මරණයෙන් පසු නැතහොත් භෞතික සිරුර අත්හැර යන ආත්මය හෝ මනෝමය කයක් එනම් මනෝකායක් පිළිබඳව, විවිධ මතවාද ඉතා අෑත අතීතයේ සිටම දාර්ශනිකයන් අතර විය. ජාන්දෝග්‍ය උපනිෂදය ගොඩනැඟූ ජාන්දෝග්‍යය මුනිවරයා මනෝකාය පිළිබඳ දාර්ශනික විග්‍රහයක් ප්‍රථම වරට ලෝකයට හෙළිකළේය. නූතන බටහිර විද්‍යාඥයන් බයෝ ප්ලාස්මා බොඩි, ඇස්ට්‍රල් බොඩි, ඊතයිල් බොඩි, සෙකන්ඩරි බොඩි ආදී විවිධ නම්වලින් හඳුන්වන මනෝකාය පිළිබඳව බුදුරජාණන් වහන්සේ පොට්ඨපාද සූත්‍රයෙන් කියා පෑ සේක. මිනිසාට ආත්ම භාෂා තිහක් තිබෙන බවත්, එයින් ප්‍රථමය කෑම බීමෙන් පෝෂණය කරනු ලබන මෙම භෞතික සිරුර බවත්, දෙවැන්න එම භෞතික සිරුර තුළ පිහිටි මනෝමය කය හෙවත් මනෝකාය බවත්, තුන්වැන්න අරූප ලෝකවල පවත්නා මීටත් වඩා සියුම් වූ සංඥාමය ආත්මභාවය බවත් උන්වහන්සේ වදාළ සේක.
සාමඤ්ඤ ඵල සූත්‍රයෙන් උන්වහන්සේ සිත දියුණු කළ ධ්‍යානලාභී යෝගවචරයා, පුරුෂයකු තණ ගසකින් තණ බඩයක් ඇද මෑත් කරන්නා සේද, යුද භටයකු කොපුවකින් කඩුවක් ඇද මෑත් කරන්නා සේද, නයි නටවන්නකු පෙට්ටියක් තුළින් නයෙක් එළියට ගන්නා සේද, තම භෞතික කය තුළින් මනෝකාය එළියට ගන්නා බව වදාළ සේක. සිත දියුණු කළ කෙනකුට තම භෞතික සිරුර තුළින් මනෝකාය ඉවත් කළ හැකිය. පුරාණ භාරතීය ඍෂිවරයන් තම මනෝකාය ගවු දහස් ගණන් අෑත පෙදෙස්වලට ගමන්කරවා නැවත තම සිරුරට ගත් විස්මයජනක කතා පැරැණි භාරතීය සාහිත්‍යයෙහි ඇත. මනෝකාය පිළිබඳ බුදුන්වහන්සේගේ චින්තනය බ්‍රහ්මනිමන්ත සූත්රයේද, ඉන්ධිපාද සූත්රයේද සඳහන් වෙයි.මරණය ආසන්නයටම ගොස් සායනික මරණයට පත්වීම නිසා තම භෞතික සිරුරෙන් ඉවත් වී මනෝකාය තමන් හා සබැඳි අවට පරිසරය නිරීක්ෂණය කර නැවතත් තම මනෝකාය සිය භෞතික සිරුරට ප්‍රවිෂ්ට කළ පුද්ගලයන් පිළිබඳ ප්‍රථම ග්‍රන්ථය සම්පාදනය කිරීමේ ගෞරවය හිමිවන්නේ ඇමෙරිකානු මනෝවිද්‍යාඥවරියක වූ දොස්තර එලිසෙබත් කුබ්ලර් රෝස්ටය. මනෝ වෛද්‍යවරියක වූ දොස්තර එලිසබෙත් කුබ්ලර් විසින් රචිත මරණය සහ මියයෑම ග්‍රන්ථයෙන් රූපකායෙන් ඉවත්ව මනෝකායෙන් අවට සැරිසරා නැවත රූපකායට පිවිසුණු පුද්ගලයන් රාශියකගේ අත්දැකීම් ලොවට හෙළි කළාය.
දොස්තර රේමන්ඩ් ජී. මූඩ් නමැති ඇමෙරිකානු වෛද්‍යවරයා මරණින් පසු ජීවිතය යන ග්‍රන්ථයෙන් මරණයේ කෙළවර තෙක් ගොස් ආපසු පැමිණි පුද්ගලයන් තම රූපකායෙන් මනෝකාය ඉවත් වූ පසු ලැබූ අත්දැකීම් විශාල ප්‍රමාණයක් ඇතුළු කළේය.
1965 වර්ජිනියා විශ්වවිද්‍යාලයේ දර්ශනවාදය පිළිබඳ උපාධි අපේක්ෂකයකු වූ රේමන් මූඩ්ට මරණාසන්න අනුභූතීන් පිළිබඳව උනන්දුවක් ඇතිවූයේ එම විශ්වවිද්‍යාලයේ මනෝ විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයා පැවැසූ සිද්ධියක් නිසාය. එහිදී ඔහු පැවැසුවේ තමන් මරණයට පත්වූ පුද්ගලයකු බවය. එක් වතාවක් නොව විනාඩි දහයක පරතරයකදී දෙවතාවක්ම මරණයට පත්වූ බවය.
රූපකායෙන් ඉවත්ව මනෝකායෙන් ගතකළ එම මොහොත තමන් ලැබූ සුන්දර අත්දැකීමක් ඔහු චිත්තාකර්ෂණීය ලෙස විස්තර කළේය.
පසුව දර්ශන උපාධිය ලද රේමන් මූඩ් ඇමෙරිකාවේ නැඟෙනහිර පළාතේ පිහිටා ඇති නෝත් කැරලිනා විශ්වවිද්‍යාලයේදී වරක් ප්ලේටෝගේ පීඩෝ නම් ග්රන්ථයෙහි මරණයෙන් පසු ජීවිතය ගැන උගන්වමින් සිටියදී එක් ශිෂ්‍යයකු තමාගේ ලොකු අම්මා ශල්‍යකර්මයක් කරමින් සිටියදී මොහොතක් මියගොස් ලැබූ විස්මයජනක අත්දැකීම තමන්ට පැවැසූ බව කීය.
මෙයින් පසුව රේමන් මූඩ් චිකිත්සිකව මියගොස් මනෝකායෙන් අවට ලෝකයෙහි සැරිසරා නැවත රූපකායට ඇතුළු වූ පුද්ගලයන්ගේ අත්දැකීම් එකතු කරන්නට විය.
හෘදයාබාධයක් නිසා රෝහල් ගත වූ ස්ත්‍රියක් තම භෞතික ශරීරයෙන් මනෝකාය ඉවත්ව බාහිර පරිසරයේ ගතකළ අත්දැකීම් විස්තර කළේ මෙලෙසය.
මා රෝහලේ සයනය මත වැතිර සිටියදී මගේ හෘදයේ දැඩි වේදනාවක් ඇතිවිය. එයින් මඳ සහනයක් ලැබීමට මම අනෙක් අතට හැරුණෙමි. මගේ ආශ්වාස ප්‍රශ්වාසය නතර විය. හෘද ස්පන්දනය නතර විය. හෙදියක තැති ගැන්මෙන් කෑගසනවා මට ඇසිණි. එවිට මා මාගේ සිරුරෙන් ලිස්සා සිවිලිම අතරේ පාවෙමින් පහත දෙස බලන්නට වීමි.
එයා මියගියා හෙදිය පැවසූ අතර යැයි සියල්ලෝම මගෙ සිරුර වටා රොක්වන්නට වූහ.
එක් හෙදියක් මගේ මුවට මුව තබා කෘත්‍රිම ශ්වසනයෙන් මගේ හදවත ප්‍රාණවත් කරන්නට උත්සාහ කරන්නට විය. එවිටම කෘත්‍රිම ආශ්වාස ප්‍රශ්වාස යන්ත්‍රය මාගේ සිරුර වැතිර තිබූ සයනය අසලට ගෙනැවිත් මගේ සිරුරට සම්බන්ධ කරනු ලැබිණ. ඒ සමඟම මාගේ සිරුර ඇඳෙන් ඉහළට විසිවෙනවා සිවිලිම අසල පාවෙමින් සිටි මට දක්නට ලැබිණ. ඒ සමඟම මාගේ සිරුරේ ඇටකටු සියල්ලම කැඩී යනවාක් මෙන් ශබ්දයක් ඇසුණි.
හදිසි රිය අනතුරක් නිසා තමාගේ භෞතික සිරුරෙන් මනෝකාය බාහිර ලෝකයට පැමිණි දහනව හැවිරිදි අයකුගේ අත්දැකීම්, ආචාර්ය රේමන් මූඩ් තම ග්‍රන්ථයෙන් මෙසේ විස්තර කර ඇත.
"එදා මම නිසසල රාත්‍රියේ මගේ මිතුරකුත් සමඟ මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියෙමි. රිය පදවනු ලැබුවේ මා විසිනි. ඉතාමත් වේගයෙන් අප දෙසට එන රථයක ඉදිරිපස එළියක් දක්නට ලැබිණි. ඒ සමඟම මාගේ මිතුරා යටිගිරියෙන් මොරදෙන ශබ්දය මට ඇසිණි. එම මොරගෑමත් සමඟ භයානක ශබ්දයක් ඇසිණි. අපගේ රථය අනෙක් රථයේ ගැටෙනවාත් සමඟම මා කිසියම් බන්ධනයකින් ඉවත් වී යනවාක් මෙන් මට දැනුණි. රථයට යාර හතරක් පමණ අෑතින් රථයට අඩි පහක් පමණ ඉහළ සිට සිදු වූ දෙය මම බලා සිටියෙමි. රථය ඝට්ටනය වූ බියකරු හඬ මට ඇසුණ අතර රථය වටා මිනිසුන් රොක්වනු මම බලා සිටියෙමි. මිනිස්සු රථයේ දොර ගලවා මගේ මිතුරා එළියට ගත්හ. ඊළඟට ඔවුන් රුධිරයෙන් නැහැවෙන මාගේ සිරුරද එළියට ගත්හ."
මෙවැනිම අත්දැකීම් ලැබූ පුද්ගලයකු පැවැසුවේ තමන් මියගිය බව වෛද්‍යවරයා පවසනු තමන්ට ඇසුණු බවය. ඒ සමඟම ඔහුට දැඩි ශරීර අපහසුතාවක් සහ දැඩි සීනු නාදයක් ඇසෙන්නට විය. ඒ සමඟම ඔහු අඳුරු ගුහාවකට වේගයෙන් ඇදී යන්නට විය. එවිටම ඔහුගේ රූපකායෙන් ඉවත් වූ මනෝකාය රූපකාය දෙස බලා සිටින්නට විය. ටික වේලාවකට පසු ඔහුගේ මියගිය ඥාති මිත්‍රාදීන් හමුවන්නට විය. එක් දයාන්විත පුද්ගලයකු පැමිණ ඔහුගේ ජීවිතයේ වටිනාකම් පිළිබඳව විනිශ්චය කරන්නට විය. ඒ සමඟම මරණයට තවත් කල් එළැඹ නොමැති බව ඔහුට වැටහෙන්නට විය. තමන්ගේ මනෝකාය භෞතික සිරුරට එකතුකරන්නට ඔහු අකැමැතිවිය. නමුත් ඔහුගේ මනෝකාය රූපකායට එකතු විය.
"දීර්ඝ කාලයක් මා උදරාබාධයකින් පෙළුණා. එය සුවකිරීමට නම් මගේ ආමාශයෙන් කොටසක් ඉවත්කළ යුතු බව වෛද්‍යවරුන් පැවසුවා. එම නිසා එම ශල්‍යකර්මය සිදුකරනු ලැබුවා. ශල්‍යකර්මය සිදුකළාට දින හතරකට පසු මම හිටියෙ මගේ ලෙඩ ඇඳට ඉහළින් සිවිලිම අසල. වෛද්‍යවරුන් සහ හෙදියන් මගේ සිරුර අවට රැස්වී මට විවිධ ප්‍රතිකාර කරනු සිවිලිම අසල පාවෙමින් සිටින මට දක්නට ලැබුණා. හරිම නිදහස් සාමකාමී හැඟීමක් මට තිබුණෙ. මගේ භෞතික සිරුරට නැවතත් මා කැඳවනු ලැබුවා. වේදනාව දුක රෝගී තත්ත්වය මට නැවතත් හිමිවුණා."
සායනික මරණයට පත්වූ අයකුගේ මනෝකාය නැවතත් එම භෞතික සිරුරට ඇතුළුවුවහොත් එම තැනැත්තාට ජීවය ලැබෙන බව පැහැදිලිය. යම් ලෙසකින් එවැනි අවස්ථාවක වෙනත් අයකුගේ මනෝකායක් එම භෞතික සිරුරට ඇතුළුවුවහොත් කුමක් සිදුවේද?
කන්නිමහර සුමංගල ගරු හිමියන් විසින් ලියන ලද "බ්‍රයිඩේ මර්පි සහ අන්තරාභවය" නමැති කෘතියෙහි එවැනි විස්තරයක් ඇත.
අයිරිෂ් පර්ෂේඩ් නමැති හංගේරියානු කාන්තාවක් හදිසියේ මියගියාය. ඇගේ ඥාතීහු ඇඳ වටා හඬමින් සිටියහ. හදිසියේම නින්දෙන් නැඟිට්ටාක් මෙන් ඇය නැඟී සිටියාය. එහෙත් ඇයගේ හැසිරීම් අමුතු විය. ඇය කතා කළේ ස්පාඤ්ඤ භාෂාවෙනි. හංගේරියානු භාෂාව ඇයට නොතේරිණි. ඇය ඇයගේ නම ලුසියා බව පැවැසුවාය. ඇයට දරුවන් හතරදෙනකු සිටින බවත් ඔවුන් මැඩ්රීඩ් නුවර වසන බවත් කීවාය. මැඩ්රීඩ් නුවරින් දැනගන්නට ලැබුණේ ලුසියා නම් වැන්දඹුවක ටික දිනකට පෙර මියගිය බවය. මෙයින් අපට පැහැදිලි වන්නේ කුමක්ද? අයිරිෂ් මියගිය විට ඇගේ ශරීරයට ලුසියාගේ මනෝකාය ඇතුළු වූ බවය. (130 පිටුව)
සායනික මරණය නිසා භෞතික සිරුරෙන් මනෝකාය බැහැර වූ කල බොහෝ දෙනා පවසන්නේ එම අවස්ථාවේ තමන්ට ඉතාමත් සාමකාමී සුවදායී ප්‍රසන්න හැඟීමක් ඇතිකළ බවය. අඳුරු බිංගෙයකට තමන් ඇතුළු වූ බවත් පසුව දීප්තිමත් ආලෝකයක් දැක එම ආලෝකය ඇතුළු වූ බවක් ඔවුහු දක්වති. මනෝකාය තුළ රැඳුණු අවස්ථාවේ ඉතාමත් සුවදායී සාමකාමී තත්ත්වයක් අත්විඳින නිසා එවැනි අවස්ථාවකට පත්වූ අය තම මනෝකාය භෞතික සිරුරට නැවතත් ඇතුළු කරන්නේ ඉතාමත් අකැමැත්තෙනි.
ඇට්ලන්ඩා එමරි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මයිකල් සෝබම් පවසන ලෙස සායනික මරණයට ගොදුරු වී නැවතත් ජීවය ලද බොහෝ දෙනකුට තම මනෝකායෙන් අවට පරිසරය හා ඔවුන් මෙන් ලද අත්දැකීම් ඇත. තමන් අන් අයගේ හාස්‍යයට ලක්වේය කියා ඔවුන් තමන් ලද අත්දැකීම් අන් අයට පැවැසීමට පැකිළෙන බවය.
මරණයෙන් පසු නැතහොත් භෞතික සිරුර අත්හැර යන ආත්මය හෝ මනෝමය කයක් එනම් මනෝකායක් පිළිබඳව, විවිධ මතවාද ඉතා අෑත අතීතයේ සිටම දාර්ශනිකයන් අතර විය.
මරණයෙන් පසු නැතහොත් භෞතික සිරුර අත්හැර යන ආත්මය හෝ මනෝමය කයක් එනම් මනෝකායක් පිළිබඳව, විවිධ මතවාද ඉතා අෑත අතීතයේ සිටම දාර්ශනිකයන් අතර විය.
උපුටා ගැනීම් සහිතයි ....
ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම් like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya
ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම් like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya
No comments:
Post a Comment