Showing posts with label හොල්මන් කතා. Show all posts
Showing posts with label හොල්මන් කතා. Show all posts

Thursday, August 8, 2019

ප්‍රේතයා නිධන් තණ්හාවෙන් නිසංසලාගේ සිරුරට ව‍ැහෙයි....(Nidhan prethaya අබිරහස් අඩවිය - Abirahas Adawiya - හොල්මන් කතා. holman katha)

විහාර දේපළ සොරකම් කිරීම බලු කපුටන් වී ඉපදීමට හේතුවන බව ඉපැරැණි ශිලා ලේඛනවල පවා සටහන් කොට ඇත. රාජ්‍ය සන්තක පොදු දේපළ අනවසරයෙන් තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජනයට ගැනීම ද ඒ හා සමාන ය. බලය හා නීතිය තමන් අතට ගත් අපරාධකරුවන් පාපයට බය නැත.” කරන කලට පව් මීරිය මීසේ - විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ.” රජය සතු වනාන්තරවල වන වගාවන් අක්කර දහස් ගණන් නීති විරෝධී අන්දමින් කපා තම ප්‍රයෝජනයට ගත් සොරුන් අද දිට්ඨධම්ම වේදනීය විපාක විඳින බව ප්‍රසිද්ධ රහසකි.

මිහින්තලේ නිසංසලා විසි හය හැවිරිදි ය. රූමත් ය. විවාහය අසාර්ථක වී ඇත. රාත්‍රියට ඇගේ ශරීරය යමෙක් හ‍ූරන බව දැනෙයි. ආහාරයට උයා ගන්නා කෑම ටික ඉක්මනින් සෙවල ගතියට හැරෙයි. නිවස පුරා වරින් වර දුර්ගන්ධයක් හමා යයි. ඒ අවස්ථාවල නිවසේ එහා මෙහා යන ඡායාවක් නිවැසියන්ට දර්ශනය වෙයි.
ඒ තත්ත්වයෙන් මිදෙන්නට වත්පිළිවෙත් ගණනාවක් කළත් ප්‍රතිඵලයක් නොවූයෙන් නිසංසලාගේ මවුපියෝ ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයට ඇය කැඳවාගෙන ආහ.
ආධ්‍යාත්මීය උපදේශකවරයා මුණ ගැසී තමන්ට එළඹ ඇති තත්ත්වය පැහැදිලි කළේ ය. තම පවුලේ අයට තමන්ගේ නිවසේ වාසය කළ නොහැකිව අනුරාධපුර නගරයේ නිවසක් කුලියට ගෙන ජීවත්වන බව ද පියා කීවේ ය.

ගවේෂකවරයා ප්‍රථම රෝග පරීක්ෂාවේ යෙදෙන විට දුවත් මවත් ගැහෙන්නට වූහ. ඔවුන්ට භූතාත්මයක බලපෑමක් ඇති බව වටහාගත් ගවේෂකවරයා ඔවුන් දැනට පදිංචි ගමේ පන්සලේ දී දින විසි එකක් බෝධි පූජා පවත්වා නැවත එන්නැයි උපදෙස් දුන්නේ ය.
ඒ උපදෙස්වලට අනුව බෝධි පූජා පවත්වා ඔවුහු නැවත පැමිණියහ. එදින ගවේෂකවරයා ප්‍රතිකාර ආරම්භ කරන විට නිසංසලාගේ ශරීරයෙන් භූතාත්මය අවදි වී කතා කරන්නට වූයේ ය. ගවේෂකවරයා ඒ භූතාත්මයෙන් ප්‍රශ්න කරන්නට විය.‍

“කවුද මේ ශරීරයට ඇතුල් වෙලා ඉන්නේ?”

“මම හින්නි අප්පු” භූතාත්මය කීවේය.

“කවුද මේ හින්නි අප්පුය කියන්නේ?”

“දන්නේ නැහැ. මතක නැහැ.”

“ගම කොහේද?”

“ඒත් මතක නැහැ”

“ඉතින් මේ නිසංසලාගෙ ශරීරයට ආවේ කොතැන ඉඳලාද?”

“පියදාස කට්ටාඩියාගේ ඇගේ ඉඳලා.”

“ඇයි ඉතින් පියදාස කට්ටාඩියාගේ ඇගේ ඉන්නේ නැතුව මේ ළමයාගේ ඇඟට ආවේ?”

“තණ්හාව, ආසාව.”

“කවුද පියදාස කට්ටාඩියා කියන්නේ?”

“මේ අයගේ නිධානය ගන්න ආපු මිනිහා. ඒ නිධානය උරුම මේ නිසංසලාට. ඉතින් මමත් නිධානයට ආසයි. නිසංසලා‍ටත් ආසයි. ඒ නිසා මෙයා ළඟ නතර වුණා.”

ගවේෂකවරයා ගවේෂණය නතර කොට නිසංසලා පියවි සිහියට පත් කොට මේ නිධන් කතාව කුමක්දැයි ඇසීය. නිසංසලා තමන් සමීපයේ සිටි පියාගේ මුහුණ බැලීය. පියා නිධානය පිළිබඳ තොරතුරු කියන්නට විය.

“මහත්මයා; අපේ ගේ තියෙන්නේ මිහින්තලේ විහාරය පිටුපස පූජා භූමියට ආසන්නව. ඒ පිටුපස ප්‍රදේශය කැලේට ගිහින්. පුරාණ ඓතිහාසික නටබුන් තියෙනවා. ඒ අතරේ නිධානයක් තියෙනවා. ඒ නිධානය නිසංසලාටයි උරුම කියලා දේවාල කීපයකින් ම කියැවුණා. ඇඳුරෝ ‍කීපදෙනෙක්ම රහසිගතව ගෙන්නලා ඒ නිධානය ගන්න අපි උත්සාහ කළා. ඒත් හරි ගියේ නැහැ. ඊට පස්සෙ තමයි පියදාස කට්ටාඩියා මුණ ගැහුණේ. පියදාස කට්ටාඩියා අපි ගෙන්නලා බැලුවා. ඒ ගැන මන්ත්‍ර ශාස්ත්‍රයෙන් හොයා බලන කොට නිසංසලා දුව ආවේශ වුණා. ආවේශ වෙලා ඒ නිධානය තියෙන තැන පෙන්නුවා. නිධානය ගන්න හැටි කිව්වා.

අපි නිධානය ගන්න දිනයත් තීන්දු කළා. අපි හිටියේ පාළු ප්‍රදේශයක. කවුරුත් දන්නේ නෑ. හොර රහසේ අවශ්‍ය කළමනා ලැහැස්ති කරලා ඒ නියමිත දවසේ නිධානය ගන්න ගියා. ඒ යනකොට දුව ආවේශ වෙලා කෑගැහුවා. කෑ ගහලා පොල්ලක් අරගෙන පියදාස කට්ටාඩියාට පහර දෙන්න පටන් ගත්තා. එළව එළවා ගැහුවා. එතැන නොසිට දුවන තුරුම ගැහැව්වා. මේ කෑගැහිල්ල ඇහිලා ගමේ අය එතැනට ආවා. ඒ අය පොලිසියට දන්නලා පොලිසියෙන් ආවා. මාව අත්අඩංගුවට ගත්තා. පොලිසියෙන් මාව උසාවියට ඉදිරිපත් කළා. මට හය මාසයක් රිමාන්ඩ් එකෙත් දුක් විඳින්න සිද්ධ වුණා. ඒ එදා නිධානය ගන්න උත්සාහ කළ දවසේ ඉඳලා දුව අසනීප වුණා. ගෙදරත් කරදර ඇති වෙන්න පටන් ගත්තා. අපට ගෙදර ඉන්න බැරි තත්ත්වයක් ඇති වුණා. දැන් අපි ඒ ගේ අත හැරලා අනුරාධපුරයෙන් ගෙයක් කුලියට අරගෙන පදිංචි වෙලා ඉන්නේ” නිසංසලා ගේ පියා විස්තරය කීවේය.

ගවේෂකවරයා නැවතත් භූතාත්මය දිෂ්ටි ගන්වා කතා කළේ ය.

“පියදාස කට්ටාඩියාට මොකද වුණේ?” යැයි ඇසීය.

“ඌ දිව්වා. මම නතර වුණා.”

“ඇයි නතර වුණේ?”

“මටත් නිධානයට ආසා හිතුණා. නිධානය උරුම නිසංසලාට නිසා මම නිසංසලා ළඟ නතර වුණා.”

“ඇයි ඉතින් නිසංසලා ලෙඩ කරන්නේ?”

“අනේ මම නිසංසලා ලෙඩ කරන්නේ නැහැ.”

“අමනුෂ්‍යයෙකු මිනිසෙකු ළඟ ආදරයට නතර වුණත්, තරහට නතර වුණත් ඒ මනුෂ්‍යයා අසනීප වෙනවා. මිනිස්සුන්ටයි අමනුෂ්‍යයන්ටයි එකට ඉන්න බැහැ. ඒ නිසා නිසංසලා අතහැර යන්න” යැයි ගවේෂකවරයා භූතයාට කීවේය.

“මහත්තයා; එදා නිධානය ගන්න හදන කොට ඒක අවුල් කළේ මම. නිධානය ගන්න එක වළක්වන්න. මම දැන් නිධානයට තියෙන ආසාව නිසා නිධානයේ උරුම කාරයාව බදාගෙන ඉන්නවා. මම මේවා අතහැරලා යන්නෙත් නෑ. යන්න කියන්නත් එපා” යැයි හින්නි අප්පුගේ ප්‍රාණකාර ප්‍රේතයා කීවේය.

“තමුන් නිධානයට ආසා නම් ගිහින් ඒ නිධානය බදා ගන්න. මේ ළමයාව බදාගෙන ඉඳලා වැඩක් නැහැ.”

“ඒක කරන්න බැහැනෙ මහත්මයා; නිධානයට අරක් ගත් මට වඩා බලවත් කෙනෙක් නිධානය ළඟ ඉන්නවා. වෙන කෙනෙකුට එතැනට යන්න දෙන්නේ නැහැ. ඒත් නිධානය උරුම මේ නිසංසලාට නම් මෙයාට නිධානය ලැබෙන තුරු මම මෙයා ළඟ ඉන්නවා.”

“එ‍ෙහම නම් නිධානය නිසංසලාට ලැබෙන තුරු මෙයා ළඟින් ඉවත් වෙලා කරදර නොකර පැත්තකට වෙලා ඉන්න.”

“මහත්තයා හදන්නෙ මාව කොහොම හරි ඉවත් කරන්න නේද?”

“ඔව් ඒක මගේ යුතුකම මේ අය මාව සොයාගෙන ආවේ අසරණ වෙලා. මේ අයට පැමිණ තියෙන කරදරවලින් නිදහස් වෙන්න. මේ අයට දුක් කරදර පැමිණ තියෙන්නේ තමුන් නිසයි. තමුන් හින්නි අප්පු නොවෙයි. පාප කර්ම විපාක ගෙවන ප්‍රේතයෙක්. කරුණාකර ඉවත් වෙලා යන්න.”

“බැහැ.‍.. බැහැ... පියදාස කට්ටඩියාටත් ගහලා ‍එළවලා මම මෙතැන නතර වුණේ යන්න නෙමෙයි. මම යන්නේ නෑ... නෑ... නෑ... මයි.”

දැඩි තණ්හාවෙන් ඇලී සිටින මේ ප්‍රේතයා හොඳින් අවවාද කොට ඉවත් කළ නොහැකි බව වටහාගත් ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කොට ප්‍රේතයා දවා දුර්වල කොට පන්නා දැම්මේ ය.

නිසංසලාටත් පවුලේ අයටත් නිවසේ උදේ හවස ඉටු කළ යුතු බෞද්ධ පිළිවෙත් කීපයක් නියම කළේ ය. ඔවුන්ටත් නිවසටත් ආධ්‍යාත්මීය ආරක්ෂා යොදා දුන්නේ ය.
මතුගම මහින්ද වි‍ෙජ්තිලක
විශේෂාංග
silumina
================================================
උපුටා ගැනීම් සහිතයි ....!!! 
දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Saturday, July 20, 2019

යකුන් බැඳගෙන වෙල් යායක් අස්වැද්දූ ගමරාල බෝවෙල දෙවියන් වූ හැටි......(vellassa gamarala holman katha vel yaya අබිරහස් අඩවිය - Abirahas Adawiya - හොල්මන් කතා. holman katha)

ඉස්සර කාලයේ ඌව වෙල්ලස්ස ගම්මානයක ගොවි පවුල් විස්සක් තිහක් තිබුනලු. ඒත් මේ ගමේ එකම එක කුඹුරු බිමක්වත් තිබුණෙ නැතිලු. ගමේ ඇත්තන් බඩවියත රැකගත්තා කියන්නේ හේන් වගාවෙන්ලු. ඇල් වී හේනක්වත් කරගන්න තරම් දිය කඳුරු තියෙන ඇල්ලාරං තිබුණෙ නැති නිසා පැටාබෑටුන්ටවත් කැඳ උගුරක් හදා දෙන්ට විදිහක් නැතුව ගමේ ඇත්තන් බොහෝම දුක් ගින්දරෙන් තමයි උන්නෙ. මේ ගමේ ඇත්තන්ගෙ දුකේදීත් සැපේදීත් කරඅරින්නෙ නැතුං හිටිය මහ සකියා තමයි ගමරාල. ගමරාල තමයි ගමේ යමක් කමක් තියෙන ගං ඇත්තා. ඉතිං උන්දෑ හිතුවා මගේ ගමේ ඉන්නේ එකම සනුහරේ උන් දැන් සාගින්නේ තියන්න නාකයි. ඒ නිසාවෙන් ගමේ පහළ කලාව පුළුන් කියලා. එහෙම හිතලා හැමෝටම පයිංඩෙ කෙරුවා කැති, උදලු ඇන්න වරෙල්ලා පිටිය බිඳලා කුඹුරක් අස්සද්දන්ට කියලා. ගමේ ඇත්තනුත් ඇවිල්ලා වැඩ කෙළා. ඉස්සරෝම කෙළේ දිය කඳුරක් හරස් කේලා අමුණක් බැඳපු එක. සමෝගෙම ගමේ ඇත්තන් ඇවිදුන් වැඩ කේද්දිත් ගමේ ඇත්තියන් ඇවිදුන් කෑම බීම උයා පිහා දුන්නා. අඩුම කුඩුම ඔක්කොම ගමරාල උන්දැගේ ගෙදරින්. ඔයි විදිහට ඇළ කඳුරු හරස්කෙරල ඉවර වෙනකොට ගමරාල උන්දැගෙ අටුකොටුත් ටිකෙන් ටික හිස් වුණා.ගමේ ඇත්තන්ගෙ ගෙවල්වල අඩුපාඩුත් වැඩිවුණා. මොකද පිරිමි ඇත්තන් ඇළ අමුණු බඳින්ට එනවා. බවලත් ඇත්තියන් උන්ට කොටාබාන්ට උයා පිහා දෙන්ට එනවා. හේන්පිටිවලට රුක්මක් බැල්මක් නැති කොට වල් ඌරන් වැටකඩොලුවලට උඩින් මලක්කන් අල්ලලා හේන් බිම් අසානාසි කෙළා. ගමේ ඇත්තන්ගේ නැතිබැරිකම් ඉහවහා ගියාම උන් කුඹුරු අස්සද්දන වැඩෙන් මග ඇරියා.
අන්තිමට ගමරාල විතරයි ඉතුරු උනේ. කොහොමහරි ගමරාල අමුණෙයි ඇළෙයි වැඩ අහවරකෙරලා කල්පනා කෙළා මට ඉතරක් වී පෑලක හමාරක කුඹුරක් අස්සද්දාගෙන මොනාට ගමේ උන්ගේ පැටුං බැටංට කොහෙන් කන්නෙ? එතකොට කමයි ගමරාල උන්දැට මතක් වුණේ මංතර සෑත්තර ගැන හැබෑට බොල මෙතෙක් කල් මේ වැඬේ සිහිපරාද විලානෙ උන්නෙ. කියල පෙට්ටගම ඇරල අප්පුච්චගෙ පුස්කොළ පොත් ගොන්න ඇදගෙන යක්කුන්ගෙන් වැඩ ගත්තු හැටි බලා කියා ගත්තා. ගමරාලඋන්දැ මංතර සාස්තර වෙදහෙදකම් ටිකක් ටිකක් ප්‍රශ්න කරලයි හිටියෙ. උන්දෑ අප්පච්චිගෙ උරුම් වාසියෙන් එන මංතර ගුරුකම් සියල්ලම වගේ බලා කියාගෙන කෙම්මුර දවසක වැඬේ ආරම්භ කෙළේ ගමේ එවුන්ට තුන්වේලම බත්කන්ඩ දෙන්ට හිතාගෙනයි. ගමරාල සිතුවා වගේම වැඬේ හරි ගියා. ගමරාල උන්දෑ බොහොම බලගතු මංතර බන්ධනේකින් ශක්ති සම්පන්න යකෙක් බන්දා ගත්තා. දැන් යකාත් එක්ක දෙන්න කුඹුර අස්සද්දන්ට ගත්තා. පෝය දෙකක් ගතවෙද්දී යකා ඉසිබිසි නැතුං වැඩ කෙළා. ඒත් යකාට මේ වැඬේ තනියෙන්ම කේගන්ට බෑ. තාම ලියදි තුන හතරයි හදාගන්ට පුළුවන් වුණේ. එදා ගමරාල යකාට ආඩපාලි කියන්නට ගත්තා.
යකෝ මොනා බං තාමත් බැරි වුනානේ උඹට මේ වැඬේ නිමකේන්ට කියලා. යකාට ගමරාලගේ කතාවෙන් වුණේ මදිපුංචිකමක්නේ. ඉතිං යකා කේපු වැඬේ රෑ හදිසියේ නිදි පැදුරෙන් නැගිටලා හත් ගව්වක් ඈත කැලේට වැදිලා කැලේ උන්න යක්ෂ සේනාවම කැටුව ඇවිත් අරෙයි කැලෑ බිම්කඩම කුඹුරුයායක් බවට පත් කෙළා. පහුන්දා උදෑහැනැක් ගමරාල ගිහින් බැලුවම මුලින් දා තිබූ ඇබිත්තින් වෙල බෝ වෙලා. බොහෝ ලොකු වෙල් යායක් වෙලා.
ගමරාල උන්දැට ඉහේ මලක් පිපිච්ච ගානට සන්තෝසයි. උන්දෑ මහ හයියෙන් හූ තුනක් තිබ්බා ම ගමේ උන් ඔක්කෝමලාම දුවගෙන දුවගෙන ආවා. මේං බලාපල්ලා වෙල බෝ වෙලා දැන් ඉතිං උඹලා හැමෝම වෙල් යාය බෙදාගෙන ආරෝවක් නැතිව වැඩ කරපල්ලා කියලා හැමෝටම කුඹුරු බෙදා දුන්නා. මංතර බන්ධනෙන් බැඳගෙන හිටිය යකාටත් නිදහස දුන්නා. ගමේ උන් බොහෝම සතුටෙන් බෝ වෙච්ච වෙල් යායට දියවර ඇරගෙන බෝවෙලා වැපුරුවා. ටික කාලයක් යනකොට මේ ගම්මානයට බෝවෙල කියන නම පටබැඳුනා විතරක් නෙමෙයි හැමෝගෙම ගෙවල්වල වී අටුකොටුත් පිරුණා.
ටික කාලයක් ගතවෙද්දී ගමරාල ගෙනා ආයුෂ ඉවර වෙලා මියැදුනාම දේව ආත්මයක් ලැබිලා බෝවෙල දෙවියන් බවට පත්වෙලා හාස්කම් දක්වන්න පටන් ගත්තා. ගම්වැසියන් බෝවෙල මැද්දේ බෝවෙල දෙවියන් උදෙසා දෙවොලක් හදලා පුද පූජා පවත්වන්ට ගත්තා. අදටත් ඌව වෙල්ලස්ස පුරාම බෝවෙල දෙවියන්ට පුද පූජා පවත්වන්නේ වෙල්යායක් කරවූ පිංවතාට කෘත ගුණ දැක්වීමටයි.
ඌව වෙල්ලස්සේ කාරි යායේ දී මෙන්ම කම්බ කණුව ගිනිහම්වල නැටීම ආදී යාඥා කර්මවලදී බෝවෙල දෙවියන් උදෙසා පිදවිලි දීම සිදු කරන්නේ

බෝවෙල බෝවෙලා බල ඇති දෙවියෝ
ඊටත් වැඩියෙන් ගිනිමල් දෙවියෝ
කයෙන් පැමිණි රෝ දුක් දුර හැරියෝ
යාදිනි කියනා බෝවෙල දෙවියෝ

මෙවැනි කෝල්මුර කවි ගායනා කරමිනි. එදා මෙරට විසූ ජන ප්‍රධානීන් රටට බත සදන්නට වැව් අමුණු බැඳ වෙල් අස්වද්දා දීමෙන් දේවත්වයට පත්වූයේ පරම්පරාවෙන් පරම්පරාවට ජන හදවත් තුළ නොමියෙන සටහන් තබමිනි.

සඳරුවන් ලොකුහේවා නිල්ලඹ, මහ ඔය.
lankadeepa
============================================================ 

උපුටා ගැනීම් සහිතයි ....!!!
දයාබර-පාථක-සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya

Sunday, December 30, 2018

පැරිස් නගරය යටින් මතුවුණු මළගිය ඇත්තන් සැරිසරන අත්භූත පාතාලයක් (The Secrets of the Mysterious Underworld of the Paris Catacombs Revealed අබිරහස් අඩවිය - Abirahas Adawiya - හොල්මන් කතා. holman katha)

ලොව සුන්දරම අග නගරයක් ලෙස සැලකෙන ප්‍රංශයේ පැරිස් නගරය බොහෝ ප්‍රංශ වැසියන් හඳුන්වන්නේ ලා විල් ලුමියා යන අන්වර්ථ නාමයෙනුයි. එහි අරුත වන්නේ ිආලෝකයේ නගරය යන්නයි. කෙසේ වුවත් මිලියන 12කට අධික ජනගහනයක් වාසය කරන මෙම කාර්යබහුල යුරෝපා අග නගරයේ පොළොව යටින් භූගත අවකාශයේ පැරීසියේ පැරැණි පදිංචිකරුවන් මිලියන 6කට අධික සංඛ්‍යාවකගේ ශේෂයන් තැන්පත් කොට ඇති බව බොහෝ දෙනා නොදන්නා කරුණක්. අතීතයේදී ඇතැමුන් මෙය හඳුන්වන ලද්දේ ප්‍රංශයේ මළවුන්ගේ අධිරාජ්‍යය ලෙසිනුයි.
වර්තමානයේ ලෝකයා මෙය හඳුන්වනු ලබන්නේ පැරීසියේ උමං සුසානය යන අරුත ඇති ිපැරිස් කැටකොම්බ්ස් යන නමින්. පුරාණයේ හුනුගල් ලබා ගැනීම සඳහා කණින ලද පතල් උමං පද්ධතියකින් මෙය නිර්මාණය වී තිබෙනවා. කිලෝමීටර් 300කට අධික ප්‍රදේශයක් පුරා ජාලයක් ආකාරයෙන් පැතිර ගොස් ඇති මෙම උමං මාර්ගයේ බිත්ති මියගිය පුද්ගලයන්ගේ හිස් කබල් ඇතුළු අස්ථි කොටස්වලින් එක්තරා රිද්මයකට අනුව සරසා ඇති අයුරු වර්තමානයේ එහි ඇතුළු වන්නකුට දැක ගත හැකිය.
මේ උමං ජාලය තුළ පිහිටි පතල්වල හුනුගල් රෝමානු යුගයේ සිට නගරයේ ගොඩනැඟිලි ඉදිකිරීම සඳහා අමුද්‍රව්‍ය ලෙස භාවිත කොට තිබෙන බව සඳහන්. කෙසේ වුවද 18 වැනි සියවසේ දෙවැනි අර්ධයේ සිට පැරිස් නගරය යටින් පිහිටි මේ ප්‍රදේශය සොහොන් ගැබක් බවට පරිවර්තනය කොට තිබෙනවා.
18 වැනි සියවසේදී පැරිසිය විශාලතම සුසානය වූ 'ලූ ඉනොසොන්' වැනි සුසාන භූමිවල ඉඩකඩ මදි වීම නිසා මිනී වළදැමිමේ ගැටලු සහගත තත්ත්වයක් මතුවූ අතර ඒ හේතුවෙන් ඇතැම් මිනී වළ දැමීම නිසි පරිදි සිදු කිරීමට හැකියාව ලැබී නැහැ. ඇතැම් අවස්ථාවල සුසානයේ මිහිදන් කළ සම්පූර්ණයෙන් විනාශයට පත් නොවූ මිනී පවා ගොඩට ගැනීමට සිදුවී තිබෙනවා. මේ හේතුවෙන් එම සුසානය අවට ජනතාවට මිනීවල දුර්ගන්ධය නිසා ඉතා අසීරු ලෙස දිවි ගෙවීමට සිදුවූ අතර විසබීජ හේතුවෙන් රෝග වැලඳීමේ අවදානමක්ද මතුවූ බව සඳහන්. මේ ගැටලු සහගත තත්ත්වය නිරාකරණය කිරීම සදහා 1763දී 15 වැනි ලුවී රජු විසින් රාජාඥාවක් නිකුත් කරමින් මියයන පුද්ගලයන් අග නගරයේදී භූමදානය කිරීම තහනම් කරනු ලැබුවා. කෙසේ වුවද පැරීසියේ පල්ලි මේ රාජාඥාව කෙරෙහි කැමැත්තක් නොදැක්වූ අතර ඔවුන් ඊට විරෝධය පෑවා. එහි ප්‍රතිඵලය ලෙස 1780 දක්වා එය යට ගොස් තිබුණා.
කෙසේ වුවද 1780 ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ලූ ඉනොසොන් සුසාන භූමියේ මායිම් තාප්ප සම්පූර්ණයෙන් බිම පතිත වූ අතර මේ හේතුවෙන් නිසි පරිදි වළ නොදැමූ සහ විනාශ නොවූ සිරුරු අසල ඉඩකඩම් වෙත ඉබාගාතේ පාවී ගියා. එබැවින් මේ වතාවේ ප්‍රංශ බලධාරීන් කලින් පැවැති නියෝගය බලාත්මක කිරීම සඳහා කටයුතු කළා. එතෙක් තෝම්බ් ඉස්වා යනුවෙන් හඳුන්වන ලද හුනුගල් පතල පල්ලිය මඟින් ආශීර්වාද ගන්වා කැප කොට එය පැරිස් කැටකොම්බ්' බවට පත් කරනු ලැබුවා.
අනතුරුව වසර දෙකක කාලයක් ගත කරමින් ලූ ඉනොසොන් සුසානයේ ශේෂ වී තිබූ සියලු අස්ථි කොටස් නැවත මේ භූගත සොහොන් ගැබේ මිහිදන් කිරීමට කටයුතු කළා. ඉන්පසු පැරීසියේ පිහිටි සියලු සුසාන භූමිවල මිහිදන්ව තිබූ අස්ථි කොටස් මෙහි තැන්පත් කිරීම සිදුවූ අතර ප්‍රංශ විප්ලවයෙන් පසු මියගිය පුද්ගලයන්ගේ සිරුරු මේ තුළ මිහිදන් කිරීමද ආරම්භ කළා. 1859 වනවිට පැරීසිය සියලු සොහොන්වල තිබූ අස්ථි කොටස් සියල්ල මෙහි තැන්පත් කොට නිම කළා.
ඉන් වසර 7කට පසු මේ භූගත සුසානය පොදු ජනතාව වෙනුවෙන් විවෘත කරන ලද අතර එය කිලෝමීටර් 300ක ප්‍රදේශයක් පුරා ජාලාකාරයෙන් පැතිර තිබුණා. අද වනවිටත් මෙය මහජනතාව වෙනුවෙන් විවෘතව පවතිනවා. ඒ ඉතා සීමිත ප්‍රදේශයක් පමණයි. 1955 සිට මේ උමං ජාලයේ එක් ස්ථානයකින් හැර සෙසු ස්ථානවලින් ඊට පිවිසීම තහනම් කොට තිබුණා. නමුත් එම නියෝග නොතකා 1970 හා 80 දශකවල 'කැටෆිල්ස්' යනුවෙන් තමන් හඳුන්වා ගනු ලබන ත්‍රාසය මුසු ක්‍රියාවල යෙදෙන පැරීසියේ නීති විරෝධී කණ්ඩායම් මේ උමං මාර්ගය තුළ විවිධ ක්‍රියාවල නිතර වන්නට පටන් ගත්තා. වතාවක් එක් කණ්ඩායමක් විසින් එහි අංගසම්පූර්ණ සිනමා ශාලාවක්ද ඉදිකොට ඊට සම්බන්ධ 'බාර්' එකක්, අවන්හලක් සහ පෞද්ගලික කාමර කිහිපයක්ද පවත්වාගෙන ගොස් තිබුණා.
වර්තමානයේ දිනකට 300ක් පමණ 'කැටෆිල්ස්' ක්‍රියාකාරීන් රහස් ස්ථානවලින් මේ උමං මාර්ගයට ඇතුළු වී විවිධ ක්‍රියාවන්හි නිරත වන අතර ඔවුන් කැටෆිල්ස් නොවන පුද්ගලයන් හා සංචාරකයන් එහි ඇතුළු වීම වැළැක්වීමට සඳහා නිරන්තරයෙන්ම උත්සාහ දරන බව සඳහන්. කෙසේ වුවද සංචාරකයන්ගෙන් විශාල මුදලක් ලබා ගෙන ඔවුන්ව නීති විරෝධී අයුරින් මේ උමං තුළ රැගෙන යන කැටෆිල්ස් කල්ලිද නැතිවා නොවේ. මේ කණ්ඩායම් බොහෝ විට විදුලි ලාම්පු සහිත හෙල්මට් හිස පැලඳගෙන උමං තුළ ඇවිදින අතර මඟ සොයා ගැනීමේ පහසුව තකා ඔවුන් විසින් නිර්මාණය කර ගන්නා ලද නාමයන් වීදි නාම අයුරින් උමං බිත්තිවල කොටා තිබෙන අයුරු දැකගත හැකිය.
ගැමුණු රත්නායක
...................................................................................................................
උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

අත්භූත දර්ශන මවන අභිරහස් කුරුස කන්ද (cross mountaian - kurusa kanda අබිරහස් අඩවිය - Abirahas Adawiya - හොල්මන් කතා. holman katha)

උතුරු ලිතුවේනියාවේ සියුලියායි නගරයට කි.මි 11ක් දුරින් පිහිටි පැරණි කදුවැටියක පිහිටුවා තිබෙන කුරුස දස දහස් ගණනක් පිළිබදව මේ වන විට විශේෂ අවධානයක් යොමුවී තිබෙනවා.මෙසේ දස දහස් ගණන් කුරුස එම ස්ථානයට කෙසේ පැමිණියා දැයි මෙහි ආරම්භය කෙසේ සිදුවී දැයි නිශ්චිතව පැවසීමට කිසිම සාක්ෂියක්  නොමැති අභිරහසක්ව පවතී.
කුරුස කන්ද නමින් හඳුන්වන මෙම කදුවැටියේ ඉතිහාසය සමග යුද්ධය හා නැවත නැගීසිටීමේ සංකීර්ණ වෘතාන්තයක් ඇත.මේ පුරාවෘත භයංකාර තොරතුරු හා අද්භූත දර්ශනවලින් පිරී පවතියි. මේ කන්ද බොහෝ අභිරහස් සගවාගෙන සිටියි චිත්රේ ශිල්පියකු හා ඉතිහාසඥයකු වූ විලියස් පුරෝනස් පවසයි. ප‍්‍රදේශයේ පවතින එක් ජන ප‍්‍රවාදයකට අනුව මේ කඳුවැටිය පිහිටා තිබෙන තැන මුලින්ම තිබුණේ දේවස්ථානයකි. බොහෝ පුරාණ කාලයේ දිනෙක ඇති වූ මහා චන්ඩ කුණාටුවකින් ගසා ගෙන ආ විශාල වැලි හා විශාල පාෂාණ දේවස්ථානයේ ඇතුලේ සිටි පිරිසක් සමගින් වැළලී යන ලදී. ප‍්‍රදේශවාසීන් පවසන්නේ සමහර දිනවල හිමිදිරියේ හිරු නැගෙන්නට පෙර පූජකයන්ගේ අවතාරවලින් සැදුම්ලත් පෙරහරක් කදු පාමුල සිට ඉහළට යන දර්ශනයක් ක්ෂණිකව පෙනී අතුරුදන් වන බවයි .
තවත් පුරාවෘතයකට අනුව, වසර 1300දී පමණ ලිතුවේනියාවේ මෙම ප‍්‍රාන්තය හිමිව තිබුණේ විශාල පිරිස් බලයක් හිමි මිත්‍යා දුෂ්ටික දරුණු සිටුවරයකුට යි. ඔහුගේ සුවිසල් දැවමය මන්දිරය පිහිටා තිබුණේ මෙම කන්ද පිහිටා ඇති ස්ථානයේ ය. ලිතුවේනියාව ක‍්‍රිස්තියානුකරණයත් සමග 1348දී අසිපත් සහෝදරයෝ නම් ජර්මානු රණශුර කණ්ඩායමක් විසින් මෙම මන්දිරය විනාශ කරන ලදී. බොහෝ දෙනා විශ්වාස කරන්නේ එකී ප‍්‍රහාරයෙන් දිවි ගලවාගත් සිටුවරයාගේ සෙබළුන් මිය ගිය තම සහෝදර සෙබළුන්ගේ සිරුරු ගොඩගසා පස් වැසීමෙන් මෙම කන්ද නිර්මාණය වූ බවයි. මිය ගිය සෙබළුන්ගේ මෙන්ම පූජකයන්ගේ ආත්ම රාත‍්‍රියට මෙම කන්දේ සැරිසරන බව සමහරු පවසති.
කෙසේ වෙතත් කඳුවැටියේ වඩාත් කීර්තිමත් කතාව වන්නේ හදිසියේ බරපතල ලෙස රෝගී වූ දියණියකගේ හා බලාපොරොත්තු සුන් වූ පියාගේ කතාවයි. රෝගී දියණියගේ මරණ මංචකය අසල වැළපෙමින් සිටි පියාට එක්වරම දර්ශනය වූ කාන්තාවක් කියාසිටියේ කන්දට ගොස් ලී කුරුසයක් එල්ලන ලෙසයි. අද්භූත කාන්තාවගේ උපදෙස් පරිදි පසුදින උදයේම ලී කුරුසයක් සාදා එය කන්දේ සිටුවා ආපසු නිවසට පැමිණෙන විට ඔහු දුටුවේ සිය රෝගීව සිටි දියණිය නිවසේ දොරකඩ හිනැහෙමින් සිටින අයුරුයි. ඇය ප‍්‍රාතිහාර්යකින් මෙන් සම්පුර්ණයෙන්ම සුව වී සිටියාය. මේ පුවත කටින් කට පැතිරීමෙන් ප‍්‍රදේශයේ ජනතාව ද ඉන්පසු අවට ප‍්‍රදේශවල ජනතාව ද වශයෙන් තම ප‍්‍රාර්ථනා ඉටුකර ගනු පිණිස කන්දේ කුරුසයක් සිටුවා යාඥා කිරීමට පටන් ගත්හ.
නමුත් මේ සෑම කුරුසයක්ම සර්ව සුබවාදී වන්දනාකරුවන්ගේ ප‍්‍රාර්ථනා කුරුස නොවන බව ද කියැවේ. සමහර කුරුස පුරාණ නිහඩ කැරැල්ලක් සිහිකිරීම පිණිස සිටවූ බව කියවෙන ජන ප‍්‍රවාද පැතිර ගොස් තිබේ. ජර්මානු යුද භටයන්ගේ හා 19වැනි සියවසේ රුසියනු දෙවැනි සාර් ඇලෙක්සැන්ඩර් රජුට විරුද්ධව ලිතුවේනියාවේ කැරැල්ලෙන් පසු කුරුස කන්දට වඩාත් ආක‍්‍රමණශීලී තර්ජන එල්ල වූයේ සෝවියට් සංගමයෙනි. නැගෙනහිර රටවල ක‍්‍රිස්තියානිය විනාශ කිරීමේ උත්සාහයක නිරත වී සිටි සෝවියට් සංගමය විසින් කුරුස කන්ද සමතලා කිරීමේ උත්සාහයක නිරත් වී තිබීම ගැන වාර්තා වේ. ඒ කන්ද බුල්ඩෝසර් කිරීමෙන්, දැව කුරුස පිළිස්සීමෙන්, ලෝහ හා ගල් කුරුස උගුළුවා දැමීමෙන් ආදී වශයෙනි.
සෝවියට් සංගමය බිදවැටි දැන් ශත වර්ශ කාලයක් ගතවී ඇතත් කුරුස කන්ද තවමත් නිරුපද්‍රිතව පවතියි. මෙම කන්ද අවුරුදු ගණනක් තිස්සේ විවිධ ආගම්වලට අයත් වන්දනාකරුවන්ගේ ආකර්ෂණය දිනා ගන්නා පූජනීය ස්ථානයක් බවට පත්වී තිබෙයි. කුරුස කන්ද කිසිවෙකුටත් අයිති නැත. ඒ නිසා සියලු දෙනාටම අයිතිය. මිනිසුන් මෙහි කුරුස පිහිටුවන්නේ ඔවුන්ගේ ප‍්‍රාර්ථනා ඉටුකරන නිසාවෙනි.
කුරුස කන්දෙහි කුරුස හා සුරුවම් දැන් නඩත්තු කරගෙන පවත්වාගෙන යනු ලබන්නේ සියුලියායි නගර සභාව හා ෆැන්සිකානු නිකායේ පුජකයන් විසිනි. ලෝහ හා දැව කුරුසවල එල්ලා ඇති කුඩා කොන්ත හා සුරුවම් යනාදිය සියුලියායි ජනපදයේ හරහා හමන සුළගේ සැලීමෙන් නගන කිංකිනි රාවය විටින් විට අද්භූත ද විටෙක භයානක හඩක් ද නංවන බව ගැමියෝ පවසති. මේ අසාමාන්‍ය කුරුස කන්ද සමහරුන්ට යාඥා කරන හෝ ප‍්‍රාර්ථනා ඉටු කරදෙන ස්ථානයකි. තවත් සමහරුන්ට අන්ධකාර රාත‍්‍රීන්හි අද්භූත දර්ශන මවන තැනකි. අනෙක් අයට සාමාන්‍ය ජිවිතයේ අසාමාන්‍ය වූත් නොවැදගත් වූත් සිදුවීමකි.නමුත් පවතින සත්‍ය නම් මේ කිසිවකුත් වැරදි යැයි කියන්නට කිසිවෙකුටත් නොහැකි වීමයි.
-ශානිකා රත්නායක-
.........................................................................................................
උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Tuesday, August 28, 2018

නයා මැරූ පලිය ගත්තු නාග පිල්ලි......(naga pilliya අබිරහස් අඩවිය - Abirahas Adawiya - හොල්මන් කතා. holman katha)

හංවැල්ලේ සමනබැද්දේ ගුණතිලක පද්මපෙරුම මහතා ලියා එවූ කතාවකි මේ.
මේ කථාව දැනට අවුරුදු 10කට පෙර සිදුවීමකි. නමින් ඔහු ගුණපාලය. නමුත් ඔහු හඳුන්වන්නේ පාල යන කෙටි නමින්ය. ඉතාම කෑදරකමක් තිබුණේ මස්වලටය. මස් නැති දවස්වලට වඳුරෙක් මරාගැනීමට මේ පාල නොයෙක් උපක්‍රම යොදා ගනී. උගුල් ඇටවීම, බල්ලන් කුලප්පු කර වඳුරන් බය කර වැටුණු පසු අල්ලා ගැනීම ඒ අතර වෙයි. මේ සඳහා බල්ලන් උදව්වට ගනී. 

මීට අවුරුදු හතකට පෙර සිට වල් ඌරන් මේ පළාතට ඇවිත් තිබේ. හේන් පාළු කිරීම සහ සිටවන ලද භෝග විනාශ කිරීම මහා කරදරයක් වීම නිසා උගුල් අටවා අල්ලා ගැනීම හෝ හක්ක පටස් දමා හෝ අල්ලා ගැනීමෙන් පසු මස් කරගැනීම පාලට ලැබුණු රාජකාරියකි. ඒ වෙනුවෙන් පාල නොයෙකුත් උපක්‍රම යොදා ගනී. වල් ඌරා ඇල්ලීමට ඉලක්ක කර ගත්තේ සවස 6ට පමණය. උගුල් අටවා හක්ක පටස් ඌරා යන පාරේ තබන ලදී. එක්තරා වේලාවක උගුලෙන් බේරුණ ඌරා හක්කපටස් ගිලින ගමන් පත්තුවිය. වෙඩි වැදුණු ඌරා අන්නාසි අකුලක ඔළුව ගසාගෙන වේදනාවෙන් සිටිය අතර පාල එතනට පැමිණ මධුවිත පානය කිරීමත් සමග ඌරා මැරී ඇති බව සිතා ළඟට කිට්ටු වී කකුලෙන් අදින්නට විය. වේදනාවෙන් සිටිය ඌරා පැනපු ගමන් පාලගේ ශරීරය පුරාම හපන්න විය. වෙරි මත නිසා එතනම වැටුණත් නැවත නැගිටල යන්න තනන විට නැවතත් වැටුණි. එම සද්දය ඇසී පැමිණි අසල නිවසේ අය මොහු රෝහලට රැගෙන ගියහ. තුවාල පැසවීමත් ලේ පිටවීමත් නිසා දුර්වල තත්ත්වයේ පැමිණි පාල සුව කිරීමට නොහැකි බැවින් මරණයට පත්විය.
මිය යාමට පෙර ඌරකු මෙන් හඬ නගමින් පාල දුක් වින්ද බව අපට මතකය.
කුමාරකට්ටුව ඊ.එස්. කෲස් මහතා ලියා එවූ කතාවකි. 

නාග පිල්ලිය
මෙම සිදුවීම දැනට වසර දොළහකට පමණ පෙර ගම්මානයක සිදුවූ සත්‍ය සිද්ධියකි. 

මේ  විශාල පොල් වතුවලින් ගහන ගමකි. ගමේ කෙළවරක වන්නට විශාල පොල්වත්තකි. එහි එක පැත්තක් ගමට විවෘත වූ අතර එහි එක් කෙළවරක විශාල පලු ගසක් වටකර වැඩුණ නුග වැලකි. ගසේ වයස අවුරුදු දෙසීයකට වඩා පැරණි බව ගමේ වැඩිහිටියන්ගේ මතය විය. මේ ගසේ මැද කොටසේ වූ විශාල බෙනයකි. එහි විශාල නාගයකු වසන බව බොහෝ අය දැක ඇත. මේ ගස් ඉදිරිපිට පාරෙන් අනිත් පැත්තේ දාස මල්ලිගේ කඩය පිහිටා ඇත. ඔහු කඩයට අමතරව කුකුළන් ඇති කිරීමද කළේය. 

දිනක් කුකුළු කොටුවේ කිකිළියන් කෑගසනු ඇසී ඔහු වහා එදෙසට දුව යන විට කොටුවෙන් මෑත්වී වැට දෙසට ඇදෙන නාගයා දක්නට ලැබුණි. අසල තිබූ දිග රිටක් අතට ගත් දාස සතා ලුහු බැන්දත් ඌ අතුරුදන් විය. කුකුළු කොටුවට ගොස් බැලූ විට බිත්තර හත අටක් අතුරුදන් වී ඇති බව පෙනෙන්නට තිබුණි. අනිවාර්යෙන්ම ඒවා නාගයාගේ ගොදුරු බවට පත්වෙන්නට ඇතැයි සිතූ ඔහු නයාට පාඩමක් ඉගැන්වීමට සිතා අල්ලපු වත්තට පැන පොල්අතු එකතුකර ගස වටේට ගොඩ ගසා රාත්‍රිය එළැඹි පසු ගිනි ලෑවේය. එය වියළි කාලයක් වූයෙන් ගසේ වූ දිරාපත් අතු ඉතිද දවාගෙන මහා ගින්නක් බවට පත්විය. 

පසුදා උදේ බලන විට ගස හතරෙන් තුනක්ම පිළිස්සී තිබිණි. අළුගොඩ පරීක්ෂා කරන විට පිළිස්සී දරදඬු වුණ නාගයාගේ සිරුරද එහි විය. පිළිස්සුණ නාග සිරුර පැත්තට ඇද දමා නැවතත් පොල් අතු ටිකක් දමා සම්පූර්ණයෙන්ම පුලුස්සා දැමීය.

මේ සිදුවීමෙන් මාස තුනකට පමණ පසු දෙසැම්බර් නිවාඩුවට දාසලාගේ අයියලා දෙදෙනා සහ ඒ පවුල්වල අය සමග දාසද දාසගේ බිරියද දරු දෙදෙනාද ඇතුළු කණ්ඩායම වැඩිමල් අයියාගේ වෑන් එකෙන් දින දෙකක විනෝද චාරිකාවක යෙදුණාහ. ඔවුහු පළමු දින කිතුල්ගලට පැමිණ දහවල් ආහාරයට ප්‍රථම නෑමට පටන් ගත්හ. මත් වතුරද යහමින් තිබුණි. වැඩිහිටි අය ගඟ අයිනේ පොට් එකක සෙට් වුණ අතර, පිරිමි ගැටව් පිහිනමින් නාන්නට පටන් ගත්හ. එහෙත් ටික වේලාවකින් එක් අයෙකු ගඟ දිගේ ඈතට ගසාගෙන යන බව දුටු වයසින් වැඩි පිරිමි දරුවාද ඔහු හඹා යන්නට විය. විනාඩි කීපයකින් දෙදෙනාම ගඟ දියේ නොපෙනී ගියහ.

එදින හවස් වන විට නාවික හමුදාවේ උදව් ඇතිව මළ මිනී ගොඩ ගනු ලැබූ අතර එක් දරුවෙකු දාසගේ එකම පිරිමි දරුවාය. අනෙක් දරුවා අයියගේ වැඩිමල් පිරිමි දරුවාය. මිනී දෙකම එකම හර්ස් එකකින් ගමට ගෙන එන විට පසුදා එළිය වැටී තිබුණි. ඊට දෙදිනකට පසු මිනී පෙට්ටි දෙකම එකම වේලාවට එකම පෙරහැරකින් කනත්තට ගෙන ගියේ මුළු ගමම එකතු වීමෙනි. නාග ශාපය කොතරම් ප්‍රබල වීද?
ගම්පහ අස්ගිරියේ ඒ.බී.ඒ. ලෙනාඞ් මහතා ලියා එවූ කතාවකි. 

බිරිය මැරීමේ ශාපය.
මෙය කොළඹට නුදුරු ප්‍රදේශයක, නවසිය පනහ දශකයේ සිදුවීමකි. ඔහුගේ නම විල්සන් යයි කියමු. එහෙත් හිතවතුන් අතරේ ඔහු -විලී” විය. එමෙන්ම -බෙහෙත් මහත්තයා” ලෙස අන්වර්ථ නාමයක්ද ඔහුට විය. ඒ ඔහු ගම්මුන්ට වෙදකම් කිරීම හේතුවෙනි. විනෝදාංශයක් ලෙස ඔහු කළ මේ සේවයට අතරින් පතර තුටු පඬුරුද නොලැබුණා නොවේ.

මොහු නිල ඇඳුම අනිවාර්ය වූ රජයේ සේවකයෙකු වූ අතර සේවය කළේ සේවා මුර අනුවය. තවද ඔහු දක්ෂ හොකී ක්‍රීඩකයෙකුද විය. එහෙයින් තරග සඳහා රට වටේ යාමටද ඔහුට සිදුවිය.
මා -විලී” හඳුනාගත්තේ නවසිය අසූව දශකයේදීය. ඔහුගේ වැඩිමහල් පුත්‍රයා මාගේ වයසේම විය. එහෙත් අපි දෙදෙනා අතිශය මිත්‍රයෝ වීමු. ගොම්මන් වේලාවන්හීදි සප්පායම් වීම ඔහුගේ සිරිතක් විය. 

දිනක්, දුර බැහැර පෙදෙසක පැවැත්වීමට නියමිතව තිබූ හොකී තරඟයක් අවලංගු වීම නිසා ඔහු අපේක්ෂා කළ දිනයට පෙර දින තම නිවසට පැමිණියේය. තම බිරිඳ සමග ඇගේ ඥාති පිරිමියෙකු කාමරයේ සිටිනවා දැකීමෙන් හේ තිගැස්සුණේය. ඥාතියා බිරියගේ ඔළුව බලමින් සිටියේය. බිරිය ගැන මීට පෙර කිසිදු සැකයක් නොතිබුණු හෙයින් ඔහු එම සිද්ධිය අමතක කළේය. අමතක කිරීමට උත්සාහ කළේය.
එහෙත් එම සිද්ධිය ඔහුගේ මනස අවුල් කිරීමට හේතු සහගත විය. ඔහුගේ බාල පුත්‍රයා ඔහුගේම දැයි ඔහුට කුකුසක් පහළ විය. අවසානයේදී ඔහු තීරණයට එළැඹුණේය. 

දිනය උදාවිය.

එදා ඔහුට නියමිතව තුබූ රාත්‍රී සේවයට ලක ලැහැස්ති වී නිල නිවසින් පිටවූයේ සිරිත් පරිදි තම පාපැදියෙන්ය. 
කාර්යාලයේ ඔරලෝසුවේ දොළහේ කණිසම වැදිණි. විලී වට පිට බැලුවේය. ඔහුගේ සහෝදර නිලධරයෝ තැනින් තැන සුව නින්දේ පසුවෙති. මාරයාගේ හෝරාව පැමිණ ඇති බව විලීට පසක් විය. නිල ඇඳුම් උනා තබා සිවිල් ඇඳුමෙන් සැරසුණු විලී, පාපැදියට නැග තම නිවසට පැමිණියේය. හොර රහසේම තම නිවසට පැමිණි විලී, සාක්කුවේ තුබූ අමතර යතුරු ගෙන ඉදිරිපස දොර විවෘත කළේය. බිරිය යහනේ සුව නින්දේය. ඇය ළඟට ගිය ඔහු තම සාක්කුවෙන් තංගුස් නූලක් එළියට ගෙන තම බිරියගේ ගෙලවටා දමා දෙපැත්තෙන් ඇද්දේය. 

බිරිය මියගිය බව සැක හැර දැනගත් හෙතෙම කල් තියා සූදානම් කර තුබූ කඹයක් ගෙන එය බාල්කයේ ගැට ගසා එහි කෙළවර තොණ්ඩුවක් සෑදුවේය. අසල තිබූ පුටුවක් ගෙන තම බිරියගේ ඇඟිලි සටහන් එම පුටුවේ තැබීය. අවසානයේ ඔහු සයනේ වැතිර සිටි තම බිරිය කර තබාගෙන කඹයට ඇතුළු කර තොණ්ඩුව තද කළේය. බාල්කයේ එල්ලෙමින් තුබූ තම බිරියගේ අප්‍රාණික සිරුර දෙස අවසාන වරට බැල්මක් හෙළා, ළඟ තිබූ පුටුවද බිමට පෙරළා එතැනින් පිට වූ විලී තම කාර්යාලයට පැමිණියේ ඒ හැටි වේලාවක් ගත නොකරය. ඒ ඔහුගේ නිවසත් කාර්යාලයත් අතර දුර කි.මී. ස්වල්පයක් පමණක් වීම හේතුවෙනි. ඔහු පැමිණෙන විටත් මිතුරෝ තද නින්දේ වූහ.

කාන්තාවක් ගෙල වැලලාගෙන මිය ගිය බවක් ලැව් ගින්නක් මෙන් ගමේ පැතිරිණි. පොලිසියෙන් පරීක්ෂණ පැවැත්වුවත් ඔහුට විරුද්ධව කිසිදු සාක්ෂියක් සොයාගත නොහැකි විය. අසල්වැසියන් පොලිසියට පැවසුවේ විලී හෙවත් -බෙහෙත් මහත්තයා” සිය පවුලත් සමග සතුටෙන් ජීවත් වූ අයෙකු බවය. ඊට අමතරව විලී එදින රාත්‍රියේ රාජකාරියේ නියැළී සිටි බවද තහවුරු විය. මේ හේතූන් නිසාම විලීගේ බිරිඳ දිවි නසාගත් බවට තීරණය කෙරිණි. ඔහුට විරුද්ධව නඩුවක්වත් පැවැරුණේ නැත. බිරියගේ ඥාතීන් තුළ බලවත් සැකයක් ඇතිවී තිබුණද ඔවුන්ටද කර කියා ගත හැකි යමක් තිබුණේ නැත.
මින් දශක පහක පමණ කාලයක් තිස්සේ විලී ගත කළේ සාමාන්‍ය දිවි පෙවතකි. නැවත වරක් විවාහවූ ඔහු විනෝදයෙන් මිතුරු මිතුරියන් ආශ්‍රය කරමින් හැන්දෑවට සප්පායම් වෙමින් සතුටින් අඩ සියවසක් පමණ ජීවත් විය.

එහෙත්.........
කාලයාගේ ඇවෑමෙන් ඔහුගේ දෑසේ පෙනීම දුර්වල විය. ඒ හේතුවෙන් ගමන් බිමන් යාමද අසීරු විය. දැන් -දැන් හිටියා ඇතියි.” ඔහුට සිතුණි.
කඹයක් ගෙන බාල්කයේ එල්ලා, තොණ්ඩුවක් සාදා එතුළට තම හිස සහ ගෙල ඇතුළු කර විල්සන් හෙවත් විලී දිවි නසා ගත් වගයි. ඇසින් දුටුවාක් මෙන් මෙම -ඝාතනය” සවිස්තරව ලිවීමට මට හැකිවූයේ මිය යාමට පෙර මේ සිද්ධිය ගැන විලී මට සියල්ල පැවසූ නිසාය.
උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 


Monday, August 27, 2018

මළ මිනිය හෙල්ලෙන, සතුරන් මරණ පත්තෑ පිල්ලිය ආරක්‍ෂාවට සූර්ය මුද්‍රා අඳුන....(pilliya අබිරහස් අඩවිය - Abirahas Adawiya - හොල්මන් කතා. holman katha)

පිල්ලියක්‌ කියන විට ඇඟේ හිරිගඩු පිපෙන්නේ, ඇඟ මයිල් කෙලින් වෙන්නේ හදවත ගැහෙමින් සිතට ඇතිවන්නේ මහත් බියකි. එමෙන්ම පිල්ලි ගැන විශ්වාසයක්‌ ද ආදී යුගයේ සිටම අද දක්‌වා මිනිසා අතර පවතී.

ගුප්ත විද්‍යාවට අයත් පිල්ලි යෑවීමේ ශාස්‌ත්‍රය මාරණ තන්ත්‍රීය ගුරුකම්වලට අයත් ය. මිනිසා පිල්ලිවලට බය වීමට හේතු වන්නේ පිල්ලියක්‌ යවා මිනිසුන් මැරීමට, සොර සතුරන්ට දඬුවම් දීමට, ගොඩ මඩ ඉඩම් දේපළ විනාශ කිරීමට, පිස්‌සු ඔල්මාද කිරීමට ද, කැඩුම් බිඳුම් ඔත්පල කිරීම් ද, යක්‍ෂ භූත වේෂයන් ඇති කිරීමට, ව්‍යාපාර, ගේ දොර පාළු කරවීමට, රෝග සාදා සුව නොවී මරණය තෙක්‌ දුක්‌ වින්දවීම හා මිනිසාගේ පැවැත්මේ විනාශයක්‌ ඇති කිරීමට හැකි නිසා ය. මෙය සත්‍යයි. බොරු නොවේ.

විශේෂයෙන් පිල්ලි වර්ග සතරකි. 1. කුළුදුල් දරුවාගේ මළ කඳෙන් යවන පිල්ලිය. 2. ජීවම් කිරීමෙන් මළ කඳට ප්‍රාණය දීම, 3. පිල්ලි යකා බැඳි මළකඳ ආරූඪ කිරීම, 4. පුද දී යකාගේ අදහස ඉටුකර ගැනීමට උපයෝගී කර ගන්නා ක්‍රමයන් ය.

ක්‍රි. වර්ෂ 1910 ශ්‍රී ලංකාවට පැමිණි සුප්‍රකට මහා විද්‍යාඥයකු වන ආචාර්ය ඔපර් වෝල්ඩ් මහතා පිල්ලි පිළිබඳ බොහෝ වැදගත් කරුණු රාශියක්‌ අධ්‍යයනය කළ අයෙකි. එතුමා ඉන්දියානු සඟරාවක පිල්ලි පිළිබඳ විස්‌තරයක්‌ මේ අයුරින් සනිටුහන් තබා ඇත.

ප්‍රථමයෙන් කුළු ඳුල් තරුණියක්‌ යයි දැනගත් මන්ත්‍රක රුවකු විසින් ඇගේ නම ඌරු දතකින් බුලත් කොලයක ලියා පිට පැත්තේ රුව ඇඳ ඒ තරුණිය විසින් හපා කෑ බුලත් හපය ද ඇඳිවත නූල්, කුණු, නිය, කෙස්‌ ආදී පංච මල පහේ කොටස්‌ කොළයෙහි ඔතා තරුණියට උඩින් පැනෙන ලෙස වළලා දින තුනකින් පසු ගෙන නයි තුඹසක්‌ තුළ දින තුනක්‌ තබා ආපසු සඟවා තබා ඒ තරුණිය කවදා හෝ විවාහ වී ගැබ්බර වී සිටින විට බුලත් කොලය නැවත ඇයට උඩින් පන්නවා ගනී. ඉන් පසු ඇයට මහත් බියකරු හීන පෙනේ. මේ තත්ත්වය උග්‍ර වී දරුණු අතට හැරී බලා සිටියදී ඇගේ ශරීරය කෘෂ වේ. දරුවා බිහි කරන විට ඇගේ කුස තුළට යක්‍ෂ ආරූඪය ඇති වී ඇය මළ දරුවකු බිහි කරයි. එවිට ඇදුරාගේ සිතට සතුට උපදී. මේ සියල්ල දෙස ඇස ගසා සිටි මන්ත්‍රකරු පිරිසිදු වී රහසින් ගිනි කබලක්‌ ගෙන මල් දම් පැළඳ රතු රෙද්දක්‌ පොරවාගෙන කෙස්‌ වැටිය පිට කොන්ද තෙක්‌ කඩා මුදා හැර දොළ තටු පුද දී මහා සොහොන් යකා බන්දනය කරයි.

ඉන්පසු ඇදුරා වළ දමා ඇති මළ මිනිය රහසින් ගොඩ ගෙන රාත්‍රි 12 ට තොටුපලකට ගෙන ගොස්‌ නහවා බඩ පලා රිදී කෙන්දක්‌ ඇතුළු කර දිවි හමකින් වසා හිසේ තලප්පාවක්‌ පළඳවා නූල් පොටකින් අත ද බඳියි. මේ සඳහා සමයන් තටු 3 ක්‌ සාදා එහි සුරුහම් කළ මළමිනිය රැගෙන පාළු නිවසකට ගොස්‌ තබා රතු රෙද්දකින් වසා බිත්තර, ලේ ගොටු, මස්‌, රතු මල් වර්ග ඇතුළු පූර්ණ පිදේනි තටු තබා සුදු පිරුවටයක්‌ එලා ඒ මත වාඩි වී අදාළ පිල්ලි මන්තර වලින් ජීවම් කිරීම අරඹයි. එවිට මහා භයංකාර ලෙසින් මළ මිනිය සෙළවෙයි. පිල්ලි යකා නටයි. එවිට ඒ යක්‍ෂයාගෙන් තමාට අවශ්‍ය ඕනෑම වැඩක්‌ කර ගත හැකිය.

මෙසේ ප්‍රාණ කරන පිල්ලි වලින් එකක්‌ මෙසේය. පාද නොකැඩෙන අයුරින් ගරුඬකු අල්ලා මැරෙන තුරු භාජනයක්‌ තුළට දමා මියගිය ගරුඬාට තුන් කුළුඳුල් බිල්ල දී පිල්ලිය ලබා ගෙන දොළ තටු පුදා නිසි වේලාවට සතුරාගේ නිවසට යාබද සොහොනකදී පිල්ලි යකා ආරූඪ කර පත්තෑයා සොහොනෙහි හිටුවා ඇති කෝටුව දිගේ ඉහළට යන්න අණ කරයි. එවිට පත්තෑයා නොපෙනී යයි. විදුලියක වේගයෙන් සතුරා ළඟට ගොස්‌ ආපසු එයි. එවිට කෝටුවෙන් පහරක්‌ ගසා පත්තෑයා මල් ගොටුවට දා ගනී. එයින් පහර කෑ අයකු කොතරම් වෙදකම් කළත් සුවයක්‌ නොවී මැරී යයි. එය පත්තෑ පිල්ලියයි.

භාරතීය ඉන්දියාවේ එක්‌ එක්‌ ප්‍රාන්තවල එක්‌ එක්‌ ගෝත්‍රිකයන් සිටියද, භාෂාවෙන් වෙන් වුවද, ආගමික වශයෙන් වෙනස්‌ වුවද, ඒ හැම ගෝත්‍රිකයන්ම ඔවුන්ගේ භාෂාවෙන් භාවිතා කරන යන්ත්‍ර මන්ත්‍රවල විශ්වාසයක්‌ අදත් පවතී. එමෙන්ම ඔවුන් අතර ගුප්ත විද්‍යාවට අයත් ප්‍රබල පිල්ලි ඇත. මේවා අති බියකරුයි. ඒ පිල්ලි වලට මෙම නම් භාවිතා කරයි. මහ සොහොන් පිල්ලිය, ගිනි පිල්ලිය, නාග පිල්ලි, බලු පිල්ලි, බළල් පිල්ලි, වවුල් පිල්ලි, දිවි පිල්ලි, මළ පිල්ලි, කුරුමිණි පිල්ලි, වඩිග පිල්ලි ආදී නාමයන්ගෙන් හැඳින්වේ. මේවා ඉතා දරුණුq ඒවාය.

අද අප රටේ වෙසෙන ඇදුරන් බොහෝ දෙනෙකු විසින් පිල්ලි යෑවීම සඳහා භාවිතා කරන්නේ කල්ලු, මලයාලි ආදී මන්ත්‍ර විධිය. මේ ඉන්දියානු ගෝත්‍රිකයන්ගෙන් ලබා ගත් ආභාසයන් අනුවද පිල්ලි යවයි.

පිල්ලි යෑවීම හා පිල්ලි වලින් පල ලබා ගන්නා සැටිත් කබලෑ පටුන නම් මන්ත්‍ර පොතේ මෙසේ සඳහන් වන පිල්ලි වල විස්‌තර අනුව අපට පිල්ලි පිළිබඳව විශ්වාසයක්‌ තැබිය හැකිය. ඉන් කවි කීපයක්‌ මෙසේය.

එදා මුළු සූනියම්න 
පිල්ලි දහ අට නියමින
අංගං විසි සතර කින 
පැමිණි පිළිවෙළ කියන් මෙලෙසින
දිගිනුත් ඔඩ්ඩිස පොත වඩු රියන යි
පුලුලින් පත් ඉරු වග්ගුස්‌ කාල යි
පෙලින් ලියූ පෙලවල් කුරු දොළහ යි
තදින් බැඳපු පොත වට බැමි දොළහ යි
පිල්ලිමෙ දහ අට අංගං දෙතිස යි
ජීවන් දහඅට රූකඩ දොළස යි
කටුසර ජීවන් දෙසිය අසූව යි
ඉනා දෙනා තෙල් මන්න්ත්‍රා දොළහ යි
මිනී මරන්නට උපත කියන් නේ
කුරුමිණි ඔළුවේ ගිතෙල් උලන් නේ
ජපකර සොහොනා යවපන් නේ
දුර්ජන සතුරා මැරී වැටෙන් නේ
මෙවන් ගුරුකම් රැසක්‌ මේ පොතේ සඳහන්ව ඇත.

පිල්ලි යෑවීමේදී හෝ මන්ත්‍ර ආදියෙන් දිෂ්ඨ§ කර බන්දන කිරීමේදී මන්ත්‍ර වේදියාට ඇදුරාට යම් විධියකින් වැරැදුනහොත් ඇදුරාගෙන් පමණක්‌ නොව ඔහුගේ අඹු දරුවන්ගෙන් පවා පළි ගනී. සිය පවුලම වනසා මරා දමයි. මෙයයි එහි බිහිසුණුම තත්ත්වය. එම පොතේම එය මෙසේ සඳහන්ව ඇත.

නියම සූනියම් පොතකි බොලන්නේ
මිනී මරන්නට උපත කියන් නේ
දැන කළහොත් තම දිවි ගැලවෙන්නේ
නොදැන කළොත් වරිගෙත් නැති වෙන්නේ.
කළොත් අපායේ වැටෙයි කියන් නේ
ඒ පොත් ඉරු පිට පෙරලා පන් නේ
වානේ කටු ගැසූ තැනට බලන් නේ
කුමාර පිල්ලිය එතන තියෙන් නේ

එහෙත් කොතරම් පිල්ලි එව්වත් තෙරුවන් වඳින දෙවියන් පුදන, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, කේලම්, නොකියන කට ඇරියොත්, බොරු නොකියන, මස්‌ මාංශයෙන් තොර කිසිදු සත්පුරුෂයකුට පිල්ලියක්‌ යවා විනාශ කිරීමට බැරිය. එවන් අය ළඟට පිල්ලිය ගොස්‌ ආපසු ඇවිත් ඇදුරා පිටින් යයි.

ඕනෑම අංගමක්‌, පිල්ලියක්‌ ව්‍යාපාරික ස්‌ථානයට හෝ නිවසට තමාගේ ශරීර ආරක්‍ෂාවට හා සියලු භූමි ආරක්‍ෂාවට හූණු බිත්තර, මකුළු බිත්තර, අබිං, කංසා, බේඳුරු මුල් මල් දුම්මල තෙළින් අඹරා ගම් බිත්තර කටුවක්‌ තුළට දමා තිරිවානා ගල් තුනක්‌ මත තබා පස්‌ පැඟිරි දරින් රත්කර සිඳුවා සුරයක හෝ කුප්පියක, හෙප්පුවක බහා ළඟÊතබා ගන්න. මෙයට බලු කෙළ හා ගැරැඬි සැවද අඹරා මිශ්‍ර කරන්න. සියල්ලම මල් බුලත් පුටුව සකසා එහි තබා රවි දිනක රවි හෝරාවෙන් මේ මන්තරයෙන් 3008 වරක්‌ ජප කරගන්න.

ඕං හ්‍රSං රාම ගිනි ජල නලඹු ආරූඪ ගිනි ගිනි සුරැකැල ප්‍රේත හන්තු ජෝගිනි නල්ලා හේ හේ විෂ්ණු තයිනාර ශිලම්බු කාලී වල්ලි අම්මා දේව මැණියනි ඔඩ්ඩිවාරේ කේ කදිර දේව වේලා මයුම් කන්නි වේලාමනේ ගනපති සරස්‌වතී වා ගිනි කාලි වා වා ශ්‍රියා කානතාවේන් වා වා දුක්‌ඛ නෛයිනාක්‌ කඹල් එන්නප් පේරුම් කඩල් ආදිත්‍ය හනුමන්තා වර කුමාර මූක වේලාමනේ මූදු මුල්ලිජපොරොන්දු හිර මුද්‍ර සුරුංඩු කංඩාල් අංගං පිල්ලි කෛ කට්‌ටු මෙහොගනී ගිනි දැල් පූට්‌ටු.

දිවි ඇතිතෙක්‌ අන වින කොඩිවින අංගං පිල්ලි, යක්‍ෂ භූත ප්‍රේත අමනුෂ්‍ය බලවේග ඇඟට ළඟට ළං නොවේ. 

(පැරැණි පුස්‌කොල පත් ඉරුවෙන් උපුටා ගත් මන්ත්‍රයකි)
රඹුක්‌කන ජිනදාස එදිරිසිංහ
divaina
උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Thursday, July 19, 2018

ලින්කන්ගේ අවතාරය ධවල මන්දිරයේ හොල්මන් කරයි....(Abraham Lincoln ghost @ white house අබිරහස් අඩවිය - Abirahas Adawiya - හොල්මන් කතා. holman katha)

ධවල මන්දිරය තුළ හොල්මන් තිබෙන කතාවක්‌ මේ ළඟකදී අපට අසන්නට ලැබිණි. කතාවේ ඇත්ත නැත්ත කුමක්‌ දැයි කීමට අපි නොදනිමු. කෙසේ වෙතත් මෙයට අවුරුදු ගණනාවක ඉහතදී ධවල මන්දිරය තුළට භූතයන් රිංගා ඇතැයි කියන කතාවේ ඇත්තක්‌ ඇතැයි ඇමරිකාවේ සිටින මගේ මිතුරකු කියා සිටී. ධවල මන්දිරයට ඇතුළු වූ භූතයන් පිළිබඳ රසවත් විස්‌තරයක්‌ ද ඔහු මා වෙත එවා තිබිණ. එම විස්‌තරය ඔබ වෙත ඉදිරිපත් කිරීමට ප්‍රථම ධවල මන්දිරය යනු කුමක්‌ දැයි සොයා බලමු.
ධවල මන්දිරය යනු ඇමෙරිකාවේ පිහිටා ඇති මහා මන්දිරයකි. එය ඉංග්‍රීසියෙන් හඳුන්වනු ලබන්නේ White House නමිනි. සුදු පාටින් යුත් මන්දිරයක්‌ නිසා එය වයිට්‌ හවුස්‌ නමින්ද. සිංහලයෙන් 'ධවල මන්දිරය' නමින්ද හැඳින්වෙයි. ඉතා පැරැණි ඉතිහාසයක්‌ ඇති ධවල මන්දිරය මුලින්ම විවෘත කරන ලද්දේ 1789 දී ය. එතැන් සිට එය ඇමරිකාවේ ජනාධිපතිවරුන්ගේ නිල නිවාසය බවට පත් වූ අතර ජෝර්- වොෂිංටන් 1789 - 1797) ජනාධිපතිවරයා එහි මුල්ම පදිංචිකාරයා විය. ඇමරිකාවේ පළමුවැනි ජනාධිපතිවරයා වූයේ ද ෆෙඩරල් පක්‍ෂයේ ජෝර්- වොෂින්ටන් ය. මේ වන විට ජනාධිපතිවරුන් හතළිස්‌දෙනකු ධවල මන්දිරයේ පදිංචි වී ඇති අතර දැනට එහි පදිංචි වී සිටින්නේ බරක්‌ ඔබාමා ය.
දැන් අපි ධවල මන්දිරයේ සිටියේ යෑයි කියනු ලබන භූතයන් නොහොත් අවතාර දෙසට සිත් යොමු කරමු.
ධවල මන්දිරය යනු ජනාධිපතිවරයාගේ නිල නිවාසය පමණක්‌ නොව ඔහුගේ කාර්යාලය පිහිටා තිබෙන ස්‌ථානය ද වෙයි. මේ නිසා එතුළ සෑහෙන පිරිසක්‌ නිතරම ගැවසෙන බව කියනු ලැබේ. විශාල පිරිසක්‌ ගැවසෙන මෙවන් තැනකට භූතයන් රිංගන්නේ කෙසේද?
තමාගේ නිල නිවසේ අවතාරයක්‌ ගැවසෙන බව තමන් කිසි දිනෙක දැක නැතැයි ජනාධිපති බරක්‌ ඔබාමා කියා සිටියි. එවැනි කතා අවඥාවෙන් බැහැර කරන ඔබාමා තමන් තුළ හොල්මන් අවතාර ගැන කිසිම විශ්වාසයක්‌ නැතැයිද කියා සිටියි. හිටපු ජනාධිපතිවරුන් වන ජෝර්- ආර්. බුෂ්, රොනල්ඩ් රීගන්, ජෝර්- බුෂ් (කනිෂ්ඨ) බිල් ක්‌ලින්ටන් වැනි අය ද කියන්නේ ධවල මන්දිරයට අවතාර ඇතුළු වීමට කිසිම ඉඩක්‌ නැති බවයි. එහෙත් හිටපු ජනාධිපතිවරයකු වන ජෝන් කෙනඩි වරක්‌ කියා සිටියේ ධවල මන්දිරය ආරම්භ කළ යුගයේ එතුළ හොල්මන් තිබූ බව තමා සියෑසින් දුටු බවයි.
1933 සිට 1945 දක්‌වා ධවල මන්දිරයේ පදිංචි වී සිටියේ ජනාධිපති ප්‍රැන්ක්‌ලින් ඩී රුසවල්ට්‌ සහ ඔහුගේ බිරිඳ ය. දිනක්‌ මුද්‍රා නාට්‍ය ශිල්පිනියන් කීපදෙනකු ධවල මන්දිරය නැරඹීමට පැමිණියහ. කලින් ලින්කන් ජනාධිපතිවරයා පරිහරණය කළ 'ලින්කන්
බෙඩ් රූම්' (Lincon Bedroom) නමැති නිදන කාමරය නැරඹීමට ද ඔවුහු අමතක නොකළහ. මේ යන අතර තුරේ එක්‌ නාට්‍ය ශිල්පිනියකට 'ලින්කන් නිදන කාමරය' තුළ කිසියම් කෙනෙකු (ඡායාවක්‌) ඒ මේ අත ඇවිදින බව දැක ගන්නට ලැබී ඇත. තැතිගත් ඇය මේ බව කණ්‌ඩායමේ අනිත් අයට ද දන්වා සිටියාය. එහෙත් අනිත් අය එවැනි දෙටක්‌ නුදුටු බව කියා සිටියහ. කෙසේ වෙතත් මෙම සිද්ධිය එලිනා රුස්‌වල්ට දැන්විමට ද මුද්‍රා නාට්‍ය ශිල්පිනියන් පිරිස අමතක නොකළහ. මෙම කතාවට ඉතාමත් වුවමනාවෙන් කන්දී සිටිය රුස්‌වොල්ට්‌ ආර්යාව මෙසේ කියන්නට විය. "ඔය කියන කතාව ඇත්ත. දවසක්‌ අපේ වැඩකාරියක්‌ ලින්කන්ගේ නිදන කාමරයේදී දැකල තියෙනව ඒබ්‍රහම් ලින්කන් ඇඳ මත වාඩි වෙලා එයාගේ සපත්තු ගලවනවා."
ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු ඒබ්‍රහම් ලින්කන් 1861 දී ධවල මන්දිරයේ පදිංචියට පැමිණියේය. ඔහු 1865 දන්වා එහි පදිංචි වී සිටියේය. ලින්කන් මිය යැමෙන් පසු ඔහුගේ අවතාරය ධවල මන්දිරයට පැමිණ හොල්මන් කිරීමට පටන් ගත්තේය. ලින්කන්ගේ අවතාරය එහි පදිංචි වී සිටි අයට ද ආගිය අයට ද කීප වතාවක්‌ම දැක ගැනීමට ලැබී ඇත.
1945 දී ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත් වූයේ හැරී ඇස්‌. ටෲමන් ය. ඔහු දිනක්‌ සේවකයකුට කතා කොට ගමනක්‌ යැම සඳහා තමන් පාන්දරින් ම අවදි කරන මෙන් ඉල්ලා සිටියේය. එසේ කියා ටෲමන් නින්දට ගියේය. පාන්දර නියමිත වේලාවට දොරට තට්‌ටු කරන හඬක්‌ ටෲමන්ට ඇසිණි. කම්මැලි කමට ඔහු ඇඳෙන් බිමට බැස්‌සේ නැත. යළි දොරට ගැසීමේ හඩ තදින්ම ඇසෙන්නට විය. ටෲමන් කේන්තියෙන් පුපුරමින් දොර අසලට ගොස්‌ එය විවෘත කළේය. දොර අසල සිටි ලින්කන් අවතාරය හිමින් හිමින් ඉදිරියට ගමන් කිරීමට පටන් ගත්තේ ටෲමන්ගේ දත කට පූට්‌ටු වී මුළු සිරුරම දාඩියෙන් තෙත් වෙද්දීය.
පසුව ටෲමන් මෙසේ කියා තිබිණි. "ලින්කන්ගේ අවතාරය ධවල මන්දිරයේ හැම තැනම ඇවිදිනවා. ඒබ්‍රහම් ලින්කන් මිය යැමෙන් පසු ඔහුගේ චරිත කතාව ලිවීමට සුප්‍රසිද්ධ ලේඛකයකු වන කාල් සැන්ඩ්බර්ග් ඉදිරිපත් විය. මේ සඳහා තවදුරටත් කරුණු ටිකක්‌ දැන ගැනීම සඳහා ඔහු ජනාධිපති රුස්‌වෙල්ට්‌ හමුවීමට ගියේය. ලින්කන් ජනාධිපතිවරයාගේ ජීවිතයේ රසවත් තොරතුර රාශියක්‌ ම ලේඛක සැන්ඩ්බර්ග්ට හෙළි කළ රුස්‌වෙල්ට්‌ කැමැති නම් ලින්කන් ගේ නිදන කාමරයත්, බ්ලූ රූම් (Blue Room)
නමැති කාමරයත් නරඹන ලෙස ඉල්ලා සිටියේය රුස්‌වෙල්ට්‌ගේ ඉල්ලීම පරිදි ලේඛක සැන්ච්බර්ග් ලින්කන්ගේ බ්ලූ රූම් කාමරය නැරඹීමට ගියේය. ඔහු එහි ගියේ තනිවමය. සැන්ඩ්බර්ග් එම කාමරය අසලට ගොස්‌ එහි දොර අරින විටම කාමරයේ මුල්ලක වාඩි වී පොතක්‌ කියවමින් සිටි ලින්කන් දුටුවේය. තැති ගත් ඔහුට ඉබේම කෑ ගැසිණ. ඔහුගේ හඬට ලින්කන්ගේ අවතාරය අතුරුදන් වී ගියේය. බෙන්ජමන් හැරිසන් ජනාධිපති ධුරයට පත් වී ධවල මන්දිරයට පැමිණියේ 1889 දී ය. තමන් ධවල මන්දිරයට පැමිණ දින දෙක තුනකට පසු රාත්‍රි කාලයේදී කිසියම් කෙනෙකු තමන්ගේ කාමරය අසලින් නිතර නිතර එහාට මෙහාට ගමන් කළ බව බෙන්ජමන් හැරිසන් කියා සිටියේය. තමන්ගේ කාමරය අසලින් ගමන් කරන්නේ කවුරුන්දැයි සොයා බැලීමට ඔහුට සිතුනේය. දිනක්‌ රාත්‍රියක ඔහු කාමරය අසල සැඟවී සිට මෙම අබිරහස්‌ පුද්ගලයා කවුදැයි සොයා බැලුවේය. ඒබ්‍රහම් ලින්කන්ගේ අවතාරය ඔහුගේ කාමරය අසලින් ගමන් කරන බව දැන ගත් බෙන්ජමන් හැරිසන් එතැන් සිට එම කාමරය පැත්ත පළාතටවත් නොගියේය.
ධවල මන්දිරයට ඇතුළු වී සිටියේ ඒබ්‍රහම් ලින්කන් ගේ අවතාරය පමණක්‌ නොවේ. තවත් අවතාර හතක්‌ එහි තුළ සිටිය බව කියනු ලැබේ. ජනාධිපති ඇන්ඩෲ ජැක්‌සන් (1829 - 37) ගේ අවතාරය ද ධවල මන්දිරය තුළ හොල්මන් කළ බව එහි සේවකයෝ කියා සිටියහ. තෝමස්‌ ජැපර්සන් (1801 - 09) ජෝන්ටයිපර් (1841 - 45) උලිසන් ග්‍රාන්ට්‌ (1869 - 77) හෝවර්ඩ් ඩැෆ් (1909 - 13) ෙ-ම්ස්‌ ටැඩ්සන් (1809 - 17) සහ වුඩ්රෝ විල්සන් 1913 - 21) යන ජනාධිපතිවරුන්ගේ අවතාර ද ධවල මන්දිරයට ඇතුළු වී නොයෙක්‌ විධියේ හොල්මන් කළ බව එකල ධවල මන්දිරයේ සේවය කළ සේවකයෝ මාධ්‍යවලට කියා ඇත.
ධවල මන්දිරයට ඇතුළු වී සිටිය අවතාර නිසා හොඳටම තැති ගෙන සිටි ජනාධිපතිවරයෙක්‌ ජෝන් ඇෆ් කෙනඩි. ඔහු සිය රාජකාරි කාමරයට වී වැඩක යෙදී සිටින විට කිසියම් පුද්ගලයෙක්‌ ඉතා තදින් දොරට තට්‌ටු කරයි. තැති ගන්නා ජනාධිපතිවරයා පිස්‌තෝලයක්‌ රැගෙන දොර අසලට යනවිට එම හඬ නතර වෙයි. යළි ආපසු එන විට දොරට ගසන ශබ්දය යළි දෝංකාර දෙයි. තැති ගන්නා ජනාධිපතිවරයා පිස්‌තෝලය එල්ල කරගෙන දොර විවාත කරයි. ලින්කන්ගේ අවතාරය ඉතා දුරින් ගමන් කරන බව ඔහු දකිsයි. ලින්කන්ගේ අවතාරය නිසා කෙනඩි ජනාධිපතිවරයා කලක්‌ කිසියම් ආතතියකින් පෙළුණ බව ද ආරංචි මාර්ග සඳහන් කරයි. කිසිවෙක්‌ කතා නොකළ ද අදටත් ලින්කන්ගේ අවතාරය ධවල මන්දිරය තුළ හොල්මන් කරන බව එහි සිටින සේවකයෝ කියා සිටිති.
ආතර් යූ. අමරසේන
divaina
උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Saturday, January 27, 2018

මාඔයේ අංගංවැල්ලෙන් උණපහුරට ගොඩවූ මහසොහොන් සමයම (mahasona ma oya අබිරහස් අඩවිය - Abirahas Adawiya - හොල්මන් කතා. holman katha)

මෙම අපූරු කතාව මා සමඟ පවසන ලද්දේ දියගම්පල පදිංචි මහවැලියේ රියැදුරු මහතෙක් වූ විජේතුංගයි. ඔහු කියන ලද විස්තරයට අනුව අංගංවැල්ල පිහිටා තිබුණේ මේ කියන දියගම්පල කිට්ටුවයි. මෙය ඉතා විශාල වැලිතලාවකි. නමුත් අද වැලි කොන්ත්‍රාත්කරුවන් මේ වැලි නිධිය රහසිගතව පටවා අවසන් කර ඇත.  
 මෙම වැලි තලාවට අංගංවැල්ල යයි නමක් පටබැඳුණේ පුරාණයේදී මෙහි ගැටවරයන් අංගම්පොර සටන් පුරුදු කළ නිසාය. අංගං ගුරුවරු තම ශිෂ්‍ය පිරිස සමඟවිත් දෙවියන්ට යාතිකා කර මෙහි අංගම් පොර පුහුණුවීම් කරන අතර විශාල වැලිතලාවේ රැඳී සිටින ජනතාව ඒ සටන් පුහුණුවන අයුරු බලමින් විනෝද වූ බවත් කියැවේ.  
මේ ප්‍රදේශයේ මාඔය ඉවුරුවල අතිවිශාල උණ පඳුරු වැවී මාඔයට බරවී තිබී ඇත. එසේම මෙම අංගංවැල්ල ප්‍රදේශය අද්භූත සිදුවීම්වලින්ද පිරීගත් ප්‍රදේශයකි. හවස හයෙන් පසුව තනිපංගලමේ කිසිවෙක් මෙම ප්‍රදේශයේ ගැවසුණේ නැත. එයට හේතුව මේ ඉසව්වේ තිබූ අමුතු බලවේගයන් පිළිබඳ විශ්වාසයයි.  
 ඇතැම් දිනවල රාත්‍රී කාලයේ අංගංවැල්ල ප්‍රදේශයේ දියබුංගසමින් නාන ශබ්දය ඇසෙන බවත් ගොස් බැලූවිට කිසිවකු නැති බවත් ඒ පිළිබඳව විමසා බැලූවන්ගෙන් දැනගන්නට ලැබී ඇත.  
අංගංවැල්ලේ මහසොහොන් සමයමක් පිළිබඳවද කතා අසන්නට ලැබේ. වරක් මේ ප්‍රදේශයේ ගොවිතැන් කළ අයෙක් වී බිස්සක් සකසා එයට වට මැටි ආදිය ගසා අටු නංවා සකස්කළේ වී ගබඩා කරතැබීම සඳහාය. බිහිපට්ටලය තබන්නේ කළුගල් කණු හතරක් උඩයි. මේ කණු අළු සහ වැලි කලවම් කර යොදාගත් මිශ්‍රණයක් ඉස ඒ අතර සාදාගත් තැන්වල කණු සිටුවා ගැනීමෙන් වේයන් වළක්වාගත හැකි බවට උපදෙස් ලැබුණ නිසා අළු කලවම් කිරීමට වැලි ප්‍රමාණයක් ඕනෑවිය.  

ඔහුගේ බිරිඳ කීවේ දිය නෑම සඳහා ඔයට ගිය විට අංගංවැල්ලෙන් වැලිගොට්ටක් රැගෙන එන ලෙසයි. බිරිඳ කී ලෙසට කොළපත් ගොටුවක්ද රැගෙන ඔයට ගිය ඔහු දිය නා අහවරකොට අර කොළපත් ගොටුවට වැලි පුරවාගෙන ගෙදර ගෙන ආවේය. පසුදා අළු කලවම් කොට වැලි ඉසින තුරු එම වැලිගොට්ට බිහි පට්ටලය උඩ තබා තම ඉතිරි වැඩ කටයුතු කළේය.  
 රාත්‍රී ආහාර ගෙන සුපුරුදු ලෙස නින්දට ගිය ඔහුට එදා නින්ද යන පාටක් නැත. එනිසාම විට දෙක තුනක් ද හැපුවේය. මෙසේ ඉන්නා අතර යාන්තම් ඇස් පියවීගෙන එනවිට ලොමින් වැසුණ අයෙක් පෙනීසිට කීවේ ‘‘තෝ ඔය අංගංවැල්ලෙන් ගෙනා වැලි වහාම එතැනටම ගෙන ගොස් දමපිය’’ කියායි.  

මේ පුද්ගලයාද ටිකක් බය නැති අයෙකි. යළිත් ඇඳේ දිගාවුණ ඔහුට යාන්තමින් නින්ද යාගෙන ආවේය. නැවතත් අර ලොම්වලින් සිරුර වැසීගත් මිනිහා පෙනී සිට කීවේ ‘‘තෝ අර වැලි ගොට්ට තිබුණ තැනටම ගිහිං නොදැම්මොත් බලාගං තොට කරන දේ’’ කියායි.  
 මෙවර ඔහුට බියක් ඇතිවුණි. ‘‘මේ මහ රෑ ඔයට යා නොහැකිය. මම හෙට උදේම වැලිගොට්ට ආපසු ගිහිං දාන්නං එතෙක් අවසර දෙන්ට’’ යයි බැගෑපත් ලෙස ඉල්ලා සිටියේය.  
දුම් වලාවක් බඳු එම රූපය නොපෙනී ගියේය. ඔහුට ඉන්පසු නින්ද ගියේය. එහෙත් හදවතේ බියක් ඇතිවී තිබුණි. පසුදා හිමිදිරියේම වැලිගොට්ට ගත් තැනටම ගොස් හලා ආවේය. එම සිද්ධිය ඔහු කිසිවකුටත් කීවේ නැත.  

බොහොම ඉස්සර කොච්චිකඩේට හා දංකොටුවට උණගස් ප්‍රවාහනය කළේ මාඔයෙන්. උණ ගස් සියයක පමණ මිටියක් පහුරක් සේ බැඳ සකසා, ඔයේ පාකරගෙන ගොස් විකුණා මුදල් ලබාගැනීමේ ක්‍රමයක් තිබුණේය. ඒ ජලය මතින් පාකරගෙන යාමේ පහසුව තිබූ නිසාය. එසේම ඒ යුගයේ අදමෙන් ප්‍රවාහන කටයුතු සඳහා ලොරි රථ නොවිණි.  
කොච්චිකඩේ හා තෝප්පුව යන ප්‍රදේශවල මෙම උණ ගස් වෙළෙඳාම එදා සිදුවුණ අතර ඒ සඳහා පළපුරුදු උණ පහුරුකරුවෝ සිටියහ. සාමාන්‍යයෙන් දෙන්නෙක් හෝ තුන්දෙනෙක් මේ සඳහා හවුල් වේ.  
නොයෙකුත් ඉදිකිරීම් ආදියේදී පලංචි බැඳගැනීම සඳහා උණ ගස් යොදාගත් අතර ඊට අවශ්‍ය වූ උණ ගස් ලබාගැනීම සිදුකළේ මේ අයුරින් මාඔය දිගේ පහුරු බැඳ ගෙන්වා ගැනීමෙන්ය. ඒ යුගයේ උණගසක සාමාන්‍ය මිල ශත පනහක් පමණ විය.   

මේ පිළිබඳව පැරැන්නෝ අපට අදහස් පළකළහ.  
බොහොම පැරණි යුගයේ උණ ලී පහුරු බැන්ඳ යාළුවෝ තුන්දෙනෙක් මේ අංගංවැල්ල පැත්තේ ඉඳ තිබෙනවා. එක් අයෙක් සීටිං, අනෙක් කෙනා හෙන්දප්පු. මේ තිදෙනා සමග සිටි දක්ෂ පහුරු පැදුම්කරු තමා අන්දිරිස්.  
දින හත අටක් මහන්සිවෙලා කපන උණගස් මිටිකර බැඳීමත් අමාරු කටයුත්තක්. මේ තුන්දෙනා උණගස් හාරසීයක් පමණ එක් පහුරකට බඳිනවා. දවසක් මොවුහූ උණ පහුරක් හදාගෙන මීගොමු යන්ට තීරණය කරගත්තා. මේ ගමන යන්නෙ රාත්‍රී කාලයෙ. රාත්‍රී කාලයෙ යන්නෙ පහසුවට. රෑ යන නිසා ලන්තෑරුම් දෙක තුනකුත් පත්තු කරගන්නවා. හොඳ විට මල්ලකුත් හදාගන්නවා මෙහෙම යනකොට සීපදේකුත් කියනවා කාන්සියට.  

එදා අන්දිරිසුයි, හෙන්දප්පුයි කලින්ම රාත්‍රී කෑම අරගෙන ගමන යාමට සූදානම් වුණා. දෙන්න ලන්තෑරුම් දෙකක් පත්තු කරගත්තා. ඒත් තාම සීටිං නෑ. වෙනද මේ ගමන පිටත්වෙන්ඩ කලින්ම එන මිනිහ තමයි සීටිං. ඒත් එදා සීටිං පරක්කුයි. හෙන්දප්පුයි, අන්දිරිසුයි ඔයට බැහැල පහුර දෙකොනේ ලන්තෑරුම් බැන්දා.  
ඔන්න එත​කොටම සීටිං පහුරට ගොඩවුණේ. මිනිහා කීව ‘‘හා හරි හරි යමල්ල. යමල්ල මං ටිකක් සුනංගු වුණා’’ කියලා අන්දිරිස් ලණුපට ගලෝල පහුරට දිය පාරෙ පාවෙන්ට අතින් ටිකක් තල්ලු කරල පහුරට ගොඩවුණා. මේ අය යන්නෙ අමුඩෙ ගහගෙන ආපහු එනකොට අදින සරොං කමිස කැටිකොරල මල්ලක දාගෙන තමයි යන්නෙ.  

හා හරි ඕං රිටි ගහල අල්ලමු. ඒ කීවෙ සීටිං. දැං අනිත් දෙන්නත් දහිරිය දාල වැඩේ පටන්ගත්තා. ඔන්න ඔහොම තුන්දෙනා පහුර පැදං කොච්චිකඩේ යන්ඩ පටන්ගත්තා. හෙන්දප්පු සීපද කියන්ඩ හරිම දක්ෂයි. ඒ වගේම කටහඬත් මිහිරියි. කට්ට කරුවලේ හිතේ බය යන්ඩත් එක්ක දන්න සීපදයක් පටන්ගත්තා.  

කෑම බීම හිඟ මග දුප්පත්  අපට  
දිය කඳ තමයි පාරුව පැදුමට  පිහිට  
උණ ලීයෙන් ලැබෙන සොච්චම හැරුණ  කොට  
මොන පිහිටක්ද? වෙන පොඩිඋන් අඬන කොට

රිටි ගසමින් නියමිත ලෙස හරවාගනිමින් උණපහුර පැදයාම බොහොම වීර ක්‍රියාවක්. තුන්දෙනා තරඟයට වගේ දැන් වැඩේ කරනව. තෝප්පුව ළංවෙනකොට ඔයේ සැඩ පාරත් එක්ක වංගුවකුත් තියෙනව. මෙන්න මෙතනදී බොහොම පරිස්සමෙන් පහුර පදින්න ඕනෑ. වංගුව ළංවෙනකොටම අග කෙළවරේ ඉන්න සීටිංට හෙන්දප්පු කෑගැහුව හරෝපං හරෝපං කියල.  

දැං පහුර කෙළින්මයි යන්නෙ හැරවීමක් නෑ ටිකක් තරහගිය හෙන්දප්පුව යකෝ සීටියො ඇහෙන්නැද්ද? බොල හරෝපිය නැත්තං පහුර අයිනෙ තියන පටහිඟුරු ගොල්ලෙ හිරවෙයි.  
 එහෙම කීවත් සීටිං නෙමේ කීව දේ කළේ. පස්සෙ මහ වතුරට පැන්න සීටිං නොපෙනී ගිහිං තියෙනවා.  

කොහොමිං හරි බොහොම අමාරුවෙන් උණ පහුර අයින් කරල ගැටගහල උදේ එළිවුනාම සල්ලිත් අරං රාත් බීල හෙන්දප්පුයි, අන්දිරිසුයි ගමට ආව. ගමට කිට්ටුවෙනකොට ටිකක් අමුතුයි. ගමේ මළගෙයක්. ඊයෙ රාත්‍රි යනකොට එහෙම දෙයක් ගමේ තිබුණේ නෑ. මොකද්ද මේ කියල දෙන්න ගමේ අයෙක් එක්ක කතාවට වැටුණා. ගමේ මනුස්සය කීවෙ මෙන්න මෙහෙම කතාවක්.  
ඇයි දන්නැද්ද සීටිං අයියට යකෙක් ගහල මැරිලනෙ ඊයෙ රාත්‍රියෙ. මීගමු යන්ඩ උණපහුර ළඟට යනකොටලු වැඩේ වෙලා තියෙන්නෙ. බෙල්ල පැත්තටලු යකා ගහල තියෙන්නෙ. ඇඟිලි පාරත් තියෙනවලු.  
මේ කතාව ඇසූ හෙන්දප්පු අන්දිරිස්ට කිට්ටු කර ඇසුවේ ඈ බං මලයො එතකොට කව්ද අපිත් එක්ක උණපහුර පැදගෙන ගියේ. ඒ සීටිං නොවෙයිද? කියායි.  

ඇයි උඹ අහල නැද්ද ඔහොම දේවල් සිද්ධ වුණහම මහසොහොන් අවතාරෙ ඒ විදිහට එනවලු. එහෙම වෙන්නෙ හරියට ජාම වෙලාව ආවිටලුයි කී අන්දිරිස් ඉවත බලාගත්තේය.  
මම නං ආයෙ කවදාවත්ම උණපහුරු පදින්ට යන්ට එන්නෙ නෑ. මට බෑ මහසොහොන් අවතාරත් එක්ක පයුරු පාසං, හෙන්දප්පු කිව්වා.  
ඈ බං අන්දිරිස් අයියෙ පහුරෙ කෙළවරේ හිටි එකා අපිත් එක්ක කතා කළත් එක්කනෙ. උෟත් හරියටම සීටිය වගේමයි.  
ඔව් බං අවතාර එහෙම තමා අපට හොයාගන්ඩ බැරි විදිහට වෙස්ගන්නවා කියමින් සීටිංගේ මළ ගෙදරට ගොස් මේ සම්පූර්ණ සිද්ධිය එහි සිටි අයට කීවෝය.  

මළගෙදර සිටි උදවිය ගල් ගැසී බලාසිටියේ මෙය අදහාගත නොහැකි සිද්ධියක් නිසාය.
ධර්මරත්න තෙන්නකෝන්
lankadeepa
උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Wednesday, January 10, 2018

නිධානයකින් මැණිකක් ගත්ත හොරු අල්ලන්න ගිහින් පොලිසිය අද්භූත සිදුවීමක් දැකලා.....(nidan harima අබිරහස් අඩවිය - Abirahas Adawiya - හොල්මන් කතා. holman katha)

“සර් නවගත්තේගම කැලෑවේ ගල් තලාවක නිධානයක් ගොඩගන්න හදනවා. දැන්ම ගියොත් කට්ටියම අල්ලාගන්න බැරිවෙන එකක් නැහැ”   නවගත්තේගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක නවීන් ඉන්ද්‍රජිත් දයානන්ද මහතාට දුරකථනයෙන් කතාකර පවසනු ලැබ ඇත්තේ ඔහුගේ පෞද්ගලික ඔත්තුකරුවෙකු විසිනි.  පොලිස් ස්ථානාධිපති දයානන්ද මහතා තොරතුරු ලැබුණු වහාම පොලිස් කණ්ඩායමක් සමඟ පිටව ගියේ නිධන් හොරුන් අල්ලා ගැනීම සඳහාය.  නිධන් හොරුන් නිධානය ගොඩගැනීමට යන තැනට නවගත්තේගම රැලපනාව ප්‍රදේශයේ සිට කැලේ ඇතුළට කිලෝමීටර් පහක පමණ දුරක් යා යුතුය.   එය අතිශය දුෂ්කර ගමන් මගකි. වැටලීම සිදුකළේ පුත්තලම දිසා බාර නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන මහතාගේ උපදෙස් හා මෙහෙයවීම යටතේය.   

අලි ඇතුන්, විෂඝෝර සර්පයන් බහුල වශයෙන් ගැවසෙන මහා වනාන්තරයට පොලිස් කණ්ඩායම ඇතුල් වන විටත් හතර වටින් සැඳෑ අඳුර ගලා එමින් තිබුණේය.    පොලිස් කණ්ඩායම මහා වනාන්තරය තුළට ඇතුළු වූයේ ජීවිත අවදානම දෝතින් දරාගෙන ඉදිරියේදී ඇතිවිය හැකි ඕනෑම අභියෝගයකට මුහුණ දීමේ බලාපොරොත්තුවෙනි.  නවගත්තේගම රැලපනාව ප්‍රදේශයේ සිට කිලෝමීටර් පහක පමණ දුරක් ගෙවා පොලිස් කණ්ඩායම නිධානය ඇතැයි කියන ගල්තලාවක සහිත පොකුණ සමීපයට යන විට පුද්ගලයන් දෙදෙනෙකු එම ස්ථානයේ රැඳී සිටින අයුරු දැක ගැනීමට ලැබී ඇත.   එතනින් එහාට වෙච්ච දේවල් පමණක් නොව අරුම පුදුම අද්භූත සිද්ධියක් ගැන ද තොරතුරු හෙළිකළේ මෙම වැටලීමට නායකත්වය දුන් නවගත්තේගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක දයානන්ද මහතාය.   

“මගේ පෞද්ගලික ඔත්තුකරුවකුගෙන් ඔත්තුවක් ලැබුණ නවගත්තේගම රක්ෂිත වනාන්තරයේ නිධානයක් ගොඩගන්න යනවා කියා. ලැබුණු මේ තොරතුරු ගැන අපේ උසස් පොලිස් නිලධාරින්ටත් දැනුම් දීලා නිධන් හොරුන් අල්ලන්න වැටලීමක් සැලසුම් කළා. නිධන් හොරු පසුගිය සඳුදා කැලෑවට එනවා කියා තොරතුරක් ලැබුණු නිසා කැලෑවට ගිහින් රැක සිටියත් ඔවුන් ආවේ නැහැ. ආයෙත් තොරතුරක් ලැබුණා මේ කට්ටිය 8 වැනිදා එනවා කියා. ඒ අනුව මම තවත් පොලිස් නිලධාරින් කණ්ඩායමක් එක්ක රැලපනාවේ ඉඳලා කිලෝමීටර් පහක් පමණ කැලෑව ඇතුළට ගිහින් නිධානය තියෙනවා යැයි කියන ස්ථානයේ සැඟවී සිටියා.   

සුදු හැඳගත් දෙන්නෙක් ගල් තලාවේ පොකුණ ළඟ හිටගෙන යාතිකා කරන්න පටන් ගත්තා. විනාඩි 20 ක් විතර දෙන්නා මේ විදිහට යාතිකා වුණා. ඊට පස්​ෙස් දෙන්නාම ඒ පොකුණට බැහැලා ප්ලාස්ටික් කෑන් දෙකකින් වතුර ඉසීමට පටන් ගත්තා. වතුර ඉස්සාට පස්​ෙස් එතැනින් කළුගලකින් නෙළන ලද නෙළුම් මලක් මතුවුණා. එක් අයෙක් ඒ මලට කුළු ගෙඩියකින් ගසා කඩා දැමුවා. තවත් කෙනෙක් යකඩ ඉන්නකින් ගසමින් බොහෝම අමාරුවෙන් කළුගලකින් නිමවන ලද ලෑල්ලක් වැනි දෙයක් ඉවත් කළා. ඒත් එක්කම කළු පැහැති ලොකු දුමාරයක් ඉහළට විහිදී ගියා. ඒ දුමාරයත් එක්කම වාගේ සඳුන් සුවඳට සමාන සුවඳක් අවට ප්‍රදේශය පුරාම පැතිර ගියා. ඒ සුවඳ සෑහෙන වේලාවක් යනකම්ම තිබුණා.   

නිධන් හොරුන් දෙදෙනාම එම කළුගල් පියන ඉවත්කර ඒ තුළ තිබූ ගල ඉවත්කර ගත්තා. ඒත් එක්කම අපි එතැනට කඩා වැදිලා දෙන්නම අල්ලාගත්තා” යැයි පොලිස් පරික්ෂක දයානන්ද මහතා කීය.   ඊට පස්සේ වෙච්ච දෙයක් ගැන කිව්වේ පුත්තලම දිසා බාර නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන මහතාය.   
“මෙම වැටලීමට නායකත්වය දුන් පොලිස් පරීක්ෂක නලින් ඉන්ද්‍රජිත් දයානන්ද මහතාට එක් අයෙක් රුපියල් කෝටියක් දෙන්නම් දෙන්නම මුදාහරින්න කියා තිබෙනවා. ඔහු කෝටියක මුදල ගැන ප්‍රතික්ෂේප කළායින් පස්සේ නිධානයෙන් ගොඩගත්ත ගල දෙන්නම් කියා තිබෙනවා. මේ ගල මිලකළ නොහැකි වටිනාකමක් තිබෙන එකක් බවත් පවසා තිබෙනවා. ඔහු ගල ලබාගැනීමත් ප්‍රතික්ෂේප කරලා තමා දෙන්නාම අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

කෝටියක පගාවක් ප්‍රතික්ෂේප කරලා සැකකරුවන් අත්අඩංගුවට ගත් පොලිස් පරික්ෂක දයානන්ද මහතා මුළු පොලිස් දෙපාර්තමේන්තුවටම ආඩම්බරයක්”  අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකු මාතර කැකණදුර ප්‍රදේශයේ ද අනෙකා නිට්ටඹුව ප්‍රදේශයේද පදිංචි අයෙකි.   
මොවුන් දෙන්නාම ධනවත් ව්‍යාපාරිකයෝ වෙති.   වැඩිදුරටත් මේ හා සම්බන්ධව කරුණු කාරණා අනාවරණය කරමින් නියෝජ්‍ය පොලිස්පති සිරිවර්ධන මහතා පැවසුවේ මෙවැනි කතාවකි.   

“මාතර ප්‍රදේශයේ පදිංචි සැකකරුට කිසියම් අදෘශ්‍යමාන බලවේගයක් තිබෙන බව ඔහුගෙන් මා ප්‍රශ්න කළ අවස්ථාවේ කියා සිටියා. නවගත්​ෙත්ගම ප්‍රදේශයේ පදිංචි අයෙක් ටික කාලයකට ඉහත දී මොහුට කතාකර නවගත්තේගම රක්ෂිත වනාන්තරයේ ගල්තලාවක කුඩා පොකුණක නිධානයක් ඇති බවට පවසා තිබෙනවා. තමාට ඇති බලවේගය ඉදිරියේ එය ඇත්තක් ද කියා බැලූ අවස්ථාවේ එතැන නිධානයක් තිබෙන බවට ඔහුට පෙනී ගියා කියා පැවසුවා. මේ ඔත්තුව දුන්නට ඔත්තුකරුට මාතර පුද්ගලයාගෙන් ලක්ෂ 50 ක් ඉල්ලා තිබෙනවා. ඔහු එයට කැමැත්ත ප්‍රකාශ කර අත්තිකාරම් මුදලක් වශයෙන් ලක්ෂ පහක මුදලක් ලබාදී තිබෙනවා. නිධානය ගොඩගන්න කලින් මාතර පුද්ගලයා මාස තුනක විතර කාලයක් යාතිකා වෙමින් ඉඳලා තමා මේ වැඩේට බැහැල තියෙන්නේ. ඔහු මතක අති කාලයක ඉඳලා මස් මාළු කරවල කන්නේ නොමැති බවත් එළවළු පමණක් ආහාරයට ගන්නා බවත් කිව්වා. අනෙකා ඔහුගේ මිතුරෙක්. ඔහු මාතර සිට කතරගම දක්වා ඉදිකෙරෙන නව දුම්රිය මාර්ගයේ කොන්ත්‍රාකාරයෙක් බව ප්‍රශ්නකර අප හෙළිකර ගත්තා”   

වර්ණවත් ගල ඔබා තිබුණේ වංගෙඩියක හැඩයකින් යුතු ගල්තලාවේම තිබුණ වළක් තුළ බහාය. එම ගල වටා පරිවාර ගල් දෙකක්ද තිබියදී පොලිසිය සොයාගෙන ඇත.   නිධානය ගොඩ ගැනීමට යොදාගත් කුළු ගෙඩිය හා යකඩ ඉන්නද පොලිස් භාරයට ගෙන තිබේ. අපි නැවතත් පොලිස් පරික්ෂක දයානන්ද මහත්තයා කියන කතාවට සවන් දෙමු.   

 “මෙම ගල ගොඩට ගත්තාට පස්සේ මම ඒක අල්ලා බලන්න හැදුවා. ඔවුන් කිව්වා දැන්ම ඒක අල්ලන්න එපා ඒතරම්ම බලගතු මැණිකක් කියා. ඒ නිසා මම ඒ වෙලාවේ ඇල්ලුවේ නැහැ. පස්සේ තමා ඇල්ලුවේ. මෙම ගල ජාතික ස්වර්ණාභරණ හා මැණික් අධිකාරියට පරික්ෂණ සඳහා ඉදිරිපත් කර පරික්ෂණයක් සිදුකරනවා. මෙය නිල් පැහැති ග්‍රෑම් 250 ක් පමණ බරකින් යුක්ත බව හෙළිවුණා. මෙය ගොඩගත්තාට පස්සේ ලොකු වැස්සක් පතිත වුණා.   
 නිධානය ගොඩගත්ත ස්ථානය හා ඒ අවට මම ඩිජිටල් කැමරාවකින් ෆොටෝ ගත්තා. මගේ ඒ කැමරාවේ අමුතු තාලයේ දීප්තිමත් එළියක් දක්නට ලැබුණා” යැයිද පොලිස් පරික්ෂකවරයා කීය.  සැකකරුවන් දෙදෙනා ආණමඩුව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 17 දක්වා රිමාන්ඩ් බාරයට පත්කෙරිණි.   

 වයඹ පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන සහ පුත්තලම දිසා බාර නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන යන මහත්වරුන්ගේ පූර්ණ අධික්ෂණය යටතේ පුත්තලම කොට්ඨාසය බාර පොලිස් අධිකාරි ජේ.ඒ. චන්ද්‍රසේන සහ සහකාර පොලිස් අධිකාරි එස්.බී.එම්. සන්දනායක යන මහත්වරුන්ගේ උපදෙස් මත නවගත්තේගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක නලින් ඉන්ද්‍රජිත් දයානන්ද, උපපොලිස් පරික්ෂක පී,එම්.එල්. පතිරණ යන මහත්වරුන් ප්‍රධාන පොලිස් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යයි.   
 පොලිස් සැරයන් ධර්මසිරි (41440), කොස්තාපල්වරුන් වන රාජකරුණා (31260), මුදියන්සේ (63079), කැලුම් (71232), නිදර්ශන් (38593) සහ රාජකරුණා (55080) යන මහත්වරුද මෙම පරික්ෂණවලට හවුල් වී සිටිති.  
මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට යැවූ වර්ණවත් ගල මැණිකක් නොවන බව දන්වා ඇති බවද දැනගන්නට ලැබිණ. 
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය  ලංකාදීප පුවත්පත
උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Thursday, December 21, 2017

ඉතාලියේ සාපලත් ගම්මානයේ අවාසනාවන්ත කතාව.....(Calabro italy අබිරහස් අඩවිය - Abirahas Adawiya - හොල්මන් කතා. holman katha)

ඉතාලියේ දකුණු දෙස බැසිලිකාටා ප්‍රදේශයේ කන්දක් මත පිහිටා ඇති පැරණි ගම්මානයක් වන කොලොබ්‍රාරෝ එරට අවාසනාවන්තම ගම ලෙස හැඳින්වෙයි. 1940 දක්වා දිවෙන පුරාවෘත්තයන්ට අනුව එවකට එහි ප්‍රධානියාවු බියාජියෝ විර්ජිලියෝ අසල මැටෙරා නගරයේ පැවති රැස්වීමකදී තමා කී දෙයක් සනාථ කිරීමට මෙසේ කීවේය.”මම කියන කතාව බොරුවක් නම් මේ උඩ එල්ලලා තියෙන වීදුරු පහන බිමට වැටෙන්න ඕනෙ.”ඒ වචනත් සමග චැන්ඩ්ලියර් එක හෙවත් එම පහන බිමට කඩා වැටුණේ විර්ජිලියෝ ගේ ගම්මානය වන කොලොබ්‍රාරෝ වෙත අවාසනාවද කැඳවමිනි.
වර්තමානයේදි කොලොබ්‍රාරෝ ගම්මානය ප්‍රකටව ඇත්තේ එහි නම පවා පැවැසීමෙන් වැලකිය යුතු ගමක් හැටියටය. අවට ගම්මානවල ජනතාව කොලොබ්‍රාරෝ ගැන සඳහන් කරන්නේ “අර පරණ කතාවල එන ගම”යනුවෙනි.ඉන් නොනවතින ඔවුහු වැරදීමකින් හෝ කිසිවෙකු වෙතින් එහි නම කියැවුනොත් වාසනාව පතා කරන සම්ප්‍රදායික කටයුත්තක් වූ ලීයෙන් කල යමක් ස්පර්ශ කරති. මේ ගැන කතා කරන කොලොබ්‍රාරෝ ගම්මානයේ ඇතැම් පැරණි වැසියන් කියන්නේ විර්ජිලියෝ ගමට ගෙනා අවාසනාවක් නැති බවය. මේ ඇතැමෙකුට ඔහු ගැන හොඳ මතකයක් ඇත. මේ අවාසනාව ගැන කතාව එහි වැසියන් විසින්ම ගොතන ලද්දක් බව ඔවුන්ගේ අදහසයි.
“පිටින් ආපු කෙනෙකුගේ වාහනයක් මේ ගමේදී කැඩුණත්, ටයර් එකක හුළං ගියත් දොස් කියන්නේ ගමට”එහි පැරණි වැසියෙකු වන මැටියෝ කියයි.
කැලබ්‍රියා සහ පුග්ලියා අතර පිහිටි දකුණු දිග බැසිලිකාටා ප්‍රදේශය කැලෑවෙන් ගහන අඳුරු ප්‍රදේශයක් වීම හේතුවෙන් ක්‍රාකෝ වැනි හොල්මන් බහුල බවට ප්‍රකට ගම්මානවලටද මෙම කලාපය තෝතැන්නක්ව තිබේ. සම්ප්‍රදායයන් හා මිථ්‍යා විශ්වාසයන්ද මෙම පසුබිම තුළ බහුලය. පහන කඩාවැටීමේ පුරාවෘත්තයට අමතරව කොලොබ්‍රාරෝ ගම්මානයේ ජනතාව පරම්පරා ගණනක් තිස්සේ මායාකරුවන් හා මායාකාරියන් ගැන කතන්දරද අසා තිබේ. 1950 ගණන්වලදී මායා බලයෙන් තම තමුන්ගේ ගම්මාන පාලනය කරන බව පැවැසෙන දකුණු ඉතාලියේ බලගතු කාන්තා කණ්ඩායමක් ගැන මෙන්ම ඔවුන් විසින් කරනු ලබන ශාප හා හදි හූනියම් ගැන මේ ගමෙන්ද අසන්නට ලැබේ. මේ සියලු කතන්දර නිසා ඉතාලිය පුරා කොලොබ්‍රාරෝ අවාසනාවන්තම නගරය ලෙස ප්‍රකටවීම අසීරු වූයේද නැත.
මේ සියලු මිථ්‍යා විශ්වාසයන් හා පුරාවෘත්ත තවදුරටත් සනාථ කිරීමට මෙන් 2011 වසරේදී කොලොබ්‍රාරෝ වැසියන් ආරම්භ කළ “ඩී්‍රම් ඔෆ් ද නයිට් ඉන් දැට් වි‍ලේජ්”නම් වීදි සංදර්ශනය ඉන්පසුව වාර්ෂිකවද පැවැත්විණි.ඒ අනුව වසරේ හැම අගෝස්තු මාසයකම දෙස්,විදෙස් සංචාරකයින් කොලොබ්‍රාරෝ වෙත ඇදෙන්නේ ගමේ වීදි හා චතුරශ්‍රයන් පුරා රඟ දැක්වෙන මායාකරුවන් හා මායාකාරියන් ගැන කතා ඇතුළත් වීදි නාට්‍ය නැරඹීමටය. ගම්මානයට ඇතුලු වන විටම පිටතින් එහි පැමිණෙන්නන්ට ගම්මානයේ අවාසනාව ගැන දැනුම්දීමක් කෙරෙන කුඩා මල්ලක් ලැබෙයි. එහි ඇතුළත්වන්නේ අවාසනාව මගහැරීම සඳහා ලුනු, දරුවන් ලැබිම සංකේත වත් කරන තිරිඟු ටිකක්, ප්‍රේමය, රූමත් බව හා නරක ආත්ම පලවා හැරීමට රෝස්මරී අතු කිහිපයක් සහ පිරිසිදු බව සමග සාමකාමී බව සංකේතවත් කිරීමට ලැවෙන්ඩර් මල් කිහිපයකි.
වීදි සංදර්ශනය තුළ දක්නට ලැබෙන ප්‍රකට චරිතයක් වන “කුඩා පූජකවරයා”ලෙස හැඳින්වෙන ළමා නඵවා සංකේතවත් කරන්නේ බෞතිස්ම කිරීමට පෙර මියගිය කුඩා දරුවෙකු සම්බන්ධ පුරාවෘත්තයක් බව පැවැසෙයි. හාස්‍යයටද බර සියුමැලි චරිතයක් වන ඔහු තරුණියන් නිදා සිටින තැන්වලට ගොස් ඔවුන්ගේ යටි පතුල් කිතිකැවීම හා ඔවුන්ගේ කන්වලට කොඳුරා රහස් කීම ගැන ප්‍රකටය. ඒවා නැවැත්වීමට නම් කළ යුත්තේ ඔහුට නැතිවම බැරි හිස පැලඳ සිටින තොප්පිය ගලවා ගැනීමය.මේ සංදර්ශනය තුළ තවත් විශේෂ අංගයක් වන්නේ මිනිස් වෙස්ද ගතහැකි වෘකයින් ලෙස සැරසුනු පිරිසකි. පුරාවෘත්තයකට අනුව නත්තල් දින මැදියම් රැයේදී උපන් සාමාන්‍ය පිරිමින් කිහිපදෙනෙක් පුන් සඳ පායා ඇති රාත්‍රී කාලයට වෘක වෙස් ගෙන තිබේ. එවන් රැයට ගමම බියවද්දන සාපලත් මේ පිරිස ඉන් ගලවා ගැනීමට කළ යුත්තේ ඇල්පෙනෙත්තක් වැනි යමකින් ඇන ඔවුන්ගෙන් රුධිරය බිඳක් හෝ ගලායාමට සැලැස්වීම බවත් මෙම ජනප්‍රවාදයෙහි එයි.
කෙසේවුවද මේ සියල්ල මැද කොලොබ්‍රාරෝ සතු රහස් රැකගෙන ඒවා පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන යාමට එහි වැසියන් තුළ කැමැත්තක් තිබේ. මෙම රහස් හෙළිකළොත් ඒවායේ අගය අඩුවන බව සිතන ගම්වැසියන් පිටස්තරයෙකුට ඒවා හෙළිකරන්නේද නැත.එබැවින් ඇතැම් විටක සත්‍යයක්ද විය හැකි මිථ්‍යා විශ්වාස හා පුරාවෘත්ත රැගෙන කොලොබ්‍රාරෝ ගම්මානය ඉදිරියේද ඉතාලියේ අවාසනාවන්තම නගරය ලෙස පවතිනු ඇත.
නිශානි දිසානායක
lakbima
උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Friday, November 10, 2017

වළං ගේ අරක් ගත් වවුල් අවතාරය.....(අබිරහස් අඩවිය - Abirahas Adawiya - හොල්මන් කතා. holman katha)

අප බණ්ඩරවත්ත ජයවික්‍රම බූදලය වෙත ඇදුණේ තිස්සමහාරාම විහාරය අසලදී දැනගත් තොරතුරක් මතය. මහාභාරකරු යටතට පත්ව ඇති අක්කර තුන්සියපහකට අධික වෙල් යාය හා පොල් ඉඩම් සහිත එහි, අත්හළ පරණ බංගලාවට ඉදිරියෙන් ඇත්තේ අලුත් පෙනුමැති නිවෙසකි. අවට වාසී ගම්මුන්ගෙන් ඇතැමෙක් ජයවික්‍රම මුහන්දිරම්ගේ ගුණ කියූ අතර සමහරුන් ඔහුගේ හාමිනේ පිළිබඳ එතරම් පැහැදීමකින් කතා කළේ නැත. ඒ දවස්වල මෙහි නිතර ආ ගිය අය විශ්වාස කරන්නේ නාගයකු මේ බූදලය රකින බවයි. තවත් සමහර අයට අනුව ගිනි කබලක් හිසතබාගත් ගැහැනු රූපයක් මැදියම් රෑ යාය වටේ සරක්කාලමේ යෙදෙයි. පැරැණියන්ට අනුව ජයවික්‍රම මුහන්දිරම්ගේ නම ගම නොදන්නා මුල් බිරියට ඔහුගේ නොවන දරුවකු ගැබ්ගත් නිසා බෙහෙත් විදීමෙන් දරුවාත් මවත් මරුමුවට පත්ව ඇත. මුහන්දිරම් තනි නොතනියට පුතකු අරං හදාගත්තේය. දෙවැනි බිරිය ජයවික්‍රම මුහන්දිරම්ගේ මරණයෙන් පසු පාන්ගහේ මහත්තයා නමැති විශ්‍රාමලත් ප්‍රදීපාගාර නිලධරයකු හා විවාහ වූවාය. එහෙත් හය-හතර තේරෙද්දී දරුවා පණ බේරාගෙන බංගලාවෙන් පැනගත්තේ කුඩම්මාට බියෙනි.
මැටිල්ඩා පෙරේරා විජේදෝරු ජයවික්‍රම මැතිනිය ජේත්තුවට මනිපුරි සාරි ඇඳ කණ්ණාඩි පැලඳ සිටි ඇත්තියකි; උදේ වරුවේ සාරිය සවස් වරුවට මාරු කරන්නීය; රාත්‍රියට ඇන්දේ ගවුමකි. ගාල්ලට මෙහා තිබූ එකම මොරිස් ඔක්ස්ෆර්ඩ් මෝටර් රථයේ නැඟ ඇය මුහන්දිරම් සමඟ යද්දී බොහෝ පෙනුමය; පාන් මහත්තයා සමඟ යද්දීද පෙනුමය. ඇය අකුරු නොදත්තද මුදල් වටිනාකම් මැනැවින් දැනසිටියාය. වැඩි ලීලයක් නැත්තවුන්ට බොල් සතේකිනුත් සිත්ගත්තවුන්ට රුපියලකිනුත් සංග්‍රහ කරන්නේ ඒ නිසාය. අසල්වැසියන්ට සැලකුවේ එසේ වුවත් අල්මාරි පෙට්ටගම් පිරෙන්න කාසි නෝට්ටු අට්ටි ගසා තිබුණු බව සියල්ලෝ දැන සිටියහ. කෙසේ වුවත් ගොයින් සමඟ හොඳින් හිටි නිසා ඒවා රැකගැනීම අපහසු නොවීය.
අක්කර 305ක බූදලයට අයත් කුඹුරුයාය
"ඇන්ඇම් පෙරේරාගේ මුදල් ප්‍රශ්නය කාලේ වත්ත පුරා කෝටු ඇන ඇන සල්ලි වළලලාද බැලුවාට හම්බුණේ නෑ, අපේ අම්මලා පවා ඒ සල්ලි විස්කෝතු ටින්වල දාලා කෙසෙල් පඳුරු අස්සේ හංගලා තිබ්බ නිසා..." එක් ගොයියෙක් හෙළි කළේය. ඔහු තවත් තොරතුරු බොහෝ දන්නෙකි.
"අර ‘පුතා‘ වලව්වෙන් පැනලා ගියේ තුන් වැනි වතාවටත් මැටිල්ඩා නෝනා වහ දෙන්න හදපු එක අහු වුණාට පස්සෙයි. පිටස්තරයෙක් බූදලේ බුක්තිවිඳිනවාට නෝනා කැමැති වු‍ණේ නෑ. කාලෙකට පස්සේ ඒ මහත්තයා තමන්ගේ අක්කර හතරක් සින්නක්කර ගත්ත අය ඉන්න ඉසව්වට ආවා ඔය ඇගිිටි හාල් ටිකක් එහෙම අරන් යන්න. අපි ඇහැව්වා ඇයි පැනලා ගියේ කියලා. එතකොටයි විස්තරේ කීවේ."
ජයවික්‍රම බූදලයේ මුල් ලිපිය දුටු අපේ හිතවතියක මීට වසර විස්සකට පෙර ඒ බංගලාවේ ලද අත්දැකීමක් හෙළි කළාය. ඇය මෙන්ම ඇගේ සොහොයුරිය ඉතා උසස් රැකියාවල නිරත වන ගැඹුරින් යමක් විශ්ලේෂණය කළ හැකි අය නිසා ඔවුන්ගේ කතාව නොසලකා සිටින්නට නොහැකි විය.
"අනූගණන්වල අපි කතරගම ගියා මාමා කෙනෙක්ගේ පවුලේ අයත් එක්ක. ඒ මාමා වැඩ කළේ මහාභාරකාර දෙපාර්තමේන්තුවේ නිසා නවතින්න ලස්සන බංගලාවක් තියෙනවා කියලා එක්කන් ගියේ ඔතනට. ඔයාගේ ලිපිය දැකලා අම්මා තමයි අපටත් මේ සිද්ධිය මතක් කළේ. මගේ නම් ඇඟ අදටත් හිරිවැටෙනවා මතක් වෙද්දී..." මගේ උනන්දුව වැඩි කරවමින් ඇය කීවාය.
"ඉතින් යන්න කලින් මාමා දැනගෙන හිටියේ නැද්ද මේ දේවල් ගැන?"
"ඒකනේ සමහරු ඕවා පිළිගන්නෙත් නෑ නේ. සමහරු කියන්නෙත් නෑ. සමහරවිට දන්නෙත් නැතුව ඇති." එසේ කියමින් ඇය දුරකතනය මවට යොමු කළාය.
"අපි ජයවික්‍රම බංගලාවට ගියාම ඒ වටේම ලස්සන වෙල්යාය නිසා ආසාවට ඇවිදින්න ගියා. අනේ පොඩ්ඩයි එහාට ගියේ මෙන්න තඩී පිඹුරෙක් දිය පාරක මැරිලා පා වෙනවා. ඒක දැක්ක අපිට ඇවිදිල්ල එපා වෙලා ආපහු ආවා."
ඇය කියූ කතාව කිසිවක් නොදොඩා අසා සිටියද මගේ හිත කීවේ යාය පුරා ගමන් කරන හිසේ ගිනි හට්ටිය ඇති කාන්තා රුව හා බූදලය රකින නාගයා පිළිබඳ ඇතැමුන් කී කතාය. එහෙත් විසිඑක්වැනි සියවසේ වෙසෙමින් එවැනි මායාවන් ගැන ප්‍රකාශ කිරීම ප්‍රශ්නකාරී බැවින් මම කිසිවක් නොකීවෙමි. ඇය කතාව දිගටම කියයි.
"මල්ලි කීවා කිරින්ද ඒ කිට්ටුව නිසා බලන්න යමු කියලා. මහත්තයා ඇඟට මහන්සියි නිදාගන්න ඕනේ කියලා, අපට යන්න කීවා. ඒ පාර මමත් පොඩිදුව එක්ක බංගලාවේ නතර වුණා.
මහත්තයා කාමරේට ගියා නිදාගන්න. දූයි මායි වත්තේ ඇවිදඇවිද වටපිටාවෙ ලස්සන බලබල හිටියා. නාන කාමරේ කරාමේ ඇරලා හෝගාලා කවුද නානවා ඇහෙනවා. නිදාගන්න ගිය මනුස්සයා මේ හවස්ජාමේ නාන්නේ මොකද කියලා බලන්න යද්දි වතුර මලේ සද්දේ තදටම ඇහුණා. එත් දොර ගාවට ගියාම සද්දේ නතර වුණා. නාන කාමරේ ඇරලා, කවුරුත් ඇතුළේ නෑ. වක්කඩක සද්දයක් වෙන්න ඇති කියලා මිදුලට ආවත් ටික වෙලාවකින් ආයෙත් සද්දේ ඇහෙනවා. ඔහොම දෙපාරක්ම වුණ නිසා තුන්වැනි වතාවේ මහත්තයාවත් ඇහැරවාගෙන ගිහින් බලද්දි එක පාරටම කිසිම හුළඟක් නැතිව අඹ ගහ හෙලවිලා ගෙඩි හෝ ගාලා වහලට වැටෙන්න ගත්තා වැස්සක් වගේ. හැබැයි ඔක්කොම කුණු වෙලා. අපිට හිතාගන්න බැරි වුණා වෙන්නේ මොනවද කියලා. අපි ඉක්මනට ගමන්මලු ඔක්කොම ලැස්ති කරගෙන එළියට වුණා. මල්ලිලා ආ ගමන් කීවා මෙතන ඉන්න එක හොඳමදි කියලා. අපි රෑම පිටත් වුණා වාහනේත් තරමක් ලෙඩ දුන්නා. ඒත් අපි කොහොම හරි එතනින් බේරිලා ගිය පාර නතර වුණේ හපුතලේ."
මිතුරියගේ මව කී කතාව අපේ ගමනේදී ලද අත්දැකීමට තරමක් සමාන විය. බංගලාවත්තේ සොහොන්කොත නොදැක ඒ අසල රැඳෙමින් ගොවි මහතකු සමඟ අප කතාබහේ යෙදෙද්දී එහා වැට මායිමේ දුරකතන ඇමතුමක් සමඟ ඇවිදිමින් සිටි ඇමටියගොඩ නිලමේ බංලාවේ එහා පැත්තට යනු දිටිමි. ගියාට වඩා වේගයෙන් ආපසු පැමිණි ඔහු රැලි කරගත් නළලින් යුතුව කීවේ ‘ඉක්මනින් මෙතැනින් පිට වෙමු‘ කියාය. අපේ ප්‍රධාන ගමන ප්‍රමාද වන නිසා එය කීවායැයි සිතා මම ගොවි මහතාගේ විස්තර ඇසීම නතර නොකළෙමි. නිලමේ වත්ත මායිමෙන් එළියට ගොස් අප එන තුරු බලා සිටියේය. ඉන් පසු අප සමඟ ගිය තවත් අයෙක් බංගලාවේ අනිත් පසින් වළං ගේ පැත්තට ගොස් අධිවේගයෙන් අප සිටි දෙසට ආවේ දාඩිය බිඳු මුහුණ පුරා මතු වෙද්දීය.
"මං හිතුවේ ඔගොල්ලො මාව දාලා ගිහින් කියලා" ඔහු කීවේ දිව පැටලෙන ස්වභාවයෙනි.
"මේ තත්පරේට අපි කොහේ යන්නද?" මමත් පුරාවිද්‍යාඥ සුමිත් මහතාත් එකවර ඇසුවෙමු. ඔහු කිසිත් නොකියා කොට තාප්පෙන් පාරට පැන්නේ ගේට්ටුව ළඟ තිබියදීය. ගොවි මහතාගේ විස්තරය පසෙක ලා, නිලමේටත් මිතුරාටත් සිදු වූ විපරීතය ඇසීමට අපට අවශ්‍ය විය.
"මොකද ඔය දෙන්නට වෙලා තියෙන්නේ?" මා ඇසුවේ විමතියත් කේන්තියත් මුසුවය.
දෙවරකට වුවද ඔවුන් පිටුපසට ගොස් ඇත්තේ සුළුදිය පහ කිරීමේ අවශ්‍යතාවකටය. එහෙත් කටයුත්තට පෙර ඔවුන් යමකින් තිගැස්සී ඇත. එය දැකීමේ ප්‍රබල ආශාවකින් මම පෙළෙන්නට වීමි.
"අනේ අපි යමුකො එතනට" මම යෝජනා කළෙමි.
"මගේ හතර හන්දි පණ නැති වෙන කතා කියන්න එපා. අර වවුලා..!" එතැනින් කතාව නතර කරමින් නිලමේ යෝජනාව ප්‍රතික්ෂේප කළේ සැර කරන්නාක් මෙනි.
ඔවුන් පාරේ සිටියදී මමත් සුමිත් මහතාත් තවත් දෙදෙනකු සමඟ පිළිකන්න පැත්තට ගියෙමු. පිරිස ළඟම සිටියදී වුව එකවර මහා පාළු කතරක තනි වුණා වැනි හැඟීමකින් හදවත වෙලා ගත්තා සේ දැනෙන්නට විය. පාසි වැක්කිරී ජරාවාස පෙනුමක් ගත් ශාලාවක පෙනුමැති කොටසේ ජනෙල් පළු මෙන්ම දොරවල් හෝසෙට ඇර දමා තිබුණද ඇතුළත මහා අඳුරක් අරක් ගෙන තිබිණි. එයට ඇතුළු වන්නට දොරකඩට අඩිය තබද්දී දැනුණු නැහැය කඩාගෙන යන පාළු පුස් ගඳ සමඟ මුසු වූ වවුල් වසුරු සහ සිනි ගඳ නිසා මඳක් වේගය බාල කරද්දීම "කීස්" ගාමින් මුහුණ ඉදිරියට ආ වවුලන් දෙදෙනකු කන් අයිනෙන් ඉගිළුණේ මගේ කොඳු ඇටපෙළ හිරි වට්ටමිනි.
"නෝනා අපි යමු - යමු දැන් හොඳ නෑ." ගොවියකුගේ කතාවෙන් මම තිගැස්සී පියවි ලොවට ආවා වැනි විය. ඒ සමඟම ඔහු අපට පෙන්නුවේ වළං ගේ පැත්තෙන් ඇදී එන නාගයෙකි. අපි වහා ගේට්ටුවෙන් එළියට පැනගතිමු.
"පාන් ගහේ මහත්තයා එක්ක මැටිල්ඩා නෝනා වෙච්චි කතාබහක් දුරදිග ගිහින් මහත්තයා ගහපු පයින් පාර වැදිලා තියෙන්නේ නෝනාගේ පපුව ළඟට. ඒක දැකලා තියෙන්නේ වැඩ කරන්න හිටි එක්කෙනෙක් විතරයි. පාර නිසාද මන්දා පපුවේ පිළිකාවක් හැදිලා මුලින් චීනෙ කටුචිකිත්සාවත් කරලා පස්සේ මහරගම නතර කරලා තියෙනවා. ලෙඩේ සුව වුණු නිසා අවුරුද්දට බංගලාවට එන්න ඕනේ කියලා නෝනා කීවම මහත්තයා ඇහුවලු මොකද හදිසිය කියලා. ඒ පාර නෝනගේ කටින් කියවිලා තියෙනවා වළං ගේ බලන්න ඕන කියලා. ඒ වචනේ අහු වුණු නිසා මහත්තයා කීවලු තවත් ඉංජැස්සන් එකක් ගහන්න තියෙනවා කියලා දොස්තර කෙනෙක් කීවා, ඒකත් ඉවර කරලම යමු කියලා. පස්සේ දොස්තර කෙනෙක් වගේ ඇඳගත්තු කෙනෙක් ඇවිත් කියලා ‘මිසිස් ජයවික්‍රම මේ බේතත් විදලම ගෙදර යමු‘ කියලා. ඒ අව්අස්සේ පාන් මහත්තයා ඉස්පිරිතාලෙන් මෙහෙට ඇවිත්. බී මරගාතෙන් කෑගහලා වළං ගෙයි දොරට පයින් ගහපු පාර දොර ගැලවිලා. බිම තිබිච්ච කොංකිරිට් කෑල්ල එක හුස්මට ඇදලා දාලා. ඇත්තටම සල්ලි පොට්ටනි පිටින් හංගලා තිබිලා තියෙන්නේ වළං ගේයි. මැටිල්ඩා නෝනා ඒ බේතට පස්සේ ගෙදර ආවේ පෙට්ටියෙන්. ඔය 1975 අවරුද්දෙ. ඒ නෝනගෙ සොහොන්කොත තමයි ඔය අරලිය ගහ යට තියෙන්නේ. වළං ගෙට යන ඔය නයා එක සැරයක් කවුරු හරි මරලා දැම්මට ආයෙත් ආවය කියලනේ කියන්නෙ. මඩ දානේ දුන්නෙත් ඔය වළං ගේ ළඟ."
"වෙල් අද්දර ඕන තරම් නයි ඉන්නවා නේ" මම බාධා කළෙමි.
"ඒ කාලේ හැටියට රුපියල් පන්දාහක් දීලා මල් ශාලාවෙන් නෝනගෙ ආදාහනේ ලෑස්ති කරලා තිබුණේ. තිස්සමහාරාමේ මුහන්දිරම්ගේ සොහොන ළඟමයි දවලා තියෙන්නේ. රෑ මැදියම වෙනකොට මිනිය ඉඳගන්නවාලු - නැඟිටිනවාලු. දැක්ක අය දුවලා තියෙනවා. පස්සේ ආරංචියට ෂෙඩ්එක අයිති මුදලාලි පොල්පිති, භුමිතෙල් දාලා සෑය ලොකු කරලා පුච්චලා තියෙන්නේ."
"කොහොමත් මිනියක් පුච්චද්දි කොඳු නාරටියෙන් නැවෙනවා නේ" මගේ බාධාවෙන් නම්-ගම් හෙළි කිරීමට අකැමැති ගොවීන්ට වැඩක් නොවීය.
"එ් වුණාට රාජයියා පොඩි පොඩි වැඩ වගයක් කළාම ඔය බංගලාවේ කරදර අඩු වුණාය කියන්නේ..." සරත් මහතාගේ කතාව මගේ කුහුල යළි වැඩෙව්වේය.
"මොන වගේ වැඩද?"
"ඉස්සර ඔය සද්ද බද්ද එහෙම ටිකක් වැඩිපුර තිබිලා තියෙනවා නේ. මොකද තුන්-හතර දෙනාටම පින් දෙන්න කවුරුත් ඥාතියෙක් හිටියෙත් නෑ නේ. මුහන්දිරම් මහත්තයා නම් තමන් කළ දේවලට හරියන්න හොඳ වැඩ කළා. අනිත් අය කරපු කියපු දේවල්වල හැටියට පිං ගන්න බලන් ඉන්නවා වෙන්න ඇති. හැබැයි බූදලේ සල්ලිවලින් නෝනා ජයවික්‍රම ගොඩනැඟිල්ල ඉස්කෝලෙට හැදුවා. දෙබරවැව දන්තශල්‍යාගාරයක් හැදුවා. මුදලිතුමා කෝට්ටේගොඩ නිසා එහෙත් ඉස්කො­්ලයක් හැදුවා. තිස්සමහාරාම විහාරෙට ජෙනරේටරයක් පූජා කළා. ඒත් ජෙනරේටරේට වුණු අක්‍රමිකතාවක් නිසා බූදලය පන්සලට ලියන්න තිබුණු හිත වෙනස් වුණාලු." ආරියදාස, පියදාස සහ ආරියපාල මහත්වරුන් කතා කළේ මුහන්දිරම් ගමට මෙන්ම පන්සලට කළ සේවය අගයමිනි.
"ඒ නිසා තමයි මහාභාරකාරයාට මේ බූදලේ අයිති වුණේ. මුහන්දිරම් මහත්තයාගේ අවසාන කැමැත්තට ලියලා තිබුණේ බෞද්ධ අධ්‍යාපනය දියුණු කරන්න කියලා. උසස් අධ්‍යාපනය කරන දරුවන්ට රුපියල් 250 ගානේ ඒ කාලේ හැටියට ශිෂ්‍යත්වයක් දුන්නා."
"එතකොට මුහන්දිරම්ගේ සොහොන් කොත?"
"නිදහස් ආයුර්වේද ගොඩනැඟිල්ල ළඟ තියෙන්නේ ඒ සොහොන් කොත. එතනත් මැටිල්ඩා නෝනගෙ අළු තැන්පත් කරන්න හදපු පොඩි කුටීරයක් තිබුණා..." මුහන්දිරම් ජයවික්‍රම 1887 මැයි 12 ඉපිද මේ වික්‍රම සියල්ල කර 1957 ඔක්තෝබර් 24 මෙලොව හැර ගිය බව එහි සඳහන් වෙයි.
"නෝනගෙන් පස්සේ පාන් මහත්තයාට බූදලේ බලතල නැතත්, ඒජන්ත හැටියට කට්ටියත් එක්ක කාගෙන බීගෙන ඔහේ හිටියා. පස්සේ දොඩන්න කරන්න බැරි වෙලා සෙම හිර වෙලා ලෙඩ වුණා. ඒ මහත්තයාගේ කලින් කසාදෙ දුවෙක් කියලා නෝනා කෙනෙක් ආවා නේ. එයැයි කොතලාවල මහත්තයාගේ පින්තූර පවා වෙලට විසි කරලා දැම්මා. කාර් එක, ට්‍රැක්ටර් වගේම ගෙදර තිබුණු ඔක්කොම පොදි බැඳගෙන ගියා; මුකුත් ඉතුරු කළේ නෑ. අසනීප වුණාම පාන් මහත්තයාව එක්කගෙන ගියෙත් එයැයි තමයි. පස්සේ ආරංචි වුණා මහත්තයා මළා කියලා."
"එතකොට නයා, වවුල් අවතාරේ?" මට අවශ්‍ය වූයේ මේ ප්‍රශ්නය විසඳාගන්නය. උදය ඇමටියගොඩ කුඩා කතරගම බස්නායක නිලමේ පිළිතුරු දුන්නේය.
"මගේ අත්දැකීමෙ හැටියට නම් ප්‍රබල තරංගයි දුර්වල තරංගයි කියලා වර්ග දෙකක් තියෙනවා. දෙවිවරු කියන්නෙ ප්‍රබල තරංග. හොල්මන් අවතාර කියන්නේ දුර්වල තරංග. මට වළං ගේ ගාවදි දුර්වල තරංග තිබෙන බවක් දැනුණා."
පුරාවිද්‍යාඥ සුමිත් රණසිංහ බුද‍දහමට අනුව ගන්ධබ්බයන්, අමනුෂ්‍ය බලවේග පිළිබඳ කියවුණු සූත්‍ර ආදිය අපට සිහිපත් කළේය. ගමේ ඇතැම් අය, බුදු ගුණ සිහි කිරීමෙන් හා බලි තොවිල් ඔස්සේ මේ බලවේග ඉවත් කළ හැකි ආකාරය ගැන විවිධ මත පළ කළහ.
සමහරුන් කීවේ රෑ ගමන් වැඩිය නොයන මුත් එසේ යන අවස්ථාවක ඉතිපිසෝ ගාථාව මිමිනීම පුරුද්දක් බවයි. සමහර සතුන්ගේ වෙසින් ආත්මවලට සැරිසැරිය හැකි බව තවත් අදහසක් විය. බූදලය රකින නාගයා, වළං ගේ වවුල් අවතාරය එවන් ආත්මදැයි අපි නොදනිමු; මැටිල්ඩා නෝනාගේ අවසන් චුති චිත්තය වුයේ වළං ගේ බැලීම නිසා එය රකින්නට මඟක් සොයන්නේදැයි නොදනිමු.
එහෙත් ආරංචියේ හැටියට වළං ගේ හොරු බිඳ බොහෝ කල්ය. රෑ ගවුමෙන් ගේ පුරා ඇවිදින සුදු කොණ්ඩෙ දිග කාන්තාව හෝ ගිනි වළඳ හිස තබාගෙන යාය පුරා යන කාන්තාව හෝ හොරුන්ට පෙනුණේ නැද්ද? මේ සියල්ල සිතමින් අපි ජයවික්‍රම බූදලයෙන් සමු ගතිමු.
අරුණි මුතුමලී 
සේයා රූ රුවන් ද සිල්වා - සිළුමිණ
උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya