උණවටුන හා ඒ අසල ඇති රූමස්සල සුවිශේෂ පාරිසරික පිහිටීමකි. එහි පසෙකින් ඇති ඛනිජ විශේෂ වෙනස්ය. එහි ආකර්ෂණ ශක්තිය ඉතා දැඩිය. ජනප්‍රවාදය අනුව නම් තුවාල වූ රාමාට ප්‍රතිකාර පිණිස හනුමා ඔසවාගෙන ආ හිමාලයේ ඔෟෂධ ශාක අඩංගු කැබැල්ලකින් රූමස්සල ඇතිවිය. අතීතයේ මේ ප්‍රදේශයට කඩා වැටී ඇති ග්‍රහක කොටසක් නිසා උණවටුන රූමස්සල සුවිශේෂී පාරිසරික හා භූ විද්‍යා ලක්ෂණ යුතු කොටස බිහි වූ බව පෙනෙයි.
මාතර නෙටොල්පිටිය අක්කර 400ක් පමණ යුතු තද රතු පැහැති පස් පමණක් විසිරුණු තෘණවලට හා කුඩා පඳුරුවර්ග කිහිපයකට සීමා වූ උස් නිසරු වෙරළබඩ සම බිමක් වූ උස්සන්ගොඩ ඉහත පිපිරුමේදීම වැටී විසිරී ගිය ග්‍රහක කොටසක් හෝ වැටුණු වෙනත් ග්‍රහක කැබැල්ලක් දිරාපත්ව සෑදී ඇති බව සිතිය හැකිය. හේතුව උස්සන්ගොඩ වෙරළබඩම සුවිශේෂී භූ විද්‍යා ලක්ෂණ ඇති ප්‍රදේශයක් වීමයි.
කඳුරට කොත්මලේ, කල්පිටිය හා හැදුණු වැව අතර 'කොත්තුනුගොඩ' නමින් කුඩා කඳුගැටය මුදුනේ සුවිශේෂී ආවාට දෙකක් හා විශාල දෝනාවක් ඇත. අතීතයේ ඒ අවට කුඩා ආවාට සිය ගණනක් වූ බවත්, ඒවා කාලය සමඟ වර්ෂාව හා රස්තියාදුකාරකම් නිසා නැතිව ගොස් ඇත. විශාල ආවාට දෙක අඩි 30 හා අඩි 15 තරම් විෂ්කම්භය ඇත. ගැඹුරුය. අඳුරුය. දෝනාව වැනි කොටස අඩි 150 තරම් දිගය.
ජනප්‍රවාද අනුව බෙරවාදයකු තොවිලයකට යද්දී කොත්තුනුගොඩ කඳු මුදුනේ ගිනි දලුවක් විහිදෙනු දැක ඇත. ඒ තුන්වරක් මතුවී ගිලී ගොස් අතුරුදන් වී ඇත. 1664 දෙවැනි රාජසිංහ රජුට (1636-1687) අඹන්වෙල රාල ඇති කළ කැරැල්ලට පෙර වල්ගාතරුවක් පායා ඇත. ඒ හේලිගේ වාර්ගා තරුවයි.
නිසැකවම අනුමාන කළ හැකි කරුණු තුනක් වෙයි. අනාදිමත් කාලයකට පෙර වැටුණු ආකාශ වස්තුවක ආලෝකය නැතිනම් කඳු මුදුනේ විදාරණය වූ ගිනි කන්දක් පිළිබඳ මතකය මේ ජනප්‍රවාදය තුළ ඇත. භූ විද්‍යාත්මකව ඉතිරිව ඇති සලකුණු තවම අබිරහසක් සිතට දනවයි. හුනු ගල දිරාපත් වීමෙන් මෙවැනි දෙයක් නිර්මාණය වීමට බැරිය. දිගු කලකට පෙර පිපිරී නිද්‍රෝපගත වූ අක්‍රියකාරී යමහල් වීමටද බැරි නැත.

සෙංකඩගල යුගයේ බ්‍රහස්පති හා සිකුරු අතර ඇතිවන ග්‍රහ යුද්ධයකින් සිකුරුගේ කුණ්ඩලාභරණය කැඩී බිමට වැටෙන බව කොත්මලේ ගණිතයා කල්තියා දුටුවේය. මේ සිද්ධිය ග්‍රහ ගණිතය තුළින් දුටු දඹදිව බඹුණෙක්ද මේ වැටෙන ස්ථානය අසලට පැමිණ පැලක් සාදා ගත්තේය.
දෙදෙනාගේ පැල්පත් දෙක එක ළඟය. නියමිත වේලාවට සිකුරු කුණ්ඩලාභරණය කැඩී දඹදිව සිට ආ බමුණාගේ පැල්පතේ වහලයට වැටී කොත්මලේ ගණිතයාගේ පාමුලට විසි විය. දෙදෙනාම කුණ්ඩලාභරණය සඳහා අයිතිය කියන ලදුව රාජාධිරාජසිංහ රජු සිකුරු කුණ්ඩලාභරණය යොදා දළදා හිමි වැඩ හිඳින කරඬුවේ විසිතුරු සැරැසිල්ලකට එය යෙදුවේය. සිකුරු කුණ්ඩලාභරණය වැටුණු තැන 'කුණ්ඩසාලේ' ලෙස ප්‍රසිද්ධ විය. මේ ජනප්‍රවාදය කියනුයේ ලංකාවට 18 සියවසේ වැටුණු ග්‍රහ වස්තුවක වටිනා කැබැල්ලක් ගැන වන අතර අදත් ඒ මහනුවර දළදා කරඬුව තුළ සුරක්ෂිතව ඇත.

එස්.කේ. ජයවර්ධන
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම් like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya
අබිරහස් අඩවිය - Abirahas Adawiya
No comments:
Post a Comment