Tuesday, August 9, 2016

රාවණා පරපුර .. (.rawana -අබිරහස් අඩවිය - Abirahas Adawiya)

යක්‌ෂගෝත්‍රික හෙවත් රාවණා පරපුර බුද්ධකාලය වන විට පරම්පරා දෙකක්‌ වශයෙන් ප්‍රසිද්ධව පැවතිණි. රවිශෛලාශ වංශය හා කේවේසස්‌ථ වංශය වශයෙනි. නැව් තාක්‌ෂණය මුහුදු තරණය හා මුහුදු සටන් පිළිබඳව ඉහළින් ප්‍රගුණ කළ කේවේසස්‌ථ වංශිකයෝ ත්‍රිකුණාමලය යාපනය ආදී ප්‍රදේශවලත්, බටහිරින් මක්‌කම (පුත්තලම) ධූමක කද්දිරය (කලා ඔය) මීමඨ නඳුර (මල්වතු ඔය) මුහුදු සීමාවෙත් ජනාවාස පිහිටුවා ගත්හ. පසු කලෙක කෝණ වංශිකයන් නමින් ප්‍රසිද්ධ ව සිටි මේ අය අදත් අබේකෝන්, අලහකෝන්, තෙන්නකෝන් යන නම්වලින් තම වංශ නාමය රැකගෙන ඇත. කෝණ, යෝණ යන නම්වලින්ද පෙනී සිටියෝ මේ අය වෙති. බුදුරජාණන් වහන්සේ යෝනක පුරයට වැඩම කොට ශ්‍රී පාද ලකුණ පිහිට වූ බව බෞද්ධයන් දන්නා කරුණකි. යෝණක පුරය නමින් එදා හඳුන්වන්නට ඇත්තේ යාපනය අර්ධද්වීපයයි.
කේවේසස්‌ථ හා රවිශෛලාශ වංශිකයන් පිළිබඳ සඳහන් වරිග පූර්ණිකා පත්ඉරුවෙහි මෙසේ සඳහන් වේ.

“ශ්‍රී මහෝත්තම විරාජමාන ශාක්‍යවංශාලංකෘතවූ සම්‍යක්‌ සම්බෝධි පීතෘන් කුළුනැස පා බලාපි කළ සිද්ධිපානා ඊකරා බලපතීව් කාගෝර කද්දිරය මිනිමිහිදේශයේ උත්තර කොදෙව්වෙන් කෙවේසස්‌ථා රක්‌නා රකුන් කුල (මහවැලි ගඟ) ඊමවැ මහගිරි රකුන්පත් අනඥාව කරා සෙවිලී ඊමග මේ නිසාවෙන් පත් ඉරු කරම්හ මෙහෙනි ක්‌ෂීර කේමවැ මිනිමිහි දේශේ”
ඔදැතිය උපුල්වන් ගිරිදෙස්‌ රකුන්පති ඊ බලපති වී

ඔදැතිය රකුන්ගිරි දෙස්‌ රකුන්පති ඊ බලපති වී

ඔදැතිය නීලගිරි දෙස්‌ රකුන්පති ඊ බලපති වී
ඔදැතිය කාවස්‌ලාභ රකුන්පති ඊ බලපති වී
ඔදැතිය ධුමක කද්දීර රකුන්පති ඊ බලපති වී
ඔදැතිය වාලුක දෙස්‌ රකුන්පති ඊ බලපති වී
ඔදැතිය අග්නිදෙස්‌ රකුන්පති ඊ බලපති වී
ඔදැතිය විලෝපාදි දෙස්‌ රකුන්පති දෙස්‌ බලපති වී
වරිගපූර්ණිකා කියමනට අනුව ලංකාවේ උතුරු ප්‍රදේශයේ කේවේසස්‌ථා නම් යක්‌ෂ ගෝත්‍රික කුලයට අයත් පාලන ක්‍රමයක්‌ විය. මෙහි මහා ගිරි වශයෙන් හඳුන්වන්නේ ශ්‍රී පාද කඳු වැටියයි. එය කේන්ද්‍ර කරගත් හා ප්‍රදේශීය රාජ්‍යයන්ගෙන් සමන්විත පාලන ක්‍රමයක්‌ දකුණු ප්‍රදේශයේ ස්‌ථාපිත වී තිබිණි. වරිග පූර්ණිකාවට අනුව මහාගිරි ප්‍රධාන කරගත් අනෙකුත් ප්‍රාදේශීය රාජ්‍යයන් වන්නේ
1.උපුල්වන්ගිරි දේශය – දඹුල්ල ප්‍රදේශය මුල් කරගත් කන්ද උඩරට ප්‍රදේශය.
2. රකුන්ගිරි දේශය – රිටිගල ප්‍රදේශය.
3. කාවස්‌ථ ලාභ යක්‌ෂ කුලය පාලන ප්‍රදේශය – හබරන මහියංගන ප්‍රදේශය.
4. නීලගිරි දේශය – මානෑව කඳුවැටිය ප්‍රධාන කරගත් අනුරාධපුර ප්‍රදේශය.
5. ධූමක කද්දීර දේශය – කලාඔය ගල්ගමුව ගිරිබාව ආදී ප්‍රදේශ.
6. වාලුක දේශය – තම්මැන්නා අඩවිය විල්පත්තු වන අඩවිය.
7. බන්දු දේශය – නැගෙනහිර ප්‍රදේශය.
8. අග්නි දේශය – ගිනිකොණ ප්‍රදේශය.
9. වීලෝපාදි දේශය – බටහිර ප්‍රදේශය.
මහගිරි සෙන්පතියා යටතේ පැවති මේ ප්‍රදේශවල පාලන බලය උසුලනු ලැබුවේ ප්‍රාදේශිය යක්‌ෂ ප්‍රධානීන් විසිනි. වරිග පූර්ණිකාවට අනුව ලංකාවේ යක්‌ෂ ගෝත්‍රිකයන්ගේ ප්‍රධාන රාජ්‍ය දෙකක්‌ තිබිණි. එකක්‌ වූයේ ලංකාවේ දකුණු ප්‍රදේශය පාලනය කළ කේවේසස්‌ථ වංශයයි. දෙවැන්න ප්‍රාදේශීය රාජ්‍ය නාමයකින් යුක්‌ත මහගිරි යක්‌ෂ සෙන්පතියාගේ පාලන ප්‍රදේශයයි. යක්‌ෂ ගෝත්‍රික මූලාශ්‍ර අනුව කවිලාශිපාලි දේවියට බණ දේශනා කළ පුණ්‌න වෙළෙන්දා බුදුන් ළඟ පැවිදී වී රහත්ඵලයට පත්වීය. කවිලාශි අග්නිපාලී දේවිය පුණ්‌න රහතන්වහන්සේ හරහා බුදුන්වහන්සේට ලක්‌දිවට වැඩම කරන ලෙස ආරාධනා කළාය. එය පිළිගත් බුදුන්වහන්සේ පූණ්‌න තෙරුන් වහන්සේ, ආනන්ද තෙරුන් වහන්සේ, පුස තෙරුන්වහන්සේ සමග ලක්‌දිවට වැඩම කළහ. මේ ප්‍රදේශය මුලින් ලලාට දේශය නමිනුත් පසුව මක්‌කම නමින් ප්‍රසිද්ධියට පත්විය.
යක්‌ෂ ගෝත්‍රික භාෂාවෙන් මක්‌කමා යනු සලකුණ යන අර්ථය ලැබේ. බුදුන්වහන්සේ ලක්‌ දෙරණේ පය තැබූ ස්‌ථානයේ උන්වහන්සේගේ දකුණුපාදය වැල්ලේ එරී ගියේය. මෙය ලක්‌දිව තැබූ පළමු ශ්‍රී පාද සලකුණයි. මෙය බෞද්ධයන්ගේ හරසරයට ලක්‌වීම නිසා මේ ස්‌ථානය පූජනීය ස්‌ථානයක්‌ බවට පත්විය. පුත්තලමත් මන්නාරමත් අතර ප්‍රදේශයක මේ පූජනීය ස්‌ථානය අදටත් අප්‍රකටව පවතී. වරිග පූර්ණිකාවට අනුව බුදුන්වහන්සේ වාලුකා දේශය, වැලිවෙහෙර (විල්පත්තුව), ගිරිදේශය, නීලගිරිය, රකුන්ගිර යන ස්‌ථානවලට වැඩම කළේය. නීලගිරියේදී උන්වහන්සේ විෂකුම්භණ සූත්‍රය දේශනා කළහ. එය ශ්‍රවණය කළ කවිලාශ අග්නිපාලී දේවිය අරහත් ඵලයට පත්වුවාය. මෙම රහත් මෙහෙණිය මීමථ කඳුර අද්දර ආරාමයක්‌ කොට වැඩ විසුහ. රත්නාවලී රහත් මෙහෙණිය නමින් ප්‍රසිද්ධියක්‌ ඉසුලු මෙම මෙහෙණින් වහන්සේ ලංකාවේ භික්‌ෂූ භික්‌ෂුණී සාසනය පිහිටුවීමට මූලිකත්වය දැරූහ.
නීලගිරියේ බුදුන්වහන්සේ ධර්ම දේශනා කළ ස්‌ථානය තම ගෙල පැළඳ සිටි මුතු මාලය තැන්පත් කොට විෂකුම්භණ නම් චෛත්‍යයක්‌ කවිලාශිපාලී මෙහෙණිය විසින් ඉදි කරන ලදී. මෙම විෂකුම්භණ නම් චෛත්‍යය අදත් මානෑකන්දේ නටඹුන් අතර දක්‌නට ලැබේ.
රකුන්ගිරට වැඩම කළ බුදුන්වහන්සේ එහිදී ගිරිභද්‍ර සෙන්පතියාගේ මිථ්‍යා මත දුරු කොට ධර්ම දේශනා කළහ. බුදුන්වහන්සේ මෙම ස්‌ථානයේ ද ශ්‍රී පාද ලාංඡනය පිහිටුවා වදාළහ. සච්චභද්ද ගිරිය නමින් ප්‍රසිද්ධ වූයේ මෙම ස්‌ථානයයි. සත්නාගිර හෙවත් රකුන්ගිර සිට උපුල්වත් ගිරියට වැඩම කළ බුදුන්වහන්සේ එහි වස්‌
කාලයක්‌ වැඩ විසුහ. යක්‌ෂ ගෝත්‍රිකයො බුදුන්වහන්සේට වැඩ සිටීමට ලෙනක්‌ පූජා කළේය.
කවිලාශිපාලි රහත් මෙහෙණියට දියණියන් දෙදෙනෙකි. ඔවුන් නම් මහාපාලි, සෘෂිපාලි යන දෙදෙනාය. ගිරිභද්‍රගේ අභාවයෙන් පසු ගිරි දේශයේ පාලිකාව බවට පත්වූයේ මහපාලී කුමාරියයි. ඇය කවිලාශිපාලි මෙහෙණිය පිරිනිවන් පෑ විට එම ස්‌ථානයේ කුඩාවට චෛත්‍යයක්‌ ඉදිකොට බුහුමන් දැක්‌වූවාය. පසුව දුටුගැමුණු රජු එම චෛත්‍යය විශාල කොට බැඳ රත්නමාලී යන නම තැබූවේ කවිලාශිපාලී මෙහෙණියට කරන ගෞරවයක්‌ හැටියටය. රත්නමාලි චෛත්‍යයේ ඉදි කිරීමද යක්‌ෂ ගෝත්‍රිකයන් හා බැඳී පවතින බව මෙමගින් තහවුරු වේ.
එබැවින් රාවණා පරපුර බෞද්ධ සංස්‌කෘතියක්‌ තුළ ජීවත් වූ ශේ්‍රෂ්ඨ ජාතියක්‌ බව පිළිගන්නට සිදුවේ.
යක්‌ෂ ගෝත්‍රිකයන් පිළිබඳ අතිශයින් දුර්ලභ තොරතුරු රැගත් මූලාශ්‍ර අතර වැදගත් තැනක්‌ ගන්නේ රවිශෛලාශ (රාජකරුණා) වංශයට අයත් වරිගපූර්ණිකාව නම් වූ පුස්‌කොල ග්‍රන්ථයයි. කන්ද උඩරට රාජාධිරාජසිංහ රජ සමයේ මානාපවි අරණවැසි නීලගිරික බෝධි වංශාභය නොහොත් ශ්‍රී බෝධි වංශාභිධාන තෙරනමක්‌ විසින් මෙය රචනා කර ඇත. අදින් ශතවර්ෂ ගණනාවකට එහා රාවණා යුගයේ සිට එම පරපුරේ සුරක්‌ෂිතව පැවති ග්‍රන්ථ රැසක්‌ ඒකරාශී කර වරිගපූර්ණිකා පුස්‌කොළ ග්‍රන්ථය සම්පාදනය කර තිබේ.
ශ්‍රී බු.ව. 2329 දී රාජාධි රාජසිංහ රජතුමා වෙතින් වීර සන්නස ලැබූ මානෑවේ කිරිමැණිකා පියුමලිපාලී නම් රවිශෛලාශ යක්‌ෂ වංශික කුමරියගේ දෙටු සොයුරු ස්‌වකීය ප්‍රවේණියේ ප්‍රෙෘඪත්වය අනාගත පරපුරට දායාද කිරීමේ අභිලාශයෙන් වරිගපූර්ණිකාව අන්තර්ගත පංචරක්‌ඛාවලිය නම් ග්‍රන්ථය රචනා කළහ. එහි දී උන් වහන්සේ රාවණා යුගයේ සිට එවකට සුරක්‌ෂිතව පැවති පුස්‌කොළ සහ ගොස්‌සර ග්‍රන්ථ රැසක්‌ ගුරුතන්හි තබාගත්හ. වරිගපූර්ණිකාව, විභූෂපූර්ණිකාව, සලසාන පූර්ණිකාව සුන්දල පූර්ණිකාව, මන්දාල පූර්ණිකාව යන ග්‍රන්ථ පහෙන් යුක්‌ත බැවින් පංච රක්‌ඛාවලිය නමින් මේ ග්‍රන්ථය හඳුන්වනු ලබයි.
යක්‌ෂ ගෝත්‍රිකයන් විසින් රචිත ත්‍රිපිටක අටුවා ග්‍රන්ථ, වෛද්‍ය ග්‍රන්ථ වැනි ග්‍රන්ථ රැසක්‌ නීලගිරියේ මුණමුර පුස්‌තක ලෙනෙහි සුරක්‌ෂිතව පැවතුණි. මහානාම රජ සමයේ උර්දුලන් නීලවේලඳු නම් ආක්‍රමණික සෙන්පතියෙකු විසින් මෙම මුණමුර පුස්‌තක ලෙන විනාශ කරන ලදී. සිත් පිත් නැති පර දෙස්‌සා ගිනි තැබූ පුස්‌තක ලෙනේ ගිනිදැල් අතරින් මානාපවි නඛාධම්ම හිමියන් බේරා ගත් පුස්‌තක අතළොස්‌සක්‌ ඉතිරිව පැවතුණි. පංචරක්‌ඛාවලියේ කොටසක්‌ වන වරිගපූර්ණිකාවේ සඳහන් ග්‍රන්ථ නාමාවලිය බොහෝ විට ගින්නෙන් බේරා ගත් ග්‍රන්ථ විය හැකිය.
කවිලාශපාලි සැදිය, රවිශෛලාශ තෙද්දය, මුහුන් දෙයුර, භවාඅග්‍රතන්ත්‍රය, රක්‌ඛානසැරයාන, සිළිඹියාපත, විෂකුම්භණ සැදිය, රිරි කොළස, උත්ත්‍රාචක්‍රසැදිය, නීලගිරිසත්තය, ගිරිඛණ්‌ඩජල සැදිය, අසුරඅත්විසය, කාලම් අග්නිසන්දය, සුන්දලපුරාණය, කෝසල්ල කේඪුව, රක්‌ඛාන ගර්ජය, සලම්භිඅග්නිය, විෂකුම්භණ ද්වන්ත්‍රය, මුණමුර කෞරවය, වෙශමුණි ධරණිවතය, මවුරි වතය, කවිලාශ අග්නිය, සුබෝධිපුරාණය, දද්දල සෙලිය, කම්භණි මුරාග්‍රථය, ගොරාපාසලම, ඔරුමාලපටිදය, රකුන් අනාඥාවලිය, විසිතාග්‍රවරණය, රක්‌ඛ ඉලෝනිලෝව, මුරාග්‍රතන්ත්‍රය, සිලම්බි අග්නිය, සිරි මේඝාවතිය, ගෞරනිගාතය (ථුසලව), කෝරනිගාතය (විඡ්ජය), කවිලාශවන්ඨය, ගෝරාබිග්‍රය, රක්‌ඛසුලාධිය, රක්‌ඛ විද්‍රdශනය, රක්‌ඛ විජලකාව, කුකුරමාන භද්දය.
යන ග්‍රන්ථ නාමාවලිය ඇතුළු තවත් ග්‍රන්ථ රැසක නම් වරිගපූර්ණිකාවෙහි සඳහන් වෙයි.

පංචරක්‌ඛාවලිය රචනා කළ බෝධි වංශ හිමි බුද්ධ කාලයේ සිට පැවතෙන යක්‌ෂ ගෝත්‍රයෙන් පැවිද්ද ලැබූ
භික්‌ෂූ පරම්පරාවක්‌ ගැනද සඳහන් කරයි. බුදුන් වහන්සේගේ ලංකා ගමනේ දී යක්‌ෂ ගෝත්‍රිකයන්ට දෙසූ අභිධර්මය අසා මාර්ගඵල අවබෝධ කරගත් විභීෂභද්‍ර යක්‌ෂ සෙන්පතිතුමා යක්‌ෂ ගෝත්‍රික ප්‍රථම භික්‌ෂූව ලෙස සඳහන් කරයි. එතුමා පැවිදි වී බිහි කළ භික්‌ෂූ පරපුර ප්‍රාග් මහින්ද යුගයේ ශ්‍රී ලාංකික භික්‌ෂු පරපුර ලෙස සැලකිය හැකිය.
පංචරක්‌ඛාවලිය රචනා කිරීමේදී කුටීර අරණේ අඩමසක්‌ද, කන්තිර කද්දිර අරණේ සිව්මසක්‌ද, රකුන්ගිර අට මසක්‌ද වැඩ වාසය කළ බව ග්‍රන්ථ කතුවර හිමියෝ සඳහන් කරති. පංචරක්‌ඛාවලිය කතුවර බොධිවංශාභය හිමියන්ගේ ශිෂ්‍ය පරපුරේ රතනසෝභිත උපාධ්‍යයන් වහන්සේගේ ශිෂ්‍ය භික්‌ෂූවක ලෙස සිටි මානෑවේ ධම්මසෝභිත හිමි කුටීර ලෙන් විහාරයේ තිබී වරිගපූර්ණිකා ග්‍රන්ථය තම අතට පත්කර ගත්හ. පංචාරක්‌ඛාවලියේ සෙසු ග්‍රන්ථත් මෙම වරිගපූර්ණිකා ග්‍රන්ථයත් අධ්‍යයනය කළ මෙතුමා පසුව පැවිදි දිවියෙන් ඉවත් වී හෙළ ආයුර්වේද වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කළේය. ඒ අන් කවරෙකු නොව මානෑව රවිශෛලාශ පරපුරේ ඉතිහාසය සොයා ගත් රාජකරුණා තේවහාමි නොහොත් එකසිය අටේ මුත්තා වෙද ඇදුරාණන්ය. එතුමා හැර වරිගපූර්ණිකා පුස්‌කොළ ග්‍රන්ථය වන පොත් කරනු ලැබ ඇත්තේ බෝධිවංශ හිමියන්ගේ මුණුබුරෙකු වූ රාජකරුණා කිරිබණ්‌ඩා තේවාචාර්යතුමා විසිනි. මෙතුමා පංචරක්‌ඛාවලිය කියවා ධාරණය කරගත් එම වංශික බහුශ්‍රැතයෙකි. රාජාධිරාජසිංහ වීර සන්නස රාජ්‍ය ලේඛනාගාරයට පරිත්‍යාග කරනු ලැබුවේ මෙතුමා විසිනි.
එකසිය අටේ මුත්තා වෙද ඇදුරාණන්ගේ කණිටු පුත්‍ර රාජකරුණා වන්නිහාමි වෙද ඇදුරාණන් විවාහ වූයේ කිරිබණ්‌ඩා තේවාචාර්යතුමාගේ සොයුරියක සමගිනි. ඇය ඩිංගිරි අම්මා දෙමටමලී නම් වූවාය. ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්‌zඨාශයට අයත් ගන්තිරියාගම විසූ රාජකරුණා වන්නිහාමි වෙද ඇදුරාණන් සහ ඩිංගිරි අම්මා වෙද පතිනියගේ නිවසේ පොත්ගුල තුළ සුරක්‌ෂිතව පැවති මෙම ඓතිහාසික පුස්‌කොළ ග්‍රන්ථය එම යුවළගේ අභාවයෙන් පසුව අස්‌ථානගත වී ඇත.
දීර්ඝ ඉතිහාසයකට නෑකම් කියන වරිගපූර්ණිකා පුස්‌කොළ ග්‍රන්ථය පත් ඉරු දහසකින් සමන්විත වන අතර අනු පුස්‌තක දහයකින් යුක්‌තය. මෙහි විශකුම්භණ අණපත නම් උපග්‍රන්ථයක්‌ ද විය. වරිගපූර්ණිකාවෙහි එන අනු පුස්‌තක,
හස්‌ති මදාරා සිලම්බුව, රුක්‌ අත්තන සිලම්බුව, සඳුන් සිලම්බුව, දුනු මඩලා බැඳි සිලම්බුව, කළු ඇසළ සිලම්බුව, මොර දවුල සිලම්බුව, කෙකරි ඉඹුල් සිලම්බුව, කාඩිය සිලම්බුව, කුඹුක්‌ සිලම්බුව
පත්ඉරු 100 බැගින් වූ මෙම අනු පුස්‌තකයන්ට එකී නම යොදා ඇත්තේ පුස්‌තකයේ බාහිර ආවරණය සකස්‌ කර තිබූ දැව වර්ගය අනුවය. යක්‌ෂ ගෝත්‍රික ආදි ගත්කරුවන් මෙකී ලේඛන සැකසීමේ ක්‍රමය අනුගමනය කරන ලද්දේ කාණ්‌ඩයක්‌ වෙන් කර තැබීම සඳහායි. බෝධිවංශ හිමියෝද තම වරිග සම්ප්‍රදායන්ට ගරු කරමින් වරිගපූර්ණිකා පුස්‌කොළ ග්‍රන්ථය සකස්‌ කර ඇත. එක අනු පුස්‌තකයක්‌ (සුගුල) දිග ප්‍රමාණය අඩියක්‌ පමණ ද (සුග) පළල අඟල් පහකින්ද පත්ඉරු ප්‍රමාණය 100 ක්‌ පමණකින්වත් සම්පූර්ණ වී තිබිය යුතුය. සුගුල දිග මැනීමේ ඒකකයයි. සුග පළල මැනීමේ ඒකකයයි. වරිගපූර්ණිකා පුස්‌කොළ ග්‍රන්ථයෙහි අනුපුස්‌තකවල වංශයෙහි උන්නතිය උදෙසා වැදගත් කරුණු අන්තර්ගත කොට තිබේ.

1. හස්‌ති මදාරා රුක්‌ අත්තන සඳුන් බැඳි පුස්‌තකයෙහි අන්තර්ගත වී ඇත්තේ යක්‌ෂ ගෝත්‍රික නීති සහ පරිපාලනය පිළිබඳ උපදෙස්‌ය.
2. කළු ඇසළ බැඳි අනු පුස්‌තකයේ යක්‌ෂ ගෝත්‍රිකයන්ගේ ගද්‍ය, පද්‍ය තොරතුරු ඇතුළත්ය.
3. මොර දවුර බැඳි පුස්‌තකයේ යක්‌ෂ ගෝත්‍රික භාෂාවක්‌ පිළිබඳ සහ වාග් විද්‍යාත්මක තොරතුරු අන්තර්ගතය.
4. කෙකරි ඉඹුල් බැඳි පුස්‌තකයේ යක්‌ෂ ගෝත්‍රික සිරිත් විරිත් පිළිබඳ තොරතුරු අන්තර්ගතය.
5. කාඩිය බැඳි පුස්‌තකයේ යක්‌ෂ ගෝත්‍රිකයන්ගේ ආගමික සමාජ විද්‍යා, මනෝ විද්‍යා තොරතුරු අන්තර්ගතය. යක්‌ෂ ගෝත්‍රිකයන්ට කවිලාශපාලි මෙහෙණිය දෙසූ සූත්‍ර ද මෙහි අන්තර්ගතය. එම මෙහෙණින් වහන්සේගේ භාවනා ක්‍රම 12 ක්‌ පිළිබඳව ද මෙහි ඇතුළත්ය.
6. කුඹුක්‌ බැඳි පුස්‌තකයේ යක්‌ෂ ගෝත්‍රික ශිල්පීය ක්‍රම සහ සටන් ක්‍රම පිළිබඳ සඳහන් වේ. මූර්ති, පන්නම්, ගෘහ නිර්මාණ, හස්‌ත කර්මාන්ත (රෙදි) ආදියත් වාරි, වාපි, ජල සම්පාදන ක්‍රම, මාර්ග විද්‍යා, උමං, විද්‍යා, ජල විද්‍යා ආදි ඉංජිනේරු ශිල්පයන් පිළිබඳව සඳහන් කරයි.
සටන් ක්‍රම ලෙස අන්ගම්පුර සටන්, දුනු, හී, හෙල්ල, කඩු සටන් ක්‍රමද නිල පීඩන (තඩංග) සටන් ක්‍රම පිළිබඳව ද සඳහන් කරති.
වරිග පූර්ණිකාවෙහි උප ග්‍රන්ථයක්‌ ලෙස රචනා කර ඇති විෂම්කුම්භණ අණපනත පුස්‌තකය පත්ඉරු 1000 කින් යුක්‌තය. අනු පුස්‌තක දෙකකින් යුක්‌තය. ඒවා හඳුන්වන්නේ රංතෙලඹු බැදි අණපත, කිරි තෙළඹු බැදි අණපත වශයෙනි. තෙළඹු දැවයෙන් පුස්‌තකයේ බාහිර ආවරණය යොදා ඇති බැවින් රංතෙළඹූ හා කිරි තෙළඹු නාමය ඒවාට යෙදී ඇත. පුස්‌තක දෙකම පත්ඉරු 500 කින් සමන්විතය. රංතෙළඹූ අණපත ග්‍රන්ථයෙහි පත් ඉරු 300 ක රවිශෛලාශ යක්‌ෂ භාෂාව සඳහා සිංහල අරුත් යොදන ලද ශබ්ද කෝෂයක්‌ සකස්‌ කර තිබීම වැදගත්ය. අවසාන පරිච්ඡේදවල ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ විසූ කේවේසස්‌ථ යක්‌ෂ ගෝත්‍රය පිළිබඳ විස්‌තරයක්‌ද අන්තර්ගතය. රංතෙළඹූ අණපතේ අවසාන පත්ඉරු 10 ක ඇත්තේ රවිශෛලාශ වංශිකයන් ලද ගෞරව හා වීර සන්නස්‌ පිළිබඳ වූ විස්‌තරයකි. අන්‍ය ජාතීන් වෙතින් ලද උපහාර සන්නස්‌ පිළිබඳ විස්‌තර මෙහි ඇතුළත්ය.
රාවණ යුගය හා අපේ ප්‍රාග් ඓතිහාසික ශිෂ්ටාචාරයේ දියුණු බව සනාථ කරන්නට වරිගපූර්ණිකාව නම් මේ එක්‌ මූලාශ්‍රය වුවද අගය මිණිය නොහැකි සාධකයකි.
මානෑවේ විමලරතන හිමි
ත්‍රිපිටකවේදී පණ්‌ඩිත ශාස්‌ත්‍රපති

උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Monday, August 8, 2016

රාවණ ශිෂ්ඨාචාරයේ ඇතුලාන්තය....(rawana .අබිරහස් අඩවිය - Abirahas Adawiya)

අපි ඉතිහාසයෙහි ඇතැම් තැන් වරදවාගෙන තිබේ. අපි මේ මතු කරගෙන යන්නේ ඒ යෝධ කැණීමයි. හමුවන, සියලූ නටබුන් අද නැතත් හෙට හෝ ඉතිහාසය මේ යැයි පිළිගන්නවා ඇත. ලාංකීය උරුමයේ මහ මොළකරු, රාවණගේ කතාවේ අලූත් තැනකි.
රාවණ රජ සමය ලෝක ඉතිහාසයට අලූත් පිටුවකි. ඉන්දියාව, චීනය, ඊජිප්තුව පිළිගනිමින් ගොඩ නගන මහා ශිෂ්ඨාචාර අතරේ රාවණ යුගය මඟ හැරුණේ ඇයි...?
ලෝක ශිෂ්ඨාචාරයේ තූතන්කාමන්, පිරමීඩ වැනි නෂ්ඨාවශේෂ ඉතිහාසය පුදුම කරවද්දී රාවණ වැනි රජවරු මිත්‍යාවක්, ප‍්‍රලාපයක් හැටියට ඇතැම් ලාංකිකයන් විසින් මිහිදන් කරනු ලබන්නේ ඇයි? ඉන්දියාව අදත් රාම පිළිගනී සීතාව පිළිගනී. රාමාගේ හමුදාවේ හනුමාද පිළිගනී. රාමායනය ආදී මූල ග‍්‍රන්ථ ඔවුහු දේවත්වයෙන් සලකති. නමුත් ‘පෙරළුණු පිට හොඳයි’ කියන්නා සේ ලාංකිකයෝ මහා වංශය දේවත්වයෙන් පුදති. එයම ඉතිහාසය ලෙස ගෙන අදහති.
සියල්ලෝම විජයට එහා ලංකාවේ ඉතිහාසයක් තිබුණු බවද පිළි ගනිති. එය හාරා මතුකර ගැනීම ‘කම්මැලිකමට’ තබා ලැබුණ දෙය එකම සත්‍යය කොට ගනිති. එබැවින් පැහැදිලි වරදක් ඉතිහාසය සම්බන්ධයෙන් අපට තිබේ.
අපි ඉතිහාසයෙහි ඇතැම් තැන් වරදවාගෙන තිබේ. අපි මේ මතු කරගෙන යන්නේ ඒ යෝධ කැණීමයි. හමුවන, සියලූ නටබුන් අද නැතත් හෙට හෝ ඉතිහාසය මේ යැයි පිළිගන්නවා ඇත. ලාංකීය උරුමයේ මහ මොළකරු, රාවණගේ කතාවේ අලූත් තැනකි.
රාවණ රජතුමා ස්ථිර වහල් සේවයක් තබා 6ගත්තෙකි. ඒ සඳහා වහලූන් බඳවා ගත්තේ එරිත‍්‍රියාව, සුඩානය, අප‍්‍රිකාව යන රටවලිනි. රාවණට අවශ්‍ය සියලූ මෙහෙකම් මොවුන් හරහා කර ගත්තේය. යුද්ධයකට පවා ගෙන යා හැකි විශාල සෙනඟක් ඒ අතර වූහ.
රාම රාවණ යුද්ධයේදී වුව රාමව පරදවන්නට අවශ්‍ය බලය උපරිමය යෙදීමට හැකි වුවත් රාවණ ඒ කිසිවක් නොලබා සටනට ගිය වීර රජෙකි. කොයි ලෙසින් ගත්තත් රාම රාවණට වඩා සෑම අතින්ම දුර්වලයෙකි.
චීනයේ මාහෝ කුමාරයා රාවණට උපකාර පිණිස එන්නට කැමැත්තෙන් පසු විය. රාවණ ඒ කිසිම උපකාරයක් නැතිව සටනට බැස්සේය.
රාවණට අයත් වහලූන්ට කී පොදු නම වූයේ දසියුස්ය. රාවණ ‘දසිස්’ නමින්ද හැදින්විණි. රාවණ කතාවට අනුව මේ වහල් ජනයා පදිංචිකොට ඇත්තේ පුරාණ හරප්පාවේය. එදා ඉන්දියාවට අයත් වුවද අද පකිස්ථානයට අයත් ප‍්‍රදේශයෙකි. හරප්පාව යනු ඔබ අසා ඇති පැරැුණි ඉන්දීය ශිෂ්ඨාචාරයකි. රාවණ රජතුමාට සිහිමුර්ජා වීම රාමගේ හමුදාව පිළිගත්තේ රාවණගේ අවසානය හැටියටය. එබැවින් රාමගේ හමුදාව රාවණගේ උදවුකාරයන් විනාශ කිරීමේ මෙහෙයුමක් ආරම්භ කළහ.
රාමගේ වානර හමුදාව සයිබීරියාවට ගොස් එහි බෝම්බ නිෂ්පාදකයෙක් ලවා ජලකර බෝම්බයක් සකස් කොට ගත්හ. එහි පළමු බෝම්බයෙන් ඉන්දියාවේ දකුණු ප‍්‍රදේශයේ රාක්‍ෂ ජනයා ජීවත් වූ ප‍්‍රදේශය සම්පූර්ණයෙන් විනාශ වී ජලයේ ගිලී ගියේය. බෝම්බය කොතරම් දරුණුද කියනවා නම් බෝම්බය ඇට වූ වානර හමුදාවේ විශාල පිරිසක්ද මරණයට පත් වූහ. තවත් විශාල රාජ්‍යයක්ද විනාශයට පත් විණි. යුද්ධයෙන් පසු එළැඹි පළිගැනීමේ පශ්චාත් කාල සීමා රාවණගේ විශාල පිරිසක් මරණයට පත් වූ යුගයක් විය. රාවණට සහාය දුන් සියලූ දෙනා සොය සොයා යමින් ප‍්‍රහාර එල්ල කිරීමට හනුමා ඇතුළු වානර හමුදාව දිගටම කරගෙන ගියේය. මේ ක‍්‍රියාදාමය නිසා දහස් ගණනක් යක්‍ෂ ගෝත‍්‍රිකයෝ මිය ගිය අතර රාජ්‍යයක් පිටින් නැසී වැනසීමට පත් විණි.
හමුදාවේ ඊළඟ ප‍්‍රහාරය හරප්පාවට යොමු කිරීමට තීරණය විණ. එහි සිටියේ රාවණගේ වහලූන් සංචිතයයි. හරප්පාවටත් පෙර යක්‍ෂ ගෝත‍්‍රිකයන් සිටි තවත් ප‍්‍රධාන නගරයකට ප‍්‍රහාර එල්ල කිරීමට රාම හමුදාව කටයුතු කළහ. ඒ හරප්පාවට සැතපුම් 300ක් පමණ ඈතින් ඉන්දු නිම්නයේ පිහිටි රකුස්ජාරෝ ප‍්‍රදේශයයි.
සියවස් ගාණක් පොළොව යට වැළලෙන රාවණ රාජ්‍යය සීගිරිය යට ස්ථිරව රැුඳී තිබෙයි. එය ගොඩ ගත හොත් ලෝක ඉතිහාසයේ අති දැවැන්ත ශිෂ්ඨාචාරයේ ඇතුලාන්තය ලංකාවෙන් ගොඩනැගෙනු ඇත. මොහෙන්දෝජාරෝ - හරප්පා පමණක් නොව මිසර-චීන ශිෂ්ඨාචාර වලට වඩා දියුණුවක් සංවර්ධන වූ, නාගරික ශිෂ්ඨචාරයක් තවම අපේ මහ පොළොව යට තිබේ. එයට කිඳා බසින දිනයක, රාවණ ලෝකයේ මහා අධිරාජ්‍යයා හැටියට කවුරු කවුරුත් පිළිගනු ඇත.
මේ රකුස්ජාරෝ ප‍්‍රදේශය ලංකාවේ සිටි යක්ෂ ග්‍රෝතික ජනයා සශ‍්‍රීකව සෞභාග්‍යමත්ව ගත ක4ළ විශාල කොළණියකි. රාමගේ හමුදාව රකුස්ජාරෝව විනාශ කිරීමේ උපායට යොදා ගත්තේ ඉන්දු නිම්නයයි. වහාම දහස් ගාණක් හමුදාව එකතු වී ඉන්දු නිම්නයට වේල්ලක් කපා විශාල ජල කඳක් රකුස් ජාරෝවට එකවර නිදහස් කළේය. එම ජල කඳින් දැවැන්ත නගර නිර්මාණයක් ක්‍ෂණිකව යට වී ගියේය. එම රකුස්ජාරෝව පසුව මළවුන්ගේ නගරය වී මොහෙන්දොජාරෝ යැයි නම් විණ.
යක්‍ෂ ග්‍රෝතිකයන් බුරුතු පිටින් විනාශ කිරීමට රාමගේ හමුදාව කළ දැවැන්ත පළි ගැනීමකි. ඒ සමඟම අනගි ශිෂ්ඨාචාරයක් ජලය අතර සැඟවිණ. අද මොහෙන්දොජාරෝවෙන් ගොඩට පැමිණ ඇත්තේ රාවණ රජ සමයට අයත් ඒ මහා ශිෂ්ඨාචාරයය. ඉන්දියාවට අයත් යැයි ගැඹුරින් විශ්වාස කරන මොහෙන්දොජාරෝ සහ හරප්පා ශිෂ්ඨාචාරයන්හි මුල් ආරම්භය රාවණ යුගයට අයත්ය. එහි ජීවත්ව ඇත්තේ රාවණගේ පරම්පරාවේ ජන කොට්ඨාසයන්ය. අද ගොඩ ගන්නා මේ සියලූ ශිෂ්ඨාචාර නටබුන් රාවණ ඉතිහාසයේ නටබුන් බව ආචාර්ය මිරැුන්ඩෝ ඔබේසේකර මත පළ කරයි.
හරප්පාවද දැවැන්ත මිනිස් සංහාරයක් වූ ප‍්‍රදේශයකි. බැබිලෝනියාව හා ඊජිප්තුවේ මිනිසුන් ආයුධ රැුගෙන හරප්පාවට කඩා පැන එහි විසූ මිනිසුන් කපා කොටා මරා දැමී යැයි ආචාර්ය මිරැුන්ඩෝ සඳහන් කරයි. හරප්පාව කැණීම් වලදී වැඩි වශයෙන් ආයුධ හමුවීමට හේතුව හැටියට ඝාතනයක් නිසා හරප්පා ජන සංහාරය වීම උදාහරණයක් ලෙස දැක්විය හැකිය.
1 කෙසේ වෙතත් මොහෙන්දොජාරෝ සහ හරප්පා ශිෂ්ඨාචාර දෙකම ලංකාවට නෑකමැති සීගිරියේ මුල් යුගයට අයත් දැවැන්ත නගර නිර්මාණ වෙයි.
සීගිරිය රාවණගේ ප‍්‍රධාන බල මූලස්ථානය බැවින් ඒ අවට අඩි සිය ගාණක් යට දැවැන්ත අධිරාජ්‍යයක් සතු අගනුවරක් මුණ ගැසෙයි. මොහෙන්දොජාරෝ හරප්පාවේ එතරම් දියුණු ලක්‍ෂණ හමුවේ නම් සිගීරිය යට සැඟවුණු දැවැන්ත අතීතයක් තිබේ.
දැනට සොයාගත් ඉන්දු නිම්න ලක්‍ෂණ වලට අනුව, නාන තටාක, ගෙවල් පේළි, වීදි, මාළිගා, දේවාල, නගර මන්දිර, ළිං, දිය බසින කාණු ආදිය හමුව ඇත. පර්යේෂණ කළ අයගේ මතයට අනුව මොහෙන්දොජාරෝ සහ හරප්පා ජලාශ‍්‍රිත නාගරික දියුණු ශිෂ්ඨාචාරයකි. නූතන ඉතිහාසඥයන් සඳහන් කරන පරිදි මෙවැනි දියුණු ශිෂ්ඨාචාර ලෝකයේ හමුවීමද දුර්ලභ දෙයකි.
විශේෂයෙන් රන්, රිදී, පිත්තල හා යකඩ කර්මාන්තයද, කපු භාවිතයෙන් ඇඳුම් සකසා ගන්නට ඇතැයිද කියන කාරණා මත ලංකාවේ යක්‍ෂ ගෝත‍්‍රික නෑකම වඩාත් ඉස්මතු වේ. කුවේණිය කපු කටිමින් සිටි කතා පුවතට අනුව ඈතට ගියත් රාවණ රජ පරපුරේ අය කපු කැට ඇඳුම් සකසා ගන්නට ඇත. ඉන්දු නිම්න ලක්‍ෂණ හරහා එවැනි තොරතුරු ගොඩ ගැනීම රාවණගේ පසුබිමට වඩාත් ‘මුක්කු’ ගසන්නකි.

2 ආචාර්ය මිරැුන්ඩෝ සඳහන් කරන පරිදි ඉන්දු නිම්නයෙන් හමුවූ රැුවුළ වවාගත් ශ්‍රේෂ්ඨ මිනිසාගේ හිස මොවුන්ගේ රජු යැයි විශ්වාස කළ හැකිය. ඒ අනුව ශිෂ්ඨාචාරයේ ඉහත කී ප‍්‍රතිමාව රාවණ රජුගේද යන්න ගැඹුරින් විශ්වාස කිරීමේ ගමනට සූදානම් විය යුතුය.
හරප්පාව හා මෙහෙන්දොජාරෝ ගැන මුල්ම පර්යේෂණ කර ඇත්තේ ඉංග‍්‍රීසි ජාතිකයන්ය. ඔවුන් දක්වන තොරතුරු අනුව ඉතා පැහැදිලිව මේ ශිෂ්ඨාචාර දෙකම රාවණ සමයේය. රාවණ කතා පුස්කොළ පොතට අනුව මෙකී නගර රාවණ රජුගේ බල ප‍්‍රදේශයට අයත් ඒවා වෙයි.
රැුවුළ වැවූ මිනිසාගේ හිස පර්යේෂණවල යෙදුණු ඉංග‍්‍රීසින්ටද පුදුම උපදවන සොයා ගැනීමක් විය. එවක රැුවුළ වවා ඇත්තේ ලංකාවේ යක්‍ෂ ගෝත‍්‍රිකයන් පමණි. අදත් ආදිවාසී ජනතාව යකුන් අදහන අතර ඔවුහු බොහෝ විට දිගු රැුවුළ වවා ගෙන සිටිති. රැුවුළ වැවීම පුරාණ ලාංකීය ලක්‍ෂණයකි.
කාල සමයන් ඔස්සේ ඉදිරියට යාමේදී ඉන්දියාවේ ශිෂ්ඨාචාර රාවණ රජුගේ බල ප‍්‍රදේශ යන තැන නැවතුමක් හදන්නට අපට සිදුවේ. ඒ අනුව රාවණ යනු ශිෂ්ඨාචාර ගොඩ නැගූ අධිරාජවාදී රජෙකි. රාවණ රජු ලංකාවේ වාසය කළ සියලූ තැන් කාලයාගේ ඇවෑමෙන් පසට යට වී තිබේ. සියවස් ගාණක් පොළොව යට වැළලෙන රාවණ රාජ්‍යය සීගිරිය යට ස්ථිරව රැුඳී තිබෙයි. එය ගොඩ ගත හොත් ලෝක ඉතිහාසයේ අති දැවැන්ත ශිෂ්ඨාචාරයේ ඇතුලාන්තය ලංකාවෙන් ගොඩනැගෙනු ඇත. මොහෙන්දෝජාරෝxහරප්පා පමණක් නොව මිසරxචීන ශිෂ්ඨාචාර වලට වඩා දියුණුවක් සංවර්ධන වූ, නාගරික ශිෂ්ඨචාරයක් තවම අපේ මහ පොළොව යට තිබේ. එයට කිඳා බසින දිනයක, රාවණ ලෝකයේ මහා අධිරාජ්‍යයා හැටියට කවුරු කවුරුත් පිළිගනු ඇත.
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

මළසිරුරු මමී කරණ මිසර අබිරහස.....(mummy...අබිරහස් අඩවිය - Abirahas Adawiya)

සාමාන්‍ය ජනතාවගේ කෙසේ වෙනත් සම්භාවනීය සුවිශේෂී පුද්ගලයන්ගේ මළසිරුරු වැඩි කාලයක් තබාගන්නට ඒ ඒ රටවල ජාතිකයින් ද අදහස් කරන්නේ මියගිය අය පිළිබඳව අනාගතයට ද කරුණු දැනගැනීම පිණිසය. එය ජාතියක් ආගමක් හෝ වෙනත් ආකල්පයක් මුල්කරගෙන නොව මියගිය අයගේ ශ්‍රේෂ්ඨත්වය මුල්කරගෙනය. යුදෙව්වන් ඇණ ගසා මරා දමන ලද යේසුස් වහන්සේගේ සිරුර ද එම්බාම් කොට සුවඳ විලවුන් ගල්වා තැබූ බව බයිබලයේ සඳහන් වෙයි. ලෝකයෙන් අඩක්ම තමාගේ අණසක යටතටගත් ‘‘මහා ඇලෙක්සැන්ඩර්’’ අධිරාජයාගේ සිරුර ද මී පැණියේ බහා තැන්පත් කරන ලද අතර එංගලන්තයේ විසූ අති දක්‍ෂ හමුදාපාලකවරයකු වූ ‘‘නෙල්සන් සාමි”ගේ සිරුර බ‍්‍රැන්ඩි යොදා එම්බාම් කරන ලදී. අපේ රටේ විසූ අග‍්‍රගන්‍ය යතිවරයාණන් වහන්සේ කෙනකුන් වන සුප‍්‍රකට කවියකු වූ ‘ෂඞ්භාෂා පරමේෂ්වර තොටගමුවේ ශ්‍රී රාහුල” හිමියන්ගේ දේහය අදත් ‘ගෝවේ’ එක්තරා ස්ථානයක ජරා නොවන සේ සකසා ඇත්තා සේ ම රුසියාවේ ”ලෙනින්”, චීනයේ ‘‘මාවෝ
තොටගමුවේ ශ්‍රී රාහුල” හිමියන්ගේ දේහය
සේතුං’ වැනි සුප‍්‍රකට රාජ්‍ය නායකයන්ගේ සිරුරු ද එම්බාම් මගින් කල්තබාගෙන ඇත.
 මළ සිරුරු වැඩි කලක් හෝ තමන්ට ඇවැසි කලක් ඔසුගන්වා තැබීමේ මේ ක‍්‍රමය ලොවපුරා විහිදී ඇත්තේ මිසරයේ පිරමිඩ සංස්කෘතියෙන් බව ඉතිහාසඥයන්ගේ අදහසකි. ආදී මිසර වාසීන් මියගිය තම ඥාතීන්ගේ සිරුරු අති ප‍්‍රබල සුවඳ විලවුන් ගල්වා කාන්තාරයේ වැලි යට සඟවා තැබීමේ ක‍්‍රමයක් පවත්වාගෙන ගිය බව පුරාවිදු දරුවෝ සොයාගෙන තිබේ. මෑත යුගයක එහි කරන ලද පුරාවිදු කැණීම්වලදී වැලි යට තිබූ සුවඳවත් මළසිරුරු සොයාගත හැකි වූ අතර ඒවා වසර 4000ක් 5000ක් වැනි දීර්ඝ කාලයක් ජරා ජීර්ණ නොවී ඇත්තේ වැලිකතරේ අධික තාපය සහ සුවඳ විලවුන් වල ආශ්චර්යය නිසාය. ක‍්‍රි. පූ. 4500 දී පමණ නොගැඹුරු වූ වැලි වළවල්හි මළ සිරුර තැන්පත් කිරීම ආරම්භ වූයෙන් ඒවා අධික ලෙස වැලි රත්වීම මත ‘දර ලී’ තරමට ‘කර වී’තිබිණ.

 අද වත්මන් ලොව මෙන්ම එදා මිසරයේ විසූ ප‍්‍රභූ පැළැන්තියේ ශ්‍රේෂ්ඨ නරවිරුවන්ගේ සිරුරු ද චිරාත් කාලයක් තබා ගත යුතු යයි දැරූ සංකල්පනාව මත පෙර කී ක‍්‍රමයට වඩා නව මං සොයමින් දියුණු අඩියකට පත් ඔවුහු ‘‘පිරමීඩ‘’ නිර්මාණය කරන්නට පවා ඉදිරිපත් වූහ. පැරණි ලොව පුදුම හතට ඇතුළත් මිසරයේ රාජකීය සොහොන් ‘පිරමිඞ්’ නමින් ප‍්‍රචලිත වූයේ ඉන් අනතුරුවය.
චීනයේ ‘‘මාවෝ සේතුං
මිසරයේ පිරමීඞ්වල තැන්පත් කොට ඇති ආදී කාලීන ශ්‍රේෂ්ඨ රාජකීයයන්ගේ සිරුරු ඉතා දිගු කලක් මුළුල්ලේ ස්ථාවරව තබාගැනීම සඳහා ඔවුන් විසින් අනුගමනය කරන ලද ක‍්‍රියාදාමය ලොව මවිත කරවනසුළුය. නවීන විද්‍යාවට පවා ඉමහත් අභියෝගයක් වූ මෙම මළසිරුරු හෙවත් ‘‘මමී’’ පුරා වසර දහස් ගණනාවක්ම නොනැසී පවත්වා ගෙන යන්නට ආදීයේ විසූ මිසර කාර්මිකයන් කරන ද එම්බාම් ක‍්‍රමය අදටත් ප‍්‍රසිද්ධ රහසක්ව පවතී.

මීට වසර දහස් ගණනකට පෙරතුව පිරමීඞ්වල තැන්පත් කළා වූ රාජකීය මළ සිරුරු හෙවත් ‘මමී’ තවමත් එදා මෙන්ය. ඇතැම් ඒවා අඩ නින්දේ මෙනි. තවත් ඒවා හි විශ්මයද ශෝකය ද සතුටද පළ කෙරෙයි. සමහර මමී උසුළු විසුළු රූපයකි. එහෙත් දුඟඳක් තබා අමිහිරි බවක්වත් ඒවා හි නැත. ඇමෙරිකානු ජාතික ‘‘කාවර්ඞ්ද කාටර්’ විද්වතාණන් විසින් කරන ලද නයිල් නදීබඩ විශ්මිත කැනීමකද හමුවූ ‘තුතන් කාමන්’ පාරාවෝ රජුගේ මළ සිරුර මත එතුමාගේ දේවිය විසින් තබන්නට ඇතැයි විශ්වාස කරන රතු රෝස මල් පොකුර අද පිපුණාක් මෙන් ජීවමාන වුවද එය තබන ලද්දේ ක‍්‍රි.පූ, 3000 දී වීම මොන තරම් මවිතයට පත් කරවනසුළුද? කැණීම් කරන වකවානුව වන විටත් පුරා වසර 4200ක් තරම් ගතවී තිබුණ නමුත් එදා ‘තුතන් කාමන්’ රජු අදත් එසේමය. කි‍්‍ර.පු. 5900කට පෙර මියගිය ‘රැම්සේ’ රජුගේ මළ සිරුර තැන්පත් කළ පිරමීඩය තුළින් පුරා වසර 6000කට පසු ඔහු යළිත් මිනිස් ලොවට දර්ශනය වූයේ එදා මෙන්මය.

මෙතරම් දීර්ඝ ඉතිහාසයකට මළ සිරුරු කල්තබා ගන්නේ කෙසේද යන්න දැනගැනීමට කිසිදු ලිඛිත හෝඩුවාවක් මේ වන තුරුත් මිසරයෙන් හමු වී නැත. පරම්පරාවෙන් පරම්පරාවට මේ රහස රහසක් වශයෙන් තබාගන්නට ඔවුන් ගිවිසගෙන ඇත්තා සේය.එහෙත් මේ මහත් අභිරහස පිළිබඳව දැනට ලොවට ඉතිරි වී ඇති එකම ලිඛිත සාක්ෂිය ක‍්‍රි.පූ. 5 වැනි සියවසෙහි ග‍්‍රීසියේ විසූ ශ්‍රේෂ්ඨ ඉතිහාසඥයකු වූ ‘හෙරොඩෝටස්’ගේ වාර්තාවක් පමණි. එවකට විසූ මිසර රාජකීයයන්ගේ මළ සිරුරු බෙහෙත් ගල්වා ‘එම්බාම්’ කරමින් ‘මමී’ බවට පත් කරවන අයුරු ඔහු සියැසින්ම දැක ඇති අතර එය විශ්මය ජනක ලෙස මතු පරපුර වෙනුවෙන් ලියා තිබේ.
‘‘මිසරයේ රාජකීය ප‍්‍රභූවරයකු මිය ගිය පසු පූජකවරයකුගේ ප‍්‍රධානත්වයෙන් යුත් පෙරහරකින් නයිල් ගඟ
බඩට එය ගෙන යන ලදුව සුවිශේෂ ඔරුවක පටවා ගෙඟහි බටහිර වෙරළ දක්වා ගෙන යයි. එම වෙරළබඩ තනා ඇති විශේෂ කුටියකට ගෙන යන මළ සිරුර සුවඳ විලවුනෙන් නහවා මිනිය කපන්නා වූ ප‍්‍රධාන ශල්‍ය කාර්මිකයාට (එම්බාම් කරු) භාරදෙයි. ප‍්‍රධාන ශිල්පියා ඊටම සුදුසු වූ ඇඳුමින් සැරසී වෙස් මුහුණක් ද පැළඳ කාරියට සූදානම් වෙයි. පළමුව ඔහු මිසර වාසීන් මියගිය පසු එම පුද්ගලයා වුවමනා ස්ථානයට කැඳවාගෙන යන ‘‘අනුබීස්’ නමැති දෙවියා සිහිකොට ඉතියෝපියාවෙන් ගෙන්වන ලද අති විශේෂ ගල් පතුරක් මගින් සිරුරේ වම්පස උදරය අඟල් 5ක් පමණ දිගට කපා දමයි. ඒ සමගම ඔහු එතැනින් ඉවත්වන අතර පාරිශුද්වන්තයකුගේ සිරුර කෙලෙසූ අයකු ලෙස ඔහු ලූහුබඳිමින් පහර දෙන සම්ප‍්‍රදායික සංකේතාත්මක දඬුවමකට මුහුණ දෙන්නට ද සිදුවෙයි.
මෙම ක‍්‍රියාවලියෙන් පසුව දීර්ඝ වූ කි‍්‍රයාවලියකට මුල පුරයි. පලා ඇති උදර කුහරයෙන් එළියට ගන්නා අතුණු බහන්, පෙනහලූ, වකුගඩු සහ සෙසු අවයව පරෙස්්සමින් කපා බඳුන් හතරකට දමයි. සිරුර පුරා ඇති සියලූම නාළ පවා එළියට ඇද දැමුව ද කිසි විටෙකත් හදවතට හානියක් නොකරයි. (මීට හේතුව ජීවත්ව සිටියදී ඔහු මිනිසකු වශයෙන් කරන ලද පව්xපින් ආදිය එලොවදී මැන බැලීමට හදවත අත්‍යවශ්‍ය යයි ඔවුන් සිතන බැවිනි)
කෙසේ නමුත් මුළු සිරුරම හිස් බෙනයක් බවට පත් කරන අතර කිසියම් දියර ඔසුවක් මගින් ඇතුළත හොඳින් සෝදා හරියි. එය ඔවුන් කීවේවත් කියන්නේවත් නැති රහස් ඔසුවකි. අනතුරුව සිරුරේ පිටතට එල්ල වෙන මැසි මදුරු උවදුරු වැඩලීම සඳහා තවත් සුවඳ ඔසුවක් ආලේප කරනු ලබයි. අනතුරුව කෙරෙන්නේ සිරුරේ ඇති තෙතමනය ඉවත් කිරීමේ කාර්යයි.
සාමාන්‍යයෙන් මිනිස් සිරුරේ හතරෙන් තුන් පංගුවක්ම ඇත්තේ ජලයයි. ඒ නිසාමය මියගිය සිරුර ඉක්මනින්ම කුණුවී ජරා ජීර්ණ වී යන්නේ. එනිසා ඔවුන් එහි අන්තර්ගත ජලය (තෙතමනය) ඉවත් කිරීම සඳහා කිසියම් නොදන්නා වූ ගුප්ත ක‍්‍රමයක් කරන ලද බව හෙරොඩෝටස් දක්වයි. මෙය මහත් වූ අභිරහසක් බැවින් ඒ පිළිබඳව ඔහුගේ සටනෙහි කිසිදු තොරතුරක් නොදැක්වෙන අතර එය කරන්නට ඇත්තේ මෙලෙසින් යයි වත්මන් විදු දරුවන් දක්වා තිබේ.
සෝඩියම් බයිකාබනේට් සහ සෝඩියම් ක්ලෝරයිඞ් යන රසායනිකයන්ගේ එකතුවෙන් නිර්මාණය වන ‘නේට්රන්’ නමැති රසායන ද්‍රව්‍ය මළ සිරුර වටා ගොඩගැසීමෙන් සිරුරේ තෙතමනය ඉවත් කරන්නට ඇත. නේට්රන් නමැති රසායන ද්‍රව්‍යයට මිනිස් සිරුරක පවතින තෙතමනය ක‍්‍රමානුකූලව උරාගැනීමේ හැකියාව ඇති නිසා ඔවුන් විසින්ද පුරා දින 30-40 අතර කලක් මළ සිරුර වටා මෙම රසායනිකය ගොඩ ගසා තබන්ට ඇත.
මළ සිරුර එම්බාම් කොට පිරමිඩයක තැන්පත් කිරීමට සුදුසු වනතුරු දින 40 ක් පමණ ගත වෙන බව ‘හෙරොඩෝටස් දක්වා ඇති සටහනත් මළ සිරුරක් එම්බාම් කරන්නට දින 40ක් පමණ ගතවෙන බවත් බයිබලයේ දක්වා ඇති සටහනත් අනුව ඉහත කී වත්මන් විදු මතය පිළිගැනීමට හේතු තිබේ.
මළ සිරුරේ තෙතමනය ඉවත් කිරීමෙන් අනතුරුව සිරුරේ ඇතුළත හිස් වූ කුහරය විශේෂ වූ ලී කුඩු හෝ රසායනික ඔසුවක් යෙදු රෙදි වලින් පුරවයි. ඉන් පසු උදරය පැළු සිදුර රන් පතුරකින් අවහිර කොට මසා දමයි. මළ සිරුරේ නියපොතු ආදිය සායම් ආලේප කිරීමෙන් පසු හිසකෙස් සැකසීම මියගිය අය පුරුෂයකු නම් ඔහු
ජීවත්ව සිටිය දී හිස පීරන අයුරින්ද කාන්තාවක නම් සුදුසු පරිදි ගෙතීමකින් ද කොණ්ඩය සකස් කරයි. මිය ගිය පුද්ගලයා ජීවත්ව සිටියදී පැවැති අයුරින්ම ඔහුගේ හෝ ඇයගේ මුහුණ පිළිබිඹු කිරීම සඳහා දෙනෙත් වලට මැණික් ගල් විශේෂයක් උපයෝගී කරගන්නා අතර මුළු සිරුරම මිසරයටම ආවේණික වූ සුවඳ විලවුන් බඳුනක බහාලයි. අවශ්‍ය පරිදි මී පැණි ගල්වා දමන සිරුර රෙදි යාර 150ක ප‍්‍රමාණ ගෙන තදින් ඔතා දමමින් සියලූ කාර්යයන්ම නිමා කෙරෙයි.
වටිනා ලෝහමය පෙට්ටියක තැන්පත් කරන දේහය හිමිකරුවා පුරුෂයකු නම් දෙඅත් පපුව මත තබා බැඳගෙන සිටින අයුරින් ද කාන්තාවක නම් දෙඅත් දෙපසට තබමින් ද සකස් කරගනී. පසුව සියලූ ශල්‍ය කටයුතු නිමාව දුටු දේහය කලින් සකසන ලද පිරමීඩය වෙතට ගෙනයයි. මෙලොව වාසය කරද්දී ඔහු ගත කළ අයුරින්ම පරලොවදී ද ගත කිරීම සඳහා ඔහු පි‍්‍රය කළ ආහාරපාන, ඇඳුම් බැඳුම්, සටන්වලට අවශ්‍ය කඩු, දුණු, ඊතල, ගමන් කිරීම සඳහා ඔරු පාරු, රැවුල් බෑම සඳහා දැලිපිහි, මෙන්ම වියදම් වෙනුවෙන් රන් මිණි මුතු ද මළ සිරුර සමගම පිරමීඩයේ තැන්පත් කරයි. සියල්ල නිමා වෙන්නේ දැවැන්ත ගල්කුට්ටි වලින් සැකසුණු පිරමීඩයෙහි දේහය තනිකර දමා සදාකාලයටම වසා දැමීමෙනි.
පිරමීඩය තුළ හිරවූ දේහය වෙනුවෙන් සාදයක් පැවැත්වීම ඉන් අනතුරුව කෙරෙයි. ඒ වෙනකක් නිසා නොව ඔවුන්ගේ පරලොව රජු වශයෙන් සැළකෙන ‘‘ඔසිරිස් (ධීෂඍෂී) දෙවියා සැනසීම සඳහාය. මියගිය පුද්ගලයාගේ හදවත කිරා බලන්නේ මේ දෙවියන් විසින්ය. (එහෙයින්ය ඔවුන් මළ සිරුරේ සියලූම අංග ඉවත් කළ ද හදවත ඉවත් නොකරන්න) මියගිය පුද්ගලයාගේ හදවත ‘පව්’ වලින් බර නම් අති භයානක කිඹුල් හිසක් සහිත යක්ෂයකු විසින් ගිල දමනු ලබයි. පින් කාරයකු නම් ඔහුට හෝ ඇයට එළොවදී නිත්‍ය සැනසීම හිමිවෙයි. පිරමීඩයක් තුළ සදාකාලයටම තැන්පත් වන මිසර ‘මමී’මේ විදියටම නිමාව දකී.
උබේසේකර කුමාරසිංහ නිකවැරටිය
================================================
උපුටා ගැනීම් සහිතයි ....!!!
දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....

අබිරහස් අඩවිය - Abirahas Adawiya 

”අංගම් පිඹීම” නම් වූ මාරාන්තික මන්ත‍්‍ර ශාස්ත‍්‍රය...!(angam pora අබිරහස් අඩවිය - Abirahas Adawiya)

ශ්‍රී ලංකාවේ වර්තමානයේ දී බොහෝ සෙයින් ප‍්‍රසිද්ධව ඇති සටන් කලාවක් වනුයේ අංගම් පොරයි. ඈත අතීතයේ සිට පැවත එන මේ සටන් කලාව අමුතුම පන්නයේ එකකි. මේ සටන් කලාව වඩාත් ප‍්‍රසිද්ධියට පත්වෙන්නට පටන් ගත්තේ මීට වසර ගණනකට පෙර ජාතික රූපවාහිනියෙන් විකාශය වූ ”දඬුබස්නාමානය” නම් ටෙලි නාට්‍යය සමගිනි. ටෙලිනාට්‍ය කලාවේ නව නැම්මක් ඇති කරමින් ප‍්‍රවීන කලාකරු ජයන්ත චන්ද්‍රසිරි විසින් එය නිර්මාණය කෙරිණි.
බොහෝ දෙනකු අංගම් පොර නම් වූ සටන් කලාව පිළිබඳව දැන ගත්තත් ඈත දිගාමඩුල්ලේ මීට දශක ගණනකට පෙර තිබූ ”අංගම් පිඹීම” නම් වූ මාරාන්තික මන්ත‍්‍ර ශාස්ත‍්‍රය ගැන නොදනී.
මේ මාරාන්තික මෙන්ම අමුතුම වර්ගයේ මන්ත‍්‍ර ශාස්ත‍්‍රය නිසා අතීතයේ දී මිනිසුන් බොහෝ දෙනකු රෝගාබාධයකට හෝ මරණයට පත්ව ඇති බව තවමත් දිගාමඩුළු වැව්ගම්පත්තුවේ පැරැණියෝ පවසති.

මේ ”අංගම් පිඹීමේ” මන්ත‍්‍ර ශාස්ත‍්‍රය පිළිබඳව වැඩිමනත් තොරතුරු තිබෙන්නේ දකුණු වැව් ගම්පත්තුවේය. (දමන) ඒ මන්ත‍්‍ර ශාස්ත‍්‍රය කනින් අසා, එහි කි‍්‍රයාකාරිත්වය දෑසින් දැක අනාගත පරම්පරාව වෙත දැන ගැනීමට සටහන් තැබූ එකම පුද්ගලයා මායා රංජන් නම් ආරූඪ නාමයෙන් ”දිගාමඩුල්ලේ ආශ්චර්ය” ඇතුළු පොත් කීපයක්ම රචනා කළ ගුරුවරයකු වූ මහනාම රාජපක්‍ෂයන්ය. 1940 දශකයේ අගභාගයේ දමන විද්‍යාලයේ සේවය කළ ඔහු, එවක ඒ ප‍්‍රදේශයේ තිබූ ”අංගම් පිඹීම” පිළිබඳවද සිය අවධානය යොමු කළේය.
”අංගම් පිඹීම අංගම් පොර මෙන් අතින් පයින් ගුටි ඇන ගන්නා, පොර බඳනා නිල බලා පහර දෙන ශිල්පයක් නොවේ. නමුත් මේ දෙකම මාරාන්තික බව සැබෑය.

දිගාමඩුල්ලේ ”අංගම් පිඹීමේ” මාරාන්තික මන්ත‍්‍ර ශාස්ත‍්‍රයේ විස්තර මායාරංජන් ”දිගාමඩුල්ලේ ආශ්චර්යය” පොතේ මීට වසර 54 පෙර සඳහන් කර තිබෙන අයුරු අපි මුලින්ම බලමු.

එදා අප තොට්ටම පන්සල් යන්නට කරත්තය බඳින විට, මුතුබංඩාගේ අප්පච්චි ඔහුට දුන් අවවාදය මට තවමත් මතකය.

”පුත, තැන තැන දුව පැන ඇවිදින්නේ නැතුං බලාගෙන එන්ඩ ඕනැ. එක එකා අංගම් පිඹිත්!”

අංගම් ගැන තොරතුරු අපි පසුවද සෙවීමු. දමන ”පරිෂාරි” මට ඒ මන්තරයක් ද ලියා දුන්නේය. ගම්මිරිස් ඇට කීපයක් ඒ මන්තරයෙන් එකසිය අටවරක් මතුරා කටේ ලා සපා උඩු සුළඟින් සිට පිඹිය යුතු බැව් හේ කියයි. එහෙත් මා සත්ත බැලූවේ නැත.
ඒ මායා රංජන් ”අංගම් පිඹීම” පිළිබඳව ඇසූ දුටු දෙයයි. මෙහි ”පරිෂාරි” ලෙස සඳහන් කර ඇත්තේ දමන ගමේ වෙදරාලටයි. ඔහුගේ නම සුදු බංඩාය. වෙදරාලට දෙමළින් කියන්නේ ”පරිෂාරි” කියාය. එකල දෙමළ, මුස්ලිම් අය මෙහි ආ ගිය නිසා ඔවුන් ඇමතූ ආකරයටම සිංහල අයද අමතන්නට පුරුදු වී තිබේ.
මේ ”පරිෂාරි” ව යකුන්නැහේ ලෙසින්ද අමතා ඇත. යකුන් බැඳගෙන යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකම් ආදිය කරන නිසා එනම ලැබී ඇති බව සමහරුන් කීවද දමන පදිංචි රම්පටබැඳි මුදියන්සේලාගේ ගුණවර්ධන මහතා (79) සඳහන් කළේ වෙල්ලස්සේ ”යකුන්නොහො” නම් ගමකින් පැමිණි නිසා ”යකුන්නොහෝ අයියා, යකුන්නොහෝ මාමා, යකුන්නොහෝ මල්ලි , වී පසුකාලීනව ”යකුන්නැහේ” වූ බවයි. අංගම් ශාස්ත‍්‍රය හොඳින් දන්නා ඔහු ඒවා සුව කිරීමටද දක්ෂයකු බව පැරණියෝ පවසති. කෙසේ හෝ දමන ”පරිෂාරි” ජීවිතයේ අවසන් භාගයේ සැදුනු රෝගාබාධ නිසා බොහෝ දුක් විඳ මිය ගොස් තිබේ.
වැව් ගම්පත්තුවේ මට හමුවූ පැරණියෝද පැවසුවේ මේ ”අංගම් පිඹීම” වැඩි වශයෙන් කෙරෙන්නේ සෙනග ගැවසෙන තැන්වල බවයි. බොහෝ විට එකල ගමේ සෙනග ගැවසෙන්නේ ගමේ පන්සලේය. ගමේ පන්සලේ පැවැත්වෙන පින්කම් අවස්ථාවලදී මේ ”අංගම් පිඹීම” කරති. තරහ පිරිමසා ගැනීම, පළිගැනීම, බලපුළුවන්කාරකම පෙන්වීම ආදී කරුණු මුල් කරගෙන මෙය කරන බව පැරණි ගම්වැසියෝ පවසති.
තොට්ටම ගමේ පැරණි ගම්වැසියකු වන කේ.එම්. සුදුබණ්ඩා මහතා (75) අංගම් පිළිබඳව අදහස් පළ කළේ මෙසේය.
”සෙනග ගැවසෙන තැන්වලට යනකොට වැඩිහිටියන් කවුරුත් කියන කතාවක් තමයි ”අංගම් වලින්” පරෙස්සම් වෙන්න කියලා. මට මතකයි දවසක් අපි නඛා වෙහෙර (දීඝවාපි) වඳින්න යද්දි තාත්තා
දෙහිගෙඩියක් මතුරලා දුන්නා. මේක අතේ තියා ගනින්, එහෙම නැත්නම් ඉනේ ගහගනිං, අංගම් පිම්බොත් වදින්නේ නෑ කියලත් කිව්වා. අපි ඒ කාලේ තොට්ටම ඉඳලා කරත්න බැඳගෙන යන්නේ. උදේ පිටත් වුණාම හවස් වෙද්දි නඛා වෙහෙර ළඟට යන්ඩ පුළුවන්. ? එලිවෙනකම් පින්කම් තියෙනවා. දවස් කීපයක්ම අංගම් වැදිච්ච ගෑනු, මිනිස්සු නහයෙං කටින් ලේ දාගෙන වැටෙනවා දැකලා තියෙනවා. ඒ හැම අවස්ථාවකම අංගමක් - අංගමක් කියලා කෑ ගහගෙන මිනිස්සු දුවනවා. වැටිච්ච කෙනා ළඟට බය නැති අය තමයි කිට්ටු වෙන්නේ. මම දැකපු හැම අවස්ථාවකම කවුරු හරි ”ගුරෙක්” (ගුරුන්නාන්සේ) ඇවිත් මතුරලා අංගම වැදිච්ච කෙනාව සනීප කරලා තියෙනවා. ඒක ඒ මොහොතෙම කරන වැඩක්, ඒ ඇරෙන්ඩ කවුරුවත් මැරුණු බවක් මට මතක නෑ.
එක දවසක් මම අරං ගිය දෙහිගෙඩිය තැම්බිලා දුඹුරු පාට වෙලා තිබුණා. වැඩිහිටියො කිව්වේ කවුරු හරි පිඹපු අංගමක් මතුරපු දෙහිගෙඩියට වැදිලා ඇති බවයි. දෙහිගෙඩිය නොතිබුණා නම් අංගම මට වැදෙන බව ඒගොල්ලෝ කිව්වා”
අංගමක් වැදුනු ස්වාමීන් වහන්සේ කෙනකු ගැන සඳහන් කළේ බක්මිටියාවේ බන්ඩා පුංචි බණ්ඩා (84) මහතා.
”මම මේ සිද්ධිය දැක්කේ 1939 දී. එතකොට මට වයස අවුරුදු 12 ක් විතර ඇති. මිරිහලේ පන්සලේ එදා පිංකම් තිබුනා. වෙනදනම් ඔය අංගම් පිඹීම කරන්නේ ?ටනේ. නමුත් මේක වුණේ පින්කම් ඉවරවෙලා පහුවදා උදේ. පින්කම් වලට දඹගල්ලෙන් (මොනරාගල දිස්ත‍්‍රික්කයේ) මැනිකා ගුරුන්නාන්සේ ඇතුළු කට්ටියක් තමයි ඇවිත් හිටියේ. ඒ අය හේවිසි ගැහුවා.
පන්සලේ හාමුදුරුවෝ පහුවදා ආවාස ගේ පිටිපස්සේ මූණ හෝදමින් ඉන්නකොට තමයි අංගම ඇරියේ. ආවාස ගේ පිටිපස්සේ තවත් කීපදෙනෙක් ඉඳලා තියෙනවා. ඒ කාට හරි ඇරපු අංගම තමයි හාමුදුරුවන්ට වැදුනේ. අංගම ඇරපු එකා හොයාගන්ඩ බැරිවුණා. හාමුදුරුවන්ගේ නම කේ. ධම්මාලෝක. උන්නාන්සේ මට
මාමා වෙනවා. ඊට කලින් පන්සලේ හිටියේ මගේ බාප්පා වෙන දේවමිත්ත කියලා හාමුදුරු නමක්. උන්නාන්සේ සිවුරු ඇරියට පස්සේ තමයි ධම්මාලෝක හාමුදුරුවෝ පන්සලේ විහාරාධිපති වුණේ.
ඉතින් හාමුදුරුවෝ නහයෙන් කටින් ලේ දාගෙන වැටුණනේ. පන්සල ඉස්සරහා හිටපු ඔක්කොම දුවගෙන ආවා. මැනිකා ගුරුන්නාන්සේ දුවගෙන ඇවිත් වතුර මතුරලා හාමුදුරුවන්ට ඉස්සට පස්සේ පියවි සිහිය ආවා. ලේ ගැලීමත් නතර වුණා. අංගම් අරින්නේ යක්කු බන්ධනය කරලනේ.
මට හොඳට මතකයි මේ වැඬේ ගැන හොඳට හොයලා බලපු උහන පැත්තේ (වැව් ගම්පත්තුව උතුර) රටේ මහත්තයෙක් නඛා වෙහෙරෙදී (දීඝවාපිය) ඔය අංගම් පිඹින ගුරකුට හොඳටම අල්ලං ගැහුවා. එදායින් පස්සෙ අනිත් ගුරොත් බය වුණා. අංගම් පිඹිල්ල ටිකෙන් ටික නතර වුණා.
වාවින්න 19 පදිංචි වනසිංහ මුදියන්සේලාගේ සුදු බණ්ඩා (69) මහතා අංගම් පිඹීම පිළිබඳව අපට අදහස් පළ කළේ මෙසේය.
”දවසක් මොනරාගල බුද්ධම පන්සලේ පිංකමක් බලන්ඩ අපිත් ගියා. සුවිසි විවරණ, බෝධිපූජා, මල්වට්ටි වෙන්දේසිය, බෞද්ධ නාට්‍ය ආදිය තමයි පන්සල්වල තිබුණේ. මධ්‍යම රාත‍්‍රිය වෙනකොට සියලූම වැඩ ඉවර වුණා. සමහරු වැටිච්චි වැටිච්චි තැන්වල නිදාගෙන හිටියා. තවත් සමහරු තැන තැන කතා කර කර හිටියා. අද වගේ විදුලිය තිබුණේ නෑ. පැට්‍රෝල් මැක්ස්, භූමිතෙල් ලාම්පු, පන්දම්, පහන් ආදියේ අඩ අඳුර තමයි තිබුණේ.
පන්සලේ එක තැනක තේ කඩයක් තිබුණා. එතන පොල් ගහයට මැදිවයසේ තුන්දෙනෙක් කතා කර කර හිටියා. එතෙන්ට යම් පුද්ගලයෙක් ඇවිත් සුරුට්ටුවක් පත්තු කරගෙන දෙතුන් පාරක් ඉහළ දුම්ගුලි පිටකළා. මම ඒ දිහා බලාගෙනයි හිටියේ. ඔහොම ටික වෙලාවක් යනකොට එක සැරේම අර තුන්දෙනා අඩි 05-06 ක් උඩ ගිහිල්ලා බිම වැටිලා දඟලන්ඩ පටන් ගත්තා. නිදාගෙන හිටපු අයත් ඇහැරුනා. සමහරු ”අංගමක් වැදිලා - අංගමක් වැදිලා” කියලා කෑ ගැහුවා. ඔය සද්දෙට තැ?ලේ නායක හාමුදුරුවොත් එතනට ආවා. ”අරකා තමයි මේක කරන්ඩ ඇත්තේ, ඕකට මම පාඩමක් උගන්නන්නම්කෝ” කියලා හාමුදුරුවෝ කිව්වා. ඒ කියලා ඉවරවෙලා මොනවදෝ හෙමිහිට මතුරලා හාමුදුරුවන්ගේ අතේ තිබුණ බස්තමෙන් අර වැටිච්ච තුන්දෙනාටම තට්ටු දැම්මා. ”හා හා දැන් ඉතින් නැගිටලා ගෙවල් වලට පලයල්ලා.” කියලා උන්වහන්සේ කිව්වා. ඊට පස්සේ අවසිහියෙන් වගේ හිටපු තුන්දෙනා නැගිට්ටා.
මට පස්සෙ තමයි තේරුනේ අර මිනිහා සුරුට්ටු දුම ඇරියේ හුළං අත බලන්න කියලා. මිනිහා වැඬේ කරලා හෙමිහට මාරුවෙලා. කඳංකැටියේ ”නංහාමි ගුරුන්නාන්සේ’’ කියන්නේ මිනිහට තමයි. පහු කාලෙක ඒ ගුරුන්නාන්සේ ලෙඩ හැදිලා දුක් විඳලා මැරුණා.”
අංගම් වර්ග කීපයක් තියෙනවා. එකක් තමයි උඩ තිරිංග අංගම. ඒක ඇරියම ටිකක් උඩ විසිවෙලා බිම
වැටෙනවා. අනිත් එක තමයි ”සූරිය තිලක්කම” අංගම. ?ට පිම්ඹහම පහුවදා ඉර පායද්දි අංගම වදිනවා. අනික ”නර වැදීම” අංගම, රත් හඳුන්, සුදු හඳුන් උරච්චි කරලා මතුරලා අල්ලේ ගාගෙන අංගම යවන්ඩ ඕනැ කෙනාට දෑත් එකතු කරලා ”ආයුබෝවන්ඩ” කියන ගමන් එයාගේ සෙවණැල්ල පාගන්ඩ ඕනැ. එතකොට එයාට අංගම වදිනවා. ඒ වගේම නූල් මතුරලා යන එන පාරේ තිබ්බහම ඒක පෑගුනොත් අංගම වදිනවා.
”රීරි කඩවර යක්ෂණිගේ පුපුරාඩිය” අංගමෙන් තමයි කන් අඩි පුපුරලා ලේ ගලන්නේ. අංගමක් වැදුනට පස්සේ කොහෝ හරි ගුරෙක් ගෙනල්ලා සනීප කරන්ඩ ඕනෑ. නැත්නම් නිතර සිහි නැතිව වැටෙනවා. පිස්සු හැදෙනවා. ඔහොම ඉඳලා මැරිලා යනවා.
වැව්ගම්පත්තුවේ පැරණියෝ පවසන අන්දමට, මෙහිදී සිදුවන්නේ මතුරා, සපා පිඹින ගම්මිරිස් කුඩු වල සැර සුළං අතත් සමග ගොස් නාසයට ආඝ‍්‍රහනය වීමයි. එසැණින් නහයෙන් කටින් ලේ දමාගෙන ඇද වැටීම. සුළං හමන දිශාව තමන්ගේ දෙසට තිබුණොත් එය තමන්ට වදින බව ඔවුහු කියති. එසේ වු අවස්ථාද ඇති බව ඔවුහු පෙන්වා දෙති.
වැව්ගම්පත්තුවේ තොට්ටම ගමේ අංගම් ශාස්ත‍්‍රය දන්නා රද්දැල්ලේ ගුරුන්නාන්සේ නම් වු ගුරකු සිටි බවද ඔවුහු පෙන්වා දෙති. බොහෝ සෙනග ගැවසෙන තැන්වලට යද්දී ලොකු කුඩා ගැහැණු පිරිමි බොහෝ දෙනකු මැතිරූ දෙහි ගෙඩියක් ඉනේ සඟවාගෙන යන අතර අංගමක් වැදුණු විට එය උණු වතුරේ තැම්බූ කලෙක මෙන් අව පැහැ ගැන්වෙන බව කියයි. අංගම සැරනම් දෙහි ගෙඩිය පැළෙන බවද පැරැණියෝ කියති.
අගංම් සාස්තරය දන්නා ගුරොන්ට ගමේ බොහෝ දෙනෙක් බය පක්‍ෂපාතීත්වය දැක්වූ බවද පැරැන්නන් පෙන්වා දෙන අතර දීඝවාපියේ දී රටේ මහත්තයකු අංගම් පිඹින ගුරෙකුට ඇති පදමට පහර දීමත් සමග අංගම් පිඹිල්ල නැති වී ගිය බවද කියති.
එපමණක් නොව, ගල්ඔය සංවර්ධන මණ්ඩලයේ ආගමනයත් සමග ඉඩම් ලැබීම වෙනත් තැන්වලට යාමට සිදුවීම සමහර ආකල්ප ආදිය නිසාද මෙය ක‍්‍රමයෙන් නැති වී ගොස් තිබේ. එවක මේවා ගුණධර්ම ඇති කිසිදු මිනිසකු අනුමත නොකළ බව මට හමු වූ සෑම පැරැණියකුම කීය.
මෑත භාගයේ දී මගේ මිතුරකු නොදන්නා කෙංගෙඩියක් කරන්න ගොස්, හාස්‍ය්‍යට ලක්වූ අයුරු තවමත් මතකය. මේ ගැන මතකය අවදි කරමින් ඔහුත් අපිත් අදටත් සිනාසෙමු. යම් පිළිවෙතකට කළ යුතු මේ ගැන කිසිදු අවබෝධයකින් තොරව කාගෙන්දෝ මන්තරයක් යැයි කියා දෙයක් අසා ගම්මිරිස් ඇට සපා කඩපිලේ සිටි තරහකරුගේ මුවට ළං වී එය පිඹ මොහු පැන දිව්වේය. නොසිතූ විටෙක සිදුවූ දෙයින් මුණ පුරා වැදුණු බුලත් කෙලත් ගම්මිරිස් ඇටත් පිස දැමූ මගේ මිතුරාගේ තරහකරු ”මේ යකාට පිස්සුද මන්ද” කියමින් ගෙදර ගියේය.
මායා රංජන් දුටු පරිදි මෙන්ම අප ඇසූ පරිදිද මෙය හාස්කමක් බව සැබෑය. එහෙත් එදා මෙන්ම අදත් ශිෂ්ට සම්න්න සමාජය මෙය අනුමත නොකරනු ඇත. එසේම ”අංගම් පිඹීම” නම් වූ අතුරුදන්ව ගිය සංස්කෘතියක් මේ සාමජයේ බොහෝ කාලයක් තිබූ බව සිහිපත් කරලනු වස් පමණක් මේ සටහන තැබූ බව සඳහන් කරමි.
සටහන - දිගාමඩුල්ල සමන් දිසානායක

================================================
උපුටා ගැනීම් සහිතයි ....!!!
දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....

අබිරහස් අඩවිය - Abirahas Adawiya 

අහසින් බැලූ විට පමණක් පෙනෙන අභිරහස් චිත‍්‍ර...!.(The Nazca Lines අබිරහස් අඩවිය - Abirahas Adawiya)

අද අප සූදානම් වෙන්නේ අපේ මේ මිහිමව විසින් සඟවා ගෙන ඇති තවත් අභිරහසක් ගැන හෙළි දරව් කරන්නටයි. ඒ තමා දකුණු ඇමෙරිකා මහාද්වීපයේ දී අපට හමුවන නස්කා රේඛා (The Nazca Lines).
මොනවද මේ නස්කා චිත‍්‍ර ?
පේරු දේශයේ අන්දීස් කඳුකරය අසළ කාන්තාර නිම්නයේ පොළොව හාරා සැතපුම් ගණන් දිගට විහිදෙන විශාල රේඛා වගයක් ඇත. මේ රේඛා නිර්මාණය කර ඇත්තේ නස්කා Nazca නමින් හැඳින්වෙන ඈත අතීතයේ විසූ ගෝත‍්‍රිකයන් පිරිසක් බව විශ්වාස කෙරේ. පොළෝ මට්ටමේ සිට බැලූ විට මේවා නිකම්ම නිකම් අගල් කීපයක් පමණයි. ඒත් අහසේ සිට බලද්දී පෙනෙන දේ විස්මය ජනකයි. රේඛාවලින් නිරූපණය වෙන්නේ අති දැවැන්ත අපූරු චිත‍්‍රයි. මෙම චිත‍්‍ර අතරේ සත්ත්ව රූප හා නොයෙක් විධියේ අමුතු සංකේත හා රටාවන් තිබේ. අහසින් යාමට සිහිනයකින්වත් නොසිතූ දුරාතීතයේ මේ පළාතේ ජීවත් වූ මේ නස්කාවරුන් නමින් හැඳින්වෙන ගෝත‍්‍රික ජනයා අහසේ සිට පමණක් පැහැදිලිව දැකිය හැකි එසේත් නැතිනම් අහසට පමණක් හොඳින් පෙනෙන දැවැන්ත සිතුවම් ඇන්දේ කුමක් නිසා? ඔවුන් ඒවා ඇන්දේ කාට පෙනෙන්නද ? දෙවියන්ට පෙනෙන්නද ? කවුරුන්ද මේ දෙවියන් ? නස්කාවරුන් දෙවියන් ලෙස සැලකුවේ පිටසක්වළින් පැමිණි අමුත්තන් පිරිසකටද ?
නස්කා චිත‍්‍ර
නස්කා රේඛාවලින් නිරූපණය කෙරෙන චිත‍්‍ර අතරේ පැණි කුරුල්ලෙක්, දඟර ගැසුණු වල්ගයක් ඇති වඳුරෙක්, කොන්ඩෝර් ගිජුලිහිණියෙක්, බකමූණකුගේ හිසක් ඇති මිනිසකු ද දකින්න ලැබේ. සත්ත්ව රූප නිරූපණය වන සේ මෙම රේඛා මුලින්ම සකස් කරන්න ඇත්තේ කි‍්‍ර.පූ. 200 දී පමණ කාලයේ විය හැකියැයි පුරාවිද්‍යාඥයන් විසින් නිගමනය කර තිබේ. පොළොවේ ඇඳි අනෙක් රටා නිර්මාණය කර ඇත්තේ ඊට අවුරුදු 500 කට පමණ පසුව බව ඔවුන්ගේ මතයයි. ඔවුන් මෙම රේඛා හඳුන්වන්නේ ‘ජියොග්ලිප්්ස්’ Geoglyphs හෙවත් ‘භූ ලේඛන’ Earth Writings යනුවෙනි.
නස්කා නිම්නයේ නස්කාවරු
ඉන්කා, මායා සහ ඇස්ටක් ශිෂ්ටාචාර බිහිවීමට පෙර දේශගවේෂක කොලම්බස් ඇමෙරිකාව සොයා පැමිණීමටත් පෙර පේරු දේශයේ නස්කා හී විසූ නස්කා ගෝත‍්‍රිකයෝ අති දැවැන්ත සිතුවම් නිර්මාණය කළහ. ඔවුහු මේ සිතුවම් නිර්මාණය කළේ පැම්පා ලීමා නගරයේ සිට සැතපුම් 250 ක් දුරින් පිහිටා ඇති කොලරාඩා නමින් හැඳින්වෙන අන්දීස් කඳුකරයට අයත් කාන්තාර තැනිතලා නිම්නයේය. නස්කා රේඛාවල හා බැඳුණු පුදුම දනවන සංසිද්ධියක් නම් මෙම රේඛා කාන්තාරයේ කර්කෂ දේශගුණයෙන් බැටකෑවත් ශත වර්ෂ ගණනකට පසුව අදත් තවමත් ඒවා හොඳින් සුරැකී තිබීමයි.
පිටසක්වළ ජීවීන් වෙනුවෙන් ඇඳි චිත‍්‍ර ?
බොහෝ විද්‍යාඥයන් පවසනුයේ මෙම චිත‍්‍ර දෙවියන් වෙනුවෙන් නිර්මාණය කළ ඒවා බවයි. ස්විට්සර්ලන්ත ජාතික එරික් වොන් ඩැනිකන්, 1970 දී ඔහු විසින් රචිත අතිශය ප‍්‍රසිද්ධියට පත් වූ ‘චැරියට්ස් ඔෆ් ගෝඞ්ස්’ කෘතියෙන් මෙම නස්කා රේඛාවලට වැඩි අවධානයක් ලබා දුන්නේය. ඩැනිකන් කියා සිටියේ මේ චිත‍්‍ර පිටසක්වලින් පැමිණෙන අමුත්තන්ට (පිටසක්වළ ජීවීන්ට) මඟ පෙන්වීම පිණිස නිර්මාණය කළ ඒවා බවයි. ඔවුන්ගේ පිටසක්වළ යානා ගොඩබෑමට මේ සිතුවම් උපකාරී වන්නට ඇති බවයි. ‘චැරියට්ස් ඔෆ් ගෝඞ්ස්’ කෘතිය ජනප‍්‍රිය වීමට මෙම කරුණු ඉවහල් වුනත් විද්‍යාඥයන් තවමත් මේ ගැන බලන්නේ වපර ඇසකිනි.
අහසින් ගිය නස්කාවරු
සමහර විද්‍යාඥයන්ගේ මතය වන්නේ නස්කාවරුන් පුරාණ කාලයේ බැලූන නිර්මාණය කර අහසින් ගිය පිරිසක් බවයි. 1980 වසරේදී විද්‍යාඥයන් පිරිසක් පුරාණ තාක්ෂණය යොදා ගනිමින් නස්කාවරුන් මෙන් උණුසුම් වායු බැලූනයක් සකස්කර ගෙන සාර්ථකව ගුවනින් ගමන් කළහ. එදා ඔවුන් ඔප්පු කර පෙන්වූයේ නස්කාවරුන්ට අහසින් ගොස් මෙම චිත‍්‍ර නැරඹීමේ හැකියාව තිබූ බවයි.
ජර්මානු ගණිතඥ මරීයා රීචේ
දශක ගණනක් තිස්සේ මෙම රේඛාවල සිදු විය හැකි අනතුරුවලින් ඒවා ආරක්ෂා කිරීමට පුරෝගාමී මෙහෙවරක් කළ අයකු ලෙස ජර්මානු ගණිතඥවරියක වූ මරීයා රීචේ සැලකිය හැකිය. ඇය ප‍්‍රකාශ කරනුයේ මේවා පුරාණයේ දී අහසට පමණක් පෙනෙන සේ සැකසූ ‘ගගන දින දර්ශන’ Sky Calender කියාය. රීචේගේ මෙම න්‍යාය තාරකා විද්‍යාඥ ජෙරල්ඞ් හෝකින්ස් විසින් ද සනාථ කර තිබේ.
අභිරහස අභිරහසක්ම තමයි
තාරකා විද්‍යාඥයන් මොනවා කීවත් පුරා විද්‍යාඥයන් ඉදිරිපත් කරන්නේ ඊට වෙනස් මතයකි. ඔවුන් පවසනුයේ මෙම රේඛාවලින් පෙන්නුම් කරන්නේ භූගත ජල සැපයුම් මාර්ග බවයි. සමහරුන් විශ්වාස කරන්නේ මේ රේඛා පුරාණ වන්දනාකරුවන් ගමන් ගත් මාර්ග බවයි. පුරාණයේ මෙම ප‍්‍රදේශයේ ඉදිකර තිබූ අද මුළුමනින්ම අතුරුදන් වී ඇති සිද්ධස්ථාන වන්දනාමාන කිරීමට නොයෙක් දෙසින් බැතිමතුන් පැමිණෙන්න ඇති බව විශ්වාස කෙරේ. එහෙත් මේ රේඛා ඇන්දේ තුමන හේතුවක් හෝ කුමන පදනමක් නිසාද යන්න තවමත් අභිරහසකි.







උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Sunday, August 7, 2016

ලෝකයේ බලවත්ම ස්ථානය ලංකාව... (Gravity Recovery And Climate Experiment අබිරහස් අඩවිය - Abirahas Adawiya.)

ඇමෙරිකාවේ NASA ආයතනය හා ජර්මානු අභ්‍යවකාශ මධ්‍යස්ථානය එක්ව වසර 2002 මාර්තු මස යුගල චන්ද්‍රිකාවක් නිපදවා කක්ෂගත කෙරුණි එහි අරමුණ වුයේ පොලව මතුපිට තිබෙන ගුර්ත්වාකර්ශනයබලය වඩාත් නිවැරදි ලෙස මැන බලමින් කාලගුණය හා පොළවේ අභ්‍යන්තරව සිදුවෙන වෙනස්කම් අද්‍යනය කිරීමය. මෙම මෙහෙයුම GRACE (Gravity Recovery And Climate Experiment ) ලෙස හැදින්වූ අතර මේ වනතුරු සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී.GRACEපොලවට කිලෝමීටර500 ක් ඉහලින් ගමන්කරන මේ චන්ද්‍රිකා යුගල එකම පථයක සමාන්තරව ගමන්කරයි. චන්ද්‍රිකා යුගල අතර දුර කිලෝමීටර 200 ක් වන අතර එහි ඇති සුක්ෂම විද්‍යුත් උපකරණවලින් චන්ද්‍රිකා අතර දුර කෙස් ගසක පමණ
(10 microns) වෙනසක් වුවද මැනීමට සමත්ය. එලෙසම එම තොරතුරු පොළවට වාර්තා කිරීමට තාක්ෂණික පහසුකම් වලින් ද සමන්විතය. පොලව මතුපිට ස්ථරය හා අභ්‍යන්තරය ඒකාකාරී නොවේ. විද්ධ මූලද්‍රව්‍ය විවිධ ඝනත්වයන් ගෙන් යුතුව විවිද අනුපාතයන් වලින් පවතී . එලෙසම පොලවේ මතුපිට හා අභ්‍යන්තර ජාල හා ද්‍රව පැතිරීමට එකාකාරි නොවේ. එබැවින් පොලවේ ගුරුත්වාකර්ෂණ බලය සුළු වශයෙන් අඩු හා වැඩි වශයෙන්
වෙනස් වේ. මෙය සාමාන්‍ය මිනිසාට බලපාන මුත් එය අපට දැකගැනීමට හෝ මැන ගැනීමට නොහැක . කිලෝමීටර 500 ක් පොළවෙන් ඈත අභ්‍යවකාශයේ ඇති මෙම චන්ද්‍රිකා යුගල ටද මෙය බලපායි . එබැවින් පහල ගුරුත්වය අනුව චද්රිකාවේ වේගය අඩුවැඩි වේ.
ඒ අනුව චන්ද්‍රිකා යුගල අතර දුර සියුම් ලෙස වෙනස් වේ. එම වෙනස්කම් ගුරුත්වයට අනුලෝමව සමානුපාතික වන අතර සංකීර්ණ ගනයක කිරීම් තුලින් පොලවේ “ගුරුත්ව” සිතියමක් ලබා ගැනීමට හැකිවී තිබේ.gravityමෙය අප දන්නා සමෝච්ච රේඛා සිතියමට සමානය. මෙහි සම ගුරුත්ව ඇති ස්ථාන සම පාටින් දක්වන අතර අඩුම ගුරුත්වය නිල් පැහැයේ සිට වැඩිම ගුරුත්වය රතු පැහැය ලෙස ගෙන වර්ණ ගන්වා ඇත. මෙම සිතියමේ අඩුම ගුරුත්වය ඇති ස්ථානය තුල ලංකාව පිහිටීම අරුමයක් නොවේද? මෙහි පරාසය දක්වා ඇත්තේ මීටර වලිනි. අඩුම හා වැඩිම තැන අතර දුර මීටර 200ක් පමණ වෙනු ඇත. මෙය මීටර වලින් දැක්වීම ඔබට ගැටළුවක් වෙනු ඇත. අඩු ගුරුත්වය ඇති ලංකාවේ සිට වැඩි ගුරුත්වය ඇති මැලේසියාව ආශ්‍රිත පෙදෙසට නැවක් ගමන් ගනී නම් . එයට මීටර 200 පමණ ඉහලට යාමක් සිදුවේ
.සරලව දක්වතොත් අද ලංකාව තිබුනේ තද රතුපාටින් නම්, ඊට අදාල මුහුදු මට්ටම අද තිබෙන ප්‍රමාණයට මීටර 200 ක් පමණ උසකින් වැඩි විය යුතුය. එනම් පහත රට යටවී උඩරට පමණක් ඉතිරි වෙනු ඇත. මෙම ගුරුත්ව වෙනසට අනුව ලෝකයේ උපරිම හා අවම අගයන් ගතහොත් යම් වස්තුවක බර 0.6% කින් පමණ වෙනස්වීමට ඉඩ තිබේ . ලංකාවේ මෙම විශේෂ පිහිටුම මීට වසර තිහ හතළිහකට කලින් ම සිට හදුනාගෙන තිබුණි. ලාංකියන් මේ ගැන වැඩිවශයෙන් දැනුවත් නොසිටි මුත්, අද වනවිට අපට වඩා තාක්ෂණයෙන් දියුණු රටවල් මේ පිලිබදව වැඩි උනන්දුවක් දක්වා ඇත. වසර 1956 දී Arthur C. Clarke මහතා ලංකාවට පැමිණ පදිංචිවීම ඉන් එක කරුණක් ය . පෘතුවි පෘෂ්ට්යේ සිට ඇතුලට යනවිට ගුරුත්වය අඩුවේ , එනම් පෘතුවි කේන්ද්‍රයේ ගුරුත්වාකර්ෂණය ශුන්‍යය. නමුත් පීඩන අධිකය.
පෘතුවි තලය මත ගුරුත්වය අඩුම තැන ලංකාව වන බැවින් ලෝක තලයේ කේන්ද්‍රය නොහොත් ලෝකයේ හරිමැද ලංකාව පිහිට්යේ යි කීම නිවැරදිය. මෙම කරුණ අද පමණක් නොව වසර දහස් ගණනක සිට අපේ මුතුන් මිත්තන් දැනසිටි බවට ශාක්ෂි හමුවේ. ත්‍රිපිටකයේ මෙන්ම පුජාවලිය, රාජාවලිය, දඹදෙණි අසන, වන්නි රාජාවලිය හා දොරකොඩ අස්න යන ලේඛණ වල පෘතුවි තලය මත ශ්‍රෙෂ්ඨ හා බලවත් මිනිසුන් බිහිවෙන භූමියක් ඇති බවත් එය මධ්‍ය මණ්ඩලය ලෙසත් දක්වා ඇත . එහි බිහිවන ශ්‍රෙෂ්ඨ හා බලවත් මිනිසුන් ලෙස “සියලු බුදුවරුන්” හා සියලු “සක්විති රජවරුන්” දක්වා ඇත. 
මෙම මධ්ය මණ්ඩලයෙන් භාහිර රටවල් “පරසම්ය දේශ” වශයෙන් නම් කර විශාල රටවල් ප්‍රමාණක් දක්වා ඇත. ඒවා අතර නේපාලය, බංගලිදේශය, කාශ්මීරය, ලාට රට, සින්ධුර දේශය, කර්ණාටක, ගුජරාට, කාම්බෝජය, යෝනක දේශය, සොලිරට, රෝමය හා ස්පාඤඤය වැනි රටවල් ඇත, ලෝකයේ රටවල පිහිටීමට අනුව විද්‍යාත්මකව අසාමාන්‍ය පිහිටුමක් ඇති එකම රට ලංකාවය.අපට ආසන්නයේ ඇති විශාලම වස්තුව සද ය. එහිගුරුත්වය පොලවේ ගුරුත්වය වඩා අඩුය. දල වශයෙන් 0.16 ක් වේ. පොලවෙ සිට 384,400 km දුරකින්, අඩු ගුරුත්වයක් ඇති සද , වඩදිය හා බාදිය ඇති කරමින් පොලවට බලපෑම් කරනු ලැබේ. සමහර ස්ථානවල, වඩ හා බා දිය අතර වෙනස අඩි 50 ක් පමණ වෙන බවට සොයාගෙන ඇත. ඒ හා සමාන බලපෑමක් සුර්යයා ගෙන් ද ඇති වේ. සුර්යයාගේ ගුරුත්වය පොලව මෙන් 28 ගුණයකි එනමුත් 149,600,000 km දුරින් ඇති නිසා එයින් ඇතිවන්නේ සදේ බලපෑම මෙන් අඩකි .
සද පොලව වටා යාමට ගතවන කාලය දවස් විසි අටකි එය චන්ද්‍ර මාසය නම් වේ. මුහුදු ජලය මත පමණක් නොව මිනිස් සිරුර තුල ඇති තරල මෙන් ම හෝමෝන සහ මිනිස් මොලයේ කිරියාකරිත්වයට ද සද බලපායි . දින විසි අටකට වරක් සිදුවන කාන්තාවන්ගේ ආර්තවහරණය මෙයට හොදම නිදසුනයි . පොහොය දවසට මනසේ ක්‍රියාකාරිත්වය වැඩිවන බවට පිළිගැනීමක් ඇත. එලෙසම රුධිර ගමනාගමනය වැඩි වී ලේ කැටි ගැසීම අඩු වේයි විශ්වාසයක් පවතින බැවින් සමහර වෙදදුරන් පොහෝ දින ශල්‍යකරම නොකරති . මෙය බුදු දහමින් තවත් පිලිබිබු වේ. පොහොය දින පින්දහම් කිරීමට යොදාගන්නේ එම නිසාය. 
එලෙසම මෙලොව පහලවූ උසස්ම මිනිසාගේ තෙමගුල මෙන්ම විශේෂ අවස්තාවන්, පොහොය දින සිදුවීම බොද්ධ සාහිත්‍යයේ ඇතුලත්ය . විදේශීය ජනප්‍රවාද සහ ජනකතාවල පොහොදින විශේෂ බව සදහන් කරයි . සුර්යක් ග්‍රහණය යනු මෙහි උපරිම අවස්ථාවයි . එවිට සූර්යය හා චන්ද්‍රයා එකම රෙඛාවක පිහිටන අතර පොලවේ ගුරුත්වාකර්ශනයට ප්‍රතිවිරුද්ධව ක්‍රියාකරමින්. පොලවේ බලය අඩු කරයි. බයිබලය යක්ෂයා ලෙසද, බුදු දහම මාරයා ලෙසද පොලවේ බලය හදුන්වයි. මරණය යනු මාරයාගෙන් ලබාගත් ණය ය. අප කවදාහෝ මරණය ගෙවා, නැවතත් ණය ලබාගනිමින් ඉපදේ.
මනුෂ්‍යයා මනසින් මෙන්ම ශරීරයෙන් ද පොලවට බැදී සිටි. මාරයාගේ බලය දස ආකාරයකින් ක්‍රියාත්මකය. ඒවා පොලවට නොහොත් “බ්මට” බරය, දස බිම්බර මාර සෙනග නමින් හදුන්වන්නේ එයය. දැන් මා ඔබෙන් පැනයක් අසමි. පොහොය දිනක දසබිම්බර මාරසෙනග “පසුවෙන්ම” පැරදිය හැකි වන්නේ ලෝකයේ කුමන ස්ථානයක සිටද ? නැතහොත් කුමන රටේ වැසියෙකුටද ? බුද්ධත්වය නම් වූ එම ශ්‍රෙෂ්ඨ මානසික තත්වයට පහසුවෙන් ම පත් විය හැක්කේ කුමන රටේ වැසියෙකුටද? බොහෝ විද්වතුන් මෙන්ම බුද්ධ දේශනාව අනුව ද , මිනිසා ලොව ඇතිවන්නේ. ඕපපාතිකව නොව පිටසක්වල ආගමනයක් නිසාවෙනි. 
බුදු වදනේ මෙය ආබස්සර බඹ ලොව ලෙස හදුන්වති. දැන් මම ඔබෙන් තවත් ප්‍රශ්නයක් අසමි. පිටසක්වල ජීවියෙකු හට පෘතුවියට පහසුවෙන් පැමිණිය හැක්කේ හා පිටවිය හැක්කේ ලෝක ගෝලයේ කුමන ස්ථානයෙන් ද ? නොඑසේ නම් කුමන රටින් ද ? ලෝකයේ පලමු ජීවය ඇතිවන්නට පහසු මොන රටේ ද? ලංකාව තුල බාහිර ලෝක හා සම්බධ විය හැකි සක්විති රජවරු මෙන්ම තාක්ෂණයද තිබු බව අපගේ ඉතිහාසය හා පුරා විද්‍යාව කියාපායි . 
එහි හොදම උදාහරණය වන්නේ අනුරාධපුර රන්මසු උයනේ ඇති තාරකා දොරටු ලාංචනයි. මේ හා සමාන ලාංචන ලොව ඇත්තේ, එකක් ඊජිප්තුවේ හා මැක්සිකෝවේ පමණි. රාවන යනු එවන් සක්විති රජ පරපුරක අවසාන පුරුකය. ලංකාව යනු ඉදිරි අනාගත්දී අඩු ඉන්දන ශක්ති ප්‍රභවයකින් අභ්‍යවකාශයට යා හැකි හොදම ස්ථානය බව දැන් ලෝකයේ සම්මත වී කතාබහ වෙමින් පවතී. අනාගතයේ පමණක් නොව අතීතයෙහි පවා එසේ වන්නට ඇත . උස්සන්ගොඩ යනු එවන් ස්ථානයක් බවට ජනමතයක් පවතී . මෙම තත්වය අයහපත් ආකාරයටද බලපායි. 
මනසේ ක්‍රියාකාරිත්වය නිසා ගැටුම් වැඩිවීමටද ඉඩ තිබේ. ලෝකයේ වැඩිම මානසික ක්‍රියාකාරී පිරිසක් ඇති ලංකාව, දිවිනසා ගැනීම් වලින් පළමු තැනට පත්වන්නේ එම නිසාය. බුදුන් කොහේ සිටියත් එම ස්ථානයේ දෙවදත්තද සිටියේය. එලෙසම ලාංකිකයන් පාලනය කිරීම අපහසුය. දේශපාලනයේ නිතර ගැටුම් ඇතිවේ, යුධ ඇතිවේ. සුර අසුර, රාම රාවන, ශාක්‍ය කෝලිය, එළාර දුටුගැමුණු ආදී කාලයේ සිට අද දක්වා එය පැවතෙන බව ඕනෑම කෙනෙකුට පෙනී යනු ඇත. ලාංකිකයන් ඇත්තටම දක්ෂ වන්නේ මේ ගුරුත්ව පිහිටුම නිසාය. ලෝකයේ ජනගහන අනුපාතය ගත්කල ලංන්කිකයන් ලොවපුරා ඉහල තනතුරුවල සිටින්නේ එම නිසාය. ලංකාවේ මේ විශේෂ පිහිටුම ගැන, විදේශ වෙබ් අඩවි කිහිපයකම කතාකරනු දක්නට ලැබේ. මනා කලමනාකරණයක් හරහා ලොව දිවුනුම රට බවට මේ රට පත්කිරීමට මෙන්ම, මෙම පිහිටුම නිසා සංචාරකයන් වැඩි කරගැනීමටත් හැකිවෙනු ඇත. 
කෙසේ වෙතත් ලංකා සංචාරක මණ්ඩලය මේය දන්නා බවක් දක්නට නොලැබුණි. ඔවුන් උනන්දු වන්නේ හනුමන් හා සීතා කෝවිල් ඉදිකර ඉන්දියානු සංචාරකයන් ගෙන්වීම වැනි පසුකාලීනව ප්‍රශ්න ඇතිවන වියාපාරන් කෙරෙහි බව අසන්නට ලැබුණි. අවසාන වශයෙන් තවත් වැදගත් දෙයක් පෙන්වාදෙනු කැමැත්තෙමි. අද ලෝකයේ බෞද්ධ , මුස්ලිම්, හා කතෝලික වශයෙන් ප්‍රධාන ආගම් තුනක් ඇත. මෙම ආගම තුනෙහිම බැතිමතුන් එකට වන්දනා කරන ලොව එකම ස්තානය ඇත්තේ ලංකාවේය, විදේශ පොතපතෙහි මීට වසර දහස් ගණනකට පෙර මහා ඇලෙක්සැන්ඩර් රජු වැදපුදාගත් බව ලියවෙන, ලොව ප්‍රථම මිනිස් වාසය බිහිවූ ස්ථානය ලෙස අන්‍ය ආගමිකයන් අදත් සලකන ස්තානය තියෙන්නේ අප උපන් හෙළබිම තුලය.
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....අබිරහස් අඩවිය - Abirahas Adawiya