Monday, August 8, 2016

”අංගම් පිඹීම” නම් වූ මාරාන්තික මන්ත‍්‍ර ශාස්ත‍්‍රය...!(angam pora අබිරහස් අඩවිය - Abirahas Adawiya)

ශ්‍රී ලංකාවේ වර්තමානයේ දී බොහෝ සෙයින් ප‍්‍රසිද්ධව ඇති සටන් කලාවක් වනුයේ අංගම් පොරයි. ඈත අතීතයේ සිට පැවත එන මේ සටන් කලාව අමුතුම පන්නයේ එකකි. මේ සටන් කලාව වඩාත් ප‍්‍රසිද්ධියට පත්වෙන්නට පටන් ගත්තේ මීට වසර ගණනකට පෙර ජාතික රූපවාහිනියෙන් විකාශය වූ ”දඬුබස්නාමානය” නම් ටෙලි නාට්‍යය සමගිනි. ටෙලිනාට්‍ය කලාවේ නව නැම්මක් ඇති කරමින් ප‍්‍රවීන කලාකරු ජයන්ත චන්ද්‍රසිරි විසින් එය නිර්මාණය කෙරිණි.
බොහෝ දෙනකු අංගම් පොර නම් වූ සටන් කලාව පිළිබඳව දැන ගත්තත් ඈත දිගාමඩුල්ලේ මීට දශක ගණනකට පෙර තිබූ ”අංගම් පිඹීම” නම් වූ මාරාන්තික මන්ත‍්‍ර ශාස්ත‍්‍රය ගැන නොදනී.
මේ මාරාන්තික මෙන්ම අමුතුම වර්ගයේ මන්ත‍්‍ර ශාස්ත‍්‍රය නිසා අතීතයේ දී මිනිසුන් බොහෝ දෙනකු රෝගාබාධයකට හෝ මරණයට පත්ව ඇති බව තවමත් දිගාමඩුළු වැව්ගම්පත්තුවේ පැරැණියෝ පවසති.

මේ ”අංගම් පිඹීමේ” මන්ත‍්‍ර ශාස්ත‍්‍රය පිළිබඳව වැඩිමනත් තොරතුරු තිබෙන්නේ දකුණු වැව් ගම්පත්තුවේය. (දමන) ඒ මන්ත‍්‍ර ශාස්ත‍්‍රය කනින් අසා, එහි කි‍්‍රයාකාරිත්වය දෑසින් දැක අනාගත පරම්පරාව වෙත දැන ගැනීමට සටහන් තැබූ එකම පුද්ගලයා මායා රංජන් නම් ආරූඪ නාමයෙන් ”දිගාමඩුල්ලේ ආශ්චර්ය” ඇතුළු පොත් කීපයක්ම රචනා කළ ගුරුවරයකු වූ මහනාම රාජපක්‍ෂයන්ය. 1940 දශකයේ අගභාගයේ දමන විද්‍යාලයේ සේවය කළ ඔහු, එවක ඒ ප‍්‍රදේශයේ තිබූ ”අංගම් පිඹීම” පිළිබඳවද සිය අවධානය යොමු කළේය.
”අංගම් පිඹීම අංගම් පොර මෙන් අතින් පයින් ගුටි ඇන ගන්නා, පොර බඳනා නිල බලා පහර දෙන ශිල්පයක් නොවේ. නමුත් මේ දෙකම මාරාන්තික බව සැබෑය.

දිගාමඩුල්ලේ ”අංගම් පිඹීමේ” මාරාන්තික මන්ත‍්‍ර ශාස්ත‍්‍රයේ විස්තර මායාරංජන් ”දිගාමඩුල්ලේ ආශ්චර්යය” පොතේ මීට වසර 54 පෙර සඳහන් කර තිබෙන අයුරු අපි මුලින්ම බලමු.

එදා අප තොට්ටම පන්සල් යන්නට කරත්තය බඳින විට, මුතුබංඩාගේ අප්පච්චි ඔහුට දුන් අවවාදය මට තවමත් මතකය.

”පුත, තැන තැන දුව පැන ඇවිදින්නේ නැතුං බලාගෙන එන්ඩ ඕනැ. එක එකා අංගම් පිඹිත්!”

අංගම් ගැන තොරතුරු අපි පසුවද සෙවීමු. දමන ”පරිෂාරි” මට ඒ මන්තරයක් ද ලියා දුන්නේය. ගම්මිරිස් ඇට කීපයක් ඒ මන්තරයෙන් එකසිය අටවරක් මතුරා කටේ ලා සපා උඩු සුළඟින් සිට පිඹිය යුතු බැව් හේ කියයි. එහෙත් මා සත්ත බැලූවේ නැත.
ඒ මායා රංජන් ”අංගම් පිඹීම” පිළිබඳව ඇසූ දුටු දෙයයි. මෙහි ”පරිෂාරි” ලෙස සඳහන් කර ඇත්තේ දමන ගමේ වෙදරාලටයි. ඔහුගේ නම සුදු බංඩාය. වෙදරාලට දෙමළින් කියන්නේ ”පරිෂාරි” කියාය. එකල දෙමළ, මුස්ලිම් අය මෙහි ආ ගිය නිසා ඔවුන් ඇමතූ ආකරයටම සිංහල අයද අමතන්නට පුරුදු වී තිබේ.
මේ ”පරිෂාරි” ව යකුන්නැහේ ලෙසින්ද අමතා ඇත. යකුන් බැඳගෙන යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකම් ආදිය කරන නිසා එනම ලැබී ඇති බව සමහරුන් කීවද දමන පදිංචි රම්පටබැඳි මුදියන්සේලාගේ ගුණවර්ධන මහතා (79) සඳහන් කළේ වෙල්ලස්සේ ”යකුන්නොහො” නම් ගමකින් පැමිණි නිසා ”යකුන්නොහෝ අයියා, යකුන්නොහෝ මාමා, යකුන්නොහෝ මල්ලි , වී පසුකාලීනව ”යකුන්නැහේ” වූ බවයි. අංගම් ශාස්ත‍්‍රය හොඳින් දන්නා ඔහු ඒවා සුව කිරීමටද දක්ෂයකු බව පැරණියෝ පවසති. කෙසේ හෝ දමන ”පරිෂාරි” ජීවිතයේ අවසන් භාගයේ සැදුනු රෝගාබාධ නිසා බොහෝ දුක් විඳ මිය ගොස් තිබේ.
වැව් ගම්පත්තුවේ මට හමුවූ පැරණියෝද පැවසුවේ මේ ”අංගම් පිඹීම” වැඩි වශයෙන් කෙරෙන්නේ සෙනග ගැවසෙන තැන්වල බවයි. බොහෝ විට එකල ගමේ සෙනග ගැවසෙන්නේ ගමේ පන්සලේය. ගමේ පන්සලේ පැවැත්වෙන පින්කම් අවස්ථාවලදී මේ ”අංගම් පිඹීම” කරති. තරහ පිරිමසා ගැනීම, පළිගැනීම, බලපුළුවන්කාරකම පෙන්වීම ආදී කරුණු මුල් කරගෙන මෙය කරන බව පැරණි ගම්වැසියෝ පවසති.
තොට්ටම ගමේ පැරණි ගම්වැසියකු වන කේ.එම්. සුදුබණ්ඩා මහතා (75) අංගම් පිළිබඳව අදහස් පළ කළේ මෙසේය.
”සෙනග ගැවසෙන තැන්වලට යනකොට වැඩිහිටියන් කවුරුත් කියන කතාවක් තමයි ”අංගම් වලින්” පරෙස්සම් වෙන්න කියලා. මට මතකයි දවසක් අපි නඛා වෙහෙර (දීඝවාපි) වඳින්න යද්දි තාත්තා
දෙහිගෙඩියක් මතුරලා දුන්නා. මේක අතේ තියා ගනින්, එහෙම නැත්නම් ඉනේ ගහගනිං, අංගම් පිම්බොත් වදින්නේ නෑ කියලත් කිව්වා. අපි ඒ කාලේ තොට්ටම ඉඳලා කරත්න බැඳගෙන යන්නේ. උදේ පිටත් වුණාම හවස් වෙද්දි නඛා වෙහෙර ළඟට යන්ඩ පුළුවන්. ? එලිවෙනකම් පින්කම් තියෙනවා. දවස් කීපයක්ම අංගම් වැදිච්ච ගෑනු, මිනිස්සු නහයෙං කටින් ලේ දාගෙන වැටෙනවා දැකලා තියෙනවා. ඒ හැම අවස්ථාවකම අංගමක් - අංගමක් කියලා කෑ ගහගෙන මිනිස්සු දුවනවා. වැටිච්ච කෙනා ළඟට බය නැති අය තමයි කිට්ටු වෙන්නේ. මම දැකපු හැම අවස්ථාවකම කවුරු හරි ”ගුරෙක්” (ගුරුන්නාන්සේ) ඇවිත් මතුරලා අංගම වැදිච්ච කෙනාව සනීප කරලා තියෙනවා. ඒක ඒ මොහොතෙම කරන වැඩක්, ඒ ඇරෙන්ඩ කවුරුවත් මැරුණු බවක් මට මතක නෑ.
එක දවසක් මම අරං ගිය දෙහිගෙඩිය තැම්බිලා දුඹුරු පාට වෙලා තිබුණා. වැඩිහිටියො කිව්වේ කවුරු හරි පිඹපු අංගමක් මතුරපු දෙහිගෙඩියට වැදිලා ඇති බවයි. දෙහිගෙඩිය නොතිබුණා නම් අංගම මට වැදෙන බව ඒගොල්ලෝ කිව්වා”
අංගමක් වැදුනු ස්වාමීන් වහන්සේ කෙනකු ගැන සඳහන් කළේ බක්මිටියාවේ බන්ඩා පුංචි බණ්ඩා (84) මහතා.
”මම මේ සිද්ධිය දැක්කේ 1939 දී. එතකොට මට වයස අවුරුදු 12 ක් විතර ඇති. මිරිහලේ පන්සලේ එදා පිංකම් තිබුනා. වෙනදනම් ඔය අංගම් පිඹීම කරන්නේ ?ටනේ. නමුත් මේක වුණේ පින්කම් ඉවරවෙලා පහුවදා උදේ. පින්කම් වලට දඹගල්ලෙන් (මොනරාගල දිස්ත‍්‍රික්කයේ) මැනිකා ගුරුන්නාන්සේ ඇතුළු කට්ටියක් තමයි ඇවිත් හිටියේ. ඒ අය හේවිසි ගැහුවා.
පන්සලේ හාමුදුරුවෝ පහුවදා ආවාස ගේ පිටිපස්සේ මූණ හෝදමින් ඉන්නකොට තමයි අංගම ඇරියේ. ආවාස ගේ පිටිපස්සේ තවත් කීපදෙනෙක් ඉඳලා තියෙනවා. ඒ කාට හරි ඇරපු අංගම තමයි හාමුදුරුවන්ට වැදුනේ. අංගම ඇරපු එකා හොයාගන්ඩ බැරිවුණා. හාමුදුරුවන්ගේ නම කේ. ධම්මාලෝක. උන්නාන්සේ මට
මාමා වෙනවා. ඊට කලින් පන්සලේ හිටියේ මගේ බාප්පා වෙන දේවමිත්ත කියලා හාමුදුරු නමක්. උන්නාන්සේ සිවුරු ඇරියට පස්සේ තමයි ධම්මාලෝක හාමුදුරුවෝ පන්සලේ විහාරාධිපති වුණේ.
ඉතින් හාමුදුරුවෝ නහයෙන් කටින් ලේ දාගෙන වැටුණනේ. පන්සල ඉස්සරහා හිටපු ඔක්කොම දුවගෙන ආවා. මැනිකා ගුරුන්නාන්සේ දුවගෙන ඇවිත් වතුර මතුරලා හාමුදුරුවන්ට ඉස්සට පස්සේ පියවි සිහිය ආවා. ලේ ගැලීමත් නතර වුණා. අංගම් අරින්නේ යක්කු බන්ධනය කරලනේ.
මට හොඳට මතකයි මේ වැඬේ ගැන හොඳට හොයලා බලපු උහන පැත්තේ (වැව් ගම්පත්තුව උතුර) රටේ මහත්තයෙක් නඛා වෙහෙරෙදී (දීඝවාපිය) ඔය අංගම් පිඹින ගුරකුට හොඳටම අල්ලං ගැහුවා. එදායින් පස්සෙ අනිත් ගුරොත් බය වුණා. අංගම් පිඹිල්ල ටිකෙන් ටික නතර වුණා.
වාවින්න 19 පදිංචි වනසිංහ මුදියන්සේලාගේ සුදු බණ්ඩා (69) මහතා අංගම් පිඹීම පිළිබඳව අපට අදහස් පළ කළේ මෙසේය.
”දවසක් මොනරාගල බුද්ධම පන්සලේ පිංකමක් බලන්ඩ අපිත් ගියා. සුවිසි විවරණ, බෝධිපූජා, මල්වට්ටි වෙන්දේසිය, බෞද්ධ නාට්‍ය ආදිය තමයි පන්සල්වල තිබුණේ. මධ්‍යම රාත‍්‍රිය වෙනකොට සියලූම වැඩ ඉවර වුණා. සමහරු වැටිච්චි වැටිච්චි තැන්වල නිදාගෙන හිටියා. තවත් සමහරු තැන තැන කතා කර කර හිටියා. අද වගේ විදුලිය තිබුණේ නෑ. පැට්‍රෝල් මැක්ස්, භූමිතෙල් ලාම්පු, පන්දම්, පහන් ආදියේ අඩ අඳුර තමයි තිබුණේ.
පන්සලේ එක තැනක තේ කඩයක් තිබුණා. එතන පොල් ගහයට මැදිවයසේ තුන්දෙනෙක් කතා කර කර හිටියා. එතෙන්ට යම් පුද්ගලයෙක් ඇවිත් සුරුට්ටුවක් පත්තු කරගෙන දෙතුන් පාරක් ඉහළ දුම්ගුලි පිටකළා. මම ඒ දිහා බලාගෙනයි හිටියේ. ඔහොම ටික වෙලාවක් යනකොට එක සැරේම අර තුන්දෙනා අඩි 05-06 ක් උඩ ගිහිල්ලා බිම වැටිලා දඟලන්ඩ පටන් ගත්තා. නිදාගෙන හිටපු අයත් ඇහැරුනා. සමහරු ”අංගමක් වැදිලා - අංගමක් වැදිලා” කියලා කෑ ගැහුවා. ඔය සද්දෙට තැ?ලේ නායක හාමුදුරුවොත් එතනට ආවා. ”අරකා තමයි මේක කරන්ඩ ඇත්තේ, ඕකට මම පාඩමක් උගන්නන්නම්කෝ” කියලා හාමුදුරුවෝ කිව්වා. ඒ කියලා ඉවරවෙලා මොනවදෝ හෙමිහිට මතුරලා හාමුදුරුවන්ගේ අතේ තිබුණ බස්තමෙන් අර වැටිච්ච තුන්දෙනාටම තට්ටු දැම්මා. ”හා හා දැන් ඉතින් නැගිටලා ගෙවල් වලට පලයල්ලා.” කියලා උන්වහන්සේ කිව්වා. ඊට පස්සේ අවසිහියෙන් වගේ හිටපු තුන්දෙනා නැගිට්ටා.
මට පස්සෙ තමයි තේරුනේ අර මිනිහා සුරුට්ටු දුම ඇරියේ හුළං අත බලන්න කියලා. මිනිහා වැඬේ කරලා හෙමිහට මාරුවෙලා. කඳංකැටියේ ”නංහාමි ගුරුන්නාන්සේ’’ කියන්නේ මිනිහට තමයි. පහු කාලෙක ඒ ගුරුන්නාන්සේ ලෙඩ හැදිලා දුක් විඳලා මැරුණා.”
අංගම් වර්ග කීපයක් තියෙනවා. එකක් තමයි උඩ තිරිංග අංගම. ඒක ඇරියම ටිකක් උඩ විසිවෙලා බිම
වැටෙනවා. අනිත් එක තමයි ”සූරිය තිලක්කම” අංගම. ?ට පිම්ඹහම පහුවදා ඉර පායද්දි අංගම වදිනවා. අනික ”නර වැදීම” අංගම, රත් හඳුන්, සුදු හඳුන් උරච්චි කරලා මතුරලා අල්ලේ ගාගෙන අංගම යවන්ඩ ඕනැ කෙනාට දෑත් එකතු කරලා ”ආයුබෝවන්ඩ” කියන ගමන් එයාගේ සෙවණැල්ල පාගන්ඩ ඕනැ. එතකොට එයාට අංගම වදිනවා. ඒ වගේම නූල් මතුරලා යන එන පාරේ තිබ්බහම ඒක පෑගුනොත් අංගම වදිනවා.
”රීරි කඩවර යක්ෂණිගේ පුපුරාඩිය” අංගමෙන් තමයි කන් අඩි පුපුරලා ලේ ගලන්නේ. අංගමක් වැදුනට පස්සේ කොහෝ හරි ගුරෙක් ගෙනල්ලා සනීප කරන්ඩ ඕනෑ. නැත්නම් නිතර සිහි නැතිව වැටෙනවා. පිස්සු හැදෙනවා. ඔහොම ඉඳලා මැරිලා යනවා.
වැව්ගම්පත්තුවේ පැරණියෝ පවසන අන්දමට, මෙහිදී සිදුවන්නේ මතුරා, සපා පිඹින ගම්මිරිස් කුඩු වල සැර සුළං අතත් සමග ගොස් නාසයට ආඝ‍්‍රහනය වීමයි. එසැණින් නහයෙන් කටින් ලේ දමාගෙන ඇද වැටීම. සුළං හමන දිශාව තමන්ගේ දෙසට තිබුණොත් එය තමන්ට වදින බව ඔවුහු කියති. එසේ වු අවස්ථාද ඇති බව ඔවුහු පෙන්වා දෙති.
වැව්ගම්පත්තුවේ තොට්ටම ගමේ අංගම් ශාස්ත‍්‍රය දන්නා රද්දැල්ලේ ගුරුන්නාන්සේ නම් වු ගුරකු සිටි බවද ඔවුහු පෙන්වා දෙති. බොහෝ සෙනග ගැවසෙන තැන්වලට යද්දී ලොකු කුඩා ගැහැණු පිරිමි බොහෝ දෙනකු මැතිරූ දෙහි ගෙඩියක් ඉනේ සඟවාගෙන යන අතර අංගමක් වැදුණු විට එය උණු වතුරේ තැම්බූ කලෙක මෙන් අව පැහැ ගැන්වෙන බව කියයි. අංගම සැරනම් දෙහි ගෙඩිය පැළෙන බවද පැරැණියෝ කියති.
අගංම් සාස්තරය දන්නා ගුරොන්ට ගමේ බොහෝ දෙනෙක් බය පක්‍ෂපාතීත්වය දැක්වූ බවද පැරැන්නන් පෙන්වා දෙන අතර දීඝවාපියේ දී රටේ මහත්තයකු අංගම් පිඹින ගුරෙකුට ඇති පදමට පහර දීමත් සමග අංගම් පිඹිල්ල නැති වී ගිය බවද කියති.
එපමණක් නොව, ගල්ඔය සංවර්ධන මණ්ඩලයේ ආගමනයත් සමග ඉඩම් ලැබීම වෙනත් තැන්වලට යාමට සිදුවීම සමහර ආකල්ප ආදිය නිසාද මෙය ක‍්‍රමයෙන් නැති වී ගොස් තිබේ. එවක මේවා ගුණධර්ම ඇති කිසිදු මිනිසකු අනුමත නොකළ බව මට හමු වූ සෑම පැරැණියකුම කීය.
මෑත භාගයේ දී මගේ මිතුරකු නොදන්නා කෙංගෙඩියක් කරන්න ගොස්, හාස්‍ය්‍යට ලක්වූ අයුරු තවමත් මතකය. මේ ගැන මතකය අවදි කරමින් ඔහුත් අපිත් අදටත් සිනාසෙමු. යම් පිළිවෙතකට කළ යුතු මේ ගැන කිසිදු අවබෝධයකින් තොරව කාගෙන්දෝ මන්තරයක් යැයි කියා දෙයක් අසා ගම්මිරිස් ඇට සපා කඩපිලේ සිටි තරහකරුගේ මුවට ළං වී එය පිඹ මොහු පැන දිව්වේය. නොසිතූ විටෙක සිදුවූ දෙයින් මුණ පුරා වැදුණු බුලත් කෙලත් ගම්මිරිස් ඇටත් පිස දැමූ මගේ මිතුරාගේ තරහකරු ”මේ යකාට පිස්සුද මන්ද” කියමින් ගෙදර ගියේය.
මායා රංජන් දුටු පරිදි මෙන්ම අප ඇසූ පරිදිද මෙය හාස්කමක් බව සැබෑය. එහෙත් එදා මෙන්ම අදත් ශිෂ්ට සම්න්න සමාජය මෙය අනුමත නොකරනු ඇත. එසේම ”අංගම් පිඹීම” නම් වූ අතුරුදන්ව ගිය සංස්කෘතියක් මේ සාමජයේ බොහෝ කාලයක් තිබූ බව සිහිපත් කරලනු වස් පමණක් මේ සටහන තැබූ බව සඳහන් කරමි.
සටහන - දිගාමඩුල්ල සමන් දිසානායක

================================================
උපුටා ගැනීම් සහිතයි ....!!!
දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....

අබිරහස් අඩවිය - Abirahas Adawiya 

අහසින් බැලූ විට පමණක් පෙනෙන අභිරහස් චිත‍්‍ර...!.(The Nazca Lines අබිරහස් අඩවිය - Abirahas Adawiya)

අද අප සූදානම් වෙන්නේ අපේ මේ මිහිමව විසින් සඟවා ගෙන ඇති තවත් අභිරහසක් ගැන හෙළි දරව් කරන්නටයි. ඒ තමා දකුණු ඇමෙරිකා මහාද්වීපයේ දී අපට හමුවන නස්කා රේඛා (The Nazca Lines).
මොනවද මේ නස්කා චිත‍්‍ර ?
පේරු දේශයේ අන්දීස් කඳුකරය අසළ කාන්තාර නිම්නයේ පොළොව හාරා සැතපුම් ගණන් දිගට විහිදෙන විශාල රේඛා වගයක් ඇත. මේ රේඛා නිර්මාණය කර ඇත්තේ නස්කා Nazca නමින් හැඳින්වෙන ඈත අතීතයේ විසූ ගෝත‍්‍රිකයන් පිරිසක් බව විශ්වාස කෙරේ. පොළෝ මට්ටමේ සිට බැලූ විට මේවා නිකම්ම නිකම් අගල් කීපයක් පමණයි. ඒත් අහසේ සිට බලද්දී පෙනෙන දේ විස්මය ජනකයි. රේඛාවලින් නිරූපණය වෙන්නේ අති දැවැන්ත අපූරු චිත‍්‍රයි. මෙම චිත‍්‍ර අතරේ සත්ත්ව රූප හා නොයෙක් විධියේ අමුතු සංකේත හා රටාවන් තිබේ. අහසින් යාමට සිහිනයකින්වත් නොසිතූ දුරාතීතයේ මේ පළාතේ ජීවත් වූ මේ නස්කාවරුන් නමින් හැඳින්වෙන ගෝත‍්‍රික ජනයා අහසේ සිට පමණක් පැහැදිලිව දැකිය හැකි එසේත් නැතිනම් අහසට පමණක් හොඳින් පෙනෙන දැවැන්ත සිතුවම් ඇන්දේ කුමක් නිසා? ඔවුන් ඒවා ඇන්දේ කාට පෙනෙන්නද ? දෙවියන්ට පෙනෙන්නද ? කවුරුන්ද මේ දෙවියන් ? නස්කාවරුන් දෙවියන් ලෙස සැලකුවේ පිටසක්වළින් පැමිණි අමුත්තන් පිරිසකටද ?
නස්කා චිත‍්‍ර
නස්කා රේඛාවලින් නිරූපණය කෙරෙන චිත‍්‍ර අතරේ පැණි කුරුල්ලෙක්, දඟර ගැසුණු වල්ගයක් ඇති වඳුරෙක්, කොන්ඩෝර් ගිජුලිහිණියෙක්, බකමූණකුගේ හිසක් ඇති මිනිසකු ද දකින්න ලැබේ. සත්ත්ව රූප නිරූපණය වන සේ මෙම රේඛා මුලින්ම සකස් කරන්න ඇත්තේ කි‍්‍ර.පූ. 200 දී පමණ කාලයේ විය හැකියැයි පුරාවිද්‍යාඥයන් විසින් නිගමනය කර තිබේ. පොළොවේ ඇඳි අනෙක් රටා නිර්මාණය කර ඇත්තේ ඊට අවුරුදු 500 කට පමණ පසුව බව ඔවුන්ගේ මතයයි. ඔවුන් මෙම රේඛා හඳුන්වන්නේ ‘ජියොග්ලිප්්ස්’ Geoglyphs හෙවත් ‘භූ ලේඛන’ Earth Writings යනුවෙනි.
නස්කා නිම්නයේ නස්කාවරු
ඉන්කා, මායා සහ ඇස්ටක් ශිෂ්ටාචාර බිහිවීමට පෙර දේශගවේෂක කොලම්බස් ඇමෙරිකාව සොයා පැමිණීමටත් පෙර පේරු දේශයේ නස්කා හී විසූ නස්කා ගෝත‍්‍රිකයෝ අති දැවැන්ත සිතුවම් නිර්මාණය කළහ. ඔවුහු මේ සිතුවම් නිර්මාණය කළේ පැම්පා ලීමා නගරයේ සිට සැතපුම් 250 ක් දුරින් පිහිටා ඇති කොලරාඩා නමින් හැඳින්වෙන අන්දීස් කඳුකරයට අයත් කාන්තාර තැනිතලා නිම්නයේය. නස්කා රේඛාවල හා බැඳුණු පුදුම දනවන සංසිද්ධියක් නම් මෙම රේඛා කාන්තාරයේ කර්කෂ දේශගුණයෙන් බැටකෑවත් ශත වර්ෂ ගණනකට පසුව අදත් තවමත් ඒවා හොඳින් සුරැකී තිබීමයි.
පිටසක්වළ ජීවීන් වෙනුවෙන් ඇඳි චිත‍්‍ර ?
බොහෝ විද්‍යාඥයන් පවසනුයේ මෙම චිත‍්‍ර දෙවියන් වෙනුවෙන් නිර්මාණය කළ ඒවා බවයි. ස්විට්සර්ලන්ත ජාතික එරික් වොන් ඩැනිකන්, 1970 දී ඔහු විසින් රචිත අතිශය ප‍්‍රසිද්ධියට පත් වූ ‘චැරියට්ස් ඔෆ් ගෝඞ්ස්’ කෘතියෙන් මෙම නස්කා රේඛාවලට වැඩි අවධානයක් ලබා දුන්නේය. ඩැනිකන් කියා සිටියේ මේ චිත‍්‍ර පිටසක්වලින් පැමිණෙන අමුත්තන්ට (පිටසක්වළ ජීවීන්ට) මඟ පෙන්වීම පිණිස නිර්මාණය කළ ඒවා බවයි. ඔවුන්ගේ පිටසක්වළ යානා ගොඩබෑමට මේ සිතුවම් උපකාරී වන්නට ඇති බවයි. ‘චැරියට්ස් ඔෆ් ගෝඞ්ස්’ කෘතිය ජනප‍්‍රිය වීමට මෙම කරුණු ඉවහල් වුනත් විද්‍යාඥයන් තවමත් මේ ගැන බලන්නේ වපර ඇසකිනි.
අහසින් ගිය නස්කාවරු
සමහර විද්‍යාඥයන්ගේ මතය වන්නේ නස්කාවරුන් පුරාණ කාලයේ බැලූන නිර්මාණය කර අහසින් ගිය පිරිසක් බවයි. 1980 වසරේදී විද්‍යාඥයන් පිරිසක් පුරාණ තාක්ෂණය යොදා ගනිමින් නස්කාවරුන් මෙන් උණුසුම් වායු බැලූනයක් සකස්කර ගෙන සාර්ථකව ගුවනින් ගමන් කළහ. එදා ඔවුන් ඔප්පු කර පෙන්වූයේ නස්කාවරුන්ට අහසින් ගොස් මෙම චිත‍්‍ර නැරඹීමේ හැකියාව තිබූ බවයි.
ජර්මානු ගණිතඥ මරීයා රීචේ
දශක ගණනක් තිස්සේ මෙම රේඛාවල සිදු විය හැකි අනතුරුවලින් ඒවා ආරක්ෂා කිරීමට පුරෝගාමී මෙහෙවරක් කළ අයකු ලෙස ජර්මානු ගණිතඥවරියක වූ මරීයා රීචේ සැලකිය හැකිය. ඇය ප‍්‍රකාශ කරනුයේ මේවා පුරාණයේ දී අහසට පමණක් පෙනෙන සේ සැකසූ ‘ගගන දින දර්ශන’ Sky Calender කියාය. රීචේගේ මෙම න්‍යාය තාරකා විද්‍යාඥ ජෙරල්ඞ් හෝකින්ස් විසින් ද සනාථ කර තිබේ.
අභිරහස අභිරහසක්ම තමයි
තාරකා විද්‍යාඥයන් මොනවා කීවත් පුරා විද්‍යාඥයන් ඉදිරිපත් කරන්නේ ඊට වෙනස් මතයකි. ඔවුන් පවසනුයේ මෙම රේඛාවලින් පෙන්නුම් කරන්නේ භූගත ජල සැපයුම් මාර්ග බවයි. සමහරුන් විශ්වාස කරන්නේ මේ රේඛා පුරාණ වන්දනාකරුවන් ගමන් ගත් මාර්ග බවයි. පුරාණයේ මෙම ප‍්‍රදේශයේ ඉදිකර තිබූ අද මුළුමනින්ම අතුරුදන් වී ඇති සිද්ධස්ථාන වන්දනාමාන කිරීමට නොයෙක් දෙසින් බැතිමතුන් පැමිණෙන්න ඇති බව විශ්වාස කෙරේ. එහෙත් මේ රේඛා ඇන්දේ තුමන හේතුවක් හෝ කුමන පදනමක් නිසාද යන්න තවමත් අභිරහසකි.







උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Sunday, August 7, 2016

ලෝකයේ බලවත්ම ස්ථානය ලංකාව... (Gravity Recovery And Climate Experiment අබිරහස් අඩවිය - Abirahas Adawiya.)

ඇමෙරිකාවේ NASA ආයතනය හා ජර්මානු අභ්‍යවකාශ මධ්‍යස්ථානය එක්ව වසර 2002 මාර්තු මස යුගල චන්ද්‍රිකාවක් නිපදවා කක්ෂගත කෙරුණි එහි අරමුණ වුයේ පොලව මතුපිට තිබෙන ගුර්ත්වාකර්ශනයබලය වඩාත් නිවැරදි ලෙස මැන බලමින් කාලගුණය හා පොළවේ අභ්‍යන්තරව සිදුවෙන වෙනස්කම් අද්‍යනය කිරීමය. මෙම මෙහෙයුම GRACE (Gravity Recovery And Climate Experiment ) ලෙස හැදින්වූ අතර මේ වනතුරු සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී.GRACEපොලවට කිලෝමීටර500 ක් ඉහලින් ගමන්කරන මේ චන්ද්‍රිකා යුගල එකම පථයක සමාන්තරව ගමන්කරයි. චන්ද්‍රිකා යුගල අතර දුර කිලෝමීටර 200 ක් වන අතර එහි ඇති සුක්ෂම විද්‍යුත් උපකරණවලින් චන්ද්‍රිකා අතර දුර කෙස් ගසක පමණ
(10 microns) වෙනසක් වුවද මැනීමට සමත්ය. එලෙසම එම තොරතුරු පොළවට වාර්තා කිරීමට තාක්ෂණික පහසුකම් වලින් ද සමන්විතය. පොලව මතුපිට ස්ථරය හා අභ්‍යන්තරය ඒකාකාරී නොවේ. විද්ධ මූලද්‍රව්‍ය විවිධ ඝනත්වයන් ගෙන් යුතුව විවිද අනුපාතයන් වලින් පවතී . එලෙසම පොලවේ මතුපිට හා අභ්‍යන්තර ජාල හා ද්‍රව පැතිරීමට එකාකාරි නොවේ. එබැවින් පොලවේ ගුරුත්වාකර්ෂණ බලය සුළු වශයෙන් අඩු හා වැඩි වශයෙන්
වෙනස් වේ. මෙය සාමාන්‍ය මිනිසාට බලපාන මුත් එය අපට දැකගැනීමට හෝ මැන ගැනීමට නොහැක . කිලෝමීටර 500 ක් පොළවෙන් ඈත අභ්‍යවකාශයේ ඇති මෙම චන්ද්‍රිකා යුගල ටද මෙය බලපායි . එබැවින් පහල ගුරුත්වය අනුව චද්රිකාවේ වේගය අඩුවැඩි වේ.
ඒ අනුව චන්ද්‍රිකා යුගල අතර දුර සියුම් ලෙස වෙනස් වේ. එම වෙනස්කම් ගුරුත්වයට අනුලෝමව සමානුපාතික වන අතර සංකීර්ණ ගනයක කිරීම් තුලින් පොලවේ “ගුරුත්ව” සිතියමක් ලබා ගැනීමට හැකිවී තිබේ.gravityමෙය අප දන්නා සමෝච්ච රේඛා සිතියමට සමානය. මෙහි සම ගුරුත්ව ඇති ස්ථාන සම පාටින් දක්වන අතර අඩුම ගුරුත්වය නිල් පැහැයේ සිට වැඩිම ගුරුත්වය රතු පැහැය ලෙස ගෙන වර්ණ ගන්වා ඇත. මෙම සිතියමේ අඩුම ගුරුත්වය ඇති ස්ථානය තුල ලංකාව පිහිටීම අරුමයක් නොවේද? මෙහි පරාසය දක්වා ඇත්තේ මීටර වලිනි. අඩුම හා වැඩිම තැන අතර දුර මීටර 200ක් පමණ වෙනු ඇත. මෙය මීටර වලින් දැක්වීම ඔබට ගැටළුවක් වෙනු ඇත. අඩු ගුරුත්වය ඇති ලංකාවේ සිට වැඩි ගුරුත්වය ඇති මැලේසියාව ආශ්‍රිත පෙදෙසට නැවක් ගමන් ගනී නම් . එයට මීටර 200 පමණ ඉහලට යාමක් සිදුවේ
.සරලව දක්වතොත් අද ලංකාව තිබුනේ තද රතුපාටින් නම්, ඊට අදාල මුහුදු මට්ටම අද තිබෙන ප්‍රමාණයට මීටර 200 ක් පමණ උසකින් වැඩි විය යුතුය. එනම් පහත රට යටවී උඩරට පමණක් ඉතිරි වෙනු ඇත. මෙම ගුරුත්ව වෙනසට අනුව ලෝකයේ උපරිම හා අවම අගයන් ගතහොත් යම් වස්තුවක බර 0.6% කින් පමණ වෙනස්වීමට ඉඩ තිබේ . ලංකාවේ මෙම විශේෂ පිහිටුම මීට වසර තිහ හතළිහකට කලින් ම සිට හදුනාගෙන තිබුණි. ලාංකියන් මේ ගැන වැඩිවශයෙන් දැනුවත් නොසිටි මුත්, අද වනවිට අපට වඩා තාක්ෂණයෙන් දියුණු රටවල් මේ පිලිබදව වැඩි උනන්දුවක් දක්වා ඇත. වසර 1956 දී Arthur C. Clarke මහතා ලංකාවට පැමිණ පදිංචිවීම ඉන් එක කරුණක් ය . පෘතුවි පෘෂ්ට්යේ සිට ඇතුලට යනවිට ගුරුත්වය අඩුවේ , එනම් පෘතුවි කේන්ද්‍රයේ ගුරුත්වාකර්ෂණය ශුන්‍යය. නමුත් පීඩන අධිකය.
පෘතුවි තලය මත ගුරුත්වය අඩුම තැන ලංකාව වන බැවින් ලෝක තලයේ කේන්ද්‍රය නොහොත් ලෝකයේ හරිමැද ලංකාව පිහිට්යේ යි කීම නිවැරදිය. මෙම කරුණ අද පමණක් නොව වසර දහස් ගණනක සිට අපේ මුතුන් මිත්තන් දැනසිටි බවට ශාක්ෂි හමුවේ. ත්‍රිපිටකයේ මෙන්ම පුජාවලිය, රාජාවලිය, දඹදෙණි අසන, වන්නි රාජාවලිය හා දොරකොඩ අස්න යන ලේඛණ වල පෘතුවි තලය මත ශ්‍රෙෂ්ඨ හා බලවත් මිනිසුන් බිහිවෙන භූමියක් ඇති බවත් එය මධ්‍ය මණ්ඩලය ලෙසත් දක්වා ඇත . එහි බිහිවන ශ්‍රෙෂ්ඨ හා බලවත් මිනිසුන් ලෙස “සියලු බුදුවරුන්” හා සියලු “සක්විති රජවරුන්” දක්වා ඇත. 
මෙම මධ්ය මණ්ඩලයෙන් භාහිර රටවල් “පරසම්ය දේශ” වශයෙන් නම් කර විශාල රටවල් ප්‍රමාණක් දක්වා ඇත. ඒවා අතර නේපාලය, බංගලිදේශය, කාශ්මීරය, ලාට රට, සින්ධුර දේශය, කර්ණාටක, ගුජරාට, කාම්බෝජය, යෝනක දේශය, සොලිරට, රෝමය හා ස්පාඤඤය වැනි රටවල් ඇත, ලෝකයේ රටවල පිහිටීමට අනුව විද්‍යාත්මකව අසාමාන්‍ය පිහිටුමක් ඇති එකම රට ලංකාවය.අපට ආසන්නයේ ඇති විශාලම වස්තුව සද ය. එහිගුරුත්වය පොලවේ ගුරුත්වය වඩා අඩුය. දල වශයෙන් 0.16 ක් වේ. පොලවෙ සිට 384,400 km දුරකින්, අඩු ගුරුත්වයක් ඇති සද , වඩදිය හා බාදිය ඇති කරමින් පොලවට බලපෑම් කරනු ලැබේ. සමහර ස්ථානවල, වඩ හා බා දිය අතර වෙනස අඩි 50 ක් පමණ වෙන බවට සොයාගෙන ඇත. ඒ හා සමාන බලපෑමක් සුර්යයා ගෙන් ද ඇති වේ. සුර්යයාගේ ගුරුත්වය පොලව මෙන් 28 ගුණයකි එනමුත් 149,600,000 km දුරින් ඇති නිසා එයින් ඇතිවන්නේ සදේ බලපෑම මෙන් අඩකි .
සද පොලව වටා යාමට ගතවන කාලය දවස් විසි අටකි එය චන්ද්‍ර මාසය නම් වේ. මුහුදු ජලය මත පමණක් නොව මිනිස් සිරුර තුල ඇති තරල මෙන් ම හෝමෝන සහ මිනිස් මොලයේ කිරියාකරිත්වයට ද සද බලපායි . දින විසි අටකට වරක් සිදුවන කාන්තාවන්ගේ ආර්තවහරණය මෙයට හොදම නිදසුනයි . පොහොය දවසට මනසේ ක්‍රියාකාරිත්වය වැඩිවන බවට පිළිගැනීමක් ඇත. එලෙසම රුධිර ගමනාගමනය වැඩි වී ලේ කැටි ගැසීම අඩු වේයි විශ්වාසයක් පවතින බැවින් සමහර වෙදදුරන් පොහෝ දින ශල්‍යකරම නොකරති . මෙය බුදු දහමින් තවත් පිලිබිබු වේ. පොහොය දින පින්දහම් කිරීමට යොදාගන්නේ එම නිසාය. 
එලෙසම මෙලොව පහලවූ උසස්ම මිනිසාගේ තෙමගුල මෙන්ම විශේෂ අවස්තාවන්, පොහොය දින සිදුවීම බොද්ධ සාහිත්‍යයේ ඇතුලත්ය . විදේශීය ජනප්‍රවාද සහ ජනකතාවල පොහොදින විශේෂ බව සදහන් කරයි . සුර්යක් ග්‍රහණය යනු මෙහි උපරිම අවස්ථාවයි . එවිට සූර්යය හා චන්ද්‍රයා එකම රෙඛාවක පිහිටන අතර පොලවේ ගුරුත්වාකර්ශනයට ප්‍රතිවිරුද්ධව ක්‍රියාකරමින්. පොලවේ බලය අඩු කරයි. බයිබලය යක්ෂයා ලෙසද, බුදු දහම මාරයා ලෙසද පොලවේ බලය හදුන්වයි. මරණය යනු මාරයාගෙන් ලබාගත් ණය ය. අප කවදාහෝ මරණය ගෙවා, නැවතත් ණය ලබාගනිමින් ඉපදේ.
මනුෂ්‍යයා මනසින් මෙන්ම ශරීරයෙන් ද පොලවට බැදී සිටි. මාරයාගේ බලය දස ආකාරයකින් ක්‍රියාත්මකය. ඒවා පොලවට නොහොත් “බ්මට” බරය, දස බිම්බර මාර සෙනග නමින් හදුන්වන්නේ එයය. දැන් මා ඔබෙන් පැනයක් අසමි. පොහොය දිනක දසබිම්බර මාරසෙනග “පසුවෙන්ම” පැරදිය හැකි වන්නේ ලෝකයේ කුමන ස්ථානයක සිටද ? නැතහොත් කුමන රටේ වැසියෙකුටද ? බුද්ධත්වය නම් වූ එම ශ්‍රෙෂ්ඨ මානසික තත්වයට පහසුවෙන් ම පත් විය හැක්කේ කුමන රටේ වැසියෙකුටද? බොහෝ විද්වතුන් මෙන්ම බුද්ධ දේශනාව අනුව ද , මිනිසා ලොව ඇතිවන්නේ. ඕපපාතිකව නොව පිටසක්වල ආගමනයක් නිසාවෙනි. 
බුදු වදනේ මෙය ආබස්සර බඹ ලොව ලෙස හදුන්වති. දැන් මම ඔබෙන් තවත් ප්‍රශ්නයක් අසමි. පිටසක්වල ජීවියෙකු හට පෘතුවියට පහසුවෙන් පැමිණිය හැක්කේ හා පිටවිය හැක්කේ ලෝක ගෝලයේ කුමන ස්ථානයෙන් ද ? නොඑසේ නම් කුමන රටින් ද ? ලෝකයේ පලමු ජීවය ඇතිවන්නට පහසු මොන රටේ ද? ලංකාව තුල බාහිර ලෝක හා සම්බධ විය හැකි සක්විති රජවරු මෙන්ම තාක්ෂණයද තිබු බව අපගේ ඉතිහාසය හා පුරා විද්‍යාව කියාපායි . 
එහි හොදම උදාහරණය වන්නේ අනුරාධපුර රන්මසු උයනේ ඇති තාරකා දොරටු ලාංචනයි. මේ හා සමාන ලාංචන ලොව ඇත්තේ, එකක් ඊජිප්තුවේ හා මැක්සිකෝවේ පමණි. රාවන යනු එවන් සක්විති රජ පරපුරක අවසාන පුරුකය. ලංකාව යනු ඉදිරි අනාගත්දී අඩු ඉන්දන ශක්ති ප්‍රභවයකින් අභ්‍යවකාශයට යා හැකි හොදම ස්ථානය බව දැන් ලෝකයේ සම්මත වී කතාබහ වෙමින් පවතී. අනාගතයේ පමණක් නොව අතීතයෙහි පවා එසේ වන්නට ඇත . උස්සන්ගොඩ යනු එවන් ස්ථානයක් බවට ජනමතයක් පවතී . මෙම තත්වය අයහපත් ආකාරයටද බලපායි. 
මනසේ ක්‍රියාකාරිත්වය නිසා ගැටුම් වැඩිවීමටද ඉඩ තිබේ. ලෝකයේ වැඩිම මානසික ක්‍රියාකාරී පිරිසක් ඇති ලංකාව, දිවිනසා ගැනීම් වලින් පළමු තැනට පත්වන්නේ එම නිසාය. බුදුන් කොහේ සිටියත් එම ස්ථානයේ දෙවදත්තද සිටියේය. එලෙසම ලාංකිකයන් පාලනය කිරීම අපහසුය. දේශපාලනයේ නිතර ගැටුම් ඇතිවේ, යුධ ඇතිවේ. සුර අසුර, රාම රාවන, ශාක්‍ය කෝලිය, එළාර දුටුගැමුණු ආදී කාලයේ සිට අද දක්වා එය පැවතෙන බව ඕනෑම කෙනෙකුට පෙනී යනු ඇත. ලාංකිකයන් ඇත්තටම දක්ෂ වන්නේ මේ ගුරුත්ව පිහිටුම නිසාය. ලෝකයේ ජනගහන අනුපාතය ගත්කල ලංන්කිකයන් ලොවපුරා ඉහල තනතුරුවල සිටින්නේ එම නිසාය. ලංකාවේ මේ විශේෂ පිහිටුම ගැන, විදේශ වෙබ් අඩවි කිහිපයකම කතාකරනු දක්නට ලැබේ. මනා කලමනාකරණයක් හරහා ලොව දිවුනුම රට බවට මේ රට පත්කිරීමට මෙන්ම, මෙම පිහිටුම නිසා සංචාරකයන් වැඩි කරගැනීමටත් හැකිවෙනු ඇත. 
කෙසේ වෙතත් ලංකා සංචාරක මණ්ඩලය මේය දන්නා බවක් දක්නට නොලැබුණි. ඔවුන් උනන්දු වන්නේ හනුමන් හා සීතා කෝවිල් ඉදිකර ඉන්දියානු සංචාරකයන් ගෙන්වීම වැනි පසුකාලීනව ප්‍රශ්න ඇතිවන වියාපාරන් කෙරෙහි බව අසන්නට ලැබුණි. අවසාන වශයෙන් තවත් වැදගත් දෙයක් පෙන්වාදෙනු කැමැත්තෙමි. අද ලෝකයේ බෞද්ධ , මුස්ලිම්, හා කතෝලික වශයෙන් ප්‍රධාන ආගම් තුනක් ඇත. මෙම ආගම තුනෙහිම බැතිමතුන් එකට වන්දනා කරන ලොව එකම ස්තානය ඇත්තේ ලංකාවේය, විදේශ පොතපතෙහි මීට වසර දහස් ගණනකට පෙර මහා ඇලෙක්සැන්ඩර් රජු වැදපුදාගත් බව ලියවෙන, ලොව ප්‍රථම මිනිස් වාසය බිහිවූ ස්ථානය ලෙස අන්‍ය ආගමිකයන් අදත් සලකන ස්තානය තියෙන්නේ අප උපන් හෙළබිම තුලය.
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....අබිරහස් අඩවිය - Abirahas Adawiya 

“කිඳුරියෝ”....mermaid .(diya kinduriyo..අබිරහස් අඩවිය - Abirahas Adawiya)

“කිඳුරියෝ” මේ වචනය අපිට ඇහෙන කොටම මතකෙට එන්නේ බාගෙට නිරුවත් මාළුවෙකුගේ වගේ වරලක් තියෙන කාන්තාවක් නේ.මේ දිය කිඳුරියන් ගැන ලොකයේ ගොඩක් තැන් වලින් තොරතුරු වාර්තා වෙනවා.කැරිබියන් ‍ෆිල්ම්ස් සෙට් එක බලපු කෙනෙකුට නම් කියනකොටම කිදුරියෙක් මතක් වෙයි.ඒ වගේ මේ කිඳුරියෝ ගැන ගොඩක් ‍ෆිල්ම්සුත් ඇවිල්ලා තියෙනවා.මේ ඒ කිඳුරියෝ ගැන තොරතුරු ටිකක්……
කෙසේ හෝ කිදුරන් පිලිබද ක්‍රිස්තු පූර්ව 5000 තරම් ඈත යුගයකට දිවෙන වාර්තාවන් පවතී.පුරාවිද්‍යාත්මක සොයා ගැනීම් අනුව බැබිලෝනියන් ශිෂ්ටාචාරයෙහි කල කැනීම් වලින් ඔවුන් වන්දනාමාන කල ඔවෙන්නෙසී නම් දෙවියෙකු පිළිබද චිත්‍රයක් ගල් කැටයමකින් හමුවිය.මෙම දෙවියාගේ සිරුරේ ඉහළ කොටස මිනිසෙකුගේ සිරුරට සමානවන අතර පහළ කොටස මාලුවෙකුගේ වල්ගයට සමාන වේ.මෙම ගල් කැටයම දිව්‍යමය බලය පිලිබද පූජනීය සංකේතයක් ලෙස සැලකූ බව පෙනීයයි. සමහර තොරතුරු අනුව ඔවෙන්නොසී අරාබි ජනප්‍රවාදවල නිරන්තර හමුවන දෙවියෙකු වන අතර ඈත අතීතයේ සිට මෙම කිදුරු දෙවියන් වන්දනාවට පාත්‍රවී ඇත.පැරීසියේ ලොවුරේ කෞතුකාගරයේ තවදුරටත් අතීත ලෝකය ඕවෙන්නෙසී පුද පුජාවලට ලක්කල බවට සාක්ෂි පවතී.බයිබලයේ සඳහන් තොරතුරු අනුව ‘ඩාගන් ‘ නම් දෙවියන් මාලු වල්ගයක් සහිත බවත් උසස් දිව්‍ය බලයක් සහිතවූ බව සදහන්ය.මහජලගැලීම සිදුවූ කාලයට පසුව ශතවර්ෂ ගණනාවකට පසුව කිදුරන්ට මෙම දිව්‍යමය බලය ආරෝපණය කරන ලදී.
දියකිඳුරන් පැවතීම පිළිබද විශ්වාසය අභියෝගයකට ලක්වුවද,සාගර විශේෂඥයන් මෙම අදහස පිලිබද ධනාත්මකව සිතන්නේ කිඳුරන් සාගරයේ ගැඹුරු පත්ලෙහි ජීවත්වීමට ඇති ඉඩකඩත් සමගය.මෙහිදී ඔවුන්
කිඳුරන් සාගර මතුපිටට පැමිණ සිටිනවා යන්න පිළිගැනීමට සුදානම් නොමැති උවත් මොවුන් ගැඹුරු සාගර පතුලෙහි යම් තැනක ජීවත් වීමේ හැකියාව බැහැරනොකරයි.නමුත් අනපේක්ෂිත ලෙස සාගර මතුපිටට පැමිණීමෙදී යම් යම් පුදගලයන්ට දර්ශනයවී නැවත නොපෙනී යාහැක.විද්‍යාත්මක පර්යේෂණවලට අනුව අවසන් නිගමනය පැහැදිලිය.එය නීර්ණය වන්නේ සාමාන්‍ය විද්‍යාත්මක පර්යේෂණවලින් ඔබ්බට යමින් නොවේ.නමුත්මෙම මුහුදු සත්වයා වන දියකිඳුරා සජීවි සත්වයෙකු ලෙස සිටීමට ඇති ඉඩකඩ ඉතා වැඩිය.මිනිසා ස්පර්ශ කර නැති ලෝකයේ බොහෝ ප්‍රදේශවල ආගන්තුක සතුන් සහ පැලෑටි විවිධාකාරව පුළුල්ව තිබීමට ඇති හැකියාව සමගින් සාගර පත්ල පිළිබඳ තවමත් කෙරී ඇති හැකියාව සමගින්ද මෙම මුහුදු සත්වයා ජීවත්ව සිටීමට වැඩි අවස්තාවක් පවතී.මානව විද්‍යඥයන් වුවද කිඳුරන් සමඟ එකතු වන්නේ මුල් යුගයේ මිනිසා වෙරලාසන්නව ජීවත්වීමට සංක්‍රමණය වී සාගර පතුලට කිමිදී නව විශේෂවල ආහර හා පැලෑටි සොයමින් ජීවත් වූ බව සැලකේ.ශතවර්ෂ ගණනක් ජීවත්වනවට මෙම ක්‍රියාව නිසා තම සිරුර අනුවර්තනය වී එහි කායික වෙනසක් සිදුවු බව සැලකේ.මෙහිදී මිනිසා මාළු මිනිසෙකු බවට ක්‍රමිකව රූපකාය වෙනස් වු බවට මානව විද්‍යාඥයන්ගේ අධ්‍යයනවලින් පෙනී යන්නේ ජීව විද්‍යත්මක පරිණමය ඔස්සේ සත්වයන්ගේ වෙනස්වීම සිදුවන නිසාය.කිඳුරන්ද මේ හා සමානව මුල් යුගයේ මිනිසුන් සාගර ජලයේ ජීවත්වීමට පරිණමය වීමක් සේ සැලකේ.
මේ කිඳුරන් ඇසින්දු‍ටු අවස්තාද වාර්තා නොවෙනවාම නොවේ.මේ එවැනි අවස්තා කිහිපයක්.
එංගලන්ත්යේ යෝක්ෂයර් ප්‍රාන්තයේ ඉංජිනේරුවෙක් වන පීටර් එඩ්වඩ්සන් තම සහයක කාර්ල් ලුඩ්සන් සමග සයුරේ යාත්‍රා කරමින් සිටියේ අවට දූපත්වල හුණුගල පිළිබඳ පර්යේෂණ කිරීමටය.එදින කදිම දිනයක් වූ අතර ඔවුන් දූපත්කට පෙනෙන මානයට සමීප වූ මොහොතේ පීටර් දුපත අසල ගල්පරයක වාඩිවී සිටින කිසියම් සත්වයෙකු දු‍ටුවේය. සමීපවන මොහොතේම ඔවුන් දු‍ටුවේ අඩනිරුවත් යුවතියකගේ උඩුකය සහිත රුවකි.ඔවුන් ක්ෂණිකව ඒ කිඳුරියක් ලෙස නිගමනය කල අතර ඇය වාඩිගෙන සිටි ගල්පරය අසලට ගිය අතර ඒ මොහොතේම ඇය ඔවුන් දෙස මොහොතක් බලා ක්ෂණිකව ගැඹුරු සාගර දියට පැන අතුරුදහන් වූවාය.මිනිත්තු කිහිපයක් ඇයගේ දුඹුරුවන් හිසකෙස් කළඹ සයුරු දියේ පාවෙමින් තිබු අතර ඇයගේ වරල සයුරෙන් මතුව පෙනින.ඇය නිල්වන් සයුරු දියේ කිමිදෙමින් සිටියාය.අනතුරුව ඇය අතුරුදහන් වූ නිසාම පීටර් මෙම ප්‍රදේශය පරික්ෂාවට ලක් කලේය.
මෙම අපූරු දසුන ඔහුගේ මිතුරාද දැක තිබූ අතර එය 1933 දී ප්‍රාදේශීය පුවත්පත් එය වාර්තා කලේය.නමුත් පාඨකයින් එය විශ්වාසනීත්වයෙන් පිලි ගත්තේ නැත.පීටර් හෙලිකර ඇත්තේ තමන් දු‍ටුවේ මාලු කොරපොතු වලින් ආවරණය වූ සිරිරක් සහිත කාන්තාවකගේ මෘදුභාවයෙන් තොර තරමක විරූප මුහුණක් සහිත කිඳුරියක් බවයි.සත්වයාගේ හදිසි සන්ත්‍රාසය ඔවුන්ට ඉතිරි කර ගියේ පුදුමයකි.එය මිනිත්තු තුනක් ඇතුලත දු‍ටු කින්දුරියගේ ස්වභාවය හැඩරුව නිවැරදිව විස්තර කිරීම අසීරු වන්න සේම සම්පූර්ණ පින්තූරය ගොඩනඟා ගැනීමට අවස්තාවක්ද නොවේ.සාමාන්‍ය සිදුවීමකට වඩා ඔබ්බට යන අරුම පුදුමයක් නිසා මෙය වඩාත් තහවුරු
වේ.කෙසේ වුවත් පීටර් පවසන්නේ සත්වයා ගල්පරය මත තම සිරුර දිගාකරමින් සිටියදී කලබලයට පත්ව වරලෙහි ආධාරයෙන් හිස ඉදිරියට යොමුකරගෙන ජලයට පැනගත් බවයි.එසේම කිඳුරියගේ මුහුණ ප‍ටු බවත් ඉදිරියට නෙරා ඇවිත් දෑස් රවුම් හැඩයකින් යුක්ත වුයේ මාළු දෑස් සිහියට නංවමිනේ.තවදුරටත් කිඳුරිගේ සිරුර පුරා අප්‍රසන්න විශාල ලප තිබු බව පීටර්ගේ සහයකයාද දැක තිබේ.
ස්කොට්ලන්තයේ විලියම් මුර්නව් පාසැල් ගුරුවරයෙකු වන අතර ඔහුද වෙරලෙහි ගල්පරයක වැතිර සිටි කිදුරියක් දැක ඇත.ඔහුගේ පුද්ගලික තොරතුරු අනුව සෑම සැන්දැවකම සැන්ඩි සයිඩ් බොක්කෙහි ඔහු ඇවිද යන්නේ එහි වටපිටවේ සුන්දරත්වය සේම නොඉඳුල් වෙරල තීරය නිසාය.එලෙස ඇවිද යන එක සැදෑවක ඔහු
බොක්කෙහි ඉහල කොටසට යාමට ඉඩ ලැබී තිබුනි.මුර්නව් හදිසියේ දු‍ටුවේ සයුරේ එයට ආසන්න ගල්තලාවක දුඹුරුවන් හිසකෙස් සහිත ප්‍රසන්න කාන්තාවක් වාඩ්වී සිටින අයුරුයි.ටයිම්ස් සගරාව කරන ලද සම්මුඛ සාක්ච්ඡාවකදී ඔහු තමන් දු‍ටු දසුනට අදාල සුවිශේෂි ඡායාරූපක්ද ලබාදී තිබුනි.
ඔහු මෙම අවස්තාවෙදි මෙම දසුන තනිවම නැරඹුවා නොවේ .එහෙත් වෙරලේ සිටි සමහර පුද්ගලයන්ගේ අවධානය එදෙස යොමු නොවූවා විය හැක.එහි වෙරලෙහි සිටි පුද්ගලයන් කලබලයට පත්ව වතුරට පැන්නේ තමන්ට ජීවිතයේ ප්‍රථමවතාවට කිඳුරෙක් බලාගැනීමට තිබූ අවස්ථාව මගහරිමිනි. ටයිම්ස් සඟරාව පවසා සිටියේ මෙම කලාපයේ සයුර කිඳුරන්ට කදිම ස්ථානයක් සේ කිවහැක්කේ සයුර භයානක ලෙස ගැඹුරකින් යුතුසේම
වෙරලට සමීපව අති විශාල ගල්පර ප්‍රමාණයක් තිබීමය.ප්‍රබල රල පහරවල් ඒවයෙහි නිරන්තරයෙන් ගැටෙන්නේය.යමෙකුට කිඳුරන් සැගවයන ඉසවුව දැන ගැනීමට නොහැකි වන්නේ ඒ නිසාවෙනි.
රොබර්ට් .එස්. පෙස්කර් නම් එංගලන්ත ජාතිකයා කිඳුරියන් දු‍ටු තවත් පුද්ගලයෙකි.තමන් සයුරේ පිහිනමින් සිටින විට කෝර්න්වේල් මුහුදු වෙරලේ නොගැඹුරු මුහුදේදී 1825 දී මෙය සිදුවී තිබේ.ඔහු විස්තර කරන
ආකරයට තමන් සයුරේ පිහිනමින් සිටින විට රබර් කුට්ටියක් වැනි සීතල යමක් තම පාදයේ ගැටෙනු ඔහුට දැනිනි.තැති ගැන්මට ලක්වු පෙස්කර් ආපසු හැරී බලද්දී දු‍ටුවේ සුන්දර යුවතියක් තමන් වැලඳ ගැනීමට මෙන් ලංවන ආකාරයයි.පැහැදිලිවම මිහිරි නලාහඩකින් නාදකරමින් සිටියද ඇගේ දෙතොල් වැසී ඇති ආකාරය ඔහුට දක්නට ලැබුනි.ගලා එන සංගීතරාවය මොහොතට වුවත් ඔහුගේ සිරුර ඇගේ අත්වලින් වෙලීයනුඔහුට දැනින.එහෙත් තවත් මොහොතකදිගල්පරයක් සමීපයට පැමිණි පසු ඔහු පුදුමයට පත්කරමින් ඇය ජලය අතර නොපෙනී ගියාය.පසුව ඇය සැගවී ගිය ස්ථානය හෝ ඉවතට ගිය ප්‍රදේශය සෙවීමට උත්සාහ කලත් ගල්පර කොරල්පර හැරෙන්නට කිසිත් නොවීය.
කෙසේ නමුත් අපූර්ව සොයාගැනීමක් සදහා 1981දී දායක වී තිබුනේ සෞදි ධීවරයන් පිරිසකි.ධීවරයන් විශ්වාස කල නොහැකි ලෙස බලා සිටින්නේ මානව දෙපා සහිත අසාමාන්‍ය මාළුවෙක් දෙසය.එම මාළුවා වෙරලට පා වී
තිබුනේය.භයානක අනතුරකි පසු දෙපා සුවකල නොහැකි ලෙස කැඩී තිබුනී.සෞදි අරාබියේ සාගර ජීවි විශේෂඥයන් මෙම මාළුවා ගැන විශේෂ අවධානය යොමු කලේ මාළුවගේ බද කොටස මාළුවකුගේ ස්වරූපයත් පහල වරල් කොටස මානව පාදයන්ගෙන් යුතුවීමත් නිසාය.ඔවුන්තම පරීක්ෂණ කටයුතු නිමාකලේ ජනප්‍රිය මතයක් වන කිඳුරියක් ලෙසිනි.වෙරලට ගසාගෙන පැමිනීමට පැය කිහිපයකට පෙර මාරාන්තික අනතුරක් නිසා මියගොස් ඇතිබවට කරුණු දක්වා තිබුනි.ජපන් හා සෞදි පුවත්පත්වල මෙම පුවත සිරස්තලයක් විය.
කිඳුරු මාළුවගේ මෙම තොරතුරුවලින් අනාවරණය වූයේ ගැඹුරු මුහුදේදී නාවික නිලදාරින් ඇයව අල්ලා ගැනීමට මාළු කොකු භාවිතා කිරීම නිසා මෙලෙස පාද අහිමිව මිය යාමට සිදුවු බවයි.මෙයින් පැහැදිලිවම පෙනීයන්නේ කිඳුරිය පලා යෑමට තැත්කිරීමේදී බිලිකොකු නිසා කොන්දේ මාරන්තික තුවාලයක් වූ බවයි.සෞදි අරාබියේ මාධ්‍ය විවෘතවම සෞදි බලධාරීනට චෝදනා කලේ මෙම කිඳුරියගේ සිරුර ‍රැකගැනීමට සාගර ජීවී කෞතුකාගාරයක් නැතිවීම සම්බන්ධවයි.එය එසේ තිබුනා නම් ඉදිරි ගවේෂණ හා පරික්ෂණවලට කදිම අවස්ථාවක් වන බවයි.කෙසේ වුවත් මෙම පුදුමාකාර මිනිස් මාළුවා දැක ගැනීමට විශාල පිරිසක් පැමිනීම නිසා එය දිගුකලක්ම නරක්වෙවී තිබිණි.මේ නිසා වැදගත් පර්යේෂණ අවස්ථාවන් ගිලීහී ගියේය.නාවික බලධාරින් මෙම සත්වයා අල්ලාගැනීමට උත්සහාකලේ කොතැනදීද යන්න වාර්තා කර නොතිබුනි.මෙවන්
බොහෝ අවස්ථාවන් වලදී බොහේ නාවිකයන් ඒ පිලිබද වාර්තා නොකරන නිසා බොහෝ අපුර්ව තොරතුරු අහිමි වී යයි.
නාවික්යෙකු වන හෙන්රි හඩ්සන් වරෙක දු‍ටුවේ ලස්සන යුවතියක් තම නෞකාව සමීපයෙන් පිහිනන ආකාරයයි.නෞකාවේ සිටි සියලුදෙනාටම මෙය අරුමයක් වූයේ හැන්දෑ යාමේ ගැඹුරු මුහුදේ ආධාරකවලින් තොරව කාන්තාවකට පිහිනීම නිසාය.නාවිකයන් හොදින් දැනසිටියේ අඳුර එක්වන මේ මොහොතේ අත්දැකීම් බහුල පිහිනුම් ශුරයෙකු වුවද ප්‍රචණ්ඩ සයුරට බහින්නේ නැති බවයි.එහිදී කාන්තාවක් මෙවැන්නට යොමු
නොවෙන බව ඔවුන්ට සිහිවිය.ඔවුන් ක්ෂණිකව ඇය මුහුදු සත්වයෙකු බව වටහාගෙන දැලක් එලුවත් ඇය පි‍ටුපසට පැන ගැඹුරු ජලයෙහි කිමිදි ගියේ ඇයගේ මාලු වරල ප්‍රකට කරමිනි.මේ සිදුවීම සිදුවුනේ 1608දීය.
කෙසේවුවත් දිය කිඳුරියන් සිටිනවා යන්න විශ්වාස කිරීම නොකිරීම තමන් සතු කාර්ය්‍යයක්.මගේ අදහස නම් සමහර විට ගැඹුරු මුහුදු පත්ලේ සමහරවිට දිය කිඳුරියෝ ඉන්නවා වෙන්න පුලුවන් කියන එකයි.ඔයාලගෙත් අදහස් දක්වලා යන්න.
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Saturday, August 6, 2016

අංගම්පොර ඉතිහාසය 1 (angampora අබිරහස් අඩවිය - Abirahas Adawiya)

අදින් වර්ෂ 33,000 කට පෙර ලක් දෙරණ ඉපිද සුර අසුර යුද්ධයට තම සේනාධිපතිත්වය එක් කරමින් දක්ෂ ලෙස යුධ මෙහෙයවූ කරතගම මහසෙන් නම් වූ යුධ වීරයාගෙන් ඇරඹෙන අප හෙළ සටන් පෙළපත රණ රාවනා, පණ්ඩුකාභය, දුටුගැමුණු, පරාක්‍රමබාහු, විජයබාහු, සීතාවක රාජසිහ ආදී රණකාමී රජ දරුවන්ගේ ශිල්ප දැනුමෙන් පෝෂණය වී සුරක්ෂිත වී පාරම්පරිකව අද දක්වාම නොනැසී පැවත එන ''අංගම්පොර'' නම්වූ ලොව විශිෂ්ඨතම හා අසිරිමත්ම සටන් සම්ප්‍රදාය වනවා මෙන්ම ලොව බිහිවූ ඉපැරණිතම සටන් කලාව ද වන්නේ ය.
ලංකාද්වීපයේ ආරක්ෂාවේ රන් වැට වූ හෙළ සටන් සම්ප්‍රදාය අපගේ තෙද බල බිඳ දමනුවස් වර්ෂ 1827 දී බ්‍රිතාන්‍ය පාලන අධිකාරිය මෙය තහනම් ශිල්පයක් බවට ගැසට් නිවේදනයක් පල කරනු ලැබූ අතර අංගම් ශිල්පයක් බවට ගැසට් නිවේදනයක් පල කරනු ලැබූ අතර අංගම් ශිල්පය දැන උගත්තවුන්ගේ දණ හිසින් පහළට වෙඩි තබන්නට පවා නියෝග කළහ.
මෙසේ විනාශ කරන්නට යෙදුණ මේ අගනා ශිල්පය ඉන්පසුව අතිශය රහසිගතව නර්තනය සමඟ මුහුවෙමින් පාරම්පරිකව ප්‍රගුණ කරමින් වර්තමානය දක්වාම ජීවිත පරිත්‍යාගයෙන් සටන් ශිල්පීන් නොනැසී රැකගෙන ආරක්ෂා කරමින් පවත්වාගෙන එන ලදී.
අංගම්පොර සඳහා වූ විදේශීය බලපෑම්
සොලී ආක්‍රමණ, පෘතුගීසි ආගමනය වැනි අවස්ථාවලදී දස දහස් ගණනින් සටන් ශිල්පීන් මරා දමා ඇත. එපමණක් නොව පෘතුගීසීන් හා ඉංග්‍රීසීන් වැනි පරදේශක්කාර ආක්‍රමණිකයින් අංගම්මඩු, වෙහෙර විහාර,
පොත්පත් ආදිය මහා පරිමාණයෙන් විනාශ කළ බවට ද සාක්ෂි ඇත. ඉංග්‍රීසීන් අංගම්මඩු ගැසට් නිවේදනයක් මගින් තහනම් කරන ලදී.
රහසිගතව සටන් ශිල්පය පවත්වාගෙන යාම
ඉංග්‍රීසීන් මෙම ශිල්පය තහනම් කිරීමෙන් පසුව පාරම්පරික රහස්‍ය ශිල්පයක් ලෙස පවත්වාගෙන යාමට සටන් ශිල්පීන්ට සිදු විය. එමනිසා මෙය අප්‍රකට රහස් ශිල්පයක් බවට පත් වී තම පරම්පරාවට පමණක් උගන්වට තත්ත්වයට පත් විය. එපමණක් නොව, මෙම ශිල්පීය කුසලතා තවදුරටත් ආරක්ෂා කිරීම උදෙසා නර්තනය තුළට මෙම සටන් ශිලීපීය ලක්ෂණ බද්ධ කොට නර්තන අංග ලෙස පවත්වාගෙන එනු ලැබීය. එවාට උදාහරණ අදටත් නර්තනය තුළ දක්නට ලැබේ. වැදි නැටුම, සිංහ නැටුම, වලස් නැටුම, කොටි නැටුම වැනි නර්තන අංගවල අංගම්පොර සටන් ශීල්පීය ක්‍රමවේදයන් දක්නට ඇත.
තහනම් යුගයේදී පැමිණි වෙනත් සටන් ක්‍රම
ඉංග්‍රීසීන් මෙම ශිල්පය තහනම් කිරීමත් සමඟ රටේ සටන් ශිල්පීන්ගේ දැඩි නිහඬතාවයක් ඇතිවන්නට වීමත් සමඟ සටන් ශාස්ත්‍රයක් හැදෑරීමට අවශ්‍ය අයෙකුට සටන් ශිල්පයන් නොමැතිවීමේ රක්තකය තුළට වෙනත් සටන් ක්‍රම ආගමනය වීමට පටන් ගනී. මෙහිදී විශේෂයෙන් කොළඹ කොටුව ආශ්‍රිත ප්‍රදේශවල තිබූ දැඩි මිශ්‍ර සමාජ ක්‍රමය තුළට ඉතාමත් ලෙහෙසියෙන් විදේශීය සටන් ක්‍රමවල අනුගාමිකන් සංක්‍රමණය විය. එවැනි සටන් ක්‍රම ලෙස පහත ඒවා දැක්විය හැකි ය.
චීන චෙම්පූ
ඉන්දියාවේ මාත්තියාර් මිනිසුන්ගෙන් ලැබුණ මලයාලම් සටන් ක්‍රම
ඉහත දෙක එකත්‍රවී සෑදුණු චීන පුඩි හෙවත් චීනඩි සටන් ක්‍රමය
මලයාඩි නැතිනම් වත්මන සිලාට් නැමැති මැලේ සටන් ක්‍රමය
ඉන්දියාවේ සිලම්බාඩි හා කලරි පයාට්ටු සටන් ක්‍රම
නූතන කරාටේ, වූෂු, ටයිකොන්ඩෝ ප්‍රධාන චීන හා ජපන් සටන් ක්‍රම
අංගම්පොර ලෙස වෙනත් සටන් ක්‍රම ඉදිරිපත් වීම
දඩුමස්නාමානය, අකාල සන්ධ්‍යා වැනි ටෙලි නිර්මාණ හරහා වර්තමාන සමාජයට මෙම අප්‍රකට ශිල්පය පිළිබඳව නැවත සිහිගැන්වීමක් සිදු කෙරේ. මේ නිසාම වත්මන් සමාජයේ තරුණ තරුණියන් මෙම ශිල්පය හැදෑරීමට දැඩි උනන්දුවක් දැකවීමට පටන් ගත්තේ ය. පවතින විවෘත්ත ආර්ථික ක්‍රමය හමුවේ මෙහි ඇති මුල්‍යමය වාසි දායක තත්වය තේරුම් ගත් ඇතැම් වෙනත් සටන් ශිල්පයන් (ඉහත සඳහන් කළ) හැදෑරූ ගුරුවරුන් තම සටන් ශිල්පය ``අංගම්පොර ලෙස ලෝකයාට පෙන්වමින් තැනින් තැන ව්‍යාජ අංගම්පොර පාසල් බිහිවූ අතර ඇතැමුන් ක්‍රීඩා අමාත්‍යාංශය, සංස්කෘතික අමාත්‍යාංශය ආදී ආයතනවලට ගොස් තමන් පාරම්පරික අංගම්පොර ශිල්‍පියෙක් ලෙස ලියාපදිංචි වීමද සිදු කළේ ය.
`
මෙසේ ලියාපදිංචි වූ ඔවුන් අද පවසන්නේ තමන් මෙසේ ලියාපදිංචි වීම නිසා තමන් අංගම්පොර සටන්
ශිල්පියෙක් බවයි. එසේනම් ඔවුන්ගෙන් ඇසිය යුත්තේ එක් ප්‍රශ්නයක් පමණි. ක්‍රීඩා හෝ සංස්කෘතික
අමාත්‍යාංශයේ කවුරු විසින් කෙදින කුමන අංගම්පොර කෙල පැමිණියෙක් ඉදිරියේ ඔහුගේ කලාව පරීක්ෂණයකට භාජනය කලාද යන්නයි. අංගම්පොර පිළිබඳව කිසිවක් නොදන්නා නිළධාරීන් දුන් සහතිකය අන්ධයන් සතර දෙනෙකු අලියා පිළිබඳව දුන් අර්ථකථනයට සමාන වේ.` මෙකළ මුදල් විසි කරන්නේ නම් අමාත්‍යාංශයක ලියාපදිංචි වීම පමණක් නොව ගරු නම්බුනාම, ආචාර්ය පදවි ලබා ගත හැකි බව කාහටත් රහසක් නොවේ.
================================================
උපුටා ගැනීම් සහිතයි ....!!!
දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....

අබිරහස් අඩවිය - Abirahas Adawiya 

රවණා රජුගේ දඩුමොනරය යලි නිර්මාණය වෙයි.(rawana අබිරහස් අඩවිය - Abirahas Adawiya)

රාවණ රජු පිළිබඳ විමසූ සැණීන් කාගේ වුව මතකයට නැගෙනුයේ දඬුමොණරයයි. රාවණ යුගය කොතරම් දියුණු තත්ත්වයක පවතින්නට ඇතිද යන්න සිතා බැලීමට ඇති හොඳම සාධකය වන්නේද දඬුමොණරයයි. කාලයේ වැලි තලාවෙන් වැසීයමින් පැවතුණු රාවණ යුගය පිළිබඳ යළි උනන්දුවක් ලොවපුරා ඇතිවන්නටද හේතු වුයේ මේ රාවණ ගුවන් තාක්ෂණයයි. දෙවැනි ලෝක යුද්ධයට පෙර කාලයේදී හිට්ලර් විසින් ටිබෙටයට යවන ලද ඔත්තුකරුවන් පිරිසක් ටිබෙට් ආරාමවල පැවිදි වී හොර රහසේ යමක් සෙවූහ.
ඒ කිසිවක් නොව ධර්මාශෝක රජු විසින් අවසන් වරට භාවිත කළ රාම විසින් ඉන්දියාවට රැගෙන ගිය රාවණ පරපුර සතුව පැවති ගුවන් තාක්ෂණයයි. ධර්මාශෝක රජු මෙම ගුවන් තාක්ෂණයේ මෙන්ම යුද තාක්ෂණ රැුසක පැවති විනාශකාරී බව අවබෝධ කරගෙන එම තොරතුරු ග‍්‍රන්ථාරූඪ කරල හොර රහසේ ටිබෙටයේ ලෙන් විහාර තුළ සගවා තැබීය. මෙසේ සගවා තැබූ ගුවන් තාක්ෂණය ජර්මනියට ගෙන ගිය අතර, විවිධ හැඩවල ගුවන් යානා ජර්මනිය තුළ රහසේ නිෂ්පාදනය විය, ඒ අතර වර්තමානයේ පිටසක්වළ යානා ලෙස හඳුන්වන රවුම් හැඩැති යානාද විය.
රාවණ ගුවන් තාක්ෂණය නැතහොත් විමාන තාක්ෂණය කරළියට පිවිසෙන්නේ 1967 දී චීන මහජන සමූහාණ්ඩුව ටිබෙටය ආක්‍‍්‍රමණය කිරීමත් සමගය. කිසිදු වැදගත්කමක් නොමැති කඳුකර රාජ්‍යයක්
ආක්‍‍්‍රමණය කිරීමට බලපෑ හේතුවක මෙම විමාන ශාස්ත‍්‍රය බව අද වන විට හෙළි වී ඇති යුද රහසකි. ටිබෙටයේ ලාසා අසල ආරාමයකින් සොයාගත් ග‍්‍රන්ථ කිහිපයක් හා ලේඛන කිහිපයක් පරිවර්තනය කරගැනීම උදෙසා යළි ඉන්දියාවේ චන්දිගාර් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රූන් රේනර් මහත්මිය වෙත එව්වේය. ඒ භරද්වාජ ඍෂි විසින් සංස්කෘත භාෂාවෙන් ග‍්‍රන්ථාරූඪ කරන ලදි.”වෛමාණික ශාස්ත” නම් ගන්ථයයි. මෙම පරිවර්තනයත් සමගම එතෙක් රහසක් වූ විමාන තාක්ෂණය නැතහොත් ගුවන් තාක්ෂණය පිළිබඳ ලොව පුරා නව තාක්ෂණික ක්‍‍්‍රමවේද සොයමින් සිටි රටවල් අතර දැඩි උනන්දුවක් ඇතිවීමයි.
රාවණ ගුවන් තාක්ෂණය පිළිබඳ ලොව පුරා උනන්දු ඇතිවීමට බලපෑ ප‍්‍රධානතම හේතුව වූයේ ද පෘථිවිය තුළ මෙන්ම අභ්‍යවකාශය හා වෙනත් ග‍්‍රහලෝක තරණය කළ හැකි යානා තාක්ෂණයයි. එසේම අධි කි‍්‍රයාකාරිත්වයෙන් යුත් රසදිය භාවිත කළ ගුවන් එන්ජිම නිපදවීම පිළිබඳ තතු සෙවීම බොහෝ දෙනාගේ ප‍්‍රධාන ඉලක්කය විය. මෙකී අධිබලැති රසදිය එන්ජිමිමර්කරි වෝටෙක්ස්’ එන්ජිම (Mercury Vortex Engine)ලෙස හැඳින්වුණි. පිටසක්වල තාක්ෂණය මෙන්ම රාවණ තාක්ෂණය පිළිබඳ උපරිම ලෙස පරීක්ෂණ පවත්වන ඇමරිකාවේ නෙවාඩා ප‍්‍රාන්තයේ ඒරියා 51 ලෙසින් හැඳින්වෙන රහස් ජනපදයේ සිදුකළ පරීක්ෂණයක ප‍්‍රතිඵලයක් ලෙස මෙතෙක් රාමායනයේ මිත්‍යා කතාවක් ලෙස පැවති රාවණ ගුවන් තාක්ෂණය පිළිබඳ බොහෝ දෙනා කතා කළා පමණක් නොව තොරතුරු ගවේෂණයටද පුරුදු වූහ.
TR – 3B වර්ගයේ පැරණි ගුවන් යානාවකට මෙම මර්කරි වෝටෙක්ස් එන්ජිමක් සවිකර අත්හදා බැලෙන්නේ ඒ අනුවය. එම උත්සාහය සම්පූර්ණයෙන්ම සාර්ථක විය. ඉන්පසු එම එන්ජිම මෝටර් රථයකට යොදා අත්හදා බැලීම සිදුවිය. එහෙත් තවමත් රාවණ ගුවන් තාක්ෂණය ඒරියා 51 තුළ පරීක්ෂණ මට්ටමේ පවතියි. මෙම පරීක්ෂණය සාර්ථකවීමත් සමගම රාවණ ගුවන් තාක්ෂණය මිත්‍යාවක් නොවන බව ලෝකයට පසක් වන්නට විය. වර්තමානය වන විට ගුවන් යානා යුග පහක් ගෙවී ඇත. එසේම මේ වන විට ඇමෙරිකාව හයවන ගුවන් යානා යුගයද සැලසුම් කර හමාරය. හයවන ගුවන් යුගයට අයත් අධිවේගී බොයින් F/Axx යානාව 2025 – 2030 අතර කාලවකවානුවලදී ගුවන ජයගැනීමට නියමිතය. එයද ලොව මෙතෙක් බිහිවූ ගුවන් තාක්ෂණයෙන් උපරිම තාක්ෂණය සහ වේගය කැටිකරගත් යානය නොවෙයි. ඒ තුළ හෙළ විමාන තාක්ෂණය නැතහොත් රාවණ ගුවන් තාක්ෂණය අන්තර්ගත නැත.
එහෙත් 2016 සිට 2018 කාලවකවානුවලදී ලොව ඉහළම ගුවන් තාක්ෂණය සහිත ගුවන් යානය ලාංකේය රාවණ පරපුරේ විද්‍යාඥයකුගේ නිර්මාණයක් ලෙස අහස් කුස සිසාරා ගුවන්ගත වීමට නියමිත බව පැවසුවහොත් ඔබ පුදුමයට පත්වනු ඇත. ඔහු නමින් පී ඒ වික්‍‍රමතුංගය. මෙම ගුවන් තාක්ෂණය හත්වන යුගයට අයත් වන ගුවන් තාක්ෂණයයි. එම ගුවන් තාක්ෂණය අදියර දෙකක් යටතේ එළියට පැමිණීමට නියමිතය. එහි පළමු ගුවන් යානය 2016-18 කාලය තුළ නිපදවීමට නියමිත අතර, දෙවැනි ගුවන් යානය ඉන් වසර කිහිපයකට පසු ගුවන ජයගනු ඇත. මෙම යානා දෙකම සැලසුම් කර අවසන්ය. එය නම්කර ඇත්තේ “hytle”  අධිතාක්ෂණ ප‍්‍රහාරක යානය ලෙසය.
මෙම හයිට්ල් අධිතාක්ෂණික ගුවන් යානය සම්පූර්ණයෙන්ම හෙළ විමාන තාක්ෂණය පදනම් කරගනිමින් නිර්මාණය කර ඇත. හයිට්ල් යානයේ පවතින ප‍්‍රධානතම විශෙෂත්වය වනුයේ යානා කිහිපයක් මගින් කළ යුතු කාර්යයන් සාර්ථකව එක් යානයක් මගින් කළ හැකිවීමයි. (Multi mission Capability) මෙම හයිට්ල් යානයක ප‍්‍රධාන එන්ජින් පද්ධති තුනක් පවතී. ඉන් මධ්‍යයේ ඇති එන්ජිම රාවණ තාක්ෂණයෙන් නිපදවූ මර්කරි වෝටෙක්ස් එන්ජිමයි. අනෙක් එන්ජින් දෙක ශබ්දයේ වේගය මෙන් 5-10 අතර වේගයක් ලබාදෙනිප්ලස් ඩෙටොනේෂන් (PDE) එන්ජිමකි. මෙම (PDE) එන්ජින් කි‍‍්‍රයාත්මක වනුයේ වෙනස් ආකාරයකට වන අතරල අධිවේගී වාතය සංකෝචනය කර ඉන්ධන සමග දවාලීම හරහා කුඩා පිපිරුමක් සමග අධිවේගයෙන් එළියට පිට කිරීමයි. මෙමගින් යානයට අධිවේගයක් ලබාගත හැකි වෙයි.
මධ්‍යයේ සවිකර ඇති මර්කරි වෝටෙක්ස් නැතහොත් රාවණ ගුවන් එන්ජිම රසදිය ප‍්‍රසාරණය කර වේගයෙන් ත්වරණය කිරීම හරහා අධිකේන්ද‍්‍රාපසාරී බලයක් නිෂ්පාදනය කරනු ලබයි. මේ එන්ජිම හරහා යානය අතිවේගයෙන් එසවීමට එක තැන නැවැත්වීමට ඉදිරයට ගමන් කරන ගමන් පසුපසට හෝ පැතිවලට හැරී පහර දීම සිදුකල හැකි වෙයි. දැනට භාවිත කරන පස්වන පරපුරට අයත් කිසිදු යානයකට යම් අරමුණක් වෙත ගමන් කරන අතර. වෙනත් කාර්යයක යෙදීමේ හැකියාවක් නැතග එහෙත් මෙම හයිට්ල් යානය ඒ සියළු බාධක බිඳ දමා ඇත. එය අරමුණක් වෙත වේගයෙන් ගමන් කරද්දී සතුරු යානාවලට පහර දීම ඉහළට පහළට හෝ පසුපසට හරවා සිදුකිරීමේ හැකියාව පවතී. විමාන නිෂ්පාදනය කිරීම සඳහා භාවිත කළ අධි උෂ්ණත්වයට ඔරොත්තු දෙන සෝමල සෞන්දලල මෞර්ත්වික ආදී ලෝහ වර්ග සංයෝග කර නිපදවූ රාජ ලෝහය ලෙස නම් කළ ඉතා සැහැල්ලූ ලෝහයට සමානම ලෝහයක් මෙම යානය සඳහා භාවිතා කරයි.විමාන තාක්ෂණයේ දර්පණ තාක්ෂණය ලෙස හැඳින්වෙන ක්‍‍්‍රමවේදය අනුගමනය කරමින් හයිට්ල් යානයේ අධිසෙන්සර් පද්ධතියක් කි‍්‍රයාත්මක වෙයි. මෙම පද්ධතිය යානයේ ස්වයංක්‍‍්‍රීය පාලකයා වෙයි. විමානයක පැවති දර්පණවලින් සිදුකෙරුණු කාර්යයන් සියල්ලම මෙම හයිට්ල් යානයේ
අධිසංවේදක හරහා ඉටුවන අතර ඒ හරහා යානය අවට සියලූ තොරතුරු නියමුවාට ග‍්‍රහණය කරගත හැකි වෙයි.
විමාන යානාවල සුර්ය ශක්තිය ආකර්ෂණය කරගනිමින් එම ශක්තිය මගින් එන්ජිම කි‍්‍රයාත්මක කිරීමට අවශ්‍ය බලය ලබාදී ඇත. ඒ සඳහා භාවිත කර ඇත්තේ ප‍්‍රබල ලෙස ඔපදැමූ පළිගුවකි. එයින් ඇති වූ ශක්තිය ලේසර් ධාරාවකට සමානය. හයිට්ල් යානයේ එවන් වූ පළිගු භාවිත කළ නොහැක වෙයි. එහෙත් විමාන තාක්ෂණයට අනුව එහි බ‍්‍රහ්ම ක්ෂෙත‍්‍රය ලෙස හැඳින්වූ වර්තමාන අයන ගෝලය ලෙස හැඳින්වෙන සීමාව දක්වා ගමන් කළ හැකි වෙයි. මෙම යානයේ පවතින අනෙක් විශේෂත්වය වනුයේ මෙහි නියමු කුටිය ස්වයංක්‍‍්‍රියව කැරකෙන ලෙස සකස් කර පැවතීම. මෙමගින් යානය උඩු අතට පැදවීමේදී නියමුවාට කෙළින් අතට සිටීමේ හැකියාව ලැබෙයි.
එකල තම ඥානය දියුණු කළ හෙළ මුණිවරුන්ගේ ඥානයෙන් නිර්මාණය වූ විමාන යනු මිත්‍යාවක් නොවන බව අද පසක්වී ඇත. රාමායණයේ හනුමාන් දුටු පුෂ්පක විමානය ඒ අනුව සත්‍යයකි. එපමණක් නොව හෙළ අටුවාවේ ඇති රාවණ රජු හා දඬුමොණරයද සැබෑවකි.හෙළයන් ලෙස අප ආඩම්බර විය යුතුව ඇත. අප හෙළ දෙරණ ඉපදුණු රාවණ පරපුරට අයත් විද්‍යාඥයෙකුගේ අතින් රාවණ රජුගේ විමාන යළි අහස් තලයට මුසුවීම අපට මෙන්ම ලංකා පුරයටද අභිමානයති. ඒ සියල්ලටම වඩා මෙම යානා දෙකේ පුර්ණ අයිතිය ඔහු සතුවීම ඊටත් එහා ගිය අභිමානයකි. හෙළ ලෙයින් උපන් පී ඒ වික්‍‍්‍රමතුංග විද්වතාණෙනි, ඔබට හෙළයේ උපහාරය.
උපුටාගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

රාවණ ගුවන් යානා තාක්‍ෂණය(1) (rawana dandu monara vimana අබිරහස් අඩවිය - Abirahas Adawiya

රාවණ ගුවන් යානා තාක්‍ෂණය(1)
ගුවන් යානා තාක්‍ෂණය පුරාණ ශිෂ්ඨාචාර සමග අත්වැල් බැදගත් තාක්‍ෂණයකි. පුරාණ ශිෂ්ඨාචාර වල මෙවැනි ගුවන් තාක්‍ෂණ පිළිබඳ දීර්ඝ විස්තර ඇත්තේය. මෙම පුරාණ විස්තර විශ්ලේශණයේදී මෙම ගුවන් තාක්‍ෂණය දේව කොටස් හෝ විශේෂ ජීවින් සමග ගලපා ඇත්තේය. නමුත් හෙල ඉතිහාසය විශ්ලේෂණයේදී එම තාක්‍ෂණය රාවණා රජුන් සමග ගලපා ඇත්තේය. පුරාණ ග‍්‍රන්ථ වල සඳහන් මෙම ගුවන් තාක්ෂණය කුමක්ද? කෙසේ ආවේද? පුරාණ මූලාශ‍්ර වන වේද, රාමායන, මහා භාරතය, බගවාත් පුරාණය වැනි ග‍්‍රන්ථ වල සඳහන් ගුවන් විමාන සම්බන්ධ කරුණු පුදුම උපදවන සුලූය. උදාහරණයකට ඉංදීයාවේ පුරාණ ග‍්‍රන්ථ වන ර්ගි වේදයේ පරිච්ෙඡ්ද 20 ක මෙවැනි වාහන ගැන සඳහන් වේ. මෙම ග‍්‍රන්ථ වල විමාන කියන සඳහන් නොකලත් එක් තැනක කාර්මික කුරුල්ලෙක් පිළිබඳ විස්තර සඳහන් වේ. (රිග්වේද 164.47 – 48) මෙයට අමතරව ප‍්‍රවාහන ක‍්රම කිහිපයක් ගැන සඳහන් වේ.
ජලයන් - වතුරේ හා ගොඩ යන වාහන (රි.වේද 6.58.3)


කාර - පොලොවේ හා ජලයේ යන වාහනය (රි.වේ. 9.14.1) 
ත‍්‍රිනල - තට්ටු 3 වාහන (රි.වේ. 3.14.1)

ත‍්‍රිචක‍්ර රථ - රෝද තුනේ අහසේ යන රථ (රි.වේ. 4.6.1)

වාු රථ - ගෑස් හෝ වායු බල රථ (රි.වේ. 3.14.1)

රිග් වේදයේ මෙවැනි යානා තැනිය හැකි ඉතාම දක්ෂ වඩුවන් රාජ්යදාර් හා ප‍්‍රනධාර ලෙස නම් කර ඇත. මොවුන් කොපමණ දක්‍ෂදයන් සාගර තරනයට වාහන හා 1000ක් මගින් ගෙන ගිය හැකි ගුවන් වාහන තැනූ බව කතසරින් සාගරයේ සඳහන් වේ. ඉතාම පෞරාණික ග‍්‍රන්ථ වල විමාන වචනය භාවිතා කල නැති අතර කරත්තය වචනය යොදා ඇත. උදාහරණයකට සූර්්‍යා ගමන් කලේ අසුන් ඇදි කරත්තයකි. මෙවදික දේවියෙක් වන පූසාන එලූවන් ඇදි කරත්තයකින් යන්නේය. (නෝස් කථාවල එන තෝනර් මෙන්) රාමායනය සමග විමාන නාමය භාවිතය ව්‍යප්ත විය. රාමායනයේ විමාන පිළීභඳ දීර්ඝ විස්තර වේ. උදාහරණයකට හනුමන් දුටු ලංකාපුරයේ පුෂ්පක විමාන නවතා තිබුණු සැටි සඳහන් කරන්නේය. පුෂ්පක විමානය රත්තරනින් කැටයම් කොට දියමන්තියෙන් හා මුතු වලින් සරසා තිබුනි.ත එහි කානුවලූ ඉතාම අලංකාරව කැටයම් කර සරසා තිබුණි.
විමාන
එය විශාල යන්ත‍්‍රයකි. එය නගරයක් මෙන් විශාල අතර ඉතාම අධික වේගයකින් ගමන් කල හැක. එය කිසි දන්නා බලයකට විනාශ කල නොහැක. එයට වායු ගෝලයේ කිසිම ආධාරකයක් නැතිව සිටීමට හැකියරාමායනයට අනුව මෙම විමානය පළමුව විශ්වකර්ම විසින් මහා බ‍්‍රහ්මයට දෙන අතර, මහා බ‍්‍රහ්මයා එය කුවේරට තෑගි කරන ලදි. රාවන ලංකාපුර ආක‍්‍රමනයේදී පුෂ්පක විමානය ලබා ගත්තේය. එම ග‍්‍රන්ථයේම රාම හා සීතා පුෂ්පක විමානයේ නැග අයෝධ්ය බලා ගිය බව සඳහන් වන්නේය. රාමායනයේ රාවන හමුදා විමාන පිළිබඳ සඳහන් වේ. උදාහරණයකට සහසග‍්‍රැති යානය. එම යානය යුද්ධයකට පෙර ඉන්ද්‍රජිත් වෙත මහා බ‍්‍රාහ්මයා විසින් ලබා දෙන බව සඳහන් වේ. වේද ග්රන්ථ වල අහස් කරත්ත ලෙස නම් කර රාමායන රචිත කාලයේදී විමාන දක්වා මෙම වාහන විකාශනය වූයේ කෙසේද? මහා භාරතයෝ සඳහන් විමාන පිළිබඳ විස්තර බහුලව ඇත. උදාහරණයකට බිෂ්ම තම විමානයෙන් ඉතාම බලගතු ආලෝක කිරණ දහරක් මත වේගයෙන් ගමන් කල බව සඳහන් වේ. වර්ථමානයේ ලේසර් ප්රචලිත රෝකට අත්හදා බලන අතර මෙම විස්තර වලට සමානය.මහා භාරතයේ ශල්වා නම් බලගතු සතුරෙකු ගැන සඳහන් වේ. ඔහුට විශාල යුධ ගුවන් විමානයක් විය. ඒ පිළිබඳ මෙසේ සඳහන් වේ.
එය විශාල යන්ත‍්‍රයකි. එය නගරයක් තරම් විශාලය. එයට ඉහල අහසේ අධි වේගයෙන් යා හැකි නිසා පහර දීමට අපහසුය. එය අදුරෙන් ආ අතර නියමුවාට ඕනෑම තැනක දාවනය කල හැකිය. මෙවැනි බලගතු යානයකින් සන්දන ශල්වා ද්වාරක වෙත ගියේ යාද්වයන් සමග වූ වෛරය නිසා එය විනාශ කිරිමටය. යානය එක මොහොතක අහසේද එක මොහොතක පොලවේද, අනෙක් මොහොතේ ජලය මතු පෙනිනි. එම නිසා යාදේව සටන් කාමීන්ට මෙය සොයා ගැනීමට නොහැකි විය. ක‍්‍රිෂ්ණා විසින් විනාශ කරන ලද මොවුන් සතුරන් ලෙස හදුන්වා ඇත. ඔවුන් නිවටක ටාකස ලෙස හදුන්වන අතර ගගන ගාමී ඇදුන් ඇද සිටි බව සඳහන් වේ.
Step Pyramid @ City of the dead
මහා භාරතයේ අභ්‍යවකාශයේ පාවෙන කිසිම ලෝකයකට සම්බන්ධ නැති අභ්‍යවකාශ මධ්‍යස්ථාන ගැන සඳහන් වේ. අර්ජුන හිරන්යපුර නම් අභ්‍යවකාශය මධ්‍යස්ථානයකට පහර දුන් බව සඳහන් කරයි. එම පුරය පාලනය කලේ ඉතාම භයානක දිනයන්ය. අර්ජුනනගේ ප‍්‍රහාරයෙන් බේරීමට මෙම ජීවින් පෘථිවියේ සැගවුනේය. එය ප‍්‍රථමයෙන් වගුරට දෙවනුව පොලව යට සැගවුනි. නමුත් අර්ජුනගෙන් බේරීමට නොහැකි නිසා අභ්‍යවකාශයට පැනගැනීමට තැත් කලේය. එම අවස්ථාවේදී අර්ජුන විසින් එම නගරය විනාශ කලේය. යානයේ පිපිරුණු කැබලි පොලවට වැටුනු අතර අර්ජුන පොලවට ගොඩබැස එම ජීවින් සැගවී සිටිදැයි බැලිය. මහ භාරතයට අනුව අසුර මයාට ක්‍යුබිට් 12 විෂ්කම්භයක් ඇති විමානයක් වූ බව සඳහන් වේ. එයට ශතක්තියමත් රෝද කි. මහාභාරතයේ එක් තැනක විමාන හදන්නේ සියල්ල දත් යවනයන් ලෙස චෝදනා කර ඇත. බගවන් පුරාන්තයේ කර්දම මුනි ඔහුගේ බිරිද වන දෙව්හත් සමග මුලූ විශ්වයේ සැරි සැරීමට සියාඹන මාලිගා විමානයක පිටත් වූ බවත් මුලූ විශ්වයේම සැර සැරූ ඔහු දෙවියන්ටත් වඩා බතු වූ ව සඳහන් වේ.
ජෛන ආගමික ග‍්‍රන්ථ වල විමාන වාසීන් උර්දව ෝක ල වාසීන් ලෙස නම් කර ඇති අතර ඔවුන් ත‍්‍රිර්තම්කර මහාවීරට උපස්ථාන කරන ව සඳහන් කරයි. මෙම විස්තර විද්‍යාත්මක ඇසින් බලන විට අපට පෙනී යන්නේ ගුවන් තාක්ෂණය පිළිබඳ දැනීමක් නැතිව මෙවැනි යානා, විමාන හ යන්ත‍්ර ී්පාදනය වූයේ කෙසේද? ඉංදීය ග‍්‍රන්ථ වලට අමතරව මෙස පොනේමියාව, මිසරයෙන් හා දකුණු ඇමරිකාවෙන් විමාන, ගුවන් යානා පිළිබඳ විස්තර සඳහන් වේ. පුරාණ ගුවන් යානා තාක්ෂණය පුරාණ ශිෂ්ඨාචාරයන්හි ප‍්‍රචලිත වූ බවට සාධක එමටය. පුරාණ ශිෂ්ඨාචාරයන් (මෙසපොතේමියානු, ඊජිප්තු, ඉන්කා, කේමා, ඉන්දු හා ලංකා) වලින් මෙම සාධක හමුවී ඇත. එම සාධක වටා ගෙතුණු කථා පුවත් පුරාණ අටුවාවේ ස`දහන් වේ. දැනට පවත්වන පර්යේෂණ වලට අනූව ඊජිප්තුවෙන් හා කොලොම්බියාවේ ටෝලීමා වලින් සොයා ගත් ගුවන් යානා ආකෘති පුරාණ ගුවන් යානා තාක්ෂණය මනාව විදහා දක්වයි. මෙම ආකෘති අතර ප‍්‍රධාන වන්නේ "සකාරා" (Saqqara) ගුවන් යානයයි. සකාරා කයිරෝ සිට 20නප දුරකින් පිහිටා ඇති අතර ජෝෂප් රජුගේ පඩි වලින් සමන්විත පිරමීඩය (Step Pyramid) පිහිටා ඇත. මෙම පිරමීඩය වර්ෂ 4000කට වඩා පැරණි වන අතර ඊජිප්තුවේ පිරමීඩ 97ක් ඉපැරණිම වේ. පුරා විද්‍යා සාධක වලින් පිරුණු මෙම ප‍්‍රදේශ City of the dead ලෙස නම් කර ඇත.
Saqqara
1891 කැනීම් කල ප‍්රංශ ජාතික ලොරනට් විසින් පසිඉ'මන් සොහොන් කොතකින් මෙමSaqqara ආකෘතිය සොයා ගන්නා ලදී. 1969 ආචාර්්ය කලීල් මෙසිහා (Dr.khdil Messiha) විසින් සිදු කරන ලද පරීක්ෂණ මගින් මෙම ආකෘතිය කුරුල්ලෙක් නොවන බව සොයා ගන්නා ලදී. මෙම ආකෘතිය පිලිබ`ද දීර්ඝ පර්යේෂණ සිමන් සැන්ඩ'ස් 2006 පැවැත්වූ අතර පස් ගුණයක් විශාල ආකෘතියක් පරීක්ෂණයට ලක් කලේය. මෙම පරීක්ෂණ වලට අනූව සකාර ආකෘති AOA - 10Y දී සතර ගුණයක එසවුම් බලයක් පෙන්වීය.  එනම් ගුවනේ පියෑඹීමයි. මෙම යානයේ සැලසුම් බැලූ කල මනා ගුවන් තාක්ෂණ (Aero dynamics) අවබෝධයක් තිබූ බව පෙනේ. මෙහි ක`දට ආසන්නව තටු ගණකම වීමත්, තටු අග තුනී වීමත්, කෙලවර නැමී තිබීමත් a (Reverse dihedral wing) නිසා කාර්්‍යක්ෂම ගුවන් ගමනකට අවශ්ය සාධක විය.මෙම ආකෘතිය කාර්්‍යක්ෂම ග්ලයිඩරයක් ලෙස භාවිත කල හැකිය. නමුත් මෙම යානය ගුවන් ගත කල හැකි ක‍්රම හ`දුනා ගැනීමේදී කැටපල් භාවිත කල බවට කැටපල් භාවිතා කරන ලදී.
Golden flyer
දෙවන පූර්ව සාධකය කොලොම්බියාවේ මැග්ඩලීනා ගංගා ආශ‍්‍රිත ටෙලීමා නටඹුන් ප‍්‍රදේශයෙන් සොයා ගන්නා ලදී. අ`ගල් 2-3 අතර රත්තරන් ආකෘති අතර ගුවන් යානා ආකෘති 12ක් සොයා ගන්නා ලදී. “Golden flyer” ලෙස නම් කර ඇති මෙම ආකෘතියට වර්ථමාන ගුවන් යානා කොටස් සියල්ලම විය. මෙම යානයට ප‍්‍රධාන තට්ටුව, සිරස් ස්ථායී කාරකය (Vortical Stabilizer/Rudder), තිරස් ස්ථායී කාරකය (Horizonal Stabilizer/Elevater) හා බ`ද කොටස (Fuselage) ඇත. මෙම යානය ස්වභාවික වස්තුවකට, මාලූවෙකුට, කෘමියෙකුට හෝ කුරුල්ලෙකුට ආදේශ කල නොහැකි අතර තටු පහල බ`දට සම්බන්ධ වීමෙන් (Law wing) මෙය ගුවන් යානයක් බව පෙනේ. 1997 ජර්මනියේ විශේෂඥයින් සම`ග ඨදකාැබ ත්‍කහැර පරීක්ෂණ පැවැත්වූ "පීටර් බෙල්ට්" මෙම යානයේ ආකෘතියක් තනා ගුවන් ගත කලේය. ඔවුන් මෙම ආකෘතිය විශාල කොට දුරස්ථ පාලකයකින් පාලපය කලේය. (Radio control) මෙම පර්යේෂණ වල ප‍්‍රථිපලය වූයේ මෙම යානයේ මනා ගුවන් තාක්‍ෂණයයි.
ඉතාම ඉහල තාක්‍ෂණයකින් නිමවා මනාව සාදන ලද ගුවන් ආකෘතියක් ලෙස මෙය පිලිගැනේ. ආකෘතියේ එන්ජින් සම්බන්ධ ස`දහනක් නොමැති නිසා පීටර් බෙල්ට් ගේ කණ්ඩායම දැනට භාවිත වන දුරස්ථ පාලක
ගුවන්යානා එන්ජිමක් (Radio control Aircraft Engine) යොදා ගත්තේය. Ducted fan එන්ජිමක් යානයේ මධ්යම කෙ`ද් සවි කල අතර මුල් ආකෘතියේ ව්‍යුහය මෙම එන්ජිම ස්ථාන ගත කිරීමට ආධාර විය. .
මෙම උදාහරණ දෙක පුරාණ තාක්ෂණය පිලිබ`ද උදාහරණ දෙකකි.
කිසිදු සම්බන්ධකමක් නැති සැතපුම් 7000ක් පමණ දුරින් පිහිටි ස්වාධීන ශිෂ්ඨාචාර දෙකක් ලෙස විශේෂඥයන් හ`දුන්වා දුන් "මිසර" හා "මායා" ප‍්‍රදේශ වාසීන්ගේ ගුවන් තාක්‍ෂණයේ දියුණුව මෙම පර්යේෂණ වලින් මොනවට පැහැදිලි වේ.
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

රාවණා රජුගේ ලංකාපුරය පිහිටියේ කූරගල..(rawana අබිරහස් අඩවිය - Abirahas Adawiya)

ලංකාවට නම් තැබුවේ කූරගල පර්වතය දිහා බලාගෙන
රාවණා රජුගේ ලංකාපුරය පිහිටියේ කූරගල බවට ප්‍රබල මතයක් ඇත. අපරදිග භූ විද්‍යාඥයන් එංගලන්තයේ ග්‍රිනිච් නගරය මැදින් පතිත වන රේඛාව පළමුවැනි මධ්‍යහ්න රේඛාව සේ සැලැකූ අතර පෙරදිග ඡ්‍යොතිර් විද්‍යාඥයෝ ලක්‍ෂ්‍යභූත මධ්‍යහ්න රේඛාව රාවණා රජුගේ අගනුවර වූ ලංකාපුරය මැදින් වැටී ඇතැයි සලකති.
අංශක 80-9 සේ වැටෙන පෙරදිග මධ්‍යහ්න රේඛාව භාරතයේ කෛලාසය මුල්කරගෙන කතරගම වල්ලි කන්ද මැදින් බළන්ගොඩ ඓතිහාසික කූරගල ලංකා පර්වතයට වැටෙන බව දෛවඥ කාමධේනුව දක්වා ඇත. ලංකා රාජධානිය හෙවත් ලංකාපුරය පිහිටා ඇති ආකාරය දෛවඥ කාමධේනුව නම් ග්‍රන්ථයේ විස්තර වන්නේ මෙසේය.
"අස්ති ලඛෙකති විඛ්‍යානා

රාජධානි සුරද්විෂා

හර්තුස්සා මධ්‍ය රෙඛායං

සථලස්‍ය ජලස්‍ය ච

ශෛව සීමා භවේන් භානොර්

දක්‍ෂිනොත්තර ගෝලයො--

නතත්‍ර විෂුවත් මධ්‍යච්ඡායාස්‍යාත්ගෝල

යොත්තර--"

යනුවෙන් ලංකාපුරයෙහි ශිව දෙවොලක් සීමා කොට මෙම රේඛාව වැටී තිබෙන බව සටහන් කොට ඇත. මෙම රේඛාව වැටෙන්නේ ඓතිහාසික බළන්ගොඩ කූරගල ලංකා පර්වතය සීමා කොට ගෙන බව මැන බලන්නකුට මනාව වැටහෙනු ඇතැයි කියති. මෙම ලංකා පර්වතය මුල්කරගෙනම එදා ලංකාවට නම් තැබුණු බව පැවැසේ. ලක්‍ෂ්‍යභූත වූ 'ලක' ධාතුවෙන් 'ලක්ඛා, ලංක, ඉලක්ක, ඉලංග, ඉලක්කෙයි, ඉලංගෙයි' යනුවෙන් අප මවුබිම හැඳින්වෙනුයේ ඒ නිසාවෙනි.
මෙම කූරගල පර්වතය ඈත මුහුදේ යාත්‍රා කරන්නවුනට දර්ශනය වන චිහ්නයක් හෙවත් සංඥා දර්ශකයක් සේ සලකා ලංකා යන නම යොදා ඇති බව පෙනේ. විශේෂයෙන්ම කූරගල පර්වතය ළඟටම එදා පුරාතන යුගයේ මුහුද තිබී ඇත. අද ද මෙම ඓතිහාසික පර්වතය අවට ප්‍රදේශය ලුණු මිශ්‍ර ස්වභාවයකින් යුතු බව භූගර්භ විද්‍යාඥයකුට වුවද වටහාගත හැකිය.
ලංකා සිතියම ගැන ගවේෂණය කරන්නකුට ලංකාවේ පැරැණිම සිතියමේ අත්පිටපත භාරතයේ කල්කටා විශ්වවිද්‍යාලයේ පැරැණි ලිපි ලේඛන අතර දැකිය හැකිය. තක්කාලි ගෙඩියක හැඩය ඇති සිතියමේ ඓතිහාසික කූරගල පර්වත ප්‍රාන්තයේ ඇති මුහුදු බොක්කේ ස්වරූපය වටහාගත හැකිය. ක්‍රි. ව. 1 වැනි සියවසේ පමණ ලංකා සිතියම ලකුණු කරගත් ටොලමිගේ තැප්‍රබෝනයෙන් ඓතිහාසික කූරගල ඇති (උලිස්පදා) ශ්‍රී පාදය ගැන කරුණු වටහාගත හැකිය. ඉතා පුරාණ සමයේ ලංකාවට පැමිණි සියලුම විදේශිකයන් කූරගල 'හිටුවන්ගල' අෑතට දිස්වන ආකාරය බලා ඔවුන්ට හිතුණු නාම 75කට අධික සංඛ්‍යාවකින් ලංකාව නම්කොට ඇත්තේ මේ නිසාය
විජය කුමරු ලක්දිව ගොඩබසින සමයෙහිද දකුණේ සිට ඇතුළට ආරා තිබූ වලවේ ගඟ ආශි්‍රත මුහුදේ මෙම පර්වතය තෙක්ම නාවික ගමනාගමනය සිදුවී ඇත. එම නාවික සටහන් අදටත් මෙම පර්වතයෙන් දැකගත හැකිය.
මෙම ඓතිහාසික කූරගල පර්වතය තරම් දර්ශනීය වූත්, මනස්කාන්ත වූත්, ප්‍රෞඪත්වයෙන් යුක්ත වූත් ස්ථානයක් තවත් නොමැති තරම්ය. රා. ව/පූ. 2-3 වැනි සියවස්වලට අයත් අක්‍ෂරයෙන් සෙල්ලිපි කෙටූ, දහස් සංඛ්‍යාත කටාරම් කෙටූ ගල්ගුහාවලින් යුක්ත වූත් මෙවන් මහානුභාවසම්පන්න පර්වතයක් භාරත දේශයේවත් නැත. එහෙත් අද එහි පවතින විනාශකාරී, අවාසනාවන්ත තත්ත්වය අසන දකින කෙනකුට ඇතිවන සංවේගය අපමණ යැයි 'කූරගල ශ්‍රී පාද දිවා ගුහාව' ග්‍රන්ථය සඳහන් කරයි.
'කූරගල ශ්‍රී පාද දිවා ගුහාව' ග්‍රන්ථයේ සඳහන් වන පරිදි අපේ මේ රමණීය රටට එදා හෙළදිව කීවේද මෙම පර්වතය මුල්කොට ගෙනය. එහි එන විස්තරයට අනුව සෙලදීප, සෙලදිව වී ඇත. සෙල යනු ශෛල හෙවත් ගල් පර්වතයයි. ඒ මුල් කොටගෙන හෙළදිව වන්නට ඇතැයි ඒ අනුව දැක්වෙන මතයකි. කලෙක මේ රටට ගිරිහෙල පුර යනුවෙන් ව්‍යවහාර වී ඇත්තේද මේ පර්වතය දෙස බලාගෙන බව තවත් මතයකි. 'ලංකාදීප' කියුවේද මේ මහා පර්වතය දෙස බලාගෙනමය.
ඉංග්‍රීසි බසින් සිලෝන් කීවේද සෙයිලාන් යන ගල්පර්වත වාචී ශබ්දයට අනුව වර නැඟීම අනුව යැයි විශ්වාස කළ හැකිය. පුරාණ සිංහලයෝ නගරයකට යන විට 'සෙයිලමට යනවා' යැයි වහරති. එම වහර අප වෙත පැමිණ ඇත්තේ රාවණාගේ 'සෙයිලම' හෙවත් නගරය ඇසුරෙන් බව මේ සම්බන්ධ පර්යේෂණ කර ඇති විද්වත්හු පවසති.
රාවණාගේ ලංකාපුරය පිහිටා ඇත්තේද තංජන් තැන්නෙහි බව මෙම ග්‍රන්ථයේ දැක්වේ. 'සබරගමු දර්ශන, බළන්ගොඩ යුගය, අල්ලා හු අක්බර්, මහාවංස ටීකාව, භාරතීය සංස්කෘතික ඉතිහාසය, සංස්කෘතික පුරාණය' මෙන්ම තවත් පර්යේෂණාත්මක වටිනා ග්‍රන්ථ ඇසුරෙන් ලබාගත් කරුණු කාරණාවලින් සම්පාදනය වී ඇති 'කූරගල ශ්‍රී පාද දිවා ගුහාව' ග්‍රන්ථය දක්වන පරිදි කූරගල අසල ඇති තංජන් තැන්න යනු පැරැණි තම්බපණ්ණි නගරයයි. කලක් යෑමෙන් එහි ව්‍යවහාරය වෙනස් වී ඇත. මෙම සෙයිලම අද 'පේයිලානය' ලෙස ඇතැම්හු වහරති.
රාමායණය පවසනුයේ රාවණාගේ ලංකා පුරය දක්‍ෂිණ ලංකාවේ පිහිටි බවයි.
'තනු ලංකෙති නගරී
රාවණස්‍ය දුරාත්මජ--
දක්‍ෂිණස්‍ය සමුද්‍රස්‍ය
තීරෙ වසති දක්‍ෂිණෙ"
යනුවෙන් රාවණාගේ ලංකාපුරය දක්‍ෂිණ ලංකාවේ මුහුද අද්දර පිහිටි බව පැවැසේ. ඓතිහාසික කූරගල පර්වතය දක්වාම පුරාණ කාලයේ මුහුද තිබූ බව මින් පැහැදිලිය.
රාවණාගේ මාලිගාව පිහිටා තිබී ඇත්තේ ලංකාපුරයෙහි නිතම්බයෙහි බව ගරුඬ පුරාණයේ දැක්වෙයි. මෙම ලංකා නිතම්බය පුරාණ කාලයේ ලෝක ප්‍රකට බිමකි. නිතම්බය යනු ස්ත්‍රියකගේ උකුල වැනි තැනකි. අක්කර පන්දහසක් පමණ දිග පළලැති කූරගල පර්වතය ඉවුර වැනි තැනක පිහිටා ඇත.
එමෙන්ම බුදුන් වහන්සේද පසු කලෙක මෙම ලංකා නිතම්බයට වැඩමකොට බුදු සිරිපතුල පිහිටුවා මෙහිම සමන් දෙව් විමනේ දිවා විහරණය කළ බව 'සමන්තකූට වර්ණනාව' දක්වයි.
"තස්මිං නිතම්බෙ ගිරි ගබ්භාරයං
දිවා විහාරය නිසදී යත්ථ" යනුවෙන් එහි දැක්වේ.
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya