Saturday, August 20, 2016

ලොවටම අබිරහසක් වූ ඇමරිකාවේ 51 වෙනි ජනපදය ගැන ඔබ නොදත් දේ...(inside area 51 -අබිරහස් අඩවිය - Abirahas Adawiya)

අපි හැමෝම ඇමරිකාවේ 51 වැනි ජනපදයක් නැතහොත් ඒරියා 51 ගැන අහලා තියෙනවා. ලොවටම රහසක් වුන, අධි ආරක්ෂිත කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති ඒරියා 51 හි යුධමය රහස් මෙන්ම පිටසක්වල ජීවීන් පිළිබඳව පර්යේශණ පවත් වන බවටත් රාවයක් ලොව පුරා පවතිනවා. පසු ගිය කාලයේ අන්තර්ජාලයේ පළ වූ වීඩියෝවක දැක්වුනේ ඒරියා 51 හි මහාචාර්යවරයෙක් පිටසක්වල ජීවියෙක් සමඟ කතාබස් කරන අයුරුයි. විශ්ව සියපත ලෙසින් සිංහල හඬ කැවූ වීඩියෝවක් ලෙස එය අන්තර්ජාලයේ දක්නට ලැබෙනවා. මේ කියන්න යන්නේ ඇත්තටම ඒරියා 51 කියන්නේ මොනවගේ තැනක්ද කියලායි.
ඇමෙරිකා එක්සත් ජනපදය සමන්විත වන්නේ ප‍්‍රාන්ත පනහකිනි. එම ප‍්‍රාන්ත පනහේ තොරතුරු සෑම දෙනෙක් ම දනිති. එහෙත් අමෙරිකාවේ පනස් එක් වැනි ප‍්‍රාන්තය ගැන දන්නේ ඉතා සුළු පිරිසකි. සැබවින් ම අමෙරිකානු රජය යටතේ පනස් එක් වැනි ප‍්‍රාන්තයක් ද පවතින බව විශ්වාස කිරීමට අපහසු කරුණක් වනු ඇත. එහෙත් සැබෑව නම් ප‍්‍රාන්තයක් ලෙස නීත්‍යානුකූලව නොසැලකුව ද අමෙරිකානු රජයේ අනුදැනුම මත ලොවට රහසිගත ප‍්‍රදේශයක් එරට පැවතීමයි. පනස් එක් වැනි ප‍්‍රාන්තය හෙවත් ඒරියා 51 යනුවෙන් හැඳින්වෙන්නේ එම රහසිගත ප‍්‍රදේශයයි. අමෙරිකා එක්සත් ජනපදයේ දකුණු නෙවාඩා ප‍්‍රාන්තය බැලූ බැල්මට සෙසු ප‍්‍රාන්තවලින් කිසිසේත් වෙනස් වන්නේ නැත. 
එහෙත් දකුණු නෙවාඩා ප‍්‍රාන්තයේ අභ්‍යන්තරය අති දැවැන්ත රහස් ගොන්නකින් පිරී ඇති බව එම ප‍්‍රාන්තයේ වැසියන් වත් දැන නොසිටින බව ප‍්‍රකාශිත ය. දකුණු නෙවාඩා ප‍්‍රාන්තයේ දකුණු කෙළවරට වන්නට පිහිටා ඇති ග්‍රරූම් විල අවට ඇත්තේ ශුෂ්ක පරිසරයකි. එබැවින් ම අතීතයේ සිට එම ප‍්‍රදේශයේ ජනාවාස පැවතියේ නැත. එහෙත් පසුගිය වසර කිහිපයක සිට මෙම ග්‍රරූම් විල අවට අතිශයින් ජනාකීර්ණ බවක් පෙන්නුම් කරන ගොඩනැඟිලි රාශියක් ම ඉදිවී තිබෙන බව චන්ද්‍රිකා ඡායාරූප පෙන්නුම් කරයි. ගොඩනැගිලි පවතී නම් එම ගොඩනැඟිලි අභ්‍යන්තරයේ සිදුවන්නේ මොනවාද? එහි සේවය කරන්නේ කවුද? සාමාන්‍ය තත්ත්වයක් යටතේ ඉහත ප‍්‍රශ්නවලට පිළිතුරු සැපයීම පහසු කරුණක් වනු ඇත. එහෙත් දකුණු නෙවාඩාවේ ග්‍රරූම් විල අවට ඇති ගොඩනැඟිලිවල සිදුවන දේ පිළිබඳ විස්තර දැන ගැනීම පහසු කරුණක් නොවේ. ඒ තරමටම ඇමෙරිකානු රජයේ දැඩි ආරක්ෂාව සහ මුරකාවල් මැද පවතින මෙම ප‍්‍රදේශය අමෙරිකානු වැසියන්ට පවා තහනම් කලාපයකි. 
රටේ ප‍්‍රාන්ත පනහෙන් බාහිරව මෙම තහනම් කලාපය පනස් එක් වැනි ප‍්‍රාන්තය ලෙස අමෙරිකානු ජනවහරට පවා එක්වීමට ප‍්‍රධාන හේතුව මෙම රහසිගත ස්වභාවයයි. 

පනස් එක් වැනි ප‍්‍රාන්තය හෙවත් ඒරියා 51 හැඳින්වීමට යොදා ගන්නා තවත් නම් කිහිපයක් අමෙරිකානු ජනතාව අතර පවතී. සිහින දේශය, තහනම් රට, කඳවුරු කලාපය යනාදිය ඒ අතරින් කිහිපයකි. මේ නම් සියල්ලෙන් පෙන්නුම් කෙරෙන්නේ මේ ප‍්‍රදේශයේ ඇති රහසිගත සහ ගුප්ත ස්වභාවයයි. ග්‍රරූම් විල අවට මඳක් කඳු සහිත විශාල ප‍්‍රදේශයක් වසා පැතිරෙන මෙම පනස් එක් වැනි ජනපදය වර්තමානයේ අමෙරිකානු රජය හඳුන්වන්නේ නොවාඩා පරීක්ෂණ සහ පුහුණු කිරීම් ප‍්‍රදේශය යනුවෙනි. නීතියට අනුව මෙම ප‍්‍රදේශය අමෙරිකානු ගුවන් හමුදාවට සහ එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් ය. මෙම හිමිකාරිත්වයේ අවසර නොලබන කිසිවකුට කිසිසේත් ම මෙම භූමියට ඇතුල් වීමට නොහැකි ය. ඒ පිළිබඳව වගකීම දරමින් පෞද්ගලික ආරක්ෂක අංශයක ආරක්ෂක නිලධාරීන් පැය විසි හතර පුරා පනස් එක් වැනි ජනපදයේ සීමා මායිම වටා රැකවලෙහි නියුක්තව සිටිති. ගොඩනැඟිලි ඉදිකර ඇති භූමියට කිලෝමීටරයක් පමණ දුරින් සිටින සේ ප‍්‍රදේශය වටා ඇති ආරක්ෂක වැටකි. එම වැටෙන් මෙපිට භූමියට ඇතුල් වීමෙන් වළකින ලෙස දන්වමින් සවිකර ඇති දැන්වීම් පුවරු රාශියකි. 

මේ වනතුරු මෙම ආරක්ෂිත වැටෙන් රිංගා පනස් එක් වැනි ජනපදයේ ඇතුළත සිදු කෙරෙන කාර්යයක් ගැන තොරතුරු දැන ගැනීමට කිසිවකුත් සමත් වී නැත. 

අද ලෝකයේ ඕනෑම තැනක් දැක බලා ගැනීමට, තොරතුරු සොයා දැන ගැනීමට ඇති පහසුම සහ විධිමත් ම ක‍්‍රමවේදය අන්තර්ජාලයේ චන්ද්‍රිකා ඡායාරූප පිරික්සීමයි. එහෙත් ඒරියා 51 හෙවත් පනස් එක් වැනි ජනපදය සම්බන්ධයෙන් මෙම ක‍්‍රමවේදය වලංගු වන්නේ ද නැත. ආරක්ෂක විධිවිධාන රාශියක් යටතේ මෙම ප‍්‍රදේශයේ චන්ද්‍රිකා ඡායාරූප ලබා ගැනීමේ පහසුකම ප‍්‍රබල ලෙස අවහිර කර තිබීම ඊට හේතුවයි. දැනට මෙම ප‍්‍රදේශයේ ලබාගත හැකි ප‍්‍රබලම ඡායාරූපය වන්නේ ග්‍රරූම් විල අවට දිස්වන ගොඩනැඟිලිවල වහල පෙන්නුම් කරන චන්ද්‍රිකා ඡායාරූප පමණි. මෙම ප‍්‍රදේශය කොතරම් කුතුහලය ඇවිස්සීමට සමත් ද යත් සෙසු ප‍්‍රබල රටවල බුද්ධි අංශවලට අමතරව මෙහි සිදුවන දේ සොයා බැලීමට පෞද්ගලිකව ඉදිරිපත් වී සිටින්නන්ගේ සංඛ්‍යාව ද අතිවිශාල ය. එහෙත් ඒ සියලු ප‍්‍රයත්නයන් සඳහා තවමත් සැලකිය යුතු මට්ටමේ සාර්ථක ප‍්‍රතිඵල ලැබී නොමැත.

දකුණු නෙවාඩාවේ මෙම රහසිගත කලාපයේ සිදු කරන දේ පිළිබඳව බොහෝ දෙනා අනුමාන රාශියක් ඉදිරිපත් කර තිබේ. ඒ අතරින් ආසන්නතම සහ පිළිගත හැකි අනුමාන ලෙස පවතින කරුණු කිහිපයක් ද වේ. ඒ අතරින් ප‍්‍රථමයෙන් ම ඇත්තේ මෙම රහසිගත ගුවන් කඳවුර තුළ අමෙරිකාව පිටසක්වල ජීවීන් ගැන පර්යේෂණ සිදු කරමින් සිටින්නේය යන නිගමනයයි.

නෙවාඩා ජනපදය ආශ‍්‍රිත අහසේ අබිරහස් යානා දිස් වූ බවට තොරතුරු ලැබීම ද මෙම නිගමනය සනාථ කිරීමට පාදක කරගෙන තිබේ. පනස් එක් වැනි ජනපදය ගැන තොරතුරු සොයන ඇතැම් පිරිස ඉහත කී නිගමනය වඩාත් ඉදිරියට ගෙන යමින් මෙම ප‍්‍රදේශයේ පෘථිවි වාසීන් සහ පිටසක්වල ජීවීන් අතර හමුවීම පැවැත්වෙන බවට ද අදහස් පළ කර තිබේ. මේ එක ද කරුණක් හෝ තහවුරු කිරීමට මෙන් ම ප‍්‍රතික්ෂේප කිරීමට ද නොහැකි වීම මෙවැනි මත තවදුරටත් වර්ධනය වීමට හේතු වී තිබේ. තවත් මතයකින් ප‍්‍රකාශ වන්නේ මෙම ප‍්‍රදේශයේ අමෙරිකානුවන් අතිශය රහසිගත ලෙස ජීව විද්‍යාත්මක අවි නිපදවීමේ යෙදී සිටින බවයි. අමෙරිකානුවන් කාලය හරහා ගමන් කිරීමේ හැකියාව වර්ධනය කර ගැනීම සඳහා පනස් එක් වැනි ජනපදය නමින් හඳුන්වන ප‍්‍රදේශයේ රහසිගත ලෙස පර්යේෂණවල නියුක්ත වෙමින් සිටින බව තවත් නිගමනයක් ලෙස ඉදිරිපත් වී තිබේ. 
දැනට අමෙරිකාව උත්සාහ දරමින් සිටින්නේ තම ආධිපත්‍ය මුළු ලෝකයේ ම පැතිරවීමට ය. මේ තත්ත්වය යටතේ එකම ආණ්ඩුවක් සහිත ලෝකයක් යන ඔවුන්ගේ බලාපොරොත්තුව ඉටු කර ගැනීම වෙනුවෙන් වන කි‍්‍රයාමාර්ග නෙවාඩාවේ මෙම රහසිගත කලාපයේ සිදු කරමින් සිටින බවට වන මතයක් ද ඉහත කී නිගමන අතරට එක් වේ. මේ සියල්ල අතරින් කුමක් පිළිගත යුතු ද කුමක් බැහැර කළ යුතු ද යන්න උභතෝකෝටික ගැටලුවකි. එයට හේතුව අමෙරිකානු රජය අතිශය සියුම් සහ ප‍්‍රෙවිශම්කාරී ලෙස මෙම කලාපයේ රහසිගතව කටයුතු කරගෙන යාමයි. 
ඉතිහාසය විමසා බැලීමේ දී ප‍්‍රථමයෙන් ම දෙවැනි ලෝක යුද සමයේ දකුණු නෙවාඩාවේ මෙම ප‍්‍රදේශය අමෙරිකානු හමුදාවේ බර අවි අත්හදා බැලීම සඳහා යොදාගෙන තිබූ බවට තොරතුරු හමුවේ. ඉන්පසුව සීතල යුද සමයේදී මෙම ප‍්‍රදේශය යොදා ගැනුනේ රුසියානු ගුවන් හමුදාවේ ගුවන් යානා පිළිබඳ තොරතුරු එක් රැස් කිරීම වෙනුවෙනි. රුසියාවට ඉහළින් අමෙරිකානු යානයක් පියාසර කරවීම අරමුණු කරගත් උ - 2 මෙහෙයුම කි‍්‍රයාත්මක වූයේ ද මෙම රහසිගත කලාපයෙනි. එහෙත් එකල මෙම ප‍්‍රදේශය මෙතරම් අධි ආරක්ෂිත රහසිගත කලාපයක් බවට පත් වී තිබුණේ නැත.
වර්තමානයේ දී අමෙරිකානුවන් මෙම පනස් එක් වැනි ජනපදය යන රහසිගත ප‍්‍රදේශය තුළ කුමක් කරමින් සිටින්නේ ද? සැබවින් ම මෙම පැනයට ලැබෙන පිළිතුර ගැන ලොවම විමසිලිමත් වනු ඇත. 
පනස් එක් වැනි ජනපදය ගැන විමසිල්ලෙන් සිටින්නන් පවසන පරිදි දිනපතා බෝයිං 737 වර්ගයේ ගුවන් යානා කිහිපයක් ම මෙම ප‍්‍රදේශයට පැමිණේ. එලෙසම එයින් පිටව යන යානා ද පවතී.
වරක් රසායන විද්‍යාව පිළිබඳව චිර ප‍්‍රසිද්ධියක් උසුලන ඇමරිකාවේ රුට්ග්‍රේස් සරසවියේ විද්‍යාඥයන් සිව් දෙනෙක් අබිරහස් රසායන ද්‍රව්‍යය කිහිපයක් හඳුනාගැනීම සඳහා මෙම ප‍්‍රදේශයට කැටුව ගොස් තිබේ. 
පසුකාලීනව ඒ අතරින් විද්‍යාඥයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත් වී ඇත්තේ ඔවුන් ගේ සම සහ අක්මාව ඇතුළු ඉන්ද්‍රිය කිහිපයක විකිරණශීලී රසායනික ද්‍රව්‍ය පැවතීමෙනි. එම මරණ සහ පනස් එක් වැනි ජනපදය අතර ඍජු සබඳතාවක් පවතින බව බොහෝ දෙනාගේ මතයයි. 
මෙතරම් රහසිගත ලෙස අමෙරිකාව කරමින් සිටින්නේ මොනවාද? යම් දිනක පනස් එක් වැනි ජනපදයේ රහස ලොවට හෙළි වනු ඇත. එහෙත් එය කුමක් වුවත් ලෝකයේ සෙසු රටවලට යහපතක් සිදුවන දෙයක් නොවනු ඇතැයි අමෙරිකාවේ හැටි දක්නා අයට අනුමාන වශයෙන් පැවසීමට අපහසු නැත












උපුටා ගැනීම් සහිතයි ....
ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 


No comments:

Post a Comment