Showing posts with label පිටසක්වළ රහස්. Show all posts
Showing posts with label පිටසක්වළ රහස්. Show all posts

Friday, August 5, 2016

පිටසක්වළ ජීවීන් ගැන එඩ්ගා කේසි කළ විශේෂ හෙළිදරව්ව.. (edgar cayce අබිරහස් අඩවිය - Abirahas Adawiya)

එඩ්ගා කේසිගේ කියැවීම් පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වූ පරීක්‍ෂකයන්ගේ නිගමනවලට අනුව කේසි විසින් ප්‍රකාශ කරනු ලැබ ඇතැයි පැවසෙන්නේ අප ජීවත්වන පෘථිවිය සෞරග්‍රහ මණ්ඩලයේ පර්යේෂණායතනය බවය. ඒ නිසා පෘථිවි තලයට අෑත අතීතයේ සිටම පිටසක්වළ ජීවීන්ගේ ඇල්ම බැල්ම එල්ල වී තිබේ. අද නාසා ආයතනයෙන් පවා පෘථිවියට එන පිටසක්වළ ජීවීන් ගැන මහා පරිමාණයෙන් පරීක්‍ෂණ පවත්වන බව රහසක් නොවේ.
කේසිගේ වාර්තාවල විස්තර කර ඇති අන්දමට පෘථිවිය ගොවිපොළක් ලෙසට පිටසක්වළ ජීවීහු සලකති. බීජ වපුරන භූමිය සශ්‍රීක නම් දිලීර නාශක බෝ නොවන බවට ගොවියා සක්සුදක් සේ දන්නේ නම් බීජ රෝපණය කළ කුඹුරට නිතිපතාම ගොවියා පැමිණිය යුතු නොවේ. වරින්වර පැමිණ බලා ගියාට කමක් නැත.
පිටසක්වළ ජීවීන් පෘථිවිය කෙරෙහි දරන්නේ ඔන්න ඔය කියන අන්දමේ ආකල්පයක් බව කේසිගේ වාර්තාවලින් හෙළිවන බව පර්යේෂකයන් පෙන්වා දී ඇත. පිටසක්වළ ජීවීන් පියාඹන පීරිසිවලින් නැතහොත් විවිධ යානාවලින් පැමිණි බවට වරින්වර තොරතුරු අසන්නට ලැබෙන්නේ තම ගොවිපොළ නිරීක්‍ෂණය කර යන්නට පිටසක්වළ ගොවියන් පැමිණි අවස්ථා සම්බන්ධයෙන් බව පැවසේ.

යූෆෝ ලොජි නමින් විද්‍යාවක් පිළිබඳව අද මහා පරිමාණයෙන් පරීක්‍ෂණ පැවැත්වෙන්නේ එබැවිනි. යූෆෝ යන්න හඳුනා නොගත් පියාඹන වස්තූන් හඟවන කෙටි යෙදුම වේ. කවුරු මොනවා පැවැසුවද ඇමෙරිකාව වැනි බලවත් රටවලින් ලෝකයට අනාවරණය නොවන අන්දමින් මේ පිළිබඳව රහසිගතව පරීක්‍ෂණ පැවැත්වේ. පිටසක්වළ ජීවීන් ගැන එඩ්ගා කේසිගේ කියැවීම් තුළින් බොහෝ කරුණු කාරණා හෙළිවේ. අදට වසර ‍දොළොස් දහස් පන්සියයකට පමණ පෙර ඇට්ලන්ටිස් මහාද්වීපය ගිලා බැසීමටත් මැල්ඩෙක් ග්‍රහයා විනාශ වීමටත් පෙර ඒවායේ විසූ ජීවීන් වෙනත් දියුණු ග්‍රහලෝකවලට පලා ගොස් තිබේ. ඇට්ලන්ටිස් දීපයේ විසූ ජනප්‍රධානියකු හා විශේෂ පුද්ගලයකු වූ රාටා සමඟ ඇට්ලාන්ටිකානුවන් පිරිසක් ඊජිප්තුවට පැනගොස් 'පිරිමිඩ' ඉදි කළ අතර තවත් කොටසක් වෙනත් ග්‍රහලෝකවලට සිය යානාවල නැඟී ගොස් තිබේ. ඒ කේසිගේ කියැවීම්වලින් හෙළි වී ඇති කරුණු සමහරකි.


ඔහුගේ ප්‍රකාශ (කියැවීම්) අනුව සත්ත්වයාගේ ආධ්‍යාත්මය විපරිණාමය වන්නකි. අෑත අතීතයේ වීනස්, මාස් සහ මැල්ඩෙක් යන ග්‍රහ ලෝකවල විසූ ජීවීහු තුන් වැනි ස්තරයේ බුද්ධි තලයක විසූවෝ වෙති.
මේ පිළිබඳ දීර්ඝ විස්තරයක් රිඉන්කානේෂන් ඔෆ් එඩ්ගා කේසි යන කෘතියේ දැක්වේ. කේසි කියන පරිදි ජීවීහු මට්ටම් තල හයකට අයත් වෙති.
පළමු, දෙවැනි, තුන්වැනි ආදී වශයෙන් බුද්ධි මට්ටම අනුව සය වැදෑරුම් ස්තරවලට අයත් වන ජීවීන් තම බුද්ධිතලය උසස්වන විට ඊට ඉහළ ස්තරයට ඇතුළු වේ. මේ ජීවීන්ගේ ඉහළම තලය'' රා'' ලෙසින් හැඳින්වේ. රා යනු පුද්ගල සංකල්පයට වඩා ශක්ති ප්‍රජනන බලවේගයක් බවටද අනුමාන කෙරේ. ඩේවිඩ් විල්කොක් එය සමාජ ස්මෘති සංකීර්ණයක් වශයෙන් ආත්මීය සමූහයක් හඳුන්වා දී තිබේ.
ග්‍රහලෝක අතර පවත්නා අන්තර් සබඳතා අනුව රා කණ්ඩායම නැතහොත් ආත්මීය කණ්ඩායම ඇතුළු එම ජීවීහු තලයෙන් තලයට මාරු වෙති.
මැල්ඩෙක් ග්‍රහයා න්‍යෂ්ටික යුද්ධයකින් පුපුරා විනාශ වීමේ අනතුර ආසන්න වෙත්ම එහි සිටි ජීවීන් බොහෝ දෙනකු ඔවුන්ගේ ගගන යාත්‍රාවල නැඟී පෘථිවියට පැමිණ තිබේ. එම මැල්ඩෙකානුවන් ඇට්ලන්ටිකානුවන් සේම ඉතා බුද්ධිමත්ය.
කේසිගේ ප්‍රකාශවල තොරතුරු අනුව පෘථිවිය වනාහි පිටසක්වළ ජීවීන්ගේ පර්යේෂණායතනයක් පමණක්ම නොවේ. පෘථිවියට සත්ත්වයන්ට ජීවත් විය හැකි ග්‍රහලෝකාන්තර සම්මත නීතියට අනුව අධ්‍යයනයට සුදුසුම ක්‍ෂේත්‍රයකි. විනාශ වී ගිය මැල්ඩෙක් ග්‍රහයාගේ විසූ බොහෝ ප්‍රාණීන් තමන්ට ජීවත්වීමට ඉතාම සුදුසු ස්ථානය පෘථිවිය යැයි තීරණය කර පලා ආ බැවින් අද පෘථිවියේ වෙසෙන්නෝ බොහෝ දෙනෙක් මැල්ඩෙකානුවන්ගේ මුනුපුරු මිනිපිරියෝය. මැල්ඩෙකානුවන්ට අයත් වූ පුපුරා ගිය ග්‍රහයාගේ සුන්බුන් වර්තමානයේ උල්කාපාත තීරුව වශයෙන් හඳුනාගෙන තිබේ.
මානව වර්ගයාගේ සම්භවයට සහ පැවැත්මට වසර ගණනාවකට පෙර සත්ත්වයන්ට සුදුසුම ග්‍රහයා වශයෙන් වීනස් හෙවත් සිකුරු ග්‍රහයා හඳුනාගෙන තිබිණි. එහි ජීවත් වූ මානව සත්ත්වයා නැතහොත් ප්‍රාණියා සිටියේ තෙවැනි බුද්ධි ස්තරයේය. ග්‍රහලෝකාන්තර බුද්ධිමය ප්‍රාණීන් අතර එකිනෙකාට උපකාර කර ගන්නා සම්බන්ධතා ගිවිසුමක් තිබී ඇත.
ඒකීය නීතිය ලෙස හැඳින්වෙන එම නීතිය අනුව ඉහළම බුද්ධි තලය හය වැනි තලය ලෙස හැඳින්වේ. හය වැනි තලයේ විසූ සමාජයක ස්මෘති සංකීර්ණ කාණ්ඩය නැතහොත් සමූහ ආත්මීය ජීවීහු නිරන්තරයෙන්ම උපකාරකයෝය. ඔවුහු තම තලයෙන් පහළ තලයක සිටි ප්‍රාණීන් ඉහළ තලයකට ගෙන ඒමට කැපවී සිටියහ. තුන් වැනි තලයේ එදා සිටි සිකුරු ග්‍රහයාගේ මානව ප්‍රාණීන්ට ඔවුහු සිවු වැනි තලයට ඒමට උපකාර කළහ. තුන්වැනි තලයේ සිටි ප්‍රාණීන් සිටියේ පෘථිවියේය. ඒ අනුව වීනස් ග්‍රහයාගේ සිටි ප්‍රාණීහු පෘථිවියට ආවෝය. වෙනිසියන්ස් ලෙසින් අද එසේ ආවෝ හඳුන්වති.
මැල්ඩෙක් ග්‍රහලෝකයේ සිටියේ වීනස් ග්‍රහයාගේ ජීවත් වූ මානව ප්‍රාණීන් හා සමාන තුන්වැනි තලයේම තවත් කොටසකි. ඒ නිසා මානවයන්ට හිමි දෙවැනි ග්‍රහලෝකය වශයෙන් මැල්ඩෙක් හඳුනාගෙන තිබිණි. බුද්ධිමය චින්තනයෙන් පෙළුණු ඔවුහු න්‍යෂ්ටික යුද්ධයකින් සිය ග්‍රහලෝකය විනාශ කර ගත්තේ ග්‍රහලෝකාන්තරව පවත්වා ගෙන ආ සම්මුතියටද එරෙහිව ක්‍රියා කරමිනි. ඔවුන් එසේ කළේද සමස්ත ග්‍රහලෝකාන්තරව පිටත් වූ අහිංසක ප්‍රාණීන්ගේද විරෝධතාව මධ්‍යයේය. මේ සඳහා ග්‍රහලෝකාන්තරව එළැඹ තිබූ ගිවිසුමේද කිසියම් දුබලතාවක් වී යැයිද අනාවරණය වී ඇත.
කෙසේ වෙතත් මේ තත්ත්වය යටතේ අනපේක්‍ෂිතව එමෙන්ම ඉබේ හටගත් න්‍යෂ්ටික යුද්ධයකින් එම ග්‍රහ ලොව විනාශ වී ගියේය.
විශ්වයේ වෙනත් ග්‍රහ ලෝකවල ප්‍රාණීන්ට ද හානි කළ මැල්ඩෙක් ජීවීන්ගේ ක්‍රියාකලාපය නිසා ඔවුන්ට වෙනත් ඉහළ බුද්ධි තල යකට සම්බන්ධතා පැවැත්වීමටද නොහැකි විය. අනුන්ට පීඩා විපත් කිරීමේ කර්මය පලදීමක් වශයෙන් ඔවුන් බුද්ධි හීනතාවකට පත්ව තවත් කිසිවකුට හිංසා කිරීමටද කිසිසේත්ම හැකියාවක් නොවන අන්දමින් ඔවුහු වෙනත් ග්‍රහ ලෝකවල උත්පත්තිය ලැබූහ.
එවැනි තත්ත්වයට පත්වූ මැල්ඩෙක් වාසී ප්‍රාණීහු මෙයට වසර දහස් ගණනකට පෙර නියැන්ඩර්තාල් මානව සත්ත්වයන් ලෙස පෘථිවියට ආවෝය.
තුන්වැනි ස්තරයේ සිටි මානව ප්‍රාණීන්ට තිබූ අන්තිම ග්‍රහලෝකය මාර්ස් හෙවත් අඟහරු ග්‍රහයායි. ඔවුන් පෘථිවියට අවුත් දැක්වූ මහා පරිමාණයේ ශිෂ්ටාචාරාත්මක වෙනස්කම් පිළිබඳව රොබට් හෝග්ලන්ඩ්ගේ 'ද මොනුමන්ට්ස් ඔෆ් මාස්' සහ 'අ සිටි ඔන් ද එජ් ඔෆ් ෆෝඑවර්' යන කෘතිවල දැක්වේ. මාස් ග්‍රහලෝකයේ අඟහරුවන්ටද මැල්ඩෙක් ග්‍රහලෝකවාසීන්ට හා ඇට්ලන්තිකයන්ට තිබුණු යුද උන්මාදයම තිබුණේය. අඟහරුවෝද යුද්ධයට පිළිපන්හ. එහෙත් ඔවුහු මැල්ඩෙක්වරුන් සේ සිය ග්‍රහ ලොව පුපුරුවා විනාශ කර නොගත්හ. 
තම වර්ගයා පමණක් විනාශ කර ගත්හ. අඟහරු ග්‍රහයා මත අද අප දකින වියළී ගිය ජනශූන්‍ය භූමි විනාශයෙන් පසු ඉතිරි වූ නෂ්ටාවශේෂයන් වේ.
අඟහරු ග්‍රහයාගේ ප්‍රාණීහු අවුරුදු හැත්තෑපන් දහසකටත් පෙර සිටම පෘථිවියට එති. සම්බන්ධතා පවත්වති. පෘථිවියේ පැලපදියම් වූ ඔවුන්ගෙන් පෘථිවියේ පවත්නා දෙවැනි ස්තරයට අයත් ඉහළ මට්ටමේ ශාඛා සහ සිවුපා සතුන් මේ ගණයට අයත් බව හඳුනාගෙන තිබේ.
කේසිගේ වාර්තා පිළිබඳව මේ අන්දමේ පරීක්‍ෂණ පවත්වා තොරතුරු අනාවරණය කර ඇති පර්යේෂණවල වාර්තා අනුව පෘථිවිය ජෛව විවිධත්වයට අයත් වන්නේ ඔය කියන අන්දමේ වෙනත් ග්‍රහලෝකවලින් පැමිණ පදිංචිව සිටින නිසාය.
එකිනෙක ජාතියට වෙනස් මානව හැඩරුව ඇත්තේද එබැවිනි.
පිටසක්වළ ජීවීන් කී විටෙක අපට සිහි ගැන්වෙන්නේ එකම රූපකායක් ඇති කණ්ඩායමකි. එහෙත් පෘථිවි තලය මත වෙසෙන මානවයන් ගත් කල එක එක වර්ගයට අයත් විවිධ රූප ස්වභාව ඇත්තන් බව හඳුනාගෙන ඇත්තේ විවිධ ග්‍රහලෝකවලින් පැමිණි ජීවීන්ගේ සම්භවය හා පරිණාමය නිසා බවද ඒ වාර්තාවල දැක්වේ. ජානීය විවිධත්වයට උදාහරණ පෙන්වන ඔවුහු කොකේසියානුවන්ගේ පෙනුමද මධ්‍යධරණී සහ බටහිර යුරෝපානුවන්ගේ එකිනෙකාට වෙනස් ජානීය ලක්‍ෂණද එසේ දක්වති.
ආසියානු ජාතිකයන් අතරද ඒ වෙනස පර්යේෂකයෝ කැටිකර දක්වති. චීන, පිලිපීන් සහ ජපන් ජාතිකයන් අතර පෙනුමේ වෙනස් ආකාර උදාහරණ වේ.
මේ පිළිබඳ විස්තර කිරීමේදී චීන ජාතිකයන් පෘථිවියට පැමිණ ඇත්තේ ඩෙනිබ් නමැති තාරකාවේ සිට බවට පෙන්වා දී ඇත.
ඒ අනුව ඔවුන්ගේ ලක්‍ෂණ වෙනස්වී නැත. එපමණක් නොව ඒ ලක්‍ෂණ වෙනස් කළ නොහැකිය. ඒ මෙන් වෙනස් කළ යුත්තේද නැතැයි කේසි කියයි.
එඩ්ගා කේසිගේ කියැවීම් අනුව පෘථිවියට පිටසක්වළ ජීවීන් පැමිණ තිබේ. මැල්ඩෙක්, අඟහරු, සිකුරු වැනි ග්‍රහවාසීන් එසේ පැමිණි අතර ඔවුන්ගේ පරපුර නිසා පැවැත එන්නෝ අද මානවයෝය.
චීන, පිලිපීන, ජපන්, කොකේසියානු ආදී මානව වර්ග උදාහරණ වේ.
පෘථිවියේ මානව ජීවීන්ගේ සම්භවයට පිටසක්වළ ජීවීන්ගේ සංක්‍රමණයද පාදක වූ බව මෙහි සාරාංශය වේ.
මෙම සංකල්පීය ආගමික ඉගැන්වීම්වලටද සැසඳෙන බව විමසා බැලීම බුද්ධිමතුන්ගේ අවධානයට යොමු විය යුතු යැයි කියන්නේ එබැවිනි.
බෞද්ධ මතයට අනුව පොළොවේ ජීවීන් පහළ වීම ගැන දීඝ නිකායේ අග්ගඤ්ඤ සූත්‍රයේ දැක්වෙන්නේ බ්‍රහ්ම ලෝකයෙන් බ්‍රහ්මයන් පැමිණි බවය.
ඒ කතාව ඇරඹෙන්නේ කල්ප විනාශයෙනි. නැතහොත් ලෝක විනාශයෙනි. මේ ලෝකයේ සිටි මිනිසුන් අගතියෙන් කෙළවරට ගිය පසු ලෝක විනාශයට පෙර කිසියම් දේවතාවෙක් අවුත් ළඟ එන අනතුර ගැන පවසා ආරක්‍ෂා වීමට උපදෙස් දෙයි.
මින්මතු දින හතකින් මෘගසං වර්ෂාව ඇතිවෙන බවත් ඉන් තෙමුණ මිනිසාට අනෙක් තැනැත්තා පෙනෙන්නේ සතකු ලෙස බවත් වර්ෂාව සමඟ වැටෙන්නේ අවි ආයුධ බවත් පවසන දෙවියා ඉන්පසු මාංස ලෝභයෙන් එකිනෙකා මරාගෙන මැරෙන බව පැහැදිලි කරයි. ජීවත්වීමට කැමැත්තවුන් මේ වර්ෂාවට නොතෙමී සිටින්නට වග බලා ගත යුතු බවද පින්වන්තයන් පමණක් කවර ආකාරයකින් හෝ නොතෙමී ගැලවෙන බවද කියයි.
මේ මහා වර්ෂාවෙන් ඇද හැලෙන ජල කඳ අකනිටා බ්‍රහ්ම ලෝකය දක්වා පැතිරෙන බවද එහි වෙසෙන බ්‍රහ්මයන් නෙළුම් බීජ දෙකක් ජලයට දැමූ පසු පැළවෙන බවද එසේ පැළවූ නෙලුම් පැළේ කොළ අකනිටා බ්‍රහ්ම ලෝකය දක්වා විහිදුණු කල ඒ දඬු දිගේ පහළට එන බ්‍රහ්මයන් දෙදෙනකුගෙන් මහ පොළොවේ මිනිසුන් ව්‍යාප්ත වන බවද අග්ගඤ්ඤ සූත්‍රයේ තිබේ.
බයිබලයේද තවත් කතාවක් සඳහන් වේ.
ලෝකයේ සාරධර්ම ගුණධර්ම, පිරිහුණු කල මිනිසුන් අතරට එන එක් ශුද්ධාත්මයක් ඉදිරියේදී මහා ජල ගැල්මක් ඇති වී මහත් විනාශයක් ඇති වන බවත් ඉන් මිදීමට කැමැතිනම් සිය ආරක්‍ෂාව සපයා ගත යුතු බවත් ඇවිදිමින් මිනිසුන් දැනුවත් කරන්නේය. සෙසු පිරිස මේ කතාව අවඥාවෙන් බැහැර කරද්දී නෝවා නම් අයෙක් මේ කතාව අදහා නැවක් ඉදිකර ඊට සියලුම සත්ත්වයන් සමඟ ඇතුළු වන්නේය.
වර්ෂාව ඇද හැලෙන කල වැඩි වන ජල කඳ සමඟ ඒ මත පාවී යන නැව ජල කඳ බැස යෑමත් සමඟ කන්දක් මුදුනේ රැඳී පසුව බියක් නොමැති බව දැන ඉන් අනතුරුව ඒ කඳු මුදුනෙහි බැස අවුත් පදිංචිවීමෙන් යළිදු ජනාවාස ඇති වේ.
අග්ගඤ්ඤ සූත්‍රයේ හා බයිබලයේ ඉගැන්වෙන කරුණුවල හරය ලෝකය ජල ගැල්මකින් විනාශ වී කිසියම් උස් ස්ථානයකින් අහසින් (බ්‍රහ්ම ලෝකයේ හෝ කඳු මුදුනක සිට) ජීවීන් පැමිණි බවය. කේසිගේ කියැවීම අනුම්වද හරය එයම වේ. පිටසක්වළින් ජීවීන් පැමිණි බවය.
එඩ්ගා කේසි
එසේම මේ පෘථිවි තලයේම විසූ මොහෙන්දජාරෝ, මායා ආදී ශිෂ්ටාචාරවලින් වඳවී ගියවුන් පෘථිවියේම වෙනත් ප්‍රදේශවලට සංක්‍රමණය වීම ගැනද කියයි. ඊජිප්තුවේ පිරිමිඩ ඉදි කළෝ එවැන්නෝය. 
ඇට්ලාන්ටිස් මහාද්වීපයේ විනාශයට පෙර එහි ගිය විශ්වයේ සය වැනි තලයේ හෙවත් ඉහළම බුද්ධි මට්ටමේ විසූ රා නමැති සාමාජයික ස්මෘති සංකීර්ණ ගත හෙවත් ආත්මීය කණ්ඩායමේ රාටා නමැත්තකු නුදුරු අනාගතයේදී එළැඹෙන විනාශය ගැන ඇට්ලාන්ටිස් වාසීන් දැනුවත් කර තිබේ. ඉන් නොනැවතුණු හෙතෙම තමන් හා රක්‍ෂිත ස්ථානයකට යෑමට කැමැත්ත දැක්වූ පිරිසක් සමඟ රක්‍ෂිත ස්ථානයකට ගොස් තිබේ. 
එසේ ගොස් ඇත්තේ ඊජිප්තුවට බව කේසි පිළිබඳ විස්තරවල දැක්වේ. එසේ ගොස් ඇත්තේ අදට (2015) වර්ෂ ‍දොළොස් දහස් පන්සියයකට පමණ පෙරදීය.
අධිමානසික ශක්තියක් තිබූ මේ කණ්ඩායමේ නායකත්වය දැරූ රාටාගේ මාර්ගෝපදේශකත්වයෙන් මේ පිරිස අද ලෝකයේ විස්මිත නිර්මාණයක් වන ඊජිප්තුවේ පිරිමිඩ ඉදි කළහ.
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

පිටසක්වළ ජීවය සොයා...(alliance විශ්වයෙන් ආ අබිරහස් සංඥාව-2 අබිරහස් අඩවිය - Abirahas Adawiya)

පිටසක්වළ ජීවය පවතිනවාදැයි සොයා බැලීම් සිදු කෙරෙන්නේ සෙටී SETI මෙහෙයුම මගින් බව අපි කීවා මතක ඇති. සෙටී යනුවෙන් හැඳින්වෙන්නේ Search for Extraterrestrial Intelligence හෙවත් පිටසක්වළ බුද්ධිමත් ජීවීන් සිටීදැයි සිදු කරන මෙහෙයුමකි. සෙටී මෙහෙයුම දියත් කළේ ‘ග‍්‍රහලෝක එකමුතුව’ Planetary Society නම් සංවිධානයයි. ‘සෙටී’ මෙහෙයුම කි‍්‍රයාවට නැංවෙන්නේ ලොව පුරා නොයෙක් ස්ථානවල ස්ථාපිත කර ඇති රේඩියෝ දුරේක්ෂ නැතහොත් ගුවන් විදුලි දුරේක්ෂ යොදා ගනිමිනි. මෙම දුරේක්ෂ ආධාරයෙන් නිරතුරුව ම ඈත විශ්වයට තරංග හෝ සංඥා හෝ නිකුත් කර යැවෙනවා. විශ්වයේ බුද්ධිමත් ජීවීන් ඇත්නම් මෙම සංඥා හඳුනා ගෙන, තේරුම් ගෙන ඔවුන් ප‍්‍රතිසංඥාවක් එවුවොත් එයට සවන් දීමට හා ග‍්‍රහණය කිරීමට සූදානමින් සිටීම සෙටී මෙහෙයුමේ ප‍්‍රධාන අරමුණයි.
විශ්වයෙන් ආ අබිරහස් සංඥාව

SETI 
1967 වසරේ ගිම්හානයේ කේම්බි‍්‍රජ් සරසවියේ ගුවන් විදුලි තාරකා විද්‍යාව හදාරමින්, ආචාර්ය උපාධියට සූදානම් වෙමින් සිටි ජොසලීන් බෙල්ට ආචාර්ය උපාධි නිබන්ධනයේ කොටසක් ලෙස පැවරුණේ නවතම ගුවන් විදුලි තරංග දුරේක්ෂය යොදා ගනිමින් ග‍්‍රහලෝක අතර සහ ක්ෂීරපථයෙන් එපිට දීප්තිමත් විකිරණ ප‍්‍රභවයන් ගැන විමසීමක් කරන්නටයි. ඇය නවතම ගුවන් විදුලි තරංග දුරේක්ෂය යොදා ගනිමින් ග‍්‍රහලෝක අතර සහ ක්ෂීරපථයෙන් එපිට දීප්තිමත් විකිරණ ප‍්‍රභවයන් ගැන විමසීම් කරද්දී ඇගේ දුරේක්ෂ ලේඛයෙහි අපැහැදිලි යම් දෙයක් දිගින් දිගටම සටහන් වෙන්න පටන් ගත්තා. බෙල් සහ ඇගේ උපදේශක ටෝනි හෙවිෂ් මුලින් සිතුවේ පෘථිවියේ ගුවන් විදුලි තරංග නිසා දුරේක්ෂයට එල්ල වූ බාධාවක් එලෙස සටහන් වන බවයි. ඒ සංඥා ආයේ විශ්වයේ ඈත කොහේ හෝ ස්ථානයක සිටයි. මේ සංඥා LGM කියන ඉංගී‍්‍රසි අකුරු තුනෙන් හඳුන්වන්න පටන් ගත්තා. ‘පුංචි කොළපාට කුරුමිට්ටන්’ යන අරුත් ඇති Little Green Men කියන වැකියේ මුල් අකුරු යොදා ගැනුණා.


සංඥාවේ අබිරහස විසඳෙයි

 Little Green Men 
1968 වන විට ජොසලීන් බෙල්ට ලැබුණු LGM සංඥාවලට පිටසක්වළ ජීවීන්ගේ සම්බන්ධයක් නැති බව තහවුරු වුණා. ඒ වසර තුළ දී පමණක් LGM සංඥාවලට සමාන සංඥා නිකුත් කරන වස්තූ ගණනාවක් ම සොයා ගනු ලැබුවා. ඒවා නිකුත් වෙන්නේ ඉතා වේගයෙන් භ‍්‍රමණය වන නියුට්‍රෝන තාරකාවලින්. අති ප‍්‍රබල ගුවන්විදුලි තරංග නිකුත් කරන ඒවා හැඳින්වෙන්නේ පල්සර් (Pulsar) කියායි. විකිරණශීලී නියුට්‍රෝන තාරකාවල ජීවීන් සිටිත්දැයි විමසීම නිෂ්ඵල කාර්යයක්. ඒ කෙසේවුවත් බෙල්ගේ හා හෙවිෂ්ගේ මෙම සංඥා සොයා ගැනීමෙන් ඒවා පිටසක්වළ ඉන්නා බුද්ධිමත් ජීවීන් නිකුත් කරන ඒවාදැයි සිතන්නට කවුරුනුත් පෙලඹුණේ එකල පැවති වාතාවරණය අනුවයි. ස්පුට්නික් චන්ද්‍රිකාව අභ්‍යවකාශ ගත කර වසර 10ක්වත් ගත වී තිබුණේ නෑ. ඒ වන විට ‘අභ්‍යවකාශ යුගය’ ආරම්භ වෙලා ලෝකයේ කාගේත් උනන්දුව ඒ වෙත යොමු වෙලා තිබුණා. අජටාකාශගාමීන් අභ්‍යවකාශයට යන්න පටන් අරන් තිබුණා. මිනිසුන් රහිත යානා ග‍්‍රහයන් වෙත යවා තිබුණා. ‘ස්ටා ටෙ‍්‍රක්’ හා ‘ලොස්ට් ඉන් ස්පේස්’ වැනි රූපවාහිනී විද්‍යා ප‍්‍රබන්ධවලින් සාමාන්‍ය පේ‍්‍රක්ෂකයන් තුළ පවා විශ්වය ගැන විශාල උනන්දුවක් ඇති වී තිබුණා. විශ්වයේ නව ගවේෂණ කෙරෙහි ලොව පුරා විද්‍යාඥයන් අතර ලොකු උද්යෝගයක් හා තරගයක් ආරම්භ වී තිබුණා. මෙවන් තත්වයක් යටතේ පල්සර් තරුවලින් නිකුත් වූ විකිරණ තරංග බුද්ධිමත් ජීවීන්ගෙන් ලැබුණු සංඥා ලෙස වරදවා වටහා ගනු ලැබුවේ එදා පැවති තත්වය අනුවයි. 
පිටසක්වළ ජීවය සොයා ගිය ගවේෂකයෝ

lost in space movie
ක්ෂීර පථය කියන්නේ අපේ සෞර ග‍්‍රහ මණ්ඩලය අයත් වන මන්දාකිණියටයි. තවත් මන්දාකිණි බිලියන ගණනාවක් විශ්වයේ තියෙනවා. ඒවා විවිධ හැඩයන්ගෙන් යුක්තයි. අපේ චක‍්‍රාවාටය කෙතරම් විශාල ද යත් ඒ හරහා යන්නට ආලෝකයේ වේගයෙන් ගමන් කළොත් ආලෝක වර්ෂ අවුරුදු ලක්ෂයක් පමණ ගත වෙනවා. ආලෝක වර්ෂයක් යනු ආලෝකය වසරක් තිස්සේ ගමන් කරන දුරයි. ඒ දුර කිලෝ මීටර 9.4607 *1012 කි. (එනම් දළ වශයෙන් සැතැපුම් මිලියන මිලියන හයකි.) මෙය අති විශාල ප‍්‍රදේශයක් නිසා ඒ පුරා විසිරී පිහිටා ඇති ග‍්‍රහයන්, උපග‍්‍රහයන් හා චන්ද්‍රයන්ගේ විවිධාකාරයේ ජීවීන් සිටිය හැකි බවට අනුමාන කෙරෙනවා. ඒ ගැන ගවේෂණය කරමින් දැනට ඈත විශ්වයේ ගමනේ යෙදෙන ගවේෂණ යානා 4 ක් තියෙනවා. ඒවා තමයි ඇමෙරිකාවේ නාසා ආයතනයේ මූලිකත්වයෙන් අභ්‍යවකාශ ගත කර ඇති පයනියර් 10 සහ 11 යානාත්, වොයේජර් 1 සහ 2 යන යානා. මෙම යානාවල පෘෂ්ඨයේ රූප සටහන් ඇඳ තිබෙනවා. එහි අරමුණ පෘථිවියේ වාසය කරන බුද්ධිමත් ජීවීන් වන අප ගැන විස්තර අප හා සමාන බුද්ධියක් හෝ අපට වඩා බුද්ධි මට්ටමකින් සමන්විත ජීවීන් කොට්ඨාශයක් ඇත්නම් ඒ ඔවුන්ගේ දැනගැනීම පිණිසයි.
වොයේජර්’ හා ‘පයනියර්’ යානා
අභ්‍යවකාශයේ ඈත කෙළවර බලා යන වොයේජර් සහ පයනියර් යානා ගමන් කරන්නේ පැයට සැතපුම් දස දහසක වේගයකිනි. මේ ගවේෂණ යානා 4 අතරින් වඩාත් වේගයෙන් ගමන් කරන්නේ වොයේජර් 1 යානයයි. එහි වේගය පැයට කිලෝමීටර 64,000 කි. පයනියර් යානාවල පෘෂ්ඨයේ මතුපිට ගැහැනියකගේ සහ පිරිමියකුගේ රූප සිතුවම් කර තිබේ. එමෙන්ම එම යානා සෞර ග‍්‍රහ මණ්ඩලයේ පෘථිවිය නමින් හැඳින්වෙන ග‍්‍රහලොවේ සිට පැමිණෙන යානා යැයි විස්තර ලියා තිබේ. වොයේජර් යානා පිටසක්වළ ජීවීන් වෙනුවෙන් රැගෙන යන්නේ මීට වෙනස් ආකාරයේ පණිවිඩයකි.
ඒවායේ රන් ආලේපිත තඹ තහඩුවකින් ආවරණය කළ පටි ගත කරන හා වාදනය කරන යන්ත‍්‍රයක් (ටේප් රෙකෝඩරයක්) බැගින් ඇත. ස්වයංක‍්‍රීයව කි‍්‍රයාත්මක වන අතර ඒවායෙහි පෘථිවි භාෂා 60 කින් පමණ පැවසෙන සුබ පැතුම් පණිවිඩ අඩංගුවේ. පෘථිවියේ වෙසෙන සතුන්ගේ හඬවල්ද එහි ඇත. 
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

විශ්වයෙන් ආ අබිරහස් සංඥා (අබිරහස් අඩවිය - Abirahas Adawiya - aliens pitasakwala jeeween)

අපේ මේ විශ්වය කොතරම් විශාලද? මේ විශ්වයේ සිටිනා බුද්ධිමත් ජීවීන් වන්නේ මනුෂ්‍යයන් පමණක්ද? එහෙම නැත්නම් අපි විශ්වයේ පෘථිවිය නමින් හැඳින්වෙන මේ ග‍්‍රහලොවේ ජීවත් වන බුද්ධිමත් ජීවීන් කොට්ඨාශයක් පමණද? පිටසක්වළ ජීවීන් හා පියාඹන පීරිසි ගැන අපට විටින් විට අසන්න ලැබෙනවා. පිටසක්වළ යානා, පිටසක්වළ ජීවීන්ගේ ඡායාරූප විදෙස් පුවත් සේවා හරහා දකින්න ලැබෙනවා. ශී‍්‍ර ලංකාවට ද පිටසක්වළ ජීවීන් පැමිණි බවට නොයෙක් නොයෙක් අවස්ථාවලදී අපට අසන්නට ලැබුණා. පිටසක්වළ ජීවීන් හා පියාඹන පීරිසි ගැන ඇති උනන්දුව නිසාම චිත‍්‍රපට හා ටෙලි නාට්‍ය පවා නිර්මාණය වෙනවා. පොත්පත් සඟරා ආදිය පළ වෙනවා. පිටසක්වළ ජීවීන් විසින් මිනිසුන් පැහැර ගෙන ගිය අවස්ථා සහ මිනිසුන් යොදා සිදු කළ විවිධ පර්යේෂණ ගැන අසන්න ලැබෙනවා.

SETI Institute
මේ දේවල්වල ඇත්ත නැත්ත කුමක්ද? ඇත්තටම පිටසක්වළ ජීවයක් පවතීද? නැතිනම් මේ විශ්වයේ ජීවය පවතින එකම ග‍්‍රහලෝකය අපේ පෘථිවිය පමණක්ද? අපේ ක්ෂීරපථයෙන් ඈත වෙනත් මන්දාකිණිවල ජීවය පවතීද? අප මේ ලිපි පෙළෙන් ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වන්නේ පිටසක්වළ ජීවීන් ගැන, පියාඹන පීරිසි සහ පිටසක්වළ ජීවීන් සොයමින් සිදු කෙරෙන විද්‍යාත්මක පර්යේෂණ ගැන අලූත් ම තොරතුරයි. ඒවගේ ම පිටසක්වළ ජීවීන් පිළිබඳ අපූරු, අද්භූත රසවත් තොරතුරු රැසක් ද ඒ සමඟ ගෙන එනවා.
පිටසක්වළ ජීවීන් හොයන ‘සෙටී’ මෙහෙයුම
පිටසක්වළ ජීවය පවතිනවාදැයි සොයා බැලීම් සිදු කෙරෙන්නේ සෙටී SETI මෙහෙයුම මගිනුයි. සෙටී යනුවෙන් හැඳින්වෙන්නේ Search for Extraterrestrial Intelligence හෙවත් පිටසක්වළ බුද්ධිමත් ජීවීන් සිටීදැයි සිදු කරන මෙහෙයුමටයි. මෙය නොදන්නා දේවල් සොයා සිදු කෙරෙන විද්‍යාත්මක මෙහෙයුමකි. ”දැනට අපට සතුව ඇත්තේ ප‍්‍රශ්න වැලක් පමණයි. ඒත් කවදා හෝ දිනයක ඒ ප‍්‍රශ්නවලට අපට පිළිතුරු ලබා ගැනීමට ගැනීමට හැකි වූ විට අපේ මුළු ලොවම වෙනස් වේවි” මෙසේ පවසන්නේ සෙටී මෙහෙයුම දියත් කළ ‘ග‍්‍රහලෝක එකමුතුව’ Planetary Society නම් සංවිධානයයි.

‘සෙටී’ මෙහෙයුම කි‍්‍රයාවට නැංවූ හැටි
‘සෙටී’ මෙහෙයුම කි‍්‍රයාවට නැංවෙන්නේ ලොව පුරා නොයෙක් ස්ථානවල ස්ථාපිත කර ඇති රේඩියෝ දුරේක්ෂ නැතහොත් ගුවන් විදුලි දුරේක්ෂ යොදා ගනිමිනි. මෙම දුරේක්ෂ ආධාරයෙන් නිරතුරුව ම ඈත විශ්වයට තරංග හෝ සංඥා හෝ නිකුත් කර යැවෙනවා. විශ්වයේ බුද්ධිමත් ජීවීන් ඇත්නම් මෙම සංඥා හඳුනා ගෙන, තේරුම් ගෙන ඔවුන් ප‍්‍රතිසංඥාවක් එවුවොත් එය සවන් දීමට හා ග‍්‍රහණය කිරීමට සූදානමින් සිටීම සෙටී මෙහෙයුමේ ප‍්‍රධානතම අරමුණයි. දැනට කි‍්‍රයාත්මක මේ ‘සෙටී’ මෙහෙයුමේ ආරම්භයත් ඒ හා සම්බන්ධ සිදුවීම් හරිම අපූරුයි.
ජොසලීන් බෙල්ගේ අපූරු අත්දැකීම
1967 වසරේ ගිම්හානයේ කේම්බි‍්‍රජ් සරසවියේ ගුවන් විදුලි තාරකා විද්‍යාව හදාරමින්, ආචාර්ය උපාධියට සූදානම් වෙමින් සිටි ජොසලීන් බෙල් නම් සිසුවියට ආචාර්ය උපාධි නිබන්ධනයේ කොටසක් ලෙස පැවරුණේ නවතම ගුවන් විදුලි තරංග දුරේක්ෂය යොදා ගනිමින් ග‍්‍රහලෝක අතර සහ ක්ෂීරපථයෙන් එපිට දීප්තිමත් විකිරණ ප‍්‍රභවයන් ගැන විමසීමක් කරන්නටයි.

විශ්වයෙන් ආ අබිරහස් සංඥාව 
මේ පිළිබඳව පරීක්ෂණ කරමින් සිටියදී ඇගේ දුරේක්ෂ ලේඛයෙහි අපැහැදිලි යම් දෙයක් දිගින් දිගටම සටහන් වෙන්න පටන් ගත්තා. බෙල් සහ ඇගේ උපදේශක ටෝනි හෙවිෂ් මුලින් සිතුවේ පෘථිවියේ ගුවන් විදුලි තරංග නිසා දුරේක්ෂයට එල්ල වූ බාධාවක් එලෙස සටහන් වන බවයි. ඊට හේතුව ගුවන් විදුලි තරංග නිසා මෙවැනි බාධාවීම් සාමාන්‍යයෙන් සිදුවන නිසයි. ඒ බාධාව මඟ හරවා ගන්න බෙල් සහ හෙවිෂ් උත්සහ කළත් ඔවුන් අසාර්ථක වුණා. ඔවුන්ට ඒ සංඥාව මඟ හැරීමට නොහැකි වුණේ එය විශ්වයේ ඈත කොහේ හෝ තැනක සිට ලැබුණු දෙයක් නිසයි.
අබිරහස් සංඥාව පරීක්ෂා කෙරේ
මේ අබිරහස් සංඥාව තවදුරටත් පරීක්ෂා කිරීමේ දී ඔවුන්ට තවත් අපූරු දේවල් හෙළිකර ගැනීමට හැකිවුණා. එය වඩාත් සුපරීක්ෂාකාරීව විමසද්දී ඔවුන්ට පෙනී ගියා, මෙම සංඥා නිකුත් වන්නේ අති සියුම් කාල පරාසයක් තුළ දී බව. හරියටම මෙම සංඥා අතර කාලය තත්පරයකින් 3 යි 2/3ක පංගුවක්. මේ අන්දමට ඉතාමත් නිවැරදිව, නිශ්චිතව සංඥාවක් නිකුත් කළ හැක්කේ කෙසෙද? විශ්වයේ ඇති ස්වාභාවික ගුවන් විදුලි සංඥාවලින් මෙවැන්නක් නිකුත් විය හැකි ද? 1967 වසරේදී කාටවත් ඒ ගැන අවබෝධයක් තිබුණේ නැහැ.

‘පුංචි කොළපාට කුරුමිට්ටෝ’
මේ ගැන පරීක්ෂණ සිදුකළ පරීක්ෂකයන් අවසානයේදී නිගමනය කළේ මේ සංඥාවේ මූලාශ‍්‍රය ස්වාභාවිකව ඇති වූ දෙයක් නොවන බවයි. ඔවුන්ට එසේ ලැබුණේ පිටසක්වළ ජීවීන්ගේ සංඥාවක්ද ? මේ ගැන නොයෙක් වාද විවාද ඇතිවුණා. ඇතැම් අය ඒ ගැන උපහාසයෙන් කතා කරන්න පටන් ගත්තා. ඔවුන් මේ සංඥා LGM කියන ඉංගී‍්‍රසි අකුරු තුනෙන් හඳුන්වන්න පටන් ගත්තා. ‘පුංචි කොළපාට කුරුමිට්ටන්’ යන අරුත් ඇති Little Green Men කියන වැකියේ මුල් අකුරු යොදා ගත්තේ ඒ පර්යේෂණයෙන් හෙළි වූ දේ විහිළුවට ලක් කරන්නයි.අබිරහස් සංඥාව ගැන උනන්දුවක්
මෙම අලූත් සොයා ගැනීමත් සමඟ ලොව පුරා විද්‍යාඥයන් රැසක් කේම්බි‍්‍රජ් අභ්‍යවකාශ නිරීක්ෂණාගාරය හා සම්බන්ධ වුණා. ඒ ගැන තොරතුරු විමසන්න පටන් ගත්තා. මෙසේ කාගේත් උනන්දුව වැඩි වීමත් සමඟ ජොසලීන් බෙල්ට මේ අබිරහස් සංඥාව හසුකර ගැනීමටත් ඒ හා සමාන තවත් සංඥා ඇත්දැයි සොයා බැලීමටත් ඇගේ කාලය වැඩිපුර යොමු කරන්න සිදු වුණා. එදා තමා ඒ ගැන සතුටක් පළ නොකළ බව අතීත සිදුවීම් මෙනෙහි කරන බෙල් කියයි. ”ඒ කාලේ මම මගේ ආචාර්ය උපාධිය වෙනුවෙන් වෙහෙස මහන්සි වෙමිනුයි හිටියේ. මං තෝරා ගත්තේ නව තාක්ෂණයක්. ඒත් අන්තිමේදී මට ඒක කරදරයක් වුණා. විශ්වයේ ඈත සිටින පිටසක්වළ කොළපාට කුරුමිට්ටන් පිරිසක් මගේ සංඛ්‍යාතයත් මගේ ඇන්ටෙනාවත් යොදා ගත්තා අප සමඟ සන්නිවේදනය කරන්න” 1967 ජොසලීන් බෙල්ට ලැබුණු ඒ අබිරහස් සංඥාව කුමක්ද? එය අපට වඩා බුද්ධිමත් පිටසක්වළ ජීවීන් පිරිසක් විසින් එවූ සංඥාවක්ද? ඒ ගැන විස්තර තවත් ලිපියකින් බලාපොරොත්තු වන්න.

උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Thursday, July 28, 2016

පිටසක්වල ජීවීන් ගැන රහස් එලියට....(අබිරහස් අඩවිය - Abirahas Adawiya - aliens - pitasakwala jeeween)

පිටසක්‌වල ජීවියා ලෝක වාසියාගේ ජන මනස තුළ වසර දහස්‌ ගණනක්‌ තිස්‌සේ ජීවත්වන කෙනෙකි. ආදිකල්පික මනුෂ්‍යයා විසින් වසර දහස්‌ ගණනකට පෙර ගල් ගුහාවල අඳින ලද පිටසක්‌වල ජීවීන්ගේ චිත්‍ර ඉන්කා, ඇස්‌ටෙක්‌ වැනි ඉපැරැණි ශිෂ්ටාචාර තිබූ ලතින් ඇමරිකන් රටවලින් හමුවී ඇත. ඊජිප්තුවේද මෙම චිත්‍ර තිබේ. කාලයෙන් කාලයට පිටසක්‌වල ජීවීන් පෘථිවියට එන බවත් මනුෂ්‍ය ජන සමාජය තුළට රිංගා ජීවත් වන බවත් සමහර විද්‍යාඥයන්ගේ මතය ය. තවත් සමහර පිටසක්‌වල ජීවීන් වනගහන තුළට රිංගා පරිසරය අධ්‍යයනය කරමින් එම තොරතුරු ඔවුන්ගේ ලෝකයට සපයන බවද හෙළිවී ඇත.
අළු මිනිස්‌සු හෙවත් Grey People ලෙස හැඳින්වෙන පිටසක්‌වළ ජීවීන් විශේෂය සෙසු සියලු පිටසක්‌වල ජීවීන් අතුරින් විශේෂය. අළු පැහැති සමක්‌ ඇති අඟුටුමිට්‌ටන් විශේෂයක්‌ වන මේ ජීවීන්ට විශාල හිසක්‌ ඇති නමුත් කන් නාසා සහ ලිංගික අවයව යනාදිය නැත. ඔවුන්ගේ ලොකු හිසෙහි ලොකු ඇස්‌ ඇති අතර පපුව කුඩාය. එහි ඇසට පෙනෙන ඉලඇට හෝ මාංශ පේශීන් නැත. ඔවුන්ගේ පාද කෙටිය. සන්ධි, මනුෂ්‍ය ශරීරයේ අවයවවල සන්ධිවලට වඩා වෙනස්‌ය. සිරුරේ හෝ හිසෙහි කිසිදු තැනෙක කිසිදු ලෝමයක්‌ නැත. නාසය සහ කන් තිබිය යුතු තැන කුඩා විවර තිබේ. මුඛය ඉතා කුඩාය. ඇස්‌ බෙහෙවින් කළු පැහැගන්වන අතර ඉංගිරියා නැත. සමහර අළු මිනිසුන්ට මුඛ විවර හෝ නාසිකා විවර ඇත්තේම නැත.
විවිධ රටවල ජනයාට පිටසක්‌වල ජීවීන් හමුවූ අවස්‌ථා තිබේ. ඔස්‌ටේ්‍රලියාවේ හටගත් එබඳු හමුවීම්වලින් 50% කදීම පෘථිවි වාසීන්ට හමුවී ඇත්තේ අළු මිනිස්‌සුය. ඇමරිකාවේදී 43% ක්‌ද, කැනඩාවේදී 90% ක්‌ද, බ්‍රසීලයේදී 60% ක්‌ද යුරෝපාකරයේ දී 20% ක්‌ද, එක්‌සත් රාජධානියේ දී 12% ක්‌ද වශයෙන් අළු මිනිසුන් පෘථිවිවාසීන්ට හමුවී තිබේ. අළු මිනිසා ගැන මුලින්ම ලියන ලද්දේ එච්. ජි. වේල්ස්‌ නමැති විද්‍යා ලේඛකයාය. 1893 දී ඔහු ලියූ Man of the Year Million නමැති විද්‍යා නවකතාවේ සඳහන් වන පරිදි මනුෂ්‍ය වර්ගයා අනාගතයේ දවසක විශාල හිස්‌ සහ කුඩා ශරීර ඇති අළු පැහැති ජීවීන් කොටසක්‌ බවට පරිණාමය වේ. සඳෙහි ජීවයක්‌ ඇතොත් ඒ මිනිසුන්ද අළු පැහැති වන බව වේල්ස්‌ගේ මතය විය. සඳේ ජීවයක්‌ නැති බව අද සොයාගෙන තිබේ. එහෙත් පිටසක්‌වල ජීවීන් සිටියොත් ඔවුන්ගේ ස්‌වරූපය අළු මිනිසුන්ගේ ස්‌වරූපය හා සමාන විය හැකි බවට පූර්ව නිගමනයක්‌ වේල්ස්‌ට තිබිණ. ඔහුට මේ දැනුම ලැබුණේ කොහෙන්ද? ඔහුට රහසිගතව අළු මිනිසුන් හමුවීද?
1961 දී ඇමරිකානුවන් දෙදෙනකු වූ බෙටී හිල් සහ බානි හිල් යන දෙදෙනා හදිසියේම අතුරුදන් වූහ. ඔවුන් පැහැර ගන්නා ලද්දේ අළු මිනිසුන් බවට සාක්‌ෂි තිබිණ. පැහැරගත් දෙදෙනා පීරිසියක හැඩය සහිත යානයක දමාගෙන රැගෙන ගොස්‌ ඇති බවද හෙළිවිය. අළු මිනිසුන් ජීවත් වන ග්‍රහලෝකය පිහිටා ඇත්තේ Zeta Reticuli නමැති තාරකා පද්ධතියේ බව තාරකා විද්‍යාඥයෝ කියති. එම පද්ධතියට අයත් Reticulum සූර්යයාගේ දෙවැනි ග්‍රහලෝකය මිනිසුන්ගේ ජන්ම භූමිය බව එම විද්‍යාඥයෝ පෙන්වා දෙති.
1947 දී ඇමරිකාවේ නිව් මැක්‌සිකෝ ප්‍රදේශයේ රොස්‌වෙල් පළාතට පිටසක්‌වල යානයක්‌ කඩාවැටුණ බවත් මේවායෙහි සිටි ජීවීන් ඇමරිකානු හමුදාව මගින් සිරකර ගෙන සිටින බවත් ප්‍රසිද්ධ කතාවකි. මෙසේ සිර කරගෙන සිටින පිටසක්‌වල මිනිසුන් වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා මෙයට කලකට පෙර ඇමරිකන් මානව හිමිකම් සංවිධානයක්‌ අධිකරණයට පෙත්සමක්‌ පවා ඉදිරිපත් කර තිබිණි. මෙසේ ඇමරිකන් හමුදාව අතට පත්වූ පිටසක්‌වල ජීවීන් පිරිස අළු මිනිසුන් බවට පිළිගැනීමක්‌ තිබේ.
1947 දී රොස්‌වෙල් ප්‍රදේශයේ දී අල්ලා ගත් අළු මිනිසුන් පසුව මියගිය බවත් ඔවුන්ගේ මරණ පරීක්‌ෂණ පිළිබඳ මි.මී. 16 ප්‍රමාණයේ දළ සේයාපටවලින් වාර්තා චිත්‍රපටයක්‌ තනන ලද බවත් පිළිගැනීමය. එම චිත්‍රපටය රීල් 22 කින් සමන්විත බවද සඳහන්ය. රේ සැන්විලි නමැති අධ්‍යක්‍ෂවරයා විසින් මෙය තැනූ අතර එමගින් විශාල කලබැගෑනියක්‌ ඇතිවනු දුටු අධ්‍යක්‍ෂවරයා තම චිත්‍රපටය ඔරිජිනල් එකක්‌ නොවන බවත් නියම චිත්‍රපටය අපැහැදිලි නිසා එය අනුසාරයෙන් අලුත් දර්ශන තල සහ ආකෘති යොදා චිත්‍රපටය තැනූ බවත් කීය. කෙසේ වුවද මෙහිදී එකක්‌ පැහැදිලි විය. ඒ වූකලී රොස්‌වෙල් සිද්ධිය ඇත්ත බවත් මියගිය අළු මිනිසුන් ගේ මරණ පරීක්‌ෂණ ආශ්‍රයෙන් අපැහැදිලි මට්‌ටමේ හෝ චිත්‍රපටයක්‌ තනන ලද බවත්ය.
අළු මිනිසුන්ගේ හමේ පැහැය ගැනද විවිධ සාක්‌ෂි තිබේ. සමහරුන් කියන්නේ ඔවුන් නිල් පැහැයට හුරු අළු පැහැයෙන් යුක්‌ත වන බවය. ඔවුන් දම් පැහැයට හුරු අළු පැහැයෙන් යුක්‌ත බව තම සමහරු කියති. අළු මිනිසුන් සයිබොග්වරුන් (අර්ධ යාන්ත්‍රික සහ අර්ධ මනුෂ්‍ය ශරීර ඇතිව නිපදවන ලද මනුෂ්‍ය වර්ගයකි) කෙනකුගේ මතය ය. ලැබී ඇති සාක්ෂිවලට අනුව ඔවුන්ගේ සිරුරුවල සම ඉතා මෘදුය. එය තුනී රබර් වැස්‌මක්‌ වැනිය. අළු මිනිසුන්ගේ අත්අඩංගුවට පත්වූ පෘථිවි වාසීන් ලිංගික හිංසා ඇතුළු විවිධ වධ බන්ධනවලට ලක්‌ කෙරුණු බවද හෙළිවී තිබේ. එසේ නම් අළු මිනිසාගේ සිතුම් පැතුම්ද ස්‌ථිර වශයෙන්ම පෘථිවි වාසීන්ගේ සිතුම් පැතුම් හා සමාන විය යුතුය. නැත්නම් ඔවුන් තම අත්අඩංගුවේ සිටින අයට ලිංගික වධහිංසා කරන්නේ නැත.
අළු මිනිසුන්ගේ ප්‍රබලම ආයුධය මෝහනයයි. පෘථිවි වැසියකු තමන් අතට පත්වූ විට ඔවුන් ඔහුගේ දෑසට තම විශාල දෑස ළංකර මෝහනය කරන බව හෙළිවී ඇත. ඒ මගින් පෘථිවි වාසීන්ගේ සිත් තුළ ඇති දේ දැන ගැනීමටද ඔවුනට හැකිය. අළු මිනිසුන් හුස්‌ම ගන්නා බවක්‌ නොපෙනෙන බවත් ඔවුන්ගේ ළය උස්‌ පහත් නොවන බවත් ඔවුන්ට හසුවූ අය කියති.
ජීව විද්‍යාඥයකු වන ජැක්‌ කොහෙන් කියන පරිදි අළු මිනිසා ජීවත් වන ලෝකයේ පාරිසරික ස්‌වභාවය පෘථිවියට වෙනස්‌ නිසා අළු මිනිසාගේ ශරීරයද ඊට අනුකූලව හැඩගැසී ඇති බවය. අළු මිනිසුන් සිය බෝවීමේ ක්‍රියාවලිය සිදු කරන්නේ ක්‌ලෝනීකරණය මගින් බව විද්‍යාඥයෝ කියති. වසර දස දහස්‌ ගණනක්‌ තිස්‌සේ ඔවුන් පෘථිවියට පැමිණියේ පහත සඳහන් කරුණු නිසා බව කියනු ලැබේ.

* පුළුල් බුද්ධියක්‌ ඇති නමුදු ඔවුන්ගේ කය ශක්‌තිමත් නැත. පෘථිවි වාසීන් වෙතින් ජාන ලබාගෙන ක්‌ලෝනීකරණය කර ශක්‌තිමත් ජාතියක්‌ බිහිකිරීම ඔවුන්ගේ අරමුණ බව අනුමාන කෙරේ.

* තමන් ජීවත් වන ග්‍රහලෝකයට වඩා පෘථීවිය යහපත් නිසා පෘථිවියෙහි ජනපද ගොඩනැඟීම ඔවුන්ගේ අරමුණ බව එක්‌ මතයකි.

* පෘථිවියෙහි අලුත් දැනුම ලබාගෙන තම වර්ගයා දියුණු කිරීම ඔවුන්ගේ අරමුණ බව ඊළඟ මතයයි.

* පෘථිවි වාසීන්ගේ ප්‍රජනන ක්‍රියාවලිය අධ්‍යයනය කර ඒ ආකාරයේ ස්‌වාභාවික ක්‍රියාවලියක්‌ තම වර්ගයා වෙනුවෙන්ද ඇති කර ගැනීම. (අළු මිනිසුන් ගැන වීඩියෝ දර්ශන Youtube හරහා Grey People හෝ Grey aliens යන්න ටයිප් කිරීමෙන් අන්තර්ජාලයෙන් ලබාගත හැකිය.)
සුමේරියන් ශිෂ්ටාචාරය වසර 6000 ක්‌ පැරැණි අතර ලොව පැරැණිතම ශිෂ්ටාචාරය ලෙස සැලකේ. මේ ශිෂ්ටාචාරයේ මිනිසුන්ට අනුනකි නමැති දෙවියෙක්‌ සිටියේය. එම දෙවියා පිටසක්‌වල ජීවියෙක්‌ බවත් පෘථිවියට පැමිණ ජීවත් වූ බවත් පර්යේෂකයන්ගේ මතයයි. අප අදටත් පාවිච්චි කරන දින දර්ශනය, ගණිත ශාස්‌ත්‍රය සහ වේලාව බැලීමේ ක්‍රමය සුමේරියානුවන් විසින් හඳුන්වා දෙන ලදී. සෞරග්‍රහ මණ්‌ඩලය ගැන ඔවුන්ට ඉතා හොඳ දැනුමත් තිබූ අතර වෙනත් ග්‍රහලෝකවලින් මෙහි එන ජීවීන්ගේ රුව මැටි පුවරුවල හෝ ගල් ඵලක මත කැටයම් කිරීම ඔවුන් අතින් සිදු විය. “අනුනකි” පෘථිවියට පැමිණියේ අභ්‍යවකාශ යානාවකිනි. එම යානාවේ රූපසටහන්ද ඔවුන් ගල්වල කොටා ඇත
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya