Monday, February 17, 2020

සියනෑවේ පිහිටි අභිරහස් උමං......(Uman Marga gampaha අබිරහස් අඩවිය - Abirahas Adawiya - හෙල පුරාණය)

ලංකාවේ අභිරහස් ස්ථාන   
සියනෑව නැතහොත් ගම්පහ නිට්ටඹුව කිතුල්ගල හා වරකාපොළ අතර ප්‍රදේශය යනු අතීත රජ දවස සශ්‍රික බුදු දහමෙන් අනූන පින්වත් බිම් කඩක් බවටත් ඒ තුළ පිහිටි පුරාණ විහාර හා ඒවායේ පසුබිම් තොරතුරු මත පදනම්ව එම ප්‍රදේශවල පිහිටි අරුම පුදුම ස්ථාන සොයා අපි පියමැන්නෙමු. එහිදී වඩාත් අවධානය යොමු වූයේ ගල් ගුහා හා උමං වැනි ස්වභාවික පිහිටීම් වෙතය. තවද ලෙන් විහාර සැලකිය යුතු ප්‍රමාණයක් ඇති එම ප්‍රදේශය රජ දවස වලගම්බා රජු හා සම්බන්ධ පුරාවෘත හා විස්තර රාශියක් විය. තවද කැලණි ගං මිටියාවත හා සබැඳි ආදි මානවයා විසූ ස්ථාන දෙකක් අතර ද දෝලනය වූ අද සටහන නිතරම අප දකින ස්ථානවල නොදුටු පැත්තක් සොයා කළ සටහනකි.  

ක්‍රි.පූ. 103 දී පමණ අනුරාධපුර රාජධානියේ රජවූ වලගම්බා රජු යනු ලාංකේය රාජ වංස කථාවේ සුවිශේෂී සලකුණකි. ඒ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමේ මහඟු දායාදය නිසාවෙනි. නමුත් වලගම්බා රජු යනු රාජත්වයට පත්ව මාස කිහිපයකින් කැරලි සහ දකුණු ඉන්දීය සතුරු ආක්‍රමණ හමුවේ රජකම හැර පලායන්නට වූ නායකයෙකි. නමුත් බුදු දහමට වූ නැඹුරුවත් ජනහිතකාමී බවත් නිසා ඔහු පලාගිය ප්‍රදේශවලදී ඔහුට ආරක්ෂාවත් නැවත සේනා සංවිධානය කර සතුරන්ට මුහුණදීමට හැකියාවත් ලැබුණි. එතුමන් විසින් කෑගලු හා ගම්පහ දිස්ත්‍රික්ක මායිම්වල වාසය කළ නැතහොත් සැඟවී සිටි සමයේ ඔහු බුද්ධ ශාසනයට ඉමහත් සේවයක් ඉටු කරන ලදී. ඒ අතර සතුරු ආක්‍රමණවලින් අාරක්ෂා වීමටත් සටන් උපක්‍රම ලෙසත් ගල්ගුහා හා උමං සෑදීම හා ප්‍රයෝජනයට ගැනීම ඔහු අතින් සිදුවූ බව යම් විහාරස්ථාන සාක්ෂි දරයි. සොබාදහමේ සැඟව ඇති එවැනි සොඳුරු ස්ථාන සොයා ගවේෂණයක් සිදු කිරීමෙන් අපට අවශ්‍ය වූයේ මෙම අභිරහස පිළිබඳ යම් තොරතුරක් දැනගැනීමටය.   

යක්කල කිරිඳිවැල පාරේ යන විට දික්කන්ද හන්දියෙන් හැරී ඉසිවර ත​පෝවනයට යන මාර්ගයේ හමුවන හැවනිවල පුරාණ රජමහ විහාරය වේ. එම ගමනේ දී ඇවරියවල අම්බලම හමුවන අතර ඒ අසල පිහිටි අලංකාර ජල තටාංගනය වලගම්බා රජ සමයට දිව යන්නකි. වලගම්බා රජුගේ බිසව ජල ස්නානයට පැමිණියේ මෙහි බවත් එක් දිනක් රැජිණගේ හවරිය අමතකව ගියපසු මෙම ස්ථානයට හැවරිවල සහ පසුකාලීනව එය ඇවරියවල ලෙස හඳුන්වන්නට ගත් අතර මෙම අම්බලම මීට වසර ගණනකට පෙර තැනූ එකක් විය. ඉන්පසු අප ගමන් කළ අරුම පුදුම ගලක් පිහිටි ඉසව්වකට භාවනානුයෝගී භික්ෂූන් වැඩ සිටින එහි අැති පෙට්ටගම්ගල අපූරු නිර්මාණයක් විය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පෙට්ටියක් ලෙස හැඩගත් මෙම ගල් පර්වතය උඩ කුඩා චෛත්‍යයක් පිහිටා ඇත. මෙම ස්ථානයට ඈතින් පිහිටි ප්‍රදේශ පැහැදිලිව දැකගත හැකි අතර මාලිගාතැන්න, වාරණ, පිලිකුත්තුව පවා දැකගත හැකිය.   
මෙම ගල පෙට්ටගමක් ලෙස හැඩයෙන් යුතු වන අතර ගලට පහළින් ඇති ගල් ස්ථරයේ ගුහාවක්ද පිහිටා ඇත. එම ගුහාවට ඇතුළුවීමට සහ පිටවීමට ස්ථාන පවතින අතර දළ වශයෙන් ගුහාවේ මීටර දෙසීයයක් පමණ යා හැකිය. වල් ඌරන්, රිලවු, හාවා, ඉත්තෑවා, වගේම නරි මෙම කැලෑබද ප්‍රදේශවල ජීවත්වන අතර මෙම ගුහාවල නිතරම නරින්ගේ වාසස්ථානයක් බවට පත්වන තැනකි. මෙවැනි කුඩා ප්‍රමාණයේ ගුහා රැසක් මෙම ප්‍රදේශවල පිහිටා ඇති අතර අතීතයේ එ්වා කුමක් සඳහා භාවිතා කළේදැයි නිශ්චිතවම පැවසිය නොහැක.   

තවද වාරණ රජමහා විහාරයේ ගල්වල ඇඳි සිතුවම් වලගම්බා රජ සමයට අයත් වන අතර මාලිගාතැන්න ලෙන් විහාරයද වලගම්බා රජු විසින් ඉදිකරන ලද්දක් බව පැවසේ. මාලිගාතැන්නේ ලෙන් කිහිපයක් පවතින අතර ඒවා විටෙක භික්ෂූන් සඳහා භාවනානුයෝගීව වැඩ සිටීමට උපකාර වූ බව පැවසේ. වලගම්බා රජුගේ අවධානය නැතහොත් මැදිහත්වීම් ලද මෙම විහාර සේම මිරිස්වත්ත සිට වතුරුගම මාර්ගයේ යන විට හමුවන ඌරාවල වලගම්බා රජමහා විහාරය එතුමන්ගේ පැමිණීම සහ ගැවසීමට කදිම නිදසුනක් සපයයි. එම විහාරය මේ වන විට පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් ලෙසද නම් කොට ඇත.   

වලගම්බා රජ දකුණු ඉන්දීය ආක්‍රමණ හමුවේ රජසුන හැරදා ලංකාවේ විවිධ ප්‍රදේශවලට පලා ගොස් දහහතර වසරක් කල්ගෙවා තම සේනාව සූදානම් කරගත් අතර එම වසර කිහිපය තුළ එතුමා වෙහෙර විහාර බොහෝමයක් සංවර්ධනය කරමින් බුදු සසුනට ඉමහත් සේවයක් සිදු කරන ලදී. එම නිසාම මහජනයාගේ ප්‍රසාදය ඔහුට හිමිවිය. තවද ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමට ද දායකත්වය සැපයූ එතුමා සැඟව සිටි තවත් ස්ථානයක් ලෙසට කෑගල්ල දිස්ත්‍රික්කයේ කිතුල්ගලට නුදුරු බිබිලිඔය පිළිම ලෙන විහාරයද සාක්ෂි දරයි. කැලණි ගං මිටියාවත අද්දර පිහිටි මෙම විහාරය වලගම්බා රජුට සැඟවී සිටීමට උපකාරී වී ඇත. තවද එම විහාරයේ පිටුපසින් උමගක් කැලණි ගඟට කපා ඇති බව ද කියැවේ. උමං හා ලෙන් ආදිය සම්බන්ධයෙන් වලගම්බා රජු මහත් ප්‍රසිද්ධියක් උසුලන අතර කොළඹට ආසන්නම ලෙන් විහාර ලෙස මෙම සියනෑ මායිම ආශ්‍රිත පිහිටි ලෙන් විහාර ගත හැක.   
අතීතයේ රජවරුන් උමං හා ගුහා සතුරු ආක්‍රමණවලින් බේරී සැඟව සිටීමටත් පහරදීමටත් විවිධ ප්‍රදේශවලට පලායාමටත් උපයෝගී කොට ගත් බව නොරහසකි. මෙම ස්ථාන අතර පසුගිය දිනක අපගේ නෙත ගැටුණු තවත් අරුම පුදුම පිහිටීමක් සහිත ගුහාවක් විය. එය පිහිටියේ කන්දක බෑවුමේ වන අතර එයද කෑගලු ගම්පහ දිස්ත්‍රික්ක මායිමේ අල්ගම නම් ග්‍රාමයේ වනලැහැබක පිහිටා තිබුණි. වර්තමානය වන විට එම ප්‍රදේශය පුද්ගලික හෝටලයක (Sri Craft Village) අයත් භූමියක් වන අතර එතරම්ම ප්‍රසිද්ධියක් උසුලන්නේ නැති එම ගුහාව සොයාද අපි ගියෙමු.   

අල්ගම නගරයේ සිට ඇලිපල්ල ප්‍රදේශයට යන විට රබර් වතුයායක අලංකාර ලෙස ගොඩනගමින් පවතින එම හෝටලය (Sri Craft Village) දැකගත හැකි වන්නේ එගොඩගම නම් ප්‍රදේශයේ දීය. ගුහාවට යාමට නම් එගොඩගම සිට පුවත්තාගලට යා යුතු අතර එතැන් සිට නිල්වලගල නම් කන්ද නැගිය හැක. තවද ඇළපල්ල ප්‍රදේශයේ සිට යනවිට කෙල්ල වැටිච්චවල පසුකොට ඉදිරියට යා හැක. අල්ගම නගරය සිට පරන්තල ප්‍රදේශයේ පිහිටි අල්ගම ඇල්ලට එපිටින්ද නිල්වලා ගල තරණය කිරීමට යා හැක. නිල්වලගල මුදුන මුහුදු මට්ටමේ සිට මීටර් 170 ක පමණ උසින් පිහිටා ඇති අතර ගුහාව පිහිටියේ මුහුදු මට්ටමේ සිට මීටර 152 ක පමණ උසකිනි.   
හෝටලයේ සිට කඳු වැටි 2 ක් හරහා කි.මී 4 ක පමණ වනගත පාගමනකින් පසු අප අල්ගම ඇල්ල වෙත ළඟා වූ අතර පසුව රබර් කැලය මැදින් කෙසෙල් මුංඇට වගාකල ඉසව්වකට පැමිණ නිල්වලගල මුදුනට පැමිණියෙමු. ඉත්තෑවන්ගේ කටු සහ සාවුන්ගේ සලකුණු සේම ගම්මානයට ජලය ලබාගන්නා කුළුඳුල් ජල උල්පතක් ද අපි මෙම කන්දක් මතදී දුටුවෙමු. වල් ඌරන් සිටින මෙම ප්‍රදේශයේ නරිද සිටින බව අපට දැනගැනීමට ලැබුණි. කෙසෙල්, බුලත්, රබර්, තේ වගාවන් සේම කුඹුරු ගොවිතැනද මෙම ප්‍රදේශයේ සශ්‍රිකව කරනු අප දුටුවෙමු. ඇට්ටෝනියා ගස් බහුල මෙම ප්‍රදේශයේ එරමිණියා වෙරළු, කිතුල්, වේවැල් ඉදල්කූරු වගේ ශාක ව්‍යාප්තියක්ද පවතියි.   

තවද බබරගල ගැරඬිගල සහ පැණි හෙල වැනි අවශේෂ කඳු ගැට කිහිපයක් ද මෙම ප්‍රදේශයේ දී දක්නට ලැබුණි. උදෑසන පැහැදිලි අහස ඇති දවසක කොළඹ වරාය ආශ්‍රිත ගොඩනැගිලි ප්‍රදේශ සේම ශ්‍රීපාදය පවා දැකගත හැකිය. නිල්වලා ගල මුදුන අංශක 360 ක වපසරියක් දැකිය හැකි විශාල ගල්තලාවක් සහිත ප්‍රදේශයකි. වර්තමානයේ මෙය ශ්‍රී ක්‍රාෆ්ට් හෝටලය මගින් නුවර දේවාලයෙන් බදු ලෙස ගෙන තිබේ. කෙසේ හෝ පැය එක හමාරක ගමනකින් පසු අප ගුහාවට බැසීමට අදාළ ස්ථානයට ලඟා වූයේ හෝටලයේ සිට දුෂ්කර වනගත මාර්ගයක් ඔස්සේ අල්ගම ඇල්ලද නරඹා පැමිණීමෙනි. ගුහාවට යාමට නම් මහා ගල් පර්වතය දිගේ මීටර් 20 ක් පමණ පහළට බැසිය යුතුය. එසේ බසින විට ගලට බරව ප්‍රවේශමෙන් බැස ගත යුතු වන්නේ සුළු පා ලිස්සීමක් ඔබේ නිසල සිරුර පහත ප්‍රපාතයේ රැඳවීමට තරම් ප්‍රබල හෙයිනි.   

 එසේ බැසගත් අප විවෘත ගුහාවක් අසලට පැමිණියෙමු. ගස් වලින් වැසී ආරක්ෂිතව තිබුණු මෙම ස්ථානය කිසිවිටකත් දුරට දැකිය නොහැක. එය පසුකොට මීටර 5 ක් පමණ ගිය පසු දැවැන්ත ප්‍රපාතය වේ. එම ප්‍රපාතය දිගේ මීටර 5 ක් පමණ බැස ගත් පසු නිල්වලගල ගුහාවට ඇතුළු විය හැකිය. නමුත් ජීවිතයත් මරණයත් රැඳි එම මීටර 5 බැසීමට කඹයක ආධාරයක් ගත යුතුම වේ. මන්ද අංශක 90 ක බැස්මක් එහි ඇති හෙයිනි. පහළට වක්‍රව සිට සුමට ගල් තලාව අල්ලාගෙන පහළට බැසීම මරණයට අත වැනීමක් බැවින් කඹයක් වැනි ආරක්ෂිත ක්‍රමයක් අනුගමනය කළ යුතුවේ.   

එම ගුහාවට අප ඇතුළු වූ පසු දුටුවේ එහි විශ්මිත පිහිටීම සහ හැඩයයි. තනි හෙලක ඇසක ආකාරයෙන් ගුහා කට පිහිටා ඇත. එම නිසා දුරතියා මෙය දැක ගැනීමටත් හඳුනාගැනීමටත් අපහසු වේ. එක යායට ඉදිරියෙන් පිහිටියේ හරිත වන ලැහැබයි. ගුහා කට පහළ සිට ඉහළ ස්ථානයට උස අඩි 10 ක් පමණ වන අතර ඇසක් ලෙස ගත් කල ගුහාවේ ඇතුළුවීමේ කොන් දෙක අතර දුර අඩි 20 ක් පමණ වේ. ඇළයට පවතින මෙම ගුහාවේ පහසුවෙන් හිටගෙන ගමන් කළ නොහැක. නමුත් තිස්දෙනෙකුට පමණ පහසුවෙන් මෙහි නැවතී සිටිය හැක. ගුහාව විශාලත්වයෙන් ක්‍රමයෙන් කුඩා බවත් ඇතුළට විහිදෙන අතර මෙය වවුලන්ගේ රජදහනක් බවට අපට පවසමින් වවුලන් පියඹා යන ලදී. මිනිස් ඇසට හසු නොවුණු වැහිලිහිණි කූඩු කිහිපයක් ද එහිවූ අතර වැහිලිහිණියන් අහසේ කෑගසමින් පියඹනු අපි දුටුවෙමු.  

මෙම ගුහාව සම්බන්ධ කිසිදු මූලාශ්‍රයක් හෝ ජනප්‍රවාදයක් ප්‍රදේශවාසීන් නොදන්න නමුත් ගුහාව ඇතුළට මීටර 200 ක් පමණ බඩගාගෙන දණ නවාගෙන යා හැකි අතර එක්තරා ස්ථානයක තරමක් නැගිට සිටිය හැකි නමුත් වවුල් වසුරු පිරි එම ඇතුළත අධි දුර්ගන්ධයකින් යුක්ත වේ. මෙම ගුහාව වලගම්බා රජුගේ සේනා සංවිධානයට හෝ සැඟව සිටීමට යොදා ගත්තක් ලෙස සිතිය හැකි මුත් නිශ්චිත සාක්ෂියක් හෝ ජනවහරක් හමුව නැත. ප්‍රදේශයේ පවතින කඳු ගැට අතරින් නිල්වලගල තරමක් උස් කඳු ගැටයක් වන අතර මීට කිලෝමීටර් 5 ක් පමණ දුරින් පිහිටි උඩුවක දුනුමාල ඇල්ල නොහොත් අලවල දේවීන් පැන්න ඇල්ල ලෙස හඳුන්වන දියඇල්ලක් පවතියි.  

මෙම ඇල්ල වටා ජනප්‍රවාද හා රාජ කථා කිහිපයක් පවතියි. මෙම ඇල්ල අසල ද ගල්ගුහා කිහිපයක් දක්නට ඇති අතර ඉන් එකක කි.මී භාගයක් පමණ ගමන් කළ හැකිවේ. තවෙකක් විවෘත ගුහාවක් වන අතර එය රත්නපුර දක්වා විහිදී ඇති බව ප්‍රදේශවාසීන්ගේ අදහසයි. තවද ජනප්‍රවාදයට අනුව යුවරජකුගේ ජයග්‍රහණය පිළිබඳ විහිලුවක් කිරීමට කළු කොඩි එසවීම නිසා ඔහුගේ බිසෝවරු මෙම ඇල්ලෙන් පහළට පැන දිවිනසා ගත් හෙයින් දේවීන් පැන්න ඇල්ල ලෙස හඳුන්වයි.  

තවද අල්ගම ඇල්ල යනු වලගම්බා රජු ස්නානය සඳහා පැමිණි ස්ථානයක් බවටත් නිල්වලගල මුදුනේ එතුමා සැඟවී සිටි බවටත් යම් හෝඩුවාවක් අප සොයාගත් බැවින් සොබාදහමේ අැස ලෙසින් පිහිටි නිල්වලගල ගුහාව වලගම්බා රජට උපකාරී වූ ස්ථානයක් බවට සැකයක් නැත. එම ගුහාව තවත් කොතරම් දුරකට විහිදේ දැයි නිශ්චිතව සොයාබලා නොමැත.  

නිල්වලගල ගුහාවේ එක් කොනක ගලේ පිහිටීම වෙනස් විය. මන්ද කළුගල රතු හා ලා කහපාටින් යුක්ත විය. ඒවා ස්වභාවිකවම පිහිටීමක් වූ අතර සමස්ථ ගුහාවෙන්ම එම ස්ථානය පමණක් එලෙස දැකිය හැකි විය. ගුහා ඇතුළට ගිය පසු ඇසක් වැනි හැඩය හොඳින් දැකගත හැකි අතර ළඟාවීමට ඇති දුෂ්කරතාව නිසා සතුරු උවදුරු වලින් බේරී සිටීමට මෙය කදිම ස්ථානයක් විය. තවද මෙතැනට දුර ඈත කඳුවැටි හා ප්‍රදේශ දැකගත හැකි අතර විටෙක මෙය ඔත්තු බැලීමට යොදාගත් ස්ථානයක් බවට ද උපකල්පනය කළ හැකිය.  
වලගම්බා රජුගේ සේනාධිනායකත්වය හා බුදුදහමේ පුනරුදයට කරන ලද මෙහෙවර මෙම ප්‍රදේශවල බොහෝ වශයෙන් දැකිය හැකි අතර පිට තරමක් වෙනස් සාධකයක් අලවල පොත්ගුල් විහාරයේ පමණක් දැකගත හැකි විය. එය නම් අලවන පොත්ගුල් ගුහාව නම් ආදී මානවයා ජීවත් වූ ස්ථානයක් ලෙසට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මගින් පරික්ෂණ කළ ස්ථානයයි. මන්ද අලවල ගුහාවෙන් ආදි මානවයන් දෙදෙනෙකුගේ ඇටකටු සොයාගෙන තිබූ අතර ඊට අමතරව ගල් ආයුධ ආභරණ වැනි දෑ උපකරණ වැනි නටඹුන් මීට වසර කිහිපයකට පෙර පුරාවිද්‍යාව මගින් සොයාගෙන තිබුණි.  

ඔවුන් පවසන අන්දමට ඒවා වසර 13000 කට අතීතයකට දිවයන ආදි මානවයා සිටි ස්ථානයකි. කටාරම් කොට ඇති ගල්ලෙනක් නිසා පසුකාලීනව භික්ෂූන්ට භාවනා යෝගීව සිටීමට වලගම්බා රජු කරවූ ස්ථානයක් ලෙසද විටෙක සිතිය හැක. මන්ද කටාරම් කෙටීම භික්ෂු භාවනා ස්ථාන හා දැඩි ලෙස සම්බන්ධ වූවක් හෙයිනි. එම ගුහාව තුළ පහසුවෙන් 30 දෙනෙකුට වඩා සිටිය හැකි අතර වැඩිදුර කැණීම් හෝ ආරක්ෂිත වැඩපිළිවෙලක් මෙම ගුහාව ආශ්‍රිතව වර්තමානයේ සිදුකර නොමැත.  

කෙසේ හෝ දින කිහිපයක සංචාරයකින් අනතුරුව වලගම්බා රජුගේ අභාෂය ලත් විහාර කිහිපයක් සහ ඒ ආශ්‍රිත පිහිටි ගල්ගුහා ලෙන් සහ අතීත කරුණු රාශියක් සොයාගැනීමට හැකි විය. ඒ අනුව නිල්වලගල පිහිටි ගුහාව වලගම්බා රජුගේ සැඟවී සිටීමේ ස්ථානයක් බවටත් එය අැතැම් විට තවදුරටත් උමගක් ලෙස විහිදෙන බවටත් දැකගත හැකි විය. තවද අවශේෂ ගුහා හා ලෙන් ආදිය තුළ සැඟවුණු අතීත හෙළ වීර කථා රාශියක් තිබිය හැකි අතර ඒවායේ අභිරහස සොයා ගත නොහැකිව පවතියි. බටහිර මුහුදට ආසන්න මෙම ප්‍රදේශය කැලණි ගං මිටියාවටත් සමීප බැවින් තවත් අපූරු නිල නොලත් රාජධානියක භූගත ගමන් සැලසුම් තිබුණු විශේෂයෙන් වලගම්බා රජ දකුණු ඉන්දියා ආක්‍රමණිකයන්ට නැවත පහරදීමට සේනා සංවිධානය කළ ඉසව් බව පැහැදිලිය. එම නිසා මෙම ගුහාවල අදටත් මිනිස් ඇස නොගැටුනු උමං පද්ධති තිබිය හැකිය. එම අභිරහස් කාලයේ වැලිතලාවට යටව සුරක්ෂිත වනු නොඅනුමානයි.  

විශේෂ ස්තුතිය - Sri Craft Village හෝටලයේ කළමණාකාර සමීර මහතාට  
සංචාරක සටහන හා ඡායාරූප  
ශමින්ද රන්ශාන් ප්‍රනාන්දු
lankadeepa
================================================
උපුටා ගැනීම් සහිතයි ....!!! 
දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya

Saturday, January 25, 2020

වසර 29කට පසු සෙනසුරු මාරුවෙයි - ලග්න හයකට සුබම සුබයි.....(wasara 29kata pasu senasuru maruwa අබිරහස් අඩවිය - Abirahas Adawiya - ශාස්ත්‍රීය ළිපි)

ලග්නයෙන් ලග්නයට පලාපල මෙන්න
”සෙනසුරු’’ හෙවත් ශනි ග‍්‍රහයා ජ්‍යොතිෂයේ නිතර කථාබහට ලක්වන අප සෑම සියලූ දෙනාගේම අවධානයට ලක්වන නවග‍්‍රහයන් අතරින් ප‍්‍රධාන වූ පාපී ග‍්‍රහයෙකිx සඵල වලට වඩා අපල බාධා හා පීඩා ඇති කරන ග‍්‍රහයෙකු ලෙස ප‍්‍රසිද්ධියට පත් සෙනසුරු  2020 ජනවාරි (24) සිට තවත් ග‍්‍රහ පෙරළියකට සූදානම් වෙයිි. එනම් ග‍්‍රහ බල බිඳී, පෙරළිකාර ශනි, ජනවාරි 24 සිට ශනිටම අයත් මකර රාශියට පිවිස ග‍්‍රහ ගමනේ යෙදීමට සූදානම් වෙමින්යx පසු ගිය වසර 3 කට ආසන්න කාලයක සිට රාශි වළල්ලේ ධනු රාශියේ සම රාශි ගතව ඉදිරියට පැමිණි සෙනසුරු හෙවත් ශනි ග‍්‍රහයා අද පෙ.ව 09x56 ට මකර රැුසට පිවිසිණි්. මෙම ග‍්‍රහ මාරුව රටට දැනෙන සිදුවීම් ඇති වන ප‍්‍රධාන හා අතිවිශේෂ ග‍්‍රහ මාරුවක් වනු ඇත.

 ග‍්‍රහ මඬුල්ලේ පෙරළිකාර මෙන්ම මන්දගාමි ග‍්‍රහයෙකු වන දුකට අධිපති ශනි ග‍්‍රහයා නෛසර්ගික වශයෙන් පාප ග‍්‍රහයෙක් වෙයි. මකර හා කුම්භ යන රාශි වලටද පුෂ, අනුර, උත‍්‍රපුටුප යන නැකැත් වලද හිමිකාරිත්වය දරනු ලබන අතර තුලා රාශියේදී උච්ච වී මේෂ රාශියේදී නීචවෙයි.

 වසර දෙකහමාරක් එක රාශියක ගත කර වසර තිහක් පුරා චක‍්‍රය වටා කරකැවෙමින් ඒ ඒ රාශිවලට ඒරාෂ්ටක බලය ඇති කරමින් විවිධ වූ අපල හා පීඩාකාරි තත්ත්වයන්ට මිනිසා ගොදුරු කිරීම මේ සෙනසුරුගේ සිරිතයි. ලෞකික අනිශ්ඨ ග‍්‍රහයෙකු වන සෙනසුරු 3, 6 හා 11 යන භාවයන් වලදී පමණක් සුබ ඵල ලබා දෙන ශනි ග‍්‍රහයා අනෙකුත් සියලූ භාවයන් වලදී ලබා දෙන්නේ අසුබ ඵලයි. කෙසේ වෙතත් ඔබත් ඔබේ ජන්ම පත‍්‍රය නිසි ලෙස ජ්‍යොතිෂවේදියෙකු ලවා පරීක්ෂා කර ගැනීම තුළින් සෙනසුරුගේ සුබ අසුබ ඉතාම පැහැදිලිව දැන ගැනීමෙන් ඊට අදාළ නිවැරදිව ග‍්‍රහ ශාන්ති කර්මය ඉටු කර ගැනීමේ හැකියාව ඇත.

 සෙනසුරු හෙවත් ශනි ග‍්‍රහයා අපේ නවග‍්‍රහ මණ්ඩලයේ 7 වන ග‍්‍රහයා වන අතරම ඔහු නපුංසක ග‍්‍රහ ලොවක් ලෙසද හැඳින්වේ. සතියේ දිනයක්ද සෙනසුරු වෙනුවෙන් වෙන් කර දී ඇත. අපේ ග‍්‍රහ මණ්ඩලයේ සිටින තදබල කේන්තිකාරයා ද වන්නේ සෙනසුරුය. එසේම අයුෂ්කාරකයාය. මේ අනුව ශාරීරික පීඩා, නඩුහබ, කල්පවතින රෝගා බාධ, ඇති කිරීම මෙන්ම ආයුෂ වලටද බලපෑම් ඇති කිරීමට සෙනසුරු සමතෙකි. කළුපාටට හුරු නිල් වර්ණයෙන් යුතු ශනි ග‍්‍රහයා තමාගේ වාහනය ලෙස අප හට හුරු පුරුදු කපුටා තෝරා ගෙන ඇත. සිය වාසස්ථානය ලෙස නුග වෘක්ෂය තෝරා ගන්නා සෙනසුරු බටහිර දිශාවට අධිපතිත්වය දරයි. කාක නිල ශනිට හිමි මැණිකයි. අප සෞරග‍්‍රහ මණ්ඩලයේ නායකත්වය දරන සූර්යයා හෙවත් හිරු සෙනසුරුගේ පියා ලෙස සලකනු ලබයි. නමුත් මෙම පිය පුතු දෙදෙනා පරම සතුරන්ය. සිය ආහාරය ලෙස නරක් වූ කුණු මාංශ ආහාරය ලෙස ගන්නා සෙනසුරුගේ කක්ෂය වටා පවතින විෂ වායු ධාරාවන්ගෙන් පිරි වළලූ නිසාවෙන් ශනි ග‍්‍රහයා වාතයට අධිපති ග‍්‍රහයා ලෙසද සලකණු ලබයි. දුකට අධිපති සෙනසුරු ජ්‍යොතිෂයට අනුව අප ජන්ම පතේ සිටින ප‍්‍රබල පාපී ග‍්‍රහයෙකි. දීර්ඝ කාලයක් එක් රාශියක රැුඳී සිටිමින් විවිධාකාරයෙන් මනුෂ්‍යයන්ට අපල උපද්‍රව ඇති කරමින් බලය එල්ල කරන සෙනසුරු තම තමන්ගේ ජන්ම පත‍්‍රවල පිහිටා ඇති ආකාරය අනුව සැම විටම එසේ අපල උපද්‍රව එල්ල නොකරන අවස්ථාද අපට දැක ගත හැකිය. සෙනසුරු හොඳට සිටිය කල ජන්මියා ඉහළටම ඔසවා තැබීම සෙනසුරුගේ සිරිතයි. මෙම කරුණු කාරණා නිසාවෙන් වැඩි දෙනකු සෙනසුරු ගැන කතා කරයි.

 ලෞකික අනිශ්ඨ ග‍්‍රහයෙකු වන සෙනසුරු ග‍්‍රහයාගේ ගෝචරය හෙවත් නැවත වසර 30 කට පසු මකර රාශි ග‍්‍රහ ගමන නිසාවෙන් එලඹෙන මෙම ශනි මාරුව හේතු කොට ගෙන ලග්න 12 හා අතුරින් ධනු, මකර, කුම්භ හා මිථුන යන ලග්න හිමියන්ට තම ජන්ම පතේ ශනි පිහිටා ඇති ආකාරය අනුව සෙනසුරු ලග්න, හා අෂ්ඨම ඒරාෂ්ඨක අපලත්, පොදුවේ ඒ ඒ ලග්න හිමියන්ට සඳු ගේ පිහිටීම හා මහ දශා, අතුරු දශා, හා විදශා වශයෙන් පීඩා හා අපල තත්ත්වයන්ට හා සුබ, අසුබ මිශ‍්‍ර පලයන් වලට විශේෂයෙන් මුහුණ දීමට සිදු වනු ඇත. අනෙක් ලග්න අතරින් වෘෂභ, කටක, මකර කුම්භ, යන ලග්න වලට පොදුවේ මධ්‍යම ඵලත් මේෂ, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, මීන යන ලග්න වලට සුබ ඵලත් උදා වනු ඇත. 3, 6 හා 11 යන භාවයන් වලදී පමණක් වඩා සුබ ඵල ලබා දෙන ශනි ග‍්‍රහයා අනෙකුත් සියලූ භාවයන් වලදී ලබා දෙන්නේ සම හා අසුබ ඵලයි. කෙසේ වෙතත් ඔබත් ඔබේ ජන්ම පත‍්‍රය නිසි ලෙස ජ්‍යොතිෂවේදියෙකු ලවා පරීක්ෂා කර ගැනීම තුළින් ඉදිරි සෙනසුරු මාරුවේ සුබ අසුබ ඉතාම පැහැදිලිව දැන ගැනීමෙන් ඊට අදාළ නිවැරදිව ග‍්‍රහ ශාන්ති කර්මය ඉටු කර ගැනීමේ හැකියාව ඇත. කෙසේ වෙතත් ඉදිරි ශනි ග‍්‍රහ මාරුව ජ්‍යොතිෂානුකූලව අප රටෙහි ජනතාවට මෙන්ම රටටද යම් පමණකට සුබවාදී වනු ඇත.

 සෙනසුරු හෙවත් ශනි ග‍්‍රහයා කුම්භ ලග්න කේන්දරය හිමි අප රටෙහි ලග්නාධිපති ග‍්‍රහයා වන අතර එම ලග්නාධිපති ශනි මෙම ග‍්‍රහ මාරුවත් සමග ශ‍්‍රී ලංකා කුම්භ ලග්න කේන්දරයේ

 ලග්නයෙන් 12 වැන්නට හෙවත් මකර රාශියට පැමිණ

 තමාගේම රාශිගත වනු ඇත. පොදුවේ අප රට සම්බන්ධයෙන් සිතා බැලීමේදී මෙම සෙනසුරු මකර රාශි මාරුව තුළින් ඉදිරි කාලය තුළ විශේෂයෙන්ම අප රටට සමඵල උදාවන අතර නමුත් දේශගුණ විපර්යාස ඇති වීමේ අවදානමක් දක්නට ලැබේ. විකෘති වූ කාලගුණ ස්වරූපයන් මෙන්ම ගංවතුර, නායයෑම්, ජලාශ පිටාර ගැලීම් අධික සුලං තත්ත්වයන්ද, නියඟයන්ද ඇති විය හැකිය.

 ඉදිරි කාලය තුළ අප රට සම්බන්ධයෙන් ගත් කල දේශපාලනික ක්ෂෙත‍්‍රයේ සුවිශේෂ සිදුවීම් රාශියක් සිදුවනු ඇත. දේශපාලන පිල්මාරු නව දේශපාලන පක්ෂ හා කණ්ඩායම් බිහි වනු ඇත. විපක්ෂයේ දේශපාලන පක්්්්්්්ෂ වල නව පිපිදීම් මෙන්ම නව නායකයන් රටට බිහිවන කාලයක් වනු ඇත. ජනතාවට ආර්ථික වාසි ඇතිවන අතර කම්කරු ප‍්‍රශ්නවලට යම් පමණක විසඳුම් ඇති වනු ඇත. විවිධාකාරයේ උද්ඝෝෂණ වැඩ වර්ජන ඇතිවුවද කම්කරු ව්‍යාපාරයේ නැගීටීම් ද ඇති වේ. එමෙන්ම සමාජීය ගැටලූ රාශියක් ඉදිරි කාලයේ ඇතිවේ. අධ්‍යාපන හා විශ්වවිද්‍යාල ක්ෂේත‍්‍රයේ ගැටලූකාරී තත්ත්්වයන් ක‍්‍රමයෙන් නැතිවේ. රිය අනතුරු, ගිනි අනතුරු, හදිසි පිපිරීම් තත්ත්ව, හදිසි අනතුරු උද්ඝෝෂණ, වැඩ වර්ජන හා විවිධ නොසන්සුන්තා යම් පමණකට ඇති වන තත්ත්වයන් උදාවන්නේය. බුද්ධිමතුන්ට මෙන්ම පැවිදි උතුමන්ට අපල හා බාධාකාරී කාලයකි. දේශපාලන වාද විවාද, මැති ඇමැති මාරු අතිවන කාලයකි.

 ලෝකය සම්බන්ධයෙන් ගත් කල රටවල් වල විවිධාකාරයේ ත‍්‍රස්තවාදී කණ්ඩායම් හේතුවෙන් යුද තත්වයන් හා ගැටුම් ඇති විය හැකිය. ලෝකයේ රටවල් ආශ‍්‍රිතව විශාල වශයෙන් කාලගුණ විපත් ඇති වන අතර එම නිසාවෙන් ජනතාවට විවිධ වූ අපහසුතාවලට ලක් වීමට සිදුවේ.

 ශනි අපල ඇති ලග්න හිමියන් එම අපල වලින් මිදීම සඳහා ඇති ග‍්‍රහ ශාන්ති කර්ම පිළිබඳව අවධානය දක්වන්නේ නම් යහපත්ය. ශනි මකරයට පිවිසීම ඔබගේ ලග්නයට කෙසේ බලපානු ඇද්ද ?

 මේෂ ලග්නය

 ශනි ලග්නයෙන් 10 වැන්නට පැමිණීම යහපත් කාලයකි. වෘත්තීය අංශ වල මෙන්ම රැුකියා වල යහපත උදා වනු ඇත. සතුරන්ගෙන් ඡුය ලැබෙන කාලයකි. සතුරන් පරාජය කළ හැකි කාලයකි. දේපළ දියුණුවන අතර සාමාන්‍යයෙන් ධන ලාභ ලැබෙන කාලයකි. ණය ගනුදෙනු වලින් නිදහස් වීමට හැකියාව ලැබේ. විවිධ වර්ගයේ ආහාර පාන ලැබෙන කාලයකි. සුව පහසු භාණ්ඩ ගැනීමේ අවස්ථා උදා වෙයි. අධ්‍යාපන කටයුතු වලට සුබ ඵල ගෙන දෙන අතර ප‍්‍රමාද වී පවතින රැුකියා ස්ථාන මාරු වීම් හෝ උසස් වීම් සඳහා සුබ ඵල උදා කරනු ඇත. නිතර හිතවතුන් සමග ගමන් බිමන් යෑමට අවස්ථාව සැලසේ. මෙම කාලයේ සමාජයේ ප‍්‍රසිද්ධ වීමට කාලය උදා වනු ඇත. සමස්තයක් වශයෙන් බැලූ කල සුබ ඵල ඇති කිරීමේ ප‍්‍රවනතාවක් දක්නට ලැඛේ.

 වෘෂභ ලග්නය

 ඔබගේ අෂ්ඨම ඒරාශ්ඨකය අවසන්ව ශනි ලග්නයෙන් 9 වැන්නට පැමිණීම ඔබට සමපල ගෙන දෙන පිහිටීමකි. පෙර පින ඇති කරයි. මෙම කාලය ශරීර සනීපය ඇති කරන කාලයකි. මේ කාලය මිශ‍්‍රඵල දායක වේ. ලිපි ලේඛන හා නිර්මාණාත්මක කටයුතු සඳහා හොඳයි. කාන්තා පක්ෂයෙන් විශේෂ උදවු උපකාර හිමිවේ. දරු ඵල අපේක්ෂිත අයට දරු ඵල උදාවනු ඇත. අචිවාහක අයට මංගල යෝජනා උදාවේ. රැුකියා අංශ වල විසිතුරු භාණ්ඩ අලවිය වැනි අංශවලින් ආර්ථික වාසි හිමිය. අධ්‍යාපනයට සම්බන්ධ අයට ඒ කටයුතු වලින් දක්ෂතා ගෙනදෙයි. සේවක ගැටලූ හා ගෘහ නිර්මාණයකට සම්බන්ධව ගැටලූ පැන නැගීමට හැකිය. වා, පිත් සම්බන්ධ රෝගාබාධ හට ගැනීමට අවස්ථා ඇත. ස්වයං රැුකියා වල නිරතවන්නන්ට සුබ දායකය. රෝග වලට හරියට ප‍්‍රතිකාර නොගත්තොත් ඒවායේ සුවය ප‍්‍රමාද වනු ඇත. ගෘහ ජීවිතය සතුටු දායකය. රැුකියාවේ උසස් වීම් වගේම වෙනස්වීම්ද බලාපොරොත්තු විය හැකිය. නීතියට එරෙහිව කටයුතු කිරීම නිසා මුදල් හෝ

 අරැුකියාවේ පාඩු සිදු විය හැකිය. සෞඛ්‍ය තත්ත්වය යහපත්ය.

 මිථුන ලග්නය

 ශනි ලග්නයෙන් අටවැන්නේ ගෝචර වීම ලග්න අෂ්ඨම ඒරාශ්ඨකයයි. සෙනසුරු ග‍්‍රහයා ධනුවේ ගත කරන ඉදිරි වසර දෙකහාමාරක කාලය අෂ්ඨම ඒරාශ්ඨක අපලය උදාවන කාලයකි. වැටීම්, තැලීම්, සීරීම් මෙන්ම මානසික පීඩා හා දිගු කාලීන රෝගාබාධ හට ගැනීමේ ප‍්‍රවනතාවක් පවතින බැවින් ඒ පිළිබඳව කල්පනාකාරී වන්න. වියදම් පක්ෂය අධික වන අතර අධ්‍යාපන කටයුතුවල නිරත වන්නේ නම් ඒ සඳහා බාධා හා කරදර විටින් විට ඇතිවිය හැකිය. යාන වාහන පැදවීමේදී සැලකිලිමත් වන්න. රැුකියා වල නිරත අය තම රැුකියා ස්ථානයේ බුද්ධිමත්ව කටයුතු කිරීම තුළින් එම ස්ථාන බාධා බොහෝ දුරට සමනය කර ගත හැකිය. රැුකියා අපේක්ෂිත අයගේ ඒ පිළිබඳ බලාපොරොත්තු තරමක් ප‍්‍රමාද වන අතර ශරීර සෞඛ්‍ය කෙරෙහි අවධානය යොමු කරන කල්හි කොන්දේ අමාරු, මුත‍්‍රා අමාරු, වැනි රෝග පීඩා හටගැනීමේ අවදානමක් පවතී. ඒ පිළිබඳ සැලකිලිමත් වන්න.

 කටක ලග්නය

 ශනි 7 වැන්නේ ගමන් කරන මෙම කාලයේ ඔබට සමඵල උදා කරයි. විවාහයට යහපත් වේ. නමුත් නීතිමය කටයුතු වලින් නම් යහපත් නොවේ. අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට එතරම් සුබ ඵල උදා කරන කාලයක් නොවනු ඇත. දරුපල බලාපොරොත්තු වන ඔබටද මෙම කාලය තුළ එතරම් සුබදායක ප‍්‍රතිඵල නොලැබෙනු ඇත. අධික වියදම් සහිත කාලයක් වෙයි. පේ‍්‍රම සම්බන්ධතා පවත්වන්නන්ගේ එම සම්බන්ධතා බිඳී යෑමට ඉඩ ඇත. වසංගත රෝග හට ගැනීමට ඉඩ ඇත. වැඩිමල් දරුවන්ට හෝ ශිෂ්‍යන්ට මෙම කාලය තුළ විවිධ අන්දමේ බාධා කරදර ඇති වෙයි. නම්බුනාම ලැබේ. අනාගත බලාපොරොත්තුවකින් සිටි යම් කාරණයක් පිළිබඳ අවසන් මොහොතේදි එය බිඳී යෑමට හැකිය.

 සිංහ ලග්නය

 ලග්නයෙන් 6 වැන්නට ශනි පැමිණෙයි. යම් යම් අංශ වලින් යහපත උදා කරයි. වෙහෙස වන දුර ගමන් යෙදෙන කාලයකි. නමුත් යහපත් ප‍්‍රතිඵල උදා වනු ඇත. තම මවට වාත වේදනා ඇති විය හැකිය. මව් පාර්ශ්වයේ නෑදෑ කෙනෙකුට යම් අපල දායක තත්ත්වයක් ඇති විය හැකිය. මෙම කාලයේ ව්‍යාපාර වලින් ලාභ සිදු විය හැකිය. පරණ විශාල ගෙවල් හා නව වාහන ලැබීමේ ප‍්‍රවනතාවක් පවතී. එසේම ඔබට වැඩිහිටි නෑදෑයින්ගෙන් දේපළ හා යාන වාහන ලැබීමේ අවස්ථා ද උදා වනු ඇත. අධ්‍යාපන හා උසස් අධ්‍යාපන කටයුතු වලට යහපත් වන අතර විදේශ ගමන් වලටත් සබුදායක වනු ඇත. රැුකීරක්ෂා කටයුතු වල යම් යම් ගැටලූකාරී තත්ත්වයන් ඇති විය හැකිය. රැුකියා අපේක්ෂිත අයගේ ඒ පිළිබඳ බලාපොරොත්තු තරමක් ප‍්‍රමාද වන අතර ශරීර සෞඛ්‍ය කෙරෙහි අවධානය යොමු කරන කල්හි ඉතා යහපත්ය.

 කන්‍ය ලග්නය

 ලග්නයෙන් 5 වැන්නේ ශනි බලවත් වීම යහපත් වේ. මෙම කාලය තුළ ඔබට යම් මුදල් හා ධන ලාභ ලැබීමේ කාලයකි. එසේම ශරීර සනීපයට හේතු වන කාලයකි. සතුරන්ගෙන් ජය ලැබෙන කාලයකි. දේපළ ලාභ ලැබෙන කාලයකි. අසනීපවලින් සුවය ලබන කාලයකි. උත්සව වලට හා සමිති සමාගම් වලට ආරාධනා ලැබෙන කාලයකි. ඔබගේ සමාජ තත්ත්වය මෙම සෙනසුරු මාරුවෙන් පසුව යම් ප‍්‍රමාණයකට ඉහළ යනු ඇත. අවිවාහක අයට මංගල යෝග උදාවේ. ඉඩම් හා ගෙවල් මිලදී ගැනීමට මෙම කාලය ඉතාම සුබ දායක වනු ඇත. විශේෂයෙන්ම පවුලේ දියුණුව ඇති වන කාලයකි. තම හිත මිතුරන් හා නෑදෑයන්ගේ ප‍්‍රීති උත්සව හෝ මංගල උත්සවවලට සහභාගි වීමට අවස්ථාව උදා වනු ඇත.

 තුලා ලග්නය

 ලග්නයෙන් 4 වැන්න තුළ ශනි මෙවර බලවත් වීමෙන් ඔබගේ යහපත් සුබදායක කාලය පැමිණ ඇත. ගේ දොර ඉඩකඩම් කටයුතු වලට යහපත්ය. මව් පාර්ශ්වයෙන් දේපල ලාභ ඇතිවන කාලයකි. ධන ලාභ ඇති වේ. ශරීරයේ ඇති ලස්සන වැඩිවන අතර ශරීර ශක්තිය වර්ධනය වීමට කාරණා යෙදේ. මුදල් අතේ රැුඳෙන වියදම් අඩුවන කාලයකි. මෙම කාලය තුළ ඔබට මිල මුදල් අතින් තදබල අගහිඟතා ඇති වීමට නොහැකිය. ඔබ විවාහක නම් තම පවුල තුළ යම් යම් සුළු ගැටලූ හා ප‍්‍රශ්න ඇති වීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ සැලකිමත් වන්න. පහසුවෙන් දත් දිරායෑමකට හෝ දත් සම්බන්ධ රෝගාබාධ ඇතිවිය හැකිය. විශේෂයෙන්ම උගුරේ ආසාදන ඇති වීමට හැකියාවක් පවතී. පාද වල ලප කැළැල් ඇති විය හැකිය.

 වෘශ්චික ලග්නය

 වසර හතහමාරක ලග්න ඒරාශ්ඨක අපල අවසන්ව ශනි ලග්නයෙන් 3 වැන්නට පැමිණෙන මෙම වසර දෙකහාමාරක කාලය ඔබගේ බලාපොරොත්තු ඉටුවන කාලයකි. නව ආදායම් මාර්ග ඇති විය හැකිය. රෝගාබාධ මෙන්ම මානසික පීඩා හා දිගු කාලීන ප‍්‍රශ්න දුරු වන කාලයකි. නව ආදායම් මාර්ග හට ගැනීමේ ප‍්‍රවනතාවක් පවතින බැවින් ඒ පිළිබඳව කල්පනාකාරී වන්න. ඔබගේ පවුලේ කෙනෙකුට හෝ හිතවතෙකුට කරදරයක් හෝ විපතක් ඇති වීමට හැකිය. මෙම කාලයේ නඩු හබ වලින් ජය ගත හැකි අතර එය තමාට ඉතාම වාසි සහගත වනු ඇත. රැුකියා ස්ථානයේ උසස් වීම් ඇතිවන කාලයකි. ඔබ විවාහක නම් තම පවුල් ජීවිතය තුළ ප‍්‍රශ්න හා ගැටලූකාරී තත්ත්වයන් ඇති විය නොහැකිය. සුබදායකය. විදේශ ගමන් සඳහා යහපත් අතර ඒ පිළිබඳව සැලකිලිමත් වන්න. ඔබට තම දරුවන්ගේ කටයුතු වෙනුවෙන් වෙනදාට වඩා වෙහෙස මහන්සි වී කටයුතු කිරීමට සිදුවනු ඇත. ඒ තුළින් දරුවන්ගේ අනාගත යහපත උදාවනු ඇත. සෞඛ්‍ය හා අධ්‍යාපන තත්ත්වය පිළිබඳව අවධානය යොමු කිරීමේදී යහපත් වන අතර තම සහෝදර සහෝදරියන් සමග වෙනදාට වඩා සබඳතා ඇති විය හැකි බැවින් ඒ පිළිබඳව සිය අවධානය යොමු කිරීම තුළින් එම තත්ත්වයන් තවත් වර්ධනය කර ගැනීමට හැකියාව ලැබෙයි. උසස් අයගේ කීර්ති ප‍්‍රශංසාද ලැබේ. මෙම කාලයේ සමාජයේ ප‍්‍රසිද්ධ වීමට කාලය උදා වනු ඇත. සමස්තයක් වශයෙන් බැලූ කල සුබ ඵල ඇති කිරීමේ ප‍්‍රවණතාවක් දක්නට ලැඛේ.

 ධනු ලග්නය

 ලග්නයෙන් 2 වැන්නේ ශනි ගමන් කරන මෙම කාලය ඔබගේ වැය පක්ෂය ඉහළ යන අතර ධන හානි ඇති කරයි. අතේ මුදල් නොරැුඳෙන කාලයකි. මෙම කාලය තුළ නීතිමය ප‍්‍රශ්න ඇති විය හැකිය. රැුකියා බලාපොරොත්තුවෙන් සිටින ඔබට එම බලාපොරොත්තු ඉටු වීමේ ප‍්‍රමාදයක් ඇති වන අතර රැකියා වල නිරත අයගේ එම රැුකියා ස්ථාන වල යම් යම් ගැටලූ ඇති වීමට හැකියාව පවතී. ඔළුවේ කැක්කුම් ස්නායු ආබාධ මුත‍්‍රා ආබාධ, වාත රෝග වැනි රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා විය යුතුය. විදේශගත වීමට බලාපොරොත්තුවෙන් සිටිනවානම් එම කාරණා සම්බන්ධයෙන් යම් යම් ගැටලූකාරී තත්ත්වයන් ඇති විය හැකිය. වැටීම්, තැලීම්, සීරීම් මෙන්ම මානසික පීඩා හා දිගු කාලීන රෝගාබාධ  හටගැනීමේ ප‍්‍රවනතාවක් පවතින බැවින් ඒ පිළිබඳව කල්පනාකාරී වන්න. ඔබගේ පවුලේ කෙනකුට හෝ හිතවතෙකුට කරදරයක් හෝ විපතක් ඇති වීමට හැකිය. අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් මෙම කාලය ඔබට එතරම් සුබ දායක නැත. ස්ත‍්‍රීන් නිසා කරදර ඇති විය හැකිය.

 මකර ලග්නය

 ශනි ලග්නයට පැමිණීම ඔබට සමඵල උදාකරයි. නිතරම ගමන් බිමන් ඇති වීම නිසා කරගෙන යන වැඩකටයුතු වලට බාධා හා ප‍්‍රමාදයන් ඇති වෙයි. විවාහකයන්ගේ පවුල් සංස්ථා තුළ

 ගැටලූ ඇති වීමට කරුණු යෙදෙනු ඇත. ඒ පිළිබඳ විමසිලිමත් වන්න. නඩු හබ හෝ තමාට විරුද්ධව කරන පැමිණිලි ඇතිවීමට හැකිය. වියදම් අධික වෙයි. මහජනයා සමග කරන කටයුතු වලදි අවුල් වියවුල් ඇති වීමට හැකි තත්ත්වයක් පෙන්නුම් කරයි. කරගෙන යන රැුකී රක්ෂා වලට අවහිර බාධා මතු වීමට ඉඩ ඇත. අසනීප වශයෙන් ලිංගාශ‍්‍රත රෝගා බාධ, වාතා රෝගා බාධා, හිරි වාත, අජීර්ණ රෝග වැනි අසනීප ඇති වීමට ඉඩ ඇත. විවාහ අපේකෂිත අයගේ බලාපොරොත්තු ඉටු වීම ප‍්‍රමාද වෙයි.

 කුම්භ ලග්නය

 ශනි 12 වැන්නේ ගමන් කරයි. ලග්න ඒරාශ්ඨකයේ ආරම්භක අවස්ථාව වේ. ඔබට මෙම කාලය මිශ‍්‍රඵල දායක වෙයි. ධනය අතින් යහපත්ය. උසස් අධ්‍යාපන අවස්ථා උදාවේ. ව්‍යාපාර අංශවලට සුබදායක වේ. රැුකියා අංශ තුළ කලකිරීම් ඇතිවන අතර හදිසි වෙනස් වීම්වලට හේතු වේ. සෞඛ්‍ය අතින් දණහිස සම්බන්ධ ආබාධ ඇතිවිය හැකිය. ගේදොර කටයුතු සම්බන්ධයෙන් දැඩි කැපකිරීම් කල යුතු වෙයි. රැුකියාවේ උසස් වීම් බලාපොරොත්තු විය හැකිය. නමුත් බාධා පවතී. පවුල් ජීවිතය යහපත් වන අතර ආදායම් තත්ත්වය ඉහළ යනු ඇත. අලූතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලයේදී සිත යොමු වේ. ගෞරවය හා පිළිගැනීම ඔබට ලැබේවි. දරු උපත් මගින් පවුල වර්ධනය වීමට ඉඩ ඇත. ඔබට මෙම කාලය මිශ‍්‍රඵල දායක වෙයි. ධනය අතින් යහපත්ය. උසස් අධ්‍යාපන අවස්ථා උදා වේ. ව්‍යාපාර අංශ වලට සුබ දායක වේ. රැුකියා අංශ තුළ කලකිරීම් ඇතිවන අතර හදිසි වෙනස් වීම් වලට හේතු

 මීන ලග්නය

 ලග්නයෙන් 11 වැන්න හෙවත් අයස්ථාන ගතව ශනි බලවත් වීම ඔබට සුබඵල දායකයි. අවිවාහක අයට මංගල යෝජනා උදාවේ. නමුත් සුළු බාධා ඇතිචේ. ධන ලාභ, රැුකියා වාසනා, තනතුරු, ලොතරැුයි වාසනා බෙහෝවිට උදාවේ. රැුකියා අංශ වල රාජ්‍ය අනුග‍්‍රහය හා උසස් අයගේ කීර්ති ප‍්‍රශංසාද ලැබේ. මහන්සියේ තරමට ප‍්‍රතිඵල ලැබිය හැකිය. ඥතීන් සමග මත බේද පහව යනු ඇත. පිරිමි දරු ලාභ ඇතිවන අතර සියලූ අංශ වලින් සුබයි. ඔබගේ අධ්‍යාපනයට ඉතාම හොඳයි. ඒ වගේම රැුකියා ස්ථානයෙන් උසස් වීමක්ද හිමි වීමට ඉඩ තියනවා. ඒ වගේම අලූතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලය සුබයි. මුදල් ඉතිරි වන කාලයකි. නව මිතුරන් ඇසුරට ලැබේ. කීර්තිය, ප‍්‍රශංසාව, ගෞරවය හා සමාජ පිළිගැනීම හිමිවනවා ඇත. ව්‍යාපාරවලින් ආදායම්ද හිමිය. පවතින රෝගාබාධ සුවවන අතර, සෞඛ්‍ය තත්ත්වයද යහපත්ය. ඔබට මෙම කාලය සුබය. එම නිසාවෙන් කායික මානසික වශයෙන් යහපත්ය. ආගමට දහමට නැඹුරු වන කාලයකි.

 සැ. යු.

 ඉහත සඳහන් පලාපල තත්ත්වයන් ඔබේ ජන්ම පත‍්‍රයේ ග‍්‍රහ පිහිටීම්, ගත වන මහ දශා, හා අතුරු දශා, ග‍්‍රහයන් උත්පත්තියේදී පිහිටී නැකැත් හා 22 දෙර්කාණාධිපති, 64 නවාංශකාධිපතිගේ තත්ත්වයන්, හා විවිධ ග‍්‍රහ දෘෂ්ටි මත යම් පමණක අඩු වැඩි වීම් සිදුවිය හැකිය.

 ජ්‍යොතිෂවේදී, වාස්තු විද්‍යා උපදේශක, පුවත්පත් ලේඛක,
 බණ්ඩාරගම, සම්පත් එස්. කල්පගේ
divaina
================================================

උපුටා ගැනීම් සහිතයි ....!!! 
දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Thursday, January 23, 2020

මෙන්න ගුරුකම් - මෙය ප්‍රබන්ධයක්‌ නොවේ සත්‍ය සිදුවීමකි.....(Akshaya thowil gurukam අබිරහස් අඩවිය - Abirahas Adawiya - හොල්මන් කතා. holman katha)

යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වල ප්‍රධාන අදහස අලෞකික දෙය, පාලනය, කරමින් යහපත් හෝ අයහපත් හොඳක්‌ නපුරක්‌ සැලැස්‌මකට සැකසීමට උපකාර කර ගන්නා නොයෙකුත් ක්‍රමවිධිවලටය.

 එම දෙයට ජීවම් බන්ධන කොඩිවින, පිල්ලි, සූනියම් සහ පැන්නීම් ආදී ඇදහිලි ක්‍රම විධි කෙරෙහි ආදියේ සිට ජනතාව අතර විශ්වාසයක්‌ පවතිනවා.

 උක්‌ත සඳහන් කළ අණවින කොඩිවින බන්ධන පිළිබඳ ප්‍රකට පුද්ගලයින් හා පැවිදි ස්‌වාමීන් වහන්සේලා සිටි බවට ඉතිහාස කතා ඇත.

 පූජ්‍ය වල්පොල ස්‌වාමීන් වහන්සේ, බත්තරමුල්ලේ ධම්මරතන හිමි, පූජ්‍ය අංකොක්‌කල පියරතන ස්‌වාමීන් වහන්සේ යනු ඉන් කිහිප දෙනෙකි.

 ගිහියන් අතර මාතර යකහටුව ඇපලපිටියේ පිල්ලිය මාරපන ගණිතය ගුරුන්නාන්සේ, දොඩම්පෙ පුංචි බණ්‌ඩාර හා තුම්පනේ යක්‌දෙස්‌සා ඉන් කිහිප දෙනෙකි.

  කැන්දන්ගමුවේ බටහිර දම්ගොල්ලේ පදිංචි ලියන ගෙදර වෛද්‍යරත්න පරම්පරාවේ වෛද්‍ය රත මන්ත්‍රාචාර්යවරයා සීතාවක රාජ්‍ය පාලන සමයේ සිටි ප්‍රකට පුද්ගල පරපුරකි.

 අප ලද තොරතුරු මත එම ලියනගෙදර වෛද්‍ය පරම්පරාවේ වර්තමානයේ ජීවත් වන ජ්‍යෙdතිෂ්‍ය වේදී මන්ත්‍රාචාර්ය බුලුගහපිටියේ පදිංචි සිරිසේන මහතා හමුවීමට ගියා.

 සිරිසේන මහතා දක්‍ෂ නැකැත්කරුවෙකි. එමෙන්ම මන්ත්‍ර ගුරුකම්වලට ප්‍රසිද්ධ අයෙකි.

 තරමක අසනීපයෙන් සිටියද එතුමා මීමුත්තන් පිළිබඳව දීර්ඝ විස්‌තරයක්‌ කළා. කතා කිරීමට අපහසු වුවත් එතුමාගෙන් අපේක්‍ෂා කළ තොරතුරු ලබාගැනීමට හැකි විය. අනතුරුව ඔහුගේ සොහොයුරු ලියනගෙදර ආරියරත්න මහතා හමුවීමට ගියා.

 තම සොහොයුරු සිරිසේන මහතා කළ විස්‌තරය සනාථ කර දක්‍ෂ පරම්පරා ගත වෛද්‍යවරයකු වූ තම පියාගේ ඡායාරූපයක්‌ අප වෙත යොමු කළා.

 ඔහු අප ආදරයෙන් පිළිගෙන අපට සංග්‍රහ කර තමා දත් තොරතුරු මෙසේ විස්‌තර කළා.

 ආරියරත්න මහතාගේ පියාගේ පියාට පියවරු ලෙස දෙදෙනෙක්‌ සිටියා. ඉන් වැඩි මහල් ලොකු සීයා අප්පච්චි අතිදක්‍ෂ මන්ත්‍රාචාර්යවරයෙකි. එසේම ඔහුගේ සොහොයුරු වෛද්‍යරත්න මහතා පරම් පරාගත සර්වාංග රෝග විශේෂඥ වෛද්‍යවරයෙකි. කැඩුම් බිඳුම් සුවපත් කරන්නෙකි.

 ආරියරත්න මහතාගේ මුත්තා ලොකු සීයා යක්‌ නැටුම්, තොවිල් ගම්මඩු, භූතයින් දමනය, ආවේශ වූවන් සුව කිරීමෙහි ප්‍රකට අයෙකි.

 මෙකලම සිටි මාරපන ගණිතයා ද මොහු මෙන්ම දක්‍ෂයෙකි. දෙදෙනා අතර තරගයකි. මේ හේතු කොට ගෙන දෙදෙනා අතර සුහදත්වය බිඳී ඇත.

 ආරියරත්න මහතා කිවූ ඉතිහාසගත සිදුවීම් විස්‌තර කිරීමට පළමුකොට නාම කිහිපයක්‌ ආදේශ කර ගත යුතුය.

 වෛද්‍යරත්න මහතා (භූතයකු) එනම් යක්‍ෂයෙකු දමනය කරගෙන ඔහුට පොඩියා කියා නම් තැබුවා. පොඩියා අක්‌කර පහක පමණ කැලය කපා ගිනි තබා මුඩු බිම කුඹුරක්‌ අස්‌සද්දාගෙන වන සතුන්ගෙන් ආරක්‍ෂාවට විශාල ගල් යොදා වෑටියක්‌ ඉදිකළා.

 වර්තමානයේ එම ගල් වැටියෙහි විශාල ගල්ද අපට දැක ගැනීමට ලැබුණා.

 පොඩියාට අවශ්‍ය සැම දෙයම සකසාගෙන විවේක ගැනීමට අවශ්‍ය නිවාසයක්‌ද ඉඩමෙහි අසල තැනක ඉදිකර එහි පදිංචි කළා.

 ගෙවත්තෙහි වැඩ පල කරන පොඩියා දමනය කළ යක්‍ෂයකු බැව් කිසිවකු නොදනී. පොඩියාද සාමාන්‍ය තරුණයෙකු ලෙස හැසිරේ. පවුලේ ඥාතීන් පවා පොඩියා මිනිස්‌ රුව ආදේශ කළ යක්‍ෂයකු බැව් දැන සිටියේ නැත.

 වෛද්‍යරත්න තුමා නිවසින් බැහැරට යන හැම අවස්‌ථාවකදීම පොඩියා පදිංචි නිවස ආරක්‍ෂා කොට ඔහුගේ නිවසට ඇතුළු වීමට කිසිවකුට ඉඩ තබන්නේ නැත.

 එසේම පොඩියාටද තමා සිටින නිවසින් පිටතට පැමිණිය නොහැකිය. ඔහු එසේ කරන්නේ මාරපන ගණිතයා කුමන අවස්‌ථාවකදී හෝ පොඩියාට ආවේශ කර ඇති යක්‍ෂයාගේ බන්ධනයෙන් මුදවා තමාට අනතුරක්‌ කරනු ඇතැයි යන සැකය පවතින බැවිනි.

 කැන්දන්ගමුව වර්තමානයේ ඇහැළියගොඩ නම් විය. උඩවත්ත වර්තමානයේ උඩුමත්ත නම් විය.

 මේවා කුඩා ගම් විය. ගමනාගමනයට ඇත්තේ අඩි පාරවල්ය. ජනගහනය. ඉතා අඩුය. නොදියුණු ගම් වන අතර ඇදහිලි අතර යක්‍ෂ දේව ආදී භූත ඇදහිලි කෙරෙහි දැඩි විශ්වාසයෙන් පසුවේ.

 උඩුමත්තේ නිවසක කාන්තාවකට ආවේශ වී මහ සොහොන් යකා වැසී සිටියා. එම ආතුරයාට තොවිලයක්‌ කිරීමට භාරගෙන තම ගෝල පිරිස යවා මහ සොහොන් තොවිලයට අදාළ තොරණ ඉදිකළා.

 මෙම තොරණේ මැද මහ සොහොන් යකාගේ රූපය විය. එම වටා අනෙක්‌ යක්‍ෂරූප සමඟ බලියේ සතර වටා දේව රුව අඹා අලංකාර ලෙස වැඩ නිම කළා.

 මන්ත්‍රාචාර්යතුමා සහ ගෝල පිරිස සොහොන් යකාගේ යාදින්න අවසන් කර පිදේනියට මෙවන් කවිකියා නැටුවා.
 
 ආයු බෝ වේ වා
 කළ සෙත් මුදුන් වේ වා
 දුක්‌ ළං නොවේ වා
 ශක්‍ර මහ බඹු ආයු දේවා

 ලැබු නම ජය සොහො න්
 සුබ දින එකම තැබු වෙ න්
 ගොසින් වෙස මුනිගෙ න්
 වරම් ලැබ නරලොවට බසිමින්

 පිදේනියට මේ අයුරින් කවි සමූහය පවසා යකු උපතද

 පසන් දඹදිව බලෙන් යෝදෙක්‌ අයුර බලයෙන් ඇවිදි තා
 වසන් නොදැනම මදයුදෙන් ගොස්‌ එගෝඩිම්බර දැක කතා
 වසන් මද විය එතන හිමිගෙන් යුදෙන් පැරදී ජීවි තා
 අසන් වියතුනි මහසොහොන් යකු උපත අසනුය ලොව සතා

 එර්දි බලයෙන් එයන ජයසොන් වැසී ගෝඩිම්බර බිසව් ඇඟ
 රුදුරු ගුණයෙන් සලිල වෙව්ලුම් පමුණුවා ලෙඩ කරයි මේ රඟ
 අග්‍ර බල අඩු නිවට ජයසොන් යකුනි තොප බල ඇතත් අප ඇඟ
 තර්ක කෙරුමට බිසව අතහැර මෙමා වෙත වර කියා කිsවි මිග

 මේ අයුරින් කවි කියමින් පන්දම් අතට ගෙන දුම්මල ගසමින් තොවිලය කරගෙන ගිය මධ්‍යම යාමය පැමිණි මාරපන ගණිතයාද තම සුනඛ පිල්ලිය ලියනගෙදර වෛද්‍යරත්නතුමාගේ නිවසට යෑව්වා.

 එදින රාත්‍රි පොඩියා පදිංචි නිවස ආරක්‍ෂා කර තොවිල් ගෙදරට යැමට වෛද්‍යරත්න යකැදුරුතුමාට අතපසු විය.

 මාරපන ගණිතයාගේ පිල්ලිය පොඩියාට ආවේශ විය. පොඩියාගේ හිසෙහි තදබල වේදනාවක්‌ ඇති වූයෙන් වෛද්‍යරත්න මහතාගේ නිවසට ගොස්‌ මෙසේ පැවසුවා.

 මැණිකෙ දවල් දර ගෙන එන්න කැලයට ගිය අවස්‌ථාවේ හිසෙහි කරඹ කටුවක්‌ ඇනුණා දැන් එතන. තද ලෙසට ඇදුම් දෙමින්, රිදෙනවා ඉවසා සිටීමට නොහැකි නිසා මැණිකෙට කියන්ඩ මේ රාත්‍රියේ ගෙදරට ආවේ අනේ මැණිකෙ අනුකම්පා කරල මේක පොඩ්ඩක්‌ බලන්නයි කියමින් වෛද්‍යරත්න, යකැදුරු තුමාගෙ නිවසෙහි පිළ මත වාඩි වී කෙඳිරි ගාමින් ඇඬීමට පටන් ගත්තා.

 මැණිකේ, දරු ගැබත් දරාගෙන මහත් ආයාසයෙන් දොර ඇරගෙන අගුපිල මත වාඩි වී අඬමින් සිටි පොඩියා සමීපයට පැමිණියා.

 පොඩියාද හිසෙහි ඇනී තිබූ කටුව සමීපයේ ඇඟිල්ල තබා මැණිකෙට පෙන්නුවා. මැණිකේද පොඩියාගෙ හිසෙහි වූ කටුව මත ඇඟිල්ල තබා බැලුවා.

 ඇණයකට සමාන විශාල කටුව නියපොතු දෙකට තදකර උඩට ඇද්දා කටුව ගැලවිණි. පොඩියාගෙ මිනිස්‌ රූපය ක්‍රමයෙන් වෙනස්‌ විය.

 දෙකොනින් දළ දෙකක්‌ බඳු දත් දෙකක්‌ ඇති. ගොරක මද මෙන් දැඩි රතු නෙත් දෙකක්‌ ඇති කෙස්‌ පලු ගෙතුණු බියකරු මුහුණකින් යුත් යක්‌ෂයකු ඇය ඉදිරිපිට දිස්‌ විය.

 බියකරු යක්‍ෂයා යක්‌ හූ හඬ තෙවරක්‌ ශබ්ද නගා මැණිගේ සමීපයට පැන්නා. ඇයද බිය වී කෑ ගසා නිවස තුළට ඇතුළු වීමට දැඩි අපහසුවෙන් ගිය නමුත් මහ සොහොන් යක්‍ෂයා ඇය අල්ලා මරා කුස තුළ වූ දරුවා සුරතට ගෙන රුධිරය පෙර පෙරා බිලිඳා සපමින් උඩුමත්තේ තොවිල් පලට පැන්නා.

 වෛද්‍යරත්න මහතා ගේ ඉදිරිපිට වූ රූප ඇඹූ යක්‌ තොරණ කඩා ඊට උඩින් රුධිරය පෙර පෙරා බිලිඳා සපන ආකාරය දුටුවේය.

 සියල්ල වැරදුණු බැව් වටහා ගත් වෛද්‍යරත්න ඇදුරුතුමා ආතුරයාට ඇපනූලක්‌ බැඳ තොවිලය නතර කර වහා නූල් පටක්‌ ගෙන කහදියරෙන් දෝවනය කර නූලට මතුර මතුරා ගැටය බැගින් ගසා මහසොහොන් යකු දිව ගිය දෙස පසුපස හඹා ගියා.

 යකා කෑගසමින් බිලිඳා හපමින් දිව්වා. යකැදුරු තුමාද නූලට මතුරමින් මන්ත්‍රය එක්‌වරක්‌ කියා එකල ගැටයක්‌ ගසයි.

 මේ අයුරින් යකු පසුපස හඹා යන යකැදුරුතුමා අත තිබූ නූලෙහි ගැට හැත්තෑවක්‌ ගැසූ විට යකු ද දමනය වී නතර විය.

 ගැට හැත්තෑවක්‌ ගසා යකු දමනය කළ ස්‌ථානය වර්තමානයේ ගැටහැත්ත නම් විය.

 යකු අල්ලා ඔහුගෙන් දිව්රුම් ගත් ස්‌ථානය වර්තමානයේ දිව්රුම්පිටිය නමින් ප්‍රකටය.

 එම ස්‌ථානයට නුදුරු දෙහිගස්‌ සමූහයකින් යුත් දෙහිලන්දේ ගසක යකු ගැට ගසා පෙරළා තොවිලය කළ ස්‌ථානයට පැමිණ ආතුරයාට වැසී සිටි මහසොන් යකු අල්ලා දමනය කර බෝතලයකට දමා ගැට හැත්ත ඇළට දමා දමනය කරගෙන වැඩ ගත් රීරියක්‍ෂයා දෙහි ගසෙන් මුදා ගත්තා.

 අසල වූ පිටියකදී තමා අත තිබූ පොල් මලෙන් රීරි යකාට කලින් පොඩියා ලෙස සිටි තැලීමට නොහොත් පහර දීම ආරම්භ කළා.

 රීරියකා මහ හඬින් කෑගසා මෙසේ කිව්වා. මට ගසන්න එපා මම නැවත එන්නේ නැත. මේ සක්‌ලොව අත හැර යන බැව් දිවුරා පැවසුවා."

 රීරි යක්‍ෂයා දෙහි ගසක බැඳ සිටි ස්‌ථානය වර්තමානයේ දෙහිගහපිටිය නම් විය. පොල්මලෙන් තැලූ ස්‌ථානය වර්තමානයේ තැලුම්පිටිය නම් විය.

 ගසෙන් මුදාගෙන පහර ගස ගසා දන්ලන්ද නම් ග්‍රාමයට ගෙන ආවේය. එම දන්ලන්ද තිබූ ප්‍රදේශය වර්තමානයේ දන්දෙනිය නමින් ප්‍රකට විය.

 නිවසෙහි සිදුව තිබූ අවමංගල කටයුතු නිම කොට (රීරියකු පෙර පොඩියා ලෙස සිටි) පොඩියා පදිංචිව සිටි (ඊරියකු) නිවස වැසී යන ලෙස විශාල දරගොඩ ගසා රීරියකු පොඩියා එයටදමා පුළුස්‌සා දැම්මා. (පිච්චුවා)

 යකු දමා පුළුස්‌සා දැමූ ප්‍රදේශය වර්තමානයේ යකුදාගොඩ නමින් ප්‍රකට විය. ඉහත සඳහන් කළ ග්‍රාම නම් වර්තමානයේ භාවිතයේ පවතී. මෙය මෑත යුගයක සීතාවක රජ සමයේ ආසන්නයේ සිදු වූවකි.

 අප හට තොරතුරු සැපයූ බුළුගහපිටියේ සිටි සිරිසේන නම් ලද මන්ත්‍රාචාර්යතුමාත් දන්දෙණියේ සිටි පරම්පරාගත අක්‍ෂි වෛද්‍ය තුමාත් මේ ලිපිය සකසන දිනවල මෙලොවින් සමුගත් බැව් ප්‍රකාශ කරනුයේ දැඩි ශෝකයෙනි.

 ලියනගෙදර වෛද්‍යාචාර්යතුමාගේ මුණුබුරකු වූ ආරියරත්න මහතා කලා කෘති නිර්මාණය කරමින් බුදුදහම ඇසුරෙන් ව්‍යාධි වැළඳුණු අයට වෙදකම් කරමින් යකුදාගොඩ ප්‍රදේශයේ වර්තමානයේ පදිංචිව සිටී.

 කො. ආ. ගුණසේකර
 අ. ප. ප. විශ්‍රාමික විදුහල්පති
divaina
================================================
උපුටා ගැනීම් සහිතයි ....!!! 
දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

සිරිපාදේ අවාරෙට මල් පුදන්නේ කවුද?....(Sri padaya Haskam Adam's Peak අබිරහස් අඩවිය - Abirahas Adawiya - ශාස්ත්‍රීය ළිපි)

සිරිපාදය හෙවත් ශ්‍රී පාදස්‌ථානය ජාති, කුල, ආගම්, වර්ණ හා පන්ති භේදයෙන් තොරව මේ රටේ පොදු ජනයාගේ වන්දනා මානයට පාත්‍ර වූ පරම පූජනීය සිද්ධස්‌ථානයක්‌ ලෙසද ශ්‍රී ලංකාවේ ඇති ස්‌වභාව සෞන්දර්යෙන් අනූන අති රමණීය ස්‌ථානයක්‌ ලෙසද ප්‍රකටය. එය දේශීය මෙන්ම විදේශීය සංචාරකයන්ගේද වන්දනාමානයට මෙන්ම ගෞරවනීය ගැඹුරු අධ්‍යයනයට, විමර්ශනයට බඳුන් වී ඇත.

 සිරිපා වන්දනා සමය පසුගිය උඳුවප් පුර පසළොස්‌වක පොහොය දිනයෙන් ආරම්භ වූ අතර අවසන් වන්නේ වෙසක්‌ පුර පසළොස්‌වක පොහොය දිනයෙහිය. ලෝකයේ පූජනීය සිද්ධස්‌ථානයක්‌ වන්දනා කරන දීර්ඝතම කාලයද මෙය වෙයි.

 ශ්‍රී ලංකාවේ වෙසෙන බෞද්ධ හා හින්දු බැතිමතුන් ශ්‍රී පාදය වන්දනාමාන කරන අතර ඉස්‌ලාම් හා ක්‍රිස්‌තු භක්‌තිකයෝද සමනොළ ශ්‍රීපාද සටහනට බුහුමන් දක්‌වති. බොදුනුවන්ට එය "ශ්‍රී පාදය" ය. කිතුනුවන්ට එය "ආදම්ගේ පාදය" ද, හින්දු භක්‌තිකයන්ට "ශිව දෙවියන්ගේ පාදය" ද වන අතර ඉස්‌ලාම් භක්‌තිකයන්ටද ලොව මුල්ම මිනිසා "ආදම්" ලෙස පිළිගන්නා බැවින් එය එතුමන්ගේ පාදය බව විශ්වාස කරයි.

 ශ්‍රී පාදස්‌ථානය බොදුනුවන්ට "සිරිපාදය" හෙවත් "සමනොළ" කන්ද ද කිතුනුවන්ට "ඇඩම්ස්‌පීක්‌" (Adems Peak) ඉස්‌ලාම් භක්‌තිකයන්ට "බමාද මලෙයි" ද, හින්දු භක්‌තිකයන්ට "ශිවනොලි පාදම්" ද වෙයි. මෙම කඳු මුදුන සියලුම ආගමිකයන්ගේ ගරු බුහුමනට පාත්‍රවීම පිළිබඳව බොහෝ සමාජ විද්‍යාඥයන්ගේද ඉතිහාසඥයන්ගේද ලිපි ලේඛනවල සඳහන්ව ඇත.

 සිරිපතුල් පහස ලබන සමනොළ බිමට රැකවරණය ලබා දෙන්නේ සමන් දෙවියන් ලෙස සැලකේ. ශ්‍රී ලංකාවට රැකවරණය දෙතැයි සැලකෙන සතර වරම් දෙවිවරුන්ගෙන් කෙනෙක්‌ ලෙස සමන් දෙවියන් බුහුමනට ලක්‌වේ. ඉතිරි තිදෙනා වන්නේ විෂ්ණු, කතරගම හා විභීෂණ යන දෙවිවරුන්ය.

 සිරිපද ලස පිහිටි සමනොළ කන්දට සමන්ත කූඨය, සමන් ගිර ආදී නම් භාවිතාවීමෙන් පෙනෙන්නේ එය සුමන සමන් දෙවියන්ගේ බල පෙදෙසක්‌ වන බවයි. ලොව සමන් දෙවියන් පිළිබඳව පවත්නා ජනප්‍රවාද රාශියකි. "සැළලිහිණි" සන්දේශයෙහි සමන් දෙවියන් හා සමන්ගිර ගැන මෙසේ කියෑවෙයි.

 සුර රද සමන් සමගින් සුරඟන එවර
 පැහැනද මදාරා පරසතු මල් පතර
 කැරපුද වඳින රැඳි මුණි සිරිපා තඹර
 සකිසඳ පෙනේ සමනොළ ගල නැගෙනහිර

 ශ්‍රී ලංකාවේ දෙමළ බස කතා කරන හින්දු භක්‌තිකයන් සමනොළ කන්ද හඳුන්වන්නේ "සිව නොළි" පාදම් නමිනි. එහි අර්ථය ශිව "දෙ
වියන්ගේ ආලෝකය හෙවත් දීප්තිය ලබාදන පාදය" යන්නයි. ඔවුනගේ විශ්වාසය පරිදි සිරිපා කඳු මුදුනේ පිහිටා තිබෙන්නේ ශිව දෙවියන්ගේ පා සටහනයි.

 ශ්‍රී පාදස්‌ථානය පිළිබඳව ඉන්දියානුවන්ගේ අදහස්‌වලට අනුව තව විශ්වාසයක්‌ ඇත. රාම රජුගේ සොහොයුරු "ලක්‍ෂමන්", "සමන්" නමින්ද ඔවුහු හඳුන්වති. ඔහු ලංකාවට "සීතා" සොයාගෙන පැමිණි අවස්‌ථාවේ ඔහු හමුවූ සුමන සමන් දෙවි, දෙවි කන්ද සමන්ට භාර කළේය. එබැවින් එය සමන්ගිර බවට පත්වූ බව පැවසේ.

 සමනොළ කන්ද පිළිබඳව හින්දු භක්‌තිකයන් ඉදිරිපත් කරන තවත් අදහසක්‌ ඇත. හින්දුන් සමනළ කන්දට පුද පූජා පවත්වන්නේ ස්‌වර්ගයට ආසන්නව තිබෙන කන්ද යන අදහස නිසා ඔව්හු ස්‌වර්ගයට යන මාර්ගයට යන අදහසින් ශ්‍රී පාද කන්ද "ස්‌වර්ගර්හන්" ලෙසද හඳුන්වති. එහි අදහස "ස්‌වර්ගයට නුදුරු" යන්නයි. සමනළ ගිරෙහි තිබෙන ගස්‌වැල් සහ සතුන් විශේෂයෙන්, අලි ඇතුන් ආදීන් ස්‌වර්ගයෙන් මිනිසාට හිමිවූ දේවල් ලෙස ඔව්හු සලකති. ජනප්‍රවාදවලට අනුව මෙම කන්ද ශිව දෙවියන් වාසය කරන මහා මේරුව සමඟ සම්බන්ධ කෙරෙන අතර සදාතනිකත්වය ලබා දෙන්නාවූ ස "සන්සෙව්" නමැති පැළෑටිය මෙහි ඇතැයිද ඇතැම් හින්දු භක්‌තිකයෝ විශ්වාස කරයි.

 සිරිපා පුදබිම, එහි ස්‌වභාවික පිහිටීමෙන් ලබා ඇති අසාමාන්‍ය ස්‌වරූපය අනුව සෞන්දර්යාත්මක මුහුණුවරටද, ආගමික පූජනීය ස්‌ථානයක්‌ ලෙස විවිධ විශ්වාස පදනම් කොට ගැනීම නිසා කිසියම් ගුප්ත ස්‌වභාවයකටද හිමිකම් කියයි. මෙයට විශාල වශයෙන් හේතුවී ඇත්තේ සිරිපා පුදබිම හා සම්බන්ධ වූ විශ්වාස පදනම් කොටගත් විවිධ ජනප්‍රවාදයන්ය.

 සිරිපා පුදබිමේ ආරම්භයට පදනම්වූ ජනකතා අතර ප්‍රචලිත කතාවකට පදනම් වන්නේ "රාජාවලියේ" කියෑවෙන පුවතකි. "විජය" කුමරු සහ පිරිස ඉන්දියාවේ සිට ලංකාවට පැමිණි දිනයේම ඔවුන්ට ඈතදීම දක්‌නට ලැබී ඇත්තේ ඉතා උස්‌වූ දර්ශනීය කඳු මුදුනකි. ඔවුන් ලක්‌දිව තම වාසස්‌ථානය ලෙස තෝරාගත්තේ එම කඳු මුqදුනේ දර්ශනීයත්වය නිසා බව කියෑවේ.

 සමනළ මුදුනේ පිහිටි සිරිපා ලකුණ සොයාගත් සැටි පිළිබඳ ජනප්‍රවාදයක්‌ ඇත. ක්‍රි.පූ. පළමුවැනි සියවසේ ලක්‌දිව රජකළ වළගම්බා රජු මලබාර් ආක්‍රමණිකයන් විසින් සිහසුනෙන් නෙරපන ලදී. රජු වනගත විය. හේ දිගු කලක්‌ අනාථයකු ලෙස කඳුකරයේ සැරිසැරීය. දිනක්‌ ගුහාවක සිටිද්දී ඔහු ඈතින් මුවෙක්‌ දුටුවේය. රජු මුවා වෙත ළංවීමට තැත්කළද රජුගේ වේගයෙන්ම මුවා දුවන්නේය. වේගයෙන් ලුහුබඳින විට වේගයෙන්ද, සෙමින් දුවන විට සෙමින්ද මුවා දුවන්නේය. රජු නැවතුණු විට මුවාද නැවතුණේය. සමනළ මුදුනට රජු ගිය විට මුවා අතුරුදන් විය. "වළගම්බා" රජ ඒ ස්‌ථානය දෙස විපරමින් බලද්දී ශ්‍රී පාද ලාංඡනය දුටුවේය. මේ අඩවියට අධිගෘහිත දෙවියන් විසින් තමන් සිරිපා අඩවියට කැඳවා ඇති බව රජු වටහා ගත්තේය.

 මෙබඳු තවත් ජනප්‍රවාදයක්‌ නම් "විජය" රජු විසින් පිටුවහල් කරන ලද "කුවේණිය" ජීවහත්ථ හා "දිසාල" නම් දරු දෙදෙනා සිරිපා භූමිය කරා ගිය වගයි. "පුලින්ද" නමැති ගෝත්‍රිකයන්ට ඔවුන් භාරදුන් බවද පැවසේ. "සබර" යනු වැද්දාට කියන නමකි. සබරගමුව යනු වැද්දන්ගේ ප්‍රදේශයයි. සබරගමුව ප්‍රදේශය ශ්‍රී පාදස්‌ථානයට අයත් වන අතර "පුලින්ද" යන නම වැද්දන්ටද යෙදෙන බව තවදුරටත් පැවසේ. එපමණක්‌ නොව සබරගමුව ප්‍රදේශයේ ප්‍රචලිත කිරිමඩුවලදී සිදුවන කිරි ඉතිරිවීමේ ශාන්ති කර්මයේදී සිදු කෙරෙන කටයුතු වැද්දන්ගේ කිරි ඉතිරවීමේ ශාන්ති කර්ම කටයුතුවලට බෙහෙවින් සමාන බවද මෙහිදී සඳහන් කළ යුතුය.
 
 ක්‍රි.ව. 1198 දී පොළොන්නරුවේ සිට මෙම ප්‍රදේශයට පැමිණි "නිශ්ශංකමල්ල" රජු සිරිපා බිමට නුදුරු "රංකොත් වෙහෙර" නමැති භූමිය දුටු වගද, එය රජු විසින් ප්‍රතිසංස්‌කරණය කරන ලද වගද ජනප්‍රවාදයෙහි එයි. වෙහෙරට මල් පිදීම සඳහා රජු විසින් විහාරයට ආසන්නව මල් උයනක්‌ කරවන ලද බවද, එය සමන් මල් උයන නම් වූ බවද ජනප්‍රවාදයෙහි එයි. මේ මල් උයනෙන් එක්‌ කලකදී මල් අතුරුදන් වන්නට පටන් ගත් බව උයන්පල්ලන්ට වැටහී ඔව්හු ඒ බව රජුට දැන්වූහ.

 රජුට මල් සොරකම් කරන්නවුන් අල්ලාගත නොහැකි විය. පසුව මල් සොරුන් අල්ලාදෙන ලෙස දන්වමින් රජු අණබෙර ලෑවේය. අවසානයේ මල් සොරකම ගැන තොරතුරු කියන්නට ඉදිරිපත් වූයේ දෙපා නැති පුද්ගලයෙකි. ඔහු මඟුල් උයනෙහි කුටියක්‌ තනවා දෙන ලෙස රජුගෙන් ඉල්ලා සිටියේය. කුටියෙහි හිඳින ඔහු රාත්‍රී කාලයේ බණ පොතක්‌ කියෑවීය. මෙම බණ පද අසන්න රෑ කළ කවුරුන් හෝ පැමිණෙන බව ඔහුට වැටහිණි. පසුව එසේ පැමිණ බණ අසන්නේ සුරංගනාවන් බව ඔහු දැන ගත්තේය. එපමණක්‌ නොව ඔවුන් මල් උයනට පැමිණ මල් නෙළා ගන්නා බවද ඔහු දුටුවේය. සුරංගනාවන්ගෙන් මේ බව ඇසූ විට ඔවුන් පැවසුවේ සිරිපා පුදන්නට එම මල් රැගෙන යන බවයි. පසුව එම පුද්ගලයාගේද රාජපුරුෂයන්ගේද උත්සාහයෙන් සිරිපා පුදබිම සොයාගත් අතර රජු එතැන් සිට එහි වන්දනාමාන සඳහා ඉඩකඩ සැලසූ බව ජනප්‍රවාදයෙහි එයි.

 සිරිපා වන්දනාවේදී ඉතා වැදගත් ස්‌ථානයක්‌ වන "ගෙත්තම්පාන" පිළිබඳවද මෙබඳු ජනකතාවක්‌ පවතී. බුදුන් වහන්සේ සමනළ කන්ද නගිද්දී සිවුර ඉරීගිය බැවින් එක්‌ ස්‌ථානයකදී නැවතී සිවුර මසන ලද බවත්, එබැවින් එම ස්‌ථානය ගෙත්තම්පාන නමින් හැඳින්වෙන බවත්ය.

 එක්‌ ජනප්‍රවාදයකට අනුව පැවසෙන්නේ මෙතැන්හි පර්වතය මත වැඩසිට, ඉරීගිය තම චීවරය උන්වහන්සේ එළලූ බවයි. මේ බව දුටු මාරයා බුදුන් වහන්සේ විනාශ කිරීමට විශාල ජල ධාරාවක්‌ කඳු මුදුනින් මවා පහළට එවූ බවත්, මහත් වූ වේගයකින් පහළට ඇදී ආ ජලස්‌කන්ධය බුදුන් වහන්සේ වැඩ සිටි තැනින් දෙකට බෙදී පහළට ගැලූ බවත් කියෑවේ.

 ශ්‍රී පාදස්‌ථානයට බොහෝ විට භාරහාර වීම භක්‌තිමත් ජනයා අතින් සිදු වේ. රෝග පීඩාවලින් මිදීම සඳහා භාර වූ පුද්ගලයාගේ උසට සරිලන සුදු නූල් බෝලයක්‌ ඔප්පු කිරීමට ඇතැම් වන්දනාකරුවෝ පුරුදුව සිටිති. සිරිපා කන්ද මුදුනට වැටෙන ජලයෙහි රෝග පීඩා සුව කිරීමේ අති විශේෂ බලයක්‌ ඇති බවද විශ්වාසයකි.

 සිරිපා තරණයේදී හමුවන "භගවාලෙන" සම්බන්ධයෙන්ද මෙබඳු පුවතක්‌ ඇත. එනම් බුදුන් වහන්සේ සමනළ කන්දට වැඩි අවස්‌ථාවේදී කිසියම් ලෙනක්‌ තුළ පන්සීයයක්‌ රහතන් වහන්සේලා සමඟ දිවා විහරණය කළ බවයි. එම ස්‌ථානය දිවා ගුහාව නමින් හැඳින්වුවත් එයට නිශ්චිත ස්‌ථානයක්‌ සොයාගත නොහැකිවූ බැවින් භගවා ලෙන එම ස්‌ථානයම බව පැවසේ. "දිවා ගුහා වඳිමුද අපි කවර කළේ" යනාදියෙන් ජන කවියා පවසන්නේ මෙම ස්‌ථානයයි.

 "පළාබත්දල" නමැති ගම පිළිබඳවද ඉතා ප්‍රචලිත ජනප්‍රවාදයක්‌ පවතී. සිරිපා වඳින්නට පිටත් වූ ගම්වැසියෙක්‌ සිය ගමන් මඟදී අනුභව කිරීමට බත් මුදලක්‌ද ගෙන ගියේය. එහෙත් ඔහු ගමන ආරම්භ කරද්දීම භික්‍ෂුන් වහ්නසේ නමක්‌ පිඬුqසිඟා වැඩියේය. පූජා කිරීම සඳහා තමා සතුව වෙනත් කිසිවක්‌ නොවූ බැවින් ඔහු සිය බත්මුලෙහි වූ පළා ව්‍යංජන කොටස වෙන්කොට භික්‍ෂුන් වහන්සේට බත්මුල පූජා කළේය. දිවා කාලය වන විට කුසගිනි ඇතිවූ බැවින් ඔහු ඉතිරි කළ පලා ව්‍යංජනය අනුභව කිරීමට සිsතා බැලුවේය. එහෙත් ඔහු පුදුමයට පත්කරවමින් බත් මුලෙහි වූයේ "ඇල්හාලේ" බතකි. මේ සිද්ධිය වූයේ දොළක්‌ අසලදීය. එබැවින් "පලා" බත් බවට පත්වී පසුව "පලාබත්දළ" වූ බව පැවසේ. මෙම සිදුවීම සමන් දෙවියන්ගේ හාස්‌කමින් සිදුවූවක්‌ බව ගැමියන්ගේ විශ්වාසයයි.
 
 රත්නපුර හරහා වඳින්නට යන විට හමුවන ගල් පර්වත දෙකක්‌ අසලින් ප්‍රපාතයක්‌ හමුවේ. මෙම ස්‌ථානය පෙර හැඳින්වූයේ "ස්‌ත්‍රී පුරය" ලෙස බව ජනප්‍රවාදයෙහි එයි. ඊට හේතුව සිංහල රාජ අවධියේදී ස්‌ත්‍රියක්‌ මෙම ස්‌ථානය තුළ සඟවා තැබීම බව පැවසේ. සමහරෙකු පවසන්නේ "රාවණා රජු" විසින් ඉන්දියාවෙන් පැහැරගෙන ආ සීතා දේවිය මෙම ස්‌ථානයේ සඟවා තැබූ බවය.

 රත්නපුර මාර්ගයේම තවත් ප්‍රකට ජනප්‍රවාදයකට හේතුවූ ස්‌ථානයකි "ලිහිණි හෙළ". සිරිපා වඳින්නට වැඩිහිටියන්ගේ වරම් ලබාගත නොහැකිවූ කාන්තාවක්‌ මෙහි ඇති හෙළෙන් පැන දිවි නසාගත් බව පැවසේ. ඇතැමෙකු ප්‍රකාශ කරන්නේ ඈත කාලයේ මෙම ප්‍රදේශයේ ජීවත් වූ "ලීනි අක්‌කා" නමැති කාන්තාවක්‌ සිය දරුවා සමඟ මෙම හෙළට වැටුණු බවයි.

 වන්දනාකරුවෝ එම කන්දේ සිට "ලිහිණි අක්‌කේ... අපි යනවෝ" යෑයි පවසති. ශබ්දයෙන් දෝංකාරය එහා කන්දෙන් ඇසෙන විට එය ලිහිණි අක්‌කගේ පිළිතුරක්‌ ලෙස ඇතැම්හු පවසයි.

 එහෙත් මීට වඩා වෙනස්‌ කතාවක්‌ද පවතී. "නිලී" නමැත්තිය වන්දනාකරුවන්ට පිළිසරණ වූ කාන්තාවකි. දිනක්‌ ඇය තමා විසින් සෝදා වියළීමට දමන ලද රෙදි කිහිපයක්‌ ගෙන එන්නට තම කුඩා පුතු පිටත්කොට හැරියාය. එතැනදී ගසක අත්තක නැංග දරුවා සමඟ ගස ප්‍රපාතයට බරවිය. මව දරුවා බේරා ගන්නට ගියද අවසන්හි දෙදෙනාම ප්‍රපාතයට ඇද වැටුණහ.

 "ලිහිණි හෙළට" ඒ නම යෙදී ඇත්තේ වන්දනා නඩයක්‌ සමඟ මුනි සිරිපා වඳින්නට ගිය "ලීනි" අක්‌කා නමැති කතක්‌ ඒ මහා ප්‍රපාතයට ඇද වැටී මියගිය නිසා යෑයි තවත් කතාවකින් පැවසේ. "ලීනි හෙළ" අළලා ගෙතුණු ජනකවි දෙකක්‌ද වෙයි.

 නින්ද නැතුව මහ හිමයේ යනවෝ
 බැන්ද පඬුරු අපේ අතේ තියෙනවෝ
 මන්ද දෙවියනේ අප නොබලන්නේ
 කන්ද ලීනි හෙළ නැගලා යනවෝ

 අක්‌ක ඉන්නේ ලීනි හෙලේ
 මක්‌ක කීවත් නැත ලෝලේ
 රැක්‌ක කදිම පන් සීලේ
 අක්‌ක ලීනී කතා කළේ

 ගල් පර්වතයේ කපන ලද පියගැට පෙළ සියයකට අධික ප්‍රමාණයක්‌ තිබේ. එක්‌තරා කාලයක ධර්මරාජ නම්, තාපසයකු වාසය කළ බවත්, එතුමා "වෙද වනරාජ පෙරුමාල්" නම් ආරච්චිගේ උදව් ඇතිව මෙම පියගැට පෙළ කරවූ බවත් "ධර්මරාජ සෙල්ලිපියේ" සඳහන් වේ. මෙම සෙල් ලිපිය සමඟ එහි තාපසතුමාගේ රුවද කොටා තිබේ. කෙසේ වුවත් මෙම ගල්පඩි නොවරදවා ගණන් කිරීම කිසිවකුට කළ නොහැකි බව වන්දනාකරුවන්ගේ තවත් මතයකි. ධර්මරාජ ගල පිළිබඳව ගෙතුණ ජන කවියක්‌ද වෙයි.

 ධර්මසේන නම් රජෙකුන් සිටියේ
 ධර්ම අසා රජ පැහැදී සිටියේ
 උරුම ලෙසට සිරිපා වැඳ සිටියේ
 දරුම රාජ ගල නැග යමු පිරියේ

 සිය වන්දනා ගමන සාර්ථක වුවහොත් සමන් දෙවියන්ට හැරමිටි පූජා කරන බවට අතීතයේදී වන්දනාවේ ගිය බැතිමතුන් පොරොන්දු වූ බව ජනප්‍රවාදයකින් කියෑවේ. මෙම ස්‌ථානයේ ඇති ප්‍රපාතාකාර බෑවුම නිසා හැරමිටිවල ආධාරයෙන් බැතිමතුන් කන්ද නැග යන්නට ඇතැයි සිතන්නට පුළුවන. දම්වැල්වල එල්ලී නැගීමට තිබුණු මහ ගිරි දඹය පාමුල පිහිටි මේ කොටසට නැග යැමට හැරමිටි භාවිතා කරන්නට ඇත. ඒ හැරමිටි කඳු පර්වත අසල ගොඩ ගැසෙන්නට වෙන්කළ අතර ඊට "හැරමිටිපාන" නම ව්‍යවහාර වූ බව මෙයින් පෙනේ.

 හැරමිටිපානේ දී පසුකාලීනව නිරෝගී බව හා දීර්ඝායු පතා වන්දනාකරුවන් හැර ධර්ම පූජාකර ඇති බව පැවසේ. කෙසේ වෙතත් ඉදිරියේ නැගීමට ඇති මාර්ගය දුෂ්කර එකක්‌ නිසා "හැරමිටි පානේදී" පඬුරු පවා බැඳ ඇති බව පුරාණ හිමගත වර්ණනාවෙන් පැහැදිලි වෙයි.

 සීතාවක දෙවැනි රාජසිංහ රජතුමාගේ කාලයේ දී ශ්‍රී පාදස්‌ථානයේ පාලනය "ශිව" දෙවි භක්‌තිකයන්ට පවරන ලදී. දේවාලවල වතාවත් කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටි හින්දු තාපසයන් එවක හඳුන්වන ලද්දේ "ආඬි" යන නමිනි. මොවුහු "සන්නාසි" යන නමින්ද පතළ වූහ. දෙමළ බසෙහි ගිහිගේ අත්හැර යන්න හැඳින්වීමට යොදන ලද "අන්ඩි" යන පදය මෙහිදී ව්‍යවහාරයට පත් වූ බව පෙනේ. ඔවුන් මෙහි පැමිණ ඇත්තේ දකුණු ඉන්දියාවේ "ආන්ද්‍ර" දේශයෙනි.

 "සන්නාසි" යන්ගේ නායකයා මියගිය ස්‌ථානය "ආඬියා ල" තැන්න නමින් ජනවහරේ සඳහන් වෙයි. අඩි දෙකක්‌ පමණ උස සිලින්ඩරාකාර ගලින් නිමැවුණු ස්‌ථම්භයක්‌ වන "ඇහැල කණුව" මෙදා දැකිය හැක්‌කේ කොටස්‌ දෙකක්‌ වශයෙනි. අතීතයේදී මෙහි තිබෙන්නට ඇත්තේ ඇහැළ ලීයෙන් තැනූ කණුවක්‌ විය හැකිය. එම නම ව්‍යවහාර වී ඇත්තේ ඒ අනුව බව පැවසේ. වන්දනාකරුවෝ මෙහිදීද සුදු පිරුවට අඳිති. චාරිත්‍රයක්‌ ලෙස "ඇහැළ කණුවේදී" වන්දනාකරුවෝ හුණු තවරති.

 සිරිපා ගමනේ දී හමුවන තවත් එක්‌ ස්‌ථානයක්‌ නම් "ගජමන්" හලයි. එය ශ්‍රී ලංකාවේ පහළ වූ සුප්‍රකට කිවිඳිය වන "ගජමන් නෝනා" විසින් කරවන ලද ගිමන් හලක්‌ බව පැවසේ. පසු කලකදී මෙම අම්බලම තුළ රැය ගත කරන්නන්ගෙන් එක්‌කෙනෙක්‌ හෝ අතුරුදන්වීම සිදුවීමට පටන් ගත් බව ජනප්‍රවාදයෙහි එයි. නිතර නිතර එහි පැමිණීමට පුරුදුව සිටි "ගජමන් නෝනා" කිවිඳිය මෙම ආරංචියෙන් පසුවද කණ්‌ඩායමක්‌ සමග මාතර සිට පැමිණ ඇත. ඔවුන් අතුරින් එක්‌කෙනකුද අතුරුදන් වී ඇත. එබැවින් ඉන්පසු මෙම අම්බලම ජන පරිහරණයෙන් ඈත්වූ බව අසන්නට ලැබේ.

 සිරිපා කඳු මුදුන හා ඇඳුණු තවත් විශ්වාසයක්‌ නම්, කුමන සංඛ්‍යාවක්‌ තරම් විශාල ප්‍රමාණයක ජනතාවක්‌ සිරිපා මළුවට පැමිණියත් කිසි විටෙකත් එහි ප්‍රමාණය පිළිබඳව ප්‍රශ්නයක්‌ ඇති නොවන බවයි. සිරිපා ගමනේ දී හමුවන විශාල ගල් පුවරුවක්‌ හා ගල් පහුරක්‌ ගැන පැවසෙන ජනප්‍රවාදයට අනුව මෙම ගල් පහුර රැගෙන පැමිණියේ වසවර්ති මාරයා බව පැවසේ. බුදුන්ගේ අනුහසින් මාරයා ගල් පහුර එතැනම දමා පැන ගියේලු.

 සිරිපාද වන්දනා කළ කීර්ති ශ්‍රී නිශ්ශංක (ක්‍රි.ව. 1198-1207) රජු ශ්‍රීපාද ස්‌ථානයට වන්දනාමාන කිරීමේදී තම ඔටුන්න ඇතුළු රාජ්‍ය භාණ්‌ඩ මේ කඳු බෑවුමේ පිහිටි විසල් ගල් ගුහාවක නිධන් කළ බව කියෑවේ. ඇතැමුන්ගේ ඇදහීම අනුව රජතුමා ස්‌වකීය භාණ්‌ඩ නිධන් කළ "නිස්‌සංගල ලෙන" මෙයයි.

 එහෙත් මෙය සමන්ත කූඨ පර්වත මුදුනට ආසන්නව ඇතැයි ඇතැම්හු පවසති.

 ශ්‍රී පාදයේ ඇති සමන් දේවාලය සම්බන්ධයෙන් ජන කතාවක්‌ ඇත. එනම් සබරගමුවේ මැණික්‌ ගැරීමට පැමිණි දඹදෙණියේ පණ්‌ඩිත පරාක්‍රමබාහු රජුගේ (ක්‍රි.ව. 1250-1285) "අර්ය නාමදේව" ඇමැතිවරයා මැණික්‌ ලැබුණහොත් සුමන දෙවියන් නමින් දේවාලයක්‌ ඉදිකරවන බවට වූ භාරය අනුව මැණික්‌ ලැබුණු එම රමණීය භූමි භාගයේ මුලින්ම එදා සමන් දේවාලයක්‌ ඉදිකරවූ බවය.

 අනාදිමත් කාලයක සිට මෙම ස්‌ථානයට අරක්‌ගත් ආත්මයන් සිටින බවටත්, එම ආත්මයන් පුදබිමටත්, වනාන්තරවලටත් ඇල්ම බැල්ම යොමා සිටින බවත් පැවසේ.

 මල්වර වන වයසේ සිටින දැරියක්‌ සිරිපා වන්දනාවට කැඳවාගෙන නොයා යුතු බවට විශ්වාසයක්‌ පවතී. එසේ පැමිණි දැරියක්‌ මල්වර වූ අවස්‌ථාවකදී වන්දනා කණ්‌ඩායමට මහත් කරදර සිදුවූ බවද, මඟ වැරැදීම් සිදුවූ බවද මෙසේ ප්‍රචලිත පුවතකි. මෙබඳු කතා බොහෝ සිද්ධාන්ත ආශ්‍රයෙන් ගෙතී ඇත.

 සිරිපා මළුවේ ඝණ්‌ඨාරය නාද නැංවීම වන්දනාකරුවන් අතින් නොවරදවාම සිදුවෙයි. එසේ වුවද වන්දනාකරුවකු විසින් එය නාද කළ යුත්තේ තමන් ගිය වාර ගණන අනුව පමණි. එසේ නොමැති නම් එය නාද කළත් හඬ නොනංවන බවට මතයක්‌ ඇතැයි කීර්තිමත් වාරිමාර්ග විද්‍යාඥයකු වූ "ආර්.එල්. බ්‍රොහියර්" සිය Seeing Ceylone පොතේ සඳහන් කරයි.

 සිරිපා අඩවියේ ගංගාවන් සතරක්‌ ගලා බස්‌නා බැවින් කඳු බෑවුම් හරහා ගලා බසින දිය ඇලිද රාශියකි. මින් එක්‌ දිය ඇල්ලක්‌ වන ............ ඇල්ල අඩි 571 ක්‌ උසය. සිරිපා අඩවියේදි කිසියම් අකටයුත්තක නිරත වුවහොත් මෙම දියඇල්ල මගින් අනතුරට පත්වන බව ජනප්‍රවාදයෙහි එයි.

 "රිබෙයිරෝ සෙයිලෝට" Ribeiros Ceilao අනුව ශ්‍රී පාද භූමියේ තපස්‌වරු භාවනාවේ යෙදී සිටියහ.

 සිරිපා අඩවිය භාර සමන් දෙවියන් ගෞතම බුදුන් වහන්සේට තම ශ්‍රී පාදය මෙහි තැබීමට ආරාධනය කොට ඇත. එවක ශ්‍රී පාද අඩවියෙහි උසම කන්ද වී ඇත්තේ "කුණුදිය" පර්වතයයි. මෙම පර්වතය මේ සඳහා තෝරාගත් සමන් දෙවියන් තම සේවකයන්ට පර්වත මුදුන ශුද්ධ පවිත්‍ර කිරීමට උපදෙස්‌ දී ඇත. පසුව මෙය පරීක්‍ෂා කිරීමට පැමිණි සමන් දෙවිඳුන්හට පර්වත මුදුනෙහි පොකුණට සර්පයකු වැටි එහි දිය අපවිත්‍රව ඇති බව පෙනුණි. මේ සම්බන්ධව කිපුණු සමන් දෙවි තම පාදයෙන් කුණුවූ දිව ඇති මෙම පර්වතයට පයින් ගසා කොටසක්‌ කඩා දැමීය. අනතුරුව ශ්‍රී පාදය, සමන්ත කූට පර්වතයෙහි හෙවත් ශ්‍රී පාද කන්දෙහි තැබීමට කටයුතු කරන ලදී. ජනප්‍රවාදයෙහි පැවසෙන අයුරු එතැන් සිට මෙම කන්ද කුණුදිය පර්වතය නමින් ප්‍රසිද්ධ විය. අදත් ශ්‍රීපාද කන්දේ හැඩය ගන්නා මෙම කන්ද උඩින් කපා දමා ඇති සැටියෙන් පර්වත මස්‌තකය පිට්‌ටනියක හැඩරුව ගෙන ඇත.

 සිරිපා පුදබිම වටා ඇති ගම්වල නම් ඇසුරෙන්ද බොහෝ ජනප්‍රවාද පවතී. උදාහරණයක්‌ ලෙස "ගිලීමලේ කන්ද යනු ගිලා බැස්‌ස කන්දයි" මේ නම යෙදී ඇත්තේ මෙතැනට ගිය විට සිරිපා කන්ද නොපෙනී ගිය නිසාය. එහෙත් ඊට අදාළ තවත් ජන කතාවක්‌ ඇත.

 පුරාණයෙහි "කුණුදිය" පව්වට නැගුණු මිනිස්‌සු විශාල පිට්‌ටනියක්‌ බඳු එහි මුදුනෙහි දැවැන්ත ගිනි ගොඩක්‌ ගැසීම සිරිතක්‌ කොට ගත්හ. මෙම ගිනිමැළය කොතරම් විශාල වීදයත් රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ ගිලීමලේ ගමට පවා ගිනිමැළය පෙනිණි. මෙම ගමට නම ආවේණික වූයේ ජනප්‍රවාදයට අනුව මෙම ගිනිමැලය නිසාය. ගිනිමැළේ පසුව "ගිලී මලේ" විය. එම ගිණිමැළයේ රස්‌නය "එරත්න" ගමට පවා දැනී තිබේ. එම ගමේ නමද සෑදී ඇත්තේ එම රස්‌නය ආභාසයෙනි. ඒ රස්‌නය පසුව එරත්නය විය.

 පලාබද්දල පාරේ ඇති විශාල වංගෙඩියක්‌ පිළිබඳවද මතයක්‌ පවතී. එනම් එම වංගෙඩිය කිසි විටෙකත් කෝඩුකාරයන්ට සෙලවිය නොහැකි බවයි.

 මෙම කඳු මුදුනේ දී "ආදම්" තම පුතා වන "ආබේල්" ගැන සිතමින් අවුරුදු පන්සීයක පමණ කාලයක්‌ පුරා එහි වැළපුණු බව ආදි පදිංචිකරුවන් පවසා ඇති බවද ජනප්‍රවාදයකි. මෙම කන්දෙහි එක්‌තරා ස්‌ථානයක ඇති රමණීය තැනිතලාවක, අති විශාල ජල ස්‌කන්ධයකින් පිරීගිය විලක්‌ ඇති බවද, එම විල පිරී තිබෙන්නේ ආදම් සහ ඒවා හෙළන ලද කඳුවලින් බවද පැවසේ.

 මහ පොළව මත පිහිටි පාරාදීසයකට සමාන කළ හැකි එකම ස්‌ථානය සමනළ කන්ද බවත්, එබැවින් "ආදම්" පාරාදීසයෙන් නෙරපූ අවස්‌ථාවේදී ඔහු තුළ අතිවිය හැකි කම්පනය සලකා දෙවියන් වහන්සේ ඔහු, සමනළ කන්දට හෙලූ බව සුප්‍රසිද්ධ ජනප්‍රවාදයක සඳහන් වෙයි.

 සිරිපා කන්දේ දී ඉතා කලාතුරකින් ඝණ්‌ටාරයක හඬක්‌ වැනි හඬක්‌ පැතිර යන බව පැවසේ. බොහෝ විට එමගින් අසුබ පණිවිඩයක්‌ ගෙනෙයි. හඬ කලින් අසා ඇති අය ඉන් බියට පත්වෙයි. අවසන් වරට කන්දෙන් පණිවිඩයක්‌ නිකුත් වූයේ ශ්‍රී පාදස්‌ථානයේ ප්‍රධාන සංඝනායක වහන්සේ අපවත් වන අනාවැකිය බව තමන්ට සංඝයා වහන්සේ නමක්‌ පැවසු බවද "ආර්. එල්. බ්‍රොaහියර්" සිය කෘතියේ Seeing Ceylone සඳහන් කරයි.

 කෙසේ වුවද සිරිපා බිම හා මෑතකදී ඈඳුණු රසවත් කතාවක්‌ද ඇත. "නෝර්ටන් බ්‍රි-" ජල විදුලි බලාගාරය ආරම්භ කිරීමේදී එවකට රජයේ වැව් හා වාරිමාර්ග  ඇමැතිව සිටි ශ්‍රීමත් සර් ජෝන් කොතලාවල මැතිතුමා ඒ වැඩ කටයුතු බාධාවකින් තොරව කරගත හැකි වුවහොත් සමනළ මුදුනට විදුලි ආ ලෝකය සපයන බවට භාරයක්‌ වී තිබුණි. මෙය භාරය ඔප්පු කිරීම පිළිබඳව පුවත "මේජර් ආර් රෙවන්ට්‌ හට්‌" R. Raveni Hant සිය කෘතියෙහි (Ceylon History in Stone) සඳහන් කරයි. භාරය ඔප්පු කිරීමට නියමිතව තිබුණේ 1958 මාර්තු 04 වැනි පුන් පොහෝදා රාත්‍රී 8 ට යෙදුණු සුබ මොහොතිනි. සමනළ කන්දේ විදුලි ආලෝකය සැපයීමට විදුලි බොත්තම ඔබා ක්‍රියාත්මක කළ අවස්‌ථාවේදී පායා තිබූ පූර්ණ චන්ද්‍රයා වටා මහා රශ්මි මාලාවක්‌ විනාඩි කිහිපයක්‌ පැතිර ගියේ සියල්ලන්ම විශ්මයට පත් කරවමිනි. මේ අවස්‌ථාවට සහභාගි වූ බ්‍රිතාන්‍ය ජාතික මාග්‍රට්‌ ගි්‍රපික්‌ නම් කාන්තාව එම අවස්‌ථාවේ සිදුවූ විශ්මයජනක සිදුවීම මෙසේ වාර්තා කරන්නීය.

 "කඳු මුදුනේ විදුලි බුබුළු දල්වනවාත් සමඟම ඊට ඉහළින් දිස්‌වූ චන්ද්‍රයා විවිධ වර්ණ රාශියකින් වැසී ගියේය. චන්ද්‍රයා වටා රැස්‌ වළලු මෙන් මෙම වර්ණයෙන් කැරකෙන්නට විය. මවිතයට පත්වූ දහස්‌ ගණන් බැතිමතුන්ගේ සාධු නදින් මුළු පෙදෙසම දෙවනත් විය.

 අවාරෙට කිසිවෙකු සිරිපාදේ කරුණා නොකරන්නේ සැඩ සුළං, වැසි සහ අකුණු අනතුරු බහුල බැවිනි. එහෙත් අවාර කාලයක හිමයේ මුරකරුවන් සිය රාජකාරි කටයුතුවල යෙදෙන බව රහසක්‌ නොවේ. එහෙත් මෙම මුරකරුවන් කිසිවෙකු සිරිපාදේ කරුණා නොකළත් ඇතැම් දිනවලට හිමිදිරි පාන්දර සිරිපතුල මත මල් පූජාකර ඇති බව දැක ඇත. මෙම අසිරිමත් සිදුවීම ඉර සේවයට හෝරාවක්‌ පමණ පෙරදී සිදුවන බවද ප්‍රකටය. එසේම එම අවස්‌ථාවට පෙර සැඩ සුළං හමන අතර විශාල නඩයක්‌ එන ශබ්දය ඇසෙන බව මුරකරුවෝ පවසති.

 එක්‌තරා දිනක ඉතාමත් උපශාන්ත පෙනුමෙන් යුත් පැවිදි උතුමෙකු අවාරයේදී සිරි පතුල වෙත පැමිණ තෙල් මල් පහන් පුදා දැහැනට සමවැදී පැයක්‌ පමණ හිඳ නැවත ආපසු යද්දී මුරකරු විසින් මහත් භක්‌තියෙන් යුතුව උන් වහන්සේට දහවල දානය පිරිනමා ඇත. දානය වැළ» සිල් ඇත්තා මුරකරුට පින්දී පඩිපෙළ ළඟදී මුරකරුට සමුදී ඇත. මොහොතකින් ආපසු හැරී බැලූ මුරකරු කිසිවෙකු නොදැක මහත් විපිලිසරයට පත්වී ඇත.

 මෙම කතා ගැන මේ රටේ විසු විදේශීය ජාතිකයකු වූ කීර්තිමත් වාරිමාර්ග විශේෂඥයකු වන "ආර්.එල්. බ්‍රොaහියර්" පවසන්නේ මෙසේය.

 මේ අඩවියේ ඇති සෑම පර්වතයක්‌ම, සෑම ගිරි ශිඛරයක්‌ම අතීතයේ යම්කිසි පුරාවෘත්තයකින් දිදුළන බව නොකියාම නොහැකිය. විශාල ගල් පර්වතයට විවරව ඇති ලෙන් තුළ බොහෝ ඉතිහාස කතා ගැබ්ව ඇත. මේ ඕනෑම ලෙනක්‌ පිළිබඳව අතීතය හාර අවුස්‌සා බැලුවහොත් ලෝකයාගෙන් ඈත්ව ලෞකික ආශාවන් මැඬ පවත්වා ගනිමින් නිවන් මඟ සාක්‍ෂාත් කර ගැනීමට බවුන් වැඩූ තවුස්‌ උතුමන් පිළිබඳව තොරතුරු සෙයාdගත හැකිය. නවීන ලෝකයාට මේ සිද්ධාන්තය පිළිබඳ තව කීමට ඇති පැරැණි කතා බෙහෙවි. ඒවා මේ කන්ද වටා සැඟවී ඇත්තේ මිහිදුම් සළුවෙන් දැවටෙමිනි. මින් ඇතැම් කතා කොතරම් පැරැණිද යත් ඒවා දැන් මිනිස්‌ මතකයෙන් ඈත්වී ඇත. අලුත් කතා ඒවා වෙනුවෙන් ගෙතෙමින් පවතී. බැතිමතුන් නොනැවති මේ ස්‌ථාන කරා ඇදී එන තෙක්‌ විවිධ විසිතුරු කතා සමනොළ වටා පැතිරි පවතිනවා ඇත.
ජයතිස්‌ස තෙන්නකෝන්
divaina
================================================
උපුටා ගැනීම් සහිතයි ....!!! 
දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Wednesday, January 22, 2020

පාළුව දෙවනත් කර ගෙන නාඬන් උල ලේනෝ.....(ula Lena අබිරහස් අඩවිය - Abirahas Adawiya - ශාස්ත්‍රීය ළිපි)

ඉහත්තාව දෙසින් සඳ නැග එනු පෙනේ. මම ද ගිනිමැලය අබියස වූ කොටයක් මත හිඳ ගතිමී. ගිනි මැලය බුර, බුරා නැඟෙයි. ස්වකීය බලය එක් තැන් කර ගනිමින් නිකුත් කරන ආලෝක පුංජය හමුයේ එළිය වුණු කවාකාර වපසරිය විනා ඉන් ඔබ දිස්වනුයේ කාල වර්ණ බහු රූප ඡායා මාත්‍රයන් පමණි. ගිනි මැලය අබියස පැදුර එළා ගත් මම බැඳි දෑත් මත හිස තබා ගනිමින් සැතපුණෙමි.   

නේක විද තරු රටා සපිරි උඩු වියන මසිතෙහි ඇතිකරනුයේ සිතිවිලි රහිත වූ සිතක්. එයට හේතුව වන්නේ හිතෙහි උපදින්නේ මේ සිතුවිල්ල යැයි නිශ්චිතව යමක් තේරුම් බේරුම් කිරීමේ තරම් වූ පැහැදිලි යමක් ඒ තුළ නොවීමයි. ඉදින් මම ඒ සිතට හිතූ, හිතූ දෙසට පිය මැනීමට ඉඩ දෙමි. බලන්න ආන්න අර තරු රටාව. මහ වළසා, අදින් වසර විස්සකට පෙරත් මම දුටුවේ ඔතැන ඔය විදිහටම නේද? අදින් වසර විස්සකට පසුවත් ඔය තරු රටාව මට දිස් වන්නේත් ඔතැනදීමද?   

නමුත් අප රැගත් පෘතුවිය නමැති අහස් යානය හිරු, සඳු හා සෙසු සහෝදර ග්‍රහ මණ්ඩලයත් හා සමග මේ නිරතව සිටින්නේ නොනිමි ගමනක නේද? ඉමක් කොනක් කිව නොහැකි අභ්‍යවකාශය තුළ ඔවුන් යන ඒ ගමන යන්නේත් මේ අසංඛ්‍ය සංඛ්‍ය වූ තරු පිරිවරත් හා සමගමද? මනුද එසේ නොවන්නේ නම් අපට අලුත් තරු රටා ගැන මතකය අලුත් විය යුතුව තිබියදී, මේ පැරැණි දැන හැඳින ගත් තරු රටාවන් ඒ, ඒ මාසයන් හිදී ඒ, ඒ ස්ථානයන් වලදීම දැක ගත හැකි වන්නේ? අදට ඇති, මේ ගැන හිතලම දැන් නම් හිතට වෙහෙසයි. ඒ හින්දා මේ අනගි රාත්‍රියේ සුන්දරත්වය පමණක්, නිදහස් මානසිකත්වය රජයන පරිසරය තුළ හිඳ ගෙන විඳිමි මම.   
“හූ... හූහූ... හූහූ... හූ... හූහූ... හිහ්... හිහ්... හුහ්... හුහ්... කැහැඩ ක්හැඩ හූහී...”   

අපගේ කූඩාරම අභියස යෝධ පලු ගස මුදුනතින් වර නැඟි එකී අව්‍යක්ත රාවයට මම තිගැස්සුණෙමි ගිනි මැලය අභියස ඇණ බා හිඳ සිටි කළු ද ක්ෂණිකව ඉන් මෑත් වී මා අභියසට පැමිණියේ බියෙන්. මම අතැති විදුලි පන්දම පලු ගස මුදුනට එල්ල කළා. ගසේ අත්තක ලැග සිටි විසල් බකමූණෙක්, විදුලි පන්දමට දෙනෙත් පාමින්, තටු විහිදා ගෙන, කට අයා ගෙන රකුස් බැල්මක් හෙළයි.   

‘යක් කුරුල්ලා’ නේද?” බිය පත් ‘කළු’ මගෙන් අසයි.   
අත්තටු විහිදා ගත් බස්සා වල්ග පෙඳි විහිදා ගනිමින් ම නර්තනශීලීව අත්ත මත ඔබ මොබ පනිමින් පෙරට වඩා සිහින්, නමුදු තීව්‍ර බිහිසුණු ‘හූ’ හඬක් යළිඳු නැගීමට අර අදියි. එය ද අහවර වූයේ රළු කැස්සකිනි. වට පිටාවේ රජයන ගණ අඳුර හා සමඟ ‘යක් කුරුලු අඳෝනාව’ මුහු වූ කල නිර්මාණය වූ වට පිටාව කෙලෙසක නම් විස්තර කරන්නද?   

“යමු නේද කූඩාරමට?” කූඩාරමට වැදෙමින්ම කළු පවස යි. මමත් ඔහු පසු පස යමින් කූඩාරමට ඇතුළු වුණේ යක් කුරුල්ලාගේ හඩ නැගීම ගැන සිතමින්. අප කූඩාරමට ගොඩවුණා විතරයි ආයත් යක් කුරුලු අඳෝනාව පලු ගස මුදුනින් වර නැගෙන්නට විය. ඒත් එක්කම බොහෝ ඈතින් වැවේ එගොඩ ඉහත්තාව දෙසින් ද ගැඹුරු ‘හූ’ තැබීමක් ඇසුණා. එයට පිළිතුරු දුන් අප ඉසව්වේ හුන් යක් කුරුල්ලා ‘බස’, ‘බස’ සරින් තම දිගු අත් තටු සලමින් කූඩාරමට ඉහළින් ඉගිළ ගියේය.   

කූඩාරමේ මුදුන් කණුවේ එල්ලා ඇති ලන්තෑරුම් එළියෙන්, කළු ගේ මුහුණේ රැඳී ඇති භීතියේ ලකුණු කදිමට පෙනෙයි.   
වන ගත දිවියේ භයංකරත්වයේ ප්‍රතිමූර්තියක් බඳු ‘යක් කුරුල්ලාගේ අදෝනාව වනයට ආගන්තුක අයට බිය ගෙන දෙයි. ඒත් ඒ හඬ වනයට සුපුරුදුයි. ‘යක් කුරුල්ලා’ වශයෙන් වන නම පටබැඳි මෙකී පක්ෂියා සාමාන්‍ය ව්‍යවහාරයේදී හඳුන්වනු ලබනුයේ ‘උලමා’ කියලයි. කුරුලු ලොවේ දී ‘උකුසුබකමූණා’ වශයෙන් ද හඳුන්වන මේ පක්ෂියා, ‘මාමුහුණු’ කුලයට අයත් මෙරට ලොකුම කුරුල්ලා ද වෙයි. ‘ගෙල මිරිකීමේ දී කාන්තාවක් නගනා මර ළතෝනි හඬ’ට බොහෝ සේ සමාන කමක් පානා අදෝනාව ඇසීමට හැකි වෙන්නේ බොහෝ විට රැයක දීයි. දහවල් කාලයේ වනයේ අඳුර රජයන තැනක ලැග සිට රාත්‍රී සමයේ දී වනය පුරා පියාසරයි. බියකරු විලාපය වැඩිමනත්ම තීව්‍ර සේ නගනුයේ අභිජනන සමයේදී ය. අප්‍රේල් සහ මැයි අතරතුර මාස ‘උලලේනීය’ ගේ ප්‍රකට විලාපය වනපෙතේ නින්නාද වන සමය වශයෙන් හැඳින්විය හැකි යි.   

සරල බසින් ඒ තොරතුරු බවට කියන්නම්.   
උලමා කියන්නේ බස්සෙකි. සමහරු හිතනවද දන්නේ නෑ උලමා කියන්නේ උකුස්සෙක් කියලා. උලමගේ වගේම එයාගේත් තියෙනවා ඔළුවේ දිග පිලක්. ඒ කියන්නේ පැහැදිලිව දැක ගන්න හැකි කොණ්ඩයක්. කොණ්ඩ උකුස්සා ගැනත් උලමා ගැන කතා කරද්දි නොකියාම බෑ. හේතුව තමයි මෙයාට පුළුවන් ඔය උලමා කෑ ගහන හඬට කිට්ටුවෙන් යන හඩක් නගන්න. ගොඩාක් වේලාවට ඒ හඩ නගන්න කොණ්ඩ උකුස්සන් පෙළඹෙන්නේ ඒ අයගේ අභිජනන සමයේදීයි. අපේ රට ඇතුළේ කොණ්ඩ උකුස්සන් විශේෂයන් දෙකක් දැක ගන්න හැකියි. එක්කෙනෙක් රට පුරාම විසිරුණු ව්‍යාප්තියක් සහිත පෙරළි කොණ්ඩ උකුස්සා. අනෙකා මධ්‍යම කඳුකරයට සිමා වුණු කඳුකර හෙල් කොණ්ඩ උකුස්සා. හරිම ලස්සන පක්ෂීන් දෙන්නෙක් බව නම් නොකියාම බෑ.   

උලමා, යක් කුරුල්ලා, උකුසු බස්සා කියන්නේ නම් බකමූණෙකුටයි.   
බස්සා, බකමූණා. ඇත්තටම මේ කියන්නේ එක් කෙනෙකුටද නැතිනම් දෙන්නෙකුටද? බලන්න, සොබාදහම කියන්නේ ප්‍රශ්න පත්තරයක් නේද? හැබැයි සොබාදහමේ නිහඩ හඬට කන් දෙනවා නම් ඔය කියන ගැටලු හරිම සරල පිළිතුරු සහිත ඒවා බව ඔබට වැටහේවී.   

බස්සා කියන්නේ එක් පක්ෂි විශේෂයක්. බකමූණා කියන්නේ තවත් පක්ෂි විශේෂයක්. මේ දෙක පටලවා ගන්න එපා. මේ කියන බස්සොත්, බකමූණොත් අයිති වෙන්නේ බකමූණු ගෝත්‍රයේ (STRIGIFORMES), ස්ට්‍රිගිඩේ (STRIGIDAE) කියන මාමුහුණු කුලයටයි. මේ කුලයේ විශාල සිරුරකට හිමි කම් කියන පක්ෂි විශේෂය අයත් වෙන්නේ බකමූණන්ටයි. පුංචි සිරුරකට හිමි කම් කියන්නේ බස්සොයි. අපේ රට ඇතුළේදී බකමූණන් වර්ග 05 ක්, බස්සන් වර්ග 07 ක්, ගෙඹිකට බස්සන් වර්ග 01, බිම් බස්සන් වර්ග 03 ක් ආදී වශයෙන් දැක බලා ගත හැකියි. ඉතින් දැන් දන්නවා නේද බස්සත්, බකමූණත් වෙන් කර හඳුනගන්න. මාමුහුණු කුලයේ මෙරටදී වාර්තා වන ලොකුම බකමූණා වෙන්නේ උලමයි.   
උලමගේ පැටියා කියන්නේ කුරුලු ලොවේ හරිම අපූරු වර්ණ රටාවක් දරන පක්ෂියෙක්. සුදු සහ කළු තමයි මෙයාගේ මුලිකම වර්ණයන් වෙන්නේ. ඒ කියන පාට ගැන්වුම සොබා දහමෙන් මේ අයට දිපු විශේෂ වූ සැලකිල්ලක්. සුදු පැහැති පැටවුන් ගේ සිරුර පුරා දිව යන කළු පාට තිත් රටාව දකින සිතක ඇති කරන්නේ විචිත්‍රවත් හැගුමක්. වැඩි වියට පත් වෙද්දි මේ කියන වර්ණ රටාව වියැකිලා කටුක වූ වනපෙතේ ජිවත් වෙන්න අවැසි අදුරු පාටින් තමයි දැක ගන්න හැකි වෙන්නේ. ජනප්‍රවාදයේ සදහන් වෙන හැදි මිට වෙන්නේ මේ අයගේ දිගට තිරස්ව හිසට ඉහළින් දිව යන ලොකු කන් පිල් ගොනුවයි. ලංකාව පුරා ව්‍යාප්තව ඉන්න මේ අය වඩාත් ක්‍රියාශීලී වෙන්නේ වියළි කලාපයන් ආශ්‍රිතව බවයි මගේ අත්දැකීම.   

දහවල් කාලයේ කැලෑවක අඳුරු තැනක් තමයි ලඟින්න තෝරා ගන්නේ. මේ පසුවෙන්නේ මේ අය කූඩු හදන, බිත්තර රකින සහ පැටවුන් පෝෂණය කරන කාලයයි. අභිජනන සමයයි. අර අදෝනාව මේ කාලයේදී වනයට නම් ආගන්තුක වෙන්නේ නෑ. මේ අයගේ කැදලි අනෙක් මාමුහුණු කුලයේ අයගේ වගේ බෙනයක, කුහරයක වගේ ආවරණය වුණු තැනක නෙමේ හදන්නේ. කැදැල්ල විවෘතයි. කුරුල්ලත්, කිරිල්ලියත් විටෙන් විට අරගෙන එන කෝටු එකින් එක තියලා හදන වෘත්තාකාර කැදැල්ල තුළ වරකදී කිරිල්ලිය සුදු පාටැති බිත්තර 01 - 02 ත් අතර ගණනක් දමනවා. අම්මත් - තාත්තාත් දෙන්නම සමෝ සමව බිත්තර රකිනවා. පැටවුන් ලොකු මහත් කරන්න වෙහෙසෙනවා. මාපිය වගකීම් සහ යුතුකම් නොපිරිහෙළා ඉටුකරන්න මහන්සි වෙනවා.   
රැයට පෙම් බඳින මේ අය දහවලේ නිදිය ගන්න කැමතියි. උස ගසක සිට බිම් මට්ටම නිරීක්ෂණය කරමින් ඉන්න ගමන් ගොදුරක් දුටු සැණින් කරුණා විරහිතව ඒ ගොදුරට පහර දි ඩැහැ ගන්න මේ අය සමත්. මීයෙක් වගේ ප්‍රියතම ගොදුරක් හමු වුණොත් නම් ගෙඩිය පිටින් ගිලින්න මේ අය දක්ෂයි. ඒකනේ මේ අය රාත්‍රියට ළගින ස්ථාන ආසන්නයේ ඇති ගිලපු ගොදුරුවල එවැනි වු නොදිරවූ වැමෑරුම් කොටස් බිම තියෙන හැටි නිරීක්ෂණය කරන්න පුළුවන්.   
යක්කුරුල්ලා, ඇත්තටම අපූරු නමක් නේද? මෙයාට සම්බන්ධ වුණු ජන කතාන්දරයකුත් තියෙන බවයි ප්‍රකට. වනය පුරා සක්මන් කරන යක්ෂයන් සමූහයක් එකට එක් වී නඟන හූ හඬකට සමාන හඬක් තමයි මෙයාට හිමි වෙලා තියෙන්නේ. ඒකයි යක් හූව නංවන උලමාට යක් කුරුල්ලා’ නමින් නමක් පට බැඳෙන්නේ. ඇත්තටම ඒ නම යෝග්‍යයි.   

“උළමා ගම්මානයක් කිට්ටුවෙන් හැඬූ දා ට පහුවදා ගමේ මළ ගමක් සිදු වෙනවා ය කියලා කතාවක් තියෙනවා...” කූඩාරමේ හිඳිනා කළුට ප්‍රශ්න වැලක් හිතේ තියෙන හැඩයි.   

“එහෙම ද? මේ කැලය මැද නිසාත්, ළඟ පාතක ගමක් නැති නිසාත්. ඒ ගැන බය වෙන්ට ඕනැ නෑ...”   

ඇත්තටම උලමා හා බැඳි ජනප්‍රවාද ගත කතාන්තර බොහොමයක් වනය ඇසුරේ ගම්මාන වලදි අදටත් රැව් දෙනවා. මාගේ මතකයට එන්නේ මේ හා සම්බන්ධයෙන් පෙර දිනක අහපු අපූරු කතාන්තරයක්.   
සහෝදර ප්‍රේමයෙන් කල් ගෙවූ වැදි අයිය - මලෝ දෙදෙනෙක් තම මව හා සමඟ ගල් ලෙනක දිවි ගෙව්වා. මේ සහෝදරයන් දෙදෙනා දඩයමේ පටන් සියලුම එදිනෙදා කටයුතු කළේ එකටම යි.   
මේ අයුරින් ජීවත් වන අතරේ මලයා දිනක් වැදි කෙල්ලක සහේට අරගෙන ගල්ලෙනට කැටුව ආවා. මෙසේ මෙම වැදි සේර ගල්ලෙනේ ජීවත් වන අතරේ වැදි අයියණ්ඩියට තම මලයාගේ බිරිය පිළිබඳව සිතක් ඇති වුණා. මිනිස් ගති එහෙමයිනේ. දිනක් වැදි අයියණ්ඩිය තම මලයාට දඩයමේ යන්න එන්නයි කියලා අඬ ගැහැව්වා.   

“අඩා වරෙන් යන්ට වඳුරකු වත් බා ගන්ට. අර අලි කටු වළට ඔබ්බේ මියැදුණු නුගේ ළඟින් මම යද්දින් මී කෙල්ලන්ගේ ගුමු, ගුමුවක් මට ඇහුණා. යමින් ගමනේ විපරම් කරගෙනම යමන්නේ...”   
පොරොවක්, දුනු හී තලත් රැගෙන අයිය මලෝ දඩයම් පාරේ යනින්ගමනේ ම මී වදයේ අයිරු සොය, සොයා ගියා. එහෙම යද්දී ගස් බෙණයක තිබුණු මී වදය හමු වුණා. ඒකත් කොටා ගෙන ආයිත් වඳුරු මසක් සොය සොයා ඔබ - මොබ හක්කලන් කරන අතරේ වඳුරු සේරක ගේ බුකු, බුකුවක් කනේ වැකුණා. ඒ අයිරු ඔස්සේ විපරම් කරද්දි වඳුරන් ගස් අතු, ඉති මත පනිමින් කෙළිනු මොවුන් ගේ නෙත ගැටුණා. ඒ ගහ පාමුලට ගිය අයියා, මලෝ අතැති දුනු, හී අමෝරමින් වඳුරන්ට ඉලක්කය අල්ල, අල්ලා හී මුදා හැරියා. ඒත් ඉන් පලක් වුණේ නෑ. වුණේ වඳුරන් තව තවත් ගසේ ඉහළ අතු - ඉතිති මතට නැඟ වැදි අයියා, මලයන් හට දත නියවීම සහ විරිත්තීම යි.   
“අඩා ඔහොම හිටු. මම ගහට බඩ ගාලා වඳුරු ගෙඩියෙක් තැරි ගහ ගන්ට...” මලයා තම දුන්නද කරේ රුවා ගෙන, හීයක් දතින් හපා ගෙන ගසට බඩ ගා වඳුරකු හට මෑනීමට වෙහෙසුණා.   
ගස යටට වී බලා සිටි වැදි අයියණ්ඩිය ගේ සිතට මෙවේලෙහි පවිටු සිතිවිල්ලක් ඇති වුණා. ඒ තම මලයා ගේ රූමත් බිරිය තමන්ට හිමි කර ගන්නා අදහස යි. වැද්දා ගේ සිතේ කලක සිට සැඟව තිබූ අදහසක් ක්‍රියාත්මක වුණා.   
තම දුනු දියේ ඊයක් රුවා ගත් වැදි අයියණ්ඩිය මලයාගේ පපු කැනැත්ත අරා ඊය මුදා හැරියා. වැදි සිරිතට අනුව එක් කුස උපන් සහෝදරයන් දෙදෙනා ගෙන් එක් අයකු මිය ගියාම, මිය ගිය අයගේ බිරිය අනෙක් සහෝදරයාට අයිති වෙනවා. අනතුරුව මරා ගත් වඳුරාත්, කඩා ගත් මීයත් කඳක් බැඳගත් වැදි අයියණ්ඩිය, මිය ගිය මලයා ගේ සුළැඟිල්ලක් ද කපා ගෙන තම බුලත් මල්ලේ දමා ගෙන පෙරළා වැදි ලෙන බලා පිටත් වුණා.   

රැගෙන ආ කද මලයාගේ බිරියට භාර දුන් හේ එය පිළියෙල කරන සේ ඇයට පවරා එතෙක් තම බුලත් මල්ලෙන් ගත් විටක් ඒදන්නට වුණා. හුනු දුංකොළ සහ බුලත් පදමට මිශ්‍ර වූ බැව් පසක් කරමින් රත් කෙළ පාරක් මුවින් ගිලිහෙත්ම, ඔහු සමීපයට පැමිණි මව, මලයාගේ ප්‍රමාදය පිළිබඳව විමසුවා.   

“ඌ එයි අපේ අම්මා... කොළොන් කොටේ ළඟ දී මීයක ඉවක් දැනිලා ඌ ඒ ඹට ගෑටුවා වෙද?...”   
නමුදු රාත්‍රි බතට ද තම පොඩි පුතු නාවේ ඇයිද? මවට අමුත්තක් දැනුණා. මව ලොකු පුතා පිළිබඳව විමසිලීමත් වුණා. ඔහු තම බුලත් මල්ල පිළිබඳව වෙනදාටත් වඩා සැලකිලිමත් වන බවක් මවට වැටහුණා. ලොකු පුතා අබියසට ගිය ඇය...   

“බං විටක් වත් කොටා බාන්ට දියකෝ...” ලොකු පුතු ඇමතුවා. කල්පනාවක නිමග්නව සිටි වැද්දා එක්වනම තම මව වෙතට බුලත් මල්ල දික් කලා.   
ඉනික්බිතිව මව බුලත්, පුවක් සොයනු අටියෙන් මල්ල අවුස්සන ලදින් එහි තිබී සුළැඟිල්ල හමු වුණා. එය හොඳින් පිරික්සූ ඇයට මෙය තම පොඩි පුතුගේ බව වටහා ගත හැකි වුණා.   
ලොකු පුතු ගේ හැසිරීම සහ සිදු වී ඇති විපත්තිය වටහා ගත් ඇය, පොඩි පුතු ගේ සුළැඟිල්ල ගෙන දරු දුක වාවා ගනු බැරිව ඇඟිල් හිසෙහි ගසා ගෙන “අනේ මයේ පුතා කෝ” යි ළතෝනි තබමින් රාත්‍රී අන්ධකාරය රජයන වන පෙතට දිව්වලු.   
ඉතින් එදවස පටන් ඇගේ මියගිය ආත්මය ‘යක් කුරුල්ලකු’ බවට පත් වී රාත්‍රී අඳුර රජයන වනගතේ දී නැති වුණු පුතු සොයමින්, ළතෝනී ගසන බවට වන ගත ගැමියෝ අදටත් විශ්වාස කරනවා. ඒකනේ මගේ තනියට උන්නු කළුත් බය වෙලා තියෙන්නේ මේ යක්කුරුලු හඬට.   

උලමාගේ හිසෙහි ඇති පිහාටු ගොමුව අදටත් ඒ අතීත දුක්බර සිද්ධිය යළි, යළිත් සිහිපත් කරවයි.   

ඉතින් කළු පාළුව යන්නත් එක්ක උලමා ගැන තවත් කතාවක් කියන්නද?   
උලමා හා බැඳුණු තවත් ගැමි කතාන්තරයකට අනුව දඩ මසක් රැගෙන සුරා මතින් නිවසට පැමිණි ගැමියෙක් තම බිරියට ඒ මස පිසීමට අණ කර, යළිත් සුරා පානයේ නිරත වුණා. බිරිය දඩ මස ඇතිළියක බහා තබා, එය පිසීමට අවැසි අඩු, වැඩිය රැගෙන ඒම සඳහා ගෙතුළට ගොස් සිටි අතරේ, දඩ මස යම් සතකු විසින් ඩැහැගෙන ගියා. සුරා මතින් පසුවන තම සැමියාට මෙය කෙසේ පවසම්දෝ’යි බියෙන් පසු වූ ඇය, කුමක් සිදු වූවත් එය විඳ දරා ගිනිමැ’යි සිතා, එකී සිද්ධිය තම සැමියාට කිව්වා.   

සිදු වූයේ ඇය ද නොසිතූවක්. “එයට කම් නැතැ’යි” පැවසූ සැමියා, එවැනීම වූ මස් කුට්ටියක් යළිත් රැගෙන එමැ’යි පවසා නිවසින් බැහැර වුණා. මද වේලාවකට පසුව නිවෙසට පැමිණී හේ අලුත් මස් කුට්ටියක් බිරියට පෙන්නා, “උඹ මේකත් අහක දාවී යැ”යි සැර කොට “මම ම මෙය පිස ගනිමැ” යි පවසා හණික මස් ව්‍යංජනය ඉව්වා.   

“ඉඳින් බත් බෙදපන්නැ” යි බිරියට අණ කළෙන් තම සැමියාට බත් සහ මස් බෙදා, තවත් පිඟානකට බත් බෙදා තම සිඟිති පුතු කොයි දැ’යි විපරම් කළා, පුතු පේන මානයක නෑ, සැමියාගෙන් ඒ ගැන විමසුවා. පිළිතුර වූයේ රැවුම් - ගෙරැවුම් .   
ස්වාමියා දෙවනුව මස් රැගෙන එමැ’යි පිටවූ මොහොතේ සිටම තම පුතු දක්නට නොවූ බව ඇයට සිහිපත් වුණා. ස්වාමියා විගස මස් කුට්ටියක් රැගෙන ආයේ කෙසේ ද යන්න සහ ස්වාමියාගේ සැක සහිත හැසිරීම පිළිබඳව ද ඇයගේ සිත බියට පත්වුණා.   

විපත්තියක් පිළිබඳ යටි සිත අනතුරු ඇඟව්වා. වහා මස් හට්ටිය කරා ගිය ඇය, එය හොදින් පිරික්සුවා. මස් හට්ටියේ මස් අතර තිබී තම සිඟිති පුතු ගේ ඇඟිලි කොටසක් හමු වුණා. 
නැගී ආ දරු දුක වාවා ගත නොහූ ඈ මස් හට්ටිය පිරික්සූ හැන්දේ මිටින් හිස හිල් වන සේ ඇන ගෙන “අනේ මයේ පුතා කෝ... යි” කෑ ගසමින් මියෙන තෙක් සැමත දිව ගිය බව පුරාණ ගැමි කතාවකින් කිය වෙනවා කළු. ඒ මව උල ලේනියකු (උලමකු) බවට පත් වී නැති වූ සිඟිති පුතු ගේ ආත්මය සොය සොයා සරන බවයි ගැමියන් ගේ විශ්වාසය. බලන්න මේ හඩ, මට නම් බයක් නෙමේ මහා දුකක් තමයි දැනෙන්නේ.   

ඉදිරියේදී එළැඹෙන්නේ ‘යක් කුරුල්ලන් ගේ’ වසත් සමයයි. උන්ගේ විලාප ආගන්තුක නොවූ වන පෙත් නිහඬවම අසා සිටිනු ඇති. ඒ හඬ මිනිසුන්ට අමිහිරි නමුදු වනයට නම් මිහිරි යි.   
බිය නොවන්න, මේ ශෝකී රාවය, අතීතයේ සිදුවූ ඛේදවාචකයක්, මිනිසාට .....   
නමුත් යක්කුරුල්ලාට නම් ප්‍රේමණීය ආරාධනයක් කිරිල්ලියට කූඩු වෙන්නට එන්ට යැයි කියලා.
සටහන   
සදමල් රශ්මී ශ්‍රී බුද්ධික   
සේයා රූ 
වෛද්‍ය චම්මික දිසානායක/ සමිත හරිස්චන්ද්‍ර

lankadeepa
   ================================================
උපුටා ගැනීම් සහිතයි ....!!! 
දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya