රජු අහස, පොළව, මුහුද යන සියල්ල ජය ගත්තෙකි. ඔහු සතු වූ ගුවන් යානා ආකෘතිය රයිට් සහෝදරයන්ගේ අත්හදා බැලීම් වලද යම් තාක් දුරකට පෙන්නුම් කෙරේ. ගුවන් යානා ආධාරයෙන් රට රටවල, දේශ දේශාන්තර තරණය කළ ලොව ප‍්‍රථම රජු ලක්දිව රාවණා හැටියට ඉතිහාසය ගත වෙයි. මුහුද ජය ගනිමින් තැනූ විශ්මිත යාත‍්‍රා පෙළක් රාවණා සතු විණ. ඒවා සකස් කිරීමට වෙනම බල ඇනියක් සිටි අතර මොවූහු පුරාණ නාග ග්‍රෝතික පෙළපතට අයත් වෙති. එසේ ගත් කළ රාවණ යුගය ලෝක ඉතිහාසයේ ඓතිහාසික යුගයක් හැටියට සටහන්වේ.
අහසින් යාමට යානාද, මුහුදෙන් යාමට යාත‍්‍රාද, අමතරව වෙනම නිල යානා භාවිත කරන්නට තරම් රාවණා බලසම්පන්නයෙකු විය. ආචාර්ය මිරැන්ඩෝ සඳහන් කරන පරිදි අඟහරු ලෝකය රාවණා රජු නිරන්තර ආව ගිය ග‍්‍රහ ලෝකයකි. එහි යාමට විශේෂ ගුවන් මාර්ගයක් ලෙස ලකේගල සිට අහසට ගොස් ඇත.
අඟහරු ග‍්‍රහ ලෝකයහි ජලය තිබේද? ජීවීන් පවතීද? නිසරු බිමක්ද යන පර්යේෂණ බටහිර විද්‍යාඥයන් මෙකල ගැඹුරින් අධ්‍යනය කරමින් සිටී.
රාවණ රජ සමයේ පටන් අද දක්වාම අඟහරු ග‍්‍රහ ලොව ජීවීන් සිටින දියුණු තාක්ෂණයක් පවතින තැනක් ලෙස මිරැන්ඩෝ සඳහන් කරයි. අඟහරු ලොවින් පැමිණෙන්නා කියන ජීවීන් සහිත ‘‘පියාඹන පිරිසි’’ නම් යානා මෙයට හොඳම උදාහරණයකි. ඒවා ලෝකයේ ඇතම් රටවල් ගුවන් ගත කරණ ඒවා බව සමහරු කීවත්, තාක්ෂණ පර්යේෂණයන් පවා මේ පියාඹන පීරිසි හෙවත් අද්භූත යානා පෘථිවියේ කිසියම් රටකින් ගුවන් ගත නොවන ඒවා බව තදින් විශ්වාස කරයි.
පියාඹන පීරිසි පෘථිවිය කරා එන්නේ ඇයි....? හුදෙක් මේවා අඟහරු ලෝකයෙහි පර්යේෂණ මාලාය. යුරෝපා ඇමරිකා රටවල් අඟහරු වෙත යානා යවා නිරීක්ෂණය කරන්නා සේ අඟහරු ලොවින් පෘථිවිය වෙත යානා පැමිණ පර්යේෂණ කරයි. ආචාර්ය මිරැන්ඩෝ කියන පරිදි අපිට වඩා පර්යේෂණ අතින් අඟහරු ග‍්‍රහ ලොව මිනිස්සු අඩි, යාර නොව සැතපුම් ගාණක් ඉදිරියෙන් සිටිතිි.
අද අඟහරු ලෝකය සමඟ කිසිම සම්බන්දතාවක් නොවුණද රාවණා රජු අඟහරු ලෝකය සමඟ කළ සම්බන්ධතා ගැන අගනා තොරතුරු සමුදායක් පැරණි පුස්කොළ පොත්හි සඳහන් වේ. එයින් එකක් සෝමචන්ද්‍ර බ‍්‍රාහ්මණයා විසින් ඛල්ලාටනාග රජ දවස ලියන ලද්දකි. ඛල්ලාටනාග යනු දේවානම්පියතිස්ස රජුගේ මුණුපුරාය. මෙය මුලින්ම රන් පත්ව ලියා පසුව ක‍්‍රමයෙන් රීදි, තඹ ආදී පත් ඉරුවල ලියමින් පැවත ආවකි. ‘රාවණ කතා’ යන මෙ පුස්කොල ග‍්‍රන්ථය පාරම්පරිකව හිමි වීමේදී එය ඔබේසේකර පරම්පරාවේ මී මුත්තකුට හිමිවී ඇත. අද එය ආචාර්ය මිරැන්ඩෝ සතුව තිබෙයි. (විදේශයක සිය නැඟණිය සමීපයේ තබා ඇත.) එයට හේතුව පුස්කොළපොත පිළිබඳ ආරංචියට ඇතැම්හු නිධන් ඇති තැන් සොයා ගෙන පැමීණීම බව ඔහු සඳහන් කරයි.රාවණා රජුට අයත් මුහුදු යාත‍්‍රා වැඩි ප‍්‍රමාණයක් ස්ථාන ගත කෙරුණේ ත‍්‍රිකුණාමලය මුල් කර ගත් නැව් තොටෙහිය.
රාවණාගේ ගුවන් යානා ස්ථාන ගත කළේ කොහිද? ඒ සඳහා ගුවන් තොට ගණනාවක් රටපුරා තිබිණි. විශේ්ෂයෙන් ‘‘වාරියපොළ’’ නමින් ප‍්‍රසිද්ධ නගරයත්, ‘‘වාරියපොළ’’ නමින් විවිධ දිස්ත‍්‍රික්ක වල පවතින ප‍්‍රදේශත් රාවණා රජුගේ වාතයෙන් ගමන් කළ ගුවන් යාත‍්‍රා ස්ථාන ගත ප‍්‍රදේශයි.
නැගෙනහිර පළාතේ වාකරේ සහ තොප්පිගලද කුඩා ගුවන් යානා ස්ථාන ගත කළ තැන්ය. මත්තල ගුවන් තොට ඉඳිවූ තැනම එදා ගුවන් තොටක් තිබුණු බව ආචාර්ය මිරැන්ඩෝ කියයි. විශේෂයෙන් රාවණා රජ දවස රට අභ්‍යන්තරයේ පියාසර කළ ගුවන් යානා ස්ථාන ගත කෙරුණේ මත්තල ප‍්‍රදේශයේය.
රාවණා රජු පිළිබඳ ඔබ නොදන්නා තවත් පැත්තකට හැරෙමු. රාවණා රජු වැඩි වශයෙන් ආහාරයට ගෙන ඇත්තේ පළතුරු වර්ගයි. රාවණා රජුගේ ප‍්‍රධාන පානය තැඹිලි සහ කුරුම්බාය. රජු ජලය පානය කර ඇත්තේ අල්ප වශයෙනි. එතුමා පානය කළ ජලය ලග්ගල ප‍්‍රදේශයේ සිට විශාල භාජන වල ආධාරයෙන් රජ මාළිගාවලට ගෙන ගිය බව කියැවේ.
රාවණා රජතුමා කලටි කුරුම්බා මඳ ඉතා ප‍්‍රිය ජනක ලෙස ආහාරයට ගෙන තිබේ. එතුමා පළතුරු වර්ග ආහාරයට ගත්තද දුරියන්, රඹුටන්, මැංගුස් සහ අන්නාසි අප‍්‍රිය කළ බව සඳහන් වේ. රාවණ දේවාලවලට පූජා වට්ටි තබන්නේ නම් ඉහත පළතුරු නොතැබිය යුතු බව මිරැන්ඩෝ සඳහන් කරයි.
රාවණා සමයේදී තණකොළ ගසේ සිට සියලූ පැළෑටි ගස් ඖෂධ හැටියට ගෙන තිබේ. ඒ ඒ ශාක ආධාරයෙන් ඖෂධ වට්ටෝරු සකස් කොට ඇති අතර අදාළ ශාක කුමන රෝගයට ගැළපේද පමණක් තේරුම් ගැනීම ඥානවන්තව කළ යුතුය.
රාවණා රජු රටේ විශේෂ ඖෂධ උයන් පවත්වා ගියෙකි. ඇහැළ ගස් වැවූ ප‍්‍රදේශය ඇහැලේපොළද, නාගස් වැවූ ප‍්‍රදේශය නාගහපොළ ලෙසද, උදාහරණ ලෙස දැක්විය හැකිය.
රාවණා රජුගේ ප‍්‍රධානම උද්‍යානය සිංහරාජයයි. අද එය වනාන්තරයක් හැටියට නම් කළද මෙය රාජකීය උද්‍යානයෙකි. එබැවින් රාවණ අදත් නිරන්තරව මෙහි සැරිසරන බව ආචාර්ය මිරැන්ඩෝ සඳහන් කරයි. රාවණ රජු තමාට හීලෑ වන පරිදි ඇති කළ අලි, කොටි, ආදී සතුන් බොහෝ මෙහි සිටියහ. අදටත් අලි මෙල්ල කරගෙන සිටීමට භාවිතා කරන ‘අලි භාෂාවේ’ වචන එදා යක්ෂ ග්‍රෝත‍්‍රිකයන් අලි හීලෑ කර ගැනීමට භාවිතා කර ගත් ඒවා වෙයි. එකල අලි අල්ලා ගන්නට යක්ෂ ග්‍රෝත‍්‍රිකයෝ නොයෙක් මන්ත‍්‍ර භාවිතා කර ඇත. රජුට හීලෑ කර ගත යුතු අලියාට මැතිරූ විට ඌ හීලෑ වී උද්‍යානයේ සැරිසරා ඇත.
රාවණ රජු සිහි මුර්ජාවෙන් අවදිව නිතර යන එන තැනක් ලෙසද සිංහරාජ උද්‍යානය දැක්විය හැකිය. එතුමන් සතුන්ට බොහෝ ප‍්‍රියකරන්නෙකු බැවින්, යළි නැඟිට පසුවද රජු හීලෑ කර ගත් සතුන් විශාල ප‍්‍රමාණයක් සිංහරාජයේ සීටී. රාවණ රජු සිංහරාජයේ සිටින අවස්ථාවක් නම් එහි යන එන අයට සතුන්ගෙන් කරදර වීමට පුළුවන. එයට හේතුව රජු හීලෑ කරගත් සත්ව පන්තිය රජතුමා දිවි හිමියෙන් රැක ගැනීමය. රාවණා සිංහරායේ සිටින අවස්ථාවල එහි එන මිනිස්සු විෂයේ ඇතැම් අලි ඇතුන්, වන මෘගයන් කෝපාවිශ්ඨ වන්නේ මේ හේතුව නිසාය.
විශේෂයෙන් එක් දඬුවම් ක‍්‍රමයක් හැටියට තමන් නැසීමට තමන්ගේ සිතුවිලිම පහළ කරවීම කරයි. එබැවින් කරන කියන දේ පිළිඳව හිතට එන අදහස් අනුව තමා කටයුතු කරයි. අවසානයේ තමාගේ විනාශය ළංවී ඇති බව තමාටම වැටහේ. කෙසේ වෙතත් ලංකාරක්ෂක විභිෂණ දෙවියන් මෙන්ම තවත් ලංකාරක්ෂක දෙවිකෙනෙක් හැටියට සිහිමුර්ජාවෙන් නැගිට්ට රාවණ රජුද සඳහන් කළ හැකිය. අවි නොගත් මිනිසුන් ආරක්ෂා කරන්නට රාවණ කැමතිය.
විභීෂණ සහ දැඩිමුණ්ඩ යනු මහා රාවණාගෙන් පසු ලක්දිව පාලනය කළ රජවරුය. මහා රාවණාගෙන් පසු දීර්ඝ රාජ නාමාවලියක් ලංකාව සතුය. විජයට පෙර ලංකාවේ රාජ්‍ය පරම්පරාව මෙයයි.
විජයට එහා රාජ පරම්පරාව මෙතෙක් කිසිවෙක් හෙළි නොකළ හෙළි නොවුණකි. මේ පැරණි රජ පරපුරට අයත් දැඩිමුණ්ඩ හා විභීෂණ රජවරු වර්තමානයේ දේවත්වයට පත්ව පිදුම් ලබයි.
රාවණ රජු සිහි මුර්ජාවෙන් අවදි වී වසර පහක් පමණ නිසා එතුමාගේ දේවත්වය පමා විය. රාමා, හනුමන්තා යන අයට දේවාල ඉදිවී ඉන්දියාවේ මහා පරිමාණ වශයෙන් වන්දනීය, පූජනීයත්වයට පත්වේ. අහස සිඹින තරම් හනුමා ප‍්‍රතිමා, රාම ප‍්‍රතිමා ඉන්දියාවේ ඉදිවී තිබේ. රාම-රාවණ යුද්ධයේදී රාම ජය ගැනීමන් සමඟ ඔහු ඉන්දියාවේ පූජනීය චරිතයක් ලෙස පැවත එන්නට විණ.
නමුත් යුද්ධයේදී සිහිමුර්ජා වී, පරාජය ලැබූ විශිෂ්ඨ ඥානයක් තිබුණු රාවණ කාගේ හෝ වන්දනාවට, පූජාවට පාත‍්‍ර නොවීය. හුදෙක් වත්මන් ලක් වැස්සෝද රාවණ පිළි ගැනීම ප‍්‍රතික්ෂේප කරති. රාවණ පරපුර හෙළා දකිති. එවැන්නක් නැති බව කියති.
මේ කෙසේ හෝ වේවා ලක්දිව කේන්ද්‍ර කොට දැනුමින් විශිෂ්ඨ රාජ්‍ය අධිරාජ්‍ය බලය පැතිරවූ රාවණාව ලක් වැසියන් හැර අන් කවරෙක් පිළි ගන්නද? රාම සමග සටන් කළ රාවණව ඉන්දියාව පිළිගන්නේ නැත. පිළිගත්තද ඒ අතළොස්සකි. විභීෂණ දැඩිමුණ්ඩ දේවත්වයට පත් වෙද්දී රාවණ දෙවියන් පිළිගත යුතු සාමය උදාවී ඇත. ඉරිදා ලංකාදීපය, ආචාර්ය මිරැන්ඩෝ සමඟ ගොඩ නගන්නේ රටේ මේ දිනවල අතිශයෙන් කතා බහට ලක් කරන මතවාදයකි. අපට මේ රටේ මහා නායක හිමිවරුන්, පිළිගත් විද්වතුන් පවා කතා කොට මේ පිළිබඳ ප‍්‍රසාදය පළ කළහ. ඉඳහිට ගලක් දෙකක් ද වැදුණහ.
කෙස් වෙතත් මේ ලිපි පෙළින් පසු ලංකාවේ රාවණ වෙනුවෙන් දේවාල ඉඳිවී රාවණ රජු ජාතියේ ප‍්‍රසාදයට පූජනීයත්වයට පත් වනු ඇත. එවිට වඩාත් වැඩියෙන් රාවණ ලංකාරක්ෂක රාජකාරිය සිදු කරනු ඇත. රටේ ජනයා පීඩා විඳින අයුක්තියට, අසාධාරණයට සාධාරණ විසදුම් ලැබෙන යුගයක් ලඟදීම උදාවනු ඇත.
asanga-atigala - ලංකාදීප
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම් like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya
අබිරහස් අඩවිය - Abirahas Adawiya
very good article about our history.
ReplyDeleteBohoma watina lipiyak
ReplyDeleteRawana raju ge paminima gana api hamoma balaporottu wen inne...hoda lipiyak
ReplyDeleteHoda lipiyak thawa me wage lipi idiripath karanna.
ReplyDelete0762402775-contact
ReplyDelete