Friday, August 5, 2016

කුණඩලීණී ශක්තිය 1.yoga....අබිරහස් අඩවිය - Abirahas Adawiya

කුණඩලීණී ශක්තිය ලෙස අදහස් වනුයේ කුමක්ද කියා සරලව තේරුම් ගත නොහැක්කකි. ඈත අතීතයේ ජීවත් වූ ඍෂිවරු පවා මෙම කුණඩලීණි ශක්තිය හැඳින් වීම උදෙසා විිවධාකාරයේ නිර්වචන ඉදිරිපත් කරලීය.
ඇත්තෙන්ම කුණඩලීණි ශක්තිය යනු කුමක්ද? කුණ්ඩලීණිය යනු බඹයක් පමණ උස වූ මිනිස් ශරීරය තුළ ඇති අති මහත් වූ ශක්තියකි. වෛදික ක‍්‍රමවේදයක් තුළ එය විග‍්‍රහ වෙනුයේ විශ්වය තුළ ඇති අපරිමිත ශක්තිය මිනිස් සිරුරක් තුළට කැටි කිරීමක් ලෙසය.

පරමාත්මය හා ජීව ආත්මය
විශ්වය යනු එකම ශක්ති ගබඩාවක් බව අප කවුරුත් දන්නා කරුණකි. අප විශ්ව ශක්තිය ලෙස කතා කරන්නේ එයයි. මැරි මැරි උපදින මිනිසාගේ භවය පාලනය කරනු ලබන්නේ ‘පරමාත්මය’ නම් වූ අති විශාල වූ විශ්ව ශක්ති ප‍්‍රබවයකි. මිනිසකු උපදින විට මෙම පරමාත්මයෙන් කොටසක් ඔහු තුළට එකතු වෙයි. එය ‘ජීව ආත්මය’ ලෙස හඳුන්වනු ලබයි.

පරමාත්මය යනු අති ප‍්‍රබල විශ්වීය ශක්තියකි. ඒ තුළ ඇත්තේ විශ්වයේ සකල විධ බිහි වීමයි. සකල විධ පැවැත්මයි. එසේම සකල විධ විනාශයයි. මෙය සරල වචනයකින් පවසතොත් සමස්ත විශ්වයේම පාලනය කළ හැකි ඥානය මේ තුළ පවතී. අප සියලූ ආගම්වල අවසන් ඵලය වන මෝක්ෂය තුළින් උත්සහ කරන්නේ මේ පරමාත්මය හා එක් වීමයි.
ත‍්‍රි ගුණය

ද්වාපර යුගයේ විශ්වයේ පාලන ශක්තීන් ලෙස විග‍්‍රහ කළ සාත්වික්, රජමික්, තමසිත් යන ත‍්‍රී ගුණයන් හරහාද විග‍්‍රහ වූයේද මෙම පරමාත්මයේ වූ ශක්ති ස්වරූපයන්ය.

සාත්වික – බ‍්‍රහ්ම – නිර්මාණය කිරීම
රජසික් – විෂ්ණු – පවත්වාගෙන යෑම
තමාසික් – ශිව – විනාශය
පරමාත්මයෙන් උකහා ගනු ලබන ජීව ආත්මය නම් ශක්ති ප‍්‍රභවය මිනිස් සිරුර තුළ තැම්පත්ව ඇත්තේ කොඳු ඇට පෙළේ අවසන් පුරුකට යටිනි. සරලව පවසතොත් ස්ත‍්‍රියකගේ හා පුරුෂයකුගේ ගුදය ආසන්නයේය්. මේ අසීමාන්තික වූ ශක්තිය කොදු ඇට පේළිය ආධාර කොට ගනිමින් පහළ සිට ඉහළටත් ඉහළ සිට පහළටත් ගමන් කිරීම සිදුවේයි. මිනිස් ශරීරය යන්ත‍්‍රයකට සමාන කළහොත් මෙම යන්ත‍්‍රයේ ක‍්‍රියාකාරිත්වය බල මූලාශ‍්‍ර හයක් ඔස්සේ පාලනය කෙරෙයි. අප චක‍්‍ර ලෙස හඳුන්වන්නේ මෙම බල මූලාශ‍්‍රයි.
චක‍්‍ර හත
මිනිස් ශරීරය තුළ චක‍්‍ර හතක් පවතින මුත් ශරීර යාන්ත‍්‍රණයේ ක‍්‍රියාකාරිත්වය උදෙසා අවශ්‍ය වනුයේ චක‍්‍ර හයක් පමණි.
1. මූලාධාර චක‍්‍රය
2. ස්ව අධිෂ්ඨානය චක‍්‍රය
3. මණිපුර චක‍්‍රය (නාභි චක‍්‍රය*
4. අනාභාත
5. විශුද්ධි චක‍්‍රය
6. ආඥා චක‍්‍රය
7. සහස‍්‍රා චක‍්‍රය (සහස්සර*
මෙම චක‍්‍ර හත පවතින්නේ කොදු ඇට පේළිය ඔස්සේ පහළ සිට ඉහළටය. මෙහිදී කොදු ඇට පේළීයේ පහළින්ම පිහිටා ඇත්තේ මූලාධාර චක‍්‍රයයි. සහස‍්‍රා නැතහොත් සහස්සර චක‍්‍රය ඇත්තේ අපේ ඉස් මුදුනේය. මාගේ අත්දැකීම් අනුව නම් සහස‍්‍රා චක‍්‍රය ලෙස හඳුන්වන්නේ අපේ ජීව ශක්තිය චක‍්‍ර හරහා අවධි වීමෙන් පසු පරමාත්මය හා සම්බන්ධ වීමයි. මෙය පිහිටවන්නේ ශරීරයෙන් පිටතය. ඒ අනුව අපේ ශරීරය තුළ පිහිටා ඇත්තේ චක‍්‍ර හයකි. මෙම චක‍්‍ර හුදෙක්ම අධි ඥාන හෝ අධි ශක්ති ලබාගැනීම උදෙසාම භාවිත වන්නක් නොවේ. මා පෙර සඳහන් කළ පරිදිම ඒ ඒ චක‍්‍රයෙන් අප ශරීරයේ එක් එක් කොටස්හි ක‍්‍රියාකාරිත්වය පාලනය වෙයි.
මූලාධාර චක‍්‍රය
ජීව ශක්තිය සැඟව ඇත්තේ මේ තුළයි. මේ චක‍්‍රය තිකෝණයකින් සංකේතවත් වෙයි. ඒ වටා පෙති හතරක මලකි. ඉඩා නාඩිය, පිංග නාඩිය හා සුසුම්නා නාඩිය නැතහොත් ගින්දර, හිරු හා සඳු යන ශක්තින් එකවර බල ගැන්විය හැක්කේ මෙම නාඩිය හරහාය. මෙය පිහිටා ඇත්තේ ගුදය යට කොදු ඇට පේළියේ මුලය. තුන්කල් දැකීම හා අධි මානසික ශක්තින් මෙම චක‍්‍රය බල ගැන්වීමෙන් ලබාගත හැකි වේ. මෙය වර්ණවත් රතු පැහැයයි.
ස්වාධිෂ්ඨාන චක‍්‍රය
මෙම චක‍්‍රය පිහිටා ඇත්තේ ස්ත‍්‍රී පුරුෂ ලිගේන්ද්‍රයන් මුලය. එක් පුරුෂයකු හා එක් ස්ත‍්‍රියක් මනා සිහියෙන් යුතුව සිදුකර ලිංගික එක්වීම් හරහාද මෙම චක‍්‍රය අවධි වෙයි. එවිට ශරීරයේ සියලූ චක‍්‍ර බල ගැන්වීමක්ද සිදුවෙයි. රවුම් හැඩයකින් හා පෙති හයකින් මෙම චක‍්‍රය හැඳින්වෙයි. මෙම චක‍්‍රය තැඹිලි පැහැයෙන් යුක්තය. ලිංගික ශක්ති රඳවා පවතින්නේ මේ හරහාය. මෙම චක‍්‍රය පාලනය කිරීමෙන් භෞතික ආශාවන්වලින් නිදහස් වේ.
මණිපුර චක‍්‍රය
මෙම චක‍්‍රය පිහිටා ඇත්තේ නාභිය අසලය. නාභියට අඟලක් යටින් මෙය පිහිටයි. මෙම චක‍්‍රය ශරීරයේ අග්නිය පාලනය කරනු ලබයි. ආහාර නිසි ලෙස පාලනය කිරීමේ ශක්තිය මේ හරහා ක‍්‍රියාත්මක වෙයි. මණිපුර චක‍්‍රය ත‍්‍රිකෝණාකාර හැඩයකින් සහ පෙති දහයක මලකින් සංකේතවත් කෙරෙයි. මෙහි වර්ණය වනුයේ කහ පැහැයයි.
මෙම චක‍්‍රය බල ගැන්වීමෙන් විශ්වීය ඥානය ලැබෙන අතර අන් අයගේ රෝග සුව කිරීම උදෙසා දිව්‍යමය බලයන් ලබා ගැනීමේ හැකියාව උදා වෙයි.
අනාභාත චක‍්‍රය
ඕනෑම අයෙකුගේ හදවත තුළ පිහිටා ඇති් මෙම චක‍්‍රය මඟින් ශරීරයේ රුධීර සංසරණය, රුධිරය පිරිසුදු කිරීම මෙන්ම රෝග පාලනයද යහපත් වෙයි. මෙම චක‍්‍රය කොළ පැහැයෙන් යුක්තය. ශරීරයේ වායෝ ගුණය පාලනය කරන්නේද මෙම චක‍්‍රයේ ක‍්‍රියාකාරිත්ව හරහාය.
සයකොන් තරුවක් ලෙස දිස්වන මෙම චක‍්‍රය වටා පෙති දොළසක මලක් දැකගත හැකි වෙයි.
මෙම චක‍්‍රයේ පවතින විශේෂත්වය වනුයේ මෙම චක‍්‍රය බල ගැන්වීම හරහා විශ්වයේ ඇති ශබ්ද උකහා ගැනීමටවත් සියුම් ශබ්ද ශ‍්‍රවණය කිරීමේ හැකියාවත් ලැබෙයි. අදෘශ්‍යමාන ආත්මයන් දැකීම හා ඔහුන් සමග අදහස් හුවමාරු කර ගැනීමේ හැකියාව මේ හරහා ලබාගත හැකි වෙයි. එනම් පියවි ඇසට නොපෙනන දේ බැලීමේ හැකියාවයි.
විශුද්ධි චක‍්‍රය
මෙම චක‍්‍රය පිහිටා ඇත්තේ උගුරු ඇටයට පහළින් ඇති වළ තුළය. පුද්ගලයකුගේ කතාව මෙන්ම කතාව හරහා අන් අය ග‍්‍රහණය කර ගැනීමේ හැකියාව පාලනය කරන්නේ මේ චක‍්‍රයයි. දුක හා බිය පාලනය වන්නේද මේ හරහාය.
පෙති දහසක් ඇති මලකින් මෙම චක‍්‍රය සංකේතවත් වෙයි. මෙහි වර්ණය වන්නේ නිල් පැහැයයි. මෙ චක‍්‍රය බලගැන්වීමෙන් තම අදහස් අන්‍යයන් අතර ප‍්‍රචලිත වන අතර නිරුත්සාහිකව කව සත්‍ය තොරතුරු පැවසීමේ හැකියාව උදාවෙයි.
ආඥා චක‍්‍රය
මෙය පිහිටා ඇත්තේ නළල් තලයේ මැද නැතහොත් දේ බැම අතරය. අප තෙවන ඇස ලෙස හඳුන්වන්නේද මෙයයි. ඕම් සල කුණින් මෙන්ම පිරුණු මල් පෙති දෙකකින් මෙම චක‍්‍රය හඳුනාගත හැකි වෙයි.
මෙම චක‍්‍රයේ වර්ණය දම් වන අතර සමහර අවස්ථාවලදී ලා කොළ පැහැයෙන්ද මෙය දැකගත හැකි වෙයි.
මෙම චක‍්‍රය අවධි කිරීමෙන් එයට පහළින් ඇති චක‍්‍ර පහේම පාලනය අතට ගත හැකි බව වෛදික සාම්ප‍්‍රදායේ විශ්වාසයයි. එනම් චක‍්‍ර රිමෝටය ඇත්තේ මේ තුළයි.
මෙම චක‍්‍රය අවධි කිරීම හරහා අන් චක‍්‍රවල පාලනය සක‍්‍රිය කිරීමත් තෙවන ඇසින් ලොව දැකීමේ ශක්තිය, සියලූ විෂයන් ගැන දැණුම ලැබෙයි. විශේෂයෙන්ම පිටසක්වළ නැතහොත් වෙනත් ලෝක, ජීවයේ ආරම්භය ආදි කරුණු පිළිබඳ දැණුම පහළ වීම සිදුවෙයි. අන් පුද්ගලයන්ගේ කර්මය අවබෝධ කර ගැනීම සහ ඒවාට නිසි පිළියම් යෙදීමේ හැකියාවද මේ හරහා උදා වෙයි. කර්මයේ නිවස්නය ලෙස මෙම චක‍්‍රය හඳුන්වන්නේ එබැවිණි.
සහස්සර (සහස‍්‍රා) චක‍්‍රය
මෙම චක‍්‍රය මොළය තුළ පිහිටා ඇත. එහෙත් මාගේ දැණුමට අනුව නම් මෙය පිහිටා ඇත්තේ හිසට ඉහළකි. පරමාත්මය හා ජීව ආත්මයේ එක්වීම නැතහොත් විශ්වී ඥානය හා එක‍්‍රාගු වීම මෙයින් අදහස් වෙයි. පෙති දහසක මලක් ලෙස මෙය දැකගත හැකි වෙයි. මෙම චක‍්‍රය අවධි කිරීමෙන් අමරණීයත්වයට පත්වන බවත් සිරුර වයසට යෑම පාලනය කළ හැකි බවත් කියවෙයි. වර්තමාන කාලයට සාපේක්ෂව බලන විට උපරිම ආයුෂ කාලය (අද 75* හොඳින් ගත කිරීමද අමරණීය වීමකි.
මේ ආකාරයට කුණ්ඩලිනී චක‍්‍රවල ක‍්‍රියාකාරිත්වය හඳුන්වා දිය හැකි වෙයි. ඒ ඒ චක‍්‍රයට අදාළ වර්ණ, යන්ත‍්‍ර, මල් පෙති, සත්ව රූප අක්ෂර පවතින අතර භාවනා හෝ යෝග වැඩිම්වලදී මෙම සෑම දෙයක්ම දැක ගැනීමේ අවස්ථා උදාවන්නේ නැත. චක‍්‍ර අවධි වීමකදී එක් එක් ස්වභාවයන් දැකගත හැකි වෙයි. එය වර්ණය, මල් පෙති හෝ සත්ව රූප ආදියෙන් එක්ක වීට ඉඩ ඇත.
අන් කාරණය වනුයේ චක‍්‍ර බලගැන්විය ආත්මීය හුරුව මත ඉතා ඉක්මනින් හෝ කල්ගත වීම සිදුවීමට ඉඩ කඩ පවතී. අප එය ඛසබන වීම නැතහොත් සහ සම්බන්ධ වීම ලෙස හඳුන්වනු ලබයි.
භෞතික අපේක්ෂා උදෙසා චක‍්‍ර බල ගැන්වීම බනොහැකි අතර චක‍්‍ර බලගැන්වීම නැතහොත් පරමාත්මය හා සහ සම්බන්ධ වීම තුළින් කළ හැකි වන්නේ සමාජයීය කාරණාවන්ය. එය මඟ පෙන්වීම, දැනුම ලබාදීම හෝ ගැටලූ විසඳීම ආදී ක‍්‍රමයෙන් හරහා ප‍්‍රායෝගිකත්වයට පත් කළ හැකි වෙයි. අතීත හෙළය තුළ ඍෂිවරු මුණිවරු තම දැනුම සමස්ත සමාජය වෙත බෙදා දුන්නේ එබැවිනි.
================================================
උපුටා ගැනීම් සහිතයි ....!!!
දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....

අබිරහස් අඩවිය - Abirahas Adawiya 

No comments:

Post a Comment