Friday, September 23, 2016

මානසික ව්‍යාධි සහ පරිසර සාධක අතර සම්බන්ධය...(අබිරහස් අඩවිය - Abirahas Adawiya .Psychology manovidyawa suzuki )

"ඩොක්‌ටර් මට නිතර ම ඇහෙනවා දිව්‍ය ලෝකයේ ඉඳලා මගේ ආච්චි මට කතා කරනවා කියලා. එයා මට හුගක්‌ ආදරෙන් හිටියේ. එයා මැරුණා. සමහර දාට උදේ පාන්දර ම 'පුතේ පුතේ නැගිටින්න' කියනවා. මට හොඳට ම විශ්වාසයි ඒ හීනයක්‌ නො වෙයි කියලා මොකද ඒ කටහඩ මට හොඳට මතකයි". 
"මට හිතෙනවා මං විශේෂ කෙනෙක්‌ කියල. මට හිතෙනවා මං මේ ලෝකෙට විමුක්‌තිය උදා කරන්න ඉපදුණ කෙනෙක්‌ කියලා. මම මේ දේවල් ගැන කිව්වා ම අනෙක්‌ අය විශ්වාස කරන්නේ නැහැ. ඒ වගේ ම තමයි ඩොක්‌ටර් මා අවට ඉන්න හැම දෙනා ම මට ඉරිසියායි. මං විශිෂ්ට කෙනෙක්‌ වුණත් ඒ අය ඒ බව පිළිගන්නේ නැහැ. මට විරුද්ධව කුමන්ත්‍රණය කරනවා. ඇත්තට ම ඇයි ඒ?" 
මෙවැනි විස්‌තරයක්‌ කිසියම් කෙනකු මනෝ වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කරද්දී මේ තැනැත්තා ගොදුරු ව සිටින්නේ භින්නෝන්මාදය (Schizoprenia‌) නැමැති මානසික රෝගයට විය හැකි බව වෛද්‍යවරයා අනුමාන කිරීමට ඉඩ ඇත. (මේ ඇතැම් ලක්‌ෂණ වෙනත් කායික රෝගවල ලක්‌ෂණ ද වන බැවින් මෙය තහවුරු කරගන්නට තවදුරටත් ප්‍රශ්න නැගිය යුතු වේ). 
භින්නෝන්මාදය වැළඳී ඇතැයි යෑයි අනුමාන කරන තැනැත්තා ගෙන් වෛද්‍යවරයා අසනු ඇති ඉදිරි ප්‍රශ්න මොනවා දැයි ඔබට අනුමාන කළ හැකි ද? 
සාමාන්‍යයෙන් වෛද්‍යවරයා නගනු ඇති එක්‌ ප්‍රශ්නයක්‌ වන්නේ 'ඔබ ගේ ළග ම ඥතියකුට භින්නෝන්මාදය වැළඳී තිබුණා ද?' යන්නයි. මන්ද යත් භින්නෝන්මාදය ප්‍රවේනිකව ද වැළඳිය හැකි බැවිනි. එහෙත් එයට හේතුව ප්‍රවේණිය ම නො වේ. කුඩා කල දී අපචාරවලට බඳුන් වී ද යන ප්‍රශ්නය ද ඊළගට නැගිය හැකි ය. මන්ද යත් එය ද භින්නෝන්මාදයට හේතුවක්‌ විය හැකි බැවිනි. ඊළගට ඔබ මරිජුවානා හෝ වෙනත් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ ද යන ප්‍රශ්නය සුලබ එකකි. ඒ මත්ද්‍රව්‍ය භාවිතය නිසා ද භින්නෝන්මාදය ඇති විය හැකි හෙයිනි. 
'ඔබ වත්තේ නිතර ම කුණු පුච්චනවා ද?' 
එහෙත් මේ තැනැත්තා ගෙන් වෛද්‍යවරයා ඔබ ගේ වත්තේ නිතර ම කුණු පුච්චනවා ද? ඔබ වාහන දුම අධික පාරක ද වැඩට යන්නේ? කුඩා කාලේ ඉඳලා හැදුණේ වැඩුණේ කොළඹ ම ද? බොන්නේ ළිං වතුර ද? ටැප් වතුර ද? කෑමට ගන්න එළවළු ඔබ ගෙදර වවාගන්නවා ද? ඒ එළවළුවලට කෘමිනාශක ගහල ද? ඔබ කොතරම් දුම්පානයේ යෙදෙනවා ද? ඔබේ උපන් දිනය කවදා ද? වැනි ප්‍රශ්න ඇසු වහොත් ඒ ප්‍රශ්න මානසික රෝගයකට අදාළ වන්නේ කෙසේ දැයි ඔබ කල්පනා කරන්නට ඉඩ තිබේ. සමහර විට වෛද්‍යවරයාට මානසික රෝගයක්‌ ඇතැයි ඔබ සිතීමට ද ඉඩ ඇත. 
එහෙත් සැබැවින් ම භින්නොන්මාදයට ප්‍රවේණික සාධක මෙන්ම පාරිසරික සාධක ද ප්‍රබල ලෙස බලපෑමේ හැකියාවක්‌ ඇති බව නවතම අධ්‍යයනවලින් හෙළි වෙමින් තිබේ. එය සැබෑවත් නම් භින්නෝමාදයට පමණක්‌ නො ව වෙනත් බොහෝ මානසික රෝගවලට ද පාරිසරික හා සමාජීය හේතූන් බලපායි. අනෙකක්‌ තබා ඔබේ උපන් දිනය පවා ඒ සඳහා බලපායිෘ 
රොචෙස්‌ටර් වෛද්‍ය විද්‍යාලයයේ පාරිසරික වෛද්‍ය විද්‍යා මහාචාර්ය Deborah Cory Slechta ඇතුළු පිරිස විසින් කරන ලද අධ්‍යයනයකින් පෙන්වා දී ඇත්තේ වායු දූෂණය නිසා භින්නොන්මාදය වැළඳීමට ඇති ඉඩකඩ ඉහළ යන බවයි. මෙයට අදාළ අධ්‍යයනය Environmental Health Perspective ජර්නලයෙහි පළ විය. මේ අධ්‍යයනය සිදු කරන ලද්දේ මීයන්ට අදාළව වුවත් Deborah පෙන්වා දෙන්නේ මිනිසුන්ට අදාළව ද මෙය මේ ආකාරයට ම ක්‍රියාත්මක වන්නට ඉඩ ඇති බවයි. කෙසේ වෙතත් ඒ සඳහා ඉදිරි අධ්‍යයනය සිදු කළ යුතු බව ඇය පෙන්වා දෙයි. වාහන දුම් නිසා මෙන්ම ගෙදරදොර කුණු පිළිස්‌සීම් නිසා ඇති වන දුම් නිසා විශාල ලෙස වායුගෝලය දූෂණය වන බවත් මේවා මිනිසාට භින්නොන්මාදය ඇති කරවීමට හේතු විය හැකි බවත් ඇය පෙන්වා දෙයි. 
ඇය ගේ අධ්‍යයනය සතුන් ඇසුරු කරගත්තක්‌ වුවත් ඉන් ඔබ්බට යමින් ළමයින් යොදාගෙන කළ වෙනත් අධ්‍යයනයක ප්‍රතිඵල ද ඇය ගේ අදහස සනාථ කිරීම සඳහා ඉදිරිපත් කළ හැකි ය. මිචිගන් විශ්වවිද්‍යාලයයේ ස්‌වාභාවික සම්පත් හා පරිසර අංශයේ මහාචාර්ය Paul Mohai විසින් කරන ලද අධ්‍යයන මගින් පෙනී ගොස්‌ ඇත්තේ වායු දූෂණය හේතු කොටගෙන ළමයින් මානසික රෝගවලට ගොදුරු වීමේ ඉඩකඩ ඇති බවයි. විශේෂයෙන් ම මතකය සම්බන්ධ ගැටලුවලට දරුවන් ගොදුරු වීමට පරිසර දූෂණය හේතු වන බව ඔහු පෙන්වා දෙයි. (Monitor on Psychology August 2015 VOL 43 NO7 P. 32)
මේ අතර පසුගිය දා Anals of Neurology ජර්නලයෙහි පළ වූ වාර්තාවකින් (doi:10.1002/ana.24460) කියෑවුණේ වායූ දූෂණයට දිගු කලක්‌ නිරාවරණය වීමෙන් කෙනකු ඩිමෙන්ෂියාවට ගොදුරු විය හැකි බවයි. 
එසේ ම මෑතක දී Stroke ජර්නලයෙහි පළ වූ අධ්‍යයනයකින් හෙළි වූයේ මොළයේ ව්‍යqහාත්මක වෙනස්‌කම් ඇති කරවීමට වායු දූෂණයෙන් ශරීරගත වන සියුම් අංශු හේතු වන බවයි. මේ අධ්‍යයනය මෙහෙයවා තිබුණේ හාවඩ් වෛද්‍ය විද්‍යාලයයේ Elissa Wilker ය. මස්‌තිෂ්ක පරිමාව වෙනස්‌ කරවීමට මේ අංශු හේතු වන බව ද එහි දී අනාවරණය විය. 
ටෝකියෝ විශ්වවිද්‍යාලයයේ N. Okada ඇතුළු පිරිස විසින් පසුගිය මාසයේ දී කරන ලද අධ්‍යයනයකින් (doi:10.1038/mp.2015.209) හෙළි වූයේ භින්නොන්මාදයෙන් පෙළෙන අය ගේ මෂ්තිෂ්ක පරිමාවේ අසාමාන්‍යතා පවතින බවයි. මේ අධ්‍යයනය ගැන තොරතුරු Molecular Phychiatry ජර්නලයේ පළ විය. මොළයේ පරිමාව වෙනස්‌ වීම භින්නොන්මාදය ඇති වීමට මුල් වනවා යෑයි එමගින් පෙන්වා නො දෙන නමුත් භින්නොන්මාදය හා මොළයේ පරිමා වෙනස්‌ වීම් අතර අතර සබඳතාවක්‌ ඇති බව එය පෙන්වා දෙයි. 

වායූ දූෂක මගින් මොළයට හානි වන හැටි 
අධ්‍යයන මඟින් පෙන්වා දෙන ආකාරයට, සියුම් අංශු (fine particles) එක්‌කෝ සෘජු ව ම නියුqරෝනවල (ස්‌නායු සෛල) ගැටී ඒවාට තුවාල කරයි. එසේ ම එවැනි අංශු මගින් මොළයෙහි පවතින මයික්‍රොග්ලියා (Microglia) නමැති සෛල විශේෂයට ද අනතුරු ඇති වේ. මයික්‍රොග්ලියා යනු මධ්‍ය ස්‌නායු පද්ධතිය තුළ ප්‍රතිශක්‌තිකරණ ක්‍රියා සිදු කරන සෛල වේ.එසේ ම මොළයේ පවිත්‍රකරණ කටයුතු (අපවිත්‍ර සෛල ඉවත් කිරීම වැනි) සිදු කරන්නේ ද මේවා ය. සියුම් අංශූ මයික්‍රොග්ලියා අසලට ආ විට ඒ සතුරකු හෝ අපවිත්‍ර සෛලයක්‌ යෑයි වරදවා වටහාගන්නා මයික්‍රොග්ලියා ඒවාට පහර දීමට සිතා රසායනික ද්‍රව්‍ය (විෂ) නිකුත් කරයි. මෙතැනට ආවේ ජීව සෛල සහිත සතුරකු නම් එම රසායන ද්‍රව්‍ය මගින් ඊට හානි වේ. එහෙත් මෙතැනට ආ අජීවී සියුම් අංශූවලට හානියක්‌ නො වේ. සිදු වන්නේ ළග ඇති මස්‌තිෂ්ක සෛලවලට විෂ වැදීමයි. විෂ තැවරුණු අංශූ ඉදිරියට යද්දී ඒ යන යන තැන්වලට හානි සිදු වේ. මෙය දිගට ම හානිකර අවියක්‌ සේ ක්‍රියා කරයි. එනිසා මයික්‍රොග්ලියා සැලකිය යුතු ප්‍රමාණයක්‌ විනාශ වන අතර ප්‍රතිශක්‌තිකරණ ක්‍රියාවලට ද බාධා පැමිණේ. මෙය මොළය මගින් පාලනය වන කටයුතු අවුල් වීමට ද හේතු වේ. 
වායු දූෂණය මානසික සහනය හා සතුට අහෝසි කරයි
ඔන්ටාරියෝහි ට්‍රෙන්ට්‌ විශ්වවිද්‍යාලයයේ Byron Lew හා Mark Avin තමන් විසින් කරන ලද නවතම අධ්‍යයනයක්‌ මගින් පෙන්වා දුන්නේ වායූ දූෂණය මානසික සහනය හා සතුට අහෝසි කරන බවයි. මේ අධ්‍යයනය පිළිබඳ තොරතුරු Green Economics ජර්නලයෙහි පළ විය. (http://dx.doi.org/10.1504/IJGE.2012.051492)ග මේ හා සමාන ම අධ්‍යයනයක්‌ 2014 දී Zhengtao Li, Henk Folmer හා Jianhony Xue යන අය විසින් කරන ලද අතර ඒ ගැන තොරතුරු Ecological Economics ජර්නලයේ (2014 Vol 99) පළ විය. එම අධ්‍යයනයේ ප්‍රතිඵල ද කලින් එකට ම සමාන ය. 
නාගරීකරණය හා භින්නොන්මාදය
ඇමස්‌ටඩෑම් විශ්වවිද්‍යාලයයේ හා නෙදර්ලන්තයේ Mastricht ආචාර්ය Lydia Krabbndam හා Jim Van විසින් කරන ලද අධ්‍යයනයකින් පෙන්වා දී ඇත්තේ නාගරීකරණය භින්නොන්මාදයට සෘජු ලෙස ම හේතු වන බවයි. භින්නෝන්මාද රෝගීන් ගෙන් තුනෙන් එකක්‌ පමණ ම එම තත්ත්වයට ගොදුරු වන්නේ නාගරීකරණයට සම්බන්ධ හේතු මත බව ඔවුන් ගේ මතයයි. මේ අධ්‍යයනය ගැන තොරතුරු Schizoprenia
Bulleti ජර්නලයේ පළ වී තිබේ. 
මෑතක දී ජර්මනියේ මෑන්හයිම්හි මානසික සෞඛ්‍ය ආයතනයේ ආචාර්ය Andreas Meyer හා Linden Bery ඇතුළු පිරිස සිදු කළ අධ්‍යයනයක දී හෙළි වූයේ ද නාගරික දිවිය භින්නොන්මාදය වර්ධනයට හේතු වන බවයි. මේ අධ්‍යයනය 2011 දී Nature ජර්නලයෙහි පළ වූ අතර එයින් පසු ලොව පුරා මේ පිළිබඳ ප්‍රබල කතිකාවතක්‌ පැන නැංෙග් ය. නගරය අපව පිස්‌සු වට්‌ටන්නේ ය යන මතය ජනමාධ්‍ය වෙතින් ඉදිරිපත් විය. මෙවැනි ම අධ්‍යයනයක්‌ ඕලන්ද පර්යේෂකයකු වන Jape Peen ද සිදු කර තිබේ. එම අධ්‍යයනයේ දී පෙනී ගියේ නාගරික ජීවිතය භින්නොන්මාද අවදානම සියයට දෙසියකින් ඉහළ නංවන බව ය. (doi:10.1038/nature10190)
කෙසේ වෙතත් කලින් සඳහන් කළ ඇමැස්‌ටර්ඩ්‍රෑම් අධ්‍යයනය නිරවද්‍ය එකක්‌ නො වන බවට මත පළ විය. ඒ සඳහා ගත් සාම්පලය එතරම් ලොකු එකක්‌ නො වන බවට චෝදනා එල්ල විය. එහෙත් ඒ අධ්‍යයනයට පුද්ගලයන් 918ක ගේ දත්ත රැස්‌ කෙරිණි. මේ අය වයස අවුරුදු 14-17 පරාසයේ පසු වූ අයයි. 
මේ පුද්ගලයන් ගේ සෞඛ්‍ය තත්ත්වය (වෙසෙසින් ම භින්නෝන්මාද වර්ධනය) අවුරුදු තුන හමාරක්‌ තිස්‌සේ රැස්‌ කරන ලදී. මෙහි දී මේ පිරිස පළමුව කාණ්‌ඩ දෙකකට බෙදන ලදී. එක්‌ කොටසක්‌ නගරබදව ජීවත් වූ අයයි. අනෙක්‌ කොටස ගම්බද අයයි. අවුරුදු තුන හමාරකට පසු පෙනී ගියේ නගරබද අය තුළ අන් අයට සාපේක්‌ෂව භින්නොන්මාදය වැඩියෙන් ව්‍යාප්තව තිබූ බවයි. 
උපන් දිනය මගිනුත් මානසික රෝග ගැන කිව හැකියි? 
ඔබ ගේ උපන්දිනය අසා පලාඵල කියන සාස්‌තරකරුවන් ඔබට ඕනෑ තරම් හමු වී තිබේ. ඔබ ගේ උපන් දිනය අසා ඔබට වැළඳෙන ලෙඩරෝග, මාරක ඒරාෂ්ටක ගැන ඔවුන් කියන්නේ ඔබ උපන් වේලාව අනුව හඳහනක්‌ හදාගනිමිනි. 
ඔබට වැළඳෙන ඇතැම් රෝග ගැන විශේෂයෙන් ම මානසික රෝග ගැන විද්‍යාත්මකව අනාවැකි කියන්නට ද උපන් දිනය යොදාගත හැකි බව නවතම අධ්‍යයනයක්‌ ද පෙන්වා දී තිබේ. 
එම අධ්‍යයනය මෙහෙයවනු ලැබ ඇත්තේ කොලම්බියා විශ්වවිද්‍යාලයයේ ආචාර්ය Nicholas Talenetti ඇතුළු පිරිස විසිනි. එම අධ්‍යයනයට අනුව කෙනකුට ADHD (Attention Deficit Hyperactivity Disorder) නැමැති මානසික රෝගය වැළඳේ ද නැද්ද කීමට උපන් දිනය යොදා ගත හැකි ය. මේ අධ්‍යයනය සඳහා පර්යේෂකයෝ ලෙඩුන් ලක්‌ෂ 17ක ගේ තොරතුරු විශ්ලේෂණය කළ හ. මානසික රෝග පෙරැයීම් අධ්‍යයනයක්‌ සඳහා වැඩි ම නියෑදියක්‌ භාවිත කළ අවස්‌ථාව ලෙස ද මෙය ඉතිහාසගත වේ. 
ඉතා දිගු කලක්‌ තිස්‌සේ මේ පුද්ගලයන් ගේ දත්ත නිරීක්‌ෂණයෙන් ඔවුන් සොයාගත් කරුණක්‌ වූයේ ඔක්‌තෝබර් මාසයේ උපත ලද්දවුන් අන් අයට සාපේක්‌ෂව වැඩියෙන් ADHDවලට ගොදුරු වන බව යි. 
"ඔක්‌තෝබර් මාසයේ උපත ලද අය මේ ගැන ලොකුවට කණගාටු වෙන්න ඕනේ නැහැ. එහෙත් වැඩි අවදානමක්‌ තිබෙන නිසා සැලකිලිමත් වීම හොඳයි." එසේ පවසන්නේ Nicholas ය. 
මේ පර්යේෂණය එවැනි දෙයක්‌ අනාවරණය කරන්නේ නම් මානසික උපදේශකයකු රෝගියකු තම රෝගී තත්ත්ව විස්‌තර කරද්දී ඔහු ගේ උපන්දිනය ගැන ඇසීම සිදු විය හැකි දෙයකි. 
ඉහත විස්‌තර කළ අධ්‍යයනය පිළිබඳ තොරතුරු පළ වන්නේ Journa; of American Medical Informatics Associationහි ය. 
ඔවුන් ගේ අධ්‍යයනයේ දී පෙනී ගියේ මානසික රෝගවලට අමතරව වෙනත් රෝග සඳහා ද උපන් දිනය බලපාන බවයි. එනම් මාර්තු උපත ලද අය වැඩියෙන් හෘදයාබාධවලට ගොදුරු වීමට ඉඩ තිබිය හැකි බවයි. 
ADHDවලට අදාළ ව මීට සමානව ප්‍රතිඵල ලබා දුන් අධ්‍යයනයක්‌ 2012 දී ද සිදු ව තිබේ. එම අධ්‍යයනය දැන් විස්‌තර කළ අධ්‍යයනයෙන් වෙනස්‌ වන්නේ එහි (2012) ඔක්‌තෝබර් මාසය ගැන විශේෂිතව සඳහන් නො වීම මගින් පමණි. එහි දී පර්යේෂකයන් පෙන්වා දුන්නේ අවුරුද්දේ අවසාන මාසවල (ඔක්‌තෝබර්, නොවැම්බර්, දෙසැම්බර්) උපත ලබන දරුවන් අන් අයට සාපේක්‌ෂව ADHD වලට වැඩියෙන් ගොදුරු වීමට යම් අවදානමක්‌ ඇති බවයි. 
2014 දී හංගේරියාවේ බුඩාපේස්‌ට්‌ විශ්වවිද්‍යාලයයේ මහාචාර්ය Xenia Gonda විසින් කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ ගිම්හානයේ උපත ලබන දරුවන් ඉරියව්, මනෝභාව (mood) සම්බන්ධ සංකූලතාවන්ට වැඩියෙන් ගොදුරු වන බවයි. මීට සමාන අධ්‍යයනයක්‌ PNAS ජර්නලයේ Vol 113 හි පළ විය. (PNAS, www.pnas.org/cgi/doi/10.1073/pnas.1518129113 
ලන්ඩනයේ ක්‌වීන්ස්‌ මේරි විශ්වවිද්‍යාලයයේ Sreera Ramagoelan විසින් කරන ලද අධ්‍යයනයකින් පෙනී යන්නේ ජනවාරි මස උපත ලද අන් අයට වැඩියෙන් භින්නොන්මාදයට හා ද්විධ්‍රැව සංකූලතාවට (Bipolar Disorder) ගොදුරු වීමේ ඉඩක්‌ ඇති බවයි. මැයි මාසයේ දී උපත ලද අය විශාදයට වැඩියෙන් ගොදුරු වන්නට හැකි බව ද එම අධ්‍යයනය පෙන්වා දෙයි.
මනෝඡ් රත්නායක-.vidusara
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Thursday, September 22, 2016

ගති සිරිත් ආකල්ප හා චර්යා...(අබිරහස් අඩවිය - Abirahas Adawiya ..Psychology manovidyawa cbr)


සාමාන්‍ය ජීවිතයේදී මනෝවිද්‍යාව ඉතා ප්‍රයෝජනවත් උපකරණයක්‌ වේ. කිසියම් උපකරණයකින් ප්‍රයෝජනය ගතහැක්‌කේ එකී උපකරණය ක්‍රියාකරන ආකාරය නිසියාකාරව දැනගෙන සිටින්නේ නම් පමණි. මනෝවිද්‍යාව පිළිබඳ වුවද මෙය එක ලෙසම සත්‍ය කරුණකි. මනෝවිද්‍යාව කෙතරම් ප්‍රයෝජනවත් උපකරණයක්‌ වුවද ඒ පිළිබඳ මඳ දැනුමක්‌වත් නොමැති නම් ඉන් ප්‍රයෝජන ගැනීම අසීරුය. බොහෝ දෙනකු සිතා සිටින පරිදි මනෝවිද්‍යා යනු ගුප්ත අසාමාන්‍ය වූ දෙයක්‌ නොවේ. එය විද්‍යාත්මක චින්තනයක්‌ මත ගොඩනැඟුණු තවත් එක්‌ විෂයක්‌ පමණි. තවත් බොහෝ විෂයවල පිහිට මනෝවිද්‍යා විෂය සංවර්ධනය පිණිස ආධාර වී තිබේ. වෙනත් විෂයන් අරබයා මෙන්ම මනෝවිද්‍යාව අරබයා ද ඒ කරුණ සර්ව සාධාරණය. බොහෝ දෙනකුට නොදැනුවත්වම සිය ජීවිතයේ විවිධ කරුණුවලදී මනෝවිද්‍යාවේ පිහිට ලබාගැනීමට සිදුවේ. බොහෝ විට සමාජයේ පවතින දුර්මතයක්‌ වනුයේ මනෝවිද්‍යාව ඇත්තේ මානසික රෝගීන් පිළිබඳව අධ්‍යයනය කිරීමට පමණක්‌ යෑයි කියාය. එය වැරදි ආකල්පයකි. සායනික මනෝවිද්‍යාව සමස්‌ත මනෝවිද්‍යාවේ අංගයක්‌ පමණි. රෝග හා චිකිත්සා පිළිබඳ සඳහන් වනුයේ සායනික මනෝවිද්‍යාව තුළය. එයද ඉතා ගැඹුරු විෂයකි. වෛද්‍ය විද්‍යාව වෛද්‍ය විද්‍යා පීඨයන්හි හදාරන විද්‍යාර්ථීන් අතරින් දක්‍ෂතම කොටසට පමණක්‌ හිමිවන සුවිශේෂී වරමක්‌ සේ මනෝවිද්‍යාව අධ්‍යයනයට ලැබෙන අවස්‌ථාව නම් කළ හැක. මනෝවිද්‍යාව සියුම් විෂයක්‌ වුවද රසවත්ය. එය ත්‍රිපිටකයේ අභිධර්මය මෙනි.
මිනිස්‌ චර්යාව පිළිබඳ අධ්‍යයනයේදී සාමාන්‍ය මනෝවිද්‍යාවේ සඳහන් සංජානන ලක්‍ෂණය ඉතා වැදගත්ය. ඒ මානව චර්යාවට අදාළ බොහෝ ලක්‍ෂණ විද්‍යාත්මකව විග්‍රහ කරන බැවිනි. අද ලෝකයේ බොහෝ රටවල මේ න්‍යාය විවිධ ක්‍ෂේත්‍රවල දියුණුව සඳහා උපයෝගී කර ගනී. සංවර්ධන සැලසුම් පිළියෙල කිරීමේදී මෙන්ම උපාය මාර්ග අනුව සම්පත් කළමනාකරණය කිරීමේදී සංජානන න්‍යාය වැදගත් මෙහෙයක්‌ ඉටුකරනු ලබයි. සංජානන න්‍යාය විවිධ පැතිකඩ ඔස්‌සේ සංවර්ධනය වී තිබේ. මානුෂිකවාදී ආකල්ප හා චර්යා ඔස්‌සේ ද සංජානන න්‍යාය ඉදිරිපත් කර ඇත. නූතන වෙළඳ දැන්වීම් කලාවට පවා මනෝවිද්‍යා න්‍යාය භාවිතා කෙරේ. මැතිවරණ කාලයේදී විවිධ අපේක්‍ෂකයන්ගේ ප්‍රචාරක උපක්‍රම දිශාගත කරවිය යුතු සීමාවන් තීරණය කිරීමේදී හා ඒ අනුව හැසිරවීමේදී මනෝවිද්‍යා න්‍යාය අනුව උපදේශනය කෙරේ. වෘත්තීය මට්‌ටමින් මේ කටයුතුවල නිරතවන මනෝවිද්‍යාව හදාළ උපදේශකවරුන්ගේ සේවය ද මේ සඳහා ලබාගැනේ. කාලයට උචිතව මිනිසුන්ගේ චර්යාව, සංජානන අනුව මනසට දැනෙන ලෙස ප්‍රචාරනය සිදුකළ යුතු අයුරු මෙහිදී විමසා බැලේ. මේ සඳහා විවිධ සමීක්‍ෂණ ආදී සමාජ විද්‍යාත්මක තොරතුරු එක්‌රැස්‌ කිරීමෙහි ආධාරය ලබාගැනීමේ හැකියාව ඇත.
ප්‍රතිවේදය හා පෞරුෂ සංකල්පය
සංජානනය පිළිබඳ වැදගත් මනෝවිද්‍යා න්‍යායය රාශියක්‌ බිහිව ඇත. ඒ අතරින් ඉගෙනුම පිළිබඳ සංකල්පය වැදගත්ය. මෙහිදී දැක්‌වෙනුයේ සාමාන්‍යයෙන් දැක්‌වෙන උත්තේජනට ප්‍රතිචාර න්‍යාය වෙනුවට උත්තේජනය (Stimulus) සංවිධානය (Organization) එක්‌ව ප්‍රතිචාරය (Response) දැක්‌වීමයි. 1947 දී මේ අදහස ඉදිරිපත් කරනු ලැබුවේ ගෙස්‌ට්‌ටෝල්ට්‌වාදියකු වූ කොෆ්කා විසිනි. ගෙස්‌ටෝල්වාදීන් විසින් මෙහිදී පෙන්වා දෙනු ලැබුවේ ගැටලු විසඳීම හා ඉගෙනුම සිදුවීමට නම් ප්‍රතිවේද ක්‍රියාවලියක්‌ අවශ්‍ය බවයි. කිසියම් ගැටලුවකට අවශ්‍ය සියලුම සාධක එක්‌තැන් කර සමස්‌තයක්‌ වශයෙන් ගෙන සලකා බැලීම මගින් ක්‍ෂණිකව එහි විසඳුම මනසට ප්‍රත්‍යක්‍ෂ වන බව එහිදී සඳහන් වේ.
මේ ප්‍රතිවේදනය නම් සංකල්පයන්ගෙන් ප්‍රකාශ වන දේය.

මෙකී ප්‍රතිවේදය පිළිබඳ සංකල්ප සනාථ කිරීම පිණිස කොෆ්කා විසින් විශාල වැදගත්කමක්‌ ඇති පර්යේෂණ රැසක්‌ සිදුකර තිබේ. මේ ප්‍රතිවේදය පිළිබඳ අදහස තුළ ගෙස්‌ටෝල්ට්‌ මූලධර්ම ගැබ්ව පවතී. එනම් සමස්‌තය පිළිබඳ න්‍යායයි. සමස්‌තය පිළිබඳ දැනීමෙන් ප්‍රතිවේදය සම්පූර්ණ වන බව දැක්‌වීම මගින් සනාථ වනුයේ එම අදහසයි. මේ ප්‍රතිවේද යන්නෙහි එක්‌තරා අයුරකින් පරිකල්පනය පිළිබඳ ආකල්පයක්‌ ද ගැබ් වේ. පරිකල්පනය බිහිවනුයේ නිර්මාණශීලීව හා ස්‌වාධීනව සිතීම මගින් වන හෙයිනි.
සංජානනය පිළිබඳ අදහසට පෞරුෂ සංකල්පයෙන් ලැබී ඇත්තේ නොමඳ පිටිවහලකි. එය ගෙස්‌ටෝල්ට්‌වාදීන් විසින් ඉදිරිපත් කර ඇත. ගෙස්‌ටෝල්ට්‌වාදීන්ගේ පෞරුෂය පිළිබඳ සංකල්පය තවදුරටත් කර්ට්‌ ලෙවින් විසින් සංවර්ධනය කරනු ලැබීය. මෙය ක්‍ෂෙත්‍ර න්‍යාය ලෙස ද හැඳින්වේ. මේ පෞරුෂ න්‍යාය සංවර්ධනය කිරීමේදී ලෙවින් බොහෝ දුරට ශුද්ධ විද්‍යා ක්‍ෂේත්‍රයේ සඳහන් වන න්‍යායවල උපකාරය ද ලබා ඇත. මේ න්‍යාය මගින් මානව පෞරුෂය මානසික පරිසරයක්‌ තුළ ඇති ස්‌වාධීන ඒකකයක්‌ ලෙස විග්‍රහ කර තිබේ. ලෙවින්ගේ විග්‍රහයටඅනුව මානසික පරිසරය යනු විවිධ මානසික සබඳතාය. මේ අනුව පුද්ගලයා හා ඒ පුද්ගලයාගේ මානසික පරිසරය ජීවන අවකාශයක්‌ ලෙස අර්ථ දක්‌වා තිබේ. මේ ජීවන අවකාශයේ ඇතුළත ස්‌වභාවය, ක්‍රියාකාරිත්වය, ගතිකත්වය හා වර්ධනය ලෙවින් විසින් සවිස්‌තරාත්මකව විග්‍රහ කර තිබේ.
ලෙවින් විසින් දක්‌වන ලද මේ පෞරුෂ පිළිබඳ න්‍යාය වොට්‌සන්ගේ චර්යාවාදය ප්‍රමාණයට ජනප්‍රිය වී තිබේ. එසේම මෙය දැඩිව විවේචනය වී ඇත. ලෙවින්වාදී ගුරුකුලයට අයත් පිරිස මේ පිළිබඳ තවදුරටත් පර්යේෂණයේ නියෑලී සිටිති. ඒ නිසා ලෙවින්ගේ පෞරුෂ න්‍යාය පමණක්‌ නොව සමස්‌ත ගෙස්‌ටෝල්ට්‌වාදය තවදුරටත් අඛණ්‌ඩව වර්ධනය වෙමින් පවතී. දෙවන ලෝක යුද්ධය අවසාන වීමත් සමඟම ඇමෙරිකානු විශ්වවිද්‍යාලවලට පත්ව ගිය ගෙස්‌ට්‌ටෝල්ට්‌වාදීන් නිසා එහිද ගෙස්‌ටෝල්ට්‌වාදය පැතිර ගියේය. මේ නිසා ජර්මනිය හා සමානවම ඇමෙරිකාව පුරා ද ගෙස්‌ටෝල්ට්‌වාදය ව්‍යාප්ත විය. ගෙස්‌ටෝල්ට්‌වාදී ගුරුකුලයේ න්‍යායය සාමාන්‍ය මනෝවිද්‍යාව, ළමා මනෝවිද්‍යාව, ව්‍යවහාරික මනෝවිද්‍යාව, චිකිත්සක මනෝවිද්‍යාව, අධ්‍යාපන මනෝවිද්‍යාව හා සමාජ මනෝවිද්‍යාව වැනි වෙනත් මනෝවිද්‍යා ක්‍ෂේත්‍රවල භාවිතා වේ.
ප්‍රජාතන්ත්‍රවාදය හා චර්යාවාදය
සංජානනය පිළිබඳ වැදගත් මනෝවිද්‍යා න්‍යාය රැසක්‌ ප්‍රජානන මනෝවිද්‍යාවේ දැක්‌වේ. 1960 හා 1970 දශකවලදී ප්‍රජානන මනෝවිද්‍යාව ගුරුකුලයක්‌ ලෙස වර්ධනය විය. ඊට ඓතිහාසික පසුබිම සකස්‌ වූයේ 19 දශකයේදීය. ෙ-... එන්. හර්බට්‌ දාර්ශනිකයා (1776-1841) විසින් ඉදිරිපත් කළ ඥන විභාගය මත පදනම්ව මෙය ගොඩනැගී තිබේ. බාහිර ලෝකය ඇසුරෙන් දැනුම රැස්‌කිරීමේදී මානව මනසේ ඇති ආකෘතිය වැදගත් කාර්යභාරයක්‌ ඉටුකරන බව මෙහිදී හර්බට්‌ විසින් පෙන්වා දී තිබේ. ව්‍යුහවාදය, කාර්යබද්ධවාදය හා ගෙස්‌ටොල්ට්‌වාදය වැනි ඉන් පෙර කල පැවැති මනෝවිද්‍යා ගුරුකුලවල බලපෑම් හා අනුබලය ප්‍රජානන මනෝවිද්‍යා ගුරුකුලය සංවර්ධනය වීමේදී වැදගත් විය. ප්‍රජානනය නම් දැනුම ලැබීමේ ක්‍රියාපිළිවෙතයි. මානසික ගතිලක්‍ෂණ හැදෑරීම ප්‍රජානන ක්‍ෂේත්‍රය යටතට අයත් වේ. ලෝක යුද්ධ දෙක අතර කාලය තුළ චර්යාවාදයේ බලපෑම දැඩිව නැගුණි. නමුදු 1960 දශකය වන විට මේ අදහස වෙනස්‌ විය. මානව චර්යාව උත්තේජන ප්‍රතිචාරවලට පමණක්‌ ලඝූකොට දැක්‌වීම පටු අදහසක්‌ බව මනෝවිද්‍යාඥයන් අතර කතාබහට ලක්‌විය. මේ හිඩස පිරවීම සඳහා බිහිවූයේ ප්‍රජානන මනෝවිද්‍යාවයි. මෙහිදී සාකච්ඡා වනුයේ මානව චර්යාවට චින්තනයේ වැදගත්කම ප්‍රකාශ කිරීම මුල්කර ගනිමිනි. මේ අනුව ප්‍රජානන මනෝවිද්‍යාවේදී මානව චර්යාව සා පිපාසාදිය වැනි බාහිර උත්තේජනවලට පමණක්‌ ලඝූකර දැක්‌වීම ප්‍රතිඵලදායී නොවන බව පැහැදිලි කර ඇත. පුද්ගල චර්යා බාහිර අවශ්‍යතා මත පමණක්‌ වෙනස්‌ නොවේ. පුද්ගලයා තුළ අභ්‍යන්තරව ඇති විවිධ ප්‍රජානන අවශ්‍යතා ද ඊට මුල් වේ. මේ ප්‍රජානන අවශ්‍යතාවලට හේතු වූයේ මානව සංජානනය මගින් පුද්ගලයා විවිධ චර්යාවලට පෙළඹවීමයි.
කිසියම් කෙනකු වුවමනාවෙන් කිසියම් කාර්යයක්‌ කරගෙන යැමේදී කාලය ගතවන බවවත් නොදැනේ. එවිට ඒ පුද්ගලයාට වෙහෙස සා පිපාසාදිය පවා නොදැනේ. හුදෙක්‌ පුද්ගලයා තමා තුළ ඇති වෙහෙස සා පිපාසාදියට පමණක්‌ ප්‍රතිචාර දක්‌වන්නකු යෑයි චර්යාවාදීන් දැක්‌වූ අදහස මෙහිදී බිඳවැටේ. මේ නිසා ප්‍රජානන මනෝවිද්‍යා ගුරුකුලය මගින් පෙන්වා දෙනුයේ පුද්ගලයා මත ර¹පවතින වැදගත්ම සාධක වනුයේ ඒ පුද්ගලයාගේ අභ්‍යන්තර මානසික ක්‍රියාකාරිත්වයට අයත් විවිධ අරමුණු බවයි. මේ සාධක එකී කාර්යය නිමකිරීමෙන් පසුව ඇතිවන තෘප්තිය, සතුට, කුතුහලය හා ක්‍රියාකාරිත්ව අවශ්‍යතාව ආදී වශයෙන් දැක්‌විය හැකි බව ප්‍රජානන මනෝවිද්‍යාවේ සඳහන්ය. මිනිසුන්ට තමා අවට පරිසරය අවබෝධ කර ගැනීමට මූලික අවශ්‍යතාවයක්‌ ඇති බව මෙහි අර්ථයයි. එමෙන්ම සිය කාර්යය ඇසුරින් නිපුණ බව අත්පත්කර ගැනීමට, සක්‍රියව ජීවත්වීමට හා සාර්ථකව සමාජ සබඳතා ගොඩනැගීමට මිනිසුන් තුළ ඇති නොසන්සිඳුණු ආශාව මීට පුද්ගලයා පොළඹවන උත්ප්‍රේරකය ලෙස දැක්‌විය හැක. මනෝවිද්‍යාවේ සඳහන් පෙළඹවීමේ න්‍යාය සමඟ ද මෙම අදහස හොඳින් ගැලපේ. මේ අනුව ප්‍රජානනවාදී ගුරුකුලය චර්යාව පිළිබඳ දැක්‌වූ මූලික ආකල්පය වූයේ ද මිනිසුන් යම් කාර්යක්‌ කරනුයේ ඊට ඇති ආශාව හා ඉන් ලැබෙන තෘප්තිය නිසා බවයි. 
එසේම ප්‍රජානන මනෝවිද්‍යා ගුරුකුලය මනෝවිශ්ලේෂණවාදය හා සංදෘෂ්ටිකවාදය හැර අන්‍ය සෑම මනෝවිද්‍යා න්‍යායකම මිශ්‍රණයක්‌ වශයෙන් ද දැක්‌විය හැක. නමුදු ඔවුහු චර්යාවාදයට විරුද්ධ වූහ. මොවුන්ගේ ප්‍රධානම උපාය මාර්ගය වූයේ මානසික ක්‍රියාකාරිත්වය වැඩි අවධාරණයට ලක්‌කිරීමයි. එමගින් මානසික පැතිකඩ ගැඹුරින් අධ්‍යයනය කිරීමට ඔවුන්ට අවශ්‍ය විය. ඔවුන්ගේ න්‍යාය අනුව උපාර්ජනය (Acquiring) සන්තතිය (Processing). සන්නිධිය (Storimg) හා තොරතුරු ප්‍රතිනිරවද්‍යතාව (Retriering Information) ආදී පැතිකඩ රැසක්‌ මානසික පක්‍ෂයට අයත් විය. මේ අනුව මිනිස්‌ මනසේ ඉතා වැදගත් සංකීර්ණ ක්‍රියාකාරකම් කෙරෙහි ප්‍රජානන මනෝවිද්‍යාඥයන් විසින් වැඩි අවධානයක්‌ යොමු කළ බව පැහැදිලි වේ. මානව බුද්ධිය කෙරෙහි විවිධ පැතිකඩවලින් අවධානය යොමු කිරීමට මේ නිසා ප්‍රජානනවාදීන්ට හැකිවිය. ගෙස්‌ටෝල්ට්‌වාදීන්ගේ බලපෑම නිසා මානව චින්තනය කෙරෙහි සංජානනයේ ඇති බලපෑම අධ්‍යයනය කිරීමේ වැදගත්කම ඉස්‌මතු විය. ප්‍රජානනවාදී න්‍යායයට අයත් උපාර්ජනය, සන්තතිය, සන්නිධිය හා තොරතුරු නිරවද්‍යතාව යන පැතිකඩ සතරටම ගෙස්‌ටෝල්ට්‌වාදී මුලධර්මය වූ පොදු බවේ ලක්‍ෂණ මූලික වන බව පැහැදිලි විය.
සමාජ ඉගෙනුම් න්‍යාය
සංජානනය කෙරෙහි බලපාන තවත් වැදගත් මනෝවිද්‍යා න්‍යායයක්‌ නම් සමාජ ඉගෙනුම් න්‍යායයි. (Social Learning Theory) මෙය ප්‍රජනන මනෝවිද්‍යා ගුරුකුලය හා චර්යාවාදී ගුරුකුලය යන ගුරුකුල දෙකේ එක්‌වීමෙන් ගොඩනැඟෙන නව මනෝවිද්‍යා ගුරුකුලයකි. මෙහි ඉතිහාසය දෙවන ලෝක යුද්ධ සමය දක්‌වා ඈතට විහිද යයි. ජෝන් ඩොලාඩ් හා නීල් මිලර් යන චර්යාවාදීන් විසින් ඉදිරිපත් කළ සමාජ අනුකරණය සඳහා ඇති ප්‍රේරණ පිළිබඳ න්‍යායන්ය. මේ න්‍යායන් ස්‌කිනර්ගේ උපස්‌ථම්භන සංකල්පයට පරිබාහිර වූවකි. ඇල්බට්‌ බන්ධුරා හා රිචඩ් වෝල්ටර්ස්‌ යන මනෝවිද්‍යාඥයන් සමාජ ඉගෙනුම්වාදී න්‍යායේ සමාරම්භකයන් වේ. මිලර් හා ඩොලාඩ්ගේ න්‍යාය මේ දෙදෙනාගේ පර්යේෂණ කෙරෙහි සෘජු බලපෑමක්‌ ඇති කළේය. බන්ඩුරා විසින් අභිප්‍රේරණය සඳහා බලපාන මූලධර්ම රැසක්‌ පැහැදිලි කර දී තිබේ. මින් වැදගත් මුලධර්මය වනුයේ චර්යාවේ ප්‍රතිඵල ලෙස ඇතිවිය හැකි ඵලවිපාක පිළිබඳ ඊට පෙර සලකා බැලීමයි. යම් ක්‍රියාවක්‌ කිරීමට පෙර ඒ ක්‍රියාව සිදුකිරීමෙන් පසුව ඇතිවන විවිධ ප්‍රතිඵල පිළිබඳව සැලකීම මින් අදහස්‌ වේ. බුදුදහම තුළ සඳහන් කර්මඵල විපාක පිළිබඳ සැලකීමේ ආකල්පය මෙනි. අභිප්‍රේරණයට අදාළ බන්ඩුරාගේ දෙවන මූලධර්මය සේ දැක්‌වෙනුයේ අතීත අත්දැකීම් අනුසාරයෙන් අනාගත සිදුවීම් පරිකල්පනය කිරීමය. ඉන් අදහස්‌ වනුයේ අතීතයේදී කිසියම් පුද්ගලයකු ලැබූ අත්දැකීම් අනුසාරයෙන් අනාගත සිදුවීම් පරිකල්පනය කිරීමය. ඉන් අදහස්‌ වනුයේ අතීතයේදී කිසියම් පුද්ගලයකු ලැබූ අත්දැකීම් පිටිවහල් කරගෙන ඒ පුද්ගලයාගේ අනාගතය කෙසේ වේදැයි තීරණය කිරීමයි. මෙය ස්‌වයං සඵලත්වය (Self Efficacy) සේ දැක්‌වේ.
මේ ස්‌වයං සඵලත්වයෙන් අදහස්‌ කරනුයේ කිසියම් සුවිශේෂිත අවස්‌ථාවකට මුහුණදීම සඳහා පුද්ගලයකු තුළ ඇති වන ආත්ම විශ්වාසයයි. මෙය ඇතිවීමට ස්‌වියත්වය පිළිබඳ ඇතිකරගනු ලැබූ අභිමානයක්‌ ද ඒ පුද්ගලයා තුළ පැවැතිය යුතුය. එමගින් පුද්ගල පෞරුෂය වර්ධනය වන බව මෙහිදී පිළිගැනේ. ගැටලු අභියෝග ආදියට මුහුණදීමට පුද්ගලයා සමත් වනුයේ පෞරුෂය ශක්‌තිමත්වීම අනුවය. සිය හැකියා විභව ශක්‌තිය පිළිබඳ පුද්ගලයා තුළ ඇති ස්‌වයං තක්‌සේරුව මෙකී පෞරුෂය ලෙස හැඳින්වේ. බන්ඩුරාගේ ස්‌වං සඵලත්වයෙන් අදහස්‌ වන්නේ ද මීට සමාන අදහසකි.
සංජානනයට අදාළ සමාජ ඉගෙනුම් න්‍යාය යටතේ බන්ඩුරාගේ තුන්වන මූලධර්මය නම් කිසියම් අරමුණක්‌ තබාගෙන ඒ ඔස්‌සේ වැඩ කටයුතු මෙහෙයවීමයි. මේ අරමුණ යන මුලධර්මය භාවිත කිරීමේදී ස්‌වයං සඵලත්වය යන දෙවන මුලධර්මය ද වැදගත් වේ. ඉලක්‌කයක්‌ තබාගෙන ඒ ඔස්‌සේ සාර්ථකත්වය කරා ගමන් කළ හැකි බැවිනි. නිශ්චිත ඉලක්‌කයක්‌ තබාගැනීම ඒ අරමුණ ශාක්‍ෂාත් කරගැනීම සඳහා යෝග්‍ය වැඩපිළිවෙළක්‌ ද සංවිධානය කර ගැනීමට උපකාරී වේ. එසේම අදාළ අරමුණ ඔස්‌සේ ක්‍රියා කිරීමට අවශ්‍ය වන ශක්‌තිය ද නිරායාසයෙන්ම ලැබේ. එය මානසික ක්‍රියා සමූහයක එකතුවයි. බොහෝ විට සිය ජීවිතයේ ඉලක්‌ක තබාගෙන ධෛර්යමත්ව ක්‍රියා කරන විට ඒ ක්‍රියා සාර්ථක කර ගැනීමට අවශ්‍ය වන ශක්‌තිය ළඟා වනුයේ මේ මූලධර්මය අනුවය. සාර්ථකත්වය ළඟා කරගනු ලැබූ බොහෝ පුද්ගල චරිතවල ද මේ ස්‌වභාව දක්‌නට ලැබේ. බලාපොරොත්තු වන අරමුණු නිසි ලෙස ශාක්‍ෂාත් කරගත් විට ස්‌වල්ප මොහොතකට වුවද ඉන් සතුටක්‌ ලැබේ. ඒ සතුට ඊට වඩා ප්‍රබල වෙනත් අරමුණු ජය ගැනීමට විශාල ශක්‌තියකි.
බන්ඩුරා හා වොල්ටර්ස්‌ යන මනෝවිද්‍යාඥයන් විසින් මානව චර්යාවට බාහිර පරිසරය හා ප්‍රජනන පැතිකඩේ දායකත්වය එක හා සමානව පිළිගෙන තිබේ. සෙසු මනෝවිද්‍යාඥයන්ට වඩා මොවුන්ගේ සුවිශේෂත්වය වනුයේ සමාජ අනුකරණයේ ඇති ප්‍රමුඛතාව පෙන්වාදීමයි. මානවයාගේ චර්යාව සකස්‌ කරගැනීම පිණිස සමාජ අනුකරණයේ ඇති වැදගත්කම ප්‍රාථමික ගෝත්‍රික සමාජවල සිට නූතන සමාජ තල දක්‌වා එක ලෙස අත්‍යවශ්‍ය සාධකයක්‌ බව මොවුන්ගේ ආකල්පයයි.
දර්ශනපති
සුජිත් නිශාන්ත හේවගේ
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Sunday, September 18, 2016

ජාඇල කොළඹ මාර්ගයේ රියදුරන් බිලිගන්නා අවතාරයක්..(Abirahas Adawiya හොල්මන් කතා. holman katha honda)


පසුගිය අගෝස්තු 29 දා අළුයම් යාමයේදී කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය හා එක් වන ජාඇල පිවිසුම් මාර්ගයේ මීටර් දෙසීයක් පමණ ගිය තැන මාරක මෝටර් රථ අනතුරක් සිදුවිය. එම අනතුරින් සචිත්ත සහ අරුණ චමීර යන අවුරුදු විසි ගණන්වල මුල් හරිය පසු කරමින් සිටි තරුණයන් දෙදෙනකු එතැනම මරු මුවට පත්වූ අතර තවමත් පාසල් සිසුවකු වන සඳරු නමැති තරුණයා බරපතළ තුවාල ලැබිය. මෙහිදී රිය පැදවූ බව පැවසෙන සචිත්ත දක්ෂතම රියැදුරකු සේම ජපානයේ මෝටර් රථ සමාගමක සේවය කළ තාක්ෂණ වේදියෙක් ද වෙයි. එමෙන්ම ඔහු තම තාක්ෂණික දැනුම යොදාගෙන ඔහු පසු කාලයේ නවතම ආකාරයක යතුරු පැදියක් ද නිර්මාණය කොට තිබිණ. ප්‍රදේශ වාසීන් බලවත් කම්පාවට පත් කළ මෙම සිදුවීමත් සමග එම අනතුර වූ ස්ථානය සම්බන්ධ විවිධ මතිමතාන්දර ජාඇල හා ඒ අවට ප්‍රදේශවාසීන් අතර පැතිර යමින් පවතී. ඒවා මගින් පැවසෙනුයේ 2013 වසරේ ඔක්තෝබර් 25 දින මෙම අධිවේගී මාර්ග පිවිසුම විවෘත වූ පසු මෙම ස්ථානයේදීම වරින්වර මිනිස් ජීවිත නවයක් රථ වාහන අනතුරුවලට බිලි වූ බවකි.
ඊට හේතුව කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය හරහා වැටී ගත් පමුණුගම - ජාඇල මෙම පිවිසුම් මාර්ගයේ දී වාහන රියැදුරන් හමුවේ හිටිහැටියේ එක්තරා අද්භූත ගැහැනු රුවක් දර්ශනය වීම යැයි ද කියනු ලැබේ. ප්‍රදේශවාසීන් පවසන අන්දමට මෙම අනතුරු දාමයේ ඇරඹුම වී ඇත්තේ 2014 වසරේ මැයි මස විසි පස්වනදා පෙරවරු 7.15ට මෙම ප්‍රදේශයේ ක්‍රිෂ්ණම්මා නම්  පනස් අට හැවිරිදි කාන්තාවක මෝටර් රථයකට යටවී මිය යාමත් සමගිනි. විවිධ රිය අනතුරු මගින් මෙම ස්ථානයේදීම පුද්ගලයන් නව දෙනකුම මරුමුවට පත්වී ඇත්තේ ඉන්පසුවය. එහෙත් ඒවා රථ වාහන එකි’නෙක ගැටීම නිසා සිදු වූ අනතුරු නොවේ. මෙම පිවිසුම් මාර්ගය ඔස්සේ පමුණුගම දෙස සිට ජාඇල දෙසට එන වාහන හිටි හැටියේ පෙරැලී යාමෙන් සහ මග දෙපස ඇති මුතුරාජවෙල වගුරු බිමට පෙරැලී එරී යාම නිසාය. ඒ අනුව මෙම අනතුරුදාමය ලක් වී දිවි ගලවා ගත් එක් අයකු හෝ සිටීදැයි අප විසින් කළ විමසුමකදී එම ස්ථානයේදී එවන් අනතුරකට ලක්වූ ජාඇල නගරයේ ත්‍රිරෝද රථ රියැදුරු ‘ජයන්ත’ අපට හමුවිය. ඔහු අප හා කීයේ මෙවන් කතාවකි.
“මම පහුගිය අගෝස්තු හත්වෙනිදා පාන්දර දෙකට තුනට විතර බෝපිටිය පැත්තේ ඉඳලා මේ පාර දිගේ ජාඇල පැත්තට එමින් හිටියා. ඔය කියන තැනට එනකොටම මම දැක්කා පාර අයිනේ පෙව්මන්ට් එකේ සුදු පාට ගෑනු රූපයක් තියනවා. ඒ වෙලාවේ පාරේ අනික් පැත්තෙන් පමුණුගම පැත්තට මෝටර් සයිකලයකුත් යමින් තිබුණා. කොහොම හරි මම මේ ගෑනු රූපය ළඟට ළංවෙන කොටම වාහනයට අඩි කීපයක් තිබියදී මේ ගෑනු රූපය පාර මැද්දෙන් හිට ගත්තා. එතකොටම මම පුළුවන් තරම් වේගයෙන් හැඬල් එක කැපුවා විතරයි මතක එතකොටම වාහනේ කවුරු හරි අල්ලා ගන්නා වගේ දැනුණා. ඒ එක්කම  වාහනේ නතර වුණේ වට තුනක් කරකැවිලා. නමුත් හැඬල් එක අත හැරියා නම් මමත් අද ජීවතුන් අතර නැහැ”
මේ අතර එම ප්‍රදේශය ආසන්නයේ ඇති රණහංසගම, සුදුවැල්ල ආදී ප්‍රදේශවල ගම්මුන් පවසනුයේ මෑතක සිට මෙම අනතුර සිදුවූ ස්ථානය අවට වගුරු බිම්වලින් රාත්‍රී කාලයන් තුළ මීට පෙර නෑසුණු අමුතු සතුන්ගේ හඬවල් ඇසෙන බවය.
ඉහත සඳහන් අද්භූත ගණයේ සිදුවීම්වල පූර්වාපර සන්ධි ගැළපීමට අපට නොහැක. එමෙන්ම මේවා සම්බන්ධයෙන් මියගිය හෝ දැනට ජීවතුන් අතර සිටින කිසිවකුගේ නම් සම්බන්ධ කිරීම ද ‘තකතිරු’ කමකි. ඒ කෙසේ හෝ රාත්‍රී කාලයට මෙලෙස මහා මාර්ග අද්දර දර්ශනය වන බව පැවසෙන සුදු නෝනාගේ අවතාරය (white lady ghost) ලොව පුරාම මහා මාර්ග ආශ්‍රිතව රාත්‍රී කාලයට දක්නට ලැබෙන බවට වාර්තා තිබේ.
සාමාන්‍යයෙන්  ලෝකයේ බොහෝ අධිවේගී මාර්ගවල අනතුරු සිදුවීමේ වැඩි සම්භාවිතාවක් පවතින මෙවන් ඉසව් නිරීක්ෂණය කොට එම ස්ථාන මහා මාර්ග ඉංජිනේරුවන්ගේ විශේෂ පරීක්ෂාවන්ට ලක් කෙරේ. ඒ එම අනතුරේ ස්වභාවය සීසීටීවී කැමරා මඟින් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවය. 
white lady ghost

එහෙත් එසේ එම මාර්ගය පරීක්ෂා කිරීමෙන් එම අනතුරු සිදුවීමේ විශේෂ හේතුවක් සොයා ගත නොහැකි වූ විට අතිරේක ගවේෂණ කණ්ඩායම් මගින් එම ස්ථාන නිරීක්ෂණය කරනු පිණිස තර්මල් ඉමේජින් කැමරා (Thermal Imaging Camara) ඉන්ෆරෙඩ් තර්මෝග්‍රැෆි කැමරා (Infra red Thermography Camara) ආදී වශයෙන් වන විශේෂිත ස්වයංක්‍රීය කැමරා උපකරණ පද්ධති සවිකළ අවස්ථාවන් තිබේ. එසේ සවි කෙරුණු ඇතැම් අවස්ථාවන්හිදී ඒවායේ හඳුනා ගැනීමට සහ තේරුම් ගැනීමට නොහැකි විවිධ රූපතල සටහන් වූ බවද අනාවරණය වී තිබේ. ඒ තත්ත්වය කෙසේ වුවත් කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ මෙම අනතුරුදාමය සිදුවූ ස්ථානයේ අදටත් අඩුම තරමින් සාමාන්‍ය සීසීටීවී කැමරා පද්ධතියක් වත් ක්‍රියාත්මක නොවන බව මේ සම්බන්ධයෙන් කරන ලද විමසුම්වල දී අනාවරණය කර ගැනීමට අපට හැකිවිය.
දමයන්ති ගමගේ - lakbima.
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Thursday, September 15, 2016

රාවණාගේ ප්‍රධාන බලකොටු තුන.....(අබිරහස් අඩවිය - Abirahas Adawiya (rawana samsung)

ගල පාමුල දිය සීරා තෝතැන්නකි. මධ්‍යයේ සිට රූරා එන ජලයගල පාමුලදී කුඩා දිය කඳුරු බවට හැරේ. අසීරු කාර්යය වුණේ ලකේගල වටා ගමන් කිරීම යැයි පැවසුවහොත් එය වඩා නිවැරැදිය. සොබාදහමේ තවත් අපූරු නිර්මාණයක් පාමුල අඟුටුමිට්ටන් බවට පත්ව අපි බලා සිටියෙමු.
"ලකේගල තියෙන්නේ බලන්න බලන්න වෙනස්වන කළු ගලක්. ගල දිහා දැන් බලල අඩි දහයක් ඉස්සරහට ගිහින් ආයේ පාරක් බැලුවොත් තිබ්බ හැඩේ නෙවෙයි තියෙන්නේ. එතකොට ලකේගල ආයේ වෙනස් වෙලා. දැන් අපිට පේන මේ ත්‍රිකෝණාකාර හැඩේ නෙවෙයි ගලේ ඇත්ත පිහිටීම. ඇත්ත පිහිටීම බලන්න අපි ගල උඩට නඟින්න ඕනෑ. ඒකට උත්සාහ කරමු. මේ වගේ ස්වාභාවික මායාවක් තමයි ඒ යුගයේදී යුද්ධ උපක්‍රම වුණේ. වටේම තියෙන්නේ මිනිසුන්ට පය ගහන්න බැරි වනාන්තරය. ස්වාභාවික දිය කඳුරු. එක පාරටම මතු වෙලා ආයේ නොපෙනී යන ලොකු ජල පාරවල්. ඒවගේ දේවල් වට කරගෙන දෘශ්‍ය සීමාවේදී සම්පූර්ණයෙන් හැඩේ වෙනස් වෙන කළුගලක්. මේවා ගළපා ගත්තම අපිට සරල විදියට තේරුම් ගන්න පුළුවන් කරුණු ඉතිහාසයේ මුඛ පරම්පරාව එක්ක සැසඳෙනවා. ඒ කියන්නේ රාවණා උත්තමයා ලකේගල එයාගේ වා-රිය පොළක් නැත්නම් ස්වාභාවික බලකොටුවක් විදියට පාවිච්චි කරල තියෙනවා. යහන්ගල, බැලුම්ගල, ලකේගල මේ පර්වත 3 තමයි රාවණාගේ ප්‍රධාන කදවුරු තුන.
ලකේගල
බැලුම්ගලේ ඉඳලා බලද්දි ලකේගලේ නියම හැඩය දුරට වුණත් හැඳිනිය හැකියි. යහන්ගල පසුකාලීනව වැදගත් වුණා කියන එකයි මම හිතන්නේ. දැන් අපි සීගිරිය උදාහරණයකට ගනිමු. ඉතිහාසයේ එක් කාලවකවානුවක සීගිරිය රාවණා රජතුමාගේ බලකොටුවක් කියලා තියෙනවානේ. ඒ තර්කත් එක්ක ගත්තොත් පසු කාලීනව සීගිරිය ඇත්තම සිංහල රාජධානියක අග නගරය වුණා. එහෙම වුණේ ස්වාභාවික පරිසරය පරද්දවලා සීගිරි ගල අයහන්ගල,බැලුම්ගල,ලකෙගල තමා රාවණාගේ ප්‍රධාන බලකොටු තුන අවට ජනාවාස හදාගන්න ඒ මිනිසුන්ට හැකි වුණ නිසා. ඒත් අදටත් ලකේගල අවට ස්වාභාවික පරිසරය ජය ගන්න මිනිසුන්ට පුළුවන් වෙලා තියෙනවද? අඩුම ගාණේ තාක්ෂණය මේ තරම් දියුණු වුණාට රේඩියෝ දුරකතන සංඥාවන් පවා රිවස්ටන් කඳු පන්තියෙන් පහළට ගේන්න බැරි වෙලා තියෙනවා. අපි කොච්චර දියුණුයි කිව්වත් ඇත්තටම එදා මේ හරියේ තිබුණ දියුණු ශිෂ්ටාචාරය ගාවටවත් අපි ඇවිත් නැහැ" පරිසරයෙන් මඩිනා ලද දැනුමැති හේරත් බණ්ඩා එලෙස පවසා සිටියේ ලකේගල පෙනෙන සීමාවට පැමිණි පසුවය.
විජයාගමනයෙන් පසුව සඳහන් ඉතිහාසය සහ ඊට පෙර ඉතිහාසය අතර ඇත්තේ විශාල පරස්පරයකි. උදාහරණයක් ලෙස දියුණු ශිෂ්ටාචාරයක් විජයගේ පැමිණීමට පෙර වූයේ නම් එම ශිෂ්ටාචාරය ප්‍රාථමික අවශ්‍යතාවන් ලෙස ගල් ගුහා, ලෙන් පදනම් කරගත්තේ මන්ද යන ප්‍රශ්නය පැන නඟී. එය සාධාරණ ප්‍රශ්නයකි. ගුවන් යානා සහ එයටත් වඩා දියුණු තාක්ෂණයකට හිමිකම් කියන මිනිසුන් පිරිසක් ගුහා සහ ලෙන් සිය මූලික අවශ්‍යතාව ඉටු කරගැනීමේලා භාවිත කරතැයි උපකල්පනය කිරීම වුව කළ නොහැක්කකි. පුරාවිද්‍යා සාක්ෂි අනුව වුව විජයගෙන් පෙර ඉතිහාසය පාදා ගැනීමට තාමත් හැකි වී නැත. නමුත් ඒ නිසා මුඛ පරම්පරාගත කතා පුවත් බැහැර කළ හැකි නොවේ. එයටත් වඩා ශෝකජනක පුවත වන්නේ හෙළ ඉතිහාසය පාදා ගැනීමට ඉංගී්‍රසි ජාතිකයන්ගේ පුරාවිද්‍යාව ඉගෙන ගත් පුරාවිද්‍යාඥයන් උත්සාහ නොගැනීමය.
අප කපු කෙටූ ගලේ සිට ගෙනා වී කුමන කාලවකවානුවකට අයත් දැයි යන්න නොවිමසා සිටින්නේ ඒ සඳහා විශාල පිරිවැයක් දරන්නට සිදුවන නිසා යැයි බලධාරීහු පවසා සිටියහ.
උදාහරණයක් ලෙස පෙර සඳහන් කළ පරිදි සීගිරිය ගත හැකිය. සීගිරිය ලෝක පුදුමයන් අතරට පත් වූයේ දැනට දශක කිහිපයකට පෙරය. ඒ නමුත් බැබිලෝනියාවේ එල්ලෙන උයන් එකල සිට ලෝක පුදුමයකි. නමුත් බැබිලෝනියානු ශිෂ්ටාචාරය ඇරැඹියේ අහසින් යන සිංහ මිනිසුන්ගෙන් යැයි එරට පුරාවිද්‍යාව සාක්ෂි ඇතිව ඔප්පු කර ඇත. සිංහ කොඩියේ එන ලෙස කඩුව අතින් ගෙන තුන් පයින් නැඟී සිටින සිංහයා සහිත ලාංඡනය බැබිලෝනියානුවන්ගේද දක්නට ඇත. පසු කාලීනව බැබිලෝනියානුවකු සොයාගත් ලාංඡනයක් වූයේ පියාපත් දෙකක් සහ සිංහ ශරීරයක් සහ මුහුණක් ඇති සත්ත්වයකුගේ රුවකි. ඒ රුවේ පියාපත් දෙක ගුවන් ගමන් ගැන සහ සිංහ ශරීරය පිටතින් පැමිණි අයගෙන් සිදුවූ සේවය පිළිබඳ ඇගැයීමක් යැයි සැලැකේ.
යහන්ගල
විජයට පෙර ඉතිහාසය පිළිබඳ තවත් සාක්ෂි ඇත්තේය. මාදුරුඔය අමුණේ සොරොව්ව, වෙස්සගිරියේ ඇති ඉබපච ට්චබඥ ලේඛනය, 1818 දී රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයාගේ අණ පරිදි පුපුරවා හරින ලද කුඹුක්කන් ඔයේ අමුණ. ලාහුගල හැඩඔයේ ඇති ගල් අමුණ. මේවා බොහෝ සෙයින් සමාන වන්නේ 'ඉන්කා' සහ 'මායා' ශිෂ්ටාචාරවල ගල් අමුණු සහ පාලම් සමඟය.
ඊට පරිබාහිරව කතරගම මහසෙන් දේවාලයේ ගල් කණු, මල්වතු ඔයේ ගල් පාලමද එකල පැවැති ශිෂ්ටාචාරයන් අතික්‍රමණය කළ නිපැයුම් ලෙස හඳුන්වා දිය හැක්කේය. මෙම න්‍යායික දැනුම ප්‍රායෝගිකත්වය තුළින් අත්දැකීම සඳහා ලියුම්කරු වෙස්සගිරිය සහ හැඩඔයේ ඇති ගල් අමුණ සොයා ගිය බවද පැවැසිය යුත්තකි.
අප පැරැණි රණමුරේගම දිසාවට විරුද්ධ අතින් ලකේගල තරණය කර යා යුතු යැයි කීවේ මඟපෙන්වන්නා වූ මුතූය. එය වඩාත් භයානක යැයි පවසා සිටි හේරත් බණ්ඩා මීමුරේ මිනිසුන් පැමිණ පිරිත් කියන්නට ලකේගලට නඟිනා මාර්ගය උපයෝගී කර ගනිමු යැයි පවසා සිටියේ හේරත් බණ්ඩාය.
තරුණ මදයෙන් පරිපූර්ණ මුතූට වඩා අත්දැකීම් ඇති හේරත් බණ්ඩාට ඉඩදිය යුතු යැයි සිතූ මම ඔහුට පෙරමුණ ගන්න යැයි පවසා සිටියෙමි. එය මුතූගේ සිත් නොගත්තක් විය. ලකේගල අවට කිසිදු කුඩා පර්වතයක් නැත්තේය. එහි සමාන කළ හැක්කේ අතුපතර විහිදී ගිය විශාල රුක් සෙවණක් යට වෙනත් විශාල ශාක නොමැති තත්ත්වයකටය. ලකේගලින් කඩා වැටුණු ගල් එක් කොනක පමණක් විසිර තිබීම මේ අනුව සත්‍යයක් විය හැකි යැයි උපකල්පනය කළෙමි. ලකේගල කරා ආසන්න වත්ම අවදානමෙන් ම¾ඩිනා ලද සහේතුක බියක් හිත පත්ලේ පැලපැදියම් වී ඇතැයි සිතුණ වාරද අනන්තය.
බැලුම්ගල,

ගල තරණය සඳහා අවශ්‍ය වෙතැයි සිතිය හැකි උපකරණ අතරින් අප අත ඇත්තේ කපුකෙටූ ගල තරණයේ ලා සහාය දුන් තේඩාව පමණි. චුරු, චුරු වැස්සද කඩින් කඩ කඩා හැලේ. වේලාව දහවල් එකට ආසන්නය. පරිසරය පැය කටුව පරාජය කර පැය ගණනක් ගෙවී ගොස් බව සිතේ. "පළමුවැනිපාර ඔහොම තමයි. යං පුතා" හේරත් බණ්ඩා දිරි ලබා දුන්නේ සැබෑ වැඩිහිටියකු ලෙසය. "වැස්සට යට වුණොත් අපි පරාදයි. මොකද ඕක නතරවෙන වැස්සක් නෙවෙයි. ඉක්මනට කන්ද නඟිමු. හැබැයි හරියට තෙමෙන්න වෙන්නේ ලකේගල උඩදි." එලෙස පැවැසූ මුතූ හේරත් බණ්ඩාගේ ස්ථානය පැහැරගත්තේ තේඩාවද ඔහු සතුකර ගනිමිනි. වැස්ස නිසා කැමරාව ක්‍රියාකරවිය නොහැකිය. ක්‍රියා කළ නොහැකි කැමරාව වැස්සෙන් ආරක්ෂා කර ගැනීමද කළ නොහැක්කකි. කළ යුතු දේ රැගෙන ආ උපකරණ සුරක්ෂිත කර ලකේගල තැබීම බව කී හේරත් බණ්ඩා හැකිනම් කැමැතිනම් අමුඩ කෙටියකින් සැරැසී සැහැල්ලු වන්න යැයිද උපදෙස් ලබා දුන්නේය.
 උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Wednesday, September 14, 2016

විශ්වයේ දැවැන්ත අබිරහස් පිපිරීමක්..? (GALACIC COMPONENTS අබිරහස් අඩවිය - Abirahas Adawiya )


විශ්වයේ උපත කෙසේ සිදු වීද......
මිනිසා ජීවත්වන පෘථිවි ග්‍රහලෝකයට 
අමතරව විශ්වයේ පාරභෞම්‍ය වූ ජීවීන්
(EXTRATERRESTRIAL LIFE OF THE UNIVERSE) නොහොත් උත්තම සුපිරි 
සභ්‍යත්ව ජීවීන් පිළිබඳව සොයා බැලීම 
සඳහා ඇමරිකා එක්‌සත් ජනපදය ප්‍රමුඛ 
රාජ්‍යයන් කිහිපයක්‌ ම ඉතා තීව්‍ර ලෙස 
කටයුතු කරමින් සිටී. ඒ සඳහා නොයෙකුත්
පර්යේෂණාගාර හා නව තාක්‍ෂණික උපකරණ ප්‍රයෝජනයට ගන්නා 
බව ඒ පිළිබඳ ලියවිලි පරිශීලනයේදී ඉතා පැහැදිලිය.
උදාහරණ වශයෙන් කිහිපයක්‌ වනුයේ 
(100 මිලියන ඩොලර් කෙක්‌ දුරදක්‌නය.100 MILLION DOLLAR KACK TELESCOPE
MAUNA KEY HAWAI)
(සෙරෝ ටෝලෝ අන්තර් ඇමරිකානු පරීක්‍ෂණාගාරCERRO TOLOLO INTER AMERICAN
OBSERVATOLY - CHILLE)
(1990 ආරම්භ කරන ලද භග භග ඔග නව තාක්‍ෂණික දූරදර්ශකය යුරෝපීය දක්‍ෂිණ පර්යේෂණාගාරය ඇන්ඩීස්‌ ප්‍රදේශය.
N. N. T. THE TECHNOLOGY TELESCOPE)
(NASA HUBBLE SPACE TELESCOPE) 1990 හබල් අභ්‍යවකාශ දූර්දර්ශකය

කම් ඕන් දක්‍ෂිණ යුරෝපීය පර්යේෂණාගාරය චිලී රටේ ඇටකමා ප්‍රදේශය (ලොව විශාලතම දූරදර්ශකය)COME - ON EUROPEN (SOUTHERN OBSERVATORY
CERRO PERANAL IN CHILLE - ATACAMA
DESERT, WORLD LARGEST OPTICAL
TELESCOPE).
(COBE ආන්තරික පසුතල ගවේෂකයා COBE -
COSMIC BACKGROUND EXPLORER).
(ජාතික විද්‍යා ආයතනය දුරේක්‍ෂය ආර්කිබෝ පොටොරිකෝ, දකුණු ඇමරිකාව
 NATIONAL
SCIENCE FOUNDATION RADIO TELESCOPE
AT ARECIBO PUERTORICO).
(රොන්ජින් චන්ද්‍රිකාව නව අන්තර් ජාතික භ්‍රමණය වන පරීක්‍ෂණාගාරය අධෝරක්‌ත දුරේක්‍ෂ පහසුකම් මවුන්ලි හවායි. 
 ROST OR ROVENTGEN SATELLITE A NEW
INTERNATIONAL ORBITING XRAY
NERVATORY, NASA INFRARED. TELESCOPE
FACILLITY ON MOUNALEE HAWAIE.)
(කැල්ටෙක්‌ස්‌ ඕවන් වැලීගේ ගුවන්විදුලි පරීක්‍ෂණාගාරය.
 CALTECH'S OWEN VALLEY RADIO)
TOPS - TOWARDS OTHER PANEIARY SYSTEM
(NASA)
පොළවෙන් ඈත පිහිටි ග්‍රහ වස්‌තුවල උත්තම සභ්‍යත්ව සුපිරී ජීවීන් සොයා ගැනීම පිළිබඳ ක්‍රියාවලිය.
H. R. M. S. උත්තම විභේෂණ ශුක්‍ෂම තරංග පරීක්‍ෂණය. SETI NASA'S SEARCH FOR XTRA
TERRESTRIAL INTELLIGANCE)
H. R. M. S. - HIGH RESOLUTION MICROWAVE
SURVEY.
මේ ආදී වශයෙන් සිය ගණනක්‌ වූ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන උක්‌ත කරුණු පිළිබඳ පර්යේෂණ කරමින් සිටී. විශ්වයේ ආරම්භය පිළිබඳ කරුණු හදාරණ විශ්ව සම්භව විද්‍යාවේ උක්‌ත විෂයන් හැදැරීමේ දුෂ්කරතාවන් විග්‍රහයට පාත්‍ර වන උභතෝකෝටික කාරණ 03 ක්‌ විදහා දැක්‌වේ.
1. ප්‍රථම උභතෝකෝටිකය - හේතුවක්‌ රහිතව ක්‍රියාවක්‌ නොවේ. කාලයේ ප්‍රතිපාදනය සමීපයෙහි හමු වූ ඕනෑම සිදුවීමක්‌ එයට පෙර වූ කිසියම් සිදුවීමක ප්‍රතිඵලයක්‌ වේ. මේ හේතුවෙන් විශ්වයෙහි මුල් සම්භවය අපහට කවරදා ප්‍රත්‍යක්‍ෂ කළ හැකි නොවේ.
2. ද්විතීය උභතෝකෝටිකය - යමකින් හෝ යමක්‌ සඳහා නොමැති දේකින් කිසිවක්‌ නිර්මාණය නොවේ. විශ්වයෙහි මූලාරම්භය යනුවෙන් යම් සංකල්පයක්‌ අර්ථවත් විය යුතු නම් එය කිසිවක්‌ නොමැති එනම් ශුන්‍යත්වයකින් නිර්මාණය විය යුතුය. එම නිසා තාර්කික වශයෙන් මූලාරම්භයේ විග්‍රහයක්‌ ඉදිරිපත් කළ නොහැකිය. විශ්වයේ ශක්‌තිය ශුන්‍ය නම් එය එසේම පැවතිය යුතුය. 
3. තෘතීය උභතෝකෝටිකය - විශ්වයෙහි ශක්‌තිය පිළිබඳ නොසලකන ලද්දේ ම එය වෙනත් ආකෘතියකින් බිහිවිය යුතු අතර එම ආකෘතිය ද වෙනත් කිසියම් අන්‍ය ආකෘතියකින් නිර්මාණය විය යුතුය. මේ අනුව අප අපරිමිත ප්‍රතිගමනක යෙදී සිටී.
විශ්වයෙහි ස්‌වභාවය අවබෝධ කර ගැනීම පිළිබඳ උක්‌ත දුෂ්කරතාවන් එකින් එක පැහැදිලි කරමින් විශ්වය පිළිබඳ වර්තමාන සොයා ගැනීම් මෙහි විස්‌තර කෙරෙනු ඇත.
(CENTAURUS)
සූර්යයා නමින් හඳුන්වන තාරකාව, ඊට අයත් ග්‍රහලෝක චන්ද්‍රයින් ග්‍රහක ආදී විවිධ වස්‌තූන් බොහොමයකින් සමන්විත ක්‍ෂිරපථය (MILKYWAY) නම් වූ දණ්‌ඩ සර්පිලාකාර චක්‍රාවාටයෙහි මධ්‍යයේ සිට ආලෝක වර්ෂ 30,000 ක්‌ දුරින් "ඔරයොන්" නමින් හැඳින්වෙන වෘත්තාකාර ශාඛාවේ මධ්‍යම ආසන්න එක්‌ ව්‍යාප්ත වූ කෙළවරක පිහිටා ඇත.
සූර්යයාගේ අසල්වැසියන් වශයෙන් ආලෝක වර්ෂ දහහතක්‌ අතරතුර පිහිටි තාරකාවන් හැටක්‌ පිළිබඳව තාරකා විද්‍යාඥයන් වන "පීටර්වෑන්ද කෑම්ප්" හා "සාරා ලී ලිපින්කෝට්‌" විසින් සවිස්‌තරව කරුණු හදාරා ඇත.
අපේ තාරකා මණ්‌ඩලය මන්දාකිණි සංරචක (GALACIC COMPONENTS) කිහිපයකින් සමන්විත වේ.
(GALACIC COMPONENTS) මූලික වශයෙන් සෙන්ටෝරස්‌ (CENTAURUS) සැජිටෝරස්‌ 2.3 සීරියස්‌ (SIRIUS) සහ ඇල්ෆා සෙන්ටෝරි (ALPHA
CENTACIRI, (RIGILKENTAURUS TOLIMAN)) හා ප්‍රොසියොන් (PROCYN) ඇල්ටෙයා (ARTAIR) ආදි තාරකාවන් මිනිසාගේ පියවි ඇසින් දැකිය නොහැකිය. 
උක්‌ත තාරකා අතර බර්නාඩ් තාරකාව BARNARD'S
STAR, BDTO40 3561a) වොල්ෆ් 359 (WOLAF
STAR) බී. සී. 36 2147, ලුයිටන් 726-8 (LUYTENALSO KNOWNAS GLIESE65) සීරියස්‌ රෝස්‌ 154 රාත්‍රි කාලයේදී අහසේ වඩාත් දිදුළන තාරකාව (SIRIUS STAR, BRIGHTEST STAR IN
THE NIGHT SKY) එප්සිලෝන් එරිදානි (EPSION
ERIDANI) යන තාරකා මිනිස්‌ ඇසට දර්ශනය වනුයේ ඉතා දුබලවය.
මෙයින් පැහැදිලි වනුයේ සූර්යයාගේ අසල්වාසීන් ලෙස අපගේ ඇසට ඉතා දුබලව පෙනෙන තාරකා සංඛ්‍යාව ඉතා විශාල ප්‍රමාණයක්‌ වන අතර තදින් පැහැදිලි රාත්‍රියකදී අපගේ චක්‍රාවාටයෙහි පමණක්‌ තාරකාවන් 6000 ක්‌ පමණ මිනිසාගේ නිරුවත් දෙනෙතට දර්ශනය කරගත හැකි බවයි. 
නමුත් පියවි ඇසින් අපගේ ක්‍ෂිර පථයෙහි (MILKY
WAY) තාරකා බිලියන 400ක්‌ පමණ දැකගත නොහැකිය. චක්‍රාවාටයන් ඉතා වුවමනාවෙන් නිරීක්‍ෂණය කිරීමේදී ඇන්ඩොමීඩා චක්‍රාවාටය (ADROMEDA - MILKYWAY, DISTANCE 2.5
MLY.780 kpc) මහා මැගලන් හා කුඩා මැගලන් (LARGE MAGELLANIC CLOUD, SMALL
MAGELLANIC CLOUD) වළාකුළු නමින් හඳුන්වන චක්‍රාවාට තුන පමණක්‌ දර්ශනය කළ හැකිය.
ඉතිරි චක්‍රාවාට බිලියන 300 පමණ මිනිසාගේ ඇසට කිසිසේත්ම දර්ශනය කරගත නොහැකිය. බිලියන දහස්‌ ගණනක්‌ තරු අපේ අහස්‌ ගඟේ කේන්ද්‍රය වටා භ්‍රමණය වන අතර ඇගේ ග්‍රහලෝක සූර්යයා හා උක්‌ත තරු සමග පැයකට සැතපුම් 500000 පමණ වේගයෙන් ක්‍ෂීරපථය වටා අවුරුදු මිලියන 250 කට එක්‌ වරක්‌ භ්‍රමණය වේ. ක්‍ෂීරපථය නම් වූ අපගේ චක්‍රාවාටය දණ්‌ඩ සර්පිලාකාර වර්ගයට අයත් වන අතර එහි විෂ්කම්භය ආලෝක වර්ෂ ලක්‍ෂයක්‌ (100000) පමණද පළල ආලෝක වර්ෂ විසි දහසක්‌ පමණ ද වේ. දැනට සොයාගෙන ඇති පරිදි අපගේ චක්‍රාවාටයේ ශාඛාවන් 05 කි. එනම් සූර්යයා පිහිටා ඇති ඔරියොන් (OIRAN ARM) ශාඛාවට අමතරව සෙන්ටෝරස්‌ (CENTAURUS) සාගිස්‌ටාරියස්‌ (SAGITTARIUS) පර්සියස්‌ (PERSEUS) හා සිග්නස්‌ය (CYGNUS).
මෙම ප්‍රාන්ත චක්‍රාවාට මණ්‌ඩලයේ චක්‍රාවාටයන් පිළිවෙළකට පිහිටා නැති අතර මේ මණ්‌ඩලය ප්‍රධාන වශයෙන් කොටස්‌ 02 කින් සමන්විතය. අපගේ චක්‍රාවාටය ද මහා මැගලන් හා කුඩා මැගලන් (LARGE MAGELALANIC CLOUD SMALL
MAGELLANIC CLOUD) චක්‍රාවාට ඒක කොටසකටද ඇන්ඩොමීඩා චක්‍රාවාටයට එන්.ජී. සී. 205 M32)-(ANDROM EDA GALAXY, NUMBER
OR STARS TRILLION (1012)(7) මෙම චක්‍රාවාටයේ තාරකාවන් ටි්‍රලියන (1012)(7) කින් සමන්විතය. මෙහි එන්. ජී. සී. යනුවෙන් හඳුන්වනුයේ NEW GENERAL
CATALOGUE OF NEBULAR AND CLUSTERS
OF STARS) ය.
අපගේ චක්‍රාවාට අභ්‍යන්තරයෙහි හා ඉතා ආසන්නයේ එයට සම්බන්ධ තාරකා මණ්‌ඩල 200 ක්‌ පමණ අඩංගුය. ඇන්ෙඩ්‍රාමීඩා චක්‍රාවාටය (ANDROMEDA
GALAXY) ක්‍ෂිර පථයේ සිට ආලෝක වර්ෂ මිලියන 2.06 දුරින් පිහිටා ඇති අතර එය ක්‍ෂිර පථය මෙන් දෙගුණයක්‌ විශාලය. මෙවැනි ප්‍රාන්ත චක්‍රාවාට විශාල ප්‍රමාණයක්‌ එක්‌ වී සුපිරි චක්‍රාවාට මණ්‌ඩල නොහොත් සමූහ මණ්‌ඩල (GALACTIC
CONFEDERATION) නිර්මාණය වේ. අපගේ චක්‍රාවාට මණ්‌aඩලය විරිගෝ (VIRGO CLUSTER) නමින් හැඳින්වේ.
බොහෝ විට මෙවැනි චක්‍රාවාට මණ්‌aඩලයක විෂ්කම්භය ආලෝක වර්ෂ මිලියන 300 - 400 දක්‌වා වේ. අපගේ චක්‍රාවාට මණ්‌ඩලයට සමීප අසල්වැසි ප්‍රාන්ත චක්‍රාවාට මණ්‌ඩලය වනුයේ එම් 81 වටා (MESSIER
81.N.G.C. 30-31 OR BORDS GALAXY) ඇති චක්‍රාවාට මණ්‌ඩලය එම් 101 එන්. ජී. සී. 5128 ස්‌කල්පීටර් SCULPTOR GROUP (SOUTH POLAR
GROUP) සහ කෑන්ස්‌ වින්ටසි -1 වලාකුළු (CANES
VENATICI-N.G.C. 4736) ආදි නමින් හඳුන්වන චක්‍රාවාට මණ්‌ඩලයන්ය. 
අපගේ විර්ගෝ සුපිරි මණ්‌ඩලයෙහි (VIRGO
CLUSTER) චක්‍රාවාටයන්ට වඩා ඉතා සමීපව පිහිටා ඇත.
(VIRGO CLUSTER) චක්‍රාවාට ආකෘතිය
විශ්වයෙහි දෘශ්‍යමාන වන ද්‍රව්‍යයෙන් විශාල ප්‍රමාණයක්‌ සංකීර්ණ ක්‍රියාදාමයක සංඝටනයෙන් කාලාන්තරයක්‌ මුළුල්ලෙහි විවිධ විපර්යාසයන්ට භාජනය වී තාරකාද සෞරමණ්‌ඩල ද එනම් ග්‍රහලෝක, චන්ද්‍රයන් ග්‍රාහක වස්‌තූන් ද ඇතුළු වායු හා ධූලී අංශු අඩංගු ආලෝක වර්ෂ දස දහස්‌ ගණනාවක්‌ දුර විහිදි එක්‌තරා ස්‌වරූපයකට අනුව චක්‍රාවාටයන් නිර්මාණය වී ප්‍රවර්තනය වේ.
චක්‍රාවාටයන් වෙන් වෙන්ව භ්‍රමණය වන නමුත් ඒ එක්‌ එක්‌ චක්‍රාවාටයන්හි අන්තර්ගත වස්‌තූන්හි ගුරුත්වාකර්ශණය ආකර්ෂණය, විද්යුත් ධාරා හේතුවෙන් චක්‍රාවාට පූර්ණ වශයෙන් ස්‌වාධීනව නොපවතින අතර දුර ප්‍රමාණය අනුව අසල්වාසි චක්‍රාවාටයන්ගේ බලපෑම ආසන්න හා දුරස්‌ථ වශයෙන් විවිධ ස්‌වභාව දරයි.
එසේම සියලු චක්‍රාවාට ඒවාට ආවේනික වූ ගමන් මාර්ගයන්හි භ්‍රමණය වේ.
1925 දී එඩ්වින් පවෙල් හබල් (EDWIN POWELL
HUBBLE, 1889 -1953) නම් තාරකා විද්‍යාඥයා චක්‍රාවාටයන් වර්ගීකරණය කර ඇති අතර අද්‍යතනව වර්ගීකරණය අංශ 10 කට පමණ විහිදී ඇති නමුත් එඩ්වින් හබල්ගේ වර්ගීකරණය වූ ඉලිප්සීය හා සර්පිලාකාර ද්වයෙන්ම තවදුරටත් කටයුතු කරමින් තිබේ.
එහෙත් නූතන වර්ගීකරණයට අනුව පිළිවෙළක්‌ නොමැති යන අර්ථ යෙන්ම තෙවැනි කොටසක්‌ ද හඳුන්වා ඇත. අපගේ විශ්වයේ චක්‍රාවාටයන් අතර රේඩියෝ (RADIYO) තරංග විහිදුවන රේඩියෝ චක්‍රාවාටයන්ද පල්සාර් හෙවත් ස්‌පන්දමාන වර්ගයට අයත් රේඩියෝ තරංග, එක්‌ස්‌ කිරණ හෝ ගැමා කිරණ විහිදවන චක්‍රාවාටයන්ද ක්‌වේසර නමින් හඳුන්වන 100 කට අධික යෝධ චක්‍රාවාටයන් 100 ප්‍රමාණයක ශක්‌තිය විහිදවන එහෙත් කුඩා ස්‌වරූපය දරණ වාමන චක්‍රාවාටයන් ද දක්‌නට ඇත.
හවායි විශ්වවිද්‍යාලයේ බෙන්ට්‌ ටුලි (R. BRENT TULLY) 1986 දී පෘථිවියේ සිට ආලෝක වර්ෂ බිලියනයක්‌ දුරින් පිහිටා ඇති සියලුම චක්‍රාවාටයන් ආලෝක වර්ෂ බිලියනයක්‌ දීර්ඝ ආලෝක වර්ෂ බිලියන 300 ක්‌ පළල ආලෝක වර්ෂ මිලියන 100 ඝනත්වය ඇති පටක හෝ ප්‍රකාර ආකාර ආකෘතියට අයත් වන බව සොයා ගෙන ඇත.
මහා බ්‍රිතාන්‍යයේ ලීඩ් ග්‍රහලෝකාගාරයේ ඩේවිඩ් කෝයේ හා ඩර්හෑම් විශ්වවිද්‍යාලයේ ටී. ඡේ. බොඩ්හර්ට්‌ස්‌ ඇතුළු විද්‍යාඥයන් කණ්‌ඩායම විසින් පවත්වනු ලැබූ පරීක්‍ෂණයන්ට අනුව දැනට අධ්‍යයනය කර ඇති විශ්වයේ හතර පංගුවෙන් එකක පමණක්‌ විසිරී විහිදී පවතින චක්‍රාවාටයන් පිළිබඳ හැදෑරීමෙන් හෙළි වී ඇත්තේ එම වස්‌තූන් ඒවා එකිනෙකිsන් ඈත් වන ප්‍රමාණය තත්පරයකට කිලෝමීටර් 500 පමණ වන බවය.
මෙවැනි අති විශාල ආකෘතීන් බිහි වීමට යටත් පිරිසයෙන් වර්ෂ බිලියන 150 ක්‌ හෝ 250ක්‌ පමණ ගත වෙන බව නූතන පරීක්‍ෂණ විද්‍යාඥයන්ගේ අදහසයි. බොහෝ කලකට පෙර විශ්වයේ ඇති සියලු දේ ඉතාමත් කුඩා, ඝණත්වයෙන් අධිකව ඒකීයව (SINGULARITY) පැවැති බව සමහර විද්‍යාඥයන්ගේ මතයයි.
විශ්වයේ උපත ඉතා ප්‍රබල බිග් බෑන්ග් (BIG BANG
EXPLOSION) නම් පිපිරීම නිසා සිදුවූ බවට පිළිගැනීමක්‌ ඇත.

(BIG BANG EXPLOSION) 
මහා පිපිරීමෙන් පිපිරුම් හැර මෙවැනි යෝධ ආකෘතීන් විශ්වයේ මධ්‍ය ලෙස සමහර විද්‍යාඥයන් පිළිගනු ලබන බිලියන 8 ක හෝ 12 ක කාලයකදී නිර්මාණය විය නොහැකි බව නූතන විද්‍යාඥයන්ගේ පිළිගැනීමයි.
සූක්‍ෂම තරංග පසුබිම් විකිරණය විශ්වයෙහි එය සමාන නොවන බව සොයා ගැනීම නූතන සොයා ගැනීම් අනුව මහා පිපිරුම විශ්වයේ තැනින් තැන පැවැති බව හා එසේ පවතින බවද ප්‍රතික්‍ෂේප වීමෙන් යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනය අනුව විශ්වය වර්ෂ 6000 කට පෙර නිර්මාණය නොවූ බව මැනවින් පැහැදිලි වී ඇත.
අපගේ විශ්වයෙහි අති විශාල ශුන්‍ය වූ ප්‍රදේශ බොහෝ ප්‍රමාණයක්‌ නිර්මාණය වී ඇත. චක්‍රාවාටයන් තාරකා මණ්‌ඩල හෝ වෙනත් වස්‌තූන් නොමැති මෙවැනි ශුන්‍ය වූ මහා ගෝලාකාර වූ ප්‍රපංචයන් විශ්වයේ තැනින් තැන පිහිටා ඇති අතර, එවැනි ප්‍රදේශ නිර්මාණය වීමට නම් මහා පිපිරුම අනුව අවම වශයෙන් විශ්වයේ ව්‍යාප්තව පවතින ද්‍රව්‍ය තත්පරයකට කිලෝ මීටර් 5000 ක වේගයෙන් විසිරි ව්‍යාප්ත විය යුතු බව ද එසේම ජලාකර හා මහා ප්‍රකාර වැනි යෝධ ආකෘතීන් නිර්මාණය වීමට චක්‍රාවාටයන් තත්පරයකට කිලෝ මීටර් 2000 වේගයෙන් ද චක්‍රාවාට මණ්‌ඩල වැනි නිර්මාණ සඳහා චක්‍රාවාටයන් තත්පරයකට කිලෝ මීටර් 3000 වේගයෙන් ගමන් කළේ යුතු බව සොයා ගෙන ඇත.
නමුත් චක්‍රාවාට ගමන් කරනුයේ උපරිම වශයෙන් තත්පරයකට කිලෝ මීටර් 500 පමණ වේගයෙන් වන අතර මහා පිපිරුම් වාදයෙන් ඉගැන්වෙන වේග සංඛ්‍යාවන් මෙහිදී කිසිසේත්ම ඊට අදාළව විග්‍රහ කල නොහැකි බව තාරකා විද්‍යාඥයන්ගේ මතය වී ඇත.
මෙයින් පැහැදිලි වනුයේ නූතන සමීක්‍ෂණ කටයුතු හා විශ්ව පරීක්‍ෂණ කටයුතු සඳහා මහා පිපිරුමෙන් (BIG BANG
EXPLOSION) විශ්වය ඇති වූයේ යෑයි යන සංකල්පය විද්‍යාත්මක ක්‍රියාවලියේදී වැදගත් නොවන බවය.
ප්ලාස්‌මා විශ්ව න්‍යාය විද්‍යාව පිළිබඳ විද්‍යාඥයකු නොබෙල් ත්‍යාගලාභී ස්‌වීඩන් ජාතික HANNES OLOF GOSTA ALARYEN 1908 -1995 විශ්වයේ ප්‍රභවය පිළිබඳ අදහස්‌ දක්‌වමින් නූතන තාරකා විද්‍යාව මහා පිපිරුම් විද්‍යාවෙන් ආරම්භව නූතන යුගය දක්‌වා විශ්වයේ නිර්මාණ ක්‍රියාවලිය පිළිබඳ කරුණු විමසා බැලීම කරන ලද බව CධීඵෂC ඡඛASඵA-1981 යන තම කෘතියෙන් විස්‌තර කර ඇත.
නමුත් අප සත්‍ය වශයෙන් ම පරීක්‍ෂණ මගින් නිරීක්‍ෂණය කළ යුත්තේ විශ්වය මේ මොහොතේ පවතින ස්‌වභාවය හා එහි ස්‌වරූපය සොයා බලා එසේ නිර්මාණය වීමට හේතු භූත වූ කරුණු සම්බන්ධව අවරෝහන ප්‍රතිගමන අනුව විමර්ශනයට ලක්‌ කරලීම බව තවදුරටත් අවධාරණය කර ඇත.
අප විශ්වය ගැන කල්පනා කරන විට මිත්‍යා විශ්වාසයන් හා විද්‍යාත්මක අධ්‍යනයන් අතර ගැටුම් දක්‌නට ලැබෙන අතර මිත්‍යා විශ්වාසයන්හි දෙවියන් විශ්වය අපූරු ලෙස නිර්මාණය කරන ලද ආකාරය පිළිබඳ ඒ සඳහා කුමන ලෙසකින් ක්‍රමානුකූල න්‍යායන් හා සිද්ධාන්ත උපයෝගී කරගන්නට ඇතැයි යන ආකල්පයනට අනුකූලව නූතන සාමාන්‍යය තාරකා විද්‍යාව බිහි වී ඇතැයි හන්නෙස්‌ අල්ෆ්වෙන් (ALFVEN HANNES) යෝජනා කර ඇත.
ගණිතමය සිද්ධාන්තයන් අනුසාරයෙන් විශ්වයේ ආකෘතිය පිළිබඳ පැරැණි හා නූතන සංකල්ප අනුමාන වශයෙන් ගෙන පරීක්‍ෂණාගාරයකදී නොයෙකුත් ආකාරයේ අත්හදා බැලීම් කළ හැකි බව ඔහු තවදුරටත් විස්‌තර කර ඇත. 
විශ්වය පිළිබඳ තොරතුරු අධ්‍යයනයේ යෙදෙන දැවැන්ත පරීක්‍ෂණ උපකරණ හා පරීක්‍ෂණාගාරවල ක්‍රියාත්මක බොහෝ විද්‍යාඥයන්ගේ මතය වනුයේ ශූන්‍ය ආකාරයෙන් විශ්වය ප්‍රාදූර්භූත වූයේ ය යන මතය කිසියම් ආකාරයකින් පිළිගත නොහැකි බවයි. කාලය ආරම්භ වීම හා මහා පිපිරුම් ඉතා ඈත අතීතයේ සිදුවූයේ යෑයි පිළිගැනීම හෝ ඒ හා සම්බන්ධ චින්තනයෙහි නිමග්න වීමට පවා නොහැකි බව අල්ෆ්වෙන්ගේ අදහසයි. අද්‍යතන (වර්තමාන) විශ්වයේ ස්‌වභාවය හා ස්‌වරූපය ගැන විමර්ශනයට ලක්‌ කරන විට ප්ලස්‌මා විශ්ව සිද්ධාන්තය අනුව පවා අතිශයින් ම පැහැදිලි වනුයේ අප දකිනා විශ්වය විපරිණාමය වෙමින් බොහෝ ආකාරයන්ට අනුව විවිධත්වයට පත් වෙමින් සදාකාලිකව පැවැති බව හා එය නිරන්තරයෙන්ම පරිණාමයට පත් වූ බව ද එසේ වෙනස්‌ වෙමින් අත්‍යන්ත වූ අපරිමිත කාලාන්තරයක්‌ සදාකාලිකව ප්‍රවර්ථනය වූ බව ය.
මෙම අදහස්‌ පැරැණි භාරතයේ දී ප්‍රචලිතව තිබූ බොහෝ ආගම් හා දර්ශනයන්හි අඩංගුවැ තිබිණි.
විශේෂයෙන්ම බෞද්ධ දර්ශනයේ හා උපනිෂ්ද් දර්ශනයේ විශ්වය පිළිබඳ ඉගැන්වීම හා නූතන ගණිතමය වශයෙන් විද්‍යාත්මක සංකල්පයන්හි කුමන හෝ පරස්‌පරතාවන් නොමැත. උක්‌ත දර්ශනයන්හි මෙන්ම අද්‍යතන විද්‍යාඥයන්ගේ සොයා ගැනීම් අනුව ද විශ්වය ආකෘතියක්‌ ලෙස වෙනස්‌ වීම්වලට ලක්‌වෙමින් සංවටටමානව විටටමානව (විනාශ වී නැවත ඇතිවීම) සදාකාලිකව ප්‍රවර්ථනය වන බවය.
ප්ලස්‌මා විශ්ව සිද්ධාන්තය අනුව විශ්වයෙහි තාරකා මණ්‌ඩලයන් ද චක්‍රාවාටයන් ද, චක්‍රාවාට මණ්‌ඩලයන් ද පටක වූ සූතිකාමය ජලාකර සුවිශාල ආකෘතීන්ද නිර්මාණය වූයේ හා පාලනය වන්නේ විද්යුතය හා චුම්බකය අනුවය. මහා පිපිරුම්වාදයට අනුව එවැනි ආකාරයක ප්‍රවර්ථනයක්‌ කෙරෙහි සත්‍ය වශයෙන් ම ගුරුත්වාකර්ෂණය ප්‍රමාණවත් නොවන අතරම විද්යුත් හා චුම්භක ක්‍ෂේත්‍රයන් අනිවාර්යයෙන් ම සම්බන්ධ වී ප්‍රවර්ථනය විය යුතු බව හන්නෙස්‌ අල්ෆ්වෙන් (ALFVEN HANNES) ELECTRICITY IN
SPACE ඇතුළු කෘති රාශියකින් විස්‌තර කර ඇත. සාමාන්‍යය සාපේක්‍ෂතාවාදය අනුව මහා පිපිරුම් හා සම්බන්ධ "අයින්ස්‌ටයින්ගේ විශ්වය" ප්‍රවර්ථනය වනුයේ සුවිශේෂයෙන්ම ගුරුත්වාකර්ෂණ බල පැවැත්වීමෙන් ය.
1970 දශකයෙහි සෞරග්‍රහ මණ්‌ඩලය පිළිබඳ පරීක්‍ෂණයන්හි නිරතව සිටි විද්‍යාඥයන්ට අවබෝධ වූයේ සත්‍ය වශයෙන්ම විද්යුත් ධාරාවන් හා චුම්බක ක්‍ෂේත්‍රයන් සමන්විත වූ අතිශයින් ම අසමාන වූ සජාතිය නොවූ සූත්‍රිකා ව්‍යqහයන් අභ්‍යවකාශයෙහි නිර්මාණය වන බවය. ප්ලාස්‌මාවන් කුමන ආකාරයකින් කුඩා හෝ විශාල වුවද, ඒවා එක සමානව දර්ශනය විය යුතු බව ද ප්ලාස්‌මාවන් පරීක්‍ෂණාගාරයකදී නිර්මාණය කළ හැකි අතර ඒ හා සමාන විශාල නිර්මාණයන් පරීක්‍ෂණාගාරයක මෙන් ටි්‍රලියන සිය ගණනක්‌ විශාල වූ අපගේ සෞරග්‍රහ මණ්‌ඩලයෙහි ව්‍යාප්ත වී තිබේ නම් එවැනි ප්ලාස්‌මාවන් අපට නිරීක්‍ෂණය කළ හැකිය. මේවා මුළුමහත් විශ්වය සිසාරා ව්‍යාප්තව තිබිය නොහැකි දැයි හන්නෙස්‌ අල්ෆ්වෙන් (ALFVEN HANNES) තම කෘතීන් හරහා ප්‍රශ්නයට නඟා ඇත.
හන්නෙස්‌ අල්ෆ්වෙන් ඇතුළු බොහෝ විද්‍යාඥයන්ගේ මතය වූයේ චක්‍රාවාටයන් අන්තර් චක්‍රාවාට චුම්භක ක්‍ෂේත්‍රයන් අතර පරිභ්‍රමණය වෙමින් (ග්‍රහ වස්‌තූන් ගමන් කිරීම) විද්යුතය නිර්මාණය වන බවය.
විදුලි උත්පාදක යන්ත්‍රයක ක්‍රියාදාමයට සමාන වන අතර ඕනෑම සන්නායකයක්‌ චුම්භක ක්‍ෂේත්‍රයක්‌ තුළ භ්‍රමණය වීමේදී විදුලිය නිර්මාණය වන්නාක්‌ මෙන් මෙසේ චක්‍රාවාට මතින් නිර්මාණය කරන සුවිශාල විද්යුත් ධාරා සූත්‍රිකා සර්පිලයන් එම චක්‍රාවාටයේ මධ්‍ය වෙත ගලා ගොස්‌ නැවතී ආපසු හැරී චක්‍රවාටයේ භ්‍රමණ අක්‍ෂය වටා ගමන් කරන බව ය.
මෙම චක්‍රාවාටමය ධාරාවන් ලුහු පරිපථය වීමෙන් (ක්‍ෂණික විද්යුත් ධාරාවන්) අති විශාල ප්‍රමාණයක ශක්‌තිය චක්‍රාවාටයේ මධ්‍ය වෙත ගොනු වේ. මේ අවස්‌ථාවේදී චක්‍රාවාටය විලිනය හමා යවන අතර (උණුසුම් වායුව) එවිට ඉතා බලවත් විද්යුත් ක්‍ෂේත්‍රයන් චක්‍රාවාටයේ න්‍යෂ්ටියේ නිර්මාණය වී එහි අක්‍ෂය වෙතට අධික ඉලෙක්‌ට්‍රොaන ක්‍ෂේත්‍රයන් හා අයනයන් ත්වරණය වන බව හන්නෙස්‌ අල්ෆ්වෙන් (HANNES AlFVEN) ;u ELECTRICITY IN SPACE කෘතියේ විස්‌තර කර ඇත.
1979 දී ඇන්තනි පිරට්‌ (ANTHONY PIRATE) නම් වූ ප්ලස්‌මා භෞතික විද්‍යාඥයා විසින් එක්‌සත් ජනපදයේ සෙන් දියාගෝ හි මැක්‌ස්‌වෙල් පරීක්‍ෂණාගාරයේදී අතිශය විශාල යන්ත්‍රයන්හි ආධාරයෙන් කරන ලද පරීක්‍ෂණයන්ගෙන් නිගමනය වී ඇත්තේ උක්‌ත ක්‍රියාවලිය සුළු පරිමාණයෙන් පරීක්‍ෂණාගාරයකදී අත්හදා බැලිය හැකි බවය.
1984 දී කොලොම්බියා විශ්වවිද්‍යාලයේ ෆර්හාඩ් සුසෙන් සාදේ ඇතුළු කණ්‌ඩායම විසින් නිව් මැක්‌සිකෝවේ සොක්‌කොරෝ රෙඩියෝ දුරේක්‍ෂය ආධාරයෙන් අපගේ ක්‍ෂීර පථයයේ මධ්‍යය පිළිබඳ කරන ලද පරීක්‍ෂණයන්ගෙන් ආලෝක වර්ෂ සිය ගණනක්‌ දිග මහා පරිමාණ සලාමය චුම්භක සූත්‍රිකාවන් (සමූහ වශයෙන් ක්‍රියාත්මක එකින් එක පසු පසින් ක්‍රියාත්මක කාන්දම් බලය) සොයා ගනු ලැබීය.
මේ ආකාරයෙන් කාලයාගේ ඇවෑමෙන් සුපිරි චක්‍රාවාට මණ්‌ඩල පවා නිර්මාණය වන බව විද්‍යාඥයන්ගේ මතයයි.
1984 දශකයේදී බෙනට්‌ ට්‍රලී හා ෙ-. ආර්. ෆිෂර් (R. BRENT
TULLY - J RICHARD FISHER) යන තාරකා විද්‍යාඥයන් චක්‍රාවාටයන්හි පිහිටීම පිළිබඳ සිතියම් සකස්‌ කරන අවස්‌ථාවේදී නිරීක්‍ෂණය කර ඇත්තේ ප්ලාස්‌මා භෞතික විද්‍යාවට අනුව චක්‍රාවාටයන් පළමුව සූත්‍රිකාවන්හි එකිනෙකට ගැටගැසූ කණ්‌ඩායම් වශයෙන් නිර්මාණය වී පසුව ඒවා වඩාත් විශාල වූ එකට බැඳී ගිය ගැටගැසුණු ජාලයන් මෙන් අවකාශයෙහි එල්ලෙමින් මෙන් පවතින ආකාරයෙන් ප්‍රවර්ථනය වන බව ය.
මාගරෙට්‌ හයිනෙස්‌ (MARGARET HYNES) නම් තාරකා විද්‍යාඥවරිය ඇතුළු කණ්‌ඩායම චක්‍රාවාට සූත්‍රිකාවන්හි දඟර වී ගිය ස්‌වරූපය සොයා ගත් අතර විශ්වය ස්‌පගෙට්‌ටි පිඟානක්‌ හා සමාන යෑයි අදහස්‌ දක්‌වා ඇත.
1989 දී ඉතාලිය හා කැනේඩියානු රේඩියෝ තාරකා විද්‍යාඥයන් කණ්‌ඩායමක්‌ විසින් සුපිරි චක්‍රාවාට මණ්‌ඩලයක සූත්‍රිකාමය රේඩියෝ තරංග විහිදෙන අතර ඒවා චක්‍රාවාට මණ්‌ඩල ද්වයක්‌ අතර ප්‍රදේශයකින් පැමිණෙන බව සොයා ගන්නා ලදී.
ඉලෙක්‌ට්‍රොaනයන් චුම්භක ක්‍ෂේත්‍රයට හසුවීමෙන් රේඩියෝ තරංග විහිදුවන අතර මෙම සොයා ගැනීම් අනුව අභ්‍යවකාශයේ විද්යුත් ධාරා ගලා යමින් පවතින බව වක්‍රව සොයා ගන්නා ලදී.
කෙසේ වෙතත් මහා පිපිරුමට අභියෝග කරන්නේ නම් ප්‍රධාන වශයෙන් එම ඉගැන්වීමට අනුව දැනට විශ්වයෙහි නිරීක්‍ෂණය කරන ප්‍රධාන සාධක ත්‍රිත්වයක්‌ පිළිබඳ කරුණු හෝ සාධක ඉදිරිපත් කළ යුතුය.
හීලියම් බහුලව පැවතීම විශ්වයෙහි පසුබිම් සූක්‍ෂම තරංග විමෝචනය සහ හබල් ප්‍රසාරණයයි ඒ.
මෙහි මුල් ප්‍රපඥ ද්වය එකම හේතුවක්‌ නිසා ප්‍රාදුර්භූත වූ බව පැහැදිලිය. 1978 කේම්බ්‍රි- විශ්වවිද්‍යාලයේ භෞතික තාරකා විද්‍යාඥ මාටින් ෙ-. රීස්‌ (PROFESSOR OF COSMOLOGY AND
ASTROPHYSICS - UNIVERSITY OF CAMBRIDGE) තාරකාවන් වර්ෂ මිලියන සිය ගණනකදී දැනට අප නිරීක්‍ෂණය කරන හීලියම් ප්‍රමාණයෙන් සියයට විසිපහක්‌ නිපදවන බව ද මෙසේ හයිඩ්‍රජන් ඉන්ධන කොටස්‌ හීලියම් බවට පරිවර්තනය වන බවද එම තාරකාවන් සුපර්නෝවා ලෙස පුපුරා යැමෙන් ඒවායේ හයිඩ්‍රජන් ඉන්ධනයන්හි කොටසක්‌ හීලියම් ලෙස අවකාශයෙහි විහිදී විසිරී යන බවද පසුව මෙම හීලියම් වායුවෙන් කුඩා තාරකා නිර්මාණය වන බව ද ප්‍රකාශ කර ඇත.
සුවිශාල තාරකාවන් නිපදවන ශක්‌තිය අන්තස්‌තාරීය ධූලි පදාර්ථ මගින් උරා ගනු ලැබූ ඒ මගින් සර්ව දිශාමය සූක්‍ෂම තරංග විමෝචනය කරන බව ඔහු පෙන්වා දී ඇත. ප්ලාස්‌මා තාරකා විද්‍යාඥයන් ඉදිරිපත් කරන ලද උක්‌ත අදහසට සාමාන්‍ය තාරකා විද්‍යාඥයන් එකඟ නොවූහ.
චක්‍රාවාටයන් නිර්මාණය වෙමින් පවතින අවස්‌ථාවේදී පසුබිම් විකිරණශීලීත්වය නිපදවන ලද්දේ නම් නව චක්‍රාවාටයන් හි නිර්මාණය වූ ස්‌ථානයන්හි උෂ්ණ වූ ප්‍රදේශයන් නිරීක්‍ෂණය කරලීමට හැකියාව තිබිය යුතුය.

BANG NEVER HAPPENED
1990 දී එරික්‌ ෙ-. ලර්නර් (ERIC J. LERNER) විසින් පවත්වනු ලැබු පරීක්‍ෂණයන්ට අනුව එක සමාන බලවත්ව බැබලෙන අධෝරක්‌ත විමෝචන චක්‍රාවාටයන් එක සමාන උෂ්ණ තාපයකින් යුක්‌ත වන අතර ඒවා පෘථිවියෙන් දුර්ස්‌ථ වන විට මන්ද දීප්තියෙන් යුක්‌ත වන බව සාධක සහිතව නිරීක්‍ෂණය කර පෙන්වා විස්‌තර ඉදිරිපත් කර ඇත.
1998 ඔක්‌තෝබර් මස හබල් අභ්‍යවකාශ දුරේක්‍ෂය (NASA
HUBBLE SPACE TELESCOPE IN SPACE) මගින් මහා පිපිරීම හා සමාන අති විශාල පිපිරීමක්‌ හා ශක්‌තිය විහිදීමක්‌ අවකාශයේ නිරීක්‍ෂණය කරන ලද අතර එය මහා පිපිරීමට පමණක්‌ දෙවැනි වන බව ද මෙය සමහර විට පදාර්ථ හා ප්‍රතිපදාර්ථ ඝර්ෂණයෙන් නිර්මාණයක්‌ වූවක්‌ විය හැකි බව ද සමහර විද්‍යාඥයන්ගේ මතය වී ඇත. මහා පිපිරුම පිළිබඳ විස්‌තර දැන ගැනීමට
(ERIC J. LERNER'S THE BIG BANG NEVER HAPPENED) කෘතිය ද සිංහල පාඨකයන් සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පී. ඩබ්ලිව් විතානගේ මහතාගේ "විශ්වයේ හා පොලොවේ පරිණාමය කෘතිය ඉතා වැදගත් ය.කෙසේ වෙතත් බෞද්ධ දර්ශනයට අනුව විශ්වයෙහි මුලක්‌ මැදක්‌ හෝ අගක්‌ නොමැත. එහෙයින්මැ උක්‌ත ක්‍රියාවලිය අනවරාග්‍ර වේ. එහෙත් විශ්වය කලින් කල ඇති වී යන කාලය කල්පයක්‌ වශයෙන් සඳහන් ය. මේ පිළිබඳ බෞද්ධ දර්ශනයේ භාවිත වනුයේ විවට. සංවට්‌ට වචනයය. මූලික බෞද්ධ මතයටත් නවීන මතයටත් අනුව විශ්වයේ කුඩාම කොටස වන්නේ ඉරවල් දහස්‌ ගණනක්‌ ඇති සහස්‌සි චූලනිකා ලෝක ධාතුවය. බෞද්ධ මතය අනුව මෙම සහස්‌සි චූලනිකා ලෝක ධාතු පිහිටා තිබෙනුයේ පුCඳ්ජ වශයෙන් (එකිනෙකට ආසන්නව මිටියක්‌ සේ) මෙවැනි ලෝක ධාතු දහසක්‌ ඇති ලෝක ධාතු පුCඳ්ජය දහස්‌සි ලෝක ධාතු යනුවෙන් හඳුන්වා විස්‌තර කර ඇත.
(MAJJHIMA - NIKAYA-ANUPADA
VAGGA SANKHARUPPATTI SUTTA)
එවැනි ලෝක ධාතු 4 ක්‌ ඇති ලෝක ධාතු ප්‍රCඳ්ඡචතු සහස්‌සි ලෝක ධාතු නම් වේ. මෙවැනි ලෝක ධාතු පිළිබඳ ම-Cධිම නිකායයේ උපරි පන්ණාසයෙහි අනුපද වග්ගයේ සංඡාරුප්පත්ති සූත්‍රයෙහි විස්‌තර වී ඇත.මෙසේ ද්විගුණව දහස්‌ ගණන් එකට එකතු වී තිබෙන ලෝක ධාතු පුCඳ්ජය ද්විසහස්‌සි ම-Cධිමිකා ලෝක ධාතු නම් වේ. අප සිටින ලෝක පුCඳ්ජයේ ඉතා කිට්‌ටුවෙන් ප්‍රධාන ලෝක ධාතු 10 ක්‌ ඇති බව විස්‌තර කෙරේ. ඊට ඈත පිහිටි තරමක්‌ කුඩා ලෝක ධාතූන් 20 ක්‌ ගැන ද විස්‌තර වී ඇත.
මේ ආකාරයෙන් නොයෙකුත් සූත්‍ර දේශනාවන්හි සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක ධාතුව පිළිබඳ (නූතන තාරකා විද්‍යාවට අනුව ක්‍ෂීරපථය) සවිස්‌තරාත්මකව දේශනා කර ඇත.
ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර බලවත් රාජ්‍යයන් ඉන්දියාවේ විශ්ව විද්‍යාලවලින් සංස්‌කෘතික භාෂාව උගත් විද්වතුන්ගේ සේවය ලබා ගෙන බුදුන් වහන්සේගේ දර්ශනය ඉංග්‍රීසියට පරිවර්තනය කර ගෙන මිනිසා අභ්‍යවකාශ තරණය කරා යොමු කර ඇත.
සැබැවින් ම විශ්වයම ඉතා පහසුවෙන් ක්‍රමානුකූලව විස්‌තර වී ඇති මහා දර්ශනයෙන් ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව කුමන හෝ ප්‍රයෝජනයක්‌ ගෙන තිබේද?
අභ්‍යවකාශ තරණයෙන් පමණක්‌ ලොව බලවතුන් නැවතී නොමැති අතර මහා දර්ශනයේ සරල, සුගම ඉගැන්වීම් හරහා ඔවුන් දූ දරුවන්ගේ දැනුමද, මානසික ශක්‌තිය ද භාවනානුයෝගීත්වයෙන් ලබා ගෙන මානසික හැකියාවන් ද ප්‍රගුණ කර ගනිමින් ලොව පෙරට පැමිණ ඇත. අපද බුදු දහමේ දාර්ශනික ක්‍රියා පිළිවෙත් පිළිබඳ බුද්ධිමත්ව අවධානය යොමු කරලීම රට ආර්ථික, සමාජීමය, ආදී නොයෙකුත් කාරණාවලින් අග තැන්පත් වීමට හේතු වනවා නොඅනුමානය. ඉදිරි කලාපයන්හිදී අප මේ පිළිබඳ සාකච්ඡා කරමු
දේශප්‍රිය නානායක්‌කාර
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya