Friday, July 28, 2017

පෘථවිය දෙබෑවීම ඇරඹෙයි......(අබිරහස් අඩවිය - Abirahas Adawiya -නව සොයා ගැනිම්.earth Plate Geology )

මහද්වීප කිහිපයක් හරහා පොළව, දෙබැවී, ඇති බව විද්‍යාඥයන් විසින් පසුගියදා සොයා ගන්නා ලද අතර මේ දෙබෑ වීම ඇල්ජීරියාව හරහා සෑදී ඇති විශාල පැල්මක්‌ තුළින් ගොඩබිමේදී බලා ගැනීමට හැකි බවත් සෙස්‌ස අත්ලාන්තික්‌ සාගර පත්ල හරහා වැටී ඇති බවත් හෙළිව තිබෙනවා.
මේ යෝධ පැල්මට හේතුව අපේ පෘථිවියේ අභ්‍යන්තර මෝල්ටන් මැග්මා ලාවාවලට පිටින් ඇති කබොල්ල හෙවත් ස්‌ථරය සෑදී තිබෙන උප ස්‌ථර හෙවත් Plate විවිධ දිශාවන්ට ගමන් කරමින් තිබීමයි. මෙසේ ගමන් කරන ස්‌ථර ඇතැම් විට එකිනෙකට මුහුණලා ගමන් කරමින් පැමිණ එකට ගැටෙනවා. මේ අනුව යුරෝපය සහ ආසියාව පිහිටි යුරේසියානු Plate එක හෙවත් භූ ස්‌ථරය ඔස්‌ටේ්‍රලියානු භූ ස්‌ථරයක්‌ සමග එකිනෙක යා වීම තව වසර මිලියන 200 කින් සිදුවෙනවා. මෙහි අවසන් ප්‍රතිඵලය වනු ඇත්තේ ඔස්‌ටේ්‍රලියානු භූ ස්‌ථරයේ පිහිටි උතුරු ඇමරිකාවත් යුරේසියානු භූ ස්‌ථරයේ පිහිටි යුරෝපයත් (පෘතුගාලය සහ ස්‌පාඤ්ඤය පිහිටි ඉබේරියානු අර්ධද්වීපය) එක බිමක්‌ බවට පත් වී ඒ දෙක අතර පිහිටි අත්ලාන්තික්‌ සාගරය සම්පූර්ණයෙන්ම අතුරුදන් වීමයි.
උතුරු ඇමරිකාව සහ යුරෝපය එක භූමියක්‌ බවට පත්වීමට තව වසර මිලියන 200 ක්‌ ගත වුණත් ඒ සඳහා වූ ක්‍රියාවලිය දැන් ඇරඹී තිබෙනවා. පෘතුගාලයේ ලිස්‌බන් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක්‌ අත්ලාන්තික්‌ සාගරය හරහා ඇති දැවැන්ත පැල්මෙහි සිතියමක්‌ දැනටමත් නිර්මාණය කර තිබෙනවා. මේ පිළිබඳ නැෂනල් ජියොග්‍රැෆික්‌ සංගමය විශේෂ වාර්තාවක්‌ සකස්‌ කර ඇති අතර එමගින් කියෑවෙන්නේ පෘථිවියේ Plate දෙකක්‌ එකිනෙකට මුහුණලා විත් ගැටී තෙරැපීමක්‌ ඇති කරන විට වඩා ශක්‌තිමත් Plate එක දුර්වල Plate එක යටින් ඇති ස්‌ථරය විදගෙන ගමන් කරන බවයි. එවිට, දුර්වල Plate එක ක්‍රමයෙන් එසැවෙනවා. එය විශාල කඳුවැටියක්‌ හෝ පස්‌ වැටියක්‌ ලෙස සැතපුම් දහස්‌ ගණනක්‌ දිගට දැක ගැනීමට හැකියි. දැනට ඇල්ජීරියාව හරහා මේ වැටියෙහි ආරම්භක අවස්‌ථාව දැක ගැනීමට පුළුවන්. වර්තමානයේදී පැල්මක්‌ ලෙස පෙනෙන එය තව වසර මිලියන ගණනකට පසු එය ක්‍රමයෙන් පැලීම් රේඛාව දිගේ පොළව තුළටම කඩා වැටෙනවා.
මේ පැල්ම පිළිබඳ පුවත මේ වසරේ ජුනි මස 6 වැනිදා ප්‍රකාශයට පත් වු Geology නමැති ජාත්‍යන්තර සඟරාව විසින් වාර්තා කරනු ලැබුවා. මේ ක්‍රියාවලිය දිගින් දිගටම සිදුවෙන අතර තව වසර මිලියන දහසක්‌ පමණ ගත වීමේදී පෘථිවියේ සියලුම ගොඩබිම් එකතු වී තනි භූමියක්‌ සෑදෙන අතර ඒ භූමියට පොදු තනි සාගරයක්‌ පහළ වනවා ඇති. මේ ක්‍රියාවලිය පෘථිවිය පහළ වූ දා පටන් මේ දක්‌වා ගතවූ වසර බිලියන 4 තුළ අඩුම වශයෙන් තුන් වරක්‌වත් සිදුවී තිබෙනවා. අවසානයට සෑදුණු තනි භූමියට හෙවත් සුපිරි මහාද්වීපයට අප කියුවේ පැන්ජියාව කියලයි. මෙවර සෑදෙන සුපිරි මහාද්වීපයට අනාගත ශිෂ්ඨාචාරය විසින් සුදුසු නමක්‌ යොදනු ලබනවා ඇති.

පෘථිවිය හරහා සෑදී ඇති නව පැල්ම ගැන පර්යේෂණය මෙහෙය වන්නේ ලිස්‌බන් විශ්වවිද්‍යාලයේ ජොආඩ් ඩුවාරුත් නමැති පර්යේෂකයායි. අනාගතයේදී බිහිවන සුපිරි මහද්වීපය පෙනුමෙන් පැන්ජියාව හා සමාන වනු ඇති බවයි ඔහුගේ මතය.
අත්ලාන්තික්‌ සාගර පත්ල හරහා තිබෙන පැල්ම වැටී ඇත්තේ පෘතුගාලයට නිරිත දිගින් සැතපුම් 120 ක්‌ දුරින්. කඩින් කඩ ඇතිවුණු පැලුම් සමූහයක්‌ වන මෙහි දිග සැතපුම් 180 යි. පැල්ම හටගෙන ඇත්තේ යුරේසියානු භූ ස්‌ථරය මත යෑයි කීවොත් වඩා නිවැරැදි. සමස්‌ත යුරෝපයටත් ආසියාවේ වැඩි ප්‍රමාණයකුත් මේ යුරෝපීය භූ ස්‌ථරයට හෙවත් Plate එකට අයත් වෙනවා. මේ අනුව තව කලකට පසු යුරේසියානු භූ ස්‌ථරය දෙකඩ වෙනවා. පෘතුගාලයට යාබදව භූ ස්‌ථරයෙහි පැල්මක්‌ ඇතිවීමේ සූදානමක්‌ තිබෙන බව විද්‍යාඥයන් දිගු කලක පටන් සැක කළා. මේ ප්‍රදේශය අතීතයේ පටන් භූ කම්පන සහ වෙනත් විචල්‍යතාවන් රැසකට පාදක වූ භූමියක්‌. උදාහරණක්‌ වශයෙන් 1755 දී පෘතුගාලයේ ලිස්‌බන් නුවර විශාල භූමිකම්පාවක්‌ හට ගත්තා. එය එකල මිනිස්‌ ජීවිත සහ දේපළවලට විශාල හානි ඇති කළා. මෙහි බලය රිච්ටර් මාපකයේ 8.7 ක්‌ සටහන් කළ හැකි තරම් ප්‍රබල බව පසුගියදා හෙළි වුණා. (1755 දී රිච්ටර් මාපකය සොයාගෙන තිබුණේ නැහැ.) මේ වර්ගයේ භූ කම්පන පසුගිය කාලයේදී පැසිෆික්‌ කලාපය පිහිටි පැසිෆික්‌ භූ තලයේත් සිදු වුණා. මේ ප්‍රදේශය හඳුන්වන්නේ ගිනි වළල්ල හෙවත් Ring of Fire ලෙසයි. එයට එම නම ලැබී ඇත්තේ ලෝකයේ දරුණුම සහ වඩාත්ම ක්‍රියාකාරී යමහල් මේ ප්‍රදේශයේ පවතින නිසයි. වසර 2011 දී මේ ප්‍රදේශයේ හටගත් භූමි කම්පාවක්‌ නිසා දරුණු සුනාමියක්‌ ඇති වුණා.
ලිස්‌බන් විශ්වවිද්‍යාලයට අනුයුක්‌ත ජොආඩ් ඩුආරතේ පර්යේෂකයා කියන විදියට පසුගිය වසර 20 පුරාම ඔහු ඇතුළු කණ්‌ඩායම ගිනි වළලු ප්‍රදේශයට අයත් සාගර පත්ලේ සිතියම් සකස්‌ කර තිබෙනවා. යුරේසියානු භූ ස්‌ථරයේ ගිනි වළලු ප්‍රදේශය සෑදී ඇත්තේ විශාල ඝනත්වයක්‌ ඇති පාෂාණ ස්‌ථරයකින් දැනට තිබෙන පැල්ම වර්ධනය වූ පසු ඒ ස්‌ථරය දෙකඩ වී වඩා බර කොටස පෘථිවි මධ්‍යයට ගිලා බැසීමට පටන්ගනු ඇති. උතුරු ඇමරිකාව සහ යුරෝපය එකතු වන්නේ මෙහි ප්‍රතිඵලයක්‌ ලෙසයි. එවිට අත්ලන්තික්‌ සාගරය යන එන මං නැතිවී ලෝකයේ වෙනත් සාගරවලට එකතු වේවි.
එයින් පසු අප්‍රිකානු මහාද්වීපය උතුරු ඇමරිකානු යුරෝපීය භූමියට එකතු වීමට නියමිතයි. එහි ප්‍රතිඵලය වන්නේ මධ්‍යධරණී සාගරයත් අතුරුදන් වීමයි. එහි ජලයත් ලෝකයේ වෙනත් සාගරවලට එකතු වෙනවා. ඊළඟට එසේ එකතු වූ තැන හිමාලය කඳුවැටිය වැනි විශාල කඳුවැටියත් නිර්මාණය වනවා.
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

විශ්වයේ අදටත් රැව් දෙන බුද්ධ දේශනා හඩ ශබ්ද...... (අබිරහස් අඩවිය - Abirahas Adawiya - telepathy aliens pitasakwala jeeween)

අපවත් වී වදාල සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ, මහ නායක අග්ග මහා පණ්ඩිත, ආචාර්ය බෙල්ලන ශ්‍රී ඤාණවිමල මහ නාහිමියන් වනාහී බුදුදහම පිළිබඳවත් විද්‍යාව පිළිබඳවත් හසල දැනුමැති මහා පඬිරුවනකි.

අපවත්වන තුරුම ත්‍රිපිටක ග්‍රන්ථ සහ නවීන විද්‍යා  පර්යේෂණ කෘති නොඅඩුව පරිශීලනය කල උන්වහන්සේ සතු ප්‍රඥාවෙන් ලෝකයාට දෙසා වදාළ ලෝක විෂය කරුණු චාමික මුණසිංහ මහතාගේ සංස්කරණයෙන් සක්වල සක්මන නමින් පල කෙරුණි .
මෙ එහි තවත් පියවරක්.
පිටසක්වළින් එන සංඥා සහ පිටසක්වලට යැවෙන පණිවුඩ ඇතුළු සක්වළ ප්‍රතිරාව දෙන සාධූන්ගේ රාවයන් එම නාද රටා අතර හමු වේ. මහානායක හාමුදුරුවනේ, ආලෝකයේ වේගය ඉක්මවා යන “මිනිස් සිත”, හරියට ගුවන්විදුලි සම්පේ‍්‍රෂණාගාරයක් වගෙයි නේද?
ඔව්. ගුවන්විදුලි මධ්‍යස්ථානයකට ශබ්ද තරංග විසුරුවා හරින්නත්, අවකාශයේ ඇති ශබ්ද තරංග ඇද ගැනීමටත් හැකියාවක් තියෙනවා. ඒ වගේම, මිනිස් සිතටත් චිත්ත (සිතිවිලි) තරංග විශ්වයට මුදා හරින්නත්, අන් අයගේ සිත්වලින් නිකුත් වන අදහස් ප්‍රාර්ථනා ඇතුළු විවිධ සිතිවිලි තරංග තේරුම් ගැනීමටත් හැකියාවක් ඇති බව “ටෙලිපති” (Telepathy) මගින් තහවුරු කෙරෙනවා.
අද ලෝකයේ රූපවාහිනී, ගුවන්විදුලි හා විවිධ සන්නිවේදන තරංග ජාලයන් අපට ගණන් කරන්න බැරි තරම් තියෙනවා. ඒ වුණත්, අවකාශයපුරා විසිරුණු විවිධ රූප ශබ්ද තරංග සංඛ්‍යාතවලට හසු කර ගනිමින්, ඒවා එකිනෙකෙන් වෙන්කර හඳුනා ගන්නවා. මිනිස් සිතටත් මේ විධියට නොයෙකුත් සන්නිවේදනයන් විවිධ අයුරින් ග්‍රහණය වෙනවා.
අපට නොපෙණුනාට විශ්ව සන්නායක සක්වළ පුරා පැතිරී පවතිනවා. ඒවා හරියට ගුවන්විදුලි රූපවාහිනී හා දුරකථන තරංග වගේ අවකාශය පුරා විහිදී යනවා. සිත්වල පවතින සංවේදීබව හා ප්‍රභාෂ්වරබව අනුව, ඒ පිළිබඳ ග්‍රහණය වීම් අඩු වැඩි වශයෙන් සිදු වෙනවා. විද්‍යුත් රූප තරංග සඳහා වන උපකරණවල ඇති ප්‍රබලතාව හා සක්‍රියබව එහි ක්‍රියාකාරීත්වයට මෙන්ම සුපැහැදිලිතාවයට බලපානු ලබනවා. සිතිවිලි (චිත්ත) තරංග වලටත් මේ වගේ කාරණා බලපානවා.

එහෙමනම්, අධිබලැති අතිනවීන ගුවන්විදුලි තරංග (Radio Waves) හරහා අපිට පිටසක්වළ ජීවින් එක්ක වුණත් පණිවුඩ හුවමාරු කර ගන්න පුළුවන් ද?
බැහැ. අද භාවිත කරන රේඩියෝ තරංග ගමන් කරන්නේත්, කලින් කියපු ආලෝකයේ වේගයෙනුයි. එබැවින්,ඒ සඳහා ආලෝකයේ වේගය ඉක්මවා යන තරංග ක්‍රමයක් අවශ්‍ය වෙනවා. ඒ නිසායි, ආලෝකයේ වේගය හඹා යන වෙනත් දේ පිළිබඳ පර්යේෂණ සිදු කෙරෙන්නේ,නූතන තාරකා විද්‍යාඥයන් (Astronomer) දැනට හඳුනාගෙන ඇති අපට ආසන්නතම මන්දාකිනියේ පිහිටි අපේ පෘථීවියට ඉතාම සමාන (නිවුන්) Gliese   581 නමැති ග්‍රහලෝකයට මේ විධියට රේඩියෝ තරංග (අලෝකයේ වේගය) මගින් පණිවුඩයක් යැවීමට අවම වශයෙන් වසර 20 ක් වත් ගත වෙනවා. ඒ ක්‍රමයෙන් නැවත අපට පිළිතුරක් ලැබෙන්න තවත් වසර 20 ක් ගත වෙනවා. එතකොට ආලෝකයේ වේගය (රේඩියෝ තරංග) මගින් මෙම කාර්යය ඉටුකරගැනීම සඳහා අවුරුදු 40 ක් වත් බලන් ඉන්න සිදුවෙනවා. ඒ නිසායි මෙය අභිබවා යන නවතම තරංග (නැනෝ තත්පර) ක්‍රමයක් පිළිබඳ පර්යේෂණ ආරම්භ කර තිබෙන්නේ. ඒකත් කොයි තරම් දුරට සාර්ථක ක්‍රමයක්ද කියලා විශ්වාස කරන්න බැහැ.

ආචාර්ය ආතර් සී .ක්ලාක් මහතාගේ අනාවැකිවලත් මෙබඳු උත්සාහයන් පිළිබඳව විස්තර වෙනවා නේද?
ඔව්. මෙතුමා 1999 පෙබරවාරි මාසයේ, බ්‍රිතාන්‍යයේ Sunday Telegraph පත්‍රයට වසර 2024 දී පමණ සිදුවිය හැකි අනාවැකියක් ලියා තිබුණා. එමගින් ඔහු අවධාරණය කර තිබුණේ ‘ මිනිසා කාලාන්තරයක් තිස්සේ බලාපොරොත්තුවෙන් සිටි විශ්ව ඇමතුම ලැබෙයි. අපේ මන්දාකිනියේ මධ්‍ය ප්‍රදේශයේ සිට එන අධෝරක්ත සංඥා ගොනුවක් සොයා ගනු ලබයි. ඒවා ස්වභාවිකව ඇති විය නොහැකි බවත්, බුද්ධිමත් ජීවින්ගේ තාක්‍ෂණයෙන් එවන ලද්දක් බවත් විද්‍යාඥයෝ පිළිගනිති. එහෙත් මේ සංඥාවලින් කියැවෙන අර්ථය වටහා ගැනීමට කරන හැම උත්සාහයක්ම තේරුම් ගන්නට අප, ඒ භාෂාව දන්නේ නැත” යනුවෙන් එහි දැක්වෙනවා.
ඒ වගේම ඇමරිකාවේ නාසා (Nasa) ආයතනය අභ්‍යවකාශ ගත කරනු ලැබූ “වොයේජර් 2” යානයෙන් නාසා ආයතනයට ලැබෙන පණිවුඩ වෙනස් වීමෙන් එම යානාව පිටසක්වළ ජීවින්ට හසුවී ඇති බවට සැක කෙරෙනවා. මහාචාර්ය ස්ටීවන් හෝකින් මහතා ප්‍රකාශ කර ඇති පරිදි පිටසක්වළ ජීවින්ගෙන් බොහෝ කරදර විය හැකි බැවින් අප ඔවුන් ඇසුරු නොකළ යුතුයි.
එහෙත්, 2011 නොවැම්බර් 27, ඇට්ලස් 5 රොකට්ටුවේ ආධාරයෙන් අඟහරු (MARS) ග්‍රහ ලොව වෙත වාහනයක් තරම් විශාල වැඩි දියුණූ කළ “කියුරියෝසිටි” (කුතුහලය) නමැති රෝවරය නාසා ආයතනය මගින් යවනු ලැබුවා. එය කිලෝමීටර් ලක්‍ෂ 5670 පමණ දුර ගෙවා ඊට මාස 8 කට පසු නියමිත ස්ථානයට (ගේල් ආවාටය) ළඟා වුණා. එහි මූලික අරමුණ වන්නේ අඟහරු ලෝකයේ ජීවින් පිළිබඳ සොයා බැලීමයි.

පිටසක්වළ සමග පණිවුඩ හුවමාරු කර ගැනීමට භාෂාවෙත් බාධාවක් විය හැකිද?
ඔව්. දැන් එකම භාෂාවක් වුණත් කලින් කලට වෙනස් වීම්වලට ලක් වෙනවා. මීට අවුරුදු 1000 කට කලින් අනුරාධපුර. පොළොන්නරුව යුගවල භාවිත කළ පැරැණි සිංහල භාෂාව වුණත් අද සිංහල කථා කරන අයට බොහෝවිට තේරෙන්නේ නැහැ. තවම අසල්වැසි මාලදිවයිනේ ව්‍යවහාර වෙන්නේ, අපේ පැරැණි එම සිංහල භාෂාවේ වචනයි. සඳට යැවූ යානාවල සවිකළ භාෂා හඬපට අතර, හෙළ (සිංහල) බසත් යවන්නට ඇත්තේ, පිටසක්වළ ජීවින්ට එය අවබෝධ වෙයි යන විශ්වාසය නිසා විය හැකියි.
දිනෙන් දින සත්වයන්, ගස්කොළන් වෙනස් වෙමින් මැරෙනවා වගේ භාෂාවනුත් විකාශනය වෙමින් අභාවයට යනවා. ලෝකයේ ජීව භාෂාවලට වඩා මළ භාෂාවන් ප්‍රමාණය වැඩියි. සති දෙකකට (දවස් 14) වරක් ලොව කුමන ප්‍රදේශයක හෝ ව්‍යවහාර වූ භාෂාවක් මරණය (අභාවය) ට පත් වෙනවා. ඕස්ට්‍රේලියාව, මෙලෙස භාෂා වඳ වී යාමේ තර්ජනයට දැඩි ලෙස මුහුණ දී තිබෙන රටක්, යුරෝපීය ජාතීන් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වන යනවිට එහි භාෂා 200 ක් පමණ තිබුණා. අද වන විට එයින් ඉතිරි වී තියෙන්නේ භාෂා 20 ටත් අඩු ප්‍රමාණයක්. ආසියාතික හා අපි‍්‍රකානු රටවල වගේම යුරෝපා රටවලත් මෙලෙස භාෂා වඳ වී යාම් නොඅඩුව සිදුවෙනවා.

එතකොට එවැනි මළ භාෂාවලින් අතීතයේදී අවකාශයට මුදා හැරිය (කථා කළ) හඬවල් නොමළව පැවතිය හැකිද?
ඔව්. සක්වළ රැදුණූ ශබ්ද අතර එවැනි හඬවලුත් තිබිය හැකියි. මීට පෙර ජර්මනියේ ෆ‍්‍රැන්පර්ට් නගරයට නුදුරින් පිහිටි “මේන්ස් විශ්ව විද්‍යාලය” ට අනුබද්ධ විද්‍යාඥයන් පිරිසක් Instrumental Trance Communicationනමින් සක්වළ රැදී ඇති ශබ්ද පටිගත කිරීමේ පර්යේෂණ ව්‍යාපෘතියක් ආරම්භ කරන්නට යෙදුණා. මෙහි පුරෝගාමියා ලෙස ක්‍රියා කරන්නේ හැම්බර්ග් සරසවියේ භෞතික විද්‍යා ආචාර්ය උපාධිධාරි අර්නස්ට් සෙන් කොවෙස්කි මහතායි. එම පර්යේෂණවලින් පටිගත කරගනු ලැබූ බොහෝ ශබ්ද මිය ගිය පුද්ගලයන්ගේ ශබ්ද බව අනාවරණය කරගෙන තිබෙනවා. අපේ කනට විෂය නොවන සක්වළ පැතිර ඇති විවිධ ශබ්ද හා පණිවිඩ පටිගත කර ගැනීමට ඔවුන් සමත් වී තිබුණත්, ඒවා පැහැදිලිව වෙන්කර හඳුනා ගැනීමේ අභියෝගයක් පවතිනවා.

සක්වළ ප්‍රතිරාව දෙන සාධුන්ගේ රාවයන් පිළිබඳ ඔබ වහන්සේගේ අදහස කෙබඳුද?
බුදුරදුන්ගේ හඬ මේ සක්වළ මතු නොව, අනන්ත සක්වළ තුළ තිබෙනවාය කියා මම තේරුම් අර ගත්තේ, ඔය පර්යේෂණ පටන් ගන්නත් ඉස්සරිනුයි, ඒ කියන්නේ, මේ විශ්වයට එකතු වුණ හඬ නැති වෙන්න විධියක් නැහැ. සජීවි (වර්තමාන) ශබ්ද තරංග අවකාශය තුළින් ඇද ගැනීමටත්, ගුවන්විදුලි සංඛ්‍යාත මගින් පැහැදිලිව වෙන්කර ගැනීමටත් පුළුවන් වගේ ඒ සඳහා සියුම් නවීන උපකරණ තිබිය යුතුයි. එමගින් අතීතයේ නිකුත් වූ ශබ්ද තරංග වුණත්, වෙන් කර හඳුනා ගැනීමට හැකියාවක් ලැබෙනවා.
බුද්ධ ශූන්‍ය කල්පයක කෙසේ වෙතත්, මේ වගේ මහා භද්‍ර කල්පයක (බුදුවරු පස්දෙනෙකු පහළ වන) නම් “බුද්ධ” කියන උතුම් තත්වය සහ “බුද්ධ ශක්තිය” වගේම බුදු ගුණ රාවයන්” සක්වළ තුළ ප්‍රතිරාව දෙනවා. මහා හිමාලය ආශි‍්‍රතව හුදකලාභූමිවල භාවනා කරන යෝගාවචරයන්ට ඒ බව වඩා හොඳින් පසක් වී ඇති බව පැවසෙනවා.

අතීත මිනිසුන් විශ්වයට එක් කළ ආශිර්වාද ප්‍රාර්ථනා නිසා විශ්වයෙහි කිසියම් විවිධත්වයක් ඇති කරනවාද?
ඒ සඳහා බලපාන දේවල් අතර, ආශිර්වාද, ප්‍රාර්ථනා විතරක් නොවෙයි, සාපයන් පවා තිබිය හැකියි. කුවේණියගේ දිවි දෝෂයන් එවැනි දෙයක් හැටියටයි, විශ්වාස කරන්නේ. ආත්මීය පෙම්වතුන්ගේ ප්‍රේමයේ හඬද විශ්වයේ රැදී පවතින බව භාරතීය පේ‍්‍රම කාව්‍යයන්වල දැක්වෙනවා. මේ අනුව, ස්විට්සර්ලන්තයේ ‘බිලිමේයර්’ නමැති තරුණ ගොවියෙකුව සොයා ගෙන ආලෝක වර්ෂ 150 ක් ඈතින් පිහිටි ප්ලීඩියන් නම් චක්‍රාවාටයක ඉඳලා පැමිණි අවුරුදු 336 ක ‘සෙම්ජීස’ නමැති පිටසක්වළ යුවතියක පිළිබඳ විස්තරයක් 2011 දෙසැම්බර් 11 දිනපතා පත්‍රයක පළ වී තිබුණා.
ඒ කොහොම වුණත් මේ විශ්වයේ විවිධත්වයක් පැවතීමට සිතිවිලි තරංග මගින් විශාල බලපෑමක් ඇති කරනු ලබනවා. මෙලෙස සක්වළෙහි අසිරිය හා ස්වභාවය කියාපාන බුද්ධ (සූත්‍ර) දේශනා 50 ක ට අධික සංඛ්‍යාවක් චිරන්තන බුදුදහමේ දැක්වෙනවා. අග්ගඤ්ඤ ,ධජග්ග, දක්‍ෂිණ, විභංග පටම කෝසල, සප්ත සූරියෝද්ගමන හා බ්‍රහ්මජාල මෙන්ම චක්‍රවර්ති සිහනාද ආදි සුත්‍ර දේශනා ඒ අතර කැපී පෙනෙනවා.
පිටසක්වළින් එන සංඥා සහ පිටසක්වලට යැවෙන පණිවුඩ ඇතුළු සක්වළ ප්‍රතිරාව දෙන සාධූන්ගේ රාවයන් එම නාද රටා අතර හමු වේ. මහානායක හාමුදුරුවනේ, ආලෝකයේ වේගය ඉක්මවා යන “මිනිස් සිත”, හරියට ගුවන්විදුලි සම්පේ‍්‍රෂණාගාරයක් වගෙයි නේද?
ඔව්. ගුවන්විදුලි මධ්‍යස්ථානයකට ශබ්ද තරංග විසුරුවා හරින්නත්, අවකාශයේ ඇති ශබ්ද තරංග ඇද ගැනීමටත් හැකියාවක් තියෙනවා. ඒ වගේම, මිනිස් සිතටත් චිත්ත (සිතිවිලි) තරංග විශ්වයට මුදා හරින්නත්, අන් අයගේ සිත්වලින් නිකුත් වන අදහස් ප්‍රාර්ථනා ඇතුළු විවිධ සිතිවිලි තරංග තේරුම් ගැනීමටත් හැකියාවක් ඇති බව “ටෙලිපති” (Telepathy) මගින් තහවුරු කෙරෙනවා.
අද ලෝකයේ රූපවාහිනී, ගුවන්විදුලි හා විවිධ සන්නිවේදන තරංග ජාලයන් අපට ගණන් කරන්න බැරි තරම් තියෙනවා. ඒ වුණත්, අවකාශයපුරා විසිරුණු විවිධ රූප ශබ්ද තරංග සංඛ්‍යාතවලට හසු කර ගනිමින්, ඒවා එකිනෙකෙන් වෙන්කර හඳුනා ගන්නවා. මිනිස් සිතටත් මේ විධියට නොයෙකුත් සන්නිවේදනයන් විවිධ අයුරින් ග්‍රහණය වෙනවා.
අපට නොපෙණුනාට විශ්ව සන්නායක සක්වළ පුරා පැතිරී පවතිනවා. ඒවා හරියට ගුවන්විදුලි රූපවාහිනී හා දුරකථන තරංග වගේ අවකාශය පුරා විහිදී යනවා. සිත්වල පවතින සංවේදීබව හා ප්‍රභාෂ්වරබව අනුව, ඒ පිළිබඳ ග්‍රහණය වීම් අඩු වැඩි වශයෙන් සිදු වෙනවා. විද්‍යුත් රූප තරංග සඳහා වන උපකරණවල ඇති ප්‍රබලතාව හා සක්‍රියබව එහි ක්‍රියාකාරීත්වයට මෙන්ම සුපැහැදිලිතාවයට බලපානු ලබනවා. සිතිවිලි (චිත්ත) තරංග වලටත් මේ වගේ කාරණා බලපානවා.
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Sunday, July 23, 2017

මන්තර බලයෙන් අලි මෙල්ල කළ හැටි......(අබිරහස් අඩවිය - Abirahas Adawiya -ali manthara yala wilpaththu katharagama rooms ශාස්ත්‍රීය ළිපි)

මා සෑම විටම මරණයෙන් බේරී ඇත්තේ අනූ නමයෙනි. මගේ මව් බිමෙන් සැතැපුම් ලක්‍ෂ ගණනාවක් ඈත නැගෙනහිර අප‍්‍රිකාවේ ටැන්සානියාවේ දී වනජීවී කළමනාකරණ පුහුණුව ලබමින් සිටි වකවානුවේ ‘අභියෝග ජයගැනීම’ පාඨමාලාවේ දී මුහුදු මට්ටමේ සිට මීටර් 1000 පමණ උසින් පිහිටා ඇති කිලිමන්ජාරෝ වනාන්තර ප‍්‍රදේශයේ දී ටැන්සානියානු යුද හමුදා කැප්ටන් කපායා අපට නියම කළේ තනිවම ගිනි අවියක් නොමැතිව රාත‍්‍රී 02 එනම් දින 03ක් ගසක් යට ගත කළ යුතු බවය.
පහරදීමට හඹා එන අලියකු වන සත්ව නියාමක සුජීව විසින් නතර කරලීම (යාල වනෝද්‍යානයේදී)
අපට ලැබුණේ සීමිත අමුද්‍රව්‍ය ආහාර ස්වල්පයකි. මා සිටියේ තනිවම දැවැන්ත ඇකේෂියා (Accacia) ගසක් පාමුලය. හුදෙකලාව සිටි මම ඊළඟ සගයා සිටින්නේ කොහිදැයි දැන නොසිටියෙමි. එදින අලූයම මගේ කැන්වස් ඇඳ අසලටම කිසිත් නොදැන සංක‍්‍රමණය වූ අප‍්‍රිකානු අලි රංචුවෙන් බේරුනේ හාස්කමකින් මෙනි. එම අවස්ථාවේ මා පියවි ඇසින් නොසිටින්නට මේ වන විට මා මියගොසිිනි.
මන්ත‍්‍ර බලයෙන් හඹා එන වන අලින් නතර කරලීම
මිනිසාට පහර දීමට හඹා එන අලින් මන්ත‍්‍ර බලයෙන් නතර කරලීමේ අභියෝගය මැනවින් ඉටු කරන්නේ දකුණු ප‍්‍රදේශයේ සේවය කරන වනජීවී සේවකයින් බව උතුරු, නැගෙනහිර හා මධ්‍යම වනජීවී ප‍්‍රදේශවල අස්සක්xමුල්ලක් නෑර රාජකාරි සිදුකොට ඇති මගේ පෞද්ගලික නිරීක්‍ෂණයි. වසර 1971 ජේ.වී.පී. භිෂණය සමයේ දී ස්වේච්ඡා යුද හමුදා නිලධාරීන් විසින් ඉතා ම්ලේච්ඡ ලෙස වෙඩි තබා ඝාතනය කරන ලද කතරගම රූප සුන්දරිය පේ‍්‍රමවතී මනම්පේරී ගේ පියා අති දක්‍ෂ මන්ත‍්‍ර ගුරුකම් සිදු කළ වනජීවී නිලධාරියකු බව, ඔහු මා හමුවූ දිනවල මා සමග පවසා තිබේ. මා අම්පාර වනජීවී සහකාර අධ්‍යක්‍ෂ හැටියට සේවය කළ වකවානුවේ මගේ නිල ජීප් රථය පැදවූයේ ඔහුගේ පුතකු වූ කරුණාදාස මනම්පේරිය.
දිනක් කරුණාදාස මනම්පේරි ඇමතූ මම’’ කරුණාදාස.. මම අහලා තිබෙනවා.. ඔයාගේ තාත්තා හඹා එන අලින්ට... ලේxබඩයන්න මතුරනවා කියලා.... ඒ ගුරුකම් කොහෙන්ද එයාට ලැබුණේ... ’’ යයි විමසුවෙමි. ඊට පිළිතුරු දුන් කරුණාදාස
‘‘ඇයි සර්... තාත්තා පානම වැඩ කළානේ දිගු කාලයක්. ඒ පළාතෙම ගෙදරක.. පදිංචිකරුවෙකුගෙන් තමයි ඒවා ලැබිලා තිබෙන්නේ. පුළුවන් නම් සර් කොහොම හරි තාත්තගෙන් ඒවා ටික ගන්න’’ යයි ඔහු මට කීය.

 යාල වනෝද්‍යානයේදී වනසත්ව නියාමක හෙන්දිරික් අප්පුහාමි විසින් හඹා එන අලියකු නතර කරලීම.
පානම වනාහි වන අලින් බහුලව වෙසෙන නැගෙනහිර වෙරළට නුදුරු ගම්මානයකි. ‘පානම’ පසුකොට සැතපුම් විසි පහක් යාල නැගෙනහිර ජාතික වනෝද්‍යානය තුළට ගිය තැන ‘කුමන’ පුරාණ ගම්මානය හමුවෙයි. කිට්ටු සබඳතාවයක් පැවති මෙම ගම්මාන දෙකෙහි විසූ පැරණි ගම්වාසින් දක්‍ෂ ගුරුකම් කාරයින් වූහ. ‘කුමන’ ගමේ ඉපිද හැදී වැඩුනු කේ. ඬේවිඞ් කලක් යාල උද්‍යානයේදී මා යටතේ සේවය කළ එහෙත් සොහොයුරකු ලෙසින් මම ආශ‍්‍රය කළ වනසත්ව නියාමක (පසුව අඩවි සහකාර) නිලධාරියෙක් විය. ඔහු දැන සිටියා වූ වන සතුන් මෙල්ල කළ හැකි මන්ත‍්‍ර මා ඔහුගෙන් ඉල්ලා සිටි විට ඔහු මා සමඟ කියා සිටියේ ඒ මන්ත‍්‍ර මගෙන් ගන්නවාට වැඩිය හොඳයි.. මම ඒවා දීපු කෙනෙකුගෙන් ගන්න.. ඔහු මට කීය. ‘‘ ඒ ඇයි?’’ මම විමසුවෙමි... එවිට ඬේවිඞ් මට කියා සිටියේ  ‘‘එහෙම ඉල්ලගත්තම.. බල වැඩියි.. ඒ නිසා සර්ගෙ යාලූවා ලක්‍ෂමන් නෙත්ති කුමාර (මියගොස් සලාකා සමූහ ව්‍යාපාරය - කොළඹ) මහත්මයාගෙන් ඉල්ලා ගන්න.’’ ඔහු ද මට ඒවා ලබාදුන්නේ කිහිප වතාවක් පෙරැත්ත කිරීමෙන් අනතුරුවය. ඬේවිඞ්, ලක්‍ෂමන් නෙත්ති කුමාර සහ මා කුළුපග මිතුරන් ය. විවිධ අයගෙන් ලැබුණු මන්ත‍්‍ර මම කට පාඩම් කරගත් නමුත් මම ඒවා අත්හදා නොබැලූවේ මගේ ගොරෝසු කටහඬ භාවිතයෙන් වනාන්තරය තුළදී මම මුහුණදුන් අවස්ථා ලෙහෙසියෙන් ජයගත් බැවිනි.
මගේ හිතවත් සේවක ඬේවිඞ් ගේ පුත් වනසත්ව නියාමක සුජීව තම පියාගෙන් ලබාගත් ප‍්‍රබල අලි මන්ත‍්‍රයකින් තමාට පහරදීමට හඹා ආ කෝපාවිෂ්ඨ වූ අලියකු මෙල්ල කළ ආකාරය මට අද මෙන් මතකය. මගේ දෙ ඇස් ඉදිරියේ එය සිදු වූයේ 1989 අප‍්‍රියෙල් මස පසළොස්වක් පොහොය දිනක යාල උද්‍යානයේ රාත‍්‍රී කාලයේ පැරණි බූතවසංචාරක බංගලා නිවහන ඉදිරිපිටදීය.
 නියමිත මුදල ගෙවා යාල උද්‍යානයේ බුතව (පැරණි) බංගලාව දින තුනකට වෙන්කරවා ගත් ලක්‍ෂමන් සිය බිරිඳ වජිරා, දරුවන් සහ සමීප මිතුරන් කණ්ඩායමක් සමග බුතව බංගලාවේ පදිංචියට පැමිණියහ. කණ්ඩායමේ මාර්ගෝපදේශක වනසත්ව නියාමක (ඬේවිඞ්ගේ පුත්) සුජීව විය. යාල වනෝද්‍යානයේ භාරකරු වූයේ මමයි.

සිරිත් පරිදි  ලක්‍ෂමන්, වජිරා සහ දරුවන් හමුවීමට ඔවුන් පැමිණි දිනම මම රාත‍්‍රී 8.00 පමණ බුතව බංගලාවට පැමිණියෙමි. ජීප් රථයෙන් බැසගත් මා කෙළින්ම ගියේ කිසියම් කරුණක් වීමසීමට බංගලා භාරකරු හමුවීමට මුලූතැන් ගෙයටය. එකෙනෙහිම කිසියම් කෙනෙකු උස්හඬින්  කතා කරමින්’’ හා පුළුවන් නම් සුජීව. අර ගල උඩ වතුර ටැංකියට වතුර බොන්න යන අලියා ළඟට.. යනවා කෝ.. ‘‘නියාමක සුජීවට අභියෝගයක් එල්ල කළ බව මට ඇසුනි. ඒ මගේ මිත‍්‍රයාගේ කටහඬ නොවන බව මම හඳුනා ගතිිමි. ‘‘අලියා ළඟටම යන්න  ඕනැද?’’ එසේ ඇසුවේ සුජීවයි. ‘‘ඔව් ළගට ගියොත් රුපියල් පන්දහසක් (රු. 5000/=) දෙනවා.’’ තවත් කෙනෙක් සුජීව දිරිගන්වමින් කෑ ගැසීය. මා පැමිණ සිටින බව කණ්ඩායමේ කිසිවකුත් දැන සිටියේ නැත. මෙම සංවාදය මුළුතැන් ගෙයි සිට අසා සිටි මම වහා බංගලාවේ ඉදිරිපසට ගියෙමි. මගේ මිත‍්‍රයා ලක්‍ෂමන් නෙත්තිකුමාර ඇතුලූ පිරිස මා පැමිණ සිටින බව දැනගත්තේ එවිටය. මා දුටු  ලක්‍ෂමන් ‘‘හා... විල්සන්.. කොයි වෙලාවෙද ආවෙ... වාඩිවෙන්න... මොනවද බොන්නෙ’’ විමසීය. මම කිසිත් නොදොඩා අසල තිබූ පුටුවක හිඳ ගතිමි.
බංගලාව ඉදිරිපිට ගල්තලාව සහ අවට වනාන්තරය සඳ එළියෙන් නෑවී ඇත. මුහුදේ රැුල පහර ගල්පරවල හැපෙන ශබ්දය ද මට ඇසේ.. සුජීව කොහිදැයි මම විපරමින් අවට බැලූවෙමි... මම ප‍්‍රමාද වැඩිය ඒ වන විටත් ඔහු ගන්තලාව ඉහළට නිසොල්මනේ ඇවිද යන දැවැන්ත අලියා සමීපයට ඉක්මන් පියවර තබමින් යන ආකාරය මම දුටුවෙමි. ඔහුගේ ගමන වළක්වාලීමට මා විසින් ඒ අවස්ථාවේ කෑගැසීම අන්තරාදායක විය හැකි බැවින් මම එසේ නොකළෙමි.
මා අසතුටින් සිටින බව දුටු ලක්‍ෂ්මන් මගේ මිත‍්‍රයා ‘‘අපි දන්නෙ නැහැ... විල්සන්  බංගලාවට ඇවිත් සිටි බව’’ යයි කීය.

‘‘දැන් ඉතින් කරන්න දෙයක් නැහැ.. සුජීව ගල්තලාවෙන් පහළට ආපුවාවෙ කෝ...’’ මගේ සිත තුළ ජනිතව ඇත්තේ සියුම් කෝපයකි. බැරි වෙලාවත් සුජීවට අනතුරක් සිදු වුවහොත් මට එය විශාල ගැටළුවක් වනු ඇත.
වයස අවුරුදු පණහක් පමණ වන මෙම අලියා කාලාන්තරයක් තිස්සේ දිනපතා රෑ බෝ වූ පසු ‘‘බුතව’’ බංගලාව ඉදිරිපිට පිහිටා ඇති ගල් තලාව ඉහළටම ඇවිද ගොස් ඒ මත ඉදිකොට ඇති බංගලාවට ජලය සැපයෙන වැසි වතුර ටැංකිය තුළට තම හොඬ වැල බහා සිත්සේ පිපාසය සංසිඳුවාගනී. බංගලාව ඉදිරිපිට ඇති නෙලූම්,  ඕලූ සහිත ‘බුතව වළේ’ වතුර මඩ සහිත බැවින්, දිනපතා එය පසු කරමින් අලියා ගල්තලාව ඉහළට ගොස් ටැංකි ජලයෙන් පිපාසය සංසිඳුවාගනී. අලින් මඩවතුර නොබොන බැවින් නියං සමයේ දී ඉව අල්ලමින් පැහැදිලි ජලය සොයාගෙන ඉතා ඈත දුර බැහැරට යති.
මේ වන විට බංගලාවේ සිටි පහළොස්  දෙනෙකුගේ පමණ ඇස් යොමු වී ඇත්තේ ගල ඉහළට ඇවිද යන අලියා සහ ඔහු පසුපසින් කඩිනමින් යන සුජීව වෙතය. පැහැදිලි සඳ එළිය හේතුවෙන් දහවල් මෙන් සියල්ල මනාව දර්ශනය වේ. වැසි ජල ටැංකිය සමීපයට ගිය අලියා තම හොඬවැල දියට පහත් කොට එක උගුරක් තම මුව තුළට ගත්තා පමණි... අලියා සහ සුජීව අතර දුර යාර 15-20 පමණය. ක්‍ෂණයකින් අලියා දිය බීම පසෙක තබා සුජීව දෙසට හැරුණි. තම හොඬවැල අග මුව තුළට ගති. කන්පෙති දෙක කෙලින් කරගෙන සුජීව දෙසට මුහුණට - මුහුණලා බලාගෙන මොහොතක් නිසොල්මන් විය. තව නිමේශයකින් අලියා සුජීවට පහර දීමට ඒකාන්තයෙන්ම හඹා යන බව මම දැන සිටියෙමි. සුජීවගේ ගමනේ වේගය අඩු වී ඔහු ඉතා සෙමින් අලියා දෙසට පියනගන්නට විය. එවිට එක්වරම වනාන්තරය දෙවනත් කරවන සුලූ අති භයංකර මහා ශබ්දයක් මුවින් පිටකරමින් අලියා හොඬවැල උස්සාගෙන සුජීව කරා පහරදීමට හඹා එන්නට විය. අලියාගේ හඬ නිසෝල්මන් වනාන්තරයේ දෝංකාරය දුනි. එකඳු අඩියක් පස්සට නොගත් සුජීව තම දකුණත අල්ල ඇඟිලි දිගුකොට ඉදිරියට හඹා එන අලියා දිසාවට යොමු කරගෙන ශබ්ද නගා මන්ත‍්‍රය මතුරන්නට විය... ‘‘ ඕං..... සංසාර.... දිරි ආදී වශයෙන් තම පියාගෙන් උගත් අලි මන්ත‍්‍රයෙන් නැවත නැවතත් ශබ්ද නගා මතුරන්නට විය.
සුජීව ආසන්නයටම දිව ආ අලියා තම හොඬවැල පහත් කොට සුජීවට පහර නොදී හෝ පහර දීගත නොහැකිව පසෙකට හැරී ඉතා වේගයෙන් ගල්තලාව පහළට දිවගියේ විකාරයෙන් මෙන් ‘බුතව වළ’ හරහාය. ඒ දිවගිය ආකාරයට ‘‘බුතව වළේ’’ (Buttuwa Pond) දියයට සිටි කිඹුලන් දෙතුන් දෙනෙකුගේවත් හිස් කබල්, ඉළ ඇට අලියාට පෑගී උන් මිය යන්නට ඇතැයි මට සිතුනි.
දිව ගිය අලියා පෙනෙන්නටවත් නැත. සුජීව ජයග‍්‍රාහි ලීලාවෙන් ගල පහළට වුත් ඔහුට අභියෝග කළ සහ රු. 5000/= ත්‍යාගය දීමට පොරොන්දු වූ අය අසලින් වාඩිවිය. එකෙණෙහිම මගේ මිත‍්‍ර ලක්‍ෂ්මන් නෙත්තිකුමාර සුජීව වෙත ගොස් කනට කොඳුරා කුමක්දෝ කීවේය. ඒ මම බංගලාවට පැමිණ සිටින පුවත විය යුතුය.
ඒ සැණින් මා අසලට පැමිණි සුජීව ‘‘සර්... කොයි වෙලාවෙද ආවේ... මම දැනගෙන සිටියෙ නැහැ සර්... ඉන්න බව...’’ යයි මා ඇමතීය. මම ඔහුට දැන්වූයේ ‘‘බැරි වෙලාවත් සුජීව ඔයාට අලියා ගැහැව්වා නම්... මට මගේ රැුකියාවත් අහිමි වෙනවා.. මීට පස්සෙ මම ඉන්න තැනක ඔය වැඬේ කරන්න එපා’’ යනුවෙන් මම ඔහුට අවවාද කළෙමි. සුජීව මේ වන විට සේවය කරන්නේ කතරගම උතුරින් පිහිටි ගාල්ගේ අඩවියේය. ඔහු අති දක්‍ෂ වනෝද්‍යාන මාර්ගෝපදේශක කෙනෙකි.
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya