Thursday, July 28, 2016

පිටසක්වල ජීවීන් ගැන රහස් එලියට....(අබිරහස් අඩවිය - Abirahas Adawiya - aliens - pitasakwala jeeween)

පිටසක්‌වල ජීවියා ලෝක වාසියාගේ ජන මනස තුළ වසර දහස්‌ ගණනක්‌ තිස්‌සේ ජීවත්වන කෙනෙකි. ආදිකල්පික මනුෂ්‍යයා විසින් වසර දහස්‌ ගණනකට පෙර ගල් ගුහාවල අඳින ලද පිටසක්‌වල ජීවීන්ගේ චිත්‍ර ඉන්කා, ඇස්‌ටෙක්‌ වැනි ඉපැරැණි ශිෂ්ටාචාර තිබූ ලතින් ඇමරිකන් රටවලින් හමුවී ඇත. ඊජිප්තුවේද මෙම චිත්‍ර තිබේ. කාලයෙන් කාලයට පිටසක්‌වල ජීවීන් පෘථිවියට එන බවත් මනුෂ්‍ය ජන සමාජය තුළට රිංගා ජීවත් වන බවත් සමහර විද්‍යාඥයන්ගේ මතය ය. තවත් සමහර පිටසක්‌වල ජීවීන් වනගහන තුළට රිංගා පරිසරය අධ්‍යයනය කරමින් එම තොරතුරු ඔවුන්ගේ ලෝකයට සපයන බවද හෙළිවී ඇත.
අළු මිනිස්‌සු හෙවත් Grey People ලෙස හැඳින්වෙන පිටසක්‌වළ ජීවීන් විශේෂය සෙසු සියලු පිටසක්‌වල ජීවීන් අතුරින් විශේෂය. අළු පැහැති සමක්‌ ඇති අඟුටුමිට්‌ටන් විශේෂයක්‌ වන මේ ජීවීන්ට විශාල හිසක්‌ ඇති නමුත් කන් නාසා සහ ලිංගික අවයව යනාදිය නැත. ඔවුන්ගේ ලොකු හිසෙහි ලොකු ඇස්‌ ඇති අතර පපුව කුඩාය. එහි ඇසට පෙනෙන ඉලඇට හෝ මාංශ පේශීන් නැත. ඔවුන්ගේ පාද කෙටිය. සන්ධි, මනුෂ්‍ය ශරීරයේ අවයවවල සන්ධිවලට වඩා වෙනස්‌ය. සිරුරේ හෝ හිසෙහි කිසිදු තැනෙක කිසිදු ලෝමයක්‌ නැත. නාසය සහ කන් තිබිය යුතු තැන කුඩා විවර තිබේ. මුඛය ඉතා කුඩාය. ඇස්‌ බෙහෙවින් කළු පැහැගන්වන අතර ඉංගිරියා නැත. සමහර අළු මිනිසුන්ට මුඛ විවර හෝ නාසිකා විවර ඇත්තේම නැත.
විවිධ රටවල ජනයාට පිටසක්‌වල ජීවීන් හමුවූ අවස්‌ථා තිබේ. ඔස්‌ටේ්‍රලියාවේ හටගත් එබඳු හමුවීම්වලින් 50% කදීම පෘථිවි වාසීන්ට හමුවී ඇත්තේ අළු මිනිස්‌සුය. ඇමරිකාවේදී 43% ක්‌ද, කැනඩාවේදී 90% ක්‌ද, බ්‍රසීලයේදී 60% ක්‌ද යුරෝපාකරයේ දී 20% ක්‌ද, එක්‌සත් රාජධානියේ දී 12% ක්‌ද වශයෙන් අළු මිනිසුන් පෘථිවිවාසීන්ට හමුවී තිබේ. අළු මිනිසා ගැන මුලින්ම ලියන ලද්දේ එච්. ජි. වේල්ස්‌ නමැති විද්‍යා ලේඛකයාය. 1893 දී ඔහු ලියූ Man of the Year Million නමැති විද්‍යා නවකතාවේ සඳහන් වන පරිදි මනුෂ්‍ය වර්ගයා අනාගතයේ දවසක විශාල හිස්‌ සහ කුඩා ශරීර ඇති අළු පැහැති ජීවීන් කොටසක්‌ බවට පරිණාමය වේ. සඳෙහි ජීවයක්‌ ඇතොත් ඒ මිනිසුන්ද අළු පැහැති වන බව වේල්ස්‌ගේ මතය විය. සඳේ ජීවයක්‌ නැති බව අද සොයාගෙන තිබේ. එහෙත් පිටසක්‌වල ජීවීන් සිටියොත් ඔවුන්ගේ ස්‌වරූපය අළු මිනිසුන්ගේ ස්‌වරූපය හා සමාන විය හැකි බවට පූර්ව නිගමනයක්‌ වේල්ස්‌ට තිබිණ. ඔහුට මේ දැනුම ලැබුණේ කොහෙන්ද? ඔහුට රහසිගතව අළු මිනිසුන් හමුවීද?
1961 දී ඇමරිකානුවන් දෙදෙනකු වූ බෙටී හිල් සහ බානි හිල් යන දෙදෙනා හදිසියේම අතුරුදන් වූහ. ඔවුන් පැහැර ගන්නා ලද්දේ අළු මිනිසුන් බවට සාක්‌ෂි තිබිණ. පැහැරගත් දෙදෙනා පීරිසියක හැඩය සහිත යානයක දමාගෙන රැගෙන ගොස්‌ ඇති බවද හෙළිවිය. අළු මිනිසුන් ජීවත් වන ග්‍රහලෝකය පිහිටා ඇත්තේ Zeta Reticuli නමැති තාරකා පද්ධතියේ බව තාරකා විද්‍යාඥයෝ කියති. එම පද්ධතියට අයත් Reticulum සූර්යයාගේ දෙවැනි ග්‍රහලෝකය මිනිසුන්ගේ ජන්ම භූමිය බව එම විද්‍යාඥයෝ පෙන්වා දෙති.
1947 දී ඇමරිකාවේ නිව් මැක්‌සිකෝ ප්‍රදේශයේ රොස්‌වෙල් පළාතට පිටසක්‌වල යානයක්‌ කඩාවැටුණ බවත් මේවායෙහි සිටි ජීවීන් ඇමරිකානු හමුදාව මගින් සිරකර ගෙන සිටින බවත් ප්‍රසිද්ධ කතාවකි. මෙසේ සිර කරගෙන සිටින පිටසක්‌වල මිනිසුන් වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා මෙයට කලකට පෙර ඇමරිකන් මානව හිමිකම් සංවිධානයක්‌ අධිකරණයට පෙත්සමක්‌ පවා ඉදිරිපත් කර තිබිණි. මෙසේ ඇමරිකන් හමුදාව අතට පත්වූ පිටසක්‌වල ජීවීන් පිරිස අළු මිනිසුන් බවට පිළිගැනීමක්‌ තිබේ.
1947 දී රොස්‌වෙල් ප්‍රදේශයේ දී අල්ලා ගත් අළු මිනිසුන් පසුව මියගිය බවත් ඔවුන්ගේ මරණ පරීක්‌ෂණ පිළිබඳ මි.මී. 16 ප්‍රමාණයේ දළ සේයාපටවලින් වාර්තා චිත්‍රපටයක්‌ තනන ලද බවත් පිළිගැනීමය. එම චිත්‍රපටය රීල් 22 කින් සමන්විත බවද සඳහන්ය. රේ සැන්විලි නමැති අධ්‍යක්‍ෂවරයා විසින් මෙය තැනූ අතර එමගින් විශාල කලබැගෑනියක්‌ ඇතිවනු දුටු අධ්‍යක්‍ෂවරයා තම චිත්‍රපටය ඔරිජිනල් එකක්‌ නොවන බවත් නියම චිත්‍රපටය අපැහැදිලි නිසා එය අනුසාරයෙන් අලුත් දර්ශන තල සහ ආකෘති යොදා චිත්‍රපටය තැනූ බවත් කීය. කෙසේ වුවද මෙහිදී එකක්‌ පැහැදිලි විය. ඒ වූකලී රොස්‌වෙල් සිද්ධිය ඇත්ත බවත් මියගිය අළු මිනිසුන් ගේ මරණ පරීක්‌ෂණ ආශ්‍රයෙන් අපැහැදිලි මට්‌ටමේ හෝ චිත්‍රපටයක්‌ තනන ලද බවත්ය.
අළු මිනිසුන්ගේ හමේ පැහැය ගැනද විවිධ සාක්‌ෂි තිබේ. සමහරුන් කියන්නේ ඔවුන් නිල් පැහැයට හුරු අළු පැහැයෙන් යුක්‌ත වන බවය. ඔවුන් දම් පැහැයට හුරු අළු පැහැයෙන් යුක්‌ත බව තම සමහරු කියති. අළු මිනිසුන් සයිබොග්වරුන් (අර්ධ යාන්ත්‍රික සහ අර්ධ මනුෂ්‍ය ශරීර ඇතිව නිපදවන ලද මනුෂ්‍ය වර්ගයකි) කෙනකුගේ මතය ය. ලැබී ඇති සාක්ෂිවලට අනුව ඔවුන්ගේ සිරුරුවල සම ඉතා මෘදුය. එය තුනී රබර් වැස්‌මක්‌ වැනිය. අළු මිනිසුන්ගේ අත්අඩංගුවට පත්වූ පෘථිවි වාසීන් ලිංගික හිංසා ඇතුළු විවිධ වධ බන්ධනවලට ලක්‌ කෙරුණු බවද හෙළිවී තිබේ. එසේ නම් අළු මිනිසාගේ සිතුම් පැතුම්ද ස්‌ථිර වශයෙන්ම පෘථිවි වාසීන්ගේ සිතුම් පැතුම් හා සමාන විය යුතුය. නැත්නම් ඔවුන් තම අත්අඩංගුවේ සිටින අයට ලිංගික වධහිංසා කරන්නේ නැත.
අළු මිනිසුන්ගේ ප්‍රබලම ආයුධය මෝහනයයි. පෘථිවි වැසියකු තමන් අතට පත්වූ විට ඔවුන් ඔහුගේ දෑසට තම විශාල දෑස ළංකර මෝහනය කරන බව හෙළිවී ඇත. ඒ මගින් පෘථිවි වාසීන්ගේ සිත් තුළ ඇති දේ දැන ගැනීමටද ඔවුනට හැකිය. අළු මිනිසුන් හුස්‌ම ගන්නා බවක්‌ නොපෙනෙන බවත් ඔවුන්ගේ ළය උස්‌ පහත් නොවන බවත් ඔවුන්ට හසුවූ අය කියති.
ජීව විද්‍යාඥයකු වන ජැක්‌ කොහෙන් කියන පරිදි අළු මිනිසා ජීවත් වන ලෝකයේ පාරිසරික ස්‌වභාවය පෘථිවියට වෙනස්‌ නිසා අළු මිනිසාගේ ශරීරයද ඊට අනුකූලව හැඩගැසී ඇති බවය. අළු මිනිසුන් සිය බෝවීමේ ක්‍රියාවලිය සිදු කරන්නේ ක්‌ලෝනීකරණය මගින් බව විද්‍යාඥයෝ කියති. වසර දස දහස්‌ ගණනක්‌ තිස්‌සේ ඔවුන් පෘථිවියට පැමිණියේ පහත සඳහන් කරුණු නිසා බව කියනු ලැබේ.

* පුළුල් බුද්ධියක්‌ ඇති නමුදු ඔවුන්ගේ කය ශක්‌තිමත් නැත. පෘථිවි වාසීන් වෙතින් ජාන ලබාගෙන ක්‌ලෝනීකරණය කර ශක්‌තිමත් ජාතියක්‌ බිහිකිරීම ඔවුන්ගේ අරමුණ බව අනුමාන කෙරේ.

* තමන් ජීවත් වන ග්‍රහලෝකයට වඩා පෘථීවිය යහපත් නිසා පෘථිවියෙහි ජනපද ගොඩනැඟීම ඔවුන්ගේ අරමුණ බව එක්‌ මතයකි.

* පෘථිවියෙහි අලුත් දැනුම ලබාගෙන තම වර්ගයා දියුණු කිරීම ඔවුන්ගේ අරමුණ බව ඊළඟ මතයයි.

* පෘථිවි වාසීන්ගේ ප්‍රජනන ක්‍රියාවලිය අධ්‍යයනය කර ඒ ආකාරයේ ස්‌වාභාවික ක්‍රියාවලියක්‌ තම වර්ගයා වෙනුවෙන්ද ඇති කර ගැනීම. (අළු මිනිසුන් ගැන වීඩියෝ දර්ශන Youtube හරහා Grey People හෝ Grey aliens යන්න ටයිප් කිරීමෙන් අන්තර්ජාලයෙන් ලබාගත හැකිය.)
සුමේරියන් ශිෂ්ටාචාරය වසර 6000 ක්‌ පැරැණි අතර ලොව පැරැණිතම ශිෂ්ටාචාරය ලෙස සැලකේ. මේ ශිෂ්ටාචාරයේ මිනිසුන්ට අනුනකි නමැති දෙවියෙක්‌ සිටියේය. එම දෙවියා පිටසක්‌වල ජීවියෙක්‌ බවත් පෘථිවියට පැමිණ ජීවත් වූ බවත් පර්යේෂකයන්ගේ මතයයි. අප අදටත් පාවිච්චි කරන දින දර්ශනය, ගණිත ශාස්‌ත්‍රය සහ වේලාව බැලීමේ ක්‍රමය සුමේරියානුවන් විසින් හඳුන්වා දෙන ලදී. සෞරග්‍රහ මණ්‌ඩලය ගැන ඔවුන්ට ඉතා හොඳ දැනුමත් තිබූ අතර වෙනත් ග්‍රහලෝකවලින් මෙහි එන ජීවීන්ගේ රුව මැටි පුවරුවල හෝ ගල් ඵලක මත කැටයම් කිරීම ඔවුන් අතින් සිදු විය. “අනුනකි” පෘථිවියට පැමිණියේ අභ්‍යවකාශ යානාවකිනි. එම යානාවේ රූපසටහන්ද ඔවුන් ගල්වල කොටා ඇත
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya