Wednesday, August 17, 2016

සොහොන්ගිනි බන්ධනය ...(bandhana gurukam thowil) -අබිරහස් අඩවිය - Abirahas Adawiya


ම්නිස් ජිවිත වෙලාගත් දෝශ අතරින් ඉතා දැඩි විදවීම් නිර්මාණය කරනු ලබන දෝශ තත්වයක් ලෙසින් දුශ්ඨ පාප ( හදිහුනියම් දෝශ * පෙන්වා දිය හැකි වෙයි. භෞතිකවාදි හා නුතන විද්‍යාව තුළින් මෙම දෝශ පිලිනොගැනුනද අනාදිමත් කාලයක සිට හෙළ සම්ප‍්‍රධාය තුළ මෙන්ම ලොවපුරා ඉපැරණි සම්ප‍්‍රධායන් තුළ මෙම දෝශ පිළිබදව බොහෝ තොරතුරු පවති. හදිහුනියමක් යනු අදෘශමාන ශක්තින් උපයෝගී කොට ගනිමින් මිනිසෙකු විනාශ කිරිම ආර්ථිකමය වශයෙන් බිදහෙලීම රෝගීතත්වයන් නිර්මාණය කිරිම මෙන්ම සබදතා බිදහෙලිම ආදි වු බොහෝ මිනිස් කි‍්‍රයාකාරකම් බිදහෙලිය හැකි ක‍්‍රමවේදයකි. ගැඹුරින් මේ පිළිබදව සිතා බැලූවහොත් මේ හරහා සිදුවනුයේ හදිහුනියමට මැදිවන පුද්ගලයාගේ හා පුද්ගලයා ජිවත් වන පරිසරයේ පංචභුත තත්වයේ සමතුළිත තාවය බිදහෙලිමයි. බොහෝවිට එක් භූත තත්වයක් ඉවත් කර එයට ආදේශකයක් ඇතුලූ කිරිම හරහා අස්ථාවරත්වයක් නිර්මාණය කරණු ලබයි.
හෙළ භූත විද්‍යාව තුළ භාවිතාවන සුනියම් වර්ග 25 කි.


1. මරළු පැන්නුම

2. දළ රීරි වටය

3. මහසොහොන් ගිනි මරළුව

4. රීරි කුප්පය

5. මේඝ පාතාල ඕඞ්ඩි බන්ධනය

6. බධ දීෂ්ඨි බන්ධනය
7. කළු රීරි මුර්තුව
8. සන්නි කළු කුමාර මුර්තුව
9. දිරියක් මුර්තුව
10 .වටයක් මුර්තුව
11. මදන කුමාර මුර්තුව
12. සන්නි දැපන බන්දනය
13. සොහොන් ගිනි බන්ධනය
14. මදන සොහොන් බන්ධනය
15. කඩවර ඉරි පැන්නුම
16. ගොළු කීල බන්ධනය
17. මදන සංගිලි බන්ධනය
18. වැදි බන්දු ජිවම
19. රත්නිවිති වැලේ පැන්නුම
20. විජ්ජා පාලූ
21. කමුරු බන්ධන
22. රීරි කුමුරුව
23. ඔඞ්ඩි රීරි බන්ධනය
24. කල්ළු කර්ප බන්ධනය
25. ජල රාම බන්ධන
හදිහුනියම් කිරිම එතරම් අපහසු කටයුත්තක් නොවුනත් එවා ඉවත් කිරිම ඉතා අපහසු කාර්යයකි එයට බොහෝවිට හේතු වන්නේ හදිහුනියමකට බන්ධනය කරන මලගිය ආත්ම විසින් එවා ඉවත් කිරිමට දරන උත්සහයන් අඩපන කිරිමයි . එසේම හදිහුනියමකට ගොදුරු වි ඇති මිනිසේකුට තමන් එවන් තත්වයකට මැදිව ඇතිද යන්න අවබෝධ කර ගැනිමද ඉතා අපහසු කාර්යයකි.

පැරණි ගුප්ත ශාස්ත‍්‍රය තුළ පිල්ලි වර්ග 21
පැරණි ගුප්ත ශාස්ත‍්‍රය තුළ සතුරා විනාශ කිරිම උදෙසා වැඩි වශයෙන්ම උපයෝගී කර ගත් ක‍්‍රමයක් වන්නේ පිල්ලී යැවීමය . පිල්ලියක් යනු මන්ත‍්‍ර ශාස්ත‍්‍රය හරහා නිර්මාණය කරනු ලබන යම් බලවේගයකි. පිල්ලි උදෙසා බහුල වශයෙන්ම උපයෝගි කර ගනු ලැබුවේ ස්වාභාවික පරිසරය තුළ බහුල ලෙසින් ගැවසේන සතුන්ය. එසේ තෝරාගනු ලබන සතා හෝ සතාගේ ස්වරුපයට මලයක්ෂ ආත්මයක් බන්දනය කරනු ලබයි. එම මලගිය ආත්මයේ කාර්යය වනුයේ ලබා දෙන ඉලක්කය වෙත ගොස් අදාල පුද්ගලයා තුළට මංත‍්‍රමය විෂ ඇතුලූ කිරිමයි. මෙම පිල්ලි වල පවතින විශේෂත්වය වනුයේ ඉලක්කය කරා ගමන් කිරිමට ඇති වන අදෘශමාන භාධා ප‍්‍රමාණය අවම වීමයි.
පැරණි ගුප්ත ශාස්ත‍්‍රය තුළ මෙන්ම මලයාලම් භූත ශාස්ත‍්‍රය තුළද මෙම පිල්ලි යැවීම බහුල ලෙස දැකගත හැකි වෙයි .පිල්ලියකට මැදිවන අයෙකුට ඉන් මිදිමට ඇති අවස්ථාව ඉතා අල්පය. එයට හේතු වනුයේ පිල්ලියක් තුළට අසිමිත විනාශ කිරිමේ බලයක් අන්තර්ගත කිරිමයි. සාමාන්‍ය කොඩිවිනයකට වඩා සංකිරණ වු පිල්ලියක් නිර්මාණය කිරිමට යකදුරෙකු ඉදිරිපත් වනුයේ හතුරා විනාශ කිරිමේ එකායන අරමුණින් පමණි.
අපේ ඉතිහාසය තුළ පිල්ලි හරහා මියගිය ප‍්‍රසිද්ධ චරිත බොහොමයක් පිලිබද කථාන්තර පවතී.
පැරණි ගුප්ත ශාස්ත‍්‍රය තුළ පිල්ලි වර්ග 21 දැකගත හැකි වෙයි .
1. ඊරි පිල්ලිය
2. නාග පිල්ලිය
3. කුමාර පිල්ලිය
4. කෝලි පිල්ලිය
5. කන්‍යා පිල්ලිය
6. කනමැදිරි පිල්ලිය
7. ගරුඩ පිල්ලිය
8. කුරුමිණි පිල්ලිය
9. මළ පිල්ලිය
10 .මහ සොහොන් පිල්ලිය
11. ඔඞ්ඩි පිල්ලිය
12. දෙබර පිල්ලිය
13. බඹර පිල්ලිය
14. වඩිග පිල්ලිය
15. සිංහ පිල්ලිය
16. ගජ පිල්ලිය
17. ගිනි පිල්ලිය
18. නීච කුල පිල්ලිය
19. දෙමල පිල්ලිය
20. කඩවර පිල්ලිය
21. තුන් කුළුදුල් පිල්ලිය

උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

දේපල පිළිබඳ ආශාවෙන් ශරීරය තුලට රිංගූ යක්ශණියක් ....(holman katha -අබිරහස් අඩවිය - Abirahas Adawiya )

දේපල පිළිබඳ ආශාවෙන් ශරීරය තුලට රිංගූ යක්ශණියක් ...
භූතයන් අතර මහා සටකපට කෛරාටික භූතයෝ ද සිටිති. මිනිසුන් වාගේ ම ය. ඉඩකඩම් දේපොළ පිළිබඳ ආශාවෙන් මරණයට පත් වූවෝ පහත් භූතාත්මවල ඉපිද ඒවායේ ම සැරිසරති. තවත් සමහරු ඒවායේ ජීවත්වන ඥාතීන්ගේ ශරීරවලට රිංගා ගෙන ජීවත් වෙති. මිනිස් ලොව සිටිය දී සිදු කරන ලද පාප කර්මයන්ගේ විපාක වශයෙන් පේ‍්‍රතාත්ම හෝ යක්ෂාත්ම ලබා ඉපදෙන සමහරු අවුරුදු දහස් ගණන්, දස දහස් ගණන් දුක් විඳිමින් ජීවත් වෙති. තමන් දුක් විඳිනවා මදිවාට ඥාතින්ගේ ශරීරවලට රිංගා ගෙන ඔවුන් ගේ ශරීරවල යුෂ උරා බොමින් බොහෝ කල් යැපෙති. සමහරු පරම්පරා ගණන් ඥාතීන් ගේ ශරීරවලට රිංගා ගෙන සිටිති. එක් අයෙකු මළ විට තවත් කෙනෙකුගේ ශරීරයට රිංගා ගනිති.
ලාලනී ගාල්ල ප්‍රදේශයේ පදිංචි කාරියකි. විවාහක කාන්තාවක් වූ ඇය දැනට පනස් හැවිරිදි වියේ පසුවන්නීය. සන්ධි ගත වේදනා (ආතෙරෙටීස්) දියවැඩියාව හා රුධිර පීඩනය ආදි රෝගවලින් කලක සිට ම පෙළෙන්නීය. මේ අතර හීනෙන් බියට පත් වී කෑගැසීම, නිවසේ බඩු පෙරළී ශබ්ද හට ගැනීම, සුදු පැහැති කාන්තා රූපයක හැඩය ඇති දුමක් වැනි ඡායාවක් නිවසේ එහා මෙහා හැසිරීම නිසා මේ පවුලේ අය මහත් පීඩාවකට පත්ව සිටියහ.

ඇගේ ස්වාමි පුරුෂයා ඇය මේ තත්ත්වයෙන් ගොඩ ගැනීම සඳහා විවිධ වෛද්‍ය ප්‍රතිකාර කළේය. විවිධ ශාන්ති කර්ම කැරවූයේය. ආගමික වතාවත් කළේය. එහෙත් ඒ කිසිවකින් සුවයක් හෝ සහනයක් ලබා ගන්නට නොහැකි විය.
මේ කරදරයෙන් සහනයක් පතා ඇදුරන් ගෙන්වා තොවිල් තුනක් කළේය. එක් තොවිලයක දී ලාලනී ආවේශ වී තමන් ගේ මියගිය තාත්තා භූතාත්මයක ඉපිද තමන් කරා පැමිණ හිරිහැර කරන බව කීවාය. ඒ පිළිබඳ අවශ්‍ය දොල පිදේනි දී තාත්තා ගේ භූතාත්මය අල්ලා බැඳ කුප්පියකට දමා සිර කොට මුහුදට දමන බව කියා ඇදුරෝ එය රැගෙන ගියහ.
මාසයක් ගත වූයේ නැත. නැවතත් පෙර පරිදි ම ලෙඩ දුක් කරදර ගලා එන්නට විය. නැවතත් ඇදුරන් හමු වී තවත් තොවිලයක් කළේය. එහි දී ලාලනී ප්‍රලය වී පැවසුවේ තමන් ගේ සීයා ගේ භූතාත්මය තමන්ටත් නිවැසියන්ටත් හිරිහැර කරන බවය. ඇදුරෝ එවර සීයාගේ භූතාත්මය අල්ලා බැඳ සිරකොට මුහුදට දමන්නට අරගෙන ගියහ.
තවත් මාසයක් ගත වන විට ලාලනී පෙර පරිදිම රෝගාතුර වූවාය. එවර ද ඇදුරන් ගෙන්වා යළිත් ශාන්ති කර්මයක් කළහ. එදා ද ලාලනීගේ ශරීරයට භූතාත්මයක් ආවිශ්ට විය. එදා ඇගේ ශරීරයට රිංගා ගෙන සිටියේ ඇසිලින් ආච්චි බව කීවාය. ඇසිලින් ආච්චි තමන් ගේ ඉඩමට යාබද ඉඩමේ පදිංචිව සිට මෙයින් අවුරුදු පහළොවකට පමණ පෙර මළ ගිය ඥාතිවරියකි. එදා තොවිලයේ දී ඇසිලින් ආච්චිගේ භූතාත්මය අල්ලා බැඳ ඇදුරෝ රැගෙන ගියහ.
මේ සෑම තොවිලයකට ම රුපියල් පනස් දහසකට වඩා ඇදුරෝ ගාස්තු අය කළහ. තුන් හතර දෙනෙකු පැමිණ දින දෙකක් තිස්සේ සූදානම් වී වෙහෙස දරා සිදු කරන තොවිලයටත්, ඊට අවශ්‍ය බඩු මුට්ටු ආම්පන්න සෙවීමටත් කාලයේ හැටියට විශාල වියදමක් දරන්නට සිදු විය. මේ වන විට ඉඩකඩම් පවා උකසට තබා විය පැහැදම් කරන්නේ තමන්ගේ බිරියගේ ජීවිතය බේරා ගැනීමට බව ඇගේ ස්වාමි පුරුෂයා වේදනාවෙන් පවසයි.
මේ අතර සතර පෝය සිල් සමාදන් වී කිසිවෙකුට හිරිහැරයක් කරදරයක් නොවන අන්දමින් ජීවත් වූ ඇසිලින් ආච්චි පේ‍්‍රතියක් බව ප්‍රකාශ වීම නිසා අසල්වැසි ඥාතීහු ද මේ පවුලේ අය සමඟ අමනාපකම් ඇති කැර ගත්හ. කෙසේ නමුත් මෙතෙක් සිදු කළ කිසිම ශාන්ති කර්මයකින් මාසයකට වඩා සුවයක් නොලද බැවින් ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා ඇය ගෙන ගියහ.
එහිදී ද ලාලනීගේ ශරීරයට ගුප්තාත්මය ආරූඪ විය. ලාලනීගේ දෑස් තදබල ලෙස රතු පැහැ ගැන් වී දිව අඟල් හතරක් පමණ එළියට ඇදී ආවේය. මුළු ශරීරයම වෙව්ලවමින් ඉතාමත් භයානක රූපයක් නිර්මාණය වී ගොරවන්නට වූවාය. අසන කිසි ම ප්‍රශ්නයකට පිළිතුරු නොදී භයංකර අන්දමින් ගොරවන්නට වූවාය.
දින දහහතරක් ගමේ පන්සලට ගොස් බෝධි පූජා දහහතරක් පවත්වා නැවත පැමිණෙන ලෙස ද උපදෙස් දුන්නේ ය. තමනුත් බාහිර අභ්‍යන්තරව පිරිසිදු වී පූජා භාණ්ඩ ද පිරිසිදුව ගෙන ගොස් බෝ මළුව හා මල් ආසන පිරිසිදු කොට ශ්‍රද්ධාවෙන් හා උනන්දුවෙන් මේ බෝධි පූජාව පවත්වන ලෙස විශේෂයෙන් උපදෙස් දුන්නේය. බෝධි පූජාවෙන් පසු ටික වේලාවක් මෛත්‍රී භාවනාවේ යෙදී අන්තිමට කරණීය මෙත්ත සූත්‍රය සජ්ක්‍ධායනා කොට දෙවියන්ට මළගිය ඥාතින්ට පින් අනුමෝදන් කරන ලෙස ද දැනුවත් කළේය.
බීධි පූජා දහහතර අවසන් කිරීමෙන් පසු නැවතත් ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා ලාලනී කැඳවාගෙන ආවේය. එදින ද ලාලනීගේ දෑස් රතු වී ප්‍රලය වූවාය.

“කව්ද මේ ශරීරය තුළට වෙලා ඉන්නෙ?”

“මම මළ යක්ෂණියක්. මම බලවත් කෙනෙක්.”

“ඔව් ඔව් අපි දන්නවා. මළ යක්ෂණියන්ට තියෙන බලයත් දන්නවා. නැති බලයත් දන්නවා.”

“මොනවද අපිට බැරි?”

“අයියෝ තමුන්ට බැරි දේවල් කොච්චර තියෙනව ද?”

“මොනවද අපට බැරි?”

“පිනක් දහමක් කරගන්න බැහැනෙ?”

“ඒවා කරලා මොකට ද?”

“ඔව් එහෙම තමයි ඔය හිතට දැනෙන්නේ. අනුන්ගේ ලේ බිබී නපුරුකම් කර කර ඉන්නවා. නිතර හිතේ වැරදි සංකල්පනාමයි පහළ වෙන්නේ. පළිගන්න අනුන්ට රිදවන්න. පව් කරලා අපා ගතවුණාම සිතට සතුට සැනසිල්ල, හිතේ සැහැල්ලුව නැහැනේ. පිනක් කරලා, අනුන් කරන පිනක් අනුමෝදන් වෙලා සුගතිගාමී වුණාම කොයි තරම් දිව්‍ය සැප සම්පත් විඳින්න පුළුවන් ද? ඊට කලින් කියන්න මේ කව්ද කියලා”

“මම මිසිනෝනා”

“කව්ද මිසිනෝනයි කියන්නෙ?”

“මේ ලාලනීගේ ආච්චිගෙ අම්මා”

“අම්මෝ! ලාලනී මේ මී ආච්චිව දැකලත් නැතුව ඇති.”

“නෑ නේන්නම්. මම ජීවත් වුණේ මීට අවුරුදු එකසිය පනහකට විතර කලින්. සුද්දො රට පාලනය කරන කාලේ”

“තමුන් මොනව වෙලා ද මැරුණේ?”

“යකා ගහලා”

“කොහොමද යකා ගැහැව්වේ?”

“මම මාළු කප කපා ඉන්න කොට යකා ගහලා මැරුණා. ලේ දැක දැකමයි මැරුණේ”

“ඔය යකා ගැහිල්ල ආච්චිලගෙ කාලෙ තිබුණු දෙයක්. දැන් ඕවට කියන්නේ හෘදයාබාධ. ඒ කාලෙ හෘදයාබාධ ගැන වෛද්‍යවරු හොයා ගෙන තිබුණෙ නෑ. ඒ කාලේ හදිසියේ මැරුණම කිව්වේ යකා ගහලා කියලා තමයි.”

“හරි මහත්තයා ඒක වෙන්න ඇති. ඒ වුණත් මාව මැරුණු හැටියේ මම යකෙක් දැක්කනෙ.”

“ඔව් ඔය අපිරිසිදු තැන්වල මාළු කපන ලේ වැගිරෙන තැන්වල අමනුස්සයෝ ගැවසෙනවා.

විරූපී අමනුස්සයෝ ලේ බොන්න එනවානෙ. ඒවා ඒ අයගෙ ආහාරයනෙ”

“ඔව් ඔව් මමත් ලේවලට හරිම ආසයි”

“ඉතින්?”

“ඥාතීන්ගේ ඇඟට රිංගාගෙන ලේ බීලා ජීවත් වෙනවා”

“කාගෙ ඇඟට ද රිංගුවේ?”

“පළමුවෙන් ම මගේ දුවගෙ ඇඟට රිංගලා ලේ බිව්වා. ඒකි කෙට්ටු වෙලා අසනීප වෙලා මළා.”

“ඉතින් එයාට පවුලෙ අය ප්‍රතිකාර කළේ නැද්ද?”

“කළා. වතු ඉස්පිරිතාලෙත් බෙහෙත් දුන්නා. හරි ගියේ නෑ. දුව මළා.”

“ඊට පස්සෙ?”

“ඊට පස්සෙ මිණිබිරීගෙ ඇඟට රිංගුවා”

“කව්ද මිණිබිරී කිව්වෙ?”

“මේ ලාලනීගෙ අම්මා. එයාත් ලෙඩ වුණා. ඇඟේ ලේ අඩුයි කියලා දොස්තරලා කිව්වා. ඒකිත් ඒ ලෙඩෙන් ම ඔත්පල වෙලා මළා.”

“ඉතින් ඊට පස්සෙ?”

“ඊට පස්සෙ මේ ලාලනීගේ ඇඟට රිංගා ගත්තා.”

“මොන අපරාධයක් ද? මොන පාපයක් ද ඔය ජීවිතේ. පව පින හඳුනන්නේ නෑ. මොකක්ද ඔය වෛරය?”

“ඇයි මාව පන්නන්න කට්ටඩි ගෙනල්ල තොවිල් කරන එක. අපට හිරිහැරයක්. දුම්මල ගහල පුච්චනවා. බඳිනවා. හිර කරනවා. මූදෙ දානවා කියලා කියනවා. මුන් මොහොතකට හිතන්නෙ නැහැනෙ මේ අපේ අම්මා නේද? ආච්චි නේද? කියලා. මුන් කට්ටඩින්ට එකතු වෙලා කරන්නේ අපට රිදවන පළිගන්න වැඩනෙ”

“ඉතින් මිසිනෝනා ආච්චිවත් බැන්දද?”

“අපේ කාලෙ ඔය කසාද බැඳිලි නැහැනෙ මහත්තයා.”

“මඟුල් බැඳිලි නොවෙයි මම ඇහුවෙ. ඇදුරො ආච්චිව මූදෙ දාන්න බැන්දෙ නැද්ද?”


“මොකද නැත්තෙ? උන් ලැහැස්ති වුණා. මම හැංගුණා. මම මුන්ව රැවැට්ටුවා. බොරු කියලා. එක සැරයක් මේ ලාලනීගෙ තාත්තයි කියලා මම පැනලා ගිහින් හැංගුණා. කට්ටඩි බොරු කරලා නූලකින් බැන්දයි කියලා බෝතලයක දාගෙන ගිහින් මූදට දානවැයි කියලා මුන්ව රවටලා සල්ලි අරගෙන ගියා.”

“ඊළඟ වතාවෙ?”

“ඊළඟ වතාවෙ මගේ මනුස්සයයි (සීයා) කියලා මම මග ඇරලා හැංගුණා. ඒ වතාවෙත් කට්ටඩි බොරු කියලා මුන්ව රවටලා සල්ලි කඩාගෙන ගියා.”

“ඊට පස්සෙ?”

“ඊළඟ වතාවෙත් ලාලනීට අසනීප වුණාම ආයෙත් කට්ටඩි ගෙන්නුවා. ලාලනී ආවේශ වුණාම මම කිව්වා අල්ලපු ගෙදර ඇසිලින් කියලා. උන්දැ පින් දහම් කරපු ගෑණි අපි වගේ නොවෙයි. දන් දුන්නා. සිල් සමාදන් වුණා. උන්දැ හොඳ ලෝකෙක ඇති. ඒ වතාවෙන් ඇසිලින් ආච්චි කියලා මම බොරු කියලා පැනලා ගියා. එදත් කට්ටඩි බොරු කරලා සල්ලි අරගෙන ගියා. උන් ;බීතල්වලට දැම්මා කියලා බොරු කළා.”

“දැන් මිසිනෝනා ආච්චි මේ ශරීරෙන් අයින් වෙලා යන්න ඕනෑ. මේ අයට කරදර කළා දුක් දුන්නා ඇති.”
“එහෙම බෑ. මම යන්නෙ නෑ” යි කියමින් නැවතත් නපුරු ගති පෙන්වා කලබල කරන්නට පටන් ගත්තේය.

නැවතත් ගමේ පන්සලට හීල් දානයක් දී මිසිනෝනාගේ නම සඳහන් කර පැන් වඩා පින් අනුමෝදන් කර බෝධි පූජා, දහහතරක් පවත්වා නැවත එන ලෙස උපදෙස් දුන්නේය. ඒ දෙන දානයට මිසිනෝනාට අයිතිව, තිබුණු කුඹුරුවල හාල් වලින් බත උයන්ටත් ඉඩම්වල ගස්වලින් දෙල් පොල් ආදිය රැගෙන දානයට සම්බන්ධ කරන්නටත් උපදෙස් දුන්නේය.

ඒ දින හතරෙන් පසු ලාලනී නැවතත් ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයට කැඳවාගෙන ආහ. ඒ දිනවල නිවසේ බත් හැලියට වැලි දමා තිබුණු බව ද පැවසූහ. එදින ද ලාලනී ප්‍රලය වූවාය.

“කව්ද මේ?”

“මම මිසිනෝනම තමයි”

“පහුගිය දවස්වල මොකද කළේ?”

“මුන් බෝධි පූජාවට යනකොට මමත් පන්සල් ගියා.”

“ඉතින්?”

“ඉතින්” ඒ වෙලාවට හිතට පුදුම සහනයක් දැනෙනවා. මම හිටියෙ ඈත ඉඳලා බලා ගෙන. බෝමළුවෙ ඉන්න අය මට ඇතුල්වෙන්න දුන්නෙ නෑ. පලයං පලයං කියලා පැන්නුවා.”

“ඇයි මේ බත්වලට වැලි දැම්මේ?”

“තරහට. මාව ඉවත් කරන්න හදනවට මම තරහයි. මට ඕනෙ මගෙ දේපොළ දිහා බල බල මුන්ගෙ ඇඟට වෙලා ඉන්න.

මේ අකීකරු යක්ෂණිය මර්දනය කරන්නට බැරි තැන ශක්ති කිරණවලින් දවාලීය. ඒ අවස්ථාවේ එතැන සිටි අනෙකුත් භූතාත්ම ද යක්ෂණියට පීඩා කළහ.

“අනේ අනේ මාව පුච්චන්න එපා. පුච්චන්න එපා. මට සමාවෙන්න. මම යනවා. මම යනවා. මං ආයෙත් එන්නෙ නැහැ කියලා පොරොන්දු වෙනවා.”

“තමුන් කොතැනට ද යන්න කැමති?”

“කියන තැනකට යනවා”

සුදු නෙළුම් මල් වට්ටියක් මත වැටකෙයියා මලක් තබා යක්ෂණිය කළුතර බෝධියට යැව්වේය.

ගේ දොර ඉඩකඩම්වලට, දූ දරුවනට ආශාවෙන් මිය යන අය ඔවුන් ඇසුරු කොට ගෙන ඒ ඉඩකඩම්වලට ආශාවෙන් දුගතිගාමී වී උත්පත්තිය ලබති. ඔවුන්ගේ පැවැත්ම සඳහා ඒ ශරීරවලට රිංගාගෙන යැපෙති, මේ ඉඩකඩම්වල.

උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Tuesday, August 16, 2016

ගොම්මං අඳුරේ රූමත් ළඳුන්ට බැල්ම හෙලන කළු කුමාර යක්ෂයා...(kalu kumara distiya-holman katha -අබිරහස් අඩවිය - Abirahas Adawiya )

ගොම්මං අඳුරේ රූමත් ළඳුන්ට බැල්ම හෙලන කළු කුමාර යක්ෂයා...
කාලය හැත්තෑව දශකයේ අග භාගය බව මට හොඳට මතකය. මාතර මාලිම්බඩ මෙතෝදිස්‌ත විද්‍යාලයේ ඉගනුම ලැබූ කුඩා පාසල් ශිෂ්‍යයෙකු ලෙස එවකට මා ජීවත් වූයේ මාලිම්බඩ නමැති සුන්දර ගම් පියසේ අපේ මාතර ආච්චි සෙවණේය.
එදා ඒ ගම්මානය අද මෙන් නාගරීකරණය වී තිබුණේ නැත. අද මෙන් දියුණු නැත. විදුලි ආලෝකයද නැත. පාරවල් ද පුළුල් නැත. මිනිස්‌සුන්ගේ ආකල්ප විකල්පද අද තරම් සංකර වී නොමැත. එදා සිටියේ අහස්‌ දියෙන් ගොවිතැන් බත් කරන, වෙනත් සුළු ව්‍යාපාර හා රැකියා කරන සරල ගැමියන් පිරිසකි.
ඒ ගමෙහි එදා අද මෙන් ඉංගී්‍රසි බෙහෙත් දෙන දොස්‌තරලා සිටියේ නැති තරම්ය. හැම තැනම සිංහල වෙද මහත්තුරු සිටියහ. එහෙත් ඒ දෙගොල්ලන්ටම වඩා ජනතාවගේ ලෙඩ දුක්‌ වෙනුවෙන් බේත් හේත් වත් පිළිවෙත් කළ පිරිස වූයේ යකැදුරන්ය.

මාලිම්බඩ ගම වටේටම ගංගොඩවල් තිබිණි. එකක්‌ අකුරුගොඩය. අනෙක නවන්දන්නගොඩය. තවත් තැනෙක රදාගොඩය. ඊට එහායින් බෙරවගොඩය. මේ අයුරින් වළං හදන, කම්මල් වැඩකරන, බෙරගහන, නටන හා යකැදුරුකම්කරන, හකුරු හදන, රෙදි සෝදන කුලවල මිනිස්‌සු වෙන් වෙන් වශයෙන් ජීවත් වූ සාම්ප්‍රදායික පැරණි ගමකට මාලිම්බඩ හොඳ උදාහරණයක්‌ බව මට මතකය.

මේ සෑම ගමකම මිනිස්‌සු අදට වඩා එදා හොඳ නිරෝගීව සිටියා මතකය. උණක්‌ සෙම්ප්‍රතිෂ්‍යාවක්‌ හිසරදයක්‌ බඩේ, දතේ රුදාවක්‌, වාත ඇම්මක්‌ වැළඳුන ඕනෑම කෙනෙක්‌ එදා ඊට පිළියම් සෙව්වේ වෙද ගෙදරට යන්නට පෙර යකැදුරුකෙනකු ගෙදරට ගෙන්නා ගෙන තෙල් ඩිංගක්‌ මතුරාගෙනය. පණිවිඩයක්‌ යෑවූ සැණින් ඒ විනාඩියෙන් ගෙදරටම විත් තෙල් මතුරා හිසෙහි ගා ආතුරයා සුවකර නිදිගන්වා දෙන කීයක්‌ හෝ තුටු පඬුරක්‌ ගෙන ඉන් සතුටට පත්වී ආපසු යන යකැදුරෝ බෙරවා ගොඩෙහි ඕනෑ තරම් සිටියහ.
මාලිම්බඩ ගමෙහි අත්තුඩාව පාරේ බෙරවා ගොඩෙහි සිටියේ බෙරව කුලයට අයත් ජන කොටසකි. තොවිල් නටන්නට බෙර වයන්නට යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වලට හඳහන් බලන්නට පිළිම අඹන්නට මෙන්ම අවශ්‍ය නම් හදි හූනියම් කරන්නටද ඔවුහු දකුණු පළාතේම සිටි නමගිය දක්‌ෂයෝ බව මට මතකය. ගමේ උදවිය ඔවුන්ට සැලකුවේ යම් ගෞරව බය පක්‌ෂපාතකමකින් බව මට මතකය. ඒ නිසාම ඒ උදවියට බොහෝ දෙනෙක්‌ ආමන්ත්‍රණය කළේ “ගුරුන්නාන්සේලා” යන ගෞරව නාමයෙනි.
මාලිම්බඩ බෙරවගොඩේ ලංකාවම නම කී සැනින් හඳුනන ගුරුන්නාන්සේලා කිහිප දෙනෙක්‌ම වූහ. ඩයිය ගුරුන්නාන්සේ, ලැවැන්දිරිස්‌ ගුරුන්නාන්සේ, ඩාර්ලිස්‌ ගුරුන්නාන්සේ, සිත්තර ගුරුන්නාන්සේ හින්නි ගුරුන්නාන්සේ ආදීහ මේ අතරින් කිහිප දෙනෙකි.
මේ ගුරුන්නාන්සේලාගේ ඇවැතුම් පැවැතුම් හරි අමුතුය. උඩුකය වැසෙන්නට කිසිවක්‌ නොඅඳියි. සරමක්‌ ඇඳ ලොකු බඳ පටියක්‌ බැඳ සිටින අතර කොපුවක බහාලන ලද උල් පිහියක්‌ ඉණ පිටුපසට වෙන්නට රඳවාගෙන සිටියි. උරහිසේ නිරතුරුව පට ලේන්සුවකි.
දොස්‌තරලාට වෙද මහත්තුරුන්ට වැඩ එදා අපේ ගම්වල නොතිබුණත් මේ ගුරුන්නාන්සේලාට නම් විවේකයක්‌ තිබුණේම නැත. දිවා කාලයේ තෙල් බේත් මතුරමින් ගෙන් ගෙට යමින් සුළු සුළු ලෙඩ රෝග ගැන බලන උන්දැලාට මහ වැඩ රාජකාරි තිබුණේ රාත්‍රියේ තිබූ තොවිල් පවිල් ගෙවල්වලය.
පුංචි සන්දියේ අපේ ගම්වල රෑ බෝවන විට දෙතුන් පැත්තකින් යක්‌ බෙර හඬක්‌ නෑ සුනොත් ඒ එහෙමත් දවසකය. සෑම දිනකම පාහේ රාත්‍රියේ ඒ ගම්වල කොහේ හෝ තැනක තොවිල් ගෙයකි. යක්‌ බෙර දෙකක තුනක හඬ රටාවට ඈතින් ඇසෙන විට එදා අපේ ගැමියෝ හුළු අතු පත්තු කරගෙන වේලි දිගේ ඕවිටි බඩවැටි මැද්දෙන් බෙර හඬ ඔස්‌සේ යන්නේ තොවිල් බලන්නටය.
හැබෑටම එදා ගැමියෝ එසේ තොවිල් නැටුවේ ඇයි… ඊට හේතුව කුමක්‌ද… අද අපි කළු කුමාරයා ගැන කතා කරමින් මගේ මතක ගබඩාව ඔස්‌සේ අතීතය හරහා යන්නට උත්සාහ කරන්නේ කළු කුමාර දිෂ්ඨිය හා තොවිලය ගැන කතා කරමින් අතීත දකුණේ ගැමි ජනතාවගේ ඇදහිලි හා විශ්වාස කෙබඳු දැයි විමසා බලන්නටය.
යකැදුරන් ලෙස සේවය කරන මේ ගුරුන්aනාන්සේලාගේ විශ්වාසවලට අනුව මනුෂ්‍ය ශරීරයට රෝග පීඩා ගෙන දෙන පෙනෙන හා නොපෙනෙන බලවේග බොහෝය. වා පිත් සෙම් හා විෂබීජ වූ කලී හඳුනාගත හැකි පෙනෙන බලවේග ගණයට වැටෙන කාරණාය. ඒ හැරුණ විට එදා ගැමි සමාජයේ බොහෝ දෙනකු ලෙඩ කළේ යක්‍ෂ ප්‍රේත භූත ආදී නොපෙනෙන බලවේග විසින් බව එදා යකැදුරෝ මෙන්ම ගැමියෝ තදබල ලෙස විශ්වාස කළහ.
මේ ආදී වශයෙන් මනුෂ්‍ය ශරීරයට ලෙඩ රෝග පීඩා ගෙනදුන් යක්‌ෂයෝ සිටියහ. යක්‌ෂ දිෂ්ඨිද තිබුණහ. තවත් බලවේගද සිටියහ. මේවා අතර මහ සොහොන් යකා, කළු යකා, රීරි යකා, කළුකුමාර යකා ආදී යක්‌ෂයෝ බහුලය. අපේ කතා නායකයා වන කළුකුමාර යක්‌ෂයා නොහොත් කළු කුමාරයා අපට වැදගත් වන්නේ ගමෙහි වෙසෙන රූමත් කාන්තාවන්ට දිෂ්ඨි දමා ඔවුන් ඔත්පල කරන නිසාය. ගමේ කාන්තාවන් (විශේෂයෙන් යුවතියන්) අසාමාන්‍ය ඇවතුම් පැවතුම් ඇති සිහි විකල් වූ රෝගී තත්ත්වයට පත්කරන්නේ කළු කුමාර දිෂ්ඨියයි.

එදා ඒ ගමෙහි සිටි වැඩිහිටි කාන්තාවෝ හා කාරණ, කාරණා දන්නා පිරිමි තම නිවෙස්‌වල සිටින යුවතියන්ට හා තරුණ කාන්තාවන්ට ගොම්මං යාමයේ තනිපන්ගලමේ ගමන් බිමන් යැම තහනම් කළේ කළු කුමාර දිෂ්ඨියේ තරම දන්නා නිසාය. විශේෂයෙන්ම එවන් කාන්තාවන්ට ගොම්මන් යාමයේ තනිපංගලමෙ නෑම තහනම්ය. හවස්‌ වරුවේ අඳුරු තොටුපළවල්වල නෑම හා රෙදි සේදීම තහනම්ය.
මාලිම්බඩ ගම් පියසේ බැලු බැලූ අත හැම තැනම එදා තිබුණේ කුඹුරුය. කුඹුරු යාය කෙළවර වූයේ ලඳු දෙනිවලිනි. ඒ ලඳු දෙනි වලටත් එහායින් තිබුණේ කඳුවැටිය. කඳුවැටිවල කුරුඳු රබර් ආදී ආර්ථික භෝග වවා තිබුණේ උසෙහි හැටියටය.
ඒ රබර් වගාවන් අතරින් එදා හැම පැත්තෙන්ම පිරිසිදු දිය දහරාවන් ගලා ආ දොළවල් තිබිණ. රබර් හේඩෑවෙන් වැසුණ පරිසරයේ සුන්දරත්වය නිසාත් දොළ දියෙහි දිය දහරාවන්හි ඇති සිසිලස නිසාත් ගැමි යුවතියෝ හා කාන්තාවෝ දොලදිය නෑමට බෙහෙවින් ප්‍රිය කළහ. එහෙත් ගම්වල වැඩිහිටි උදවිය මේ දොලවල් නම්කර තිබුණේ කළු කුමාර දිෂ්ඨියෙහි උල්පත් ලෙසය. වැඩිහිටි කාන්තාවන් හෝ පිරිමින් සමඟ මිස තරුණ කාන්තාවන්ට මේ දොළවල්වල නාන්නට යැම සපුරා තහනම් කර තිබිණි.
අපේ ආච්චි ද මේ අමනුෂ්‍ය බලවේග පිළිබඳ කතා තරයේම විශ්වාස කළාය. ඕ කිසි විටෙකත් අපේ පුංචි අම්මලාට අවේලාවේ නාන්නට ළිඳකට පහළකට ඇළකට දොළකට යන්නට දුන්නේම නැති තරම්ය. නානවා නම් ඒ ගෙදර ළිඳෙන් දිය ඇදගෙන පමණි.
එදා අපේ ගම්පියසේ අප අවට ගෙවල්වල කාන්තාවෝ මෙසේ කළු කුමාර දිෂ්ඨියට හසුවී ලෙඩ වූ අයුරු මට මතකය. මා ඒ කාලයේ බොහෝ කුඩාය. කළු කුමාරයා ගැන ඔහුගේ ස්‌වරූපය ගැන ඌ කාන්තාවකගේ ශරීරයට ආවේෂ වන ප්‍රවේශය ගැන වැඩිහිටියෝ කථා කළ දේවල් මා අසා සිටියේ බියෙන් ගැහෙන අතරතුරය.
තනිපන්ගලමේ ගොම්මනෙහි නාන්නට හෝ ගමනක්‌ යන්නට ගොස්‌ කළු කුමාර දිෂ්ඨියට හසුවී රෝගාතුර වූ තරුණියකගේ ඇවතුම් හා හැසිරීම් රටාව හරි අපූරුය. ඕ උමතුවෙන් සිනාසෙයි, දඟලයි. කෑ කොස්‌සන් ගසයි. කෙහෙවලු කඩා ගනියි. ඇතැම් විට ඇඳිවත පවා උනා දමා කොහේදොa දිව යන්නට පොරකයි.
එවන් ආතුරයෙක්‌ ගැන ඇසූ සැනින් ගෙදරට එන ගුරුන්නාන්සේලා වහාම කරන්නේ කෙස්‌ වැටියෙන් අල්ලා එම ආතුර තරුණිය හෝ කාන්තාව බියකර මට්‌ටු කර ගැනීමය. මේ සඳහා මන්ත්‍ර ජප කරමින් කාන්තාව ළඟට එන යකැදුරා තම පිරිමිකම හා සැර පරුෂකම මෙහෙයවමින් කාන්තාව බිය කරයි. ඇතැම් විට සිහින් වේවැලකින් පවා පහර දෙන අවස්‌ථා කුඩා කලදී පවා මා දැක ඇත්තෙමි.
කෙස්‌වල්ලෙන් අල්ලා එවන් ආතුරයෙක්‌ මෙල්ල කර ගන්නා යකැදුරා මන්ත්‍ර ජප කරමින් කාන්තාවගේ ශරීරයට කළු කුමාර දිෂ්ඨිය ගෙන්වයි. අනතුරුව කළු කුමාරයා බියකර ඔහු හා සංවාදයක යෙදෙයි. යකැදුරා අසන්නේ කළු කුමාර දිෂ්ඨිය කාන්තා ශරීරයට ඇතුළු වූයේ කුමක්‌ බලාපොරොත්තුවෙන්ද කියාය.
යකැදුරාගේ ඊළඟ ප්‍රශ්න පත්‍රය සැකසෙන්නේ ආතුරයාගේ මුවින් නික්‌මෙන කළු කුමාර දිෂ්ඨියේ ප්‍රතිඋත්තර මතය. එම ප්‍රාණකාරිය හැර යන්නට නම් දිෂ්ඨිය වෙත අවශ්‍යව ඇත්තේ කුමක්‌දැයි යකැදුරා විමසයි. ආතුරයා ප්‍රාණකාරියගේ ප්‍රාණය අවශ්‍ය බව කියයි. ඒ අනුව යකැදුරා දිෂ්ඨිය සමග හෙට්‌ටු කරන්නට පටන් ගනියි. තරුණියගේ ප්‍රාණය වෙනුවට වෙනත් සතෙකුගේ ප්‍රාණයක්‌ ප්‍රමාණවත්දැයි යකැදුරා හෙට්‌ටු කරමින් අසයි. දිෂ්ඨිය ඊට අකමැති වුවහොත් යකැදුරා සිය ස්‌වරය ඉහළ නංවයි. මන්ත්‍ර බලය භාවිත කර කිසිවක්‌ නොදී දිෂ්ඨිය පලවා හරින බවට තර්ජනය කරමින් හෙට්‌ටු කරයි.
අවසානයේ දිෂ්ඨිය හා යකැදුරාගේ සංවාදය කෙළවර වෙන්නේ දෙපාර්ශ්වයේම අතර මැද එකඟතාවයකිනි. දිෂ්ඨිය මිනිස්‌ බිල්ලක්‌ වෙනුවට සත්ව බිල්ලකට එකඟත්වය පළ කරයි. ඒ සත්ව බිල්ල දිෂ්ඨිය වෙත බාරදෙන්නේ ඉර මුදුන් පිදේනියකින්ද මහ පිදේනියකින්ද නැති නම් මහා තොවිලයකින්ද දහඅට සන්නියකින්ද කියා කතිකාවකින් එකඟතාවයකට පැමිණෙයි.
යකැදුරා බොහෝවිට තොවිලය කින් බාරය ඔප්පු කරන්නට එකඟතාවක්‌ ඇතිව ආතුරයාගේ බෙල්ලේ ඇප නූලක්‌ බඳිනු ලබයි. ඇප නූල මත යකැදුරා මේ බාරය දහ අට පාලියක්‌ සහිත තොවිලයකින් ඇපඔප්පු කිරීමට කාලයක්‌ ලබා ගනියි. ඒ කාලය සති 6 ක්‌ 8 ක්‌ 10 ක්‌ හෝ දොළහක්‌ ලෙස ලබා ගන්නා යකැදුරා ආතුරයාගේ බෙල්ලෙහි ඉනෙහි හෝ අත් උරහිසෙහි ඇප නූල් ගැටගසයි.
පුදුමයට කාරණය වන්නේ එතෙක්‌ වේලා උමතු වී යකිනිsයක ලෙස හැසිරුණු ආතුර කත හෝ යුවතිය ඇපනූල බැඳීමත් සමඟ පියවි සිහිය එලඹ තමන්ට වූයේ කුමක්‌දැයි අනෙකගෙන් විමසන්නට පටන් ගැනීමය.
පුංචි සන්ධියේ මාලිම්බඩ ප්‍රදේශයේ එවන් සිදුවීම් ගණනාවක්‌ මා ඇස්‌ දෙකින් දුටු බව මතකය. ඇප නූල් බැන්දාට පසු පියවි සිහිය ලබන යුවතිය පෙර මෙන් සාමාන්‍ය දිවියට පිවිසියත් ඕ කිසිවිටෙකත් තනි නොකරන්නට වැඩිහිටියෝ වග බලා ගනිති. එතැන් සිට ඔවුහු ඕ රැකබලා ගන්නේ ඇසක්‌ සේ වීම ගැමි ලක්‌ෂණයෙකි.
එතැන් පටන් ඒ ගෙදර සියලු වැඩ රාජකාරි පසෙක දමා නිවැසියෝ සූදානම් වන්නේ තොවිලයටය. තොවිලය සඳහා මුළු ගමම එකතු වී එකා මෙන් වැඩ කිරීම අතීත ගැමියන්ගේ පුදුම සහගත සමගිය පෙන්නුම් කරන එක්‌ අවස්‌ථාවකි. හරි රසවත් සිදුවීම් සියල්ල ඇත්තේ තොවිලය සමගය. තොවිලය ගැමියාට මඟුලක්‌ බඳුය. මුළු ගමම ඒ තොවිලයට එක්‌වීම ගැමි සමගිය හා සංස්‌කෘතිය කුළුගන්වන සංස්‌කෘතික මංගල්‍යයක්‌ වැනි යෑයි මට සිතෙයි.


කුසුමලතා බිය වූයේ ඇත්තම කළු කුමාරයාටද


දවටගහ ගෙදර කුසුමාවතී පාසල් අධ්‍යාපනය හමාර කර නිවසට වී විවේකීව අනාගතය දෙස බලමින් සිටි තරුණියක වූවාය. සහෝදරියන්ම තිදෙනකු සිටි පවුලේ මද්දුමිය ලෙස උපත ලද ඕ කාගේවත් වැඩි අවධානයට ලක්‌ නොවූ

ලඡ්ජාශීලී අහිංසක යුවතියක වූයේ කරුණු කිහිපයක්‌ම නිසාය.

කුසුමලතා පාසලේදී ඇගේ අක්‌කා හෝ නැගනිය මෙන් විෂය කටයුතුවලට සමත්කම් පෑවේ නැත. ක්‍රීඩාවකට උනන්දු වූයේ නැත. බාහිර කටයුත්තකට සහභාගි වූයේද නැත. කොටින්ම කිවහොත් ඇගේ අක්‌කා හෝ නැගනිය මෙන් සමාජයේ අවධානයට හෝ නිවසේ ගෞරවාදරයට ලක්‌ නොවූ ඕ නිතරම සිටින්නට ප්‍රිය කළේ අන් අයගෙන් වෙන්වූ පරිසරයක හුදෙකලාවේ තනිවම කල්පනා කරමිනි.

ඇය ඇගේ සියලු වැඩ තනිවම කරගන්නට උත්සාහ කළාය. කඩයට පිලට ගියත් පන්සලට ගියත් ගැසට්‌ටුවක්‌ බලන්නට යාබද තෙලිඡ්ජවිල හන්දියේ තැපැල් කන්තෝරුවට ගියත් පොතක්‌ මාරුකර ගන්නට පුස්‌තකාලයට ගියත් ඕ ගියේ තනිවමය.

ඕ දවසකට සැරයක්‌වත් රෙදි පෙරෙදි සෝදාගෙන නිදහසේ නාන්නට බොහෝසේ ප්‍රිය කළාය. ඒ සඳහා ඕ යැමට පුරුදුව සිටියේ නිවසේ සිට ඇවිද යන දුරෙහි පවතින බිසෝදොල නම් වූ තෙලිඡ්ජවිල ප්‍රදේශයේ සුප්‍රකට දිය දහරාව වෙතය. බිසෝ දොල රබර් වතුයායක සිට පහළට ගලා බසිනා ශීතල සුනිල දිය දහරාවකි. අතීතයේ ප්‍රාදේශීය රජවරුන්ගේ බිසෝවරු ස්‌නානය කළ නිසාදොa ප්‍රදේශයේ බිසෝදොළ නමින් ප්‍රකට මේ දිය දහර අදටත් දක්‌නට වෙති.

අවේලාවේ බිසෝදොලෙහි දිය නාන්නට යැම අවදානම් කටයුත්තක්‌ ලෙස ප්‍රදේශවාසීහු විශ්වාස කළත් කුසුමලතාට එහි වගක්‌ නොවීය. ඈ බිසෝදොළ අවට ඇති අඳුරට, නිසොල්මන් බවට හා හුදෙකලාවට ප්‍රිය කරමින් වැඩිහිටියන් මග හරිමින් අවශ්‍ය ඕනෑම වෙලාවක නාන්නට යැම ජීවිතයේ එක්‌ හිතුවක්‌කාර පුරුද්දක්‌ කරගත්තාය.

දිනක්‌ හවසක නාන්නට ගිය ඕ හිටිවනම මහත් කලබලයෙන් ගියාටත් වැඩි වේගයෙන් නැවත ගෙදර පැමිණියාය. ඇගේ හැසිරීම අමුතුය. පෙනුම කලබලකාරීය. සිදුවූ කිසිවක්‌ ගැන කල්පනාවක්‌ නැති ගානය. ප්‍රශ්න කළ කිසිවෙක්‌ රිස්‌සුවේ නැත.

ටික වේලාවකින් ඕ ගැහෙන්නට පටන් ගත්තාය. ඇස්‌ උඩ ඉන්දී ගියේය. දතකට පූට්‌ටු වී ගියේය. තදින් වෙව්ලන්නට පටන් ගත්තේය.

දෙමාපියෝ දෙවරක්‌ සිතුවේ නැත. හිතුවක්‌කාර අකීකරු චර්යාවට ඇවැසි නිසි දඬුවම් ඇයට ලැබී ඇති වග තේරුම් ගත් ඔවුහු වහාම යාබද අකුරුගොඩ නම් ගමේ සිටින කට්‌ටඬියන් සොයා පණිවිඩ යෑවූහ.

කට්‌ටඬි තැන පැමිණ කුසුමලතාගේ රෝග ලක්‍ෂණ සියල්ල විමසා බැලීය. තදින් උණ ගැනී උණ විකාරෙන් දොඩවන කුසුමලතාගෙන් ප්‍රශ්න කිහිපයක්‌ ඇසුවේය. අනතුරුව මල් බුලත් තට්‌ටුවක්‌ ගෙන අමු කහ කෑල්ලක අතුල්ලන ලද සුදු නූලක්‌ ගෙන අඟුරු කට්‌ටකුමංජල් ළඟට ගෙන දුම් අල්ලමින් මතුරන්නට පටන් ගත්තේය.

කුසුමලතා සාමාන්‍ය තත්ත්වයට පත්වූයේ එම නූල්පට ජප කරමින් ගෙල බැන්දායින් පසුවය. එහෙත් ඇය දැඩි ලෙස උණ රෝගයෙන් පෙළෙමින් සිටියාය.

කුසුමලතා තනි පංගලමේ නාන්නට ගිය වේලාවේ කළුකුමාර දිෂ්ටිය ඇයගේ ඇඟට ඇතුළු වී ඇති බව ගුරුන්නාන්සේ (යකැදුරා) දෙමාපියන්ට සැලකර සිටියේය. නිසි දින ගණන් සම්පූර්ණ වූ පසු "මහා කළු කුමාර සමයමක්‌" නටා ඇප නූල ගලවා ආතුරයා සුවපත් කළ හැකි බව ඔහු යෝජනා කළේය.

කුසුමලතාලාගේ නිවසින් බැහැරව යන්නට ඔන්න මෙන්න තිබියදී හසල ජීවන අත්දැකීම් සම්භාරයක්‌ සහිත ඒ ගුරුන්නාන්සේ නැවත දෙමාපියන්ට කතා කළේය.

"මේ වගේ තනිපංගලමේ මුළුගැන්නිලා ඉන්න ගෑනු ළමයි ගෙවල්වල ඉන්නකොට දෙමාපියන්ටත් කරන්න ලොකු යුතුකමක්‌ තියෙනවා. පුළුවන් තරම් ඉක්‌මනට හොඳ ගැළපෙන කෙනෙක්‌ හොයලා මේ දරුවව බන්දලා දෙන්න. එතකොට මේ ප්‍රශ්න ඉවරයි.

ගුරුන්නාන්සේ එදා එසේ කී කාරණාව තුළ ලොකු සත්‍යයක්‌ ගැබ්ව තිබුණ බව කුසුමලතාගේ දෙමාපියන් වටහා ගත්තේ කාලාන්තරයකට පසුවය. එහෙත් එදා සිට ඔවුන් සූදානම් වන්නට වුණේ මහ කළුකුමාර සමයම නටවන්නටය.

මේ අතීත කතාව මා ගෙනහැර පෑවේ කළු කුමාරයා කවුද කළුකුමාරයා නාන තොටවල ඉන්නේ ඇයිද, කළු කුමාරයා තරුණ ස්‌ත්‍රීන්ට පමණක්‌ දිෂ්ටි හෙලන්නේ ඇයිද යන ප්‍රශ්න ගැන ඔබ තුළ මතුවී ඒම සඳහාය. මෙතැන් පටන් මා විස්‌තර කරන්නට යන්නේ කළු කුමාරයා කවුද යන අතීත කතාවය.

කළු කුමාර යක්‌ෂ සංකල්පය අපේ රටේ වැඩි දුර ප්‍රචලිතව ඇත්තේ දකුණු පළාත තුළය. එහෙත් උඩරට පහත රට සබරගමු යන තුන් සම්ප්‍රදාය තුළම අඩු වැඩි වශයෙන් කළු කුමාරයාට සම්බන්ධ පුරාවෘත්ත ජනප්‍රවාදයේ පවතින බවට ලිත සාක්‍ෂි ගණනාවකි.

කළු කුමාරයා යනු "දේව පුරාණයට" අනුව දෙවියකු බව පැහැදිලිය. එනමින් එක්‌ දෙවියකු නොව දෙවිවරු සත් කට්‌ටුවක්‌ම අතීතයේ විසූ බවට සාක්‍ෂි දනවන දේව පුරාණය ඒ සත්කට්‌ටුව මෙසේ හඳුන්වා දෙනු ලබයි.

1. වෙල්ලස්‌සේ බණ්‌ඩාර කළුකුමාර

2. උඩුගම්පොල මැණික්‌සාමි කළුකුමාර

3. සෙන්කඩගල කළුකුමාර

4. අනුරාධපුර කළුකුමාර

5. හෙට්‌ටිනයිදේ කළුකුමාර

6. බින්තැන්නේ කළු කුමාර

7. කම්බිලි කළු කුමාර

මේ දෙවිවරු සත්දෙනා ගැන දේව පුරාණය කියතත් අපේ රටේ තොවිල් පවිල් කරන යකැදුරු පරම්පරාවන් මුඛ පරම්පරාගතව රැගෙන එන සාහිත්‍යයට අනුව කළු කුමාරයා යනු යක්‍ෂයෙකි. එක්‌ යක්‌ෂයෙක්‌ නොව යක්‌ෂයෝ 5 දෙනෙක්‌ ගැන පුරාවෘත්ත ඔවුන්ගේ මුඛ පරම්පරාගතව පැවත එන බව අපට කියන්නේ මහාචාර්ය ජයසේන කෝට්‌ටගොඩ ලියන ලද "කළු කුමාරයා පුද ලබන දාරක වත් පිළිවෙත්" යන ග්‍රන්ථයෙනි. එයට අනුව කළු කුමාරවරු පස්‌දෙනකු ගැන කතාන්දර 5 ක්‌ තුළින් විස්‌තර කර ඇත.

1. සෙංකඩගල පුවත

2. උඩුගම්පොල පුවත

3. මහ කළු රජ (මාතාවුළු) පුවත

4. නීල දමන කළු කුමාර පුවත

5. සිද්ධත්ත කළු කුමාර (බොකසැල්) පුවත.

කෙසේ වෙතත් සමාජයේ පවතින සාමාන්‍ය මතයට අනුව කළු කුමාරයා දේවත්වයට වඩා ළං වන්නේ යක්‌ෂාත්මයට බව පැහැදිලිය. මේ අතර අපේ රටේ වැදි ජනතාවගේ විශ්වාසයට අනුව කළු කුමාරයා යනු ඔවුන්ගේ බිළිඳු යකාගේ විකාශනයකි. තවත් පැහැදිලි කළහොත් කුවේණියගේ ආත්මය ලෙස සැලකෙන කකුළාපොළ කිරිඅම්මාගේ පුත්‍රයා වූ බිළිඳු යකා හෙවත් කළු දැකඩ කුමාරයා හෙවත් ඉලන්දාරි යකාය.

එහෙත් එක්‌ එක්‌ යකැදුරු පරම්පරාවලට අනුව පැවත එන අනෙකුත් කතා 5 විමසා බලන විට ලැබෙන්නේ එක එක විදියේ කතාය.

සෙංකඩගල පුවතට අනුව කළු කුමාරයා දෙවියෙකි. සෙංකඩගල රජ කළ පළමුවන විමලධර්මසූරිය රජුගේ වැඩිමහල් පුත් රාජසූරිය අස්‌ථාන කුමාරයා මරුමුවට පත් වූයේ දඬුවමක්‌ වශයෙනි. රජුට අයත් සුරතල් කොණ්‌ඩ කුරුල්ලෙකු දියේ ගිල්ලවා මරා දැමීමේ වරදට රජු තම පුත්‍රයා දියේ ගිල්ලවා මරවන ලදී. මෙසේ මියගිය අස්‌ථාන කුමාරයා පසුකලෙක දේවත්වයට පැමිණ ඊටත් පසු කලෙක කළු කුමාරයා ලෙස නාන තොටවල අරක්‌ගෙන සිටින බව කියයි.

උඩුගම්පොල පුවතෙහි දැක්‌වෙන අයුරින් බලනවිට කළු කුමාරයා යනු කෝට්‌ටේ යුගයේදී උඩුගම්පොල ප්‍රදේශයේ රජ කළ යුවරාජ සකල කලා වල්ලභගේ රජක කුලයේ බිරිඳකගේ පුත්‍රයාය. ඔහු වරෙක තම පියා හමුවී රාජ්‍යත්වය ඉල්ලා සිටියේය. එය නොලැබුණ තැන රජු හා උරණ වී ඔහු මරා දමන්නට උගුලක්‌ ඇටවීය. රජු නාන පොකුණේ වතුරට යටින් උල් රැසක්‌ සවිකළ මේ කුමරු බලා සිටියේ රජු පැමිණ පොකුණට පනින විට උල් ඇනී මැරේය කියාය.

රජු පැමිණ නාන්නට සැරසෙනවිට දිය මත මැස්‌සෙකු වසා සිටිනු දුටුවේය. දිය මත මැස්‌සෙකු සිටින්නේ කෙසේදැයි හේ විමසා බැලීය. මැස්‌සා සිටියේ සිටවන ලද උලක තුඩ මතය. රහස හෙළිවිය. කුමරා බියට පත්ව සිරිපා අඩවියට පලාගොස්‌ පර්වතයකින් පහළට පැන මියගියේය. මියගිය කුමරු ජලස්‌නානය කරන තැන්හි කළු කුමාරයා වී ඉපිද සිටීලූ.

මානාවළු පුවතට අනුව කළු කුමාරයා වී ඇත්තේ විල්ලෝඩි දේශයේ සිට මෙරටට ආ කළු මහ රජුය. ඔහු බිසවුන් සත්දෙනකු හා විවාහ වී මානාවළු නුවර රජකරමින් සිටියේය. ඔහුට මහා යුද්ධයකට යැමට අවශ්‍ය විය. රජු යුද්ධයට ගියේ බිසෝවරුන්ට උපදෙසක්‌ දීය. මම යුද්ධයෙන් දිනුවොත් සුදු කොඩියක්‌ ඔසවා පෙනෙන්නට සලස්‌වනවා. පැරදුණොත් කළු කොඩියක්‌ ඔසවා පෙන්වනවා. කළු කොඩියක්‌ දුටුවෝතින් පණ බේරාගෙන හැංගෙන්න.

මෙසේ කී රජු යුද්ධයට ගියේය. යුද්ධයෙන් ජයගත් ඔහු ආපසු එන ගමනේදී බිසෝවරුන්ට විහිළුවක්‌ කරන්නට සිතුවේය. ඔහු බොරුවට කළු කොඩියක්‌ එසවූ අතර ඉන් විස්‌සෝපයට පත් බිසෝවරු යාබද ඇල්ලකින් පහළට පැන දිවි තොර කර ගත්හ. මෙම සිද්ධිය දැනගත් රජු බිසෝවරුන්ට තිබූ අධික පෙම නිසා එම ඇල්ලෙන්ම පහළට පැන මිය ගියේය. මියගිය රජු කළු කුමාරයාව ඉපිද ජලස්‌නානය කරන තැන්හි සිට කාන්තාවන්ට පෙම් බඳින බව මානාවළු පුරාවත පවසයි.

කළු කුමාරයා කාන්තාවන්ට (යුවතියන්ට) මේ තරම් වෛර කරන්නේ ඇයිදැයි කියන කතාන්දරය අපට ගෙන එන්නේ නීල මදන කළු කුමාර පුවතයි. ඒ පුවතට අනුව කළු කුමාරයා යනු ගජබා රජුට රෙදි පිරුවට සපයන රෙදි නැන්දාගේ පුත්‍රයා වූ නීල මහා යෝධයාය. මේ රෙදි නැන්දා රජුගේ අනියම් බිරිඳ ලෙසද නීල යෝධයා රජුගේ පුතකු ලෙසද සමහර තැනෙක කියවේ. ගජබා රජු පසුකලෙක නීල යෝධයා තම සේනාධිපති බවට පත් කළේය. ඔහු සොලී රට යටත් කරන යුද්ධය සඳහා භාරතයට ගියේ නීල යෝධයා සමගය.

ගජබාගේ යුද සේනාව සොලී රට යටත් කර ගත්තේය. එරට ස්‌ත්‍රී පුරුය නම් පුරයක්‌ තිබිණි. එහි සිටි රූමත් ජවසම්පන්න ස්‌ත්‍රීන් කිසිදිනක පුරුෂයකුගේ පහසක්‌ ලබා නැත. සොලී රට යටත් කරගත් නීල යෝධයා ස්‌ත්‍රී පුරයෙහි නතර වූයේය. අධික කාමාශාවෙන් පෙලි පෙලී එහි දුක්‌ විඳි රූමත් ස්‌ත්‍රීන් නීලගේ හැඩි දැඩි රූපකාය අතගාන්නටත් ඔහු ලවා සිය ආශාවන් ඉටුකොට ගන්නටත් පටන් ගත්හ. අධික මෛථුනය නිසා වෙහෙසට පත් නීල එහිදී මියගොස්‌ ඇත්තේ රූමත් ස්‌ත්‍රීන් පිළිබඳ පහළ වූ බලවත් වෛරයකින් යුතුවය. මේ නිසා මරණින් පසු ඔහු නීල මදන කළු කුමාර ලෙස උපත ලබා රූමත් කතුන්ට වින කරන්නට පටන් ගත්තේලු.

සිද්ධත්ත කළු කුමාර පුවතට අනුව කළු කුමාරයා තෙරුන් වහන්සේ නමකි. සත් මහල් ප්‍රාසාදයකින් බිමට වැටී මියගිය ඔහු පසු කලෙක කළු කුමාරයා වුණේලු.

මේ කතාන්දර එක එක පළාත්වල එක්‌ එක්‌ ආකාරයට කියවුණත් සමස්‌තයක්‌ ලෙස ගත් කල කළු කුමාරයා මේ සියල්ලෙහි සම්පිණ්‌ඩනයෙන් සැදුම් ලත් යක්‍ෂයෙකි. වෛර කිරීම, ආදරය කිරීම කාන්තාවන්ට ලොබ බැඳීම නාන තොටවලට අරක්‌ ගෙන සිටීම ස්‌ත්‍රීන්ට දැඩි ලෙස ආදරය කිරීම මේ සෑම කතාවකටම පොදු ලක්‍ෂණය ලෙස සැලකිය හැකිය. මේ සියල්ල කැටිකර එක ඡේදයකින් කියන මහාචාර්ය කෝට්‌ටගොඩ සිය ග්‍රන්ථයේ තැනක මෙසේ සඳහන් කරයි.

කළු කුමාර දිෂ්ටිය බොහෝ දුරට ඇති වන්නේ නිසි කලට විවාපත් නොවන ස්‌ත්‍රීන්ටය. කළු කුමාර දිෂ්ටිය තුළින් කාන්තාවන්ගේ කාම ආශාව මූර්තිමත් කරන බැව් කියන්නට හොඳම නිදසුන එයයි. එවන් රෝගාතුරයින් කළු කුමාරයා සිහිනෙන් දැක ඔහු හා නිදි යහනෙහි රමණයෙහි යෙදෙනු දැකීමත්, ඒ හේතුව නිසාම ඔවුන් කෘෂ බවට පත්වීමක්‌ සිදුවන බව යකැදුරෝ පවසති. විවාහයෙන් පසුව කළු කුමාර දිෂ්ටිය නැති වන බව පවසන යකැදුරු පක්‍ෂය එවැනි ආතුරයන්ගේ දෙමව්පියන්ට දෙනු ලබන එකම උපදේශය වන්නේ ඔවුන් හැකි ඉක්‌මනට විවාහ කරදෙන ලෙසය.

ඒ දිගු විස්‌තරයට පසුව නැවතත් අපි දවටගහ ගෙදර කුසුමා වතීගේ පුවතට පැමිණිය යුතුය. ඇයගේ ගෙලේ ඇප නූලක්‌ බැඳ ආපසු ගිය යකැදුරා ප්‍රදේශයේ හොඳම ඇදුරන් හා නැට්‌ටුවන් එක්‌රැස්‌ කරගෙන මහ කළු කුමාර සමයමක්‌ නටන්නට සූදානම් වූයේය. කුසුමලතාගේ දෙමව්පියෝ ඒ සඳහා ලොකු මුදලක්‌ වියදම් කළහ.

මහ කළු කුමාර සමයම යනු අතීතයේ තෙදිනක්‌ පුරා නටන අති විශාල වියදම් අධික ශාන්තිකර්මයකි. සමයම් හතක පුදපෙත් ඊට ඇතුළත්ය. එහෙත් ඒ වියදම හා මහන්සිය සැලකූ යකැදුරෝ පසුකලෙක එම ශාන්තිකර්මයට සමයම් තුනක පුදපෙත් පමණක්‌ ඇතුළත් කළහ.

මේ අයුරින් නටන ලද තොවිලයෙන් පසුව කුසුමලතාගේ කළු කුමාර දිෂ්ටිය ඈ කෙරෙන් පලා ගියේය. එහෙත් කුසුමලතාගේ කළු කුමාර ආලයේ නියම රහස එළිවුණේ තොවිලයෙන් සති කිහිපයකට පසුවය. ඊට අනුව එදා කුසුමලතා නාන්නට ගිය ගොම්මන් හැන්දැ යාමයේ ඇය බිය වී ඇත්තේ ඇත්තටම කළුකුමාරයකුට නොව ගමේ කුලී වැඩ කරන හැඩි දැඩි තරුණයකුටය.

හේ දවස පුරාම කුලී වැඩ කර වෙහෙස මහන්සි වී හැන්දැවේ දොළට ගොස්‌ ඇත්තේ දිය සනහා ගන්නටය. ඇඟට ඇලී ගිය දිය රෙද්දකින් යුතුවූ කාන්තා සිරුරක්‌ තනි පංගලමේ දිය සනහනා අපූරුව ඔහු දැක ඇත්තේ එවිටය. දොළ ළඟ පඳුරකට මුවාවූ තරුණයා ඒ ළඳ නිදහසේ ඇඟපතෙහි සබන් ගාමින් දිය සනහනා අපූරුව වාරණයකින් තොරව බලා සිටියේය. ආශාව ඉවසාගත නොහැකිවූ ඔහු හුදෙකලාවේ වාසිය ගෙන ඇයව තම ග්‍රහණයට හසුකර ගන්නට වෑයම් කළේය. කුසුමලතා කළු කුමාරයා යෑයි සිතා බිය වී පණ එපා කියා පැන දිවගොස්‌ ඇත්තේ ඔහුට බයේය.

ඇතැම්විට එදා ඇය බිය වූයේ සැබෑ කළු යකාට නොව, ගමේ හැඩි දැඩි තරුණයකුට බව කල්තියා දැනගත්තේ නම් කීයටවත් ගෙදර නොදුවන බව කියමින් පසු කලෙක ගමේ ගැටව් කුසුමලතාට සරදම් කරනවා ඇසින.

අතීත පුවතක්‌ ඇසුරින් ලියවුණු මෙම ලිපියේ ඇතැම් නම් ගම් මනඃකල්පිතය

බුලිත ප්‍රදීප් කුමාර

divaina

---------------------------------------------

උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....

අබිරහස් අඩවිය - Abirahas Adawiya 
    

කුසුමලතා බියකල කළු කුමාර දිෂ්ටිය ...(holman katha -අබිරහස් අඩවිය - Abirahas Adawiya )

කුසුමලතා බියකල කළු කුමාර දිෂ්ටිය ..
දවටගහ ගෙදර කුසුමාවතී පාසල් අධ්‍යාපනය හමාර කර නිවසට වී විවේකීව අනාගතය දෙස බලමින් සිටි තරුණියක වූවාය. සහෝදරියන්ම තිදෙනකු සිටි පවුලේ මද්දුමිය ලෙස උපත ලද ඕ කාගේවත් වැඩි අවධානයට ලක්‌ නොවූ ලඡ්ජාශීලී අහිංසක යුවතියක වූයේ කරුණු කිහිපයක්‌ම නිසාය.
කුසුමලතා පාසලේදී ඇගේ අක්‌කා හෝ නැගනිය මෙන් විෂය කටයුතුවලට සමත්කම් පෑවේ නැත. ක්‍රීඩාවකට උනන්දු වූයේ නැත. බාහිර කටයුත්තකට සහභාගි වූයේද නැත. කොටින්ම කිවහොත් ඇගේ අක්‌කා හෝ නැගනිය මෙන් සමාජයේ අවධානයට හෝ නිවසේ ගෞරවාදරයට ලක්‌ නොවූ ඕ නිතරම සිටින්නට ප්‍රිය කළේ අන් අයගෙන් වෙන්වූ පරිසරයක හුදෙකලාවේ තනිවම කල්පනා කරමිනි.
ඇය ඇගේ සියලු වැඩ තනිවම කරගන්නට උත්සාහ කළාය. කඩයට පිලට ගියත් පන්සලට ගියත් ගැසට්‌ටුවක්‌ බලන්නට යාබද තෙලිඡ්ජවිල හන්දියේ තැපැල් කන්තෝරුවට ගියත් පොතක්‌ මාරුකර ගන්නට පුස්‌තකාලයට ගියත් ඕ ගියේ තනිවමය.

ඕ දවසකට සැරයක්‌වත් රෙදි පෙරෙදි සෝදාගෙන නිදහසේ නාන්නට බොහෝසේ ප්‍රිය කළාය. ඒ සඳහා ඕ යැමට පුරුදුව සිටියේ නිවසේ සිට ඇවිද යන දුරෙහි පවතින බිසෝදොල නම් වූ තෙලිඡ්ජවිල ප්‍රදේශයේ සුප්‍රකට දිය දහරාව වෙතය. බිසෝ දොල රබර් වතුයායක සිට පහළට ගලා බසිනා ශීතල සුනිල දිය දහරාවකි. අතීතයේ ප්‍රාදේශීය රජවරුන්ගේ බිසෝවරු ස්‌නානය කළ නිසාදොa ප්‍රදේශයේ බිසෝදොළ නමින් ප්‍රකට මේ දිය දහර අදටත් දක්‌නට වෙති.

අවේලාවේ බිසෝදොලෙහි දිය නාන්නට යැම අවදානම් කටයුත්තක්‌ ලෙස ප්‍රදේශවාසීහු විශ්වාස කළත් කුසුමලතාට එහි වගක්‌ නොවීය. ඈ බිසෝදොළ අවට ඇති අඳුරට, නිසොල්මන් බවට හා හුදෙකලාවට ප්‍රිය කරමින් වැඩිහිටියන් මග හරිමින් අවශ්‍ය ඕනෑම වෙලාවක නාන්නට යැම ජීවිතයේ එක්‌ හිතුවක්‌කාර පුරුද්දක්‌ කරගත්තාය.
දිනක්‌ හවසක නාන්නට ගිය ඕ හිටිවනම මහත් කලබලයෙන් ගියාටත් වැඩි වේගයෙන් නැවත ගෙදර පැමිණියාය. ඇගේ හැසිරීම අමුතුය. පෙනුම කලබලකාරීය. සිදුවූ කිසිවක්‌ ගැන කල්පනාවක්‌ නැති ගානය. ප්‍රශ්න කළ කිසිවෙක්‌ රිස්‌සුවේ නැත.

ටික වේලාවකින් ඕ ගැහෙන්නට පටන් ගත්තාය. ඇස්‌ උඩ ඉන්දී ගියේය. දතකට පූට්‌ටු වී ගියේය. තදින් වෙව්ලන්නට පටන් ගත්තේය.
දෙමාපියෝ දෙවරක්‌ සිතුවේ නැත. හිතුවක්‌කාර අකීකරු චර්යාවට ඇවැසි නිසි දඬුවම් ඇයට ලැබී ඇති වග තේරුම් ගත් ඔවුහු වහාම යාබද අකුරුගොඩ නම් ගමේ සිටින කට්‌ටඬියන් සොයා පණිවිඩ යෑවූහ.

කට්‌ටඬි තැන පැමිණ කුසුමලතාගේ රෝග ලක්‍ෂණ සියල්ල විමසා බැලීය. තදින් උණ ගැනී උණ විකාරෙන් දොඩවන කුසුමලතාගෙන් ප්‍රශ්න කිහිපයක්‌ ඇසුවේය. අනතුරුව මල් බුලත් තට්‌ටුවක්‌ ගෙන අමු කහ කෑල්ලක අතුල්ලන ලද සුදු නූලක්‌ ගෙන අඟුරු කට්‌ටකුමංජල් ළඟට ගෙන දුම් අල්ලමින් මතුරන්නට පටන් ගත්තේය.

කුසුමලතා සාමාන්‍ය තත්ත්වයට පත්වූයේ එම නූල්පට ජප කරමින් ගෙල බැන්දායින් පසුවය. එහෙත් ඇය දැඩි ලෙස උණ රෝගයෙන් පෙළෙමින් සිටියාය.

කුසුමලතා තනි පංගලමේ නාන්නට ගිය වේලාවේ කළුකුමාර දිෂ්ටිය ඇයගේ ඇඟට ඇතුළු වී ඇති බව ගුරුන්නාන්සේ (යකැදුරා) දෙමාපියන්ට සැලකර සිටියේය. නිසි දින ගණන් සම්පූර්ණ වූ පසු “මහා කළු කුමාර සමයමක්‌” නටා ඇප නූල ගලවා ආතුරයා සුවපත් කළ හැකි බව ඔහු යෝජනා කළේය.
කුසුමලතාලාගේ නිවසින් බැහැරව යන්නට ඔන්න මෙන්න තිබියදී හසල ජීවන අත්දැකීම් සම්භාරයක්‌ සහිත ඒ ගුරුන්නාන්සේ නැවත දෙමාපියන්ට කතා කළේය.
මේ වගේ තනිපංගලමේ මුළුගැන්නිලා ඉන්න ගෑනු ළමයි ගෙවල්වල ඉන්නකොට දෙමාපියන්ටත් කරන්න ලොකු යුතුකමක්‌ තියෙනවා. පුළුවන් තරම් ඉක්‌මනට හොඳ ගැළපෙන කෙනෙක්‌ හොයලා මේ දරුවව බන්දලා දෙන්න. එතකොට මේ ප්‍රශ්න ඉවරයි.
ගුරුන්නාන්සේ එදා එසේ කී කාරණාව තුළ ලොකු සත්‍යයක්‌ ගැබ්ව තිබුණ බව කුසුමලතාගේ දෙමාපියන් වටහා ගත්තේ කාලාන්තරයකට පසුවය. එහෙත් එදා සිට ඔවුන් සූදානම් වන්නට වුණේ මහ කළුකුමාර සමයම නටවන්නටය.
මේ අතීත කතාව මා ගෙනහැර පෑවේ කළු කුමාරයා කවුද කළුකුමාරයා නාන තොටවල ඉන්නේ ඇයිද, කළු කුමාරයා තරුණ ස්‌ත්‍රීන්ට පමණක්‌ දිෂ්ටි හෙලන්නේ ඇයිද යන ප්‍රශ්න ගැන ඔබ තුළ මතුවී ඒම සඳහාය. මෙතැන් පටන් මා විස්‌තර කරන්නට යන්නේ කළු කුමාරයා කවුද යන අතීත කතාවය.
කළු කුමාර යක්‌ෂ සංකල්පය අපේ රටේ වැඩි දුර ප්‍රචලිතව ඇත්තේ දකුණු පළාත තුළය. එහෙත් උඩරට පහත රට සබරගමු යන තුන් සම්ප්‍රදාය තුළම අඩු වැඩි වශයෙන් කළු කුමාරයාට සම්බන්ධ පුරාවෘත්ත ජනප්‍රවාදයේ පවතින බවට ලිත සාක්‍ෂි ගණනාවකි.
කළු කුමාරයා යනු “දේව පුරාණයට” අනුව දෙවියකු බව පැහැදිලිය. එනමින් එක්‌ දෙවියකු නොව දෙවිවරු සත් කට්‌ටුවක්‌ම අතීතයේ විසූ බවට සාක්‍ෂි දනවන දේව පුරාණය ඒ සත්කට්‌ටුව මෙසේ හඳුන්වා දෙනු ලබයි.

 1. වෙල්ලස්‌සේ බණ්‌ඩාර කළුකුමාර

2. උඩුගම්පොල මැණික්‌සාමි කළුකුමාර

3. සෙන්කඩගල කළුකුමාර

4. අනුරාධපුර කළුකුමාර

5. හෙට්‌ටිනයිදේ කළුකුමාර

6. බින්තැන්නේ කළු කුමාර

7. කම්බිලි කළු කුමාර
මේ දෙවිවරු සත්දෙනා ගැන දේව පුරාණය කියතත් අපේ රටේ තොවිල් පවිල් කරන යකැදුරු පරම්පරාවන් මුඛ පරම්පරාගතව රැගෙන එන සාහිත්‍යයට අනුව කළු කුමාරයා යනු යක්‍ෂයෙකි. එක්‌ යක්‌ෂයෙක්‌ නොව යක්‌ෂයෝ 5 දෙනෙක්‌ ගැන පුරාවෘත්ත ඔවුන්ගේ මුඛ පරම්පරාගතව පැවත එන බව අපට කියන්නේ මහාචාර්ය ජයසේන කෝට්‌ටගොඩ ලියන ලද “කළු කුමාරයා පුද ලබන දාරක වත් පිළිවෙත්” යන ග්‍රන්ථයෙනි. එයට අනුව කළු කුමාරවරු පස්‌දෙනකු ගැන කතාන්දර 5 ක්‌ තුළින් විස්‌තර කර ඇත.

1. සෙංකඩගල පුවත

2. උඩුගම්පොල පුවත

3. මහ කළු රජ (මාතාවුළු) පුවත

4. නීල දමන කළු කුමාර පුවත

5. සිද්ධත්ත කළු කුමාර (බොකසැල්) පුවත.
කෙසේ වෙතත් සමාජයේ පවතින සාමාන්‍ය මතයට අනුව කළු කුමාරයා දේවත්වයට වඩා ළං වන්නේ යක්‌ෂාත්මයට බව පැහැදිලිය. මේ අතර අපේ රටේ වැදි ජනතාවගේ විශ්වාසයට අනුව කළු කුමාරයා යනු ඔවුන්ගේ බිළිඳු යකාගේ විකාශනයකි. තවත් පැහැදිලි කළහොත් කුවේණියගේ ආත්මය ලෙස සැලකෙන කකුළාපොළ කිරිඅම්මාගේ පුත්‍රයා වූ බිළිඳු යකා හෙවත් කළු දැකඩ කුමාරයා හෙවත් ඉලන්දාරි යකාය.
එහෙත් එක්‌ එක්‌ යකැදුරු පරම්පරාවලට අනුව පැවත එන අනෙකුත් කතා 5 විමසා බලන විට ලැබෙන්නේ එක එක විදියේ කතාය.
සෙංකඩගල පුවතට අනුව කළු කුමාරයා දෙවියෙකි. සෙංකඩගල රජ කළ පළමුවන විමලධර්මසූරිය රජුගේ වැඩිමහල් පුත් රාජසූරිය අස්‌ථාන කුමාරයා මරුමුවට පත් වූයේ දඬුවමක්‌ වශයෙනි. රජුට අයත් සුරතල් කොණ්‌ඩ කුරුල්ලෙකු දියේ ගිල්ලවා මරා දැමීමේ වරදට රජු තම පුත්‍රයා දියේ ගිල්ලවා මරවන ලදී. මෙසේ මියගිය අස්‌ථාන කුමාරයා පසුකලෙක දේවත්වයට පැමිණ ඊටත් පසු කලෙක කළු කුමාරයා ලෙස නාන තොටවල අරක්‌ගෙන සිටින බව කියයි.
උඩුගම්පොල පුවතෙහි දැක්‌වෙන අයුරින් බලනවිට කළු කුමාරයා යනු කෝට්‌ටේ යුගයේදී උඩුගම්පොල ප්‍රදේශයේ රජ කළ යුවරාජ සකල කලා වල්ලභගේ රජක කුලයේ බිරිඳකගේ පුත්‍රයාය. ඔහු වරෙක තම පියා හමුවී රාජ්‍යත්වය ඉල්ලා සිටියේය. එය නොලැබුණ තැන රජු හා උරණ වී ඔහු මරා දමන්නට උගුලක්‌ ඇටවීය. රජු නාන පොකුණේ වතුරට යටින් උල් රැසක්‌ සවිකළ මේ කුමරු බලා සිටියේ රජු පැමිණ පොකුණට පනින විට උල් ඇනී මැරේය කියාය.
රජු පැමිණ නාන්නට සැරසෙනවිට දිය මත මැස්‌සෙකු වසා සිටිනු දුටුවේය. දිය මත මැස්‌සෙකු සිටින්නේ කෙසේදැයි හේ විමසා බැලීය. මැස්‌සා සිටියේ සිටවන ලද උලක තුඩ මතය. රහස හෙළිවිය. කුමරා බියට පත්ව
සිරිපා අඩවියට පලාගොස්‌ පර්වතයකින් පහළට පැන මියගියේය. මියගිය කුමරු ජලස්‌නානය කරන තැන්හි කළු කුමාරයා වී ඉපිද සිටීලූ.
මානාවළු පුවතට අනුව කළු කුමාරයා වී ඇත්තේ විල්ලෝඩි දේශයේ සිට මෙරටට ආ කළු මහ රජුය. ඔහු බිසවුන් සත්දෙනකු හා විවාහ වී මානාවළු නුවර රජකරමින් සිටියේය. ඔහුට මහා යුද්ධයකට යැමට අවශ්‍ය විය. රජු යුද්ධයට ගියේ බිසෝවරුන්ට උපදෙසක්‌ දීය. මම යුද්ධයෙන් දිනුවොත් සුදු කොඩියක්‌ ඔසවා පෙනෙන්නට සලස්‌වනවා. පැරදුණොත් කළු කොඩියක්‌ ඔසවා පෙන්වනවා. කළු කොඩියක්‌ දුටුවෝතින් පණ බේරාගෙන හැංගෙන්න.
මෙසේ කී රජු යුද්ධයට ගියේය. යුද්ධයෙන් ජයගත් ඔහු ආපසු එන ගමනේදී බිසෝවරුන්ට විහිළුවක්‌ කරන්නට සිතුවේය. ඔහු බොරුවට කළු කොඩියක්‌ එසවූ අතර ඉන් විස්‌සෝපයට පත් බිසෝවරු යාබද ඇල්ලකින් පහළට පැන දිවි තොර කර ගත්හ. මෙම සිද්ධිය දැනගත් රජු බිසෝවරුන්ට තිබූ අධික පෙම නිසා එම ඇල්ලෙන්ම පහළට පැන මිය ගියේය. මියගිය රජු කළු කුමාරයාව ඉපිද ජලස්‌නානය කරන තැන්හි සිට කාන්තාවන්ට පෙම් බඳින බව මානාවළු පුරාවත පවසයි.
කළු කුමාරයා කාන්තාවන්ට (යුවතියන්ට) මේ තරම් වෛර කරන්නේ ඇයිදැයි කියන කතාන්දරය අපට ගෙන එන්නේ නීල මදන කළු කුමාර පුවතයි. ඒ පුවතට අනුව කළු කුමාරයා යනු ගජබා රජුට රෙදි පිරුවට සපයන රෙදි නැන්දාගේ පුත්‍රයා වූ නීල මහා යෝධයාය. මේ රෙදි නැන්දා රජුගේ අනියම් බිරිඳ ලෙසද නීල යෝධයා රජුගේ පුතකු ලෙසද සමහර තැනෙක කියවේ. ගජබා රජු පසුකලෙක නීල යෝධයා තම සේනාධිපති බවට පත් කළේය. ඔහු සොලී රට යටත් කරන යුද්ධය සඳහා භාරතයට ගියේ නීල යෝධයා සමගය.
ගජබාගේ යුද සේනාව සොලී රට යටත් කර ගත්තේය. එරට ස්‌ත්‍රී පුරුය නම් පුරයක්‌ තිබිණි. එහි සිටි රූමත් ජවසම්පන්න ස්‌ත්‍රීන් කිසිදිනක පුරුෂයකුගේ පහසක්‌ ලබා නැත. සොලී රට යටත් කරගත් නීල යෝධයා ස්‌ත්‍රී පුරයෙහි නතර වූයේය. අධික කාමාශාවෙන් පෙලි පෙලී එහි දුක්‌ විඳි රූමත් ස්‌ත්‍රීන් නීලගේ හැඩි දැඩි රූපකාය අතගාන්නටත් ඔහු ලවා සිය ආශාවන් ඉටුකොට ගන්නටත් පටන් ගත්හ. අධික මෛථුනය නිසා වෙහෙසට පත් නීල එහිදී මියගොස්‌ ඇත්තේ රූමත් ස්‌ත්‍රීන් පිළිබඳ පහළ වූ බලවත් වෛරයකින් යුතුවය. මේ නිසා මරණින් පසු ඔහු නීල මදන කළු කුමාර ලෙස උපත ලබා රූමත් කතුන්ට වින කරන්නට පටන් ගත්තේලු.
සිද්ධත්ත කළු කුමාර පුවතට අනුව කළු කුමාරයා තෙරුන් වහන්සේ නමකි. සත් මහල් ප්‍රාසාදයකින් බිමට වැටී මියගිය ඔහු පසු කලෙක කළු කුමාරයා වුණේලු.
මේ කතාන්දර එක එක පළාත්වල එක්‌ එක්‌ ආකාරයට කියවුණත් සමස්‌තයක්‌ ලෙස ගත් කල කළු කුමාරයා මේ සියල්ලෙහි සම්පිණ්‌ඩනයෙන් සැදුම් ලත් යක්‍ෂයෙකි. වෛර කිරීම, ආදරය කිරීම කාන්තාවන්ට ලොබ බැඳීම නාන තොටවලට අරක්‌ ගෙන සිටීම ස්‌ත්‍රීන්ට දැඩි ලෙස ආදරය කිරීම මේ සෑම කතාවකටම පොදු ලක්‍ෂණය ලෙස සැලකිය හැකිය. මේ සියල්ල කැටිකර එක ඡේදයකින් කියන මහාචාර්ය කෝට්‌ටගොඩ සිය ග්‍රන්ථයේ තැනක මෙසේ සඳහන් කරයි.
කළු කුමාර දිෂ්ටිය බොහෝ දුරට ඇති වන්නේ නිසි කලට විවාපත් නොවන ස්‌ත්‍රීන්ටය. කළු කුමාර දිෂ්ටිය තුළින් කාන්තාවන්ගේ කාම ආශාව මූර්තිමත් කරන බැව් කියන්නට හොඳම නිදසුන එයයි. එවන් රෝගාතුරයින් කළු කුමාරයා සිහිනෙන් දැක ඔහු හා නිදි යහනෙහි රමණයෙහි යෙදෙනු දැකීමත්, ඒ හේතුව නිසාම ඔවුන් කෘෂ බවට පත්වීමක්‌ සිදුවන බව යකැදුරෝ පවසති. විවාහයෙන් පසුව කළු කුමාර දිෂ්ටිය නැති වන බව පවසන යකැදුරු පක්‍ෂය එවැනි ආතුරයන්ගේ දෙමව්පියන්ට දෙනු ලබන එකම උපදේශය වන්නේ ඔවුන් හැකි ඉක්‌මනට විවාහ කරදෙන ලෙසය.
ඒ දිගු විස්‌තරයට පසුව නැවතත් අපි දවටගහ ගෙදර කුසුමා වතීගේ පුවතට පැමිණිය යුතුය. ඇයගේ ගෙලේ ඇප නූලක්‌ බැඳ ආපසු ගිය යකැදුරා ප්‍රදේශයේ හොඳම ඇදුරන් හා නැට්‌ටුවන් එක්‌රැස්‌ කරගෙන මහ කළු කුමාර සමයමක්‌ නටන්නට සූදානම් වූයේය. කුසුමලතාගේ දෙමව්පියෝ ඒ සඳහා ලොකු මුදලක්‌ වියදම් කළහ.
මහ කළු කුමාර සමයම යනු අතීතයේ තෙදිනක්‌ පුරා නටන අති විශාල වියදම් අධික ශාන්තිකර්මයකි. සමයම් හතක පුදපෙත් ඊට ඇතුළත්ය. එහෙත් ඒ වියදම හා මහන්සිය සැලකූ යකැදුරෝ පසුකලෙක එම ශාන්තිකර්මයට සමයම් තුනක පුදපෙත් පමණක්‌ ඇතුළත් කළහ.
මේ අයුරින් නටන ලද තොවිලයෙන් පසුව කුසුමලතාගේ කළු කුමාර දිෂ්ටිය ඈ කෙරෙන් පලා ගියේය. එහෙත් කුසුමලතාගේ කළු කුමාර ආලයේ නියම රහස එළිවුණේ තොවිලයෙන් සති කිහිපයකට පසුවය. ඊට අනුව එදා කුසුමලතා නාන්නට ගිය ගොම්මන් හැන්දැ යාමයේ ඇය බිය වී ඇත්තේ ඇත්තටම කළුකුමාරයකුට නොව ගමේ කුලී වැඩ කරන හැඩි දැඩි තරුණයකුටය.
හේ දවස පුරාම කුලී වැඩ කර වෙහෙස මහන්සි වී හැන්දැවේ දොළට ගොස්‌ ඇත්තේ දිය සනහා ගන්නටය. ඇඟට ඇලී ගිය දිය රෙද්දකින් යුතුවූ කාන්තා සිරුරක්‌ තනි පංගලමේ දිය සනහනා අපූරුව ඔහු දැක ඇත්තේ එවිටය. දොළ ළඟ පඳුරකට මුවාවූ තරුණයා ඒ ළඳ නිදහසේ ඇඟපතෙහි සබන් ගාමින් දිය සනහනා අපූරුව වාරණයකින් තොරව බලා සිටියේය. ආශාව ඉවසාගත නොහැකිවූ ඔහු හුදෙකලාවේ වාසිය ගෙන ඇයව තම ග්‍රහණයට හසුකර ගන්නට වෑයම් කළේය. කුසුමලතා කළු කුමාරයා යෑයි සිතා බිය වී පණ එපා කියා පැන දිවගොස්‌ ඇත්තේ ඔහුට බයේය.
ඇතැම්විට එදා ඇය බිය වූයේ සැබෑ කළු යකාට නොව, ගමේ හැඩි දැඩි තරුණයකුට බව කල්තියා දැනගත්තේ නම් කීයටවත් ගෙදර නොදුවන බව කියමින් පසු කලෙක ගමේ ගැටව් කුසුමලතාට සරදම් කරනවා ඇසින.
අතීත පුවතක්‌ ඇසුරින් ලියවුණු මෙම ලිපියේ ඇතැම් නම් ගම් මනඃකල්පිතය

උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

සැමියාගෙන් වෙඩිකෑ බිරිඳ හොර සැමියා සමග හොල්මන් කරයි ..(holman katha -අබිරහස් අඩවිය - Abirahas Adawiya )


විමලසූරිය යනු ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකි. ඔහු අළුත් ව්‍යාපාරික කටයුත්තකට අතගැසුවේය. නාවල රාජගිරිය ප‍්‍රදේශයේ පිහිටි ඔහුගේ විශාල නිවස ලොකු මුදලකට විකුණා ගම්පහට ආසන්න නගරයක තෙල් පිරවුම් හලක් මිලදී ගත්තේය. ඒ ආසන්නයේම ඔහුට පදිංචියට නිවසක් සොයා ගත යුතු විය. නිවාස කිහිපයක් පිළිබඳ තොරතුරු ලැබුණ ද ඔහුගේ සිත ගියේ ඉන්දන පිරවුම්හලට සැතපුමක් පමණ දුරින් පිහිටි පාරම්පරික වලව්වකටය. එම වලව්ව විකිණීම උදෙසාම අතරමැදි සමාගමක් විසින් නවීන අංග උපාංග සහිත වලව්ව ප‍්‍රතිසංස්කරණය කර තිබුණි. විමලසූරිය මහතා මිලියන නවයහමාරකට වලව්ව මිලදී ගත්තේය. බිරිඳ, පුතා, දුව හා කාලයක සිට ඔවුන් ළඟ සේවය කළ සේවිකාව හා වත්ත බලාකියා ගත් මැදිවියේ පුද්ගලයා ද සමඟින් විමලසූරිය මහතා වලව්වේ පදිංචියට පැමිණියේය.
විශාල පොල්වත්තක් මැද පිහිටි මෙම වලව්වේ වර්තමාන හිමිකරුවන් විදේශගතව සිටින බැවින් කාලාන්තරයක් තිස්සේ වසා දමා තිබී ඇත. දුව සහ පුතා ඉහළ මහලයේ කාමර දෙකක ද මව සහ පියා පහළ කාමරයක් ද තමන් සඳහා වෙන් කර ගත්තේය. ඉහළ මහලයේ පඩි පෙළ සම්පූර්ණයෙන්ම ඉදිකර පැවතුනේ ඝනකම කුඹුක් ලීවලිනි. ඉහළ මහලට පඩිපෙළ සම්බන්ධ වන ස්ථානයේ ආලින්දයකට භාවිත කළ හැකි ඉඩකඩක් පැවතුණි. එම ස්ථානයේ විශාල ජනේලයක් වූ අතර පුටුවක වාඩි වූ විට ද වත්තේ ඉදිරි කොටස හා මාර්ගය ඉතා දර්ශනීය ලෙස දැකගත හැකි වෙයි.
නිවසේ පදිංචියට පැමිණ ගෙවී ගියේ දින දෙක තුනකි. මධ්‍යම රාත‍්‍රිය පසුවන තෙක් පරිගණකයේ කටයුතු කරමින් සිටි විමලසූරියගේ පුතා වූ නිර්මාල්ට ඉහළ මහලේ ආලින්දය දෙසින් ලී පොළොවේ යමක් පැද්දෙන හඬක් දිගින් දිගටම ඇසෙන්නට විය. ඔහු ටික වේලාවක් එම ශබ්දයට කන් දීගෙන සිටියේය. එම ශබ්දය නොනවත්වාම ඇසෙයි. ශබ්දය කුමක්දැයි සොයා බැලිය යුතු යැයි සිතූ නිර්මාල් ආලින්දය දෙසට යාමට තීරණය කළේය. නිර්මාල්ගේ කාමරයේ දොර විවර වන්නේ කෙලින්ම ආලින්දයටය. වැඩි චකිතයකින්
තොරව නිර්මාල් දොර හැරියේය. දුටු දසුනින් ඔහු භිරන්තට්ටු වී ගියේය. ආලින්දයේ ජනේලය අසල එළිය දෙස බලාගෙන ගැහැනු කෙනකු පැද්දෙන පුටුවක වාඩි වී පැද්දෙමින් සිටියි.
ඒ ඇසෙනුයේ පුටුවෙන් නැගෙන හඬකි. ලා නිල් පැහැයට හුරු සුදු ආලෝකයක් ඇගේ ශරීරය වටා පවතියි. නිර්මාල් කරන්නේ කුමක්දැයි යන්න අවබෝධයකින් තොරව තත්පර කිහිපයක් බලා සිටියේය. පැද්දෙමින් සිටි කාන්තාව නිර්මාල් දෙසට හැරිණි. ඇගේ ගිනි රත්පැහැ ඇස්දෙක දුටු නිර්මාල් මර හඬ දී කෑ ගැසුවේය. කාමරයට ඇතුළු වී දොර වසා ගත්තේ කෙසේදැයි කියා හෝ ඔහුට මතක නැත. ඔහු අධික ලෙස තැති ගත්තේය. නිර්මාල්ගේ කෑ ගැසීමත් සමඟම නිවසේ සියල්ලෝ උඩුමහලට දිව ආවෝය. නිර්මාල්ගේ දොරට තට්ටු කරණු වෙනුවට දොර ඇරගෙන ඇතුළට ගියේය. දොර ලොක් කර නැත. කට්ටිය ඇතුළට යද්දීත් නිර්මාල් කෑ ගසමින් සිටියේය. ඇඳට ඔහුගේ මුහුණ ඔබාගෙන සිටි නිර්මාල්ගේ පිටට පියා අත තබත්ම නිර්මාල් තවත් ගැස්සී කෑ ගසන්නට විය. නිවසේ සියල්ලෝ පැමිණ කතා කරත්ම ඔහු තරමක් සන්සුන් විය.



ඔහු දුටු දේ පිළිබඳ පැවසුවත් කිසිවකු එය විශ්වාස නොකළේය. නිර්මාල් දැඩි ලෙස තැති ගැන්වී සිටියේය. පසු දා පහන් විය. නිර්මාල්ට හොඳටම උණ ගැනී තිබුණි. පසුදින උදයේ දියණිය වූ හංසිකා පුදුමාකාර කථාවක් පැවසුවේය. නිවසට පැමිණ ගත වූ දින හතරේදීම සෑම දිනකම උදයේ ආලින්දයේ තබා තිබූ සෙටියේ නිර්මාල් පැවසූ තැන තබා ඇති පුටු දෙක ඈත් කර දමා තිබූ බවය. එය තමා විසින් සෑම දිනකම යලි ලංකළ බව ඇය පැවසුවේය. මේ සිදුවීම් සමඟම ඔවුහු උඩු මහළ අත් හැරියේය. නිර්මාල්ට දෙහි කපා ආරක්ෂා නූලක් දැමුණ අතර ඔහු සුවය ලැබීය.

කාලය කෙමෙන් ගෙවී ගියේය. සෑමදාම රාත‍්‍රියේ කිරි කිරි ශබ්දය සැමටම ඇසෙයි. මෙය නිවසේ අයට මහත් වූ හිසරදයක් බවට පත් විය. ඔවුහු මෙම ගැටලූවෙන් මිදෙන්නට මාර්ග සොයන්නට විය. මංග අයියා පිළිබඳ ඔවුන්ට අසන්නට ලැබුණේ මේ අතරතුරය.
විමසූරිය මහතා මංග අයියා හමු වී සියල්ල විස්තර කළේය. කටයුතු සම්පාදනය කිරීමට පෙර දිනක් මංග අයියා පැමිණ නිවසේ නතර විය යුතු යැයි පැවසුවේය. කතාකරගත් පරිදි මංග අයියා පැමිණියේය. ඉහළ මාලයේ නිර්මාල්ගේ කාමරයේ නතර විය. උඩුමහලේ සියලූ ලයිට් නිවා ඔහු නිදා ගත්තේය. වෙහෙසත් සමඟ ඔහුට නින්ද ගියේය. රාත‍්‍රියේ කවුරුන් හෝ කාමරයට පැමිණෙනු දැනී මංග අයියා අවදි විය. ඔහු දුටුවේ මැදිවිය පසු කළ කාන්තාවකි. ඇයගේ කර දෙපැත්තේ උරහිස් වැසෙන ලෙස ගොතන ලද පෙනුම සහිත රෙද්දක් විය. ඇය වටා ලා නිල් පැහැයට හුරු සුදු ආලෝකයක් පවතියි. ඇය කෙලින්ම මංග අසලට පැමිණියේය. මංග බිය වූයේ නැත. ඇයගේ ගිනි පුළුගු වන් ඇස් දෙකට ද මංග බිය වූයේ නැත. යකුන් මෙල්ල කළ මංගට මෙය මහ දෙයක් නොවීය. කිසි අමනුෂ්‍යයකුට මංගගේ ශරීරයට ළංවිය නොහැකි බව ඔහු දනියි. 
”උඹ හදන්නේ අපිව එලවන්නද? මේ අපේ වලව්ව.” 
”කවුද එහෙම කිව්වේ?” මංග කිසිවක් නොදන්නා සේ ඇසීය.
”උඹ හිතුවේ මං මෝඩයෙක් කියලද? උඹ ආවේ බලාගෙන යන්ඩනේ අපිව එලවන්නේ කොහොමද කියලා. එලවන්ඩ පුළුවන්ද කියලා බලපන්”
යැයි කී එම මළගිය ආත්මය නොපෙනී ගියේය.
ඔහුට පුටුවක හඬක් ඇසුනේ නැත. ඊට වඩා සජීවී අවස්ථාවකට මුහුණ දුන්නේය. මෙවැනි දෙයක් කළ හැක්කේ යම් ශක්තිමත් ආත්මයකට පමණක් බව මංග අත්දැකීමෙන්ම දනියි. අනෙක් කරුණ වූයේ ඒ අවස්ථාවේ ඇයත් සමඟ තවත් කිහිප දෙනකු සිටිය යුතු යැයි ඔහුට අවබෝධ වීමයි. මෙවන් අය ඉවත් කිරීම පහසු නොවන බව මංග අත්දැකීමෙන්ම දනියි. පසුදා උදයේ සිදු වූ සිදුවීම නිවසේ අයට මංග නොපැවසූ අතර ශබ්දය ඇසුණු බව පමණක් පැවසුවේය. ඔහු එසේ කළේ නිවසේ අය එය විශ්වාස නොකරන බැවිණි. 

නිවසේ දෝෂය ඉවත් කිරීම සඳහා සති දෙකකට එහා දිනයක් යොදා ගත්තේය. මංග පිටව ගියේය. එදින රාත‍්‍රියේ සිදු වූයේ නොසිතූ දෙයකි. මෙතෙක් පැවති කිරි කිරි ශබ්දය වෙනුවට බර අඩි තබන ශබ්දය, විවිධ භාණ්ඩ පොළොවේ ගැටෙන ශබ්ද රාත‍්‍රිය පුරා ඉහළ මහලයෙන් ඇසෙන්නට විය. පසුදින බලන විට බිම පෙරළුන දෙයක් ද නැත. මෙම ගැටලූව නිසා නිවැස්සෝ හෙම්බත් වී සිටියෝය. මංග පිටවී දෙවැනි රැුයේදී රාත‍්‍රී දහයාමාරට පමණ සියල්ලෝ සාලයේ අසුන්ගෙන සිටියෝය. ඉහළ මාලයේ නිරන්තර ශබ්ද නැෙඟයි. ඔවුන් මේ පිළිබඳ කතා කර කර සිටියේය. එක් වරම බිරිඳ යටි ගිිරියෙන් කෑ ගැසුවේය. ඇය පඩි පෙළ ඉහළ බලාගෙන සිටියේය. විමලසූරිය ද ඒ දසුන දුටුවේය. ළමුන් සිටියේ පඩිපෙළට පිටුපාය. ඔවුන් එය නොදුටුවේය. යම් ඡුායාවන් දෙකක් පඩිපෙළ ඉහළ සිට ඔවුන් දෙස බලා සිටියේය.
නිවසේ සියල්ලෝ රාත‍්‍රියේම නිවසින් පිටවීමට තීරණය කළෝය. පූජාව පැවැත්වෙන දිනය දක්වාම ඔවුහු නිවසට පැමිණියේ නැත. දෙසතියකට පසු පූජාව සූදානම් විය. මලයාලම් පූජා විධි අප දැක ඇති තොවිල් ශාන්ති කර්මවලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් වෙයි. සාලයේ බිම තින්නූර් නම් අළුවලින් චක‍්‍ර තුනක් අඳිනු ලබයි. පළමු වැන්න මලයාලම් දේව චක‍්‍රයයි. දෙවැන්න දිශ්ඨි බන්ධනයයි. අනෙක නිවසේ ආරක්ෂාවට අඳින ලද යන්ත‍්‍රය ජීවම් වීමට තබන මණ්ඩල යන්ත‍්‍රයයි.
දේව චක‍්‍රය මධ්‍යයේ පොල්ගෙඩිය හා අඹ කොළ සහිත මුට්ටි 3 තබන අතර බිම අඳින චක‍්‍රය වැසී යන ලෙස පාට පාට මල් දමයි. මල් ඉතා විශාල ප‍්‍රමාණයක් මේ සඳහා අවශ්‍ය වෙයි. පලතුරු මල් අතර තබයි. දිශ්ඨි බන්ධනය තුළට රත් මල් හා බැදුම් වර්ග පමණක් භාවිත කරනු ලබයි. පූජාව ආරම්භයත් සමඟම යන්ත‍්‍රය ඉබේ ජීවම් වීම ඇරඹෙයි. මලයාලි ශාස්ත‍්‍රයේ පවතින විශේෂත්වය ද එයයි.
පූජාව ඇරඹීමත් සමඟම මංගගේ ගෝලයකු දිශ්ඨි බන්ධනය තුළ වාඩි කරවීය. ඉන්පසු මන්ත‍්‍ර කිහිපයක් පවසා තින්නූර් ටිකක් ඔහුගේ නළලේ ආලේප කළේය. ටික වේලාවකින් ඔහු සලිත වන්නට විය. බන්ධන චක‍්‍රය යනු නිවසේ සිටින සියලූ මළගිය ආත්ම ගෙන්වා එම කොටුව තුළට ගෙන කොටු කර ගැනීමට අඳිනු ලබන එකකි. ඒ මත පුද්ගලයකු තැබුවේ එම ආත්මයත් සමඟ කතා බහ කිරීමටය. ටික වේලාවකින් ඔහු ගැහැනු හඬකින් මහ හඬින් සිනා සෙන්නට විය. ”උඹ ආයිත් ආවද? බලමු උඹ කොහොමද අපිව එළවන්නේ කියලා.
මුලින් සැර දැමූ මළගිය ආත්මය මංග අයියා මතුරන ලද තින්නූර් ආලේප කළ කඩුව අතට ගත්ම සැර බාල කළේය. ඇය, ඇය පිළිබඳ සහ පෙර සිදුවීමක් විස්තර කරන්නට විය. අදින් වසර හැට හැත්තෑවකට පෙර ඉංග‍්‍රීසි හුරුවට හැදුණු යුවළක් වලව්වේ ජීවත් වී ඇත. වතු හිමිකරුවකු වූ ස්වාමියා බිරිඳ පිළිබඳ උනන්දුවක් දක්වා නැත. ස්වාමියාගේ මිතුරකු සමඟ අනියම් සබඳතාවක් ඇති කර ගන්නා ඇය ඔහුව වරින් වර නිවසට ගෙන්වා ගනියි. අවසානයේ සිදු වන්නේ ඉහළ මහලයේ පැද්දෙන පුටුව මතදීම ස්වාමියාගේ වෙඩි පහරකින් ජීවිතයෙන් වන්දි ගෙවීමටය. මිතුරාට ද නිවස තුළම පහරදී මරා දමා ඇත. ඔවුන් දෙදෙනාගේ ආත්මයන් මේ දක්වාම නිවසේ වෙසෙයි. වරින් වර නිවස මිලදී ගන්නා අය ටික දිනකින් නිවස විකුණා දැමීමට සිදුවන සිදුවීම් මේ මළගිය ආත්ම විසින් ඇතිකරනු ලබයි.
සියලූ පූජා අවසානයේ මළගිය ආත්ම යම් බන්ධනයකට ලක් කර ඉවත් කරනු ලබයි. මලයාලි ශාස්ත‍්‍රයට අනුව එම මළගිය ආත්ම ඉන්පසු මලයාලි ඇදුරාගේ සේවයට බන්ධනය වෙයි. මලයාලි ගුරුකමේ අවසන් උද්වේගකර අවස්ථාව වනුයේ දෙදෙනකු කඩුව ඔසවාගෙන සිටින විට එහි කැපෙන පැත්ත මත මලයාලි ඇදුරා සිටගෙන නිවැසියන්ගේ ආරක්ෂාවට නලලේ සින්¥ර් ආලේප කිරීමයි. බොහෝ විට කඩුව මත සිට ගන්නා අවස්ථාවේ ඇදුරාගේ ශරීරයේ සිටින්නේ මලයාලි මහසෝනාය. මොහු ඉතා දරුණුය. කඩුව හරිහැටි අල්ලා ගැනීමට නොහැකි වුවහොත් අත ඇති පන්දමෙන් හෝ අත ඇති දෙයින් පහර කෑමට සිදුවෙයි.
කෙසේ හෝ පූජාව අවසන් විය. නිවසේ දෝෂය ඉවත් විය. ටික කලකින් නිවස සාමාන්‍ය තත්ත්වයට පත් විය.

.          උපුටා ගැනීම් සහිතයි .... ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya