අනුරාධපුර රජ මාළිගාව පිහිටි ඇතුළු නුවර සතර වාහල්කඩ දොරටුවලින් අඬ බෙරකරුවන් සිව් දෙනකු, රැකවලුන් සම`ග අනුරාධපුර පසල් දනව් කරා පියමන් කළේ, රාජ නියෝගයක් ඉටු කිරීමටය. ගම් දනව් සිසාරා අඬබෙර ගසමින් ඔවුන් නිවේදනය කළේ, මහමෙවුනා උයනේ පිපෙන මල් කිසියම් අයෙක් විසින් හොර රහසේ නෙළා ගෙන යන නිසා, එම හොරා අල්ලා දෙන කෙනෙකුට රජතුමා විසින් ඇතෙක් බරට වස්‌තු දෙන බවය. මෙම නිවේදනය නිකුත් කළේ, සිව් හෙළයේ මහා නරපතියාණන් වූ, දුටුගැමුණු රජතුමාය.
සිව් සාලිස් (44) වසක පමණ කාලයක් එළාර නම් ද්‍රවිඩ රජතුමාගේ පාලනයට නතුව තිබූ ලක්‌දිව, එම පාලනයෙන් මුදා ගත් දුටුගැමුණු රජතුමා තවත් විසල් ආගමික කර්තව්‍යයකට මුල පිරුවේය. ඒ මහා සෑයක් ගොඩනැංවීමටයි.
දෙවන පෑ තිස් රජ දවස මෙහි වැඩම කළ මිහිඳු මහ රහතන් වහන්සේ, රජතුමා අමතමින් කියා සිටියේ, එතුමාගේ මුනුපුරකු විසින් අනාගතයේදී මෙම ස්‌ථානයේ සුවිසල් වූ _ගැබ් වහන්සේ නමක් නිර්මාණය කරන බවයි. රජතුමා ඒ බව සඳහන් ශිලා ලේඛනයක්‌ද මෙම ස්‌ථානයේ ස්‌ථාපනය කළේ, අනාගතයේ දී මෙරට රාජ්‍යත්වයට පත්වෙන තම මුනුබුරාගේ දැනගැනීම සඳහාය.
මෙහිදී මහමෙවුනා උයනේ ඇති වසර සිය දහස් ගණනක් පැරණි තෙළඹු ගසක් කපා ඉවත් කිරීමට සිදු විය. මෙම ගස කපා ඉවත් කිරීමට විරුද්ධව දෙපාර්ශ්වයකගේ දැඩි විරෝධයට මුහුණ දීමට රජතුමාට සිදු විය. එම රන් තෙළඹුව වසර දහස් ගණනක් සිය වාස භාවනය කර ගෙන සිටි, ස්‌වර්ණමාලි නම් වූ වෘක්‍ෂ දේවතාවිය ගෙන් සහ වසර සිය ගණනක් මෙම වෘක්‍ෂයට වැඳුම් පිදුම් කළ ගාඩි ජනතාව ගෙන්ය.
රජතුමා ස්‌වර්ණමාලි වෘක්‍ෂ දේවතාවියට තෙළඹු වෘක්‍ෂයෙන් බැස වෙනත් විමානයකට වඩින ලෙසට ආරාධනය කළේය.
ඔබේ නමින් සෑය බඳිමි - විමානයෙන් බසිනු මැනවි...//
ස්‌වර්ණමාලියේ රූබර ස්‌වර්ණමාලියේ... ස්‌වර්ණමාලියේ... ඔබේ නමින් සෑය බඳිමි - විමානයෙන් බසිනු මැනවි...
උණා නීල වර්ණ වරල දෑලේ මල් ගැවසීයේ... නගා ඉන්ද්‍රචාප දෙබැම ඇසින් විදුලි මවන ලියේ... වනා ළමැද කිණිහිරි පෙති රත්නතිලක පැලඳි ලියේ... සිනා සිසී විමානයෙන් බසින්න ස්‌වර්ණමාලියේ...
අතේ ගිගිරි නාද සලඹ නුරා හඬින් හඬන ලියේ... කරේ පද්ම කැකුළු මාල හංස තුඩින් පිපෙන ලියේ... කනේ තෝඩු මිණි ඝන රන් මූණ ඔපය කරන ලියේ... පමා නොවී විමානයෙන් බසින්න ස්‌වර්ණමාලියේ...
බාල චන්ද්‍ර පටු නලළත අලක පඬුන් ර`ගන ලියේ... ආල වඩන දන්ත කැකුළු කුන්ඩ සමන් පිපෙන ලියේ... දෑල දෑත ස්‌වර්ණදාම පාන හඬට සැලෙන ලියේ... කෝල නොවී විමානයේ බසින්න ස්‌වර්ණමාලියේ... ස්‌වර්ණමාලියේ රූබර ස්‌වර්ණමාලියේ... ස්‌වර්ණමාලියේ... ඔබේ නමින්...//
වෘක්‍ෂ දේවතාවියගේ නමින් චෛත්‍යය නම් කරන අතර, කිසිදු කුල භේදයකින් තොරව, ගාඩි ජනතාවට ද චෛත්‍යය වැඳීමට ඉඩ ප්‍රස්‌ථාව ලබා දෙන බවට රජතුමා පොරොන්දුවීම නිසා එම විරෝධතාවන් නිමාකර ගැනීමට රජතුමා සමත් විය.
ඉන්පසු රජතුමාට මුහුණදීමට සිදු වූ විශාලතම ප්‍රශ්නය වූයේ, චෛත්‍යයේ නිධන් කිරීමට සර්වඥ ධාතූන් වහන්සේ සොයා ගැනීමය. මෙහිදී එතුමාගේ එම ගැටලුව නිරාකරණය කර දුන්නේ, සෝණුත්තර සාමනේර මහ රහතන් වහන්සේය. උන් වහන්සේ නාග ලොවට ගොස්, නාගයන් විසින් මංජෙරික නම්, නාග භවනයෙහි දැඩි රැකවරණ මධ්‍යයේ තබා ඉමහත් භක්‌තියෙන් යුතුව වැඳුම් පිදුම් කළ සර්වඥ ධාතූන් වහන්සේ ගෙනවිත් දුන්නේය. ඉන්පසු සර්වඥ ධාතූන් වහන්සේ ඇතුළු තවත් පූජා භාණ්‌ඩ රාශියක් උදා වූ සුබ නැකතින් නිධන් කළහ. තමන් වසර ගණනාවක්‌ම මහත් බැතියෙන් යුතුව වන්දනා මාන කළ ධාතූන් වහන්සේ මෙලෙස රැගෙන ඒම නිසා, නාගයන්, දුටුගැමුණු රජතුමා සම`ග සිටියේ දැඩි වෛරයෙන් යුතුවය.
රජතුමා වෘක්‍ෂ දේවතාවියට පොරොන්දු වූ පරිදිම, මහා චෛත්‍ය රාජයාට ස්‌වර්ණමාලි මහා සෑය යනුවෙන්a නම් කළේය. ධාතු නිධන් කිරීමෙන් පසු, වැඩ නිම නොවුණත්, හතර දිග් භාගයෙන් රට වැසියෝද, රාත්‍රී කාලයට දෙව් බඹුන් මෙන්ම නා ලොව වැසියන්ද මේ චෛත්‍ය රාජයා වැඳ පුදා ගැනීමට පැමිණියහ.
එකල රාජකීය මල් උයන හැඳින්වූයේ, මහමෙවුණා උයන නමින්ය. වසරේ සෑම දිනකම මෙන්, මෙම උයනේ පිපුණු විවිධ මල් වර්ග දැක ගත හැකිය. උද්‍යානය රැක බලා ගැනීමට රැකවළුන් යොදා සිටියත්, මෑතක සිට කවුරුන් හෝ මල් සොරා ගෙන යන බවකි. මල් සොරා අල්ලා ගැනීමට දිවා රැකවළුන් යෙදුවත් මල් සොරා අල්ලා ගැනීමට තබා දැක බලා ගැනීමටවත් නොහැකි විය. අවසානයේ මෙලෙස අඬ බෙර හඬවා හෝ සොරා හෝ සොරුන් අල්ලා ගැනීමට මහජන සහාය පැතීමට රජතුමාට සිදු විය.
එක් පසල් දනව්වක ආත්තම්මා කෙනෙක් (මහලු ස්‌ත්‍රියක්) අඬබෙරය නවතා, තමන්ට මල් හොරා අල්ලාදීමට හැකි බව ප්‍රකාශ කළාය. රාජ පුරුෂයන් ඇය රජතුමා හමුවට පමුණුවන ලද අතර, ඇය රජතුමාට කියා සිටියේ, තමන්ගේ උපදෙස් අනුව කටයුතු කරන්නේ නම්, මල් හොරා අල්ලා දිය හැකි බවය. රජතුමා ඇයට අවශ්‍ය නවාතැන් සියලු පහසුකම් සපයා දෙන ලෙසට අමාත්‍යවරයෙකුට උපදෙස් දුන්නේය.
ආත්තම්මාගේ උපදෙස් අනුව, සති පිරිත් සඡ්Cධායනාවක් සඳහා, ජය ශ්‍රී මහා බෝධි මළුවේ පිරිත් මණ්‌ඩපයක් ද ඉදි කළේය. සති පිරිත් දේශනය ආරම්භ කළ අතර, විශාල පිරිසක් එය ශ්‍රවණය කිරීමට පැමිණ සිටියහ. ආත්තම්මා පිරිත් ශ්‍රවණාගාරයේ පිටුපසටම වී ඉතාමත් විමසිල්ලෙන් යුතුව පිරිත් ශ්‍රවණය කරන බවක් ඇ`ගවීය. මධ්‍යම රාත්‍රියට ආසන්න වෙත්ම රූමත් තරුණියක පැමිණ වටපිට බලා ආත්තම්මා අසලින්ම වාඩි ගත්තේ, එතැන ඉඩ තිබුණු නිසාය. නිල් නුවන් දෙනෙතකින් සහ පුළුල් නළල් තලයකින් හෙබි, ඉතාමත් සුන්දර යෞවනියක වූ ඇය, පිරිත් දෙසුම ශ්‍රවණය කිරීමට පැමිණියේ තනියමය. එකල දැඩිමේනි වූ යුවතියක රැයක නොව දිවා කාලයේ ද තනියම ගමන් බිමන් නොගිය අතර, එසේ ගමන් ගියේ නම් ඒ වැඩිහිටියන් සම`ගය. මෙම රූමතිය ගැන ආත්තම්මාට කිසියම් සැකයක් සහ කුතුහලයක් ඇති වුණද, එය ඇයට නොදැනෙන්නට විමසිල්ලෙන් පසු විය.
මේ සුරූපිනිය පිරිත් දේශනයට සවන් දුන්නේ ඉමහත් ශ්‍රද්ධාවෙන් යුතුවය. හිරු නැෙ`ගන්නට පෙර ඇය මණ්‌ඩපයෙන් පිටව ගියාය. පසු දින සොයා බැලීමේ දී පෙනී ගියේ, පෙර දින රාත්‍රියේ කිසිවකුත් මල් සොරකම් කර නැති බවය. පසු දින ද ඇය පිරිsත් ශ්‍රවණය කිරීමට සුපුරුදු වෙලාවට පැමිණියේ, ඇය මෙන්ම රුවැති සම වයස් ඇත්තියක සම`ගය. පැමිණි දෙදෙනාම ආත්තම්මා වාඩිවී සිටි පැදුරේම වාඩි වූයේ, ලෙන්ගතු සිනහවක් මුව සරසා ගෙනය.
මේ විදියට තවත් දින කිහිපයක් යත් දී මෙම සුරූපි නන්නාඳුනන්නිය සම`ග ආත්තම්මා කතා බහ කරන්නට විය. තමන් අනුරපුරට තරමක් ඈත ගම්මානයක වෙසෙන නිසා වේලාපහින් ඒමට නොහැකි බව කියා සිටියාය. සති පිරිත් සඡ්Cධායනාවේ අවසන් දිනට එළඹියේය. මේ සත් දිsන තුළ කිසිවකුත් හෝ උයනින් මල් සොරා ගෙන ගොස් නැති බව ඒ ගැන සොයා බැලු ආතම්මාට දැනගත හැකි විය.
වෙනදා මෙන් සුපුරුදු වෙලාවට පිටත්ව යැම සඳහා, ඇයත් ඇයගේ මිතුරියත් නැ`ගී සිටිනවාත් සම`ගම ආත්තම්මා, තරුණියගේ උතුරු සළුව තමන්ගේ අතට ගත්තේය. සළුව දෙන ලෙස ඉල්ලා සිටිමින් ඇය බැගෑපත් විය. හැඬුවේය. ඉකි බිඳ බිඳ හඬමින් බැගෑපත් වූයේ තම සළුව දෙන ලෙසටය. ඇය සම`ග පැමිණි අනෙක් යුවතිය සැණෙකින් පලා ගියාය.
එහෙත් ආත්තම්මා මේ කිසිවක් නො ඇසුනු කනින් යුතුව, උතුරු සළුව ගෙන ගොස් රජතුමා අතට පත්කර කියා සිටියේ, මෙතෙක් කල් මල් උයනේ මල් සොරකම් කළ -මල් හොරා මැය බවයි. රජතුමා ඇය ගෙන් කරුණු විමසුවාය. මල් උයනේ මල් සොරකම් නොකළ බවත්, කඩා ගත් මල් ජයසිරි මා බෝ සමිඳුන්ට සහ රත්නමාලි මහා සෑ රදුන්ට පූජා කරන බවත් පැවසීය. ඇය කාගේ කවුරුදැයි රජතුමා විමසුවේය. බොහෝ වෙලාවක් නිහඬව සිටි ඇය, තමා කාගේ කවුරුදැයි රජතුමාට හෙළිදරව් කළාය.
ඇය කල්‍යාණ පුරවරයේ ජයසේන නම් වූ නා රජුගේ දියණියයි. නමින් මණිමේඛලාය. රජතුමා ඇයට කියා සිටියේ නැවතත් නා ලොවට යා නොහැකි බවත් තමන් ඇය විවාහකර ගන්නා බවත් ය. ඇය කොතරම් බැගෑපත් වුවත් රජතුමා තමන්ගේ තීරණයේ වෙනස් නොකළේය.
මණිමේඛලා කුමරියට සිදු වූ අකරතැබ්බය ඇයගේ යෙහෙළිය විසින් කාල්‍යණ පුරවර ජයසේන රජතුමාට දන්වා සිටියේ හඬා වැළපෙමින්ය. සිද්ධිය ඇසූ නා රජතුමා, ඉමහත් කෝපයට පත්ව නාග (සේවක) යෙකු කැඳවා කියා සිටියේ කෙසේ හෝ සිය දියණිය රැගෙන ගෙන එන ලෙසය.
මේ වනවිට දුටුගැමුණු රජතුමා දිවා රෑ කාලය ගත කළේ රත්නමාලි සෑ මළුවේය. එතුමාගේ අභිප්‍රාය වූයේ හැකි පමණ ඉක්‌මණින් මෙම චෛත්‍ය රාජයාගේ වැඩ නිම කිරීමය. බොහෝ අවස්‌ථාවල රාජ සභාව පැවැත්වූයේද සෑ මළුවේය.
එක්‌තරා දිනෙක මහ සෑ මළුවේදී නාගයකු රජතුමාට දෂ්ට කළේය. කපුරුනාථ නම් වූ රාජකීය විෂ වෛද්‍යවරයා, ක්‍ෂණයකින් කරන ලද ප්‍රතිකාර නිසා රජතුමා සුවපත් විය. මේ ආදි වශයෙන් වරින්වර සය වතාවක් රජතුමාට විවිධ ස්‌ථානවල සිට නාගයන් දෂ්ට කළත්, රාජ වෛද්‍ය කපුරුනාථ විසින් රජතුමා සුවපත් කරන ලදී. මෙතරම් අවස්‌ථා ගණනක් නාගයින් දෂ්ට කිරීමට හේතුව, නාග කුමරියක සිරකර ගෙන සිටීමේ හේතුවෙන් කරන ලද නාග ශාපයක්, බව රාජ වෛද්‍යවරයා ඇතුළු රටවැසියන්ගේ පිළිගැනීම විය. නාගයන් දෂ්ට කිරීමට පැමිණි සෑම අවස්‌ථාවකම එම නාග පෝතකයන් ඉතාමත් රහසිගතව මණිමේඛලා බිසව හමු වී යම් යම් උපදෙස් ගත්තේය.
සය වැනි වරටද නාගයකු දෂ්ට කිරීමෙන් පසු, මණිමේඛලා (නාග) බිසව මුදා හරින ලෙස රාජ සභාවේ උපදේශකයන් ද රජතුමාට උපදෙස් දුන්නත් එතුමා එය ඉවත දැම්මේ, මේ වනවිට මේ බිසව ගැබ් ගෙන සිටි නිසාය. සය වරක්‌ම නාගයන්ගේ දෂ්ට කිරීම්වලට ගොදුරු වුවත්, කපුරුනාථ රාජ වෛද්‍යවරයා නිසා දුටුගැමුණු රජතුමා මරණයෙන් ගොඩ ගියේය. මේ නිසා රාජ වෛද්‍ය කපුරුනාථයන් සම`ග ද නා රජතුමා සිටියේ දැඩි කෝපයෙන්ය. මේ සෑම වරකම නාගයන් දෂ්ඨ කළේ, මහ සෑ මළුවේදී හෝ ඒ ආසන්නයේ සිට ය.
සත්වැනි වරටත් නාගයකු යෑවීමට නා රජු පියවර ගත් අතර, මෙවර ඒ සඳහා තෝරා ගත්තේ, වාසුල, නම් වූ, තම ඥාති පුත්‍රයෙකු වූ නාග මානවකයෙකි. රජතුමාට දෂ්ට කිරීමට පෙර ඔහු සිය ඥාති නාග බිසව හමු විය. ඇය ඔහුට කීවේ, තමා මේ වනවිට ගැබ් ගෙන ඇති නිසාත්, පුතෙක් ඉපදුනහොත් අනාගතයේ මෙරට රජකම් කිරීමට රජතුමා එක`ග කරවා ගැනීමට හැකිවනු ඇතැයි විශ්වාස කරන නිසා, අනතුරක් නොකරන ලෙසට ඉල්ලා සිටි බව පිය රජතුමන්ට දන්වන ලෙස ලෙසට උපදෙස් දුන්නේය.
දුටුගැමුණු රජතුමාට දාව මණිමේඛලා නාග බිසව පිරිමි දරුවෙකු ප්‍රසූත කළාය. කල් යල් බලා එක්‌තරා දිනයක දී ඇය සිය පුත්‍රයා අනාගතයේදී මෙරට රජු බවට ප්‍රකාශයට පත් කරන මෙන් රජතුමාගෙන් ඉල්ලා සිටියාය. එයට පිළිවඳන් දෙමින් රජතුමා කියා සිටියේ, ඔහු තමාගේ පුත්‍රයා වුවත් රාජ වංශයෙන් පිට කෙනෙකුට මෙරට පවතින සම්ප්‍රදායට විරුද්ධව ක්‍රියා කළ නොහැකි බවයි. රජතුමාගේ ප්‍රකාශයෙන් නා බිසව කම්පාවට පත් විය. එමෙන්ම ඇය සිය පියාණන්ට සම්පූර්ණ විස්‌තරයම පණිවිඩකරුවෙකු ම`ගින් දන්වා යෑව්වේ ය.
සිය දියණියගෙන් ලද පණිවිඩයෙන් දැඩි ලෙස කිපුණු නා රජතුමා පෙර සඳහන් කළ තම ඥාති පුත්‍ර වාසුල කැඳවා මෙවර දුටුගැමුණු රජතුමා කෙසේ හෝ මරා දමන ලෙසට උපදෙස් දුන්නේ ය. රජතුමාට දෂ්ට කිරීමට පෙර, රාජකීය විෂ වෛද්‍ය කපුරුනාථ මරා දමන ලෙසට නියෝග කළේය.
විෂ වෛද්‍ය කපුරුනාථයන් දිනක් නිවසේ සිට රජ මැඳුරට යන අවස්‌ථාවක මහම`ග ඇති අම්බලමක ගිමන් නිවා ගැනීමට මොහොතකට නතර විය. ඒ වනවිට එහි රූමත් කඩවසම් තරුණයෙකු ද ගිමන් නිවා ගැනීමට නතරව සිටියේය. ඔවුන් දෙදෙනා ආගිය තොරතුරු කතා කරන අතර වාරයේ, තරුණයා කීවේ, කැලණියේ සිට ස්‌වර්ණමාලි චෛත්‍ය වන්දනාමාන කිරීමට යන බවයි. තමා දැනට සර්ප විෂ වෙදකම ගැන ඉගෙන ගන්නා බව ද කීවේ ය.
කපුරුනාථ වෛද්‍යවරයාගේ සිහියට ආවේ තරුණ වියට එළඹෙමින් සිටින සිය දියණියයි. ඇය ද මේ වනවිට තමන් ගෙන් සර්ප විෂ වෙදකම හදාරන්නීය. තරුණයාගේ ගති පැවතුම් සහ හැසිරීම් රටාවෙන් පෙනී ගියේ ඔහු ඉතාමත් හොඳ පුද්ගලයකු බවයි. වෛද්‍යවරයා තමන් රාජකීය විෂ වෛද්‍යවරයා බව පැවසුවේය. ඉතාමත් සතුටට පත් තරුණයා ඔහුගේ දෙපා නැමද, තමන්ට අභිනවයෙන් ගුරුවරයෙකු හමුවුන බව ප්‍රකාශ කළේය. නොයෙක් කතා මධ්‍යයේ වෙදැදැරූ තැන ප්‍රකාශ කළේ,
රජතුමාට මේ වනවිට සය වතාවක් නාගයන් දෂ්ඨ කළත්, තමන් ඔහු බේරා ගත් බවත්, තමන් ජීවත්ව සිටින තුරු කිසිම නාගයකුට රජතුමා මරා දැමිය නොහැකි බව ප්‍රකාශ කළේ උද්දාමයෙන් යුතුවය.
තරුණයා විෂ වෙදකම ඉගෙන ගන්නා අයෙකු නිසා, අමාවක දිනෙක එළඹෙන විෂ හෝරාවේ දී නයකු දෂ්ට කළහොත් අනිවාර්යෙන්ම මියයන බව තමන්ගේ නවක ගෝලයාට කියා දුන්නේ ගුරු මුෂ්ඨියකින් තොරවය. තරුණයාට අවශ්‍ය සියලු තොරතුරු දැන් සම්පූර්ණය. වෛද්‍යවරයාගේ සඳහන් කිරීමට අනුව අද අමාවක පෝය දිනයයි. තවත් ස්‌වල්ප මොහොතකින් අවශ්‍ය විෂ හෝරාව එළඹෙනු ඇත. ඉතුරුව ඇත්තේ ක්‍රියාවට නැංවීම පමණ කි.
විෂ හෝරාව එළඹුනේය. සැණෙකින් නාග වෙස් ගත් තරුණයා ප්‍රථමයෙන්ම වෙදදුරාට දෂ්ට කළේය. තමන්ට වැරදුන බව වෙදදුරුට පසක් විය. ඔහු අසල තිබුණු ඖෂධ පැළෑටියකට අත දිගු කර ගෙන මැරී වැටුනේය. නාගයා ඒ සම`ගම සෑ මළුවට ගොස් එහි වාහල් දොරටුවකට නැංගේය. තවත් ස්‌වල්ප මොහොතකින් රජතුමා එම වාහල් දොරටුවෙන් යද්දී ඔහුගේ හිසටම නාගයා දෂ්ට කළේය. රජතුමාට සිහි විසඥ විය. රාජ පුරුෂයන් විෂ වෛද්‍යවරයා සොයා ඔහුගේ නිවසට යන අතර ම`ගදී දුටුවේ, මාවතක් අයිනේ මැරී වැටී සිටින වෛද්‍යවරයාය. ඔවුන් නිවසට ගොස් වෙදැදුරුගේ දියණියට සිද්ධිය කීවේය.
ප්‍රතිකාර කිරීමට පැමිණෙන දියණිය දුටුවේ තම පියා එක්‌තරා දිසාවකට අත දිගුකර ගෙන මැරී සිටින ආකාරයයි. ඒ ගැන විපරම් කළ ඇයට දැක ගත හැකි වූයේ, විෂකුම්බා නම් ඖෂධ පැළෑටියයි. එම පැළෑටිය උගුලා ගෙන රජ මාළිගාවට ගිය ඇයට දැක ගන්නට ලැබුණේ සිහි විසඥව සිටින රජතුමාය. තනකිරි මිශ්‍ර බෙහෙත් ඔරුවක බහා අවශ්‍ය උපදෙස් ලබා දී ආපසු නිවසට ගියේ සිය පියාණන්ගේ අවසන් කටයුතු සිදු කිරීමටය.
රජතුමාට සිහිය ලැබුණත් ඔහු සිටියේ බරපතළ රෝග තත්ත්වයකින්ය. වෙදැදුරු දියණිය කියා සිටියේ තවත් සත් දිනකින් ස්‌ථිර වශයෙන්ම රජතුමා මිය යන බවය. සියල්ල එසේ සිදු වෙත්දී, මණිමේඛලා නාග බිසව, සිය පුත්‍රයා ද සමගින් මාළිගාවෙන් රහසේම පලා ගොස් ඇති බව දැනගත හැකි විය.
රජතුමාගේ මලනුවන් වූ සද්ධාතිස්‌ස කුමාරයා මේ වනවිට සිටියේ දිගාමඩුල්ල ප්‍රදේශයේ ගොවිතැන් ඇතුළු සංවර්ධන කටයුතුවල නියෑළෙමින්ය. රජතුමාගේ උපදෙස් පරිදි වහාම ඔහු අනුරාධපුරයට කැඳවා ගෙන ආවේය. තමන් මිය යන්නට පෙර මහසෑයේ වැඩ නිමකරන මෙන් සද්ධාතිස්‌ස කුමාරයාට උපදෙස් දුන්නේය. එහි වැඩ නිම කිරීමට තවත් මාස ගණනාවක් හෝ අවුරුදු කිහිපයක් ගතවනු ඇත.
ලෝවාමහාපායත්, රත්නමාලි මහ සෑයත් අතර මැද ස්‌ථානයක තාවකාලික මණ්‌ඩපයක් ඉදිකර රජතුමා එහි සැතපුවේය. රජතුමාට එක් පසකින් මහ සෑයත්, අනෙක් පසින් ජයසිරි මා බෝ සමිඳුන් සහ ලෝවාමහපායත්, හිස කෙළින් කළ විට ඉදිරියෙන් මිරිස්‌වැටි දාගැබත් පෙනෙන්නේය. රජතුමාගේ සිත බොදු බැතියෙන් පිරීඉතිරි ගොසින්ය. භික්‍ෂූන් වහන්සේලා නිරන්තරයෙන්ම එම මණ්‌ඩපයේ රැඳී පිරිත් ස-Cධායනා කරති.
මහා සංඝරත්නයේ උපදෙස් පරිදි මෙයට පිළියමක් වශයෙන්, චෛත්‍යයේ වැඩ නිම නොවූ කොටස, සුදු රෙදිවලින් ආවරණය කර වැඩ නිම වූවා සේ පෙනෙන්නට සැලසීය. රජතුමා ඉතාමත් සතුටට පත් වූ අතර, මහා සංඝ රත්නයේ පිරිත් ස-Cධායනය ශ්‍රවණය කරමින් සිටියදීම මියගියේ, වෙදැදුරු දියණියගේ අනාගත වාක්‍ය සත්‍ය බවට තහවුරු කරමින් ය. +++++දුටුගැමුණු රජතුමාගේ මරණය ගැන විමසුමක් මාගේ මේ ව්‍යායාමය හුදෙක් රජ සැප පිණිස නොව, සම්බුද්ධ ශාසනයේ චිරස්‌ථිය පිණිසයි යනුවෙන් ප්‍රකාශ කළ දුටුගැමුණු රජතුමා ක්‍රි(පූ( 161 සිට 137 දක්‌වා වසර 24 ක් රාජ්‍යත්වය හොබවා මැළුම් වයසේ දී අකාලයේම මිය ගියේය. වංශ කතාවල දැක්‌වෙන්නේ හදිසියේම ඔත්පල වූ රජතුමා දින කිහිපයකින් මියගිය බවය. ඔත්පල වූ රෝගය කුමක්‌දැයි සඳහන් නොවේ. කෙසේ වුවද බොහෝ දෙනකුගේ මතය රජතුමාගේ අකල් මරණය හේතුව මහාවංශ කතුවර මහානාම හිමියන් ස`ගවා ඇති බවයි. එය අභිරහසකි.
එහෙත් ජනප්‍රවාද තොරතුරු බොහෝමයක දැක්‌වෙන්නේ ඉහත දැක්‌වූ කතා පුවතට අනුව, එතුමාට නාගයකු දෂ්aට කිරීම නිසා මියගිය බවය. ජනප්‍රවාද තොරතුරු, ජනප්‍රවාද සේ සලකා ඉවත නොදැමිය යුතු බවත්, ඒ ගැන ද සලකා බැලීම ඉතිහාසඥයන්ගේ වගකීමක් බව, හිටපු පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය චාල්ස් ගොඩකුඹුර මහතා සඳහන් කළේ, -සීගිරි පවත නම් නම් ග්‍රන්ථයකට පෙරවදනක් සපයමිනි. එතුමාගේ අදහසට අනුව අපි මෙම පුවත ද ඉවත නොදමා මේ ගැන තවදුරටත් කරුණු අධ්‍යයනය කිරීම වැදගත්ය. තවත් ජනප්‍රවාදයක රජතුමාගේ මරණයට හේතුව වශයෙන් සඳහන් වන්නේ මෙවන් වෘත්තාන්තයකි.
එළාර රජතුමා සම`ග කළ සටනින් ජයග්‍රහණය ලැබූ රජතුමා, බොහෝ අවස්‌ථාවල විවේකය ගත කිරීමට ගියේ කල්‍යාණ පුරවරයටය. කල්‍යාණ පුරය බුදුන් වැඩිය රටයි. එමෙන්ම එතුමන්ගේ මෑණියන් වූ, විහාර මහා දේවියගේ ජාත භූමියයි. මව් පාර්ශ්වයේ ඥාතීන් සිටියේ එම ප්‍රදේශයේ නිසා, රජතුමා සිය විවේකය ගතකිරීමට කල්‍යාණ ග්‍රාමය තෝරා ගත්තේය.
එවකට එම ප්‍රදේශයේ පාලකයා වශයෙන් කටයුතු කළ රජතුමාගේ ඥාති සොහොයුරකු වූ ජයසේන නම් නාග කුමාරයෙක්‌ය. රජතුමා වරින්වර කැලණියට ගොස් එහි විවේකයන් ගත කළ අතර, දිනක් ඔහු දුටුවේ, ජයසේන කුමරු සිය සුහුඹුල් බිසව සම`ග කැලණි ගෙ`ග් දිය කෙළින දර්ශනයකි. රජතුමාට එය රාග නිශ්‍රිත ....මන් මෙන් දර්ශනය විය. රජතුමාට ඇය පිළිබඳ සිතක් පහළ වූයෙන්, ඇය තමන්ට විවාහ කර ගැනීමට දෙන ලෙස ජයසේන කුමරුගෙන් ඉල්ලා සිටියේය. මෙහිදී දෙදෙනා අතර ප්‍රථමයෙන් වාග් හරඹයක් ඇරඹී පසුව එහි අවසාන ප්‍රතිඵලය වූයේ, දෙදෙනා අතර ද්වJධ සටනක් ඇති වීමය. ජයසේනයන් යුද්ධයෙන් පරාජයට පත් වූවා මෙන්ම දැඩි ලෙස තුවාලද විය. -මතු ආත්මයේ දී නාගයෙකුව ඉපිද දෂ්ඨ කර ඔබ මරා දමමි, යනුවෙන් ශාප කරමින් කුමාරයා අසලින් ගලා බස්‌නා කැලණි ග`ගට පැන සිය දිවි නසා ගත්තේය. රජතුමා, ජයසේනයන්ගේ බිසව වූ, එම නාග කුමරිය විවාහ කර ගත්තේ, ඇයගේ කැමැත්තකින් තොරවය. කරන ලද ශාපය සපථ කරමින් ජයසේනයන් ඊළ`ග ආත්මයේ නාගයකු වශයෙන් ඉපදී, රජතුමාට දෂ්ට කර මරා දමා පළි ගත් බව එම ප්‍රවාද තොරතුරෙ හි සඳහන් වේ.
දුටුගැමුණු රජතුමාගේ අකල් මරණය ගැන මෙවන් ප්‍රවාද තොරතුරු කිහිපයක්‌ම අසන්නට ලැබේ. එම සෑම ප්‍රවෘත්තියකම සඳහන් වන්නේ, කවරාකාරයකින් හෝ නාග කන්‍යාවකගේ සම්බන්ධයක් සහ එතුමා නාග විසෙන් අභාවප්‍රාප්ත වූ බවයි. ඒ අනුව රජතුමාගේ මරණයේ වග උත්තරකාරිය -නාග කන්‍යාවකි.
දුටුගැමුණු රජතුමාගේ මෑණියන් වූ වෙහෙර මහදේවි, කැලණිපුරයේ සිටි කැලණි තිස්‌ස රජතුමාගේ එකම දියණියයි. (කැලණි පුරවරයේ පිහිටීම ගැන ද විවිධ මතිමතාන්තර පවතී.) බුදුන් දවස කැලණියේ රජකළ මණිඅක්ත නා රජතුමන්, එතුමන්ගේ මුත්තණුවන් කෙනෙකි. ඔවුන් නාග වංශිකයන්ය. ඒ අනුව පෙනී යන්නේ, දුටුගැමුණු රජතුමා ද අර්ධ නාග වංශිකයෙකි.
වසර 44 ක පමණ කාලයක් සොළී පාලනයට යටත්ව තිබූ මේ ලංකාද්වීපය, ඔවුන් ගෙන් ගලවා ගත්තේ දුටුගැමුණු රජතුමන්ය. රට, දැය, සමය වෙනුවෙන් එතුමන් කරන ලද උදාර මෙහෙවර මෙන්ම අභිමානය සලකා, මහාවංශ කතුවර මහානාම හිමියන් මෙම මරණය සිදු වූ ආකාරය ස`ගවා තබන්ට ඇතැයි විද්වත් මතය යි.
නොයෙක් කතා මධ්‍යයේ වෙදැදැරූ තැන ප්‍රකාශ කළේ, රජතුමාට මේ වනවිට සය වතාවක් නාගයන් දෂ්ඨ කළත්, තමන් ඔහු බේරා ගත් බවත්, තමන් ජීවත්ව සිටින තුරු කිසිම නාගයකුට රජතුමා මරා දැමිය නොහැකි බව ප්‍රකාශ කළේ උද්දාමයෙන් යුතුවය.
තරුණයා විෂ වෙදකම ඉගෙන ගන්නා අයෙකු නිසා, අමාවක දිනෙක එළඹෙන විෂ හෝරාවේ දී නයකු දෂ්ට කළහොත් අනිවාර්යෙන්ම මියයන බව තමන්ගේ නවක ගෝලයාට කියා දුන්නේ ගුරු මුෂ්ඨියකින් තොරවය. තරුණයාට අවශ්‍ය සියලු තොරතුරු දැන් සම්පූර්ණය. වෛද්‍යවරයාගේ සඳහන් කිරීමට අනුව අද අමාවක පෝය දිනයයි. තවත් ස්‌වල්ප මොහොතකින් අවශ්‍ය විෂ හෝරාව එළඹෙනු ඇත. ඉතුරුව ඇත්තේ ක්‍රියාවට නැංවීම පමණ කි.
විෂ හෝරාව එළඹුනේය. සැණෙකින් නාග වෙස් ගත් තරුණයා ප්‍රථමයෙන්ම වෙදදුරාට දෂ්ට කළේය. තමන්ට වැරදුන බව වෙදදුරුට පසක් විය. ඔහු අසල තිබුණු ඖෂධ පැළෑටියකට අත දිගු කර ගෙන මැරී වැටුනේය. නාගයා ඒ සම`ගම සෑ මළුවට ගොස් එහි වාහල් දොරටුවකට නැංගේය. තවත් ස්‌වල්ප මොහොතකින් රජතුමා එම වාහල් දොරටුවෙන් යද්දී ඔහුගේ හිසටම නාගයා දෂ්ට කළේය. රජතුමාට සිහි විසඥ විය. රාජ පුරුෂයන් විෂ වෛද්‍යවරයා සොයා ඔහුගේ නිවසට යන අතර ම`ගදී දුටුවේ, මාවතක් අයිනේ මැරී වැටී සිටින වෛද්‍යවරයාය. ඔවුන් නිවසට ගොස් වෙදැදුරුගේ දියණියට සිද්ධිය කීවේය.
ප්‍රතිකාර කිරීමට පැමිණෙන දියණිය දුටුවේ තම පියා එක්‌තරා දිසාවකට අත දිගුකර ගෙන මැරී සිටින ආකාරයයි. ඒ ගැන විපරම් කළ ඇයට දැක ගත හැකි වූයේ, විෂකුම්බා නම් ඖෂධ පැළෑටියයි. එම පැළෑටිය උගුලා ගෙන රජ මාළිගාවට ගිය ඇයට දැක ගන්නට ලැබුණේ සිහි විසඥව සිටින රජතුමාය. තනකිරි මිශ්‍ර බෙහෙත් ඔරුවක බහා අවශ්‍ය උපදෙස් ලබා දී ආපසු නිවසට ගියේ සිය පියාණන්ගේ අවසන් කටයුතු සිදු කිරීමටය.
රජතුමාට සිහිය ලැබුණත් ඔහු සිටියේ බරපතළ රෝග තත්ත්වයකින්ය. වෙදැදුරු දියණිය කියා සිටියේ තවත් සත් දිනකින් ස්‌ථිර වශයෙන්ම රජතුමා මිය යන බවය. සියල්ල එසේ සිදු වෙත්දී, මණිමේඛලා නාග බිසව, සිය පුත්‍රයා ද සමගින් මාළිගාවෙන් රහසේම පලා ගොස් ඇති බව දැනගත හැකි විය.
රජතුමාගේ මලනුවන් වූ සද්ධාතිස්‌ස කුමාරයා මේ වනවිට සිටියේ දිගාමඩුල්ල ප්‍රදේශයේ ගොවිතැන් ඇතුළු සංවර්ධන කටයුතුවල නියෑළෙමින්ය. රජතුමාගේ උපදෙස් පරිදි වහාම ඔහු අනුරාධපුරයට කැඳවා ගෙන ආවේය. තමන් මිය යන්නට පෙර මහසෑයේ වැඩ නිමකරන මෙන් සද්ධාතිස්‌ස කුමාරයාට උපදෙස් දුන්නේය. එහි වැඩ නිම කිරීමට තවත් මාස ගණනාවක් හෝ අවුරුදු කිහිපයක් ගතවනු ඇත.
ලෝවාමහාපායත්, රත්නමාලි මහ සෑයත් අතර මැද ස්‌ථානයක තාවකාලික මණ්‌ඩපයක් ඉදිකර රජතුමා එහි සැතපුවේය. රජතුමාට එක් පසකින් මහ සෑයත්, අනෙක් පසින් ජයසිරි මා බෝ සමිඳුන් සහ ලෝවාමහපායත්, හිස කෙළින් කළ විට ඉදිරියෙන් මිරිස්‌වැටි දාගැබත් පෙනෙන්නේය. රජතුමාගේ සිත බොදු බැතියෙන් පිරීඉතිරි ගොසින්ය. භික්‍ෂූන් වහන්සේලා නිරන්තරයෙන්ම එම මණ්‌ඩපයේ රැඳී පිරිත් සඡ්Cධායනා කරති.
මහා සංඝරත්නයේ උපදෙස් පරිදි මෙයට පිළියමක් වශයෙන්, චෛත්‍යයේ වැඩ නිම නොවූ කොටස, සුදු රෙදිවලින් ආවරණය කර වැඩ නිම වූවා සේ පෙනෙන්නට සැලසීය. රජතුමා ඉතාමත් සතුටට පත් වූ අතර, මහා සංඝ රත්නයේ පිරිත් ස-Cධායනය ශ්‍රවණය කරමින් සිටියදීම මියගියේ, වෙදැදුරු දියණියගේ අනාගත වාක්‍ය සත්‍ය බවට තහවුරු කරමින් ය. +++++දුටුගැමුණු රජතුමාගේ මරණය ගැන විමසුමක් මාගේ මේ ව්‍යායාමය හුදෙක් රජ සැප පිණිස නොව, සම්බුද්ධ ශාසනයේ චිරස්‌ථිය පිණිසයි යනුවෙන් ප්‍රකාශ කළ දුටුගැමුණු රජතුමා ක්‍රි(පූ( 161 සිට 137 දක්‌වා වසර 24 ක් රාජ්‍යත්වය හොබවා මැළුම් වයසේ දී අකාලයේම මිය ගියේය. වංශ කතාවල දැක්‌වෙන්නේ හදිසියේම ඔත්පල වූ රජතුමා දින කිහිපයකින් මියගිය බවය. ඔත්පල වූ රෝගය කුමක්‌දැයි සඳහන් නොවේ. කෙසේ වුවද බොහෝ දෙනකුගේ මතය රජතුමාගේ අකල් මරණය හේතුව මහාවංශ කතුවර මහානාම හිමියන් ස`ගවා ඇති බවයි. එය අභිරහසකි.
එහෙත් ජනප්‍රවාද තොරතුරු බොහෝමයක දැක්‌වෙන්නේ ඉහත දැක්‌වූ කතා පුවතට අනුව, එතුමාට නාගයකු දෂ්aට කිරීම නිසා මියගිය බවය. ජනප්‍රවාද තොරතුරු, ජනප්‍රවාද සේ සලකා ඉවත නොදැමිය යුතු බවත්, ඒ ගැන ද සලකා බැලීම ඉතිහාසඥයන්ගේ වගකීමක් බව, හිටපු පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය චාල්ස් ගොඩකුඹුර මහතා සඳහන් කළේ, සීගිරි පවත නම් නම් ග්‍රන්ථයකට පෙරවදනක් සපයමිනි. එතුමාගේ අදහසට අනුව අපි මෙම පුවත ද ඉවත නොදමා මේ ගැන තවදුරටත් කරුණු අධ්‍යයනය කිරීම වැදගත්ය. තවත් ජනප්‍රවාදයක රජතුමාගේ මරණයට හේතුව වශයෙන් සඳහන් වන්නේ මෙවන් වෘත්තාන්තයකි.
එළාර රජතුමා සම`ග කළ සටනින් ජයග්‍රහණය ලැබූ රජතුමා, බොහෝ අවස්‌ථාවල විවේකය ගත කිරීමට ගියේ කල්‍යාණ පුරවරයටය. කල්‍යාණ පුරය බුදුන් වැඩිය රටයි. එමෙන්ම එතුමන්ගේ මෑණියන් වූ, විහාර මහා දේවියගේ ජාත භූමියයි. මව් පාර්ශ්වයේ ඥාතීන් සිටියේ එම ප්‍රදේශයේ නිසා, රජතුමා සිය විවේකය ගතකිරීමට කල්‍යාණ ග්‍රාමය තෝරා ගත්තේය.
එවකට එම ප්‍රදේශයේ පාලකයා වශයෙන් කටයුතු කළ රජතුමාගේ ඥාති සොහොයුරකු වූ ජයසේන නම් නාග කුමාරයෙක්‌ය. රජතුමා වරින්වර කැලණියට ගොස් එහි විවේකයන් ගත කළ අතර, දිනක් ඔහු දුටුවේ, ජයසේන කුමරු සිය සුහුඹුල් බිසව සම`ග කැලණි ගෙ`ග් දිය කෙළින දර්ශනයකි. රජතුමාට එය රාග නිශ්‍රිත රැඟුමන් මෙන් දර්ශනය විය. රජතුමාට ඇය පිළිබඳ සිතක් පහළ වූයෙන්, ඇය තමන්ට විවාහ කර ගැනීමට දෙන ලෙස ජයසේන කුමරුගෙන් ඉල්ලා සිටියේය. මෙහිදී දෙදෙනා අතර ප්‍රථමයෙන් වාග් හරඹයක් ඇරඹී පසුව එහි අවසාන ප්‍රතිඵලය වූයේ, දෙදෙනා අතර ද්වJධ සටනක් ඇති වීමය. ජයසේනයන් යුද්ධයෙන් පරාජයට පත් වූවා මෙන්ම දැඩි ලෙස තුවාලද විය. මතු ආත්මයේ දී නාගයෙකුව ඉපිද දෂ්ඨ කර ඔබ මරා දමමි, යනුවෙන් ශාප කරමින් කුමාරයා අසලින් ගලා බස්‌නා කැලණි ග`ගට පැන සිය දිවි නසා ගත්තේය. රජතුමා, ජයසේනයන්ගේ බිසව වූ, එම නාග කුමරිය විවාහ කර ගත්තේ, ඇයගේ කැමැත්තකින් තොරවය. කරන ලද ශාපය සපථ කරමින් ජයසේනයන් ඊළ`ග ආත්මයේ නාගයකු වශයෙන් ඉපදී, රජතුමාට දෂ්ට කර මරා දමා පළි ගත් බව එම ප්‍රවාද තොරතුරෙ හි සඳහන් වේ.
දුටුගැමුණු රජතුමාගේ අකල් මරණය ගැන මෙවන් ප්‍රවාද තොරතුරු කිහිපයක්‌ම අසන්නට ලැබේ. එම සෑම ප්‍රවෘත්තියකම සඳහන් වන්නේ, කවරාකාරයකින් හෝ නාග කන්‍යාවකගේ සම්බන්ධයක් සහ එතුමා නාග විසෙන් අභාවප්‍රාප්ත වූ බවයි. ඒ අනුව රජතුමාගේ මරණයේ වග උත්තරකාරිය නාග කන්‍යාවකි.
දුටුගැමුණු රජතුමාගේ මෑණියන් වූ වෙහෙර මහදේවි, කැලණිපුරයේ සිටි කැලණි තිස්‌ස රජතුමාගේ එකම දියණියයි. (කැලණි පුරවරයේ පිහිටීම ගැන ද විවිධ මතිමතාන්තර පවතී.) බුදුන් දවස කැලණියේ රජකළ මණිඅක්ත නා රජතුමන්, එතුමන්ගේ මුත්තණුවන් කෙනෙකි. ඔවුන් නාග වංශිකයන්ය. ඒ අනුව පෙනී යන්නේ, දුටුගැමුණු රජතුමා ද අර්ධ නාග වංශිකයෙකි.
වසර 44 ක පමණ කාලයක් සොළී පාලනයට යටත්ව තිබූ මේ ලංකාද්වීපය, ඔවුන් ගෙන් ගලවා ගත්තේ දුටුගැමුණු රජතුමන්ය. රට, දැය, සමය වෙනුවෙන් එතුමන් කරන ලද උදාර මෙහෙවර මෙන්ම අභිමානය සලකා, මහාවංශ කතුවර මහානාම හිමියන් මෙම මරණය සිදු වූ ආකාරය ස`ගවා තබන්ට ඇතැයි විද්වත් මතය යි.
එච්.එම්.ජයන්ත විඡේරත්න
විශ්‍රාමික පුරාවිද්‍යා නිලධාරි - සීගිරිය
divaina
================================================
උපුටා ගැනීම් සහිතයි ....!!!
දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම් like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya
ඉතාමත් ප්‍රෙයා්ජනවත් ලිපියකි...
ReplyDeleteමෙතුලින් බොහෝ තොරතුරැ නිවැරදි සහ සෘජු මාර්ගයකට පමුනුවයි...
ඔබට ජය .. තෙරැවන් සරණයි....