Wednesday, August 10, 2016

දෙලොවක් අතර ගැවසෙන මරණයේ සෙවනැළි....( maranaya අබිරහස් අඩවිය - Abirahas Adawiya )


මරණය යනු සත්‍ය වශයෙන්ම වෙන්වීමක්ද නැතහොත් භෞතික ශරිරයෙන් පමණක් වෙන්වීමක්ද? බුදුදහම මෙන්ම ජ්‍යෙතිෂ්‍යයට අනුව ද ඉපදීම මරණය යනු සසර ගමනේ තාවකාලික නැවැතුමක සිදු වන සිදුවීමක් පමණකි. මරණයෙන් පසු සිදුවන බොහෝ සිදුවිම් අපට තවමත් තේරුම් ගත නොහැකිය. අපේ පියවි ඇසට පෙනෙනුයේ මාන දෙකකි. මාන දහසයක් විශ්වයේ පවතින බව බුදු දහමෙහිද සඳහන් වෙයි. මරණෙන් පසු මිනිසුන් යන්නේ එවන් වූ මානයකට ද? දෙවියන්, යකුන් හෝ වෙනත් මළගිය ආත්ම සඳහා වෙන වෙන ම මානයක් පැවැතිය හැකිද? මැරෙන මිනිසුන්ට යළි පැමිණිය හැකිද? මේවා ඔප්පු කරලිය හැකි කරුණු නොවෙයි. එහෙත් ඒවා පිළිබඳ අත්දැකීම් ඇති මිනිසුන් පවසන කරුණු මත මළගිය ආත්ම පිළිබඳ වැඩි යමක් අවබෝධ කර ගැනීමට හැකි වෙයි.


බණ්ඩාරවෙල බදුල්ල මාර්ගයේ අතර මැද ප‍්‍රධාන මාර්ගයට ආසන්නයේ කුඩා කඳුගැටයක් මත අමල්ගේ නිවස පිහිටා තිබුණි. ප‍්‍රධාන මාර්ගයේ සිට සැ¥ අලංකාර පඩි පෙළකින් වත්තට පිවිසිය යුතුය. 

රැුකියාවක් නොමැතිව දැඩි මානසික පීඩනයකින් සිටි අමල්ට අනූව දශකයේ මැද සිකුරාදා දිනක කොළඹ ප‍්‍රධාන පෙළේ බීම සමාගමකින් 

රැුකියාවක් සඳහා සම්බුඛ පරීක්ෂණයකට කැඳවීමක් ලැබුණි. එය රියැදුරු රැුකියාවකි. අධ්‍යාපන සුදුසුකම් තිබුණ ද වාහන එලවීමට දැඩි ආශාවක් දැක් වූ අමල්ට සම්මුඛ පරීක්ෂණයට කැඳවීම රැුකියාව ලැබුණ හා සතුටට කරුණක් විය.
සඳුදා පෙරවරුවේ ම තම මෝටර් සයිකලයෙන් කොළඹ පෞද්ගලික ආයතනයේ සම්මුඛ පරීක්ෂණයට සහභාගි වීමේ අරමුණින් ඔහු පැමිණියේය. කැඳවීම තිබුණේ පෙරවරු දහයට වුවත් එයට බොහෝ වෙලාවකට පෙර පැමිණ අසුන් ගෙන බලා සිටියේය. ඔහුට එම ආයතනයේ වෑන් රථයක රැුකියාවක් ලැබුණි. එදින සිට ම සේවය කළ හැකිදැයි ආයතනයෙන් විමසූ අතර අමල් එයට කැමැති වූයේ එක පයිනි. රැුකියාවක අවශ්‍යතාව ඒ තරම් තදින් ඔහුට දැනුණි.

අඟහරුවාදා සුපුරුඳු ලෙස ඔහු සේවයට පැමිණියේය. සේවකයන් පැමිණීම සටහන් කරන පොතේ දෙවැනි දිනයට ද අත්සන් තබා ආයතනයේ රාජකාරී වෙනුවෙන් කොළඹ නගරයේ බොහෝ තැන් වෙත වාහනය රැුගෙන ගියේය. බදාදා සවස තුනට පමණ කාර්යාලයේ සේවය කළ ඉනෝකා නම් ලිපිකාරිනියක් හදිසි රාජකාරි කටයුත්තකට යෑම සඳහා වාහනයේ රියැදුරු වූ අමල් ව සොයන්නට විය. අමල් සිටියේ ඔවුන්ගේ ගබඩාවේ එලා තිබූ කාඞ්බෝඞ් පෙට්ටියක් ඉරා ගත් කොටසක් මත දිග ඇදීය. ඔහුගේ එක් නාසයකින් ලේ ස්වල්පයක් ගලා එයි. මොහොතක් ඔහු දෙස බලා සිටි ඉනෝකා අමල් ට කතා කළේය.
‘‘අමල්’’
අමල් ගැස්සී ඇහැරුණේය.
‘‘නහයේ ලේ ඇයි’’
‘‘පීනසේට වෙන්ඩ ඇති’’ යැයි පවසමින් අමල් අතින් නාසය පිස දැම්මේය. 
ගමේ යෑමට නොහැකි වූ බැවින් දින තුන ම අමල් ඇන්දේ එක ම ඇඳුම ය. එය බොහෝ සෙයින් පොඩිවී ගොස් ඇති අතර බදාදා සවස් වන විට ඔහු වෙතින් දිස් වූයේ අපිළිවෙළකි. බදාදා සවස හතර හමාර පමණ වන විට යළි ආයතනයට පැමිණීමට ඉනෝකාට සහ අමල්ට හැකි විය. ගමන යන එනතුරු ඉනෝකා සමඟ බොහෝ දේ අමල් කතාබහ කළේය. යළි ආයතනයට පැමිණි අමල් ව ඉන්පසු කිසිවකු දුටුවේ නැත. බ‍්‍රහස්පතින්දා සේවයට පැමිණියේ ද නැත. සිකුරාදා පෙරවරුවේ ආයතනයෙන් බණ්ඩාරවෙල නිවසට දුරකථන ඇමැතුමක් ගත්තේ ය. ඒ ඉනෝකා මිස්මය.
‘‘අමල් ඉන්නවද?
කවුද කතා කරන්නේ..’’ පිරිමි අයකු අමල්ගේ නිවසේ දුරකථනයට පිළිතුරු සපයන්නට විය.
‘‘මම අමල් වැඩ කරන ආයතනයෙන්...’’
‘‘අමල්... නැති වුණානේ...’’
‘‘නැති වුණා කිව්වේ...’’
‘‘එයාගේ අවසන් කටයුතු කළේ බදාදා..’’
‘‘මොකක්...’’
ආයතනයෙන් දුරකථන ඇමැතුම ගත් ඉනෝකාට එතැනින් එහා කතාකර ගත නොහැකි විය. සිදුව ඇත්තේ කුමක්ද? පැවැසුවේ බොරුවක්ද?
ඉන්පසු ආයතනයේ වෙනත් අයකු අමල්ගේ නිවසට කතාකර විස්තර දැන ගත්තේ ය. සඳුදා හිමිදිරි පාන්දර නිවසින් පිට වූ අමල්ට පැමිණීමට හැකිවී ඇත්තේ බෝ ගහ මඩිත්තේ උළු මෝල අසලට පමණි. මීදුමත් සමඟ පාර හරහට පැමිණි ලොරියක යතුරු පැදිය ගැටීමත් සමඟම උඩින් විසිවුණ අමල් අසල තාප්පයේ වැදී ඇදගෙන වැටුණා. කිසිදු තුවාලයක් නැතත් ඔහු යළි නැඟිට්ටේ නැත. හිසේ අභ්‍යන්තරයේ හි වූ තැලීමකින් ඔහු මියගොස් ඇත. අවසන් කටයුතු සිදු කර ඇත්තේ බදාදා සවස හතර හමාරට පමණය.

බීම සමාගමේ සම්මුඛ පරීක්ෂණයට පැමිණියේ අමල්ගේ ආත්මයද? එහෙත් ගැටලූව එය නොවේ. දින තුනක් පැමිණීමේ ලේඛනයේ අත්සන් තබා ඇත. ආයතනයේ වෑන් රථය දින තුනක් කොළඹ නගරයේ බොහෝ මං මාවත්වල රැුගෙන ගොස් ඇත. බොහෝ සේවකයන් සමඟ කතාබහ කර ඇත. ඉනෝකා නම් තරුණිය අමල්ගේ නාසයෙන් ලේ ගලනු දැක ඇත. අවසන් වරට ඉනෝකා සමඟ කත බහ කරමින් වාහනය පදවා ඇත. මෙය සිදුවූයේ් කෙසේද? කාලයක් තිස්සේ සිතෙහි තෙරපෙමින් තිබූ බලාපොරොත්තුව ආශාව ඉටුකර ගැනීමට අමල්ගේ ආත්මය පැමිණියේද?
මේ එවැනිම වූ තවත් සිදු වීමකි. පේරාදෙණිය සරසවියේ නේවාසිකාගාරයේ එක් කාමරයක යෙහෙළියෝ සිවුදෙනක් නතර වී සිටියහ. මේ විභාග පැවැත්වුණු කාලයකි. එක් සිසුවියක් හදිසියේ නිවෙස් බලා පිටත් වූයේ ඇයගේ මවගේ අසනීප තත්ත්වයක් හේතුවෙනි. ඇය දින කිහිපයකට පසු යළි පැමිණියාය. අනෙක් තිදෙනා පාඩම් කරමින් සිටි අතර, ඇය තට්ටු ඇදේ ඉහළ මාලයට නැඟ නිදාගත්තා ය. ඇය පසුදා උදේ මිතුරියත් සමඟ ඇය විභාග කටයුතුවලට ගියේ නැත. අසනීප ගතියක් පවසා ඇය කාමරයටම වී සිටියේය. එදින සවස හතරට පමණ ඇය හදිසි කටයුත්තකට නේවාසිකාගාරයෙන් පිටව ගියා ය. ඇය ගෙට්ටුවෙන් පිටව යන අයුරුත් නැවත පැමිණෙන අයුරුත් මුරකරු දුටුවේය. එදින සවස අධික වර්ෂාවක් පැවැතුණි. ඇය කිසිදු පැකිලීමකින් තොරව හොඳ හැටි වැස්සේ තෙමෙමින් නේවාසිකාගාරය වෙත පැමිණියා ය. ඇදුම් මාරු කරගෙන වැඩි කතාබහකින් තොරව ඇඳට ගොඩ විය. රාත‍්‍රී නවය පමණ පසුවන විට නින්දට පැමිණි මිතුරියෝ ඇඳවලට ගොඩ වී ලයිට් එක නිවන ලෙස එක් අයකුට පැවැසූහ.

සිදු වූයේ කාමරයේ වූ මිතුරියන් තිදෙනා භීතියෙන් මුසපත් වන සිදුවීමකි. උඩ ඇඳේ සිටි අප කලින් පැවැසූ තරුණිය. ඇඳේ වාඩි වූවාය.
ඇෙඟ් දිව වේගයෙන් දික් වී පැමිණ බිත්තියෙහි වූ ස්විචය නිවා දැමීමයි. මෙය දුටු මිතුරියන් තිදෙනා බිය වී කෑ ගසාගෙන එළියට දිව ගියහ. ඉන්පසු කිසිදු දිනයක යළි ඇය දුටුවේ නැත. පසුව ඇය පිළිබඳ සොයා බලන විට දැනගන්නට ලැබුණේ් පළමු දින නිවසට යද්දී රිය අනතුරකින් ඇය මිය ගොස් ඇති බවයි. ඇය යළි නේවාසිකාගාරයට පැමිණි දිනය වන විට ඇගේ අවසන් කටයුතු නිම වී ඇත.
මේ විශ්වයේ අපට තේරුම් ගත නොහැකි බොහෝ සිදුවීම් සිදු වෙයි. අප අතර ම වෙනස් වූ ආත්මයන්ද වෙනස් වූ ශක්තීන්ද ගැවසේ. අපගේ කාර්ය බහුලත්වය මත ඒවා අවබෝධ කර ගත නොහැකි වෙයි. ආත්මයෙන් ආත්මයට ගමන් කරන සිත තුළ ම ඉපදෙන ඉටු කරගත නොහැකි වූ අරමුණු ඉටු කර ගැනීමට මරණින් පසු ද සිත ක‍්‍රියාත්මක වෙයි.

උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

  

Tuesday, August 9, 2016

අංගං හරඹ......(අබිරහස් අඩවිය - Abirahas Adawiya amgampora)

කස්තාන, සිංහ කඩු, නයි පෙන කඩු, ඉලුක්කොළ කඩු, එතුණු කඩු, කලාකිරිඤ්ඤ, කිනිසි, කිරිච්චි, පළිහ, රිටි, හෙල්ල ආදී හෙළයේ සටන් ආයුධ පසෙක තැන්පත්කර ඇත. මලින් සරසා සුවඳ දුමින් පුදමින් ඉතාමත් ගෞරවයෙන් තැන්පත්කර ඇත. එම ආයුධ අවසරයකින් තොරව කිසිවෙකුට අත තැබිය නොහැකිය.
ගිරිකුල සිට අවට පරිසරය එක් පසෙකින් කැලණි ගංඟාවත් හිමයෙන් වැසුණුු නිල්ලත් එපිටින් ක්ෂිතිජය වසා ක`දු පංතියත් දිස්වේ. ඒ අතරින් අවටම ආලෝකවත් කරමින් හිරු නැගී සිටී.

හංවැල්ල ඇඔුල්ගම රජමහා විහාරයට අයත් භූමියේ විශාල ගල්තලාවතුල කිසියම් ගුප්ත කටයුත්තක් සිදුවෙමින් පවතී.

කඩුවකින් සහ පලිහකින් සන්නද්දව සිංහල හේවායෝ සීරුවෙන් සිටිති. හෙළ ඇදුමින් සැරසීගත් පිරිසක් මලින්, සුවඳ දුමින් දෙවියන්, යකුන් පුදති.
ප‍්‍රධාන ඇදුරු තුමෙකි, ඔහු ප‍්‍රධාන ගුරුන්නාන්සේය. මෙහි සිදුවන්නේ කුමක් ද?
රූගත කිරීමක් හෝ රඟදඅක්වීමක් නොම සත්‍යම සිදුවීමකි. මෙවන් සිදුවීමක් ඔබ දැක ඇද්ද?.
කඩුවෙල කොරතොට අංගම් මඩුවේ ශිල්පීහු මහත් අභිමානයෙන් පනික්කි රණකෙලි පූජාවක් පැවැත්වූහ. අංගම්හරඹ ශිල්පය හදාරණ ශල්පීන් ආයුධ 9ක් පුහුණුව ලැබූපසු පනික්කි රාළ තනතුරට පත්කරයි. පනික්කි
රාළ යනුවෙන් හදුන්වන්නේ අංගම් මඩුවේ ආධුනිකයින්ට පුහුණුකිරීමේ සුදුසුකම් ලැබීමයි. අංගම් හරඹ හැදෑරූ ශිල්පීන් අංගම් හා ඉලංගම් ශිල්පයේ එන ගුස්ති සටන්, රිටි සටන්, රිටිකැරකැවීම, පිනුම් හරඹ, කඩු පළිහ සටන්, ඉලංගක්කාර කඩු සටන්, හෙල්ල පලිහ සටන්, එතුණු කඩු කැරකැවීම, එතුණුු කඩු සටන, නිරායුද සටන හා තැරැුක්ක සෙල්ලම් කිහිපයක් මෙහිදී ප‍්‍රදර්ශනය විය. පැනුම් පිනුම් වලින් සමන්විතව කළ හරඹ මනා පුහුණුවකින් පසු ඉදිරිපත් කළ බව අපි දැක්කෙමු.
විශේෂයෙන් මෙහිදී දැඩි විනයත්, භාවනායෝගීබවත්, නිතර නිතර කළ අභ්‍යසවලින් ලත් මනා පුහුණුවත් ගුරු ගෞරවයත් අපි දුටුවෙමු.
මෙම සටන් අතර එතුණු කඩුකරකැවීම, එතුණුු කඩු සටන, ඉලංගක්කාර කඩු සටන් මහත් සංයමයකින් කළ යුතුය. අකුණු වේගයෙන් කරන කඩුකරකැවීම ඇස් අදහාගත නොහැකි තරම්ය. ඒ සඳහා මහත් පුහුණුවක් මෙන්ම සංයමයත් අත්‍යවශ්‍යය.
අජන්ත ගුරුන්නාන්සේ එතුණු කඩු කැරකැවීම ශිල්ප දැක්වූ ආකාරය ඉතා මනරම්ය. එදා හෙළයින් සතුව පැවති මේ උරුමය අපේ කාලයේ යෞවනයෙකු උරදරා සිටී.
මූන වසාගෙන පැමින ක්ෂණයකින් පහරදී අතුරුදන් වීම අංගම් හරඹ ශිල්පයේ තවත් එක් සටන් ක‍්‍රමයකි. මෙහිදී කළු රෙදි පටියකින් තම මුහුන් වසා සටන්කරයි. පහර දෙන්නේ කවුදැයි සිතීමටත් කලින් ක්ෂණයකින් ගස් ගල් උඩින් පැන පිනුම් ගසා පහරදීම මෙහිදී සිදුවේ.
එදා පරංගි සේනා කොළඹ බළකොටු බැඳ තිබූ අවදියේ ටිකිරි කුමරා සීතාවක පුරයේ සිට ගොස් දිනකට පරංගින් 50ක් පමණ පෙති ගසා එන්නේ අංගම් හරඹ ශිල්පය දක්ෂ ලෙස ප‍්‍රගුුණ කළ නිසාවෙනි.
ටිකිරි කුමරාගේ ලේ ඥාතීන් වන කොරතොට මහන්ත ආරච්චි පරපුරේ වර්තමාන ගුරුදෙවියා අජන්ත
ගුරුන්නාන්සේ ද එදා ටිකිරි කුමරා සේ සවිබලය. එඩිතරය. තම ගේලයින් හා නිරායුද සටනකට පිවිසි අජන්ත ඒ බව මනාව ඔප්පු කෙළේය. පහරදීම්, පහරදීීම් වලකාලීම්, සමූහයක් සමඟ එකවර සටනට පිවිස විරුද්ධවාදියා පරාජය කිරීමේ ක‍්‍රම අපි දැක්කෙමු,
අංගම් ශාස්ත‍්‍රයේ තැරැුක්ක සෙල්ලම් යනුවෙන් කොටසක් ඇත. එහිදී සිදුවන්නේ සටන් ශිල්පියාගේ විවිධ දස්කම් ගෙනහැර පෑමය. මෙහිදී සටන් කරුවෙක් කිසිදු ආයුදයක් නොමැතිව පොල් ගෙඩියක් මිනිත්තු දෙක තුනකදී අතින් ලෙලි ගසයි.

ඇඟ කිලිපොළා යන සටන්ක‍්‍රම වලින් යුත් මෙම සටන් අපේ උරුමයයි. අපේ ප්‍රෞඩත්වය ලොවට විදහා පෑමට ඇති ශක්තියයි. ලොවේ කිසිවකට නොදෙවෙනි අපේ අංගං හරඹ ශිල්පය රැුකගැනීමට මහන්ත ආරච්චි අජන්ත ග-ුරුන්නාන්සේ ඉදිරිපත් වී සිටීයි .
ඔහු තරුණයි. 28 වියෙහි පසුවන අජන්ත තම පරපුර පණමෙන් රැුකගෙන ආ ශිල්පය අනාගත පරපුරට රැුකදීම සඳහා තම ජීවිත කාලයම කැපකරමින් සිටී.එය තමාගේ වගකීම බවත් තමා ඒ සඳහා දිව්රුම් දී ඇති බවත් ඹහු පවසයි.
මෙම කාර්යය පහසුකටයුත්තක් නොවන බවත් අංගං මඩුවක් තනා ගැනීමත් අද ඉතාමත් අපහසු කටයුත්තක් වී ඇති බව කියනූ ඹහු මේ සා විශාල අපේ උරුමය සඳහා මෙතෙක් කිසිම රාජ්‍ය අනුග‍්‍රහයක් නොලැබීම අවාසනාවට කරුණක් බව කියයි .
අතීතයේ අප රට ජාතිය ආගම පරයින්ගෙන් රැුකගත්තෝ අංගං සටන් ශිල්පීහුය. අංගං ශාස්ත‍්‍රය අපේ ජාතික උරුමයකි. අවුරුදු 7දී අංගං සටන් ශිල්පයට පිවිසි අජන්ත, වත්තේ පොල් කැඩූ පසු තම සීයා විසින් සියළු පොල්ගෙඩි අතින් ලෙලි ගසන ලෙස දුන් උපදෙස් අංගං ශිල්පය මතු පරපුරට රැුකදීම සඳහා කළ උපක‍්‍රමයි.
එසේම කැලේට ගොස් බෙහෙත් වර්ග බෙහෙත් පැලෑටි සොයාගෙන එන ලෙස උපදෙස් දුන්නේය. එසේ කළේ සටන් ශිල්පයට වෙදකමද ඇතුලත් වන බැවිනි.
එසේම කුඹුරු වැඩවලදී මී ගවයින් ඒ සඳහා යොදා නොගෙන පොල්කොට කරේ කියාගෙන තමන් ඒ කාර්ය කළ බවත් වී ගෝනි කරතබාගෙන දිව් බවත් තම ශක්කිමත් භාවයත් ධාරණ හැකියාවත් එයින ප‍්‍රගුණ කළ බවත් අපට පැවැසීය.
අතීතයේදී විදේශ ආක‍්‍රමණ හමුවේ අප මව්බිම රැුකගත්තෝ මෙම අංගං ශිල්පීහුය. මෙම සටන් ශිල්පය ඉගෙනීම සඳහා සිංහල බෞද්ධයකු වීම අනිවාර්ය ය. මෙම සටන් ක‍්‍රමයේ රහස් ක‍්‍රම රැුක ගැනීම සඳහා ඉවසීමේ ගුණයත්, සංයමයත්, භාවනා යෝග ීබවත් මෙම සටන් අනිවාර්ය අංග බැවිනි.
එසේම එක්වරම පැමිණ මෙම සටන් ශාස්ත‍්‍රය පුහුණුකළ නොහැකිය. ඒ සඳහා චාරිත‍්‍ර වාරිත‍්‍රවලට මුල් තැනක් දෙයි. වේලාපත්කඩය බලා ආයුෂ ධාරණ, ශක්තිය, කුන්ඩලණි ශක්තිය, දරාගැනීමේ ශක්තිය, ග‍්‍රහ අපල දොස් බැලීමෙන් සුදුසු නම් පමණක් සටන් කලාව ප‍්‍රගුණකිරීමට තෝරාගැනෙයි. විවිධ අඩව් පුහුණුකළ යුතු වෙයි. එසේම අභ්‍යස, භාවනා, ජෝ‍යතිෂය, වෙදකම, නිල ශාස්ත‍්‍රය සියල්ල ආධුනිකයකු විසින් මනා ලෙස හැදෑරිය යුතුයි. ඒ මෙම ශාස්ත‍්‍රය සටන් ශිල්පයක් පමණක් නොවන බැවිනි. එය දේශීය වෙදකමේත්, යක්ෂ ගෝත5ිකයන් නිර්මාණය කළු සුවිශේෂී භාවනා ක‍්‍රමත්, මන්ත‍්‍රශාස්ත‍්‍ර, යෝග ක‍්‍රමඇතුලු සියළු ශාස්ත‍්‍රවල එකතුවකි. දේශීය නිල ශාස්ත‍්‍රය මත ස්නායු රෝග සුවකිරීමට ද ඕනෑම තුවාලයක් සඳහා බෙහෙත් වර්ග ද, කැපුම් තුවාලයක් ක්ෂණකව සුව කිරීම හා වෙනත් දේශිය වෙදකමේ හාස්කම් ද අංගං ශිලපයේ පවතින බව අජන්ත ගුරුන්නාන්සේ අප සමඟ පැවැසීය.
අංගං ශාස්ත‍්‍රය පරතෙරටම ගොස් සිටි ඔහුගේ මුතුන් මිත්තෝ තම ශිල්පය පණමෙන් රැුක ගත්හ. සෑම විටම මවුබිම ආරක්ෂාකිරීමේ වගකිම පැවරී තිබුණේ අංගං ශාස්ත‍්‍රයේ පරතෙරටම ප‍්‍රගුණකළ මුතුන් මිත්තන්ටය. එම පරපුරෙන් පැවත එන කොරතොට මහන්ත ආරච්චි පරම්පරාව මෙම සටන් ශිල්පය අනාගතයට රැුක දීමට විවිධ අපහසුකම් මධ්‍යයේ කටයුතු කරමින් සිටී.
අතීතයේ විවිධ අවස්ථාවලදී පරයින් හමුවේ අප මවුබිම ආරක්ෂාකළ සටන් ශිල්පය කිසිම වගකීමක් නොමැතිව ඇතැම් අය පරදේශක්කාරයින්ට ඉගැන්වීම කනගාටුදායක බවත් එයින් එම සටන් ශිල්පය විනාශමුඛයට ඇදී යනබවත් අජන්ත අප සමඟ පැවසීය.
එම නිසා තම පරපුර රහසේ කරගෙන ආ අංගං හරඹ සටන් ශිල්පය අළලා ප‍්‍රථම වතාවට ප‍්‍රසිද්ධියේ රණකෙලි පූජාවක් පැවැත්වූ බව ඔහු කියයි . එමගින් අංගම් පොරනමින් බිහිවී ඇති ව්‍යජ සටන්ක‍්‍රමවලින් (කලරි, මලයාලම් වැනි ඉන්දීය සටන් ක‍්‍රම) පිරිසිදු අංගං හරඹ ශාස්ත‍්‍රය අනාගත පරපුරට උරුමකරදීමට අපේක්ෂා කරයි.
අංගං ශාස්ත‍්‍රය ඉතා ඈත ඉතිහාසයත් ඇති ශාස්ත‍්‍රයකි. එය රාවණයුගය දක්වා දිවයයි. රාවණ රජුගේ පුත්
ඉන්ද්‍රජිත්ගෙන් පසුව ඉන්ද්‍රජිත්ගේ පුතනුවන් දෙදෙනෙකු වූ කේවේසස්ථ හා රවිශෛලාංත මෙම සටන් ශිල්පය පරතෙරටම ප‍්‍රගුණ කළ අයයි.
රවීංශෛලාංත ගෙන් කොරතොට ආරච්චි පරම්පරාව පැවත එයි. කොරතොට ආරච්චි පරම්පරාවෙ ආරච්චිවරු 18 දෙනෙක් වූහ . ඒ අයගෙන් වැඩි දෙනෙක් අංගං ශිල්පයේ පරතෙරටම ගිය අයයි. මෙයින් මදුරප්පෙරුම ආරච්චි, කුරුප්පු ආරච්චි, පලිහේන ආරච්චි, මහන්ත ආරච්චි කියන පරම්පරා පමණයි අද ඉතුරුවී සිටින්නේ.
මහන්ත ආරච්චි යනු ප‍්‍රධානයාය ි. යුද්ධයට අවශ්‍ය අංගං සටන් පුහුණුකිරම, ඉගැන්වීම පැවරුණේ මහන්ත ආරච්චිටයි.
කඩුවෙල කොරතොට රජ මහා විහාරය ආශි‍්‍රතව අංගං මඩු තුනක් පිහිටා තිබීණි . කඩුවෙල රුක්ගහවත්ත, හෝකන්දර, අතුරුගිරිය, හංවැල්ල, රණාල, දැඩිගමුව ඇදී ප‍්‍රදේශ වලින් හැඩි දැඩි ශක්තිමත් තරුණයෝ අංගං සටන් පුහුණුව ලදහ.
1505 දී පෘතුගසීහු ලංකාව ආක‍්‍රමණය කළහ. සිංහලයින්ට මහත් පීඩා විඳින්නට සිදුවිය. පරංගීහු රට වනසමින් සිටියහ. ස්තී‍්‍රන් දුෂණය කළහ. දේපොළ කොල්ල කෑහ. බෞද්ධ ආගම වෙනස්නොකරන ලද සිංහලයින් මරාදැමීමටත්, පන්සල්, දේවාල ගෙවල් දොරවල් ගිණිතැබිමටත් පෙළඹුණාහ. ආගම වෙනස් නොකළ සිංහලයින්ගේ දරුවන් උඩදමා කඩුව ඇල්ලිමට තරම් මිලේඡු විය. සිතාවක ටිකිරි කුමරු යටතේ සිංහල සේනාවෝ රහසේ සංවිධානය වූහ. රහසේ කොළොඹ ගොස් පරන්ගීන් මරා දමා ආපසු පැමිණියහ. එම ප‍්‍රහාර වේගවත් විය. පරන්ගීන්ට දරාගැනීමට නොහැකිවිය. පරංගීහු අංගං සටන්කාමින් මරාදමමින් අංගංමඩු පිටින්ම ගිනිි තැබූහ.
1559 දී පමණ සීතාවක මායාදුන්නේ රජුගේ පුත‍්‍රයා වූ ලාබාල ටිකිරි කුමරා පළමු රාජසිංහ නමින් රජ තනතුරට පත්වී සිටියේය. සීතාවක රාජසිංහ නමින්ද එතුමා හැදින්විූය.
සේනාධිපති හැටියට කටයුතු ාකළේ වික‍්‍රමසිංහ මුදලිතුමාය. මේ වෙනවිට මුල්ලේරියාව සටන් ආරම්භවී තිබුණි.
එම ඓතිහාසික සටන ලංකා ඉතිහාසයේ රන් අකුරින් ලියැවිණි. එම මුල්ලේරියාව සටනේදී පරන්ගීන් සමපූර්ණයෙන් පරාජය කිරිමට ටිකිරි කුමරා ප‍්‍රමුඛ සිංහල හේවායෝ සමත්වූහ. එහිදී මියගිය පරන්ගි ගණන 1600 ට වැඩිබව ඉතිහාසය තුළ ලියවී ඇත. පෘතුගීසීන්ගේ නවින අවි ආයුද තුට්ටුවකට මායිම් නොකල සිංහල සේනාව අතිවිශිෂ්ට ජයක් ලැබීය. එම සටනෙන් පසුව මුල්ලේරියා වැව හා කුඹුරු යාය සම්පූර්ණයෙන් රත් පැහැ ගැන්වුණ් බව සඳහන් වෙයි.
මුල්ලේරියා සටන් පවතිත්දි ටිකිරිකුමරාගේ සේනාධිපති වික‍්‍රමසිංහ මුලිතුමා තුවාල ලැබීය. පසුව රජතුමා සටනට අවශ්‍ය උදව් බලාපොරොත්තව කොරතොට රජමහා විහාරයට පැමිණිය හ.
මේ අතර සිංහල හමුදාවේ රණ ශූරයකු වූ මුල්ලේගම අලි ඇතුන් මෙල්ල කිරිම සඳහා සටන් ක‍්‍රම ඉගැන්වීම
සිදුකළහ. ඔහුගේ සටන් ක‍්‍රමය වූයේ එක් අයකු දුවගොස් අලියා ඉදිරිපිට පහත්වීමයි. පසුව තවත් අයෙක් දුවගොස් ඔහුගේ කර උඩට නැග අලියාගේ කුම්බස්තලයට වේගවත් වැලමිට පහරක් දෙයි. එම පහරත් සමඟ අලියා මැරි බිම වැටෙයි.
මෙම සටන් ක‍්‍රම මගින් මුල්ලේරියාව ජයග‍්‍රණය කළ රණ ශූරයින්ට රජතුමාතෑගි දුන්නේය. කඩුවෙළ අශි‍්‍රත හේවාගම් නමින් ගම්වරයක්ද දුන්නේය. හේවාගම නමින් නමින් අද හැදින්වෙන්නේ එම ප‍්‍රදේශයයි.
කොරතොට ආශි‍්‍රත ප‍්‍රදේශය සටන් පැවති ප‍්‍රදේශයකි. කඩු හංගා තැබූ වෙල්යාය කඩුවෙලෙය. මුල්ලේරියා වැවේ කොටසක් අද ද දැකගත හැකිය. කොළොඹ හංවැල්ල මාර්ගයේ ගල්වාන ප‍්‍රදේශයේ ගල්වාන රාජමහා විහාරය භූමියේ ගිරි ශිඛරයෙන් පහත නිරීක්ෂණය කිරීමෙදී මෙම මුල්ලේරියා වැව දැකගත හැකිය.
පසුව සීතාවක රජතුමා මියගිය පසු අංගං සටන් ශිල්පීන්ට විවිධ වූ අඩම්තේට්ටම් කරදරවලට මුහුණ පෑමට සිදුවිය. සටන් කරුවකු මැරීමට පරංගි හමුදාව විශාල පිරිසක් ආහ. විහාර දේවාල බිමට සමතලා කළහ. කැලණිය රාජමහා විහාරයත් ඒ අතර විය. නවගමුව පත්තිනි දේවාලය අට වරක් බිමට සමතලා කළහ.
මෙසේ හෙයින් ඔවුනට පක්ෂපාත බවක් දැක්වීමට ආරච්චිවරු ද පෘතුගීසි නම් භාවිතාකර ඇත. ඒ නම් අතර පෙරේරා නම ද විය. කොරතොට මහන්ත ආරච්චිගේ අජන්ත පෙරේරා අද අංගම් ශිල්පය පණ මෙන් රැුකීමේ වගකීම භාරගෙන සිටයි අජන්ත මහන්ත ආරච්චි ට පෙරේරා නාමය එක්වූයේ එසේය.
ටිකිරි කුමරු යටතේ මෙන්ම පළමු වැනි විමලධර්මසූරිය රජු යටතේත් දෙවැනි රාජසිංහ රජු යටතේත් දන්තුරේ, බලන හා රන්දෙණිවල ප‍්‍රදේශවලදී ද ප‍්‍රතිකාලූන්ට අන්ත පරාජයක් අත්කරදෙමින් සිංහල හේවායන් ජය ගත්තේ අංගම් සටන් ශිල්පය උපයොගී කරගනිමිනි .
ඉ ංගී‍්‍රසිහු ද ඔවුන්ට එල්ලවන ප‍්‍රහාර හමුවේ අංගං ශිල්පය තහනම් කළහ. 1817 කැරැුල්ලෙන් පසුව ගැසට් නිවේදනයකින් අංගං ශිල්පය තහනම් කර එසේ නොනැවතී අංගං සටන් ශිල්පීන්ට දණ හිසෙන් පහළට වෙඩිතබා ජීවිතාන්තය දක්වා සිරකර තැබීමටත් සියලූම අංගං ආයුධ අත් අඩංගුවට ගෙන අංගං මඩු ගිනි තැබීමටත් නියොග කළහ. කඩු කිණිසි භාවිතය ද තහනම් කළහ එපමණක් නොව ශක්ති ජනක ඖෂධයක් බව කියන අබිං පවා තහනම් කළහ.
මේ අවස්ථාවේදී මහන්ත ආරච්ිචි පරපුර තම දිවි දෙවැනි කොට අංගං සටන් ශාස්ත‍්‍රය රහසිගතව රැුකගත්තේය. අංගං ශාස්ත‍්‍රය නැටුම් බවට හරවාගෙන සිංහ නැටුම්. කොටි නැටුම්, වලස් අඩිය ආදී නැටම් ශිල්ප ලෙස ඉතා රහසිගතව රැුකගෙන ආයේය.
ඒ අභීත පරපුරේ විරුවෝඅදත් එම ශිල්පය රැුකගනිතිී. මෙම ශාස්ත‍්‍රය රැුකගැනීම සඳහා අජන්ත ගුරුන්නාන්සේ තරුණයනට ද ආරාධනා කරයි. මේ සඳහා අංගං ශාස්ත‍්‍රයට ආදරය කිරීමත්, කැපවීමත්, විශ්වාසයත් ඇතිකරගත යුතුය.
අංගං ශාස්ත‍්‍රය අංගං ඉලංගං හා මායා අංගං යනුවෙන් කොටස් තුනක් ඇත. අංගං අවි ආයුද සමඟ කරන සටනයි. ඉලංගං ආයුද රහිත සටනයි මායා අංගං යනු යන්ත‍්‍ර මන්ත‍්‍ර, ජ්‍යොතිෂ්‍යය ආදියයි. පරංගීන්ගේ කාලතුවක්කු මතට මන්ත‍්‍ර ශාස්ත‍්‍රයෙන් කළ මැතිරීම් මගින් කාලතුවක්කු පවා කි‍්‍රයාවිරහිත කරවූ බව සඳහන්ය.ශූර අංගං ශිල්පියකු වීමට මෙම අවස්ථා තුනම ප‍්‍රගුණ කළ යුතුය.
වෙල්ලක්කාර සටන් පරපුරේ මහන්ත ආරච්චි පරපුරෙන් පැවත එන ඉලංගම හතරවැදෑරුම්ය හතර ඉලංගම මෙසේය. කවිකාර ඉලංගමෙන් රජතුමාට ප‍්‍රශස්ති ගායනා ඉදිරිපත් කැරුණි කියා රාජකුමාරවරුනට කුමර
සෙල්ලම් හෙවත් යුද පුහුණුව දුන්නේ වාහල ඉලංගමෙනි. නර්තන හා ඒ ආශ‍්‍රිත සිදුකළ දේ් නැටුම් ඉලංගමට අයිති විය. අංගං ශාස්ත‍්‍රය සිංහල මල්ලව පොර හෙවත් ගුස්ති ශාස්ත‍්‍රය ඉලංගං ශාස්ත‍්‍රය, පැනුම්, පිනුම් ශාස්ත‍්‍රය ආදී යුද්ධයට අවශ්‍ය සියළු සටන්ක‍්‍රම හරඹ ඉලංගමයි. මෙහි වර්තමාන හිමිකාරයා අජන්ත මහන්ත ආරච්චි ගුරුතුමාය.
අංගම් ශාස්ත‍්‍රයේදී අවි 21 ක පුහුණුව ලැබිය යුතුය. තම පරපුරෙ-හි මුතුන් මිත්තන් පරිහරණය කළ අවි ආයුද තමන් සතුව ඇතැයි අජන්ත පැවසීය. ඒ අතර කස්තාන, කලාකිරිඤ්ඤ, නයිපෙන කඩු, සිංහකඩු, සුදු කඩු, කිනිසි, කිරිච්චි ඒ අතර ප‍්‍රධාන වෙයි.
කස්තාන යනුවෙන් හදුන්වන කඩුව මිටෙහි කැටයමින් කළ සිංහ මුහුණු හයක් හෝ හතක් ඇත. මෙම කස්ථාන පෞරාණික කඩු වර්ගයකි. ගාම්භීර තේජවන්ත බව කස්තානයෙන් දිස්වෙයි. සුදු කඩුුව ද වශේෂ කඩු වර්ගයකි. එම කඩුව නිමකර ඇත්තේ සුදු වානේ වලිනි. එම සුදු වානේ ශී‍්‍ර ලංකාවෙන් දැනට සොයාගැනීම අපහසුය. එය ද පෞරාණික කඩු විශේෂයකි. එසේම ඇත්දළ කැටයමින් යුත් කඩු ද ඇත. කලාකිරිඤ්ඤ ගෝන අං, හරක් අං හා මුව අංවලින් නිමකර ඇත. මෙම අංවර්ග විෂ සහිතය.
අංගං ශිල්පය ඉතිහාසය වසර තිස්දහසක් පමණ දක්වා පැරණියැයි අපහට අදහස් දැක්වූ අජන්ත පැවසීය. යක්ෂ ගෝත‍්‍රිකයින්ගෙන් පැවත එන අංගං ශාස්ත‍්‍රය රණ කෙළි පූජාවක් නැරඹීමේ වරම අපට ලැබිණි. එය මහත් වාසනාවක් කොට අපි සලකමු.
රහසේ පවත්වාගෙන ආ ශාස්ත‍්‍රය පථම වරට රණකෙළි පූජා උත්සවයක් රාවණ නැකතින් ආරම්භකළේ ඓතිහාසික ඇඹුල්ගම රාජමහා විහාරයට අයත් කදු ශිඛරයේ ඇති ගල්තලාව මතය. ගලින් ගල අඩිය තබමිින් හිමිදිරියේ එම ගල්තලාවට ගියෙමු . එම ස්ථානයේ කිසියම් ගුප්ත බවක් ඇතැයි පළමු වරට එහි ගිය අපට දැනිණිි. මොහොතක් ගතවෙත්ම මනාකොට ඒබව අපට වැටහෙන්නට විය.
නියම හේවායන්ගේ විලාසයෙන් අප ගුරුන්නාන්සේ ප‍්‍රමුඛ අංගං ශිල්පීහු අපේ ප්‍රෞඩත්වය අපගේ ඇස් පනාපිටම පෙන්වූහ. සටන්කෙළි පැවති භූමියට සීමාපැනවිණි. අංගං ශිල්පින් නොවන අයට ඇතුල්වීම තහනම් විය. ඒ මෙම ස්ථානය පත්තිනිදෙවියන් තම දෝණිය හා පුතාට අංගං සටන් ඉගැනවූ භූමිය බව කියැවිණි ඒ වසර විසිදහසකට කලිනි.
පත්තිනි දේවිය පතිවත රැුකි කාන්තාවකි. පත්තිනි දෙවියන් මෙන් අංගම් ශාස්ත‍්‍රය ප‍්‍රගුණ කළ තවත් කාන්තාවන් මෙම සටන් ඉතිහාසයේ සඳහන්වෙයි. ඒ අතර කුවේණිය ද වෙයි.
පසුකාලීනව සීතාවක රාජසිංහ රජතුමාගේ සීතාවක රාජධානියේ සේනාධිපතිනියක නවරත්න මැණිකේ ද අංගං සටන් ශිල්පය හොදින්ම ප‍්‍රගුණකර සිටි සටන්කාමී කාන්තාවකි.
මහනුවර යුගයේදී සෙනරත් රජු යටතේ ගලබොඩ කුමාරිහාමිද සේනාධිපති තනතුර ද පසුව ඒද`ඩුවාවේ දිසාපති තනතුරද දරා ඇත. එවන් වීර තරුණියෝ දෙදෙනෙක් ද අංගං ඉලංගං හරඹ පනික්කි රණකෙළි පූජාවේදි දුටිමු. තමා ලත් ශිල්පශාස්ත‍්‍රය කිසිවිටකත් අයුතු ප‍්‍රයොජන සඳහා යොදා නොගන්නාබව බුදුන්වහන්සේ ඉදිරියේ ද රාවණ දෙවියන් ඉදිරියේ ද, කතරගම මහසෙන් දෙවියන් ඉදිරියේ ද(කතරගම දෙවියන්*, පත්තිනි දෙවියන් ඉදිරියේ ද, රාසිං දෙවියන් ඉදිරියේ ද (ආරච්චි පරපුර සීතාවක රාජසිංහ රජු රාසිං දෙවියන් ලෙස අදහති* යක්ෂ ගෝත‍්‍රයේ මියගිය නෑ යක-ුන් ඉදිරියේ ද අංගං ශිල්පිහු දැඩිලෙස දිව්රුම් දී පොරොන්දු වෙති.
රාම රාවණ යුද්ධයත් ඉතිහාසයේ අංගං සටන් එළිදැක්වුණු අවස්්ථාකි. එමෙන්ම දුටුගැමුණු එළාර යුද්ධයත්, දුටුගැමුණු රජ සමයේ පතල ද්වන්ද සටනක් වූ ජයසේන හා ගෝඨයිම්බර අතර සටනත් අංගංහරඹ වලින් යුක්ත වී ඇත.
එසෙම පොළොන්නරු යුගයේ මහා පරාක‍්‍රමබාහු රජ සමයේදීත් අංගං සටන් එළිදැක්විණි.

 උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

රාවණ දේවත්වයෙන් පුදන ‘යක්කම’...(rawana අබිරහස් අඩවිය - Abirahas Adawiya)


රාවණා රජු පිළිබඳව මෑත කාලයේ ජනතාව අතර වැඩි අවධානයක් යොමුවී තිබේ. ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳව විවිධ මත පළවීමත් සමග මේ තත්ත්වය උදා වන්නට ඇතැයි යමෙකුට සිතිය හැකිය. එහෙත් අතීතයේ සිටම රාවණා රජු දේවත්වයෙන් වැඳුම් පිදුම් කරන ජන කොට්ඨාසයක් අදටත් සිටිති. එම ජනතාව අතීතයේ සිටම රාවණා රජු පිදීම සඳහා විශේෂ වූ වැඩ සටහනක් කරති. එය ඔවුන් සිදු කරනු ලබන්නේ දෙවියන් යැදීම මෙන්ම දෙවියන්ගෙන් තම ජනතාවට පිහිට ආරක්ෂාව ලබා ගැනීම සඳහාය. රාවණා රජුට දේවත්වයෙන් වැඳුම් පිදුම් කරන ගම්මානයේ ජනතාවගේ මෙම උත්සවය හා දේව පූජාව දැක බලා ගැනීමට මෙවර අපි ද එක් වුණෙමු.
මාතලේ දිස්ත‍්‍රික්කයට අයත් ලග්ගල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ලකේ ගල පාමුල පිහිටි රණමුරේ ගම්මානයේ ජනතාව මෙසේ රාවණා රජු දේවත්වයෙන් සලකති. ඔවුන් වාර්ෂිකව පවත්වනු ලබන උත්සවය ‘‘රාවණා යක්කම’’ වෙයි.  රණමුරේ ජනතාව කියා සිටින්නේ ‘‘රාවණා යක්කම’’ පරම්පරා ගණනාවක සිට පැවැත එන දෙයක් බවයි.
15pg-23d--taks-pgs
ඔවුහු හිරු නැග එන මොහොතේ සිට හිරු බැස යන වේලාව දක්වා එක් ස්ථානයක සරසා මෙම පූජාව, පෙරහර පවත්වති. මෙම ‘‘යක්කම’’ පවත්වන්නට දින තීරණය කරනු ලබන්නේ මාසයකට පමණ ඉහත දී ගමේ දස දෙනෙකු එක්ව කරනු ලබන සාකච්ඡුාවකින් පසුවය. ඒ අනුව සාම්ප‍්‍රදායික සිරිත් අනුව බුලත් හුරුලූ දී දේවාලයේ ප‍්‍රධාන කපු මහතාට හා ගමේ වැඩිහිටි පිරිසට දැනුම් දී මේ දස දෙනා හා තවත් අවතේවකරුවන් පිළිහුඬුවලින් තොර වී පේවී සිටිති.
‘‘යක්කම’’ පවත්වන්නට පෙර දී ගම්මුන් දේවාලයට පැමිණ යහන් තනා අලංකාර තොරණක් ද සවි කරති. පසුදා උදේ ඉරු නැගෙන්නට පෙර දේවාලයේ තැන්පත් කර ඇති ඉපැරණි යකඩ ආයුධ, කැති, කඩු, කිණිසි හා තවත් එවැනි ආයුධ මිටියක් ලබාගෙන එම ආයුධ පෙරහරකින් ගලා යන පිරිසිදු ජල පහරකට රැගෙන ගොස් සෝදා පිරිසිදු කොට ඒවායේ මුල පුවක් මල් බැඳ නැවත පෙරහරකින් දේවාල භූමියේ පෙර දින තැනූ යහන අසලට රැුගෙන එනු ලබයි. එම ස්ථානයේ දී ප‍්‍රධාන දේවගැති කපු මහතා එම ආයුධ එකෙන් එක ආරූඩයෙන් පේ කිරීම සිදු කරනු ලබයි. එසේ කරනුයේ බණ්ඩාර දෙවියන් හට බව ඔවුහු කියති. බණ්ඩාර දෙවියන් බවට පත්වී සිටිනුයේ රාවණා රජු බව ගම්මුන්ගේ විශ්වාසයයි.
එම ආයුධ අතර කුරුල්ලා බැඳි ආයුධයට සුවිශේෂී ස්ථානයක් හිමි වන අතර එය හිස මත තබා දේව ආශිර්වාද ලබා දීමෙන් ගම්මානයේ ජනතාවගේ හරක බාන වතු පිටි සියල්ල ආරක්ෂා කර දීමට දෙවියන් පොරොන්දු වෙයි. මෙම ස්ථානයට දෙවිවරු හත් කට්ටුවක් බැල්ම හෙළන බව ද ජනතාවගේ විශ්වාසයයි.
රණමුරේ ගම්මානයේ පැවැත්වෙන රාවණා යක්කම සඳහා විශේෂයෙන් ලග්ගල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විශේෂ අනුග‍්‍රහය ලැබෙන අතර දැනට සිටින ප‍්‍රාදේශීය ලේකම්වරයා ද යක්කමට බෙහෙවින් දායකත්වය ලබා දෙන අතර දිවයිනේ විවිධ ප‍්‍රදේශවල ජනතාව ද යක්කමට පැමිණෙති.
රණමුරේ ගම්මානයේ රාවණ සංස්කෘතික කමිටුව නමින් සංවිධානයක් ද ආරම්භ කර ඇත.
රාවණ සංවිධානයේ සභාපතිවරයා වන රණමුරේගම පදිංචි ඩබ්ලිව්.එම්.කේ.ජී. කෝවිලමුල්ල මහතා කියා සිටින්නේ තම පරපුරේ පිරිස යක්ෂ ගෝත‍්‍රයෙන් පැවැත එන බවයි.
dfh
‘‘වසර 2500කට එහා ගිය රාවණ පරම්පරාවෙන් උරුමකම් අපිට තිබෙනවා. ඒ සඳහා  ඕනෑ තරම් සාක්කි තිබෙනවා. ලග්ගල, ලකේ ගල හොඳම උදාහරණ.’’”අපි විජයගෙන් පැවත එන බව හුවා දක්වලා තියෙනවා. ඒක වෙනස් විය යුතුයි. රාවණා රජුගේ ඉතිහාසය විජයට එහා ගිය එකක්. රාවණා රජු දස බලයෙන් අග තැන්පත්ව නම් හතරකින් පෙනී සිටි අසහාය බලයක් අනුහස් ඇති විශ්වයටම බල පරාක‍්‍රමය පතුරුවපු අයෙක්.’’ සභාපතිවරයා එසේ අප සමග කීවේය.
මෙම යක්කම නමැති ශාන්තිකර්මය යන අතරතුර දී ‘‘රාවණ වගතුග’’ නම් පත‍්‍රිකාවක් එහි පැමිණෙන සෑම දෙනා වෙත ලැබෙන්නට සැලැස්වීමට සංවිධායක මණ්ඩලය සූදානම් කර තිබිණි. එහි ලග්ගල, ලකේ ගල, රාවණා රජුට ඇති සම්බන්ධතාව පිළිබඳව සටහන්ව තිබුණේ මෙසේය.
‘‘රාවණා රජුගේ මාළිගය සීගිරියේ පැවැති බවත් එය ආලකමන්දාව ලෙසින් නම් කර ඇති බවත් ජනප‍්‍රවාදයේ සඳහන් වේ. එසේම ගිරි මුදුන්වල රාවණා රජුගේ වාසස්ථාන පැවති බවත් එහි දී ලකේ ගල සුවිශේෂී ස්ථානයක් ලෙසත් සැලකේ. ඔහුගේ රිය ලෙස දඬුමොණරය ගුවන්ගත කිරීම සඳහා ආරක්ෂිත ස්ථානය ලෙස ලකේ ගල යොදාගෙන ඇත.
මෙවැනි තොරතුරු රැුසක් ඇතුළත් එම වර්ණනාව අවසන් කර ඇත්තේ මෙසේය.
‘‘සීතා පැහැරගෙන ඒමත් සමග රාම රාවණ යුද්ධය හටගනී.’’
‘‘මෙම යුද්ධයේ දී රාවණා රජුට තම පුත් ඉන්ද්‍රජිත් විශාල මෙහෙයක් සැපයූ බව ද සඳහන් වේ. රාවණාගේ එක් සහෝදරයකු වූ විභීෂණ රාජ්‍ය බලයට ලොල් වූ හෙයින් රාමා හමුවේ තම සහෝදරයා වූ රාවණාගේ සියලූ යුද රහස් හෙළි කළ බව ජනප‍්‍රවාදය සාක්ෂි දේ. මෙය හෙළයන්ගේ මුල්ම පාවා දීම බව පැවසේ. මෙම යුද්ධයෙන් රාමා විසින් එල්ල කළැයි කියන හී සැරයකින් රාවණාගේ රාජධානිය වූ ලකේ ගල කොටස් කිහිපයකට කැඞී ගිය බවත්, එහි දී රාවණා රජු මිය ගියා හෝ සිහිමූර්ජා තත්ත්වයට පත් වූ බව ජනප‍්‍රවාදයේ සඳහන් වන්නකි.  
දුණුවිල සිට විදු ඊ තල සැර            වැදුණා
ගල කඩාන ගල පාමුල තිබු වැව      මැකුණා
ගුගුරා අහස හෙණ හඬ සේ හඬ      නැගුණා
හනුමා නිසා අද ලක්බිම අඳුරු        වුණා
රණමුරේ වැසියෝ වසරක් පාසා මෙසේ පවත්වනු ලබන ‘‘යක්කම’’ නමැති රාවණා රජු පිදීම සංස්කෘතික උරුමයක් ලෙස ආරක්ෂා කරමින් සෙසු ජනතාවට ද අඩුම තරමේ දැක බලා ගැනීමට අතීතය සමග මනසට සටන් කිරීමට හෝ ඉඩහසර ලබා දීමට හැකියාව ඇත්නම් යැයි ලග්ගලට සමු දෙද්දී අපට සිතිණි.
M

උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

භවයක් පාසා හිමාලයේ බවුන්වඩන යෝගීවරු... .(අබිරහස් අඩවිය - Abirahas Adawiya - yogi waru )

හිමාලයේ සෙනසුන්හි වැඩ වෙසෙන සෘෂිවරුන් ස්වාමිවරුන් හා යෝගීන් බුදුබව ප‍්‍රාර්ථනා නොකරන බව සැබෑවය. එහෙත් අධ්‍යාත්මය සුවපත් කරන අරමුණක් වෙනුවෙන්ම කැපවූ ඒ උත්තමයාණෝ ද ඉතා සරල ජීවන පැවැත්මකට හුරුවී සිටිති.

රිෂිකේෂිහි තපෝවන් ආශ‍්‍රමයේ නැවතුණු අර්ජුන ඒ දිවි පැවැත්ම සියැසින්ම දුටුවේය. යෝග ශාස්ත‍්‍රය ඔස්සේ අධ්‍යාත්මික අභිවෘද්ධිය අපේක්ෂාවෙන් යුරෝපීය ජාතිකයන් දශක ගණනාවක් තිස්සේම ඉන්දියාවේ හිමාලය වෙත පැමිණෙති. පිරිමින් මෙන්ම ස්ත‍්‍රීන්ද මෙකී අධ්‍යාත්මික සුවය අරමුණු කරගෙන හිමාලය වෙත පැමිණෙති. එසේ පැමිණෙන්නෝද යෝගීන්ගේ සරල ජීවන රටාවට අනුගතව තම අරමුණ සඵල කරගැනීමට වෙහෙසෙති.
සෘෂිවරුන්, ස්වාමිවරුන් මෙන්ම යෝගීන්ද සිරුර වසාගැනීමට භාවිත කරන්නේ ඉතා කෙටි රෙදි කඩක් පමණි. සාමාන්‍යයෙන් එය අමුඩ ලේන්සුවකට සමාන වෙයි. ඒ උත්තමයන්ගේ භෞතික අවශ්‍යතා ඉතා සීමිතය. ඔවුන් මාංශමය ආහාර වලින් සම්පූර්ණයෙන්ම ඈත්වී සිටියි. කිරි, ධාන්‍ය පිටි වලින් සකස් කළ ආහාර හා එළවළු වලින් ඒ ආහාර වේල සමන්විතය. දවසකට ආහාර ගන්නේ එක් වේලකි. එයද ඉතා ස්වල්පයක් වශයෙනි. එයට අමතරව අවශ්‍ය නම් පලතුරු යුෂ පානය කළ හැකිය. එහෙත් එයද ඉතාමත් ස්වල්පයකි. බත් ටිකක් සමග මුදවපු කිරි ස්වල්පයක් පමණක් දවසට එක් වේලක් ආහාර වශයෙන් ගෙන අර්ජුනද හිමාලයේ සෙනසුනක් මත යෝග ශාස්ත‍්‍රය වෙනුවෙන් සිත මෙහෙයවූයේය.


යෝගීන් සිටින මෙම ප‍්‍රදේශ පාරිශුද්ධත්වයට පත් භූමින් ලෙස පිළිගැනේ. උම්බලකඩ කෑල්ලක් තරම්වත් මාංශමය ආහාර එහි නැත. එමෙන්ම මත්පැන් හා ගණිකාවන්ගෙන්ද ඒ ශුද්ධ භූමිය වියුක්තය. මුස්ලිම් ජනතාව ජීවත් නොවන එම ශුද්ධ භූමිය හුදෙක් වැඩි වශයෙන් හින්දුන්ගේ වාසස්ථානය බවට පත්ව ඇත.
1970 දශකයේ සිටම යෝග ශාස්ත‍්‍රය ප‍්‍රගුණ කිරීමේ අරමුණ පෙරදැරිව යුරෝපීය ජාතිකයන් මේ ශුද්ධ භූමියට පැමිණීම නිසා මෙහි වැඩ වෙසෙන යෝගීන්ට ඉංග‍්‍රීසි භාෂාව මැනවින් හැසිරවීමේ හැකියාව පවතී. එහෙයින් යෝග ශාස්ත‍්‍රය මුලකුරු සොයා හිමාලය වෙත යන්නන්ට ඉංග‍්‍රීසි භාෂාව දැන සිටීමෙන් යෝගීන් සමග අදහස් හුවමාරු කරගත හැකිය.
ඉතාමත් නිහඬ වුතයකට අනුව නිශ්ශබ්දතාවෙන් පිරි ජීවිත ගත කරන යෝගීන් කතා කරන්නේ අවශ්‍යම දෙයට අත්‍යවශ්‍යම වචන යොදාගත් රටාවක් ඔස්සේය.
යෝග ශාස්ත‍්‍රය හදාරන්නට ගිය අර්ජුනට වරක් සෘෂිවරයෙක් මුණගැසුණේය. සැබැවින්ම හිමාල වන අරණේදී සෘෂිවරයකුගේ මුණගැසීම යනු අහම්බයකි. තවත් අතකින් විශ්මයකි. ඒ සෘෂිවරු ඒ තරමටම අරමුණ ඔස්සේ හිත මෙහෙයවමින් හුදෙකලා ජීවිතයක් ගත කරන නිසාවෙන්ය.
එසේ මුණගැසුණත් තත්පර ගණනාවක් හැරෙන්නට සෘෂිවරුන් බොහෝවේලා මනුෂ්‍ය ඇසුරේ රැඳී සිටින්නේද නැත.
සෘෂිවරයාණෙනි ඔබේ නම කුමක්දැයි යන ප‍්‍රශ්නය පවා අර්ජුනට අසන්නට ඉඩ හසරක් නොලැබුණේ එහෙයිනි.

අර්ජුන තමා අබිමුව සිටින සෘෂිවරයාගෙන් ප‍්‍රශ්න කිහිපයක්ම විචාළේය. සෘෂිවරයා ඒ ප‍්‍රශ්න සියල්ලම එකට කැටිකොට ගනිමින් කෙටි උත්තර කිහිපයක් ලබාදුන්නේය. එහෙත් ඒ පිළිතුරු සෘජුය. නිරවුල්ය. තේරුම් ගැනීමට පහසුය. උන්වහන්සේලාගේ පෘථූල දැනුම ඒ පිලිවදන් ඔස්සේ මැනවින් පැහැදිලිවෙයි.
සෘෂිවරුන්ගේ විශ්වාසයේ හැටියට යෝග ශාස්ත‍්‍රයේ අධ්‍යාත්මික සුවය සොයා හිමාලය වෙත පැමිණෙන්නේ පෙර අත්භවයන්හි එහි සිටිමින් යෝග ශාස්ත‍්‍රය ප‍්‍රගුණ කළ අයමය. සසර පුරුද්ද අනුව යමින් ඔවුහු නැවත එහි පැමිණෙති. හිමාලය වෙත යෝග ශාස්ත‍්‍රය හදාරණ රිසින් යන අයට ඒ උතුමාණන් වහන්සේලා ආමන්ත‍්‍රණය කරන්නේද වෙනත් නම් වලිනි. ඒ වෙනත් නම සෘෂිවරුන්ගේ පිළිගැනීමේ හැටියට ඔවුන්ගේ පෙර අත්භවයේ නාමයයි.

ශ්‍රී රාමා මහේෂ් ඍෂිතුමා
විඥානවාදය ගරු නොකරන, විඥානවාදය ප‍්‍රතික්ෂේප කරන භෞතිකවාදීන්ට අනුව මෙකී විශ්වාස හා
පිළිගැනීම් මිථ්‍යාවක්ය. පදනම් විරහිතය යන තර්කය මතුකිරීම ස්වභාවිකය. එහෙත් මනුෂ්‍ය සිත දියුණුවේ උච්චතම සංධිෂ්ථාන කරා මෙහෙයවූ විට එහි ශක්තිය ස්වාභාවිකත්වය ඉක්මවා යන තත්ත්වයට පත්වෙයි. සිත දියුණු කරමින් නැගෙන හිරු මඬලේ ප‍්‍රභාවත් ශක්තියත් සමග දෙවියන් කොට සැලකූ සූර්ය දෙවිඳුන්ගේ ශක්තිය උරාගනිමින් ඒ ශක්තියද ඇතුළු විශ්ව ශක්තිය තමා වෙතට කැටිකොට ගන්නා යෝගීන් එම ජීවමය ශක්තියේ අනුහසින් පාන පෙළහර තමන් සියැසින් දුටු බව අර්ජුන පවසයි.
හිමෙන් වැසුණු හිමාලයේ හිම කැටිති දියවී දෝර ගලා යන දිය දහරෙන් උදෑසන 6.00 පමණ වෙද්දී ස්නානය කොට පිරිසුදු වන යෝගීන් ස්වාමිවරුන් හා සෘෂිවරුන් අපූරු දේවත්වයක් උරුමකරගත් අසිරිමත් සොබා දහමත් සමඟ තම ජීවිතවල අලූත් පිටුවක් පෙරළයි. පැය ගණන් භාවනාවට සමවැදෙන මෙම භාවනා යෝගීහු වසර ගණනක් නොසැලී නොසෙල්වී භාවනාමය ධ්‍යානයන්ට සමවැදී සිටි බවට කියවන්නට ලැබෙන කතාන්දර හැබැවින්ම ප‍්‍රබන්ධ නොව සැබෑවක් බව පිළිගන්නේ හිමාලය වන අරණේ එකී ශාස්ත‍්‍රය සොයා ගිය අයමය. මක්නිසාදයත් ඒ ඇතැම් කතා වස්තූන් හුදෙක් ප‍්‍රබන්ධදැයි සිතෙන තරමට අද්භූත රසයෙන් පිරී පවතින හෙයිනි.
අර්ජුනට ශ්‍රී රාමා මහේෂ් ඍෂිතුමා නම් යෝගී ඇඳුරාණන්ගේ උතුම් මග පෙන්වීම ලැබුණේය.
දරුවා ඔබ මෙතන ඉගෙන ගන්නවද? වෙන ආශ‍්‍රමයක ඉගෙන ගන්නවද?
නවතින තැන එතැන යැයි අර්ජුන තීරණය කළේය.
ඇඳුරු ගුරු සබඳතාව වදන් ඔස්සේ ගලා නොගියත් කැඩපතකින් බලා සිටියාක් මෙන් තම ශිෂ්‍යයන් කරන දේ කියන දේ පමණක් නොව සිතන දේද ගුරු ඇඳුරාණෝ දනිති. මුණනොගැසුණත් එවන් පෙනීමක් සහිත සවිඥානික ඥානයකින් යෝග ශාස්ත‍්‍රයේ පරතෙර සොයා යන ඇඳුරන්ගේ සිරස පරිපූර්ණය. විශ්මයක් ලෙස හැඟුණත් එය සිත දියුණු කිරීමේ තවත් ඵලයකි.
හින්දු ග‍්‍රන්ථවලට අනුව මිනිසාගේ ජීවිත කාලය විවිධ කාල වකවානුවලට බෙදා ඇත. එයින් එක් කාල පරිච්ඡේදයක් වන්නේ ප‍්‍රථම වර්ෂ 10 අයත් වන බාල්යම් කාලයයි. වසර 12 සිට 25 දක්වා වූ කාලය කව්මාරම් නොහොත් නව යොවුන්විය ලෙස සඳහන් වේ.මෙය සදාකාලික නොහොත් කුව්රා නම් වේ. රුසියානු විද්‍යාඥයන්ගේ සොයාගැනීම් වලට අනුව වසර 16 ක්වූ අවධිය උපරිම හැකියාව භාවිත කළ හැකි කාලය බැවින් ඊට යාන්ත‍්‍රික හෝ විද්‍යුත් ශක්තියක් යෙදිය හැකි නම් වසර 10,000 පමණ ජීවත් විය හැකිය.
ඉන්දීය පුරාණයට අනුව පැරැුණි ගුප්ත ලේඛනවල සඳහන් වන්නේ ක‍්‍රීක යුගයේ වසර 10,000 ආයු වැළදු මිනිසුන් ජීවත්වූ බවය. කෙසේ වුවත් මෙවන් ආකාරයෙන් සදාකාලික තත්ත්වයකට ආවත් ඒ සියල්ලෝම ක‍්‍රමානුකූලව මරණය කරා ගමන් කරති.
සමහර හින්දු ග‍්‍රන්ථවල සඳහන් වන්නේ දේවත්වයට පත් දරුවන් සිටින බවය. එය එසේ විය හැකි බවට සාධකය වන්නේ වසර 16 ක් වූ වයසට ළඟාවන තුරු දරුවන් සාමාන්‍යයෙන් ස්වභාවික මරණය කරා ගමන් නොකරන බවට වන සාධකයයි. බොහෝ විට එවැන්නන් තුළ මරණය සිදුවුවහොත් ඊට හේතුවන්නේ බාහිර බලපෑමක් හෝ මන්දපෝෂණ තත්ත්වයක් පමණි.
මෙය තහවුරු කිරීම සඳහා වූ නිර්ණායකයක් ලෙස ගත හැක්කේ සංඛ්‍යාත්මකව මරණය සිදුවීමේ ප‍්‍රතිශතය වයස අවුරුදු 16 ට වඩා වැඩිහිටි සංඛ්‍යාව අතර වැඩි බවය. මෙය නිරීක්ෂණයට ලක්කළ අපේ මුතුන් මිත්තෝ ජනකථා නිර්මාණයේදී බොහෝ විට කථාවේ සඳහන් කුමරියක ඇගේ වසර 16 වැනි උපන්දිනයේදී මිය යන බව සඳහන් කළහ. වර්තමාන වෛද්‍ය විද්‍යාවේ සොයාගැනීම් අනුව වසර 16 සම්පූර්ණ වන විට මොළය අභ්‍යන්තරයේ ඇති තෙවැනි ඇස වර්ධනයට පටන් ගනී. එහෙත් මෙය අදද විද්‍යාවට කුමක්දැයි විශ්ලේෂණය කිරීමට නොහැකි වී ඇත.
ලොව රටවල් අතරින් ඉන්දියාවේ පමණකි විශාල ලෙස පැරැණි ස්මරණතිත‍්‍රාන්ත (සාමාන්‍ය ධාරණ ශක්තිය ඉක්මවා යාම පිළිබඳව) ග‍්‍රන්ථ රචනා වී ඇත්තේ.
එම ග‍්‍රන්ථ අතර ඉතා විශාල වශයෙන් ඇත්තේ මිනිස් බව හඳුනා ගැනීමට අදාළ කරුණු සඳහන් ලේඛනය. යෝග විද්‍යාවද ඒ තුළ සඳහන් උප ප‍්‍රභේදයකි.
යෝග විද්‍යාවේ විවිධ න්‍යායන් රාශියක් ඇති නමුත් බොහෝ ඒවා ලිඛිතව සඳහන් නොවේ. සමහර විශ්ලේෂකයන්ට අනුව මෙම න්‍යායන් වෙතින් වසර දහස් ගණනක් ජීවත්වීම පිළිබඳව රහස් දැක්වේ. ඊට අමතරව ඔවුන් දක්වන්නේ වසර දහස් ගණනක් ජීවත් වූ යෝගීන් සිටි බවය. වර්තමාන විද්‍යාවට තවත් දශක ගණනක් යනතුරුවත් එම න්‍යායන් විශ්ලේෂණය කිරීමට හැකිවේ යැයි සිතීම උගහටය.
කප් සුවහස් කල් සංසාරයේ පිරූ පාරමිතාවක අනුහසින් බුද්ධත්වය සාක්ෂාත් කරනු උදෙසා බෝසතාණෝ සයවසක් මුළුල්ලේ දුෂ්කර ක‍්‍රියා කළහ. තිර අරමුණක පිහිටි සිත නොවෙනස්වම එම අරමුණෙහිම ඇලී පැවතුනේය. හිඳ සිටි ගස මුලට වැටෙන ඵලයක් වෙත්නම් එය පමණක් අනුභව කරමින් අරමුණ වෙනුවෙන්ම කැප වූයේය. අධිෂ්ඨානය අප අරමුණ කරා මෙහෙයවනු ලබයි.
ප‍්‍රවීණ යෝග උපදේශක
අර්ජුන වික‍්‍රමාරච්චි

උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

වරිග පූර්ණිකාව... (wariga poornikawa අබිරහස් අඩවිය - Abirahas Adawiya )

ශ්‍රී ලංකාවේ දකුණු පළාත ඒ කාලෙ ප්‍රබල යක්ෂ රාජධානියක්
පූජ්‍ය විමලරත්න හිමි සමඟ වරිග පූර්ණිකාව පිළිබද කෙරුණු සාකච්ඡාවක් ඇසුරෙන්

දෙවන ලිපිය

රාවණාගේ වත්මන් ලේ නෑ පරපුර අද වර්තමානයේ රැඳෙමින්, අනාගතයට ‍ දොර කවුළු විවර කිරීමට අතීතය කණිමින් සිටියි. ඒ හිතුවක්කාර විදියට අරහෙන් මෙහෙන් කරනු ලබන කැණීමක් ලෙසින් නොවේ. ඒ ගැන පූජ්‍ය විමලරතන හිමි මෙසේ කියයි.

අපගේ මේ තොරතුරු ගවේෂණය, හෙළිදරව්ව අතීතය ගැන නොව ලංකාවේ අනාගතය සඳහායි. මේ මතුවනුයේ ලෝක අනාගතයේ ලංකාවට හිමිවන ස්ථානයයි. ලංකාව යනු ලෝකයේ බලවත්ම රාජ්‍යය වූ බවත් අනාගත ලෝකයටද එය එසේම විය යුතු බවත්ය.

එහෙත් වත්මන් ලෝක හැඩගැස්ම අනුව එම තත්ත්වය ළඟාකර ගැනීම පහසු නැත. නමුත් ඉතා සැලසුම්සහගතව, ක්‍රමානුකූලව කටයුතු කරන්නේ නම් එය අපහසුවන්නේද නැත. ඒ සඳහා අවශ්‍ය වනුයේ එකම එක දෙයකි. එය වූකලි තුන්කල් දක්නා දේශපාලන දැක්මේ බුද්ධියේ ක්‍රියාවේ ආදීන භාවයයි.

මේ සියල්ල අපට කියාදෙන්නේ වරිග පුස්තක පූර්ණිකාවයි. මෙම වරිග පූර්ණිකා පුස්තකය අද වන විට සතුව තිබෙනුයේ ඉරුගල් බණ්ඩාර රවිශෛලාෂ රාජකරුණා පෙළපත සතුවයි. දැනට එහි බාරකරු ලෙස කටයුතු කරන්නේ මමයි.
මෙම වරිග පූර්ණිකා පුස්තකය සඟවාගෙන සුරක්‍ෂිත කරනුයේ ඉතිහාසගත පරපුරක තොරතුරු පමණක්ම නොවේ. ඒ අනුව, එය ඓතිහාසික ලියැවිල්ලක්ම යන මතය ඉක්මවාලමින් සිටියි. ඒ එම පුස්තකය තුළ රාවණා රජු සමයේ පැවැති රාජ්‍ය ව්‍යුහය සහ දේශපාලන දර්ශනය මැනැවින් විදහාපාන බැවිනි.
වරිග පූර්ණිකාවට අනුව, රාවණා රජු කාලයේ එදා ශ්‍රී ලංකාව පාලන ප්‍රදේශ හතරකට බෙදා වෙන්කර තිබිණි. ඒ පාලනයේ පහසුව සඳහායි. මෙසේ බෙදා වෙන් කළ කොටසකට යක්‍ෂ ගෝත්‍රික නමක්ද තිබිණි. එම නම වූයේ 'පදියම' යන්නය. මෙම පදියම යන වචනය අරුත්බර වැකියකට සම්බන්ධ කර ඔවුන් එම පාලන ප්‍රදේශ මෙසේ හඳුන්වා තිබිණි.
'හේත්‍ර කයිර මණ්ඨක පදියාන'
මෙම යක්‍ෂ ගෝත්‍රික භාෂාව ගැන පූජ්‍ය විමලරතන හිමි මෙසේ කියයි.
සිංහලයට පෙරළන තෙක් අපට නොතේරෙන ඉතා සුන්දර වූ භාෂාවකි. භාෂාවේ සෑම අකුරක්, වචනයක්, වැකියක් පාසා සඟවාගනු ලැබූ කිසියම් සුන්දරත්වයක් මතුවෙමින් තිබේ. අප හදවතට එය දන්වා ලනුයේ ඉතාමත් හුරුපුරුදු, නමුත් දැනට භාවිතයට නොගන්නා වූ ආගන්තුක නොවූ භාෂාවක් ලෙසටය.
යක්‍ෂ ගෝත්‍රිකයන්ට තිබුණේ මනරම් කාව්‍යමය භාෂාවකි. ගද්‍යයෙන් ලියුවද, පද්‍යයෙන් ලියුවද එහි සුන්දරත්වය අඩුවක් නොපෙන්වයි. මේ යක්‍ෂ ගෝත්‍රිකයන් විකෘති කාමාශාවන්ගෙන් තොර විය යුතු බව දක්වමින් යක්‍ෂ භාෂාවෙන් ලියූ සටහනකි. මෙම සටහනට දී ඇති නම වනුයේ 'දශාකාර රාගය' යන නමයි.

කාමාරාගය සත් පදය වී
ඊ පීතල රාගයෝ වී
ඊ දෙසුල් රාගයෝ වී
ඊ රාමල් රාගයෝ වී
ඊ ඛරත රාගයෝ වී
ඊ සුංගු රාගයෝ වී
ඊ ජලිත රාගයෝ වී
ඊ යාදී රාගයෝ වී
ඊ ඛහිත රාගයෝ වී
ඊ කාංගි රාගයෝ වී
මෙය සිංහලට නැඟූ විට මෙසේ කියැවෙයි.
පීතල රාගය - සමලිංගික හැසිරීමේ ආශාව.
රාමල් රාගය - ස්වයංකාම වින්දනය.
දෙසුල් රාගය - කෙසඟ සිරුරක් ඇති පුරුෂයකුගේ හෝ ස්ත්‍රියකගේ පහස පැතීම.
ඛරත කාම රාගය - තරබාරු සිරුරක් ඇති පුරුෂයකුගේ හෝ ස්ත්‍රියකගේ පහස පැතීම.
සුංගු කාමරාගය - කාම වින්දනය සඳහා වේලාවක් නොමැතිවීම. දරුවන්, වැඩිහිටියන් ගැවසෙන ස්ථානවල ගැන නොසැලකිලිමත් වී කාම සේවනයේ යෙදීම.
ජලිත කාම රාගය - පුරුෂයකුගේ ශරීරය දැකීමෙන් කාමයෙන් මුසපත්වීම.
යාදී කාම රාගය - බහු පුරුෂ සේවනයට ඇති කැමැත්ත.
ඛහිත කාම රාගය - කාම වින්දනය පරම සැපතක් කොට සිතීම.
රිපී කාම රාගය - ස්ත්‍රියකගේ අඟ පසඟ දැකීමෙන් කාමයෙන් මුසපත්වීම.
කාංගී කාම රාගය - මුඛ මාර්ග, වච්ච මාර්ග ආදී තැන්වල පහස විඳීමේ කැමැත්ත.
මෙම ක්‍රියා සිදුවී ඇත්තේ එකල මෙහි පැමිණි වෙළෙන්දන්ගෙන් බව යක්‍ෂ ගෝත්‍රිකයන් මෙහිම සඳහන් කර තිබේ. ඒවා වැළැක්වීමේ අරමුණින් මෙම වගන්ති සමාජයට දීම කර තිබේ.
යක්‍ෂ ගෝත්‍රික පරපුරේ මනරම් වූ කාව්‍ය ග්‍රන්ථයක් තිබේ. එය 'රක්ඛ මහිලා ග්‍රන්ථය' ලෙස හඳුන්වයි. මෙම රක්ඛ මහිලා ග්‍රන්ථය, යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ තේරී පූර්ණිකාවේ අඩංගු වන්නකි.
රවිශෛලාෂ පරපුරේ යක්‍ෂ ගෝත්‍රික පද්‍ය සාහිත්‍ය කලාව ගැන වරිග පූර්ණිකා පුස්තකය මෙසේ දක්වයි.
යක්‍ෂ ගෝත්‍රිකයන් කාව්‍ය ශෛලීන් පහක් අනුගමනය කර ඇත. ඒ මෙසේය. 
සත්ත ඉඳුබ, ජාතිස කාලමන, 
අග්ගිලා බෝජ, තිමිහිර, සළඹ සෝවුර.
"සිපිකි සොඳ ලුකමැ රවිශෛලාෂ යකුග සළඹ සෙවුර මෙරැක ඉඳුමුණ මුර තුමුස"
උඩුකය දැහැන සළුපොට සුසිල බව ළයේ
සුදැතිය නුඹගේ සත්පොට දැහැන ගෙල තියේ
සොබනය රුවින නෙත රසඳුනට සකි ලියේ
දකිතය උහුන කෙලෙසුන් බිඳෙති භව කයේ
"මේවායින් අපිට පැහැදිලි වන එක දෙයක් තියෙනවා. ඒ යක්‍ෂ ගෝත්‍රික පරපුර සතුව තිබූ සකල කලා ශිල්පවල දැනුම් සම්භාරය. එකල ඔවුන් ජීවත් වුණේ පරිසරය එක්ක. ඒ ජීවිතවලට රිද්මය වුණේ අව්ව, වැස්ස, සුළඟ. මේ හැම දෙයක්ම අපිට කියා පාන්නේ රණ ශූරයකු, පාලකයකු යනු සොබාදහමත් එක්ක ජීවත්වන කෙනෙක් කියලා. ඒ ජීවිතය තුළ තමයි "පෝනු, කයිර, මණ්ඨක, පදියාන" නමින් එදා ලංකාව කොටස් හතරකට බෙදෙන්නෙ.
මේ රාවණාගේ යුව රජ්ජුරුවො වුණේ ඔහුගේම පුතා. ඒ උපේන්ද්‍රමිණික කුමාරයා. ඔහු රජකමට එන්නෙ තාත්තාගෙන් පස්සේ. එදා රකුන්ගිර අද රිටිගල ප්‍රදේශය තමයි තමන්ගෙ රාජ්‍යය කරගත්තේ.
උපේන්ද්‍රමිණික රජ්ජුරුවන්ට පුතුන් දෙදෙනකු හිටියා. එක පුතෙක්ගෙ නම රවිශෛලාෂ මණ්ඨක. අනික් පුතා වුණේ කේවේසස්ථාන. මේ රවිශෛලාෂට තවත් නමක් තිබුණා. ඒ ගිරිකාල මණ්ඨක.
මේ කාලේ රාවණ රජ්ජුරුවන්ට ඖෂධ උයන් දෙකක් තිබුණා. ඒකෙන් එක් ඔෟෂධ උයනක් තිබුණේ උතුරුකරේ යාපනය කේන්ද්‍ර කර ගනිමින්. ඒකට කිව්වෙ පසිඳගිය මණ්ඨාල කියලා. මෙන්න මේ ඔෟෂධ උයන මුල්කරගෙන තමයි රාවණාගේ එක් මුනුපුරෙක් රාජ්‍යය ගොඩනැඟුවෙ. ඒ කේවේසස්ථාන කුමාරයා. ඒකට කියපු නම වුණේ කේවේසස්ථ මන්ඨක පදියම.

රාවණාගේ අනික් මුනුපුරා වුණේ රවිශෛලාෂ කුමාරයා. මේ කුමාරයා රාවණාගේ අනික් ඖෂධ උයන මුල්කරගෙන රාජ්‍යයක් ගොඩනැඟුවා. ඒ උයනෙ නම වුණේ අරවුද සෝත උයන කියන නම. ගොඩනැඟුව රාජ්‍යයට කිව්වෙ රවිලාෂ මණ්ඨක පදියම එහෙමත් නැත්නම් ගිරිකාල මණ්ඨක පදියම කියලා. මේ රාජ්‍යය තිබිච්ච තැනට එදා කිව්වෙ රකුන්ගිර කියලා. අද එතෙන්ට කියන්නෙ රිටිගල කන්ද කියලා.
මේ විදියට බලනකොට උතුරු නැඟෙනහිර පළාත්වල පදිංචිවෙලා හිටියෙ කේවේසස්ථාන වංශිකයන්. රිටිගල පැත්තෙ පදිංචි වෙලා හිටියෙ රවිශෛලාෂ වංශිකයන්. මෙන්න මේ රවිශෛලාෂ පරපුරට පරම්පරාගත රාජ නාමාවලියක් තියෙනවා. ඒක වරිග පූර්ණිකාවෙ මේ විදියට දක්වලා තියෙනවා.
කසාගිරි රජු, දෙව්ලගිරි රජු, වාරසික රජු, සේතකඨ රජු, උජුපල රජු, බැබිල ගිර රජු, මන්දාක රජු, අකිලික රජු, කීර්තිධීර රජු, රෞලාන රජු, මෝජගිරි සෙන්පති, උරසිකාර සෙන්පති, ඉදියර සෙන්පති, කන්කුර සෙන්පති, ගෝසල මාන සෙන්පති, භධාගිරික සෙන්පති.


රාවණාගේ පාලන කාලයේ එදා ලංකාව කොටස් හතරකට බෙදලා තිබුණෙ මේ විදියට
1. ශ්‍රී ලංකාවේ උතුර හා උතුරු මැද ප්‍රදේශය.
එදා මෙම ප්‍රදේශය හැඳින්නුවෙ මෝභිශූන මණ්ඨක පදියාන කියලා. ඒ එක්කම ඒකට තවත් නමක් කිව්වා. ඒ කේවේසස්ක මණ්ඨක පදියාන කියලා.

2. ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශය.
මේක තමයි මෙරටේ විශාලම යක්‍ෂ ගෝත්‍රික බල ප්‍රදේශය. හැඳින්නුවෙ වායිකුජ මණ්ඨක පදියාන කියලා. මේ ප්‍රදේශය තවත් අනු මණ්ඩල හතරක් පාලනය කෙරුවා. ඒ සත්තානා රක්ඛ පදියම, මහාගිරි රක්ඛ පදියම, සබරගිරි රක්ඛ පදියම, කන්දර රක්ඛ පදියම කියලා.

එදා රකුන්ගිර සන්තාගිර අද රිටිගල කියන ප්‍රදේශය මුල්කරගෙන නීලගිරිය, ගිරිදේශය, උපුල්වන්ගිරිය,
ලලාව දේශය, ධූමක කද්දිරිය වගේ ප්‍රදේශ යක්‍ෂ සෙන්පතිවරු පාලනය කෙරුවා.

3. ශ්‍රී ලංකාවේ නැඟෙනහිර ප්‍රදේශය.
ශෛරාකශිල මණ්ඨක පදියම විදියට හැඳින්නුවා. ත්‍රිකුණාමල බල ප්‍රදේශය යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ බල ප්‍රදේශ වුණා. මහියංගණ ප්‍රදේශයත් මේ බල ප්‍රදේශයට අයිති වුණා.

4. ශ්‍රී ලංකාවේ බටහිර ප්‍රදේශය.
හැඳින්නුවේ හිරසල මණ්ඨක පදියාන කියන නමින්. කොළඹ, ගම්පහ, කළුතර ප්‍රදේශ යක්‍ෂ ගෝත්‍රිකයො බල ප්‍රදේශ කරගෙන පාලනය කළා.
මේ රාජ පරම්පරාවෙ හිටියා මහානාම රජ කියලා කෙනෙක්. මේ මහානාම රජු රජ කරන කාලයේ විවාහක බිසවකගේ ඉල්ලීමක් පිළිඅරගෙන කර්මාන්ත දෙකක් කළා. ඒ නීලගිරි වාපිය සහ නීලගිරි තෙර සිප්ගල. අදත් ඒ කර්මාන්ත දෙක තවම තියෙනවා. ඒවා අද හඳුන්වන නම් වෙනස්. ඒ පිළිවෙළින් මහානාම වාපී සහ මහානාම පිරිවෙන කියලා. මේක වරිග පුස්තකයේ දක්වලා තියෙනවා. ඒකෙ සිංහල තේරුම මේ විදියයි.
"සව් සිතින් භද්‍රපද වූ මහානාම ශ්‍රී නරේන්ද්‍රයාණෝ උග්‍ර හෘද මණ්ඩල ඒකාලෝක කළ රකුන්ගේ යස ශ්‍රිණිය සිරිමේඝා රත්නපාලි මහේෂිකාවුන් වහන්සේ හා සව්සිරින් වැජඹෙන්නේ එකල්හි රජු මෙහෙෂියන්ගේ බන්ධු වර්ගයා පිරිවරා වරිග සභා මණ්ඩපයේ වැඩ හිඳ නීලගිරි ග්‍රාම මහානාම ග්‍රාම ලෙසින් කළෙමි."

උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

රාවණා පරපුර .. (.rawana -අබිරහස් අඩවිය - Abirahas Adawiya)

යක්‌ෂගෝත්‍රික හෙවත් රාවණා පරපුර බුද්ධකාලය වන විට පරම්පරා දෙකක්‌ වශයෙන් ප්‍රසිද්ධව පැවතිණි. රවිශෛලාශ වංශය හා කේවේසස්‌ථ වංශය වශයෙනි. නැව් තාක්‌ෂණය මුහුදු තරණය හා මුහුදු සටන් පිළිබඳව ඉහළින් ප්‍රගුණ කළ කේවේසස්‌ථ වංශිකයෝ ත්‍රිකුණාමලය යාපනය ආදී ප්‍රදේශවලත්, බටහිරින් මක්‌කම (පුත්තලම) ධූමක කද්දිරය (කලා ඔය) මීමඨ නඳුර (මල්වතු ඔය) මුහුදු සීමාවෙත් ජනාවාස පිහිටුවා ගත්හ. පසු කලෙක කෝණ වංශිකයන් නමින් ප්‍රසිද්ධ ව සිටි මේ අය අදත් අබේකෝන්, අලහකෝන්, තෙන්නකෝන් යන නම්වලින් තම වංශ නාමය රැකගෙන ඇත. කෝණ, යෝණ යන නම්වලින්ද පෙනී සිටියෝ මේ අය වෙති. බුදුරජාණන් වහන්සේ යෝනක පුරයට වැඩම කොට ශ්‍රී පාද ලකුණ පිහිට වූ බව බෞද්ධයන් දන්නා කරුණකි. යෝණක පුරය නමින් එදා හඳුන්වන්නට ඇත්තේ යාපනය අර්ධද්වීපයයි.
කේවේසස්‌ථ හා රවිශෛලාශ වංශිකයන් පිළිබඳ සඳහන් වරිග පූර්ණිකා පත්ඉරුවෙහි මෙසේ සඳහන් වේ.

“ශ්‍රී මහෝත්තම විරාජමාන ශාක්‍යවංශාලංකෘතවූ සම්‍යක්‌ සම්බෝධි පීතෘන් කුළුනැස පා බලාපි කළ සිද්ධිපානා ඊකරා බලපතීව් කාගෝර කද්දිරය මිනිමිහිදේශයේ උත්තර කොදෙව්වෙන් කෙවේසස්‌ථා රක්‌නා රකුන් කුල (මහවැලි ගඟ) ඊමවැ මහගිරි රකුන්පත් අනඥාව කරා සෙවිලී ඊමග මේ නිසාවෙන් පත් ඉරු කරම්හ මෙහෙනි ක්‌ෂීර කේමවැ මිනිමිහි දේශේ”
ඔදැතිය උපුල්වන් ගිරිදෙස්‌ රකුන්පති ඊ බලපති වී

ඔදැතිය රකුන්ගිරි දෙස්‌ රකුන්පති ඊ බලපති වී

ඔදැතිය නීලගිරි දෙස්‌ රකුන්පති ඊ බලපති වී
ඔදැතිය කාවස්‌ලාභ රකුන්පති ඊ බලපති වී
ඔදැතිය ධුමක කද්දීර රකුන්පති ඊ බලපති වී
ඔදැතිය වාලුක දෙස්‌ රකුන්පති ඊ බලපති වී
ඔදැතිය අග්නිදෙස්‌ රකුන්පති ඊ බලපති වී
ඔදැතිය විලෝපාදි දෙස්‌ රකුන්පති දෙස්‌ බලපති වී
වරිගපූර්ණිකා කියමනට අනුව ලංකාවේ උතුරු ප්‍රදේශයේ කේවේසස්‌ථා නම් යක්‌ෂ ගෝත්‍රික කුලයට අයත් පාලන ක්‍රමයක්‌ විය. මෙහි මහා ගිරි වශයෙන් හඳුන්වන්නේ ශ්‍රී පාද කඳු වැටියයි. එය කේන්ද්‍ර කරගත් හා ප්‍රදේශීය රාජ්‍යයන්ගෙන් සමන්විත පාලන ක්‍රමයක්‌ දකුණු ප්‍රදේශයේ ස්‌ථාපිත වී තිබිණි. වරිග පූර්ණිකාවට අනුව මහාගිරි ප්‍රධාන කරගත් අනෙකුත් ප්‍රාදේශීය රාජ්‍යයන් වන්නේ
1.උපුල්වන්ගිරි දේශය – දඹුල්ල ප්‍රදේශය මුල් කරගත් කන්ද උඩරට ප්‍රදේශය.
2. රකුන්ගිරි දේශය – රිටිගල ප්‍රදේශය.
3. කාවස්‌ථ ලාභ යක්‌ෂ කුලය පාලන ප්‍රදේශය – හබරන මහියංගන ප්‍රදේශය.
4. නීලගිරි දේශය – මානෑව කඳුවැටිය ප්‍රධාන කරගත් අනුරාධපුර ප්‍රදේශය.
5. ධූමක කද්දීර දේශය – කලාඔය ගල්ගමුව ගිරිබාව ආදී ප්‍රදේශ.
6. වාලුක දේශය – තම්මැන්නා අඩවිය විල්පත්තු වන අඩවිය.
7. බන්දු දේශය – නැගෙනහිර ප්‍රදේශය.
8. අග්නි දේශය – ගිනිකොණ ප්‍රදේශය.
9. වීලෝපාදි දේශය – බටහිර ප්‍රදේශය.
මහගිරි සෙන්පතියා යටතේ පැවති මේ ප්‍රදේශවල පාලන බලය උසුලනු ලැබුවේ ප්‍රාදේශිය යක්‌ෂ ප්‍රධානීන් විසිනි. වරිග පූර්ණිකාවට අනුව ලංකාවේ යක්‌ෂ ගෝත්‍රිකයන්ගේ ප්‍රධාන රාජ්‍ය දෙකක්‌ තිබිණි. එකක්‌ වූයේ ලංකාවේ දකුණු ප්‍රදේශය පාලනය කළ කේවේසස්‌ථ වංශයයි. දෙවැන්න ප්‍රාදේශීය රාජ්‍ය නාමයකින් යුක්‌ත මහගිරි යක්‌ෂ සෙන්පතියාගේ පාලන ප්‍රදේශයයි. යක්‌ෂ ගෝත්‍රික මූලාශ්‍ර අනුව කවිලාශිපාලි දේවියට බණ දේශනා කළ පුණ්‌න වෙළෙන්දා බුදුන් ළඟ පැවිදී වී රහත්ඵලයට පත්වීය. කවිලාශි අග්නිපාලී දේවිය පුණ්‌න රහතන්වහන්සේ හරහා බුදුන්වහන්සේට ලක්‌දිවට වැඩම කරන ලෙස ආරාධනා කළාය. එය පිළිගත් බුදුන්වහන්සේ පූණ්‌න තෙරුන් වහන්සේ, ආනන්ද තෙරුන් වහන්සේ, පුස තෙරුන්වහන්සේ සමග ලක්‌දිවට වැඩම කළහ. මේ ප්‍රදේශය මුලින් ලලාට දේශය නමිනුත් පසුව මක්‌කම නමින් ප්‍රසිද්ධියට පත්විය.
යක්‌ෂ ගෝත්‍රික භාෂාවෙන් මක්‌කමා යනු සලකුණ යන අර්ථය ලැබේ. බුදුන්වහන්සේ ලක්‌ දෙරණේ පය තැබූ ස්‌ථානයේ උන්වහන්සේගේ දකුණුපාදය වැල්ලේ එරී ගියේය. මෙය ලක්‌දිව තැබූ පළමු ශ්‍රී පාද සලකුණයි. මෙය බෞද්ධයන්ගේ හරසරයට ලක්‌වීම නිසා මේ ස්‌ථානය පූජනීය ස්‌ථානයක්‌ බවට පත්විය. පුත්තලමත් මන්නාරමත් අතර ප්‍රදේශයක මේ පූජනීය ස්‌ථානය අදටත් අප්‍රකටව පවතී. වරිග පූර්ණිකාවට අනුව බුදුන්වහන්සේ වාලුකා දේශය, වැලිවෙහෙර (විල්පත්තුව), ගිරිදේශය, නීලගිරිය, රකුන්ගිර යන ස්‌ථානවලට වැඩම කළේය. නීලගිරියේදී උන්වහන්සේ විෂකුම්භණ සූත්‍රය දේශනා කළහ. එය ශ්‍රවණය කළ කවිලාශ අග්නිපාලී දේවිය අරහත් ඵලයට පත්වුවාය. මෙම රහත් මෙහෙණිය මීමථ කඳුර අද්දර ආරාමයක්‌ කොට වැඩ විසුහ. රත්නාවලී රහත් මෙහෙණිය නමින් ප්‍රසිද්ධියක්‌ ඉසුලු මෙම මෙහෙණින් වහන්සේ ලංකාවේ භික්‌ෂූ භික්‌ෂුණී සාසනය පිහිටුවීමට මූලිකත්වය දැරූහ.
නීලගිරියේ බුදුන්වහන්සේ ධර්ම දේශනා කළ ස්‌ථානය තම ගෙල පැළඳ සිටි මුතු මාලය තැන්පත් කොට විෂකුම්භණ නම් චෛත්‍යයක්‌ කවිලාශිපාලී මෙහෙණිය විසින් ඉදි කරන ලදී. මෙම විෂකුම්භණ නම් චෛත්‍යය අදත් මානෑකන්දේ නටඹුන් අතර දක්‌නට ලැබේ.
රකුන්ගිරට වැඩම කළ බුදුන්වහන්සේ එහිදී ගිරිභද්‍ර සෙන්පතියාගේ මිථ්‍යා මත දුරු කොට ධර්ම දේශනා කළහ. බුදුන්වහන්සේ මෙම ස්‌ථානයේ ද ශ්‍රී පාද ලාංඡනය පිහිටුවා වදාළහ. සච්චභද්ද ගිරිය නමින් ප්‍රසිද්ධ වූයේ මෙම ස්‌ථානයයි. සත්නාගිර හෙවත් රකුන්ගිර සිට උපුල්වත් ගිරියට වැඩම කළ බුදුන්වහන්සේ එහි වස්‌
කාලයක්‌ වැඩ විසුහ. යක්‌ෂ ගෝත්‍රිකයො බුදුන්වහන්සේට වැඩ සිටීමට ලෙනක්‌ පූජා කළේය.
කවිලාශිපාලි රහත් මෙහෙණියට දියණියන් දෙදෙනෙකි. ඔවුන් නම් මහාපාලි, සෘෂිපාලි යන දෙදෙනාය. ගිරිභද්‍රගේ අභාවයෙන් පසු ගිරි දේශයේ පාලිකාව බවට පත්වූයේ මහපාලී කුමාරියයි. ඇය කවිලාශිපාලි මෙහෙණිය පිරිනිවන් පෑ විට එම ස්‌ථානයේ කුඩාවට චෛත්‍යයක්‌ ඉදිකොට බුහුමන් දැක්‌වූවාය. පසුව දුටුගැමුණු රජු එම චෛත්‍යය විශාල කොට බැඳ රත්නමාලී යන නම තැබූවේ කවිලාශිපාලී මෙහෙණියට කරන ගෞරවයක්‌ හැටියටය. රත්නමාලි චෛත්‍යයේ ඉදි කිරීමද යක්‌ෂ ගෝත්‍රිකයන් හා බැඳී පවතින බව මෙමගින් තහවුරු වේ.
එබැවින් රාවණා පරපුර බෞද්ධ සංස්‌කෘතියක්‌ තුළ ජීවත් වූ ශේ්‍රෂ්ඨ ජාතියක්‌ බව පිළිගන්නට සිදුවේ.
යක්‌ෂ ගෝත්‍රිකයන් පිළිබඳ අතිශයින් දුර්ලභ තොරතුරු රැගත් මූලාශ්‍ර අතර වැදගත් තැනක්‌ ගන්නේ රවිශෛලාශ (රාජකරුණා) වංශයට අයත් වරිගපූර්ණිකාව නම් වූ පුස්‌කොල ග්‍රන්ථයයි. කන්ද උඩරට රාජාධිරාජසිංහ රජ සමයේ මානාපවි අරණවැසි නීලගිරික බෝධි වංශාභය නොහොත් ශ්‍රී බෝධි වංශාභිධාන තෙරනමක්‌ විසින් මෙය රචනා කර ඇත. අදින් ශතවර්ෂ ගණනාවකට එහා රාවණා යුගයේ සිට එම පරපුරේ සුරක්‌ෂිතව පැවති ග්‍රන්ථ රැසක්‌ ඒකරාශී කර වරිගපූර්ණිකා පුස්‌කොළ ග්‍රන්ථය සම්පාදනය කර තිබේ.
ශ්‍රී බු.ව. 2329 දී රාජාධි රාජසිංහ රජතුමා වෙතින් වීර සන්නස ලැබූ මානෑවේ කිරිමැණිකා පියුමලිපාලී නම් රවිශෛලාශ යක්‌ෂ වංශික කුමරියගේ දෙටු සොයුරු ස්‌වකීය ප්‍රවේණියේ ප්‍රෙෘඪත්වය අනාගත පරපුරට දායාද කිරීමේ අභිලාශයෙන් වරිගපූර්ණිකාව අන්තර්ගත පංචරක්‌ඛාවලිය නම් ග්‍රන්ථය රචනා කළහ. එහි දී උන් වහන්සේ රාවණා යුගයේ සිට එවකට සුරක්‌ෂිතව පැවති පුස්‌කොළ සහ ගොස්‌සර ග්‍රන්ථ රැසක්‌ ගුරුතන්හි තබාගත්හ. වරිගපූර්ණිකාව, විභූෂපූර්ණිකාව, සලසාන පූර්ණිකාව සුන්දල පූර්ණිකාව, මන්දාල පූර්ණිකාව යන ග්‍රන්ථ පහෙන් යුක්‌ත බැවින් පංච රක්‌ඛාවලිය නමින් මේ ග්‍රන්ථය හඳුන්වනු ලබයි.
යක්‌ෂ ගෝත්‍රිකයන් විසින් රචිත ත්‍රිපිටක අටුවා ග්‍රන්ථ, වෛද්‍ය ග්‍රන්ථ වැනි ග්‍රන්ථ රැසක්‌ නීලගිරියේ මුණමුර පුස්‌තක ලෙනෙහි සුරක්‌ෂිතව පැවතුණි. මහානාම රජ සමයේ උර්දුලන් නීලවේලඳු නම් ආක්‍රමණික සෙන්පතියෙකු විසින් මෙම මුණමුර පුස්‌තක ලෙන විනාශ කරන ලදී. සිත් පිත් නැති පර දෙස්‌සා ගිනි තැබූ පුස්‌තක ලෙනේ ගිනිදැල් අතරින් මානාපවි නඛාධම්ම හිමියන් බේරා ගත් පුස්‌තක අතළොස්‌සක්‌ ඉතිරිව පැවතුණි. පංචරක්‌ඛාවලියේ කොටසක්‌ වන වරිගපූර්ණිකාවේ සඳහන් ග්‍රන්ථ නාමාවලිය බොහෝ විට ගින්නෙන් බේරා ගත් ග්‍රන්ථ විය හැකිය.
කවිලාශපාලි සැදිය, රවිශෛලාශ තෙද්දය, මුහුන් දෙයුර, භවාඅග්‍රතන්ත්‍රය, රක්‌ඛානසැරයාන, සිළිඹියාපත, විෂකුම්භණ සැදිය, රිරි කොළස, උත්ත්‍රාචක්‍රසැදිය, නීලගිරිසත්තය, ගිරිඛණ්‌ඩජල සැදිය, අසුරඅත්විසය, කාලම් අග්නිසන්දය, සුන්දලපුරාණය, කෝසල්ල කේඪුව, රක්‌ඛාන ගර්ජය, සලම්භිඅග්නිය, විෂකුම්භණ ද්වන්ත්‍රය, මුණමුර කෞරවය, වෙශමුණි ධරණිවතය, මවුරි වතය, කවිලාශ අග්නිය, සුබෝධිපුරාණය, දද්දල සෙලිය, කම්භණි මුරාග්‍රථය, ගොරාපාසලම, ඔරුමාලපටිදය, රකුන් අනාඥාවලිය, විසිතාග්‍රවරණය, රක්‌ඛ ඉලෝනිලෝව, මුරාග්‍රතන්ත්‍රය, සිලම්බි අග්නිය, සිරි මේඝාවතිය, ගෞරනිගාතය (ථුසලව), කෝරනිගාතය (විඡ්ජය), කවිලාශවන්ඨය, ගෝරාබිග්‍රය, රක්‌ඛසුලාධිය, රක්‌ඛ විද්‍රdශනය, රක්‌ඛ විජලකාව, කුකුරමාන භද්දය.
යන ග්‍රන්ථ නාමාවලිය ඇතුළු තවත් ග්‍රන්ථ රැසක නම් වරිගපූර්ණිකාවෙහි සඳහන් වෙයි.

පංචරක්‌ඛාවලිය රචනා කළ බෝධි වංශ හිමි බුද්ධ කාලයේ සිට පැවතෙන යක්‌ෂ ගෝත්‍රයෙන් පැවිද්ද ලැබූ
භික්‌ෂූ පරම්පරාවක්‌ ගැනද සඳහන් කරයි. බුදුන් වහන්සේගේ ලංකා ගමනේ දී යක්‌ෂ ගෝත්‍රිකයන්ට දෙසූ අභිධර්මය අසා මාර්ගඵල අවබෝධ කරගත් විභීෂභද්‍ර යක්‌ෂ සෙන්පතිතුමා යක්‌ෂ ගෝත්‍රික ප්‍රථම භික්‌ෂූව ලෙස සඳහන් කරයි. එතුමා පැවිදි වී බිහි කළ භික්‌ෂූ පරපුර ප්‍රාග් මහින්ද යුගයේ ශ්‍රී ලාංකික භික්‌ෂු පරපුර ලෙස සැලකිය හැකිය.
පංචරක්‌ඛාවලිය රචනා කිරීමේදී කුටීර අරණේ අඩමසක්‌ද, කන්තිර කද්දිර අරණේ සිව්මසක්‌ද, රකුන්ගිර අට මසක්‌ද වැඩ වාසය කළ බව ග්‍රන්ථ කතුවර හිමියෝ සඳහන් කරති. පංචරක්‌ඛාවලිය කතුවර බොධිවංශාභය හිමියන්ගේ ශිෂ්‍ය පරපුරේ රතනසෝභිත උපාධ්‍යයන් වහන්සේගේ ශිෂ්‍ය භික්‌ෂූවක ලෙස සිටි මානෑවේ ධම්මසෝභිත හිමි කුටීර ලෙන් විහාරයේ තිබී වරිගපූර්ණිකා ග්‍රන්ථය තම අතට පත්කර ගත්හ. පංචාරක්‌ඛාවලියේ සෙසු ග්‍රන්ථත් මෙම වරිගපූර්ණිකා ග්‍රන්ථයත් අධ්‍යයනය කළ මෙතුමා පසුව පැවිදි දිවියෙන් ඉවත් වී හෙළ ආයුර්වේද වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කළේය. ඒ අන් කවරෙකු නොව මානෑව රවිශෛලාශ පරපුරේ ඉතිහාසය සොයා ගත් රාජකරුණා තේවහාමි නොහොත් එකසිය අටේ මුත්තා වෙද ඇදුරාණන්ය. එතුමා හැර වරිගපූර්ණිකා පුස්‌කොළ ග්‍රන්ථය වන පොත් කරනු ලැබ ඇත්තේ බෝධිවංශ හිමියන්ගේ මුණුබුරෙකු වූ රාජකරුණා කිරිබණ්‌ඩා තේවාචාර්යතුමා විසිනි. මෙතුමා පංචරක්‌ඛාවලිය කියවා ධාරණය කරගත් එම වංශික බහුශ්‍රැතයෙකි. රාජාධිරාජසිංහ වීර සන්නස රාජ්‍ය ලේඛනාගාරයට පරිත්‍යාග කරනු ලැබුවේ මෙතුමා විසිනි.
එකසිය අටේ මුත්තා වෙද ඇදුරාණන්ගේ කණිටු පුත්‍ර රාජකරුණා වන්නිහාමි වෙද ඇදුරාණන් විවාහ වූයේ කිරිබණ්‌ඩා තේවාචාර්යතුමාගේ සොයුරියක සමගිනි. ඇය ඩිංගිරි අම්මා දෙමටමලී නම් වූවාය. ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්‌zඨාශයට අයත් ගන්තිරියාගම විසූ රාජකරුණා වන්නිහාමි වෙද ඇදුරාණන් සහ ඩිංගිරි අම්මා වෙද පතිනියගේ නිවසේ පොත්ගුල තුළ සුරක්‌ෂිතව පැවති මෙම ඓතිහාසික පුස්‌කොළ ග්‍රන්ථය එම යුවළගේ අභාවයෙන් පසුව අස්‌ථානගත වී ඇත.
දීර්ඝ ඉතිහාසයකට නෑකම් කියන වරිගපූර්ණිකා පුස්‌කොළ ග්‍රන්ථය පත් ඉරු දහසකින් සමන්විත වන අතර අනු පුස්‌තක දහයකින් යුක්‌තය. මෙහි විශකුම්භණ අණපත නම් උපග්‍රන්ථයක්‌ ද විය. වරිගපූර්ණිකාවෙහි එන අනු පුස්‌තක,
හස්‌ති මදාරා සිලම්බුව, රුක්‌ අත්තන සිලම්බුව, සඳුන් සිලම්බුව, දුනු මඩලා බැඳි සිලම්බුව, කළු ඇසළ සිලම්බුව, මොර දවුල සිලම්බුව, කෙකරි ඉඹුල් සිලම්බුව, කාඩිය සිලම්බුව, කුඹුක්‌ සිලම්බුව
පත්ඉරු 100 බැගින් වූ මෙම අනු පුස්‌තකයන්ට එකී නම යොදා ඇත්තේ පුස්‌තකයේ බාහිර ආවරණය සකස්‌ කර තිබූ දැව වර්ගය අනුවය. යක්‌ෂ ගෝත්‍රික ආදි ගත්කරුවන් මෙකී ලේඛන සැකසීමේ ක්‍රමය අනුගමනය කරන ලද්දේ කාණ්‌ඩයක්‌ වෙන් කර තැබීම සඳහායි. බෝධිවංශ හිමියෝද තම වරිග සම්ප්‍රදායන්ට ගරු කරමින් වරිගපූර්ණිකා පුස්‌කොළ ග්‍රන්ථය සකස්‌ කර ඇත. එක අනු පුස්‌තකයක්‌ (සුගුල) දිග ප්‍රමාණය අඩියක්‌ පමණ ද (සුග) පළල අඟල් පහකින්ද පත්ඉරු ප්‍රමාණය 100 ක්‌ පමණකින්වත් සම්පූර්ණ වී තිබිය යුතුය. සුගුල දිග මැනීමේ ඒකකයයි. සුග පළල මැනීමේ ඒකකයයි. වරිගපූර්ණිකා පුස්‌කොළ ග්‍රන්ථයෙහි අනුපුස්‌තකවල වංශයෙහි උන්නතිය උදෙසා වැදගත් කරුණු අන්තර්ගත කොට තිබේ.

1. හස්‌ති මදාරා රුක්‌ අත්තන සඳුන් බැඳි පුස්‌තකයෙහි අන්තර්ගත වී ඇත්තේ යක්‌ෂ ගෝත්‍රික නීති සහ පරිපාලනය පිළිබඳ උපදෙස්‌ය.
2. කළු ඇසළ බැඳි අනු පුස්‌තකයේ යක්‌ෂ ගෝත්‍රිකයන්ගේ ගද්‍ය, පද්‍ය තොරතුරු ඇතුළත්ය.
3. මොර දවුර බැඳි පුස්‌තකයේ යක්‌ෂ ගෝත්‍රික භාෂාවක්‌ පිළිබඳ සහ වාග් විද්‍යාත්මක තොරතුරු අන්තර්ගතය.
4. කෙකරි ඉඹුල් බැඳි පුස්‌තකයේ යක්‌ෂ ගෝත්‍රික සිරිත් විරිත් පිළිබඳ තොරතුරු අන්තර්ගතය.
5. කාඩිය බැඳි පුස්‌තකයේ යක්‌ෂ ගෝත්‍රිකයන්ගේ ආගමික සමාජ විද්‍යා, මනෝ විද්‍යා තොරතුරු අන්තර්ගතය. යක්‌ෂ ගෝත්‍රිකයන්ට කවිලාශපාලි මෙහෙණිය දෙසූ සූත්‍ර ද මෙහි අන්තර්ගතය. එම මෙහෙණින් වහන්සේගේ භාවනා ක්‍රම 12 ක්‌ පිළිබඳව ද මෙහි ඇතුළත්ය.
6. කුඹුක්‌ බැඳි පුස්‌තකයේ යක්‌ෂ ගෝත්‍රික ශිල්පීය ක්‍රම සහ සටන් ක්‍රම පිළිබඳ සඳහන් වේ. මූර්ති, පන්නම්, ගෘහ නිර්මාණ, හස්‌ත කර්මාන්ත (රෙදි) ආදියත් වාරි, වාපි, ජල සම්පාදන ක්‍රම, මාර්ග විද්‍යා, උමං, විද්‍යා, ජල විද්‍යා ආදි ඉංජිනේරු ශිල්පයන් පිළිබඳව සඳහන් කරයි.
සටන් ක්‍රම ලෙස අන්ගම්පුර සටන්, දුනු, හී, හෙල්ල, කඩු සටන් ක්‍රමද නිල පීඩන (තඩංග) සටන් ක්‍රම පිළිබඳව ද සඳහන් කරති.
වරිග පූර්ණිකාවෙහි උප ග්‍රන්ථයක්‌ ලෙස රචනා කර ඇති විෂම්කුම්භණ අණපනත පුස්‌තකය පත්ඉරු 1000 කින් යුක්‌තය. අනු පුස්‌තක දෙකකින් යුක්‌තය. ඒවා හඳුන්වන්නේ රංතෙලඹු බැදි අණපත, කිරි තෙළඹු බැදි අණපත වශයෙනි. තෙළඹු දැවයෙන් පුස්‌තකයේ බාහිර ආවරණය යොදා ඇති බැවින් රංතෙළඹූ හා කිරි තෙළඹු නාමය ඒවාට යෙදී ඇත. පුස්‌තක දෙකම පත්ඉරු 500 කින් සමන්විතය. රංතෙළඹූ අණපත ග්‍රන්ථයෙහි පත් ඉරු 300 ක රවිශෛලාශ යක්‌ෂ භාෂාව සඳහා සිංහල අරුත් යොදන ලද ශබ්ද කෝෂයක්‌ සකස්‌ කර තිබීම වැදගත්ය. අවසාන පරිච්ඡේදවල ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ විසූ කේවේසස්‌ථ යක්‌ෂ ගෝත්‍රය පිළිබඳ විස්‌තරයක්‌ද අන්තර්ගතය. රංතෙළඹූ අණපතේ අවසාන පත්ඉරු 10 ක ඇත්තේ රවිශෛලාශ වංශිකයන් ලද ගෞරව හා වීර සන්නස්‌ පිළිබඳ වූ විස්‌තරයකි. අන්‍ය ජාතීන් වෙතින් ලද උපහාර සන්නස්‌ පිළිබඳ විස්‌තර මෙහි ඇතුළත්ය.
රාවණ යුගය හා අපේ ප්‍රාග් ඓතිහාසික ශිෂ්ටාචාරයේ දියුණු බව සනාථ කරන්නට වරිගපූර්ණිකාව නම් මේ එක්‌ මූලාශ්‍රය වුවද අගය මිණිය නොහැකි සාධකයකි.
මානෑවේ විමලරතන හිමි
ත්‍රිපිටකවේදී පණ්‌ඩිත ශාස්‌ත්‍රපති

උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya