසැ­ම්බර් දක්වා පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව විසින් සිදු­ක­රන ලද කැණීම්හි කාල නිර්ණ වාර්තා ඇම­රිකා එක්සත් ජන­ප­දයේ බීටා ඇන­ල­යි­සීස් ආය­ත­නය විසින් කූර­ගල ප්‍රාග් ඓති­හා­සික පස් තැන්පතු සඳහා ලබා­දුන් කාල­නි­ර්ණ­යන් අනුව අදින් වසර 16000 සිට 6000 දක්වා අවධි 5 කට අයත් බව පැවසේ. ශ්‍රී ලංකාව තුළ අතර මැදි කලා­ප­යක සිදු කරන ලද කැණීම් වලින් මෙත­රම් පැරණි සාධක අනා­ව­ර­ණය වන ස්ථානය කූර­ග­ලය. එමෙන් ම මෙහි දී සිදු කරන ලද කැණීම් වලින් මුහුදු බෙල්ලන් විශේ­ෂ­යක් හමු වූ අතර ඉන් අනා­ව­ර­ණය වන්නේ මෙහි ජීවත් වූ මිනි­සුන් මුහුද සමඟ සමී­පව කට­යුතු කර ඇති බව ය. එමෙන් ම මෙහිදි සොයා ගත් ඉතා පිරි­සිදු තිරි­වාණා පාෂා­ණ­යෙන් සෑදු ශිලා මෙව­ලම් සුවි­ශේෂි වේ.

ගල් ලෙන් ආශ්‍ර­ම­යක් ලෙස පැවති කූර­ගල, අනු­රා­ධ­පුර යුගයේ සිට ම පැවති බෞද්ධ පුද බිමකි. මීට ආසන්න ව පිහිටි අනෙක් බෞද්ධ කේන්ද්‍ර­ස්ථාන ලෙස ගල්ටැ­ම්යාය, බුදු­ගල, හඳ­ගි­රිය, දේව­ගි­රිය, කොට්ටි­මු­ල්වල, ලෙන්දොර, මහ සුද­ර්ශන ලෙන හා කිරි­ම­කු­ළු­ගොල්ල යනා­දිය දැක්විය හැකිය. ඒ අනුව කූර­ගල යනු හුද­ක­ලාව පිහිටි ආරණ්‍ය සේනා­ස­න­යක් නොවේ. පශ්චාත් අනු­රා­ධ­පුර යුගයේ දී කූර­ගල ලෙන්වල සිට භාව­නා­යෝගි භික්ෂූන් බුදු­ගල පධා­න­ඝර ආරණ්‍ය සේනා­ස­න­යට වැඩම කර වින­ය­කර්ම කට­යු­තු­වල නිරත වූ බවට සාධක සොයා­ගෙන තිබේ. අද­ටත් වාස්තු විද්‍යා­ත්මක නිර්මාණ රැසක නට­බුන් මෙම ස්ථාන­වල දැක ගත හැකි ය.

කූර­ගල ඓති­හා­සික භූමියේ ඇති ගල්ලෙන් ප්‍රාග් ඓති­හා­සික අව­ධියේ දී විසු මාන­ව­යන් තම වාස­ස්ථාන කර ගත්ත ද ක්‍රි.පූ. 3 වන සිය­ව­සත් ක්‍රි.ව. පළමු සිය­ව­සත් අතර කාල­යට අයත් බෞද්ධ සංඝා­රා­ම­යකි. එනම් කූර­ගල බෞද්ධ අන­න්‍ය­තා­වය තහ­වුරු වන ප්‍රධාන ලෙන් ලිපි තුනකි. (මහා­චාර්ය සෙන­රත් පර­ණ­වි­තා­න­ය­නගේ අර්ථ­ක­ථ­න­යට අනුව) එනම් ;

01- කූර­ගල ලෙන් ලිපි අංක 01

පෙළ - --------- දතහ සමු­දහ ලෙනෙ

අර්ථය - දත්ත (සහ) සමු­ද්‍රගේ ලෙන

02- කූර­ගල ලෙන් ලිපි අංක 02

පෙළ - දම ගුත තෙරස ලෙන

අර්ථය - ධම්ම­ගුප්ත තෙරුන්ගේ ලෙන

03- කූර­ගල ලෙන් ලිපි අංක 03

පෙළ - (පරු­මක) සුම­නහ

පරු­ම­කලු ශුමය

අර්ථය - ප්‍රධානී සුම­න­ගේත්, සුම්මා නම් ප්‍රධා­නී­ව­රි­ය­ගේත් (ලෙනයි)

මෙම ලෙන් ලිපි මුල් බ්‍රහ්මී අක්ෂර වලින් ලියා ඇති අතර (ක්‍රි.පූ. 3 ත් ක්‍රි.ව. 1 ත් අතර කාලයේ) කූර­ගල බෞද්ධ අන­න්‍ය­තා­වය අදින් වසර 3000කට පෙර අතී­ත­ය­කට දිව­යයි. පැරණි රජ දවස “තණ්ඩු ල්‍යෙයක පබ්බත” සහ “දත්ත ශෛල පබ්බත” යන නම් වලින් හැඳින්වූ අතර පසුකාලී­නව “කුහ­ර­ගල” නමින් ද එය වත්මනේ දී “කූර­ගල” නමින් ද හඳු­න්වන අනු­රා­ධ­පුර යුගයේ මුල් අව­ධියේ සිටම ඓති­හා­සික බෞද්ධ පුද­බි­මකි.

කූර­ගල ඇති ලෙන් ලිපි සිය­ල්ලම ඉතා කෙටිය. එය විශේ­ෂ­ත්ව­යකි. සාමා­න්‍ය­යෙන් බොහෝ ලෙන් ලිපි­වල “අගත අන­ගත චතු දිශ ශගශ දිනෙ” (අතීත අනා­ගත සතර දිසා­වෙන් පැමි­ණියා වූ ද නොපැ­මි­ණියා වූ ද, භික්ෂු සංඝයා වහ­න්සේ­ලාට පූජා කළ වගයි) යනු­වෙන් සඳ­හන් කර තිබුණ ද මෙහි එසේ දක්නට නොලැබේ. ඊට හේතු ලෙස මෙම ස්ථාන, ලෙන් ආරාම සකස් කිරීමේ ප්‍රාථ­මික අව­ධි­යට අයත් ස්ථාන­යක් විය හැකිය. මේ පිළි­බ­ඳව වට­ද්දර ඥානි­ස්සර නාහි­මි­යන් ප්‍රකාශ කර­නුයේ මහි­න්දා­ග­ම­න­යට පෙර, ප්‍රාග් බෞද්ධ සමයේ මෙම ගල් ලෙන් යම් යම් ප්‍රදේශ වලට අයත් අධි­ප­තීන් විසින් බුදුන් වහන්සේ උදෙසා පූජා කර­න්නට ඇති බවයි. එම හේතුව උඩ “අගත අන­ගත චතු දිශ ශගශ දිනෙ” යන වැකිය භාවිතා නොක­ර­න්නට ඇතැයි යන්න උන් වහ­න්සේගේ අද­හ­සයි.
කූර­ගල ලෙනෙහි කරන ලද කැණීම්

ශ්‍රී ලංකාවේ පැර­ණි­තම ආරණ්‍ය සේනා­සන ලෙන් වලට අයත් මිහි­න්ත­ලය, වෙස්ස­ගි­රිය, රිටි­ගල, දිඹු­ලා­ගල, සිතු­ල්ප­වුව, බුද්ධං­ගල ආදිය කූර­ගල ගල් ලෙන් ආරණ්‍ය සේනා­ස­නය හා සම කාලීන අව­ධි­වල දී සංව­ර්ධ­නය වූ බෞද්ධ සංස්කෘ­තික උරු­ම­යන් ය.

කූර­ගල පිළි­බ­ඳව රත්න­පුර දිස්ක්‍රි­ක්කයේ එකල රාජ­කාරි කළ බ්‍රිතා­නය ජාතික දිසා­ප­ති­ව­රුන් සහ සිවිල් නිල­ධා­රීන්ගේ දින­පොත්, ස්ථානීය පරී­ක්ෂණ වාර්තා­වන් මෙන් ම සංචා­රක ගමන් විස්තර සට­හන් අනුව ද තොර­තුරු ලබා­ගත හැකි ය. ඒ අනුව රත්න­පුර දිස්ත්‍රි­ක්කයේ හිටපු දිසා­ප­ති­ව­ර­යකු වන ආර්.බී. හෙලින්ස් මහතා (1906-1910) කූර­ගල අවට කළ සංචා­ර­ය­කින් පසු 1910.02.12 වන දින තබන ලද සට­හ­නක් මෙසේ දැක්විය හැකි ය.

“මට පෙනෙන හැටි­යට මෙම ස්ථානයේ මූලා­ර­ම්භයේ සිට ම වසර ගණ­නා­වක් යන තුරු ශුද්ධ වූ පූජ­නීය ස්ථාන­යක් වශ­යෙන් සහ භව­නා­යෝ­ගීව කට­යුතු කිරී­මට සුදුසු තැනක් ලෙස­ටත් ප්‍රසි­ද්ධව ඇත. එහෙත් එක් අයකු පම­ණක් දැන් මෙහි තාපස ජීවි­ත­යක් ගත කරයි. මගේ මත­කය නිව­රැදි නම් මොහු මුලින් ම වාසය කළේ දිල්ලි නග­ර­යට ආසන්න පාඨ­ලී­පුත්‍ර නග­රයේ ය.

මොහුගේ පියා එහි සිටි ශුද්ධ­වන්ත පුද්ග­ල­ය­කුගේ බිරිඳ නොමග යවා පසුව බල­හ­ත්කා­ර­ක­මින් දූෂ­ණය කරල ඇයගේ සැමියා ද මරා දමන ලද්දේ ය. අවා­ස­නා­වන්ත සිද්ධි­යෙන් ගැබ් ගත් ඇය නිසි කල පිරිමි දරු­වකු බිහි කළාය. වය­සින් වැඩුණු දරුවා මව­ගෙන් සිය පියා ගැන අසා සිටි අව­ස්ථා­වක මව සිය පුත්‍ර­යාට සිදු වූ සියල්ල ඒ පරි­ද්දෙන් ම කියා සිටියා ය.

මින් කෝප­යට පත් පුතා තම මවට අප­රා­ධ­යක් කළ මිනී­මරු පුද්ග­ලයා හෙවත් තමන්ගේ සහ­ජා­තක පියා මරා දමන බවට මව හමුවේ ශපථ කළේ ය. මේ අතර තමන් කළ අප­රා­ධය ගැන පසු­තැ­වුණ මිනී­මරු පුද්ග­ලයා පසුව සිය ජීවි­තය බේරා ගැනීම සඳහා ලංකා­වට පැමිණ සැඟ වී සිටියේ කූර­ගල ය. පළි ගැනීමේ අද­හ­සින් මොහු සොයා පැමිණි පුත්‍රයා එක් රාත්‍රි­යක දරුණු අර­ග­ල­ය­කින් පසු මිනී­ම­රුවා මරා දමන ලද්දේ ය. රාත්‍රිය පුරා ඇසුණු බිහි­සුණු ශබ්ද ගැන විම­සි­ල්ලෙන් සිටි පුද්ග­ල­යෙකු පසු දින කන්ද නැග එහි ගිය පසු දැක ගන්නට ලැබුණේ වෛර­යෙන් දැවෙ­මින් සිටින තාප­ස­යකු හා ගින්නෙන් දැවෙ­මින් පව­තින අළු ගොඩකි.

කූර­ගල පිළි­බඳ අව­සාන විග්‍ර­හයේ දී කූර­ගල සංස්කෘ­තිමය වශ­යෙන් මෙන් ම ආග­මික වශ­යෙන් ද ස්ථර දෙකක් නියෝ­ජ­නය කරයි. එනම් හොලෝ­සීන යුග­යට අයත් ප්‍රාග් ඓති­හා­සික සාධක සහ මූල ඓති­හා­සික යුග­යට අයත් බෞද්ධ සංඝයා වහ­න්සේ­ලාගේ සාධ­ක වශයෙනි.
රුක්ෂිලා වෙත්ත­මුණි
විශේෂාංග
silumina
================================================
උපුටා ගැනීම් සහිතයි ....!!! 
දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Tuesday, March 31, 2020

මා ඔයේ වතුර හංගන අබිරහස් උමං...(ma oya abirahas uman Marga අබිරහස් අඩවිය - Abirahas Adawiya - ශාස්ත්‍රීය ළිපි)

මා ඔයේ ඉවුරු දිගේ....
රස්සාව කන්දෙන් පටන් ගන්නා දිය පහර රස්සාව, බරණගල, පරගල, තිබ්බුටුපළ, කුරුපැලැල්ල, උඩහෙන්තැන්න, මොස්සින් කොළනිය, උඩුවැල්ල, ගෝනාවත්ත, ඇපලවත්ත ගම්මානයෙන් අසුපිනි ඇල්ල ලෙසින් පහත් බිමට කඩා වැටෙයි. නමුත් අසුපිනි ඇල්ල ලෙසින් කඩා හැළෙන්නට මත්තෙන් උඩහෙන්තැන්න ප්‍රදේශයේදී මෙම දිය පහරේ තවත් කොටසක් කුඩා ඔය ලෙසින් ගලා ගෙන රහල ගල වටින් ගලා ගෙන ගොස් මංකඩ ඇල්ල නමැති ස්ථානයෙන් සැලව ගම්මානය මධ්‍යයෙන් ගලා ගෙන ගොස් නැවත මා ඔයට දෙල්කිඳවත්ත යන නමින් හැඳින්වෙන හොරේවල ආසන්නයේ ඇති ප්‍රදේශයේදී මෙම කුඩා ඔය මා ඔයට එක්කාසු වෙයි.   

අරම පුරාණ විහාරස්ථානයේ චෛත්‍ය
මෙම ගංගා දෙක එක් වන ස්ථානයේ රජ කාලයේ සිට පැවත එන ඓතිහාසික මැදිලිය රජ මහ විහාරයේ පෙරහර අවසන් කිරීමෙන් පසුව දිය කැපීමේ චාරිත්‍ර කටයුතු අදටත් සිදු කරන අතර ඒ ආශ්‍රිතව පවතින ජන කථා මෙන්ම රසවත් කථාවන්ද බොහොමයකි. ඒ දක්වා මේ ගංගා පසු කරද්දී තවත් ගම් දනව් පසුකරමින් මෙම දිය කඳ ඇදී යන අතර ඒ සම්බන්ධයෙන් පසුගිය දිනක අපි මා ඔය ඉවුර දිගේ ලිපි පෙළ වෙනුවෙන් තොරතුරු එක් රැස් කරද්දි මේ සම්බන්ධයෙන් හසල දැනුමක් මෙන්ම ගවේෂකයෙකු ලෙස ඓතිහාසික වටිනාකමක් ඇති ග්‍රන්ථ ලියා පළ කර ඇති නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකු වන ශාස්ත්‍රපති ජී. ආර්. ගුණරත්න මහතාගෙන්ද තොරතුරු රැසක් ලිපිය වෙනුවෙන් සම්පිණ්ඩනය කර ගැනීමට එතුමා සමග හෝරා කිහිපයක සාකච්ජාවක නිරත වීමේ දී හැකි විය. එහිදී එතුමාගෙන් අපට තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකි වූ අතර ගුණවර්ධන මහතා අසුපිනි ඇල්ල “සර්පයා වැනි ඇල්ල” යන නමින් ද හඳුන්වන බව කීය. 
සර්පයා වැනි ඇල්ල කියලා එතුමා අසුපිනි ඇල්ලට කියන්නේ “නයෙකුගේ පෙනේ වාගේ ” අසුපිනි ඇල්ලේ උඩ කොටසේ හැඩය පිහිටා ඇති නිසාවෙනි. එමෙන්ම එහි පහත කොටස නාගයාගේ කඳ කොටස මෙනි. ඒ නිසා මේකට සර්පයා වැනි ඇල්ල කියලා කියන කාරණය වේලාවකට ගැළපෙනවා කියා අපට සිතුණි. 

ගුණවර්ධන මහතා හඬ අවදි කළේය. 
අරම පුරාණ විහාරස්ථානයේ ඇති
පැරණි බෝ ගස සහ
ඈතින් පෙනෙන අසුපිනි ඇල්ල
මට හිතෙන්නේ ඒ විදිහට සර්ප ගති ලක්ෂණ නිසා තමයි මේ ඇල්ල තරමක් භයංකර ස්වභාවයෙන් තියෙන්නේ. ඒ භයංකර බව ඇල්ලට වැටි මියයන මිනිසුන් නිසා වැඩි වී තිබෙනවා. නමුත් මෑත කාලයේ අපිට ඒවැනි අවාසනාවන්ත සිදුවීම් අහන්න ලැබුණේ නැහැ. කෙසේ වෙතත් අසුපිනි ඇල්ල වැටුණාට පස්සේ මා ඔය ලෙසින් ගලා ගෙන යද්දි අසුපිනි ඇල්ල වැටෙන දෙපැත්ත හරියට නිම්නයක් වාගේ තමයි පේන්න තිබෙන්නේ. මේ ගංගා ඉවුරු දෙපස ගම්මාන රැසක් තිබෙනවා. ඒ අතර නාත්තාකන්ද, දෙයියන්වල, අරම, සැලව, රහල වැනි ගම් කිහිපයක් මෙ නිම්නය දෙපස මා ඔය ඉවුරු දෙපස පිහිටා තිබෙන අතර අදටත් ජනතාව එම ප්‍රදේශවල ජීවත් වෙනවා. 
අරම කියන ගමේ මුල් කාලීනව ජනප්‍රවාදය අනුව ආර්ය ජනයා වාසය කර බව කියවුණත් ගුණවර්ධන මහතා සමග කරන ලද සාකච්ඡාවේදී එතුමා “අරම” ගම්මානය ගැන මෙලෙස අදහස් රැසක් පැවැසීය. එම කතා බොහෝමයක් අදටත් ඔප්පු කර ගත හැකි සමහර සාක්ෂි ලැබී තිබුණත් සමහර කරුණු ජනප්‍රවාදයේ මේ දක්වාම පවතින බව පෙනේ. ගුණවර්ධන මහතා අරම ගම්මානය ගැන කියන්නේ මෙවැනි කතාවකි. 

අරම කියන ස්ථානය ගැන කියන්න තියෙන්නේ ආරණ්‍යයක් තිබුණු නිසයි. එහි රහතන් වහන්සේලා ඇතුළු භික්ෂුන් විශාල වශයෙන් වැඩ වාසය කර හෙයින් ආරණ්‍ය යන නාමය ව්‍යවහාර පසු කාලීනව “අරම” ලෙස නම් වූ බව කියවෙනවා. නමුත් බොහෝ තැන්වල ජනකතා සහ පොත්පත්වල සඳහන්ව තියෙන්නේ එහිදී ආර්ය ජනතාව වාසය කළා කියලා පමණයි. නමුත් අරම කියන ප්‍රදේශයේ ඉස්සර රහතන් වහන්සේලා මෙන්ම භික්ෂුන් වහන්සේලා වැඩ වාසය කළා කියලා හිතන්න පුළුවන් සාධක ඔප්පු වෙලා තියෙනවා. අදටත් අරම පන්සල දැක ගැනීමට හැකියාව තිබෙන අතරම පන්සල් භූමියට ඔයෙන් එගොඩ සහ මෙගොඩ යන දෙපැත්තම අයිතිවෙනවා. මේ ඔය දෙපස භික්ෂුන් වහන්සේලා විශාල වශයෙන් වැඩ වාසය කළා කියලා කියන්න පුළුවන් සාධක තිබෙන අතර එම ප්‍රදේශය භික්ෂුන්ට යෝග්‍ය වටපිටාවක් තමයි තියෙන්නේ. අරම පන්සලේ මළුවට ගිහින් බැලුවොත් අපිට පුළුවන් දැක ගන්න ඉතාම අලංකාර ලෙසින් පහළට කඩා හැළෙන අසුපිනි ඇල්ල විශාල දුරකින් තරමක් කුඩාවට ඒ වාගේම ඒ නිම්නයේ පිහිටීම සහ කඳු පිහිටා ඇති අාකාරය හරිම ලස්සනයි. එය බලා ඉන්නට තරම් ප්‍රියතාවක් තමයි උසුලන්නේ. 

ඒ කාලයේ මා ඔය මේ තරම් විශාල ලෙස නොතිබුණු අතර ඉතා පටුව තමයි තිබුණා කියලා අපි අහලා තියෙන්නේ. අද තමයි ගස් කොළන් කැපීම ඉවුරු සේදී යෑම මගින් තමයි ඔය මේ තරම් පළල් ​ෙවලා තියෙන්නේ. ඒ වාගේම තමයි අදටත් දැක ගන්න පුළුවන් අරම පන්සලේ තියෙන බෝධිය පරණ බෝධියක් යන වග. අලුත් බෝධිය එක පැත්තකින් තියෙනවා පරණ බෝධිය ඒ විදිහටම විහාරස්ථාන මළුවේ පිහිටා තිබෙනවා. විහාරස්ථානයක පිහිටීමට ඉතා සුන්දර ස්ථානයක තමයි මේ පන්සල පිහිටා තිබෙන්නේ. 
අරම සිය ගණනින් භික්ෂුන් වහන්සේලා හිටපු බව ඔප්පු වෙලා තියෙන එක් සාක්ෂියක් තමයි සැලව රජමහ විහාරයට ඉදිරිපිට වෙල් යායේ පසු කාලයේ හමු වූ සෙල් ලිපිය. ඒ සෙල් ලිපියේ තිබෙනවා “අරමට පුවක් සැපයෙව්වා කියලා” සැලව ප්‍රදේශයේ ජනතාවට අමුණු ගණන් පුවක් සපයන්න රජ්ජුරුවෝ නියෝග කරලා තිබුණා කියනවා. එ්කෙන්ම තේරෙනවා විශාල වශයෙන් භික්ෂුන් වහන්සේලා අරම ප්‍රදේශයේ හිටියා කියන වග. මම මේ කියන්නේ 8 වැනි සහ 9 වැනි ශත වර්ෂයේ සිදු වුණායි කියන කතා. ඒ කාලයේ සිට පැවත එන පාරම්පරික ස්ථානයක් හැටියට භික්ෂුන්ගේ සංඛ්‍යාව වැඩි ​ෙවලා තියෙනවා. මේ වාගේ ඉපැරණි ආගමික සිද්ධස්ථාන ඉදිකර තිබුණේ සහ මහා සංඝරත්නය වැඩ වාසය කරලා තියෙන්නේ හොඳ බෞද්ධ බැතිමතුන් මෙම ප්‍රදේශයේ වැඩි පිරිසක් හිටියා කියලා හිතන්න පුළුවන් එක් සාධකයක්. 


ඒ වාගේම තමයි මා ඔයෙහි ජලය උමං මාර්ග ඔස්සේ ඒ කාලයේ දියුණු වාරිමාර්ග ක්‍රමයක් උපයෝගි කරගෙන ජලය ලබාගත්තා කියලා කියනවා. නමුත් මේ ප්‍රදේශවල ඒ සම්බන්ධයෙන් වර්තමානයේ විශාල කැණිම් සිදු නොවීම යන ආදිය හේතු කොට ගෙන ඒ සම්බන්ධයෙන් අපිට නිශ්චිත පිළිතුරක් ලබා දෙන්න අමාරුයි. නමුත් එසේ වුණේ නැහැ කියලා කියන්නත් බැහැ. අදටත් ඒ සමහර දේවල් ජනප්‍රවාදයේ තිබෙනවා. ඒ වාගේම එම උමං මාර්ග තිබෙන ස්ථාන දැක ගැනීමට වර්තමානයේ වුවද සමහර ස්ථානවලින් පුළුවන්. 

අරම පන්සල අසලින්
මා ඔය ගලා ගෙන යද්දී
ඒ වාගේම තමයි මා ඔයට කිට්ටුව තිබෙන පෝඩාපේ කොටස “පෝඩාපෙත් ඉපැරණි සෙල් ලිපියක් තිබෙනවා” අපි සාමාන්‍යයෙන් වමේ ඉඳලා දකුණට ලියලා තමයි කියවන්නේ. නමුත් මෙ සෙල් ලිපිය තියෙන්නේ දකුණේ ඉඳලා වමට කියවෙන අාකාරයෙන්. සමහර පොත් ලියපු ගවේෂකයන් ඒ පොත් පත්වල මේ සෙල් ලිපිය තියෙනවා කියලා කියන්නේ අම්බලකන්ද කොටසේ. නමුත් සෙල් ලිපිය තියෙන්නේ පෝඩාපේ කොටසේ. පෝඩාපේ ප්‍රදේශය පිහිටා තිබෙන්නේ අම්බලකන්ද ආසන්නයේ නිසා එහෙම හිතලා ලියන්න ඇති කියලා හිතන්න පුළුවන්. 
පෝඩාපේ කියලා කියන්නෙත් මා ඔය නිම්නයේ දෙපැත්තේ කොටසක්. එතකොට එම කොටසේ පවා පුරාණයේ සිට මිනිස්සු වාසය කරා කියලා පෙන්නුම් කරනවා. මොකද දකුණේ සිට වමට කියවාගෙන යන අකුරු තිබුණා කියලා කියන්නේ අරාබි මිනිස්සුන්ගේ. මේකට කියන්නේ “ සෙබතික් වර්ගයේ ලේඛන කලාව” කියලා ඒ කලාවේ ලක්ෂණයක් තමයි පාවිච්චි කරලා තිබෙන්නේ. එම ක්‍රමයේ අකුරු කියවන්නේ දකුණේ ඉඳන් වමට. අරාබි කාරයින්ගේ පොත් පත්වල තියෙන්නේ ඒ විදිහටයි. එතකොට එම ක්‍රමය මේ පැත්තේ මිනිස්සු දැන ගෙන හිටියා කියලා පෙන්නුම් කරනවා. පුරාණම සංස්කෘතියක් මෙහි තිබුණා කියලා කියන්න පුළුවන් ප්‍රධාන සාධකයක් තමයි ඒ සෙල් ලිපිය. සෙබතික් කියන සංස්කෘතිය බොහෝම පුරාණ සංස්කෘතියක්. ආර්ය සංස්කෘතියටත් වඩා ඉපැරණි එකක්. 

ඉස්සර මහනුවර කාලයේ හිටියා දස්කොන් අධිකාරි කියලා කවියෙක්. කොළඹ ලැනරෝල් පවුලේ ඒ ප්‍රංශ සම්භවයක් තිබුණු පුද්ගලයෙක් තමයි දස්කොන් කියන්නේ. මනුෂ්‍යයාට සිංහලෙන් හොඳට කවි කියන්න පුළුවන් හැකියාවක් තිබුණා සහජයෙන්ම එන හැකියාවක්. ඒ නිසා ඒ කාලයේ රජතුමා කවි මඩුවටත් දස්කොන් අරන් තියෙනවා මහනුවර කාලයේ. ඔය දස්කොන් ගැන තියෙන පොතක තිබෙනවා පෝඩාපේ දිප්පිටිය මුදියන්සේ කියලා මනුෂයෙකුගේ දියණියක් දස්කොන් විවාහ කර ගත්තා කියලා. එ්කට කියන්නේ පෝඩාපේ තුඩ පත කියලා මාගේ මතකයේ හැටියට යැයි ගුණවර්ධන මහතා පවසයි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් එතුමා මෙසේ ද පැවසීය. 

පෝඩාපේ මා ඔයේ එක නිම්නයක තිබෙන ප්‍රදේශයක් ඒ ආසන්නයේම තිබෙන තවත් ප්‍රදේශයක් තමයි අම්බලකන්ද කියලා කියන්නේ. අම්බලකන්ද ප්‍රදේශයේ ඉස්සර අංගම්පොර කලාව තිබුණා කියලා කියනවා. අංගම්පොර ශිල්ප කලාව පුහුණු කර ප්‍රදේශය පස්සේ කාලයේ අම්බලකන්ද වුණා කියලාත් කියනවා. ගම්වල නම් සැදුණු ප්‍රභවය ගැන සෙවීමේදී මෙවැනි කතාවලින් මා ඔය නිම්නයේ මෙම ප්‍රදේශවල ඓතිහාසිකත්වය මතුවෙනවා. 

අරම ආරණ්‍යයක් හැටියට තිබුණු නිසා පසු කාලයේ අරම වුණා කියලා භාවිත වුණා කියලා කියනවා. ඒ ආරණ්‍ය යන නම නිසාම අරණායක යන නමත් ලැබුණා කියලා කියමනක් ජනවහරයේ පවතිනවා. භික්ෂුන්ගේ විශාල ව්‍යාප්තිය නිසා අරමට ආසන්නයෙන් ඇති කිට්ටු ප්‍රදේශයක් නිසා අරණායක වුණා කියලාත් කියනවා. තව කථාවක් තියෙනවා යක්ෂයන් සහ නාගයන් අරක් ගත් නිසා අරණායක වුණා කියලාත්. ඒ වාගේම තමයි අරණායක සහ දිප්පිටිය අතර තිබෙන දෙමළහිරිය කියලා නම හැදිලා තියෙන්නේ දෙමළ මිනිස්සු ඔය කොටසේ තියෙන සංගිලි පාලම හැදුවා සුද්දන්ගේ කාලයේ මා ඔය හරහා. ඔය කියන කොටසේ දෙමළ මිනිස්සුත් කණ්ඩායමක් වාසය කරලා තිබෙනවා. “හීරිය” කියලා කියන්නේ එක්තරා තීරුවක කියන අර්ථයයි. එක්තරා තීරුවක දෙමළ ජනතාව පදිංචි වූ නිසා දෙමළහිරිය වුණා කියලා කියනවා. ඒ කථාව සුද්දන්ගේ කාලයේ වුණු එකක්. වර්තමානය වන විට ඒ ප්‍රදේශයේ වාසය කරන ගම්මුන් එම නමට කැමැති නැති නිසා එම ප්‍රදේශය නම් කරලා තිබෙනවා දෙමදහිරිය කියලා. දෙමළ කියන වචනයේ ළ ඇති ස්ථානයට “ද ” යන්න අකුර යොදවා එය එලෙස වෙනස් කරලා තිබෙනවා. 

ඒ වාගේම තමයි අට්ටාපිටියේ බළකොටුව. සුද්දන්ගේ කාලයේ යුද ආක්‍රමණ සිදු වන කාලයේ විදේශයෙන් බලනින් තමයි ගොඩ ගියේ. කපොල්ල තිබුණේ ඒ විදිහටයි. බලන කපොල්ලෙන් යන එක වළක්වා ගන්න. ඉස්සරෝම බළකොටුවක් හැදුවා කියනවා අට්ටාපිටියේ අට්ටාල ගහලා. මා කඩවර හරියත් එහෙමයි උඩ මා කඩවර “කඩවර” කියලා කියන්නේ එම ස්ථානයේ කපොල්ලක් තිබුණු නිසා. කපොල්ල කියන තැනින් තමයි මිනිස්සු යන්නේ. එ්ක තමයි ආරක්ෂා කරන්න වුවමනා වුණේ. සිංහල රජ කාලයේ රජතුමන්ගේ ආරක්ෂාවට හා රට රාජ්‍යයේ ආරක්ෂාවට මේ පැති වලින් සතුරෝ යද්දී ඉඩ නොදි වළක්වන්න ඉදි වූ ස්ථානයක් තමයි අට්ටාපිටියේ කොටස. ඒ වාගේම තමයි ඔය ස්ථානයේ තියෙනවා කිං බළකොටුව කියලා. පස්සේ කාලයේ සුද්දෝ එකට වෙන නමක් දාලා තියෙනවා. 

රජ කාලේ නීතියක් තිබුණා භික්ෂුන්වහන්සේලා ඉන්න විහාරස්ථානයකට සතුරන් ඇතුළු වෙන්න බැහැ. එ්ක රාජ නීතියක්. ඒ නිසා සතුරු උවදුරුවලදී විහාරස්ථානවල රජවරු විහාරස්ථානවල සැඟවිලා ඉඳලා තියෙන්නෙත් ඒ නිසායි. සතුරු අක්‍රමණ වූ වේලාවේ වළගම්බා රජු පවා මා ඔය නිම්නයේ පවතින ඓතිහාසික සැලව විහාරස්ථානයේ හිටියා කියලා කථාවක් තියෙනවා. පිටස්තර කෙනෙකු පන්සල් භූමියකට ඇතුළු වෙන්නේ නැහැ. ඒ නිසා තමයි ගල්ලෙන් විහාරස්ථානවලට රජවරු රැකවරණය පතා පැමිණ තියෙන්නේ. සැලවත් එවැනි විහාරයක්. 

ඒ වාගේම එම විහාරස්ථානවල උම මාර්ග යන ආදිය ආරක්ෂාවට තිබෙන්න ඇති. අරම විහාරස්ථානය සහ සැලව විහාරස්ථානය අතර දුර සැතපුම්වලින් ගත්තොත් දෙකක් ඇති. ඒ නිසා මේ සියලු ස්ථාන මා ඔය ආශ්‍රිත ශිෂ්ටාචාරයකට උරුමකම් කියන ප්‍රදේශ හැටියට අපිට හඳුනාගත හැකියි. 

මෙ විදිහට අපි ජනප්‍රවාද මෙන්ම සිදුවීම් කතා කරනවා. ඒ වාගේම භූ ගර්භ විද්‍යානුකූලව කරපු සොයා ගැනීම්වලින් මීට අවුරුදු දස දහස් ගණනකට පෙර ලංකාවේ තිබෙන ගංගා පද්ධති වෙනස් වෙලා තිබෙනවා භූ චලනයක් නිසා. මුලදී ගංගා ගලා ගෙන ගිය ආකාරය ගොඩාක් තැන්වලදී වෙනස් වීම් සිදු වෙලා තිබෙනවා කියලා සඳහන් වෙනවා. මෑතක අපි හිතපු සුනාමියෙන් පස්සේ කොපමණ වෙනසක් මුහුදු ආශ්‍රිතව වුණාද කියලා අපිට පේනවා. ඒ නිසා මේ මා ඔය වුනත් පොල්ගහවෙල ප්‍රදේශය කිට්ටු කරද්දී වට්ටාරමට (දැනට වට්ටාරම විහාරය පිහිටා තිබෙන ස්ථානය) ටිකක් ආසන්නයේ තිබෙන ගොඩපොල කියන ප්‍රදේශයේ වැලි තලා දැක ගැනීමට හැකියාවක් තිබෙනවා. 

එම ප්‍රදේශයෙන් මා ඔය ගලා ගියා කියලා තමයි හිතන්න තියෙන්නේ. භූ ගර්භ විද්‍යාව විද්‍යාව හදන්නේ ලක්ෂ ගණන්වලින්. ඒ අයගේ කාල සීමාව එක් එක් යුග අනුව තමයි ඒ සැදීම සිදු වන්නේ. එම යුග අනුව භූ විද්‍යා විද්‍යාඥයින් සලකනවා අහවල් යුගයේ මේක සිදුවෙන්න පුළුවන් කියලා. උපකල්පනයක් කරනවා මේ කාලයේ මෙහෙම වෙන්න ඇති කියලා. දැන් ඔය පිදුරුතලාගල දිහා පවා මුහුදේ හිටපු මාළුවන්ගේ ඇට කටු හා මුහුදු වැලි සොයා ගෙන පර්​ෙ‌ය්ණවලදී සොයා ගෙන තියෙනවා. 

එහෙමනම් අපිට හිතන්න වෙන්නේ භූ ගර්භයේ හට ගත් වෙනසක් නිසා එය පිපිරීමක් වාගේ දෙයක් ​ෙවලා දැනට තිබෙන අාකෘතිය වෙනස් වෙලා තියෙනවා කියන එකයි. නමුත් ඉස්සර වෙනස් අාකෘතියකට තිබෙන්න ඇති ලංකාව. ඒ වාගේම මේ මා ඔයෙහි ගලා ගෙන යෑම. ඒ වාගේම ඉස්සර ලංකාව සහ ඉන්දියාව ඔය ආදම්ගේ පාලම කියන ස්ථානයෙන් සම්බන්ධ වෙලා තිබුණා කියලාත් කියනවා නේ. ඒ නිසා මේ ප්‍රදේශවලත් ඇළ දොළ ගංගා කඳුවල වෙනස්වීම් සිදුවෙන්න ඇති කියලා විශ්වාස කරන්න පුළුවන්. 

මා ඔය දෙපස පුරාණ සොහොන් තිබුණු බවට පෙන්නුම් කර හැකි සාධක ඔප්පු වෙනවා. මළ සිරුරු මිහිදන් කිරීම පසු කාලයේ මා ඔයට ආසන්නයේ සිදුවූ එම ලක්ෂණ පෙන්නුම් කර හැකි සාධක ඔප්පු වුණා. අස්මඬල (මා ඔයට සමීප ගම්මානයක්) වාගේ ප්‍රදේශවලදී අපේ රටේ ඇති ඉබ්බන්කටුව ප්‍රදේශයේ පුරාණයේ මැරුණු මිනිස්සු වෙනුවෙන් තැනූ සොහොන්වල ක්‍රමයටම අස්මඬල ප්‍රදේශයේ සොහොන් තිබෙනවා. 
ආදිවාසීන්ගේ ඉතාම පැරණි ලක්ෂණයක් තමයි වළං වල මීනි තැන්පත් කිරීම සහ ගල් වලින් ඒවා වට කරලා ආරක්ෂා කිරීම. ඉතින් ඒ වාගේ ක්‍රමයක් මා ඔය දෙපස ගම්මානවලින් පසු කාලයේ හමු වෙලා තිබෙනවා. එ්කෙන් අපිට පේන්නේ ඉපැරණිම සංස්කෘතියක් මෙම ප්‍රදේශවල තිබුණා කියන එකයි. ඒ ආදිවාසීන්ගේ ව්‍යාප්තිය මා ඔය ආශ්‍රිතව සිදු වෙන්න ඇති. පස්සේ කාලයේ ගොවිතැන් යන ආදිය හොඳ සරුවට මේ ප්‍රදේශ ආශ්‍රිතව සිදු කර ගෙන ගොස් තිබෙනවා. 
අරම විහාරස්ථානයේ ඇති සෙල් ලිපිය

මා ඔය නිම්නයේ “සඳරාජ” යනුවෙන් ඖෂධ උයනක් තිබිලා තිබෙනවා අසුපිනි ඇල්ලට ආසන්නයේ. ඒ වාගේ ඖෂධ උයනක් රාවණා රජතුමාගේ කාලයේ රහල ගලේ පවා තිබිලා තියෙනවා. පසු කාලයේ දකුණු පළාතේ ගාල්ලට ඉතා කිට්ටුවෙන් හොයා ගත්තා රාවණා රජුගේ තවත් ඉපැරණි ඖෂධ උයනක්. ඒ වාගේම තමයි රාවණා රජුගේ කාලයේ ඖෂධ උයන් හැටියට සැලකෙනවා රහල ගලේ ඖෂධ උයන සහ සඳරාජ අසුපිනි ඇල්ල නිම්නයේ ඇති ඖෂධ උයන. මේක තියෙන්නේ දෝතලුඔය පැත්තට තමයි. විශාල ලෙස මෙම ඖෂධ උයන පැතිරිලා තිබිලා තිබෙනවා. අදටත් එහි සොයා ගැනීමට අපහසු ඖෂධ තිබෙනවා. 

අදටත් විශාල ඉපැරණි නෙල්ලි ගස් ඖෂධිය නෙල්ලි කියන ඒවා මේ කලාපයේ බහුලව දැක ගැනීමට හැකිවනවා. අපිත් පොඩි කාලේ මෙම ප්‍රදේශවලට ගිහින් නෙල්ලි කඩා ගෙන එනවා. නෙල්ලි ශාකය වුණත් දුර්ලභ ශාකයක්. හැම තැනම වැවෙන්නේ නැති වුනත් මෙම ප්‍රදේශ ආශ්‍රිතව වැඩි වශයෙන් දැක ගන්න පුළුවන් සරුවට වැවිලා තිබෙන ආකාරය. මෙ වන විට මෙ හැම ප්‍රදේශයකම තේ වගා කරලා තිබෙන නිසා වනාන්තර විනාශය යන ආදිය පවා සිදු කිරීමෙන් ජනාවාස ඉදිකිරීමෙන් මා ඔයට, අසුපිනි ඇල්ලට පවා හානි වෙලා තිබෙනවා. 

ඇත්තෙන්ම තේ වගාව ආවාට පස්සේ තමයි අපි කඳුරට පැරණි ගස් කොළන් විනාශ වුණේ. සුදු මහත්වරුන්ගේ කාලයේ තේ හිටවන්න මේ ගස් කොළන් කපලා දැම්මා. රේල් පාරවල්වලට දැව කඳන් ගන්නට පවා මහ විශාල ගස් කොළන් කපා විනාශ කර දැම්මා. ඔවුන් විසින් ලංකාවේ තේ වගාව සිදු කරලා ඒවා පිටරට දක්වා අපනයනය කරන්න මහ විශාල පරිසර හානියක් සිදු කළා. 

පැරණි ගම්වල නම් උදාහරණයක් “කොස්ලන්ද” වාගේ නම්වලින් පවා විවිධ ගස් වර්ග එක් ප්‍රදේශයක් තුළ පැතිරීම නිසා වැඩි වශයෙන් එම ප්‍රදේශවලට එම නම් පටබැඳිලා තියෙනවා. තේ වගාවට, සුදුමහත්වරුන්ගේ බංගලා හදන්න, රේල් පාරේ සිල්බර් කොටන්වලට ගැනීම යන ආදිය නිසා ඉපැරණි ගස් කොළන් විනාශ වී ගියා. එම ගස් කොළන් කපා දැමීම නිසා තමයි ඛාදනයවීම් ගංගා පිටාර ගලා ගෙන යෑම් වැනි පාරිසරික හානි වැඩි වශයෙන් සිදු වූයේ යැයිද ඔහු අප සමග පැවසීය. 

අපි මේ තොරතුරු ගැන සොයා බැලීමෙන් පසුව අරම විහාරස්ථාන වෙත ගියේ පුරාණයේ රහතන් වහන්සේලා විහාරස්ථානය කේන්ද්‍ර කොට ගෙන සිටි බව ගුණරත්න මහතා විස්තර රැසක් පැවසූ නිසාවෙනි. එහිදී අපට වර්තමානයේ එම විහාරාධිපතින් වහන්සේ ලෙස වැඩ වාසය කරන කල්වානේ නන්දසාර හිමිපාණන් මුණ ගැසුණු අතර උන්වහන්සේ මෙසේ පවසයි. 

මලියදේව මහ රහතන්වහන්සේ වැඩ වාසය කල කාලවකවානුවට සමකාලීනව තමයි මේ ප්‍රදේශයේ රහතන් වහන්සේලා සහ තවත් භික්ෂුන් වැඩ වාසය කළා කියලා කියන්නේ. “අරම” ඉස්සර හඳුන්වාදී තිබෙන්නේ “අරහන්ත භූමිය කියලා” ඒ වාගේම අරහන්ත රාජ මහා විහාරය කියලත් මේ විහාරස්ථානයේ නාමය භාවිත කරලා තිබෙනවා. ඉස්සර විහාරස්ථානය තිබුණා කියලා කියන්නේ මා ඔයට එගොඩින්. අදටත් එම කොටසේ ගල් කණු මෙන්ම ​ෙඑතිහාසික තොරතුරු රැසක් තිබෙනවා පන්සල තිබුණා කියන්න පුළුවන් මට්ටමේ. වර්තමාන විහාරස්ථානය චෛත්‍ය තිබුණු තැන තිබිලා තියෙන්නේ මල් වත්තක් විදිහටයි. නමුත් ඉපැරණි බෝධින් වහන්සේ තිබිලා තියෙනවා. 

දැනට විහාරස්ථානයේ තිබෙනවා සෙල් ලිපියක්. ඒ සෙල් ලිපිය කලින් තිබුණා කියලා කියන්නේ පරණ පන්සලේ. ඒ සෙල් ලිපිය ගෙනල්ලා අලුත් පන්සලේ තියෙනවා මළුවේ. පසු කාලයේ පුරා විද්‍යා එකෙන් ඇවිත් ඒ සෙල් ලිපිය සංරක්ෂණය කරලා එහි ලියා ඇති දේවල් සම්බන්ධයෙන් තොරතුරු එතන කණුවක් ගහලා ලියලා තියෙනවා. 

එම සෙල් ලිපියේ තිබෙන්නේ ක්‍රි.ව. 1832 දී අරම ශ්‍රී විෂ්ණු දේවාලය ගරු පුංචි රාළ කපුවා විසින් ආරම්භ කළා කියලායි. මෙහි නම් කර ඇත්තේ “අරම පුරාණ විහාරයේ පුවරු ලිපිය” යනුවෙනි. පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මගින් පන්සල් භූමියේ ජනතාවගේ දැන ගැනීම වෙනුවෙන් සටහන් කර අදටත් පවතිනවා. 

ඡායාරූප හා සටහන මාවනැල්ල හෙම්මාතගම සමන් විජය බණඩාර
.lankadeepa
================================================
උපුටා ගැනීම් සහිතයි ....!!! 
දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya