Sunday, April 30, 2017

සදලතාගේ තොවිල් පිටියට පැන්න මහාසොන් අවතාරය -වාසනහාමි කට්ටඩි මාමා හෙලි කරයි.....(අබිරහස් අඩවිය - Abirahas Adawiya - හොල්මන් කතා. gurukam holman katha -mahasona)

ගොඩකවෙල රංවල පදිංචි හේරත් මුදියන්සේලාගේ වාසනහාමි කට්ටඩි මාමාගේ වයස අවුරැදු එකසිය දහයකි.දැනට ලංකාවේම සිටින වයෝවෘද්දම යකැදුරා වන්නේ ඔහුය දු දරැවන් දහතුන් දෙනෙකුගේ පියෙකු වන කට්ටඩි මාමා‍ සිව් මුනිබුරන් දැක ඇත්තෙකි.දු දරැ මිනිබුරැ සිරිස දෙසිය ඉක්මවන් ජිවිතයේ සැදෑ සමය ගෙවන ඔහු නිරෝගි සුවෙන් ගත කරන අතර තානායම්පල වෙනුවෙන් ම හෙලි කරන සිය අත් දැකිම් මාලාවේ එක් කතාවකි මේ
වසර සිය ගනනකට එපිට සජිවි අත්දැකිම් ඇති ඉතිහාසයක් මතකයේ තබන් සිටින වාසනහාමි කට්ටඩි මාමාගේ යකදුරැ ජිවිතයේ මුහුන පෑව සුවිසේසිත වු අභියෝගයක් ලෙස ගාල්ලේ දොඩම්දුවේ පිටර් අප්පුහාමිගේ නිවසේ තොවිලය තවමත් පොත්ත කන්ද ප්‍රදේශවාසින් සිහිපත් කරයි .
සදලතා සදක්වන් රෑමත්ය .ඇය පිටර් අප්පුහාමිගේ බාලම දියනියයි . වැඩිවියට පැමිනි සදලතා තවත් රෑමත් වුවාය .වරක් බැලුව ඇයගේ රැව සදාමතකයේ රැදෙනවා නොඅනුමානයි .බැල්ම හෙලනා ගමේ තරැනයෝද අපමනයි .පිපුනු රෝස කුසුම හදිසියේම මැලව විරැපව ගියේ කවුරැ හෝ කල කොඩි විනයකිනි .රට වටා දන්නා නොයෙක් යකැදුරන් ගෙන්වා තොවිල් කලද කිසිදු පලක් නොවිය .ඇයට කල කොඩි විනය කපා හෙලිය හැකි ජගතෙකු සොයා ගැනිම ට නොහැකි විය .
“කට්ටඩි උන්දේ තමුන් නැහැ ගැන පාතරට අපිටත් තතු විත්ති ආරංචි වෙලයි ආවේ .අපේ තිබුන සියලුම සබ්බ සකලමනාවම මගේ කෙලිව ගොඩ දාන්න වියදම් කලා දැන් අපිට ඉන්න හිටින්න තැනක් නැති ගානයි .අනේ මගේ කෙලිව ගොඩ දාල දෙන්න කට්ටඩි උන්දෙ ඔහේට බුදු බව අත් වෙනවා “එක්තරා සැදෑවක හේරත් මුදියන්සෙලාගේ වාසනහාමි කට්ටඩි මාමා හමුවිමට පැමිනි පිටර් අප්පුහාමි සිය දුක් ගැනවිල්ල තැබිය .
“ඔය ඇත්තෝ බොහොම දුර බැහැරක ඉදල මම හොයාගෙන ආව එක ගැන සතුටුයි . මට ඔහේගේ දුක තේරෙනව .හැබැයි උන්නැහැ ඔහෙල ඉන්න පාත රට බොහොම බලගතු මංත්‍ර ශාෂ්ත්‍ර දන්න උදවිය ඉන්නවනෙවැ”
“එහෙමයි කට්ටඩි උන්දේ මුලු දකුනෙම කයට්ටඩි ගෙනත් තොවිල් කලා ඇති වුන සෙතක් නැහැ තිබුන සබ්බ සකලමනාව වියදම් වුනා මගේ කෙලි තවත් වැහැරැනා ඒක විතරයි සිද්ධ වුනේ “ පිටර් අප්පුහාමි ආයචනාත්මක බැල්මක් හෙලිය .
“මට ඔය ඇත්තන්ට පොරොන්දු වෙන්න බැහැ මම සනිප කරල දෙඤඤ කියල .ඒත් ඔහේල මෙච්චර දුරකතර ගෙවාගෙන මාව විස්වාස කරල ආවනේ ඒ නිසා මමත් සුදුසු දිනකදි එඤඤ් “
“බුදු බව අත්වෙනව කට්ටඩි උන්දෙ ඔහේගෙ අනුකම්පාවටම”
ආගන්තුකයන් සුදුසු සංග්‍රහ විද පිටව ගියාට පසුව වාසනහාමි කට්ටඩි මාමා කල්පනා කලේ ගාලුගමන පිලිබදවයි .රෝගියා පරික්ෂා කර නොකට කුමන අසනිපයක් තිබේදැයි නිශ්චය කල නොහැකිය .
හේරත් මුදියන්සේලාගේ වාසනහාමි කට්ටඩි මාමා ගාල්ල දොඩම්දුවේ පිටර් අප්පුහාමිගේ නිවසට ගියේ එයින් ටික දිනකට පසුවයි. සිය යකදුරැ අත්තේවාසිකයන් දෙදෙනාද ඒ සදහා රැගෙන ගියේය. දිර්ග කලක් සිය දියනියගේ අසනිපය වෙනුවෙන් සියලුම සේසත අහිමි කරගත් පිටර් අප්පුහාමිගේ පවුලේ උදවියගේ ආර්තික තත්වය හොදින් අවබෝදකරගත් කට්ටඩි මාමා තොවිලයේ අටමගලයේ සිට සියලුම අඩුම කුඩුම වාසනහාමි කට්ටඩි මාමා අතින්ම දරාගැනිමට හෙතෙම කාරැනික විය.
අසල්වාසින් ඤ්තින් විසාල පිරිසක් තොවිල් ගෙදර වැඩකටයුතු සදහා සිය දායකත්වය ලබා දුන්හ .පිටර් අප්පුහාමි තැනගේ නිවසේ මිදුලේ තොවිලය සදහා සියලුම කටයුතු සුදානම් කර අහවරයි.

කලවිනයෙන් ආතුරයා වු රෑමත් සදලතාගේ වැහැරිම ඔනෑම අයෙකු සංවේගයට පත්වන්නේය. යම් නිවසකට හෝ පුද්ගයකුට යමෙකු කොඩි වින කිරිමේදි යංත්‍ර මංත්‍ර ශාෂ්ත්‍රනු කූලව කලු යකා රිරි යකා මහාසෝනා වැනි සම්මත මිත්‍යා දිෂ්ටි යකෙකු හෝ එම නිවසේම මල ගිය ප්‍රාකාරයකු එසේත් නොමැතිනම් වෙනත් මලගිය ප්‍රාණ කාරයකු හෝ මල ගිය ප්‍රෙරේතයකු උපයෝගි කරගනි.යකදුරා ශාන්ති කර්මය කරද්දි මේ සියල්ලම ගැන හොද අවබෝදයකින් සිටිය යුතුයි.
“යක්කු එලවන මංත්‍ර වලින් පෙරේතයෝ එලවන්න බැහැ ගෙවලයකුන් එයිටත් වඩා දරැනුයි පෙරේතයෝ මංත්‍ර වලට වලංගු නැහැ ප්‍රෙරේතයෝ එලවන්න බොහෝදුරට උපයෝගි කරගන්නෙ පිරිත් සුත්‍ර මිත්‍යා දිස්ටික දරැනු යකුන් පිරිත් වලට වලංගු නොවුනද අවසානයේ බුදු ගුනවලට වලංගු විමට යකුන්ට සිදු වෙනවා අපේ පිරිත් පොතේ ආටානාටිය පිරිතෙත් කියවෙනවනේ බුදුගුන වලට වලංගු නොවන යකුන් වෙනුවෙන් යක්ෂ සමාගමෙන් දෙන දඩුවම් ගැන .‍යක්ෂ දිෂ්ටියක් වැසුන කෙනෙකුට සුදුසු ප්‍රතිකර්මයක් කරනකම් යකදුරා විසින් මුලින් ම ඇප නුලක් දානවා ඇප නුලෙන් කෙරෙන්නේ තාවකාලිකව වර්දනය විම වලක්වා ගැනිම එයිට පස්සේ සුදුසු දිනකදි ඒ සදහා තොවිලය කරනවා යක්ෂ දිෂ්ටියක් වැටුනම මේ ආතුරයාව වලංගු කර ගන්න වෙනවා යකදුරාට ඒ වලංගු කරගෙනම තමයි විස්තරය විමසන්නේ “ වාසනහාමි කට්ටඩි මාමා කිය .
“ගෙවලයක් බන්දනයේදි මෙයිට වඩා ටිකක් තදයි මොකද ගෙවල යකා ලෙස වැසුන එකා ලේසියෙන් යන්නෙ නැහැ ගෙවල යකා කියන්නේ ඒ නිවසටම හෝ ඉඩමටම අයිතිවාසිකමක් තියන කෙනෙක් නේ ඒ අයිතියත් එක්ක කොහොම පැන්නුවත් යලි එන තත්වය තියනවා ඒ නිසා තමයි ඒ යකුන් අල්ලල බෝතලයකට දැමිම ගහකට තියල ඇණ ගැසිම එහෙමත් කරන්නේ ගෙවල යකාටත් මල පෙරේතය කියලත් සාමාන්‍යයෙන් හදුන්වනවා ඒත් මේ ගෙවල යකා සෑහෙන බොරැ කියනවා ශරිරය අතහැරල යනවා කියල සැම දිවිරිල්ලක්ම දිව්රනවා එහෙම කියල ආයෙත් එනවා “
කෙනෙකු කල කොඩිවිනයකින් හොල්මන් විමකින් තනිකම් දොසකින් හෝ අයිතිවාසිකමකට ආව භුත බලවේගයකින් ආදි මේ කුමන කරැනකින් හෝ දිෂ්ටි මිනිසාට ආරෑඪවන යක්ෂ ප්‍රෙරේත කුම්භාණ්ඩායා එලවා දැමිමේ දැනුම යකැදුරෙකුට තිබිය යුතුයි .
ගාල්ල දොඩම්දුව පිටර් අප්පුහාමිගේ දියනියට යක්ෂයා ආරැඪ වි ඇත්තේ කොඩිවිනයක ප්‍රතිපලයක් ලෙසින් බව වාසනහාමි කට්ටඩි මාමාද අවබෝද කරගෙන හමාරයි .රෑ දෙගොඩහරි ජාමයේ වාසනහාමි කට්ටඩි මාමා මතුරන මැතිරිල්ලට වැහැරැන සදලතා වියරැවෙන් දගලමින් ලැතවුල් තබයි .
“ඕං දැඩිමුන්ඩ කට්ට ඉරලුම් නාත දේව ඉරලුම් උපුල්වන් ඉරලුම් විෂ්ණු කට්ටු දේවතා මදුරැමාලා දේවතා
අංගම් පිල්ලි සුනියම් ගිනි සැර විෂ්ණු කුලම්බු ඔඩිවා…………..” ඒ යක්ෂයින් වලංගු කරගන්නා දැඩිමුණ්ඩ යක්ෂ ඉනා මන්ත්‍රයයි .මන්ත්‍රය කියමින් කට්ටඩි මාමා අතට ගත්තේ පෙර ජිවන් කර තබාගෙන ඇති පස්ලෝ ත්‍රිශුලයයි .ආතුර සදලතාගේ කෙස්වැටියන් ඇල්ලිය .
“බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයට මේ නර ශරිරයට දිෂ්ඨි ලා සිටින යක්ෂයා වලංගුද?”
“වලංගු නැහැ මට යන්න දිපියෝ …” සදලතාට වැසුන මලයකා කෑ ගැසිය.
“හක් -වලංගු නැහැ ..කට්ටඩි මාමාද සැර විය.
“කකුසද කෝණාගම කාශ්ශප ගෞතම යන සතර බුදු වරැන් වහන්සේලාගේ නමට මේ යක්ෂයා කිකරැද?”
යක්ෂයා නිරැත්තරයි .
“කතාකරපිය බොල මාත් එක්ක සෙල්ලම් බැහැ “ කට්ටඩි මාමා ගෙරවිය . එහෙත් ඇය නිහඩයි.
“ධෛතරාෂ්ඨ විරෑඪ විරැපාක්ෂ වෛශ්‍රවන යන සතරවරම් දෙවිවරැන්ගේ ආඤ්ඤාවෙන් ආනුභාවයෙන් තොප වලංගුද “
ආතුරයා තව දුරටත් නිරැත්තර වුවද කට්ටඩි මාමාගෙන් සමාවක් නැත “තොප සතර වරම් දෙවි වරැන්ටත් වලංගු නැද්ද දෙන්න ද තොප දේව සමාගමට දන්නවනේ දේව සමාගමෙන් දෙන දඩුවම් “
“මම වලංගුයි වලංගුයි “ ආතුරයා හිලෑ වෙද්දි රැස්ව සිටි පරිසද වාසනහාමි මාමා දෙස ගරැ ගාම්බිර මුහුනින් බැල්වේ මෙතෙක් කලක් පැමිනි කිසිදු යකැදුරෙකුට ඇයව වලංගු කරගැනිමට නොහැකි වු බව දන්නා නිසාවෙනි .
“හු කියාහන් එහෙනම් මේ නර ශරිරයට ආරෑඩ වෙලා ඉන්න යක්ෂයා කවුද කියල “
“ මම මහාසෝනාාා මහා සෝනා මුන්දැගෙ බෙල්ලකඩාගෙන යන්නමයි මම ආවේ “
“තොපට එහෙම යන්න දෙන්නේ නැහැ කියාපිය කියාපිය තොපට කවුද ගෙන්නුවේ මේ නර ශරිරයට කියාපිය” කට්ටඩි මාමා තවත් සැරයි.
“”ම‍ට බැහැ මට බැහැ ඒකනම් කියන්න මට ඒක කියන්න වරම් දිල නැහැ මම යන්නම් “
“ඇයි තොපට කියන්න බැරි ඇයි තොපට ඒක කියන්න බැරි”
“මට ඒක කියන්න බැහැ මගේ බෙල්ල කඩාගෙන ගියත් මට ඒකනම් කියන්න බැහැ”
යක්ෂයා ආරෑඩ වුවෙකි මෙලෙස තමාට කොඩි වින කල පුද්ගලයාගේ නම නොකියා සිටින්නේත් විෂේශ හේතුවක් නිසා බව වාසනහාමි කට්ටඩි මාමා අත්දැකිමෙන්ම දනි .විනකල ඇදුරා හෝ වින කිරිමට කටයුතු පුද්ගලයා නිවසටම සමිපයකුනම් සතරවරම් දෙවිවරැන්ගේ අණට වලංගු වුන යක්ෂයා ඒ වග ප්‍රසිද්ධියේ කියන්නේ නැත .කල විනයේ සුල මුල හොදින් අසා ගත් වාසනහාමි කට්ටඩි මාමා දැන් සුදානම් වන්නේ යක්ෂයා පන්නා කොඩි විනය කැපිමටයි.
“ඕං දල රිරි පුඨං දිෂ්ටිගං කැපගං බිල්ලගං එලාගං අදත් මා මතුරන්නේ දල රිරි යකුට මරැ තෝංගු කැපකල දිෂ්ටියයි තින්දුවයි මා අත වරද නැත මගේ ගුරැවරැන් අත වරද නැත මාගේ අඹු දරැවන් අත වරද නැත කල වුන් බලා පල පල තෝස්වහ…” වාසනහාමි කට්ටඩි මාමාගේ මහාසෝන් අලගුව නම් මංත්‍රයෙන් පුහුල් ගෙඩිය මතුරද්දි පරිසරයේ සිදුවුන අමනුස පෙරලියට වාසනහාමි මාමාද තැති ගත්හ .
ඈත කැලෑව දෙසින් ඇසෙන උලමුන්ගේ බියකරැ නාදය ඇසෙන්නේ මේ ලගින්මෙනි. අමනුෂ්‍යන් රැසක් වියරැවෙන් දත්කුරැ හපනවාත් සිංහල උලු සෙවිලිකල වහලයට ගල් බොරලු හලනවාත් ඇසෙන්නේ කට්ටඩි මාමාටම පමනි.
වාසනහාමි මාමාට කොතනකින් හෝ වැරදි ඇතැයි හොදින් තේරැම් ගියේය. කල් වේලා ඇතුව ආරක්ෂාවල් යොදවා තිබුනද ඒවා අභිබවා අමනුෂ හඩ ඇසෙන්නේ එම නිසාවෙනි .තවත් මොහොතක් අමනුශ්‍ය හඩට කන් දුන් වාසනහාමි කට්ටඩි මාමා මහාසෝන අලගුව කිම මදකට නතරකර ගිණි විලම්බු සිදුර නම් එයිටටත් එහා මහා බලගතු මංත්‍රය මහා හඩින් තොල ගෑවේ පුහුල එයින් කැපිමටයි.
“ඕං නමෝ ලමයි දස දහසක් ජාතක කල යමපලු දේවතාවා ගෙන්වා යම කඩුව අතට දි වින කල ඇදුරාගේ
පපුවට ඇණ ලේ රිරි උරා බි හෙමන් දන්ඩ යන්ඩ ඇරි ආඤ්ඤ්වෙන් ආනුභාවයෙන් වින කල ඇදුරාගේ වින කිරිමට අන කල එකාගේ කටින් ලේ දමා නාසින් දුම් දමා දෙකන් පැලි ඇස් පිපිරි බඩවැල් සත්පොල්ලකට පිපිරි අක්මා කැවුතු ලේ රිරි කැප ගණ්ඩ වරන් දෙන්ඩ පලයන් තොක්වහ…”
සිදුවුයේ මෙතෙක් නොවුන මහා විපර්යාසයකි. ඇසපිය හෙලන නිමේශයෙන් වහලේ මුදුනේ සිට මිදුල මැද තිබු පිදේනි තටුවට පැන අතුරැ දහන් වුයේ දැවැත්ත වලස් තඩියෙකි. ඒ මහාසෝනා බව වාසනහාමි කට්ටඩි මාමා හොදින්ම දැන ගත්හ.
හදිසියේම පැන අතුරැදහම් වු මහාසෝන් අවතාරයේ නියපොතු වැදි වාසනහාමි කට්ටඩි මාමා අත තිබු අලු පුහුලින් ලේ ගලන්න විය .තින්දුව කැපිමට කවුරැ හෝ ඉඩ අහුරන බව කට්ටඩි තැනට හොදින් අවබෝද වි හමාරයි. භුත බලවේගයන්ගේ අඩිකෝඩහඩ තවත් තිව්‍රර වෙමින් වාසනහාමි කට්ටඩි මාමාට ඇසෙන්න විය . නිවැසියෝ හා ගම්වාසිහු භිතිය කුතුහලය පිරැණු සම්මිශ්‍රණාත්මක හැගිමකින් බලා සිටියි .
සදවතිට කොඩිවින කල ඇදුරා හෝ එයට අනුබල දුන් එකෙකු මේ අසලම සිටින බව කට්ටඩි තෙමේට හොදින් වැටහෙයි .තින්දුව කැපිමේ මග අසුරන්නේ ඔහු විසිනි. වාසනහාමි කට්ටඩි මාමා‍ කෝපයෙන් දත්මිටි හැපිය. පිරිස දෙස තියුණු බැල්මක් හෙලිය.
“මම උඩරට උඩහහේනේ කට්ටඩි පරපුරේ එකෙක් කියල හැමෝම දන්නව ඇති .ඒත් බොලලා පාට රට එවුන් අපේ මංත්‍ර ශාෂ්ත්‍ර පැවැත එන්නේ ගුරැකුල දෙකකින් මේ ගෙදරට විනය කරල තියෙන්නේ බොලාලගේ පාත රැටියෙක්මයි .උඩරට අපි ඇවිත් ඒක කපා හෙලන්න උත්සහ කලාට වැඩක් යවන්නේ නැහැ .පාත රැටියෙක්ම ගෙනල්ල මේ විනය කපවා ගනින් ආයෙත් මම මේ පැත්ත පලාතෙවත් එන්නේ නැහැ.” හේරත් මුදියන්සේලාගේ වාසනහාමි කට්ටඩි මාමා පිදේනි තටුවටත් පයින් ගැසිය. කැකුන තෙල් පන්දම අතට ගෙන සිය අත්තේවාසිකයන් සමග මහා රාත්‍රියේම ගම්පලාත බලා පිටත් වුහ.
තොවිලය සදහා සියලු වියදම් දැරැවේ කට්ටඩි මාමාගේම වියදමින් නිසා අමුතු පාඩුවක් ඇති නොවුනද ඔවුන් තුල තිබු සියලුම බලාපොරොත්තු වියකිනි.තොවිලය නැරඹිමට හා උදව්වට පැමිනි ගම්වාසින්ද සිය ගෙවල් දොරවල් බලා පිටත් වුයේ නොයේකුත් කතා කියමිනි.නිවැසියෝද කඩ වු බලාපොරොත්තු සමග දොර ජනෙල් වසා ගෙට ඇතුලු වුහ.
මහා කෑලෑව මැදින් පාලු අඩිපාරේ බොහෝ දුරක් එනතුරැ වාසනහාමි කට්ටඩි මාමාගෙන් මුවින් වචනයකුදු පිට නොවිනි; මෙවැනි පරාජයක් මින් පෙර වි නොමැති බව අත්තේවාසිකයන්ද හොදින් දනි;
“කොල්ලනේ අපේ උඩහහේන කට්ටඩියෝ කවදාවත් පරාජය බාරගත්තේ නැහැ එතන කඩා වැදුන මහාසෝන් අවතාරය මට තිබුන අහුනු සැනින් විනාශ කරල දාන්න එහෙම වුනානනම් එතන හිටිය අනිත් ඇවුන්ටත් තොවිල් නටන්න වෙනවා -විනය කල අසමජ්ජාතියත් එතන ඉදල තියනවා ඒකයි එහෙම වුනේ ඒකුන්ගේ හත්මුතු පරපරපුරම නැති වෙන්න මට තින්දු කපන්න ඇහැකි වුනත් තොපි දන්නවනේ අපේ පරම්පරාවේ මංත්‍ර වලින් කවදාවත් කාටවත් ජිවිත හානියක් නොකරන බව .මම එතනින් පසු බැස්සේ පාත රට මංත්‍ර එක්ක හැප්පෙන්න බැරි නිසා නොවෙයි කියල බොලලා තේරැම් ගනින් මිනි වලේ යක්කු දපනය කරන මට ඒක ඒ හැටි කජ්ජක් නොවෙයි .මම තින්දුව කපද්දි පිට එවුන් එතනින් අයින් කරන් ඕනි නිසයි තොපිවත් අරගෙන මම එතනින් තොලංචි වුනේ” වාසනහාමි කට්ටඩි මාමා මෙලෙස හඩ අවදි කලේ ටික දුරක් ආවාට පසුවයි .
එහෙමයි මාමේ ඒ කියන්නේ ආයෙත් වංගියක් අපිට මේ අඩිස්සරයට එන්න වෙයිද “ අත්තේවාසිකයකු විමසිය .“ආයෙත් දොහක් අපට මේකේ බඩ ගාන්න බැහැ බොල අපි ආව කාරිය මේ ගමන්ම කම්මුතු කොරලයි යන්නේ තාම කුකුල ඇඩලුවෙත් නැහැ හිටපු එවුන් දැන් ගෙවල් වලට ගිහින් ඇති .දැන් යම දෙවියන්ගේ හෝරාව වරෙව් ආපිට යන්න”
බලාපොරොත්තු වු පරිදිම තොවිල් නිවසට පැමින සිටි සියලුම දෙනා පිටව ගොසින් තිබිනි. නිවැසියන්ගේ කඩවුන බලාපොරොත්තුව යලි පිපිදිනි.
“බොලාල බොහෝ දුර කතරක් ගෙවාගෙන ඇවිත් මා ගැන බලාපොරොත්තුවෙන් තමයි වැඩේ බාර දුන්නේ එහෙව් එකේ බොලාලට පිහිට නොවි ආපසු යාම මගේ සිරිත නොවෙයි. ඉතිරි රාජකාරි සියල්ලම කරන්න තියෙන්නේ ගේ ඇතුලෙමයි. බොලාලත් කෑ කොස්සන් නොගහා දොරජනෙල් වහල මා කොරන කාරියට උදව් වෙයල්ල මේ කෙල්ලව ගොඩ ගන්න ඕනිනම් අදින් පස්සේ බොලා‍ලට ආයෙත් කරදර එන එකක් නැහැ බොලාලට වින කල එකාත් හෙට වෙනකොට පෙන්නුම් කරාවි .කිසිම දෙයක් නොවුන ගානට බොලාලත් හොදින් හිටහල්ලකෝ”
වාසනහාමි කට්ටඩි මාමා නිවසේ මැද ශාලේ යලි අඩුම කුඩුම සැකසිය . උඩුකය නිරැවත් කට්ටඩි තැන අහුගෙඩියක් අතට ගනිමින් ශාලය මැද දිග හැරිනි. කොඩිවිනය කල යම් කෙනෙක් සිටිනම් ඔහු මේ අනපේක්ෂිත වේලාවේ පිටර් අප්පුහාමිගේ නිවසේ වන කටයුතු පිලිබදව අවදානයෙන් නොමැති නිසා පෙර තිබු අමනුෂ්‍ය හඩවල් දැන් නැත. ජිවන් කල අහු ගෙඩිය දැන් ඇත්තේ කට්ටඩි මාමාගේ පපුව මතයි අණකල විගසම දැවැන්ත කඩුවකින් අහුගෙඩිය කැපිමටයි නිවෙස් හිමි පිටර් අප්පුහාමි සුදානම් වි ඇත්තේ . දැන් ජිවන් වන්නේ අති භ්‍යානකම මංත්‍රයකි.

“ඕං කල්ලු කාවේරි බිලිධාරි ඔඩ්ඩි වරක්කාලි තින්දු වින සෙල්ලුම් ඔඩ්ඩි රාක්ෂ මහේෂ්වර ඊශ්වර ඉඑලුම් හැරි හැරි තෝංගු විනකල ඇදුරා වෙතට හැරි හැරි යැව් යැව් තින්දු බලාගං කල්ලුං කොඩිවින කදිර රාමායනේ වල්ලි අම්මා ඉරලුම් අග්නි ඉරලුම් කඩ්ඩි ඉල්ලි දිෂ්ටි වැටුන විනකල ඇදුරාගේ වින කිරිමට සැලකල එකාගේ හත්මුතු පරපුර බලා යන්නට හත්තිලව්වේ මහාසෝන් රාක්ෂ දේවතාවෝ තොපට කැපයි කැපැයි විනකල ඇදුරා වින කරන්න කි එකා බලා ආපිට හැරි දිෂ්ටි දිෂ්ටි තෝස්වහ…. හත්තිලව්වේ…..”
කට්ටඩි තැනගේ මංත්‍රය අහවර වනවාත් සමගම නිවෙස් හිමියාගේ දැවැන්ත කඩු තලය වේගවත්ව ඇවිත් කට්ටඩියාගේ පපුව උඩ තිබු අහු ගෙඩිය දෙපලු කලේ මුලු පරිසරයම හෙල්ලුම් කාවමිනි .එකි ක්ෂණයෙන්ම අසල්වාසි නිවැසකින් ඇසුන භයානක මරලතෝනිය ගම්මානය සිසාරා රැව් පිලිරැව් දුන්හ
තින්දුව හොදින්ම කැපි අහවර වි ඇති බව තේරැම් ගැනිමට අමුතු මොලයක් ඇවැසි නොවිය .ඉන්ඉක්බිති සදලතා ටත් නිවැසියන්ටත් හොදින් ආරක්ෂාවල් යෙදුවේ යලි කිසිදු කලක අනවින හදිහුනියම් නොවැදිමටයි .පිටර් අප්පුහාමිගේ දෝනිඇන්දැට කොඩි විනය කර තිබුනේ අප්පුහාමිගේම සහෝදරයෙකි .ඒ දේපලක් සම්බන්දව ඇතිවුන ආරෝවකට මේ පවුලෙන් පලි ගැනිම සදහායි .සියලුම3 කාර්්‍යන් මැනවින් අවසන් කල වාසනහාමි කට්ටඩි මාමා ඉර උදාවට පෙරම සිය අත්තේවාසිකයන් සමග ඒ ගම් පියසින් පිටත් විය .
“මම මුලින් කිව වගේම අපේ යංත්‍ර මංත්‍ර වලින් කිසිම නරක වැඩක් කරල නැහැ කොඩිවිනයක් ආපිට කපද්දි වින කල ඇදුරාගේ වින කිරිමට හවුල් වුන අයගේ පිටින් යන්න කපන්න වෙනවා ඒත් ඒ අයටවත්
කිසිම ජිවිත හානියක් නොවන විදිහටයි එහෙම කරන්නේ මොකද පිං පව් කියන දෙය මම හොදින්ම දන්නවා .” වාසනහාමි කට්ටඩි මාමා පැවැසිය .
(පිංතුර හා සටහන-චාමින්ද දිසානායක )
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Sunday, April 23, 2017

නිධන් වදුල මිථ්‍යාවක්‌ද?....නිධන් සලකුණු....(nidan wadula අබිරහස් අඩවිය - Abirahas Adawiya - ශාස්ත්‍රීය ළිපි gurukam)

වදුලු ශාස්‌ත්‍රය පදනම් කොටගෙන නිධන් වස්‌තු ගොඩගැනීමට හැකියාවක්‌ ඇතැයි සමාජයේ මතයක්‌ පවතී. රට පුරා වරින් වර එවැනි නිධන් හෑරීම් පිළිsබඳ තොරතුරු අසන්නට ලැබේ.
වදුලු ශාස්‌ත්‍රයේ ඉපැරණිභාවය පිළිබඳව බොහෝ විද්වතුන්ගේ සැක සංකා පවතී. නමුත් නිධාන තැන්පත් කිරීම පසු කලකදී ඒවා නොයෙකුත් කටයුතුවලට නැවත භාවිත කිරීම අතීතයේ පටන් පැවැති සිරිතක්‌ බව පෙනේ.
අනේපිඬු සිටාණන් බුදුරජාණන් වහන්සේගේ වාසය සඳහා ආරාමයක්‌ තැනවීමට ඡේත නම් කුමාරයාගේ උයන ලබාගැනීමට උයන පුරා රන් මිල ඇතිරූ බව සඳහන්ය. පූජාවලියේ එම කථාව විචිත්‍රවත් කර ඇති ආකාරයට එම රන් ලබා ගන්නැත්තේ සිටාණන්ගේ හත් මුතු පරම්පරාව විසින් එක්‌ රැස්‌ කරගෙන නිධන් කොට තිබූ ගබඩාවෙනි. ඔහු සිය මෙහෙකරුවන්ට අණ කරන්නේ තම සතු නිධානයෙහි පිධානය හැර රන්මසු ලබා ගන්නා ලෙසයි. ඒ අනුව නිධාන තැන්පත් කිරීමත් ඒ පිළිබඳ සලකුණු තබා රැකවල් කිරීමත් අතීතයට අයත් බව නිගමනය කළ හැකිය.
වදුලු ශාස්‌ත්‍රය මේ සඳහා තොරතුරු සපයන අතර එය කොටස්‌ පනහකින් යුක්‌ත වේ. ඉන් පළමුවැන්න බෙහෙත් වදුලයි. නොයෙකුත් වෛද්‍ය පරම්පරා විසින් තම ප්‍රතිකාර ක්‍රම ආරක්‌ෂා කර ගැනීම සඳහා ද ඖෂධ නාම බහුලත්වය සරල කොට තේරුම් ගැනීම සඳහාද බෙහෙත් වදුල රචනා කොට ඇත. නිඝණ්‌ඩු පොත් පත්වල එන තොරතුරු මීට අයත් ලෙස සැලකේ.
රසොන, අරිෂ්ඨ, ලශූන, මහෞෂධ, ආසුර, ශූකලක හෙළ ලුහුනු සුගන්ධ පලාණ්‌ඩු, තුලාකෂ දීසි පත්‍රිකා යනු රතු වී හුනු හේම පුෂ්ප, නා පුෂ්ප කාංචන කකන හේම, නාමල් රේණු, සෙරවර්චල, රුචකං සුගන්ධ, සුචවර්ධන, සර්පික සුවය වීනු ආදී වශයෙන් ඖෂධ නාම ආකාරාදිදෙ මේ වදුලු ශාස්‌ත්‍රයේ අන්තර්ගත වේ. පණ්‌ඩිත කිරිඇල්ලේ ඥනවිමල හිමිපාණන් මේ සියලු ඖෂධ පිළිබඳ තොරතුරු සිය දේශීය වෛද්‍ය ශබ්ද කෝෂයෙහි ඇතුළත් කළ බව සඳහන්ය.
වදුලු ශාස්‌ත්‍රයේ සඳහන් දෙවැන්න වැව් වදුලයි. මෙය රුහුණේ, රජරට වැව් ගම්මානයන්හි තිබූ හස්‌තසාර ග්‍රන්ථ රත්නයකි. අප අතරින් වෙන්වී ගිය නිකවැරටියේ මුදියන්සේ තෙන්නකෝන් (අගමැති) මහතා සිය මතකයේ තිබූ වැව් වදුලක්‌ වරක්‌ සිහිපත් කළේය. එහි නාමය වශයෙන් දක්‌වා තිබුණේ "ජල බින්දු, ජල ප්‍රමාණ, ජල දීපිකා යනුවෙනි. ඒ නාමයෙන්ම එහි පෙළ ගස්‌වන ලද එහි අඩංගු කරුණු පිළිබඳ චිත්‍රයක්‌ මනසේ සටහන් වෙයි. පැරණි වැව් පිහිටා තිබූ ස්‌ථාන විවිධාකාරයෙන් හඳුන්වා දී තිබූ බවද තෙන්නකෝන් මහතා සිය මතකයෙන් පැවසීය. ඒ අනුව පළමු වැව ලෙසින් කන්දේ වැව නොහොත් කඳු වැවද, දෙවැන්න වනයේ වැව නොහොත් මූකලාන් වැවද තෙවැන්න කුළු වැව්ද, සිවුවැන්න ගම් වැව් නොහොත් නිධන් වැව්ද පස්‌ වැන්න මහවැවද අවසාන වශයෙන් බේරේ වැවද සඳහන්ව තිබිණි.
මේ වැව්වල ජල මාතිකා, පෝවා වැව්, හිල්ව, රළපනාව සොරොව් (ගොඩ සහ මඩ) ආදිය පිළිබඳ නිවැරදි තොරතුරු දැන සිටි වැව් බාර පරපුරක්‌ ජීවත්ව සිටියහ. ඒ අය වැවේ පෝෂක ප්‍රදේශය දැන සිටියහ. ඇතැම් විට සන්නසකින් වැවේ භාරය ඔවුන් වෙත පවරා දී තිබිණි. ඇතැම් වැව් මාස්‌ වැහි කාලයේදී පිටාර යයි. වෑකන්ද බිඳී යන්නට තරම් ඒ ජල ධාරාවන් වේගවත් වෙයි. එවිට වැව් භාර පරපුරුවල ඇත්තන් වැව මැදට ගොස්‌ රිටකින් එක්‌ ස්‌ථානයක්‌ කාල් ගාන බවද එවිට එයට ජල පිටාරය ඉබේම නවතින බවද පුරාවිද්‍යා කොමසාරිස්‌ව සිටි එච්. සී. පී. බෙල් මහතා සඳහන් කර ඇත.
මේ ගැඹුරු ශාස්‌ත්‍රය පොදුවේ හැඳින්වෙන්නේ වැව් වදුල යනුවෙනි. පුරාණ යක්‌ෂ ගෝත්‍රිකයන්ගේ දැනුම් සම්භාරය මත මේවා ගොඩනැඟී තිබෙන බව පෙනේ.
වදුලු ශාස්‌ත්‍රයේ ඊළඟ අවස්‌ථාවේ සඳහන් කර තිබෙන්නේ ධාතු වදුලයි. සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කළ ස්‌ථාන, ප්‍රවෘත්ති ආදිය මෙයට ඇතුළත් වේ. දන්ත ධාතූන් වහන්සේලා පිළිබඳ ආගමන කතා පවා මේවාට ඇතුළත්ව තිබෙන්නට ඇතැයි සිතිය හැකියි. ධාතු පෙති පිළිම ආදියෙහි තැන්පත්ව ඇති ධාතු විස්‌තරයන්ද ඇතුළත්ව තිබිණි. බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තිබෙන ධාතු උත්පත්තිය (කවි), ධාතු පරිභ වර්ණනාව, ධාතු මංජුසාව ආදී පුස්‌කොළ ග්‍රන්ථ මේ ගණයට අයත් යෑයි සැලකිය හැකිය. ධාතු විස්‌තරය සහ ධාතු විස්‌තර ගාථා ද මේ ගණයට ඇතුළත් කළ හැකිය. දළදාවහන්සේ ආරක්‌ෂා කළ පරම්පරාවන් හිහස්‌තාසාර ග්‍රන්ථ ලෙසට (කීරවැල්ලේ පරපුර) මේවා පවතින්නට ඇත.

වදුලු සාහිත්‍යයේ වැදගත්ම වදුල ලෙස සැලකෙන්නේ චෛත්‍ය වදුලයි. ලොකු කුඩා සෑම ස්‌තූපයකම ධාතු ගර්භයේ තැන්පත් කරන වස්‌තු, රන් කරඬු, බුදුපිළිම ආදිය වෙයි. ධාතූන් වහන්සේලාද වෙයි. රුවන්වැලි මහා සෑය තුළ විසිහතර රියනක්‌ උස රන්මුවා බෝධීන් වහන්සේ නමක්‌ තැන්පත්ව තිබෙන බව ජනප්‍රවාදයේ සඳහන්ය. භාතිකාභය රජ සමයේදී මේ ධාතු= ගර්භයේ පැවැති රහතුන් වහන්සේලාගේ පිරිත් දේශනාවක්‌ ශ්‍රවණය කිරීම සඳහා රජුද සහභාගි වූ බව ඉතිහාසයේ සඳහන් වේ.
මහියංගන චෛත්‍ය රාජයා ප්‍රතිසංස්‌කරණය කරන ලද අවස්‌ථාවේ පොළව කැණීමේදී ධාතු ගර්භය තුළ තිබී විශාල ගල් පෙට්‌ටි දෙකක්‌ හමු වී ඇත. මේ පෙට්‌ටි තුළ රන්කරඬු, පළිගු, ප්‍රතිමා, නොකැපූ දියමන්ති, සක්‌ ගෙඩි ආදිය තිබිණි. සිව් කොන අරක්‌ගත් අශ්වාරෝහක රජුන් සිවු දෙනකුගේ සහ බිසෝවරුන් සිවුදෙනකුගේ ලෝහ ප්‍රතිමා ද පිත්තල පහන් ද විය. එසේම වැලි ගලෙන් නෙළන ලද බුද්ධ ප්‍රතිමාවක්‌ද විය. එය පිට පැත්තේ සංස්‌කෘත අක්‌ෂරයෙන් ලියන ලද සටහනක්‌ ද තිබී ඇත.
මෑතකදී නැගෙනහිර පළාතේ විල්ගම් වෙහෙරට අයත් ප්‍රදේශයේ විල්ලඩ ගම්මානයේ පුරාණ චෛත්‍යයක්‌ නිධන් හොරුන් විසින් සාරා තිබේ. එම මංකොල්ලකරුවන් අත්අඩංගුවට ගත් පසු ඔවුන් ළඟ තිබී රන් කරඬුවක්‌, රජුගේ ප්‍රදානය (මළුතිස රජු) පිළිබඳ රන් පත්‍ර සටහනක්‌ ආදී වශයෙන් විශාල නිධන් වස්‌තු සම්භාරයක්‌ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු භාරයට පත්කොට තිබේ.
මේ චෛත්‍ය නිදාන කතා අඩංගු වන්නේ චෛත්‍ය වදුලේය. වෛත්‍ය සාදා නිම කළ පසු වෙසෙසින්ම විශාල චෛත්‍යයන්ට ඇතුළු විය හැකි සේ දොරටු නොහොත් සන්ධි තැබීමේ සිරිතක්‌ පුරණයේ විය. එම දොරටු ආරක්‌ෂා කිරීමට ගම් ප්‍රධානීන්ට භාර කොට තිබේ.
මේ නිධන් වස්‌තු එක්‌ අතෙකින් පූජා වස්‌තු වෙයි. ඉන් චෛත්‍යයටද එම චෛත්‍ය පිහිටා තිබෙන ගම් ප්‍රදේශයටද, ශ්‍රී ලංකා ද්වීපයටද අත්වන ආශිර්වාදය අතිමහත්ය. මේ චෛත්‍යයන් බිඳ නිධන් වස්‌තු ගැනීම පඤ්චාතන්තරීය පාප කර්මයන් හා සමාන වන්නේ යෑයි දක්‌වා තිබේ.
ක්‍රි. ව. 194 දී කුඩ්ඩ නාග රජු දවසදී ඔහුගේ දේවියගේ සහෝදර වූ සිරිනාග කුමරු රාජ්‍ය ලෝභය උපදවා සේනා සංවිධානය පිණිස වස්‌තු රැස්‌ කරනවිට ස්‌තූපයන් තුළ මහත් වස්‌තු සම්භාරයක්‌ තිබෙන බව අසා අනුරාධපුරයේ දක්‌ෂිණ ගිරි විහාරයෙහි මහ දැගැබ බිඳවන්නට ගියේය. නමුත් එහි කණ්‌ඩිය (දොරටුව) නොදැක වල්මත් වූ ඔහු දොරටුව ආරක්‌ෂා කරන පොල්ලොලිය නම් ගමේ බනුල නම් චණ්‌ඩාල නායකයා ගෙන්වාගත්තේය. බුදු සසුන කෙරෙහි ද ධාතු ඇති පිළිම චෛත්‍ය ස්‌ථාන කෙරෙහිද මහත් භක්‌තියෙන් යුක්‌ත වූ බනුල කිසිසේත්ම චෛත්‍ය කණ්‌ඩිය බිඳීමට කැමති නුවූයේය.
සිරිනාග කුමරු කෝපාවිෂ්ඨව තම බලය භාවිත කොට මේ නායකයා ඇතුළු ඔහුගේ පුතුන් සත් දෙනාම උල හිඳුවා මරණයට පත් කළ බවද ඒ අවස්‌ථාවේදීම මොවුන්ගේ ගු+ණානුභාවයෙන් දිව්‍යලෝකයෙන් පැමිණි දෙවියන් පිරිසක්‌ විසින් මෙම අටදෙනා තුසිත දෙව්ලොවට ගෙනගිය බව සද්ධර්මාලංකාර කතා වස්‌තුවේ සිරිනාග වග_යේ සඳහන් වේ. චෛත්‍ය බිඳ වස්‌තුව රැස්‌කර ගත් සිරිනාග සේනා සංවිධානය කොට ක්‍රි. ව. 195 දී කුඩ්ඩනාග රජු මරා රජකම ගත් නමුදු ඔහුගේ රජකාලය එතරම් සැප පහසු නොවීය. වසර 19 ක්‌ රජ කළද අවසන් කාලයේදී හටගත් දරුණු උදරාබාධයක්‌ හේතුකොටගෙන සියතින්ම බඩ පලා ගෙන ජීවිතක්‌ෂයට පත් වූ බවද ඉන්පසු අවීචි මහා නරකයෙහි උපන් බවද සඳහන්ය.
මේ කතාවෙන් අප තේරුම් ගත යුත්තේ චෛත්‍ය ගර්භයන්ට ඇතුළු විය හැකි දොරටු සාදා තිබූ බවයි. එසේම ඒවා රැකවලට ගම් ප්‍රධානීන් පත්කර තිබූ බවද පෙනේ. මේවා ගැන සඳහන් වන්නේ චෛත්‍ය වදුලේය. බ්‍රිතාන්‍ය කෞතුකාගාර පොත්ගුලේ තිබෙන දාගැබ් බැඳීම නම් ග්‍රන්ථයද මේ වදුලේ ශාස්‌ත්‍රයටම අයත් ලෙසට සැලකිය හැකිය.
සියලු වදුලු ශාස්‌ත්‍රීය ග්‍රන්ථවලට වඩා විවාදාත්මක ස්‌වරූපයක්‌ සමාජය වෙත මුදාහැර ඇත්තේ නිධන් වදුලු ශාස්‌ත්‍රයයි. එය වදුලු ශාස්‌ත්‍රයේ පස්‌වන කොටසයි. පණ්‌ඩිත කිරිඇල්ලේ ඥනවිමල හිමියන් එකතුකොට ගත් වදුලු ග්‍රන්ථ අතර යට කී පරිදි ශ්‍රී කාල, ශ්‍රීය කාල, නුපුනු කාල ඉසිවරුන්ගේ වදුලු ග්‍රන්ථයන්ද ඊට අමතරව නවයොදුන් සබරගමුවේ වදුලු පොතද, ගිරුවායේ වදුලු පොතද, අනුරාධපුර පුරිගස්‌වැවේ මැණික්‌රාළ නත්තාගේ වදුලු පොතද, අනුරාධපුරේ වටරක්‌කාවේ උක්‌කුවා වෙද හේනයාගේ වදුලු පොතද, ඌවේ මුදියන්සේලාගේ කීර්තිරත්නගේ වදුලු පොතද, කුරුණෑගල උග්ගල්ලේ රටේ මහත්තයාගේ වදුලු පොතද වශයෙන් නිධන් වදුලු ග්‍රන්ථ එකොළොසක්‌ අයත්ව තිබේ. මේ ග්‍රන්ථවල සඳහන් පරිදි නිධන් සොයා ගත හැකි ලකුණු හැටහතරකි. සක්‌වදුල්, කවුඩු වදුල්, ඊ වදුල්, ත්‍රි සුලම් ආදිය මේ ලක්‌ෂණවලට අයත්ය.
පැරණි රජවරු සිය වස්‌තු නිධන්කොට තැබූයේ මත්තේදී භාවිතා කරන්නටයි. වෙසෙසින්ම මධ්‍යකාලීන යුගයෙන් පසු ඇති වූ සතුරු ආක්‍රමණ ඔස්‌සේ රාජධානි අවතැන් වන විට රජවරු සිය වස්‌තු ඒ ඒ ස්‌ථානවලම රහසේ නිධන්කොට පැන ගියහ. නැතහොත් මලය කඳුකරය, බස්‌නාහිර කඳුකරය ආදී වනගත පෙදෙස්‌වලට විත් ගිරි දුර්ගවල වාසය කරමින් තම වස්‌තුව ඒ ඒ ස්‌ථානවල නිධන් කළහ. කෝට්‌ටේ යුගයේදී වීදිය බණ්‌ඩාර, සිරිවර්ධන ප්‍රභූරාජ, විජයපාල, රාජසිංහ ආදීන්ද නුවර යුගයේදී දෙවැනි රාජසිංහ වැන්නවුන්ද සිය වස්‌තුව ආරක්‌ෂා කරගන්නට නොයෙකුත් උපක්‍රම සැලසූහ.
මේ නිසා වනගතව තිබෙන ගල්ලෙන් අසාමාන්‍ය හැඩය ගත් ගල්තලා ආදිය මේ නිධන් වස්‌තු තැන්පත් කර තිබෙන ස්‌ථාන ලෙසට ප්‍රකට වෙයි. වදුලු ග්‍රන්ථයක තිබූ මේ සඳහන ඊට සාක්‌ෂි සපයයි.
කවුඩුමුල්ලේ ගලේ ගෝන අඟක්‌ ඇති. ඒ වට කවයක්‌ ඇති. 
එතැනට තුන් පියවරක්‌ නැගෙනහිරට අඟේ හැටපන්දාහයි.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇරඹීමට ප්‍රථම ලංකාවේ දිසාපති තනතුරු දැරූ සුදු නිලධාරීහු මේ ස්‌ථානවලට ගොස්‌ මේවායේ වස්‌තුව ගොඩගෙන එංගලන්තය බලා රැගෙන ගියහ. එච්. සී. පී. බෙල් මහතාගේ කණ්‌ඩායම (බෙල් පාටිය) පවා මුල් කාලයේ මෙලෙස නොයෙකුත් තැන්වල තිබූ නිධන් වස්‌තු ගොඩගත් බව පැවසේ. මුල් කාලයේ ඔවුන් ලබාගත් සන්නස්‌, තඹපත් හා පුස්‌කොල පොත් පවා අද ජීවමානව දක්‌නට නොමැත. පුරාවස්‌තු සංරක්‌ෂණ පනත සකස්‌ කරන කල්හි භෞතිකව දක්‌නට ලැබෙන පූජනීය වස්‌තු පිළිබඳ ප්‍රතිපාදන එයට ඇතුළත් කරන ලද නමුත් ධනය නිධන් කරන ලද ස්‌ථාන සංරක්‌ෂණය කිරීම සඳහා ප්‍රතිපාදන ඇතුළත් නොකරන ලද්දේ ඒවා ගැනීමේ මතු බලාපොරොත්තුවෙන් දැයි සිතේ. මේ මගෙහිම ඉදිරි පියවරක්‌ වූ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තුළද වර්තමානයේදී නිධන් වස්‌තු පිළිබඳ පිළිගැනීමක්‌ නැත.
එහෙත් දිනපතාම දිවයිනේ කිනම් හෝ ප්‍රදේශයකදී මෙවැනි නිධන් හෑරීම් පිළිබඳ වාර්තා පළවෙයි. ඒ නිධන් සහිත ස්‌ථාන යන්හි, බුදුපිළිම, රන් කාසි, රන් දැකැති පමණක්‌ නොව වී ගබඩාද, පුස්‌කොළ ගබඩාද බෙහෙත් තෙල් ගබඩාද හමුවන බව පැවසේ.
නිධන් වදුල හා අපේ නම් ශාස්‌ත්‍රය උපකාරයෙන් මේවා සොරා කන පුද්ගලයන් පාලනය කිරීම සඳහා නීතිමය ප්‍රතිපාදන ඇතිකිරීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතුය. එයට ප්‍රථම වදුලු සාහිත්‍ය අනුව ඒ ස්‌ථාන ගවේෂණය කොට හඳුනාගත යුතු යෑයි සිතමි.
එසේම වස්‌තු තණ්‌හාවෙන් ද ධන තණ්‌හාවෙන්ද පිරුණු පුද්ගලයා නිවී සැනසීමටද සමාජයේ පරිසරයක්‌ ඇතිවිය යුතුය. වස්‌තු තණ්‌හාව නිසා ස්‌ථූප, පිළිම කඩා දැමූවන්ට අත්වන විපාක සද්ධර්මාලංකාර කතා වස්‌තුවේ සිරිනාග වග_යේ ඉඳුරාම සඳහන් කර ඇත. නිධන් වස්‌තු ගන්නා කවුඩු බලු වෙත්වා යෑයි පැරණි ස්‌ථානයන්හි සටහන් කර තබන්නේද මේ විපාක පෙන්වා දෙන්නටය. වෙසෙසින්ම දේශපාලනඥයන් සහ නීතිය ආරක්‌ෂා කරන්නන්, ධර්ම ග්‍රන්ථවල සඳහන් ඵල විපාක අවබෝධයෙන් යුක්‌තව කටයුතු කරන්නේ නම් අපගේ පෞරාණික උරුමයන් හොඳින් ආරක්‌ෂා වනවා නිසැකය.
මතුගම සෙනෙවිරුවන්
---------------------------------------------------------------------------------------------------------------
නිදන් වදු‍ලේ ඇති විස්තර අනුව සැබැවින්ම නිදන් ලබා ගත හැකිද?
නිදන් වදුල නම් වූ කෘතිය සොයාගත හැකි ආකාරයක් පිළිබඳව මෑතක පටන් බොහෝ දෙනෙකුගෙන් විමසුම් කරනුයේ ඇයිද යන්න මට ගැටළුවක්ව තිබිණි. එහෙත් ඔවුන් මෙලෙස විමසා සිටින්නට ආසන්නම හේතුව මේ දිනවල ප්‍රචාරය වන ටෙලි නාට්‍යයක් බවත් ඉන් දිගහැරෙන්නේ නිදන් වදුලක් සහ නිදන් ගැනීමට දරන උත්සාහයක් පිළිබඳව බවත් මට පසුව දැනගත හැකි විය. 
1991 වසරේ කොළඹ ජාතික කෞතුකාගාරය තුළදී සිදුවූ අපූරු සිදුවීමක්ද මට මේ මොහොතේ සිහිපත් වේ. නිදන් පිළිබඳ තොරතුරු ඇතුළත් ‘නිදන් වදුල’ නම් වූ පුස්කොළ ‍පොත් පිටපතක් ජාතික කෞතුකගාරය සතුව තිබිණි. එහෙත් මෙම පුස්කොළ ‍පොත ඕනෑම අයෙකුට කෞතුකාගාරය තුළදී පරිශීලනය කොට නැවත භාරදීමේ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක විය. 
වරක් එලෙස කෞතුකාගාරයට පැමිණි අයෙකු මෙම නිදන් වදුල පුස්කොළ ‍පොත ලබාගෙන කියවන මුවාවෙන් එහි පිටු ඉතා සූක්ෂමව 
කපා ගන්නා ආකාරය කෞතුකාගාරය සේවකයෙකුගේ ඇස ගැසිණ. ඔහු විසින් ඒ පිළිබඳව අදාළ බලධාරීන් දැනුවත් කිරීමෙන් පසු එහි පිටු කපාගත් පුද්ගලයා කොටුකර ගැනීමට ආරක්ෂක අංශ සමත් විය. මේ සම්බන්ධ ප්‍රශ්න කිරීම්වලදී තහවුරු වූයේ අදාළ පුද්ගලයාගේ අරමුණ වී ඇත්තේ එම පුස්කොළ ‍පොතෙහි පිටු කපා රැගෙන ගොස් ඒවායේ ඇති තොරතුරු අධ්‍යයනය කර නිදන් ගොඩ ගැනීම බවය.
නිදන් වදුලෙහි ඇත්ත කතාව 
මෙවැනි මිථ්‍යා මත දරන නොදැනුවත් පුද්ගලයන් අතීත නරපතියන් විසින් විශේෂයෙන් ‍පොළෝ ගැබ තුළ පර්වතාදී ස්ථාන මුල්කොට නිදන් කොට ඇති වස්තුව තමන් සන්තක කර ගැනීමට මග පෙන්වනවා යැයි විශ්වාස කරන නිදන් වදු‍ලේ ඇත්ත කතාව කුමක්දැයි එලෙස මං මුලා වූවන්ට පහදා දීම අපේ ජාතික උරුමයන් රැක ගැනීමෙහිලා මා සතු වගකීමක්කොට සලකමි. 
නිදන් වදුල සම්බන්ධයෙන් බොහෝ අය දරන මිථ්‍යා මතය නම් එය ඉපැරණි රජවරුන් විසින් තමන් සතු රන් රිදී මුතු මැණික් ආදී අමිල වස්තූන් සඟවා තබා ඇති ස්ථාන පිළිබඳව නොවරදින අනාවැකි පළකොට ඇති ඉපැරණි ලියවිල්ලක්ය යන්නයි. එවන් මිථ්‍යා මතයන්හි පිහිටා සිටින්නවුන්ට පවසන්නට ඇත්තේ එය හුදෙක් හිතලුවක් පමණක්ම බවය. නොඑසේ නම් කිසියම් අද්භූත රසයක් දැනවීමට අමතරව නිදන් වදුල මගින් කිසිදු ප්‍රායෝගික ප්‍රයෝජනයක් ලද නොහැකි බවය. 
නිදන් වදුල යනු සාහිත්‍යයේ එන එක්තරා සාහිත්‍යාංගයක් පමණි. ඒ අනුව මෙය එකම කෘතියක් නොවන බවත් විවිධ විෂමතා සහිත කෘතීන් කිහිපයක් බවත් පළමුව පිළිගත යුතුවේ. මෙම අසම්භාව්‍ය සාහිත්‍යාංගය බිහිවී ඇත්තේ අපේ චිරාගත සම්භාව්‍ය සාහිත්‍යය පිරිහී ගිය දාහත්වන සහ දහඅටවන සියවස්වලදී බව නිසැක වශයෙන්ම කිව යුතුය. 
මෙම වකවානුවේ යම් තරමකට හෝ සාක්ෂරතාවයක් සහිත පුද්ගලයන් තම තමන්ගේ අද්භූතවාදී සංකල්පනා මත පිහිටා මෙම කෘති ප්‍රබන්ධ කොට ඇති බව පැහැදිලිය. එසේ කිරීම ඔවුන්ගේ යම් අරමුණ වී ඇත්තේ එකල නින්දගම් හිමි ප්‍රභූන්ට ඇති විශාල වස්තු කන්දරාවක් ඇති බව පෙන්වා වාසි ලබා ගැනීම බව පළමුව කිව යුතුය. 
නිදන් වදුල යනු සත්‍ය වාර්තාවක් නොවේ මෙම නිදන් වදුලු අතීත ඉතිහාසයෙන් උකහා ගත් ශාස්ත්‍රීය කරුණු මත සම්පාදනය වුවක් බව බොහෝ දෙනෙකුගේ විශ්වාසය. එහෙත්, ඇත්ත නම් මෙම සාහිත්‍යාංගය මහනුවර යුගයේ අවසාන භාගයේ නොදන්නා පුද්ගලයන් විසින් වරින්වර ලියූවක්ය යන්නයි. එහි සඳහන් කිසිදු කරුණක් විද්‍යාත්මකව හෝ ශාස්ත්‍රීය වශයෙන් සනාථ කළ නොහැක. එපමණක් නොවේ; එහි සඳහන් කරුණු විද්‍යා සහ ශාස්ත්‍ර විරෝධී බව පිළිගැනීමට එමගින් ලබා ගත හැකි සාක්ෂි ප්‍රමාණය සුළුපටු නැත.
නිදන් වදු‍ලේ සඳහන් ආකාරයට බහිරවයා සතුටු කර වස්තුව ලබා ගත හැකිද ?
මෙම නිදන් වදුලු වල පිටපත් ජාතික කෞතුකාගාරය ඇතුළු ස්ථාන කිහිපයකමත් විශ්ව විද්‍යාල පුස්තකාලවලත් පෞද්ගලික හිමිකරුවන් සතුවත් පවතී. එහෙත් මේ එකිනෙකෙහි දැක්වෙන තොරතුරු එකකට එකක් සමාන නැත. එහි කියවෙන පරිදි පැරණි රජ දරුවන් විසින් රන් රිදී මුතු මැණික් ආදී වස්තුව මතු ආරක්ෂාව පතා පර්වතාග්‍රිතව සඟවා තිබේ. එම වස්තුව රැක බලා ගනිමින් ආරක්ෂා කිරීමේ වගකීම පැවරී ඇත්තේ බහිරවයා නම් වූ අමනුෂ්‍ය ගණයේ අයෙකුටය. එම බහිරවයා සතුටු කිරීමෙන් එම වස්තුව ලබාගත හැකි බවත් ඉන් පැවසෙයි. 
මෙවැනි ‍ලේඛන ගැනෙන්නේ අව්‍යක්ත ‍ලේඛන ගණයටය.
නිදන් වදු‍ලේ ඇති සලකුණු නිධානයට යන මං සලකුණුද ?
නිදන් වදුල පිළිබඳ උනන්දු වන අය වලිගය ‍පොට වරද්දා ගන්නා තැනක් නම් නිදන් වදුලෙහි සඳහන්ව ඇති යම් යම් සලකුණුය. එහෙත් එම සලකුණු ඔවුන් සිතා සිටින ආකාරයට නිධානය සොයා යන පාර කියන සැබෑ මං සලකුණු නොවේ. ඒවා බොහෝවිට අතීතයේ දේශසීමා සලකුණු කිරීම සඳහා යොදාගත් කඩඉම් ලකුණුය. 
ඒ සඳහා පැවසිය හැකි උදාහරණ කිහිපයක්ම තිබේ. අදටත් ව්‍යාවාහාරයේ පවතින රත්නපුර අටකලම්පන්න කෝර‍ලේ සීමා ලකුණු කර ඇත්තේ ලේනෙකුගේ සලකුණකිනි. කලන්ද යනු ‍ලේනා හඳුන්වන තවත් නමකි. කලන්ද නැත්නම් ‍ලේනාගේ සලකුණෙන් එම කෝරළේ කඩඉම සලකුණු වූ නිසා එය අටකලම්පන්න ලෙස නම් වූවා. 
රත්නපුරයට අතීතයේ ව්‍යවහාර වූ නාමය වූයේ නව යොදුන් රට යන්නයි. එම නව යොදුන් රටෙහි සීමා මායිම් ලකුණු වූයේ නාගයාගේ සලකුණෙහිය. එලෙසම හඳපාන්ගොඩ කඩඉම් සීමා සලකුණු කිරීමට චන්ද්‍ර සංකේතය යොදා ගැනීමත් සීතාවක බැරැන්ඩි කෝවි‍ලේ සීමාවන් ලකුණු කිරීමට ගිරවා යොදා ගැනීමත් දැක්විය හැකිය. මෙසේ කඩඉම් ලකුණු දැක්වීම පර්වතවල කොටන ලද සංකේත මගින් සේම ගංගා ඇළ දොළ වනස්පති වෘක්ෂයන් ආදිය මගින්ද සිදුකොට තිබේ. 
තවත් සමහර සෙල් ලිපි වල සුනඛයන් සහ කපුටන්ගේ රූ සටහන් කර තිබෙන්නේ ඒ තුළ නිදන් වස්තු ඇති බව පැවසීමට නොවේ. සාංඝික දේපළ සොරා කෑමෙහි පලවිපාක බල්ලන් සහ කපුටන් වී ඉපදීම සංකේතවත් කිරීමටය. 
තවත් සමහර නිදන් වදුලක නිධානය පිහිටා ඇති ස්ථානය, නිධන් සලකුණ සහ නිධානය හිමිකරගත හැකි ආකාරය පවා සඳහන් කරමින් මිනිසුන් නොමග යැවීමට කටයුතු කර තිබිම එහි ඇති භයානක කමයි. නිදන් වදුලෙහි එලෙස මිනිසුන් නොමග යැවෙන ආකාරයේ අදහස් ප්‍රකාශ වීම නිසා එදා මෙදා තුර බොහෝ පිරිස් එම නිධන් හාරා ගැනීමට උත්සාහ දරා තිබුණද ඒ කිසිවෙකු හිමිකරගත් කිසිවක් නැත. 
එවැනි වස්තුව ලබා ගැනීමට මිනිසුන් පෙළඹීම හේතුවෙන් එදා ස්ථූප ස්මාරක ආදියට සිදු වූ හානිය අපමණය. මෙම තත්ත්වය හොඳින්ම අවබෝධකරගත් ඉංග්‍රීසින් මුලින්ම ගෙන ආ ආඥාපනත වූයේද නිදන් වස්තු ආඥා පනතයි. එය 1887 අංක 17 දරන පනත වශයෙන් සම්මත වී තිබේ. එය ඊට වසර තුනකට පසු 1990 අංක 15 දරන පුරා විද්‍යා ආඥා පනතේ පූර්වගාමී පනතක් බව කියන පැරණි රජුන් සැඟ වූ වස්තු සොයා යෑම සිහිනෙන් දුටු ඉඩමක ඔප්පු සෙවීමකි. 
ඒ කවර අන පනත් පැවතුණද අදටත් මිල කළ නොහැක පෞරාණික වටිනාකමක් ඇති දේ කඩා බිඳ දමමින් නිදන් සොයන්නෝ කොතෙකුත් සිටිති. ඔවුහු තම ජීවිත පරදුවට තබමින් පෙර රජ දරුවන් සඟවා ඇතැයි නිදන් වලලු වල සඳහන් වස්තුව සොයති. 
අප රටේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුව නිල වශයෙන් ආරම්භ කොට ඇත්තේ 1880 ජූලි 07 දාය. එදා මෙදා තුර අප රටේ විවිධ පුරා විද්‍යා ස්ථාන දස දහස් ගණනක් පුරා විද්‍යා ගවේෂණයන්ට ලක් කොට තිබේ. ඒ කිසිදු ගවේෂණයකින් තබා කිසිදු ෙඓතිහාසික මූලාශ්‍රයකින් පැරණි රජ දරුවන් තම වස්තුව බහිරවයකුගේ ආධිපත්‍යයට යටත්කොට පර්වත ආශ්‍රිතව තැන්පත් කොට ඇති බවක් තහවුරු කරගෙන නොමැත. 
සෙසු කාරණය වන්නේ එම නිදන් වදුලෙහි දැක්වෙන විස්තරවල සඳහන් කාලය සහ එය ලියූ බව පැවසෙන කාලයත් එහි ඇති අව්‍යක්ත වහරින් ලියැවුණු අද්භූතවාදී සංකල්පත් මුල් කොට ගෙන එවැන්නක් ගැන සිතීම පවා විද්‍යාත්මක සහ ශාස්ත්‍රීය පදනමක් සහිත ඉතිහාසඥයන්ට සහ පුරා විද්‍යාඥයන්ට විහිළුවක් පමණක් බැවිනි. එහෙත් ජනතාවට අද්භූත රසය ලබා දීමේ අරමුණින් මෙවැනි මිථ්‍යා විශ්වාස පදනම් කර ගනිමින් ජනතාවට කරුණු ඉදිරිපත් කරන ජනමාධ්‍යවේදීන් සහ කලාකරුවන් වෙතින් මෙරට පුරා විද්‍යා උරුමයන්ට සිදුවන හානිය නම් සුළුපටු නොවන බව ඒකාන්ත සත්‍යයකි. 
ඒ අනුව මේ සම්බන්ධයෙන් අවසන් වරට කිවයුත්තේ ‘නිදන් වදුල’ නම් මෑත කාලීනව ලියැවුණු අව්‍යක්ත, ශාස්ත්‍රීය මූලාශ්‍රය පදනම් කර ගනිමින් නිදන් වස්තු සෙවීමට යාම සිහිනයෙන් දුටු ඉඩමක ඔප්පු පරික්ෂා කිරීම පිණිස ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයට අපගේ ව්‍යවහාර බසින් කිවහොත් ‘ලෑන්ඩ් රෙජිස්ටරියට’ යාමකට දෙවනි නොවන බවය.
හිටපු ජාතික කෞතුකාගාර අධ්‍යක්ෂ, කැලණි විශ්ව විද්‍යාලයීය පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ හිටපු අධ්‍යක්ෂ සහ ශ්‍රී ලංකා පුරා විද්‍යාඥයන්ගේ 
සභාවේ සමාරම්භක ‍ලේකම් සිරිනිමල් ලක්දුසිංහ විසිනි.
උත්පලා සුභාෂිණි ජයසේකර
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Thursday, April 13, 2017

මළගිය ආත්ම සිටින බ්‍රිතාන්‍යයේ අත්භූත වාසභවන.......(අබිරහස් අඩවිය - Abirahas Adawiya - හොල්මන් කතා. holman katha)

මෙලොව පණ ඇති මිනිසකු අඩිය නොතබන කුරිරුකම් ගැබ්ව ඇති නපුරු දුෂ්ට ආත්මයන්ගෙන් සැදුම්ලත් ස්‌ථාන තිබෙන බව විශ්වාස කරන මිනිසුන් අදටත් සිටී. විවිධ අපරාධවලට ලක්‌වූවන් සහ ඇතැම් දුෂ්ට පුද්ලයන්, මරණයට පත්වීමෙන් ඔවුන්ගේ ආත්ම ද්වේශසහගත සිතිවිලිවලින් පණ ඇත්තවුන් පෙළීමට ලක්‌ කරන්නේය. යනු ඔවුන් විශ්වාස කරන ඒ එක්‌ මතයකි. යුරෝපයේ, හිරු නොබසින අධිරාජ්‍යය සේ සැලකෙන මහා බ්‍රිතාන්‍යයේ අඳුරින් පිරුණු එරට වැඩිම මළගිය ආත්ම ගණනක්‌ වෙසෙනවා යෑයි සැලකෙන ඇඟ කිළිපොළා යන අත්භූත වාසභවන ගැන කියෑවෙන මේ කතාව එවැන්නකි.
බ්‍රිතාන්‍යයේ ESSE ග්‍රාමයේ "ඔසිත් (EYTH) නම් වීදිය තුළ පිහිටා තිබෙන ශතවර්ෂ ගණනාවක්‌ පැරැණි මෙම නිවස බැලූබැල්මට තේජාන්විතය. එහෙත් එහි ඇතුළත සැරිසරන්නේ, ද්වේශසහගත ආත්මයන්. යුරෝපයේ ප්‍රබල මිථ්‍යාවක එන, එළුවකුගේ හිසක්‌ සහිත ඉතා දුෂ්ට, නපුරු යක්‌ෂ ආත්මයේ රුදුරු බලපෑම දැන් මේ නිවස වෙළාගෙන තිබෙන්නේ.
මෙම නිවසේ අත්භූත බලපෑම් ආරම්භ වීම පිළිබඳ ඉතිහාසගත 20 වන සියවසටත් එහාට ඇදී යන්නකි. පෙරදී මෙය දරුණු සිරකරුවන් ගෙන එන ලද සිරගෙයකි. (මධ්‍යතන යුගයේ) කාලයත් සමඟ සිරමැදිරි තුළ සිටින සිරකරුවන් මරණයට පත්වීමත් සමඟ, ඔවුන්ගේ ද්වේශ සහගත ආත්මයත්, මේ නිවසේ සැරිසැරීමට පටන් ගැනුණි. 16 වන සියවසේදී මේ නිවස තුළදී ගුප්ත මායා දන්නා (මායාකාරියන්) කාන්තාවන් අටදෙනෙකු අනේක විද වධ දීමෙන් අනතුරුව මරා දැමූ බවට වාර්තා වේ. රුදුරු පීඩා ආරම්භවීම සිදුව ඇත්තේ ඉන් අනතුරුවය.
මිත්‍යා විශ්වාස හෝ මනෝ ප්‍රබන්ධ හෝ වේවා මිනිසුන් විශ්වාස කරන අන්දමට අත්භූත බලවේග ලොව සත්‍ය වශයෙන් පවතින බව බොහෝ දෙනා අත්දැකීමෙන් දන්නා කරුණකි. නමුත් ඇතැමුන් එය විශ්වාස කරන්නේ නැත. මෙම නිවසේ වර්තමාන හිමිකාරිය, වැනීසා මිචෙල් (Vanesa Mitcell) 2004 වසරේ මෙම නිවස මිලදී ගන්නා විට එහි පවත්නා අන්තරාය ගැන අල්පයකුදු දැන සිටියේ නැත. ඉන් අනතුරුව ගැමියන් විසින් භූතාත්මය ගැන ඇයට පැහැදිලි කරදුන් පසුවද, ඇය සිදුකළේ, සිනාසී, එසේනම් එය නරකක්‌ නොවන බව ඔවුන්ට පැවසීමය. නමුත් ඇය සැබෑ නරකාදියකට වැටුණේ ඉන් අනතුරුවය. තම වැඩිමල් පුත් ජෙසී සමඟ නිවසේ පදිංචියට එන විට ඇය මාස අටක ගැබිනියකි. මුලින්ම ඇයට විවිධ ශබ්ද ඇසීමට පටන් ගැනුණි. ඉන් අනතුරුව විවිධ අත්භූත රූප පෙනෙන්නට පටන් ගැනුණි.
ඇතැම් අවස්‌ථාවල නිවස පුරාම ඝන රුධිර පැල්ලම් වැටී තිබුණ අවස්‌ථාද, දක්‌නට ලැබුණු බව ඇය පවසන්නීය.
මම විශ්වාස කරනවා මේ නිවස තුළ සැබෑවටම යක්‍ෂයකු වෙසෙනවා, මම එය අත්දැකීමෙන්ම දන්නවා. මෙහි ජීවත් වූ අවුරුදු කිහිපය තුළදී නිවස තුළ සැරිසරන අඳුරු ආත්මයන් මම දුටුවා. මට නිතරම දැනුණා කවුරුන් හෝ මගේ පිටුපසට තදින් පහරදෙන බවක්‌ මම ඒ වන විට ගැබිනියක්‌ නිසා මේ අත්භූත දේ සමඟ නිවස තුළ සිටීම කිසිසේත්ම සුරක්‌ෂිත වූයේ නැහැ. ඇය පවසන්නීය.
එක්‌ වරක්‌ ඇය CCඔඪ කැමරා තුළින් නිවස පිටතත් ඇතුළතත් නිදැල්ලේ සැරිසරන ආත්මයන්හි ඡායාරූප ලබාගත්තේය. ඒ ඡායාරූපවලින් දරුණු යක්‍ෂයාගේ ප්‍රතිරූප විද්‍යාdමාන වන බව ඇගේ අදහස විය. වැනීසා මිචෙල්, මේ වනවිට මේ නිවසේ පදිංචි වී නොසිටියත් ඇගේ අත්දැකීම් බියජනකය.
මම බොහෝ රාත්‍රීන්වල නිදා ගත්තේ නැහැ. එසේ නොවුණත් මම නිදාගත්තා මගේ මුළු සිරුරම ඇද පොරවනයෙන් වසාගෙන. ඒ වගේම මුළු නිවසේ සෑම කාමරයකම විදුලි පහන් පැය 24 පුරාම දැල්වූවා. ඇතැම් දිනවල මගේ පුංචි පුතා නිදි. ඒත් මට ඇසෙනවා ඔහුගේ සෙල්ලම් බඩු ඉබේම ක්‍රියාත්මක වෙනවා.
මේ නිවසේ සිදුවන මායාකාරී සිදුවීම් අත්භූත චිත්‍රපටයක්‌ වගේ යෑයි කෙනකුට සිතිය හැක. නමුත් සත්‍ය අසත්‍යතාව තහවුරු කිරීමට ඔහු හෝ ඇය මේ නිවසේ එක්‌ රැයක්‌ හෝ ගතකළ යුතුය.
එවිට ඔබට පෙනේවි රාක්‌කවල පොත් ඉබේම ඉහළ අහසට පාවී ඇදී යනවා. නිදන කාමරය තුළ සාලයේ නාන කාමරය නිවස පුරාම අඳුරු සෙවණැලි සැරිසරාවි ඇතැම්විට ඇසේවි කවුරුන් හෝ කේන්තියෙන් කෙඳිරිගාන හඬක්‌ ඇය කියන්නීය.
කෙසේවෙතත් මෙම නිවසේ හිමිකාරිය වැනීසා දැන් එය විකිණීමට සූදානම්ය. නමුත් ඒ එහි ඇති අද්භූත බව සඟවා නොවේ. ඇය ලබාගත් විවිධ ආත්මයන්ගේ ඡායාරූප පවා ඇය ප්‍රදර්ශනය කර ඇත. එසේ නම් මේ නිවස මිලදී ගන්නා බ්‍රිතාන්‍යයේ වැඩිම මළගිය ආත්ම ගණනක්‌ වෙසෙන නිවසේ අනාගත හිමිකරුවාය. දැන දැන මිලට ගැනීම බොරු නිර්භීතකමක්‌ පෙන්වීමද? ඔල්මාදයක්‌ද? නිවස අවට ගම්වාසීන් දැන් ඒ පිළිබඳ ප්‍රශ්න නඟන්ගේ එයයි. මන්ද දැනටමත් එක්‌ පුද්ගලයෙකු එහි පදිංචිවීමට සූදානම්ය. ඔහු නමින් මිකී රෝලින් පෙර සූදානමකට මෙන් ඔහු එහි දැනටමත් පදිංචි හමාරය. ඔහු මුහුණදෙන අත්දැකීම් ඉදිරියේදී ලෝකයටම බලාගත හැකිය. නමුත් එය ත්‍රාසයටද භීතියටද මුසු එකක්‌ වේයෑයි කල්තියා කිව නොහැකිය.
ලිහිනි උදයන්ති ජයතිස්‌ස
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya