මාර වැඩේ!... මාර ගෙයක්!.... මාර කෑමක්. මේ අපේ භාෂාවේ අපූරු වචන පෙළකි. මේ හැම එකකින්ම කියැවෙන්නේ විශිෂ්ට බවය. ඒත් මෙහි සැබෑ අරුත යක්‍ෂ වැඩක්! යක්‍ෂ ගෙයක්! යක්‍ෂ කෑමක් කියා පිළිගන්නට තරම් අප මැළිය. මන්දයත් යක්‍ෂ, ප්‍රේත, කුම්භාණ්ඩ හෝ හොල්මන්, අවතාර, දිෂ්ටි නූතනවාදියන් තුට්ටුවකටවත් ගණන් ගන්නේ නැති නිසාය.
මාර වැඩේ!... මාර ගෙයක්!.... මාර කෑමක්. මේ අපේ භාෂාවේ අපූරු වචන පෙළකි. මේ හැම එකකින්ම කියැවෙන්නේ විශිෂ්ට බවය. ඒත් මෙහි සැබෑ අරුත යක්‍ෂ වැඩක්! යක්‍ෂ ගෙයක්! යක්‍ෂ කෑමක් කියා පිළිගන්නට තරම් අප මැළිය. මන්දයත් යක්‍ෂ, ප්‍රේත, කුම්භාණ්ඩ හෝ හොල්මන්, අවතාර, දිෂ්ටි නූතනවාදියන් තුට්ටුවකටවත් ගණන් ගන්නේ නැති නිසාය.
"මොකද බං යකෙක් වගේ ඇඟට කඩාපනින්නේ? මොකද බං හොල්මනක් වගේ හිටගෙන ඉන්නේ? ඇයි බං අවතාරයක් වගේ බලා ඉන්නේ? මේකනම් මහ මළ පෙරේතයෙක්." මේ මනුස්ස සමාජයේ තවත් මනුෂ්‍යයකු ආමන්ත්‍රණය කරන ආකාරයන්ය. එහි යථාර්ථය වන්නේ මිනිස් සමාජය තුළත් නොමිනිස් ගති ඇති උදවිය සිටින බවකැයි සිතිය හැකිය. මේවා සියල්ලම පැරැණි සමාජයේ කටවහරට නැතිනම් "කතාවට" කියූ කතාය. නමුත් පැරැන්නන් මේවා කීවේ කට කහනවටවාත්, නූගත්කමටවත් නොවේ. යක්‍ෂයන්, හොල්මන්, අවතාර පිළිබඳ අත්දැකීම් ලද්දන් එකී චරිතයන්ට අදාළ හැසිරීම් රටා නිරූපණය කළ මනුෂ්‍යයන්ටද මෙසේ ආමන්ත්‍රණය කළේ අපහාස කරන්නට නොවේ. මන්දයත් එකී කතා තුළ යම් අර්ථයක් තිබූ නිසාය.
ආරියදාස අයියා ඊට අපූරු නිදසුන් ගෙන දුන්නේය. ඔහු මිනිස් සමාජය මෙන්ම මළ මිනී සමඟද වසර කිහිපයක් එකට ජීවත් වූ අයෙකි. ඔහු සේවය කළේ. රෝහලේ මිනී කාමරයේ මුරකරු හා බාරකරු ලෙසය. ඊට රැයක් දවාලක් තිබුණේ නැත. එදා අද මෙන් මිනී කාමර වටලා තාප්පවලින් වටකොටවත් සී.එෆ්.එල්. හෝ ටියුබ් ලයිට්වලින් ඒකාලෝක වී තිබුණේ නැත. මලානික ආලෝකයක් නිකුත් කළ ප්ලෝරසන් බල්බයකින් දෙකකින් අවට අඳුර යන්තම් මකාලමින් තිබිණි. සමහර මිනී කාමර තිබුණේ යමකුට මුරකරනවා තබා විනාඩි කිහිපයකට හිටගෙනවත් ඉන්නට හිතෙන්නේ නැති පාළු තැන්වලය.
රැකියාවට ගිය මුල් දවස්වල ආරියදාස ගතකළේ ඉතාමත් අසීරු ජීවිතයකි. එදා අද මෙන් මෘත ශරීරාගාරය තුළ අධි ශීතකරණ තිබුණේ නැත. එහෙයින් සතියකට තුන හතරක් අමු මිනී වරදින්නේ නැත. ඒ අතරේ පැපිලියාන මංසන්ධියේදී ලංගම බස් රථයකට යටවී ගිය තැඹිලි කරත්ත කොලුවාගේ පොඩිපට්ටම්ව ගිය දේහය ආරියදාස මහත් තැතිගැන්මකට ලක්කළේය. එය මිනී කරත්තේ බේසමක් මත ලේ විලක් මැද තවමත් තිබිණි. ආරියදාසගේ දෑස තත්පරයකට හෝ පියවුණේ නැත්තේ ඒ තැතිගැන්ම මතය.
ඔහු මිනී කාමරයේ ජෑම් ගස් යට බංකුවට වී වෛද්‍ය නේවාසිකාගාරයේ දැල්වෙමින් තිබූ ආලෝකය දෙස විපරමින් සිටියේ කවුරුන් හෝ නිදිවර්ජිතව සිටිනු ඇතැයි සිතාය.
වෙලාව රාත්‍රි ෙදාළහ පසුවී තිබිණි. ආරියදාස ගුළිගැසී සිටි රෝහල් බංකුවේ අනෙක් කෙළවර "කිරිස්" හඬ නංවමින් තරමක් පැද්දිණ. තිගැස්සී ඇහැරුණු ඔහු දුටුවේ තමන් සිටි බංකුවේ අනෙක් කෙළවර වාඩි වී සිටි ඉරි සහිත සුදු සරමකින් හා බොක්සින් බැනියමකින් සැරසී හුන් හීන්දෑරි මනුස්සයෙකි. ඔහු ආරියදාස හා සිනාසුණුමුත් වචනයක් කතා කළේ නැත.
වෙලාව රාත්‍රි ෙදාළහ පසුවී තිබිණි. ආරියදාස ගුළිගැසී සිටි රෝහල් බංකුවේ අනෙක් කෙළවර "කිරිස්" හඬ නංවමින් තරමක් පැද්දිණ. තිගැස්සී ඇහැරුණු ඔහු දුටුවේ තමන් සිටි බංකුවේ අනෙක් කෙළවර වාඩි වී සිටි ඉරි සහිත සුදු සරමකින් හා බොක්සින් බැනියමකින් සැරසී හුන් හීන්දෑරි මනුස්සයෙකි. ඔහු ආරියදාස හා සිනාසුණුමුත් වචනයක් කතා කළේ නැත.
"ඔහේ ආපු එක මගේ තනියට හොඳයි" ආරියදාස තම කමිස අත රෝල් කරගෙන සිටි බුලත්විට දිගු කරන ගමන් කීවේය. එය අනුමත කළාක් මෙන් හිස ඉහළට පහළට වැනූ අමුත්තා බුලත්විට ගෙන හපන්නට විය.
"තමුසෙ බයවෙන්න ඕනෙ නෑ. මේ රස්සාව කරගෙන ඉන්නවා" හොල්මන් කතා නොකරන බව ආරියදාස අසා තිබුණේය. එහෙත් බුලත්විට අමුත්තාට දිගු කරන විට ඔහුගේ අත හා ගැටීමෙන් දැනුණු සීතල මළ මිනියකට සමාන බව ආරියදාසට දැනුණි. දෙදෙනා අතර වැඩි කතාබහක් නොවුණත් තනියට ආ අමුත්තා නිසා දෙගිඩියාවකින් හෝ කාලය ගතවී යත්ම පාන්දර ජාමයේ වන විට ආරියදාස නොදැනුවත්වම කිරාවැටෙන්නට විය. නමුත් ඔහු අවදි වන විට අමුත්තා සිටියේ නැත.
පවුලේ ආරවුලක් නිසා සැමියා බිරියගේ බෙල්ල කැපීය. ඇය ලේ විලක් මැද ළතෝනි දී ඇද වැටෙනවාත් සමඟ සැමියා අසල ළිඳට පැන්නේය.
එහෙත් බිරියගේ ජීවිතය අසල්වැසියන් නිසා බේරුණත් සැමියා ළිං පතුලේ තම අවසන් හුස්ම හෙළුවාය.
එම මළ මිනියද අවසානයේ මරණ පරීක්‍ෂණය පැවැත්වෙනතුරු ආරියදාසගේ බාරයට පැවරුණි.
දින දෙක තුනක් අමුත්තා නොපැමිණියෙන් ආරියදාසට දැනුණේ අමුතු කාංසියකි. එක්වරම "දඩස්" හඬක් මිනී කාමරය තුළින් ඇසුණෙන් ඔහු තිගැස්සී ගියේය. තවත් මොහොතකදී මිනී කාමරයේ යතුරු හිලෙන් එබී බැලූ ඔහු දුටුවේ සවස ළිඳට පැණ පන නසාගත් මළ මිනිය සිමෙන්ති මේසය මත වාඩි වී ඉකිගසමින් සිටින අයුරුය. මළ මිනියකට පණ ඇවිත් තිබෙනු ආරියදාස මුල්වරට දුටුවේ එදාය. ඔහුගේ ගත දහදියෙන් තෙත්ව පරාණ කූඩුව සට සටගා වෙව්ලන්නට පටන්ගත්තේය. ඒ බව තවත් වැඩිවන්නට වූයේ තවත් මිනියක් පහුවදා උදේ මෝචරියට ගෙනැවිත් අතෑරපු නිසා නොව ඔවුන් කී දේ නිසාය.
"මේකා ඊයේ රෑ කනමදයා වගේ බීගෙන මදිවට බැදපු මස් වර්ගයක් පාර දිගේ කාකා ඇවිල්ලා.... කනත්ත ළඟදි යකා ගහලා. ආයෙ එතැනමයි" නහයින් කටින් ලේ පෙරාගෙන තිබූ මිනිය බෙල්ල අවට සම්පූර්ණයෙන්ම නිල් පැහැ ගැන්වී තිබුණේය.
"අපෝ... කුලී වැඩක් කරනව මීට සැපයි" සුපුරුදු බංකුව මත ගුළිවී සිටි ආරියදාස සිතුවේය.
"බය වෙන්න එපා ඕයි. යක්කු එතරම් නරක උන් නෙවෙයි. ඒකා මොකටද පුළුටු කකා ආවේ. පුළුටු කියන්නේ මිනිස්සුන්ට අයිති කෑමක්යෑ?"
අමුත්තා බංකුවේ අනෙක් කෙළවරේ සිට අසන විට ආරියදාස අන්දුන්කුන්දුන් වී ගියේය. ඒ නිමේෂයේ ඔහුගේ මතකයට ආවෙ පසුගිය දිනක මිනී කාමරයේ අඬමින් සිටි අවතාරය. ඔහු එය අමුත්තාටද කීවේය.
"මේක ඇතුළට එනවුන් ඔහොම තමයි. මැරුණත් උන් වෛරයෙන්, කේරා්ධයෙන්, දුකෙන් තවමත් ජීවත් වෙනවා. ඒ වුණාට මැරෙන හැම එකාම ඔහොම නැහැ. සමහර මළ මිනී එක්ක ජීවිත කාලයම වුණත් ඉන්න පුළුවන්. මං ආස්සරේ කරල තියෙන යක්කු තමුසෙ ආස්සරේ කරල තියෙනවද ඕයි"
"ඒ.. ඒ.. කොහොමද?" ආරියදාස ඇසුවේ ඇස්ගෙඩි නළලේ රන්දවාගනිමිනි.
"ඇයි අයිසේ තමුසෙට කලින් මංනෙ මෙහේ මුරකාරයා...."
ආරියදාසට උතුර දකුණ මාරු විය. මන්දයත් තමා මේ රැකියාවට ඒමට සතියකට පමණ පෙර එකී මුරකරුවා හෘදයාබාධයකින් මියගොස් සිටි නිසාය. එසේ නම් තමන් මෙතෙක් කල් ඇඟලුම් පෑ අමුත්තා සැබැවින්ම අවතාරයක් බව ආරියදාසට සක්සුදක් සේ පැහැදිලිය.
ඉන් සිදුවුණේ ආරියදාසගේ හිතේ මළවුන් ගැන තිබූ චකිතය, බය ගතින් දුරුව යෑමය. එහෙයින් ඔහුට වසර දහයකටත් වඩා වැඩි කාලයක් මිනී කාමරයේ මුරකරුවා හැටියට සේවය කිරීමට හැකිවූවා පමණක් නොව එකී රාජකාරියේ යෙදීම වෙනුවෙන් එම රෝහලේම සේවකයකු ලෙස උසස් වීමක් ලබන්නට තරම් හේ භාග්‍ය ලද්දේය. එම වාසනාව ආරියදාසට ගෙන ආවේ තමන්ට කලින් මිනී කාමරයේ මුරකළ අමුත්තාගේ අවතාරයයි. සැබැවින්ම අවතාරය විසින් ආරියදාසගේ හිතේ තිබුණු චකිතය බය දුරුකර නොදෙන්නට ආරියදාස මිනී කාමරයේ මුර රස්සාවටද ආයුබෝවන් කියන්නේද මුල් කාලයේදීමය.
රාජකාරි කටයුත්තක් සඳහා බදුලු ගිය ජස්ටින් මහතා එම රාජකාරිය නිමා කොට රාත්‍රියේම යළි කොළඹ ඒමට පිටවූයේ පසු දින පෙරවරු නවය වන විට තවත් රැස්වීමකට සහභාගි වීමට තිබෙන නිසාය. ඔහු ඒ සඳහා තෝරාගත්තේ බදුලු මහියංගණය මාර්ගයයි. කුමන හේතුවක් මත ඒ මාර්ගය තෝරාගත්තද කියා ඔහුටම නොතේරුණත් දහඅට වංගුව යන්තම් පසුකරන විටිත් රාත්‍රියේ හොඳම වෙලාව පසුකර තිබිණි. වෙනත් මඟක් තියෙද්දී මේ මාර්ගයෙන් ඒම ගැන සිටියේ පසුතැවීමෙනි. පසුතැවීමෙන් පලක් නොවුණු තැන ඔහු වාහනයේ වේගය තරමක් වැඩි කළේය. එහෙත් යෑමට ලැබුණේ සැතපුම් කිහිපයක් පමණි. "චූස්....." හ¾ඩින් ඉදිරිපස රෝදයේ හුළං බුරුල් වන විට ජස්ටින්ට එළොව පොල් පෙනේනට පටන්ගත්තේය. ඩිකියේ තිබූ ජැක්කුව අතට ගත්තත් කට්ට කපන අඳුරේ තනිව දෙයක් කරගත නොහැකිව ඇඹරෙමින් ඒ මේ අත විපරම් කළේය.
තමන්ට යාර දහයකට පහළොවක අෑතින් පුංචි මඩුවක කිසියම් කෙනකු තමන් දෙස එක එල්ලේම බලා සිටිනු ජස්ටින් දුටුවේය. ඔහු හනිකට එතනට දිව්වේය. "හුළං ගසනු ලැබේ" බෝඩ් ලෑල්ල බාගෙට වේයො කා තිබේ. පෙනුමින් වින්කලයක් වගේ වුණත් එය ගරාවැටෙන්නට ආසන්නය. වින්කල්කරු කිසිත් නොකියාම නොපැකිලවම ජස්ටින් ඉදිරියට එමින් "යං" කියන්නා සේ දකුණත ඉදිරියට දිගු කළාය. වින්කල්කරුගේ දැඩි උපකාරය මැද විනාඩි දහයකටත් අඩු කාලයකදී ඔස්ටින් රථයේ රෝදය මාරුකර ගැනීමට ජස්ටින්ට හැකි විය.
ජස්ටින් දෙවියන්ට මෙන්ම වින්කල්කරුටද පින්දී ඔහු අත රුපියල් පහේ කොලක් තැබුවාය. ඒ කාලයේ වාහන "පැච් එකක්" දැමීමට පවා අය කළේ රුපියල් දෙකකි.
ජස්ටින් ඊළඟ වාරයේ බදුලු යන විට මේ මාර්ගයම යළි තෝරාගත්තේ කෘතගුණ සැලකීමක් වශයෙන් වින්කල්කරු මුණගැසී වචනයක් දෙකක් ෙදාඩා යෑමටය. හරිහැටි සලකුණක් නැතත් "හුළං බෝඩ් ලෑල්ල" ජස්ටින්ට හොඳින් මතකය. කෙසේ හෝ තැන සොයාගත් ජස්ටින් බිරියද සමඟ වාහනයෙන් බැසගත්තේ යක්කු ගස් උඩ බල්ටිගහන වේලාවේ තමන්ට උදව් උපකාර කළ අසරණ මනුස්සයා දැකීමටය.
එහෙත් මෑතකදී එහි යමකු වාසය කළ බවක් නම් පෙනෙන්නට නොතිබුණේ වින්කලයක් බඳු එම ස්ථානය එතරමටම දිරාපත්ව ගොස් තිබූ නිසාය. වේලාවට මෙන් දරමිටි බැඳගත් පාපැදිකරුවෙක් ජස්ටින්ලා පසුකර යෑමට සිටියේය.
"මහත්තයා ඔය අහන්නේ සුද්දප්පු මාමා ගැන. හරිම හොඳ මනුස්සයා" බයිසිකල්කරු කියාගෙන යයි.
"ගිය සතියේ දවසක මහ රෑ මටත් හරියට උදව් කෙරුවා. වාහනේ පැච් එකක් ගිහිල්ලා. එහෙම උදවිය හොයාගන්න අමාරුයි. මම මේ බැලුවේ මේක හදාගන්න මොකක් හරි උදව්වක් කරන්න..."
ජස්ටින් පවසන දේ බයිසිකල්කරු අසා සිටියේ ගොඩයාට මැජික් පෙන්නුවා සේය. අනතුරුව තොලකට ලෙවකාගත් කෙළ ගුළියක් ගිලගත් ඔහු ජස්ටින් ඇමැතුවේය.
"ඇ... ඇත්තටම ම... මහත්තයාට සු.... සුද්දප්පු මාමා උදව් කළාද?"
"ඔව්... ඇයි. ඇයි ඒ මනුස්සයට කරදරයක්ද?"
"නෑ.... මහත්තයා ඔය සුද්දප්පු මාමා මළේ මීට අවුරුද්දකට විතර කලින්. එදා ඉඳලම ඔය මනුස්සයා මහ රෑ පාරේ යන එන අයට හරියට පිහිටට එනවා. පණපිටින් ඉන්දැද්දීත් ඔහොමම තමා"
ජස්ටින් මහතා බිරියගේ මුවත් බිරිය ඔහුගේ මුවත් මාරුවෙන් මාරුවට බලාගත්තා විනා වෙනත් යමක් සිතන්නට දෙයක් තිබුණේ නැත.
ඉන් අනතුරුව බදුලු ගිය කිහිපවිටක්ම ජස්ටින් මහතා සුද්දප්පු මාමා දැක ගැනීමට උත්සාහ කළත් එය සාර්ථක නොවුණේ කරදරයට පත් කෙනකුගේ පිහිටකට පමණක් ඔහු පෙනී සිටින නිසාය. ඒ අනුව සුද්දප්පුද අවතාරයකි. එහෙත් දන්නා කියන කෙනෙකුවත් සුද්දප්පුගේ අවතාරයට බය වුණේ නැත. සුද්දප්පු කිසිවකුත් බිය නොගන්වා පෙනී නොපෙනී ගියා පමණි.
එවන් අවතාරයක් දැකීම පවා අද කාලයේ අරුම පුදුම දෙයක් වන්නේ කුමන හේතුවක් නිසා හෝ නූතනයන් හට හොල්මන් අවතාර දෙස අවකාශයේ සැරිසරන්නට හැකියාව ලදහොත් දෙකක් නැත උන් අපගේද බොටු මිරිකනු නොනුමානය. මන්දයත් නූතන සමාජයේ වැඩිහරියකගේ ගතිපැවතුම් හා ක්‍රියාකලාපයන් යක්‍ෂයන්, ප්‍රේතයන්, කුම්භාණ්ඩයන් පරයා යන තරමේ අය වීම නිසාය.
සත්‍ය සිදුවීම් ඇසුරෙන්
නම් පමණක් මන--කල්පිතය
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම් like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya
අබිරහස් අඩවිය - Abirahas Adawiya
Keep posting !
ReplyDeleteLove to read to the way you build up the the story :)