Showing posts with label හෙල පුරාණය. Show all posts
Showing posts with label හෙල පුරාණය. Show all posts

Saturday, July 3, 2021

බලන්ගොඩ ලුණුගල් ගෙයින් හමුවුණු අවුරුදු 6300ක්‌ පැරණි ලේ පැල්ලම.... (balangoda lunu gal lena අබිරහස් අඩවිය - Abirahas Adawiya - හෙල පුරාණය)

වන වදුලෙන් සහ පස්‌ තලාවෙන් යටව වසර සිය දහස්‌ ගණනක අතීතය සැඟව ගොස්‌ තිබේ. එවන් ලාංකීය අභිමානය සමගින් කාලයේ වැලි තලාවට යටව ගොස්‌ ඇති ඒ මාහැඟි තොරතුරු සොයා පුරා විද්‍යාඥයෝ කැණීම් සිදු කරමින් මහා මෙහයක්‌ කරමින් සිටිති. කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රා- සෝමදේව මහතා ඒ අතරින් අපේ ඉපැරණි උරුමයන් සොයා යමින් මහා යුග මෙහවරක්‌ කරනු ලබන පුරෝගාමී පුරාවිද්‍යාඥයෙකි. ඒ අනුව රාඡ් සෝමදේව මහතා සහ පිරිස බලන්ගොඩ වැලිගේපොළ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ ඉලුක්‌කුඹුර සහ පනාන ප්‍රදේශයේදී කැණීම් ආරම්භ කරනු ලැබුවේ ඉතිහාසය පිළිබඳව වටිනා කරුණු රැසක්‌ අනාවරණය කර ගැනීමටය. ඒ අනුව මෙම ප්‍රදේශවාසීන් ලුණුගල්ගේ ලෙස හඳුන්වන ගල්ගුහාව ආශ්‍රිතව කැණීම් සිදු කරන්නට වුහ. මේ ආකාරයේ කැණීම් සිදු කරන විට අතීතයේ ගොවියා භාවිත කළ වී ඇට සහ විවිධ පුරා වස්‌තූන් රැසක්‌ හමුවන්නට වූහ. එම නිසා මෙම පරීක්‌ෂකයන් ඉතාමත් සියුම් ආකාරයෙන් දිගින් දිගට මෙම ස්‌ථානයේ කැණීම් සිදු කරන්නට වූහ. n15 2එහිදී හමුවු ඉපැරණි ගල් ආයුධයක්‌ ඉතා හොඳින් පරීක්‌ෂා කර බැලූ රාඡ් සෝමදේව මහතාට එහි පැරණි ලේ පැල්ලම් වැනි යමක්‌ තිබෙන බව පෙනි යන්නට වූවේය. පුරා විද්‍යාව පිළිබඳව හසල දැනුමකින් හෙබිව සිටි රා- සොමදේව මහතා නැවත නැවතත් ඉතා සියුම් ආකාරයෙන් මෙම ගල් ආයුධය පරීක්‌ෂා කරන්නට විය. මේක නම් ඉපැරණි ලේ පැල්ලමත් තමයි සිතූ ඔහු මේ ගැන දිගින් දිගටම පරීක්‌ෂණ කිරීමෙන් යමක්‌ අනාවරණය කිරීමට හැකිවන බව සිතන්නට වූවේය. මෙම ගල් ගුහාව ගම්වාසීන් විසින් හඳුන්වන්නේ ලුණුගල්ගේ නමිනි. 

2015 වසරේදී මෙම ගුහාවේ කරන ලද පුරා විද්‍යාත්මක කැණීමක්‌ මගින් ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් ගල් මෙවලමක මතුපිට ඉතිරිව තිබූ මෙම පැල්ලම මිනිස්‌ රුධිරය විය හැකි යෑයිද ඒ අනුව ඒ පිළිබඳව ඉලෙක්‌ට්‍රොaන පරිලෝකන අන්වීක්‌ෂ මගින් මේ පිළිබ`දව පරීක්‌ෂණ සිදුකර ඉතා වැදගත් තොරතුරක්‌ අනාවරණය කරගන්නට හැකිවෙනු ඇතැයි රාඡ් සෝමදේව මහතාට සිතුණි. වසර 120 ඉතිහාසයක්‌ ඇති දකුණුq ආසියාවේ පැරණිතම වෛද්‍ය පර්යේෂණ ආයතනයක්‌ වන බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ඉලොක්‌ට්‍රොaන අන්වීක්‌ෂ අංශය මෙය සැබෑ ශ්‍රී ලාංකීය ජාතික මෙහෙවරක්‌ ලෙස සලකමින් මෙම කාර්ය සඳහා සක්‍රීය දායකත්වය ලබා දෙන්නට ඉදිරිපත් වන්නේය. සාමාන්‍ය ආලෝක අන්වීක්‌ෂයක්‌ මගින් උපරිම ලෙස 1500 වාරයක්‌ විශාල කොට දැකිය හැක. නමුත් ඉලෙක්‌ට්‍රොaන අන්වික්‌ෂයක්‌ මගින් යම් වස්‌තුවක්‌ ලක්‌ෂ ගණනක්‌ විශාලව දැක ගැනීමට හැකිය. ඉලෙක්‌ට්‍රොaන අන්වීක්‌ෂයෙන් භාවිතාවන ඉලොක්‌ට්‍රොaන ධාරාව මගින් වඩාත් විශ්ලේෂනාත්මක කරුණු ලබාගත හැක. ඉලෙක්‌ට්‍රොaන අන්වික්‌ෂ වර්ග දෙකක්‌ තිබෙන අතර ඉන් රුපියල් මිලියන 150 ක්‌ පමණ වටිනා සම්ප්‍රේෂිත ඉලෙක්‌ට්‍රොaන අන්වික්‌ෂය මගින් අභ්‍යන්තර ව්‍යqහයද රුපියල් මිලියන 100ක්‌ වටිනා පරිලෝකිත ඉලෙක්‌ට්‍රොaන අන්වික්‌ෂය මගින් මතුපිට ව්‍යqහයද පරික්‌ෂා කළ හැකිය. මේ වන විට ශ්‍රී ලංකාව තුළ ඇත්තේද සම්පේෂිත ඉලෙක්‌ට්‍රොaන අන්වීක්‌ෂ දෙකක්‌ සහ පරිලෝකිත ඉලෙක්‌ට්‍රොaන අන්වික්‌ෂ 06 ක්‌ පමණි. 

මෙවැනි පහසුකම්වලින් සපිරි බොරැල්ලේ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය පර්යේෂණාගාර තාක්‌ෂණ විද්‍යාඥ කීර්ති වික්‍රමරත්න මහතා මේ පිළිබඳව පරීක්‌ෂණ කටයුතු ආරම්භ කරන්නට වූවේය. ඒ අනුව රාඡ් සෝමදේව මහතා ලබා ගන්නා ලද මෙම තිරුවානා ගල් විශේෂයකින් නිමවූ ආයුධයේ මත තැවරුනු ලේ පැල්ලමේ යෑයි අනුමාන කරන දේ පිළිබඳව තම නිවසේ තිබෙන යු. එස්‌. බී. අන්වීක්‌ෂය මගින් මේ පිළිබඳව අදාළ ජායාරූප ලබා ගනිමින් පරීක්‌ෂණ කටයුතු ආරම්භ කරන්නට වූවේය. මෙම ගල් ආයුධයේ මිනිස්‌ රුධිර පැල්ලමක්‌ තිබෙනවා යෑයි මට මුලදී සිතුණේ නැහැ. නමුත් මම ඉතා උනන්දුවෙන් මෙම පරීක්‌ෂණ කටයුතු සිදුකරා. පස්‌සේ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ඉලෙක්‌ට්‍රොaන අන්වීක්‌ෂය අංශයේදී මෙම ගල් ආයුධයේ දුඹුරු පැහැ පැල්ලම ඉතා සියුම් ලෙස කුඩා ප්‍රමාණයකින් ඉවත් කර අති නවීන තාක්‌ෂණ භාවිතාවන් සහිත රසායානාගාර ක්‍රම වේදයක්‌ මගින් පරිලෝකිත ඉලෙක්‌ට්‍රොaන අන්වීක්‌ෂයෙන් මම පරීක්‌ෂණයන් සිදු කරා. එම අන්වීක්‌ෂයෙන් මෙම මතුපිට ස්‌වරූපය ඉතා සියුම් ආකාරයෙන් නිරීක්‌ෂණය කර හැකියි. ඉතා වෙහෙසකර සහ දීර්ඝ මෙහෙයුමකට පස්‌සේ බොහෝ ලෙසින්ම මිනිස්‌ රතු රුධිරාණුවක හැඩයෙන් උරුමකම් සහිත සෛල කිහිපයක්‌ මට නිරීක්‌ෂණය කරන්න හැකිවුණා. ඒ ආකාරයෙන් රාඡ් සෝමදේව මහතා සොයා ගන්නා ලද ඒ ඉපැරණි ගල් මෙවලමේ තිබූ පැල්ලම මිනිස්‌ රුධිරය බව ශ්‍රී ලාංකීය වංශ කතාවට ආදි මානවයාගේ තොරතුරු ඇතුළත් තවත් නව පිටුවක්‌ ඒ ආකාරයෙන් එක්‌වුණා. සාමාන්‍යයෙන් රතු රුධිරාණුqවක මයික්‍රෝන 7.2 වන අතර මෙම පැල්ලමේ තිබුණ සෛලවල මයික්‍රෝන 6.0ක්‌ සහ 7.0ක්‌ අතර ප්‍රමාණයෙන් දක්‌නට ලැබුණා. පරිලෝකිත ඉලෙක්‌ට්‍රොaන අන්වික්‌ෂ මගින් ලබා ගත් ජායාරූප විදෙස්‌ විද්වත් නිරීක්‌ෂණයන්ටද භාජනය වූ අතර ඒවා බොහෝ ලෙසටම මිනිස්‌ රතු රුධිර සෛල වලට උරුමකම් ඇති බව ඔවුන්ගේද මතයෑයි මෙම නව සොයාගැනීමට විද්‍යාත්මක අංශයෙන් දායකත්වය ලබා දෙමින් රාඡ් සෝමදේව මහතාගේ පර්යේෂණයට සිය දායකත්වය උපරිම ආකාරයෙන් ලබා දුන් කිර්ති වික්‍රමරත්න මහතා පවසා සිටියේය. මෙයට පෙර යුරෝපයේදි හමුවූ අයිස්‌ මිනිසාගේ රුධිර සෛල පරිලෝකිත ඉලෙක්‌ට්‍රොaන අන්වික්‌ෂ ඇසුරෙන්ද හැදෑරීම්කර තිබේ. එම රුධිර සෛලද වසර පන්දහකට වඩා පැරණිය. නමුත් මෙම මිනිස්‌ රුධිර සාම්පලය ඊටත් වැඩි කාලයක්‌ පැරණිය. මහා වනාන්තරද, ගිරි මුදුන් සහ ගල් ගෙවල් වැනි විවිධ ස්‌ථානයන්හි මහා දුෂ්කරතාව විඳිමින් වසර ගණනාවක්‌ තිස්‌සේ ශ්‍රී ලාංකීය ඉතිsහාසයට මාහැඟි සොයා ගැනීsම් රැසක්‌ සොයා අතීsත තොරතුරු නිබදවම අනාවරණය කරමින් සිටින මෙම ඉපැරණි ලේ පැල්ලම සොයා ගනිමින් ඉතිහාසයේ නව පිටුවක්‌ සනිටුහන් කිරීමට මුල්වූ කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාඡ් සෝමදාස මහතා මෙම සොයා ගැනීම පිළිබඳව මෙසේ අදහස්‌ දක්‌වා සිටින ලදී. 

අපිට මෙම ගල් මෙවලම හමුවුණේ 2015 වසරේදී. මෙය ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් ගල් මෙවලමක්‌. මෙම ගල් මෙවලමේ තිබූ පැල්ලම ලේ පැල්ලමක්‌ යෑයි මා අනුමාන කර ඒ හරහා බොරැල්ලේ වෛද්‍ය පර්යේෂණ ආයතනය හරහා අදාළ විද්‍යාත්මක පර්යේෂණයන් සිදුකරනු ලැබුවා. ඒ පිළිsබඳව ලබාගත් ඉලෙක්‌ට්‍රොaනික පරිලෝකන අන්වික්‌ෂ ඡායාරූප මගින් මිනිස්‌ රුධිරයට අයත් බව තහවුරු වුණා. එම ගල් මෙවලම තැන්පත් වූ පස්‌ ස්‌ථර විද්‍යාත්මක කාලනිර්ණය කිරීමෙන් මෙම රුධිර පැල්ලම ක්‍රිස්‌තු පූර්ව 4300 - 3900ත් අතර කාලයට අයත් බව සනාථ වුණා. ඒ අනුව මෙම රුධිර පැල්ලම සහිත මෙවලම භාවිත වර්ෂ අනුව අවුරුදු 6300ක්‌ පැරණි කාලයට අයත් වූවක්‌ යෑයි අනාවරණය වුණා. වැඩිදුර මෙය අධ්‍යනය කිරීම සදහා මෙම ගල් මෙවලම රාගම වෛද්‍ය පීඨයට යවා තිබෙනවා. නිවර්තන කලාපිය වියළි ගල් ගුහා අභ්‍යන්තරයේ පවතින ආංශුක පරිසර තත්ත්වය මෙවැනි ජීව විද්‍යාත්මක සලකුණු දිර්ඝ කාලයක්‌ තිස්‌සේ සුරැකිව තිබෙන්නට ඇතැයි සිතනවා. ලෝකයේ මෙවැනි අති පුරාණ මිනිස්‌ රුධිර පැල්ලම් වාර්තාවී තිබෙන්නේ දහයකට අඩු සංඛ්‍යාවක්‌. එවැනි දේ අධ්‍යනය කිරීම සඳහා රුධිර සායන විද්‍යාව (ය්eපද - ඒචය්බදපහ) නමින් උප ශික්‌ෂණයක්‌ දැන් ලෝකයේ දියුණු වී තිබෙනවා යෑයි මෙම විශිෂ්ට සොයා ගැනීමට මුල්වෙමින් සැමදාමත් මෙවන් ඉතිහාසයේ විස්‌මිත සොයා ගැනීම් සොයා ලොවට හෙළිකරන මහාචාර්ය රා- සෝමදේව මහතා ඉරිදා දිවයිනට අදහස්‌ දක්‌වමින් පවසා සිටින්නට වූවේය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යාපන පර්යේෂණ හා පුහුණු නියෝජ්‍ය අධ්‍යක්‌ෂ ජනරාල් වෛද්‍ය සුනිල් ද අල්විස්‌ මහතා මේ සොයා ගැනීම පිළිබඳව මෙසේ අදහස්‌ දැක්‌වූවේය. ඉතිහාසය පිළිබඳව මහා වෙහෙසක්‌ දරලා කරුණු සොයා යන මහාචාර්ය රා- සෝමදේව වැනි පුරා විද්‍යාඥයිsන්ට අපි සහාය දිය යුතුයි. 

අපි මෙහි සේවය එවැනි දේටත් ලබාදිය යුතුයි. මෙම සොයා ගැනීම ලංකාවට පමණක්‌ නොවෙයි මු`ඵ ලොවටම වටිනා දෙයක්‌. අපි ඉදිරියේදි මෙම ඉලෙක්‌ට්‍රොaන අන්වික්‌ෂ තවත් වැඩි දියුණු කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ඉදිරියේදි කුඩා දේවල් වල පවා කාලයත් එක්‌ක සිදුවන වෙනස්‌ වීම් හඳුනාගන්න හැකි ආකාරයට වැඩි දියුණු කරනවා. ඒ නිසා ඉදිරියේදි මෙවන් පරීක්‌ෂණයන් සඳහා එවිට තවත් පහසුකම් ලබා දෙන්නට ප`qඵවන් යෑයි සුනිල් ද අල්විස්‌ මහතා පවසා සිටියේය. ශ්‍රී ලාංකීය වංශ කථාවේ අපගේ ආදිතම මිනිසෙකුගේ රුධිර සෛල සොයා යැමේ කටයුත්ත ලෙහෙසි පහසු කටයුත්තක්‌ නොවූ බව සටහන් කළ යුතුමය. රාඡ් සෝමදේව මහතා ඇතු=`ඵ පුරාවිද්‍යා පිරිවර සොයා ගත් ඒ මහා සොයා ගැනීම විද්‍යාත්මකව තහවුරු කිරීම සඳහා මෙවන් වූ විශේෂ පරීක්‌ෂණයන් සඳහා දායකවීමට ඉඩ හසර ලබා දුන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යාපන පර්යේෂණ හා පුහුණූ නියෝජ්‍ය අධ්‍යක්‌ෂ ජනරාල් වෛද්‍ය සුනිල් ද අල්විස්‌ මහතා, වෛද්‍ය පර්යේෂණ ආයතන අධ්‍යක්‌ෂතුමන්ට, විශේෂඥ වෛද්‍ය (පටකවේද) නිෂාලි ඒකනායක මහත්මියට සහ වෛද්‍ය පර්යේෂණාගාර තාක්‌ෂණ විද්‍යාඥ කීර්ති වික්‍රමරත්න මහතාට කෘතවේදිත්වය හිමිවිය යුතුමය. මහාචාර්ය රාඡ් සෝමදේව වැනි විද්වතෙකු සොයා ගත් අපූරුව ජාතික වටිනා කමකින් යුත් පර්යේෂණයකට දායකත්වය සැපයීමට හැකිවීම වෛද්‍ය පර්යේෂණ තාක්‌ෂණ විද්‍යාඥයෙකුට සුවිශේෂී අවස්‌ථාවක්‌ වනු නොවනුමානය. මානව වංශ කථාව දිදුලන්නේ අධිෂ්ඨාන සහගත හා දිරිය මිනිසුන් ඉදිරිපත් කළ නැවුම් වූ පර්යේෂණ නිසාවෙනි. ලෝකය වඩාත් ප්‍රබුද්ධ හා පැහැබර කළෝ නම් එක්‌ ප්‍රතිභා සම්පන්න මිනිසුන්ගේ අනුහසිනි. ශ්‍රී ලංකාවේ ප්‍රජාවේ අභිමානවත් ඉතිහාසයේ සුවිශේෂී මං සලකුණු සොයා ගිය ධෛර්යය සම්පන්න ගමනට එක්‌වෙමින් බාධක පරයා ගොස්‌ සත්‍යය ගවේෂණය කරන්නන් හට තිළිණ වන්නේ කුමක්‌ද? එවන් දේ නොලැබුණද නිහ`ඩවම ජාතියේ උරුමයන් සොයා යන රා- සෝමදේවයන් වැනි විද්වතුන්ට සහ මෙම පර්යේෂණයට නොමඳව සහාය දැක්‌වූ බොරැල්ලේ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නිලධාරීන් මහත්වරුන්ට සහ කීර්ති වික්‍රමරත්න මහතා ඇතුළු කාර්ය මණ්‌ඩලයටද ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුමය. 

සුසන්ත අමර බන්දු
divaina
-----------------------------------------------------------------
උපුටා ගැනීම් සහිතයි ....!!! 
දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Sunday, May 10, 2020

අභයගිරිය අසලින් මතුවූ රන් කරඩුවේ ඇත්තේ පූජණීය ධාතුද?...(Abhaya giriya අබිරහස් අඩවිය - Abirahas Adawiya - හෙල පුරාණය)

ඓතිහාසික අනුරාධපුර උත්තර මහා විහාරය හෙවත් අභයගිරිය චෛත්‍යරාජයාණන් වහන්සේ ප‍්‍රමුඛ විහාර සංකීර්ණය වට්ටගාමණී අභය හෙවත් වලගම්බා මහ රජුන් (කි‍්‍ර.පූ.89-කි.පූ.77) විසින් කරවන ලදී. ඉන්පසු කාලයන්හිදී අනුරාධපුර යුගයේ හෙළ රජ දරුවන් විසින් විවිධ අවස්ථාවලදී ප‍්‍රතිසංස්කරණයට ලක්කළ අභයගිරි සෑ රජුන් රජරට ශිෂ්ඨාචාරය බිඳ වැටීමට පෙර අවසන් වරට ප‍්‍රතිසංස්කරණය කරන ලද්දේ පොලොන්නරුව රාජධානිය කරගත් මහා පරක‍්‍රමබාහු මහ රජුන්ය. (කි‍්‍ර.ව.1153-ක‍්‍රි.ව.1186)

 වර්තමානයේදී මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් අභියගිරිය සෑ රජුන්ගේ සංරක්‍ෂණ කටයුතු සිදුකරනු ලබයි. ඒ අනුව සිදුකරන ලද කැණීමකදී රනින් නිමකරන ලද සැලකෙන කුඩා කරඬුවක් සහ ආභරණ කීපයක් සහිත පුරා වස්තූන් හමුවී තිබේ. අභයගිරිය සෑ රජුන්ගේ ඊසාන දිශාවේ මුල්ම (පහළම) පේසාවළල්ලේ මුහුණත ගඩොල් වරියට යටින් මෙම කුඩා කරඬුව හමුවී ඇති අතර එම ස්ථානයේදී එයට යටින් ගල් පුවරුවක් යට තිබී අන් පුරාවස්තු හමුවී තිබේ.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ මහා විහාර ව්‍යාපෘතිය මෙන්ම අභයගිරි ව්‍යාපෘතියේ පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ලෙස කටයුත කරන මහාචාර්ය ටී. ජී. කුලතුංග මහතා මෙම පුරාවස්තු පොලොන්නරු යුගයට අයත් බව අදහස් කරයි. ඒ අනුව එතුමා පැවසුවේ ‘‘මහාවංශයේ සඳහන් වෙනවා පොලොන්නරුවේ මහා පරාක‍්‍රමබාහු රජතුමා (කි‍්‍ර.ව. 1153-ක‍්‍රි.ව.1186) අනුරාධපුරයට ඇවිත් අභයගිරිය ස්ථූපය ප‍්‍රතිසංස්කරණය කළ බව. මේ පුරාවස්තු තැන්පත් කළ ස්ථාන ගැන අවධානය යොමුකරද්දී ඒවා පොලොන්නරු යුගයට අයිති බව පැහැදිලිය.’’ ලෙසය.

 මධ්‍යම සංස්කෘතික අරමුදලේ අභයගිරි ව්‍යාපෘතියට අයත් පර්යේෂණාගාරයේදී මේ පිළිබඳව කරන ලද මූලික පර්යේෂණ වලදී අනාවරණය කරගත් මූලික තොරතුරු වලට අමතරව තවත් වැදගත් වැදගත් තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා රනින් නිමකරන ලැදැයි සැලැකෙන කුඩා කරඬුව තුළ ඇත්තේ කුමක්දැයි දැනගැනීමට එක්ස් රේ පරීක්‍ෂාවක් කළ යුතු බවද මහාචාර්ය ටී. ජී. කුලතුංග මහතා පැවැසීය. මෙහිදී හමුවූ පුරාවස්තු මෙන්ම මෙම පුරාවස්තුන්හි ඉදිරි පර්යේෂණ පිළිබඳවද අප කළ විමසීමකදී මහාචාර්ය ටී. ජී. කුලතුංග මහතා තවදුරටත් අවධාරණය කර සිටියේ ‘‘හමුවූ පුරා වස්තු ගැන කාලනිර්ණය කර ගැනීම අපට පහසුවක් වී තිබෙනවා. කලින් මේ පුරාවස්තු හමුවූ ස්ථානයේම පොළොවේ පස්වලට යටවී තිබූ හමුවී මිනිසකුගේ ප‍්‍රමාණයට වඩා විශාල ශෛලමය බුද්ධ ප‍්‍රතිමා වහන්සේ, ඒ අසල කොටා තිබූ එම බුදු පිළිම වහන්සේ මෙතෙන යැයි කියන සටහනේ අක්‍ෂර අයත් වන්නේ 12 වන සියවසටයි. ඒ කියන්නේ පොලොන්නරු යුගයටයි. එහිදීද මහා පරාක‍්‍රමබාහු රජතුමාගේ යුගයටයි. එය පැහැදිලියි.

 අනෙක් කාරණය මේ කුඩා කරඬුව තිබුණේ තවත් කරඬුවක් ඇතුළතයි. ඒක තිබුණෙත් තවත් කරඬුවක් ඇතුළතයි. රනින් කරවූ බව පෙනෙන මේ කුඩා කරඬුව විවෘත කරන්න අපේ පර්යේෂණගාරයේදී දැරූ උත්සාහය අසාර්ථක වුණා. අපහසුවෙන් එම කුඩා කරඬුව විවෘත කරන්න ගියා නම් එයට හානි වෙන්න පුළුවන්. ඒ නිසා පරමාණුක බලශක්ති අධිකාරියෙන් හෝ එවැනි වෙනත් සුදුසු ස්ථානයකින් එක්ස් රේ පරීක්‍ෂණයක් කිරීමෙන් තමයි එය තුළ තිබෙන්නේ කුමක්ද කියා බලාගන්න හැකිවෙන්නේ. ඉතින් බොහෝ දුරට මේ පුරාවස්තු නිධන් වස්තු ලෙස තැන්පත් කළ වස්තූන් විය හැකියි. තවදුරටත් මේ පිළිබඳ අදහස් පළකළ එතුමා පැවසුවේ ‘‘කොහොම වුණත් මට හිතෙන්නේ පූජනීය භෂ්මාවශේෂ හෝ ධාතූන් කොටස් අවශේෂ මෙහි තැන්පත් කර තිබෙනවා විය හැකි බවයි. මිනිසුන්ගේ පයට නොපෑගෙන ස්ථානයක තැන්පත්කර තිබූ නිසයි එහෙම හිතෙන්නේ.’’

 ‘‘ එතනම පහළින් සලපතල මළුවේ ගල් පුවරුවක් යට තිබී හමුවූ පුරා වස්තු අතර රන් පැහැ ලෝහමය මුදු කිහිපයක් තිබෙනවා. ඒවගේම රන් පැහැ කුඩා තහඩු කීපයක් තිබෙනවා. තවත් එවැනි පුරාවස්තු කිහිපයක් තිබෙනවා. අස්ථිමය වළලූ කැබලි කීපයකුත් තිබෙනවා.’’ මෙය සම්බන්ධව පූර්ණ පර්යේෂණයක් සිදුනොකොට වැඩිවිස්තර අනාවරණය කිරීමට හැකියාවක් නැතැයි පැවසූ මහාචාර්යවරයා එම පර්යේෂණයන් අවසන්වූ වහාම එම තොරතුරු මාධ්‍යට ලබාදෙන බවද අවසන් වශයෙන් පැවැසීය.

 රටක ජාතියක අනන්‍යතාවය සනාථ කරන්නේ පුරාවස්තූන්ය. අප රටේ පුරාවස්තු වලින් අතිබහුතරයක් බුදු දහම හා සිංහල බෞද්ධ සංස්කෘතිය සමග අත්‍යන්තව බැදී පවතියි. අපට පුරාවස්තූන්හි පෞරාණික වටිනාකමින් ඔබ්බට ගිය පූජනීය වස්තූන් වන්නේ එබැවිනි. එසේනම් මහාචාර්ය ටී. ජී. කුලතුංගයන්ගේ ඉදිරි පර්යේෂණයන්ට අදාල අනාගත අනාවරණ මගින් තවත් වැදගත් වටිනා ඓතිහාසික තොරතුරු තහවුරු කර ගැනීමට ලැබෙන බව නිසැකය.
 ප‍්‍රසාද් ගුණසිංහ
divaina
================================================
උපුටා ගැනීම් සහිතයි ....!!! 
දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Wednesday, April 15, 2020

පුරාණ දාගැබ් තැනීමේ තාක්‌ෂණික පසුබිම...(purana dagab thakshanaya අබිරහස් අඩවිය - Abirahas Adawiya - හෙල පුරාණය)

දාගැබ, චෛත්‍යය, වෙහෙර, ස්‌ථූපය ආදී වශයෙන් බෞද්ධ ආගම මූලික කොටගත් ස්‌මාරක විශේෂයක්‌ පවතී. පාලි භාෂාවෙන් ථූප යන ශබ්දයෙන් ද සංස්‌කෘත භාෂාවෙන් එය ස්‌ථූප යන ශබ්දයෙන් ද හැඳින්වෙන අතර ධාත+ගබ්බො හෙවත් ධාතු ගර්භය දාගැබ වශයෙන් සාමාන්‍ය ව්‍යවහාරයට පැමිණ ඇත. බෞද්ධ ධර්මයට අනුකූලව ත්‍රිsවිධ චෛත්‍යයන් අතරින් ප්‍රථම ස්‌ථානය හිමි වන්නේ ද ස්‌ථූපය සඳහාය. සජීවී වස්‌තූන් වශයෙන් සැලකෙන ධාතූන් වහන්සේලා තැම්පත් කර නිර්මාණය කර ඇති හෙයින් බෝධීන් වහන්සේට හා බුදු පිළිම වහන්සේ වෙත ලබා දී ඇති ස්‌ථාන අභිබවා ස්‌ථූපය ප්‍රමුඛස්‌ථානයට පැමිණ ඇත. ඓතිහාසික ස්‌මාරකයක්‌ වශයෙන් සලකා බැලූ විට ස්‌ථූපය සොහොන් ස්‌මාරකයක්‌ වශයෙන් ද පෙන්වා දිය හැකිය. ඊජිප්තු වාසීන් තනා ඇති පිරමීඩ අභ්‍යන්තරයේ පවතිනුයේ මමිකරණයට ලක්‌ කරන ලද මෘතශරීරයන් ය. එහෙයින් ඒවා පිරමීඩාකාර සොහොන් වශයෙන් සලකනු ලබයි. බුදුන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලා තැම්පත් කර හෝ එසේ නැතිනම් ශ්‍රේෂ්ඨ බෞද්ධ නරපතීන්ගේ භෂ්මාවශේෂ තැම්පත් කර ස්‌ථූප නිර්මාණය කර ඇති හෙයින් ස්‌ථූපයන් ද සොහොන් විශේෂයකි. මෙම සංකල්පයම කෞතුකාගාරකරණයේ මූලාරම්භය වශයෙන් ද අවැසි විටෙක අදහස්‌ ඉදිරිපත් කිරීමේ යම් හැකියාවක්‌ පවතී. එනම් කෞතුකාගාරයක්‌ මගින් කෙරෙනුයේ පුරාවස්‌තූන් ආරක්‌ෂා කර රැක ගැනීමකි. ඉදිරි පරපුර වෙත දායාද කිරීමකි. ස්‌ථූපයන් තුළ නිධන් කර බුදුන් වහන්සේගේ හා රහතන් වහන්සේලාගේ ධාතූන් තැන්පත් කර තිබීමෙන් ඒවා වසර දෙදහස්‌ පන්සියයකටත් අතීත යුගයේ සිට අද දක්‌වා ඇතැම් ස්‌ථූපයන් තුළ තවමත් සුරක්‌ෂිතව පවතී. එහෙයින් ස්‌ථූප නිර්මාණය කෞතුකාගාරකරණයේ මූලාරම්භයක්‌ හා සංරක්‌ෂණය යන සංකල්පයේ මූලාරම්භයක්‌ වශයෙන් ද පෙන්වා දිය හැකිය.

 බෞද්ධ බැතිමතුන්ගේ වන්දනාමානයට පාත්‍ර වන ස්‌ථූප අතරින් ශ්‍රී ලංකා ඉතිහාසයේ නිර්මිත ප්‍රථම ස්‌තූපය වශයෙන් දේවානම්පියතිස්‌ස රජ දවසේ ඉදි කළ ථූපාරාමය හැඳින්විය හැකිය. ආරම්භක අවස්‌ථාව එය වූ හෙයින් ස්‌තූපයක ස්‌වරූපය පිළිබ`දව දේවානම්පියතිස්‌ස රජු මිහිඳු මාහිමියන්ගෙන් විමසූ අවස්‌ථාවේ උන්වහන්සේ විසින් දේශනා කරන ලද්දේ, "වීහි රාසි සදිසො මහා රජා" වශයෙනි. එහිදී පැහැදිලි කර ඇත්තේ වී ගොඩක්‌ ගොඩ ගස්‌වන ආකාරයට එම ස්‌ථූපය නිර්මාණය කරන ලෙසටය. ඒ අනුව ආරම්භ වූ ස්‌ථූප නිර්මාණය බාහිර ස්‌වරූපයට අනුව ධරණ හැඩයන් ආකාර කිහිපයකි.

 බුබ්බුලාකාර-ජල බුබුලක ආකාරයේ ස්‌ථූප
 ධාන්‍යාකාර- වී ගොඩකර ඇති ආකාරයේ ස්‌ථූප
 ඝණ්‌ඨාකාර-ඝාණ්‌ඨාරයක ආකාරයේ ස්‌ථූප
 ඝඨාකාර-කළයක්‌ ආකාරයේ ස්‌ථූප
 ආමලාකාර-නෙල්ලි ගෙඩියේ ආකාර ස්‌ථූප
 පද්මාකාර-නෙලුම් මලක්‌ ආකාරයේ ස්‌ථූප
 චතුරස්‍රාකාර-හතරැස්‌ ආකාරයේ ස්‌ථූප

පලාණ්‌ඩ්වාකාර-ලුනු ගෙඩියක හැඩය ගත් ස්‌ථූප (මංජු ශ්‍රී වාස්‌තුවිද්‍යා හි සඳහන් වන ආකාරයට, රෝලන්ඩ් සිල්වා මහතාගේ මතයට අනුව ලක්‌ෂ්මන් ජානක ඇඹුල්දෙණිය මහතාගේ පෞරාණික චෛත්‍යය හා විද්‍යාත්මක පෞරාණික පසුබිම ග්‍රන්ථයට අනුව ස`දහන් ආකාරයකි.)

 ඒ ඒ ස්‌ථානයට හැඩය යොදාගෙන අතීත නිර්මාණකරුවන් ස්‌ථූපයන් නිරමාණය කරන්නට ඇත. දුටුගැමුණු රජු රුවන්වැලි මහා සෑය කරවීම ස`දහා පන්සියයක්‌ පමණ වාස්‌තුවිද්‍යා ප්‍රවීණයන් කැඳවා ඔවුන් අතරින් ද දක්‌ෂතමයා තෝරාගෙන එහි ප්‍රධානියා බවට පත් කරගෙන එම ස්‌ථානයේ කරවන ස්‌ථූපයට සුදුසු හැඩය පිළිබඳ විමසූ අතර එහිදී එම ප්‍රධානියා ජලය පිරවූ රන් තලියක්‌ ගෙනවිත් එම ජලය මතට අතින් ගත් ජලය වේගයෙන් දමා ඉන් නැගුන ජල බුබුලක හැඩය පෙන්වීය. ඒ අනුව රුවන්වැලි මහා සෑය බුබ්බුලාකාර අයුරින් ඉදි විය. ඒ අනුව ප්‍රථමයෙන්ම දාගැබ් තැනීමේ පියවර වශයෙන් සුදුසු ස්‌ථානයක්‌ තෝරාගැනීම වැදගත් වේ. ඒ ස`දහා ආගමික පසුබිම සලකා සොහොන් බිම් මගහැර උතුමන්ගේ පාදස්‌පර්ශයන් සිදු වූ ස්‌ථාන තෝරා ගැනීම මෙන්ම අදාළ ස්‌ථානයේ මදක්‌ ගැඹුරු වළක්‌ කපා රැයක්‌ එළි වන විට එම වළ ජලයෙන් පිරී ඇත්දැයි බලා එසේ ජලය පිරී ඇති ජල පෝෂක ස්‌ථානයක්‌ නම් එම ස්‌ථානය දාගැබක්‌ තැනීමට නුසුදුසු ලෙස මගහරී. එසේ නිසි ස්‌ථානයක්‌ තෝරා ගෙන පාදම ආරම්භ කරනුයේ මවු පාෂාණය හෙවත් Bed rock එකේ සිටය. එසේ පිහිටි පොළොව තෙක්‌ සාරා පිහිටි පොළොව මතුපිට කහට සහිත ශාකසාර හා ශාක මැලියම් භාවිත කර ශක්‌තිමත් කොන්ක්‍රීට්‌ ස්‌ථර ශක්‌තිමත් පාදම් ඉදිකර ඇත. පසුව තුන්මහල් පේසාවන් නිර්මාණය කිරීම සිදු කර ඇත. මෙහිද විස්‌මිත තාක්‌ෂණයකි. දාගැබ දරණ බර අධික හෙයින් ඒ බර Rජුවම භූමියට දැරීමට ඉඩ නොදී මෙම පේසා වළලු ඉදිකර ඇත්තේ පිටතට නෙරා ඇති වක්‍රාකාර
පෘෂ්ටයන් සහිතවය. එමගින් Rජුවම බර භූගත වීම වැලැක්‌වීමේ තාක්‌ෂණයක්‌ද එහි ගැබ් වී තිබිණි. පේසාවන්ට පසුව ගර්භය දක්‌නට ලැබේ. ගර්භය යන්න මව් කුස යන ගෞරවාන්විත අර්ථය ගන්නා බව පිළිගැනේ. මෙහි කොටු 25 කින් යුත් ගර්භ ගලෙහි එක්‌ එක්‌ කොටු විශ්ව ශක්‌තීන් හා සබැඳි පාෂාණ වර්ග එනම් මැණික්‌, දියමන්ති මුතු ආදියෙන් පුරවා තැබේ. ඇතැම් දාගැබ් ගර්භ පස්‌ පුරවා සකසා ඇති අතර ඇතැම් ගර්භ පඩිපෙලක ආකාරයේ ගඩොල් නිර්මාණයකින් යුක්‌තය. එය ගෝලාකාර හැඩයට පසුව නිර්මාණය කළ විට එම ගඩොල් පඩිපෙල් නොපෙනුනද ඡේතවන දාගැබ කැණීම මගින් එවැනි පඩිපෙල් ආකාරට ප්‍රථමයෙන් ගර්භය නිමවා පසුව එය පිරවුම් යොදා ගෝලාකාර කර ඇති බව දක්‌නට ලැබිණි. එවැනි උපක්‍රම මගින් ගර්භයේ ශක්‌තිමත් භාවය පීඩන දරා ගැනීමේ හැකියාව වර්ධනය කිරීමට සමත් වී ඇත. ගර්භයට ඉහළින් පවත්න්නේ හතරැස්‌ කොටුවයි. මුල් අවධියේදී ගල් පුවරු හතරකින් වටකොට ඒ මතට ගල් පුවරුවක්‌ තබා මෙය නිර්මාණය කර ඇත. මෙහි සැඟවී ඇති තාක්‌ෂණය වශයෙන් මෙම දේවතා කොටුවේ ඝණකාකාරයේ මතුපිට පළල් දාර නිර්මාණය මගින් පහළට ගලා හැලෙන ජල ධාරාවන් ඇති කිරීම මගින් ජලය ඇතුළට ගලා ඒම වැළැක්‌වීම හා පිරිසිදු වාතය ගර්භය තුළට ලබා දීමට බලාපොරොත්තු වූ බව පෙනේ. එය ගල් ලෙන්වල කටාර මගින් සිදුකෙරෙන කාර්යයට සමානය. දාගැබේ හැඩය අනුව සලපතල මළුව රත්වීම හේතුවෙන් ඇතිවන සන්නයන ධාරා මගින් ඉහළට එසවෙන වාතය මගින් මෙම කොටස අවට රික්‌තයක්‌ ඇති වීමෙන් වාතය දාගැබ දෙසට වේගයෙන් ඇදී ඒම නිසා දාගැබ අවට සෞම්‍යය දේශගුණික තත්ත්වයක්‌ ඇති කර බැතිමතුන් වෙත සිසිලසක්‌ අත්විඳිය හැකි පරිසරයක්‌ එහි නිර්මාණය කිරීම මෙහි අරමුණ වී ඇත.

 දේවතාකොටුව දාර සහිත කලාත්මක වටකුරු ඝණකයක හැඩය ගන්නා අතර එය විශාල පාදමකට සමාන වනුයේ කොත් කැරැල්ල දරා සිටීමට හැකිවන ආකාරයේ ශක්‌තිමත් පෘෂ්ටයක්‌ ලෙස එයට ක්‍රියා කිරීමට සිදු වීම හේතුවෙනි. කොත් කැරැල්ල පහළ සිට ඉහළට යන විට ක්‍රමයෙන් කැරලි එකින් එක කුඩා වී ඇත. මෙහි ක්‍රමානුකූල තාක්‌ෂණය අකුණු මගින් දාගැබට වන හානිය නැවැත්වීම ස`දහා බලපාන බව දක්‌නට ලැබේ. විදුලිබල මණ්‌ඩලය විසින් භාවිත කරනු ලබන ස්‌වයංක්‍රීය අකුණු නවතුවක්‌ හා සමාන ලක්‌ෂණ දරන කොත් කැරැල්ල බැලූ බැල්මට බාහිර ස්‌වරූපයෙන්ද අකුණු නවතුවට සමාන බවක්‌ දක්‌නට ලැබේ. කොතට පහළින් කැරලි ආකාරයට මතුපිට පෘෂ්ටය නිර්මාණය කිරීම මගින් අධි වෝල්ටීය දහරාවන් ගමන් කරන මාර්ගයේ දුර වැඩි කිරීම අරමුණ බව පෙනේ. දාගැබක කොත නිරන්තරයෙන් ආරෝපණ ඒකරාශී වන ආරෝපණ ආකර්ෂණය කර ගන්නා උල් වූ ස්‌වභාවයෙන් යුක්‌තයි. මෙහිදී අකුණු මගින් දාගැබට වන හානිය වළක්‌වා ගැනීම ස`දහා උක්‌ත ස`දහන් කොත් කැරැල්ල හා ඒකාබද්ධ තාක්‌ෂණයක්‌ පවතී. දඹ වැනි ලී යොදා සකසන ලද කොත් හේතුවෙන් අකුණු සන්නායක ගුණය අඩු වැඩි කර ගැනීමේ තාක්‌ෂණයක්‌ ද අප සතුව පැවති බව හෙළි වී ඇත. බොහෝ ස්‌ථූපයන් සතු වන යූපය ජානක ඇඔqල්දෙණිය මහතාගේ මතයට අනුව අකුණු මගින් ඇතිවන අධිවෝල්ටීය ධාරාවෙන් විශාල කොටසක්‌ භූගත කිරීම ස`දහා උපකාරීවේ.

 මේ අයුරින් දාගැබ් තැනීමේ ඓතිහාසික තාක්‌ෂණික පසුබිම ඉතා සරල අයුරින් කෙටි සටහනක්‌ ඇසුරින් දැක්‌වීමට සිදු වේ. ග්‍රන්ථයන් නිර්මාණය කිරීමට සමත් වූ එම තාක්‌ෂණය ලිපියකට කැටිකර දැක්‌වීම අපහසුය. ථූපවංශය මහාවංශය මෙන්ම වර්තමාන ද්වීතීක මුලාශ්‍ර වශයෙන් පෞරාණික චෛත්‍යය හා එහි විද්‍යාත්මක පසුබිම වැනි ග්‍රන්ථ මගින් මේ පිළිඳව වැඩිදුර කරුණු අධ්‍යනය කළ හැකිය. බෞද්ධයන්ගේ ගෞරවාදරයට පත් වූ භක්‌තිය උපදවන දාගැබ් දෙස විද්‍යාත්මක ඇසින් බැලීම මගින් එහි පවතින ඓතිහාසික වටිනාකම තවදුරටත් ඔප් නැංවෙනු ඇත. මෙවන් වටිනා ඓතිහාසික නිර්මාණයන් සතු වීම පිළිබ`දව ජාතියක්‌ වශයෙන් අප ආඩම්බර විය යුතුය.
කේ. එච්. වත්සලා රාජසිංහ
 පුරාවිද්‍යා අධ්‍යයන අංශය
 පේරාදෙණිය විශ්වවිද්‍යාලය
divaina
================================================
උපුටා ගැනීම් සහිතයි ....!!! 
දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Monday, February 17, 2020

සියනෑවේ පිහිටි අභිරහස් උමං......(Uman Marga gampaha අබිරහස් අඩවිය - Abirahas Adawiya - හෙල පුරාණය)

ලංකාවේ අභිරහස් ස්ථාන   
සියනෑව නැතහොත් ගම්පහ නිට්ටඹුව කිතුල්ගල හා වරකාපොළ අතර ප්‍රදේශය යනු අතීත රජ දවස සශ්‍රික බුදු දහමෙන් අනූන පින්වත් බිම් කඩක් බවටත් ඒ තුළ පිහිටි පුරාණ විහාර හා ඒවායේ පසුබිම් තොරතුරු මත පදනම්ව එම ප්‍රදේශවල පිහිටි අරුම පුදුම ස්ථාන සොයා අපි පියමැන්නෙමු. එහිදී වඩාත් අවධානය යොමු වූයේ ගල් ගුහා හා උමං වැනි ස්වභාවික පිහිටීම් වෙතය. තවද ලෙන් විහාර සැලකිය යුතු ප්‍රමාණයක් ඇති එම ප්‍රදේශය රජ දවස වලගම්බා රජු හා සම්බන්ධ පුරාවෘත හා විස්තර රාශියක් විය. තවද කැලණි ගං මිටියාවත හා සබැඳි ආදි මානවයා විසූ ස්ථාන දෙකක් අතර ද දෝලනය වූ අද සටහන නිතරම අප දකින ස්ථානවල නොදුටු පැත්තක් සොයා කළ සටහනකි.  

ක්‍රි.පූ. 103 දී පමණ අනුරාධපුර රාජධානියේ රජවූ වලගම්බා රජු යනු ලාංකේය රාජ වංස කථාවේ සුවිශේෂී සලකුණකි. ඒ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමේ මහඟු දායාදය නිසාවෙනි. නමුත් වලගම්බා රජු යනු රාජත්වයට පත්ව මාස කිහිපයකින් කැරලි සහ දකුණු ඉන්දීය සතුරු ආක්‍රමණ හමුවේ රජකම හැර පලායන්නට වූ නායකයෙකි. නමුත් බුදු දහමට වූ නැඹුරුවත් ජනහිතකාමී බවත් නිසා ඔහු පලාගිය ප්‍රදේශවලදී ඔහුට ආරක්ෂාවත් නැවත සේනා සංවිධානය කර සතුරන්ට මුහුණදීමට හැකියාවත් ලැබුණි. එතුමන් විසින් කෑගලු හා ගම්පහ දිස්ත්‍රික්ක මායිම්වල වාසය කළ නැතහොත් සැඟවී සිටි සමයේ ඔහු බුද්ධ ශාසනයට ඉමහත් සේවයක් ඉටු කරන ලදී. ඒ අතර සතුරු ආක්‍රමණවලින් අාරක්ෂා වීමටත් සටන් උපක්‍රම ලෙසත් ගල්ගුහා හා උමං සෑදීම හා ප්‍රයෝජනයට ගැනීම ඔහු අතින් සිදුවූ බව යම් විහාරස්ථාන සාක්ෂි දරයි. සොබාදහමේ සැඟව ඇති එවැනි සොඳුරු ස්ථාන සොයා ගවේෂණයක් සිදු කිරීමෙන් අපට අවශ්‍ය වූයේ මෙම අභිරහස පිළිබඳ යම් තොරතුරක් දැනගැනීමටය.   

යක්කල කිරිඳිවැල පාරේ යන විට දික්කන්ද හන්දියෙන් හැරී ඉසිවර ත​පෝවනයට යන මාර්ගයේ හමුවන හැවනිවල පුරාණ රජමහ විහාරය වේ. එම ගමනේ දී ඇවරියවල අම්බලම හමුවන අතර ඒ අසල පිහිටි අලංකාර ජල තටාංගනය වලගම්බා රජ සමයට දිව යන්නකි. වලගම්බා රජුගේ බිසව ජල ස්නානයට පැමිණියේ මෙහි බවත් එක් දිනක් රැජිණගේ හවරිය අමතකව ගියපසු මෙම ස්ථානයට හැවරිවල සහ පසුකාලීනව එය ඇවරියවල ලෙස හඳුන්වන්නට ගත් අතර මෙම අම්බලම මීට වසර ගණනකට පෙර තැනූ එකක් විය. ඉන්පසු අප ගමන් කළ අරුම පුදුම ගලක් පිහිටි ඉසව්වකට භාවනානුයෝගී භික්ෂූන් වැඩ සිටින එහි අැති පෙට්ටගම්ගල අපූරු නිර්මාණයක් විය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පෙට්ටියක් ලෙස හැඩගත් මෙම ගල් පර්වතය උඩ කුඩා චෛත්‍යයක් පිහිටා ඇත. මෙම ස්ථානයට ඈතින් පිහිටි ප්‍රදේශ පැහැදිලිව දැකගත හැකි අතර මාලිගාතැන්න, වාරණ, පිලිකුත්තුව පවා දැකගත හැකිය.   
මෙම ගල පෙට්ටගමක් ලෙස හැඩයෙන් යුතු වන අතර ගලට පහළින් ඇති ගල් ස්ථරයේ ගුහාවක්ද පිහිටා ඇත. එම ගුහාවට ඇතුළුවීමට සහ පිටවීමට ස්ථාන පවතින අතර දළ වශයෙන් ගුහාවේ මීටර දෙසීයයක් පමණ යා හැකිය. වල් ඌරන්, රිලවු, හාවා, ඉත්තෑවා, වගේම නරි මෙම කැලෑබද ප්‍රදේශවල ජීවත්වන අතර මෙම ගුහාවල නිතරම නරින්ගේ වාසස්ථානයක් බවට පත්වන තැනකි. මෙවැනි කුඩා ප්‍රමාණයේ ගුහා රැසක් මෙම ප්‍රදේශවල පිහිටා ඇති අතර අතීතයේ එ්වා කුමක් සඳහා භාවිතා කළේදැයි නිශ්චිතවම පැවසිය නොහැක.   

තවද වාරණ රජමහා විහාරයේ ගල්වල ඇඳි සිතුවම් වලගම්බා රජ සමයට අයත් වන අතර මාලිගාතැන්න ලෙන් විහාරයද වලගම්බා රජු විසින් ඉදිකරන ලද්දක් බව පැවසේ. මාලිගාතැන්නේ ලෙන් කිහිපයක් පවතින අතර ඒවා විටෙක භික්ෂූන් සඳහා භාවනානුයෝගීව වැඩ සිටීමට උපකාර වූ බව පැවසේ. වලගම්බා රජුගේ අවධානය නැතහොත් මැදිහත්වීම් ලද මෙම විහාර සේම මිරිස්වත්ත සිට වතුරුගම මාර්ගයේ යන විට හමුවන ඌරාවල වලගම්බා රජමහා විහාරය එතුමන්ගේ පැමිණීම සහ ගැවසීමට කදිම නිදසුනක් සපයයි. එම විහාරය මේ වන විට පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් ලෙසද නම් කොට ඇත.   

වලගම්බා රජ දකුණු ඉන්දීය ආක්‍රමණ හමුවේ රජසුන හැරදා ලංකාවේ විවිධ ප්‍රදේශවලට පලා ගොස් දහහතර වසරක් කල්ගෙවා තම සේනාව සූදානම් කරගත් අතර එම වසර කිහිපය තුළ එතුමා වෙහෙර විහාර බොහෝමයක් සංවර්ධනය කරමින් බුදු සසුනට ඉමහත් සේවයක් සිදු කරන ලදී. එම නිසාම මහජනයාගේ ප්‍රසාදය ඔහුට හිමිවිය. තවද ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමට ද දායකත්වය සැපයූ එතුමා සැඟව සිටි තවත් ස්ථානයක් ලෙසට කෑගල්ල දිස්ත්‍රික්කයේ කිතුල්ගලට නුදුරු බිබිලිඔය පිළිම ලෙන විහාරයද සාක්ෂි දරයි. කැලණි ගං මිටියාවත අද්දර පිහිටි මෙම විහාරය වලගම්බා රජුට සැඟවී සිටීමට උපකාරී වී ඇත. තවද එම විහාරයේ පිටුපසින් උමගක් කැලණි ගඟට කපා ඇති බව ද කියැවේ. උමං හා ලෙන් ආදිය සම්බන්ධයෙන් වලගම්බා රජු මහත් ප්‍රසිද්ධියක් උසුලන අතර කොළඹට ආසන්නම ලෙන් විහාර ලෙස මෙම සියනෑ මායිම ආශ්‍රිත පිහිටි ලෙන් විහාර ගත හැක.   
අතීතයේ රජවරුන් උමං හා ගුහා සතුරු ආක්‍රමණවලින් බේරී සැඟව සිටීමටත් පහරදීමටත් විවිධ ප්‍රදේශවලට පලායාමටත් උපයෝගී කොට ගත් බව නොරහසකි. මෙම ස්ථාන අතර පසුගිය දිනක අපගේ නෙත ගැටුණු තවත් අරුම පුදුම පිහිටීමක් සහිත ගුහාවක් විය. එය පිහිටියේ කන්දක බෑවුමේ වන අතර එයද කෑගලු ගම්පහ දිස්ත්‍රික්ක මායිමේ අල්ගම නම් ග්‍රාමයේ වනලැහැබක පිහිටා තිබුණි. වර්තමානය වන විට එම ප්‍රදේශය පුද්ගලික හෝටලයක (Sri Craft Village) අයත් භූමියක් වන අතර එතරම්ම ප්‍රසිද්ධියක් උසුලන්නේ නැති එම ගුහාව සොයාද අපි ගියෙමු.   

අල්ගම නගරයේ සිට ඇලිපල්ල ප්‍රදේශයට යන විට රබර් වතුයායක අලංකාර ලෙස ගොඩනගමින් පවතින එම හෝටලය (Sri Craft Village) දැකගත හැකි වන්නේ එගොඩගම නම් ප්‍රදේශයේ දීය. ගුහාවට යාමට නම් එගොඩගම සිට පුවත්තාගලට යා යුතු අතර එතැන් සිට නිල්වලගල නම් කන්ද නැගිය හැක. තවද ඇළපල්ල ප්‍රදේශයේ සිට යනවිට කෙල්ල වැටිච්චවල පසුකොට ඉදිරියට යා හැක. අල්ගම නගරය සිට පරන්තල ප්‍රදේශයේ පිහිටි අල්ගම ඇල්ලට එපිටින්ද නිල්වලා ගල තරණය කිරීමට යා හැක. නිල්වලගල මුදුන මුහුදු මට්ටමේ සිට මීටර් 170 ක පමණ උසින් පිහිටා ඇති අතර ගුහාව පිහිටියේ මුහුදු මට්ටමේ සිට මීටර 152 ක පමණ උසකිනි.   
හෝටලයේ සිට කඳු වැටි 2 ක් හරහා කි.මී 4 ක පමණ වනගත පාගමනකින් පසු අප අල්ගම ඇල්ල වෙත ළඟා වූ අතර පසුව රබර් කැලය මැදින් කෙසෙල් මුංඇට වගාකල ඉසව්වකට පැමිණ නිල්වලගල මුදුනට පැමිණියෙමු. ඉත්තෑවන්ගේ කටු සහ සාවුන්ගේ සලකුණු සේම ගම්මානයට ජලය ලබාගන්නා කුළුඳුල් ජල උල්පතක් ද අපි මෙම කන්දක් මතදී දුටුවෙමු. වල් ඌරන් සිටින මෙම ප්‍රදේශයේ නරිද සිටින බව අපට දැනගැනීමට ලැබුණි. කෙසෙල්, බුලත්, රබර්, තේ වගාවන් සේම කුඹුරු ගොවිතැනද මෙම ප්‍රදේශයේ සශ්‍රිකව කරනු අප දුටුවෙමු. ඇට්ටෝනියා ගස් බහුල මෙම ප්‍රදේශයේ එරමිණියා වෙරළු, කිතුල්, වේවැල් ඉදල්කූරු වගේ ශාක ව්‍යාප්තියක්ද පවතියි.   

තවද බබරගල ගැරඬිගල සහ පැණි හෙල වැනි අවශේෂ කඳු ගැට කිහිපයක් ද මෙම ප්‍රදේශයේ දී දක්නට ලැබුණි. උදෑසන පැහැදිලි අහස ඇති දවසක කොළඹ වරාය ආශ්‍රිත ගොඩනැගිලි ප්‍රදේශ සේම ශ්‍රීපාදය පවා දැකගත හැකිය. නිල්වලා ගල මුදුන අංශක 360 ක වපසරියක් දැකිය හැකි විශාල ගල්තලාවක් සහිත ප්‍රදේශයකි. වර්තමානයේ මෙය ශ්‍රී ක්‍රාෆ්ට් හෝටලය මගින් නුවර දේවාලයෙන් බදු ලෙස ගෙන තිබේ. කෙසේ හෝ පැය එක හමාරක ගමනකින් පසු අප ගුහාවට බැසීමට අදාළ ස්ථානයට ලඟා වූයේ හෝටලයේ සිට දුෂ්කර වනගත මාර්ගයක් ඔස්සේ අල්ගම ඇල්ලද නරඹා පැමිණීමෙනි. ගුහාවට යාමට නම් මහා ගල් පර්වතය දිගේ මීටර් 20 ක් පමණ පහළට බැසිය යුතුය. එසේ බසින විට ගලට බරව ප්‍රවේශමෙන් බැස ගත යුතු වන්නේ සුළු පා ලිස්සීමක් ඔබේ නිසල සිරුර පහත ප්‍රපාතයේ රැඳවීමට තරම් ප්‍රබල හෙයිනි.   

 එසේ බැසගත් අප විවෘත ගුහාවක් අසලට පැමිණියෙමු. ගස් වලින් වැසී ආරක්ෂිතව තිබුණු මෙම ස්ථානය කිසිවිටකත් දුරට දැකිය නොහැක. එය පසුකොට මීටර 5 ක් පමණ ගිය පසු දැවැන්ත ප්‍රපාතය වේ. එම ප්‍රපාතය දිගේ මීටර 5 ක් පමණ බැස ගත් පසු නිල්වලගල ගුහාවට ඇතුළු විය හැකිය. නමුත් ජීවිතයත් මරණයත් රැඳි එම මීටර 5 බැසීමට කඹයක ආධාරයක් ගත යුතුම වේ. මන්ද අංශක 90 ක බැස්මක් එහි ඇති හෙයිනි. පහළට වක්‍රව සිට සුමට ගල් තලාව අල්ලාගෙන පහළට බැසීම මරණයට අත වැනීමක් බැවින් කඹයක් වැනි ආරක්ෂිත ක්‍රමයක් අනුගමනය කළ යුතුවේ.   

එම ගුහාවට අප ඇතුළු වූ පසු දුටුවේ එහි විශ්මිත පිහිටීම සහ හැඩයයි. තනි හෙලක ඇසක ආකාරයෙන් ගුහා කට පිහිටා ඇත. එම නිසා දුරතියා මෙය දැක ගැනීමටත් හඳුනාගැනීමටත් අපහසු වේ. එක යායට ඉදිරියෙන් පිහිටියේ හරිත වන ලැහැබයි. ගුහා කට පහළ සිට ඉහළ ස්ථානයට උස අඩි 10 ක් පමණ වන අතර ඇසක් ලෙස ගත් කල ගුහාවේ ඇතුළුවීමේ කොන් දෙක අතර දුර අඩි 20 ක් පමණ වේ. ඇළයට පවතින මෙම ගුහාවේ පහසුවෙන් හිටගෙන ගමන් කළ නොහැක. නමුත් තිස්දෙනෙකුට පමණ පහසුවෙන් මෙහි නැවතී සිටිය හැක. ගුහාව විශාලත්වයෙන් ක්‍රමයෙන් කුඩා බවත් ඇතුළට විහිදෙන අතර මෙය වවුලන්ගේ රජදහනක් බවට අපට පවසමින් වවුලන් පියඹා යන ලදී. මිනිස් ඇසට හසු නොවුණු වැහිලිහිණි කූඩු කිහිපයක් ද එහිවූ අතර වැහිලිහිණියන් අහසේ කෑගසමින් පියඹනු අපි දුටුවෙමු.  

මෙම ගුහාව සම්බන්ධ කිසිදු මූලාශ්‍රයක් හෝ ජනප්‍රවාදයක් ප්‍රදේශවාසීන් නොදන්න නමුත් ගුහාව ඇතුළට මීටර 200 ක් පමණ බඩගාගෙන දණ නවාගෙන යා හැකි අතර එක්තරා ස්ථානයක තරමක් නැගිට සිටිය හැකි නමුත් වවුල් වසුරු පිරි එම ඇතුළත අධි දුර්ගන්ධයකින් යුක්ත වේ. මෙම ගුහාව වලගම්බා රජුගේ සේනා සංවිධානයට හෝ සැඟව සිටීමට යොදා ගත්තක් ලෙස සිතිය හැකි මුත් නිශ්චිත සාක්ෂියක් හෝ ජනවහරක් හමුව නැත. ප්‍රදේශයේ පවතින කඳු ගැට අතරින් නිල්වලගල තරමක් උස් කඳු ගැටයක් වන අතර මීට කිලෝමීටර් 5 ක් පමණ දුරින් පිහිටි උඩුවක දුනුමාල ඇල්ල නොහොත් අලවල දේවීන් පැන්න ඇල්ල ලෙස හඳුන්වන දියඇල්ලක් පවතියි.  

මෙම ඇල්ල වටා ජනප්‍රවාද හා රාජ කථා කිහිපයක් පවතියි. මෙම ඇල්ල අසල ද ගල්ගුහා කිහිපයක් දක්නට ඇති අතර ඉන් එකක කි.මී භාගයක් පමණ ගමන් කළ හැකිවේ. තවෙකක් විවෘත ගුහාවක් වන අතර එය රත්නපුර දක්වා විහිදී ඇති බව ප්‍රදේශවාසීන්ගේ අදහසයි. තවද ජනප්‍රවාදයට අනුව යුවරජකුගේ ජයග්‍රහණය පිළිබඳ විහිලුවක් කිරීමට කළු කොඩි එසවීම නිසා ඔහුගේ බිසෝවරු මෙම ඇල්ලෙන් පහළට පැන දිවිනසා ගත් හෙයින් දේවීන් පැන්න ඇල්ල ලෙස හඳුන්වයි.  

තවද අල්ගම ඇල්ල යනු වලගම්බා රජු ස්නානය සඳහා පැමිණි ස්ථානයක් බවටත් නිල්වලගල මුදුනේ එතුමා සැඟවී සිටි බවටත් යම් හෝඩුවාවක් අප සොයාගත් බැවින් සොබාදහමේ අැස ලෙසින් පිහිටි නිල්වලගල ගුහාව වලගම්බා රජට උපකාරී වූ ස්ථානයක් බවට සැකයක් නැත. එම ගුහාව තවත් කොතරම් දුරකට විහිදේ දැයි නිශ්චිතව සොයාබලා නොමැත.  

නිල්වලගල ගුහාවේ එක් කොනක ගලේ පිහිටීම වෙනස් විය. මන්ද කළුගල රතු හා ලා කහපාටින් යුක්ත විය. ඒවා ස්වභාවිකවම පිහිටීමක් වූ අතර සමස්ථ ගුහාවෙන්ම එම ස්ථානය පමණක් එලෙස දැකිය හැකි විය. ගුහා ඇතුළට ගිය පසු ඇසක් වැනි හැඩය හොඳින් දැකගත හැකි අතර ළඟාවීමට ඇති දුෂ්කරතාව නිසා සතුරු උවදුරු වලින් බේරී සිටීමට මෙය කදිම ස්ථානයක් විය. තවද මෙතැනට දුර ඈත කඳුවැටි හා ප්‍රදේශ දැකගත හැකි අතර විටෙක මෙය ඔත්තු බැලීමට යොදාගත් ස්ථානයක් බවට ද උපකල්පනය කළ හැකිය.  
වලගම්බා රජුගේ සේනාධිනායකත්වය හා බුදුදහමේ පුනරුදයට කරන ලද මෙහෙවර මෙම ප්‍රදේශවල බොහෝ වශයෙන් දැකිය හැකි අතර පිට තරමක් වෙනස් සාධකයක් අලවල පොත්ගුල් විහාරයේ පමණක් දැකගත හැකි විය. එය නම් අලවන පොත්ගුල් ගුහාව නම් ආදී මානවයා ජීවත් වූ ස්ථානයක් ලෙසට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මගින් පරික්ෂණ කළ ස්ථානයයි. මන්ද අලවල ගුහාවෙන් ආදි මානවයන් දෙදෙනෙකුගේ ඇටකටු සොයාගෙන තිබූ අතර ඊට අමතරව ගල් ආයුධ ආභරණ වැනි දෑ උපකරණ වැනි නටඹුන් මීට වසර කිහිපයකට පෙර පුරාවිද්‍යාව මගින් සොයාගෙන තිබුණි.  

ඔවුන් පවසන අන්දමට ඒවා වසර 13000 කට අතීතයකට දිවයන ආදි මානවයා සිටි ස්ථානයකි. කටාරම් කොට ඇති ගල්ලෙනක් නිසා පසුකාලීනව භික්ෂූන්ට භාවනා යෝගීව සිටීමට වලගම්බා රජු කරවූ ස්ථානයක් ලෙසද විටෙක සිතිය හැක. මන්ද කටාරම් කෙටීම භික්ෂු භාවනා ස්ථාන හා දැඩි ලෙස සම්බන්ධ වූවක් හෙයිනි. එම ගුහාව තුළ පහසුවෙන් 30 දෙනෙකුට වඩා සිටිය හැකි අතර වැඩිදුර කැණීම් හෝ ආරක්ෂිත වැඩපිළිවෙලක් මෙම ගුහාව ආශ්‍රිතව වර්තමානයේ සිදුකර නොමැත.  

කෙසේ හෝ දින කිහිපයක සංචාරයකින් අනතුරුව වලගම්බා රජුගේ අභාෂය ලත් විහාර කිහිපයක් සහ ඒ ආශ්‍රිත පිහිටි ගල්ගුහා ලෙන් සහ අතීත කරුණු රාශියක් සොයාගැනීමට හැකි විය. ඒ අනුව නිල්වලගල පිහිටි ගුහාව වලගම්බා රජුගේ සැඟවී සිටීමේ ස්ථානයක් බවටත් එය අැතැම් විට තවදුරටත් උමගක් ලෙස විහිදෙන බවටත් දැකගත හැකි විය. තවද අවශේෂ ගුහා හා ලෙන් ආදිය තුළ සැඟවුණු අතීත හෙළ වීර කථා රාශියක් තිබිය හැකි අතර ඒවායේ අභිරහස සොයා ගත නොහැකිව පවතියි. බටහිර මුහුදට ආසන්න මෙම ප්‍රදේශය කැලණි ගං මිටියාවටත් සමීප බැවින් තවත් අපූරු නිල නොලත් රාජධානියක භූගත ගමන් සැලසුම් තිබුණු විශේෂයෙන් වලගම්බා රජ දකුණු ඉන්දියා ආක්‍රමණිකයන්ට නැවත පහරදීමට සේනා සංවිධානය කළ ඉසව් බව පැහැදිලිය. එම නිසා මෙම ගුහාවල අදටත් මිනිස් ඇස නොගැටුනු උමං පද්ධති තිබිය හැකිය. එම අභිරහස් කාලයේ වැලිතලාවට යටව සුරක්ෂිත වනු නොඅනුමානයි.  

විශේෂ ස්තුතිය - Sri Craft Village හෝටලයේ කළමණාකාර සමීර මහතාට  
සංචාරක සටහන හා ඡායාරූප  
ශමින්ද රන්ශාන් ප්‍රනාන්දු
lankadeepa
================================================
උපුටා ගැනීම් සහිතයි ....!!! 
දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya

Monday, January 20, 2020

දුටුගැමුණු රජතුමාගේ ජීවිතය බිලිගත් නාග කන්‍යාව....(King dutugamunu Naga Kanya අබිරහස් අඩවිය - Abirahas Adawiya - හෙල පුරාණය)

අනුරාධපුර රජ මාළිගාව පිහිටි ඇතුළු නුවර සතර වාහල්කඩ දොරටුවලින් අඬ බෙරකරුවන් සිව් දෙනකු, රැකවලුන් සම`ග අනුරාධපුර පසල් දනව් කරා පියමන් කළේ, රාජ නියෝගයක්‌ ඉටු කිරීමටය. ගම් දනව් සිසාරා අඬබෙර ගසමින් ඔවුන් නිවේදනය කළේ, මහමෙවුනා උයනේ පිපෙන මල් කිසියම් අයෙක්‌ විසින් හොර රහසේ නෙළා ගෙන යන නිසා, එම හොරා අල්ලා දෙන කෙනෙකුට රජතුමා විසින් ඇතෙක්‌ බරට වස්‌තු දෙන බවය. මෙම නිවේදනය නිකුත් කළේ, සිව් හෙළයේ මහා නරපතියාණන් වූ, දුටුගැමුණු රජතුමාය.

 සිව් සාලිස්‌ (44) වසක පමණ කාලයක්‌ එළාර නම් ද්‍රවිඩ රජතුමාගේ පාලනයට නතුව තිබූ ලක්‌දිව, එම පාලනයෙන් මුදා ගත් දුටුගැමුණු රජතුමා තවත් විසල් ආගමික කර්තව්‍යයකට මුල පිරුවේය. ඒ මහා සෑයක්‌ ගොඩනැංවීමටයි.

 දෙවන පෑ තිස්‌ රජ දවස මෙහි වැඩම කළ මිහිඳු මහ රහතන් වහන්සේ, රජතුමා අමතමින් කියා සිටියේ, එතුමාගේ මුනුපුරකු විසින් අනාගතයේදී මෙම ස්‌ථානයේ සුවිසල් වූ _ගැබ් වහන්සේ නමක්‌ නිර්මාණය කරන බවයි. රජතුමා ඒ බව සඳහන් ශිලා ලේඛනයක්‌ද මෙම ස්‌ථානයේ ස්‌ථාපනය කළේ, අනාගතයේ දී මෙරට රාජ්‍යත්වයට පත්වෙන තම මුනුබුරාගේ දැනගැනීම සඳහාය.

 මෙහිදී මහමෙවුනා උයනේ ඇති වසර සිය දහස්‌ ගණනක්‌ පැරණි තෙළඹු ගසක්‌ කපා ඉවත් කිරීමට සිදු විය. මෙම ගස කපා ඉවත් කිරීමට විරුද්ධව දෙපාර්ශ්වයකගේ දැඩි විරෝධයට මුහුණ දීමට රජතුමාට සිදු විය. එම රන් තෙළඹුව වසර දහස්‌ ගණනක්‌ සිය වාස භාවනය කර ගෙන සිටි, ස්‌වර්ණමාලි නම් වූ වෘක්‍ෂ දේවතාවිය ගෙන් සහ වසර සිය ගණනක්‌ මෙම වෘක්‍ෂයට වැඳුම් පිදුම් කළ ගාඩි ජනතාව ගෙන්ය.

 රජතුමා ස්‌වර්ණමාලි වෘක්‍ෂ දේවතාවියට තෙළඹු වෘක්‍ෂයෙන් බැස වෙනත් විමානයකට වඩින ලෙසට ආරාධනය කළේය.

 ඔබේ නමින් සෑය බඳිමි - විමානයෙන් බසිනු මැනවි...//

 ස්‌වර්ණමාලියේ රූබර ස්‌වර්ණමාලියේ... ස්‌වර්ණමාලියේ... ඔබේ නමින් සෑය බඳිමි - විමානයෙන් බසිනු මැනවි...

 උණා නීල වර්ණ වරල දෑලේ මල් ගැවසීයේ... නගා ඉන්ද්‍රචාප දෙබැම ඇසින් විදුලි මවන ලියේ... වනා ළමැද කිණිහිරි පෙති රත්නතිලක පැලඳි ලියේ... සිනා සිසී විමානයෙන් බසින්න ස්‌වර්ණමාලියේ...

 අතේ ගිගිරි නාද සලඹ නුරා හඬින් හඬන ලියේ... කරේ පද්ම කැකුළු මාල හංස තුඩින් පිපෙන ලියේ... කනේ තෝඩු මිණි ඝන රන් මූණ ඔපය කරන ලියේ... පමා නොවී විමානයෙන් බසින්න ස්‌වර්ණමාලියේ...

 බාල චන්ද්‍ර පටු නලළත අලක පඬුන් ර`ගන ලියේ... ආල වඩන දන්ත කැකුළු කුන්ඩ සමන් පිපෙන ලියේ... දෑල දෑත ස්‌වර්ණදාම පාන හඬට සැලෙන ලියේ... කෝල නොවී විමානයේ බසින්න ස්‌වර්ණමාලියේ... ස්‌වර්ණමාලියේ රූබර ස්‌වර්ණමාලියේ... ස්‌වර්ණමාලියේ... ඔබේ නමින්...//

 වෘක්‍ෂ දේවතාවියගේ නමින් චෛත්‍යය නම් කරන අතර, කිසිදු කුල භේදයකින් තොරව, ගාඩි ජනතාවට ද චෛත්‍යය වැඳීමට ඉඩ ප්‍රස්‌ථාව ලබා දෙන බවට රජතුමා පොරොන්දුවීම නිසා එම විරෝධතාවන් නිමාකර ගැනීමට රජතුමා සමත් විය.

 ඉන්පසු රජතුමාට මුහුණදීමට සිදු වූ විශාලතම ප්‍රශ්නය වූයේ, චෛත්‍යයේ නිධන් කිරීමට සර්වඥ ධාතූන් වහන්සේ සොයා ගැනීමය. මෙහිදී එතුමාගේ එම ගැටලුව නිරාකරණය කර දුන්නේ, සෝණුත්තර සාමනේර මහ රහතන් වහන්සේය. උන් වහන්සේ නාග ලොවට ගොස්‌, නාගයන් විසින් මංජෙරික නම්, නාග භවනයෙහි දැඩි රැකවරණ මධ්‍යයේ තබා ඉමහත් භක්‌තියෙන් යුතුව වැඳුම් පිදුම් කළ සර්වඥ ධාතූන් වහන්සේ ගෙනවිත් දුන්නේය. ඉන්පසු සර්වඥ ධාතූන් වහන්සේ ඇතුළු තවත් පූජා භාණ්‌ඩ රාශියක්‌ උදා වූ සුබ නැකතින් නිධන් කළහ. තමන් වසර ගණනාවක්‌ම මහත් බැතියෙන් යුතුව වන්දනා මාන කළ ධාතූන් වහන්සේ මෙලෙස රැගෙන ඒම නිසා, නාගයන්, දුටුගැමුණු රජතුමා සම`ග සිටියේ දැඩි වෛරයෙන් යුතුවය.

 රජතුමා වෘක්‍ෂ දේවතාවියට පොරොන්දු වූ පරිදිම, මහා චෛත්‍ය රාජයාට ස්‌වර්ණමාලි මහා සෑය යනුවෙන්a නම් කළේය. ධාතු නිධන් කිරීමෙන් පසු, වැඩ නිම නොවුණත්, හතර දිග් භාගයෙන් රට වැසියෝද, රාත්‍රී කාලයට දෙව් බඹුන් මෙන්ම නා ලොව වැසියන්ද මේ චෛත්‍ය රාජයා වැඳ පුදා ගැනීමට පැමිණියහ.

 එකල රාජකීය මල් උයන හැඳින්වූයේ, මහමෙවුණා උයන නමින්ය. වසරේ සෑම දිනකම මෙන්, මෙම උයනේ පිපුණු විවිධ මල් වර්ග දැක ගත හැකිය. උද්‍යානය රැක බලා ගැනීමට රැකවළුන් යොදා සිටියත්, මෑතක සිට කවුරුන් හෝ මල් සොරා ගෙන යන බවකි. මල් සොරා අල්ලා ගැනීමට දිවා රැකවළුන් යෙදුවත් මල් සොරා අල්ලා ගැනීමට තබා දැක බලා ගැනීමටවත් නොහැකි විය. අවසානයේ මෙලෙස අඬ බෙර හඬවා හෝ සොරා හෝ සොරුන් අල්ලා ගැනීමට මහජන සහාය පැතීමට රජතුමාට සිදු විය.

 එක්‌ පසල් දනව්වක ආත්තම්මා කෙනෙක්‌ (මහලු ස්‌ත්‍රියක්‌) අඬබෙරය නවතා, තමන්ට මල් හොරා අල්ලාදීමට හැකි බව ප්‍රකාශ කළාය. රාජ පුරුෂයන් ඇය රජතුමා හමුවට පමුණුවන ලද අතර, ඇය රජතුමාට කියා සිටියේ, තමන්ගේ උපදෙස්‌ අනුව කටයුතු කරන්නේ නම්, මල් හොරා අල්ලා දිය හැකි බවය. රජතුමා ඇයට අවශ්‍ය නවාතැන් සියලු පහසුකම් සපයා දෙන ලෙසට අමාත්‍යවරයෙකුට උපදෙස්‌ දුන්නේය.

 ආත්තම්මාගේ උපදෙස්‌ අනුව, සති පිරිත් සඡ්Cධායනාවක්‌ සඳහා, ජය ශ්‍රී මහා බෝධි මළුවේ පිරිත් මණ්‌ඩපයක්‌ ද ඉදි කළේය. සති පිරිත් දේශනය ආරම්භ කළ අතර, විශාල පිරිසක්‌ එය ශ්‍රවණය කිරීමට පැමිණ සිටියහ. ආත්තම්මා පිරිත් ශ්‍රවණාගාරයේ පිටුපසටම වී ඉතාමත් විමසිල්ලෙන් යුතුව පිරිත් ශ්‍රවණය කරන බවක්‌ ඇ`ගවීය. මධ්‍යම රාත්‍රියට ආසන්න වෙත්ම රූමත් තරුණියක පැමිණ වටපිට බලා ආත්තම්මා අසලින්ම වාඩි ගත්තේ, එතැන ඉඩ තිබුණු නිසාය. නිල් නුවන් දෙනෙතකින් සහ පුළුල් නළල් තලයකින් හෙබි, ඉතාමත් සුන්දර යෞවනියක වූ ඇය, පිරිත් දෙසුම ශ්‍රවණය කිරීමට පැමිණියේ තනියමය. එකල දැඩිමේනි වූ යුවතියක රැයක නොව දිවා කාලයේ ද තනියම ගමන් බිමන් නොගිය අතර, එසේ ගමන් ගියේ නම් ඒ වැඩිහිටියන් සම`ගය. මෙම රූමතිය ගැන ආත්තම්මාට කිසියම් සැකයක්‌ සහ කුතුහලයක්‌ ඇති වුණද, එය ඇයට නොදැනෙන්නට විමසිල්ලෙන් පසු විය.

 මේ සුරූපිනිය පිරිත් දේශනයට සවන් දුන්නේ ඉමහත් ශ්‍රද්ධාවෙන් යුතුවය. හිරු නැෙ`ගන්නට පෙර ඇය මණ්‌ඩපයෙන් පිටව ගියාය. පසු දින සොයා බැලීමේ දී පෙනී ගියේ, පෙර දින රාත්‍රියේ කිසිවකුත් මල් සොරකම් කර නැති බවය. පසු දින ද ඇය පිරිsත් ශ්‍රවණය කිරීමට සුපුරුදු වෙලාවට පැමිණියේ, ඇය මෙන්ම රුවැති සම වයස්‌ ඇත්තියක සම`ගය. පැමිණි දෙදෙනාම ආත්තම්මා වාඩිවී සිටි පැදුරේම වාඩි වූයේ, ලෙන්ගතු සිනහවක්‌ මුව සරසා ගෙනය.

 මේ විදියට තවත් දින කිහිපයක්‌ යත් දී මෙම සුරූපි නන්නාඳුනන්නිය සම`ග ආත්තම්මා කතා බහ කරන්නට විය. තමන් අනුරපුරට තරමක්‌ ඈත ගම්මානයක වෙසෙන නිසා වේලාපහින් ඒමට නොහැකි බව කියා සිටියාය. සති පිරිත් සඡ්Cධායනාවේ අවසන් දිනට එළඹියේය. මේ සත් දිsන තුළ කිසිවකුත් හෝ උයනින් මල් සොරා ගෙන ගොස්‌ නැති බව ඒ ගැන සොයා බැලු ආතම්මාට දැනගත හැකි විය.

 වෙනදා මෙන් සුපුරුදු වෙලාවට පිටත්ව යැම සඳහා, ඇයත් ඇයගේ මිතුරියත් නැ`ගී සිටිනවාත් සම`ගම ආත්තම්මා, තරුණියගේ උතුරු සළුව තමන්ගේ අතට ගත්තේය. සළුව දෙන ලෙස ඉල්ලා සිටිමින් ඇය බැගෑපත් විය. හැඬුවේය. ඉකි බිඳ බිඳ හඬමින් බැගෑපත් වූයේ තම සළුව දෙන ලෙසටය. ඇය සම`ග පැමිණි අනෙක්‌ යුවතිය සැණෙකින් පලා ගියාය.

එහෙත් ආත්තම්මා මේ කිසිවක්‌ නො ඇසුනු කනින් යුතුව, උතුරු සළුව ගෙන ගොස්‌ රජතුමා අතට පත්කර කියා සිටියේ, මෙතෙක්‌ කල් මල් උයනේ මල් සොරකම් කළ -මල් හොරා මැය බවයි. රජතුමා ඇය ගෙන් කරුණු විමසුවාය. මල් උයනේ මල් සොරකම් නොකළ බවත්, කඩා ගත් මල් ජයසිරි මා බෝ සමිඳුන්ට සහ රත්නමාලි මහා සෑ රදුන්ට පූජා කරන බවත් පැවසීය. ඇය කාගේ කවුරුදැයි රජතුමා විමසුවේය. බොහෝ වෙලාවක්‌ නිහඬව සිටි ඇය, තමා කාගේ කවුරුදැයි රජතුමාට හෙළිදරව් කළාය.

 ඇය කල්‍යාණ පුරවරයේ ජයසේන නම් වූ නා රජුගේ දියණියයි. නමින් මණිමේඛලාය. රජතුමා ඇයට කියා සිටියේ නැවතත් නා ලොවට යා නොහැකි බවත් තමන් ඇය විවාහකර ගන්නා බවත් ය. ඇය කොතරම් බැගෑපත් වුවත් රජතුමා තමන්ගේ තීරණයේ වෙනස්‌ නොකළේය.

 මණිමේඛලා කුමරියට සිදු වූ අකරතැබ්බය ඇයගේ යෙහෙළිය විසින් කාල්‍යණ පුරවර ජයසේන රජතුමාට දන්වා සිටියේ හඬා වැළපෙමින්ය. සිද්ධිය ඇසූ නා රජතුමා, ඉමහත් කෝපයට පත්ව නාග (සේවක) යෙකු කැඳවා කියා සිටියේ කෙසේ හෝ සිය දියණිය රැගෙන ගෙන එන ලෙසය.

 මේ වනවිට දුටුගැමුණු රජතුමා දිවා රෑ කාලය ගත කළේ රත්නමාලි සෑ මළුවේය. එතුමාගේ අභිප්‍රාය වූයේ හැකි පමණ ඉක්‌මණින් මෙම චෛත්‍ය රාජයාගේ වැඩ නිම කිරීමය. බොහෝ අවස්‌ථාවල රාජ සභාව පැවැත්වූයේද සෑ මළුවේය.

එක්‌තරා දිනෙක මහ සෑ මළුවේදී නාගයකු රජතුමාට දෂ්ට කළේය. කපුරුනාථ නම් වූ රාජකීය විෂ වෛද්‍යවරයා, ක්‍ෂණයකින් කරන ලද ප්‍රතිකාර නිසා රජතුමා සුවපත් විය. මේ ආදි වශයෙන් වරින්වර සය වතාවක්‌ රජතුමාට විවිධ ස්‌ථානවල සිට නාගයන් දෂ්ට කළත්, රාජ වෛද්‍ය කපුරුනාථ විසින් රජතුමා සුවපත් කරන ලදී. මෙතරම් අවස්‌ථා ගණනක්‌ නාගයින් දෂ්ට කිරීමට හේතුව, නාග කුමරියක සිරකර ගෙන සිටීමේ හේතුවෙන් කරන ලද නාග ශාපයක්‌, බව රාජ වෛද්‍යවරයා ඇතුළු රටවැසියන්ගේ පිළිගැනීම විය. නාගයන් දෂ්ට කිරීමට පැමිණි සෑම අවස්‌ථාවකම එම නාග පෝතකයන් ඉතාමත් රහසිගතව මණිමේඛලා බිසව හමු වී යම් යම් උපදෙස්‌ ගත්තේය.

 සය වැනි වරටද නාගයකු දෂ්ට කිරීමෙන් පසු, මණිමේඛලා (නාග) බිසව මුදා හරින ලෙස රාජ සභාවේ උපදේශකයන් ද රජතුමාට උපදෙස්‌ දුන්නත් එතුමා එය ඉවත දැම්මේ, මේ වනවිට මේ බිසව ගැබ් ගෙන සිටි නිසාය. සය වරක්‌ම නාගයන්ගේ දෂ්ට කිරීම්වලට ගොදුරු වුවත්, කපුරුනාථ රාජ වෛද්‍යවරයා නිසා දුටුගැමුණු රජතුමා මරණයෙන් ගොඩ ගියේය. මේ නිසා රාජ වෛද්‍ය කපුරුනාථයන් සම`ග ද නා රජතුමා සිටියේ දැඩි කෝපයෙන්ය. මේ සෑම වරකම නාගයන් දෂ්ඨ කළේ, මහ සෑ මළුවේදී හෝ ඒ ආසන්නයේ සිට ය.

 සත්වැනි වරටත් නාගයකු යෑවීමට නා රජු පියවර ගත් අතර, මෙවර ඒ සඳහා තෝරා ගත්තේ, වාසුල, නම් වූ, තම ඥාති පුත්‍රයෙකු වූ නාග මානවකයෙකි. රජතුමාට දෂ්ට කිරීමට පෙර ඔහු සිය ඥාති නාග බිසව හමු විය. ඇය ඔහුට කීවේ, තමා මේ වනවිට ගැබ් ගෙන ඇති නිසාත්, පුතෙක්‌ ඉපදුනහොත් අනාගතයේ මෙරට රජකම් කිරීමට රජතුමා එක`ග කරවා ගැනීමට හැකිවනු ඇතැයි විශ්වාස කරන නිසා, අනතුරක්‌ නොකරන ලෙසට ඉල්ලා සිටි බව පිය රජතුමන්ට දන්වන ලෙස ලෙසට උපදෙස්‌ දුන්නේය.

 දුටුගැමුණු රජතුමාට දාව මණිමේඛලා නාග බිසව පිරිමි දරුවෙකු ප්‍රසූත කළාය. කල් යල් බලා එක්‌තරා දිනයක දී ඇය සිය පුත්‍රයා අනාගතයේදී මෙරට රජු බවට ප්‍රකාශයට පත් කරන මෙන් රජතුමාගෙන් ඉල්ලා සිටියාය. එයට පිළිවඳන් දෙමින් රජතුමා කියා සිටියේ, ඔහු තමාගේ පුත්‍රයා වුවත් රාජ වංශයෙන් පිට කෙනෙකුට මෙරට පවතින සම්ප්‍රදායට විරුද්ධව ක්‍රියා කළ නොහැකි බවයි. රජතුමාගේ ප්‍රකාශයෙන් නා බිසව කම්පාවට පත් විය. එමෙන්ම ඇය සිය පියාණන්ට සම්පූර්ණ විස්‌තරයම පණිවිඩකරුවෙකු ම`ගින් දන්වා යෑව්වේ ය.

 සිය දියණියගෙන් ලද පණිවිඩයෙන් දැඩි ලෙස කිපුණු නා රජතුමා පෙර සඳහන් කළ තම ඥාති පුත්‍ර වාසුල කැඳවා මෙවර දුටුගැමුණු රජතුමා කෙසේ හෝ මරා දමන ලෙසට උපදෙස්‌ දුන්නේ ය. රජතුමාට දෂ්ට කිරීමට පෙර, රාජකීය විෂ වෛද්‍ය කපුරුනාථ මරා දමන ලෙසට නියෝග කළේය.

 විෂ වෛද්‍ය කපුරුනාථයන් දිනක්‌ නිවසේ සිට රජ මැඳුරට යන අවස්‌ථාවක මහම`ග ඇති අම්බලමක ගිමන් නිවා ගැනීමට මොහොතකට නතර විය. ඒ වනවිට එහි රූමත් කඩවසම් තරුණයෙකු ද ගිමන් නිවා ගැනීමට නතරව සිටියේය. ඔවුන් දෙදෙනා ආගිය තොරතුරු කතා කරන අතර වාරයේ, තරුණයා කීවේ, කැලණියේ සිට ස්‌වර්ණමාලි චෛත්‍ය වන්දනාමාන කිරීමට යන බවයි. තමා දැනට සර්ප විෂ වෙදකම ගැන ඉගෙන ගන්නා බව ද කීවේ ය.

 කපුරුනාථ වෛද්‍යවරයාගේ සිහියට ආවේ තරුණ වියට එළඹෙමින් සිටින සිය දියණියයි. ඇය ද මේ වනවිට තමන් ගෙන් සර්ප විෂ වෙදකම හදාරන්නීය. තරුණයාගේ ගති පැවතුම් සහ හැසිරීම් රටාවෙන් පෙනී ගියේ ඔහු ඉතාමත් හොඳ පුද්ගලයකු බවයි. වෛද්‍යවරයා තමන් රාජකීය විෂ වෛද්‍යවරයා බව පැවසුවේය. ඉතාමත් සතුටට පත් තරුණයා ඔහුගේ දෙපා නැමද, තමන්ට අභිනවයෙන් ගුරුවරයෙකු හමුවුන බව ප්‍රකාශ කළේය. නොයෙක්‌ කතා මධ්‍යයේ වෙදැදැරූ තැන ප්‍රකාශ කළේ,

 රජතුමාට මේ වනවිට සය වතාවක්‌ නාගයන් දෂ්ඨ කළත්, තමන් ඔහු බේරා ගත් බවත්, තමන් ජීවත්ව සිටින තුරු කිසිම නාගයකුට රජතුමා මරා දැමිය නොහැකි බව ප්‍රකාශ කළේ උද්දාමයෙන් යුතුවය.

 තරුණයා විෂ වෙදකම ඉගෙන ගන්නා අයෙකු නිසා, අමාවක දිනෙක එළඹෙන විෂ හෝරාවේ දී නයකු දෂ්ට කළහොත් අනිවාර්යෙන්ම මියයන බව තමන්ගේ නවක ගෝලයාට කියා දුන්නේ ගුරු මුෂ්ඨියකින් තොරවය. තරුණයාට අවශ්‍ය සියලු තොරතුරු දැන් සම්පූර්ණය. වෛද්‍යවරයාගේ සඳහන් කිරීමට අනුව අද අමාවක පෝය දිනයයි. තවත් ස්‌වල්ප මොහොතකින් අවශ්‍ය විෂ හෝරාව එළඹෙනු ඇත. ඉතුරුව ඇත්තේ ක්‍රියාවට නැංවීම පමණ කි.

 විෂ හෝරාව එළඹුනේය. සැණෙකින් නාග වෙස්‌ ගත් තරුණයා ප්‍රථමයෙන්ම වෙදදුරාට දෂ්ට කළේය. තමන්ට වැරදුන බව වෙදදුරුට පසක්‌ විය. ඔහු අසල තිබුණු ඖෂධ පැළෑටියකට අත දිගු කර ගෙන මැරී වැටුනේය. නාගයා ඒ සම`ගම සෑ මළුවට ගොස්‌ එහි වාහල් දොරටුවකට නැංගේය. තවත් ස්‌වල්ප මොහොතකින් රජතුමා එම වාහල් දොරටුවෙන් යද්දී ඔහුගේ හිසටම නාගයා දෂ්ට කළේය. රජතුමාට සිහි විසඥ විය. රාජ පුරුෂයන් විෂ වෛද්‍යවරයා සොයා ඔහුගේ නිවසට යන අතර ම`ගදී දුටුවේ, මාවතක්‌ අයිනේ මැරී වැටී සිටින වෛද්‍යවරයාය. ඔවුන් නිවසට ගොස්‌ වෙදැදුරුගේ දියණියට සිද්ධිය කීවේය.

 ප්‍රතිකාර කිරීමට පැමිණෙන දියණිය දුටුවේ තම පියා එක්‌තරා දිසාවකට අත දිගුකර ගෙන මැරී සිටින ආකාරයයි. ඒ ගැන විපරම් කළ ඇයට දැක ගත හැකි වූයේ, විෂකුම්බා නම් ඖෂධ පැළෑටියයි. එම පැළෑටිය උගුලා ගෙන රජ මාළිගාවට ගිය ඇයට දැක ගන්නට ලැබුණේ සිහි විසඥව සිටින රජතුමාය. තනකිරි මිශ්‍ර බෙහෙත් ඔරුවක බහා අවශ්‍ය උපදෙස්‌ ලබා දී ආපසු නිවසට ගියේ සිය පියාණන්ගේ අවසන් කටයුතු සිදු කිරීමටය.

 රජතුමාට සිහිය ලැබුණත් ඔහු සිටියේ බරපතළ රෝග තත්ත්වයකින්ය. වෙදැදුරු දියණිය කියා සිටියේ තවත් සත් දිනකින් ස්‌ථිර වශයෙන්ම රජතුමා මිය යන බවය. සියල්ල එසේ සිදු වෙත්දී, මණිමේඛලා නාග බිසව, සිය පුත්‍රයා ද සමගින් මාළිගාවෙන් රහසේම පලා ගොස්‌ ඇති බව දැනගත හැකි විය.

 රජතුමාගේ මලනුවන් වූ සද්ධාතිස්‌ස කුමාරයා මේ වනවිට සිටියේ දිගාමඩුල්ල ප්‍රදේශයේ ගොවිතැන් ඇතුළු සංවර්ධන කටයුතුවල නියෑළෙමින්ය. රජතුමාගේ උපදෙස්‌ පරිදි වහාම ඔහු අනුරාධපුරයට කැඳවා ගෙන ආවේය. තමන් මිය යන්නට පෙර මහසෑයේ වැඩ නිමකරන මෙන් සද්ධාතිස්‌ස කුමාරයාට උපදෙස්‌ දුන්නේය. එහි වැඩ නිම කිරීමට තවත් මාස ගණනාවක්‌ හෝ අවුරුදු කිහිපයක්‌ ගතවනු ඇත.

 ලෝවාමහාපායත්, රත්නමාලි මහ සෑයත් අතර මැද ස්‌ථානයක තාවකාලික මණ්‌ඩපයක්‌ ඉදිකර රජතුමා එහි සැතපුවේය. රජතුමාට එක්‌ පසකින් මහ සෑයත්, අනෙක්‌ පසින් ජයසිරි මා බෝ සමිඳුන් සහ ලෝවාමහපායත්, හිස කෙළින් කළ විට ඉදිරියෙන් මිරිස්‌වැටි දාගැබත් පෙනෙන්නේය. රජතුමාගේ සිත බොදු බැතියෙන් පිරීඉතිරි ගොසින්ය. භික්‍ෂූන් වහන්සේලා නිරන්තරයෙන්ම එම මණ්‌ඩපයේ රැඳී පිරිත් ස-Cධායනා කරති.

 මහා සංඝරත්නයේ උපදෙස්‌ පරිදි මෙයට පිළියමක්‌ වශයෙන්, චෛත්‍යයේ වැඩ නිම නොවූ කොටස, සුදු රෙදිවලින් ආවරණය කර වැඩ නිම වූවා සේ පෙනෙන්නට සැලසීය. රජතුමා ඉතාමත් සතුටට පත් වූ අතර, මහා සංඝ රත්නයේ පිරිත් ස-Cධායනය ශ්‍රවණය කරමින් සිටියදීම මියගියේ, වෙදැදුරු දියණියගේ අනාගත වාක්‍ය සත්‍ය බවට තහවුරු කරමින් ය. +++++දුටුගැමුණු රජතුමාගේ මරණය ගැන විමසුමක්‌ මාගේ මේ ව්‍යායාමය හුදෙක්‌ රජ සැප පිණිස නොව, සම්බුද්ධ ශාසනයේ චිරස්‌ථිය පිණිසයි යනුවෙන් ප්‍රකාශ කළ දුටුගැමුණු රජතුමා ක්‍රි(පූ( 161 සිට 137 දක්‌වා වසර 24 ක්‌ රාජ්‍යත්වය හොබවා මැළුම් වයසේ දී අකාලයේම මිය ගියේය. වංශ කතාවල දැක්‌වෙන්නේ හදිසියේම ඔත්පල වූ රජතුමා දින කිහිපයකින් මියගිය බවය. ඔත්පල වූ රෝගය කුමක්‌දැයි සඳහන් නොවේ. කෙසේ වුවද බොහෝ දෙනකුගේ මතය රජතුමාගේ අකල් මරණය හේතුව මහාවංශ කතුවර මහානාම හිමියන් ස`ගවා ඇති බවයි. එය අභිරහසකි.

 එහෙත් ජනප්‍රවාද තොරතුරු බොහෝමයක දැක්‌වෙන්නේ ඉහත දැක්‌වූ කතා පුවතට අනුව, එතුමාට නාගයකු දෂ්aට කිරීම නිසා මියගිය බවය. ජනප්‍රවාද තොරතුරු, ජනප්‍රවාද සේ සලකා ඉවත නොදැමිය යුතු බවත්, ඒ ගැන ද සලකා බැලීම ඉතිහාසඥයන්ගේ වගකීමක්‌ බව, හිටපු පුරාවිද්‍යා කොමසාරිස්‌ ආචාර්ය චාල්ස්‌ ගොඩකුඹුර මහතා සඳහන් කළේ, -සීගිරි පවත නම් නම් ග්‍රන්ථයකට පෙරවදනක්‌ සපයමිනි. එතුමාගේ අදහසට අනුව අපි මෙම පුවත ද ඉවත නොදමා මේ ගැන තවදුරටත් කරුණු අධ්‍යයනය කිරීම වැදගත්ය. තවත් ජනප්‍රවාදයක රජතුමාගේ මරණයට හේතුව වශයෙන් සඳහන් වන්නේ මෙවන් වෘත්තාන්තයකි.

 එළාර රජතුමා සම`ග කළ සටනින් ජයග්‍රහණය ලැබූ රජතුමා, බොහෝ අවස්‌ථාවල විවේකය ගත කිරීමට ගියේ කල්‍යාණ පුරවරයටය. කල්‍යාණ පුරය බුදුන් වැඩිය රටයි. එමෙන්ම එතුමන්ගේ මෑණියන් වූ, විහාර මහා දේවියගේ ජාත භූමියයි. මව් පාර්ශ්වයේ ඥාතීන් සිටියේ එම ප්‍රදේශයේ නිසා, රජතුමා සිය විවේකය ගතකිරීමට කල්‍යාණ ග්‍රාමය තෝරා ගත්තේය.

 එවකට එම ප්‍රදේශයේ පාලකයා වශයෙන් කටයුතු කළ රජතුමාගේ ඥාති සොහොයුරකු වූ ජයසේන නම් නාග කුමාරයෙක්‌ය. රජතුමා වරින්වර කැලණියට ගොස්‌ එහි විවේකයන් ගත කළ අතර, දිනක්‌ ඔහු දුටුවේ, ජයසේන කුමරු සිය සුහුඹුල් බිසව සම`ග කැලණි ගෙ`ග් දිය කෙළින දර්ශනයකි. රජතුමාට එය රාග නිශ්‍රිත ....මන් මෙන් දර්ශනය විය. රජතුමාට ඇය පිළිබඳ සිතක්‌ පහළ වූයෙන්, ඇය තමන්ට විවාහ කර ගැනීමට දෙන ලෙස ජයසේන කුමරුගෙන් ඉල්ලා සිටියේය. මෙහිදී දෙදෙනා අතර ප්‍රථමයෙන් වාග් හරඹයක්‌ ඇරඹී පසුව එහි අවසාන ප්‍රතිඵලය වූයේ, දෙදෙනා අතර ද්වJධ සටනක්‌ ඇති වීමය. ජයසේනයන් යුද්ධයෙන් පරාජයට පත් වූවා මෙන්ම දැඩි ලෙස තුවාලද විය. -මතු ආත්මයේ දී නාගයෙකුව ඉපිද දෂ්ඨ කර ඔබ මරා දමමි, යනුවෙන් ශාප කරමින් කුමාරයා අසලින් ගලා බස්‌නා කැලණි ග`ගට පැන සිය දිවි නසා ගත්තේය. රජතුමා, ජයසේනයන්ගේ බිසව වූ, එම නාග කුමරිය විවාහ කර ගත්තේ, ඇයගේ කැමැත්තකින් තොරවය. කරන ලද ශාපය සපථ කරමින් ජයසේනයන් ඊළ`ග ආත්මයේ නාගයකු වශයෙන් ඉපදී, රජතුමාට දෂ්ට කර මරා දමා පළි ගත් බව එම ප්‍රවාද තොරතුරෙ හි සඳහන් වේ.

 දුටුගැමුණු රජතුමාගේ අකල් මරණය ගැන මෙවන් ප්‍රවාද තොරතුරු කිහිපයක්‌ම අසන්නට ලැබේ. එම සෑම ප්‍රවෘත්තියකම සඳහන් වන්නේ, කවරාකාරයකින් හෝ නාග කන්‍යාවකගේ සම්බන්ධයක්‌ සහ එතුමා නාග විසෙන් අභාවප්‍රාප්ත වූ බවයි. ඒ අනුව රජතුමාගේ මරණයේ වග උත්තරකාරිය -නාග කන්‍යාවකි.

 දුටුගැමුණු රජතුමාගේ මෑණියන් වූ වෙහෙර මහදේවි, කැලණිපුරයේ සිටි කැලණි තිස්‌ස රජතුමාගේ එකම දියණියයි. (කැලණි පුරවරයේ පිහිටීම ගැන ද විවිධ මතිමතාන්තර පවතී.) බුදුන් දවස කැලණියේ රජකළ මණිඅක්‌ත නා රජතුමන්, එතුමන්ගේ මුත්තණුවන් කෙනෙකි. ඔවුන් නාග වංශිකයන්ය. ඒ අනුව පෙනී යන්නේ, දුටුගැමුණු රජතුමා ද අර්ධ නාග වංශිකයෙකි.

 වසර 44 ක පමණ කාලයක්‌ සොළී පාලනයට යටත්ව තිබූ මේ ලංකාද්වීපය, ඔවුන් ගෙන් ගලවා ගත්තේ දුටුගැමුණු රජතුමන්ය. රට, දැය, සමය වෙනුවෙන් එතුමන් කරන ලද උදාර මෙහෙවර මෙන්ම අභිමානය සලකා, මහාවංශ කතුවර මහානාම හිමියන් මෙම මරණය සිදු වූ ආකාරය ස`ගවා තබන්ට ඇතැයි විද්වත් මතය යි.

 නොයෙක්‌ කතා මධ්‍යයේ වෙදැදැරූ තැන ප්‍රකාශ කළේ, රජතුමාට මේ වනවිට සය වතාවක්‌ නාගයන් දෂ්ඨ කළත්, තමන් ඔහු බේරා ගත් බවත්, තමන් ජීවත්ව සිටින තුරු කිසිම නාගයකුට රජතුමා මරා දැමිය නොහැකි බව ප්‍රකාශ කළේ උද්දාමයෙන් යුතුවය.

 තරුණයා විෂ වෙදකම ඉගෙන ගන්නා අයෙකු නිසා, අමාවක දිනෙක එළඹෙන විෂ හෝරාවේ දී නයකු දෂ්ට කළහොත් අනිවාර්යෙන්ම මියයන බව තමන්ගේ නවක ගෝලයාට කියා දුන්නේ ගුරු මුෂ්ඨියකින් තොරවය. තරුණයාට අවශ්‍ය සියලු තොරතුරු දැන් සම්පූර්ණය. වෛද්‍යවරයාගේ සඳහන් කිරීමට අනුව අද අමාවක පෝය දිනයයි. තවත් ස්‌වල්ප මොහොතකින් අවශ්‍ය විෂ හෝරාව එළඹෙනු ඇත. ඉතුරුව ඇත්තේ ක්‍රියාවට නැංවීම පමණ කි.

 විෂ හෝරාව එළඹුනේය. සැණෙකින් නාග වෙස්‌ ගත් තරුණයා ප්‍රථමයෙන්ම වෙදදුරාට දෂ්ට කළේය. තමන්ට වැරදුන බව වෙදදුරුට පසක්‌ විය. ඔහු අසල තිබුණු ඖෂධ පැළෑටියකට අත දිගු කර ගෙන මැරී වැටුනේය. නාගයා ඒ සම`ගම සෑ මළුවට ගොස්‌ එහි වාහල් දොරටුවකට නැංගේය. තවත් ස්‌වල්ප මොහොතකින් රජතුමා එම වාහල් දොරටුවෙන් යද්දී ඔහුගේ හිසටම නාගයා දෂ්ට කළේය. රජතුමාට සිහි විසඥ විය. රාජ පුරුෂයන් විෂ වෛද්‍යවරයා සොයා ඔහුගේ නිවසට යන අතර ම`ගදී දුටුවේ, මාවතක්‌ අයිනේ මැරී වැටී සිටින වෛද්‍යවරයාය. ඔවුන් නිවසට ගොස්‌ වෙදැදුරුගේ දියණියට සිද්ධිය කීවේය.

 ප්‍රතිකාර කිරීමට පැමිණෙන දියණිය දුටුවේ තම පියා එක්‌තරා දිසාවකට අත දිගුකර ගෙන මැරී සිටින ආකාරයයි. ඒ ගැන විපරම් කළ ඇයට දැක ගත හැකි වූයේ, විෂකුම්බා නම් ඖෂධ පැළෑටියයි. එම පැළෑටිය උගුලා ගෙන රජ මාළිගාවට ගිය ඇයට දැක ගන්නට ලැබුණේ සිහි විසඥව සිටින රජතුමාය. තනකිරි මිශ්‍ර බෙහෙත් ඔරුවක බහා අවශ්‍ය උපදෙස්‌ ලබා දී ආපසු නිවසට ගියේ සිය පියාණන්ගේ අවසන් කටයුතු සිදු කිරීමටය.

 රජතුමාට සිහිය ලැබුණත් ඔහු සිටියේ බරපතළ රෝග තත්ත්වයකින්ය. වෙදැදුරු දියණිය කියා සිටියේ තවත් සත් දිනකින් ස්‌ථිර වශයෙන්ම රජතුමා මිය යන බවය. සියල්ල එසේ සිදු වෙත්දී, මණිමේඛලා නාග බිසව, සිය පුත්‍රයා ද සමගින් මාළිගාවෙන් රහසේම පලා ගොස්‌ ඇති බව දැනගත හැකි විය.

 රජතුමාගේ මලනුවන් වූ සද්ධාතිස්‌ස කුමාරයා මේ වනවිට සිටියේ දිගාමඩුල්ල ප්‍රදේශයේ ගොවිතැන් ඇතුළු සංවර්ධන කටයුතුවල නියෑළෙමින්ය. රජතුමාගේ උපදෙස්‌ පරිදි වහාම ඔහු අනුරාධපුරයට කැඳවා ගෙන ආවේය. තමන් මිය යන්නට පෙර මහසෑයේ වැඩ නිමකරන මෙන් සද්ධාතිස්‌ස කුමාරයාට උපදෙස්‌ දුන්නේය. එහි වැඩ නිම කිරීමට තවත් මාස ගණනාවක්‌ හෝ අවුරුදු කිහිපයක්‌ ගතවනු ඇත.

 ලෝවාමහාපායත්, රත්නමාලි මහ සෑයත් අතර මැද ස්‌ථානයක තාවකාලික මණ්‌ඩපයක්‌ ඉදිකර රජතුමා එහි සැතපුවේය. රජතුමාට එක්‌ පසකින් මහ සෑයත්, අනෙක්‌ පසින් ජයසිරි මා බෝ සමිඳුන් සහ ලෝවාමහපායත්, හිස කෙළින් කළ විට ඉදිරියෙන් මිරිස්‌වැටි දාගැබත් පෙනෙන්නේය. රජතුමාගේ සිත බොදු බැතියෙන් පිරීඉතිරි ගොසින්ය. භික්‍ෂූන් වහන්සේලා නිරන්තරයෙන්ම එම මණ්‌ඩපයේ රැඳී පිරිත් සඡ්Cධායනා කරති.

 මහා සංඝරත්නයේ උපදෙස්‌ පරිදි මෙයට පිළියමක්‌ වශයෙන්, චෛත්‍යයේ වැඩ නිම නොවූ කොටස, සුදු රෙදිවලින් ආවරණය කර වැඩ නිම වූවා සේ පෙනෙන්නට සැලසීය. රජතුමා ඉතාමත් සතුටට පත් වූ අතර, මහා සංඝ රත්නයේ පිරිත් ස-Cධායනය ශ්‍රවණය කරමින් සිටියදීම මියගියේ, වෙදැදුරු දියණියගේ අනාගත වාක්‍ය සත්‍ය බවට තහවුරු කරමින් ය. +++++දුටුගැමුණු රජතුමාගේ මරණය ගැන විමසුමක්‌ මාගේ මේ ව්‍යායාමය හුදෙක්‌ රජ සැප පිණිස නොව, සම්බුද්ධ ශාසනයේ චිරස්‌ථිය පිණිසයි යනුවෙන් ප්‍රකාශ කළ දුටුගැමුණු රජතුමා ක්‍රි(පූ( 161 සිට 137 දක්‌වා වසර 24 ක්‌ රාජ්‍යත්වය හොබවා මැළුම් වයසේ දී අකාලයේම මිය ගියේය. වංශ කතාවල දැක්‌වෙන්නේ හදිසියේම ඔත්පල වූ රජතුමා දින කිහිපයකින් මියගිය බවය. ඔත්පල වූ රෝගය කුමක්‌දැයි සඳහන් නොවේ. කෙසේ වුවද බොහෝ දෙනකුගේ මතය රජතුමාගේ අකල් මරණය හේතුව මහාවංශ කතුවර මහානාම හිමියන් ස`ගවා ඇති බවයි. එය අභිරහසකි.

 එහෙත් ජනප්‍රවාද තොරතුරු බොහෝමයක දැක්‌වෙන්නේ ඉහත දැක්‌වූ කතා පුවතට අනුව, එතුමාට නාගයකු දෂ්aට කිරීම නිසා මියගිය බවය. ජනප්‍රවාද තොරතුරු, ජනප්‍රවාද සේ සලකා ඉවත නොදැමිය යුතු බවත්, ඒ ගැන ද සලකා බැලීම ඉතිහාසඥයන්ගේ වගකීමක්‌ බව, හිටපු පුරාවිද්‍යා කොමසාරිස්‌ ආචාර්ය චාල්ස්‌ ගොඩකුඹුර මහතා සඳහන් කළේ, සීගිරි පවත නම් නම් ග්‍රන්ථයකට පෙරවදනක්‌ සපයමිනි. එතුමාගේ අදහසට අනුව අපි මෙම පුවත ද ඉවත නොදමා මේ ගැන තවදුරටත් කරුණු අධ්‍යයනය කිරීම වැදගත්ය. තවත් ජනප්‍රවාදයක රජතුමාගේ මරණයට හේතුව වශයෙන් සඳහන් වන්නේ මෙවන් වෘත්තාන්තයකි.

 එළාර රජතුමා සම`ග කළ සටනින් ජයග්‍රහණය ලැබූ රජතුමා, බොහෝ අවස්‌ථාවල විවේකය ගත කිරීමට ගියේ කල්‍යාණ පුරවරයටය. කල්‍යාණ පුරය බුදුන් වැඩිය රටයි. එමෙන්ම එතුමන්ගේ මෑණියන් වූ, විහාර මහා දේවියගේ ජාත භූමියයි. මව් පාර්ශ්වයේ ඥාතීන් සිටියේ එම ප්‍රදේශයේ නිසා, රජතුමා සිය විවේකය ගතකිරීමට කල්‍යාණ ග්‍රාමය තෝරා ගත්තේය.

 එවකට එම ප්‍රදේශයේ පාලකයා වශයෙන් කටයුතු කළ රජතුමාගේ ඥාති සොහොයුරකු වූ ජයසේන නම් නාග කුමාරයෙක්‌ය. රජතුමා වරින්වර කැලණියට ගොස්‌ එහි විවේකයන් ගත කළ අතර, දිනක්‌ ඔහු දුටුවේ, ජයසේන කුමරු සිය සුහුඹුල් බිසව සම`ග කැලණි ගෙ`ග් දිය කෙළින දර්ශනයකි. රජතුමාට එය රාග නිශ්‍රිත රැඟුමන් මෙන් දර්ශනය විය. රජතුමාට ඇය පිළිබඳ සිතක්‌ පහළ වූයෙන්, ඇය තමන්ට විවාහ කර ගැනීමට දෙන ලෙස ජයසේන කුමරුගෙන් ඉල්ලා සිටියේය. මෙහිදී දෙදෙනා අතර ප්‍රථමයෙන් වාග් හරඹයක්‌ ඇරඹී පසුව එහි අවසාන ප්‍රතිඵලය වූයේ, දෙදෙනා අතර ද්වJධ සටනක්‌ ඇති වීමය. ජයසේනයන් යුද්ධයෙන් පරාජයට පත් වූවා මෙන්ම දැඩි ලෙස තුවාලද විය. මතු ආත්මයේ දී නාගයෙකුව ඉපිද දෂ්ඨ කර ඔබ මරා දමමි, යනුවෙන් ශාප කරමින් කුමාරයා අසලින් ගලා බස්‌නා කැලණි ග`ගට පැන සිය දිවි නසා ගත්තේය. රජතුමා, ජයසේනයන්ගේ බිසව වූ, එම නාග කුමරිය විවාහ කර ගත්තේ, ඇයගේ කැමැත්තකින් තොරවය. කරන ලද ශාපය සපථ කරමින් ජයසේනයන් ඊළ`ග ආත්මයේ නාගයකු වශයෙන් ඉපදී, රජතුමාට දෂ්ට කර මරා දමා පළි ගත් බව එම ප්‍රවාද තොරතුරෙ හි සඳහන් වේ.

 දුටුගැමුණු රජතුමාගේ අකල් මරණය ගැන මෙවන් ප්‍රවාද තොරතුරු කිහිපයක්‌ම අසන්නට ලැබේ. එම සෑම ප්‍රවෘත්තියකම සඳහන් වන්නේ, කවරාකාරයකින් හෝ නාග කන්‍යාවකගේ සම්බන්ධයක්‌ සහ එතුමා නාග විසෙන් අභාවප්‍රාප්ත වූ බවයි. ඒ අනුව රජතුමාගේ මරණයේ වග උත්තරකාරිය නාග කන්‍යාවකි.

 දුටුගැමුණු රජතුමාගේ මෑණියන් වූ වෙහෙර මහදේවි, කැලණිපුරයේ සිටි කැලණි තිස්‌ස රජතුමාගේ එකම දියණියයි. (කැලණි පුරවරයේ පිහිටීම ගැන ද විවිධ මතිමතාන්තර පවතී.) බුදුන් දවස කැලණියේ රජකළ මණිඅක්‌ත නා රජතුමන්, එතුමන්ගේ මුත්තණුවන් කෙනෙකි. ඔවුන් නාග වංශිකයන්ය. ඒ අනුව පෙනී යන්නේ, දුටුගැමුණු රජතුමා ද අර්ධ නාග වංශිකයෙකි.

 වසර 44 ක පමණ කාලයක්‌ සොළී පාලනයට යටත්ව තිබූ මේ ලංකාද්වීපය, ඔවුන් ගෙන් ගලවා ගත්තේ දුටුගැමුණු රජතුමන්ය. රට, දැය, සමය වෙනුවෙන් එතුමන් කරන ලද උදාර මෙහෙවර මෙන්ම අභිමානය සලකා, මහාවංශ කතුවර මහානාම හිමියන් මෙම මරණය සිදු වූ ආකාරය ස`ගවා තබන්ට ඇතැයි විද්වත් මතය යි.
එච්.එම්.ජයන්ත විඡේරත්න
විශ්‍රාමික පුරාවිද්‍යා නිලධාරි - සීගිරිය
divaina
================================================
උපුටා ගැනීම් සහිතයි ....!!! 
දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Wednesday, January 8, 2020

රාජසිංහ රජුගේ අබිරහස් උමගට රිංගූ ගැමියන් හත්දෙනා මියගියේ ඇයි ? (King rajasighe kotte umaga අබිරහස් අඩවිය - Abirahas Adawiya - හෙල පුරාණය)

කැලණි මිටියාවතේ සටන්කාරයන් සොයා...
‘පුරුතුගීසි කාරයා රටවල් අල්ලන්න වීරයා   
අතුරු රාජ මාරයා මුළු ලෝ හොල්ලන්න ශූරයා’   
අපේ ජනතාව තුළ මේ ගීතය හුදෙක් ප්‍රචලිත වූයේ පෘතුගීසින් ලංකාවට පැමිණ වසර ගණනාවකට පසුවයි. මුලින්ම ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශයට සංක්‍රමණය වූ පෘතුගීසින් පසුව ක්‍රමක්‍රමයෙන් රට අභ්‍යන්තරයට ප්‍රවිශ්ට වීමට තරම් දක්ෂ වූයේ ඔවුන්ගේ කූට උපාය ඥානය නිසායි. පෘතුගීසින් විසින් ලංකාවේ ඇති සශ්‍රීක භාවයත් සමඟ ඔවුන්ගේ ව්‍යාපාර සඳහා සුදුසුම ස්ථානයක් ලෙස ලංකාව ​ෙතා්රා ගත්තේ ඒ නිසාවෙනි.   
පෘතුගීසින් මෙරටට ගොඩ බසින විට එවකට කෝට්ටේ රාජධානිය කළ රජතුමන් මුණගැසීමට අවශ්‍ය බව ප්‍රකාශ කර තිබේ. ඒ අවස්ථාවේ රාජ්‍ය සේවකයන් පෘතුගීසින් හෙවත් පරංගීන් රජතුමා මුණගැසීම සඳහා කෙටි මාර්ග මගහැර වෙනත් දීර්ඝ මාර්ගයක් ඔස්සේ ගෙනගොස් රජතුමා මුණගැස්වීමට කටයුතු කළේය.   
එදා සිට ‘පරංගියා කෝට්ටේ ගියා වගේ’ යන ප්‍රස්තාව පිරුළ ප්‍රචලිත විය. ඒ පරංගීන් දුර මාර්ගයෙන් කෝට්ටේ රාජධානිය වෙත ගෙන ගිය නිසාවෙනි. කෙසේ වෙතත් කෝට්ටේ රාජධානියට පැමිණි පරංගීහූ රජුන් සමඟ ඉතා කුළුපග වූහ. ඔවුන්ගේ ව්‍යාපාර දියුණු කර ගැනීම මූලික අරමුණ විය.   
සිංහල රජතුමාට ද අවශ්‍ය වී තිබුණේ කෙසේ හෝ පරංගීන් සමඟ කුළුපග වී සිය රාජ්‍ය බලය පවත්වා ගෙන යාම සඳහා පරංගීන්ගේ සහාය ලබා ගැනීමයි. කෝට්ටේ රාජධානියෙන් පසුව පරංගීන්ගේ කූට උපායන් මගින් ඔවුහු සීතාවක රාජධානියට ද සංක්‍රමණය වූහ. එවකට ශ්‍රී ලංකාව පාලනය කළ රජවරුන් අතර ද බල අරගලයක් තිබිණි. මේ නිසා බොහෝ රජවරු පරංගීන් සමඟ මිතුදම් පවත්වාගෙන යාමට උත්සුක වූහ.   
පෘතුගීසින් හෙවත් පරංගීන් ක්‍රමක්‍රමයෙන් ලංකාව තුළ බලය තහවුරු කර ගනිමින් සිටින විට මෙය ද ශ්‍රී ලංකා පාලනය කළ රජවරුන්ට මහත් හිසරදයක් විය. මේ නිසා එවකට සීතාවක රාජධානිය කරගත් රාජසිංහ රජතුමන් පරංගීන් පලවා හැරීමට සිංහල භට පිරිස් සූදානම් කළේය. සීතාවක රාජධානියට අයත් හංවැල්ල තානායම පිහිටි ස්ථානයේ පරංගීහු බළකොටුවක් තනාගත්හ. එය වටේට දිය අගලක් කපා එ් තුළ කිඹුලන් දමා ආරක්ෂාව තර කර තිබේ. අදටත් එම දිය අගල දක්නට ලැබුන ද දැන් එය වල් බිහිවී තිබේ.   
හංවැල්ල ලෙස නම් වී ඇත්තේ පරංගීන් ගෙරි සම් කැලණි ගඟ ආසන්නයේ තැනිතලාවක වේළපු නිසා බව පැවැසෙයි. සම් වේළපු තැන නිසා හංවැල්ල ලෙස ප්‍රසිද්ධියට පත්ව තිබේ. අද හංවැල්ල තානායම පවත්වාගෙන යන්නේ ඒ පැරණි බළකොටුව තිබූ තැනය. 
මක්‍රමයෙන් පරංගීන් රට තුළට සංක්‍රමණය වීමත් සමඟ සිංහල රජවරුන්ට මෙය මහත් හිසරදයක් විය. ඒ නිසා ඔවුන් පලවා හැරීමට නොයෙකුත් උපක්‍රම යෙදූ බව ඉතිහාසය සඳහන් කරයි. පරංගීන් පලවා හැරීම සඳහා මූලිකව ක්‍රියා කළේ ටිකිරි කුමාරයා බව සඳහන් වෙයි. පසුව ඔහු සීතාවක රාජසිංහ නමින් ප්‍රචලිත විය.   
සීතාවක රාජසිංහ රජතුමා පරංගීන්ගේ බලය හීන කරවීම සඳාහා හේවායින් රැස් කළ ස්ථානය අද භාවිතා කරන්නේ ‘හේවාඉන්න’ ලෙසයි. හේවාඉන්න ප්‍රදේශයේ අදටත් හේවායින් සමඟ රහසිගතව සිටීමට සෑදූ උමගක් දැකිය හැකිය. එම උමං මාර්ගය හේවාඉන්න ප්‍රදේශයේ සිට සීතාවක රාජධානිය කරා ගමන් කිරීමට පිළිවන. මේ උමං මාර්ගය දැනට තාවකාලිකව වසා දමා තිබේ. මේ උමං මාර්ගය ඔස්සේ ගමන් කළ 7 දෙනකු පිළිබඳ තොරතුරු වාර්තා වෙයි. ඔවුන් 7 දෙනා එම උමං මාර්ගය ඔස්සේ ටික දුරක් ගමන් කරද්දී පහන් ආලෝ්කයක් දැක ඇත. ඔවුන් තවත් ඉදිරියට යාමේදී දැවැන්ත නාගයකු හමු වී තිබේ. පසුව ඔවුන් නැවත පැමිණ තිබේ. ඒ බව ඔවුන් ගම්වාසීන් සමඟ ප්‍රකාශ කර ඇත. ඒ බව ප්‍රකාශ කළ 7 දෙනාගෙන් 6 දෙනකුම දවස් හතෙන් හතට මියගොස් ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.
ඔවුන්ගෙන් එක් අයකු සිද්ධිය පිළිබඳ ප්‍රකාශ නොකළ නිසා ඔහු දිගු කලක් ජීවත්ව මිය ගිය බව ප්‍රදේශවාසී ඩී.ඩී. පියරත්න මහතා පැවැසීය. මෑත කාලයේ එම උමං මාර්ගය ඔස්සේ තරුණයන් කිහිපදෙනකු ගොස් තිබේ. උමග තුළට බැස්ස විට අඩි 10ක පමණ උසක් අැති බවත් තනිව සිටගෙන එහි ගමන් කළ හැකි බවත් එකී තරුණයකු සඳහන් කළේය. එම උමග තුළ පැති කිහිපයකට ගමන් කළ හැක. එය ආරක්ෂක පියවරක් ලෙස එසේ නිර්මාණය කර ඇත.   
හේවායින් සමඟ සීතාවක රාජසිංහ රජතුමා සේනාව රැස්කර පෘතුගීසින්ට පහර එල්ල කිරීම සඳහාත්, රහසිගතව රැකවලයේ යෙදීම සඳහාත් මේ උමග භාවිතා කර ඇත. දැනට හේවාඉන්න ප්‍රදේශයේ මේ පිළිබඳව ඇති එකම සාධකය මෙම උමං මාර්ගයයි.   
හේවාඉන්න ඉතා දකුම්කලු සුන්දර ග්‍රාමයකි. ගමට ඇතුළුවන ස්ථානයේ කුමාරි ඇල්ල නමින් දැකුම්කලු ඇල්ලක් ගලා බසියි. සති අන්තයේ අතිවිශාල දේශීය සංචාරකයෝ පිරිසක් එය නැරඹීමට පැමිණෙති.   
දැනට ඉතිරිව ඇති මෙම ඓතිහාසික උමං මාර්ගය ජනතාවට දැකබලා ගැනීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් නොමැත. එවැනි ස්ථානයක් සංරක්ෂණය කොට මතු පරම්පරාවට සකස් කිරීම බලධාරීන්ගේ වගකීමයි.    
හේවාඉන්න ප්‍රදේශයේ අැති උමග පිළිබඳව සොයා බැලීමේදී එය කිලෝමීටර් 6ක් 7ක් තරම් දුරකට විහිදෙයි. මෑත කාලයේ එම උමග තුළට ගිය තරුණයන් කිහිපදෙනකු අපට හමුවිය.   
සීතාවක රාජසිංහ රජතුමන් කෙටි මාර්ගයක් ලෙසත් ආරක්ෂාකාරීව සිටිමින් මෙය භාවිතා කළ බව ප්‍රදේශයේ වෙසෙන මංජුල මහතා ප්‍රකාශ කළේය. “අපි මීටර් 10ක් විතර දුරක් ගියා. පරණ රෙදි කැබලි, පාංකඩ, යකඩ වගේ දේවල් අපට හමුවුණා. උමග තුළට ගියාම එක එක පැතිවලට ගමන් කරන්න පුළුවන්. එළිය එන්න වා කවුළු ගොඩක් තිබෙනවා. අපිට ටිකක් දුර ගියාම බය සිතුණා මර උගුල් වගේ දේවල් තිබෙන නිසා. අනික අපට හොඳ එළියක් තිබුණේ නැහැ. ඒක නිසා අපි නැවත ආවා. උමග ඇතුළෙ විශාල දිය අගලක් ගලා බසිනවා. අපි හිතන්නේ බොහෝ වටිනා දේවල් තිබෙනවා කියලා විශ්වාස කෙරෙනවා. මේ උමගේ ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වුණාම ගමන් කිරීමට පුළුවන්. කිසිදු අපහසුතාවක් නැහැ. නමුත් අපිට ප්‍රමාණවත් උපකරණ තිබුණේ නැහැ. ඇතුළට තැනින් තැන කාමර වගේ කුටි තිබෙනවා. ඒත් දැන්නම් උමගට ඇතුළු වෙන මාර්ගය ගල් දාලා සිර කරලා තිබෙන්නේ.   
අපි අහලා තිබෙනවා අපි කුඩා කාලයේදී මේ උමග තුළට ගිය 7 දෙනෙක් ගැන. ඔවුන් ලිපියක් ලියලා ගිහින් තිබෙන්නේ. කොහොම හරි ඔවුන්ගෙන් 6 දෙනකුම මියගොස් තිබෙනවා. අපි විශ්වාස කරනවා මොකක් හරි අත්භූත දෙයක් වෙන්න ඇති කියලා. කටකතාවකුත් තිබෙනවා මේ උමඟ තුළ නිධානයක් තිබෙනවා කියලා. නමුත් අපි හරියටම දන්නේ නැහැ. එක එක්කනො කියන දේවල් තමා. අර මුලින්ම ගිය 7 දෙනා ලියුම ලියලා දුන්න කෙනා දැන් මේ පළාතේ නැහැ. කොහේ ඉන්නවා ද කියලා අපි දන්නේ නැහැ. හිටියා නම් හොඳ ​ෙතාරතුරු ටිකක් දැනගන්න පුළුවන්.  
මේ හේවාඉන්න කියලා නම හැදිලා තිබෙන්නේ සීතාවක රාජසිංහ රජ්ජුරුවන්ගේ හේවායින් මේ ප්‍රදේශයේ ඉඳලා තමයි පෘතුගීසින්ට විරුද්ධව සටන් වැදිලා තිබෙන්නේ. මේ උමග පිළිබඳ පුරාවිද්‍යාවෙන් හෝ සොයලා බලනවා නම් හොඳ ඓතිහාසික තොරතුරු රැසක් සොයාගන්න පුළුවන් වෙයි. දැන් මේ මාර්ගය ඉදිකරනකොට ගල්වලින් උමග වැසී තිබෙනවා. ඒත් එක් තැනකින් ගොඩ වෙන්න පුළුවන්. මේක ඓතිහාසික රාජධානියක්නේ. තවත් බොහෝ තොරතුරු ඇති.”  
සීතාවක රාජසිංහ රජ්ජුරුවන්ට කඩු සැපයූ සහ කඩු සඟවා තිබූ ප්‍රදේශය අද හැඳින්වෙන්නේ කඩුගොඩ නමිනි. කොළඹ අවිස්සාවේල්ල මාර්ගයේ කොස්ගම ප්‍රදේශයෙන් දකුණට හැරී ටික දුරක් යන විට කඩුගොඩ ග්‍රාමය හමුවෙයි.  
හේවායින් විසින් පරංගීන්ගෙන් අවි අායුධ ආරක්ෂා කරගැනීමට කඩු සඟවා තිබූ ග්‍රාමය තමයි කඩුගොඩ කියන්නේ. මේ ප්‍රදේශයේ ඒ කාලයේ හේවායින් කඩු සකස් කර ඇති බවට ඉතිහාසයේ මෙන්ම මුඛ පරම්පරාවෙන් දැනගත හැකියි. කඩුගොඩ ග්‍රාමයට සම්බන්ධ තවත් පොකුරු ගම් කිහිපයක් තිබේ. වෙරළුපිටිය, අරපන්ගම, කහපල, බොරළුගොඩ එම ග්‍රාමයන් වෙයි. කඩුගොඩ කියන නාමය පටබැඳී ඇත්තේ සීතාවක රජ්ජුරුවෝ කඩු සඟවා තැබූ ප්‍රදේශය නිසාවෙනි. නමුත් මෙහි පුරාවිද්‍යාත්මක සාධක නැත. ප්‍රදේශයේ දියුණුවත් සමඟ එම ඓතිහාසික තොරතුරු මැකී ගොස් තිබේ.
මතු සම්බන්ධයි...   
සටහන - නිශාන්ත කුමාර බණ්ඩාර
ඡායාරූප - ඇලෙක්සැන්ඩර් බාලසූරිය
lankadeepa
****************************************************
උපුටා ගැනීම් සහිතයි ....!!! 
දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya

Tuesday, January 7, 2020

සිංහල රජකාලේ මරණ දණ්ඩනය දුන් මහනුවර වධක බිම.....(kandy mahanuwara bahirawa kanda අබිරහස් අඩවිය - Abirahas Adawiya - හෙල පුරාණය)

බ්‍රිතාන්‍යයන්ට උඩරට යටත්වීමට පෙර උඩරට රජවරුන් රටේ අපරාධකරුවන්ට ලබාදුන්නේ මරණ දඬුවමයි
 රාජ උදහසට ලක්වන අය දෙතිස් වද දී මරා දමන ලදී. ඇතුන් ලවා පෑගවීම, උල තැබීම, කටු බෙරයක තබා කන්දක් උඩ සිට පහළට පෙරළීම, ප්‍රසිද්ධියේ උල තැබීම, හිස කඳෙන් වෙන් කිරීම ආදිය ඉන් කිහිපයකි.   
ඒ ආකාරයෙන් රජ දවස මරණ දඬුවම ලබා දුන් ස්ථානයක් ලෙස සෙංකඩගල පුරවරයේ “බහිරව කන්ද” නමැති ස්ථානය සඳහන් කළ හැකිය. මහනුවර නගරයට බටහිර දෙසින් දළදා මාලිගාවට හා උඩවත්ත කැලේට හරි කෙළින් ඉහළින් බහිරව කන්ද පිහිටා ඇත. එහි අද විශාල සමාධි පිළිම වහන්සේ නමක් ස්ථාපනය කර තිබේ. මෙය ලංකාවේ ඕනෑම මුද්‍රාවකින් දෙවැනියට තිබෙන විශාලතම පිළිම වහන්සේ ය. අඩි 88ක් උසය. 1993 නිරාවරණය කරන ලද්දකි. කන්ද උඩරට විශාලතම බුද්ධ ප්‍රතිමාව ද මෙය ය.   
ඊට අමතරව මෙහි වසර 60ක් පමණ පැරැණි බෝධි වෘක්ෂයක් ද දක්නට ලැබේ. එය අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවකි. මෙම බෝධි වෘක්ෂය රෝපණය පිටුපස ද ඓතිහාසික කතාවක් ඇත. එනම් ශ්‍රී ලංකාවාසීන්ගේ ආදරයට පත්, මහනුවර දළදා පෙරහරේ කරඬුව වඩම්මන ලද රාජා ඇතා පිට, රැගෙන විත් සිටුවා ඇති බෝ පැළයක් වන නිසා ය. රාජා ඇතා, බෝ පැළයක් රැගෙන ගොස් කිසියම් තැනක සිටුවා ඇත්නම් ඒ බහිරව කන්දේ පමණකි. ඒ අග්‍රාණ්ඩුකාර විලියම් ගොපල්ලව මහතාගේ ප්‍රධානත්වයෙන්, මහනුවර තරුණ බෞද්ධ සංගමයේ මූලිකත්වයෙන් සිදු කරන ලද්දකි. 
මෙහි ඓතිහාසික සිද්ධීන් ද ගහනය. බහිරව දේවතාවාගේ අභය භූමිය වූ බැවින් මෙයට “බහිරව කන්ද” යැයි ව්‍යවහාර කෙරේ. පළමුව ඒ ගැන කෙටියෙන් හෝ විස්තරයක් දැන ගැනීමට බොහෝ දෙනෙක් කැමැති වනු නිසැකය. 
සෙංකඩගල පුරවරය පාලනය කළ එක් රජතුමකුට උඩවත්ත කැලේ ඇති නිධානයක් ගැනීමට අවශ්‍ය විය. බහිරව දෙවතාවා විසින් ආරක්ෂා කරනු ලබන එම නිධානය, බහිරව බන්ධනය කළ හැකි මන්ත්‍රකරුවෙකු රජු විසින් මාලිගාවට කැඳවන ලදී. මන්ත්‍රකරුගේ ප්‍රමාදයකින් බහිරව පූජාවට අවශ්‍ය වූ දොළ පිදවිල්ලක් අඩුපාඩු විය. එම අඩුපාඩුව නිසා බිලි කැප නොගත් බහිරව දේවතාවා බන්ධනයට අසු නොවී මන්ත්‍රකරු ජීවිතක්ෂයට පත් කර භයංකර හූ හඬක් නගමින් බහිරව කන්දට පැන ගැලවුණි. 
එදවස සෙංකඩගල පුරවරයට උදා වෙමින් පැවැතියේ නරක කාලයකි. දරුණු නියං කාලයක් ඇති වුණේ කිසිවකුත් බලාපොරොත්තු නොවූ අයුරිනි. ඇළ, දොළ, ළිං, පොකුණු ජලය සිඳී ගියේ ය. ගස්, වැල්, තණකොළ ද වියළී ගිය බැවින් ගවයන් ඇතුළු සත්තු මරණයට පත් වූහ. අවසානයේ මහා දුර්භික්ෂයකට පත්ව වසංගත තත්ත්වයක් ඇති වී නගරවාසීහු ද මරණයට පත් වූහ. 
මේ ආකාරයෙන් නගරවාසීන් මැරී යනු දුටු රජතුමා ශෝකයට පත් ව, කපුවකු ගෙන්වා ඊට හේතුව විමසා සිටියේ ය. 
බහිරව දේවතාවාගේ උදහස නිසා, මේ ආකාරයේ විපත් සිදු වෙන බවත්, ඉන් මිදිය හැක්කේ අවුරුදු පතා නගරයේ ම සිටින උසස්, කුලවත් රූප සුන්දරියකු බහිරව කන්දට රැගෙන ගොස් බිලි පිණිස පුද කිරීමෙන් පමණක් බවත්, එසේ නොකළ හොත් රජතුමා ඇතුළු මුළු නගරවාසීන්ට මරණයට පත් වීමට සිදු වෙන බවත්, ඔහු දේවාරූඩයෙන් පැවැසී ය. 
ධනයට තිබූ ආශාව නිසා මෙවන් විපතක් සිදු වූ බව වටහා ගත් රජතුමා, අදාළ දිනට බිල්ලක් ලබා දෙන බවට භාර විය. ඉන්පසු වර්ෂාව ඇති වී ක්‍රමයෙන් වසංගත තත්ත්වයෙන් රට දුරු විය. බිලි පූජාවේ දිනය ආසන්න වෙත් ම නගරයේ උසස් රූප සුන්දරියක් තෝරා ගෙන බහිරව කන්දට රැගෙන ගොස් පූජාව ඉටු කළේ ය. මේ ආකාරයෙන් වසර කිහිපයක් ගත විය. 
ලක්දිවට දළදා වහන්සේ වැඩම කරගෙන ආ, දන්ත කුමාර සහ හේමමාලා පරපුරෙන් පැවැත එන කීරවැල්ලේ රදල ප්‍රභූවරයෙක් මේ කාලයේ මහනුවර පදිංචිව සිටියේ ය. ඔවුන්ට පුත් කුමාරයෙක් සිටි අතර, ඔහු රදල පෙළපතකට අයත් කුමාරියකු හා සම්බන්ධතාව පවත්වාගෙන ගියේ මව්පියවරුන් ගේ අනුමැතිය ඇතිවය. එහෙත් කීරවැල්ලේ ගේ ප්‍රේමවන්තියට ද බහිරව පූජාවෙන් ගැළවීමට හැකියාවක් ලැබුණේ නැත. ඊට හේතුව වූයේ ඇය උසස් කුලවත් රූමත් තැනැත්තියකු වූ බැවිනි. 
රාජ අණට අනුව ඇය බහිරව පූජාවට සූදානම් කෙරිණි. බිලි දීමට නියමිත දිනය උදා විය. කුමාරිය මල් මාලා පලඳවා, පෙරහරකින් රාත්‍රී දහයේ පැයට බහිරව කන්දේ බිලි පූජාසනයට ගෙන ගොස් එහි වූ කණුවක, ලණුවකින් ගැට ගසන ලදී. අනතුරුව ඇය රැගෙන ගිය ජනතාව ආපසු නගරයට පැමිණියේ වෙනත් කිසිවක් කිරීමට ඉතිරිව නොතිබූ බැවිනි. 
මධ්‍යම රාත්‍රිය එළඹියේ ය. ඈතින් භයානක හූ හඬක් ඇසිණි. දෙවැනි හූ හඬ ද ඒ සමග ම ඇසිණි. තුන්වැනි හූ හඬ සමග ම, පිට ට නෙරා ගිය දළ යුවළකින් හා ඇස් සඟලකින් යුත් මහත් කාළ වර්ණ දේහයකින් යුත් බහිරව අවතාරය කුමරිය ඉදිරියට පැන්නේ ය. ඒ සමග ම එතැනට කඩා පැන්න තුන්වැන්නකු ගේ කඩු පහරින් බහිරව අවතාරයේ හිස වෙන් විය. ඒ තුන්වැන්නා වෙනින් කවුරුවත් නොව කීරවැල්ලේ කුමාරයා ය. 
පසු දිනට එළිය වැටුණි. බහිරවයා බිලිගත් කුමරියගේ මෘත දේහය රැගෙන ඒම සඳහා ගිය පිරිසට දැක ගත හැකි වූයේ බහිරවයාගේ මළකඳ එහි තිබෙන බවය. බිලි දුන් කුමරියගේ මළකඳ දක්නට නොලැබිණි. 
පසුව පරීක්ෂා කිරීමේදී පෙනී ගියේ, මිය ගොස් සිටියේ, බහිරව බිලි පිණිස රූප සුන්දරියන් ඉල්ලා සිටි කපුවා බවය. ඔහු නගරයේ දුෂ්ට සොරෙකු බවත් දැන ගැනීමට ලැබුණි. කපුවාගේ මෘත ශරීරය සතරකට කපා, නගරයේ සතර පොළක එල්ලන ලදී. බලු කපුටන්ට එය ආහාරයක් විය. එතැන් පටන් වසරක් පාසා කෙරුණ බහිරව බිලි පූජාව නතර විය. 
ඒ අනුව මෙරට ඈත අතීතයේ දී, පරිපාලන අධිකාරියේ ප්‍රධාන වගකීම් භාරය උසුලන්නා ලෙස රජුට හිමිව තිබුණේ සුවිශේෂී ස්ථානයකි. පිළිවෙළින් රජ, මහාධිකරණ හා ප්‍රාදේශීය අධිකරණ, විහාරස්ථ අධිකරණ සංවිධාන, සභාව, රාජකීය නිලධාරීහු ආදී වශයෙන් වර්ග කර තිබුණි. 
මහනුවර රාජධානියට පෙර පැවැති රාජධානිවල රජවරුන් විසින් දඬුවම් පමුණුවා ඇති ආකාරය පිළිබඳව ධම්මිකා ප්‍රියදර්ශනී ගමගේ මහත්මිය විසින් රචිත ශ්‍රී ලංකාවේ ශිලා ලේඛනවලින් හෙළිවන මානව අයිතිවාසිකම් නමැති කෘතියේ මෙසේ සඳහන් කර ඇත. 
“ලාංකේය ජනතාව ජීවත් වීමේ අයිතියට නීත්‍යනුකූල ව හිමිකම් ලැබූ අයුරු වේවැල්කැටිය, දොරබාවිල, කළුදිය පොකුණ ආදී සෙල්ලිපි හා වෙල්මිල්ල ටැම් ලිපිය, අනුරාධපුර V වැනි කසුබ් රජු ගේ පුවරු ලිපියෙන් සනාථ වෙයි. කිසියම් පුද්ගලයකු තවත් පුරවැසියකුගේ ජීවිතය අහිමි කළ හොත් ඒ සඳහා දිය යුතු දඬුවම් පිළිබඳව පනවා ඇති නීති රීති තුළින් පෙනෙනුයේ එදා පාලන තන්ත්‍රය පුද්ගලයන්ගේ ජීවත්වීමේ අයිතිය පිළිගත් ආකාරය යි. යම් පුරවැසියකු තවත් කෙනකු ගේ ජීවිතය අහිමි කළ හොත්, ඔහුට ද මරණීය දණ්ඩනය දිය යුතු යැයි දහවැනි සියවසට අයත් වේවැල්කැටිය සෙල්ලිපියෙන් නියම කෙරිණි.” යනුවෙනි. 
මහනුවර රාජධානිය පාලනය කළ දෙවැනි රාජසිංහ රජතුමා ගැන විස්තරයක් රොබට් නොක්ස් ගේ ලංකා ඉතිහාසය කෘතියේ සඳහන් කර තිබේ. ඒ මෙසේය. 
“මෙතුමා ස්වභාවයෙන් ම කෘෘරයකු බව නිකරුණේ ම බොහෝ ලේ වැගිර වීමෙන් පෙනේ. දරුණු වධකොට මැර වීමෙන් හා එක් කෙනකු කළ වරදට මුළු පවුලට දඬුවම් කරවීමෙන් ද ඒ බව වැඩියෙන් පැහැදිලි වේ. හෙතෙමේ වරදකරුවකු එක විටම මරන්නට නියම නො කරයි. පළමු කොට නොයෙක් වද කරවයි. වරදකරුගේ ඇඟ මස් අඬුවෙන් ඇද කඩා ලවයි. ගිනියම් කළ යවටින් ඇඟ දවමින් වරද ගිවිස්වයි. මෙසේ වරද විවරණ විට ඇතැම් අය වධයෙන් සහනයක් ලබනු පිණිස තමන් දන්නවාටත්, දැක්කාටත් වඩා ප්‍රකාශ කෙරෙති. ඔවුන් වරද ප්‍රකාශ කළ ඉනික්බිති ඇතැම් විට ඔවුන්ගේ දෙඅත් ගෙල එල්වා ඔවුන්ගේම මස් කවන්න අණ කරයි. 
ඇතැම් විට වරදකරුවෝ, අන්තිමේදී නුවර වීථියෙහි වධස්ථානය කරා ගෙන යති. ඒ දුටු සුනඛයෝ ඔවුන් කනු පිණිස ලුහුබැඳ යති. සුනඛයෝ මීට බොහෝ සෙයින් පුරුදුව සිටිත්. ඔහු සිරකරුවකු ගෙන යනු දුටොත් පසු පස්සෙන් ම යති. වධකස්ථානයෙහි ඇතැ​ෙමකු උල හිඳුවති. ඇතැ​ෙමකුගේ අත්පා ගස්හි බැඳ කපා හරිති. ඇතැ​ෙමකු අලින් ලවා පාගවති. මේ වධස්ථාන බොහෝ සෙයින් උස් තැනකය. එය සියල්ලන්ටම දැක්ක හැක. එය සෙස්සන්ට ආදර්ශයකි.” 
ඉහත සඳහන් විස්තරයට අනුව, එදා රජ දවස සෙංකඩගල පුරවරයේ පිහිටි එක් උස් තැනක් වන්නේ බහිරව කන්දයි. එහි වධක ස්ථානයක් පිහිටා තිබූ බව බහිරවකන්ද ශ්‍රී මහා බෝධි මහා විහාරයේ, විහාරාධිපති යටවත්තේ ධම්මානන්ද හිමිපාණන් වහන්සේ පැවැසූහ. 
“කන්ද උඩරට පාලනය කළ රජවරු වැරැදි කරන, මිනිසුන් මරණ පුද්ගලයන්ට දෙතිස් වද දී තිබෙනවා. එම දෙතිස් වදවලින් එකක් වන්නේ, කටු සහිත බෙරය ඇතුළට වරදකරු දමා, කඳු මුදුනක සිට පහළට පෙරළීමයි. එම ඝාතනය සිදු කිරීම ආරම්භ කරන්නේ මේ ස්ථානයෙන්. ඒ කටු බෙරය තිබී ඇත්තේ මෙතැනයි. ඊට අමතරව උල තබා මරණයට පත් කර ද තිබෙනවා.”
සෙංකඩගල පුරවරයේ මරණ දඬුවම ලබාදුන් ස්ථාන කිහිපයක් ගැන සඳහන් වේ. බහිවරකන්ද, කැප්පෙටිපොළ විශ්‍රාම ශාලාව පිහිටි භූමිය, සතර වාහල්කඩ, බෝගම්බර පිට්ටනියට උඩින් ඇති කුඩා කඳු ගැටය ඉන් විශේෂිතය. කැප්පෙටිපොළ නිලමේතුමා ගේ හිස ගසාදමා ඇති ස්ථානයේ අද දක්නට ලැබෙන්නේ විශාල බෝ ගසකි. ඒ අසළ කැප්පෙටිපොළ විශ්‍රාමශාලාව ඉඳිකර තිබේ. සැරදියෙල් එල්ලා මරා ඇත්තේ මහනුවර නගරයට ආසන්න කුඩා කඳු ගැටයකදීය. එය පිහිටා ඇත්තේ බෝගම්බර පිට්ටනියට තරමක් උඩිනි. ගැටඹේතොට අසළදී ද, වරදකරුවෝ එල්ලා මරා තිබේ. ඊට අමතරව සතර වාහල්කඩ වලද, සිරුරු හෝ සිරුරේ කොටස් එල්ලා ඇත.  
ඒ ගැන ලබන සතියේ දී දැනගනිමු. 
ස්තුතිය - බහිරව කන්ද ශ්‍රී මහා බෝධි විහාරයේ විහාරාධිපති යටවත්තේ ධම්මානන්ද, විහාරාධිකාරී, මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රපති මක්කානිගම බුද්ධදත්ත, ආචාර්ය ශාස්ත්‍රපති මඩාටුගම සෝරත යන ස්වාමීන් වහන්සේලාට සහ දළදා මාලිගාවේ ප්‍රාචීන පුස්තකාලයේ, පුස්තකාලයාධිපති අජන්ත කුමාර සමරකෝන් මහතාට. 
සටහන සහ ඡායාරූප
සිසිර කුමාර බණ්ඩාර
lankadeepa
================================================
උපුටා ගැනීම් සහිතයි ....!!! 
දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya