Friday, August 5, 2016

පිටසක්වළ ජීවීන් ගැන එඩ්ගා කේසි කළ විශේෂ හෙළිදරව්ව.. (edgar cayce අබිරහස් අඩවිය - Abirahas Adawiya)

එඩ්ගා කේසිගේ කියැවීම් පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වූ පරීක්‍ෂකයන්ගේ නිගමනවලට අනුව කේසි විසින් ප්‍රකාශ කරනු ලැබ ඇතැයි පැවසෙන්නේ අප ජීවත්වන පෘථිවිය සෞරග්‍රහ මණ්ඩලයේ පර්යේෂණායතනය බවය. ඒ නිසා පෘථිවි තලයට අෑත අතීතයේ සිටම පිටසක්වළ ජීවීන්ගේ ඇල්ම බැල්ම එල්ල වී තිබේ. අද නාසා ආයතනයෙන් පවා පෘථිවියට එන පිටසක්වළ ජීවීන් ගැන මහා පරිමාණයෙන් පරීක්‍ෂණ පවත්වන බව රහසක් නොවේ.
කේසිගේ වාර්තාවල විස්තර කර ඇති අන්දමට පෘථිවිය ගොවිපොළක් ලෙසට පිටසක්වළ ජීවීහු සලකති. බීජ වපුරන භූමිය සශ්‍රීක නම් දිලීර නාශක බෝ නොවන බවට ගොවියා සක්සුදක් සේ දන්නේ නම් බීජ රෝපණය කළ කුඹුරට නිතිපතාම ගොවියා පැමිණිය යුතු නොවේ. වරින්වර පැමිණ බලා ගියාට කමක් නැත.
පිටසක්වළ ජීවීන් පෘථිවිය කෙරෙහි දරන්නේ ඔන්න ඔය කියන අන්දමේ ආකල්පයක් බව කේසිගේ වාර්තාවලින් හෙළිවන බව පර්යේෂකයන් පෙන්වා දී ඇත. පිටසක්වළ ජීවීන් පියාඹන පීරිසිවලින් නැතහොත් විවිධ යානාවලින් පැමිණි බවට වරින්වර තොරතුරු අසන්නට ලැබෙන්නේ තම ගොවිපොළ නිරීක්‍ෂණය කර යන්නට පිටසක්වළ ගොවියන් පැමිණි අවස්ථා සම්බන්ධයෙන් බව පැවසේ.

යූෆෝ ලොජි නමින් විද්‍යාවක් පිළිබඳව අද මහා පරිමාණයෙන් පරීක්‍ෂණ පැවැත්වෙන්නේ එබැවිනි. යූෆෝ යන්න හඳුනා නොගත් පියාඹන වස්තූන් හඟවන කෙටි යෙදුම වේ. කවුරු මොනවා පැවැසුවද ඇමෙරිකාව වැනි බලවත් රටවලින් ලෝකයට අනාවරණය නොවන අන්දමින් මේ පිළිබඳව රහසිගතව පරීක්‍ෂණ පැවැත්වේ. පිටසක්වළ ජීවීන් ගැන එඩ්ගා කේසිගේ කියැවීම් තුළින් බොහෝ කරුණු කාරණා හෙළිවේ. අදට වසර ‍දොළොස් දහස් පන්සියයකට පමණ පෙර ඇට්ලන්ටිස් මහාද්වීපය ගිලා බැසීමටත් මැල්ඩෙක් ග්‍රහයා විනාශ වීමටත් පෙර ඒවායේ විසූ ජීවීන් වෙනත් දියුණු ග්‍රහලෝකවලට පලා ගොස් තිබේ. ඇට්ලන්ටිස් දීපයේ විසූ ජනප්‍රධානියකු හා විශේෂ පුද්ගලයකු වූ රාටා සමඟ ඇට්ලාන්ටිකානුවන් පිරිසක් ඊජිප්තුවට පැනගොස් 'පිරිමිඩ' ඉදි කළ අතර තවත් කොටසක් වෙනත් ග්‍රහලෝකවලට සිය යානාවල නැඟී ගොස් තිබේ. ඒ කේසිගේ කියැවීම්වලින් හෙළි වී ඇති කරුණු සමහරකි.


ඔහුගේ ප්‍රකාශ (කියැවීම්) අනුව සත්ත්වයාගේ ආධ්‍යාත්මය විපරිණාමය වන්නකි. අෑත අතීතයේ වීනස්, මාස් සහ මැල්ඩෙක් යන ග්‍රහ ලෝකවල විසූ ජීවීහු තුන් වැනි ස්තරයේ බුද්ධි තලයක විසූවෝ වෙති.
මේ පිළිබඳ දීර්ඝ විස්තරයක් රිඉන්කානේෂන් ඔෆ් එඩ්ගා කේසි යන කෘතියේ දැක්වේ. කේසි කියන පරිදි ජීවීහු මට්ටම් තල හයකට අයත් වෙති.
පළමු, දෙවැනි, තුන්වැනි ආදී වශයෙන් බුද්ධි මට්ටම අනුව සය වැදෑරුම් ස්තරවලට අයත් වන ජීවීන් තම බුද්ධිතලය උසස්වන විට ඊට ඉහළ ස්තරයට ඇතුළු වේ. මේ ජීවීන්ගේ ඉහළම තලය'' රා'' ලෙසින් හැඳින්වේ. රා යනු පුද්ගල සංකල්පයට වඩා ශක්ති ප්‍රජනන බලවේගයක් බවටද අනුමාන කෙරේ. ඩේවිඩ් විල්කොක් එය සමාජ ස්මෘති සංකීර්ණයක් වශයෙන් ආත්මීය සමූහයක් හඳුන්වා දී තිබේ.
ග්‍රහලෝක අතර පවත්නා අන්තර් සබඳතා අනුව රා කණ්ඩායම නැතහොත් ආත්මීය කණ්ඩායම ඇතුළු එම ජීවීහු තලයෙන් තලයට මාරු වෙති.
මැල්ඩෙක් ග්‍රහයා න්‍යෂ්ටික යුද්ධයකින් පුපුරා විනාශ වීමේ අනතුර ආසන්න වෙත්ම එහි සිටි ජීවීන් බොහෝ දෙනකු ඔවුන්ගේ ගගන යාත්‍රාවල නැඟී පෘථිවියට පැමිණ තිබේ. එම මැල්ඩෙකානුවන් ඇට්ලන්ටිකානුවන් සේම ඉතා බුද්ධිමත්ය.
කේසිගේ ප්‍රකාශවල තොරතුරු අනුව පෘථිවිය වනාහි පිටසක්වළ ජීවීන්ගේ පර්යේෂණායතනයක් පමණක්ම නොවේ. පෘථිවියට සත්ත්වයන්ට ජීවත් විය හැකි ග්‍රහලෝකාන්තර සම්මත නීතියට අනුව අධ්‍යයනයට සුදුසුම ක්‍ෂේත්‍රයකි. විනාශ වී ගිය මැල්ඩෙක් ග්‍රහයාගේ විසූ බොහෝ ප්‍රාණීන් තමන්ට ජීවත්වීමට ඉතාම සුදුසු ස්ථානය පෘථිවිය යැයි තීරණය කර පලා ආ බැවින් අද පෘථිවියේ වෙසෙන්නෝ බොහෝ දෙනෙක් මැල්ඩෙකානුවන්ගේ මුනුපුරු මිනිපිරියෝය. මැල්ඩෙකානුවන්ට අයත් වූ පුපුරා ගිය ග්‍රහයාගේ සුන්බුන් වර්තමානයේ උල්කාපාත තීරුව වශයෙන් හඳුනාගෙන තිබේ.
මානව වර්ගයාගේ සම්භවයට සහ පැවැත්මට වසර ගණනාවකට පෙර සත්ත්වයන්ට සුදුසුම ග්‍රහයා වශයෙන් වීනස් හෙවත් සිකුරු ග්‍රහයා හඳුනාගෙන තිබිණි. එහි ජීවත් වූ මානව සත්ත්වයා නැතහොත් ප්‍රාණියා සිටියේ තෙවැනි බුද්ධි ස්තරයේය. ග්‍රහලෝකාන්තර බුද්ධිමය ප්‍රාණීන් අතර එකිනෙකාට උපකාර කර ගන්නා සම්බන්ධතා ගිවිසුමක් තිබී ඇත.
ඒකීය නීතිය ලෙස හැඳින්වෙන එම නීතිය අනුව ඉහළම බුද්ධි තලය හය වැනි තලය ලෙස හැඳින්වේ. හය වැනි තලයේ විසූ සමාජයක ස්මෘති සංකීර්ණ කාණ්ඩය නැතහොත් සමූහ ආත්මීය ජීවීහු නිරන්තරයෙන්ම උපකාරකයෝය. ඔවුහු තම තලයෙන් පහළ තලයක සිටි ප්‍රාණීන් ඉහළ තලයකට ගෙන ඒමට කැපවී සිටියහ. තුන් වැනි තලයේ එදා සිටි සිකුරු ග්‍රහයාගේ මානව ප්‍රාණීන්ට ඔවුහු සිවු වැනි තලයට ඒමට උපකාර කළහ. තුන්වැනි තලයේ සිටි ප්‍රාණීන් සිටියේ පෘථිවියේය. ඒ අනුව වීනස් ග්‍රහයාගේ සිටි ප්‍රාණීහු පෘථිවියට ආවෝය. වෙනිසියන්ස් ලෙසින් අද එසේ ආවෝ හඳුන්වති.
මැල්ඩෙක් ග්‍රහලෝකයේ සිටියේ වීනස් ග්‍රහයාගේ ජීවත් වූ මානව ප්‍රාණීන් හා සමාන තුන්වැනි තලයේම තවත් කොටසකි. ඒ නිසා මානවයන්ට හිමි දෙවැනි ග්‍රහලෝකය වශයෙන් මැල්ඩෙක් හඳුනාගෙන තිබිණි. බුද්ධිමය චින්තනයෙන් පෙළුණු ඔවුහු න්‍යෂ්ටික යුද්ධයකින් සිය ග්‍රහලෝකය විනාශ කර ගත්තේ ග්‍රහලෝකාන්තරව පවත්වා ගෙන ආ සම්මුතියටද එරෙහිව ක්‍රියා කරමිනි. ඔවුන් එසේ කළේද සමස්ත ග්‍රහලෝකාන්තරව පිටත් වූ අහිංසක ප්‍රාණීන්ගේද විරෝධතාව මධ්‍යයේය. මේ සඳහා ග්‍රහලෝකාන්තරව එළැඹ තිබූ ගිවිසුමේද කිසියම් දුබලතාවක් වී යැයිද අනාවරණය වී ඇත.
කෙසේ වෙතත් මේ තත්ත්වය යටතේ අනපේක්‍ෂිතව එමෙන්ම ඉබේ හටගත් න්‍යෂ්ටික යුද්ධයකින් එම ග්‍රහ ලොව විනාශ වී ගියේය.
විශ්වයේ වෙනත් ග්‍රහ ලෝකවල ප්‍රාණීන්ට ද හානි කළ මැල්ඩෙක් ජීවීන්ගේ ක්‍රියාකලාපය නිසා ඔවුන්ට වෙනත් ඉහළ බුද්ධි තල යකට සම්බන්ධතා පැවැත්වීමටද නොහැකි විය. අනුන්ට පීඩා විපත් කිරීමේ කර්මය පලදීමක් වශයෙන් ඔවුන් බුද්ධි හීනතාවකට පත්ව තවත් කිසිවකුට හිංසා කිරීමටද කිසිසේත්ම හැකියාවක් නොවන අන්දමින් ඔවුහු වෙනත් ග්‍රහ ලෝකවල උත්පත්තිය ලැබූහ.
එවැනි තත්ත්වයට පත්වූ මැල්ඩෙක් වාසී ප්‍රාණීහු මෙයට වසර දහස් ගණනකට පෙර නියැන්ඩර්තාල් මානව සත්ත්වයන් ලෙස පෘථිවියට ආවෝය.
තුන්වැනි ස්තරයේ සිටි මානව ප්‍රාණීන්ට තිබූ අන්තිම ග්‍රහලෝකය මාර්ස් හෙවත් අඟහරු ග්‍රහයායි. ඔවුන් පෘථිවියට අවුත් දැක්වූ මහා පරිමාණයේ ශිෂ්ටාචාරාත්මක වෙනස්කම් පිළිබඳව රොබට් හෝග්ලන්ඩ්ගේ 'ද මොනුමන්ට්ස් ඔෆ් මාස්' සහ 'අ සිටි ඔන් ද එජ් ඔෆ් ෆෝඑවර්' යන කෘතිවල දැක්වේ. මාස් ග්‍රහලෝකයේ අඟහරුවන්ටද මැල්ඩෙක් ග්‍රහලෝකවාසීන්ට හා ඇට්ලන්තිකයන්ට තිබුණු යුද උන්මාදයම තිබුණේය. අඟහරුවෝද යුද්ධයට පිළිපන්හ. එහෙත් ඔවුහු මැල්ඩෙක්වරුන් සේ සිය ග්‍රහ ලොව පුපුරුවා විනාශ කර නොගත්හ. 
තම වර්ගයා පමණක් විනාශ කර ගත්හ. අඟහරු ග්‍රහයා මත අද අප දකින වියළී ගිය ජනශූන්‍ය භූමි විනාශයෙන් පසු ඉතිරි වූ නෂ්ටාවශේෂයන් වේ.
අඟහරු ග්‍රහයාගේ ප්‍රාණීහු අවුරුදු හැත්තෑපන් දහසකටත් පෙර සිටම පෘථිවියට එති. සම්බන්ධතා පවත්වති. පෘථිවියේ පැලපදියම් වූ ඔවුන්ගෙන් පෘථිවියේ පවත්නා දෙවැනි ස්තරයට අයත් ඉහළ මට්ටමේ ශාඛා සහ සිවුපා සතුන් මේ ගණයට අයත් බව හඳුනාගෙන තිබේ.
කේසිගේ වාර්තා පිළිබඳව මේ අන්දමේ පරීක්‍ෂණ පවත්වා තොරතුරු අනාවරණය කර ඇති පර්යේෂණවල වාර්තා අනුව පෘථිවිය ජෛව විවිධත්වයට අයත් වන්නේ ඔය කියන අන්දමේ වෙනත් ග්‍රහලෝකවලින් පැමිණ පදිංචිව සිටින නිසාය.
එකිනෙක ජාතියට වෙනස් මානව හැඩරුව ඇත්තේද එබැවිනි.
පිටසක්වළ ජීවීන් කී විටෙක අපට සිහි ගැන්වෙන්නේ එකම රූපකායක් ඇති කණ්ඩායමකි. එහෙත් පෘථිවි තලය මත වෙසෙන මානවයන් ගත් කල එක එක වර්ගයට අයත් විවිධ රූප ස්වභාව ඇත්තන් බව හඳුනාගෙන ඇත්තේ විවිධ ග්‍රහලෝකවලින් පැමිණි ජීවීන්ගේ සම්භවය හා පරිණාමය නිසා බවද ඒ වාර්තාවල දැක්වේ. ජානීය විවිධත්වයට උදාහරණ පෙන්වන ඔවුහු කොකේසියානුවන්ගේ පෙනුමද මධ්‍යධරණී සහ බටහිර යුරෝපානුවන්ගේ එකිනෙකාට වෙනස් ජානීය ලක්‍ෂණද එසේ දක්වති.
ආසියානු ජාතිකයන් අතරද ඒ වෙනස පර්යේෂකයෝ කැටිකර දක්වති. චීන, පිලිපීන් සහ ජපන් ජාතිකයන් අතර පෙනුමේ වෙනස් ආකාර උදාහරණ වේ.
මේ පිළිබඳ විස්තර කිරීමේදී චීන ජාතිකයන් පෘථිවියට පැමිණ ඇත්තේ ඩෙනිබ් නමැති තාරකාවේ සිට බවට පෙන්වා දී ඇත.
ඒ අනුව ඔවුන්ගේ ලක්‍ෂණ වෙනස්වී නැත. එපමණක් නොව ඒ ලක්‍ෂණ වෙනස් කළ නොහැකිය. ඒ මෙන් වෙනස් කළ යුත්තේද නැතැයි කේසි කියයි.
එඩ්ගා කේසිගේ කියැවීම් අනුව පෘථිවියට පිටසක්වළ ජීවීන් පැමිණ තිබේ. මැල්ඩෙක්, අඟහරු, සිකුරු වැනි ග්‍රහවාසීන් එසේ පැමිණි අතර ඔවුන්ගේ පරපුර නිසා පැවැත එන්නෝ අද මානවයෝය.
චීන, පිලිපීන, ජපන්, කොකේසියානු ආදී මානව වර්ග උදාහරණ වේ.
පෘථිවියේ මානව ජීවීන්ගේ සම්භවයට පිටසක්වළ ජීවීන්ගේ සංක්‍රමණයද පාදක වූ බව මෙහි සාරාංශය වේ.
මෙම සංකල්පීය ආගමික ඉගැන්වීම්වලටද සැසඳෙන බව විමසා බැලීම බුද්ධිමතුන්ගේ අවධානයට යොමු විය යුතු යැයි කියන්නේ එබැවිනි.
බෞද්ධ මතයට අනුව පොළොවේ ජීවීන් පහළ වීම ගැන දීඝ නිකායේ අග්ගඤ්ඤ සූත්‍රයේ දැක්වෙන්නේ බ්‍රහ්ම ලෝකයෙන් බ්‍රහ්මයන් පැමිණි බවය.
ඒ කතාව ඇරඹෙන්නේ කල්ප විනාශයෙනි. නැතහොත් ලෝක විනාශයෙනි. මේ ලෝකයේ සිටි මිනිසුන් අගතියෙන් කෙළවරට ගිය පසු ලෝක විනාශයට පෙර කිසියම් දේවතාවෙක් අවුත් ළඟ එන අනතුර ගැන පවසා ආරක්‍ෂා වීමට උපදෙස් දෙයි.
මින්මතු දින හතකින් මෘගසං වර්ෂාව ඇතිවෙන බවත් ඉන් තෙමුණ මිනිසාට අනෙක් තැනැත්තා පෙනෙන්නේ සතකු ලෙස බවත් වර්ෂාව සමඟ වැටෙන්නේ අවි ආයුධ බවත් පවසන දෙවියා ඉන්පසු මාංස ලෝභයෙන් එකිනෙකා මරාගෙන මැරෙන බව පැහැදිලි කරයි. ජීවත්වීමට කැමැත්තවුන් මේ වර්ෂාවට නොතෙමී සිටින්නට වග බලා ගත යුතු බවද පින්වන්තයන් පමණක් කවර ආකාරයකින් හෝ නොතෙමී ගැලවෙන බවද කියයි.
මේ මහා වර්ෂාවෙන් ඇද හැලෙන ජල කඳ අකනිටා බ්‍රහ්ම ලෝකය දක්වා පැතිරෙන බවද එහි වෙසෙන බ්‍රහ්මයන් නෙළුම් බීජ දෙකක් ජලයට දැමූ පසු පැළවෙන බවද එසේ පැළවූ නෙලුම් පැළේ කොළ අකනිටා බ්‍රහ්ම ලෝකය දක්වා විහිදුණු කල ඒ දඬු දිගේ පහළට එන බ්‍රහ්මයන් දෙදෙනකුගෙන් මහ පොළොවේ මිනිසුන් ව්‍යාප්ත වන බවද අග්ගඤ්ඤ සූත්‍රයේ තිබේ.
බයිබලයේද තවත් කතාවක් සඳහන් වේ.
ලෝකයේ සාරධර්ම ගුණධර්ම, පිරිහුණු කල මිනිසුන් අතරට එන එක් ශුද්ධාත්මයක් ඉදිරියේදී මහා ජල ගැල්මක් ඇති වී මහත් විනාශයක් ඇති වන බවත් ඉන් මිදීමට කැමැතිනම් සිය ආරක්‍ෂාව සපයා ගත යුතු බවත් ඇවිදිමින් මිනිසුන් දැනුවත් කරන්නේය. සෙසු පිරිස මේ කතාව අවඥාවෙන් බැහැර කරද්දී නෝවා නම් අයෙක් මේ කතාව අදහා නැවක් ඉදිකර ඊට සියලුම සත්ත්වයන් සමඟ ඇතුළු වන්නේය.
වර්ෂාව ඇද හැලෙන කල වැඩි වන ජල කඳ සමඟ ඒ මත පාවී යන නැව ජල කඳ බැස යෑමත් සමඟ කන්දක් මුදුනේ රැඳී පසුව බියක් නොමැති බව දැන ඉන් අනතුරුව ඒ කඳු මුදුනෙහි බැස අවුත් පදිංචිවීමෙන් යළිදු ජනාවාස ඇති වේ.
අග්ගඤ්ඤ සූත්‍රයේ හා බයිබලයේ ඉගැන්වෙන කරුණුවල හරය ලෝකය ජල ගැල්මකින් විනාශ වී කිසියම් උස් ස්ථානයකින් අහසින් (බ්‍රහ්ම ලෝකයේ හෝ කඳු මුදුනක සිට) ජීවීන් පැමිණි බවය. කේසිගේ කියැවීම අනුම්වද හරය එයම වේ. පිටසක්වළින් ජීවීන් පැමිණි බවය.
එඩ්ගා කේසි
එසේම මේ පෘථිවි තලයේම විසූ මොහෙන්දජාරෝ, මායා ආදී ශිෂ්ටාචාරවලින් වඳවී ගියවුන් පෘථිවියේම වෙනත් ප්‍රදේශවලට සංක්‍රමණය වීම ගැනද කියයි. ඊජිප්තුවේ පිරිමිඩ ඉදි කළෝ එවැන්නෝය. 
ඇට්ලාන්ටිස් මහාද්වීපයේ විනාශයට පෙර එහි ගිය විශ්වයේ සය වැනි තලයේ හෙවත් ඉහළම බුද්ධි මට්ටමේ විසූ රා නමැති සාමාජයික ස්මෘති සංකීර්ණ ගත හෙවත් ආත්මීය කණ්ඩායමේ රාටා නමැත්තකු නුදුරු අනාගතයේදී එළැඹෙන විනාශය ගැන ඇට්ලාන්ටිස් වාසීන් දැනුවත් කර තිබේ. ඉන් නොනැවතුණු හෙතෙම තමන් හා රක්‍ෂිත ස්ථානයකට යෑමට කැමැත්ත දැක්වූ පිරිසක් සමඟ රක්‍ෂිත ස්ථානයකට ගොස් තිබේ. 
එසේ ගොස් ඇත්තේ ඊජිප්තුවට බව කේසි පිළිබඳ විස්තරවල දැක්වේ. එසේ ගොස් ඇත්තේ අදට (2015) වර්ෂ ‍දොළොස් දහස් පන්සියයකට පමණ පෙරදීය.
අධිමානසික ශක්තියක් තිබූ මේ කණ්ඩායමේ නායකත්වය දැරූ රාටාගේ මාර්ගෝපදේශකත්වයෙන් මේ පිරිස අද ලෝකයේ විස්මිත නිර්මාණයක් වන ඊජිප්තුවේ පිරිමිඩ ඉදි කළහ.
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

තමන්ගේම පෙර ආත්මය ගැන එඩ්ගා කේසි මෝහන නිද්‍රාවේදී කියයි.....අබිරහස් අඩවිය - Abirahas Adawiya

ලස්සන පරිසරයක්. ඉර පායාල හොඳටම අව්ව වැටෙන කදිම දවසක්. ඉතා සෙමින් සුළං හමනවා. එඩ්ගා කේසි දුර සිටින රෝගියකු ගැන තොරතුරු විස්තර කියැවීමකට පෙර අවට පරිසරය විස්තර කෙළේය.
එම කියැවීමට පාදක වූයේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ මනෝ විද්‍යාඥ \\\"හසුගෝ මුන්ස්ටර් බෙර්ග් \\\" මහතාගේ ඉල්ලීමය. එම මනෝ විද්‍යාඥයාට අවශ්‍ය වූයේ කේසිගේ ශක්තිය පරීක්‍ෂා කිරීමටය. කේසි නමැති මේ මිනිසා කට්ටාඩියකු ලෙසද ඇතැමුන් විසින් හඳුන්වනු ලැබ තිබීම නිසා මේ බොරුකාරයාගේ බොරුව සමාජයට අනාවරණය කිරීමේ පූර්ව විනිශ්චය ඇතිව පැමිණි මනෝ විද්‍යාඥයා පරීක්‍ෂණ පැවැත්විය.
ඔහු අපේක්‍ෂා කළේ මේ රෝග සුවකරන යකැදුරා අඳුරු කාමරයකට වී මිනී ඔළු වැනි උපාංග යොදාගෙන මේ ඇදුරුකම් කරන අන්දමකි. එහෙත් එසේ නොවන බව දුටු හ්‍යුගෝ මහතා වික්‍ෂිප්ත භාවයට පත් විය. වීදුරු බෝලයක්, පළිඟුවක් කණ්ණාඩියක් ඔය කියන කිසිම දෙයක් එහි නොවීය.

කේසිට මෝහන නිද්‍රාවට අවශ්‍ය වූයේ කිසියම් ස්ථානයක සන්සුන්ව නිදා ගැනීමට පමණි. ඔහු ඒ සඳහා කවිච්චියක්, ඇඳක් යන ඕනෑම දෙයක් යොදා ගත්තේය. දකුණට හිසත්, උතුරට පාදත් දැමීම සාමාන්‍ය සිරිත විය. ඇඳට හෝ කවිච්චියට හෝ නැතහොත් දිගඇදෙන ඕනෑම දෙයකට හෝ ඔහුට අවශ්‍ය වූයේ හිස තබා ගැනීමට කොට්ටයක් වැනි දෙයක් පමණි. එයද හිසට කිසියම් පහසුවක් සඳහා අවශ්‍ය වූවා මිස අත්‍යවශ්‍ය දෙයක් නොවීය.


එඩ්ගා කේසි
\\\"මට හිතෙන්නේ මේ ස්විස්ටර්ලන්තයේ ප්‍රදේශයක් බව \\\" කේසි කීවේය. එසේ කීවේ මනෝ විද්‍යාඥ ප්‍රශ්නකරුගේ ප්‍රශ්නයට පිළිතුරු වශයෙනි.

\\\"මට කදිම ලස්සන ජල ධාරාවක් පෙනෙන්නට තියෙනවා. පඩි පෙළක් දිගේ නිවෙසක ඉහළ මාලයක් පෙනෙනවා. මේ උඩු මහලක් ඇති නිවෙසක්. ලස්සන ගවුමක් ඇඳගත් දැරියක් යාච්ඤා කරන බව පෙනෙනවා. ඔව්, ඇය වරින් වර තමන්ගේ හිස අත ගා ගන්නවා. එතැනට සිරුර ගමන් කළා. නැවතුණා. දැරිය හොඳින් පෙනෙනවා. ඇයට තියෙන්නේ දැඩි හිසේ වේදනාවක්. ඔව්, ඉරුවාරදය තමයි තියෙන්නේ. මෙන්න මේ සුළු ප්‍රතිකර්මය කළොත් ඇගේ හිසේ අමාරුව සුව වෙනවා. බෙහෙත් ප්‍රතිකාර නියම කළ කේසි මෝහන නිද්‍රාවෙන් අවදි වූවේය.
කේසි පරීක්‍ෂාවට භාජන කරවීම සඳහා තමා විසින් සූදානම් කරනු ලැබූ ස්විස්ටර්ලන්තයේ දෙමහල් නිවෙසක සිටි හිසේ අමාරුවෙන් පෙළෙන තම ඥාති දියණිය ගැනද එම පරිසරය ගැනද ඇමෙරිකාවේ සිටම කේසි කී විස්තර අබමල් රේණුවක තරම් හෝ වෙනසක් නොවූ බැවින් මනෝ විද්‍යාඥ හ්‍යුගෝ \\\"අවංක මිනිසකු දුටුවේය \\\" යන හැඟීමෙන් යුතුව සුසුමක් හෙළා ළය සැහැල්ලු කරගත්තේය.
බොරුකාරයකු වංචාකාරයකු සමාජයට හඳුන්වා දෙමි යැයි යන චේතනාවෙන් පැමිණි ඔහු ආපසු ගියේ මේ මනුස්සයා ගැන උපන් පැහැදීමෙනි.
මේ අතරතුර කාලයේදී කේසි විසින් රෝගීන් විශාල පිරිසක් සුවපත් කරනු ලැබීය.
දැන් ඔබ ඉදිරියේ අසවල් රටේ, අසවල් නගරයේ, අසවල් තැන රෝගියකු සිටිනවා. යෝජකයා යෝජනා කළ විට කේසි ඊට පිළිතුරු දෙයි. ඒ ආසන්නයේ මුල් කාලයේ සිටි ලේන් විසින්ද පසු කලෙක ඒ සඳහා යොදවා ගනු ලැබූ ලඝු ලේඛිකා ග්ලැඩිස් ඩේවිස් මහත්මිය විසින්ද කේසිගේ ප්‍රකාශ ලියා සටහන් කර ගනු ලැබිණි.
දිනෙන් දිනම එඩ්ගා කේසිගේ අසිරිමත් හැකියාව පැතිරෙන්නට වූ කල ඔහුගේ ඒ සම්පත ප්‍රයෝජනයට ගෙන බොහෝදෙනා මුදල් උපයා ගන්නට උත්සාහ දැරූහ. වෙළෙඳපොළේ ඉදිරි දින කීපයේදී මිල ඉහළ නඟින භාණ්ඩ කුමක්දැයි යන්න දැන ගැනීමට ව්‍යාපාරිකයකුට අවශ්‍ය විය. ඒ සඳහා දිනකට ඩොලර් සියය බැගින් ගෙවීමටද ඒ ව්‍යාපාරිකයා කැමැත්ත පළ කෙළේය.
අපේ රටේ වෙසෙන නිධන් වස්තු කෑදරයන් මෙන්ම ඒ සමයේ විවිධ රටවල සිටි නිධන් හොරු නිධන් ඇති ස්ථාන දැනගැනීමට කේසි සොයා ආවෝය. රේස් පිස්සෝ දිනන අශ්වයන් තෝරා ගැනීමට රොද බැඳගෙන පැමිණියහ. ඉල්ලන ගණන් ගෙවීමට ඔවුහු සූදානම් වූහ.
ඇත්ත වශයෙන්ම ඒ අවධිය වන විට කේසි හිටියේ ආර්ථික වශයෙන් අන්තිම අඩියකය. ඔහු රෝගීන් සුවපත් කෙළේය. එහෙත් ඒ සඳහා මුදල් අය කළේ නැත.
තමන් ඇතුළු තම පවුලේ මවුපියන් ආර්ථික දුෂ්කරතා නිසා අත්විඳි දුක්ඛ දෝමනස්සයන් හො¼දාකාරවම දත් නිසා තමන්ගේ පිහිට පතා එන අසරණයන්ගෙන් මුදලක් ඉල්ලීමට නොව දෙන දෙයක් ගැනීමටවත් හෝ ඔහුගේ හිත ඉඩ දුන්නේ නැත. එවැනි තත්ත්වයක හිටියත් තමාට මුදල් දීමට ඉදිරිපත් වන ව්‍යාපාරිකයන්ගේ ඉල්ලීම් ඔහු තදින්ම ප්‍රතික්‍ෂේප කෙළේය.
ඔහු වරක් තෙල් ළිං ඇති තැන් පරීක්‍ෂා කර දීමට ඉදිරිපත් වී ඇත.
පිරිසකගේ බලපෑමකට අනුව ඔහු දිනන අශ්වයන් තෝරා දීමට කටයුතු කෙළේය. අවස්ථා කීපයකදීම උත්සාහ සාර්ථක විය. එහෙත් පසුව ඒ කියැවීම් වැරැදිණි. තෙල් ළිං ගවේෂණයේ ප්‍රතිඵලද එතරම් සාර්ථක වූයේ නැත.
මේ සියල්ල කිරීමට කේසි ඉදිරිපත් වූයේ හිතකින් නොවේ. තමාගේ හිතට විරුද්ධවය. තමන්ට කිසියම් අන්දමකින් බලපෑමක් කළ හැකි අයකුගේ බලකිරීම යටතේය. එහෙත් රෝගීන් සුවපත් කළේ ඉතා කැමැත්තෙනි. අනුන්ගේ බලපෑමට යටත්ව තමාගේ හිතට විරුද්ධව ඉටු කිරීමට කියැවුණ කියැවීම් අසාර්ථක වූ කල්හි ඔහු ඔහු ගැනම කලකිරුණේය. \\\"මට දෙවියන්ගෙන් වරම් ලැබී ඇත්තේ පීඩිතයන්, රෝගීන් සුවපත් කිරීමට පමණයි. \\\" ඔහු දැඩිව සිතට ගත්තේය.
දුප්පතුන්ගේ රෝග පීඩාදියට නොමිලේ ප්‍රතිකාර කරන මේ අරුම පුදුම \\\"දිවැස් ඇත්තා \\\" ගැන පුවත්පත්වලින්ද මේ අතරතුරේදී දිගට හරහට පළවන්නට පටන් ගත්තේය.
එහෙත් ඔහු ප්‍රසිද්ධියට කැමැති වූයේ නැත. දැන්වීම්වලටද ඉදිරිපත් නොවිණි. කේසි ගැන අධ්‍යයනයක් කළ \\\"ඩෙන්වර් පෝස්ට් \\\" පුවත්පත් කතුවරයා ඔහුට ආදායම් ලැබෙන අන්දමින් \\\"කියැවීමේ \\\" රෝග සුව කිරීමේ ශාස්ත්‍රය ක්‍රියාත්මක කිරීමට සැලැසුමක් ඉදිරිපත් කෙළේය. කේසිගේ මිත්‍රයකු වූ ඩේවිඩ්කාන් එවකට බ්‍රන්ස්වික් රේඩියෝ හා ටෙලිවිෂන් ව්‍යාපෘතියේ සභාපතිවරයා වූයේය. ඔහු ව්‍යාපාරික ප්‍රජාවගේ සහායෙන් කේසිගේ රෝග සුව කිරීමේ ව්‍යාපාරය ක්‍රියාත්මක කරවා මුදල් උපයා ගත හැකි මාර්ගයකට කේසි යොමු කිරීමට තැත් කෙළේය. කාන් තම යහළුවා වුවත් කේසි ඒ යෝජනාවට දැඩි සේ එරෙහි විය.
ව්‍යාපාරිකයන් බොහෝ දෙනකු කල්පනා කළේ කේසි ධන උල්පතක් බවය. ඒ නිසා වැඩි දෙනෙක් ඔහු ව්‍යාපාරයකට අෑ¼දා ගැනීමට උත්සාහ දැරූහ. ආතර් ඇමර්ස්ට් මහතාද ධනවත් ව්‍යාපාරිකයෙක් වූයේය. ඔහුට මුදල් ගලා එන හොඳ මුද්‍රණාලයක්ද තිබුණේය. තම මිතුරකුගේ මාර්ගයෙන් ඇමර්ස්ට් මහතාට කේසිගේ ආර්ථික තත්ත්වය ගැනත් ඔහුගේ හැකියාව ගැනත් දැනගන්නට ලැබිණි.
ඒ දිනවල කේසි වාසය කළේ අලබාමා කියන ප්‍රදේශයේ \\\"සෙල්මා \\\" යන කොටසේය. ඇමර්ස්ට් තමාගේ තරාතිරම, වත්පොහොසත්කම නොඇඟවෙන්නට වග බලා ගනිමින් සෙල්මාවේ සිටි කේසි හමුවීමට ආවේය. ඒ වන විටත් කේසි නිද්‍රාවේ යෙදී රෝගීන් පරීක්‍ෂාකර ප්‍රතිකාර නියම කරමින් සිටියේය. ඇමර්ස්ට් දින දෙක තුනක්ම හොර රහසේම කේසිගේ ක්‍රියාකලාපය එමඟින් හොඳින් නිරීක්‍ෂණය කර ගත්තේය.
ඇමර්ස්ට් ව්‍යාපාරිකයකු වුවත් විවෘත මනසකින් යුතු ආධ්‍යාත්මික වශයෙන් දියුණුවූ බුද්ධිමතෙකි. සමාජයේ දිළිඳු පීඩිත ජනතාවට සේවා සපයන එඩ්ගා කේසිගෙන් මෙයට වැඩි සමාජ මෙහෙවරක් ඉටුකරවා ගත හැකි බව ඒ දින දෙක තුනක කාලයේදී ඔහු කල්පනා කෙළේය.
එඩ්ගා කේසිගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් මඟකට යොමු කිරීමට මුල් වූයේ ආතර් ඇමර්ස්ට් නමැති මේ ව්‍යාපාරික ධනවතා බව සඳහන් කළ යුතුම වේ. ඇමර්ස්ට් නමැති මේ ව්‍යාපාරිකයා ගැනද යමක් කිව යුතුය. ඔහු සාමාන්‍ය ව්‍යාපාරිකයකු වශයෙන් කටයුතු කළත් ඔහුගේ දැනීම විවිධ විෂයයන් ඔස්සේ පැතිර පැවැතිණි. ඇමර්ස්ට් ජේ‍යාතිෂය ගැන විශ්වාසයෙන් සිටියේය. ඒ ගැන තමාට හැකි අන්දමින් සොයා බැලුවේය. පරීක්‍ෂා කෙළේය. ග්‍රහයන්ගේ බලපෑම අනුව ඒවාට සැතපුම් දහස් ගණනක් මෙපිටින් පෘථිවියේ වෙසෙන මනුෂ්‍යයන්ගේ ජීවිතවලට ක්‍රියාකාරකම්වලට බලපෑම් කළ හැකි නම් මානව වර්ගයාත් ග්‍රහ තරු අතරත් මෙතෙක් හඳුනාගෙන ඇති පදාසයට ගුප්ත සම්බන්ධතාවට වඩා හඳුනා නොගත් විශාල ප්‍රමාණයක් ඇතැයි ඔහු කල්පනා කෙළේය.
කිසියම් මානව ප්‍රාණියකු ජන්ම ලාභය ලබන විට ඔහුගේ කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීමට අනුව මහ දශා ,අතුරු දශා, විංගෝ දශා, අෂ්ටෝ දශා, ප්‍රාණ දශා ආදී වශයෙන්ද ගණනය කර දක්වා තිබේ.
එවන් මහ දසාවක් ග්‍රහයන් අතර බෙදා වෙන් කර ඇත. එම මහ දශාවෙන් කොටසක් ගෙවී ඉතුරු කොටස ඉදිරියට ගෙවා දැමීමට තිබෙන්නකි. එසේ නම් ගෙවුණු කොටස නැතහොත් ගත වූ කොටස ගෙවී ගියේ කවර කාලෙකද? මිනිස් ප්‍රාණයකු උපදින විට මහ දසාවෙන් කොටසක් ගෙවී ඇත්නම් ඒ කොටස ගෙවුණේ කවර ලෙසින්ද? එසේ නම් පෙර ජීවිතයක් තිබිය යුතුය. එසේ නම් මීට පෙරද මිනිසකු වශයෙන් ජීවත්ව සිටිය යුතු නොවේද? ඒ මේ කියන වර්තමාන ජීවිතයට පෙරදී විය යුතුය. එසේ නම් එය මීට පෙර ජීවිතයක් විය යුතුය.
එහෙත් මෙයට පෙර ජීවිතයක් ගැන කතා කිරීම යනු පෙර ආත්මයකි. පුනර්ජීත්වයකි. පුනරුත්පත්තියකි. එය ආගමික ඉගැන්වීමට ගැටුමක් ඇතිකරවන්නකි.
ලැමස්ටර් ජේ‍යාතිෂය ගැන ඇල්ම දක්වන්නෙකු වූවත් එඩ්ගා කේසි ඊට හාත්පසින්ම වෙනස් මත දරන්නෙකු ඔහු ශුද්ධ වූ බයිබලය අතේ තියා ගත් භක්තිවන්තයෙකි.
කේසිගේ නිවෙසේ ගත කළ දින කීපය තුළදී මේ සියල්ලද සිතින් විශ්ලේෂණය කරමින් කේසිගේ හැසිරීම් රටාව ප්‍රතිකාර ක්‍රමය යන සියල්ල ගැන මනා අධ්‍යයනයක් කළ ලැමර්ස්ට් ආතර් අවසානයේදී තමා පදිංචි ඩෙටන් ප්‍රදේශයට සති දෙක තුනක නිවාඩුවක් ගත කිරීමට එන ලෙසට ඔහු කේසිට ආරාධනය කෙළේය.
ඒ දිනවල අධික තෙහෙට්ටුවට පත්ව සිටි කේසි වෙනසකටත් සමඟ ඒ ඇරැයුම පිළිගත්තේය. ඒ 1923 ඔක්තෝබර් මාසය විය. ලැමර්ස්ගේ ඉල්ලීම අනුව එහි ගිය කේසි \\\"පිළිප්සි \\\" නමැති හෝටලයේ ලැගුම් ගත්තේය.
දින දෙකක් පමණ සැහැල්ලුවෙන් ගත කළ කේසිගෙන් යමක් විමසීමට ලැමර්ස් කල්පනා කළේය.
කේසි සිය සුපුරුදු නිද්‍රාවට පත් කළ ලැමර්ස් ප්‍රහ්න අසන්නට පටන් ගත්තේය. ඔහුට අවශ්‍ය වූයේ කේන්ද්‍ර ගැන විමසීමටය. ඒ ගැන කේසිගේ කියැවීම් එතරම් දුර ගියේ නැත. ඔහු අවදිව සිටින විට පවා ඒ පිළිබඳව කතා කළේ ඇල්මැරුණු ස්වභාවයකිනි.
මීට වඩා වෙනස් මඟක් මේ සම්බන්ධයෙන් ගත යුතු යැයි බුද්ධිමත් ලැමර් එනිසා සිතුවේය.
තමන් අකමැති දෙයක් කෙනකුගෙන් ඉල්ලීමට හෝ බලකිරීමකට යටත්ව කෙරෙන විට මනැසට දැනෙන තෙහෙට්ටුවද, කායික කෙඩෙත්තුවද මේ දින දෙකේදී කේසිට දැනෙන්නට විය. ඔහුට හිසේ වේදනාවක් දැනෙන්නට වූයේය. එය හිසරුදාවකි. ඒ හිසරුදාවට අනුශාංගිකව ක්ලාන්ත ගතියක්ද කේසිට ඇති විය.
\\\"මට ටික ටික ඇඟේ අමාරු ගතියක් දැනෙවා. ඒකට හේතුව මොකක්ද කියන එක දැනගත්තොත් හොඳයි. \\\" ඔහු ලැමර්ස් සමඟ සාකච්ඡා කෙළේය. ඔහු ඊට වහා කැමැත්ත පළ කෙළේය.
තමන්ගේම සිරුර පිළිබඳව කියැවීමක් බැවින් නිද්‍රාවට පත්ව වැතිර සිටින ඉරියව්ව වෙනස් කිරීමට කියැවිණි. වෙනත් කෙනකුගේ රෝගයක් ගැන කියවන විට කේසිගේ හිස දකුණටත් දෙපා උතුරටත් දැමීම සිරිත වුවද මෝහන නිද්‍රාවේ සිට තම සිරුර ගැන බලන කේසිට විධානය කෙරුණේ හිස උතුරටත්, දෙපා දකුණටත් යොදා කියැවීම ක්‍රියාත්මක කරන ලෙසටය.
මේ රෝග ලක්‍ෂණ පෙර ජීවිතයකද සිදුවී ඇති බව කේසි ප්‍රකාශ කෙළේය.
ලැමර්ස් ආතර් කාලයක් තිස්සේ පුල පුලා අපේක්‍ෂා කළ අවස්ථාවක් ඒ මඟින් නිරායාසයෙන්ම උදාවිය.
\\\"ඒ කෙසේද? කවදාද? කොහේදිද? \\\" ලැමර්ස් විමසුවේය. අසල සිටි ලේකම්වරිය කේසි තමා ගැනම කියන විස්තර නිවැරැදිව පිටපත් කළාය.
\\\"මේ ප්‍රාණියා මීට ඉහත කාලයකදී පර්සියාවේ උපත ලබා සිටියා. ඔහු එවකට වෛද්‍යවරයකු වශයෙන් ජීවිතය ගෙන ගියා. ඒ සමයේද රටේ යුද්ධයක් පැවැතුණා. යුද්ධය පැවතුණේ කාන්තාරය ආසන්නයේ. මේ වෛද්‍යවරයා කිසියම් කණ්ඩායමක් විසින් පැහැරගෙන යනු ලැබ මැරෙන්නට කාන්තාරයේ අතහැර ගොස් තිබුණා. මහත් ගිනි ගහන අව්වේ කාන්තාරය මැද කිසිම ආහාරයක් තබා බීමට වතුර බින්දුවක් තරම් හෝ නැතිව මේ ප්‍රාණිය දින තුනක්ම වධ වේදනා වින්දා. \\\"
කේසි තමාගේ ඉහත ආත්මීය ජීවිතයක සංසිද්ධියක් එසේ විස්තර කෙළේය. ලැමර්ස් ආතර් ඒ ඇසූ මොහොතේ පටන් කතා කිරීමට නොහැකිව ගල් ගැසී තුෂ්ණිම්භූතව බලා සිටියේය.
චන්ද්‍රසේන මාරසිංහ
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

කුණඩලීණී ශක්තිය 1.yoga....අබිරහස් අඩවිය - Abirahas Adawiya

කුණඩලීණී ශක්තිය ලෙස අදහස් වනුයේ කුමක්ද කියා සරලව තේරුම් ගත නොහැක්කකි. ඈත අතීතයේ ජීවත් වූ ඍෂිවරු පවා මෙම කුණඩලීණි ශක්තිය හැඳින් වීම උදෙසා විිවධාකාරයේ නිර්වචන ඉදිරිපත් කරලීය.
ඇත්තෙන්ම කුණඩලීණි ශක්තිය යනු කුමක්ද? කුණ්ඩලීණිය යනු බඹයක් පමණ උස වූ මිනිස් ශරීරය තුළ ඇති අති මහත් වූ ශක්තියකි. වෛදික ක‍්‍රමවේදයක් තුළ එය විග‍්‍රහ වෙනුයේ විශ්වය තුළ ඇති අපරිමිත ශක්තිය මිනිස් සිරුරක් තුළට කැටි කිරීමක් ලෙසය.

පරමාත්මය හා ජීව ආත්මය
විශ්වය යනු එකම ශක්ති ගබඩාවක් බව අප කවුරුත් දන්නා කරුණකි. අප විශ්ව ශක්තිය ලෙස කතා කරන්නේ එයයි. මැරි මැරි උපදින මිනිසාගේ භවය පාලනය කරනු ලබන්නේ ‘පරමාත්මය’ නම් වූ අති විශාල වූ විශ්ව ශක්ති ප‍්‍රබවයකි. මිනිසකු උපදින විට මෙම පරමාත්මයෙන් කොටසක් ඔහු තුළට එකතු වෙයි. එය ‘ජීව ආත්මය’ ලෙස හඳුන්වනු ලබයි.

පරමාත්මය යනු අති ප‍්‍රබල විශ්වීය ශක්තියකි. ඒ තුළ ඇත්තේ විශ්වයේ සකල විධ බිහි වීමයි. සකල විධ පැවැත්මයි. එසේම සකල විධ විනාශයයි. මෙය සරල වචනයකින් පවසතොත් සමස්ත විශ්වයේම පාලනය කළ හැකි ඥානය මේ තුළ පවතී. අප සියලූ ආගම්වල අවසන් ඵලය වන මෝක්ෂය තුළින් උත්සහ කරන්නේ මේ පරමාත්මය හා එක් වීමයි.
ත‍්‍රි ගුණය

ද්වාපර යුගයේ විශ්වයේ පාලන ශක්තීන් ලෙස විග‍්‍රහ කළ සාත්වික්, රජමික්, තමසිත් යන ත‍්‍රී ගුණයන් හරහාද විග‍්‍රහ වූයේද මෙම පරමාත්මයේ වූ ශක්ති ස්වරූපයන්ය.

සාත්වික – බ‍්‍රහ්ම – නිර්මාණය කිරීම
රජසික් – විෂ්ණු – පවත්වාගෙන යෑම
තමාසික් – ශිව – විනාශය
පරමාත්මයෙන් උකහා ගනු ලබන ජීව ආත්මය නම් ශක්ති ප‍්‍රභවය මිනිස් සිරුර තුළ තැම්පත්ව ඇත්තේ කොඳු ඇට පෙළේ අවසන් පුරුකට යටිනි. සරලව පවසතොත් ස්ත‍්‍රියකගේ හා පුරුෂයකුගේ ගුදය ආසන්නයේය්. මේ අසීමාන්තික වූ ශක්තිය කොදු ඇට පේළිය ආධාර කොට ගනිමින් පහළ සිට ඉහළටත් ඉහළ සිට පහළටත් ගමන් කිරීම සිදුවේයි. මිනිස් ශරීරය යන්ත‍්‍රයකට සමාන කළහොත් මෙම යන්ත‍්‍රයේ ක‍්‍රියාකාරිත්වය බල මූලාශ‍්‍ර හයක් ඔස්සේ පාලනය කෙරෙයි. අප චක‍්‍ර ලෙස හඳුන්වන්නේ මෙම බල මූලාශ‍්‍රයි.
චක‍්‍ර හත
මිනිස් ශරීරය තුළ චක‍්‍ර හතක් පවතින මුත් ශරීර යාන්ත‍්‍රණයේ ක‍්‍රියාකාරිත්වය උදෙසා අවශ්‍ය වනුයේ චක‍්‍ර හයක් පමණි.
1. මූලාධාර චක‍්‍රය
2. ස්ව අධිෂ්ඨානය චක‍්‍රය
3. මණිපුර චක‍්‍රය (නාභි චක‍්‍රය*
4. අනාභාත
5. විශුද්ධි චක‍්‍රය
6. ආඥා චක‍්‍රය
7. සහස‍්‍රා චක‍්‍රය (සහස්සර*
මෙම චක‍්‍ර හත පවතින්නේ කොදු ඇට පේළිය ඔස්සේ පහළ සිට ඉහළටය. මෙහිදී කොදු ඇට පේළීයේ පහළින්ම පිහිටා ඇත්තේ මූලාධාර චක‍්‍රයයි. සහස‍්‍රා නැතහොත් සහස්සර චක‍්‍රය ඇත්තේ අපේ ඉස් මුදුනේය. මාගේ අත්දැකීම් අනුව නම් සහස‍්‍රා චක‍්‍රය ලෙස හඳුන්වන්නේ අපේ ජීව ශක්තිය චක‍්‍ර හරහා අවධි වීමෙන් පසු පරමාත්මය හා සම්බන්ධ වීමයි. මෙය පිහිටවන්නේ ශරීරයෙන් පිටතය. ඒ අනුව අපේ ශරීරය තුළ පිහිටා ඇත්තේ චක‍්‍ර හයකි. මෙම චක‍්‍ර හුදෙක්ම අධි ඥාන හෝ අධි ශක්ති ලබාගැනීම උදෙසාම භාවිත වන්නක් නොවේ. මා පෙර සඳහන් කළ පරිදිම ඒ ඒ චක‍්‍රයෙන් අප ශරීරයේ එක් එක් කොටස්හි ක‍්‍රියාකාරිත්වය පාලනය වෙයි.
මූලාධාර චක‍්‍රය
ජීව ශක්තිය සැඟව ඇත්තේ මේ තුළයි. මේ චක‍්‍රය තිකෝණයකින් සංකේතවත් වෙයි. ඒ වටා පෙති හතරක මලකි. ඉඩා නාඩිය, පිංග නාඩිය හා සුසුම්නා නාඩිය නැතහොත් ගින්දර, හිරු හා සඳු යන ශක්තින් එකවර බල ගැන්විය හැක්කේ මෙම නාඩිය හරහාය. මෙය පිහිටා ඇත්තේ ගුදය යට කොදු ඇට පේළියේ මුලය. තුන්කල් දැකීම හා අධි මානසික ශක්තින් මෙම චක‍්‍රය බල ගැන්වීමෙන් ලබාගත හැකි වේ. මෙය වර්ණවත් රතු පැහැයයි.
ස්වාධිෂ්ඨාන චක‍්‍රය
මෙම චක‍්‍රය පිහිටා ඇත්තේ ස්ත‍්‍රී පුරුෂ ලිගේන්ද්‍රයන් මුලය. එක් පුරුෂයකු හා එක් ස්ත‍්‍රියක් මනා සිහියෙන් යුතුව සිදුකර ලිංගික එක්වීම් හරහාද මෙම චක‍්‍රය අවධි වෙයි. එවිට ශරීරයේ සියලූ චක‍්‍ර බල ගැන්වීමක්ද සිදුවෙයි. රවුම් හැඩයකින් හා පෙති හයකින් මෙම චක‍්‍රය හැඳින්වෙයි. මෙම චක‍්‍රය තැඹිලි පැහැයෙන් යුක්තය. ලිංගික ශක්ති රඳවා පවතින්නේ මේ හරහාය. මෙම චක‍්‍රය පාලනය කිරීමෙන් භෞතික ආශාවන්වලින් නිදහස් වේ.
මණිපුර චක‍්‍රය
මෙම චක‍්‍රය පිහිටා ඇත්තේ නාභිය අසලය. නාභියට අඟලක් යටින් මෙය පිහිටයි. මෙම චක‍්‍රය ශරීරයේ අග්නිය පාලනය කරනු ලබයි. ආහාර නිසි ලෙස පාලනය කිරීමේ ශක්තිය මේ හරහා ක‍්‍රියාත්මක වෙයි. මණිපුර චක‍්‍රය ත‍්‍රිකෝණාකාර හැඩයකින් සහ පෙති දහයක මලකින් සංකේතවත් කෙරෙයි. මෙහි වර්ණය වනුයේ කහ පැහැයයි.
මෙම චක‍්‍රය බල ගැන්වීමෙන් විශ්වීය ඥානය ලැබෙන අතර අන් අයගේ රෝග සුව කිරීම උදෙසා දිව්‍යමය බලයන් ලබා ගැනීමේ හැකියාව උදා වෙයි.
අනාභාත චක‍්‍රය
ඕනෑම අයෙකුගේ හදවත තුළ පිහිටා ඇති් මෙම චක‍්‍රය මඟින් ශරීරයේ රුධීර සංසරණය, රුධිරය පිරිසුදු කිරීම මෙන්ම රෝග පාලනයද යහපත් වෙයි. මෙම චක‍්‍රය කොළ පැහැයෙන් යුක්තය. ශරීරයේ වායෝ ගුණය පාලනය කරන්නේද මෙම චක‍්‍රයේ ක‍්‍රියාකාරිත්ව හරහාය.
සයකොන් තරුවක් ලෙස දිස්වන මෙම චක‍්‍රය වටා පෙති දොළසක මලක් දැකගත හැකි වෙයි.
මෙම චක‍්‍රයේ පවතින විශේෂත්වය වනුයේ මෙම චක‍්‍රය බල ගැන්වීම හරහා විශ්වයේ ඇති ශබ්ද උකහා ගැනීමටවත් සියුම් ශබ්ද ශ‍්‍රවණය කිරීමේ හැකියාවත් ලැබෙයි. අදෘශ්‍යමාන ආත්මයන් දැකීම හා ඔහුන් සමග අදහස් හුවමාරු කර ගැනීමේ හැකියාව මේ හරහා ලබාගත හැකි වෙයි. එනම් පියවි ඇසට නොපෙනන දේ බැලීමේ හැකියාවයි.
විශුද්ධි චක‍්‍රය
මෙම චක‍්‍රය පිහිටා ඇත්තේ උගුරු ඇටයට පහළින් ඇති වළ තුළය. පුද්ගලයකුගේ කතාව මෙන්ම කතාව හරහා අන් අය ග‍්‍රහණය කර ගැනීමේ හැකියාව පාලනය කරන්නේ මේ චක‍්‍රයයි. දුක හා බිය පාලනය වන්නේද මේ හරහාය.
පෙති දහසක් ඇති මලකින් මෙම චක‍්‍රය සංකේතවත් වෙයි. මෙහි වර්ණය වන්නේ නිල් පැහැයයි. මෙ චක‍්‍රය බලගැන්වීමෙන් තම අදහස් අන්‍යයන් අතර ප‍්‍රචලිත වන අතර නිරුත්සාහිකව කව සත්‍ය තොරතුරු පැවසීමේ හැකියාව උදාවෙයි.
ආඥා චක‍්‍රය
මෙය පිහිටා ඇත්තේ නළල් තලයේ මැද නැතහොත් දේ බැම අතරය. අප තෙවන ඇස ලෙස හඳුන්වන්නේද මෙයයි. ඕම් සල කුණින් මෙන්ම පිරුණු මල් පෙති දෙකකින් මෙම චක‍්‍රය හඳුනාගත හැකි වෙයි.
මෙම චක‍්‍රයේ වර්ණය දම් වන අතර සමහර අවස්ථාවලදී ලා කොළ පැහැයෙන්ද මෙය දැකගත හැකි වෙයි.
මෙම චක‍්‍රය අවධි කිරීමෙන් එයට පහළින් ඇති චක‍්‍ර පහේම පාලනය අතට ගත හැකි බව වෛදික සාම්ප‍්‍රදායේ විශ්වාසයයි. එනම් චක‍්‍ර රිමෝටය ඇත්තේ මේ තුළයි.
මෙම චක‍්‍රය අවධි කිරීම හරහා අන් චක‍්‍රවල පාලනය සක‍්‍රිය කිරීමත් තෙවන ඇසින් ලොව දැකීමේ ශක්තිය, සියලූ විෂයන් ගැන දැණුම ලැබෙයි. විශේෂයෙන්ම පිටසක්වළ නැතහොත් වෙනත් ලෝක, ජීවයේ ආරම්භය ආදි කරුණු පිළිබඳ දැණුම පහළ වීම සිදුවෙයි. අන් පුද්ගලයන්ගේ කර්මය අවබෝධ කර ගැනීම සහ ඒවාට නිසි පිළියම් යෙදීමේ හැකියාවද මේ හරහා උදා වෙයි. කර්මයේ නිවස්නය ලෙස මෙම චක‍්‍රය හඳුන්වන්නේ එබැවිණි.
සහස්සර (සහස‍්‍රා) චක‍්‍රය
මෙම චක‍්‍රය මොළය තුළ පිහිටා ඇත. එහෙත් මාගේ දැණුමට අනුව නම් මෙය පිහිටා ඇත්තේ හිසට ඉහළකි. පරමාත්මය හා ජීව ආත්මයේ එක්වීම නැතහොත් විශ්වී ඥානය හා එක‍්‍රාගු වීම මෙයින් අදහස් වෙයි. පෙති දහසක මලක් ලෙස මෙය දැකගත හැකි වෙයි. මෙම චක‍්‍රය අවධි කිරීමෙන් අමරණීයත්වයට පත්වන බවත් සිරුර වයසට යෑම පාලනය කළ හැකි බවත් කියවෙයි. වර්තමාන කාලයට සාපේක්ෂව බලන විට උපරිම ආයුෂ කාලය (අද 75* හොඳින් ගත කිරීමද අමරණීය වීමකි.
මේ ආකාරයට කුණ්ඩලිනී චක‍්‍රවල ක‍්‍රියාකාරිත්වය හඳුන්වා දිය හැකි වෙයි. ඒ ඒ චක‍්‍රයට අදාළ වර්ණ, යන්ත‍්‍ර, මල් පෙති, සත්ව රූප අක්ෂර පවතින අතර භාවනා හෝ යෝග වැඩිම්වලදී මෙම සෑම දෙයක්ම දැක ගැනීමේ අවස්ථා උදාවන්නේ නැත. චක‍්‍ර අවධි වීමකදී එක් එක් ස්වභාවයන් දැකගත හැකි වෙයි. එය වර්ණය, මල් පෙති හෝ සත්ව රූප ආදියෙන් එක්ක වීට ඉඩ ඇත.
අන් කාරණය වනුයේ චක‍්‍ර බලගැන්විය ආත්මීය හුරුව මත ඉතා ඉක්මනින් හෝ කල්ගත වීම සිදුවීමට ඉඩ කඩ පවතී. අප එය ඛසබන වීම නැතහොත් සහ සම්බන්ධ වීම ලෙස හඳුන්වනු ලබයි.
භෞතික අපේක්ෂා උදෙසා චක‍්‍ර බල ගැන්වීම බනොහැකි අතර චක‍්‍ර බලගැන්වීම නැතහොත් පරමාත්මය හා සහ සම්බන්ධ වීම තුළින් කළ හැකි වන්නේ සමාජයීය කාරණාවන්ය. එය මඟ පෙන්වීම, දැනුම ලබාදීම හෝ ගැටලූ විසඳීම ආදී ක‍්‍රමයෙන් හරහා ප‍්‍රායෝගිකත්වයට පත් කළ හැකි වෙයි. අතීත හෙළය තුළ ඍෂිවරු මුණිවරු තම දැනුම සමස්ත සමාජය වෙත බෙදා දුන්නේ එබැවිනි.
================================================
උපුටා ගැනීම් සහිතයි ....!!!
දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....

අබිරහස් අඩවිය - Abirahas Adawiya 

කුණඩලීණී ශක්තිය 02. yoga .අබිරහස් අඩවිය - Abirahas Adawiya

චක‍්‍රවල යථාර්ථය
චක‍්‍ර හුදෙක්ම මිනිස් ශරීරයේ ක‍්‍රියාකාරිත්වය උදෙසා උපයෝගී වන ස්වභාවික යාන්ත‍්‍රණයේ ප‍්‍රපංච සයයි අප රෝගී බවට පත්වීම, ශාරීරක ආබාධ මතුවීම ආදි අවස්ථාවලට මැදි වනුයේ ඒ ඒ චක‍්‍රයේ ක‍්‍රියාකාරිත්වය ගැටලූ සහගත තත්ත්වයට පත්වන විටදීය. උදාහරණයක් ලෙස අනාභාත චක‍්‍රය නිසි ආකාරයෙන් ක‍්‍රියාත්මක නොවන අවස්ථාවලදී හෘද රෝග වර්ධනය වීමත්, රුධිර ගමනාගමනය අක‍්‍රමවීමත් සිදුවෙයි. එසේම ස්වඅධිෂ්ඨාන චක‍්‍රය අක‍්‍රමවත් ආකාරයෙන් ක‍්‍රියා කිරීම හේතුවෙන් දරුඵල නොලැබී යෑම මෙන්ම ස්ත‍්‍රී පුරුෂ ශක්තිය නිසි ආකාරයෙන් පවත්වාගෙන යෑමට බාධා මතුවෙයි. සෑම චක‍්‍රයකම ස්වාභාවය මෙයයි.

අප චක‍්‍ර බලගැන්වීම යන්න හරහා සිදු කරනු ලබන්නේ මෙම චක‍්‍ර මනා ක‍්‍රියාකාරිත්වයට පත්කර ගැනීමයි. චක‍්‍ර බලගැන්වීමේදී තම මනස මූලිකව මෙම කරුණ කෙරෙහි අවධානය යොමු කිරීම ඉතා වැදගත්ය. එනම් ශරීරය සමතුලිත කිරීම හා මනා ක‍්‍රියාකාරිත්වයකට පත් කිරීම හැර කුණ්ඩලිණියේ වෙනත් ඉලක්ක උදෙසාම චක‍්‍ර බලගැන්වීම නොකළ යුතුය. එය අසාර්ථක උත්සහයකි. මෙය උදාහරණයක් ඇසුරින් විග‍්‍රහ කළහොත් අපගේ ශරීරය යතුරු පැදියකට සමාන කළහොත් නියමිත ලෙස සිදුකරන ‘සර්විස්’ මඟින් වාහනය උපරිම ලෙස ක‍්‍රියාකාරිත්වයට පත්කරගත හැකි වෙයි. එය නොසලකා හැරි විට සිදුවන්නේ ටිකින් ටික වාහනය අබලන් වීමයි. අප බයිසිකලය සර්විස් කළ පමණින් එයට අති වේගයක් හෝ වෙනත් අරුම පුදුම ශක්තියක් එක් වන්නේ නැත. එය හොඳින් තේරුම් ගත යුතු පළමු නියමයයි.

පළමු නියමය යැයි කියූ සැණින් දෙවැනි නියමයක්ද ඇතැයි යන්න අමුතුවෙන් කිව යුතු නැත. මිනිස් ශරීරය හා යන්ත‍්‍ර සූත‍්‍ර අතර ඇති විශේෂත්වය වන්නේ යන්ත‍්‍ර සූත‍්‍ර මෙන් නොව මිනිස් ශරීරය අනුවර්තනය කළ හැකි වීමයි. එනම් කටහඬ පිළිබඳ වැඩි අවධානය යොමු කළහොත් ඔහුට මිහිරි ලෙස කතා කළ හැකි වෙයි. දෙපා පිළිබඳ වැඩි අවධානය යොමු කළහොත් ඔහුට අන් අය පරදා දිව යා හැකි වෙයි. බාහු ශක්තිය පිළිබඳ වැඩි අවධානය යොමු කළහොත් යකඩ කඩා දමන්නට හැකි වෙයි. මෙලෙසෙ ශරීරයේ ඕනෑම තැනක් කෙරෙහි දක්වන වැඩි අවධානය හරහා අන් අයට වඩා වැටි දෙයක් එම අවයවයෙන් කළ හැකි වෙයි. කුණ්ඩලීනි චක‍්‍ර කෙරෙහි වැඩි අවධානය යොමු කරන්නාටද හිමිවන ප‍්‍රතිලාභය එයයි. අන් අයට කළ නොහැකි මූලක කාර්ය හතක් කිරීමේ සරල අවස්ථාව ඔහුනට උදාවෙයි.

චක‍්‍රඵල බෙදීමක්

අප ශරීරය තුළ පිහිටා ඇති මෙම චක‍්‍ර ප‍්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදුනු ලබයි.

භෞතික ශරීර පාලනය

1. මූලාදාර චක‍්‍රය

2. ස්ව අධිෂ්ඨානය චක‍්‍රය

3. මණිපුර චක‍්‍රය

ශුද්ධ ශරීර පාලනය

4. අනාභාත චක‍්‍රය –
ආධාත්මිකත්ව පාලනය
5. විශුද්ධි චක‍්‍රය
6. ආඥා චක‍්‍රය
7. සහස‍්‍රා චක‍්‍රය
මෙහිදී භෞතික ශරීරය හා ශුද්ධ ශරීරහ (්ිඑර්ක* අතර සබඳතාවය පවත්වා ගැනීම සිදුවන්නේ අනාභාත චක‍්‍රය හරහාය. අප මෙම චක‍්‍රය අවධි කිරීම හරහා ශුද්ධ ශරීරය අපේ අවශ්‍යතා කරා මෙහෙය විය හැකි වෙයි.
කුණ්ඩලණි ශක්තිය අවදි කිරීම
කුණ්ඩලණි ශක්තිය අවදි කිරීම උදෙසා භාවිත වන ක‍්‍රම කිහිපයකි.
1. ප‍්‍රාණයාම
2. මංත‍්‍ර භාවිතය
3. ඖෂධ මඟින්
4. සංසර්ගය
5. කම්පන තරංග භාවිතය
ප‍්‍රාණයාම
ප‍්‍රාණ යනු ශක්තියයි. ශරීරය තුළ සැඟව ඇති ජීව ශක්තිය නිසි පාලනයකට ලක් කිරීම හරහා ශරීරය තුළ ඇති චක‍්‍ර ක‍්‍රියාත්මක කිරීම මේ ක‍්‍රමය හරහා සිදුවෙයි.
ජීව ශක්තිය පාලනය කිරීම උදෙසා මෙහිදී සරලව සිදුකරන්නේ හුස්ම පාලනයකට ලක් කිරීමයි. හුස්ම ගැනීම, රඳවා ගැනීම, පිට කිරීම සිහියෙන් කිරීම ප‍්‍රාණයාමයේ මූලිකම පියවරයි.
ප‍්‍රාණයාමා හරහා අප බලාපොරොත්තු වන්නේ අප තුළ සැඟව ඇති ජීව ශක්තිය එළියට ගැනීම හා පරමාත්මයෙවහි ශක්තිය ශරීරය තුළට ගැනීමත්ය.
අප සාමාන්‍ය ලෙස හුස්ම ගන්නා විට කටෙන් හෝ නාසයෙන් හුස්ම ගැනීම පිට කිරීම සිදුකරන්නට පිළිවන. එහෙත් වැඩි වශයෙන් සිදුවන්නේ නාසයෙන් හුස්ම ගැනීම හා පිට කිරීමයි. මෙතැනදී ඔබ නොදත් කරුණක් ඇත. එනම් සෑම විටම ක‍්‍රියාත්මක වන්නේ අපේ එක් නාස් පුඩුවක් පමණක්ය යන්නය. එනම් ඔබ පැය කිහිපයක් එක දිගට හුස්ම ගන්නේද පිට කරන්නේද දකුණු නාස් පුඩුවෙනි. ඉන්පසු වම් නාස්පුඩුවට මාරවෙයි. පැය කිහිපයක් වම් නාස් පුඩුව භාවිත කරනු ලබයි. මෙය පැය කිහිපයකට වරක් මාරුවෙයි.
ප‍්‍රාණයාම හරහා සිදු වන්නේ මෙම ස්වාභාවික ක‍්‍රියාවලිය රිද්මයකට හරවා එය මනසේ පාලනයට නතු කිරීමයි. මේ හරහා ශරීරයේ ඇති සියලූ චක‍්‍රවල අයහපත් ක‍්‍රියාකාරිත්වය වෙනුවට යහපත් ක‍්‍රියාකාරිත්වයක් එක් කළ හැකිවෙයි.
ප‍්‍රාණයාම ඇරඹීම
ප‍්‍රථමයෙන් පද්මාසනය ආකාරයට වාඩි වී කඳ කෙළින්ව තබා දකුණ අතේ මාපට ඇඟිල්ලෙන් දකුනු නාස් පුඩුව වසන්න ඉන්පසු වම් නාස් පුඩුවෙන් හොඳින් හුස්මක් ගන්න. මෙම හුස්ම ගැනීම තත්පරයක් (1) තුළ සිදුකරන්න. ඉන්පසු දකුණු අතේ මැද ඇඟිල්ල සහ වෙද ඇඟිල්ල උපයෝගී කරගෙන තත්පර 4ක් වම් නාස්පුඩුවත් වසාගෙන හුස්ම රඳවා තබා ගන්න.
ඉන්පසුව දකුණු නාස්පුඩුව හැර තත්පර දෙකක් තුළ හුස්ම පිට කරන්න. එනම් 1:4:2 යන අනුපාතය මත මෙම හුස්ම ගැනීම රඳවා ගැනීම හා පිටකිරීම කළ යුතුය. ඉන්පසු එලෙසම වම් නාස් පුඩුව වසාගෙන දකුණින් හුස්ම ගෙන රඳවා තබාගෙන වමෙන් පිට කළ යුතුවෙයි. මෙය ප‍්‍රාණයාමයේ එක් වටයකි. මෙම අනුපාතය එක් එක් සතියේදී 1:4:2, 2:8:4, 3:12:6 ආදී ලෙසින් වර්ධනය කළ යුතුවෙයි. ආධුනිකයා මෙම ප‍්‍රාණයාම වට 3ක් උදය වරුවේදී තවත් 3 හවස් වරුවේදී යෙදිය යුතුය. වැඩි කාලයක් යෙදීම සුදුසු නැත.
හෙළ ක‍්‍රමවේදය
චක‍්‍ර අවදි කිරීම උදෙසා භාවිත වන හෙළ ක‍්‍රමවේදයන් මෙයට වෙනස් වෙයි. එහිදී පහළ සිට ඉහළට චක‍්‍ර අවදි කිරීම වෙනුවට ඉහළ සිට පහළට ශක්ති ගමන් කරවීම හරහා චක‍්‍ර ක‍්‍රියාත්මකද කරවීම පාලනයකට ලක් කරනු ලබයි. එනම් පරිබාහිර ශක්තියක් තුළින් චක‍්‍ර බලගැන්වීමයි. එය බසින ලද බැටරියක් චාර්ජරයක් හරහා ආරෝපණය කර වාහනයකට යෙ¥ පසු එහි බලය පවත්වාගෙන යා හැකි වීමට සමාන වෙයි.
මේ උදෙසා භාවිත වනුයේ ශක්ති යේග (රුද්‍ර යෝග) ක‍්‍රමවේදයන්ය. ශක්ති යෝග අතර ප‍්‍රධානතම යෝගය වනුයේ ‘අදිති ශක්ති යෝගයයි’ අදිති යනු සූර්යයාට යෙදෙන තවත් නමකි. මෙය සරලව පවසතොත් සූර්ය භාවනාවකි. සූර්යයා යනු මහා ශක්ති ප‍්‍රභවයකි. ඒ මහා ශක්ති ප‍්‍රභාවයෙන් අපේ ශරීර තුළ ඇති චක‍්‍ර බල ගන්වා ගැනීම මේ භාවනාව තුළින් සිදුවෙයි.
අදිති ශක්ති යෝග
සූර්යා නැග එන විට ස්වාභාවික පරිසරයට නිරාවරණය වූ නිදහස් භූමියක සිට භාවනාවට සූදානම් වන්න. ප‍්‍රථමයෙන්ම තම දෙඅත් හිසට ඉහළින් උඩටම ඔසවා සත් වතාවක් සූර්ය නමස්කාරයේ යෙදිය යුතුය. ඒ සඳහා ඕම් ආදිත්‍යාය නමඃ* යන මංත‍්‍රය භාවිත කළ යුතුය. මෙම නමස්කාරයේදී දකුණු කකුල ඔසවා යටි පතුල වම් දණහිස් අසලින් තබා ගැනීම වඩ ාසුදුසුය. ඒ කැපවීම හා භක්තිය පිළිබඳ සංකේතයයි.
ඉන්පසුව පද්මාසනයේ නැතහොත් ඔබට පහසු ආකාරයට භාවනා කිරීමට යෝග්‍ය ලෙස අසුන ගෙන දෙඅත් කෙළින් සිටින සේ (වැලිවිටෙන් නවා නොගෙන* දණිස් මත තබා ගන්න.
මෙහිදී අත්ල පිහිටි යුත්තේ ඉහළටය. ඉන්පසු මාපට ඇඟිල්ල හා දඹර ඇඟිල්ල එකිනෙක ස්පර්ශවන ලෙස තබාගත යුතුය.(ආකාශ මුද්‍යා)
මෙලෙස ඇඟිලි හා අත්ල පිහිටුවා ගැනීමට හේතුවක් ඇත. එය ප‍්‍රධාන කාරණා දෙකකි.
1. මාපට ඇඟිල්ල බ‍්‍රහ්මන් (පරමාත්මය) නිවේදනය කරනු ලබන අතර දඹර ඇඟිල්ල අපගේ රජස් ස්වාභාවය (අභිමානය* පෙන්වයි. අභිමානය බ‍්‍රහ්මන් හමුවේ නම්‍යශීලි කිරීම මෙයින් ගම්‍ය වෙයි. එනම් අපේ අභිමානය අත හැරීමයි.
2. දඹර ඇඟිල්ල පස්වන චක‍්‍රය වන විශුද්ධ චක‍්‍රයත් මාපට ඇඟිල්ල දෙවන චක‍්‍රය වන ස්වඅධිෂ්ඨානය චක‍්‍රයත් පාලනය කරනු ලබයි. අපේ අත්ල මුල පළමු චක‍්‍රය වන මූලාධාර චක‍්‍රයත්, මධ්‍යයෙන් හත්වන චක‍්‍රය වන සහස‍්‍රා චක‍්‍රයත් පාලනය කෙරෙයි.
මෙහිදී ඇඟිලි දෙක එකිනෙක ස්පර්ශ කළ විට අත්ල උඩ ස්වාභාවික පිරමීඩයක් (ශක්ති කේන්ද්‍රයක්* නිර්මාණය වෙයි. 1, 2, 5 යන පාදයන් ඒ සඳහා මුල් වෙයි. මෙම පිරමීඩයේ මධ්‍යය වනුයේ 9 වන චක‍්‍රය වන සහස‍්‍රා චක‍්‍රයයි.
මේ හරහා සිදුවන්යේ සූර්යයාගේ සිට එන ශක්තිය අත්ල මත ගොඩ නැගෙන පිරමීඩය හරහා චක‍්‍ර වෙත ගමන් කරවීමයි.
සාමාන්‍යයෙන් සිංහල පැයක කාලයක් මෙම යෝගය වැඩිය යුතුය. සිංහල පැයක් යනු වත්මන් ඔරලෝසුවෙන් විනාඩි 24කි. එහිදී විනාඩි 7කට වරක් මාපට ඇඟිල්ල හා සම්බන්ධ වන ඇඟිල්ල වෙනස් කිරීමේ හැකියාවද පවතී.
1. මාපට ඇඟිල්ල – 2 – ස්වඅධිෂ්ඨානය
2. දඹර ඇඟිල්ල – 5 – විශුද්ධි
3. මැද ඇඟිල්ල – 3 – නාභි
4. වෙද ඇඟිල්ල – 6 – අඥා
5. සුලඟිල්ල – 4 – අනාභාත
නමුත් වැඩි වශයෙන් මුලින් මා සඳහන් කළ ක‍්‍රමය පමණක් භාවිතයට ගනු ලබයි. මෙහිදී මතක තබා ගත යුතු කාරණය වන්නේ සියලූ ඇඟිලි මාපට ඇඟිල්ලට සම්බන්ධ කළ යුතු වෙයි. අනෙක වනුයේ කුමන ඇඟිල්ල යොදාගත්තද දඹර ඇඟිල්ල සූර්යයා දෙසට දික් නොකර නම්‍යශීලීව පවත්වාගෙන යා යුතු වෙයි.
මෙම භාවනාව යෙදිය යුත්තේ උදෑසන කාලයේදී පමණි. මෙම භාවනාවෙදි අත්ල තුළ ගොනුවන ශක්තිය තම මනසින් එක් එක් චක‍්‍රය වෙත ගෙන ආ යුතු වෙයි. අදාළ ඇඟිල්ල හරහා කහ පැහැති ශක්ති ධාරාවක් සිතින් මවාගෙන අදාළ චක‍්‍රය වෙත ශක්ති ධාරාව රැුගෙන ආ යුතු වෙයි. මෙය ඉතා ප‍්‍රබල ශක්ති භාවනාවකි.
================================================
උපුටා ගැනීම් සහිතයි ....!!!
දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....

අබිරහස් අඩවිය - Abirahas Adawiya 

කුණඩලීණී ශක්තිය 03...kundalani shakthiya .අබිරහස් අඩවිය - Abirahas Adawiya

අප ශරීරයේ නාඩි පද්ධතියේ ක‍්‍රියාකාරිත්වය උදෙසා උපයෝගී වන වායුධාර පහක් ගැන යෝග විද්‍යාවේ සඳහන් වෙයි. ඒවා බැඳී පවතින්නේ ශරීරයේ චක‍්‍රයන් ආශ‍්‍රිතවය. මෙය අවබෝධ කර ගැනීමෙන් යම් යම් කාර්යයන් උදෙසා චක‍්‍ර යන්ත‍්‍ර ලෙස ක‍්‍රියාත්මක වන බව සන්සදනය කිරීමෙන් අවබෝධ කරගත හැකි වේවි.
වායු වර්ග 5

1. හෘදය – ප‍්‍රාණ වායුව

2. ගුදය – අපාන වායුව

3. නාභි – සමාන වායුව

4. බෙල්ල – උදාන වායුව

5. ශරීරයේ සියලූ කේෂ මූලයන්ගෙන් ව්‍යාන වායුව

අප සාමාන්‍ය ව්‍යවහාරයේදී දන්නේ ආශ්වාස ප‍්‍රශ්වාස වායු ධාරා පිළිබඳ පමණි. යෝග විද්‍යාවේදී යහපත් ශරීර යන්ත‍්‍රණයකට මෙම පංච වායු ධාරාම හේතු වෙයි.

මෙම වායු ධාරා පිළිබඳ යෝග විද්‍යාව තුළ කතා කිරීමට හේතු වන්නේ ශරීරය පුරා ඇති නාඩි 72000 ක‍්‍රියාත්මක වීම උදෙසා මෙම වායු හේතු සාධකයක් වීමයි. මෙම වායු හොඳින් ක‍්‍රියාත්මක වනවිට සිරුර පුරා දිවෙන ධමනි හරහා නාඩි ක‍්‍රියාත්මක වීම සිදුවෙයි.

යෝග විද්‍යාවට අනුව දිනකට පුද්ගලයකු ජීව වායුව තව නාස්කුහර හරහා 21600 වරක් ආශ්වාස ප‍්‍රශ්වාසයෙන් සිදුකරයි. යෝග විද්‍යාව හරහා සිදුවන්නේ මෙම වාර ප‍්‍රමාණය අඩු වැඩි වශයෙන් පාලනය කිරීමයි.
ඉඩා නාඩිය හා පිංගල නාඩිය ආරම්භ වන්නේ නාස් කුහරවලිනි. එහිදී දකුණ නාසයෙන් පිංගල නාඩිය ආරම්භ වෙයි. එය සූර්ය නාඩිය ලෙස හඳුන්වයි. රස්නය අධික දිවා කාලයේදී ආශ්වාස ප‍්‍රශ්වාසය සිදුවන්නේ දකුණු නාස් කුහරය තුළිනි.
වම් නාස් කුහරයෙන් ඉඩා නාඩිය ආරම්භ වෙයි. එය චන්ද්‍ර නාඩියයි. සඳ බලවත් රාත‍්‍රීන්වලට ආශ්වාස ප‍්‍රශ්වාසය සිදුවන්නේ වම් නාස් කුහරයෙනි.
යෝග භාවනා හරහා සිදුවන්නේ චන්ද්‍ර නාඩියත් සූර්ය නාඩියත් එකවර ක‍්‍රියාත්මක කරවීමයි. අප එක් නාස් කුහරයක් තුළින් හුස්ම ගෙන අනෙක් නාස් කුහරය හරහා හුස්ම මුදා හරින්නේ ඒ උදෙසාය.
අග්නි ශක්ති යෝග
රුද්‍ර යෝගවල තවත් පහසු යෝග ක‍්‍රමයක් වනුයේ අග්නි ශක්තිය මුල් කර ගනිමින් සිදුකරනු ලබන චක‍්‍ර අවධි කිරීමයි. පෙර යෝගීයු මේ යෝග වැඞීම උදෙසා බහුල ලෙස උපයෝගී කරගනු ලැබුවේ රාත‍්‍රී කාලයයි. ඒ සඳහා අරමුණු කර ගනු ලැබුවේ ස්වාභාවික ගිණි මැලයයි. එනම් එම අග්නි ශක්තිය හරහා තම ශරීරයේ චක‍්‍ර අවධි කිරීම මේ හරහා සිදුවුණි. රාත‍්‍රි කාලය මේ සඳහා උපයෝගී කර ගැනීමට හේතුවූයේ රාත‍්‍රී කාලයේදී ස්වාභාවිකවම ඉඩා නාඩිය නැතහොත් චන්ද්‍ර නාඩිය ක‍්‍රියාත්මක වී පැවතීමයි. අග්නිය හරහා පිංගල නාඩිය අවධි කරවයි.
අග්නි ශක්ති යෝග වැඞීම උදෙසා නිවසක් තුළදී නම් තරමක් විශාල තිරයක් දැමූ පොල්තෙල් පහනක් හෝ විශාල ඉටි පන්දමක් උපයෝගී කර ගත හැකි වෙයි.
පද්මාසනය හෝ ඔබට පහසු අසුනක සිටින විට ඇස් මට්ටමට අංශක 30 පමණ ඉහළින් සිටින ලෙස මෙම අග්නිය තබා ගැනීම තුළින් වඩා වැඩි ප‍්‍රතිඵලයක් ලැබිය හැකි වෙයි. එසේම තමාගේ ඇස්වල සිට අඩි 7 පමණ දුරින් මෙම ආලෝකය ස්ථාන ගත කළ යුතුය. ඇස් මට්ටමෙන් ඉහළට හිස එසවීමටද විශේෂ හේතුවක් ඇත. අස් මට්ටමෙන් 300-450 අතර මට්ටමට එය ඔසවන විට ඉඩා නාඩිය හා පිංගල නාඩිය එකවර ක‍්‍රියාත්මක වීම ඇරරෙඹයි. මෙය සාමාන්‍ය වැදුම් ක‍්‍රමවේදයන්හිදීද උපයෝගී කරගත හැකි ක‍්‍රමයකි.
1. පෙර ලෙසින්ම මාපට ඇඟිල්ල හා දඹරැුඟිල්ල එකිනෙක සම්බන්ධ කර අත්ල ඉහළට සිටින සේ දෙඅත් දණහිස මත ලබා යෝග වැඞීමට සූදානම් වන්න. ආශ්වාස හොඳින් හුස්මක් ඉහළට ගෙන රඳවා තබාගෙන පිට කරන්න. (1.4.2 අනුපාතයට* මේ ආකාරයට වට තුනක් යෙදෙන්න.
2. ඉන්පසු දෙනෙක් ඇර ඇස් පිල්ලම් ගැසීමකින් තොරව එක එල්ලේ පහන් දැල්ල දෙස බලා සිටින්න. ඇස්වලින් කඳුළු වන තුරු බලා සිටිය යුතුය. ඉන්පසු ඇස් පියාගෙන ඔබේ නළල මැද හය වැනි චක‍්‍රය වන ආඥා චක‍්‍රය තුළ පහන් දැල්ල මවාගෙන එය දිගින් දිගට පවත්වාගෙන යන්න.
3. ටික වේලාවකින් එය නොපෙනී ගියහොත් යළිත් පහන් දැල්ල දෙස බලා සිට එය යළි යළිත් සිදුකරන්න. මෙය විනාඩි 24 පමණ යෙදීම ප‍්‍රමාණවත්ය.
සාමාන්‍ය ජීවිතය තුළදී රුද්‍ර යෝග වැඞීමේදී බොහෝ කාලයක් ඒ සඳහා යෙදීම නොකළ යුත්තකි.
චක‍්‍ර අවධි කිරීම හා භෞතික ජීවිතය සමපාත කිරීම ඉතා වැදගත් කාරණයකි.
================================================
උපුටා ගැනීම් සහිතයි ....!!!
දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....

අබිරහස් අඩවිය - Abirahas Adawiya 

වෙස්‌තට්‌ටුව රාවණ ඔටුන්නේ නිරූපණයක්‌ ද? ....රාවණ රජුගේ ඔටුන්න පිළියෙල වී තිබුණේ ඔහුගේ යටත් දේශයන් සියල්ලෙහි ඔටුණු සංකේතවත් වන අයුරිනි. රාවණගේ අඩුව සම්පූර්ණ කිරීමට පත්කර ගනු ලැබූ මෙම අලුත් රජුගේ ඔටුන්න ද ඒ අයුරින්ම ...අබිරහස් අඩවිය - Abirahas Adawiya

කොහොඹා කංකාරිය නම් වූ ශාන්ති කර්මයක්‌ ලංකාවේ පවතින බව බොහෝ දෙනකු දන්නා කරුණකි. එම ශාන්ති කර්මයෙහි යෙදෙන නැට්‌ටුවාගේ ඇඳුමේ කොටසක්‌ වන වෙස්‌ තට්‌ටුව, රාවණ රජුගේ ඔටුන්නේ නිරූපණයක්‌ බව සිතන්නට කරුණු ඇත.

කොහොඹා කංකාරිය පිළිබඳව එම කංකාරියෙහි යෙදෙන්නකුගෙන් විමසුවහොත් ඔහු සැකෙවින් කියන්නේ පඬුවස්‌ දෙව් රජුට දිවි දෝෂය නම් වූ රෝගය වැළඳී එය සුව කළ නොහැකි තැන, මලය රජු ගෙන්වා ලක්‌දිව ආරම්භක කෙහොඹා කංකාරි ශාන්තිකර්මය සිදුකර එම රජු සුවපත් කරන ලද බවය. තවද කංකාරිය නිම වීමෙන් පසුව මලය රජු තම ඔටුන්න ගලවා, එකී කංකාරියට සහාය වූ නැට්‌ටුවාට එය ප්‍රදානය කර ආපසු යන්නට ගිය බව ය.
කොහොඹා කංකාරියෙහි නියුතු නැට්‌ටුවාගේ ඇඳුම ද ඔහුගේ නැටුම් ද ඇතුළු මුළු කොහොඹා කංකාරියම ඉතා සිත්ගන්නා සුළුය. එම කංකාරියේ ආරම්භය සහ ඒ පිළිබඳ අතීත තොරතුරු පසු කාලයේ ඊට සහභාගි වූවන් වෙත පැමිණියේ මුඛ පරම්පරාගතවය. මෙසේ පැමිණීමේදී එම තොරතුරු බොහෝ දුරට විකෘති වී තිබිණි. භාරතයෙන් පැමිණි ආර්යයන් මෙහි බලයට පත්ව, භාරතීය දෙවි දේවතාවන් අතිශයෝක්‌තීන් ඇතුළු භාරතීය සියලු දේ අගය කරමින් වියතුන්ව සිටි යුගයක, එකී ආර්යයන්ගේ සිත් මෙම කොහොඹා කංකාරිය කෙරෙහි යොමුවිය. ඔවුහු නූගත් නැට්‌ටුවන්ගෙන් දැනගෙන තිබුණා වූද, ඒ වන විටත් විකෘති වී තිබුණා වූද. තොරතුරු තවත් විකෘති කර කොහොඹා කංකාරියේ ඉතිහාසය ගොඩනැඟුහ.

මලය රජු යනු තම මුතුන් මිත්තන්ගේ ජන්ම භූමිය වූ භාරතයේ රජ කෙනෙකු ලෙස ලියූ ඔවුහු ශක්‍ර, ඊශ්වර වැනි වූ භාරතීය දෙවිවරුන්ගේ උත්සාහයක ප්‍රතිඵලයක්‌ ලෙස එකී රජු මෙරටට ගෙන්වා ගන්නා ලද බව ද ලියූහ. තවද භාරතය ජන්ම භූමිය කොටගත් පඬුවස්‌දෙව් රජු වෙනුවෙන් ලක්‌දිව මුල්ම කොහොඹා කංකාරිය පැවැත්වෙද්දී ගායනයට ද යොදා ගන්නා ලදී. නමුත් සත්‍ය වශයෙන් සිදු වී ඇත්තේ මෙරට දේශීය යක්‍ෂ ගෝත්‍රිකයන් මහ කන්නයේ අස්‌වැන්න ලබා ගැනීමෙන් පසුව, කරන ඉටුදෙවියන් පිදීමේ උත්සවයක්‌ ලෙසද ඔවුන්ගේ ලෙඩ රෝග සුව කරන ශාන්ති කර්මයක්‌ ලෙස ද ඈත අතීතයේදී ඇරඹී පවත්වා ගෙන එන ලද කොහොඹා කංකාරිය භාරතයෙන් පැමිණි ආර්ය වංශික පඬුවස්‌දෙව් රජු වෙනුවෙන් ද යොදා ගැනීමය. එය කොහොඹා කංකාරියේ කැපී පෙනෙන අවස්‌ථාවක්‌ පමණි.

සත්‍ය සිදුවීම මෙහි මතු දක්‌වන පරිදි විය හැක. රාම කුමරු ප්‍රධාන ආර්යයන්ට යක්‍ෂ ගෝත්‍රික රාවණ රජුගේ සොයුරු විභීෂණ උපකාර කළේය. එම උපකාරයෙන් ආර්යයෝ රාවණ රජු මරා, ඔහු වෙනුවට විභීෂණ පත් කර ආපසු ගියහ. එහෙත් යක්‍ෂ ගෝත්‍රිකයෝ රාවණගේ ලංකාපුරය පිහිටියා වූද. තම ගෝත්‍රයේ අය වැඩි දෙනකු සිටින්නා වූද, ලංකාවේ මධ්‍ය ප්‍රදේශයේ වසන්නට, ජාතිෙද්‍ර`හී විභීෂණට ඉඩ නොදුන්හ. ඔවුහු දුරින් හෝ රාවණ රජුට සම්බන්ධකම් ඇත්තා වූද, රාවණ නිපුණව සිටි ශාස්‌ත්‍රයන්හි එපමණටම නැතත් බොහෝ දුරට නිපුණත්වයක්‌ ඇත්තා වූද. කෙනකු තම රජු ලෙස පත්කර ගත්හ.
රාවණ රජුගේ ඔටුන්න පිළියෙල වී තිබුණේ ඔහුගේ යටත් දේශයන් සියල්ලෙහි ඔටුණු සංකේතවත් වන අයුරිනි. රාවණගේ අඩුව සම්පූර්ණ කිරීමට පත්කර ගනු ලැබූ මෙම අලුත් රජුගේ ඔටුන්න ද ඒ අයුරින්ම පිළියෙල විණි. විජයගෙන් ඇරඹි ලංකාවේ ආර්ය පාලනය පඬුවස්‌දෙව් යුගය කරා පැමිණ තිබියදී මෙම ඔටුන්න දරමින් සිටි මලය රටේ හෙවත් ලංකාවේ මධ්‍ය ප්‍රදේශයේ යක්‍ෂ ගෝත්‍රික රජු ද ආර්ය පාලනයට අවනත නොවූයේ, සැඟවී විසීය. එම රජු ද අනෙක්‌ කරුණුවලින් මෙන්ම ඥාති සම්බන්ධයෙන් හා ශාස්‌ත්‍ර නිපුණත්වයෙන් ද සුදුසුකම් ලබා රජකමට පත්ව සිටියෙකි.
රෝගී වූ පඬුවස්‌ දෙව් රජු. තම වර්ගයාටත්, තම නිජබිම වූ භාරතයටත් ආවේණික සියලු වෙද හෙදකම් සහ පුද පූජාවලින් පළක්‌ නොවී මරණාසන්න විය. දිවුරුම් කඩකිරීමේ විපාක වශයෙන් ම රෝගී වී විජය රජතුමා ජීවිතක්‍ෂයට පත් වූ බවත්, එම රජු දැරූ තනතුර සහ දිව්රීමේදී සඳහන් කරන ලද කඩුව දැරීමට පත්වීම නිසා, දිවිරීමේ විපාකය පඬුවස්‌දෙව් රජතුමා කරා ද පැමිණ ඇති බවත්, සමහර විට මෙය යක්‍ෂ ගෝත්‍රිකයන් විසින් කරන ලද හදි හූනියම් වැනි දෙයක ප්‍රතිඵලයක්‌ ද විය හැකි බවත්, කුමක්‌ වුවත් රෝගය සුවකර රජතුමා මරණයෙන් බේරා ගැනීමේ හැකියාව ඇත්තේ යක්‍ෂ ගෝතිකයන්ට පමණක්‌ බවත්, සියල්ලෝම විශේෂයෙන් ආර්ය පාලනයට අවනත යක්‍ෂ ගෝත්‍රිකයෝ කියා සිටියහ.
තවද මෙවැනි රෝග සුව කිරීමේ ශාස්‌ත්‍රය තමන්ද තරමක්‌ දුරට දන්නා නමුත්, මෙම ශාස්‌ත්‍රයෙහි කෙළ පැමිණියාවූද, රාවණ පෙළපතට ඥති සම්බන්ධතා ඇත්තා වූද, මලය ප්‍රදේශයේ රජතුමා මේ සඳහා යොදවා ගැනීම වඩා සුදුසු බවත්, එසේද වුවත් පඬුවස්‌දෙව් රජුට බියෙන් සැඟවී සිටින නිසා ඔහු ගෙන්වා ගැනීම අපහසු බවත් ඔවුහු කීය. එබැවින් යක්‍ෂ ගෝත්‍රිකයකුව යොදවා උපක්‍රමයක්‌ මගින් මලය රජු ගෙන්වා ගන්නා ලදී. "බිය වන්නට කරුණක්‌ නැත. ඔබ ගෙන්වා ගත්තේ, ඔබේ ශාස්‌ත්‍රයෙන් මගේ අභය සලසා ගන්නටය.
ඔබ එය ඉටු කරන්නේ නම් ඔබේ අභය ගැන ද මම සහතික වෙමි." යි පඬුවස්‌ දෙව් රජු මලය රජුට ප්‍රකාශ කළේය. මෙම වචන යක්‍ෂ ගෝත්‍රික රජ පෙළපතකට සම්බන්ධ අයකු නිසා කොයි මොහොතේ හෝ තමා සොයාගෙන මරා දමනු ඇතැයි බියෙන් මෙතෙක්‌ සැඟවී ජීවත් වූ මලය රජුගේ අමන්දානන්දයට හේතු විය. පඬුවස්‌දෙව් රජුගෙන් මෙම වචන ප්‍රකාශ වූයේ අසාධ්‍ය තත්ත්වයකට පත්ව මරණයේ දොරටුව අභියස සිටි ඔහු රාජ්‍යයට වඩා සිය ජීවිතය අගේ කොට සැලකූ හෙයිනි. මලය රජු විසින් සිය ශාස්‌ත්‍රය මගින් පඬුවස්‌ දෙව් රජු වහා සුවපත් කරන ලදී. එසේ කළ ඔහු මින් මතු තමන්ගෙන් පඬුවස්‌ දෙව් රාජ්‍යයට තර්ජනයක්‌ නොමැති බැව් පෙන්නුම් කිරීම සඳහා තමන් සතු ඔටුන්න එම රජු ඉදිරියේදීම තමන් හා පඬුවස්‌ දෙව් රජු හමුවීමේ සිද්ධියේ සම්බන්ධීකරණ සේවය සැලසූ තම ගෝත්‍රිකයාට ප්‍රදානය කොට ආපසු යන්නට ගියේය.
මලය රජුගේ ඔටුන්න රාවණ රජුගේ ඔටුන්න අනුව සාදන ලද්දක්‌ බැව් ද යක්‌දෙස්‌සන් හෙවත් උඩරට නැටුම නමින් හැඳින්වෙන නැටුමෙහි නියුතු නැට්‌ටුවන්ගේ වෙස්‌ තට්‌ටු ඒ අනුව සාදාගෙන ඇති බැව් ද දැන් පැහැදිලිය. දශ දේශයක රජු වශයෙන් සිටි රාවණගේ ඔටුන්නේ ඇති තුඩු සහිත පෙති දහයකින් එම දශ දේශය සංකේතවත් කරන්නට ඇත. මෙම ඔටුන්න යක්‌දෙස්‌සන් අතට පත් වී කාලයක්‌ ගිය පසුව, ඒ අනුව වෙස්‌ තට්‌ටු සෑදීමේදී, විශේෂයෙන් ශිඛා බන්දනය නම් කොටසෙහි වෙනස්‌කම් සිදු කරන ලදී. තුඩු සහිත පෙති දහය (10) වැනි ඉරට්‌ටේ ගණනකින් යුක්‌ත වනවාට වඩා එකොළහ (11) වැනි ඔත්තේ ගණනකින් යුක්‌ත වීමෙන් වෙස්‌ තට්‌ටුවේ අලංකාරයක්‌ ඇති වේ යෑයි කල්පනා කරන ලදී.
ඔත්තේ ගණනකින් යුතුව සෑදීමේදී එක පෙත්තක්‌ හරි මැදට සිටින සේ පිළියෙළ කළ හැකි බැවැනි. මෙසේ මුලින් පැවැති පෙති දහය එකොළහ බවටද, එකොළහ දහතුන බවටද, දහතුන පහළොව බවටද පත් කර ගෙන ඇත්තේය. සමහර විට රාවණගේ ඔටුන්නෙන්, යටත් දේශයන් නවයක ඔටුණු සංකේතවත් කරනු ලැබ තිබී, ඒ අනුව නැට්‌ටුවාගේ වෙස්‌ තට්‌ටුව මුලින්ම පිළියෙල වුණා වන්නටත් බැරි නැත. කෙසේ හෝ පෙති පහළොවකින්, දහතුනකින් පමණක්‌ නොව එකොළහකින් ද යුතු ශිඛා බන්ධනය සහිත වෙස්‌ තට්‌ටු අද දක්‌නට ඇත්තේය. මලය රජු විසින් ප්‍රදානය කරන ලද්දේ ඔටුන්නෙන් අර්ධයකියි කෙනෙකු කියන්නට පුළුවන. එය සත්‍ය නම් එම අර්ධයේ පෙති පහක්‌ තිබෙන්නට ඇත. එම පහ එකවරකට දෙක බැගින් වැඩිවීමෙන් වර්තමාන සංඛ්‍යාවට පත් වුණා විය හැකිය..
මලය රජු නමින් සඳහන් කර ඇති රජු අයත් රාවණ පෙළපතේ පාලන මධ්‍යස්‌ථානය වූයේ ලංකාපුරය හෙවත් වර්තමාන සීගිරිය යෑයි සිතමි. සමහර සීගිරි චිත්‍රයකින් නිරූපිත රජ බිසොවකගේ හිස්‌ පළඳනාව යක්‌දෙස්‌සාගේ වෙස්‌ තට්‌ටුවට, විශේෂයෙන් එහි පාහින්පත නමින් හැඳින්වෙන කොටසට - නෑකම් දක්‌වන බව ද මෙහිදී සඳහන් කිරීමට කැමැත්තෙමි.
වෙස්‌ තට්‌ටුවේ (ශිඛා බන්ධනයෙහි) ආරමභක පෙති ගණන ද එය පැමිණි දේශය ද ඇතුළත් විස්‌තර සැකයෙන් යුතුව සඳහන් කරන ලද නමුත්, සැකයෙන් තොරව සඳහන් කළ හැකි කරුණක්‌ ඇත්තේය. එනම් එයින් නිරූපිත ඔටුන්න ලද මුල් යක්‌දෙස්‌සා මෙන්ම, එම ඔටුන්න මුලින් දරා සිටි මලය රජු ද යක්‍ෂ ගෝත්‍රයේ රුධිරය ඇත්තකු බවයි.
අයි. ගුණරත්න පොල්ගහවෙල 
================================================
උපුටා ගැනීම් සහිතයි ....!!!
දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....

අබිරහස් අඩවිය - Abirahas Adawiya