නාගයා උරගයෙකි. මේ උරග ස්‌වභාවය නාග ගෝත්‍රිකයන්ට දී ඇත්තේ යක්‍ෂ ගෝත්‍රිකයෝය. මිනී මස් කන භයානක අමනුෂ්‍ය කොට්‌ඨාසයක් ලෙස සිතින් මවාගත් පරිදි නාගයන්ටද එම උරග ස්‌වරූපය ආරෝපණය කළ බවයි. එහෙත් සෘෂිවරයන් විසින් තම තමන්ගේ මත ප්‍රකාශ කළ හෙයින් විවිධ ප්‍රභේද ඇත.
ඒ කෙසේදැයි කිව හොත් අනත්තයායá වාසුයá කෝටයá පත්මයá මහ පත්මයá සංඛපාලයá ගුලිකය යන මේ අට කුලෙන් පැවැත එන හැම නයෙකුම ඇසළ මස පටන් හැම දවසක් මුලුල්ලෙහි රතිකෙලියේ යෙදෙති. එසේ හැසුරුණු සැපින්නගේ කුස බිජු හටගනී. මෙම බිජු එක්‌සිය පනස් දවසකින් මුහුකර එකී එකී සැපින්නන් බිජු දෙසිය සතලිසක් පමණ ලන්නීය. පිරිමි බිජු ඉද්ද කැ=කුළු වගේය. ගෑණු බිජු රන්වන්, නිල්වන් තල්වන් පැහැයෙන් යුක්‌තය. ඒ බිජු සත් දවසක් හැරු වරෙක බිජු විස්‌සක් බැගින් සතියෙන් සතියට ගන්නීය. ඒ බිජු පිටකපාලයෙන් හික්‌මුණු නයි පැටවුන් දොළොස් දවසක් ගිය තැන ඔවුන්ට දළ උපදිති.
දස දවසක් ගිය පසු හිරු දකී. හිරු දුටුදා සිට නයි ඇතුළු සියලු සර්පයින්ට විෂ උපදිති. තිස් දවසින් සැව ගලවති. මෙසේ ප්‍රථම කවු පනය දක්‌වා කිසිම උවදුරක් නැතිව සැව ඇරීමෙන් පසු එතැන් සිට බස්‌නාහිර වාසය කරති. මේ පශ්චිම දිසාවකම අට කුල නයින් ගෙන් අනත්තයá ගුලිකය යන දෙදෙනාගේ ඇඟ රන් පැහැගනී. බමුණු කුළය වේ. මේ දෙදෙනා අග්නි වෙයි. වාසු‚ය ශංඛ පාලය යන දෙදෙනාගේ ඇඟද රන්වන් පෑය රජ කුලයෙහි වන්නේය. මේ දෙදෙනා අග්නි පුත්‍ර වේ. කර්කය පද්මය යන දෙදෙනාගේ ඇඟ කළුය. වෙළඳ කුලය වෙයි. කෝටය, මහා පත්මය යන දෙදෙනාගේ ඇඟ නිල් පැහැය සුදු කුල වෙයි. වාරුන්‍යගේ පුත්‍ර වන්නේය.
මේ නයින්ගෙන් රජකුල නයි මීයන් අනුභව කරයි. බමුණු කුලේ නයි පරඬැල් අනුභව කරයි. වෙළෙඳ කුලේ නයි. බමරුන් අනුභව කරයි. සුදු කුලේ නයි නොයෙකුත් ගොදුරු අනුභව කරයි. රජකුලේ නයා ගසේද, බමුණු කුලේ නයා දේවාලේ වැඳ ගසේ වසයි. වෙළෙඳ කුලේ නයා ගෙයි වෙසෙයි. සුදු කුලේ නයා මී අරනේ වසයි. රජකුලේ නයාට මහත් වූ පෙනය දළ වූ ශරීරය දිගැති ෂොවැනි පුළුන්වූ රන්වන් ඇස් ඇත. සරස බලා නටයි. බමුණු කුලේ නයා අහස බලා නටයි. වෙළෙඳ කුලේ නයා කරනඟා නටයි. සුදු කුලේ නයා සොට බිමලා නටයි.
මෙම කුල අටේ නයින්ගේ දළහි වාසය කරන දෙවියෝ හුදු මෙසේය. තකරී නම් මහා බ්‍රහ්මයෝය. මකරී නම් විෂ්ණුය. කාල රාත්‍රී නම් ඊශ්වරයෝය. යම දූතිනම් ශක්‍රයෝය. සර්පයන්ගේ වම් ඇස යසෝදරය. දකුණු ඇස උමා පොතිය. උඩු තොල අෂ්ටභූජංගයෝය. යටි තොල බෘරාඬිය, මුඛයෙහි යෝගේශ්වරයෝය, නාථයෝය. මෙසේ සියලු දෙවියන් පිහිටි තැන් දැන දළ සතරකින් හා දළ දෙකකින් යුක්‌තවූ මුඛයෙහි දෙකපොලෙහි දත්මුල පැහැරැ සිටියාවූ උග්‍රවූ විෂ බැඳුම් නැවුම් මෙසේය.
රජකුල නයි කෑවොත්
දකුණය පුපුරුගැසුමක්
බමුණු කුල නයි කෑවොත්
වමද එම සේ වේය නියමත්
වෙළඳ කුල නයි කෑවොත් තුනැස්‌වනති වෙයි දකුණත්
සුදුකුල නයි කෑවොත්
ළිඳක් සේ වෙයි මහත් දාහත්
නාගයින් උරග විශේෂයක්‌ද නැතහොත් මනුෂ්‍ය ලෝකයෙන් බාහිර වෙනත් ලොවක විසූ දෙවි කෙනෙක්‌ද එසේත් නැතිනම් ගෝත්‍රික නාමයකින් යුත් මනුෂ්‍ය විශේෂයක් දැයි හරිහැටි නිශ්චය කළ නොහැකිය. පැරැණි සාහිත්‍ය හා ආගමික ග්‍රන්ථ නාගයින් ගැන දක්‌වා ඇති තොරතුරු කුතුහලය දක්‌වයි.
පෝගල් ගේ ඉන්දියානු "සර්ප වේදය" වැදගත් පර්යේෂණාත්මක ග්‍රන්ථයකි. එහි දැක්‌වෙන නාග ඇදහීම පිළිබඳ තොරතුරු හා පෝගල්ගේ විග්‍රහයද බොහෝ වැදගත් වෙයි.
නාගයාට කකුල් නැත. නමුත් ඔහු වේගයෙන් ඇදීයන්නේ කෙසේදැයි කියා ආදිත මිනිසා තුළ විශ්මයක් ඇතිවිය. කිසියම් දෙයක් ගැන හරිහැටි තේරුමක් ගැනීමට නොහැති මිනිසාට නූගත්කම නිසාම මහත් බියක් ඔහු තුළ ඇති විය. එනිසා ගෞරවයකි. මෙම ගෞරව සංයුක්‌ත බිය ලෝකයේ නොයෙකුත් ආගම් වලට මුල්විය.
නයාගේ පෙණය හැකිලීමට දිග හැරීමට හැකිවීම. පහර දීමේදී හිස කෙළින් තබා ගැනීම. දෂ්ඨ කිරීම, හැව ඇරීම, දෂ්ඨ කළ විට විෂ ක්‍ෂණිකව මුළු ශරීරය පුරා පැතිරීම ආදී කරුණු අනුව පැරැන්නන් තුළ බියක් ඇතිවිය. ඔවුන් විෂ පැතිර යැම ගින්නට සමකොට ගින්න සංකේතවත් කිරීමට නාගයා යොදා ඇත. පසුකල ගින්නෙහි මුල සූර්යයා ලෙස වටහා ගත් මනුෂ්‍යයන් කටින් වල්ගය හපා සිටින කවාකාර සර්පයකු සූර්ය සංකේතය ලෙස භාවිත කළේය.
ලංකාවාසී හා ඉන්දියානු වැසියන් පෙණය සහිත හෝ රහිත සර්පයා ජලයේ සංකේතය ලෙස සැලකූහ. නාග වන්දනාවේ උපත ගැන පෝගල් මහතාගේ මතය අනුව මහා භාරතය. රාමායණය, වේදේහ ජාතක කථා ආදියෙන් අපට නිදසුන් පෙන්වා ඇත. පෝගල් නාග වන්දනාවේ ආරම්භය ලෙස අදහස් කරන්නේ නාගයා හා වර්ෂාවේ ඇති සම්බන්ධයයි. වර්ෂා කාලයේදී නාගයින් සිටින ගුල්වලට වතුර පිරෙන විට සර්පයින් බහුලව ගෙවල් තුළට ඇදී එයි. මෙම කාලයට ඉන්දියානුන් "ප්‍රත්‍යාව රෝහණ" නම් උත්සවයක් සීත සෘතුවේ මුල් මාසයේ පසලොස්‌වක පෝදිනයක පවත්වති. ඊට හේතුව වර්ෂා සෘතුව පටන් ගන්නා විට නිදාගැනීම සඳහා ඇඳන් උඩට නැගීමයි. වර්ෂා කාලයේ පමණක් සර්පයන් එනවිට වර්ෂාව නිසා නයින් එනවා ඇතැයි ද නැතිනම් සර්පයන් විසින් වර්ෂාව ගෙනෙන්නේ යෑයි යන විශ්වාසය මත අදහන්නට විය. වර්ෂාව සමඟ ඇතිවන කුනාටු, හෙන. විදුලි කෙටීම්, ගෙරවීම්, ආදී මේඝ ගර්ජනා නාගයින් විසින් කරන වැඩක් යයි සිතූහ. වර්ෂාව නැතිව ඉඩෝර, සාගත කාල ඇතිවීම නාගයින්ගේ කෙරුම් යයි සිතූහ. සර්පයාගේ දඟර මෙන් සහිත ගලායන ගංගාද ජලය එක්‌රැස්‌වී ඇති වැව් විල් ආදියද නාගයින්ගේ වාසස්‌ථාන ලෙස සැළකූහ.
නාගයින්ගේ විෂ දුමනිසා ලෙඩරෝග ගොවිතැන් බව බෝග විනාශය ඇති වන්නේ යයි පැරැන්නන් විශ්වාස කර ඇත. පුරාණයේ ඇතිවූ වසංගත රෝග අභිමතන රෝග ලෙස සැළකූ අතර "අභි" යනු සර්පයායි. තුඹසෙන් ඇදී එන නයා නාගලෝකයෙන් එන්නේයයි පුරාණ මිනිසා විශ්වාස කොට ඇත. නාග ලෝකය පොළව යට ඇතැයි වීර කාව්‍ය හා ජාතක කථාවල දක්‌වා ඇත්තේ ඒ නිසයි. නාග වන්දනා කලින් කල එක්‌වූ කොටස් තුළින් වර්ධනය වී ඇත. හැව ඇරීමෙන් නාගයා තරුණ වීමත් අලුත් ජීවිතයක ආරම්භයක් යයිද, පුරුෂ ලිංගය හා සමාන ලක්‍ෂණයක් නාගයාට ඇති බැවින් දරුවන් නැති කාන්තාවන්ට දරුවන් ලබාදීමේ බලයක් ඇතැයිද විශ්වාස කළේය.
එනිසා තුඹසක් උඩ වාඩිවී සිටින මිනිසකුට පුද පූජාවන් තබා වැඳීමෙන් පිරිමි දරුවන් දීමේ බලයක් ඇතැයිද සිතා වැඳුම් පිදුම් කළේය. අදත් භාරත ඉන්දියාවේ කන්‍යාවන් විසින් මෙය නාග වන්දනාවක් වශයෙන් කරති.
නාග ලෝක දෙකක් ඇතැයි ඔවුන් සිතූහ. එකක් නයින් සහ සර්පයින් සිටින මේ මහ පොළවය. අනික පාතාල ලෝකයේ ඇතැයි සිතන නාග ලෝකයයි. සර්පයන්ට ඇති භීතියත් ජලය. වර්ෂාව සශ්‍රීකත්වය නාගයන්ගේ සම්බන්ධතාවය ආදිය නිසා ඇතිවූ ගෞරව සම්ප්‍රයුක්‌ත බිය නිසා සිතින් මවාගත් නාග ලෝකයත් ඇතිවිය. ලක්‍ෂණ නාග කන්‍යාවන් නාග කුමරියන් කාන්තා වෙස් ගෙන සාමාන්‍ය මිනිසුන් හා රජවරුන් සමඟ විවාහ වූ අවස්‌ථාවන් ගැන ජාතික කථාවලින් පෙන්වා ඇත. නමුත් මිනිස් වෙස් ගත් පිරිමි නාගයන් සිටියද ඔවුන් තුළ කිපෙන ගතිය, විෂ ගෝර ගතියෙහි වෙනසක් සිදුනොවේ. සිල් රැක්‌ක නාගයන් ගැනද කියවේ.
විශේෂයෙන් නාගයෝ මැණික්, මුතු, රන් අයිතිකරුවන් යයි කියන අතර ධනයෙන් ආඪ්‍ය කොටසක් ලෙස හැඳින්වේ. වටිනා මැණික් ඇති නාගයින් සිටින බවත් එවායින් නිකුත්වන ආලෝක ධාහරාවන් දැක ඇති අයද සිටිති. වෛර බැඳගෙන හෝ ධනයට ඉඩමට නිවසට, බඩු බාහිරාදියට, දරුවන්ට අඹුවට ආශාවෙන් හා ලෝභයෙන් මිය යන්නෝ නාගයන් වෙසින් උපදිතියි විශ්වාසයක් ද ඇති බව ජනකථා තුළින් දැක්‌වේ. නැවත ඉපදීම නාගයන්ගෙන් සංකේතවත් වේ. ධනයෙන් කොතරම් ආඪ්‍ය වුවද නාගයන් වටිනා මැණික් සොරා ගනී. බිමට වැටී නැතිවුනදේ නාගයින් සොරකම් කළ බව දැක්‌වෙන කථාද ඇත.
නාග වන්දනාව සශ්‍රීකත්වය පිළිබඳ ඇදහීමකි. සර්ප වන්දනාව ඉන්දියාවේ හා ලංකාවේ පමණක්‌ම නොව අන් රටවලද අදත් අදහති. මිසරයේ රජුගේ ඔටුන්නේද නාග සංකේතය යොදා ඇත.
මහා භාරතයෙහි සඳහන් පරිදි නාගයෝ කදුර්ගේ දරුවන් ලෙස හැඳින්වේ. ඔහුගේ සොයුරිය විණීතාය. ඇයගේ පුත්‍රයා අරුණ මොහු ඉරු දෙවියන්ගේ රථාචාර්යයාය. අනෙක් පුත්‍රයා ගරුඬ ඔහු විෂ්ණු දෙවිඳුගේ වාහනයයි. යාපන අර්ධද්වීපයේ කන්ද රෝද නමැති ස්‌ථානය කදුරුගොඩ විහාරය නමින් නම්පොතේ සඳහන් ස්‌ථානය කදුරු ගස් නියා නම යොදා නැති බවත් පූර්වයෙහි කදුරු නමැති නාගිනි පූජාව පැවැත්වූ ස්‌ථානයක් වේ.
නාගයන් පිළිබඳ ජන කථාවන්a බොහෝය. ඉන්දියාවේ වයඹ දේශයේ උද්‍යාන නොහොත් හමාන්හි කෝසල ජනපදයේ විරූඪ රජ ශාක්‍යයන් වැනසීමේදී ඉන් බේරුණු ශාක්‍ය කුමරු, නාගයකු පිට නැඟ වයඹ දෙසට පැමිණියේය. එහිදී නාග කන්‍යාවක් හමුවී ඇය සමඟ විවාහ වීය. ඔහුගේ මාමා ඔහුට කඩුවක් තෑගි දී ඇත. එයින් එම රටේ රජු මරා ඔහු රජවිය. ඔහුගේ බිරිඳගේ හිස් නවයක් විය. ඒ හිස් නවය නිසා ඇයට යහනේ සැතපීමට අපහසු විය. ඒ නිසා ඔහු ඇයගේ හිස් නවය කපා හෙළීය. මේ නිසා ඔවුන්ගේ දරුවන්ට මහත් හිස රදයක්‌ද ඇතිවිය.
මහා වංශයේ සඳහන් නාගයින්ට වඩා දීප වංශයේ සඳහන් නාගයෝ මනුෂ්‍යත්වයට සමානය. දීපවංශය අනුව සංඝමිත්තා තෙරණිය ශ්‍රී මහා බෝ ශාඛාව ශ්‍රී ලංකාවට වැඩම කරවාගෙන එනවිට මුහුද මැදදී එය නාගයන් සතු කර ගැනීමට වෙරදරා, එය පැහැර ගෙන ගොස් සතියක් නාග ලොවේ තබාගෙන වැඳුම් පිදුම් කළ බවත්, පසුව සංඝමිත්තා තෙරණිය ගුරුළු වෙසක් මවා ඔවුන් බිය වද්දා, එය නැවත ලබා ගත් බවත් සඳහන් වේ. මෙහිදී වැදගත් වන්නේ ශ්‍රී මහා බෝධිය දැක නාග කුමාරිකාවන් ප්‍රීති වූ බව හා නාග රජු කලු නාගයින් කොඩි ළෙලවමින් අනර්ඝ බෝධිය ශ්‍රී ලංකාවේ පිහිට වූයේ යෑයි දීපවංශයේ (16) පරිච්ඡේදය පෙන්වයි.
ලංකාවේ නාග කොට්‌ඨාස දෙකක් ගැන මහාවංශය කියයි. එනම් සමුද්‍රස්‌ථාන නාගයන් හා පර්වත වාසී නාගයන්ය. නාගයන්ගේ එක් රාජධානියක් කැලණිය යයි. පර්වත නාගයින්ගේ රාජ්‍ය නිශ්චිත වශයෙන් හඳුනාගෙන නැත. එහෙත් දැනට පවත්නා විශ්වාශය අනුව බුදුරජාණන් වහන්සේ වැඩිය නාගදීපය නැතහොත් යාපනයට ආසන්නව ඇති කුඩා දිවයින වශයෙන් පිළිගැනේ. ලංකාව ගොවි තැනින් පෝෂිත ස්‌ථානයකි. දීප වංශයේ දැක්‌වෙන තොරතුරු අනුව මහෝදර, චූලෝදර නමැති නා රජවරුන් මැණික් පුටුවක් සඳහා ආරවුලක් ඇතිවූ විට එය සංසිඳවීමට අපේ ලොව් තුරු බුදුන් වහන්සේ එතනට වැඩ ධර්මදේශනාවක් කළ විට අසූ කෝටියක් නාගයින් බුදුන් සරණගිය බවත්, බුදුන් පැමිණි දෙවාරයේදීම නාගයන් දන් පිළිගැන්වූ බවද සඳහන් වේ. බුදුන් වැඩිය එක් වතාවක මැණික් පුටුවක්‌ද පුදා ඇත. දෙවනවර කැලණියට වැඩිය අවස්‌ථාවේ රන් රුවන් හා වෛවර්ණ රෙදි වලින් සරසන ලද රුවක් මඩුවකදී බුදුන් වහන්සේ ප්‍රමුඛ මහා රහතන් වහන්සේලා 500 නමක් වැඩිය අවස්‌ථාවේ උන්වහන්සේලාට රසවත් ආහාර පානාදියෙන් නාගයන් දන්පුදා ඇත.
පැරැණි හා මෑත සාහිත්‍ය ග්‍රන්ථවල නාග කන්‍යාවන් හා නා රජවරුන් ගේ ක්‍රියාවන් බොහොමයක් පිළිබඳ ඇති තොරතුරු සැබැවින්ම පුරාවෘත්තය පදනම් කරගත් ඒවා බව පෙනේ. නාග මානවිකාවන් ගැන කියවෙන පළමු පුවත වන්නේ දුටුගැමුණු රජුගේ බිසව වශයෙන් පත්කර ගත් කන්‍යාවය. නාග ලොවේ සිට නාග කන්‍යාවක් මෙහි පැමිණ මහා සෑය වඳින්නට පුරුදුව සිටියාය. දිනක් මහා සෑය මළුවේ පිරිත් දේශනයක් කරන විට. අමාත්‍යවරු ඇය දැක උපක්‍රමයෙන් රජුගේ යහන් ගබඩාව වෙත ඇය කැඳවාගෙන ගියේය. ඉන්පසු රජු ඇයගෙන් තොරතුරු විචාරා ඇය සරණපාවා ගත්තේය. මේ පුවත නාග ලොවේ නා රජුන් දැනගත් පසු වහා කිපී දැඩි කෝපයෙන් මනුලොවට පැමිණ මඟුල් උයනේදී රජුට දෂ්ට කළේය. රාජකීය වෛද්‍යවරයා ඔහු සුවපත් කළත් පසුව පැමිණ විෂ වෛද්‍ය වරයාට දෂ්ට කර ඔහු මරා දමා දෙවනුව රජුට දෂ්ටකර මරාදැමූ බව ජාතක කථාවක ඇත. පසුව නාග කන්‍යාව රජුගේ මෘත දේහයට වැඳ නාග ලොවට ගිය බවද දැක්‌වේ.
මේ කථා වලින් පෙනීයන්නේ හිතූ වේලාවක උරග වේෂයත් මනුෂ්‍ය වේශයත් මවා ගත හැකි වෙනත් ලෝකයක විසූ දේව කොට්‌ඨාසයකට නාග කන්‍යාවන් අයත් වූ බවය.
මනහර නා මෙනෙවිය හිඳ ළවැලි පිට
ගෙන මිණි වෙන තත් නියඟින් මැද රුවට
කන එව කියන බුදු ගුණගී මියුරු කොට
සැන හෙව කැලණි ගඟ බඩ මඳ කලක් සිට
රාහුල හිමියෝ සැළලිහිණි සංදේශයෙහි දක්‌වා ඇත්තේ කැලණි ගඟ බඩ වැලි තලාවන්හි මැණික් වීනාවන් වයමින් බුදුගුණ ගැයූ නාග මානවිකාවෝ ක්‍රීඩාකළ බවයි. මෙතනදීද නාග මානවිකාවන් මනුෂ්‍ය ස්‌වරූපයකින් පෙන්වයි. එය කෝට්‌ටේ අවධියේය.
එහෙත් නාග මානවිකාවෝ ගෝත්‍රික ජන කොට්‌ඨාසයක් නම් මෙහි සඳහන් කෝට්‌ටේ අවධියේ වනවිට ඔවුන් මෙහි ජීවත්ව සිටි බව පිළිගැනීමට හේතු සාධක නැත. එහෙත් මෙහි විසූ නාග ගෝත්‍රිකයන්ගේ ජීවන රටාව සංස්‌කෘතික වැදගත් කමකින් යුක්‌ත බව නම් පෙනේ. ඔවුන් සැබමින්ම සභ්‍ය මනුෂ්‍ය කොට්‌ඨාසයක් තුළ කාන්තාවෝ රූ සිරියෙන් අනූන වූවාය. සංගීත, කාව්‍ය, නාටකාදි රංගනයන්හි අතිශයින් දක්‍ෂයන්ය. එවන් කරුණු රාශියක් තුළින් ඉහත කී දුටුගැමුණු කථාවේ දැක්‌වෙන හරය අනුව ගෝත්‍රික නාග ප්‍රධානියකුගේ දියණියක් රජුගේ වසඟයට පත් වූ බව මිස පිටස්‌තර ලෝකයක වාසය කරන අතිමානුෂ බලයක් ඇති කන්‍යාවක් නොවන බවය.
මේ උරග ස්‌වභාවය නාග ගෝත්‍රිකයන්ට දී ඇත්තේ යක්‍ෂ ගෝත්‍රිකයෝ මිනී මස් කන භයානක අමනුෂ්‍ය කොට්‌ඨාසයක් ලෙස සිතින් මවාගත් පරිදි නාගයන්ටද එම උරග ස්‌වරූපය ආරෝපණය කළ බවයි.
මේ නාගයන් අතර රාජනාගයා නමින් නාගයින් කොටසක් ඉන්දියාවේ හිමාල අඩවියේ සිටී. ඔවුන්ගේ ආහාරය නයින්ම පමණකි. ඉන්දු, චීනය, බුරුමය, අන්දමන් දූපත්, මලයාව, පිලිපීනය බෙහෙවින් වෙසෙති. ඉන්දියාවේ වැඩිවශයෙන්ම කර්නාටක ප්‍රාන්තය, උත්තර ප්‍රදේශය, ඔරිස්‌සා යන ප්‍රදේශවල කඳු සහිත ලඳු කැලෑ ඔවුන්ගේ නිජ බිම වේ.
එමෙන්ම නාගයින් මැරීම අනන්ත පාපයකි. මැරීම පාපයක් මෙන්ම සමහරවිට නයින් මැරුවොත් මැරූ අයට උමතුව පිස්‌සු, නැතහොත් තමා අන්ත පරිහානියට පත්ව උන්හිටි තැන් පවා අහිමිවූ අවස්‌ථා අපට අපේ පොත්වලින්ම දක්‌නට ඇත.
අද අපේ රටේ සිටින නාගයින් යක්‍ෂණියන්ගේ නම්වලින් හා දේව නාමයන්ගෙන් නයාගේ ශරීර අවයවයන් අපූර්ව විදහා පෙන්වා ඇත. ඒ නිසා නයකු හෝ සර්පයකු දෂ්ඨ කළහොත් ඒ සර්ප විෂ උග්‍රවී ජීවිතය පවා මරණයට ගොදුරුවේ. මේ නිසා නයින් බෙල්ලේ ඇඟේ පටලවා නටන නයි නළඟනන්, නයි නටවන්නන්, නයා සමඟ ඇසුරු කරන්නන්, සර්පයින් සමඟ සෙල්ලම් නයි රෙද්ද අස්‌සේ දාගෙන නයා කනවෝ කනවෝයි කියමින් අකල් මරණයට බිලිවන බව නම් සැබෑ බවයි.
තිස්‌දෙකක් දන්තය - සතරක් එයින් නම් විය
තකරී මකරී ය - කාල රාත්‍රිය යම දුති ය
මේ යක්‍ෂණින් දල සතරය - තකරී නම් දළ බ්‍රහ්මය
මකරී නම් දළ විෂ්ණුය - කාල රාත්‍රී යම ඉසුරුය
යම දුතී දළයක් විය - දකුණැස එ උමා දෙවියා
යනාදී වශයෙන් විෂ ලක්‍ෂණයන් කාව්‍යයෙන් සඳහන් කොට ඇත. මේ නයින් දෂ්ට කළ විට මාත්‍ර, යාත්‍ර, ධුම හා සිංහල විෂ වෛද්‍ය ක්‍රමයන් ඇත. ඒ වායින් කීපයක් මෙසේය.
"ඕං ගරුඬ විෂධාලි ගුලිධාලේ ස්‌වහ" - (108 වරක් දියමතුරා පොවනු විෂ අඩුවේ).
ඕං කුරුවාල කුරුවෙන් තන්වාල එන්නඹි මරක්‌කාලුම් ගුරු කට්‌ටු නෙරෙප්පු සිවගුරු විෂගුරු තට්‌ටු පුට්‌ටු හඃ - ගිනි පෙනෙල්ලට 108 මතුරා දියේ ඔබනු විෂබහී)
ඕං නමෝ මුගලන් ආදිත්‍ය වේගෙන විෂ්ණු බාහු බලෙන් ගරුඬ පක්‍ෂ වෛත හර හර හ්‍රSං හ්‍රSං ප්‍රොaං ප්‍රොaං ඒ ස්‌වහඃ...
(දුම්මල මතුරා කෑමුෙ€ට අල්ලනු, සර්පයා ඇවිත් විෂ උරා බොයි. සර්පයා නොමරා කෑමදී අරිනු).
ඕං ශ්‍රීං වජ්‍රාසනේ ශ්‍රී භගවතෝ ඒහි ඒස්‌වාහා... (වැලි මතුරා ගසනු නයා දුවයි).
ඕං නයි පාඹු අටකොන දැනනේ සිටු සර්ව ප්‍රානේ බූමි මණ්‌ඩල ස්‌වාමියානේ ඕඩු (වැලි මතුරා ඉසිනු). මෙවන් නයි දැපන, ඖෂධයන්ද බොහෝ ඇත.
ගුප්ත විද්‍යාවේදී, සාමවිනිසුරු දේශබන්දු
රඹුක්‌කන ජිනදාස එදිරිසිංහ - divaina
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම් like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya
අබිරහස් අඩවිය - Abirahas Adawiya
No comments:
Post a Comment