Saturday, August 20, 2016

මනෝකාය ශරීරයෙන් ඉවත්වූ අය අහපු දැකපු පුදුම දේවල්.. .(mano kaya astral body)...අබිරහස් අඩවිය - Abirahas Adawiya

මරණයෙන් පසු නැතහොත් භෞතික සිරුර අත්හැර යන ආත්මය හෝ මනෝමය කයක් එනම් මනෝකායක් පිළිබඳව, විවිධ මතවාද ඉතා අෑත අතීතයේ සිටම දාර්ශනිකයන් අතර විය. ජාන්දෝග්‍ය උපනිෂදය ගොඩනැඟූ ජාන්දෝග්‍යය මුනිවරයා මනෝකාය පිළිබඳ දාර්ශනික විග්‍රහයක් ප්‍රථම වරට ලෝකයට හෙළිකළේය. නූතන බටහිර විද්‍යාඥයන් බයෝ ප්ලාස්මා බොඩි, ඇස්ට්‍රල් බොඩි, ඊතයිල් බොඩි, සෙකන්ඩරි බොඩි ආදී විවිධ නම්වලින් හඳුන්වන මනෝකාය පිළිබඳව බුදුරජාණන් වහන්සේ පොට්ඨපාද සූත්‍රයෙන් කියා පෑ සේක. මිනිසාට ආත්ම භාෂා තිහක් තිබෙන බවත්, එයින් ප්‍රථමය කෑම බීමෙන් පෝෂණය කරනු ලබන මෙම භෞතික සිරුර බවත්, දෙවැන්න එම භෞතික සිරුර තුළ පිහිටි මනෝමය කය හෙවත් මනෝකාය බවත්, තුන්වැන්න අරූප ලෝකවල පවත්නා මීටත් වඩා සියුම් වූ සංඥාමය ආත්මභාවය බවත් උන්වහන්සේ වදාළ සේක. 
සාමඤ්ඤ ඵල සූත්‍රයෙන් උන්වහන්සේ සිත දියුණු කළ ධ්‍යානලාභී යෝගවචරයා, පුරුෂයකු තණ ගසකින් තණ බඩයක් ඇද මෑත් කරන්නා සේද, යුද භටයකු කොපුවකින් කඩුවක් ඇද මෑත් කරන්නා සේද, නයි නටවන්නකු පෙට්ටියක් තුළින් නයෙක් එළියට ගන්නා සේද, තම භෞතික කය තුළින් මනෝකාය එළියට ගන්නා බව වදාළ සේක. සිත දියුණු කළ කෙනකුට තම භෞතික සිරුර තුළින් මනෝකාය ඉවත් කළ හැකිය. පුරාණ භාරතීය ඍෂිවරයන් තම මනෝකාය ගවු දහස් ගණන් අෑත පෙදෙස්වලට ගමන්කරවා නැවත තම සිරුරට ගත් විස්මයජනක කතා පැරැණි භාරතීය සාහිත්‍යයෙහි ඇත. මනෝකාය පිළිබඳ බුදුන්වහන්සේගේ චින්තනය බ්‍රහ්මනිමන්ත සූත්‍රයේද, ඉන්ධිපාද සූත්‍රයේද සඳහන් වෙයි.
මරණය ආසන්නයටම ගොස් සායනික මරණයට පත්වීම නිසා තම භෞතික සිරුරෙන් ඉවත් වී මනෝකාය තමන් හා සබැඳි අවට පරිසරය නිරීක්ෂණය කර නැවතත් තම මනෝකාය සිය භෞතික සිරුරට ප්‍රවිෂ්ට කළ පුද්ගලයන් පිළිබඳ ප්‍රථම ග්‍රන්ථය සම්පාදනය කිරීමේ ගෞරවය හිමිවන්නේ ඇමෙරිකානු මනෝවිද්‍යාඥවරියක වූ දොස්තර එලිසෙබත් කුබ්ලර් රෝස්ටය. මනෝ වෛද්‍යවරියක වූ දොස්තර එලිසබෙත් කුබ්ලර් විසින් රචිත මරණය සහ මියයෑම ග්‍රන්ථයෙන් රූපකායෙන් ඉවත්ව මනෝකායෙන් අවට සැරිසරා නැවත රූපකායට පිවිසුණු පුද්ගලයන් රාශියකගේ අත්දැකීම් ලොවට හෙළි කළාය. 

දොස්තර රේමන්ඩ් ජී. මූඩ් නමැති ඇමෙරිකානු වෛද්‍යවරයා මරණින් පසු ජීවිතය යන ග්‍රන්ථයෙන් මරණයේ කෙළවර තෙක් ගොස් ආපසු පැමිණි පුද්ගලයන් තම රූපකායෙන් මනෝකාය ඉවත් වූ පසු ලැබූ අත්දැකීම් විශාල ප්‍රමාණයක් ඇතුළු කළේය. 

1965 වර්ජිනියා විශ්වවිද්‍යාලයේ දර්ශනවාදය පිළිබඳ උපාධි අපේක්ෂකයකු වූ රේමන් මූඩ්ට මරණාසන්න අනුභූතීන් පිළිබඳව උනන්දුවක් ඇතිවූයේ එම විශ්වවිද්‍යාලයේ මනෝ විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයා පැවැසූ සිද්ධියක් නිසාය. එහිදී ඔහු පැවැසුවේ තමන් මරණයට පත්වූ පුද්ගලයකු බවය. එක් වතාවක් නොව විනාඩි දහයක පරතරයකදී දෙවතාවක්ම මරණයට පත්වූ බවය. 

රූපකායෙන් ඉවත්ව මනෝකායෙන් ගතකළ එම මොහොත තමන් ලැබූ සුන්දර අත්දැකීමක් ඔහු චිත්තාකර්ෂණීය ලෙස විස්තර කළේය.

පසුව දර්ශන උපාධිය ලද රේමන් මූඩ් ඇමෙරිකාවේ නැඟෙනහිර පළාතේ පිහිටා ඇති නෝත් කැරලිනා විශ්වවිද්‍යාලයේදී වරක් ප්ලේටෝගේ පීඩෝ නම් ග්‍රන්ථයෙහි මරණයෙන් පසු ජීවිතය ගැන උගන්වමින් සිටියදී එක් ශිෂ්‍යයකු තමාගේ ලොකු අම්මා ශල්‍යකර්මයක් කරමින් සිටියදී මොහොතක් මියගොස් ලැබූ විස්මයජනක අත්දැකීම තමන්ට පැවැසූ බව කීය. 
මෙයින් පසුව රේමන් මූඩ් චිකිත්සිකව මියගොස් මනෝකායෙන් අවට ලෝකයෙහි සැරිසරා නැවත රූපකායට ඇතුළු වූ පුද්ගලයන්ගේ අත්දැකීම් එකතු කරන්නට විය.
හෘදයාබාධයක් නිසා රෝහල් ගත වූ ස්ත්‍රියක් තම භෞතික ශරීරයෙන් මනෝකාය ඉවත්ව බාහිර පරිසරයේ ගතකළ අත්දැකීම් විස්තර කළේ මෙලෙසය.
මා රෝහලේ සයනය මත වැතිර සිටියදී මගේ හෘදයේ දැඩි වේදනාවක් ඇතිවිය. එයින් මඳ සහනයක් ලැබීමට මම අනෙක් අතට හැරුණෙමි. මගේ ආශ්වාස ප්‍රශ්වාසය නතර විය. හෘද ස්පන්දනය නතර විය. හෙදියක තැති ගැන්මෙන් කෑගසනවා මට ඇසිණි. එවිට මා මාගේ සිරුරෙන් ලිස්සා සිවිලිම අතරේ පාවෙමින් පහත දෙස බලන්නට වීමි. 

එයා මියගියා හෙදිය පැවසූ අතර යැයි සියල්ලෝම මගෙ සිරුර වටා රොක්වන්නට වූහ.
එක් හෙදියක් මගේ මුවට මුව තබා කෘත්‍රිම ශ්වසනයෙන් මගේ හදවත ප්‍රාණවත් කරන්නට උත්සාහ කරන්නට විය. එවිටම කෘත්‍රිම ආශ්වාස ප්‍රශ්වාස යන්ත්‍රය මාගේ සිරුර වැතිර තිබූ සයනය අසලට ගෙනැවිත් මගේ සිරුරට සම්බන්ධ කරනු ලැබිණ. ඒ සමඟම මාගේ සිරුර ඇඳෙන් ඉහළට විසිවෙනවා සිවිලිම අසල පාවෙමින් සිටි මට දක්නට ලැබිණ. ඒ සමඟම මාගේ සිරුරේ ඇටකටු සියල්ලම කැඩී යනවාක් මෙන් ශබ්දයක් ඇසුණි.
හදිසි රිය අනතුරක් නිසා තමාගේ භෞතික සිරුරෙන් මනෝකාය බාහිර ලෝකයට පැමිණි දහනව හැවිරිදි අයකුගේ අත්දැකීම්, ආචාර්ය රේමන් මූඩ් තම ග්‍රන්ථයෙන් මෙසේ විස්තර කර ඇත. 
"එදා මම නිසසල රාත්‍රියේ මගේ මිතුරකුත් සමඟ මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියෙමි. රිය පදවනු ලැබුවේ මා විසිනි. ඉතාමත් වේගයෙන් අප දෙසට එන රථයක ඉදිරිපස එළියක් දක්නට ලැබිණි. ඒ සමඟම මාගේ මිතුරා යටිගිරියෙන් මොරදෙන ශබ්දය මට ඇසිණි. එම මොරගෑමත් සමඟ භයානක ශබ්දයක් ඇසිණි. අපගේ රථය අනෙක් රථයේ ගැටෙනවාත් සමඟම මා කිසියම් බන්ධනයකින් ඉවත් වී යනවාක් මෙන් මට දැනුණි. රථයට යාර හතරක් පමණ අෑතින් රථයට අඩි පහක් පමණ ඉහළ සිට සිදු වූ දෙය මම බලා සිටියෙමි. රථය ඝට්ටනය වූ බියකරු හඬ මට ඇසුණ අතර රථය වටා මිනිසුන් රොක්වනු මම බලා සිටියෙමි. මිනිස්සු රථයේ දොර ගලවා මගේ මිතුරා එළියට ගත්හ. ඊළඟට ඔවුන් රුධිරයෙන් නැහැවෙන මාගේ සිරුරද එළියට ගත්හ."
මෙවැනිම අත්දැකීම් ලැබූ පුද්ගලයකු පැවැසුවේ තමන් මියගිය බව වෛද්‍යවරයා පවසනු තමන්ට ඇසුණු බවය. ඒ සමඟම ඔහුට දැඩි ශරීර අපහසුතාවක් සහ දැඩි සීනු නාදයක් ඇසෙන්නට විය. ඒ සමඟම ඔහු අඳුරු ගුහාවකට වේගයෙන් ඇදී යන්නට විය. එවිටම ඔහුගේ රූපකායෙන් ඉවත් වූ මනෝකාය රූපකාය දෙස බලා සිටින්නට විය. ටික වේලාවකට පසු ඔහුගේ මියගිය ඥාති මිත්‍රාදීන් හමුවන්නට විය. එක් දයාන්විත පුද්ගලයකු පැමිණ ඔහුගේ ජීවිතයේ වටිනාකම් පිළිබඳව විනිශ්චය කරන්නට විය. ඒ සමඟම මරණයට තවත් කල් එළැඹ නොමැති බව ඔහුට වැටහෙන්නට විය. තමන්ගේ මනෝකාය භෞතික සිරුරට එකතුකරන්නට ඔහු අකැමැතිවිය. නමුත් ඔහුගේ මනෝකාය රූපකායට එකතු විය. 
ශල්‍යකර්මයකදී සායනික මරණයට පත්ව නැවත ජීවිතය ලද පුද්ගලයකු තම අත්දැකීම් විස්තර කර තිබුණේ මෙසේය.
"දීර්ඝ කාලයක් මා උදරාබාධයකින් පෙළුණා. එය සුවකිරීමට නම් මගේ ආමාශයෙන් කොටසක් ඉවත්කළ යුතු බව වෛද්‍යවරුන් පැවසුවා. එම නිසා එම ශල්‍යකර්මය සිදුකරනු ලැබුවා. ශල්‍යකර්මය සිදුකළාට දින හතරකට පසු මම හිටියෙ මගේ ලෙඩ ඇඳට ඉහළින් සිවිලිම අසල. වෛද්‍යවරුන් සහ හෙදියන් මගේ සිරුර අවට රැස්වී මට විවිධ ප්‍රතිකාර කරනු සිවිලිම අසල පාවෙමින් සිටින මට දක්නට ලැබුණා. හරිම නිදහස් සාමකාමී හැඟීමක් මට තිබුණෙ. මගේ භෞතික සිරුරට නැවතත් මා කැඳවනු ලැබුවා. වේදනාව දුක රෝගී තත්ත්වය මට නැවතත් හිමිවුණා." 
සායනික මරණයට පත්වූ අයකුගේ මනෝකාය නැවතත් එම භෞතික සිරුරට ඇතුළුවුවහොත් එම තැනැත්තාට ජීවය ලැබෙන බව පැහැදිලිය. යම් ලෙසකින් එවැනි අවස්ථාවක වෙනත් අයකුගේ මනෝකායක් එම භෞතික සිරුරට ඇතුළුවුවහොත් කුමක් සිදුවේද? 

කන්නිමහර සුමංගල ගරු හිමියන් විසින් ලියන ලද "බ්‍රයිඩේ මර්පි සහ අන්තරාභවය" නමැති කෘතියෙහි එවැනි විස්තරයක් ඇත. 
අයිරිෂ් පර්ෂේඩ් නමැති හංගේරියානු කාන්තාවක් හදිසියේ මියගියාය. ඇගේ ඥාතීහු ඇඳ වටා හඬමින් සිටියහ. හදිසියේම නින්දෙන් නැඟිට්ටාක් මෙන් ඇය නැඟී සිටියාය. එහෙත් ඇයගේ හැසිරීම් අමුතු විය. ඇය කතා කළේ ස්පාඤ්ඤ භාෂාවෙනි. හංගේරියානු භාෂාව ඇයට නොතේරිණි. ඇය ඇයගේ නම ලුසියා බව පැවැසුවාය. ඇයට දරුවන් හතරදෙනකු සිටින බවත් ඔවුන් මැඩ්රීඩ් නුවර වසන බවත් කීවාය. මැඩ්රීඩ් නුවරින් දැනගන්නට ලැබුණේ ලුසියා නම් වැන්දඹුවක ටික දිනකට පෙර මියගිය බවය. මෙයින් අපට පැහැදිලි වන්නේ කුමක්ද? අයිරිෂ් මියගිය විට ඇගේ ශරීරයට ලුසියාගේ මනෝකාය ඇතුළු වූ බවය. (130 පිටුව)
සායනික මරණය නිසා භෞතික සිරුරෙන් මනෝකාය බැහැර වූ කල බොහෝ දෙනා පවසන්නේ එම අවස්ථාවේ තමන්ට ඉතාමත් සාමකාමී සුවදායී ප්‍රසන්න හැඟීමක් ඇතිකළ බවය. අඳුරු බිංගෙයකට තමන් ඇතුළු වූ බවත් පසුව දීප්තිමත් ආලෝකයක් දැක එම ආලෝකය ඇතුළු වූ බවක් ඔවුහු දක්වති. මනෝකාය තුළ රැඳුණු අවස්ථාවේ ඉතාමත් සුවදායී සාමකාමී තත්ත්වයක් අත්විඳින නිසා එවැනි අවස්ථාවකට පත්වූ අය තම මනෝකාය භෞතික සිරුරට නැවතත් ඇතුළු කරන්නේ ඉතාමත් අකැමැත්තෙනි. 
ඇට්ලන්ඩා එමරි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මයිකල් සෝබම් පවසන ලෙස සායනික මරණයට ගොදුරු වී නැවතත් ජීවය ලද බොහෝ දෙනකුට තම මනෝකායෙන් අවට පරිසරය හා ඔවුන් මෙන් ලද අත්දැකීම් ඇත. තමන් අන් අයගේ හාස්‍යයට ලක්වේය කියා ඔවුන් තමන් ලද අත්දැකීම් අන් අයට පැවැසීමට පැකිළෙන බවය.
මරණයෙන් පසු නැතහොත් භෞතික සිරුර අත්හැර යන ආත්මය හෝ මනෝමය කයක් එනම් මනෝකායක් පිළිබඳව, විවිධ මතවාද ඉතා අෑත අතීතයේ සිටම දාර්ශනිකයන් අතර විය.
 උපුටා ගැනීම් සහිතයි ....
ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

අවතාර සැරිසරණ ගම් පියසක කතාව...(holman katha- අබිරහස් අඩවිය - Abirahas Adawiya )


රැන්වර්ත් බෙහෙවින් සුන්දර ගමිමානයක් වුවාසේම අවතාර බහුල ගමිමානයක් බවට ද ප්‍රසිද්ධව තිබිණ. විශාල දේවස්ථානයක් එම ගමිමානයෙහි විය. පෞරාණික වටිනාකමකින් මෙන්ම වටිනා භාණ්ඩ වලින් ද පිරුණු මෙම දෙවි මැදුර මුළු ප්‍රාන්තයෙහිම වු විශිෂ්ඨතම නිර්මාණය ලෙස පිළිගැනිනි. එහි සුන්දරත්වයෙන් වසග නොවු දෙනෙතක් නොවීය.
බෙහෙවින් අලංකාර සිතුවමක් මේ දෙවි මැදුර තුළ විය. මෙම සිතුවම 15 වන ශත වර්ෂයෙහි එහි ජිවත් වු ජර්මන් ජාතික සිත්තරුන්ගේ විස්කමක් බව බොහෝ දෙනෙකුගේ අදහසයි. මේ දෙවි මැදුර ගොඩ නගන ලද්දේ 15 වන ශත වර්ෂයෙහි බව කියැවෙයි.
රාත්‍රී කාලයට දේවස්ථානය අසලින් ඇති ඇල ඉවුර දිගේ යන ඇතැමෙකුට අලංකාර ලෙස පින්තාරු කරන ලද ඹරුවක නැගී හබල් ගාමින් යන මිනිස් රුවක් දක්නට ලැබේ. ඒ හැම දිනයක්ම සද හොදින් පායා ඇති දිනයක් වීම මෙහි විශේෂත්වයයි.

ඹරුවෙහි නැගුණූ පුද්ගලයා ගේ ගත වැසී ඇත්තේ පුජකවරයෙකුගේ ඇදුමකිනි. ඹරුවෙහි තවත් අමුත්තෙකු ද වෙ යි. ඒ කුඩා දුඹුරු පැහැති සුනඛයෙකි.

ඹරුවෙහි නැගුණූ මේ පුජක ඇදුමින් සැරසුණු තැනැත්තා රැන්වරුත් හි දේවස්ථානයේ සිතුවමි නිමවු පුජකයවරයා බවට විශ්වාසයක් පවතී.

ඹහු කුඩා දුඹුරු පැහැති බල්ලෙකු ඇති දැඩි කළ බව ද තම ස්වාමියාට දැඩි සෙනෙහසක් දැක්වු මේ සුනඛයා ඹහු යන සෑම තැනකම පසුපසින් යෑමට පුරුදුව සිටි බව ද කියැ‍වේ. අද මිනිසුන් හමුවේ දිස්වන්නේ මේ සුනඛ මිතුරාගේත් මිනිස් මිතුරාගේත් අවතාරයයි. නමුත් ඹවුන්ගෙන් කිසිවෙකුට හෝ හිරිහැරයක් සිදු වි නැත. අවතාර වැවද ඒක්තරා අහිංසකයන් දෙදෙනකි.

මේ ප්‍රදේශයෙහි සැරිසරන බුරු අවතාරයක් ද වෙයි. ශීත සමයෙහි එක් රැයක දෙපසින් වගුරු බිමි සහිත පාළු මාවතක් පසු කර යන ගැමියෙකි. හදිසියේ එක්වරම පසු පස හැරී බැලීමට සිතක් ගැමියා තුළ පහළ විය. කිසිවෙකු තමාට එසේ කරන ලෙස විධානය දෙන බවක් ඹහුට හැගුණේ අහේතුක බියක් සමගිනි.

ඹහු හැරී බලනවාත් සමගම සතෙකුගේ කුර ගැටෙන හඩක් එක්වරම පසු පසින් නැගී ආවේ පැහැදිලිවය. පිටුපස හැරී බැලු ගැමියාට පාරෙහි තමා දෙසට එන සුදු පැහිති බු‍රුවෙකු දක්නට ලැබිණ. ඌ දක්කාගෙන එන්නෙකු පෙනෙන්නට නොවීය.

ගැමියාට බියක් දැනිණි. ඹහු බලා සිටියේය. එවිට බුරුවාත් නැවතී තමා දෙස බලා සිටිනු ඹහුට පෙනුණි. ඹහු ගමන ආරමිභ කළ විට මේ අද්භූත සත්වයාත් ඹහු පසු පස ගමන් කරන්නට විය.
මේ අද්භුත සත්ත්වයා අවතාරයක් විය නොහැකිද? යන සැකය ගොවියා තුළ පහළ විය. ඒ සමගම සිතට ආ අදහසක් ක්‍රියාත්මක කළ හෙතෙම ආපසු හැරී බුරුවා දෙසට ගමන් කළේය. බුරුවා දෙසට තමා ළගා වත්ම ඌ පාර මැද නැවතී තමා දෙස බලා සිටිනු ගැමියාට පෙනුණි. ඒ සමගම බියට පත්වුවාක් මෙන් එක් වරම හැරුණු සත්ත්වයා පසු පස නොබලා දුවන්නට විය. ගැමියා ආපසු හැරුණේය. ඹහුගේ සිතිනි බිය පහව ගොස් තිබිණ. නමුත් මොහොතකට පමණි.
ගමන ආරමිභ කළ ඹහු පිටුපසින් නැවත කුර හඩ නැගෙයි. බුරුවා නැවත ඹහු පසු පසින් පැමිණෙයි. හැරී බලන සෑම මොහොතකම ඌ පෙරට වඩා තමාට ළංවී සිටිනු ගැමියාට පෙණින.
මේ වන විට ගැමියා හොදින් බියපත් වී සිටි අතර ඒ සීත රැයේදීත් ඹහුගේ සියොළග දහදිය නැගෙමින් තිබිණ.
දැන් බුරුවා තමා අසලින්ම වාගේ එනු ඹහුට දැනෙයි. එක්වරම හැරී බැලු ඹහු බුරුවා තමාට අඩි කීපයක් පිටු පසින් එන බැවින් උගේ නාස් කුහර වලින් ළා රෝස පැහැති ගිනි දළු දෙකක් සමග දුමි රොටු පිටතට එන බවක් පෙනිණ. පල්මානික්කමි පිළිස්සෙන ගද වැනි ගදක් ද ඹහුට දැනිණ.
බුරුවා තමා පසු කර දිව යනු ගැමියාට පෙනෙයි. ඉදිරියෙහි වු වැටක් තුළින් ඌ එක්වරම යනු දුටු ගැමියා මේ නමි අවතාරයක්ම බව සැක හැර දැන ගත්තේය.
දේවස්ථානය ද පසු කළ මේ අද්භුත සත්ත්වයා එක පිමිමේ ගමිමානය වෙත ඇදෙයි. දේවස්ථාන භුමියේ විශාල තාප්පය තුළින් ඌ අනෙක් පසට යනු දුටු ගැමියාගේ දෙනෙත උඩ ඉන්දවිණි.
පසු දින උදැසනින්ම පැමණ මාවත පරීක්ෂා කර බැලු ගැමියාට බුරුවෙකුගේ කුර වල සළකුණ කුදු සොයා ගත නොහැකි වීමෙන් තමා දැක ඇත්තේ පෙර අසා තිබු අවතාරය බව ඹහුට වැටහිණ.......

උපුටා ගැනීම් සහිතයි ....
ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

අත්භූත විනිස්චය කාරයෙක්... (holman katha -අබිරහස් අඩවිය - Abirahas Adawiya )


බ්‍රිතාන්‍යයේ පාළු නිසසල ගමිමානයක සුවිසල් නිවසකි."විනිශ්චයකරුවන්ගේ නිවස" යනුවෙන් ගැමියන් අතර ප්‍රචලිතර මේ සුවිසල් මැදුර බොහෝ කලක් තිස්සේ වසා තැබීම නිසාදෝ දැඩි පාළු පෙනුමක් උසුලයි. නමුත් මේ කියන දිනවල දිවා කාලයන්හි එහි දොර ජනෙල් ඇර තිබෙණු රාත්‍රී කාලයන්හි පහන් දැල්වෙනුද පෙනෙයි. ඊට හේතුව තරුණ ලේඛකයෙකු වන "මැල්කමි" තම නවතම ග්‍රන්ථයක් ලියා නිම කිරීම පිණිස තෙමසකට මෙම නිවස භාරකරුගෙන් කුලියට ගැනීමය.
කලකදී වැරදි කරුවන්ට දරුණු දඩුවමි දීම පිළිබදව ප්‍රසිද්ධව සිටි විනිශ්චයකරුවකු ගේ නිවස වු මෙහි හොල්මන් අවතාර බහුලව ඇතැයි සැක කරන ගමිමුන් දිවා කාලයන්හි හෝ මේ නිවස පසුකර යාමට මැලි වන අතර "මැල්කමි: ටද ඒ පිළිබද අනතුරු ඇගවීමට උත්සුක වුහ. නමුත් හොල්මන් අවතාර පිළිබද මත තරයේ ප්‍රතික්ෂේප කළ මැල්කමි තම කාර්යය බාධා කිරීමකින් තොරව කිරීමට ස්ථානයක් ලැබීම පිළිබදව ප්‍රීතියට පත් වුයේය.

දින කිහිපයක් ගෙවී ගියේය. ඉදහිට රාත්‍රීරයට ඇසෙන මීයන් එහා මෙහා දිවෙන හඩ හැරුණු විට "මැල්කමි" ගේ කාර්යයට බාධා කෙරෙන අන් කිසිවක් නොවීය. විශාල නිවස දැවැන්ත මියන්ගේ පාරාදීසයක් බව නමි මැල්කමි ට වැටහී ගොස් තිබිණ.

ආහාර ගැනීමට අසල වු තානායමට යන මැල්කමි ඉතිරි කාලය ගත කළේ ග්‍රන්ථය ලිවීම පිණිසය. නිවස පිරිසිදු කරදීම පිණිස දිනපතාම උදය වරුවේ පැමිණෙන කාන්තාවද එසේ පැමිණෙන්නේ තමා විසින් ගෙවනු ලබන වැඩි වැටුප නිසා මිද කැමැත්තකින් නොවන බවද මේ වන විට "මැල්කමි" ට පැහැදිලිව වැටහී ගොස් තිබිණ.

වැසි බර රැයක් ආරමිභ විය. දැඩි සුළගක් හමා ගියේ ගත කිලි පොලා යන සීතලයක්ද සමගිනි. "මැල්කමි" තම ග්‍රන්ථය ලිවීමෙහි නිරත වී සිටියද සුළගෙහි හා දැඩි වර්ෂාවෙහි ශබීදය ඹහුට සිත එකග කර ගැනිමට මග අවුරා සිටියේය.

නිවසෙහි විශාල විසිත්ත කාමරයේ පසෙක වු මධ්‍යම ප්‍රමාණයේ කාමරයක වු ජනේලයක් කීප වරක්ම මහ හඩින් ඇරෙනු වැසෙනු ඇසුනු මැල්කමි එම කාමරයට ගියේ ජනේලය වසා දමනු පිණිසය.

දොර වසා තිබු කාමරයේ දොර විවර කොට විදුලි පහන දැල්වු "මැල්කමි" බිත්තියෙහි තැනින් තැන රාමු කර එල්ලු සිතුවමි සහිත කාමරයෙහි ජනේලය තදින් වසා දැමුවේය. ආපසු කාමරයෙන් පිට වන්නට පෙර ඹහුගේ දෙනෙත කාමරයෙහි පසෙක වු සිතුවමක් වෙත එල්ල විය. පැරණි පන්නයේ ඇදුමකින් සැරසී පුටුවක වාඩිවී සිටින ප්‍රභූවරයා දැඩි රළු මුහුණකින් යුතු වු අයෙකි. සිතුවම දෙස බැලු ඹහු දොර අසලට ගියේ කාමරයෙන් පිටවිමටය. දොර අසලදී ආපසු හැරී බැලු ඹහු නෙත ගැටුණු දර්ශනයෙන් විමතියටත් භීතියටත් පත්විය. සිතුවමෙහි වු ප්‍රභූවරයාගේ රුව අතුරුදහන් වී තිබුණු අතර ඒ මත දිස් වුයේ විශාල ලේ පැල්ලමකි.
කර කියා ගත හැකි දෙයක් සිහි නොවු "මැල්කමි" වහා කාමරයෙන් පිටවී හඩ නගා දොර වසා දැමුවේය. ඊ ළග මොහොතේ නෙත ගැටුනු දර්ශනය ඹහුගේ බිය දෙගුණ තෙගුණ කළේය. තම සියොළග වෙවිලනුත් නළලට දහදිය උනනුත් "මැල්කමි" ට දැනිණ.
විසිත්ත කාමරයේ වු කැටයමි සහිත විශාල පුටුව මත සිතුවමෙහි වු ප්‍රභූවරයා වාඩි වී සිටියේ ගිනි පුළිගුවන් වියරු දෙනෙතින් "මැල්කමි" දෙස බලමිනි. දැඩි කුරිරු බවක් රැදුණු ඹහුගේ‍ බැල්මෙන් භීතියෙන් මුසපත් වු "මැල්කමි" ගේ බැල්ම ප්‍රභූවරයාගේ සුරතෙහි වු තොණ්ඩුවක් සහිත රැහැන වෙත යොමු විය.
ඊළග මොහොතේ පියවර කිහිපයක් පිටුපසට තැබු තරුණයා පසු පස නොබලා දිවගොස් නිවසේ ඉදිරිපස දොර විවෘත කර මිදුලට පැන්නේය. ඹහු නැවත නිවස දෙස හැරී බැලුවේ යාර කිහිපයක් දිව ගිය පසුය. ඹහුගේ මහත් සැනසුමට මෙන් ඹහු බලාපොරොත්තු වු පරිදි පිටුපසින් හඹා එන අවතාරයක් නොවීය.
අදුරු පාර දිගේ දිව ගිය "මැල්කමි" නතර වුයේ තානායමේ ආලින්දය තුළය. තම අත්දැකීමි විස්තර කිරීමට තරමි සිහි එළවා ගැනීමට ඹහුට තවත් පැය භාගයක් පමණ ගතවිය. ඹහු සනසවා නිදා ගැනිමට කාමරයක් පිළියෙල කරදුන් තානායමි හිමියාත් ඹහුගේ බිරිදත් සියල්ල විස්තර කළේ පසුදාට පහන් වු පසුවය.
"අපි මහත්තයාට කිවිවනෙ ඹය ගෙදර නතර වෙන්න එපා කියලා. ඹය ගේ මහා භයානක තැනක්. මීට අවුරුදු ගණනාවකට ඉස්සර ඹය ගේ අයිති වෙලා තිබිලා තියෙන දරුණු විනිශ්චයකාරයාගේ රූපෙ තමයි ඒ කාමරේ තියෙන සිතුවමමේ තියෙන්නේ. ඹය මිනිහට බලය තිබුනු දවස් වල සුළු වැරදි වලට පවා එල්ලලා මරන්න නියම කරපු මිනිසුන්ගේ ගණන නිමත් නැහැලු. ඹය වගේ පවිකාර මිනිස්සු ලේ තැවරුණු දෑත් පිටින්ම මැරුණාම උන්ගේ ආත්ම වලටත් නිදහසක් නැහැ මහත්මයා. මරණින් මතුත් පුරුදු පවිකාර ජිවිකයම තමයි උන්ගේ ආත්මය බලාපොරොත්තු වෙන්නේ" තානායමිකරුවා විස්තර කළේය.

 උපුටා ගැනීම් සහිතයි ....
ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya  

මැරුණ මව යළි ගෙදර එයි...(holman katha- අබිරහස් අඩවිය - Abirahas Adawiya -)


"තාත්තේ , අම්මේ මවා බේරා ගන්න ආච්ච් අම්මා මගේ බෙල්ල මිරිකනවා."
කුඩා දැරියගේ මරලතොනිය නිවස පුරා පැතිරිණ. ඒ සමගම ඈ උගුර යටින් ගොර ගොර හඩක් නිකුත් කළාය. දැරියගේ මවත් පියාත් කාමරයට දිව ගියහ. ඹවුන් දුටුවේ ගෙලෙහි ඇගිලි පහරවල්ද සහිතව මිය ගොස් සිටින තම සිගිති දියණියයි. ඇගේ ගෙල මිරිකා දමා තිබිණි.

මේ ගමක් බිය ගැන්වු "ලෙකී" මහත්මියගේ අවතාරය විසින් සිදු කරන ලද බිහිසුණුම ක්‍රියාවයි.
දහඅටවැනි ශත වර්ෂයේදී බ්‍රිතාන්‍යයේ සොමර් සෙටි ග්‍රාමයේ ජිවත් වු "ලෙකී" මහත්මිය ඉතාමත් කරුණාවන්ත මහළු කතක් වුවාය. තම එකම පුත්‍රයාත් ලේලියත් කුඩා මිණිපිරියත් සමගය ඈ වාසය කළේය. ඈ ගේ කරුණාවන්ත ගතිගුණ නිසා අසල්වැසියෝ ද ඇයට බෙහෙවින් ඇලුමි කළෝය. දිනක් ලෙකී මහත්මිය සමග කතා කරමින් සිටි අසල්වැසි කාන්තාවක් මෙසේ කීවාය.
"ඹබ වගේ කරුණාවන්ත ගැහැණියකගේ අගය කවද හරි අපට හරියටම තේරෙන්නේ ඹබ නැති දවසකටයි."

මෙයට "ලෙකී" මහත්මිය දුන්නේ පුදුම එලවන සුළු පිළිතුරකි.

"ජිවත්ව ඉන්න මාව ඹබට ප්‍රිය වුනාට මා මිය ගියාට පසු මාව දකින එක හෝ කතා කරන එක ඹබට ප්‍රියජනක වන්නේ නහැ."

"අසල්වැසි කාන්තාව උපහාසාත්මකව සිනාසුණාය. ඹබ මිය ගියාට පසුව අපි කොහොමද ඹබව දකින්නේ? කතා කරන්නේ?"
"හොදයි බලමුකෝ ලෙකී මහත්මිය කීවාය."
"ලෙකී" මහත්මියගේ මරණයෙන් පසු අවමගුල් කටයුතු සිදු කරන ලදි. ගමි වැසියෝ ඇය වෙනුවෙන් අවංකව වැළපුණාහ. "අපි අයෙ කවද මේ තරමි කරුණාවන්ත ඇය දකින්නද?" කදුළු සලමින් ඹවුහු පැවසුහ.
එහෙත් ඉක්මනින්ම ඹවුහු ඇයව දුටුවෝය.
*********
දිනක් ගමේ දොස්තර මහතා හිරු රැසින් නැහැවෙන සුන්දර උදෑසනක කුඹුරු යායක් මැදින් ගමන් කරමින් සිටියේය.මගදී හමු වු මහළු කාන්තාවකට සුබ උදැසනක් පැතු ඹහු අගලකින් පැන ගැනිමටත් ඇයට උපකාර කළේය. හදිස්සියේම දොස්තරට විශාල අමුත්තක් දැනිණ.මහලු කතගේ මුහුණ පරීක්ෂාකාරීව බැලු ඹහුට ඇය කතා කරන විට ඇගේ දෙතොල නොසෙල්වන බවත් ඇය හිස පසකට හැර වු විටත් ඇගේ දෙනෙත් තමාගේ දෙසට ඹරවාගෙන සිටින බවත් පෙණින. මෙයින් මදක් තැති ගත් දොස්තර මහතා වහා ඇය මගහැර ඉදිරියට වේගයේන් ඇවිද ගියේය. එහෙත් ඊළග මොහොතේ තමා ඉදිරියේ දිස් වු දර්ශනයේන් ඹහු පුදුමයට පත්විය.
ඉදිරියෙහි වු කඩුල්ලක් මත මහළු කාන්තාව වාඩි වී සිටියාය. තමා පසු නොකොට කිසිවෙකුට ඒ කඩුල්ල අසලට යා නොහැකි බැවින් දොස්තර මැදිවුයේ විසදාගත නොහැකි ගැටලුවකටය.
දොස්තර මහතා කඩුල්ල අසලට පැමිණී විටත් මහළු ගැහැණිය කඩුල්ල මතින් ඉවත් නොවී ඹහුගේ පාර හරස් කරමින් සිටියාය.
"කරුණාකරල මට එහා පැත්තට යන්න ඉඩ දෙන්න" දොස්තර පැවසුවේය.
"මම කැමති නෑ ඹබ එහා පැත්තට යනවට"
"ඒක මහ පුදුම කතාවක්නේ. කරුණාකරල මට යන්න ඉඩ දෙන්න"
හඩ නගා සිනාසුණු ඇය ඉවත් නොවීම සිටියාය.
"ඹබට කඩුල්ලෙන් පනින්න මම උදවි කරන්නද?" දොස්තර ඇසුවේය.
"මම දැනටමත් ඉන්නේ එහා පැත්තේ තමයි"
මහළු කත සමග වාග් සංග්‍රාමයෙන් විඩාවට පත් වු දෙස්තර මහතා ඇය පසෙකට තල්ලු කර දමමින් කඩුල්ලෙන් එහා පැත්තට පැන්නේය. ඒ සමග මහළු ගැහැණිය ශක්තිමත් පා පරක් එල්ල කර බැණ වැදුණාය.
"මහළු කාන්තාවන්ට ගරු කරන්න ඉගෙන ගනින්"
මේ අතරේමිය ගිය ලෙකී මහත්මිය නැවත ගම වටා සැරි සරන බවට කට කතාවක් පැතිරිණි. ගමිමානයට නුදුරින් වු තොටුපල අසල සිටගෙන සිටින ඇය ඈත පෙනෙන බෝටිටු වල සිටින අයට කතා කරන්නීය. ඇයට එගොඩ වීමට බෝටිටුවක් ගෙන එන ලෙසකියමින් පරුෂ වචනයෙන් බෝටිටු කරුවන්ට බැණ වදින්නීය. මුළින් දිනවල ඇය හදුනා නොගත් බෝටිටු කරුවන් ඇය අසලට ගිය පසු ඹවුන්ට ශාප කරමින් බෝටිටුව නැවත රැගෙන යන ලෙසට ඇය තර්ජනය කරයි.
පසු කාලයේ බෝටිටු කරුවෝ ඇගේ කෑ ගැසීම ගණන් නොගත්හ. එවිට ඇය වඩාත් කෝපයෙන් වියරු වැටි ඹවුන්ට ශාප කරමින් බැණ වදින්නීය.
ජීවත්ව සිටි කාලයේ ලෙකී මහත්මිය සිය එකම පුත්‍රයාට දැඩි සෙනෙහසක් දැක්වුවාය. නමුත් මියගිය පසු ඇය ක්‍රියා කළේ ඹහු තම පරම සතුරෙකු ලෙස සලකාය.
තරුණ ලෙකී ව්‍යාපාරිකයෙකි. අයර්ලන්තය සමග වෙළද සමිබන්ධකමි පැවති බැවින් ඹහු තම භාණ්ඩ එංගලන්තයේ සිට අයර්ලන්තය කරා පිටත් කළේ නැවි මගිනි. පුත්‍රයාගේ පළිගැනිමට මාන බලමින් සිටි ලෙකී මහත්මියගේ අවතාරයේ මුල්ම පියවර වුයේ මෙම නැවි මුහුදු බත් කරවීමයි.
වරාය කරා ළං වන ලෙකී ගේ නැවි දකින මහළු ගැහැනිය වරායේ සිට කටින් සිවුරුහන් කරයි. එවිට එක්වරම නිශ්චල පරිසරය කැළඹෙයි. දැඩි සුළගක් හමා වෙළද භාණ්ඩ රැගත් නැව මුහුදු බත් වෙයි. මෙලෙස නැවි ගණනාවක් විනාශ වීම නිසා තරුණ ලෙකී ගේ වෙළදාම ද පිරිහුනේය.
ලෙකී ගේ භාණ්ඩ රැගෙන යන නැවි වලට අත්වන අභාග්‍ය සමිපන්න ඉරණම දන්නා නැවි හිමියෝද ඹහුට නැවි කුලියට නුදුන්ණෝය. අළුතෙන් වෙළද භාණ්ඩ මිලට ගැනීමට ඹහු අත මුදල් හිග විය.
පුතාගේ වෙළදාමේ පරිහානියෙන් නොනැවතුණු මහළු කාන්කාව ඹහුගේ නිවසද ආක්‍රමණය කළාය. පුත්‍රයා හැරුණු විට නිවසේ අනෙක් සියල්ලන් හමුවේ විටින් විට ඇය දෘශ්‍යමාන වුවාය. මේ නිසා ලෙකී නිවසේ සියල්ලන්ම කල් ගත කලේ සංත්‍රාසයෙනි.
ඇතැමි රැයක නින්දට යාමට සුදානමි වන තරුණ ලෙකී යුවලගේ කාමරයේ මහළු කත දිස්වෙයි. නමුත් ඇව පෙනෙන්නේ බිරිදට පමණකි.
"අන්න ඹයාගේ මව අපිත් සමග කාමරයේ ඉන්නවා" කියමින්ඇය බියපත්ව කෑ ගසන්නීය. ගෙතුළ දිස්වෙන අවතාර දර්ශන නිසා ලෙකී පවුල කාලය ගතකළේ මහත් අසහනයෙනි.
මෙම සිදුවිමි සියල්ලෙහි උචිච අවස්ථාව වුයේ මුලින් සදහන් කළ කුඩා දැරියගේ මරණයයි. දියණියගේ අවමගුලෙන් පසු ලෙකී යුවල කල්ගත කළේ උමතු වුවන් ලෙසිනි. මිය යාමට පෙර මහළු ලෙකී මහත්මිය කියු පරිදිම ඇය කාගෙත් අප්‍රසාදයට පත්වෙමින් හුන්නාය.
දැරිය‍ගේ මරණයෙන් පසු දිනක් ඇගේ මව කැඩපත ඉදිරියට වී දුක්දුසු මුහුණෙන් යුතුව තම හිස පීරමින් හුන්නාය.
එක්වරම ඇගේ උරහිසට උඩින් කැඩපතෙහි දිස් වුයේ මියගිය ලෙකී මහත්මියගේ රුවයි.
"ඇයි අමිමා අපට මෙහෙම දුක් කරදර දෙන්නේ" නිරායාසයෙන්ම තරුණ කාන්තාවට කියවිණ.
"අපි මීට පස්සෙ සාමයෙන් ඉමු. මම ඹබලාට කරදර කරන්නේ නෑ" බෙහෙවින් පසුතැවිලි වන හඩකින් අවතාරය පිළිතුරු දුන්නාය.
මොනවද අමිමට අපෙන් ඹිනැ කරන්නේ නැවතත් තරුණ කාන්තාව ඇසුවාය. අවතාරයෙන් පිළිතුරක් නොලැබුණි. එය නොපෙනී ගියේය. ඉන්පසු මහළු කාන්තාව තම පුතාට හා ලේලියට කරදර නොකළාය. නමුත් ඉතාමත් දිලින්දන් ලෙස තම එකම දරුවාද අහිමි වු තරුණ යුවළ මිය යන තෙක්ම ජීවත් වුයේ දුක් සුසුමි මැදය.
ඹවුන්ගේ මරණයෙන් බොහෝ කලක් ගතවන තුරුත් "ලෙකී" මහත්මිය ගම පුරා හොල්මන් කළාය. ඇතින් එන නැවි විනාශ කළාය. ගම පුරා සැරි සරන මහළු ආත්මය පිළිබද පැහැදිලිවම නිර්වචනය ඉදිරිපත් කළේ ගමේ දේවස්ථානයේ තරුණ පුජකයාය.
"ලෙකී" මහත්මිය තුළ සැගවුනු කුරිරු ගති තිබුණා. නමුත් ඇය ඒවා සගවාගෙන ඉතාම කාරුණික තැනැත්තියක් ලෙස ජීවත් වුණා. ඇය දැඩි ආගමානුකුල ජීවිතයක් ගත කිරීමටත් මීට එක් හේතුවක්. ඇගේ යහපත් ගතිගුණ නිසා මිනිස්සු ඇයට ප්‍රශංසා කළා.තමාගේ පියවි ස්වරූපයයෙන් ජීවත් විමට නොහැකි වු ඇය වෙස් මුහුණක් පැළදගෙනයි මිනිස් ලෝකයේ හිටියේ. මරණයෙන් පසු ඇගේ ආත්මය රිසි පරිදි ජීවත් වෙන්න නිදහස ලබා ගත්තා.

උපුටා ගැනීම් සහිතයි ....
ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 
  

එළොව සිට ආ ගනුදෙනු කරුවෙක්"....අබිරහස් අඩවිය - Abirahas Adawiya . (holman katha)



"ස්කොටිලන්තයේ" සුන්දර මුහුදු බඩ ගමිමානයක විසු "රැබී" ගමිමානයෙහි සිටි පළපුරුදු පාවහන් නිෂ්පාදකයා විය. උදෑසන හතේ සිට බොහෝ රෑ බෝ වන තුරු තම නිවසට යාබදව ඇති වෙළද සැල තුළට වී පාවහන් නිපදවන "රැබී" ගමිමුන්ට නැතුවම බැරි කිහිපදෙනාගෙන් කෙනෙකි. ‍
දෙසැමිබර් මාසයේ එක් ශිතල උදෑසනක සුපුරුදු පරිදි "රැබී" තම වෙළද සැල තුළට වී පාවහන් යුවළක් තනමින් සිටියේය.
හරියටම හෝරා යන්ත්‍රය උදෑසන අට නාද කරනවාත් සමග වෙළද සැළට පැමිණි අමුත්තෙකි. ශීතල හා මීදුම නිසා අදුරු පැහැ ගත් වීදිය අතරින් මතුව ආ අමුත්තා වෙළද සැල තුළට විත් දොර වසා දැමුවේය.
"රැබී" හිස ඹසවා අමුත්තා වෙත දෙනෙත හෙලුවේය. කළු පැහැති දිගු කබායක් හැදගත් ඉතා උස මිනිහෙකුගේ සිනහවකින් තොර මුහුණය ඹහුගේ නෙත ගැටුණේ.

මොකක්ද උවමනාව මහත්මයා ? "රැබී" විමසුවේය.

අමුත්තා මොහොතක් නිහඩවම වියළි බැල්මකින් යුතුව "රැබී" දෙස බලා සිටියේය. "ඹබ වැඩ කරන හැටියි මම බලාගෙන හිටියේ ඹබ ඉතා සීරුවට වැඩ කරනවා. සපත්තු හදන්න පටන් අරන් ගොඩක් කල් වෙනවද?" අමුත්තා රළු හඩකින් විමසුවේය. වැඩ අධික උදෑසන අනවශ්‍ය අමුත්තන් පැමිණිම සාමාන්‍යයෙන් "රැබී" නොරුස්සයි. එම නිසා ඹහු පිළිතුරු දුන්නේ ඹිනැවට එපාවට මෙනි.



"මුලින්ම මෙතැනදීම මගේ තාත්තාට අත් උදවි දෙනකොට මට වයස අවුරුදු 10 යි. අවුරුදු 26 ක් මම කළේ පාවහන් හැදීම".

"ඇත්තටම?" අමුත්තා විශ්මය පළ කළේය.

"එහෙනමි ඹබත් ඹහුගේ අඩි පාරේ යනවා වගේ" මේ කියමනත් සමගම අමුත්තා වියරු සිනහවක් පෑවෙන් "රැබී" මදක් නොසන්සුන් වුවේය. උවමනාවෙන් ඹහුගේ මුහුණ දෙස බැලු "රැබී" ට ඹහුගේ මුහුණ බෙහෙවින් සුදුමැලි බව පෙනිණි.

"ඹබට යමක් මිලදී ගන්න තියනවාද?" අමුත්තා පිටු දකින රිසියෙන් "රැබී" විචාළේය.

"ඹබ හදන සපත්තු කුටිටම හරි අගෙයි.ඒක විකුණනවද?" අමුත්තා ප්‍රශ්න කළේය.

"මේ සපත්තු කුටිටමේ එක සපත්තුයි මම දැනට ඉවර කරලා තියෙන්නෙ අනිත් සපත්තුව ඉවර වෙනකොට හෙට දවල් වෙයි. සපත්තු කුටිටම නමි සිලිං අටක් වෙනවා"

"හොදයි මම ඒක මිලයට ගන්නවා" අමුත්තා කීවේය.

"ඒත් ඹබ සපත්තුව දාල බැලුවෙ නැහැනෙ."

" කමක් නැහැ මට බැලු බැල්මට කියන්න පුළුවන් ඒක මට ප්‍රමාණයෙන් හරි බව" අමුත්තාගේ පිළිතුර විය.

කෙසේ නමුත් "රැබී" සාද නිම කළ සපත්තුව අමුත්තා වෙත පෑවේය. පැළදගෙන හුන් ඉතා පරණ වී ගිය දුඹුරු පැහැති සපත්තුව ඉවත දැමු අමුත්තා අළුත් සපත්තුව පැළද ගත්තේය.
"මම කිවිවෙ ඒක මගේ කකුළට හරියටම හරි.මෙතන සිලිං අටක් තියෙනවා. ඉතුරු සපත්තුව ගෙනියන්න මම හෙට දවල්ට එනවා" අමුත්තා පැවසුවේය.
"එහෙම නමි ‍හෙට හවස හතරට විතර එන්න." අමුත්තාගේ අද්භූත හැසිරීමෙන් විමතියට පත්ව සිටි "රැබී" කිවේය. ඹහු තවත් පුදුමයට පත්කරවමින් එක් පයකික් ගලවා ගත් පැරණි සපත්තුව සාක්කුවෙහි ලා ගත් අමුත්තා එක් කකුලක අළුත් සපත්තුවත් අනික් කකුලෙහි පරණ සපත්තුවත් සමග නික්ම ගියේය.
තම අත්ල මත අස්වාභාවික ලෙස දිළිසෙන කාසි කිහිපය දෙස බලමින් "රැබී" කල්පනාවට වැටුණේය. ඒ සමගම අගනා පාවහන් ජෝඩුව වෙනුවෙන් සිලිං දහයක් අය කළා නමි වඩා හොද බව සිතමින් ඹහු මුදල් පොකැටිටුවේ ළා ගත්තේය.
එක්වරම වෙළදසැල වෙත ගලා ආ දැඩි ශීතලත් "රැබී" ට දැණින.ගිනි උදුන දැල්වෙද්දී දැණෙන දැඩි ශීතල පිළිබදව "රැබී" විමසිලිමත් වුවද ඊට හේතුව සොයා ගැනිමට ඹහුට අපහසු විය. ඒ අතරම පෙර පැමිණි අමුත්තාගේ අත්භුත හැසිරීම නැවත ඹහුට සිහි වු අතර පසුදා සවස ඹහු ආපසු එන විට සපත්තුව නිම කර නොතිබුණහොත් උද්ගත විය හැකි තත්ත්වය පිළිබදව දැඩි බියක් ද රැබී ට දැනෙන්නට විය. ඹහු වහාම සපත්තුව තැනීම ආරමිභ කළේය.
ඒ සමග නොපුරුදු ශීතල තමා අසල දැවටෙන්නට වුයේ අමුත්තාගේ පැමිණීමත් සමගම බව ඹහුට කල්පනා විය. අද්භුත බලවේගයක් තමා වටා කැරකෙන්නාක් මෙන් "රැබී" ට දැණිනි. මේ අද්භුත බලවේගය විසින් මෙහෙයවන ලැබු රැබී කබාය හා තොප්පිය පැළදගෙන ශීතල වීදියට බැස්සේය.
තමා හමුවට ආ අමුත්තා පසුපස හඹා යාම ඹහුගේ අභිලාශය විය.
සුළු මොහොතක් ගෙවෙන තැන තමා ඉදිරිපසින් නැගෙන පාවන් හඩ "රැබී" ගේ සවන පතිත විය. පාළු මගෙහි පැතිර ගත් මීදුම අතරින් වුව ද තමා ඉදිරියෙන් ඇදෙන අමුත්තා හදුනාගැනිම "රැබී" ට අපහසු නොවීය.
"රැබී" විමතියට පත් කරවමින් අමුත්තා ගමිමානයේ සුසාන භුමිය තුළට ඇතුළු වනු පෙණින.සොහොන් කොත් අතරින් ඇවිද යන ඹහුගේ ගමන් වේගය කෙමෙන් වැඩි විය.එක් තැනක අමුත්තා නතර විය. සොහොන් ගලකට මුවා වී සිටි "රැබී" ට තම සිරුර අප්‍රාණික වන බව දැනෙන්නට වුයේ අමුත්තා එතැන තිබු අළුතෙන් සාරන ලද වලක් තුළට බැස පස් දැතින් ඇද ගනිමින් වල වසන බව දැකීමෙනි. මොහොතකින් අමුත්තා සගවා ගනිමින් වල වැසී ගියේය.
පසුපස නොබලා සුසාන භුමියෙන් දිව ගිය "රැබී" ඒ අසල වු මිතුරෙකුගේ දොරට තටිටු කළේ අසිහියෙනි. සිදු වු සියල්ල පැවසු "රැබී" ඒ අසල වු වෙනත් අසල්වැසියන් කිහිප දෙනෙකුද කැටුව සුසාන භුමියට දිව ගියේය. සිදු වු සියල්ල යන අතරමගදී "රැබී" පැවසු බැවින් උදළු ගල්කටු ආදිය රැගෙන ගිය පිරිස රැබී විසින් පෙන්වන ලද වල හාරන්නට වුහ.
සියල්ලෝම භීතියට පත් කරමින් "රැබී" දුටු අමුත්තාගේ සිරුර පෙටිටියකින් තොරව වල තුළ තිබිණ. නොඅනුමානව ඹහු මියගොස් සිටියේය. "රැබී" ගෙන් මිළදී ගත් සපත්තුව පවා ඹහුගේ පයේ රැදී තිබිණ. මෙම කලබලය මැද්දේ "රැබී" එම සපත්තුව සිරුරේ කකුලෙන් ගලවා ගත්තේය. එය එසේ තිබෙන්නට හැරීම නාස්තියක් කොට සලකමිනි.
අද්භුත සිදුවීම පිළිබදව නොයෙකුත් මත පළකරමින් පිරිස විසිර ගිය අතර මෙම සිදුවිම තම නිවෙස් වල උදවියට නොපැවසිය යුතු බවටද ඹවුහු ගිවිස ගත්තේ විශේෂයෙන් කාන්තාවන් අනවශ්‍ය බියක් ඇති කර ගන්නා බව නිසැක නිසාය.
පසු දා දහවල් අහාරයෙන් පසු තරමක් අසනීප ගතියෙන් පෙළෙන්නට වු "රැබී" ගේ බිරිද නින්දකට වැටී සිටී අතර රැබී සුපුරුදු පරිදි පාවහන් තැනිමෙහි නිරතව සිටියේය.
ගතවුයේ මොහොතකි.කමිපා කරවන විලාපයකින් භිතියට පත් රැබී ගේ බිරිද අවදි වුවාය. වහා "රැබී" වැඩ කරමින් හුන් තැනට ගිය ඇයට දක්නට ලැබුණේ ප්‍රාණය නිරුද්ධ වු රැබී ගේ සිරුරයි.
ඒ බියකරු මොහොතේ "රැබී" අත්දුටු දෙය පිළිබදව නිවැරදි ව පවසන්නට අන් කිසිවෙකු නොවුවද දින කිපයක් ඇතුලත "රැබී" ගේ මිතුරන් මාර්ගයෙන් ගම පුරා පැතිර ගිය කතා වේ අවසානය වුයේ නියමිත වේලාවට "රැබී" ගෙන් ඉතිරි සපත්තුව පමණක් නොව තමාගෙන් ගලවා ගත් සපත්තුවද ගෙන යැමට අද්භුත මිනිසා ආපසු පැමිණි බවය.
එය එසේ නොවෙතියයි සිතිය හැක්කේ කාටද ??

උපුටා ගැනීම් සහිතයි ....
ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

මිහිදන්කළ මළමිණිය යළි නැගිටී...(holman katha) ...අබිරහස් අඩවිය - Abirahas Adawiya


"බර්නාඩි මැක්ස්විනි" අයර්ලන්තයේ පාරමිපරික ගොවි පවුලකට අයත් තරුණයෙකි.1870 දී උපත ලැබු ඔහු තරුණ වියේදී කුඩා ගොවි නිවසක සිය මව සමග වාසය කරමින් ගොවිතැනෙහි නිරත වුවේය.කුඩා කල සිටම "බර්නාඩි" නිතරම කල්පනා කරන තමාගේම සිහින ලෝකයක ජීවත් වන අද්භූත චරිතයක් ලෙස ගමිමු දැන සිටියහ. ඔහුගේ මව ඔහුට බෙහෙවින් ආදරය කළාය. ඒ අතරේ දිනක් තමාට මේ ගොවි ජීවිතය රුවි නොවන බවත් කතෝලික පුජකයෙකු වීමට තමා අදහස් කරන බවත් බර්නාඩි සිය මවට දන්වා සිටියේය.
කාලය ගෙවී ගියේය. පුජකවරය ලබා ගත් "බර්නාඩි" තමා උපන් ගමෙහිම කුඩා දේවස්ථානය භාර පුජකයා ලෙස පත්වී ආවේය.
පුජක "මැක්ස්විනි" කඩිසර විය. තමාට අයිති වැඩ කොටස නිසි වේලාවට නිසි ලෙස කරන්නෙකු ද වුයේය. ඔහුගේ එකම පරමාර්ථය වුයේ දේවස්ථානය දියුණු කිරීමත් දේව පණිවිඩය පැතිරවීමත්ය. ඔහුගේ දේශණාවල හරවත් බව පිළිබදව ගමිමු කතා කළහ. ගමිමානය සුව නින්දේ පසුවන මැදියමි රැයේදීත් ඔහුගේ කුඩා නිවස එළිය වී තිබුණේ බොහෝ රෑ බෝ වන තුරු ඔහු තනිවම පාඩමි කළ බැවිනි.

තමා බැහැ දැකීමට ආ අහිගුණ්ධීකයෙකුට වුවත් ඔහු නොසලකා හැරියේ නැත. නවාතැන් පැතු හිගන්නෙකුට වුවද දේවස්ථානය තුළ ඉඩ ලබා දීමට ඔහු පසුබට නොවුයේ ගමිමුන්ගේ විරෝධය මැදය.



ඔහු හැම විටම නිවැරදි විය. නමුත් පුදුමයකට මෙන් එළිපිට නොපෙන්වුවත් ගමිමුන් තුළ ඔහු කෙරෙහි වුයේ අප්‍රසාදයකි. එයට පැහැදිලි හේතුවක් දැක්වීමට ඔවුන් අසමත් වු නමුදු පුජකවරයා තමාගේ හිතවතෙකු ලෙස සැලකීමටද ඔවිහු මැලි වුහ. තමාගේ පුද්ගලික ප්‍රශ්න ගමිමු කිසිවිටෙකත් පුජකයා හා සාකචිජා නොකළහ. පැහැදිලිවම කිව නොහැකි බියමුසු හැගිමක් ගමිමුන් තුළ පුජකයා කෙරේ විය. ඔහුගේම ඥතීන් පවා පුජකයා කෙරෙහි දැක්වුයේ දුරස්ථ ආකල්පයකි.
පනස් විය පසුකර දින කීපයක් ගත වු ඉක්බිති පුජක "මැක්ස්විනි" අභිරහස් රෝගයකින් පෙළුණේය. මාස කිහිපයක් පරීක්ෂා කළද වෛද්‍යවරුන්ට හදුනාගත නොහැකි වු මෙම රෝගයෙන් පීඩා විදි පුජකවරයා ඇට සැකිල්ලක් මෙන් කෘශවී ගියේය. දිනක් උදැසන ඔහු සයනය මතම මිය ගොස් සිටියේය.
පුජකවරයාගේ හදිසි මරණය ගමිමුන් තුළ ඇති කළේ කමිපනයක් මිස ශෝකයක් නොවේ. පුජක මැක්ස්විනි ට වඩා උණුසුමි හදවතකින් යුතු තමාට කිටිටු වන්තයෙකු මීළග පුජකතුමා වී එනු දැකීමට ඔවුහු ප්‍රාර්ථනය කළහ.
කෙසේ හෝ මියගිය පුජකයාට නිසි ගෞරවය දීමට කල්පනා කළ ඥතීහු මෘත දේහය ඔහුගේ මවගේ නිවසට රැගෙන ගියහ.ඉතාමත් මහළු වී සිටි මව ඒ වන විට මද අසනිප ගතියෙන්ද පෙළුණාය. පුතුගේ මරණය ඇගේ සිත කමිපා කරවීය. අවමංගල්‍ය පෙරහැර සමග සුසාන භූමියට යැම ඇගේ සෞඛ්‍යයට හිතකර නොවන වග වැටහුණූ බැවින් මෘත දේහය රැගත් පෙරහැරට ඇය සමිබන්ධ කරවා නොගැනිමට ඥතීහු තීරණය කළහ.
1925 වසරේ ඒ අදුරු සවස් යාමයේ තම එකම පුතුගේ මෘත දේහය රැගත් කරත්ත සහ මෝටර් රථ වලින් සමන්විත අවමගුල් පෙරහැර කදුකර මාවත දිගේ ඉදිරියට ඇදෙනු මහළු කාන්තාව කදුළු පිරි දෑසින් බලා සිටියාය.
අවමගුල් පෙරහැර සුසාන භූමියට ළගාවෙමින් පැවතිණි. ආගමික කටයුතු ඉටු කිරීමට පුජකවරයෙක් ද පැමිණ සිටියේය.
දේහය මිහිදන් කෙරිණ. පැමිණි පිරිස පෙරළා පුජකවරයාගේ නිවස බලා යමින් සිටියහ. කදුබඩ පාරවල් වල පැමිණිම නිසා ඇති වු වෙහෙසටම පරිසේ හුන් කාන්තාවන් බොහෝ දෙනෙකුට නින්ද ගොස් තිබිණ.
ඉදිරියෙන්ම ගමන් කරමින් තිබු මෝටර් රථයේ හුන් මිනිසා තමා අසල හුන් සගයා දෙස බැලූවේය.
"මේ රෑ වේගෙන එන වෙලාවෙ කවුද අර මෙ පැත්තට එන්නෙ?" හුණු ගල් සහිත පාරේ ඈතින් පැමිණෙන්නකුගේ රුවක් ඔවුන්ගේ නෙත ගැටී තිබිණ. "දෙයියො තමයි දන්නෙ බලමු කවිද කියලා.මිනිහා අපේ පැත්තටනෙ එන්නෙ" අනිකා පිළිතුරු දුන්නේය.
රුව ඉදිරියට ඇදෙමින් තිබිණි. ඔහු ඇදගෙන හුන්නේ කළු පැහැති දිගු කබායකි. රිය පෙරහැරට ළංවු පුද්ගලයාගේ මුහුණ දුටු පිරිමින්ගේ නෙත් විකෘතිව ගියේය. ගැහණුන් යටි ගිරියෙන් කෑ ගැසුවෝය. සියල්ලන්ගේම දෙනෙත්හි සටහන් වුයේ අප්‍රමාණ භිතියකි.
නිතරම ඇද සිටින කළු පැහැති දිගු කබාය හැදගෙන ඔවුන් ඉදිරියට පැමිණෙමින් හුන්නේ මොහොතකට පෙර ඔවුන් විසින්ම මිහිදන් කරනු ලැබු මැක්ස්විනි පුජකතුමාය.

"ඒ ඔහු තමයි දෙයියෝ සාක්කි !! ඒ ඔහු තමයි" එකිනෙකා වියැළුණු දෙතොළින් කොදුරන්නට පටන් ගත්හ. මිය යැමට පෙර අවසන් වරට ඔහු ඇද සිටියේ මෙම දිගු කළු කබායයි. නමුත් ඔහුව මිහිදන් කරන ලද්දේ වෙනත් ඇදුමි කටිටලයකිනි.
පුජකවරයා සමිපුර්ණ රිය පෙරහැර පසු කරමින් සෙමින් ඇවිද ගියේය. ඔහුගේ බිහිසුණු පෙනුම වඩා හොදින් දැක ගත් පිරිස කමිපනයට පත්වුහ.බෙහෙවින් සුදුමැළිව ගිය ඒ මුහුණෙහි දෙනෙත මැණික් කැට දෙකක දීප්තිය පළ කළේය. ඇසිපිය ගැසිමක් නොවු අතර දෙනෙනෙහි සෙලවිමක්ද නොවීය. දත් ඇන්ද ඉදිරිපසට බියකරු ලෙස නෙරා ගොස් තිබිණි. දෙතොල නොපිට පෙරළි විදුරු මස මතුකර පෙන්වීය. අවසාන කරත්තය පසුකළ පුජකවරයා වංගුවකින් හැරි නොපෙනී ගියේය. වාහන වල හුන් පිරිස අතර ඇති වුයේ විශාල කලබැගෑනියකි. ඔවුහු තමන් දුටු දේ විමතියෙන් සහ නොසන්සිදුණු භීතියේන් යුතුව සාකචීජා කළහ.බෙහෙවින් සසල වු යුවතියක් හඩන්නට පටන් ගත්තාය. ඇගේ මව ඇය අස්වසන්නට වුවාය.
පුජකයාගේ මවගේ නිවෙස අසල නැවැත් වු වාහන පේළියෙන් සියල්ලන්ම බිමට බැස ගත්හ. ඊ ළගට ඔවුන්ගේ ගැටලුව වුයේ තමන් දුටු අද්භූත සිද්ධිය මහළු මවට පවසනවාද නැද්ද යන්නයි.
"කිසිම දෙයක් ඇයට කියන්න එපා.. ඈ හොදටම කණගාටුවෙන් ඉන්නේ. මෙ කතාව ඇහුවොත් ඇය හොදටම දුක් වේවි.."අවසානයේ එක් වැඩිහිටියෙක් පවසා සිටියේය.
මහළු කාන්තාවගේ නිවසේ පොටිකෝව යටට පිරිස එක්රැස් වුහ. එක් කාන්තාවක් දොරට තටිටු කළාය. බලාපොරොත්තු වු පරිදි මහළු කාන්තාව දොර හැරියේ නැත.නිවෙස පුරාම පැතිරි පැවතියේ දැඩි හිහැඩියාවකි. ඇයට කතා නරමින් නැවතත් ඔවුහු දොරට හඩ නගා තටිටු කළහ.නමුත් කිසිදු පිළිතුරක් නොවිය.මෙය පැමිණි පිරිසට ප්‍රහේළිකාවක් වුයේ ඔවුන් පිළිගැනිමට ඇය අනිවාර්යෙන්ම නිවසේ සිටිය යුතු බැවිනි.
එක් තරුණයෙක් නිවසෙහි පසක වු ජනේලයකින් විසිත්ත කාමරය දෙස බැලු වේය.

"ඇය විසිත්ත කාමරයේ බිම වැටිල ඉන්නවා.අපිට දොර කඩලා ඇතුළට යන්න වෙයි."තරුණයා කෑ ගැසු වේය.

ශක්තිමත් බාහු කිහිපයකින් පහර කෑ දොර විවර වී ගියේය.සියල්ලන්ම බිම වැටී සිටින මහළු කාන්තාව වටකර ගත්හ.මුලදී සියල්ලන්ම සිතුවේ ඇය මිය ගොස් ඇති බවය. ඇද මතට ඔසවා තබන ලදුව ඇය දෙනෙත් විවර කළෙන් ඇයට සිහි මුර්ජා වී ඇති බව පිරිසට වැටහී ගියේය.
තරුණ කාන්තාවක් ඇයට වතුර ස්වල්පයක් පෙවිවාය.බිය පහව නොගිය දැසින් මහළු කත පිරිස දෙස බැලුවාය.

"මොකද වුණේ? ඔබ මොකකට හරි බය වුණාද?" තරුණිය විමසුවාය.

"ඔවි !! මාව මුණගැහෙන්න අමුත්තෙක් ආවා." මහළු කත කෙදිරුවාය.

"අමුත්තෙක්?? කවිද ඒ?" එයට පිළිතුරක් නොදුන් ඇය වටපිට බැලුවාය..

"කෝ ඔහු දැන්? ඔහුව දැකලා මම හොදටම බය වුණා. මට සිහිනැතිවෙන්න ඇති.නමුත් මං කියන්න යන දේ ඔබලා විශ්වාස කරන එකක් නැහැ"
මහළු කාන්තාව කී දෙයින් පිරිස තුළ ඇති වුයේ සැකයකි. "අපට කියන්න මොකද වුණේ කියලා?" වැඩිහිටි ගැමියෙක් විමසුවේය.
මේක සිද්ධ වුණේ දැනට පැය භාගයකට විතර ඉස්සෙල්ලා.දැන් වෙලාව හතයිනෙ.හය හමාරට විතර මට කවුරු හරි ගේ දිහාට එන අඩි හඩක් ඇහුණා. ඊට පස්සෙ කවු‍ද දොරට තටිටු කළා. මුලින් මම හිතුවේ ඒ ඔබලා කියලයි.ඒත් මම හිතුවා ඔබලා මං හිතුවට වඩා ඉක්මණින් ඇවිත් කියල. ඒත් එක්කම මට හිතුණා ඇයි මට වාහන වල සද්දෙ ඇහුණෙ නැත්තෙ කියලා. මම ජනේලයෙන් පිටත බැලුවා..
ඒ ඔහුයි.
ඒ මගේ පුතා බර්නාඩි
මගෙ පුතා පණ පිටින්ම වගේ ඉදිරිපිට හිටගෙන හිටියා.කොහොමද එහෙම වෙන්නෙ?? එත් මං දැක්කෙ ඔහුවම තමයි. ඔහුගෙ මුහුණෙ බියකරු පෙණුමක්.මුහුණ ඇද වෙලා.දත් එළියට නෙරලා.තොල් ඇද වෙලා මා දිහා රවාගෙන උන්නා. ඔහු සුදුමැලි වෙලා.
විටෙක වැළපෙමින් ද විටෙක භීතියෙන් සසල වු දෙනෙතින්ද යුතුව මහළු කාන්තාව නොනවත්වා කියවාගෙන ගියාය.

"ඒ මොනව වුණත් මම දොර අරින්න හිත හදා ගත්තා.මොන විදිහට ආවත් ඒ මගේ පුතා.ඒත් මගෙ දෙපා ගැහෙන්න පටන් ගත්තා.හැම තැනම අදුරු වුණා.මට මතක මාව ඇදගෙන වැටෙනවා විතරයි." මහළු කාන්තාවගේ හඩ ඉතා දුක්මුසු විය.

"අපිට ඔබව විශ්වාසයි. අපිත් ඔහුව දැක්කා" දිගු නිහැඩියාවකට පසු වැඩිහිටි ගැමියෙක් කටහඩ අවදි කළේය. අතර මගදී හමු වු පුජකවරයා පිළිබදව ඔහු මහළු කාන්තාවට විස්තර කළේය.
ඒ සිදුවීම කිසිවෙකුගේ මතකයෙන් ගිලිහුනේ නැත.එද ඔවුන් ඔහුගේ මුහුණේ දුටු බිහිසුණු සුවරුපය ජීවත්ව සිටියදී තමා ඔහුගේන් ඈත්කර තැබමට හේතුව නොවේදැයි ඔවුහු එකිනෙකාගෙන් විමසුහ.ජීවතුන් අතර සිටි මුළු කාලයේදීම ඔහු අභිරහස් මිනිසකු විය.කිසියමි බියකරු රහසක් ඉතිරි කර තබා ඔහු වෙන්වුයේය. එය කුමක්දැයි කිසිවෙකු නොදත් නමුදු ඔහුගේ ආත්මය එය පැවසීමට වෙරදරා ඇති බව පසුව සියල්ලෝම කීහ.

උපුටා ගැනීම් සහිතයි ....
ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

පවුලක් බියෙන් සලිත කල කෑදර අවතාරය...(holman katha) ...අබිරහස් අඩවිය - Abirahas Adawiya



 1954 වසරේ දිනක බ්‍රිතාන්‍යයේ විසු රෙදි වියන්නෙකු වු ගිල්බටි කැමිප්බල් ගේ නිවසෙහි දොරට සිගන්නෙකු තටිටු කලේය."මහත්මයා මම දවස් දෙකකින් කිසිම දෙයක් කාලා බීලා නෑ කරුණාකරලා මට කෑම ටිකක් දෙන්න පුළුවන්ද?" කෝපයට පත් "කැමිප්බල්" මහතා සිගන්නා එළවා ගත්තේ පරුෂ වචනයෙන් බැණ වදිමිනි.
ඊළග මොහොතේ සිගන්නා කතා කලේ තර්ජනාත්මක ස්වරයෙනි.තමුසේ මට පාන් ගන්න මුදලක් දෙනවද?නැද්ද?මෙම තර්ජනය හමුවෙ වඩාත් කෝපයට පත් "කැමිප්බල්" මහතා සිගන්නා පිටත සිටියදී හඩ නගා දොර වසා ගත්තේය.

"හොදයි මහත්මයා අපි බලා ගනිමු.මට මෙහෙම සැලකීම ගැන ඔබ පසු තැවෙන දිනයකුත් ඒවි." පිටත සිටි සිගන්නා වෙගවත් හඩින් පවසනු ඇසිණ.

සිගන්නාගේ තර්ජනය "කැමිප්බල්" මහතාට සුළු මොහොතකින් අමතකව ගියේය.

සති කිපයක් ගෙවි ගියේය. හිටි හැටියේ "කැමිබප්ල්" නිවස තුළ නොයෙක් අද්භූත ශබ්ද නැගෙන්නට විය. මුලින්ම ඇසෙන්නට වුයේ කුඩා දරුවෙකුගේ සෙල්ලමි නලාවකින් ඇසෙන නලා හඩක් බදු ශබිදයකි. මෙය නිවස තුල පමණක් නොව ගෙවත්තෙහිද ඇසිණි. මුලින්ම මෙම නලා හඩ ඇසී තිබුණේ ළිදෙන් වතුර ගෙන ඒමට ගිය "කැමිප්බල්" මහත්මියටය. ඒ මොහොතේ අසල්වැසි කාන්තාවක්ද ඇය අසල විය. නලා හඩ පමණක් නොව කිසිවෙකු "කැමිප්බල්" මහත්මියව "ළිදට තල්ලු කර දමන බවට" තර්ජනය කරන කටහඩක් ද දෙදෙනාටම ඇසිණි.

මුල්වරට සිගන්නාගේ තර්ජනය පිළිබද භීතියක් "කැමිප්බල්" මහත්මියට ඇති වුයේ මෙම සිදු විමෙන් පසුවය.පසු දින සිට නිවසේ දොර ජනෙල් හා දුමිකවුළු තුළින් ගල් කැට විසි කිරීම ආරමිභ විය. "කැමිප්බල්" නිවසෙහි සැරි සරන අවතාරය පිළිබද ගම පුරා පැතිර යන්නට වු අතර අවතාරය දිනෙන් දින වඩාත් දරුණු වුවා සේ විය.

"කැමිප්බල්" මහතා වියන රෙදි කතුරකින් කීතු වන සේ කපා දැමීම නොකඩවා සිදුවිය. "කැමිප්බල්" පවුලේ උදවිය හැද සිටින කබා හිස්වැසුමි හා ඇදුමි ද තැනින් තැන කතුරකින් කපා දමා තිබුණේ ඔවුන් එවා ඇද සිටිද්දීමය. අදෘශ්‍යමාන හස්තයකින් මෙම සියල්ල සිදු කෙරිණ.
රාත්‍රියට ඔවුනට නින්දක් නොවිය. නොපෙනෙන කිසිවෙකු ඇද ඇතිරිලි පමණක් නොව ඇඳ සිටින ඇදුමිඳ ඉවත් කර දමන්නට විය. නිවසේ අල්මාරි සහ කබඩි හිටි හැටියේ ඇර දමා ඒවායෙහි ඇති භාණ්ඩ බිම විසිරුවා දැමීම ද සිදු වන්නට විය.
"කැමිප්බල්" මහතා රෙදි විවීම සඳහා උපයෝගී කරගන්නා භාණ්ඩ හිටි හැටියේ අතුරුදහන් වන්නට වු අතර දින ගණනකට පසු නිවසේ අහුමුළු වල තිබී ඒවා හමුවිය. වියු රෙදි සියල්ල කපා දැමිම නොකඩවා සිදු වු බැවින් තම ජිවන වෘත්තිය නතර කර දැමීමට "කැමිප්බල්" මහතාට සිදු විය.
ආරක්ෂාව පතා දරුවන්‍ පමණක් හෝ ඥතීන්ගේ නිවස් වලට පිටත් කර හරින ලෙසට හිතවතුන් කළ අවවාද නොතැකු "කැමිප්බල්" මහතා තව දුරටත් නිවසෙහිම රැඳි සිටියේය.
එක් ඉරු දිනක දිවා කාළයෙහි "කැමිප්බල්" නිවස තුළ අද්භූත ගින්නක් හට ගත්තේය.අසල්වැසියන් මැදිහත් වී ගින්න නිවා නොදමන්නට නි‍වෙස අළු ගොඩක් වන්නට ඉඩ තිබිණ.
නිරතුරුවම දෙවියන් යදිමින් තමා මෙම අදෘශ්‍යමාන බලවේගයෙන් මුදා දෙන මෙන් "කැමිප්බල්" පවුල ඉල්ලා සිටියදී ඊ ළග අගහරුවාදා දින උදැසන නමයට පමණ නැවතත් අදෘශ්‍යමාන ගින්නක් ඇතිවිය. මෙවරද ගින්න නිවා දැමීමට අසල්වැසියන් සමත් වුහ.
"කැමිප්බල්" නිවැසියන් බොහෝ විට රාත්‍රියට ගත කළේ නිදි වර්ජිතවය. ගෙමිදුලෙහි වු මල් පාත්ති අවුල් කිරීම, මිදුලෙහි වු තණකොළ උදුරා දැමීම, මඩුවෙහි වු පිදුරු තැන තැන විසිරුවා දැමීම, ඇදුමි අතුරුදහන් වීම, නිවැසියන්ගේ සිරුරු වලට අල්පෙනෙති තුඩු වලින් අනිනවාක් මෙන් දැනීම අත්භූත ක්රිරයාවලියට අළුතෙන්ම එක්විය.
දිනක් පවුලේ බාල දරුවා වු "ටොමි" කිසිවෙකු තමා අමතමින් තම පියාගේ නිවසේ නොරැ‍‍දෙන ලෙස පැවසු බව කී‍්වෙය.එළෙසින්ම එදින සිට "ටොමි" භූත ආත්මයේ දැඩි අතවර වලට ලක් වු අතර මෙය නිසාම ඔහු පාසල් නේවාසිකාගාරයක නැවැත්වීමට සිදුවිය.
මෙම අවවාදාත්මක කටහඩ නිවසේ අනෙකුත් අයටද ඇසෙන්නට පටන් ගැණිනි.එම කටහඩ කලකට පෙර නිවසට පැමිණි සිගන්නා ගේ කටහඩට සමාන බව "කැමිප්බල්" මහත්මිය‍ගේ අදහස විය.නිවස ආශිර්වාද කිරීමට ගෙන්වන ලද පුජකවරයාට මෙ‍ම අද්භුත කටහඩ ඇසිණි. පුජකවරයාට යාචිඤ කරන තුරු නිහඩව සිටින අවතාරය යාචිඤව නැවතුණු වහාම පෙර ලෙස පෙරළි කරන්නට විය.
දිනක් පුජකවරයා යාචිඤ කරන අතරෙහි අද්භූත කටහඩ කතා කරන්නට විය. "මට ඉස්කෝප්පයක් සහ උදැල්ලක් දෙන්න.ඉන් පසු නිවසේ සියළු දෙනාම සත් දිනකට නිවසින් පිටවී සිටිය යුතුයි. ඒ කාලය ඇතුලත මම වලක් හාරා එතුළ වැතිරෙනවා. ඉන්පසු මගෙන් ඔබට කරදරයක් නැහැ."
මෙම තීරණයට "කැමිප්බල්" තදින්ම විරුද්ධ විය. ඒ මොහොතෙහිම නොපෙනෙන තැනකින් පිටත ආ වැළමිට සිට ඇගිලි තෙක් ඇති දෑතක් වියරු වු ලෙසින් පොළවට ගසාගෙන ගියේ සියල්ලන්ම භීතියට පත් කරවමිනි.
පසු දිනක කේක් කැබලි කීපයක් දරුවන් අත‍ර බෙදමින් හුන් "කැමිප්බල්" මහත්මිය ගෙන් අවතාරය කෑමට යමක් ඉල්ලුයේ හඩ නගාය. එදිනම උදෑසන නිවසෙහි සේවිකාව වු මාග්ර ටි පාන් කමින් සිටින විට කිසිවෙකු තමා අත වු පාන් කැබැල්ල උදුරා ගත් බව දන්වා තිබිණ. මේ අතර නිවස ගිනි තබන බවට අවතාරය නැවත නැවත තර්ජනය කරන්නට විය. නිවසේ තිබු ආහාර දුව්‍ය අතුරුදහන් ‍විමට පටන් ගෙන තිබු අතර ඒවා නැවත හමුවුයේ ඇදක් යට හෝ ඇතිරිලි යට තිබියදීය. කිසිවෙකු නිවසෙහි එහා මෙහා යන හඩ රාත්‍රිය පුරාම ඇසෙන්නට විය.
එක් රාත්‍රියක නිවසෙහි වු ඇදක් ගිනිගෙන දැවෙන්නට වීම මෙම අද්භූත ක්‍රියාවලියේ අ‍වසානය විය. අධෛර්යට පත් නොවි "කැමිප්බල්" පවුල තවමත් නිවසෙහි සිටීම අවතාරය දුර්මුඛ වීමට හේතුවිය.
මෙය අතර ලැබුණු තවත් ආරංචියකින් කියවුණේ "කැමිප්බල්" මහතාට තර්ජනය කළ හිගන්නා මෙම අද්භූත සිදුවිමි පටන් ගැනිමට දින කිපයකට පෙර මිය ගිය බවයි........

උපුටා ගැනීම් සහිතයි ....
ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

සොරුන්ට මර බිය ගෙන එන මහ කැබිලිත්තේ දිවුරුම් ගල...(kabilithha katharagama) අබිරහස් අඩවිය - Abirahas Adawiya


කතරගම දෙවියන් සම්බන්ධව ඇති හාස්කම් පිළිබදව භක්තිවන්තයන් විසින් විවිධ සිදුවීම් විස්තර කරනු ලබයි. කතරගම දේවාලය මෙන්ම කතරගම දෙවියන් වෙනුවෙන් රටපුරාම විවිධ ස්ථානවල වෙන්වුනු දේවාල පිහිටුවා තිබේ.

වැඩහිටිකන්ද කතරගම දේවාලයේ හිටපු කපුමහතාවු එච්.ඒ.වී. රණසිංහ මහතා කලකට පෙර දේවාල රාජකාරි කටයුතු වලින් ඉවත්වි සිය නිවෙසට පැමිණියේය. ඒ තමන්ගේ වසයද සැලකිල්ලට ගනිමිනි. නමුත් නිවෙසේ සිටන විට ඔහුට නිතරම කතරගම වැඩහිටිකන්දට යළි යන්නට පෙළඹවන සිදුවීම් කිහිපයක් ගැන ඔහු හෙළිදරව් කළේය.

‘‘මම කතරගම දේවාලේ වැඩ කටයුතු වලින් ඈත්වෙලා විවේක සුවයෙන් ඉන්න කියලා හිතාගෙන මීට අවුරුදු ගාණකට පෙර ගමට ආවා. ඒ වුණාට මට රැට නින්දෙන් සර්පයෙක් ඇඟේ කොහේ හරි දෂ්ට කරනවා දැනිලා ඇහැරෙනවා. මම හැමදාම නොවරදවාම කතරගම, සමන්, විශ්ණු කියන දෙවිවරුන්ට පහන් තියනවා. මට මේ තත්ත්වය කිහිප අවස්ථාවකම වුණා. මා හිතුවා ආයෙත් වැඩහිටිකන්දට ගිහිං දේවාලයේ රාජකාරී කරන්න. මම ඒකට ගියා. ඊට පස්සේ මාව නින්දෙන් සර්පයෝ කෑවේ නෑ’’ රණසිංහ කපු මහතා කීවේය.

කතරගම දෙවියන් බෞද්ධ දෙවියකු බවත් ඔහු සෝවාන් ඵලයට පැමිණ දෙවැනි ආත්මය කතරගම දෙවියන් යැයි ජනප‍්‍රවාදයේ එන කරුණකි. එය සනාථ කරන කරුණක් රණසිංහ මහතා ද හෙළි කළේය.
වැඩහිටිකන්ද කතරගම දේවාලයේ කපුමහතා ලෙස කටයුතු කළ හින්දු භක්තිකයෙකුවු වී. සංගමේපිල්ලේ සාමිවරයා 1961 වර්ෂයේදී හින්දු ආගම අතහැර බුද්ධාගම වැළදගත්තේය. කතරගම වැඩහිටිකන්ද විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩවිසු රත්මලානේ සිද්ධාර්ථ හිමියන් හමුවේ බුදුදහම වැළදගත්තේ කතරගම දෙවියන්ගේ ඉල්ලීමකට බව එකල ප‍්‍රසිද්ධව ගිය බව රණසිංහ මහතා කීවේය.

1961 ජනවාරි 14 දින ‘‘දිනමිණ’’පුවත්පතේ ‘‘කතරගම දෙවිදුගේ අණ ඉටුකරන්නයි’’ යන සිරස්තලය යටතේ පළවි තිබුණි. සංගමේපිල්ලේ සාමි බුදුදහම වැළදගනු ලැබුවේ අසුවැනි වියේදීය.

වසර මතක නැති වුණත් වැඩහිටිකන්දේදී දුටු කතරගම දෙවියන්ගේ හාස්කමක් රණසිංහ කපු මහතා මෙසේ හෙළි කළේය.

‘‘වැඩහිටිකන්දේ කතරගම සහ ඊශ්වර කියන දේවාල දෙකේ පඩුරු පෙට්ටි දොළහක් තිබුණා. දේවාලේ වැඩ අවසන්කරලා මමත් නිදන්නට ගියා. රැ දොළහට විතර හාමුදුරුවෝ කතාකරලා කියනවා දේවාල දෙකේ පිං පෙට්ටි හයක් නෑ, දෙවියන්ට කන්නලව් කරලා කියන්න කියලා. මමත් ආයේ පේ වෙලා දේවාලෙට ගිහිං දෙවියන්ට කාරණය සැලකර හිටියා. පැයක්වත් ගියේ නෑ මෙන්න හොරු ඇවිත් කියන්න පටන්ගත්තා, ‘අපිතමයි පිං පෙට්ටි හොරකම් කළේ. අපට පඩි නොදුන් හින්දයි එහෙම කළේ. ආය කවදාවත් එහෙම වරදක් කරන්නේ නෑ කියලා’. පස්සේ බලනකොට වැඩහිටිකන්දේ කුලීවැඩ කරපු කිහිප දෙනෙක් පඩි දෙන්න ප‍්‍රමාදවුණා කියලා පිංපෙට්ටි හය උස්සං ගිහිං.’’
රණසිංහ කපු මහතා තවත් අත්දැකීමක් විස්තර කළේය.
‘‘කතරගම මහ දේවාලයට වගේම වැඩහිටිකන්ද කතරගම දේවාලයටත් විවිධ තරාතිරමේ අය දෙවියන්ට කන්නලව් කරන්න එනවා. ඒ එන අයගේ උවමනාවන් , බලාපොරොත්තු ඉටුකර දෙන්න කියලා අපි දෙවියන්ගෙන් යදිනවා. හැමදාම දේවාලයේ තේවා කටයුතු අවසන් කරන්නේ මම දෙවියන්ට පින්දීලා. සමහර වැදගත් මහත්තරු ආව දවසට මම එහෙම කන්නලව්කරන කොට මට ඇහෙනවා කවුරුහරි කියනවා ‘කරන්න ඕනෑ හැම වැරදි වැඩටික කරලා එනවා මගෙන් පිහිට ගන්න. මම කොහොමද මේ අයට පිහිට වෙන්නේ කියලා’.’’
‘‘මට තවමත් මතකයි 2004 අවුරුද්ද. ඒ අවුරුද්දේ ජනවාරි 21දා වත්මන් ජනාධිපතිතුමා වැඩහිටිකන්දට ආවා. එතකොට එතුමා අගමැති. දේවාලෙට පුජා වට්ටියක් තියලා රටට සාමය ඇතිකරන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලන්න කිව්වා. මම යාතිකා කරලා එතුමාගේ අදහස දෙවියන්ට සැලකළා. එදා රාත‍්‍රියේ පුජා කටයුතු අවසන් කරලා මම දෙවියන්ට පින්දීලා රටට සාමය සමාදානය ගෙනෙන්න කියලා ප‍්‍රාර්ථනා කරන කොට මට කවුද කියනවා ඇහුණා ‘මේ සැරේ සාමය නිකම් එන්නේ නෑ. විශාල ගාණක් මැරිලා, රට ලේවැගිරිමක් වෙලා තමා සාමය ලැබෙන්නේ කියලා. එදා 2005 යුද්ධය දිනපු වෙලාවෙ මට හිතුනා එදා මට මේ සිදුවීම කිව්වනේ කියලා.’’ රණසිංහ මහතා කීවේය.
කතරගම මහ දේවාල බිමට එන්නට පෙර ඕකන්දේ සිට කතරගමට එන මාර්ගයේ සහ ඒ අවට කැලෑ ආශ‍්‍රිතව සිදුවු අපූරු සිදුවීම් ගැන කතා කළෙමු. එවැනි හාස්කම් සම්බන්‍ධයෙන් කතාකළහැකි සිදුවීම් බොහෝය. ඇතැම් ස්ථාන සම්බන්‍ධව කතා කිරීමේදී සමහරු එවැනි තැන්වලට යන්නට උත්සාහ කරන බවද පෙනෙන්නට තිබේ. නමුත් කතරගම මහ දේවාලයට පැමිණ දෙවියන්ට පුදපුජා තැබීමට දැන් බැතිමතුන්ට කරදරයකින් තොරව හැකියාව ඇතිබව අවධාරණය කරමි.
කතරගම දෙවියන් ගැන කතා කරද්දී ‘‘කැබිලිත්ත’’ දේවාලය හෙවත් ‘‘මහ කැබිලිත්ත’’නැතහොත් ‘‘උඩහ කැබිලිත්ත’’ දේවාලය ගැන වරින් වර සදහන් කළෙමි. ඕකන්‍ද සිට කතරගම බලා එන පාදයාත‍්‍රා ගමන් මගෙන් හැතැක්ම විස්සක් පමණ රට මැද්දට වන්නට මෙම දේවාලය පිහිටා තිබේ. මෙම ස්ථානයේ කතරගම දෙවියන් වැඩවාසය කරතියි බැතිමතුන්ගේ විශ්වාසයක් පවතී.
සැබැවින්ම මෙතැන දේවාලයක් නැත. මහා සියඹලා රුප්පාවක් සහ කුඩා සියඹලා පැළයක් පිහිටා තිබේ. වටේ පිටේ ඉතා පිරිසිදුකර ඇති අතර කුඩා සියඹලා පැළය ආසන්නව කුඩාවට ලෝහයෙන් කළ පහන්ගෙයක් වැනි ස්ථානයක් තිබේ. කණුවක රතු සහ සුදු රෙදි කැබලි වලින් බැදි පඩුරු ගැටගැසූ ගසක්ද තිබේ. මෙතැන ආවතේව කරන්න කිසිවෙකුත් නැත. අවට අපිරිසිදු නොකරන්නට එන බැතිමත්හු වග බලා ගනිති.

මෙම ස්ථානය ‘‘සියඹලා රුප්පාව’’ ලෙස පැරැණ්නන් හදුන්වති. ආදි ‘‘කුමණ’’ ගමේ වැසියන් මෙහි එන්නේ බොහෝ සේ පේවී බව එම ගමේ විසු දැනට වනජිවී දෙපාර්තමේන්තුවේ සේවය කරන බී.ගුණපාල මහතා කීවේය.
‘‘මේ මහසියඹලාව වදින්න ගෑනු අය එන්නේ නෑ. පිරිමි අයත් මස්මාළු නොකා සතියක්විතර පේ වෙලා තමයි එන්නේ. දුර ඈත ප‍්‍රදේශවලින් පානම, ඕකන්‍ද හරහා එන අය වාහනවලින් ඇවිත් ගල්අමුණ ඉදලා පයින් එන්නේ. ආපහු යන දවස ගැන ස්ථිරයක් නෑ. අහවල් වෙලාවට ඉස්සර යන්න ඕනැ කියලා කට වරද්දාගන්නේ නෑ. පුජාවට ඕනැකරන අඩුමකුඩුම කර තියාගෙන වන මෘගයන් ඉන්න මහ කැලෑවෙන් එනව. පිරිසුදුවෙලා හොද චේතනාවෙන් ආවොත් කරදර හිරිහැරනෑ.’’‘‘දවසක් එහෙම ආපු කණ්ඩායමකට ලොකු අකරතැබ්බයක්වු බව අපේ ගමේ හිටිය වැඩිහිටියන් කියලා තියනවා. හට්ටි මුට්ටි ඇතුලූ අඩුම කුඩුම කර තියාගෙන පිරිසක් ගල් අමුණේ ඉදලා පයින් ‘‘මහකැබිලිත්ත’’ බලා ගිහිං තියනවා. අතරමගදී මේ අය කුලූහරක් රංචුවකට මැදිවෙලා. ගිය අය ජිවිත බේරාගත්තත් අරගෙනගිය හට්ටිමුට්ටි, ඇතුලූ සියලූ ද්‍රව්‍ය කළුහරක් විනාශකරලා. පස්සේ හොයලා බලන කොට ඒඅය අතරින් එක්කෙන් ඉදලා තියනවා අපිරිසුදුව. ඒ අය දේවාල ගමන නවත්වලා ආපසු ඇවිත් තියනවා.’’

‘‘මහකැබිල්ත්තේ’’ යාතිකා කරන්නට ස්ථිර වශයෙන් නැවතීමට හිතාගෙන ආ තැනැත්තකුට වු අකරතැබ්බක් ගුණසිංහ මහතා හෙළි කළේ මෙසේය.
‘‘මේ සිදුවීම හැට ගණන්වල වුණේ. එතකොට මේවා මහ මුකලන්. මෙතන ‘‘මහසියඹලාව’’ ළග කවුද කෙනෙක් ඇවිත් ගෙයක් එහෙම හදාගෙන දෙවියන්ට යාතිකා කරන්න, පූජා සදහා එන අයට උදව්වෙන්න සූදානම්වෙලා. ටිකදවසක් ඉදලා. එකදවසක් එයා ළග තියන කුඹුකන්ඔයට නාන්න ගිහිං තියනවා. නාලා එන කොට දළ ඇතෙක් ඇවිත් අර හදපු ගේ කඩාදාලා, එක කණුවක් විතර ඉතුරු කරලා. මනුස්සයාට කරදරයක් කරලා නෑ. එදාම මිනිහා මහ සියඹලාවෙන් යන්න ගිහිං.’’
‘‘මෙතන ගෙඟන් එගොඩ මෙගොඩ බෝධින් දෙනමක් වැඩ ඉන්නවා. යන එන අපි බෝධි වන්දනා කරලා පන්සිල් අරන් දෙවියන්ට පින්දෙනවා. යාල කලාප අංක තුනේ මේ සියඹලා රුප්පාව තියෙන්නේ. මෙතන කාලි මැණියෝ වැඩ ඉන්න බවටත් විශ්වාස තියනවා. මේ අසල දිවුරුම්ගල කියලා එකක් තියනවා. ඒ කාලේ වැරදි කරපු අය මේ ගලේ දිව්රන්න බය නැති වුණොත් වරදකරුවෙක් විදියට සලකන්නේ නෑ. වැරදි කරපු අය බොරුවට දිව්රුවොත් දඩුවම් ලැබෙනවා කියලා විශ්වාසයක් තියනවා. ඒනිසා කවුරුත් යමක් හොරකම් කරලා තිබිලා සැකකරන කෙනා ළගට ගිහින් දිවුරුම් ගලට ගිහිං දිවුරන්න කිව්වොත් ඒක නොකර හොරකම් කළ දෙය ආපසු දෙනවා. හොරු දිවුරුම්ගලට ඒතරමට බයයි’’. ගුණසිංහ මහතා කීවේය.
කතරගම දෙවියන්ගේ අඩවියේ වනගත ප‍්‍රදේශවල කර ඇතැම් ගොවිතැන් කටයුතු වලදී ‘‘කිලි’’වලට අසුනොවී කටයුතු කිරිමට වගබලා ගැනීම පැරැුණියන්ගේ සිරිතක්ව තිබුණ බව පැහැදිලි වෙයි. වන මෘගයන් වෙසෙන ඝන කැලෑවේ කළ වගා කතරගම දෙවියන් විසින් ආරක්‍ෂා කරදෙන ලද බව ඔවුන්ගේ විශ්වාසයයි.
අතීත ‘‘කුමණ’’ ගම්මානයේ වැසියන් සියවගාබිම් ආරක්‍ෂා කළේ දෙවියන්ට බාර කිරීමෙනි. කුඹුරු අස්වද්දන සමයේ අස්වනු නෙළනතෙක් කාන්තාවක් කුඹුරට නොයන්නීය. ගොවියාද කුඹුරට යන්නේ නම් මස්මාළු ආහාරයට නොගැනීමට වග බලා ගනි. දෙවියන්ගේ පිහිටෙන් වගාවට වනසතුන්ගෙන් හෝ කෘමි සතුන්ගෙන් හානියක් නොවී අස්වැන්න නෙළා ගැනිමට හැකියාවක් ලැබුණු බව පැරැණ්නෝ කියති.
අද ‘‘කුමණ’’ ජාතික වනොද්‍යානයට අයත්ව තිබෙන ප‍්‍රදේශයේ බෞද්ධ නටබුන් රාශියක් පවතින බව වනජීවී දෙපාර්තමේන්තු සේවකයෙක් වන බි. ගුණසිංහ මහතා පෙන්වා දෙයි. ඒ තුළ පිහිටි දිවුලානේගොඩ පන්සල නම් ස්ථානයේ තිබු අඩි හයක් උස හිටිබුදු පිළිම වහන්සේ නමක් නිධන් ගැනීමේ අරමුණින් පොඩිකර වනසා තිබේ. ඒ අපරාධය කළ අය හෝ ඔවුන්ගේ පවුල්වල අය අද ජිවතුන් අතර නැති බවත් කිසියම් ආකාරයක අපරාධයකට ලක්ව පවුල් පිටින් ඒ අය සමුල ඝාතනය වු බවත් ගුණසිංහ මහතා කියයි.
‘‘දෙවියන්ට බුදුන්ට හානි කරලා මේ දේව අඩවියේ ඉන්න හම්බවෙන්නේ නෑ. කොයි වෙලාවකහරි ඒවා මෙලොවදීම පටිසන් දෙනවා.’’ රණසිංහ මහතා කීවේය.
අජිත්ලාල් ශාන්තඋදය. .........

උපුටා ගැනීම් සහිතයි ....
ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya