Friday, August 12, 2016

පිටසක්වල ජීවීන් හමුවූ මිනිසුන් කියන කතා....... (aliens pitasakwala jeeween -අබිරහස් අඩවිය - Abirahas Adawiya )

පිටසක්වල යානා ලෙස සැකකරනු ලබන අද්භූත ආකාශ වස්තු මෙන්ම පිටසක්වල ජීවීන් පැමිණි බවට විශ්වාස කළ හැකි අරුම පුදුම රූපකායක් සහිත ජීවීන් දුටු අවස්ථා ගණනාවක් ලෝකය පුරා වාර්තා වී තිබේ. මේ අතර පෘථිවි වාසීන් රැගෙන ගොස් පිටසක්වලින් පැමිණි ජීවීන් විසින් නොයෙකුත් පර්යේෂණ සඳහා යොදාගත් බව පවසන සිදුවීම් රාශියක් ද ලොව පුරා වාර්තා වී තිබේ.
1978 ඔක්තෝබර් මස 21 වැනි දිනයයි. මෙල්බෝන්හි පදිංචි ෆෙඞ්රික් වැලන්ටිච් ලාබාල ගුවන් නියමුවෙකි. ඔහු විසි හැවිරිදිය. එදින රාති‍්‍රයේ කෙස්නා 182 වර්ගයේ සැහැල්ලූ ගුවන් යානයක් පදවමින් හෙතෙම බාස් ස්ටේ‍්‍රට් ප‍්‍රදේශයට ඉහළින් ගමන් කරමින් සිටිය දී ඔහු හදිසියේම අතුරුදන් වූවේය. එම යානය සොයා ගැනීමට තවත් යානා යෙදවිණි. ගුවන්ගත වී පැයකට පමණ ආසන්න කාලයක් ගියපසු මෙල්බෝන් පාලක මධ්‍යස්ථානය හා සම්බන්ධ වූ වැලන්ටිච් පාලක මැදිරියෙන් විමසා ඇත්තේ තමන් ගමන්කරමින් සිටින ස්ථානය ආසන්නයේ අඩි 5000ක් පමණ ඉහළින් වෙනත් ගුවන් යානයක් ඇත් ද යන්නයි. එයට පාලක මැදිරියෙන් ලැබී ඇති පිළිතුර එවැනි ගුවන් යානයක් එම මොහොතේ දක්නට නොලැබෙන බවකි.
ඔහු පවසා ඇත්තේ පාලක මැදිරිය එසේ කීව ද තමන්ට අඩි 500ක් පමණ ඉහළින් ඉතාමත්ම දීප්තිමත් කොළ පැහැති ආලෝක හතරක් විහිදුවන විශාල අද්භූත යානයක් ගමන් කරමින් සිටින බවයි. එය ගණනය කළ නොහැකි තරම් වේගයෙන් තමන් පසු පස ගමන්කොට නැවත ආපසු හැරී පැමිණ තමන්ට හරියටම ඉහළින් ගමන් කරමින් තිබෙන බවයි. එම යානය තමන් සමග ඍජුව ඉහළින් සිටින බවත් ඔහු කියා තිබේ. ඔහු අවසන් වරට සඳහන් කොට ඇත්තේ තම යානයේ එන්ජිම අසාමාන්‍ය ආකාරයට ගැස්සෙන බවකි. ඒ සමගම ඔහුගේ හඩ නොඇසී ගියේය. සංවාදය නතර වූයේ මහ හඩක් නගමිනි.

වැලන්ටිච් පැහැරගත්තේ පිටසක්වල යානයකින් විය හැකි යැයි කියමින් ලොව පුරා මාධ්‍ය එයට පුළුල් ප‍්‍රචාරයක් ලබාදුන්න ද ඇතැම් පිරිස් මෙය පිළිගැනීමට මැළිකමක් දැක්වූහ. ඔහුගේ පියා මාධ්‍යයට කියා ඇත්තේ තමන්ගේ පුතා පිටසක්වල ජීවීන් සහ පිටසක්වල යානා පිළිබඳ දැඩි උනන්දුවකින් පසුවූ බවයි.

බ‍්‍රසීලයේ ශාන්ත ප‍්‍රැන්සිස්කෝ හි සේල්ස් ගම්මානයේ පදිංචි ගොවියකු වූ ඇන්තෝනියෝ විලාස් බෝස් 1957 ඔක්තෝබර් 15 දා තමන් පිටසක්වල ජීවීන්ගේ පැහැරගැනීමට ලක්වූ බව පවසයි. ඔක්තෝබර් 13 වැනිදා ඔහු තම ඇඳේ නිදමින් සිටියේය. ටික වේලාවකින් කාමරයේ ජනේලයකින් නිවස ඇතුළට එල්ල වූ විශාල ආලෝක කදම්භයකි. එය ටික වේලාවකින් ඈතට විහිදී ගියේය. පසුදා එනම් ඔක්තෝබර් 14 දා ඇන්තෝනියෝ තම සොහොයුරා සමග නිවසින් පිටත වාහනය සෝදමින් සිටියේය. මේ අතර එකවරම ඔවුන් සිටි දෙසට ඈතින් ආලෝක කදම්භයක් අහසින් පොළොවට එල්ලවී තිබෙනු දක්නට ලැබිණි. ආලෝක කදම්භය වෙත ඔවුන් යද්දී එය පිහිටි ස්ථානය විටින් විට වෙනස් කරමින් ඈතින් ඈතට ගමන් කළේය.
ඊට පසුදා සිදුවූයේ තවත් අපූරු සිදුවීමකි. තම රථයේ කාර්මික දෝශයකට පිළියම් යොදමින් සිටි ඇන්තෝනියෝ දුටුවේ තමන්ට මීටර් 15ක් පමණ ඈතින් පොළොවට ආසන්නයේ නවතා පාවෙමින් තිබෙන වස්තුවකි. මේ අවට දිවා කාලයේ මෙන් ආලෝකවත් වී තිබේ. ක‍්‍රමයෙන් විශාල ආධාරක තුනක් පොළොවට ඇදී ආවේය. ඇන්තෝනියෝ තම රථයට නැග වහා ඉවත්වන්නට සූදානම් වුව ද රථය පණගැන්වුණේ නැත. රථයෙන් බැසගත් ඇන්තෝනියෝ මෙම ස්ථානයෙන් හැකි වේගයෙන් ඈතට දිව යන්නට වූවේය.

‘‘මට දුවන්න ලැබුණේ ටික දුරක් පමණයි. කවුරුන් හෝ මාව පිටුපසට ඇද්දා. මම නතර වුණා. හෙල්මටයක් පැළඳි අරුම පුදුම මිනිසකු වගේ ජීවියෙක් මගේ අසලින්ම සිටියා. මට කරන්න කිසිම දෙයක් තිබුණේ නැහැ. මම හැකිතාක් වැර යොදා පහර දුන්නා. මේ ජීවියා උඩින් විසිවී ගොස් වැටුණා. ඒ සමගම ඒ වගේ තවත් ජීවීන් තුන් දෙනෙක් මාව අල්ලා ගත්තා. ඔවුන් මාව අර අරුම පුදුම යන්ත‍්‍රය දෙසට රැුගෙන ගියා. මම දගලමින් කොතෙක් කෑ ගැහුවත් පලක් වුණේ නෑ. යානයක් වැනි එයට නැගීමට ඉනිමගක් තිබුණා. මම එහි දෙපස වැට අල්ලාගෙන නැගීමට බාධා කළත් ඔවුන් මාව බලෙන්ම වාගේ යානය ඇතුළට ගත්තා.’’
ඔහු පවසන්නේ යානයේ සම චතුරස‍්‍රාකාර ස්ථානයක් ලෝහමය බිත්තිවලින් ආවරණය වී තිබූ බවයි. මේ කුටියේ ඇන්තෝනියෝ දෙපයින් සිට ගත්තේය. තරමක් කුඩා මිනිසුන් වැනි ජීවීන් පස් දෙනෙක් ඔහු වටකරගෙන සිටියහ. දෙදෙනකු ඔහු අත් නොහැර සිටිමින් අණ්ඩාකාර හැඩැති වෙනත් කාමරයකට ගෙන ගියේය. එහි මැද ලෝහමය කණුවක් තිබූ අතර එයට සම්බන්ධවී මේසයක් හා පුටු කිහිපයක් ද තබා තිබිණි. මේ ස්ථානයේ සිටිමින් මේ අමුතු ජීවීන් බල්ලන් උඩුබුරලන ආකාරයෙන් ශබ්ද කළ බව ඇන්තෝනියෝ පවසයි. ඔහු කියන්නේ විටෙක කෙටි හා විටෙක දික්වූ ශබ්ද ඔවුන්ගේ මුවින් පිටවූ බවකි. විවිධාකාර ශබ්ද එකවිට නිකුත් කළ මොවුන්ගේ භාෂාව පෘථිවියේ කිසිදු භාෂාවක් නොවන බව ද ඔහු පසයි

මේ සංවාදයෙන් පසු ඔවුහු ඇන්ටෝනියෝ නිරුවත් කළහ. ඔහු බියෙන් ගැහෙමින් කොතෙකුත් දැගලූව ද ඔවුන් ඇන්ටෝනියෝට හානියක් කරන බවක් පෙනෙන්නට තිබුණේ නැත. අනතුරුව එක් ජීවියකු පැමිණ තෙත යමකින් ඇන්ටෝනියෝගේ සිරුර සම්පූර්ණයෙන්ම පිස දැමුවේය. එය වතුරවලට වඩා ගණකම් බවක් දැනුන ද එය තෙල් වැනි ද්‍රාවණයක් ද නොවුණු බව ඇන්ටෝනියෝ පවසයි.

පසුව වෙනත් කාමරයකට ඔහු කැඳවාගෙන ගියේය. ඉන්පසු රබර් නාල දෙකක් ඇති උපකරණයක් රැගෙන ආ අයෙකු එක් කෙළවරක් ඔහුගේ නිකටට සවි කළේය. අනෙක් කෙළවර ඇග පුරා ගමන් කරවූ අතර එම උපකරණය ක්ෂණිකව රුධිරයෙන් පිරී ගියේය. එහෙත් ඇන්ටෝනියෝ පවසන්නේ තමන්ට කිසිදු වේදනාවක් නොදැණුනු බවයි. මේ අද්භූත ජීවීන් ඔහු කාමරයේ තනිකොට දමා එතැනින් ඉවත්වීමත් සමගම කාමරය දැඩි දුර්ගන්ධයකින් පිරී ගියේය.
මේ සමගම ඇන්තෝනියෝට දෑස් අදහාගත නොහැකි දර්ශනයක් දක්නට ලැබිණි. තමන්ට වඩා උසින් අඩු ඉතා සුන්දර යුවතියක් නිරුවතින් තමන් ඉදිරියේ පෙනී සිටියාය. ඇගේ නිකට දිගැතියි. ඇස් විශාල නිල් පැහැතිය. ඉතා කුඩා නාසය සෘජුව පිහිටා තිබේ. ඇගේ කන් යුගල සාමාන්‍ය පරිදි පෙනෙන්නට තිබේ. හිසකෙස් ඇතත් එය ඉතා තුනීය. සුදු පැහැතිය.ඔවුන් දෙදෙනා එකිනෙකාට ආකර්ශනය වී සිටියේය. එහෙත් ඇය ඇන්ටෝනියෝ සමග කතා කළේවත් නැත. සුහදත්වයක් දැක්වූයේ ද නැත. එහෙත් ටික වේලාවකින් එතැනට පැමිණි අයකු ඇයට කතා කළේය. ඇන්තෝනියෝ දෙසට හැරුණු ඇය තම උදරය දෙසට දෑත් දිගුකොට අනතුරුව අහසට අතක් දිගු කළාය. මේ සිදුවීම සිහිවන විට ඔහු තවමත් බියට පත්ව සිටියේය.

යළි ඔහුට අඳුම් ඇඳීමට අවසර ලැබුණු අතර ඔහු යානය වටා රවුමක් ගෙනගොස් ඉනිමග දිගේ පහළට එවා තිබේ. අනතුරුව යානයේ ආධාරක ටිකෙන් ටික හැකිලූණු අතර එය ආලෝකය විහිදුවා සිතා ගැනීමටවත් නොහැකි තරම් අධික වේගයකින් ඉහළ අහසට ඇදී ගිය බව ඇන්තෝනියෝ පවසයි.

ඇන්තෝනියෝ පවසන්නේ තමන්ට එම යානයේ පැය හතරක පමණ කාලයක් ගත කිරීමට සිදුවූ බවයි. යානයෙන් පිටතට එද්දී ඔහුට කිසිදු අපහසුවක් නොදැනුන ද තද කුසගින්නක් දැනී තිබේ. පසුව ඔහු මේ බව තම හිතවතකු වූ වෛද්‍ය නොන්ස්ට් හට පැවසුවේය. ඔහු පරීක්ෂා කළ වෛද්‍යවරයා පවසා ඇත්තේ ඇන්තෝනියෝ හට කිසිදු හානියක් සිදුව නොමැති බවයි. නමුත් ඔහුගේ නිකටේ විකිරණවලට භාජනය වීමෙන් ඇතිවූ තුවාල කැළලක් තිබිණි.

ඔහු පවසන ආකාරයට ඔහුට මුණගැසුනු පිටසක්වල ජීවීන් ඇගට තදවූ ඇඳුමකින් සැරසී සිටියේය. හිසෙහි හෙල්මටයකි. එහි සිදුරු අතරින් ලා පැහැති ඇස් දිස්වේ. හෙල්මටයේ ඉහළින් නාලාකාර බට වැනි විවර තුනක් විහිදී තිබේ. මින් එක් බටයක් පිටුපසින් යළි ඇඳුමට සවිවී ඇත. අනෙක් නාල දෙක උරහිස් දෙපසින් ඇඳුමට සම්බන්ධ වේ. ඇඳුමේ අත කෙලවර වී ඇත්තේ ඉතා ඝනකම් අත්වැසුමකිනි. පාදයේ සපත්තු පැළඳ
සිටින අතර ඒවා අගල් දෙකක් පමණ උසැති අඩියකින් සමන්විතය. අලෝකය පරාවර්තනය වන පළිගුවක් වැනි විශාල ගෝලාකාර යමක් පපුවේ ඉදිරියේ දක්නට ලැබෙන අතර එය තවත් දීප්තිමත් පටියකින් ඇඳුමට සම්බන්ධවී තිබේ.

දිගින් දිගටම හීනෙන් බියවී කෑ ගසන ඇන්තෝනියෝ අධික හිසරදයකින් සහ පීනසෙන් පීඩා වින්දේය. ඔහුගේ ඇස් දැවිල්ල ද දිගටම දක්නට ලැබිණි. වරින් වර සිරුරේ තැන් තැන්වල තුවාල හටගත්තේය. මේ අසාමාන්‍ය තුවලා වේළෙන විට දම්පැහැති වූයේ වෛද්‍යවරුන් පවා පුදුමයට පත්කරමිනි. බොහෝ දෙනකු කියා සිටියේ එම තුවාල අභ්‍යවකාශ ජීවීන්ගෙන් ඇන්තෝනියෝට ලැබුණු දායාද බවයි.
මෙක්සිකෝවේ විසූ ජෙසී ලෝන්ග් 1957 දී අපූරු අත්දැකීමකට මුහුණ දුන්නේය. එවිට ඔහු පසුවූයේ පස්වැනි වියේය. තම සොහොයුරා සමග සිටිය දී ඔහු දුටුවේ පෙනෙන දුරින් නවතා තිබූ අපූරු වස්තුවකි. මෙය අහසේ පාවෙමින් තිබූ බැවින් මේ සොහොයුරන් දෙදෙනා ගසකට මුවා වී ඒ දෙස බලා සිටියහ. එවිට ඔවුන් දුටුවේ ඉතා කෙසග සිරුරක් සහිත විශාල හිසක් සහ ගෝලාකාර ඇස් ඇති අමුතු මිනිසුන් දෙදෙනකු තමන් අසල සිටින බවයි. ක්ෂණයකින් මේ දෙදෙනා ඒ මිනිසුන් විසින් අල්ලා ගන්නා ලදී.

ජෙසීට ඉන්පසු සිදුවූ දෙයක් මතක නැත. ඔහුට මතක ඇත්තේ ඉන්පසු යම් තැටියක් වැනි මේසයක් මත හාන්සි වී සිටි බවකි. තමන් දුටු අමුතු මිනිස්සු රැුසක් ඔහු වටකරගෙන සිටියහ. ඔවුහු තම වම් පාදයේ පහළ කොටසට යමක් ඇතුළු කරමින් සිටි බව ද ජෙසීගේ මතකයේ තිබිණි.

යළිත් ඔහුට සිහි නැතිවූ බව ජෙසී පවසයි. මේ අවස්ථාවේ සිය සොහොයුරාද පැහැරගෙන ගොස් ඇති පිටසක්වළ ජීවීන් ඔහු වෙනත් කාමරයක රඳවා තබා ඇති බව ද ඔහු කියා සිටියේය. යළි නිවසට ආ ජෙසී සහ සොහොයුරා සුපුරුදු පරිදි ජීවත් වූවේය. මේ කතාව ඔවුන් කොතෙක් අයට කීව ද කිසිවෙකුත් එය විශ්වාස කළේ නැත. නමුත් වයස අවුරුදු 35 පමණ වනවිට ජෙසී මෙවැනි පැහැරගැනීම් කිහිපයකටම ලක්වූවේය. අවසානයේ ඔහු මේ සියල්ල මාධ්‍ය හමුවේ ප‍්‍රකාශ කර ඇත. මාධ්‍යයට මෙය කියනවිට ජෙසී කීවේ තමන් අවසන් වරට පිටසක්වල ජීවීන් විසින් පැහැර ගනුලැබ ඇත්තේ වාහනයේ ගමන් කරමින් සිටින අවස්ථාවක බවයි. වාහනය සමගම ඔවුන් තමන් සිය යානයට ඇදගත් බව ඔහු ප‍්‍රකාශ කළේ තැතිගැන්මෙන් යුතුවය.

එම අවස්ථාවේදීත් මුල් අවස්ථාවේදී මෙන් සමතල මේසයක හාන්සිකොට තබා ඇස් කන් ආදී සියලූ ඉන්ද්‍රියයන් පරීක්ෂාවට ලක්කළ බවත් ඔවුහු කුඩා බිලිඳකු ඔතන ආකාරයේ රෙදි කඩක එතූ යමක් තමන් දෙසට දිගු කළ බවත් ඔහු පවසයි. ඒ අවස්ථාවේ සිය සුවිසල් දෑස්වලින් මේ අමුතු ජීවීන් මේ ඔබේ පුතා යැයි පවසන ආකාරයක් තමන්ට තේරුම් ගිය බව ද ජෙසී කියයි.
ඔහු පවසන්නේ එම රෙදි කඩ මෑත් කර බැලූ විට කුඩා පිටසක්වල ජීවියකු සිටි බවයි. එවැනිම රෙදි කඩකින් ඔතන ලද කුඩා ළමයි නව දෙනකු එම ස්ථානයේ සිටි බව ද ජෙසීගේ මතකයේ තිබේ. ජෙසී මේ පුවත මාධ්‍යයට හෙළි කිරීමත් සමගම මනෝ වෛද්‍යවරු කණ්ඩායමක් ජෙසී සහ ඔහුගේ සොහොයුරා මෝහනයට පත්කළේය. මෝහන නිද්ද්‍රාවෙන් ද ඔවුන් කියා සිටියේ මාධ්‍ය සාකච්ඡාවේ දී පැවසූ කතාවට සෑම අතින්ම සමාන වූ කතාවකි. මනෝ වෛද්‍යවරුන්ගේ නිගමනය වූයේ ජෙසී පවසන කතාව මනෝ වෛද්‍ය විද්‍යාවට අනුව සත්‍යය කතාවක් බවයි.තවත් පර්යේෂකයෝ පිරිසක් ජෙසී ස්කෑන් පරීක්ෂණයකට ලක්කළහ. එහි ප‍්‍රතිඵලය වූයේ ජෙසීගේ වම් පාදයේ පහළ කොටසේ පමණක් නොව සිරුරේ තැන තැන අමුතු ආගන්තුක වස්තු ඇති බවයි. අනතුරුව ශල්‍ය කර්මයක් මගින් ඔහුගේ දණහිසට පහළින් ඇති ආගන්තුක වස්තුව ඉවත් කැරුණි. කුඩා ඝන ද්‍රව්‍යයක් වූ එය ලෝකයේ අධි තාක්ෂණික උපකරණ භාවිත කරමින් විශ්ලේෂණය කිරීමට කොතෙකුත් උත්සාහ ගත්ත ද මෙහි අඩංගු මූලද්‍රව්‍ය කිසිවක් සොයා ගැනීමට හැකියාව ලැබුණේ නැත.

වරක් ඇමෙරිකාවේ මේ ආකාරයට පිටසක්වල ජීවීන්ගේ ග‍්‍රහණයට නතුවූ මිනිසුන්ගේ අත්දැකීම් සහිත රූපවාහිනි වාර්තාමය වැඩසටහන් මාලාවක් පවා නිෂ්පාදනය කැර තිබේ. එහි පැමිණි බොහෝ දෙනා කියා සිටි කරුණුවලින් පෙනී ගියේ ඔවුන් එකිනෙකාට සමාන තොරතුරු සමුදායක් ඉදිරිපත් කරන බවයි.
මොවුන් සියලූ දෙනාම කියා සිටි වැදගත් කරුණක් වූයේ ඔවුහු නිවසේ ඇඳ මත සිටියදී මෙලෙස පැහැරගත් බවයි. බොහෝදෙනකු නිල් පැහැති ආලෝකයක් නිවස ඇතුළට එල්ලවූ බව බොහෝදෙනා පවසති. මේ අති දීප්තිමත් ආලෝකයත් සමග නිදා සිටි තමන් අවදිවූ බවත් ඉන්පසු සිදුවූයේ කුමක්දැයි නොදන්නා බවත් පවසා තිබේ. යම් තරමකින් සිහි ලැබ බලනවිට අසාමාන්‍ය ස්ථානයක අමුතු ජීවීන් විසින් තමන් වටකරගෙන සිටින ආකාරය දුටු බවත් යළි ඔවුන් විසින්ම නිවසට ගෙනවිත් ඇරලවන බවත් පිටසක්වල ජීවීන්ගේ පැහැර ගැනීමට ලක්වූ බව පවසන මේ පුද්ගලයෝ කියති.
මෙහි තවත් විශේෂත්වයක් තිබේ. මෙම අත්දැකීමට මුහුණ දුන් සැවොම පවසන පිටසක්වල ජීවීන්ගේ රූපකාය ද සමානත්වයක් දැරීමයි. ඔවුන් විස්තර කරන ආකාරයට පිටසක්වල ජීවීන් ඉතා කෙසග උසැති ශරීරයකට හිමිකම් කියයි. බැලූ බැල්මට අතිශය දුර්වල සිරුරක් ලෙස පෙනෙන මේ ශරීරයේ දෑත් අසාමාන්‍ය දිගකින් යුතු බවත් විශාල හිසක් ඇති බවත් පවසා ඇත. තද කළු පැහැති විශාල ඇස් යුගලත් ක්ෂීණ වූ නාසයක් හා කුඩා මුඛයක් ඇති නමුත් කතා කරන බවක් නොඇසෙන බව ද පැහැර ගැනීමට ලක්වූවෝ පවසති. ඔවුන් පවසන්නේ පිටසක්වල ජීවීන් තම අදහස් හුවමාරු කරගන්නේ ඇසින් සහ සිතිවිලිවලින් බවයි. ඔවුන් කියන දේ තමන්ට හොඳින් තේරුම් යන ආකාරයට දැනෙන බව ද පවසා තිබේ. පෘථිවි වාසීන් පැහැරගෙන ගොස් සැත්කම් පවා කළ බවත් ඇතැම් පිරිස් වාර්තා කැර තිබේ. එක් ඇමෙරිකානුවකු පවසන්නේ පැහැර ගැනීමට ලක්වූ තමන්ට පිටසක්වල ජීවීන් ලිංගික අතවර කළ බවයි. තම ශුක‍්‍රාණු ඔවුන් විසින් ලබාගන්නා ලද බව ද ඔහු කියයි.
ඇමෙරිකාවේ වාර්තා වැඩසටහනකට සහභාගි වූවන් කියා සිටියේ තමන් පැහරගන්නා පිටසක්වල ජීවීන් තම ශරීරයට යම් සියුම් උපකරණ ඇතුළත් කළ බවයි. එමෙන්ම මේවා නාසය මගින් සහ කන ඔස්සේ යැවූ බවත් ඒ අතර කුඩා ගල්කැබලි වැනි උපකරණ තිබූ බව ද ඔවුන් දන්වා සිටියි. කෙසේ වෙතත් මේ පුද්ගලයන් ස්කෑන් කිරීමේ දී පෙනී ගියේ ඔවුන් කියූ පරිදි යම් ආගන්තුක දෙයක් ශරීරයේ අස්ථිවලට කිඳා බැස ඇති බවයි.
ඒවා ශල්‍යකර්ම මගින් ඉවත් කළ පර්යේෂකයෝ විවිධ ක‍්‍රමෝපාය භාවිත කරමින් ඒ පිළිබඳ විශ්ලේෂණය කිරීමට කොතෙකුත් උත්සාහ දැරුව ද ඒ සියලූ තැත් ව්‍යර්ථ වී ගියේය. ඒවායේ අඩංගු ද්‍රව්‍ය හෝ සංයෝග පිළිබඳ කිසිදු අවබෝධයක් ලබා ගැනීමට පෘථිවියේ විද්‍යාඥයන් සමත්වී නැත. විද්‍යාඥයන් පවසන්නේ ලෝකයේ මෙතෙක් හඳුනාගෙන ඇති මූලද්‍රව්‍ය 110 කින් එකදු මූලද්‍රව්‍යයක් හෝ එහි අඩංගු නොවන බවයි. මෙලෙස ලොව පුරා මිනිසුන් අභ්‍යාවකාශ ජීවීන් විසින් පැහැරගෙන විවිධ පර්යේෂණවලට යොදාගත් අවස්ථා රැසක් වාර්තා වී තිබේ.
සටහන  සජීව විජේවීර

උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

අංගම්පොර සටන් කලාව .....(angampora - අබිරහස් අඩවිය - Abirahas Adawiya)

ඉපැරැණි ලාංකේය සටන් කලාවක් වන අංගම් සටන් කලාවට වර්තමානය වන විටද හිමිවී ඇත්තේ සුවිශේෂී තත්ත්වයකි. රාවණා යුගයේ පටන් පැවැත එන මෙම අපූරු සටන් කලාව ගරිල්ලා ක්‍රමයටද නෑකම් කියන අතර දේශීය උරුමයන්ගෙන් පැවත එන ප්‍රමුඛතම සටන් ක්‍රමවේදයක් බව පැවැසීම අතිශයෝක්තියක් නොවේ. සටන්කලාවන් අතරින් තමන්ටම උරුම කරගත් ආරකින් පැවත එන අංගම්පොර සටන් කලාව මඟින් අතුරු සටන් කලා රාශියක් බිහි වී තිබේ.
අංගම්පොර සටන් කලාව පිළිබඳ විවිධ සටන් ශිල්පීන් එක් එක් අදහස් පළකොට තිබෙන අතර ඒවාට හාත්පසින්ම වෙනස් අදහසක් අංගම්පොර සටන්කලාව පිළිබඳ හෙළි කරන අංගම්පොර සටන් ශිල්පියෙක් අපට අදහස් දැක්වූවේය. ඔහු නමින් සුසන්තය. සම්මානලාභී අංගම්පොර සටන් ශිල්පියකු වන පිළියන්දල ප්‍රදේශයේ පදිංචි සුසන්ත මහතා අංගම්පොර සටන් කලාව පිළිබඳ පළ කරන්නේ මෙවන් අදහසකි.


"අංගම්පොර සටන් කලාව යනුවෙන් සමාජයේ ප්‍රචලිත වුණත් මෙම සටන් කලාවට අංගම්පොර සටන් කලාව යන විරුදාවලිය මම භාවිත කරන්නේ නෑ. මොකද මෙම සටන් කලාවට පසුකාලීනව මෙම නාමය භාවිත කළේ. අංගම් යනුවෙන් හඳුන්වන්නේ අංග භාවිතය. ශරීරයේ අංග භාවිත කොට සිදුකරන සටන් ක්‍රමවේදයක් බැවින් මෙයට එම නාමය භාවිත කළා වෙන්න පුළුවන්. එහෙත් ඉපැරැණි සාම්ප්‍රදායික සටන් කලාව අංග භාවිතයෙන් පමණක් නොවේ සටනට අවතීර්ණ වුණේ. මෙම සටන් කලාව මානසික හික්මීමද ඇතිව සිදු කළ සටන් කලාවක්. එබැවින් මෙම සටන් කලාව විවිධ විරුදාවලීන්වලින් හැඳින්වීමට වඩා සාම්ප්‍රදායික සිංහල සටන් කලාව ලෙස හැඳින්වීම යෝග්‍යය යැයි මම හිතනවා."
මෙම ඉපරැණි සාම්ප්‍රදායික සටන් කලාව ප්‍රගුණ කිරීම සඳහා සටන් ශිල්පි ගුරුවරයා වෙත පැමිණෙන ශිෂ්‍යයා බොහෝ සේ මානසික හික්මීමක් ඇති අයකු විය යුතුය. සුසන්ත මහතා පවසන පරිදි ගෝලයා මුලින්ම පුහුණුවට ප්‍රථමයෙන් චාරිත්‍රානුකූලව දේව පූජාවක් පැවැත්විය යුතුය. දේව පූජාවෙන් අනතුරුව ගෝලයා ලද වාසනාව මත හෝ කැපවීමට ඇති හැකියාව මත ඔහුට අංගම්පොර සටන් කලාව මූලාරම්භයේ සිටම උගත හැකිය. එහෙත් අන් අයට පීඩා කරනු පිණිස පුහුණුව ලැබීමට පැමිණෙන්නන්ට එම පූජාවෙන් පසුව කුමන හේතුවක් මත හෝ සටන් ඉගැනීමේ වාසනාව අහිමි වන බව සුසන්ත මහතා පවසයි. පැරැණි සටන් කලාවෙහි ඇති තවත් එක් ප්‍රබල කරුණක් නම් අධික ගුරු භක්තියෙන් සටන් කලාව ප්‍රගුණ කරන තැනැත්තාට මෙම උත්තුංග සටන් කලාව මනාව ධාරණය කර ගැනීමේ හැකියාවක් ඇති වේ.
අත් සෙල්ලම්වලට අමතරව කඩු හරඹ, පොලු සටන්, වේලායුධ සටන්, හක්ගෙඩි සෙල්ලම, අතකොලු සෙල්ලම, හැරමිටි සෙල්ලම ආදී සටන් ක්‍රමවේදයන් මෙම කලාව ප්‍රගුණ කරන තැනැත්තාට ප්‍රගුණ කළ හැකිය. අවි ආයුධයෙන් සන්නද්ධව සේම නිරායුධව සිදු කරන සටන් ක්‍රමවේද 200කට අධික සිය ගෝලයන්ට පුහුණු කරන බව සුසන්ත මහතා කීය.
පිරිසක් මධ්‍යයෙහි සිටින තැනැත්තකු එම පිරිසටද නොදැනෙන ලෙස මරණයට පත් කිරීමට හෝ සිහි විසඥ කිරීමේ හැකියාවක් මෙම සටන් ක්‍රමවේදය තුළ පැවැතීමද සුවිශේෂීත්වයකි.
මෙම සටන් කලාව බහුලවම සිදුවන්නේ පුද්ගල සිරුරේ නිල හෙවත් ප්‍රධාන නහර ඉලක්ක කොටගනිමිනි. සතුරකු මුහුණට මුහුණලා හමුවූ අවස්ථාවලදී ඔහුට කිසිවක් කරගැනීමට පළමුව එම තැනැත්තාගේ බල නහරයක් වෙත පහරදී සිහිසුන් කිරීමේ හැකියාවක් මෙම සටන් කලාව සතුව පැවැතීම විශේෂත්වයකි.
මෙම සටන් කලාවේ භාවිත කරන සටන් ක්‍රමයන් හුදෙක් අත සහ පය පමණක් භාවිත කිරීම අපහසුය. එයට මානසික නිරවුල්තාව ඉහළින්ම පැවැතිය යුතුය. අතීත සාම්ප්‍රදායික සටන් ගුරුවරුන් අතරින් සුප්‍රසිද්ධ නාමයක් දිනාගෙන සිටි සරඹ වෙද මහතා යන විරුදාවලියෙන් හැඳින්වූ අරනෝරිස් වෙත්තසිංහ සහ බෙම්පි ප්‍රනාන්දු යන සටන් ප්‍රභූවරුද මෙම සටන් කලාව බොහෝ සේ ප්‍රගුණ කළ පිරිස අතර වැජඹෙති. සටන් කලාව පුහුණු කිරීමේ කටයුතු ආරම්භ කිරීමට පෙර ඔවුන් තුනුරුවන් ගුණ සිහිකොට නවග්‍රහ මණ්ඩලය සඳහා පූජාවක් සිදුකොට සතරවරම් දෙවිවරුන් නමින් 'පාරවල් හතර' නමැති සටන් ක්‍රමයක් පූජා කිරීමෙන් අනතුරු භාවනායෝගීව හිඳ මෙම සටන් කලාව පුහුණු කිරීමට පෙලඹී ඇති බව සුසන්ත මහතා පවසයි. යථෝක්ත සටන් ශිල්පීන්ගේ මුනුබුරකු වන සුසන්ත මහතාද සිය සාම්ප්‍රදායික සටන්
කලාව ඇරැඹීමට ප්‍රථම ආධ්‍යාත්මික නිරවුල් බව සකස් කොට ඉන් අනතුරුව සටන් ප්‍රගුණ කිරීමට පුරුදු වී සිටියි.
ලංකාව ආක්‍රමණය කළ පෘතුගීසීන්ට සාම්ප්‍රදායික ගමෙන් උපන් සටන් ශිල්පීන් ඉමහත් අභියෝගයක් වූ බව පැරැණි සටන් සාහිත්‍යය සාක්ෂ්‍ය දරයි. පෘතුගීසීන්ගේ ගිනි බටය සටන් ශිල්පීන්ගේ නිල සටන හමුවේ පරාජයට පත් වෙමින් පැවැති නිසා සාම්ප්‍රදායික සටන් ශිල්පීන්ට දුටු තැන වෙඩිතබා මරා දැමීමට පෘතුගීසීන් තීරණය කොට තිබේ. සටන් ශිල්පීන්ගේ නැඟී සිටීම පෘතුගීසීන් තුළ ඇති කළේ භීතියකි. එබැවින් ලංකාව ඇතුළත කිසිදු ස්ථානයක සටන් කලාව ප්‍රගුණ නොකළ යුතු බවටද පෘතුගීසීන් විසින් වාරණයක් පනවනු ලැබීය. එසේ සටන් ක්‍රමවල නිරත වන්නන් දුටු තැන වෙඩි තබා මරා දැමීමට ඔවුහු කටයුතු කළහ. සිංහල නිවෙසක කඩුවක් පවා තබා ගැනීමට තහනම් කිරීමෙන්ම පෘතුගීසීන් සාම්ප්‍රදායික සටන් කලාව කෙරෙහි කොතරම් භීතියක් දක්වා ඇතිද යන්න පසක් වේ.
කෙසේ වෙතත් මෙම සටන් කලාව විනාශවීමට ඉඩ නොතැබූ අතීත සටන් ශිල්පීහු පෘතුගීසීන්ගේ අවධානය යොමු නොවන පරිදි පැරැණි සටන් කලාවට හාස්‍යයද මුසු කරමින් මායා නමැති සටන් කලාවක් හඳුන්වා දුන්හ. සත්තකින්ම ඔවුන් එහිදී සිදු කළේ පැරැණි සටන් ශිල්පයම හාස්‍යයද මුසු කරමින් පෘතුගීසීන්ට සැක පහළ නොවන පරිදි ප්‍රගුණ කිරීමට කටයුතු කිරීමයි. විවිධ ආයිත්තම් විකට ඇඳුමෙන් සැරැසී මායා රංගනයක් ලෙස හුවා දක්වමින් ඔවුන් පැරැණි සටන් කලාව ප්‍රගුණ කොට ඇති බවට අතීත සටන් සාහිත්‍යය සාක්කි දරයි.
එවන් අපරිමිත කැපවීමක් දරා අතීත ප¾ඩිවරුන් විසින් පවත්වාගෙන එන ලද පෞරාණික සටන් කලාව විවිධ පුද්ගලයන්ගේ අදූරදර්ශී ක්‍රියා හේතුවෙන් අභාවයට යමින් පවතින බව සුසන්ත මහතා පවසයි. පැරැණි මුතුන්මිත්තන් මායා සටන් කලාව හඳුන්වා දුන්නේ සත්‍යය ඉපැරැණි සටන් කලාව අනාගත පරපුරට හඳුන්වා දීමට වුවද අනාගත බහුතරයක් පිරිස සටන් කලාව හුදෙක් රඟපෑමක් බවට පත් කරමින් ඉපැරැණි සටන් ශිල්පය පවා විකෘති කිරීමට පෙලඹී සිටින බවද සුසන්ත මහතා පවසන්නේ දැඩි කනගාටුවෙනි.
පෘතුගීසි සමයෙහි පවා විවිධ අභියෝගයන්වලට මුහුණ දෙමින් ජීවිත අවදානමද නොතකා සිය සටන් කලාව අනාගත පරපුරට දායාද කිරීමට අතීත සටන් වියතුන් කටයුතු කළා සේම වත්මන් පරපුරද එම අභියෝගය සුරතට ගනිමින් කටයුතු කරයි නම් ඉපැරැණි සටන් කලාවේ උන්නතිය වෙනුවෙන් තවත් පරපුරක් බිහි කිරීමට හැකි වෙනු නොඅනුමානය.

උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

නොයෙක් වේශයෙන් පැමිණෙන අවතාර.. .අබිරහස් අඩවිය - Abirahas Adawiya (holman katha)

දශක හයකට පමණ පෙර කඩවත - ගනේමුල්ල පාරේ (දැනට අංක 223 දරන බස්‌ මාර්ගය) හතරේ කණුවට යාබද පාර දෙපැත්තේම ඇති ඉඩම් අක්‌කර ගණනාවක්‌ම මහ කැලෑවෙන් වැසී ගොස්‌ තිබිණි. ඒ ස්‌ථානයට පේනතෙක්‌ මානයේ ගෙයක්‌ දොරක්‌ ද නොවීය. පාරේ වංගුව ද හතරේ කණුව පෙදෙසටම හසු වී ඇත.පාරේ විදුලි එළිය ද නොතිබූ ඒ අවදියේ හොල්මන්වලට බියෙන් හතරේ කණුව ළඟින් ගමන් යැමට බොහෝ දෙනෙක්‌ අදිමදි කළහ. රාත්‍රි කාලයේ හතරේ කණුව පෙදෙසේදී බොහෝ දෙනකු හොල්මන්වලට බිය වූ බවට කටකතා ගම් පළාත හතරවටේ පැතිරුණේය.
ගනේමුල්ල දුම්රිය ස්‌ථානයට හතරේ කණුවේ සිට කිලෝමීටර් දෙකක්‌වත් නැත. සතියකට දෙවතාවක්‌ පැවැත්වුණු ගමේ වෙළෙඳ පොළට හතරේ කණුවේ සිට ඇත්තේ කිලෝමීටරයකටත් වඩා අඩු දුරකි. උළු කඩේ හන්දියේ පොළ නමින් හැඳින්වුණු ඒ පොළ බුලත් වෙළඳාම ගැන ද ප්‍රසිද්ධය. ගම්පහ නගරයේ තොග මධ්‍යස්‌ථානයට බුලත් සැපයෙන උප මධ්‍යස්‌ථානයක්‌ වශයෙන් ද උළුකඩේ පොළ දැක්‌විය හැකිය.

මගේ තාත්තා කී හතරෙ කණුව හොල්මන් කතාව මට තාම මතකය. කලින් දින සැන්දැවේ පොළට යන කරත්තයකට විකිණීමට ඇති බුලත් තොගය භාර දුන් තාත්තා පසු දින පාන්දර තුනට පමණ පොළට යැමට පිටත් විය. හුළු එළියෙන් ගමන් යන තාත්තාට මඟදී කිසිවකු හමු වී නැත. ගෙදර සිට හතරේ කණුව පෙදෙසට ඒමට පැය භාගයක්‌වත් ගත නොවේ.

හතරේ කණුව පෙදෙසේදී කැලෑවේ සිට බල්ලෙක්‌ තාත්තා දෙසට දිව ගෙන එයි. පාර ළඟටම ආ බල්ලා දෙසට තාත්තා හුළුඑළිය අල්ලයි. එවිට ඌ වේගයෙන් කැලය දෙසට ආපසු දුවයි. නැවතත් ආපසු හැරෙන බල්ලා වේගයෙන් දිව එන්නේ තාත්තා දෙසටය. හුළුඑළිය වනමින් මඳක්‌ නැවතුනු තාත්තා ඌ දෙස බලයි. යළිත් ආපසු හැරුණු බල්ලා කැලයේ ඈතටම යයි. බල්ලා නැවතත් පාර දෙසට දිව එන්නේ කැලය ද කඩා බිඳගෙන බව තාත්තා දකියි. හුළුඑළියෙන් ම ඌට දමා ගැසීමේ අදහසින් තාත්තා පාරේ නැවතී බලා සිටියි. ඒ වතාවේත් පාර ළඟමට ආ බල්ලා සැඟවී ගියේය. පොළට ගිය පසු තාත්තා මේ සිද්ධිය කිහිපදෙනකුට කියා ඇත. හතරේ කණුව හොල්මන බල්ලන් වැනි සතුන් හැටියට ද දිස්‌වෙන බව තාත්තා දැනගත්තේ එදාය. හොල්මන ගැන නොදැනුවත්කම නිසා තාත්තා දිනුවේය. පැරදුනේ හොල්මනයි.

කඩවත - ගණේමුල්ල පාරේ පොකුණෙ හන්දියට කිට්‌ටු නිවාසයක වූ හොල්මන් සිද්ධිය වසර සියයකටත් වඩා අතීතයට දිවෙන කතාවකි. මහලු වියේදී ඇය ජීවත් වී ඇත්තේ තනිවමය. අගහිඟකම් නැති ජීවිතයක්‌ ඇය ගත කළාය. හදිසියේ රෝගාතුර වූ ඕ දින කිහිපයක්‌ ඇවෑමෙන් මිය ගියාය. සතියකට පමණ පසු ඇය ජීවත් වූ ගෙදරට ආ හොල්මන ගැන පුවත ගම් ප්‍රදේශයේ පැතිර ගියේය. සන්ධ්‍යා භාගයේදී ගෙමිදුළට රැස්‌වන ගැමියෝ හොල්මන එනතුරු බලා සිටිති. බල්ලා බුරාගෙන වත්තේ වැට පැත්තට දුවයි.

හොල්මන වත්තට ඇතුළු වූ බව බල්ලාගේ හැසිරීමෙන් කවුරුත් දැන ගනිති. බළලා ඤාව් කියාගෙන කුස්‌සිය පැත්තට යයි. හොල්මන කුස්‌සියේ ඉහුම් පිහුම් වැඩ අරඹයි. පොල්ගාන ශබ්දය හා මිරිස්‌ අඹරන ශබ්දය ද
මිදුලේ සිටින අයට ඇසෙයි. දර මිටිය බිමට දමන ශබ්දය පවා කුස්‌සිය පැත්තෙන් එයි. වළං සේදීමද හොල්මනට පැවරී ඇති කාර්යයක්‌ බැව් මිදුලේ සිටින ගැමියන් දන්නා කාරණයකි. ශබ්ද මිසක්‌ කුස්‌සියේ කිසිවකු පෙනෙන්නට නැති බව ද ඔවුහු දනිති. කටහඬ ද ඇසුණි නම් මෙදා ගුවන් විදුලි නාට්‍යයකින් ලැබිය හැකි විනෝදස්‌වාදය විඳින්නට එදා ගැමියන්ට ද හැකිවනු ඇත. කෙසේ වෙත් පාළු ගෙදරට ආ හොල්මනේ සේවය කෙටි කාලයකට සීමා වූයේ මියගිය තැනැත්තියගේ ඥාති පවුලක්‌ ඒ ගෙදර පදිංචි වූ නිසා ය.
අද බොහෝ දෙනෙක්‌ ග්‍රීස්‌ යකුන් ගැන කතා කරති. ග්‍රීස්‌ යකුන් ගැන කියද්දී මට මතක්‌ වන්නේ කැන්දලියද්ද පාළුව ගමේ වැලිපිල්ලෑව කඩමණ්‌ඩිය පැත්තේ ගැමි ගෙදරට ආ යකෙකු පිළිබඳ මා ඇසූ කතාවයි.
මැදියම් රැයේ ගැමි ගෙදරට විත් ගෙහිමියාගේ පිටට තට්‌ටු කරන යකා ග්‍රීස්‌ යකා මෙන් බියකරු යකෙකු නොව ගුණ යහපත් යකෙකු විය හැකිය.
එදා බොහෝ ගෙවල්වල ඉස්‌තෝප්පුව තිබේ. ඉස්‌තෝප්පු කාමර තිබෙන ගෙවල් ද ඇත. ඉස්‌තෝප්පුවට ගොඩවීමට දොරක්‌ ද නැත. ඉස්‌තෝප්පුවේ නිදා සිටින ගෙහිමියා ඇහැරවා ගන්නට දොරට තට්‌ටු කරන්නට ද අවශ්‍ය නොවන්නේය. ගැමි ගෙදර බොහෝ තාත්තලා ඉස්‌තෝප්පුවේ නිදා ගත්හ.
මැදියම් රැයේ ඒ යකා ගැමි ගෙදරට එන්නේ ගෙහිමියාගේ වැඩපළ කර දී උදව් පදව් කරන්නටය. වත්තෙ පිටියෙ හා කුඹුරේ වැඩ මිස යකකු ලවා කරවා ගන්නට තරම් බර වැඩ ගෙහිමියාට නැත. තම සේවය නොමිලේ ලබා දෙන්නට සැරසෙන මේ අරුම පුදුම යකාගේ සේවය ලබා ගැනීමට හැකි දැනුම, අවබෝධය හා උපාය ගැමියා තුළ නොතිබුණා ද විය හැකිය. ගැමියා යකාගේ සේවය ලබා නොතිබුණා ද විය හැකිය. ගැමියා යකාගේ සේවය ලබා නොගන්නා නිසා යකා ගැමියා ද කඳවාගෙන ගමේ වතුවලට යයි. ගස්‌ නැග පොල් කඩන යකා ඒ පොල් ගොඩවල් ද ගැමියාගේ වත්තටම ඇද දෙයි. ගැමියා තුෂ්ණිම්භූතව බලා සිටිද්දී යකා දිගටම කරගෙන ගියේ සොරකම් වැඩය.
මැදියම් රැයේදී එන පුද්ගලයා පිළිබඳ රහස, රහසක්‌ වශයෙන් ම තබා ගත යුතු බවට යකා මුල් දිනදීම ගැමියාගෙන් පොරොන්දුවක්‌ ගෙන තිබිණි. රහස රැකගන්නට ගැමියා අපොහොසත් විය. ගෙදර ඇත්තෝ ද රහස්‌ දැන ගත්හ. යකා ඒ පැත්ත පළාතේවත් නොඑන රහස ගැමියාට නම් රහසක්‌ නොවීය.

 උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Thursday, August 11, 2016

ලොවම මවිතකල රොස්වෙල් පියාඹන පීරිසිය... ( අබිරහස් අඩවිය - Abirahas Adawiya UFO)

මීට වසර 65කට පෙර, එනම් 1947 දී මුළු ලොවම මවිත වූ සිදුවීමක් රොස්වෙල් ප්‍රාන්තයේ සිදුවිය. අප කවුරුත් හොඳින් හඳුනන, හඳුනා නොගත් පියාසර වස්තූන් දර්ශනය වූ බවටත්, ඇමෙරිකාවේ විවිධ ප්‍රාන්තවලට ඉහළ අහසේ එම වස්තූන් එහා මෙහා ගමන් කළ බවටත් එම කාලයේ කටකතා ඇති වී තිබිණි. මිනිසුන්ගේ කුතුහලය දෙගුණ කරමින් 1947 ජූලි මස 8 වන දින රොස්වෙල් ප්‍රාන්තයට පීරිසියක හැඩය ඇති අපූර්ව වස්තුවක් කඩාවැටී තිබිණි.මෙම අනතුර නිසා රොස්වෙල් ප්‍රාන්තය නොව මුළු ඇමෙරිකාවම විස්මයෙන් ඇළලී ගිය අතර පසුදින පුවත්පත් මගින් මෙම ගින්නට පිදුරු මිටි පිටින් දමා තිබුණි. රොස්වෙල් ඩේලි රෙකෝඩ්ස් පුවත්පත මෙම සිදුවීම වාර්තා කර තිබුණේ “රොස්වෙල් හමුදා ක්ෂේත්‍ර බළකාය පියාඹන පීරිසියක් අල්ලා ගෙන තිබේ” යනුවෙනි. ඒ ජූලි 8 සවස පළවූ පුවත්පතෙහිය. ජූලි 9 වන දින පළවූ පුවත්පතට එම බළකායේ ප්‍රධානී බ්‍රිගේඩියර් රෝජර් රෑම් පවසා තිබුණේ අපූරු කතාවකි“රොස්වෙල් පියාඹන පීරිසි කතාව ගොතන ලද කතාවක්” ලෙස එහි පළ කර තිබුණි.
ඉන් වසර 65 කට පසු 2012 දී, හිටපු CIA විශේෂ නියෝජිතයෙකු විසින් රොස්වෙල් සිදුවීමේ අබිිරහස එළිකිරීමට පටන්ගෙන තිබේ. ඔහු පවසන ආකාරයට රොස්වෙල් ප්‍රාන්තය ඉහළ අහසේ එහාමෙහා ගොස් තිබුණේ UFO නොහොත් හඳුනා නොගත් පියාසර වස්තුවකි. නැතහොත් පියාඹන පීරිසියකි. නමුත් ඇමෙරිකානු රජය විසින්, එය කාලගුණ බැලුනයක් ලෙස ප්‍රසිද්ධ කරන ලෙස අණ කර තිබිණි. මෙම සිදුවීම් අතර පියාඹන පීරිසියක් රොස්වෙල් වෙත කඩා වැටීමත්, ඒ සමගම එම ප්‍රදේශය අධි ආරක්ෂිත කලාපයක් බවට පත් කිරීමත් වැනි හේතු ජනතාවගේ කුකුස වැඩිකර ඇත. එමෙන්ම නියම සිදුවීම හෙළි නොකිරීම නිසා රටවල් අතර සීතල යුද්ධයක් හට ගැනීමට අර ඇදීමක් ද තිබූ බව ඔහු පවසයි. යානය කඩා වැටි ප්‍රදේශය, (AREA 51)“ 51 ප්‍රදේශය” ලෙස නම් කර, පර්යේෂණාගාරයක් ස්ථාපනය කර යානයේ සුන්බුන් පරීක්ෂාවට ලක්කර තිබේ. 
යානය සාදා තිබූ අමුද්‍රව්‍ය පවා පෘථිවියෙන් සොයාගත හැකි නොවූ ද්‍රව්‍යයක් වූ අතර අද දක්වා එය අබිරහසක්ව පවතී. යානය තුළ තිබි හමු වූ වටිනාම වස්තූන් ලෙස ඔහු පවසන්නේ, අසාමාන්‍ය පෙනුමක් සහිත ජීවීන් දෙදෙනාය. එක් ජීවියකු මාරාන්තික තුවාල සහිතව සිටි බවත්, පසුව මියගිය බවත්, අනතුරින් මියගිය තවත් ජීවියෙකු එහි සිටි බවත් ඔවුන් දෙදෙනා ඉතා රහසිගත ලෙස පර්යේෂණ සඳහා භාවිත කළ බවත් ඔහු ප්‍රකාශ කර තිබේ. ජීවීන් දෙදෙනා මියගිය පසු, විශාල පෙට්ටිවල අසුරන ලද මෘත ශරීර පිළිබඳව ඉන් පසුව කිසිම දිනක දැනගන්නට ලැබි නැත. 
එම කාලයේ පළවූ පුවත්පත් වාර්තාවලින් ගැලවීගත නොහැකි වූ ඇමෙරිකානු රජය 1997 දී පමණ The Roswell Report නමින් විශේෂ වාර්තාවක් නිකුත් කර තිබිණි. එම වාර්තාව සාමාන්‍ය ගුවන් අනතුරක් පිළිබඳ වාර්තාවක් පමණක් වූ අතර එය ඔවුන්ගේ ප්‍රයෝගයක් පමණක්ම බවට පුවත්පත්වලින් තව තවත් චෝදනා එල්ල වන්නට විය.

තත්ත්වය මෙසේ තිබියදී, මියගිය අසාමාන්‍ය ජීවීන් පිළිබඳව කිසිදු තොරතුරක් වාර්තා නොවීමත්, ඔවුන්ගේ මෘත ශරීරවලට කුමක් සිදුවීද යන්න සෙවීමත් තමා වෙත පවරාගත් පුවත්පත්, ඇමෙරිකා රජයට මහත් හිසරදයක්ව පැවැතිණි. CIA නියෝජිතයාගේ අදහසට අනුව නම් ඉහත කී මෘත ශරීර රැගෙන යාමට පසුකාලීනව පිටසක්වල යානා පැමිණ තිබේ. 51 ප්‍රදේශයේ සිටි ඇමෙරිකානු ගුවන් හමුදා සෙබළුන් සමග මිතුරු වූ පිටසක්වලුන් ඔවුන්ගේ මියගිය සගයන් වෙනුවට, සිය තාක්ෂණයෙන් බිඳක් පෘථිවි වැසියන්ට ලබාදීමට කැමැත්ත පළකර තිබේ.මියගිය ජීවීන් සහ පිටසක්වල තාක්ෂණයෙන් අංශු මාත්‍රයක් එකිනෙකා අතර හුවමාරු වූ පසු යන්නට ගිය පිටසක්වලුන් ඊට වසර පහකට පමණ පසුද 51 ප්‍රදේශයට ඉහළ අහසේ සැරිසැරූ බවට සාක්ෂි ඕනෑ තරම් තිබේ.
20 වන සියවස මැද භාගයේ ඇමෙරිකානුවන් ළඟ තිබූ තාක්ෂණයෙන් F22, B2 වැනි ප්‍රහාරක යානා කිසිසේත්ම බිහිවිය නොහැකිය. රොස්වෙල් සිදුවීමෙන් වසර 3ක් යන්නට මත්තෙන් ඇමෙරිකාවෙන් බිහිවූ ඉහත කී යානා, නිර්මාණය කරන ලද්දේ එදා පිටසක්වලුන්ගෙන් ලබාගත් අංශු මාත්‍රයක් වූ 

තාක්ෂණයෙන් බව ඔහු එකහෙලාම ප්‍රකාශ කරයි. එසේ නොවන්නට එවැනි යානා බිහිවිය හැකිව තිබුණේ 2050 වසරේ පමණ බව ඔහුගේ අදහසයි.

මෙම සිදුවීම පිළිබඳව සාක්ෂි එක් කරන ජනමාධ්‍ය යෝධ පියවරක් ඉදිරියට තබමින් 1995 දී වාර්තාගත වීඩියෝ පටයක් මාධ්‍යයට ඉදිරිපත් කළහ. එහි සටහන්ව තිබුණේ කුඩා පර්යේෂණගාරයක් තුළ කාය ව්‍යවච්ජේදනයකට මුහුණ දී සිටින අසාමාන්‍ය ජීවීන් දෙදෙනෙකි. ජේ. ස්ටැන්ලි සහ ජැක් බානට් නම් මාධ්‍යවේදීන් දෙදෙනාගේ කැමරාවේ සටහන්ව තිබූ එම වීඩියෝ දර්ශන නිසා ඇමෙරිකානු රජයට සිය අබිරහස එළි වී ඇති බව දැනුනත්, ඔවුන් ප්‍රකාශ කරන ලද්දේ එම වීඩියෝ දර්ශන කුඩා දරුවන්ගේ මපට් දර්ශන පෙළක් බවයි. ඉන් නොනැවතුණ මාධ්‍යය, වීඩියෝ දර්ශන වඩාත් පැහැදිලි ලෙස ළං කර (Zoom in) බැලීමෙන් පසු, අනන්‍යතාව තහවුරු කළ හැකි කරුණු 2ක් සොයාගැනීමට සමත් විය. ඉන් පළමුවැන්න වූයේ එම රසායනාගාරයේ, පර්යේණය සිදුකළ වෛද්‍ය විශේඥයන් කීපදෙනාගෙන් එක් අයකුගේ වෛද්‍ය කබායේ තිබූ අනන්‍යතා අංකයයි. එම අංකය සහිත වෛද්‍යවරයා සොයාගැනීමට ජනමාධ්‍ය විසින් දැඩි පරිශ්‍රමයක් දරා තිබුණ ද ඔවුන්ට එම වෛද්‍යවරයා හමු වී නැත. අනිත් කාරණය වූයේ පර්යේණාගාරයේ බිත්තියක එල්ලා තිබූ දින දර්ශනයකි. වැදගත් කාරණා සාක්ෂි ලෙස ඉදිරිපත් කරමින් රොස්වෙල් සිදුවීම් අබිරහස එළිකරගැනීමට උත්සාහ දැරූ ජනමාධ්‍යයට අවසානයේ සිදුවූයේ ඇමෙරිකානු රජයේ දැඩි දෝෂදර්ශනයට ලක්වීමටය.
මේ ආකාරයට රොස්වෙල් පිළිබඳ එක් එක් කරුණ බැගින් මාධ්‍ය වෙත ඉදිරිපත් කරන හිටපු CIA විශේෂ නියෝජිතයා මේ වනවිට 89 හැවිරිදිය. ඔහු තම ප්‍රකාශයන් අතරතුර පවසන්නේ මෙම සිදුවීම් මාලාව එක් කනකින් අසා අනිත් කනෙන් පිටකර දැමීම ඉතාම යෝග්‍ය බවයි. “ඇමෙරිකන් රජය දැන්වත් සත්‍ය හෙළිකළ යුතුයි” ඔහු තවදුරටත් පවසයි. “එහෙම නැත්නම් ඔවුන් කියාවි, මේ කතාව අවුරුදු 89ක මහල්ලෙකුගේ උමතු කතාවක් විතරයි කියලා. අවුරුදු 89ක් වුණු මට සිද්ධ වුණේ මගේ හෘද සාක්ෂියෙන් බේරෙන්න බැරි වුණු එක. කවදාහරි රජයටත් එසේම වෙයි. එදාට මේ අබිරහස හරි අපූරුවට විසඳෙයි” ඔහු සුසුම් අතරින් පවසයි. 
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

                                                         

Wednesday, August 10, 2016

පියාඹන පීරිසි (UFO) කියන්නෙ මොනවද..? . (අබිරහස් අඩවිය - Abirahas Adawiya )

සාමාන්‍ය ව්‍යවහාරයේ පියාඹන පීරිසි ලෙස හැඳින්වෙන වස්තූන් සඳහා එම නම ලැබී ඇත්තේ "කෙනෙත් ආර්නෝල්ඩ්"නම් ගුවන් නියමුවා ඒ සඳහා යොදා ගත් වචනය නිසාය.ඒ පිලිබඳව පසුවට ලිවීමට සිතමි.ඇත්තෙන්ම මේවා වර්තමානයේදී හඳුන්වන්නේ "හඳුනා නොගත් පියාඹන වස්තූන්" (Unidentified Flying Object) ලෙසය.මෙවැනි යානා සැබැවින්ම පවතිනවාද? පෘථිවියේ නිර්මාණය වූ යානා නොවේ නම් ඒවා පැමිණෙන්නේ කවර තැනකින්ද?
මෙම විෂයය පිලිබඳ විවිධ රටවල්,ආයතන විසින් නොයෙක් පර්යේෂණ සිදු කොට ඇති අතර ඇමරිකාව සිදු කල ව්‍යාපෘති තුනක් ඉතා වැදගත් වේ.
සයින් ව්‍යාපෘතිය

ග්රජ් ව්‍යාපෘතිය

නිල් පොත් ව්‍යාපෘතිය

නිල්පොත් ව්‍යාපෘතියේ ප්‍රධාන උපදේශක වූ නෝත්වෙස්ට් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඇලන් හයිනෙක් හඳුනා නොගත් පියාඹන වස්තූන් මෙලෙස නිර්වචනය කරයි.
"සාමාන්‍ය ආකාරයෙන් හෝ විද්‍යාත්මකව හෝ පහදා දිය නොහැකි වස්තුවක් ,ආලෝකයක්,අහසේ ගමන් කිරීම හෝ නැවතී සිටීම හෝ සිදු කරයි නම් එය හඳුනා නොගත් පියාසර වස්තුවකි"
ඇමරිකාවේ සැන්ටන් ෆ්‍රයිමන් රේමන්,ඊ.ෆ්ලවර් හා බ්‍රිතාන්‍යයේ නේමන් ඔලිවර්,ජෙනී රැන්ඩල් යානා පිරිස පුර්ණ කාලීනව හඳුනා නොගත් පියාඹන වස්තු පිලිබඳ පරීක්ෂණ වල යෙදේ.ඔවුන්ගේ පරීක්ෂණ අනුව පෘථිවියේ සාමාන්‍ය සිදුවීමක් නොවන සිදුවීම් 50,000ක් පමණ වාර්තා කර ඇත.මෙසේ වසර ගණනාවක් තිස්සේ රැස් කල වාර්තා සියුම් නිරීක්ෂණයේදී මේ අද්භූත පියාඹන වස්තූන්ට පොදු වූ කරුනු කිහිපයක් ඉදිරිපත් කරයි.
එනම් මෙවැනි වස්තූන් හෙවත් යානා පීරිසියක,සුරුට්ටුවක හෝ බිත්තරයක හැඩයෙන් යුක්තය.මේවා බොහෝ විට දීප්තිය විහිදන හිසක් සහිත වන අතර ගමනේ යෙදෙන විට පෘථිවිය සතු කිසිදු යානයක් නිකුත් නොකරන සංඥා එලි නිකුත් කරයි.ඒවායේ වේගය ශබ්දයේ වේගය ඉක්මවන ගුවන් යානා (උදා:සුපර් සොනික් යානා)වලටත් වඩා වැඩි නමුත් ශබ්දයේ වේගය ඉක්මවිමේදී සාමාන්‍ය වශයෙන් නිකුත් වන ශබ්දය තබා යානයක් මගින් නිකුත් වන ශබ්දය වත් නොඇසේ.මේවා ක්ෂණිකවම ගමන් කරන දිශාව වෙනස් කරයි.ගුවන් යානයකට මෙසේ ගමන් කරන දිශාව පහසුවෙන් වෙනස් කල නොහැකි වන්නේ ගුරුත්වය නිසාය.ක්ෂණිකවම දිශා වෙනස් කරන බැවින් පෘථිවියේ ගුරුත්වාකර්ෂණ බල රේඛා කැපෙන විට නිදහස් වන ශක්තියෙන් මෙවැනි යානා එයට අවශ්‍ය ශක්තිය උත්පාදනය කර ගන්නවා ඇතැයි යන සැකය හඳුනා නොගත් පියාඹන වස්තු විශේෂඥයන් අතර වේ.
මේ වන විට මෙවැනි වස්තු පිලිබඳ ව විවිධ ආයතන හා සංවිධාන මගින් රැස් කරන ලද තොරතුරු වලට අනුව හඳුනා නොගත් වස්තූන් පිලිබඳ වාර්තා කල පිරිස සංඛ්‍යාත්මක වශයෙන් මිලියන ගණනකි.නමුත් එසේ ලැබෙන්නාවූ වාර්තා වලින් 90% ක් පමණ අසත්‍ය බවට ඔප්පු වී හමාරය.එදිනෙදා බහුලව දක්නට නොලැබෙන ප්‍රචාරක ගුවන් යානා,සිවිල් හා යුධ ගුවන් යානා,විශාල බැලුන්,සරුංගල් ආදී කෘත්‍රිම නිමවුම්,පීරිසියක හැඩති වලාකුළු,සංචාරක කුරුල්ලන්,වල්ගාතරු,උල්කාපාත ආදී ස්වාභාවික සිදුවීම් මෙන්ම
සිකුරු ග්‍රහලොවද අද්භූත වස්තූන් ලෙස ඇතැම් විට වරදවා වටහාගෙන ඇත.මෙම සමහර සිදුවීම් පුද්ගල මානසික මට්ටම් මත ගොඩනැඟුණ මනෝ විකාර ලෙසින්ද,ඇතැම් ඒවා ප්‍රසිද්ධිය හා මුදල් ඉපයීමේ වංචනික චේතනාවෙන් නිමවුන ජායාරූප හා සිදුවීම් ද මේ අතර නොමැත්තේ නොවේ.නමුත් තවමත් වටහාගත නොහැකි සිදුවීම් 10%-20%අතර ප්‍රමාණයක් තිබෙන බව ද අමතක නොකල යුතුය.

මෙම විෂයය සම්බන්ධව විශේෂඥයන් හඳුනා නොගත් පියාඹන වස්තු ඒවා දර්ශනය වූ ආකාරය අනුව සමීප හා දුරස්ථ ලෙස ප්‍රධාන කොටස් දෙකකට බෙදා දක්වයි.
සමීප සිදුවීම් ලෙස අර්ථ දක්වා ඇත්තේ සමීපව දර්ශනය වී අතුරුදහන් ස්වල්ප කාලය ඇතුලත අමුතු ආකාරයේ ජීවින් දර්ශනය කරමින් ඔවුන් හා කතා බහ කරමින් සිට,යානා පිටත් වූ පසුව පරීක්ෂණ වලට බඳුන් කල හැකි සේ පොලොව මත පිළිස්සුම්,ආවාට,විකිරණ වැනි සාධක ඉතිරි කරන සිදුවීම්ය.එසේම පිටසක්වල ජීවින් විසින් කරන ලද පැහැර ගැනීම් හා ඔවුන් විසින් පෘථිවි වැසියන් භාජනය කරන ලද නොයෙක් පර්යේෂණ ඇතුලත් සිදුවීම්ද අයත්ය.
දුරස්ථ සිදුවීම් ලෙස පැහැදිලි හැඩයක් නොමැතිව දිස්වන ආලෝකයන් හා පැහැදිලි හැඩයක් සහිතව දිස්වන ආලෝකයන්ය.මෙවැනි සිදුවීම් රේඩාර්,වීඩියෝ පට හා කැමරා මගින් ග්‍රහණය කර ගත හැකිවේ.
කොහෙන්ද මේ පියාඹන පීරිසි එන්නේ?
හඳුනා නොගත් පියාඹන වස්තු කවර ස්ථානයක සිට එන්නේද?යන්න විශාල ගැටළුවකි.වෙනත් චක්‍රාවාටයක තරුවක් ආශ්‍රිත ජීවත් වන ජීවින් මෙවැනි යානයකින් එන්නේ නම් එම ගමන සඳහා විශාල කාලයක් ගතවේ.උදාහරණයක් ලෙස පෘථිවියේ සතු ලොකුම රොකට්ටුවෙන් ළඟම ඇති තරුව වන "ප්‍රොක්සිමා සෙන්චුරි"වෙත යාමට ගත වන කාලය අවුරුදු 185,000පමණ වේ.නමුත් ආලෝකයේ වේගයෙන් ගමන් කල හැකි නම් ඒ සඳහා අවම වශයෙන් ගත වන්නේ අවුරුදු 4කි.නමුත් ආලෝකයේ වේගයෙන් ගමන් කල හැකි කිසිවෙකු නොවන බව නවීන විද්‍යාවේ මතයයි.එහෙත් විටෙක ඇල්බට් අයින්ස්ටයින් නම් මහා විද්‍යාඥයා ප්‍රකාශ කලේ ස්කන්ධය හමුවේ ආලෝකය වක්‍ර ව පැමිණෙන්නක් බවය.එවිට විශ්වයේ ඈතින් පිහිටි තරුවකට ඇති සැබෑ දුර ,ආලෝකය ගමන් කරන දුරට වඩා කුඩා වේ.මෙලෙසින් ගත් කල පිටසක්වල ජීවින් ඔවුනගේ ග්‍රහලොවේ සිට පෘථිවියට පැමිණීම සඳහා ඇති කෙටිම දුර තෝරා ගන්නේ නම් ඔවුනට ගෙවා දැමීමට ඇති දුර හා කාලය අප හිතන තරම් විශාල නොවේ.
විවිධ ආගම් හා දර්ශනයන්ට අනුව සමහර කරුණු වලින් මෙවැනි ජීවින් සම්බන්ධ කරුණු විවාදයට ලක් කර ඇත.
බටහිර ලෝකයේ ප්‍රසිද්ධ හා සිත් ගන්නා සුළු මතයක් වන්නේ පිටසක්වල ජීවින් පෘථිවියේ සිටම පැමිණෙන බවය.අප ජිවත් වන්නේ දිග,පළල,හා උස යානා සාධක තුන මත යැපෙන්නාවූ ත්‍රිමාණ ලෝකයකය.මෙහි අපට "කාලය"යන සාධකය පාලනය කල නොහැකී නමුත් එසේ කල හැකි සිව් මාන,පංච මාන වැනි ලෝකද පැවතිය හැකිය.මෙම කරුණු පෙන්වමින් බහු මාන විශ්වයක පැවැත්ම පිලිබඳ මහා විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් සාකච්ජා කළේය.මොහු පෙන්වා දෙන පරිදි මාන(dimension)වෙනස් ලෝක දෙකක් මත එක මත එක වෙලී පැවතිය හැකිය.එහෙත් එක් මානයක සිටින අයට අනෙක් මානයේ ඇති ලොව නොපෙනේ.නමුත් දියුණු තත්වයට පැමිණි ජීවි කොට්ඨාශයකට මේ මාන නම් බාධකය මැඩ ගෙන එක් ලොවකින් තවත් ලොවකට පිවිසීමට හැකිය.
බෞද්ධ සාහිතයේ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදීම බඹලොවට,දෙව්ලොවට වැඩිය බව සඳහන් වේ.බුදුරජාණන් වහන්සේ වැනි මානසික ශක්තියෙන් ඉහලම තලයකට පැමිණි අයෙකුට මෙම "මාන"නම් බාධකය ජය ගත හැක.

උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

    

දෙලොවක් අතර ගැවසෙන මරණයේ සෙවනැළි....( maranaya අබිරහස් අඩවිය - Abirahas Adawiya )


මරණය යනු සත්‍ය වශයෙන්ම වෙන්වීමක්ද නැතහොත් භෞතික ශරිරයෙන් පමණක් වෙන්වීමක්ද? බුදුදහම මෙන්ම ජ්‍යෙතිෂ්‍යයට අනුව ද ඉපදීම මරණය යනු සසර ගමනේ තාවකාලික නැවැතුමක සිදු වන සිදුවීමක් පමණකි. මරණයෙන් පසු සිදුවන බොහෝ සිදුවිම් අපට තවමත් තේරුම් ගත නොහැකිය. අපේ පියවි ඇසට පෙනෙනුයේ මාන දෙකකි. මාන දහසයක් විශ්වයේ පවතින බව බුදු දහමෙහිද සඳහන් වෙයි. මරණෙන් පසු මිනිසුන් යන්නේ එවන් වූ මානයකට ද? දෙවියන්, යකුන් හෝ වෙනත් මළගිය ආත්ම සඳහා වෙන වෙන ම මානයක් පැවැතිය හැකිද? මැරෙන මිනිසුන්ට යළි පැමිණිය හැකිද? මේවා ඔප්පු කරලිය හැකි කරුණු නොවෙයි. එහෙත් ඒවා පිළිබඳ අත්දැකීම් ඇති මිනිසුන් පවසන කරුණු මත මළගිය ආත්ම පිළිබඳ වැඩි යමක් අවබෝධ කර ගැනීමට හැකි වෙයි.


බණ්ඩාරවෙල බදුල්ල මාර්ගයේ අතර මැද ප‍්‍රධාන මාර්ගයට ආසන්නයේ කුඩා කඳුගැටයක් මත අමල්ගේ නිවස පිහිටා තිබුණි. ප‍්‍රධාන මාර්ගයේ සිට සැ¥ අලංකාර පඩි පෙළකින් වත්තට පිවිසිය යුතුය. 

රැුකියාවක් නොමැතිව දැඩි මානසික පීඩනයකින් සිටි අමල්ට අනූව දශකයේ මැද සිකුරාදා දිනක කොළඹ ප‍්‍රධාන පෙළේ බීම සමාගමකින් 

රැුකියාවක් සඳහා සම්බුඛ පරීක්ෂණයකට කැඳවීමක් ලැබුණි. එය රියැදුරු රැුකියාවකි. අධ්‍යාපන සුදුසුකම් තිබුණ ද වාහන එලවීමට දැඩි ආශාවක් දැක් වූ අමල්ට සම්මුඛ පරීක්ෂණයට කැඳවීම රැුකියාව ලැබුණ හා සතුටට කරුණක් විය.
සඳුදා පෙරවරුවේ ම තම මෝටර් සයිකලයෙන් කොළඹ පෞද්ගලික ආයතනයේ සම්මුඛ පරීක්ෂණයට සහභාගි වීමේ අරමුණින් ඔහු පැමිණියේය. කැඳවීම තිබුණේ පෙරවරු දහයට වුවත් එයට බොහෝ වෙලාවකට පෙර පැමිණ අසුන් ගෙන බලා සිටියේය. ඔහුට එම ආයතනයේ වෑන් රථයක රැුකියාවක් ලැබුණි. එදින සිට ම සේවය කළ හැකිදැයි ආයතනයෙන් විමසූ අතර අමල් එයට කැමැති වූයේ එක පයිනි. රැුකියාවක අවශ්‍යතාව ඒ තරම් තදින් ඔහුට දැනුණි.

අඟහරුවාදා සුපුරුඳු ලෙස ඔහු සේවයට පැමිණියේය. සේවකයන් පැමිණීම සටහන් කරන පොතේ දෙවැනි දිනයට ද අත්සන් තබා ආයතනයේ රාජකාරී වෙනුවෙන් කොළඹ නගරයේ බොහෝ තැන් වෙත වාහනය රැුගෙන ගියේය. බදාදා සවස තුනට පමණ කාර්යාලයේ සේවය කළ ඉනෝකා නම් ලිපිකාරිනියක් හදිසි රාජකාරි කටයුත්තකට යෑම සඳහා වාහනයේ රියැදුරු වූ අමල් ව සොයන්නට විය. අමල් සිටියේ ඔවුන්ගේ ගබඩාවේ එලා තිබූ කාඞ්බෝඞ් පෙට්ටියක් ඉරා ගත් කොටසක් මත දිග ඇදීය. ඔහුගේ එක් නාසයකින් ලේ ස්වල්පයක් ගලා එයි. මොහොතක් ඔහු දෙස බලා සිටි ඉනෝකා අමල් ට කතා කළේය.
‘‘අමල්’’
අමල් ගැස්සී ඇහැරුණේය.
‘‘නහයේ ලේ ඇයි’’
‘‘පීනසේට වෙන්ඩ ඇති’’ යැයි පවසමින් අමල් අතින් නාසය පිස දැම්මේය. 
ගමේ යෑමට නොහැකි වූ බැවින් දින තුන ම අමල් ඇන්දේ එක ම ඇඳුම ය. එය බොහෝ සෙයින් පොඩිවී ගොස් ඇති අතර බදාදා සවස් වන විට ඔහු වෙතින් දිස් වූයේ අපිළිවෙළකි. බදාදා සවස හතර හමාර පමණ වන විට යළි ආයතනයට පැමිණීමට ඉනෝකාට සහ අමල්ට හැකි විය. ගමන යන එනතුරු ඉනෝකා සමඟ බොහෝ දේ අමල් කතාබහ කළේය. යළි ආයතනයට පැමිණි අමල් ව ඉන්පසු කිසිවකු දුටුවේ නැත. බ‍්‍රහස්පතින්දා සේවයට පැමිණියේ ද නැත. සිකුරාදා පෙරවරුවේ ආයතනයෙන් බණ්ඩාරවෙල නිවසට දුරකථන ඇමැතුමක් ගත්තේ ය. ඒ ඉනෝකා මිස්මය.
‘‘අමල් ඉන්නවද?
කවුද කතා කරන්නේ..’’ පිරිමි අයකු අමල්ගේ නිවසේ දුරකථනයට පිළිතුරු සපයන්නට විය.
‘‘මම අමල් වැඩ කරන ආයතනයෙන්...’’
‘‘අමල්... නැති වුණානේ...’’
‘‘නැති වුණා කිව්වේ...’’
‘‘එයාගේ අවසන් කටයුතු කළේ බදාදා..’’
‘‘මොකක්...’’
ආයතනයෙන් දුරකථන ඇමැතුම ගත් ඉනෝකාට එතැනින් එහා කතාකර ගත නොහැකි විය. සිදුව ඇත්තේ කුමක්ද? පැවැසුවේ බොරුවක්ද?
ඉන්පසු ආයතනයේ වෙනත් අයකු අමල්ගේ නිවසට කතාකර විස්තර දැන ගත්තේ ය. සඳුදා හිමිදිරි පාන්දර නිවසින් පිට වූ අමල්ට පැමිණීමට හැකිවී ඇත්තේ බෝ ගහ මඩිත්තේ උළු මෝල අසලට පමණි. මීදුමත් සමඟ පාර හරහට පැමිණි ලොරියක යතුරු පැදිය ගැටීමත් සමඟම උඩින් විසිවුණ අමල් අසල තාප්පයේ වැදී ඇදගෙන වැටුණා. කිසිදු තුවාලයක් නැතත් ඔහු යළි නැඟිට්ටේ නැත. හිසේ අභ්‍යන්තරයේ හි වූ තැලීමකින් ඔහු මියගොස් ඇත. අවසන් කටයුතු සිදු කර ඇත්තේ බදාදා සවස හතර හමාරට පමණය.

බීම සමාගමේ සම්මුඛ පරීක්ෂණයට පැමිණියේ අමල්ගේ ආත්මයද? එහෙත් ගැටලූව එය නොවේ. දින තුනක් පැමිණීමේ ලේඛනයේ අත්සන් තබා ඇත. ආයතනයේ වෑන් රථය දින තුනක් කොළඹ නගරයේ බොහෝ මං මාවත්වල රැුගෙන ගොස් ඇත. බොහෝ සේවකයන් සමඟ කතාබහ කර ඇත. ඉනෝකා නම් තරුණිය අමල්ගේ නාසයෙන් ලේ ගලනු දැක ඇත. අවසන් වරට ඉනෝකා සමඟ කත බහ කරමින් වාහනය පදවා ඇත. මෙය සිදුවූයේ් කෙසේද? කාලයක් තිස්සේ සිතෙහි තෙරපෙමින් තිබූ බලාපොරොත්තුව ආශාව ඉටුකර ගැනීමට අමල්ගේ ආත්මය පැමිණියේද?
මේ එවැනිම වූ තවත් සිදු වීමකි. පේරාදෙණිය සරසවියේ නේවාසිකාගාරයේ එක් කාමරයක යෙහෙළියෝ සිවුදෙනක් නතර වී සිටියහ. මේ විභාග පැවැත්වුණු කාලයකි. එක් සිසුවියක් හදිසියේ නිවෙස් බලා පිටත් වූයේ ඇයගේ මවගේ අසනීප තත්ත්වයක් හේතුවෙනි. ඇය දින කිහිපයකට පසු යළි පැමිණියාය. අනෙක් තිදෙනා පාඩම් කරමින් සිටි අතර, ඇය තට්ටු ඇදේ ඉහළ මාලයට නැඟ නිදාගත්තා ය. ඇය පසුදා උදේ මිතුරියත් සමඟ ඇය විභාග කටයුතුවලට ගියේ නැත. අසනීප ගතියක් පවසා ඇය කාමරයටම වී සිටියේය. එදින සවස හතරට පමණ ඇය හදිසි කටයුත්තකට නේවාසිකාගාරයෙන් පිටව ගියා ය. ඇය ගෙට්ටුවෙන් පිටව යන අයුරුත් නැවත පැමිණෙන අයුරුත් මුරකරු දුටුවේය. එදින සවස අධික වර්ෂාවක් පැවැතුණි. ඇය කිසිදු පැකිලීමකින් තොරව හොඳ හැටි වැස්සේ තෙමෙමින් නේවාසිකාගාරය වෙත පැමිණියා ය. ඇදුම් මාරු කරගෙන වැඩි කතාබහකින් තොරව ඇඳට ගොඩ විය. රාත‍්‍රී නවය පමණ පසුවන විට නින්දට පැමිණි මිතුරියෝ ඇඳවලට ගොඩ වී ලයිට් එක නිවන ලෙස එක් අයකුට පැවැසූහ.

සිදු වූයේ කාමරයේ වූ මිතුරියන් තිදෙනා භීතියෙන් මුසපත් වන සිදුවීමකි. උඩ ඇඳේ සිටි අප කලින් පැවැසූ තරුණිය. ඇඳේ වාඩි වූවාය.
ඇෙඟ් දිව වේගයෙන් දික් වී පැමිණ බිත්තියෙහි වූ ස්විචය නිවා දැමීමයි. මෙය දුටු මිතුරියන් තිදෙනා බිය වී කෑ ගසාගෙන එළියට දිව ගියහ. ඉන්පසු කිසිදු දිනයක යළි ඇය දුටුවේ නැත. පසුව ඇය පිළිබඳ සොයා බලන විට දැනගන්නට ලැබුණේ් පළමු දින නිවසට යද්දී රිය අනතුරකින් ඇය මිය ගොස් ඇති බවයි. ඇය යළි නේවාසිකාගාරයට පැමිණි දිනය වන විට ඇගේ අවසන් කටයුතු නිම වී ඇත.
මේ විශ්වයේ අපට තේරුම් ගත නොහැකි බොහෝ සිදුවීම් සිදු වෙයි. අප අතර ම වෙනස් වූ ආත්මයන්ද වෙනස් වූ ශක්තීන්ද ගැවසේ. අපගේ කාර්ය බහුලත්වය මත ඒවා අවබෝධ කර ගත නොහැකි වෙයි. ආත්මයෙන් ආත්මයට ගමන් කරන සිත තුළ ම ඉපදෙන ඉටු කරගත නොහැකි වූ අරමුණු ඉටු කර ගැනීමට මරණින් පසු ද සිත ක‍්‍රියාත්මක වෙයි.

උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

  

Tuesday, August 9, 2016

අංගං හරඹ......(අබිරහස් අඩවිය - Abirahas Adawiya amgampora)

කස්තාන, සිංහ කඩු, නයි පෙන කඩු, ඉලුක්කොළ කඩු, එතුණු කඩු, කලාකිරිඤ්ඤ, කිනිසි, කිරිච්චි, පළිහ, රිටි, හෙල්ල ආදී හෙළයේ සටන් ආයුධ පසෙක තැන්පත්කර ඇත. මලින් සරසා සුවඳ දුමින් පුදමින් ඉතාමත් ගෞරවයෙන් තැන්පත්කර ඇත. එම ආයුධ අවසරයකින් තොරව කිසිවෙකුට අත තැබිය නොහැකිය.
ගිරිකුල සිට අවට පරිසරය එක් පසෙකින් කැලණි ගංඟාවත් හිමයෙන් වැසුණුු නිල්ලත් එපිටින් ක්ෂිතිජය වසා ක`දු පංතියත් දිස්වේ. ඒ අතරින් අවටම ආලෝකවත් කරමින් හිරු නැගී සිටී.

හංවැල්ල ඇඔුල්ගම රජමහා විහාරයට අයත් භූමියේ විශාල ගල්තලාවතුල කිසියම් ගුප්ත කටයුත්තක් සිදුවෙමින් පවතී.

කඩුවකින් සහ පලිහකින් සන්නද්දව සිංහල හේවායෝ සීරුවෙන් සිටිති. හෙළ ඇදුමින් සැරසීගත් පිරිසක් මලින්, සුවඳ දුමින් දෙවියන්, යකුන් පුදති.
ප‍්‍රධාන ඇදුරු තුමෙකි, ඔහු ප‍්‍රධාන ගුරුන්නාන්සේය. මෙහි සිදුවන්නේ කුමක් ද?
රූගත කිරීමක් හෝ රඟදඅක්වීමක් නොම සත්‍යම සිදුවීමකි. මෙවන් සිදුවීමක් ඔබ දැක ඇද්ද?.
කඩුවෙල කොරතොට අංගම් මඩුවේ ශිල්පීහු මහත් අභිමානයෙන් පනික්කි රණකෙලි පූජාවක් පැවැත්වූහ. අංගම්හරඹ ශිල්පය හදාරණ ශල්පීන් ආයුධ 9ක් පුහුණුව ලැබූපසු පනික්කි රාළ තනතුරට පත්කරයි. පනික්කි
රාළ යනුවෙන් හදුන්වන්නේ අංගම් මඩුවේ ආධුනිකයින්ට පුහුණුකිරීමේ සුදුසුකම් ලැබීමයි. අංගම් හරඹ හැදෑරූ ශිල්පීන් අංගම් හා ඉලංගම් ශිල්පයේ එන ගුස්ති සටන්, රිටි සටන්, රිටිකැරකැවීම, පිනුම් හරඹ, කඩු පළිහ සටන්, ඉලංගක්කාර කඩු සටන්, හෙල්ල පලිහ සටන්, එතුණු කඩු කැරකැවීම, එතුණුු කඩු සටන, නිරායුද සටන හා තැරැුක්ක සෙල්ලම් කිහිපයක් මෙහිදී ප‍්‍රදර්ශනය විය. පැනුම් පිනුම් වලින් සමන්විතව කළ හරඹ මනා පුහුණුවකින් පසු ඉදිරිපත් කළ බව අපි දැක්කෙමු.
විශේෂයෙන් මෙහිදී දැඩි විනයත්, භාවනායෝගීබවත්, නිතර නිතර කළ අභ්‍යසවලින් ලත් මනා පුහුණුවත් ගුරු ගෞරවයත් අපි දුටුවෙමු.
මෙම සටන් අතර එතුණු කඩුකරකැවීම, එතුණුු කඩු සටන, ඉලංගක්කාර කඩු සටන් මහත් සංයමයකින් කළ යුතුය. අකුණු වේගයෙන් කරන කඩුකරකැවීම ඇස් අදහාගත නොහැකි තරම්ය. ඒ සඳහා මහත් පුහුණුවක් මෙන්ම සංයමයත් අත්‍යවශ්‍යය.
අජන්ත ගුරුන්නාන්සේ එතුණු කඩු කැරකැවීම ශිල්ප දැක්වූ ආකාරය ඉතා මනරම්ය. එදා හෙළයින් සතුව පැවති මේ උරුමය අපේ කාලයේ යෞවනයෙකු උරදරා සිටී.
මූන වසාගෙන පැමින ක්ෂණයකින් පහරදී අතුරුදන් වීම අංගම් හරඹ ශිල්පයේ තවත් එක් සටන් ක‍්‍රමයකි. මෙහිදී කළු රෙදි පටියකින් තම මුහුන් වසා සටන්කරයි. පහර දෙන්නේ කවුදැයි සිතීමටත් කලින් ක්ෂණයකින් ගස් ගල් උඩින් පැන පිනුම් ගසා පහරදීම මෙහිදී සිදුවේ.
එදා පරංගි සේනා කොළඹ බළකොටු බැඳ තිබූ අවදියේ ටිකිරි කුමරා සීතාවක පුරයේ සිට ගොස් දිනකට පරංගින් 50ක් පමණ පෙති ගසා එන්නේ අංගම් හරඹ ශිල්පය දක්ෂ ලෙස ප‍්‍රගුුණ කළ නිසාවෙනි.
ටිකිරි කුමරාගේ ලේ ඥාතීන් වන කොරතොට මහන්ත ආරච්චි පරපුරේ වර්තමාන ගුරුදෙවියා අජන්ත
ගුරුන්නාන්සේ ද එදා ටිකිරි කුමරා සේ සවිබලය. එඩිතරය. තම ගේලයින් හා නිරායුද සටනකට පිවිසි අජන්ත ඒ බව මනාව ඔප්පු කෙළේය. පහරදීම්, පහරදීීම් වලකාලීම්, සමූහයක් සමඟ එකවර සටනට පිවිස විරුද්ධවාදියා පරාජය කිරීමේ ක‍්‍රම අපි දැක්කෙමු,
අංගම් ශාස්ත‍්‍රයේ තැරැුක්ක සෙල්ලම් යනුවෙන් කොටසක් ඇත. එහිදී සිදුවන්නේ සටන් ශිල්පියාගේ විවිධ දස්කම් ගෙනහැර පෑමය. මෙහිදී සටන් කරුවෙක් කිසිදු ආයුදයක් නොමැතිව පොල් ගෙඩියක් මිනිත්තු දෙක තුනකදී අතින් ලෙලි ගසයි.

ඇඟ කිලිපොළා යන සටන්ක‍්‍රම වලින් යුත් මෙම සටන් අපේ උරුමයයි. අපේ ප්‍රෞඩත්වය ලොවට විදහා පෑමට ඇති ශක්තියයි. ලොවේ කිසිවකට නොදෙවෙනි අපේ අංගං හරඹ ශිල්පය රැුකගැනීමට මහන්ත ආරච්චි අජන්ත ග-ුරුන්නාන්සේ ඉදිරිපත් වී සිටීයි .
ඔහු තරුණයි. 28 වියෙහි පසුවන අජන්ත තම පරපුර පණමෙන් රැුකගෙන ආ ශිල්පය අනාගත පරපුරට රැුකදීම සඳහා තම ජීවිත කාලයම කැපකරමින් සිටී.එය තමාගේ වගකීම බවත් තමා ඒ සඳහා දිව්රුම් දී ඇති බවත් ඹහු පවසයි.
මෙම කාර්යය පහසුකටයුත්තක් නොවන බවත් අංගං මඩුවක් තනා ගැනීමත් අද ඉතාමත් අපහසු කටයුත්තක් වී ඇති බව කියනූ ඹහු මේ සා විශාල අපේ උරුමය සඳහා මෙතෙක් කිසිම රාජ්‍ය අනුග‍්‍රහයක් නොලැබීම අවාසනාවට කරුණක් බව කියයි .
අතීතයේ අප රට ජාතිය ආගම පරයින්ගෙන් රැුකගත්තෝ අංගං සටන් ශිල්පීහුය. අංගං ශාස්ත‍්‍රය අපේ ජාතික උරුමයකි. අවුරුදු 7දී අංගං සටන් ශිල්පයට පිවිසි අජන්ත, වත්තේ පොල් කැඩූ පසු තම සීයා විසින් සියළු පොල්ගෙඩි අතින් ලෙලි ගසන ලෙස දුන් උපදෙස් අංගං ශිල්පය මතු පරපුරට රැුකදීම සඳහා කළ උපක‍්‍රමයි.
එසේම කැලේට ගොස් බෙහෙත් වර්ග බෙහෙත් පැලෑටි සොයාගෙන එන ලෙස උපදෙස් දුන්නේය. එසේ කළේ සටන් ශිල්පයට වෙදකමද ඇතුලත් වන බැවිනි.
එසේම කුඹුරු වැඩවලදී මී ගවයින් ඒ සඳහා යොදා නොගෙන පොල්කොට කරේ කියාගෙන තමන් ඒ කාර්ය කළ බවත් වී ගෝනි කරතබාගෙන දිව් බවත් තම ශක්කිමත් භාවයත් ධාරණ හැකියාවත් එයින ප‍්‍රගුණ කළ බවත් අපට පැවැසීය.
අතීතයේදී විදේශ ආක‍්‍රමණ හමුවේ අප මව්බිම රැුකගත්තෝ මෙම අංගං ශිල්පීහුය. මෙම සටන් ශිල්පය ඉගෙනීම සඳහා සිංහල බෞද්ධයකු වීම අනිවාර්ය ය. මෙම සටන් ක‍්‍රමයේ රහස් ක‍්‍රම රැුක ගැනීම සඳහා ඉවසීමේ ගුණයත්, සංයමයත්, භාවනා යෝග ීබවත් මෙම සටන් අනිවාර්ය අංග බැවිනි.
එසේම එක්වරම පැමිණ මෙම සටන් ශාස්ත‍්‍රය පුහුණුකළ නොහැකිය. ඒ සඳහා චාරිත‍්‍ර වාරිත‍්‍රවලට මුල් තැනක් දෙයි. වේලාපත්කඩය බලා ආයුෂ ධාරණ, ශක්තිය, කුන්ඩලණි ශක්තිය, දරාගැනීමේ ශක්තිය, ග‍්‍රහ අපල දොස් බැලීමෙන් සුදුසු නම් පමණක් සටන් කලාව ප‍්‍රගුණකිරීමට තෝරාගැනෙයි. විවිධ අඩව් පුහුණුකළ යුතු වෙයි. එසේම අභ්‍යස, භාවනා, ජෝ‍යතිෂය, වෙදකම, නිල ශාස්ත‍්‍රය සියල්ල ආධුනිකයකු විසින් මනා ලෙස හැදෑරිය යුතුයි. ඒ මෙම ශාස්ත‍්‍රය සටන් ශිල්පයක් පමණක් නොවන බැවිනි. එය දේශීය වෙදකමේත්, යක්ෂ ගෝත5ිකයන් නිර්මාණය කළු සුවිශේෂී භාවනා ක‍්‍රමත්, මන්ත‍්‍රශාස්ත‍්‍ර, යෝග ක‍්‍රමඇතුලු සියළු ශාස්ත‍්‍රවල එකතුවකි. දේශීය නිල ශාස්ත‍්‍රය මත ස්නායු රෝග සුවකිරීමට ද ඕනෑම තුවාලයක් සඳහා බෙහෙත් වර්ග ද, කැපුම් තුවාලයක් ක්ෂණකව සුව කිරීම හා වෙනත් දේශිය වෙදකමේ හාස්කම් ද අංගං ශිලපයේ පවතින බව අජන්ත ගුරුන්නාන්සේ අප සමඟ පැවැසීය.
අංගං ශාස්ත‍්‍රය පරතෙරටම ගොස් සිටි ඔහුගේ මුතුන් මිත්තෝ තම ශිල්පය පණමෙන් රැුක ගත්හ. සෑම විටම මවුබිම ආරක්ෂාකිරීමේ වගකිම පැවරී තිබුණේ අංගං ශාස්ත‍්‍රයේ පරතෙරටම ප‍්‍රගුණකළ මුතුන් මිත්තන්ටය. එම පරපුරෙන් පැවත එන කොරතොට මහන්ත ආරච්චි පරම්පරාව මෙම සටන් ශිල්පය අනාගතයට රැුක දීමට විවිධ අපහසුකම් මධ්‍යයේ කටයුතු කරමින් සිටී.
අතීතයේ විවිධ අවස්ථාවලදී පරයින් හමුවේ අප මවුබිම ආරක්ෂාකළ සටන් ශිල්පය කිසිම වගකීමක් නොමැතිව ඇතැම් අය පරදේශක්කාරයින්ට ඉගැන්වීම කනගාටුදායක බවත් එයින් එම සටන් ශිල්පය විනාශමුඛයට ඇදී යනබවත් අජන්ත අප සමඟ පැවසීය.
එම නිසා තම පරපුර රහසේ කරගෙන ආ අංගං හරඹ සටන් ශිල්පය අළලා ප‍්‍රථම වතාවට ප‍්‍රසිද්ධියේ රණකෙලි පූජාවක් පැවැත්වූ බව ඔහු කියයි . එමගින් අංගම් පොරනමින් බිහිවී ඇති ව්‍යජ සටන්ක‍්‍රමවලින් (කලරි, මලයාලම් වැනි ඉන්දීය සටන් ක‍්‍රම) පිරිසිදු අංගං හරඹ ශාස්ත‍්‍රය අනාගත පරපුරට උරුමකරදීමට අපේක්ෂා කරයි.
අංගං ශාස්ත‍්‍රය ඉතා ඈත ඉතිහාසයත් ඇති ශාස්ත‍්‍රයකි. එය රාවණයුගය දක්වා දිවයයි. රාවණ රජුගේ පුත්
ඉන්ද්‍රජිත්ගෙන් පසුව ඉන්ද්‍රජිත්ගේ පුතනුවන් දෙදෙනෙකු වූ කේවේසස්ථ හා රවිශෛලාංත මෙම සටන් ශිල්පය පරතෙරටම ප‍්‍රගුණ කළ අයයි.
රවීංශෛලාංත ගෙන් කොරතොට ආරච්චි පරම්පරාව පැවත එයි. කොරතොට ආරච්චි පරම්පරාවෙ ආරච්චිවරු 18 දෙනෙක් වූහ . ඒ අයගෙන් වැඩි දෙනෙක් අංගං ශිල්පයේ පරතෙරටම ගිය අයයි. මෙයින් මදුරප්පෙරුම ආරච්චි, කුරුප්පු ආරච්චි, පලිහේන ආරච්චි, මහන්ත ආරච්චි කියන පරම්පරා පමණයි අද ඉතුරුවී සිටින්නේ.
මහන්ත ආරච්චි යනු ප‍්‍රධානයාය ි. යුද්ධයට අවශ්‍ය අංගං සටන් පුහුණුකිරම, ඉගැන්වීම පැවරුණේ මහන්ත ආරච්චිටයි.
කඩුවෙල කොරතොට රජ මහා විහාරය ආශි‍්‍රතව අංගං මඩු තුනක් පිහිටා තිබීණි . කඩුවෙල රුක්ගහවත්ත, හෝකන්දර, අතුරුගිරිය, හංවැල්ල, රණාල, දැඩිගමුව ඇදී ප‍්‍රදේශ වලින් හැඩි දැඩි ශක්තිමත් තරුණයෝ අංගං සටන් පුහුණුව ලදහ.
1505 දී පෘතුගසීහු ලංකාව ආක‍්‍රමණය කළහ. සිංහලයින්ට මහත් පීඩා විඳින්නට සිදුවිය. පරංගීහු රට වනසමින් සිටියහ. ස්තී‍්‍රන් දුෂණය කළහ. දේපොළ කොල්ල කෑහ. බෞද්ධ ආගම වෙනස්නොකරන ලද සිංහලයින් මරාදැමීමටත්, පන්සල්, දේවාල ගෙවල් දොරවල් ගිණිතැබිමටත් පෙළඹුණාහ. ආගම වෙනස් නොකළ සිංහලයින්ගේ දරුවන් උඩදමා කඩුව ඇල්ලිමට තරම් මිලේඡු විය. සිතාවක ටිකිරි කුමරු යටතේ සිංහල සේනාවෝ රහසේ සංවිධානය වූහ. රහසේ කොළොඹ ගොස් පරන්ගීන් මරා දමා ආපසු පැමිණියහ. එම ප‍්‍රහාර වේගවත් විය. පරන්ගීන්ට දරාගැනීමට නොහැකිවිය. පරංගීහු අංගං සටන්කාමින් මරාදමමින් අංගංමඩු පිටින්ම ගිනිි තැබූහ.
1559 දී පමණ සීතාවක මායාදුන්නේ රජුගේ පුත‍්‍රයා වූ ලාබාල ටිකිරි කුමරා පළමු රාජසිංහ නමින් රජ තනතුරට පත්වී සිටියේය. සීතාවක රාජසිංහ නමින්ද එතුමා හැදින්විූය.
සේනාධිපති හැටියට කටයුතු ාකළේ වික‍්‍රමසිංහ මුදලිතුමාය. මේ වෙනවිට මුල්ලේරියාව සටන් ආරම්භවී තිබුණි.
එම ඓතිහාසික සටන ලංකා ඉතිහාසයේ රන් අකුරින් ලියැවිණි. එම මුල්ලේරියාව සටනේදී පරන්ගීන් සමපූර්ණයෙන් පරාජය කිරිමට ටිකිරි කුමරා ප‍්‍රමුඛ සිංහල හේවායෝ සමත්වූහ. එහිදී මියගිය පරන්ගි ගණන 1600 ට වැඩිබව ඉතිහාසය තුළ ලියවී ඇත. පෘතුගීසීන්ගේ නවින අවි ආයුද තුට්ටුවකට මායිම් නොකල සිංහල සේනාව අතිවිශිෂ්ට ජයක් ලැබීය. එම සටනෙන් පසුව මුල්ලේරියා වැව හා කුඹුරු යාය සම්පූර්ණයෙන් රත් පැහැ ගැන්වුණ් බව සඳහන් වෙයි.
මුල්ලේරියා සටන් පවතිත්දි ටිකිරිකුමරාගේ සේනාධිපති වික‍්‍රමසිංහ මුලිතුමා තුවාල ලැබීය. පසුව රජතුමා සටනට අවශ්‍ය උදව් බලාපොරොත්තව කොරතොට රජමහා විහාරයට පැමිණිය හ.
මේ අතර සිංහල හමුදාවේ රණ ශූරයකු වූ මුල්ලේගම අලි ඇතුන් මෙල්ල කිරිම සඳහා සටන් ක‍්‍රම ඉගැන්වීම
සිදුකළහ. ඔහුගේ සටන් ක‍්‍රමය වූයේ එක් අයකු දුවගොස් අලියා ඉදිරිපිට පහත්වීමයි. පසුව තවත් අයෙක් දුවගොස් ඔහුගේ කර උඩට නැග අලියාගේ කුම්බස්තලයට වේගවත් වැලමිට පහරක් දෙයි. එම පහරත් සමඟ අලියා මැරි බිම වැටෙයි.
මෙම සටන් ක‍්‍රම මගින් මුල්ලේරියාව ජයග‍්‍රණය කළ රණ ශූරයින්ට රජතුමාතෑගි දුන්නේය. කඩුවෙළ අශි‍්‍රත හේවාගම් නමින් ගම්වරයක්ද දුන්නේය. හේවාගම නමින් නමින් අද හැදින්වෙන්නේ එම ප‍්‍රදේශයයි.
කොරතොට ආශි‍්‍රත ප‍්‍රදේශය සටන් පැවති ප‍්‍රදේශයකි. කඩු හංගා තැබූ වෙල්යාය කඩුවෙලෙය. මුල්ලේරියා වැවේ කොටසක් අද ද දැකගත හැකිය. කොළොඹ හංවැල්ල මාර්ගයේ ගල්වාන ප‍්‍රදේශයේ ගල්වාන රාජමහා විහාරය භූමියේ ගිරි ශිඛරයෙන් පහත නිරීක්ෂණය කිරීමෙදී මෙම මුල්ලේරියා වැව දැකගත හැකිය.
පසුව සීතාවක රජතුමා මියගිය පසු අංගං සටන් ශිල්පීන්ට විවිධ වූ අඩම්තේට්ටම් කරදරවලට මුහුණ පෑමට සිදුවිය. සටන් කරුවකු මැරීමට පරංගි හමුදාව විශාල පිරිසක් ආහ. විහාර දේවාල බිමට සමතලා කළහ. කැලණිය රාජමහා විහාරයත් ඒ අතර විය. නවගමුව පත්තිනි දේවාලය අට වරක් බිමට සමතලා කළහ.
මෙසේ හෙයින් ඔවුනට පක්ෂපාත බවක් දැක්වීමට ආරච්චිවරු ද පෘතුගීසි නම් භාවිතාකර ඇත. ඒ නම් අතර පෙරේරා නම ද විය. කොරතොට මහන්ත ආරච්චිගේ අජන්ත පෙරේරා අද අංගම් ශිල්පය පණ මෙන් රැුකීමේ වගකීම භාරගෙන සිටයි අජන්ත මහන්ත ආරච්චි ට පෙරේරා නාමය එක්වූයේ එසේය.
ටිකිරි කුමරු යටතේ මෙන්ම පළමු වැනි විමලධර්මසූරිය රජු යටතේත් දෙවැනි රාජසිංහ රජු යටතේත් දන්තුරේ, බලන හා රන්දෙණිවල ප‍්‍රදේශවලදී ද ප‍්‍රතිකාලූන්ට අන්ත පරාජයක් අත්කරදෙමින් සිංහල හේවායන් ජය ගත්තේ අංගම් සටන් ශිල්පය උපයොගී කරගනිමිනි .
ඉ ංගී‍්‍රසිහු ද ඔවුන්ට එල්ලවන ප‍්‍රහාර හමුවේ අංගං ශිල්පය තහනම් කළහ. 1817 කැරැුල්ලෙන් පසුව ගැසට් නිවේදනයකින් අංගං ශිල්පය තහනම් කර එසේ නොනැවතී අංගං සටන් ශිල්පීන්ට දණ හිසෙන් පහළට වෙඩිතබා ජීවිතාන්තය දක්වා සිරකර තැබීමටත් සියලූම අංගං ආයුධ අත් අඩංගුවට ගෙන අංගං මඩු ගිනි තැබීමටත් නියොග කළහ. කඩු කිණිසි භාවිතය ද තහනම් කළහ එපමණක් නොව ශක්ති ජනක ඖෂධයක් බව කියන අබිං පවා තහනම් කළහ.
මේ අවස්ථාවේදී මහන්ත ආරච්ිචි පරපුර තම දිවි දෙවැනි කොට අංගං සටන් ශාස්ත‍්‍රය රහසිගතව රැුකගත්තේය. අංගං ශාස්ත‍්‍රය නැටුම් බවට හරවාගෙන සිංහ නැටුම්. කොටි නැටුම්, වලස් අඩිය ආදී නැටම් ශිල්ප ලෙස ඉතා රහසිගතව රැුකගෙන ආයේය.
ඒ අභීත පරපුරේ විරුවෝඅදත් එම ශිල්පය රැුකගනිතිී. මෙම ශාස්ත‍්‍රය රැුකගැනීම සඳහා අජන්ත ගුරුන්නාන්සේ තරුණයනට ද ආරාධනා කරයි. මේ සඳහා අංගං ශාස්ත‍්‍රයට ආදරය කිරීමත්, කැපවීමත්, විශ්වාසයත් ඇතිකරගත යුතුය.
අංගං ශාස්ත‍්‍රය අංගං ඉලංගං හා මායා අංගං යනුවෙන් කොටස් තුනක් ඇත. අංගං අවි ආයුද සමඟ කරන සටනයි. ඉලංගං ආයුද රහිත සටනයි මායා අංගං යනු යන්ත‍්‍ර මන්ත‍්‍ර, ජ්‍යොතිෂ්‍යය ආදියයි. පරංගීන්ගේ කාලතුවක්කු මතට මන්ත‍්‍ර ශාස්ත‍්‍රයෙන් කළ මැතිරීම් මගින් කාලතුවක්කු පවා කි‍්‍රයාවිරහිත කරවූ බව සඳහන්ය.ශූර අංගං ශිල්පියකු වීමට මෙම අවස්ථා තුනම ප‍්‍රගුණ කළ යුතුය.
වෙල්ලක්කාර සටන් පරපුරේ මහන්ත ආරච්චි පරපුරෙන් පැවත එන ඉලංගම හතරවැදෑරුම්ය හතර ඉලංගම මෙසේය. කවිකාර ඉලංගමෙන් රජතුමාට ප‍්‍රශස්ති ගායනා ඉදිරිපත් කැරුණි කියා රාජකුමාරවරුනට කුමර
සෙල්ලම් හෙවත් යුද පුහුණුව දුන්නේ වාහල ඉලංගමෙනි. නර්තන හා ඒ ආශ‍්‍රිත සිදුකළ දේ් නැටුම් ඉලංගමට අයිති විය. අංගං ශාස්ත‍්‍රය සිංහල මල්ලව පොර හෙවත් ගුස්ති ශාස්ත‍්‍රය ඉලංගං ශාස්ත‍්‍රය, පැනුම්, පිනුම් ශාස්ත‍්‍රය ආදී යුද්ධයට අවශ්‍ය සියළු සටන්ක‍්‍රම හරඹ ඉලංගමයි. මෙහි වර්තමාන හිමිකාරයා අජන්ත මහන්ත ආරච්චි ගුරුතුමාය.
අංගම් ශාස්ත‍්‍රයේදී අවි 21 ක පුහුණුව ලැබිය යුතුය. තම පරපුරෙ-හි මුතුන් මිත්තන් පරිහරණය කළ අවි ආයුද තමන් සතුව ඇතැයි අජන්ත පැවසීය. ඒ අතර කස්තාන, කලාකිරිඤ්ඤ, නයිපෙන කඩු, සිංහකඩු, සුදු කඩු, කිනිසි, කිරිච්චි ඒ අතර ප‍්‍රධාන වෙයි.
කස්තාන යනුවෙන් හදුන්වන කඩුව මිටෙහි කැටයමින් කළ සිංහ මුහුණු හයක් හෝ හතක් ඇත. මෙම කස්ථාන පෞරාණික කඩු වර්ගයකි. ගාම්භීර තේජවන්ත බව කස්තානයෙන් දිස්වෙයි. සුදු කඩුුව ද වශේෂ කඩු වර්ගයකි. එම කඩුව නිමකර ඇත්තේ සුදු වානේ වලිනි. එම සුදු වානේ ශී‍්‍ර ලංකාවෙන් දැනට සොයාගැනීම අපහසුය. එය ද පෞරාණික කඩු විශේෂයකි. එසේම ඇත්දළ කැටයමින් යුත් කඩු ද ඇත. කලාකිරිඤ්ඤ ගෝන අං, හරක් අං හා මුව අංවලින් නිමකර ඇත. මෙම අංවර්ග විෂ සහිතය.
අංගං ශිල්පය ඉතිහාසය වසර තිස්දහසක් පමණ දක්වා පැරණියැයි අපහට අදහස් දැක්වූ අජන්ත පැවසීය. යක්ෂ ගෝත‍්‍රිකයින්ගෙන් පැවත එන අංගං ශාස්ත‍්‍රය රණ කෙළි පූජාවක් නැරඹීමේ වරම අපට ලැබිණි. එය මහත් වාසනාවක් කොට අපි සලකමු.
රහසේ පවත්වාගෙන ආ ශාස්ත‍්‍රය පථම වරට රණකෙළි පූජා උත්සවයක් රාවණ නැකතින් ආරම්භකළේ ඓතිහාසික ඇඹුල්ගම රාජමහා විහාරයට අයත් කදු ශිඛරයේ ඇති ගල්තලාව මතය. ගලින් ගල අඩිය තබමිින් හිමිදිරියේ එම ගල්තලාවට ගියෙමු . එම ස්ථානයේ කිසියම් ගුප්ත බවක් ඇතැයි පළමු වරට එහි ගිය අපට දැනිණිි. මොහොතක් ගතවෙත්ම මනාකොට ඒබව අපට වැටහෙන්නට විය.
නියම හේවායන්ගේ විලාසයෙන් අප ගුරුන්නාන්සේ ප‍්‍රමුඛ අංගං ශිල්පීහු අපේ ප්‍රෞඩත්වය අපගේ ඇස් පනාපිටම පෙන්වූහ. සටන්කෙළි පැවති භූමියට සීමාපැනවිණි. අංගං ශිල්පින් නොවන අයට ඇතුල්වීම තහනම් විය. ඒ මෙම ස්ථානය පත්තිනිදෙවියන් තම දෝණිය හා පුතාට අංගං සටන් ඉගැනවූ භූමිය බව කියැවිණි ඒ වසර විසිදහසකට කලිනි.
පත්තිනි දේවිය පතිවත රැුකි කාන්තාවකි. පත්තිනි දෙවියන් මෙන් අංගම් ශාස්ත‍්‍රය ප‍්‍රගුණ කළ තවත් කාන්තාවන් මෙම සටන් ඉතිහාසයේ සඳහන්වෙයි. ඒ අතර කුවේණිය ද වෙයි.
පසුකාලීනව සීතාවක රාජසිංහ රජතුමාගේ සීතාවක රාජධානියේ සේනාධිපතිනියක නවරත්න මැණිකේ ද අංගං සටන් ශිල්පය හොදින්ම ප‍්‍රගුණකර සිටි සටන්කාමී කාන්තාවකි.
මහනුවර යුගයේදී සෙනරත් රජු යටතේ ගලබොඩ කුමාරිහාමිද සේනාධිපති තනතුර ද පසුව ඒද`ඩුවාවේ දිසාපති තනතුරද දරා ඇත. එවන් වීර තරුණියෝ දෙදෙනෙක් ද අංගං ඉලංගං හරඹ පනික්කි රණකෙළි පූජාවේදි දුටිමු. තමා ලත් ශිල්පශාස්ත‍්‍රය කිසිවිටකත් අයුතු ප‍්‍රයොජන සඳහා යොදා නොගන්නාබව බුදුන්වහන්සේ ඉදිරියේ ද රාවණ දෙවියන් ඉදිරියේ ද, කතරගම මහසෙන් දෙවියන් ඉදිරියේ ද(කතරගම දෙවියන්*, පත්තිනි දෙවියන් ඉදිරියේ ද, රාසිං දෙවියන් ඉදිරියේ ද (ආරච්චි පරපුර සීතාවක රාජසිංහ රජු රාසිං දෙවියන් ලෙස අදහති* යක්ෂ ගෝත‍්‍රයේ මියගිය නෑ යක-ුන් ඉදිරියේ ද අංගං ශිල්පිහු දැඩිලෙස දිව්රුම් දී පොරොන්දු වෙති.
රාම රාවණ යුද්ධයත් ඉතිහාසයේ අංගං සටන් එළිදැක්වුණු අවස්්ථාකි. එමෙන්ම දුටුගැමුණු එළාර යුද්ධයත්, දුටුගැමුණු රජ සමයේ පතල ද්වන්ද සටනක් වූ ජයසේන හා ගෝඨයිම්බර අතර සටනත් අංගංහරඹ වලින් යුක්ත වී ඇත.
එසෙම පොළොන්නරු යුගයේ මහා පරාක‍්‍රමබාහු රජ සමයේදීත් අංගං සටන් එළිදැක්විණි.

 උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

රාවණ දේවත්වයෙන් පුදන ‘යක්කම’...(rawana අබිරහස් අඩවිය - Abirahas Adawiya)


රාවණා රජු පිළිබඳව මෑත කාලයේ ජනතාව අතර වැඩි අවධානයක් යොමුවී තිබේ. ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳව විවිධ මත පළවීමත් සමග මේ තත්ත්වය උදා වන්නට ඇතැයි යමෙකුට සිතිය හැකිය. එහෙත් අතීතයේ සිටම රාවණා රජු දේවත්වයෙන් වැඳුම් පිදුම් කරන ජන කොට්ඨාසයක් අදටත් සිටිති. එම ජනතාව අතීතයේ සිටම රාවණා රජු පිදීම සඳහා විශේෂ වූ වැඩ සටහනක් කරති. එය ඔවුන් සිදු කරනු ලබන්නේ දෙවියන් යැදීම මෙන්ම දෙවියන්ගෙන් තම ජනතාවට පිහිට ආරක්ෂාව ලබා ගැනීම සඳහාය. රාවණා රජුට දේවත්වයෙන් වැඳුම් පිදුම් කරන ගම්මානයේ ජනතාවගේ මෙම උත්සවය හා දේව පූජාව දැක බලා ගැනීමට මෙවර අපි ද එක් වුණෙමු.
මාතලේ දිස්ත‍්‍රික්කයට අයත් ලග්ගල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ලකේ ගල පාමුල පිහිටි රණමුරේ ගම්මානයේ ජනතාව මෙසේ රාවණා රජු දේවත්වයෙන් සලකති. ඔවුන් වාර්ෂිකව පවත්වනු ලබන උත්සවය ‘‘රාවණා යක්කම’’ වෙයි.  රණමුරේ ජනතාව කියා සිටින්නේ ‘‘රාවණා යක්කම’’ පරම්පරා ගණනාවක සිට පැවැත එන දෙයක් බවයි.
15pg-23d--taks-pgs
ඔවුහු හිරු නැග එන මොහොතේ සිට හිරු බැස යන වේලාව දක්වා එක් ස්ථානයක සරසා මෙම පූජාව, පෙරහර පවත්වති. මෙම ‘‘යක්කම’’ පවත්වන්නට දින තීරණය කරනු ලබන්නේ මාසයකට පමණ ඉහත දී ගමේ දස දෙනෙකු එක්ව කරනු ලබන සාකච්ඡුාවකින් පසුවය. ඒ අනුව සාම්ප‍්‍රදායික සිරිත් අනුව බුලත් හුරුලූ දී දේවාලයේ ප‍්‍රධාන කපු මහතාට හා ගමේ වැඩිහිටි පිරිසට දැනුම් දී මේ දස දෙනා හා තවත් අවතේවකරුවන් පිළිහුඬුවලින් තොර වී පේවී සිටිති.
‘‘යක්කම’’ පවත්වන්නට පෙර දී ගම්මුන් දේවාලයට පැමිණ යහන් තනා අලංකාර තොරණක් ද සවි කරති. පසුදා උදේ ඉරු නැගෙන්නට පෙර දේවාලයේ තැන්පත් කර ඇති ඉපැරණි යකඩ ආයුධ, කැති, කඩු, කිණිසි හා තවත් එවැනි ආයුධ මිටියක් ලබාගෙන එම ආයුධ පෙරහරකින් ගලා යන පිරිසිදු ජල පහරකට රැගෙන ගොස් සෝදා පිරිසිදු කොට ඒවායේ මුල පුවක් මල් බැඳ නැවත පෙරහරකින් දේවාල භූමියේ පෙර දින තැනූ යහන අසලට රැුගෙන එනු ලබයි. එම ස්ථානයේ දී ප‍්‍රධාන දේවගැති කපු මහතා එම ආයුධ එකෙන් එක ආරූඩයෙන් පේ කිරීම සිදු කරනු ලබයි. එසේ කරනුයේ බණ්ඩාර දෙවියන් හට බව ඔවුහු කියති. බණ්ඩාර දෙවියන් බවට පත්වී සිටිනුයේ රාවණා රජු බව ගම්මුන්ගේ විශ්වාසයයි.
එම ආයුධ අතර කුරුල්ලා බැඳි ආයුධයට සුවිශේෂී ස්ථානයක් හිමි වන අතර එය හිස මත තබා දේව ආශිර්වාද ලබා දීමෙන් ගම්මානයේ ජනතාවගේ හරක බාන වතු පිටි සියල්ල ආරක්ෂා කර දීමට දෙවියන් පොරොන්දු වෙයි. මෙම ස්ථානයට දෙවිවරු හත් කට්ටුවක් බැල්ම හෙළන බව ද ජනතාවගේ විශ්වාසයයි.
රණමුරේ ගම්මානයේ පැවැත්වෙන රාවණා යක්කම සඳහා විශේෂයෙන් ලග්ගල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විශේෂ අනුග‍්‍රහය ලැබෙන අතර දැනට සිටින ප‍්‍රාදේශීය ලේකම්වරයා ද යක්කමට බෙහෙවින් දායකත්වය ලබා දෙන අතර දිවයිනේ විවිධ ප‍්‍රදේශවල ජනතාව ද යක්කමට පැමිණෙති.
රණමුරේ ගම්මානයේ රාවණ සංස්කෘතික කමිටුව නමින් සංවිධානයක් ද ආරම්භ කර ඇත.
රාවණ සංවිධානයේ සභාපතිවරයා වන රණමුරේගම පදිංචි ඩබ්ලිව්.එම්.කේ.ජී. කෝවිලමුල්ල මහතා කියා සිටින්නේ තම පරපුරේ පිරිස යක්ෂ ගෝත‍්‍රයෙන් පැවැත එන බවයි.
dfh
‘‘වසර 2500කට එහා ගිය රාවණ පරම්පරාවෙන් උරුමකම් අපිට තිබෙනවා. ඒ සඳහා  ඕනෑ තරම් සාක්කි තිබෙනවා. ලග්ගල, ලකේ ගල හොඳම උදාහරණ.’’”අපි විජයගෙන් පැවත එන බව හුවා දක්වලා තියෙනවා. ඒක වෙනස් විය යුතුයි. රාවණා රජුගේ ඉතිහාසය විජයට එහා ගිය එකක්. රාවණා රජු දස බලයෙන් අග තැන්පත්ව නම් හතරකින් පෙනී සිටි අසහාය බලයක් අනුහස් ඇති විශ්වයටම බල පරාක‍්‍රමය පතුරුවපු අයෙක්.’’ සභාපතිවරයා එසේ අප සමග කීවේය.
මෙම යක්කම නමැති ශාන්තිකර්මය යන අතරතුර දී ‘‘රාවණ වගතුග’’ නම් පත‍්‍රිකාවක් එහි පැමිණෙන සෑම දෙනා වෙත ලැබෙන්නට සැලැස්වීමට සංවිධායක මණ්ඩලය සූදානම් කර තිබිණි. එහි ලග්ගල, ලකේ ගල, රාවණා රජුට ඇති සම්බන්ධතාව පිළිබඳව සටහන්ව තිබුණේ මෙසේය.
‘‘රාවණා රජුගේ මාළිගය සීගිරියේ පැවැති බවත් එය ආලකමන්දාව ලෙසින් නම් කර ඇති බවත් ජනප‍්‍රවාදයේ සඳහන් වේ. එසේම ගිරි මුදුන්වල රාවණා රජුගේ වාසස්ථාන පැවති බවත් එහි දී ලකේ ගල සුවිශේෂී ස්ථානයක් ලෙසත් සැලකේ. ඔහුගේ රිය ලෙස දඬුමොණරය ගුවන්ගත කිරීම සඳහා ආරක්ෂිත ස්ථානය ලෙස ලකේ ගල යොදාගෙන ඇත.
මෙවැනි තොරතුරු රැුසක් ඇතුළත් එම වර්ණනාව අවසන් කර ඇත්තේ මෙසේය.
‘‘සීතා පැහැරගෙන ඒමත් සමග රාම රාවණ යුද්ධය හටගනී.’’
‘‘මෙම යුද්ධයේ දී රාවණා රජුට තම පුත් ඉන්ද්‍රජිත් විශාල මෙහෙයක් සැපයූ බව ද සඳහන් වේ. රාවණාගේ එක් සහෝදරයකු වූ විභීෂණ රාජ්‍ය බලයට ලොල් වූ හෙයින් රාමා හමුවේ තම සහෝදරයා වූ රාවණාගේ සියලූ යුද රහස් හෙළි කළ බව ජනප‍්‍රවාදය සාක්ෂි දේ. මෙය හෙළයන්ගේ මුල්ම පාවා දීම බව පැවසේ. මෙම යුද්ධයෙන් රාමා විසින් එල්ල කළැයි කියන හී සැරයකින් රාවණාගේ රාජධානිය වූ ලකේ ගල කොටස් කිහිපයකට කැඞී ගිය බවත්, එහි දී රාවණා රජු මිය ගියා හෝ සිහිමූර්ජා තත්ත්වයට පත් වූ බව ජනප‍්‍රවාදයේ සඳහන් වන්නකි.  
දුණුවිල සිට විදු ඊ තල සැර            වැදුණා
ගල කඩාන ගල පාමුල තිබු වැව      මැකුණා
ගුගුරා අහස හෙණ හඬ සේ හඬ      නැගුණා
හනුමා නිසා අද ලක්බිම අඳුරු        වුණා
රණමුරේ වැසියෝ වසරක් පාසා මෙසේ පවත්වනු ලබන ‘‘යක්කම’’ නමැති රාවණා රජු පිදීම සංස්කෘතික උරුමයක් ලෙස ආරක්ෂා කරමින් සෙසු ජනතාවට ද අඩුම තරමේ දැක බලා ගැනීමට අතීතය සමග මනසට සටන් කිරීමට හෝ ඉඩහසර ලබා දීමට හැකියාව ඇත්නම් යැයි ලග්ගලට සමු දෙද්දී අපට සිතිණි.
M

උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya