Friday, March 31, 2017

ඩයිනෝසර් බිත්තර චීනයෙනුත් ! (dinosaurs eggs අබිරහස් අඩවිය - Abirahas Adawiya -නව සොයා ගැනිම්.)

ඩයිනෝසරයන් මිහිපිටින් අතුරුදන්ව ඇත්තේ වසර මිලියන හැටපහකට පෙරාතුව පරමාණුක බලයක්‌ සහිත ග්‍රාහකයක්‌ මිහිමත ගැටිම නිසා යෑයි වූ පිළිගැනීම විද්‍යාඥයන් විසින් පිළිගෙන ඇත. මෙම විපත්ති කර සිදුවීම නිසා මිහිමත සිටි සත්ව විශේෂයන් බොහොමයක්‌ තුරන්ව ගොස්‌ ඇත. යෝධ සත්වයන් වූ මෙම ජීවින් මීටර් 50 ක්‌ පමණ විශාල වූ අතර මෙම සත්ත්ව විශේෂයන්ගෙන් ඇතැම් ජීවින්ට පියඹා යා හැකි වුණ අතර තවත් විශේෂයක්‌ මුහුදේ ජිවත්ව ඇත.
මෙම සතුන්ට " ඩයිනෝසර්" යෑයි නම තබන ලද්දේ බිහිසුණු උරගයෝ යන ග්‍රීක වදනට අනුවයි. මෑත දශකයක කාලයේදී ලෝකයේ බොහෝ ප්‍රදේශවලින් මෙම සතුන්ගේ පොසිල හමුවී ඇත. 
මේ අතර තවත් විද්‍යාඥයන් පිරිසක්‌ පෙන්වා දෙන අන්දමට ඩයිනෝසරයන්, විශාල සාගර සර්පයන් වගේම කුරුල්ලන් වැනි ප්ටෙරෝසරයන් වසර මිලියන 1.5 කට පමණ පෙරාතුව වර්තමාන ඉන්දියාව පවතින භුමි ප්‍රදේශයේ සිදු වුණ ගිනිකඳු පිපිරීම් මාලාවක්‌ නිසා අතුරුදන් වන්නට ඇති බවයි. 
මේ අතර චීනයේ මාර්ග අලූත්වැඩියා කටයුතුවල නිරත පිරිසකට "හෙයුවාන් " ප්‍රදේශයේදී ඩයිනෝසර් බිත්තර 43 ක්‌ හමුවුණා. ප්‍රදේශයේ පවතින රතු මැටි පස නිසා මෙම බිත්තර ඉතා හොඳින් ආරක්‌ෂා වී තිබුණා. මෙම ප්‍රදේශය ඩයිනෝසරයන් වෙනුවෙන් උණුහුම් නවාතැනක්‌ විදිහට පාෂාණීභූත තොරතුරු ගවේෂණයේ යෙදෙන විද්‍යාඥයන් හඳුන්වා දෙනවා. හෙයුවාන් ඩයිනෝසර් බීජ කෞතුකාගාරය ලෝකයේ තිබෙන විශාලතම ඩයිනෝසර් බීජ කෞතුකාගාරය විදිහට විද්‍යාඥයන්ගේ පිළිගැනීමයි.මේ අතර චීනයේ පර්යේෂකයන් පිරිසක්‌ වසර දහයකට පමණ පෙරාතුව "හෙබේ" ප්‍රදේශයෙන් හඳුනාගත් පොසිල අධ්‍යනය කරමින් සඳහන් කරන්නේ මෙම විශේෂය පියඹා යැමේ හැකියාව සහිත සත්ව විශේෂයක්‌ වුණත් එහි හැකියාව සාර්ථක නොවුණ නිසා ඉක්‌මනින්ම වඳවීමේ අවදානමට පත්වන්නට ඇති බවයි. පාෂාණීභුත විද්‍යාඥ ෂුං සිග් සඳහන් කරන්නේ මෙම ඩයිනෝසර් විශේaෂයන්ට පිහාටු පිහිටා නොතිබුණ අතර ඉදිරි ගාත්‍රා සහ සිරුර අතර පැවැති සියුම් පටලය ආධාර කර ගෙන පියඹා යන්නට ඇති බවයි. මෙම සත්වයාගේ බර ග්‍රෑම් 230 ක්‌ සහ දිග සෙන්ටිමීටර් 63 ක්‌ පමණ වන්නට ඇතැයි මෙම පර්යේෂකයන් අනුමාන කරනවා.

චීනයෙන් ප්‍රථම වරට හමුවුණ මෙම ඩයිනෝසරයන්ගේ හිස වටා පිල් කළඹක්‌ තිබුණ අතර ක්‍රමයෙන් වැහැරෙමින් පැවැති පිහාටු මත කුඩා අත් සහ අවානක හැඩයේ වලිග තටුවක්‌ පිහිටා තිබුණා. මෙම ඩයිනෝසරයන්ට දත් නොතිබුණ නිසා ඔවුන්ගේ ආහාර ගැන සෘජුවම යම් අදහසක්‌ ලබා දෙන්නට විද්‍යාඥයන් සූදානම් නැහැ.
2003 වසරේදී චිනයෙන් හමුවුණ දඩසර් වර්ගයේ Heyuannia huangi. ඩයිනෝසර් බිත්තර පිළිබඳව ජර්මනියේ බොන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් විසින් අධ්‍යනයක්‌ සිදු කරනු ලැබුවා. අණ්‌ඩාකාර හැඩයෙන් යුක්‌ත මෙම බිත්තරයක වටප්‍රමාණය මීටර් 1.5 ක්‌ පමණ වුණ අතර බර කිලෝ ග්‍රෑම් 10 ක්‌ පමණ වුණා.
මෙම ඩයිනෝසරයන් කුරුල්ලන්ට බොහොම සමානයි. සාමාන්‍ය කුරුල්ලන් වගේම විවෘත පරිසරයේ තනාගත් කැදැලිවල බිත්තර දමනු ලැබුවා. නමුත් විද්‍යාඥයන්ගේ සියුම් ඇසට මෙම බිත්තරවල වෙනසක්‌ දැක ගන්නට ලැබුණා. මෙම බිත්තර නිල්, සහ කොළ පැහැයෙන් යුක්‌තව තිබුණා. මේ තත්ත්වය නිසා oviraptor වර්ගයේ Heyuannia huangi ඩයිනෝසරයන් තමන්ගේ බිත්තර කැදැල්ලේ සඟවා තැබිමේදී දක්‌ෂයන් වුණා.
සුදු බිත්තර ඉතා පැහැදිලිව පෙනෙන නිසා වෙනත් සතුන්ට ඉතා පහසුවෙන් මෙම බිත්තර ගොදුරු කර ගැනීමේ පහසුව ලැබුණා. නමුත් බිත්තරවල Heyuannia huangi පැහැය ස්‌වභාව ධර්මයට අනුරූප පැහැයකින් යුක්‌තව තිබෙන විට විලෝපීකයන්ට පැහැදිලිව පෙනෙන්නේ නැහැ. ඒ නිසා මෙම බිත්තර විලෝපියන්ගෙන් ආරක්‌ෂාවන්නට මෙම සතුන් සම්‍යප්‍රයෝගයක්‌ භාවිතා කරන්නට ඇතැයි විද්‍යාඥ Martin Sander, සඳහන් කරනවා. මෙම අධ්‍යයන වාර්තාව මාර්ටින් සැන්ඩර් විසින් Peer J journal පර්යේෂණ පත්‍රිකාව මගින් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
මාර්ටින් සැන්ඩර් විසින් සිදු කරන ලද මෙම අධ්‍යනයට සම්බන්ධ කර ගත් oviraptor වර්ගයේ Heyuannia huangi බිත්තර වසර මිලියන 66 කටත් වඩා පැරණියි. ඔහු මේ වෙනුවෙන් චීනයේ ප්‍රාග් ඓතිහාසික ක්‍ෂෙත්‍ර බිම් තුනක්‌ තෝරා ගත්තා. මේ යෝධ සතුන් සමග මිනිසා එදා සම්බන්ධතාවයන් දක්‌වන්න අසමත් වුණත් මෙම සත්වයන්ගේ අස්‌ථි ලෝකය පුරා විශාල ප්‍රදේශයක ව්‍යාප්තව තිබෙනවා.
එයින් අපටත් එක්‌ උපකල්පනයක්‌ ගොඩ නගා ගන්න පුලූවනි.මාංශ සහ ශාඛ භක්‌ෂක ලෙසින් දෙයාකාරයක මෙම ඩයිනෝසරයන් ලෝකය පුරා විශාල ව්‍යාප්තියකින් පැතිර සිට රහසේම අතුරුදහන්ව ඇති බවයි. චිනයට ඩයිනෝසරයන් ගැන අධ්‍යනය වෙනුවෙන් විශාල උනන්දුවක්‌ තිබෙනවා. ඩයිනෝසරයන් අලලා ඔවුන්ගේ ගවේශන ශීලිත්වය අතීතයේ පටන් වර්තමානයටත් ඒ විදිහටම පවතින අතර මෙම තොරතුරු පාදක කර ගෙන බොහෝ නිගමනයන් අපිට අනාගතයේදී දැනගන්නට ලැබේවි.
පුන්‍යා චාන්දනි ද සිල්වා









උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

No comments:

Post a Comment