Showing posts with label හාස්කම්. Show all posts
Showing posts with label හාස්කම්. Show all posts

Tuesday, February 19, 2019

හරියට පහන් තබා හිතෙන් පතන දේ සූනියම් දෙවියන් ඉටු කරදෙනවා..... (gambhara deviyo අබිරහස් අඩවිය - Abirahas Adawiya - haskam)

බුද්ධත්වය පතන සූනියම් දේවතාවන් පිළිබඳව අපි පසුගිය සති කිහිපය තුළදී කතා කළෙමු. විටෙක දේවතාවෙක් විටෙක යක්ෂ ආරූඪයක් ගෙන වඩින සූනියම් දෙවියන් නිරන්තරයෙන්ම මනුෂ්‍යයන්ට පිහිටට එන දේවතාවකු ලෙස සැලකෙයි. නියමිත පරිදි පිරිසිදු වී වන්දනා මාන කරන විට සූනියම් දෙවියන් තමන්ට සියැසින් දැක බලා ගැනීමට වුවද හැකි බව දෙමටගොඩ ලුනාව දේවාලයේ සිටින චන්ද්‍රසිරි පරණගම කපු මහතා අප සමඟ පැවසීය.   
කොහොමද සූනියම් දෙවියන්ට පහන් තබන්නේ?
සූනියම් දෙවියන් විතරක් නොවෙයි ඕනෑම දෙවියකුට පහන් තබන විට අපි නිරන්තරයෙන් පිරිසිදු වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි තුනුරුවන් වැඳලා පන්සිල් සමාදන් වෙලා මස් මාංශ අනුභවයෙන් තොරව පහන් තබන්න සූදානම් වෙන්න ඕනෑ.   
අනෙක් කාරණය අපි දෙවියන් ගැන විශ්වාසයක් තබාගෙන පහන් තබලා දේව ආශිර්වාදය ගන්නවා නම් දෙවියෝ අපට නිරන්තරයෙන් පිහිට වෙනවා. මම ඒක අත්දැකීමෙන් ලබලා තිබෙනවා. මෙතනට පැමිණෙන දහස් ගණන් බැතිමතුන්ගේ ප්‍රශ්න මම අහලා ඔවුනට සෙත් ශාන්තියක් ලබාදීලා තිබෙනවා. ඒක නිසා ඔවුන්ගේ කාර්යයන් ඉටු වුණාම නැවත දේවාලයට පැමිණිලා බාරහාර ඔප්පු කරනවා. සූනියම් දෙවියන්ට පහන් තබනකොට මෙන්න මේ ගාථාව කියනවා නම් වඩාත් ප්‍රයෝජන ගන්න පුළුවන්.   
‘‘සිව වස්තු නමෝ රාමඃ   
කන්ද සේනා සිවාගමක්   
වඩිග තන්ත්‍ර මනී කන්තක්   
ඔඩ්ඩි මංගල නමෝ නමක් 
අග්ගි ඛන්ධන්ජ හස්තේන   
හස්තේ වඩිග කර්ත​ෙත්  
මූඛේන විස සර්පේන   
ශිර්ෂේ පංච කේසකේ 
උදරයේ නාග බන්ද‌ාය   
නීලෝ තුරඟ වාහනේ   
සූනියම් දේව තා නාම   
මහියංදි පාද නමෝ නමක්’’ 
මෙන්න මේ ගාථාව එක් වරක් හෝ තුන් වරක් කියලා සූනියම් දෙවියන්ට පහන තබනවා නම් වැඩි ප්‍රතිඵල ලබාගන්න පුළුවන්. ඔය ස්තෝත්‍ර නිරන්තරයෙන් දෙවියන් ඉදිරියේ සජ්ඣායනය කරනවා නම් ඕක තමුන්ට සිද්ධි වෙනවා. එහෙම සිද්ධි වුණාට පස්සේ එක වචනයක් සිහිපත් වුණා නම් ස්තෝත්‍රය දිගින් දිගටම කියන්න පුළුවන්කම ලැබෙනවා. මේ ස්තෝත්‍රය කට පාඩම් වුණාම තමුන්ට ඇඟට ජීර්ණය වෙනවා. පළමුවෙනි ස්තෝත්‍රය කියන කොටම දේවතාවුන් වහන්සේගේ බැල්ම ආකර්ශනය ලැබෙනවා. ඊට පස්සෙ අපි පූජාව කැපකරන්න ඉස්සර වෙලා දේවතාවුන් වහන්සේගේ බැල්ම වැටිලා, අපි සිතින් පතන දේ එසේත් නැතිනම් අපේ කරුණු කාරණා ඉෂ්ට සිද්ධ කරලා දෙන්න කියලා ඉල්ලීමක් කරන්න ඕනෑ. අපේ සිතේ බලය තමයි මෙතන මූලික වෙන්නේ. සිතේ බලය හරිම බලවත්. අපි කටින් කියනවාට වඩා සිතින් සිතාගෙන කියන කාරණාවල වැඩි බලයක් තිබෙනවා.
   සූනියම් දෙවියන් අදහනවා නම් නිවසක පිරිසිදු පරිසරයක් තිබීම අත්‍යවශ්‍යයි. පිරිසිදු පරිසරයක් කියලා කියන්නේ තමුන්ගේ භූමියත් පිරිසිදු වෙන්න ඕනෑ. තමන්ගේ ප්‍රදේශය වගේම තමනුත් පවිත්‍ර වෙන්න ඕනෑ. භූමිය පිරිසිදු වෙනවා කියන්නේ භූමියේ බල්ලො හදන්න බැහැ. දෙවියන්ට පහන තියනවනම් බල්ලො හදන්න බෑ. බල්ලන් හැදුවොත් ඔවුන් මැරෙනවා. නිකම් කර්මයක් කරගන්න අවශ්‍ය නැහැනේ පහන් තියලා. භූමියේ උතුරු දිශාවට පහන් පැලේ පසුපස හරවලා තිබෙන්න ඕනෑ. දකුණු දිශාවට තමයි දේවරූපයේ නේත්‍රා හරවලා තබන්න ඕනෑ. ඊසාන දිසාවට හෝ උතුරු දිශාවට හෝ තමයි දෙවියන්ගේ පසුපස හරවලා තබන්න ඕනෑ. අපි වන්දනාමාන කරන්න ඕනෑ උතුරු දිශාව බලාගෙන, එක්කෝ ඊසාන දිශාවට. ඒ දිශා දෙක වැදගත්. එතකොට පහන් ආලෝකය නිවසට වැටෙන්න බැහැ. ඒක ආවරණය වෙන්න ඕනෑ. තනි කණුවේ පහන වෙන්න ඕනෑ. උස තිබෙන්න ඕනේ තමන්ගේ පාදයේ සිට පපුව ප්‍රදේශය දක්වා. භූමිය සකසා ගන්න ඕනෑ පහන් කණුව හිටවන තැන අඩි 3x3, අඩි 5x5, අඩි 7x7 වගේ ප්‍රමාණයක. තමන් සීමාවක් කරගන්න ඕනෑ. ඒ ප්‍රමාණය සීමාවක් කරගෙන ඒක මැද තනි කණුව ඉන්දන්න ඕනෑ. පහන් පැල සකසා ගන්න ඕනෑ අන්න ඒ ආකාරයට. ඊට පස්සේ තමන්ට පුළුවන් දේවාලයකින් සිද්ධ සූනියම් අප්පච්චිගේ බලය තිබෙන තැනකින් පිළිමවහන්සේ නමක් වඩා හිඳුවලා ඒක පේ කරගන්න ඕනෑ. පේ කරගෙන පිළිමය වඩම්වලා පුර පක්ෂයේ පළමුවන කෙම්මුර දිනයේදී පහන් ආලෝකය දල්වන්න ඕනෑ. පහන් දල්වන විට මම කලින් කිව්ව විදියට හොඳට පිරිසිදුව තිබෙන්න ඕනෑ. පහන් පැළට අපි පළමු දිනයේදී ජප කරන්න ඕනෑ විලද, මී පැණි, සුදුමල් පීරිසියක්, පැන් බඳුනක්, පිරිසිදු පහන් වැටියක්, ඒක තල තෙල් හෝ එලඟි තෙල් වෙන්න ඕනෑ. අබ තෙල් වුණත් කමක් නැහැ. පිරිසිදු පොල් තෙල් වුණත් කමක් නැහැ. තෙල් වර්ග 3 කලවම් කරලා පහන දැල් වුවත් කමක් නැහැ. තල තෙල්වල වෙනම බලයක් තිබෙනවා. අබ තෙල්වල වෙනම බලයක් තිබෙනවා. එළඟි තෙල්වල වෙනස් බලයක් තිබෙනවා. ඒ ඒ තෙල් අනුව එක එක ආකර්ශන ශක්තියක් තිබෙනවා. ආශිර්වාදය ලබන්න නම් පහන් පැළේ පහන තිබෙන පළමුවැනි දවසේම අපි අතින් වරදක් වෙන්න පුළුවන්. අපි මිනිස්සුනේ. එතකොට එ්ක මඟ ඇරෙන්න පුළුවන්. අතපසු වෙන්න පුළුවන්. ඒ වෙලාවට අපි දේවතාවුන් වහන්සේට පළමුවැනි දවසේම කියන්න ඕනෑ අපි අතින් යම් වැරැද්දක් වෙනවා නම් සමාවෙන්න කියලා. පහන කැප කරන්න ඕනෑ.   
ඒ කියන්නේ පළමු දවසේම ඒ දේවල් කරන්න ඕනැද? 
  ඔව්. පළමු දවසේම ඒ දේවල් කරන්න ඕනෑ. අතපසු වුණොත් සමාවෙන පොරොන්දුව පිට. මොකද අපිට අනිවාර්යයෙන්ම අතපසු වීම් වෙනවා. ඒක නිසා දේවතාවුන්වහන්සේව කලින්ම දැනුම්වත් කරලා තබන්න ඕනෑ. මට කාර්යබහුල වෙන්න පුළුවන්. මට පහන තබන්න බැරි වෙන්න පුළුවන් කියන කාරණය පිළිබඳ.   
ගම්භාර දෙවියන්ට පහන තබලා කඩ වුණොත් දෙවියෝ දඬුවම් දෙනවද?   
ඔය කාරණය බොහෝ දෙනා අතර තිබෙන මිථ්‍යා විශ්වාසයක්. ගම්භාර දෙවියෝ එහෙම දඬුවම් දෙන කෙනෙක් නොවෙයි. උන්වහන්සේ මතු බුද්ධත්වය පතන කෙනෙක්. මනුෂ්‍යයන්ගේ ජනමතයේ තිබෙනවා පහන තබලා අතරමග නතර කළොත් දඬුවම් දෙනවා කියලා. එහෙම දෙයක් නැහැ. එහෙම දේව දඬුවම් හෝ දේව උදහසට ලක්වෙන්න නැහැ. ගම්භාර දෙවියන්ට පහන තබලා කඩ වුණොත් එහෙම දඬුවම් ලැබෙන්නේ නැහැ. හැබැයි ඔඩ්ඩි දේවතාවුන් වහන්සේට එහෙම තබලා කඩ වුණොත් දඬුවම් ලැබෙන්න පුළුවන්. මොකද ඔඩ්ඩි දේවතාවුන් වහන්සේ කියන්නේ යක්ෂයෙක්. එයාට එහෙම පහන තබලා කඩ කළොත් එයා දඬුවම් නොකළාට එයා වටේ ඉන්න පරිවාර අයගෙන් පොඩි අවලාදයක් වෙන්න ඉඩ තිබෙනවා.   
පළමු පහන තබන්න ඕනෑ සූනියම් දෙවියන්ට ද?   

ඔව්. පළමු පහන සූනියම් දෙවියන්ට තබන්න ඕනෑ. ඊට පස්සෙ තමන්ට අවශ්‍ය නම් ඒ පහනම ගම්භාර දෙවියන්ට කැප කරන්න පුළුවන්. ඒකෙ ගැටලුවක් වෙන්නෙ නැහැ. රූප දෙකම තැන්පත් කරන්නත් පුළුවන්. හුඟාක් දෙනෙක් මම දැකලා තිබෙනවා රූප දෙකම තැන්පත් කරලා තිබෙනවා.  
අකැපක් වෙන්නැද්ද?   
කිසිම අකැපක් වෙන්නෙ නැහැ. කොහොමත් දේවතාවුන් වහන්සේට පහනක් තබනවා නම් ඒ භූමියට අකැපක් වෙන්නේ නැහැ. ​ෙද්වතාවුන් වහන්සේට පහන් දල්වන කොට ව්‍යාපාර කරන කෙනෙක් පහනක් තබනකොට ව්‍යාපාර දියුණු වෙනවා. පවුල් ආරවුල් නැති වෙනවා. නඩුහබ කරදර තිබෙනවා නම් ඒවායින් සහනයක් ලැබෙනවා. අධ්‍යාපනය ලබන දරුවන්ගේ අධ්‍යාපනය කටයුතු දියුණු වෙනවා. යානවාහන තිබෙන අයගේ යානවාහන ආරක්ෂා වෙනවා. භූමියේ තිබෙන භූමි දොස් සමනය වෙනවා. ව්‍යාපාර ස්ථානවලට ආරක්ෂාව ලැබෙනවා. රෝග පීඩා ආදිය තිබෙන අය වඳිනවා පුදනවා නම් රෝග පීඩා නැති වෙනවා. නැති වෙනවා කියන්නේ ඒ ගන්න ඖෂධ ප්‍රත්‍යක්ෂ වෙනවා. එතකොට හදි හූනියම් දොස් තිබෙනවා නම් ඒවා නැති වෙනවා. පවුල්වල දියුණුව, සමගිය, සතුට වර්ධනය වෙනවා. කැඹුරුම් මාලාවන්, වරම් මාලාවන් ඇති අය පහන් තබනකොට ඥාති වරම ශක්තිමත් වෙලා ආශිර්වාදය උදාවෙනවා.   
ගම්භාර දේවතාවුන් වහන්සේට පහන තබනවා නම් රාත්‍රි 10යි 01ත්, අතර කාලයේ තබන්න අවශ්‍යයි. ඒ වෙලාවට තමයි ගම්භාර දේවතාවුන් වහන්සේගේ බැල්ම වැටෙන වෙලාව.   
ඒ වෙලාවට කලින් හෝ පසුව පහන තිබ්බොත්?   
ඒ වෙලාවට තමයි ගම්භාර දෙවියෝ බැල්ම හෙළන්නේ. ඒ වෙලාවට කලින් හෝ පසුව පහන තිබ්බොත් අවැඩක්. වෙන්නෙ නැහැ. නමුත් අපිට ලැබෙන ප්‍රතිඵල අඩුයි. ආශිර්වාදය අඩුයි. ඔඩ්ඩි දේවතාවුන් වහන්ස්ට පහන තබනවා නම් උදේ 6.48ත් 7.12ත් අතර රාත්‍රි කාලයටත් එසේමයි. ඒ වෙලාවට තමයි ඔඩ්ඩි දේවතාවන් වහන්සේට දිෂ්ටි වැටෙන වෙලාව. ගම්භාර දෙවියන්ටත් සමහර අය උදේ පහන තබනවා. නමුත් අකැපක් නැහැ. නමුත් ගම්භාර දෙවියන්ට පහන තබන්න ඕනෑ රාත්‍රි කාලයේ තමයි. රාත්‍රි කාලයේ පහන තබන්න කලින් තමුන් නාලා පිරිසිදු වෙලා, බුදුන් වැඳලා ගිලන්පස පූජා කරලා සීලවන්තයෙක් වෙලා තමයි පහන් තියන්න ඕනෑ. එතකොට තමයි දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙන්නේ. එහෙම ගම්භාර දෙවියන්ට පුද සත්කාර කරනකොට තමුන් නිරායාසයෙන්ම දියුණුවට පත්වෙනවා.   
හැබැයි හැමදෙයකටම ප්‍රතිපත්තිගරුක වීම තමයි වැදගත් වෙන්නේ. එහෙම ප්‍රතිපත්තිගරුකව ඉතාම පිරිසිදුවට පහන තිබ්බොත් කවදාවත් වරදින්නෙ නෑ. සෑම වෙලාවකම දෙවියෝ ආරක්ෂා කරනවා. යම්කිසි කරදරයක් වෙන්න තිබෙනවා නම් ඒවා වළක්වනවා. මේවා මම අත්දැකීමෙන් ලබපු දේවල්.   
(ලබන සතියට)
සටහන හා ඡායාරූප 
නිශාන්ත කුමාර බණ්ඩාර
 lankadeepa  
''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
රෑ දෙ‌ාළහට මිණිගෙඩි ශබ්දයක් ඇහිලා නැගිට්ටා මෙන්න ඉන්නවා හූනියම් දෙවි​යෝ
පසුගිය සතියේ අප සූනියම් දෙවියන් ගැන සාකච්ඡා කළා. අද අපි සොයා බලන්නේ සූනියන් දෙවියන්ට බාර හාර වෙන ආකාරය පිළිබඳවයි. මේ පිළිබඳ අප දෙමටගොඩ ලූනාව දේවාලයේ චන්ද්‍රසිරි පරණගම කපු මහතාගෙන් විමසීමක් කළා. ඔහු ප්‍රකාශ කළේ සූනියම් දෙවියන් විටෙක දේවතාවක් ද තවත් විටෙක යක්ෂ ආත්මයකින් පෙනී සිටින බලවත් දේවතාවකු බවයි.
බොහෝ දෙනෙකුට පිහිට වන දේවතාවෙක්. ඒ පිළිබඳව අදහස් පළකළ චන්ද්‍රසිරි පරණගම කපු මහතා.   
“සූනියම් දෙවියන් ගොඩක්ම මිනිසුන්ගේ දුකට පිහිටවන කෙනෙක්. ලංකාවේ කබැල්ලෑව කියන ප්‍රදේශයේ තමයි සූනියම් දෙවියන්ගේ මුල් භූමිය. අපවත් වෙච්ච ගල්කිස්සේ විසුද්ධානන්ද හාමුදුරුවෝ තමයි මේ ස්ථානයේ පිළිමයක් අඹළා ප්‍රසිද්ධ කරලා ජනතාවට වන්දනා මාන කරලා උන්වහන්සේගේ පිහිටක් ලබා ගන්න කටයුතු කරලා තිබෙන්නේ. සූනියම් දෙවියො කියන්නේ බෝධිසත්ව ගුණය තිබෙන දෙවි කෙනෙක්. උන්වහන්සේගෙන් වැඩ අරගන්න කටයුතු කළේ ගල්කිස්ස විසුද්ධානන්ද හාමුදුරුවෝයි.  
සූනියම් දෙවියන් මේ ස්ථානයේ ජීවමානව වැඩ සිටිනවා. මම ඇස් දෙකින් දැකලා තිබෙනවා. ඒකයි මට විස්වාස. මම නිදා ගන්නේ මේ දේවාලයේම තමයි. දවසක් රෑ 12ට විතර මිණිගෙඩි සද්දයක් ඇහුණා. මම නින්දෙන් ඇහැරිලා බලනකොට සුදු පුළුන් වලාවක් වගේ සූනියම් දෙවියෝ වැඩියා. මම ඒ වෙලේ දණගහලා වැන්දා. ඒ ශක්තිය තමයි අදටත් මට තිබෙන්නේ.  
මිනිසුන් ගොඩක් සූනියම් දෙවියන්ගෙන් පළිගහන දේවලුත් කරනවා ද?  
සූනියම් දෙවියන්ගෙන් නෙමෙයි පළිගහන දේවල් වගේ දේවල් කරගන්නේ. සූනියම් දෙවියන් එක අවස්ථාවක දෙවියෙක් වෙලා ඉන්නවා. තව අවස්ථාවක යක්ෂ ස්වරූපයෙන් ඉන්නවා. පුර පක්ෂයට බෝසත් විලාසයත්, අව පක්ෂයට යක්ෂ විලාසයෙන් පෙනී හිටිනවා. අව පක්ෂයේදී තමයි සැඩ පලු දහසක් මවාගෙන වැඩ සිටින්නේ. අනිත් ස්වභාවය තමයි නවගුණ වැලක් පැළඳගෙන ජටාවක් බැඳගෙන සුදුපාට තුරඟෙකු පිට යන්නේ එ් අවස්ථාවේදීයි. යක්ෂ රූපය ගත්තහම නිල්පාට තුරඟෙක් පිට තමයි ගමන් කරන්නේ.  
මිනිසුන් තුළ දේවසංකල්පය මෑතක සිට ඉහළ ගොස් තිබෙනවා. බුද්ධ කාලයේ සිට දේවසංකල්පය පිළිබඳ ජනතාව තුළ තිබුණා. ලොව්තුරා බුදු හාමුදුරුවෝ පහළ වෙන්නත් ප්‍රථම ඉඳලා දේවසංකල්ප තිබුණා. ඉන්දියාවේ ආගම් 64ක් තිබුණා. ඒ අතරතුරේ තමයි බුදු හාමුදුරුවෝ ලොව පහළ වුණේ. බුද්ධ ධර්මයට අනුව දේව සංකල්පය අයින් කරලා නැහැ. බුදුහාමුදුරුවොත් දේශනා කරලා තිබෙනවා දෙවියන්ට පුදසත්කාර කළාම දෙවියොත් ආරක්ෂා කරයි කියලා. ලංකාවේ දේවසංකල්පය ඇති වුණේ බෞද්ධ සාසනයත් එක්ක. ලංකාවට ආවේණික දෙවිවරුන් සිටියා. සමන් දෙවි හාමුදුරුවෝ, උප්පල වර්ණ දෙවි හාමුදුරුවෝ ලංකාවට ආවේණික දෙවි හාමුදුරුවරු හිටියා. දැන් සූනියම් දෙවියෝ ඉන්දියාවෙන් තමයි වැඩමකරලා තිබෙන්නේ. තඹ පොතක තමයි බන්ධනය කරලා වැඩම කරවගෙන තිබෙන්නේ. කැබැල්ලෑවේදී තමයි බන්ධනයෙන් මිදිලා බෞද්ධ උපාසකයෙක් තමයි අල්ලගෙන බන්ධනය කරගෙන තිබෙන්නේ. එතනදී තමයි යක්ෂ විලාසයෙන් මිදිලා දේව විලාසයෙන් මිනිසුන්ට පිහිට වෙන්න පටන් ගෙන තිබෙන්නේ.  
හැබැයි මෙහෙමයි. උන්වහන්සේ අදහනව නම් ප්‍රතිපත්තිගරුක වෙන්න ඕනෑ. ප්‍රතිපත්තිය තමයි උතුම්ම දේ. ඉස්සර මිනිස්සු දෙවි හාමුදුරුවන් ගාවට පූජා වට්ටි අරගෙන ගියේ නැහැ. අරන් ගියේ තමුන් රකින ප්‍රතිපත්තිය. ඒ ප්‍රතිපත්ති අරගෙන ගිහින් මම ‘ප්‍රතිපත්ති ගරුකයි ඒක සත්‍ය නම් ඔබ වහන්සේ මට පිහිට වෙනවා’ කියලා තමයි දෙවියෝ ඇදහැවුවේ. දැන් ප්‍රතිපත්තිවලට වඩා පූජා වට්ටියයි මුල් වෙලා තිබෙන්නේ. නමුත් පිහිට නැතුව නොවෙයි. පිහිට තිබෙනවා. ගම්භාර දෙවියෝ කියන්නේ පසේ බුද්ධත්වය පතන දෙවිකෙනෙක්. කකුසඳ, කෝනාගම, කාශ්‍යප, ගෞතම යන බුදුන්වහන්සේලාගෙන් විවරණ ගත්ත බෞද්ධ උපාසකයෙක් තමයි ගම්භාර දෙවියන් කියන්නේ.  
දැන් සූනියම් කියන්නේ අව පක්ෂයටනේ. පුර පක්ෂයට කියන්නේ ගම්බාර දෙවියන් කියලා. ඒ වගේ උත්තමයකුට පුද සත්කාර කරනවා කියන්නේ වරදින්න විදියක් නැහැ. බෝධිසත්ව ගුණෝපේත ඇත්තෙක් තමයි ගම්භාර දෙවියන් කියන්නේ. කොහෙදිවත් කියලා නැහැ දැන් අපි වුණත් ගොඩක් දෙනෙක් කියනවා දෙවියන්ට මල් පූජා සුදුසු නැහැ. දෙවියන්ට පහන් ආලෝක සුදුසු නෑ. දෙවියන්ට පුද පූජා සුදුසු නැහැ කියලා. මම නම් ඒක අනුමත කරන්නේ නැහැ. මොකද මේ දෙවිවරු ලොව්තුරු බුද්ධත්වය හෝ පසේ බුද්ධත්වය පතන අය. අපේ ලොව්තුරු බුදුරජාණන් වහන්සේගෙන් විවරණ ලබාගත් අය. ඉතින් ඒ ඇත්තන්ගේ ගුණයට ඒ ඇත්තන්ගේ පාරමිතා ශක්තියට අප පුද පූජා කළාට මම නම් හිතන්නේ නැහැ ගැටලුවක් ඇති වෙනවා කියලා.  
දෙවියන්ගෙන් පිහිට පතා බොහෝ දෙනෙක් පැමිණෙනවා ද?  
අනන්ත අප්‍රමාණ පිරිසක් එනවා. හුඟක්ම දුක් පීඩා තබාගෙන, වින බන්ධන, හතුරු කරදර, තමුන්ගේ ව්‍යාපාර දියුණුව පතාගෙන, තමන්ගේ රැකී රක්ෂාවල දියුණුව පතාගෙන, දරුපල පතා​ෙ​ගන, පවුල් ජීවිතවල ගැටලුවලට විසඳුම් පතාගෙන ආපු සෑහෙන පිරිසකට පිහිට වෙලා තිබෙනවා. ඒක මම අත්දැකීමෙන් ලබපු දේවල්. විශේෂයෙන්ම රෝගී වූ ඇත්තන්.  

දෙවියන්ට පුද පූජා කරන්න සුවිශේෂ වූ දින තිබෙනවාද?.  
බදාදා සහ සෙනසුරාදා දින විශේෂයි. ඒ දින දෙක තමයි කෙම්මුර දවස් දෙක. ඒ දින දෙකට තමයි දේව ආරක්ෂාව බලවත් වෙන්නේ. විශේෂයෙන්ම පුර පක්ෂයේ බදාදාත් පුරපක්ෂයේ සෙනසුරාදාටත් විශේෂිත වූ බලවත් දින දෙකක්. අනිත් දෙක අව පක්ෂය. දැන් බොහෝවිට ඵල දරන්නේ අව පක්ෂයට. සෙත් පතන්නේ පුර පක්ෂයට. හැබැයි මේ දේව මන්දිරයේ එහෙම නැහැ. කෙනෙක් දුකක් කියාගෙන ආවම අපි ඒ දේ ඉෂ්ට කරලා දෙනවා.   
ගම්භාර දෙවියන්ට නියම පූජාවක් තබන්නේ කෙසේද?  
එක එක්කෙනා එක එක විදිහට පුද පූජා පවත්වනවා. ගම්භාර දෙවියන්ගේ ප්‍රධාන පූජාව තමයි විළඳයි, මී පැණියි, තැබිලි ගෙඩියයි, සමන් පිච්ච මල් 7යි. ඒවා තමයි ප්‍රධාන. විළඳ මී පැණි පූජාවට තමයි දිෂ්ටි වැටෙන්නේ. වෙන දේවල්වලට බලයක් වැටෙන්නේ නැහැ.  
දවසක් මහත්තයෙක් ආවා. ඔහුගේ ව්‍යාපාර කටයුතු අඩාල වෙලා. කිසිම ආදායමක් නැති තත්ත්වයට පත්වෙලා. යාන වාහන පවා විකුණන්න සිද්ධ වෙලා. ඒ මහත්තයා මට කිව්වා මගේ ව්‍යාපාර බිංදුවට වැටිලා. මට ජීවත් වෙන්නවත් විදියක් නැහැ. මම ඒ මහත්තායට කිව්වා පුළුවන් විදිහට විළඳ ටිකකුයි මී පැණි ටිකකුයි සමන් පිච්ච මල් 7කුයි තැඹිලි ගෙඩියකුයි අරගෙන එන්න කියලා. බුලත් කොළ 21ක් සමඟ. හරියට බදාදා රෑ 9ට කෙම්මුර දවසේ පළමුවෙනි පූජාව මම තිබ්බා. දෙවැනි පූජාවත් 3 වැනි පූජාවත් තිබ්බා. 3 වැනි පූජාවෙන් පස්සේ ඔහුගේ ව්‍යාපාර ටික ටික දියුණු වෙන්න පටන් ගත්තා. ඒ මහත්තයා අදටත් මහ පූජාවක් තබනවා මේ දේවාලයට පැමිණිලා.  

දැන් පූජාවට්ටි දෙන සංකල්පය කුමක්ද?  
මෙහෙමනේ. දැන් හිස් අතින් ගේකට වුණත් යන්නේ නැහැනේ. අපි ගේකට ගියත් මොනවා හරි දෙයක් ගෙනියනවානේ. අන්න ඒකයි මම කිව්වේ ඉස්සර මිනිස්සු පූජා වට්ටි ගෙනාවේ නැහැ. ප්‍රතිපත්ති තමයි අරගෙන ආවේ. අපි වුණත් කියනවා ඒක පාරටම දෙවියන්ට පූජා වට්ටි තබන්න එපා කියලා. බෝධින් වහන්සේ නහවලා, බුදුන් වැඳලා, තුණුරුවන් වැඳලා පුදලා දෙවි හාමුදුරුවෝ වඳින්න එන්න කියලා තමයි අපි ඔවුන්ට ප්‍රථමයෙන් කියන්නේ. දෙවියෝ නොවෙයි මෙතන ප්‍රධාන වෙන්නේ. බුදුන්. දෙවියොත් නමස්කාර කරන්නේ බුදුහාමුදුරුවන්ට. බුදු හාමුදුරුවන්ගේ ගුණයට. දෙවියන්ට අවශ්‍ය පින්. පින් අවශ්‍ය නැති දෙවිවරුත් ඉන්නවා. තව්තිසාවේ ඉන්න දෙවිවරුන්ට පින් අවශ්‍ය නැහැ. දැනට මිහිතලයට පා තබලා යන එකම දෙවියෝ තමයි ගම්භාර දෙවියෝ කියන්නේ.  
දැන් ජනතාව තුළ තිබෙනවා හොඳ පූජා වට්ටියක් නොගෙන ආවොත් දේව බැල්ම අඩුවෙනවාද?  
එහෙම දෙයක් නැහැ. හැබැයි එහෙම විශ්වාසයක් ජනතාව අතර තිබෙනවා. ඒකට හේතුව තමයි පූජා වට්ටි නෙමෙයි මෙතන ප්‍රධාන. ඒත් අද ප්‍රතිපත්ති රකින පිරිස අඩුයිනේ. අන්න ඒකයි පූජා වට්ටියට මුල් තැන දීලා ඔවුන් දෙවියන් නමදින්න එන්නේ.  
දැන් ඕනම පලතුරක් කැපුවම සුවඳ විහිදෙනවා. අපිට නොතේරුනාට දිව්‍ය සුවඳක් විහිදෙනවා. ඒ පලතුරෙන් විහිදෙන සුවඳ තමයි ආග්‍රාහනය කරන්නේ දෙවියෝ. හරියටම පූජාවක් කැප වුණත් හරියටම තේවාවක් කරල කැප කළොත් ඒ පූජාව අපි අනුභව කළොත් කිසිම රසක් දැනෙන්නේ නැහැ. දැන් අන්නාසිනේ රසම දේ. පූජාවට තබලා ගත්ත අන්නාසිවල කිසිම රසයක් නැහැ. අඹ ගෙඩියක අඹ රසය නැහැ. හැම පලතුරක්ම එහෙමයි. ඒ පලතුරුවල පූජාව දෙවිවරු ආග්‍රහණය කරලා ඉවරයි. එහෙම දෙයක් තිබෙනවා.

 හරියටම පූජාවක් තබන්නේ කොහොමද?  
සූනියම් දෙවියන්ට විළඳ, මී පැණි විශේෂයි. සූනියම් දෙවියන්ට පලතුරු පූජාවන් වගේම කැවිලි පූජා ද තිබෙනවා. සමහර අය කැවුම් බන්දේසි ගණන් ගෙනල්ලා පූජා පවත්වනවා. කිරිබත් බන්දේසි ගණන් පූජා කරනවා. මුරුතැන් පූජාව පවත්වනවා. එහෙම නියමිතයි කියලා දෙයක් නැහැ. එක එක්කෙනා පූජා පවත්වන විදිහයි. ඔවුන් හදාගත්ත දේවල් තමා ඒ.  
හරියටම පූජා වට්ටියක් තියලා දෙවියන්ට බාර හාර වෙනවා නම් පලතුරු ජාති 9ක් අනිවාර්​​ෙයන්  තිබෙන්න අවශ්‍යයි. තැබිලි ගෙඩියක්, විළඳ, මී පැණි තිබෙන්න ඕනෑ. කැවිලි 9ක් අවශ්‍යයි. ඒක ඉතා පිරිසිදුව සකස් කරන්න ඕනෑ. භක්තිමත් භාවයෙන් ගම්භාර දෙවියන්ට පුද පූජා කරන්න ඕනෑ. ඊට පස්සේ දෙවියන්ගේ බැල්ම වැටිලා ඒ ඒ කාරණාවලට පිහිට වෙනවා.  
පූජාවක් පවත්වන්න වෙලාවක් තිබෙනවා. දැන් රෑ 9ට තමයි දෙවියන්ගේ දිෂ්ටි වැටෙන වේලාව. ගම්භාර දෙවියන්ගේ දිෂ්ටි වැටෙනවා උදේ 9ටත්. උදේ 9.05ත් 10යි 05ත් අතර කාලයේ සූනියම් එහෙම නැති නම් ගම්භාර දෙවියන්ගේ දිෂ්ටි වැටෙන වේලාවන්. රෑටත් වැටෙනවා. පැය 24 තුළ එක එක දෙවියන්ට දිෂ්ටි වැටෙන වෙලාවක් තිබෙනවා. ගම්භාර දේවතාවන්ගේ සිද්ධ සූනියම් දෙවියන්ගේ බැල්ම වැටෙන්නේ 9න් පස්සේ තමයි. මොකද මගේ පරම්පරාවෙ වගේම මගේ ගුරුතුමා වුණත් කියලා තිබෙන්නේ ගම්භාර අප්පච්චි සියලුම නර දරුවන්ගේ පහන්වලට දිෂ්ටි දීලා ඒ සියලු දෙනාට අසුරුසැණකින් මුළු විශ්වයේම දිෂ්ටි බලලා තමයිලු දේව සභාවට යන්නේ.  
ගම්භාර කියන්නේ ගම්පති. අපි කියන්නේ ග්‍රාමසේවක කියලා. අන්න ඒ වගේ තමයි. එයා තමයි ගම්භාරව ඉන්නේ. එයා තමයි අරගෙන යන්නේ දේව සභාවට. අහවල් තැන එහෙම දෙයක් තිබෙනවා. අන්න ඒ වෙලාවේදී තමයි ඔය විෂ්ණු දෙවියෝ, පත්තිනි මෑණියෝ, කතරගම දිවියෝ, දැඩිමුණ්ඩ දෙවියෝ අවසර දෙන්නේ හරි එහෙනම් ඒ වැඩේ කර දෙන්න කියලා. ඒ නරයන්ට පිහිට වෙන්න කියලා. ඒ මහා දේව සභාවට ගිහිල්ලා එන්නේ 10.05 වෙන කොට. ඒ මහා දේව සභාවට ගිහිල්ලා එන්නේ ගම්භාර අප්පච්චි නොවෙයි. ඒ එන්නේ යක්ෂ විලාසයෙන්. සැඩපළු ගොතාගෙන දාලා අැවිල්ලා, මුඛයේ ලේ පොළ​ෙඟක් තබාගෙන තමයි එන්නේ. කෙලින්ම රාක්ෂයෙක්. රාක්ෂ විලාසයෙන් ඒ ඇවිල්ලා තමයි සියලු නර පනුවන්ගේ දුක් ගැහැටවලට පිහිටවෙන්නේ. දැන් ගම්භාර දෙවියන් හඳුන්වනවා නම් කිහිපයකින්. ගම්පති කියනවා. මුදල් භාර, පට්ටි භාර, ගම්භාර වගේ නම් තිබෙනවා. ඔඩ්ඩි කුමාර, ‌ඔඩ්ඩි දේවතා, ඔඩ්ඩි මස්සිනා, සිද්ධ සූනියම් අප්පච්චි, ගම්භාර අප්පච්චි වගේ නම්වලිනුත් සූනියම් දෙවියෝ හඳුන්වනව. දස අවතාරයක් තිබෙනවා. තකරීය, මකරීය, යමීය, යමදුතිය, නීලක්කන්ඩි, අයිලක්කණ්ඩි, මායා දේවි, පුෂ්පා දේවි, තිලෝක දේවි, කාල රාක්ෂි කියන්නා වූ දෙව්වරුන් 10 දෙනත් කැටුව, කඩවරහත් කට්ටුවක් කැටුව යකුන් යක්ෂණීන් කැටුව තමයි එන්නේ. එයාගේ සහපිරිවර වෙලාවකට ගම්භාර අප්පච්චිට දිෂ්ටි දෙන්නැහැ. අර පිරිවර දේවතාවෙක් තමයි එතනට යන්නේ.  

දැන් දෙවියෝ ඉදිරියේ මිනිස්සු ආරූඪ වෙන්නේ ඇයි?  
ඒක මෙහෙමයි. ඔතන ගමන් කරන්න ඥාති බලවේගයක්නේ. ඒ කියන්නේ පූර්ව ආත්මයේ පතාගෙන ආ​ව විදිහට හරි පෙර කරපු කුසල් දහම් අනුව හරි එක එක්කෙනාට ඥාති බලවේග ක්‍රියාත්මක වෙනවා. දෙවියෝ ඇඟට එන්නේ නැහැ කිසිම කෙනෙක්ගෙ. මේ නරයෙක්ගෙ ඇඟට දෙවියෙක් ආරූඪ වෙන්නේ නැහැ. ඒක මම උදාහරණ ඇතුවම දන්නවා. එහෙම එන්නේ තමුන්ගේ අත්තා, මුත්තා, පනත්තා, කිරිත්තා හරි ආච්චි වගේ කවුරුහරි මැරිච්ච කෙනෙක් තමයි වැහෙන්නේ. මහ දේව සභාවෙන් අවසර අරගෙන හොඳ තැනක ඉපදිලා, ඒ දෙවියන්ට කැඹරුම් කරලා අවුරුදු ගණන්, මාස ගණන් කැඹරුම් කරලා තමයි එන්නේ. මහා දේව සභාවෙන් අවසර අරගෙන තමයි එන්නේ තමුන්ගේ ඥාතියාට උදව් කරන්න. ඒ ඇවිල්ලා තමයි ඔය ඇඟට ආකර්ෂණය වෙන්නේ. එයාට නේත්‍රා වරම් දීලා, කරනමුණ්ඩ වරම් දීලා, ඥාන වරම් දීලා, දේව භාෂාව වරම් අරගෙන, ඔෟෂධ වරම් දීලා එහෙම වැඩ කටයුතු කරන්නේ. එතකොට මහා දේවාලයකට ආවහම දේවතාවුන් වහන්සේගේ බලය තිබෙනවා. එතකොට අර ඥාතියා සලිත කරනවා. ඥාතියාට ඇඟේ ඉන්න බැහැ. එතකොට තමයි අරයා සලිත වෙලා නටන්නේ. දැන් මෙතන සෙනසුරාදට බදාදාට එහෙම ​​තේවාව කරන කොට දහ දෙනෙක්, පහළොස් දෙනෙක් පමණ ආරූඪ වෙනවා.  
ඉතින් සූනියම් දෙවියන්ට පුද පූජා තියද්දී මේ නියමිත ක්‍රමය අනුගමනය කළහොත් දෙවියන්ගේ ආකර්ශණය වැඩියි. කෙසේ වෙතත් භක්තියෙන් දෙවියෝ අදහන එක තමයි වැදගත් වෙන්නේ. ප්‍රතිපත්ති ගරුකව.  
ලබන සතියට...
සටහන හා ඡායාරූප
නිශාන්ත කුමාර බණ්ඩාර
lankadeepa
''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
සූනියම් දෙවියන්ට පහන් තැබීම කාන්තාවන්ට අකැප නෑ
සූනියම් එසේත් නොමැති නම් ගම්භාර දේවතාවන් වහන්සේට නියම ලෙස පහන් ආලෝකයක් වගේම නියමාකාරයට පහන් පැලක් සකසා ගන්නේ කෙසේද යන කාරණය පිළිබඳ කථා කළා.
අද අපි කථා කරන්නේ දෙවියන්ට පහන් දල්වනවිට කිල්ලකට හසුවී හෝ පහන් දැල්වීම අතපසු වුවහොත් කුමක්ද කරන්නේ යන කාරණය පිළිබඳවයි. මේ සම්බන්ධයෙන් දෙමටගොඩ ලුනාව දේවාලයේ සිටින චන්ද්‍රසිරි සරණගම කපුමහතාගෙන් විමසීමක් කළෙමු.
හදිසියේමත් කිල්ලකට හසුවී පහන තබන්න නොහැකි වූවහොත් අවැඩක් සිද්ධවෙනවා ද?  
අපි කලින්ම කථා කළානේ සූනියම් දෙවියෝ එහෙම අවැඩක් කරන දෙවි කෙනෙක් නොවෙයි. උන්වහන්සේ බුදුබව පතන දෙවියෙක්. අපි මුලින්ම පහන තබන කොටම දෙවියන්ට දැනුම් දුන්නේ යම්කිසි දෙයකින් අතපසු වුණත් පහන තබන්න මට සමාවෙන්න කියලා. මොකද අපි මිනිස්සු නිසා යම් යම් අතපසුවීම් වෙනවා අපට තිබෙන වැඩ රාජකාරිත් එක්ක. ඒක නිසා පහන නොතිබ්බා කියලා අවැඩක් සිද්ධවෙන්නේ නැහැ. හැබැයි අපි දෙවියන්ට ඒ බව කියලා මුලින්ම සමාව ගන්න ඕනෑ.

ඔය දැන් බොහෝ විට පහන දල්වන්න අතපසු වෙන්නේ කිලිවලට හසු වු​ෙණාත්නේ. කිලි වර්ග කිහිපයක්ම තිබෙනවා. මරණ කිල්ල, කොටහලු කිල්ල, දරුවෙක් ලැබුණට පස්සේ මාස 3ක් යනකම් පහන තබන්න හොඳ නෑ. කිල්ල කියලා කියන්නේ අපිරිසිදුතාවයක්නේ. ඒ අපිරිසිදුතාවය සිද්ධ වෙන කොට අපි කිලි හරණයක් කරලා අයින් කර ගන්න ඕනෑ. ඒකනේ කියන්නේ දරුවෙක් ලැබුණම මාස 3ක් යනකම් දේවාලයකට ගේන්න එපා කියනවා. ඊට පස්සේ මළ ගෙයක් වුණාම දින 21ක් යනකම් පහන දල්වන්න සුදුසු නැහැ. දරුවකු වැඩිවියට පත්වුණාට පස්සේ මාස 3ක් යනකම් දේවාලයකට යන්නෙ නැහැ. ඒ ගෙදර පහන් දල්වන්නේ නැහැ. ඒවායින් වැළකෙන්න ඕනෑ.
හදිසියේවත් එවැනි කිල්ලකට හසුවුවහොත් දෙවියන්ගෙන් සමාව අයදින්නේ කොහොමද?  
දැන් අපි මුලින්ම පහන තබලනේ තියෙන්නේ. මුල්ම දවසේ පහන තබන කොටම දෙවියන්ට කියලනේ තිබෙන්නේ. ඒක නිසා ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ දින ගණන පසු වුණාට පස්සේ රූපය, පහන් ඒ දේවල් කහ පැන්වලින් සෝදලා පිරිසිදු කරලා සඳුන් කිරිපැන්වලින් සෝදලා ඊට පස්සේ ආපසු කැපකරන්න පුළුවන් ආරාධනා කරලා දෙවියන්ට. එතැනදීත් අපි සමාවක් ගන්න ඕනෑ. මේ කාලය තුළ මට මෙන්න මේ විදිහ කිල්ලක හසුවුණු. ඒ කාලය තුළ මට පහන තබන්න බැරි වුණා. මම ඔබ වහන්සේට අද ඉඳලා නැවත පහන තබනවා කියලා ආශිර්වාද ගන්න ඕනෑ. මේ පහන් මාලාව ඔබ වහන්සේට කැප කරනවා. අපේ අනින් වරදක් සිදු වූවානම් සමාව දෙන්න කියලා. අපේ පහත කැපගන්න කියලා දෙවියන්ට නැවත ප්‍රකාශ කරන්න ඕනෑ.
සෑම දිනකම සූනියම් දෙවියන්ට විලඳ මීපැණි තැබීම අවශ්‍ය ද?  
දැන් ගොඩක් දෙනෙක් පුරුදුවෙලා ඉන්නේ කෙම්මුර දවස්වලට පහන තබන්න. කෙම්මුර දවස් කියන්නේ බදාදායි, සෙනසුරාදයි. එදාට බොහෝ දෙනෙක් තැඹිලි ගෙඩියක්, විලඳ ටිකක්, මී පැණි ටිකක් පූජා කරන්න පුරුදු වෙලා ඉන්නවා. සෑමදාකම පූජා කරන්නත් බැහැනේ. එදාට පහනයි සුදුමල් ටිකකුයි පැන් භාජනයකුයි පමණක් තිබ්බත් ඇති. සුවඳ හඳුන්කූරුත් එක්ක කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ
දැන් මතයක් තිබෙනවා සූනියම් දෙවින්ට පහන් තබන්න කාන්තාවන්ට සුදුසු නැහැ කියලා. ඒක ඇත්තක් ද?  
ගොඩක් දෙනෙක් බැලුවොත් ඔය කැඹුරුම් මාලාවන් තිබෙන, වරම් මාලාවන් තිබෙන අය කාන්තාවොනේ. පිරිමි පක්ෂය අඩුයි. ඒ කාන්තා පක්ෂය අද වනතුරුත් වැඳුම් පිඳුම් කරලා දඬුවමක් ලැබුණ කියලා මම නම් අහලාවත් නැහැ. හැබැයි ප්‍රතිපත්තිගරුකව පිළිවෙත් රැකගෙන දෙවියන් පුදනකොට ඒ ශක්තිය තමන්ට ලැබෙනවා. ඒ ආශිර්වාදය නොඅඩුව ලැබෙනවා.
ඒ අවස්ථාවේ ආරූඪ වීමක් සිදු වෙනවා ද?  

මෙහෙමයි. තමන්ට ඥාති වරමක් තිබුණාත් ආරූඪ වීමක් සිදු වෙන්න පුළුවන්. ඥාති වරමක් ඇති අයකු නම් ඥාතියා පැමිණ ඇඟ සලිත කරවනවා. ඥාතිවරමක් නැති කෙනෙක් හිටියොත් එයාට ලොකු භක්තියක් ඇති වෙනවා. ලොකු පැහැදීමක් ලොකු ගෞරවයක් ඇති වෙනවා දෙවියන්ගේ. එහෙම වුණාම එයාටම තේරෙනවා මට දේවතාවුන් වහන්සේගෙන් පිහිටක් තිබෙනවා කියලා එයාට හිතෙනවා. අන්න ඒ සිතුවිල්ලත් එක්ක තමයි දේවතාවුන් වහන්සේ බැඳෙන්නේ. දැන් මන්ත්‍ර ගුරුකම් වලින් බන්ධය කරගන්නවා. ඊට පස්සේ මිත්‍ර බන්ධන හදා ගන්නවා. දේවතාවන් වහන්සේගේ ගුණ සඡ්ඣායනා කරලා ගීතිකා කියලා දෙවතාවුන් වහන්සේව මිත්‍ර කරගන්නවා. අපි යාළුවෙක් ව​ෙග් කරගන්නවා. එහෙම යාළුවෙක් වගේ කරගත්තහම තමුන්ට දේවතාවන් වහන්සේ ළඟ ඉන්නවා තේරෙනවා. සෑම දුකේදීම, සෑම සැපතකදීම තමන්ට යම්කිසි දෙයක් වෙන්න තිබෙනවා නම් අනිවාර්යයෙන්ම ඒකෙන් වළක්වනවා.
දේව ස්තෝත්‍ර නිවැරදි ලෙස උච්චාරණය නොකළහොත් ගැටලුවක් තිබෙනවා ද?  
ගැටලුවක් නම් අැතිවෙනවා. මොකද දේව ස්තෝත්‍ර වැඩිපුරම තිබෙන්නේ සංස්කෘත භාෂාවෙන්. ඒවා නිවැරදි ලෙස උච්චාරණය කිරීම ඉතාමත් වැදගත්. උදාහරණයක් වශයෙන් ගත්තහොත් දැන් අපි සෙත් කවියක් කියලා කියමුකෝ. ඒ සෙත් කවිය හරියට ගණ පිහිටවලා නැත්නම් අක්ෂර දෝෂයක් වෙනවානම් සෙත් කවිය කියන්න ප්‍රථමයෙන් අපි දෙවියන්ට කියනවනේ මේ සෙත් කවියේ අක්ෂර දෝෂයක් හෝ ගණ දෝෂයක් අැතිවෙන්න පුළුවන් කියලා. එහෙම වුණොත් ඒ ගැන සමාවෙලා මේ දේ යහපත් ආකාරයකට සෙත උදාකරන්න කියලා. ඒවාගේම තමයි මෙතනත් අපිට දේව ස්තෝත්‍ර තේරෙන්නේ නැති නම්, පාඩම් නැතිනම් දෙවියන්ට ඒ බව කලින්ම කියලා ස්තෝත්‍ර කිව්වා කියලා ගැටලුවක් නැහැ. එතනදී ඇකැපක් වෙන්නේ නැහැ. ස්තෝත්‍ර නොකියා වුණත් කමක් නැහැ. පහන විතරක් තිබ්බටත් ගැටලුවක් නැහැ. ඒ දෙවියන්ගේ නාමය සිහිපත් කරලා පහන තියන්න පුළුවන් බදාදයි සෙනසුරාදයි කෙම්මුර දවස් දෙකේ.
දැන් හුඟාක් දෙනකුගේ මතයක් තිබෙනවා රාත්‍රී 9ට පස්සේ තමයි දේව බැල්ම තිබෙන්නේ කියලා. ඒක නිසා හුඟක් දෙනෙක් පහන තියන්නේ රාත්‍රී 9ට පස්සේ. ඒක ඉතින් පැයක් විතර දැල්වෙනවනේ. එතකොට 10.01 වෙලාව වෙනකොට දේවතාවුන් වහන්සේගේ බැල්ම වැටෙනවා.
නමුත් ප්‍රතිපත්තිගරුකව සීලවන්තව සූනියම් දෙවියන්ට පහන් තබලා පුද සත්කාර කරනවා නම් සූනියම් දෙවියෝ ජීවමානව වුණත් දකින්න පුළුවන්. හැබැයි ජීවමානව දකින්න නම් ඒ විදියට පිළිවෙත් කරන්න ඕනෑ. එතකොට ඒ නිවස, භූමිය සම්පූර්ණ පිරිසිදු වෙන්න ඕනෑ. එතකොට තමුන්ට දැනෙනනවා මෙතන ලොකු ශක්තියක්, බලයක් තිබෙනවා කියලා.  පහන තබනකොට අපිට කියන්න පුළුවන් 
“සිවස්තු නමෝ රාමහ්  
ඛන්ධ සේනා සිවාගමක්  
වඩිග තන්ත්‍ර මනි කන්තක්  
ඔඩ්ඩි මංගල නමෝ නමඃ
අග්ගික් ඛන්ධංච හස්තේන  
හස්තේ වඩිග කර්ගසේ  
මුඛේන විෂ සර්පේන  
ශිර්ගේ පංච කේසකේ  
උදරයේ නාග බන්ධාමී  
නීලෝ තුරඟ වාහනේ  
සූනියම් දේව තා නාම  
මහියංදි පාද මේ නමෝ නමඃ.”  
ඔන්න ඔය ගාථාව එක පාරක් හෝ තුන් පාරක් හෝ කියලා පහන දේවතාවන් වහන්සේ සිහිකරලා තබන්න පුළුවන්. ඔය ස්තෝත්‍ර තවත් කිහිපයක් තිබෙනවා. ඒ ස්තෝත්‍ර සඡ්ඣායනා කළාම දෙවියන් සතුටු වෙලා අපි දිහා බැල්ම හෙළනවා. ඔය ගාථාව තමුන්ට සිද්ධි වෙනවා. ඒ සිද්ධි වුණාට පස්සේ ඔය ස්තෝත්‍රවල එක වචනයක් සිහි වුණාම ගාථාවම මතක හිටිනවා.
ඊට පස්සේ අපට දෙවියන්ට පිංදෙන්න පුළුවන්. අපි සිතින් සිතනවනේ දෙවියන් ඉදීමසේ. අන්න ඒ සිතීම බලවත්. අපි කටින් කියනවාට වඩා සිතින් සිතන සිතුවිල්ලයි බලවත් වෙන්නේ.

“සිද්ධ අරන් සළු ආභරණ පළඳින්න  
සිද්ධ පහන්හිද සුරතට අරගන්න  
සිද්ධ ගමන් තුරඟකු පිටයන්න  
සිද්ධ සූනියම් දෙවියන් පිං ගන්න”  

දෙවියන්ට පිං දෙන කොට මෙන්න මේ ගාථාව කියලා පිං දෙන්න පුළුවන්. ඒ ඉවර වෙලා අපි දෙවියන්ට පිං දෙන ගාථා කියලා කරණීයමෙත්ත සූත්‍රය කියලා පිං දෙන්න පුළුවන්. දෙවියන්ට දිනපතාම විශේෂයෙන් කෙම්මුර දවස්වලට සූනියම් දෙවියන්ට පහන් තියලා පුද සත්කාර කරනවානම් අනිවාර්යයෙන්ම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලබා ගන්න පුළුවන්. අපිට ඕනෑම වෙලාවක අපිව ආරක්ෂා කරනවා. දැන් මෙතනට පැමිණෙන දහස් ගණනකගේ ගැටලු කරුණු කාරණා දිහා බලනකොට අපි දන්නවා ඔවුනට යම් සහනයක් ලැබිලා තිබෙනවා කියලා.
ඒ වගේම ස්තෝත්‍ර නොකිව්වා කියලා අවැඩක් වෙන්නේ නැහැ. මම මුලින්ම ප්‍රකාශ කළා වගේ අපි ප්‍රතිපත්තිගරුකව, සිල්වත්ව, තුනුරුවන් නමස්කාර කර දෙවියන් නමදිනවා නම් අපිට කවදාවත් වරදින් නැහැ. අපි පිරිසිදු වෙන්න ඕනෑ. අනික අපි දෙවියන් පිළිබඳ විශ්වාසයක් තිබෙන්න ඕනෑ.
දැන් බලන්න කොයිදේක වුණත් විශ්වාසයක් නැතිනම් ඵලක් නැහැනේ. ඒ වගේ තමයි දෙවියන් කෙරෙහිත් විශ්වාසයක් තබන්න ඕනෑ. එතකොට දෙවියන් අපිට ආශිර්වාද කරනවා. අපි ලබාදෙන පිං ඔවුන් බලාපොරොත්තු වෙනවා. ඒ පිං ඔවුන් අරගෙන අපට ආශිර්වාද ලබා දෙනවා.
මෙතනට පැමිණෙන දහස් ගණන් ජනතාව සමඟ සාකච්ඡා කරනකොට අපිට ඔවුන්ගේ ප්‍රකාශවලින්ම තේරෙනවනේ දෙවියන් ඔවුනට පිහිට වෙලා කියලා. ඒකනේ තවමත් බැතිමතුන් පැමිණෙන්නේ තමන්ගෙ නොයෙකුත් ගැටලුවලට පිළිතුරක් පතාගෙන. මම දන්න විදිහට ඔවුන් බොහෝ දෙනකුගේ ගැටලු විසඳලා දීලා තිබෙනවා.
ලබන සතියට....
සටහන හා ඡායාරූප 

නිශාන්ත කුමාර බණ්ඩාර 
''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''' 
සූනියම් දෙවියන්ට පහන් තැබීමේදී සැලකිය යුතු කරුණු

* වෙනත් දෙවිවරුන් සමඟ පහන් නොතබන්න.

* තම නිවසට එළිය නොවැටෙන සේ යන එන මාවතට එළිය වැටෙන සේ පහන් පැල තනන්න.

* පහන් පැල කෝටු කිහිපයකින් වැටක්‌ ලෙස සකස්‌ කර වෙන්කර තබන්න.

* පහන් දැල්වීමේදී පිරිසිදු වී රාත්‍රී 9.05 ට පහන දල්වන්න.

* සූනියම් දෙවියන්ගේ පාට සුදු වන අතර පූජා කළ යුතු මල් වර්ගය පිච්ච මල් වේ.

* සිකුරාදා දින සහ කෙම්මුර දිනයන් වන බදාදා, සෙනසුරාදා දිනයන්වලදී පිරිසිදු වී ටිකක්‌ ගෙන කබලේ බැද පොරි කර මී පැණි සමඟ පුදට දීම දෙවියන් පහදා ගැනීමට මඟක්‌ වේ.

පහනක්‌ දල්වමු

පින්වත් සූනියම් දෙවිඳු බැතියෙන් මෙසේ සමරමු...

පරදවන තෙදැති රුපු පස සියලු දිනේ
වරද කළ වුණට දඬුවම් දෙවන් සැනේ
එරද විකුම් පානා දෙවොලන්හි දැනේ
සැරද සූනියම් පබු සැත විඳි මිනේ

වෙනු දෙවි රදුන්හට නිති හිත මිතුරූ
කඳ දෙව් රදුන්හට සිට මිණි අයුරූ
තද තෙද අනඟ දරනා යසස විසිතුරූ
රද සූනියම් සැරදේ සැපෙහි සුරවිරූ

ගම්වෙත නියම් හට ගොස්‌ දෙවොල නදගර
සම්පත පමුණුවන සිදුවනට හැමවර
තුම් සත දරන සුරිඳුනි ඔබගෙ පැහැසර
මම බැති බරින් වඳිනෙමි ඔබගෙ පා තඹර

පමා නොවම සුදනන්හට කරන සෙත
අමා දිව වඳින මුව කමල සුරි මුත
සැමා දොවොල් සුරකින සුරිඳුන අණ යුත
කමා කළ මැනවි අප අත වරද ඇත

රජ යක්‌සෙන් පදවි හා දෙව් ආත්මය දෙපසෙහිම රඳනා
තේජවන් අණ මහත් යස තොස අතින් දුමලොසුකුමත් රඳනා
ශීර්ෂයේ පන්සිළුව වුව නා බඳෙහි ඉන සැදි නා රූ සොබනා
නීලවාජියාන වඩිනා සූනියම් සුර සැරද යනෙනා

සිද්ධ සූනිsයම් ගම්භාර දේවතාවුන් වහන්සේට පහන් තැබීමෙන් සිදුවන සෙත

* නිවසට ආරක්‌ෂකයකු ලෙස උපද්‍රව තුළින් ආරක්‍ෂා වීම

* අණවින කොඩිවින වැළැක්‌වීම

* සොර සතුරන්ගෙන් නිවස හා භාණ්‌ඩ සුරැකීම

* නොඅඩුව ජනයාගෙන් ගෞරවයට පාත්‍රවීම

* ව්‍යාපාර රැකියා දියුණුව, දරුවන්ගේ අධ්‍යාපන දියුණුව ඇතිවීම

* ගෙදර දෝෂ නැතිවී සමගිය ඇතිවීම

* කිසිවකුට රැවටිය නොහැකිවීම

* ගොවිතැන් සරුසාර වීම

* විසකුරු සතුන්ගෙන් නිවස ආරක්‌ෂා වීම

* මළගිය භූත ආත්මවල සිටින ඥතීන් වත්තෙන්, නිවසින් පිටවී යැම

* බහිරව දෝෂ අඩුවී යැම.

කතරගම සිද්ධ සූනියම් දේවාලයේ 
තේවාභාර කපු ධුරන්ධර කේ. ඩී. දේවප්‍රිය
''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Monday, February 18, 2019

ලංකාද්විපයේ දුටුවාද හාස්කම් ගලේ දේවාලයේ..... (gale dewalaya minuwangoda අබිරහස් අඩවිය - Abirahas Adawiya - haskam)

මිනුවන්ගොඩ වෑගොව්ව ගලේවෙල නමින් ප්‍රසිද්ධ වෙල් යාය දිවුලපිටිය -මිනුවන්ගොඩ ප්‍රධාන මාර්ගයේ සිට බලන විට ඉතා රමණීය වූ වෙල්යායකි. වෙල් යායට පෝෂණය දෙන ඇළ මාර්ගය වෙල් ඉස්මත්තේ සිට නිහඩව ගලා බසින්නේ යාය මැද පිහිටි ගල් තලාව මතිනි. මීට වසර 150 පමණ කාලයකදී ගල් තලාව මත කුඩා නුග පැළයක් දලුලා වැඩෙන්නට විය.

එදා පැරැන්නන් මේ නුග පැළය ගල් තලාව මත පිහිටියේ යම් හාස්කමකින් යයි සිතා නුග ගස අසලින් පහන් පැලක් සාදා යම් යම් අවශ්‍යතා මත භාර හාර වීමටද පැරැන්නන් අමතක නොකරන ලදී. එසේ භාර හාර වූයේ ගම්භාර දෙවියන් හා පත්තිනි මෑණියන් උදෙසාය.එසේ භාර හාර වීමේදීතමන් සිතන කරුණ ඉටුවන බවක් ඔවුන්ට දැනින. මෙය අසල්වැසි යනට පවා පැතිර යද්දී වාහන අලෙවි කරන ව්‍යාපාරිකයකු තම ව්‍යාපාරයේ දියුණුව උදෙසා භාරයක් ගැට ගසන ලද්දේ එය සාර්ථක වුවහොත් දේවාල කුටියක් ඉදිකරන බවටය.

ඔහුගේ පැතුම් ඉටුවිය. පැරණි දේවාල කුටිය ඉදිවූයේ එලෙසය.
මෙම දේවාලයේ විශේෂත්වය දේවාල බිම භාරහාර වීමට කපුමහතකු නොවිමය.තමන් තමන්ගේ දුක් ගැනවිල්ල සිහිපත් කොට පැරණි නුග ගසේ හෝ එතැන ඇති යමක තම භාරය ගැට ගසාකෙම්මුර කිහිපයක් දේවාලයට ගොස් භාරය සිහිපත් කොට දෙවියනට පිංදීම පමණකි. මේ අනුව ජනතාව වැල නොකැඩීඑන්නට විය .යම්කිසි පාලනයක් තිබිය යුතුයයි ගම්වැසි තරුණයන්ට සිතින ඔවුන් වහාම සමිතියක් පිහිටුවා ස්ථානයේ දියුණුවට වැඩ සලසන ලදී.භාරහාර වන්නන්ගේ පඩුරු සඳහා අවශ්‍ය උපකරණ සලසා එමගින් ස්ථානයේ දියුණුවට වැඩ සලසන ලදී.ඒ අනුව වත්මන් විහාර ගෙය ,ගම්භාර දේව ප්‍රතිමාව ඉදිකරමින් දිවා රාත්‍රි පැමණෙන දහස් ගණනක බැතිමතුන් ගේ පහසුව තකා මාර්ග සංවර්ධනය,විදුලිය සැපයීම ආරක්ෂිත වැටවල් සැකසිම වාහන ගාල් කිරිමට අාරක්ෂාවට පහසුකම් සැපයිම සිදුකෙරිණි.

අද මෙම ස්ථානය ලක්බිම සතර දිග් භාගයම වෙලාගත් පුදබිමක් බව පෙනීයන්නේ කෙම්මර දිනයන්හිදී දිවා රාත්‍රි පැමිණෙන දස දහස් ගණනක ජනතාව පොදි කන අයුරු දැකිමෙනි. දේවාලය පිළිබද තොරතුරු ලභාදුන් ජයසේකර මහතාටත් ප්‍රියන්ත මහතාටත් ඔවුන්ගේ අකමැත්ත මත වුවද ස්තුතිය පළ කීරිම යුතුකමකි.
සිරිසේන අත්තනායක
මිනුවන්ගොඩ සමූහ සහ


දිවුලපිටිය විශේෂ ආර් පී. සෝමපාල






~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 


Wednesday, August 29, 2018

හාස්කමින් බැබළුණ නාග මාණික්‍ය උස්සන්න ආපු හොරා පොලිස් ප්‍රේම දඩයම.... (kobra gem අබිරහස් අඩවිය - Abirahas Adawiya - haskam)

"මම මේ බෝලේ කිරි වීදුරුවකට දැම්මා. පුදුමයි කිරි වීදුරුව නිල් පාට වුණා. මට හිතාගන්න බැරි වුණා මොකද්ද මේ වෙන්න යන්නේ කියල. මට මෙහෙම කරලා බලන්න කිව්වේ පූජකයෙක්. මට ලැබුණු බෝලේ පිළිබඳ මම හීනෙන් දැකපු දේවල සත්‍යක් තියෙනවා කියලා දැන ගත්තේ මේ වැඩෙන් තමයි."

ඒ බිංගිරිය තල්ගහපිටිය ප්‍රදේශයේදී මට හමුවූ ආර්.එම්. ලක්මාල්. තිස්තුන් හැවිරිදි ලක්මාල්ට "නාග මාණික්‍යයක්" ලැබුණු පුවත හා ඉන් පසු සිදුවීම පිළිබඳ මේ දිනවල රටේ කා අතරත් කතා බහට ලක්වන ප්‍රධාන මාතෘකාවක් බවට පත් වී තිබේ. ඒක ඇත්තම නාග මාණික්‍යයක්. ඒකනේ ලක්මාල් බේරුණේ. නැත්නම් පිස්තෝල අරන් ඇවිත් නිකම් යනවද?... බලපු හැමෝම මිලක් නියම කරලා තියෙනවා. මෙවැනි කතා පසුගිය දින කීපයේ රට පුරා පැතිර ගියේ ප්‍රේම දඩයම ටෙලි වෘත්තාන්තයෙන් පසු අමතකව ගොස් තිබූ "නාග මාණික්‍ය" කතාව නැවැත කරළියට එක්කරමිනි. මේ කතාව පසුගියදා පුවත්පත්වල කෙටියෙන් පළවූ විට මේ පිළිබඳ තොරතුරු විමසූ පිරිස බොහෝමයක් සිටියහ.
මා ලක්මාල් සොයා ගියේ මේ නාග මාණික්‍යයේ කතාව මුල සිට දැනගැනීමේ අටියෙනි. ලක්මාල් මට මුලින්ම හමුවූයේ මහමඟදීයි. පාරේ මේවා කතා කරන්න බැහැ. ගෙදරටම යමු. ඒ ආරාධනයෙන් ලක්මාල් පසුපස වැටුණු මා හට විනාඩි කීපයකින් පසු ලක්මාල්ගේ නිවෙසට පැමිණීමට හැකිවිණි. ඉතා ප්‍රසන්න වටපිටාවක තිබූ ලක්මාල්ගේ නිවහන ඉතා කුඩා ප්‍රමාණයේ එකක් විණි. නිවෙස දුටු සැණින් ලක්මාල්ගේ කටුක ජීවිතය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමටද මට හැකි විය.
"ඉතින් කොහොමද ලක්මාල්ට මේ දේ ලැබුණේ...?"
මම ලක්මාල්ගේ වත දෙස කෙළින් බලා ප්‍රශ්න කළෙමි.
"ඒක ටිකක් දිග කතාවක්"
මට ඉදිරියෙන් තිබූ අසුනේ අසුන් ගත් ලක්මාල් පැවැසීය.
"කමක් නැහැ මට කෙටියෙන් කියන්නකෝ"
මේ කතාවේ අග මුල දැන ගන්නා තෙක් මට ඉවසුමක් නොමැති බව ලක්මාල්ට වැටහුණු බවක් පෙනිණි.  "මේ සිදුවීම වෙන්නේ මීට මාස තුනකට විතර කලින්. මම උදේ මිදුල අතුගාමින් හිටියා. මම දැක්කා ජිල් බෝලයකට වඩා ටිකක් කුඩා බෝලයක්. මම මේක අහුල ගත්තා. ඒ අහුලාගෙන හොඳට බැලුවා මොකද්ද කියලා. නමුත් හිතාගන්න බැරි වුණා මොකද්ද කියලා. මම මේක පෙන්නලා දරුවන්ගෙනුත් ඇහුවා මේක මොකද්ද කියලා. මම හිතුවේ ඒ අය සෙල්ලම් කළ එකක් කියලා. ඒ දෙන්නා කිව්වා අපි මේ වගේ එකකින් සෙල්ලම් කළේ නැහැ කියලා. මම එතැනින් එහාට මේ ගැන හොයන්න ගියේ නැහැ.
මේක බුදුන් වඳින තැනින් තියල මම මගේ වැඩ කළා.
"ඉතින් ඊට පස්සේ කොහොමද මේක ගැන හොයලා බලන්නේ?"
නිහඬව සිටි ලක්මාල්ට මගෙන් තවත් පැනයකි.

"මේක ලැබිල මාසයක් විතර යන්නැති. එක දවසක් රෑ නින්දේදි මම හීනයක් දැක්කා. මේ හීනෙන් පස්සේ තමයි මම දැන ගත්තේ මට ලැබිලා තියෙන්නේ එසේ මෙසේ එකක් නෙමේ කියලා. මට හීනෙන් කිව්ව දේවල් මට කියන්න බැහැ.

කමක් නැහැ. ඊළඟට මොකද වුණේ?
"හීනෙ දැකලා දවස් තුනකට විතර පස්සේ මට හිතවත් පූජකයකු ළඟට ගිහින් මේ ගැන ඇහුවා. ඔහු කිව්වා මේක අරන් එන්න කියලා. නමුත් මම ඒ වැඩේට කැමැති වුණේ නැහැ.
මම කිව්වා ගේන්න බැහැ කියලා. ඊට පස්සේ මට එයාගේ තැනට එන්න කිව්වා. ඒ එද්දී එළකිරි කාලක්, සුදු හඳුන් කුඩු, කහ ටිකක් ගේන්න කිව්වා. පස්සේ ඒවා දාලා මතුරලා දුන්න ගෙදර ගිහින් කිරි විදුරුවට මේ "ගල" දාලා බලන්න කියලා. පස්සේ කිරි වීදුරුවට මොකද වෙන්නේ කියලා බලන්නත් කිව්වා. මේ ගල දැම්මා විතරයි කිරි වීදුරුව නිල් පාට වුණා. ඒක දැකලා මට හීන් දාඩිය දැම්මා.
ලක්මාල්ගේ නිහැ¾ඩියාව හා මුහුණෙන් දිස්වූ පෙනුම අනුව එදා මොහු ලැබූ අත්දැකීම මට හිතා ගැනීමට හැකිවිණි.

"මේ සිදුවීමෙන් පස්සේ මට ලැබී තියෙන්නේ නාග මාණික්‍යයක් කියන එක මට පැහැදිලි වුණා. මේ නිසා මේකට පුද සත්කාර කරන්නත් මම පටන් ගත්තා. ඒ වගේම මේ නාග මාණික්‍යය කොහොම හරි විකුණන්න තමයි මම උත්සාහ කළේ. වෙද මහත්වරු කීප දෙනෙක් එක්කන් ඇවිල්ලා පෙන්නුවා. ඒ හැම කෙනාම මේක නාග මාණික්‍යයක් කියලා කිව්වා. ඒ අය මේක නාග මාණික්‍යයක් ද කියලා බලන්න නොයෙකුත් දේ කළා. මල් පොහොට්ටු තිබ්බා, දෙළුම් ඇට තියලා බලන් හිටියා යුෂ උරා ගන්නවද කියලා.
දෙළුම් ඇට තිබ්බම නාග මාණික්‍යයේ පැහැය වෙනස් වෙලා ලස්සන නිලක් නිකුත් වුණා. ඒ වගේම දෙළුම් ඇට වේළිලා තිබුණා. ඒ විතරක් නෙවෙයි ඉන්දියාවෙන් ඉඳන් මේක ඇත්තම නාග මාණික්‍යයක්ද කියලා බලන්න එක එක දේ කළා. ඒ ඔක්කොම හරි ගියා. මම දවසක් මේ ගල ඉර එළියට ඇල්ලුවා නිලට තිබූ ගල කහ පැහැයට හැරිලා රන් පැහැයක් දිස් වෙන්න ගත්තා. පුළුන් කෑල්ලටත් මේ දිස්නේ වැටුණා."

"මේ නාග මාණික්‍යය ලැබෙන්න මාස කීපයකට පෙර මළ ගෙදරක යන්න ගිහින් මගේ අත කැඩුණා. මම කරපු ව්‍යාපාර කටයුතු සියල්ල ඇන හිටියා. කොටින්ම දරු දෙන්නටයි අපි දෙන්නටයි කෑම පවා ගැටලුවක් වෙලා තිබුණේ. නමුත් මේ නාග මාණික්‍යය ලැබුණට පස්සේ ක්‍රම ක්‍රමයෙන් ඒ තත්ත්වය නැතිවෙලා අපේ ගෙදරට කිරි උතුරන්න පටන් ගත්තා.
නමුත් මගේ වැඩි තණ්හාව තමයි මේ සියලු දේ කළේ. මම මේ නාග මාණික්‍යය විකුණන්න සැලසුම් කළා. මගේ මිතුරෙක් ඉන්නවා කොළඹ. එයා විවාහ වෙලා ඉන්නේ මේ ගමෙන්. දවසක් පොළේදී මට එයා හමුවුණා. ඒ හමුවුණාම මම කිව්වා මේ වගේ දෙයක් තියෙනවා විකුණලා දෙන්න කියලා. එයත් ඇවිල්ල බැලුවා. එයත් තහවුරු කළා මේක නාග මාණික්‍යයක් කියලා. එයා මාර්ගයෙන් කීප දෙනෙක්ම මේ මාණික්‍යය මිලදී ගන්න පැමිණියා. ඒ ආපු අය රුපියල් කෝටියේ සිට රුපියල් කෝටි තුන්සියය දක්වා මේ නාග මාණික්‍යයේ වටිනාකම තීරණය කළා. මේ අය ඇවිල්ලා ගිය දවස්වලම මට, පවුලේ අයට නොයෙකුත් ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. අසනීප වුණා. මේ වගේ එක දවසක කට්ටියක් ඇවිල්ලා බලලා ගිය දවසක නාග මාණික්‍යය මගේ අතින් බිමට වැටුණා. පැය දෙකකට විතර පස්සේ මම වෙනදා තියල තියන තැනම නාග මාණික්‍යය තිබුණා. මේ සිදුවීමෙනුත් මට යමක් අවබෝධ වුණා."

පසුගිය විසි වැනි දින ලක්මාල්ට නිසාම් නමැති අයකුගෙන් දුරකථන ඇමැතුමක් ලැබිණි. "හොඳ ගැනුම්කරුවෙක් මට හම්බ වුණා. මම ඔයාට කෝටි පහක් දෙන්නම්. වැඩේට කැමැතිද"? මේ දුරකථනය ඇමැතුමෙන් කියවුණේ එයයි. වැඩේට කැමැති නම් ඉක්මනින් කියන්න. ලක්මාල්ට නිසාම් හඳුන්වා දුන්නේ තම ගම් ප්‍රදේශයේ මිතුරා වීමත් නිසාම් අවස්ථා කීපයකදීම තම නිවෙසට පැමිණ මේ නාග මාණික්‍යය පරීක්ෂා කර විකිණීම සඳහා උත්සාහ කර තිබීමත් මේ යන එන අතරතුර ලක්මාල්ට සුළු වශයෙන් උදවු පදවු කර තිබීමත් හේතුවෙන් ලක්මාල්ට නිසාම් පිළිබඳ විශ්වාසයක් ගොඩනැඟී තිබිණි.

"කෝටි තුන්සීයක් වෙනවා කිව්වා. කෝටි පනහක් වෙනවා කිව්වා. හැබැයි මෙච්චර ගාණකට මේක විකුණන්න බැරි වෙයි. තියාගෙන ඉන්න එකත් අමාරුයි. දීලා දානවා නිකම් හිටිය මට කෝටි පහක් ලැබෙනවා නේ. ඒ ලක්මාල් තනියම ගත් තීරණයයි. විනාඩි කීපයක් ඇතුළත ලක්මාල් වෙතින් ලැබුණු දුරකථන පණිවුඩය නිසාම්ගේ සතුටට හේතු විණි. මම ඔයාට කෝටි පහක් දෙනවා. මේ එන අයත් එක්ක ඔයාට කතාවක් නැහැ. රෑ 12ට තමයිලු මේක බලන්න ඕනෑ. ඒ නිසා අපි කොළඹින් පිටත් වෙන්නේ අටට විතර, වැඩේ හරිනේ. නිසාම් ලක්මාල්ට කතා කිරීමට හෝ ඉඩක් නොතබා දුරකතනය විසන්ධි කළේ රෑ වීම හේතුවෙන් ලක්මාල් අකැමැති වේදෝ දැයි සිතාය.
ලක්මාල් නිසාම්ට පොරොන්දුවක් වුවත් ලක්මාල්ගේ සිත දෙගිඩියාවෙන් පිරිණි. ලක්මාල් තනියම කල්පනා කළ අතර එහෙත් නිසාම්ට පිටුපෑමට ලක්මාල්ට සිත නොදිණි.

"මම නිසාම්ට එන්න කිව්වට මට හිතුණෙම එන්න එපා කියන්න. ඒ වුණත් මට ඒක කියාගන්න විදිහක් තිබුණේ නැහැ. මම බැරි තැන කෝල් එකක් අරගෙන ඇහුව කීදෙනෙක් එනවද? හොඳට දන්න හඳුනන අයද එන්නේ කියලා. නිසාම් කිව්වා, මම දන්නවා. මම අයිඩෙන්ටිත් බැලුවා කියලා. ඒ වෙලාවේ රෑ 11ට විතර ඇති මේ අයව ආපහු හරවලා යවන්නම කියලා තමයි මගේ හිත කිව්වේ. නමුත් ඒ අයට ආපහු යන්න කිව්වොත් නිසාම්ට ගැටලුවක් වෙයි කියලා එන්න කිව්වා. හරියටම රෑ 12ට කාර් එකක් ඇවිල්ල ගේ ඉස්සරහා නැවැත්තුවා. ඒකෙ හතර දෙනෙක් හිටියා. මේ අය ගේ ඇතුළට ඇවිල්ලා නාග මාණික්‍යය බැලුවා. වෙන අය අතට ගන්නවා. හරවලා බලනවා. මේ අය එහෙම කළේ නැහැ. ටෝච් එක ගහල බැලුවා. හරි කිව්වා ගියා. ඒ යද්දී කියාගෙන ගියේ හෙට උදේ මාණික්‍යය ගන්න එනවා කියලයි. මුලින් ඇහුව උදේ වෙනකම් ගෙදර ඉන්න පුළුවන්ද කියලා. මම කිව්වා ඒක කරන්න බැහැ කියලා. මේ අය ටික වේලාවක් මෙතැන රැඳෙන්න උත්සාහ කරන බවක් පෙනුණා. නමුත් නිසාම් බලෙන්ම කට්ටියව එක්කන් ගියා. මේ අය ගියත් මට ලොකු සැකයක් තිබුණා. ඒ නිසා මම දෙයින්ට බුදුන්ට කියලා ගේට්ටුවටත් ඉබ්බා දාලා පැය බාගයක් යන්න ඉස්සරලා කාර් එක ආයේ ආවා. මම දැනගත්තා මොකක් හරි ගැටලුවක් කියලා. නිසාම්, ලක්මාල් කියලා හයියෙන් කතා කළා. ඒ කතා කරලා කිව්වා ඉස්සෙල්ලා බැලුවේ ගැනුම්කරුවගේ මල්ලි. දැන් තමයි නියම ගැනුම්කරුවා ආවේ කියලා. මම කිව්වා කරන්න දෙයක් නැහැ අයිතිකාරයා "ගල" අරන් ගියා කියලා. මෙච්චර ඉක්මනට එහෙම වුණේ කොහොමද කියලා ඇහුවා. ඒ අය කිව්වා අයිතිකාරයට කෝල් කරන්න ගල අරන් එන්න කියන්න කියලා. මම වැඩ නොකරන නොම්මරයකට කතා කළා. ඒක වැඩ කළේ නැහැ. පස්සේ ඒ අය යන්න ගියා."

මේ සිදුවීම වුණේ 21 වැනිදා අලුයම වෙන්න. දවල් මට නිසාම් කතා කළා. හයියෙන් හයියෙන් තමයි කතා කළේ. කිව්වා මල්ලි ඉක්මනට ගල හංගපන් මට වැරැදුණා කියලා. මම ඇහුවා මොකද වුණේ කියලා. ඊට පස්සේ කිව්වා මම දන්නේ නැතිව පාතාලේ ටීම් එකකුයි පොලිසියේ ටීම් එකකුයි දෙකක් ඊයේ ඇවිල්ල තිබුණා. පස්සේ ඒ අය මට හොඳටම ගැහුවා. ගහලා ගහලා පිස්තෝලයක් තියාගෙන තමයි ගෙදරට එක්කන් ආවේ. හොඳ වෙලාවට ඔයා "ගල" නැහැ කිව්වේ කියලා. මම එතකොට ඇහුවා කොහොමද පොලිසියේ අය කියලා කියන්නේ කියලා. එතකොට නිසාම් කිව්වා. හතර දෙනෙක් පොලිස් යුනිෆෝම් ඇඳගෙන හිටියේ. ඒ අය අත පිස්තෝල හතරක් හා මාංචු කුට්ටම් හතරක් තිබුණා කියලා. මම මාදම්පේ පොලිසියට ගිහින් පැමිණිල්ලක් දානවා කියලත් කිව්වා. මට හීන් දාඩිය දැම්ම මොකද මම වරදක් කරලා නැතත් පොලිසිය මට ගේමක් දෙයි කියලා හිතුවා. මාදම්පේ පොලිසිය එදාම මගේ ගෙදරට ආවා. ඇවිල්ල ප්‍රශ්න කළා. ඒ අයට අවබෝධ වුණා මම වැරැද්දක් කරලා නැහැ කියලා. ඒ නිසා යන්න ගියා. පසුදා මම නාග මාණික්‍යය අරගෙන මාදම්පේ පොලිසියට ගිහින් ඒක පොලිසියේ මහත්වරුන්ට පෙන්නුවා.

මම මේ අවස්ථා දෙකෙන්ම බේරුණා. මේ "ගලේ" තියන හාස්කම් නිසයි. නැත්නම් පිස්තෝල අරන් ඇවිල්ල මේ වගේ වැඩකට නිකම් යන්න ලැබෙනවද? ඒ වගේම පොලිසිය මාව අත හරිනවද?

ලක්මාල් මේ සියලු සිදුවීම් තනිව දරාගෙන තිබෙන අතර දරුවන් හෝ බිරිය මේ පිළිබඳ දැනුවත් කර නොමැත. මේ හේතුවෙන් දැඩි පීඩනයක සිට ඇති ලක්මාල්ට නින්ද යෑම පවා සිදුව නොමැත. ලක්මාල් එය විස්තර කළේ මෙසේය.

"මට හිතට ලොකු බයක් දැනුණා. මොකද මම කරන්න ගියේ වැරදි දෙයක් කියලා. මේ වගේ දේවල් අන්සතු කිරීම හොඳ නැහැ කියල මුලින්මත් මගේ පූජකතුමා මට කියලා තිබුණා. මට මතක විදියට 24 වැනිදා මම තීරණයක් ගත්තා ආයේ කිසි දවසක මේක විකුණන්න උත්සාහ කරන්නේ නැහැ කියලා. නාග මාණික්‍යය දෙවියන් ඉදිරියේ තියල පොරොන්දුවකුත් වුණා. එදා රෑ තමයි මට දවස් ගණනකට පස්සේ හොඳට නින්ද ගියේ. එදා රෑ මම හීනෙන් දැක්කා භයානක හීනයක් ඒක ගොඩක් විස්තර කරන්න බැහැ.
මේක මගේ ළඟ තවදුරටත් තියා ගත්තොත් මගේ දරුවන්ට හොඳ නැහැ කියල තමයි ඒ හීනෙන් කිව්වේ. ඒ නිසා පසුදාම මා මේ නාග මාණික්‍යය හීනෙන් කියපු තැනට පූජා කළා. මම පෙරේදා එතැනට ගිහින් බැලුවා මේක තියනවද කියලා. නමුත් එතැන තිබුණේ නැහැ. මම හිතන්නේ මට දෙවියෝ දුන්න දෙයින් මම ප්‍රයෝජනයක් ගත්තේ නැහැ කියලයි.

මාදම්පේ පොලිසියට ලැබුණු පැමිණිල්ල මත මේ වනවිට එක් අයකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. තවත් හයදෙනකු හා වාහන, ගිනි අවි හතරක්, මාංචු කුට්ටම් හතරක් හා කොල්ලකන ලද මුදල් ඇතුළු ජංගම දුරකථනද අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇත. හලාවත සහකාර පොලිස් අධිකාරි කීර්ති බණ්ඩාර මහතාගේ උපදෙස් පරිදි මාදම්පේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වසන්ත කුමාර මහතා ප්‍රධාන පොලිස් කණ්ඩයමක් මඟින් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කෙරේ.
හලාවත ප්‍රසාද් පූර්ණමාල්
mawbima.lk
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Sunday, June 3, 2018

ගුප්ත අබිරහස් රැසක් සහිත විස්මිත පුදබිමක්..... (nalanda gedigea අබිරහස් අඩවිය - Abirahas Adawiya - haskam)

ආගමික සිද්ධස්ථාන හා ගුප්ත බව අතර ඇත්තේ සෘජු සබැදියාවක්. ඒ පියවි සිතට හෝ විද්‍යාවට හසුනොවන බලයක් ඒවායේ ඇතැයි යන පොදු ජන විශ්වාසය නිසයි. ඒ අතරින් ශ්‍රී ලංකාවේ ඇති මෙතෙක් කිසිවෙකුටත් සිතින් සිතා ගත නොහැකි තරම් ගුප්ත වූ ආගමික ස්ථානයක්‍ වෙත ඔබ කැඳවාගෙන යාමටයි අපේ මේ සූදානම.
A9 දරන මහනුවර - යාපනය මාර්ගයේ නාලන්දා රෝහල අද්දරින් දකුණට හැරී යන මාවතේ උස් කඳුගැටයක් මත හතරැස් මලුවක පිහිටි මෙම පුදබිම හැඳින්වෙන්නේ නාලන්දා ගෙඩිගේ යනුවෙනුයි. මෙම නාලන්දා ගෙඩිගේ ශ්‍රී ලංකාවේ හරි මැද සටහන්වන ස්ථානයේ පිහිටා තිබීම විද්‍යාත්මකවත් තහවුරු කළ හැකි දෙයක්.
මනෝ විද්‍යාවේ පියා ලෙස හැඳින්වෙන සිග්මන් ප්රොයිඩ්ගේ පසුකාලීනයෙකු වන ලෝක පූජිත මනෝ විද්‍යාඥ කාල් යුංග් විශ්වයේ එළිපත්ත ශ්‍රී ලංකාව තුළ පිහිටා ඇතැයි යන විස්මිත ප්‍රකාශය කොට ඇත්තේ මීට දශක කිහිපයකට පෙරයි. ඔහුගේ මෙම කතාවේ අරුත තවමත් බොහෝ දෙනෙකුට වැටහී නොමැති අතර මෙම නාලන්දා ගෙඩිගේ පිහිටියේ එම විශ්වයේ එළිපත්ත පිහිටි ස්ථානය බවට පුරාණයේ සිට විශ්වාසයක් පැවතී තිබෙනවා. 
මෙය රාවණ යුගයේ සිට ශ්‍රී ලංකාවේ පුදබිමක් පැවැති ස්ථානයක් බවත් විශ්වය හා සෘජුව සම්බන්ධ වන මෙම ස්ථානයේ බලය නිසා අතීත ශ්‍රී ලංකාව ආසියාවේ බලවත්ම රාජ්‍යය බවට පත්වී තිබූ බවටත් විශ්වාසයක් තිබෙනවා.නාලන්දා ගෙඩිගේ නූතන ස්ව‍රූපය අනුව ක්‍රී.ව. 08 – 10 සියවස් අතර ඉදිවූ නිර්මාණයක් බව පෙනී යනවා. එහි හින්දු ආගමික, මහායාන සහ තන්ත්‍රයාන ආගමික ලක්ෂණ සම්මිශ්‍ර වශයෙන් දැකිය හැකී.  එහි ගර්භ ගෘහයේ ඇති හිටි පිළිමය නිසා මතුපිටින් බෞද්ධ මුහුණුවරක් ගෙන තිබෙනවා. නමුත් මෙම නාලන්දා‍ගෙඩිගේ පිහිටි ස්ථානයේ ඇති සුවිශේෂතාවයන් පිළිබඳව අවට ගැමියන් ප්‍රකාශ කරන්නේ මෙය බොහෝ දෙනෙකුට නොවැටහෙන ගුප්ත සංසිද්ධීන් රැසකගෙන් සමන්විත ස්ථානයක් බවයි. එමෙන්ම මෙම ස්ථානයේ දී ඇතැම් අවස්ථාවල ගිනි දැල්වීමෙන් එම ගින්න සාමාන්‍ය මට්ටමට වඩා වේගවත්ව පැතිරයන බවත් මෙහි පැරණි ගැමියන් විශ්වාස කරනවා.
මෙහි ඇති බුද්ධ ප්‍රතිමාවට අමතරව ගණපති, ලක්ෂ්මී ආදීන්ගේ රූප මඟින් මෙහි හින්දු ආභාසය නිරූපනය කරන‍ සේම මෙහි දක්නට ලැබෙන සමූහ සංවාස මූර්තියෙන් මෙහි ඇති තන්ත්‍රයානික ලක්ෂණ පෙන්නුම් කෙරෙනවා. කෙසේ හෝ මෙම නාලන්දා ගෙඩිගේ පුරාවිද්‍යාත්මක සහ ඓතිහාසික වටිනාකමක් ඇතත් ඒ පිළිබඳව නිවැරදි අදහස් ඉදිරිපත් කිරීමට මෙතෙක් කිසිදු පුරාවිද්‍යාඥයෙක් සමත්වී නැහැ.
ඒ කෙසේ හෝ 1970 දශකයේ මැහවැලි ව්‍යාපාරයේ බෝවතැන්න ජලාශය ඉදිරිකිරීමේ දී මෙම අපූර්ව පුරාවිද්‍යා ස්ථානය ජලයෙන් යටවීමට ඇති හැකියාව මුල්කොට එහි සියළුම කොටස්  එකි'නෙක ගලවා ඉවත් කොට අංක යොදා පුරාවිද්‍යා භාරයට ගෙන තිබුණා. එය නැවත 1980 වසරේ දී එම ස්ථානයේ බැහැරින් ගෙනා පසින් ඉදිකළ ගොඩැල්ලක් මත නැවත ඉදිකොට ඇත්තේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුරාවිද්‍යාඥයෙකු වන මහාචාර්ය පී.එල්.ප්‍රේමතිලක මහතාගේ උපදේශකත්වයෙන්. ඒ අනුව ඉතිහාස පුරාවිද්‍යාඥයන්ට සේම අධිමානසික විද්‍යාව හදාරන සැමදෙනාටත්  විද්‍යාවෙන් හෙළි  නොවූ විශ්වයේ රහස් පිළිබඳව උනන්දුවක් පලකරන සැමටත් ඒ පිළිබඳ පර්යේෂණ කිරීම සඳහා මෙම ස්ථානය ‍කදිම තෝතැන්නක් බවට සැක නැහැ.



lakbima.lk
උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Friday, October 6, 2017

‘මේ දෙවියන් සතුන් මළුව වඳින වෙලාවයි’ (1) (අබිරහස් අඩවිය - Abirahas Adawiya - haskam samanala kanda)

සබරගමු පළාතේ ඓතිහාසික සමනළ කන්ද වටා එතුණු බෑණ සමනළ කඳු පන්තිය ඇසට රසඳුනකි. නටන මොණරුන්ගෙන් හා දුව පනින මුව පොව්වන්ගෙන් ගෝන සා, මීමින්නන්ගෙන් පිරි මේ මහා වනය සුන්දර ය. සදාහරිත වන වදුලෙන් හා තුරු ලතාවෙන් සෝබමාන මේ වන පෙදෙස තුළ සැඟව ඇති බොහෝ රමණීය තැන් තවමත් මිනිස් ඇසට මුළුමනින් ම හසු නොවුණු බව සත්‍යයකි. කුරු අලින්ගේ කුංචනාදයත්, මුවන්ගෙන් කොව් ගැහිල්ලත්, රිලා වඳුරන්ගේ බුකුබුකුවත් නිතර ඇසෙන සිරිපා කන්දේ ඇතුළත (වන්දනාකරුවන්ගේ මාර්ගවලට එපිටින්) ගුප්ත හා විස්කම් දේ සොයා බලා ගැනීමේ චාරිකාවට මම ඔබ ද එක් කැර ගනිමි. ඒ එම චාරිකාව ජීවිත කාලයක් තිස්සේම කළ එගම්වල ස්වාමින් වහන්සේලා මහ මළුවේ සේවය කළ ඇත්තන් වැඩිහිටියන්, ගම්භාරයන් හරහාය.
මීටර් 2243 ක් උසැති කන්දක පිහිටි ප්‍රධාන ආගමික පුද බිමක් ලෝකයේ කොහේවත්ම නැත. ඇත්තේ සිරිපා කඳු මුදුනත පමණය. ජපානයේ ෆුජියාමා කන්ද ඔවුනට ශුද්ධ වස්තුවක් මෙන්ම කෞතුක අගයක් ගෙන දුන්න ද එහි ආගමික වටිනාකමක් නැත.
මෙරට මුල්ම ගෝත්‍රිකයන් වූ යක්ෂ හා නාග ගෝත්‍රිකයන් අතර ඇතිවූ හටන නැවැත්වීමට මහියංගණයට වැඩි ගෞතම බුදුන්ට සමන් දෙවියන් කළ ආරාධනයෙන් උන්වහන්සේගේ වම් සිරිපා සලකුණ පිහිටුවූවේ සමනළ ගිරි මුදුනත බව බෞද්ධයෝ විශ්වාස කරති. ඉබන් බතුතා වැනි මුස්ලිම් නායකයන් ඇදහූවේ එහි ඇති පා සලකුණ ආදම්ගේ බවය. රත්නපුරයේ දිසාපතිකම් කළ සුදු දිසාපතිවරුන් හා පාහියන් තුමාගේ විස්තර, 13 සියවසේ ලක්දිව පැමිණි මාර්කෝ පෝලෝ සිරිපා ගැන කළ සටහන් ඉබන් බතුතාගේ සටහන් ආදි වශයෙන් දේශාටකයන් මෙහිදී දුටු ගුප්ත විස්මිත කරුණු විටින් විට ඉදිරිපත් කිරීමට මම මැළි නොවෙමි. ඒ සියලු විස්තර වඩාත් ඔබ කුතුහලයෙන් හා විමතියට පත් කරන අන්දමේ ඒවාය.
සඳගලතැන්නේ මිනිසා
රත්ගඟ විහාරාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී දෙවිපහල දේවමිත්ත හිමියන් තම ගුරු හිමියන් සමඟ කුඩා කල පටන් සිරිපා කරුණා කළ හිමිනමකි. සිරිපා කන්දේ ඓතිහාසික හා ගුප්ත කරුණු ගැන උන්වහන්සේ සතු දැනුම විශිෂ්ටය. නමෝ විත්තියෙන් ඒ විත්ති සංචාරයට මම උන්වහන්සේ අප මණ්ඩපයට කැඳවමි.
මේ පළාතේ ඓතිහාසික ජනප්‍රවාද බොහොමයි. ඊටත් අමතරව මිනිසුන් විසින් මේ සුන්දර කන්දේ ඇවිද හොයාගත් අත්දැකීම් බහුලයි. සමන් දෙවියන් පිළිබඳ මහියංගණයේ කතාවට වෙනස් කතාවක් මේ පැත්තේ තියෙනවා.
සුමන සමන් කියන්නේ මේ කඳු පන්තියට මායිම් වන සඳගලතැන්නේ ජීවත්වූ සාමාන්‍ය මනුෂ්‍යයෙක්. එතුමා ගමේ මිනිසුන් අතර ජනප්‍රියයි. ඉතා යහපත් කරුණාවන්ත මුදු ගති තිබුණු කෙනෙක්. ගමේ සාමාන්‍ය මිනිසුන් කිතුල් හකුරු නිෂ්පාදනයට මේ යායේ කිතුල් ගස් මදින්ඩ ඒ කටයුතු කරන්න මේ කඳු පන්තියට යනවා. එහෙම ගිය දවසක (මේ පළාතේ අදට වඩා එදා හුඟාක් දිවියන් බහුලයි) මේ මිනිස් කණ්ඩායම දරුණු දිවි ප්‍රහාරයකට ගොදුරු වී ගෙදර එන්ඩ බැරිව අතරමං වුණා. ඒ වෙලාවේ මේ සුමන සමන් කියන මනුෂ්‍යයා අර දිවියා ජිවිතක්ෂයට පත්කරලා මනුෂ්‍යයන් ටික බේරා ගත්තාලු. එතුමාගේ ඇවෑමෙන් පස්සෙ මිනිස්සු ඒ මිනිස් නායකයාට දේවත්වයක් ආරෝපණය කළා කියන කතාවක් තියෙනවා. මහියංගණයේ යක්ෂ නාග හටන වෙලාවෙ බුදුන්ට සිරිපා ලකුණු මේ සමනළ කන්දේ තබන්නට ආරාධනා කළ සමන් දේව කතාවක් ද තිබෙනවා. මේ කොයි හැටි වෙතත් මේ සමනළ කන්ද පුරාම සමන් දෙවියන්ගේ බලපරාක්‍රමය තිබෙන බවත්, බුදුරජාණන් වහන්සේගේ පාද පද්ම සලකුණු නිසා අසීමිත ගුණ කදම්භයකුත් මේ වන පියසේ තිබෙන බව පළාතේ කවුරුත් දන්නවා.
ඔබ වහන්සේ පුංචි දඹදිව හිටපු (ගිලීමලේ චන්ද්‍රාලෝක හිමි) නායක හිමියන් සමඟ මේ කන්දේ ඇවිදලා තියෙනවා. මේ අපූරු තැන්වල විස්මිත තොරතුරු ඔබ වහන්සේ දන්නවා. තරමක් විග්‍රහ කළ හැකි ද? මම අසමි.
එහෙමයි. මේ සමනළ කඳුවැටියෙ තියෙනවා අපූරු තැන් රැසක්. ලිහිණිහෙළ, බණ්ඩිගල, ගවරවිල, ලබුවාව, සඳගලතැන්න, කරව්දෙණිය වගෙ තැන්.
ගවරවිල කියන්නේ හරිම අපූරු තැනක්. ඉර අව්ව වුණත් හරිහැටි පොළොවට පාත් නොවෙන ඉතාම සිහිල් දේශගුණයක් තිබෙන ප්‍රදේශයක්. බෑණ සමනළට කිට්ටු මේ ගවරවිලට එහා පැත්තෙ තමයි සාමිවරු, තපස්වරු බණ භාවනා වඩන්නෙ.
ඇමේසන් වනාන්තරයේ පවා මිනිසුන්ගෙ පා පහස නොලබපු කන්‍යා වනාන්තර තියෙනවා. මෙයත් ඒ වගේ තැනක් ද? මගේ කුහුල වැඩෙයි. මට ප්‍රශ්න නැ‍ඟෙන්නේ ඉබේටමය.
මේ හරිය අක්කර 18ක් 20ක් පමණ වෙන්න ඕනෑ. හරිම ලස්සනයි. චමත්කාරයි. සුදු මීදුම සේලයක් වගේ පාත් වෙනවා. බෝතොළු ගස් යායක් තියෙනවා. එතැන සමන් දෙවියන්ට බාරහාර වීමෙන් තමයි මේ හරියට යන්නෙ. පුංචි රිදී දියත්තක්, ඇළක් පාරක් ගල් රූටාවෙ තිබෙනවා. සර්පයො ඉන්නවා. කරදරයක් නෑ. සාවෙක්, මීමින්නෙක් ගෝනෙක් මුවෙක් සැරිසරනවා දකින්න පුළුවන්. ලස්සන වන මල් පිපිලා වනපෙතම සුන්දරයි. ඒවයෙ සුවඳ ගන්ට බමරු ඒ වටා කැරකෙනවා. කුරුල්ලො සියොත් රාව නංවමින් තැනින් තැන ඉගිලෙනවා. බලන්න ලස්සනයි. සුරපුරයක් වගේ. හැබැයි! මේ අසිරිමත් සෙනසුනේ ලගින්නට තපස්වරයකුටවත් දවස් 3කට වඩා බෑ. ඒක සත්තක්. අත්දැකීමෙන් කියන්නෙ.
සමහරුන් සමන් දෙවියන්ට බාර හාර වෙලා කරවල හාල්මැස්සන් ටිකක් එක්ක හාල් තුනපහ අරගෙන මෙතැනට එනවා. ඒත් දවස් 3කට පස්සෙ මෙතැන ඉන්න වරම් නෑ. අර බත් උයන හැළි වළංවලට පවා පණුවො ගහනවා. මස් මාංශ පණුවන්ගෙන් උතුරන්න පටන් ගන්නවා. ඊටත් පස්සෙත් ඉන්න හැදුවොත් ආපු මනුෂ්‍යයන්ගෙ, තපස්වීන්ගෙ පවා ඇඟ පුරාත් පණුවො ගහන්න පටන් ගන්නවා. මේ ගවරවිල නම හැදිලා තියෙන්නෙත් එහෙමයි. ගවර කියන්නෙ පණුවන්ට නමක්.
සුන්දර ගවරවිල
ඇයි? මෙහෙම වෙන්නෙ... මම උන්වහන්සේ විමසමි.
ඒක හරියට කියන්න බෑ. කිසිම පර්යේෂකයෙක් ඒ ඇයි ද කියලා කියලත් නෑ. එහෙම යන කෙනෙකුට යන්නත් බෑ. සමන් දෙවියන්ට බාරහාර වෙලා යන නිසා දින තුනකට අවසර දෙනවා. මිනිස් ක්‍රියාකාරකම්වලට දෙවියන් වැඩිය මනාප නෑ. සමනළ කන්දේ සුන්දර ප්‍රදේශය ගවරවිලයි. ඒ තැනට ගිරාහොටේ කන්ද ඉතාම දර්ශනීයව පෙනෙනවා. දැන් කුරු අලි වඳ වෙලා ඉතාම අඩුයි. එදා කුරු අලි හිටියා. අප කළ සංචාරයේදී දැක්කෙත් නෑ. ඒත් උන්ගේ බෙටි අප තැන තැන දැක්කා. දවස් තුනක් ආසාවෙන් හිටියත් අපටත් තුන්වැනි දවසේ තම්බන බත් මුට්ටියෙ පවා පණුවන් හිටියා. අප සමාව ඉල්ලාගෙන නැවත පහළට වැඩියා.
බෑණ සමනළ පැත්තේ තමයි හුඟාක් අද්භූත ගල් ගුහා වගේ දේ තියෙන්නෙ. ඒ පැත්තේ සාමිවරයෙක් කාලයක්ම හිටියා. වලහා කාපු හාමුදුරුවෝ කියලා අපේ ලොකු හාමුදුරුවෝ දන්නා හඳුනන හොඳ ශීලවන්ත ප්‍රඥාවන්ත හිමිනමකුත් මීට අවුරුදු 15 - 20 කට එපිට වැඩ සිටියා.
උන්වහන්සේ ගල් ලෙනේ බණ භාවනා වඩමින් ඉන්නකොට මහා ගෝරනාද හඬක් ඇහිලා තියෙනවා. බලනකොට වලස්සු දෙන්නෙක් ලෙන ඉදිරිපිට පොර බදනවා. උන්වහන්සේ උදේ හවා සිරිපා මළුව වන්දනා කරන ශීලවන්ත හිමිනමක්. ඒත් කුමක් හෝ අකුසල කර්මයක් තිබිලා තියෙනවා. එක වලසෙක් පැනපු ගමන් හාමුදුරුවන්ගේ මුහුණ සපා කාලා. ඒත් හාමුදුරුවන් බුදු ගුණ කියනකොට ඒ අය පැනලා ගිහින්. උන්වහන්සේ අමාරුවෙන් පළාබද්දලට වැඩලා ගමේ මිනිසුන්ට කියලා ප්‍රතිකාර අරගෙන තියෙන්නෙ.
අපේ ලොකු හාමුදුරුවන්ට තිබුණා මහා ලොකු ඕනෑකමක් බුදුන් සිරි පතුල තබන්නට වැඩි වෙලාවේ දිවා විහරණය කළ ගුහාව හොයාගන්න. දිවා ගුහාව හොයන්න තවත් තුන්දෙනෙක් එක්ක හාමුදුරුවො මේ විදිහට ගියාට උන්වහන්සේ හති වැටිලා නැවත වැඩියනෙ.
අනුරාධපුර පැත්තේ ඉහළ රස්සාවක් කරපු කෙනෙක් පිරිසක් සමග එනවා බෑණ සමනළ පැත්තෙ බණ භාවනා කරන්න. උන්වහන්සේ මේ සාමිවත් දන්නවා. ඒ සාමිත් අපේ නායක හිමියන්ට ආදරෙයි.
දවසක් ලොකු හාමුදුරුවො මේ විදිහට කන්දේ හැමතැනම ඇවිදලා දිවා ගුහාව හොයාගන්න බැරිව විතරක් නොවේ අපේ පුංචි දඹදිව රත්ගඟ පන්සලට එන්න මාර්ගය හොයාගන්නත් බැරිව අතරමං වෙලා ඉන්නකොට අර කී සාමි හාමුදුරුවන්ට මුණගැහුණා. හාමුදුරුවෝ තමන්ට හා පිරිසට වූ ඇබැද්දිය කීවාම සාමි අර මහා රූස්ස ගස ළඟින් වමට හැරිලා යන්ට කියලා මඟ සලකුණු දෙක තුනක් පෙන්වා දීලා යන හැටි කියා දීලා. අපේ නායක හාමුදුරුවො කරදරයක් නැතිව පන්සලට වැඩියා.
සාමි වෙසින් පැමිණි සමන් දෙවියන්
ඊට සතියකට විතර පස්සෙ අනුරාධපුර පැත්තෙ වන්දනා නඩ කීපයක් අරන් සාමි පුංචි දඹදිව අපේ පන්සල වඳින්න ආවා. ලොකු හාමුදුරුවො කීවා, එදා මං කීව විදියටම වැඩි නිසා කරදර වුණේ නෑ කියලා. ඒ කතාවට සාමි පුදුම වුණා. අනේ! හාමුදුරුවනේ මං මාස දෙකක් තුනක් තිස්සේ අසනීපයෙන්. මේ දැනුයි මං වන්දනාවට ආවෙත් කියලා. අපේ ලොකු හාමුදුරුවන් කැටපෝලයක්වත් අතේ නැතිව ශීල සමාධියෙන් ඇවිදිමින් අතරමං වූ නිසා උන්වහන්සේට සමන් දෙවියන් සාමි වෙසින් හමුවන්න ඇති යැයි කවුරුත් අන්තිමේ සිතුවා. ඒ වගේ පුදුමාකාර සිදුවීම් මේ පළාතේ හරියට අහන්නට තිබෙනවා.
“මීට අවුරුදු 15කට පමණ ඉස්සර කොහෙන්දෝ ආ මනුෂ්‍යයෙක් අවාරේ සිරිපා යන්ඩ තීරණය කරලා මෙහෙ ඇවිත්. රත්නපුර පලාබද්දල පාරෙන් යන්ඩ ආපු මේ මනුස්සයා ඇත්තටම සමන් දෙවි හාස්කම් මේකේ තියෙනවා ද? බුදුන්ගේ පාද ලාංඡනයේ කතාව ඇත්තක් ද? මේවා අන්තිම බොරු කතා කියමින් සිරිපා කන්ද කරුණා කරන්න පටන්ගෙන. අහළ පහළ මිනිසුන් කියා තිබෙනවා ඔහොම කතා කරන්ඩ හොඳ නෑ. මළුව කිට්ටුව මහා වැසි වහිනවා. අකුණු ගහනවා. දැන් අවාරේ දෙවියන් සතුන් මළුව වඳින වෙලාව. යන්ඩ එපා කියලා. ඒ මිනිහා අතේ උක් ගස් කීපයකුත් තිබුණලු. තවත් කරේ දාගෙන කිසියම් මල්ලකුත් තිබිලා. මේ උක් අලින්ට දෙන්න. දිවියන්ට ඕනෑනම් කන්න දෙන්න මේ මල්ලෙ බඩු තියෙනවා කියමින් වහසි බස් දොඩ දොඩා ඒ මනුෂ්‍යයා කන්දට නඟින්න ඇවිත්.
ළිහිණිහෙළදී දුටු බියජනක සිදුවීම
ලිහිණිහෙළ හරියෙදි මිනිහාට කුමක් හෝ අකරතැබ්බයක් වෙලා. වලහා කාපු හාමුදුරුවො මළුව වැඳලා බහිනකොට දැකලා තියෙනවා දිවියෙක් මිනිහෙක්ව මරලා මිනිහගෙ මස් පාරෙ තියාගෙනම බුදිනවා.
උන්වහන්සේ බය නෑ. දිවියා ළඟට කිට්ටු වෙලා හයියෙන් කතා කළා. උන්වහන්සේ කලින් අකරතැබ්බකට මුහුණ දුන්නට පහර දුන් සතා ඊට පස්සෙ පලා ගියා. දිවියාත් පැන දිව්වා. හාමුදුරුවො පහළට වැඩලා සිද්ධිය කීවාම පහළ ගමේ මිනිස්සු කලින් මිනිහා ගිය හැටි කීවලු. ඒත් මනුෂ්‍යයෙක් නේද? කියලා ඒ අය ඇවිත් අර මළමිනියෙ භාගය අයිනක වළක් හාරා වැළලුවා. දවසක් යනකොට අර මනුෂ්‍යයාගේ නෑයො ඇවිත් මිනිහාට වෙච්ච දේ හොයාගෙන. ගමේ මිනිසුන් සමඟ ඇවිත් වළ ළඟ බලනකොට ඒ භාගයත් දිවියන් කාලා (වළ හාරා ගොඩගෙන) එතැන වනසලා තිබුණා.
සමන් දෙවි අඩවියේ තවත් විස්මිත තොරතුරු ලබන සති‍යේ.
silumina
උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Friday, May 12, 2017

පෙනෙන නොපෙනෙන දේවතා එළි අරුමය.... (අබිරහස් අඩවිය - Abirahas Adawiya - haskam dewatha eli)

දෙයියන් යන මග ඔස්සේ දෙයියන්ගේ ගමට ගිය ගමනක්...
හඳ මුදුන්වී ඇත. වලාකුළින් තොර අහස පුරා බැලුවත් සඳ තනිවම එකදු තරුවක් හෝ දැකගන්නට නැති තරම්ය. කඳු පාමුලින් හමා එන සිහින් හුළං රැල්ලකින්් තේ පඳුරු අතරින් ඉහළට නැගුණු ගිනිසීරියා ගසක අතු යාන්තමට සෙලවෙයි. ඈතට පායාඹා ගිය මාවවුලන් රැලක් යළිත් දලු මඩුව ළඟ තිබෙන වල්දෙල් ගසට පියාඹා එන්නේ ක්‍රීස් හඩිනි.
එහෙත් මගේ හඬ අවදි කරවන්නට මිතුරාගෙන් තවත් මට අවසර ලැබුණේ නැත. නිහඬව නිසලව පහළ නිම්නය දෙස නෙත් යොමාගත් ඔහු නිහඬවන ලෙස මට පෑ සංඥාව තවමත් එලෙසමයි.
මමද ඔහු අනුගමනය කරමින් තවත් ඔහුට ළං වුණෙමි. ඔහුගේ විමසිලිමත් ඇස් යොමුව තිබුණේ පහළ නිම්නය දෙසටය.
මටද ඔහු අනුගමනය කරන්නට දුන්නේ නිහඬ සංඥාවකි. මම ඔහුට තවත් ළං වුණෙමි. පහළ නිම්නයේ ඇති යමක් ගැන ඔහු වඩාත් විමසිලිමත් වන බවකි මට දැනුණේ.
එහෙත් ඔහු තවමත් නිහඬය. මට දැනෙන්නේ නිහඬ බව පමණකි. සුළඟේ වැනෙන ගිනිසීරියා අතුවල අඳුරු හෙවණැලි හැරුණවිට ඉඳහිට අහසට නගින මාවවුලකු දෙන්නකු පමණක් සිදු වන්නේ කුමක්දැයි දැනගන්නට දැඩි කුතුහලයක් තිබුණත් හඬ අවදි කරන්නට තවමත් මට අවසරයක් නැත. ගෙවී ගියේ විනාඩි කීපයක් වුවත් එය මට හෝරාවකටත් වැඩි කාලයක් ලෙසය දැනුණේ.

දැක්කද?

ඔහු නිහඬතාව බිඳිමින් මගේ පිටට අත තැබුවේය.

“මොකක්ද?”

මා පෙරළා ඔහුගෙන් විමසුවේ ඇත්තටම කන්ද කපාගෙන ගලා එන හඳඑළියේ සෙලවෙන රුක්ගොමුවල හෙවණැලි හා අහසට නැගුණු මාවවුලන් හැර වෙනත් යමක් මා නොදුටු නිසාය.

දේවතාවුන් වහන්සේ මලංගම බෝධියට වැඩියා” අර එළිය පෙනෙන්නේ. එතන තමා බෝධිය. ඒ හරි අනුහස් තියෙනවා. එතනට තමා දේවතා එළි පාත් වෙන්නෙ.

ඔහු දිගටම කියාගෙන ගියත් මා දුටු එළියක් නැත. යළිත් මම පහළ නිම්නය දිහා හොඳින් බැලුවෙමි. දෙයියන්ගේ ගමට ආගන්තුක නිසා වටපිටාව ගැන මට තේරුමක් ද නොවීය.

මෙන්න මෙතනින් බලන්න. අර ඈතින් පේන්නෙ ලොකු එළියක්. ඒ ඒදණ්ඩවල හමුදා කෑම්ප් එක. ඒ එක එල්‍ලේම ඊට ටිකක් මෙහාට වන්න පෙනෙන්නෙ මලංගම බෝධිය. මෙතන හිටිනකොට මම ඉඳහිට දැකලා තියනවා දේවතා එළි එතෙන්ට වඩිනවා.

“දැනුත් මම හිටපු ගමන් ඉබේමයි දැක්කේ. විනාඩි තුනකට වඩා එතන රැඳිලා තිබුණා. කන්ද පැත්තෙන් පාවී ගෙන ගිය එළිය ගුළියක් වගේ එතන රැඳිලා තිබුණා. මම හිතුවා ඔයත් ඒක දිහා බලාගෙනයි ඉන්නෙ කියලා.”

“මම දැක්කෙ නැහැ. ඇයි ඔයා කිව්වෙ නැත්තෙ” මම මගේ මිතුරාට නෝක්කඩු කීමි.

“ඒක එහෙම කියන්න බැහැ. කිව්වොත් අත දික්කරලා පෙන්නුවොත් නිකම්ම අතුරුදන් වෙනවා. ඒ විතරක් ‍නෙවෙයි මමත් දැකපු ගමන් අන්දුන් කුන්දුන් වුණා. මේ බලන්න කියන කොටත් ඇඟේ හිරිගඩු පිපිලා.”

ඔහු තමා විඳි අත්දැකීම මට විස්තර කළේ සැබැවින්ම එහි සන්ත්‍රාසය මටද විඳගන්නා පරිදිය.
මගේ මිතුරාගේ හැසිරීම මටද හිතාගත නොහැකිය. එය අව්‍යාජය. එහෙත් පුදුමය වන්නේ ඔහු දුටු දේවතා එළිය මට නොපෙනීමය.
‍පෝය දිනයක් එනතුරු හිට මහ වැහි වහිද්දී කූඩැල්ලන් කඩ කඩා දැඩි වෙහෙසක් ගෙවා දෙයියන්ගේ ගම කන්දට රැය ගතකරන්නට ආවේ හිතේ තිබුණ ලොකු බලා‍පොරොත්තුවක් ඉටුකර ගන්නටය. එහෙත් මට ඒ වාසනාව නොලැබුණි.
මට දේවතා එළිය නොපෙනීම ගැන මගේ මිතුරාටද ඇත්තේ දැඩි කනස්සල්ලකි.

ඔහු යළිත් වරක් ගෙය තුළට ගොස් ‍පොල්තෙල් බෝතලයද රැගෙන පහන් පැලට ගියේ ටික වෙලාවකට කලින් දැල්වූ පහනට තවත් තෙල් ටිකක් දමන්නටය.

ඒ වනවිට මැදියම් රැය ඉක්ම යමින් තිබුණි. එහෙත් නිදිමතක් නොදැනෙන තරම්ය.

“අපි කහට ටිකක් බොමු. මගේ මිතුරා යෝජනා කළේ ඔහුටද නිදිවරා සිටීම එතරම් අපහසුවක් නොවුණ නිසා වන්නට ඇත.

අප ආ ගමන් ඇවුළු ගිනි මැලයේ අඟුරු තවමත් නිවී නැත. මැලයට ඉහළින් ඇති යකඩ පට්ටමින් හැදූ ළිප මතට බෝතලය තබා ළඟ තිබුණු යකඩ බටය කටට තබා දෙතුන් විටක් පිඹිද්දී ගිනිදලු ටිකෙන් ටික ඇවිළී යද්දී තෙතබරි හුළඟින් හීතලවී තිබුණු අපේ ගතටද රස්නය දැනුණි.

“ඇයි කල්පනා කරන්නෙ? ගිනිමැලයේ අයිනටම ඇන තියාගෙන වාඩිවුණු  මගේ දෑත කම්මුල් මත රඳවා ගන්නවාත් සමගම වගේ මගේ මිතුරා විමසුවේ දේවතා එළි දකින්නට පෙරුම් පුරාගෙන ආ මගේ බලා‍පොරොත්තුව ඉටු නොවීම ගැන ඔහුටද තරමක දුකක් දැනෙන නිසා විය යුතුය.

“අපි තේ ටිකක් බොමු. මම කේතලය මැ‍ලේ අයිනට තියලායි ආවේ. වතුරත් රත්වෙලා ඇති.

“නැහැ අපි දැන් බුදියමු. හුඟක් රෑවෙලානෙ. උදෙන් නැගිටලා වටපිට ඇවිදලා බලමු. මා යෝජනා කළේ නින්ද මාළඟ දවටෙන බව දැනුණ නිසාය.

එකට යාව තිබුණු ඇඳන් මත දිග ඇදෙන්නට අපි දෙදෙනාම යුහුසුලු වීමු. නිදන කොටසට යාබදව තිබෙන ගිනි මැලය කාමරයේ සීතල මකාලන බව මට දැනුණේ ඇඳමත ඇලවුණු විටය.

“රෑ එළිවෙනකම්ම ඔය ළිප පත්තු වෙනවා. ඕක හදලා තියෙන්නෙ ඒකට ගැළපෙන විදියට. ළිපේ යට කඩල තියෙන්නෙ පහළින් එන හුළඟ ඉබේම ළිප ඇතුළට එනව කබල දිගේ. එතකොට ළිප නිවෙන්නෙ නැහැ. උඩින් හොඳ අරටුව තියන දර කෑලි දෙක තුනක් දමනවා. එච්චරයි.

ඔය ක්‍රමයට තමයි ඉස්සර යකඩ උණුකරන උඳුන් හදල තියෙන්නේ. මම පසුගිය දොහක දැක්ක බළන්ගොඩ පැත්තෙ කරපු සමීක්ෂණයකදී ඉස්සර ඔය ළිප හදලා තිබුණ හැටි ගැන. ඒ ගැන හිතල මමත් මෙතන ඒ වගේ මේ ළිප හැදුවෙ අර පහළින් එන හුළං පාරට අපූරුවට මේ ළිප පත්තු කරන්න පුළුවන් නිසායි.
කතාවෙන් කතාව අප දෙදෙනාටම නින්ද ගොස් තිබුණ බව දැනුණේ වටින් ගොඩින් එළිය වැටීගෙන එද්දී වන පෙතේ කුරුලු හඬ කන වැටෙද්දීය.
එහෙත් වෙනත් කළ යුතු දෙයක් නොවුණ නිසා අපි තවත් ටිකක් ඇඳ මතම සිටියේ කලින් දින රැයේ අත්දැකීම්ද සිහිපත් කරමිනි.
“අන්න අතනින් පහළ තමා කටුගස්ඇල්ල පටන් ගන්නෙ. ඒ ඉස්මත්තෙ තියනවා ආරණ්‍යයක්. භාවනානුයෝගී ස්වාමීන් වහන්සෙ කෙනෙක් ඉන්නවා කැ‍ලේ මැද තනියම පුංචි කුටියක. අපි උන්වහන්සේව හමුවෙමු. එතකොට හුඟක් තොරතුරු දැනගන්න පුළුවන්.” මගේ මිතුරා ගෙන ආ යෝජනාව ක්‍රියාවට නගන්නට මම වඩාත් උනන්දු වූයෙමි.
එලෙස ආරණ්‍යයට යාමට එන අතරතුරය ගමේ පැරණි පදිංචිකරුවකු වූ ජයසේන මහතා අපට හමුවූයේ.
“මම අහල තියන විදියට මේ ගමට දෙයියන්නෙ ගම කියල නම වැටිල තියෙන්නෙ සමන් දෙවියන්ට කැපවෙච්ච ගමක් හින්දයි. මේ ගම සමන් දේවාලෙ පෙරහරට බෙර ගහන්න යන අයට වෙන් කරල තිබුණ කියලත් කියනවා. කොහොම හරි මේ ගම බොහොම හාස්කම් තියන ගමක්. සබරගමුව මහ සමන් දේවාලයයි සිරිපාදය අතර තියන මේ ගම රත්නපුර නගරය කිට්ටුව තියන ඉහළම ගම්මානෙ. එන්න යන්න හුඟක් අපහසුයි. දැන් දැන්නම් ටිකක් පාරවල් හැදිලා තේ ඉඩම් නිසා දලු ලොරි යනවා.” ජයසේන මහතා දිගටම කියාගෙන ගියේය.
අපි වැඩියෙන් විස්තර හොයන්නෙ ගමේ පැරණි තොරතුරු ගැන. හුඟක් අය කියනවා දෙයියන්නෙ ගමට දේවතා බැල්ම තියනවා  දේවතා එළි එනවා පේනවා කියලා. මොකද ඒ ගැන කියන්නෙ.” මම ඔහුගේ කතාව වෙනතකට හැරවූවෙමි.
ඒක ඇත්ත හැම ‍පෝයකටම වගේ මැදියම් රාත්‍රියට මේ ගම හරහා පාට පාට එළි යනවා. ගමේ හුඟක් අය දකිනවා. මමත් දැකලා තියනවා. අපි විශ්වාස කරන්නෙ සමන් දෙවි හාමුදුරුවො සමන් දේවාලෙත් සිරීපාදෙත් අතර ගමන් කරන වෙලාවට ඒ එළි පෙනෙනවා කියලයි. සමහර වෙලාවට අර පෙනෙන කබර ගලටත් ඒ එළි පාත් වෙනවා දැකලා තියෙනවා.
ගමේ අය කියන්නෙ ඒ ග‍ලේ නිධානයක් තියනවා කියලා. ලොකු ගල් කාමරයක් තියනවලු. ඒක වැහුණ මහ ගල් දොරක් තියනවලු. හුඟක් අය ඔය ගල්ගෙයි නිධාන ගන්න ගිහින් නට්ටං වුණා. අපි දන්න කාලෙදිත් අපේ තාත්තා අපිට පුංචි කා‍ලේ කියලා තියනවා හුඟක් දවස්වලට ඔය ගලට දේවතා එළි වඩින විත්තිය. දැනටත් මේ ගමේ අය හුඟක් රෑපානට ගමන් බිමන් යන්නෙ නැහැ.”

දෙයියන්නෙ ගම ආරියලතා,

කොහොමටත් හැම ‍පෝය දවසකටමත් ගම හරහා යන දේවතා එළි ගමන් කරනවා හුඟ දෙනෙක් දැකල තියනවා.
ඉතිං ඕව දේවතා එළි කියලම කොහොම ද කියන්නෙ. විදුලි කොටනවා කියලා හිතන්න බැරි?

මම ඇසුවෙමි.

“ඇයි මහත්තයො අපිට හෙණ ගහන, විදුලිය අඳුරන්න බැරි? අපි බබ්බුද? හුඟක් අය එහෙම හිතනවා ඇති. ඒත් මේ ගමේ ජීවත්වන අපි තමා ඒක දන්නෙ. ඇත්තටම මේ ගම දෙයියන්ගෙම ගමක්. නගරයෙන් ඈත වුණාට ගමන බිමන අමාරු වුණාට ගමට ආවම තමයි ගමේ හැටි දැනෙන්නෙ. බොහෝම සුවපහසුයි. සරුසාරයි. සාමකාමියි. බාහිර කරදර මොකුත් නැහැ. ගමේ හැමෝම එකමුතුයි. ඉන්න හැමෝම දෙයියො බුදුන් අදහන අහිංසක මිනිස්සු. ඉතින් දෙයියො බලනවා කියන එක අරුමයක්යෑ.”

මහත්තයටත් ඕනනම් දවසක් දෙකක් ගමේ ඉඳලා බලන්න. මම කියන්නෙ බොරුද කියලා ජයසේන මහතා කීවේ අපේ සැකය දුරු කරවමිනි.

සූරියඇල්ල ආරණ්‍යයේ වැඩ වෙසෙන අළු‍පොත දෙණියේ ‘සුමිත්තවංශ හිමියන් හමුවූයේ ඉන් අනතුරුවය.
වසර තිහකට ආසන්න කාලයක් තිස්සේ කටුගස්ඇල්ල වන රක්ෂිතයේ හුදකලා දිවියක් ගෙවන උන්වහන්සේගෙන් අප විමසා සිටියේ කිසිවෙකුත් නොමැති මෙම මහ වන මැද තනිවම ජීවත්වීම අනතුරු සහිත නැද්ද? කිසි බයක් නොදැනේද යන්නයි.
මට කවදාවත් එහෙම දැනුනෙ නැහැ. රාත්‍රියට සමහර වෙලාවට සතකු කෑගසන අමුතු සද්ද ඇහෙනවා. ඒත් කවදාවත් මට අනතුරක් දැනුනේ නැහැ. අමුත්තක් දැනුනෙන් නැහැ.
රාත්‍රියෙත් මම බණ භාවනා කරනවා. නොවරදීම පිරිත් සූත්‍ර දෙක තුනක් අවස්ථාවට අනුව තනිවම සජ්ක්ධායනා කරනවා. ඒ වගේම වන්දනා මාන කරල අහවර කරන හැම විටකම මම සමන් දෙවියන් ප්‍රධාන දෙවිවරුන්ට පින් දෙනවා. ඒක දවසට තුන් හතර වතාවක් කරනවා. මම හිතනවා මට දෙවියන්ගේ ආශිර්වාදය නොඅඩුව තියනවා කියලා.
ගමේ හුඟක් අය කියනවා මේ ගමට දෙවියන්ගේ බැල්ම තියෙනවාය, දෙවියො මේ ගම ඉහළින් යනවාය, දේවතා එළි යනවාය කියලා. ඔබ වහන්සේත් එහෙම දැකල තියෙනවද අපි උන්වහන්සේගෙන් විමසුවෙමි.

මටත් ගමේ අය හුඟක් වෙලාවට එහෙම කියලා තියනවා. ඒත් මම නම් ඒවගේ දෙයක් දැකල නැහැ. මම දෙයියෙ ගැන විශ්වාසයක් නැතිව නොවෙයි.

ඒත් මට මෙහෙම දෙයක් නම් කියන්න පුළුවන්. අපි ආගමික වතාවත් කරලා අහවර දෙවියන්ට පින් දුන්නම අපට අදෘෂ්‍යමාන විදියට ඒකෙ විපාක දෙන වෙලාවල් පැහැදිලිවම දකිනවා.

පහුගිය කා‍ලේ මේ ආරණ්‍යයට විදුලිය තුබුණේ නැහැ. මෑතක තමා ලැබුනේ. මට හිතෙන්නෙ ඒකත් හාස්කමක්ද කියලා.

මේ ගමේ ඇත්තො ඒ දවස්වල මෙතන පහන් පූජාවක් සූදානම් කළා. ඒත් බලා‍පොරොත්තු නැති මහ වැස්සක් ආව. හැමෝගෙම බලා‍පොරොත්තු බිඳිලා ගියා.

අපි මේ පුංචි ශාලාවෙ රොක්වෙලා බුදුන්ට මල් පහන් පූජා කරලා දෙවියන්ට පින් දුන්නා. වැඩිවෙලාවක් ගියේ නැහැ. වැස්ස නැවතුනා. අපි බොහෝම අලංකාරයට පහන් පූජාව පැවැත්තුවා. හැමෝම සතුටු වෙලා දෙවියන්ට පින් දුන්නා.
ඒ විතරක් ‍නෙවෙයි පහන් පින්කම පවත්වලා සති දෙකක් ගියෙ නැහැ අපේ ආරණ්‍යයට විදුලිය ලබා දෙන්න කටයුතු යෙදුණා.

ඒකයි මම කියන්නෙ මේ ගමට හොඳ දේව බැල්මක් තියනවා කියලා. ස්වාමීන් වහන්සෙ අපට කිව්වෙ ඇස පනාපිටම දෙයියන්ගෙ ගම ඇත්තන්ගේ පින් පල දෙනවා කියලා උදාහරණ ඇතිව.

දෙයියන්ගෙ ගමට දේවතා එළි එනව කියලා හැමෝම කියද්දි මට රැයක් ඉඳලත් දැකගන්න බැරිවීම ගැන මට තිබුණෙ ලොකු දුකක්.

ඒ වගේම සූරිය ඇල්ල ආරණ්‍යයේ හාමුදුරුවන්ටත් දෙයියන්නෙ ගම ජනතාවට සෙත සලසන්න දෙවියන්ගෙ බැල්ම තියනවා කියලා හොඳටම දැනිලා තිබුණත් උන්වහන්සේත් දෙවියොවත්, දේවතා එළිවත් කවදාවත් දැකලා නැතිලු.
ඒත් මගේ මිත්‍රයා මා ළඟ එකටමයි හිටියෙ. දේවතා එළිය ගමන් කරන හැටි හොඳටම දැක්ක ඒත් මට පෙනුණෙ නැහැ.
ඒ ගැන හිතන කොට මට මතක් වුණා මම ඉස්සර කියවපු ජපන් කෙටිකතාවක් ගැන. ඒකෙ තියෙන්නෙ ජපානයේ එක්තරා විලකට මකරෙක් ආපු හැටි.

මකරු ගැන තියෙන්නෙ කතා කවදාවත් මකරු දැකලා නැහැ. ඒත් මකරු හිටිය කියල විශ්වාස කරනවා.
ඒත් භික්ෂූන් වහන්සේ නමක් දවසක් නගරයට ඇවිදින් මිනිසුන්ට කියනවා නගරයෙන් ඈත අසවල් තැන තියන විලෙන් අසවල් දවසෙ අසවල් වෙලාවට දැවැන්ත මකරෙක් මතුවෙනවා. ඒ මකරා දකින්න කැමැති අය ඉන්නවානම් ඒ දවසට වෙලාවට එතනට රැස්වෙන්න කියලා.

ඒ කතාව අහපු හුඟ දෙනෙක් එදා එතනට රැස්වුණා. අර පණිවුඩය ගෙනා හාමුදුරුවොත් විල ළඟ අට්ටාලයක් බැඳගෙන බෙරයක් නාද කරකර ගාථා කිය කියා මකරාට අරාධනා කරනවා මකරාගේ හැඩරුව වර්ණනා කරනවා. දැන් හැමෝගෙම හිතේ දැන් දැන් මකරා විලෙන් ගොඩ එනවා කියලා.

කටින් ගිනිදැල් පිටකරගෙන විල මැදින් මකරා මතුවෙන හැටි හැමෝම හිතේ මවාගෙන.

හිටි ගමන් හාමුදුරුවන්ගේ බෙර වාදනය මහා වේගවත් වුණා. ගාථා කීම ඉක්මන් වුණා.

ඔන්න ඔන්න මකරා මතුවෙනවා කියලා කියාගෙන යද්දි හැමෝටම පෙනුණා මහා දැවැන්ත මකරෙක් ඒ විල මැදින් අහසට නැගල අහසෙ නොපෙනී යනවා.

ඒත් හුඟදෙනෙකුට හිතාගන්න බැරි වුණා මොකක්ද එතන වුණේ කියලා. මකරා අවෙ කොහෙන්ද කොහොමද ගියේ කියලා.

පස්සෙ තමා තේරුම් ගත්තෙ අර හාමුදුරුවො මකරගෙ පැමිණීම ගැන ලොකු විශ්වාසයක් ඒගොල්ලන්ගෙ හිත් තුලට කිඳාබස්සලා ඒ අයට ඒ සිතුවිල්ලෙන් මිදෙන්න බැරි වුණා කියලා. ඒ අය ඒ මකරා ගමනය ඇහින් නොවෙයි හිතිනුයි දැක්කෙ කියලා.
මේ දේවතා එළි ගැන කතාව හොයන්න ගිය මටත් හිතුණේ දෙයියන්ගෙ ගමටත් සිද්ධ වෙන්නෙ ඒ වගේ දෙයක්ද කියලා.
ඒත් දෙයියන්නෙ ගම අයට විතරක් නොවෙයි අහල පහල ගම්වල අයත් දෙවියන්නේ ගමට උඩින් දේවතා එළි යන එන හැටි ගැන කතා කරන්නේ ලොකුම ලොකු විශ්වාසයකින්.
ධර්මප්‍රිය ලියනආරච්චි
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya