Friday, July 9, 2021

ලග්නයෙන් කියවෙන කාන්තාවන්ගේ චරිත ලක්‍ෂණ...(lagna lagnam astrology අබිරහස් අඩවිය - Abirahas Adawiya - ශාස්ත්‍රීය ළිපි)

ලොව වෙසෙන සියලුම කාන්තාවෝ එක සමාන නොවෙති. රූපයෙන් මෙන්ම ගතිගුණ අතින්ද කෙනෙකුගෙන් කෙනෙකුට වෙනස්‌ය. මෙයට හේතුව වන්නේ තමන් උපන් මොහොතේ බලපෑ රාශි අනුව හැම කෙනෙකුගේම ගතිගුණ හා හැඩරුව වෙනස්‌ වීමය. ඒ ඒ රාශි හෙවත් ලග්න අනුව ඉපදුණු කාන්තාවන්ගේ ගතිගුණ විවිධාකාර ලෙස ජ්‍යෙතිෂයේ සඳහන් වෙයි.

මේෂ ලග්නයෙන් උපන් කාන්තාවන්ට මධ්‍යම ප්‍රමාණයේ ශරීරයක්‌ හා දික්‌ වූ බෙල්ලක්‌ හා පොකුරු ගැසුණු කේශ කලාපයක්‌ හිමිය. ඇය උසස්‌ අදහස්‌ ඇති ඉදිරියට යන තේජවන්ත ගතියකින් යුක්‌ත වෙයි. කීර්ති, ප්‍රශංසා ආදිය ලැබීමට ඇති කැමැත්තත්, පෙරමුණෙහි සිටීමට ඇති ආශාවත්, ඉදිරියට යන ගතියත් නිසාම නිතර ජයග්‍රහණ හා ප්‍රසිද්ධිය ලබන්නීය. ස්‌වාමියාට හෝ වෙනත් කිසිම අයෙකුට යටහත් පහත් වීමට කැමති නොවෙයි. නොඉවසිලිමත් ගතිය හා සමාදානයට ඇති අකැමැත්ත ඔවුන්ගේ චරිතයේ දුර්වලතාවක්‌ ලෙස කැපී පෙනෙයි.

වෘෂභ ලග්නයෙන් උපන් අයට දිගුවන් කේශ කලාපයක්‌ හිමි වෙති. අලංකාර මටසිළුටු නාසයක්‌ පිරුණ මුඛයක්‌ ඇති ඔවුහු හැම විටම විහිළු තහළුවලට ප්‍රියය. හැමවිට සිනහවෙන් කාලය ගත කරන අතර කෘෂිකාර්මික කටයුතුවලට වැඩි උනන්දුවක්‌ දක්‌වයි. හැම කටයුත්තකදීම අවනත ස්‌වභාවයක්‌ දැක්‌වීම ඇගේ සිරිතය, අවංක හදවතක්‌ ඇයට සහජයෙන්ම උරුමය. අලස බව, මුරණ්‌ඩු ගතිය, ලෝභී බව, අන් අයගේ අදහසටම ගැතිවීම දුර දක්‌නා නුවණ නැතිකම මෙම රාශිය හිමි ඇයගේ ස්‌වභාවයකි.

මිථුන ලග්නය හිමි කාන්තාවන්ගේ මුහුණ සිහින්ය. පළල් නළල, සිත් ඇදගන්නා ඇස්‌, පැහැදිලි නාසය උල් නිකට, සිsහින් තොල් සඟලෙන් යුතු කුඩා මුඛය කැපී පෙනෙයි. තියුණු බුද්ධියක්‌ අවස්‌ථානුකූලව ලබයි. විනෝදය ප්‍රිය කරති. කපටිකමින් අගතැන් ගනිති. කවදාවත් පසු නොබසින ඔවුහු ආත්මාර්ථකාමීය. අන් අයගේ සිත් රිදවීම ප්‍රිය කරන අතර එයින් අවමානයටද ලක්‌වෙයි. ඉක්‌මනින් තැති ගැනෙන අනුකම්පාව අවියක්‌ මෙන් පාවිච්චි කරන වෙනත් කෙනෙකුට ඉඩක්‌ නොතබාම සාවද්‍ය බස්‌ තෙපළන ගති ඇය තුළින් කැපී පෙනෙයි. අනුකරණයට හා නිර්මාණයට දක්‍ෂය. කල්පනා ශක්‌තිය කෙසේ වුවද බාහිර ලෝකයාට උගත් අයෙකු මෙන් කැපී පෙනෙයි.

කටක - ලග්නයෙන් උපන් කාන්තාවෝ දුටුවන් ප්‍රිය උපදවන ලස්‌සන ශරීරයකට හිමිකම් කියති. ඔවුහු උසස්‌ සිතිවිලි ඇති අය වෙති. දුටු දේ කිරීමට දක්‍ෂය. අනුන්ගේ විපතේදී දැඩි ලෙස කම්පා වෙති. සියලු දුක්‌ කරදර තිබුණත් නින්දා අපහාස මධ්‍යයේ වුවද නොබියව මුහුණදී ප්‍රකට භාවයට පැමිණෙති. විශාල ව්‍යාපාරවල මූලිකත්වය දැරීමට තරම් සුදුස්‌සෝ වෙති. ආගන්තුක සත්කාරයට කැමැති ඔවුන් අනුන්ගේ අදහස්‌වලට ගරු කරයි. අධික අනුකම්පාවත්, කෝප සහගත වීමත්, නොඉවසිලි භාවයත් දුර්වලකම් වේ. විනෝදයෙන් සොම්නසින් කාලය ගත කිරීමට සහජයෙන්ම ඔවුනට හැකියාවක්‌ ඇත. තමන් වරදේ පිහිටා අන් අයට අවවාද කිරීමද කටක ලග්න හිමි අයගේ තවත් දුර්වලකමක්‌ වේ.

සිංහ ලග්නය හිමි කාන්තාව පළල් වූ උරහිස්‌වලින් යුතු වැඩුණ ශරීරයක්‌ හිමි අය වේ. තේජවන්ත පෙනුමෙන් යුක්‌තය. ආත්ම විශ්වාසය නිසාම ඕනෑම භාරදූර කටයුත්තක්‌ වුවද කිරීමට ඉදිරිපත් වෙයි. සිහිබුද්ධියෙන් යුක්‌තව ක්‍රමානුකූලව කටයුතු කරති. ආගමික කටයුතුවලට දැඩි උනන්දුවක්‌ දක්‌වන ඔවුන් සුළු දෙයකට පවා දැඩි ලෙස කෝප වෙති. අන්‍යයන්ගේ ගරු බුහුමන් නිරායාසයෙන්ම ලැබෙයි. හරි හෝ වැරදි වේවා තමාගේ අදහසම ක්‍රියාවේ යෙදීමට උත්සාහ ගනී. ආ ගිය හැම තැනකදීම ප්‍රධානත්වය දරයි.

කන්‍යා ලග්නයෙන් උපන් කාන්තාවන්ට රත් පැහැයෙන් යුතු ශරීරයක්‌ හිමි වන අතර අඩසඳක්‌ මෙන් අලංකාර වූ නළල් තලයක්‌ පිහිටයි. විනෝදයට කැමැති ඔවුහු ස්‌වාමි පුරුෂයාට ගරු ලෙස සලකති. දඟකාර ගතියෙන් යුතු කන්‍යා ලග්න හිමි කාන්තාවන් තම ස්‌වාමිපුරුෂයාට හෝ පෙම්වතාට ඇඟිලි දෙකින් කොනිත්තා කතා කරන ස්‌වභාවයක්‌ ඇත. සමාජ සේවයට හා ආගමික කටයුතුවලට ළැදිකමක්‌ දක්‌වති. ගෙදර දොර බඩු බාහිරාදිය පවා ක්‍රමානුකූලව තබා ගැනීම ඔවුන්ගේ සිරිතය. මුදල් වියදම් කිරීම ඉතා සකසුරුවම් වේ. ආත්ම විශ්වාසය අඩුකම අන් අය විශ්වාස නොකිරීම. මෙන්ම ඔවුන්ගේ වැරදි සෙවීම කන්‍යා ලග්න හිමියන්ගේ දුර්වලකම වේ.

තුලා - ලග්නයෙන් උපන් කාන්තාවන්ටද මනා රූ සිරියෙන් යුත් ශරීරයක්‌ හිමිය. උපතින්ම කාරුණික හදවතක්‌ ඇති ඔවුහු සතුන්ට ඉතා අනුකම්පාවක්‌ දක්‌වති. අදහස්‌ අතින් සෘජු බවක්‌ දක්‌වන ඔවුහු යුක්‌ති ගරුක ලෙස ජීවත් වීමට දැඩි කැමැත්තක්‌ දක්‌වති. හැම විටම සාධාරණත්වය අගය කරති. ක්‌ෂණිකවම කෝප සහගත වන බවක්‌ දැක්‌වුවත් එය ක්‍ෂණිකවම සංසිඳෙන බැවින් පසුව පසු තැවිලි වෙති. තමන්ගේ සැප පහසුකම් අන්‍යයන් වෙනුවෙන් කැපකිරීමට පෙළඹෙන බැවින් සැබැවින්ම පරාර්ථකාමී බවක්‌ දක්‌වති. අන් අයගේ සිත් පෙළීමට කැමැති නොවේ.

වෘශ්චික ලග්නයෙන් උපන් කාන්තාවන්ට -යහපත් සේ වැඩුණු අවයව හිමිය. බොහෝ ශිල්ප ශාස්‌ත්‍රයන්හි නිපුණතාවක්‌ දක්‌වති. කිසිදු රහසක්‌ සැඟවීමට උත්සාහ නොගනී. විවෘත මනසකින් මෙන්ම විවෘත හදවතකින්ද යුක්‌තය. යම් අරමුණක්‌ කරා යොමු වුවහොත් දැඩි අධිෂ්ඨානයකින් යුතුව එයට මුහුණදී ඉලක්‌කය සපුරා ගනී. ගුණදොස්‌ විවේචනයට ප්‍රියවේ. නොයෙක්‌ ක්‍රියාවන්හි දක්‍ෂතාවක්‌ ඔවුන්ට සහජයෙන් උරුම වී ඇත. නොයෙකුත් දේ දුටු හැටියේ අවබෝධ වන නුවණක්‌ ඇත. වහා කෝප සහගත වීම, සෙල්ලම් ක්‍රීඩා ආදියට ඇති ආශාව හා තරමක කුඩුකේඩුකම ඔවුන් තුළ දැකිය හැකි දුර්වලකම් වේ.

 ධනු ලග්නයෙන් උපන් කාන්තාවෝ යුක්‌ති ගරුක අදහස්‌ ඇති සෘජු ගතිගුණවලින් හෙබි අය වෙති. මේෂ රාශියෙන් උපන් අය මෙන්ම උසස්‌ වීමේ දැඩි බලාපොරොත්තු ඇති අය වෙති. නිදහසට, සාමයට බෙහෙවින් ගරු කරති. විනීත ස්‌වභාවයෙන් හා ප්‍රීතිමත් ස්‌වභාවයකින් යුක්‌ත බැවින් ඇසුරු කරන්නන්ට ප්‍රිය වේ. තීරණයක්‌ ගැනීමේදී ධනු ලග්න හිමියන් තරම් දක්‍ෂව ක්‍රියා කරන අය අන් ලග්න හිමියන් අතර නොමැත. ක්‌ෂණිකවම ගන්නා තීරණද සැලසුමක්‌ ඇතිව ක්‍රියා කර වැඩ සාර්ථක කර ගනිති. සත්‍යවාදී බව, අවංකවම විවෘත හදවතකින් යුතුව අදහස්‌ පළ කිරීම ඇයගේ සිරිතයි. අහංකාරය මෙන්ම දැඩි ආත්ම විශ්වාසයද ඇයට හිමිය. සාමාන්‍යයෙන්ම තම අසල්වාසීන් මිත්‍රයින් හා ඇසුරු කරන්නන් අතරේ සමානාත්මතාවයෙන් ක්‍රියා කරන්නීය.

මකර ලග්නය හිමි කාන්තාවෝ සිහින් ශරීරයකට හිමිකම් කියයි. ශනි හෝ ගුරු ලග්නයේ සිටියේ නම් ශරීරය මහත් විය හැක. ආත්මාර්ථකාමී ගතිය බොහෝ විට බලපවත්වයි. දුක්‌ කම්කටොලු විඳීමේ හැකියාව හා නොපසුබස්‌නා ගතිය නිසා ජයග්‍රහණය කරා යයි. පාලනයෙහි දක්‍ෂය. විශාල ව්‍යාපාරවල පවා මූලිකත්වය දැරිය හැක. අන්‍යයන්ගෙන් උදව් උපකාර ලබා ගැනීමට කැමැති නොවේ. පැහැදිලි කෙටි තීරණාත්මක කතා විලාසයක්‌ ඇයට හිමිය. වැඩට ආදරය දැක්‌වීම ඇයගේ විශේෂ ගුණාංගයකි. පරීක්‍ෂාකාරීය. නිවැරදි ලෙසම කටයුතු සකස්‌ කිරීමට වීරිය දරන්නීය.

කුම්භ ලග්නය හිමි කාන්තාවන්ට මධ්‍ය ප්‍රමාණයේ ශරීරයක්‌ හිමිය. කාරුණික පෙනුමකින් යුක්‌ත වෙයි. ගැඹුරු දේවල් ඉගෙන ගැනීමට දක්‍ෂතාවක්‌ පෙන්වයි. ප්‍රවේශම, ඉවසීම සිතේ එකඟතාව ඇයගේ ගුණධර්මයන්ය. කුම්භ ලග්නයෙන් උපන් කාන්තාවන් ජය ලබන්නේ ජීවිතයේ අවසාන කාලයේදීය. ධාරණ ශක්‌තිය ඇති අයෙකු බැවින් වරක්‌ කළ කීදෙය අමතක නොකරයි. බාහිරව පෙන්නුම් කරනවාට වඩා යහපත් ගතිගුණ ඇතුළත තිබෙන අයෙකුවේ. මෙය ශනිගේ රාශියක්‌ වුවත් මකර ලග්න හිමිකාරිය ආත්මලාභයට ප්‍රධානත්වයට ආශා කරන අයෙකු නොවේ. එම නිසාම කාගේත් සිත් දිනාගත් ශ්‍රේෂ්ඨ කාන්තාවක්‌ද වෙයි. අනාථ මඩම්, සිර ගෙවල් ආරෝග්‍ය ශාලා ආදියටද උදව් කිරීමට සිතයි. ඒවායෙහි දුක්‌ විඳින්නන්ටද උදව් උපකාර කරයි. දුර්වලකම් ලෙස පෙනෙනුයේ තනිවම ජීවත්වීමට තිබෙන ආශාව නිසා වැඩ කටයුතුවල යෙදීමට ඇති අලස බවක්‌ යැමේ ගතිය අඩුකමක්‌, ලෞකික දේට ඔවුන්ගේ ඇති අකමැත්තත්ය.

මීන ලග්නයෙන් උපන් කාන්තාවන්ට මධ්‍යම ප්‍රමාණයෙන් යුත් තරමක්‌ ලොකු ඇස්‌ ඇති දිගු අත පය ඇත. මසින් පිරුණු ශරීරයක්‌ හිමිය. විනෝදයට ප්‍රීතියට තදින්ම ආශා ඇත්තියකි. තමා කෙරෙහි යම් අයෙක්‌ විශ්වාසයක්‌ තැබුවේ නම් එම විශ්වාසය නොකැඩීමට ඇය වග බලාගනී. සතුරෙකුට වුවද ෙද්‍රdaහී කමක්‌ නොපෙන්වයි. ත්‍යාගශීලී බව චරිතයේ කැපී පෙනෙයි. අසරණ අයට උදව් උපකාර කිරීමට දැඩි ආශාවක්‌ උනන්දුවක්‌ දක්‌වයි. පමණට වඩා අනුකම්පාවත් විශ්වාසයත් නිසා තමාට විපත්ති අලාභ ඇති කර ගැනීම තම දියුණුව ගැන නොසලකා හැරීම ඔවුන් තුළ ඇති දුර්වලකම් වේ.

 

වැඩි දුර විස්‌තර සදහා

දු. අංක. 0112419574, 0716212020.

divaina

================================================

උපුටා ගැනීම් සහිතයි ....!!! 

දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....

අබිරහස් අඩවිය - Abirahas Adawiya 


1 comment: