Tuesday, August 28, 2018

නයා මැරූ පලිය ගත්තු නාග පිල්ලි......(naga pilliya අබිරහස් අඩවිය - Abirahas Adawiya - හොල්මන් කතා. holman katha)

හංවැල්ලේ සමනබැද්දේ ගුණතිලක පද්මපෙරුම මහතා ලියා එවූ කතාවකි මේ.
මේ කථාව දැනට අවුරුදු 10කට පෙර සිදුවීමකි. නමින් ඔහු ගුණපාලය. නමුත් ඔහු හඳුන්වන්නේ පාල යන කෙටි නමින්ය. ඉතාම කෑදරකමක් තිබුණේ මස්වලටය. මස් නැති දවස්වලට වඳුරෙක් මරාගැනීමට මේ පාල නොයෙක් උපක්‍රම යොදා ගනී. උගුල් ඇටවීම, බල්ලන් කුලප්පු කර වඳුරන් බය කර වැටුණු පසු අල්ලා ගැනීම ඒ අතර වෙයි. මේ සඳහා බල්ලන් උදව්වට ගනී. 

මීට අවුරුදු හතකට පෙර සිට වල් ඌරන් මේ පළාතට ඇවිත් තිබේ. හේන් පාළු කිරීම සහ සිටවන ලද භෝග විනාශ කිරීම මහා කරදරයක් වීම නිසා උගුල් අටවා අල්ලා ගැනීම හෝ හක්ක පටස් දමා හෝ අල්ලා ගැනීමෙන් පසු මස් කරගැනීම පාලට ලැබුණු රාජකාරියකි. ඒ වෙනුවෙන් පාල නොයෙකුත් උපක්‍රම යොදා ගනී. වල් ඌරා ඇල්ලීමට ඉලක්ක කර ගත්තේ සවස 6ට පමණය. උගුල් අටවා හක්ක පටස් ඌරා යන පාරේ තබන ලදී. එක්තරා වේලාවක උගුලෙන් බේරුණ ඌරා හක්කපටස් ගිලින ගමන් පත්තුවිය. වෙඩි වැදුණු ඌරා අන්නාසි අකුලක ඔළුව ගසාගෙන වේදනාවෙන් සිටිය අතර පාල එතනට පැමිණ මධුවිත පානය කිරීමත් සමග ඌරා මැරී ඇති බව සිතා ළඟට කිට්ටු වී කකුලෙන් අදින්නට විය. වේදනාවෙන් සිටිය ඌරා පැනපු ගමන් පාලගේ ශරීරය පුරාම හපන්න විය. වෙරි මත නිසා එතනම වැටුණත් නැවත නැගිටල යන්න තනන විට නැවතත් වැටුණි. එම සද්දය ඇසී පැමිණි අසල නිවසේ අය මොහු රෝහලට රැගෙන ගියහ. තුවාල පැසවීමත් ලේ පිටවීමත් නිසා දුර්වල තත්ත්වයේ පැමිණි පාල සුව කිරීමට නොහැකි බැවින් මරණයට පත්විය.
මිය යාමට පෙර ඌරකු මෙන් හඬ නගමින් පාල දුක් වින්ද බව අපට මතකය.
කුමාරකට්ටුව ඊ.එස්. කෲස් මහතා ලියා එවූ කතාවකි. 

නාග පිල්ලිය
මෙම සිදුවීම දැනට වසර දොළහකට පමණ පෙර ගම්මානයක සිදුවූ සත්‍ය සිද්ධියකි. 

මේ  විශාල පොල් වතුවලින් ගහන ගමකි. ගමේ කෙළවරක වන්නට විශාල පොල්වත්තකි. එහි එක පැත්තක් ගමට විවෘත වූ අතර එහි එක් කෙළවරක විශාල පලු ගසක් වටකර වැඩුණ නුග වැලකි. ගසේ වයස අවුරුදු දෙසීයකට වඩා පැරණි බව ගමේ වැඩිහිටියන්ගේ මතය විය. මේ ගසේ මැද කොටසේ වූ විශාල බෙනයකි. එහි විශාල නාගයකු වසන බව බොහෝ අය දැක ඇත. මේ ගස් ඉදිරිපිට පාරෙන් අනිත් පැත්තේ දාස මල්ලිගේ කඩය පිහිටා ඇත. ඔහු කඩයට අමතරව කුකුළන් ඇති කිරීමද කළේය. 

දිනක් කුකුළු කොටුවේ කිකිළියන් කෑගසනු ඇසී ඔහු වහා එදෙසට දුව යන විට කොටුවෙන් මෑත්වී වැට දෙසට ඇදෙන නාගයා දක්නට ලැබුණි. අසල තිබූ දිග රිටක් අතට ගත් දාස සතා ලුහු බැන්දත් ඌ අතුරුදන් විය. කුකුළු කොටුවට ගොස් බැලූ විට බිත්තර හත අටක් අතුරුදන් වී ඇති බව පෙනෙන්නට තිබුණි. අනිවාර්යෙන්ම ඒවා නාගයාගේ ගොදුරු බවට පත්වෙන්නට ඇතැයි සිතූ ඔහු නයාට පාඩමක් ඉගැන්වීමට සිතා අල්ලපු වත්තට පැන පොල්අතු එකතුකර ගස වටේට ගොඩ ගසා රාත්‍රිය එළැඹි පසු ගිනි ලෑවේය. එය වියළි කාලයක් වූයෙන් ගසේ වූ දිරාපත් අතු ඉතිද දවාගෙන මහා ගින්නක් බවට පත්විය. 

පසුදා උදේ බලන විට ගස හතරෙන් තුනක්ම පිළිස්සී තිබිණි. අළුගොඩ පරීක්ෂා කරන විට පිළිස්සී දරදඬු වුණ නාගයාගේ සිරුරද එහි විය. පිළිස්සුණ නාග සිරුර පැත්තට ඇද දමා නැවතත් පොල් අතු ටිකක් දමා සම්පූර්ණයෙන්ම පුලුස්සා දැමීය.

මේ සිදුවීමෙන් මාස තුනකට පමණ පසු දෙසැම්බර් නිවාඩුවට දාසලාගේ අයියලා දෙදෙනා සහ ඒ පවුල්වල අය සමග දාසද දාසගේ බිරියද දරු දෙදෙනාද ඇතුළු කණ්ඩායම වැඩිමල් අයියාගේ වෑන් එකෙන් දින දෙකක විනෝද චාරිකාවක යෙදුණාහ. ඔවුහු පළමු දින කිතුල්ගලට පැමිණ දහවල් ආහාරයට ප්‍රථම නෑමට පටන් ගත්හ. මත් වතුරද යහමින් තිබුණි. වැඩිහිටි අය ගඟ අයිනේ පොට් එකක සෙට් වුණ අතර, පිරිමි ගැටව් පිහිනමින් නාන්නට පටන් ගත්හ. එහෙත් ටික වේලාවකින් එක් අයෙකු ගඟ දිගේ ඈතට ගසාගෙන යන බව දුටු වයසින් වැඩි පිරිමි දරුවාද ඔහු හඹා යන්නට විය. විනාඩි කීපයකින් දෙදෙනාම ගඟ දියේ නොපෙනී ගියහ.

එදින හවස් වන විට නාවික හමුදාවේ උදව් ඇතිව මළ මිනී ගොඩ ගනු ලැබූ අතර එක් දරුවෙකු දාසගේ එකම පිරිමි දරුවාය. අනෙක් දරුවා අයියගේ වැඩිමල් පිරිමි දරුවාය. මිනී දෙකම එකම හර්ස් එකකින් ගමට ගෙන එන විට පසුදා එළිය වැටී තිබුණි. ඊට දෙදිනකට පසු මිනී පෙට්ටි දෙකම එකම වේලාවට එකම පෙරහැරකින් කනත්තට ගෙන ගියේ මුළු ගමම එකතු වීමෙනි. නාග ශාපය කොතරම් ප්‍රබල වීද?
ගම්පහ අස්ගිරියේ ඒ.බී.ඒ. ලෙනාඞ් මහතා ලියා එවූ කතාවකි. 

බිරිය මැරීමේ ශාපය.
මෙය කොළඹට නුදුරු ප්‍රදේශයක, නවසිය පනහ දශකයේ සිදුවීමකි. ඔහුගේ නම විල්සන් යයි කියමු. එහෙත් හිතවතුන් අතරේ ඔහු -විලී” විය. එමෙන්ම -බෙහෙත් මහත්තයා” ලෙස අන්වර්ථ නාමයක්ද ඔහුට විය. ඒ ඔහු ගම්මුන්ට වෙදකම් කිරීම හේතුවෙනි. විනෝදාංශයක් ලෙස ඔහු කළ මේ සේවයට අතරින් පතර තුටු පඬුරුද නොලැබුණා නොවේ.

මොහු නිල ඇඳුම අනිවාර්ය වූ රජයේ සේවකයෙකු වූ අතර සේවය කළේ සේවා මුර අනුවය. තවද ඔහු දක්ෂ හොකී ක්‍රීඩකයෙකුද විය. එහෙයින් තරග සඳහා රට වටේ යාමටද ඔහුට සිදුවිය.
මා -විලී” හඳුනාගත්තේ නවසිය අසූව දශකයේදීය. ඔහුගේ වැඩිමහල් පුත්‍රයා මාගේ වයසේම විය. එහෙත් අපි දෙදෙනා අතිශය මිත්‍රයෝ වීමු. ගොම්මන් වේලාවන්හීදි සප්පායම් වීම ඔහුගේ සිරිතක් විය. 

දිනක්, දුර බැහැර පෙදෙසක පැවැත්වීමට නියමිතව තිබූ හොකී තරඟයක් අවලංගු වීම නිසා ඔහු අපේක්ෂා කළ දිනයට පෙර දින තම නිවසට පැමිණියේය. තම බිරිඳ සමග ඇගේ ඥාති පිරිමියෙකු කාමරයේ සිටිනවා දැකීමෙන් හේ තිගැස්සුණේය. ඥාතියා බිරියගේ ඔළුව බලමින් සිටියේය. බිරිය ගැන මීට පෙර කිසිදු සැකයක් නොතිබුණු හෙයින් ඔහු එම සිද්ධිය අමතක කළේය. අමතක කිරීමට උත්සාහ කළේය.
එහෙත් එම සිද්ධිය ඔහුගේ මනස අවුල් කිරීමට හේතු සහගත විය. ඔහුගේ බාල පුත්‍රයා ඔහුගේම දැයි ඔහුට කුකුසක් පහළ විය. අවසානයේදී ඔහු තීරණයට එළැඹුණේය. 

දිනය උදාවිය.

එදා ඔහුට නියමිතව තුබූ රාත්‍රී සේවයට ලක ලැහැස්ති වී නිල නිවසින් පිටවූයේ සිරිත් පරිදි තම පාපැදියෙන්ය. 
කාර්යාලයේ ඔරලෝසුවේ දොළහේ කණිසම වැදිණි. විලී වට පිට බැලුවේය. ඔහුගේ සහෝදර නිලධරයෝ තැනින් තැන සුව නින්දේ පසුවෙති. මාරයාගේ හෝරාව පැමිණ ඇති බව විලීට පසක් විය. නිල ඇඳුම් උනා තබා සිවිල් ඇඳුමෙන් සැරසුණු විලී, පාපැදියට නැග තම නිවසට පැමිණියේය. හොර රහසේම තම නිවසට පැමිණි විලී, සාක්කුවේ තුබූ අමතර යතුරු ගෙන ඉදිරිපස දොර විවෘත කළේය. බිරිය යහනේ සුව නින්දේය. ඇය ළඟට ගිය ඔහු තම සාක්කුවෙන් තංගුස් නූලක් එළියට ගෙන තම බිරියගේ ගෙලවටා දමා දෙපැත්තෙන් ඇද්දේය. 

බිරිය මියගිය බව සැක හැර දැනගත් හෙතෙම කල් තියා සූදානම් කර තුබූ කඹයක් ගෙන එය බාල්කයේ ගැට ගසා එහි කෙළවර තොණ්ඩුවක් සෑදුවේය. අසල තිබූ පුටුවක් ගෙන තම බිරියගේ ඇඟිලි සටහන් එම පුටුවේ තැබීය. අවසානයේ ඔහු සයනේ වැතිර සිටි තම බිරිය කර තබාගෙන කඹයට ඇතුළු කර තොණ්ඩුව තද කළේය. බාල්කයේ එල්ලෙමින් තුබූ තම බිරියගේ අප්‍රාණික සිරුර දෙස අවසාන වරට බැල්මක් හෙළා, ළඟ තිබූ පුටුවද බිමට පෙරළා එතැනින් පිට වූ විලී තම කාර්යාලයට පැමිණියේ ඒ හැටි වේලාවක් ගත නොකරය. ඒ ඔහුගේ නිවසත් කාර්යාලයත් අතර දුර කි.මී. ස්වල්පයක් පමණක් වීම හේතුවෙනි. ඔහු පැමිණෙන විටත් මිතුරෝ තද නින්දේ වූහ.

කාන්තාවක් ගෙල වැලලාගෙන මිය ගිය බවක් ලැව් ගින්නක් මෙන් ගමේ පැතිරිණි. පොලිසියෙන් පරීක්ෂණ පැවැත්වුවත් ඔහුට විරුද්ධව කිසිදු සාක්ෂියක් සොයාගත නොහැකි විය. අසල්වැසියන් පොලිසියට පැවසුවේ විලී හෙවත් -බෙහෙත් මහත්තයා” සිය පවුලත් සමග සතුටෙන් ජීවත් වූ අයෙකු බවය. ඊට අමතරව විලී එදින රාත්‍රියේ රාජකාරියේ නියැළී සිටි බවද තහවුරු විය. මේ හේතූන් නිසාම විලීගේ බිරිඳ දිවි නසාගත් බවට තීරණය කෙරිණි. ඔහුට විරුද්ධව නඩුවක්වත් පැවැරුණේ නැත. බිරියගේ ඥාතීන් තුළ බලවත් සැකයක් ඇතිවී තිබුණද ඔවුන්ටද කර කියා ගත හැකි යමක් තිබුණේ නැත.
මින් දශක පහක පමණ කාලයක් තිස්සේ විලී ගත කළේ සාමාන්‍ය දිවි පෙවතකි. නැවත වරක් විවාහවූ ඔහු විනෝදයෙන් මිතුරු මිතුරියන් ආශ්‍රය කරමින් හැන්දෑවට සප්පායම් වෙමින් සතුටින් අඩ සියවසක් පමණ ජීවත් විය.

එහෙත්.........
කාලයාගේ ඇවෑමෙන් ඔහුගේ දෑසේ පෙනීම දුර්වල විය. ඒ හේතුවෙන් ගමන් බිමන් යාමද අසීරු විය. දැන් -දැන් හිටියා ඇතියි.” ඔහුට සිතුණි.
කඹයක් ගෙන බාල්කයේ එල්ලා, තොණ්ඩුවක් සාදා එතුළට තම හිස සහ ගෙල ඇතුළු කර විල්සන් හෙවත් විලී දිවි නසා ගත් වගයි. ඇසින් දුටුවාක් මෙන් මෙම -ඝාතනය” සවිස්තරව ලිවීමට මට හැකිවූයේ මිය යාමට පෙර මේ සිද්ධිය ගැන විලී මට සියල්ල පැවසූ නිසාය.
උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 


Monday, August 27, 2018

මළ මිනිය හෙල්ලෙන, සතුරන් මරණ පත්තෑ පිල්ලිය ආරක්‍ෂාවට සූර්ය මුද්‍රා අඳුන....(pilliya අබිරහස් අඩවිය - Abirahas Adawiya - හොල්මන් කතා. holman katha)

පිල්ලියක්‌ කියන විට ඇඟේ හිරිගඩු පිපෙන්නේ, ඇඟ මයිල් කෙලින් වෙන්නේ හදවත ගැහෙමින් සිතට ඇතිවන්නේ මහත් බියකි. එමෙන්ම පිල්ලි ගැන විශ්වාසයක්‌ ද ආදී යුගයේ සිටම අද දක්‌වා මිනිසා අතර පවතී.

ගුප්ත විද්‍යාවට අයත් පිල්ලි යෑවීමේ ශාස්‌ත්‍රය මාරණ තන්ත්‍රීය ගුරුකම්වලට අයත් ය. මිනිසා පිල්ලිවලට බය වීමට හේතු වන්නේ පිල්ලියක්‌ යවා මිනිසුන් මැරීමට, සොර සතුරන්ට දඬුවම් දීමට, ගොඩ මඩ ඉඩම් දේපළ විනාශ කිරීමට, පිස්‌සු ඔල්මාද කිරීමට ද, කැඩුම් බිඳුම් ඔත්පල කිරීම් ද, යක්‍ෂ භූත වේෂයන් ඇති කිරීමට, ව්‍යාපාර, ගේ දොර පාළු කරවීමට, රෝග සාදා සුව නොවී මරණය තෙක්‌ දුක්‌ වින්දවීම හා මිනිසාගේ පැවැත්මේ විනාශයක්‌ ඇති කිරීමට හැකි නිසා ය. මෙය සත්‍යයි. බොරු නොවේ.

විශේෂයෙන් පිල්ලි වර්ග සතරකි. 1. කුළුදුල් දරුවාගේ මළ කඳෙන් යවන පිල්ලිය. 2. ජීවම් කිරීමෙන් මළ කඳට ප්‍රාණය දීම, 3. පිල්ලි යකා බැඳි මළකඳ ආරූඪ කිරීම, 4. පුද දී යකාගේ අදහස ඉටුකර ගැනීමට උපයෝගී කර ගන්නා ක්‍රමයන් ය.

ක්‍රි. වර්ෂ 1910 ශ්‍රී ලංකාවට පැමිණි සුප්‍රකට මහා විද්‍යාඥයකු වන ආචාර්ය ඔපර් වෝල්ඩ් මහතා පිල්ලි පිළිබඳ බොහෝ වැදගත් කරුණු රාශියක්‌ අධ්‍යයනය කළ අයෙකි. එතුමා ඉන්දියානු සඟරාවක පිල්ලි පිළිබඳ විස්‌තරයක්‌ මේ අයුරින් සනිටුහන් තබා ඇත.

ප්‍රථමයෙන් කුළු ඳුල් තරුණියක්‌ යයි දැනගත් මන්ත්‍රක රුවකු විසින් ඇගේ නම ඌරු දතකින් බුලත් කොලයක ලියා පිට පැත්තේ රුව ඇඳ ඒ තරුණිය විසින් හපා කෑ බුලත් හපය ද ඇඳිවත නූල්, කුණු, නිය, කෙස්‌ ආදී පංච මල පහේ කොටස්‌ කොළයෙහි ඔතා තරුණියට උඩින් පැනෙන ලෙස වළලා දින තුනකින් පසු ගෙන නයි තුඹසක්‌ තුළ දින තුනක්‌ තබා ආපසු සඟවා තබා ඒ තරුණිය කවදා හෝ විවාහ වී ගැබ්බර වී සිටින විට බුලත් කොලය නැවත ඇයට උඩින් පන්නවා ගනී. ඉන් පසු ඇයට මහත් බියකරු හීන පෙනේ. මේ තත්ත්වය උග්‍ර වී දරුණු අතට හැරී බලා සිටියදී ඇගේ ශරීරය කෘෂ වේ. දරුවා බිහි කරන විට ඇගේ කුස තුළට යක්‍ෂ ආරූඪය ඇති වී ඇය මළ දරුවකු බිහි කරයි. එවිට ඇදුරාගේ සිතට සතුට උපදී. මේ සියල්ල දෙස ඇස ගසා සිටි මන්ත්‍රකරු පිරිසිදු වී රහසින් ගිනි කබලක්‌ ගෙන මල් දම් පැළඳ රතු රෙද්දක්‌ පොරවාගෙන කෙස්‌ වැටිය පිට කොන්ද තෙක්‌ කඩා මුදා හැර දොළ තටු පුද දී මහා සොහොන් යකා බන්දනය කරයි.

ඉන්පසු ඇදුරා වළ දමා ඇති මළ මිනිය රහසින් ගොඩ ගෙන රාත්‍රි 12 ට තොටුපලකට ගෙන ගොස්‌ නහවා බඩ පලා රිදී කෙන්දක්‌ ඇතුළු කර දිවි හමකින් වසා හිසේ තලප්පාවක්‌ පළඳවා නූල් පොටකින් අත ද බඳියි. මේ සඳහා සමයන් තටු 3 ක්‌ සාදා එහි සුරුහම් කළ මළමිනිය රැගෙන පාළු නිවසකට ගොස්‌ තබා රතු රෙද්දකින් වසා බිත්තර, ලේ ගොටු, මස්‌, රතු මල් වර්ග ඇතුළු පූර්ණ පිදේනි තටු තබා සුදු පිරුවටයක්‌ එලා ඒ මත වාඩි වී අදාළ පිල්ලි මන්තර වලින් ජීවම් කිරීම අරඹයි. එවිට මහා භයංකාර ලෙසින් මළ මිනිය සෙළවෙයි. පිල්ලි යකා නටයි. එවිට ඒ යක්‍ෂයාගෙන් තමාට අවශ්‍ය ඕනෑම වැඩක්‌ කර ගත හැකිය.

මෙසේ ප්‍රාණ කරන පිල්ලි වලින් එකක්‌ මෙසේය. පාද නොකැඩෙන අයුරින් ගරුඬකු අල්ලා මැරෙන තුරු භාජනයක්‌ තුළට දමා මියගිය ගරුඬාට තුන් කුළුඳුල් බිල්ල දී පිල්ලිය ලබා ගෙන දොළ තටු පුදා නිසි වේලාවට සතුරාගේ නිවසට යාබද සොහොනකදී පිල්ලි යකා ආරූඪ කර පත්තෑයා සොහොනෙහි හිටුවා ඇති කෝටුව දිගේ ඉහළට යන්න අණ කරයි. එවිට පත්තෑයා නොපෙනී යයි. විදුලියක වේගයෙන් සතුරා ළඟට ගොස්‌ ආපසු එයි. එවිට කෝටුවෙන් පහරක්‌ ගසා පත්තෑයා මල් ගොටුවට දා ගනී. එයින් පහර කෑ අයකු කොතරම් වෙදකම් කළත් සුවයක්‌ නොවී මැරී යයි. එය පත්තෑ පිල්ලියයි.

භාරතීය ඉන්දියාවේ එක්‌ එක්‌ ප්‍රාන්තවල එක්‌ එක්‌ ගෝත්‍රිකයන් සිටියද, භාෂාවෙන් වෙන් වුවද, ආගමික වශයෙන් වෙනස්‌ වුවද, ඒ හැම ගෝත්‍රිකයන්ම ඔවුන්ගේ භාෂාවෙන් භාවිතා කරන යන්ත්‍ර මන්ත්‍රවල විශ්වාසයක්‌ අදත් පවතී. එමෙන්ම ඔවුන් අතර ගුප්ත විද්‍යාවට අයත් ප්‍රබල පිල්ලි ඇත. මේවා අති බියකරුයි. ඒ පිල්ලි වලට මෙම නම් භාවිතා කරයි. මහ සොහොන් පිල්ලිය, ගිනි පිල්ලිය, නාග පිල්ලි, බලු පිල්ලි, බළල් පිල්ලි, වවුල් පිල්ලි, දිවි පිල්ලි, මළ පිල්ලි, කුරුමිණි පිල්ලි, වඩිග පිල්ලි ආදී නාමයන්ගෙන් හැඳින්වේ. මේවා ඉතා දරුණුq ඒවාය.

අද අප රටේ වෙසෙන ඇදුරන් බොහෝ දෙනෙකු විසින් පිල්ලි යෑවීම සඳහා භාවිතා කරන්නේ කල්ලු, මලයාලි ආදී මන්ත්‍ර විධිය. මේ ඉන්දියානු ගෝත්‍රිකයන්ගෙන් ලබා ගත් ආභාසයන් අනුවද පිල්ලි යවයි.

පිල්ලි යෑවීම හා පිල්ලි වලින් පල ලබා ගන්නා සැටිත් කබලෑ පටුන නම් මන්ත්‍ර පොතේ මෙසේ සඳහන් වන පිල්ලි වල විස්‌තර අනුව අපට පිල්ලි පිළිබඳව විශ්වාසයක්‌ තැබිය හැකිය. ඉන් කවි කීපයක්‌ මෙසේය.

එදා මුළු සූනියම්න 
පිල්ලි දහ අට නියමින
අංගං විසි සතර කින 
පැමිණි පිළිවෙළ කියන් මෙලෙසින
දිගිනුත් ඔඩ්ඩිස පොත වඩු රියන යි
පුලුලින් පත් ඉරු වග්ගුස්‌ කාල යි
පෙලින් ලියූ පෙලවල් කුරු දොළහ යි
තදින් බැඳපු පොත වට බැමි දොළහ යි
පිල්ලිමෙ දහ අට අංගං දෙතිස යි
ජීවන් දහඅට රූකඩ දොළස යි
කටුසර ජීවන් දෙසිය අසූව යි
ඉනා දෙනා තෙල් මන්න්ත්‍රා දොළහ යි
මිනී මරන්නට උපත කියන් නේ
කුරුමිණි ඔළුවේ ගිතෙල් උලන් නේ
ජපකර සොහොනා යවපන් නේ
දුර්ජන සතුරා මැරී වැටෙන් නේ
මෙවන් ගුරුකම් රැසක්‌ මේ පොතේ සඳහන්ව ඇත.

පිල්ලි යෑවීමේදී හෝ මන්ත්‍ර ආදියෙන් දිෂ්ඨ§ කර බන්දන කිරීමේදී මන්ත්‍ර වේදියාට ඇදුරාට යම් විධියකින් වැරැදුනහොත් ඇදුරාගෙන් පමණක්‌ නොව ඔහුගේ අඹු දරුවන්ගෙන් පවා පළි ගනී. සිය පවුලම වනසා මරා දමයි. මෙයයි එහි බිහිසුණුම තත්ත්වය. එම පොතේම එය මෙසේ සඳහන්ව ඇත.

නියම සූනියම් පොතකි බොලන්නේ
මිනී මරන්නට උපත කියන් නේ
දැන කළහොත් තම දිවි ගැලවෙන්නේ
නොදැන කළොත් වරිගෙත් නැති වෙන්නේ.
කළොත් අපායේ වැටෙයි කියන් නේ
ඒ පොත් ඉරු පිට පෙරලා පන් නේ
වානේ කටු ගැසූ තැනට බලන් නේ
කුමාර පිල්ලිය එතන තියෙන් නේ

එහෙත් කොතරම් පිල්ලි එව්වත් තෙරුවන් වඳින දෙවියන් පුදන, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, කේලම්, නොකියන කට ඇරියොත්, බොරු නොකියන, මස්‌ මාංශයෙන් තොර කිසිදු සත්පුරුෂයකුට පිල්ලියක්‌ යවා විනාශ කිරීමට බැරිය. එවන් අය ළඟට පිල්ලිය ගොස්‌ ආපසු ඇවිත් ඇදුරා පිටින් යයි.

ඕනෑම අංගමක්‌, පිල්ලියක්‌ ව්‍යාපාරික ස්‌ථානයට හෝ නිවසට තමාගේ ශරීර ආරක්‍ෂාවට හා සියලු භූමි ආරක්‍ෂාවට හූණු බිත්තර, මකුළු බිත්තර, අබිං, කංසා, බේඳුරු මුල් මල් දුම්මල තෙළින් අඹරා ගම් බිත්තර කටුවක්‌ තුළට දමා තිරිවානා ගල් තුනක්‌ මත තබා පස්‌ පැඟිරි දරින් රත්කර සිඳුවා සුරයක හෝ කුප්පියක, හෙප්පුවක බහා ළඟÊතබා ගන්න. මෙයට බලු කෙළ හා ගැරැඬි සැවද අඹරා මිශ්‍ර කරන්න. සියල්ලම මල් බුලත් පුටුව සකසා එහි තබා රවි දිනක රවි හෝරාවෙන් මේ මන්තරයෙන් 3008 වරක්‌ ජප කරගන්න.

ඕං හ්‍රSං රාම ගිනි ජල නලඹු ආරූඪ ගිනි ගිනි සුරැකැල ප්‍රේත හන්තු ජෝගිනි නල්ලා හේ හේ විෂ්ණු තයිනාර ශිලම්බු කාලී වල්ලි අම්මා දේව මැණියනි ඔඩ්ඩිවාරේ කේ කදිර දේව වේලා මයුම් කන්නි වේලාමනේ ගනපති සරස්‌වතී වා ගිනි කාලි වා වා ශ්‍රියා කානතාවේන් වා වා දුක්‌ඛ නෛයිනාක්‌ කඹල් එන්නප් පේරුම් කඩල් ආදිත්‍ය හනුමන්තා වර කුමාර මූක වේලාමනේ මූදු මුල්ලිජපොරොන්දු හිර මුද්‍ර සුරුංඩු කංඩාල් අංගං පිල්ලි කෛ කට්‌ටු මෙහොගනී ගිනි දැල් පූට්‌ටු.

දිවි ඇතිතෙක්‌ අන වින කොඩිවින අංගං පිල්ලි, යක්‍ෂ භූත ප්‍රේත අමනුෂ්‍ය බලවේග ඇඟට ළඟට ළං නොවේ. 

(පැරැණි පුස්‌කොල පත් ඉරුවෙන් උපුටා ගත් මන්ත්‍රයකි)
රඹුක්‌කන ජිනදාස එදිරිසිංහ
divaina
උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Friday, August 17, 2018

සමාන්තර ලෝක.... සමාන්තර ලෝක කිහිපයක් තිබිය හැකිද? (Parallel Universes -අබිරහස් අඩවිය - Abirahas Adawiya - ශාස්ත්‍රීය ළිපි)

විශ්වය ලෙස දුරේක්ෂ ඇසට හසු වන්නේ අපිට ආලෝකය ලැබෙන ප්‍රමාණයක දුරෙහි ඇති ප්‍රදේශයකුයි. මෙය නිරීක්ෂ්‍ය විශ්වය ලෙස හැඳින්වෙනවා. අපට මෙලෙස පෙනෙන ප්‍රමාණයෙහි තවත් ජීවීන් කොටසක් සිටිනවා නම්, ඔවුන්ට අපටත් එහා ඇති තවත් කොටසක් පෙනෙන නිසා ඔවුන්ගේ නිරීක්ෂ්‍ය විශ්වයෙහි කොටසක් අපට දැකගන්නට නොලැබෙන ප්‍රමාණයේ පිහිටා තිබෙනවා. සමාන්තර ග්‍රහලෝක සංකල්පයෙහිම පුළුල් මට්ටමක් වන සමාන්තර හෝ බහු-විශ්වයන්ගේ සංකල්පය ද දැන් කතාබහට ලක් වන්නක්. සමාන්තර ග්‍රහලෝක පිළිබඳ මතයෙහි සඳහන් වන්නේ අප වැනිම තවත් ග්‍රහලොවක් වෙනත් විය-හැකියාවක් සහිතව තිබිය හැකිය යන්නයි. එනම්, එම ග්‍රහලොවෙහි ද ඔබේ නම තිබෙන, රුව ගුණ තිබෙන ඔබ වැනිම කෙනෙක් සිටින නමුදු ඔබ කරවිල කන්නට ආස නැත්නම් ඔහු කරවිලවලට ඉතාම ප්‍රිය කරන ආකාරයේ ඔබේ තවත් විය-හැකියා අවස්ථාවක් දරන්නෙක් සිටිය හැකි බවයි. සමාන්තර ග්‍රහලෝක තනි විශ්වයක තිබෙන්නට හැකි නමුත් සමාන්තර විශ්ව යනු මොනවාද? තවත් විශ්වයක් තිබෙනවා නම් එය මේ විශ්වයෙහිම ඔබ්බෙහි ඇති තවත් කොටසක් නොවේ ද?
භෞතික විද්‍යාවෙහි දැනට සමාන්තර හෝ බහු විශ්ව තිබෙනවා නම් එය පවතින ආකාර 03ක් යටතේ දක්වනවා. නමුත් ඒ කිසිවක් සනාථ කර නැහැ. ඉන් එක් මතයක් නම්, කිසියම් අවකාශයක් තුළ බුබුළු ආකාරයට, කුඩා කළු කුහර ආකාරයේ අප සිටින ප්‍රදේශය වැනිම තවත් විශ්ව තිබෙන බවයි. මෙම මතය ගොඩනගන ලද්දේ අප සිටින විශ්වය කෙසේ නම් මෙතරම් තරු, ග්‍රහලෝක සහ ජීවය බිහි කරන ලදැයි විස්තර කරන්නටයි. මෙම මතය අනුව වෙනත් විශ්වයන්ගේ වෙනත් භෞතික විද්‍යාත්මක නීති-රීති ක්‍රියාත්මක වන අතර අප සිටින විශ්වයේ ජීවය බිහිව ඇත්තේ ඊට වඩාත් ම උචිත භෞතික විද්‍යාත්මක තත්ත්ව මෙහි තිබෙන නිසායි. දෙවැනි මතය වන්නේ ස්ථර ආකාරයට විශ්ව කිහිපයක් තිබිය හැකි බවයි. අපේ විශ්වයේ මූලික මාන තුනක් තිබුණත්, එහි පිටු ගණනාවක් ඇති පුවත්පතක් තිබෙනවාක් මෙන් විශ්වයට එපිටින් ඇති මාන 09ක් ඇති අවකාශයක පුවත්පතෙහි පිටු වැනි විශ්ව ගණනාවක් තිබිය හැකි බව ඉන් කියැවෙනවා. තෙවැනි මතය නම්, කිසියම් සිදුවීමක් සතුව විය-හැකියාවන් කොපමණ ප්‍රමාණයක් සහ එම විය-හැකියාවන්ට තවත් කෙතරම් ප්‍රතිඵල ජනනය කළ හැකි ද එතරම් ප්‍රමාණයක් දක්වා විශ්ව ගොඩනැගී තිබිය හැකි බවයි.

2009දී තිරගත වූ Mr.Nobody චිත්‍රපටයේ මෙම තෙවන මතය හොඳින් පැහැදිලි කළ හැකි කථා මාලාවක් අඩංගු වෙනවා. එහි සිටින දරුවාගේ මව සහ පියා දික්කසාද වෙනවා. මේ දරුවා මව සමඟ ජීවත් වෙනවා නම් ඔහුට එක්තරා ආකාරයක ජීවිතයක් ලැබෙනවා. එහි මව ඔහුගේ ඉදිරි ජීවිත කතාවෙහි සිටිනවා. නමුත් ඔහු පියාව තෝරාගත හොත් පියා සමඟ ඔහුට තවත් ජීවිත කතාවක් ලැබෙනවා. තුරුණු වියට එළැඹුණු විට ඔහුට ගැහැනු ළමුන් තිදෙනෙක් පාරේ බංකුවක වාඩි වී සිටිනු දකින්නට ලැබෙනවා. මේ තුන් දෙනාගෙන් එක් එක් අය හා විවාහ වුණහොත් ඔහුට ලැබෙන්නේ එකිනෙකින් විවිධ ආකාරයේ ජීවිත කතා තුනක්. මේ ආකාරයට හේතුවක් නිසා හට ගන්නා ප්‍රතිඵල මත විශ්ව තිබිය හැකි බව සමාන්තර විශ්ව හෝ බහු-විශ්ව තිබිය හැකි බව මේ මතයෙහි කියැවෙයි. ඉහත චිත්‍රපටයේ තේමාව වන්නේ අප ඒ අනුව එවන් තෝරා ගැනීමක් ඉදිරියේදී තීරණයක් නොගෙන සිටියහොත් තවත් ම ජීවිතයක් උරුම විය නොහැකිදැයි ප්‍රශ්න කිරීමයි. කොහොම නමුත්, මේ මත තුනෙන් දෙකක් හෝ තුනම එක් කරමින් ගොඩනැගුණු විශ්වයක් තිබෙන්නටත් බැරි නැහැ.

subquantum level
ක්වන්ටම් විද්‍යාවෙහි දියුණුවත් සමඟ අංශූන්ගේ හැසිරීම පිළිබඳ අධ්‍යයනයට දැන් නව මංපෙත් හෙළි වෙමින් පවතින නිසා මෙම කල්පිතයන් පිළිබඳ පෙරැයීම් කරන්නට, අත්හදා බැලීම් සැලසුම් කරන්නට සහ අත්හදා බැලීම් සිදුකර ඒවා ගැන අදහසක් ලබා ගන්නට විද්‍යාඥයන්ට අවස්ථාව උදා වී තිබෙනවා. විශ්වයේ ඇති ග්‍රහලෝක සංඛ්‍යාව, මන්දාකිණි සංඛ්‍යාව පිළිබඳ විවිධ කාලවලදී මත පළ කරමින් සිටියාක් මෙන් එය දැන් විශ්වය යන තත්ත්වයටම පුළුල්ව සිතන්නට පෙළඹී ඇත්තේ විශ්වයට මෙන්ම සිතීමට ද නිම් වළලු නොමැතිව අනන්තය තෙක් තවමත් විහිදී යන නිසායි. මෙම ගැටලුව විසඳා ගන්නට නොහැකි බව නිසා අප සිටින්නේ පරිගණකයක් තුළ බවත්, විශ්වය යනු කෙළවරක් නොමැති යමක් වන්නේ එය පරිගණකය තුළ මවන ලද දෘශ්‍ය මායාවක් නිසා බවත් විවිධ කතාවල සඳහන් වෙනවා. නමුත් එහිදී ඇතිවන ගැටලුව නම්, එම පරිගණකය සකසන ලද අයට ද විශ්වයක් ඇති බවයි. අප ද එම ආකාරයේම දෘෂ්ටි මායා ඇති පරිගණක ක්‍රීඩාවක් වැනි දෙයක් සැකසුවහොත් එහි ද ජීවීන් අප ඇති කළහොත් ඔවුන්ට ද අපටත් පහළින් ලෝකයක් හටගන්නා බවයි. ඔවුන් ද එවැන්නක් සැකසුවහොත් තවත් විශ්වයක් එය තුළ ගොඩ නැගෙනවා. ඒ අනුව ප්‍රශ්නය තවත් සංකීර්ණ වන්නේ අපෙන් තවත් ඉහළට සහ පහළට ද විශ්වයන් ඇති බවටයි. එවිට ස්ථර වශයෙන් විශ්ව පැවතිය හැකිය යන්න ගැන ද තවත් ලෙසකින් සිතිය හැකි වෙනවා.

ලෝකය යනු අපි ඇස, කන, නාසය, දිව, සම යන පංචේන්ද්‍රියයන්ගෙන් ගොඩනගා ගත් දෙයකුයි. මේ ඉන්ද්‍රියයන්ට හසු නොවන බොහෝ දෑ මෙහි තිබෙන්නට පුළුවන්. ඒ වගේම කෙනෙක් රතු පැහැය කියා දකින්නේ ඔබ දකින රතු පැහැයම නොවන්නට පුළුවන්. ඒත් දෙදෙනාම ඒ වෙත ඇඟිල්ල දිගු කොට තනි වචනයක් කී විට තවත් තෙවැන්නෙක් ඔහුට පෙනෙන දේටත් “රතු” යැයි කියන්නට පටන් ගන්නවා. එනිසා එය හරියට අන්ධයන් අලියා ගැන කීවාක් වගේයි. අපි තවමත් නියම ලෝකය හෝ විශ්වය දැක නැහැ. නමුත් එය මේ මේ ලෙස පැවතිය හැකි යැයි කියන්නට බහුතර සාක්ෂි, ගණිතමය තර්ක තිබෙනවා. කිසිදු විෂයයක් ඉගෙනගෙන අවසන් කළ නොහැකිවාක් මෙන්ම විශ්වයද ඉගෙන ගෙන අවසන් කරන්නට හැකි වන එකක් නැහැ. ඒ බලාපොරොත්තුව සහ කුතුහලයයි විද්‍යාව ජීවත් කරවන්නේ.
තඹරු විජේසේකර
dinamina
උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Thursday, July 19, 2018

ලින්කන්ගේ අවතාරය ධවල මන්දිරයේ හොල්මන් කරයි....(Abraham Lincoln ghost @ white house අබිරහස් අඩවිය - Abirahas Adawiya - හොල්මන් කතා. holman katha)

ධවල මන්දිරය තුළ හොල්මන් තිබෙන කතාවක්‌ මේ ළඟකදී අපට අසන්නට ලැබිණි. කතාවේ ඇත්ත නැත්ත කුමක්‌ දැයි කීමට අපි නොදනිමු. කෙසේ වෙතත් මෙයට අවුරුදු ගණනාවක ඉහතදී ධවල මන්දිරය තුළට භූතයන් රිංගා ඇතැයි කියන කතාවේ ඇත්තක්‌ ඇතැයි ඇමරිකාවේ සිටින මගේ මිතුරකු කියා සිටී. ධවල මන්දිරයට ඇතුළු වූ භූතයන් පිළිබඳ රසවත් විස්‌තරයක්‌ ද ඔහු මා වෙත එවා තිබිණ. එම විස්‌තරය ඔබ වෙත ඉදිරිපත් කිරීමට ප්‍රථම ධවල මන්දිරය යනු කුමක්‌ දැයි සොයා බලමු.
ධවල මන්දිරය යනු ඇමෙරිකාවේ පිහිටා ඇති මහා මන්දිරයකි. එය ඉංග්‍රීසියෙන් හඳුන්වනු ලබන්නේ White House නමිනි. සුදු පාටින් යුත් මන්දිරයක්‌ නිසා එය වයිට්‌ හවුස්‌ නමින්ද. සිංහලයෙන් 'ධවල මන්දිරය' නමින්ද හැඳින්වෙයි. ඉතා පැරැණි ඉතිහාසයක්‌ ඇති ධවල මන්දිරය මුලින්ම විවෘත කරන ලද්දේ 1789 දී ය. එතැන් සිට එය ඇමරිකාවේ ජනාධිපතිවරුන්ගේ නිල නිවාසය බවට පත් වූ අතර ජෝර්- වොෂිංටන් 1789 - 1797) ජනාධිපතිවරයා එහි මුල්ම පදිංචිකාරයා විය. ඇමරිකාවේ පළමුවැනි ජනාධිපතිවරයා වූයේ ද ෆෙඩරල් පක්‍ෂයේ ජෝර්- වොෂින්ටන් ය. මේ වන විට ජනාධිපතිවරුන් හතළිස්‌දෙනකු ධවල මන්දිරයේ පදිංචි වී ඇති අතර දැනට එහි පදිංචි වී සිටින්නේ බරක්‌ ඔබාමා ය.
දැන් අපි ධවල මන්දිරයේ සිටියේ යෑයි කියනු ලබන භූතයන් නොහොත් අවතාර දෙසට සිත් යොමු කරමු.
ධවල මන්දිරය යනු ජනාධිපතිවරයාගේ නිල නිවාසය පමණක්‌ නොව ඔහුගේ කාර්යාලය පිහිටා තිබෙන ස්‌ථානය ද වෙයි. මේ නිසා එතුළ සෑහෙන පිරිසක්‌ නිතරම ගැවසෙන බව කියනු ලැබේ. විශාල පිරිසක්‌ ගැවසෙන මෙවන් තැනකට භූතයන් රිංගන්නේ කෙසේද?
තමාගේ නිල නිවසේ අවතාරයක්‌ ගැවසෙන බව තමන් කිසි දිනෙක දැක නැතැයි ජනාධිපති බරක්‌ ඔබාමා කියා සිටියි. එවැනි කතා අවඥාවෙන් බැහැර කරන ඔබාමා තමන් තුළ හොල්මන් අවතාර ගැන කිසිම විශ්වාසයක්‌ නැතැයිද කියා සිටියි. හිටපු ජනාධිපතිවරුන් වන ජෝර්- ආර්. බුෂ්, රොනල්ඩ් රීගන්, ජෝර්- බුෂ් (කනිෂ්ඨ) බිල් ක්‌ලින්ටන් වැනි අය ද කියන්නේ ධවල මන්දිරයට අවතාර ඇතුළු වීමට කිසිම ඉඩක්‌ නැති බවයි. එහෙත් හිටපු ජනාධිපතිවරයකු වන ජෝන් කෙනඩි වරක්‌ කියා සිටියේ ධවල මන්දිරය ආරම්භ කළ යුගයේ එතුළ හොල්මන් තිබූ බව තමා සියෑසින් දුටු බවයි.
1933 සිට 1945 දක්‌වා ධවල මන්දිරයේ පදිංචි වී සිටියේ ජනාධිපති ප්‍රැන්ක්‌ලින් ඩී රුසවල්ට්‌ සහ ඔහුගේ බිරිඳ ය. දිනක්‌ මුද්‍රා නාට්‍ය ශිල්පිනියන් කීපදෙනකු ධවල මන්දිරය නැරඹීමට පැමිණියහ. කලින් ලින්කන් ජනාධිපතිවරයා පරිහරණය කළ 'ලින්කන්
බෙඩ් රූම්' (Lincon Bedroom) නමැති නිදන කාමරය නැරඹීමට ද ඔවුහු අමතක නොකළහ. මේ යන අතර තුරේ එක්‌ නාට්‍ය ශිල්පිනියකට 'ලින්කන් නිදන කාමරය' තුළ කිසියම් කෙනෙකු (ඡායාවක්‌) ඒ මේ අත ඇවිදින බව දැක ගන්නට ලැබී ඇත. තැතිගත් ඇය මේ බව කණ්‌ඩායමේ අනිත් අයට ද දන්වා සිටියාය. එහෙත් අනිත් අය එවැනි දෙටක්‌ නුදුටු බව කියා සිටියහ. කෙසේ වෙතත් මෙම සිද්ධිය එලිනා රුස්‌වල්ට දැන්විමට ද මුද්‍රා නාට්‍ය ශිල්පිනියන් පිරිස අමතක නොකළහ. මෙම කතාවට ඉතාමත් වුවමනාවෙන් කන්දී සිටිය රුස්‌වොල්ට්‌ ආර්යාව මෙසේ කියන්නට විය. "ඔය කියන කතාව ඇත්ත. දවසක්‌ අපේ වැඩකාරියක්‌ ලින්කන්ගේ නිදන කාමරයේදී දැකල තියෙනව ඒබ්‍රහම් ලින්කන් ඇඳ මත වාඩි වෙලා එයාගේ සපත්තු ගලවනවා."
ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු ඒබ්‍රහම් ලින්කන් 1861 දී ධවල මන්දිරයේ පදිංචියට පැමිණියේය. ඔහු 1865 දන්වා එහි පදිංචි වී සිටියේය. ලින්කන් මිය යැමෙන් පසු ඔහුගේ අවතාරය ධවල මන්දිරයට පැමිණ හොල්මන් කිරීමට පටන් ගත්තේය. ලින්කන්ගේ අවතාරය එහි පදිංචි වී සිටි අයට ද ආගිය අයට ද කීප වතාවක්‌ම දැක ගැනීමට ලැබී ඇත.
1945 දී ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත් වූයේ හැරී ඇස්‌. ටෲමන් ය. ඔහු දිනක්‌ සේවකයකුට කතා කොට ගමනක්‌ යැම සඳහා තමන් පාන්දරින් ම අවදි කරන මෙන් ඉල්ලා සිටියේය. එසේ කියා ටෲමන් නින්දට ගියේය. පාන්දර නියමිත වේලාවට දොරට තට්‌ටු කරන හඬක්‌ ටෲමන්ට ඇසිණි. කම්මැලි කමට ඔහු ඇඳෙන් බිමට බැස්‌සේ නැත. යළි දොරට ගැසීමේ හඩ තදින්ම ඇසෙන්නට විය. ටෲමන් කේන්තියෙන් පුපුරමින් දොර අසලට ගොස්‌ එය විවෘත කළේය. දොර අසල සිටි ලින්කන් අවතාරය හිමින් හිමින් ඉදිරියට ගමන් කිරීමට පටන් ගත්තේ ටෲමන්ගේ දත කට පූට්‌ටු වී මුළු සිරුරම දාඩියෙන් තෙත් වෙද්දීය.
පසුව ටෲමන් මෙසේ කියා තිබිණි. "ලින්කන්ගේ අවතාරය ධවල මන්දිරයේ හැම තැනම ඇවිදිනවා. ඒබ්‍රහම් ලින්කන් මිය යැමෙන් පසු ඔහුගේ චරිත කතාව ලිවීමට සුප්‍රසිද්ධ ලේඛකයකු වන කාල් සැන්ඩ්බර්ග් ඉදිරිපත් විය. මේ සඳහා තවදුරටත් කරුණු ටිකක්‌ දැන ගැනීම සඳහා ඔහු ජනාධිපති රුස්‌වෙල්ට්‌ හමුවීමට ගියේය. ලින්කන් ජනාධිපතිවරයාගේ ජීවිතයේ රසවත් තොරතුර රාශියක්‌ ම ලේඛක සැන්ඩ්බර්ග්ට හෙළි කළ රුස්‌වෙල්ට්‌ කැමැති නම් ලින්කන් ගේ නිදන කාමරයත්, බ්ලූ රූම් (Blue Room)
නමැති කාමරයත් නරඹන ලෙස ඉල්ලා සිටියේය රුස්‌වෙල්ට්‌ගේ ඉල්ලීම පරිදි ලේඛක සැන්ච්බර්ග් ලින්කන්ගේ බ්ලූ රූම් කාමරය නැරඹීමට ගියේය. ඔහු එහි ගියේ තනිවමය. සැන්ඩ්බර්ග් එම කාමරය අසලට ගොස්‌ එහි දොර අරින විටම කාමරයේ මුල්ලක වාඩි වී පොතක්‌ කියවමින් සිටි ලින්කන් දුටුවේය. තැති ගත් ඔහුට ඉබේම කෑ ගැසිණ. ඔහුගේ හඬට ලින්කන්ගේ අවතාරය අතුරුදන් වී ගියේය. බෙන්ජමන් හැරිසන් ජනාධිපති ධුරයට පත් වී ධවල මන්දිරයට පැමිණියේ 1889 දී ය. තමන් ධවල මන්දිරයට පැමිණ දින දෙක තුනකට පසු රාත්‍රි කාලයේදී කිසියම් කෙනෙකු තමන්ගේ කාමරය අසලින් නිතර නිතර එහාට මෙහාට ගමන් කළ බව බෙන්ජමන් හැරිසන් කියා සිටියේය. තමන්ගේ කාමරය අසලින් ගමන් කරන්නේ කවුරුන්දැයි සොයා බැලීමට ඔහුට සිතුනේය. දිනක්‌ රාත්‍රියක ඔහු කාමරය අසල සැඟවී සිට මෙම අබිරහස්‌ පුද්ගලයා කවුදැයි සොයා බැලුවේය. ඒබ්‍රහම් ලින්කන්ගේ අවතාරය ඔහුගේ කාමරය අසලින් ගමන් කරන බව දැන ගත් බෙන්ජමන් හැරිසන් එතැන් සිට එම කාමරය පැත්ත පළාතටවත් නොගියේය.
ධවල මන්දිරයට ඇතුළු වී සිටියේ ඒබ්‍රහම් ලින්කන් ගේ අවතාරය පමණක්‌ නොවේ. තවත් අවතාර හතක්‌ එහි තුළ සිටිය බව කියනු ලැබේ. ජනාධිපති ඇන්ඩෲ ජැක්‌සන් (1829 - 37) ගේ අවතාරය ද ධවල මන්දිරය තුළ හොල්මන් කළ බව එහි සේවකයෝ කියා සිටියහ. තෝමස්‌ ජැපර්සන් (1801 - 09) ජෝන්ටයිපර් (1841 - 45) උලිසන් ග්‍රාන්ට්‌ (1869 - 77) හෝවර්ඩ් ඩැෆ් (1909 - 13) ෙ-ම්ස්‌ ටැඩ්සන් (1809 - 17) සහ වුඩ්රෝ විල්සන් 1913 - 21) යන ජනාධිපතිවරුන්ගේ අවතාර ද ධවල මන්දිරයට ඇතුළු වී නොයෙක්‌ විධියේ හොල්මන් කළ බව එකල ධවල මන්දිරයේ සේවය කළ සේවකයෝ මාධ්‍යවලට කියා ඇත.
ධවල මන්දිරයට ඇතුළු වී සිටිය අවතාර නිසා හොඳටම තැති ගෙන සිටි ජනාධිපතිවරයෙක්‌ ජෝන් ඇෆ් කෙනඩි. ඔහු සිය රාජකාරි කාමරයට වී වැඩක යෙදී සිටින විට කිසියම් පුද්ගලයෙක්‌ ඉතා තදින් දොරට තට්‌ටු කරයි. තැති ගන්නා ජනාධිපතිවරයා පිස්‌තෝලයක්‌ රැගෙන දොර අසලට යනවිට එම හඬ නතර වෙයි. යළි ආපසු එන විට දොරට ගසන ශබ්දය යළි දෝංකාර දෙයි. තැති ගන්නා ජනාධිපතිවරයා පිස්‌තෝලය එල්ල කරගෙන දොර විවාත කරයි. ලින්කන්ගේ අවතාරය ඉතා දුරින් ගමන් කරන බව ඔහු දකිsයි. ලින්කන්ගේ අවතාරය නිසා කෙනඩි ජනාධිපතිවරයා කලක්‌ කිසියම් ආතතියකින් පෙළුණ බව ද ආරංචි මාර්ග සඳහන් කරයි. කිසිවෙක්‌ කතා නොකළ ද අදටත් ලින්කන්ගේ අවතාරය ධවල මන්දිරය තුළ හොල්මන් කරන බව එහි සිටින සේවකයෝ කියා සිටිති.
ආතර් යූ. අමරසේන
divaina
උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Sunday, June 3, 2018

ගුප්ත අබිරහස් රැසක් සහිත විස්මිත පුදබිමක්..... (nalanda gedigea අබිරහස් අඩවිය - Abirahas Adawiya - haskam)

ආගමික සිද්ධස්ථාන හා ගුප්ත බව අතර ඇත්තේ සෘජු සබැදියාවක්. ඒ පියවි සිතට හෝ විද්‍යාවට හසුනොවන බලයක් ඒවායේ ඇතැයි යන පොදු ජන විශ්වාසය නිසයි. ඒ අතරින් ශ්‍රී ලංකාවේ ඇති මෙතෙක් කිසිවෙකුටත් සිතින් සිතා ගත නොහැකි තරම් ගුප්ත වූ ආගමික ස්ථානයක්‍ වෙත ඔබ කැඳවාගෙන යාමටයි අපේ මේ සූදානම.
A9 දරන මහනුවර - යාපනය මාර්ගයේ නාලන්දා රෝහල අද්දරින් දකුණට හැරී යන මාවතේ උස් කඳුගැටයක් මත හතරැස් මලුවක පිහිටි මෙම පුදබිම හැඳින්වෙන්නේ නාලන්දා ගෙඩිගේ යනුවෙනුයි. මෙම නාලන්දා ගෙඩිගේ ශ්‍රී ලංකාවේ හරි මැද සටහන්වන ස්ථානයේ පිහිටා තිබීම විද්‍යාත්මකවත් තහවුරු කළ හැකි දෙයක්.
මනෝ විද්‍යාවේ පියා ලෙස හැඳින්වෙන සිග්මන් ප්රොයිඩ්ගේ පසුකාලීනයෙකු වන ලෝක පූජිත මනෝ විද්‍යාඥ කාල් යුංග් විශ්වයේ එළිපත්ත ශ්‍රී ලංකාව තුළ පිහිටා ඇතැයි යන විස්මිත ප්‍රකාශය කොට ඇත්තේ මීට දශක කිහිපයකට පෙරයි. ඔහුගේ මෙම කතාවේ අරුත තවමත් බොහෝ දෙනෙකුට වැටහී නොමැති අතර මෙම නාලන්දා ගෙඩිගේ පිහිටියේ එම විශ්වයේ එළිපත්ත පිහිටි ස්ථානය බවට පුරාණයේ සිට විශ්වාසයක් පැවතී තිබෙනවා. 
මෙය රාවණ යුගයේ සිට ශ්‍රී ලංකාවේ පුදබිමක් පැවැති ස්ථානයක් බවත් විශ්වය හා සෘජුව සම්බන්ධ වන මෙම ස්ථානයේ බලය නිසා අතීත ශ්‍රී ලංකාව ආසියාවේ බලවත්ම රාජ්‍යය බවට පත්වී තිබූ බවටත් විශ්වාසයක් තිබෙනවා.නාලන්දා ගෙඩිගේ නූතන ස්ව‍රූපය අනුව ක්‍රී.ව. 08 – 10 සියවස් අතර ඉදිවූ නිර්මාණයක් බව පෙනී යනවා. එහි හින්දු ආගමික, මහායාන සහ තන්ත්‍රයාන ආගමික ලක්ෂණ සම්මිශ්‍ර වශයෙන් දැකිය හැකී.  එහි ගර්භ ගෘහයේ ඇති හිටි පිළිමය නිසා මතුපිටින් බෞද්ධ මුහුණුවරක් ගෙන තිබෙනවා. නමුත් මෙම නාලන්දා‍ගෙඩිගේ පිහිටි ස්ථානයේ ඇති සුවිශේෂතාවයන් පිළිබඳව අවට ගැමියන් ප්‍රකාශ කරන්නේ මෙය බොහෝ දෙනෙකුට නොවැටහෙන ගුප්ත සංසිද්ධීන් රැසකගෙන් සමන්විත ස්ථානයක් බවයි. එමෙන්ම මෙම ස්ථානයේ දී ඇතැම් අවස්ථාවල ගිනි දැල්වීමෙන් එම ගින්න සාමාන්‍ය මට්ටමට වඩා වේගවත්ව පැතිරයන බවත් මෙහි පැරණි ගැමියන් විශ්වාස කරනවා.
මෙහි ඇති බුද්ධ ප්‍රතිමාවට අමතරව ගණපති, ලක්ෂ්මී ආදීන්ගේ රූප මඟින් මෙහි හින්දු ආභාසය නිරූපනය කරන‍ සේම මෙහි දක්නට ලැබෙන සමූහ සංවාස මූර්තියෙන් මෙහි ඇති තන්ත්‍රයානික ලක්ෂණ පෙන්නුම් කෙරෙනවා. කෙසේ හෝ මෙම නාලන්දා ගෙඩිගේ පුරාවිද්‍යාත්මක සහ ඓතිහාසික වටිනාකමක් ඇතත් ඒ පිළිබඳව නිවැරදි අදහස් ඉදිරිපත් කිරීමට මෙතෙක් කිසිදු පුරාවිද්‍යාඥයෙක් සමත්වී නැහැ.
ඒ කෙසේ හෝ 1970 දශකයේ මැහවැලි ව්‍යාපාරයේ බෝවතැන්න ජලාශය ඉදිරිකිරීමේ දී මෙම අපූර්ව පුරාවිද්‍යා ස්ථානය ජලයෙන් යටවීමට ඇති හැකියාව මුල්කොට එහි සියළුම කොටස්  එකි'නෙක ගලවා ඉවත් කොට අංක යොදා පුරාවිද්‍යා භාරයට ගෙන තිබුණා. එය නැවත 1980 වසරේ දී එම ස්ථානයේ බැහැරින් ගෙනා පසින් ඉදිකළ ගොඩැල්ලක් මත නැවත ඉදිකොට ඇත්තේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුරාවිද්‍යාඥයෙකු වන මහාචාර්ය පී.එල්.ප්‍රේමතිලක මහතාගේ උපදේශකත්වයෙන්. ඒ අනුව ඉතිහාස පුරාවිද්‍යාඥයන්ට සේම අධිමානසික විද්‍යාව හදාරන සැමදෙනාටත්  විද්‍යාවෙන් හෙළි  නොවූ විශ්වයේ රහස් පිළිබඳව උනන්දුවක් පලකරන සැමටත් ඒ පිළිබඳ පර්යේෂණ කිරීම සඳහා මෙම ස්ථානය ‍කදිම තෝතැන්නක් බවට සැක නැහැ.



lakbima.lk
උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Tuesday, March 20, 2018

හිටිගමන් මතුවී පෙනී නොපෙනී යන අබිරහස් නෞකා රැසක්....(ghost ships අබිරහස් අඩවිය - Abirahas Adawiya - නොවිසඳුණු අබිරහස් novisadunu abirahas unsolved mysteries )

අෑත දියඹේ පෙනී නොපෙනී යන අබිරහස් නෞකා ගැන ඔබ අසා තිබේද? මීදුම් අතරෙන් එක්වරම මතු වී ස්වල්ප මොහොතකට පසු අතුරුදන් වන එවැනි නෞකා ගැන ඉතිහාසයේ පටන් මේ දක්වාම නාවිකයන්ගෙන් තොරතුරු ලැබේ. එවැනි නෞකා ඇසින් දුටු නාවිකයන් පවසා සිටින්නේ එම නැව් සැබෑ නෞකා ලෙසින්ම දිස් වූ බවයි. නමුත් ඒ සියල්ලන් පුදුමයට පත් කරමින් එම නෞකා එකවරම අතුරුදන් වී ඇත. මෙහි ඇති අබිරහස් බව හේතු කොට ගෙන එම නෞකා 'භූත නැව්' ලෙස හැඳින්වීමට නාවිකයෝ පෙලැඹී සිටිති. සාමාන්‍ය ජනයා අතර එතරම් ප්‍රචලිතව නැතත් නාවික ප්‍රජාව අතර මේ 'භූත නැව්' ජනප්‍රිය මාතෘකාවක් බවට පත්වී හමාරය.
චිලෝටා ප්‍රදේශයේ පවතින ජනප්‍රවාදයකට අනුව සැමදා රාත්‍රියෙහි චිලෝයි දූපත් අසලට පැමිණෙන අබිරහස් නෞකාවක් ඇත. එම ප්‍රදේශයේ ජනතාව පවසන පරිදි එම නෞකාව මීට බොහෝ කලකට පෙර මුහුදුබත් වූවකි. නෞකාව දර්ශනය වනවිට නැවේ සිට ගිලී මියගිය මිනිසුන්ගේ භූතාත්මද ඒ සමඟ දර්ශනය වන බව පැවැසේ. නෞකාව හැමවිටම සාදවල වැයෙන සංගීතරාවයෙන්ද, සිනා හ¾ඩින්ද පිරී ඉතිරී ඇති බව වැඩිදුරටත් සඳහන් වේ. කෙසේ නමුත් එලෙස මෙම නෞකාව දර්ශනය වන්නේ සුළු වේලාවකට පමණි. සුළු වේලාවකින් නෞකාව අතුරුදන් වේ. සමහරුන් පවසන්නේ නෞකාව නැවැත මුහුදු පත්ලට යන බවය. කෙසේ නමුත් මේ සිදුවීම අදටත් අබිරහසක් බව පැවැසේ. වර්ෂ 1906දී තවත් මෙවැනි පුවතක් වාර්තා වී ඇත. එස්.එස්. වැලන්සියා නම් නෞකාව වර්ෂ 1906දී මුහුදුබත් වී ඇත්තේ අයහපත් කාලගුණය හේතුවෙන් මෙන්ඩොසිනො නමැති තුඩුව ආසන්නයේදීය. මෙහිදී මගීහු සැම දෙනාම පාහේ ජීවිතාරක්ෂක බෝට්ටු ආධාරයෙන් ජීවිතය බේරා ගැනීමට සමත් වූහ. නමුත් එක් පුද්ගලයෙක් අතුරුදන් විය. එයින් පසු බොහෝ මසුන් මරන්නන් පවසා සිටියේ එක් මිනිස් ඇටසැකිල්ලක් සහිත 'භූත නෞකාවක්' ඔවුන් දුටු බවයි. මෙම නෞකාවද දර්ශනය වී සුළු මොහොතකින් එකවර අතුරුදන් වීම විශේෂත්වයකි. 'වැලන්සියා' නෞකාව මුහුදුබත් වී බොහෝ වසර ගණනාවකට පසුවද මෙම අබිරහස් ඇටසැකිල්ල සහිත නෞකාව දර්ශනය වීම විශේෂත්වයකි. පෙර සිදුවීමේ පරිදිම මේ නෞකාවේ අබිරහසද මෙතෙක් විසඳී නැත.
1926 වර්ෂයේ නිපදවන ලද බෙෂිමෝ නම් නෞකාව 1931දී ඇලස්කාව ආසන්නයේ අයිස් කන්දක හිර විණි. නෞකාව ගලවා ගැනීමට කිසිම මඟක් නොවූ හෙයින් එය පිළිබඳ බලාපොරොත්තු අත්හැර ගැනීමට හිමිකරුවන්ට සිදු විය. නමුත් පුදුමයට මෙන් එයින් වසර 38ක් ගතවන තුරුත් මෙම නෞකාව වරින්වර විවිධ පුද්ගලයන්ට දර්ශනය වී ඇත. ඒ ඇලස්කාව ආසන්න මුහුදු තීරයේය. ඔවුන් දැක තිබුණේ අරමුණක් රහිතව ගමන් කරන නෞකාවය. කෙසේ වෙතත් 1969න් පසු නෞකාව දර්ශනය වීම සම්පූර්ණයෙන් නතර වී ඇත. තවත් මෙවැනි කුතුහලය දනවන පුවතක් වාර්තා වී ඇත්තේ 1748දීය. වර්ෂ 1748 පෙම්වතුන්ගේ දිනයට පෙරදා 'ලොවිබොන්ඩ් ආර්යාව' නමැති නෞකාවේ නැව්පතියාගේ විවාහ සංවත්සරය සැමරිණි. නැව් කපිතාන්ගේ බිරියට කපිතාන්ගේ යහළුවාද ප්‍රේම කළ බව සඳහන් වේ. මේ තුන්කොන් ආදරය හේතුවෙන් කපිතාන්ගේ යහළුවා නැව හිතාමතා මුහුදුබත් කළ බව කියැවේ. මේ හේතුවෙන් නැවේ සිටි සියල්ලෝම මරණයට පත් වූහ. එයින් පසු සෑම වසර 50කට වරක් මේ නැව නැවත දර්ශනය වූ සඳහන් වේ. වර්ෂ 1798, 1848, 1898, 1948 යන වර්ෂවලදී එසේ නෞකාව දර්ශනය වී ඇත. මෙම නැව දර්ශනය වූ සමහර වාරවලදී අනතුරට පත් වූ නැවක් යැයි සිතා සමහර නෞකා ජීවිතාරක්ෂක බෝට්ටු පවා ඒ වෙත යවා තිබිණි. නමුත් සුළු මොහොතකින් නැව එකවරම අතුරුදන් වී ඇත. මෙම සිදුවීම අදටද ඉතිහාසය කලඹන්නක් වී ඇත.
'ෆලයිං ඩච්මන්' නම් නෞකාවද මේ අන්දමින් වාර්තා පොතට එක් වූවකි. එය පාදක කොට ගනිමින් චිත්‍ර, නවකතා, ඔපෙරා, චිත්‍රපට යනාදිය පවා බිහි වී ඇත. නැඟෙනහිර ඉන්දියාව වෙත යාත්‍රා කළ මේ නෞකාව අයහපත් කාලගුණයට හසුවිය. නැව් කපිතාන්වරයා ගුඩ්හෝස් තුඩුව පසුකර නැව ඉදිරියට ධාවනය කරවීමට හැකි හැම උත්සාහයක්ම දැරුවද අසාර්ථක විය. අවසානයේ නැව මුහුදුබත් විය. එදා සිට අද දක්වාම සිය ගණන් ධීවරයන්ට මෙම නෞකාව තම නොනවතින ගමන ගමන් කරන අයුරු දර්ශනය වී ඇත. විශේෂත්වය වන්නේ දර්ශනය වී සුළු මොහොතකින් නැව අතුරුදන් වීමයි. ඉතිහාසයේ සිට මේ දක්වා මෙලෙස අබිරහස් ලෙස දර්ශනය වන නෞකාවන්හි රහස මෙතෙක් හෙළි කර ගැනීමට කිසිවෙක් සමත් වී නැත.
එල්. ජයසේකර
mawbima.lk
උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....

අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Monday, March 19, 2018

විලෙන් මතුවුණු හොල්මන් නගරය....(අබිරහස් අඩවිය - Abirahas Adawiya - නොවිසඳුණු අබිරහස් novisadunu abirahas unsolved mysteries lake city)

කිලෝ මීටර් 400 ක් පමණ ඉහළින් පෘථිවි කක්ෂයේ රඳවා ඇති අභ්‍යවකාශ නැවැතුම්පොළ පහළ ඇති දේ ඡුායාරූපයට නැගීමස සිදු කරයි. පෘථිවියේ පහළ සිදුවන භූමියේ වෙනස් වීම්, කාලගුණ පෙරැුළි ආදී සියල්ල ඉහළ සිට නෙත් හෙළන අභ්‍යවකාශ නැවැතුම්පොළේ ඇති අති සුපැහැදිලි කැමරාවලට දකින්න ලැබේ. 2012 වසරේ, අභ්‍යවකාශ නැවැතුම්පොළ ලතින් ඇමෙරිකාවේ (දකුණු ඇමෙරිකාව* ආජන්ටිනාවට ඉහළින් ගමන් කරමින් තිබුණි. ආජන්ටිනාවේ, ජනගහනයෙන් වැඩිම නගරය බුවනෝස් අයර්ස් වෙයි. මෙම නගරයේ සිට සැතපුම් 300 ක් නිරිතදෙසින් පිහිටි විශාල විලක් සහ ඒ අවට භූමිය ද අභ්‍යවකාශ නැවැතුම්පොළේ ඇති කැමරා ඡුායාරූපයටනැගීය. බැලූ බැල්මට කිසිදු අමුත්තක් දකින්න නොලැබුණි.
ඉන් වසර තුනකට පසු, පෘථිවි කක්ෂයේ රඳවා ඇති අවේක්ෂණ චන්ද්‍රිකාවක් මෙම විල සහ ඒ අවට භූමිය ඡුායාරූපයට නැගුවේය. එම අවස්ථාවේදී අසාමාන්‍ය දෙයක් කාගේත් නෙත ගැටුණි. විලේ ජල කඳ දෙබෑ කර ගනිමින් නටබුන් වී ගිය ‘හොල්මන් නගරයක්’ ඉහළට මතුවී පෙනෙන්න තිබුණි. චන්ද්‍රිකා ඡුායාරූප අනුව නගරයේ ඉතිරිව ඇත්තේ සුන්බුන් බව දකින්න ලැබුණි.
ඇමෙරිකන් ජාතික ආචාර්ය මයික් පැවැලෙක් ඉතිහාසඥයෙකි. ඔහු චන්ද්‍රිකා ඡුායාරූල අනුව මේ ‘හොල්මන් නගරය’ ගැන උනන්දුවක් දැක්වූ අයෙකි. පැවැලෙක් හමුදා කටයුතු සම්බන්ධයෙන් විශේෂඥයෙකි. යුද ගැටුම් පවතින ප‍්‍රදේශයක විනාශය සිදුවන්නේ කෙසේදැයි ඔහු හොඳින් දනී. චන්ද්‍රිකා ඡුායාරූප අනුව මෙම හොල්මන් නගරයේ ද දකින්න ලැබෙන්නේ එවැනි විනාශයකි. 
‘මුලින්ම චන්ද්‍රිකා ඡුායාරූප දකින්න ලැබුණු වෙලාවේ මම පුදුම වුණා. ඡුායාරූපයේ දකින්න ලැබුණේ නටබුන් වුණු නිවාස සහ ගොඩනැගිලි. මහා විනාශයක් සිදුවෙලා. ඒත් මේ විල කේන්ද්‍රකොට ගනිමින් යුද්ධයක් හටගත්තේ නැහැ. ජලයෙන් මතුවී ඇති මේ අබිරහස් නගරය ගැන දැනගන්න මට  ඕනෑ වුණා.’ යැයි පැවැලෙක් කියයි. චන්ද්‍රිකා ඡුායාරූපවලින් පැවැලෙක්ට වැඩි යමක් පැහැදිලි කර ගැනීමට නොහැකි විය. හොල්මන් නගරය සියැසින් දැක ගැනීමට ඔහු සැතපුම් 4,000 ක ගුවන් ගමනින් පසු ආජන්ටිනාවේ බුවර්නෝස් අයර්ස් නුවර බලා ගියේය. ඉන්පසු යේය. කුලියට ගත් පිකප් රියක නැගුණු ඔහු ඉන්පසු දකුණුදෙසින් පිහිටි මෙම අබිරහස් ‘හොල්මන් නගරය’ බලා ගමන් ආරම්භ කළේය. පැවැලෙක් විලට ආසන්න වෙද්දී හිරු බැස යමින් තිබුණි. කෙමෙන් කෙමෙන් පරිසරයේ ස්වභාවය වෙනස් වන බව පැවැලෙක්ට දකින්න ලැබුණි.
එතැන මහ මූසල තැනක් විය. නටබුන් වුණු නගරය බලා යන මාර්ගය ද ඉරි තැලී අබලන් වී තිබුණි.  අවට වහල නැති නිවාස සහ ගොඩනැගිලිවල ඉතිරි වුණු බිත්ති මූසල පෙනුමට දකින්න ලැබුණි. නගරය මැදට යද්දී පැවැලෙක්ට සිදුවී ඇති විනාශයේ තරම හොඳහැටි පැහැදිලි විය. චන්ද්‍රිකා ඡුායාරූපයෙන් දකින්න ලැබුණාටත් වඩා මහා පරිමාණයේ ව්‍යසනයක් පැවැලෙක්ට පෙනෙන්න විය. එය පරමාණු බෝම්බයක් පිපිරීමෙන් පසු දකින්න ලැබෙන ව්‍යසනයක් වැනිය. තැනින් තැන මියගිය ගස් කඳන් දකින්න ලැබේ. මිනිස් පුළුටක් දකින්න නොලැබෙයි. සතකු යැයි කීමට හැක්කේ
ඉදහිට දකින්න ලැබෙන ලිහිණියකු පමණි.  ඇඟ කිළිපොළා යන නිහඬතාවක් දසත රජයන මේ ගුප්ත මෙන්ම මූසල නගරයේ නම ‘එපෙක්වෙන්’ ය. මෙම නගරය මෙසේ මහා ව්‍යසනයකට ලක් වී ඇත්තේ 1985 වසරේ නොවැම්බර් 10 වැනිදාය. එදා මුළු නගරයම අසුරු සැණින් විලට බිලි විය. වසර 25 කට පසු ජලය සෙමින් සෙමින් බැස යන්න වූ හෙයින් නගරයේ නටබුන් මතු වී තිබේ. සාමාන්‍යයෙන් මහා පරිමාණයේ ආපදාවක් සිදුවුණු ස්ථානයක දකින්න නොලැබෙන විදියේ අසාමාන්‍ය දෙයක් නටපුන් වී ගිය නගරය පුරා ඇවිද යද්දී පැවැලෙක්ට දකින්න ලැබුණි. නිවෙස්වල බිත්ති කොටස්වල, මැරුණු ගස්වල අසාමාන්‍ය සුදු පැහැ කුඩු (පවුඩර් වැනි* වර්ගයකින් වැසී තිබේ.
‘එපෙක්වෙන්’ නගරයට සිදුවුණේ කුමක්දැයි සොයා සුලමුල දැන ගැනීමේ අටියෙන්, පැවැලෙක් ප‍්‍රාදේශිය භාෂා පරිවර්තනකුගේ සහාය ලබා ගැනීමට අපේක්ෂා කළේය. ඔහු ගීෂා ලෝන්ගී නමැත්තාය. ගීෂා ලෝන්ගී ‘එපෙක්වෙන්’ නගරයට නුදුරින් පිහිටා ඇති ‘කාර්වේ’ නමැති කුඩා නගරයට පැවැලෙක් රැුගෙන ගියේය. හොල්මන් නගරයට ආසනන්තම මිනිස් වාසය මෙම ‘කාර්වේ’ නගරයයි.
ගීෂා පවසන පරිදි, ‘එපෙක්වෙන්’ නගරයේ සිදුවුණු විනාශය සහ නගරයට සිදුවුණේ කුමක්දැයි යන්න සම්බන්ධයෙන් නොයෙක් නොයෙක් මත පවතී. පැවැලෙක් සහ ගීෂා හමුවීමට ගියේ නීතීඥවරයෙකි. ඔහුගේ නම එසීකිල් එන්සීනා බාසෝ නමැත්තාය. නීතීඥ බාසෝ මීට වසර ගණනාවකට පෙර, ‘එපෙක්වෙන්’ නගරයේ සිදුවුණේ කුමක්දැයි යන්න සම්බන්ධයෙන් නගරය අතහැර පලා ගිය නගර වැසියන්ගෙන් කටඋත්තර සටහන් කරගත් නීතීඥවරයා වෙයි.
විල නගරය ගිලගන්න පෙර, විලේ ජලයට ඉහළින් අමුතු විදියේ දීප්තිමක් ආලෝකයක් විහිදෙන්න වුණැයි ‘එපෙක්වෙන්’ නගරයේ ඇතැම් පදිංචිකරුවන් තමාට පැවැසූ බව බාසෝ කියයි. ‘විලෙන් අමුතු විදියේ අද්භූත එළියක් විහිදෙන්න වුණා යැයි බොහෝ දෙනෙක් මා සමඟ පැවැසුවා. ඒත් මට නම් එහෙම එළියක් දකින්න ලැබිලා නැහැ.’ බාසෝ පැහැදිලි කරයි. විලෙන් ආ මහා ජල කඳ නගරය ගිල ගත් බව පැවැසෙන්නේ එම දීප්තිමත් ආලෝකයෙන් පසුවය. නගරය මුළුමනින්ම විනාශ කර ඇත්තේ සුනාමියක් සේ ආ විලේ ජල කඳය. භූගෝලීය පෙරැුළියක් නිසා මේ මහා විනාශය සිදුවුණු බව පැවැලෙක්ට වැටහිණි. කෙසේ නමුත් විලෙන් දීප්තිමත් ආලෝකයක් විහිදීම සම්බන්ධයෙන් ඔහු අන්දුන් කුන්දුන් විය. ආජන්ටිනාවේ සිටි පැවැලෙක් ඔහුගේ මිතුරකු මෙන්ම භූ විද්‍යාඥයකු ද වන ඇලන් ලෙස්ටර්ට
වීඩියෝ ඇමැතුමක් ලබා දී, ‘එපෙක්වෙන්’ නගරය ගැනත්, විලෙන් විහිදුණු ආලෝකය ගැනත්, නගරය ජලයෙන් යටවීම ගැනත් විස්තර පැවැසීය.
‘ආලෝකයක් විහිදුණැයි කීම නම් පුදුමයට කාරණාවක්. කොහොම නමුත් අසාමාන්‍ය භූගෝලීය සන්සිද්ධියක් තිබෙනවා. අප එය හඳුන්වන්නේ ‘ඊ.කියු.එල්’ යන නමින්. සරලව කීවොත් භූ කම්පන එළි. ඒ කියන්නේ, ඇතැම් භූමි කම්පා සිදුවෙද්දී, දීප්තිමත් ආලෝකයක් පොළොවෙන් විහිදීමක් සිදුවී තිබෙනවා. මේ ගැන ඇසින් දුටු සාක්ෂි රැුසක් ලැබී තිබෙනවා. එහෙම වෙන්නේ ඇයි කියලා විද්‍යාඥයන්ට තවමත් පැහැදිලි කරන්න හැකියාවක් ලැබිලා නැහැ. ඇතැම් විට ආලෝකයක් දිස්වන්නේ භූමි කම්පා සමඟ තාපය හෝ විදුලිය නිපදවීමක් සිදුවීමෙන් යැයි අප සැක කරනවා. ඒත් ඒක තහවුරු වෙලා නැහැ.’ යැයි භූ විද්‍යාඥ ඇලන් ලෙස්ටර් පැවැසීය. පුදුමයට කාරණාවක් නම්, ‘එපෙක්වෙන්’ පිහිටා ඇත්තේ භූමි කම්පාවක් හටගන්නා ස්ථානයක නොවේ. භූමි කම්පා හටගන්නේ භූ තැටි මායිම් එකිනෙකා මත ගැටෙද්දීය. භූමි කම්පා හටගන්නේ භූ තැටි මායිම් ඇති ස්ථානවල පමණි. ‘එපෙක්වෙන්’ නගරයට ආසන්නතම භූ තැටි මායිම ඇත්තේ සැතපුම් 600 කට වඩා දුරිනි. භූ විද්‍යාඥයන්ට මෙම නගරය ආශි‍්‍රතව ජල ගැලීම් සිදුවෙද්දී, කිසිදු භූ චලනයක් ගැන වාර්තා වී නැත. 
‘එපෙක්වෙන්’ නගරයට සිදුවුණේ කුමක්දැයි යන්න සම්බන්ධයෙන් පැහැදිලි හෝඩුවාවක් ලබා ගැනීමේ අරමුණ ඇතිව දිගටම සෝදිසි කිරීම් සිදුවිය. තොරතුරු රැුස් කෙරුණි. ‘මපූචි’ නමැති ස්වදේශීය ගෝති‍්‍රකයන් ගැන ගීෂාගෙන් පැවැලෙක් දැනගත්තේය. ‘මපූචි’ ගෝති‍්‍රකයන් කිහිප දෙනකු නගරයේ ඈත කෙළවර නටබුන් වූ ප‍්‍රදේශයේ ජීවත් වෙන බව ඔවුන්ට දැනගන්න ලැබුණි. ඔවුන් හමුවීමට ගිය පැවැලෙක්, භාෂා පරිවර්තක සගයා ගීෂාගේ උදවු ඇතිව ඔවුන්ගෙන් කරුණු කාරණා විමසීමක් කළේය. පැවැලෙක් සමඟ කථාබහට එක් වූයේ ‘මපූචි’ ගෝති‍්‍රක කාන්තාවක සහ පිරිමියෙකි. කාන්තාව මැදිවියේ තැනැත්තියකි. ඔවුන් පෙන්වා දුන්නේ විලේ ගුප්ත මැජික් බලයක් ඇති බවය. මපූචි ගෝති‍්‍රකයන්ගේ ඇදහිලි සහ විශ්වාස අනුව, ‘එපෙක්වෙන්’ නගරයේ අබිරහස විසඳීමට හැකිවේවි යැයි යන සිතුවිල්ලෙන් පැවැලෙක් ඔවුන් කියන දේ  අසා සිටියේය.
මපූචි යනු ආන්ටිනාවේ ජීවත්වන පැරැුණිතම ගෝ
ත‍්‍රයකි. ඔවුන්ගේ ආරම්භය සිදුවී ඇත්තේ අන්දීස් කඳු වැටිය කේන්ද්‍රකොට ගනිමිනි. ‘එපෙක්වෙන්’ නගරය අයත් භූමිය සහ විල ඔවුන්ගේ ගුප්ත ඇදහිලිවලට අයත් ශුද්ධ වූ ස්ථානයක් වෙයි. රෝග සුව කිරීමේ සුවිශේෂී හැකියාවක් මේ විලේ ඇති බව මපූචි ගෝති‍්‍රක කාන්තාව පැවැලෙක්ට පැහැදිලි කළාය. විලේ වතුර ඔවුන්ට ඔසුවකි. වැඩිදුර සොයා බලද්දී විල කරදිය විලක් බව දැනගන්න ලැබුණි. ලොව සෙසු සාගරවලට වඩා 10 ගුණයකින් ලවණතාවක් ඇති බව තහවුරු කර ගන්නා ලදී.
‘මේ විලේ වතුර උණුසුම් එමෙන්ම ලූණු ගතිය වැඩියි. බොහෝ වෙලාවක් වතුරේ බැහැලා සිටියොත් සිරුරේ පැහැය වෙනස් වෙනවා. සුදු පැහැ ගැන්වෙනවා. ඒ තරමට මේ විලේ ලූණු වැඩියි’ යැයි පැවැලෙක් කියයි. නගරයේ නටබුන් සුදු කුඩුවලින් වැසී පවතින්නේ ඇයිදැයි යන්න පැහැදිලිය. එම සුදු කුඩු ලූණුය. ලවණ ප‍්‍රමාණය වැඩි නිසා මපූචි ගෝති‍්‍රකයන් විලේ වතුරේ ඇතැයි විශ්වස කරන රෝග සුව කිරීමේ බලය සම්බන්ධයෙන්ම පැහැදිලි කිරීමක් ලැබුණි. කෙසේ නමුත් විල සම්බන්ධයෙන් මපූචි වැසියන් කියන්නේ මහ අමුතු විදියේ කථාවකි. ‘අපේ පැරැුන්නෝ දැක්කා හීනයක්. ඔවුන් දැක්කා විල මේ නගරය ගිල ගන්නවා. මෙහෙම ව්‍යසනයක් වේවි කල්තියා ඔවුන් දැනගත්තා. ඔවුන් නගර වැසියන්ට ඒ ගැන අනතුරු ඇඟවීම් කළා. ඒත් ඔවුන් කිසිම කෙනෙක් ඊට කන් දුන්නේ නැහැ.’ යැයි මපූචි කාන්තාව පැවැලෙක්ට පැවැසුවාය. නපුරු භූතාත්මයක් විල අරක්ගෙන සිටින බව ද ‘මපූචි’ ගෝති‍්‍රකයන්ගේ විශ්වාසයයි. මේ භූතාත්මය සතුටු කළ යුතු වෙයි. එසේ නැතිනම් විල ගොඩ ගලා අවට ඇති සියල්ල ගිල ගනී. විලෙන් යමක් ලබා ගන්නේ නම් ඒ වෙනුවෙන් තුටු පඬුරු ලබා දීමක් කළ යුතු වෙයි. එසේ නොකළොත් විල ගොඩ ගලා සියල්ල විනාශ කරනවා යැයි මපූචි ගෝති‍්‍රකයෝ විශ්වාස කරති.
මිථ්‍යා විශ්වාස නොව, සැබැවින්ම සිදුවුණේ කුමක්දැයි සොයා අබිරහසට විසඳුමක් දීම පැවැලෙක්ගේ අරමුණ විය. විලේ ජලයෙන් යටවී නගරය විනාශ වූ බව සත්‍යයකි. විලෙන් ආලෝකයක් නිකුත් වීම නොවිසඳුණු අබිරහසකි. වසර 25 කට පෙර, සිදුවුණේ කුමක්දැයි ඉතිහාස වාර්තා, පුවත් වාර්තා, පැරැුණි ඡුායාරූප ආදියෙන් සොයා දැන ගැනීමේ අරමුණ ඇතිව පැවැලෙක් විස්තර
සෙවීම ඇරැුඹීය.
පැවැලෙක් ඒ සඳහා ගියේ අසල්වැසි නගරයේ පුස්තකාලයටය. එහිදී විද්‍යාත්මක වාර්තා කියවා බැලීමට පැවැලෙක්ට හැකිවිය. ඒවායේ සටහන් වී තිබුණේ අසාමාන්‍ය ස්වභාවික සංසිද්ධියක් හේතුවෙන් ජල ගැලීමක් සිදුවුණු බවය. ‘නොකඩවා ප‍්‍රචණ්ඩ මහ වැසි ඇද හැළෙද්දී, නොගැඹුරු විල්වල ජලය කැළැඹෙනවා. දෙපැත්තට පැද්දෙනවා. ඒ, ප‍්‍රචණ්ඩ සුළංවල බලපෑමෙන්. එවිට ඉවුරු යට වෙනවා. ‘එපෙක්වෙන්’ නගරයට සිදුවන්න ඇත්තේ එවැන්නක් බවයි විද්‍යාත්මක පැහැදිලි කිරීම්වල සටහන් වී තිබෙන්නේ.’ යැයි පැවැලෙක් පැහැදිලි කරයි. ඒත් විලේ ජලය ප‍්‍රචණ්ඩ ආකාරයෙන් කැළැඹී යෑමට නම්, නායයෑමක් වැනි කුමක් හෝ දෙයක් සිදුවිය යුතුය. කෙසේ නමුත්, ජල ගැලීම සිදුවීමට පෙර එවැනි නායයෑමක් විල ආසන්නයේ සිදුවී නැත. 
ආජන්ටිනා රජය ‘එපෙක්වෙන්’ නගරයට ඔබ්බෙන් විලේ ඉදි කරන ලද කුඩා ප‍්‍රමාණයේ වේල්ලක් ගැන විස්තර වාර්තාවක් පැවැලෙක් ට දකින්න ලැබුණේ එවිටය. වේල්ල ඉදිකර ඇත්තේ ජල ගැලීමට වසර කීපයකට පෙරය. වේල්ල නගරයට ඔබ්නේ විලේ ඉදි කළ එකකි. වේල්ල ඉදි කෙරුණේ ජලය රැුස් කිරීමට නොව, නගරය ආරක්ෂා කිරීමට පවුරක් ලෙසය. වේල්ල ඉදි කර තිබෙන්නේ අඩ සඳක හැඩයටය. නගරය යටවීමෙන් පැහැදිලි වන්නේ වේල්ල අසාර්ථක වුණු බවය. එය සිදුවූයේ කෙසේදැයි දැනගැනීම පැවැලෙක්ගේ මීළඟ කාර්යය විය. චන්ද්‍රිකා ඡුායාරූප අනුව යමින්, නගර වැසියකු ඒ අවට ජීවත් වෙනවාදැයි පැවැලෙක් සොයා බලන්න විය. එහිදී නගරයට ඔබ්බෙන් එක් කුඩා නිවසක කවුරුන් හෝ පදිංචි වෙන බව පැවැලෙක්ට අවබෝධ විය. එම ස්ථානයට යද්දී, එහි නිවාස සහ සෙසු ගොඩනැගිලි අබලන් තත්ත්වයේ පැවැතියත් එතැත අතහැර දැමූ තැනක් නොවිණි. එහි පදිංචි වී සිටියේ ‘එපෙක්වෙන්’ නගරයෙන් ඉතිරි වූ වැසියෙකි. ඔහු 85 හැවිරිදි පාබ්ලෝ නෝවැක්ය. 
ජල ගැලීමට පෙර වේල්ල බිඳී යෑම සිදුවුණේ ඇයිදැයි සහ කොහොමදැයි විස්තර දැන ගැනීමට සිටින එකම කෙනා මේ මහල්ලාය. ඔහු සියල්ල පැහැදිලි කළේය. ‘ඔවුන් වේල්ලක් තැනුවා. අඩි 20 ක් උසයි. හැඩය අශ්ව ලාඩමක් වගේ. අවුරුදු 4 ක් වේල්ල හොඳින් තිබුණා. වේල්ල හැදුවේ වැඩිපුර වතුර නගරයට කඩා වැදීම වළක්වන්නයි. ඒ වුණාට ලොකු ගැටළුවකට මූණ දෙන්න සිද්ධ වුණා’ යැයි පාබ්ලෝ පැහැදිලි කළේය. වේල්ල ඉදි කිරීමෙන් පසු වසර ගණනාවක් එකදිගට නගරයට ශීත කාලයේදී මහ වැසි ඇද හැළෙන්න විය. එය අනපේක්ෂිත සිදුවීමකි. ‘එපෙක්වෙන්’ නගරය
වැසියන් මෙවැනි මහ වැස්සක් මීට පෙර දැක තිබුණේ ද නැත. නගරයේ සාමාන්‍ය වර්ෂාපතනය වසරකට අඩි දෙකක් පමණක් විය. ඒත් මේ වසර කිහිපයේ වසරකට අඩි පහකට වඩා වැඩි වර්ෂාපතනයක් වාර්තා වුණු බව පාබ්ලෝ කියා සිටී. ඉදිකළ වේල්ල නිසිලෙස නඩත්තු කිරීමක් නොකෙරුණු අතර, අධික වර්ෂාවත් සමඟ විලට එක්වීමට නියමිත මහා ජල කඳ වේල්ලේ කොටු විය.
1985 වසරේ නොවැම්බර් 10 වැනිදා, පීඩනයට ඔරොත්තු නොදුන් වේල්ල පුපුරා කැඞී ගියේය. ඒ, සමඟ නගරයෙන් එක් කොටසක් අසුරු සැණින් ජලයෙන් යටවිය. අඩි 30 ක් උසට ජලය නැග ගියේය. දිවි ගලවා ගත්තේ පිහිනීමට සමත් වුණු අතලොස්සක් පමණි. නිවාසවල ඉතිරි වූයේ වහල පමණි. නගරය විලට බිලි වීම වැළැක්වීමට කළ හැකි දෙයක් ද නොතිබුණි. පාබ්ලෝ ඇතුළු නගර වැසියන් නිවසකින් තවත් නිවසකට ගොස් ඇත්තේ බෝට්ටුවලිනි.  දැනගත් විස්තර අනුව, හටගත් ජල ගැලීම සුළුපටු එකක් නොවන බව පැවැලෙක්ට අවබෝධ විය. දිනෙන් දින ජල මට්ටම ඉහළ ගොස් අවසානයේ දී මුළු නගරයම ජලයෙන් වැසී ගියේය. සෙමින් බොහොම ක‍්‍රමාණුකූලව විල නගරය ගිලගත්තේය. දවස් දෙක තුනක් යද්දී නගරවැසියන්ට සියල්ල අහිමි වී තිබේ. පාබ්ලෝ කළ විස්තරය අනුව ජල ගැලීම හටගත්තේ විලේ සිදුවුණු අසාමාන්‍ය කැළැඹීමකිනි. මහා ව්‍යසනයක් සිදුකළ ජල ගැලීම ගැන සාක්ෂි රැුසක් දැන් පැවැලෙක් සතුව ඇත. කෙසේ නමුත් විලට ඉහළින් විහිදුණැයි පැවැසෙන දීප්තිමත් ආලෝකය කුමක්දැයි පැහැදිලි කර ගැනීමට ඔහුට හැකියාවක් නොලැබුණි. එය ලොව නොවිඳුණු අබිරහස් අතරට එක් විය.
ලුසිත ජයමාන්න
ඩිස්කවරි නාළිකාවේ 
‘වොට් ඔන් අර්ත්’ ඇසුරිනි
wijeya.lk
උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Sunday, March 18, 2018

තොවිල් වලදී යකුන් පලා යන විට ගස් අතු කඩා වැටෙන හැටි......(thowil අබිරහස් අඩවිය - Abirahas Adawiya - ශාස්ත්‍රීය ළිපි)

මිනිසුන්ට සහ වාසස්ථාන වලට අරක් ගන්නා යක්ෂයන් පලවා හැරීම පිණිස යක් තොවිල් පැවැත්වීම අප ජන සංස්කෘතියේ ප්‍රධානතම අංගයකි. මෙම යක් තොවිල් වල සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගත නොහැකි අත්භූත දෑ සිදුවන බවට ද ජන විශ්වාසයක් පවතී.
මේවා සාර්ථක වන්නේ එම අත්භූත සිදුවීම් පිළිබඳ යශෝරාවය පැතිර යාමත් සමඟිනි. යක්තොවිලයක අළුයම් යාමයේ යක්ෂයා එම ආතුරයා හෝ නිවස හැර ගිය බව හඟවන ප්‍රධාන සාධකයක් තිබේ. එනම් ‘ලකුණක් පෙන්වාගෙන පලයන්‘ යනුවෙන් යකැදුරු තැන කරන විධානයට අනුව තොවිලය සිදු කළ රාත්‍රියේ අළුයම්  යාමයේදී එම නිවස අද්දර ඇති කිරි ගසක අත්තක් අත්භූත ලෙස කඩා වැටීමෙනි.
මෙම අත්භූත ජනක සිදුවීම සාමාන්‍ය ලක් වැසියන්ගේ පමණක් නොව විද්වතුන්ගේ පවා මවිතයට හේතු වූ බවට සපයා ගත හැකි සාක්ෂි කිහිපයක් ඇත. ඒ අතරින් ශ්‍රී ලංකාවේ මිනින්දෝරු වෘත්තියේ යෙදුණු ඕලන්ද සම්භවයකින් යුත් විද්වතෙකු සහ විශිෂ්ඨතම මානව විද්‍යාඥයෙකකු වන ආර්.එල්. බ්‍රෝහියර් ලියු Discovering Ceylon කෘතියේ එන එක් සඳහනක් මගේ මතකයට නැඟේ. එහි සඳහන් අන්දමට චින්තා නමැති යුවතියකට ආරූඩ වූ ‘කළු කුමාර යක්ෂයා‘ පළවා හැරීමේ ශාන්ති කර්මයක් බ්‍රෝහියර් විද්වතාගේ නිරීක්ෂණයට ලක් වී ඇත.
සුමනසිංහ නම් යකැදුරෙකු විසින් කරනු ලැබූ එම ශාන්ති කර්මයේ එළිවන ජාමය ඔහු සිය කෘතියේ විස්තර කරන්නේ මෙලෙසිනි.
‘තෙල් සහ දුම්මල දමා පන්දම් නැවත ආලෝකමත් කෙරිණ. සුමනසිංහගේ ආරූඩය උච්ච ස්ථානයකට පත් වූ බව ඔහුගේ හැසිරීම් වලින් මනාව පසක් විණි.
කස පහර මෙන් තියුණු ඔහුගේ වදන් ද ශීඝ්‍රයෙන් උච්ච වෙමින් තිබිණ. ‘කළු කුමාර යක්ෂයා ; මට ලකුණක් පෙන්නපන් ලකුණක්! ලකුණක්!‘ හිමිදිරියට හෝරාවක් පමණ තිබියදී ඔහුගේ මුවෙන් නැගි අණකිරීමක් බදු මෙම ආයචනාත්මක ඉල්ලීම හාත්පස රැව්පිළි රැව් දෙන්නට විය. එවිටම එහි සිටි සියළුම දෙනාගේ සිත් භ්‍රැන්ත කරවන සිදුවීමක් සිදුවිය.
එනම් යක්ෂයා බැඳ තිබූ කොස්ගසෙහි අත්තක් හිටි හැටියේ මහ හඬ නඟමින් කඩා වැටීමය. එම සිද්ධියත් සමඟම යක්ෂයා එළවීම අතිශයින් සාර්ථක වූ බව සියල්ලෝම වටහා ගත්හ.
තමන් මින් පෙර මෙබඳු සුවිශේෂ අවස්ථාවක් දැක නොමැති බව එහි සිටි කවුරුත් කීහ.
ඒ මොහොතේම චින්තා යක්ෂ ග්‍රහණයෙන් අත්මිදුණාය. ....
මෙහි අතිශයෙන් විස්මය එළවන දෙය නම් විශාල කොස් අත්තක් හිටි හැටියේ බිම ඇද වැටීමය. එය කපා නොදැමූ බව පැහැදිලිවම දක්නට ලැබිණ. නමුත් ඒ අත්භූත රහස වටහා ගැනීමට මටද නොහැකි විය.
බ්‍රෝහියර් ශූරීන් එසේ කීවද මෙම ශාන්ති කර්ම කලාවේ අප බොහෝ දෙනෙකුට එක්වරම නොවැටහෙන විධිමත් සවිමත් නිහඬ යාන්ත්‍රණයක් තිබේ.
මේ සියළු සංසිද්ධීන් සිදුවන්නේ ඒ ඔස්සේය. මෙම යකැදුරු කම් සිදු කිරිමට ප්‍රධාන යකැදුරා, යකැදුරාගේ නායකත්වයෙන් යුතු අඩුම තරමින් පස් හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එම නිවසට පැමිණෙති. ඒ එම ශාන්ති කර්මය සිදු කිරීමට දිනකට හමාරකට කලිනි. කොට්ටෝරුවන් හෙවත් ශාන්ති කර්මයේ ගබඩා බාරකරුවන් ඇතුළු එම කණ්ඩායමේ කණිටු සාමාජිකයන් ලෙස හැඳින්වෙන කොළු කුරුට්ටෙකු දෙදෙනෙක් නොවැරදීම පැමිණෙති.
බැලූ බැල්මට ආවතේව කරුවන් සේ පෙනෙන මොවුන් නූතන ව්‍යවහාරයට අනුව කිව හොත් එම ශාන්තිකර්මයේ ‘බුද්ධි අංශ සාමාජිකයන්ය‘ එම ශාන්ති කර්මය පැවැත්වෙන නිවසේ වට පිටාව සේම ඔවුන්ගේ පවුල් පසුබිම පුද්ගල විස්තර ආදීය සියුම් ලෙස නිරීක්ෂණය කරන ඔවුන් ඒවා ශාන්ති කර්මයට පෙර කාටත් රහසින් ප්‍රධාන ඇදුරාගේ කනේ තියති.
එවිට එම තොරතුරු අවශ්‍ය පරිදි කළමණාකරණය කර ගනිමින් ශාන්ති කර්මයේ දී ඒවා අවශ්‍ය පරිදි භාවිතයට ගැනීම යකැදුරාගේ වගකීමකි. ඉහත සඳහන් කළ ආකාරයට යකැදුරා ‘ලකුණක් පෙන්නපන්! ලකුණක් පෙන්පන්!‘ යනුවෙන් යක්ෂයාට අණ දෙනුයේ එළිවෙන ජාමයේදීය.
ඒ වන විට එම නිවසියන් ඇතුළු ශාන්ති කර්මයට එක් වූ සියළුම දෙනා පසුවෙනුයේ දැඩි වෙහෙසකින් හා නිදිමතකිනි. ඒ අතර වාරයේ මා ඉහත සඳහන් කළ කොළු කුරුට්ටන් දෙදෙනා මඳ වේලාවකට දර්ශන පථයෙන් ඉවත්ව සිටීම බෙහෝ දෙනෙකුගේ අවධානයට ලක් නොවේ.
ඔවුන් එසේ ඉවත් වනුයේ එම ගෙවත්තේ ඇති කොස් ගසක් වැනි කිරි ගසක පොළවට අඩි 10ක් 15ක් උසින් යුතු  අත්තක් සොයා එහි එල්ලී සිටීමටය. ඇදුරා ‘ලකුණක් පෙන්නපන් ලකුණක් පෙන්නපන්‘ යනුවෙන් කෑ ගසන්නේ ඒ මෙහොතේ ඊට තරමක් දුරින් සිටින ඔවුන්ට ඇසෙන පරිදිය.
ඒ වන විට කොස් අත්තේ එල්ලී සිටින කොළු කුරුට්ටන් දෙදෙනා එහි එල්ලී හැකි තාක් පදවමින් එය බිමට ඇද දමා සුරුස් ගා පස්ස දොරින් එම තොවිලය පැවැත්වෙන තැනට හීන් සීරුවෙම ළං විය යුතුය.
මේ සඳහා තොරාගන්නා කොළු කරුට්ටන් ගස් නැගීමේ කලාවේ විශාරදයන් විය යුතුය. නැතිනම් පොඩ්ඩ වැරදුණොත් යකාගේ පලා යාම වෙනුවට ශාන්ති කර්මයේ සිටින්නවුන්ට අසන්නට ලැබෙනුයේ ගසකින් වැටී කොන්ද කඩා ගත් කොලු කුරුට්ටකුගේ මර ලතෝනියකි.
කෙසේ හෝ යක්ෂාරූඩය නමැති තත්වයක් ඇති බවත් මෙම ශාන්ති කර්මයේදී පිළිගැනෙන අතර ඉන් අත්මිදීම මෙසේ කොස් අත්තක් කඩා වැටීම ඔස්සේ සංකේතනය කිරීම නොවිධිමත් මනෝ චිකිත්සක ක්‍රමයකි. එමෙන්ම තමන්ට ආරූඩ වූ හෝ නිවසට අරක් ගත් යක්ෂයා පලවා ගියේය යන දැඩි විශ්වාසය එම සංකේතනය මගින් වටහා ගන්නා නිවැසියන්ගේ මානසික ආතතිය, පීඩාව සහ විඝටනකාරී ස්වරූපය ඒ ඔස්සේම දුරු වීමේ ප්‍රබල හැකියාවක් තිබේ.
තිලක් සේනාසිංහ
.lakbima
උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Saturday, January 27, 2018

මාඔයේ අංගංවැල්ලෙන් උණපහුරට ගොඩවූ මහසොහොන් සමයම (mahasona ma oya අබිරහස් අඩවිය - Abirahas Adawiya - හොල්මන් කතා. holman katha)

මෙම අපූරු කතාව මා සමඟ පවසන ලද්දේ දියගම්පල පදිංචි මහවැලියේ රියැදුරු මහතෙක් වූ විජේතුංගයි. ඔහු කියන ලද විස්තරයට අනුව අංගංවැල්ල පිහිටා තිබුණේ මේ කියන දියගම්පල කිට්ටුවයි. මෙය ඉතා විශාල වැලිතලාවකි. නමුත් අද වැලි කොන්ත්‍රාත්කරුවන් මේ වැලි නිධිය රහසිගතව පටවා අවසන් කර ඇත.  
 මෙම වැලි තලාවට අංගංවැල්ල යයි නමක් පටබැඳුණේ පුරාණයේදී මෙහි ගැටවරයන් අංගම්පොර සටන් පුරුදු කළ නිසාය. අංගං ගුරුවරු තම ශිෂ්‍ය පිරිස සමඟවිත් දෙවියන්ට යාතිකා කර මෙහි අංගම් පොර පුහුණුවීම් කරන අතර විශාල වැලිතලාවේ රැඳී සිටින ජනතාව ඒ සටන් පුහුණුවන අයුරු බලමින් විනෝද වූ බවත් කියැවේ.  
මේ ප්‍රදේශයේ මාඔය ඉවුරුවල අතිවිශාල උණ පඳුරු වැවී මාඔයට බරවී තිබී ඇත. එසේම මෙම අංගංවැල්ල ප්‍රදේශය අද්භූත සිදුවීම්වලින්ද පිරීගත් ප්‍රදේශයකි. හවස හයෙන් පසුව තනිපංගලමේ කිසිවෙක් මෙම ප්‍රදේශයේ ගැවසුණේ නැත. එයට හේතුව මේ ඉසව්වේ තිබූ අමුතු බලවේගයන් පිළිබඳ විශ්වාසයයි.  
 ඇතැම් දිනවල රාත්‍රී කාලයේ අංගංවැල්ල ප්‍රදේශයේ දියබුංගසමින් නාන ශබ්දය ඇසෙන බවත් ගොස් බැලූවිට කිසිවකු නැති බවත් ඒ පිළිබඳව විමසා බැලූවන්ගෙන් දැනගන්නට ලැබී ඇත.  
අංගංවැල්ලේ මහසොහොන් සමයමක් පිළිබඳවද කතා අසන්නට ලැබේ. වරක් මේ ප්‍රදේශයේ ගොවිතැන් කළ අයෙක් වී බිස්සක් සකසා එයට වට මැටි ආදිය ගසා අටු නංවා සකස්කළේ වී ගබඩා කරතැබීම සඳහාය. බිහිපට්ටලය තබන්නේ කළුගල් කණු හතරක් උඩයි. මේ කණු අළු සහ වැලි කලවම් කර යොදාගත් මිශ්‍රණයක් ඉස ඒ අතර සාදාගත් තැන්වල කණු සිටුවා ගැනීමෙන් වේයන් වළක්වාගත හැකි බවට උපදෙස් ලැබුණ නිසා අළු කලවම් කිරීමට වැලි ප්‍රමාණයක් ඕනෑවිය.  

ඔහුගේ බිරිඳ කීවේ දිය නෑම සඳහා ඔයට ගිය විට අංගංවැල්ලෙන් වැලිගොට්ටක් රැගෙන එන ලෙසයි. බිරිඳ කී ලෙසට කොළපත් ගොටුවක්ද රැගෙන ඔයට ගිය ඔහු දිය නා අහවරකොට අර කොළපත් ගොටුවට වැලි පුරවාගෙන ගෙදර ගෙන ආවේය. පසුදා අළු කලවම් කොට වැලි ඉසින තුරු එම වැලිගොට්ට බිහි පට්ටලය උඩ තබා තම ඉතිරි වැඩ කටයුතු කළේය.  
 රාත්‍රී ආහාර ගෙන සුපුරුදු ලෙස නින්දට ගිය ඔහුට එදා නින්ද යන පාටක් නැත. එනිසාම විට දෙක තුනක් ද හැපුවේය. මෙසේ ඉන්නා අතර යාන්තම් ඇස් පියවීගෙන එනවිට ලොමින් වැසුණ අයෙක් පෙනීසිට කීවේ ‘‘තෝ ඔය අංගංවැල්ලෙන් ගෙනා වැලි වහාම එතැනටම ගෙන ගොස් දමපිය’’ කියායි.  

මේ පුද්ගලයාද ටිකක් බය නැති අයෙකි. යළිත් ඇඳේ දිගාවුණ ඔහුට යාන්තමින් නින්ද යාගෙන ආවේය. නැවතත් අර ලොම්වලින් සිරුර වැසීගත් මිනිහා පෙනී සිට කීවේ ‘‘තෝ අර වැලි ගොට්ට තිබුණ තැනටම ගිහිං නොදැම්මොත් බලාගං තොට කරන දේ’’ කියායි.  
 මෙවර ඔහුට බියක් ඇතිවුණි. ‘‘මේ මහ රෑ ඔයට යා නොහැකිය. මම හෙට උදේම වැලිගොට්ට ආපසු ගිහිං දාන්නං එතෙක් අවසර දෙන්ට’’ යයි බැගෑපත් ලෙස ඉල්ලා සිටියේය.  
දුම් වලාවක් බඳු එම රූපය නොපෙනී ගියේය. ඔහුට ඉන්පසු නින්ද ගියේය. එහෙත් හදවතේ බියක් ඇතිවී තිබුණි. පසුදා හිමිදිරියේම වැලිගොට්ට ගත් තැනටම ගොස් හලා ආවේය. එම සිද්ධිය ඔහු කිසිවකුටත් කීවේ නැත.  

බොහොම ඉස්සර කොච්චිකඩේට හා දංකොටුවට උණගස් ප්‍රවාහනය කළේ මාඔයෙන්. උණ ගස් සියයක පමණ මිටියක් පහුරක් සේ බැඳ සකසා, ඔයේ පාකරගෙන ගොස් විකුණා මුදල් ලබාගැනීමේ ක්‍රමයක් තිබුණේය. ඒ ජලය මතින් පාකරගෙන යාමේ පහසුව තිබූ නිසාය. එසේම ඒ යුගයේ අදමෙන් ප්‍රවාහන කටයුතු සඳහා ලොරි රථ නොවිණි.  
කොච්චිකඩේ හා තෝප්පුව යන ප්‍රදේශවල මෙම උණ ගස් වෙළෙඳාම එදා සිදුවුණ අතර ඒ සඳහා පළපුරුදු උණ පහුරුකරුවෝ සිටියහ. සාමාන්‍යයෙන් දෙන්නෙක් හෝ තුන්දෙනෙක් මේ සඳහා හවුල් වේ.  
නොයෙකුත් ඉදිකිරීම් ආදියේදී පලංචි බැඳගැනීම සඳහා උණ ගස් යොදාගත් අතර ඊට අවශ්‍ය වූ උණ ගස් ලබාගැනීම සිදුකළේ මේ අයුරින් මාඔය දිගේ පහුරු බැඳ ගෙන්වා ගැනීමෙන්ය. ඒ යුගයේ උණගසක සාමාන්‍ය මිල ශත පනහක් පමණ විය.   

මේ පිළිබඳව පැරැන්නෝ අපට අදහස් පළකළහ.  
බොහොම පැරණි යුගයේ උණ ලී පහුරු බැන්ඳ යාළුවෝ තුන්දෙනෙක් මේ අංගංවැල්ල පැත්තේ ඉඳ තිබෙනවා. එක් අයෙක් සීටිං, අනෙක් කෙනා හෙන්දප්පු. මේ තිදෙනා සමග සිටි දක්ෂ පහුරු පැදුම්කරු තමා අන්දිරිස්.  
දින හත අටක් මහන්සිවෙලා කපන උණගස් මිටිකර බැඳීමත් අමාරු කටයුත්තක්. මේ තුන්දෙනා උණගස් හාරසීයක් පමණ එක් පහුරකට බඳිනවා. දවසක් මොවුහූ උණ පහුරක් හදාගෙන මීගොමු යන්ට තීරණය කරගත්තා. මේ ගමන යන්නෙ රාත්‍රී කාලයෙ. රාත්‍රී කාලයෙ යන්නෙ පහසුවට. රෑ යන නිසා ලන්තෑරුම් දෙක තුනකුත් පත්තු කරගන්නවා. හොඳ විට මල්ලකුත් හදාගන්නවා මෙහෙම යනකොට සීපදේකුත් කියනවා කාන්සියට.  

එදා අන්දිරිසුයි, හෙන්දප්පුයි කලින්ම රාත්‍රී කෑම අරගෙන ගමන යාමට සූදානම් වුණා. දෙන්න ලන්තෑරුම් දෙකක් පත්තු කරගත්තා. ඒත් තාම සීටිං නෑ. වෙනද මේ ගමන පිටත්වෙන්ඩ කලින්ම එන මිනිහ තමයි සීටිං. ඒත් එදා සීටිං පරක්කුයි. හෙන්දප්පුයි, අන්දිරිසුයි ඔයට බැහැල පහුර දෙකොනේ ලන්තෑරුම් බැන්දා.  
ඔන්න එත​කොටම සීටිං පහුරට ගොඩවුණේ. මිනිහා කීව ‘‘හා හරි හරි යමල්ල. යමල්ල මං ටිකක් සුනංගු වුණා’’ කියලා අන්දිරිස් ලණුපට ගලෝල පහුරට දිය පාරෙ පාවෙන්ට අතින් ටිකක් තල්ලු කරල පහුරට ගොඩවුණා. මේ අය යන්නෙ අමුඩෙ ගහගෙන ආපහු එනකොට අදින සරොං කමිස කැටිකොරල මල්ලක දාගෙන තමයි යන්නෙ.  

හා හරි ඕං රිටි ගහල අල්ලමු. ඒ කීවෙ සීටිං. දැං අනිත් දෙන්නත් දහිරිය දාල වැඩේ පටන්ගත්තා. ඔන්න ඔහොම තුන්දෙනා පහුර පැදං කොච්චිකඩේ යන්ඩ පටන්ගත්තා. හෙන්දප්පු සීපද කියන්ඩ හරිම දක්ෂයි. ඒ වගේම කටහඬත් මිහිරියි. කට්ට කරුවලේ හිතේ බය යන්ඩත් එක්ක දන්න සීපදයක් පටන්ගත්තා.  

කෑම බීම හිඟ මග දුප්පත්  අපට  
දිය කඳ තමයි පාරුව පැදුමට  පිහිට  
උණ ලීයෙන් ලැබෙන සොච්චම හැරුණ  කොට  
මොන පිහිටක්ද? වෙන පොඩිඋන් අඬන කොට

රිටි ගසමින් නියමිත ලෙස හරවාගනිමින් උණපහුර පැදයාම බොහොම වීර ක්‍රියාවක්. තුන්දෙනා තරඟයට වගේ දැන් වැඩේ කරනව. තෝප්පුව ළංවෙනකොට ඔයේ සැඩ පාරත් එක්ක වංගුවකුත් තියෙනව. මෙන්න මෙතනදී බොහොම පරිස්සමෙන් පහුර පදින්න ඕනෑ. වංගුව ළංවෙනකොටම අග කෙළවරේ ඉන්න සීටිංට හෙන්දප්පු කෑගැහුව හරෝපං හරෝපං කියල.  

දැං පහුර කෙළින්මයි යන්නෙ හැරවීමක් නෑ ටිකක් තරහගිය හෙන්දප්පුව යකෝ සීටියො ඇහෙන්නැද්ද? බොල හරෝපිය නැත්තං පහුර අයිනෙ තියන පටහිඟුරු ගොල්ලෙ හිරවෙයි.  
 එහෙම කීවත් සීටිං නෙමේ කීව දේ කළේ. පස්සෙ මහ වතුරට පැන්න සීටිං නොපෙනී ගිහිං තියෙනවා.  

කොහොමිං හරි බොහොම අමාරුවෙන් උණ පහුර අයින් කරල ගැටගහල උදේ එළිවුනාම සල්ලිත් අරං රාත් බීල හෙන්දප්පුයි, අන්දිරිසුයි ගමට ආව. ගමට කිට්ටුවෙනකොට ටිකක් අමුතුයි. ගමේ මළගෙයක්. ඊයෙ රාත්‍රි යනකොට එහෙම දෙයක් ගමේ තිබුණේ නෑ. මොකද්ද මේ කියල දෙන්න ගමේ අයෙක් එක්ක කතාවට වැටුණා. ගමේ මනුස්සය කීවෙ මෙන්න මෙහෙම කතාවක්.  
ඇයි දන්නැද්ද සීටිං අයියට යකෙක් ගහල මැරිලනෙ ඊයෙ රාත්‍රියෙ. මීගමු යන්ඩ උණපහුර ළඟට යනකොටලු වැඩේ වෙලා තියෙන්නෙ. බෙල්ල පැත්තටලු යකා ගහල තියෙන්නෙ. ඇඟිලි පාරත් තියෙනවලු.  
මේ කතාව ඇසූ හෙන්දප්පු අන්දිරිස්ට කිට්ටු කර ඇසුවේ ඈ බං මලයො එතකොට කව්ද අපිත් එක්ක උණපහුර පැදගෙන ගියේ. ඒ සීටිං නොවෙයිද? කියායි.  

ඇයි උඹ අහල නැද්ද ඔහොම දේවල් සිද්ධ වුණහම මහසොහොන් අවතාරෙ ඒ විදිහට එනවලු. එහෙම වෙන්නෙ හරියට ජාම වෙලාව ආවිටලුයි කී අන්දිරිස් ඉවත බලාගත්තේය.  
මම නං ආයෙ කවදාවත්ම උණපහුරු පදින්ට යන්ට එන්නෙ නෑ. මට බෑ මහසොහොන් අවතාරත් එක්ක පයුරු පාසං, හෙන්දප්පු කිව්වා.  
ඈ බං අන්දිරිස් අයියෙ පහුරෙ කෙළවරේ හිටි එකා අපිත් එක්ක කතා කළත් එක්කනෙ. උෟත් හරියටම සීටිය වගේමයි.  
ඔව් බං අවතාර එහෙම තමා අපට හොයාගන්ඩ බැරි විදිහට වෙස්ගන්නවා කියමින් සීටිංගේ මළ ගෙදරට ගොස් මේ සම්පූර්ණ සිද්ධිය එහි සිටි අයට කීවෝය.  

මළගෙදර සිටි උදවිය ගල් ගැසී බලාසිටියේ මෙය අදහාගත නොහැකි සිද්ධියක් නිසාය.
ධර්මරත්න තෙන්නකෝන්
lankadeepa
උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Wednesday, January 10, 2018

නිධානයකින් මැණිකක් ගත්ත හොරු අල්ලන්න ගිහින් පොලිසිය අද්භූත සිදුවීමක් දැකලා.....(nidan harima අබිරහස් අඩවිය - Abirahas Adawiya - හොල්මන් කතා. holman katha)

“සර් නවගත්තේගම කැලෑවේ ගල් තලාවක නිධානයක් ගොඩගන්න හදනවා. දැන්ම ගියොත් කට්ටියම අල්ලාගන්න බැරිවෙන එකක් නැහැ”   නවගත්තේගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක නවීන් ඉන්ද්‍රජිත් දයානන්ද මහතාට දුරකථනයෙන් කතාකර පවසනු ලැබ ඇත්තේ ඔහුගේ පෞද්ගලික ඔත්තුකරුවෙකු විසිනි.  පොලිස් ස්ථානාධිපති දයානන්ද මහතා තොරතුරු ලැබුණු වහාම පොලිස් කණ්ඩායමක් සමඟ පිටව ගියේ නිධන් හොරුන් අල්ලා ගැනීම සඳහාය.  නිධන් හොරුන් නිධානය ගොඩගැනීමට යන තැනට නවගත්තේගම රැලපනාව ප්‍රදේශයේ සිට කැලේ ඇතුළට කිලෝමීටර් පහක පමණ දුරක් යා යුතුය.   එය අතිශය දුෂ්කර ගමන් මගකි. වැටලීම සිදුකළේ පුත්තලම දිසා බාර නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන මහතාගේ උපදෙස් හා මෙහෙයවීම යටතේය.   

අලි ඇතුන්, විෂඝෝර සර්පයන් බහුල වශයෙන් ගැවසෙන මහා වනාන්තරයට පොලිස් කණ්ඩායම ඇතුල් වන විටත් හතර වටින් සැඳෑ අඳුර ගලා එමින් තිබුණේය.    පොලිස් කණ්ඩායම මහා වනාන්තරය තුළට ඇතුළු වූයේ ජීවිත අවදානම දෝතින් දරාගෙන ඉදිරියේදී ඇතිවිය හැකි ඕනෑම අභියෝගයකට මුහුණ දීමේ බලාපොරොත්තුවෙනි.  නවගත්තේගම රැලපනාව ප්‍රදේශයේ සිට කිලෝමීටර් පහක පමණ දුරක් ගෙවා පොලිස් කණ්ඩායම නිධානය ඇතැයි කියන ගල්තලාවක සහිත පොකුණ සමීපයට යන විට පුද්ගලයන් දෙදෙනෙකු එම ස්ථානයේ රැඳී සිටින අයුරු දැක ගැනීමට ලැබී ඇත.   එතනින් එහාට වෙච්ච දේවල් පමණක් නොව අරුම පුදුම අද්භූත සිද්ධියක් ගැන ද තොරතුරු හෙළිකළේ මෙම වැටලීමට නායකත්වය දුන් නවගත්තේගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක දයානන්ද මහතාය.   

“මගේ පෞද්ගලික ඔත්තුකරුවකුගෙන් ඔත්තුවක් ලැබුණ නවගත්තේගම රක්ෂිත වනාන්තරයේ නිධානයක් ගොඩගන්න යනවා කියා. ලැබුණු මේ තොරතුරු ගැන අපේ උසස් පොලිස් නිලධාරින්ටත් දැනුම් දීලා නිධන් හොරුන් අල්ලන්න වැටලීමක් සැලසුම් කළා. නිධන් හොරු පසුගිය සඳුදා කැලෑවට එනවා කියා තොරතුරක් ලැබුණු නිසා කැලෑවට ගිහින් රැක සිටියත් ඔවුන් ආවේ නැහැ. ආයෙත් තොරතුරක් ලැබුණා මේ කට්ටිය 8 වැනිදා එනවා කියා. ඒ අනුව මම තවත් පොලිස් නිලධාරින් කණ්ඩායමක් එක්ක රැලපනාවේ ඉඳලා කිලෝමීටර් පහක් පමණ කැලෑව ඇතුළට ගිහින් නිධානය තියෙනවා යැයි කියන ස්ථානයේ සැඟවී සිටියා.   

සුදු හැඳගත් දෙන්නෙක් ගල් තලාවේ පොකුණ ළඟ හිටගෙන යාතිකා කරන්න පටන් ගත්තා. විනාඩි 20 ක් විතර දෙන්නා මේ විදිහට යාතිකා වුණා. ඊට පස්​ෙස් දෙන්නාම ඒ පොකුණට බැහැලා ප්ලාස්ටික් කෑන් දෙකකින් වතුර ඉසීමට පටන් ගත්තා. වතුර ඉස්සාට පස්​ෙස් එතැනින් කළුගලකින් නෙළන ලද නෙළුම් මලක් මතුවුණා. එක් අයෙක් ඒ මලට කුළු ගෙඩියකින් ගසා කඩා දැමුවා. තවත් කෙනෙක් යකඩ ඉන්නකින් ගසමින් බොහෝම අමාරුවෙන් කළුගලකින් නිමවන ලද ලෑල්ලක් වැනි දෙයක් ඉවත් කළා. ඒත් එක්කම කළු පැහැති ලොකු දුමාරයක් ඉහළට විහිදී ගියා. ඒ දුමාරයත් එක්කම වාගේ සඳුන් සුවඳට සමාන සුවඳක් අවට ප්‍රදේශය පුරාම පැතිර ගියා. ඒ සුවඳ සෑහෙන වේලාවක් යනකම්ම තිබුණා.   

නිධන් හොරුන් දෙදෙනාම එම කළුගල් පියන ඉවත්කර ඒ තුළ තිබූ ගල ඉවත්කර ගත්තා. ඒත් එක්කම අපි එතැනට කඩා වැදිලා දෙන්නම අල්ලාගත්තා” යැයි පොලිස් පරික්ෂක දයානන්ද මහතා කීය.   ඊට පස්සේ වෙච්ච දෙයක් ගැන කිව්වේ පුත්තලම දිසා බාර නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන මහතාය.   
“මෙම වැටලීමට නායකත්වය දුන් පොලිස් පරීක්ෂක නලින් ඉන්ද්‍රජිත් දයානන්ද මහතාට එක් අයෙක් රුපියල් කෝටියක් දෙන්නම් දෙන්නම මුදාහරින්න කියා තිබෙනවා. ඔහු කෝටියක මුදල ගැන ප්‍රතික්ෂේප කළායින් පස්සේ නිධානයෙන් ගොඩගත්ත ගල දෙන්නම් කියා තිබෙනවා. මේ ගල මිලකළ නොහැකි වටිනාකමක් තිබෙන එකක් බවත් පවසා තිබෙනවා. ඔහු ගල ලබාගැනීමත් ප්‍රතික්ෂේප කරලා තමා දෙන්නාම අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

කෝටියක පගාවක් ප්‍රතික්ෂේප කරලා සැකකරුවන් අත්අඩංගුවට ගත් පොලිස් පරික්ෂක දයානන්ද මහතා මුළු පොලිස් දෙපාර්තමේන්තුවටම ආඩම්බරයක්”  අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකු මාතර කැකණදුර ප්‍රදේශයේ ද අනෙකා නිට්ටඹුව ප්‍රදේශයේද පදිංචි අයෙකි.   
මොවුන් දෙන්නාම ධනවත් ව්‍යාපාරිකයෝ වෙති.   වැඩිදුරටත් මේ හා සම්බන්ධව කරුණු කාරණා අනාවරණය කරමින් නියෝජ්‍ය පොලිස්පති සිරිවර්ධන මහතා පැවසුවේ මෙවැනි කතාවකි.   

“මාතර ප්‍රදේශයේ පදිංචි සැකකරුට කිසියම් අදෘශ්‍යමාන බලවේගයක් තිබෙන බව ඔහුගෙන් මා ප්‍රශ්න කළ අවස්ථාවේ කියා සිටියා. නවගත්​ෙත්ගම ප්‍රදේශයේ පදිංචි අයෙක් ටික කාලයකට ඉහත දී මොහුට කතාකර නවගත්තේගම රක්ෂිත වනාන්තරයේ ගල්තලාවක කුඩා පොකුණක නිධානයක් ඇති බවට පවසා තිබෙනවා. තමාට ඇති බලවේගය ඉදිරියේ එය ඇත්තක් ද කියා බැලූ අවස්ථාවේ එතැන නිධානයක් තිබෙන බවට ඔහුට පෙනී ගියා කියා පැවසුවා. මේ ඔත්තුව දුන්නට ඔත්තුකරුට මාතර පුද්ගලයාගෙන් ලක්ෂ 50 ක් ඉල්ලා තිබෙනවා. ඔහු එයට කැමැත්ත ප්‍රකාශ කර අත්තිකාරම් මුදලක් වශයෙන් ලක්ෂ පහක මුදලක් ලබාදී තිබෙනවා. නිධානය ගොඩගන්න කලින් මාතර පුද්ගලයා මාස තුනක විතර කාලයක් යාතිකා වෙමින් ඉඳලා තමා මේ වැඩේට බැහැල තියෙන්නේ. ඔහු මතක අති කාලයක ඉඳලා මස් මාළු කරවල කන්නේ නොමැති බවත් එළවළු පමණක් ආහාරයට ගන්නා බවත් කිව්වා. අනෙකා ඔහුගේ මිතුරෙක්. ඔහු මාතර සිට කතරගම දක්වා ඉදිකෙරෙන නව දුම්රිය මාර්ගයේ කොන්ත්‍රාකාරයෙක් බව ප්‍රශ්නකර අප හෙළිකර ගත්තා”   

වර්ණවත් ගල ඔබා තිබුණේ වංගෙඩියක හැඩයකින් යුතු ගල්තලාවේම තිබුණ වළක් තුළ බහාය. එම ගල වටා පරිවාර ගල් දෙකක්ද තිබියදී පොලිසිය සොයාගෙන ඇත.   නිධානය ගොඩ ගැනීමට යොදාගත් කුළු ගෙඩිය හා යකඩ ඉන්නද පොලිස් භාරයට ගෙන තිබේ. අපි නැවතත් පොලිස් පරික්ෂක දයානන්ද මහත්තයා කියන කතාවට සවන් දෙමු.   

 “මෙම ගල ගොඩට ගත්තාට පස්සේ මම ඒක අල්ලා බලන්න හැදුවා. ඔවුන් කිව්වා දැන්ම ඒක අල්ලන්න එපා ඒතරම්ම බලගතු මැණිකක් කියා. ඒ නිසා මම ඒ වෙලාවේ ඇල්ලුවේ නැහැ. පස්සේ තමා ඇල්ලුවේ. මෙම ගල ජාතික ස්වර්ණාභරණ හා මැණික් අධිකාරියට පරික්ෂණ සඳහා ඉදිරිපත් කර පරික්ෂණයක් සිදුකරනවා. මෙය නිල් පැහැති ග්‍රෑම් 250 ක් පමණ බරකින් යුක්ත බව හෙළිවුණා. මෙය ගොඩගත්තාට පස්සේ ලොකු වැස්සක් පතිත වුණා.   
 නිධානය ගොඩගත්ත ස්ථානය හා ඒ අවට මම ඩිජිටල් කැමරාවකින් ෆොටෝ ගත්තා. මගේ ඒ කැමරාවේ අමුතු තාලයේ දීප්තිමත් එළියක් දක්නට ලැබුණා” යැයිද පොලිස් පරික්ෂකවරයා කීය.  සැකකරුවන් දෙදෙනා ආණමඩුව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 17 දක්වා රිමාන්ඩ් බාරයට පත්කෙරිණි.   

 වයඹ පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන සහ පුත්තලම දිසා බාර නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන යන මහත්වරුන්ගේ පූර්ණ අධික්ෂණය යටතේ පුත්තලම කොට්ඨාසය බාර පොලිස් අධිකාරි ජේ.ඒ. චන්ද්‍රසේන සහ සහකාර පොලිස් අධිකාරි එස්.බී.එම්. සන්දනායක යන මහත්වරුන්ගේ උපදෙස් මත නවගත්තේගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක නලින් ඉන්ද්‍රජිත් දයානන්ද, උපපොලිස් පරික්ෂක පී,එම්.එල්. පතිරණ යන මහත්වරුන් ප්‍රධාන පොලිස් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යයි.   
 පොලිස් සැරයන් ධර්මසිරි (41440), කොස්තාපල්වරුන් වන රාජකරුණා (31260), මුදියන්සේ (63079), කැලුම් (71232), නිදර්ශන් (38593) සහ රාජකරුණා (55080) යන මහත්වරුද මෙම පරික්ෂණවලට හවුල් වී සිටිති.  
මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට යැවූ වර්ණවත් ගල මැණිකක් නොවන බව දන්වා ඇති බවද දැනගන්නට ලැබිණ. 
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය  ලංකාදීප පුවත්පත
උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya