Sunday, December 30, 2018

පැරිස් නගරය යටින් මතුවුණු මළගිය ඇත්තන් සැරිසරන අත්භූත පාතාලයක් (The Secrets of the Mysterious Underworld of the Paris Catacombs Revealed අබිරහස් අඩවිය - Abirahas Adawiya - හොල්මන් කතා. holman katha)

ලොව සුන්දරම අග නගරයක් ලෙස සැලකෙන ප්‍රංශයේ පැරිස් නගරය බොහෝ ප්‍රංශ වැසියන් හඳුන්වන්නේ ලා විල් ලුමියා යන අන්වර්ථ නාමයෙනුයි. එහි අරුත වන්නේ ිආලෝකයේ නගරය යන්නයි. කෙසේ වුවත් මිලියන 12කට අධික ජනගහනයක් වාසය කරන මෙම කාර්යබහුල යුරෝපා අග නගරයේ පොළොව යටින් භූගත අවකාශයේ පැරීසියේ පැරැණි පදිංචිකරුවන් මිලියන 6කට අධික සංඛ්‍යාවකගේ ශේෂයන් තැන්පත් කොට ඇති බව බොහෝ දෙනා නොදන්නා කරුණක්. අතීතයේදී ඇතැමුන් මෙය හඳුන්වන ලද්දේ ප්‍රංශයේ මළවුන්ගේ අධිරාජ්‍යය ලෙසිනුයි.
වර්තමානයේ ලෝකයා මෙය හඳුන්වනු ලබන්නේ පැරීසියේ උමං සුසානය යන අරුත ඇති ිපැරිස් කැටකොම්බ්ස් යන නමින්. පුරාණයේ හුනුගල් ලබා ගැනීම සඳහා කණින ලද පතල් උමං පද්ධතියකින් මෙය නිර්මාණය වී තිබෙනවා. කිලෝමීටර් 300කට අධික ප්‍රදේශයක් පුරා ජාලයක් ආකාරයෙන් පැතිර ගොස් ඇති මෙම උමං මාර්ගයේ බිත්ති මියගිය පුද්ගලයන්ගේ හිස් කබල් ඇතුළු අස්ථි කොටස්වලින් එක්තරා රිද්මයකට අනුව සරසා ඇති අයුරු වර්තමානයේ එහි ඇතුළු වන්නකුට දැක ගත හැකිය.
මේ උමං ජාලය තුළ පිහිටි පතල්වල හුනුගල් රෝමානු යුගයේ සිට නගරයේ ගොඩනැඟිලි ඉදිකිරීම සඳහා අමුද්‍රව්‍ය ලෙස භාවිත කොට තිබෙන බව සඳහන්. කෙසේ වුවද 18 වැනි සියවසේ දෙවැනි අර්ධයේ සිට පැරිස් නගරය යටින් පිහිටි මේ ප්‍රදේශය සොහොන් ගැබක් බවට පරිවර්තනය කොට තිබෙනවා.
18 වැනි සියවසේදී පැරිසිය විශාලතම සුසානය වූ 'ලූ ඉනොසොන්' වැනි සුසාන භූමිවල ඉඩකඩ මදි වීම නිසා මිනී වළදැමිමේ ගැටලු සහගත තත්ත්වයක් මතුවූ අතර ඒ හේතුවෙන් ඇතැම් මිනී වළ දැමීම නිසි පරිදි සිදු කිරීමට හැකියාව ලැබී නැහැ. ඇතැම් අවස්ථාවල සුසානයේ මිහිදන් කළ සම්පූර්ණයෙන් විනාශයට පත් නොවූ මිනී පවා ගොඩට ගැනීමට සිදුවී තිබෙනවා. මේ හේතුවෙන් එම සුසානය අවට ජනතාවට මිනීවල දුර්ගන්ධය නිසා ඉතා අසීරු ලෙස දිවි ගෙවීමට සිදුවූ අතර විසබීජ හේතුවෙන් රෝග වැලඳීමේ අවදානමක්ද මතුවූ බව සඳහන්. මේ ගැටලු සහගත තත්ත්වය නිරාකරණය කිරීම සදහා 1763දී 15 වැනි ලුවී රජු විසින් රාජාඥාවක් නිකුත් කරමින් මියයන පුද්ගලයන් අග නගරයේදී භූමදානය කිරීම තහනම් කරනු ලැබුවා. කෙසේ වුවද පැරීසියේ පල්ලි මේ රාජාඥාව කෙරෙහි කැමැත්තක් නොදැක්වූ අතර ඔවුන් ඊට විරෝධය පෑවා. එහි ප්‍රතිඵලය ලෙස 1780 දක්වා එය යට ගොස් තිබුණා.
කෙසේ වුවද 1780 ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ලූ ඉනොසොන් සුසාන භූමියේ මායිම් තාප්ප සම්පූර්ණයෙන් බිම පතිත වූ අතර මේ හේතුවෙන් නිසි පරිදි වළ නොදැමූ සහ විනාශ නොවූ සිරුරු අසල ඉඩකඩම් වෙත ඉබාගාතේ පාවී ගියා. එබැවින් මේ වතාවේ ප්‍රංශ බලධාරීන් කලින් පැවැති නියෝගය බලාත්මක කිරීම සඳහා කටයුතු කළා. එතෙක් තෝම්බ් ඉස්වා යනුවෙන් හඳුන්වන ලද හුනුගල් පතල පල්ලිය මඟින් ආශීර්වාද ගන්වා කැප කොට එය පැරිස් කැටකොම්බ්' බවට පත් කරනු ලැබුවා.
අනතුරුව වසර දෙකක කාලයක් ගත කරමින් ලූ ඉනොසොන් සුසානයේ ශේෂ වී තිබූ සියලු අස්ථි කොටස් නැවත මේ භූගත සොහොන් ගැබේ මිහිදන් කිරීමට කටයුතු කළා. ඉන්පසු පැරීසියේ පිහිටි සියලු සුසාන භූමිවල මිහිදන්ව තිබූ අස්ථි කොටස් මෙහි තැන්පත් කිරීම සිදුවූ අතර ප්‍රංශ විප්ලවයෙන් පසු මියගිය පුද්ගලයන්ගේ සිරුරු මේ තුළ මිහිදන් කිරීමද ආරම්භ කළා. 1859 වනවිට පැරීසිය සියලු සොහොන්වල තිබූ අස්ථි කොටස් සියල්ල මෙහි තැන්පත් කොට නිම කළා.
ඉන් වසර 7කට පසු මේ භූගත සුසානය පොදු ජනතාව වෙනුවෙන් විවෘත කරන ලද අතර එය කිලෝමීටර් 300ක ප්‍රදේශයක් පුරා ජාලාකාරයෙන් පැතිර තිබුණා. අද වනවිටත් මෙය මහජනතාව වෙනුවෙන් විවෘතව පවතිනවා. ඒ ඉතා සීමිත ප්‍රදේශයක් පමණයි. 1955 සිට මේ උමං ජාලයේ එක් ස්ථානයකින් හැර සෙසු ස්ථානවලින් ඊට පිවිසීම තහනම් කොට තිබුණා. නමුත් එම නියෝග නොතකා 1970 හා 80 දශකවල 'කැටෆිල්ස්' යනුවෙන් තමන් හඳුන්වා ගනු ලබන ත්‍රාසය මුසු ක්‍රියාවල යෙදෙන පැරීසියේ නීති විරෝධී කණ්ඩායම් මේ උමං මාර්ගය තුළ විවිධ ක්‍රියාවල නිතර වන්නට පටන් ගත්තා. වතාවක් එක් කණ්ඩායමක් විසින් එහි අංගසම්පූර්ණ සිනමා ශාලාවක්ද ඉදිකොට ඊට සම්බන්ධ 'බාර්' එකක්, අවන්හලක් සහ පෞද්ගලික කාමර කිහිපයක්ද පවත්වාගෙන ගොස් තිබුණා.
වර්තමානයේ දිනකට 300ක් පමණ 'කැටෆිල්ස්' ක්‍රියාකාරීන් රහස් ස්ථානවලින් මේ උමං මාර්ගයට ඇතුළු වී විවිධ ක්‍රියාවන්හි නිරත වන අතර ඔවුන් කැටෆිල්ස් නොවන පුද්ගලයන් හා සංචාරකයන් එහි ඇතුළු වීම වැළැක්වීමට සඳහා නිරන්තරයෙන්ම උත්සාහ දරන බව සඳහන්. කෙසේ වුවද සංචාරකයන්ගෙන් විශාල මුදලක් ලබා ගෙන ඔවුන්ව නීති විරෝධී අයුරින් මේ උමං තුළ රැගෙන යන කැටෆිල්ස් කල්ලිද නැතිවා නොවේ. මේ කණ්ඩායම් බොහෝ විට විදුලි ලාම්පු සහිත හෙල්මට් හිස පැලඳගෙන උමං තුළ ඇවිදින අතර මඟ සොයා ගැනීමේ පහසුව තකා ඔවුන් විසින් නිර්මාණය කර ගන්නා ලද නාමයන් වීදි නාම අයුරින් උමං බිත්තිවල කොටා තිබෙන අයුරු දැකගත හැකිය.
ගැමුණු රත්නායක
...................................................................................................................
උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

අත්භූත දර්ශන මවන අභිරහස් කුරුස කන්ද (cross mountaian - kurusa kanda අබිරහස් අඩවිය - Abirahas Adawiya - හොල්මන් කතා. holman katha)

උතුරු ලිතුවේනියාවේ සියුලියායි නගරයට කි.මි 11ක් දුරින් පිහිටි පැරණි කදුවැටියක පිහිටුවා තිබෙන කුරුස දස දහස් ගණනක් පිළිබදව මේ වන විට විශේෂ අවධානයක් යොමුවී තිබෙනවා.මෙසේ දස දහස් ගණන් කුරුස එම ස්ථානයට කෙසේ පැමිණියා දැයි මෙහි ආරම්භය කෙසේ සිදුවී දැයි නිශ්චිතව පැවසීමට කිසිම සාක්ෂියක්  නොමැති අභිරහසක්ව පවතී.
කුරුස කන්ද නමින් හඳුන්වන මෙම කදුවැටියේ ඉතිහාසය සමග යුද්ධය හා නැවත නැගීසිටීමේ සංකීර්ණ වෘතාන්තයක් ඇත.මේ පුරාවෘත භයංකාර තොරතුරු හා අද්භූත දර්ශනවලින් පිරී පවතියි. මේ කන්ද බොහෝ අභිරහස් සගවාගෙන සිටියි චිත්රේ ශිල්පියකු හා ඉතිහාසඥයකු වූ විලියස් පුරෝනස් පවසයි. ප‍්‍රදේශයේ පවතින එක් ජන ප‍්‍රවාදයකට අනුව මේ කඳුවැටිය පිහිටා තිබෙන තැන මුලින්ම තිබුණේ දේවස්ථානයකි. බොහෝ පුරාණ කාලයේ දිනෙක ඇති වූ මහා චන්ඩ කුණාටුවකින් ගසා ගෙන ආ විශාල වැලි හා විශාල පාෂාණ දේවස්ථානයේ ඇතුලේ සිටි පිරිසක් සමගින් වැළලී යන ලදී. ප‍්‍රදේශවාසීන් පවසන්නේ සමහර දිනවල හිමිදිරියේ හිරු නැගෙන්නට පෙර පූජකයන්ගේ අවතාරවලින් සැදුම්ලත් පෙරහරක් කදු පාමුල සිට ඉහළට යන දර්ශනයක් ක්ෂණිකව පෙනී අතුරුදන් වන බවයි .
තවත් පුරාවෘතයකට අනුව, වසර 1300දී පමණ ලිතුවේනියාවේ මෙම ප‍්‍රාන්තය හිමිව තිබුණේ විශාල පිරිස් බලයක් හිමි මිත්‍යා දුෂ්ටික දරුණු සිටුවරයකුට යි. ඔහුගේ සුවිසල් දැවමය මන්දිරය පිහිටා තිබුණේ මෙම කන්ද පිහිටා ඇති ස්ථානයේ ය. ලිතුවේනියාව ක‍්‍රිස්තියානුකරණයත් සමග 1348දී අසිපත් සහෝදරයෝ නම් ජර්මානු රණශුර කණ්ඩායමක් විසින් මෙම මන්දිරය විනාශ කරන ලදී. බොහෝ දෙනා විශ්වාස කරන්නේ එකී ප‍්‍රහාරයෙන් දිවි ගලවාගත් සිටුවරයාගේ සෙබළුන් මිය ගිය තම සහෝදර සෙබළුන්ගේ සිරුරු ගොඩගසා පස් වැසීමෙන් මෙම කන්ද නිර්මාණය වූ බවයි. මිය ගිය සෙබළුන්ගේ මෙන්ම පූජකයන්ගේ ආත්ම රාත‍්‍රියට මෙම කන්දේ සැරිසරන බව සමහරු පවසති.
කෙසේ වෙතත් කඳුවැටියේ වඩාත් කීර්තිමත් කතාව වන්නේ හදිසියේ බරපතල ලෙස රෝගී වූ දියණියකගේ හා බලාපොරොත්තු සුන් වූ පියාගේ කතාවයි. රෝගී දියණියගේ මරණ මංචකය අසල වැළපෙමින් සිටි පියාට එක්වරම දර්ශනය වූ කාන්තාවක් කියාසිටියේ කන්දට ගොස් ලී කුරුසයක් එල්ලන ලෙසයි. අද්භූත කාන්තාවගේ උපදෙස් පරිදි පසුදින උදයේම ලී කුරුසයක් සාදා එය කන්දේ සිටුවා ආපසු නිවසට පැමිණෙන විට ඔහු දුටුවේ සිය රෝගීව සිටි දියණිය නිවසේ දොරකඩ හිනැහෙමින් සිටින අයුරුයි. ඇය ප‍්‍රාතිහාර්යකින් මෙන් සම්පුර්ණයෙන්ම සුව වී සිටියාය. මේ පුවත කටින් කට පැතිරීමෙන් ප‍්‍රදේශයේ ජනතාව ද ඉන්පසු අවට ප‍්‍රදේශවල ජනතාව ද වශයෙන් තම ප‍්‍රාර්ථනා ඉටුකර ගනු පිණිස කන්දේ කුරුසයක් සිටුවා යාඥා කිරීමට පටන් ගත්හ.
නමුත් මේ සෑම කුරුසයක්ම සර්ව සුබවාදී වන්දනාකරුවන්ගේ ප‍්‍රාර්ථනා කුරුස නොවන බව ද කියැවේ. සමහර කුරුස පුරාණ නිහඩ කැරැල්ලක් සිහිකිරීම පිණිස සිටවූ බව කියවෙන ජන ප‍්‍රවාද පැතිර ගොස් තිබේ. ජර්මානු යුද භටයන්ගේ හා 19වැනි සියවසේ රුසියනු දෙවැනි සාර් ඇලෙක්සැන්ඩර් රජුට විරුද්ධව ලිතුවේනියාවේ කැරැල්ලෙන් පසු කුරුස කන්දට වඩාත් ආක‍්‍රමණශීලී තර්ජන එල්ල වූයේ සෝවියට් සංගමයෙනි. නැගෙනහිර රටවල ක‍්‍රිස්තියානිය විනාශ කිරීමේ උත්සාහයක නිරත වී සිටි සෝවියට් සංගමය විසින් කුරුස කන්ද සමතලා කිරීමේ උත්සාහයක නිරත් වී තිබීම ගැන වාර්තා වේ. ඒ කන්ද බුල්ඩෝසර් කිරීමෙන්, දැව කුරුස පිළිස්සීමෙන්, ලෝහ හා ගල් කුරුස උගුළුවා දැමීමෙන් ආදී වශයෙනි.
සෝවියට් සංගමය බිදවැටි දැන් ශත වර්ශ කාලයක් ගතවී ඇතත් කුරුස කන්ද තවමත් නිරුපද්‍රිතව පවතියි. මෙම කන්ද අවුරුදු ගණනක් තිස්සේ විවිධ ආගම්වලට අයත් වන්දනාකරුවන්ගේ ආකර්ෂණය දිනා ගන්නා පූජනීය ස්ථානයක් බවට පත්වී තිබෙයි. කුරුස කන්ද කිසිවෙකුටත් අයිති නැත. ඒ නිසා සියලු දෙනාටම අයිතිය. මිනිසුන් මෙහි කුරුස පිහිටුවන්නේ ඔවුන්ගේ ප‍්‍රාර්ථනා ඉටුකරන නිසාවෙනි.
කුරුස කන්දෙහි කුරුස හා සුරුවම් දැන් නඩත්තු කරගෙන පවත්වාගෙන යනු ලබන්නේ සියුලියායි නගර සභාව හා ෆැන්සිකානු නිකායේ පුජකයන් විසිනි. ලෝහ හා දැව කුරුසවල එල්ලා ඇති කුඩා කොන්ත හා සුරුවම් යනාදිය සියුලියායි ජනපදයේ හරහා හමන සුළගේ සැලීමෙන් නගන කිංකිනි රාවය විටින් විට අද්භූත ද විටෙක භයානක හඩක් ද නංවන බව ගැමියෝ පවසති. මේ අසාමාන්‍ය කුරුස කන්ද සමහරුන්ට යාඥා කරන හෝ ප‍්‍රාර්ථනා ඉටු කරදෙන ස්ථානයකි. තවත් සමහරුන්ට අන්ධකාර රාත‍්‍රීන්හි අද්භූත දර්ශන මවන තැනකි. අනෙක් අයට සාමාන්‍ය ජිවිතයේ අසාමාන්‍ය වූත් නොවැදගත් වූත් සිදුවීමකි.නමුත් පවතින සත්‍ය නම් මේ කිසිවකුත් වැරදි යැයි කියන්නට කිසිවෙකුටත් නොහැකි වීමයි.
-ශානිකා රත්නායක-
.........................................................................................................
උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Thursday, December 6, 2018

භූත විද්‍යාව වළපල්ලට යයිද? (butha vidya manthara අබිරහස් අඩවිය - Abirahas Adawiya - ශාස්ත්‍රීය ළිපි)

ග්‍රහ අපල සඳහා යන්ත්‍ර පැලඳවීම ලෙඩ රෝග සුව කිරීම සඳහා ශාන්ති කර්ම කිරීම යé භූත ප්‍රේත දොaෂ ඉවත්කිරීම, හදි හූනියම් දොaෂ ඉවත් කිරීම, ගෙවල් දොරවල් ආරéd කිරීම, භෛරව පූජා පැවැත්වීම, රාජ වශී යන්ත්‍ර පැලඳවීම, ව්‍යාපාර දියුණුවට වැඩ කටයුතු කිරීම, ආදී හොඳ වැඩද, වශී ගුරුකම්, පවුල් කඩා කප්පල් කිරීම් ආදී වැඩද, හූනියම් කිරීම් ආදී නොකළ යුතු වැඩ ආදී එකී නොකී සියලු යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් අඩංගු විද්‍යාව පොදුවේ භූත විද්‍යාව නමින් හදුන්වයි.

 භූත විද්‍යාව යනු අෂ්aටාංග ආයුර්වේදයේ එන අංග 8න් එක්‌ අංගයකි.

 1. ශෛලමය තන්ත්‍රය 2. ශාලාක්‍ය තන්ත්‍රය

 3. කාය චිකිත්සාව 4. භූත විද්‍යාව

 5. කෞමර තන්ත්‍රය 6. අගධ තන්ත්‍රය

 7. රසායන තන්ත්‍රය 8. වාජීකරණ තන්ත්‍රය

 නම් එම අංග 8 වේ.

 භූත විද්‍යාව අංග අටකට කොටස්‌ කරයි.

 1. වශී කර්මය - සිත දිනා ගැනීම, ඉණා කර ගැනීම, නඩු දිනීම

 2. ආකර්ශන කර්මය - පැන ගියවුන් ගෙන්වීම, ජනයා ඇද ගැනීම, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් සඳහා දිෂ්ඨි කිරීම, වෙළ හෙළ¹ම් දියුණුq කිරීම, අස්‌වැන්න වැඩි කිරීම

 3. මෝහන කර්මය - මුලා කිරීම, රැවටීම, සැඟවීම, ඇස්‌බැන්දුම්

 4. ස්‌තම්භ කර්මය - තද කිරීම, බන්ධන කිරීම, ගිනි පෑගීම (අග්නි ස්‌තම්භනය) ජල යට හුස්‌ම අල්ලා සිටීම (ජලස්‌තම්භනය) වෙඩි හිර කිරීම 

 5. ශාන්ති කර්මය - ලෙඩ සුවපත් කිරීම, යé භූත දොaෂ පිසාචාදී අමනුෂ්‍යයන්ගෙන් පැමිණෙන උපද්‍රව, ග්‍රහ දොaෂ, බාලගිරිදොaෂ, ඇස්‌ වහ කටවහ දොaෂ, වින දොaෂ දුරුකිරීම, යාග හෝම බලි තොවිල්

 6. විද්වේෂණ කර්මය - වෙන්කිරීම, බේද බින්න කිරීම, වෛරකරවීම, අනුන්ගේ කටයුතු කඩාකප්පල් කිරීම.

 7. උච්චාටන කර්මය - පලවා හැරීම, වින ආපිට කැපීම, ගෙවල් ආරéd කිරීම, සර්පයන් පැන්නීම, අංජනම් ඇරීම

 8. මාරන කර්මය - දුෂ්ටයන් වැනසීම, කොඩි වින කිරීම, අංග භූමි පාළු කිරීම

 (අංග අට හා එම අංග අටෙන් කරන ක්‍රියා මෙසේ වේ.)

 අෂ්ටාංග ආයුර්වේදය ඉගෙන ගන්නා සිසුන්ට භූත විද්‍යා විෂය අනිවාර්ය වේ. ඒ මන්ද වා පිත් සෙම් කිපීම සඳහා දෙහි කැපීම, රවි, සඳු කුජ, බුද, ගුරු, කිවි, ශනි ආදී නවග්‍රහයින් ගෙන්a පැමිණෙන රෝග දොaෂ සඳහා යන්ත්‍ර පැලඳීම හා වත් පිළිවෙත් කිරීම, මළ යé ප්‍රේතයන්ගෙන් වන්නාවූ රෝග දෝෂ ඉවත් කිරීම, හදි හූනියම් නිසාවෙන් වන රෝග දොaෂ දුරුකිරීමද, අට අනූවක්‌ රෝග, නව අනූවක්‌ ව්‍යාධි, කල් කර්ම, අකල් කර්ම, 203 අතුරු අන්තරා, ඇස්‌ වහ, කටවහ, සන්නි රෝග, ආදී රෝග දොaෂ සඳහා ප්‍රතිකර්මය ඇත්තේ භූත විද්‍යාවේ නිසාය.

 එය පොදුවේ දෛව ව්‍යාහස්‌ය චිකිත්සාව නමින් හඳුන්වයි.

 ශාන්ති කර්මයේ තොවිල් ප්‍රධාන කොටස්‌ 3ට බෙදයි.

 1. දේව ශාන්ති කර්ම - දෙවියන් ප්‍රධාන දෙවොල් මඩුගම්මඩු ආදිය

 2. යකුන් තොවිල් - යකුන් ප්‍රධාන පිදවිලිදීම, දරහැව දීම, දැපීම, හූනියන් කැපීම, යéයින් බැඳීම, සන්නි යකුම, මහ සොහොන් සමයම ආදිය

 3. ග්‍රහ ශාන්ති කර්ම - නවග්‍රහයින් ප්‍රධාන ග්‍රහ ශාන්තිකර්ම හා බලි ආදිය

 කරුමය වන්නේ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ඇති දේශීය වෛද්‍ය වරුනටද මෙය හරි හැටි ඉගැනීමක්‌ නොකිරීමය. මා මේ සඳහා අදාල බලධාරීන්ගෙන් ප්‍රශ්න කරන්නේ අංග 8 කින් සමන්විත අෂ්aටාංග ආයුර්වේදයේ එක්‌ අංගයක්‌ අතපසු කරන්නේ මන්ද කියාය.

 ç ලංකාවේ සිටින අපට පිට රට්‌ටුන්ගේ දේ බොහොම ඉහළින් උගන්වයි. ඒවා අපේ රටට සංස්‌කෘතියට ගැලපෙනවාද වත් හොයන්නේ නැත. නමුත් අපිටම ආවේනික අපේම සංස්‌කෘතියට ගැලපෙන අපේ දේශීය ඥනය අපේ දරුවනට නොදෙන්නේ මන්ද?

 අප රටේ අනාදිමත් කාලයක සිටම අපටම ආවේනික සංස්‌කෘතික අංග සිරිත් විරිත් පැවතුනි. සිංහල අලුත් අවුරුද්දට රටේම සියලු දෙනා එකම වෙලාවක චාරිත්‍ර සිදු කරයි. නැකතට එකම වෙලාවකට ආහාර අනුභව කරන ජාතියකට සිටින්නේ ç ලාංකිකයන් පමණකි. එය අපට මහත් ආඩම්බරයකි.

 අප රටේ දරුවකු මවුකුසින් බිහිවුණ දා සිටම චාරිත්‍ර සමග බැඳී පවතියි. ළමයා උපන් හැටියම හඳහන හදයි, එයට ගැලපෙන සුභ නමක්‌ තෝරයි, නැකතට කෙස්‌ කපයි, නැකතට රන් කිරි කට ගායි, නැකතට ඉඳුල් කට ගායි, ගැහැනුq දරුවන් නම් නැකතට කන්විදීම සිදු කරයි, මල්වර වූ විට සියලු චාරිත්‍ර නැකැත්වලට සිදුකරයි, ඇස්‌ වහ කට වහ වතුර මතුරයි, ග්‍රහ අපල සඳහා යන්ත්‍ර බැඳීම ආදී නොයෙක්‌ පුද පූජා සිදු කරයි. නොයෙක්‌ කාරණා සඳහා භාර හාර සිදු කරයි. විවාහ වීම සඳහා පොරොන්දම් ගලපයි. නැකැත් බලයි. අප මිය යැමෙන් පසුවද නැකැත්වලට ඒ කටයුතු සිදුකරන අවස්‌ථා ඇත. මේ දේවල් සිදුකරගැනීමට ඉතා දියුණු විද්‍යාවක්‌ අපට තිබී ඇත.
 
 කලු හමක්‌ ඇති සුදු මනසක්‌ ඇති බටහිරට කත් අදින ගැත්තන් සුලු පිරිසක්‌ මේවා බොරු යෑයි ප්‍රකාශ කරති. ඔවුන් බටහිර මතවාද මෙරටේ පතුරවමින් සුද්දන්ගේ කොන්ත්‍රාත්කරුවන් වේ. බටහිර විද්‍යාවට පදනම් වී ඇත්තේ ප්‍රැන්සිස්‌ බ්‍රේකන්a කියන පරිදි පරීéණ, නිරීéණ, නිගමන මතය. මම අහනව බටහිරට කත් අදින අපේ ගැත්තන්ගෙන් අපේ දේශීය ඥණය බොරුයි කියන්න කරපු පරීéණ, නිරීéණ, නිගමනය මොකක්‌ද කියලා.

 නමුත් බටහිරත්a අද නොපෙනෙන බලවේග හා දේශීය ඥනය පිsළිsගෙන තියෙනවා. නමුත් ගැත්තන් ඔවුන්ගේ කොන්ත්‍රාත්තුව තවත් සිදුකරයි. ඔවුන්ගේ බලාපොරොත්තුව අප රටේ සිරිත් විරිත් සංස්‌කෘතිය හැඳි ගා දැමීමය.

 ඒ කියන්නෙ අපි රෙදි ඇන්දා තවත් මොනවාද කතා. මම බලධාරීන්ගෙන් ප්‍රශ්න කරනවා මොකක්‌ද සංස්‌කෘතික අමාත්‍යාංශය කියන්නේ, මොකක්‌ද දේශීය වෛද්‍ය අමාත්‍යාංශය කියන්නේ. ඇයි රජය මේ ගැන සොයා බලන්නේ නැත්තෙ, ඇයි මේවා උගන්වන්න විශ්ව විද්‍යාල බිහි කරවන්නෙ නැත්තෙ.

 කෝ භූත විද්‍යාව, කෝ දේශීය වෙදකම, කෝ දේශීය සටන් ක්‍රම, කෝ අපේ සර්ප වෙදකම, කෝ දේශීය ගොවිතැන, කෝ දේශීය වාරි තාéණය, අපේ රටේ වැව්අමුණු දාගැබ් හැදුවේ සුද්දො ඇවිත්ද? තව අවුරුදු 50 ක්‌ පමණ ගතවන විට අපේ අනාගත පරපුරට අපේ දේ කියා පෙන්වන්න දෙයක්‌ නැත. පෙන්වන්න වන්නේ අනුන්ගෙන් එකතු කරගත් අපට නොගැලපෙන දැනුමකි.

 රාවනා රජු ගුවන් යානා සාදා ඒවායින් ගොස්‌ තවත් රටවල පාලන කළේය. දැන් අපි පිටරටින් ගුවන් යානා ගෙන්වයි. පෙර රජ දවසේ පෙරදිග ධාන්‍යාගාරය විය. අපේ ආහාර පිට රටට යෑව්ව. දැන් අපි හාල් රටින් ගෙන්වයි. දැඩි මුණ්‌ඩ දෙවියන් දේවාලය කිරීම සඳහා බංගලාදේශය, මැලේසියාව වැනි රටවලින් සෙනග ගෙනාවා. දැන් අපි ඒ රටවල රස්‌සාවට යයි. තොටමුණේ ç රාහුල හිමියන්ගේ කාලයේ අපේ ශිල්ප ඉගෙනීමට තොටගමුවේ විජයභා පිරිවෙනට ඉංදියාවෙන් පවා සිසුන් පැමිණ ඇත. අද අප ඉගෙනීමට පිටරට යයි. එයින් අපට පෙනී යන්නේ අපේ දේශීය ඥනය යොදා නොගැනීම නිසා අපේ රට ආපස්‌සට තල්ලු වී ඇති බවයි. දැන්වත් අපි එකතුව නැගීටීම මගින් මෙය පුළුවන් තරමකට ගොඩ නගා ගත හැක.

 දේශීය වෛද්‍ය විද්‍යාව උගත් වෙද මහතුන් තමන්ගෙ දැනුම අනිත් අයට දී උගත් පිරිසක්‌ බිහි කරන්න.

 යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් හොර රහසේ භාවිත නොකර අනිකාට උගන්වන්න. දේශීය ගොවිතැන දේශීය සටන් කලාව ඇතුළුව අපගේ සියලුම දේශීය ඥනය ලබාදීමට එම ඥනය ඇති අය පෙළ ගැසෙත්වා.

 ප්‍රධාන කරුණ වන්නේ මෙම සියලු ඥනය ලබාදීමට ඒ හා සුදුසු පුද්ගලයන් විය යුතුය. එය තෝරා බේරා උගැන්වීම කළ යුතුයි.

 රට පාලනය කරන බලධාරීන් මෙයට සාධාරණයක්‌ කර අපගේ දේශීය ඥනය ඉදිරියට ගෙන ඒමට කටයුතු කරන සේක්‌වා.

 පාරම්පරික ගුප්ත ශාස්‌ත්‍ර, යන්ත්‍ර මන්ත්‍ර ශාන්ති කර්ම උපදේශක
 රොෂාන් චානක තිසේරා
 දොඹවල, උඩුගම්පොල. 071-6366175
divaina
.....................................................................
උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya